Blog

  • දේශපාලඥයෝ ගැන දැන් අපිත් හොඳට දන්නවා –  ඇල්ලේ ගුණවංශ හිමියෝ

    දේශපාලඥයෝ ගැන දැන් අපිත් හොඳට දන්නවා – ඇල්ලේ ගුණවංශ හිමියෝ

    ”දැන් අපිට නීතිය ස්ථාපිතයි කියලා දැනෙන්නේ නෑ. අයුක්තිය අසාධාරණය නිතර පෙනෙනවා. දේශපාලඥයෝ ගැන දැන් අපිත් හොඳට දන්නවා. හැම කෙනෙක් ගැනම ප්‍රශ්නාර්ථයක් තියෙන්නේ‘‘ යැයි ඇල්ලේ ගුණවංශ හිමියෝ කියති. උන් වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදීය.

    මෙහිදී වැඩි දුරටත් කරුණු සදහන් කරමින් ගුණවංශ හිමියෝ මෙසේද ප්‍රකාශ කළහ.

    ‘‘වියත් සභාවෙන් හෝ මොනම සභාවකින් පත් කළත් රාජ්‍ය ආයතන පවත්වා ගෙන යාමට අපොහොසත් නම් ඊට රජය වගකිව යුතුයි. ජනතාවට කෑම ටිකක් කන්න බය නම්, වතුර ටිකක් බොන්න බය නම්, පාරක බැහැල යන්න බය නම් මේ සමාජය මොකක්ද ? රජයට යුතුකමක් තිබෙනවා නීතිය නිසි ලෙස ස්ථාපිත කරලා කටයුතු කරන්න. රජය පෙන්විය යුතුයි පත්කරපු වියතුන්, උගතුන්ගේ ක්‍රියාකලාපය මොකක්ද කියලා. මගේ පන්සල අවට තියෙන රාජ්‍ය ආයතන ඔක්කොම බංකොලොත්. වියත් සභාවෙන් හෝ මොනම සභාවකින් පත් කළත් රාජ්‍ය ආයතන පවත්වා ගෙන යාමට අපොහොසත් නම් ඊට රජය වගකිව යුතුයි. අපි කෑ ගැහුවේ නෑ මෙයා පත් කරන්න. අරයා පත්කරන්න කියලා. මේ රට හදාගත යුතු නිසා අපි පැත්කට වෙලා හිටියා. දැන් අපිට නීතිය ස්ථාපිතයි කියලා දැනෙන්නේ නෑ. අයුක්තිය අසාධාරණය නිරත පෙනෙනවා. දේශපාලඥයෝ ගැන දැන් අපිත් හොඳට දන්නවා. හැම කෙනෙක් ගැනම ප්‍රශ්නාර්ථයක් තියෙන්නේ

  • රන්ජන්ගේ මන්ත‍්‍රීධුරය අහෝසියි – අජිත් මාන්නප්පෙරුම එයි

    රන්ජන්ගේ මන්ත‍්‍රීධුරය අහෝසියි – අජිත් මාන්නප්පෙරුම එයි

    සමගි ජන පෙරමුණේ ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දි අද (7) පැවැසීය.

    නීති උපදෙස් ලබා ගැනීමෙන් පසු මහ ලේකම්වරයා මේ දැනුම් දීම කර ඇති බව ද කතානායකවරයා ප‍්‍රකාශ කළේය.

    කතානායකවරයා විසින් රන්ජන් රාමනායක මහතාගේ මන්ත‍්‍රීධුරය අහෝසි කරන ලද බව ප‍්‍රකාශ කිරීම සමග පාර්ලිමේන්තුව තුළ උණුසුම් තත්ත්වයක් නිර්මාණය වූ අතර විපක්ෂයේ මන්ත‍්‍රීවරු සිය විරෝධය පළ කිරීමට සභා ගැබට පැමිණියහ. මේ සමග ආණ්ඩු පක්ෂයේ පිරිසක් ද සභා ගැබට පිවිසීම සමග දෙපාර්ශ්වය අතර උණුසුම් තත්ත්වයක් ඇති විය. දෙපිරිසම මුහුණ ආවරණ ඉවත්කර සමාජ දුරස්ථභාවය ගැන කිසිම අවධානයක් යොමු නොකර සිටිනු මෙහිදී දැකගත හැකි විය.

    රන්ජන් රාමනායක මහතා තම මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිය ද මෙම පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභා කිරීමට අභියාචනාධිකරණය පෙරේදා (05) නියෝග කළේය.

    මේ අතර රන්ජන් රාමනායක මහතාගේ පුරප්පාඩු වූ ගම්පහ දිස්ත‍්‍රික්කයේ සමගි ජන පෙරමුණේ මන්ත්‍රී ආසනය සඳහා හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වූ අජිත් මාන්නප්පෙරුම මහතා පත් කෙරෙනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග කියයි.

    පසුගිය 2020 වසරේ පැවැති මහ මැතිවරණයේදී අජිත් මාන්ප්පෙරුම මහතා සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් අපෙක්ෂක ලයිස්තුවේ රන්ජන් රාමනායක මහතාට පසුව ඊළගට වැඩි මනාප සංඛ්‍යාවක් ලබගත් අතර ඔහු විසින් මනාප 47,0212ක් ලබා ගත්තේය.

  • බිස්කට් හා බේකරිවල අවශ්‍යතා සදහා පාම් තෙල් ආනයනයට අවසර

    බිස්කට් හා බේකරිවල අවශ්‍යතා සදහා පාම් තෙල් ආනයනයට අවසර

    ශ‍්‍රී ලංකාවට පාම් තෙල් ආනයනය කිරීම සම්පූර්ණයෙන් තහනම් කරමින් ජනාධිපතිවරයා විසින් පසුගිය 05 වැනිදා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණ ද බිස්කට් කර්මාන්ත හා බේකරිවල අවශ්‍යතා සඳහා පාම් ඔයිල් ගෙන්වීමට බලපත්‍ර දෙන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (07* පාර්ලිමේන්තුවේ දී පැවැසීය.

    මේ පිළිබඳව වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ වෙළෙඳ ඇමැතිවරයා ‘‘මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට අභියාචනයක් ඉදිරිපත් කර අවශ්‍යතාවයට අනුව අවශ්‍ය ප්‍රමාණයට පාම් තෙල් ලබාගත හැකියි.පාම් තෙල් ආනයනය තහනම් කිරීමේ අරමුණ වන්නේ පාම් තෙල් ආනයනය හරහා විදේශ වෙත ඇදී යන විදේශ විනිමය අවම කර ගැනීමයි. මේ සමග දේශීය තෙල් හා පොල් කර්මාන්තය නඟා සිටුවීමට කටයුතු කරනවා’ යැයි ද ඇමති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    මේ අතර ජනතාව මේ තීරණය දෙස හාස්‍යයෙන් මෙන්ම දැඩි විරෝධාකල්පයකින් බලන බවක් ද නිරීක්ෂණය කළ හැකිය. පාම් තෙල් තහනම නිසා මේ වන විට දරාගත නොහැකි මිලක තිබෙන පොල් තෙල් මිල ද තව දුරටත් ඉහළ යා හැකි බවයි. විශේෂයෙන් උත්සව සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩයක් වන පොල් තෙල් අධික මිලක් ගෙවා ලබාගැනීමට සිදුවීම තමන් කබලෙන් ලිපට වැටීමක් බව ඔවුන්ගේ් අදහසයි.

    ‘ආණ්ඩුවට මේ උපදෙස් දෙන්නේ කේවට්ටයො ද කියලා අපි දන්නෑ. විදේශ විනිමය ඉතිරි කර ගන්න කියලා මුංඇට, කහ තහනම් කළා. දැන් ඒවා අහස උසට ගණන් ගිහින්. මේ අවුරුදු කාලේ මුංඇට, තෙල්තෙල්, උඳු අත්‍යවශ්‍ය දේවල්. ඒත් දැන් ඒවා මිලදී ගැනීම හීනයක්’ යැයි අප සමග අදහස් දක්වමින් කඩවත විශ‍්‍රාමික ගුරුවරියක් පැවසුවාය.

  • මම දේශපාලනයට එනවා – විවාහක රූ රැජිණ පුෂ්පිකා ද සිල්වා

    මම දේශපාලනයට එනවා – විවාහක රූ රැජිණ පුෂ්පිකා ද සිල්වා

    විවාහක ශ්‍රී ලංකා රූ රැජිණ තරගයේදී තමන්ට සිදුවූ අපකීර්තිය සම්බන්ධයෙන් ඉදිරියේදී සිය නීතිඥවරුන් අවශ්‍ය නීතිමය ක්‍රියා මාර්ග ගනු ලබනු ඇති බව විවාහක රූ රැජිණ තරගයේදී සිය කිරුළ අහිමි වූ පුෂ්පිකා ද සිල්වා මහත්මිය අද (06) පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළාය.

    කාන්තාව වෙනුවෙන් පෙනී සිටිමින් ඉදිරියට ශක්තිමත් ලෙස කටයුතු කරන බවත් ඉදිරියේ දී දේශපාලන කටයුතු වලට ද දායකත්වය දක්වන බව ද ඇය වැඩි වැඩි දුරටත් සදහන් කළාය.

    මේ අතර අදාළ සිදුවීම ගැන තම ෆෙස්බුක් ගිනුමේ සටහනක් තබමින් පුෂ්පිකා ද සිල්වා මහත්මිය මෙසේ සදහන් කළාය.

    පුෂ්පිකා ද සිල්වා මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් පළ කර ඇත:

    “මම දික්කසාද ගැහැණියක් නොවෙමි. මේ ලියන මොහොතේත් මා දික්කසාද ගැහැණියක් නොවන බව ඉතා වගකීමෙන් කියමි. මම දික්කසාද නම්, මගේ දික්කසාද ලියවිලි ඉදිරිපත් කරන ලෙස මම ඔවුන්ට අභියෝග කරමි. මම මගේ දරුවා සමග සිටින බව මම ලෝකයෙන් සඟවා නැත. එසේ සිටින්නට මට පෞද්ගලික හේතු ද ඇත. නමුත්, වෙන් ව සිටීම එකකි. දික්කසාදය යනු වෙනම එකකි. මම තවම දික්කසාද නො වූ තැනැත්තියක් වෙමි.”

    “මේ තරගාවලිය ආරම්භයේදීම මා ඊට නුසුදුසු නම්, මා එයින් ඉවත් කරන්නට ඔවුන්ට ඉඩ තිබුණි. අවශේෂ තරග ඉසව් එකින් එක පසුකර මා මෙතෙක් දුර එනතෙක් ඔවුන් සිටියේ නින්දේ නොවේ.”

    “මම 2011 ශ්‍රී ලාංකික රූ රැජිණ වූයෙමි. ඉන් දස වසරකට පසු ඊයේ රාත්‍රී විනිශ්චය මණ්ඩලයේ තීරණයෙන් විවාහක රූ රැජිණ කිරුළ පැලඳුවෙමි. ඒ මොහොතේම මම ලංකාවේත් ලෝකයේත් සිටින ඔබ සියලු දෙනාගේ හදවතේ විවාහක රූ රැජිණ බවට පත් වූයෙමි.”

    “ඉතින්, සංකේතාත්මක ඒ කිරුල මගේ හිසෙන් උදුරා ගත්ත ද, මම ඒ සිදුවූ අසාධාරණය සහ අපහාසය වෙනුවෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග වෙත දැනටමත් අවතීර්ණ වී ඇති බව, ඔබට දැනුම් දෙමි.”

    “අවසාන වශයෙන්, සැබෑ රැජිණක් යනු, අනෙක් ගැහැණියගේ කිරුල උදුරාගන්නා ගැහැණියක් නො ව, අනෙක් ගැහැණිය ගේ ඔටුන්න රහසේ සකසන ගැහැණියක් බව කියමි!!!”

    “කිරුල උදුරාගන්නා ලද පලමු ශ්‍රී ලාංකික විවාහක රූ රැජිණ,” 

    මේ අතර අද පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් විවාහක රූ රැජිණ තරගයේ මෙරට ජාතික තරග සංවිධායක චන්දිමාල් ජයසිංහ සඳහන් කර සිටියේ පසුගියදා සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් තමන් දැඩි සේ කණගාටුවට පත්වන බවයි.

    ලෝක විවාහක රූ රැජින තරග සංවිධාන කමිටුවේ උපදෙස් මත ශ්‍රී ලංකා විවාහක රූ රුජින කිරුළ පුෂ්පිකා ද සිල්වාට නැවත කිරුළ පැළද වූ බව කී චන්දිමාල් ජයසිංහ මහතා ඇය තරගය අතරතුරදී දික්කසාද වී සිටියේ නම් ජාත්‍යන්තර නීති රීතිවලට අනුව තරගයට සහභාගි වීමට අවස්ථාව නොමැති බවත් ඇය මේ දක්වා දික්කසාද වී නොමැති වීම නිසා කිරුළට හිමිකම් කියන බවත් සදහන් කළේය.

    ප‍්‍රධාන සංවිධායක ලෙස කිසිදු විටක මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක් බලාපොරොත්තු නොවූ බවත් එම සිද්ධිය පිළිබදව පුෂ්පිකාගෙන් සමාව ඉල්ලා සිටින බවත් චන්දිමාල් මහතා කීය.

  • ‘බස්නාහිර උපකාරක පංති’ ආරම්භ කිරීමට අවසර

    ‘බස්නාහිර උපකාරක පංති’ ආරම්භ කිරීමට අවසර

    බස්නාහිර ප‍ළතේ උපකාරක පන්ති ලබන 12 වැනිදායින් පසුව විවෘත කිරීමට අවසර ලබා දෙන බව සෞ‍ඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (06) පාර්ලිමේන්තුවෙදී පැවසුවාය.

    සෞඛ්‍ය ඇමැතිවරිය මෙ බව හෙළි කළේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ගු‍ණපාල රත්නසේකර මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    උපකාරක පන්තියක උපරිම ‍ශිෂ්‍ය සංඛ්‍යාව සියයකට සීමා කළ යුතු බවත් මෙය මහා පරිමාණයෙන් පවත්වාගෙන යන පන්තිවලද අදාළ බවත් කී සෞඛ්‍ය ඇමතිවරිය සෑම පන්තියකම ආසන අතර මීටරයක දුර පවත්වා ගත යුතු බව ද කීවාය.

  • ආනයනය කරන භාණ්ඩ 7200 න් 5800කට කිසිම රේගු විමර්ශනයක් නෑ

    ආනයනය කරන භාණ්ඩ 7200 න් 5800කට කිසිම රේගු විමර්ශනයක් නෑ

    රේගුවෙන් වෙළෙඳ පොළට නිකුත් කරන භාණ්ඩ 7200 ක් අතුරින් 5800ක් කුමන ආකාරයකින්වත් විමර්ශනයකට ලක් වන්නේ නැති බවත් මේවා අතර පාරිභෝජන භාණ්ඩ මෙන්ම පාරිභෝජන නොවන භාණ්ඩ ද තිබෙන බව සමුපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පාර්ලිමේන්තුවේ දී අද (6) පැවසීය.

    මේ පිළිබද වැඩි දුරටත් කරුණු හෙළිකළ ඇමති ලසන්ත අලගියවන්න මහතා, ‘මේ භාණ්ඩ කන්ටේනරයෙන් ලංකාවට ගෙනවිත් කෙලින්ම වෙළෙඳ පොළට යනවා. මෙය බරපතළ තත්ත්වයක්. නිදහසින් පසු රට මුහුණ දෙන මේ ක්‍රමවේදයේ අඩුපාඩුකම් නිවැරැදි කිරීමට අප වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා. කිසිදු රජයක් ජනතාවට හිතාමතා වහ කවන්න උත්සාහ කරන්නේ නැහැ. වෙළෙඳපොළට විෂකාරක තෙල් නිකුත් වී තිබේ යැයි කිසිම රාජ්‍ය ආයතනයක් අද වන තෙක් ප්‍රකාශ කර නැහැ‘

  • ‘පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන්’ ඇල්ලුවා

    ‘පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන්’ ඇල්ලුවා

    පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු අන් කිසිවෙක් නොව නවුෆර් මවුලවි සහ හජ්ජුල් අක්බාර් බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර කියා අවධාරණය කළේය. පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසම් වාර්තාව අධ්‍යයනයට පත් කළ අමාත්‍ය අනුකමිටුවේ නිර්දේශ පිළිබඳ දැනුම්දීම සඳහා අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී ඇමතිවරයා මේ බව අනාවරණය කළේය.

    මෙහිදී වැඩි දුරටත් කරුණු හෙළිකළ සරත් වීරසේකර ඇමැතිවරයා,

    “අපි මහ මොළකරු හදුනාගෙන ඉවරයි. මහ මොළකරු කියන්නේ සහරාන්ටත් අන්තවාදී මතවාදය දීපු කෙනා. ඒ තමයි නවුෆර් මවුලවි. සහරාන් මේකට සම්බන්ධ වුණේ 2016දී. නවුෆර් මවුලවි තමයි බග්දාදි සමග එක්වෙලා 2014දී මේ රටට අයි.එස් මතවාදය ගෙනාවෙ ඔහු. දැන් ඔහු ඉන්නේ අත්අඩංගුවේ. ඒක නිසා මහ මොළකරු අපි අල්ලා ගෙන ඉවරයි. මේක පිටිපස්සෙ වෙන මහ මොළකරුවන් නෑ”

    මෙහිදී ඇමැතිවරයා කියා සිටියේ මේ වන විට පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් 34 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත් තවත් සැකකරුවන් සිටී නම් ඔවුන් ද කඩිනමින් අත්අඩංගුවට ගන්නා බවත්ය.

  • පාම් තෙල් තහනම හකුලා ගන්නා ලකුණු

    පාම් තෙල් තහනම හකුලා ගන්නා ලකුණු

    පාම් ඔයිල් ආනයනය තහනම් කරමින් ඊයේ (05) නිකුත් කළ ගැසට් නිවේදනය වෙනස් වීමට ඉඩ ඇතැයි ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවසුවේය.

    පාම් ඔයිල් තහනම් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ විවිධ අදහස් ඇති බවත් අද (06) උදෑසනද ඒ පිළිබඳ සාකච්ඡා කළ බවත් කී ඇමැතිවරයා බොහෝ දුරට අදාළ ගැසට් නිවේදනය සංශෝධනය වීමට ඉඩ ඇතැයි ද සදහන් කළේය.

    මේ අතර පාම් ඔයිල් තහනම් කිරීමත් සමග බේකරි නිෂ්පාදන සඳහා ගැටලු ඇතිවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන සඳහන් කරයි.

    මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ ජයවර්ධන මහතා, ‘‘ රජය හදිසියේ පාම් තෙල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කළා. මේ නිසා අපි බරපතළ ගැටලුවකට මුහුණ දීලා ඉන්නේ. ආණ්ඩුවෙ හදිසියේ මෙවැනි තීරණයක් ගත්තේ විකල්ප හදුන්වා දීමකින් පවා තොරවයි. පොල් තෙල් මිල පවතින ඉහළ තත්ත්වය හමුවේ අපි නිෂ්පාදනවලට බහුලව භාවිත කළේ පාම් තෙල්. දැන් අපි දැඩි අසීරුවක ඉන්නේ. එකම විසදුම බේකරි නිෂ්පාදන මිල ඉහළ දැමීමයි. ඒ ඒ ගැන හෝ සිතිය හැක්කේ නිෂ්පාදන සිදු කිරීමට හැකිනම් පමණයි. මේ ඇති වී තිබෙන තත්ත්වය අනුව නිෂ්පාදන සිදුකිරීමට පවා නොහැකි වේවි. මේ ගැන ආණ්ඩුව වහාම සොයා බැලිය යුතුයි‘‘

  • හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත් නොකරන්නේ ඇයි ? ඇත්ත හේතු මෙන්න !

    හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත් නොකරන්නේ ඇයි ? ඇත්ත හේතු මෙන්න !

    සජීව චාමිකර – ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය

    හම්බන්තොට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය තුළ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධාන ආධාරකරුවන් හා මහවැලි අධිකාරියේ නිලධාරීන්ට යැපීම් දීමනා ලබා දෙන මහ පරිමාණ ව්‍යාපාරිකයන් අනවසර වගා බිම් පවත්වාගෙන යාම හේතුවෙන් 2011 වසරේ දී යෝජනා කළ හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය වසර 10 ක් ගත වී ඇතත් තව ම ප‍්‍රකාශයට පත් කිරීමට අවස්ථාව ලබා නොදෙයි.

    පසුගිය පෙබරවාරි මස 22 වන දින කැබිනට් අනුමැතිය ලබා ගෙන ඇත්තේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හා මහවැලි අධිකාරියට අයත් ඉඩම් හෙක්ටයාර 23,747 ක් හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට ය.

    අලි කළමනාකරණ රක්ෂිතයෙන් ඉවත් කිරීමට සැලැසුම් කරන වනාන්තර ප‍්‍රදේශය

    දැනට වසර ගණනාවකට ප‍්‍රථම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට අදාළ ගැසට් පත‍්‍රය සකස් කර අවසන් කර තිබිය දී එය ප‍්‍රකාශයට පත් කිරීම ප‍්‍රමාද කිරීම ස`දහා කැබිනට් අනුමැතිය ලබා ගැනීම හා රෙගුලාසි ගැසට් කිරීමට අවශ්‍යය යැයි පවසමින් කල් වරමින් ජනතාව මුලා කිරීම මේ වන විට විෂය භාර අමාත්‍යවරුන් විසින් සිදු කරමින් තිබේ.

    නමුත් යථාර්තය නම් මෙම යෝජිත රක්ෂිතය තුළ මහ පරිමාණ අනවසර වගා බිම් පවත්වාගෙන යන ව්‍යාපාරිකයන් මහවැලි අධිකාරියේ නිලධාරීන්ට මුදල් ලබා දීම හා මහවැලි අධිකාරියේ විවිධ උත්සව ස`දහා මූල්‍යමය දායකත්වය ලබා දීම සිදු කරන බැවින් එම අධිකාරිය මඟින් රක්ෂිතය ප‍්‍රකාශයට පත් කිරීමට විවිධ බාධාවන් එල්ල කරයි. මීට අමතර ව අනවසර වගා බිම් ඇතුළු ව විශාල වනාන්තර කොටසක් ඉවත් කර මෙම රක්ෂිතය ප‍්‍රකාශයට පත් කිරීමට මහවැලි අධිකාරිය උත්සාහ දැරීම ද මෙය ප‍්‍රකාශයට පත් කිරීම ප‍්‍රමාද වීමට ඇති ප‍්‍රධාන බාධකයන් වේ.

    නීති විරෝධී වගා බිම් වලට නීති විරෝධී ව ජලය ලබා ගෙන ඇති ආකාරය

    අනවසරයෙන් පවත්වාගෙන යන වගා බිම් වලට වැව් හා ඇළ මාර්ග වලින් නීති විරෝධී ව ජලය පොම්ප මඟින් ලබා ගෙන යෙදීම සිදු කරන අතර මේ හේතුවෙන් වලව වම් ඉවුර යටතේ වගා කරන සුළු පරිමාණ ගොවි ජනතාව උග‍්‍ර ජල හිඟයකට මුහුණ දෙමින් සිටී. නමුත් අනවසර මහ පරිමාණ වගාකරුවන් විසින් මහවැලි අධිකාරියට අල්ලස් ලබා දීම හේතුවෙන් මෙම සියලූ අනවසර වගා බිම් පවත්වාගෙන යාමට හා අනවසර ජලය ලබා ගැනීමට එරෙහි ව නීතිය කි‍්‍රයාත්මක නොකරන අතර අලි කළමනාකරණ රක්ෂිතය ප‍්‍රකාශයට පත් කිරීමට ද අවස්ථාව ලබා නොදෙයි.

    යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය තුළ නීති විරෝධී ව පවත්වාගෙන යන වගා බිම්

    වලව වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානයේ දැඩි විරෝධතාවය හමුවේ මෙම රක්ෂිතය කෙසේ හෝ ප‍්‍රකාශයට පත් කිරීමට එකඟ විය යුතු තත්ත්වයකට මහවැලි අධිකාරිය මේ වන විට පත් වී ඇත. නමුත් මහවැලි අධිකාරියේ වලව විශේෂ නේවාසික ව්‍යාපාර කළමනාකරු ඔස්මන් ලියනගේ මහතා ස`දහන් කරන්නේ යෝජිත හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතයෙන් හෙක්ටයාර 2300 ක් නැතහොත් අක්කර 5750 ක් පමණ ඉවත් කර මෙම රක්ෂිතය ප‍්‍රකාශයට පත් කිරීමට එකඟ වන බව ය.

    යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය තුළ නීති විරෝධීව පස් කැණීම් කරන ආකාරය

    එසේ ඉවත් කිරීමට සැලැසුම් කර ඇත්තේ සුවිශේෂී වනාන්තර පද්ධතියක් හා ප‍්‍රධාන ජල පෝෂක වනාන්තර ප‍්‍රදේශයක් වන අන්දරවැව, උස්ගල කොටසයි. මෙය රක්ෂිතයෙන් ඉවත් කළහොත් නියං සමයේ දී අලි – ඇතුන්ට අන්දරවැවට පිවිසීමට ඇති මාර්ගය සම්පූර්ණයෙන් ම අවහිර වී යයි. මේ හේතුවෙන් මෙම ප‍්‍රදේශයේ අලි – මිනිස් ගැටුම උග‍්‍ර මට්ටමකට පත් වීමට මෙය තවත් හේතුවක් වනු ඇත. මේ වන විට මෙම වනාන්තර ප‍්‍රදේශය ඉවත් කර අධිවේගී මාර්ග ව්‍යාපෘතියෙන් ලැබෙන මූල්‍යමය ප‍්‍රතිපාදන යටතේ විදුලි වැටක් ඉදි කිරීමට ද සූදානම් වේ.

    මහවැලි විෂය භාර අමාත්‍යවරයා පමණක් නොව මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු බී. ඒ. සුනිල් එස්. පෙරේරා ඇතුළු කණ්ඩායම විසින් යෝජිත අලි කළමනානරණ රක්ෂිතයේ ඉඩම් සමාගම්වලට හා මහ පරිමාණ ව්‍යාපාරිකයන්ට ලබා දීම මේ වන විට අඛණ්ඩව සිදු කෙරේ. මේ නිසා අලි කළමනාකරණ රක්ෂිතය ප‍්‍රකාශයට පත් කිරීමට දැඩි බාධා එල්ල වෙමින් පවතී.

    යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය තුළ හානිකර ලෙස පවත්වාගෙන යන ගල් වලවල්

    මේ අතරතුර හම්බන්තොට උග‍්‍ර පානීය ජල අර්බුදයක් ඇති බව සදහන් කරමින් ඊට පිළියමක් ලෙස ගිං හා නිල්වලා ගංගාවල ජලය හම්බන්තොටට ලබා ගැනීමේ ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කිරීමට සූදානම් වේ. ඒ ස`දහා දැවැන්ත මුදල් ප‍්‍රමාණයක් වැය කිරීමට හා විශාල ජනතාවක් අවතැන් කිරීමට නියමිත ව ඇත. මෙම ව්‍යාපෘතිය වෙනුවට හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය ප‍්‍රකාශයට පත් කර ඒ තුළ පිහිටි වැව් පද්ධතියේ ජල සුරක්ෂිතතාව ඇති කිරීම හා අනවසර වගා බිම් ඉවත් කිරීම මෙන් ම වනාන්තර විනාශ කර සිදු කරන පස් කැනීම් හා කළු ගල් වලවල් පවත්වාගෙන යාම පාලනය කිරීම තුළින් හම්බන්තොට ජල සුරක්ෂිතතාව ඇති කළ හැකි ය.

    මේ අනුව හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ප‍්‍රකාශයට පත් කිරීමෙන් අලි – මිනිස් ගැටුම පාලනය කිරීම පමණක් නොව හම්බන්තොට ජනතාවගේ පානීය හා වාරි ජල සුරක්ෂිතතාවය ද තහවුරු කළ හැකි ය. මේ නිසා පටු පරමාර්ථ මත මහවැලි අධිකාරිය මඟින් මෙම රක්ෂිතය ප‍්‍රකාශයට පත් කිරීමට අවස්ථාව ලබා නොදීමට එරෙහි ව දැඩි බලපෑමක් සිදු කළ යුතු ය.

  • Online porn websites ගැන සුපිරි හෙළිදරව්වක් !

    Online porn websites ගැන සුපිරි හෙළිදරව්වක් !

    එක්සත් රාජධානියේ ප්‍රමුඛ වැඩිහිටි වෙබ් අඩවි භාවිතා කරන්නන් සඳහා ප්‍රවර්ධනය කරන ලද අසභ්‍ය වීඩියෝ අටෙන් එකක් ලිංගික අතවර ක්‍රියාවන් විස්තර කරන පෙළ සමඟ ලේබල් කර ඇති බව අධ්‍යයනයකින් සොයා ගෙන ඇත. එය Pornhub, XVideos සහ XHamster හි දියත් කිරීමේ පිටුවල වීඩියෝ 131,738ක මාතෘකා සහ විස්තර විශ්ලේෂණය කර ඇත. Pornhub, XHamster සහ XVideos තෝරාගෙන ඇත්තේ එක්සත් රාජධානියේ වැඩිපුරම නරඹන ලද අසභ්‍ය වෙබ් අඩවි තුන වන බැවිනි.

    එක් පර්යේෂකයෙක් පැවසුවේ ස්ත්‍රී දූෂණය, ශාරීරික හිංසනය සහ ව්‍යභිචාරය පිළිබඳ විස්තර “කම්පනය” ඇති කරන බවයි. වෙබ් අඩවි අදාළ අධ්‍යයනයට අභියෝග කර ඇති අතර ඒවා නීති විරෝධී අන්තර්ගතයන් ඉවත් කරන බව පවසා තිබේ. සොයාගැනීම්  The British Journal of Criminology හි  නවතම කලාපයේ පළ කර ඇත.

    ඊට සම්බන්ධ පර්යේෂකයන් 2017 සිට 2018 දක්වා මාස හයක කාලයක් තුළ වඩාත් ජනප්‍රිය අසභ්‍ය වෙබ් අඩවි තුනක මුල් පිටුවල පැයක තිරපිටපත් ලබා ගත්හ. විස්තර සහ මාතෘකා (නමුත් වීඩියෝවල අන්තර්ගතය නොවේ) ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලිංගික හිංසනය පිළිබඳ අර්ථ දැක්වීමට අනුරූප වන මූල පද සෙවීම මේ අනුව සිදුවිය. පර්යේෂකයන් පසුව ඔවුන්ගේ සොයාගැනීම් වලින් සම්මුතිවාදී BDSM (බන්ධනය, ආධිපත්‍යය සහ සාඩෝ-මැසොකිස්වාදය) වීඩියෝව බැහැර කළහ.

    පර්යේෂණය වාර්තා කළේ:

    1. මාතෘකා 8,000 කට වඩා වැඩි ප්‍රමාණයක් ශාරීරික ආක්‍රමණ හෝ බලහත්කාර ලිංගික ක්‍රියාකාරකම් ගැන සඳහන් වේ.
    2. මාතෘකා 2,966 ක් “සැඟවුණු කැමරාවන්” සහ “උඩු යටිකුරු කිරීම upskirting ” ඇතුළුව රූප මත පදනම් වූ ලිංගික අපයෝජනයන් විස්තර කර ඇත.
    3. මාතෘකා 5,785 ක් පවුලේ සාමාජිකයන් අතර ලිංගික ක්‍රියාකාරකම් විස්තර කර ඇත. (වාර්තාවේ හඳුනාගෙන ඇති “ලිංගික හිංසනය” පිළිබඳ වඩාත් පොදු කාණ්ඩය)

    වෙබ් අඩවියේ පළමු වරට පැමිණෙන අමුත්තන්ට මෙම අන්තර්ගතය දැකගත හැකි අතර වයස්  සත්‍යාපන ක‍්‍රියාවලියකින් තොරව නොමිලේ බැලීමට ලබා ගත හැකි බව අධ්යයනය පවසයි.

    පොදු මූල පද අතරට “බලහත්කාරය”, “grope” සහ “අතවරය” ඇතුළත් වේ. “යෞවනය teen” යන වචනය සමස්ත දත්තවලම නිතර දක්නට ලැබෙන වචනය වන අතර එය සියලුම වීඩියෝ වලින් 7.7% කි. මෙය ලිංගික හිංසනය විස්තර කළ බවට හඳුනාගත් වීඩියෝවල 8.5% දක්වා ඉහළ ගියේය.

    නියම සහ කොන්දේසි

    ඔවුන්ගේ නියමයන් හා කොන්දේසි අනුව, පෝර්න්හබ් සහ එක්ස්වීඩියෝස් ළමා ලිංගික අපයෝජනය, ස්ත්‍රී දූෂණය, ව්‍යභිචාරය සහ බලහත්කාරයෙන් ලිංගික ක්‍රියාවන් “නිරූපණය” කිරීම තහනම් කරයි. තවද XHamster විසින් “නීති විරෝධී, තර්ජනාත්මක, අපයෝජන, හිරිහැර” හෝ “වෛරී” ප්‍රකාශන තහනම් කරයි. Pornhub හි හිමිකරු Mindgeek මෑතකදී නීති විරෝධී අන්තර්ගතයන් සත්කාරකත්වය ලබා දී ඇති බවට ප්‍රකාශ කිරීමෙන් පසුව සත්‍යාපනය නොකළ පරිශීලකයින් විසින් උඩුගත කරන ලද වීඩියෝ මිලියන ගණනක් ඉවත් කරන ලද නමුත් එය අන්තර්ජාලය තුළ රැඳී සිටීමට ඉඩ දී ඇති ක්ලිප් ආරක්ෂා කළේය.

    “කැමැත්ත දක්වන වැඩිහිටියන්ට නෛතික හා සම්මුතියක් ඇති තාක් කල් ඔවුන්ගේම ලිංගික මනාපයන් හිමි වේ. මෙම නිර්ණායක සපුරාලන සියලු සම්බන්ධතා පෝර්න්හබ් වෙත සාදරයෙන් පිළිගනී”  යනුවෙන් ප්‍රකාශකයෙක් පැවසීය. අදහස් දැක්වීම සඳහා බීබීසීයේ ඉල්ලීමට අනෙක් වෙබ් අඩවි ප්‍රතිචාර නොදැක්වීය. පසුගිය සතියේ පෝර්න්හබ් සිය ප්‍රථම විනිවිදභාවය පිළිබඳ වාර්තාව නිකුත් කළ අතර එහි නීති රීති උල්ලංඝනය කිරීම හේතුවෙන් වීඩියෝ 653,465 ක් ඉවත් කර ඇති බව පවසා තිබේ.

    “මතක තබා ගන්න, පහත් හෝ නින්දිත ලෙස පෙනීම යනු නීති විරෝධී, අපයෝජන හෝ සම්මුති විරහිත ක්‍රියාවක් නොවේ. කැමැත්ත දක්වන වැඩිහිටියන් අතර සිදුවන්නේ හරියටම එයයි: සම්මුතිය. පාලනය අත්හැරීම සඳහා කැමැත්තෙන් එකඟ නොවිය යුතුය”

    නමුත් අධ්‍යයනයේ සම කර්තෘ ඩර්හැම් හි නීති මහාචාර්ය ක්ලෙයාර් මැක්ග්ලින් QC පැවසුවේ “අසභ්‍ය සමාගම් විසින් පළමු වරට භාවිතා කරන්නන්ට ප්‍රදර්ශනය කිරීමට තෝරාගෙන ඇති ද්‍රව්‍යය මෙය වීම කම්පනයක් බවයි.”

    ‘ඒත්තු ගැන්වෙන ලෙස බලන්න’

    නෛතික පර්යේෂණ සහකාරියක සහ අධ්‍යයනයේ සම කර්තෘවරියක වන ෆියෝනා වේරා-ග්‍රේ පැවසුවේ ලිංගික හිංසනය පිළිබඳ තොරතුරු “එකඟ නොවීම කාමුක ලෙස හැසිරවූ” බවත් “ලිංගික සතුට සහ ලිංගික හිංසනය අතර සීමාව” විකෘති කළ බවත්ය.

    ”මාතෘකා සහ විස්තර වල භාවිතා වන වචන ප්‍රේක්ෂකයන් පොළඹවා ගැනීම සඳහා සෙවීම් සඳහා ප්‍රශස්ත කර ඇත, ”හිටපු ලිංගික සේවිකාවක් වන චාලට් රෝස් පැවසුවාය. එක්සත් රාජධානියේ නිපදවන කාමුක දර්ශන බහුතරයක් “සදාචාරාත්මක හා එකඟතාවයකින් යුක්ත” නමුත් ප්‍රමුඛ වේදිකාවල වීඩියෝ සෑම විටම විනිවිද නොපෙනෙන බව ඇය පැවසුවාය.

     “ඔබේ සාමාන්‍ය නරඹන්නාට සැබෑ දේ සහ මනංකල්පිත දේ කීමට අපහසු විය හැකියි” ඇය පැහැදිලි කළාය. “කාමුක රංගන ශිල්පීන්ට දේවල් ඒත්තු ගැන්විය හැකි අතර, ඔවුන්ට හානියක් නිරූපණය කළ හැකි නමුත් ඇත්ත වශයෙන්ම නළුවන් එය භුක්ති විඳින්නේ එය ඔවුන්ගේ වෘත්තිය බැවිනි.

    ආන්තික හා නියාමනය නොකළ සමහර කාමුක දර්ශන “වෙනත් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්ට තුඩු දෙන පාලමක් නිර්මාණය කළ හැකි” බව රෝස් මහත්මිය පැවසූ අතර “සැබෑ ජීවිතය නොව සදාචාරාත්මක, සම්මුතිවාදී සහ මනංකල්පිත” අසභ්‍ය වීඩියෝ පිළිබඳව ප්‍රේක්ෂකයින් දැනුවත් කළ යුතු යැයි තර්ක කළාය.

    Text by bbc – by Thushadhavi

  • මයික්‍රොසොෆ්ට් වර්චුවල් සහායක ‘Cortana’ සමු ගනී

    මයික්‍රොසොෆ්ට් වර්චුවල් සහායක ‘Cortana’ සමු ගනී

    මයික්‍රොසොෆ්ට් වර්චුවල් සහායක ‘කෝටානා’ (Cortana) ජංගම දුරකථනවලින් විශ්‍රාම ගැන්වීමට නියමිතය. ඒ වෙනුවට, මයික්‍රොසොෆ්ට් සමාගම ‘වින්ඩෝස් 10’ (Windows 10), අවුට්ලුක් (Outlook) සහ ටීම්ස් (Teams) හි ඵලදායිතාව වැඩි කිරීමට සහාය ලබා දීම කෙරෙහි අවධානය යොමු කරනු ඇත.

    අපගේ විධානයන්ට සහ ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වමින් කාර්යයන් සහ සේවාවන් ඉටු කර දෙන පරිගණක මෘදුකාංග වර්චුවල් සහායකයන් (Virtual assistants) ලෙස හැඳින්වේ.

    ඇපල් හි ‘සිරි’ සහ ගූගල් ‘ඇසිස්ටන්ට්’ සමග තරග කිරීමට මයික්‍රොසොෆ්ට් විසින් නිර්මාණය කරන ලද වර්චුවල් සහායකයා ‘කෝටානා’ ය.

    ‘කෝටානා’ සිහි ගැන්වීමට #RIPCortana හැෂ් ටැගය ට්විටර් හි සංසරණය වනු දැකිය හැකිය.

    මේ අතර, ඇපල් හි ‘සිරි’ තවදුරටත් ඉංග්‍රීසි භාෂාවෙන් නිතැනින් ඇසෙන කාන්තා හඬක් නොවනු ඇත.

    වර්චුවල් සහායකයින් සඳහා කාන්තා හඬක් භාවිත කිරීම, බොහෝ කලක පටන් ස්ත්‍රී පුරුෂ භාවය මත පැනනැඟෙන මතභේදවලට හේතු වී තිබේ.

    Virtual voice assistant
    ඇමසන් ‘ඇලෙක්සා’ (Alexa) සහ ගූගල් ‘ඇසිස්ටන්ට්’ වර්චුවල් හඬ සහායකයන්ට විශාල වෙළෙඳපොලක් නිර්මාණය වී ඇත

    වින්ඩෝස් (Windows) දුරකථන සඳහා වර්චුවල් සහායකයෙකු ලෙස ‘කෝටානා’ (Cortana) 2014 දී එළිදැක්වීය.

    වසර තුනකට පසු මයික්‍රොසොෆ්ට් සිය ස්මාර්ට්ෆෝන් මෙහෙයුම් පද්ධතිය අතහැර දැමුවද, කෝටානා අයිෆෝන් (iPhone) සහ ඇන්ඩ්‍රොයිඩ් උපාංග සඳහා ලබා ගත හැකි විය.

    ‘CSS ඉන්සයිට්’ පර්යේෂණ ආයතනයේ ප්‍රධාන විශ්ලේෂක බෙන් වුඩ් පැවසුවේ “පාරිභෝගිකයන් කැමති සහායකයෙක් වන ‘කෝර්ටනා’ අතහැර දැමීම මයික්‍රොසොෆ්ට් සමාගමට නොවැළැක්විය හැකි” බවය.

    ඇමසන් ‘ඇලෙක්සා’ (Alexa) සහ ගූගල් ‘ඇසිස්ටන්ට්’ වර්චුවල් හඬ සහායකයන්ට විශාල වෙළෙඳපොලක් නිර්මාණය වී ඇති හෙයින් වෙනත් තරගකරුවන්ට ඇති ඉඩ ඇහිරී ඇත.

    “විශාල ආයෝජන සිදු කරමින් දැඩි පරිශ්‍රමයක් දරා තිබියදීත්, බලගතු ඇපල් සමාගමට පවා ‘සිරි’ ඉදිරියට ගෙනයාම දුෂ්කර වී තිබුණා”

    කාන්තා හඬ

    ප්‍රතිවාදී ඇපල් සමාගම ‘iOS’ නවතම අනුවාදයේ සිය සහායක සිරිට නව හඬ දෙකක් එක් කර ඇති අතර, නිතැනින් ඇසුණු කාන්තා හඬ ඉවත් කර තිබේ.

    2019 දී යුනෙස්කෝ සංවිධානය වාර්තාවක් නිකුත් කරමින් යෝජනා කර ඇත්තේ, “වර්චුවල් හඬ සහායකයින් සඳහා නිතැනින්ම කාන්තා කටහඬක් භාවිතා කිරීම “බොත්තමක් ස්පර්ශ කිරීමෙන් හෝ නොපැහැදිලි හඬකින් විධානයක් ලබා දුන් සැණින් කාන්තාවන් නිහතමානීව, කීකරුව සහ ඉතා ඕනෑකමින් සතුටු කිරීමට බැඳී සිටින බවට සංඥාවක් යවන බවයි”.

    ඇපල් සමාගම තම වර්චුවල් සහායකයාගේ කටහඬ පරිශීලකයාට තෝරා ගැනීම සඳහා වගකීම පැවරීමට ගත් තීරණය ගැන මෙසේ පැවසීය: “මෙය විවිධත්වය හා අන්තර්ගතය වෙනුවෙන් ඇපල් සමාගමේ අඛණ්ඩ කැපවීමේ කොටසක් මෙන්ම, අප ජීවත් වන ලෝකයේ විවිධත්වය වඩා හොඳින් පිළිබිඹු කිරීම සඳහා නිර්මාණය කර ඇති නිෂ්පාදන සහ සේවාවන්.”

    දැනටමත් සමහර රටවල් සහ භාෂාවල සිරිගෙන් නිතැනින් ඇසෙන්නේ පුරුෂ හඬකි.

    Text by – bbc

  • ඉන්දියාවේ දිනක Covid-19 ආසාදිතයන් 100,000 ඉක්මවයි

    ඉන්දියාවේ දිනක Covid-19 ආසාදිතයන් 100,000 ඉක්මවයි

    රට තුළ පැතිරයමින් පවතින මාරක කොරෝනා වෛරස් දෙවන රැල්ල හමුවේ එය මැඩලීමට ගෙනයන එන්නත් කිරීම් තවත් වේගවත් කිරීමට අසල්වැසි ඉන්දියාව පියවර ගෙන තිබේ.

    ඉරිදා (අප්‍රේල් 04), ඉන්දියාවෙන් ලක්ෂය ඉක්මවා ආසාදිතයන් වාර්තා විය.

    වසංගතය ආරම්භ වීමෙන් පසු ඉන්දියාව එම සීමාවට ලඟා වූ පළමු අවස්ථාව මෙයයි.

    වයස අවුරුදු 45 ඉක්මවූ එරට ඕනෑම අයෙකුට කොරෝනා එන්නත ලබා ගැනීමට සුදුසුකම් ලබා සිටී. ඇතැම් ප්‍රාන්ත විසින් බැංකු සේවකයන් සහ නීතීඥයන් වැනි විශේෂ කණ්ඩායම් ද ඉලක්ක කර ගනිමින් එන්නත් ලබා දීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබ ඇත.

    මේ දක්වා එන්නත් මිලියන 80 ක් පමණ ලබා දී ඇති අතර ඉන් වැඩි දෙනෙකු අත්‍යවශ්‍ය සේවාවලට අයත් සහ වයස අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයන්ය.

    Senior citizens waits to get their first dose of a Covid-19 vaccine shot, manufactured by Serum Institute of India, inside a Vaccination Centre at Shatabdi Hospital in Mumbai, India, 12 March 2021.
    වයස අවුරුදු 45 ඉක්මවූ ඕනෑම අයෙකුට අප්‍රේල් 01 වෙනිදා සිට එන්නත ලබා ගැනීමේ හැකියාව පවතී

    මාධ්‍යවේදීන්, බැංකු සේවකයන් සහ නීතීඥයන් සඳහා විශේෂ එන්නත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිත බව උතුරු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තය නිවේදනය කර තිබේ. අසල්වැසි උත්තර්කාන්ද් ප්‍රාන්තය ද ඒ හා සමාන වැඩසටහන් දියත් කිරීමට සැලසුම් කරමින් සිටී.

    ලොව විශාලතම එන්නත්කරණය බවට පත්ව ඇති මෙම වැඩසටහනේ ඉලක්කය, ජුලි මස වන විට එන්නත් මිලියන 250ක් ලබා දීමය. එහෙත් එම ඉලක්කය සපුරා ගැනීමට දැනට පවතින වේගය තවත් ඉහළ නංවා ගත යුතු බව විශේෂඥයෝ පවසති.

    අප්‍රේල් 01 වෙනිදා එන්නත් ලබා දීමේ තෙවෙන අදියර ආරම්භ වූයේ කොවිඩ්-19 රෝගීන්ගේ තියුණු වර්ධනයක් පෙන්නුම් කෙරෙමින් තිබියදීය. ඇමරිකා එක්සත් ජනපදයෙන් පසු, එක් දිනකදී කොරෝනා වෛරස් ආසාදිතයන් ලක්ෂය ඉක්මවූ දෙවෙනි රට බවට ඉන්දියාව පත් විය. ඉන් අඩකට වැඩි පිරිසක් හඳුනා ගෙන ඇත්තේ ඉන්දියාවේ විශාලතම නගරය වන ‘මුබ්බායි’ අයත් මහාරාෂ්ට්‍ර ප්‍රන්තයෙනි.

    මේ වසර මුලදී එන්නත් ලබා දීම ආරම්භ කිරීමත් සමග ඉන්දියාවේ ආසාදිතයන් සංඛ්‍යාව සැලකිය යුතු මට්ටමකින් පහළ වැටිණි. ඉන්දියාවෙන් දිනකට වාර්තා වූ ආසාදන සංඛ්‍යාව 15,000 ට අඩු මට්ටමක විය. එහෙත් මාර්තු මස යළිත් ආසාදිතයන්ගේ වැඩි වීමක් පෙන්නුම් කෙරිණි. පරීක්ෂා කිරීමේ සහ හඳුනා ගැනීමේ ක්‍රමවේද අඩු වීම සහ ආරක්‍ෂිත පියවර පිළිබඳ අඩු සැලකිල්ලක් දැක්වීම ඊට විශාල වශයෙන් හේතු වී තිබේ.

    ජනතාවගේ නොසැලකිලිමත් භාවය සහ ආණ්ඩුව වෙතින් ලැබෙන ව්‍යාකූල පණිවුඩ ඉන්දියාවේ දෙවෙනි රැල්ල තවත් ඉහල නැංවීමට හේතු වී ඇති බව විශේෂඥයන්ගේ අදහසයි.

    වසංගතය ආරම්භයේ සිට මේ දක්වා ඉන්දියාවෙන් කොරෝනා වෛරස් ආසාදිතයන් මිලියන 12 වාර්තා වී ඇති අතර 165,000 අධික සංඛ්‍යාවක් ඉන් මරණයට පත්ව තිබේ. එක්සත් ජනපදය සහ බ්‍රසීලයෙන් පසු කොරෝනා වෛරස් රෝගීන් වැඩි වශයෙන්ම වාර්තා වන රට ඉන්දියාවයි.

    Text by – bbc

  • ‘ගස් කැපුවට ඔක්සිජන් අඩු වෙන්නේ නෑ’ – මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති

    ‘ගස් කැපුවට ඔක්සිජන් අඩු වෙන්නේ නෑ’ – මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති

    ගස් කපා දැමීම නිසා ඔක්ෂිජන් අඩුවන බව පැවසීම අසත්‍යයක් බවත් ගස් කපා දැමීම මගින් ඔක්සිජන් අඩු කළ නොහැකි බවත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ මහතා අවධාරණයෙන් සදහන් කළා.

    මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා මෙම ප්‍රකාශය කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති ‘තිරසර සංවර්ධන සංවාදය‘ නම් වැඩසටහනේදීයි. කොළඹ නගරයේ ඔක්සිජන් අඩුවීම හා වනාන්තර එළි කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයාගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදීයි ඔහු මේ පැහැදිලි කිරීම කළේ.

    වත්මන් ආණ්ඩුව බලයට පත් වූ පසු කොළඹ ඔක්සිජන් අඩු වෙලා යැයි කියන කතාව දේශපාලන කතාවක් මිස විද්‍යාත්මක සත්‍යයක් නොවන බවයි ඔහු සදහන් කළේ.

    මෙහිදී තම ස්ථාවර තව දුරටත් පැහැදිලි කළ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා, ‘‘ගස් කැපුවා කියලා ඔක්සිජන් අඩුවෙන්නේ නැහැ. මේ ගැන විද්‍යාත්මක පරීක්ෂණ කරලා තිබෙනවා. දැනට ලෝකයේ තිබෙන ඔක්සිජන් ප්‍රමාණය 0.7%කින් අඩු කරන්න පවා වසර මිලියන 8ක් පමණ ගත වෙන බවයි විද්‍යාත්මකව ඔප්පු වෙලා තිබෙන්නේ. සරල කිව්වොත් ගස් කපන නිසා හුස්ම නැති වෙනවා කියලා එක්තරා සංවිධානයක් කියනවා මම දැක්කා. නමුත් ඒක ඇත්තක් නොවෙයි.

    තර්කානුකූලව හිතුවොත් දැනට ලෝකයේ වැඩිම කර්මාන්තශාලා ගණනක් තියෙන්නේ සහරාවල. මැදපෙරදිග රටවල කැලෑ නැහැ. ගස් නැහැ. කලාතුරකින් පාර මැද රටඉදි ගහක් නම් තියෙනවා. ඒ රටවල් වල ගස් නැහැ කියලා ඔක්සිජන් අඩුවෙලා නැහැනේ. ඒ රටවල්වල හොදට ඔක්සිජන් තියෙනවා. ඒ නිසා මේ ගැන තර්කානුකූලව බලන්න ඕනෑ.

    මම ජනතාවට කියන්නේ කොළඹ නගරයේ ඔක්සිජන් අඩුවෙලා නැහැ. ලෝකය පුරා තිබෙන ඔක්සිජන් එහෙ මෙහෙ ගමන් කරනවා. ඒක සංකීර්ණ රටාවක්. ජාත්‍යන්තර සංවිධාන අපේ වනාන්තර රැකබලා ගන්න මේ තරම් උනන්දු වෙන්නේ ඒක මුළු ලෝකයටම බලපාන කරුණක් නිසා. ලෝකයේ වැඩියෙන්ම වන විනාශයක් සිදුවෙලා තිබෙන්නේ නයිල් නදිය ආශ්‍රිතව. ඒක නම් මුළු ලෝකයටම බලපානවා‘‘

  • සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න 02ක් ඇසීමට මන්ත්‍රීවරයන්ට අවස්ථාව

    සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න 02ක් ඇසීමට මන්ත්‍රීවරයන්ට අවස්ථාව

    පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරයන්ට හදිසි පොදු වැදගත්කමකින් යුතු කාරණයක් පිළිබඳව සභාව කල් තබනු ලබන අවස්ථාවේදී ප්‍රශ්න ඇසීමට අවස්ථාවක් සලසා දීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් තීරණය කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේය.

    ඒ අනුව සභාව කල් තබන අවස්ථාවේදී යෝජනා සඳහා වෙන්කළ දිනයන්හිදී, ඒ සඳහා වෙන්කර ඇති පැයක කාලයෙන් මිනිත්තු විස්සක (20) කාලයක් “සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න” දෙකක් ඇසීම සඳහා වෙන් කර දී ඇති බව ද කථානායකවරයා සඳහන් කලේය.

    සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා වෙන් කළ දිනයන්හිදී, පිළිවෙළින් ආණ්ඩු පාර්ශ්වය සහ විරුද්ධ පාර්ශ්වය සඳහා එක් ප්‍රශ්නයක් බැගින්  ප්‍රශ්න දෙකක් (02) ක් සඳහා පමණක් ඉඩ ලබා දෙන බව ද අබේවර්ධන මහතා පැවසීය.

    අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට ප්‍රශ්නය ඇසීම සඳහා මිනිත්තු පහක (05) කාලයක් ද,  අදාළ අමාත්‍යවරයාට ප්‍රශ්නයට පිළිතුරු ලබාදීම  සඳහා මිනිත්තු පහක  (05) කාලයක්ද වෙන් කරනු ඇත.

    සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න, ‘හදිසි පොදු වැදගත්කමකින්  යුතු  කාරණා’ සඳහා පමණක් සීමා වන අතර, සභාව කල් තබන අවස්ථාවේ අදාළ ප්‍රශ්න, හදිසි පොදු වැදගත්කමකින් යුතු ද යන්න කථානායකවරයා විසින් තීරණය කරනු ලබනු ඇත.

    ඕනෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්නයක් පෞද්ගලිකව හෝ ෆැක්ස් හෝ විද්‍යුත් තැපෑල මඟින් අදාළ ප්‍රධාන සංවිධායකවරයා වෙත යොමුකරනු ලැබිය හැකි අතර අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් ඊට ස්වකීය අත්සන යොදනු ලැබ තිබිය යුතුවේ.

    එවැනි ඕනෑම ප්‍රශ්නයක් අදාළ ප්‍රධාන සංවිධායකවරයා විසින් නියමිත දිනයට පෙර දින පෙරවරු  10.00 වන විට පාර්ලිමේන්තුවේ  මහ ලේකම්වරයා වෙත යවනු ලැබිය යුතු අතර, අදාළ අමාත්‍යවරයා වෙතද විධිමත් ලෙස දැනුම් දීමට හැකිවන පිණිස එකී ප්‍රශ්නය පාර්ලිමේන්තුවේ  මහලේකම්වරයා විසින් මධ්‍යහ්න 12.00 ට පෙර පාර්ලිමේන්තුවේ සභානායක ලේකම්වරයා වෙත යොමු කරනු ලැබේ.

    එවැනි ඕනෑම ප්‍රශ්නයක් සඳහා සභාගර්භයේ දී පිළිතුරු ලබා දීමට හෝ ලබා නොදීමටත්, සවිස්තරාත්මක තොරතුරු රැස්කරන ආකාරයේ දීර්ඝ පිළිතුරු අවශ්‍ය වන ප්‍රශ්නයක් නම් එය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයක් ලෙස ලැයිස්තුගත කරන ලෙස ඉල්ලා සිටීමටද අදාළ අමාත්‍යාවරයාට අයිතියක් පවතින බවද කථානායකවරයා පැවසීය.

  • පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ වාර්තා විමර්ශනයට පත් කළ ‘කැබිනට් අනු කමිටුවේ වාර්තාව’ ජනපති අතට

    පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ වාර්තා විමර්ශනයට පත් කළ ‘කැබිනට් අනු කමිටුවේ වාර්තාව’ ජනපති අතට

    පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව අධ්‍යයනය කර ඒ පිළිබඳ ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමේ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ අවසන් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාර දෙනු ලැබීය.

    කමිටුවේ සභාපති, අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අද (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී වාර්තාව භාර දුන්නේය.

    2021 පෙබරවාරි මස 19 වන දින ජනාධිපතිවරයා විසින් කමිටුව පත් කරනු ලැබිණ.

    කමිටු වාර්තාව මාර්තු මස 15 වන දිනට පෙර ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණ ද වැඩිදුර විමර්ශණය සඳහා කමිටුව තවත් සති දෙකක කාලයක් ලබා ගත්තේය.

    පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වූ වාර්තා දීර්ඝ ලෙස අධ්‍යයනය කළ කමිටුව නිර්දේශ 78ක් හඳුනාගෙන තිබේ. එම නිර්දේශ ක්‍රියාත්මක කරන්නේ කෙසේද, ක්‍රියාත්මක කරන්නේ කුමන ආයතන ද යන්න වාර්තාවට ඇතුළත් කර ඇත.  

    නීතිමය කාරණා පිළිබඳ නිර්දේශ ජනාධිපතිවරයා විසින් මීට පෙර  නීතිපතිතුමා වෙත යොමු කරනු ලැබීය.

    කමිටුවේ සෙසු සාමාජිකයන් වන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන සහ කමිටුවේ ලේකම් ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් (නීති) හරිගුප්ත රෝහණධීර යන මහත්වරු වාර්තාව භාරදීමේ අවස්ථාවට එක්ව සිටියහ.

  • විවාහක රූ රැජිණ අවුල : කිරු‍ළ ගැලවුවත් රැජින ඇයමයි – ප්‍රධාන සංවිධායක

    විවාහක රූ රැජිණ අවුල : කිරු‍ළ ගැලවුවත් රැජින ඇයමයි – ප්‍රධාන සංවිධායක

    2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජින වශයෙන් කිරුළ පැළඳි පුෂ්පිකා ද සිල්වා මහත්මියට එම කිරුළ ලබාදීමට අවශ්‍ය ක්‍රියාමර්ග ගත් බව ශ්‍රී ලංකා විවාහ රූ රැජින තේරීමේ තරගයේ ප්‍රධාන සංවිධායක චන්දිමාල් ජයසිංහ මහතා අද (5) මාධ්‍ය වෙත පැවසුවා.

    එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් චන්දිමාල් ජයසිංහ මහතා මෙසේ ද ප්‍රකාශ කළා.

    ‘‘ඊයේ රාත්‍රි යේ සිදු වූ ඒ සිදුවීම ගැන අප සැබවින්ම කනගාටු වෙනවා. මෙවැනි සිදුවීමක් කිසිසේත් නොවිය යුත්තක්. සංවිධියක මණ්ඩලයේ සහ විනිශ්චය මණ්ඩලයේ  ඒකමතිකව ලබා දුන් කිරුළ කිසිවකුටත් නැවත ලබාගත නොහැකියි. ඒ වගේම තමයි මෙවැනි දෙයක් කිරීමට කැරොලින් ජූරි මහත්මියට කිසිසේත් සචාචාරාත්මක අයිතියක් නැහැ. ඇය කිරුළේ බලයෙන් හිස උදුම්මාගෙන කළ ක්‍රියාව අපි කිසිසේත් අනුමත කරන්නේ නෑ. කිරුළේ නියම අයිතිකාරිය පුෂ්පිකා සිල්වා මහත්මිය බැවින් ඇයට නැවතත් කිරුළ පැළැන්දවීමට අවශ්‍යතාවයක් නැහැ‘

    පුෂ්පිකා ද සිල්වා මහත්මියගෙන් උදුරාගත් එම කිරුළ සංවිධායක මණ්ඩලයට බාරයට ගත් බව එය එම කිරුළ නිර්මාණය කළ වෝග් ජුවලර්  ආයතනයට බාරදුන් බව ද චන්දිමාල් ජයසිංහ මහතා පැවසුවා.

    පසුබිම් කතාව – සම්පූර්ණයෙන්

    කොළඹ නෙලුම් පොකුණ රඟහලේදී ඊයේ (4) රාත්‍රියේ පැවති ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ අවසන් තරගාවලියේ කිරුළ නිරූපණ ශිල්පිනියක් වන පුෂ්පිකා ද සිල්වා මහත්මිය විසින් දිනා ගත්තා.

    තරඟය අවසානයේ අංක 20 යටතේ තරඟකළ පුෂ්පිකා ද සිල්වා මහත්මිය ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශයට පත්කෙරුණු අතර ඇයට කිරුළ පළඳවනු ලැබුවේ ශිරාන්ති රාජපක්ෂ, කොළඹ පුරපතිනි මෙන්ම ලෝක විවාහක රූ රැජිණක් ද වන රෝසි සේනානායක මහත්මීන් සහ සහ චන්දිමාල් ජයසිංහ මහතා විසිනුයි.

    මේ ජයග්‍රහණය සමග ඇය රූ රැජින ජයග්‍රාහී ගමනේ යෙදී සිටියදී අනපේක්ෂිත අත්දැකීමකට මුහුණ දුන්නා. හදිසියේම වේදිකාවට කඩා වැදුණු වර්තමාන ශ්‍රී ලංකා සහ ලෝක විවාහක රූ රැජින ද වන කැරොලයින් ජූරි මහත්මිය විසින් පුෂ්පිකා ද සිල්වා මහත්මිය හිස පැළද සිටි කිරුළ ගළවා ඉවත් කිරීම නිසා දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක ඇති වුණා.

    ජයග්‍රාහිිකාව වූ පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ කිරැළ ඉවත්කිරීමට හේතු ලෙස ජූරි මහත්මිය විසින් දක්වා සිටියේ ‘ඇය දික්කසාද වූ කාන්තාවක්‘ බවත් එනිසා ම ඇය විවාහක රූ රැජිණ කිරැළ දැරීමට සූදානම් නැති බවයි‘

    කැරොලින් ජූරි මහත්මිය ඉන්පසු තරඟයේ ජයග්‍රාහිකාව ලෙස අනුශූරතාවය ලබාගත් තරගකාරිය ප්‍රකාශයට පත් කරද්දී පුෂ්පිකා ද සිල්වා මහත්මිය නිහඩව වේදිකාවෙන් ඉවත් වුණා

    නිරූපණ ශිල්පිනියක් වන පුෂ්පිකා ද සිල්වා මහත්මිය 2011 වසරේ මිස් ශ්‍රී ලංකා කිරුළ හිමි කරගනිමින් ලෝක රූ රැජිණ තරඟාවලියට ද ඉදිරිපත් වූ අතර ඇය එක්දරු මවක් බවයි වාර්තා වුණේ.

    කෙසේ වෙතත් මෙම සිදුවීම සමාජමාධ්‍ය වල දැඩි විවේචනයට ලක් වුණා.

    මේ අතර අද (05) අළුයම 02.00ට පමණ පුෂ්පිකා ද සිල්වා මහත්මිය කුරුදුවත්ත පොලිසියට පැමිණ පැමිණිල්ලක් කළා. එහිදී ඇය කියා සිටියේ 2020  ශි‍්‍ර ලංකා  විවාහක රූ රැජින තරගයේ ජයග‍්‍රාහි කිරුළ පැළඳූ අවස්ථාවේ,වත්මන් ලෝක විවාහක  රූ රැජින එය බලහත්කාරයෙන් උදුරා දෙවන ස්ථානය හිමිකරගත් තරගකාරියට පැළදු බවයි.