Blog

  • ශ්‍රී ලංකා කණ්ඩායම 23 වැනිදා කොදෙව් දේශයට

    ශ්‍රී ලංකා කණ්ඩායම 23 වැනිදා කොදෙව් දේශයට

    මෙම තරග සංචාරය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ඇන්ටිගුවාහි ජෛව ආරක්ෂිත පරිසරයක් යටතේ විස්සයි-20 තරග 3 කට, එක්දින තරග 3 කට සහ ටෙස්ට් තරග 2 කට සහභාගිවනු ඇත.

    ක්‍රිකට් ක්‍රීඩාවේ සියළුම ආකෘතීන් හෙවත් ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 තරග අංශ ආවරණය පරිදි බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පෙබරවාරි මස 23 වැනි අළුයම කොදෙව් දූපත් බලා පිටත්ව යනු ඇත.

    මෙම තරග සංචාරය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ඇන්ටිගුවාහි ජෛව ආරක්ෂිත පරිසරයක් යටතේ විස්සයි-20 තරග 3 කට, එක්දින තරග 3 කට සහ ටෙස්ට් තරග 2 කට සහභාගිවනු ඇත. දින 31 ක කාලයක් පුරා විහිදෙන තරගාවලියේ පළමු තරගය මාර්තු මස 03 වැනිදා ඇන්ටිගුවාහි කූලිජ් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු විස්සයි-20 තරගයෙන් ආරම්භ වනු ඇත.

    මාර්තු මස 03 සහ 05 යන දෙදිනදී දෙවැනි සහ තෙවැනි විස්සයි-20 තරග පැවැත්වෙන අතර එම තරග සියල්ලම ඇන්ටිගුවාහි කූලිජ් ක්‍රීඩාංගණයේ පැවැත්වෙනු ඇත. කූලිජ් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන විස්සයි-20 තරග 3 ට අමතරව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සහ තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

    එක්දින තරගාවලිය මාර්තු 10 වැනිදා ඇරඹෙන අතර දෙවැනි තරගය 12 වැනිදාත් තෙවැනි තරගය 14 වැනිදාත් පැවැත්වෙනු ඇත. මෙම තරගාවලිය යටතේ පැවැත්වෙන එක්ම දිවා/රාත්‍රී තරගය වන්නේ තෙවැනි එක්දින තරගය පමණි.

    අවසන් අදියර වන ටෙස්ට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා පිල මාර්තු 17 සහ 18 යන දිනවලදී දෙදින පුහුණු තරගයකට සහභාගිවීමට නියමිතව තිබේ. එම තරගයෙන් පසු දින 3 ක කාලයකින් හෙවත් මාර්තු 21 වැනි දින පළමු ටෙස්ට් තරගයටද මාර්තු 29 වැනි දින දෙවැනි ටෙස්ට් තරගයකදට ශ්‍රී ලංකා පිල ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී සහභාගිවනු ඇත.

    Text by – Sri lanka Cricket

  • චමල්ගේ ගොඩ තවත් වැඩිවෙයි

    චමල්ගේ ගොඩ තවත් වැඩිවෙයි

    රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස චමල් රාජපක්ෂ මහතා අද (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

    මෙතෙක් පැවති රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ සහ ස්වදේශ කටයුතු ලෙස රාජ්‍ය අමාත්‍යාංශ දෙකක් යටතට පත් කිරීමත් සමග නව දිවුරුම් දීම සිදු කෙරිණ.

  • කොරෝනා වෛරසයේ තවත් ‘අලුත් ප්‍රභේදයක්’ බ්‍රිතාන්‍යයෙන් හමුවෙයි

    කොරෝනා වෛරසයේ තවත් ‘අලුත් ප්‍රභේදයක්’ බ්‍රිතාන්‍යයෙන් හමුවෙයි

    කොවිඩ් 19 ඇතිකරවන කොරෝනාවෛරසයේ තවත් අලුත් ප්‍රභේදයක් රාජධානියෙන් හමුවී තිබේ. මෙම ප්‍රභේදය ඉදිරියේ දී ප්‍රශ්නකාරී තත්ත්වයක් ඇතිකරවිය හැකි විකෘතියක් බවට විද්‍යාඥයෝ සැක පළ කරති.

    B.1.525 ලෙස නම්කර තිබෙන මෙම නව ප්‍රභේදය දකුණු අප්‍රිකාවෙන් හමුවූ ප්‍රභේදයට සමානකම් දක්වන බව සොයාගෙන ඇත.

    පසුගිය දෙසැම්බරයේ පටන් වෛද්‍ය පරීක්ෂණ සඳහා ලැබී තිබෙන නියැදිවලින් සනාථ වී ඇත්තේ පුද්ගලයින් 38 දෙනෙකුට මෙම නව ප්‍රභේදය ආසාදනය වී ඇති බවය.

    කොරෝනාවෛරසයේ මෙම අලුත් ම ප්‍රභේදය ඩෙන්මාර්කය, නයිජීරියාව සහ එක්සත් ජනපදය ඇතුළු රටවල් කීපයකින්ම සොයාගෙන ඇත.

    මෙම ප්‍රභේදය කෙතරම් දුරට අවදානම් සහගත දැයි සොයා බැලීම සඳහා එක්සත් රාජධානියේ විශේෂඥයෝ ඒ පිළිබඳව අධ්‍යයනය කරමින් සිටිති.

    මෙය එක්සත් රාජධානිය තුළ “දැඩි සැලකිල්ලට භාජනය විය යුතු” ප්‍රභේද ලැයිස්තුවට ඇතුළත් කළ යුතු ද යන්න තවමත් තීරණය කර නොමැති අතර මේ වනවිට එය ඇතුළත් කොට ඇත්තේ “විමර්ශනය කෙරෙමින් පවතින ප්‍රභේද” ලැයිස්තුවටය.

    කොරෝනාවෛරසයේ නව ප්‍රභේදයන් පිළිබඳව බ්‍රිතාන්‍ය රජයට උපදෙස් ලබාදෙන විද්‍යාඥයන් අතර මහාචාර්ය රවි ගුප්තා ද සිටී. ඔහු කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයෙකි.

    ඔහු පවසන පරිදි B.1.525 ප්‍රභේදය ද අනෙකුත් ප්‍රභේද මෙන් “සැලකිය යුතු විකෘතියක්” බව පෙන්නුම් කරයි.

    “මේ වගේ ප්‍රභේදවලින් ඇති විය හැකි බලපෑම අපට කල්තියා හිතා ගන්නට හැකියාවක් තිබීම එක අතකට සැනසීමක්.” මහාචාර්ය රවි ගුප්තා පැවසීය.

    මෙම ප්‍රභේදය පිළිබඳව දත්ත අධ්‍යයනය කරමින් සිටින බව එංගලතයේ ජාතික සෞඛ්‍ය ආයතනයේ මහාචාර්ය ඉවෝන් ඩොයිල් පැවසුවාය.

    “මෙයින් වැඩි රෝගී තත්ත්වයක් හෝ රෝග ව්‍යාප්තිය වැඩි කිරීමක් සිදුවන බවට තවමත් පැහැදිලි සාධක ලැබී නැහැ.”

    “ඇස ගසාගෙන සිටීම”

    B.1.525 ලෙසින් නම්කර ඇති මෙම ප්‍රභේදයේ පවතින්නේ E484K නමැති විකෘතිය යි. බ්‍රසීලයෙන් සහ දකුණු අප්‍රිකාවෙන් සොයා ගන්නා ලද නව ප්‍රභේද තුළ ද මෙම විකෘතිතාව පැවතුණි. එම නිසා මෙම ප්‍රභේදයට එරෙහිව සටන් කිරීම සඳහා ඇතැමුන්ගේ සිරුර තුළ දැනටමත් ප්‍රතිදේහ පැවතිය හැකිය.

    මීට සමාන විකෘතිතාවක් සහිතව සොයා ගැනුණු ‘කෙන්ට්’ ප්‍රභේදය සතුව ශීඝ්‍රයෙන් බෝවීමේ හැකියාවක් පවතින බව විශේෂඥයෝ පැවසූහ.

    මෙම තත්ත්වය විද්‍යාඥයන්ගේ කනස්සල්ලට භාජනය වී ඇත්තේ දැනට සංවර්ධනය කර ඇති එන්නත්වලින් පරාජය කළ නොහැකි නව ප්‍රභේද ඇතිවීමට ඉඩකඩ ඇති බැවිනි. එමෙන්ම, නව ප්‍රභේද ඇතිවීම මගින් රෝග ව්‍යාප්තිය ද ශීඝ්‍ර විය හැකි වීමය.

    දැනට භාවිත කරනු ලබන එන්නත් නිර්මාණය කර ඇත්තේ වසංගතය ආරම්භයේ පැවති කොරෝනාවෛරසය ආශ්‍රිතව ය.

    එම එන්නත් දැනට සොයාගෙන ඇති නව ප්‍රභේදවලට ද එරෙහිව ක්‍රියා කරනු ඇති බව විද්‍යාඥයෝ විශ්වාස කරති. සමහර විට මුල් වෛරසයට තරම් ම ඵලදායී නොවිය හැකිය.

    නව ප්‍රභේද පිළිබඳව පර්යේෂණ පවත්වමින් සිටින මහාචාර්ය රවී ගුප්තා ඇතුළු කණ්ඩායම පවසන්නේ E484K වැනි විකෘතිතා ඇතිවීමෙන් දැනට පවතින එන්නත්වලට තර්ජනයක් පවතින බවය.

    කෙසේ නමුත් නව ප්‍රභේදවලට එරෙහිව ද ඵලදායී වන නව එන්නත් සංවර්ධනය කිරීමට දැනටමත් විද්‍යාඥයෝ කටයුතු කරමින් සිටිති.

    වසංගත රෝග පිළිබඳ විශේෂඥයෙකු වන, යුනිවර්සිටි කොලේජ් ලන්ඩන් හි මහාචාර්ය ඇන්ඩෘ හේවාර්ඩ් කියා සිටියේ “වාසනාවකට, මේ ප්‍රභේදය තවමත් පවතින්නේ ඉතා අඩු මට්ටමක වන අතර එයින් වැඩි ව්‍යාප්තියක් සිදුවන බවට තවමත් පෙනෙන්නට නැති” බවය.

    “කොහොම වුනත් අපි මේ ප්‍රභේද ගැන හොඳට ඇස ගසාගෙන සිටිය යුතුයි. මොකද, අපි දන්නේ නැහැ ඔවුන් මොනවා කරාවිද කියල.” ඔහු පැවසීය.

  • පිරිමින්ට වඩා කාන්තාවන් අතර ‘මානසික අවපීඩනය’ ඉහළ ඇයි?

    පිරිමින්ට වඩා කාන්තාවන් අතර ‘මානසික අවපීඩනය’ ඉහළ ඇයි?

    වත්මන් කොවිඞ් අර්බුදය සමග වර්ධනය වී ඇති සෞඛ්‍ය ගැටලූ අතර මානසික අවපීඩනයට ඉහළ තැනක් හිමිවෙනවා. ආර්ථික හා සමාජයීය ගැටලූ හා දුෂ්කරතා නිසා පොදුවේ මානසික අවපීඩනය සියලූ පිරිස් අතර ඉහළ මට්ටමක තිබුණත් එයින් වැඩියෙන්ම බැටකන්නේ, පීඩාවට පත් වන්නේ කාන්තාවන් බවයි මානසික සෞඛ්‍ය විශේෂඥයින් පවසන්නේ.

    මෙය කිසිසේත් පහසුවෙන් බැහැර කළ හැකි හෝ නොතකා හැරිය හැකි ගැටලූවක් නොවෙයි. මොකද මානසික අවපීඩනය හරහා තවත් ඍණාත්මකතා රැුසක් ඇති වෙනවා.

    ඉන්දියානු රජය විසින් මෑතකදී කරන ලද සමීක්ෂණයකට අනුව, කාන්තාවන් හතර දෙනෙකුගෙන් එක් අයෙකු මානසික අවපීඩනයෙන් පෙළෙන අතර පිරිමින් හත් දෙනෙකුගෙන් එක් අයෙකු මානසික අවපීඩනයෙන් Depression පෙළෙනවා. 

    කනගාටුවට කරුණ වන්නේ ලංකාවේ මෙවැනි සමීක්ෂණ හෝ ඒවා සිදු වුණත් තොරතුරු, දත්ත බෙදා ගැනීමක් නැහැ. ඒත් ලංකාවේ තත්ත්වය මීට සමාන හෝ මීට වඩා වැඩි බව අපගේ විශ්වාසයයි.

    මානසික අවපීඩනයේ දී මෙම ස්ත්‍රී පුරුෂ පරතරය ඉහළ මට්ටමක පවතින්නේ මන්දැයි දැන් ඔබට ඇසිය හැකියි.

    අපගේ සායනයේදී, මානසික අවපීඩනයෙන් පෙළෙන කාන්තාවන් වැඩි ප්‍රමාණයක් අපට දැකගත හැකි අතර, පිරිමින් ආත්ම අභිමානය, මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතය සහ පාලනය කළ නොහැකි කෝපය වැනි ගැටළු වලින් පීඩා විඳිති. 

    මේවා සාමාන්‍ය ස්ත්‍රී පුරුෂ ඒකාකෘති ලෙස පෙනුනද ඒවා කිසි විටෙකත් සත්‍ය නොවේ. ඇතැම් ආකාරයේ මානසික අවපීඩන ‘පශ්චාත් මානසික අවපීඩනය – Postpartum depression ‘ වැනි ස්ත්‍රීන්ට විශේෂිත වූවක් වන අතර එය දරු උපතෙන් පසු කාන්තාවන්ට පීඩා කරයි, කලාතුරකින් පියා ද පශ්චාත්-පාර්ටම් මානසික අවපීඩනයෙන් Post-Partum depression පෙළෙන්නට පුළුවන, නමුත් එය අතිශයින් දුර්ලභ ය.

    පිරිමින් සහ කාන්තාවන් අතර මානසික අවපීඩන විෂමතාව සඳහා අපයෝජනය, අඩු අධ්‍යාපනය සහ ආදායම ඇතුළු සමාජ ආර්ථික හේතු පර්යේෂකයන් විසින් ප්‍රතික්ෂේප කර ඇත. 

    එක්සත් ජනපදය, කැනඩාව සහ බටහිර යුරෝපය වැනි දියුණු ආර්ථිකයන්හි, ඉන්දියාව වැනි සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් හා උප සහරා අප්‍රිකානු රටවල් වැනි අව සංවර්ධිත රටවලට සාපේක්ෂව මානසික අවපීඩනයෙන් පෙළෙන කාන්තාවන්ගේ ප්‍රතිශතය පිරිමින්ට වඩා ඉහළ ය. පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන් තුළ මානසික අවපීඩනය බහුලව පැවතීමට ජීව විද්‍යාත්මක සාධක හේතු විය හැකි බව මෙයින් ඇඟවෙයි. ම

    ෙය තේරුම් ගැනීමෙන් වඩා හොඳ ප්‍රතිකාර ලබා ගත හැකිය.

    මානසික අවපීඩනය

    සහෝදර නිවුන් දරුවන් පිළිබඳව කරන ලද අධ්‍යයනයක දී කාන්තාවන් අන්තර් පුද්ගල සම්බන්ධතා කෙරෙහි වැඩි සංවේදීතාවයක් පෙන්නුම් කරන අතර පිරිමින් බාහිර වෘත්තීන් හා ඉලක්ක ඉලක්ක කරගත් සාධක කෙරෙහි වැඩි සංවේදීතාවයක් පෙන්නුම් කරයි. 

    වැඩිවිය පැමිණීමට පෙර පිරිමි ළමයින් හා ගැහැණු ළමයින් මානසික අවපීඩනයට සමාන අවදානමක් ඇති අතර වැඩිවිය පැමිණීමේදී ගැහැනු ළමයින් මානසික අවපීඩනය කෙරෙහි වැඩි ප්‍රවණතාවක් පෙන්නුම් කරයි. 

    පර්යේෂකයන්ට අනුව මෙයට හෝමෝන වෙනස් වීම් ද හේතු වේ.

    කාන්තාවන්ට ඔවුන්ගේ හෝමෝන ජීවන චක්‍රයේ වැදගත් සන්ධිස්ථාන කිහිපයකදී, එනම් වැඩිවිය පැමිණීමේදී, ඔසප් වීමට පෙර, ගර්භනීභාවයෙන් පසුව සහ පෙර-ඔසප් වීමේදී මානසික අවපීඩනයට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇත. 

    මෙයින් ගම්‍ය වන්නේ ගැහැණු හෝමෝන වෙනස්කම් මානසික අවපීඩනයට හේතු විය හැකි බවයි. මෑතකදී කරන ලද අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ ”උපත් පාලන පෙති – Oral contraceptive භාවිතා කරන කාන්තාවන්ට මානසික අවපීඩනය හා කාංසාව අඩු මට්ටමක පවතින බවත් එය භාවිතා කරන්නන් නොවන අය සමඟ සසඳන විට එස්ටජන් අධීක්ෂණය කිරීම ප්‍රයෝජනවත් විය හැකි බවත්ය. 

    කාන්තාවන්ගේ මානසික අවපීඩනය මැඩපැවැත්වීම සඳහා මම ‘උපත් පාලන පෙති – Oral contraceptive ලබා නොදෙන අතර, ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වය අතර මානසික අවපීඩනය වෙන්කර හඳුනා ගැනීමට සහ ප්‍රතිකාර කිරීමට පළපුරුදු මනෝ විද්‍යාඥයෙකුගේ උපදෙස් ලබා ගැනීමට මම උපදෙස් දෙමි.

  • ‘විසිවසක වීරවංශය’ දේශපාලන නාටකයක් ද? බල පොරයක සමාරම්භය ද?

    ‘විසිවසක වීරවංශය’ දේශපාලන නාටකයක් ද? බල පොරයක සමාරම්භය ද?

    දේශපාලන ගිනිකඳු පුපුරායාම ගිනිකන්දක් පුපුරායාම වැනි හදිසි හෝ අහඹු සිද්ධියක් ලෙස සමාජයට පෙනීගියත් ඒවාත් ස්වාභාවික ගිනිකඳු මෙන් ”දේශපාලන පොළෝ කුහරය” තුළ කලක් කැකෑරෙමින් තිබූ මතගැටුම් සමාජය මතුපිට අනාවරණය වීමක් විය හැකිය.

    විශේෂයෙන්ම, හවුල් ආණ්ඩුවල නියෝජනය වන දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් අතර ගිනිකඳු මෙන් පැසවමින් තිබූ පෞද්ගලික සහ දේශපාලන මතවාද හදිසියේ සමාජය අබියස පුපුරායමින් ප්‍රධාන මාධ්‍ය සිරස්තල බවට පත්වන්නේ එක දේශපාලන ප්‍රකාශයක් මගින් විය හැකිය.

    අතීත දේශපාලන අත්දැකීමක් සිහියට නැගුවොත්, 1970 දී බලයට පත් ”සමගි පෙරමුණ” යනුවෙන් හඳුන්වන ලද හවුල් ආණ්ඩුව බිඳ දැමීමට ආසන්නතම හේතුව ලෙස ඉදිරිපත් කරන ලද්දේ එම දේශපාලන සභාගයේ හවුල්කරුවකු වූ ලංකා සම සමාජ පක්ෂයේ නායක, මුදල් ඇමති ආචාර්ය එන්.එම්.පෙරේරා විසින් කරන ලද ප්‍රකාශයකි.

    ආචාර්ය පෙරේරාගේ ප්‍රකාශයක් මගින් එම දේශපාලන සභාගයේ බලවත් දේශපාලන පක්ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ, හිටපු අගමැති එස්.ඩබ්ලිව්,ආර්.ඩී. බණ්ඩාරනායකගේ දේශපාලන ප්‍රතිරූපයට හානියක් වීය යන්න එවක අගමැති සිරිමා බණ්ඩාරනායක ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ චෝදනාව විය.

    ගැටුම කෙළවර වූයේ බලයේ සිටි දේශපාලන සභාගය බිඳී ගොස් ඊළඟ මහ මැතිවරණයේ දී එම දේශපාලන පක්ෂ දෙකම අන්ත පරාජයකට පත්වීමෙනි.

    අප යළි වර්තමානයට පැමිණියොත්,අද පාලක සභාගයේ ප්‍රමුඛ දේශපාලන හස්තය වන පොදු ජන පෙරමුණ සහ එහි පාර්ශ්වකරුවකු වන ජාතික නිදහස් පෙරමුණේ නායක කර්මාන්ත ඇමති විමල් වීරවංශ අතර පවතින දේශපාලන ගැටුමත් පෙර සඳහන් කරන ලද 1970 සභාගය තුළ 1975 දී පුපුරාගිය ගැටුම සමඟ කරුණු දෙකක් හේතුවෙන් සමාන ස්වරූපයක් ගනී.

    ඉන් පළමුවැන්න, ගැටුම ආරම්භ වෙන්නේ දේශපාලන නායකයන් දෙදෙනකු සම්බන්ධයෙන් සිදුකරන ලද ප්‍රකාශන මුල්කර ගෙනය. ආචාර්ය එන්.එම්.පෙරේරාගේ මතභේදාත්මක ප්‍රකාශයට මාතෘකාව සපයන ලද්දේ හිටපු අගමැති බණ්ඩාරනායක සම්බන්ධයෙන් ඔහු විසින් කරන ලද ප්‍රකාශයකි. මෙවර, විමල් වීරවංශ ඇමතිවරයා අභියෝගයකට මුහුණ දී සිටින්නේ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයක් හේතුවෙනි.

    දෙවැන්න,ඉහත සඳහන් කරන ලද දේශපාලන ගැටුම් දෙකටම පොදු වෙනත් කරුණක් ද පවතී. එනම් ඕනෑම දේශපාලන සභාගයකට පොදු තත්ත්වයක් වන ප්‍රතිපත්තිමය ගැටුමයි. 1970 සභාගය තුළ වූ ආචාර්ය එන්.එම්. පෙරේරා ප්‍රමුඛ ඊනියා ”වමට නැඹුරු” දේශපාලන බලවේගය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දක්ෂිණාංශය නියෝජනය කරන ලද අගමැතිවරිය, අමාත්‍ය ෆීලික්ස් ආර්.ඩී.බණ්ඩාරනායක සහ අනුර බණ්ඩාරනායක ප්‍රමුඛ ”සාතන් කල්ලිය” අතර බරපතල දේශපාලන ගැටුමක් වූ බව පසුව එම දෙපාර්ශ්වය විසින් කරන ලද ප්‍රකාශ මගින් තහවුරු විය.

    පැවතුනු තත්ත්වය සහතිකව හෙළිදරව් වූයේ , තමා ”සෑම කැබිනට් රැස්වීමකටම සහභාගී වුනේ ඉල්ලා අස්වීමේ ලිපියත් සාක්කුවේ දමාගෙන” යයි පදවියෙන් පහකරනු ලැබීමෙන් අනතුරුව මුදල් ඇමති ආචාර්ය එන්. එම්.පෙරේරා මහජන රැස්වීම් ඉදිරියේ කියාසිටීමත් සමඟය.

    විමල් වීරවංශ, බැසිල්

    විමල්ගේ පළමු ප්‍රකාශය

    ජාතික පුවත්පතක් සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී අදහස් දැක්වූ ඇමති විමල් වීරවංශ මෙසේ සඳහන් කර තිබුණි.

    මාධ්‍යවේදියා විමල් වීරවංශ ඇමතිවරයාට මෙවැනි ප්‍රශ්නයක් යොමු කරයි.

    ”ඇත්තටම රටේ ප්‍රශ්නයක් තියෙනවා. රට කරවන්නේ කවුද කියලා. ජනාධිපති ගෝඨාභයද? අගමැති මහින්ද ද? වෙනත් කෙනෙක්ද?

    ඇමතිවරයා; ”ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම් හැටියට ඉතා විශිෂ්ට සේවයක් මේ රටට ඉටුකරපු කෙනෙක්. රාජ්‍ය නායකයා කියන භූමිකාව එතුමා බාර ගත්තාට පස්සේ දේශපාලන ක්ෂේත්‍රයේදී එතුමා ඉන්නේ එක්තරා ආකාරයකට අත්දැකීම් බහුල චරිතයක් හැටියට නෙවෙයි. ඒ වගේම එතුමට විය යුතුව තිබුණ දේ තමයි පොහොට්ටුව කියන පක්ෂයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන පක්ෂයේ නායකත්වය ලබා දීමයි. එතුමාව එහෙම ගෙන්වන්නේ නැතිව එතුමාව ජනාධිපති ලේකම් කාර්යාලයට විතරක් තනි කිරීම සුදුසු දෙයක් නොවෙයි. ඒකෙන් වෙන්නේ මන්ත්‍රීවරු සහ එතුමා අතර තිබෙන සබැඳියාව දුබල වීම. දේශපාලන තන්ත්‍රය සමග එතුමා අතර තිබෙන සබැඳියාව දුර්වල වීම. ඒක ආණ්ඩුවේ සහ රටේ නිරෝගි පැවැත්මට හිතකර දෙයක් නොවෙයි. ඉතින් මට තේරෙන්නේ නෑ ඒ අහිතකර තත්ත්වය වර්ධනය වෙන්න ඉඩ හරින්නේ කාගේ, කුමන අපේක්ෂාවක් මුදුන්පත් කර ගැනීම සඳහා ද කියලා”

    ඇමතිවරයා විසින් එවැනි ප්‍රකාශයක් කරන්නට ඇති බව දේශපාලනය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන කණ්ඩායම්වල විශ්වාසය බවට පත්වුණේ එම සාකච්ඡාව සිදුකරන ලද මාධ්‍යවේදියා කලකට පෙර එම පුවත්පතටම විමල් වීරවංශ ඇමතිවරයාගේ දේශපාලන ආගමනය විස්තර කරමින් දීර්ඝ ලිපි පෙළක් පළකරන ලද තැනැත්තාම වීමත් හේතුවෙනි.

    අනිත් අතින් ඇමතිවරයා විසින් සිය ප්‍රකාශය මෙතෙක් ප්‍රතික්‍ෂේප කරනු ලැබ නැති අතරම එම ප්‍රකාශය මගින් කුපිත වූ, පොදු ජන පෙරමුණේ අගමැතිවරයා හැරුනවිට එහි ඉහළ ස්ථරය විසින් යෝජනා කරන ලද පරිදි ”සමාවක් ඉල්ලා සිටීමට”ද ඔහු පියවර ගෙන නැත.

    ඉහත සඳහන් කරන ලද පුවත්පත් සාකච්ඡාවේ දී මාධ්‍යවේදියා මතුකරන ප්‍රශ්නයේ අවසානය දෙස බලන්න.”රට කරවන්නේ කවුරුන් විසින්ද? යන්න සම්බන්ධයෙන් ”ඇත්තටම රටේ ප්‍රශ්නයක් ඇතැයි” සිය සොයාගැනීමක් මට්ටමින් කියාසිටින මාධ්‍යවේදියා එම ”සැබෑ පාලකයා” ජනාධිපතිවරයාද? අගමැතිවරයා ද? එසේ නොවන්නේනම්.වෙනත් තැනැත්තෙක්දැයි ආදී වශයෙන් ඇමතිවරයාට ඔහුට අවශ්‍යකර තිබුණ ප්‍රශ්නය ඔහුට ”ප්‍රදානය” කරයි.

    ඒක වචනාර්ථයක් හඟවන එම ”වෙනත් තැනැත්තා’‘ කවුද?

    එමගින් අදහස් කරන ලද තැනැත්තා, වත්මන් ආණ්ඩුවේ සියලු කාර්යභාරයන් පිටුපස සිටින තීරණාත්මක චරිතය වන බැසිල් රාජපක්ෂ යයි ඔහුගේ ආධාරකරුවන් විසින් පිළිගනු ලැබ ඇති බව ඔහු නිර්මාණය කළ දේශපාලන පක්ෂය වන පොදු ජන පෙරමුණු කේඩරය විසින් මෙතෙක් දක්වා දෙන ලද ප්‍රතිචාර මගින් පැහැදිළි වෙයි.

    දේශපාලන නාටකයක් ද?

    විමල් වීරවංශ ඇමතිවරයා අතගසා ඇති පොදු ජන පෙරමුණේ නායකත්වය වෙනස් කිරීමේ සටන රටේ දැවෙන ප්‍රශ්න ඉදිරියේ ඒවා වෙනත් දිශාවකට හරවමින් ආණ්ඩුව බේරාගැනීමේ ”දේශපාලන නාඩගමක්” හැටියට ඉදිරිපත් කෙරෙන විග්‍රහයන් ද ඇත.

    ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ එවැනි ප්‍රවණතා ඇති බව සැක කිරීම සඳහා දෙපාලනඥයන් විසින් ම අවශ්‍ය උදාහරණ ප්‍රමාණයටත් වඩා සපයා ඇති නමුත් අපවිසින් සාකඡාවට ගනු ලබන වත්මන් හැසිරීම කලක් නිදන්ගතව පැවති බල අරගලයක් හදිසියේ ම පෙරට පැනීමක් ලෙස ගැනීමේ බැරිකමක් ද නැත.

    2020 පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණය නිමවුණේම ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන විමල් වීරවංශ ඇමතිවරයා සහ පොදුජන පෙරමුණේ නායකත්වය අතර විරසකභාවයක් ඇති කෙරෙන පරිදි සිය බලාපොරොත්තු සුන්කරමින් ඔහු එතෙක් කොළඹ දිස්ත්‍රික්කයේ දිනා සිටි මනාප වාර්තාව බිඳ වැටීමත් සමඟය.

    එතෙක් අම්පාරේ දේශපාලනය කළ සරත් වීරසේකර කොළඹ දිස්ත්‍රික්කයට පොදු ජන පෙරමුණ විසින් කැඳවා ගනු ලැබූ අතර ඔහු දිස්ත්‍රික්කයේ වැඩිම මනාපලාභියා බවට ද පත්විය. තම කොළඹ දිස්ත්‍රික් ආගමනය පොදු ජන පෙරමුණේ ඉල්ලීම අනුව සිදුවීමක් බව සරත් වීරසේකර ඇමතිවරයා කීපවරක් ම සඳහන් කර ඇත.

    ආණ්ඩුවේ ආර්ථික වැඩ පිළිවෙලට විමල් බාධාවක්ද?

    වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ පාලන සමය ආරම්භ වන 2005 වසරේ පටන් 2015 දක්වා සහ 2019 නොවැම්බරයේ ආරම්භ වූ වත්මන් ගෝඨාභය-මහින්ද දෙසොහොයුරු පාලනය තුළත් දේශපාලනයට අතිරේකව ප්‍රධාන වශයෙන් රටේ ආර්ථිකයට අදාළ සියලු තීන්දු තීරණ ගනු ලබන්නේ බැසිල් රාජපක්ෂ විසින්ය යන්න තවදුරටත් රහසක් නොවේ. ඊළඟට සිටින තීරණාත්මක චරිතය ජනාධිපති ලේකම් අචාර්ය පී.බී.ජයසුන්දරයි.(ඔහුට එරෙහිව අධිකරණ තීන්දුවක් තිබිය දී පවා රාජපක්ෂ පාලනය විසින් ඔහු අත්හැර දමනු නොලැබුණි.) 2010 මහින්ද රාජපක්ෂ පාලනය සමයේත් ඇමති පදවියක් දැරූ විමල් වීරවංශ එම රජයේ ඉහළ පදවියක් දැරූ ආචාර්ය පී. බී.ජයසුන්දර ප්‍රසිද්ධියේ හඳුන්වා දෙන ලද්දේ ”ආර්ථික ඝාතකයකු” ලෙසය.

    වත්මන් පොදු ජන පෙරමුණු ආණ්ඩුව බලයට පත්වීම සඳහා ගෙනයමින් සිටි සටනේ දී පෙර බලයේ පැවති යහපාලන රජයට එරෙහිව රටපුරා මහජන මතය අවුළුවාලීම සඳහා පාවිච්චියට ගත් ප්‍රධාන මාතෘකාවක් වූයේ ‘සහශ්‍ර අභියෝගතා ගිවිසුම’ හෙවත් මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම (MCC)යි. සහශ්‍ර අභියෝගතා ගිවිසුම හෙවත් මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම (MCC) ඇමෙරිකාවට රට පාවාදීමක් ලෙස විග්‍රහ කරන ලද නමුත් බලයට පැමිණි පසු නව ආණ්ඩුවේ ස්වරයෙහි වෙනසක් වූ අතර නව රජයේ ඇමතිවරුන් කීපදෙනෙක් ම කියාසිටියේ එම ව්‍යාපෘතියේ අහිතකර අංග ඉවත්කරමින් 70%ක් තරම් වූ යහපත් අංග පමණක් තෝරාගනිමින් ඊට එකඟවෙන බවකි.

    එම්සීසී

    ‘මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම (MCC” මගින් ප්‍රදානයක් ලෙස ලැබීමට නියමිතව තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 470 ක් තරම් වූ මුදල අහිමිව ගියේ ඊට එරෙහිව ආණ්ඩුව අභ්‍යන්තරයේ සිටින ජාතිකවාදී කණ්ඩායම් හේතුවෙනි.දේශපාලන සභාගය තුළ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ඇමතිවරයා එම ”ජාතිකවාදී” බලවේගයේ ප්‍රමුඛයකු ලෙස පෙනී සිටියි.

    විසිවෙනි සංශෝධනය

    වසර දෙකක් තරම් කෙටි කාලසීමාවක් ගතවෙද්දී ආණ්ඩුවේ ජාතිකවාදී ඇතැම් සංවිධාන සහ පොදු ජන පෙරමුණ අතර මතු වූ මතභේද පෙරට පැමිණි තවත් අවස්ථාවක් වුණේ,මතභේදාත්මක විසිවෙනි සංශෝධනයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවෙනි සංශෝධනය සම්බන්ධයෙන් වෙනත් මත දැරූ විමල් වීරවංශ ඇමතිවරයා ඇතුළු කණ්ඩායමක් පසුව කියාසිටියේ,ද්විත්ව පුරවසිභාවයට අදාළ සිය ඉල්ලීම් පසුව ඉටුකරන බවට ප්‍රතිඥාවක් දෙමින් ජනාධිපතිවරයා විසින් කරන ලද ”අතිශයින් සංවේදී” ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් තමන් එම සංශෝධනයට පක්ෂව ඡන්දය දෙන බවය.

    තම ඇමෙරිකානු පුරවැසිභාවය කිසිසේත්ම ඉවත්කර නොගන්නා බව බැසිල් රාජපක්ෂ බීබීසි සමඟ සාකච්ඡාවක දී දැඩිව කියාසිටි අතර ඔහුගේ එම ස්ථාවරය ආණ්ඩුවේ ජාතිකවාදී සංවිධානවල මතයට පටහැනි වූවකි.

    විසිවෙනි සංශෝධනය සම්බන්ධයෙන් තමා විසින් ඉදිරිපත් කරන ලද සංශෝධන සැලකිල්ලට ගෙන නැතැයි පවසමින් විමල් වීරවංශ ඇමතිවරයා අගමැති මහින්ද රාජපක්ෂ වෙත ලිපියක් ද යවා තිබුණි. එමගින් ඔහු පෙන්වා දී තිබුණේ ”එම විරෝධය නොසළකා කටයුතු කිරීමෙන් ආණ්ඩුවේ ජනවරමේ ආධ්‍යාත්මයට සහ ආණ්ඩුවේ ප්‍රතිරූපයට බලවත් අගතියක් සිදුවන බවයි.”

    විමල් වීරවංශ ඇතුළු කණ්ඩායම ඉල්ලාසිටින පරිදි යම්හෙයකින් ආණ්ඩුව පුරවැසි නීතියේ වෙනසක් සිදුකළහොත් එය බලපාන ප්‍රධාන දේශපාලන චරිතය වන්නේ ”සිය ද්විත්ව පුරවැසිභාවය ඉවත්කර නොගන්නා” බව සෘජුව සඳහන්කර ඇති බැසිල් රාජපක්ෂයි. ආණ්ඩුව විසිවෙනි සංශෝධනය මගින් ද්විත්ව පුරවැසියන්ටත් පාර්ලිමේන්තුවට පිවිසීමට පමණක් නොව ජනාධිපති පදවිය සඳහා තරඟ කිරීමටත් දොරටු විවෘත කර ඇති හෙයින් ඕනෑම මොහොතක පාර්ලිමේන්තුවට පිවිස ඉහළම තනතුරක් දැරීම අතින් වුවද බැසිල් රාජපක්ෂට කිසිදු නෛතික බාධාවක් දැන් නොමැත.

    පොදු ජන පෙරමුණ සහ රාජපක්ෂවරුන් විමල් වීරවංශ ඇතුළු ජාතිකවාදී කණ්ඩායම් සමඟ විසිවෙනි සංශෝධනයේ දී ”සංවේදී” අතරමැදි සාමයක් ඇතිකරගන්නා ලද නමුත් ප්‍රශ්නය ආරම්භවීමේ මූලබීජ තැන්පත්වීම ආරම්භ වන්නේ එම අවස්ථාවේ පටන්ය.

    නගෙනහිර ජැටිය
    නැගෙනහිර ජැටිය සංවර්ධනයට ඉන්දියානු ආයෝජන කැඳවීමට එරෙහි විරෝධතා ව්‍යාපාරයක්

    නැගෙනහිර ජැටිය- ආයෝජන ව්‍යාපෘතිය

    වත්මන් ආණ්ඩුවට හකුලා ගැනීමට සිදු වූ තවත් ආර්ථික ව්‍යාපෘතියක් වුණේ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියානු සමාගමක මූල්‍ය ආයෝජනයෙන් සංවර්ධනය කොට පවත්වා ගැනීමයි.එම ව්‍යාපෘතියේ 49%ක් හිමිවෙන ඉන්දියානු පාර්ශ්වය ආයෝජනය කිරීමට අපේක්ෂා කළ මූල්‍ය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් ඩොලර් මිලියන 500 ත් 700 ත් අතර වූ අතර, ආණ්ඩුව නියෝජනය කරනු ලබන විමල් වීරවංශ ඇමතිවරයා ඇතුළු දේශපාලන කණ්ඩායම් කීපයක සහ මෙම ආණ්ඩුව බලයට ගෙනඒමට දායක වූ භික්ෂූන් සහ වෙනත් ජාතිකවාදී සංවිධානවල දැඩි බලපෑම හමුවේ පියවරක් පසුපසට ගැනීමට ආණ්ඩුවට සිදුවිය. එම විරෝධයේ දී ආණ්ඩුව තුළ නියෝජනය වෙන කණ්ඩායම් මෙහෙයවන ලද්දේ විමල් වීරවංශ ඇමතිවරයා බව ඔහු සිය නිල නිවසට එකී කණ්ඩායම් කැඳවමින් කළ ප්‍රකාශන සමඟ ප්‍රදර්ශනය විය.

    කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය ඒකාබද්ධව සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව, ජපානය සහ ඉන්දියාව අතර අත්සන් තැබුණු ගිවිසුමට අනුව ඩොලර් මිලියන 500 ත් 700 ත් අතර මුදලක් ආයෝජනය කරනු ලැබීමට නියමිතව තිබූ නමුත් දේශීය විරෝධතා මැද ශ්‍රී ලංකා පාර්ශ්වය විසින් ගිවිසුම හකුලා ගැනීමත් සමඟ ආණ්ඩුවට එම මුදල් සම්භාරයත් අහිමි විය.

    විමල් වීරවංශ ඇමතිවරයා ආණ්ඩුව තුළ සිටින අතරවාරයේ කැබිනට් මණ්ඩලයෙන් පිටත සාකච්ඡා කැඳවමින් වෙනත් මත ප්‍රකාශයට පත්කරනු ලැබීම පොදු ජන පෙරමුණේ බැසිල් රාජපක්ෂ පාර්ශ්වයේ දෝෂ දර්ශනයට ලක්විය.

    ”මගේ පෞද්ගලික විශ්වාසය කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට දිය යුතු බවයි.ජාතිය ගැන දේශීයත්වය ගැන බොරුවට කතා කර රටක් දියුණුකරන්න බැහැ’‘ රාජ්‍ය ඇමති නිමල් ලංසා ප්‍රකාශ කළේය.

    රාජ්‍ය ඇමති නිමල් ලංසා එම ප්‍රකාශය කරන ලද්දේ කෙළින්ම විමල් වීරවංශ – උදය ගම්මන්පිල කණ්ඩායම ඉලක්ක කරගෙන බව මැනවින් පැහැදිළිවන්නේ ඔහු විසින් භාවිත කරනු ලැබ ඇති වචන වලිනි.

    කාටුනය
    ජාතිකවාදී බලවේගයන්හි විරෝධය හමුවේ අගමැති මහින්ද රාජපක්ෂ කටයුතු කළ ආකාරය නිරූපණය කෙරුණ කාටූනයක්

    අගමැති මහින්ද හෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙන් දැඩි ජාතිකවාදී සටන්පාඨ දේශපාලනය තුළ වර නොනගන බැසිල් රාජපක්ෂගේ (ඔහුගේ ආර්ථික ක්‍රියාමාර්ගවලට අවශ්‍ය පරිපාලන නායකත්වය සපයනු ලබන ආචාර්ය පී.බී.ජයසුන්දරගේ අරමුණ චීන සම්ප්‍රදායේ ස්ථාවර දේශපාලන නායකත්වයක් යටතේ ලිබරල් ආර්ථික සැලැස්මක් ක්‍රියාවට නැංවීම බව බැසිල් රාජපක්ෂට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.

    ”විසිවසක වීරවංශය”

    විමල් වීරවංශ ඇමතිවරයා පොදු ජන පෙරමුණේ නායකත්ව වෙනසක් ගැන අදහස් පළකරනු ලැබීමෙන් අනතුරුව බැසිල් රාජපක්ෂ කඳවුරෙන් එල්ලවෙමින් පවතින විරෝධය හමුවේ ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන පක්ෂ කීපයක නායකයන් සහභාගීකර ගනිමින් ඔහුගේ නිල නිවසෙහි සාකච්ඡා කරනු ලැබීම ඔහුගේ බල පරාක්‍රමය අනියමින් ප්‍රදර්ශනය කිරීමක් වූ අතර ආණ්ඩුවට හිතවත් ප්‍රධාන පෙළේ භික්ෂූන් පිරිසක් ද එක්වීමත් සමඟ එය පොදු ජන පෙරමුණට එල්ල කරන ලද අභියෝගයක ස්වරූපයක් ගත්තේය.

    පැරණි වාමාංශික දේශපාලන පක්ෂ දෙක වන ලංකා සම සමාජ පක්ෂයේ සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිතයන් සහ නව ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයේ නායක වාසුදේව නානායක්කාර වැනි වමේ නායකයන් පවා ”ජාතිකවාදී” විමල් වීරවංශ ඇමතිවරයා වෙනුවෙන් පෙනී සිටිති.

    එම වාමාංශික දේශපාලන පක්ෂවලට විමල් වීරවංශ ඇමතිවරයාගේ ”ජාතිකවාදී” ස්ථාවරයන් සමඟ ඇති නොඑකඟතාවන්ට වැඩි ගැටුමක් බැසිල් රාපක්ෂ සමඟ පවතී.පසුගිය මහ මැතිවරණයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයට සම්ප්‍රදායක් වශයෙන් වෙන්කෙරෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී පදවිය 2020 පසුගිය මහ මැතිවරණයෙන් අනතුරුව නොලැබුණ අතර, මහාචාර්ය තිස්ස විතාරණ මන්ත්‍රී පදවියකට පමණක් සීමාකරනු ලැබුණි. මේ සියල්ල තීන්දු කෙරෙන්නේ බැසිල් රාජපක්ෂගේ මනාපය පරිදිය යන්න එම පක්ෂවල විශ්වාසය වී ඇත.

    මේ අතර එක්තරා මන්ත්‍රීවරයකු ඉල්ලා අස්වීමෙන් අනතුරුව බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිව්රුම් දීමට යන බවට දූෂමාණ ආරංචි පැතිරගිය අතර, එහි ඊළඟ දිගුව වුණේ අගමැති මහින්ද රාජපක්ෂ හදිසියේ පදවියෙන් ඉවත්වුනොත් එම පුරප්පාඩුවට ඔහු අනුප්‍රාප්තවීමේ ඉඩකඩක් පවතින බවය.

    විමල් වීරවංශ
    උපවාසයක නිරතවෙමින් සිටි විමල් වීරවංශ ඇමතිවරයා කිරි වීදුරුවක් පානය කරමින් එම උපවාසය අත්හැර දමන ලද අවස්ථාවක්

    දේශපාලනය බලය ඉලක්ක කරගත් ව්‍යාපෘතියකි. බලය සොයායාම දේශපාලනඥයන්ගේ පළමු සැලැස්මයි.විමල් වීරවංශ ඇමතිවරයාට දැන් ඔහුට සහයෝගය නොදක්වන කණ්ඩායම්වල දෝශාරෝපනය වන්නේ ඔහු ආණ්ඩුව තුළ සිටිමින් බල ව්‍යාප්ති ව්‍යාපෘතියක සිටින බවටය.

    ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ ගේ පාර්ලිමේන්තු දිවියට විසි වසරක් සම්පූර්ණවීම නිමිත්තෙන් 2020 වසරේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ උත්සවයක් පැවැත්වුණු අතර එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගී වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති ය මහින්ද රාජපක්ෂයි.

    “විසි වසක වීරවංශය” යන තේමාව යටතේ සංවිධාන කර තිබුණ එම උත්සවයේ එක අංගයක් වූයේ වීරවංශ ඇමතිවරයා ගේ දේශපාලන දිවිය විශ්ලේෂණය කෙරන කෘතියක් ද ප්‍රකාශයට පත්කිරීමයි.

    එම කෘතිය නම්කරනු ලැබ තිබුණේ “විමල් -යුගකාරකත්වයේ භූමිකාව” යනුවෙනි. එමගින් උත්කර්ෂවත් කරනු ලැබ තිබෙන්නේ දේශපාලන බලය තීන්දු කිරීමෙහිලා ඔහු තීරණාත්මක බලයක් වන බවය.

    එය එසේනම්, විමල් වීරවංශ ඇමතිවරයා අද සිදුකරමින් සිටින්නේ බැසිල් රාජපක්ෂගේ බල ආගමනයට දොරවැසීමේ ”යුග කර්තව්‍යයද”?

    පොදු ජන පෙරමුණේ නායකත්වය ඉලක්ක කරගත් දේශපාලන ගැටුම ජනතාව නොමඟ යැවීමේ හුදු දේශපාලන ප්‍රහසනයක් පමණක් ද ? ඉන් එහා ගිය දේශපාලන බල අරගලයක්ද? යන්න තීන්දු කිරීමේ දී මතු සඳහන් කරන ලද කරුණු කීපයත් සැලකිල්ලට ගත හැකිය.

    Text by – bbc sandesaya

  • මුහුණේ හැඩය නිවැරදිව හඳුනා ගැනීම වැදගත් වන්නේ ඇයි ?

    මුහුණේ හැඩය නිවැරදිව හඳුනා ගැනීම වැදගත් වන්නේ ඇයි ?

    මුහුණු හතක් තිබෙන්නේ කතරගම දෙවියන්ට පමණයි. වාසනාවට අපට තිබෙන්නේ එක මූහුණයි.

    ඒත් අපි ඇත්තටම අපේ මුහුණ ගැන කොතරම් දන්නවාද ? අවම වශයෙන් එහි හැඩය ගැනවත් අපට නිවැරදි අවබෝධයක් තිබෙනවාද ? උත්තර පැහැදිලියි. ‘නැහැ’

    ඒ නිසාම තමයි අපි ‘විහින් කැත’ වෙන්නේ.

    ඒ ඇයි කියලා ඔයාට තේරුම් ගන්න අසීරු නැහැ නේද ? තමන්ගේ මුහුණේ හැඩය ගැන නිසි අවබෝධයක් තිනෙවා නම් පහසුවෙන් විලාසිතා කළ හැකියි. කොණ්ඩා මෝස්තරය තෝරා ගැනීම, පිරිමියෙක් නම් රැවුල කැපීම, ඇස් කණ්නාඩි හෝ අවුකණ්නාඩි මෝස්තරය නිවැරදිව තෝරා ගැනීම ඇතුළු බොහෝ දේ තමන්ගේ මුහුණේ හැඩය ගැන නිසි අවබෝධයක් ඇති කෙනෙක්ට කරන්න පුළුවන්.

    බොහෝ මුහුණේ හැඩයන් වෙන්කර හඳුනා ගැනීම අපහසු වුවද, ඇත්ත වශයෙන්ම ඔබේ මුහුණේ හැඩය තීරණය කිරීම සඳහා ඔබට අනුගමනය කළ හැකි ක්‍රමයක් ඇති අතර එය එතරම් අපහසු නොවේ. ඔබට හදවතක් හෝ ඕවලාකාර මුහුණක් ඇති බව ඔබ සිතන්නේ නම්, ඔබ නිවැරදිව අනුමාන කරන්නේ නම් මෙම ක්‍රමය භාවිතා කර පරීක්ෂා කර බැලිය යුතුයි.

    සමස්ථ හැඩය තීරණය කිරීමේදී මුහුණේ දිග වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව මතක තබා ගන්න. නමුත් අනෙක් පරාමිතීන් ද වැදගත් ය. මේවාට ඔබේ නළල, කම්මුල් සහ හකු දිග ඇතුළත් වේ.

    එබැවින්, පහසු පියවර කිහිපයක් දෙස බැලීමෙන් මුහුණේ හැඩය තීරණය කරන්නේ කෙසේදැයි සොයා බලමු. නමුත් පළමුව ඔබේ මුහුණේ ස්වරූපය දැන ගැනීම වැදගත් වන්නේ මන්දැයි සොයා බලමු.

       මූලික මුහුණු හැඩ 6ක් ඇත:

    1. හදවත – Heart;
    2. දියමන්ති – Diamond;
    3. රවුම් – Round;
    4. ඕවලාකාර – Oval;
    5. දිගටි – Oblong (සෘජුකෝණාශ්‍රාකාර මුහුණක් Rectangle ලෙසද හැඳින්වේ) 
    6. චතුරශ්‍රාකාර – Square

         ඔබේ මුහුණේ හැඩය තීරණය කිරීමට ඔබට අවශ්‍ය ඇයි ?

    Image result for beard styles

    රැවුල තබා ගත යුතු ආකාරය තීරණය කිරීම සඳහා පිරිමින්ගේ මුහුණේ පැතිකඩ දැන සිටිය යුතුය. එය කොපමණ ප්‍රමාණයක් කපා දැමිය යුතුද සහ එහි හැඩය කුමක් විය යුතුද? කුමන ආකාරයේ අව් කණ්ණාඩි හෝ අක්ෂි කාච පැළඳිය යුතුද යන්න තීරණය කිරීම සඳහා කාන්තාවන්ට මේ ආකාරයේ තොරතුරු අවශ්‍ය වේ.

    විශාල හෝ විශාල ප්‍රමාණයේ අව් කණ්ණාඩි සෘජුකෝණාස්රාකාර හෝ දිගටි මුහුණු වලට නොගැලපේ. මුහුණේ ස්වරූපය වඩාත් ආකර්ශනීය වන්නේ කුමන දැඩි හා වේගවත් රීතියක් ද යන්න මත නොවේ. නමුත් සාමාන්‍යයෙන් ඕවලාකාර – Oval හැඩැති මුහුණු පිරිමි සහ ගැහැණු යන යන දෙපාර්ශ්වයටම වඩාත් ආකර්ෂණීය වේ.

    පිරිමින්ට වඩාත් ආකර්ෂණීය පෙනුමක් ඇත්තේ පුළුල් හකු ඇති විටය. කාන්තාවන්ට රවුම් හා දියමන්ති හැඩැති (rounded & diamond )මුහුණු වඩාත් අලංකාර ලෙස පෙනේ. ඕනෑම ආකාරයක කොණ්ඩා මෝස්තරයක් සාමාන්‍යයෙන් මෙම මුහුණුවලට ආකර්ෂණීය වුව ද වඩාත් ආකර්ෂණීය වන්නේ දිග කොණ්ඩා මෝස්තරයකි.

    ඔබට ශක්තිමත් හකු රේඛාවක් තිබේ නම්, ඔබට බොහෝ විට වර්ග පැතිකඩක් තිබේ. ශක්තිමත් හකු රේඛාවක් නිකටක් සමඟ සංයෝජනය වීමෙන් දියමන්ති හැඩය පෙන්නුම් කරයි. සියලුම පැතිකඩයන් පිරිමි සහ ගැහැණු යන දෙඅංශයෙන්ම පොදු වන නමුත් කාන්තාවන්ට වැඩි වශයෙන් රවුම් round සහ ඕවලාකාර – oval  හැඩැති මුහුණු ඇත.

    මෙම තොරතුරු සාමාන්‍ය ජනයාට පමණක් නොව වේශ නිරූපණ ශිල්පීන් සහ කොණ්ඩා මෝස්තරකරුවන් සඳහාද ප්‍රයෝජනවත් වේ. මුහුණු පැතිකඩවල මූලික කරුණු ඔවුන් දන්නේ නම්, පුද්ගලයෙකුගේ මුහුණේ ස්වරූපය අනුව කුමන ආකාරයේ සමස්ත පෙනුමක් ගැලපේද යන්න පිළිබඳව වටිනා යෝජනා ලබා දීමට ඔවුන්ට හැකි වේ.

         මුහුණේ හැඩය තීරණය කරන්නේ කෙසේද?

    ඔබේ මුහුණේ හැඩය දියමන්ති, වටකුරු, ඕවලාකාර, දිගටි හෝ හදවතක් වේවා එය පහසු හා සරල ක්‍රමයක් මගින් තීරණය කළ හැකිය. පියවර සම්පූර්ණ කිරීම සඳහා ඔබට මිනුම් පටි සහ පෑනක් සහ කඩදාසි භාවිතා කළ හැකිය.

    ක්‍රියාවලිය ඔබට පහසු කිරීම සඳහා පියවරෙන් පියවර උපදෙස් මෙන්න:

    පියවර 1: ඔබේ මුහුණේ දිග මැනීම.

    පළමු පියවර වන්නේ ඔබේ කොණ්ඩයේ මැද සිට ඔබේ නිකට දක්වා ඔබේ මුහුණේ දිග මැනීමයි. (තට්ටය ඇති අය සඳහා, ස්වාභාවික කෙස් කළඹ පිහිටා ඇත්තේ කොහේදැයි අනුමාන කරන්න) මෙම මිනුම සටහන් කරන්න.

    පියවර 2: ඔබේ කම්මුල් සහ හකු මැනීම.

    සුදුසු කොණ්ඩා මෝස්තරයක් තෝරා ගැනීම සඳහා ඔබේ මුහුණේ හැඩය දැන ගැනීමට අවශ්‍ය නම් මෙම පියවර වැදගත් වේ. ඔබේ කම්මුල්වල දිග මැනීම සඳහා එක් එක් ඇසේ පිටත කෙළවරේ මිනුම් පටි තබන්න. හකු වල දිග ගණනය කළ හැක්කේ ඔබේ නිකටේ කෙළවරේ සිට ඔබේ කණේ පාදම දක්වා මැනීමෙන් පසුව මෙම සංඛ්‍යාව 2 කින් ගුණ කිරීමෙනි.

    පියවර 3: ඔබේ නළල මැනීම.

    නළල යනු ඔබේ ඇහිබැම සහ හිසකෙස් අතර කොටසයි. මිනුම් පටියක් භාවිතයෙන් එය නළලේ පළලම කොටසෙහි තබා ගන්න. පසුකාලීන භාවිතය සඳහා මෙම මිනුම ලියන්න.

    දැන් ඔබට මිනුම් හතරක් ඇති බැවින්, ඔබේ මුහුණේ හැඩය තීරණය කිරීමට කාලයයි. 

    ඔබේ මුහුණේ දිග විශාලතම වන අතර හකු කුඩාම නම් ඔබේ මුහුණේ හැඩය දියමන්ති Diamondවේ. 

    1. කම්මුල්වල මිනුම් ඔබේ මුහුණේ දිගට සමාන වේ නම්, ඔබේ හැඩය වටකුරු – රවුම් – Roundය. 
    2. හකු මෙන්ම කම්මුල් සහ නළල එකම දිගකින් යුක්ත වන විට, ඔබේ හැඩය දිගටි – Oblong වන අතර එය සෘජුකෝණාශ්‍රාකාර මුහුණක් Rectangle ලෙසද හැඳින්වේ. 
    3. සියලු මිනුම් අඩු අගයකට වඩා අඩු නම් ඔබේ හැඩය හතරැස් / චතුරශ්‍රාකාර – Square වේ. 
    4. නළලේ දිග හකුට වඩා වැඩි වන අතර මුහුණේ දිග කම්මුල්වල පළලට වඩා වැඩි නම් ඔබේ හැඩය ඕවලාකාර – Oval වේ. 
    5. සමහර අය තුළ, හකු වඩාත් අර්ථ දක්වා ඇති අතර හකු කෝණය වටකුරු හෝ තියුණු ය. අඩුවෙන් අර්ථ දක්වා ඇති හකු රේඛාව සාමාන්‍යයෙන් මෘදු කෝණයක් ඇති අතර මෙය වටකුරු / රවුම් – Round;හැඩයක ලක්ෂණයකි. (අංක 01 ද සමාන අදහසකි)
    6. ඔබට දිගු නිකටක් තිබේ නම්, ඔබේ හැඩය බොහෝ විට දියමන්ති – Diamond විය හැකිය. 
    7. නමුත් නිසැකවම අනෙක් සියලුම මිනුම් පරීක්ෂා කිරීම හොඳ අදහසකි. ඔබට හෘද / හදවත – Heart හැඩයක් ඇති විට පෙන්වා ඇති නිකට ද දැකිය හැකිය.

    තවත් මුහුණේ ස්වරූපයක් ‘ත‍්‍රිකෝණාකාර – Triangular ලෙස හැඳින්වුවද එය දුර්ලභ වේ. මේ ආකාරයේ හැඩය නළලට වඩා විශාල වන විශාල හකු හා කම්මුල් වලින් සංලක්ෂිත වේ.

    Image result for sunglasses for men

    නිගමනය

    සෑම කෙනෙකුටම වෙනස් මුහුණුවරක් ඇත. සමහරුන්ට හෘද හැඩයක් ඇති අතර අනෙක් අයට ඉලිප්සාකාර හෝ වටකුරු මුහුණක් ඇත. සියලුම හැඩයන් ලස්සන නමුත් ඔබට වඩාත්ම ගැලපෙන හොඳම අව් කණ්නාඩි යුගලයක් හෝ කොණ්ඩා මෝස්තරයක් සොයා ගැනීමට ඔබට ඇති මුහුණේ හැඩය කුමක්දැයි දැන ගැනීම වැදගත්ය.

    ඔබේ හැඩය වඩාත් පැහැදිලිව පෙනෙන පරිදි වේශ නිරූපණය භාවිතා කරමින් ඔබේ මුහුණේ ඇතැම් ප්‍රදේශ ඉස්මතු කිරීමට ද හැකිය. ඔබේ මුහුණේ හැඩය තීරණය කිරීම එතරම් අපහසු නොවන අතර මුහුණක් හදවත, දියමන්ති, වටකුරු, ඕවලාකාර, දිගටි හෝ හතරැස් දැයි බැලීමෙන් සමහර අයට එය අනුමාන කළ හැකිය. නමුත් ඔබට ඒ ගැන විශ්වාස නැත්නම්, මුහුණේ හැඩය තීරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳව මෙම ලිපියේ සාකච්ඡා කර ඇති පියවරෙන් පියවර ක්‍රියාවලිය භාවිතා කළ හැකිය.

    මෙම ක්‍රියාවලිය සම්පූර්ණ කිරීම සඳහා බොහෝ මෙවලම් අවශ්‍ය නොවන අතර ප්‍රතිඵලය සාමාන්‍යයෙන් ඉතා සිත්ගන්නා සුළුය. නළල සහ කම්මුල් ඇතුළු ඔබේ මුහුණේ ඇතැම් කොටස්වල දිග මත පදනම්ව එය ඔබගේ අනුමානය වැරදි හෝ නිවැරදි කළ හැකිය.

    සැකසුම – තුෂාධවි

  • පාඩම් මතක හිටින්න පාඩම් කරන තැනත් බලපානවාද ?

    පාඩම් මතක හිටින්න පාඩම් කරන තැනත් බලපානවාද ?

    මනෝ වෛද්‍ය මහාචාර්ය ප‍්‍රියන්ත ගාමිණි ජයසිංහ

    විභාගයට සූදානම් වීමේ දී පාඩම් කටයුතු සඳහා සුදුසු ස්ථානයක් සකස් කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයකි. විශේෂයෙන් ම කුඩා ළමයින්ට මෙහි දී මාපිය සහාය අවශ්‍ය ය.

    පාඩම් කිරීම සහ විභාගයට සූදානම් වීම එක රැයකින් සිදු කළ හැකි දෙයක් නො වේ. එනම් ඕනෑ ම විභාගයක් සඳහා නිශ්චිත නියමිත කාලයක් ඇති අතර එම කාලය තුළ මනා කළමනාකරණයකින් යුතුව සූදානම් වීම වැදගත් ය. එනිසා විභාගයට සූදානම් වීම සහ පාඩම් කිරීම පුරුද්දක් බවට පත්කර ගැනීම අපේක්ෂකයකුට අත්‍යවශ්‍ය කාරණයකි.

    විභාගයට සූදානම් වීමේ පිළිවෙළ යහපත් ආකල්ප හා ක්‍රියාමර්ග ඇති කර ගැනීම මඟින් පහසුවෙන් විභාගයට මුහුණ දීමට සහ හොඳ විභාග ජයග්‍රහණ ලැබ ගැනීමට ද හැකියාව ලැබේ.

    විභාගයට සූදානම් වීමේ දී පාඩම් කටයුතු සඳහා සුදුසු ස්ථානයක් සකස් කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයකි. විශේෂයෙන් ම කුඩා ළමයින්ට මෙහි දී මාපිය සහාය අවශ්‍ය ය. සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවකට ම තමන්ට පාඩම් කිරීම සඳහා සුදුසු ස්ථානයක් පිළිබඳව හැඟීමක්, අදහසක් ඇත. ඒ ස්ථානය ඒ ඒ ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාවට ම පෞද්ගලික වූවකි. ඇතැම් විට එය තම කාමරය තුළ ම සකස් කර ගත් ස්ථානයකි.

    එසේ නො වේ නම් නිවසේ වෙනත් ස්ථානයක සකස් කර ගත් ස්ථානයකි. තවද බොහෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පුස්තකාලයක හෝ වෙනත් ස්ථානයක් කණ්ඩායම් සාකච්ඡා ලෙස කිරීමට යොදා ගත හැකි ය. ඒ කෙසේ වෙතත් තමන් ඉගෙනුම් කටයුතු කරන ස්ථානය නිස්කලංක (quiet), පහසුකම් සහිත(comfortable) සහ අවධානය නොබිඳින ස්ථානයක් (distraction free) වීම අවශ්‍ය ය. එම ස්ථානය තමාට ප්‍රිය ජනක විය යුතු ය. තමා රැඳී සිටීමට කැමති ස්ථානයක් විය යුතුය. කැමති, ප්‍රියජනක ස්ථානයක් ලෙස සකසා ගැනීමට කැපවීම තිබිය යුතුය.

    එම ස්ථානයේ තමන් ප්‍රිය කරන චිත්‍රයක් හෝ තම අනාගතය, අනාගත අපේක්ෂාව කියවෙන වැකි කඩක් පැහැදිලිව, පිරිසිදුව, ක්‍රමවත්ව ලස්සනට පෙනෙන්නට තබා ගැනීම ද වැදගත් වෙයි. නමුත් බිත්ති පුරා බොහෝ චිත්‍ර, රූප, ඡායා රූප වැනි දේ අපිළිවෙළකට තැබීම නුසුදුසු ය. එසේ ම පොත පත පාඩම් කරන මේසය නොයෙකුත් පොත් පත් අවුල් සහගත ලෙස තබා තිබීම ද මනසට පීඩාවකි. අත්‍යවශ්‍ය ම පොත්පත් හා ලියකියවිලි, පෑන් පැන්සල් ආදිය පමණක් තමන් සමීපයේ තබා ගැනීම සුදුසු ය.

    එසේ ම තම පෞද්ගලික පුස්තකාලයේ පොත්පත් හැමවිට ම පිළිවෙළකට තැබීම ද වැදගත් ය. පාඩම් කරන අතරතුර යම් පොතක් හදිසියේ සොයා ගැනීමට අවශ්‍ය වුවොත් එවිට පහසු වේ. තමන් පාඩම් කරන ස්ථානයට එන විට ම තමන්ගේ සිතට ප්‍රසන්න බවක් ඇති විය යුතු ය. අප්‍රසන්න දේ එම ස්ථානයෙන් ඉවත් කර තැබිය යුතු ය.

    වඩා සුදුසු ස්ථානයක අධ්‍යාපන කටයුතු කිරීම මඟින් ඵලදායිතාව වැඩි කර ගැනීමට පුළුවන. එම ස්ථානය තුළ සිටින විට, පාඩම් කරන විට, තම අවධානය බිඳෙන සුලු, වෙනතක යොමු වන සුලු තත්ත්වයක් වේ නම් ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාව එහි ගත කරන කාලය තුළ සාපේක්ෂ අධ්‍යයන කටයුතු අසාර්ථක වීමට බැරි නැත. එනම් විටින් විට අවධානය වෙනත් බාහිර දේකට යොමු වේ නම් ඒ කාලය අපතේ ගියා වෙයි. එවිට ඒ නාස්ති වූ කාලය ළමයාට පාඩුවකි. පාඩමේ ඵලදායිතාව අඩු වේ. තවද එක් ළමයකු පාඩම් කිරීම සඳහා උචිත යැයි තෝරා ගන්නා ස්ථානය තවත් ළමයකුට එසේ නොවීමට පුළුවන.

    එක් අයකු කැමති, ඔහුට ගැළපෙන තැන තවත් අයකුට අකමැති නො ගැළපෙන තැනක් වීමට පුළුවන. උදා : ලෙස එක් ළමයකු දැඩි නිශ්ශබ්ද, පෞද්ගලික නිස්කලංක පරිසරයක් තමාට ගැළපෙන ස්ථානය ලෙස සැලකිය හැකිය. තවත් ළමයකුට එවැනි ස්ථාන අල්ලන්නේ ම නැත. එබැවින් ඒ ඒ ළමයාට ප්‍රියජනක, කැමති, ගැළපෙන ස්ථානය තෝරා ගැනීමටත්, සොයා ගැනීමටත් ඔවුන්ට මග පෙන්විය යුතු වේ. කෙසේ වුව ද අප අවබෝධ කර ගත යුතු වැදගත් දෙය නම් තෝරා ගත් පරිසරය තම ඉගෙනීමට, පාඩම් කිරීමට. අභ්‍යාසවලට පිළිතුරු ලිවීමට, මෙහි දී තමන් භාවිත කරන ක්‍රමවේදයට, තම මතක ශක්තියට, සේ ම තමාගේ අවධානයට බාධා නොවන පරිසරයක් විය යුතු බව ය.

    දැනට හඳුනා ගෙන තිබෙන ආකාරයට නිස්කලංක, නිහඬ වූ බොහෝ ශබ්දවලින් තොර ස්ථානයක් සුදුසු ම ස්ථානයක් යැයි කිව හැකි නොවේ. ඇතැම් පුද්ගලයන් එසේ නො වන ස්ථානවල, එසේ නො වන පරිසර තුළ ඉතා හොඳින් පාඩම් කර, ඉගෙන ගෙන, විභාග ද සමත් කර ගන්නා බව දක්නට ලැබීම ඊට හේතුවයි. උදා : ලෙස මහජනයා නිතර ගැවසෙන, යන එන පොදු පුස්තකාලවල ඇතැම් අය ඒවා ගණන් නො ගෙන පාඩම් කරති. පොත් පත් කියවති. එවැනි පොදු ස්ථානයක ඇති බාධක එමට ය. විවිධ කතාබහ, ශබ්ද, දර්ශන ඒ අතර කිහිපයකි.

    නමුත් ඇතැම් අයට එවැනි ස්ථාන අපහසු නො ගැළපෙන බව අපි දනිමු. එවැනි තවත් ස්ථාන නම් විශේෂයෙන් ම උසස් පෙළ හා උසස් අධ්‍යාපනය ලබන විද්‍යාර්ථීන් කණ්ඩායම් වශයෙන් එකතු වී කුලී නිවසක් හෝ කාමරයක් කුලියට ගෙන “චමරි”. ලෙස හැඳින්වෙන ක්‍රමයට සාමූහිකව කරන අධ්‍යයන කටයුතුයි. එක් විෂයයකට හෝ විෂයය කොටසකට වඩාත් දක්ෂයකු අනෙක් අයට පහදා, කියා දෙමින් ද, ප්‍රශ්න විමසමින්, පිළිතුරු දෙමින්, සාකච්ඡා කරමින් පොදුවේ ඔවුන් තම ඉගෙනීම් කටයුතු සාර්ථක කර ගන්නා අවස්ථා ද තිබේ. යමක් නො දන්නා අයකුට කියා දීම තුළින් ද ඒ කියා දෙන තැනැත්තාට ඉගෙනීමක්, මතකයක් ලැබෙන බව කලින් ද පැහැදිළි කර ඇත.

    අනෙක සාමූහික කණ්ඩායමක් ලෙස ක්‍රියා කරන විට, එම කණ්ඩායමට හානි කර එනම් ඉගෙනීමට බාධා, අකුල් හෙලන සාමාජිකයෙකු නො වේ නම් එහි ඇති මිත්‍රශීලී තරඟකාරීත්වය තුළ පොදුවේ කාටත් විභාග ජය ගැනීමේ හැකියාව වැඩි විය හැකිය.

    ඊළඟට තවත් වැදගත් කාරණයක් නම් කෙනකුගේ ඉගෙනීම් කටයුතු සාර්ථක කර ගැනීම සඳහා ඒ තැනැත්තාගේ දිනචරියාව (routine) බලපාන බව සැලකිය යුතු වීමයි. දවසේ එක වේලාවක දී එක ම ස්ථානයක් ඒ සඳහා යොදා ගැනීම වැදගත් වේ. තමාගේ කැමැත්ත හා ගැළපෙන පරිදි උචිත ස්ථානය, සුදුසු පරිසරය වෙනස් කර ගත හැකිය. නමුත් දෛනික කාල සටහනක් තුළ නිශ්චිත කාලයක්, නිශ්චිත ස්ථානයකට වී පාඩම් කිරීම වඩාත් ඵලදායී වේ. උදාහරණ හැටියට උදේ කාලයේ පුස්තකාලයේ, සවස තම නිවසේ ආදී වශයෙනි. සෑම සති අන්තයකම සෙනසුරාදා පුස්තකාලයේ සවස නිවසේ විය හැකිය.

    ඉරිදා උදේ නිවසේ සවස පුස්තකාලයේ වුව ද පුරුද්දක් වශයෙන් කළ හැකිය. පාසල් ළමයින් නම් උදේ වරුවත් ඇතැම් විට සවස් වරුවෙනුත් අඩක් පාසලට හා මහ මගට යෙදවීමට සිදුවේ. සවස පැය කිහිපයක් හෝ කෙටි කාලයක් නිවසේ පාඩම් කළ හැකිය. එසේ ම රාත්‍රියට නිවසේ සුපුරුදු අධ්‍යයන කාමරයේ ද දහවලට ගෙවත්තේ ගසක් යට, සිසිල් සෙවනක පාඩම් කිරීම පුරුද්දක් කර ගත ගැකිය. එවිට ඒකාකාරී බවෙන් ද මිදී පාඩම් කිරීම සඳහා නව ප්‍රවේශයක් ලබා ගත හැකි වනු ඇත. කුඩා අවධියේ සිට ම යම් නිශ්චිත ස්ථානයකට වී පාඩම් වැඩ කිරීමට පුරුදු වී සිටී නම් ඒ පුරුද්ද අත් නො හැර දිගට ම කිරීම වඩා හොඳ ය.

    එසේ ම පාඩම් වැඩ කිරීමට පුරුද්දක් ඇති කර ගෙන නැති අයකු නම් එය වහා වෙනස් කර ඒ පුරුද්ද ඇති කර ගත යුතු වේ. ඇතැම් අය රාත්‍රී ආහාරයෙන් පසු මැදියම් රැය ගෙවී යන තුරුත් පාඩම් වැඩ කරන්නට හුරු පුරුදු වී ඒ අනුව තම දෛනික චර්යව පවත්වා ගනිති. එසේ ම තවත් සමහරු රාත්‍රී අට, නමය වන විට නින්දට ගොස් ඒ වෙනුවට අලුයම් වේලාව ඒ සඳහා යොදා ගනිති. එසේ පුරුදු වී සිටින අය ඒ පුරුදු අනුව වැඩ කිරීම සුදුසු ය.

    ඇතැම් අය ඇතැම් අවස්ථාවල තමන් ඉගෙන ගැනීමට කැමති ස්ථාන අනුමත කළ නො හැකිය. උදා : ලෙස රූපවාහිනිය ඉදිරියට වී හෝ ඒ අසල තැනකට වී එය හරියට කළ නොහැකි ය. එවැනි අවස්ථාවල රූපවාහිනියේ දැක්වෙන දේවල් කෙරෙහි අවධානය යොමු වන අතර පාඩම කෙරෙහි අවධානය බිඳී ගිලිහී යනු ඇත. එබැවින් අධ්‍යයන ක්‍රම චර්යාවක් (study routine) හඳුනා ගැනීම හා එය අනුගමනය කිරීම යෙහෙකි. අධ්‍යයනය ජීවිතේ පුරුද්දක් කර ගත යුතු ය. හුරුවන තුරු මුල් අවස්ථාවේ එය තරමක් දුෂ්කර වුවත් කල් යාමේ දී එය සාමාන්‍ය දෙයක් වේ. කෙසේ නමුත් කෙනෙකුට සුව පහසු ලෙස තම අධ්‍යයන කටයුතු (comfortably) කර ගැනීමට සුදුසු ස්ථානයක් සකස් කිරීම අවශ්‍ය වේ.

    එසේ නො වූ විට නොයෙකුත් කායික අපහසුතා ද ඒ අනුව මානසික අපහසුතා ද ඇති වේ. විශේෂයෙන් ම කොන්දේ කැක්කුම, අතේ මැණික්කටුව ප්‍රදේශයේ වේදනාව ඇති වීමට පුළුවන. එසේ ම සුළු කායික අපහසුතා කාලයක් යන විට අසහනකාරී රෝග තත්ත්ව බවට හේතු වේ. එසේ ම පාඩම් කරන, පොත් කියවන, අධ්‍යයන කටයුතු කරන ස්ථානයට හොඳ ආලෝකයක් ලැබීම අත්‍යවශ්‍ය ය. පොත්පත්, පෑන් පැන්සල් වැනි අත්‍යවශ්‍ය ම දේ තමාට වහා ලබා ගත හැකි පරිදි සමීපයේ පිළිවෙළකට තබා ගැනීම ද වැදගත් වේ.

  • අපේ කාලෙට වඩා දැන් ක්‍රිකට් ගොඩක් වෙනස් – මුත්තයියා මුරලිදරන්

    අපේ කාලෙට වඩා දැන් ක්‍රිකට් ගොඩක් වෙනස් – මුත්තයියා මුරලිදරන්

    තමන් ක්‍රීඩා කරන ලද කාලයේ තිබූ ක්‍රීඩාවට වඩා වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාව බෙහෙවින් වෙනස් වී තිබෙන තමන් පිළිගන්නා නමුත් ක්‍රිකට් ක්‍රීඩාව ගත්විට ආකල්පමය වශයෙන් කිසිම අයුරකින් වෙනසක් වී කොමැති බව හිටපු දඟ පන්දු යවන ශූරයකු වන මුත්තයියා මුරලිදරන් මහතා සඳහන් කර සිටියි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ පවතින වර්තමාන ‘ක්‍රිකට් කමිටුවේ’ සාමාජිකයකු ලෙසින් කටයුතු කරනු ලබන ලොව වැඩිම ටෙස්ට් සහ එක්දින කඩුලු ලාභියා වන මුරලිදරන්, වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ ආකල්ප අභිප්‍රේරණය කිරීම සඳහා පැවැති වැඩසටහනකදී ඉහත අදහස් පළ කර සිටියේය.

    “ඇත්තටම ගත්තොත් අපි ගහපු ක්‍රිකට් එක, දැන් තියෙන එකට වඩා ගොඩක් වෙනස්. එහි හිතන විදිය සහ කල්පනා කරන විදිය වෙනස්. ඒ වුණාට ක්‍රිකට් එකේ ආකල්පවල කිසිම වෙනසක් වෙලා නෑ” යැයි පවසා සිටින මුරලිදරන් මහතා, “මම හිතන්නේ දක්ෂතාවල කිසිම අවුලක් වෙලා නෑ. හොඳට බැට් කරන්න පුලුවන් කට්ටිය ඉන්නවා. හොඳට දඟ පන්දු යවන්න පුලුවන් අය ඉන්නවා. කවදාවත් නැති විදියට තුන් ඉරියව් ක්‍රීඩකයින් ඉන්නවා. කොටින්ම කියනවා නම් විකල්ප ගණනාවක් තියෙනවා” යි මුරලි සඳහන් කර සිටියේය.

    ජාතික පුහුණු සංචිතයට ඇතුළත් කොට තිබෙන ක්‍රීඩකයින් 36 දෙනාගෙන් ළහිරු තිරිමාන්න හැරුණු විට සෙසු සියළුම ක්‍රීඩකයින් මෙම වටිනා අවස්ථාවට සහභාගිවී සිටියහ. ක්‍රීඩකයින්ට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා සහ ක්‍රිකට් ආයතන ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජෙරම් ජයරත්න මහතාද සහභාගිවී සිටියහ.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි මුරලිදරන් මහතා, “මෙතැනදී අවශ්‍ය වන්නේ ඔයාලා දක්ෂතා අතරට පැමිණීමයි. පිතිකරුවෙක් එයාගේ කැරියර් එක ඉවර වෙන කොට ශතක 30 ක් හෝ 40 ක් ගහලා තියෙන්න ඕන. අන්න එහෙමයි අපි ප්ලෑන් කළේ. එහෙම නැතුව නිකං නමට ගහලා වැඩක් නෑ. ඔයාලා එකලොස් දෙනා එහෙම ඉඳලා කරනකොට අඩුම ගාණේ 60% ක් විතර තරග දිනන්න පුලුවන් වෙනවා. මම කියන්නේ නෑ 100% ක් දිනන්න කියලා. එහෙම කරන්නත් බෑ. මොකද අනිත් අයත් පුහුණුවීම් කරනවා. වගේම දක්ෂයි. නමුත් ඔයාලා උපරිම බලන්න ඕන එතනට ගියහම දක්ෂතා දක්වන්න අවස්ථාව ගන්න. ඔයාලා ඒ අවස්ථාව ගන්නේ නෑ” යි සඳහන් කර සිටියේය.

    ක්‍රිකට් ක්‍රීඩාවේදී මනස යහපත් ලෙස තබා ගැනීම ඉතා වැදගත් බව මෙම වැඩසටහනේදී පෙන්වා දුන් ලොව වැඩිම ටෙස්ට් සහ එක්දින කඩුලු ලාභියාගේ වාර්තාවට හිමිකම් කියන මුරලිදරන් මහතා, මනස හරියාකාරව තබා නොගෙන මොන දේ කළද ඉන්න ඵලක් නොවන බව පවසයි.

    “මේ හැම දේටම වැදගත් වෙන්නේ මනස. මනස හරියට තියාගන්න බැරි නම් මං හිතන් නෑ අපි කොච්චර දක්ෂ පුහුණුකරුවන් ගෙනාවත් වැඩක් නෑ. පුහුණුකරුවෝ නොවෙයි ක්‍රිකට් ගහන්නේ. ඔයාලයි. ඔයාලා තමයි 90% ක්ම පිළිතුරු දෙන්න ඕන. නැතුව එළියේ ඉන්න කට්ටියට, ක්‍රිකට් බෝඩ් එක මාරු කරා කියලා ඕකට පිළිතුරු දෙන්න බෑ. අපි කොච්චර කමිටි දැම්මත් අපිට ඇවිල්ලා මෙතන ක්‍රීඩා කරන්න බෑ. ඔයාලා තමයි ආකල්පමය වෙනසක් සමඟ ක්‍රීඩා කරන්න ඕන. එහෙම නැති වුණොත් වෙන්නේ අලුත් ක්‍රීඩකයින් ටිකක් කණ්ඩායමට ගෙනල්ලා ක්‍රීඩා කරවන එක. එතකොට ඒ ටික හරි අලුතින් හැදෙයිනේ. ඒක නිසා මම කියන්නේ මොන දේ වුණත් ඔයාලා හෙල්ලෙන්නේ නැතුව තමන්ගේ යුතුකම හරියට කරන්න. එහෙම වුණොත් යළිත් අපි හිටපු පරණ තත්ත්වයටම ආයිත් එන්න පුලුවන්” යි මුරලිදරන් මහතා සඳහන් කර සිටියේය.

  • යුගදිවිය ශක්තිමත් හා සුන්දර කරගත හැකි සරල පුරුදු

    යුගදිවිය ශක්තිමත් හා සුන්දර කරගත හැකි සරල පුරුදු

    විවාහය’ ගොඩනඟා ඇත්තේ ආදරය, කාලය සහ උත්සාහය මත යි. එය රෝසමල් ඇතිරූ මාර්ගයක් නොවිය හැකි නමුත් එය සැබවින්ම සුන්දර වන අතර අසීමිත වටිනාකම්වලින් යුතුයි. 

    විවාහ ජීවිතය තුළ ප්‍රීතිමත්, දිගුකාලීන සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට නම්, සෑම විටම ඉවසීමක් තිබිය යුතු අතර ඒ සඳහා සැලකිලිමත් වීම, කාලය හා වෑයම යෙදවිය යුතුයි. 

    අහිංසක යැයි සිතිය හැකි කුඩා අවස්ථා සහ පුරුදු ඔබ නොදැනුවත්ව ම විනාශකාරී විය හැකියි. සෞඛ්‍ය සම්පන්න පුරුදු යුවළක් ශක්තිමත් වීමට පමණක් නොව ඔවුන්ගේ සම්බන්ධතාවය දිගුකාලීන බැඳීමක් දක්වා වර්ධනය වීමට ද උපකාරී වේ. සන්නිවේදනයේ සිට එකිනෙකා ගැන සොයා බැලීම දක්වා සෞඛ්‍ය සම්පන්න පුරුදු ඔබේ සබඳතා තීරණය කිරීමට උපකාරී වේ.

    විවාහය ශක්තිමත් හා සදාකාලික බවට පත් කර ගැනීම සඳහා යමෙකු සොයා බැලිය යුතු සෞඛ්‍ය සම්පන්න පුරුදු හතරක් මෙන්න.

    ආදරය

    සන්නිවේදනය – විවාහයක වැදගත්ම සාධකය සන්නිවේදනයයි. ඔබ දවස ගතකළ අයුරු, රැකියාවේදී සිදුවන දේවල් සහ ඔබේ මිතුරන්ගෙන් ඔබ ඇසූ කථා පිළිබඳ සියලු තොරතුරු බෙදාගැනීම අත්‍යවශ්‍ය වේ. 

    ඔබේ සහකරු සමඟ මිතුරු වීම වැදගත් වන අතර හොඳ සහ නරක යන සියලු අවස්ථාවන් ඔහු සමඟ කතා කිරීම ද වැදගත්ය. 

    ඔබව සතුටට පත් කරන හෝ ඔබව ආතතියට පත් කරන දේවල් පිළිබඳව කතා කිරීම, ඔබේ සහකරු කෙරෙහි විශ්වාසයක් ඇති කරවන අතර එය ඔබව සෞඛ්‍ය සම්පන්නව හා සතුටින් තබයි.

    ආදරය

    සමීපතාවයට වැදගත්කමක් දෙන්න – ශාරීරික හා චිත්තවේගීය සමීපතාව සඳහා ඔබට සහ සහකරුට අවශ්‍ය දේ සාකච්ඡා කිරීමට විවෘතව සිටින්න. ඔබේ සහකරුට අවශ්‍ය දේ සාකච්ඡා කිරීමට සහ එය වඩා හොඳින් තේරුම් ගැනීමට ඔබ ආරක්ෂිත ඉඩක් නිර්මාණය කිරීමට වග බලා ගන්න. 

    චිත්තවේගීය හා ශාරීරික වශයෙන් බැඳීමට ලිංගිකත්වය කදිම ක්‍රමයකි. එය ඔබේ සහකරු සමඟ සම්බන්ධ වීමට සහ ඔහු හොඳින් තේරුම් ගැනීමට උපකාරී වේ. සෑම කෙනෙකුටම වෙනස් අපේක්ෂාවන් සහ අත්දැකීම් තිබිය හැකිය. එබැවින් එය හොඳින් වටහා ගැනීම සහ එකිනෙකා සතුටට පත් කිරීම සැමවිටම වැදගත් වේ.

    ආදරය

    හොඳ සවන්දෙන්නෙකු වීම – ඕනෑම සම්බන්ධතාවයක සංවාදය ඉතා වැදගත් අංගයකි. කථා කිරීම තරමක් විනෝදජනක හා අත්‍යවශ්‍ය දෙයක් වන අතර ඔබේ සහකරු පවසන දේට සවන් දීමද අවශ්‍ය වේ. 

    ඔබේ සහකරුට අවංකව ඇහුම්කන් දීම ඔහුගේ ගැටළු වඩාත් හොඳින් තේරුම් ගැනීමට උපකාරී වේ. ඔබ හොඳ ඇහුම්කන් දෙන්නෙකු නොවන විට ඔබේ සහකරුට හෝ සහකාරියට ඇගයීමක් හා වටිනාකමක් නැති බවක් දැනෙන බැවින් ඔවුන් ප්‍රකාශ කරන හෝ දැනෙන දෙයට බාධා නොකරන්න.

    ආදරය

    එකිනෙකාට ස්තූතිවන්ත වන්න – අගය නොකෙරේ යැයි හැඟීම බිය උපදවන අතර සම්බන්ධතාවයකට ඉතා නරක විය හැකිය. ඔබේ සහකරුට කෘතඥතාව දැක්වීම සැමවිටම වැදගත් වන අතර ඔබ සැබවින්ම ස්තූතිවන්ත වන බව ඔහුට හැඟේ. 

    මෙය නිතිපතා කිරීමෙන්, ඔහු ඉතා සතුටට පත්විය හැකි අතර ඔහුට ආදරය දැනෙනු ඇත. ඔහුට විශේෂ ආහාර වේලක් පිළියෙළ කිරීම, රාත්‍රී ආහාරය සඳහා පිටතට යාම වැනි කුඩා අභිනයන් විශාල වෙනසක් ඇති කළ හැකිය. එවැනි අවස්ථාවන් ආදරයෙන් හා ඉවසීමෙන් පිළිගැනීම ඔබේ සම්බන්ධතාවය පෝෂණය කිරීමට උපකාරී වේ.

    Text by – FEMINA – BY Thushadhavi

  • ‘මන්ත්‍රීවරුන් තමන්ගේ හැන්දෙන් තමන්ටම බෙදා ගන්නවා’

    ‘මන්ත්‍රීවරුන් තමන්ගේ හැන්දෙන් තමන්ටම බෙදා ගන්නවා’

    මන්ත්‍රීවරුන් සදහා එන්නත් ප්‍රමුඛතාවය ලබාදීම තමන්ගේ හැන්දෙන් තමන් බෙදා ගැනීමක්‍‍ බවත් දේශපාලඥයන් සඳහා ප්‍රමුඛතාවය දීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමුඛතා අනුපිළිවෙළටද පටහැනි බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා කියයි. ඒ මහතා මේ බව කියා සිටියේ අද (16) පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

    එහිදී වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ රවී කුමුදේශ් මහතා,

    මාත්‍රා ඉතිරිය ගැන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්ගෙන් චක්‍රලේඛයක් නිකුත් කිරීම ඉතා හොද දෙයක්. වැඩිපුර මාත්‍රාවක් ගැනීම සදහා එන්නත් සමාගමේ අවසර ගැනීමට යෝජනා කරන අය තැරව්කරුවන් විය හැකියි.

    කොවිෂීල්ඩ් කෝකටත් තෛලය ලෙස භාවිතා කිරීමට ගොස් රට විශාල අපහසුතාවයකට ලක් විය හැකියි.  ️මේවන විටත් ආනයනය කර ඇත්තේ එන්නත් ලක්ෂ පහක් පමණයි. එයින් 190,000 පමණ ප්‍රමාණයක් ලබා දී අවසන්. එක් පුද්ගලයෙකු සඳහා එන්නත් මාත්‍රා දෙකක් ලබාදිය යුතු බැවින්, ඉතිරිව ඇති ඉන්නත් මාත්‍රා ප්‍රමාණය හැට දහසකට අඩුයි.  ️

    මන්ත්‍රීවරුන් සදහා එන්නත් ප්‍රමුඛතාවය ලබාදීම තමන්ගේ හැන්දෙන් තමන් බෙදා ගැනීමක්‍‍. ජනතාව සමඟ අනිවාර්ය සේවය සිදුකල යුතු ජනමාධ්‍යවේදීන්, ගුරුවරුන් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් පැවතියදී, දේශපාලඥයන් සඳහා ප්‍රමුඛතාවය දීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමුඛතා අනුපිළිවෙලටද පටහැනියි.

    වෛද්‍ය පර්යේෂණ ආයතනය ජාතික රසායනාගාරයක කාර්‍ය මගහැරලා. වෛද්‍ය පරීක්ෂණ සදහා නිසි නායකත්වයක් ලැබෙන්නේ නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශයට ජාතික වශයෙන් පර්යේෂණ කිරීමේ වුවමනාවක් නැහැ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට පමණක් තනිවම ජාතික තලයේ පර්යේෂණ කරගන්න හැකියාවක් නෑ. වෛද්‍ය පර්යේෂණ ආයතනයට බැරිනම් ඒකට “පර්යේෂණ ආයතනය” කියන එක නවත්වන්න.  ️ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සමඟ එක්ව හෝ ජාතියට අවශ්‍ය පර්යේෂණ කිරීමේ සහයෝගයට දිවයින පුරා විසිරී ඇති රසායනාගාර වලට අවස්ථාව සලසන්න.

    ️ප්‍රභේද හඳුනා ගැනීමේ ජාතික වැඩ පිළිවෙලක් නැති වීම වසංගතයේ නරකම නරකම දිශාවකට ගෙනයනවා. එංගලන්ත ප්‍රභේදය දිස්ත්‍රික් හතරක පමණක් තිබෙන බව පැවසීම වැරදියි. එංගලන්ත ප්‍රභේධයට අමතර ඒවා ගැන තවම අපි කිසිදු පර්‍යේෂණයක් කරලා නැහැ.

    පරීක්ෂණ ප්‍රමාදය ගැන රසායනාගාර වලට දොස් කීම රසායනාගාර පිට පැටවීම වැරදියි රසායනාගාර තුළ 24 කට වඩා පරීක්ෂණයක් රසායනාගාරය තුළ තබා ගන්නේ නැහැ වාර්තා නිකුත් කිරීමේ දී මහජනතාවට ලබා දීමේදී අනවශ්‍ය අතරමැදියන් ප්‍රමාණයක් වාර්තාවන් පිළුණු කරනවා. පූර්ව සහ පශ්චාත් රසායනාගාර අවධිය තුළ වාර්තා ප්‍රමාදයට සෞඛ්‍ය අමාත්‍යාංශය රසායනාගාර කළමනාකරණය බලෙන් අත්පත් කරගෙන සිටින කණ්ඩායමත් වගකිව යුතුයි

  • COPE කමිටුව හමුවේ හෙළි වුණ ‘ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ’ තිත්ත කතාව

    COPE කමිටුව හමුවේ හෙළි වුණ ‘ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ’ තිත්ත කතාව

    ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රමුඛතම වගකීමක් වන ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම කඩිනමින් සිදුකරන ලෙස රජයේ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ ( කෝප් කමිටුව) සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පසුගිය 12 වනදින පැවති කෝප් කමිටු රැස්වීමේදී එම අධිකාරිය අයත්වන අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු  අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

    ළමා   අපචාර වැළැක්වීම සහ එවැනි අපචාරවලට ගොදුරුවූ ළමුන් ආරක්ෂා කිරීම හා ඔවුන්ට ප්‍රතිකාර කිරීම පිළිබද ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම අරමුණු කරගනිමින්  ජාතික ළමා ආරක්ෂා අධිකාරිය 1998 දී පිහිටුවා ඇතත් වසර 21 ක් මුළුල්ලේ ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වීම පමා වී ඇති බව මෙහිදී අනාවරණය විය. මේවන විට සකස්කොට ඇති ජාතික ප්‍රතිපත්තිය සදහා අනුමැතිය ලැබී  ඇති බැවින් එය කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම කමිටුව අවධාරණය කරන ලදී.

    එම අධිකාරියේ 2016 ,2017, 2018 සහ 2019 වසරවලට අදාළ වාර්ෂික වාර්තා කිසිවක් පාර්ලිමේන්තුවට මේවන තෙක් ඉදිරිපත්කර නොමැති බව ද මෙහිදී අනාවරණය විය. මේ පිළිබද සිය දැඩි අප්‍රසාදය පළ කළ කෝප් කමිටු සභාපතිවරයා වහාම මේපිළිබද සොයා බලා අදාළ වාර්ෂික වාර්තා මාස 2ක් ඇතුළත අමාත්‍යාංශය හරහා පාර්ලිමේන්තුවට ලැබීමට සලස්වන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශ  ලේකම්වරයාට සහ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරියට  උපදෙස් ලබා දුන්නේය.

    තවද අධිකාරියට අදාළ දත්ත පද්ධතියක් සකස් කිරීම වෙනුවෙන් 2016, 2017 වසරවලදී  උපදේශිකාවක් සදහා  රු. ලක්ෂ 9ක මුදලක්ද කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයන අංශය මගින් මෘදුකාංගයක් සංවර්ධනය කිරීමට ප්‍රදානයක් ලෙස ලැබුණු රු.මිලියන 1.2 ක මුදලක්ද වැයකොට ඇතත් ඉන් මේවන විට නිසි ප්‍රයෝජන ලබාගත නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවද මෙහිදි හෙළිවිය.මෙවැනි දත්ත පද්ධතියක් සකස් කිරීම වැදගත් වුවද රජයේ මුදල් පරිහරණයේදී නිසි ක්‍රමවේදයක් තිබිය යුතු බැවින් මේ පිළිබදව වහාම අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබා දෙන ලෙස  කමිටුව අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දුන්නේය.

    ළමා අපයෝජන වැළැක්වීමේ එක් ක්‍රියාමාර්ගයක් ලෙස පාසැල් සිසුන් ප්‍රවාහන සේවය විධිමත් කිරීම සදහා නෛතික රාමුවක් සකස් කිරීමත් නියාමනයත් හදුනාගෙන තිබුණද එය මේවන තෙක් ඉටුනොවීම පිළිබද කමිටුව සිය අවධානය යොමු කරන ලදී. මේ සදහා අවශ්‍ය ප්‍රමිතීන් සකස් කර ඇති බවත් නියාමනය අධිකාරිය විසින් සිදු කිරීමට සේවක පුරප්පාඩු පිරවීම සදහා කටයුතු කළ යුතු බවත් අධිකාරයේ සභාපතිවරයා මෙහිදී පැවසීය.දැනට අලුතින් පත්වීම් ලද උපාධිධාරීන්ගේ සුදුසුකම් අනුව ඔවුන් සේවයේ යොදවා ගෙන මෙම වැඩපිළිවෙල කඩිනම් කරන ලෙස මෙහිදී කමිටුව උපදෙස් ලබාදෙන ලදී.

    තවද ළමා අපයෝජන සම්බන්ධ නඩු සදහා ගතවන කාලය දීර්ඝ වීම නිසා බොහෝ අපහසුතාවලට වින්දිතයන්ට මුහුණදීමට සිදුවන බව කමිටුව පෙන්වා දෙන ලදී.අපයෝජනවලට ගොදුරුවූ ළමුන් වැඩිහිටියන් බවට පත්වීමට පෙර එනම් නඩු සදහා ගතවන කාලය අවම කිරීමට ක්‍රමවේදයක් සැකසීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරිණි.

    ළමා අපයෝජන වැළැක්වීම සදහා පාසල් ළමා ආරක්ෂක කමිටු  3165 ක් පිහිටුවා තිබුණද මේවන විට ක්‍රියාකාරී තත්ත්වයේ පවතින්නේ කමිටු 2392ක් පමණක් බවත් මෙහිදී හෙළිවිය. පාසල් ළමුන් අතර මෙය ජනප්‍රිය කරවීමට වඩාත් ආකර්ෂණීය ප්‍රවේශයකින් නැවත පණ ගැන්විය යුතු බවත් ඒඅනුව ආයතනයේ ක්‍රියාකාරී වැඩපිළිවෙලට මෙය ඇතුළත් කළයුතු බවත් කමිටුව නිර්දේශ කරන ලදී.

    අධිකාරියේ නීති අංශයේ සේවය කිරීමට දෙදෙනෙක් පමණක් සිටින බැවින් එය ආයතනයේ කටයුතුවලට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව මෙහිදී අනාවරණය විය.එබැවින් නීති අංශය වඩාත් ශක්තිමක් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරියට කමිටු සභාපතිවරයා නිර්දේශ කළේය.

    තවද 2011 -2020 කාලයේ අධිකාරියට  පැමිණිලි 89,405 ක් ලැබී ඇති බවත් 2021.01.31 වන විට ආයතනයේ නොවිසදී ඉදිරියට ගෙනා  පැමිණිලි සංඛ්‍යාව 40,668 ක බවටත් කරුණු හෙළිවිය.

    පැමිණිලි පිළිබද මෙහෙයවීමේ කටයුතු සිදුකරන නීති බලාත්මක කිරීමේ අංශයෙහි    සේවය කිරීමට ඇත්තේ  එක් පුද්ගලයෙක් පමණක් වීම කනගාටුව කරුණක් බවත් ඒ අනුව අවශ්‍ය පරිදි නීති බලාත්මක කිරීමේ අංශය ශක්තිමත් කොට පැමිණිලි මෙහෙයවීමේ කටයුතු කඩිනම් කරන ලෙස කමිටුව උපදෙස් ලබා දුන්නේය.

    තවද  ලංකාව තුළ සියලු ළමා නිවාස නිසි පරිදි නියාමනය කිරීමේ අවශ්‍යතාව පිළිබදවද දීර්ඝ ලෙස සාකච්ඡා විය.ඒ සදහා නව වැඩපිළිවෙලක් සකස් කොට සියලු මූලික දත්ත ලබා ගැනීමට කඩිනමින්  කටයුතු කරන ලෙස අධිකාරියට නිර්දේශ කළේය.

    ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සතුව පැමිණිලි සම්බන්ධ දත්ත තිබුණත් ළමා අපචාර පිළිබද ජාතික දත්ත පදනමක් නොමැතිවීම පිළිබදවද කමිටුවේ අවධානය යොමුවිය.ළමා අපයෝජන වළක්වා ගැනීමේ ඉදිරි වැඩපිළිවෙල සදහා විධිමත් දත්ත  අත්‍යවශ්‍ය බැවින් වඩාත් විධිමත් දත්ත පද්ධතියක් සකස් කිරීමට පියවර ගන්නා ලෙස කමිටුව දැනුම් දුන්නේය.

    ආයතනයේ අනුමත තනතුරු සංඛ්‍යාව 548ක් බවත් මින් 206ක් පුරප්පාඩු පවතින පවතින බවත් මෙහිදී අනාවරණය විය. අනුමත තනතුරු සදහා බදවා ගැනීම අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතියෙන් සිදුකළ හැකි බැවින් ඒ සදහා වහාම පියවර ගන්නා ලෙස කෝප් සභාපතිවරයා බලධාරීන්හට දැනුම් දුන්නේය.

    අපයෝජනයට ලක්වන දරුවන්ගේ හඬ බවට පත්වන  රටේ අතිශය තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරන ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ මෙම ගැටලු කඩිනමින් විසදා ආයතනය ශක්තිමත් ආයතනයක් බවට පත් කිරීමේ වැදගත්කම මෙහිදී මහාචාර්ය හේරත් මහතා අවධාරණය කළ අතර නැවත මෙම වසර අගදී කෝප් කමිටුව හමුවට මෙම අධිකාරිය කැදවීමට කටයුතුකරන බවද දැනුම් දුන්නේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන ජගත් පුෂ්පකුමාර,ඉරාන් වික්‍රමරත්න,ප්‍රේම්නාත් සී දොලවත්ත,එස් රාසමානික්කම් යන මහත්වරුද ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා ඇතුළු  එම ආයතනයේ නිලධාරිහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

  • විභාග කොමසාරිස්ගෙන් O/L විභාගයට අදාළ නියෝග කිහිපයක්

    විභාග කොමසාරිස්ගෙන් O/L විභාගයට අදාළ නියෝග කිහිපයක්

    ලබන මාර්තු 01 වැනිදා ආරම්භ වන අපොස සාපෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් වෙනුවෙන් පෙබරවාරි 17 වනදා සිට පෙබරවාරි 25 දක්වා අධ්‍යයන නිවාඩු ලබාදීමට තීරණයකර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් අද (15) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

    2020 වර්ෂයේ දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ අපොස සාමාන්‍ය පෙළ විභාගය 2021 මාර්තු 1 සිට 10 තෙක් පැවැත්වීමට නියමිත අතර ඊට අදාළ පියවර ගන්නා ලෙස අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සියලු පළාත්, කලාප සහ කොට්ඨාස අධ්‍යාපන බලධාරීන් සහ පරිවේණාධිපතිවරුන් හා විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලබාදී ඇත.

    එමෙන්ම, විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේදී අධ්‍යයන නිවාඩු ලබාදීම බාධාවක්කර නොගත යුතු බවද ලේකම්වරයා වැඩිදුරටත් දන්වා තිබේ.

    එම මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙන්නේ 2020 සාමාන්‍ය පෙළ විභාගයට අදාළව එළඹෙන 23වනදා මධ්‍යම රාත්‍රීයේ සිට විභාගය සම්පූර්ණයෙන් අවසන් වන තෙක් උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරඇති බවයි.

  • ආණ්ඩුව කුරුවල් නොකර ඉවත් වන ලෙස ‘නිමල් ලන්සා’ විමල් වීරවංශට කියයි

    ආණ්ඩුව කුරුවල් නොකර ඉවත් වන ලෙස ‘නිමල් ලන්සා’ විමල් වීරවංශට කියයි

    විමල් වීරවංශ ඇමතිවරයා තවදුරටත් ආණ්ඩුව තුළ රැඳී සිටිමින් කුරුවල් නොකර ආණ්ඩුවෙන් ඉවත්ව යන්නැයි රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා පවසයි.

    රාජ්‍ය ඇමැති නිමල් ලන්සා මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (14) මීගමුවේ පැවති රැස්වීමකදීය.

    මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැති නිමල් ලන්සා “ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට පොදුජන පෙරමුණේ තනතුරක් ඕනෙ නම් ඒක සහෝදරවරුන් දෙන්නා බලාගනී. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හදද්දී ඔය ඉන්න පක්ෂ නායකයො අපේ පක්ෂය හදන්න විරුද්ධ වුණා. ඒ හින්දා ඒගොල්ලන්ට කිසිම අයිතියක් නෑ අපේ පක්ෂය ගැන කතා කරන්න. මිනිස්සු ඉන්නවා නම්, මිනිස්සු තමන් කියන දේ අහයි කියලා හිතනවා නම් යන්න පුළුවන් අපේ පක්ෂයෙන් අයින් වෙලා. මෙතන ඉඳගෙන කුරුවල් කරන්නෙ නැතුව. පවුලක් වුණත් නෝනයි මහත්තයායි හැමදාම ප්‍රශ්න කතා කරකර විසඳගන්න බැරි නම් ගහගෙන ගහගෙන ඉන්නවද ? නෑ, ඩිවෝස් වෙලා යනවා.”.

  • ලංකාවේ එළවළු බීජ ගැන විගණකාධිපතිගේ සුපිරි හෙළිදරව්ව !

    ලංකාවේ එළවළු බීජ ගැන විගණකාධිපතිගේ සුපිරි හෙළිදරව්ව !

    2015 දී රුපියල් මිලියන 962.7ක් වූ එළවළු බීජ ආනයන වියදම 2019 වර්ෂයේදී රුපියල් මිලියන 1491.6 දක්වා 35% කින් වැඩිවී ඇතැයි 2021 පෙබරවාරි 01 දින දරණ ‘‘විගණකාධිපතිවරයාගේ එළවළු බීජ දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියේ කාර්යසාධනය වාර්තාව“ සදහන් කරයි.

    එම වාර්තාව අනුව,

    1. 2015 දී බීජ ක්‍රිලෝ ග්‍රෑම් 226,152ක් ආනයනය කර ඇති අතර එහි වටිනාකම රුපියල් මිලියන 963කි.
    2. 2016 දී ක්‍රිලෝ ග්‍රෑම් 312,246ක් ආනයනය කර ඇති අතර එහි වටිනාකම රුපියල් මිලියන 1,400කි.
    3. 2017 දී ක්‍රිලෝ ග්‍රෑම් 227,255ක් ආනයනය කර ඇති අතර වටිනාකම රුපියල් මිලියන 1,195කි.
    4. 2018 දී ක්‍රිලෝ ග්‍රෑම් 229,559ක් ආනයනය කර ඇති අතර වටිනාකම රුපියල් මිලියන 1,519කි.
    5. 2019 දී කිලෝ ග්‍රෑම් 198,595ක් ආනයනය කර ඇති අතර වටිනාකම රු මි 1,491කි.
    6. එම කාලයේ ආනයනය කර ඇති මුළු කිලෝ ග්‍රෑම් ප්‍රමාණය 6,567ක් වන අතර මුළු වියදම රුපියල් මිලියන 1,193,807කි.

    ඉහත දත්ත අනුව 2015ට සාපේක්ෂව 2019 වනවිට ආනයනය කළ බීජ කිලෝ ග්‍රෑම් ප්‍රමාණය 13% කින් අඩුවී ඇතත් බීජ ආනයන වියදම 35% කින් වැඩිවී ඇත.

    එළවළු බීජ ආනයන බලපත්‍ර ලබාදීමේදී උපරිම ආනයන සීමා පැනවීමක් සිදුකර නැති අතර බෝංචි බීජ සඳහා පමණක් ආනයන සීමාවක් පනවා තිබී ඇත.

    එසේ වුවද වාර්ෂික පරිභෝජනය සඳහා අවශ්‍ය එළවළු ප්‍රමාණය කොපමණද යන්න ගණනය කිරීමක් සිදුවී නැති අතර එමෙන්ම බීජ අවශ්‍යතාව ගණනය කිරීමක් සිදුකර නැත. ඒ නිසාම දේශීය බීජ හා රෝපණ ද්‍රවය මධ්‍යස්ථානවල බීජ නිෂ්පාදනය හා මිලදී ගැනීම 2017 දී කිලෝ ග්‍රෑම් 13,865ක් වන විට ආනයනය ක්‍රිලෝ ග්‍රෑම් 227,255ක් වී ඇත.

    2018 දී දේශීය නිෂ්පාදන හා මිලදී ගැනීම් ප්‍රමාණය ක්‍රිලෝ ග්‍රෑම් 22,189ක් වනවිට ආනයනය ක්‍රිලෝ ග්‍රෑම් 229.559ක් වී ඇත. 2019 දී දේශීය නිෂ්පාදන හා මිලදී ගැනීම් ප්‍රමාණය ක්‍රිලෝ ග්‍රෑම් 37042ක් වනවිට ආනයනය ක්‍රිලෝ ග්‍රෑම් 19859ක් වී ඇත.

    තවද දේශීය බීජ අවශ්‍යතාව හඳුනාගෙන රජයේ බීජ ගොවිපල මඟින් නිෂ්පාදනය කළ නොහැකි ප්‍රමාණය පමණක් කොන්ත්‍රාත් වැඩසටහන යටතේ නිෂ්පාදනය කරගත යුතු වූවත් ඒ අනුව කටයුත කරන්නේද යන්න විගණනයේදී නිරීක්ෂණය වී නැත. ඒ යටතේ ගොවීන්ගෙන් මිලදී ගත් බීජ ප්‍රමාණය 2017 දී ක්‍රිලෝ ග්‍රෑම් 4,496.07ක් වී ඇති අතර වටිනාකම රුපියල් 6,853,549ක් වී ඇත.

    2018 දී බීජ ක්‍රිලෝ ග්‍රෑම් 11,745.65ක් මිලදී ගෙන තිබෙන අතර වටිනාකම රුපියල් 16,573,090කි. 2019 දී බීජ ක්‍රිලෝ ග්‍රෑම් 25,654.7ක් මිලදී ගෙන තිබෙන අතර වටිනාකම රුපියල් 39,512,225කි.

    දේශීය එළවළු බීජවලට වඩා ආනයනික බීජ වල මිල වැඩි වුවද වැඩි මිලකට ගොවීන් ආනයනික බීජ ලබා ගැනීමට පෙළඹී ඇත්තේ දේශීය බීජ සැපයුම ප්‍රමාණවත් නොවන නිසාය.■

    අනිද්දා පුවත්පත ඇසුරිණි

  • වැලන්ටයින් සතිය පුරා සුන්දර ලෙස සිටීමට රූපලාවන්‍ය උපදෙස් රැසක්

    වැලන්ටයින් සතිය පුරා සුන්දර ලෙස සිටීමට රූපලාවන්‍ය උපදෙස් රැසක්

    දිනය හෝ සංචාරය, සැලැස්ම කුමක් වුවත්, ඔබේ සම සහ හිසකෙස් ගැන ඔබ හොඳින් සැලකිලිමත් විය යුතුය. මන්ද එය ඇත්ත වශයෙන්ම විශේෂ දිනයක් වන බැවිනි. 

    සෑම ගැහැණු ළමයෙක්ම තමාව වඩාත් හොඳින් කැපී පෙනෙනු දැකීමට කැමතියි, විශේෂයෙන් වැලන්ටයින් සතිය තුළ ! 

    ඉතිං, මේ සතිය පමණක් නොවෙයි සදාකාලිකවම රූමත්ව සහ ප්‍රියමනාප ලෙසත් නීරෝගිමත්ව සිටීමට ඔබට අනුගමනය කළ හැකි පහසු පිළිවෙලත් කිහිපයක් අප ඔබට කියා දෙන්නෙමු.

    1. ඇල්මැරුණු වතුර පානය කරමින් ඔබේ දවස ආරම්භ කරන්න

    යමෙකු සෑම විටම නැවුම්බව හා ශක්තියෙන් දවස ආරම්භ කළ යුතු යැයි කියනු ලැබේ. හිස් බඩක් මතට ඇල්මැරුණු ජලය පානය කිරීම සැමවිටම හොඳ පුරුද්දකි. එය ඔබේ ශරීරය උත්තේජනය කිරීමට උපකාරී වන අතර ආමාශය පිරිසිදු කරයි.

    2. හොඳ සංගීතයට සවන් දෙන්න

    සම

    අපගේ සංගීතය තෝරා ගැනීම අපගේ මනෝභාවය මත රඳා පවතී. නමුත් ඔබ ආදරවන්තයින්ගේ සතියේ සිටින බැවින් ඔබ ආදර කම්පනයකට ලක්වන බවට වග බලා ගත යුතුය! 

    3. ව්‍යායාම කරන්න

    ව්‍යායාම හෝ නර්තනය, යෝග්‍යතාවය ලබා ගැනීමට පමණක් නොව, ඔබේ මනෝභාවය ශක්තිමත් කිරීමට ද උපකාරී වේ. කුඩා ක්‍රියාකාරකම් කිරීම මානසික ආතතිය අඩු කිරීමට සහ අපගේ මානසික ශක්තිය වැඩි දියුණු කිරීමට උපකාරී වේ. මතක තබා ගන්න, ඔබ කුමන හැඩයක්, ප්‍රමාණයක් සහ වර්ණයක් වුවත් ඔබ සැමවිටම ලස්සනයි.ෙ

    4. සුමිහිරි ස්නානයක යෙදෙන්න

    දිගු කල් පවතින සුවඳක් ලබා ගැනීම සඳහා ඔබේ ස්නානය අවසානයේ රෝස වතුර බින්දු කිහිපයක් හෝ එවැනි සුවදකාරයක් සම මත ආලේප කරන්න. ඔබේ සුවඳ විලවුන් දිගු කල් පවතින බව සහතික කිරීම සඳහා ඔබේ තෙත සම මත සුවඳ විලවුන් ආලේප කරන්න. එය දවස පුරා සියුම් හා තෙත් සුවඳක් ලබා දෙයි.

    5. ඔබේ වේශ නිරූපණ පදනම පරිපූර්ණ කරන්න

    සම

    අවම වේශ නිරූපණයක් සඳහා යාම වැදගත් වන්නේ OTT වේශ නිරූපණය බොහෝ විට දිවා රාත්‍රියකට වඩා වැඩි නිසාය. Foundation වැනි මැට් පෙනුමක් ඇති කාබනික සහ 100%ක් ස්වාභාවික නිෂ්පාදන වඩාත් පරිපූර්ණත්වයක් සුවපහසු බවක් ලබා දෙයි.

    6. ඔබේ අක්ෂි වේශ නිරූපණය වැඩි කරන්න

    නාට්‍යමය අක්ෂි වේශ නිරූපණයක් සඳහා යාමට අපි උපදෙස් දෙමු. 

    7. තොල් සහ කම්මුල් පැහැයක් භාවිතා කරන්න

    මේ වන විට උණුසුම්ම ප්‍රවණතාවය The hottest trend right now වන්නේ Quick and Easy තොල් සහ කම්මුල් පැහැයයි. එය තොල් සහ කම්මුල් වලට ස්වාභාවික රෝස පැහැයක් ලබා දෙන අතර අක්ෂි සෙවනැල්ල Eye shadow ලෙසද යෙදිය හැකිය. වෙළඳපොලේ ඇති බොහෝ ස්වාභාවික නිෂ්පාදනවල කෘතිම වර්ණ එකතු කර නොමැති අතර ඒවා දිගු කල් පවතිනු ඇත.

    8. ඔබ සතුටින් සැරසී සිටින්න!

    අඳින්නේ කුමක් ද යන්න ගැන කල්පනා කරන අතරම, සෑම විටම ඔබට වඩාත්ම සුදුසු දේ සඳහා යන්න. අත්හදා බැලීම් නොකරන්න. වඩාත් විශ්වාසනීය ලෙස සපත්තු, ආභරණ, අත්බෑගය ඇතුළු සියල්ල තෝරා ගන්න. මතක තබා ගන්න දැඩි විශ්වාසයක ගොඩනගා ගන්න. ඇත්තටම මම සුන්දරයි !

    ෆෙමිනා ඇසුරිණි – සකස් කළේ – තුෂාධවි

  • ‘නිළි ජැකලින් ෆර්නැන්ඩස්ගේ’ අලුත්ම ඡායාරූපය බොලිවුඩය කළඹයි !

    ‘නිළි ජැකලින් ෆර්නැන්ඩස්ගේ’ අලුත්ම ඡායාරූපය බොලිවුඩය කළඹයි !

    ශ්‍රී ලාංකික සම්භවයක් සහිත Jacqueline Fernandez කියන්නේ බොලිවුඩයේ සුපිරි තරුවක්. ඒ වගේම විලාසිතා ලෝකයේ තරුවක්. ඒ ගැන කතා දෙකක් නැහැ.

    Image result for Jacqueline Fernandez SEXY

    ඒත් අපි මේ කියන්න යන්නේ ඒ කිසිවක් ගැන නොවෙයි. ජැකලින් ගැන අලුත්ම කතාවක්.

    සිරුරේ නම්‍යශීලත්වය අප කාටත් අතිෂයින් වැදගත්. එය නිරෝගී බවේ සංකේතවයක්. අපට එය එසේ නම් සුපිරි නිළියකට ?

    ඔව් සුපිරි නිළියකට තම සිරුරේ නම්‍යශීලීත්වය අතිෂයින්ම වැදගත්. නර්තනයට මෙන්ම සටන් ජවනිකා සදහාත් එය අත්‍යවශ්‍ය්‍යි.

    ඉතිං ජැකලින් තමන්ගේ සුන්දර සිරුර කොතරම් නම්‍යශීලිද යන්න පසුගිය දා ඔප්පු කළා පමණක් නොවෙයි ඒ අසාමාන්‍ය ඡායාරූප රසිකයින් සමගත් බෙදා ගත්තා.

    මෙම ඡායාරූපවලින් ඔප්පු වන්නේ ඇය නිරතුරුවම සුපිරි යෝග්‍යතාවයෙන් සිටීමටත්, නර්තනය යෝග්‍යතා තන්ත්‍රයක් ලෙස භාවිතා කිරීමටත් ප්‍රිය කරන බවයි. 

    ජැකලින් ෆර්නැන්ඩස්

    ජැකලින් යෝගා සහ වෙනත් ආකාරයේ ව්‍යායාම කෙරෙහි විශ්වාසය තබන අතර, කාලය ලැබෙන සෑම විටම ඇය තම සිරුර නිරතුරුවම නිරෝගීව හා මනස්කාන්තව තබා ගැනීමට වගබලා ගනී. 

    ඒ නිසාම මේ සුන්දර කාන්තාව සිය සමාජ මාධ්‍යවල යමක් පළ කරන සෑම අවස්ථාවකම දීම අපට ආශ්වාදයක් ලබා දෙයි.

    ජැකලින් ෆර්නැන්ඩස්

    ජැකලින් ෆර්නැන්ඩස් මේ වන විට ජයිසල්මර් හි බච්චන් පාණ්ඩේ හි රූගත කිරීම් වල නිරත වන්නේ අක්ෂේ කුමාර් සහ ක්‍රිති සනොන් සමඟ යි. 

    ෆිල්ම් ෆෙයාර් ඇසුරිණි – සැකසුම – තුෂාධවි