Blog

  • Crudia zeylanica ගස ‘වෙනත් තැනකට රැගෙන ගියොත් කුමක් වෙයිද ?

    Crudia zeylanica ගස ‘වෙනත් තැනකට රැගෙන ගියොත් කුමක් වෙයිද ?

    මේ ගහේ මුල් ගිහින් තියෙන විදිය බැලුවම, කඳේ වට ප්‍රමාණයයි, අතුපතර දිහා බැලුවම සාර්ථක වීමේ හැකියාව අඩු බව තමයි පෙන්නේ. – මහාචාර්ය සිරිල් විජේසුන්දර

    මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය නිසා තර්ජනයට ලක්ව ඇති කෲඩියා සෙලනිකා (Crudia zeylanica) යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන ශාකය රැක ගැනීමට පෙරට ආ ගම්පහ දිසා වන නිලධාරී දේවානි ජයතිලක දැන් මාධ්‍ය වෙත අදහස් පළ කිරීමෙන් වැළකී සිටින්නීය. ඊට හේතුව බලධාරින් විසින් ඇය නිහඬ කර තිබීම බව සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබේ.

    මේ අතර තවත් ස්ථාන කිහිපයකින් එම විශේෂයේ ශාක කිහිපයක් සොයාගෙන ඇති නිසා ගම්පහ, දාරළුව ප්‍රදේශයේ පවතින ශාක වලට මෙතෙක් ලබා දී තිබූ පරිසර විද්‍යාත්මක වටිනාකම අඩු විය හැකි බවට ඇතැම්හු අදහස් පළ කරති.

    එම පසුබිම මත අද භික්ෂුන් වහන්සේ එම ස්ථානයට වැඩම කර සෙත් පිරිත් සජ්ඣායනය කර, චීවරයක් පළඳවා එම ගස ‘පැවිදි කර’ සාංඝික දේපළක් බවට ප්‍රකාශයට පත් කළහ.

    ‘කෲඩියා සෙලනිකා’ ගස් හතක් සහ පැ විස්සක්

    මෙම විශේෂයෙන් ගස් හතක් මේ වනවිට හඳුනාගෙන ඇති අතර පැල විස්සක් රෝපනය කරමින් පවතින බව පේරාදෙණිය, රාජකීය උද්භිද උද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ආචාර්ය අචලා අත්තනායක බීබීසී සිංහල සේවයට කියා සිටියාය.

    ”අපිට මිනුවන්ගොඩ පැත්තෙ තියෙන නැන්දිමහර ප්‍රදේශයෙන් මේ විශේෂයේ විශාල ගහක් හමුවුණා. ඒ ගහ මේ මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියට අදාළ ප්‍රදේශයේ තියෙන ගහටත් වඩා විශාලයි. මෙවැනි ශාක සංරක්ෂණය අපට පැවරෙන වගකීමක්. අපි ඒ සඳහා ක්‍රියා කරමින් සිටිනවා” යනුවෙන් ආචාර්ය අචලා අත්තනායක පැවසුවාය.

    කෲඩියා සෙලනිකා ශාක දක්නට ලැබෙන ප්‍රදේශ

    • ගම්පහ බෙලිමුල්ල
    • ගම්පහ උද්භිද උද්‍යානය
    • දොරණගොඩ දකුණ
    • මිනුවන්ගොඩ නැන්දිමහර
    • කඩුවෙල
    • ගම්පහ දාරලුව [ශාක දෙකකි]

    මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර සිදු කළ පාරිසරික අධ්‍යයනයේදී මේ දිනවල දැඩි කතා බහට ලක්ව ඇති ගම්පහ, දාරළුව ප්‍රදේශයේ කෲඩියා සෙලනිකා ශාක දෙක හඳුනාගෙන නොතිබුණි. එබැවින් අදාළ ව්‍යාපෘතිය යටතේ මේ ශාකය සංරක්ෂණයට අවධානයක් යොමුව තිබුණේ නැත.

    මෙම ශාකය පිළිබඳව ලැබුණු තොරතුරක් මත මුලින් ම හඳුනාගනු ලැබ ඇත්තේ, හිමේෂ් ඩිල්රුවන් ජයසිංහ විසිනි.

    “නුවර අධිවේගී මාර්ගයේ කඩවත ඉඳලා මීරිගමට යන කොටසේ තමයි දාරළුව ප්‍රදේශය තියෙන්නේ. මේ මාර්ගයට යොදාගන්නා ප්‍රදේශය සම්බන්ධයෙන් පරිසර තත්ත්ව වාර්තාවක් මධ්‍යම පරිසර අධිකාරියට දීලා තිබුණා. ඒ වාර්තාවෙන් කියවුණේ පාරිසරික හානියක් නැති බවයි. ඒත්, මධ්‍යම පරිසර අධිකාරිය 2018 අවුරුද්දේ අපට උපදෙස් දුන්නා ආපහු සැරයක් අදාළ ප්‍රදේශවල පරිසර තත්ත්වයන් ගැන සවිස්තරාත්මක වාර්තාවක් සපයන්න කියලා. ඒ අනුව කරපු අධ්‍යයනයේදී තමයි මේ ශාකය හඳුනාගන්න ලැබුණේ,” යනුවෙන් හිමේෂ් ඩිල්රුවන් ජයසිංහ මීට පෙර බීබීසී සිංහල සේවය සමග පැවති සංවාදයකදී පැවසීය.

    ”ගස් කියන්නේ දුවන සත්තු ජාතියක් නෙමෙයි. එනිසා පරිසර අධ්‍යයන වාර්තාව හරියට කලානම් මේවා කලින් හඳුන ගන්න තිබුණා. දැන් පාර මෙතනින් යම් ප්‍රමාණයක් වෙනස් කළත් ඒක රුපියල් මිලියන ගාණක වෙනසක්. කාගේ සල්ලිද යන්නේ? එහෙම කියලා සංරක්ෂණ කාර්යය නොසලකා හරින්නත් බෑ.” යනුවෙන් වනජීවී පර්යේෂකයෙකු වන මෙන්ඩිස් වික්‍රමසිංහ අදහස් පළ කළේය.

    කෲඩියා සිලනිකා

    ”වෙනත් තැනකට ගහ රැගෙන යෑම අසාර්ථක වීමේ හැකියාව වැඩියි”

    ගම්පහ, දාරළුවේ දක්නට ලැබෙන කෲඩියා සෙලනිකා විශාල ශාකය වෙනත් ස්ථානයක රෝපණය කිරීමේ යෝජනාවක් ද මේ වනවිට ඉදිරිපත් වී ඇත. ඒ සඳහා වනජීවී වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මාර්ග සංවර්ධන අධිකාරියට යොමු කළ බව කියන ලිපියක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ. එහි දැක්වෙන්නේ අදාළ ශාකය වෙනත් සුදුසු ස්ථානයක ප්‍රතිස්ථාපනය කිරීමට වනජීවී දෙපාර්තමේන්තුවේ විරුද්ධත්වයක් නොමැති බවය.

    වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කෲඩියා සෙලනිකා ශාකය වෙනත් ස්ථානයක ප්‍රතිස්ථාපනය කිරීමට දැනුම් දී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය මධ්‍යම පරිසර අධිකාරිය වෙත යොමු කළ ලිපියකින් ද තහවුරු වේ.

    එවැනි ක්‍රියාවක් මේ සඳහා කොතරම් සාර්ථකවේද යන්න ගැන ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්, මහාචාර්ය සිරිල් විජේසුන්දරගෙන් බීබීසී සිංහල සේවය විමසීමක් කරන ලදී. ඔහුගේ අදහස වී තිබෙන්නේ එවැන්නක් අසාර්ථක වීමේ සමභාවිතාව වැඩි බවය.

    ”උස ගස් වෙන තැනකට රැගෙන යන්න පුළුවන්. නමුත් මේ ගහේ මුල් ගිහින් තියෙන විදිය බැලුවම, කඳේ වට ප්‍රමාණයයි, අතුපතර දිහා බැලුවම සාර්ථක වීමේ හැකියාව අඩු බව තමයි පෙන්නේ. මේ ලොකු ගහ තියෙන්නේ ජල මාර්ගයක් අසළ නිසා ඒ පැත්තේ මතුපිට මුල් ගිහින් නෑ. අනික් පැත්තේ මුල් ගොඩක් ඈතට ගිහින් ඇති. ඒ පැත්තෙන් මුල් කපපු ගමන් ගහ මැලවිලා යන්න ඉඩ තියෙනවා.” යන්න මහාචාර්ය සිරිල් විජේසුන්දරගේ අදහස වී ඇත.

    ශාකය වෙනත් ස්ථානයකට රැගෙනයාමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කැමැත්ත පළ කර තිබුණ ද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව තවමත් ඊට කැමැත්ත පළ කර නැත.

    මේ ගැටලුව සම්බන්ධයෙන් සොයා බැලීමට වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් පෙබරවාරි 09 වැනිදා ගම්පහ, දාරළුව ප්‍රදේශයේ ස්ථානීය පරීක්ෂණයක් ද සිදු කරන ලදී. එහි තීන්දුව මේ දක්වා ප්‍රකාශයට පත්වී නැත.

    දේවානි ගැන පාර්ලිමේන්තුවේ කතා වෙයි

    මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය සඳහා කෲඩියා සෙලනිකා ශාක කැපීමට පසුගිය දිනවල ගත් උත්සාහයක් ව්‍යර්ථ කෙරුණේ ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලකගේ මැදිහත්වීම නිසාය. ඒ ගැන සමාජයේ දැඩි අවධානයක් යොමු වූ අතර පෙබරවාරි 09 වැනි දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ද සාකච්ඡා කෙරුණි.

    වනජීවී හා වන සංරක්ෂණ සී.බී රත්නායක මෙලෙස අදහස් පළ කළේය.

    ”මේ විෂය පථය භාරව තියෙන්නේ කාටද, ඒ විෂය සඳහා කටයුතු කරන්නේ කොහොමද කියන එක දන්නේ නැතිව ඒ නිලධාරිනිය කටයුතු කරනවා. හුදෙකලා ඇය, හුදෙකලා සටනක් ගෙනියන බව පෙන්නන්න උත්සාහ කරනවා. නමුත් මේ වෙනකොට වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරය, අපේ අමාත්‍යාංශ දෙකේ ලේකම්වරුන් දැන් එතැනට ගිහිල්ලා තියෙනවා.ඒ වගේම අලුත් අලුත් තාක්ෂණයත් එක්ක බද්ධ කරලා ගත හැකි ක්‍රියාමාර්ග ගන්න පුළුවන් නං ඒ කාර්ය කරනවා.”

    ”එසේ නොහැකි නම් විකල්ප දෙයක් දෙන්න අපි උත්සාහ ගන්නවා. ඒ නිසා පෞද්ගලිකව ප්‍රතිරූප ගොඩනගා ගැනීම සඳහා උන්මත්තකයන්, උන්මතකයන් විදියට කටයුතු කරන අයත් ඉන්නවා. ” යනුවෙන් සී.බී රත්නායක පැවසූවේය.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එම ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වීය.

    ”මේ ප්‍රශ්නය මතු කළ දේවානි මැතිනියට අපහාස කරමින් මන්ත්‍රීවරු මේ සභාගර්භයේ කතා කළා. මම පුදුම වෙනවා පරිසර ක්ෂේත්‍රයේ කෘතහස්ත රාජකාරියක් කරන රාජ්‍ය නිලධාරිනියක් ගැන මහජන මන්ත්‍රීවරු මේ තරම් බය වීම ගැන. මම පැහැදිලිව කියන්න කැමතියි ඒ නිලධාරිනිය ප්‍රතිරූප ගොඩනඟන්න උත්සාහ දරන්නේ නෑ .එතුමිය දේශපාලනය කරන්න බලාපොරොත්තුවක් නෑ. හැබැයි එක දෙයක් තියෙනවා . එතුමිය මේ රටේ පරිසරය සුරක්ෂා කිරීමේ වගකීම සියයට ලක්ෂ ලක්ෂවාරයක් ක්‍රියාත්මක කරන්න සැදී පැහැදී සිටිනවා.” යනුවෙන් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

    Text by – bbc

  • ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳ ‘COPE කමිටු රැස්වීම’ අතරමඟ අත් හිටුවයි

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳ ‘COPE කමිටු රැස්වීම’ අතරමඟ අත් හිටුවයි

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් වූ  පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්වීම (කෝප් කමිටු රැස්වීම) අතරමඟ අත් හිටුවීමට පියවර ගත් එම කාරක සභාව නැවත මාසයක් ඇතුළත කරුණු විමසීම සඳහා සූදානම්ව පැමිණෙන ලෙස එම ආයතනයට දැනුම් දුන්නේය.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2017 සහ 2018 මූල්‍ය වර්ෂ සඳහා විගණකාධිපති වාර්තාව සහ එහි වර්තමාන කාර්‍ය සාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට මෙම කාරක සභා රැස්වීම කැඳවා තිබූ අතර, එම ආයතනය විගණන විමසුම් සඳහා නිසි සූදානමකින් තොරව පැමිණීම හේතුවෙන් මෙම තීරණය ගැනීමට කාරක සභා සාමාජිකයෝ තීරණය කළහ.

    සභාපති මාහාචාර්‍ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් අද(11) පැවැති රැස්වීමට  අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර,මහින්දානන්ද අලුත්ගමගේ, රාජ්‍ය අමාත්‍යවරුන් වන ඉන්දික අනුරුද්ධ,අජිත් නිවාඩ් කබ්‍රාල්, නාලක ගොඩහේවා,  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, ජගත් පුෂ්පකුමාර,  ඉරාන් වික්‍රමරත්න, ප්‍රේමනාත් සී.දොලවත්ත, එස්. රාසමාණික්කම්, යන මහත්වරු සභභාගී වූහ.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ  මූල්‍ය පරිපාලනය අවධිමත් වීම හේතුවෙන් ගැටලු රැසක් නිර්මාණය වී ඇති බව නිරික්ෂණය වී ඇතැයි කාරක සභාවේ සභාපති මාහාචාර්‍ය චරිත හේරත් මහතා මෙහිදී කීවේය. ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධව ජනතා අප්‍රසාදය ඉහළ ගොස් ඇති බවත් එය එක් පාර්ශවයකට පමණක් හිමි දෙයක් නොව රටට අයත් දෙයක් බවත් හෙතෙම අවධාරණය කළේය.

    2017 වසර වන විට රුපියල් මිලියන 240 කට අධික මුදලක නොනිමි වැඩ වලට අදාළ කොන්ත්‍රාත් ගිවිසුම් , වැඩභාර ගැනීමේ ලිපි සහ වැඩ ආරම්භ කිරීම හා අවසන් කළ යුතු දිනයන් යනාදී සම්බන්ධිත ලියවිලි විගණනයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන්  කාරක සභා සාමාජිකයෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දෝෂාරෝපණය කළහ. කාරක සභා රැස්වීමේදී හෝ එම ලිපි ගොනු නිවැරදිව ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය  අපොහොසත් විය.

    2020 වසර වන විට එලෙස විගණනයට ඉදිරිපත් නොකර තිබූ නොනිමි වැඩ වලට අදාළ ව්‍යාපෘතිවල වටිනාකම රුපියල් මිලියන 511 ක් දක්වා ඉහළ යාම සම්බන්ධවද කාරක සභාවේ විශේෂ අවධානයක් යොමු විය.

    2018 වසරේදී දකුණු අප්‍රිකා – ශ්‍රී ලංකා ක්‍රිකට් සංචාරයට අදාළව අනුග්‍රාහක අයිතිය වෙනුවෙන් ලැබිය යුතු ආදායම වූ රුපියල් මිලියන 29 ක මුදල මෙතෙක් අයකර නොගෙනීම සම්බන්ධව කාරක සභාව ප්‍රශ්න කළ අතර, ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශනයක් මේ වන විට ආරම්භ වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ  සභාපති ෂම්මි සිල්වා මහතා කාරක සභාවට දැන්වීය.

    මේ සම්බන්ධව පරීක්ෂණයක් පවත්වා එහි වාර්තාව මසක් ඇතුළත කාරක සභාවට ලබාදෙන ලෙස සභාපති මහාචාර්‍ය චරිත හේරත් මහතා  තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතාට දැනුම් දුන්නේය.

    එම මුදල ඩයමන් චැනල් නම් ඇමෙරිකානු ජාතිකයෙකුගේ ගිණුමකට ඇතුළත්ව ඇති බවත්,එය සිදුවූයේ කෙසේද යන්න පිළිබඳව විමර්ශනවලදී අවධානය යොමුව ඇති බවත් කාරක සභාවේදී අනාවරණය විය.

    චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන පුහුණුකරු ලෙස බඳවා ගැනීමට අදාළ ගිවිසුම දෝෂ සහිත බව පෙන්වා දුන් කාරක සභාව ඒ හේතුවෙන් හතුරුසිංහ මහතා මේ වන විට  නෛතික ක්‍රියාමාර්ග ගෙන ඇති බවද පැවසීය.

    හතුරුසිංහ මහතාගේ කොන්ත්‍රාත් කාලය වසර 03 ක් වුවද නියමිත කාලයට පෙර ඔහු ඉවත් කිරීමට සිදු වූයේ බලාපොරොත්තු වූ වෙනස ඔහුගෙන් සිදු නොවීම හේතුවෙන් බව  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කාරක සභාවට දැනුම් දුන්නේය.

    චන්දික හතුරුසිංහ මහතා පවරා ඇති නඩුවට අදාළ නඩු ගාස්තු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට රුපියල් මිලියන 20 ක් වියදම් කර ඇති බවද කාරක සභාවේදී අනාවරණය විය.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වාර්ෂික වාර්තා වසර කිහිපයකම සිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන්ද කාරක සභාවේ විශේෂ අවධානයක් යොමු විය. වහාම එම වාර්තා පාර්ලිමේන්තුව ඉදිරිපත් කිරීමට කරන කරන ලෙස කාරක සභාව අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දුන්නේය.

    මෙම කාරක සභා රැස්වීම පැය එක හමාරකට පමණ සීමා වූ අතර, තවත් මසකින් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නැවත කැඳවීමටද තීරණය කෙරිණී.

    මෙම කාරක සභා රැස්වීමට තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් , ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා යන මහත්වරුන් ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගි විය.

  • Crudia Zeylanica ශාක සෙවීමට ජනතා සහය පතයි

    Crudia Zeylanica ශාක සෙවීමට ජනතා සහය පතයි

    පණු කරඳ (Crudia Zeylanica) අනතුරට පත්ව ඇති (Critically endangered) ශ්‍රී ලංකාවේ පමණක් ඇති (endemic), රනිල කුලයට අයත් ශාකයකි.

    ‘පණු කරඳ’ විනාශ වී ඇතැයි සිතා සිටි ශාකයකි. නමුත් මේ වන විට පණු කරඳ ශාක කිහිපයක් ගම්පහ ප්‍රදේශයෙන් නැවත සොයා ගෙන ඇත. එහෙත් මෙම පණු කරඳ ශාක ලංකාවේ විවිධ පෙදෙස් වල ඇති බැව් ආරංචි වෙමින් පවතී.

    ඔබ සිටින ප්‍රදේශයක හෝ ඔබ දන්නා ප්‍රදේශයක මෙම ශාකයක් හෝ ශාක කිහිපයක් ඇත්නම් වහාම පහත ලිපිනයට හෝ දුරකථන අංකයට දැනුම් දීමෙන් ගස සංරක්ෂණය කිරීමට දායක වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. ගස් හඳුනා ගැනීම සඳහා මේ සමඟ ඇති පිංතූර බලන ලෙසද කාරුණිකව දන්වමි.

    හඳුනාගත් ශාකය

    කෲඩියා සිලනිකා (Crudia zeylanica) යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන මෙම ශාකය 1868දී මුලින් ම සොයාගෙන ඇති අතර එම ශාකයේ නියැදියක් යළිත් 1911 වසරේදී හමුවී ඇතැයි පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන පවසයි.

    කෲඩියා සිලනිකා

    කෙසේ වෙතත්, මෙම ශාක විශේෂය 1998 වසරේ සිට යළි හමුවී නැතැයි, වඳ වීමේ තර්ජනයට ලක්ව ඇති ශාක සම්බන්ධ දත්ත ඇතුළත් ලෝක රතු දත්ත නාමාවලියේ සඳහන් වේ.

    ඒ අනුව, එම ශාකය ලෝකයෙන් වඳ වී ගිය (Extinct) ශාකයක් ලෙස එහි හඳුන්වා තිබේ.

    එම ශාකය තෙත් කලාපයේ පහත් බිම්වල විශාලව වැඩෙන ශාකයක් ලෙස එහි විස්තර කර ඇත.

    එම ශාක විශේෂය 2006 ජාත්‍යන්තර රතු දත්ත නාමාවලියේ (Red Data List) ලොවින් වඳ වී ගිය (Extinct) ශාක විශේෂයක් ලෙස දක්වා ඇති අතර, 2012 ජාතික රතු දත්ත නාමාවලිය ද (National Red Data list) මෙය වඳ වී ගිය ශාකයක් ලෙස (Extinct) දක්වා තිබේ.

    කෲඩියා සිලනිකා
  • මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව ‘කොමිෂන් සභාවක්’ කිරීමට නිර්දේශ

    මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව ‘කොමිෂන් සභාවක්’ කිරීමට නිර්දේශ

    ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ ඇති මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව එහි ධාරිතාව වැඩිකොට වඩාත් ශක්තිමත් කරනු පිණිස කොමිෂන් සභාවක් බවට පත් කිරීම සදහා වහාම පියවර ගන්නා ලෙස රජයේ ගිණුම් පිළිබද කාරක සභාව (කෝපා කමිටුව)  ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයාට ඊයේ (10) නිර්දේශ කළේය.

    මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කෝපා කමිටුව  ඊයේ (10) රැස්වූ අතර  ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන රජයේ ආයතනවල කාර්යභාරය පිළිබද වූ කාර්යසාධන විගණන වාර්තාව සලකා බැලීම එහිදී සිදුවිය.

    සැමට ආරක්ෂිත මාර්ග පද්ධතියක් ස්ථාපිත කිරීමේ අරමුණින්   පිහිටුවා ඇති ‘’මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව’’ කොමිෂන් සභාවක් ලෙස ස්ථාපනය කිරීමට  අමාත්‍ය මණ්ඩල අනුමැතිය 2019 වසරේ ලැබී තිබුණද නැවතත් එම අනුමැතිය ඉල්ලා සිටීම හේතුවෙන් දීර්ඝ කාලයක් ප්‍රමාද වී ඇති බව මෙහිදී අනාවරණය විය.රාජ්‍ය ආයතන 16 ක නියෝජිතයන්ගෙන් සහ එක් රාජ්‍ය නොවන ආයතනයක නියෝජිතයෙකුගෙන්   සැදුම්ලත් මෙම ආයතනය වඩාත් විධිමත් සහ ශක්තිමත් නොවීම නිසා මාර්ග අනතුරු පිළිබද  පර්යේෂණ කටයුතු මෙහෙයවීම ,මාර්ග අනතුරු වළක්වා ගැනීමේ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම ඇතුළු මාර්ග ආරක්ෂණ කටයුතු ප්‍රමාද වී ඇති බව හෙළි විය.ඒඅනුව කොමිෂන් සභාව කඩිනමින් ස්ථාපිතකොට සේවකයන් බදවාගෙන ආයතනය ශක්තිමත් කිරීමට පියවර ගන්නා ලෙස කමිටුව ප්‍රවාහන අමාත්‍යාංශයට උපදෙස් ලබා දුන්නේය.

    මාර්ග අනතුරු හේතුවෙන් දිනකට පුද්ගලයින් 6-8 අතර ප්‍රමාණයක් මිය යන බවත් 2007 සිට 2016 දක්වා මාර්ග අනතුරු හේතුවෙන් පුද්ගලයින් 25,607ක් මියගොස් ඇති බවත් මෙවැනි පසුබිමක මාර්ග අනතුරු වළක්වා ගැනීම සදහා ජාතික කර්තව්‍යක් සේ සලකා   අදාළ සියලු පාර්ශවයන්  සිය වගකීම ඉටුකිරීමේ වැදගත්කම මෙහිදී  කමිටුව අවධාරණය කරන ලදී

    මාර්ග අනතුරු අවම කිරීම සදහා මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ සාමාජිකයන් වන  ,ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව , මාර්ග සංවර්ධන අධිකාරිය,මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන ගණනාවකට මීට පෙරද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් මගින් මාර්ග අනතුරු අවම කිරීම සදහා නිර්දේශ ඉදිරිපත් කර තිබුණද ඒවා ක්‍රියාත්මක වී නොතිබීම පිළිබද කාරක සභාවේ අවධානය යොමුවූ අතර ඒ සෑම ආයතනයකටම අදාල නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පවතින බාධා මොනවාද යන්න මාසයක් තුළ දැනුම් දීමට පියවර ගන්නා ලෙසද කමිටුව උපදෙස් ලබා දුන්නේය.

    දැනට ලංකාවේ අතිවිශාල වශයෙන්  ව්‍යාජ රියදුරු බලපත්‍ර ඇති බව මෙහිදී අදහස් දැක්වූ බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති   දේශබන්දු තෙන්නකෝන් මහතා  පෙන්වා දෙන ලදී. සැබෑ රියදුරු බලපත්‍රවලට 100% සමාන අයුරින් සකසන මෙම ව්‍යාජ රියදුරු බලපත්‍ර හදුනා ගැනීමට කිසිදු ක්‍රමවේදයක් හෝ මෙවලමක් මේවන තෙක් නොමැතිවීම බරපතල ගැටලුවක් බවද ඒ මහතා පෙන්වා දෙන ලදී. විශාල වියදමක් දරා සංගෘහිත පරිපථයක් (චිප් එකක්) අන්තර්ගත කොට නව රියදුරු බලපත්‍ර‍ නිකුත් කළද  ඉන් මේවන තෙක් කිසිදු ප්‍රයෝජනයක් නොලැබීම කණගාටුවට කරුණක් බවද හෙතෙම පෙන්වා දුන්නේය.

    එසේම කොළඹ අධිකරණවල පමණක් රියැදුරන් නැවත ලබා නොගත් රියදුරු බලපත්‍ර 20,000කට වැඩි ප්‍රමාණයක් ගොඩගැසී ඇති බවත් එයට හේතුව රියැදුරන් දඩමුදල් ගෙවා රියදුරු බලපත්‍රය ලබා ගැනීම වෙනුවට ව්‍යාජ රියැදුරු බලපත්‍ර සකස් කර භාවිතා කිරීම බව තෙන්නකෝන් මහතා පැවසීය.එබැවින් මෙවැනි ගැටලු නැවැත්වීම සදහා ශ්‍රී ලංකා පොලිසිය ,මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ අධිකරණය අතර  පරිගණක මාර්ගගත (ඔන්ලයින්) සම්බන්ධතාවක් ඇති කිරීම අත්‍යවශ්‍ය බව පෙන්වා දුන්නේය.

    තවද මෙම සබදතාව ඇති කොට රියදුරු අකුසලතා ක්‍රමය සහ දඩ මුදල් පරිගණක මාර්ගගත (ඔන්ලයින්)  ක්‍රමයට  ගෙවීමට හැකියාව ලැබෙන ක්‍රියාවලිය ස්ථාපිත කිරීම මේවන විට වසර ගණනක් පමාවීම පිළිබදව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වූ අතර ප්‍රවාහන අමාත්‍යාංශයේ සහ  මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරුන්ට මේවන විට මේ සදහා ගෙන ඇති පියවරවල ප්‍රගතිය සහ ස්ථාපිත කිරීමට ගතවන කාලය පිළිබද වාර්තාවක් ලබා දෙන ලෙස කමිටුව උපදෙස් ලබාදෙන ලදී. 

    එසේම රියදුරු පාසැල් නියාමනය පිළිබද කාරක සභාවේ අවධානය යොමුවිය.දැනට ශ්‍රී ලංකාවේ ලියාපදිංචි රියදුරු පාසැල් 568 ක් පවතින බව මෙහිදී අනාවරණය වු අතර එම රියදුරු පාසැල්වල ප්‍රමිතිය මෙන්ම පුහුණුව පිළිබද ගුණාත්මක බව ඉහළ නැංවීමට කටයුතු කළ යුතු බව කමිටුව අවධාරණය කළේය.

    රාජ්‍ය අමාත්‍යවරුන් වන  දයාසිරි ජයසේකර,ලසන්ත අලගියවන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස අත්තනායක,වීරසුමන වීරසිංහ,අශෝක් අබේසිංහ,වෛද්‍ය උපුල් ගලප්පත්ති, බී.වයි.ජි රත්නසේකර කොළඹ පුරපතිනිය රෝසි සේනානායක මහත්මිය මෙන්ම  ප්‍රවාහන අමාත්‍යාංශය,‍මහාමාර්ග අමාත්‍යාංශය ,සෞඛ්‍ය අමාත්‍යාංශය,අධ්‍යාපන අමාත්‍යාංශය, මාර්ග සංවර්ධන අධිකාරිය , මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ,ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක නිළධාරීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

  • අපරාධ නීතිය – සිවිල් නීතිය සහ වාණිජ නීතිය ප්‍රතිසංස්කරණයට සූදානමක්

    අපරාධ නීතිය – සිවිල් නීතිය සහ වාණිජ නීතිය ප්‍රතිසංස්කරණයට සූදානමක්

    ශ්‍රී ලංකාවේ දැනට පවතින අපරාධ නීතිය, සිවිල් නීතිය, සහ වාණිජ නීතිය ප්‍රතිසංස්කරණයට  අදාළ පූර්ණ කාලීන අනු කමිටු 3 ක් මේවන විට  ක්‍රියාත්මක වන බවත් තවත් විශේෂඥ කමිටුවක් මගින් නව ව්‍යවස්ථාව කෙටුම්පත්කරන බවත් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා ඊයේ (11) පාර්ලිමේන්තුවේදී පැවති අධිකරණ අමාත්‍යාංශයීය  උපදේශක කාරක සභාවේදී පැවසීය.

    මේඅනුව සමස්ත අධිකරණ පද්ධතියේම විශාල ප්‍රතිසංස්කරණයක් සිදු වෙමින් පවතින බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    කමිටුව අමතමින් පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් සහ හිටපු මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරු ටිකිරි කේ. ජයතිලක මහතා  කියා සිටියේ පුද්ගලයෙකු අපරාධකරුවකු  ලෙස නම් කිරීම වෙනුවට වගකිවයුතු පුරවැසියෙකු ලෙස සමාජගත කිරීම සදහා අපරාධ නීතිය සහ යුක්තිය පිළිබඳ සංකල්පය සමග  බැඳී ඇති  ප්‍රජා මූලික විශෝධනය වැදගත්වන බවයි.

    මෙම පරමාර්ථය උපදේශක කමිටුවට ස්ථර දෙකක් හරහා කළ හැකි බව සහකාර මහලේකම්වරයා පෙන්වා දුන්නේය. පළමුවැන්න අවශ්‍ය ප්‍රතිසංස්කරණ සඳහා පෙළඹවීම සඳහා දේශපාලන නායකත්වය ඇතුළත් දේශපාලන ස්ථරය බවත්  දෙවන ස්ථරයට විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන නිලධාරීන් සහ වෘත්තිකයන් ඇතුළත් වන අතර අදාළ ප්‍රතිසංස්කරණ සඳහා ඔවුන්ගේ විශේෂඥ දැනුම ලබාගත හැකි බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    මෙහිදී අධිකරණ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, වඩාත් අර්ථාන්විත ප්‍රතිළුලයක් උදෙසා තීරණ ගැනීමේ ක්‍රියාවලියට දායක වීමට කැමති සියලු දෙනා සම්බන්ධ කර ගැනීම අමාත්‍යාංශයේ අරමුණ බවයි.

    බන්ධනාගාරවල රැදවුවන් සදහා ධාරිතාව 11,000 ක් පමණ වුවද   කොවිඩ් වසංගතය ඇතිවීමට පෙර සහ සාමාන්‍ය තත්වයන් යටතේ දළ වශයෙන් 30,000 – 33,000 අතර සංඛ්‍යාවක් දක්වා බන්ධනාගාරවල සිටි බවත් බහුතරය රිමාන්ඩ් සිරකරුවන් පමණක් වන අතර, වැරදිකරුවන් වන්නේ ආසන්න වශයෙන් 8000 ක් පමණක් පමණක් බවත් අමාත්‍යවරයා පැවසීය.

    එසේම රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින 90% ක් හෝ ඊට වැඩි පිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් මිස මත්ද්‍රව්‍යවලට සම්බන්ධ අපරාධකරුවන් නොවන බවත්  ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    රජයේ රස පරීක්ෂක  දෙපාර්තමේන්තුවේ 2018-2019 සංඛ්‍යාලේඛන අනුව මත්ද්‍රව්‍ය  සන්තකයේ  තබා ගැනීම සම්බන්ධව ඇත්තේ නඩු 114 ක් පමණක් බව මෙහිදී අනාවරණය විය. එසේම අත්අඩංගුවට ගත් අයගෙන් 99% ක් එනම්  ආසන්න වශයෙන් 3300 ක රැදවූවන්   සතුව  තිබී ඇත්තේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2-5 අතර ප්‍රමාණයක්  පමණක් බවත් මෙහිදී හෙළිවිය.

    මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අධිකරණ ඇමතිවරයා ඉහත සඳහන් වූ නඩු ප්‍රමාණය නිසා මත්ද්‍රව්‍ය වලට අදාළ මහා පරිමාණ අපරාධ නඩු දික්ගැස්සෙමින් තිබෙන බව පැහැදිලි වන්නේ යැයි පැවසීය. එවැනි කුඩා චෝදනා මත රිමාන්ඩ් භාරයට පත්ව සිටින පුද්ගලයන් වගකිවයුතු පුරවැසියන් ලෙස ප්‍රජා විශෝධනය යටතේ සමාජ ගත කිරීම, එම පුද්ගලයන් දරුණු ගනයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සමග සිර ගෙවල් වලදී සම්බන්ධ වීමට ඉඩ තැබීමට වඩා වැදගත් වන බවද ඇමතිවරයා පැවසීය.

    වැලිකඩ බන්ධනාගාරය හොරණ ප්‍රදේශයට ගෙන යාම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් අක්කර 250 ක් ලබා දී ඇති බව පැවසූ බන්ධනාගාර කළමණාකරන හා සිරකරුවන් පුනරුත්ථාපනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා වැලිකඩ ඇති භූමි ප්‍රමාණය වන අක්කර 38 මෙන් දහ ගුණයකින් විශාල භූමියක් බවද සඳහන් කළේය.

    මෙහිදී කරුණු දැක්වූ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා රස පරීක්ෂක වාර්තාව නිකුත් වීම සැළකිය යුතු අන්දමකින් ප්‍රමාද වන බැවින් නඩු කටයුතු වල ප්‍රමාදයටද එය බලපා ඇති බවත් පෙන්වා දුන්නේය. එය පිළිගත් අධිකරණ අමාත්‍යවරයා මෙම තත්ත්වය නිවැරදි කිරීමට පියවර ගෙන තිබෙන බව පැවසීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා අදහස් දක්වමින් මෙරට ශිෂ්‍ය පරම්පරාවට ද නීතිය පිළිබඳව කුඩා වයසේ සිටම අවබෝධයක් ලබා ගැනීම‍ සඳහා නීතියට සම්බන්ධ විෂයයන් පාසල් විෂය ධාරාවට එක් කිරීමට පියවර ගන්නා ලෙස යෝජනා කළේය.

    අධ්‍යපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා  මෙන්ම අධිකරණ ඇමතිවරයාද මෙම යෝජනාව පිළිබඳව අවධානය යොමු කර නීතිය පිළිබඳ කරුණු පාසල් විෂය මාලාවලට එක් කිරීමට පියවර ගන්නා බව සඳහන් කළහ.

    නීති විද්‍යාලයේ විභාග ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පැවැත්විය යුතු බව අනිවාර්ය කර තිබීම පිළිබඳව කරුණු දැක්වූ ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රිවරයා ජපානය වැනි රටවල් නීතිය පිළිබඳ අධ්‍යාපනය එම රටවල මව් භාෂාවෙන්ද සිදු කරන බව උදාහරණ ලෙස පෙන්වා දුන්නේය. කෙසේ නමුත් මේ සම්බන්ධව තීරණ ගත යුත්තේ නීති අධ්‍යාපනය පිළිබඳව කවුන්සිලය බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    මෙම රැස්වීමට නීතිඥ සාගර කාරියවසම්, උදයන කිරිඳි‍ගොඩ, මධුර විතානගේ, ජී.ජී. පොන්ම්බලම්, චාර්ල්ස් නිර්මලනාදන් යන මන්ත්‍රීවරුද එක්ව සිටියහ.

  • ‘ලීසිං සමාගම්වලට තරු විසිවෙන කතාවක්’ රාජ්‍ය ඇමැති කබ්රාල් කියයි

    ‘ලීසිං සමාගම්වලට තරු විසිවෙන කතාවක්’ රාජ්‍ය ඇමැති කබ්රාල් කියයි

    ණය වාරික සහ රථ වාහන කල්බදු ගෙවීමේදී දඩ මුදල්, ප්‍රමාද ගාස්තු සහ දඩ පොලී අය කරගැනීම නතර කිරීම සඳහා ඉදිරියේදී පියවර ගන්නා බව මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා තම පුවත්පත සමග පැවසූ බව ලංකාදීප පුවත්පත ඊයේ (10) වාර්තා කළේය.

    එම පුවතේ වැඩි දුරටත් මෙසේ සදහන් විය.

    ”ණය වාරික, පොලී සහ රථ වාහන කල්බදු ගෙවීම් ප්‍රමාද වූ විට මූල්‍ය ආයතන සහ බැංකු පොලී අය කිරීම්, දඩ පොලී හෝ ප්‍රමාද ගාස්තු අය කරන බවත් එය නතර කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ සාකච්ඡා කර අදාළ පියවර ගන්නා බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.

    ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයෙන් පසු ඇති වූ තත්ත්වය හේතුවෙන් මෙවැනි අය කිරීම් සාධාරණ නොවන බවත් ජනතාවටද දඩ මුදල්, ප්‍රමාද සහ දඩ පොලී ගෙවීම පහසු නොවන බවත් ඔහු කීය.

    ඊට අමතරව මූල්‍ය ආයතන සහ බැංකු ගනුදෙනුකරුවන් දැනුවත් නොකර විවිධ අය ගාස්තු අය කරන බවත් ඒවාද නතර කිරීම සඳහා පියවර ගන්නා බවත් ඔහු කීවේය.

    මේ අතර ණය වාරික සහ ලීසිං වාරික සියල්ල එකවර ගෙවා අවසන් කිරීමේදී අධිභාරයක් අය කිරීම නතර කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවට උපදෙස් දී ඇතැයි ද රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා තවදුරටත් පැවැසීය.

  • දිගු කලක් ජීවත් වීමට හා තරුණ බව රැක ගැනීමට සුපිරි ඉගි 06ක්

    දිගු කලක් ජීවත් වීමට හා තරුණ බව රැක ගැනීමට සුපිරි ඉගි 06ක්

    දශක කිහිපයකට පෙර පැවති කාලයට වඩා දිගු කාලයක් ජීවත් වීම දැන් පහසුය. වෛද්‍ය විද්‍යාවේ දියුණුව, සෞඛ්‍ය පිළිබඳ දැනුවත්භාවය, වැඩිදියුණු කළ සනීපාරක්ෂාව යනාදිය නිසා සාමාන්‍ය ආයු කාලය වැඩිවෙමින් පවතී. නමුත් ප්‍රශ්නය වන්නේ අප සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරනවාද යන්නයි.

    සෞඛ්‍යය

    අපි වැඩි කාලයක් ජීවත් වීම හා තරුණ වීම ගැන කතා කරන විට, අපි සාමාන්‍යයෙන් කාරණා දෙකක් කෙරෙහි අවධානය යොමු කරනවා. ඒ් නිවැරදි ආහාර ගැනීම සහ ව්‍යායාම කිරීමයි. 

    ඇත්ත වශයෙන්ම, මේ දෙක අතහැර සෞඛ්‍ය සම්පන්න, රෝගවලින් තොර ජීවිතයක් ගත කිරීම නොවැළැක්විය හැකි නමුත් මෙයින් ඔබ්බට තවත් වැදගත් දේවල් කිහිපයක් තිබෙනවා.

    1. සෞඛ්‍යයට අහිතකර උවමනාවන් පාලනය කරන්න

    සෞඛ්‍යයට අහිතකර උවමනාවන් පාලනය කරන්න

    ‘ටෙලමියර්ස් – Telomeres’  යනු වර්ණදේහවල අවසානයයි (ටෙලෝමියර්ස් යනු ඔබේ වර්ණදේහවල කෙළවර ආරක්ෂා කරන කුඩා ව්‍යුහයන් ය. කාලයත් සමඟ ඒවා කෙටි වීමට නැඹුරු වේ), එය වර්ණදේහ පිරිහීමෙන් ආරක්ෂා කරයි. සෛල බෙදීම සිදු වූ විට, ටෙලමියර වල දිග කෙටි වේ. ටෙලමියර් කෙටි කිරීමේ ක්‍රියාවලිය අපට මන්දගාමී කළ හැකි නම්, සෛල සෞඛ්‍ය සම්පන්න වන අතර ඒවායේ ආයු කාලය වැඩි වේ. 

    ටෙලමියර් කෙටි කිරීම ස්වාභාවික වුවත්, ඉක්මන් වයසට යෑමට දායක වන බැවින් මුල් කෙටි කිරීම නුසුදුසු ය. දුම්පානය, ව්‍යායාම නොමැතිකම, සෞඛ්‍යයට අහිතකර ආහාර ගැනීම සහ ආහාරයේ පෝෂ්‍ය පදාර්ථ නොමැතිකම වැනි ජීවන රටා සාධකවල බලපෑම, ටෙලමියර් කෙටි කිරීම වේගවත් කරන අතර වයසට යාමේ ක්‍රියාවලිය වේගවත් කරයි.

    2. ශාරීරික ක්‍රියාකාරකම් වල නිරත වන්න

    ශාරීරික ක්‍රියාකාරකම් වල නිරත වන්න

    ඉහළ මට්ටමේ ‘සර්ටූයින් සහ NAD+ මිනිස් ආයු කාලය වැඩි කිරීම සමඟ කෙලින්ම සම්බන්ධ වේ. ප්‍රමාණවත් ශාරීරික ක්‍රියාකාරකම් සහ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ඇතුළුව නිසි ජීවන රටාවක් මගින් සර්ටූයින් මට්ටම ඉහළ නැංවිය හැකි අතර එමඟින් සෞඛ්‍ය පරතරය වැඩි වේ. කර්කුමින් –  Curcumin වැනි ස්වාභාවික සංයෝග වන සර්ටූයින් වල සමහර සක්‍රියකාරකයන් දීර්ඝායුෂ සඳහා උපකාරී වන මාර්ග සොයා ගැනීමට පර්යේෂකයෝ වෙහෙසෙති.

    3. පෝෂණය සම්බන්ධයෙන් සම්මුතියකින් තොරව කැලරි ප්‍රමාණය සීමා කරන්න

    පෝෂණයට බාධා නොකර කැලරි ප්‍රමාණය සීමා කරන්න

    අපි හැමෝටම ජීවත් වීමට කැලරි අවශ්‍යයි, නමුත් අපි අවශ්‍ය ප්‍රමාණය පමණක් ගන්නවාද ? කැලරි අධික ලෙස ගැනීම රෝග සඳහා එක් ප්‍රධාන හේතුවක් ලෙස සැලකේ. මන්දපෝෂණයකින් තොරව කැලරි සීමා කිරීම දීර්ඝායුෂ වැඩි කිරීමට උපකාරී වන අතර එය අපගේ ශරීරයෙන් පරිවෘත්තීය විෂ ඉවත් කිරීම මැෂිමක් ලෙස හැඳින්වේ.

    4. බඩවැල් සෞඛ්‍යය පවත්වා ගැනීම

    බඩවැල් සෞඛ්යය පවත්වා ගැනීම

    බඩවැල් ක්ෂුද්‍ර ජීවීන් / අපගේ බඩවැල්වල සිටින මිත්‍රශීලී ක්ෂුද්‍ර ජීවීන් අපව නිරෝගීව හා දිගු කලක් ජීවත්වීමට වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. එනිසා දීර්ඝායුෂ ලැබීමට නම් මේ ගැනත් දැඩි අවධානයක් යොමු කරන්න.

    5. ඔබේ ස්වාභාවික ප්‍රතිඔක්සිකාරක ලබා ගන්න

    ඔබේ ස්වාභාවික ප්‍රතිඔක්සිකාරක ලබා ගන්න

    ප්‍රතිඔක්සිකාරක Antioxidants යනු ‘නිදහස් රැඩිකලුන්ගේ Free radicals (නිදහස් රැඩිකලුන් යනු සෛල වලට හානි කළ හැකි අස්ථායී පරමාණු වේ. නිදහස් රැඩිකලුන් වයස්ගත වීම හා රෝග රැසකට සම්බන්ධ වේ) හානිකර බලපෑම අහෝසි කළ හැකි සංයෝග වන අතර එමඟින් සෞඛ්‍යය වැඩි දියුණු කර ආයු කාලය වැඩි කරයි. නිරෝගී වයස්ගත ක්‍රියාවලියකට සෘජුවම බලපාන ”රෙස්වෙටරෝල්, කෝ එන්සයිම-කියු 10 සහ ග්ලූටතයෝන් Resveratrol, Co-enzyme- Q10, සහ Glutathione වැනි ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ඇති බැවින් පොදුවේ දන්නා ප්‍රතිඔක්සිකාරක වන ‘ACES’ (විටමින් ඒ, සී, ඊ සහ සෙලේනියම්) වලින් ඔබ්බට සිතීමට කාලයයි. .

    6. සමස්ත සුවතාවය ගැන සිතන්න

    සමස්ත සුවතාවය ගැන සිතන්න

    සෞඛ්‍යය යන අර්ථය කාලයත් සමඟ විකාශනය වී ඇත. ශාරීරිකව සෞඛ්‍ය සම්පන්නව සිට දැන් එය ‘සම්පූර්ණ ශාරීරික, මානසික හා සමාජ යහපැවැත්මේ තත්වයක්’ දක්වා විකාශනය වී ඇත. 

    ”යහපැවැත්ම” Wellness ආරම්භ වන්නේ පුද්ගලයෙකු තමා නිරෝගීව තබා ගන්නේ කුමක් දැයි දැනගෙන රෝග වැළැක්වීම සහ ඒ අනුව ජීවත් වීමෙනි. අපගේ මානසික සහ අපගේ සමාජ යහපැවැත්ම ශාරීරික සෞඛ්‍යය තරම්ම වැදගත් ය. 

    මානසික ආතතිය –  Stress අපගේ ශරීරයට සෘජුවම බලපාන අතර වයසට යාමේ ක්‍රියාවලිය වේගවත් කළ හැකිය. භාවනා කිරීම, ධනාත්මක සමාජ සබඳතා ගොඩනඟා ගැනීම, කරුණාව හා සමාව දීම වැනි ක්‍රියාවන් මෙගා ප්‍රතිලාභ සමඟ අපගේ ජීවිතයට ඇතුළත් කළ හැකි සරල ක්‍රම කිහිපයකි. 

    ”සුවතාවය” යනු ගමනාන්තයක් නොව ක්‍රියාවලියකි. එය ජීවන මාර්ගයක් වන අතර මෙම ක්‍රියාවලිය වැලඳ ගැනීම දිගු කලක් ජීවත් වීමට හා තරුණ වියට පත්වීමට ඇති හොඳම විසඳුමකි.

    Femina ඇසුරිණි – සකස් කළේ – තුෂාධවි

  • රසායනාගාරවල අතිරික්ත PCR පරීක්ෂණ 10,000ක් පමණ හිර වෙලා

    රසායනාගාරවල අතිරික්ත PCR පරීක්ෂණ 10,000ක් පමණ හිර වෙලා

    මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව පවතින රසායනාගාරවල සාමාන්‍ය ධාරිතාවය දිනකට පරීක්ෂණ 25000 ක පමණ ප්‍රමාණයක් බව තහවුරු කළ හැකියි. මේ වන විට, PCR නිදර්ශක ගොඩගසාගෙන ඇති රසායනාගාර ඇතුළු රජයේ බොහෝ රසායනාගාර වල සිදුකල හැකි ධාරිතාවෙන් අඩක ප්‍රමාණයක් වත් තවම අපි සිදුකරන්නේ නැහැ. එය,  රසායනාගාර කළමණාකරන දුර්වලතාවයක්.

    කොවිඩ් වසංගතයේ තීරණාත්මක අවධියකට රට පත්ව තිබෙනවා. පසුගිය කාලයේ දෛනිකව 500-600 අතර වාර්තා වූ නව ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 950 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අතර මරණ සංඛ්‍යායේ වැඩි වීමක් සමග රට පුරා වසංගතයේ ව්‍යාප්තියක් ද සිදුව තිබෙනවා.

    මේ අතර පී.සී.ආර් රසායනාගාරවල අතිරික්ත PCR පරීක්ෂණ දහදාහක් පමණ හිර වී ඇතැයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා ඊයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙළි කළා. මේ එම මාධ්‍ය සාකච්ඡාවේදී රවී කුමුදේශ් මහතා දැක්වූ අදහස්.

    පසුගිය කාලය පුරාම අවශ්‍ය ප්‍රතික්‍රීයක ලබාදෙන්නට කියලා ඉල්ලීම් කලත්, අමාත්‍යාංශය ඒ පිළිබඳව ඇහුම්කන් දීමක් කළේ නැහැ. රසායනාගාරයක් පවත්වාගෙන යාම සදහා  අවශ්‍ය සැපයුම් පද්ධතිය නිසි පරිදි යථාවත් විය යුතුයි.  රසායනාගාර වල අවශ්‍යතා සාකච්ඡා කරන්නට සෞඛ්‍ය අමාත්‍යාංශය ඊට අදාළ වෘත්තිකයන්ට ඉඩක් ලබාදීලා නෑ.  මේ වනවිට රසායනාගාර කළමනාකරණය වෙමින් තියෙන්නේ, ඒ පිළිබඳව නිවැරදි දැනුමක් ඇති අයගේ  සහභාගීත්වයෙන්  නෙවෙයි. ඒ හින්දම මේ මට්ටමෙන් හෝ රසායනාගාර පවත්වාගෙන යන්නේ විශාල වෑයමක් යොදලා, තමන්ගේ පෞද්ගලික වැඩක් කරගන්නවා වගේ. 

    වෛද්‍ය සැපයුම් ගැලපෙන්නේ නැහැ

    වෛද්‍ය සැපයුම් අංශයෙන් මිලදී ගන්න සමහර ප්‍රතික්‍රියක රසායනාගාරයේ දී නිවැරදිව වැඩ කරන්නේ නැහැ. රසායනාගාර වලට ලබා දෙන PCR ප්‍රතික්‍රීයක ජාත්‍යන්තර වශයෙන් පිළිගෙන තිබෙනවා ද? ඖෂධ නියාමන අධිකාරිය වලංගු කිරිමේ පරීක්ෂණ කරල තියෙනවද?  සුදුසු ප්‍රතික්‍රියක බවට ඇගයුම් කමිටු වල සහතික ලබාදීලා තියෙන්නේ මොන විශේෂඥ වෛද්‍යවරයා ද? ඒවා ඉල්ලලා තියෙන්නේ කොයි රසායනාගාරයෙන් ද? වැනි කරුණු පිළිබඳව කිසිදු පැහැදිලි අවබෝධය කාටවත් නැහැ.

    සමහර අය තමන්ගේ සන්නාමය මිලදී ගැනීම සඳහා විශාල ව්‍යාපාරික අරගලයක් කරනවා. තවත් සමහරු වැරදි සහගත මිලදී ගැනීම් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරමින් තිබෙන පරීක්ෂණයට බලපෑම් කිරීම සඳහා, PCR රසායනාගාර අඩපණ කරන්නට උත්සාහ කරනවා. තවත් අය, තමන්ට හිතවත් වලට නිදර්ශක ටික යැවීම සඳහා ප්‍රතිපත්ති වෙනස් කිරීමට කටයුතු කරමින් සිටිනවා. රටේ මහජනතාව වෙනුවෙන්  අමාරුවෙනි ස්ථාපිත කරවාගෙන තියෙන PCR රසායනාගාර වලට අවශ්‍ය සැපයුම් ලබාදෙන්න, ඒවායේ වැඩ කරන වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයින්ට අවශ්‍ය යටිතල පහසුකම් කවුරුත් හොයල බලන්නෙ නෑ. 

    ️බිලියන ගණන් පිල්ලි ගහමින්, අතිකාල කපලා ඉතුරු කරන්න හදනවා

    සමහර අධ්‍යක්ෂවරු, සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් මිලියන ගණන් නාස්ති කරන ගමන්, බිලියන ගණන් වංචා කරන්නට ඉඩ හරින ගමන්, සල්ලි ඉතුරු කරන්න යන්නේ රසායනාගාරවල දිවා රෑ වැඩ කරන වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයන්ගේ අතිකාල කප්පාදු කරලා. සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ PCR රසායනාගාර 18ක් තියනවා. ඒ එකක්වත් පැය විසිහතර දුවවන්න අවශ්‍යතාවයක් ඔවුනට නැහැ. හදිසියට විවේක ගන්න, කෑම වේලක් සපයන්න, නවාතැන් පහසුකමක් හදලා දෙන්න තබා, අවුරුද්දකට වැඩි කාලයක් එක දිගට, දිවා රෑ නොබලා මේ රාජකාරියේ යෙදෙන කාර්‍යමණ්ඩලයෙ ධිරිමත් කිරීමටවත් ඔවුනට නොහැකි වෙලා තියනවා.

    ️වසර පහලොවක් පැරණි තාක්ෂණය

    අපි තාම මේ රසායනාගාරවල  භාවිත කරන්නේ වසර 15 කට වඩා පැරණි තාක්ෂණය. එක PCR පරීක්ෂණයක් කරන්න පැය 8 කට වඩා කාලයක් ගත වෙනවා.  රසායනාගාරයේ වේගය වැඩි කිරීම එහි ඉන්න කාර්යමණ්ඩලයට හිතෙන ආකාරයට කරන්නට බැහැ. ඒ සඳහා අවශ්‍ය දියුණු තාක්ෂණය ගැන රසායනාගාර සේවාවේ ඉහල පුටු රත් කරන අය දන්නේ නැහැ. එහෙම නැත්නම් පවතින ක්‍රමය තුළ ඔවුන් විසින් ලබාගනු ලබන වාසි අත හරින්නට කැමති නැහැ. පැය එකහමාරක වගේ කාලයකින් පරීක්ෂණ වාර්ථා  නිකුත් කරන්නට පුළුවන් තාක්ෂණය පිළිබදව මාස ගණනාවක් තිස්සේ ජනාධිපතිවරයා දක්වා දැනුවත් කරලා තියෙනවා. ඉල්ලීම් කරලා තියනවා. ඒ මොනවාද කියලාවත් හොයලා බැළුවේ නෑ. අළුත්ම තාක්ෂණයට අදාල ලබා ගන්න PCR  යන්ත්‍රයක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ රසායනාගාරයට ආධාර වශයෙන් ලබාදීලා මාස තුනක් විතර වෙනවා. අඩු ගානේ ඒක රසායනාගාරය ඇතුලේ හයි කරලා දෙන්න සෞඛ්‍ය අමාත්‍යාංශයට තවම බැරිවෙලා තියෙනවා.

    ️පරීක්ෂණ කරනවාට වඩා විශාල කාලයක්, වාර්ථාව අතර මැදතැන් වල ප්‍රමාද වෙනවා

    PCR නිදර්ශක රසායනාගාරයට එන්නෙ හවස වරුවේ. රසායනාගාර පැය විසිහතර පුරා පවත්වා ගෙන යන්න ආයතන ප්‍රධානීන්ට බැරිවෙලා තියන නිසා, පරික්ෂණ  කරන්න පටන් ගන්නෙ පසුවදා. එදිනම වාර්තාව නිකුත් කරනවා. සමහර වෛරසවේදීන්  වාර්තා නිකුත් නොකර තමන් ලග ගොඩ ගසා ගන්නවා.  එම වාර්තාව නැවත යන්නේ වසංගත ප්‍රාදේශීය වසංගත  ප්‍රධානියාට. මෙම සාම්ප්‍රදායික ක්‍රම වේදය අනුව රසායනාගාරය තුළ PCR පරීක්ෂණය සිදු කරන්නට යන කාලයට වඩා, තුන් හතර ගුණයක කාලයක්, වාර්තාව අදාල පුද්ගලයා වෙත යොමුකරන ගන්න ගත වෙනවා. 

    ජංගම රසායනාගාර කිහිපයක් හදන්න තාම බැරිවෙලා තියනවා

    ක්ෂේත්‍රයේ එකතුවන විශාල නිදර්ෂක ප්‍රමාණයක් රසායනාගාර වලට පැමිනීම පහසුවෙන් වැලැක්වීමට ස්ථානීය PCR යන්ත්‍ර සහිත, ජංගම වෛද්‍ය රසායනාගාරයකට පුළුවං. ජංගම වෛද්‍ය  රසායනාගාර දහයක් නිර්මාණය කරගැනීමට අවශ්‍ය බස්රථ දහයක් ඉල්ලලා අවුරුද්දකට වැඩියි. ජනාධිපතිතුමා තමන්ට හිතවත් සංගම් වලට පවා බස්රථ බෙදනවා අපි දැක්කා. සෞඛ්‍ය අමාත්‍යාංශයට ජංගම බස්රථ දහයක් අරගෙන, ජංගම රසායනාගාර දහයක් හදාගන්න අපිට තවම බැරිවෙලා තියෙනවා. ජංගම රසායනාගාරයක් තුළ ප්‍රතිදේහ පරීක්ෂණ සහ ස්ථානීය PCR පරීක්ෂණ එකවර සිදු කරන්නේ නම් ක්ෂේත්‍රයේ සියලු PCR පරීක්ෂණ රසායනාගාර වලට බරක් නොවී ක්ෂේත්‍රය තුළ ම අවසන් කිරීමට හැකියාව තිබෙනවා. 

    රසායනාගාර කළමණාකරණය අයාලේ යන්නට ඉඩ හැරලා, හොද ප්‍රතිඵල ලබා ගන්නට බැහැ

    රසායනාගාර සේවාවේ අවශ්‍යතා ගැන, සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ හෝ ජනාධිපති කාර්ය සාධනය බළකාය තුළ හෝ  නිරන්තර සාකච්ඡාවකට ලක් වෙන්නේ නැහැ. සාකච්චා සිදු වුවද, PCR  පරීක්ෂණ සිදුකරන වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයින්, ඊට සහභාගී කරවා ගන්න ස්වභාවයක් නැහැ. අදාළ වෘත්තීයවේදීන් සමග හොද ගණුදෙණුවක් ඇති කර ගැනීම, වෛද්‍ය පරිපාලනයට ගැටලුවක් වෙලා තිබෙන බව තමයි පෙනෙන්නට තියෙන්නේ. ඒ නිසා රසායනාගාරයේ තියන ඇත්ත ප්‍රශ්නය සෞඛ්‍යය ලේකම්වරයා හෝ ඇමතිවරු හෝ ජනාධිපතිවරයා හරියටම දන්නේ නැහැ. ඒ වෙනුවට විවිධ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සන්නාම අරගල සඳහාත් නොහැකියාවන් වසා ගැනීම සඳහාත්, වෘත්තීය කුහක බවේ විලි වසා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ විශාල පරිපාළණ ඉඩක් ලබාදී තිබෙනවා. මේ පිළිබඳව ජනාධිපති වරයා පවා දැනුවත් කර ඇති නමුත්,  මැදිහත් වීමේ හැකියාවක් ඔහුට පවා නැති බව තමයි පෙනෙන්නට තියෙන්නේ.

    ️රසායනාගාර ධාරිතාවේ නොහැකියාවට වඩා, පවතින්නේ පරිපාළණ නොහැකියාවක්

    මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව පවතින රසායනාගාරවල සාමාන්‍ය ධාරිතාවය දිනකට පරීක්ෂණ 25000 ක පමණ ප්‍රමාණයක් බව තහවුරු කළ හැකියි. මේ වන විට, PCR නිදර්ශක ගොඩගසාගෙන ඇති රසායනාගාර ඇතුළු රජයේ බොහෝ රසායනාගාර වල සිදුකල හැකි ධාරිතාවෙන් අඩක ප්‍රමාණයක් වත් තවම අපි සිදුකරන්නේ නැහැ. එය,  රසායනාගාර කළමණාකරන දුර්වලතාවයක්.

    රවී කුමුදේශ් –  සභාපති වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය 

  • Covid-19 මරණ 05ක් – නව ආසාදිතයින් 955ක්

    Covid-19 මරණ 05ක් – නව ආසාදිතයින් 955ක්

    මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලින් අද (10) දිනයේදී නව ආසාදිතයින් 955 දෙනකු හඳුනාගත් බවත් කොවිඩ්-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 5 දෙනෙකු අද (10 වැනිදා) දිනයේ මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළ බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (10) දින ප.ව 21.00ට නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

    ඒ අනුව කොවිඩ්-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 375 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මියගිය පිරිස අතර පිරිමි තිදෙනෙක් සහ කාන්තාවෝ දෙදෙනෙක් වෙති.

  • හිසකෙස් ශක්තිමත් කිරීම සඳහා ‘හොඳම’ ස්වාභාවික ආහාර

    හිසකෙස් ශක්තිමත් කිරීම සඳහා ‘හොඳම’ ස්වාභාවික ආහාර

    අපගේ හිසකෙස් මසකට දළ වශයෙන් සෙන්ටිමීටර 1 ක් පමණ වර්ධනය වන නමුත් නව සෞඛ්‍ය සම්පන්න සහ ශක්තිමත් හිසකෙස් වර්ධනයට වඩාත්ම වැදගත් වන්නේ ‘ආහාරවලින්’ අපට ලැබෙන විටමින් සහ පෝෂ්‍ය පදාර්ථ බව පෝෂණවේදීන් කියනවා.

    නිසි ආහාර හිසකෙස් ශක්තිමත් කිරීමට, හිසකෙස් වැටීම වැළැක්වීමට උපකාරී වෙනවා. හිසකෙස් සෞඛ්‍යය සඳහා කුමන ආහාර දිනපතා ආහාරයට ගත යුතුද ? යන්න දැන ගන්න මේ ලිපිය කියවන්න.

    නිරෝගී හිසකෙස් සඳහා හොඳම ආහාරය – කැල්සියම් සහ යකඩ වලින් පොහොසත් ආහාර සහ කොළ පැහැති එළවළු, මුහුදු පැලෑටි සහ විටමින් සහ ඛනිජ ලවණ ප්‍රභවයන් බවයි පෝෂණවේදීන් අවධාරණාත්මකව පවසන්නේ.

    ඒ අතර, ඔබේ හිසකෙස් වර්ධනය වේගවත් කිරීමට උපකාරී වන අතිරේක පෝෂණය / ආහාර ප්‍රවේශමෙන් ගන්නා ලෙස වෛද්‍යවරුන් කියනවා.

    එහෙත් මේ සමග අවධානයට ගත යුතු වැදගත් කාරණයක් වන්නේ සමහර අවස්ථාවල ‘විටමින් වැනි ඊ පෝෂ්‍ය පදාර්ථ අතිරික්ත වීම හිසකෙස් නැතිවීමට හේතුවක් විය හැකි බවයි. එබැවින්, හිසකෙස් පෝෂණය සඳහා උපකාරී වන ආහාර ගැනීමේදී දැඩි ලෙස සැලකිලිමත් වන ලෙස විශේෂඥයින් උපදෙස් දෙනවා.

    හිසකෙස් ශක්තිමත් කිරීම සඳහා පෝෂ්‍යදායි ආහාර වේලෙහි පදනම වන ආහාර 10ක් මෙන්න

    Salmon and other fat fish – සැමන් සහ අනෙකුත් මේද මාළු :

    හිස්කබලේ සෞඛ්‍යයට අවශ්‍ය වන සැමන් සංතෘප්ත මේද අම්ල, බහු අසංතෘප්ත ඔමේගා -3, omega-3 මේද අම්ල නොමැතිකම හිස්කබලේ වියළීමට හේතු වන අතර හිසකෙස් දුර්වල බවට පත් වෙනවා. ‘සැමන්’ යනු ප්‍රෝටීන්වල විශිෂ්ට ප්‍රභවයක්. එහි විටමින් B 12 සහ යකඩ විශාල ප්‍රමාණයක් ඇති අතර එය හිසකෙස් පෝෂණය හා ශක්තිමත් කරනවා. ඔබ නිර්මාංශ ආහාර වේලක් අනුගමනය කරන්නේ නම්, හිසකෙස් ශක්තිමත් කිරීම සඳහා ‘හණ ඇට’  flaxseed oil තෙල් මේස හැඳි එකක් හෝ දෙකක් ඇතුළත් කරන්න.

    Green vegetables කොළ පැහැති එළවළු :

    නිරෝගී හිසකෙස් සඳහා හරිත හා කොළ එළවළුවල ඇති පෝෂ්‍ය පදාර්ථ අවශ්‍ය වෙනවා. නිදසුනක් ලෙස, නිවිති, බ්රොකොලි සහ කොළ බීට්වල විටමින් A සහ C ඉතා පොහොසත් වන අතර, එය ස්වාභාවික හිසකෙස් කන්ඩිෂනර් ලෙස සේවය කරනවා. තද කොළ එළවළු ද හිසකෙස් යකඩ හා කැල්සියම් සහතික කිරීමට උපකාරී වෙනවා.

    Beans බෝංචි :

    හිසකෙස් ශක්තිමත් කිරීම සඳහා බෝංචි, බෝංචි සහ පරිප්පු ද ඉතා වැදගත්. ඒවා කෙස් වර්ධනයට අත්‍යවශ්‍ය ප්‍රෝටීන් ප්‍රභවයක් පමණක් නොවෙයි. රනිල කුලයට අයත් යකඩ, සින්ක් සහ බයෝටින්වලින් biotin පොහොසත්. සමහර විට හිස කෙස්වල දුර්වර්ණ හෝ වහා කැඩෙන සුළු වන්නේ බයෝටින් හිඟකම හේතුවෙනුයි. පෝෂණවේදීන් සතිපතා බෝංචි හෝ පරිප්පු කෝප්ප තුනක් හෝ වැඩි ගණනක් අනුභව කිරීම නිර්දේශ කරනවා.

    Nuts ඇට වර්ග :

    ශක්තිමත් හා සෞඛ්‍ය සම්පන්න හිසකෙස් ඇති කර ගැනීමට ඔබ කැමති නම් ඔබ ඇට වර්ගයක් නිතිපතා අනුභව කළ යුතුයි. – Brazil nuts සොබාදහමේ හොඳම පෝෂණ ප්‍රභවයන්ගෙන් එකක් වන මෙය හිසකෙස් සහ හිස්කබලේ සෞඛ්‍යය ශක්තිමත් කිරීම සඳහා වැදගත් වන ද්‍රව්‍යයක්. Walnuts වල ඇල්ෆා-ලිනොලනික් අම්ලය අඩංගු වෙනවා. – ඔමේගා -3 වලින් එකක් වන අතර එය හිසකෙස්වල තත්වය වැඩි දියුණු කරනවා. කජු, පීකන්ස් සහ ආමන්ඩ්වල සින්ක් විශාල ප‍්‍රතිශතයක් තිබෙනවා. දුර්වර්ණභාවය බොහෝ විට හිසකෙස් නැති වීමට හේතු වෙනවා. එබැවින් ඔබේ හිසකෙස් ටොනික් මෙනුවේ පලතුරු ඇතුළත් කිරීම අත්‍යවශ්‍ය වෙනවා.

    Poultry – කුකුල් මස් සහ කළුකුම් මස්

    කුකුල් මස් සහ කළුකුම් මස් හිසකෙස් වර්ධනයට සහ ශක්තිමත් කිරීමට ප්‍රෝටීන් ප්‍රභවයක්. ආහාරවල ප්‍රෝටීන් නොමැතිකම දුර්වල හා අස්ථාවර හිසකෙස් සඳහා හේතු වන අතර ප්‍රෝටීනවල හිඟය නිසා හිසකෙස් අඳුරු සහ වර්ණ රහිත වෙනවා. කුකුළු මස් ඉතා වටිනා වන්නේ එය ඉහළ ජෛව උපයෝගීතාවයකින් යුත් යකඩ ප්‍රභවයක් වන අතර එය ශරීරයට පහසුවෙන් අවශෝෂණය කරගත හැකි නිසයි.

    Eggs බිත්තර :

    හිසකෙස් ශක්තිමත් කිරීම සඳහා ඔබ බිත්තර ආහාරයට ගත යුතුමය. තැම්බූ හෝ බැදපු බිත්තර ඒ සඳහා යෝග්‍යයි. බිත්තර – ප්‍රෝටීන් සුපිරි බලය ඇති ආහාරයක්. ඊට අමතරව, බිත්තර සතුව බයෝටින් සහ විටමින් B 12 – අත්‍යවශ්‍ය රූපලාවන්‍ය-පෝෂ්‍ය පදාර්ථ තිබෙනවා.

    Whole grains ධාන්‍ය වර්ග :

    විටමින් සහ ඛනිජ වලින් පොහොසත් තිරිඟු පාන් සහ ධාන්‍ය වර්ග ද හිසකෙස් ශක්තිමත් කිරීම සඳහා සැලකිය යුතු දායකත්වයක් සපයනවා. ඊට හේතු වන්නේ ධාන්‍යවල සින්ක්, යකඩ සහ බී විටමින් වල සැලකිය යුතු අන්තර්ගතයක් තිබීමයි.

    Oysters බෙල්ලන් :

    බෙල්ලන් ආහාර ගැනීමෙන් ලිංගික ආශාවන් වැඩි දියුණු කරනවා පමණක් නොව, හිසකෙස් ශක්තිමත් කර පෝෂණය කිරීම ද සිදුවෙනවා. බෙල්ලන්ගේ ප්‍රධාන රහස නම් එය සින්ක් නම් ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් වීමයි. බෙල්ලන් ඔබට දිනපතා ආහාරයට ගැනීමට නොහැකි නම් එය ගැටලූවක් නොවෙයි. සින්ක් ප්‍රමාණවත් ප්‍රමාණයක් සම්පූර්ණ ධාන්‍ය හා ඇට වර්ගවලින් පමණක් නොව හරක් මස් හා බැටළු මස්වලින් ද ඒවා ලබා ගත හැකියි.

    Dairy products – කිරි ආශ්‍රිත නිෂ්පාදන :

    කිරි සහ යෝගට් හිසකෙස් වර්ධනයට හා ශක්තිමත් කිරීමට ඉතා වැදගත් ඛනිජයක් වන කැල්සියම් විශිෂ්ට ප්‍රභවයන් වශයෙන් සැලකෙනවා. කිරි නිෂ්පාදනවල ද අඩංගු වන ‘කේසීන්’ ඉතා වටිනා ප්‍රෝටීන් ප්‍රභවයක්. ඊට අමතරව, යෝගට් හෝ ගෘහ චීස් දවස පුරා සුළු ආහාර වර්ග සඳහා කදිමයි.

    Carrots කැරට් :

    කැරට් වල විටමින් A ඉතා පොහොසත් වන අතර එය හිස්කබලේ සෞඛ්‍යයට ඉතා වැදගත්. හිස කෙස්වලට හොඳ පෙනුමක් වගේම නීරෝගීභාවයක් ලබා දෙනවා. එබැවින් ඔබේ දෛනික මෙනුවේ මෙන්ම සලාද වලද කැරට් ඇතුළත් කිරීම වැදගත් වෙනවා.

    හිසකෙස් ශක්තිමත් කිරීම සඳහා ආහාර ගැනීම – සමබරතාවය පවත්වා ගන්න

    හිසකෙස් ශක්තිමත් කිරීම සහ අලංකාරය ආරක්ෂා කිරීම සඳහා නිෂ්පාදන සම්බන්ධයෙන් ගත් විට වඩාත් වැදගත් වන්නේ ඒවායේ විවිධත්වයයි. ප්‍රෝටීන, පලතුරු, එළවළු, ධාන්‍ය වර්ග, රනිල කුලයට අයත් මේද මාළු හා කිරි නිෂ්පාදන ඇතුළත් සමබර ආහාර වේලක් – මෙය ඔබේ හිසකෙස් ශක්තිමත්, ලස්සන හා සෞඛ්‍ය සම්පන්න වනු ඇති.

    චර්ම රෝග විශේෂඥයින්ට අනුව ඔබ ක්ෂණික ආහාර සදහා වැඩි නැඹුරුවක් දක්වන්නේ නම් එය ඔබේ හිසකෙස්වල නීරෝගීභාවයට ප‍්‍රබල තර්ජනයක් වෙනවා. එම ආහාරවලින් ඔබේ ආමාශයට හෝ හිසකෙස් වලට ප්‍රයෝජනවත් යමක් ලැබෙන්නේ නැහැ. අඩු කැලරි සහිත ආහාර බොහෝ විට සෞඛ්‍යයට අත්‍යවශ්‍ය වන පෝෂ්‍ය පදාර්ථවලින් පරිපූර්ණ අතර ඒවා හිසකෙස් ශක්තිමත් කිරීමට ද දායක වෙනවා.

    නිදසුනක් ලෙසල ඔමේගා -3″ සින්ක් සහ විටමින් ඒ, අඩුවීම හිසකෙස්වලට දැඩි සේ හානිකර ලෙස බලපාන අතර හිසකෙස් අස්ථාවර, දුර්වර්ණ හා අඳුරු වෙනවා. අවශ්‍ය විටමින් සහ ක්ෂුද්‍ර පෝෂක හිසකෙස් වලට නිරන්තරයෙන් නොමැතිකම බොහෝ විට දැඩි සේ හිසකෙස් නැතිවීමට හේතු වෙනවා.

    Image result for strengthening of hair

    හිසකෙස් වර්ධනය සඳහා විටමින් – තෝරා ගන්නේ කෙසේද ?

    ඝන / කෙටි ආහාර ගැනීම හිසකෙස්වල ජීවන චක්‍රයට බලපානවා. කෙටි කාලයක් තුළ සැලකිය යුතු බර අඩු වීමක් හිසකෙස් ප‍්‍රතිස්ථාපනය කිරීමේ සාමාන්‍ය රිද්මය උල්ලංඝනය කරනවා. බර අඩු වීමෙන් මාස දෙක තුනකට පසුල හිසකෙස් නැතිවීම විශාල ලෙස වැඩි වී ඇති බව ඔබට දැකගත හැකියි. මෙය තාවකාලික ප්‍රපංචයක්. නමුත් හිසකෙස්වල නිරෝගී තත්ත්වය යථා තත්වයට පත් කිරීම සහ ඒවා ශක්තිමත් කිරීම කළ හැකි වන්නේ සමබර ආහාර හා හොඳ සත්කාර මගින් පමණයි.

    සැකසුම – ප්‍රවීන රූපලාවන්‍ය උපදේශිකා දර්ශි මාතොටආරච්චි

  • යළි අවුලක් – බස්නාහිර පාසල් ආරම්භය මාර්තු 15ට කල් දමයි

    යළි අවුලක් – බස්නාහිර පාසල් ආරම්භය මාර්තු 15ට කල් දමයි

    පළමු ශ්‍රේණියේ පටන් සියලු ම ශ්‍රේණි සඳහා බස්නාහිර පළාතේ (දිස්ත්‍රික්ක තුනේ ම) සෑම පාසලක් ම මාර්තු  15වන දින ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බව පැවසූයේ අද (10) වන දින අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

    “අපි මේ සම්බන්ධ ව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවලින් නිර්දේශ ලබා ගත්තා. පාසලෙන් පාසලට තත්ත්වය වෙනස් වන නිසා පොදුවේ අධ්‍යාපන අමාත්‍යංශය මඟින් තීරණයක් ගැනීම සුදුසු නැති බව අපි තීරණය කළා. ඒ අනුව පාසල්වල කමිටු මඟින් විදුහල්පතිවරු ප්‍රමුඛ කමිටුවල අදහස් ලබා ගත්තා. ඒ කමිටුවල තීරණය අනුව පෙබරවාරි 15වැනි දින බස්නාහිර පළාතේ පාසල්වල බහුතරය විවෘත කිරීමට හැකි වේවි යැයි අපි අපේක්ෂා කළා.

    කෙසේනමුත් අපි ස්ථාවරයක සිටියා, එම නිර්දේශ ක්‍රියාත්මක කරන්නට හැකි වන්නේ, සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශවලට යටත් ව බව. අද උදෑසන අපිට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ නිර්දේශ ලැබුණා. ඒ අනුව අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය මාර් තු 01වෙනි දින සිට 11වන දින දක්වා පැවැත්වෙන නිසා ඒ විභාගය අවසන් වූ වහා ම එනම් මාර්තු 15වන දින බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක තුනේ ම සියලු පාසල් ආරම්භ කිරීම වඩාත් සුදුසු බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අපට දැනුම් දුන්නා.

    අපි අධ්‍යාපන බලධාරීන් සහ සෞඛ්‍ය බලධාරීන් සියලු දෙනා එකතු ව පාසල් ආරම්භ කිරීමට සුදුසු වටපිටාවක් සකස් කළා. දිගින් දිගට ම රැස් වෙලා එම තීන්දු තීරණ ගැනීමෙන් අනතුරු ව පාසල් තුළ සෞඛ්‍යාරක්ෂිත වටපිටාවක් සකසන්නට අපිට හැකියාව ලැබී තිබෙනවා” යැයි ද පැවසීය.

    බස්නාහිර පළාතේ කලාප 11ක් සහ ‍කොට්ඨාස 38ක් පවතින අතර, මේ සියල්ලේ ම සාකච්ඡා දිගින් දිගට ම පසුගිය දිනවල පවත්වන ලද අතර, විදුහල්පතිවරුන්, පාසල් කමිටු සියල්ල එක්ව මේ සඳහා වෙහෙසුණු අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඉක්මණින් පාසල් ආරම්භ කිරීමට හැකි වටපිටාවක් සහ පදනමක් මේ වනවිට සකස්ව ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    ඒ අනුව, සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශය වන්නේ  බස්නාහිර පළාතේ සියලු ම පාසල් සියලු ශ්‍රේණි සඳහා මාර්තු 15 වැනි දා සිට ආරම්භ කිරීම සුදුසු වන බවයි.  2021 වර්ෂයේ 1වන ශ්‍රේණියට ඇතුළත් වන දරුවන්ට ද මාර්තු 15 වෙනිදා සිට පාසල් ආරම්භ වේ.

    මෙම තීරණය බස්නාහිර පළාතේ ජාත්‍යන්තර පාසල්වලටත්, රජයේ අනුමත පෞද්ගලික පාසල්වලටත් වලංගු වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල පාසල් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතින අතර, එම පාසල්වලට මේ තීරණය අදාළ නොවේ.

    මේ වනවිට බස්නාහිර පළාතේ අධ්‍යයන කටයුතු ආරම්භකර තිබෙන 11 වන ශ්‍රේණියේ පන්ති සුපුරුදු ලෙස ක්‍රියාත්මක වන අතර, සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වීමට සති දෙකකට පෙර එම ශ්‍රේණිය සඳහා මේ වනවිට සිදු කෙරෙන අධ්‍යයන කටයුතු නතර කෙරේ.

    දිවයිනේ මේ වනවිට ආරම්භ කර ඇති පාසල්වල සිසුන්ගේ පාසල් පැමිණීමේ ප්‍රතිශතය 72% ක් සහ සහ ගුරුවරුන්ගේ පැමිණීම 88% ක් දක්වා වර්ධනය වී පවතින බව ද,  පාසල් සෞඛ්‍යාරක්ෂිතව පවත්වන බවට දෙමව්පියන් සහ සිසුන් තුළ විශ්වාසයක් පවතින බව එයින් තහවුරු වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    මෙම අවස්ථාව සඳහා අමාත්‍ය මාධ්‍ය ලේකම් බුද්ධික වික්‍රමාදර මහතා ද සහභාගී විය.

  • Covishield එන්නත: සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සුපිරි හෙළිදරව්ව

    Covishield එන්නත: සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සුපිරි හෙළිදරව්ව

    ‘‘තාම අපේ රටේ ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබිලා තියෙන්නේ කොවිෂීල්ඩ් එන්නතට විතරයි. ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය දීලා තියෙන්නේ ෆයිසර් එන්නතට විතරයි. ප්‍රභේද වලට වැඩිපුර සාර්ථක RNA වර්ගයේ එන්නත්. ෆයිසර් කියන්නේ එහෙම එන්නතක්. කොවිෂීල්ඩ් කියන්නේ එහෙම එන්නතක් නෙවේ. එය වාහක වර්ගයේ එකක්. ඒ නිසා විද්‍යාතමක පදනම තුලම අපට අභියෝගයක් තියනවා“ යැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා කියයි.

    ඒ මහතා විසින් අද (10) මාධ්‍ය වෙත යොමු කළ විශේෂ ලිපියක මේ බව සදහන් වේ. ප්‍රශ්නෝත්තර ශෛලියෙන් ජනතාවට වඩාත් පහසුවෙන් වටහා ගත හැකි ආකාරයට සම්පාදිත මෙම ලිපිය සම්පූර්ණයෙන් පහත පළ වේ.

    ලෝකයේ රටවල් බොහොමයක්  තමන්ගේ රට තුල පවතින කොවිඩ් ප්‍රභේදය ගැන පරීක්ෂණ කරමින් වද වෙනවා. බොහෝ රටවල් තමන්ට ගැලපෙන එන්නතක් නිපදවන්නට හෝ අඩුම තරමින් දැනට පවතින එන්නත් අතුරින් වඩාත්ම ගැලපෙන එන්නත තෝරා ගැනීමට විශාල ලෙස පර්යේෂණ ආරම්භ කර තිබෙනවා.

    මෙවැනි පරීක්ෂණ වල ප්‍රතිඵල විදිහට දකුණු අප්‍රිකාව  ‘කොවිෂීල්ඩ්‘ Covishield  – The local name for the Oxford-AstraZeneca vaccine developed in the UK) -එක්සත් රාජධානියේ සංවර්ධනය කරන ලද ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත සඳහා දේශීය නම – සංස්කාරකවරයා විසින් එක්කරන ලදි) එන්නත සිය රටේ මහජනතාවට ලබා දෙන එක පසුගිය සතියේ වහාම ක්‍රියාත්මක වන පරිදි අත් හිටවනු ලැබුවා. දකුණු අප්‍රිකාවේ පැතිරෙමින් තිබෙන කොවිඩ් ප්‍රභේදයට, කොවිෂීල්ඩ් එන්නත ගැලපෙන්නේ නැති බැවින් එම එන්නත නැවැත්වූ බව තමා දකුණු අප්‍රිකාවේ  සෞඛ්‍ය බලධාරීන් කියන්නේ.

    දකුණු අප්‍රිකාව ප්‍රතික්ෂේප කරපු එම විෂීල්ඩ් එන්නත ලංකාවේ සෞඛ්‍ය කාර්‍යමණ්ඩලය, ත්‍රිවිධ හමුදාව  ඇතුළු ලක්ෂ තුනක පමණ ප්‍රමාණයක් සදහා මේ වන විටත් ලබා දී අවසන්. එසේම තවත් එම එන්නත් මිලියන නවයක් ඇනවුම් කර ඇති බවත්, තවත් මිලියන 40ක් ලෝක සෞඛ්‍ය සංවිධානය  පරිත්‍යාග කිරීමට යන බවත් වාර්ථා වෙලා තියනවා.

    මේ තොරතුරු වලට අනූව, සරළව කල්පනා කලත් අපට ගැටළු දෙකක් මතු වෙන්න ඕනේ
    1. අපේ රටේ පවතින කොවිඩ් ප්‍රභේදය මොකක්ද? 2. අපි විද ගත්තු එන්නත වැඩ කරලද තියෙන්නේ?

    අපේ රටේ පවතින කොවිඩ් ප්‍රභේදය ගැන ඔබ දන්නවාද?

    අපේ රටේ තියන කොවිඩ් ප්‍රභේදය හෝ ප්‍රභේද ගැන තවම අපි හරියටම දන්නේ නැහැ. ප්‍රභේද හොයා ගැනීම සදහා දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව කිසිදු වැඩපිළිවෙළකුත් නැහැ. ප්‍රභේද හදුනා ගැනීම PCR පරීක්ෂණ මගින් සිදු කරන්න බැහැ. PCR පරීක්ෂණයට ඕනෙම කොවිඩ් ප්‍රභේදයක් එක හා සමානයි. වෛරසය විශාල ලෙස වෙනස් වෙලානම් දැනට කරන PCR පරීක්ෂණය නෙගටිව් කියලා එන්නත් පුළුවන්.  ප්‍රභේද හදුනා ගැනීම සදහා වෛරසයට අදාල “ජාන අනුක්‍රමය” තවදුරටත් විෂ්ලේෂණය කරන්න වෙනවා. ඒකට ජාන අනුක්‍රමික විෂ්ලේෂක යන්ත්‍ර අවශ්‍ය වෙනවා. PCR යන්ත්‍රයෙන් ඒ වැඩේ කරන්න බැහැ.

    සෞඛ්‍ය අමාත්‍යාංශයට “ජාන විෂ්ලේෂක” යන්ත්‍ර නැහැ

    ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ PCR රසායනාගාර 18ක් තිබෙනවා. ඒ එක රසායනාගාරයකවත් ජාන අනුක්‍රමික විශ්ලේෂක යන්ත්‍ර නැහැ. ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයට ප්‍රභේද හදුනා ගැනීමේ හැකියාව නැහැ.  එම යන්ත්‍රයක් ලබා දීම සදහා ලෝක බැංකුව, ආසියාණු සංවර්ධන අරමුදල වැනි ආයතන අපි වෙනුවෙන් ප්‍රසම්පාදන කටයුතු පවා සිදු කලා. කොවිඩ් ඉවරයි කියලා සමහර සෞඛ්‍ය බලධාරීන් එය මග හැරියා. සෞඛ්‍ය අමාතාංශයේ වෛරසවේදීන් සහ ක්ෂුදජීවවේදීන් ඊට උණදුවක් නැති බවක් තමයි පෙනෙන්නට තියෙන්නේ. ඔවුන් ඒ අභියෝගය බාර ගන්න බැරිකමකින් පෙලෙනවා. නමුත් ඒ හැකියාව තියන ඕනෑතරම් වෘත්තිකයින් සෞඛ්‍ය අමාත්‍යාංශය තුල ඉන්නවා. තමන්ට බැරි වැඩේ වුණත් පුළුවං කෙනෙකුට නොදී අධ්‍යාපන අමාත්‍යාංශයේ රසායනාගාරයකට පවරලා අපි වගකීම් විරහිතව ඉන්නවා. ඒ නිසා රටේ තියන ප්‍රභේද පිළිබදව ජාතික මට්ටමින් සිදුවන එකක් නැහැ.

    අපි ගහපු එන්නත වැඩ කරනවද?

    ඊලගට අපි ගහපු එන්නත් වැඩ කරනවද කියලා බලන්න තියන ක්‍රමය වෙන්නේ, ප්‍රතිදේහ පරීක්ෂණ මගින් ඒ පිළිබද අධ්‍යනය කිරීමයි. එන්නතක් ලබා දුන්නට පස්සේ, ඒ එන්නත ශරීරය තුල ක්‍රියාත්මක වෙනවනම්, ශරීරය විසින් වෛරසයට එරෙහි සුවිශේෂී ප්‍රතිදේහ නිෂ්පාදනය කරලා රුධිරයට මුදා හරිනවා. රුධිර නිදර්ෂකයක් ඊට අදාල විශේෂිත පරීක්ෂාවකට ලක් කිරීමෙන් එම ප්‍රතිදේහ හදුනා ගැනීමටත්, වර්ධනය වීමේ සීඝ්‍රතාවය වැනි කරුණු අධ්‍යනය කිරීමටත් පුළුවං. නිශ්චිත කාලයකට පසුව අපේක්ෂිත ප්‍රතිදේහ වර්ගය වර්ධනය වෙලා නැත්තනම්, එන්නත වැඩ කරලා නැති බව නිගමනය කරන්න පුළුවං. කොවිඩ් හැදිලා හොද වෙච්ච ආසාධිතයින්ගෙත් මේ වගේම රුධිරයේ ප්‍රතිදේහ තියන නිසා,   නොදැනුවත්ව කොවිඩ් ආසාධනය වෙලා හොදවුණු අය වගේම, හොද වෙමින් පවතින බ්ව හොයා ගන්නත් මෙම පරීක්ෂණ වැදගත්.

    යන්ත්‍ර තිබ්බට, ප්‍රතික්‍රීයක තහනම්

    ලංකාවේ සෞඛ්‍ය සේවාවේ මූලික රෝහල් දක්වා එම පරීක්ෂණ කරන්න පුළුවං විවිධ වර්ගවල ස්වයංක්‍රීය යන්ත්‍ර තියනවා. නමුත් කොවිඩ් ප්‍රතිදේහ පරීක්ෂණ සිදු කිරීම සදහා ඊට අදාල විශේශිත ප්‍රතික්‍රියක කට්ටල ලබා දිය යුතුයි. නමුත් PCR පරීක්ෂණ වැඩිපුර කරන තරමට තමන්ට වාසි කියලා හිතපු කිහිප දෙනෙකු නිසා, මෙම ප්‍රතික්‍රියක රසායනාගාර වලට ලබා දීමට, සෞඛ්‍ය අමාත්‍යාංශ මට්ටමින්ම භාධා ඇති වුණා. අදටත් එම භාධාවන් ඉවත් වෙලා නැති නිසා, රසයානාගාර වල ප්‍රතිදේහ පරීක්ෂණ සිදු වෙන්නේ නැහැ. ඒ නිසා අපි විද ගත්තු කොවිෂීල්ඩ්, ඇග ඇතුලේ ක්‍රියාත්මකද, නැද්ද කියලා අපිට හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයට දැන ගන්න පුළුවං වෙන්නේ එන්නත් විදපු අයට රෝගය නැවත වැලදුන වෙලාවට විතරයි. ඒ වෙනකොට අපි රටක් විදිහටආපහු හැරෙන්න බැරි අමාරුවක වැටිලා ඉවරයි.

    තාම අනුමත කොවිෂීල්ඩ් විතරයි, ඒක හරිද?

    තාම අපේ රටේ ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබිලා තියෙන්නේ කොවිෂීල්ඩ් එන්නතට විතරයි. ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය දීලා තියෙන්නේ ෆයිසර් එන්නතට විතරයි. ප්‍රභේද වලට වැඩිපුර සාර්ථක RNA වර්ගයේ එන්නත්. ෆයිසර් කියන්නේ එහෙම එන්නතක්. කොවිෂීල්ඩ් කියන්නේ එහෙම එන්නතක් නෙවේ. එය වාහක වර්ගයේ එකක්. ඒ නිසා විද්‍යාතමක පදනම තුලම අපට අභියෝගයක් තියනවා.

    අපේ රටේ ඖෂධ නියාමන අධිකාරිය තවම ඇයි අනෙක් එන්නත් සදහා අනුමැතිය ප්‍රමාද කරන්නේ. අනුමැතිය සදහා අපි ලොකු පරීක්ෂණ කිසිවක් කරන්නේ නැහැ. ලේබල පරීක්ෂාවකින් තමා මේ කටයුත්ත කරන්නේ. ඒ නිසා ඒතරම් කාළයක් ගතවීම, එන්නත් මාෆියාවක මූලාරම්භය ලෙස සැක කිරීම, ඓතිහාසික භාවිතාවන්ට කොහෙත්ම අසාධාරණ සැකයක් කියලා කියන්න බැහැ.

    කොවිෂීල්ඩ් ආදරය පිළිබද සාධාරණ සැකයක්

    කොවිෂීල්ඩ් විතරක් ලියාපදිංචි කරලා තිබෙන තත්වයක් අනූව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ නොමිලේ ලැබෙන බොහෝ ආධාර සදහා කොවිෂීල්ඩ්ම අනුමත වෙන එක, ව්‍යාපාරයක් ලෙස කාටවත් පේන එකක් නැහැ. ඒකෙන් අපි කොවිෂීල්ඩ් ඇබ්බැහියක් හදා ගන්න එක නිරායාසයෙන්ම සිදු වෙනවා. සමාන්‍යයෙන් ඖෂධ ඒකාධිකාරයන් හදා ගන්නේ ඒ විදිහටම තමා.
    කොහොම වුණත් අපි වපුරන දේ තමයි, අනාගතයේ අපිට නෙලා ගන්න වෙන්නේ. මේ වෙලාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැපිරීම පිළිබදව අපිටනම්, හොද අනාගත බලාපොරොත්තු  නැහැ. ගජමිතුරු කල්ලියක් හදාගෙනෙ, හැමෝටම අහුම්කන්දීම වැරැද්දක් විදිහට සලකාගෙන, තීරණ ගන්න අය, ඒ තීරණ මගින් සිදුවන බරපතල හානිකර තත්වයන් ගැන වග කියන්නේ නැතුව, මහජනතාව හෝ සාමාන්‍ය සෞඛ්‍ය සේවකයා මත පටවමින් සිටින බැවින්, අපි ඒ පිළිබදව දණුවත්ව හා අවධියෙන් සිටිය යුතු වෙනවා.

    රවී කුමුදේශ් – සභාපති, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය 

  • නව මහාධිකරණ විනිසුරුවරුන් 12 දෙනකුට ජනපති අතින් පත්වීම්

    නව මහාධිකරණ විනිසුරුවරුන් 12 දෙනකුට ජනපති අතින් පත්වීම්

    නව මහාධිකරණ විනිසුරුවරුන් 12 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

    නව මහාධිකරණ විනිසුරු නාම ලේඛනය           කලින් හෙබ වූ පදවිය

    01-  එන්.කේ.ඩී.කේ.අයි. නානායක්කාර මෙනවිය  –           දිසා විනිසුරු

    02- ආර්.එල්. ගොඩවෙල මහතා                            –           දිසා විනිසුරු

    03- වී. රාමකමලන් මහතා                                     –          දිසා විනිසුරු

    04- යු.ආර්.වී.බී. රණතුංග මහතා                             –          දිසා විනිසුරු

    05- එස්.එච්.එම්.එන්. ලක්මාලි මෙනවිය                 –          අතිරේක දිසා විනිසුරු

    06- ඩී.ජී.එන්.ආර්. ප්‍රේමරත්න මහතා                     –           දිසා විනිසුරු

    07- ඩබ්ලිව්.ඩී. විමලසිරි මෙනවිය                          –           අතිරේක දිසා විනිසුරු

    08- එම්.එම්.එම්. මිහාල් මහතා                              –           ප්‍රධාන මහෙස්ත්‍රාත්

    09- මහී විජේවීර මහතා                                        –           දිසා විනිසුරු

    10- අයි.පී.ඩී. ලියනගේ මහතා                              –           අතිරේක දිසා විනිසුරු

    11- ජේ. ට්‍රොට්ස්කි මහතා                                    –           දිසා විනිසුරු

    12- එන්.ඒ. සුවන්දුරුගොඩ මහත්මිය                   –           රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ

  • නව ක්‍රීඩා පනත 2023 දී

    නව ක්‍රීඩා පනත 2023 දී

    නව ක්‍රීඩා පනත 2023 වසරේ දී එළිදක්වන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ජනමාධ්‍ය අමාත්‍යංශයේ අද (10) පැවැති මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ හමුවකට එක් වෙමිනි. 

    අධිකරණ අමාත්‍යංශය නිලධාරීන්, නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන්ගෙන් සැදුම් ලත් කමිටුවක් මේ පනත සකස් කිරීමට පත් කර ඇත.  විශේෂයෙන්ම එයට ඇතුළත් විය යුතු නිර්ණායක සම්බන්ධයෙන් දේශපාලන අධිකාරියෙන්, ක්‍රීඩා සංගම්වලින් හා ජනමාධ්‍යවේදීන්ගෙන් යෝජනා හා අදහස් ලබා ගැනීමට ද නියමිත බව ද ක්‍රීඩා ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කළේය. 

    ක්‍රීඩා ප්‍රතිපත්තිය සහ  පනත එකක් බව පැහැදිලි කළ අමාත්‍යවරයා, රජය විසින් හදුන්වා දෙනු ලබන නව පනත ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉදිරි අනාගත අවස්ථාවන් සැලකිල්ලට ලක්කරමින් වෙන්ස් කළ හැකි එකක්විය යුතු බවද සදහන් කළේය.

    විශේෂයෙන්ම මෙම පනත සදහා යම් ක්‍රීඩා සමාජයක ව්‍යවස්ථාවට ඇතුලත්විය යුතු කරුනු පිළිබඳ සැලකිල්ලක් දක්වමින් නිර්මාණය කරනු ලැඛේ.  දැනට පවතින ක්‍රීඩා පනත මෙලෙස සංශෝධනය වෙමින් නව පනතක් හදුන්වා දීම සිදුවන්නේ වසර 50කට පසුව බැවින් නව පනත වසර දෙකක් වැනි කාලයක් ගනිමින් ඇතුලත් කළ යුතු සියලු අංශ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් නිර්මාණය කරනු ලබන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සදහන් කළේය.  

  • ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය ඉදිරියට

    ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය ඉදිරියට

    හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝග නඩු විභාගය ව්‍යවස්ථානුකූල බව එක්සත් ජනපද සෙනෙට් සභාව පිළිගෙන ඇති අතර එමඟින් සම්පූර්ණ කටයුතු ආරම්භ කිරීමට ඉඩ ලබා දී තිබෙනවා.

    මේ අතර ට්‍රම්ප්ගේ ආරක්ෂක කණ්ඩායම තර්ක කළේ ධවල මන්දිරයෙන් ඉවත්වීමෙන් පසු ඔහුට නඩු විභාගයකට මුහුණ දිය නොහැකි බවයි.

    එහෙත් 56-44 ක බහුතරයක් දෝෂාභියෝගය ඉදිරියට යාමට පක්ෂව ඡන්දය දුන් අතර රිපබ්ලිකානුවන් හය දෙනෙක් මෙම පියවරට සහාය දැක්වූවා.

    පසුගිය මාසයේදී කොන්ග්‍රසය කඩාකප්පල් කළ අවස්ථාවේදී “කැරැල්ලට පොළඹවන” බවට ට්‍රම්ප්ට චෝදනා එල්ල වී තිබෙනවා.

    මෙම නඩුව විභාග කරන ඩිමොක්‍රටිකයින් පසුගිය අඟහරුවාදා නඩු විභාගය ආරම්භ කළේ ට්‍රම්ප් මහතාගේ ජනවාරි 6 වන දින කථාවේ වීඩියෝ පටයක් සහ ඔහුගේ ආධාරකරුවන් කිහිප දෙනෙකුගේ මාරාන්තික කෝලාහල පෙන්වීමෙන් පසුවයි.

    “එය ඉහළ අපරාධයක් සහ වැරදි ක්‍රියාවක්” යැයි මේරිලන්ඩ් හි නියෝජිත ජේමි රස්කින් පැවසුවා.

     “එය දෝෂාරෝපණය කළ නොහැකි වරදක් නම්, එවැනි දෙයක් තවත් නැත‘ ඔහු අවධාරණය කළා.

    හිටපු ජනාධිපතිවරයකුට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරියට ගෙන යාම ව්‍යවස්ථා විරෝධී යැයි හිටපු ජනාධිපතිවරයාගේ නීතිඥයින් තර්ක කළ අතර ඩිමොක්‍රටිකයින් දේශපාලනික වශයෙන් අභිප්‍රේරණය වූ බවට චෝදනා කළා.

    56-44 භේදය යනු නඩු විභාගය ඉදිරියට ගෙන යාම සඳහා රිපබ්ලිකානුවන් හය දෙනෙකු ඩිමොක්‍රටිකයින් සමඟ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා එක්වීමයි.

    මෙය කිසියම් ද්වි පාර්ශවීයත්වයක් පෙන්නුම් කළද, මෙම ප්‍රතිඵලයෙන් ඇඟවෙන්නේ ඔහුගේ පක්ෂයේ හිටපු ජනාධිපතිවරයාට පක්ෂපාතී වීම වරදකරුවෙකු වීම වළක්වා ගැනීමට තරම් ඉහළ මට්ටමක පවතින බවයි.

    ආසන 100 කින් යුත් සෙනෙට් සභාවේදී ට්‍රම්ප් වරදකරු කිරීම සඳහා තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍යයි.

    වරදකරු වුවහොත් ට්‍රම්ප් මහතාට නැවත ධුරය දැරීම තහනම් කළ හැකියි.

    ට්‍රම්ප් ගැති විරෝධතාකරුවන් 2020 එක්සත් ජනපද ජනාධිපතිවරණය සහතික කිරීම සඳහා තරඟ කිරීම සඳහා රැලියක් අතරතුරදී පොලීසිය සමඟ ඇති වූ ගැටුම් අතරතුර එක්සත් ජනපද කැපිටල් වෙත කඩා වැදුණි.
    කැරලි කරුවන්ගෙන් තම කාර්යාලයේ මේසයක් යට සැඟවීමට පවුලේ සාමාජිකයින්ට බල කළ ආකාරය නීති සම්පාදකයා විස්තර කළේය

    බී.බී.සී. ඇසුරිණි – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • ‘ලෝකයේ වයස්ගතම කාන්තාව’ Covid ආසාදනය වී සුවය ලබයි !

    ‘ලෝකයේ වයස්ගතම කාන්තාව’ Covid ආසාදනය වී සුවය ලබයි !

    කොවිඩ්-19 වසංගතය වැඩිහිටියන්ට, විශේෂයෙන් ජීවිතයේ සැදෑ සමය ගතකරන අයට මාරාන්තික බව අපි කවුරුත් දන්නවා. මේ දක්වා ලංකාව ද ඇතුළත්ව කොවිඩ්-19 ආසාදනය වීමෙන් මියගිය බහුතරය ඉතාම වැඩිමහළු පුද්ගලයින්.

    මෙවැනි තත්ත්වයක් තිබියදී අද (10) ජාත්‍යන්තර මාධ්‍යවල ප්‍රධාන අවධානයක් දිනාගත් පුවතක් බවට ප්‍රංශ ජාතික කන්‍යා සොයුරියක් පත් වුණා. යුරෝපයේ වයස්ගතම පුද්ගලයා ලෙස සැලකෙන, 117 වැනි වියේ පසුවන ලුසීල් රැන්ඩන් කන්‍යා සොයුරිය කොවිඩ් 19 ආසාදනය වීමෙන් පසු දිවි ගළවා ගෙන තිබෙනවා. එය ඇයගේ 117ක් වැනි උපන් දිනයට දින කිහිපයකට පෙර වීම තවත් විශේෂත්වයක්.

    1944 දී සහෝදරී ඇන්ඩ්‍රේගේ නම ගත් ලුසීල් රැන්ඩන් කන්‍යා සොයුරියට ජනවාරි 16 වන දින කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වූ නමුත් කිසිදු රෝග ලක්ෂණයක් දක්නට ලැබුණේ නැහැ.

    ඇය ප්‍රාදේශීය මාධ්‍යයට පැවසුවේ “ මා හට කොවිඩ් ආසාදනය වී ඇති බව මා දැන සිටියේ නැහැ” කියයි.

    ඇය දකුණු ප්‍රංශයේ ටූලෝන් හි පිහිටි සිය විශ්‍රාමික නිවසේ වෙනත් පදිංචිකරුවන්ගෙන් වෙන්ව හුදෙකලා වූ නමුත් දැන් එය සම්පූර්ණ සුවය ලබා සිටිනවා.

    අන්ධව රෝද පුටුවක් භාවිතා කරන සහෝදරී ඇන්ඩ්‍රේ ලබන බ්‍රහස්පතින්දා සිය 117 වැනි උපන්දිනය සැමරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.

    “ඇය ඉතා වාසනාවන්තයි,” සාන්ත කැතරින් ලේබර් විශ්‍රාමික නිවාසයේ ප්‍රකාශක ඩේවිඩ් ටවෙලා පැවසුවා.

    ඔහු වර් මැටින් පුවත්පතට මෙසේ පැවසුවා: “ඇය මගෙන් ඇසුවේ ඇගේ සෞඛ්‍යය ගැන නොව ඇගේ පුරුදු ගැන යි. නිදසුනක් වශයෙන්, ඇය ආහාර ගන්නා හෝ නින්දට යන කාලසටහන් වෙනස් වේ දැයි දැන ගැනීමට ඇයට අවශ්‍ය වුණා. ඇය රෝගයට බියක් දැක්වූයේ නැහැ. අනෙක් අතට ඇය අනෙක් නිවැසියන් ගැන බෙහෙවින් සැලකිලිමත් වුණා”

    සහෝදරී ඇන්ඩ්‍රේ 1904 පෙබරවාරි 11 වන දින උපත ලැබුවා. යුරෝපයේ වයස්ගතම තැනැත්තිය මෙන්ම ඇය ලෝකයේ දෙවන වයස්ගතම තැනැත්තියද බව (ප්‍රවේණි විද්‍යා පර්යේෂණ කණ්ඩායමේ (ජීආර්ජී) ලෝක සුපර්සෙන්ටේරියන් ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවට අනුව) සදහන් වෙනවා.

    ප්‍රංශ ගුවන් විදුලිය ‘ඔබට කෝවිඩ් වලට බය දැයි ? ඇසූ විට සහෝදරී ඇන්ඩ්‍රේ පැවසුවේ “නෑ, මම බය වුණේ නැහැ, මොකද මම මැරෙන්න බය වුණේ නැහැ‘ කියලයි.

    “ඔබ සමඟ සිටීම ගැන මම සතුටු වෙනවා. නමුත් මම වෙනත් තැනක සිටීමට කැමැතියි. ඒ මගේ ලොකු සහෝදරයා හා මගේ සීයා සහ මගේ ආච්චි සමඟ එක්වීමටයි”

    බී.බී.සී වාර්තාවකි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ