Blog

  • ICTA ආයතනයේ ව්‍යාපෘති බහුතරයක් අසාර්ථක වීම – සුපිරි හෙළිදරව්ව !

    ICTA ආයතනයේ ව්‍යාපෘති බහුතරයක් අසාර්ථක වීම – සුපිරි හෙළිදරව්ව !

    ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ (ICTA) ආරම්භ කොට තිබූ ව්‍යාපෘති ගණනාවක් අවසනාවන්ත ලෙස අසාර්ථක වීම කණගාටුවට කරුණක් බව ජාතික ඉංජිනේරු, තාක්ෂණ හා විද්‍යා වෘත්තීයවේදීන්ගේ සංගමයේ නියෝජ්‍ය ලේකම් පුලස්ති වන්නිආරච්චි පවසනවා.

    2013 වසරේ සිට 2019 දක්වා පාර්ලිමේන්තු කෝප් කමිටු වාර්ථා අධ්‍යයනය කිරීමෙන් රටට වැඩක් කල හැකි කෙතරම් මුදලක් නිකරුණේ නාස්තිවීම වටහා ගත හැකි අතර, එය රටේ අභග්‍යයක් මෙන්ම, ඊට ප්‍රධානම හේතුවක් වන්නේ නුසුදුසු තොරුතුරු තාක්ෂණය පිළිබදව ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලවල දැනුම පවා නැති පුද්ගලයන් රටේ ඩිජිටල් තාක්ෂණය පිළිබදව තීන්දු තීරණ ගැනීමට මෙන්ම ICTA වැනි ජාතික වැදගත්කමක් ඇති ආයතනය වල ඉහල තනතුරුවලට විටින් විට පත්වීම නිසා මෙම ඉරණම මෙම ආයතනයන්ට අත්වී ඇති බව පුලස්ති අවධාරණය කරනවා.

    ශ්‍රී ලංකාව වැනි දියුණුවෙමින් පවතින රටකට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයෙන් විශාල ප්‍රගතියක් ලෝකයට පෙන්වීමට හැකියාව තිබියදී. කෙටිකාලීන ප්‍රවර්ධන කටයුතු සදහා විශාල මුදලක් වැය කරමින් සිදුකරන ලද අනුවණ ක්‍රියා නිසා අද මෙම තත්වය උදාවී ඇති බවට පෙන්වා දෙනවා.

    එමෙන්ම පසුගිය රජය මගින් ඇතිකල ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය මෙම රජය මගින් දිගට පවත්වාගෙන නොයෑම රටක් ලෙස ආපස්සට හැරවීමක් බව ද අවධාරණය කරනවා. එය ඩිජිටල් යටිතල පහසුකම් ලෙස නොව ඩිජිටල් අමාත්‍යාංශය ලෙස නැවත ස්ථාපනය කිරීම මෙම වසංගත තත්වය හමුවේ වුවද විශාල වැඩකොටසක් රටවෙනුවෙන් කල හැකි වෙනවා සේම, අනාගතයේ සහස්‍රක පරපුරේ තාක්ෂණයත් සමග සහ සම්බන්ධව ගෙන ගියොත් ඩිජිටල් තාක්ෂණයේ විශාල දියුණුවක් රටට අත්පත් කරගත හැකි බව පුලස්ති වන්නිආරච්චි වැඩිදුරටත් පෙන්වා දෙනවා.

  • රටේ ස්ථාවරභාවය’ වෙනුවෙන් බුරුම හමුදාව ෆේස්බුක් අවහිර කරයි

    රටේ ස්ථාවරභාවය’ වෙනුවෙන් බුරුම හමුදාව ෆේස්බුක් අවහිර කරයි

    ප්‍රජාතන්ත්‍රවාදී රජය පෙරලා දමා දින කිහිපයකට පසු මුහුණුපොත වෙත පිවිසීමට ඇති හැකියාවන් අවහිර කළ මියන්මාරයේ හමුදා පාලකයෝ අවුං සාන් සූ චී නායකත්වය දෙන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ලීගයේ (NLD) තවත් නායකයෙකු ද අත්ඩංගුවට ගත්හ.

    පක්ෂයේ ජ්‍යෙෂ්ට නායකයෙකු වන වින් හ්ටේන් (Win Htein) සිකුරාදා උදෑසන සිය නිවසේදී අත්අඩංගුවට ගනු ලැබිණ.

    ෆේස්බුක් අවහිර කිරීම ගැන බලධාරීන් පැවසුවේ – මියන්මාරයේ බොහෝ දෙනෙකුට මාර්ගගත තොරතුරු සපයන ප්‍රධාන මූලාශ්‍රය වන මෙම සමාජ මාධ්‍ය වේදිකාව “රටේ ස්ථාවරභාවය” සඳහා අවහිර කරන බවයි.

    මුහුණුපොත ඇතුළු සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සඳුදා සිදුවූ කුමන්ත්‍රණයට ප්‍රබල විරෝධයක් පළවෙමින් තිබිණ.

    මහජනතාව රටේ යම් යම් නීතින් නොපිළිපැදීම වැනි විරෝධතාවන්හි තවදුරටත් යෙදී සිටියදී නීති සම්පාදකයින් අගනුවර ඔවුන් රැඳී සිටින ස්ථානයන්ගෙන් ඉවත් වීම ප්‍රතික්ෂේප කරන අතර, හමුදා පාලනයට එරෙහි විරෝධතාවයන්ගේ වැඩිවීමක් යන්ගොන්හි දක්නට ලැබුණි.

    කෙටි කාලීන බහුතර සිවිල් පාලනය අවසන් කළ, ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානී මින් අවුන්ග් හේලින්ග්ගේ නායකත්වයෙන් ඇතිවූ, කුමන්ත්‍රණය 11 දෙනෙකුගෙන් යුත් ජුන්ටාවක් හෙවත් රාජ්‍ය යාන්ත්‍රණයක් ස්ථාපනය කළේය.

    හමුදාව කියා සිටියේ නොවැම්බරයේ පැවති මැතිවරණයක් වංචනික බවය – එහෙත් එවැනි ප්‍රකාශයන්ට සහාය දැක්වීමට කිසිදු සාක්ෂියක් නොමැති බව එරට මැතිවරණ කොමිසම පැවසීය.

    Yangon University Teachers Association protest
    විශ්විද්‍යාල ආචාර්යවරු ද විරෝධතාවලට එක්ව සිටියහ

    ජන්දයෙන් තේරී පත් වූ සිවිල් නායක අවුං සාන් සූ චී සහ ජනාධිපති වින් මයින්ට් යන දෙදෙනා රඳවාගෙන සිටි අතර බදාදා පොලිසිය ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කළේය.

    නීති විරෝධී සන්නිවේදන උපකරණ – ඇගේ ආරක්ෂක කාර්ය මණ්ඩලය භාවිත කරන වෝකි ටෝකි යන්ත්‍ර- ළඟ තබා ගැනීම ඇයට එරෙහි චෝදනාවලට ඇතුළත් වේ.

    ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය (එන්එල්ඩී) විසින් තීරණාත්මක ලෙස ජයග්‍රහණය කරන ලද පසුගිය නොවැම්බරයේ පැවති මැතිවරණය සඳහා මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදී සිටියදී කෝවිඩ් නීති උල්ලංඝනය කළ බවට ජනාධිපති මයින්ට්ට චෝදනා එල්ල වී ඇත.

    මුහුණුපොතෙහි කාර්යභාරය කුමක්ද?

    පෙබරවාරි 7 වනදා දක්වා මුහුණුපොත වෙත පිවිසීම අවහිර කරන බව සන්නිවේදන හා තොරතුරු අමාත්‍යාංශය පවසයි. කෙසේ වෙතත්, එයට වරින් වර ප්‍රවේශ විය හැකි බව වාර්තා විය.

    යැන්ගොන් නුවර සංචාරක ඒජන්සියක් පවත්වාගෙන යන ඇන්තනි අවුං එක් අවස්ථාවක බීබීසීයට පැවසුවේ තමාට තවමත් වයිෆයි තාක්ෂනය හරහා වෙබ් අඩවියට පිවිසිය හැකි නමුත් ජංගම දුරකථන ඔස්සේ පිවිසිය නොහැකි බවය.

    “මා අවට සිටින සියල්ලන්ම විකල්ප යෙදුම් සහ වීපීඑන් බාගත කිරීමට යුහුසුළු වෙමින් ඉන්නවා,” ඔහු පැවසීය. අතථ්‍ය පෞද්ගලික ජාල (virtual private networks), පරිශීලකයින්ට අන්තර්ජාල සීමාවන් මගහැර අන්තර්ජාල පහසුකම් ලබා ගැනීමට ඉඩ සලසයි.

    පැය කිහිපයකට පසු අවුං සාන් සූ චී පැවසුවේ මුහුණුපොතට ඇති සම්බන්ධකතාව සම්පූර්ණයෙන්ම නතර කර ඇති බවයි.

    යැන්ගොන් හි වෙසෙන සිසුවියක වන මින් හෙටෙට් පැවසුවේ කෝවිඩ් වසංගතය හේතුවෙන් ඇගේ අධ්‍යාපනය දැනටමත් අත්හිටුවා ඇති බවයි. “අද මුහුණුපොත අවහිර කිරීම කියන්නේ යෞවනයන්ගේ නිදහස මෙතැන් සිට සීමා කරල කියන එක,” ඇය රොයිටර් පුවත් සේවයට පැවසුවාය.

    මියන්මාරයේ මිලියන 54 ක ජනතාවගෙන් අඩක් ෆේස්බුක් භාවිත කරන අතර ක්‍රියාකාරීන් හමුදා කුමන්ත්‍රණයට එරෙහි විරෝධය සම්බන්ධීකරණය කිරීම සඳහා මුහුණුපොතේ පිටුවක් සකසා ඇත.

    බුරුමය ලෙසද හැඳින්වෙන මියන්මාරයේ මුහුණුපොත ජනප්‍රිය විය. සමාගම මුලින් සිය යෙදුම දත්ත පිරිවැයකින් තොරව භාවිත කිරීමට ඉඩ දුන් බැවින් පාරිභෝගිකයින්ට මිල අධික දුරකථන ගාස්තු ගෙවීමෙන් වැළකියා හැකි විය.

    “මියන්මාරයේ ජනතාවට ඔවුන්ගේ පවුල් හා මිතුරන් සමඟ සන්නිවේදනය කිරීමට සහ වැදගත් තොරතුරු ලබා ගැනීමට හැකි වන පරිදි සම්බන්ධතාවය යථා තත්වයට පත් කරන ලෙස අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු,” යනුවෙන් ෆේස්බුක් සමාගම නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

    නෝර්වීජියානු ටෙලිනර් සමූහයේ කොටසක් වන ටෙලිනෝර් මියන්මාර දුරකථන සමාගම මුහුණුපොත අවහිර කිරීමේ නියෝගයට අනුකූල වන බව ප්‍රකාශ කළ නමුත් ඔවුන්ගේ ප්‍රකාශයක් මගින් ඉඟි කරන්නේ මෙය මානව හිමිකම් නීතිය උල්ලංඝනය කිරීමක් බවයි.

    වීථිවල සිදුවන්නේ කුමක්ද?

    මියන්මාරයේ දෙවන නගරය වන මැන්ඩලේහි විශ්ව විද්‍යාලයක් ඉදිරිපිට කුඩා විරෝධතාවක් පවත්වා තිබේ. එහිදී සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

    විරෝධතාකරුවන් යැන්ගොන්වල වීදි බැස
    විරෝධතාකරුවන් යැන්ගොන් නුවර වීථි බැස

    යැන්ගොන් නගරයේ වැසියන් භාජන වලට පහර දෙමින් දෙවන දිනයටත් රාත්‍රියේ විරෝධතාවයේ යෙදින.

    නගරයේ කාන්තාවක් බීබීසීයට පැවසුවේ “මෙම මිලිටරි කුමන්ත්‍රණයට අප එකඟ නොවන බව හමුදා රජයට සහ ලෝකයට දැන ගැනීමට අවශ්‍ය වන නිසා අපි බෙර වාදනය කරන්නේමු … මට අපේ නායක අවුං සාන් සූ චී ට නැවත බලය ලබාදීමට අවශ්‍යයි.”

    අවම වශයෙන් එන්එල්ඩී පක්ෂයේ නීති සම්පාදකයින් 70 දෙනෙකු වත් අගනුවර වන නයි පයි තව් හි රජයේ සංචාරක නිවාසයක් අතහැර යාම ප්‍රතික්ෂේප කරන අතර ඔවුන් නව පාර්ලිමේන්තු සැසිවාරයක් කැඳවන බව ප්‍රකාශ කර ඇති බව බීබීසී බුරුම සේවය වාර්තා කරයි.

    ඔවුන්ට පිටව යාමට නිදහස ඇති බව හමුදාව විසින් පැවසීමට පෙර අමුත්තන්ගේ නිවාසවලට කොටු කරන ලද සිය ගණනක් දෙනා අතර නීති සම්පාදකයින් ද සිටියහ.

    ප්‍රධාන විරෝධතාවයක කිසිදු සලකුණක් නොතිබීමත් රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවීමත් නිසා වීදි බොහෝ දුරට සන්සුන් ය.

    කෙසේ වෙතත්, බොහෝ වෛද්‍යවරුන් එක්කෝ වැඩ නතර කර ඇත, නැතහොත් විරෝධතා සංකේත පැළඳ සේවය කිරීම නිසා රෝහල් වල විරෝධතා දැක ගත හැකිය.

    එහෙත් ‘ටට්මඩෝ’ නමින් හැඳින්වෙන හමුදාවට සහාය දක්වමින් දහස් ගණනකගෙන් යුත් රැළියක් නයි පයි තව් හි දී සිදු විය. සමහරු “මිනිසුන්ට ආදරය කරන ටට්මඩෝ” යැයි කියමින් බැනර් ඉහලට වැනීය. (‘ටට්මඩෝ’ යනු මියන්මාරයේ ත්‍රිවිධ හමුදාවේ නිල නාමයයි)

    අගනුවර හමුදා තන්ත්‍රයට සහාය දැක්වීම සඳහා රැළියක් පැවැත්විණි
    හමුදා තන්ත්‍රයට සහාය දැක්වීම සඳහා අගනුවර රැළියක් පැවැත්විණි

    ‘නියත වශයෙන්ම පිළිගත නොහැකිය’

    මේ අතර එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මියන්මාරයේ ව්‍යවස්ථාපිත පාලනය නැවත ස්ථාපිත කරන ලෙස ඉල්ලා තිබේ.

    “මැතිවරණයේ ප්‍රථිපල සහ ජනතාවගේ කැමැත්ත ආපසු හැරවීම කිසිසේත්ම පිළිගත නොහැකිය,” යනුවෙන් ඔහු පැවසීය.

    එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඔවුන්ගේ “දැඩි අවධානය” ප්‍රකාශ කරමින් යෝජනාවක් සම්මත කළ අතර අවුං සාන් සූ චී වහාම නිදහස් කරන ලෙස ඉල්ලා සිටියේය.

    “මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී සංක්‍රාන්තියට අඛණ්ඩව සහයෝගය දැක්වීමේ අවශ්‍යතාව ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් අවධාරණය කළහ,” කවුන්සිලයේ සාමාජිකයන් 15 දෙනා එකඟ වූ නිවේදනයක සඳහන් වේ.

    කුමන්ත්‍රණය හෙළා දකිමින් ප්‍රකාශයක් කිරීමට බදාදා කවුන්සිලය අපොහොසත් විය. ඒ ස්ථිර සාමාජිකයන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු වන චීනය නිෂේධ බලය භාවිතා කරමින් එය අවහිර කිරීම නිසාවෙනි.

    කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඊට විරෝධය පළ කරමින් රතු රිබන් පැළඳ සිටී
    කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවක, සේවිකාවෝ කුමන්ත්‍රණයට විරෝධය පළ කරමින් රතු රිබන් පැළඳ සිටියහ

    චීනය දිගු කලක් තිස්සේ මියන්මාරයට ජාත්‍යන්තර අතපෙවීමෙන් ආරක්ෂා කිරීමේ කාර්යභාරයක් ඉටු කර ඇති අතර, කුමන්ත්‍රණයෙන් පසුව අනතුරු ඇඟවූයේ සම්බාධක හෝ ජාත්‍යන්තර බලපෑම් නිසා තත්වය වඩාත් නරක අතට හැරෙනු ඇති බවය.

    සුළුතර මුස්ලිම් රෝහින්ග්‍යා ජනතාවට එරෙහි හමුදා මර්දනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විවේචන වලින් නැවත නැවතත් රුසියාව සමඟ එක්ව චීනය විසින් මියන්මාරය ආරක්ෂා කර තිබේ.

    මියන්මාරය පිළිබඳ වැදගත් කරුණු

    මියන්මාරය යනු ගිනිකොනදිග ආසියාවේ මිලියන 54 ක ජනතාවක් සිටින රටක් වන අතර එය බංග්ලාදේශය, ඉන්දියාව, චීනය, තායිලන්තය සහ ලාඕසය සමඟ දේශසීමාවන හි පිහිටා ඇත.

    එය 1962 සිට 2011 දක්වා පීඩාකාරී හමුදා රජයක් විසින් පාලනය කරන ලද අතර එය ජාත්‍යන්තර හෙලාදැකීමට හා සම්බාධකවලට තුඩු දුන්නේය.

    ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සඳහා අවුං සාන් සූ චී වසර ගණනාවක් තිස්සේ උද්ඝෝෂණය කළේය. හමුදාව තවමත් සැලකිය යුතු බලපෑමක් රඳවාගෙන සිටියද, ක්‍රමයෙන් ලිබරල්කරණය 2010 දී ආරම්භ විය.

    2015 දී නිදහස් මැතිවරණයෙන් පසු සූ චී ගේ නායකත්වයෙන් යුත් රජයක් බලයට පත්විය. එහෙත් වසර දෙකකට පසු රෝහින්ග්‍යා මුස්ලිම්වරුන්ට එල්ල වූ මාරාන්තික මිලිටරි මර්දනයක් සිය දහස් ගණනක් බංග්ලාදේශයට පලා ගොස් සූ චී සහ ජාත්‍යන්තර ප්‍රජාව අතර මතභේදයක් ඇති කළේය.

    ඇය රට තුළ තවමත් ජනප්‍රිය අතර 2020 නොවැම්බරයේ පැවති මැතිවරණයෙන් ඇගේ පක්ෂය යළිත් ජයග්‍රහණය ලැබීය. එහෙත් හමුදාව දැන් යළිත් වරක් පාලනය අතට ගැනීමට පියවර ගෙන තිබේ.

    Text by – bbc sandesaya

  • නාමල්ගෙන් ‘අරවින්දට’ ලොකු පුටුවක්

    නාමල්ගෙන් ‘අරවින්දට’ ලොකු පුටුවක්

    තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය  නාමල් රාජපක්ෂ මහතා විසින් ලබාදෙන ලද නිර්දේශ සැලකිල්ලට ගනිමින් අරවින්ද ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් ‘ක්‍රිකට් කමිටුවක්’ පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය.

    දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක ක්‍රිකට් ක්‍රීඩාවේ ගුණාත්මක භාවය ඉහළ නංවාලීම සඳහා  වූ තීරණ තීන්දු ගැනීම සම්බන්ධව සිව් දෙනෙකුගෙන් සමන්විත එම ක්‍රිකට් කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ සමීපව කටයුතු කරනු ඇත.

    අරවින්ද ද සිල්වා මහතාට අමතරව හිටපු තරග තීරකවරයකු වන රොෂාන් මහානාම, ලොව වැඩිම ටෙස්ට් සහ එක්දින කඩුලු ලාභී මුත්තයියා මුරලිදරන් සහ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර එම කමිටුවේ සාමාජිකයෝ ලෙසින් කටයුතු කරති.  

  • ප්‍රජාතන්ත්‍රවාදය ආපස්සට ගෙන යන්න එපා – ශ්‍රී ලංකා රජයට විශේෂ ඉල්ලීමක්

    ප්‍රජාතන්ත්‍රවාදය ආපස්සට ගෙන යන්න එපා – ශ්‍රී ලංකා රජයට විශේෂ ඉල්ලීමක්

    පසුගිය වසර කිහිපයේදී කැපවී  වර්ධනය කරගත් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය ආපස්සට ගෙන යෑමෙන් වළකින ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයින් ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටි බව විදෙස් මාධ්‍ය කියයි.

    2015 සිට 2019 දක්වා ශ්‍රී ලංකාවට සිදුකළ නිල සංචාර 10කින් අනතුරුව ඉදිරිපත්කළ නිර්දේශ 400ක් සඳහා රජය ප්‍රතිචාර දක්වා ඇති ආකාර සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයින් විසින් සිදුකළ ඇගයීම අද (05) නිකුත් කර තිබුණි.

    පසුගිය කාලයේ සිදුකළ අපරාධ සම්බන්ධයෙන් වගවීම, වින්දිතයින් සඳහා යුක්තිය පසිඳලීම සහ ජාතීන් අතර එකමුතු බව ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කළ යුතු බවයි සිය වාර්තාව ඉදිරිපත් කරමින් විශේෂඥයින් ප්‍රකාශ කළේ.
      
    ශ්‍රී ලංකාවේ අතීත අපරාධ සම්බන්ධයෙන් වගවීම සහතික කිරීම සහ මානව හිමිකම් සම්බන්ධයෙන් ස්වාධීන සොයාබැලීම් ඉහළ දමන ලෙසද ඔවුන් එක්සත් ජාතීන්ගෙන මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා සිටි බව ද සදහන්.

  • බන්දුලගේ ‘ලාභ බඩු 27’ ලැයිස්තුව මෙන්න

    බන්දුලගේ ‘ලාභ බඩු 27’ ලැයිස්තුව මෙන්න

    රටටකට කන්න දෙන්න සතොසට – සමූපෙට පුළුවන් ද ? මේවා ජනතාවට කරන අපහාස

    විවෘත වෙළඳපොළෙහි ඇති මිල ගණන්වලට වඩා අඩු හා ස්ථාවර මිල තීරණය කළ සහල්, පරිප්පු ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ 27ක් ලබන සඳුදා සිට සතොස, සමූපකාර හා Q-Shop මගින් මිලදී ගත හැකි බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (05) වෙළඳ අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

    අමාත්‍යවරයා සඳහන් කළේ අදාළ මිල ගණන් යටතේ ලැබෙන පාරිභෝගික සහන පිළිබදව පාරිභෝගික අධිකාරිය මගින් අඛණ්ඩව නිරීක්ෂණය කරන බවයි. 

    සතොස, සමූපකාර හා Q-Shop හරහා මෙම භාණ්ඩ ලබා ගැනීමේදී යම් ගැටළුවක් ඇති වෙතොත් ඒ පිළිබඳව විමසීම් කිරීම සඳහා 1998 ඍජු දුරකථන අංකයත්, යම් ස්ථානයක සිදුවන මිළගණන් වංචා සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා 1977 ඍජු දුරකථන අංකයත් එළඹෙන සඳුදා දින සිට ක්‍රියාත්මක වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    එම භාණ්ඩ වන්නේ, රතු කැකුළු 1Kg – (නව මිල) රුපියල් 93 – (පැවැති මිල) රුපියල් 106සුදු කැකුළු 1Kg – (නව මිල) රුපියල් 93 – (පැවැති මිල) රුපියල් 105සුදු නාඩු 1Kg – (නව මිල) රුපියල් 96 – (පැවැති මිල) රුපියල් 109සම්බා 1Kg – (නව මිල) රුපියල් 99 – (පැවැති මිල) රුපියල් 120කීරි සම්බා – (නව මිල) රුපියල් 125 – (පැවැති මිල) රුපියල් 140තිරිඟු පිටි – (නව මිල) රුපියල් 84 – (පැවැති මිල) රුපියල් 105සුදු සීනි – (නව මිල) රුපියල් 99 – (පැවැති මිල) රුපියල් 110දුඹුරු සීනි – (නව මිල) රුපියල් 125 – (පැවැති මිල) රුපියල් 140තේ කොළ (100g) – (නව මිල) 95 – (පැවැති මිල) රුපියල් 130රතු පරිප්පු (Australia) 1kg – (නව මිල) රුපියල් 165 – (පැවැති මිල) රුපියල් 188ලොකු ළූණු ඉන්දියන් 1kg – (නව මිල) රුපියල් 120 – (පැවැති මිල) රුපියල් 140අර්තාපල් දේශීය 1kg – (නව මිල) රුපියල් 180 – (පැවැති මිල) රුපියල් (216 – 220)අර්තාපල් (Pakistan) 1kg – (නව මිල) රුපියල් 140 – (පැවැති මිල) රුපියල් 190කඩළ 1kg – (නව මිල) රුපියල් 175 – (පැවැති මිල) රුපියල් 225වියළි මිරිස් 1kg – (නව මිල) රුපියල් 495 – (පැවැති මිල) රුපියල් 550ටින් මාලු දේශීය 425g – (නව මිල) රුපියල් 220 – (පැවැති මිල) රුපියල් 240ටින් මාලු ආනයනික 425g – (නව මිල) රුපියල් 265 – (පැවැති මිල) රුපියල් 280හාල්මැස්සන් තායි 1kg – (නව මිල) රුපියල් 545 – (පැවැති මිල) රුපියල් 700කුකුල් මස් සම සහිත – (නව මිල) රුපියල් 400 – (පැවැති මිල) රුපියල් 430ලුණුකැට 1kg – (නව මිල) රුපියල් 43 – (පැවැති මිල) රුපියල් 55කිරි පිටි 400g – (නව මිල) රුපියල් 355 – (පැවැති මිල) රුපියල් 380සෝයා තෙල් 500ml – (නව මිල) රුපියල් 310 – (පැවැති මිල) රුපියල් 470රෙදි සෝදන සබන් (BCC) 115g – (නව මිල) රුපියල් 43 – (පැවැති මිල) රුපියල් 53රෙදි සෝදන සබන් 650g – (නව මිල) රුපියල් 260 – (පැවැති මිල) රුපියල් 325සුවඳ සබන් 100g – (නව මිල) රුපියල් 56 – (පැවැති මිල) රුපියල් 63දෑත් සෝදන දියර 100ml – (නව මිල) රුපියල් 250 – (පැවැති මිල) රුපියල් 350මුඛ ආවරණ (SLS සහතික ලත්) – (නව මිල) රුපියල් 14 – (පැවැති මිල) රුපියල් 25 

    ඇමැතිවරයාගේ මේ මිල අඩු කිරීම් ගැන අප සමග අදහස් දැක්වූ සියලු දෙනාම පාහේ මේ තීන්දුව හාස්‍යයට ලක් කළ අතර ඇමතිවරයාගේ පුංචි මොළයේ තරම ඒ අනුව පෙනෙන බව ද පැවසූහ.

    ‘පසුගිය කාලේ ගැසට් ගැහුවා. කෝ බඩු අඩු වුණා ? නැහැ … දැන් ඒවා තිබුණ ගාණටත් වඩා වැඩියි. හාල් වලට පාලන මිලක් දැම්මා. පස්සේ කිව්වා මහ කන්නසේ අස්වනු නෙළනකම් ඉන්න කියලා. ජනාධිපති ගැටස් ගහලා පරිස්සු සැමන් අඩු කළා. කෝ අඩු වුණා ද ?“ අප සමග අදහස් දැක්වූ මිරිහාන ප්‍ර දේශයේ රජයේ සේවකයෙක් ප්‍රකාශ කළා.

    ‘රටකට කන්න දෙනන් සමූපකාරෙකට සතොසට පුළුවන් ද ? රටේ සිල්ලර වෙළෙදාමෙන් 0.1%ක්වත මේ දෙකට කරනන බැහැ. මේවා විහිළු වැඩ විතරයි. ඇමැතිකම ලැබුණට කරන්න විහිළු. පසුගිය කාලේ මැටි ඇමතිලා කෑගැහුවා කෝ දැන් උන්නද මළාද දන්නේ නැහැ. ඇමැති බන්දුල හිතාගෙන ඉන්නේ සතොස – සමූපකාරේ කියන්නේ වෝල්මාට් එකක කියලා. අපේ පැත්තේ, හොරණ ගුරුගොඩ සමූපකාරේ ගමෙ සිල්ලර කඩේක තරම් බඩු නැහැ. හොරණ සතොසත් එහෙමම තමයි. මේවා විහිළු‘ හොරණ කාන්තාවක් ප්‍රකාශ කළා.

    ‘මීට ඉස්සරත් සතොස බඩු අඩු කළා. ඒත් කවදාවත් බඩු තිබුණේ නැහැ. ඒක තමයි ඇත්ත. සතොස කියන්නේ රටේ සියල්ලර වෙළෙදාමෙන් 0.1%ක් වත් නැති තැනක්. සමූපකාර ගැන කතා කරලා වැඩක් නැහැ. මේවා විහිළු. ජනතාවට කරන අපහාස‘ වැලිවේරියේ විශ්‍රාමික ගුරුවරියක් ප්‍රකාශ කළා.

  • අභියාචනාධිකරණය ‘රන්ජන්’ ගැන පාර්ලිමේන්තු මහ ලේකම්ට කළ නියෝගය

    අභියාචනාධිකරණය ‘රන්ජන්’ ගැන පාර්ලිමේන්තු මහ ලේකම්ට කළ නියෝගය

    අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට සිව් වසරක බරපතල වැඩසහිත සිරදඩුවම් නියමව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් ලබන 12 වැනිදා තෙක් කිසිදු පියවරක් නොගන්නැයි අභියාචනාධිකරණය අද (05) පාර්ලිමේන්තු මහලේකම්වරයාට නියෝග කළේය.
     

    රංජන් රාමනායක මහතා තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි නොකරන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සමක් අද (05) දින අභියාචනාධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දුන්නේය.
     

    රන්ජන් රාමනායක මහතා විසින් විදානපතිරණ ඇසෝසියේට්ස් නීතීඥ සමාගම මාර්ගයෙන් ගොනු කරනු ලැබූ මෙම රිට් පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගත්තේය.
     
    මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පාර්ලිමේන්තු මහලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.

  • ගෝඨාභයගේ “සබුද්ධික ජනතාවාදය”

    ගෝඨාභයගේ “සබුද්ධික ජනතාවාදය”

    “විනයගත රටක් ගොඩ නගමු!” මේ පසුගිය ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී නිතර කණ වැකුණු උදෘතයකි. එය ඉදිරිපත් වූයේ ගෝඨාභය රාජපක්ෂ පාර්ශවයෙනි. විනය සහ පිළිවෙල ගොඩ නැගීම ගෝඨාභයගේ “වැඩ කරන රට” සඳහා අවශ්‍ය මූලිකාංගයක් ලෙස දක්නා ලදී. එපමණක් නොව, ඔහුව දෘෂ්ටිවාදීව මූර්තිමත් කොට පෙන්වන ලද්දේ විනයෙහි සහ පිළිවෙලෙහි සංකේතයක් ලෙසය. 

    2019 වසරේ අග භාගයේදී විනය සහ පිළිවෙල සඳහා සමාජ ආකර්ෂණයක් ඇති වීම පුදුමයට කාරණයක්  නොවේ. මන්ද යත්, ඒ වන විට නව-ලිබරල් යහපාලන ව්‍යාපෘතිය කෙරෙහි පැවති ජනතා විශ්වාසය බරපතල ලෙස බිඳ වැටී තිබිණ. “ජනවාරි විප්ලව” ප්‍රවාදය විහිළුවක් බවට පත්ව තිබිණ. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ජනතා විරෝධය සමස්ත දේශපාලන සමාජයටම එරෙහිව එල්ල වන්නට විය. අර්බුදකාරී නිමේෂයන් සරදම්ජනක තෝරා ගැනීම් සඳහා ඉඩ විවර කරයි. දේශපාලන පර්යායේ අර්බුදයක් විසඳීම සඳහා “දේශපාලනික-නොවන” ප්‍රතිරූපයක් අවශ්‍ය වීම 2019 දී යථාර්තයක් බවට පත් වූ එවන් සරදමකි.

    බැට් මෑන් නිදර්ශකය 

    තවත් එබඳු සරදමක් නම් විනය සහ පිළිවෙල ගොඩ නැගීම සඳහා ආයතන වෙනුවට සුපිරි වීරයෙකු ආදේශ වීමයි. මේ කාරණය මදක් පැහැදිලි කරන්නට ඉඩ දෙන්න. නව-ලිබරල් යහපාලන ව්‍යාපෘතියේ ප්‍රධාන අවධාරණය වූයේ රාජ්‍ය පාලනයේ ක්ෂේත්‍රයෙන් දූෂණය තුරන් කිරීමයි. ඒ සඳහා ඉදිරිපත් කරන ලද ප්‍රධාන ක්‍රියා මාර්ග වූයේ ආයතනික සහ නෛතික රාමු විධිමත්ව සැකසීමය.

    මිනිස් චර්යාවන් ආයතනික සහ නීතිමය මාධ්‍යයන් මගින් පාලනය කරන්නට ප්‍රයත්න දැරීම ලිබරල් ආයතනවාදීන්ගේ පුරුද්දකි. නමුත්, ආයතන කෙරෙහි වන අධික විශ්වාසය හමුවේ ඔවුනට මග හැරී යන වැදගත්ම දේ අන් කිසිවක් නොව දේශපාලනිකයයි (the political). සරලව කිව හොත්, දේශපාලන ක්‍රියාකාරීත්වය මුළුමනින්ම ආයතනික සහ නෛතික රාමූවලට සීමා කළ නොහැක.

    “තරඟයේ රීතින්ට” අනුවම ක්‍රීඩා කරන ලෙස දේශපාලන ක්‍රියාකාරීන්ගෙන් ඉල්ලා සිටීමෙන් පලක් නොමැත. මන්ද යත්, තරඟයේ රීතින් හදන්නේද, කඩන්නේද, නැවත සකසන්නේද දේශපාලන භාවිතයන් මගින්ම වීම නිසාය. එබැවින්, ලිබරල් ආයතනවාදීන් විසින් තනනු ලබන රාමු තුළ සිර කළ නොහැකි රැඩිකල් ගතිකත්වයක් දේශපාලනයට තිබේ. දේශපාලනිකය යනු එයයි. ආයතන සහ නෛතික රාමු කෙරෙහි වන විශ්වාසය බිඳ වැටෙන මොහොතවල ඇතැම් විට එතෙක් යටපත් වී තිබුණු දේශපාලනිකය යළි මතු වේ. බිඳ වැටෙන සමාජ සහ දේශපාලන පර්යාය යළි ගොඩ නැගීමට ආයතන සහ නෛතික රාමුවලට ඔබ්බෙන් සිටින සුපිරි වීරයින් මතු වන්නේ එලෙසිනි. 

    මෙය සුප්‍රසිද්ධ බැට් මෑන් ප්‍රබන්ධය සිහි ගන්වයි. එහි එන ප්‍රබන්ධගත ගොතම් නගරයේ පොලිස් දෙපාර්තමේන්තුව පරිහාණියට ලක්ව ඇත. පොලීසියේ ඉහළ සිට පහළටම අල්ලස, දූෂණය සහ අපරාධ කල්ලි සමග වන සම්බන්ධතා ජාලයන් පැතිර තිබේ. එකී දූෂිත අපරාධකාරී ජාලයන් මගින් පීඩනයට පත් වන ජනයාගේ ගැලවුම්කරුවා ලෙස බැට් මෑන් ආදේශ වේ. මෙහිදී හෙළිදරව් වන වැදගත් දේශපාලනික කාරණය නම් බැට් මෑන් යනු සැබවින්ම පවත්නා අර්බුදයේම නිමැවුමක් නොහොත් එහි ප්‍රකාශනයක් බවයි. ඔහු රෝග ලක්ෂණයක් මිස රෝගයට පිළියමක් නොවේ.

    ගෝඨාභයගේ “සබුද්ධික ජනතාවාදය”

    අභිනව ජනාධිපතිවරයාගේ බුද්ධිමය බල ඇණිය විසින් ඔහුව මූර්තිමත් කොට පෙන්වන ලද්දේ දූෂිත, අකාර්යක්ෂම සහ වැඩ නොකරන රටක වැඩ කළ හැකි නායකයෙකු ලෙසිනි. එය එසේ මෙසේ කාර්ය භාරයක් නොවේ. එසේම, එම කාර්ය භාරය ඉටු කිරීම සඳහා ඔහුට පවත්නා ආයතනික සහ නෛතික සීමා ඉක්මවා යාමට සිදු වේ; ජනාධිපතිවරයාගේ විධායක බලය අභ්‍යාස කිරීම කෙරෙහි පැවති ව්‍යවස්ථාමය සීමා හැකි තරම් සීමා කිරීමට සිදු වේ.

    විසි වන ව්‍යවස්ථා සංශෝධනයෙන් එම අවශ්‍යතාව සපුරා ගන්නා ලදී. දැන් ඔහු ව්‍යවස්ථාපිත ලෙසම සුපිරි බලැති නායකයෙකි. නමුත්, තවමත් රටේ ආයතනික සහ පරිපාලනමය ව්‍යුහයන් දූෂිතය; අකාර්යක්ෂමය; පසුගාමීය. එම ගැටළු විසඳීමට ජනාධිපතිවරයා පුද්ගලිකවම මැදිහත් වීම වනාහී ජනාධිපති ප්‍රචාරක ව්‍යාපාරයේදී ඔහු වෙත පවරන ලද දෘෂ්ටිවාදී භූමිකාව ඔහුම බරපතල ලෙස භාර ගැනීමක් බැව් පෙනේ. එය ස්වකීය දෘෂ්ටිවාදී භූමිකාව සමග අධික ලෙස අනන්‍ය වීමක් (over-identification) ලෙස ගත හැකිය.

    ඒ අනුව, ජනාධිපතිවරයා දුෂ්කර ගම්වල සංචාරය කරමින් ජනතා ප්‍රශ්නවලට සවන් දෙයි; පරිපාලන අංශවල දොස් ප්‍රසිද්ධියේ හෙළිදරව් කරමින් ජනතා ප්‍රශ්න ඉක්මනින් විසඳන්නට ක්‍රියා කරයි; රාජ්‍ය ආයතනවලට හදිසියේ ඇතුල් වී ඒවායෙහි ක්‍රියාකාරීත්වය පරීක්ෂා කොට බලයි; මහ බැංකු නිලධාරීන් කැඳවා වඩා කාර්යක්ෂම ආර්ථික සැලසුම් ඉදිරිපත් කරන ලෙස දන්වයි; සහල් වෙළෙඳුන් මුණ ගැසෙමින් වෙළඳපළ මිල නැවත තීරණය කරන ලෙස දන්වයි. මේ සියල්ල මාධ්‍ය තුළ සජීවීව විකාශනය කෙරේ.

    ගෝඨාභය ජනාධිපතිවරයාගේ මෙම භූමිකාව බැලූ බැල්මට ජනාධිපති ප්‍රේමදාසව අනුකරණය කිරීමක් ලෙස පෙනී යා හැකි වුවද, සමීප නිරීක්ෂණයකදී පෙනී යන්නේ ඒ දෙදෙනා අතර පැහැදිලි වෙනස්කම් පවතින බවයි. ප්‍රේමදාස වනාහී එජාපයේ අනුග්‍රාහක දේශපාලන සම්ප්‍රදාය තුළින් ප්‍රභවය ලැබූවා වූද, නාගරික දිළිඳු ජනයා සමග සමීප අනුග්‍රාහක බැමි ගොඩ නගා ගත්තා වූද, දක්ෂිණාංශික ජනතාවාදී චරිත ලක්ෂණ උරුම කොට ගත්තා වූද, කිසියම් දුරකට කැරිස්මැටික් යැයිද කිව හැකි නායකයෙකි.

    නමුත්, ගෝඨාභය රාජපක්ෂ වඩා සමීප වන්නේ මැක්ස් වේබර් කතා කළ ආකාරයේ නෛතික-සබුද්ධික (legal-rational) නායකත්ව රටාව සමගය. ඔහුගේ වෘත්තීය පුහුණුව අනුව සේම ඔහු පිළිබඳව ගොඩ නැගී ඇති සංකේතීය ප්‍රතිරූපය අනුවද ඔහුව එතෙක් හඳුනාගනු ලැබුවේ පවත්නා නීතිය සහ පර්යාය තුළ වැඩ කරන්නෙකු ලෙසිනි. වරක් ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුළදී ඔහු තමන්වම හඳුන්වා දෙන ලද්දේ පැවරූ කාර්යයක් නිසි ලෙස ඉටු කරන්නෙකු ලෙසයි.

    නිදසුනක් ලෙස දක්වන ලද්දේ යුද්ධයයි. මේ අරුතින් ඔහු තමන්ටම ආවේණික ජාතිකවාදී ජනතාවාදී ගති ලක්ෂණ සහිත ඔහුගේ කැරිස්මැටික වැඩිමල් සහෝදරයාගෙන් වෙනස්ය; සමකාලීන සෙසු අන්ත-දක්ෂිණාංශික ජනතාවාදී නායකයින් වන ට්‍රම්ප්, මෝඩි, පුටින්, වික්ටර් ඕබන් යනාදීන්ගෙන්ද වෙනස්ය. ගෝඨාභය රාජපක්ෂගේ දක්ෂිණාංශික ජනතාවාදය හැඳින්විය හැක්කේ සබුද්ධිකව ගණන් බලා සැලසුම් කොට ඉදිරිපත් කරනු ලබන්නක් ලෙසයි.                   

    ස’ ෆේල් වීම ගෝලීය පර්යාලෝකයක් තුළ

    විනයගත සමාජයක් ගොඩ නැගීමේ ගෝඨාභය ව්‍යාපෘතියට වඩා වාසිදායක තත්ත්වයක් කොරෝනා වෛරස් වසංගතය විසින් ඇති කෙරිණ. ඒ ගැන සාකච්ජා කිරීම පසෙකින් තබා විමසිය යුතු වැදගත් ප්‍රශ්නයක් තිබේ. එනම්, පුද්ගලිකව මැදිහත් වී මහජන ප්‍රශ්න විසඳීමේ ඔහුගේ උත්සුකය පැවතියදීම ඔහුට එරෙහි “ස’ ෆේල් ව්‍යාපාරය” ජනප්‍රිය වෙමින් පවතින්නේ මන්ද යන්නයි. “ස’ ෆේල්” ව්‍යාපාරය යනු හුදෙක් ආණ්ඩු විරෝධීන්ගේ ප්‍රචාරක ව්‍යාපාරයක් පමණක් නොවේ.

    වත්මන් පාලන තන්ත්‍රයේ ජනප්‍රියත්වය වේගයෙන් පිරිහී යමින් තිබේය යන්න සමකාලීන ලාංකීය දේශපාලන චලනයන් පිළිබඳ ඓන්ද්‍රීය අවබෝධයක් ඇති කිසිවෙකුත් ප්‍රතික්ෂේප නොකරනු ඇත. එසේ නම්, එම ජනප්‍රියත්වයේ වේගවත් පසුබෑමට හේතුව කුමක්ද? 

    ඉහත ප්‍රශ්නයට ඇත්තේ එක් පිළිතුරක් නොවේ. දේශීයව ගත් විට, ජනාධිපතිවරයාගේ විනය සහ පර්යාය ගොඩ නැගීමේ ව්‍යාපෘතියට මුළුමනින්ම පරස්පර තීන්දු තීරණ ඔහුගේ බලාධිකාරය තුළින්ම ක්‍රියාවට නැංවීම එක් පිළිතුරකි. ඥාති සංග්‍රහය සහ ගජ මිතුරු ධනවාදය, නීතිය සමානව ක්‍රියාත්මක නොවේය යන චෝදනාව යනාදිය ඒ අතුරින් කැපී පෙනේ.

    වසංගතය පාලනය කිරීමට අසමත් වීම සහ වේගයෙන් ඉහළ යන ජීවන වියදම ඇතුළු වසංගතය මගින්ම නිර්මාණය කෙරුණු බහු-විධ ආර්ථිකමය සමාජමය අර්බුද ආමන්ත්‍රණය කිරීමට අසමත් වීම සැලකිල්ලට ලක් විය යුතු තවත් වැදගත් කාරණාය. ලංකාවට අදාළ තවත් සුවිශේෂී ගැටළුවක් වනුයේ ඉන්දු-පැසිෆික් කලාපයේ මර්මස්ථානයක පිහිටි කුඩා දුර්වල රාජ්‍යයක් ලෙස ගෝලීය බල අරගලයන්ට මැදි වීමත්, එයට ප්‍රතිචාරයක් ලෙස ආණ්ඩුව විසින් ගනු ලබන ඇතැම් ක්‍රියා මාර්ග ආණ්ඩුවට සහාය දැක්වූ බලගතු කණ්ඩායම්වල නොසතුටට හේතු වීමත්ය. මෙය පාලක බල-හවුලේ අභ්‍යන්තර ගැටුම් සඳහාද හේතු විය හැකිය. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය පිළිබඳ ආන්දෝලනය මේ සඳහා ඇති ආසන්නතම නිදසුනයි. (වරාය අරගලයේදී ආණ්ඩු-හිතවාදී කණ්ඩායම් සහ බුද්ධිමතුන් අවසන් මොහොතේදී සම්මුතික විසඳුමක් කරා මාර්ගය සැකසිය හැකි බවද අමතක නොකළ යුතුය). 

    මගේ යෝජනාව වන්නේ දක්ෂිණාංශික ජනතාවාදයේ පසුබැසීම වටහා ගැනීමේදී ඉහත කී සුවිශේෂී ලාංකීය සාධකවලට අමතරව අප ගෝලීය දේශපාලනයේ ගතිකත්වයන්ද සැලකිල්ලට ගත යුතු බවය. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරාජයට සමගාමීව අපගේ අසල්වැසි ඉන්දියාවේ මෝඩි දැන් මුහුණ දෙමින් සිටින්නේ ඔහුගේ පාලනය තුළ ඇති වූ විශාලතම ජනතා උද්ඝෝෂණයටය. පුටින්ට එරෙහි විපක්ෂයේ විරෝධතා උග්‍ර අතට හැරෙමින් තිබේ. තුර්කියේ එර්දොගන් විසින් කරන ලද විශ්ව විද්‍යාල පත් කිරීම්වලට එරෙහි ගුරු-සිසු විරෝධතා මෑතකදී දැක ගත හැකි විය. ඉතාලියේ කම්කරුවෝ වසංගතයේ වැය ධනපතියන් වෙත පවරණ ලෙස ඉල්ලා සුවිසල් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කොට තිබේ. 

    මෙයින් හැඟවෙන්නේ අන්ත-දක්ෂිණාංශික ජනතාවාදය බිඳ වැටෙමින් තිබීමය යනුවෙන් කීමට අප ඉක්මන් නොවිය යුතුය. නමුත්, පොදුවේ ගත් කල වසංගතය විසින් අන්ත-දක්ෂිණාංශික ජනතාවාදයට ගණුදෙණු කිරීමට අසීරු අභියෝගයක් එල්ල කොට තිබෙන බව නම් පැහැදිලිය. එය කෙටියෙන් කිව හොත් මෙසේය; ලොව පුරා අන්ත-දක්ෂිණාංශික ජනතාවාදය මතු වූයේ නව-ලිබරල් ප්‍රතිපත්තීන් මගින් ජනනය කෙරුණු සමාජමය කළකිරීමට සහ විරෝධයට ප්‍රතිචාරයක් ලෙසිනි.

    නමුත්, එය ඉදිරිපත් කළේ ව්‍යාජ විසඳුමකි. එනම්, යම් යම් තෝරා ගත් ජනවාර්ගික සහ ආගමික කණ්ඩායම් පමණක් නව-ලිබරල්වාදයේ ව්‍යසනකාරී බලපෑම්වලින් ගලවා ගැනීමට ප්‍රයත්න දැරීමයි. මහා ප්‍රාග්ධනයට අත නොතබනු ලැබුවා පමණක් නොවේ; සැබවින්ම මහා ප්‍රාග්ධනයේ සහායද අන්ත-දක්ෂිණාංශයට ලැබිණ.

    කෙසේ වෙතත්, මහා ප්‍රාග්ධනයේ බලයට අත නොතබා යම් යම් තෝරා ගත් සමාජ කණ්ඩායම් වෙත සහන සැලසීම සඳහා ඇත්තේ එක් ක්‍රමයකි. එනම්, රාජ්‍ය සම්පත් වැය කොට පවත්වාගෙන යන්නා වූ ආරක්ෂණවාදී සහ අනුග්‍රාහක දේශපාලනයයි. වසංගතය හමුවේ සංකෝචනය වන ආර්ථිකය තුළ තව දුරටත් මෙම අනුග්‍රාහක දේශපාලනය පවත්වාගෙන යාම දුෂ්කරය. ඊට සමාන්තරව කොරෝනා අර්බුදය හමුවේ පීඩනයට පත් වන අව-වරප්‍රසාදිත කණ්ඩායම් දේශපාලනික ක්ෂේත්‍රයට කඩා වැදීමද සිදුවෙමින් තිබේ. ඉන්දියාවේ ගොවි අරගලය ඒ සඳහා කදිම නිදසුනකි.    

    අනුග්‍රාහක දේශපාලනය ආයතනගත වී තිබෙන ඌණ-සංවර්ධිත ශ්‍රී ලංකාවේ ඉහත අර්බුදයේ ප්‍රකාශමාන වීම් අතිශය ප්‍රචණ්ඩ මුහුණුවරක් ගැනීමට ඉඩ තිබේ.                                     

    සුමිත් චාමින්ද 

  • මේ සරල පුරුදු 8ට ‘ඔබව සදාකාලික’ ලෙඩෙක් කළ හැකි බව දන්නවාද ?

    මේ සරල පුරුදු 8ට ‘ඔබව සදාකාලික’ ලෙඩෙක් කළ හැකි බව දන්නවාද ?

    දුම්පානය, මත්පැන් පානය කිරීම සහ ප්‍රමාණවත් නින්දක් නොලැබීම වැනි දෑ ඔබේ සෞඛ්‍යයට අහිතකර බව අපි කවුරුත් දනිමු. නමුත් ඔබේ යහපැවැත්මට හානිකර අහිංසක පුරුදු ඇති බව ඔබ දැන සිටියාද? තුවායෙන් ඔබේ කොණ්ඩය පිස දැමීම, ඔබේ ආලේපන නාන කාමරයේ තබා ගැනීම යන කරුණු දෙකම ඔබට වයස්ගත වීමටත්, ඔබට අසනීප වීමටත් හේතු වේ. 

    ඔබට හැකි තාක් දුරට නිරෝගීව සිටීමට අවශ්‍ය නම් ඔබ වහාම බැහැර කළ යුතු පුරුදු 8ක ලැයිස්තුවක් මෙන්න.

    තුවායෙන් හිසකෙස් වියළීම – Drying hair with a towel

    ජීවිත කාලය පුරාවටම මෙම පුරුද්ද සාමාන්‍ය දෙයක් ලෙස පෙනුනද, ඔබේ හිසකෙස් තුවායෙන් වියළීම ඇත්තෙන්ම එයට හානි කරයි. එමඟින් ඔබේ හිස්කබල තෙල් සහිත හා අපිරිසිදු වේ. තුවායෙන් ඔබේ හිසකෙස් නිරෝගීව සිටීමට අවශ්‍ය තෙතමනය අවශෝෂණය කර ගන්නා අතර එය හිස් කබලට සහ හිස කෙස්වලට හානිකරය. ඒ වෙනුවට කපු රෙද්දක් භාවිතා කරන්න.

    තුවායෙන් හිසකෙස් වියළීම |  ඔබ වයසට ගොස් රෝගාතුර වන පුරුදු 9 |  සෙස්ට්‍රඩාර්

    පිඟන් කෝප්ප සඳහා ස්පොන්ජියක් භාවිතා කිරීම Using a sponge for dishes

    සාපේක්ෂව පිරිසිදු පෙනුමක් ඇති ස්පොන්ජ් වල පවා ක්ෂුද්‍ර ජීවීන් දහස් ගණනක් අඩංගු වේ. නමුත් අප අපිරිසිදු එකක් ගත්තොත් කුමක් කිව හැකිද ? අපිරිසිදු ස්පොන්ජියක ඝන සෙන්ටිමීටරයක සෑම වර්ගයකම ක්ෂුද්‍ර ජීවීන් බිලියන 50ක් පමණ අඩංගු බව විද්‍යාඥයින් විසින් සොයා ගෙන ඇත. ඔබ එය ඔබේ දෑතින් ස්පර්ශ කරන අතර එම මුළු හමුදාවම ඔබේ සම මතට වැටේ. පසුව ඔබ ඔබේ මුහුණ සහ ශරීරය ස්පර්ශ කරන අතර ප්‍රතිඵලය වේගයෙන් පැමිණේ. කුරුලෑ, කුෂ්ඨ සහ විවිධ සමේ රෝග ආසාදනය වීමට එමගින් පහසු අවස්ථාවක උදාවේ. හැකි සෑම විටම ස්වාභාවික ස්පොන්ජ් (ජුට් වලින් සාදන ලද ඒවා වැනි) භාවිතා කිරීමට උත්සාහ කරන්න.

    පිඟන් සඳහා ස්පොන්ජියක් භාවිතා කිරීම |  ඔබ වයසට ගොස් රෝගාතුර වන පුරුදු 9 |  සෙස්ට්‍රඩාර්

    බුබුළු ස්නානය කිරීම Taking a bubbly bath

    අපගේ ස්නානය කරන කාලය තුළ පෙන සහ නාන බුබුළුවල කොතරම් ප්‍රසන්න බවක් පෙනෙන්නට තිබුණත්, ඒවා ඔබේ සෞඛ්‍යයට ඉතා හානිකරය. ඔබේ සමේ සමීප කලාපයේ ඇති මයික්‍රොෆ්ලෝරා වල අම්ල-පාදක ශේෂය ඉතා මෘදු වන අතර නාන නිෂ්පාදන සඳහා භාවිතා කරන රසායනික ද්‍රව්‍ය, සුවඳ විලවුන් සහ කෘත්‍රිම සායම් මගින් ඒවා පහසුවෙන් ආසාදනය කළ හැකිය. මෙම ද්‍රව්‍ය නිතර නිතර ගැනීමෙන් වළකින. ඔබට ඒවා නොමැතිව ස්නානය කළ නොහැකි නම් ස්වාභාවික අමුද්‍රව්‍ය සහිත නිෂ්පාදන තෝරා ගන්න.

    ඔබේ ආලේපන නාන කාමරයේ තබා ගැනීම

    වරින් වර උණුසුම් වන නාන කාමරය ඉතා තෙතමනය සහිත ස්ථානයක් බව අපට බොහෝ විට අමතක වේ. මෙම සියලු උච්චාවචනයන් මෙන්ම රූපලාවණ්‍ය නිෂ්පාදන අඩංගු බෝතල් උණුසුම් කළ හැකි විදුලි ආලෝකය නිසා ඒවායේ කල් ඉකුත් වීමේ කාලය පහසුවෙන් ඉක්මවා යා හැකි අතර සමහර විට නිෂ්පාදන නරක් විය හැකිය. ඔබේ ආලේපන අල්මාරියක් හෝ ලාච්චුවක් වැනි අඳුරු වියළි ස්ථානයක තබා ගැනීම වඩාත් සුදුසුය.

    ඔබේ ආලේපන නාන කාමරයේ තබා ගැනීම |  ඔබ වයසට ගොස් රෝගාතුර වන පුරුදු 9 |  සෙස්ට්‍රඩාර්

    කළු හිසකෙස් සායම් භාවිතා කිරීම

    ඔබ ඔබේ හිසකෙස් සායම් කිරීමට පටන් ගෙන ඔබ කැමති වර්ණයක් සොයා ගත් පසු එය නැවැත්වීම අසීරු ය. එය මසකට වරක් ප්‍රතිකාරයක් බවට පත් කිරීම දිගු කාලීනව ඔබේ සෞඛ්‍යයට විශාල හානියක් විය හැකිය. සායම් වල තද දුඹුරු සහ කළු පැහැයට වගකිව යුතු සංයෝගයක් වන පැරෆෙනිලෙනෙඩියමයින් අසාත්මිකතාවන්ට හේතු විය හැකි අතර සමහර අවස්ථාවල කෝමා තත්වයට පවා පත්වේ. ඔබේ සායම් සංයුතියේ ගල් අඟුරු, තාර සහ ඊයම් ගැනද සොයා බැලිය යුතුය. ඊයම් දෙවැන්න අස්ථිවල පවා ගබඩා වේ! ඔබේ සායම් ප්‍රවේශමෙන් තෝරාගෙන සෑම විටම වඩා කාබනික ප්‍රභේදයක් භාවිතයට ගන්න.

    අඳුරු හිසකෙස් සායම් භාවිතා කිරීම |  ඔබ වයසට ගොස් රෝගාතුර වන පුරුදු 9 |  සෙස්ට්‍රඩාර්

    නයිලෝන් ටයිට් පැළඳීම – Wearing nylon tights

    ඔබේ සම ද හුස්ම ගැනීමට කැමති අතර සෑම විටම තද කිරීමට කැමති නැත. නමුත් ඔබ ටයිට් පැළඳ සිටින විට සිදු වන්නේ එයයි. නයිලෝන් ටයිට්ස් පමණක් නොව තද ජීන්ස් ද එසේම හානිකරය. කපු සහ සමහර කාබනික ද්‍රව්‍ය වලින් සාදන ලද ටයිට්ස් පළඳින්න සහ පොදුවේ ජීන්ස් ඇඳීම ගැන සිතන්න. 

    නයිලෝන් ටයිට් පැළඳීම |  ඔබ වයසට ගොස් රෝගාතුර වන පුරුදු 9 |  සෙස්ට්‍රඩාර්

    බෝතල් කළ ජලය පානය කිරීම – Drinking bottled water

    මෙය සෑම රටකටම සත්‍ය නොවිය හැකි නමුත් පොදුවේ නළ ජලය කිසිදු ආකාරයකින් බෝතල් ජලයට වඩා ‘අපිරිසිදු’ නොවේ. ඇත්ත වශයෙන්ම, පර්යේෂණයන් පෙන්වා දෙන්නේ නළ ජලය පිරිසිදුව තබා ගැනීම සඳහා උසස් ප්‍රමිතීන් ඇති බැවින් නළ ජලය වඩා පිරිසිදු බවයි. අනෙක් අතට, බෝතල් කළ ජලය නළ ජලය තරම් පරික්ෂා නොකරයි. බෝතල් කළ ජලය ප්ලාස්ටික් බෝතල්වල ඇසුරුම් කර ඇත! එය පරිසරයට හා ඔබේ අයවැයට අයහපත් ය. ඒ වෙනුවට ඔබේ නළ ජලය වඩාත් ප්‍රසන්න වන පරිදි ජල පෙරණයක් ස්ථාපනය කරන්න.

    බෝතල් කළ ජලය පානය කිරීම |  ඔබ වයසට ගොස් රෝගාතුර වන පුරුදු 9 |  සෙස්ට්‍රඩාර්

    දිගු නියපොතු වැවීම – Wearing long nails

    එය ඉතා සරලයි – පොලිෂ් වලින් ආවරණය කර ඇති දිගු නියපොතු කෙටි ඒවාට වඩා බැක්ටීරියා වලට රැකවරණය සපයයි. හෙදියන්ට හා වේටර්වරුන්ට දිග නියපොතු තබා ගැනීමට ඉඩ නොදීමට හේතුව මෙයයි! දිගු නියපොතු යට සැඟවී ඇති තවත් රෝගකාරක බීජ ඇති අතර ඒවා පිරිසිදු කිරීම අපහසුය. ඔබ තවමත් නියපොතු වැවීම තෝරා ගන්නේ නම්, අත් සේදීමේදී ඒවා නිසි ලෙස පිරිසිදු කිරීමට අමතක නොකරන්න!

    දිගු නියපොතු පැළඳීම |  ඔබ වයසට ගොස් රෝගාතුර වන පුරුදු 9 |  සෙස්ට්‍රඩාර්

    සැකසුම – තුෂාධවි

  • අලිගැටපේර වල සුපිරි රහස් 14ක් ගැන අලුත්ම හෙළිදරව්ව !

    අලිගැටපේර වල සුපිරි රහස් 14ක් ගැන අලුත්ම හෙළිදරව්ව !

    අලිගැට පේර යනු සෑම කෙනෙකුම ආහාරයට ගන්න කැමති රසවත් මෙන්ම සෞඛ්‍ය සම්පන්න පලතුරකි. ඇදහිය නොහැකි තරම් රස – ගුණවලට අමතරව, මෙම කුඩා ආශ්චර්යමත් පලතුර අනුභවයෙන ඔබේ මානසික සෞඛ්‍යයට, ඔබේ සමට සහ හදවතට පුදුම සහගත ප්‍රතිලාභ ලබා ගත හැකිය. 

    වෛද්‍යවරු සතියකට කිහිප වතාවක් අලිගැට පේර ආහාරයට ගැනීමට යෝජනා කරති. 

    අලිගැට පේර ඔබේ මානසික හා ශාරීරික සෞඛ්‍යය සමෘද්ධිමත් කිරීමට උපකාරී වන ක්‍රම කිහිපයක් මෙන්න.

    1. කොලෙස්ටරෝල් පාලනය කිරීම

    අලිගැට පේරවල මේදය අධික වීම ගැන පැමිණිලි කළ හැකි නමුත් එය සෞඛ්‍ය සම්පන්න මේදයකි. අලිගැට පේර ග්‍රෑම් 100කින් ඔබට සම්පන්න මේද ග්‍රෑම් 10ක් සමඟින් මොනොසැටරේටඩ් මේද ප්‍රමාණයක් ලබා ගත හැකිය. ඒවා එමඟින් හොඳ HDL කොලෙස්ටරෝල් වැඩි වන අතර නරක දේ අඩු කරයි.

    2. ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සඳහා වඩා හොඳ ආරක්ෂාවක්

    ආසාදන, රෝග සහ වෛරස් වලින් ආරක්ෂා වීමට අලිගැට පේර ගෙඩියක් දිනලතා අනුභව කරන්න ! අලිගැටපේරවල බී විටමින්, විටමින් ඊ සහ විටමින් සී ඉහළ මට්ටමක පැවතීම නිසා රෝග වැළැක්වීමට විශාල සහායක් ලැබේ. පිළිකා සහ ඇසේ සුද සමඟ සටන් කළ හැකි ස්වාභාවික ශාක ද්‍රව්‍ය හා ප්‍රතිඔක්සිකාරක ද එහි ඇත.

    3. සුවබර නිදක් ලබාදීම

    ඔබට රාත්‍රියට සුවබර නින්දක් ලබා ගැනීමේ වාසනාව නැද්ද ? එසෙ නම නිවැරදි පිළියමක් ලෙස අලිගැටපේර අනුභව කරන්න. අලිගැටපේර ගෙඩියක සාමාන්‍ය යෙන් මැග්නීසියම් මිලිග්‍රෑම් 20 කට ආසන්න ප්‍රමාණයක් අන්තර්ගත අතර එයට සුවබර නින්දක් පමණක් නොව ඔබ තුළ යහපත් මනෝභාවයක් ද ඇති කළ හැකිය.  එයට හේතුව එය ආතති-විරෝධී ඛනිජයක් ලෙස සැලකීමයි. ඇඳට පෙර අලිගැට පේර මිල්ක්ෂේක් !

    ඔබ දිනපතා අලිගැට පේරයක් අනුභව කරන විට ඔබේ ශරීරයට කුමක් සිදුවේද |  ඇගේ අලංකාරය

    4. බඩවැල් සුවපත් කරයි

    සාමාන්‍ය ප්‍රමාණයේ අලිගැටපේර ගෙඩියක තන්තු ග්‍රෑම් 10 ක් අඩංගු වේ. ඔබට මල බද්ධය හෝ වෙනත් ආහාර ජීර්ණ ගැටළු තිබේ නම්, අලිගැට පේර ඔබේ ආහාර වේලට ඇතුළත් කිරීම අතිෂය වැදගත්ය. ඊට අමතරව, එහි ඇති තන්තු ඔබේ බඩවැල්වලට සහනයක් සහ සුවයක් ලබාදීමයි.

    5. දීප්තිමත් හිසකෙස් සහ සම

    අලිගැට පේර මුහුණු ආවරණයක් ලෙස යෙදීමෙන් ඔබේ ඇස් දීප්තිමත් කරගත හැකි අතර සම පැහැපත් කර ගත හැකිය. ස්වභාවික රූපලාවන්‍ය ආලේපනයක් ලෙස අලිගැටපේර අතිවිශිෂ්ටය.

    ඔබ දිනපතා අලිගැට පේරයක් අනුභව කරන විට ඔබේ ශරීරයට සිදුවන්නේ කුමක්ද # 2 |  ඇගේ අලංකාරය

    6. හෘද සෞඛ්‍යය වැඩි දියුණු කිරීම

    අලිගැට පේර දිනපතා ආහාරයට ගැනීමෙන් හෘද රෝග ඇතිවීමේ අවදානම අඩු විය හැකිය. ඒ එහි ඉහළ පොටෑසියම් සහ අඩු සෝඩියම් මට්ටම නිසාය. මෙය රුධිර පීඩනය අඩු කරන අතර එය ආඝාතයක් හෝ හෘදයාබාධයක් ඇතිවීමේ අවදානම අඩු කරයි.

    7. එය නිරෝගී ගැබ් ගැනීමක් ප්‍රවර්ධන කරයි

    අලිගැට පේර වල ඇති තන්තු, මේද හා ප්‍රතිඔක්සිකාරක මව්කිරි වැඩි දියුණු කිරීම, මවගේ සෞඛ්‍යය සහ ගැබ් ගැනීමට උත්සාහ කරන කාන්තාවන්ගේ සාරවත් බව සමඟ ධනාත්මක සම්බන්ධතාවක් ඇත.

    8. වයසට යාමේ ක්‍රියාවලිය මන්දගාමී වේ

    වයසට යාමේ ක්‍රියාවලිය ආපසු හැරවීමට හෝ මන්දගාමී කිරීමට ප්‍රතිඔක්සිකාරක ප්‍රධාන වේ. අලිගැට පේර වල ඇති ප්‍රධානතම දෙය වන්නේ සැන්තොෆිල් වන අතර එය ඩීඑන්ඒ වලට වන හානිය නවත්වන අතර වයසට යාම මන්දගාමී කරයි. ඒ සමග පාකින්සන් සහ ඇල්සයිමර් වැනි රෝග ඇතිවීම වළක්වයි.

    ඔබ දිනපතා අලිගැට පේරයක් අනුභව කරන විට ඔබේ ශරීරයට කුමක් සිදුවේද |  ඇගේ අලංකාරය

    9. මානසික අවපීඩනය මැඩපැවැත්වීමට

    අලිගැට පේර මගින් ඔබේ මානසික සෞඛ්‍යය වැඩි දියුණු කළ හැකි අතර මානසික අවපීඩනය පවා අඩු කර ගත හැකිය. එයට හේතුව උසස් තත්ත්වයේ ආහාර මේදය මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරන බැවිනි. අලිගැට පේර වල ඇති මේද වල ඇති ප්‍රති-ගිනි අවුලුවන ස්වභාවය, ඉහළ ෆෝලේට් සමඟ සංයෝජනය වීමෙන් මෙම පලතුර මානසික අවපීඩනයට එරෙහිව සටන් කිරීමේ ප්‍රබල සටන්කරුවෙකු බවට පත් කරයි.

    10. නිදන කාමරයේ වැඩි උද්දීපනයක්

    අලිගැට පේර සැබවින්ම බලගතු ව්‍යාජීකරණයක් බව ඔබ දැන සිටියාද ? ටෙස්ටොස්ටෙරෝන් සංස්ලේෂණය කිරීම සඳහා අවශ්‍ය වන මෙම ඉන්ද්‍රජාලික සංතෘප්ත මේද නිසා නැවත වරක් සම්බන්ධතාවය වැඩි දියුණු කළ හැකිය.

    ඔබ දිනපතා අලිගැට පේරයක් අනුභව කරන විට ඔබේ ශරීරයට සිදුවන්නේ කුමක්ද # 2 |  ඇගේ අලංකාරය

    11. පිළිකා වැළඳීමේ අවදානම අඩු කරයි

    අලිගැට පේර වල ඇති ෆයිටොකෙමිකල් පූර්ව හා පිළිකා සෛල බොහෝ විට මරා දමනු ලැබේ. රුධිරයේ ඇති කැරොටිනොයිඩ්ස් පිළිකා ඇතිවීමේ අවදානම අඩු කරයි, විශේෂයෙන් පියයුරු පටක ඝනත්වය ඇති කාන්තාවන්ට එය ඉතා වැදගත් වේ. අලිගැටපේර තුළ කැරොටිනොයිඩ් විශාල ප්‍රමාණයක් තිබේ. එබැවින් මතක තබා ගන්න ‘අලිගැටපේර ආහාරයට ගැනීම ඔබගේ වෛද්‍යවරයාට ඔබ දැකීමට ඇති අවස්ථාව අහිමිකරයි.

    12. පෝෂක අවශෝෂණය වැඩි කිරීම

    ඔබේ සියලු ආහාර කාණ්ඩ සහ විටමින් ආහාරයට ගැනීම විශිෂ්ටයි. නමුත් ඔබේ ශරීරයට එම යහපත්කම ඵලදායී ලෙස අවශෝෂණය කරගත නොහැකි නම් එයින් අත්වන ප්‍රතිඵලයක් නැත. අලිගැට පේර ඔබට එම පෝෂ්‍ය පදාර්ථ උරා ගැනීමට උපකාරී වන අතර එමඟින් ඔබේ ශරීරයට ඒවා ප්‍රශස්ත කර ගත හැකිය.

    ඔබ දිනපතා අලිගැට පේරයක් අනුභව කරන විට ඔබේ ශරීරයට කුමක් සිදුවේද |  ඇගේ අලංකාරය

    13. ශක්තිමත් අස්ථි

    ශක්තිමත් ඇටකටු සඳහා කිරි පානය කරන ලෙස දෙමාපියන් නිතරම ඔබට කියනු ඇත. නමුත් අලිගැටපේර ද ඒ තරම්ම පෝෂ්‍යදායී වේ. එහි ඇති ඉහළ ෆෝලේට්, විටමින් කේ සහ තඹ සියල්ලමඅ සෞඛ්‍ය සම්පන්න අස්ථි සහතික කරයි.

    14. බර අඩු කර ගන්න

    Is Eating Avocado Good For Weight Loss?

    අලිගැට පේර වලට තරබාරුකම වළක්වා ගත හැක්කේ ඒවායේ ඇති සියලුම සෞඛ්‍ය සම්පන්න මේද හා අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ නිසාය. අලිගැට පේර ගෙඩි භාගයක් දිනපතා ආහාරයට ගැනීමෙන් තරබාරුවෙන් මිදිය හැකිය.

    සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ පරාජයට හේතු ගැන සුපිරි හෙළිදරව්වක්

    ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ පරාජයට හේතු ගැන සුපිරි හෙළිදරව්වක්

    දක්ෂතා මත පදනම්ව වැටුප් ගෙවද්දී මේ අය ගහන ක්‍රිකට් අපට බලන්න පුළුවන්

    මොකක්ද මේ අපේ අයට තිබුණු හදිස්සිය. රිවර්ස් ස්ව්ප් ගහනවා, එහේ ගහනවා, මෙහේ ගහනවා, උඩ ගහනවා, ගිය වෙලාවේ ඉඳන් පුදුම හදිස්සියක්නේ තිබුණේ. හරියට විස්තර ප්‍රකාශකයා ‘දැවීගියා‘ කියන කොට අවුට් වෙලා එනවා වගේනේ පෙනුණේ.

    ‘ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට අවශ්‍ය සියලු පහසුකම් පරිපාලනය ලබාදී තිබියදී මොනවද මේ ගහපු ක්‍රිකට්’ කියා තමන් තුළ විශාල ප්‍රශ්නයක් ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා පවසයි.

    අද (04) දින ‘දිනමිණ’ සමඟ විශේෂ සංවාදයකට එක් වෙමින් වික්‍රමරත්න මහතා සඳහන් කළේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේදී අපේ ක්‍රීඩකයන්ට තිබූ කඩිකුලප්පුව කුමක් දැයි තමන් නොදන්නා බවයි. ඉදිරියේදී දක්ෂතා මත පදනම්ව වැටුප් ගෙවද්දී මේ අය ගහන ක්‍රිකට් අපට බලන්න පුළුවන් යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපතිවරයා පැවැසීය.

    ‘මොකක්ද මේ අපේ අයට තිබුණු හදිස්සිය. රිවර්ස් ස්ව්ප් ගහනවා, එහේ ගහනවා, මෙහේ ගහනවා, උඩ ගහනවා, ගිය වෙලාවේ ඉඳන් පුදුම හදිස්සියක්නේ තිබුණේ. හරියට විස්තර ප්‍රකාශකයා ‘දැවීගියා‘ කියන කොට අවුට් වෙලා එනවා වගේනේ පෙනුණේ. ක්‍රීඩකයෝ වුණාම දැනගන්න ඕනේ තැනට සුදුසු විදිහට ක්‍රීඩා කරන්න. මේ පරාජය පුහුණුකරුවන්ගේවත්, පරිපාලනයේවත් වරදක්වත් නොවෙයි. පිට්ටනිය මැදට යන අයගේ තමයි වගකීම’ වික්‍රමරත්න මහතා පැවැසීය.

    ‘මිකී ආතර් ලෝකයේ හොඳම දක්ෂතා ඇති පුහුණුකරුවෙක්. ග්‍රාන්ට් ෆ්ලවර් හොඳම පිතිකරු පුහුණුකරුවෙක්. පිතිකරුවන් ලකුණු ගැහුවුවේ නැති වුණාම ග්‍රාන්ට් ෆ්ලවර් ෆේල් ද? එහෙම එකක් නෑ. පිට්ටනිය මැදට ගියාම ඒ අය දැන ගන්න ඕනේ සෙල්ලම් කරන්නේ කොහොමද කියලා.

    මේ රටේ අපි එදා ඉඳලා ක්‍රිකට් දැක්කනේ. හෂාන් තිලකරත්නලා බෝලේ ඇඟේ වද්දගෙන. විකට් එකේ ඉඳගෙන ලකුණු සීයකුත් ගහලා කණ්ඩායමත් බේරගෙන එනවා. අද එහෙම අය කෝ. මා හිතනවා අපට වැරදුණේ කණ්ඩායමක් ලෙස ඔවුන්ගේ වගකීම හරි හැටි හඳුනා නොගැනීමයි.

    දකුණු අප්‍රිකා තරගාවලිය පැත්තකින් දාමු. ඒකේ වේග පන්දු යවන්නන්ට උචිත තණතිලි. නමුත් ගාල්ලේ තරග දෙක. මෙහේ දඟ කැවෙන විකට්ටුවක කොහොමද ගහන්නේ කියලා තේරුම් ගත්තේ නෑ. අපි තමයි දඟ කැවෙන විකට් එකක ලෝකයේ හොඳින්ම පන්දුවට පහරදුන් කණ්ඩායම. අද ඒ වුණාට අනිත් පැත්තට ගියා. මේක පරිපාලනයේ නොහැකියාව නොවෙයි. ඒ අය ක්‍රීඩකයන් ලෙස වගකීම නොගෙන ක්‍රීඩා කිරීම’

    ‘කණ්ඩායමේ කවුරු හරි ඇවිල්ලා මේ කෝච් හොඳ නෑ. ලෝකේ හොඳම කෙනා මෙයා. ආන්න එයාව අපට ගෙනත් දෙන්න කිවුවොත් දෙන්න සූදානම්. අපට මේ පහසුකම නෑ ඒක දෙන්න කිව්වොත් ඒකත් දෙනවා. මට කියන්න කවුරු හරි ඇඟිල්ල දික් කරලා මේ පහසුකම අප ක්‍රිකට් කණ්ඩායමට දීලා නෑ කියලා. සෑම දෙයක්ම දීලා තියනවා. හැබැයි අපේ පැත්තෙන් එක වරදක් වුණා උපායශීලී නොවීම. උදාහරණයක් විදිහට කොදෙව් රටට යන්න තියෙනවානම් එයට මාස දෙකකට කලින් නැඟී එන කණ්ඩායමක් යවන්න අවශ්‍යයි. ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් තුන් හතර දෙනෙක් එක්ක. පුහුණුකරුවන් දෙන්නෙක් විතර යවන්න ඕනේ. එතකොට අපට දැන ගන්න පුළුවන් තණතිලි හැසිරෙන ආකාරය කල් ඇතිවම. ඒක වාසියක් කරගත හැකියි’

    ‘ක්‍රිකට් වෙනුවෙන් නාමල් රාජපක්ෂ ඇමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡා සුබවාදීව බලන්න ඕනේ. ඒ සාකච්ඡාවට එක්වූ මහේලගේ හොඳ අදහස් තිබුණා. එතැනදී සාකච්ඡා වුණ දෙයක් තමයි පළමු පෙළ තරගාවලිය ටියර් බී එකට නැති කර අලුත් ව්‍යුහයක් සැකසීම. මේ දැන් තිබෙන ක්‍රමය කලින් කළ ක්‍රීඩා සමාජ ඇති වුණාම හැදුණ ක්‍රමයක්. මේවා ඡන්ද බලාගෙන කල වැඩ නොවෙයි. එදා අම්බලන්ගොඩ සිංහ ක්‍රීඩා සමාජය, කුරුණෑගල, මහනුවර, මාතර ක්‍රීඩා සමාජ පළමු පෙළ තරගාවලියට ක්‍රීඩා කළා. නමුත් අද ඔවුන්ට දක්ෂතා පෙන්වන්න බැරිවෙලා පහළට වැටුණා. ඒ වගේ ක්‍රමවේදයක් අපේ කාලේ ඉඳලාම තිබුණා. ටියර් ‘බී‘ එකට තැනක් දුන්නේ අපේ ක්‍රීඩකයන්ට පිටරට ගිහින් සල්ලි හොයන ක්‍රමවේදයක් හදන්නයි. මොකද මෙහේ පළමු පෙළ තරග 5ක් ගැහුවුවාම එංගලන්තයේ ක්‍රීඩා සමාජයකට ගහන්න පුළුවන්. කෙටි කාලයකදී අපේ ක්‍රීඩකයකුට මිලියනයක් වගේ මුදලක් උපයාගන්න හැකියි’

    ‘අලුත් පළාත් තරගාවලියකට යෝජනාවක් ආවා. ඒක අපේ කැලැන්ඩරයට දාන්න කටයුතු කරනවා. ඇමැතිතුමා කිවුවා දිරිගැන්වීමේ දීමනා සහිත ක්‍රමයක් යෝජනා කරන්න කියලා. නිකම්ම සල්ලි දෙනවාට වඩා ඒ ක්‍රමය හොඳයි. බේස්රේට් එකක් දීලා දිරිගැන්වීමේ ක්‍රමයක් ඇති කිරීම හොඳයි. තවත් යෝජනාවක් ආවා ක්‍රීඩකයන්ගේ පුද්ගලික දක්ෂතා අනුව අයි. සී. සී ශ්‍රේණිගත කිරීම් ඉහළට යද්දී ඔවුන්ට වෙනම ගෙවීමක් කරන්න. මේ සියලු යෝජනා ක්‍රිකට් දියුණුවට හොඳයි. ඇමැතිතුමාටත් අපටත් ඕනෑ ක්‍රිකට් දියුණු කරන්නයි. දෙපැත්තම එකතුවෙලා ශක්තිමත් ක්‍රමවේද හදනවා’ වික්‍රමරත්න මහතා පැවැසීය.

    ඉදිරියේ පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී තම කණ්ඩායම යළිත් නියත වශයෙන්ම ජයගන්නා බව ද ඒ මහතා අවධාරණය කළේය.

    ‘ගතවූ කාලයේ කොරෝනා අර්බුද මැද අප විශාල වැඩ කොටසක් කළා. පාසල් ක්‍රීඩාව දියුණු කරන්න විතරක් මිලියන 500ක් දුන්නා. ඒ වගේ වියදමක් ඉතිහාසයේදී වෙලා නෑ. පාසල් ක්‍රිකට් සංගමය උනන්දුවෙන් වැඩ කරනවා. පාසල් ක්‍රිකට් හොඳ මට්ටමකට ගෙන ආ යුතුයි. ක්‍රීඩා සමාජවලට සල්ලි දෙන්නේ නෑ. නමුත් ඔවුන්ගේ යටිතල පහසුකම් දියුණු කරනවා. දැන් බලන්න අම්බලන්ගොඩ ධර්මාශෝක – දේවානන්ද හොඳම පාසල් දෙකක් ති‍ෙයනවා. කරන්දෙණිය සෙන්ට්‍රල් එක ති‍ෙයනවා. ඒකට ක්‍රීඩාපිටියක් නෑ. හොඳ ග්‍රවුන්ඩ් එකක් අපි හදනවා. ඒක අල්ලසක් දීමක් ද? දියුණුව දකින්න බැරි උදවිය එක එක දේ කියාවි. හොරු කියයි. දූෂිතයෝ කියයි. ශ්‍රී ලංකා ක්‍රිකට් හැම වියදමක්ම රජයේ විගණනයට යටත්. මොනවා කිවුවත් අපි අපේ ගමන යනවා. ඒක ජනතාවාදී ගමනක් බව අපේ ඡන්දදායකයෝ පිළිගන්නවා. ඒකයි අපි හැමදාම දිනන්නේ. ගිය නිලවරණයට වඩා අපට දැන් ඡන්ද වැඩියි’ ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපතිවරයා පැවැසීය.

    ප්‍රින්ස් ගුණසේකර

  • ‘කොවිෂීල්ඩ් එන්නතට’ ඖෂධ නියාමන අධිකාරියෙන් සුපිරි සැලකිලි ?

    ‘කොවිෂීල්ඩ් එන්නතට’ ඖෂධ නියාමන අධිකාරියෙන් සුපිරි සැලකිලි ?

    ශ්‍රී ලංකාව දිගින් දිගටම කොවිෂීල්ඩ් එන්නත මත පමණක් යැපෙන්නට කෘතිම උත්සාහයක් දරන්නේද යන සැකය මතු වන්නේ ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි අනුපිළිවෙල විමසීමේදීය. කොවිෂීල්ඩ් සදහා කෙටි කාලයකින් ලියාපදිංචිය ලබාදෙන අධිකාරිය, ෆයිසර් සදහා තවම ලියාපදිංචි අවසරය ලබා දී නොමැත. ඒ අනූව ලැබෙන සෑම අවස්ථාවකදීම, රටක් ලෙස අපට ඉල්ලුම් කල හැකි වන්නේ කොවිෂීල්ඩ් පමණි.   

    ඉන්දියාවේ කොවිෂීල්ඩ් එන්නත ලංකාවේ සෞඛ්‍ය කාර්‍යමණ්ඩලයට  පළමු කොවිඩ් ප්‍රතිශක්තිකරණ අත්දැකීම ලබා දුන්නේය. නමුත් රටේ සාමාන්‍ය මහජනතාව සදහා එම අද්දැකීම ලැබෙන දිනය පිළිබදව නිෂ්ච්ත දිනයක් පෙනෙන මානයක නොමැති අතර, ඒ වෙණුවට එන්නත් සැපයුම්කරුවන්ගේ තරගයක් සුපුරුදු පරිදි  ඖෂධ නියාමන අධිකාරිය හරහා මතුවෙමින් තිබේ.

    එන්නත අපට මහ මෙරක් වුවද, කොවිඩ් වසංගතය හේතුවෙන් ලොව පුරා මතුවුණු “එන්නත් ඉල්ලුම” සඳහා සැපයුම් ලබාදීම මේ වන විට ව්‍යාපාරික තරගයක් බවත්, ඒ සදහා සීතල යුද්ධ ක්‍රියාතමක වන බවත්, අප අමතක නොකල යුතුය.  ඇමරිකාව, එංගලන්තය, රුසියාව, චීනය සහ ඉන්දියාව මෙම ජත්‍යන්තර එන්නත් තරඟයේ මුල් පෙළට පැමිණ තිබේ. ශ්‍රී ලංකාව කිසිසේත්ම තරඟකරුවෙකු නොවුණ බව හා ගැනුම්කරුවෙකු ලෙස එම තරගයේ ආසියාතික කලාපයේ ඉත්තෙක් පමණක් වන බව රටක් ලෙස වටහා ගනිමින් කටයුතු කිරීම, රටේ බහුතර මහජනතාවට වඩා හොඳ එන්නතක් ලබාදීම සඳහා අත්‍යාවශ්‍යය. 

    ඒ නිසාම ඉන්දියාවේ කොවිෂීල්ඩ් එන්නත පරිත්‍යාගයක් හරහා පැමිණ අප රටට විශාල සහනයක් ලබා දී තිබූ පමණින්, කොවිෂීල්ඩ් ඇබ්බැහියකට ලක්විය යුතු නැත.

    ලෝකෙන් එන්නත් තරගය දෙස විමසිලිමත් වීමේදී, මෙතෙක් නිෂ්පාදනය වී ඇති එන්නත් අතර මුලටම පැමිණ ඇත්තේ ඇමරිකාවේ ෆයිසර් එන්නත බව පැහැදිලිය. සිංගප්පූරුව ඇතුළු ලෝකයේ දියුණු රටවල් ගණනාවකම ඒ ඒ රටවල් වල ඖෂධ අධිකාරීන් විසින් අනුමත කර ඇත්තේ ෆයිසර් එන්නත පමණි. ලෝක සෞඛ්‍ය සංවිධානය,මේ වන විටත් සිය පුර්ව එකඟතාවය ලබා දී ඇත්තේ ෆයිසර් එන්නතට පමණි. ඇස්ට්‍රා සෙනිකා එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානය කාර්ය මණ්ඩලය සඳහා ලබා දීම පවා ඔවුන් තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වේ. එසේම ෆයිසර් එන්නත RNA වර්ගයේ එන්නතක් වන බැවින් ප්‍රභේද සදහා වඩා සාර්ථක බවද කියැවේ. තවද, සාර්ථකත්වය 95%ක් පමණ වන බැවින්,  එන්නත් තරඟයේ දී ඔවුන් ඉදිරියට පැමිණ ඇත්තේ වෙළඳ උපක්‍රම මගින්ම පමණක් යැයි කිව නොහැකිය.

    නමුත් ශ්‍රී ලංකාව දිගින් දිගටම කොවිෂීල්ඩ් එන්නත මත පමණක් යැපෙන්නට කෘතිම උත්සාහයක් දරන්නේද යන සැකය මතු වන්නේ ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි අනුපිළිවෙල විමසීමේදීය. කොවිෂීල්ඩ් සදහා කෙටි කාලයකින් ලියාපදිංචිය ලබාදෙන අධිකාරිය, ෆයිසර් සදහා තවම ලියාපදිංචි අවසරය ලබා දී නොමැත. ඒ අනූව ලැබෙන සෑම අවස්ථාවකදීම, රටක් ලෙස අපට ඉල්ලුම් කල හැකි වන්නේ කොවිෂීල්ඩ් පමණි.   

    එන්නත් පරීක්ෂාව ලෙස අපට දැනට කල හැකිව තිබෙන්නේ ලේබල් සහ ලියකියවිලි පරීක්ෂාව පමණක් වන බැවින්ද, ඊට එහා ගිය විද්‍යාත්මක හැදෑරීමකට වෛද්‍ය පර්‍යේෂණ ආයතනය වැනි ආයතනවල් සූදානමක් නැති හෙයින්ද, මෙම ලියාපදිංචි කිරීම් ප්‍රමාද වීම සදහා විශාල හේතු තිබිය නොහැක.

    මිලියන නවයක නව එන්නත් තොගයයක් ඇනවුම් කිරීමට පියවර ගනිමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රකාශ කර ඇති අතර, ඉදිරියේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආධාර වශයෙන්නද විශාල එන්නත් තොගයක් ලැබීමට නියමිතය. මේකී සියළු ඇනවුම් සදහා කොවිෂීල්ඩ් පමණක් නිර්දේශ වන්නේ අහම්බයකින් නොවන බව අප වටහා ගත යුතු අතර, රටක් ලෙස ලොව පුරා වඩා වැඩි විශ්වාසයක් දිනා ඇති එන්නත් අපේ රටේ මහ ජනතාවට ලබා දීමට ඇති හැකියාව,  සැලසුම් සහගතව අවහිර කරමින් පවතින්නේද යන්න පිළිබදව සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමු වියයුතුය. විශේෂයෙන්ම එන්නතෙහි හැකියාවට වඩා දේශීය සමාගම්වල හැකියාවට අනුව ගුණාතමකව පහල වර්ගයේ එන්නතක් සදහා අප වැඩි ඉඩකඩක් ලබා නොදිය යුතු අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ වඩා වැඩි විශ්වාසය දීනා ඇති එන්නනත අපේ රටේ පුර වැසියන් සදහා ලබා දීම වෙණුවෙන් රජයේ පූර්ණ අවධානය යොමුවිය යුතුය. 

    එමෙන්ම එන්නත් පිළිබදවත්, එහි පසු ප්‍රවතා පිළිබදවත්, වෙළද දෘෂ්ඨියකින් කටයුතු කිරීම වෙණුවට,  විද්‍යාත්මක දෘෂ්ඨියකින් කටයුතු කිරීම සදහා, ඊට අදාල පර්‍යේෂණාත්මක කටයුතු කෙරෙහි සෞඛ්‍ය අමාත්‍යාංශය මීට වඩා වැඩි සැලකිල්ලක් දැක්විය යුතු අතර, වෛද්‍ය පර්‍යේෂණ ආයතනය වැනි ආයතන වල වගකීම නිවැරදිව කළමණාකරණය කල යුතුය.

    රවී කුමුදේශ්, සභාපති – සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය 

  • ළහිරු තිරිමාන්නට සහ මිකී ආතර්ට කොරෝනා ආසාදනය වෙලා

    ළහිරු තිරිමාන්නට සහ මිකී ආතර්ට කොරෝනා ආසාදනය වෙලා

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතාට සහ ශ්‍රී ලංකා ක්‍රිකට කණ්ඩායමේ ආරම්භක පිතිකරු ළහිරු තිරිමාන්නට කොවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විසින් අද (03) දින නිකුත් කළ නිවේදනයක සදහන් වෙනවා.

    එම මාධ්‍ය නිවේදනයේ මෙසේද සදහන් වේ.

    බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග සංචාරයට සහභාගිවීම සදහා සූදානම් වෙමින් සිටින ක්‍රීඩකයින් 36 කුගෙන් සමන්විත තාවකාලික ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටින ළහිරු තිරිමාන්නට සහ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්ට කොවිඩ් – 19 වෛරසය ආසාධනය වී තිබෙන බවට සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.

    කොදෙව් සංචාරය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා සංචිතය ඉකුත් ජනවාරි 28 වැනිදා සිය පුහුණුවීම් ආරම්භ කළඅතර ඊයේ (02 වැනිදා) සිදුකරන ලද පී. සී. ආර්. පරීක්ෂණවල වාර්තාවන්වලට අනුව මොවුන් දෙපළට වෛරසය ආසාධනය වී තිබෙන බව අනාවරණය වී තිබේ. ඒ අනුව වහාම ක්‍රියාත්මක වුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කොරෝනා වැළඳීමේදී රජය විසින් අනුගමනය කරනු ලබන සෞඛ්‍ය නීති වලට අනුව ඔවුන් දෙපළ දැනුවත් කර තිබේ.

    ක්‍රීඩකයින් 36 දෙනෙකුගෙන් සමන්විත පුහුණු සංචිතය සෞඛ්‍යාරක්ෂිත භාවය පිළිබඳව අවධානය යොමු කරමින් කාණ්ඩ 3 ක් යටතේ සිය පුහුණුවීම් වල නිරත විය. ඊට අමතරව ජාතික කණ්ඩායමේ පුහුණුකරුවන්, ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයේ පුහුණුකරුවන් මෙන්ම පුහුණුවීම් සඳහා යොදා ගනු ලබන පන්දු යවන්නන්(Net Bawler) සියල්ලම ඇතුළත් වන පරිදි එම පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර තිබේ.

    වත්මන් තත්ත්වය මත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය නැවත පැවැත්වීමේ හැකියාව පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය මෙම මස 20 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබුණි. තත්ත්වය එවන් තලයක පත්වද්දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වැඩ කටයුතු සාමාන්‍ය පරිදි සෞඛ්‍ය රෙගුලාසිවලට මුල් තැන දෙමින් දිගටම සිදුකරගෙන යනු ඇත.

  • Covid-19 ආසාදිත බිළිදුන් 150ක් ළමා රෝහලේ – රෝහල් අධ්‍යක්ෂ

    Covid-19 ආසාදිත බිළිදුන් 150ක් ළමා රෝහලේ – රෝහල් අධ්‍යක්ෂ

    දරුවෙකුට කොවිඩි-19 ආසාදිත වූ  විට රෝහල්ගත කිරීමට ප්‍රමාද වීම රෝගය උත්සන්න වීමට හේතුවක් වී ඇති බැවින් රෝග ලක්ෂණ මතු වූ වහාම බිළිඳු දරුවන් රෝහල්ගත කිරීමට පියවර ගන්නා ලෙස රෝහල් අධ්‍යක්ෂවරයා මාපියන් ගෙන් ඉල්ලා සිටිනවා.

    කොරෝනා වයිරසය ආසාදනය වූ බිළිඳුන් 150  දෙනෙකු මේ දක්වා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් හඳුනාගෙන ඇතැයි එහි රෝහලේ අධ්‍යක්ෂ ජී. විජේසූරිය මහතා පවසූ බව ලංකාදීප ඊ පුවත්පත අද (03) දින වාර්තා කළා.

    රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ ෙඑම බිළිඳුන්ගේ මාපියන්  සිය දෙනකුට ද වයිරසය ආසාදනය වී තිබූ බවත් මෙසේ ආසාදිත බිළිදුන් අතරින් මාස 18ක බිළිඳෙකු ඉකුත් දා රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දී මිය ගිය අතර  එම බිළිදාගේ මාපියන්ට ද වයිරසය ආසාදනය වී තිබූ බවයි.

    දරුවෙකුට කොවිඩි-19 ආසාදිත වූ  විට රෝහල්ගත කිරීමට ප්‍රමාද වීම රෝගය උත්සන්න වීමට හේතුවක් වී ඇති බැවින් රෝග ලක්ෂණ මතු වූ වහාම බිළිඳු දරුවන් රෝහල්ගත කිරීමට පියවර ගන්නා ලෙස රෝහල් අධ්‍යක්ෂවරයා මාපියන් ගෙන් ඉල්ලා සිටිනවා.

  • දඹුල්ල ආර්ථිකයේ ‘එළවළු තොග මිල’ 40% කින් පහළට

    දඹුල්ල ආර්ථිකයේ ‘එළවළු තොග මිල’ 40% කින් පහළට

    ඉදිරි දින කිහිපයේදිත් ඇතැම් විට යාපනය අර්ධද්වීපයේ දඹුල්ලට ලැබුණහොත් තොග මිල සාමාන්‍ය අතට පත්වනු ඇති බවත් වෙළෙන්දෝ කියති.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පසුගිය සතියේ සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබූ එළවළු තොග මිල 40% කින් පමණ අද(03) උදෑසන සිට පහළ වැටී ඇතැයි ව්‍යාපාරිකයෝ පවසති.

    එළවළු මිල පහත වැටීම සඳහා හේතු පාදක වී ඇත්තේ එළවළු මිලදී ගැනීමට පැමිණෙන වෙළෙන්දන් අද අලුයම විශාල වශයෙන් අඩුවීම යාපනය අර්ධද්වීපයෙන් විශාල වශයෙන් එළවළු තොග දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මෙදින ලැබීම බව ද ඔවුහු පවසති.
     
    පසුගිය සතියේ සෑම එළවළුවක්ම කිලෝ එකක තොග මිල රුපියල් 200 ඉක්මවා තිබිණි.පසුගිය සතියේ බොන්චි කිලෝවක  තොග මිල රුපියල් 230 ත් 280 ත් අතර ඉහළ අගයක් ගෙන තිබිණි.මෙදින බෝංචි කිලෝවක තොග මිල රුපියල් 100 දක්වා පහත වැටී තිබීම විශේෂත්වයකි.බෝංචි මිල පහත වැටීම නිසා අනෙකුත් සෑම එළවලු කිලෝවකම තොග ගැනුම් මිල පහත වැටෙන බව ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.
     
    ජාතික නිදහස් දිනය හෙට(4 දිනට) යෙදී තිබෙන නිසා රටේ දුර බැහැර ප්‍රදේශවල මෙන්ම කොළඹ ප්‍රදේශයේ එළවළු මිලදී ගැනීම සඳහා පැමිණෙන බොහෝ දෙනාගේ අඩුවීම එළවළු මිල තවත් පහළ යෑමට හේතුවක් ව ඇති බව ආර්ථික මධ්‍යස්ථානයට  මෙදින එළවළු රැගෙන ආ ගොවීහු කියති.
     
    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල විශාල වශයෙන් රටේ දිස්ත්‍රික්ක  කිහිපයකින්ම “දෙල්” තොග වැඩි වශයෙන් ලැබී තිබිණි.

    දෙල් ගෙඩියක උපරිම මිල රුපියල් 130 සිට 140 දක්වා ඉහළ අගයක් ගෙන ඇත.

    ඉකුත් සතියේ රුපියල් 55-60 අතර ඉහළ අගයකට අලෙවි වූ පිපිඤ්ඤා කිලෝවක් රුපියල් 30 දක්වා පහත වැටී තිබේ.
     
    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මෙදින යාපනය ප්‍රදේශයෙන්  වම්බටු, මෑකරල්, රතුලූනු, මඤ්ඤොක්කා, නයි මිරිස් ආදී එළවළු වර්ග රැසක් ලැබී තිබුණු බවත්  ඉදිරි දින කිහිපයේදිත් ඇතැම් විට යාපනය අර්ධද්වීපයේ දඹුල්ලට ලැබුණහොත් තොග මිල සාමාන්‍ය අතට පත්වනු ඇති බවත් වෙළෙන්දෝ කියති.
     
    ආර්ථික මධ්‍යස්ථානයේ පුරා විශාල හිඟයක්  පැවැති අමු මිරිස් තොග ද මෙදින ආර්ථික මධ්‍යස්ථානයට සැලකිය යුතු ප්‍රමාණයක් ලැබීමත් සමඟ රුපියල් 750 ත් -1000ක් අතර අලෙවි අමු මිරිස් කිලෝව මෙදින රුපියල් 750දක්වා අඩු මුදලකට අලෙවි වීම තවත් කරුණකි.

    කාංචන කුමාරආරියදාස විසින් ලංකාදීප ඊ පුවත්පතට සම්පාදිත ප්‍රවෘත්තියකි

  • වෛද්‍ය ගයාන් දන්තනාරායනගේ මරණ සමග හෙළිවන ‘ලංකාවේ කොවිඞ් මර්දනයේ සැබෑ පැතිකඩ’

    වෛද්‍ය ගයාන් දන්තනාරායනගේ මරණ සමග හෙළිවන ‘ලංකාවේ කොවිඞ් මර්දනයේ සැබෑ පැතිකඩ’

    කොරෝනාවෛරසය ආසාදනය වූ ශ්‍රී ලංකාවේ පළමුවන වෛද්‍යවරයාගේ මරණය කරාපිටිය රෝහලෙන් වාර්තාවීමත් සමඟම ඉදිරි පෙළ සෞඛ්‍ය නිලධාරීන්ගේ ආරක්ෂාව පිළිබඳව දැඩි ගැටළු මතුවෙමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

    වෛද්‍ය ගයාන්

    කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි මෙසේ මියගොස් ඇත්තේ රාගම හීන්කන්ද පදිංචිව සිටි ගයාන් දන්තනාරායන නමැති 31 හැවිරිදි වෛද්‍යවරයාය.

    ඔහු රාගම රෝහලේ සේවය කරමින් සිටියදී කෝවිඩ්-19 ආසාදනයවීම හේතුවෙන් කොළඹ අයි.ඩී.එච් රෝහලට ඇතුළත් කිරිමෙන් පසු නිව්මෝනියා වැළඳිම නිසා කෘතිම ශ්වසන යන්ත්‍රයකට සවි කොට ප්‍රතිකාර ලබාදිම සඳහා ඉකුත් 27 වෙනි දින කරාපිටිය රෝහලට මාරුකර එහි දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.

    මියගිය වෛද්‍ය ගයාන් දන්තනාරායන නුගේගොඩ ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය ලබා චීනයේ විශ්ව විද්‍යාලයකින් වෛද්‍ය උපාධිය ලබාගෙන තිබේ.

    මේ අතර මියගිය වෛද්‍යවරයාගේ පවුලේ අයද මේ වනවිට නිරෝධායනයට යොමු කර ඇති බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පැවසීය.

    වෛද්‍ය ගයාන් දන්තනාරායන ගේ දේහය ආදාහනය කරා රැගෙන යමින්
    වෛද්‍ය ගයාන් දන්තනාරායන ගේ දේහය ආදාහනය කරා රැගෙන ගිය අවස්ථාව

    පසුගිය ඔක්තෝබර් මාසයේ බ්‍රැන්ඩික්ස් පොකුරත් සමඟ ආරම්භ වූ දෙවන රැල්ලේ දී මේ වන විට වෛද්‍යවරුන් 100 කට වැඩි ප්‍රමාණයකට කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බවත් සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ දහසකට ආසන්න පිරිසක් මේ වන විට ආසාදිතයන් බවට පත්වී ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ බීබීසී සිංහල සේවය සමඟ පැවසීය.

    ඔහු පැවසුවේ මේ වනවිට වෛද්‍යවරුන් 50 කට අධික පිරිසක් ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

    “මේක අපි දෙයාකාරයකින් විග්‍රහ කළා. එකක් තමයි ඉදිරි පෙළ සේවය කරන සෞඛ්‍ය වෘත්තීකයන්ට ඔවුන්ගේ මානසික ඒකාග්‍ර තාවය තියෙන්න එපැයි හොඳට වැඩ කරන්න, ඒගොල්ලන්ගේ ආරක්ෂාව සහතිකයකුත් එක්ක. ඉතින් එතන ප්‍රශ්නයකුත් තිබුණා මේ විදිහට අසාමාන්‍ය ඉහළ ප්‍රමාණ වලින් අපි පළමුවෙනි රැල්ලේදී මෙහෙම දැක්කේ නෑනේ. දෙවැනි රැල්ල සමාජය තුළත් ලොකුවට ව්‍යාප්ත වෙලා තියෙන තත්වය යටතේ මේක ව්‍යාප්ත උනා රෝහල් තුළ. ඒ අනුව වෛද්‍ය වරු ඇතුළු කාර්යමණ්ඩල ගණනාවක් රෝගීන් බවට පත්වුනා. ඒ හරහා යම් අවිශ්වාසයක් යම් අවිනිශ්චිත තාවයක් එක්ක තමයි මේ වෛද්‍ය වරුන්ට හා හෙද කාර්යමණ්ඩල වලට වැඩ කරන්න සිද්ධ උනේ ඒක negative impact එකක් වෙනවා අපේ system එකට.”

    ඔහු තවදුරටත් පැවසුවේ මෙසේ දිගින් දිගටම සෞඛ්‍ය අංශ නිලධාරීන් ආසාදිතයන් බවට පත්වුවහොත් දැනටමත් සීමා සහිත වූ සෞඛ්‍ය කාර්යමණ්ඩලය තව දුරටත් සේවයෙන් ඉවත් කිරීමට සිදුවුවහොත් රටේ සෞඛ්‍ය ධාරිතාවය තදුරටත් සීමා සහිත වීම රටටම තර්ජනයක් වන බවයි.

    “කොහොමත් අපේ health staff limited නේ අපේ resources, අපේ ධාරිතාවය සිමා සහිතයි නේ. එතකොට මේ විදිහට positive වෙන්න ගත්තොත් එහෙම ඊළගට මේ positive වෙන අය වටේට හැදෙනවා ආශ්‍රිතයෝ, එතකොට ඒ අශ්‍රිතයෝත් මේ system එකෙන් අයින් කරන්න සිද්ධ වෙනවානේ. ඒ තත්ත්වය යටතේ දැනටත් ඉතා සිමිත සෞඛ්‍ය කාර්යමණ්ඩලයක් ඉන්නේ. එතකොට තව සීමා වෙනවා. එතකොට අපේ ධාරිතාවය ඉතා ඉක්මනින් ඉක්මවා යන්න පුළුවන්. අපි දැක්කා ලෝකේ අනිත් රටවල් වල ධාරිතාවය ඉක්මවා ගියහම ලෙඩ්ඩු මැරෙනවා ඔය දියුණුයි කියන රටවල පවා. ඉතින් අපිටත් එතනට යන්න වෙන්නේ නැති වෙන්නනම් අපේ සෞඛ්‍ය කාර්යමණ්ඩලය රැකගෙන යන්න ඕන,”යනුවෙන් වෛද්‍ය අලුත්ගේ පැවසීය.

    දෛනිකව වාර්තාවන ආසාදිතයන් ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන අතර මෙම මස අග වන විට එය තවත් ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇති බවත් වෛද්‍ය අලුත්ගේ පැවසීය. දිනකට වාර්තා වන ප්‍රමාණය 500-600යේ සිට මේ වන විට 800-900ක් දක්වා වැඩි වී තිබේ.

    “දවසකට හමුවන රෝගීන් ගණන එන්න එන්න වැඩිවෙලා තියෙන්නේ ඉතින් එතකොට මිනිස්සු ලෙඩවෙලා රෝහල් වලට එනකොට රෝහල්වල වෛද්‍යවරු හිටියේ නැත්තන් බෙහෙත් කරන්න, හෙදියෝ හිටියේ නැත්තම් බලාගන්න ඒ මිනිස්සුන්ට කාගේ පිහිටක් ද? ඒකත් බලපානවා මිනිස්සුන්ට.”

    ශ්‍රී ලංකාවේ කොරෝනා මර්ධන ප්‍රතිපත්තිය සහ ක්‍රමවේදය වෙනස් විය යුතු බවත් ඔහු පැවසීය.

    රටේ පරීක්ෂණ ක්‍රමවේදය බෝහෝ කලකින් වෙනස් වී නැති බවත් ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂා වර්තමානයේ භාවිතකරන පිළිවෙල පිළිබඳව නැවත සමාලෝචානයක් අවශ්‍ය බවත් නීරෝධායන ක්‍රමවේදයත්, රෝගීන් හැර ප්‍රතිකාර කරන ආකාරයත් වෙනස් විය යුතු බවත් ඔහු පැවසීය.

    “මේ වෙලාවේ ඇත්තටම මේ මරුමුවට පත්වුණ මේ වෛද්‍ය වරයාට අපිට කරන්න පුළුවන් හොඳම දේ තමයි මේ වගේ deaths අනාගතයේදී නොවෙන්න අපේ අඩුම ගණනේ අපිට පෙන්නලා තියෙන විදිහට අපේ මේ ප්‍රතිපත්ති නැවත සමාලෝචනය කරනන් ඕන. එහෙම නැති උනොත් එහෙම ලෝකයේ අපි 10 වෙනි තැනට ආව තමයි. අපි ඒ 10 වෙනි තැන ඉන්නනම් ලෝකයේ අපිට වඩා හොඳට කරලා තියෙන රටවල් ක්‍රියාකරල තියෙන ආකාරය අරන් තියෙන ක්‍රියාමාර්ග අපේ රටට ගැලපෙන විදිහට පාවිච්චි කරන්න ඕන,” යනුවෙන් වෛද්‍ය හරිත අලුත්ගේ පැවසීය.

    “අපිට ඉහළින් ඉන්න රටවල් පාවිච්චි කරන උපක්‍රම තුනක් තියෙනවා, පළවෙනි එක තමයි පරීක්ෂණ ප්‍රමාණය වැඩි කරගන්න එක. ඒ තුළින් රෝගීන් හදුනාගෙන ඔවුන්ව සමාජයෙන් ඉවත් කිරීම. එතකොට තමයි සමාජය ආරක්‍ෂිත වෙන්නේ දෙවෙනි එක. අපේ සන්නිවේදනය, අපි හරි විධියට සන්නිවේදනය කරනවද? උදාහරණයක් විදිහට මම අද ගෙදරින් එලියට බහින කොට මම හරි විදියට තත්ත්වය දන්නවද? හරි අවදානම දන්නවානම් නේ මට හරි විදිහට පරිස්සම් වෙන්න පුළුවන් වෙන්නේ. සෞඛ්‍ය නිර්දේශිත ක්‍රමවේදයන් හරි විදිහට අනුගමනය කරන්න පුළුවන් වෙන්නේ. හැබැයි දැන් කරන්නේ බයට නේ නැතිව හරියට හරි තත්ත්වය දන්න නිසා නෙවෙයිනේ.”

    මේ අතර ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ හෙදියන් කෝවිඩ් විශේෂ නිවාඩුව ලබා දෙන ලෙස ඉල්ලා අඟහරුවාදා දිනයේ සිට අඛණ්ඩ විරෝධතාවයක් ආරම්භ කර තිබෙන බවට මාධ්‍ය වාර්තා කෙරිණි.

    ‘අවදානම දන්නවා’

    ඉදිරි පෙළ සේවයේ නියුතු නම හෙළි කිරීමට අකමැති වෛද්‍ය වරියක් බීබීසී සිංහල සේවය සමග පැවසුවේ මෙය තම රැකියාවේ ස්වභාවය බවත් එහි ඇති අවදානම දැනගෙන තමන් සේවයට බැඳුණු බවත් ය.

    “මෙය හරිම ඛේදනීයයි. අපි දන්නේ නෑ හරියටම මොකද උනේ කියල. මේක අපේ රැකියාව. හැබැයි අපි හිතනවා අපේ පවුල්වලට යම්කිසි රක්ෂණයක් තිබුණ නම් හොදයි කියල.”

    මේ අතර වෛද්‍යවරයකු වන රමින්ද ගුණරත්න තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ “අපට මරණ අවශ්‍ය නැත, අපට කිසිදු මරණයක් අවශ්‍ය නැත. කරුණාකර, ඔබේ මුහුණු ආවරණ නිසි ලෙස පැළඳ ගන්න, හොඳින් අත් පිරිසිදුව තබා ගන්න, දුරස්තභාවය තබා ගන්න සහ සමූහයා සමඟ එක්රැස් නොවන්න. ඔබට පිරිනමන විට, එන්නත ලබා ගන්න,” යනුවෙනි.

    “ඔබට අන් අයව පාලනය කළ නොහැක, නමුත් ඔබට ඔවුන්ව ආරක්ෂා කළ හැකිය,” යනුවෙන් ද එම සටහනේ දැක්වේ.

    “ඇත්තටම මම විශ්ව විද්‍යාලයේ ඔහුත් සමග එකට ඉගෙන ගත්තේ. ඔහුගේ තත්වය ගැන දැනගැනීමෙන් මම කම්පාවට පත් වුනා. ඔහු කරුණාවන්ත හදවතක් ඇති, දක්ෂ වෛද්‍යවරයෙක්,” යනුවෙන් ජාතික රෝහලේ සේවය කරන වෛද්‍ය අංජලී දයාරත්න බීබීසී සිංහල සේවය සමඟ පැවසීය.

    “බොහෝ ඉදිරි පෙළ සෞඛ්‍ය සේවකයින් දැනටමත් එන්නත ලබාගෙන තියෙන්නේ. එය මෙම කෝවිඩ් වසංගතයට එරෙහිව විශාල සහතිකයක්. විශේෂයෙන් මෙම එන්නත දැක දැක ඔහුට එය ලබාගැනීමට නොහැකි වීම ගැන මට කණගාටුයි.”

    වෛද්‍ය අංජලී දයාරත්න
    “එන්නත දැක, දැක ඔහුට එය ලබාගැනීමට නොහැකි වීම ගැන මට කණගාටුයි” – වෛද්‍ය අංජලී දයාරත්න

    ඇය තවදුරටත් පැවසුවේ කොරෝනා වෛරසය වැළැක්වීම සඳහා ප්‍රතිශක්තිකරණය වැදගත් වන අතර, ප්‍රතිශක්තිකරණ වැඩසටහන් මගින් ලෝකයේ මෙතෙක් බෝවන රෝග සඳහා විශාල ආරක්ෂාවක් ලැබී ඇති බවයි.

    එන්නත ලබාගත්ත ද, ආරක්ෂාව සඳහා තවදුරටත් ආරක්ෂක උපකරණ පැළඳිය යුතු බවත් ඇය සඳහන් කළාය.

    සම්පූර්ණ උපුටා ගැනීම 2021 පෙබරාවාරි 02 බී.බී.සී සන්දේශය වෙබ්අඩවියෙනි- මෙම තොරතුරු වඩාත් පුළුල්ව හැකිතාක් සන්නිවේදනය විය යුතු නිසා උපුටා ගන්නා ලදි. ශීර්ෂ පාඨය වෙනස්කර ඇත.– ප‍්‍රධාන සංස්කාරක

  • Covid-19 Today Hot: මරණ 07ක් – නව ආසාදිතයින් 715ක්

    Covid-19 Today Hot: මරණ 07ක් – නව ආසාදිතයින් 715ක්

    කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 7 දෙනෙකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (02) තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

    අද දින වාර්තා වූ මරණ සමග කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් මියගිය සමස්ත මරණ සංඛ්‍යාව 330 ක් දක්වා ඉහළ ගියේය.

    මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද දින (02) නිකුත් කළ තවත් මාධ්‍ය නිවේදනයක සදහන් වූයේ අද දිනය තුළ කොවිඩ්-19 ආසාදිතයින් 715 දෙනකු වාර්තා වූ බවයි. ඒ සමග කොවිඩ් දෙවැනි රැල්ලේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 61.705ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.