Blog

  • ශ්‍රී ලංකාව සටනක් දීමට අසමත් වෙයි –  ජෝ රූට්ගෙන් ලකුණු 168ක සුපිරි ඉනිමක්

    ශ්‍රී ලංකාව සටනක් දීමට අසමත් වෙයි – ජෝ රූට්ගෙන් ලකුණු 168ක සුපිරි ඉනිමක්

    පිතිහරඹයට අමතරව පන්දු යැවීමේදී සහ පන්දු රැකීමේදීද අභියෝගයක් එල්ල කිරීමට අපොහොසත්වීම මත ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (15 දා) අයහපත් ආලෝක තත්ත්වය මත නියමිත වේලාවට පෙර තරගය නිමා කරන විට ශ්‍රී ලංකාවට වඩා පළමු ඉනිමේදී ලකුණු 185 කින් ඉදිරියට පැමිණීමට ජෝ රූට් ප්‍රමුඛ එංගලන්ත පිතිකරුවෝ සමත්වී සිටියහ.

    ලබා දුන් උඩ පන්දු කිහිපයක් පන්දු රකින්නන් අතින් ගිලිහී යෑම, සිය වාසියට හරවා ගත් එංගලන්ත පිතිකරුවෝ තේ පානයට පෙර තරගය නතර කර දමනා විට කඩුලු 4 ක් දැවී ලකුණු 320 ක් ලබාගැනීමට සමත්වූහ.

    ශ්‍රී ලංකාව පළමු ඉනිමේ ලබා ගත් ලකුණු සංඛ්‍යාව පසු කිරීම සඳහා ලකුණු 08 ක් අවශ්‍යව තිබියදී දිනය ඇරැඹූ එංගලන්ත කණ්ඩායම දිනය තුළදී රිසිසේ පන්දුවට පහර දෙමින් ලකුණු 193 ක් රැස් කර ගැනීමට සමත්වද්දී කඩුලු 2 ක් පමණක් බිඳ හෙළීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. දැවී ගිය කඩුලු 2, ලසිත් ඇඹුල්දෙණිය සහ ඩිල්රුවන් පෙරේරා අතර බෙදී ගියහ.

    ලසිත් ඇඹුල්දෙණිය ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන් පන්දුව තියුණු ලෙස දඟ කැවීමට සමත් වුවද සන්සුන් ලෙස පිත්ත හැසිරවූ රූට් සිය 18 වැනි ටෙස්ට් ශතකය වාර්තා කර ගැනීමට සමත්වූවේය. ශතකය ලබා ගැනීමත් සමඟ ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි කළ රූට්, ටෙස්ට් තරගයකදී පන්දුවට පහර දිය යුතු ආකාරය අමතක කර දමා සිටින ශ්‍රී ලංකා පිතිකරුවන්ට පාඩමක් වන අයුරින් පන්දුවට පහර දුන්නේය. අවශ්‍ය අවස්ථාවේදී ඉදිරි පාදයෙන්ද නැතිනම් පසු පස පාදයෙන් ක්‍රීඩා කිරීම සහ ක්‍රීඩකයින් නොමැති හිඩැස් අතරින් පන්දුව ස්ථාන ගත කිරීම රූට්ගේ ඉහළ තලයක පැවැතිණ.

    පන්දු 254 කට මුහුණ දෙමින් රූට් රැස් කරන ඇතු ලකුණු 168, එංගලන්ත පිතිකරුවකු විසින් ශ්‍රී ලංකාවේදී ලද ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින්ද වාර්තා පොත් අතරට එකතු වනු ඇත. කෙවින් පීටර්සන් 2012 වසරේදී රැස් කරන ලද ලකුණු 151 මීට පෙර වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව බවට පත්විය.

    අද දිනයේදී දැවී ගිය පළමු පිතිකරුවා වූයේ ජොනී බෙයාර්ස්ටෝය. පෙර දිනයේදී ලකුණු 47 ක් ලබාගෙන සිටි බෙයාර්ස්ටෝ අද දිනයේදී ලකුණක් ලබා ගැනීමට පෙරම තම තෙවැනි කඩුල්ල වශයෙන් දවා ගත් ලසිත් ඇඹුල්දෙණිය ආරම්භය සාර්ථක කර ගත්තේය. දිනයේ කැපී පෙනෙම සම්බන්ධතාවය ආරම්භ වූයේ ඉන් අනතුරුවය.

    මංගල ඉනිමට ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඩැන් ලෝරන්ස්, සිය නායකයාගේ ඔවදන් ලබා ගනිමින් මංගල ඉනිමේදීම අර්ධ ශතකයක් වාර්තා කිරීමට තරම් වාසනාවන්ත විය. කිසිදු අපහසුතාවයකින් තොරව තම නායකයා පන්දුවට පහර දෙන අයුරු දැක බලා ගනිමින් පන්දුවට පහර දුන් ලෝරන්ස්, සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දුවාර 43 කුත් පන්දුවකදී ලකුණු 173 ක් එක් කිරීමට දායකත්වය ලබා දුන්නේය. එම සම්බන්ධතාවයේදී වැඩි ආධිපත්‍යයක් ලෝරන්ස්ගේ පහරවල් වල පැවැතියේ යැයි කිවහොත් නිවැරදිය.

    මුහුණ දුන් පළමු පන්දුවටම ලකුණක් ලබා ගනිමින් සිය ටෙස්ට් තරගය දිවිය ඇරැඹූ ලෝරන්ස්, දිවා ආහාරයෙන් මඳ වේලාවකට පසු ලසිත් ඇඹුල්දෙණියට එවන ලද පන්දුවකට වේගවත් පහරක් එල්ල කරමින් ලකුණු 6 ක් ලබා ගැනීමට සමත්විය. මෙය මෙම තරගයේදී එංගලන්ත පිතිකරුවකු විසින් එල්ල කරන ලද එකම හයේ පහර ලෙසින් සටහන් විය.

    23 හැවිරිදි ලෝරන්ස් ඩිල්රුවන් පෙරේරාගේ ගොදුරක් ලෙසින් දැවී යන විටත් පන්දු 150 කට මුහුණ දෙමින් ලකුණු 73 ක් වාර්තා කරගෙන සිටියේය. පන්දු යවන්නන්ගෙන් ලද බුරුලද ප්‍රයෝජනයට ගත් දකුණත් නවක පිතිකරුවා වෙත ඉහළ නැගී ආ පන්දුව, ෂෝට් ලෙග් ස්ථානයේ පන්දු රැකී කුසල් මෙන්ඩිස් විසින් රැක ගන්නා විට තම ඉනිම තවත් හතරේ පහර 6 කින් වර්ණවත් කරගෙන සිටියේය. ලෝරන්ස් ලකුණු 60 ලබා සිටියදී ගලීහි පන්දු රැකි කුසල් මෙන්ඩිස් අතින්ද ලකුණු 70 ක් ලබා සිටියදී ලබා දුන් ස්ටම්ප් කිරීමේ අවස්ථාවත ශ්‍රී ලංකා පිලෙන් ගිලිහී ගියහ. තේ පානයට තරගය නිමා කිරීමට පෙර රූට් විසින් එල්ල කරන ලද පහරක් ෂෝට් ලෙග් හි පන්දු රකිමින් සිටි කුසල් මෙන්ඩිස්ගේ ඇඟේ වැදුණු අතර එහිදී ඔහු වේදනාවෙන් සිටි අයුරු දක්නට ලැබිණ. කෙසේ වෙතත් ඔහුගේ සුව දුක් විමසීමට එංගලන්ත නායකයා එම අවස්ථාවේ අමතක නොකිරීම ක්‍රිකට් ක්‍රීඩාවේ ඇති ජීව ගුණය පෙන්නුම් කරන්නක් බවට පත්විය.

    මේ වන විට ඉනිමේ වැඩිම කඩුලු ලාභියා වන්නේ වමත් දඟ පන්දු යවන ලසිත් ඇඹුල්දෙණිය වන අතර ඔහු පන්දුවාර 38 ක් යවමින් ලකුණු 131 කට කඩුලු 3 ක් බිඳ හෙළීමට සමත්ව සිටියි. ඔහුගේ පන්දු යැවීමේදී බොහෝ අවස්ථාවල පිතිකරුවන්ට අභියෝගයක් වන අයුරින් පන්දු යැව්වද අනෙක් පන්දු යවන්නන්ගෙන් ඔහුට ලැබිය යුතු දායකත්වය අද දිනයේදී නොලැබිණ. ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් පන්දුවාරයකට වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබා දී සිටින පන්දු යවන්නා වන්නේ වනිඳු හසරංග වන අතර ඔහුගේ පන්දුවාරයකට දළ වශයෙන් ලකුණු 4.20 ක අගයක් ලබා ගැනීමට පිතිකරුවෝ සමත්ව සිටිති. එහෙත් ඔහුට එකම කඩුල්ලක් හෝ නොදී සිටීමට එංගලන්ත පිතිකරුවෝ වග බලාගෙන තිබිණ.

    පෙර දින රාත්‍රියේ සිට අළුයම කාලය දක්වා ගාල්ල ප්‍රදේශය වෙත ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් මිනිත්තු 70 ක ප්‍රමාදයකින් තරගය ආරම්භ වුවද දිනය තුළ පන්දුවාර 88 ක් යැවීමට විනිසුරුවන් සැලසුම් කළහ. කෙසේ වෙතත් තේ පානය සඳහා තරගය නතර කර දැමීමත් සමඟ වර්ෂාවෙන් බාධා පැමිණීම නිසා නැවතත් තරගය ආරම්භ කිරීමට නොහැකි විය. ප.ව. 5.20 ට පමණ ක්‍රීඩාංගණයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණු ප්‍රධාන විනිසුරු දෙපළ වුණු කුමාර් ධර්මසේන සහ රුචිර පල්ලියගුරුගේ අද දිනට තරගය අත හැර දැමීමට තීරණය කළහ. ඒ අනුව අද දිනයේදී තරගයට අහිමි වුණු පන්දුවාර සංඛ්‍යාව 35 කි.

    Text by – Sri Lanka Cricket

  • Park & Ride බස් රථ සේවාව  ඇරඹේ

    Park & Ride බස් රථ සේවාව ඇරඹේ

    කොළඹ නගරය ආශ්‍රිත වාහන තදබදයට පිළියමක් ලෙස හඳුන්වා දෙන “Park & Ride” බස් රථ සේවාවේ පළමු අදියර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොට්ටාව, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් අද (15) පෙරවරුවේ ආරම්භ කෙරිණ.

    මෝටර් රථයෙන් සහ යතුරු පැදියෙන් ගමන් ගන්නා මගීන් සඳහා සුවපහසු, ආරක්ෂිත පොදු ප්‍රවාහන බස්රථ සේවාවක් සැපයීම මගින් කොළඹ සහ තදාසන්න නගර වලට ගමන් කරන වාහන සංඛ්‍යාව අඩු කිරීම මෙහි අරමුණයි. පරිසර දූෂණය, වැයවන කාලය සහ මගීන්ගේ මානසික පීඩනය අවම කිරීම ද අපේක්ෂා කෙරේ.

    ආසන ගණනට මගීන් රැගෙන යාමට සුඛෝපභෝගී බස්රථ පමණක් යොදා ගැනේ. අයකෙරෙන මුදල සාමාන්‍ය බස් රථ ගාස්තුව මෙන් දෙගුණයකි. නැවතුම්පොළ සීමිත සංඛ්‍යාවකින් පමණක් මගීන් නංවා ගැනීම, අඩු කාලයකින් ගමනාන්තය කරා ළඟාවීම, ආචාරශීලී, සුහදශීලී හා ආකර්ශණීය ප්‍රවාහන සේවාවක් සැලසීම, තාක්ෂණය උපයෝගී කරගෙන දිනපතා කෙරෙන පසුවිපරම සහ  Clock Wise  හා Anti Clock Wise ගමන් වර්ග දෙකක් ක්‍රියාත්මක වීම වැඩසටහනට අයත් වේ.

    මගීන්ට සිය මෝටර් රථය බහුවිධ මධ්‍යස්ථානයට අයත් රථ ගාලෙහි මුදල් ගෙවීමකින් තොරව නතර කර තැබීමට පහසුකම් සලසා තිබේ. වැඩසටහනෙහි ප්‍රගතිය සැලකිල්ලට ගෙන වාහන නවතා තැබීමේ ඉඩ පුළුල් කිරීමට අපේක්ෂා කෙරේ. පෙ.ව 06.00 සිට පෙ.ව 08.00 සහ ප.ව 04.00 සිට ප.ව 09.00 දක්වා විනාඩි 15 කට වරක් බස් රථ ධාවනය කරනු ලැබේ.

    පෙ.ව 08.00ත් ප.ව 04.00 ත් අතර කාලය තුළ බස් රථ ධාවනය වන්නේ විනාඩි 25කට වතාවකි.  දිනකට  ගමන් වාර 64ක් සිදු කෙරේ.

    වාහන නියාමන බස් රථ සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය එක්ව පොදු ප්‍රවාහන සේවාව ක්‍රියාත්මක කරයි.

    ජාතික ගමනාගමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා පොලීසිය, මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය සහ කොළඹ මහ නගර සභාව යන ආයතනවල දායකත්වය ද ඊට හිමි වේ.

    ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන ආකාරය සහ බස් රථ කාල සටහන පිළිබඳව තොරතුරු දැන ගැනීමට ප්‍රවාහන අමාත්‍යාංශය හඳුන්වා දී ඇති විශේෂ ඛේතය (APP) පිළිබඳව ජනාධිපතිතුමා දැනුවත් කෙරිණ.

    නව සේවාව සඳහා යොදවා ඇති බස් රථයක ගමන් කළ ජනාධිපතිතුමා එහි පහසුකම්  නිරීක්ෂණ කළේය.

    ඔරේන්ජ් සමාගම ව්‍යාපෘතියට සමගාමීව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ස්ථාපනය කළ ස්වයං අළෙවි හළ  (OREL UNMANNED STORE) ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණ.

    ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම යන මහත්වරු, රේඛීය අමාත්‍යාංශ ලේකම්වරු සහ නිලධාරීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    ( ඡායාරූප : ශාමික වක්වැල්ල – ජනාධිපති මාධ්‍ය අංශය)

  • දීපිකා පදුකෝන්ගේ’ සුපිරිම විලාසිතා එකතුව

    දීපිකා පදුකෝන්ගේ’ සුපිරිම විලාසිතා එකතුව

    දීපිකා පදුකෝන් සුපිරි බොලිවුඩ් නිළියක් වගේම සුපිරි මෝස්තර නිරූපිකාවක් බව අපි දන්නවා. ඇයව අනුගමනය කරන මිලියන සිය ගණනක සහෘදයන් පිරිසක් සිටින අතර ඇයව සැලකෙන්නේ විලාසිතා ලෝකයේ වඩාත්ම බලපෑමක් කළ හැකි තරුවක් ලෙසයි.

    විලාසිතා නිරූපණ කලාවේ ප්‍රවීණයින්ට අනුව දීපිකා සැලකෙන්නේ ‘නිර්භීතව විලාසිතා ඉදිරිපත් කරන නිරූපිකාවක් ලෙසයි.

    ‘වසර ගණනාවක් පුරා දීපිකාගේ ශෛලිය මුළුමනින්ම නව මට්ටමකට විකාශනය වී තිබෙනවා. ඇය ඉන්දියානු සිනමාවේ පමණක් නොව ලොව පුරා සිටින වඩාත් ආකර්ෂණීය පෞරුෂයක්‘ බොලිවුඩ් සිනමා විචාරක තුෂාධර් පවසනවා.

    ‘බ්ලොක්බස්ටර් කිහිපයකම ඇයගේ බලගතු රංගනය ගැන දන්නා තරුව ඇගේ රංගනය සඳහා සෑම විටම අත්පොළසන් ලබා තිබෙනවා. නමුත් ඇයගේ ඇඳුම් පැළඳුම් පිළිබඳ සාතන් හැඟීම අද අපට ඉස්මතු කිරීමට අවශ්‍යයි. ඇය සෑම ඉන්දියානු නිර්මාණකරුවෙකුගේම ආදරණීය කෞතුකාගාරය බව රහසක් නොවෙයි‘

    දීපිකා වෙනුවෙන් විලාසිතා නිර්මාණය කරන සුපිරි විලාසිතා නිර්මාණකරුවන් අතර Dolce & Gabbana, Alexander McQueen, Giambattista Valli සිටිනවා.

    ‘ මේ සුපිරි තාරකාව වසර ගණනාවක් පුරා අපට බොහෝ විලාසිතා හදුන්වාදී තිබෙනවා . ඇය කිසි විටෙකත් ජීවිතයට වඩා විශාල සිල්වට්, තද වර්ණ හෝ විචක්ෂණ මුද්‍රණවලින් ඈත් වන්නේ නැහැ. විලාසිතා සම්බන්ධයෙන් විශ්වාස කළ යුතු පුද්ගලයා ඇයයි‘ තුෂාධර් වැඩි දුරටත් පවසනවා.

    ඉතිං… අපි ඔබට කී දේවල් ඔප්පු කිරීමට දීපිකාගේ අපූරු විලාසිතා රැසක් ඔබට ඉදිරිපත් කරනවා. බලන්න ඔබටත් ඒවා අනුකරණය කළ හැකිද කියා.

    විලාසිතා

    දීපිකා පදුකෝන් 2019 දී Femina Beauty Awards සම්මාන උළෙලට සහභාගී වූයේ මෙම super sleek mermaid silhouette (සුපිරි සිනිඳු සුරංගනා සිල්වට්) විලාසිතාවෙන් සැරසීය.

    විලාසිතා
    විලාසිතා
    විලාසිතා
    විලාසිතා

    දීපිකා පදුකෝන් මනාලියන්ගේ මනස්කාන්ත පෙනුම සඳහා ආශ්වාදයක් ලබා දෙමින් අපගේ ඉන්ස්ටග්‍රෑම් සංග්‍රහයට ආශීර්වාද කළ අවස්ථාවන්ට මෙය වැදගත් වේ. 

    විලාසිතා

    Layering යනු දීපිකා පදුකෝන්ගේ පැරණි ආදරයයි. ඒකවර්ණ ඇඳුමකට ගැඹුර එකතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව ඇයගෙන් උපදෙස් කිහිපයක් ගන්න.

    විලාසිතා

    දීපිකා විසින් සම්ප්‍රදායික ඇඳුම් පැළඳුම් ක්‍රීඩාව නව තලයකට ගෙන ගිය අවස්ථාව

    විලාසිතා

     Giambattista ගවුම දීපිකාට තවත් සුන්දරත්වයක් එක් කර ඇත.

    විලාසිතා

    2019 පැවැති කෑන්ස් සම්මාන උළෙලට දීපිකා සැරසී සිටි off-beat style සියලු දෙනාගේ ආකර්ෂණය දිනා ගත්තේය.

    විලාසිතා

    අපගේ සිහින වල ගවුම! මෙම lavender shade ගවුම විස්මිත විලාසිතාවකි. නිර්මාණ ශිල්පී ගෞරව් ගුප්තා සහ දීපිකා පදුකෝන් අපට අවුරුදු ගණනාවක් තිස්සේ සිහිකළ හැකි පෙනුමක් ලබා දුන්හ.

    විලාසිතා

    Retro – මෙම පෙනුම අත්හදා බැලීම පමණක් නොව, දීපිකාගේ කාලානුරූපී සුන්දරත්වයට උදාහරණයකි.

    විලාසිතා

    විචක්ෂණශීලී මුද්‍රණ සඳහා ඇති තම ආදරය ඔප්පු කරමින් දීපිකා, මාමි චිත්‍රපටය වන මේලා චිත්‍රපටය සඳහා පොල්කා තිත්  polka dot ensemble සහිත මෙම ගවුම් විලාසිතාවෙන් සැරසී සියලු හදවත් සොරකම් කළාය.

    විලාසිතා
    විලාසිතා
    විලාසිතා
    විලාසිතා

    ඇදුම් විලාසිතා පමණක් නොව ඒ සදහා අත්‍යවශ්‍ය තවත් බොහෝ දේ නිසි පරිදි ගැළපීම මගින් වඩාත් වැඩි වටිනාකමක් ලැබෙන බව දන්නා දීපිකා ඒවා ද නිසි පරිදි සංයෝග කිරීමට පියවර ගන්නා බව මේ ඡායාරූපවලින් පැහැදිලිය.

    ෆෙමිනා ඇසුරිණි – සකස් කළේ – තුෂාධවි

  • මානසික සෞඛ්‍ය ගැන ඔබ දැනගත යුතු  සුපිරිම කතාව

    මානසික සෞඛ්‍ය ගැන ඔබ දැනගත යුතු සුපිරිම කතාව

    වෛද්‍යවරු පමණක් නොවෙයි අපි බොහෝ දෙනෙක් කියන ආකාරයට අද සමාජයේ බොහෝ දෙනකුට තියෙන්නේ හිතේ ලෙඩ.

    ‘හිත සියලූ සිතුවිලිවලට මුල් වෙනවා’ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒත් බුදු දහම අනුව ජීවත් වෙන්නේ කීයෙන් කී දෙනාද ? ඒ නිසා හැමෝටම හිතේ ලෙඩ වැඩියි. ඒ නිසා ගතේ ලෙඩත් වැඩියි. ඒ දෙකම එකතු වුණාම මුළු ජීවිතේම අවුල්. අධ්‍යාපනය කඩාකප්පල් වෙනවා, රැකියාවේ අර්බුද ඇති වෙනවා, පවුල් ආරවුල් ඇති වෙනවා. එහෙම වෙන ඇතැම් අය මත්පැන් බෝතලේ පිහිට හොයනවා. දේවාල ගානේ, සාස්තරකාරයෝ ගානේ යනවා. අන්තිමේදී ජීවිතෙන් වන්දි ගෙවන අයත් හමු වෙනවා.

    ලංකාවේ මානසික රෝග ගැන වැඩි උනන්දුවක් නැහැ. ඒත් එය කිසිසේත් නොසලකා හැරිය නොහැකියි. මේ ලිපිය මගින් අවධානය යොමු කරන්නේ ඒ ගැන.

    පුද්ගලයකුගේ මානසිකත්වය චර්යාව මගින් පිළිඹිබු වන අතර මනසේ ඇති වන හැඟීම් හා සිතිවිලි චර්යාව බවට පත් වෙනවා.

    ඒ අනුව මනස සහ චර්යාව අතර පහත සඳහන් සම්බන්ධතා දැකගත හැකියි.

    1 සිත සෑම චර්යාවකටම මුල් වන අතර මනස හසුරුවා ගැනීමෙන් චර්යාව හසුරුවා ගත හැකියි.
    2 චර්යාව පාලනය කර ගැනීමෙන් මානසික වේගයන් ද හසුරුවා ගත හැකියි.
    3 යම් යම් මානසික ස්වභාවයන් හා බැඳුනු ශාරීරික චර්යාවන් තිබෙනවා.
    4 පුද්ගලයකුගේ් මානසික ස්වභාව අනුව සංජානනය සිදු වන අතර එය චර්යාවන්ට බලපෑම් කරනවා.
    5 මනස තුළ විවිධ චිත්තවේග ඇති වන අතර, ඒ අනුව චර්යාව ප‍්‍රකට වෙනවා.
    6 ධනාත්මක හා සෘණාත්මක ලෙස චිත්තවේග වර්ග කළ හැකියි.
    7 ධනාත්මක හා සෘණාත්මක චිත්තවේග මත පදනම් වන චර්යාව පැහැදිලිව වෙන් කර හඳුනා ගත හැකියි.
    8 කෙනෙකු තුළ ධනාත්මක චර්යාව බහුලව ප‍්‍රකට වන්නේ නම් එම තැනැත්තාගේ මනස නිරෝගී වෙනවා.
    9 කෙනෙකු තුළ සෘණත්මක චර්යාව බහුලව ප‍්‍රකට වන්නේ නම් එම තැනැත්තාගේ මනස රෝගී වෙනවා

    මානසික ක‍්‍රියාවලියේ ස්වභාවය

    මනස යනු ශාරීරික පද්ධතිය විසින් බිහි කරන ශක්තියකි. නිරෝගී ශරීරයක් හා නිරෝගී මනසක් අතර සහසම්බන්ධයක් තිබෙනවා.

    මානසික ක‍්‍රියාවලියේ ස්වභාවයේ පහත සඳහන් ලක්ෂණ දැකිය හැකියි.

    1. මානසික ක‍්‍රියාවලියේ ස්වභාවය තීරණය කරන සාධකයක් ලෙස පරිසරය දැක්විය හැකියි.
    2. පුද්ගලයකුගේ මධ්‍යම ස්නායු පද්ධතිය හා මානසික ක‍්‍රියාවලිය අතර සහ සම්බන්ධයක් ඇත.
    3. මානසික ක‍්‍රියාවලිය ඉතා හොඳින් අර්ථකථනය කර ඇත්තේ සිග් මන් ප්‍රොයිඞ්ගේ මනෝ විශ්ලේෂණාත්මක
      ආකෘතිය මගිනි. ( මේ පිළිබඳව විස්තරාත්මක අදහස් දැක්වීම ඉදිරි ලිපියකින් සිදුවේ)
    4. මනසේ ව්‍යුහය ත‍්‍රිත්වාකාරවේ. එනම්, සුපහන් සිත, පහන් සිත, යටි සිත යනුවෙනි. සුපහන් සිත උත්තරීතර පරමාදර්ශ වෙනුවෙන් පෙනී සිටින අතර පහන් සිත පුද්ගලයකුගෙ ් එදිනෙදා කටය ුතු
      හසුරුවනු ලබයිි. යටි සිත පුද්ගලයාගේ අවේණික ස්භාවික සහජාශයන් වෙනුවෙන් පෙනී
      සිටියි.
    5. මෙම ත‍්‍රිත්වය තුළ එකිනෙකට පරස්පර අදහස් පවතින නිසා මානසික ගැටුම් ඇති විය හැකියි.
    6. මෙම ගැටුම නිර්මාණශීලි ස්වරූපයෙන් ප‍්‍රකාශයට පත් කිරීමේ මාර්ග ඇත. (නවකතා, කවි, චිත‍්‍රපට ආදිය)

    සරල මානසික පීඩා හා ඒවාට මුහුණ දීම

    සරල මානසික පීඩා ඇති වීම එදිනෙදා ජීවිතයේ අප කවුරුත් අත් විඳින ස්වභාවික මානසික
    සංසිද්ධියකි. එවැනි අවස්ථාවකදී,

    1. මනෝ විද්‍යා උපදේශකවරයකු හෝ වෛද්‍යවරයකු මුණ ගැසී උපදෙස් ලබාගන්න
    2. එසේ ප‍්‍රශ්න හා පීඩාවන් සඟවා තබා නොගෙන හිතවතුන් හෝ ගුරු භවතුන් සමග සාකච්ඡුා කරන්න
    3. නිතිපතා ශාරීරික අභ්‍යාසවල යෙදෙන්න
    4. වැඩ කටයුතු නිසි සැලැස්මක් ඇතිව කරන්න
    5. ප‍්‍රමාණවත් ලෙස විවේක ගන්න
    6. ප‍්‍රමාණවත් ලෙස නිදා ගන්න
    7. සිත සැහැල්ලූ වෙන් තබා ගැනීමට පුරුදුවන්න
    8. ළඟා කර ගත හැකි ඉලක්ක ඇති කර ගන්න
    9. පීඩනය ඇති කරන සිතුවිලිවලින් හැකිතාක් වළකින්න
    10. පරාජය හෝ බලාපොරොත්තු කඩවීම සඳහා සුදානම්ව සිටින්න

    ඒ ඒ පුද්ගලයාගේ මානසික ශක්තිය අනුව සරල මානසික පීඩාවලට මුහුණ දෙන ආකාරය අසමාන වෙනවා. සරල මානසික පීඩා විධිමත්ව වර්ග කළ හැකි අතර ඒවාට ප‍්‍රතිකර්ම ලෙස මනෝ විද්‍යාත්මක උපදේශනය යොදා ගත හැකියි. සමහර මානසික පීඩා එදිනෙදා ජීවිතයේ කොටසක් ව පවතින අතර සමහර පීඩාවන් කෙනෙකුගේ ජීවිතය සාර්ථක කර ගැනීමට හේතු වෙනවා. ඒ වගේම සරල මානසික පීඩා නොසලකා හැරියහොත් ඒ නිසා දැඩි ආවේග ඇති පුද්ගලයකුගේ ජීවිතය අවුලක් බවට පත් විය හැකියි.

    1. පිටතින් පැමිණෙන පීඩනයන් නිසා මානසිකව ඇති වන ආතතිය සමාජයේ බහුලව ඇති මානසික පීඩාවකි.
    2. බලාපොරොත්තු නොවු වෙනස්වීම්වලට භාජනය වීම නිසා ‘ක්ලමතය’ ඇති වේ.
    3. දැඩි ආවේග සහිත මෙහි ප‍්‍රතිඵලයක් ලෙස ‘කාංසාව’ ඇති වේ.
    4. බලාපොරොත්තු කඩ වීම නිසා ඇති වන පරාජිත බව නිසා ‘විශාදය’ ඇති වේ.

    ‘ආතතිය’

    උද්වේගකර චිත්තවේග නිසා මානසිකව ඇති වන පීඩාකාරි තත්ත්වය ‘ආතතිය’ යනුවෙන් හැඳින්වෙනවා.

    ආතතියෙන් පෙළෙන පුද්ගලයෙකු තුළ පහත සඳහන් ලක්ෂණ දැකිය හැකියි.

    අධික ලෙස වැඩවල යෙදීම, වැඩවල ඉලක්ක සපුරා ගත නොහැකි වීම, පාලනය කර ගත නොහැකි ආකාරයේ පැවතුම්වලට හසු වීම ආදිය නිසා ඇති වන පීඩනයෙන් ආතතිය ඇති වෙනවා. විභාගයක් ආසන්න වන විට ඇති වන මානසික තත්ත්වයත් මෙයමයි. මෙය මානසික පීඩාවක් වුවත්, ආතතිය නිසා දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි රෝග ඇති වන වෛද්‍ය විද්‍යා පර්යේෂණවලින් අනාවරණය කර ගෙන තිබෙනවා.

    ‘ක්ලමතය’

    පුද්ගලයන් වෙනස්වීම්වලට භාජනය වීම ක්ලමතය ඇති වීමට හේතුවයි. එක දිගට බොහෝ වෙනස්කම් ඇති වීම හෝ තදබල වෙනස්කම් ඇති වීමේ ප‍්‍රතිඵලය වන්නේ අනතුරුදායක මානසික පීඩා ඇති වීමයි. ක්ලමතය තුළ පහත සඳහන් ලක්ෂණ දැකිය හැකියි.

    1 පුද්ගලයන් අහිමිම (ආදරය කළ අය මිය යාම, හිත මිතුරන් අහිමිවීම, වෙන්වීම හෝ විවාහ ජීවිතය බිඳ වැටීම)
    2 රැකියාවේ වෙනස් (වැඩ කටයුතු කර ගෙන යාමේ ඇති වන බාධක, කේන්ති යාම හෝ අනිත් රැකියාවකට යාමේ ප‍්‍රතිඵලයක් වශයෙන්)
    3 උද්වේගකර චිත්තවේග නිසා මානසිකව ඇති වන පීඩාකාරි තත්ත්වයකි. විභාගයක් ආසන්න වන විට ඇති වන මානසික තත්ත්වයත් මෙයම යි.
    4 මුදල් ප‍්‍රශ්න (වියදමට වඩා ආදායම අඩු වු විට, විශාල වශයෙන් ණයවීමට සිදු වු විට, 5. ආදායම් මාර්ග ඇහිරි ගිය විට
    6 අසනීප වු විට / අනතුරු සිදු වු විට ( බරපතල රෝගයක / අනතුරුවලින් සිදු වන තුවාල වලින් රෝගියා සහ පවුලේ අය යන දෙකොටසම මානසික පීඩාවලට මැදි වේ.
    7 ජීවන රටාවේ සිදු වන වෙනස් වීම්වලින් (උදාහරණයක් වශයෙන් හදිසියෙ ලැබෙන මුදල් වාසි, ඉතා ඉහළ තනතුරක් ලැබිම අදි සතුට ගෙන දෙන සිදුවීම්
    8 පවුලේ ඇති වන වෙනස්වීම් ( පවුලේ වගකීම් වැඩිවීම, පවුලේ ව්‍යුහය වෙනස් වීම, අලූතින් නිවසක් තැනී ආරම්භ කිරීම වැනි හේතුන්
    9 සුපුරුදු ජීවන රටාව වෙනස් වීම ( පාසල් යාම අවසාන වීම. රැුකියාවෙන් විශ‍්‍රාම ගැනීම, ක‍්‍රීඩා පුහුණුව අත් හරින්නට සිදු වීම ආදිය
    10 විභාගය අසමත් වීම

    ‘කාංසාව’

    දැඩි ආවේග සහිත වීමේ ප‍්‍රතිඵලයක් ලෙස කාංසාව ඇති වේ. මෙය සරල මානසික පීඩාවල ඉහළ ම අවස්ථාවකි. කිසිම හේතුවක් නොමැතිව යම් නරක දෙයක් හෝ අප‍්‍රසන්න දෙයක් සිදු වේ යන අහේතුකවාදී සිතිවිලි මෙයට හේතු වේ.

    අපට එකඟ විය නොහැකි වු හෝ පිළිගත නොහැකි හෝ අප කිරීමට අකැමැති හෝ අප විසින් කළ ය යුතු දේ අතර ඇති පරස්පර රෝගීතාව නිසා අප තුළ කාංසාව ඇති විය හැකියි.

    කාංසාවේ පොදු ලක්ෂණ කිහිපයක් මෙසේ දැක්විය හැකියි.

    ඇඟ පළ නැතිකම, වෙව්ලීම, කරකැවිල්ල, හදවතෙහි ගැස්ම වැඩිවීම, නොසන්සුන්කම, ආවේගය, අසාමාන්‍ය කෑම ගැනීමේ පුරුදු, හුස්ම ගැනීමේ අපහසුව.

    සෑම කෙනෙකුට කාංසාව යම් ප‍්‍රමාණයකින් පැවතීම ස්වභාවිකය. නමුත් කාලීනව පවතින කාංසාව නිසා නොයෙකුත් බරපතළ ප‍්‍රශ්න ඇති විය හැකියි. උදාහරණ වශයෙන් ආමාශගත රෝග, අධික රුධිර පීඩනය, ජීවිතය හා ලෝකය ගැන තෘප්ත ියක් ලැබීමට නොහැකි වීම දැක්විය හැකියි.

    ‘විශාදය’

    පැහැදිලි කරුණක් නොමැති ව කෙනෙකු කණගාටුදායක සිතිවිලිවලින් වෙලී සිටීම හෝ බලාපොරොත්තු රහිත බවක් ඇති වීම නිසා විශාදය ඇති වෙනවා.

    විශාදයේ පොදු ලක්ෂණ කිහිපයක් මෙසේ දැක්විය හැකියි.

    1 තෙහෙට්ටුව හා නිදිමත ගතිය
    2 අවධානයෙන් කටයුතු කිරීමේ අපහසුව
    3 අවිවේකී බව හා පසුතැවිලි වීම
    4 ආහාර රසය නැති වීම
    5 ශාරීරික පැවතුම් වෙනස් වීම
    6 පොදුවේ මුළු ජීවිතය ගැන ම කලකිරීම
    7 ජීවියේ වටිනාකමක් නැති බව සිතීම
    8 බලාපොරොත්තු රහිත වීම

    සරල මානසික පීඩාවලට මුහුණ ම සඳහා තමන් තුළ ඇති සරල මානසික පීඩා තේරුම් ගත යුතුයි. සරල මානසික පීඩාවලට මුහුණ දීම සඳහා විවිධ ක‍්‍රියා මාර්ග තිබෙනවා. එවැනි අවස්ථාවක මනෝ විද්‍යා උපදේශකවරයකු හෝ මනෝ වෛද්‍යවරයකු මුණගැසී උපදෙස් ලබා ගැනීම යෝග්‍ය වෙනවා.

    මානසික පීඩා ඇති වීම ස්වභාවික කරුණක් නිසා නිසි උපදෙස් ලබා ගැනීමට පසුබට නොවිය යුතුයි. දිගු කාලීනව පවතින විශාදය නිසා කෙනෙකු අයහපත් චර්යාවන් හුරු වන්නට පුළුවන්.

    සරල මානසික පීඩා නිසා ඇති වන මානසික තත්ත්වයන් කිහිපයක් මෙසේ දැක්විය හැකියි.

    1 ක්ෂිප්තතාව – සිතේ අවුල් සහගත බව පාලනය කළ නොහැකි පරිදි සිතුවිලි හට ගැනීම, එකම සිතිවිල්ල නැවත නැවත හට ගැනීම
    2 ආත්ම අනුකම්පාව – තමා පිළිබඳ ව ඇති වන ශෝකය හා කළකිරීම.
    3 වෛරය – අනෙකා කෙරෙහි දැඩි කෝපය, එම තැනැත්තා විනාශ කිරීමේ චේතනාව, පළිිගැනීමේ චේතනාව ඇති විම
    4 අනාරක්ෂිත හැඟීම – තමා ආරක්ෂා රහිත තත්ත්වයකට පත්ව ඇතැයි සැකය හා අසරණ බව ඇති වේ.
    5 ධ‍්‍රැවගතවීම – තමා හරි අනෙකා වැරදි යැයි සිතීම
    6 අතිශයෝක්තිය – සුළු සිද්ධියක් පවා විශාල සිද්ධියක් ලෙස සිතීම
    7 හේතු යුක්ති දැක්වීම – තමා විසින් කරන ලද වැරදි පිළිනොගෙන, එය සාධාරණ බව පෙන්වීමට තැත් කිරීම
    8 හැඟීම් යටපත් කර ගැනීම – ගැටුම නිසා තමා තුළ ඇති වන හැඟීම් තමා විසින්ම පිළිනොගනී.

    මානසික සාමය බිඳ වැටීම හා අයහපත් චාර්යා

    මානසික සාමය බිඳ වැටීම හා අයහපත් චර්යා අතර සෘජු සම්බන්ධයක් ඇති අතර මානසික සාමය බිඳ වැටුණු තැනැත්තා අසන්තෝෂයෙන් හා අන් අය සමග නොදීස්සුමෙන් හැසිරෙනු දැකිය හැකියි.

    1 මානසික සාමය බිඳ වැටුණු තැනැත්තා ගැටුම්කාරී පුද්ගලයකු ලෙස කටයුතු කරයි.
    2 මානසික සාමය බිඳ වැටීම නිසා එදිනෙදා කටයුතුවල ද සාර්ථකව යෙදෙන්නට අපහසුවේ.
    3 එවැනි පුද්ගලයෙක් විනාශකාරී චාර්යාවන්ට යොමු විමට ඇති ඉඩ කඩ වැඩි වේ.
    4 ඔවුහු පරිසරයේ හා සමාජයේ ස්වභාවික පැවැත්මට බාධා ඇති කරති.
    5 ඔවුනට අන්‍යයන්ගේ අනුකම්පාව හෝ ප‍්‍රතික්ෂේප කිරීම එකසේ විඳ ගන්නට සිදුවේ.

    අයහපත් චර්යා

    අයහපත් චර්යා ගණයට පහත සඳහන් දෑ ඇතුළත් වේ.

    අපිළිවෙළ, ගති පැවතු අවුල් වීම, සමාජගත නොවීම, සතුටක් නොමැති වීම, වෛරය/ තරහව, සැකය, ශෝකය, නොසන්සුන් බව, කලහකාරී බව, නොරිස්සුම, අපිළිවෙළට ඇඳිම, උපදෙස් ප‍්‍රතික ්ෂේප කිරීම, අසම්මත මෝස්තරවලට ලැඳියාව.

    සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • සුපිරි බොලිවුඩ් තරුව ‘නොරා ෆතේහි’ හෙළි කරන සුපිරි රහස්

    සුපිරි බොලිවුඩ් තරුව ‘නොරා ෆතේහි’ හෙළි කරන සුපිරි රහස්

    මගේ දක්ෂතා විදහා දැක්වීමට හා ප්‍රදර්ශනය කිරීමට මා පෙලඹී සිටිනවා. එය ප්‍රදර්ශනය කිරීම සඳහා යමෙකු මට වේදිකාවක් ලබා දෙන තෙක් බලා සිටීමට අවශ්‍ය නොවන බව මම නිතරම විශ්වාස කළා. මා විසින්ම වේදිකාවක් නිර්මාණය කළ යුතුයි. ඒ නිසා තමයි මම සමාජ මාධ්‍යවල මෙතරම් කඩිසරව වැඩ කරන්නේ.

    බොලිවුඩය ආක්‍රමණය කළ නවක නිළියන් අතර නොරා ෆතේහි Nora Fatehi සැලකෙන්නේ අතිෂය මෘදු හා සංවේදී හදවතක් ඇති නිළියක් ලෙසයි. එපමණක් ම නොවේ ඇය ගැන තවත් අපූරු කතා රැසක් තිබෙනවා.

    ඇගේ පරම්පරාව මොරොක්කෝව දක්වා දිව යයි. එය නැගෙනහිර සහ බටහිර හමු වන රටකි. එහෙත් ඇය ඉපදී හැදී වැඩුණේ කැනඩාවේ ය. නිළිය / නර්තන ශිල්පිනිය / ගායිකා නෝරා ෆතේහිගේ චමත්කාරය ගෝලීය වන්නේ මන්දැයි දැන් ඔබට වැටහී යා යුතුයි.

    ඇයගේ හින්දි චිත්‍රපට ආගමනය Tigers of the Sundarbans (2014) චිත්‍රපටයෙන් සිදු වූ අතර තෙළිඟු සිනමාවේ ජනප්‍රියත්වය දිනාගත්තේ Temper සහ Kick 2 වැනි චිත්‍රපටවලිනි. මේ අතර ඇය මලයාලම් සිනමාව ද ආක්‍රමණය කළ අතර Double Barrel සහ Kayamkulam Kochunni ඇයට කීර්තිය ලබා දුන්නේය.

    බොලිවුඩයේ මනෝහාරි (බාහුබාලි: ආරම්භය), දිල්බාර් (සත්‍යමෙව් ජයතේ), ඕ සාකි සාකි (බට්ලා හවුස්), කමරියා (ස්ට්‍රී) සහ ඒක් ටෝ කම් සින්ඩගානි (මාජවාන්) Manohari (Baahubali: The Beginning), Dilbar (Satyamev Jayate), O saki saki (Batla House), Kamariya (Stree) and Ek toh kam zindagani (Marjaavaan),වැනි බොලිවුඩ් චිත්‍රපට ඇයගේ සංවේදී හා අශෝභන අයිතම අංක වේ. Street Dancer 3D හි වරුන් ධවාන් සමඟ ඇය මෑතකදී රංගනයෙන් දායක වූවාය.

    නෝරා  ඇගේ තියුණු සංවේදීතාවන් සමඟ සමාජ මාධ්‍යවල ප්‍රබල ලෙස පෙනී සිටී. Instagram හි අනුගාමිකයන් මිලියන 13. 5 ක් සිටී. එහිදී ඇය තම අනුගාමිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ ‘වඩාත් දැනුවත්, වඩා මානුෂීය වන්න – more aware, more humane කියයි.

    ඇය ජීවිතය, වෘත්තිය සහ තවත් බොහෝ දේ ගැන කතා කරයි. සමාජ මාධ්‍ය වීඩියෝ වලින් එකක ඇය පැවසුවේ, “මම 2020 ක් සඳහා සූදානම්ව සිටිමි … එය නවත්වන්න.” 

    මේ අපි ඔබ වෙනුවෙන් ඇය සමග කළ දීර්ඝ සම්මුඛ සාකච්ඡාවකි. නවතින්න… මදක් නැවතී මේ සංවේදී සුපිරි තරුව කියන කතාව අසන්න.

    මෙම වසර ගැන ඔබ වැඩිපුරම සිතන්නේ කුමක්ද ? එය මතක තබා ගැනීමට ඔබ කැමති වන්නේ කෙසේද?

    පොදුවේ ගත් කල, මගේ වීඩියෝ හාස්‍යජනක වන අතර මිනිසුන් සිනාසීමට විකට ස්වරූපයෙන් ඒවා නිර්මාණය කර තිබෙනවා. කෙසේ වෙතත්, 2020 මේ දක්වා මුළු ලෝකයටම භයානක වසරක් වී තිබෙනවා. එය අපගේ ඉවසීම පරීක්‍ෂා කරන අතර අප නොදැනුවත්ව හා නොසලකා හැර ඇති දේවල් වෙත අපගේ දෑස් විවර කරනවා. මෙම වසර නව ලෝක සාමයේ ආරම්භය ලෙස සිහිපත් කරනු ඇතැයි මම විශ්වාස කරනවා.

    ඔබ ඉන්දීය රජයේ රෝහල්වලට  PPE  කට්ටල ලබා දුන්නා. එය විශිෂ්ට චිත්‍රපටයක් …

    එය කුඩා අභිනයක්. ලොකු පින්තූරයේ ඇති කුඩා දේට දායක විය හැකි ඕනෑම දෙයක් මම විශ්වාස කරනවා. මිනිසුන් විසින් විශාල වශයෙන් මුදල් රැස්කරගෙන තිබියදීත්, එවැනි අත්‍යවශ්‍ය සම්පත් සීමිත වීම අවාසනාවක්. එය කළ යුතු ආකාරයට එය පරිවර්තනය නොකරන බවයි පෙනෙන්ට තිබෙන්නේ. මූලික වෛද්‍ය සැපයුම් කිසි විටෙකත් වරප්‍රසාදයක් නොවිය යුතුයි. ඒ වෙනුවට එය සැමට අයිතියක් විය යුතුයි.

    නෝරා ෆතේහි
    මෙම අවිනිශ්චිත කාල පරිච්ඡේදය තුළ ඔබ ඉගෙනගෙන ඇති පාඩම් මොනවාද?

    මම මීට පෙර මෙම පාඩම් විශ්වාස නොකළ බව නොවෙයි මා කියන්නේ. කෙසේ වෙතත්, මට බොහෝ දේ අගය කිරීමට වැඩි කාලයක් තිබුණා. එය සෞඛ්‍යය, පවුල සහ ආදරණීයයන් සුළු කොට තැකීමක් නොවෙයි. දවසක් මගේම පවුලක් ආරම්භ කර මගේම ලස්සන දරුවන් ඇති කර ගන්නා තෙක් මට බලා සිටිය නොහැකයි. මෙම මාස කිහිපය මට මතක් කර දී ඇත්තේ අපගේ ගෝලීය, දේශපාලන හා ආර්ථික ක්‍රමය හා ගෝලීය න්‍යාය පත්‍රය පිළිබඳව මම පාසලේදී ඉගෙන ගත් බොහෝ දේ දැන් දිග හැරෙමින් පවතින බවයි. අතීතයේ සිටි ප්‍රබල දේශපාලන නායකයන් ලෝකයට අනතුරු ඇඟවූයේ එකල බැහැර වූ හා සිනාසුණු බොහෝ දේ යි. ඔවුන් විහිළුවක් කළේ නැහැ. අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ලැබීම සහ විවේචනාත්මකව සිතීමේ හැකියාව මට ලැබීම ගැන මම කෘතඥ වෙනවා. විවේචනාත්මක චින්තනය යනු කාලයයි. මාධ්‍ය අපට පෙන්වීමට අවශ්‍ය ප්‍රමාණයට වඩා විශාල වෙනසක් සිදුවෙමින් පවතිනවා.

    කෝවිඩ් -19 සමඟ ඔබ කටයුතු කළේ කෙසේද?

    කොවිඩ්-19 ආසාදනය වීමෙන් මගේ හොඳම මිතුරෙකුගේ පියා මිය ගියා. මගේ මිතුරාට එවැනි අත්දැකීමක් විඳීම මට අතිශයින් දුෂ්කර වුණා. ඔහු ඊද්හිදී මිය යන විට එය හද කම්පා කරවන්නක් වුණා. එය අප සැමට චිත්තවේගීය අවස්ථාවක් බැවින් ගෞරවයෙන් සැමරීමට මම තීරණය කළා. දෙමාපියෙකු අහිමි වීම බියජනක යි. ඔබේ මිතුරා පසුකර යාමට දරන අරගලය දැකීම නිහතමානී හා චිත්තවේගීය වෙහෙසක්. අපි නිරෝගීව අවදි වීම ගැනත් අපේ පවුල් ද සෞඛ්‍ය සම්පන්නව සිටීම ගැනත් මම සෑම දිනකම දෙවියන්ට ස්තූතිවන්ත වෙනවා.

    වර්තමානයේදී, සෑම කර්මාන්තයක්ම සාර්‍ථක කප්පාදුවට මුහුණ දෙනවා. ඊට වැඩිපුරම ලක්ව ඇත්තේ කලාකරුවන්. ඔබ ඒ බව පිළිගන්නවාද ?

    මට විශ්වාසයි, මේ වසරේ අපේ කර්මාන්තයේ විශාල වෙනස්කම් ඇති වේවි.

    නෝරා ෆතේහි

    ඔබ ලෝකයේ වඩාත්ම අනුගමනය කළ මොරොක්කෝ කලාකරුවා බවට පත්වුණා. ඔබ සමාජ මාධ්‍යයට සම්බන්ධ වන්නේ කුමක් ද?

    මම මගේ සමාජ මාධ්‍ය ගැන පළමු දිනයේ සිටම, කර්මාන්තයට පිවිසීමට පෙර සිටම දැඩි අවධානයක් යොමු කළා. මම අතිශයින්ම නිර්මාණශීලී පුද්ගලයෙක්. මගේ යූ ටියුබ් නාලිකාව ඇතුළු මගේ සමාජ මාධ්‍ය පිටු මගේ නිර්මාණශීලිත්වය සහ දක්ෂතා ප්‍රේක්ෂකයන්ට ප්‍රක්ෂේපණය කිරීමට මගේ දොරටුයි. මගේ හාස්‍යය තුළින් මිනිසුන් සිනාසීමට, නව නර්තන කුසලතා පෙන්වීමටත්, ලෝක සිදුවීම් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමටත්, දැනුවත්භාවය ව්‍යාප්ත කිරීමටත් භාවිතා කරන මගේ වේදිකාව එයයි. මගේ දක්ෂතා විදහා දැක්වීමට හා ප්‍රදර්ශනය කිරීමට මා පෙලඹී සිටිනවා. එය ප්‍රදර්ශනය කිරීම සඳහා යමෙකු මට වේදිකාවක් ලබා දෙන තෙක් බලා සිටීමට අවශ්‍ය නොවන බව මම නිතරම විශ්වාස කළා. මා විසින්ම වේදිකාවක් නිර්මාණය කළ යුතුයි. ඒ නිසා තමයි මම සමාජ මාධ්‍යවල මෙතරම් කඩිසරව වැඩ කරන්නේ. එය දේශ සීමා රහිත ලෝකයක්. එහිදී යමෙකු ලෝකයේ ඕනෑම කෙනෙකුට ළඟා විය හැකියි. එවැනි බහු සංස්කෘතික හා විවිධාකාර අනුගමනය කිරීමක් ලැබීම මට භාග්‍යයක්.

    ඔබේ ජර්මනිය අභියෝගයට ලක් කළේ කෙසේද? ඔබ පිටස්තරයෙකු සිටි සත්‍යය කුමක්ද?

    ඇත්ත වශයෙන්ම, එය අභියෝගාත්මක යි. මම ඒක දිගටම කරගෙන යනවා.  මම මා ගැන විශ්වාස කරනවා. නිවැරදි පුද්ගලයින් සැමවිටම මා සමඟ වැඩ කරන බව මම දන්නවා. මම ඉන්දියාවේ සහ ලෝකයේ වෙනත් රටවල කීර්තිමත් කලාකරුවෙකු වීම ගැන මට ස්තූතිවන්ත වෙනවා. එය පෙන්වන්නේ ඔබ කොහේ සිට පැමිණියත් කමක් නැහැ. එය වෙහෙස මහන්සි වී වැඩ කිරීම, කැපවීම, දක්ෂතාවය සහ උනන්දුවයි. එය රෝලර්-කෝස්ටර් සවාරියක්. එය මිනිසුන්ට ආස්වාදයක් ලබා දෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. මට එය වෙනත් ආකාරයකින් නොතිබෙනු ඇති.

    ඔබ ඔබ ගැන පැහැදිලි කිරීමක් කරන්නේ කෙසේද ? – අලංකාර නර්තන ශිල්පියෙකු හෝ ක්‍රියාකාරිකයෙකු ලෙස ද ?

    එක් ගති ලක්ෂණයක් සඳහා පමණක් ප්‍රසිද්ධ විය යුත්තේ ඇයි ? දෙකටම මා ප්‍රසිද්ධ විය නොහැකිද ? මගේ පුහුණුව නොමැතිකම නිසා මා කිසි විටෙකත් හොඳ නර්තන ශිල්පියෙකු ලෙස සැලකෙන්නේ නැහැ. කෙසේ වෙතත්, මම තනිවම වැඩ කර හොඳ නර්තන ශිල්පිනියක් බවට පත් වුණා. ඉගෙනීමට බොහෝ දේ ඇති නිසා මම තවමත් සෑම දිනකම නැටුම් අභ්‍යාසවල යෙදෙනවා. කලාකරුවෙකුට බහුමානීය විය හැකියි. කලාකරුවකුගේ / ඇයගේ බහු කුසලතා වෙනුවෙන් සැමරීමට කෙනෙකුට හැකි විය යුතුයි. මගේ ගමන අවසන් වන විට මම විශිෂ්ට නළියක හා නර්තන ශිල්පිනියක ලෙස ප්‍රසිද්ධ වනු ඇති.

    ඔබේ ප්‍රියතම බොලිවුඩ් නැටුම් අංක…

    තෝරා ගැනීම දුෂ්කර යි. එය හෙලන්ගේ සහ මධුරි ඩික්සිත්ගේ සියලුම ගීත විය හැකියි. අනෙක් ඒවා වනුයේ Chikni chameli (Agneepath), Kala chashma (Baar Baar Dekho), Kamli (Dhoom 3) සහ ඇත්ත වශයෙන්ම මගේ සියලුම ගීත යි. 

    නෝරා ෆතේහි

    ෆ්ලිම් ෆෙයාර් ඇසුරිණි – සකස් කළේ – තුෂාධවි

  • ශ්‍රී ලංකාව ලකුණු 135ට දැවී යයි

    ශ්‍රී ලංකාව ලකුණු 135ට දැවී යයි

    ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය මුණ ගැසුණු පළමු ටෙස්ට් තරගය බවට පත් වෙමින් අද (14 දා) ඇරැඹි ටෙස්ට් තරගයේදී පිතිකරුවන්ට සහයෝගයක් දෙනු ඇතැයි අපේක්ෂිත ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී කඩුලු 12 ක් දවා ගැනීමට දෙපිළේ පන්දු යවන්නෝ සමත්වීම විශේෂත්වයක් විය.

    පළමු දිනය ඇතුළතදී එංගලන්ත පන්දු යවන්නෝ කඩුලු 10 ක් දවා ගැනීමට සමත් වද්දී දිනය අවසන් වන විට පන්දු යවමින් සිටි ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සංචාරක කණ්ඩායමේ කඩුලු 2 ක් දවා ගැනීමට සමත්වී සිටියහ.

    පළමු දිනය තරගය නවතා දමන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්ත කණ්ඩායම කඩුලු 2 කට ලකුණු 127 ක් ලබා ගෙන සිටියේය. ඒ අනුව ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු 135 ක ලකුණු සංඛ්‍යාව අභිබවා යෑමට එංගලන්ත පිලට තවත් අවශ්‍යව ඇත්තේ ලකුණු 5 ක් පමණි.

    ලසිත් ඇඹුල්දෙණිය විසින් එංගලන් ආරම්භක පිතිකරුවන් වුණු සැක් ක්‍රෝලි සහ ඩොම් සිබ්ලිගේ කඩුලු ලකුණු 17 ක් තුළ දවා ගනිමින් සාර්ථක ආරම්භයක් ලබා ගත් නමුදු අනතුරුව පිටියට පිවිසි නායක ජෝ රූට් සහ වසරකට පසුව කණ්ඩායමට එක්ව සිටින ජොනී බෙයාර්ස්ටෝ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 110 ක සම්බන්ධතාවයක් පවත්වමින් එංගලන්ත පිල අවධානමෙන් මුදවා ගත්හ.

    එම සම්බන්ධතාවය අතරතුරදී නායක ජෝ රූට් ලකුණු 66 ක් ලබා ගනිමින් තරගාවලියේ පළමු අර්ධ ශතක ලාභියා බවට පත්වූවේය. පන්දු 115 කදී වාර්තා වුණු රූට්ගේ ලකුණු 66 ක ඉනිම සඳහා ඔහු හතරේ පහර 5 ක් එල්ල කළේය. ඔහුට අනගි සහායක් ලබා දුන් ජොනී බෙයාස්ටෝ පන්දු 91 කදී ලකුණු 91 ක් ලබා දෙවැනි දිනය වන හෙට දිනත් පන්දුවට පහර දීමට අවස්ථාව වෙන් කරගත්තේය.

    එංගලන්ත පිලේ පිට දඟ පන්දු යවන ඩොම් බෙස්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අද දැවී ගිය ලකුණු 135 ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී කණ්ඩායමක් පළමු ඉනිමේදී රැස් කරන ලද අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසින් වාර්තා පොත් අලුත් කරවීය. මෙය ශ්‍රී ලංකාව තුළ මෙතෙක් පවත්වා තිබෙන ටෙස්ට් තරග අතුරින් පළමු ඉනිමේ දැවී ගිය සිව්වැනි අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසින්ද සටහන් වේ.

    ළහිරු තිරිමාන්න සහ කුසල් මෙන්ඩිස්ව 7 වැනි පන්දුවාරයේදීම දවාගැනීමට වේග පන්දු යවන ස්ටුවර්ට් බ්‍රෝඩ් සමත්වීම නිසා ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භයම අසාර්ථක විය. මෙම තරගයට පෙර ක්‍රීඩා කරන ලද ඉනිම 3 දීම ලකුණු ලබා ගැනීමට නොහැකිව සිටින කුසල් මෙන්ඩිස් අද දිනයේදීත් ලකුණු නොලබා දැවී යෑම කැපී පෙනුණි. පිට ඉන්නට මඳක් ඈතින් එළියට දෝලනය වී ආ පන්දුව මෙන්ඩිස්ගේ පිත්තේ පිටත දාරයේ වැදී කඩුලු රැකි ජොස් බට්ලර්ගේ දෑත් අතර සැඟ වෙද්දී මෙන්ඩිස් පිට පිටම සිව්වැනි වතාවටත් ලකුණු නොලබා දැවී ගියේය.

    අද දිනයේදී තම ටෙස්ට් තරග දිවියේ දෙවැනි වතාවට කඩුලු 5 ක් දවා ගැනීමට සමත් වුණු ඩොම් බෙස්ගේ පළමු කඩුල්ල ලෙසින් කුසල් පෙරේරා දැවී ගියේ ලකුණු පුවරුව කඩුලු 3 කට ලකුණු 25 ක් බවට පත් කරමිනි. කඩා වැටුණු ඉනිම ගොඩ ගැනීමේ උත්සාහයක නිරත වුණු ඇන්ජලෝ මැතිව්ස් සහ තරගයේ තාවකාලික නායකයා ලෙසින් කටයුතු කරන දිනේෂ් චන්දිමාල් දිවා ආහාරය තෙක් සිය කඩුලු ආරක්ෂා කර ගනිමින් ලකුණු පුවරුව 65 ක් දක්වා ඉහළ දැමූහ.

    සියල්ල කණපිට පෙරළුණේ දිවා ආහාරයෙන් පසුවය. ජේම්ස් ඇන්ඩර්සන්වද බංකුවේ තබමින් මෙම තරගයට ක්‍රීඩා  කිරීමට වරම් ලද ස්ටුවර්ට් බ්‍රෝඩ්ගේ තෙවැනි කඩුල්ල ලෙසින් මැතිව්ස් දැවී යෑම ශ්‍රී ලංකා ඉනිමේ කඩා වැටීමට මුල් විය. පිට ඉන්නට එළියෙන් ඇදී ගිය පන්දුවකට එලවා පහර එල්ල කිරීමට ගොස් මැතිව්ස් දැවී යෑමත් සමඟ සිව්වැනි කඩුල්ලේ සබඳතාවය පමණක් නොව ඊට පන්දු 2 කට පසු එතෙක් වෙලා තමන් සමඟ ලකුණු 56 ක සබඳතාවයක් පැවැත්වීමට දායක වුණු දිනේෂ් චන්දිමාල්ද දැවී ගියේය.

    දිගින් දිගටම කඩුලු බිඳ වැටුණු නමුත් කඩුලු අතර සාර්ථක සම්බන්ධතා ගොඩ නැංවීම පසෙක තබා මැද පෙළ සහ පසු පෙළ පිතිකරුවන් පහරවල් කරා යෑමට නොපසුබට වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා ඉනිම තේ පානයට පෙරම අවසන් විය. පිතිකරුවන් ලකුණු ලබා ගැනීමට කෙතරම් නොඉවසිලිමත් වූවේද කිවහොත් ඉතා හොඳින් පන්දු යවමින් සිටි ජැක් ලීච්ගේ පන්දුවක වනිඳු හසරංග රිවර් ස්වීප් පහර පවා එල්ල කිරීමට පෙළැඹීම පුදුමය දනවන්නක් විය. ඒ පහරින්ම වනිඳු හසරංග දැවී යෑමද කැපී පෙනුණි.

    දකුණු අප්‍රිකාවට එරෙහිව වොන්ඩරස්හි පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී ඇඟිල්ලේ ආබාධයකට ලක්වුණු ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න තවමත් සුව අතට පත් නොවීම හේතුවෙන් අද ඇරැඹි තරගයට ක්‍රීඩා කිරීමෙන් වැළකී සිටි අතර කණ්ඩායම මෙහෙයවීම දිනේෂ් චන්දිමාල්ට පැවැරී තිබුණි.

    Text by – Sri Lanka cricket

  • දිමුත්ට පළමු ටෙස්ට් තරගය අහිමිවෙයි – නායකත්වය චන්දිමාල්ට

    දිමුත්ට පළමු ටෙස්ට් තරගය අහිමිවෙයි – නායකත්වය චන්දිමාල්ට

    දකුණු අප්‍රිකාවට එරෙහිව වොන්ඩරස්හි පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී ඇඟිල්ලේ ආබාධයකට ලක් වුණු ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න තවමත් සුව අතට පත් නොවීම හේතුවෙන් සංචාරක එංගලන්ත පිලට එරෙහිව අද (14 දා) ඇරැඹි පළමු ටෙස්ට් තරගය මෙහෙයවීමේ වගකීම මැද පෙළ පිතිකරු දිනේෂ් චන්දිමාල්ට පැවැරී තිබේ.

    දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී පන්දුව වැදීම මද මහපටැඟිල්ලේ ඉහළ කොටසේ අස්ථියක බිඳුණු අතර එය තවමත් යථා තත්ත්වයට පත් නොවීම අද තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව කරුණාරත්න අහිමිවීමට හේතු වී තිබේ.

    කණ්ඩායම මෙහෙයවීමේ වගකීම හිමි චන්දිමාල් නායකත්වය හිමිවීමෙන් පසු ලැබුණු පළමු වගකීම වූ කාසියේ වාසිය දිනා ගනිමින් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. සාම්ප්‍රදායික ගාල්ල තණතීරුවේදී පළමු දින 2 තුළ පිතිකරුවන්ට ලබා දෙනු ලබන දායකත්වය ප්‍රධාන කොට ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ නමුත්, ගෙවී ගිව දවස් කීපයේදී වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා, උදෑසන කාලයේදී වේග පන්දු යවන්නන්ට සුළු දායකත්වයක් ලබාදෙනු ඇතැයි අපේක්ෂා කළ හැක.

    එංගලන්ත කඳවුරෙන් වාර්තා වුණු විශේෂ කරුණ වන්නේ එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් වරම් දිනූ 697 වැනි ක්‍රීඩකයා ලෙසින් ඩෑන් ලෝරන්ස් ටෙස්ට් වරම් දිනා ගැනීමයි. ටෙස්ට් වරම් හිමිවීමේදී සාම්ප්‍රදායිකව ලබා දෙනු ලබන කැප් තොප්පිය, ඔහු කළින් ක්‍රීඩා කළ එසෙක්ස් කණ්ඩායමේ නායක ජේම්ස් ෆෝස්ටර් විසින් පිරිනමන ලදී. ෆෝස්ටර් වත්මන් එංගලන්ත කණ්ඩායමේ කඩුලු රැකීමේ උපදේශකයකු ලෙසින් කටයුතු කරනු ඇත.

    ශ්‍රී ලංකා කණ්ඩායම බලාපොරොත්තු වූ පරිදි ප්‍රධාන දඟ පන්දු යවන්නන් තිදෙනෙකු සමඟ අවතීර්ණ වද්දී එංගලන්ත පිල ඔවුන් සතු ප්‍රධානම දඟ පන්දු යවන්නන් දෙදෙනා වන ජැක් ලීච් සහ ඩොම් බෙස් කැඳවමින් අවතීර්ණ වී තිබේ. අද තරගයේදී ජේම්ස් ඇන්ඩර්සන්ට ස්ථානය අහිමිවීම කැපී පෙනෙන අතර වමතින් පන්දු යවන සෑම් කරන්, මාක් වුඩ් සහ ස්ටුවර්ට් බ්‍රෝඩ් වේග පන්දු යවන්නන් ලෙස කණ්ඩායමට එක්ව සිටියි.

    එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කළ,  මෑතකදී අභාවප්‍රාප්ත වුණු ක්‍රීඩකයින් වන ජෝන් එඩ්රිච්, රොබින් ජැක්මන් සහ ඩොම් ස්මිත් ට සිහි කිරීමක් වශයෙන් එංගලන්ත කණ්ඩායම මෙම තරගයේදී කළු පැටි පැළඳ ක්‍රීඩා කරති.

    ශ්‍රී ලංකා පිල – 1. ළහිරු තිරිමාන්න, 2. කුසල් පෙරේරා, 3. කුසල් මෙන්ඩිස්, 4. දිනේෂ් චන්දිමාල් (නායක), 5. ඇන්ජලෝ මැතිව්ස්, 6.නිරෝෂන් දික්වැල්ල, 7. දසුන් ශානක, 8. වනිඳු හසරංග, 9. ඩිල්රුවන් පෙරේරා, 10. ලසිත් ඇඹුල්දෙණිය, 11. අසිත ප්‍රනාන්දු

    එංගලන්ත පිල – 1. ඩොම් සිබ්ලි, 2. සැක් ක්‍රෝලි, 3. ජොනී බෙයාස්ටූ, 4. ජෝ රූට් (නායක), 5. ඩෑන් ලෝරන්ස්, 6. ජොස් බට්ලර්, 7. සෑම් කරන්, 8. ඩොම් බෙස්, 9. ජැක් ලීච්, 10. මාක් වුඩ්, 11. ස්ටුවර්ට් බ්‍රෝඩ්.

    text by Sri lanka criket

  • ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය සම්මතයි

    ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය සම්මතයි

    ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඩිමොක්‍රටික් පක්ෂය ඉදිරිපත් කළ දෝෂාභියෝග යෝජනාව එරට කොංග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී 232/197ක් ලෙස සම්මත වුණා.

    ජනපති ට්‍රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩල සාමාජිකයන් 10දෙනකු ද ට්‍රම්ප්ට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම මෙවර විශේෂත්වයක්.

    ජනපති ට්‍රම්ප්ට එරෙහිව ඇති චෝදනාව වන්නේ පසුගිය 6 වැනිදා කැපිටල් මන්දිරය ආක්‍රමණය කිරීමට පාක්ෂිකයින් උසිගැන්වීමයි. ජෝ බිඩෙන් විසින් මෙම තත්ත්වය ‘කැරැල්ලක්‘ ලෙස හදුන්වා දුන්නා.

    ඇමෙරිකානු ජනාධිපතිවරයකු එරෙහිව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී දෝෂාභියෝග යෝජනාවක් අවස්ථා දෙකකදී සම්මත වූ ඇමෙරිකානු ඉතිහාසයේ පළමු අවස්ථාව මෙයයි. මීට පෙර 2019 දී ද යුක්රේනය සමඟ ගනුදෙනු කිරීම සම්බන්ධයෙන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් ජනපති ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක් සම්මත කළ නමුත් සෙනෙට් සභාව විසින් ඔහු නිදොස් කොට නිදහස් කළා.

    සෙනට් මණ්ඩලයේදී දෝෂාභියෝග චෝදනාව සම්බන්ධයෙන් විභාගයක් සහ ඡන්ද විමසීමක් පැවැත් වීමට නියමිතව තිබෙන අතර එය ජෝ බයිඩන් ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් පසුව සිදුවනු ඇති බවයි ඇමෙරිකානු මාධ්‍ය පවසන්නේ.

    ඊට හේතුව වශයෙන් ඇතැම් ඇමෙරිකානු මාධ්‍ය දක්වන්නේ දැනට ඇති තත්ත්වය මත සෙනට් මණ්ඩලයේ පැවැති ඡන්ද විමසීමේදී දෝෂාභියෝගය සම්මත වීමට නම් රිපබ්ලිකන් පක්ෂයේ සෙනට් සභිකයන් 17 දෙනකු ඊට පක්ෂව ඡන්ද දිය යුතු වීමයි.

    ඇමෙරිකානු සෙනෙට් මණ්ඩලයේ සාමාජික සංඛ්‍යාව 100ක් වන අතර සෙනට් මණ්ඩලයේ දී දෝෂාභියෝගය සම්මත වීමට නම් තුනෙන් දෙකක ඡන්ද ප්‍රමාණයක් අවශ්‍ය වන අතර එම ඡන්ද ගණන 67ක්.

    පසුගිය වසරේ පැවති ජනාධිපතිවරණයට සමගාමීව සෙනෙට් මණ්ඩලයට සාමාජිකයන් තෝරා පත් කරගැනීම ද සිදුකෙරුණු අතර එහිදි සෙනට් මණ්ඩලයේ ආසන සංඛ්‍යාව පක්ෂ දෙක අතර සමසේ බෙදී තිබෙනවා. ඒ අනුව සෙනෙට් සභාවේ තීරණාත්මක ඡන්දය හිමි සෙනට් මණ්ඩලයේ මීළඟ ප්‍රධානියා ලෙස පත්වීමට නියමිතව ඇත්තේ, එරට මීළඟ උප ජනාධිපතිවරයා ද වන කමලා හැරිස්.

    මේ අතර ඇමෙරිකානු දේශපාලන විශ්ලේෂකයින් පවසන්නේ ජෝ බිඩෙන් දිවුරුම් දීමෙන් පසුව වුවද ට්‍රම්ප්ට එරෙහිව සෙනෙට් සභාවේදී දෝෂාභියෝගය 3/2ක ඡන්දයෙන් සම්මත නොවනු ඇති බවයි. ඊට හේතුව වශයෙන් ඔවුන් දක්වන්නේ පසුගිය ජනාධිපතිවරණයට සමගාමීව සිදු වූ සෙනෙට් සභාවට නියෝජිතයින් තෝරා ගැනීමේදී රිපබ්ලිකන් පක්ෂයට සෙනෙට් නියෝජිතයින් 50ක් හිමීමයි.

    ඊට අමතරව මෙතෙක් කාලයක් තුළ ඇමෙරිකානු ඉතිහාසයේ දෝෂාභියෝගයක් මගින් ජනාධිපතිවරයෙකු ධුරයෙන් ඉවත්කර නැති බව ද ඔවුන් පෙන්වා දෙනවා.

    ‘‘ මීට පෙර ඇමෙරිකාවේ කිසිදු ජනාධිපතිවරයකු දෝෂාභියෝග ඡන්ද විමසීමකින් බලයෙන් පහ කර නැහැ“ රොයිටර් පුවත්සේවය පැවසුවා.

    ‘මීට පෙරත් වත්මන් ජනාධිපති ට්‍රම්ප්ට එරෙහිව 2019 වසරේදීත් බිල් ක්ලින්ටන්ට එරෙහිව 1998 වසරේදීත් ඇන්ඩෘෘ ජොන්සන්ට එරෙහිව 1868 වසරේදීත් දෝෂාභියෝග යෝජනා ඉදිරිපත් වුණා. ඒ තුනම නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී සම්මත වූ නමුත් එම දෝෂාභියෝග යෝජනා තුනම සෙනට් මණ්ඩලයේ දී පරාජයට පත්වුණා. ඒ අනුව එම අවස්ථා තුනේදීම එකී ජනාධිපතිවරුන් තිදෙනා දෝෂාභියෝග චෝදනාවලින් නිදොස් කොට නිදහස් කෙරුණා“ යැයි රොයිටර් වාර්තාවක සදහන් වෙනවා.

    මේ සම්බන්ධයෙන් බී.බී.සී. වාර්තාවක මෙසේ සදහන් වෙනවා.

    ඊළඟට කුමක් සිදුවේද?

    එක්සත් ජනපද කොන්ග්‍රසයේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන සෙනෙට් සභාව ජනාධිපතිවරයාගේ වරද තීරණය කිරීම සඳහා නඩු විභාගයක් පවත්වනු ඇති නමුත් ට්‍රම්ප් මහතා බලයේ ඉතිරිව සිටින සතිය තුළ මෙය සිදු නොවේ.

    රිපබ්ලිකන් සෙනෙට් නායක මිච් මැක්කොනෙල් කියා සිටියේ ජනාධිපතිවරුන් සම්බන්ධ නඩු විභාග පාලනය කරන “නීති, ක්‍රියා පටිපාටි සහ සෙනෙට් පූර්වාදර්ශයන්” අනුව “සාධාරණ හෝ බැරෑරුම් නඩු විභාගයක්” නිගමනය කළ හැකි අවස්ථාවක් නොමැති බවයි.

    ට්‍රම්ප් මහතා වරදකරු කිරීම සඳහා තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය වනු ඇත. එයින් අදහස් වන්නේ ආසන 100 ක ඒකාකාරව බෙදී ඇති රිපබ්ලිකානුවන් 17 දෙනෙකුට ඩිමොක්‍රටිකයින් සමඟ ඡන්දය දීමට සිදුවනු ඇති බවයි.

    රිපබ්ලිකානුවන් 20 ක් පමණ ජනාධිපතිවරයා වරදකරු කිරීමට සූදානම් බව නිව්යෝක් ටයිම්ස් අඟහරුවාදා වාර්තා කළේය. සගයන් වෙත කළ සටහනක මැක්කොනෙල් මහතා කියා සිටියේ තමා ඡන්දය ප්‍රකාශ කරන්නේ කෙසේද යන්න පිළිබඳව අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.

    ට්‍රම්ප් මහතා වැරදිකරු වුවහොත්, ඔහුට නැවත තේරී පත්වූ ධුරය සඳහා තරඟ කිරීම වළක්වාලීමට සෙනෙට් සභිකයින්ට තවත් ඡන්දයක් පැවැත්විය හැකි අතර, එයින් ඇඟවෙන්නේ ඔහු 2024 දී එය කිරීමට සැලසුම් කර ඇති බවයි.

    දෝෂාභියෝගය: මූලික කරුණු

    • දෝෂාභියෝගය යනු කුමක්ද? දෝෂාභියෝගය යනු බලයේ සිටින ජනාධිපතිවරයෙකුට අපරාධ චෝදනා එල්ල කිරීමයි. මෙම නඩුවේදී, ජනාධිපති ට්‍රම්ප්ට කැපිටල් ප්‍රහාරයට තම ආධාරකරුවන් දිරිගැන්වීම මගින් කැරැල්ල උසිගැන්වීමේ චෝදනාව එල්ල වුණා.
    • ට්‍රම්ප් ධුරයෙන් ඉවත් කළ හැකිද? නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ඔහුට දෝෂාභියෝගයක් ඉදිරිපත් කර ඇති අතර, නඩුව නඩු විභාගයක් සඳහා සෙනෙට් සභාව වෙත ගෙන ගොස් ඇත. එහෙත් ජනවාරි 20 වන දින ට්‍රම්ප් මහතා ධුරයෙන් ඉවත්වීමට පෙර නඩු විභාගයක් සිදු නොකෙරේ
    • ඉතින් එහි තේරුම කුමක්ද? ඔහුගේ ධුර කාලය අවසන් වීමෙන් පසු නඩු විභාගයක් සිදුවිය හැකි අතර, ඔහුට නැවත ජනාධිපති ධුරය දැරීම වළක්වාලීමට සෙනෙට් සභිකයින්ට ඡන්දය දිය හැකිය

    සභා ඡන්ද විමසීමේදී සිදු වූයේ කුමක්ද?

    පැය දෙකක් තිස්සේ ඩිමොක්‍රටික් පාලිත සභාවේ සාමාජිකයන් දෝෂාභියෝගය පිළිබඳ ඡන්ද විමසීමට පක්ෂව සහ විපක්ෂව ප්‍රකාශ කළ අතර ජාතික ආරක්ෂක භටයන් කැපිටල් ඇතුළත හා පිටත සෝදිසියෙන් සිටියහ.

    ඩිමොක්‍රටික් පාක්ෂිකයෙකු වන සභා කථානායක නැන්සි පෙලෝසි පැවසුවේ, “එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා මෙම කැරැල්ල, අපේ පොදු රටට එරෙහි සන්නද්ධ කැරැල්ල උසිගැන්වීය. ඔහු යා යුතුය. ඔහු අප සැමට ආදරය කරන ජාතියට පැහැදිලි හා වර්තමාන අනතුරකි.”

    බොහෝ රිපබ්ලිකානුවන් ට්‍රම්ප්ගේ වාචාලකම ආරක්ෂා කිරීමට උත්සාහ නොකළ අතර, දෝෂාභියෝගය චාරිත්‍රානුකූල නඩු විභාගයන් මග හැර ඇති බවට තර්ක කරමින් ජාතික සමගිය වෙනුවෙන් එය අත්හරින ලෙස ඩිමොක්‍රටිකයින්ගෙන් ඉල්ලා සිටියේය.

    “මෙතරම් කෙටි කාලයක් තුළ ජනාධිපතිට දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීම වැරැද්දක් වනු ඇත” යැයි සභාවේ ඉහළම රිපබ්ලිකන් ජාතික කෙවින් මැකාති පැවසීය. “එයින් අදහස් කරන්නේ ජනාධිපතිවරයා වරදින් නිදහස් නොවන බවයි. බදාදා කොන්ග්‍රසයට එරෙහි මැර කැරලිකරුවන්ගේ ප්‍රහාරයේ වගකීම ජනාධිපතිවරයා සතුය.”

    232-197 වන විට ට්‍රම්ප් මහතා දෝෂාභියෝගයට ලක් වූ අතර රිපබ්ලිකානුවන් දස දෙනෙකු ඩිමොක්‍රටිකයින් සමඟ සිටියහ. ඔවුන් අතර රිපබ්ලිකන් පක්ෂයේ හිටපු උප ජනාධිපති ඩික් චෙනීගේ දියණිය වන ලිස් චෙනී ද වූවාය.

    ට්‍රම්ප් සිය ඡන්ද විමසීමෙන් පසු සිය වීඩියෝ පටයේ මෙසේ පැවසීය: “ප්‍රචණ්ඩත්වයට හා විනාශකාරී ක්‍රියාවන්ට අපේ රටේ තැනක් නැත … මගේ සැබෑ ආධාරකරුවෙකු කිසි විටෙකත් දේශපාලන ප්‍රචණ්ඩත්වය අනුමත නොකරනු ඇත.”

    තම කැබිනට් නාමයෝජනා අනුමත කිරීම, කොරොන වයිරස් සහන සහ රටපුරා එන්නත් කිරීමේ වැඩසටහන වැනි “මේ ජාතියේ හදිසි ව්‍යාපාරයක්” සෙනෙට් සභිකයින් විසින් නොසලකා හරිනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව බිඩෙන් මහතා පැවසීය.

    බී.බී.සී සහ රොයිටර් වාර්තා ඇසුරිණි – සකස් කළේ – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • නිරෝධානයේදී තෙවන පාර්ශ්වවලට ගසාකෑම්වලට යළි ඉඩ නෑ – යුධ හමුදාපති

    නිරෝධානයේදී තෙවන පාර්ශ්වවලට ගසාකෑම්වලට යළි ඉඩ නෑ – යුධ හමුදාපති

    නිරෝධායන ක්‍රියාවලිය ඉතා ඉහළ ප්‍රමිතියකින් හා විශ්වාසනීයව පවත්වාගෙන යාමට යුද හමුදාව කටයුතු කරන බැවින් ඒ සම්බන්ධයෙන් යුද හමුදාව ගොඩනගාගෙන ඇති ප්‍රතිරූපයට හානි කිරීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බවද යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. 

    විදේශීය රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් නිරෝධායන කටයුතු සඳහා හෝටල්වලට යොමුකිරීමේදී අයථා ලෙස මුදල් ලබාගන්නා තෙවන පාර්ශ්වකරුවන්ට ඒ සඳහා කිසිදු ඉඩක් නොතබන ලෙස නිරෝධායන කටයුතු සඳහා සම්බන්ධව සිටින හෝටල් හිමියන්ට යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙයි. 

    කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී අද දින (13) හෝටල් හිමිකරුවන් සහ හෝටල් විධායක නිලධාරීන් සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකදී යුද හමුදාපතිවරයා මේ බව පැවසීය. 

    යුද හමුදාපතිවරයා පවසන්නේ කොවිඩ් -19 වෛරසයේ දෙවන රැල්ල පැතීරයෑමෙන් පසුව මෙවැනි වංචනික ක්‍රියාවන් සිදුකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කළ බවයි. 

    නිරෝධායන ක්‍රියාවලිය ඉතා ඉහළ ප්‍රමිතියකින් හා විශ්වාසනීයව පවත්වාගෙන යාමට යුද හමුදාව කටයුතු කරන බැවින් ඒ සම්බන්ධයෙන් යුද හමුදාව ගොඩනගාගෙන ඇති ප්‍රතිරූපයට හානි කිරීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බවද යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. 

    මෙරටට පැමිණ හෝටල්වල නිරෝධායනයට ලක්වන පුද්ගලයින්ට අවශ්‍ය පහසුකම් සාධාරණ මුදලකට ලබාදීම තම අරමුණ බව යුද හමුදාපතිවරයා පෙන්වා දෙයි. 

    විදෙස්වල සිට පැමිණෙන පුද්ගලයින් නිරෝධායන කටයුතු සඳහා හෝටල්වලට යොමුකිරීමේදි ඇතැම් වංචනික පුද්ගලයින් මුදල් ලබාගෙන තිබුණද එවැනි ක්‍රියාවන් සිදුවීමට ඇති ඉඩකඩ මේ වනවිට සම්පුර්ණයෙන්ම අවුරා තිබෙන බවද පැවසු ශවේන්ද්‍ර සිල්වා මහතා යම්කිසි හෝ ආකාරයකින් එවැනි ක්‍රියාවක් සිදුවූවහොත් ඒ පිළිබඳ වහාම යුද හමුදාවේ අවධානයට යොමුකරන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටියි. 

  • ජපානය ශ්‍රී ලංකා සංචාරකයින්ට දොර වසයි

    ජපානය ශ්‍රී ලංකා සංචාරකයින්ට දොර වසයි

    ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු කලාපයේ රටවල් 11ක සංචාරකයින්ට ජපානයට ඇතුළුවීම අද (14) සිට තහනම් කර තිබෙනවා. කොවිඩ් – 19 ව්‍යාප්තිය හමුවේ ජපාන අගමැතිවරයා විසින් එරට දේශසීමා ප්‍රතිපත්තිවල වෙනසක් ඇති කර ඇති අතර ඒ සමග ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු කලාපයේ රටවල් 11ක වැසියන්ට ජපානයට ඇතුළුවීම අද (14) සිට තහනම් කර තිබෙනවා.

    කෙසේවුවද ව්‍යාපාරික සංචාරකයින් සඳහා ජනවාරි 31 දක්වා එම තහනම අදාළ නොවන බවයි ජපාන රජය පවසන්නේ.

    නව තීන්දුව අනුව ශ්‍රි ලංකාව, තායිවානය, තායිලන්තය, හොංකොං, සිංගප්පුරුව, මැලේසියාව, වියට්නාමය, දකුණු කොරියාව සහ චීනය ඇතුළු රටවල්වල ජනතාවට ජපානයට ඇතුළු වීම තහනම් වෙනවා.

    ජපානයේ ටෝකියෝ, ඕසාකා ඇතුළු නගර කිහිපයකට හදිසි තත්ත්වයන් ප්‍රකාශයට පත්කර ඇති අතර ඊයේ තවත් නගර කිහිපයක හදිසි තත්වයන් ප්‍රකාශ කිරීමට ජපන් රජය පියවර ගත්තා. ජපානයේ කොවිඩ් – 19 ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 03කට පමණ ආසන්න වී ඇති අතර 4,000කට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා

  • සුපිරි බොලිවුඩ් නිළි ‘සයියාම් ඛාර්’ ගැන සුපිරි හෙළිදරව් 40ක්

    සුපිරි බොලිවුඩ් නිළි ‘සයියාම් ඛාර්’ ගැන සුපිරි හෙළිදරව් 40ක්

    ‘සයියාම් ඛාර් – Saiyami Kher කියන්නේ බොලිවුඩයේ සුපිරි නවක නිළියක් වගේම නිරූපණ ශිල්පිනියක්. බොලිවුඞ් විචාරකයින් කියන්නේ ඇයගේ සරාගී බව කලකින් දැකිය හැකි දෙයක් බවයි.

    Bharatbytes: Saiyami Kher Photoshoot for Vogue India Jan 2017

    සයියාම් වඩාත් ප‍්‍රකට වුණේ Choked චිත‍්‍රපටයේ කළ රංගනයෙන්. පහළ මධ්‍යම පාන්තික කම්කරු කාන්තාවක් නිරූපණය කරමින් සයියාමි ඛර් අප සියල්ලන්ම මෝහනයට පත් කළ අතර ඇය ද සාර්ථකත්වය අත්පත්කර ගත්තා. ඉතිං අපි තීරණය කළා මේ සුපිරි යොවුන් නිළියගේ ජීවිතයේ සුන්දර තැන් වගේම දුක්මුසු තැන් ගැනත් ඔබට විශේෂ හෙළිදරව්වක් ඇය ලවාම කරවා ගන්න.

    ඔබ උදේ අවදි වන විට ඔබ කරන පළමු දෙය කුමක්ද?
    වතුර ලීටරයක් ​​බොනවා.

    ඔබේ ජීවිතය චිත්‍රපටයක් නම්, එය කුමන එකක් ද?
    මගේ ජීවිතයේ යම් දවසක චිත්‍රපටයක් කළ හැකි වන පරිදි මම යමක් සාක්ෂාත් කර ගනිමි යැයි සිතනවා.

    ඔබට අනුව නැරඹිය යුතු හින්දි චිත්‍රපට පහක් නිර්දේශ කරන්න…
    Guide, Abhiman, Dil Chahta Hai, Sholay, Rang De Basanti

    ඔබට කොටසක් විය හැකි යැයි සිතන එක් චිත්‍රපටයක් කුමක්ද?
    Million Dollar Baby.

    ඔබ නැවත නැවතත් නැරඹිය යුතු හොලිවුඩ් චිත්‍රපට තුනක්
    නම් කරන්න පුළුවන්ද ? Notting Hill, Catch Me If You Can, Air Force One.

    එක් නළුවෙක් ඔබට තිරය මත ආදරය කිරීමට අවශ්‍යද?
    බොලිවුඩයේ රන්බීර් කපූර් සහ හොලිවුඩයෙන් රයන් ගෝස්ලිං.

    මෙම පරම්පරාවේ එක් නළුවෙකු ඔබ පුදුම යුගලයක් සාදනු ඇතැයි ඔබ සිතනවාද?
    ඩැනියෙල් රැඩ්ක්ලිෆ්.

    බොලිවුඩ් උත්සවය ඔබට අසල්වැසියෙකු ලෙස අවශ්‍යද?
    අනිල් කපූර්. මම ඔවුන්ගේ නිවසේ කෑමට කැමතියි.

    ඔබ ජනමාධ්‍යවේදියෙක් නම්, ඔබ සම්මුඛ පරීක්ෂණයට කැමති පළමු නළුවා කවුද?
    අමිතාබ් බච්චන්

    ඔබේ ජීවිතයේ ප්‍රීතිමත්ම මොහොත වූයේ …
    සම්පූර්ණ මැරතන් ධාවන තරඟයක් දිනූ පසු අඟල් 16 පීසා ඒකක් සහ අයිස්ක්‍රීම් ලීටර් භාගයක් අනුභව කිරීම.

    ඔබ වැඩිපුරම වෛර කරන හැඟීමක් …
    ඍණාත්මක බව, කෝපය.

    Saiyami Kher Hot Photos Photos

    ඔබ කදුළු සලමින් නැරඹු අවසන් චිත‍්‍රපටය කුමක්ද ?
    චිත්‍රපට නරඹන විට මම අඩන්නේ නැත, නමුත් 3 Idiots, එය නරඹන සෑම අවස්ථාවකම මා හැඟීම්බර කරනවා.

    ඔබ කිසි විටෙකත් නොකරන වෘත්තීය වැරැද්දක්…
    වැරදි හේතුන් මත චිත්‍රපටයක් භාර ගැනීම.

    පරිපූර්ණ සතුට පිළිබඳ ඔබේ අදහස කුමක්ද?
    කිට්ටු මිතුරන් සහ පවුලේ අය, වෙරළ තීරයක්, ජල ක්‍රීඩා සහ හොඳ ආහාර.

    ඔබේ පළමු දිනය විස්තර කරන්න …
    පාසලෙන් පසු ගේල්ඩ්ගේ දිවා ආහාරය.

    ඔබ තනිකඩද?
    ඔව්.

    ඔබ මේ දක්වා කැමති කුමන චිත්‍රපට චරිතයද?
    Spider-Man.

    ඔබ කර්මාන්තයේ කිසිවෙකු සමඟ පෙම් සබඳතාවක් පවත්වනවාද?
    මට වඩා වෙනස් දේවල් කරන අයව දැනගන්න මම කැමතියි.

    පෙම් සබඳතාවලදී ඔබ ගැහැණු ළමයින්ට ලබා දෙන එක් ඉඟියක් කුමක්ද?
    ඔබේ හදවත අනුගමනය කරන්න.

    ඔබ මිනිසුන්ව කල් දැමූ ගුණාංග?
    බොරු කීම සහ යමෙකු තමන්ගෙන් පිරී තිබීම.

    Fenil and Bollywood: How Mirzya actress Saiyami Kher's family tried in vain  to protect her from Mumbai and showbiz

    ඔබ විවෘත සබඳතා පවත්වනවාද?
    මා විශ්වාස කරන දෙයක් නොවේ.

    සමලිංගිකයෙකු ඔබට පහර දුන්නොත් …
    මම එය ප්‍රශංසාවක් හා සිනහවක් ලෙස සලකමි.

    සම්බන්ධතාවයකදී ඔබ කිසි විටෙකත් පුනරාවර්තනය නොවන එක් වැරැද්දක්?
    මම වාසනාවකට මෙන් නැවත නැවත කිරීමට අකමැති තරමට බරපතළ වැරැද්දක් කර නෑ.

    ඔබේ ජීවිතයේ එක් අපහසු මොහොතක් තවමත් ඔබව බියගන්වයිද?
    සාදයකදී ඉතා ප්‍රසිද්ධ කතුවරයකු හඳුනා නොගැනීම.

    ඔබේ කරදරකාරී පුරුද්ද කුමක්ද?
    ඕනාවට වඩා සිතීම.

    ඔබට අතහරින්න බැරි එක් මධ්‍යම පන්තික පුරුද්දක් ?
    අන්තිම කොටස ලබා ගන්න මගේ අත රිදෙන තුරු දන්තාලේප නළය මිරිකීම.

    ඔබ ගැන වෙනස් වීමට ඔබ කැමති එක දෙයක්ද?
    වඩාත් ධනාත්මක වන්න.

    සයියාමි ඛර්

    හසු නොවී ඔබට එක් අපරාධයක් කළ හැකි නම් එය කුමක් ද?
    මට අසීමිත චොකලට් බවට පත් කරන ලින්ඩ්ට් චොකලට් යන්ත්‍රයක් සොරකම් කරන්න.

    කාලය මුදල් නම් ඔබ එය ආයෝජනය කරන්නේ කොතැනින්ද?
    මගේ සෞඛ්‍යය, යෝග්‍යතාවය සහ හොඳින් ආහාර ගැනීම.

    ඔබට අත්හැරීමට අපහසුම දේ කුමක්ද?
    සීනි.

    ඔබට සපුරා ගැනීමට අවශ්‍ය ලොකුම සිහිනය කුමක්ද?
    ඔස්කාර් සම්මානය දිනා ගන්න.

    ඔබට ජීවත් වීමට ඇත්තේ පැය 24 ක් පමණක් නම් ඔබ කරන්නේ කුමක්ද?
    අවදි වන්න, ගමනක් යන්න, හිරු උදාව බලන්න, නැවත පැමිණ අම්මා විසින් සාදන ලද උදෑසන ආහාරය ගෙන පවුලේ අය සහ මිතුරන් සමඟ කිමිදීමට යන්න.

    ඔබ කවදා හෝ ලොතරැයියක් දිනුවහොත් ඔබ කරන්නේ කුමක්ද?
    මුදල්වලින් අඩක් ආයෝජනය කරනවා. සංචාරට ඉතිරි කොටස ගන්නවා.

    ඔබට නියමිත වේලාවට ආපසු යා හැකි නම්, ඔබ යන්නේ කුමන කාල පරිච්ඡේදයටද?
    මම 1930-40 ගණන් වලට ආපසු යාමට කැමතියි. එම යුගයේ ජනයා කළු හා සුදු චිත්‍රපටවල රඟපෑ අරගලවලට සාක්ෂි දරනවා.

    ඔබව වඩාත් හොඳින් විස්තර කරන වචන පහක්?
    මම වැඩ කරමින් සිටිමි.

    සයියාමි ඛර්

    ඔබේ මුළු කාලයම ගත කිරීම සඳහා ඔබ තිදෙනෙකු තෝරා ගන්නේ නම්, ඔබ තෝරා ගන්නේ කාවද?
    රොජර් ෆෙඩරර්, සචින් තෙන්ඩුල්කාර් සහ ගුල්සාර් සාබ්

    ආදර දිනයක් පිළිබඳ ඔබේ අදහස කුමක්ද?
    හිමාල කඳුවැටියක් හෝ කිමිදුම් ගමනක්

    බොලිවුඩයේ සරාගී තාරකාව කවුද?
    රිතික් රොෂාන්

    පුරුෂයින් වෙත ඔබව ඇද ගන්නා ගුණාංග …
    නිහතමානිකම, හාස්‍යය, ත්‍රාසජනක හැඟීමක්

    ඔබ කැමති කුමන ආකාරයේ විවාහයක් සඳහාද?
    මුහුදු වෙරළේ පුද්ගලයන් 40ක් සමග පවත්වන විවාහා උත්සවයක්.

    සයියාමි ඛර්

    ෆිල්ම් ෆෙයාර් ඇසුරිණි – සකස් කළේ – තුෂාධවි

  • ස්වයං දයානුකම්පාව සහ ආත්ම ගරුත්වය ගැන ‘සුපිරි හෙළිදරව්වක්’

    ස්වයං දයානුකම්පාව සහ ආත්ම ගරුත්වය ගැන ‘සුපිරි හෙළිදරව්වක්’

    ඔබ අසමත් වූ හෝ බරපතළ වැරැද්දක් කළ අවසන් අවස්ථාව ගැන නැවත සිතන්න. ඔබ තවමත් ලැජ්ජාවෙන් බොඳ වී, මෙතරම් මෝඩ හෝ ආත්මාර්ථකාමී වූ නිසා ඔබට බැණ වදිනවාද ? එම අසාර්ථකත්වය තුළ ඔබ තනිවම සිටින බවක් දැනෙනවාද ? එසේත් නැතිනම් එම දෝෂය මනුෂ්‍යයෙකුගේ කොටසක් බව ඔබ පිළිගෙන, ඔබ සමඟ ප්‍රවේශමෙන් හා මුදු මොළොක් ලෙස කතා කිරීමට උත්සාහ කරනවාද?

    බොහෝ මිනිසුන් සඳහා, වඩාත්ම දැඩි විනිශ්චය ප්‍රතිචාර වඩාත් ස්වාභාවිකය. ඇත්ත වශයෙන්ම, අපගේ අභිලාෂය හා අපගේ අධිෂ්ඨානය පිළිබඳ සංඥාවක් ලෙස අප කෙරෙහි දැඩි ලෙස කටයුතු කිරීම ගැන අපි ආඩම්බර විය හැකිය.

     නමුත් පර්යේෂණ මගින් පෙන්නුම් කරන්නේ ස්වයං විවේචනය බොහෝ විට නරක ලෙස පසුබසින බවයි. අපගේ අසතුටුදායක බව සහ ආතති මට්ටම ඉහළ නැංවීමට අමතරව, එය කල්දැමීම වැඩි කළ හැකි අතර අනාගතයේදී අපගේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට අපට ඇති හැකියාව අඩු කරයි.

    අපට දඩුවම් කරනවා වෙනුවට, අප ස්වයං අනුකම්පාව දැක්විය යුතුය.

    මෙම පර්යේෂණයට පුරෝගාමී වූ ඔස්ටින්හි ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන මනෝ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වන ක්‍රිස්ටින් නෙෆ් පවසන්නේ “අපගෙන් බොහෝ දෙනෙකුට කොන්දේසි විරහිතව සහයෝගය දක්වන හොඳ මිතුරෙකු සිටින” බවයි. 

    “ආත්ම දයානුකම්පාව යනු ඔබටම උණුසුම්, සහායක මිතුරෙකු වීමට ඉගෙන ගැනීමයි.”

    ඔබ නරුමයෙක් නම්, ඔබට මුලින් එම අදහස ගැන කතා කළ හැකිය. විද්‍යාත්මක සාක්ෂි වලට අනුව එයට අපගේ චිත්තවේගීය ප්‍රත්‍යාස්ථතාව වැඩි කිරීමට සහ අපගේ සෞඛ්‍යය, යහපැවැත්ම සහ ඵලදායිතාව වැඩි දියුණු කළ හැකිය. වැදගත් වන්නේ, අපගේ කලබලයට හේතු වූ වැරදි වලින් ඉගෙන ගැනීමටද එය අපට උපකාර කරයි.අප සියල්ලන්ම වැරදි සිදු කළත්, ස්වයං-දයානුකම්පාව අපට සමාව දීමට සහ බලාපොරොත්තු සුන්වීම් සහ අපහසුතාවන්හිදී වඩා හොඳින් සැලකිලිමත් වීමට උපකාරී වේ (ණය: ඇලමි)

    අප සියල්ලන්ම වැරදි සිදු කළත්, ස්වයං-දයානුකම්පාව අපට සමාව දීමට සහ බලාපොරොත්තු සුන්වීම් සහ අපහසුතාවන්හිදී වඩා හොඳින් සැලකිලිමත් වීමට උපකාරී වේ

    ආත්ම ගරුත්වය මත නොව ආත්ම දයානුකම්පාව මත රඳා සිටීම

    නෙෆ්ගේ පර්යේෂණය පෞද්ගලික අර්බුදයකින් ආභාෂය ලැබීය. 90 දශකයේ අගභාගයේදී ඇය වේදනාකාරී දික්කසාදයකට මුහුණ දෙමින් සිටියාය. 

    “ඒක හරිම අවුල් සහගතයි. මම ගත් නරක තීරණ ගැන මට ලොකු ලැජ්ජාවක් දැනුණා” 

    ආතතිය සමඟ සාර්ථකව කටයුතු කළ හැකි ක්‍රමයක් සොයමින් ඇය ප්‍රාදේශීය බෞද්ධ මධ්‍යස්ථානයක භාවනා පන්ති සඳහා ලියාපදිංචි වූවාය. සිහිකල්පනාවෙන් ක්‍රියා කිරීම ඇත්තෙන්ම යම් සහනයක් ගෙන දුන් නමුත්, අනුකම්පාව පිළිබඳ ඔවුන්ගේ ඉගැන්වීම් (විශේෂයෙන්, එම කරුණාව අප වෙත යොමු කිරීමේ අවශ්‍යතාවය) විශාලතම සැනසීම ගෙන දුන්නේය. 

    “එය ක්ෂණික වෙනසක් ඇති කළා” කියා ඇය පවසයි.

    මතුපිටින්, ස්වයං-දයානුකම්පාව ‘ආත්ම-ගරුත්වය’ යන සංකල්පයට සමාන විය හැකි අතර, එය අප අපව කොතරම් අගය කරනවාද යන්න සහ අප අපව ධනාත්මකව දකිනවාද යන්න ගැන සැලකිලිමත් වේ. 

    ආත්ම අභිමානය මැනීම සඳහා ප්‍රශ්නාවලියක් මගින් සහභාගිවන්නන්ගෙන්, “මම වටිනා පුද්ගලයෙක්, අවම වශයෙන් අනෙක් අය සමඟ සමාන තලයක සිටිය යුතු යැයි මට හැඟේ” වැනි ප්‍රකාශයන් ඇගයීමට ලක් කරන්න.

    අවාසනාවකට මෙන්, මෙය බොහෝ විට තරඟකාරී හැඟීමක් ඇති කරවන අතර, එය පහසුවෙන් අසාර්ථක විය හැකි, බිද වැටෙන ආකාරයේ බිදෙනසුළු මත්ද්‍රව්‍යයකට හේතුවිය හැකිය. 

    “ආත්ම අභිමානය සාර්ථකත්වයට අඛණ්ඩව බලපාන අතර මිනිසුන් ඔබට කැමති වේ, එබැවින් එය එතරම් ස්ථාවර නොවේ. ඔබට එය හොඳ දවසක තිබිය හැකි නමුත් නරක දිනයකදී එය නැති කර ගත හැකිය” යනුවෙන් නෙෆ් පවසයි. 

    ඉහළ ආත්ම අභිමානයක් ඇති බොහෝ අය ඔවුන්ගේ විශ්වාසයට තර්ජනයක් වන විට අක්‍රමණය සහ හිරිහැර කිරීම පවා  කරති.

    පර්යේෂණය සොයා ගැනීම් පෙන්නුම් කරන්නේ ස්වයං විවේචනය බොහෝ විට නරක ලෙස පසුබෑමට ලක්වන බවයි

    ස්වයං-දයානුකම්පාව වර්ධනය කර ගැනීම, එම උගුල් වළක්වා ගැනීමට ඔබට උදව් විය හැකි අතර, එවිට ඔබට වේදනාවක්, ලැජ්ජාවක් හෝ ලැජ්ජාවක් දැනෙන විට ඔබම තෝරා ගත හැකිය. 

    එබැවින්, ගති ලක්ෂණ මැනීම සඳහා මනෝවිද්‍යාත්මක පරිමාණයක් සැලසුම් කිරීමට ඇය තීරණය කළ අතර, සහභාගිවන්නන්ට 1 (කිසි විටෙකත්) සිට 5 දක්වා (සෑම විටම පාහේ) පරිමාණයේ ප්‍රකාශ මාලාවක් ශ්‍රේණිගත කිරීමට සිදුවිය.

    • මට මානසික වේදනාවක් දැනෙන විට මා ගැනම ආදරය කිරීමට මම උත්සාහ කරමි
    • මගේ අසාර්ථකත්වය මානව තත්වයේ කොටසක් ලෙස දැකීමට මම උත්සාහ කරමි
    • වේදනාකාරී දෙයක් සිදු වූ විට, මම තත්වය පිළිබඳව සමබර දෘෂ්ටියක් ගැනීමට උත්සාහ කරමි

    සහ

    • මගේම අඩුපාඩු හා අඩුපාඩුකම් ගැන මම ප්‍රතික්ෂේප කරමි
    • මගේ අඩුපාඩුකම් ගැන සිතන විට, එය මට වඩා වෙනම හැඟීමක් ඇති කරවන අතර සෙසු ලෝකයෙන් කපා දමනු ඇත
    • මට අධෛර්යයට පත්වන විට, මම වැරදි සෑම දෙයක්ම නිරීක්ෂණය කිරීමට සහ නිවැරදි කිරීමට නැඹුරු වෙමි

    පළමු ප්‍රකාශ සමූහය සමඟ ඔබ වැඩි වැඩියෙන් එකඟ වන අතර දෙවන ප්‍රකාශය සමඟ ඔබ එකඟ වන තරමට ඔබේ ආත්ම දයානුකම්පාව වැඩි වේ.

    නෙෆ්ගේ පළමු අධ්‍යයනයන් මගින් මිනිසුන්ගේ සමස්ත මානසික සෞඛ්‍යය හා යහපැවැත්මට ස්වයං අනුකම්පාව සම්බන්ධ වන්නේ කෙසේදැයි සොයා බැලීය. සිය ගණනක් උපාධි අපේක්ෂකයින්ගෙන් ප්‍රශ්න කළ ඇය, මෙම ගති ලක්ෂණය මානසික අවපීඩනය හා කාංසාව පිළිබඳ වාර්තා සමඟ ඍණාත්මක ලෙස සම්බන්ධ වී ඇති බවත් සාමාන්‍ය ජීවිත තෘප්තිය සමඟ ධනාත්මකව සම්බන්ධ වී ඇති බවත් ඇය සොයා ගත්තාය. 

    වැදගත් වන්නේ, මෙම අධ්‍යයනයෙන් ස්වයං-දයානුකම්පාව ආත්ම-ගරුත්වයේ මිනුම්වලට වඩා වෙනස් බව තහවුරු කර ගැනීමයි. වෙනත් වචන වලින් කිවහොත්, ඔබට සාමාන්‍ය උසස් බවක් ඇති අයෙකු සිටිය හැකි අතර, කෙසේ වෙතත් වටහා ගත් අසාර්ථකත්වයන්ට සමාව දීම අසීරු විය හැකිය. (පරමාදර්ශීය සංයෝජනයෙන් ඈත් වී ඇත.)බොහෝ අය 'ස්වයං-දයානුකම්පාව' ඉටිපන්දම් දැල්වීම, භාවනා කිරීම හෝ 'ස්වයං රැකවරණය' පිළිබඳ වෙනත් අදහස් ලෙස සිතති, නමුත් ස්වයං-දයානුකම්පාව ගැඹුරට දිව යයි - සහ නරුමයන් පවා සැලකිලිමත් විය යුතුය (ණය: අලාමි)

    බොහෝ අය ‘ස්වයං-දයානුකම්පාව’ ඉටිපන්දම් දැල්වීම, භාවනා කිරීම හෝ ‘ස්වයං රැකවරණය’ පිළිබඳ වෙනත් අදහස් ලෙස සිතති, නමුත් ස්වයං-දයානුකම්පාව ගැඹුරට දිව යයි

    පිපෙන ක්ෂේත්‍රය

    පසුකාලීන පර්යේෂණ මගින් මෙම සොයාගැනීම් වඩාත් විවිධාකාර සාම්පල වලින් සනාථ කරන ලදී. උසස් පාසල් සිසුන්ගේ සිට සියදිවි නසාගැනීමේ අවදානමක් ඇති එක්සත් ජනපද ප්‍රවීනයන් දක්වා මේ සියල්ලම පෙන්නුම් කළේ ස්වයං-දයානුකම්පාව මානසික ප්‍රත්‍යාස්ථතාව වැඩි කරන බවයි. ඇත්ත වශයෙන්ම, ස්වයං-දයානුකම්පාව දැන් බොහෝ පර්යේෂකයන්ගේ උනන්දුව ආකර්ෂණය කර ගනිමින් පර්යේෂණ ක්ෂේත්‍රයක් බවට පත්ව ඇත.

    වඩාත්ම කුතුහලය දනවන ප්‍රතිඵල සමහරක් මිනිසුන්ගේ ශාරීරික සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන අතර, මෑත අධ්‍යයනයකින් පෙන්නුම් කළේ ඉහළ ස්වයං දයානුකම්පාව ඇති පුද්ගලයින් පිටුපස වේදනාව, හිසරදය, ඔක්කාරය හා ශ්වසන ආබාධ වැනි විවිධ රෝගාබාධ වාර්තා වීමට ඇති ඉඩකඩ අඩු බවයි. එක් පැහැදිලි කිරීමක් ‘නිශ්ශබ්ද ආතති ප්‍රතිචාරයක්‘ විය හැකිය. පෙර අධ්‍යයනයන්ගෙන් හෙළි වූයේ ස්වයං දයානුකම්පාව සාමාන්‍යෙයන් මානසික වේදානාවෙන් ඇතිවන දැවිල්ල අඩුකරන අතර දිගු කාලීනව අපගේ පටකවලට හානි කළ හැකි බවයි. නමුත් සෞඛ්‍ය ප්‍රතිලාභ ලැබිය හැක්කේ චර්යාත්මක වෙනස්කම් නිසා විය හැකිය.

    ස්වයං-දයානුකම්පාව ඉහළ මට්ටමක පවතින පුද්ගලයින් සාමාන්‍යයෙන් වඩාත් ක්‍රියාශීලී වේ – සාරා ඩූන්

    එක්සත් රාජධානියේ ඩර්බි විශ්ව විද්‍යාලයේ ස්වයං-දයානුකම්පාව සහ සෞඛ්‍ය සම්පන්න හැසිරීම් අතර ඇති සම්බන්ධය අධ්‍යයනය කළ මනෝ විද්‍යාඥයෙක් වන සාරා ඩූන් මෙසේ පවසයි.

    “ස්වයං-දයානුකම්පාව ඉහළ මට්ටමක සිටින පුද්ගලයින් සාමාන්‍යයෙන් වඩාත් ක්‍රියාශීලී වේ‘‘

    ඇය එය හොඳ දෙමව්පියන්ගේ උපදෙස් සමඟ සංසන්දනය කරයි. 

    “ඔවුන් ඔබට කියනු ඇත්තේ ඔබ නින්දට යා යුතු බවත්, වේලාසනින් අවදි වී ඔබේ ගැටලු විසඳා ගත යුතු බවත්ය. ඒ හා සමානව, ඉහළ ආත්ම දයානුකම්පාවක් ඇති අයෙකු දන්නවා, තමන්ට කාරුණිකව සැලකිය හැකි බව.

    මෙය ඉතා වැදගත් කරුණක් බව නෙෆ් පවසයි. ඇගේ කෘතිය පිළිබඳ සමහර මුල් විවේචකයින් කල්පනා කර තිබුණේ ස්වයං අනුකම්පාව හුදෙක් කම්මැලි හැසිරීමට සහ අඩු අධිෂ්ඨාන ශක්තියට හේතු වේද යන්නයි. 

    ඔවුන්ගේ මතය අනුව, අපගේ ජීවිතයේ වැදගත් වෙනස්කම් කිරීමට අපව පොළඹවා ගැනීමට අපට ස්වයං විවේචනයක් අවශ්‍ය වේ. මෙම අදහසට එරෙහි සාක්ෂි ලෙස, ඇය 2012 සිට කරන ලද පර්යේෂණයකට යොමු කර ඇති අතර, ඉහළ ආත්ම දයානුකම්පාව ඇති පුද්ගලයින් ඔවුන්ගේ වැරදි නිවැරදි කිරීමට වැඩි පෙළඹවීමක් පෙන්නුම් කරන බව සොයා ගෙන ඇත.  

    නිදසුනක් වශයෙන්, වැදගත් පරීක්ෂණයකින් අසමත් වීමෙන් පසු ඔවුන් වඩාත් වෙහෙස මහන්සි වී වැඩ කළ අතර, මිතුරෙකුගේ විශ්වාසය පාවාදීම වැනි සදාචාරාත්මක උල්ලංඝනය කිරීමක් සඳහා වඩාත් අධිෂ්ඨාන කරගෙන සිටියහ. 

    ස්වයං-දයානුකම්පාව, ආරක්ෂාව පිළිබඳ හැඟීමක් ඇති කළ හැකි අතර, එය අපගේ දුර්වලතාවයන්ට මුහුණ දීමට සහ අපගේ ජීවිතවල ධනාත්මක වෙනස්කම් ඇති කිරීමට ඉඩ සලසයි. වැරදි සිදු කිරීමෙන් පසු, බොහෝ දෙනෙක් ස්වයං විවේචනාත්මක ප්‍රතිචාර වෙත යොමුවෙති, නමුත් පර්යේෂණවලින් පෙනී යන්නේ ඔබ ටිකක් අඩුවෙන් කැපීම ඔරොත්තු දීමේ යතුර විය හැකි බවයි (ණය: ඇලමි)

    වැරදි සිදු කිරීමෙන් පසු, බොහෝ දෙනෙක් ස්වයං විවේචනාත්මක ප්‍රතිචාර වෙත යොමුවෙති.

    වේගවත් මැදිහත්වීම්

    මෙම ප්‍රතිලාභ වලින් සමහරක් ලබා ගැනීමට ඔබ කැමති නම්,  ස්වයං අනුකම්පාව පුහුණු කළ හැකි බවට නෙෆ්ගේ පර්යේෂණ කණ්ඩායම සහ තවත් බොහෝ අයගෙන් දැන් ඕනෑ තරම් සාක්ෂි තිබේ. ජනප්‍රිය මැදිහත්වීම් අතරට “ප්‍රේමනීය කරුණාවන්ත භාවනාව” ඇතුළත් වන අතර, එය ඔබට සහ අන් අයට සමාව හා උණුසුම පිළිබඳ හැඟීම් කෙරෙහි අවධානය යොමු කිරීමට මඟ පෙන්වයි.

    මෑතකදී ස්විට්සර්ලන්තයේ බර්න් විශ්ව විද්යාලයේ තෝබියස් ක්‍රිගර් සහ සගයන් ස්වයං-විවේචනයක් හා එහි විපාක හේතු ගැන වැඩි න්‍යායික පාඩම් සමග එක් වී මෙම අභ්‍යාස ඉගැන්වීමට අන්තර්ජාල පාඨමාලාව නිර්මාණය කර ඇත. සැසි හතකට පසුව, සහභාගිවන්නන්ගේ ස්වයං-දයානුකම්පිත ලකුණු වල සැලකිය යුතු වැඩි වීමක් දක්නට ලැබුණි. 

    ක්‍රිගර් මෙසේ පවසයි. “අපි බොහෝ ප්‍රතිඵ ල මැන බැලුවෙමු. ඒ සියල්ල අපේක්ෂිත දිශාවට ගමන් කළේය”

    ආදරණීය මිතුරෙකුගේ දෘෂ්ටිකෝණයෙන් ලිපියක් රචනා කිරීම වැනි ලිඛිත මැදිහත්වීම් ද සැලකිය යුතු උත්තේජනයක් ලබා දිය හැකි බව නෙෆ් පවසයි. 

    බොහෝ මිනිසුන් සඳහා, ස්වයං විවේචනයේ පුරුද්ද අළුත්වැඩියා කළ නොහැකි තරමට ගැඹුරින් මුල් බැස ඇති බවක් නොපෙනේ. (නෙෆ්ගේ වෙබ් අඩවියට මෙය ඇතුළත්  කළ හැකි ක්‍රම සහ ප්‍රේමනීය කරුණාව මෙනෙහි කිරීම පිළිබඳ සවිස්තරාත්මක මාර්ගෝපදේශ ඇතුළත් වේ .)

    වසංගතය අතරතුර මෙම ශිල්පීය ක්‍රම කෙරෙහි වැඩි උනන්දුවක් ඇති බව නෙෆ් පවසයි. 

    අප බොහෝ දෙනෙකුට, හුදකලා වීමේ, දුරස්ථ වැඩ කිරීමේ සහ අප ආදරය කරන අයව රැකබලා ගැනීමේ අරගලයන් ස්වයං විවේචනයට හා සැකයට පරිපූර්ණ අභිජනන භූමියක් ලබා දී ඇත. අපට එම ආතතීන් තුරන් කළ නොහැකි වුවද, අවම වශයෙන් අප අප දෙස බලන ආකාරය වෙනස් කළ හැකි අතර, අභියෝගයන්ට මුහුණ දීමට අපට ඔරොත්තු දීමේ හැකියාව ලබා දෙයි.

    වෙන කවරදාකටත් වඩා, ආත්ම දයානුකම්පාව සහ ස්වයං රැකවරණය දුර්වලකමේ සලකුණක් ලෙස දැකීම අප විසින් නතර කළ යුතු බව නෙෆ් පවසයි. 

    “මේ මොහොතේ පර්යේෂණයන් අතිමහත්ය, එයින් පෙන්නුම් කරන්නේ ජීවිතය දුෂ්කර වූ විට ඔබට ස්වයං දයානුකම්පිත වීමට අවශ්‍ය බවයි. එය ඔබව ශක්තිමත් කරයි. ”

    බී.බී.සී. වාර්තාවක් ඇසුරිණි – සකස් කළේ – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • අහඹු PCR පරීක්ෂණ වලට කණ්ඩායම් යොදවයි

    අහඹු PCR පරීක්ෂණ වලට කණ්ඩායම් යොදවයි

    කොවිඩ් වෛරසයේ ආරම්භයේ සිට මේ දක්වා මෙරට සිදු කර ඇති මුළු PCR පරීක්ෂණ ප්‍රමාණය 1,427,366 ක්.

    උත්සව සමයේ නෑදැ ගමන්, විනෝද චාරිකා යන පිරිස්ගේ අහඹු පරීක්ෂණ කිරීමට විශේෂ කණ්ඩායම් යොදවා ඇති බවත්, කොවිඩ් වසංගතයේ ආරම්භයේ සිට ඊයේ (12) දින වන තෙක් පී.සී.ආර් පරීක්ෂණ 1,427,366 ප්‍රමාණයක් සිදු කර ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. අද දින (13) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ප්‍රකාශයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව පැවසීය.

    තෛයිපොංගල් උත්සවය සමග දීර්ඝ නිවාඩුවක් වන බැවින් නිවෙස්වලටම වී තෛපොංගල් උත්සවයත් අනෙක් උත්සව සැමරූ අයුරින් සමරන ලෙසත්, කොවිල් වැනි ස්ථාන වලට ඒකරාශී නොවන ලෙසත් උපදෙස් ලබාදෙන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා උත්සව සමයේ නෑදැ ගමන්, විනෝද චාරිකා සහ ගම්බිමි බලා යෑමට ජනතාව සැළසුම් කොට ඇති බැවින් එසේ යන පිරිස්ගේ අහඹු පරික්ෂණ සිදු කිරීමට කොළඹින් ස්ථාන  11 ක කණ්ඩායම් යොදවා ඇති බවත්, පැය 24 පුරාම මෙම කණ්ඩායම් යෙදවීමට ඉඩකඩ තිබෙන බවත් පැවැසීය.

    ඊයේ දින (12) රාත්‍රීයේ කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් දුර ගමන් සේවා බස් රථ ආශ්‍රිතව සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 100 ක් තුලින් කොවිඩ් වෛරසය ආසාදිතයින් 02 ක් හදුනා ගැනීමට හැකි වූ බවත්, අද දිනයෙත් (13) කොළඹින් පිටවන ස්ථාන 11 ක රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමට කටයුතු යොදා තිබෙන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය  අසේල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවැසීය.

  • පාර්ලිමේන්තුවේ පී සී ආර් පරීක්ෂණ 463ක්

    පාර්ලිමේන්තුවේ පී සී ආර් පරීක්ෂණ 463ක්

    පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් සඳහා පී. සී. ආර්.(PCR) පරීක්ෂණ පැවැත්වීම අද (13) ආරම්භ කෙරුනු අතර, අද දිනය තුළදී පමණක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 463 දෙනෙක් පරීක්ෂණයට සහභාගී වූ බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.

    ගරු කථානායකතුමා ඇතුළු මැති ඇමතිවරුන් 15 දෙනෙක් පී.සී.ආර්.පරීක්ෂණයට ලක්  වූ බවද වේත්‍රධාරී ප්‍රනාන්දු මහතා පැවසීය.

    පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය සමග පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට සිටින පොලිස් නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ද ඇතුළු 448 දෙනෙක් පී.සී.ආර්. පරීක්ෂණයට ලක් වූ බව ප්‍රනාන්දු මහතා පැවසීය.

    සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් එවනු ලැබූ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් විසින් මෙම පරීක්ෂණය සිදු කරන ලදී. මේ අතර ලබන සිකුරාදා (15) දිනයේදී පෙරවරු 9 සිට පස්වරු 12 දක්වා පාර්ලිමේන්තු පරිශ්‍රය තුළදී පී. සී. ආර්. පරීක්ෂණ පැවැත්වෙනු ඇත.

  • එජාප මහ ලේකම් රංගෙබණ්ඩාර

    එජාප මහ ලේකම් රංගෙබණ්ඩාර

    එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රධාන තනතුරු කිහිපයක් සඳහා පුද්ගලයින් නම් කිරීමට අද (13) රැස් වූ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.

    ඒ අනුව පාලිත රංගෙබණ්ඩාර මහතා මහලේකම්වරයා ලෙස ද, අකිල විරාජ් කාරියවසම් මහතා එක්සත් ජාතික පක්ෂයේ සහකාර නායකයා ලෙස ද, වජිර අබේවර්ධන මහතා සභාපති ලෙස ද, ඒ.එස්.එම් මිස්බාහ් මහතා භාණ්ඩාගාරික ලෙස ද පත්කර තිබෙනවා.

  • පිල්ලේයාන් නිදහස් !

    පිල්ලේයාන් නිදහස් !

    දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංගම් ඝාතන සිද්ධියට සැකපිට වසර හතරක පමණ කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ට එරෙහි පවරා තිබූ නඩුව ඉවත දමමින් ඔහු නිදහස් කිරිමට මඩකලපුව මහාධිකරණ විනිසුරු එස්. සුසයිදාසන් මහතා අද (13) නියෝග කළේය.

    පසුගිය සදුදා (11) මහාධිකරණයේදී මහාධිකරණ විනිසුරු ඩි සුසයිදාසන් මහතා ඉදිරියේදී විභාගයට ගත් විට නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා නඩුවේ සාක්ෂි ගොනුකර ඉදිරියට ගෙන යාමට අවශ්‍යතාවක් නොමැති බව අධිකරණයට දැනුම් දීමෙන් අනතරුව එය විමර්ශනය කළ අධිකරණය අද (13) එම නඩු තීන්දුව ලබා දෙන බව පවසා තිබිණි.

    අද යළි නඩුව විභාගයට ගත් අවස්ථාවේදී කරුණු සියල්ල සළකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කරන ලදි.

    එම සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත  බන්ධනාගාර ගතකර  සිටි නැගෙනහිර පළාත් සභා හිටපු මන්ත්‍රී එඩ්වින් කිරුෂානන්දන් සහ ප්‍රදීප් මාස්ටර් ඇතුළු සිව්දෙනෙකු  නිදහස් කිරීමට නියෝග කෙරිණි.