Blog

  • විදේශ සංචාරකයින්ට ඉඩ දෙන්න දේශීය සංචාරකයින්ට සීමා

    විදේශ සංචාරකයින්ට ඉඩ දෙන්න දේශීය සංචාරකයින්ට සීමා

    මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ සිටින යුක්ක්‍රේන ජාතික සංචාරකයින් පිරිස සංචාරය කිරීමට නියමිත ස්ථාන කිහිපයක් හෙට (04) සහ අනාදිදා (05) දේශීය සංචාරකයින්ට විවෘත නොකිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල තීරණය කර තිබෙනවා.

    ඒ අනුව හෙට (04) දින පස්වරු 1.00න් පසුව පොළොන්නරුව සංචාරක ව්‍යාපෘතියට අයත් පරාක්‍රම මාළිගා සංකීර්ණය, දළඳා මළුව, ශිව දේවාල අංක 02 සහ ආලාභ පිරිවෙණ සංකීර්ණයට අයත් රන්කොත් වෙහෙර, ලංකාතිලක වෙහෙර, කිරිවෙහෙර මෙන්ම ගල් විහාරය, තිවංක පිළිමගෙය හා නෙළුම් පොකුණ යන සංචාරක ස්ථාන දේශීය සංචාරකයන්ට විවෘත නොකරන අතර, 05 වැනි දින දහවල් 12.00 දක්වා සීගිරිය සංචාරක කලාපය ද දේශීය සංචාරකයින්ට විවෘත නොකිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල තීරණය කර තිබෙනවා.

  • හෙට උදෑසන සිට හුදකලා බව ඉවත් කරන ප්‍රදේශ

    හෙට උදෑසන සිට හුදකලා බව ඉවත් කරන ප්‍රදේශ

    කොළඹ දිස්ත්‍රික්කයේ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් හෙට (04) අලුයම 5.00 සිට හුදකලා බව ඉවත් කිරීමට තීරණය කරඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

    කොළඹ දිස්ත්‍රික්කයේ හෙට (04) උදෑසන 5.00 සිට හුදකලා බව ඉවත් කරන ප්‍රදේශ පහතින් දැක්වේ.

    මෝදර පොලිස් වසම

    • කෙසෙල්වත්ත පොලිස් වසමේ අලුත්කඩේ බටහිර ග්‍රාමනිලධාරී වසම
    • කෙසෙල්වත්ත පොලිස් වසමේ අලුත්කඩේ නැගෙනහිර ග්‍රාමනිලධාරී වසම
    • බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග්‍රාමනිලධාරී වසම
    • මිරිහාන පොලිස් වසමේ දෙමළවත්ත (පිටකෝට්ටේ)

    ගම්පහ දිස්ත්‍රික්කයේ හෙට උදෑසන 5.00 සිට හුදකලා බව ඉවත් කරන ප්‍රදේශ පහතින්.

    පෑලියගොඩ පොලිස් වසමේ,

    • පැලියගොඩවත්ත ග්‍රාමනිලධාරී වසම
    • මීගහවත්ත ග්‍රාමනිලධාරී වසම
    • පට්ටිය උතුර ග්‍රාමනිලධාරි වසමේ රෝහණ විහාර මාවත
    • පෑලියගොඩ ගඟබඩ ග්‍රාමනිලධාරී වසමේ නෙල්ලිගහවත්ත සහ පූරණ කොටුවත්ත (Pooranakotu waththa)

    කිරිබත්ගොඩ පොලිස් වසමේ,

    • විලේගොඩ උතුර ග්‍රාමනිලධරි වසමේ ශ්‍රී ජයන්ති මාවත

    මේ වනවිට හුදකලා කර ඇති අනෙකුත් ප්‍රදේශයන් නැවත දැනුම්දෙන තුරු තවදුරටත් හුදකලා ප්‍රදේශ වශයෙන් පවතින බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් දැනුම් දෙයි.

  • විදේශගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීම ගැන විදේශ ලේකම් කියන කතාව

    විදේශගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීම ගැන විදේශ ලේකම් කියන කතාව

    වර්තමානයේ පවතින දැවැන්තම අභියෝගයන්ගෙන් එකක් වන ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ උපදෙස් අනුව අඛණ්ඩව සිදු කරන බව විදේශ අමාත්‍යංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සඳහන් කරයි. 

    විදේශයන්හි අගුලු දැමීම්, හුදකලා කිරීම්, ඇඳිරි නීතිය සහ ගුවන් අවකාශය වසා දැමීම් මධ්‍යයේ වුවද විදේශයන්හි අසරණව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනිමට විදේශ අමාත්‍යංශය පෙරමුණ ගෙන සිටින බවද, මෙරටට පැමිණිමේ අපේක්ෂාවෙන් තවත් ශ්‍රී ලාංකිකයන් 68000 ක් පමණ පොරොත්තු ලේඛනගතව සිටින බවද කොළඹගේ මහතා පෙන්වා දෙයි. 

    2019 පෙබරවාරි මාසයේ දී වූහාන් නගරයේ සිටි සිසුන් 33 දෙනෙකු සියරට ගෙන්වා ගන්නා ලද දින සිට, මෙම අමාත්‍යාංශය වසරකට ආසන්න කාලයක් තිස්සේ විදේශයන්හි අසරණ වු වන්දනාකරුවන්, සිසුන් සහ රජයේ හෝ හමුදා නිලධාරීන්, සංක්‍රමණික ශ්‍රමිකයින්, කෙටිකාලීන සංචාරකයන්, මුහුදු යාත්‍රිකයන් සහ සානුකම්පිත හේතු මත ගෙන්වා ගන්නා ලද  ශ්‍රී ලාංකිකයන් ප්‍රමාණය 60,470 කි. විදේශ අමාත්‍යංශය හා විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල හරහා මොවුන් ගෙන්වා ගෙන ඇත්තේ රටවල් 137 ක සිටය.

    ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයින් අතරින් ප්‍රධාන වශයෙන් මැදපෙරදිග කලාපයෙන් පැමිණි සංක්‍රමණික ශ්‍රමිකයන් 40,000 කට අධික සංඛ්‍යාවක් මේ දක්වා මෙමගින් ප්‍රතිලාභ ලබා ඇති වැඩිම කොටස වන අතර, යුරෝපය, අප්‍රිකාව, ආසියාව සහ ලතින් ඇමරිකානු කලාපවලින් තවත් ශ්‍රී ලාංකිකයන් 20,000 ක් පමණ ගෙන්වා ගන්නා ලදී. විදේශයන්හි තත්ත්වයන් පිරිහී යාමත්, සේවයෙන් ඉවත් කිරීම් සහ වෙනත් අකාරවලින් රැකියා අහිමි වීමත් හේතුවෙන් නැවත සියරට පැමිණෙන්නන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින අතර, දැනට විවිධ කලාපවල සිටින විදේශීය ශ්‍රී ලාංකිකයන් 68,000 ක් නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා අමාත්‍යාංශය විසින් පොරොත්තු ලේඛනගත කර ඇත.

    2021 ජනවාරි 02 සිට 09 දක්වා කාලය තුළ දී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති නවතම සති දෙකක කාලසටහනට චෙන්නායි, මෙල්බර්න්, කුවේට්, දෝහා, ටොරොන්ටෝ, සයිප්‍රසය සහ ඩුබායි සිට මගීන් 1,400 දෙනෙක් ඇතුළත් වන බව විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පැවසීය.

    වඩාත් වැදගත් ලෙස, අමාත්‍යාංශය සහ එහි දූත මණ්ඩල 67 විසින් මිත්‍ර රටවල්, එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සහ ප්‍රාදේශීය සංවිධාන සමඟ අඛණ්ඩව සාකච්ඡා පවත්වන අතර, රජය විශාල අරමුදල් ප්‍රමාණයක් වැය කිරීමෙන් වළක්වා ගනිමින්, ජාතික කොවිඩ් වසංගතය මැඩ පැවැත්වීමේ ප්‍රයත්න ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය පීසීආර් පරීක්ෂණ කට්ටල, රැපිඩ් ඇන්ටිජෙන් පරීක්ෂණ කට්ටල, පරීක්ෂණ යන්ත්‍ර, ජීවිතාරක්ෂක ඖෂධ, වෙන්ටිලේටර් උපකරණ, ආර්ද්‍රතාකාරක සහ පෞද්ගලික ආරක්ෂක උපකරණ සහ මුහුණු ආවරණ විශාල ප්‍රමාණයක් ප්‍රදාන සහ පරිත්‍යාග ලෙස ලබා ගෙන ඇත. විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල ද, එන්නත් නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් සිදුවන වර්ධනයන් සමීපව අනුගමනය කරමින්, විදේශීය රජයන්ගෙන් එන්නත ලබා ගැනීමේ ශක්‍යතාවයන් පිළිබඳ අත්‍යවශ්‍ය හා කාලෝචිත තොරතුරු සපයන මාර්ගයක් ලෙස කටයුතු කරයි.

    ක්ෂණික සහන සැලසීමේ පියවරක් ලෙස අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට මාලේ, ඩුබායි සහ දෝහා වෙත වියළි සලාක සහ දේශීය ඖෂධ පැකට් 10,000 කට අධික ප්‍රමාණයක් ගුවනින් යැවූ අතර, විදේශයන්හි අපගේ ප්‍රජාවන්ගේ සුබසාධනය උදෙසා මේ වන විට රුපියල් මිලියන 80 ක් පමණ වැය කොට ඇත. මූලික ඖෂධ, පරීක්ෂණ, තාවකාලික නවාතැන්, ආරක්ෂිත ආම්පන්න, අභ්‍යන්තර ප්‍රවාහනය සහ සමහර අවස්ථාවල දී ගුවන් ටිකට් පත් සැපයීම ද මෙම අරමුදල්වල අරමුණ විය.

  • ජපානය පිරිසිදු රටක් වුණ සුපිරි හේතුව බුදු දහමද ?

    ජපානය පිරිසිදු රටක් වුණ සුපිරි හේතුව බුදු දහමද ?

    දරු දැරියෝ සිය පොත් උරබෑග මේස මත තබා පංති කාමරයේ හිඳ සිටිති. පොත පතට යටවුණු දිගු දිනක අග නිවෙස් බලා යාමට නොඉවසිල්ලෙන් පසුවෙති. සිය ගුරුවරයා විසින් පසුදින කාල සටහන පිළිබඳ කරනු ලබන නිවේදන දරුදැරියෝ සාවදානව අසා සිටිති.

    ඉන් පසු සුපුරුදු ලෙස ගුරුවරයාගේ අවසන් වචන ඊට එක් වේ: ” හරි දැන් අදට නියමිත පිරිසිදු කිරීමේ පවරුමයි. පළවෙනි පේළිය සහ දෙවෙනි පේළිය පංතිය සුද්ධ කරන්න. තුන් වෙනි පේළියයි, හතරවෙනි පේළියයි කොරිඩෝ එකයි, පඩි පෙළයි සුද්ධ කරන්න. පස් වෙනි පේළිය වැසිකිලි සුද්ධ කරන්න”

    පස්වෙනි පේළියෙන් තරමක ගෝරනාඩුවක් ඇසේ. නමුත් දරු දැරියෝ කඩිසරව පුටුවලින් නැගී යුහුසුළු වෙති. පිටුපස ඇති අල්මාරියේ තබා ඇති කොසු, රෙදිකඩ සහ පනිට්ටු අතට ගනිති. පිරිසක් වැසිකිලි දෙසට දුව යති.

    ජපානය පුරා ඇති පාසල් තුළ මේ දර්ශනය දැකිය හැක.

    Students sweep their classroom at a Japanese school
    පිරිසිදු කිරීම ජපානයේ පසල් විෂය නිර්දේශයේ කොටසකි

    පළමු වරට ජපානයට පය තබන බහුතරය එරට කෙතරම් පිරිසිදු දැයි දැක විශ්මයට පත් වෙති.

    අනතුරුව එහි සාමාන්‍ය කසල බඳුන් නොමැති බව ඔවුන්ගේ ඇස ගැටේ. වීදි අමදින්නන් නොමැත. ඔවුන් ඉදිරියේ ඇත්තේ ප්‍රශ්නාර්ථයකි: ජපානය මෙතරම් පිරිසිදු කෙසේද?

    ඒ සඳහා දිය හැකි සරල පිළිතුර නම් එරට පුරවැසියන්ගේ කැපවීමය.

    “පාසල් ජීවිතේ අවුරුදු දොළහක්, මූලික අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය දක්වා පිරිසිදු කිරීමේ වේලාව සිසු සිසුවියන්ගේ දෛනික කාලසටහනේ කොටසක්,” යනුවෙන් හිරෝෂිමා පළාත් ආණ්ඩුවේ බලධාරියෙකු වන මයිකෝ අවානේ පවසයි.

    “ගෙදරදීත් එහෙමයි. අපේ දේවල් සහ අප අවට පිරිසිදුව තබා නොගැනීම නරක දෙයක් බව දෙමව්පියන් අපට කියා දෙනවා”

    පාසල් විෂය නිර්දේශයට ඇතුළත් සමාජ සවිඥානික බව පාසල් සිසු සිසුවියන්ට සිය වටපිටාව පිළිබඳ සුපරීක්ෂාකරී වීමට සහ අභිමානයක් ගොඩ නගා ගැනීමට උපකාරී වේ.

    Japanese student cleans a glass door at her school
    තමන් විසින්ම පිරිසිදු කළ යුතු පාසල් භූමිය අපවිත්‍ර කිරීමට පෙළඹෙන්නේ කවුරුන්ද?

    “ඉස්කෝලෙදි පිරිසිදු කිරීම්වල යෙදෙන්න හිත දෙන්නැති වෙලාවලුත් තිබුණා” ස්වේච්ඡා පරිවර්තකයෙකු වන චිකා හයාෂි සිය පාසල් ජීවිතය සිහිපත් කළේ එලෙසය.

    “ඒත්, එය අපේ දින චර්යාවේ කොටසක් නිසා මම ඒක කළා”

    “ඉස්කෝලේ පිරිසිදු කරන්න වීම ඉතාම හොඳ දෙයක් කියා මා සිතනවා. මොකද, එමගින් අප භාවිත කරන දේවල් සහ ස්ථාන පිරිසිදු කිරීමේ වැදගත්කම අප ඉගෙන ගන්නවා”

    පාසල වෙත පිය නගන දරු දැරියෝ සිය සපත්තු උනා ලොකර තුළ තබති. ඔවුන් පාසල ඇතුළත භාවිත කරන්නේ වෙනත් සපත්තුය.

    Slippers at the entrance of a Japanese house
    නිවසට ඇතුළු වීමට පෙර සපත්තු උනා තබා පාවහන් පයලන ජපන් වැසියන්

    නිවසේදීත් එසේය. පිටත යාම සඳහා භාවිත කරන සපත්තු දොරකඩ උනා තබති.

    නිවසේ වැඩට පැමිණෙන පුද්ගලයෙක් වුවත් සපත්තු උනා තබා මේස් සහ සෙරප්පු පයලයි.

    පාසල් දරු දැරියන් ලොකු මහත් වෙද්දී තමා අවට අවකාශය පිළිබඳ ඔවුන් තුළ ස්ථාපනය කෙරුණු ආකල්පය පංති කාමරයෙන් ඔබ්බ්බට ගොස් අහල පහළ, ගම නගරය සහ රට පුරා ව්‍යාප්ත වේ.

    ජපන් වැසියන්ගේ උග්‍ර පිරිසිදුවාදී බවට උදාහරණ බොහෝ ප්‍රකටය. ජපානයේ ‘ෂින්කන්සෙන්’ සීග්‍රගාමී විදුලි දුම්රිය නවතා මිනිත්තු හතක් වැනි සීමිත කාලයක් ඇතුළත පිරිසිදු කරනු ලැබීමේ චාරිත්‍රය ලොව පුරා අවධානය දිනා ගත් එක් උදාහරණයකි. පසුව එය සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක් විය.

    Japan football fan with a bag full of rubbish
    2018 වසරේ ලෝක කුසලානයේදී ජපාන පාපන්දු කණ්ඩායම බෙල්ජියමයට පරාජයට වුවත් ජපාන පාපන්දු ලෝලීහු ප්‍රේක්ෂකාගාරය පිරිසිදු කිරීමට එහි රැඳී සිටියහ.

    ජපානයේ පාපන්දු ලෝලීන් පවා පිරිසිදුකම ගැන සැලකිලිමත් වෙති.

    බ්‍රසීලයේ (2014) සහ රුසියාවේ (2018) පැවති පාපන්දු ලෝක කුසලාන තරගාවලි අවසානයේ ප්‍රේක්ෂකාගාර අවට විසිරී තිබුණු කැලිකසල එක් රැස් කිරීමට ජපාන පාපන්දු ලෝලීන් රැඳී සිටීම ලොව මවිත කරවීය. පාපන්දු ලෝලීන් පමණක් නොව ජපන් පාපන්දු ක්‍රීඩකයන් ද සිය සැරසුම් කාමරය තමන්ට ලැබුණු ආකාරයටම පිරිසිදු කර සකසා ගොස් තිබිණි.

    “සියලුම කණ්ඩායම්වලට හොඳ ආදර්ශයක්!” යනුවෙන් ජගත් පාපන්දු සම්මේලනයේ ප්‍රධාන සම්බන්ධීකාරක ප්‍රිසිලා ජැන්සන්ස් නිකුත් කළ ට්විටර් පණිවිඩයක දැක්විණි.

    “අනෙක් අය අතර අපේ කීර්තිනාමය රඳවා ගැනීම පිළිබඳ ජපානයේ අප ඉතා සංවේදීයි.” යනුවෙන් මයිකෝ අවානේ පවසයි.

    “අපි, පිරිසිදුකම ගැන ශික්ෂණයක් නොලැබූ හෝ නිසි අධ්‍යාපනයක් නැති නරක මිනිස්සු කියලා වෙන අයට සිතන්න සලසන්න අපිට අවශ්‍ය නැහැ”

    Campsite at the Fuji Rock Festival
    බටහිර රටවල පැවැත්වෙන සංගීත සැණකෙළි හා සැසඳීමේදී ජපානයේ ‘ෆූජි රොක්’ සැණකෙළි භූමිය මත ඉවතලන කසල ප්‍රමාණය ඉතා අවම වේ.

    මේ හා සමාන චර්යාවක් ජපාන සංගීත සැණකෙළිවලදී ද දැකිය හැක.

    ජපානයේ ‘ෆූජි රොක්’ සැණකෙළිය එරට පැවැත්වෙන විශාලතම සහ පැරණිතම සංගීත සැණකෙළියයි. එහි පැමිණෙන රසිකයෝ කසල බහාලනයක් හමු වන තෙක් කසල තමන් ළඟ තබා ගනිති.

    ‘ෆූජි රොක්’ වෙබ් අඩවියට අනුව දුම්පානය කරන්නන්ට ‘සිගරට් අළු සහ කොට’ බහාලීමට අතේ ගෙන යා හැකි අළු බදුනක් ගෙන එන්නැයි උපදෙස් ලැබෙන අතර “සෙසු පුද්ගලයන්ට බාධා වන අයුරින් දුම්පානය කිරීමෙන් වැළකී සිටිය යුතුය”.

    එකී සමාජීය අවබෝධය සඳහා උදාහරණ ජපාන වැසියන්ගේ දෛනික ජීවිතය තුළ ද බහුලව දැකිය හැක.

    උදාහරණයක් වශයෙන් උදෑසන අට පමණ වනවිට කාර්යාල සහ වෙළෙඳසල් සේවකයෝ තම සේවා ස්ථාන අවට වීදි පිරිසිදු කරති.

    ‘නොපෙනෙන කුණුවලටත්’ ඉඩක් නැහැ

    Man cleaning his neighbourhood
    සිය නිවස සහ රැකියා ස්ථානය අවට ස්වේච්ඡාවෙන් කසල එක් රැස් කිරීම ජපානයේ සුලභ දසුනකි

    පාසල් අවට ඇති වීදිවල කැලිකසල එක්රැස් කර පිරිසිදු කිරීම සඳහා දරු දැරියෝ මාසිකව පැවැත්වෙන ශ්‍රමදාන සඳහා ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් වෙති.

    සිය නිවාස අවට තත්ත්වය ද එසේමය. නිරන්තරයෙන් වීදි පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වේ. ජපන් වැසියන් කැලිකසල පාර තොට නොදා නිවෙස් වෙත රැගෙන යන බැවින් පිරිසිදු කිරීමට තරම් දෙයක් නොමැත.

    පියවි ඇසට නොපෙනෙන විෂබීජ සහ බැක්ටීරියා ගැනත් ඔවුහු අවධානයෙන් පසුවෙති.

    උණක්, සෙම්ප්‍රතිශ්‍යවක් වැළඳුනු විට ජපන් වැසියෝ මුව ආවරණ පළඳති. ඒ තවෙකෙකුට රෝගය ආසාදනය වීම වැළක්වීමේ අරමුණෙනි.

    අනෙකා පිළිබඳ සිතීමේ මේ සරල ක්‍රියාව නිසා වෛරස් පැතිර යාම අවම වේ. වැඩ රහිත දින අඩු කරගැනීමේ අවස්ථාව ලැබීමට පමණක් නොව ඖෂධ සඳහා වැය වන මුදල් අඩු වී විශාල මුදලක් ඉතිරි කර ගත හැක.

    ශතවර්ෂ ගණනාවක් පැරණි පිරිසිදුකම

    පිරිසිදුකම සම්බන්ධයෙන් ජපන් වැසියන් මෙතරම් සැලකිල්ලක් දක්වන්නට පෙළඹුණේ කෙසේද?

    වර්ෂ 1600 දී ජපානයට සේන්දු වී එරටට පා තැබූ පළමු ඉංග්‍රීසි ජාතිකයා මෙන්ම නැවියකු වූ විලියම් ඇඩම්ස් ද දුටු පරිදි, එය ඇත්තෙන්ම අලුත් පුරුද්දක් නොවේ.

    Ancient drawing of a Japanese person sweeping the floor
    ජපන් වැසියන් පිරිසිදුකම ගැන දැඩි ඇල්මක් දැක්වීම අලුත් දෙයක් නොවේ

    ඇඩම්ස්, සමුරායි විලියම් නමැති ඔහුගේ චරිතාපදානය තුළ ලේඛක ගිල්ස් මිල්ටන් සඳහන් කරන පරිදි “එංගලන්තයේ වීදි නිතරම අශුචිවලින් පිරී ඉතිරී ගොස් තිබූ කලක පිරිසිදුකම ගැන දැඩි සැලකිල්ලක් දැක්වූ ජපානයේ ඉහළ පැලැන්තිය නොකිලිටි කානු සහ වැසිකිලි” භාවිත කරමින් සුගන්ධවත් දර යොදා උණු කළ ජලයෙන් ස්නානය කර ඇත.

    සිය පෞද්ගලික පිරිසිදුකම පිළිබඳ සැලකිල්ලක් නොදැක්වූ යුරෝපීය ජාතිකයන් විසින් ජපන් වැසියන් “බියට පත් කරනු” ලැබීය.

    සෞඛ්‍ය අවදානම

    ජපානය වැනි උණුසුම්, තෙතමනය වැඩි රටක කෑම නරක්වීමට ඇති ඉඩකඩ වැඩිය. බැක්ටීරියා සහ රෝග කාරක වර්ධනය වීමට ඇති අවදානම ඉහළය.

    සනීපාරක්ෂාව හොඳ නම් සෞඛ්‍ය ද යහපත් වන්නේ එබැවිනි.

    බැලූ බැල්මට එසේ වුවත් එහි ඊට වඩා ගැඹුරක් තිබේ.

    Man cleaning the gardens of a temple
    සෙන් බුදුදහමට අනුව පිරිසිදු කිරීම අධ්‍යාත්මික පුහුණුවකි

    පිවිතුරු බව නැති නම් නිර්මලත්වය බෞද්ධ දර්ශනයේ ප්‍රධාන කොටසකි. ජපානයට බුදුදහම පැමිණියේ චීනයෙන් සහ කොරියාවෙනි. ඒ 6 වෙනි සහ 8 වෙනි ශතවර්ෂ තුළදීය.

    12 වෙනි සහ 13 වෙනි සියවස් අතර චීනයෙන් ජපානයට පැමිණි සෙන් බුදුදහමට අනුව පිරිසිදු කිරීම සහ ආහාර පිසීම වැනි දෛනික කටයුතු අධ්‍යාත්මික පුහුණුවක් ලෙස සැලකිණි. භාවනාවේ යෙදීම සහ ඒ අතර වෙනසක් නැතැයි විශ්වාස කෙරිණි.

    “සෙන් දහමට අනුව, ආහාර අනුභවය සහ අවට පිරිසිදු කිරීම ඇතුළු දෛනික වැඩ කටයුතුවල යෙදීම බුදු දහම ප්‍රගුණ කිරීමට ලද අවස්ථාවක් ලෙස සැලකිය යුතුය,” යනුවෙන් ෆුකුයාමාහි ෂින්ෂෝජි විහාරස්ථානයේ එරිකෝ කුවගාකි පවසයි.

    “ශාරීරිකව සහ අධ්‍යාත්මිකව කුණු සෝදා හැරීමට දෛනික භාවිතය තුළ වැදගත් ස්ථානයක් හිමි වෙනවා”

    Person dressed as Spider-Man helps clean the streets the day after Halloween celebrations
    පිරිසිදු කිරීම ජපානය තුළ වික්‍රමයක් නොවේ

    එසේ නම් ලොව සියලුම බෞද්ධ රටවල් ජපානය තරම් අතිශය පිරිසිදු නොවන්නේ ඇයි?

    බුදුදහම පැමිණීමට බොහෝ කාලයකට පෙර ජපානයට ඔවුන්ගේම ස්වදේශික ආගමක් විය. එය ෂින්තෝ නමින් හැඳින්වේ. ‘දෙවියන්ගේ මග’ ඉන් අරුත් ගැන්වේ.

    පිරිසිදුකම ෂින්තෝ දහමේ හදවතයි.

    පවිත්‍රත්වය පිළිබඳ චාරිත්‍ර

    බුදුදහමේ අවධාරණය කෙරෙන පවිත්‍රත්වය ජපන් ජාතිකයන්ගේ පුරුදු පුහුණු තවත් ශක්තිමත් කරවීය.

    පවිත්‍රත්වයේ ප්‍රතිවිරුද්ධ පැත්ත, ‘කෙගාරේ’ නැති නම් අපවිත්‍රත්වය හෝ කිලිටි බව ෂින්තෝ දහමේ ප්‍රධාන සංකල්පයකි.

    මරණය සහ ව්‍යාධියේ සිට ප්‍රිය නොමැති ඕනෑම දෙයක් ‘කෙගාරේ’ සඳහා උදාහරණය.

    ‘කෙගාරේ’ බලපෑමෙන් වැළකී සිටීමට පිවිතුරු චාරිත්‍ර නිරන්තරයෙන් අත්‍යවශ්‍යය.

    “යමෙක් ‘කෙගාරේ’ නිසා දුකට පත් වූ විට මුළු සමාජයටම එමගින් හානි සිදුවිය හැකියි” යනුවෙන් හිරෝෂිමා හි කන්දා විහාරයේ පූජක නරියාකි ඉකෙදා පවසයි.

    Washing basin at a Shinto shrine
    ෂින්තෝ විහාරයකට පය තැබීමට පෙර බැතිමතුන් දෑත් සහ මුව සේදිය යුතුය

    “ඒ නිසා පිරිසිදුකම පුරුදු පුහුණු කිරීම අත්‍යවශ්‍යයි. මෙමගින් ඔබ පවිත්‍ර වෙනවා. සමාජයට විපත් ගෙන ඒමෙන් වැළකෙනවා. ජපානය ඉතාමත් පිරිසිදු රටක් වී තිබෙන්නේ ඒ නිසයි”

    ලෙඩ රෝග පැතිර යාම සහ අනෙකා පිළිබඳ සිතීම තේරුම් ගත හැක.

    නමුත් එය, තමා ඉවත ලූ කසල තමන් විසින්ම ඇහිඳීම වැනි සිත් නොදෙන මට්ටම් දක්වා ක්‍රියාත්මක වේ.

    පවිත්‍ර වීමේ චාරිත්‍ර සඳහා උදාහරණ එදිනෙදා ජීවිතයේ බහුලව දක්නට ඇත.

    ෂින්තෝ විහාරයකට පය තැබීමට පෙර එහි දොරකඩ අසල ඇති ශෛලමය ජල බඳුනෙන් බැතිමතුන් දෑත් සහ මුව සේදිය යුතුය.

    ඔබ ජපානයේ ජීවත් වුවහොත් ඉතාමත් ඉක්මනින් පිරිසිදු දිවි පෙවතකට හුරු වනු ඇත.

    පාඩම්

    People wearing facemasks in Tokyo
    “ඔබේ විෂබීජ ඔබ ළඟ තබා ගන්න”

    ඔබ ජනයා ගැවසෙන එළිමහනේ සොටු සීරීමෙන් වළකිනු ඇත. වෙළෙඳසල් සහ කාර්යාල පාරිභෝගිකයන් සහ සේවාදායකයන් වෙත සපයා ඇති දෑත් පිරිසිදු කිරීමේ සනීපාරක්ෂක ආලේපන භාවිතයට යොමු වනු ඇත. ප්‍රතිචක්‍රීකරණය පහසු කරවීම සඳහා නිවසෙන් ඉවතලන කැලිකසල වර්ග දහයකට වෙන් කර තැබීමට හුරුවනු ඇත.

    වර්ෂ 1600 දී නාවික විල් ඇඩම්ස් සහ ඔහුගේ නැව් කැළ මුහුණ දුන්නාක් මෙන් ඔබගේ දිවියේ ගුණාත්මකභාවය ද ඉහළ යනු ඇත.

    ඔබ යළි මව් රට බලා පැමිණි විට, නොහික්මුණු පුද්ගලයන් මුහුණ ඉදිරියේ කිවිසුම් හරිනා විට සහ කසින විට ඔබ කම්පනයට පත් වීමට ඉඩ ඇත. නැතිනම් ජපානයේදී සිතීමටවත් නොහැකි ලෙස අපිරිසිදු සපත්තු පය ලා ගේ තුළට කඩා වදිනු ඇත.

    නමුත් බලාපොරොත්තු කඩ කර ගත යුතු නැත. පොකමොන්, සුෂී සහ කැමරා සහිත ජංගම දුරකතන ලොව පුරා විසිර යාමට යම් කාලයක් ගත විය.

    Text by bbc

  • උපරිම ශක්තිය නැති වුණත් නවකයින් වෙනසක් කරාවි – දිමුත් කරුණාරත්න

    උපරිම ශක්තිය නැති වුණත් නවකයින් වෙනසක් කරාවි – දිමුත් කරුණාරත්න

    2021 වසරේ උදාවත් සමඟ ශ්‍රී ලංකාව මෙන්ම දකුණු අප්‍රිකාව සහභාගිවන පළමු ටෙස්ට් තරගය අද (03 දා) ජොහැන්නස්බර්ග් නුවර වොන්ඩරස් ක්‍රීඩා පිටියේදී ආරම්භ වේ.

    තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු ටෙස්ට් තරගය ඉනිමකින් ජය ගැනීමට සමත්වීමත් සමඟ තරගාවලියේ 1-0 ක් ලෙස පෙරමුණ ගෙන සිටින සත්කාරක පිල ශ්‍රී ලංකාවට එරෙහිව පූර්ණ තරගාවලි ජයග්‍රහණයක් අපේක්ෂාවෙන් තරගයට අවතීර්ණ වද්දී සංචාරක ශ්‍රී ලංකා පිල හෙට තරගය ජය ගනිමින් ජය පැරදුමෙන් තොරව තරගාවලිය අවසන් කිරීමේ අපේක්ෂාවෙන් තරග බිමට පිවිසෙනු ඇත.

    පළමු තරගය ඉනිමකින් ජය ගැනීම, දේශීය තත්ත්වයන් යටතේ ක්‍රීඩා කිරීම, පිතිකරුවන් ලකුණු අතරට පැමිණීම, කණ්ඩායම සතු ප්‍රබලම වේග පන්දු යවන්නා වන කාගිසෝ රබඩා  සංචිතයට පිවිසීම මෙන්ම වේග පන්දු යවන්නන් සියල්ලම රිද්මයට පැමිණීමට සමත්වීම ආදී තරගයක ජයග්‍රහණය සඳහා සෘජුවම බලපාන සාධක සියල්ලම දකුණු අප්‍රිකානු කණ්ඩායමේ වාසියට හේතු වී තිබේ. කෙසේ වෙතත් අවසන් වරට පැවැති තරගාවලිය 2-0 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා පිල සමත්වීම මත ඕනෑම අවස්ථාවක තරගයක් ජය ගැනීමට ඇති හැකියාව ශ්‍රී ලංකා පිල සතුවීම කිසි විටෙකත් අමතක කළ නොහැක්කකි.

    එබැවින් ශ්‍රී ලංකා කණ්ඩායම සිය උපරිම ශක්තියෙන් හෙට තරග වැදීම ඒකායන අපේක්ෂාව වී තිබුණත් ශ්‍රී ලංකාව හමුවේ ලද 2-0 ක තරගාවලි පරාජයේ වාඩුව ලබා ගැනීමේ උත්සාහයද දකුණු අප්‍රිකානුවන්ගේ සිත් තුළ තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ අවධානයට ලක්විය යුත්තකි.

    හෙට තරගයේදී ශ්‍රී ලංකා පිල මුහුණ දී සිටින දැවැන්තම ගැටළුව බවට පත්ව තිබෙන්නේ ක්‍රීඩකයින් රැසක් ආබාධිත තත්ත්වයට පත්ව සිටීමයි. එම තත්ත්වය මත හෙට තරගයේදී කණ්ඩායම තුළ වෙනස් කම් ගණනාවක් සිදුවීම අනිවාර්යය බැවින් හෙට ඇරඹෙන තරගය ජය ගැනීමට ආදේශ වන ක්‍රීඩකයින් දැඩි සටනක් දිය යුතු වේ.

    පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ධනංජය ද සිල්වාට සමස් තරගාවලියම අහිමිව තිබෙන අතර, කසුන් රජිත, ළහිරු කුමාර සහ දිනේෂ් චන්දිමාල් ආබාධිත ලැයිස්තුවට එක්ව සිටිති. දෙවැනි ටෙස්ට් තරගය ඉලක්ක කර ගනිමින් සිදුකරන ලද පුහුණුවීම් අතරතුරදී තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග සහ සුරංග ලක්මාල් හෙට තරගයට සහභාගිත්වය තවමත් වැට උඩය. එමෙන්ම එල්.පී.එල්. තරගාවලිය අතරතුරදී වළලු කර ආබාධයකට ගොදුරු වුණු ඕෂද ප්‍රනාන්දුගේ සහභාගිවීමේ අවස්ථාවද සුභදායී නොවේ.

    මෙම තත්ත්වය මත දකුණු අප්‍රිකානු සංචාරය සඳහා සහභාගිවුණු ක්‍රීඩකයින් 21 දෙනාගෙන් සංචිතය 14 දෙනෙකු පමණක් හෙට තරගය සඳහා වන තේරීම් වලට සුදුසුකම් ලබා සිටිති. එම තත්ත්වය මත හෙට තරගයේදී බොහෝ විට මිනෝද් භානුක සහ අසිත ප්‍රනාන්දු ටෙස්ට් වරම් ලබනු ඇත. එහිදී සංචිතයේ පසුවන ළහිරු තිරිමාන්න, ලසිත් ඇඹුල්දෙණිය මෙන්ම දුෂ්මන්ත චමීරද හෙට තරගය සඳහා වන අවසන් 11 දෙනා අතරට එක්වනු ඇත.

    “කණ්ඩායමේ ක්‍රීඩකයින් කීප දෙනෙක්ම ආබාධ වලට ලක් වෙලා තියෙනවා. විශේෂයෙන් ධනංජ ද සිල්වා,  ලහිරු කුමාර, කසුන් රජිත සහ දිනේෂ් චන්දිමාල්. ඔවුන්ට හෙට තරගයට ක්‍රීඩා කරන්න කොහොමත් හැකියාවක් නෑ, අපි බලනවා සුරංග ලක්මාල්ව ක්‍රීඩා කරවන්න. නමුත් ඔහුට තිබ්බ යෝග්‍යතා පරීක්ෂණයෙන් ඔහු අසමත් වුණා. නමුත් අපි අදත් උත්සාහ කරනවා එයාව හෙට තරගයට ක්‍රීඩා කරවන්න පුලුවන්ද කියන එක. ඔහු වගේම වනිඳු හසරංගටත් අද පරීක්ෂණයක් තියෙනවා. සෙල්ලම් කරන්න පුලුවන් නම් අනිවාර්යයෙන්ම ඒ දෙන්නා ක්‍රීඩා කරනවා. එතැනදී වනිඳු ක්‍රීඩා නොකළොත් ලසිත් ඇඹුල්දෙණියට හෙට තරගයට ක්‍රීඩා කරන්න අවස්ථාව තියෙනවා” යි තරගය පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සඳහන් කළේය.

    “තරගය ගැන කතා කළොත් ඇත්තටම අපිට හෙට තරගයේදී අපේ උපරිම ශක්තිය නෑ. ක්‍රීඩකයින් ආබාධ වලට ලක් වෙලා තියෙන නිසා මට හෙට තරගයේදී හොඳම ක්‍රීඩකයින් 11 දෙනා නෑ. නමුත් මම හිතනවා නවකයෝ හෙට තරගයේදී හොඳ දෙයක් කරයි කියලා. අපිට හොඳ අවස්ථාවක් ඔවුන්ගේ දක්ෂතා බලන්න වගේම ඔවුන්ටත් හොඳ අවස්ථාවක් ඔවුන්ගේ දක්ෂතා පෙන්වන්න” යැයි දිමුත් වැඩිදුරටත් අදහස් දැක්වීය.

  • Covid-19 පාලනයට යුද්ධ හමුදාපති ගත් අලුත්ම තීන්දුව

    Covid-19 පාලනයට යුද්ධ හමුදාපති ගත් අලුත්ම තීන්දුව

    කොවිඩ්-19 වෛරසයේ පාලන කටයුතු ශක්තිමත්  කිරීම සදහා දිවයින පුරා සියලුම පරිපාලන දිස්ත්‍රික් ආවරණය වන පරිදි යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 25 දෙනෙකු පත්කර ඇති බව බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර්  චන්දන වික්‍රමසිංහ මහතා පැවසීය.

    ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානිල යුද හමුදාපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ නිර්දේශය මත ජනාධිපති ලේකම් කාර්යාලය විසින්  අද (01) සිට   බලපැවැත්වෙන  පරිදි මෙම පත් කිරීම් කළ බව යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.

    පත්වීම් ලද සම්බන්ධිකාරක නිලධාරීන්ට  කොවිඩ්-19 වසංගත රෝගී තත්ත්වයන් හේතුවෙන් සාමන්‍ය කටයුතුවලට ඇතිවන බලපෑම අවම කිරීම සඳහා, කොවිඩ්-19 වෛරස තත්ත්වයන් හා සෘජුවම සම්බන්ධවන රෝග ව්‍යාප්තිය පාලනයල නිරෝධායන කටයුතු කිරිම හා අවශ්‍යතා කළමනාකාරණය පිණිස ජනාධිපති කාර්යාලයල ආර්ථික පුනර්ජිවනය හා දිලිදුකම තුරන් කිරීමේ ජනාධිපති කාර්යසාධක බලකාය, සෞඛ්‍ය අමාත්‍යාංශයල ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය ආදී ආයතනයන්හි සම්බන්ධිකරණ කටයුතු සිදුකිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය මගින් වගකීම් පවරා ඇති බවද යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

    දිවයිනපුරා සියලුම දිස්ත්‍රික්කයන්හි ප්‍රධාන සම්බන්ධිකාරක නිලධාරීන් ලෙස පත්කර ඇති යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙසේය.

    උතුරු පළාත
    මේජර් ජෙනරල් ඩබ්ලිව් ජි එච් ඒ එස් බණ්ඩාර – යාපනය
    මේජර් ජෙනරල් කේ එන් එස් කොටුවේගොඩ – කිලිනොච්චිය
    මේජර් ජෙනරල් ආර් එම් පී ජි රත්නායක – මුලතිව්
    මේජර් ජෙනරල් ඩබ්ලිව් එල් පී ඩබ්ලිව් පෙරේරා – වවුනියාව
    මේජර් ජෙනරල් ඒ ඒ අයි ජේ බණ්ඩාර – මන්නාරම
    උතුරු මැද පළාත
    මේජර් ජෙනරල් ජේ සී ගමගේ – පොළොන්නරුව
    මේජර් ජෙනරල් එච් එල් වී එම් ලියනගේ – අනුරාධපුර

    වයඹ පළාත
    මේජර් ජෙනරල් ඒ පී අයි ප්‍රනාන්දු – පුත්තලම
    බ්‍රිගේඩියර් පී එම් ආර් එච් එස් කේ හේරත් – කුරුණෑගල
    බස්නාහිර පළාත
    මේජර් ජෙනරල් කේ ඩබ්ලිව් ආර් ද ආබෲ – කොළඹ
    මේජර් ජෙනරල් එන් ආර් ලමාහේවා – ගම්පහ
    බ්‍රිගේඩියර් කේ එන් ඩි කරුණාපාල – කළුතර
    මධ්‍යම පළාත
    මේජර් ජෙනරල් එච් පී එන් කේ ජයපතිරණ – නුවරඑළිය
    මේජර් ජෙනරල් එස් එම් එස් පි බි සමරකෝන් – මහනුවර
    මේජර් ජෙනරල් එස් යු එම් එන් මානගේ – මාතලේ
    සබරගමුව පළාත
    බ්‍රිගේඩියර් ජේ එම් ආර් එන් කේ ජයමාන්න – රත්නපුර
    බ්‍රිගේඩියර් එල් ඒ ජේ එල් බී උදෝවිය – කෑගල්ල
    නැගෙනහිර පළාත
    මේජර් ජෙනරල් සී ඩි වීරසුරිය – ත්‍රිකුණාමලය
    මේජර් ජෙනරල් ටි ඩි වීරකෝන් – අම්පාර
    මේජර් ජෙනරල් සී ඩි රණසිංහ – මඩකලපුව
    ඌව පළාත
    බ්‍රිගේඩියර් ඊ ඒ පී එදිරිවිර – බදුල්ල
    කර්නල් ඩි යු එන් සේරසිංහ – මොණරාගල

    දකණු පළාත
    මේජර් ජෙනරල් ඩි එම් එච් ඩි බණ්ඩාර – හම්බන්තොට
    මේජර් ජෙනරල් ඩබ්ලිව් ඒ එස් එස් වනසිංහ – ගාල්ල
    කර්නල් කේ ඒ යු කොඩිතුවක්කු – මාතර 

  • කොවිඩ් ආසාදිත මළ සිරුරු ගැන ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමයේ ස්ථාවරය

    කොවිඩ් ආසාදිත මළ සිරුරු ගැන ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමයේ ස්ථාවරය

    COVID-19 සම්බන්ධයෙන් මේ වනවිට ප්‍රකාශයට පත්කරනු ලැබ ඇති 85,000 කට අධික විද්‍යාත්මක වාර්තා අතර මළ සිරුරක් හරහා වෛරසය සම්ප්‍රේෂණය වීමක් පිළිබඳ එකදු සිද්ධියක්වත් වාර්තා වී නොමැත

    Covid-19 ආසාදිතව මියගිය පුද්ගලයින්ගේ මළ සිරුරු භූමදානය කිරීමෙන් කොරෝනාවෛරසය පැතිරෙන බවට ප්‍රබල සාක්ෂි නොමැති අතර, දැනට පවතින විද්‍යාත්මක සාක්ෂි සහ ගෝලීය මාර්ගෝපදේශ අනුව යමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශ කරනු ලබන දැඩි මාර්ගෝපදේශ අනුව ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට ඔහුගේ හෝ ඇයගේ සහ ඔවුන්ගේ පවුල්වල අභිමතය පරිදි ආදාහනය කිරීමට හෝ භූමදාන කිරීමට ඉඩ දිය යුතුව ඇතැයි ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය (CCPSL) පවසයි.

    ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය එම නිගමනය ප්‍රකාශයට පත්කරනු ලැබ තිබෙන්නේ කෝවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් මරණයට පත්වන්නන් සම්බන්ධයෙන් බල පැවැත්වෙන අනිවාර්ය ආදාහනය පිළිබඳ කාරණය පිළිබඳව ප්‍රකාශයට පත්කරනු ලැබ ඇති අධ්‍යයන පත්‍රිකාවක් මගිනි.

    මළ සිරුරුවලින් නව කොරෝනාවෛරසය ආසාදනය වීමේ අවදානම පිළිබඳව අදහස් දක්වන ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය, ශ්වසන රෝග පිළිබඳ ජාතික මධ්‍යස්ථානය (NCIRD) විසින් 2020 ඔක්තෝම්බර් මස යාවත්කාලීන කරන ලද අළුත්ම විද්‍යාත්මක පැහැදිලි කිරීම අනුව සාර්ස්-කොවිඩ්-2 රෝගය පැතිරීම මූලික වශයෙන් ශ්වසන ජල බිඳිති හරහා ආසාදනය වෙන බව පැහැදිලිව තහවුරු කර ඇත.

    ඒ අතරම, සම්බන්ධතා සම්ප්‍රේෂණය සහ වාතයෙන් සම්ප්‍රේෂණය වීමත් සිදුවිය හැකි නමුත් සම්ප්‍රේෂණය ආසාදනය වියහැකි ප්‍රධාන මාර්ගය නොවන බවත් සංගමය සඳහන් කරයි.

    ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය
    ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය

    මෙම යාවත්කාලීන කරනලද විද්‍යාත්මක නිගමනය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2020 ජූලි මාසයේ කලින් නිකුත්කරන ලද සාක්‍ෂි සංක්ෂිප්තයට සමාන බව පෙන්වාදෙන ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංවිධානය, මිලියන අසූවකට අධික ආසාදිත ප්‍රජාව සහ මිලියන 1.7කට අධික මරණ ප්‍රමාණය අනුව සාර්ස්-කොවිඩ්-19 සම්ප්‍රේෂණයවීමට අදාළ සාක්ෂිවල වෙනසක් සිදුව නැතැයි ද ප්‍රකාශ කරයි.

    තවදුරටත් කරුණු පැහැදිලි කරන අදාළ ප්‍රකාශනය මෙසේ දක්වයි.

    “COVID-19 සම්බන්ධයෙන් මේ වනවිට ප්‍රකාශයට පත්කරනු ලැබ ඇති 85,000 කට අධික විද්‍යාත්මක වාර්තා අතර මළ සිරුරක් හරහා වෛරසය සම්ප්‍රේෂණය වීමක් පිළිබඳ එකදු සිද්ධියක්වත් වාර්තා වී නොමැත. 2020 මැයි මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවකින් අධිකරණ වෛද්‍ය වෘත්තිකයන් දෙදෙනෙකුට මළ සිරුරකින් කොවිඩ් -19 වෛරසය ශරීරගත වූ බවක් ප්‍රකාශ විය. එහෙත් එම වාර්තාවේ කතුවරුන් විසින් එම නිගමනයේ දෝෂයක් ප්‍රකාශයට පත් කරමින් පසුව කියාසිටියේ, මළ සිරුරකින් කොවිඩ් -19 සම්ප්‍රේෂණය කළ බවක් එම ලිපියමගින් තහවුරු වී නොමැති බවය.”

    “භූගත ජලය හරහා කොවිඩ් -19 වෛරසය කෙලින්ම පැතිරයාම පිළිබඳ ප්‍රකාශන විද්‍යාත්මකව සනාථ කර නොමැති අතර පානීය ජලය හරහා වෛරසය සම්ප්‍රේෂණය කළ හැකි බවට කිසිදු සාක්ෂියක් ද නොමැති,” බව පවසන ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ලෝක මට්ටමින් පැතිරයමින් පවතින කොවිඩ්-19 වසංගත සමයෙහි මළසිරුරු කළමනාකරණය සම්බන්ධයෙන් සිදුකරන ලද විධිමත් අධීක්ෂණ මගින් මළසිරුරකින් එම වෛරසය සම්ප්‍රේෂණයවීමක් පිළිබඳව මෙතෙක් සාක්ෂි ලැබී නැතිබව පෙන්නුම් කෙරෙන බවත් කියා සිටියි.

    සූම් තාක්ෂණය යොදාගනිමින් පසුගිය දෙසැම්බර් 30 වෙනි දින ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයකදී ද ජගත් කීර්තියට පත් වෛරස විද්‍යාඥ, මහාචාර්ය මලික් පීරිස් සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, ඩෙංගු පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය නීලිකා මලවිගේ ඇතුළු විශේෂඥයෝ මේ කරුණු සනාථ කළහ.

    ග්‍රීසියේ කොරෝනාවෛරසය ආසාදිත වී මියගිය පුද්ගලයෙක් දෙසැම්බර් 05 වෙනි දින භූමදානය කළ අවස්ථාවක්
    ග්‍රීසියේ කොරෝනාවෛරසය ආසාදිත වී මියගිය පුද්ගලයෙක් දෙසැම්බර් 05 වෙනි දින භූමදානය කළ අවස්ථාවක්

    ජල පද්ධති ආශ්‍රිතව වෛරසය සම්ප්‍රේෂණයවීම සම්බන්ධයෙන් අදහස් දක්වන ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය මෙලෙස පැහැදිළි කරයි.

    “ජල පද්ධති තුළ කොවිඩ්-19 සම්ප්‍රේෂණය කළ හැකි ප්‍රධාන ප්‍රභවයන් සහ මාර්ග වියහැක්කේ රෝහල් අපද්‍රව්‍ය, නිරෝධායන මධ්‍යස්ථානවලින් බැහැරකෙරෙන අපද්‍රව්‍ය, මළ මූත්‍ර, කිළිටි අපිරිසිදු මතුපිට ස්ථාන සහ භූගත ජල ප්‍රභවයන් සහ අපිරිසිදු අපද්‍රව්‍ය විය හැකි නමුත් මළ සිරුරු නොවේ. දවස් දෙකේ පටන් හතර දක්වා කාලය තුළ සෙන්ට්‍රිගේට් අංශක 23C දී අපජලයේ කොරෝනා වෛරසය වඩාත් ඉක්මනින් විනාශ වෙන අතර ශ්‍රී ලංකාව වැනි වැඩි උෂ්ණත්ව පරිසරයක් තුළ එම ක්‍රියාවලිය වඩාත් වේගවත් වෙයි.”

    ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය විසින් නිකුත්කර ඇති ප්‍රකාශනය මෙසේ ද සඳහන් කරයි.

    “කෙසේ වෙතත්, මළ සිරුරක වෛරසය පැවැත්මේ කාලසීමාව තවමත් විවාදාත්මක වන අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය, සහ රෝග නිවාරණය හා පාලනය පිළිබඳ යුරෝපීය මධ්‍යස්ථානය (CDC) විසින් කෝවිඩ් -19 ආසදිත යයි තහවුරු කරනු ලැබ ඇති හෝ සැක කරන ලද මළ සිරුරු සම්බන්ධයෙන් රෝහල් වාට්ටු, මෘත ශරීරාගාර, අවමංගල්‍ය ශාලා, සහ ආදාහනාගාර හෝ මිහිදන් කරනු ලබන සුසාන භූමිය තුළ මළසිරුරු හැසිරවීමට අදාළව කටයුතු කළයුතු ආකාරයට අදාළව පුළුල් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරනු ලැබ ඇත.”

    “ඒ අතරම, එකී මාර්ගෝපදේශන මගින් රෝග සම්ප්‍රේෂණය වීමේ අවදානමක් ඇති ඕනෑම අවමංගල චාරිත්‍රයක් දැඩිව පාලනය කෙරෙයි. කෙසේවුවද, ගෝලීය වසංගත මෙම සියළු පාලන වැඩසටහන් පැහැදිලිවම කියා සිටින්නේ, කලින් සඳහන් කළ සියළු ආරක්ෂණ ක්‍රියාමාර්ග සමඟ කොරෝනා ආසාදිතව මරණයට පත්වන්නන්ගේ සිරුරු භූමදාන කිරීම හෝ ආදාහනය කිරීම සිදු කළ හැකි බවය,” එහි වැඩිදුරටත් සඳහන් වෙයි.

    BBC
    අවමගුල් උත්සවයක්

    සංස්කෘතික ප්‍රවනතාවන්හි බලපෑම

    වෛරසය පැතිරීමත් සමඟ මෙම ව්‍යාධිය විශාල මට්ටමින් බෝවෙන් ඇති මට්ටම සමාජය සහ අගුළු දැමීම සහ නිරෝධායනය සමඟ බැඳුන වෛරසය සම්බන්ධයෙන් ඇති භීතිය ඉහළ යාම ස්වාභාවික බවත් එම වෛද්‍ය සංගමය පෙන්වා දෙයි.

    “කෝවිඩ් -19 වසංගතය ලොවට බොහෝ පාඩම් උගන්වා ඇති අතර ඉන් එකක් වන්නේ පෞද්ගලික වගකීම වෙනුවට සාමූහික වගකීමේ වැදගත්කම පෙන්වාදීමය. කෝවිඩ්-19 පාලනය කරගැනීම සඳහා ඇති විධිමත් උපාය මාර්ගෝපදේශ අනුගමනය නොකළොත් එය සියළු දෙනාගේ ජීවිත අනතුරට ඇද දැමීමට හේතුවක් වනු ඇත. සමස්ත රාජ්‍ය, සමස්ත සමාජ ප්‍රවේශයේ සැබෑ අරුත මෙයයි. සංස්කෘතිකමය වශයෙන් සංවේදී කාරණා සඳහා විද්‍යාත්මක පිරිවැය ප්‍රතිලාභ ඇගයීමක් අවශ්‍ය කෙරෙන අතර එමඟින් ඇතැම් ප්‍රජා කණ්ඩායම් රෝග හඳුනා ගැනීමේ කටයුතුවලට හවුල්කර ගැනීම, කල්තබා හඳුනාගනු ලැබීම, සම්බන්ධතා හෙළිකර ගැනීම, නිවැරදි තොරතුරු සමඟ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීම සහ සෞඛ්‍ය සේවාවන් ලබාගැනීම වැනි රෝග පාලන ක්‍රියාකාරකම් සඳහා සහභාගි කරගැනීමට හැකිවනු ඇත.”

    ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය නිකුත් කළ අධ්‍යයන පත්‍රිකාව පහත දැක්වේ:

    ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමයේ අධ්‍යයන පත්‍රිකාව (පිටුව 1)
    ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමයේ අධ්‍යයන පත්‍රිකාව
    ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමයේ අධ්‍යයන පත්‍රිකාව (පිටුව 2)
    ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමයේ අධ්‍යයන පත්‍රිකාව (පිටුව 3)

    කාලීනභාවය සලකා බී.බී.සී සන්දේශය වෙතින් කළ ඍජු උපුටා ගැනීමකි – ප්‍රධාන සංස්කාරකSharing is caring!

  • මගුල් කපුකමට කෘත්‍රිම බුද්ධිය

    මගුල් කපුකමට කෘත්‍රිම බුද්ධිය

    ශීඝ්‍රයෙන් පහළ වැටෙමින් තිබෙන උපත් අනුපාතිකය ඉහළ දැමීම සඳහා ජපානයේ තරුණ තරුණියන්ට මඟුල් කපුකම් කිරීමට කෘත්‍රිම බුද්ධියේ සහාය ලබා දීමේ යෝජනා ක්‍රමයක් ජපන් රජය දියත් කර තිබේ.

    ජපානයේ වැසියන්ට සිය ආදරය සොයා ගැනීම සඳහා කෘත්‍රිම බුද්ධියේ ආධාරය ලබා ගනිමින් වැඩසටහන් දියත් කරන පළාත් පාලන ආයතනවලට ලබන වසරේ පටන් සහනාධාර ලබා දීමට ජපන් රජය තීරණය කළේය.

    ජපානයේ උපත ලබන දරුවන්ගේ ප්‍රමාණය පසුගිය වසරේ වාර්තා ගත මට්ටමකින් පහළ වැටී තිබුණි. නිල වාර්තා සඳහන් කළේ පසුගිය වසර තුළ ජපානයේ උපන් දරුවන්ගේ ගණන 865,000කට වඩා අඩු මට්ටමකින් තිබුණු බවය.

    වයසින් වැඩි ජාතියකට වේගයෙන් උරුමකම් කියමින් සිටින ජපානය ලෝකයේ අඩුම උපත් අනුපාතිකයක් සහිත රටකි. එය යථා තත්වයට පත්කර ගැනීම සඳහා ජපානය විවිධ උපක්‍රම සොයා බලමින් සිටී.

    Getty Images

    ගැලපෙන තරුණ තරුණියන් සොයා ජෝඩු කිරීමට කෘත්‍රිම බුද්ධිය යොදා ගැනීම රට පුරා ව්‍යාප්ත කිරීම මෙහි අලුත්ම අත්හදා බැලීමයි.

    AFP පුවත් සේවය වාර්තා කරන පරිදි, රටේ උපත් අනුපාතිකය වැඩි කිරීම සඳහා දිරි ගැන්වීමේ ව්‍යාපෘති දියත් කිරීම වෙනුවෙන් ලබන වසරේ ඩොලර් මිලියන 19ක් වෙනකොට එය පළාත් පාලන ආයතනවලට බෙදා දීමට ජපන් රජය පියවර ගෙන ඇත.

    අයදුම් පත් සමඟ ලබා දෙන විස්තර සසඳා ගැලපෙන සහකරුවා හෝ සහකාරිය සොයා දීමට ජපානයේ බොහොමයක් ආයතන දැනට සේවයේ යොදවා ඇත්තේ මානව සම්පතයි. නමුත් අයදුම්පත්වල පවතින විස්තර කෘත්‍රිම බුද්ධිය (AI) සහිත පද්ධතියකට යොමු කිරීම තුළින් වඩා නිවැරදි ලෙස සුදුසු සහකාරිය හෝ සහකරුවා තෝරා ගැනීම සිදු කළ හැකි බව බලධාරීහු විශ්වාස කරති.

    AFP

    ඇතැම් පළාත් පාලන ආයතනවල දැනට පවතින තාක්ෂණික මෙවලම්, පුද්ගලයෙකුගේ වයස සහ ආදායම වැනි සරල මට්ටමේ තොරතුරු පමණක් ගැලපීමට සීමා වී ඇත. එවැනි යන්ත්‍ර භාවිතයෙන් කපු කමක් කිරීමේ දී ලැබෙන්නේ එම තොරතුරුවලට පමණක් සීමා වූ ප්‍රතිඵලයකි.

    ඒ වෙනුවට ඉහළ තාක්ෂණයෙන් යුත් නව යන්ත්‍ර ලබා දීම ජපාන ආණ්ඩුවේ අරමුණ වී ඇති බව ජපන් මාධ්‍ය වාර්තා කර තිබුණි. කෘත්‍රිම බුද්ධි තාක්ෂනය සහිත එම යන්ත්‍රවලට අයදුම්කරුවන්ගේ විනෝදාංශ සහ සාරධර්ම වැනි බොහෝ තොරතුරු ඇතුළත් කළ හැකිවනු ඇත.

    “අපි සැලසුම් කරන්නේ, මගුල් කපුකම් කිරීම සඳහා විශේෂ ව්‍යාපෘති දියත් කරන පළාත් ආයතන සඳහා මෙම අරමුදල් ලබා දීමටයි. මෙමගින් රටේ පහත වැටෙමින් තිබෙන උපත් අනුපාතිකය ආපසු හැරවීමට හැකිවෙයි කියල අපි හිතනවා.” ජපානයේ කැබිනට් අමාත්‍යවරයෙකු AFP පුවත් සේවයට පැවසීය.

    BBC

    2017 දී මිලියන 128ක්ව පැවති ජපාන ජනගහනය මෙම ශතවර්ෂය අවසාන වන විට මිලියන 53කට වඩා අඩු මට්ටමකට පත් වනු ඇති බවට ප්‍රක්ෂේපනය කර තිබේ.

    ජපානයේ ටෙම්පල් විශ්වවිද්‍යාලයේ (Temple University) මානව විද්‍යාඥ සචිකෝ හොරිගුචි පවසන්නේ රටේ දරුවන් බිහිවීම වැඩි කරගැනීමට කෘත්‍රිම බුද්ධිය වෙනුවෙන් මුදල් වැය කරනවාට වඩා ඵලදායී වන වෙනත් ක්‍රමවේද පවතින බවයි.

    උදාහරණයක් ලෙස ඇය ගෙනහැර දක්වන්නේ අඩු ආදායම් ලාභී තරුණ තරුණියන්ට සහනාධාර ලබා දීමයි.

    “ප්‍රේම කරන්න කැමැත්තක් නැත්නම්…”

    මෑතක දී නිකුත් වූ සමීක්ෂණ වාර්තාවක් කෙරෙහි ඇය අවධානය යොමු කරමින් කතා කළාය. එම වාර්තාවේ සඳහන් වන්නේ අඩු ආදායම් ලාභී තරුණ තරුණියන් අතර ප්‍රේම සබඳතා සඳහා පවතින කැමැත්ත ගිලිහී යමින් පවතින බවය.

    “ඔවුන් තුළ ප්‍රේම කරන්න කැමැත්තක් නැත්නම් මගුල් කපුකම් කිරීමෙන් පලක් වෙන්නේ නැහැ.” ආචාර්ය හොරිගුචි පැවසුවාය.

    “අපි තාක්ෂනය මත යැපෙන්න යනවනම්, ළමයි රැක බලා ගැනීම සහ ගෙදරදොරේ වැඩ කටයුතු කළ හැකි කෘත්‍රිම බුද්ධියක් සහිත රොබෝවරුන් සහන මිලට ලබා දීම මීට වැඩිය ඵලදායි වේවි.”

    ජපන් කාන්තාව

    රැකියාවන් හි නියුතු ජපන් ජාතික මව්වරුන්ට සහයෝගයක් නොමැති වීම පිළිබඳව සමාජ විශ්ලේෂකයන් දීර්ඝ කාලයක් තිස්සේ පෙන්වා දී ඇත.

    තමන් රැකියාවක් කරන අතරතුර පවා ගෙදර දොරේ වැඩකටයුතු සියල්ල සහ දරුවන් හදා වඩා ගැනීම ගැහැණිය ගේ දැතින් සිදුවිය යුතු බවට ජපන් සමාජ සංස්කෘතිය තුළ පවතින අපේක්ෂාව ශක්තිමත් ය.

    ජපන් කාන්තාව පුර්ණ කාලින රැකියා සඳහා දිරිමත් කළ යුතු බව මෑතක දී එරට ආණ්ඩුව ප්‍රකාශ කර තිබුණි. නමුත් රැකියා ස්ථානවල පවතින ස්ත්‍රී පුරුෂ වැටුප් විෂමතාවය වැඩි වී තිබේ.

    වසර 2019 දී ලෝක ආර්ථික සමුළුව නිකුත් කළ, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව පිළිබඳ ලෝක දර්ශකයේ රටවල් 153ක් සහිත ලැයිස්තුවේ ජපානය සිටින්නේ 121වැනි ස්ථානයේ ය. එය ඊට පෙර වසරේ ජපානය සිටි ස්ථානයෙන් පියවර 11ක් පහළට වැටීමකි.

    Text by bbc

  • කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 208 දක්වා ඉහළට

    කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 208 දක්වා ඉහළට

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ්-19 ආසාදිත රෝගීන්ගේ මරණ 04ක් තහවුරු කරන ලද අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ්-19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 208 දක්වා ඉහළ ගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (01) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

    මේ අතර අද දින ප.ව 20.25ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වන්නේ එම අවස්ථාව වන විට නව කොවිඩ්-19 ආසාදිතයින් 555 දෙනකු වාර්තා වූ බවයි. ඒ සමග කොවිඩ් 2වැනි රැල්ලෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 40,126 දක්වා ඉහළ ගිය බව ද අදාළ නිවේදනයේ සදහන් වෙනවා.

  • උද්ධමනය ඉහළට – ශ්‍රී ලංකා මහ බැංකුව

    උද්ධමනය ඉහළට – ශ්‍රී ලංකා මහ බැංකුව

    කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය දෙසැම්බර් මාසයේදී 4.2%ක් දක්වා ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (31) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

    එම නිවේදනයේ මෙසේ ද සදහන් වේ.

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 නොවැම්බර් මාසයේ පැවති සියයට 4.1හි සිට 2020 දෙසැම්බර් මාසයේ දී සියයට 4.2 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේය.

    ආහාර සහ ආහාර නොවන යන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම් මේ සඳහා හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 නොවැම්බර් මාසයේ පැවති සියයට 10.3හි සිට 2020 දෙසැම්බර් මාසයේ දී සියයට 9.2 දක්වා පහළ ගියේය. එසේ වුවද, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 නොවැම්බර් මාසයේ පැවති සියයට 1.6හි සිට 2020 දෙසැම්බර් මාසයේ දී සියයට 2.0 දක්වා ඉහළ ගියේය.

    වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කො.පා.මි දර්ශකයෙහි වෙනස 2020 දෙසැම්බර් මාසයේ දී අඛණ්ඩව තෙවන මාසයටත් සියයට 4.6හි නොවෙනස්ව පැවතුණි.

    2020 දෙසැම්බර් මාසයේ දී කො.පා.මි. දර්ශකයෙහි මාසික වෙනස සියයට 0.66ක් ලෙස වාර්තා විය. ආහාර සහ ආහාර නොවන යන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම් මේ සඳහා හේතු විය. තවද, 2020 දෙසැම්බර් මාසයේ දී ආහාර සහ ආහාර නොවන කාණ්ඩවල මාසික වෙනස්වීම් පිළිවෙළින්, සියයට 0.45ක් සහ සියයට 0.22ක් ලෙස වාර්තා විය.

    ඒ අනුව, 2020 දෙසැම්බර් මාසයේ දී ආහාර කාණ්ඩයෙහි පොල්, එළවලු සහ සහල් මිල ගණන් ඉහළ ගියේය. මේ අතර, ප්‍රධාන වශයෙන්, ප්‍රවාහන (බස් ගාස්තු) සහ සෞඛ්‍යය (පෞද්ගලික වෛද්‍ය ගාස්තු) යන උපකාණ්ඩවල දක්නට ලැබුණු මිල ඉහළ යෑම් හේතුවෙන්, ආහාර නොවන කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්හි ඉහළ යෑමක් 2020 දෙසැම්බර් මාසයේ දී දක්නට ලැබුණි.

    ආර්ථිකයෙහි යටිදැරි උද්ධමනය නිරූපණය කරන වාර්ෂික ලක්ෂ්‍යමය මූලික උද්ධමනය, 2020 නොවැම්බර් මාසයේ දී පැවති සියයට 3.0හි සිට 2020 දෙසැම්බර් මාසයේ දී සියයට 3.5 දක්වා ඉහළ ගියේය. එසේ වුවද, වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2020 නොවැම්බර් මාසයේ දී පැවති සියයට 3.2හි සිට 2020 දෙසැම්බර් මාසයේ දී සියයට 3.1 දක්වා සුළු වශයෙන් පහළ ගියේය.

  • 2020 දී ආසියාව හෙල්ලූ සුපිරි ප්‍රවෘත්ති ඡායාරූප

    2020 දී ආසියාව හෙල්ලූ සුපිරි ප්‍රවෘත්ති ඡායාරූප

    ලෝකයේ සෙසු සියළු සිදුවීම් කොරෝනා වසංගත භීතියෙන් වැසීගොස් ඇති නමුත් ගෙවීයමින් පවතින වසරක කාලය ඇතුළත බොහෝ දෙනාගේ ඇස යොමුනොවෙන අනන්ත සිදුවීම් ලෝකය පුරා වාර්තාවෙමින් තිබුණි.

    ආසියාවේ සිදුවූ වඩාත් සිත්කාවැදුන අවස්ථා දහයක් කෙරෙහි නෙත් යොමුකරමු. මෙම අවස්ථා සහ කොරෝනා වසංගතය අතර කිසිදු සම්බන්ධයක් නොමැති තරම්ය.

    2020 පෙබරවාරි 24: දශක කීපයක් තුළ නවදිල්ලියෙන් වාර්තා වූ දරුණුතම වර්ගවාදී කරලිගැසීම්

    ගෙවී යන වසරේ ලෝකය

    මෙම පින්තූරයෙන් දැක්වෙන්නේ හින්දු ප්‍රහාරක කල්ලියක් මුස්ලිම් ජාතිකයකුට අතිශය දුෂ්ට ආකාරයට පහරදෙන අවස්ථාවකි. 2020 පෙබරවාරි මාසයේ නවදිල්ලියේ පැතිරගිය ආගම්වාදී කැරලිගැසීම් සහ ප්‍රහාරයන්හි ස්වභාවය එමගින් පෙන්නුම් කෙරෙයි.

    “මේ පින්තූර දැකපු කිසිම කෙනෙක් හිතුවේ නැහැ මම තවදුරටත් ජීවතුන් අතර ඇති කියල,” එම රුදුරු ප්‍රහාරයට ගොදුරු වූ මොහමඩ් සුබයිර් (Mohammad Zubair) රෝහලෙන් පැමිණි පසු BBCයට ප්‍රකාශ කළේය.

    ඔහුගේ හිස ඒවනවිටත් වෙළුම්පටවලින් ඔතා තිබුණි.

    එම ප්‍රහාරය එල්ලකරන ලද්දේ ඉන්දීය ආණ්ඩුව විසින් හඳුන්වා දෙන ලද නව පුරවැසි නීතියට එරෙහි විරෝධතා ව්‍යාපාර දියත් කෙරෙමින් පවතින අතරය.

    දරුණු තුවාල ලද නමුත් 37 හැවිරිදි මොහොමඩ් ජීවිතය රැක ගැනීමට තරම් වාසනාවන්ත විය.

    එහෙත් එවැනි ප්‍රහාරවලින් පනහකට අධික ජීවිත විනාශ වූ අතර දහස් ගණනක් ජනතාව ඔවුන්ගේ නිවාසවලින් නෙරපා හරින ලදහ. එය දශක කීපයක් ඇතුළත නවදිල්ලි අගනුවරින් වාර්තා වූ දරුණුතම වාර්ගික ප්‍රහාරයයි.

    එහෙත් මොහොමඩ් කියාසිටින්නේ තමා තවදුරටත් මනුෂ්‍යත්වය කෙරෙහි විශ්වාසය තබන බවය.

    “එවැනි බිහිසුණු ක්‍රියාවන් කිසිම ආගමික සංස්ථාවක් කෙරෙන් එල්ල කෙරෙන්න බැහැ,” මොහොමඩ් පවසයි.

    2020 ජූනි 16: කොරියානු රාජ්‍යයන් දෙක අතර සාමය ගිනිගෙන දුමාරයෙහි දියව ගිය ආකාරය

    korea
    ඡායාරූප ශීර්ෂ වැකිය,දෙරටේ දේශසීමාවේ පිහිටුවා තිබුණ සාකච්ඡා මණ්ඩපය උතුරු කොරියාව විසින් ගිනිබත් කරනු ලැබීමෙන් පසු ඉහළ නගිමින් තිබුණ දුමාරය සෝල් අගනුවරවාසීන් නරඹන ලද ආකාරය

    එම කාර්යාලය සාමය සඳහා නව යුගයක දැල්වුන බලාපොරොත්තුවේ සංකේතය වී තිබුණි.

    කොරියානු යුද්ධය නිමවීමෙන් පසු දෙරටේ නියෝජිතයන්ට සෘජු සාකච්ඡා පැවැත්වීම සඳහා පහසුකම් සලසන ලද ස්ථානය දෙරටේ දේශසීමාවේ පිහිටි එම සාම කාර්යාලය විය.

    එහෙත් 2020 ජූනි මාසයේ එම ගොඩනැගිල්ල දැවී දුමාරයේ දියවී ගියේය.

    2020 අගෝස්තු 10: හොංකොං කැරලිකාර කෝටිපතියා අත්අඩංගුවට ගැනීම

    hongkong
    පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසු මාධ්‍ය කුවේරයා ඔහුගේ ‘ඇපල් ඩේලි’ පුවත්පත් කාර්යාලයේ සිට ගෙනගිය අවස්ථාව

    බොහෝ හොංකොංවාසීන්ට ජිමී ලායි (Jimmy Lai) විරුවෙකි. එම දුලබ මාධ්‍ය කුවේරයා සිය දූපත කෙරෙහි බේජිං පාලනය කෙරෙන් වේගයෙන් වැඩිවෙමින් පවතින බලපෑමට එරෙහිවා නැගී සිටීමට නිර්භීත විය.

    එයින් කුපිත වූ දූපත් බලධාරීහු හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදී මාවතේ සිටින එසේම වැඩිම අලෙවිය සහිත ‘ඇපල් ඩේලි’ පුවත්පත පලකෙරෙන කාර්යාලයට කඩාපැනීම නගරය සසල කිරීමට හේතුවිය.

    එම ක්‍රියාවලිය ආරම්භ වුනේ අගෝස්තු 10 දින ජිමී ලායි (Jimmy Lai) අත්අඩංගුවට ගැනීමත් සමඟය.

    නොවලහා සිය මතය ප්‍රසිද්ධියේ ප්‍රකාශකරන මාධ්‍ය කුවේරයා අත්අඩංගුවට ගනුලැබීම ආගන්තුක සිද්ධියක් නොවුනත්, එම අත්අඩංගුවට ගැනීම සිදුවුනේ චීනය විසින් මෑතදී පනවන ලද මතභේදයට ලක්වූ නව ජාතික ආරක්ෂක නීතිය උපයෝගීකර ගනිමිනි. චීනය මාධ්‍ය කුවේරයා ද්‍රෝහියකු ලෙස හඳුන්වන අතර ඔහු ජීවිතාන්තය තෙක් සිර දඬුවමකට යටත්කරනු ලැබීමේ ඉඩකඩක් පවතී.

    ජාතික ආරක්ෂාව අනතුරේ හෙළීම සම්බන්ධයෙන් මෙම දෙසැම්බර් මාසය මුලදී ජිමීට එරෙහිව නිල මට්ටමින් චෝදනා කෙරුණ අතර ඔහුට මාංචු දමා උසාවියට ගෙනයනු ලැබුණි.

    2020 අගෝස්තු 10: තායිලන්තයේ ලොකුම තහංචිය දෙදරුම් කෑමට හේතුවූ ප්‍රකාශනය

    ගෙවී යන වසරේ ලෝකය
    කවුරුවත් අනිත් අයට වඩා උපතින් උසස්වන්නේ නැහැ” 21 හැවිරිදි, පනසයා සිතිජිරාවත්තනකුල් රාජ්‍යත්වයට අභියෝග කළාය.

    ඇය වේදිකාව මතට පියවර මැන්නේ දහස් සංඛ්‍යාත තායිලන්ත සරසවි සිසු සිසුවියන්ගේ ඔල්වරසන් හඬ මැදය.

    වේදිකාව මත පෙනී සිටි පනසයා සිතිජිරාවත්තනකුල් (Panusaya Sithijirawattanakul) තායිලන්ත රාජ්‍යත්වයට විවෘත අභියෝගයක් කළාය.

    විවේචනය කරනු ලැබීම තහනම් “ශුද්ධ” ආයතනයක් ලෙස පිදුම්ලබන චාරිත්‍රයක් සහිත තායිලන්ත රාජ්‍යත්වය සංශෝධනයකට ලක්විය යුතුය යන්න ඇය දුන් පණිවුඩය විය.

    “මේ ලෝකයේ කිසිවෙක් නිල් පැහැති රුධිරය සහිතව උපත ලබා නැහැ.වෙන්න පුළුවන්-ඇතැමුන් සෙස්සන්ට වඩා වාසනාවන්ත වෙන්න පුළුවන්. එහෙත් කවුරුවත් අනිත් අයට වඩා උපතින් උසස්වන්නේ නැහැ,” 21 හැවිරිදි තරුණිය රාජ්‍යත්වයට අභියෝග කළාය.

    2020 අගෝස්තු 15: ලෝකය පුදුමකළ දිය කෙළියක්

    ගෙවී යන වසරේ ලෝකය
    ඔවුන් මුඛ ආවරණ පැළඳ නොමැත. සමාජ දුරස්ථභාවය අමතකව ගොසිනි

    නාන තටාකයක පැවැත්වූ මෙවැනි මහා උත්සවයක් දැකීමට නොලැබෙන තරම්ය.

    එය පැවැත්වුනේ චීනයේ ‘වුහාන්’ ජල උයනෙහිය.ප්‍රීතිඝෝෂා නගමින් දහස් ගණනක් එම දියකෙළියට සහභාගී වූහ. පාවෙන රබර් නිමැවුම් මත දියමත රැඳී සිටි විනෝදකාමීහු තටාකයේ පැද්දෙමින් සරන ලද්දේ විද්‍යුත් සංගීතය අනුවය.

    මෙය මාස කීපයකට පෙර කොරෝනාවෛරසය මතුවූ ‘වුහාන්’ ප්‍රදේශය වූ නමුත් ඔවුන් මුඛ ආවරණ පැළඳ නොමැත. සමාජ දුරස්ථභාවය අමතකව ගොසිනි.

    2020 ඔක්තෝබර් 16: මවකගේ කඳුළු පිලිපීනය කැළඹීමට ලක්කරයි

    ගෙවී යන වසරේ ලෝකය
    දෑතට විලංගු දමනු ලැබ ඇති මව හිසේ සිට පාදාන්තය තෙක් පෞද්ගලික ආරක්ෂක ලෝගුවකින් සැරසී සිටින්නීය

    අතට විලංගු වැටුන පිලිපීන මවක් මියගිය සිය බිළිඳාගේ දේහය ඉදිරිපිට දණ නමා සමුගත් ආකාරය දැක්වෙන අවස්ථාව පිලිපීන ජනතාව අතර බලවත් සංවේගයක් පැතිරයාමට හේතුවිය.

    දෑතට විලංගු දමනු ලැබ ඇති මව හිසේ සිට පාදාන්තය තෙක් පෞද්ගලික ආරක්ෂක ලෝගුවකින් සැරසී සිටින්නීය.

    දේශපාලන හේතුමත රඳවාගෙන සිටින රීනා මේ නසිනෝ (Reina Mae Nasino)නම් එම කාන්තාවට ඇයගේ අළුත උපන් බිළිඳාගේ අවමඟුලට සහභාගීවීමට බලධාරීන්ගෙන් අවසරයක් ලැබුණි. සිරමැදිරියේ සිට ඇය කැඳවාගෙන එන ලද්දේ සන්නද්ධ බලකායක් යටතේය. ඇය අවමඟුලට සහභාගි වූ අවස්ථාව පිලිපීන වැසියන් සසල කළ මොහොතක් විය.

    23 හැවිරිදි සිරකාරිය සිය බිළිඳු දියණිය සමඟ එක්වීමට ගෙනයමින් සිටි අසාර්ථක අරගලයේ නිමාව සටහන්වුනේ එපරිද්දෙනි.

    බිළිඳු දැරිය වන ‘රිවර්’ උපතලද්දේ සිය මව අත්අඩංගුවේ සිටියදීය. දැරිය මවගෙන් වෙන්කරනවිට ඇයට මාසයක් පමණි. මව සහ දියණිය එකට තබන ලෙස ඉල්ලා සිටිමින් ගෙනගිය අනේකවිධ ඉල්ලීම් සහ නෛතික ප්‍රයත්නයන් කෙළවර වුනේ ඒවා ප්‍රතික්ෂේප කරනු ලැබීමෙනි.

    මවගෙන් වෙන්කරන ලද දැරියගේ සෞඛ්‍යය පිරිහෙන්නට විය. බිළිඳු දැරිය රෝහල්ගත කරන ලද නමුත් මවට දරුවා දැකීමට අවසර නොලැබුණි.

    නියුමෝනියාවෙන් පීඩා විඳි තෙමස් වියැති දැරිය පසුගිය ඔක්තෝබර් මාසයේ සිය අවසන් හුස්මපොද අවකාශයට මුසුකළාය.

    එම ඛේදවාචකය අත්අඩංගුවේ පසුවෙන පිලිපීන මව්වරුන්ගේ අයිතිවාසිකම් පිළිබඳ දැවෙන ප්‍රශ්නය මතුකිරීමට හේතුවක් විය. සමාජය පුරා පැතිරයමින් තිබුනේ දැවෙන කෝපයකි. පවතින ක්‍රමය ‘නසිනෝ’ සහ අයගේ බිළිඳු දියණිය ‘රිවර්’ගේ අයිතිය පැහැරගැනීමට හේතුව බව බොහෝදෙනෙක් කියා සිටියහ.

    2020 ඔක්තෝබර් 23: ට්‍රක් රථයකට අභියෝග කරන ‘කොමොඩෝ’ දැවැන්තයා

    ගෙවී යන වසරේ ලෝකය
    ‘කොමොඩෝ’දැවැන්තයා ට්‍රක් රථයට මුහුණ දී සිටි විලාසය

    ඉදිකිරීම් අංශයේ නිරත මෙම ට්‍රක් රථය සහ ‘කොමොඩෝ’දැවැන්තයා අතර අහඹු හමුව පසුගිය ඔක්තෝබර් මාසයේ ලෝකය පුරා ජනප්‍රියව හුවමාරු වූ ඡායාරූපයක් විය.

    ස්ථානය ඉන්දුනීසියාවේ දූපතකි.එම දූපතට සංචාරකයන් ආකර්ෂණය කරගැනීම ඉලක්ක කරගනිමින් ඉදිකෙරෙමින් පවතින ”ජුරාසික් පාක්” උයනක් කෙරෙහි මැසිවිලි පළවීමට එම ඡායාරූපය හේතුවක් විය.

    එය ලෝකයේ දැවැන්තම උරගයන් ජීවත්වෙන බව පැවසෙන එක් ඉන්දුනීසියානු දූපතකි. එම ජීවීන් එහි වසර දශලක්ෂ ගණනක් කාලයක් පවත එන්නේයැයි මතයක් පවතී.

    “කොමොඩෝ දැවැන්තයකු වාහනයක එංජිමක හඬ සහ ඉන්ධන දුමාරය ආඝ්‍රාණය කරනලද පළමු අවස්ථාව මෙය” යයි ඉහත කී පින්තූරය හුවමාරු කරගත් එක් ක්‍රියාකාරිකයෙක් සඳහන් කළේය.

    2020 ඔක්තෝබර් 30: තායිවානයේ සමූහ යුද විවාහ උළෙලකට එක්වූ පළමු සමලිංගික යුවල

    ගෙවී යන වසරේ ලෝකය
    සමූහ විවාහ උළෙලට ජෝඩු 188ක් එක්වූ අතර,ඔවුන් අතර කාන්තා සමරිසි ජෝඩුදෙකක් ද ඇතුළත් විය

    එම ඓතිහාසික අවස්ථාව උදාවුනේ තායිවාන් දිවයින එරට සමලිංගික විවාහය නීතිගතකරනු ලැබීමෙන් අවුරුද්දකට පසුවය. සමලිංගික විවාහය නීතිගත කරන ලද පළමු ආසියානු රට තායිවානයයි.

    “යුදහමුදාවේ සේවයකරන තවත් සමරිසි පුද්ගලයන් නිර්භීතව ඉදිරිපත් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. මොකද? අපේ යුදහමුදාව විවෘත මනසින් කටයුතු කරන ආයතනයක්. වැදගත් කරුණ වන්නේ ආදරය. හැමකෙනෙකුටම අපි සලකන්නේ සමානත්වයේ දර්ශනයෙන්,” තායිවානයේ පළමු සමලිංගික විවාහය මගින් ඉතිහාසයට එක්වූ ලුතිනන් චෙන් යින්ග් හ්සෝන් (Chen Ying-hsuan) ඇසෝසියේටඩ් නිව්ස් පුවත්සේවයට පැවසීය. ඇය විවාහවුනේ ලි ලි-චෙන්(Li Li-chen) සමඟය.

    ඉහත කී සමූහ විවාහ උළෙලට ජෝඩු 188ක් එක්වූ අතර, ඔවුන් අතර කාන්තා සමරිසි ජෝඩුදෙකක් ද ඇතුළත් විය.

    2020 නොවැම්බර් 17: බැංකොක් අගනුවර වීදි විරෝධතාවාදීන්ට ආරක්‍ෂිත පවුරක් වූ ගිනිනොගන්නා රබර් තාරාවන්

    ගෙවී යන වසරේ ලෝකය
    ජල ප්‍රහාරයෙන් ආරක්ෂාවීම අතින් තාරා අනුරූ කුඩවලටත් වඩා සුදුසුබව එක් නිරීක්ෂකයකුගේ අදහස විය.

    ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලමින් වීදිබැස සිටින උද්ඝෝෂකයන් ජල කාලතුවක්කු ප්‍රහාරවලින් බේරීමට යොදාගන්නා ලද්දේ ගිනිනොගන්නා රබර් තාරාවුන්ය.

    තායිලන්ත තරුණයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය නිර්මාණාත්මක ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ද ප්‍රසිද්ධියක් දිනාගත්තේය.

    එවැනි කහපැහැති රබර් තාරාවුන් බැංකොක් අගනුවර වීදි විරෝධතා ව්‍යාපාරයන්හි දක්නට ලැබුනේ පළමු වතාවටය.

    උද්ඝෝෂකයන් එම රබර් තාරාවුන් ගෙනත් තිබුනේ විනෝදය සඳහා යයි සිතන බව එක් ක්‍රියාකාරිකයෙක් රොයිටර් පුවත්සේවයට ප්‍රකාශකර තිබුණි.

    ඒ අතරවාරයේ නොවැම්බර් 17 දා තායිලන්ත පොලිසිය විරෝධතාවාදීන්ට ජල කාලතුවක්කු ප්‍රහාර එල්ලකරන ලද අවස්ථාවේ ඉන් බේරීමේ ආරක්‍ෂිත ආවරණයක් හැටියට එම රබර් තාරාවුන් යොදාගත්හ.

    ජල ප්‍රහාරයෙන් ආරක්ෂාවීම අතින් තාරා අනුරූ කුඩවලටත් වඩා සුදුසු බව එක් නිරීක්ෂකයකුගේ අදහස විය.

    2020 නොවැම්බර් 27: ඉන්දියාවේ ගොවි විරෝධතා ව්‍යාපාරයේ හඬ

    india
    සුක්දේව් සිං නම් ගොවියා මාධ්‍යවේදීන්ට කියාසිටියේ තමාගේ අත්වලට ,සිරුටේ පිටුපසට සහ කලවා ප්‍රදේශයට පහර කීපයක් එල්ල වූ බවය

    ඉන්දියාවේ අතිරේක පොලිස් භටයෙක් නිරායුධ සීක් ජාතික වෘද්ධ ගොවියකු ඉලක්කකර ගනිමින් බැටන් පොල්ලක් ලෙළවමින් සිටි ආකාරය දැක්වෙන මෙම පින්තූරය රට තුළ උණුසුම් විවාදයකට මුල්විය.

    ඉන්දීය ආණ්ඩුව කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් පනවන ලද අළුත් නීතියට එරෙහිව දහස් ගණනක් ගොවි ජනතාව දිල්ලි අගනුවර පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් ගෙනයමින් සිටින අතරවාරයේ එම පින්තූරය සමාජ මාධ්‍ය ජාලයෙහි වේගයෙන් හුවමාරුවෙමින් තිබුණි.

    ඒ සමඟ එය ඉන්දීය ඉහළම දේශපාලන යන්ත්‍රය තුළත් එක්තරා අරගලයකට හේතුවිය.

    ආණ්ඩුව ගොවි ජනයාට සලකන ආකාරය ප්‍රදර්ශනය කිරීම සඳහා ඉන්දීය විපක්ෂය එම පින්තූරය යොදාගත් අතර, පාලක භාරතීය ජනතා පක්ෂය යතාර්ථය විකෘති කරමින් කියාසිටියේ පින්තූරයේ දැක්වෙන ගොවියාට පහරදීමක් සිදුව නැති බවය.

    ඉන්දියානු මාධ්‍ය ඉතා ඉක්මණින් ඉහත පින්තූරයේ දැක්වෙන සුක්දේව් සිං නම් ගොවියා සොයාගත් අතර, ඔහු මාධ්‍යවේදීන්ට කියාසිටියේ තමාගේ අත්වලට, සිරුරේ පිටුපසට සහ කලවා ප්‍රදේශයට පහර කීපයක් එල්ල වූ බවය.

    Text by – bbc

  • දකුණු අප්‍රිකාවට වසර 30 ක් ක්‍රිකට් අහිමිවුණු හේතුව මෙන්න !

    දකුණු අප්‍රිකාවට වසර 30 ක් ක්‍රිකට් අහිමිවුණු හේතුව මෙන්න !

    ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් හිමි වී වසර  12ක් ගතවන තුරුම ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව සමඟ ‍ටෙස්ට් තරඟයකට සහභාගී නොවුයේ ඇයි ද යන්න මෙරට ක්‍රීඩා ලෝලීන්ගෙන් වැඩි කොටසක් නොදන්නා බව සුප්‍රකට කරුණකි. ශ්‍රී ලංකාව පමණක් නොව  අපට කලින් ටෙස්ට් තත්වය ලබා සිටි  රටවල් ද 1965-1993 පමණ තෙක්  වසර  තිහක පමණ කාලයක් දකුණු අප්‍රිකාව සමඟ ටෙස්ට් තරඟයකට  සහභාගී නොවීය. ක්‍රිකට්  පමණක් නොව ඔලිම්පික්‚ ලෝක කුසලාන ක්‍රීඩා හා ලෝක ශූරතා රගර් ඇතුලු ජාත්‍යන්තර  ක්‍රීඩා කිසිවෙකටත් මේ කාලය තුල දකුණු අප්‍රිකාවේ සහභාගිත්වයක් නොවීය.

    ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ පුරෝගාමීන් වන එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව සමඟ දකුණු අප්‍රිකාව ද අතීතයේ දී ක්‍රිකට් සබඳතා පැවැත් වු සමාරම්භක සාමාජිකයෝ වෙති. එංගලන්ත – දකුණු අප්‍රිකා  ක්‍රිකට් 1888-1889 වසරේත් ඕස්ට්‍රේලියා – දකුණු අප්‍රිකා ක්‍රිකට් 1902 – 1903 වසරේත් ආරම්භ විය. එංගලන්තය 1965 දීත් ඕස්ට්‍රේලියාව 1969 දීත් දකුණු අප්‍රිකාව සමඟ ක්‍රීඩා සබඳතා නැවැත්වීමෙන් පසු එය නැවත ආරම්භ වූයේ වසර තිහක පමණ කාලයකට ආසන්න වීමෙනි. 

    එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන කිහිපයක්ම මැදිහත්ව දකුණු අප්‍රිකාවට සෑම අංශයකින්ම සම්බාධක පැනවීමට ප්‍රධාන හේතුව වූයේ කලක සිට දකුණු අප්‍රිකාව පිළිපැද්දා වූ කළු සුදු වර්ණ භේද ප්‍රතිපත්තීන්ට විරෝධය පළ කිරීමක් ලෙසිනි. රටේ සියළු පරිපාලන හා වෙනත් කටයුතු සඳහා ද ක්‍රීඩා කණ්ඩායම් තේරීමේ දී ද තනිකරම සුදු ජාතිකයින් ඇතුළත් කර ගැනීම ඊට ප්‍රධානම හේතු විය. බොහෝ දෙනා ඊට තරයේ විරෝධය පළ කළ අතර එරට හිටපු ජනාධිපතිවරයෙකු වන නෙල්සන් මැන්ඩෙලා හට සිර බත් කෑමට ද සිදු විය.

    දකුණු අප්‍රිකාව ඔවුන්ගේම මතය සනාථ කිරීමට ක්‍රීඩා කණ්ඩායම් එරටට ගෙන්වීමේ දී බටහිර ඉන්දීය කොදෙව් දූපත් හා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් එම දිනවල ගෙන්වා ක්‍රීඩා කළ ද ඔවුනට එල්ල වූ චෝදනා නිම නොවීය. නැවත වතාවක් කළු ජාතිකයන්ට ද සුදුසු ස්ථාන ලබා දීමෙන් පසු මෙය සමතයකට පත්ව යථා පරිදි කටයුතු ආරම්භ වූයේ එක්දහස් නවසිය අනූව දශකයේ ආරම්භයේ සිටය. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ඔවුන් නැවත පිවිසියේ 1992 ඕස්ට්‍රේලියාවේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිටය.

    1992 කෙප්ලර් වෙසල්ස් දකුණු අප්‍රිකා කණ්ඩායමට නායකත්වය දුන් අතර 1995 එංගලන්තය සමඟත් 1993 ශ්‍රි ලංකාව සමඟත් 1994 ඕස්ට්‍රේලියාව සමඟත් තරගාවලියන්ට සහභාගී වීමට එතෙර සංචාරයන්ට එක්විය. වෙසල්ස්ගෙන් පසු දකුණු අප්‍රිකා ක්‍රිකට් නායකත්වයට පත් වූයේ හැන්සි ක්‍රොන්යේය. 

    රටේ පාලකයන් දැරු මතයන්ට ක්‍රිඩක ක්‍රිඩිකාවනට ද තම ජීවිතයේ හොඳම කාලයන්ගෙන් වන්දි ගෙවීමට සිදු වුවත් කාලයාගේ ඇවෑමෙන් දැන් වත්මන් පරපුරට භේද නොමැතිව මිතුරුදම් තරවී යථාතත්වයට පත්ව තිබිම ලෝවැසි කාගේත් සතුටට කරුණකි.

    බන්දුල මොල්ලිගොඩ – ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබ්අඩවිය ඇසුරිණි

  • කොරෝනා මරණ භූමිදානය ගැන භික්ෂූන් අතර මතභේදය අවිලෙයි !

    කොරෝනා මරණ භූමිදානය ගැන භික්ෂූන් අතර මතභේදය අවිලෙයි !

    කොරෝනාවෛරසය ආසාදනය වීමෙන් මේ වනවිට ශ්‍රී ලංකාව තුළ 200 කට ආසන්න පිරිසකගේ ජීවිත අහිමි වී තිබේ.

    මුස්ලිම් ප්‍රජා නායකයන් පවසන පරිදි ඒ අතරින් 150 කට වැඩි පිරිසක් මුස්ලිම් ජනතාවය.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් පරිදි ලොව පුරා රටවල් 190 කට වැඩි ප්‍රමාණයක් කෝවිඩ් ආසාදිතයන්ගේ සිරුරු ආදාහනය හෝ මිහිදන් කරන අතර, කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් මරණයට පත් තැනැත්තන්ගේ සිරුරු සියල්ල ආදාහනය කළ යුතු බවට චීනය සහ ශ්‍රී ලංකාව දැඩි ස්ථාවරයක් අනුගමනය කරමින් සිටියි.

    එසේ සියලු කොරෝනාවෛරස ආසාදිතයන්ගේ සිරුරු ආදාහනය කරනු ලබන්නේ, මිහිදන් කළහොත් මළසිරුවලින් වෛරසය භූගත ජලයට පැතිරිය හැකි බවට විශේෂඥ කමිටුවක් විසින් කරන ලද නිර්දේශයක් පදනම් කරගනිමින් බව ශ්‍රී ලංකා ආණ්ඩුව පවසයි.

    කෙසේ වුවත්, කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව සිය ඥාතීන්ගේ සිරුරු ආදාහනය නොකරන මෙන් පසුගිය අප්‍රේල් මාසයේ සිට මුස්ලිම් ජනතාව ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් දිගින් දිගටම ඉල්ලා සිටිති.

    ‘විද්‍යාත්මක සාක්කි පෙන්නන්න’

    බෞද්ධ භික්ෂූන් වහන්සේ ද පසුගියදා ඒ සම්බන්ධයෙන් සිය හඬ අවදි කළ අතර, කිසිසේත්ම සිරුරු මිහිදන් නොකළ යුතු යයි ඇතැම් හිමිවරුන් අවධාරණය කරද්දී, තවත් භික්ෂූන් වහන්සේ පිරිසක් පවසන්නේ එම ස්ථාවරය කිසිදු විද්‍යාත්මක පදනමකින් තොර බැවින් සිරුරු භුමදානය සඳහා අවස්ථාව සලසා දිය යුතු බවය.

    ආචාර්ය ගල්කන්දේ ධම්මානන්ද හිමියෝ
    ඡායාරූප ශීර්ෂ වැකිය,”කෙනෙක් මියගියාම ජීවත්වෙලා ඉන්න අයට කරන්න ඉතුරු වෙන එකම දේ ආගමික කටයුතු. ඒක කරන්න බැරි වුනොත් ඒක සුව කරන්න බැරි තුවාලයක්”

    බීබීසී සිංහල සේවය සමඟ අදහස් දැක්වූ ශ්‍රී වල්පොල රාහුල පදනමේ ආචාර්ය ගල්කන්දේ ධම්මානන්ද හිමියන් පවසන්නේ “මෙලොව හැර ගිය සිය සමීප ඥාතියා වෙනුවෙන් තමන් කැමති පරිදි අවසන් ගෞරව දැක්වීමට ලොව ඕනෑම පුද්ගලයෙකුට අවස්තාව හිමිවිය යුතු,” බවය.

    කොරෝනාවෛරස ආසාදිත පුද්ගලයන්ගේ සිරුරු මිහිදන් කළ විට වෛරසය ජල මූලාශ්‍රවලට පැතිරෙන්නේ ද යන්න පිළිබඳව විද්‍යාත්මකව සනාථ කළ හැකි සාක්ෂි තිබේද? යන්න පැහැදිලිව ජනතාවට ඉදිරිපත් කළ යුතු බව පවසන ගල්කන්දේ ධම්මානන්ද හිමියෝ කෙසේ වුවත් එවැනි සාක්ෂි තිබෙන බවක් දක්නට නොමැති බව ද කියා සිටියහ.

    “වගකීම් සහගත මිනිස්සු හැටියට අපි ඉල්ලා සිටිනවා – එහෙම තියෙනව නම් විද්‍යාත්මක සාක්කි ගෙනල්ල පෙන්නන්න – මිනිසුන්ට ඒත්තු ගන්වන්න කියල. ඒත් එහෙම එකක් පේන්න නැහැ ඇත්තටම.”

    මහාචාර්ය මලික් පීරිස්, සාර්ස් කොරෝනාවෛරසය පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ හොංකොං විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් සමඟ (HKU Microbiologists (L-R) Dr. Bojian Zheng, Dr. Guan Yi, Prof. Yuen Kwok-yung and Prof. Joseph Sriyal Malik Peiris in the briefing on their research of the SARS coronavirus from animals in Southern China, in HKU Faculty of Medicine Bldg, Pokfulam.)
    ඡායාරූප ශීර්ෂ වැකිය,මහාචාර්ය මලික් පීරිස්, සාර්ස් කොරෝනාවෛරසය පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ හොංකොං විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් සමඟ

    පසුගියදා බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් ලෝකයේ ඉහළම පෙළේ වෛරස විද්‍යා විශේෂඥයෙකු වන මහාචාර්ය මලික් පීරිස් අවධාරණය කළේ, නව කොරෝනාවෛරසය ජලය මගින් පැතිරෙන බවට කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් නොමැති බවය.

    දිගින් දිගටම මුස්ලිම් ජනතාව කරන ඉල්ලීම් සම්බන්ධයෙන් සලකා බැලූ ආණ්ඩුව, ගැටලුව නිරාකරණය වනතුරු මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු කිහිපයක් පමණක් අධි ශීතකරණවල තැන්පත් කර ඇති බව ද වාර්තාවේ.

    කෝවිඩ්-19 ආසාදනය වීමෙන් මියගිය බවට තීරණය කරන ලද 84 හැවිරිදි මුස්ලිම් පුද්ගලයෙකුගේ මළ සිරුර ආදාහනය නොකර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් ලබාගෙන ඒ අනුව කටයුතු කරන ලෙසත්, එතෙක් සිරුර කරාපිටිය රෝහලේ අධි ශිතකරණයක තැන්පත් කරන ලෙසත් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරණ පසුගියදා පොලිසියට උපදෙස් දී තිබිණ.

    ගාල්ලේ පැවති විරෝධතාවක්
    ඡායාරූප ශීර්ෂ වැකිය,සිරුරු භූමදානය කිරීමට අවසර දෙන මෙන් ඉල්ලා ගාල්ලේ පැවති විරෝධතාවක්
    සඳලුතලයේ සිට විරෝධතාවට එක්ව සිටි කාන්තාවෝ
    ඡායාරූප ශීර්ෂ වැකිය,සිරුරු භූමදානය කිරීමට අවසර දෙන මෙන් ඉල්ලා ගාල්ලේ පැවති විරෝධතාවකට සඳලුතලයේ සිට එක්ව සිටි කාන්තාවෝ

    ඒ සඳහා කරාපිටිය රෝහලේ පහසුකම් නොමැති බව පවසමින් වෛද්‍යවරුන් එයට විරෝධය පළ කළ අතර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් පරිදි පසුව එම සිරුර ද ආදාහනය කෙරිණ.

    භික්ෂූන් වහන්සේ උද්ඝෝෂණයේ

    මේ අතර, දෙසැම්බර් 28 වෙනි දින කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරිපසට රැස් වූ වත්මන් ආණ්ඩුව බලයට පත්කිරීම පිණිස ප්‍රබල දායකත්වයක් දැක්වූ භික්ෂූන් වහන්සේ පිරිසක් කිසිසේත්ම මළ සිරුරු භූමදානය නොකරන මෙන් ආණ්ඩුවට බලකර සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද දැඩි විවේචනයට ලක් කරමිනි.

    බෙංගමුවේ නාලක, මාගල්කන්දේ සුදන්ත,මැඩිල්ලේ පඤ්ඤාලෝක වැනි හිමිවරු එම උද්ඝෝෂණයට එක්ව සිටියහ.

    “එක රටක්, එක නීතියක්” යනුවෙන් පවසමින් බලයට පැමිණි ආණ්ඩුව සැමට සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව උන්වහන්සේලාගේ ඉල්ලීම වී තිබිණ.

    භික්ෂූන් වහන්සේ උද්ඝෝෂණයේ
    ඡායාරූප ශීර්ෂ වැකිය,කොරෝනාවෛරසයන් මිය යන පුද්ගලයන්ගේ සිරුරු භූමදානය නොකරන මෙන් ඉල්ලමින් භික්ෂූන් වහන්සේ උද්ඝෝෂණයේ
    භික්ෂූන් වහන්සේ උද්ඝෝෂණයේ
    ඡායාරූප ශීර්ෂ වැකිය,කොරෝනාවෛරසයන් මිය යන පුද්ගලයන්ගේ සිරුරු භූමදානය නොකරන මෙන් ඉල්ලමින් භික්ෂූන් වහන්සේ උද්ඝෝෂණයේ

    “වලදාන්න ඉඩ දෙන්න කියන එකම නීති විරෝධී වැඩක්. මොකද මෙහේ නීතියක් සම්මත කරලා තියනවනේ. අපි මේ ආවේ ඒ නීතිය ක්‍රියාත්මක කරන්නෙයි කියලා කියන්න මිසක්වා නීති විරෝධි වැඩකට නෙමෙයි,” බෙංගමුවේ නාලක හිමියෝ පැවසූහ.

    “මේ රටේ මුස්ලිම් වීම නිසා නීති හැදෙන්නේ නෑ. රටේ සෞඛ්‍ය අංශ නිර්දේශ කරලා තියනවා- කොවිඩ් හැදිච්ච මරණ ආදාහනය කරන්න කියල. ඒත් සමහර අයට අවශ්‍ය විධියට භුමදානය කිරීමටත්, ඩී ෆ්‍රීසර් කිරීමටත් කටයුතු කරලා තියනවා,” තවත් හිමිනමක් පැවසූහ.

    උද්ඝෝෂණයේ යෙදුණ හිමිවරුන් හමුවට පැමිණි සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි යළිත් වරක් කියා සිටියේ, ආණ්ඩුව කටයුතු කරන්නේ ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගේ උපදෙස් ප්‍රකාර බවය.

    “ලෝකේ ෆ්‍රීසර්වල වෛරසයක් ආරක්ෂා කරන එකම රට ලංකාව. වෛරසය වර්ධනය වෙනව ෆ්‍රීසර් එකේ,” යනුවෙන් ද හිමිනමක් එහිදී ඇමැතිවරියට කියා සිටියහ.

    වෛරස පිළිබඳ විශේෂඥයන් පවසන පරිදි, ශීත කාලගුණයක් තුළ වෛරසයක් දිගු කලක් පැවතිය හැකි වුවද, අධි ශීතකරණයක් තුළ වෛරසයක් වර්ධනය නොවේ. මහාචාර්ය මලික් පීරිස් පවසන්නේ, වෛරසයක වර්ධනය (mutilate/ multiply) සඳහා සජීවී සෛලයක් අත්‍යවශ්‍ය බවය.

    “අධිකරණ ඇමතිවරයාත් ඉවත් කරලා දෙන්න,” යනුවෙන් ද එක් හිමිනමක් එහිදී ඇමතිවරියගෙන් ඉල්ලා සිටියහ.

    මේ අතර, කොරෝනා ආසාදිත සිරුරු සම්බන්ධයෙන් ගත යුතු පියවර නිර්දේශ කිරීම පිණිස ජනාධිපතිවරයා විසින් පසුගිය දෙසැම්බර් 24 වෙනි දින නව විශේෂඥ කමිටුවක් පත්කරනු ලැබ තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සහීර් මවුලානා පවසයි.

    මහාචාර්ය ජෙනිෆර් පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් යුත් එම විශේෂඥ කමිටුව අඟහරුවාදා සිය වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දී ඇති බව ද ඔහු ට්විටර් පණිවුඩයක සඳහන් කොට තිබිණ.

    ‘හරිම අමානුෂිකයි’

    මතු වී තිබෙන වාතාවරණය පිළිබඳව බීබීසී සිංහල සේවය සමග වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය ගල්කන්දේ ධම්මානන්ද හිමියෝ, “කෙනෙක් මියගියාම ජීවත්වෙලා ඉන්න අයට කරන්න ඉතුරු වෙන එකම දේ ආගමික කටයුතු. ඒක කරන්න බැරි වුනොත් ඒක සුව කරන්න බැරි තුවාලයක්,” යනුවෙන් පෙන්වා දුන්හ.

    “එහෙම කරන්න බැරි වෙන එක ඉතාම භයානක, බරපතල දෙයක් … ඒක හරිම අමානුෂිකයි.”

    ආචාර්ය ගල්කන්දේ ධම්මානන්ද හිමියන් අවධාරණය කරන්නේ, භූමදානය නොකිරීම පිණිස සැබෑ විද්‍යාත්මක සාධක තිබේ නම් ජනතාවට එය පැහැදිලිව තේරුම් කර දිය යුතු බවය.

    “එතනදිත් වින්දිත භාවයට පත්වෙන මිනිසුන්ව සුවපත් වෙන විදියටයි ඒක කරන්න ඕන … එහෙම කරන කොට මිනිසුන්ගේ හිත සුවපත් කරන්න ඕන …”

    “එහෙම නොකරන එක අමානුෂිකයි, සාහසිකයි …”

    පටිගත කළ ධර්ම දේශනයකදී ද උන් වහන්සේ මේ පිළිබඳව සිය ස්ථාවරය පැහැදිලි කර තිබිණ.

    අමරපුර සහ රාමඤ්ඤ සාමග්‍රී සංඝ සභාව

    ශ්‍රී ලංකා අමරපුර සහ රාමඤ්ඤ සාමග්‍රී සංඝ සභාව යොමු කළ ලිපිය

    මේ අතර පසුගිය දෙසැම්බර් 26 වෙනි දින ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කළ ශ්‍රී ලංකා අමරපුර සහ රාමඤ්ඤ සාමග්‍රී සංඝ සභාවේ අන්තර් ආගමික සබඳතා අනුකමිටුව, කෝවිඩ් ආසාදිත සිරුරු භුමදානය කිරීම සම්බන්ධයෙන් තීරණය කිරීම පිණිස භුවිද්‍යා වසංගත රෝග පිළිබඳ විශේෂඥවරුන්ගෙන් හා වෛද්‍යවරුන්ද, ආගමික නායකයන් ද ඇතුළුව කමිටුවක් පත්කොට නොපමාව තීරණයක් ගන්නා ලෙස ඉල්ලා තිබුණි.

    මළ සිරුරක් භුමදානය කිරීම ඉස්ලාම් හා ක්‍රිස්තියානි ආගම් ඇතුළු ඇතැම් ආගම්වල අනුගාමිකයන් විසින් අනුගමනය කරනු ලබන ගෞරවනීය ආගමික පිළිවෙතක් වන බැවින්, කෝවිඩ් ආසාදිත මළ සිරුරු ජාත්‍යන්තර වශයෙන් පිළිගත් විද්‍යානුකුල ක්‍රමවේද යොදාගනිමින් භූමදානයට අවසර දෙන ලෙස ද බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් ආගමික නායකයන්ගේ ද අත්සන සහිතව නිකුත් කර තිබු එම ලිපිය මගින් ජනාධිපතිවරයාට නිර්දේශ කර තිබිණ.

    හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර,රජයට පක්ෂපාතී භික්ෂූන් වහන්සේ ගේ හැසිරීම දැඩි විවේචනයට ලක් කරමින්, අමරපුර නිකායේ භික්ෂූන් වහන්සේගේ අදහස අනුමත කර තිබුණේ ට්විටර් පණිවුඩයක් ඔස්සේ අදහස් දක්වමිනි.

    මෛත්‍රී සහ චන්ද්‍රිකා

    විශේෂයෙන්ම මුස්ලිම් ජනතාවගේ සිරුරු ආදාහනය කිරීම සම්බන්ධයෙන් මතුව ඇති තත්වය ගැන ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත සමග අදහස් දක්වමින්, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා තිබුණේ, මෙය ඉතා සංවේදී කරුණක් බැවින් ආණ්ඩුව මුස්ලිම් ජනතාවගේ මෘතශරීර භූමදානය කිරීමට අවසර දිය යුතු බවය.

    කොරෝනාවෛරසය ආසාදිත වී මියයන සියලු දෙනා බලහත්කාරයෙන් ආදාහනය කිරීමේ ආණ්ඩුවේ තීරණයට කිසිදු විද්‍යානුකූල පදනමක් නොමැති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ද පවසයි.

    “කොරෝනා වෛරසය හැදිලා ඒ මළකඳ පොළොවට එකතු වුනාට පස්සේ පෙට්ටියක් නැතුව එකතු කෙරුවත් කොරෝනා වෛරසය පස හරහා පැතිරෙන්න කිසිම ක්‍රමයක් නෑ,” යනුවෙන් පසුගියදා විශේෂ ප්‍රකාශයක් කරමින් හිටපු ජනාධිපතිනිය පවසා තිබිණ.

    Text by bbc sandesaya

  • ඕමානයේ සිදුවන ශ්‍රී ලංකා මිනිස් ජාවාරමට එරෙහිව පියවර ගැනේ

    ඕමානයේ සිදුවන ශ්‍රී ලංකා මිනිස් ජාවාරමට එරෙහිව පියවර ගැනේ

    ඕමානය සඳහා ශ්‍රී ලංකා කාන්තා ගෘහ සේවිකාවන් බඳවා ගැනීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම මෙන්ම, මිනිස් ජාවාරම වැළැක්වීම ඇතුළුව කරුණු කිහිපයක සම්බන්ධයෙන් කම්කරු සබඳතා හා පුහුණු පිළිබඳව ඕමානය හා ශ්‍රී ලංකාව අතර එළඹ ඇති ගිවිසුම අනුව සාකචිඡා කිරිමේ 04 වැනි ඒකාබද්ධ තාක්ෂණික කමිටු රැස්වීම අන්තර්ජාලය ඔස්සේ ඉකුත් දා පැවැත්විණ.

    ඕමාන් සුල්තාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මහතාගේ මෙහෙයවීමෙන් පැවැති මෙම රැස්වීමට තානාපති කාර්යාලයේ උපදේශක (රැකියා හා සුභසාධන) රේණුකා සේනාරත්න මහත්මිය සහ පළමු ලේකම් ඩබ්.ඩී.එන්.එම්. අබේසේකර මහත්මිය ද සහභාගී වූහ. 

    එසේම, කම්කරු  අධ්‍යක්ෂ කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් සලෙම් සායීඩ් අල් බාඩි මැතිතුමා, ඒකාබද්ධ පරීක්ෂණ කණ්ඩායම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඔබායිඩ් බින් මුහම්මද් අල් බලූෂි මහතා, ඕමාන් සුල්තාන් රාජ්‍යයේ කම්කරු අමාත්‍යාංශයේ ජාත්‍යන්තර සංවිධාන හා විදේශ සබඳතා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ නසෙර් සලීම් අල් හද්රාමි මහතා සහ එහි විදේශ සබඳතා අංශයේ ප්‍රධානී සයිෆ් හමූඩ් අල් රකාඩි මහතා සහ ජාත්‍යන්තර සංවිධාන හා විදේශ සම්බන්ධතා දෙපාර්තමේන්තුවේ ඔම්රාන් සයිඩ් අල් බක්ලානි මහතා ඕමාන් පාර්ශ්වය නියෝජන කරමින් මෙම සාකච්ඡාවට එක් වූහ.

    ශ්‍රී ලංකාවේ විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොළ විවිධාංගීකරණය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් යමුනා පෙරේරා මහත්මිය සහ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් කේ. නිකෙරිල්කාන්ත් මහතා මෙන්ම, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අතිරේක සාමාන්‍යාධිකාරී ඩබ්.එම්.වී. වන්සේකර මහතා සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (විදේශ සබඳතා) කේ.එල්.එච්.කේ. විජේරත්න මහතා කොළඹ සිට ශ්‍රී ලංකා පාර්ශ්වය නියෝජනය කරමින් සම්බන්ධ වූහ.

    ඉකුත් 23දා පැවැති මෙම අන්තර්ජාල රැස්වීම අතරතුරදී, පෙර 2018 ජුලි 03 දින කොළඹ පැවැති 03 වැනි ඒකාබද්ධ තාක්ෂණික කමිටු රැස්වීමේ දී එළැඹුණු තීරණ සමාලෝචනය කරන ලදී.

    රැස්වීමෙන් පසු ලබා ඇති ප්‍රගතිය පිළිබඳ තොරතුරු සාකච්ඡා කරන අතරම, කම්කරු ක්‍ෂේත්‍රයේ සහයෝගීතාව තවදුරටත් වැඩිදියුණු කිරීම සහ විශේෂයෙන් කොවිඩ්-19 වසංගතය හමුවේ අන්‍යෝන්‍ය අවශ්‍යතා වෙනුවෙන් රැකියා ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රම සහ විධි දෙපාර්ශ්වයම ගවේෂණය කළහ. 

    අක්‍රමවත් හා ලේඛනගත නොවන සංක්‍රමණ මැඩපැවැත්වීම පිණිස, ඕමානයේ මස්කට් නගරයෙහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලාංකික කාන්තා ගෘහ සේවිකාවන් සඳහා රැකියා වීසා බලපත්‍රයක් ලබා ගැනීම සඳහා පූර්ව අවශ්‍යතාවක් ලෙස හඳුන්වා දුන් විරෝධතාවක් නොමැති බවට සහතිකය (NOC) ක්‍රියාත්මක කිරීම දෙපාර්ශ්වයේම පැසසුමට ලක් විය.

    වැඩිපුර රැඳී සිටි හා කල් ඉකුත් වූ රැකියා බලපත්‍ර සහිත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට කිසිදු දඩයක් ගෙවීමකින් තොරව ආපසු සිය රටට යාමට හැකි බව දන්වා සිටීම වෙනුවෙන්,  ශ්‍රී ලංකා පාර්ශ්වය හයිතම් බින් තාරික් සුල්තාන් රජතුමාට සහ ඕමාන් සුල්තාන් රජයට සිය අවංක ප්‍රශංසාව පළ කළේය.

    ශ්‍රම හා පුහුණු ක්ෂේත්‍රයන්හි අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් යුතුව, ශ්‍රී ලංකාව සහ ඕමාන් සුල්තාන් රාජ්‍යය අතර කම්කරු හා පුහුණු ක්ෂේත්‍රයේ අවබෝධතා ගිවිසුමක් 2014 දී අත්සන් තබන ලදී.

  • ‘VOC 202012/01’ ගැන ඔබ දැන ඔබ මේ කරුණු දැන සිටියාද ?

    ‘VOC 202012/01’ ගැන ඔබ දැන ඔබ මේ කරුණු දැන සිටියාද ?

    පර්යේෂකයින්ට අනුව මේ විකෘතිවීම සිදුව ඇත්තේ වෛරසයේ ස්පයික් ප්‍රෝටීනයේ ය. ‘Spike protein’ යනු වෛරසයේ  බාහිරින්ම පිහිටි ආවරණයේ ඇති ප්‍රෝටීනයකි. වෛරසයට සෛලයක් තුළට ඒමට උදව් දෙන්නේ එමඟිනි. සාමාන්‍යයෙන් ඕනෑම වෛරසයක් තමන්ගේ පැවැත්මට වාසිදායි ලෙස තමන්ගේ සැකැස්ම වෙනස් කරයි.

    ආචාර්ය චන්දිම ජීවන්දර, ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, ප්‍රතිශක්ති විද්‍යා සහ අණුක ජීවවිද්‍යා දෙපාර්තමේන්තුව

    ලොව පුරා කොවිඩ් – 19 භීතිය තව තවත් උත්සන්න කරමින් කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. මෙම නව ප්‍රභේදය උතුරු අයර්ලන්තය හැර එක්සත් රාජධානිය පුරා සොයාගත හැකි ය. එහෙත් එය දැඩි ලෙස පැතිරී ඇත්තේ ලන්ඩන්, ගිනිකොන සහ නැගෙනහිර එංගලන්තයේ ය.

    නව ප්‍රභේදය වේගයෙන් ව්‍යාප්ත වීම කරණකොට ගෙන මිලියන සංඛ්‍යාත ජනතාවක් දැඩි සීමාවන්වලට යටත් කිරීමට, නත්තල් සමයේදී ද ලොක්ඩවුන් නීති ක්‍රියාත්මක කිරීමට ද එංගලන්තය, ස්කොට්ලන්තය, වේල්සය සහ උතුරු අයර්ලන්තය පියවර ගෙන තිබිණි. එපමණක් නොව ශ්‍රී ලංකාව ද ඇතුළුව ඉන්දියාව, කැනඩාව ඇතුළු රටවල් හතළිහකට වැඩි ප්‍රමාණයක් එක්සත් රාජධානියට සංචාරක තහනම් පැනවීමට කටයුතු කොට තිබේ.

    ලොව පුරා වෛරස සාම්පලවල ජාන කේත අධීක්‍ෂණ දත්තවලට අනුව කියැවෙන්නේ ඩෙන්මාර්කය සහ ඕස්ට්‍රේලියාව යන රටවල දැකිය හැකි වෛරස ප්‍රභේදය පැමිණ ඇත්තේ එක්සත් රාජධානියෙන් බව ය. නෙදර්ලන්තයෙන් ද මේ හා සමාන රෝගීන් වාර්තා වී ඇත. කෙසේ වෙතත් කොරෝනා වෛරසයේ නවතම ප්‍රභේදය මේ වන විට තවත් රටවල් කිහිපයකින් ම වාර්තා වී අවසන් ය. 

    මේ අයුරින් ලොව පුරා කතාබහට ලක්ව ඇත්තේ කොවිඩ්-19හි ඇතිවී තිබෙන විකෘතියකි. මෙම විකෘතිය  ‘N501y’ ලෙස හඳුන්වාදී තිබේ. වෛරසයක මෙයාකාරයේ විකෘතියක් ඇති වූ පසු සාමාන්‍යයෙන් වෛරසයේ එම ප්‍රභේදය නම් කෙරේ. ඒ අනුව කොවිඩ් -19 නවතම ප්‍රභේදය, ‘VOC 202012/01’ යනුවෙන් නම් කොට ඇත.

    More cases of Covid-19 variant found in Europe | RNZ News

    පර්යේෂකයින්ට අනුව මේ විකෘතිවීම සිදුව ඇත්තේ වෛරසයේ ස්පයික් ප්‍රෝටීනයේ ය. ‘Spike protein’ යනු වෛරසයේ  බාහිරින්ම පිහිටි ආවරණයේ ඇති ප්‍රෝටීනයකි. වෛරසයට සෛලයක් තුළට ඒමට උදව් දෙන්නේ එමඟිනි. සාමාන්‍යයෙන් ඕනෑම වෛරසයක් තමන්ගේ පැවැත්මට වාසිදායි ලෙස තමන්ගේ සැකැස්ම වෙනස් කරයි. ඒ අනුව මේ කියන්නාවූ විකෘතියෙන් ද සිදු ව ඇත්තේ වෛරසය මනුෂ්‍යයන්ගේ සෛල අතරට යෑමේ හැකියාව වැඩි වීම ය. දැනට ලැබී ඇති දත්තවලට අනුව කිව හැක්කේ කොවිඩ් -19 වෛරසයේ මේ සොයාගෙන ඇති නවතම ප්‍රභේදය මින් පෙර ලෝකය තුළ පැතිර ගිය ප්‍රභේදවලට වඩා 70%ක් පමණ වැඩිපුර සංසරණය වීමේ හැකියාවක් ඇති බව ය.  

    මෙම ප්‍රභේදය පිළිබඳ කතාබහ කිරීමේ දී බොහෝ දෙනකු මතු කරන පැනයක් වන්නේ මේ ප්‍රභේදය මාරාන්තිකද? යන්න ය. කොවිඩ් -19 වෛරසයේ මෙම ප්‍රභේදය ආසාදනය වූ පසු මිය යෑමේ ප්‍රවණතාව වැඩිද? අතුරු ආබාධ වැඩිද? අතිශය දරුණුද? යන්න පිළිබඳ මත පළ කිරීමට තවම කිසිඳු දත්තයක් නැත. මෙම ප්‍රභේදය හමු වී තවම ගත ව ඇත්තේ කෙටි කලකි. එබැවින් ඒ පිළිබඳව නිවැරදිව මත පළ කිරීමට තවත් දත්තයන් වුමනා ය. පර්යේෂණ සිදු කළ යුතු ය. එසේ ම තවත් කාලය ද අවැසිය.

    ඕනෑම වෛරසයක එවැනි විකෘතීන් ඇති වීම සාමාන්‍ය වේ. ඒ සඳහා හොඳම නිදසුන ලෙස සෑම වසරකම වෙනස්වීමට, විකෘති වීමට ලක්වන ‘Seasonal flu’ වෛරසය පෙන්වා දිය හැකි ය. කොවිඩ් -19 වෛරසය ද එලෙස වෙනස්වීමකට භාජනය වීම අසාමාන්‍ය තත්ත්වයක් නොවේ.  එහෙත් කොවිඩ්-19 වෛරසය පිළිබඳ දැනට සිදුකොට ඇති අධ්‍යයනයන්ට අනුව නම් පෙනී යන්නේ එය එතරම් විශාල වශයෙන් වෙනස්වීම්වලට බඳුන් වී නොමැති බව ය. කෙසේ වෙතත් මෙම වෛරසය සිය ස්වරූපය වෙනස් කිරීම පිළිබඳ ප්‍රබල අවධානයකින් සිටීම නම් වඩා වැදගත් වේ.   

    මේ වෛරසයේ විකෘතීන් ඇතිවී තිබෙනවාද? නැද්ද? යන්න හඳුනාගැනීමට සිදු කරන පරීක්ෂාව   ‘genome sequencing’ නම් වේ. එනම් genome sequencing යනු කොවිඩ් -19 වෛරසයේ නවතම ප්‍රභේදය අප රට තුළ ඇතුළු වී තිබේද යන්න සොයා බැලිය හැකි විශේෂ ක්‍රමවේදයකි. ඒ ඔස්සේ  වෛරසයේ සැකැස්ම ඉතාම නිවැරදිව හඳුනාගත හැකි ය. ඒ සඳහා විශේෂිත වූ තාක්ෂණයක් ද අවැසි වේ. එම තාක්ෂණය දැනට ලංකාවේ පවතින්නේ සීමිත ප්‍රමාණයකින් වූව ද එය සැබැවින් ම ගැටලුවක් නොවේ.

    COVID-19: Everything about the new Coronavirus variant discovered in Nigeria

    දැනට ශ්‍රී ලංකාවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජීවවිද්‍යා අංශය සතුව මේ සඳහා අවශ්‍ය කරන, ලෝකයේ ඇති සියලුම විශිෂ්ට පහසුකම් පැවතීම සතුටට කරුණකි. ඒ ඔස්සේ කොවිඩ් -19 සම්බන්ධයෙන් ඉකුත් මාර්තු මාසයේ සිට ම එම අංශය මඟින් පරීක්ෂණ සිදු කෙරිණි. එහි සිදු කෙරෙන පර්යේෂණවල ප්‍රතිඵල සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට නිරන්තරයෙන් දැනුම් දෙන අතර මේ සියලු පර්යේෂණ සිදු කෙරෙන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉල්ලීම සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආධාර මත ය.

    2020දි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජීවවිද්‍යා අංශය, කැබිනට් නියෝගයක් ප්‍රකාරව පිහිටුවා ඇත්තේ මුදල් අමාත්‍යංශයේ ප්‍රතිපාදන මගිනි. එම ප්‍රතිපාදනවලින් අද වන විට රටට සිදු වන සෙත මෙතැකැයි කියා කිව නොහැකි තරම් ය. මෙම sequencing සිදු කරන ස්ථානයක් ශ්‍රී ලංකාවේ ද පැවතීම සතුටට කරුණකි. අප වැනි රටකට sequencing සිදු කරන ස්ථාන විශාල ප්‍රමාණයක් අවශ්‍ය නොවන අතර එංගලන්තය, ඇමරිකාව වැනි සංවර්ධිත රටවල ද sequencing සිදු කරන ස්ථාන පවතින්නේ ඉතාම සුළු වශයෙනි.

    මන්ද ඒ සඳහා තාක්ෂණය, ඉතා මිල අධික උපකරණ, හොඳින් පුහුණු වූ පර්යේෂකයින් අවශ්‍ය වේ. ඒ සියල්ලම මේ වන  විට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජීවවිද්‍යා අංශය සතුව පවතින බව සතුටින් කිව හැක. මේ sequencing සිදු කරන උපකරණයක් මෙරට තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් යොදා ඇත්තේ 2012 වර්ෂයේ සිට ය. ශ්‍රී ලංකාව මේ සඳහා වන උපකරණයක් මිලදී ගෙන ඇත්තේ 2012 සිට සැලසුම් කරමින්, ඒ සඳහා අවශ්‍ය මානව සම්පත පුහුණු කරමින් සිට, අවශ්‍ය පුහුණුව ඉතා හොඳින් ලබාගත් බව අවබෝධ වූ පසුව ය. ඒ මිලදී ගැනීම සිදු ව ඇත්තේ 2019දී ය.

    ශ්‍රී ලංකාවට මෙවැනි උපකරණයක් මිලදී ගැනීමේ අවශ්‍යතාව අප තේරුම් ගත්තේ ලෝකයට කොවිඩ් -19 වසංගතය පැමිණීමටත් පෙර ය. Sequencing සම්බන්ධයෙන් ලංකාවට බිය විය යුතු තත්ත්වයක් නැත. මන්ද ඒ සඳහා අවශ්‍ය කරන සියලු පහසුකම් රට අභ්‍යන්තරයේ ම පවතින බැවිනි. මෙම sequencing සිදු කිරීමේ වැදගත්කම නම් නව ප්‍රතිකාර ක්‍රම හඳුනාගැනීමේදී පරීක්ෂණවලට සහය වීම ය. මෙමඟින් අනාගතයට පෙර සූදානමක් ඇති කරගත හැකි  ය.

    කෙසේ වෙතත් මේ කියන්නාවූ කොවිඩ් -19 නවතම ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුළු වී තිබේද යන්න සෙයාගැනීමට sequencing නොවන යම් ක්‍රමවේදයන් ද අනුගමනය කළ හැකි ය.  

    New variant of Covid-19 hits Japan, South Korea - Asia Times

    එනම් එක් විශේෂ පී. සී.ආර් කට්ටලයකින් සිදු කරන පී සී ආර්. පරීක්ෂණ ඔස්සේ මෙම ප්‍රභේදය පිළිබඳව අදහස් ඇතිකර ගැනීමේ හැකියාවක් පවතී. ශ්‍රී ලංකාව තුළ දැනට පී.සී.ආර්. පරීක්ෂණාගාර 29ක් පමණ පවතී. එබැවින් යම් පී. සී. ආර්. පරීක්ෂණයකින් මෙම නව වෛරස ප්‍රභේදය පිළිබඳව අදහසක් ව්‍යංගයෙන් හෝ ලබාදෙන අවස්ථාවක, ඒ ඕනෑම පර්යේෂණාගාරයකට, එහි සාම්පල ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජීවවිද්‍යා අංශය වෙත යොමු කළ හැකි ය. ඉන් පසුව sequencing සිදු කෙරෙනු ඇත.  

    මේ වන විට ලෝකයේ රටවල් කිහිපයකින්ම හමුවූ කොවිඩ් – 19 නවතම ප්‍රභේදයෙන් තරුණ ප්‍රජාවට වැඩි අවදානමක් ඇති බව ද අසන්නට ලැබෙනවා සේ ම දැනට තිබෙන තත්ත්වය අනුව මේ ප්‍රභේදය තරුණ ප්‍රජාවට ආසානය වීමේ හැකියාව වැඩි බව පෙනෙන්නට ද තිබෙනවා. එහෙත් මෙම මතය දෙස බැලිය යුත්තේ වඩාත් සැලකිලිමත්ව ය. මන්ද මෙම ප්‍රභේදය මුලින්ම හඳුනාගත් එංගලන්තය වැනි රටවල තරුණ ප්‍රජාව බොහෝ විට කොවිඩ් අවදානම නොතකා මූලික සෞඛ්‍යාරක්ෂණ පිළිවෙත්වලින් බැහැර වී සිට ඇත.

    එංගලන්තයේ, විශේෂයෙන්ම ලන්ඩන් නුවර ජනතාව හැසිරී ඇත්තේ සමාජ දුරස්ථ භාවය රඳවා ගැනීම, මුව ආවරණ පැළැඳීම, නිතර සබන් හෝ විශබීජනාශක යොදා දෑත් පිරිසිඳු කිරීම වැනි කොවිඩ් පරදවන සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කිරීමකින් තොරව ය. එබැවින් මේ වෛරසය සැබැවින් ම තරුණ ප්‍රජාවට බෝවීමේ සීඝ්‍රතාව වැඩිද? නැතහොත් ඔවුන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද නොපිළිපැදීම හේතුවෙන් වැඩියෙන් ආසාදනය වූවාද? යන වග නිශ්චිත ව කිව නොහැකියි. කෙසේ වෙතත් කොවිඩ් – 19හි විශේෂ කරුණක් වන්නේ Super Spreaders (වැඩිපුර බෝකිරීමේ හැකියාව ඇති පුද්ගලයින්) මඟින් බෝවීම ය. එනම් යම්කිසි පුද්ගලයින්ට වැඩිපුර බෝ කිරීමේ හැකියාවක් ඇත.  

    EU kicks off mass COVID-19 vaccinations even as new variant is detected in  France and Spain

    අප නියමාකාරයෙන් කොවිඩ්- 19 පැරදවීමට අදාළ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් නොකඩවා අනුගමනය කරන්නේ නම් එම වෛරසයේ ප්‍රභේදය වෙනස්වීම සම්බන්ධයෙන් බිය විය යුතු නැත. වසරකට ආසන්න කාලයක් පුරා ලෝකය මෙම වෛරසය සම්බන්ධයෙන් විවිධාකාර පර්යේෂණ සිදුකොට තිබේ. එසේ ම විවිධ ඖෂධ සහ එන්නත් සොයාගෙන ඇති අතර මේ මොහොත වන විටත් එවැනි දේ අත්හදා බලමින් සිටී. එසේ වුවද මේ දක්වා කොවිඩ් -19 වෙනුවෙන් බටහිර වෛද්‍ය විද්‍යාවේ ප්‍රතිකාරයක් ලෙස කිසිඳු ඔසුවක් නැත. කෙසේ වෙතත් රෝගය පාලනය කිරීමටත් මරණ අනුපාතය අවම කිරීමටත් ලොව පුරා විවිධ ඔසු භාවිත කරන බව නම් සත්‍යයකි. 

    මෙම වෛරසයේ ප්‍රභේදය වෙනස් වීම සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කිරීම වැදගත් වන්නේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය කටයුතු යෙදීම සඳහා ය. එනමුත් සෞඛ්‍ය අංශ මඟින් ලබාදී ඇති මාර්ගෝපදේශන නිවැරදිව අනුගමනය කරන්නේ නම් මේ පිළිබඳ අනියත බියක් ඇතිකර ගත යුතු නැති වග ජනතාව මැනවින් අවබෝධකොට ගත යුතු ය. 

    මෙම නව ප්‍රභේදය අවදානම අවම කරගැනීමෙහිලා මූලික පියවරක් වශයෙන් දැනට මෙම ප්‍රභේදය ප්‍රධාන වශයෙන් හමුවන එංගලන්තයෙන් ශ්‍රී ලංකාව වෙත එන ගුවන් ගමන් නවතා තිබේ. එය ප්‍රශස්ත තීරණයක් ලෙස සැලකිය හැක්කේ මෙම ප්‍රභේදය පිළිබඳ අපට නිවැරදි අවබෝධයක් ලැබෙන තුරු, එය ශ්‍රී ලංකාවට ඇතුළුවීමේ හැකියාව මෙමගින් යම් පමණකට අවම කරගත හැකි බැවිනි. දැනට මෙම ප්‍රභේදය ශ්‍රී ලංකාව තුළ හමු නොවන බැවින් එය මෙරට තුළ පැතිර යා හැක්කේ පිටරටකින් මෙරටට ඇතුළු වුවහොත් පමණි.

    දැනටත් විදේශවල සිට පැමිණෙන්නන් පී සී ආර් පරීක්ෂණවලට භාජනය කිරීමේ සහ නිරෝධායනය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක ය. වඩා සාර්ථක ප්‍රතිඵල උදෙසා එම වැඩපිළිවෙල නිවැරදිව, ක්‍රමවත්ව සහ අඛණ්ඩව පවත්වාගත යුතු ය. එක අතෙකින් දූපතක් වීම තුළ ද රටක් ලෙස අපට මෙයින් ආරක්ෂා වීමට ඇති හැකියාව වැඩි ය.

    පිටරටවලින් පැමිණෙන පුද්ගලයින් අදාළ පරීක්ෂණවලට සහ නිරෝධායන ක්‍රියාවලියට යොමුකොට ඉන් පසුව මුදාහැරීම අනිවාර්යයෙන් කළ යුත්තකි. කෙසේ වෙතත් මෙම නව ප්‍රභේදය හේතුවෙන් වැඩිපුර කාලයක් නිරෝධායනය වීමේ අවශ්‍යතාවක් ද නැත. ප්‍රභේදය කුමක් වුවත් මහජනතාව මනාකොට සිහි තබාගත යුත්තේ තවමත් කොවිඩ් අවදානම පහව ගොස් නැති වග ය. එබැවින් කොවිඩ් පැරදවීමට පෙන්වාදී ඇති සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ගෙන් කිසිසේත් ම බැහැර නොවිය යුතු ය.    

    ආචාර්ය චන්දිම ජීවන්දර, ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, ප්‍රතිශක්ති විද්‍යා සහ අණුක ජීවවිද්‍යා දෙපාර්තමේන්තුව – අධ්‍යක්ෂ, අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජීවවිද්‍යා අංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

    කාංචනා සිරිවර්ධන