Blog

  • ලංකාවේ අලි – මිනිස් ගැටුම ගැන අලුත්ම හෙළිදරව්ව

    ලංකාවේ අලි – මිනිස් ගැටුම ගැන අලුත්ම හෙළිදරව්ව

    අලි මිනිස් ගැටුම නිසා ලෝකයේ වැඩියෙන්ම අලි මරණ සිදුවන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බව ඊයේ ( 09) පාර්ලිමේන්තුවේ පැවති රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේදී ( කෝපා )අනාවරණය විය. එසේම අලි මිනිස් ගැටුම නිසා ලෝකයේ වැඩියෙන්ම මිනිස් මරණ සිදුවන රටවල් අතර ශ්‍රී ලංකාව දෙවන තැන ගන්නා බවත් එහි පළමු තැන ඉන්දියාව බවත් මෙහිදී වැඩිදුරටත් හෙළිදරව් විය.

    ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම සම්බන්ධ විශේෂ විගණන වාර්තාව පදනම් කරගනිමින් පැවැත්වූ  රජයේ ගිණුම් කාරක සභාවේදී අලි මිනිස් ගැටුම සම්බන්ධව වසර ගණනාවක පර්යේෂණාත්මක අත්දැකීම් සහිත විද්වතෙකු වන ආචාර්ය පෘතිවිරාජ් ප්‍රනාන්දු මහතා කමිටුවට අලිමිනිස් ගැටුමේ වර්තමාන තත්ත්වය පැහැදිළි කරමින්  මේ බව අනාවරණය කළේය.

    ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම හේතුවෙන් වසරකට මියයන අලි ඇතුන් ප්‍රමාණය සාමාන්‍යයෙන් 272 ක් වුවද  පසුගිය වසර තුළදී අලිඇතුන් 407 දෙනෙකු මිය ගොස් තිබෙන බවද ගිණුම් කාරක සභාවේදී කමිටු සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා අනාවරණය කළේය. එසේම අලි මිනිස් ගැටුම හේතුවෙන් සාමාන්‍යයෙන් වසරකට මිය යන  මිනිසුන් ගණන 85 ක් වුවද 2019 වසරේ  මිනිසුන් 122 දෙනෙකු මියගොස් ඇති බව මෙහිදී හෙළි විය.

    එබැවින් මේවන විට ප්‍රබල ගැටලුවක් බවට පත්ව ඇති ‍ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම විසදීම සදහා වනජීවි දෙපාර්තමේන්තුව ඇතුළු අනෙකුත් අදාල ආයතන  එක්ව මීටවඩා කාර්යක්ෂම වැඩපිළිවෙලක් සමග  කටයුතු කිරීමේ අවශ්‍යතාව  කමිටු සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා ඇතුළු කෝප් කමිටු සාමාජිකයෝ  මෙහිදී අවධාරණය කළහ.එසේම  වසර 60ක කාලයක් තුළ මෙම අලි මිනිස් ගැටුම විසදීමට උත්සහ කළද එය වැඩිවීමක් මිස සැලකිය යුතු ප්‍රගතියක් නොලබා ඇති බැවින් නව ප්‍රවේශයක් ඔස්සේ ‍මීට විසදුම් සෙවිය යුතු බවද කෝප් සභාපතිවරයා පෙන්වා දුන්නේය

    එබැවින් අලි මිනිස් ගැටුව අවම කිරීමේ මූලික පියවරක් ලෙස  අවශ්‍ය ගැටලු නිරාකරණය කිරීමට අදාල සියලු ආයතන සමග ජාතික සම්බන්ධීකරණ කමිටුවක් ඉතා කඩිනමින් පිහිටුවන ලෙස කෝප් කමිටුව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට මෙහිදී නියෝග කළේය.

    අලි මිනිස් ගැටුම පාලනය සදහා සාර්ථකම ක්‍රමවේදයක් ලෙස හදුනාගෙන තිබූ අලිවැට 2016 වසර වන විට කි.මී.4211ක් ඉදිකර තිබුණද ඒවා නිසි ලෙස නඩත්තු නොකිරීමෙන් කෙටි කලක් තුළ අක්‍රීය වීම බලවත් ගැටලුවක් බව කමිටුව පෙන්වා දුන්නේය.විදුලි වැට නඩත්තුව සදහා වසරකට රු. මිලියන 86ක මුදලක් වැය කළද දිනපතා මෙම කාර්ය ඉටුවන්නේද යන්න පිළිබද වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පසුවිපරමක් සිදුකිරීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරිණි.තවද ජනතාවගේද සහයෝගය ලබා ගනිමින් මෙම කටයුත්ත සිදුකළ යුතු බවත් කමිටුව පෙන්ව‍ා දුන්නේය..

    තවද අලිවැට ඉදිකිරීමේදී එය තම භූමියේ මායිමක් යැයි සිතා ඇතැම් ප්‍රදේශවල ජනතාව දක්වන විරෝධය හේතුවෙන් බොහෝ ඉදිකිරීම් අතරමග නතර කරන්නට සිදුවීම පිළිබද ද මෙහිදී සාකච්ඡා විය.කමිටුව පෙන්වා දුන්නේ වඩාත් සුහදශීලීව කටයුතු කරමින් ජනතාවට සත්‍ය පහදා දීමට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කටයුතු කළ යුතු බවයි.

    තවද සිවිල් ආරක්ෂක බලකාය විසින් අලිවැට නඩත්තු කිරීමේ කටයුතු සිදු කළද ඒ සදහා කිසිදු ගිවිසුමක් නැති වීම විශාල අඩුපාඩුවක් බව කමිටුව පෙන්වා දුන්නේය.කිසිදු ගිවිසුමකින් තොරව 2020 වසර සදහාද මිලියන 150 ක මුදලක් සිවිල් ආරක්ෂක බලකායට ලබා දී ඇති බවත් කඩිනමින් මේ සදහා පියවර ගතයුතු බවත් කමිටුව අවධාරණය කරන ලදී. එසේම මේ පිළිබදව සති 3ක් තුළ වහාම වාර්තාවක් ලබා දෙන ලෙසද කමිටු සභාපතිවරයා දැන්වීය.

    අලිමිනිස් ගැටුම පවතින ප්‍රදේශවල පිහිටුවන ලද ගජමිතුරෝ නම් ග්‍රාමීය කමිටු මේවන විට අක්‍රීය වීම පිළිබද මෙ‍හිදි කමිටුවේ අවධානය යොමුවිය.වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ජනතාව සමග වඩාත් සුහදශීලීව කටයුතු කිරීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරිණි.

    අලින්ට තුවාල සිදුකර මරා දැමීම සම්බන්ධ වරදකරුවන්ට විරුද්ධව චෝදනා ගොනුකොට දඩුවම් ලබා දීම ඉතා මන්දගාමීව සිදුවීම පිළිබද මෙහිදී සාකච්ඡා විය.අලි විශාල ප්‍රමාණයක් මිනිසුන් අතින් ඝාතනය වුවද අලි මරණ කිහිපයක් සදහා පමණක් චෝදනා ගොනු කිරීම ගැටලුවක් බව කමිටුව පෙන්වා දුන්නේය.එබැවින් ‍ඒ සදහා සක්‍රීයව මැදිහත්වන ලෙස කමිටුව වනජීවී නිලධාරීන්ට නියෝග කළේය.

     මහාචාරය තිස්ස විතාරණ මහතාගේ සභාපතිත්වයෙන් පැවති මෙම කාරක සභාවට ගරු රාජ්‍ය අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න,   යන මහත්වරුද තිස්ස අත්නනායක, ගුණපාල රත්නසේකර , වෛද්‍ය උපුල් ගලප්පත්ති සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර ඇතුළු මන්ත්‍රීවරු පිරිසක්ද වනජීවී සහ වනසංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරිහු ද සහභාගි වූහ.

  • Covid පරීක්ෂණ වාර්තා ක්ෂණිකව දැනගැනීමට “ සුපරික්ෂා” ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගය එළි දක්වයි

    Covid පරීක්ෂණ වාර්තා ක්ෂණිකව දැනගැනීමට “ සුපරික්ෂා” ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගය එළි දක්වයි

    සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ උපදෙස් පරිදි කොවිඩ්-19 පරීක්ෂණ පිළිබද තොරතුරු කඩිනමින් නිවැරදිව රැස් කිරීමටත්, සාම්පල වාර්තා ක්ෂණිකව සාම්පල ලබාදුන් පිරිසට සහ වගකිවයුතු සෞඛ්‍ය නිලධාරීන් වෙත ලබා දී ක්ෂණික ප්‍රතිචාර දැක්වීමටත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පැය 24 පුරාම ක්‍රියාත්මක “සුපරික්ෂා” නමින් නව ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගයක් හදුන්වා දී ඇත.

    අද දින (10) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් “සුපරික්ෂා” මෘදුකාංගය දියත් කරන ලද අතර, අද දින සිට මෙම නවීන මෘදුකාංගය තුළින් පරීක්ෂණ තොරතුරු කඩිනමින් රැස් කිරීමටත්, පරීක්ෂණ වාර්තා නිකුත් කිරීමටත් සෞඛ්‍ය අමාත්‍යාංශයට හැකිවනු ඇත.

    නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (අධ්‍යාපන පුහුණු සහ පර්යේෂණ) වෛද්‍ය සමන් රත්නායක මහතා පෙන්වා දෙන පරිදි මෙතෙක් කල් සිදු කරන ලද්දේ, කොවිඩ් පරීක්ෂණයට (PCR) ලක් කරන පුද්ගලයින්ගේ තොරතුරු එම ස්ථානයේ දී කඩදාසි පත්‍රිකාවල ලේඛණගත කර රසායනාගාරය වෙත යොමු කිරීමයි. රසායනාගාරයේ දී එම ලේඛණ අනුව අදාල සාම්පල අයිතිකරුවන් හදුනා ගෙන සාම්පල වාර්තා නැවත ලේඛණගත කොට ෆැක්ස් හා විද්‍යුත් තෑපෑල ඔස්සේ අදාල ආයතනවලට වාර්තා යොමු කෙරිණි. මෙම ක්‍රියාවලියේදී නියමිත පරිදි නම් සටහන් නොවීම, නම් වල අඩුපාඩු පැවැතීම වැනි ගැටළු හේතුවෙන් එම කාර්යයන් සදහා විශාල කාලයක් ගතවූ අතර සාම්පල ලබාදුන් පිරිසට තමන් කොවිඩ් ආසාදිතයෙක් ද, නැති ද යන්න දැන ගැනීමට විශාල වේලාවක් ගත විය. එයට විසදුමක් ලෙස මෙම නව “සුපරික්ෂා”  මෘදුකාංගය හදුන්වාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇත.

    මෙම ක්‍රමවේදය මගින් සාම්පල ලබාගැනීමේදී අදාල පුද්ගලයාගේ තොරතුරු මෙම මෘදුකාංගයට ඇතුළත් කරනු ලබයි. ඒ අනුව රසායනාගාරය වෙත ක්ෂණිකව එම තොරතුරු ලබාගත හැක. රසායනාගාරයේ දී සිදු කළ යුතුව ඇත්තේ සාම්පල අනුව ආසාදිත හා ආසාදිත නොවන ලෙස කාණ්ඩ වෙන් කිරීම පමණි. ආසාදිතයින් වේ නම් ඒ පිළිබද ක්ෂණිකව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට දන්වනු ලබන අතර, තමා කොවිඩ් ආසාදිතයෙකු නොවන බව සාම්පල ලබාදුන් පුද්ගලයාට ද කෙටි පණිවිඩයක් මගින් ඔහුගේ දුරකථනයට ලබාදෙනු ලබයි. ඒ අනුව ඉතාම ක්ෂණිකව තොරතුරු රැස් කිරීම මෙන්ම සාම්පල වාර්තාව ක්ෂණිකව දැනුම්දීමටත්, ඊට අදාලව පියවර ගැනීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් කිරීමටත් මෙමගින් හැකි වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (පර්යේෂණ හා පුහුණු) වෛද්‍ය සමන් රත්නායක මහතා ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහභාගි විය.

    මෙම මෘදුකාංගය දියත් කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් කරන ලද ප්‍රකාශයක්ද ඇත.

  • බන්ධනාගාර ගැටළු විසඳන්න ජනාධිපති කාර්ය සාධක බලකායක්

    බන්ධනාගාර ගැටළු විසඳන්න ජනාධිපති කාර්ය සාධක බලකායක්

    සිරකරුවන් දෙස මානුෂීයව අවධානය යොමු කර පවතින අඩු පාඩු විසඳා අවශ්‍ය පහසුකම් සැලසීමට කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලධාරීන්ට උපදෙස් දෙයි.

    මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවීම නිසා 12,000කට අධික පිරිසක් සිරගතව සිටිති. ඔවුන් කෙරෙහි විශේෂ අවධානය යොමු කර පුනරුත්ථාපන වැඩසටහනක් සකස් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

    බන්ධනාගාර තුළ පවතින අඩු පාඩු සහ ගැටළු විමර්ශනය කොට විසඳුම් නිර්දේශ කරනු පිණිස අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

    බන්ධනාගාර ඇතුළත දැඩි තදබදය පිටුදැකීම පිණිස දැනට හඳුනාගෙන ඇති ස්ථානවල පෙර සවි ක්‍රමයට සිර ගෙවල් ඉදි කිරීමට ඇති හැකියාව සොයා බලන්නැයි ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබීය.

    විදෙස් රටවල සිර මැදිරිවල ආකෘති අධ්‍යයනය කර පහසුකම් සැලසීමට කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාව රාජපක්ෂ මැතිතුමා අවධාරණය කළේය.

    රස පරීක්ෂක, නීතිපති සහ පොලිස් දෙපාර්තමේන්තුවල  ප්‍රමාදයන් නිසා අතිවිශාල පිරිසක් රක්ෂිත බන්ධනාගාරතව සිටිති. රේගුව, පොලීසිය, බන්ධනාගාරය, පුනරුත්ථාපන ඇතුළු අදාළ ආයතන එකතුව ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කර පවතින ගැටළු නිරාකරණයට පියවර ගත යුතු යැයි ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    අධිකරණ අමාත්‍ය එම්.යූ.එම්. අලි සබ්රි, බන්ධනාගාර පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු, අදාළ අමාත්‍යාංශ ලේකම්වරු සහ ආරක්ෂක අංශ ප්‍රධානීහු සාකච්ඡාවට එක්ව සිටියහ.

  • ගම්පහ කොවිඩ් රැල්ල ගැන කොවිඩ් රාජ්‍ය ඇමතිනියගෙන් ප්‍රකාශයක්

    ගම්පහ කොවිඩ් රැල්ල ගැන කොවිඩ් රාජ්‍ය ඇමතිනියගෙන් ප්‍රකාශයක්

    මිනුවන්ගොඩ සහ පෑලියගොඩ ආශ්‍රිතව ආරම්භවූ කොවිඩ් 19 දෙවෙනි රැල්ල ගම්පහ දිස්ත්‍රික්කයේ යම් පාලනයකට ලක්ව ඇති බව ඊයේ (09) පැවැති සාකච්ඡාවකදී හෙළිවිය.

    මේ දක්වා සිදුකල PCR පරීක්ෂණ වලින් ආසාදිත රෝගීන් වාර්තාවීම 8.6% – 3.2% දක්වා අඩුවී ඇති අතර එය කොවිඩ් පාලනය තුළ යහපත් තත්වයක් බවත් ඉදිරි මාසය තුළ එම මට්ටම 2.5% ට අඩු මට්ටමකට පවත්වා ගැනීම සදහා කටයුතු කිරීම වැදගත්වන බවත් මේ සදහා දායකත්වය දැක්වූ ජනාධිපතිතුමා ඇතුළු දේශපාලන නායකත්වයටත්, සෞඛ්‍ය සේවාවේ සියලු දෙනාටත්, හමුදාපතිතුමා ඇතුළු ත්‍රිවිධ හමුදාව සහ පොලීසියටත් සිය ස්තුතිය පුදකරන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය. ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් 19 පාලනය සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැත්වූ සමා‌ලෝචන වැඩසටහනකදී අමාත්‍යවරිය මේ බව සදහන් කලාය.

    ඔක්තෝම්බර්, නොවැම්බර් සහ දෙසැම්බර් මේ දක්වා ගම්පහ දිස්ත්‍රික්කයේ PCR පරීක්ෂණ 82000කට ආසන්න ප්‍රමාණයක් සිදුකර ඇති අතර එයින් 5589ක් ආසාදිතයින් ලෙස වාර්තාවී ඇත. ආයෝජන කලාපයේ කර්මාන්ත ශාලා 32ක PCR පරීක්ෂණ 20000ක ප්‍රමාණයක් සිදුකොට ඇති අතර මේවන විට දිනකට ගමපහ දිසතික්කයේ PCR පරීක්ෂණ 2000ක් සිදුකරනු ලබයි. ප්‍රාදේශීය සෞඛ්‍ය ‌සේවා අධ්‍යක්ෂ කාර්යාලය සමග සෞඛ්‍ය නිලධාරී කාර්යාල 16ක සේවය ගම්පහ කොවිඩ් 19 පාලනය සදහා යොදවා ඇත.

    කොවිඩ් 19 සදහා ප්‍රතිචාර දැක්වීමේදී ජනතාවගේ සහාය සැලකිය යුතු මට්ටමක නොපවතින බැවින් ජනතාව මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා සෞඛ්‍ය සායන හරහා පමණක් නොව ආගමික නායකයින් හරහා දැනුවත් කිරීම කලයුතු බවත් විශාල වශයෙන් පැතිරී ගිය වසංගත රෝග වළක්වාගත් රටක් ලෙස අප ඉතිහාසගතවී ඇති බවත් සදහන් කල රාජ්‍ය අමාත්‍යවරිය, කොරෝනා පාලනයද අපට සිදුකල හැකි බැවින් ඒ් සදහා ජනතා සහාය අත්‍යාවශ්‍ය බව සදහන් කරන ලදි. තිහාරිය, කැළණිය සහ වත්තල ප්‍රදේශවල අලුත් පොකුරු බිහිවීමේ ඉඩකඩක් පවතින බැවින් එය පාලනය කිරීම සදහා විශේෂ අවධානයක් දෙන ලෙසද රාජ්‍ය අමාත්‍යවරිය මෙහිදී සදහන් කරන ලදි.

    ජීවනෝපාය අහිමිවූ නිරෝධායනයට ලක්වූ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව සදහා සහන සැපයීම සම්බන්ධයෙන්ද රාජ්‍ය අමාත්‍යවරිය විමසා බලන ලදි. දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 539543 දෙනෙකු සදහා රුපියල් මිලියන 2697ක් රු.5000/- දීමනාව ලෙස බෙදාදී ඇති අතර නිරෝධායනය වන පවුල් 11028 සදහා රුපියල් 10000/- වියළි සලාක මලුද, හුදකලා ප්‍රදේශවල පවුල් 30546ක් සදහා තවත් රුපියල් මිලියන 92ක් ද රජය විසින් වියදම් කර ඇති අතර නිවෙස් නිරෝධායනය වූ තවත් පවුල් 3702කට රු.2000/- බැගින් වියළි සලාක ලබාදී ඇත. මේවන විට පුද්ගලයින් 25000ක් නිවෙස් නිරෝධායනයට ලක්කර ඇති අතර ඒ් සදහා පොලිස් නිලධාරී 500ක් රාජකාරි යොදවා ඇත.

    මෙම සාකච්ඡාව සදහා ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන, ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, ගම්පහ දිසාපති සුනිල් ජයලත්, බස්නාහිර පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ධම්මිකා ජයලත්, ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මිගාර ඈපා යන මහත්ම මහත්මීන් ඇතුළු ගම්පහ සියලු රාජ්‍ය ආයතන නියෝජිතයින් සහභාගී විය.

  • අවුරුදු 397කට පසු ‘බ්‍රහස්පති – සෙනසුරු’ මහා යුද්ධයක් !

    අවුරුදු 397කට පසු ‘බ්‍රහස්පති – සෙනසුරු’ මහා යුද්ධයක් !

    ඉහළ ඡායාරූපය – ග්‍රහයන් දෙදෙනෙක් එකක් හැටියට දිදුලන ආකාරය; බ්‍රහස්පති (ජුපිටර්) සහ සෙනසුරු එකට සමීපවීමක් මින්පෙර ලෝකයට දැකගැනීමට අවස්ථාව ලැබී ඇත්තේ මෙයින් අවුරුදු 397කට පෙරය. එම අවස්ථාව ලද්දේ ගැලිලියෝ විසින් දුරේක්ෂය සොයාගනු ලැබීමෙන් පසුවය.

    2020 දෙසැම්බර් මාසයේ දී ඉතාම චිත්තාකර්ශනීය ආකාශ දර්ශන කීපයක් ලෝකයට දැක ගැනීමට ලැබෙනු ඇත

    දුරේක්ෂ හෝ එසේත් නැත්නම් වෙනත් මිල අධික උපකරණ ආදියෙන් තොරව නිවසේ සිට අහස නැරඹීමේ සිත්ගන්නා සුළු අහස් කන්නාඩි නිෂ්පාදන මෙම දෙසැම්බර් මාසය තුළ ලබා ගැනීමට අවස්ථාව උදාවනු ඇත.

    ග්‍රහලෝක දෙකක් දියවෙමින් එකක් බවට පත්වීම, ඉතා දර්ශනීය උල්කාපාත වර්ෂාව සහ පූර්ණ සූර්යග්‍රහනයක් ආදී මේ සියල්ල නැරඹීමට අපට අවශ්‍ය කරන්නේ පැහැදිලි ගුවන්තලයක්, අක්ෂි ආරක්ෂණ මෙවලමක් සහ ඒවා නැරඹීමට සුදුසු අවස්ථාව සහ ස්ථානයක් තෝරාගැනීම පමණි.

    මේ දෙසැම්බර් මාසය තුළ විශ්වය අපට දර්ශනය කරනු ලබන දේවල් කාල නීර්ණය අනුව පහත දැක්වෙන පරිදි පෙළ ගස්වමු:

    13-14දෙසැම්බර්: ‘ගෙමිනිඩ්’ උල්කාපාත වැස්ස සමස්ත ලෝකයටම දර්ශනය වනු ඇත

    The Geminids meteor shower during its peak, in the night sky over Tokarevsky Lighthouse on Egersheld Cape on Russky Island in the Sea of Japan, December 2017.
    මෙම පින්තූරයේ දක්නට ලැබෙන රුසියාවේ ඈත පෙරදිග ‘ව්ලදිවොස්තොක්’ පටන් ‘ඩකාර්’ තෙක් වෙසෙන සියළු දෙනාට පැහැදිලි අහස්තලයෙහි ජෙමිනි උල්කාපාත වැසි දර්ශනය වනු ඇත

    ඇතැමුන් පසුගිය ආසන්න මාසවලත් උල්කාපාත නරඹා තිබිය හැකිය. නමුත් දෙසැම්බරයේ දී ලෝකයට දකින්නට ලැබෙන්නේ ‘උල්කාපාත වර්ෂාවන්හි රජ දැක්මයි’.

    “තාරකාවක් පිටුපස පැතිර පවතින වල්ගා වැනි දූවිලි වලාවෙන් අතරින් පෘථිවිය ගමන්ගැනීමේ දී උල්කාපාත වැසි ඇතිවෙන” බව එක්සත් රාජධානියේ රාජකීය අභ්‍යවකාශ නිරීක්ෂණ ආයතනයේ තාරකා විද්‍යාඥවරියක වන පැට්‍රීෂියා ස්කෙල්ටන්( Patricia Skelton) පවසයි.

    “ගෙමිනිඩ් තාරකා වැස්ස අපූරු දර්ශනයක්. එය ෆයිටන් 3200 යනුවෙන් නම්කරනු ලැබ ඇති තාරකාවක එල්ලී පවතින දූවිල්ලයි,” පැට්‍රීෂියා පවසන්නීය.

    අප ජීවත්වෙන ග්‍රහලෝකය අභ්‍යවකාශයෙහි ඉතිරිව ඇති සුන්බුන් අතරින් ගමන්ගන්නා විට නොමිලේම අලංකාර රාත්‍රී අභ්‍යවකාශ සංදර්ශනයක් ද නැරඹීමට සෑම වසරකම අපට අවස්ථාව උදාවෙයි. දෙසැම්බර් මාසයේ 13-14 දිනවල එහි උච්ඡතම අවස්ථාවේ දී පැයකට කඩාවැටෙන තරු සංඛ්‍යාව 150ක් පමණ වෙයි.

    A composite image of the 2017 Geminid meteor shower in Arizona.
    අන්ධකාර රාත්‍රිය ජීවිතයේ සදා මතකයේ රැඳෙන අහස් දසුනක් නැරඹීමට හොඳ අවස්ථාවක් වනු ඇත

    “උල්කාපාත පෘථිවි අවකාශයට පතිතවන්නේ තත්පරයකට කිලෝමීටර් තිස්පහක (35) වේගයකින්. පැයකට කිලෝමීටර් 130,000කට කිට්ටු වේගයකින්,” පැට්‍රීෂියා පවසයි.

    “කහපාටින් ඇතැම්විට හරිත සහ නිල පැහැයෙන් රෑ අහස පුරා ආලෝකධාරාවන් දකින්නට බලාපොරොත්තු වෙන්න! හැම දිශාවකටම උල්කාපාත ගමන් ගැනීමත් සමඟ දකින්න ලැබෙන්නේ එවැනි දර්ශනයක්!” ඇය තවදුරටත් විස්තර කරන්නීය. එවැනි අපූරු සුන්දර දර්ශනයක් නැරඹීමට වඩාත් උචිතවන්නේ අඳුරු පරිසරයකි. එහෙත් ආලෝකයෙන් දූෂණය වී පවතින නාගරික ප්‍රදේශවලදීත් එම දර්ශනය නැරඹීමට හැකිවනු ඇත.

    මේ අතර මෙවර තවත් ශුභ ආරංචියකි! පසුගිය වසරේ මෙම සංසිද්ධීන්හි අලංකාරය විඳ ගැනීමට නොහැකිවුනේ බබලමින් පුරහඳ හේතුවෙනි. එහෙත් මෙවර අළුත් සඳකි. පුරහඳ සැඟව ගොසිනි. අහස්තලයේ අඳුර මැද උල්කාපාත සංදර්ශනය හොඳින් නැරඹීමට අවස්ථාව උදාවී පවතී.

    14 දෙසැම්බර්: පූර්ණ සූර්යග්‍රහණයක් චිලී සහ ආර්ජන්ටිනාවාසීන්ට නැරඹීමට හැකිවනු ඇත

    Panoramic view of Patagonia: The recently paved road connecting El Calafate to El Chalten is renowned to be one of the most beautiful roads in the world.
    මහ දවාලක හදිසියේම ලෝකය අන්ධකාරයෙන් වැසීයද්දී පැරණි ලෝකයේ මිනිසුන් කුමක් සිතාගන්නට ඇද්ද?

    නමුත් අද අන්තර්ජාලයට පිංසිදුවන්නට ලෝකයේ කොතැනක හෝ සිදුවෙන දෙයක් සජීවී මට්ටමින් සෙසු ලෝකයට දැනගන්නට ලැබෙයි.

    දැන් පැතිර පවතින වසංගතයට පෙර මෙය සිදුවී නම්, බොහෝ දෙනා එම අනගි දර්ශනය නැරඹීම සඳහා චිලී දේශයේ දකුණු කලාපයට හෝ ආර්ජන්ටිනාව කරා සේන්දුවිය හැකිව තිබුණි. එහෙත් පවතින වසංගත පරිසරය යටතේ වෙනත් බොහෝදේවල් මෙන්ම මෙම දුර්ලභ දර්ශනයත් අන්තර්ජාලය ඔස්සේ නැරඹීමට සිදුවනු ඇත.

    ඒ අතරම තමන් ජීවත්වෙන ස්ථානයේම සිටිමින් ඉහත කී අපූරු අහස් සංදර්ශනය නැරඹීමට තරම් වාසනාවන්ත වෙන පුද්ගලයන් වේ නම්, සූර්යයා දෙස කෙලින්ම නොබලා ඒ සඳහා අක්ෂි ආරක්ෂණයක් උපයෝගීකර ගන්නා ලෙස විද්‍යාඥයෝ ඔවුන්ට උපදෙස් දෙති.

    මිනිත්තු විසිහතරක් වූ අපූරු කාලවේලාවක් පුරා චන්ද්‍රයා සූර්යයාගේ මුහුණ ආවරණය කරමින් ඒ හරහා ගමන්කරනු ඇත.

    “එම කාලය තුළ චන්ද්‍රයා හිරු මුහුණත සහමුලින්ම ආවරණය කරනු ලබන්නේ මිනිත්තු 2තත්පර 9.6ක කාලයකට පමණි,” ග්‍රිනිච් හි රාජකීය අභ්‍යවකාශ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ටානියා ඩි සාලෙස් මාර්කේස් (Tania de Sales Marques) පවසයි.

    “චන්ද්‍රයා සූර්යයාට වඩා හාරසිය ගුණයකින් පුංචියි. ඒ කියන්නේ හිරු සඳුට වඩා හාරසිය ගුණයක් විශාලයි,” ටානියා පවසයි.

    “නමුත් චන්ද්‍රයා අපට ලොකුවට පෙන්නේන්නේ එය අපේ ග්‍රහලෝකයට කිට්ටුවෙන් පිහිටීම නිසයි. එම තත්වය නිසා චන්ද්‍රයාට සමස්ත හිරු මුහුණත අපෙන් ආවරණය කරන්න පුළුවන්කම ලැබෙනවා,” ටානියා විස්තර කළාය.

    චන්ද්‍රයාගේ ගමන් පථය සූර්යයා ඉදිරිපිටින් වන හෙයින් නියමිත දවසේ හරියටම මධ්‍යාහ්නයෙහි දකුණු ඇමෙරිකාවේ දකුණු කලාපය ඝන අඳුරු තිරයකින් ආවරණය කරන ලද ආකාරයේ තත්වයකට පත්කරනු ඇත.

    Low angle view of solar eclipse in sky during foggy weather.
    සූර්යයා දෙස කෙලින්ම නොබලන්න! පූර්ණ සූර්යග්‍රහණ මොහොතේවත් කෙලින්ම එදෙස කෙලින්ම නොබලන්න!

    අහස්කුස සිදුවෙන වෙනස්කම් කෙරෙහි විශේෂයෙන්ම සමීප අවධානය යොමුකරනු ඇත්තේ දකුණු ඇමෙරිකාවේ චිලී සහ ආර්ජන්ටිනා කලාපයේ පිහිටි හුදෙකලා ‘පැටගෝනියා’හි ආදිවාසී ‘මපුචේ’ (Mapuche) ජනතාවයි.

    “හිරු පුරුෂ ශක්තියේ සංකේතයක්. සඳ කාන්තා ශක්තියේ සංකේතයක්. ඒ බලවේග දෙක අන්‍යෝන්‍ය වශයෙන් ඔවුන්ගේ ගමන් පථය ඔස්සේ ගමන්ගැනීමේ දී හටගන්නා සාතිශය උනන්දුව අපට ඉතාම සුන්දර මොහොතක්!,” ‘මපුචේ’ අන්තර් සංස්කෘතික සබඳතා විෂයෙහි ප්‍රවීනයකු වන මාර්සෙලෝ හ්යුකෙන්මන් (Marcelo Huequenman) පවසයි.

    “මපුචේ ආදිවාසීන් සූර්යග්‍රහණ ඉදිරියේ භීතියට පත්වීම ඔවුන්ගේ ගතානුගතික පුරුද්දයි. ඔවුන්ගේ ව්‍යවහාර භාෂාවෙන් ඔවුන් සූර්යග්‍රහණ හඳුන්වනු ලබන්නේ ‘lhan Antü’ යන වචනයෙනි. එහි තේරුම ‘හිරුගේ මරණය,” යන්නයි. මාර්සෙලෝ පැවසීය.

    “ලොවපුරා ඇතිවූ සූර්යග්‍රහණ ගැන වසර 5000කට ආසන්න ඉතිහාසය පුරාම වාර්තාගතව තිබෙනවා,” ටානියා පවසන්නීය.

    “මිනිස් ඉතිහාසයේ වැඩිම කාලයක් තුළ මිනිසුන් පූර්ණ සූර්යග්‍රහණ අශුභ නිමිත්තක් ලෙස තේරුම් ගැනීම පහසුයි. සූර්යයා ගොදුරක් වන ආකාරයක් දක්නට ලැබීම සහ එක්තරා සුළු කාලයක් දවාල රාත්‍රියක් බවට පත්වීම ඊට හේතුවයි,” තාරකා ශාස්ත්‍රඥවරිය පවසන්නීය.

    ඇය තවදුරටත් මෙසේ සඳහන් කරයි.

    “එක අවුරුද්දක් ඇතුළත සූර්යග්‍රහණ පහක් විතර ඇතිවෙන්න පුළුවන්. නමුත් පූර්ණ සූර්යග්‍රහණයක් සාමාන්‍යයෙන් දකින්න පුළුවන් වෙන්නේ – මාස 18ක් වගේ කාලයකට.එවැනි පූර්ණ සූර්යග්‍රහණයක් ඇතිවෙන්නේ චන්ද්‍රයා හිරුගේ රශ්මි කදම්භය ආවරණය කරමින් හිරු සහමුලින්ම අවහිර කිරීමක් සමඟයි.”

    එවැනි තත්වයක් යටතේ ලෝකයට ඊළඟ පූර්ණ සූර්යග්‍රහණ නැරඹිය හැකි කලාප සහ කාලය මෙසේ සඳහන් කළ හැකිය.

    1. ඇන්ටාක්ටිකා – 2021 දෙසැම්බර්
    2. ඉන්දුනීසියා සහ ඕස්ට්‍රේලියා -2023 අප්‍රියෙල්
    3. ඇමෙරිකා එක්සත් ජනපදය සහ කැනඩාව-2024 අප්‍රියෙල්
    4. දකුණු යුරෝපය සහ ග්‍රීන්ලන්තය -2026 අගෝස්තු
    5. මැද පෙරදිග සහ අප්‍රිකාවේ බොහෝ රටවල් – 2027 අගෝස්තු

    දෙසැම්බර් 21: බ්‍රහස්පති (ජුපිටර්) සහ සෙනසුරු ග්‍රහ සංයෝගය සමස්ත ලෝකවාසීන්ට දැකගැනීමට ලැබෙනු ඇත

    The trio of (L to R) Saturn, Mars and Jupiter in conjunction in the dawn twilight, taken from home in Alberta on March 26, 2020. This is a stack of 10 exposures.
    ග්‍රහයන් දෙදෙනෙක් එකක් හැටියට දිදුලන ආකාරය; බ්‍රහස්පති (ජුපිටර්) සහ සෙනසුරු එකට සමීපවීමක් මින්පෙර ලෝකයට දැකගැනීමට අවස්ථාව ලැබී ඇත්තේ මෙයින් අවුරුදු 397කට පෙරය. එම අවස්ථාව ලද්දේ ගැලිලියෝ විසින් දුරේක්ෂය සොයාගනු ලැබීමෙන් පසුවය.

    “බ්‍රහස්පති (ජුපිටර්) සහ සෙනසුරු දිදුලන දීප්තියකින් යුක්ත ග්‍රහතාරකා දෙකක් වන නිසා ඒවා ඇසින් නැරඹීමට පහසුම ගහතරු වෙන්න පුළුවන්,” ග්‍රිනිච් රාජකීය අභ්‍යවකාශ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ අභ්‍යවකාශ විශේෂඥයකු වන එඩ් බ්ලූමර් (Ed Bloomer) පවසයි.

    “ග්‍රහතාරකා දෙකක් එකට සමීපව සංයෝජනය වෙමින් එකක් හැටියට බබලන්නට පටන්ගැනීම චිත්තාකර්ෂණීය දර්ශනයක්. එම දර්ශනය අපට මෙම දෙසැම්බර් 21 දින රාත්‍රිකාලයේ නරඹන්න අවස්ථාව ලැබෙනවා. අහස්කුස සැරිසරමින් සිටින බෘහස්පති තාරකාව සහ සෙනසුරු දෙසැම්බර් 21 වෙනිදා එකිනෙකාට සමීපවෙන අවස්ථාවේ අපට පෙනෙන්නේ ඒ දෙන්නා එකට ගැටෙනව වගෙයි,” එඩ් බ්ලූමර් එම දර්ශනය විස්තර කරයි.

    අපි පියෙවි ඇසින් එම දර්ශනය නරඹන විට පෙනෙන්නේ ඔවුන් දෙදෙනා අතර පරතරය 0.1º ක් හැටියටය. නමුත් යතාර්ථය ඊට වෙනස්වූවකි. පෘථිවිය සහ බෘහස්පති අතර කිලෝමීටර් මිලියන 800කටත් වැඩි දුරකි. එසේම පෘථිවිය සහ සෙනසුරු අතරත් ඊට ආසන්න දුරක් ඇත. ඉහත කී දර්ශනය අප නෙතට හසුවන්නේ එම පිහිටීමේ කක්ෂ අනුවය.

    කෙසේවෙතත්, පාෂාණමය පෘෂ්ටයක් නොමැති හයිඩ්‍රජන් සහ හීලියම් වායුවෙන් මගින් සංයුක්ත බ්‍රහස්පති (ජුපිටර්) සහ සෙනසුරු (two giant gas planets) යෝධ ග්‍රහයන් දෙදෙනා අපට ඉහලින් පිහිටි අහස් විමනේ දී අන්තිමේ දී එකට මුණගැසෙනතෙක් මාස කීපයකට එකිනෙකා වෙත අඟලකින් පමණ සමීපවීමක් දක්නට ලැබෙයි.

    “එවැනි සංයෝගයක් නැරඹීමට ලැබීම විනෝදජනකයි. විශේෂයෙන්ම,එම ග්‍රහතරකා එලෙස එකතුවීමට පෙර දවස් සහ ඔවුන් සමීපවීම සහ එම වෙනස සිදුවෙන ආකාරයත් දකින්නට ලැබීම සිත්ගන්නා සුළුයි,” එඩ් බ්ලූමර්(Ed Bloomer) පවසයි.

    අහස නරඹනු රිසි දුරදක්න යුවළක් හෝ කුඩා දුරේක්ෂයක් ඇත්නම්, එම තැනැත්තාට බ්‍රහස්පතිගේ යෝධ චන්ද්‍රයන් සතරදෙනා වන අයෝ (Io) යුරෝපා ( Europa)ගැනිමිඩි(Ganymede) සහ කැලිස්ටෝ (Callisto) පවා දැක ගැනීමට හැකිවනු ඇත.

    එම චන්ද්‍රයන් සිව්දෙනා හඳුන්වනු ලබන්නේත් ගැලීලියෝගේ චන්ද්‍රයන් හැටියටය. ඊට හේතුව ඒවා ඉතාලි ජාතික තාරකා ශාස්ත්‍රඥ ගැලිලියෝ ගැලිලි විසින් සොයාගනු ලැබීමය. තමා විසින්ම නිර්මාණය කරනලද අලුත් දුරේක්ෂයක් උපයෝගීකර ගනිමින් ගැලිලියෝ 1610 වසරේ දී එම චන්ද්‍රයන් හතර නිරීක්ෂණය කළේය.

    Artwork of Jupiter and its largest four (Galilean) moons. From left to right the bodies are Io, Callisto, Jupiter (with the shadow of Io cast upon it), Ganymede and Europa. The bodies are all shown to the correct scale, as viewed from a distance somewhere beyond the orbit of Callisto
    දුරදක්නය සූදානමින් තබාගන්න!වම් පසින් ඔබට පෙනෙන්නේ ‘අයෝ’ සහ ‘කැලිස්ටෝ’ චන්ද්‍රයන් දෙදෙනායි. මැද ප්‍රමාණයෙන් විශාල ග්‍රහයා බ්‍රහස්පති තාරකාවයි.’ගැනිමිඩ්’ සහ ‘යුරෝපා’ චන්ද්‍රයන් දකුණින් දිස්වෙයි

    බ්‍රහස්පති-සෙනසුරු සංයෝගයක් සිදුවන්නේ සෑම අවුරුදු 19.6කට වරකි. එහෙත් මෙවර දක්නට ලැබෙන සංයෝගය ඉතා සුවිශේෂී වූවකි. ඊට හේතුව 17 ශතවර්ෂයේ මුල් භාගයේ සිදුව ඇති සංයෝගයටත් වඩා මෙවර 29020 සංයෝගයේ දී ග්‍රහයන් දෙදෙනා බොහෝ කිට්ටුවීමය.

    බ්‍රහස්පති (ජුපිටර්) සහ සෙනසුරු අවසන් වතාවට මෙතරම් සමීප වී තිබෙන්නේ 1623 දීය. මෙයින් අවුරුදු 397කට පෙර. එබැවින් අපි නැවතත් ගැලිලියෝ සිහිපත් කරමු!

    “මෙය ජීවිතකාලය තුළ දකින්නට ලැබෙන පුදුම සිද්ධියකටත් වඩා එහා ගිය දෙයක්,” එඩ් බ්ලූමර් පවසයි.

    “ග්‍රහතාරකා ආදියේ චලිතය නිරීක්ෂණය කරනු ලැබීම ඇත්තෙන්ම මිනිසා අභ්‍යවකාශය තරණය කරනු ලැබීමට බොහෝ කාලයකට පෙරාතුවම මානව වර්ගයාට සෞරග්‍රහ මණ්ඩලය පිළිබඳව අවබෝධයක් ලැබුනා,” එඩ් බ්ලූමර් සඳහන් කළේය.

    “අභ්‍යවකාශයේ සිදුවෙන ඉහත කී ආකාරයේ භෞතික සංචරනයවීම් විශ්වය පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට මෙන්ම,පෘථිවියේ ගණනින් සඳහන් කළ නොහැකි තරමේ විද්‍යාත්මක ප්‍රගතියකට සහ නව සොයාගැනීම් සඳහා මහෝපකාරී කාර්යයක් ඉටුකළා,” එඩ් බ්ලූමර් වැඩිදුරටත් පවසයි.

    පැහැදිලි අහසක් වේනම්, ඉහත කී දර්ශන නැරඹීම පහසුවනු ඇත. එහෙත් එම අපූරු දුර්ලභ දසුන් නැරඹීමට අවශ්‍ය නම්, අපි කඩිනම් වියයුතු වෙමු. ග්‍රහයන් සිතිජයේ ගිලී සැඟව යාමට පෙර එය නෙතින් අල්ලා ගැනීම සඳහා අපට ඇත්තේ පැයකට සීමා වූ කාල කවුළුවක් පමණි.

    ඒ සඳහා හොඳ සැලැස්මක් තිබිය යුතුය. එසේම රාත්‍රි කීපයක් ග්‍රහතාරකා පිහිටීම නිරීක්ෂණය කළ යුතුය. එය සුන්දර විනෝදජනක කාර්යයකි. දෙසැම්බර් මාසයේ අපූරු අහස් දසුනෙහි පිහිටීම අපි දනිමු. එය හිරු අවරගිරෙහි සැඟව යාමෙන් හෝරාවකට පසු නිරිතදිග සිතිජයයි. (south-west horizon)

    මේ සඳහා තවත් වාසිදායක සංසිද්ධියක් ද ඇත. එනම්, දෙසැම්බර් 21 යනු හරියටම දක්ෂිණායන දිනය වීමය. තාරකා විද්‍යාත්මකව, එදින දකුණු අර්ධගෝලයේ ග්‍රීෂ්ම ඍතුවේත් උතුරු අර්ධගෝලයේ ශීත ඍතුවේත් පළමු දවස වෙයි.

    Text copied by bbc sinhala

  • සුපිරි තරු ‘ගර්භනී සමයේ දී සැරසුණු සුපිරි විලාසිතා’

    සුපිරි තරු ‘ගර්භනී සමයේ දී සැරසුණු සුපිරි විලාසිතා’

    ගැබ් ගැනීම කාන්තාවගේ සුන්දරතම බලාපොරොත්තුව වන අතර කාන්තාවන් ගැබ් ගත් විට වඩාත් සුන්දර වන්නේ යැයි අපි කවුරුත් අසා ඇත්තෙමු. නමුත් බොහෝ අය සිතන්නේ දරුගැබ වැඩුණු පසු ඇයට සැබවින්ම කළ හැකි කිසිවක් නැති බවත් ඇය කළ යුත්තේ සුවපහසු ඇඳුම් ඇඳීම සහ නිවසේ විවේකයෙන් ගත කිරීම බවත්ය. 

    නමුත් එය එතරම් සත්‍යයක් නොවේ. මෙම හොලිවුඩ් සුපිරි නිළියන් හා නිරූපිකාවන් අපට පෙන්වන්නේ ගර්භනී අවධියේ අවසාන අවධියේදී පවා ඔවුන්ට සුන්දර හා සරාගී පෙනුමක් ලබා දිය හැකි බවත්, ඇදහිය නොහැකි තරම් ආකර්ෂණීය ඇඳුම් පැළද ගෙන රතු කාපට් මත ගමන් කළ හැකි බවත්ය.

    1. ඇන්ජලිනා ජොලි Angelina Jolie – 2008 කෑන්ස් සිනමා උළලේ දී ඇන්ජලීන් ඇගේ මරකත කොළ පැහැති මැක්ස් අස්රියා emerald green Max Azria dress  ඇඳුමින් සැරසී සිටි ආකාරය අප සැමට මතකයි. ඇය දිදුලන අතර එම ඇඳුම ඇන්ජලයින්ගේ ස්වාභාවික අලංකාරය සහ ස්ත්‍රීත්වය පමණක් උද්දීපනය කළේය.

    වඩාත්ම අමතක නොවන ගර්භනී කීර්තිමත් පුද්ගලයින් 12 දෙනා රතු කාපට් පෙනුම |  ඇගේ අලංකාරය

    2. මිරැන්ඩා කෙර් Miranda Kerr – මිරින්ඩා කෙර් 2018 ගෝල්ඩන් ග්ලෝබ්ස් හිදී ඇගේ ගර්භණී බව පෙන්වීමට ලැජ්ජා නොවීය. black Balmain leopard print ඇඳුම ඇයට ඇදහිය නොහැකි තරම් සරාගී පෙනුමක් ලබා දුන්නේය.

    වඩාත්ම අමතක නොවන ගර්භනී කීර්තිමත් පුද්ගලයින් 12 දෙනා රතු කාපට් පෙනුම # 2 |  ඇගේ අලංකාරය

    3.  ක්‍රිස්සි ටීජන් Chrissy Teigen – ඔබට එය තිබේ නම් – එය සොලවන්න. ක්‍රිස්සි ටීජන් 2018 ග්‍රැමීස් හිදී කළේ එයයි. ඉදිරිපස විවරයක් සහිත සම්පුර්ණ සීකුවින් ඇඳුම fully sequin dress ඇයට ඇදහිය නොහැකි තරම් සුන්දර පෙනුමක් සහ තවත් දීප්තියක් ගෙන දුන්නේය. 

    වඩාත්ම අමතක නොවන ගර්භනී කීර්තිමත් පුද්ගලයින් 12 දෙනා රතු කාපට් පෙනුම # 3 |  ඇගේ අලංකාරය

    4. ජෙසිකා ඇල්බා  Jessica Alba ජෙසිකා ඇල්බා Spy Kids premiere හිදී සිත්ගන්නාසුලු ප්‍රවේශයක් තෝරා ගත්තාය. ඇය floor length Dolce & Gabbana dress  ඇඳුමකින් සැරසී සිටියාය. මෙම සුන්දර විලාසිතාව දෘශ්‍යමය වශයෙන් ඇගේ බෙල්ල දික් කර ඇති අතර සියල්ලටම වඩා ඇය ඇදහිය නොහැකි තරම් සුන්දරය.

    වඩාත්ම අමතක නොවන ගර්භනී කීර්තිමත් පුද්ගලයින් 12 දෙනා රතු කාපට් පෙනුම # 4 |  ඇගේ අලංකාරය

    5. වික්ටෝරියා බෙකම්  Victoria Beckham – ගර්භණීව සිටියදී සුපිරි උස සපත්තු super high heels දැමිය හැකි කාන්තාවක් සිටී නම් එය වික්ටෝරියා බෙකම් ය. ඇය විලුඹට ආදරය කරන අතර ඇය කිසිවක් සඳහා ඇගේ විලාසිතාව පාවා නොදෙයි. රාජකීය විවාහ මංගල්‍යයට ඇය පැළඳ සිටි  navy dress ඇයට සුන්දරත්වයක් මෙන්ම රාජකීය ස්වරූපයක් ද ලබා දෙයි.

    වඩාත්ම අමතක නොවන ගර්භනී කීර්තිමත් පුද්ගලයින් 12 දෙනා රතු කාපට් පෙනුම |  ඇගේ අලංකාරය

    6. නයෝමි වොට්ස් Naomi Watts – 2007 ඔස්කාර් සම්මාන උළෙලට නයෝමි වොට්ස් පැළඳ සිටි මෙම එස්කාඩා ඇඳුම Escada dress ඇයට බෙහෙවින් ගැලපේ. ගර්භණී බඩට සැබවින්ම සැඟවී නොසිට එය කෙරෙහි අවධානය යොමු නොකිරීමට එය ඉතා අඩු හා අලංකාර ක්‍රමයක් විය.

    වඩාත්ම අමතක නොවන ගර්භනී කීර්තිමත් පුද්ගලයින් 12 දෙනා රතු කාපට් පෙනුම # 2 |  ඇගේ අලංකාරය

    7. නිකොල් කිඩ්මන් Nicole Kidman – නිකොල් කිඩ්මන් ගැබ් ගැනීම ගැන හඳට ඉහළින් සිටි නිසා ඇය ඇගේ බඩ පෙන්වීමට සෑම අවස්ථාවක්ම තෝරා ගත්තාය. 2008 දී කන්ට්‍රි මියුසික් සම්මාන උළෙල සඳහා ඇය පැළඳ සිටි මෙම යෙව්ස් සෙන්ට් ලෝරන්ට් ඇඳුම Yves Saint Laurent dress ව්‍යතිරේකයක් නොවූ අතර ඇය තුළ වූ ප්‍රීතිය හා අලංකාර පෙනුම පෙන්වීමට කදිම ක්‍රමයකි.

    වඩාත්ම අමතක නොවන ගර්භනී කීර්තිමත් පුද්ගලයින් 12 දෙනා රතු කාපට් පෙනුම # 3 |  ඇගේ අලංකාරය

    8. හීඩි ක්ලම්  Heidi Klum– කල්ම් 2009 දී එමී සම්මාන උළෙලට සහභාගී වන විට දරුවා ප්‍රසූත කිරීමට ආසන්නව සිටි අතර ඇගේ පටි රහිත කළු මාචේසා ඇඳුම strapless black Marchesa dress එය සුන්දර ආකාරයකින් පෙන්නුම් කරයි. 

    වඩාත්ම අමතක නොවන ගර්භනී කීර්තිමත් පුද්ගලයින් 12 දෙනා රතු කාපට් පෙනුම # 4 |  ඇගේ අලංකාරය

    9. ඈන් හැත්වේ Anne Hathaway– ඈන් හැත්වේ 2016 ඔස්කාර් සම්මාන උළෙල සඳහා රන්වන් පැහැයෙන් යුත් ආවරණයක් සහිත කළු නයීම් ඛාන් ඇඳුමක් තෝරා ගත්තාය. 

    වඩාත්ම අමතක නොවන ගර්භනී කීර්තිමත් පුද්ගලයින් 12 දෙනා රතු කාපට් පෙනුම |  ඇගේ අලංකාරය

    10. කෙරී වොෂිංටන් Kerry Washington – ඔබ ගර්භණීව සිටියදී saucy cutouts සහිත ඇඳුමක් ඇඳිය ​​නොහැකි යැයි කීවේ කවුද? කෙරී වොෂිංටන් 2016 එමීස් හිදී ඔබට අවශ්‍ය ඕනෑම වේලාවක ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් ඇඳිය ​​හැකි බව එකවරම ඔප්පු කර ඇත.

    වඩාත්ම අමතක නොවන ගර්භනී කීර්තිමත් පුද්ගලයින් 12 දෙනා රතු කාපට් පෙනුම # 2 |  ඇගේ අලංකාරය

    1. කිම් කාර්ඩාෂියන් Kim Kardashian – කිම් කාර්ඩාෂියන් නොමැතිව ගැබිනි රතු කාපට් පෙනුමේ ලැයිස්තුවක් පළක් නොවනු ඇත. මෙම කාන්තාව ඇඳුම් ඇඳිය ​​යුතු ආකාරය දනී. ඇය 2015 ඉන්ස්ටයිල් සම්මාන උළෙලට පැළඳ සිටි කේප් cape එකක් සහිත මෙම වැලන්ටිනෝ ඇඳුම Valentino dress රැජිනකට සුදුසු වූ අතර කිම් සැමවිටම බලාපොරොත්තු වන්නේ එයයි.

    වඩාත්ම අමතක නොවන ගර්භනී කීර්තිමත් පුද්ගලයින් 12 දෙනා රතු කාපට් පෙනුම # 3 |  ඇගේ අලංකාරය

    12. රෝසි හන්ටින්ටන්-වයිට්ලි – Rosie Huntington-Whiteley – 2017 දී වැනිටි ෆෙයාර් ඔස්කාර් සාදයේදී (Vanity Fair Oscar party)  රෝසි හන්ටින්ටන්-වයිට්ලිගේ ඇඳුම සැබවින්ම ඉන්ද්‍රජාලික විය. ඇය ඉදිරිපස සිට බැලූ විට ගැබ්ගෙන ඇති බවක් නොපෙනුනත්, ඇය හැරී තම දරුගැබ පෙන්වූ විට ඇය දේවතාවියක් මෙන් පෙනුනි.

    වඩාත්ම අමතක නොවන ගර්භනී කීර්තිමත් පුද්ගලයින් 12 දෙනා රතු කාපට් පෙනුම # 4 |  ඇගේ අලංකාරය

    සැකසුම – තුෂාධවි

  • LPL: අසේලගේ දක්ෂතා නිසා ‘ටස්කර්ස්’ බලාපොරොත්තු ඉහළ යයි

    LPL: අසේලගේ දක්ෂතා නිසා ‘ටස්කර්ස්’ බලාපොරොත්තු ඉහළ යයි

    අසේල ගුණරත්නගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් “My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ 16 වැනි තරගය ලෙසින් ජැෆ්නා ස්ටැලියන්ස් පිලට එරෙහිව පැවැති තරගයේදී කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට අද (09 දා) හැකියාව ලැබිණ. මෙය තරග 7 කදී කැන්ඩි ටස්කර්ස් පිල ලද දෙවැනි ජයග්‍රහණය ලෙසින් සනිටුහන් විය.

    ජයග්‍රහණය සඳහා ලකුණු 151 ක ඉලක්කයක් හඹා ගිය කැන්ඩි ටස්කර්ස් පිතිකරුවෝ කඩුලු 4 ක් පමණක් ලබා දී අදාළ ඉලක්කය සපුරා ගන්නා ලද්දේ තවත් පන්දු 5 ක් ලකුණු පුවරුවේ ඉතිරිව තිබියදීය. තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලද අසේල ගුණරත්නගේ පිත්තෙන් එල්ල වුණු ජයග්‍රාහී හයේ පහරත් සමඟ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ ජයග්‍රහණයත් අසේලගේ අර්ධ ශතකයත් සම්පූර්ණ විය.

    අවසන් කණ්ඩායම් 4 ට පිවිසීම සඳහා සුභවාදී බලාපොරොත්තු රඳවා ගැනීමට ජයග්‍රහණය ඉතා වැදගත් වුණු මෙම තරගයේදී පස්වැනි කඩුල්ල වෙනුවෙන් ඉර්ෆාන් පතන් සමඟ එක්ව පන්දු 35 කදී නොබිඳුණු ලකුණු 56 ක සම්බන්ධතාවයක් පැවැත්වූ අසේල තරගයේ ජය තහවුරු කරන විට පන්දු 37 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක්ද සමඟ ලකුණු 52 ක් ලබා සිටියේය. ඔහුට අනගි සහායක් ලබා දුන් ඉර්ෆාන් පතන් හතරේ පහර 4 ක් සමඟින් පන්දු 19 කදී ලකුණු 25 ක් රැස් කළේය.

    ටස්කර්ස් ජයග්‍රහණයට පන්දු 12 කදී ලකුණු 17 ක් අවශ්‍යව තිබියදී අසේල එල්ල කරන ලද පහරක් තර්ඩ් මෑන් කළාපයේ පන්දු රකිමින් සිටි වනිඳු හසරංග ගෙන පන්දු යවන්නාගේ කඩුල්ලට එල්ල කළේය. එල්ල කරන ලද පන්දුව ලකුණක් කරා පැති මාරු කරගනිමින් සිටි අසේලගේ පිත්තේ වැදී හතරේ සීමාව දක්වා ඇදී ගිය නමුත් එය පන්දු රකින්නන්ට සිදුකළ බාධාවක් යැයි කියමින් ස්ටැලියන්ස් පිල ඉල්ලීමක් කර සිටියේය. තෙවැනි විනිසුරුගේ අවධානය දක්වා ඇදී ගිය එම සිදුවීමේදී දැවී යෑමක් නොවන  බවට සංඥා කිරීම නිසා ලකුණු 5 ක් පන්දුවට පහර දුන් කණ්ඩායමට හිමිවිය.

    අවසන් වරට සහභාගිවුණු ක්‍රීඩකයින් 11 දෙනාගේකිසිදු වෙනසක් සිදු නොකරමින් අද තරගයට අවතීර්ණ වුණු ජැෆ්නා ස්ටැලියන්ස් පිල ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළද පවර් ප්ලේ අවස්ථාවේදී කඩුලු 3 ක් දවා ගැනීමට ප්‍රතිවාදී පන්දු යවන්නන් සමත්වීම ඔවුනට දැඩි පාඩුවක් ගෙන දෙන්නක් විය. ඉනිමේ ආරම්භයත් මැද පෙළින් ශක්තිමත් සම්බන්ධතා පැවැත්වීමට පිතිකරුවන් අපොහොසත්වීම නිසා ජැෆ්නා ස්ටැලියන්ස් පිලට නියමිත පන්දුවාර 20 අවසනදී රැස් කරගැනීමට හැකි වූයේ ලකුණු 150 ක් පමණි.

    එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වුණු නුවන් ප්‍රදීප් ලකුණු 36 කට කඩුලු 3 ක්ද, ඩේල් ස්ටේන්, අසේල ගුණරත්න සහ විශ්ව ප්‍රනාන්දු කඩුලු 2 බැගින් බිඳ හෙළමින් කැන්ඩි ටස්කර්ස් පිතිකරුවන් පීඩනයට ලක් කළහ. මෙතෙක් පැවැති තරග වලදී එකම කණ්ඩායමක වේග පන්දු යවන්නන් තිදෙනකු කඩුලු 2 බැගින් දවා ගන්නා ලද පළමු අවස්ථාව වශයෙන්ද අද තරගය සනිටුහන් විය.

    ජැෆ්නා ස්ටැලියන්ස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ෂොයෙබ් මලික් පන්දු 44 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමඟ ලකුණු 59 ක් රැස් කළේය. අංක 5 පිතිකරු ලෙසින් පැමිණි මිනෝද් භානුක සමඟ සිව්වැනි කඩුල්ලට එක්වූ මලික් පන්දු 53 කදී ලකුණු 59 ක සම්බන්ධතාවයක් එක් කළහ.

    පන්දු 78 කදී ලකුණු 100 කඩ ඉම පසු කළ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ සියල්ල කණ පිට හැරුණේ අසේල ගුණරත්න විසින් ක්‍රියාත්මක කරන ලද 14 වැනි පන්දුවාරයේ සිටය. එම පන්දුවාරයේදී  පන්දු 4 ක් ඇතුළත මිනෝද් භානුක (21) සහ නායක තිසර පෙරේරාගේ කඩුලු දවා ගැනීමට අසේල සමත්වද්දී ඩේල් ස්ටේන් විසින් යවන ලද ඊළඟ පන්දුවාරයේදී වනිඳු හසරංගගේ කඩුල්ල දවාගත්තේය. මේ කඩුලු 3 දැවී යන විට ලකුණු පුවරුවට එක්ව තිබුණේ ලකුණු 5 ක් පමණක් වීම ජැෆ්නා ස්ටැලියන්ස් පිලට දැරිය නොහැකි පාඩුවක් විය. 

    කුසල් මෙන්ඩිස් උඩ පන්දුවක් රැක ගැනීම මත මිනෝද් භානුද ඩිල්රුවන් පෙරේරා උඩ පන්දුවක් රැක ගැනීම මත තිසර පෙරේරාද පිටියෙන් ඉවත්වූහ. පිට පිට තෙවැනි වරටත් යළිත් වරක් පිතිකරුවකු ලෙස අසාර්ථක වුණු නායක තිසර පෙරේරාට රැස් කරගත හැකි වූයේ ලකුණක් පමණි. නීරෝධායන කාල සීමාව අවසන් කරමින් පළමු වරට අද දිනයේදී ක්‍රීඩා කළ වේග පන්දු යවන ඩේල් ස්ටේන් තම දෙවැනි කඩුල්ල ලෙසින් වනිඳු හසරංගගේ (02) කඩුල්ල දවා ගත්තේය. ඊට ප්‍රථම ඔහු විසින් ක්‍රියාත්මක කරන ලද ප්‍රථම පන්දුවාරයේ දෙවැනි පන්දුවේදීම අවිශ්ක ප්‍රනාන්දුගේ කඩුල්ල දවා ගනිමින් කැන්ඩි ටස්කර්ස් පිලට සාර්ථක ආරම්භයක් ලබා දුන්නේය.

    ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබ් අඩවිය ඇසුරිණි

  • I.C.T.A. අසාර්ථක ‘ඉ- විශ්‍රාම වැටුප්’ ව්‍යාපෘතිය මිලියන 278ක් වනසලා !

    I.C.T.A. අසාර්ථක ‘ඉ- විශ්‍රාම වැටුප්’ ව්‍යාපෘතිය මිලියන 278ක් වනසලා !

    සීමාසහිත ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය ( I.C.T.A.) ආරම්භ කොට තිබූ ˝ ඉ- විශ්‍රාමවැටුප් ˝ නම් ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 278.54 ක් වියදම් කොට තිබුණද මෙය සම්පූර්ණ අසාර්ථක ව්‍යාපෘතියක් බව කොප් කමිටුවේදී ඊයේ ( 08 ) අනාවරණය විය.

    රජය ලබාදුන් මුදල් යොදාගනිමින් I.C.T.A ආයතනයට මෙම ව්‍යාපෘතිය සඳහා වන දෘඩාංග සහ මෘදුකාංග නිර්මාණය කිරීමේ වගකීම පවරණු ලැබුවේ පළමුව බස්නාහිර පළාත් සභාව ආවරණය වන පරිදි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ත්‍රිවිධ හමුදාව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, දුම්රිය දෙපාර්තමේන්තුව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ආවරණය වන පරිදි අන්තර්ජාලය ඔස්සේ විශ්‍රාම වැටුප් විශ්‍රාමිකයින්ට ලබා දීමට ය. නමුත් මෘදුකාංග සහ දෘඩාංග ගැටලුවක් හේතුවෙන් මෙම ව්‍යාපෘතිය දීප ව්‍යාප්තව ක්‍රියාත්මක නොකොට 2013 නොවැම්බර් 01 දින සිට අතහැර දමා තිබේ.

    මේ නිසා රුපියල් මිලියන 278.54 ක් ප්‍රයෝජන රහිතව යොදවා ඇති බවත් තවත් මෙවැනි අසාර්ථක ව්‍යාපෘති ගණනාවක් සඳහා අයි.සී.ටී.ඒ ආයතනය නිකරුනේ මුදල් යොදවා ඇති බවත් කෝප් කමිටුවේදී හෙලි විය.

    එමෙන්ම මුළු දිවයිනටම අන්තර්ජාල පහසුකම් ලබාදීමේ අරමුණින් ආරම්භ කළ “ගූගල් ලූන්” ව්‍යපෘතිය සඳහා උපකරණ රේගුවෙන් නිදහස් කර ගැනීමට රු. 1,851,322ක්  හා ව්‍යාපෘතියේ ප්‍රවර්ධනය සඳහා රු. 6,427,941 ක් ( මිලියන 6.4ක් ) වැයකර තිබූ  නමුත් එම ව්‍යාපෘතියද අසාර්ථක ව්‍යාපෘතියක් ලෙස කෝප් කමිටුවේ දී අනාවරණය විය.  

    මෙම කරුණු අනාවරණය වූයේ මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් කොප් කමිටුව  ඊයේ ( 08 ) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය.

    අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ද,  පාර්ලිමේන්තු මන්ත්‍රිවරු වන එරාන් වික්‍රමරත්න, ජගත් පුෂ්පකුමාර, ප්‍රේම්නාත් සී. දොලවත්ත, එස්.එම්. මරික්කාර්, පාඨලී චම්පික රණවක, ශානක්‍යම් රාසමානික්කම්  යන මහත්වරු මීට සහභාගී වුහ.

    රාජ්‍ය ආයතන ජාලයක් ලෙස සම්බන්ධ කරමින් කාර්‍යක්ෂමව රාජ්‍ය සේවාවන් ස්ථාපනය කිරීම සඳහා I.C.T.A ආයතනය 2016 වර්ෂයේදී ආරම්භ කළ ˝ලංකා රාජ්‍ය ජාලය ˝ නම් ව්‍යාපෘතිය සඳහා 2016 වර්ෂයේ රුපියල් මිලියන 850.47 ක් අනුමත වී තිබුණ බවත් ඉන් රුපියල් මිලියන 148.33ක් වියදම් කොට තිබූ බවත් කෝප් කමිටුවේදී හෙලි විය. නමුත් මෙම ව්‍යාපෘතියේ ප්‍රගතිය 17% බව කමිටුවේදී අනාවරණය විය.

    ඉහත අසාර්ථකත්වයන් සම්බන්ධයෙන් කෝප් කමිටුවේ දැඩි අප්‍රසාදය පළ කළ අතර මෙලෙස අසාර්ථකත්වයක් පෙන්වන අතරතුරේදී තවත් ව්‍යාපෘති 500කට අධික ප්‍රමාණයක් I.C.T.A ආයතනය ආරම්භකිරීමට සැලසුම් කර තිබීම පිළිබඳව පාඨලී චම්පික රණවක මහතා ප්‍රශ්න කළේය.

    ජාතික බුද්ධිමය දේපල කාර්යාලය මගින් ˝ ඉ – නිපො ˝ නමින් ආරම්භ කළ ව්‍යාපෘතියේ ප්‍රසම්පාදනය සඳහා 2016 වර්ෂයේ දී රු. මිලියන 32.5 ක් ලබා ගෙන තිබු බව කමිටුවේ දී අනාවරණය වූ අතර එය අයි.සි.ටි.ඒ ආයතනයේ සේවක වැටුප් ගෙවීමට යොදා ඇති බව මෙහිදී නිලධාරීන් විසින් හෙළි කරන ලදි. මේ නිසා මෙවැනි මූල්‍යමය කටයුතු සම්බන්ධයෙන් විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමේ අවශ්‍යතාවය කෝප් කමිටු සභාපතිවරයා විසින් පෙන්වා දෙන ලදි.

    එසේම ˝ ඉ – පළාත් පාලන ආයතන˝ නමින් ආරම්භ කර තිබු ව්‍යපෘතිය අසාර්ථක වී තිබුනද නැවත 2016 වර්ෂයේ දී එය නැවත ආරම්භ කර තිබුණි. 2017 දෙසැම්බර් 31 දින වන විට ව්‍යාපෘතිය සඳහා රු. මිලියන 39ක් වැයකර තිබුණද ඉන්පසු කාර්යසාධන වාර්තාවල එය ඇතුලත් කර නොතිබුණු බව කමිටුවේදී  අනාවරණය වූ අතර මේ පිළිබඳ කෝප් කමුටුවේ දැඩි අප්‍රසාදය පළ විය.

    තවද 2003 වර්ශයේ සිට අයි.සී.ටී.ඒ ආයතනය සංයුක්ත සැලැස්මක් සකස්කර නොතිබූ බවත් 2017 වර්ෂයේ රු. 2,737,000ක වියදමින් සකස් කළ  සංයුක්ත සැලැස්ම ක්‍රියාත්මක කර නොතිබුණ  බවත්  කෝප් සභාපතිවරයා හෙලි කළේය.  

     මේ නිසා 2003 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වා හැකි ඉක්මනින් මේ සියලු කාරණා පිළිබඳ වාර්ථාවක් ලබා දෙන ලෙස කෝප් කමිටුව විසින් නිර්දේශ කරන ලදි.

    එසේම අයි.සී.ටී.ඒ ආයතනයේ ඉහළ තනතුරු සඳහා කොන්ත්‍රාත් පදනම මත නිලධාරීන් බඳවාගැනීම පිළිබඳ කෝප් කමිටුවේ අප්‍රසාදය ඵල විය. මේ නිසා ස්ථාවර පදනම යටතේ මූලික තනතුරු කිහිපයක් ඇතිකිරීමේ අවශ්‍යතාවය කෝප් කමිටුව පෙන්වාදුන් අතර නිවැරදි නිලධාරී ධූරාවලියක් I.C.T.A  ආයතනය තුළ ඇතිකිරීමේ අවශ්‍යතාවය කමිටුව විසින් පෙන්වා දෙන ලදි.

    මේ දක්වා සිටි නිලධාරීන් හරහා යම් අක්‍රමිකතාවක් සිදුවී ඇත්නම් වහාම ඔවුන් සඳහා  නීත්‍යානුකූල පියවර ගන්නා ලෙස ද  කෝප් සභාපතිවරයා  මෙහිදී නිර්දේශ කළේය.

  • සුර‍ාබදු දෙපාර්තමේන්තුවටත් රු.මිලියන 2376.2 ක පොළු තියලා

    සුර‍ාබදු දෙපාර්තමේන්තුවටත් රු.මිලියන 2376.2 ක පොළු තියලා

    පසුගිය 2019 දෙසැම්බර් වන විට සුරාබදු දෙපාර්තමේන්තුවට වසර 05 කාල සීමාවක් සඳහා ලැබීමට නියමිත හිඟ බදු මුදල රු.මිලියන 2376.2 ක් බව ඊයේ දින පාර්ලිමේන්තුවේදි පැවති ගිණුම් කාරක සභාවේදි අනාවරණය විය.

    2019 දෙසැම්බර් 31 වන දිනට සුරාබදු දෙපාර්තමේන්තුවට වසර 05 ඉක්මවා ලැබීමට නියමිතව නිබූ හිඟ බදු මුදල් එකතුව රු. මිලියන 479.9 වූ අතර, එහි ප්‍රමාද ගාස්තුව පමණක් රු. මිලියන 1896.3  ක් විය.

    එම හිඟ ආදායම් නොපමාව අය කර ගැනීමට කටයුතු කළ යුතු බව රජයේ මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ගිණූම් කාරක සභාව අවධාරණය කර සිටියේය. මෙම හිඟ බදු මුදල් අයකර ගැනීමට අවශ්‍ය නෛතික කටයුතු සිදු කරගෙන යමින් පවතින බව සුරාබදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා ඇතුළු නිලධාරින් සභාවට දැන්වීය.

    එමෙන්ම සුරාබදු දෙපාර්තමේන්තුව මඟින් පසුගිය වසර 05 තුළ වැටලීම් 224737 සිදු කර ඇති අතර, ඉන් වැටලිම් 53848 ක් 2017 වර්ෂයෙත්, වැටලීම් 49278 ක් 2018 වසරේත්, 2019 වසරේ වැටලීම් 47391 ද සිදු කර එම අපරාධ සඳහා නීති ක්‍රියාමාර්ග වෙත යොමු කර ඇති බව කාරක සභාවේදි අවධානයට යොමු විය.

    2019 දෙසැම්බර් 31 වන දිනට සුරාබදු දෙපාර්තමේන්තුවේ විවිධ හේතුන් මත වැඩ තහනමට ලක් වූ නිලධාරින් 48ක් සම්බන්ධයෙන් වසර 01 සිට 03 ක් ඉක්මවා ඇතත් අදාළ විනය පරික්ෂණ නිසි පරිදි අවසන්වී නොමැති වීම පිළීබඳව සභාපතිවරයාගේ අවධානයට යොමු වූ අතර, එහිදි යම් නිලධාරින් වැඩ තහනමට ලක්ව ඇත්තේ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සඳහා සහභාගි නොවීම වැනි හේතුන් නිසා බවද හඳුනාගන්නා ලදි.  

    කඩිනමින් එම නීතී කෘතයයන් අවසන් කර සුරාබදු දෙපාර්තමේන්තු‍වේ කටයුතු කාර්යක්ෂමව පවත්වා ගැනීමට කටයුතු කරන ලෙස කාරක සභා සභාපතිවරයා දැනුම් දෙන  ලදි. එමෙන්ම දෙපාර්තමේන්තුවේ මෙහෙවරට ඍජුවම බලපානු ලබන ජ්‍යෙෂ්ඨ හා තෘතික මට්ටමේ තනතුරු පුරප්පාඩු නිසි ක්‍රමවේදය යටතේ පූර්ණ කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් මෙකී කාරණා වල වත්මන් ප්‍රගතිය පිළිබඳව වාර්තා‍වක් ඉදිරිපත් කරන ලෙසද සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කරන ලදි.

    තවද 2020 නොවැම්බර් මාසය වන විට රු.1,597,559 ප්‍රසම්පාදන වියදමක් දරන ලද ආරක්ෂිත ස්ටීකර් කළමනාකරණ පද්ධතිකරණ ක්‍රියාවලිය සුරාබදු දෙපාර්තමේන්තුවේ මුළු ආදායමෙන් 0.28% පමණක් වූ ආනයනික විදේශ මත්පැන් වලට පමණක් සීමා වීම සම්බන්ධයෙන් කාරක සභාවේ විශේෂ අවධානය යොමු විණි. එය දේශිය මත්පැන් ප්‍රමිතිකරණය සඳහාද අත්‍යවශ්‍ය වැඩපළිවෙලක් බව කම්ටුවේ අදහස විය.

    රටට අති විශාල ආදායමක් ලබා දෙන සුරාබදු දෙපාර්තමේන්තුවේ නීති හා පර්යේෂණ ඒකකයක් ස්ථාපිත කළ යුතු බවට වන පූර්ව කෝපා කමිටු යෝජනාව ක්‍රියාත්මක කර තිබුනද නීති නිලධාරියෙක් ඒ සඳහා බඳවා නොගැනීම පිළිබඳව නැවතත් කමිටුව විසින් අවධාරණය කරන ලදි.

    මහාචාරය තිස්ස විතාරණ මහතාගේ සභාපතිත්වයෙන් පැවති මෙම කාරක සභාවට ගරු රාජ්‍ය අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න,  ෂෙහාන් සේමසිංහ යන මහත්වරුද තිස්ස අත්නනායක, වෛද්‍ය උපුල් ගලප්පත්ති සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර ඇතුළු මන්ත්‍රීවරු පිරිසක්ද සහභාගි වූහ.

    මීට අමතරව  මුදල් අමාත්‍යාංශ ලේකම් සහ භාණ්ඩාගාර ලේකම් එස්.ආර් ආටිගල, සුරාබදු කොමසාරිස් ජනරාල් ඒ. බෝදරගම මහතා,  ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරිහු ද පැමිණ සිටියහ. 

  • අපේ කෙල්ලෝ වෙන්න කැමති ‘සුපිරි කෙල්ලෝ’ මෙන්න !

    අපේ කෙල්ලෝ වෙන්න කැමති ‘සුපිරි කෙල්ලෝ’ මෙන්න !

    මිනිසා දන්නා කියන කාලයේ සිට සාර්ථකත්වයට ළඟා වූ අයව වන්දනා කරති. අපට වඩා ශක්තිමත්, දක්ෂ, වේගවත් අයව අධිමානුෂික ලෙස සලකමු. අපි ඔවුන් දෙස බලා යම් දවසක අපි ඔවුන් හා සමාන වනු ඇතැයි බලාපොරොත්තු වෙමු. ඇත්තෙන්ම එය හොඳ දෙයකි. එය අපව ඉදිරියට ගෙන යයි. එය අපව විශාල අරමුණු සඳහා වෙහෙසීමට සලස්වයි. උසස් ප්‍රමිතීන් සකස් කරයි.

    කෙසේ වෙතත්, මෑතක සිට යොවුන් පරපුර අතර ජනප්‍රිය චරිත වන්දනා කිරීමේ ප්‍රවණතාවක් පවතී. විශේෂයෙන් මෙය තරුණියන් අතර ඉහළින්ම පවතී. එයම අලුත් දෙයක් නොවන අතර, සමහර අය තනිකරම අවධානය යොමු කරන්නේ ඔවුන්ගේ බාහිර අලංකාරයට මිස ඔවුන්ගේ ගුණ යහපත්කම්වලට හෝ පෞද්ගලික ජයග්‍රහණවල අංශවලට නොවේ. 

    එබැවින් සෑම ගැහැණු ළමයෙකුටම ඔවුන් වීමට කැමති කීර්තිමත් කාන්තාවන් 10 දෙනෙකුගේ ලැයිස්තුවක් අපි ඔබට ඉදිරිපත් කරන අතර, ඔවුන් ලෝකයේ සිටින සාර්ථකම කාන්තාවන් ලෙස නොසලකන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

    10 Celebrities So Beautiful Every Girl Wants To Be Them | Her Beauty

    1. ඇලෙක්සිස් රෙන් Alexis Ren – ඇලෙක්සිස් රෙන්, සම්පූර්ණ නම ඇලෙක්සිස් රෙනේ ග්ලබාච්, ප්‍රසිද්ධ ඉන්ස්ටග්‍රෑම් නිරූපිකාවක් සහ සමාජ මාධ්‍ය බලපෑම්කරුවෙකි. ඇයගේ වයස අවුරුදු 21 ක් වන නමුත් ඇයට ඉන්ස්ටග්‍රෑම් හි අනුගාමිකයන් මිලියන 12 කට වඩා වැඩි සංඛ්‍යාවක් සිටී.

    ඇය 2018දී ‘ස්පෝර්ට්ස් ඉලස්ට්‍රේටඩ් පිහිනුම් ඇඳුම් කට්ටලය – Sports Illustrated Swimsuit Rookie for 2018‘ බවට පත් වූවාය. වචනාර්ථයෙන් මිලියන සංඛ්‍යාත ජනතාවක් ඇය මෙන් වීමට සිහින දකී. නමුත් මෙහිදී කිව යුතු වැදගත්ම කරුණක් තිබේ. එනම් එය හිතන තරම් පහසු නැති බවයි. ඒ සදහා කැපවීමෙන් වැඩකළ යුතුය. නිර්මාණශීලීව වැඩකළ යුතුය.

    10 Celebrities So Beautiful Every Girl Wants To Be Them #2 | Her Beauty

    2. එමා වොට්සන් –  Emma Watson – එමා වොට්සන් ලොව ලස්සනම කාන්තාවක් ලෙස ප්‍රසිද්ධියක් උසුලයි. එපමණක් නොව, කාරුණික, බුද්ධිමත් ඇය සෑම විටම උත්සාහ කරන්නේ මේ ලෝකය වඩා හොඳ තැනක් බවට පත් කිරීම සඳහා ඇයට හැකි සෑම දෙයක්ම කිරීමටය. හැමෝම ඇයව හැරී පොටර්ගේ හර්මියෝන් Hermione ලෙස හොඳින්ම දන්නා අතර ඇය තවදුරටත් එම චරිතය රඟපාන්නේ නැතත්, ඇගේ ක්‍රියාවෙන් ඔප්පු වන්නේ සැබෑ ජීවිතයේ දී පවා ඇය හර්මියෝන් හා සමාන බවයි.

    3. එමිලි රටාජ්කොව්ස්කි Emily Ratajkowski – එමිලි යනු ඇමරිකානු නිරූපිකාවක් සහ නිළියක් වන අතර රොබින් තිකේගේ ‘බොඳ වූ රේඛා Blurred Lines’ වීඩියෝ පටයේ පෙනී සිටීම නිසා කීර්තියට පත්විය. එම වීඩියෝ පටය සහ ගීතය කාන්තාවන්ගේ නිරූපණය සම්බන්ධයෙන් විශාල ආන්දෝලනයක් ඇති කර ඇති අතර, එමිලිගේ ජනප්‍රියතාවය දිනෙන් දින වර්ධනය වේ. ඇයට මේ දක්වා Instagram හි අනුගාමිකයන් මිලියන 16,5 ක් ඇත.

    10 Celebrities So Beautiful Every Girl Wants To Be Them #3 | Her Beauty

    4. ජෙනිෆර් ලෝපෙස්  Jennifer Lopez – ජේ. ලෝ දශක ගණනාවක් තිස්සේ ඇයගේ පෙනුම ගැන ප්‍රශංසා ලබා ඇති අතර එයට හේතුව සොයා ගැනීම අපහසුය. ඇගේ සුහද පෙනුම සහ වක්‍රාකාර ශරීරය සිහින වල දේවල් වේ. නමුත් ඇය හුදෙක් ලස්සන මුහුණක් නොවේ, ඇය නිළියක්, ගායිකාවක්, නර්තන ශිල්පිනියක්, කතුවරියක්, විලාසිතා නිර්මාණ ශිල්පිනියක් සහ නිෂ්පාදකවරියකි. ඉතින් ඔබ සිතනවා, “මට ජේ. ලො වැනි කොල්ලයක් වීමට අවශ්‍යයි” කියා. ඒත් එය පහසු නොවන බව සිතන්න. ඇය දක්ෂතා රැසක් ඇති සුපිරි තරුවක්.

    කීර්තිමත් පුද්ගලයන් 10 ක් සෑම ගැහැණු ළමයෙක්ම ඔවුන් වීමට කැමතියි # 4 |  ඇගේ අලංකාරය

    5. කයිලි ජෙනර්  Kylie Jenner – කර්ඩීෂියන් පවුලේ බාලම දියණිය කයිලි ජෙනර් වන අතර ජනප්‍රියත්වය අනුව කිම්ට එරෙහිව තරඟ කළ එකම තැනැත්තිය ද ඇය විය හැකිය. කාර්ඩාෂියන් පවුලේ සෙසු අයට සමාජ මාධ්‍යවල අනුගාමිකයන් විශාල ප්‍රමාණයක් සිටින බව සහතික වුවත්, කයිලි සහ කිම්ට පමණක් එය මිලියන 100 ඉක්මවා ඇත. ඇත්ත වශයෙන්ම, කයිලි පිටුපස සිටින්නේ මිලියන 4 ක් පමණි.  20 වන වියේ පසුවන ඇය දැනටමත් මවක් වීම විශේෂත්වයකි.

    10 Celebrities So Beautiful Every Girl Wants To Be Them | Her Beauty

    6. එමිලියා ක්ලාක් Emilia Clarke – එමිලියා ක්ලාක් බොහෝ චිත්‍රපටවල රඟපා ඇති නමුත් ඩෙනේරිස් ටාගරියන් Daenerys Targaryen (පළමු උත්සාහයේදී ඔබට එය නිවැරදිව උච්චාරණය කළ හැකිද?) හෝ ගේම් ඔෆ් ත්‍රෝන්ස් හි කලීසිගේ චරිතය නිසා බොහෝ දෙනා ඇයව හොඳින් දනිති. 

    කීර්තිමත් පුද්ගලයන් 10 ක් සෑම ගැහැණු ළමයෙක්ම ඔවුන් වීමට කැමතියි # 2 |  ඇගේ අලංකාරය

    7. ඈෂ්ලි ග්‍රැහැම් Ashley Graham
    ඈෂ්ලි ග්‍රැහැම් ඇමරිකානු ප්ලස් ප්‍රමාණයේ නිරූපිකාවක් American plus size model වන අතර සුන්දර යැයි සැලකීමට ඔබ සිහින් විය යුතු නැති බවට ඇය ජීවමාන සාක්ෂියකි. අලංකාරය සෑම හැඩයකින්ම සහ ප්‍රමාණයකින්ම පැමිණෙන බව ඇය විශ්වාස කරන අතර, අපි ද ඇය දෙස බලා එය විශ්වාස කරමු.

    කීර්තිමත් පුද්ගලයන් 10 ක් සෑම ගැහැණු ළමයෙක්ම ඔවුන් වීමට කැමතියි # 3 |  ඇගේ අලංකාරය

    8. රිහානා  Rihanna – රිහානා සෑම රීතියකටම ව්‍යතිරේකයකි. සිහින් කීර්තිමත් පුද්ගලයින් දැඩි ආහාර වේලක් සහ දැඩි ව්‍යායාම පුරුද්දක් තබා ගැනීමට උපරිම උත්සාහයක් ගන්නා අතර, එතරම් සිහින් නොවන අය ශරීර ධනාත්මකතාව ගැන කතා කරති. රිහානා ඒ කිසිවක් ගණන් ගන්නේ නැත, ඇය කුමක් වුවත් තමාට ආදරය කරයි. ඇය විටෙක සිහින් වන අතර තවත් විටෙක මහතට පෙනේ. අපට රිහානා වැනි තවත් චරිත නිරූපණ අවශ්‍යයි.

    කීර්තිමත් පුද්ගලයන් 10 ක් සෑම ගැහැණු ළමයෙක්ම ඔවුන් වීමට කැමතියි |  ඇගේ අලංකාරය

    9. බෙලා හැඩිඩ් Bella Hadid – බෙලා හැඩිඩ් ඇගේ slim figure සහ hourglass shape හැඩය සඳහා ප්‍රසිද්ධය. ඇය වඩාත්ම සාර්ථක ඇමරිකානු නිරූපිකාවකි.  බෙලා අනිවාර්යයෙන්ම ජානමය වශයෙන් ආශීර්වාද ලත් තැනැත්තියක් වන අතර, ඇය පැහැදිලිවම බොහෝ වැඩ කටයුතු කරයි. එය අර්ථවත් කරයි.

    කීර්තිමත් පුද්ගලයන් 10 ක් සෑම ගැහැණු ළමයෙක්ම ඔවුන් වීමට කැමතියි # 2 |  ඇගේ අලංකාරය

    10. කිම් කාර්ඩාෂියන් Kim Kardashian – කිසිම හේතුවක් නොමැතිව කිම් ප්‍රසිද්ධ යැයි බොහෝ දෙනෙක් තර්ක කළ හැකිය, නමුත් අපි තර්ක කරන්නේ ඇය වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ඇගේ ඇදහිය නොහැකි නිතඹ නිසා බවයි. ඇයගේ නිතඹ ස්වාභාවිකද, නැතහොත් ඇය යම් ක්‍රියා පටිපාටියක් කර ඇත්ද යන්න පිළිබඳව විශාල කතාබහක් හා උපකල්පන ඇත. නමුත් ඇයගේ පෙනුමේ සිත් ඇදගන්නා සුළු බව ඔබ පිළිගත යුතුය.

    කීර්තිමත් පුද්ගලයන් 10 ක් සෑම ගැහැණු ළමයෙක්ම ඔවුන් වීමට කැමතියි # 3 |  ඇගේ අලංකාරය

    hearbeauty.com ඇසුරිණි – සැකසුම – තුෂාධවි

  • හෙළ පැණිය සමග ‘හෙළිවෙන හෙළුව’

    හෙළ පැණිය සමග ‘හෙළිවෙන හෙළුව’

    ඉවසීමෙන් තර්කානුකූලව සිතීමේ පුහුණුවක්, පුරුද්දක් ඇති සමාජයක් අද නැත. එවැනි සමාජයක් හැදීම, අතිශය තරගකාරී විවෘත වෙළඳපල ආර්ථිකයට අවශ්‍ය හිස් පාරිභෝගිකයින් හැදීම සමග නොගැලපෙන්නකි.

    එනිසා පසුගිය අවුරුදු 40ක කාලයේ පරම්පරා දෙකක්ම මේ විවෘත වෙළඳපල සමග හැදුනේ අලෙවි ප්‍රචාරණ මගින් උසස් යැයි සහතික ලබාදෙන භාණ්ඩ ප්‍රශ්න කිරීමකින් තොරව මිලට ගැනීමේ හිස් පාරිභෝගිකයන් ලෙසින්ය. 

    එවැනි පාරිභෝගිකයින් බවට වැඩියෙන්ම පත්ව ඇත්තේ තරගකාරී ජීවිත වලට කොටුවී ඉන්නා මැද පංතිකයින්ය. විවෘත වෙළඳපල ආර්ථිකය විසින් බහුතර ග්‍රාමීය සමාජය අතහැර දමා ඇති හෙයින් ඒ ජනතාව තමන්ගේ ප්‍රශ්න සඳහා කවර හෝ විසඳුම් සොයා යන පිරිසක් බවට නිතැතින්ම පත්වෙති. 

    එවැනි සමාජයක ඉතිරි වන්නේ අලෙවි ප්‍රචාරණ පසුපස යන පාරිභෝගිකයින් සහ තම ප්‍රශ්න විසඳා ගැනීමට ඕනෑම දෙයක් බාරගැනීමට සූදානම් ජනතාවකි. 

    එබැවින් තොග පිටින් නොමිලේ බෙදන්නට පැණියක් හැදීමට මේ රටේ මී පැණි හොයා ගත හැකිද යැයි ප්‍රශ්න අසන්නෙකු නැත. එවගේම වාණිජ මට්ටමෙන් ශාක ඖෂධ වගා නොකරන රටේ, මේ පැණිය හැදීමට යොදා ගන්නා ශාක ඖෂධ තොග සපයා ගත්තේ කෙසේද යැයි අසන කෙනෙක්ද නැත. වෙනිවැල්ගැට වඳවී යන ශාකයක් ලෙස කැපීම, ප්‍රවාහනය කිරීම, ළඟ තබා ගැනීම, අලෙවි කිරීම තහනම් කර ඇති බැවින් මේ සා විශාල තොග නිෂ්පාදනයකට වෙනිවැල්ගැට ලබා ගත්තේ කෙසේ දැයි අසන්නෙකුද නැත. 

    එළෙස ඕනෑම දෙයක් විචාරයකින් තොරව බාර ගන්නා සමාජයක් බවට අප පත්කර ඇත්තෙ එසේ නොවන්නේ නම් මේ විවෘත වෙළඳපල ආර්ථිකය පවත්වා ගත නොහැකි හෙයිනි. ඒ සඳහා වන සහතිකලාභීන් මිස උගතුන් නොහදන අධ්‍යාපනයක්ද, ප්‍රචාරක වාසි සඳහා මේ වෙළඳපලින් යැපෙන සමාජ වගකීමක් නොදන්නා මාධ්‍ය භාවිතයක්ද අපි නඩත්තු කරන්නෙමු.

    මේ ඒ සියල්ල සිදුවන ආකාරය පෙන්වන මාධ්‍ය වාර්තාවකි.  –  https://youtu.be/Z5w9Ccb-2A8

    සටහන – කුසල් පෙරේරා

  • LPL හැඩ කරන අයිය-මලෝ ජෝඩු හතර

    LPL හැඩ කරන අයිය-මලෝ ජෝඩු හතර

    අභිනව තරගාවලියේදීම බොහෝ දෙනාගේ අවධානය දිනා තිබෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය මේ දිනවල ඉතාමත් සාර්ථකව හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙමින් පවතියි. සුපිරි පන්දුවාරයක් දක්වා දිග හැරුණු සමාරම්භක තරගයේ සිටම මේ වන තෙක් පැවැති තරග සියල්ලෙහිම පැවැති තියුණු තරගකාරී බව තරගාවලියේ ආකර්ශනය දිනා ගැනීමට හේතු වුණු ප්‍රධාන කරුණකි.

    මේ අතර එම තරගාවලිය සඳහා එකම පවුලේ සොහොයුරන් සිව් යුගලක් තරගාවලිය නියෝජනය කිරීමද බොහෝ දෙනාගේ අවධානය යොමුවී තිබෙන කරුණක් බවට පත්ව තිබේ. ක්‍රිකට් පිටියේදී සොහොයුරන් යුගලක් එකම කණ්ඩායමකට ක්‍රීඩා කිරීම සාමාන්‍ය කරුණක්. එහෙත් මේ තරගාවලියේ ඇති විශේෂත්වයක් බවට පත්ව තිබෙන්නේ ක්‍රීඩා කරනු ලබන ක්‍රීඩකයින්ට අමතරව තරග තීරක මඩුල්ලේ සහ විනිසුරු මඩුල්ලේද එවැනි යුගලයන් ද්විත්වයක් කටයුතු කිරීමයි.

    වනිඳු හසරංග ද සිල්වා සහ චතුරංග ද සිල්වා එක් සොහොයුරන් යුගලයක් වන අතර ජාතික වරම් දිනා සිටින විශ්ව ප්‍රනාන්දු සහ නුවනිඳු ප්‍රනාන්දු තරගාවලිය නියෝජනය කරනු ලබන අනෙක් සොහොයුරන් යුගලය වේ. මේ අතර කලක් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන ලද ග්‍රැහැම් ලැබ්‍රෝයි සහ වෙන්ඩල් ලැබ්‍රෝයි තරග තීරක මඩුල්ල නියෝජනය කරමින් මෙම තරගාවලියේදී දෙසොහොයුරන් ලෙසින් කටයුතු කරන අතර රෝහිත කොට්ටහච්චි සහ රවීන්ද්‍ර කොට්ටහච්චි විනිසුරු මඬුල්ල නියෝජනය කරමින් මෙම ඓතිහාසික තරගාවලියට දායකත්වය ලබා දෙති.

    මෙතෙක් පැවැති තරගවලදී වැඩිම අවධානයක් දිනා සිටින ක්‍රීඩකයකු බවට පත්ව සිටින ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ වනිඳු හසරංග ද සිල්වාගේ වැඩිමහල් සොහොයුරා වන්නේ චතුරංග ද සිල්වාය.  ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලබා සිටින මෙම ක්‍රීඩකයින් දෙපළම තුන් ඉරියව් ක්‍රීඩකයින් ලෙසින් ජැෆ්නා ස්ටැලියන්ස් පිලට සිය දායකත්වය ලබාදීමද කැපී පෙනෙයි.

    ප්‍රනාන්දු පවුල නියෝජනය කරමින් මෙම තරගාවලියට පැමිණ සිටින විශ්ව සහ නුවනිඳු අතරින් වැඩිමහල් සහෝදරයා වන්නේ විශ්ව ප්‍රනාන්දුය. මොවුන් දෙදෙනා එකිනෙකාට එදිරිව තරගාවලිය නියෝජනය කරති. එහිදී විශ්ව කැන්ඩි ටස්කර්ස් පිලද නුවනිඳු ජැෆ්නා ස්ටැලියන්ස් පිලද නියෝජනය කරති. වනිඳු සහ චතුරංග තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දක්වද්දී  විශ්ව සහ නුවනිඳු එකිනෙකාට වෙනස් දක්ෂතා හරහා මෙම එල්.පී.එල්. තරගාවලිය නියෝජනය කිරීමට වරම් ලබා තිබේ. ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය වේගපන්දු යවන්නා ලෙසින් කටයුතු කරන විශ්ව, වේග පන්දුවෙන් කණ්ඩායමට දායකත්වය ලබා දෙද්දී නිවනිඳු ඉදිරි පෙළ පිතිකරුවකු වශයෙන් තම කණ්ඩායමට එකතුව සිටියි. 

    ක්‍රීඩකයින්ගෙන් පරිබාහිරව බැලීමේදී තරගාවලියට සහෝදරයින් දෙපළක් ලෙසින් ඉදිරිපත්ව සිටින අනෙක් යුගලය වන්නේ ලැබ්‍රෝයි සහෝදරයින්ය. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග තීරකවරුන් ලෙසින් කටයුතු කරන ලැබ්‍රෝයි සහෝදරයින් අතරින් ග්‍රැහැම් වැඩිමහල් සහෝදරයා වන්නේය. සිය සහෝදරයා ගිය අඩි පාරේම යමින් තරග තීරකවරයකු බවට පත්ව සිටින වෙන්ඩල් ද වැඩිමහල් සහෝදරයා මෙන්ම වේග පන්දු යවන්නකු ලෙස ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලැබූවෙකි.

    ග්‍රැහැම් ලැබ්‍රෝයි ටෙස්ට් සහ එක්දින තරග දෙඅංශයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට සමත්ව ඇතත් වෙන්ඩල් ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග වරම් දිනා ගැනීමට සමත්ව සිටියි. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේද සහෝදරයින් යුගලයක් තරග තීරකවරුන් ලෙස කටයුතු කිරීමේ දුර්ලබ අවස්ථාවක්  නිර්මාණය කිරීමට සමත්ව සිටින ලැබ්‍රෝයි සහෝදරයින් අතරින් වැඩිමලයා වන ග්‍රැහැම් සමාරම්භක තරගයේ තරග තීරක ලෙස කටයුතු කරද්දී ඊට පසු දින පැවැති ජැෆ්නා ස්ටැලියින්ස් සහ ගෝල් ග්ලැඩියේටර් අතර තරගයේ දී ඔහුගේ සොහොයුරු වෙන්ඩල් තරග තීරකවරයා ලෙසින් කටයුතු කළේය.

    මේ අතර තරගාවලියට එක්ව සිටින සිව්වැනි සහෝදරයින් යුගලය වන්නේ කොට්ටහච්චි පවුල නියෝජනය කරමින් පැමිණ සිටින රෝහිත සහ රවීන්ද්‍ර යුගලයයි.  සහෝදරයින් සිව් දෙනෙකුගෙන් සමන්විත කොට්ටහච්චි පවුලේ රෝහිත සහ රවීන්ද්‍ර හැරුණු විට අනෙක් සහෝදරයින් දෙදෙනාද මෙරට පළමු පෙළ තරග විනිශ්චයේ නියැළී සිටීම විශේෂත්වයක් වේ.

    ඒ අතරින් එල්.පී.එල්. තරගාවලියට සේවය ලබා දී සිටින සහෝදරයින් යුගලය අතරින් රෝහිත වැඩිමහල් සහෝදරයා වන්නේය. පළමු පෙළ තරගාවලිය නියෝජනය කිරීමට තරම් දක්ෂ ක්‍රීඩකයකු වූ රෝහිත 2000 වසරේ සිට පළමු පන්තියේ විනිසුරුවරයෙක් ලෙස ශ්‍රී ලාංකේය ක්‍රීඩාවට දායකත්වය ලබා දෙමින් සිටියි.

    ඔහුගේ සොහොයුරා වන රවීන්ද්‍රද පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය නියෝජනය කර තිබෙන අතර සිය සහෝදරයාගේ ආගමනයෙන් වසර 6 කට පසුව හෙවත් 2006 වසරේ සිට විනිසුරුකරණයේ නියැළෙමින් සිටියි. රෝහිත ඉකුත් නොවැම්බර් 28 වැනි දින පැවැති ගෝල් ග්ලැඩියේටර්ස් සහ කලම්බු කිංග්ස් අතර පැවැති තරගයේදී පිටියේ විනිසුරුවරයකු ලෙස සිය එල්පී.එල්. රාජකාරි අරඹද්දී ඔහුගේ සොහොයුරා වන රවීන්ද්‍ර මහනුවර ටස්කර්ස් සහ දඹුල්ල වයිකින්ස් අතර තරගයේ සිව්වැනි විනිසුරු ලෙස සිය දායකත්වය ලබා දෙමිනි.

    උපුටා ගැනීම – ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබ්අඩවිය

  • ලංකාවේ ලාබාලතම කොවිඩ් මරණය රිජ්වේ ආර්යා ළමා රෝහලෙන්

    ලංකාවේ ලාබාලතම කොවිඩ් මරණය රිජ්වේ ආර්යා ළමා රෝහලෙන්

    නියුමෝනියාව හා කොවිඩ් තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් අද (08) දින බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේදී දින 20ක් වයසැති බිළිදෙකු මියගිය බව සෞඛ්‍ය බලධාරීන් තහවුරු කළා.

    මෙරටින් වාර්තා වූ ළාබාලත ම කොවිඩ් මරණය එය බවයි සෞඛ්‍ය බලධාරීන් පැවසුවේ.

    තොටළඟ ප්‍රදේශයේ උපත ලබා ඇති එම බිළිඳා උග්‍ර නියුමෝනියා තත්ත්වය හේතුවෙන් ඊයේ (07) රාත්‍රියේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කළ බවයි රෝහල් බලධාරීන් පැවසුවේ.

    බිළිදා මියගිය පසු සිදුකළ පීසීආර් පරීක්ෂාවෙන් ඔහුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙන නමුත් ඔහුගේ මව්පියන්ට කොවිඩ් -19 ආසාදනය වි නොමැති බව ඔවුන්ට සිදුකළ පීසීආර් පරීක්ෂණවලින් අනාවරණ වූ බව ද රෝහල් බලධාරීන් ප්‍රකාශ කළා.

    මේ සිදුවීම දෙමාපියන්ගේ සහ සෞඛ්‍ය බලධාරීන්ගේ දැඩි අවධානයට යොමුවිය යුතු කරුණක් බවයි අප කළ විමසීමක ද සෞඛ්‍ය අංශ ප්‍රවීණයෙක් සදහන් කළේ.

  • ලබන වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි 05 වැනිදා

    ලබන වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි 05 වැනිදා

    2021 වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි 05 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (08) තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

    ලබන වසරේ මුල් පාර්ලිමේන්තු රැස්වීමේදී විවාදයට ගනු ලබන කරුණු පිළිබඳව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව නැවත වරක් රැස්වී තීරණයක් ගැනීමට නියමිතව තිබේ.

    කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී, රජයේ මුදල් කාරක සභාවේ සාමාජිකයන්ගේ සංඛ්‍යාව වැඩිකිරීමට තීරණය වූ බවද දසනායක මහතා පැවසීය.

    ඒ අනුව එම කාරක සභාවේ සාමාජිකයින් සංඛ්‍යාව 18 සිට 21 දක්වා වැඩි වන අතර ආණ්ඩු පක්ෂයට එක් සාමාජිකත්වයක් ද, විපක්ෂයට සාමාජිකත්වයන් 02ක් ද එකතු වනු ඇත.

    මෙම රැස්වීමට නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් මහතා, සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, ප්‍රසන්න රණතුංග, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර කුමාර දිසානායක, මහින්ද සමරසිංහ, ගයන්ත කරුණාතිලක, රවුෆ් හකීම්, රංජිත් මද්දුමබණ්ඩාර, එම්.ඒ.සුමන්තිරන් යන මහත්වරුද සහභාගී වූහ.

  • ලංකාව පැණි පස්සේ යද්දී ‘ලෝකයේ පළමු Pfizer/BioNTech එන්නත’ ලබාදීම ඇරඹෙයි

    ලංකාව පැණි පස්සේ යද්දී ‘ලෝකයේ පළමු Pfizer/BioNTech එන්නත’ ලබාදීම ඇරඹෙයි

    ඉහළ ඡායාරූපය – මාග්‍රට් කීනන්ට මෙම එන්නත ලබා දුන්නේ කොවෙන්ට්‍රි විශ්ව විද්‍යාල රෝහලේ පාලකයෙකු වන මේ පාර්සන්ස් විසිනි

    මහා පරිමාණ එන්නත් කිරීමේ වැඩසටහනක කොටසක් ලෙස ලොව ප්‍රථම වරට ෆයිසර් කොවිඩ් -19 එන්නත Pfizer Covid-19 jab ලබා දුන් පුද්ගලයා බවට එක්සත් රාජධානියේ 90 වියැති කාන්තාවක් පත්වූවාය.

    ලබන සතියේ 91 වන වියට පා තබන මාග්‍රට් කීනන් Margaret Keenan නම් එම මිත්තණිය පැවසුවේ එය “හොඳම පෙර උපන්දින තෑග්ග” බවයි.

    ඇයට ලබා දුන් ෆයිසර් / බයෝ එන්ටෙක් එන්නත (Pfizer/BioNTech vaccine) මාත්‍රාව මේ වන විට නිෂ්පාදිත මුල් තොගය වන, එන්නත් මාත්‍රා 800,000 න් පළමුවැන්න වන අතර ඒවා ඉදිරි සතිවලදී බෙදා හරිනු ඇත.

    දෙසැම්බර් මාසය අවසන් වන විට තවත් එන්නත් මාත්‍රා මිලියන හතරක් නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කෙරේ.

    එක්සත් රාජධානියේ වසය අවුරුදු 80 ට වැඩි පුද්ගලයින්ට සහ සෞඛ්‍ය හා සත්කාර කාර්ය මණ්ඩලයට මුලින්ම එන්නත් ලබාදීම සිදුවනු ඇති අතර මෙම වැඩසටහන මගින් වඩාත් අවදානමට ලක්විය හැකි අයව ආරක්ෂා කර ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම අරමුණු කර ගෙන ඇත.

    අඟහරුවාදා V-day ලෙස නම් කර ඇති සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් Matt Hancoc පැවසුවේ මෙම එන්නත “විද්‍යාත්මක ප්‍රයත්නය, මානව දක්ෂතාවය සහ බොහෝ මිනිසුන්ගේ වෙහෙස මහන්සියට උපහාරයක්” බවයි.

    “අද අපේ පොදු සතුරා වන කොරෝනා වෛරසයට එරෙහි සටනේ ආරම්භය සනිටුහන් වේ,” ඔහු පැවසීය.

    තම රටේ පළමු පුද්ගලයාට එන්නත ලබා දෙනු දැකබලා ගැනීම සදහා ලන්ඩන් රෝහලට ගිය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් එම අවස්ථාවේදී “ එය ඔබට යහපතක් වන අතර මුළු රටටම යහපතක්” යැයි පැවසීය.

    ස්කොට්ලන්තයේ පළමු ඇමති නිකොලා ස්ටර්ජන් පැවසුවේ “අද අපි හැමෝටම සිනහවක් ඇති කර ගත යුතුයි. නමුත් අපි අපේ ආරක්‍ෂාව අතහරින්නේ නැහැ.” යනුවෙනි.

    කොවෙන්ට්‍රි හි එන්නත ලබා දුන් දෙවන පුද්ගලයා වෝර්වික්ෂයර් හි 81 හැවිරිදි විලියම් ෂේක්ස්පියර් ය. ඔහු කියා සිටියේ පළමු මාත්‍රාව ලබා දීම ගැන තමා සතුටු වන බවත් රෝහල් කාර්ය මණ්ඩලය “අපූරු” බවත් ය.

    කොවෙන්ට්‍රි විශ්ව විද්‍යාල රෝහලේදී, පාලක මේ පාර්සන්ස් (May Parsons) විසින් කීනන් මහත්මියට පළමු එන්නත් මාත්‍රාව ලබා දුන්නාය.

    “කොවිඩ් -19 ට එරෙහිව එන්නත ලබා දුන් පළමු පුද්ගලයා වීම මට මහත් වරප්‍රසාදයක් යැයි මම සිතමි. එය මට ප්‍රාර්ථනා කළ හැකි හොඳම මුල් උපන්දින තෑග්ග වන අතර එයින් අදහස් කරන්නේ අවුරුද්දේ වැඩි කාලයක් තනියම සිටීමෙන් පසු නව වසරේදී මගේ පවුලේ අය සහ මිතුරන් සමඟ කාලය ගත කිරීමට බලාපොරොත්තු විය හැකි බවයි. එන්නත ලබා දෙන ඕනෑම කෙනෙකුට මගේ අවවාදය නම් එය ගන්න. මට එය 90 ට ලබා ගත හැකි නම් ඔබටත් එය ලබා ගත හැකිය,” ඇය තවදුරටත් පැවසුවාය.

    “ඓතිහාසික මොහොත” දුටු එංගලන්තයේ ජාතික සෞඛ්‍ය සේවයෙ හි ජාතික වෛද්‍ය අධ්‍යක්ෂ මහාචාර්ය ස්ටීවන් පවිස් පැවසුවේ “අපට ඇයව බදා ගැනීමට නොහැකි නමුත් අපට අත්පුඩි ගසන්නට හැකි වූ අතර කාමරයේ සියල්ලන්ම එසේ කළහ.”

    කොවෙන්ට්‍රි හි එන්නත ලබා දුන් දෙවන පුද්ගලයා වෝර්වික්ෂයර් හි 81 හැවිරිදි විලියම් ෂේක්ස්පියර් ය. ඔහු කියා සිටියේ පළමු මාත්‍රාව ලබා දීම ගැන තමා සතුටු වන බවත් රෝහල් කාර්ය මණ්ඩලය “අපූරු” බවත් ය.

    සහෝදරිය ජොආනා ස්ලෝන්
    හෙදියක වන ජොආනා ස්ලෝන් පැවසුවේ ඇය කාලයක් තිස්සේ එන්නත බලාපොරොත්තුවෙන් සිටි බවයි

    පසුගිය සතියේ නියාමකයින් විසින් අනුමත කිරීමෙන් පසු ෆයිසර් එන්නත භාවිතා කිරීම ආරම්භ කළ ලොව පළමු රට එක්සත් රාජධානියයි 

    මේ පිළිබද අදහස් දක්වමින් සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් අවධාරණය කළේ ජනතාවට එන්නත සඳහා ඉල්ලුම් කිරීමට අවශ්‍ය නොවන බවයි. ජාතික සෞඛ්‍ය සේවය සුදුසුකම් ඇති අය සමඟ සම්බන්ධ වනු ඇති අතර “කරුණාකර ඔබේ රට වෙනුවෙන් ඉදිරියට යන්න” යනුවෙන් ඔහු ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය.

    සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් අවධාරණය කළේ ජනතාවට එන්නත සඳහා ඉල්ලුම් කිරීමට අවශ්‍ය නොවන බවයි

    කොවිඩ් -19 පරීක්ෂණයෙන් දින 28 ක් තුළ එක්සත් රාජධානියේ 60,000 කට වැඩි පිරිසක් මියගොස් ඇති නමුත් වසංගතයේ දෙවන රැල්ලේ උච්චතම අවස්ථාව එක්සත් රාජධානිය විය හැකි බවට ලකුණු තිබේ.

    නොවැම්බර් 27 න් අවසන් සතිය සඳහා ජාතික සංඛ්‍යාලේඛනඥයින් විසින් නිකුත් කරන ලද නව දත්ත වලින් පෙනී යන්නේ මරණ 14,106 න් 3,400 කට ආසන්න සංඛ්‍යාවක් කොවිඩ් සම්බන්ධ බවයි.

    මෙය පස් අවුරුදු සාමාන්‍යයට වඩා 20% වැඩි නමුත් පසුගිය සති දෙක තුළ දක්නට ලැබෙන ප්‍රතිශතයට සමාන වේ.

    බොරිස් ජොන්සන්: ‘එය ක්‍රමයෙන් විශාල වෙනසක් ඇති කරයි … නමුත් අපි තවමත් මෙම වෛරසය පරාජය කර නැත. 

    ලන්ඩනයේ ගයිස් රෝහලට ගිය අවස්ථාවේදී අගමැති බොරිස් ජොන්සන් 81 හැවිරිදි ලින් වීලර් සමඟ කතා කළේය.

    “ඇය එය කරන්නේ බ්‍රිතාන්‍යය වෙනුවෙන් බව ඇය පවසනු ඇසීම ඇත්තෙන්ම සතුටට කරුණකි. එය හරියටම නිවැරදියි – ඇය තමාව ආරක්ෂා කරගන්නවා පමණක් නොව මුළු රටම ආරක්ෂා කිරීමටද උදව් කරයි” යනුවෙන් ජොන්සන් මහතා පැවසීය.

    මීට පෙර අග්‍රාමාත්‍යවරයා ජාතික සෞඛ්‍ය සේවයට සහ “මෙම එන්නත නිපදවීම සඳහා මෙතරම් වෙහෙස මහන්සි වී වැඩ කළ සියලුම විද්‍යාඥයින්ට” ස්වේච්ඡා සේවකයන්ට සහ “අන් අය ආරක්ෂා කිරීම සඳහා නීති රීති අනුගමනය කළ සැමට” ස්තූතිය පුද කළේ

    ෆයිසර් එන්නතට මාත්‍රා දෙකක් අවශ්‍ය වන්නේ කෙසේද?

    කෙසේ වෙතත්, මෙම මාසය අවසන් වන විට තවත් මාත්‍රාවන් මිලියන හතරක් එක්සත් රාජධානියට පැමිණිය යුතු බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළද, ඒවායින් බොහොමයක් ලබන වසර වන තෙක් ලබා ගත හැකි වනු ඇතැයි අපේක්ෂා නොකෙරේ.

    පළමු සෞඛ්‍ය සේවකයින්, රැකවරණ කාර්ය මණ්ඩලය සහ 80 ට වැඩි අයට එන්නත ලබා ගැනීම සඳහා සති කිහිපයක් ගතවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව හැන්කොක් මහතා පැවසීය.

    එන්නත කාර්ය සාධක බලකායේ සභාපතිනි කේට් බිංහැම් ධනාත්මක සටහනක් තැබූ අතර ඇය ඉතා හෘදයාංගමව කියා සිටියේ 2021 ගිම්හානය දීප්තිමත් එකක් වනු ඇතැයි තමා විශ්වාස කරන බවත් තමා දැනටමත් කෝර්න්වෝල් හි නිවාඩුවක් වෙන්කරගෙන ඇති බව පැවසීය.

    බී.බී.සී ඇසුරිණි – සැකසුම- තීක්ෂණ වෙළෙන්එගොඩ

  • ඇමෙරිකානු බුද්ධි අංශ ප්‍රධානියාගෙන් චීනය ගැන බරපතළ හෙළිදරව්වක්

    ඇමෙරිකානු බුද්ධි අංශ ප්‍රධානියාගෙන් චීනය ගැන බරපතළ හෙළිදරව්වක්

    දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව “ප්‍රජාතන්ත්‍රවාදයට සහ නිදහසට ඇති වී තිබෙන විශාලතම තර්ජනය” වන්නේ චීනය බව ඇමරිකා එක්සත් ජනපදයේ බුද්ධි අංශ ප්‍රධානියා පවසයි.

    ජෝන් රාට්ක්ලිෆ් පවසන්නේ එක්සත් ජනපදයේ බුද්ධිමය දේපල සොරා ගෙන, වෙළඳපොළේ පවතින ඇමරිකානු සමාගම් වෙනුවට චීන සමාගම් ප්‍රතිස්ථාපනය කරමින් චීනය තම බලය වර්ධනය කර ගනිමින් සිටින බවය.

    මේ බව සඳහන් කර ඇත්තේ වෝල් ස්ට්‍රීට් ජර්නල් (Wall St Journal) නමැති සඟරාවට ඔහු විසින් සපයනු ලැබූ ලිපියක ය.

    චීනය බුද්ධිමය දේපළ සොරා ගන්නා බවට චෝදනා කරමින් ට්‍රම්ප් පරිපාලනය චීනයට එරෙහිව දැඩි පියවර ගනිමින් සිටියේය. ඒ අනුව, චීන භාණ්ඩවලට වැඩි තීරුබදු පැනවීමට ද පියවර ගනු ලැබිණි.

    us and china flags in Yiwu, China

    එක්සත් ජනපද බුද්ධි අංශ ප්‍රධානියාගේ ප්‍රකාශය පිළිබඳව චීනය මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැත.

    කෙසේ නමුත්, චීන භාණ්ඩවලට නව තීරුබදු පැනවීම සහ චීන දුරකථන සමාගමක් වන හුවාවෙයි, ඇමරිකානු වෙළඳපොළෙන් ඉවත් කිරීම වැනි පියවර ඉදිරියේ චීනය බලවත් ලෙස ප්‍රතිචාර දැක්වීය.

    ඇමරිකාවට එරෙහිව යාම සඳහා චීනය සැරසෙමින් සිටින අතර “ආර්ථිකයෙන්, හමුදාවෙන් සහ තාක්ෂණයෙන්” ලෝකය යටත් කර ගැනීමට බීජිං පරිපාලනය කටයුතු කරමින් සිටින බවයි ජෝන් රාට්ක්ලිෆ් පවසන්නේ.

    රාට්ක්ලිෆ් ගේ ඇතැම් ප්‍රකාශ ,එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සහ FBI රහස් ඔත්තු සේවයේ ප්‍රධානී ක්‍රිස්ටෝපර් ව්රේ විසින් මීට පෙර සිදු කරනු ලැබූ ප්‍රකාශයන්ට සමාන කමක් දක්වයි.

    ඔවුන් ද එවැනි ප්‍රකාශ සිදු කළේ ඇමරිකාවේ මිත්‍ර රටක් වූ ඔස්ට්‍රේලියාවට චීනය විසින් පීඩනයක් එල්ල කරනු ලැබූ අවස්ථාවේ දීය.

    චීනය ඒ වන විට, ඕස්ට්‍රේලියාවේ හැසිරීම වෙනස් කරවීම සඳහා ලැයිස්තුවක් ඉදිරිපත් කරමින් ඕස්ට්‍රේලියානු වයින් සඳහා හිටිහැටියේ ඉහළ තීරුබදු පනවා තිබුණි. ඇෆ්ඝනිස්ථානයේ දී ඕස්ට්‍රේලියානු හමුදාව විසින් කඩ කරනු ලැබූ බව පැවසෙන මානව හිමිකම් පිලිබඳ වාර්තා ගැන කතා කරමින් ඔස්ට්‍රේලියාව කුපිත කරවා තිබුණි.

    Reuters
    චීනය සහ එක්සත් ජනපදය අතර තිබූ මතභේද ට්‍රම්ප් පරිපාලනය යටතේ උණුසුම් විය

    එක්සත් ජනපදය විසින් “චීනයට එරෙහිව නොයෙකුත් පීඩාකාරී දේශපාලනික සටන්” දියත් කර ඇති බවට චීනයේ විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකාව පසුගිය බදාදා චෝදනා කළාය.

    ඇය තවදුරටත් කියා සිටියේ මෙය “චීනය මැඩපැවැත්වීම සඳහා අගතිගාමී මතවාද ඔස්සේ යොදවනු ලබන උපාය මාර්ගයක්” බවය.

    සිය දෛනික මාධ්‍ය හමුව අමතමින් “චීන කියමනක් තියෙනවා… ‘හිතේ තියෙන දේ තමයි ඇසින් දකින්නේ’ කියල” යැයි පැවසු චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා හුවා චුන්යින්ග් තවදුරටත් පැවසුවේ “හැම කෙනෙක්ම ඔත්තුකරුවන් ලෙස සැලකීම එක්සත් ජනපදය නතර කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා,” යනුවෙනි.

    රාට්ක්ලිෆ් කියන්නේ මොනවාද?

    එක්සත් ජනපද ජාතික බුද්ධි සේවයේ අධ්‍යක්‍ෂවරයා පවසන්නේ එක්සත් ජනපදයේ රහස් ඔත්තු සේවා ක්‍රියාකාරකම් දෙස දැන් ඇස ගසාගෙන සිටින්නේ රුසියාව නොව චීනය බවයි.

    චීනය ආර්ථිකමය ආකෘතියක් සහිත ඔත්තු බැලීමක යෙදී ඇති බව රාට්ක්ලිෆ් පවසයි. ඔහු එය හඳුන්වන්නේ “සොරා ගැනීම, ප්‍රතිනිර්මාණය සහ කලින් තිබූ දේ වෙනුවට එය ස්ථාපනය කිරීම” යනුවෙනි.

    ඊට උදාහරණයක් ලෙස ඔහු දක්වන්නේ, එක්සත් ජනපද සමාගමකින් සොරා ගත් තාක්ෂනය උපයෝගී කරගනිමින් සුළං ටර්බයින නිපදවා ලොව පුරා අලෙවි කිරීමට කටයුතු කළ චීන සමාගමක් නීතිය ඉදිරියේ වරදකරු වූ අවස්ථාවයි. එම චීන සමාගම ටර්බයින නිපදවීම හේතුවෙන් එක්සත් ජනපදයේ ටර්බයින සමාගමට කොටස්කරුවන් අහිමි වූ අතර එම සමාගමේ සේවකයන්ට රැකියා අහිමි විය.

    Getty Images
    කොරෝනා වෛරස් වසංගතය හමුවේ ද මෙම සුපිරි බලවතුන් දෙදෙනා අතර සබඳතා නීරස විය

    චීනය වසරකට ඩොලර් බිලියන 500ක් පමණ වටිනාකමකින් යුත් බුද්ධිමය දේපළ ප්‍රමාණයක් එක්සත් ජනපදයෙන් සොරා ගන්නා බව රාට්ක්ලිෆ් පවසයි. පර්යේෂණ වාර්තා සොරකම් කිරීමේ වරදට FBI ඔත්තු සේවය විසින් චීන ජාතිකයන් අත්අඩංගුවට ගනු ලැබීම් නිරන්තරයෙන් සිදු වෙයි. ඇමරිකාවේ හාවඩ් සරසවියේ රසායන විද්‍යා අංශයේ ප්‍රධානියාට ද මසකට ඩොලර් 50,000 බැගින් චීනයෙන් ගෙවීම් කර තිබු බව හෙළි වූයේ මෙම වසර මුල දී ඔහු අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුවය.

    හුවාවෙයි වැනි සමාගම් හරහා අනාරක්ෂිත තාක්ෂනයන් වෙනත් රටවලට හඳුන්වා දීම පිළිබඳව ද රාට්ක්ලිෆ් චීන රහස් ඔත්තු සේවයට චෝදනා කරයි. එවැනි අනතුරුදායක තාක්ෂණික මෙවලම් භාවිතා කරන මිත්‍ර රටවල් සමඟ වුවද එක්සත් ජනපදයේ බුද්ධි තොරතුරු හුවමාරු කර නොගන්නා බව ඔහු පැවසීය.

    “ජීව විද්‍යාත්මකව වැඩි දියුණු කළ හැකියාවන්” සහිත සොල්දාදුවන් බිහි කිරීමේ අරමුණින් චීන හමුදා භටයන් යොදා ගනිමින් “මිනිස් දේහය මත සිදු කෙරෙන අත්හදා බැලීම්” ද චීනය විසින් සිදු කොට ඇති බව එක්සත් ජනපද ඔත්තු සේවා පෙන්වා දුන් බව රාට්ක්ලිෆ් පවසයි.

    එමෙන්ම, චීනය කෙරෙහි මෘදු පිළිවෙතක් අනුගමනය කරන ලෙසට එක්සත් ජනපදයේ කොන්ග්‍රස් මණ්ඩල සාමාජිකයන් පොළඹවා ගැනීම සඳහා චීනය මහා පරිමානයේ වැඩ පිළිවෙලක් දියත් කර තිබුණු බවද ඔහු පවසයි. මේ සඳහා දේශපාලනඥයන්ට බලපෑම් කර ඇත්තේ එක්සත් ජනපදයේ දැවැන්ත සමාගම්වල පවතින වෘත්තීය සමිති යොදා ගනිමින් බව එහි සඳහන් වෙයි.

    Getty Images
    ට්‍රම්ප් ජනාධිපතිවරයා කොරෝනා වෛරසය හඳුන්වන්නට පටන් ගත්තේ “චීන වෛරසය” යන නමිනි

    එක්සත් ජනපද කොන්ග්‍රස් සභිකයන් පොළඹවා ගැනීමට චීනය දරා ඇති උත්සාහයන්ගේ වාර ගණන රුසියාව වඩා හය ගුණයකින් සහ ඉරානයට වඩා දොළොස් ගුණයකින් වැඩි බව ද රාට්ක්ල්ෆ් සඳහන් කරයි.

    එක්සත් ජනපදය මෙන්ම වෙනත් රටවලට ද චීනය බලපෑම් සිදු කරන බව ඔහු පෙන්වා දෙයි. “තමන් ඉහළින් ම නොසිටින අයුරින් ගෝලීය අනුපිළිවෙළ තනා තිබීම ඓතිහාසික වරදක් බවයි චීනය විශ්වාස කරන්නේ. ඔවුන්ගේ අරමුණ එය වෙනස් කරලා ලොව පුරා විසිරී ඇති නිදහස ආපස්සට හරවන්න.”

    ට්‍රම්ප්ගේ ධවල මන්දිරය චීනය හැසිරවූයේ කෙසේද?

    චීනය සහ එක්සත් ජනපදය අතර තිබූ මතභේද ට්‍රම්ප් පරිපාලනය යටතේ උණුසුම් විය.

    දෙරටම එකිනෙකාට එරෙහිව නව තීරුබදු පැනවීය. මෙසේ තීරුබදු පැනවූ භාණ්ඩවල වටිනාකම ඩොලර් බිලියන සිය ගණනකි. එමෙන්ම දෙරටම එකිනෙකාගෙන් යම් යම් භාණ්ඩ ආනයනය කිරීම සීමා කරමින් නීති පැනවීය.

    පසුගිය බ්‍රහස්පතින්දා ධවල මන්දිරය විසින් තවත් චීන සමාගම් හතරක් කළු ලැයිස්තුවට (අසාදු ලේඛනයට) ඇතුළත් කරනු ලැබුවේ එම සමාගම් චීන හමුදාවට සම්බන්ධකම් පවතින බවට චෝදනා කරමිනි.

    එක්සත් ජනපදය තුළ ඔත්තු බැලූ බවට චෝදනා එල්ල කරමින් හූස්ටන් නුවර තිබූ චීන කොන්සල් කාර්යාලය වසා දමන ලෙස එක්සත් ජනපදය ඉයෝග කළේ මෙම වසර මුලදී ය. චීනය ඊට ප්‍රතිචාර දැක්වූයේ චෙන්ග්ඩු නගරයේ තිබූ එක්සත් ජනපද කොන්සල් කාර්යාලය වසා දැමීමට නියෝග කරමිනි. එක්සත් ජනපදයේ සිටි චීන මාධ්‍යවේදීන් රටින් පිටමං කෙරුණි. චීනයේ සිටි ඇමරිකානු මාධ්‍යවේදීන්ට ද ඒ ඉරණම ම අත් විය.

    Getty Images
    බීජිං පරිපාලනය චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරයි

    කොරෝනා වෛරස් වසංගතය හමුවේ ද මෙම සුපිරි බලවතුන් දෙදෙනා අතර සබඳතා නීරස විය. ට්‍රම්ප් ජනාධිපතිවරයා කොරෝනා වෛරසය හඳුන්වන්නට පටන් ගත්තේ “චීන වෛරසය” යන නමිනි. එමෙන්ම, හොංකොං කලාපය අරඹයා චීනය ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් ද මෙම තත්වය තවත් නරක අතට හැරුණි.

    චීනය විසින් හොංකොං පරිපාලන කලාපයට නව ආරක්ෂක පනතක් සම්මත කරනු ලැබීමෙන් පසුව එක්සත් ජනපදය හොංකොං වෙත එකඟ වී තිබුණු අනුග්‍රහපූර්වක සත්කාර නිමා කරමින්, ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් නියෝගයකට අත්සන් තබන ලදී.

    මතභේදයට තුඩු දී තිබෙන මෙම චීන ආරක්ෂක පනත එක්සත් ජනපදය විසින් හඳුන්වනු ලැබුවේ හොංකොං පරිපාලනයේ ස්වාධීනත්වයේ අවසානය ලෙසිනි.

    චීනයේ ක්සින්ජියෑන් පළාතේ ජීවත් වන උයිගර් මුස්ලිම් සුළුතර ප්‍රජාවට එරෙහිව “භයංකාර සහ සැලසුම් සහගතව” මානව හිමිකම් කඩ කරමින් චීන පරිපාලනය කටයුතු කරන බවට ද එක්සත් ජනපදය චෝදනා එල්ල කළේය. එම නිසා චීන දේශපාලනඥයන් කීප දෙනෙකුට එරෙහිව තහංචි පැනවීමට එක්සත් ජනපදය පියවර ගත්තේය.

    උයිගර් මුස්ලිම්වරුන් විශාල ප්‍රමාණයක් රැඳවුම් භාරයේ තබන බවටත් අදහන ආගම අරභයා ඔවුනට වධ හිංසා පමුණුවන බවටත් උයිගර් මුස්ලිම්වරුන් බලහත්කාරයෙන් වන්ධ්‍යකරණයට ලක් කරනු ලබන බවටත් චීනයට චෝදනා එල්ල වී තිබේ.

    නමුත් බීජිං පරිපාලනය මෙම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරයි.

    නව ජනපති බයිඩන් වෙනස් මාවතක් ගනී ද?

    චීන සන්නිවේදන තාක්ෂනය වර්ජනය කිරීම සඳහා ගෝලීය සහයෝගය දිනා ගැනීමට ට්‍රම්ප් සමත් විය
    චීන සන්නිවේදන තාක්ෂනය වර්ජනය කිරීම සඳහා ගෝලීය සහයෝගය දිනා ගැනීමට ට්‍රම්ප් සමත් විය

    එක්සත් ජනපදයට අලුතින් තේරී පත්වී සිටින ජනාධිපතිවරයා වැඩ භාර ගන්නේ ජනවාරි මාසයේදී ය. චීනයට එරෙහිව ට්‍රම්ප් දියත් කර තිබූ ප්‍රතිපත්ති නව ජනාධිපතිවරයා විසින් ද දිගටම ක්‍රියාත්මක කරනු ඇති බවට අපේක්‍ෂා කෙරුණත් ට්‍රම්ප්ගේ වැඩි කැමැත්තට සිදු වූ ඒකපාර්ශවික වෙළඳ ගනුදෙනුවලට විරෝධය පෑ මිත්‍ර රාජ්‍යයන් සමඟ ද එක්වී ජෝ බයිඩන් කටයුතු කරනු ඇත.

    ධවල මන්දිරයේ සිටින බීබීසී වාර්තාකාරිනී ටාරා මකෙල්වී පවසන්නේ චීන වෙළඳ ගනුදෙනු සහ චීනය සමඟ පවතින අනෙකුත් ප්‍රශ්න සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක සිට කටයුතු කළ යුතු බවට, එක්සත් ජනපදයේ ප්‍රධාන දේශපාලන පක්‍ෂ සියල්ල එක්වී අත්සන් කෙරුණු එකඟතා ගිවිසුමක් පවතින බවය.

    චීන සන්නිවේදන තාක්ෂනය වර්ජනය කිරීම සඳහා ගෝලීය සහයෝගය දිනා ගැනීමට ට්‍රම්ප් සමත් විය.

    කෙසේ නමුත්, නැගී එන චීනය සමඟ සහයෝගයෙන් කටයුතු කළ හැකි අවකාශයන් සොයා ගැනීමට ජෝ බයිඩන් වඩා ක්‍රියාශීලි වනු ඇත. උදාහරණයක් ලෙස ගතහොත් කාලගුණික වෙනස්වීම් පිලිබඳ ප්‍රශ්නය විශේෂයෙන් සඳහන් කළ හැකිය.

    By bbc sandesaya