Blog

  • පාපන්දු ක්‍රීඩක දියාගෝ මැරඩෝනා මියයයි

    පාපන්දු ක්‍රීඩක දියාගෝ මැරඩෝනා මියයයි

    ලෝකයේ එතෙක් මෙතෙක් බිහි වූ සුපිරිම පාපන්දු තරුවක් වන ආර්ජන්ටිනා හිටපු පාපන්දු ක්‍රීඩක දියාගෝ මැරඩෝනා අද (25) දින මියගියා. මියයන විට 60 වැනි වියේ පසු වූ පාපන්දු තරුවගේ මරණයට හේතුව වශයෙන් සදහන් වන්නේ හෘදයාබාධයක්.

    1970 දශකයේ අග භාගයේ දී ජාත්‍යාන්තර පාපන්දු පිටියට පිවිසි මැරඩෝනා ලෝක පාපන්දු ශූරතා තරඟාවලියන්හි දී විශිෂ්ඨ දක්ෂතා දක්වා ඇති අතර 1986 වසරේ දී ආර්ජන්ටිනාවට ලෝක පාපන්දු ශූරතාවය දිනා දීමට ඔහු මුල්විය.

  • ICC Awards of the Decade සඳහා ‘ශ්‍රී ලංකාවෙන්’ නම් 04ක්

    ICC Awards of the Decade සඳහා ‘ශ්‍රී ලංකාවෙන්’ නම් 04ක්

    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරන “ICC Awards of the Decade” සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් සිවුදෙනකු යෝජනාවී ඇතැයි වාර්තා වෙනවා.

    ඒ අනුව මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, ලසිත් මාලිංග සහ රංගන හේරත් ගේ නම් විවිධ අංශ යටතේ යෝජනාවී තිබෙන බවයි එම වාර්තාවල සදහන් වන්නේ.

    දශකයක් තුළ ක්‍රීඩකයින් සහ ක්‍රීඩිකාවන් දක්වා ඇති දක්ෂතා අනුව ඡන්ද විමසීමකින් විවිධ අංශ ඔස්සේ “ICC Awards of the Decade” හි ජයග්‍රාහකයින් තෝරා ගැනීමට නියමිත අතර ඒ ඒ අංශවල හොඳම ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව තෝරාගැනීම සඳහා 10%ක් ක්‍රිකට් ලෝලීන්ගේ ඡන්දය ද ඉතිරි 90% විශේෂඥ කමිටු සාමාජිකයින් විසින් ලබාදෙන ඡන්දය ද භාවිත කිරීමට නියමිත අතර “ICC Spirit of Cricket Award of the Decade” ජයග්‍රාහකයා තෝරාගැනීම සඳහා 100%ක්ම භාවිත කරනුයේ ක්‍රිකට් ලෝලීන්ගේ ඡන්දයයි.

    2011 සිට තෝරා ගැනුණු ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතුරින් එහි ජයග්‍රාහකයා තෝරා ගැනීමට නියමිතව තිබෙනවා

  • ආණ්ඩුව සමාජ මාධ්‍ය දඩයම් කරන හේතු එරාන් වික්‍රමරත්න හෙළිකරයි

    ආණ්ඩුව සමාජ මාධ්‍ය දඩයම් කරන හේතු එරාන් වික්‍රමරත්න හෙළිකරයි

    අද වන විට ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍යයන් බොහොමයක් ආණ්ඩුවේ නිළ නොවන හොරණෑවන් බවට පත්ව ඇති පසුබිමක සමාජ මාධ්‍ය හා අන්තර් ජාලය ප්‍රධාන විකල්ප මාධ්‍ය ලෙස වැඩි වශයෙන් භාවිත් කෙරෙනවා

    මාධ්‍යයට පාර්ලිමේන්තු දොර වැසීම පිළිගත නොහැකියි

    ඕනෑම ශිෂ්ඨ සම්පන්න සමාජයක සිවිල් පාලනයක් තිබිය යුතු අතර, නීතියේ ආධිපත්‍ය තිබෙන අප ජීවත්වන විවෘත සමාජයේ මාධ්‍යයට ප්‍රධාන තැනක් හිමි වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා අද (25) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයේ දී කථා කළ වික්‍රමරත්න මහතා තව දුරටත් කථා කරමින්  මාධ්‍ය ගැන වාද විවාද කරන විට මාධ්‍යයට පාර්ලිමේන්තුව වසා ඇති බවත් මේ වසංගතය සියලු කොටස් වලට බලපාන එකක් හෙයින් මාධ්‍යට පාර්ලිමේන්තුවේ දොර වැසීම පිළිගත නොහැකි යැයි ද සඳහන් කළේය.

    මෙහිදී තව දුරටත් අදහස් දක්වමින් එරාන් වික්‍රමරත්න මහතා මෙසේද සදහන් කළේය,

    ‘ප්‍රජාතන්ත්‍රවාදී රටක සිවිල් පාලනයක් තිබිය යුතුයි. එම පාලනය යථාර්තයක් වන්නට නම් නිදහස් මාධ්‍යයක් තිබිය යුතුයි. එහෙයින්, රජයේ බලපෑමෙන් මාධ්‍ය ආරක්ෂා කර ගත යුතුයි. එවගේම මාධ්‍යයේ බලපෑමෙන් ද ජනතාව ආරක්ෂා කර ගැනීමට පියවර ගත යුතුයි.

    ජනතාවගේ පුද්ගලිකත්වයට එරෙහිව මඩ ගැසීම, චරිත ඝාතනය සිදු වන අවස්ථා තිබෙනවා. රජයේ ක්‍රියාවන් පිළිබඳව අවිශ්වාසයේ පසුබිමක් තිබෙන බැවින් වෛරී ප්‍රකාශ පාලනය වෙනුවෙන් සමාජ ජාල වෙබ් අඩවි පාලනය කිරීමේ නීති ගෙන එන්නේ නම් එයට පෙරාතුව අදාල පාර්ශ්වයන් සමඟ සාකච්ඡා පැවත්විය යුතුයි‘

    ‘රටේ සිවිල් පාලනයේ දී තම තමන්ගේ විශේෂත්වයට අදාළ කොටස අදාළ පාර්ශ්වයන් විසින් ඉටු කළ යුතුයි. හමුදාවේ වැඩ කොටස පොලිසියට ඉටු කළ නොහැකියි. ඒ වගේම පොලිසියටත් බැහැ හමුදාවේ වැඩ කරන්න. මෙහිදී පුහුණුව නොව මානසිකත්වය වැදගත් වෙනවා.

    ඒ වගේම සමාජ ප්‍රතිලාභ බලන රාජ්‍ය සේවක වැඩ, පෞද්ගලික ලාභය වැඩි කිරීමේ පරමාර්ථයෙන් කටයුතු කරන ව්‍යාපාරිකයන්ට හෝ දේශපාලකයන්ගේ වැඩ ආගමික නායකයන්ට හෝ සිදු කළ නොහැකියි. තම විශේෂත්වයට අදාළ කොටස් ඒ ඒ අංශ විසින් ම කළ යුතු වෙනවා.

    වත්මන් කොරෝනා වසංගතයේදී සෞඛ්‍ය අංශයේ විද්‍යාඥයන්, වසංගත විශේෂඥයන් වෛද්‍යවරු  නායකත්වය දිය යුතුයි. හමුදාවේ කීර්තිනාමය රැක ගත හැකිවන්නේ ඔවුන්ට අදාළ විෂය ඔවුන්ට භාරදීමෙන් පමණයි.

    හමුදා නාළිකාවක් හදලා රාජ්‍ය මාධ්‍ය සදාචාරය හදන්නට නොහැකියි. පසු ගිය කාලවල මේ රටේ ජනමාධ්‍යවේදීන් ඝාතනය කළ, අතුරුදහන් කළ, පහර දුන් සිද්දීන් ගැන ලංකාවේ ජනමාධ්‍ය සංගම් නැවත නැවත් සිහිපත් කළා.

    අපරාධකරුවන් ආරක්ෂා නොකරන, අපරාධ කිරීමට අණ දුන් අයව ආරක්ෂා නොකරන රටක් ගොඩ නැගිය යුතු යැයි මාධ්‍ය සංගම් නියෝජිතයන් අපට යළි යළිත් මතක් කරනවා. මේ ළඟදී සමාජ මාධ්‍ය වල සාවද්‍ය තොරතුරු පළ කිරීම හා  වසංගත වැඩ කටයුතුවලට සම්බන්ධ ද්වේශ සහගත විවේචනය කළා කියමින් විශ්ව විද්‍යාල සිසුන් 50 ක් පමණ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

    කොතලාවල ආර්ක්ෂක විද්‍යාලයේ රෝහල ප්‍රභූවරුන්ගේ කොරෙඔනා නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස වෙන්කළා කියා තම මුහුණු පොතේ අසත්‍ය පුවත් පළ කළා කියමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ තරිඳු අවිෂ්ක සිසුවා අත අඩංගුවට ගෙන තිබෙනවා. මේ වගේ ත්‍රිකුණාමලයේ තරුණයෙක් මෙන්ම මුස්ලිම් ජාතික තරුණයෙක් වන රම්සි රාසීක් අයි සි.සි පී.ආර් හෙවත් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ පනත යටතේ අත් අඩංගුවට පත් කරලා තිබෙනවා. රාසීක් මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ආණ්ඩුව දැනුවත්ව මුස්ලිම් ජන කොටස් එල්ල කර ගනිමින් සමාජ හා ප්‍රධාන ධරාවේ මාධ්‍ය හරහා නිරන්තරයෙන් කෙරෙන වර්ගවාදී ප්‍රචාරණ හා ප්‍රකාශ පිළිබඳව කිසිවෙකුට හෝ එරෙහිව නීතිමය ක්‍රියා මාර්ගයක් අරගෙන නැති පසිබිමකයි.

    වසංගතය මධ්‍යයේ සහනාධාර බෙදීම හා ආහාර නොලැබීම සිදු වූ අසාධාරණකම්වලට එරෙහිව ගම්පොල උද්ඝෝෂණයක් සංවිධානය කළ අයෙකු පොලිසිය විසින් ඇඳිරි නීතිය කඩ කළ කියන චෝදනාව මත අත් අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අභූත චෝදනා මත පොලිස් අත් අඩංගුවට ගන්නා අය පරීක්ෂණ අවසන් වන තෙක් බන්ධනාගාර ගත කර වරදක් ඔප්පු කිරීමට පෙර දඬුවම් පැමිණවීමේ ක්‍රම වේදයක් බවට දැන් පත්වෙලා තිබෙනවා.

    මේ අත් අඩංගුවට ගැනීම් හරහා “රජය විවේචනය නොකරනු” යන පණිවිඩය ජනතාවට දෙන්නේ දැයි මම රජයෙන් ප්‍රශ්න කරනවා.

    අද වන විට ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍යයන් බොහොමයක් ආණ්ඩුවේ නිළ නොවන හොරණෑවන් බවට පත්ව ඇති පසුබිමක සමාජ මාධ්‍ය හා අන්තර් ජාලය ප්‍රධාන විකල්ප මාධ්‍ය ලෙස වැඩි වශයෙන් භාවිත් කෙරෙනවා. මෙවන් අවස්ථාවකදී එය ඉබේටම සිදුවන්නක්. මේ පසුබිම තුළ සමාජ ජාල වෙබ් අඩවි පාලන කරන්නට නීති ගෙන එන්නට යන්නේ නම්, අවිශ්වාසයක් තිබෙන පසුබිමක ඒ පිළිබඳව අදාළ පාර්ශ්වයන් සමඟ පෙර සාකච්ඡා කරන ලෙස මම රජයෙන් ඉල්ලා සිටිනවා.

    ප්‍රජාතන්ත්‍රවාදී විවෘත සමාජයක සමාජ මාධ්‍ය වල මඩ ගැසීම් ව්‍යාජ තොරතුරු පළ කිරීම් සිදුවනවා. අපි මේ අභියෝගයට මුහුණ දෙන්නේ කෙසේ ද.? මෙයට නීති ගෙන එන විට අනෙක් රටවල නීති කට් ඇන්ඩ් පේස්ට් නොකර ක්‍රමවේදයකට සාකච්ඡා කර සිදුකරන මෙන් ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිනවා.

    මෙහිදී නීතිය ක්‍රියාත්මක කරන පාර්ශ්වයන් සීමාවන් නොමැතිව ඔවුන්ගේ අභිමතය පරිදී ප්‍රකාශනයේ නිදහස සීම කරන්න ඉඩ නොතැබිය යුතු අතර මෙම නීතියට ප්‍රතම පුද්ගලිකත්වය හා දත්ත ආරක්ෂා කිරීමේ නීති ගෙන ආ යුතු යැයි ඉරාන් වික්‍රමරත්න අවධාරණය කළේය.

  • සනීපාරක්ෂක තුවා භාවිතය සහ ශ්‍රී ලංකාව: මිථ්‍යාව සහ තහනම් මාතෘකා

    සනීපාරක්ෂක තුවා භාවිතය සහ ශ්‍රී ලංකාව: මිථ්‍යාව සහ තහනම් මාතෘකා

    2019 ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අතරතුර කාන්තා සනීපාරක්ෂක තුවා සම්බන්ධයෙන් මතු වූ සංවාදය මේ වන විට යළි කරලියට පැමිණ තිබේ.

    එම සංවාදය සමාජ ජාල තුළ යළි උණුසුම් මාතෘකාවක් බවට පත්ව ඇත්තේ ආණ්ඩුව විසින් ආනයනික කාන්තා සනීපාරක්ෂක තුවා මත අලුතින් බද්දක් පනවනු ලැබ ඇති බවට එල්ල වන චෝදනාවත් සමගය. ආණ්ඩුව පවසන්නේ සනීපාරක්ෂක තුවා සඳහා තිබුණු 30% වැට් බද්ද 15% දක්වා අඩු කර ඒ වෙනුවට, ඒ හා සමාන ප්‍රතිශතයකින් සෙස් බද්දක් පනවා ඇති බවය. එබැවින් ආනයනික කාන්තා සනීපාරක්ෂක තුවාවල මිලෙහි සැලකිය යුතු වෙනසක් සිදු නොවන බව ඔවුන්ගේ තර්කය වී තිබේ.

    කරුණු එසේ තිබියදී සනීපාරක්ෂක තුවා සඳහා සහන මිලක් හඳුන්වා දෙනවා වෙනුවට ශ්‍රී ලංකාව ඒ මත “විශාල බද්දක්” පනවා ඇති බව ඇතැම් ක්‍රියාකාරිනියෝ පෙන්වා දෙති.

    “සනීපාරක්ෂක තුවා මත අදටත් 51% ක බද්දක් පැනවෙනවා. සනීපාරක්ෂක තුවා කියන්නේ සුඛෝපභෝගී භාණ්ඩයක් නෙමෙයි, අත්‍යවශ්‍ය භාණ්ඩයක්. තමන් කැමති සන්නාමයකින් සනීපාරක්ෂක තුවා තෝරාගන්න කාන්තාවකට අයිතිය තිබෙනවා. ලංකාවෙ නිශ්පාදිත මිල අඩු සන්නාමයන් තිබුණත්, ආනයනික සනීපාරක්ෂක තුවා වර්ග බොහොමයක් ඊට වඩා සැපපහසුයි. උරාගැනීම වැඩි නිසා වැඩි වේලාවක් අඳින්නට හැකියි. රටේ සනීපාරක්ෂක තුවා නිෂ්පාදන දියුණු කිරීම, සනීපාරක්ෂක තුවා අඳින කාන්තාවන්ගේ වැඩක් නෙවෙයි. රටේ නිෂ්පාදන රැකීමට ගහනා බදුවලින් ඔවුන් පීඩාවට පත්විය යුතු නැහැ.” යනුවෙන් ෆේස්බුක් හි සටහනක් තබමින් අමන්දා අබේසූරිය සඳහන් කර තිබිණි.

    කාන්තාවන්ට ඔසප් දිනයන්හි නිවාඩු හෝ සහන ලබා දීමට ලොව ඇතැම් රටවල් මේ වන විටත් පියවර ගනිමින් සිටිති. මේ අතර ශ්‍රී ලංකාව තුළ සනීපාරක්ෂක තුවා භාවිතය සහ ඒවායේ මිල සම්බන්ධයෙන් සංවාදයක් මතුව ඇත්තේ එම නිෂ්පාදන භාවිතය දිරි ගැන්වීමට ලොව බොහෝ රටවල් විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති පසුබිමකදීය.

    උදාහරණයක් වශයෙන් ඔසප් දිනයන්හි භාවිතයට ගැනෙන සියලූම නිෂ්පාදන නොමිලේ ලබා දීම සඳහා වූ පනත් කෙටුම්පත අඟහරුවාදා (නොවැම්බර් 24) ස්කොට්ලන්ත පාර්ලිමේන්තුවේදී ඒකමතිකව සම්මත විය. ඒ අනුව ලොව සනීපාරක්ෂක තුවා ඇතුළු ඔසප් දිනයන්හි භාවිතයට ගැනෙන සියලුම නිෂ්පාදන නොමිලේ ලබා දෙන පළමු රට ලෙස ස්කොට්ලන්තය ඉතිහාස ගත වෙයි.

    පහත දැක්වෙන්නේ ශ්‍රී ලංකාව සහ කලාපයේ රටවල ඔසප් වීම සහ කාන්තා සනීපාරක්ෂක තුවා භාවිතය සම්බන්ධයෙන් කෙරුණු කෙටි විමසුමකි.

    ශ්‍රී ලංකාවේ පාසල්

    A Sri Lankan boy drinks water from a roadside tap in a slum of Colombo on March 22, 2009. As the nation commemorates UN Water Day, the government urged people to use water carefull

    ශ්‍රී ලංකාවේ පාසල්වලින්

    • 88% කට ජලයලබා දී ඇත. (මූලාශ්‍ර: අධ්‍යාපන අමාත්‍යංශය 2017)
    • 98% ක සනීපාරක්ෂකපහසුකම් ඇත. (මූලාශ්‍ර: අධ්‍යාපන අමාත්‍යංශය 2017)
    • වැසිකිලි එකකට දැරියන් (මූලාශ්‍ර: අධ්‍යාපන අමාත්‍යංශය 2010)1:66

    මූලාශ්‍ර: අධ්‍යාපන අමාත්‍යංශය, පාසල් පෝෂණ සහ සෞඛ්‍ය සමීක්ෂණය

    දකුණු ආසියාවේ පාසල් තුළ ඔසප් සනීපාරක්ෂක කළමනාකරණය සම්බන්ධයෙන් වෝටර්ඒඩ් (WaterAid) සහ යුනිසෙෆ් සංවිධානය නිකුත් කළ වාර්තාවකට අනුව:

    දුගීභාවය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දැරියන් වැඩි දෙනෙක් සනීපාරක්ෂක තුවා වෙනුවට ඒ සඳහා රෙදිකඩක් භාවිත කරති.

    ශ්‍රී ලංකාව තුළ පාසල් දැරියන් සඳහා වෙන ම වැසිකිළි පැවතියත් සනීපාරක්ෂක තුවා ඇතුළු ඒ සඳහා යොදා ගනු ලබන දේ මාරු කිරීම සඳහා වැසිකිළි භාවිත කරන්නේ 34% ක් පමණක් බව වාර්තා වේ. ඔසප් කාලය තුළ දෙමව්පියන්ගෙන් 60% ක් සිය දියණියන් පාසල් නොයවති.

    මිථ්‍යාව සහ තහනම් මාතෘකා

    Sri Lanka school girls

    යොවුන් දැරියන් 720 ක් සහ ගුරුවරියන් 282 ක් යොදා ගත් සමීක්ෂණයකින් හෙළි වූ කරුණු:

    • ගුරුවරියන්ගෙන් 60% කවිශ්වාසය වී ඇත්තේ ඔසප් රුධිරය
    • අපිරිසිදුබවය.
    • 66%ක් සිසුවියන්වැඩිවියට පත් වන තෙක් ඔසප් වීම පිළිබඳ දැන සිට නැත.

    මුලාශ්‍ර: වෝටර්ඒඩ් (WaterAid) සහ යුනිසෙෆ් සංවිධානය 2015

    සිංහල සහ හින්දු චාරිත්‍ර අනුව ගැහැණු දරුවෙකු වැඩිවියට පත් වීම පවුලේ සමීපතමයන් පමණක් නොව අසල්වැසියන්ට ද රහසක් නොවන්නේ එකී ස්වභාවික සංසිද්ධිය උත්සවාකාරයෙන් සමරනු ලබන නිසාය.

    නමුත් ඔසප් වීම, සනීපාරක්ෂාව, උපත් පාලනය වැනි ලිංගික අධ්‍යාපනයට ඇතුළත් වන බොහෝ කරුණු ශ්‍රී ලංකාව මෙන්ම අසල්වැසි රටවල ද තහනම් මාතෘකා (Taboo) බවට පත්ව ඇත.

    ඔසප් රුධිර පැල්ලමක් දැක කෝපයට පත් ගුරුවරියකගේ අපහාස කිරීම් නිසා සිත් තැවුලට පත් දැරියක් සියදිවි හානි කර ගැනීමේ පුවතක් 2017 වසරේදී දකුණු ඉන්දියාවෙන් වාර්තා විය.

    එමෙන්ම කෙදිනක හෝ කාන්තාවන්ගේ ශාරීරික පවිත්‍රතාව මැන බැලිය හැකි උපකරණයක් සොයා ගතහොත් පමණක් සිය කෝවිලට ඇතුළු වීම සඳහා කාන්තාවන්ට අවසර දෙන බවට කේරළයේ සබරිමලෙයි කෝවිලේ ප්‍රධාන පරිපාලකයා කළ ප්‍රකාශයක් 2015 වසරේදී දැඩි ආන්දෝලනයකට ලක් විය.

    ඔසප් සමයේ භාවිත කෙරෙන සනීපාරක්ෂක ක්‍රමවේද සම්බන්ධයෙන් පවතින ඉහත කී ආකාරයේ ආකල්ප ශ්‍රී ලංකාවට පමණක් නොව කලාපයේ සෙසු රටවලට ද පොදු බව වාර්තා දෙස බැලීමේදී පෙනී යයි.

    ඒ හා සබැඳි සම්මතයන් සහ මිථ්‍යා මෙන්ම එය සමාජය තුළ තහනම් මාතෘකාවක් වීම නිසා දැරියන්ගේ පාසල් පැමිණීමට බලපෑම් එල්ල වන බවත් ඔවුන්ගේ ක්‍රියාකාරකම් සීමා වන බවත් වෝටර්ඒඩ් (WaterAid) සහ යුනිසෙෆ් සංවිධානය කළ අධ්‍යනයකින් හෙළි වී ඇත.

    ඔසප් වීම සහ සනීපාරක්ෂාව සම්බන්ධයෙන් පවතින දැනුම, ආකල්ප සහ භාවිතය පිළිබඳ සොයා බැලීම සඳහා කළුතර දිස්ත්‍රික්කයට අයත් යොවුන් දැරියන් 720 දෙනෙකු සහ ගුරුවරියන් 282 දෙනෙකු යොදා ගනු ලැබ ඇත්තේ 2015 වසරේදීය.

    women periods
    “නෑමෙන් වැළකී සිටිය යුතු බව ගුරුවරියන් 80% කගේ විශ්වාසය වී ඇත”

    එහිදී සොයා ගත් මූලික කරුණු:

    • ඔසප් සනීපාරක්ෂක කළමනාකරණය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය තිබී ඇත්තේ පාසල් කීපයක පමණි.
    • ගුරුවරියන්ගෙන් 60% ක විශ්වාසය වී ඇත්තේ ඔසප් රුධිරය අපිරිසිදු බවය.
    • නෑමෙන් වැළකී සිටිය යුතු බව ගුරුවරියන් 80% කගේ විශ්වාසය වී ඇත.
    • යෝනි මාර්ගය තුළට ඇතුළු කරන ටැම්පුන් (Tampon) භාවිතයෙන් අතුරු ආබාධ ඇති වෙතැයි ගුරුවරියන්ගෙන් 40% කගේ විශ්වාසය වී තිබේ.
    • රජයේ පාසල්වලින් සබන් තිබී ඇත්තේ 41% ක පමණි.
    • හදිසියකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා සනීපාරක්ෂක තුවා ඇතැයි සඳහන් කර ඇත්තේ විදුහල්පතිවරුන්ගෙන් 1% ක් සහ ගුරුවරියන්ගෙන් 6% ක් පමණි.

    පාසල් දැරියන්

    වැඩිවියට පත් වීමට පෙර ඔසප්වීම පිළිබඳ තොරතුරු නොදන්නා දැරියන්ගේ ප්‍රතිශතය . .  .

    (දත්තවලට අදාළ වසර ශ්‍රී ලංකාව 2014, පාකිස්තානය 2017, නේපාලය 2016, ඉන්දියාව 2016, බංග්ලාදේශය 2014, ඇෆ්ගනිස්තානය 2010)

    • ඔසප් කාලය තුළ ස්නානය කළ යුතු බව පාසල් සිසුවියන්ගෙන් 80% ක් දැන සිටියහ.
    • ඔසප් රෙදිකඩ සබන් යොදා සේදිය යුතු බවත් විෂබීජ නැසීම සඳහා යළි භාවිතයට පෙර වියළා ගත යුතු බවත් පාසල් සිසුවියන්ගෙන් 70% ක් දැන සිටියහ.
    • සෑම මසක ම ඔසප් සමයේ දිනක් හෝ දෙකක් පාසල මගහැරෙන බව පාසල් දැරියන්ගෙන් 37% ක් පවසා තිබේ.
    • 66%ක් පාසල් සිසුවියන් වැඩිවියට පත් වන තෙක් ඔසප් වීම පිළිබඳව දැන සිට නැත.

    කලාපයේ වෙනත් රටවල්

    Menstrual pain cartoon
    ඔසප් වීම ආරම්භයත් සමග කාන්තාවන්ට අත්විඳීමට සිදුවන වේදනාව දැක්වීම සඳහා සමාජ ජාල තුළ පළ කරනු ලැබූ ඡායාරූපයක්

    නිල වාර්තාවලට අනුව කලාපයේ වැඩි වශයෙන් ම සනීපාරක්ෂක තුවා භාවිත කරන රට භූතානයයි. එරට කාන්තාවන්ගෙන් 90% ක් සනීපාරක්ෂක තුවා භාවිත කරන බව යුනිසෙෆ් සංවිධානයේ වාර්තා පෙන්වා දෙයි.

    ඉහත කී වාර්තාවට අනුව ඉන්දියාවේ 58% ක් පිරිසිදු ආරක්ෂණ ක්‍රමවේද (සකසා ගත් රෙදිකඩ, සනීපාරක්ෂක තුවා, ටැම්පුන්) භාවිත කරති. කෙසේ නමුත් මිල අඩු සනීපාරක්ෂක තුවාවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් අවධානය යොමු වේ.

    පාකිස්තානයේ දැරියන්/කාන්තාවන් 66% ක් කපු රෙදි භාවිත කරන අතර ඉන් 49% ක් ඒවා යළි භාවිත කරති. 17% ක් සනීපාරක්ෂක තුවා භාවිත කරති.

    බංග්ලාදේශයේ 10% ක් ඉවතලන සනීපාරක්ෂක තුවා භාවිත කරති.

    ඔසප් කාලය තුළ කාන්තාවන් බලහත්කාරයෙන් නිවසින් පිටත රඳවා තැබීමේ චාරිත්‍රයක් නේපාලයේ පැවතෙයි.

    එය සාපරාධී වරදක් කෙරෙන නීතියක් නේපාල පාර්ලිමේන්තුව විසින් 2017 වසරේදී සම්මත කරනු ලැබීය.

    ඔසප් වූ කාන්තාවක නිවසින් පිටත රඳවන පුද්ගලයන්ට මාස තුනක සිර දඬුවමක් හෝ පවුම් විසි තුනක (ඇමෙරිකානු ඩොලර් 30 ක) දඩයක් නියම කිරීමට එම නව නීතිය යටතේ බලය ලබා දී ඇත.

    ඔසප් නිවාඩු

    මේ අතර ඔසප් කාලය තුළ කාන්තාවන්ට යම් කිසි ආකාරයක සහනයක් ලබා දීම සඳහා ඇතැම් රටවල් සහ ආයතන පියවර ගනිමින් සිටිති.

    ඔසප් වීම ආරම්භයත් සමග දරාගත නොහැකි වේදනාවක් දැනෙන්නේ නම් එවැනි කාන්තාවන්ට මසකට දිනක් හෝ දෙකක් නිවාඩු ලබා ගැනීමට චීනයේ පළාත් ගණනාවක් තුළ නීතියෙන් අවස්ථාව හිමි වේ.

    සැම්බියාවේ රැකියා කරන කාන්තාවන්ට මාසයකට එක් වතාවක් තමන් කැමති දිනක නිවාඩුවක් ලබා ගැනීමේ අයිතිය නීති මගින් හිමිකර දී තිබේ.

    බී.බී.සී. ඇසුරිණි

  • නොරොච්චෝලේ අවුල් සියල්ල කෝප් එකේදී දිග ඇරෙයි

    නොරොච්චෝලේ අවුල් සියල්ල කෝප් එකේදී දිග ඇරෙයි

    නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ පාරිසරික ඇගයීම් සිදුකිරීම වයඔ පළාත් සභාවේ පරිසර අධිකාරිය මගින් පමණක් සිදුකිරීම ප්‍රමාණවත් නොවන බවත්  අහසට දූවිලි එක් වීම වැනි කාරණා රටටම බලපාන බැවින් මෙවැනි වැදගත් පාරිසරික ඇගයීම් සඳහා මධ්‍යම පරිසර අධිකාරීය සම්බන්ධ වීම ඉතා වැදගත් බවත් කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා නිර්දේශ කළේය.

    ලක්විජය බලාගාරයේ දීර්ඝකාලීන සැලැස්ම යටතේ ඉදිරියට විදුලි සැපයුම පුලුල් කෙරෙන බැවින් මධ්‍යම පරිසර අධිකාරිය හා පළාත් පරිසර අධිකාරිය එක්ව මෙම ඇගයීම් කළ යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය ගරු  චරිත හේරත් මහතා මෙම නිර්දේශය කළේ ලක්විජය බලාගාරය සහ එහි පාරිසරික බලපෑම පිළිබඳ සොයාබැලීමට   පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව   ඊයේ ( 24 ) පාර්ලිමේන්තුවේදී   රැස්වූ අවස්ථාවේදීය.  

    අමාත්‍ය මහින්දාන්න්ද අලුත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා, රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර, රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල්,   පාර්ලිමේන්තු මන්ත්‍රිවරු  වන පාඨලී චම්පික රණවක, එරාන් වික්‍රමරත්න, ජගත් පුෂ්පකුමාර, ප්‍රේම්නාත් සී. දොලවත්ත, එස්.එම්. මරික්කාර්, නලීන් බණ්ඩාර, රන්ජන් රාමනායක  යන මහත්වරු මීට සහභාගී වුහ.

    එසේම 2015 වසරේ සිට මෙරට විදුලි බලාගාර ඉදි නොවීම නිසා 2019 වර්ශයේ ලංකා විදුලිබල මණ්ඩලයේ පාඩුව රුපියල් බිලියන 85 ක් බව ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීහු කොප් කමිටුවේදී අනාවරණය කළහ.

    ලක්විජය බලාගාරයේ දීර්ඝකාලීන සැලැස්ම පිළිබඳ කොප් කමිටු සභාපතිවරයාගේ  අවධානය යොමු වූ අතර 2023 වර්ෂය වන විට නව මෙගාවොට් 300ක් සහ 2026 වර්ෂය වන විට තවත් මෙගාවොට් 300ක්  මෙම බලාගාරයට එක්වීමට නියමිතව ඇති බව එහිදී අනාවරණය විය. නමුත් මෙම ධාරිතාවය ගබඩාකිරීමට සහ බෙදා හැරීමට ලක්විජය බලාගාරය සතුව පහසුකම් පවතින්නේද යන්න පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මෙහිදී විදුලිබල මණ්ඩලයේ නිළධාරීන්ගෙන් ප්‍රශ්න කළේය. මේ පිළිබඳ  මේ වනවිට පරීක්ෂාකිරීම් සිදුවන බවත් නිවැරදි අවශ්‍යතාවන් සපුරන්නේ නම් පමණක් මෙම පුලුල් කිරීම් සිදු කරන බවත් මෙහිදී නිලධාරීහු පැවසූහ.

    තවද ලක්විජය බලාගාරයේ පියාසර අළු කළමනාකරණය පිළිබඳ කොප් කමිටුවේදී අවධානය යොමු විය. පියාසර අළු සඳහා ජලය ඉසීමට පමණක් වසරකට රුපියල් මිලියන 26 වැයවන බව මෙහිදී කොප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා අනාවරණය කළේය. ඒසේම අනු අංගනයක ගබඩා කොට ඇති පියාසර අළු ටොන් 6,580,00 ක් ප්‍රයොජනවත් ආකාරයෙන් යොදාගැනීම පිළිබඳ සභාපතිවරයා මෙහිදී ප්‍රශ්න කළේය. මෙම අළු මගින් ගඩොල් නිෂ්පාදනය පිළිබඳ අවධානය යොමුවී ඇති බව මෙහිදී නිලධාරීහු පැවසූහ.

    ලක්විජය බලාගාරයේ ක්‍රියාත්මක වන ඒකක 3න් පළමු ඒකකයෙන් නියමිත කාරයක්ෂමතාව නොලැබී ඇති බවත් අවස්ථා කිහියකදීම බිඳවැටීම් සිදු වී ඇති බවත් කෝප් කමිටුවේදී අවධානය යොමු විය. එසේම මෙරට විදුලි අවශ්‍යතාවයෙන් වැඩිම ප්‍රමාණයක් සපුරන්නේ ලක් විජය බලාගාරයෙන් බැවින් එහි බිඳවැටීමක් සිදු වූ විට රටටම විදුලිය ඇනහිටීමක් සිදුවන බැවින් ඒ් සඳහා සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මේහිදී සාකච්ඡා කළේය.

    එසේම සිසිලන ජලය බැහැර කිරීමේ ක්‍රමවේදය විධිමත් කිරීම පිළිබඳව ද, මෙම ප්‍රදේශයේ භූ ගත ජලය පිළිබඳ සොයාබැලීමේ අවශ්‍යතාවය ද, ගල් අගුරු ප්‍රමිතිය පරීක්ෂාකිරීම පිළිබඳව සහ ගල් අගුරු ගොඩබෑමේ ධාරිතාව වැඩිකිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද ඊයේ කොප් කමිටුවේදී සාකච්ඡා කෙරුණි.

  • ‘පුරුෂ ලිංගික බෙලහීනතාව’ ඔබ දැනගත යුතු සියල්ල

    ‘පුරුෂ ලිංගික බෙලහීනතාව’ ඔබ දැනගත යුතු සියල්ල

    ලිංගික බෙලහීනතාව පවුලෙන් සහ සමාජයෙන් සැඟවිය යුතු නැහැ

    වෘත්තීයමය කාර්ය බහුලත්වය සහ සංකීර්ණ ජීවන රටාවකට හුරු වී ඇති වර්තමාන සමාජය ලිංගික සම්බන්ධතාවයන් සහ පවුල් ජීවිතයේ සතුට වෙනුවෙන් ලබා දෙන්නේ ඉතා සුළු අවධානයකි. මෙහි අතුරු ප්‍රතිඵලයක් ලෙස මානසික ආතතිය සහ පවුල් ජීවිතයේ ගැටලු වැඩි වෙනු දක්නට හැකිය.

    පුරුෂ ලිංගික බෙලහීනතාව ශ්‍රී ලාංකික සමාජය තුළ අදත් විවෘතව සාකච්ඡා නොකරන මාතෘකාවක් වන අතර, බොහෝ පුද්ගලයන් එය ‘රහසක්’ වශයෙන් තබා ගෙන දැඩි මානසික පීඩනයකින් පසු වන බව පවුල් සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ශ්‍රීන් විලත්ගමුව පවසන්නීය

    මානසික ආතතිය හේතුවෙන් ලිංගික ආශාව මෙන්ම ලිංගික ක්‍රියාකාරිත්වයේ ද අඩුවීමක්‌ සිදුවේ. ඊට අමතරව දීර්ඝ කාලීනව පවතින මානසික ආතතිය නිසා අධිරුධිර පීඩනය, හෘද රෝග, රුධිරයේ අධික කොලෙස්‌ටෙරෝල් සහ දියවැඩියාව වැනි රෝගී තත්ත්වයන් ද ලිංගික බෙලහීනතාවට හේතු වෙයි.

    “බොහෝ වෙලාවට ශ්‍රී ලංකාවේ පුරුෂයන් මෙවැනි දෙයක් පිළිබඳ කෙළින්ම කතා කරන්න අකමැතියි. අදාළ පුද්ගලයාගේ පවුලේ කෙනෙක් තමයි ඔහු වෙනුවෙන් කතා කරන්න පැමිණෙන්නේ. එසේ පැමිණියත් සම්පූර්ණ විස්තරය අපට හෙළි කරන්න මැළි කමක් දක්වනවා” පවුල් සෞඛ්‍ය උපදේශකවරියක් සහ කථිකාචාර්යවරියක් වන විශේෂඥ වෛද්‍ය ශ්‍රීන් විලත්ගමුව පවසයි.

    පුරුෂ ලිංගික බෙලහීනතාවට හේතු මොනවාද?

    විශේෂඥ වෛද්‍ය ශ්‍රීන් විලත්ගමුව පෙන්වා දෙන පරිදි ,ලිංගික බෙලහීනතාව ශාරීරික, සමාජීය හෝ මානසික තත්වයක් නිසා ඇති විය හැකිය. එවැනි ගැටලුවකට මුහුණ දෙන යුවළක් සාකච්ඡා කොට එක්‌ව පිළියම් සෙවීම වැදගත් වේ. මේ සඳහා දෙදෙනා අතර එකඟතාව වැදගත් වන අතර උපදෙස්‌ සහ ප්‍රතිකාර පතා වෛද්‍යවරයකු වෙත යොමු වීම ඉතා වැදගත්ය.

    “යම් පුද්ගලයෙකුට තිබෙන ශාරීරික රෝගී තත්වයක් සහ එම රෝගයට ඔහු ලබා ගන්නා ඖෂධ නිසා ශිශ්නය අප්‍රාණික වෙන්න පුළුවන්. අධික ලෙස මත්ද්‍රවය වලට ඇබ්බැහි වීම සහ තරබාරු බව ද මෙයට හේතුවක් විය හැකියි. ඒ වගේම යම් පුද්ගලයකු ජීවත් වන පරිසරය සහ ඔහුගේ මානසික තත්වය මෙයට ඍජුව බලපානවා” විශේෂඥ වෛද්‍ය ශ්‍රීන් විලත්ගමුව වැඩිදුරටත් පෙන්වා දෙන්නීය.

    පුරුෂ ලිංගික බෙලහීනතාව

    “ලිඟුව අප්‍රාණික වීම මානසික රෝගයක ප්‍රතිවිපාකයක් නොව පුද්ගලයකු තුළ වර්ධනය වන එක්තරා මානසික තත්වයක්. නමුත් සමහර පුද්ගලයන් මානසික රෝගීන් වශයෙන් හඳුනා ගැනෙන අතර, ඔවුන්ට ප්‍රතිකාර කරනු ලබන්නේ වෙනස් ආකාරයකට” විශේෂඥ වෛද්‍ය විලත්ගමුව පවසන්නීය.

    “උපතින් හෝ පසුව ඇති වූ ශරීරයේ වෙනස්කම් නිසා මෙවැනි රෝගී තත්වයක් ඇති වෙන්න පුළුවන්. වැදගත්ම කාරණයක් වන්නේ යම් පුද්ගලයෙක් ඔහුගේ පවුල සමග සතුටින් සිටිනවාද? කියන එකයි. පවුල් ආරවුල් නිසා ඇති වන මානසික ආතතිය මෙයට බලපාන්න පුළුවන්. ඒ වගේම ලිංගිකව එක් වන විට අනෙක් පුද්ගලයාට රිදීමක් හෝ අපහසුවක් ඇති වීම වගේම ‘කිසිම හැඟීමක් නැහැ’ කියා නිතර පැවසීමෙන් ඇති වන මානසික පීඩනයත් මෙයට හේතුවක්,” ඇය තවදුරටත් පැවසුවාය.

    පුද්ගලයෙක් ජීවත් වන පරිසරය මෙම තත්වයට බලපාන්නේ කෙසේද?

    බාහිර බාධකවලින් තොරව යුවලක් සාර්ථකව ලිංගික එකතු වීම මානසික ආතතිය සමනය කිරීමටත් මානසික සහ කායික සම්බන්ධතාවය වැඩි කිරීමටත් උපකාරී වේ. මෙමගින් එකිනෙකා අතර බැඳීම ශක්තිමත් වන අතර බොහෝ ගැට‍ළු දෙදෙනා සාකච්ඡා කර විසඳා ගැනීමට යොමු වෙති.

    “දෙදෙනෙක් ලිංගිකව එකතු වීමට තෝරා ගන්නා කාමරය හෝ ස්ථානය මෙයට බලපානවා. බාහිර ශබ්ද සහ වෙනත් කාරණා දෙස මනස යොමු වීම නිසා පුරුෂ ලිංගික ක්‍රියාකාරකම් අඩපණව ලිඟුව අප්‍රාණික විය හැකියි. ඒ වගේම තවත් පුද්ගලයන් තමන් අවට සිටීම සහ දරුවන් සමග එක කාමරයේ නිදා ගැනීම මෙවැනි තත්වයකට ගොදුරු වීමට හේතුවක්. ලිංගිකව එක් වන විට සයනයෙහි ශබ්දයක් ඇසීම, කාමරයේ දොර හරි හැටි වසා දමන්න බැරි වීමත් මෙයට හේතු වෙන්න පුළුවන්. ඒ වගේම සිය දෙමාපියන් සමග එක නිවසක ජීවත්වීම නිදහසේ ලිංගික සංසර්ගයේ යෙදීමට බාධාවක් විය හැකියි” වෛද්‍යවරිය පැහැදිළි කරයි.

    “තවත් සමහර පුද්ගලයන් නිල් චිත්‍රපට බලන්න ඇබ්බැහි වෙලා ඉන්නවා. එම චිත්‍රපටවල අසාමාන්‍ය ලිංගික ක්‍රියාකාරකම් පෙන්වනවා. මේ දේවල් අනුකරණය කරන්න උත්සාහ කිරීම බොහෝ විට ලිංගික අප්‍රාණික බවට හේතු වෙනවා. එසේ නැත්නම් යහළුවන්ගේ ලිංගික අත්දැකීම් සමග සංසන්දනය කරමින් ඒවා අනුකරණය කිරීමට උත්සහ ගැනීමත් මෙයට හේතුවක්” විශේෂඥ වෛද්‍ය විලත්ගමුව තවදුරටත් සඳහන් කරයි.

    ලිංගික බෙලහීනතාව හේතුවෙන් දැඩි මානසික සහ කායික පීඩනයකට ලක් වූ බ්‍රිතාන්‍යයේ ජීවත් වන තරුණයෙකුගේ පෞද්ගලික අත්දැකීම් මෙසේ හෙළි කර සිටියේය:

    ස්වයං වින්දනයේ යෙදෙන විට මගේ පුරුෂ ලිංගය පෙර මෙන් ප්‍රාණවත් නැති බව මට නිරීක්ෂණය වුණි. එවිට මගේ වයස අවුරුදු දහසයකි.

    උදෑසන අවදි වන විට මගේ ශිශ්නය ප්‍රාණවත් නොවීම අයහපත් ලක්ෂණයක් බව මට තේරුම් ගත හැකි විය.

    ලිංගික බෙලහීනතාව

    ඉන් පසු ගෙවීගිය මාස දොළහ ඇතුළත මෙම තත්වය ටිකෙන් ටික දරුණු අතට හැරුණි. ස්වයං වින්දනයේ යෙදීම සහ ලිංගික සංසර්ගයේ යෙදීම කළ නොහැකි තත්වයකට පත් විය. ලිංගික උත්තේජනය නැවැත්වූ සැණින් මගේ ලිඟුව දුර්වල වීමට පටන් ගත්තේය. මම යම් අපහසුතාවකින් පෙළෙන බව ඒ දිනවල සිටි මගේ පෙම්වතියට හැඟී ගියත් මේ ගැන ඇය සමග කතා කිරීම ඉතා අපහසු කාර්යයක් වන්නෙමි.

    මේ පිළිබද කතා කිරීමට හෝ උපදෙස් ලබා ගැනීමට හැකි කිසිවෙක් ගැන මා දැන සිටියේ නැත. පියා නොමැතිව හැදී වැඩුණු මට මේ ගැන පාසල් මිතුරන්ට පැවසීමට ද නොහැකිය. ඔවුන් මෙය දැනගතහොත් මට දැඩි අපහසුතාවලට මුහුණ දීමට සිදු වනු ඇත. අන් අය මෙන් මමත් පාසලේදී ලිංගික ජීවිතය ගැන විහිළු කතා ගෙතීමට පටන් ගත්තේ වෙන කළ කිසිවක් නොමැති නිසාවෙනි.

    නමුත් යම් දෙයක් සිදුවන බව දැන ගෙන එය සැඟවීමට උත්සාහ කිරීම මට මහත් මානසික පීඩාවක් විය. මෙතෙක් කල් මා සිතා සිටියේ ලිංගික අකර්මන්‍යතාවයෙන් පෙලෙන්නේ මහළු පුද්ගලයන් පමණක් ලෙසය. නමුත් මෙය තරුණයන් අතර සීඝ්‍රයෙන් ඉහළ යන ප්‍රශ්නයක් බවට මෑතකදී සිදු කළ පරීක්ෂණයකින් හෙළි විය. එක්සත් රාජධානිය තුළ ලිංගික බෙලහීනතාවයෙන් පෙළෙන සෑම පුද්ගලයන් හතර දෙනෙකුගෙන් එක් අයෙකු වයස අවුරුදු හතළිහට අඩු අය වෙති. සෑම පුරුෂයන් දස දෙනෙකුගෙන් එක් අයෙක් ජීවිතයේ කිසියම් අවස්ථාවක දී මෙවන් තත්වයකට මුහුණ දී ඇති බව මගේ වර්තමාන වෛද්‍යවරයා පැවසුවේය. නමුත් මෙය අදටත් චාරිත්‍ර හා බැඳුන මාතෘකාවකි.

    ලිංගික දර්ශන ඇතුළත් චිත්‍රපට නැරඹීම මෙයට හේතුවක් විය හැකිය.

    ගැටවර වියේදී දිනකට කීප වතාවක් ලිංගික දර්ශන ඇතුළත් චිත්‍රපට නැරඹීමට මම පෙළඹී සිටියෙමි. මෙම ඇබ්බැහිවීම හේතුවෙන් සාමාන්‍ය ජීවිතයේ දී කාන්තාවක් සමග ලිංගිකව එක් වීම මට ඉතා අපහසු කාර්යයක් විය. බොහෝ පුරුෂයන් මෙවැනි අත්දැකීම්වලට මුහුණ දී ඇත.

    දැන් මට වයස අවුරුදු විසිපහකි. එක් අවස්ථාවක දී මම වෛද්‍යවරයෙක් හමු වුණෙමි. නමුත් එයින් මගේ තත්වය තවත් නරක අතට හැරුණි. මගේ තත්වය සුළු කොට තැකූ වෛද්‍යවරයා, ලිඟුව අප්‍රාණික වීමට හේතුව ඕනෑවට වඩා ස්වයං වින්දනයේ යෙදීම බව පැවසුවේය. මම තවදුරටත් මනසින් කඩා වැටුනෙමි. මම රහසිගතව අන්තර්ජාලය ඔස්සේ ඉන්දියාවෙන් ‘ව්‍යඝ්‍රා’පෙති ගෙන්වා ගැනීමට පටන් ගත්තෙමි. ලිංගිකව එක්වීමට පෙර රහසේ නාන කාමරයට යන මම එයින් එක පෙත්තක් ගිල දමා පිටතට පැමිණෙන්නෙමි. ඉන් පසු මගේ ලිඟුව ප්‍රාණවත් වනතෙක් පෙම්වතියගේ ඇඟේ දැවටෙමින් විනාඩි විස්සක පමණ කාලයක් ගෙවීමට සිදු වේ.

    ලිංගික බෙලහීනතාව

    මා තුළ තිබූ අනියත බිය නිසා ව්‍යඝ්‍රා පෙති සදහා වසර ගණනාවක් ඇතුළත මම විශාල මුදලක් වැය කළෙමි. බොහෝ තරුණයන්ගේ පසුම්බිය තුළ උපත් පාලන කොපු තිබුණත්, මා ළඟ තිබුණේ ව්‍යඝ්‍රා පෙතිය. තරුණ වයසේ පසු වුණ මම මේ ප්‍රශ්නය හේතුවෙන් දැඩි මානසික පීඩනයකට ලක් වුණෙමි. ව්‍යඝ්‍රා පෙති අවසන් වූ සැණින් මහත් කලබලයට පත් වන මම ලිංගික සංසර්ගයේ යෙදීම මඟ හැරීමට පෙළඹුණෙමි. පෙති භාවිතය තුළින් මගේ ලිඟුව ප්‍රාණවත් වුවත්, ලිංගික සංසර්ගයෙන් සතුටට පත් වූයේ නැත. කිසියම් මොහොතක ලිඟුව අප්‍රාණික වනු ඇතැයි බියෙන් පසු වුනෙමි.

    දිනක් මගේ පෙම්වතිය ව්‍යඝ්‍රා පෙති දැක ඒ පිළිබද අසා සිටි අතර මම මහත් අපහසුතාවට පත්වුනෙමි. මම ඇය පැවසූ දෙය නෑසුනාක් මෙන් සිටීමේ අසාර්ථක උත්සාහයක යෙදුණෙමි. පසුව මගේ මේ ‘රහස’ නිසා අප දෙදෙනාට වෙන් වන්නට සිදු විය. මගේ ප්‍රශ්නය ඇයට හෙළි කළ යුතුව තිබුණේ යැයි සිතුනත් ලැජ්ජාව නිසා අපහසුවෙන් වුවද එම සිතුවිල්ල යටපත් කර ගැනීමට සිදු විය.

    මෙම ප්‍රශ්නයත් සමග වසර ගණනාවක් ජීවත් වුණ මට අවසානයේදී සිය දිවි නසා ගැනීමට සිත් විය. මට ගැහැණු ළමයකු සමග කිසිදු කායික සම්බන්ධතාවක් පැවැත්වීමට නොහැකි විය. ලිඟුව අප්‍රාණික නම් මම කෙසේ කායික සම්බන්ධතා පවත්වන්නද? මෙම ප්‍රශ්නය නිසා කිසිදු දවසක ආදරය සොයා ගෙන පවුලක් ආරම්භ කළ නොහැකි යැයි මට හැඟුනි. තවත් මම උත්සාහ කර බැලීමේ තේරුමක් තිබේද?

    මෙම ප්‍රශ්නය ගැන සිතමින් මා හඬා වැළපුණු අවස්ථා එමටය. මම මත්ද්‍රව්‍ය භාවිතා කිරීමට පටන් ගත්තෙමි. මගේ ශරීරය විනාශ වී අවසානය. මම තව දුරටත් ශරීරයට වධ දීම ගැන පසුතැවිය යුතුද?

    දැඩි මානසික පීඩනයකින් සිටි මම, දිනක් මගේ මව වැඩ කරමින් සිටි මුළුතැන්ගෙය තුළට ගොස් ඇය අසල හිඳ ගෙන සියලු දේ ඇයට පැවසුවෙමි. වයස අවුරුදු තිහ පසු වූ විටත් මගේ ප්‍රශ්නය නිරාකරණය වූයේ නැත්නම් සිය දිවි නසා ගන්නා බව ද පැවසුවෙමි. ඇය ඉතා කම්පනයට පත් වූවත්, මට මහත් ලෙස උපකාර කිරීමට සූදානම් වූවාය.

    ඇය වහාම වෙනත් වෛද්‍යවරයකු හමුවීමට දිනයක් වෙන් කළාය. පසුව මා විශේෂඥ වෛද්‍යවරකුට යොමු කරන ලද අතර, ඔහු නව ප්‍රතිකාර රැසක් නිර්දේශ කළේය. මෙම ප්‍රශ්නයෙන් මිදීමට මම උපරිම උත්සාහ කළෙමි. විටෙක ඖෂධ පෙති භාවිතා කළ අතර, නොයෙකුත් ‘ජෙලි’ වර්ග ද ආලේප කළෙමි. එතැනින් නොනැවතී ශිශ්නයට එන්නත් විදීමට ද මට සිදු විය. එය ඇඟ කිලිපොළා යන ක්‍රියාවලියකි.

    රූ ගත කිරීම් අවසාන වන තෙක් ලිඟුව ප්‍රාණවත්ව තබා ගැනීමට නිල් චිත්‍රපට නළුවන් එන්නත් විද ගන්නා බව දැනගන්නට ලැබිණි. එන්නත ශිශ්නය ආසන්නයට ගෙන එන සෑම වාරයකදීම මගේ අත් ගැහෙන්නට විය. කෙසේ වෙතත් මෙම ප්‍රතිකාරයෙන් පසු යම් ප්‍රගතියක් දැකිය හැකි විය. නමුත් එහි ඇති භයංකර ස්වභාවය නිසා සති හයකින් පසු එන්නත් ලබා ගැනීම සම්පූර්ණයෙන් නවතා දැමීමට කටයුතු කළෙමි. පුද්ගලයෙක් සිය කැමැත්තෙන් ශිශ්නයට එන්නත් විද ගන්නේ කුමන හේතුවකටද? යන්න මට සිතා ගැනීම අපහසුය.

    පුරුෂ ලිංගික බෙලහීනතාවට ඇති ප්‍රතිකාර මොනවාද?

    මම උපදේශන සේවාවලට සහභාගී වූ අතර, ලිඟුව අප්‍රාණික වීමට මානසික ආතතියේ ඇති බලපෑම පිළිබද ස්වයං අධ්‍යනයක යෙදීමට පටන් ගත්තෙමි. මගේ ප්‍රශ්නය තවත් කෙනෙකු සමග සාකච්ඡා නොකර මෙතෙක් කල් සඟවාගෙන සිටීමෙන් එය උග්‍ර අතට හැරුණ බව මට වැටහුණි. තව දුරටත් මෙය නොරහසක් බව හැඟෙන විට මට මහත් සහනයක් දැනෙන්නට විය. මගේ හිසෙන් විශාල බරක් නිදහස් වූවා වැනි හැඟීමක් ඇති විය.

    නොයෙක් ආකාරයේ පරීක්ෂණවලින් පසු මගේ ශිශ්නයට වටා ඇති රුධිර නාලිකාවල යම් සංකූලතාවයක් හඳුනාගැනීමට හැකි වුණි. එහි සරල තේරුම නම් ශිශ්නය වටා හරියාකාරව රුධිරය සංසරණය නොවීමයි. නමුත් මෙය ඇති වීමට හේතුව හෝ කෙතරම් දුරට පැතිරී ඇත්දැයි යන්න පිළිබද වෛද්‍යවරුන්ට එකඟතාවකට පැමිණීම නොහැකි විය. සනාල රෝග (රුධිරයේ නිදහස් සංසරණයට බාධා එල්ල වීමෙන් හෝ බිඳ වැටීමෙන් ඇති වන රෝගී තත්වයන්), ලිංගාශ්‍රිත තුවාල හෝ අනවශ්‍ය ලෙස ස්වයං වින්දනයේ යෙදීමෙන් ශිශ්නයේ පටක හානි වීම පෙර කී සංකූලතාවයන්ට හේතු විය හැකිය. මෙම තත්වය හේතුවෙන් විශාදිය සහ මානසික ආතතිය ඇති වීමේ ප්‍රවණතාවක් ඇත.

    කෙසේ වෙතත්, ලිඟුව අප්‍රාණික බව සුව කිරීමට දීර්ඝකාලීන විසඳුමක් නොමැති බව මට වැටහුණි. නව ඖෂධ වර්ග භාවිතා කළත්, එය මාස කීපයක සහනයක් පමණි. නැවතත් මම ඉතා කනස්සල්ලට පත් වුණෙමි.

    අවසානයේ දී ශිශ්නයක් බද්ධ කිරීමට මගේ වෛද්‍යවරයා යෝජනා කළේය. මෙයින් සිදු වන්නේ ප්ලාස්ටික් කූරු දෙකක් ශිශ්නය තුළින් ඇතුළු කර එය මගේ උදරය තුළ තැන්පත් කළ ලවණ අඩංගු බෑගයකට සම්බන්ධ කිරීමයි. මගේ වෘෂණ කෝෂ තුළ සැඟවූ පොම්පයක අධාරයෙන් එකී පද්ධතිය ක්‍රියාත්මක වෙනු ඇත. මම සැත්කමට මුහුණ දුන්නෙමි.

    පුරුෂ ලිංගික බෙලහීනතාව

    ලිංගිකව එක්වන සෑම අවස්ථාවකටම පෙර දස වතාවක් පමණ පොම්පය මිරිකීමෙන් මගේ ශිශ්නය වටා ඇති ධමනි ප්‍රසාරණය වන අතර, එයින් ලිඟුවේ ප්‍රාණවත් බව රඳා පැවතුණි. එය නැවතත් අප්‍රාණික වන්නේ මුදාහැරීමේ බොත්තම එබූ විටය. නමුත් මට සාමාන්‍ය පරිදි ශුක්‍ර මෝචනය සිදු කළ හැකිය.

    සැත්කමින් මාස තුනකට පසු හමු වූ මගේ වර්තමාන පෙම්වතියට මම සියල්ල හෙළි කළෙමි. මම ස්වයංක්‍රීය තත්වයෙන් මිදී දෑතින් පණ ගැන්විය යුතු තත්වයක සිටින බවට විහිළු කරමින් පැහැදිලි කළෙමි. ඇය ඉතා විවෘත මනසකින් සියල්ල තේරුම් ගත්තාය. මින් කලකට පෙර ඇය මට මුණගැසුනේ නම් ප්‍රශ්න මෙතරම් දුර දිග නොයන අතර මානසික පීඩනයට ලක් වන්නේ ද නැතැයි මට සිතුණි.

    යහළුවන්ට පවා මගේ තත්වය පැහැදිලි කර දුන්නෙමි. ඔවුන්ට මා හඳුන්වා දුන්නේ ‘රොබෝ මිනිසෙකු’ ලෙසය. ඒ වන විට මම රැකියාවේ නිරත වූයේ ගොඩනැගිලි ඉදිකිරීම් පොළකය. මෙම කතාව ඇසීමෙන් පසු කුතුහලයට පත් එහි සිටි සියලු දෙනා මගේ ශරීරයට සවිකළ පද්ධතිය ක්‍රියා කරන ආකාරය දැකීමට මහත් උනන්දුවක් දැක්විය. එය නව උපකරණයක් එළිදක්වන අවස්ථාවක් මෙන් විය.

    මගේ සමීප මිතුරෝ බොහෝ උපකාරශීලී වූහ. වසර ගණනාවකට පෙර ඔවුන් මෙම තත්වය දැන ගෙන විහිළු තහළු කරනු ඇතැයි සිතා සිටි මට මෙය පුදුමයට කාරණයකි. මගේ තත්වය මින් පෙර හෙළි නොකිරීම පිළිබද ඇත්තෙන්ම ඔවුහු දුකට පත් වූහ.

    ලිඟුව අප්‍රාණික නොවී ලිංගික සංසර්ගයේ යෙදෙන්න ලැබීම මට මහත් මානසික සතුටක් ගෙන දුන්නේය. නමුත් ශිශ්නය බද්ධ කිරීමට ගත් තීරණය නිවැරදිදැයි මට සමහර අවස්ථාවල දී සිතුනත් එම තීරණය ආපසු හැරවිය නොහැකිය. තව වසර විස්සක් පමණ ගත වන විට ලිඟුව අප්‍රාණික වීමට ප්‍රතිකාර සොයා ගැනීමට හැකි වනු ඇත. නමුත් මට තවත් කළ හැකි කිසිවක් ඉතිරි වී නොමැත.

    කිසියම් ප්‍රතිකාරයක් ලබා ගැනීමට පෙර ඔබේ තත්වය තවත් කෙනෙකු සමග සාකච්ඡා කරන මෙන් මෙවැනි ප්‍රශ්නයකට මුහුණ දෙමින් සිටින ඕනෑම පුද්ගලයෙකුට මගේ අවවාදයයි. හැකිනම් ඔබට උපකාර කළ හැකි පෙම්වතියක් සොයා ගැනීම ද වැදගත්ය. මා මෙන් සියල්ල සඟවා ගෙන ව්‍යඝ්‍රා පෙති භාවිතා කිරීම මෙම ප්‍රශ්නයට විසඳුමක් නොවන්නේය.

    පුරුෂ ලිංගික බෙලහීනතාවට ඇති ප්‍රතිකාර මොනවාද?

    “සමහරු සිතනවා ඔවුන්ගේ ශිශ්නය අනිත් අයට වඩා කුඩා ඇති කියලා. මේ වගේ අවස්ථාවක අපි එය මැන බැලීමක් සිදු කරනවා. මෙය බොහෝ විට මානසික ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නමුත් ඇත්තටම කුඩා ශිශ්නයක් හිමි පුද්ගලයෙකුට දීර්ඝකාලීන වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම ආරම්භ කරනවා. මෙයට හේතුව යම් කිසි මානසික තත්වයක් හෝ ජීවත් වන පරිසරය නම්, ඒ දේවල් වෙනස් කර ගන්න අදාළ පුද්ගලයා උපදේශන සේවා වෙත යොමු කිරීමට අප කටයුතු කරනවා. නමුත් උග්‍ර මානසික රෝගයකින් පෙළෙන්නේනම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ගත යුතුයි”

    Talk with someone

    “විශේෂයෙන් සඳහන් කළ යුතු දේ වන්නේ, මේ වගේ ප්‍රශ්නයකින් යම් කෙනෙක් පීඩා විඳී නම් අනිවාර්යයෙන්ම එය තම සහකරු හෝ සහකාරියට, පවුලේ කෙනෙකුට හෝ හිතවත් යහළුවකු සමග සාකච්ඡා කරන්න. වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගන්න. එසේ නැත්නම් පවුල් උපදේශන සේවා වෙත යොමු වෙන්න. නමුත් කරුණු සඟවා ගෙන සිටීමට උත්සහ දැරීමෙන් සිදු වන්නේ ජීවිතය ප්‍රශ්න ගොඩක් බවට පත් වී දරුණු මානසික පීඩනයකට ලක් වීමය. රෝගයක් තිබේනම් එයට ඉක්මනින් ප්‍රතිකාර කළ යුතුයි. නැත්නම් රෝගය උත්සන්න වෙලා අවසානයේදී ජීවිතය පවා අහිමි වෙන්න පුළුවන්” යැයි විශේෂඥ වෛද්‍ය විලත්ගමුව සඳහන් කර සිටියාය.

    බී.බී.සී සන්දේශය ඇසුරිණි

  • අදත් කොවිඩ් ආසාදිත මරණ 04ක්

    අදත් කොවිඩ් ආසාදිත මරණ 04ක්

    අද (24) දින කොවිඩ්-19 ආසාදිත මරණ 04ක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයක සදහන් වෙනවා.

    එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වෙනවා.

    මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (24) දින ප.ව 21.55ට නිකුත් කළ තවත් නිවේදනයක සදහන් වුණේ අද දිනය තුළ කොවිඩ්-19 ආසාදිතයින් 458 දෙනකු වාර්තා වූ බවයි.

  • පළාත් පාලන ආයතන 83 ක් අළුතින් පිහිටුවීම සඳහා යෝජනා

    පළාත් පාලන ආයතන 83 ක් අළුතින් පිහිටුවීම සඳහා යෝජනා

    නිසි වේලාවට විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා  ක්‍රමවේදයක් කඩිනමින් සකසන බව අමාත්‍ය ජානක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.

    නවවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය වෙනුවෙන් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පළමු වරට ඊයේ (23) රැස් වූ අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව කීවේය .

    මාසයක් ඇතුළත විශ්‍රාම ලබා ගන්නා රාජ්‍ය නිලධාරින්ගේ සංඛ්‍යාව පිළිබඳ දත්ත රැස්කර තබා ගන්නා ලෙස කාරක සභාව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය. විශ්‍රාම වැටුප් අහිමි වීමට බලපාන කාරණා නැවත සමාලෝචනය කිරීමේ අවශ්‍යතාව ද කාරක සභාවේ දී සාකච්ජා විය.

    රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගන්නා නිලධාරින්ගේ සේවය නැවත රාජ්‍ය සේවයට ලබා ගැනීම සම්බන්ධව ද කාරක සභාවේ අවධානය යොමු විය.

    කඩිනමින් පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගෙන් උපදෙස් විමසා ඇති බව රාජ්‍ය අමාත්‍ය රියර් අඩ්මිරාල් සරත් වීරසේකර මහතා කාරක සභාවට දැනුම් දුන්නේය. එම මැතිවරණය පවත්වන්නේ සමානුපාතික නියෝජන ක්‍රමයට ද, මිශ්‍ර සමානුපාතික ක්‍රමයට ද යන්න පිළිබඳව ගරු අග්‍රාමාත්‍යවරයාගෙන් උපදෙස් විමසා තිබේ.

    සීමා නිර්ණන කටයුතු කඩිනමින් අවසන් කිරීම සඳහා ක්‍රියා කරන බවත් , ඒ සඳහා 20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය  යටතේ වෙනම කොමිෂන් සභාවක් පිහිටුවන බවත් අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා කාරක සභාවේදී පැවසීය.

    කොට්ඨාස ක්‍රමයෙන් පළාත් පාලන ආයතන සඳහා මන්ත්‍රීවරයන් පත් කිරීම ගැටලු සහගත බව සභාවේ සාකච්ජා වූ අතර, නව මැතිවරණ ක්‍රමය ද සමාලෝචනය කළ යුතු බව එහි මතය විය. අනවශ්‍ය ලෙස ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයන් නඩත්තු කිරීමට සිදුවීම ගැටලුවක් වී තිබේ.  පළාත් පාලන මැතිවරණ ක්‍රමයේ අඩුපාඩු කඩිනමින් ඉවත් කිරීමට ක්‍රියා කරන බව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා  පැවසීය. රාජ්‍ය නිලධාරින්ට ද පළාත් පාලන ක්‍රමයට ඇතුළු වීමට අවස්ථාව ලබා දීම සඳහා සාකච්ජා කෙරෙන බව ද අමාත්‍යවරයා කීවේය.

    පළාත් පාසල්වල පුරප්පාඩු පිරවීමට කටයුතු කිරීමේ අවශ්‍යතාවය පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බංඩාර මහතා කාරක සභාවේ දී මතු කළේය. ගුරු පුරප්පාඩු පිරවීමේ දී අදාළ උපධාරින්  ජීවත්වන ප්‍රදේශයේම පත්වීම් ලබා දෙන්නේ නම් ඵලදායි බව  පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය මෙහිදී පැවසුවාය.

    සේවක අර්ථ සාධක අරමුදලේ සහ සේවක භාරකාර අරමුදලේ සාමාජිකත්වය හිමිව තිබීම හේතුවෙන් පත්වීම් අහිමි වූ උපාධිධාරින්ගේ අභියාචානා සලකා බලා අවසන් බවත්, පත්විම් කඩිනමින් ලබාදීමට කටයුතු කරන බවත්, රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා කාරක සභාව මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසීය .

    කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධි සහතික පිරිනැමීමේ දී මතුව ඇති ප්‍රමාදය අනෙකුත් උපාධිධාරින් වෙත පත්විම් ලබාදීමට ගැටලුවක් බව ද ලේකම්වරයා පෙන්වා දුන්නේය. පසුගිය රජය සමයේ ලබාදුන් උපාධිධාරින් පත්වීම් 14500 ක් ස්ථිර කිරීම සඳහා අවධානය යොමුකර ඇති බව ද ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

    පළාත් පාලන ආයතනවල පවතින පුරප්පාඩු කඩිනමින් පිරවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා කාරක සභාවේ දි පැවසීය. එම ආයතන සඳහා අභ්‍යන්තර විගණකවරුන් බඳවා ගැමීමේ අවශ්‍යතා ද මෙහි දී සාකච්ජා විය.

    පළාත් පාලන ආයතන 83 ක් අළුතින් පිහිටුවීම සඳහා යෝජනා ඉදිරිපත් වී තිබෙන අතර, ඒ සඳහා දිස්ත්‍රීක් කමිටු ද පත්කර තිබෙන බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දී අනාවරණය විය.

    මේ අවස්ථාවට අමාත්‍යවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 30 කට අධික සංඛ්‍යාවක් සහභාගී වී සිටීම විශේෂත්වයක් වූහ. රාජ්‍ය නිලධාරිහු පිරිසක් ද කාරක සභාවට එක්ව සිටියහ.

  • රුසියානු ‘Sputnik-V’ එන්නතත් සාර්ථකයි

    රුසියානු ‘Sputnik-V’ එන්නතත් සාර්ථකයි

    Covid-19 මර්දනය වෙනුවෙන් රුසියාව විසින් සංවර්ධනය කරනු ලැබූ ‘ස්පුට්නික් 5 – Sputnik-V ’ එන්නත 95%ක සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇතැයි එහි පර්යේෂකයෝ අද (24) නිවේදනය කළහ.

    රුසියානු සෞඛ්‍ය අමාත්‍යාංශය, රුසියානු රජයේ පර්යේෂණ මධ්‍යස්ථානය වන ගමලෙයා සහ රුසියානු ආයෝජන අරමුදල වන ආර්.ඩී.අයි.එෆ්. ද එන්නත සාර්ථකත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබිණි.

    ස්පුට්නික්-5 එන්නතේ සායනික අත්හදා බැලීම්වල දෙවැනි අන්තර්කාලීන විශ්ලේෂණ දත්ත නිකුත් කරමින් පර්යේෂකයින් සදහන් කළේ පළමු මාත්‍රාව ලබාදීමෙන් දින 42කට පසු ලබාගත් මූලික දත්ත ලබාගනිමින් එම විශ්ලේෂණ සිදුකළ බවයි.

    මේ වන විට එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ එන්න (70%) සහ ඇමෙරිකානු මොඩර්නා (95%) සහ Pfizer යන සමාගම් විසින් සාර්ථක එන්නත් නිෂ්පාදනය කර ඇත.

    රුසියානු සෞඛ්‍ය අමාත්‍යාංශය, රුසියානු රජයේ පර්යේෂණ මධ්‍යස්ථානය වන ගමලෙයා සහ රුසියානු ආයෝජන අරමුදල වන ආර්.ඩී.අයි.එෆ්. ද එන්නත සාර්ථකත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබිණි.

  • සැබෑ පිරිමිකමේ ලක්ෂණ ඔබ දැන සිටියාද ?

    සැබෑ පිරිමිකමේ ලක්ෂණ ඔබ දැන සිටියාද ?

    පිරිමියෙකු වීම පහසු නැත, පෙනුම, ක්‍රියා කිරීම සහ සමස්තයක් ලෙස ඔබේ ජීවිතය ගත කරන ආකාරය පිළිබඳව බොහෝ දේ ඔබෙන් අපේක්ෂා කෙරේ. ඒකාකෘති පිරිමි ලක්‍ෂණ ඒ සඳහා අනුගමනය කිරීමට ඔබ උත්සාහ නොකළ යුතුය. එසේ නැතහොත් අනෙක් අය ඔබ ගැන කුමක් සිතයිද යන්න ගැන ඔබ කනස්සල්ලට පත්ව සිටිති.

    ‘පරමාදර්ශී පිරිමි ලක්‍ෂණ මොනවාද ?‘ යන්න පිටුපස ඇති අදහස් වසර දහස් ගණනක් තිස්සේ සමාජගතව ඇති අතර ඒවා සංස්කෘතිකමය හා සමාජයීය ඇගයීම් බවට පත්ව ඇත. මෙනිසා ‘පිරිමිකම‘ සංස්කෘතියෙන් සංස්කෘතියට මෙන්ම ඇතැම් විට කාලයෙන් කාලයට ද වෙනස් විය හැකිය.

    නායකත්ව ගුණාංග

    ඇමරිකානුවන්ගෙන් 40% ත් 50% ත් අතර සංඛ්‍යාවක් තමන් ලැජ්ජාශීලී අය ලෙස හදුනාගෙන ඇති බවට ගණන් බලා ඇත. ඇත්ත වශයෙන්ම එහි කිසිදු වරදක් නැත. නායකයෙකු වීම යන්නෙන් අදහස් වන්නේ ඔබ වේදිකාවක් උඩට පැන හැඟීම්බර ලෙස කථා කිරීමට පටන් ගත යුතුය යන්න නොවේ. ඇත්ත වශයෙන්ම, නායකත්ව ගුණාංග ලබා ගැනීම සඳහා ඔබට හොඳ ප්‍රසිද්ධ කථිකයෙකු හෝ විශේෂ විශ්වාසයක් තිබිය යුතු නැත.

    ‘නායකත්ව ගුණාංග‘ යනු ඔබ නායකයෙකු වන විට ඔබ මිනිසුන් සමඟ කටයුතු කරන ආකාරයයි. ඔබ හැසිරෙන ආකාරයයි. උදාහරණයක් ලෙස ජනතාව ඔබ දෙස බලනු ඇත. බොහෝ අවස්ථාවන්හිදී මෙය වැදගත් වන්නේ ඔබ දෙමාපියෙකු නම් හෝ ඔබ සේවා ස්ථානයේ ප්‍රධානියෙකු නම් ඔබේ දරුවන් හෝ සේවකයින් ඔබ ආදර්ශයට හෝ අනුගමනය කිරීම දක්වන නැඹුරුවයි.

    නායකයෙකු වීම යන්නෙන් අදහස් වන්නේ ඔබ තීරණ ගන්නා සහ නියෝග ලබා දෙන තැනැත්තා බැවින් ඔබ වටා සිදුවන දේ පිළිබඳ වගකීම ඔබ විසින් ගත යුතු බවයි.

    හොඳ නායකයන් වන පුද්ගලයින් ඔවුන්ගේ යටත් නිලධාරීන් ඔවුන් වෙනුවෙන් වෙහෙස මහන්සි වී වැඩ කරන අතර ඔවුන් මුහුණ දෙන ගැටලු විසඳා ගන්නේ කෙසේදැයි සොයා බැලීමට පෙළඹෙනු ඇත.

    කෙසේ වෙතත් නායකයා ලෙස ඔබ මැදිහත් වී සිරවී සිටිය යුතු නැති අතර යමක් වැරදිව සිදුවුවහොත් ඒ සඳහා සූදානම්ව සිටිය යුතුය.  සෑම කෙනෙකුම වැරදි කරන අතර ඒවා නිවැරදි කිරීමට ඔබ බිය නොවිය යුතුය. ඒ වෙනුවට ඔබ ඔවුන්ගෙන් ඉගෙන ගෙන අනාගතය සඳහා දියුණු විය යුතුය.

    ශක්තිය සහ ශාරීරික පෙනුම

    පරිපූර්ණ පිරිමියෙකු සතු විය යුතු භෞතික ලක්ෂණ චිත්‍රපටවල සහ තවත් බොහෝ තැන්වල හුවා දක්වනු ලැබේ. එහෙත් ඒවා සර්වසම්පූර්ණ නොවන බව වටහා ගත යුතුය. මළල ක්‍රීඩා දෘෂ්ටිකෝණයෙන් බලන විට පිරිමියෙකු වේගවත් සහ ජවසම්පන්න විය යුතුයැයි අදහස් කෙරේ.‍

    තවත් ප්‍රධාන පිරිමි ලක්‍ෂණයක් වන්නේ පිරිමියෙකු උස විය යුතු බවයි. බටහිර ලෝකයේ මිනිසෙකුගේ ප්‍රශස්ත උස අවම වශයෙන් අඩි 6 ක් හෝ මීටර් 1.83 කි.

    ඔබට හොඳ ආහාර අනුභව කිරීමෙන් හා ව්‍යායාම කිරීමෙන් සෞඛ්‍ය සම්පන්නව සිටීම සතුටක් බව පිළිගත යුතුය. කෙසේ වෙතත්, පරමාදර්ශී පිරිමියෙකු වීමට නම් ඔබ අයෝමය පුරුෂයෙකු විය යුතු නැත. නමුත් එක්සත් ජනපදයේ සිදු කරන ලද සමීක්ෂණවලින් පෙනී යන්නේ ගැහැනු ළමයින්ගෙන් බහුතරයක් පිරිමි ළමයෙකුගේ පෞරුෂත්වය ගැන සැලකිලිමත් වන බවයි.

    මීට අමතරව, උස වැනි වෙනස් කළ නොහැකි හෝ වැඩිදියුණු කළ නොහැකි ජානමය ලක්ෂණ ප්‍රවර්ධනය කිරීමට තැත් කිරීම අතිශයින්ම සෞඛ්‍යයට අහිතකර ය.

    භෞතික ආකර්ෂණය

    මෙම පිරිමි ලක්ෂණය තරමක් නුසුදුසු වුවද සාකච්ඡා කළ යුතුය. ප්‍රධාන පිරිමි ලක්ෂණයන්ගෙන් එකක් වන්නේ බොහෝ මිනිසුන්ගේ විශ්වාසයන් සමඟ ඇති ශාරීරික ආකර්ෂණයයි. ගැහැනු ළමයි පිරියෙකුගේ භෞතික ආකර්ෂණය ගැන අනවශ්‍ය ලෙස උනන්දු වන අතර එහෙත් එය දිගු කාලීන පවතින ස්ථායි කරුණක් නොවේ.

    ඔබේ ශාරීරික සෞඛ්‍යය හැරුණු විට ඔබ ඔබේ මානසික සෞඛ්‍යය ගැනද සිතා බැලිය යුතුය. මන්ද මානසික සෞඛ්‍ය දුර්වල අයෙකු කොපමණ ආකර්ෂණය වුව ද කිසිදු වටිනාකමක් ලැබෙන්නේ නැත.

    බුද්ධිය

    බුද්ධිමත් වීම බොහෝ විට නොසලකා හරිනු ලැබුවද එය වැදගත් පිරිමි ලක්ෂණයකි, බුද්ධිය යනු විවිධ මාතෘකා පිළිබඳ අහඹු කරුණු දැන ගැනීම නොව එය සාක්ෂාත් කර ගැනීම වඩා පහසු වන අතර එය පැය භාගයක් කියවීම හෝ ලෝකය නැරඹීම වැනි පහසු කාර්යයකි. ලෝකයේ සිදුවෙමින් පවතින දේ සහ ඔබ ජීවත් වන ප්‍රාදේශීය ප්‍රජාව පිළිබඳව යාවත්කාලීනව සිටීම ද මෙහිදී වැදගත් වේ.

    ඔබේ බුද්ධිය වැඩි දියුණු කිරීම සඳහා අමතර පියවර ගැනීමට ඔබට අවශ්‍ය නම්, ඔබ උනන්දුවක් දක්වන මාතෘකා පිළිබඳ ගුණාත්මක පොත් කිහිපයක් මිලදී ගැනීම රෙකමදාරු කරනු ලැබේ.

    බුද්ධිය ජීවිතයේ වැදගත් වත්කමක් වේ. එය ඔබට අවට ලෝකය වඩා හොඳින් වටහා ගැනීමට උපකාරී වේ. ඊට අමතරව, එය ඔබේ සමාජ ජීවිතයටද උපකාරී වන අතර එය මිනිසුන් සමඟ කතා කිරීමට තවත් මාතෘකා ලබා දේ. කාන්තාවන් ද බුද්ධිමත් පිරිමියෙකු වෙත ආකර්ෂණය වේ.

    හැඟීම්

    මෑතක් වන තුරුම, පුරුෂයින් යම් දෙයක් ගැන කෝපයෙන්, කණගාටුවෙන් හෝ කලබලයට පත්වන විට ඔවුන්ගේ හැඟීම් යටපත් කළ යුතු බව විශ්වාස කළේය. ‘පාලනය නැතිවීම‘  නම් මෙම පුරුෂ ලක්ෂණය වසර සිය ගණනක් තිස්සේ ප්‍රවර්ධනය කර ඇති අතර සමාජයේ විශාල කොටසක් විසින් තවමත් පිළිගනු ලබති. නමුත් එය ප්‍රශ්නකාරී කතාවකි.

    ඇත්ත වශයෙන්ම, ඔබ වැඩිහිටියෙකු වූ විට ඔබට සෑම දෙයක් ගැනම කලබල වීමට හා ඕනෑවට වඩා කලබල වීමට නොහැකිය. ඒ වෙනුවට ඔබේ ගැටළු සමඟ කටයුතු කිරීම වඩා හොඳය.

    කෙසේ වෙතත්, ඔබ මානසික සෞඛ්‍යය සම්බන්ධ යම් ගැටලුවක් නිසා පීඩා විඳින බව විශ්වාස කරන්නේ නම් හෝ පිරිමියෙකු ලෙස ඔබට උපකාර අවශ්‍ය යැයි ඔබ විශ්වාස කරන්නේ නම්, යමෙකු සමඟ කතා කිරීමට ඔබ ලැජ්ජාවට හෝ බියට පත් නොවිය යුතුය.

    YOUNGMAN ඇසුරිණි – සැකසුම – තුෂාධවි

  • හුදකලා ප්‍රදේශවල රෝගීන්ට විශේෂ ඉල්ලීමක්

    හුදකලා ප්‍රදේශවල රෝගීන්ට විශේෂ ඉල්ලීමක්

    සායන පොත පොලිස් මුරපොලට ලබා දී නිවසටම ඖෂධ ගෙන්වා ගැනීමට කටයුතු කරන්න” යැයි  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කොළඹ හුදකලා කර ඇති ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා මෙම දඅහස් පළ කරන ලද්දේ අද (24) විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

    එම විශේෂ ප්‍රකාශය සම්පූර්ණයෙන් මෙසේය.

    “ඊයේ දිනයේ දී නව කොවිඩ් ආසාදිතයින් 335 ක් වාර්තා වුනා. එයින් කොළඹ මහ නගර සීමාවෙන් රෝගීන් 167 ක් වාර්තා වුනා. වැඩිපුරම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන්නේ දැනට හුදෙකලා කර තිබෙන අටලුගම ග්‍රාම නිලධාරි කොට්ථාසයෙන්. එහි සිටින අනෙකුත් රෝගීන් හදුනා ගැනීම සදහා අද දිනයෙත් එහි නියැදි පරීක්ෂාවන් සිදු කරනවා.”

    “කොළඹ මහ නගර සීමාව තුල උතුරු කොළඹ සහ මැද කොළඹ ප්‍රදේශ කිහිපයක් මේ වනවිට හුදෙකළා කොට තිබෙනවා. එම හුදෙකළා කරන ලද ප්‍රදේශවල අධික රුධීර පීඩනය, දියවැඩියාව ඇතුලු අනෙකුත් රෝග සදහා ප්‍රතිකාර ලබාගන්නා රෝගීන් සිටිනවා නම් ඔවුන්ගෙන් ඉල්ලීමක් කරනවා කොළඹ මහ නගර සීමාවේ ඔබගේ ලඟම තිබෙන සායනයට ගොස් ලියාපදිංචි වන්න. නැතිනම් ඔබගේ සායන පොත ලඟම තිබෙන පොලිස් මුරපොලට ලබාදුනහොත් ඔබට අවශ්‍ය ඖෂධ ඔබට හෝ ඔබගේ නිවසටම ලබාදීමට අපට හැකියාව තිබෙනවා. හුදෙකලා කර තිබෙන ප්‍රදේශ සදහා වෛද්‍ය කණ්ඩායම් කිහිපයක් යොදවා ජංගම සායන පවත්වාගෙන යනවා. එම ජංගම සායන වලින් හෝ නැතිනම් සායන පත්‍රිකාව අප වෙත ලබාදුනහොත් අදාල රෝහලෙන් අවශ්‍ය ඖෂධ නිවෙසටම ලබාදීමට අප කටයුතු කරනවා. කිසියම් හෝ රෝගියෙකුට සායනයට පැමිණිමට නොහැකි නම් මෙම ක්‍රමය අනුගමනය කරන මෙන් ඉල්ලා සිටිනවා.”

  • බල හුවමාරුවට ට්‍රම්ප් සූදානම්

    බල හුවමාරුවට ට්‍රම්ප් සූදානම්

    පසුගිය ජනපතිවරණයෙන් ජයග්‍රහණය කළ ජෝ බිඩෙන් බලයට පත්වීම සඳහා විධිමත් සංක්‍රාන්තියක් ආරම්භ කළ යුතු බව ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිගෙන තිබෙනවා.

    ජනාධිපතිවරයා කියා සිටියේ බලතල භාරදීම අධීක්ෂණය කරන ෆෙඩරල් ඒජන්සිය මැතිවරණ දූෂණ ගැන පරීක්ෂා පොරොන්දු වූවත් “කළ යුතු දේ කළ යුතු” බවයි.

    සාමාන්‍ය සේවා පරිපාලනය  General Services Administration (GSA)  කියා සිටියේ බිඩෙන් මහතා “පෙනෙන ජයග්‍රාහකයා- apparent winner” ලෙස පිළිගන්නා බවයි. එය සිදු වූයේ මිචිගන් ප්‍රාන්තයේ බිඩෙන් මහතාගේ ජයග්‍රහණය නිල වශයෙන් සහතික කිරීමත් සමඟ ය. එය ට්‍රම්ප් මහතාට විශාල පහරකි.

    ජීඑස්ඒ නිවේදනයෙන් පසුව පෙන්ටගනය කියා සිටියේ බිඩෙන් කණ්ඩායමට සහයෝගය ලබා දෙන බවයි.

    ‘දෙපාර්තමේන්තුවේ මහජන අපේක්ෂාව සහ ජාතික ආරක්ෂාව සඳහා අපගේ කැපවීමට සරිලන පරිදි වෘත්තීය, විධිමත් හා කාර්යක්ෂම ආකාරයකින් එය සිදුකරනවා”

    “අද දවසේ තීරණය වසංගතය පාලනය කර ගැනීම සහ අපේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම ඇතුළුව අපේ ජාතිය මුහුණ දෙන අභියෝගයන්ට මුහුණ දීම සඳහා අවශ්‍ය පියවරකි” යනුවෙන් ජෝ බිඩෙන් කණ්ඩායම් ප්‍රකාශයක් පැවසීය.

    “මෙම අවසාන තීරණය ෆෙඩරල් ආයතන සමඟ සංක්‍රාන්ති ක්‍රියාවලිය විධිමත් ලෙස ආරම්භ කිරීම සඳහා වූ නිශ්චිත පරිපාලනමය පියවරකි.”

    බිඩෙන් පසුගිය දා ඔබාමා පාලනාධිකාරයේ වසර ගණනාවක් කටයුතු කළ පැරණි සගයන්ගෙන් සමන්විත කණ්ඩායමක් ප්‍රකාශයට පත් කළේය.

    ඔහු රාජ්‍ය ලේකම් ලෙස ඇන්තනි බ්ලින්කන් සහ දේශගුණ දූතයා ලෙස ජෝන් කෙරී පත් කරනු ඇති අතර ජැනට් යෙලන් එක්සත් ජනපදයේ පළමු භාණ්ඩාගාර ලේකම් ලෙස පත්වනු ඇත.

  • ‘Pantsuit මනාළිය’ ඉන්දියාවට ගිනි තබයි

    ‘Pantsuit මනාළිය’ ඉන්දියාවට ගිනි තබයි

    අපේ තරුණියන් ඩෙනිම්, ලෙගින්වලට කොපමණ ප්‍රියකළත් මනාළියක් වනදාට සාරියකින් හෝ ඔසරියකින් සැරසෙන්න පමණයි කැමැති වෙන්නේ. වෙනත් විකල්පයක් ගැන ඔවුන්ට සිතා ගන්නවත් බැහැ. අපේ එහෙම නම් දැඩි සම්ප්‍රදායික හා සංස්කෘති බැදීම් ඇති ඉන්දියාවේ කොහොම වෙයිද ? ඒ ගැන හිතා ගන්නවත් බැහැ නේද?

    ඒත් ලෝකය වෙනස් වෙනවා. තරුණ පරපුර රැඩිකල් තීන්දු ගන්නවා. ඉන්දියාවෙන් පසුගිය දා වාර්තා වුණ මේ කතාව එවැනි කතාවක්.

    සංජානා රිෂී නම වගේම සුරූපිනියක්. ඒ වගේම ඇය රැඩකල් යුවතියක්. ඇය තමා මනාළියක් වන ඒ සුන්දර දිනයේ වසර දහස් ගණනක් පැරණි ඉන්දීය සංස්කෘතියට අභියෝග කළා. ඒ සාම්ප්‍රදායික සාරිය වෙනුවට කලිසමක් සහ බ්ලෙසර් එකකින් (pantsuit) සැරසීම මගින්.

    ඇය තෝරාගත් මංගල ඇඳුම සමඟ, ඇය නිර්භීත විලාසිතා ප්‍රකාශයක් ද ඉදිරිපත් කළාය.

    මනාලියක් වන දින සාම්ප්‍රදායික ඇදුම් වෙනුවට කලිසම් සහ බ්ලෙසර්වලින් සැරීම මේ වන විට බටහිර රටවල ක්‍රමයෙන් ජනප්‍රිය වෙමින් තිබෙනවා. විලාසිතා නිර්මාණකරුවන් ඔවුන්ගේ විවාහා මංගල්‍ය විලාසිතා එකතුව තුළ කලිසම් ද ප්‍රවර්ධනය කරන අතර ඔවුන්ට ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ අනුමැතිය ද ලැබී තිබෙනවා. ගේම් ඔෆ් ත්‍රෝන්ස් නිළි සොෆී ටර්නර් Game of Thrones actress Sophie Turnerඊට මනා උදාහරණයක්. ඇය පසුගිය වසරේ සංගීතඥ ජෝ ජොනාස් සමඟ විවාහ වන විට සුදු කලිසමකින් සැරසී සිටියා.

    එහෙත්, රිෂිගේ ඇඳුම ඉන්දියාවට අතිශයින්ම අසාමාන්‍ය අත්දැකීමක් වුණා. මන්ද ඉන්දීය මනාලියන් සාමාන්‍යයෙන් සිල්ක් සාරි හෝ ලෙහෙන්ග වලින් සැරසීමයි සිදුවන්නේ. ඔවුන් කැමතිම වර්ණය රතු වන අතර බොහෝ ඒවා මිල අධික රන් හෝ රිදී නූල් වලින් සරසා තිබෙනවා.

    මනාළියන් වෙනුවෙන් ප්‍රකාශයට පත් කළ සගරාවක හිටපු කර්තෘ නුපූර් මේතා පවසන්නේ “මම කවදාවත් ඉන්දියානු මනාලියක් මේ වගේ ඇඳුමින් සැරසී සිටිනු දැක නැහැ. මනාලියන් සාමාන්‍යයෙන් ඉන්දියානු ඇඳුමින් සැරසී සාම්ප්‍රදායික ආභරණ පැළදීමයි සිදුවන්නේ. එය ඔවුන්ගේ පාරම්පරික චාරිත්‍රයක්. මෙය ඉතා අලුත් දෙයක්. ඇය සැබවින්ම කැපී පෙනුණා.”

    ඉන්දීය-ඇමරිකානු ව්‍යවසායිකාවක (Indian-American entrepreneur) වන රිෂි (29), දිල්ලි ව්‍යාපාරික 33 හැවිරිදි ධරව් මහජාන් (33) සමඟ සැප්තැම්බර් 20 වන දින දිල්ලියේ අගනුවරදී විවාහ විය.

    ඇය පසුගිය වසරේ ඉන්දියාවට යාමට පෙර එක්සත් ජනපදයේ ආයතනික නීතිඥවරියක් ලෙස සේවය කර ඇති අතර මෙම යුවළ වසරකට ආසන්න කාලයක් එකට ජීවත් වූහ -living together)

    ඔවුන් සැප්තැම්බර් මාසයේ එක්සත් ජනපදයේ විවාහ මංගල්‍යයක් සැලසුම් කර තිබුණි. ඊට හේතුව වූයේ මනාලියගේ සහෝදරයා සහ ඇගේ මිතුරන් බොහෝ දෙනෙක් එහි වාසය කිරීමයි. දෙවන සාම්ප්‍රදායික ඉන්දියානු විවාහ මංගල්‍යය නොවැම්බර් මාසයේ දිල්ලියේදී සිදු කිරීමට සැලසුම් සකස් කර තිබුණි. නමුත් පසුව කෝවිඩ් වසංගතය ව්‍යාප්ත වීම සමග ඔවුන්ගේ සැලසුම් “සම්පූර්ණයෙන්ම පීලි පැන ඇත”.

    සංජනා රිෂි ඇගේ විවාහ මංගල්යයේදී

    ඇමරිකාව මෙන් නොව ඉන්දියාවේ විවාහා නොවී එකට ජීවත් වීම living together පිළිබඳ එතරම් පිළිගැනීමක් නොමැත.

    රිෂි මහත්මිය පවසන්නේ ඇගේ දෙමාපියන් “ඇදහිය නොහැකි තරම් ප්‍රගතිශීලී වුවත්, මිතුරන්, අසල්වාසීන් සහ පවුලේ අයගෙන් බාහිර බලපෑම් රාශියක් ඇති වූ බවයි.

    ඉතින්, අගෝස්තු අග “එක් සුන්දර උදෑසනක ‘අපි දැන් විවාහ වෙමු’ යැයි මම ඔහුට යෝජනා කළා.

    රිෂි මහත්මිය පවසන්නේ විවාහ වීමට සිතූ මොහොතේම ඇයගේ ඇඳුම කුමක් විය යුතු දැයි තමා හරියටම දැන සිටි බවයි.

    “මම දැනගෙන හිටියා මම කලිසම් ඇඳීමට යන බව” ඇය කීවාය.

    පාරිසරික වශයෙන් තිරසාර විලාසිතාවන් (environmentally sustainable fashion) කෙරෙහි විශ්වාසය තබන සහ සාමාන්‍යයෙන් වරක් පාවිච්චි කළ (second-hand clothes) ඇඳුම් මිලදී ගන්නා රිෂි මහත්මිය පවසන්නේ මෙම ඇඳුම බොහෝ කලකට පෙර ඉතාලියේ සාප්පුවකදී දුටු බවයි.

    “එය 1990 දශකයේ ඉතාලි නිර්මාණකරුවෙකු වන ජියැන්ෆ්‍රැන්කෝ ෆෙරේ විසින් නිර්මාණය කරන ලද  pre-loved vintage ඇඳුමක්. මා විවාහ වීමට තීරණය කළ විට එය තවමත් පවතින බව දැනගැනීමෙන් මම පුදුමයට පත් වුණා‘

    “මම නිතරම සිතුවේ කලිසම් අදින කාන්තාවන් තුළ බලවත් ශක්තියක් ඇති බවයි. මම කළිසම්වලට ආදරය කළ අතර මම ඒවා නිතරම පැළඳ සිටියෙමි.”

    විවාහ මංගල්‍ය ඉතා සමීප සම්බන්ධතාවයක් වූ බැවින් මනාලිය හා මනාලයා සහ පූජකවරයා ඇතුළු 11 දෙනෙකු පමණක් සහභාගී වූ බව ඇය පවසයි.

    “එයට සහභාගී වුණේ අපේ දෙමව්පියන් සහ ආච්චිලා සීයලා පමණයි. විවාහ මංගල්‍යය පැවැත්වූයේ ධරව්ගේ නිවසේදීයි. සෑම කෙනෙකුම සම්ප්‍රදායික ලෙස ඇඳ පැළඳ සිටියා. මා පමණක් විචිත්‍රවත් මංගල ඇඳුමකින් සැරසී සිටියා නම් එය ඇත්තෙන්ම අමුතු දෙයක් වේවි‘

    සංජනා රිෂි සහ ධරව් මහජන් ඔවුන්ගේ විවාහ මංගල්‍යයේදී

    මහජාන් පවසන්නේ තම මනාළිය කලිසමකින් සැරසී සිටිනු ඇතැයි තමන් අපේක්ෂා නොකළ බවයි.

    “මම ඇයව දකින තුරු, ඇය අඳින්නේ කුමක් දැයි මා දැන සිටියේ නැහැ. නමුත් එය ඇත්තෙන්ම ගැටලුවක් නෑ. මන්ද සංජ් අඳින ඕනෑම දෙයක් ඇයට සුන්දර බව මම දන්නවා‘

    ඇත්ත වශයෙන්ම, ඔහු ඇයව මුලින්ම දුටු විට, “ඇය කලිසම් ඇඳගෙන සිටින බව මා මුලදී දුටුවේ නැත. මා සිතුවේ ඇය කෙතරම් ආකර්ෂණීය ද කියායි. මට තවත් නාම විශේෂණ සමඟ ඉදිරියට යා හැකියි” ඔහු සිනාසෙයි.

    රිෂි මහත්මියගේ මංගල ඇඳුම සමාජ මාධ්‍ය තුළ මහත් ආන්දෝලනයක් ඇති කර තිබේ.

    ඇය ඉන්ස්ටග්‍රෑම් හි පින්තූර කිහිපයක් පළ කිරීමෙන් පසු, මිතුරන් සහ අනුගාමිකයන් ඇයගේ පෙනුම ගැන ප්‍රශංසා කළහ – ඔවුන් ඇයව හැඳින්වූයේ සිත් ඇදගන්නාසුළු, ලස්සන, නියමයි සහ “සිසිල් මනාලිය – the coolest bride” ලෙසිනි.

    විලාසිතා නිර්මාණකරුවන් සහ විලාසිතා ශිල්පීන් ද ඇයගේ තේරීම අනුමත කළහ.

    “OMG, ඔයා කොච්චර ලස්සනද !!!” නිර්මාණකරු මසබා ගුප්තා ලිවීය; 

    බොලිවුඩ් නිළි සෝනම් කපූර්ගේ සහෝදරිය වන රියා කපූර් ඇගේ පෙනුම විස්තර කළේ “නියමයි” යනුවෙනි.

    ඉන්දියාවේ සුප්‍රසිද්ධ සමකාලීන කාන්තා ඇඳුම් නිර්මාණ ශිල්පියෙකු වන ආනන්ද් භූෂාන් බීබීසීයට පැවසුවේ තමා රිෂි මහත්මියගේ ඇඳුමට ආදරය කරන බවත් “මනාලියකගේ පෙනුමට එය සුන්දර ක්‍රමයක්” බවත්ය.

    “මම ඇගේ ඡායාරූපය දුටු විට, මගේ මනස හරහා ගිය පළමු දෙය නම්,” කැරී බ්‍රැඩ්ෂෝ [ Sex and the City ප්‍රධාන චරිතවලින් එකක් ] ඉන්දියානුවෙක් නම්, ඇය ඇගේ විවාහ මංගල්‍යය සඳහා හරියටම මේ ආකාරයට ඇඳ පැළඳ සිටිනු ඇති බවයි “

    සංජනා රිෂි සහ ධරව් මහජන් ඔවුන්ගේ විවාහ මංගල්‍යයේදී

    සමහර මනාලියන්ගේ ගිණුම්  bridal accounts ඇගේ පින්තූර බෙදාගත් අතර trolls ඇයව කුණු කූඩයට දැමීමට පටන් ගත්තේය.

    අදහස් දැක්වීමේදී trolls පවසා ඇත්තේ, ඇය ඉන්දියානු සංස්කෘතියට නරක නමක් ගෙනැවිත් ඇති බවත්, ස්ත්‍රීවාදයේ නාමයෙන් ඕනෑම දෙයක් කරන්නෙකු සමඟ ඔහු හිර වී සිටින බවත් ඇගේ සැමියාට අනතුරු ඇඟවූ බවයි. 

    ඇගේ මනසට බටහිර සංස්කෘතිය බලපෑම් කර ඇති නිසා ඇය කිසි විටෙකත් ඉන්දියානු සම්ප්‍රදායන් තේරුම් නොගනු ඇතැයි සමහරු පැවසූහ. 

    සමහරු “මාව මරන්න කිව්වා” රිෂී පැවසුවාය.

    රිෂි මහත්මිය පවසන්නේ “ඉන්දියානු පිරිමින් නිතරම මංගල උත්සවවලදී කලිසම් ඇඳගෙන සිටිනවා. නමුත් ඒ ගැන කිසිවෙකු ඔවුන්ගෙන් ප්‍රශ්න කරන්නේ නැහැ. නමුත් කාන්තාවක් pantsuit  එකකින් සැරසුනොත් ඔවුන් ඇයව විනාශ කරනවා” යනුවෙනි.

    “නමුත් මම හිතන්නේ කාන්තාවන් සෑම විටම දැඩි ප්‍රමිතීන්ට අනුකූලව සිටිය යුතු බව ඔවුන් තව දුරටත් විශ්වාස කරනවා. එය තව දුරටත් වලංගු නැහැ” යැයි ඇය පවසයි.

    එය ඉන්දියාවේ පමණක් නොවේ. බොහෝ ආසියානු හා මැදපෙරදිග රටවල දැකිය හැකි සුලභ තත්ත්වයකි. තහනම දශක ගණනාවක් තිස්සේ නොසලකා හැර තිබුණද 2013 වන තෙක් ප්‍රංශයේ කාන්තාවන් කලිසම් ඇඳීම නීති විරෝධී විය.

    දකුණු කොරියාවේදී, කාන්තා සිසුවියන්ට මෑතකදී පවසා තිබුණේ ඔවුන්ගේ නිල ඇඳුම් සමඟ ප්‍රමිතියෙන් යුත් සායක් වෙනුවට කලිසම් කට්ටලයක් මිලදී ගත හැකි බවයි.

    එක්සත් ජනපදයේ උතුරු කැරොලිනාවේ සිසුවියන්ට උසාවි යාමට සිදු වූයේ ශීත ඍතුවේෙදී හෝ පාසල් කාලය තුළ කලිසම් ඇඳීමට අවසර ගැනීම සඳහා ය. 

    කලිසම් ඇඳ සිටින කාන්තාවන්ට ප්‍රතිරෝධයක් ඉන්දියාවේ ද පවතී.

    “ඉන්දියාවේ කාන්තාවන් ශතවර්ෂ ගණනාවක් තිස්සේ යම් ආකාරයක කලිසම් හෝ පිජාමා ඇදීම සිදුකළ ද ඒවා බොහෝ විට දැකගත හැකි වුණේ නාගරික කාන්තාවන් අතර පමණයි. විශාල නගර වලින් පිටත, බොහෝ ගතානුගතික පවුල්වල කාන්තාවන්ට කලිසම් හෝ ජීන්ස් පැළඳීමට ඉඩක් ලැබෙන්නේ නැහැ” යැයි භූෂාන් මහතා පවසයි.

    “පුරුෂාධිපත්‍යයෙන් අනූන සමාජයක් වන ඉන්දියාවේ පිරිමින් කාන්තාවන් පිළිබඳව ඉතා දැඩි පිළිවෙතක් අනුගමනය කරනවා. ඔවුන්ට අවශ්‍ය වන්නේ කාන්තාවන්ගේ සිරුර සහ ප්‍රජනන අයිතිය පමණයි. ඔවුන් කතා කරන හා සිනාසෙන ආකාරය සහ ඔවුන් අඳින දේ ඔවුන්ට වැදගත් නැහැ. ඒවා ද සිදුවිය යුත්තේ පිරිමියාට වාසිදායක ලෙස පමණයි”

    සංජනා රිෂි ඇගේ විවාහ මංගල්යයේදී

    “අවම වශයෙන් ඉන්දියාවේ සිටින සෑම කාන්තාවකටම තමන් කැමති දේ ඇඳීමට නිදහස නැති බව මට වැටහී තිබෙනවා. වරක් මම මගේ ඡායාරූප ඉන්ස්ටග්‍රෑම් වෙබ් අඩවියේ පළ කළ විට, බොහෝ කාන්තාවන් නැවත ලියා සිටියේ මගේ පින්තූර දෙස බැලීමෙන් ඔවුන්ට ධෛර්යය ලැබී ඇති බවයි‘‘

    “එක් මට්ටමකින් මම මෙය ඇසීම ගැන බෙහෙවින් සතුටු වුණා. නමුත් තවත් මට්ටමක මමත් ටිකක් සැලකිලිමත් වුණා. මම හිතුවා, ‘අනේ නෑ, මම අනිත් අයගේ ජීවිතවල හෝ වෙනත් අයගේ නිවෙස්වල ප්‍රශ්න ඇති කරනවා කියලා”

    pantsuit ඇඳුමකින් සැරසී සිටින මනාලියකට අන් අයද එසේ කිරීමට පෙළඹවිය හැකිද?

    ඇයගේ අසාමාන්‍ය තේරීම “ගිනි පුපුරක් බවට පත්විය හැකිය … එය ගිනි ජාලාවක් බවට පත්විය හැකිය, නැතහොත් එය මිය යා හැකිය,” භූෂාන් මහතා පවසයි.

    2020 නොවැම්බර් 24 වැනි දින බී.බී.සී. වාර්තාවකි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • සුද්දා ඇඟ බද්ද ගැහුවා – සෞභාග්‍යයේ ආණ්ඩුව 15% ක ‘මෙන්සස් බද්දක්’ ගැහුවා

    සුද්දා ඇඟ බද්ද ගැහුවා – සෞභාග්‍යයේ ආණ්ඩුව 15% ක ‘මෙන්සස් බද්දක්’ ගැහුවා

    බ්‍රිතාන්‍ය ජාතිකයින් ඇඟ බද්ද ගැහුවා වගේ මේ ආණ්ඩුව දැන් 15% ක ‘මෙන්සස් බද්දක්‘ ගහලා, කාන්තාවන්ගෙන් මාස් ශුද්ධියෙනුත් ආදායම් උපයන්න හදනවා යැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 

    1848 දී එංගලන්තයේ ටොරින්ටන් ආණ්ඩුකාරයා ඇඟ බද්ද, බලු බද්ද ඇතුළු බදු 7 ක් ගැහුවා.  මේ ආණ්ඩුව කාන්තාවන්ගේ ‘මාස් ශුද්ධියට බදු ගහපු ආණ්ඩුවක්‘ ලෙස ඉතිහාසගත වෙනවා.
    ලෝකයේ දියුණු රටවල් පාසල් දරුවන්ට, දුප්පතුන්ට, සනීපාරක්ෂකතුවා නොමිලේ ලබා දෙනවා.  සහන මිලට ලබා දෙනවා. මේක කාන්තාවන්ගේ අයිතියක්, සෞඛ්‍ය තත්වය නගා සිටුවන්නට මුලික අවශ්‍යතාවයක් ලෙස ලෝකයම සලකනවා.  සෞභාග්‍යයේ ආණ්ඩුව ධනවතුන්ගේ බදු කපලා දැන් කන බොන, දෛනික අවශතාවන්ට බදු ගහනවා.

    යහපාලන ආණ්ඩුව එදා ‘සනීපාරක්ෂක තුවා සඳහා වූ බද්දෙන් 40% ක් ඉවත් කළා. එයින් විශාල සහනයක් ජනතාවට ලැබුණා. දැන් ආණ්ඩුව සනීපාරක්ෂක තුවා බද්ද 15% කින් වැඩි කරලා.  මේ ආණ්ඩුව මිනිස්සු ගැන හිතන්නේ නැති, යක්ෂ ආණ්ඩුවක් බවට දවසින් දවස පත්වෙමින් තියෙනවා යැයි ද රෝහිනී කවිරත්න මහත්මිය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

    ආණ්ඩුවේ නව ‘මෙන්සස් බද්ද‘ නිසා පීඩාවට පත් වන්නේ කාන්තාවන් පමණක් නොවෙයි. සෑම පවුලකම අම්මලා – දුවලා ආදී වශයෙන් කාන්තාවන් කිහිප දෙනෙකු සිටිනවා.  සෑම මාසයකම අත්‍යවශ්‍ය භාණ්ඩ ලැයිස්තුවට ‘සනීපාරක්ෂක තුවා‘ ඇතුලත් වෙනවා.  මේ රටේ සනීපාරක්ෂක තුවා ගන්න බැරිව පාසල් නොයන දරුවෝ ඕනෑ තරම් ඉන්නවා.  ඒ දුප්පත්කම නිසයි.

    සනීපාරක්ෂක තුවා සඳහා පැනවූ නව බද්ද ඉවත් කර ගන්යැයි අපි ආණ්ඩුවට බල කරනවා. යැයි ද නිවේදනයේ දැක්වේ.

  • එජාප ජාතික ලැයිස්තු ධුරයට රනිල්

    එජාප ජාතික ලැයිස්තු ධුරයට රනිල්

    එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නම අවසන් වශයෙන් තීරණය වෙයි. ඒ අද උදෑසන පැවැති (23) කළමනාකරණ කමිටු රැස්වීමේදීය.

    ජාතික මන්ත්‍රී ලැයිස්තු ධුරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේ නම මීට පෙර යෝජනා කළේ එම පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා විසිනි. අද එම යෝජනාව කළමනාකරණ කමිටු රැස්වීමේදී දීර්ඝව සාකච්ඡාවට ගැනීම ආරම්භ කළේ අර්ජුන රණතුංග මහතායි. නවීන් දිසානායක මහතා මෙම රැස්වීමට නොපැමිණියත් ඔහුගේ ද අදහස අනුව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා සුදුසු බව එහිදී අර්ජුන රණතුංග මහතා පෙන්වා දුන්නේය. රැස්වීමට පැමිණි සියල්ලන්ම එම අදහසට විරුද්ධ නොවූ අතර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය භාර ගන්නැයි ඉල්ලා සියලු දෙනාගේ අත්සන් සහිත ලිපියක්  රනිල් වික්‍රමසිංහ මහතාට භාර දීමට ද එම කමිටු සාමා‍ජිකයින් කටයුතු කළේය. රැස්වීම අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අර්ජුන රණතුංග මහතා මේබව හෙළි කරමින් පැවසුවේ මේ අවස්ථාවේදී රට වෙනුවෙන් තම පක්ෂයෙන් පාර්ලිමේන්තුවට යා යුතු සුදුසුතම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහතා බවයි.

    ‍”අපේ ‍රට දැන් මුහුණ දෙමින් සිටින්නේ ‍ගෝලීය අර්බුදයකට. රටේ ආර්ථිකය වගේ ම ලෝකයේ ආර්ථිකයත් කඩා වැටිලා. මේ වගේ අවස්ථාවක මේ ව්‍යවසනයට මුහුණ දෙමින් රටේ ආර්ථික ගොඩ නැඟීමට සක්‍රීයව දායක විය හැකි පුද්ගලයා වෙන්නේ රනිල් වික්‍රමසිංහ. ඒ නිසා තමයි අපි රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ජාතික ලැයිස්තු ධුරයට යෝජනා කළේ. ඒ සඳහා එතුමාගේ කැමැත්තක් නැහැ. නමුත් අපි එතුමාගේ නම ඒකමතිකව යෝජනා කරලා සියලු දෙනාගේ ම අත්සන් සහිතව  ලිඛිත ඉල්ලීමක් අද එතුමාගෙන් සිදු කළා….”යි ද අර්ජුන රණතුංග මහතා පැවසීය.  

  • ITN – SLRC – SLBC මාස 09ට මිලියන 762ක් වනසලා

    ITN – SLRC – SLBC මාස 09ට මිලියන 762ක් වනසලා

    පසුගිය රජය සමයේ රාජ්‍ය මාධ්‍ය ආයතන පාඩු ලබන තත්ත්වයට පත් වූ බවත්, වසර දෙකක් තුළ එම ආයතන ලාබ ලබන මට්ටමට නැවත පත් කරන බව ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පසුගිය 21 වැනිදා ‘ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී ප්‍රකාශ කළා.

    ජනමාධ්‍ය අමාත්‍යවරයාට රාජ්‍ය මාධ්‍ය ලාබ ලබන තැනට පත් කිරීමට කොතරම් අභියෝගාත්මක ද යන්න ගැන මනා වැටහීමක් ලබාගත හැකි විශේෂ වාර්තාවක් මේ වන විට නිකුත් කර තිබෙනවා. ඒ ‘රජය සතු ව්‍යවසායන්හි ලාභදායීත්වය‘ නම් වාර්තාවයි. 2018, 2019 සහ 2020 අගෝස්තු 31 වැනි දිනට එම වාර්තාව මගින් අදාළ රාජ්‍ය ව්‍යවසායන් 52ක ලාභ අලාභ දක්වා තිබෙනවා.

    මෙම වාර්තාව අනුව පැහැදිලි වන්නේ රජයට අයත් ප්‍රධාන විද්‍යුත් මාධ්‍ය ආයතන තුන වන ස්වාධීන රූපවාහිනී ජාලය මිලියන 420ක්, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මිලියින 330ක් සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව එක්ව රුපියල් මිලියන762ක් 2020 වසරේ අගෝස්තු 31 වැනි දින වන විට වාර්තා කර ඇති බවයි. ඒ අනුව ඉදිරි මාස 3 තුළ මෙම අලාභය තව දුරටත් ඉහළ යා හැකි බවයි ක්ෂේත්‍රය සම්බන්ධ විශේෂඥයින් පවසන්නේ.

    මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ පසුගිය කාලයේ කැබිනට් මණ්ඩලය විසින් ගත් ප්‍රතිපත්තිමය තීන්දුවක් අනුව සියලු රාජ්‍ය දැන්වීම් රාජ්‍ය මාධ්‍යවලට පමණක් ලබාදී තිබියදී මේ දැවැන්ත අලාභය වාර්තා කිරීමයි.