Blog

  • 2021 අයවැය: සම්පූර්ණ කතාව

    2021 අයවැය: සම්පූර්ණ කතාව

    අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් මුදල් අමාත්‍යවරයා ලෙස අද (17) දින 2021 වර්ෂයට අදාළ අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එම අයවැය කතාව සම්පූර්ණයෙන්ම පහත පළ වෙනවා.

    අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජයේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති රාමුව තුළ 2021 – 2023 මැදිකාලීන ආර්ථික පුනර්ජීවන හා දිළිදුකම පිටුදැකීමේ කඩිනම් වැඩසටහන ශක්තිමත් කරන 2021 අයවැය කතාව මේ උත්තරීතර සභාවට ඉදිරිපත් කරන්නේ ඉමහත් සතුටකින්.

    ගරු කථානායකතුමනි,

    අප රට කවර ආර්ථික මට්ටමක සිටියත්කවර අභියෝගයන්ට මුහුණ දී තිබුණත් පිළිගත යුතු එක් මූලික යතාර්ථයක් වන්නේ කාර්මීකරණයෙන් ඉදිරියට පැමිණි ලෝක ආර්ථිකයමේ වන විට තාක්ෂණික ආර්ථිකයට පිවිස ඇති බවයි. අප මෙය දැකිය යුත්තේ කෘෂිකර්මයකර්මාන්ත හා සේවා අංශ සංවර්ධනය සඳහා සම්ප්‍රදායික උපාය මාර්ගවලින් ඔබ්බට ගොස් තාක්ෂණික වශයෙන් මෙම ක්ෂේත්‍ර ඒකාබද්ධ නිෂ්පාදන හා සැපයුම් ක්‍රියාවලියට යොමු කිරිමට ප්‍රමුඛත්වය දිය යුතු අවස්ථාවක් ලෙසයි. අපේ රටේ ආර්ථික සංවර්ධනයේදී අප කළ යුත්තේ  ජෛව විවිධත්වයෙන් පොහොසත්සංස්කෘතිමය වශයෙන් දීර්ඝ ඉතිහාසයක් ඇති ජාතික උරුම දායාදයන්ගෙන් පෝෂණය වූ  සුවිශේෂිත අනන්‍යතාවක් ඇති පරිසර සංවේදීතිරසාර සංවර්ධනයට කැප වූ රටක් හා ජාතියක් ලෙස ඉස්මතු කිරීමයි. සතාසිව්පාවුන්ගංගාඇළ දොළ හා ස්වභාව සෞන්දර්යෙන් පෝෂණය වුඅපේ දිවයින එයටත් වඩා කිහිප ගුණයකින් විශාල වූ සාගර සම්පතකටද උරුමකම් කියන රටක් ලෙසජාතික නිෂ්පාදන ක්‍රියාවලියේ සාපේක්ෂ වාසි (Comparative Advantage) මතු කළ යුතුයි.

    ගරු කථානායකතුමනි,

    භූ දේශපාලනික වශයෙන්ද අප රටේ වැදගත්කම සෑම රටකටම දැනෙන යුගයකට අප ප්‍රවේශ වී සිටිනවා. අපේ අසල්වැසි ඉන්දියාව ඉදිරි දශක කිහිපය තුළ ලෝකයේ ප්‍රබල ආර්ථිකයක්.   ඊට අමතරව චීනය ඇතුළු ආසියා රටවල් කිහිපයක්ද ලෝක ආර්ථිකයේ ප්‍රබල ආර්ථිකයන් 5 අතරට පිවිසෙන බව මගේ විශ්වාසයයි.

    ඉහළ ආදායම් වර්ධනයක් ඇති අප අවට ආසියා වෙළඳපළ ලෝක ජනගහනයෙන් සියයට 60ක් පමණ වෙසෙන නැගී එන ආර්ථික කලාපයක්. සම්ප්‍රදායික බටහිර දියුණු ආර්ථිකයන්ට මෙන්ම නැගී එන ප්‍රබල ආර්ථිකයන්ගේද කේන්ද්‍රීය මධ්‍යස්ථානයක් ලෙස රටේ ස්වෛරීත්වය රැකගනිමින් උපරීම ප්‍රයෝජනය ගැනීමට දිගුකාලීන උපාය මාර්ගික දැක්මක් තිබිය යුතුයි. අප රටේ දේශීය ආර්ථික ඉඩ ප්‍රස්ථා පුළුල්වන පරිදි කොළඹ හා හම්බන්තොට වරායන් හා ගුවන් තොටුපොළවල් මෙම වාණිජ ක්‍රියාවලියේ ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් වශයෙන් දියුණු කළ යුත්තේ  එවැනි ජාතික දැක්මක් තුළයි.

    ගරු කතානායකතුමනි,

    අතිගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව අමතමින් කළ ප්‍රතිපත්ති ප්‍රකාශන දෙක තුළින්ම අවධාරණය කළ ආර්ථික ප්‍රතිපත්තිය වූයේ “සෞභාග්‍යයේ දැක්ම” තුළින් මේ රටේ ජනතාව අපේක්ෂා කළ සැමට ප්‍රතිලාභ ලැබෙන අපේම ආර්ථික සංවර්ධනයක් ඇති කිරීමයි. ආදායම් හා පළාත් විෂමතාවයන් මෙන්ම නාගරික හා ග්‍රාමීය අසමානතාවයන්ද අවම වන සංවර්ධනයකට යොමු කිරීම එහි අන්තර්ගත හරයයි. අපගේ සමාජ සංවර්ධන වැඩපිළිවෙලේ මූලික අරමුණ වී ඇත්තේ කොවිඩ්-19 ඇතුළු වසංගත රෝග වලින් මෙන්ම  මේ වන විට ඉහළ මට්ටමක ඇති බෝ නොවන රෝග වලින්ද ජනතාව මුදා ගැනෙන පරිදි නිදහස් සෞඛ්‍ය සේවය ජනතාවට තව දුරටත් ඵලදායි වන ලෙස පුළුල් කිරීමයි. සෑම දරුවකුටම ඵලදායි පුරවැසියෙක් ලෙස සිය කුසලතාවන් සහ නිපුණතාවන් මතු කරගත හැකි අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීම‍ට අප වෙහෙසිය යුත්තේමානව සම්පත් ඉහළ මට්ටමකින් පවත්වා ගැනීම දැනුමේ ආර්ථිකයක් ඇති කිරීම සඳහා අවශ්‍ය වන නිසයි.

    ක්‍රීඩා හිතකාමී ජනසමාජයක් තුළින් බාහිර ක්‍රියාකාරකම්වලට යොමු කරමින් සෞඛ්‍ය සම්පන්න ළමා හා තරුණ පරපුරක් බිහිකිරීම හා සමාජආර්ථිකදේශපාලනික හා සංස්කෘතික පෙර දැක්මකට තාරුණ්‍යයේ ක්‍රියාකාරී දායකත්වය ලබාගත යුතුයි. ඒ  සඳහා අධ්‍යාපන හා ක්‍රීඩාමානව සම්පත් සංවර්ධනයට බද්ධ කළ යුතුයි. රටේ සිටිනා දක්ෂ දරුවන් පිරිස විශ්ව විද්‍යාල දක්වා සාර්ථක ගමන් මගක ගොස් අවසානයේ විරැකියාව උරුම කරගන්නේ නම් එම අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන  ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමට ප්‍රමුඛත්වය දිය යුතුයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය මෙම කාර්යයට යොමුකර තිබෙනවා.

    අප සමාජයේ ජීවත්වන අවදානමකට ලක්වූ (vulnerable) පුද්ගලයින්වැඩිහිටියන්විවිධ හැකියාවන් ඇති පුද්ගලයන් හා අඩු ආදායම්ලාභීන්ගේ සමාජ සුභසාධනය සහ සමාජ ආරක්ෂණය (social security) අප රාජ්‍ය ප්‍රතිපත්තියේ මූලික වගකීමක් කරගෙන තිබෙනවා. ඒ සඳහා සෞඛ්‍යඅධ්‍යාපනයක්‍රීඩා හා සමාජ සුභසාධනය මානව සම්පත් සංවර්ධනයේ එකිනෙකට වෙන් කළ නොහැකි බව “සෞභාග්‍යයේ දැක්ම” ජාතික ප්‍රතිපත්තිය තුළින් පැහැදිලි කර තිබෙනවා. 

    ජනතා අවශ්‍යතාවන් ඉටු කිරීමේදී නවීන සන්නිවේදනය හා තාක්ෂණය අද ප්‍රධාන යටිතල පහසුකම් අවශ්‍යතාවක්. පානීය ජලයවාරිමාර්ගවිදුලියමාර්ගබැංකු හා මුදල් මේ සඳහා අවශ්‍ය පරිපූරක පහසුකම් වෙනවා. දුෂ්කර ජීවිත ගෙවන ගොවීන්ධීවරයින්පාරම්පරික කර්මාන්තවල යෙදෙන්නන්ස්වයං  රැකියාවල යෙදෙන්නන්යැපුම් ආර්ථිකයට කොටුවී ඇති අඩු ආදායම්ලාභීන් හා විවිධ දුෂ්කරතා නිසා නිශ්චිත ආදායම් නොමැති ජිවනෝපාය අවදානම් තුළ මුදල්තාක්ෂණය හා වෙළදපළ සොයාගත නොහැකි කුඩා ව්‍යාපාරිකයන් තුළ ඇත්තේ සැඟවුණ නිෂ්පාදන ධාරිතාවක්. ඔවුන් නිෂ්පාදනයේ ප්‍රබල කොටස්කරුවන් කර ගනිමින්දිළිඳු බවින් තොර ආර්ථික සංවර්ධනයකට ප්‍රවේශ විය යුත්තේ  එම සැඟවුණ ධාරිතාව තුළ පුළුල් නිෂ්පාදන හැකියාවක් ඇති නිසයි.

    ගරු කතානායකතුමනි,

    හුදෙක් ආනයනය මත රඳාපවතින වෙළඳ ආර්ථිකයක් වෙනුවට ගොවි නිෂ්පාදන හා කෘෂිකාර්මිකරණයක් (Agro Industrialization) මුල්කරගත් නිෂ්පාදන ආර්ථිකයක් ජනතා අපේක්ෂාව බව “ගම සමඟ පිළිසඳරක්”  ජනතා සංවාදයෙන් අප තේරුම් ගෙන තිබෙනවා. “සෞභාග්‍යයේ දැක්ම” යනු ස්වභාවික පරිසර සංවේදීවඑය පෝෂණය කරමින් සංවර්ධන කටයුතු පවත්වා ගැනීම බව මෙම උත්තරීතර සභාවේදී අතිගරු ජනාධිපතිතුමා අවධාරණය කළා.

    රජයේ කාර්යභාරය ඉටු කිරීමේදීසංකීර්ණ වූ පරිපාලන හා නියාමන ක්‍රම වෙනුවට බිම් මට්ටමේ කටයුතු වලට මුල්තැන දෙන ජනතා කේන්ද්‍රීය රාජ්‍ය සේවයක් අවශ්‍ය වී තිබෙන බවද ජනතා සංවාද වලින් අප හඳුනාගෙන තිබෙනවා.

    පසුගිය රජය මෙන් රාජ්‍ය සේවය හෙළා නොදැක, එහි හැකියාවන් අවතක්සේරු නොකර, විනිවිදභාවයෙන් යුතුව අවම පිරිවැයකින් හා කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක විය හැකි රාජ්‍ය සේවයක් නිර්මාණය කළ යුතු වෙනවා. සත්භාවයෙන් රාජ්‍ය සේවය කරන නිළධාරින් දේශපාලන පලිගැනීම් වලට ලක් කිරීම අප හෙළා දැකිය යුතුයි. වසර ගණනාවක් ගතවන නඩු හබ, අකාර්යක්ෂමව හා යල්පැන ගිය  නීති පද්ධතීන් හා ආයතනික ව්‍යූහයක අවශ්‍යතාවයද ජනතා හඩ වී තිබෙනවා.  එබැවින් පවත්නා නීති හා ආයතනික ව්‍යූහය ප්‍රතිසංස්කරණය කරමින් ජනතාව මෙන්ම ව්‍යාපාරිකයින් දිරිගන්වන පරිසරයක් නිර්මාණය කිරීමටද අප මුල්තැන දිය යුතුයි.  

    ගරු කතානායකතුමනි,

    රජයේ සාර්ව ආර්ථික ගමන්මග (Macro-Economic Road Map)

    සෞභාග්‍යයේ දැක්ම” සාර්ව ආර්ථික වැඩපිළිවෙළට අනුව සමාජයේ සියළු පාර්ශව වලට ප්‍රතිලාභ ලැබෙන සියයට 6ක් ඉක්මවන මැදිකාලීන ආර්ථික වර්ධනයක් පවත්වා ගැනීම අපගේ ඉලක්කය වෙනවා.

    මිල ස්ථාවරත්වය ඇති කර ගනිමින්සියයට 5ක පමණ වාර්ෂික උද්ධමන වේගයක් පවත්වා ගනිමින්ජීවන වියදම් පාලනයට මුල් තැනක් දිය යුතු වෙනවා. ස්ථාවර පොලී හා විදේශ විනිමය අනුපාතබදු ප්‍රතිපත්තියබැංකු හා මූල්‍ය පහසුකම් හා ආයතනික ක්‍රියාකාරීත්වයභාණ්ඩ හා සේවා සැපයුම දිරි ගැන්විය යුතුයි.  ජනතාවගේ ආර්ථික නිදහස තහවුරු කරමින් නිෂ්පාදන ආර්ථිකයක් ඇති කිරීමට රජය පහසුකම් සපයන ව්‍යූහාත්මක වෙනසක් වෙළඳපළ ආර්ථික රාමුව තුළ ඇති කිරීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන උපාය මාර්ග වෙනවා.

    රජයේ ආදායම හා වියදම අතර ඇති සියයට 9ක පමණ  පරතරය සියයට 4ක මට්ටමකට වාර්ෂිකව අඩුකර ගැනීම අපගේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ අරමුණු අතර ප්‍රධාන සන්ධිස්ථානයක්. ජාතික ආදායමෙන් සියයට 90ක් වන රාජ්‍ය ණය සියයට 70කට අඩු කර ගැනීමත්විදේශ ණය  සංයුතිය තුළ ඇති වී ඇති අවදානම් අඩු කර ගැනීමත්එම සන්ධිස්ථානයට ලඟාවීම සඳහා අවශ්‍ය වෙනවා. නිෂ්පාදන ක්‍රියාවලිය හා ගනුදෙණු සඳහා ප්‍රමාණවත් පරිදි මුදල් හා ණය පහසුකම් ජනතාවට ගලා යන පරිදි බැංකු හා මූල්‍ය පද්ධතිය ප්‍රතිසංස්කරණය කළ යුතුයි. මුදල් හා ද්‍රවශීලතාවය කළමනාකරණය කිරීම පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව මුල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ නව දැක්මකින් බැලිය යුතු යැයි අප විශ්වාස කරනවා.

    දේශීය නිෂ්පාදනවලටවටිනාකමක් එක් කරනු ලබන අපනයන විවිධාංගිකරණය තුළින් විදේශ ඉපයුම් වැඩි කිරීම අවශ්‍යයි.  ආනයන මත වන දැඩි රඳාපැවැත්ම අවම කර ගනිමින් විදේශ වෙළදාමේ හිඟය අඩු කරගත හැකි පරිදි වෙළද හා නිෂ්පාදන ක්‍රියාවලිය හසුරුවා ගත යුතුයි. සංචාරකවිදේශ රැකියාවරාය හා ගුවන් සේවා ඉපයීම්වල ආදායම් වැඩිකර ගැනීමවෙළඳ හිඟය අඩු කිරීමට සමගාමීව සිදු කළ යුත්තේ අපගේ විදේශ සම්පත් වැඩි කර ගැනීමට භාණ්ඩ නිෂ්පාදනය මෙන්ම සේවා සැපයුමද ඉහළ මට්ටමක පැවතිය යුතු නිසයි. පුළුල් ග්‍රාමීය සංවර්ධනයක් තුළින් දුප්පත්කම පිටුදැකීම ඉලක්ක කරගත් රැකියා උත්පාදනය හා ජීවනෝපාය මාර්ග වැඩිකිරීම මෙන්ම සෞඛ්‍යයඅධ්‍යාපනය හා සමාජ සුභසාධනය පුළුල් කිරීමේ සංවර්ධන ප්‍රවේශයකට අප පිවිසිය යුත්තේ මෙම සාර්ව ආර්ථික දැක්ම තුළයි. 

    විදේශ ණය මුදල් උපයෝජනය

    ශ්‍රී ලංකාව විදේශ ණය අරමුදල් මගින් වාර්ෂිකව ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් ප්‍රමාණය සීඝ්‍ර ලෙස වැඩි වී තිබෙනවා. එහෙත්ණය මුදල් යටතේ ඩොලර් මිලියන 6,000කට වඩා වැඩි මුදල් වටිනාකමක් ඇති ව්‍යාපෘති සැලකිය යුතු ප්‍රගතියක් පෙන්නුම් කරන්නේ නැහැ. ව්‍යාපෘති සැලසුම් කිරීමශක්‍යතා අධ්‍යනයන්ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම් හා අධීක්ෂණ කටයුතු වලදී දැකිය හැකි ප්‍රධාන දුර්වලතා වී ඇත්තේ එම වැඩසටහන් දේශීය අවශ්‍යතා වලින් දුරස්ථවීමත්වැඩසටහන් වියදම් වැඩිවීමත්ක්‍රියාත්මක කිරීම සඳහා ගතවන කාලය වැඩි නිසාඅඩු ප්‍රතිලාභ ඇතිවීමත්ය. එම නිසා  විදේශ ණය ප්‍රමාණය මෙන්ම ණය සේවා ඉහළයාමත් දක්නට ලැබෙනවා. එම වියදම් නිසා වඩා ඵලදායි අඩු පිරිවැයකින් කළ හැකි ව්‍යාපෘති සඳහා මුදල් හිඟවීම තුළ භාණ්ඩාගාර මෙහෙයුම් කටයුතුවලට අහිතකර බලපෑම් ඇතිවන බවද නිරීක්ෂණය වී තිබෙනවා.

    ගරු කතානායකතුමනි,

    මෙම ණය අරමුදල් “සෞභාග්‍යයේ දැක්ම” ආර්ථික හා සමාජ සංවර්ධන වැඩපිළිවෙළ තුළ හඳුනාගෙන ඇති සුවිශේෂීතා මුල් තැන දෙමින් යලි සකස්කර ගැනීමට අප සැලසුම් කර  තිබෙනවා. ඒ සඳහා සංවර්ධන ණය මුදල් සපයන ආයතන දක්වා ඇති සහය අප අගය කරනවා. පවත්නා ණය යෝජනා ක්‍රම තුළමප්‍රමුඛත්වය ගෙන ඇතිකොවිඩ් රෝග නිවාරණ කටයුතු,  පානීය ජල සැපයීමග්‍රාමීය මාර්ග සංවර්ධනයග්‍රාමීය සෞඛ්‍ය සේවා පුළුල් කිරීමදරුවන් හා මව්වරුන්ගේ පෝෂණ තත්ත්වය දියුණු කිරීමවෘත්තීය අධ්‍යාපනයට සිසුන් ආකර්ශණය කිරීමට අප මුල්තැන දී තිබෙනවා. එමෙන්මසම්ප්‍රදායික කර්මාන්තවලට නව අගයක් ලබාදීමතරුණ තරුණියන්ට නව ව්‍යාපාර සඳහා ආරම්භක ප්‍රාග්ධනය සැපයීම හා ගොවිපළ සංවර්ධනයට තාක්ෂණය හඳුන්වාදීම සඳහා මුදල් වෙන් කර ගැනීමට හැකි වී තිබෙනවා.  පුනර්ජනනීය බලශක්ති ධාරිතාව වැඩි කිරීමමූල්‍ය හා ප්‍රාග්ධන වෙළඳපළ ප්‍රතිසංස්කරණය ආදී ප්‍රමුඛතාවන්ට මුදල් වෙන් කර ගැනීමටත් අප කටයුතු කර තිබෙනවා.

    මේ අනුව ලෝක බැංකුවආසියානු සංවර්ධන බැංකුව හා JICA  ආයතනය සමඟ පමණක් වාර්ෂිකව මෙම කටයුතු සඳහා වියදම් කිරීමට සැලසුම් කර ඇති විදේශ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 1,400ක් පමණ වෙනවා. මෙයට අමතරවද්විපාර්ශ්වික සංවර්ධන පරිපූරක ණය මුදල් ඩොලර් මිලියන 400ක් පමණ ලබා ගැනීමටද අපේක්ෂා කරනවා. මෙම ව්‍යාපෘතින් සඳහා  ආනයන අවශ්‍යතා ඉතා අඩු බැවින් විදේශ විනිමය කළමනාකරණයටද මෙම වැඩපිළිවෙළ ධනාත්මක බලපෑමක් ඇති කරනවා. විදේශ ණයතාක්ෂණ උපකරණ හා විශේෂිත අවශ්‍යතාවන් හැර ප්‍රතිපාදන වලින් සියයට 65ක් පමණ දේශීය වියදම් සඳහා යොදා ගැනීමට අප කටයුතු කරනවා.

    ණය මුදල් යටතේ ඇති විවිධ ව්‍යාපෘති කාර්යාල හා විදේශ උපදේශක වියදම් සීමා කරඅදාළ ආයතනවල වැඩසටහන් ලෙස ක්‍රියාත්මක කිරීමෙන් වියදම් අඩු කිරීමටත්මනා සම්බන්ධිකරණයක් ඇති කිරීමත් අපේක්ෂා කරනවා. ප්‍රධාන සංවර්ධන ක්ෂේත්‍රවල (Development Clusters) ප්‍රතිපත්ති හා උපාය මාර්ග පදනම් කරගෙන විදේශ ආයතන වලින් (Policy Based Borrowings) ණය ලබා ගැනීමට ප්‍රමුඛත්වය දෙනු ලබනවා. දේශීය අරමුදල් හැකිතාක් දුරට ජාතික යටිතල පහසුකම් පද්ධතියටග්‍රාමීය ආර්ථිකය විවෘත කළ හැකි පරිදි යොදා ගැනීමද මෙම ආයෝජන මූල්‍යකරණයේ උපාය මාර්ගයක් වෙනවා.

    බදු ප්‍රතිපත්තිය

    සෞභාග්‍යයේ දැක්ම” මගින් ප්‍රකාශිත වූ පරිදි බදු ගෙවන්නන්ගේ පහසුව මෙන්ම බදු පරිපාලනය කාර්යක්ෂම කිරීම සඳහා ඉතා සරල බදු ක්‍රමයක් රජය විසින් 2020 ජනවාරි මස ක්‍රියාත්මක කළා. එම බදු ක්‍රමය ඉදිරි වසර 5 තුළ නොවෙනස්ව පවත්වා ගැනීමව්‍යාපාරික කටයුතු දියුණු කරමින් ආර්ථික පුනර්ජීවනයක් ඇති කිරීමට අවශ්‍ය එක් ප්‍රධාන සාධකයක්. බැංකුමූල්‍ය හා රක්ෂණ ක්ෂේත්‍ර හැරභාණ්ඩ ආනයනය හා නිෂ්පාදන හා සේවා සැපයීම සඳහා ව්‍යාපාර පිරිවැටුම මසකට රුපියල් මිලියන 25ට වැඩි ව්‍යාපාර වලට අදාළ සියයට 8ක වැට් බද්ද නොවෙනස්ව පවත්වා ගෙන යෑමට යෝජනා කරනවා. දැනට විවිධ ආයතන හා නීතිමය විධිවිධාන යටතේ ක්‍රියාත්මක වන මත්පැන්සිගරට්දුරකථන සේවාසූදු (Gaming), මෝටර් රථ වැනිමුළු බදු ආදායමෙන් සියයට 50කට වැඩි බදු ආදායම් දායකත්වයක් දෙන භාණ්ඩ හා සේවා බදු වඩා කාර්යක්ෂම ලෙස කළමනාකරණය කිරීම සඳහා එක බදු ක්‍රමයක්, online තාක්ෂණය ඔස්සේ කළමනාකරණය කිරීමට සඳහා විශේෂ භාණ්ඩ හා සේවා බද්දක් (Special Goods and Service Tax) හඳුන්වා දීමට යෝජනා කරනවා. සුරාබදු ආඥා පනත වැනි විශේෂ පනත්නීති විරෝධි මත්පැන් හා දුම්වැටි වෙළදාම වලක්වා ගැනීමේ නියාමනය ශක්තිමත් කිරීමට හැකි වන පරිදි යොදා ගැනීමෙන් ආදායම් මාර්ග ශක්තිමත් කිරීම මෙම ප්‍රතිසංස්කරණයේ තවත් අරමුණක්.

    2020 ජනවාරි මස 01 වන දින සිට සරල බදු ක්‍රමයක් හා online බදු පරිපාලනය ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇති බැවින් එතෙක් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කළ ආර්ථික සේවා ගාස්තුජාතිය ගොඩනැගීමේ බද්ද වැනි බදු වලට අදාල හිඟ බදුගෙවන්නන්ගේ මූල්‍යමය හැකියාව පදනම් කරගත් අවසන් හා පූර්ණ (Full and Final Settlement) විසඳුමක් වශයෙන් සහන බදු ගෙවීමකට යටත්ව අදාළ ලිපි ගොනු වසා දැමීමට යෝජනා කෙරේ.

    එමෙන්ම 2021.04.01 දින සිට සියළු සමාගම් ව්‍යාපාර බදු e-filing ක්‍රමයට යටත් කිරීම අනිවාර්ය කිරීමදබදු හා සෑම ගනුදෙනුවකටම අදාළව  බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය (TIN) යොදා ගැනීමට හැකිවන පරිදි බදු නීතිය සංශෝධනය කරනු ලබනවා. බැංකු හා මූල්‍ය ආයතනවල බදු ගනනය කිරීමේදී අඩමාන ණය හා අපේක්ෂිත ණය පාඩු සඳහා කරනු ලබන ප්‍රතිපාදන වලදී වඩාත් විනිවිදභාවයෙන් කළමනාකරණය කිරීම සඳහා දේශීය ආදායම් පනත යටතේ අවශ්‍ය උපදෙස් නිකුත් කිරීමටද යෝජනා කරනවා. එමෙන්ම දේශීය ආදායම් පනත යටතේ බදු පරිපාලන තීන්දුඅභියාචනයට යටත් වන කාල සීමාවක් තුළ ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි අවශ්‍ය නීති ප්‍රතිපාදන ශක්තිමත් කිරීමට යෝජනා කරනවා. බදු අභියාචනා කඩිනමින් විසඳීම සඳහා විශේෂ බදු අභියාචනා උසාවියක් ඇති කිරීමටද යෝජනා කරනවා.

    ගරු කතානායකතුමනි,

    පුද්ගල ආදායම් බද්ද ක්‍රියාත්මක වන්නේ වැටුප්පොලීකුලීලාභාංශ හෝ වෙනත් ආදායම් ප්‍රභවයන්ගෙන් මසකට රුපියල් 250,000කට වැඩි ආදායම් ලබන්නන් සඳහා පමණයි. උපයන විට බදු ගෙවීම්පොලී මත රඳවා ගැනීම් බදු අහෝසි කර තිබෙනවා.

    මසකට රුපියල් 250,000 වැඩි ආදායම් ප්‍රභවයන් ඇති වැටුප්පොලී වැනි ආදායම් ලබන්නන්ට මාසිකව අදාළ බදු මුදල ගෙවීමට අවශ්‍ය නම් සිය සේවා ස්ථාන වලට හෝ බැංකුවලට ඒ පිළිබඳ උපදෙස් දීමට හා වසර අවසානයේ සමස්ථ ආදායම් ප්‍රකාශයක් මගින් සිය බදු වගකීම් තුලනය කරගැනීමට සරල ක්‍රමයක්  හඳුන්වා දෙනු ලබනවා.

    ඉදිරි වසර 5 තුළ  කෘෂිකර්මසත්ව හා ධීවර කටයුතු වලින් ලැබෙන පෞද්ගලික හා ආදායම් බදු වලින් නිදහස් කර තිබෙනවා. තොරතුරු තාක්ෂණය හා ආශ්‍රිත දේශීය හා විදේශීය ඉපයීම් මෙන්මනේවාසිකව හෝ විදේශගතව උපයනු ලබන විදේශ ආදායම් ද ආදායම් බදු වලින් නිදහස් කර තිබෙනවා.

    රජයේ බදු ආදායමෙන් සියයට 80ක් රැස් කරන්නේ ඉහළ ආදායම් හා මහා පරිමාණ ව්‍යාපාරබැංකු හා මූල්‍ය ආයතන වලිනුයි. 2013/2014 වර්ෂවල මා විසින් හඳුන්වා දුන් Revenue Adminstration Management Information System සක්‍රීය කිරීමට අවශ්‍ය තාක්ෂණික හා නීතිමය ප්‍රතිපාදන හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා. එකී බදු ගෙවන්නන් ඉලක්ක කරගෙන බදු කළමනාකරණය කිරීම සඳහා පිහිටුවා  ඇති විවිධ අංශ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාගේ ඍජු වගකීම යටතේ පරිපාලනය කිරීම සඳහා එක් අංශයක් යටතට (Large Tax Payer Unit) පත් කිරීමට කටයුතු කර තිබෙනවා. බදු ගෙවන්නන්ගේ ස්වයං අනුකූලතාවය වර්ධනය කිරීම හා බදු විගණනය ශක්තිමත් කිරීමද බදු ආදායම වැඩි කර ගැනීමට අවශ්‍ය බැවින්දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අවශ්‍ය වෙනස්කම් සිදු කිරීමට යෝජනා කරනවා. පෞද්ගලික අංශයේ බදු උපදේශකයන් හා විගණනකරුවන් බදු ගෙවන්නන් නියෝජනය කිරීමේදි සහ සහතික නිකුත් කිරීමේදී,  වැරදි බදු වාර්තා සකස් කිරීම හෝ අනුබල දීම දඩුවම් ලැබිය හැකි වරදක් ලෙස සලකා එැවැනි බදු උපදේශක සේවා පවත්වා ගෙන යෑම අවලංගු කළ හැකි වන පරිදි නීතිමය ප්‍රතිපාදන හඳුන්වා දීමට යෝජනා කරනවා.

    ඉතිරි කිරීම් හා ආයෝජන

    ජනතාවගේ ආදායම් මාර්ග උත්පාදනයට ඇති  ඉඩ ප්‍රස්ථා පුළුල් කිරීමට සමගාමීව සෑම දෙනාම ආවරණය වන ජාතික ඉතිරිකිරීම් වැඩපිලිවෙළක් ක්‍රියාත්මක කිරීම‍ට අප පෙරමුණ ගන්නවා. සමෘද්ධිලාභීන්ගොවි හා ධීවර විශ්‍රාම වැටුප් හිමිකම් සඳහා වාර්ෂිකව රුපියල් බිලියන.50කට අධික මුදලක් අයවැය මගින් සලසනු ලැබුවදඔවුන්ගේ විශේෂ අවශ්‍යතාවයන් හා සැදෑසමය සඳහා ප්‍රමාණවත් ආදායමක් ලැබෙන ඉතිරිකිරීම් ක්‍රමයක් සකස් වී නැහැ. එබැවින් සමෘද්ධි බැංකුව විසින් සෑම සමෘද්ධිලාභියෙකු සඳහාම සමෘද්ධි ජීවිත ඉතුරුකිරීම්  (Samurdhi Life Savings Account) ගිණුම් විවෘත කිරීමටත්සමෘද්ධි ජීවන ආධාර එම ගිණුම්වලට තැන්පත් කිරීමටත් යෝජනා කරනවා. එම ගිණුම්වල  ස්ථාවර ඉතුරුකිරීම් ශේෂයන්ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ තැන්පතු මෙන්ම භාණ්ඩාගාර ඇපකර මගින් තහවුරු කර සමෘද්ධිලාභීන්ගේ ඉතුරුකිරීම් වැඩිකිරීමට පියවර ගන්නවා. එම ඉතුරුකිරීම් සේවක අර්ථසාධක අරමුදලේ ආයෝජන සුරක්ෂිත කර ඇති අයුරින්ම සහතික කිරීම සඳහා  භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය කිරීමට ප්‍රතිපාදන සලසනවා. එම ආයෝජන සඳහා ලැබෙන පොලී ආදායම සියළු බදු වලින් නිදහස් කිරීමටද යෝජනා කරනවා. දැනට රාජ්‍ය බැංකුවල සමෘද්ධි බැංකුව විසින් තැන්පත් කර ඇති මුදල් වලින් සියයට 90ක ප්‍රමාණයක් සමෘද්ධිලාභීන්ගේ නේවාසික ආර්ථික හා ව්‍යාපාර දියුණු කිරීම සඳහා සියයට 7ක වාර්ෂික පොලියට ණය සැපයීමේ “නව සමෘද්ධි ව්‍යවසාය සංවර්ධන ණය යෝජනා ක්‍රමයක්” ක්‍රියාත්මක කරනවා.

    සුභසාධන සමිති හා ආයතනවල පොලී ආදායම සඳහා පසුගිය රජය පැනවූ බදු එම ආයතනවල ඉතුරුකිරීම් දිරිගැන්වීම සඳහා  නිදහස් කිරීමට යෝජනා කරනවා.

    පුද්ගල ඉතිරිකිරීම් දිරිගැන්වීම සඳහා වෛද්‍ය රක්ෂණභාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කරනිවාස ණයලැයිස්තුගත සමාගම් කොටස්වල මසකට රු. 100,000 දක්වා කරනු ලබන පෞද්ගලික ආයෝජන ආදායම් බදු ගනනයේදී අඩු කළ හැකි ගෙවීම් ලෙස (qualifying paymets) සැලකීමට යෝජනා කරනවා.

    ශ්‍රී ලංකාවේ නේවාසිකව සේවය කරන විදේශිකයන් ශ්‍රී ලංකාව තුළ උපයන විදේශ විනිමය හෝ විදේශවල ඇති සිය ඉපයීම් හෝ ශ්‍රී ලංකාවෙන් පිට බැංකු ණය වලින් සුපිරි මහල් නිවාස මිලදී ගැනීමට ඉඩ ප්‍රස්ථා සැලසීමට යෝජනා කරනවා.

    සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ නියාමනය යටතේ දේපල ආයෝජන භාරය ( Sri Lanka Real Estate Investment Trust) මගින් නිත්‍ය නිවාස වෙළදපළ ආයෝජන දිරිගැන්වීම සඳහා එම ආයතනවල ප්‍රාග්ධන ලාභ හා  ලාභාංශ ආදායම් බදු වලින් නිදහස් කිරීමට සහ මුද්දර බද්ද සියයට 0.75 දක්වා අඩු කිරීමට යෝජනා කරනවා.

    දේශීය සමාගම් කොළඹ කොටස් වෙළඳපලේ ලැයිස්තු ගත කිරීම දිරි ගැන්වීම සඳහා 2021.12.31 දිනට පෙර ලැයිස්තු ගත කරනු ලබන සමාගම්වලට සියයට 50ක ආදායම් බදු සහනයක් ලබාදීමටත්ඉන්පසු වසර 3ක් සඳහා අදාළ සමාගම් බද්ද සියයට 14ක් ලෙස පවත්වා ගැනීමටත් යෝජනා කරනවා.

    ප්‍රාග්ධන ලැබීම් බද්ද සරලකර දේපල විකිණුම් මිල හෝ දේපලවල  තක්සේරු කරුගේ වටිනාකම යන දෙකෙන් වැඩි වටිනාකම සඳහා බදු අයකිරීමට යෝජනා කරනවා. විදේශීය සමාගම්වල ලාභාංශසිය ව්‍යාපාර පුළුල් කිරීමමුදල් හෝ කොටස් වෙළඳපලේ ආයෝජනය කිරීම හෝ ශ්‍රී ලංකා ස්වෛරීත්ව බැඳුම්කරවල ආයෝජනය කරන්නේ නම් ඔවුන්ගේ  ලාභාංශ වලට අදාල බද්ද සඳහා වසර 3ක බදු විරාමයක් ලබාදීමට යෝජනා කරනවා.

    ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු විසින් ඩොලර් මිලියන 100ක අවමයකට යටත්ව ශ්‍රී ලංකා ස්වෛරීත්ව බැඳුම්කර මිලදි ගන්නා විට එම ආයෝජන සඳහා අවධානම් බර තැබූ ප්‍රතිපාදන (Risk weighted Provisioning)  වෙන් කිරීමට අදාළ ශ්‍රී ලංකා මහ බැංකු රෙගුලාසි වසර 3ක කාලයක් සඳහා අත්හිටුවීමට හා එම ආයෝජනවල ප්‍රාග්ධන ලාභ හා පොලීආදායම් බදු වලින් නිදහස් කිරීමටද යෝජනා කරනවා.

    අපනයන කර්මාන්තපශු සම්පත්හා කිරි ආශ්‍රිත නිෂ්පාදන  (Dairy), රෙදිපිළි (Fabric), සංචාරකකෘෂි නිපැයුම්සැකසුම් කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ යන ක්ෂේත්‍ර සඳහා ආර්ථිකයේ ව්‍යූහාත්මක වෙනසක් ඇති වන පරිදි සිදු කරන ඩොලර් මිලියන 10ට වැඩි ආයෝජන සඳහා උපායමාර්ගීක ආයෝජන නීති (Strategic Investment Law) යටතේ වසර 10ක උපරිමයකට යටත්ව බදු සහන සලසනවා. 

    කොළඹ හා හම්බන්තොට වරායන් කේන්ද්‍රකොට ගෙන ජාත්‍යන්තර වෙළදාමේ භාණ්ඩ තොග හුවමාරු මධ්‍යස්ථාන (Commodity Trading Hub) වශයෙන් බන්ධිත ගුදම් (Bonded Warehouse)   පහසුකම් සඳහා ආයෝජන දිරිගැන්වීමට එවැනි අක්වෙරළ (Offshore) ව්‍යාපාර ආශ්‍රිත ගුදම් පහසුකම්   සඳහා කුලී බදු සහන දීමටද යෝජනා කරනවා. 

    ජාතික ආරක්ෂාව

    ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවල රණවිරුවන්ගේ වෘත්තීමය කුසලතා වැඩිදියුණු කිරීම හා නවීන තාක්ෂණ පහසුකම් ලබාදීම සඳහා මැදිකාලීන සැලැස්මක් සකස්කර තිබෙනවා. අප රටේ පවත්නා සම්පත් සීමාවන් මෙන්ම ප්‍රමුඛතා හඳුනාගැනීම තුළ ශ්‍රී ලංකා නාවික හමුදාව ශක්තිමත් කිරීමට මුල්තැන දී තිබෙනවා. මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම හා අපේ රට ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ගණුදෙණුකරුවන්ගේ තිප්පොලක් වීමේ තර්ජනය මුලිනුපුටා දැමීය යුතුයි. භාණ්ඩ smuggle කිරීම පාලනය කිරීමධීවර සම්පත් හා ධීවර ප්‍රජාවට අවශ්‍ය ආරක්ෂණ පහසුකම් ලබාදීමටත්ඉන්දියානු සාගරයේ නාවික පහසුකම් සඳහා සුරක්ෂිත පරිසරයක් ගොඩනැගීම සඳහාත්එම ආයෝජනය දායක කර ගැනීමට රජය අපේක්ෂා කරනවා.  එමෙන්ම ශ්‍රී ලංකා යුධ හමුදාව හා ගුවන් හමුදාව ආපදා කළමනාකරණය ඇතුළු බහුවිධ කාර්යයන්හිදි සිදුකරනු ලබන කාර්යභාරයන් සඳහා අවශ්‍ය කෙටිකාලීන යන්ත්‍රෝපකරණ හා යටිතල පහසුකම් ගැනද අවදානය යොමු කර තිබෙනවා. එම මැදිකාලීන හා දිගුකාලීන සැලසුම් රාමුව තුළ අවශ්‍ය මූලික අවශ්‍යතා සඳහා රුපියල් මිලියන 20,000ක අතිරේක ප්‍රතිපාදන ත්‍රිවිධ හමුදාවට වෙන් කිරීමට යෝජනා කරනවා.

    ත්‍රිවිධ හමුදාවපොලීසිය හා සිවිල් ආරක්ෂක බලකා සේවාවල විශ්‍රාමිකඅබාධිත රණවිරුවන්මියගිය රණවිරුවන් හා එම පවුල්වල යැපෙන්නන් සඳහා රණවිරු සේවා අධිකාරිය දියත් කර ඇති අබාධිත රණවිරුවන්ට සහයක උපකරන ලබාදීමනිවාස ණයඅධ්‍යාපන හා වෘත්තීය සංවර්ධන වැඩසටහන් හා ව්‍යවසාය සංවර්ධන හා වෛද්‍යාධාර ලබාදීම සඳහා රුපියල් මිලියන 750ක් වෙන් කිරීමද යෝජනා කරනවා.  

    මහජන ආරක්ෂාව

    මහජන ආරක්ෂාව තහවුරු වන පරිදි පොලිස් සේවය ශක්තිමත් කිරීමට රජය විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා. සියළු පුරවැසියන්ට බියෙන් සැකෙන් තොරව නිදහසේ ජීවත්වීමට අවශ්‍ය පරිසරය තහවුරු කළ යුතුයි. මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීමරථවාහන හා මාර්ග නීති ක්‍රමවත් ලෙස නියාමනය කිරීමසංචාරක පොලිස් සේවා තර කිරීම මෙන්ම මංකොල්ලකෑම්අපරාධ වැලැක්වීම සඳහා විශේෂ පුහුණු කිරීම් හා අවශ්‍ය පහසුකම් ලබාදීමටත් සැලසුම් කර තිබෙනවා. එමෙන්ම පොලිස් මුර  සංචාරක කටයුතු පුළුල්  කරමින් ප්‍රජා ආරක්ෂාව සඳහා විශේෂ පොලිස් රථ යෙදීමටද යෝජනා කරනවා. මහජන ආරක්ෂාවට හඳුනාගත් විවිධ වැඩසටහන් සඳහා රුපියල් මිලියන 2,500ක අතිරේක ප්‍රතිපාදන ලබාදීමට යෝජනා කරනවා.

    තාක්ෂණික යටිතල පහසුකම්

    රාජ්‍ය යාන්ත්‍රණයහා වෙළඳපළ ක්ෂේත්‍රයන්හි ක්‍රියාවලිය සරල කරමින් කාර්යක්ෂම හා ජනතා කේන්ද්‍රීය සේවා සැපයීම හා දැනුම් හුවමාරුවේ මෙවලමක් ලෙස තොරතුරු තාක්ෂණය යොදා ගනිමින් ඩිජිටල් ආණ්ඩුකරණය පුළුල් කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමා විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. දේශාන්තර විද්‍යුත් වාණිජ්‍යය සහ ජාත්‍යන්තර විද්‍යුත් ගෙවීම් ක්‍රම ස්ථාපනය කිරීම හා රට පුරා විහිදුනු අධිවේගි දත්ත හුවමාරු පද්ධතියක් හා ආශ්‍රිත ජංගම ජාල පද්ධතිය ස්ථාපනය කිරීම ඉන් ප්‍රධාන ආයෝජන මාර්ගයක් වෙනවා. දත්ත ආරක්ෂාවසයිබර් ආරක්ෂාවබුද්ධිමය දේපල අයිතිය සඳහා නව නීති හා ආයතනික ව්‍යූහය සකස් කිරීමට මුල්තැන දෙනු ලබනවා.

    තාක්ෂණ ක්ෂේත්‍රයේ අපනයන දායකත්වය හා ජාතික ආර්ථිකයේ දැණුම හා වෘත්තීය සේවා දායකත්වය පුළුල් වන අයුරින් ව්‍යවසාය සංවර්ධනයට දායක වීම මෙන්මතාක්ෂණික යටිතල පහසුකම් හා ආශ්‍රිත සේවාවන් පුළුල් කිරීම මගින් තාක්ෂණික ව්‍යවසාය ආර්ථිකයක් සඳහා පරිවර්තනය කිරීම මෙහි අපේක්ෂිත අරමුණයි. එබැවින් තාක්ෂණ ක්ෂේත්‍රය පුළුල් කිරීම සඳහා රුපියල් මිලියන 8,000ක විශේෂ ප්‍රතිපාදනයක් වෙන් කිරීමටද යෝජනා කරනවා.

    ගමට සන්නිවේදනය (Connect Sri Lanka)

    තාක්ෂණය තුළින් සියළු පාර්ශව සම්බන්ධ කරගත් ඩිජිටල් ශ්‍රී ලංකාවක් “Technology- based society and digitally inclusive Sri Lanka” ඇති කිරීම රජයේ දැක්මයි. සියයට සියයක් 4G/ fiber Broadband ආවරණයක් ලබාදිමේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කළ “ගමට සන්නිවේදනය” වැඩසටහන සමස්ත රටම ආවරණය කෙරෙන පරිදි ක්‍රියාත්මක කිරීම සඳහා ටෙලිකොම් සංවර්ධන අරමුදල රුපියල් මිලියන15ක ආයෝජනයක් 2021 – 2022 කාලය තුළ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

    මෙම වැඩසටහන මගින් Mobile හා fixed broadband services සඳහා පුළුල් ආවරණයක් ලබාදෙනවා. දිවයින පුරා විසිර ඇති සියළුම ග්‍රාම නිළධාරි කොට්ඨාශ ආවරණය වන පරිදි broadband සබඳතා ලබාදීම සඳහා දුරකථන සැපයුම්කරුවන්ට අවශ්‍ය යටිතල පහසුකම් සමඟ සන්නිවේදන කුළුණු සහ fiber installations ලබාදීමට සැලසුම් කර තිබෙනවා.

    මෙම සන්නිවේදන කුළුණුඅවශ්‍ය උපාංග හා තාක්ෂණික සේවා සඳහා දේශීය නිෂ්පාදන හා ශ්‍රමය යොදා ගැනීමට ප්‍රමුඛත්වය දී තිබෙනවා. එම සන්නිවේදන ජාලය පරිසර බලපෑම් අවම වන පරිදි සකස් කරනු ඇත. මෙම වැඩසටහන යටතේ සන්නිවේදන කුළුණු ඉදිකිරීම සඳහා හඳුනාගත් රජයේ ඉඩම් විදුලි සංදේශන නියාමන කොමිෂමට පවරණු ලබනවා. එමෙන්ම පවත්නා සම්පත් උපරිම ලෙස යොදා ගැනීම සඳහා විදුලි සංදේශන නියාමන කොමිෂම හා ලංකා විදුලිබල මණ්ඩලය ඒකාබද්ධව කටයුතු කරනු ඇති. 01.01.2021 සිට වසර 5ක බදු සහන කාලයක් එම ඉදිකිරීම් සඳහා දේශීය කර්මාන්තකරුවන්ට ලබාදීමට යෝජනා කරනවා. දුරකථන සංවර්ධන ගාස්තු වලින් සියයට 50ක් මෙම ආයෝජනය සඳහා වෙන් කිරීමට මා යෝජනා කරනවා.

    තාක්ෂණ උද්‍යාණ (Techno Parks)

    තාක්ෂණ ක්ෂේත්‍රයේ අපනයන හා විදේශ ආදායම් ඉපයිය හැකි  දායකත්වය වැඩිකර ගැනීම හා  ජාතික ආර්ථිකයේ දැනුම හා වෘත්තීය සේවා පුළුල්වන අයුරින් තාක්ෂණික ව්‍යවසාය ආර්ථිකයක් ඉදිරි වසර 2 තුළ ඇති කිරීමට යෝජනා කරනවා. තාක්ෂණ ව්‍යපාර හා ව්‍යවසායකත්වය කේන්ද්‍ර කරගත් ආයෝජන හා ආශ්‍රිත සේවා කර්මාන්ත සඳහා කෙරෙන මෙම පරිවර්තනය තුළින් තරුණ තරුණියන්ට ඉහළ ආදායම් ඉපිදවිය හැකි රැකියා නිර්මාණය කිරීම අපේක්ෂා කරනවා. ඒ සඳහා පූර්ණ යටිතල පහසුකම් සහිත කඩිනම් ව්‍යාපාර ආරම්භ කළ හැකි (plug and play) තාක්ෂණ උද්‍යාණ 5ක් ගාල්ලකුරුණෑගලඅනුරාධපුරයමහනුවර හා මඩකලපුව දිස්ත්‍රික්කවල ඇති කිරීමට යෝජනා කරනවා. මෙම තාක්ෂණික උද්‍යාන අධිවේගී මාර්ග පද්ධතියට හා අනෙකුත් යටිතළ පහසුකම් වලට සම්බන්ධ වන අයුරින් පරිසර හිතකාමී නව නගර වශයෙන් දියුණු කිරීමට රුපියල් මිලියන 10,000ක් වෙන් කිරීමට යෝජනා කරනවා.

    මාතර දෙනියාය ප්‍රදේශයේ වරායනාවිකගුවන්තාක්ෂණඉංජිනේරු විෂයන් කේන්ද්‍රකරගත් නවීන විශ්ව විද්‍යාලයක් 2023ට පෙර ආරම්භ කිරීමටද අතිගරු ජනාධිපතිතුමා මූලිකත්වය ගෙන තිබෙනවා.

    සෞඛ්‍ය සේවා ආයෝජනය (Investment in Public Health)

    පොදු ජනතාවගේ සෞඛ්‍ය සඳහා කෙරෙන ආයෝජනය කවරදාටත් වඩා ප්‍රමුඛත්වයක් ගෙන තිබෙනවා. COVID වසංගත උවදුර මර්ධනය කරමින් ජන ජීවිත පවත්වාගෙන යාම නොවැලැක්විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය (World Health organization) මෙන්ම බොහෝ රටවල් විසින් පුරෝකථනය කර තිබෙනවා.

    මේ වන විට ලෝකයේ කොවිඩ් ආසාදිතයින් ලක්ෂ 500 හා මරණ සංඛ්‍යාව ලක්ෂ 10ක් ඉක්මවා තිබෙනවා. බොහෝ රටවල දෙවන තුන්වන අදියරටද එම වසංගතය පැමිණ තිබෙනවා. එමෙන්මමුල් අවස්ථාවට වඩා රෝගය ඉක්මනින් පැතිරයමේ අවධානම් ලක්ෂණද මතු වී තිබෙනවා.

    මෙම යතාර්ථය තුළදිවයින පුරා විහිදි ඇති සෞඛ්‍ය සේවා ස්ථානමාතෘ හා ළමා සායනඩිස්පැන්සරි හා වැඩිහිටි සේවා මධ්‍යස්ථාන රසායනාගාර සේවාපර්යේෂණ ආයතන හා රෝහල් මෙන්ම සේවා මධ්‍යස්ථාන ආශ්‍රිත කාර්යමණ්ඩල පුළුල් කිරීම සඳහා රුපියල් මිලියන 18,000ක අතිරේක ප්‍රතිපාදන සැපයීමට යෝජනා කරනවා.

    කොවිඩ් ඇතුළු වසංගත රෝග නිරෝධානයේදීතාවකාලිකව අහිමි වන ජීවනෝපාය අවස්ථාවන්ට රැකවරණයක් වන පරිදි නව රක්ෂණ ක්‍රමයක් ඇති කිරීමටද යෝජනා කරනවා.

    සේවක සංඛ්‍යාව 50 ඉක්මවන ව්‍යාපාර හා කර්මාන්තශාලා ඉලක්ක කරගෙනඑවන් ව්‍යාපාරික ආයතනවල පිරිවැටුමෙන් සියයට 0.25ක රක්ෂණ දායක මුදලක් අය කිරීමටද යෝජනා කරනවා. සේවක සංඛ්‍යාව 5ක් ඉක්මවන සිල්ලර හා තොග වෙළඳසැල් මෙන්ම හෝටල් සඳහාද මෙම රක්ෂණ ක්‍රමය යොදා ගැනීමට අපේක්ෂා කරනවා. සියළුම රාජ්‍ය සේවා වෙනුවෙන් අග්‍රහාර රක්ෂණ ක්‍රමයට සමගාමීව කොවිඩ් රක්ෂණ යෝජනා ක්‍රමයක්ද රජයේ දායකත්වයෙන් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා.

    ඖෂධ නිෂ්පාදනය

    අප රටේ නිදහස් සෞඛ්‍ය සේවය සඳහා ඖෂධ ආනයනයට පමණක් ඩොලර් මිලියන 550ක් පමණ මුදලක් වාර්ෂිකව වැය වෙනවා. අත්‍යවශ්‍ය ඖෂධ නිෂ්පාදනය පුළුල් කිරීම සඳහා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නිෂ්පාදන ධාරිතාව වැඩිකිරීම සඳහා බැංකු හා මූල්‍ය පහසුකම් භාණ්ඩාගාර ඇපකර මත ලබාදීමට යෝජනා කරනවා. එමෙන්මදේශීය හා විදේශීය පෞද්ගලික ආයෝජකයින් සඳහා නවීන ආයෝජන කලාපයක් උපායමාර්ගික ආයෝජන පනත යටතේ ආරම්භ කිරීමටද යෝජනා කරනවා.

    ලදරු හා ගැබිනි මව්වරුන්ගේ පෝෂණ සංවර්ධනය

    අප රටේ ළදරුවන් හා ගැබිනි මව්වරුන්ට පරිපූරක පෝෂණ ආහාරයක් ලෙස ලබාදෙන ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරීම සඳහා බඩඉරිඟුසෝයාමුං වැනි ධාන්‍ය වර්ග යොදාගනු ලැබූවත් එම ධාන්‍ය නිෂ්පාදනය ප්‍රමාණවත් ලෙස නොලැබීම නිසා ත්‍රිපෝෂ බෙදාහැරීම කෙරෙන්නේ අවශ්‍ය ළදරුවන් හා මව්වරුන්ගෙන් අඩකටත් අඩු ප්‍රමාණයකටයි. එබැවින් මෙම අමුද්‍රව්‍ය ගොවීන්ගෙන් මිලදි ගැනීම හා ගබඩාකර තබාගැනීමත්ත්‍රිපෝෂ නිෂ්පාදනය වැඩිකිරීමටත් රුපියල් මිලියන 1,500ක අතිරේක ප්‍රතිපාදන වෙන් කරනු ලබනවා. මාස් කන්නයේ ධාන්‍ය අස්වැන්න නෙලීමත් සමඟ ආරම්භ කිරීමට නියමිත මෙම වැඩපිළිවෙළත් සමඟ ලදරුවන් හා ගැබිනි මව්වරුන් සඳහා අඛණ්ඩව නියමිත ත්‍රිපෝෂ ආහාර නොකඩවා ලබාදීම මාර්තු මාසයේ සිට ආරම්භ කරනවා.

    දුරස්ථ අධ්‍යාපන

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ මූලික අදියර ලෙස ඉගෙනුම් ක්‍රමවේද විධිමත් ලෙස පාසැල් පද්ධතිය තුළ ස්ථාපිත කිරීම හා පාසැල්වලට අන්තර්ජාල පහසුකම් ලබාදීම පුළුල් කිරීම අවශ්‍ය වී තිබෙනවා. විෂයානුබද්ධ ඉගෙනුම් ලබාදීම සඳහා e-තක්සලාව ඉගෙනුම් පද්ධතිය යාවත්කාලීන කිරීම හා පලාත් තොරතුරු තාක්ෂණ අධ්‍යාපන මධ්‍යස්ථාන ශක්තිමත් කිරීමද එයට සමගාමීව ක්‍රියාත්මක විය යුතුයි. ග්‍රාමීය හා බොහෝ ජාතික නොවන පාසල්වල පවතින ගුරුවරුන්ගේ හිඟය හේතුවෙන්  දරුවන්ට මුහුණ දීමට සිදුවන දුෂ්කරතා අවම කිරීමට සහ කොවිඩ් – 19 වසංගත තත්ත්වය හමුවේ පාසැල් අධ්‍යාපනය අඛණ්ඩව ලබාදීම සඳහා දුෂ්කර පාසැල්වලට  රූපවාහිනී යන්ත්‍ර මගින් ගුරු ගෙදර අධ්‍යාපන නාලිකාව සියළු සිසුන් සඳහා විවෘත කිරීම කඩිනම් කිරීමටද සැලසුම් කර තිබෙනවා. මේ වෙනුවෙන් රුපියල් මිලියන 3,000ක අතිරේක ප්‍රතිපාදන වෙන් කිරීමට යෝජනා කරනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් විෂය නිර්දේශ නවීන අවශ්‍යතා අනුව පුළුල් කිරීමගුරු අධ්‍යාපන පුහුණු කටයුතුවිභාග ක්‍රමවේදයන් හා සියළු අධ්‍යාපන ආයතන ජාතික ප්‍රතිපත්තියක් තුළ නියාමනය කිරීමද සැලසුම් කර තිබෙනවා. 

    වෘත්තීය අධ්‍යාපන ඉඩ ප්‍රස්ථා 

    විශ්ව විද්‍යාල අවස්ථා පුළුල් කිරීමට සමගාමීව තරුණ තරුණියන් අකර්ෂණය වන පරිදි හා තාක්ෂණ විද්‍යාල නවීකරණය “One TVET” සංකල්පය යටතේ විධිමත් නියාමනයක් තුළ උසස් තාක්ෂණවේදී උපාධි ආයතන වශයෙන් තාක්ෂණ සහ කාර්මික විශ්ව විද්‍යාල විද්‍යා ආයතන පද්ධතිය ශක්තිමත් කිරීමට රජය ප්‍රමුඛතාවය දී තිබෙනවා.  එමෙන්ම වෘත්තීය අධ්‍යාපනය හා ව්‍යවසායකත්වය සම්බන්ධ කරමින් තොරතුරු තාක්ෂණයඉංග්‍රිසි හා අනෙකුත් භාෂාකාර්මික හා තාක්ෂණික දැනුම සහිත සිසුන් බිහිකිරීමද මෙම වැඩපිළිවෙළේ මූලික අරමුණයි. දැනට රජයේ වෘත්තීය අධ්‍යාපන ආයතන සඳහා වර්ෂයකට බඳවා ගනු ලබන ලක්ෂයක (100,000) පමණ ශිෂ්‍ය සංඛ්‍යාව ලක්ෂ දෙක (200,000) දක්වා වැඩිකිරීම සඳහා ගුරුවරුන් පුහුණු කිරීමතාක්ෂණික උපකරණ ලබාගැනීමගොඩනැගිලි නඩත්තු හා නවීකරණය කිරීම කඩිනමින් කළ යුතු වෙනවා. වෘත්තීය අධ්‍යාපන ආයතනවල ආචාර්යවරුන්ගේ හා  ආයතන කාර්ය මණ්ඩලවල වෘත්තීමය කාර්යසාධනය පදනම් කරගෙන දෙනු ලබන දීමනා ලබාදීමටත්වෘත්තීය අධ්‍යාපනය ලබන සිසුන්ගේ ක්‍රියාකාරී සහභාගීත්වය පදනම් කරගෙන මසකට රු.4,000ක ශිෂ්‍යාධාර ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමටත්රුපියල් මිලියන 3,000ක අමතර ප්‍රතිපාදනයක් ලබාදීමට යෝජනා කරනවා.

    හෙද හා සාත්තු සේවා වෘත්තීය අධ්‍යාපනය පුළුල් කිරීම සඳහා හෙද විදුහලඋපාධි ප්‍රදානය කරන අධ්‍යාපන ආයතනයක් බවට උසස් කිරීමට යෝජනා කරනවා.

    වෘත්තීය අධ්‍යාපනයට යොමුවන තරුණ තරුණියන්ට සිය වෘත්තීය නිපුණතා අධ්‍යයන කටයුතු සාර්ථක ලෙස නිමකිරීමෙන් පසු සිය නිපුණතා තුළින් ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා ආරම්භක ව්‍යාපාර අරමුදලක් (Start up Capital) වශයෙන් රු. 500,000ක ණය මුදලක් සියයට 4ක වාර්ෂික පොලියක් යටතේ ලබා දීමට යෝජනා කරනවා. එම ණය පොලී හා ණය වාරික ගෙවීමට වසරක සහන කාලයක් (grace period) දෙනු ලබන අතර ණය මුදල ගෙවා දැමීම සඳහා වසර 4ක කාලයක් ලබා දීමටද යෝජනා කරනවා. මේ අනුවරු. 12,000ක පමණ අඩු පොලී සහිත වාරික ගෙවීමේ අවස්ථාව එම ව්‍යවසායකයින්ට හිමිවෙනවා. එම මුදල නිසි ලෙස අනුමත  ව්‍යාපාරය සඳහා යොදවන බව සහතික කිරීම,

    පසු විපරම්කිරීම හා ව්‍යාප්ත සේවා සැපයීම සඳහා සියයට 0.25ක commitment fee එකක් වාර්ෂිකව අයකිරීමට යෝජනා කරනවා. මෙම ව්‍යාපාර වසර 5ක කාලයක් සඳහා ආදායම් බදු වලින් නිදහස් කිරීමටද යෝජනා කරනවා. බැංකු හා මූල්‍ය ආයතන විසින් සපයනු ලබන එවැනි ආරම්භක ප්‍රාග්ධනය (Start up Capital) පොලී පිරිවැය (Cost of Funds) බදු ආදායම ගනනය කිරීමේදි අඩු කළ හැකි වියදම් ලෙස සැලකීමට යෝජනා කරනවා.

    One TVET සංකල්පය යටතේ ප්‍රමිතිගත කෙරෙන පෞද්ගලික අංශයේ වෘත්තීය අධ්‍යාපන ආයතනවල දායකත්වය වර්ෂයකට සිසුන් 50,000 දක්වා වැඩිකිරීම දිරි ගැන්වීම සඳහා දැනට සිටින සිසුන් සංඛ්‍යාව දෙගුණ කරනු ලබන ආයතනවල ආදායම් සඳහා වසර 5ක බදු විරාමයක් ලබාදීමටද යෝජනා කරනවා. එමෙන්ම සංචාරකසෞඛ්‍යඉදිකිරීම්කෘෂි හා සත්ව ගොවිපොල පාලන වැනි ක්ෂේත්‍රවල සුවිශේෂ වෘත්තීය කුසලතා සහිත තරුණ තරුණියන් විදේශ රැකියා නියුක්ති කාර්යාංශය මගින් විදේශ රැකියා සඳහා යොමු කිරීමටද යෝජනා කරනවා.

    විශ්ව විද්‍යාල පහසුකම් පුළුල් කිරීම

    ජාතික විශ්ව විද්‍යාලවල වෛද්‍යඉංජිනේරුතාක්ෂණනීතිවාණිජ හා ව්‍යාපාර කළමනාකරණ ආදී විෂයන් සඳහා ඉඩ ප්‍රස්ථා පුළුල් කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. එයට සමගාමීවරැකියා අවස්ථා සිඝ්‍ර ලෙස ඉල්ලුම් කෙරෙන සුවිශේෂිත වූ විෂය ක්ෂේත්‍රයන් ඉලක්ක කරගෙන නේවාසික නොවන නගර විශ්ව විද්‍යාල (City Universities) දිස්ත්‍රික්කයකට එක බැගින් පිහිටුවීමට යෝජනා කරනවා. මෙහි ආරම්භයක් ලෙස කළුතරඅම්පාරපුත්තලමනුවරඑළිය දිස්ත්‍රික්කවල දැනට පවත්නා වෘත්තීය අධ්‍යාපන හෝ වෙනත් රාජ්‍ය ආයතන සතු ගොඩනැගිලි හා යටිතල පහසුකම් ඉදිකිරිමට යෝජනා කරනවා. මේ සඳහා විශේෂ ප්‍රතිපාදන රුපියල් මිලියන 1,000ක් වෙන් කිරීමට යොජනා කරනවා.

    ක්‍රීඩා

    ග්‍රාමීය මෙන්ම ජාතික මට්ටමේ පාසැල් සිසුන් හා තරුණ තරුණියන්ගේ සහභාගීත්වය පුළුල් කිරීම මගින් සමාජ විරෝධි ක්‍රියාවන්ගෙන් ඔවුන් වලක්වාගෙන අධ්‍යාපන කටයුතු වලට අමතරව මූලික බාහිර ක්‍රියාකාරකම් ලෙස ක්‍රීඩා සංවර්ධනය ජාතික ආයෝජනයක් ලෙස රජය සලකනවා.

    ක්‍රීඩා පාසැල් මෙන්ම සංස්කෘතික මධ්‍යස්ථාන හා බද්ධ වූ තරුණ ප්‍රජා මධ්‍යස්ථාන මගින් තරැණයන්ගේ ආකර්ශණය ක්‍රීඩා හා බාහිර ක්‍රියාකාරකම්වලට යොමු කිරීම සඳහා කෘතිම ධාවන පථ සහිත ක්‍රීඩා පාසැල් 10ක් දියුණු කරනවා. 2032 ඔලිම්පික් ක්‍රීඩා සඳහා ක්‍රීඩා සංකීර්ණයක් නිර්මාණය කිරීමත්ජාතික හා ජාත්‍යන්තර ක්‍රීඩා සඳහා කාන්තා සහභාගීත්වය පුළුල් කිරීමත්, 2025 වන විට

    ඩොලර් මිලියන 1,000ක ක්‍රීඩා ආර්ථිකයක් නිර්මාණය කිරීමේ 2021-2024 මැදිකාලීන ආයෝජනයේ ආරම්භක ප්‍රාග්ධනය ලෙස රුපියල් මිලියන 2,000ක අතිරේක ප්‍රතිපාදනයක් වෙන්කිරීමට යෝජනා කරනවා. කුරුණෑගලයාපනයටොරින්ටන්බෝගම්බර හා දියගම ක්‍රීඩාංගනවල කෘතිම ධාවනපථ ඉදිකිරීමත්ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා සඳහා තොරතුරු තාක්ෂණය හා නවීන තාක්ෂණික පහසුකම් සහිත නවීන ක්‍රීඩා නගරයක් සූරියවැව ප්‍රදේශයේ ඉදිකිරීමද මෙම වැඩපිළිවෙළට ඇතුලත් වෙනවා.

    නාගරික ඇවිදින මංතීරු හා පොදු පහසුකම් (walking tracks and connected common facilities)

    දිවයින පුරා විසිර ඇති මහා නගර සභා සහ නගර සභා බල ප්‍රදේශවල නාගරික ඇවිදින මංතිරු හා ආශ්‍රිත ප්‍රජා පහසුකම් පරිසර හිතකාමී සහ ඒ ඒ ප්‍රදේශවල ජෛව විවිධත්වය මතු කරමින් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා. ප්‍රජා අවශ්‍යතා මෙන්ම සෞඛ්‍ය සම්පන්න බාහිර විවේකි පරිසරයක් නාගරික ජනතාවගේ මූලික අවශ්‍යතාවක් බැවින් එම පහසුකම් දියුණු කිරීමට රුපියල් මිලියන 2,000ක් වෙන් කිරීමටද යෝජනා කරනවා.

    සංචාරක කර්මාන්තය

    පාස්කු ප්‍රහාරයෙන් කඩා වැටුණ සංචාරක ව්‍යාපාර යලි හිස එසවීමටත් පෙර කොවිඩ් ලෝක වසංගත තත්ත්වය තුළ පසුබෑමකට ලක් වී තිබෙනවා. ප්‍රසංශණීය ලෙස විවිධාංගීකරණය වී ඇති අපේ රටේ සංචාරක කර්මාන්තය හා සංචාරකයින්ගේ සිත්ගන්නා ස්ථාන මෙම අවස්ථාවේ ආරක්ෂා කරගනිමින් සාමාන්‍ය තත්ත්වය තුළ දියුණු කිරීමට අප ක්‍රමවේදයන් සකස්කළ යුතු වෙනවා. ඒ සඳහා කාලයක් ගත වුවත්සංචාරක කර්මාන්තය ඩොලර් බිලියන 10 ඉක්මවන ක්ෂේත්‍රයක් ලෙස දියුනු කිරීමේ ඉඩ ප්‍රස්ථා බොහෝයි.

    අපේ රට වැසියන් විදේශ සංචාර සඳහා වැයකළ   ඩොලර් මිලියන 1,500කට ආසන්න විදේශ විනිමයන් දේශීය සංචාරක කටයුතුත් සෞඛ්‍ය ආරක්ෂණ විධිවිධාන යටතේ දියුනු කිරීම මගින් සංචාරක කර්මාන්තය කෙටි කාලයකින් තරමක් දුරට දියුණු කළ හැකියි. එබැවින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිමූල්‍ය පහසුකම් යටතේ දෙනු ලැබූ ණය පහසුකම් යටතේ දෙනු ලබන සහන හා ණය අයකිරීම් 2021 සැප්තැම්බර් 30 දක්වා දිර්ඝ කිරීමට යෝජනා කරනවා. ඒ සඳහා සියයට 50ක භාණ්ඩාගාර ඇපකර අදාළ බැංකුවලට ලබාදීමටද යෝජනා කරනවා. සංචාරක ව්‍යාපාරික කටයුුතුවල පලාත් පාලන ආයතන විසින් අයකරනබදු හා ගාස්තු සරල කර උපරිමයකට යටත් කිරීමට අවශ්‍ය සංශෝධන කිරීමටද යෝජනා කරනවා. 

    පුරාවිද්‍යා හා සංස්කෘතික උරුමයන්

    පුරාවිද්‍ය  උරුමයන් හා සංස්කෘතිමය උරුමයන් විහිදීම් සංරක්ෂණය සඳහා අදාළ ආයතන හා ජනාධිපති කාර්යසාධන බලකාය ඒකාබද්ධ පුරාවිද්‍යා උරුම කළමනාකරණයට අවශ්‍ය ශක්තිමත් නීතිමය රාමුවක් සකස් කිරීමට ප්‍රමුඛත්වය දී තිබෙනවා. පුරාවිද්‍යා හා සංස්කෘතික මධ්‍යස්ථාන පුනුරුත්තාපන කටයුතු සඳහා අයවැය විසින් සලසා තිබෙන ප්‍රතිපාදන වලට අමතරව දුෂ්කර ප්‍රදේශවල පිහිටි විහාරස්ථාන සඳහා අවශ්‍ය මූලික යටිතල පහසුකම් වැඩිදියුනු කිරීම සඳහා රුපියල් මිලියන 50ක අතිරේක ප්‍රතිපාදන සලසනවා.

    විදේශ රැකියා

    අප රටේ ලක්ෂ 15ක්  පමණ විදේශ රැකියා වල නිරත වෙනවා. මේ අයගෙන් බහුතරයක් ග්‍රාමීය ප්‍රදේශවල අඩු ආදායම්ලාභි කාන්තාවන්. 2010 සිට 2014 කාලය තුළ පුහුණු ශ්‍රමිකයින් වැඩි වශයෙන් විදේශ රැකියාවලට යැවීමට අප කටයුතු කළේ ග්‍රාමීය ප්‍රදේවල අඩු ආදායම්ලාභී පවුල්වලට ඉහළ ආදායම් ලබා ගැනීමේ ක්‍රමවේදයක් වශයෙනුයි. එ්නිසා ඩොලර් බිලියන 4ක්ව පැවති ඔවුන්ගේ ඉපයීම් ඩොලර් බිලියන 7ක් දක්වා වැඩිකර ගැනීමට හැකිවුණා. 2015 සිට 2019 දක්වා විදේශ රැකියා සඳහා පුහුණු ශ්‍රමිකයින් යැවීමට සාපේක්ෂිතව එම රැකියා වලින් ලබන ආදායම ඩොලර් බිලියන 6.5ට අඩු වුණා.

    ගරු කතානායකතුමනි,

    මෙම තත්ත්වය වෙනස් කර නිපුණතා වැඩිපුහුණු ශ්‍රමිකයන් විදේශ රැකියා වලට යොමු කිරීමටත්විදේශ රැකියා වෙළඳපළ විවිධාංගිකරණය කිරීමටත්වෘත්තීය අධ්‍යාපන ආයතනවිදේශ රැකියා කාර්යාංශය හ විදේශ රැකියා ආයතන ඒකාබද්ධ වැඩසටහනකට යොමු කරනවා. විදේශ රැකියාවල නිරතවන්නන් සඳහා දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදීමට 2013දී මා කළ යෝජනාවද ක්‍රියාත්මක කරනවා. විදේශ රැකියාවල නිරතවන්නන් ශ්‍රී ලංකාවේ බැංකු වලට එවනු ලබන විදේශ විනිමය මුදල් සාමාන්‍ය විනිමය අනුපාතයට වඩා ඩොලරයකට රුපියල් 2 බැගින් ගෙවීමටද යෝජනා කරනවා.

    කොවිඩ් වසංගතයට මුහුණ දී ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වු රටවල්  126 රැකියාවල නිරත වූ 45,000ක් මේ වන විට ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කර තිබෙනවා. රටේ පවත්නා සෞඛ්‍ය පහසුකම්වලට අනුකූලව පැමිණීමට අපේක්ෂිත පිරිස්වලට  පහසුකම් සපයනවා. 

    කෘෂිකර්මය

    එළඹ ඇති 2020 – 2021 මාස් කන්නයට ස්වභාවධර්මය ආශිර්වාද කිරීමක් ලෙස දිවයින පුරා මෝසම් වැසි ලැබෙමින් පවතිනවා. මාස් කන්නය නමින් අපගේ කෘෂි සංස්කෘතිය හඳුන්වන්නේ සෑම බිම් අගලක්ම වගා කරන ප්‍රධාන නිෂ්පාදන කාලසීමාවයි. “බත බුලතින් සරු රටක්” ලෙස  අපේ මුතුන් මිත්තන් මේ දිවයින හැඳින්වූයේ ආහාර සුරක්ෂිතතාවයටයි. ස්වභාව ධර්මය අපට කාරුණික වන විටඅප රටේ ආර්ථික වර්ධනය සමාන්‍යයෙන් සියයට 5 ඉක්මවනවා. මේ ආශිර්වාදය සහල්බඩඉරිඟුඑළවළුපළතුරුමිල ඉහළ දැමීමට ඉඩ දෙන්නේ නැහැ. ඒ ගොවි නිපැයුම්වලට අමතරව විදුලිබලයවාරිමාර්ග පද්ධතියපානීය ජල සැපයුමවනජීවි හා වන සම්පත අපගේ ජාතික නිෂ්පාදනයට දායකවනවා. එම නිසා මෙය උද්ධමනය පාලනය කිරීමේ ආශිර්වාදයක්ද වෙනවා. අපට ලැබෙන සෑම ජල බිංදුවකටම අප වටිනාකමක් එකතු කළ යුත්තේ ඒ ස්වභාවික ආශිර්වාදය වෙනුවෙනුයි.

    සහල්බඩඉරිඟුකුරහන්තලඋඳු ආදී ධාන්‍ය වර්ග සඳහා සහතික මිල ක්‍රමය මගින් එම ගොවීන් දිරිමත් කිරීමට අප සහතික වෙනවා. එළවළුපළතුරුපොල් ඇතුළු වගා නිෂ්පාදනවලටත් මෙය ආශිර්වාදයක්. එබැවින් සෑම දිස්ත්‍රික්කයකටමදිස්ත්‍රික් ලේකම්වරුන් හා පොහොර ලේකම් කාර්යාලය පොහොර සැපයුම සහතික කිරීමට වගබලා ගත යුතු වෙනවා. ඒ සඳහා වී පොහොර නොමිලේ ලබාදීමටත් අනෙකුත් වගාවන් සඳහා කිලෝ 50ක් රු.1,500ක සහන මිලකටත් ලබාදීම සහතික කරනවා. මෙයට සමගාමීව කාබනික පොහොර භාවිතය වැඩි කරමින් උසස් ගුණයෙන් යුත් මිශ්‍ර පොහොර භාවිතය දිරි ගන්වන කාබනික භෝග වගා කලාප සංවර්ධනය කරනවා.

    වී වගා කළ හැකි කුඹුරු හා ගොඩ ඉඩම් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන තිබෙනවා. වගා කළ හැකි සෑම බිමක්ම කවර හෝ වගාවකට යොමු කිරීම ජාතික ප්‍රමුඛතාවක්. සියළුම කුඹුරු හා ඉඩම් හිමියන් එළඹ ඇති මාස් කන්නයේ කඩිනම් වගාවන් සඳහා යොමුවන ලෙස මා ඉල්ලා සිටිනවා.

    වගා නොකරන පුරන්කුඹුරුනොසලකා හැර ඇති කෘෂිකාර්මික ඉඩම් ඵලදායී  කෘෂිකාර්මික කටයුතුවලට යොමු කිරීමට දිස්ත්‍රික් ලේකම්වරයාට බලය පැවරෙන පරදි 2000 අංක 46 දරණ ගොවිජන සංවර්ධණ පනත සංශෝධනය කිරීමට  යෝජනා කරනවා.

    කෘෂි නිෂ්පාදන අතිරික්තයක් ඇතිකර එම භාණ්ඩවල තොග පවත්වා ගැනීමට වී අලෙවි මණ්ඩලයට අමතරව දිස්ත්‍රික් ලේකම්වරුන්සමූපකාර හා ගොවි සමිති ඒ සඳහා දිරිගන්වනවා. දේශීයව නිපදවිය හැකි සියළු කෘෂි නිෂ්පාදන ආනයනය සීමා කිරීමට ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණය නොකඩවා පවත්වා ගැනීමටද යෝජනා කරනවා.

    බී ළූනුරතු ළූණුඅර්තාපල්අමු හා වියලි මිරිස් නිෂ්පාදනය දිරිගැන්වීමට සහතික මිල ක්‍රමයට අමතරව බීජපොහොර ලබාදීමව්‍යාප්ත සේවාවන් පුළුල් කිරීමට අයවැය මගින් ප්‍රතිපාදන සකසා දී තිබෙනවා.

    එළවළු හා පළතුරු කල්තබා ගතහැකි ශීතාගාර ලබාගැනීමට තීරුබදු පහසුකම් හා ණය පහසුකම් පුළුල් කිරීමටද අවශ්‍ය ප්‍රතිපාදන සගසා තිබෙනවා.

    කහඉඟුරු ආනයනය මුළුමනින්ම තහනම් කර ඇති අතර මෙම භෝග නිෂ්පාදන ඉහල නංවා ගැනීමට පොල් හා රබර් වතුවල අතිරේක භෝග වශයෙන් වගා කිරීමට වගා ආධාර ක්‍රමයක්ද යෝජනා කරනවා.

    දේශීය කිරි කර්මාන්තය

    කිරිපිටි ආනයනය සඳහා ඩොලර් මිලියන 300කට අධික වාර්ෂිකව වැයවන විදේශ විනිමය වියදම (රුපියල් බිලියන. 55ක් පමණ) අඩු කර ගැනීමත්දියර කිරි සඳහා වැඩිවන ඉල්ලුම දේශීයව සපයා ගැනීම සඳහාත්රජයේ ප්‍රතිපත්තිවල මුල්තැනක් දී තිබෙනවා. පිටරටට ගලා යන මෙම විශාල විදේශ විනිමය දේශීය කිරි ගොවින් හා නිෂ්පාදකයින්ට ලබාදීම තුළින් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ  පුළුල් සංවර්ධනයක් මෙන්ම ග්‍රාමීය ගොවීන් අතර විකල්ප ආදායම් මාර්ග ඇති කිරීමටත් එය දායක වෙනවා.

    විවිධ පරිමාණයෙන් ක්‍රියාත්මක වන කිරි ගොවිපොලවල්වල දෛනිකව එක් ගවයෙකුගෙන් ලබා ගන්නා කිරි ප්‍රමාණය ලීටර් 4.5ක සිට 22.4ක් ලෙස විශාල වෙනසක් වාර්තා වෙනවා. ආනයනය කළ කිරි ගවයින්ගේ ජීව හැකියාව අනුව ලීටර 20ට වඩා ඉහළ නිෂ්පාදනයක් කළ හැකි බව විශේෂඥයින් පෙන්වා දී තිබෙනවා. තණබිම් හා තණබිම් ලෙස වගා කළ හැකි ඉඩම්වල හිඟකමත්උෂ්ණත්වය හා ජලකළමනාකරණ ගැටළු මෙන්ම පෝෂණයෙන් යුත් සත්ව ආහාර හිඟකමත්නවීන තාක්ෂණ ක්‍රමවේදයන් ගොවිපොළවල නොමැතිකමත්ගවයින් ගැබ් නොගැනීම ආදී ගැටළුත්කිරි නිෂ්පාදනයේ දියුණුවට ඇති සීමාවන් වී තිබෙනවා.

    එබැවින්ජාතික පශු සම්පත් මණ්ඩලයේ රිදීගම හා බෝපත්තලාව ගොවිපොළවල් ගව අභිජනන මධ්‍යස්ථාන ලෙස දියුණු කිරීම සඳහා කිරි ගවයින් ආනයනය කිරීමඑම ගවයින් සඳහා සත්ව ආහාර නිෂ්පාදනයට අවශ්‍ය පෝෂ්‍ය තෘණබඩඉරිඟුසෝගම් ආදී භෝගයන්  සත්ව ගොවිපොළවල් තුළ වගා කිරීමටත් සැලසුම් කර තිබෙනවා.

    සත්ව අභිජනන කටයුතු හා ව්‍යාප්ත සේවා පුළුල් කිරීම මගින් කුඩා හා මධ්‍යම පරිමාණ කිරි ගොවිපොළවල් සංවර්ධනය කිරීමට රජයේ දායකත්වය වැඩි කිරීමටද යෝජනා කරනවා. කුඩා හා මධ්‍යම පරිමාණ කිරි ගොවිපොළවලට අවශ්‍ය කිරි ගවයින් මිලදි ගැනීමපරිසර හිතකාමී ගව මඩු සකස් කර ගැනීම හා උපකරණ මිලදී ගැනීමට සියයට 7.5ක වාර්ෂික පොලිය යටතේ රුපියල් ලක්ෂ 5ක් දක්වා විශේෂ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමටද  යෝජනා කරනවා.

    දේශීය කිරි ගොවීන්ගෙන් දියර කිරි නවීන තාක්ෂණය යටතේ  එක් රැස් කිරීම,  කිරි ආශ්‍රිත නිෂ්පාදන වැඩි කිරීම හා දියර කිරි පරිභෝජනය ප්‍රචලිත කිරීම සඳහා කරනු ලබන ප්‍රාග්ධන ආයෝජන අවුරුදු 2ක් තුළ ක්ෂය කිරීමට (Depriciation)  යෝජනා කරනවා. කිරිපිටි ආනයනය වෙනුවට කිරිපිටි අපනයන සැකසුම් කිරීම සඳහා එම සමාගම් විසින් කරන ඩොලර් මිලියන 25ට වඩා වැඩි ආයෝජන සඳහා වසර 5ක කාලයකට උපායමාර්ගික ආයෝජන බදු යටතේ සහන ලබාදීමටද යෝජනා කරනවා.

    ධීවර ආර්ථිකය

    ග්‍රාමීය ආදායම් මාර්ග හා පෝෂණ ආහාර සුලභ කිරීම සඳහා  වසරකට පැටව් මිලියන 50ක් වැව් හා ජලාශවලට නිකුත් කරමින් මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය මෙ.ටො.250,000ක් දක්වා වැඩි කිරීමට රුපියල් මිලියන 150ක අතිරේක ප්‍රතිපාදන වෙන් කරනවා.

    අපනයන වෙළදපළේ ආකර්ශණීයම මත්ස්‍ය වර්ග හා පැලෑටි (Aquatic Plants)  අපනයනය වැඩිකර ගැනීම සඳහා පවත්නා පරිපාලන ක්‍රමවේදයන් සරල කිරීම, tissue culture ක්‍රමයට පැලෑටි  දියුණු කිරීමමත්ස්‍ය ආහාර සුලභ කිරීම සහ ගුවන්තොටුපොළ පහසුකම් හා ගුවන් පහසුකම් වැඩි කිරීමට යෝජනා කරනවා. ඉස්සන්කකුළුවන්කාප්තිලාපියාමොදා වැනි මත්ස්‍ය නිෂ්පාදනය සඳහා මඩකලපුවයාපනයපුත්තලමමන්නාරම දිස්ත්‍රික්කවල තෝරා ගත් ස්ථානවල පරිසර ප්‍රමිතීන්ට අනුකූලවූ යටිතල පහසුකම් ඇතුලත් මත්ස්‍ය ගොවිපොල කලාප සංවර්ධනය සඳහා රුපියල් මිලියන 200ක ප්‍රතිපාදන වෙන් කරනවා.

    කරවලඋම්බලකඩ හා ටින්මාළු නිෂ්පාදනය සඳහා  ලංකාව තුළ නොමැති මත්ස්‍ය වර්ග ආනයනය කිරීමේ ක්‍රමවේදය සරල කරමින් දේශීය නිෂ්පාදන පුළුල් කිරීම සඳහා ආනයනයේදී අයකරනු ලබන බද්ද ඉහළ මට්ටමක පවත්වා ගනු ලබනවා. පාරිභෝගිකයින්ට හා ධීවර ප්‍රජාවට හිතකර පරිදි ධීවර සංස්ථාව ලාභදායී ව්‍යාපාරයක් ලෙස පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක් කිරීම සඳහා රුපියල් මිලියන.500ක අතිරේක ප්‍රතිපාදන ලබාදීමට යෝජනා කරනවා.

    යුරෝපා ප්‍රමිතියට කුඩාවැල්ලබේරුවලදෙවිනුවර හා ගාල්ල හරිත ධීවර වරාය පහසුකම් ඇතිකිරීමපේදුරුතුඩුවඔලුවිල්ගන්දර ධීවර වරාය සංවර්ධනයකප්පරතොටදොඩන්දූවහික්කඩුව වරාය හා නැංගුරම් පොළවල්  සංවර්ධනයනවීන බෝට්ටු හා ගැඹුරු මුහුදේ මත්ස්‍ය නිෂ්පාදනය සඳහා අවශ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීමට දැනට සලසා ඇති ප්‍රතිපාදන 2021-2023 මැදි කාලය තුළ තවදුරටත් වැඩි කිරීමටද යෝජනා කරනවා.

    වැවිලි කර්මාන්තය

    තේ වගාව සඳහා නව තාක්ෂණික ක්‍රම හා කාළගුණික බලපෑම් අවම කිරීමත්කාබනික පොහොර  භාවිතය ප්‍රචලිත කිරීම කෙරෙහිත් අප විශේෂ අවධානය යොමු කර තිබෙනවා. කුඩා රබර් වතු වල ආදායම් මාර්ග විවිධාංගීකරණය කිරීම හා ස්වභාවික රබර් ආශ්‍රිත කර්මාන්ත මගින් එම ක්ෂේත්‍රයේ ලාභදායිත්වය වැඩිකර ගත හැකි වෙනවා. පොල් ඉඩම්වල ඵළදායීතාවය වැඩි කිරීම සඳහා එම ඉඩම්වල අගල් හා ජල සංරක්ෂණ ක්‍රමවේදයන්බිංදු ජලසම්පාදන ක්‍රමවේදයන් මෙන්ම පොහොර යෙදා ගැනීමටත්පුරන් කුඹුරුවල පොල් හා තැඹිලි වගාවට යොදා ගැනීමත් ප්‍රමුඛතා ලෙස හඳුනාගෙන තිබෙනවා.  දේශීය කිතුල් හා තල් කර්මාන්ත විවිධාංගිකරණය කිරීම මගින් එම නිෂ්පාදන අපනයන වෙළඳපළ කරා දියුණු කිරීමට සැලසුම් කර තිබෙනවා.

    කන්තලේබදුල්ලමොනරාගල ප්‍රදේශවල උක් වගාකරුවන්ට ඉහළ ආදායමක් ලබාදිය හැකි පරිදි උක්වගාව වැඩිදියුනු කිරීමට  සැලසුම් කර තිබෙනවා. ලංකා සීනි සමාගමේ නිෂ්පාදන ධාරිතාව මෙ.ටො. 70,000කින් ඉහළ නැංවීමටදසීනි  නිෂ්පාදන කර්මාන්තශාලා නවීකරණයටදඑතනෝල් හා ආශ්‍රිත නිෂ්පාදන වැඩි කිරීම සඳහා ස්කාගාර නවීකරණය කිරීමටද සැලසුම් කර තිබෙනවා.

    ලංකා සත්‍ය කුරුදු (Ceylon True Cinnamon) අපනයන වගා හා සැකසුම් කලාප පිහිටුවීම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති වැඩසටහන් පුළුල් කිරීම සඳහාද ප්‍රතිපාදන සලසා තිබෙනවා.

    තේපොල්රබර්කුරුඳු ප්‍රධාන වැවිලි ආර්ථිකය පුනර්ජීවණය කිරීමත් වැවිලි ක්ෂේත්‍රයේ විවිධාංගිකරණ කරන වැඩපිළිවෙළට ඇතුලත් කර තිබෙනවා.  

    ප්‍රාදේශීය ගොවීන්ද සම්බන්ධ කර ශ්‍රී ලංකා කජු සංස්ථාව යටතේ අක්කර 6,500ක කජු වගාකිරීමටත්එම වගාවන්ගේ මුල් අවධියේ උඳුමුංමිරිස් ආදී භෝග වගා කිරීමටත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සැලසුම් කර ති‍බෙනවා. මන්නාරම හා පුත්තලම දිස්ත්‍රික්කයේ කුඩා ඉඩම් හිමියන් කජු වගාවට සම්බන්ධ කරගැනීමට ශ්‍රී ලංකා කජු සංස්ථාව අවශ්‍ය පැලෑටි හා ව්‍යාප්ත සේවා සපයනු ලබනවා.

    ගම්මිරිස්කරාබුනැටිඑනසාල්කෝපි ආදී වැවිලි භෝගවල දේශිය වටිනාකම වැඩිවන කාර්මික අපනයන කටයුතු සඳහා ආයෝජනය කරන ව්‍යාපාරිකයන්ට අවශ්‍ය ඉඩම් හා නවීන තාක්ෂණික උපකරණ ආනයනය සඳහා තීරුබදු සහන හා මූල්‍ය පහසුකම් ලබාදීමටත් යෝජනා කරනවා. වැවිලි ක්ෂේත්‍රයේ මෙම සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 2,000ක අතිරේක ප්‍රතිපාදන සැලසීමට යෝජනා කරනවා. 

    මහා පරිමාණ වැවිලි සමාගම් ප්‍රතිසංස්කරණය

    1992 වැවිලි සමාගම් පෞද්ගලීකරණය කළ තැන් සිට වසර 30කට ආසන්න කාලයක් විශාල පරිමාණයේ වතු කළමනාකරණය පෞද්ගලික අංශයට පැවරී තිබෙනවා. සමස්ත තේ නිෂ්පාදනය වැඩි වී තිබෙන්නේ කුඩා තේ වතු නිෂ්පාදනවලින් වන අතර මහ පරිමාණ වතුවල දායකත්වය සියයට 25කට පමණ අඩු වී තිබෙනවා. එම වතු බොහෝමයක් වගා විවිධාංගීකරණය වී නැහැ. ඉහළ වටිනාකමක් ඇති ශ්‍රී ලංකා සන්නාම ඇතුළුව තේ අපනයන කර්මාන්තයක් වශයෙන් දියුණු කර ඇත්තේද සමාගම් කිහිපයක් පමණි. බොහෝ සමාගම් වතුවල වගා නොකරන ඉඩම්ද දැකිය හැකියි. රෝහල්පාසැල්නිවාසමාර්ගවිදුලියජලය ආදී මූලික පහසුකම් සපයන්නේද රජය විසිනුයි.

    රජයට ගෙවීමට ඇති බදු කුලී නොගෙවා ඇති සමාගම්ද මේ අතර තිබෙනවා. එසේමසමාගම් වතු වල කම්කරුවන් සඳහා ලැබෙන්නේද ඉතා අඩු දෛනික වැටුපක්.

    මේ තත්ත්වය යටතේ වඩා සාර්ථක ලෙස ක්‍රියාත්මක වී ඇති වතු සමාගම් දිරිගැන්වීමටත්සෑහීමකට පත්විය නොහැකි වතු සමාගම්වල පෞද්ගලීකරණ ගිවිසුම් නැවත සමාලෝචනය කර වාණිජමය වශයෙන් දියුණු කළ හැකි විකල්ප ආයෝජන වැඩිදියුනු කර ගැනීමටත් පියවර ගැනීමට සිදුවෙනවා.  එමෙන්මවතු කම්කරුවන්ගේ දෛනික වැටුප 2021 ජනවාරි සිට රුපියල් 1,000 දක්වා වැඩි කිරීමටද යෝජනා කරනවා. මෙම වැටුප ගෙවීමට නොහැකි වතු සමාගම්වල කළමනාකාරීත්ව ගිවිසුම් වෙනස් කර සාර්ථක ව්‍යාපාර සැලසුම් සහිත සමාගම් සඳහා ඉඩ ප්‍රස්ථා සැලසෙන නීති රාමුවක් ජනවාරි මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මා අදහස් කරනවා.

    මහා මාර්ග

    අධිවේගී මාර්ග පද්ධතිය පුළුල් කිරීම යටතේ 2024 වන විට මධ්‍යම අධිවේගී මාර්ගය කෙරවලපිටිය හා මීරිගම කොටස මෙන්මකුරුණෑගල හා දඹුල්ල කොටසත්පොතුහැර හා  මහනුවර කොටසත්නිමකිරීමට සැලසුම් කර තිබෙනවා. රුවන්පුර අධිවේගී මාර්ගයේ ප්‍රථම අදියර ලෙස ඉංගිරිය  කහතුඩුව කොටස නිම කර ජාතික අධිවේගී මාර්ග පද්ධතියට සම්බන්ධ කෙරෙනවා.  වරාය පිවිසුම් මාර්ගය මෙන්ම කැළණි පාලම සිට අතුරුගිරිය මාර්ගයද කඩිනමින් ඉදිකිරීමටත් ප්‍රසම්පාදන කටයුතු අවසන් අදියරට පත්වී තිබෙනවා. ජාතික අධිවේගී මාර්ග පද්ධතිය හා එය ආශ්‍රිත වත්කම් වෙනම රාජ්‍ය ආයතනයක් යටතේ පවත්වා ගනිමින් අධිවේග මාර්ග නඩත්තුව හා සංවර්ධන කටයුතු කිරීමට සැලසුම් කර තිබෙනවා.

    මෙරීන් ඩ්‍රයිව් මාර්ගය මොරටුව දක්වා දිර්ඝ කිරීමටත් පියවර ගෙන තිබෙනවා. කොළඹ හා තදාසන්න මාර්ග බාධා ඉවත් කර අතුරු මාර්ග හා පාලම් සංවර්ධනයට අවශ්‍ය රාජ්‍ය ආයෝජන ප්‍රතිපාදනද වෙන් කර තිබෙනවා. අයවැය ඇස්තමේන්තුවලින් හඳුනාගෙන ඇතිදිස්ත්‍රික් 25ම අවරණය වන 3 අවුරුදු මාර්ග සංවර්ධන වැඩසටහනට අදාළ මාර්ග කඩිනමින් ක්‍රියාත්මක කිරීමටද යෝජනා කරනවා.

    අධිවේගී මාර්ග පද්ධතියට සමගාමීව හා එයට අනුපූරක මාර්ග පද්ධතියක් ලෙස කොළඹ හා තදාසන්න ප්‍රදේශ වල දුම්රිය මාර්ග පද්ධතිය පුළුල් කිරීමටත්කැළණිවැලි දුම්රිය මාර්ගය අවිස්සාවේල්ල දක්වා වැඩි දියුණු කිරීමටත් යෝජනා කරනවා. දුම්රිය මාර්ග සංවර්ධනයේදී දුම්රිය දෙපාර්තමේන්තුව හා දේශීය ඉංජිනේරුවන්ගේ ඍජු දායකත්වය තුළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා.

    විදුලිබලය

    පසුගිය වසර 5ක කාලය තුළ එකඳු විදුලි බලාගාරයක් විදුලි ජනන පද්ධතියට එකතු නොකිරීම තුළ 2021/2022 අඛණ්ඩ විදුලි සැපයීමේ අවධානම් මතු වී තිබෙනවා. එම අර්බුදකාරී තත්ත්වය වලක්වා ගැනීම සඳහා ලක්විජය විදුලි බලාගාරයට අතිරේක මෙගා වොට් 300ක ගල් අගුරු බලාගාරයක් හා මෙගා වොට් 600ක ස්වභාවික වායු විදුලි බලාගාර 2ක් කඩිනමින් ඉදිකිරීමටද සැලසුම් කර තිබෙනවා. කෙරවලපිටිය විදුලි බලාගාර ස්වභාවික විදුලි බලාගාර බවට පරිවර්තනය කිරීම මෙන්ම පෞද්ගලික ස්වභාවික විදුලි බලාගාර යෝජනා මගින් අතිරේක ස්වභාවික විදුලි බලාගාර ඉදිකිරිමටද සැලසුම් කර තිබෙනවා. දැනට ඇති ඩීසල් විදුලි බලාග‍ාර අවුරුදු 20ක් ඉක්මවා ඇති බැවින් ඒවා සඳහා ගෙවනු ලබන රුපියල් බිලියන 15ක අධික වියදම් අඩු කිරීමට අදාළ ගිවිසුම් සංශෝධනය කිරිමටද යෝජනා කරනවා.  මහජන උපයෝගිතා කොමිෂන් සභා පනත හා විදුලිබල මණ්ඩල පනත කඩිනම් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ඉවහල් වන පරිදි සංශෝධනය කිරීමටද යෝජනා කරනවා. 2023 වනවිට විදුලිය සඳහා ව්‍යාපාරිකයන් හා විදුලි පාරිභෝගිකයන් දරණ අධික පිරිවැය අඩුකර කලාපයේ තරඟකාරී විදුලි සැපයුමක් ඇති කරමින් ව්‍යාපාර ආර්ථිකය දියුණු කිරීම අපගේ ඉලක්කයයි.

    පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය

    2030 වන විට මෙරට බලශක්තියෙන් අවම වශයෙන් සියයට 70ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ලබා ගැනීම “සෞභාග්‍යයේ දැක්ම” හි ඉලක්කයක් වී තිබෙනවා. විදුලිබල ජනනය සඳහා ආනයනය කරනු ලබන ඉන්ධන සඳහා වාර්ෂිකව වැය කරන විදේශ විනිමය ඉතිරිවීම නිසා පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය ප්‍රධාන ආනයන ආදේශ කර්මාන්තයක්ද වෙනවා.

    දැනටමත් මෙගා වොට් 300ක සූර්යබලය විදුලි පද්ධතියට එක්කර ඇති අතර    2021 – 2023 කාලය තුළ දේශීය ආයෝජන හරහා මෙගා වොට් 1,000ක ධාරිතාවයක් එක් කිරීම අපේක්ෂා කරනවා.

    රජයේ දායක මුදල් වලට පරිපූරකව ආසියානු සංවර්ධන බැංකුව හා ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ අඩු ආදායම්ලාභී නිවසකට කිලෝ වොට් 5 බැගින් නිවාස ලක්ෂයකට (100,000) සූර්ය ජනන පද්ධති ලබාදීම තුළින් මෙගා වොට් 500ක පමණ ධාරිතාවක් ඇති කිරීමට යෝජනා කරනවා. මේ සඳහා සියයට 4ක පොලී යටතේ ණය මුදල් සැපයීමටද යෝජනා කරනවා. එමගින් ඔවුන්ගේ විදුලි බිල්පත් වියදම් ඉතිරි වන අතර නිවසේ සිටම විදුලිය ජාතික පද්ධතියට ලබා දීමෙන් අතිරේක ආදායමක් ලබා ගැනීමටද  හැකි වෙනවා. ආගමික ස්ථානරාජ්‍ය ආයතනරෝහල්පාසැල් හා  ආරක්ෂක සේවා මධ්‍යස්ථානවල පියසි මත සූර්ය විදුලි ජනනය සඳහා ආයෝජනය කිරීමටද යෝජනා කරනවා. “ගමට බලාගාරයක් – ගමට ව්‍යවසායකයෙක්” තේමාව යටතේ ග්‍රාමීය මට්ටමින් තෝරාගත් ව්‍යවසායකයින්ගේ ආයෝජන මගින් විදුලිය බෙදාහැරීමේ පද්ධතියට අයත් ට්‍රාන්ස්ෆෝමර් 10,000කට සූර්ය ජනන බලාගාරවලට සම්බන්ධ කිරීමට යෝජනා කරනවා.

    තාක්ෂණය හා උපකරණ පමණක් ආනයනය කර වගා ලිඳක් සහිත සුළු හා මධ්‍යම පරිමාණයේ වාණිජමය කෘෂි ගොවිපොළවල් සඳහා බිංදු ජල සම්පාදනය ඇතුළු නව තාක්ෂණ ක්‍රමයන් යොදා නිෂ්පාදනය වැඩි කිරීම සඳහා එවැනි ව්‍යවසායකයින් 10,000ක් සඳහා සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ජල පොම්ප සඳහා රු.150,000 බැගින් ප්‍රාග්ධන ණය ආධාර ලබාදීමට යෝජනා කරනවා. උස්සාන වාරිමාර්ග හා Ro Plant පානීය ජල ව්‍යාපෘති සඳහා සූර්ය බලය ලබාදීමෙන් එම ව්‍යාපෘතිවල විදුලි වියදම අඩු කිරීමටද යෝජනා කරනවා. දැනට විදුලිය නොමැති ගම්වලට සූර්යබලාගාර හෝ ග්‍රාමීය විදුලිබල යෝජනා ක්‍රම මගින් විදුලිය ලබාදී 2021 අවසන් වන විට සැමට විදුලි ඉලක්කය ඉටු කිරීමටද රුපියල් මිලියන 750ක් වෙන් කිරීමටද යෝජනා කරනවා.

    ආයෝජන මණ්ඩලයේ දිරි ගැන්වීම් මගින් මෙගා වොට් 100ට වැඩි off shore සුළං  හා පාවෙන සුර්ය බලාගාර සඳහා පෞද්ගලික ආයෝජන ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීම මගින් පුනර්ජනනීය බලශක්ති ධාරිතාව මෙගා වොට් 1,000 දක්වා වැඩි කිරීමටද යෝජනා කරනවා. සියළුම පුනර්ජනනීය බලශක්ති ආයෝජන සඳහා වසර 7ක බදු විරාමයක්ද ලබාදීමට යෝජනා කරනවා.

    වාරිමාර්ග

    උමා ඔය බහුවිධ වාරිමාර්ග යෝජනා ක්‍රමය ආශ්‍රිත ජලාශ හා ජලවිදුලි බලාගාර කඩිනමින් නිම කිරීමටත්මොරගහකන්ද කළු ගඟ ආශ්‍රිත වාරිමාර්ග පද්ධතිය පුළුල්කරහුරුළුවැව යෝජනා ක්‍රමය ඇතුළු  උතුරුමැද හා වයඹ පලාත්වල වාරි පහසුකම් වැඩිදියුණු කිරීමටත්ගිංනිලවලා හා මල්වතු ඔය ඇතුළු ප්‍රධාන ජල යෝජනා ක්‍රම කඩිනමින් නිම කිරීමටත්, 2021-2023 මැදිකාලීන අයවැය ඇස්තමේන්තුවල ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.

    මාස් කන්නයේ අස්වැන්න නෙලා ගැනීමත් සමඟ දිස්ත්‍රික් 11ක කුඩා හා මධ්‍යම පරිමානයේ වැව් ප්‍රතිසංස්කරණ මගින් කෘෂිකාර්මික ප්‍රදේශවල ජල සංංචිතය වැඩි කිරීමටත් 2021 යල් කන්නය සඳහා ගොවීන් සුදානම් කිරීමත් කඩිනම් කිරීම සඳහා රුපියල් මිලියන 1,000ක අතිරේක ප්‍රතිපාදන වෙන් කරනවා.

    සැමට ජලය ජාතික සැලැස්ම 2021-2024

    මේ රටේ සියළු දෙනාට පිරිසිදු පානීය ජලය සැපයීම රජයේ ප්‍රමුඛ වගකීමක් ලෙස සලකනවා. දැනට නල මාර්ගයෙන් පානීය ජලය ලබාදෙනු ලබන්නේ ජනගහනයෙන් සියයට 54ක පමණකටය. එම නිසා 2021-2024 කාලය තුළ සමස්ත රටේම පානීය ජලය ලබාදීම ඉලක්ක කරගෙන ප්‍රජා ජල ව්‍යාපෘති දහසක් නිෂ්පාදන ධාරිතාව උපරිම කිරීමේ ප්‍රධාන ව්‍යාපෘති 171ක මෙන්මනව ජල යෝජනා ක්‍රම හා කඩිනම් කර ඇති ව්‍යාපෘති සඳහා රුපියල් ට්‍රිලියනයක (රුපියල් බිලියන. 1,000ක්) ආයෝජනය සැලසුම් කර තිබෙනවා.

    දේශීය ඉංජිනේරුවන්සියළුම ජාතික මට්ටමේ මෙන්ම පහලම ග්‍රාමීය කොන්ත්‍රාත්කරුවන් සම්බන්ධ කර ගනිමින් මෙම වැඩසටහනේ දේශීය අගය වැඩි කර ගැනීමටත් සැලසුම් කර තිබෙනවා.

    මෙම සමස්ත ක්‍රියාවලිය තුළින් දැනට නිපදවන ජල ප්‍රමාණය දවසකට ඝන මීටර් මිලියන 2.1ක සිටඝණ මීටර මිලියන 4.4 ක් දක්වා වැඩි කිරීමට අපේක්ෂා කරනවා. ලංකාව පුරා ජලනල කිලෝමීටර් 40,000 ක් එලීම තුළින් අලුතින් පවුල් ලක්ෂ 35කට  ජලය ලබාදීමට සැලසුම් කර තිබෙනවා. මේ අනුවප්‍රජා ජල ව්‍යාපෘති 263ක් දදැනට නිපදවන ජලය උපරිම ලෙස භාවිතා කිරීම සඳහා ව්‍යාපෘති 171 සහ අළුත් ව්‍යාපෘති 40 ආරම්භ කිරීම සඳහා 2021 වර්ෂයට වෙන් කර ඇති රුපියල් බිලියන 125ට අමතරව බැංකු මූල්‍ය පහසුකම් මගින් රුපියල් බිලියන 75ක් ලබාදීමට භාණ්ඩාගාර ඇපකර නිකුත් කිරීමටද යෝජනා කරනවා.

    විදේශ වෙළදාම හා ජාතික නිෂ්පාදන ආර්ථිකය

    ගරු කතානායකතුමනි,

    1977ට පෙර වසර 20ක් පමණ පැවති වැසුණ ආර්ථිකයේත්ඉන්පසු ක්‍රියාත්මක වූ විවෘත ආර්ථිකයේත් සීමාවන් පිළිබඳ අපට පුළුල් අත්දැකීම් තිබෙනවා. බොහෝ රටවල් බහුපාර්ශවිකවද්විපාර්ශවිකව හා ඒක පාර්ශවිකව මෙම අත්දැකීම් තුළින් දේශීය නිෂ්පාදන පුළුල් කෙරෙන ප්‍රතිසංස්කරණ වලට ප්‍රවේශ වී තිබෙනවා. ලොවපුරා පැතිර ඇති කොවිඩ් වසංගත තත්ත්වය තුළ පෞද්ගලික අංශයේ සීමාවන්ද මතු වී පෙරටත් වඩා වැඩි අවධානයකින් පෞද්ගලික හා රාජ්‍ය අංශවල කාර්යභාරයන් පෙළගැස්වීමත් අද බොහෝ රටවල සිදුවෙනවා.

    පසුගිය කාලය තුළ අපේ රට අත්සන් කර ඇති නිදහස් වෙළඳ ගිවිසුම් (Free Trade Agreements) වලින් අපේ රටට ලැබී ඇති ප්‍රතිලාභ ගැන අපට සෑහිමකට පත් විය නොහැකියි. මෙම ගිවිසුම් නිසා නිෂ්පාදන ක්ෂේත්‍ර රාශීයක් පසුබෑමට ලක්වී තිබෙන අතර නිෂ්පාදකයින් ව්‍යාපාරිකයන්වීම වෙනුවට ආනයනකරුවන් බවට පරිවර්තනය වීමක් සිදු වී තිබෙනවා.

    රට මුහුණ පා ඇති  වෙළඳ හිඟයන්ටද  මේ ගිවිසුම් නිසා විසදුම් ලැබී නැහැ. ආසියාවේ ප්‍රධාන ආර්ථිකයන් වන ඉන්දියාවචීනය හා ජපානය සමඟ පවත්නා වෙළඳාම තුළ පමණක් අප ඩොලර් මිලියන 9,000ට ආසන්න වෙළඳ හිඟයකට මුහුණ දී තිබෙනවා. මේ හා සමාන වෙළඳපළක් අප රටේ නිපදවන තේඇඟළුම්රබර්භාණ්ඩකුරුඳුගම්මිරිස්මැණික්විදුලි කාර්මික නිෂ්පාදන සඳහා මෙම ප්‍රධාන ආර්ථීකයන් 3 තුළින් ලබා ගැනීමට අප කටයුතු කළ යුතු වෙනවා. විදේශ හා වෙළඳ අමාත්‍යාංශවල මූලික වගකීම හා කාර්යභාරය මෙය බව අප විශ්වාස කරනවා. 

    දියුණු රටවල ඇති උසස් තාක්ෂණය හා උපකරණ මෙන්ම අපේ රටේ නිෂ්පාදනයන්ට ඉහළ වටිනාකම් දිය හැකි අපනයන සංවර්ධනය සඳහා රටතුළ නිපදවා ගත නොහැකි සුවිශේෂිත අමුද්‍රව්‍ය හා අන්තර් භාණ්ඩ ආනයනය කිරීමට අපගේ වෙළඳ ප්‍රතිපත්තිය සකස් විය යුතුයි. අප රටට ආවේනික තේකුරුඳුගම්මිරිස් වැනි කෘෂි නිෂ්පාදනයන්,  පාරම්පරික විසිතුරු හා පරිභෝගික භාණ්ඩත්වසවිසෙන් තොර එළවළුධාන්‍යපළතුරු වැනි අපනයනයන් සඳහා විශේෂ වෙළඳපළ පුළුල් කරගත හැකි ද්විපාර්ශ්වික භාණ්ඩ වෙළඳ ගිවිසුම් සකස් කර ගැනීමට අපනයන සංවර්ධන මණ්ඩලය හා විදේශ අමාත්‍යාංශය පෙරමුණ ගත යුතු වෙනවා. ඒ සඳහා අපේ නව විදේශ තානාපතිවරු යෙදවීමට කටයුතු කර තිබෙනවා. බැංකුමුල්‍ය හා විවිධ වෘත්තීමය අංශ ඇතුළත් සේවා අංශය විවෘත කිරීමට අපට හැකියාවක් නැහැ. එබැවින් නිදහස් වෙළඳ ගිවිසුම් සකස් කර ගත යුත්තේ කාර්මික සංවර්ධනයක් ඇතිවන පරිදිත්,  අපනයන ආදායම වැඩි කිරීමටත්රට තුළ නිෂ්පාදනය කළ හැකි ආනයන ආදේශන නිපදවීම මගින් විදේශ විනිමය ඉතිරිකර ගැනීමටත් හැකි වන පරිදි තුළනාත්මක වෙළඳ ප්‍රතිපත්තියක් අනුගමනය කරමිනුයි. 

    ගරු කතානායකතුමනි,

    නිෂ්පාදන ආර්ථිකය ඉහත කී අරමුණු ඉටුවන අයුරින් සකස් කර ගැනීම සඳහා පහත සඳහන් යෝජනා ක්‍රියාත්මක කෙරේ.

    1.දේශීයව නිපදවිය නොහැකි කෘෂිද්‍රව්‍ය හැර අනෙකුත් කෘෂි භාණ්ඩ ආනයනය සීමා කිරීම (Negative List).

    2. දේශීය නිෂ්පාදන සැපයුම හා ඉල්ලුම තුළණය කිරීමට අදාළ තෝරාගත් කෘෂි නිෂ්පාදන සඳහා විශේෂ භාණ්ඩ බද්ද ක්‍රියාත්මක කිරීම.

    3.ආනයන හා අපනයන සඳහා දේශීය නිෂ්පාදනවලට අවශ්‍ය ආරක්ෂණය සඳහා CESS බදු ක්‍රියාත්මක කිරීම.

    4.භාණ්ඩ අපනයන හා දේශීය කර්මාන්තවල එකතු කළ අගය වැඩි නිෂ්පාදනයන්ට යොමුවීම දිරිගැන්වීම සඳහා දේශීයව ලබාගත නොහැකි අමුද්‍රව්‍යනවීන තාක්ෂණික යන්ත්‍ර හා උපකරණ හා ප්‍රාග්ධන භාණ්ඩ ආනයනය සඳහා තිරුබදු ඉවත් කිරීම.

    5.ඉහත සඳහන් භාණ්ඩ ගනයන්ට අයත් නොවන සමස්ථ ආනයන භාණ්ඩ සියයට 0, 10 සහ 15 වශයෙන් තිරුබදු කාණ්ඩ 3ක් යටතේ වර්ගීකරණය කිරීම.

    6.යම්කිසි භාණ්ඩයක් ආනයනයේදී VAT බද්දෙන් නිදහස් කර ඇත්නම් එම භාණ්ඩයේ දේශීය නිෂ්පාදනයටද එය අදාළ කිරීම.

    7.ආනයන අපනයන ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම සඳහා  එක් සේවා මධ්‍යස්ථානයක ඉටු කිරීම සඳහා විවිධ නියාමන ආයතනවලින් ඉටුකරන සේවා ආනයන අපනයන දෙපාර්තමේන්තුව මගින් ඉටුකිරීම සඳහා අදාළ දෙපාර්තමේන්තු වල නිළධාරින් ආනයන අපනයන දෙපාර්තමේන්තුවට අනුයුක්ත කිරීම. 

    8.බතික් හා විලාසිතා ජාතික කර්මාන්තයක් ලෙස දියුණු කිරිම සඳහා බතික් නිෂ්පාදන ආනයනය දේශීය සංකේත අංක යටතේ තහනම් කිරීම.

    9.දේශීය හා විදේශීය ඇඟළුම් නිෂ්පාදන කේන්ද්‍රස්ථානයක් කිරීම සඳහාවැඩි වටිනාකමින් යුත් ඇගළුම් හා සම්භාණ්ඩ නිෂ්පාදනයන්විදේශිකයන්ගේ හා සංචාරකයන්ගේ වෙළඳපළක් ලෙස දේශීය ඇගළුම් කර්මාන්තය දියුණු කිරීම සඳහා එම කර්මාන්තයට අවශ්‍ය ආනයන ලිහිල් කිරීම හා නව තීරු බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම.

    10.රත්නපුර ජාත්‍යන්තර මැණික් කර්මාන්ත නගරය සංවර්ධනය හා මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය වැඩි දියුණු කිරීම.

    11.දේශීය වෙළඳපළ අවශ්‍යතා සඳහා ආනයනය මත රඳා පවතින බහුජාතික සමාගම් සිය නිෂ්පාදන අපනයන වෙළඳපළ කරා දිරිගැන්වීම සඳහා 2021ට පෙර එසේ අපනයනය කරනු ලබන ප්‍රමාණය සියයට 30කටත්, 2023ට පෙර සියයට 50 දක්වාත් වැඩි කරන්නේ නම් ඔවුන්ගේ ලාභාංශ සඳහා අය කරන බද්ද පිළිවෙළින් සියයට 25න්  හා සියයට 50න්  අඩු කිරීමට යෝජනා කරනවා.

    12.එම සමාගම් ආනයනය කරනු ලබන ප්‍රමාණයේ විදේශ විනිමය ප්‍රමාණයක් විදේශ මුලාශ්‍ර වලින් ලබාගෙන දේශීය බැංකුවල සංචිත පවත්වා ගැනීම දිරිගැන්වීම සඳහා එම තැන්පතුවල පොලී ආදායම බදු වලින් නිදහස් කිරීමටද යෝජනා කරනවා.

    13.ඛණිජ වැලිපොස්ෆේට්පොහොරමිනිරන් ආදී සැගවුණ කර්මාන්ත ඉහළ වටිනාකමින් යුත් අපනයන කර්මාන්ත ලෙස දියුණු කිරීම සඳහා නැනෝ තාක්ෂණ ආයතනයට සම්බන්ධවන දේශීය ව්‍යාපාරිකයන්ගේ වියදම පර්යේෂණ හා සංවර්ධන වියදම් ලෙස බදු වලින් අඩු කිරීමට යෝජනා කරනවා. මෙම නිෂ්පාදනවල ශ්‍රී ලංකා අනන්‍යතාවය ලියාපදිංචි කිරීම ආරම්භ කිරීම සඳහා රුපියල් මිලියන 2,000ක් වෙන් කිරීමට යෝජනා කරනවා. 

    14.කොසුඉදල්පාපිසි ඇතුළු ගෘහ අවශ්‍යතා මෙන්ම පොල් ආශ්‍රිත කර්මාන්තකෘෂිකාර්මික හා පාරිභෝගික අවශ්‍යතා ඇතුළු රබර් නිෂ්පාදනගොඩනැගිලි ද්‍රව්‍යකාර්යාල හා ගෘහභාණ්ඩ,  ප්‍රධාන කර්මාන්ත ලෙස ආයෝජන දිරිගැන්විම් ලබාදීමටද යෝජනා කරනවා.  

    15.ධීවරසංචාරක හා නාවික ක්ෂේත්‍රයේ පුළුල් වෙමින් පවතින ඉල්ලුමත්දේශීය නිෂ්පාදකයනගේ උසස් නිෂ්පාදන හැකියාවත්  නිසා වැඩිදියුනු කළ හැකි බෝට්ටු හා නැව් නිෂ්පාදනය දිරිගැන්වීම සඳහා වෙන් වූ නැව් තටාකාංගනඅමුද්‍රව්‍ය ලබාගැනීමේ පහසුකම්දිගුකාලීන ණය පහසුකම් ලබාදීමටත්දේශීය බෝට්ටු හා නැව් නිෂ්පාදන සඳහා වසර 7ක බදු විරාමයයක් ලබාදීමටත් යෝජනා කරනවා.   

    විදේශ ආර්ථික සබඳතා

    විදේශ අමාත්‍යාංශය හා අප රටේ විදේශ දූත මණ්ඩල සම්ප්‍රදායික රාජ්‍යතාන්ත්‍රික කටයුතු වලින් ඔබ්බට ගොස් අප රටේ විදේශ රැකියාවල නිරතවන්නන්ව්‍යාපාරවල නිරතවන ව්‍යාපාර ප්‍රජාවහා විවිධ අවශ්‍යතාවන්ට විදේශ ගතවන අපේ ජනතාව‍ගේ අභිලාෂයන් ඉටු වන පරිදි ප්‍රතිසංවිධානය කිරීමට අවශ්‍ය පියවරයන් රාශියක් කෙරෙහි රජයේ අවධානය යොමු කර තිබෙනවා. විවිධ ආයතනවලින් විදේශ රටවලදී කළයුතු සේවාවන් සඳහා යොදා ඇති කාර්යමණ්ඩලවිදේශ දූත මණ්ඩල ප්‍රධානීන්ගේ ඍජු පාලනයට හා සම්බන්ධීකරණයට ලක් කිරීම ඉන් ප්‍රධාන තැනක් ගනු ලබනවා. ලෝක ආර්ථික රටාවේ සිදුවන විවිධ වෙනස්කම් තුළ අපේ රටේ අපනයනසංචාරකවිදේශ රැකියා හා ආයෝජන සඳහා ඇති ඉඩ ප්‍රස්ථා පූර්ණ වශයෙන් උකහා ගත හැකි පරිදි ආර්ථීක හා වෙළද සබඳතා (Economic Diplomacy) කෙරෙහි විදේශ දූත මණ්ඩල පුළුල් දායකත්වයක් දැරීම අවශ්‍ය වෙනවා.

    විවිධ අවස්ථාවල ඇති කරගෙන ඇති ද්විපාර්ශ්වික ගිවිසුම් සමාලෝචනයට ලක්කර කාලීන ප්‍රවණතාවන්දේශීය ආර්ථිකයට මෙන්ම රටේ ජාතික ආරක්ෂාව හා ස්වාධීනත්වය තහවුරු වන පරිදි රජයේ මිත්‍රශීලි හා නොබැඳි විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම විදේශ දූත මණ්ඩලවල ප්‍රධාන වගකීමක් වශයෙන් කාර්යසාධන ඇගයීමකට ලක් කිරීමටද අදහස් කරනවා. නැඟි එන ආසියා පැසිපික්අප්‍රිකානුමැදපෙරදිග හා බටහිර රටවල වෙළඳපළ අවස්ථාවන් වලින් ප්‍රයෝජන ගැනීමටඑම රටවල අප රටේ ව්‍යාපාරිකයන් මුහුණ දෙන බාධාවන් (Trade Barriers)  ඉවත් කර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් රුපියල් මිලියන 750ක අතිරේක ප්‍රතිපාදන වෙන් කිරීමටද යෝජනා කරනවා.

    රාජ්‍ය ව්‍යාපාර නිෂ්පාදන ක්‍රියාවලියට යෙදවීම

    ර‍ාජ්‍ය ව්‍යාපාර නඩත්තුව සඳහා භාණ්ඩාගාරය විසින් විශාල මුදලක් වාර්ෂිකව වැය කරනු ලැබුවත් බොහෝ ව්‍යාපාර ජාතික නිෂ්පාදන ක්‍රියාවලියට දක්වන දායකත්වය පිළිබඳ සෑහිමකට පත්විය නොහැකියි. 2019 වර්ෂයේ මහා භාණ්ඩාගාරය මේ ආයතන වෙනුවෙන් වැය කර ඇති පුනරාවර්ථන වියදම රුපියල් බිලියන 42කට අධික වන අතර ප්‍රාග්ධන වියදම් රුපියල් බිලියන 20 ඉක්මවා තිබෙනවා. මීට අමතරව බොහෝ ආයතන රාජ්‍ය බැංකු වලින් හා භාණ්ඩාගාර ඇපකර මතද යැපෙන ප්‍රවණතාවය වැඩි වී තිබෙනවා. ශ්‍රී ලංකා ගුවන් සේවය වැනි ජාතික උපායමාර්ගික වශයෙන් වැදගත් වන ව්‍යවසායන් හැර බොහෝ ව්‍යාපාර රාජ්‍ය බැංකු හා භාණ්ඩාගාර ඇප මත යැපීම අවම කර ජනතාවට බරක් නොවන ජාතික ව්‍යාපාර වීම අවශ්‍යයි. රාජ්‍ය ආයෝජන ප්‍රමාණය රුපියල් ට්‍රිලියන එකක් නැත්නම් රුපියල් බිලියන 1,000ක් වන විට රාජ්‍ය අංශයේ ඉදිකිරීම් හා සේවා අංශවලටඉන් කොටසක් හෝ ව්‍යාපෘති කිරීමට යෙදවීමෙන් පුනරාවර්ථන හා ප්‍රාග්ධන පැවරීම් අඩුකර ගත හැකියි.

    භාණ්ඩාගාර ප්‍රතිපාදන වෙනුවට අවම වශයෙන් එම මුදල් මෙන් දෙගුණයකට වැඩි රජයේ විවිධ සංවර්ධන වැඩසටහන් එම ආයතන මගින් ක්‍රියාත්මක කිරීම යෝජනා කරනවා. උදාහරණ වශයෙන් කොලොන්නාව රජයේ වැඩපළගොඩනැගිලි දෙපාර්තමේන්තුවරාජ්‍ය ඉංජිනේරු සංස්ථාවරාජ්‍ය ඉදිකිරීම් සංස්ථාවමධ්‍යම ඉංජිනේරු කාර්යාංශයදුම්රිය ඉංජිනේරු කාර්යාංශයඉඩම් ගොඩකිරීමේ සංස්ථාව වැනි ඉදිකිරීම් අංශයේ ර‍ාජ්‍ය ආයතනවලට රජයේ විවිධ ඉදිකිරීම් ව්‍යාපෘති ක්‍රියාත්මක කළ හැකියි. එබැවින් 2021 වර්ෂය සඳහා ඇති වර්තන හා ප්‍රාග්ධන වියදම් වෙනුවට රාජ්‍ය ආයෝජන වැඩසටහනේ ඇති ව්‍යාපෘති එම ආයතන මගින් ක්‍රියාත්මක කරමින් ආදායම් උපදවන ආයතන බවට පත් කිරීමට යෝජනා කරනවා. උප කොන්ත්‍රාත් පෞද්ගලික අංශයට දීමේ අතරමැදි කාර්යය මගින් ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවතක්සේරු කිරීමෙන් රාජ්‍ය ආයතන වැලකි සිටීමටද පියවර ගනු ලබනවා. 

    වාහන කර්මාන්තය

    පසුගිය පස්වසර තුළ ඩොලර් මිලියන 5,318ක් පමණ විදේශ විනිමය යොදා ආනයනය කළ වාහන වල වටිනාකම එම කාලය තුළ අප ලබාගත් ණය ප්‍රමාණයෙන් සියයට 21ක් තරම් විශාල ප්‍රමාණයක්. දේශීය වෙළදපළ මේ සා විශාල වූවත්,  අඩුම වශයෙන්  අපනයනය සඳහා වාහන නවීකරණය හෝ වාහන එකලස් කිරීමේ කර්මාන්තයක්වත් දියුණු කර නැහැ. ර‍ට තුළ මේ වන විට පවත්නා වාහන තොගය අලුත්වැඩියා කළ හැකි රජයේ වාහන හා ගිලන් රථ ප්‍රමාණයද අති විශාලයි. මෙම වාහන අලුත්වැඩියා කිරීමට මෙන්ම වාහන එකලස් කිරීම් ඇතුළු මෝටර් රථ කර්මාන්තයේ ව්‍යාපාරිකයින් දිරිගැන්වීමට නව නිෂ්පාදන සඳහා අවශ්‍ය අමතර කොටස් සඳහා පනවා ඇති ආනයන බදු අඩු කිරීමට යෝජනා කරනවා. රජයේ අයතනවල වාහන අලුත්වැඩියා කිරීමට ආයෝජනය කරන ව්‍යාපාරිකයින් සඳහා එම ව්‍යාපාර වලට බදු සහන සැලසීමටද යෝජනා කරනවා. එසේම දුම්රිය මැදිරි නිෂ්පාදනය දේශීය කර්මාන්තයක් වශයෙන් සංවර්ධනය කිරීමටද යෝජනා කරනවා. 

    ඉදිකිරීම් කර්මාන්තය

    ජාතික ආර්ථිකයේ සියයට 10කට වඩා වැඩි දායකත්වයක්ව පැවති ඉදිකිරීම් කර්මාන්තය යළි නගා සිටුවීමඉදිකිරීම් හා ආශ්‍රීත කර්මාන්ත,   වෘත්තීමය සේවානව රැකියාජීවනෝපාය මාර්ග සංවර්ධනය සඳහා බෙහෙවින් දායක වෙනවා. ඉදිකිරීම කර්මාන්තය සඳහා ඇති විවිධ ආයතනික බලපත්‍ර ලබාගැනීමේ ක්‍රම සරල කර එම කර්මාන්තය වටා ඇති සැපයුම් ජාලය කාර්යක්ෂම කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

    2020-2024 කාලය තුළ නිවාසමාර්ගවාරිමාර්ගජල සම්පාදනය ආදී  ව්‍යාපෘතින් සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය තක්සේරුවක් ජනාධිපති කාර්යසාධන බලකාය විසින් සකස් කර තිබෙනවා. ඒ අනුව ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය ගල්වැලිපස් ආදී අමුද්‍රව්‍යයන් පරිසර හානි සිදු නොවන පරිද්දෙන් තෝරාගත් ස්ථාන වලින් ලබා ගැනීමට මාර්ග සංවර්ධන අධිකාරිය විසින් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනු ලබනවා. හඳුනාගත් කැනීම් මධ්‍යස්ථාන සියල්ල මාර්ග සංවර්ධන අධිකාරියට පවරනු ලබන අතර එමගින් එම ද්‍රව්‍ය අතරමැදීන්ගෙන් තොර මිල ගනන් වලට ඉදිකිරීම් ක්ෂේත්‍රයට ලබාදීමට කටයුතු කරනවා. එම කැණීම් ස්ථාන පරිසර හිතකාමීව දියුනු කිරීමටද මාර්ග සංවර්ධන අධිකාරියට පැවරෙනවා. විශාල පරිමාණයේ නිවාස ව්‍යාපෘති හා අධිවේගී මාර්ග සඳහා දේශීයව සපයා ගත නොහැකි සිමෙන්තිප්‍රිමික්ස්වානේ කම්බිබිටුමන් වැනි අමුද්‍රව්‍ය ආනයන බදු නොමැතිව තොග වශයෙන් ලබාගැනීමට සැලසුම් කර ඇත්තේ එමගින් සුළු හා මධ්‍යම පරිමාණ ඉදිකිරීම් කර්මාන්තයට සැපයුම් හිඟයක් ඇති නොවන පරිදි හා තරඟකාරී මිල ගනන් පවත්වා ගැනීම සඳහායි.

    ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය පුහුණු ශ්‍රමිකයින් ලබා ගැනීමට  වෘත්තීය අධ්‍යාපන ආයතන කඩිනම් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

    විදේශ රටවල නුපුහුණු ශ්‍රමය මත ඉදිකිරීම් කර්මාන්තය තවදුරටත් පවත්වා ගත නොහැකි බැවින් බහුකාර්ය සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් අවශ්‍ය ශ්‍රමිකයින් ලබා දීමට සැලසුම් කර තිබෙනවා. එබැවින්රජය විසින් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සමස්ත පිරිවැය අඩුකිරීම සඳහා සැපයුම් ජාලය සැලසුම් කර තිබෙනවා.

    රාජ්‍ය අංශයේ ව්‍යාපෘති වලට සම්බන්ධ වනසේ ඉදිකිරීම්කරුවන්ගේ ගෙවීම් අඛණ්ඩව සිදු කිරීම සඳහා සහතික කරන ලද බිල්පත්වල වටිනාකමින් සියයට 90ක් බැංකු වලින් ලබා ගැනීමට අවශ්‍ය මූල්‍ය පහසුකම්ද (Certiifed bills disconting)  යෝජනා කරනවා. ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය නව තාක්ෂණ හා යන්ත්‍රෝපකරණ ආනයන බදු සියල්ලන්ගෙන් නිදහස් කිරීමට යෝජනා කරනවා. සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින්ට අවශ්‍ය යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම සඳහා කල්බදු කුලී අයකර  ගැනීමට කල්බදු ඇප ක්‍රමයක් (Treasury guarantee for leasing companies) ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා.

    ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අපතේ යන අමුද්‍රව්‍යයන් ප්‍රතිචක්‍රීකරණය කරමින් නැවත යොදා ගැනීමේ ආයෝජන දිරිගැන්වීම සඳහා තෝරාගත් ප්‍රතිචක්‍රීකරණ වැඩබිම් සඳහා ආයෝජකයන්ට වසර 10ක පුර්ණ බදු විරාමයක් යෝජනා කරනවා.

    නාගරික නිවාස (Urban Townships)

    ඉදිරි වසර 5-10 කාලය තුළ නැගී එන කොළඹ වරාය නගර කලාපය හා කොළඹ හා තදාසන්න ප්‍රදේශ මෙන්ම දිවයිනේ ප්‍රධාන නගර ආශ්‍රිතව සිදුවන සංවර්ධනයට අවශ්‍ය ශ්‍රම බලකායට අවශ්‍ය නිවාස සංකීර්ණ හා ආශ්‍රිත සමාජීය පහසුකම් පුළුල් කිරීම අපගේ සංවර්ධන වැඩපිළිවෙළේ ප්‍රමුඛතාවක්. එම ජාතික ආයෝජන වැඩපිළිවෙල මගින් පෞද්ගලික අංශයේ විවිධ කර්මාන්තසේවා සැපයුම් හා වන ඝනත්වය මෙන්ම කැළි කසල කළමනාකරණය කිරීමේ ආයෝජන අවස්ථාවන් පුළුල් කිරීම සඳහා කරනු ලබන සාමුහික ආයෝජනයක්. මෙම වැඩපිළිවෙළ යටතේ අඩු හා මැදි ආදායම්ලාභීන් සඳහා නිවාස 50,000ක අංග සම්පූර්ණ නිවාස සංකීර්ණ ඉදිකිරිමට නාගරික සංවර්ධන අධිකාරිය දැනටමත් ආරම්භ කර තිබෙනවා. එම නිවාස ලබාගැනීම සඳහා වසර 25ක ආපසු ගෙවීමේ කාලයක් තුළ සියයට 6.25ක වාර්ෂික ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරනවා.

    මුල්‍ය සමාගම් ප්‍රතිසංස්කරණ

    ගරු කතානායකතුමනි,

    එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් (ETIFL) සමාගම සම්බන්ධයෙන් සිදු වුයේ යැයි කියන අක්‍රමිකතා පරීක්ෂා කිරීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අනුව එම සමාගම හා අනුබද්ධිත සමාගම්වල ක්‍රියාකාරීත්වයට එරෙහිව නීතිමය පියවර කඩිනමින් ගැනීමට නීතිපතිවරයා වෙත යොමු කර තිබෙනවා. 

    ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව මගින් කාලාන්තරයක් තිස්සේ සමස්ත මූල්‍ය සමාගම් ක්ෂේත්‍රය මෙන්ම වක්‍රාකාරයෙන් මූල්‍යබැංකු හා සමස්ථ ආර්ථික ක්‍රියාවලියම අවධානමට ලක් කරන හා මහජනතාවට මූල්‍ය ක්ෂේත්‍රය කෙරෙහි ඇති විශ්වාසනීත්වය බිදවැටෙන අක්‍රමිකතා නතර කිරීමේ දැඩි අවශ්‍යතාවය පෙන්වා දී තිබෙනවා.

    එබැවින්මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අධීක්ෂණය සඳහා ඇති දෙපාර්තමේන්තුව මුළුමනින්ම ප්‍රතිසංවිධානය කර මූල්‍ය සමාගම් නියාමනය සඳහා ශක්තිමත් ආයතනික ව්‍යූහයක් සකස් කිරීමට නිර්දේශ කර තිබෙනවා. එම කොමිෂම විසින් මහා බ්‍රිතානයේ හා ඉන්දියවේ එම ක්ෂේත්‍ර නියාමන නීති රාමුව පිලිබඳ පුළුල් අධ්‍යනයක් ඉදිරිපත් කර තිබෙනවා. එබැවින්එවැනි නීතිමය රාමුවක් සකස් කිරීමට විශේෂඥ කමිටුවක් පත්කරඅදාල කෙටුම්පත් පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට මා අදහස් කරනවා. 

    මුල්‍ය සමාගම් ක්ෂේත්‍රයේ දැනට වාණිජමය වශයෙන් ක්‍රියාත්මක වන මුල්‍ය සමාගම් ශක්තිමත් වන අයුරින් පවත්නා ආයතන ඒකාබද්ධ කර ගැනීම අවශ්‍ය වී තිබෙනවා. 2014 වර්ෂයේදි අයවැය විසින් එවකට මුල්‍ය සමාගම් 21ක් මුල්‍ය  සමාගම් 10ක් තුළ ඒකාබද්ධ වීමක් සිදුකිරීම නිසා මුල්‍ය ක්‍රමය ස්ථාවර කිරීමට අපට හැකිවුණා. කෙසේ වුවදපසුගිය වසර 5 තුළ මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක නොකිරීමත්ආර්ථිකමය වශයෙන් ඇතිවුණ පසුගාමීත්වයත් තුළ ETI වැනි මුල්‍ය සමාගම් රාශියක් වසා දැමීමට සිදු වී තිබෙනවා. ඒවා ගොඩනැගීමට අතිරේක ප්‍රාග්ධනය හෝ වෙනත් අ‍ායතනවලට පැවරීම මගින් ඇතිවන මූල්‍ය පීඩනය අධික වී ඇති නිසා ඒවාට වගකිවයුත්තන්ට නීතිමය පියවර ගත යුතු වෙනවා. රජයේ එකම අරමුණ අසරණ වූ තැන්පත්කරුවන්ගෙන් බහුතරයකට සරණවීමයි. මේ අනුව මහජන බැංකුවශ්‍රී ලංකා මහ බැංකුවේ තැන්පත් අරමුදලේ ප්‍රතිමූල්‍ය තුළ මෙම තැන්පත්කරුවන්ට පහසුකම් සලසනවා.

    අප රටේ ඇති මුල්‍ය සමාගම් 58න් රුපියල් බිලියන.20ට වඩා වත්කම් ඇත්තේ සමාගම් 20කට පමණයි. මෙම මුදල් සමාගම් 20 ශක්තිමත් කිරීම සඳහා ප්‍රධාන සමාගම විසින් පවත්වාගෙන යනු ලබන මහ බැංකුව විසින් අවලංගු කර නොමැතිඅනුබද්ධිත මුදල් සමාගම් ප්‍රධාන සමාගම සමඟ ඒකාබද්ධ කිරීමට යෝජනා කරනවා. එමෙන්මවාණිජමය බැංකු ශක්තිමත් කිරීම සඳහා එම බැංකු විසින් පවත්වාගෙන යනු ලබන මුල්‍ය සමාගම් එම බැංකු හා ඒකාබද්ධ කිරීමටද යෝජනා කරනවා. මෙම බැංකු හා මුල්‍ය සමාගම් ශක්තිමත් කිරීම දිරිගැන්වීමක් වශයෙන්අත්පත් කරගැනීමේදි කරනු ලබන ආයෝජන වියදම් බදු වලින් අඩුකර ගැනීමේ වියදම් ලෙස සැලකීමටද යෝජනා කරනවා. මුල්‍ය ක්ෂේත්‍රයේ විවිධත්වය පුළුල් කිරීම සඳහා වාණිජ බැංකු වලට ආයෝජන බැංකු කටයුතු කිරීමට පවත්නා බැංකු නීති සංශෝධනය කර පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කිරීමටත් යෝජනා කරනවා. 

    නිවාස හා ආයෝජන බැංකුවනිවාස සංවර්ධන දේපල සමාගම හා ප්‍රාදේශීය සංවර්ධන බැංකු ඒකාබද්ධ කර විශේෂ ජාතික සංවර්ධන බැංකු සංස්ථාවක් ඇතිකිරීමට යෝජනා කරනවා (National Development Banking Corportion).  

    අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ

    “Justice delayed is justice denied” යන කියමන නීතියේ පොදු පිළිගැනීමක් (Legal Maxim). එහි  සරල අදහස වන්නේ නීති පද්ධතියේ ප්‍රමාදයන් හේතුවෙන්නීති රැකවරණය අහිමි වීමයි.  නීතියේ ප්‍රමාදයන්ව්‍යාපාරික කටයුතුවල‍ට  අවිනිශ්චිතභාවයක් ඇති කරන අතර ආයෝජන පරිසරයට අහිතකර බලපෑම්දසමාන්‍ය ජන ජීවිතයට බලපාන නොයෙක් දූෂණ හා අක්‍රමිකතාවන් ඇති කිරීමටද හේතු වෙනවා. ඊට අමතරව අධිකරණ පද්ධතියට ඇති විශ්වසනීත්වය කෙරෙහිද අහිතකර බලපෑම් ඇති කරනවා. සිර ගෙවල්වල සිටින අති බහුතරයක් ‍දෙනා ඒව‍ායේ බොහෝ විට කල්ගත කරන්නේ නීතියේ ප්‍රමාදයන් නිසා බව පෙනී යනවා.

    තවදනඩුහබ අවසන් වීමට ඉතා දිර්ඝ කාලයක් ගතවීම හේතුවෙන්  රැකියා හා ආදායම් මාර්ග අහිමිවීමඅසමගිකම් හා අපරාධ වැඩිවීම යනාදි අනිසි විපාකද ඇතිවෙනවා.  එහෙයින්නීතිගරුක සමාජ ආර්ථික ක්‍රමයක් සකස් කර ගැනීම සඳහා එවැනි නීති ප්‍රමාදයන් වලක්වා ගැනීමට සමස්ථ නීති ක්ෂේත්‍රයේ කැපවීම අවශය වී තිබෙනවා.

    මෑතදී සම්මත වූ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මෙයට පිලියමක් ලෙස උපරිමාධිකරණයේ විනිශ්චයකාරවරුන් සංඛ්‍යාව වැඩිකිරීමට කටයුතු කරනු ලැබූ අතරඅතපසු වී ඇති නීති ප්‍රතිසංස්කරණ සඳහා ගනු ලැබූ මෙම ප්‍රධාන පියවරේ  කොටස්කරුවන් ලෙස එයට පක්ෂව ඡන්දය දුන් මෙම උත්තරීතර සභාවේ ගරු මන්ත්‍රීවරුන් ආඩම්බර විය හැක්කේ තමන්ගේ ඡන්දය මහජන යහපත වෙනුවෙන් ප්‍රකාශ කිරීම නිසයි.  මෙසේ උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන් සංඛ්‍යාව වැඩි  කරනු ලැබුවේ 1978ට පසුවයි. එනම් වසර 42කට පසුවයි.

    මෙම වැඩි කිරීමත් සමඟශ්‍රේෂ්ඨාධිකරණයේ වසර ගනනක් ගොඩගැසී ඇති ජනතාවගේ මූලික අයිතිවාසිකම් වලට බලපාන විවිධ නඩු හා අභියාචනයන් කඩිනමින් නිම කිරීමේ අවස්ථාව උදාවී තිබෙනවා. මෙයට අමතරව අනෙකුත් අධිකරණවල විනිශ්චයකාරවරුන් හා කාර්ය මණ්ඩල ප්‍රමාණය තවදුරටත් අවශ්‍ය පරිදි වැඩි කිරීමටත්එම නඩු කඩිනමින් විසදීමට අවශ්‍ය යටිතල පහසුකම් පුළුල් කිරීමටත්වසර 3ක කඩිනම් වැඩපිළිවෙළ සඳහා රුපියල් මිලියන 20,000ක ප්‍රතිපාදන වෙන් කිරීමට මා යෝජනා කරනවා.

    පසුගිය රජය විසින් දේශපාලන පලිගැනීම් සඳහා විශේෂ ඉහළ උසාවි පිහිටුවීමට ගත් පටු දේශපාලන ප්‍රතිසංස්කරණ මෙන් නොව,  උසාවි අලුත්වැඩියා කිරීමපුළුල් කිරීමනවීන පහසුකම් හා උපකරණ සැපයීම යනාදිය  කඩිනමින් කිරීමට රජය පියවර ගනු ලබනවා. උපරිමාධිකරණය පුළුල් කිරීම  නිසා ශ්‍රේෂ්ඨාධිකරණයට හා අභියාචනාධිකරණයට අවශ්‍ය ගොඩනැගිලි පහසුකම් ලබාදීම අවශ්‍ය වන අතරඑය මෙම වර්ෂය තුළම අරම්භ කිරීමටද මා යෝජනා කරනවා. විශේෂඥ උපදේශක කණ්ඩායම් 10ක දායකත්වයෙන් රටේ පවත්නා වාණිජ නීතියසිවිල් නීතිය හා අපරාධ නීතියට අදාළ පනත් 60ක් පමණ සංශෝධනය කිරීමට අවශ්‍ය කෙටුම්පත් 2021 මුල් මාස 3 තුළ මෙම උත්තරීතර සභාවට ඉදිරිපත් කිරීමට අදහස් කරනවා.

    තවද, 2007 සම්මත වූ සමාගම් පනතටකාලීන අවශ්‍යතාවයන්ට අනුකූලව සිදු කළ යුතු සංශෝධනයන් ජනවාරි මස තුළදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.

    රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ 

    1977 ට පෙර අපේ රටේ මෙන්ම දියුණුවන රටවල් සියල්ලම පාහේ අනුගමනය කළ වැසුණ ආර්ථික හා දැඩි පාලන හා නියාමන ප්‍රතිපත්තිවලින්  බොහෝ රටවල් විවෘත ආර්ථික හා වෙළදපළ මත රඳාපවතින ප්‍රතිපත්තිවලට නැඹුරු වී තිබුණත්  පසුගිය වසර කීපය තුළ එම ගෝලීය ආර්ථික රාමුව තුළ ශක්තිමත් ජාතික නිෂ්පාදන ආර්ථිකයක්  ගොඩනඟා ගත හැකි ප්‍රතිසංස්කරණවලට ප්‍රවේශ වී තිබෙනවා.

    වාණිජමය කටයුතු සඳහා පෞද්ගලික අංශය රාජ්‍ය අංශයට වඩා ඉදිරියෙන් සිටියත්රාජ්‍ය අංශයේ ව්‍යාපාර පෞද්ගලීකරණය කිරීම එයට විකල්පයක් ලෙස අප තෝරා ගන්නේ නැහැ. අපගේ ප්‍රතිපත්තිය වී ඇත්තේ පෞද්ගලික ව්‍යාපාර කළමනාකරණ නිදහස රාජ්‍ය ව්‍යාපාර වලට ලබාදීරාජ්‍ය අංශයේ මැදිහත්වීම තුළ වෙළදපළ තරඟකාරීත්වය මෙන්ම පාරිභෝගික හා සේවාලාභීන්ගේ සුභසාධනය වැඩි කිරීමයි. එබැවින්විවිධ ක්ෂේත්‍රවල ඇති රාජ්‍ය ව්‍යාපාරවල වාණිජමය නිදහස තහවුරු කිරීමට අවශ්‍ය රාජ්‍ය කළමනාකරණ ස්වාධීනත්වය ලබාදීමට නීති රාමුවක් ඉදිරිපත් කිරීමට යෝජනා කරනවා.

    විවිධ නීති රාමු යටතේ ඇතැම් රාජ්‍ය ආයතනවල කාර්යමණ්ඩල වලට එකම සේවා ස්ථානයක සිය මුළු සේවා කාලයම ගත කිරිමට සිදු වී තිබෙනවා. වෘත්තීමය හා තාක්ෂණික වශයෙන් ඔවුන්ගෙන් ලබා ගත හැකි දායකත්වය මෙන්ම සේවක සුරක්ෂිතභාවය හා සුභසාධනයද මේ නිසා  සීමා වී තිබෙනවා. එබැවින්සංවෘත රාජ්‍ය සේවා (close service) ආයතනවල සේවකයින්ට පවත්නා සේවා කොන්දේසි තුළ සේවා අවශ්‍යතාවයන් අනුව වෙනත් ආයතනවලට අනුයුක්ත  කළ හැකි නීති රාමුවක් හඳුන්වා දීමට මුදල් පනත සංශෝධනය කිරීමට මා යෝජනා කරනවා.

    මෙමගින් දැනට වැසුන සේවා ආයතනවලට කොටු වී ඇති සේවකයින්ට තමාට වෘත්තීමය උනන්දුවක් ඇති වෙනත් රාජ්‍ය ආයතනයක හෝ තම ගම් ප්‍රදේශවලට ආසන්න ආයතනයක රැකියාව කිරීමේ අවස්ථාවන් ඇති කිරීමට අපේක්ෂා කරනවා. මෙමගින් සේවක තෘප්තිය සහතික කිරීමට හැකි වන අතර එවන් සේවකයන් කාර්යක්ෂම ලෙස සේවාවේ යොදා ගැනීමටද හැකි වෙනවා.

    එකිනෙකට සම්බන්ධ වූ කාර්යයන් සඳහා වෙන වෙනම  ආයතන පවත්වා ගැනීම නිසා එම ක්ෂේත්‍රවල සංවර්ධන කටයුතුවලට විශාල බාධාවක් මෙන්ම අධික වියදමක් දැරීමටද සිදුවී තිබෙනවා. සංචාරක ක්ෂේත්‍රය සඳහා පවත්නා ආයතන 5 සංචාරක ප්‍රවර්ධන අධිකාරිය ලෙසත්පොල් කර්මාන්තය සඳහා ඇති ආයතන 4 පොල් වගා හා ආශ්‍රීත කර්මාන්ත සංවර්ධන අධිකාරිය වශයෙනුත් ඒකාබද්ධ ආයතනික ව්‍යූහයක් ඇති කිරීමට අපේක්ෂා කරනවා. පර්යේෂණ සඳහා වැයවෙන සම්පත් උපරිම ඵළදායිතාවයකින් යුතුව කළමනාකරණය කිරීම සඳහා ජාතික පර්යේෂණ සභාවේ අනුබද්ධිත ආයතන ලෙස පර්යේෂණ ආයතන ක්‍රියාත්මක කිරීමටද අවශ්‍ය වී තිබෙනවා.   පොහොර ආනයනය හා බෙදාහැරීම සඳහා පවත්නා ආයතන ඒකාබද්ධ කිරීමටද යෝජනා කරනවා.  

    රාජ්‍ය සේවකයින් සඳහා සහන

    රාජ්‍ය සේවකයින්ගේ විදුලි බිල්පත් වියදම් අඩු කිරීම සඳහා  සූර්යබල විදුලි පහසුකම් ලබාදීමට විශේෂ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා.

    රාජ්‍ය සේවකයින්ගේ පත්වීම් හා ස්ථානමාරු ලබා දීමේදි තම ගම් ප්‍රදේශ අදාළ දිස්ත්‍රික්කයන් තුළට යොමු කිරීමටද යෝජනා කරනවා.

    මාණ්ඩලික නොවන ශ්‍රේණිවල කාර්යාල රාජ්‍ය සේවකයින්ට රාජකාරි වේලාවෙන් පසු වෙනත් රැකියාවල නිරත වීමට අවසර දීමට හා  විදේශ රැකියාවන්හි නිරත වීමට අපේක්ෂිත සේවකයින්ට වසර 2ක නිවාඩු ලබාදීමටද යෝජනා කරනවා.

    රාජ්‍ය සේවකයින් සඳහා බැංකු මගින් ලබා දෙන නිවාස ණය හා  අත්තිකාරම් අරමුදල් යටතේ දෙනු ලබන නිවාස දේපල ණය සඳහා උපරිම පොලී අනුපාතය සියයට 7 දක්වා අඩු කිරීමට යෝජනා කරනවා.

    සුළු හා මධ්‍යම පරිමාණ අපනයනය දිරිගැන්වීමේ වැඩපිළිවෙළ (TIEP Scheme)

    සෘජු හා වක්‍ර අපනයනකරුවන්ගේ අපනයන නිෂ්පාදන සඳහා රට තුළින් ලබාගත නොහැකි අමුද්‍රව්‍යඅමතර කොටස්සැකසුම් හා ඇසුරුම් ද්‍රව්‍ය (Processing and Packing Materials), ලේබල්ස්ටිකර්ස්, catalogues and barouches ආදිය සඳහා ආනයනය කිරීමේ  තාවකාලික පහසුකම් ලබාදීදේශීය යෙදවුම් වලට ඉහළ අගයක් එකතු කිරීම තුළින් ප්‍රමිතියෙන් උසස් භාණ්ඩ අපනයනය කිරීමට TIEP යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරනවා. අපනයන සංවර්ධන මණ්ඩලය හා ශ්‍රී ලංකා රේගුව විසින් සුළු හා මධ්‍යම පරිමාණ අපනයනකරුවන් සඳහා පිහිටුවන විශේෂ අපනයන පහසුකම් මධ්‍යස්ථානය (Export facilitation Center) මගින් මෙම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරනු ලබන අතර ආනයන අපනයන  ප්‍රකාශ ඇතුළු සියළු ලියකියවිලි මෙම ඒකකයේ අධීක්ෂණය යටතේ සිදු කරනවා.

    අපනයනකරුවන්ගේ අපනයන ලැබීම් සහතික කිරීම මගින් මූල්‍ය පහසුකම් ලබාගැනීම කඩිනම් කිරීම සඳහා අපනයන ආදායමෙන් සියයට 1ක රක්ෂණ වාරිකයක් සහිත රක්ෂණ ක්‍රමයක් අපනයන ණය රක්ෂණ සංස්ථාව මගින් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා.

    පරිසරය

    එක්වරක් භාවිතාකර ඉවතලන (single use) පොලිතීන් හා ප්ලාස්ටික් නිෂ්පාදන වලින් පරිසරයට සිදුවන හානී අවම කළ යුතුයි. වීදුරු හා පරිසර හිතකාමී සෞඛ්‍යාරක්ෂිත අමුද්‍රව්‍ය හා දිරාපත්වන අමුද්‍රව්‍ය භාවිතය වැඩි කිරීම සඳහා ප්ලාස්ටික් නිෂ්පාදනය ප්‍රතිචක්‍රීකරණය අනිවාර්ය විය යුතුයි. පොලිතීන් හා ප්ලාස්ටික් කළමනාකරණය පරිසර සංවේදීව ඉටුකිරීම සඳහා ඉවතලද පොලීතීන් හා ප්ලාස්ටික් අපද්‍රව්‍ය අවම කිරීමට එක්වරක් භාවිතකර ඉවතලන (single use) පොලීතීන් හා ප්ලාස්ටික් නිෂ්පාදන 2021.01.01 දින සිට තහනම් කිරීමටයෝජනා කරනවා.

    සුරකිමු ගංගා ජාතික පාරිසරික වැඩසටහන” 

    සුරකිමු ගංගා ජාතික පාරිසරික සංරක්ෂණය රට තුළ පවතින ස්වභාවික ගංගා ද්‍රෝණි 103ක ඇති ජල සම්පතවාරිමාර්ගපානිය ජලයවිදුලිබල ජනනයසංචාරක කර්මාන්ත වැනි කාර්ය සඳහා යොදා ගනු ලබනවා. රටෙහි මුළු ජනගහනයෙන් සියයට 30කට වැඩි ප්‍රමාණයක් ගංගා ආශ්‍රිත ජල පෝෂක ප්‍රදේශයන් ආශ්‍රිතව ජීවත් වෙනවා.

    අවිධිමත් මිනිස් ක්‍රියාකාරකම් මෙන්ම නාගරීකරණය හා කාර්මිකරණයත් නිසා රටෙහි ගංගා පද්ධතිය දූෂණය වෙමින් පවතිනවා. පොලීතින්ප්ලාස්ටික්මලඅපද්‍රව්‍ය බැහැර කිරීම්කෘෂි රසායන ද්‍රව්‍ය මෙන්ම පාංශු ඛාදනය හේතුවෙන් ගංගා ජලයට අපද්‍රව්‍ය මුසුවීම පාරසරික තර්ජනයක් වී තිබෙනවා. එබැවින්අවිධිමත් අපද්‍රව්‍ය බැහැර කිරීම් වැලැක්විමේ සහ නියමිත සංරක්ෂණ කොන්දේසින්ට අනුගත වූ විධිමත් ක්‍රමවේදයක් තුළ වැලි ගොඩදැමීම නියාමනය කිරීම සඳහා රුපියල් මිලියන 200ක අතිරේක ප්‍රතිපාදනයක් වෙන් කිරීමට යෝජනා කෙරේ.

    වන සංරක්ෂණය

    අක්කර 15,000ක කැලෑ වගාකිරීමේ වැඩසටහනට සමගාමීව මග දෙපසපාසැල්රජයේ හා පෞද්ගලික කාර්යාල භූමි හා තෝරා ගත් නාගරික ඉඩම්වල විවිධ පරිමාණයෙන් වන ඝනත්වය වැඩි කිරීම කඩිනම් කිරීමට යෝජනා කරනවා. නීති විරෝධි කැලෑ හෙලි කිරීම වැලැක්වීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිරීක්ෂණ තර කිරීමටත්දැනට හඳුනාගෙන ඇති විනාශයට ලක් වූ කැලෑ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහය ඇතුව නැවත වනාන්තර බවට පත් කිරීමටත් යෝජනා කරනවා. 2021-2023 තුන් අවුරුදු කාලසීමාව තුළ කඩිනම් වන වගා වැඩසටහන් දියත් කිරීම සඳහා මේ සඳහා රුපියල් මිලියන 3,500ක් වෙන් කිරීමටද යෝජනා කරනවා. 

    ස්වයං රැකියා දායක විශ්‍රාම වැටුප් ක්‍රමය

    රජයේ සේවකයන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රියාත්මක වූවත් ඇතැම් රාජ්‍ය සංස්ථා  මෙන්ම පෞද්ගලික අංශය සඳහා ක්‍රියාත්මන වන්නේ සේවක අර්ථසාධක අරමුදලේ වරප්‍රසාද පමණයි.

    මේ අතර කෘෂිකර්මධීවරකුඩා ව්‍යාපාරස්වයං රැකියා වැනි නිෂ්පාදන අංශවල හා සේවාවන්වල නියැලෙන්නන් මෙන්ම ඇඟළුම්සංචාරකවැවිලිවිදේශ රැකියාවල නිරතව විදේශ විනිමය උපයන අති බහුතරයකට විශ්‍රාම වැටුපක් හෝ සේවක අර්ථසාධක අරමුදල් ක්‍රමයක් ක්‍රියාත්මක නොවීම තුළ එම ජනතාවගේ සැදෑ සමය සඳහා ස්ථීර ආදායම් මාර්ග සීමා වී තිබෙනවා. එබැවින් ඔවුන් සඳහා දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීමට 2012 දී මා යෝජනා කළා. එ් අනුවපොදු යහපත සඳහා වයස අවුරුදු 65 පසු විශ්‍රාම වැටුපකට හිමිකම ලබන දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීමට යෝජනා කරනවා.

    අනිවාර්ය විශ්‍රාම ගැනීමේ වයස

    අනිවාර්ය විශ්‍රාම ගැනීමේ වයස කාන්තාවන් හා පිරිමින් වශයෙන් වෙන් කිරීම සාධාරණ නෑ. රාජ්‍ය අංශයේ විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 60ක් වන අතර පෞද්ගලික අංශය අවුරුදු 55ට සීමා කර තිබෙනවා. කාන්තාවන් සඳහා අඩු වයසක්ද ක්‍රියාත්මක වෙනවා එසේ වුවත් කාත්තාවන්ගේ ජීවිත අපෙක්ෂාව අවුරුදු 76.6 වන අතර පිරිමින්ගේ ජීවිත අපේක්ෂාව අවුරුදු 72ක් වෙනවා. එබැවින් පවත්නා ඉහළ ජීවිත අපේක්ෂා පාදක කරගෙන සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ  කාන්තා හා පිරිමින් සඳහා  විශ්‍රාම ගන්නා වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීම‍ට යෝජනා කරනවා. සේවක අර්ථසාධක අරමුදල් පනත හඳුන්වා දෙන අවධියේ අපේ රටේ පිරිමින්ගේ ජීවිත අපේක්ෂාව අවුරුදු 58.8ක් හා කාන්තාවන්ගේ 57.5ක් පමණ අඩු වයසක් බව පෙන්වා දීමටද කැමතියි. 

    සමෘද්ධි කාන්තා වෙළඳජාලය

    සමෘද්ධි පවුල්වලින් තෝරාගත් තරුණ කාන්තා ව්‍යවසායකයින් 25,000ක් ඉලක්ක කර ගනිමින් වෙළදපළ ජාලය ප්‍රමාණවත් ල‍ෙස ව්‍යාප්ත කොට ඇති සෑම ග්‍රාමසේවක කොට්ඨාශයකටම වෙළඳසැලක් පිහිටුවීමට යෝජනා කරනවා‍. මෙම රාජ්‍ය අනුග්‍රහය හා බැංකු ණය පහසුකම් ලැබෙන වෙළඳසැල් ජාලය තුළ දේශීය නිෂ්පාදන අලෙවියට ප්‍රමුඛත්වය දෙනු ලබනවා. මෙම වෙළඳසැල් පිහිටුවීම‍ට විවිධ අයුරින් දායකවන දේශීය ව්‍යවසායකයින්ට ඒ සඳහා කරනු ලබන වියදම් බදු ආදායමෙන් අඩු කිරීමට ප්‍රතිපාදන සලසනවා.

    රජයේ දායකත්වය වෙනුවෙන්  රුපියල් මිලියන 1,000ක අතිරේක ප්‍රතිපාදන ලබදීමටත්සමෘද්ධි බැංකුව හා අනෙකුත් රාජ්‍ය බැංකු විසින් ණය පහසුකම් ලබාදීමටත්භාණ්ඩාගාර ඇපකර හා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් විශේෂ රක්ෂණ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමටත් යෝජනා කරනවා. සමූපකාර වෙළඳ ජාලය ශක්තිමත් කිරීම සඳහා සමූපකාර සංවර්ධන අරමුදලේ දායකත්වය ලබදීමටද යෝජනා කරනවා. සතොස හා ආහාර කොමසාරිස්වරයා සතු ගබඩා උපයෝගී කරගනිමින් තොග වෙළදාම හා බද්ධවී  ලංකා සතොස සුපිරි වෙළඳ ජාලය නාගරික හා අර්ධ නාගරික ප්‍රදේශවල පුළුල් කිරීමටද යෝජනා කරනවා.

    ගමට පිලිසරණක්

    සෞභාග්‍යයේ දැක්ම” සැලසුම් කිරීමේදි මෙන්ම රජය පිහිටුවිමෙන් පසුවද අතිගරු ජනාධිපතිතුමාගේ සහභාගීත්වයෙන් කෙරුණ “ගම සමග පිලිසදරක්” ජනතා සංවාදය අතරතුර මේ රටේ පොදු ජනතාව සහනාධාර හෝ නොමිලේ කිසිවක් රජයෙන් ඉල්ලා සිටියේ නැහැ. ඔවුන් එක හඩින් ඉල්ලා සිටියේ සිය දරුවන්ගේ අධ්‍යාපනය සඳහා ගමේ පාසැල ඉංග්‍රිසිවිද්‍යාතාක්ෂණක්‍රීඩාගුරුවරුලබාදන ලෙසයි. සිය මූලික අවශ්‍යතා සඳහා ගමේ රෝහල් සකස්කර දෙන ලෙස ඉල්ලා සිටියා. පාසැල් ක්‍රීඩාපිටිසනීපාරක්ෂක පහසුකම් සකස් කර දෙන ලෙස දරුවන් හඩ නැගුවා. සිය දෛනික කටයුතු කර ගැනීමට මූලික වශයෙන් අවශ්‍ය ප්‍රමිතියෙන් යුතු පාරක් ගමට ලබා දෙන ලෙසයි. පානීය ජලය ලබා දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටියා. ස්වශක්තියෙන් සිය ජීවනෝපායන් වැඩිදියුණු කර ගැනීමට වැව් අමුණුඇළ වේලි සකස් කර දෙන ලෙස ඉල්ලා සිටියා. වන සතුන්ගෙන් තම දූ දරුවන්දේපල ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලා සිටියා. මෙම යටිතල පහසුකම් මෙන්ම විදුලියසන්නිවේදන හා තාක්ෂණ පහසුකම් ගමට ගෙන එන ලෙසත් ඔවුන් ඉල්ලා සිටියා. වෙළඳපළ සඳහා සිය නිෂ්පාදන ඍජුව ලබාදීමටත්සිය ආර්ථීක සමාජ කටයුතු සඳහා මුදල් පහසුවෙන් ලබා ගතහැකි ක්‍රමවේදයන් ඔවුන් ඉල්ලා සිටියා. මෙම අයවැයෙන්  “ගම සමඟ පිලිසදරින්” ගමට පිලිසරණක්  වීමට මා පහත සඳහන් යෝජනා ඉදිරිපත් කරනවා.

    1.“සැමට ජලය” රජයේ තුන් අවුරුදු ඉලක්කය ඉටුකර ගැනීම සඳහා 2021 වර්ෂය තුළ 200,000කට ආසන්න නිවාස ප්‍රමාණයකට නලජල සැපයුම් ලබාදීමට සමගාමීව ප්‍රජා පානීය ජල ව්‍යාපෘතිජලාශ හා ජල මුලාශ්‍ර දියුණු කිරීම සඳහා රුපියල් මිලියන 5,000ක අතිරේක ප්‍රතිපාදන වෙන් කරනවා. 

    2.සෑම ගමක්ම ආවරණය වන පරිදි මාර්ග ලක්ෂයේ වැඩසටහන යටතේ ග්‍රාමීය මාර්ග කිලෝමිටර 50,000ක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 20,000ක අතිරේක ප්‍රතිපාදන වෙන් කරනවා.

    3.දුෂ්කර ගම්මාන 12,000ක් අවට පරිසරය හා සම්බන්ධ කිරීම ඉලක්ක කර ගනිමින් කුඩා වාහන වලට ප්‍රවේශ විය හැකි ග්‍රාමිය පාලම් 10,000ක් ඉදිකිරීමේ වැඩසටහන කඩිනම් කිරීම  සඳහා  රුපියල් මිලියන 7,000ක් වෙන් කරනවා.

    4.ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමෙන් ව්‍යාප්ත කරනු ලබන ජාතික පාසැල් 1,000 වැඩසටහනට සමගාමීව අවට ඇති ග්‍රාමීය පාසැල්වල මූලික පහසුකම් වැඩි දිියුණු කිරීම හා අවශ්‍ය ගුරුවරු අනුයුක්ත කිරීම සඳහා අතිරේක ප්‍රතිපාදන රුපියල් මිලියන 3,000 වෙන් කරනවා. 

    5.ග්‍රාමීය රෝහල්ඩිස්පෙන්සරිමාතෘ සායන වැඩිදියුණු කිරීම සඳහා රුපියල් මිලියන 5,000ක් වෙන් කරනවා.

    6.ග්‍රාමීය පාසැල් ක්‍රීඩාපිටිග්‍රාමීය ක්‍රීඩා සංවිධානපාසැල් සිසුන් ක්‍රීඩා වලට යොමු කිරීමප්‍රාදේශීය ක්‍රීඩා සංවර්ධනයවොලිබෝල් ක්‍රීඩාව හා කාන්තා ක්‍රීඩා සහභාගීත්වය පුළුල් කිරීමට අදාළ සංවර්ධන කටයුතු කිරීම සඳහා රුපියල් මිලියන 3,000ක අතිරේක ප්‍රතිපාදන වෙන් කරනවා. 

    7.සමෟද්ධිලාභී පවුල් ලක්ෂ දෙකක් කේන්ද්‍ර කරගත් අංගසම්පූර්ණ ගෘහ නේවාසික ආර්ථිකයන් හා ආශ්‍රිත ගම්මාන බලසම්පන්න කිරීම සඳහා රුපියල් මිලියන 10,000ක ප්‍රතිපාදන වෙන් කිරීමට යෝජනා කරනවා. 

    8.සම්ප්‍රදායික කර්මාන්ත ආශ්‍රිත ගම්මානවලට සුවිශේෂිත වු භාණ්ඩ නිෂ්පාදනය පුළුල් කරමින් වෙළඳපළ ආකර්ශණය කිරීම සඳහා රුපියල් මිලියන 2,000ක අතිරේක ප්‍රතිපාදන වෙන් කරනවා.

    9.අලි මිනිස් ගැටුම් නිසා ඇතිවන ජීවිත හා දේපල හානි වලක්වා ගනිමින් ජනාවාස අරක්ෂා කර ගැනීම ඇතුළු ආරක්ෂන වැඩපිළිවෙළවල් ග්‍රාමිය ප්‍රජා දායකත්වයද ඇතිව බල ගැන්වීම සඳහා අලිවැට හා අගල් සකස් කිරීමවනජීවි භූමිවල  වැව් ගංගා හා ඔවුන්ගේ ආහාර අවශ්‍යතා සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 3,000ක් වෙන් කරනවා. 

    10.සංක්‍රමණික රටාවට බාධා නොවන පරිදි අභයභූමි හා වන අලීන්ගෙ සංක්‍රමණික මාර්ග හා ප්‍රදේශ සුරක්ෂිත කිරීමද එයට ඇතුලත් වෙනවා.

    11.වනසතුන්ගෙන් අනාරක්ෂිත ගම්මානවල ධාන්‍ය සුරක්ෂිත ලෙස තබා ගැනීමට ග්‍රාමීය ගොවි හා ප්‍රජා සමිතිවලට බහාලුම් Container ලබා දෙනවා.

    12.ඉවතලන කැලිකසල වනජීවී ප්‍රදේශ ආශ්‍රිත ප්‍රදේශවල දැමීම නිසා වනඅලින් ගම්වලට ආකර්ශණයවීම වලක්වාගැනීම සඳහා ප්‍රාදේශීය සභාවල කැලි කසල කළමනාකරණ සඳහා රුපියල් මිලියන 3,000ක ප්‍රතිපාදන සපයනවා.

    13.ග්‍රාමීය පලාත්වල කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය සංවර්ධන සඳහා ණය සහතික කිරීමේ යෝජනා ක්‍රමය.

    14.ග්‍රාමීය ප්‍රදේශවල ප්‍රමාණවත් ආදායම් මාර්ග නොමැති ප්‍රාදේශීය සභා වල මාර්ග නඩත්තු කිරීමසතිපොළ හා පොදු ස්ථාන පවිත්‍රව තබා ගැනීමඅපද්‍රව්‍ය බැහැර කිරීම හා සනීපාරක්ෂක ප්‍රජා පහසුකම් පවත්වා ගැනීම ආදී කටයුතු සඳහා රුපියල් මිලියන 3,000ක ප්‍රතිපාදන වෙන් කෙරේ.

    කොළඹ වරාය නගර ආර්ථික කලාපය (Colombo Port City Special Economic Zone)

    කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාපය ආකර්ශණීය ව්‍යාපාර මධ්‍යස්ථානයක් කිරීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදුවෙමින් පවතිනවා. ප්‍රථම මූල්‍ය හා වාණිජ මධ්‍යස්ථානය ඉදිකිරීමට අදාළ මූලික කටයුතු මේ වන විට  ආරම්භ කර තිබෙනවා. කොළඹ වරාය නගරයේ ප්‍රාථමික අදියරේ සංචාරකවිදේශ හා වාණිජමය කටයුතු 2021 වසර තුළ අරම්භ වීමට නියමිත වී තිබෙනවා. මෙම විශේෂ ආර්ථික කලාපය තුළ වාණිජ සේවා ප්‍රවර්ධනයට සහ ආයෝජනයට හිතවාදී නව නීති රාමුවක් අයවැය විවාදයෙන් පසු ජනවාරි මස තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මා අපේක්ෂා කරනවා.

    මෙම ආර්ථික කලාපයේ ශ්‍රී ලාංකිකයන් සඳහා පුළුල් රැකියා අවස්ථාවන් මෙන්ම ඔවුන්ට විදේශ මුදල්වලින් වැටුප් ගෙවීමටත් ප්‍රතිපාදන සලසා තිබෙනවා. ව්‍යාපාරික හා ආයෝජන හිතවාදී නීති රාමුවත්යෝජිත උසස් යටිතල පහසුකමුත් හේතුවෙන්ආයෝජකයන් හා ව්‍යාපාර ප්‍රජාව අතර ආසියාවේ ප්‍රමුඛ හා ආකර්ශණිය තේරීමක් බවට කොළඹ වරාය නගරය පත් වෙනවා ඇතැයි අප විශ්වාස කරනවා.  අපේ රටේ ආයෝජන ප්‍රවර්ධනයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් වන අතර ක්‍රමෝපාය ආයෝජන නීතිය යටතේ අවශ්‍ය බදු හා සුවිශේෂිත වූ භාණ්ඩ වෙළදාමබැංකු හා විනිමය  ගණුදෙණු සඳහා සහන ලබාදීමටද අපේක්ෂා කරනවා. 

    සමාප්තිය

    ගරු කතානායකතුමනි,

    මෙම අයවැය කඩා වැටුණ ආර්ථීකයක් ඔසවා තැබීමට ඉදිරිපත් කරන සංවර්ධන අයවැයක්. එය “සෞභාග්‍යයේ දැක්ම” යතාර්ථයක් කරමින් සාර්ව ආර්ථික දැක්මක් තුළ  සියළු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි සකස්කළ අයවැයක්. ගෝලීය ආර්ථිකයක්  තුළ තරඟකාරී දේශීය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා අපේ ව්‍යාපාරික ප්‍රජාවට හිමිකරන ලද විශේෂ ආයෝජන අවස්ථා  රාශියක් විවෘත කරන අයවැයක්. දේශීය ආර්ථිකය තරඟකාරී ලෙස ගෝලීය ආර්ථිකයට පිවිසීම සඳහා ඉදිරි වසර 3 තුළ අපේ රටේ සෑම තරාතිරමක නිෂ්පාදකයින් මේ සඳහා කැපවිය යුතුයි.රාජ්‍ය සේවය එයට දිරි ගැන්විය යුතුයි.

    බදු හෝ විනිමය පාලන නීති වලින් මිදීම සඳහා දේශීයව හෝ විදේශීයව සඟවා තබාගෙන ඇති මුදල් රටේ අභිවෘද්ධියට යොදන ලෙස එම ව්‍යාපාරිකයින්ගෙන්ද මම ඉල්ලා සිටිනවා. මෙම අයවැයෙන් සලසා ඇති ඕනෑම ආයෝජනයක් සඳහා එසේ මුදල් යොදවන ව්‍යාපාරිකයන්ට පිලිගත් දිවුරුම් ප්‍රකාශයක් සහිතව සියයට 1ක බදු ගෙවීමකට යටත්ව බදු සමාවක් ලබාදීමට නීති ප්‍රතිපාදන යෙදීමටද බලාපොරොත්තු වෙනවා.  

    2021 සඳහා  ඇස්තමේන්තු ගත රජයේ ආදායම රුපියල් බිලියන 1961ක් වෙනවා. රජයේ මුළු වියදම රුපියල් බිලියන. 3,525ක් වන බැවින් ආදායම් වියදම් පරතරය රුපියල් බිලියන. 1,564ක් වෙනවා. 2014දී ජාතික ආදායමෙන් සියයට 32.3ක්ව පැවති පෞද්ගලික ආයෝජන 2019 දි සියයට 27.6 දක්වා අඩු වී තිබීමත්ඇණහිට තිබූ රටේ සංවර්ධන වේගය යලි ආරම්භ කිරීමට රජය ශක්තිමත් ආරම්භයක් දිය යුතු නිසාත් 2021දී ජාතික ආදායමෙන් සියයට 9කට තරමක් අඩු අයවැය හිඟයක් පවත්වා ගැනීමට සැලසුම් කර තිබෙනවා.

    දේශීය හා විදේශීය ගෙවීම් වලදී කල් පිරුණ ණය දිගුකාලීන ණය වශයෙන් නැවත නිකුත් කිරීමට ඇති අවස්ථාවන් පුළුල් වී ඇති නිසා මෙම අයවැය පරතරය කළමනාකරණය කර ගත හැකි බව මගේ විශ්වාසයයි. ඉතා පහළ මට්ටමක පවතින ආර්ථික ධාරිතා උපයෝජනය වැඩිකර ගැනීම මෙම අයවැය මගින් ඉදිරිපත් කර ඇති ග්‍රාමීය මෙන්ම නාගරීකත්සම්ප්‍රදායික මෙන්ම තාක්ෂණික වශයෙනුත්ක්ෂුද්‍ර මූල්‍ය මෙන්ම ප්‍රාග්ධන වෙළඳපළ වශයෙනුත් එකිනෙක ගැලපෙන සංවර්ධන යෝජනා මගින්  හැකි වෙනවා. 2021 අපේක්ෂිත ආර්ථික වර්ධනය සියයට 5.5ක් වන අතර එය සියයට 6 ඉක්මවන වර්ධන වේගයකට යොමු කිරීමත් සමඟ රාජ්‍ය ආදායම් වර්ධනය දැනට පවත්නා සියයට 9.7 සිට සියයට 14.1 දක්වා ඉහළ නංවා ගැනීම සිදු කිරීම අපගේ අයවැය පරතරය අඩු කිරීමේ මැදි කාලීන දැක්ම බව අවධාරණය කරනවා. 2025 වන විට අයවැය හිඟය සියයට 4කට ඉලක්ක කර ඇත්තේ ආර්ථික ප්‍රසාරණය තුළින් පුළුල් කරන බදු ආදායම වර්ධනත්රාජ්‍ය වියදම් හා රාජ්‍ය ව්‍යාපාර කළමනාකරණය සඳහා වැඩි විශ්වාසයක් තබා ඇති නිසාත්ය. ආර්ථික පුනර්ජීවනය සමඟින් දිළිඳුකම පිටුදැකීමේ සංවර්ධන අයවැයට ඔබ සියළු දෙනාගේ ආශිර්වාදය මා ඉල්ලා සිටිනවා. 

    ඔබ සැමට තෙරුවන් සරණයි!

  • බලාපොරොත්තු දල්වන Covid-19 එන්නත් ගැන අලුත්ම හෙළිදරව්ව !

    බලාපොරොත්තු දල්වන Covid-19 එන්නත් ගැන අලුත්ම හෙළිදරව්ව !

    කොරෝනා වසංගතය පිටුදැකීම සදහා දැන් ඇති එකම අපේක්ෂාව ‘ඵලදායී එන්නතක්‘ බවට කිසිම සැකයක් නැහැ. ලංකාවේ තත්ත්වය වුණත් එසේමයි. මුහුණු ආවරණය, සමාජ දුරස්ථභාවය එහි උපරිම සීමාව දක්වා පැමිණ ඇති බව දැන් පැහැදිලියි. ඒ නිසා දැන් මුළු ලෝකයම ඇස් අයාගෙන සිටිනේනේ ඒ ගැළවුම්කාර එන්නත නිෂ්පාදනය වී තමන් අතට පත්වන තුරුයි.

    Moderna's coronavirus vaccine is 94.5% effective, company says - National |  Globalnews.ca

    මුළු ලෝකයක්ම එවැනි අපේක්ෂාවක ඉන්න මොහොතක ‘ඉහළම‘ බලාපොරොත්තු තබාගත හැකි සාර්ථක එන්නතක් ගැන ඊයේ (16) ජාත්‍යන්තර ජනමාධ්‍ය හෙළිදරව් කළා. ඔවුන් කියා සිටියේ කොවිඩ් වලිින් 95%ක් ආරක්ෂාව සලසන එන්නතක් නිෂ්පාදන කර ඇති බවයි. ඒ එක්සත් ජනපද සමාගමක් වන ‘මෝඩර්නා-Moderna සමාගම විසිනුයි.

    මෙම එන්නත ද පසුගිය දා 90%ක සාර්ථකත්වයක් වාර්තා කළ Pfizer එන්නත මෙන්ම සාර්ථක වනු ඇති බව ද කොවිඩ් වසංගතය අවසන් කිරීමට ඒවා උපකාරී වනු ඇතැයි යන විශ්වාසය ද මේ වන විට සෞඛ්‍ය අංශ අතර තිබෙනවා.

    Pfizer සහ Moderna යන සමාගම් දෙකම ඔවුන්ගේ එන්නත් සැලසුම් කිරීම සඳහා ඉතා නව්‍ය හා පර්යේෂණාත්මක ප්‍රවේශයක් භාවිතා කර තිබෙනවා.

    මෝඩර්නා පවසන්නේ එය “විශිෂ්ට දවසක්” වන අතර ඉදිරි සති කිහිපය තුළ එන්නත භාවිතා කිරීම සඳහා අනුමැතිය සඳහා ඉල්ලුම් කිරීමට ඔවුන් සැලසුම් කර ඇති බවයි.

    කෙසේ වෙතත්, මෙය තවමත් මුල් දත්ත (early data) මත පදනම්  වන අතර ප්‍රධාන ප්‍රශ්න වලට පිළිතුරු ලැබී නැහැ.

    එය කොතරම් හොඳද?

    මෙම එන්නතේ පූර්ව පරීක්ෂාවන් සඳහා එක්සත් ජනපදයේ පුද්ගලයින් 30,000 ක් සම්බන්ධ වූ අතර, ඔවුන්ගෙන් 50%කට එන්නතේ මාත්‍රාවන් දෙකක් ලබා දී ඇත. ඉතිරි 50%ට ව්‍යාජ එන්නත් ලබා දී තිබෙනවා. අදාළ පරීක්ෂාවන්ගෙන් පසු ප්‍රතිඵල විශ්ලේෂණය කළ සමාගම පවසන්නේ මෙම එන්නත 94.5% ක් ජනතාව ආරක්ෂා කරන බවයි.

    පරීක්ෂණයේදී දරුණු කෝවිඩ් රෝගීන් 11 දෙනෙකු වාර්තා වී ඇති නමුත් ප්‍රතිශක්තිකරණයට ලක්වූ පුද්ගලයින් තුළ කිසිවක් සිදු වී නැහැ.

    “සමස්ත ඵලදායීතාවය විශිෂ්ටයි … එය විශිෂ්ට දවසක්,” මෝඩර්නා හි ප්‍රධාන වෛද්‍ය නිලධාරී තල් සැක්ස් බීබීසී ප්‍රවෘත්ති සේවයට පැවසුවා.

    සමාගමේ සභාපති ආචාර්ය ස්ටීවන් හෝගේ පැවසුවේ ප්‍රතිඵල ලැබෙන විට තමා විස්මයට පත් වූ බවයි.

    ඔහු බීබීසී ප්‍රවෘත්ති සේවයට මෙසේ පැවසුවා: “කොවිඩ් -19 රෝගය වැළැක්වීම සඳහා එන්නත 94% ක් ඵලදායී වනු ඇතැයි අප කිසිවෙකු සැබවින්ම බලාපොරොත්තු වූවා යැයි මම නොසිතමි. එය සැබවින්ම විශ්මය ජනක අවබෝධයකි.”

    මට එය ලැබෙන්නේ කවදාද?

    එය රඳා පවතින්නේ ඔබ ජීවත් වන්නේ ලෝකයේ කොතැනද යන්න සහ ඔබේ වයස කීයද යන්න මතයි.

    මෝඩර්නා පවසන්නේ එය ඉදිරි සතිවලදී එක්සත් ජනපදයේ නියාමකයින්ට අදාළ වන බවත් මාත්‍රාව මිලියන 20 ක් නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරන බවයි.

    ලබන වසරේදී ලොව පුරා භාවිතා කිරීම සඳහා මාත්‍රාව බිලියනයක් දක්වා ලබා ගැනීමට සමාගම අපේක්ෂා කරන අතර අනෙකුත් රටවල ද අනුමැතිය ලබා ගැනීමට සැලසුම් කර තිබෙනවා.

    එක්සත් රාජධානිය අද (16) නිවේදනය කළේ වසන්තයේ සිට මිලියන 2.5 ක ජනතාවකට එන්නත ලබා දීම සදහා මොඩර්නා එන්නත මාත්‍රා මිලියන පහක් ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි. මෙහිදී ඉහළම ප්‍රමුුඛතාව ලැබෙන්නේ වැඩිහිටියන්ට බව එක්සත් රාජධානිය දැනටමත් නිවේදනය කර තිබෙනවා.

    අප නොදන්නේ කුමක්ද?

    ‘එයට පිළිතුරු දීමට පෙර ස්වේච්ඡා සේවකයන් වැඩි කාලයක් අනුගමනය කළ යුතු බැවින් ප්‍රතිශක්තිය කොපමණ කාලයක් පවතිනු ඇත්දැයි අපි තවමත් නොදනිමු. වැඩිහිටි වයස් කාණ්ඩවල අයට එය යම් ආරක්ෂාවක් සපයන බවට ඉඟි ඇත. (ඔවුන් බොහෝ විට කොවිඩ් වෙතින් මියයාමේ අවදානමට ලක්ව ඇත,) නමුත් සම්පූර්ණ දත්ත නොමැත‘ මෝඩර්නා හි ප්‍රධාන වෛද්‍ය නිලධාරී වරයා බීබීසී ප්‍රවෘත්ති සේවයට පැවසුවා.

    සැක්ස් මහතා බීබීසීයට පවසා සිටියේ ඔවුන්ගේ දත්ත වලට අනුව වයස්ගත වීමත් සමඟ එන්නත ඵලදායී බව අඩුවන බවක් නිරීක්ෂණය නොවූ බවයි.

    ‘මෙම එන්නත මගින් මිනිසුන් දැඩි ලෙස රෝගාතුර වීම නවත්වයිද, නැතහොත් එය වෛරසය පැතිරීම නතර කරයිද යන්න ගැන මේ දක්වා දත්ත නැහැ. මෙම සියලු ප්‍රශ්න කිරීටක වෛරස් එන්නතක් භාවිතා කරන ආකාරය කෙරෙහි බලපායි‘ සැක්ස් බීබීසී ප්‍රවෘත්ති සේවයට පැවසුවා.

    අතුරු ආබාධ තිබේද?

    සැලකිය යුතු ආරක්ෂිත ගැටළු කිසිවක් වාර්තා වී නැත. ඇත්ත කතාව නම් ඔබ නිතර භාවිත කරන පැරසිටමෝල් ඇතුළු කිසිවක් 100% ආරක්ෂිත නොවේ.

    සමහර රෝගීන්ට එන්නත් කිරීමෙන් පසු කෙටි කාලීන තෙහෙට්ටුව, හිසරදය සහ වේදනාව වාර්තා විය.

    ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් හි මහාචාර්ය පීටර් ඔපෙන්ෂෝ පැවසුවේ “මෙම ප්‍රතිඵල එන්නතකින් ක්‍රියාකරමින් හොඳ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් ලබා දෙනු ඇත‘

    මෙය ෆයිසර් එන්නත හා සැසඳෙන්නේ කෙසේද?

    ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් ඇති කිරීම සඳහා එන්නත් දෙකම වෛරසයේ ජාන කේතයේ කොටසක් එන්නත් කිරීමේ එකම ප්‍රවේශය භාවිතා කරයි. අප මෙතෙක් දැක ඇති මූලික දත්ත බෙහෙවින් සමාන ය – ෆයිසර් / බයෝ එන්ටෙක් එන්නත සඳහා 90% ක් සහ මෝඩර්නා සඳහා 95% ක් පමණ ආරක්ෂාව  සැලසේ. කෙසේ වෙතත්, අත්හදා බැලීම් දෙකම තවමත් සිදුවෙමින් පවතින අතර අවසාන සංඛ්‍යා වෙනස් විය හැකිය.

    මෝඩනාගේ එන්නත Moderna’s vaccine ඍණ 20C හි මාස හයක් දක්වා ස්ථාවරව පවතින බැවින් ගබඩා කිරීම පහසු බව පෙනේ. එය මාසයක් දක්වා සම්මත ශීතකරණයේ තබා ගත හැකිය.

    ෆයිසර් එන්නතට (Pfizer’s vaccine) සෘණ 75C පමණ අධික සීතල ගබඩා කිරීමක් අවශ්‍ය වන නමුත් එය දින පහක් ශීතකරණයේ තබා ගත හැකිය.

    රුසියාවේ සංවර්ධනය කරන ලද ස්පුට්නික් වී එන්නත (Sputnik V vaccine) 92% ක් ඵලදායී බව අඟවන ඉතා මුල් දත්ත ද නිකුත් කර තිබේ .

    එන්නත සංසන්දනය

    එය ක්‍රියාත්මක වන්නේ කෙසේද?

    මෝඩර්නා විසින් “ආර්එන්ඒ එන්නතක් RNA vaccine නිපදවා ඇත. එයින් අදහස් කරන්නේ කොරෝනා වයිරසයේ ජාන කේතයේ කොටසක් ශරීරයට එන්නත් කිරීමයි.

    මෙය වෛරස් ප්‍රෝටීන සෑදීමට පටන් ගනී, නමුත් ප්‍රතිශක්තිකරණ පද්ධතියට පහර දීමට පුහුණු කිරීමට ප්‍රමාණවත් වන සමස්ත වෛරසය නොවේ.

    ප්‍රතිදේහ දෙකම සෑදීමට එය ශරීරය පුහුණු කළ යුතුය. (ප්‍රතිශක්තිකරණ පද්ධතියේ තවත් කොටසක් ටී-සෛලT-cells ලෙස හැඳින්වේ)

    ග්‍රැෆික්

    කොවිඩ් අවසන් වන්නේ කවදාද?

    සතියක කාලයක් තුළ, ෆයිසර්, මෝඩර්නා සහ රුසියාවෙන් ලැබුණු ධනාත්මක ප්‍රතිඵල මගින් වසංගතය අවසන් කිරීමේ අවස්ථාව වෙනස් කර ඇත.

    පළමු ප්‍රතිඵල වලට පෙර කථාව 50% ක ආරක්ෂාවක් ලබා දෙන එන්නතක් ගැන විය. එම අපේක්ෂාවන් දැන් 95% දක්වා ඉහළට පැමිණ ඇත. දැන් එන්නත ලබා ගත හැකි ඒවා පමණක් නොව, ඒවා ප්‍රබල බව පෙනේ.

    මේ දක්වා ඇති දත්ත මගින් සංවර්ධනයේ අනෙක් එන්නත් ද සාර්ථක වනු ඇතැයි අපේක්ෂා කරන නමුත් දැන් එක් අභියෝගයක් අවසානය කරා ළඟා වෙත්ම, තවත් එකක් ආරම්භ වේ. ඒ ලොව පුරා බිලියන සංඛ්‍යාත ජනයාට එන්නත ලබා දීමේ බෙදා හැරීමේ හා ගබඩා කිරීමේ හැකියාවයි.

    සමහර ප්‍රවීණයන් ලබන වසන්ත ඍතුව වන විට සියල්ල ආරම්භ කළ හැකි බව විශ්වස කරන අතර තවත් සමහරුන් පවසන්නේ එය ශීත ඍතුව දක්වා දිගු විය හැකි බවයි. වඩාත් ඍණාත්මකවාදීන් සිතන්නේ එය තවත් බොහෝ කල්ගත වන ප්‍රයත්නයක් බවයි.  පිළිතුර රඳා පවතින්නේ රටවල්වලට මෙම “කුප්පියක බලාපොරොත්තුව -hope in a vial ” මිනිසුන්ගේ අත්වලට කෙතරම් ඉක්මනින් ලබා ගත හැකිද යන්න මතය.

    එහි ප්‍රතික්‍රියාව කුමක්ද?

    “මොඩර්නා වෙතින් ලැබෙන මෙම පුවත අතිශයින්ම සිත් ඇදගන්නා සුළු වන අතර ඉදිරි මාස කිහිපය තුළ අපට හොඳ එන්නත් තෝරා ගත හැකිය යන ශුභවාදී බලාපොරොත්තුව සැලකිය යුතු ලෙස ඉහළ නංවයි” යනුවෙන් ලන්ඩනයේ ඉම්පීරියල් විද්‍යාලයේ මහාචාර්ය පීටර් ඔපෙන්ෂෝ පැවසීය.

    “අපට වඩා සම්පූර්ණ තොරතුරු අවශ්‍යයි. නමුත් මෙම නිවේදනය සුභවාදී හැඟීමක් ඇති කරයි.”මහාචාර්ය පීටර් ඔපෙන්ෂෝ පැවසීය.

    වසංගත සූදානම නවෝත්පාදන සඳහා වන සන්ධානයේ ප්‍රධානී ආචාර්ය රිචඩ් හැට්චෙට් මෙසේ පැවසීය: “නූතන ප්‍රතිඵල අප බලාපොරොත්තු වූ තරම් හොඳ වන අතර සහ අපව තව දුරටත් ධෛර්යමත් කරයි.”

    2020 නොවැම්බර් 16 වැනි දින බී.බී.සී වාර්තාවකි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • ඔබට අපූරු අත්දැකීමක් විය හැකි සුපිරි විලාසිතා එකතුවක්

    ඔබට අපූරු අත්දැකීමක් විය හැකි සුපිරි විලාසිතා එකතුවක්

    කොවිඩ් වසංගතය නිසා විලාසිතා / රූපලාවන්‍ය ගැන තිබෙන උනන්දුවක බොහෝ දුරට අඩු වෙලා කියලා තමයි අපි හිතන්නේ. ඒකට හේතු කිහිපයක් තිබෙනවා. අගුළු දැමීම, සමාජ දුරස්ථභාවය නිසා රූපලාවන්‍යාගාර වසා දැමීම හෝ සීමා කිරීම, උත්සව අවස්ථා සීමාවීම, ආදායම අඩු වීම වගේම මුහුණු ආවරණය නිසා ඇතිවන තත්ත්වය නිසා බොහෝ දුරට ලංකාවේ වගේම ගෝලීය වශයෙනුත් මේ වන විට රූපලාවන්‍ය කටයුතු වගේම විලාසිතා බොහෝ දුරට සීමා වෙලා තිබෙනවා.

    ඒත් මේ වන විට ‘විකල්ප විලාසිතා නැතහෝ රූපලාවන්‍ය ප්‍රවණතා ගෝලීය වශයෙන් සිදුවෙනවා. සම්ප්‍රදායික රටක් ලෙස ලංකාවේ මේ තත්ත්වය අතිෂය දුර්ලභ වුණත් බටහිර රටවල, අග්නිදිග ආසියානු සහ ලතින් ඇමෙරිකාවේ මේක දැන් ‘රැල්ලක්‘ බවට පත්වෙලා තිබෙනවා.

    මේ රූපලාවන්‍ය / විලාසිතා රැල්ලේ අති අපූර්වත්වය වන්නේ සිංහල භාෂාවෙන් කීවොත් ‘විකාරරූපී බවක්‘ මේ විලාසිතාවල තිබීමයි. ඇතමෙකුට මේ විලාසිතා / රූපලාවන්‍ය ‘නීරස‘ වුණත් සමරුන්ට නම් මේවා බලලා ‘බඩ පැලෙනතුරු හිනාවෙන්න පුළුවන්‘ ඒ මේ ගැන උනන්දුවක් දක්වන අය නම් කියන්නේ මේවා ‘නිර්මාණාත්මක / කලාත්මක ඒකා බවයි.

    ඉතිං අපි මෙවර තීරණය කළා මේ විකාරරූපී විලාසිතා එකතුවක් ඔබට තිළිණ කරන්න.

    ඉන්ස්ටග්‍රෑම් හි මේ නීරස #ootd පෙනුමේ නිමක් නැති ඡායාරූප දැක ගැනීමට ඔබ කැමති නම් – @ tala.notes හොඳ ගිණුමක්. එය සෑම ආකාරයකම කලාත්මක ඡායාරූප වල ලේඛනාගාරයක් වන අතර එය ඔබට ආස්වාදයක් ලබා දෙන බවට සැකයක් නැහැ.

    1. ‘කොන්ත නෝනගේ කොණ්ඩේ බදින්නේ කොන්තනෝනට ඕනෑ හැටියට‘ කියලා අපි අතර කතාවක් තියෙනවා. මේ ඒකට කදිම උදාහරණයක්. මෙය පැරීසියේ කොණ්ඩා මෝස්තර ශිල්පියෙකු වන කැරොලයින් ෂ්මිට්ගේ නිර්මාණාත්මක කොණ්ඩා මෝස්තරයක්

    # 1 |  ඔබේ සංග්‍රහයට විස්මය දනවන ස්පර්ශයක් එක් කරන්න |  සෙස්ට්‍රඩාර්

    2. ඔබගේ මීළඟ වේශ නිරූපණය මෙන්ටෝස් විසින් දේවානුභාවයෙන් කරනු ඇතැයි ඔබ කිසි විටෙකත් බලාපොරොත්තු වෙන එකක් නැහැ. නමුත් ඔබ මෙය දුටු පසු, ඔබටත් උත්සාහ කිරීමට අවශ්‍යය, නේද?

    # 2 |  ඔබේ සංග්‍රහයට විස්මය දනවන ස්පර්ශයක් එක් කරන්න |  සෙස්ට්‍රඩාර්

    3. ඔබ මගෙන් ඇසුවොත් සිකුරාදා රාත්‍රීය ගත කිරීම සදහා මා කළ යුතු වේශ නිරූපණය කුමක්ද කියලා ? මා ඔබට මේ වාගේ වේෂ නිරූපණයක් යෝජනා කරනවා.  එය ඇසට හසුකර ගැනීම, අවධානය දිනා ගැනීමට කදිම වේෂ නිරූපණයක්. බය වෙන්න එපා මේක සම්පූර්ණ කිරීමට ගත වූයේ පැය කිහිපයක් පමණයි.

    # 3 |  ඔබේ සංග්‍රහයට විස්මය දනවන ස්පර්ශයක් එක් කරන්න |  සෙස්ට්‍රඩාර්

    4. කෙස් කළඹ කියන්නේ හරිම අපූරු දෙයක්. එයට නිමක් නැති අපූරු දේවල් කළ හැකියි. ඔබ කවදා හෝ ඔබේ කොණ්ඩ විලාසිතාවට කැරට් භාවිතා කිරීමට තීරණය කර තිබේනවාද ? නැති නම් දැන් මොකද හිතන්නේ. මෙපමණ ස්වභාවික කොණ්ඩ මෝස්තරයක් ඔබ කවදාවත් දැක තිබෙනවාද ?

    # 4 |  ඔබේ සංග්‍රහයට විස්මය දනවන ස්පර්ශයක් එක් කරන්න |  සෙස්ට්‍රඩාර්

    5. ඇතැම් විලාසිතා සරල – සුන්දර සහ පහසු වන විට ඇතැම් ඒවා සංකීර්ණ මිල අධික ඒවා විය හැකියි. ඒ සියල්ලටම වඩා ඇතැම් විලාසිතා කිරීමට ඔබ සැලකිය යුතු ධෛර්යයක් ද තිබිය යුතුයි. මේ ඒකට කදිම නිදසුනක්. මොකද කියන්නේ මේ විලාසිතාව කර ඔබේ පෙම්වතා විස්මයට පත් කිරීමට ඔබ සූදානම් ද ?

    # 5 |  ඔබේ සංග්‍රහයට විස්මය දනවන ස්පර්ශයක් එක් කරන්න |  සෙස්ට්‍රඩාර්

    6.යළිත් කෙස් කළඹ ! මෙවැනි සුන්දර සහ වර්ණවත් අපූරු කොණ්ඩා විලාසිතාවකින් ඔබේ හිස සරසා ගැනීමට ඔබ කැමති ද?

    # 6 |  ඔබේ සංග්‍රහයට විස්මය දනවන ස්පර්ශයක් එක් කරන්න |  සෙස්ට්‍රඩාර්

    7. මුහුණු ආවරණයක් අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට පත්වනු ඇතැයි අපි කිසිදා සිතා තිබුණා ද ? නැහැ. එසේ නම් හෙට ලෝකය ගැන අපට කීමට කිසිවක් නැහැ. ඒ නිසා ඊළග වෛරසයට දැන්ම සූදානම් වෙමුද ? මේ ඒකටම ගැළපෙන විලාසිතාවක්.

    # 7 |  ඔබේ සංග්‍රහයට විස්මය දනවන ස්පර්ශයක් එක් කරන්න |  සෙස්ට්‍රඩාර්

    8. හිස ඩිස්කෝ බෝලයක් බවට පත්කර ගන්න ඔබ කැමැති නැති බව නම් සහතිකයි. ඒත් මේ විලාසිතාව බලන කොට ඒ අදහස වෙනස් වෙන්න බැරිකමකුත් නැහැ.

    # 8 |  ඔබේ සංග්‍රහයට විස්මය දනවන ස්පර්ශයක් එක් කරන්න |  සෙස්ට්‍රඩාර්

    9. මේ වගේ පෙනුමක් ඇති විට සියලු දෙනාම ඔබ දෙස බලා සිටිනු ඇති බවට කිසිම සැකයක් නැහැ.  

    # 9 |  ඔබේ සංග්‍රහයට විස්මය දනවන ස්පර්ශයක් එක් කරන්න |  සෙස්ට්‍රඩාර්

    10. ඔවුන් පවසන්නේ ඔබ සෑම විටම මුහුණු ආවරණයක් පැළඳිය යුතු බවයි, නමුත් කිසිවෙකු එය කලා කෘතියක් බවට පත් කිරීමෙන් ඔබව වළක්වන්නේ නැහැ. මේ විලාසිතාව අනුගමනය කරන්න. ඒත් බලාගෙන කොරෝනා වෛරසය සමග සෙල්ලම් නම් බැහැ. ඒකට නියමිත ප්‍රමිතිය සහ සෞඛ්‍යාරක්ෂාව අත්‍යවශ්‍යයි

    # 10 |  ඔබේ සංග්‍රහයට විස්මය දනවන ස්පර්ශයක් එක් කරන්න |  සෙස්ට්‍රඩාර්

    11. ඔබ මනස යොමු කළහොත් වඩාත් ලෞකික දේවල් පවා කලාවක් බවට පත් කරගත හැකියි. 

    # 11 |  ඔබේ සංග්‍රහයට විස්මය දනවන ස්පර්ශයක් එක් කරන්න |  සෙස්ට්‍රඩාර්

    12. දත් කියන්නේ සුන්දරත්යේ තවත් අපූරු අවස්ථාවක්. ඒ සුන්දරත්වය තවත් වර්ධනය කරගන්න මේ වාගේ විලාසිතාවකට ගියොත් කොහොමද ?

    # 12 |  ඔබේ සංග්‍රහයට විස්මය දනවන ස්පර්ශයක් එක් කරන්න |  සෙස්ට්‍රඩාර්

    13. කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම ඇත්තෙන්ම අසීරුයි. ඒ නිසා මුහුණු ආවරණය, සමාජ දුරස්ථභාවය අත්‍යවශ්‍යයි. ඉතිං මේ වාගේ විලාසිතාවකට මාරු වුණොත් කොහොමද ?

    # 13 |  ඔබේ සංග්‍රහයට විස්මය දනවන ස්පර්ශයක් එක් කරන්න |  සෙස්ට්‍රඩාර්

    14. හිස් වැසුම් පැළදීම ලංකාවේ නම් විරලයි. ඒත් ලෝකයේ එහෙම නැහැ. මේ වාගේ හිස් වැස්මක් පැළදගෙන ගමනක් ගියොත් කොහොමද ?

    # 14 |  ඔබේ සංග්‍රහයට විස්මය දනවන ස්පර්ශයක් එක් කරන්න |  සෙස්ට්‍රඩාර්

    15. පිටසක්වල තරුණියෝ මොනවගේද කියලා දවසක් වගේ මිතුරියක් ඇසුවා. එදා ඇයට පිළිගත හැකි උත්තරයක් දුන්නේ නැහැ. ඒත් දැන් ඔන්න ඒ උත්තරය දෙනවා.

    # 15 |  ඔබේ සංග්‍රහයට විස්මය දනවන ස්පර්ශයක් එක් කරන්න |  සෙස්ට්‍රඩාර්

    Zestradar ඇසුරිණි – සකස් කළේ – තුෂාධවි

  • අදත් කොවිඩ්-19 මරණ 03ක් – මුළු මරණ ගණන 61 දක්වා ඉහළට

    අදත් කොවිඩ්-19 මරණ 03ක් – මුළු මරණ ගණන 61 දක්වා ඉහළට

    අද දින (16) කොවිඩ්-19 ආසදනය වූ පුද්ගලයින් -03 දෙනකු මිය ගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ප.ව 21.15ට නිකුත් කළ නිවේදනයක සදහන් වේ. මියගොස් ඇත්තේ වයස අවුරුදු 70ක සහ 75 හැවිරිදි පිරිමි පුද්ගලයින් දෙදෙනකු සහ 84 වැනි වියේ පසු වූ කාන්තාවකි.

    මෙම මරණ තුනත් සමග ලංකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 61 දක්වා ඉහළ ගිය බවයි අදාළ ප්‍රවෘත්ති නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.

  • වැඩිහිටියන් රැකගන්න නම් කොළඹ වසා දමන්න – පුරපතිනිය ඉල්ලයි

    වැඩිහිටියන් රැකගන්න නම් කොළඹ වසා දමන්න – පුරපතිනිය ඉල්ලයි

    ගෙදරට වෙලා නිරෝධායනය වෙන්න කියලා කොච්චර කිව්වත් පැල්පත්වාසීන්ට එහෙම කරන්න අවකාශයක් නෑ. එහෙම කරන්න නම් මේ අවස්ථාවේ රජය විසින් දැඩි පාලනයකට යටත් කරමින් කටයුතු කළ යුතුයි. දින 14ක් දින 21ක් අතර කාලයක් ලොක්ඩවුන් කිරීමක් කරලා මේක පාලනය කළේ නැත්නම් භයානක තත්ත්වයක් ඇති වෙයි‘

    මෙහෙම කියන්නේ කොළඹ පුරපතිනිය, රෝසි සේනානායක මහත්මිය.

    ඇය මේ බව ප්‍රකාශ කළේ අද (16) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදීයි.

    එහිදී වැඩි දුරටත් තම අදහස් පළ කරමින් පුරපතිනිය කියා සිටියේ කොළඹ මහ නගර සභා සීමාව තුළ ජීවත් වන වැඩිහිටි ජනගහනය ඉහළ බවත් කොවිඩ් වසංගතයෙන් ඔවුන් බේරා ගැනීමේ හැකියාවක් තිබේද යන්න අද ප්‍රශ්නයක් බවට පත්ව ඇති බවත්ය.

    කොවිඩ් සමග ජීවත්වෙනවා යනු කොවිඩ් දෙවන රැල්ල සමග ජීවත් වීම නොවන බවත් කොවිඩ් සමග ජීවත්වෙන්න නම් දෙවැනි රැල්ල අනිවාර්යෙන් පාලනය කළ යුතු බවත් මෙහිදී රෝසි සේනානායක මහත්මිය අවධාරණය කළා.

    මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රෝසි සේනානායක මහත්මිය,

    ” අපි දැඩි සංචරණ සීමා දාලා නගරය දැඩි පාලනයකට යටත් කරලා කිසිකෙනෙකුට නගරයට ඇතුළු නොවන විදිහටත් කිසිකෙනෙකුට හුදකලා කරපු තැන්වලින් එළියට බහින්න බැරිවෙන විදිහට දැඩි පාලනයක් යටතේ මේක පාලනය කරේ නැත්නම් ලොකු ව්‍යවසනයකට අපිට මුහුණ දෙන්න සිදුවෙනවා. ඊයේ මට්ටක්කුලිය ප්‍රදේශයේ සමහර තැන්වල නිරෝධායනයට ලක්කරපු පවුල්වල අය නිවෙසින් බැහැරව රැකියා ස්ථානවලට යනවා කියන එක අපිට හඳුනගන්න ලැබුණා. මරණ සංඛ්‍යාව එන්න එන්නම වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නෑ‘

  • 2021 අයවැය හෙට පාර්ලිමේන්තුවට

    2021 අයවැය හෙට පාර්ලිමේන්තුවට

    2021 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැරව ණය ලබාගැනිම සඳහා වන විසර්ජන කෙටුම්පත දෙවන වර කියවීම සඳහා අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය වන මහින්ද රාජපක්ෂ මහතා විසින් හෙට (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.

    2021 විසර්ජන කෙටුම්පත පසුගිය ඔක්තොබර් 06 වැනිදා ගැසට් පත්‍රයේ පල කිරීමෙන් පසු එය ඔක්තොබර් 20 වැනිදා මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

    අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍යවරයා විසින් 2021 විසර්ජන පනත් කෙටුම්පත දෙවෙනිවර කියවීම (අයවැය කථාව) ඉදිරිපත් කිරීම සඳහා හෙට (17) පස්වරු 1.40ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා නිවේදනය කර සිටී.

    ඉන් පසුව මහින්ද රාජපක්ෂ මහතා විසින් අයවැය ප්‍රකාශය සිදු කරනු ඇත. එය මෙරට 75 වැනි අයවැය වාර්තාව ලෙස සැලකේ.

    2021 මුදල් වර්ෂයට අදාලව රජයේ සේවා වියදම් සඳහා රුපියල් බිලියන 2678ක් වෙන් කිරීම සහ ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැරව රුපියල් බිලියන 2900ක සීමාවකට යටත්ව ණය ලබා ගැනීමට විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබේ.

    අග්‍රාමාත්‍යවරයා විසින් අයවැය ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 18 වැනිදා සිට 21 වැනිදා දක්වා අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත්වේ. දෙවන වර කියවීම පිළිබඳ ඡන්ද විමසීම 21 වැනිදා පස්වරු 5.00ට පැවැත්වේ. ලබන 18 වැනිදා සිට 20 වැනිදා දක්වා  පාර්ලිමේන්තුව පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා පැවත්වේ.

    ඉන් අනතුරුව අයවැය කාරක සභා අවස්ථාව ලබන 23 වැනිදා සිට දෙසැම්බර් 10 වැනිදා දක්වා පැවැත්වේ. දෙසැම්බර් 10 වැනි දින පස්වරු 5.00ට ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

    අයවැය ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන හෙට (17) දිනයේ සිට අයවැය විවාදය පැවැත්වෙන සම්පූර්ණ කාල සීමාව තුළ සියළු සෞඛ්‍ය මාර්ගෝපදේශයන් සහ රෙගුලාසීන්ට අනුකූලව පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව ධම්මික දසනායක මහතා සඳහන් කළේය.

    හෙට දිනයේ විදේශ තානාපතිවරු සහ මුදල් අමාත්‍යංශයේ අවසර ලත් නිලධාරීන්ට පමණක් පාර්ලිමේන්තු රැස්වීම සඳහා ආරාධනා කර ඇති අතර අයවැය ප්‍රකාශය පැවැත්වෙන කාලසීමාව තුළ කථානායක ගැලරියේ සෞඛ්‍ය ආරක්ෂිත විධි විධානයන්ට යටත්ව ආසන පනවා ඇත. මහජන ගැලරිය සහ මාධ්‍ය ගැලරිය තවදුරටත් වසා තැබෙනු ඇත.

    අයවැය ප්‍රකාශය සිදු කිරීමෙන් පසු මුදල් අමාත්‍යවරයා විසින් සම්ප්‍රදායානුකූලව පවත්වන තේ පැන් සංග්‍රහය මෙවර පැවැත්වෙන නමුත් එය පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්, විදේශ තානාපතිවරුන් සහ ආරාධිතයින්ට පමණක් සීමා වනු ඇත.

  • අද දින Covid-19 ආසාදිත මරණ 05ක් – මුළු මරණ ගණන 58ක්

    අද දින Covid-19 ආසාදිත මරණ 05ක් – මුළු මරණ ගණන 58ක්

    අද (15) දින කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් පුද්ගලයින් 05 දෙනකු මිය ගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද දින ප.ව 18.10ට නිකුත් කළ මාධ්‍ය නිවේදනය සදහන් වෙනවා. ඒ අනුව කොවිඩ් ආසාදනය හේතුවෙන් මියගිය පුද්ගලයින් ගණන 58 දක්වා ඉහළ යන බවයි අදාළ මාධ්‍ය නිවේදනයේ සදහන් වන්නේ.

    මේ අතර අද දින 18.05ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයක සදහන් වුණේ අද දින මේ දක්වා (ප.ව 18.05) නව ආසාදිතයින් 544 දෙනකු වාර්තා වූ බවයි. වාර්තා වූ සියලම ආසාදිතයින් පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් බවයි අදාළ නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.

  • ගෝඨා සහල් අර්බුදයේදී හත්පොලේ ගාගත්ත හැටි හෙළිවෙයි !

    ගෝඨා සහල් අර්බුදයේදී හත්පොලේ ගාගත්ත හැටි හෙළිවෙයි !

    ඩබ්. ඩි. කේ. මුදිත් පෙරේරා – ආරම්භක සභාපති – ශක්ති සහල් ව්‍යාපෘතිය -2019 – ශ්‍රී ලංකා සහල් නිශ්පාදකයින්ගේ සමුපකාර සංගමය

    ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජයට වසරක් පිරෙන විට සහල් වෙනුවෙන් පාරිභෝගික අධිකාරිය නිකුත් කල ගැසට් නිවේදන ප්‍රමාණය 05 කි. එහෙත් වෙළදපොලේ රජය නියම කර ඇති මිලට සහල් නම් තාමත් නැත.

    යහපාලන රජය 2015 වසරේ සිට 2019 නොවැම්බර් 16 දක්වා කාලය තුළ ගෙවුණු වසර පහ තුළ  සහල් වෙනුවෙන් පාරිභෝගික අධිකාරිය හරහා ප්‍රකාශයට පත් කර ඇති ගැසට් නිවේදන සංඛ්‍යාව පහකි.  ගෝඨාභය රාජපක්ෂ රජය එක් වසරක් තුළ දී එම සංඛ්‍යාව  සමාන කිරීමට සමත් වී ඇත. 

    ඉදිරියටත්  සිදුවනුයේ  පසුගිය වසරක කාලය තුළ සිදුවූවා වූ ආකාරයම නම් 2025 වන විට සහල් වෙනුවෙන් ගැසට්  නිවේදන  25ක් නිකුත්  වුවද ජනතාවට එය  පුදුමයක් නොවනු ඇත.  ඒ අනුව ගැසට් නිවේදන 5කින් පසුව ද ගෝඨාභය රාජපක්ෂ  මැතිතුමාගේ නව රජය  සහල් වෙළඳපොල  තුළ අතරමංවී ඇති බව පැහැදිලිය. මේ ගෝඨාභය රාජපක්ෂ රජය සහල් වෙළෙඳපොළ තුළ අනාථ වීමට බලපාන ලද කරුණු පිළිබඳව  කරන  පැහැදිලි කිරීමකි.

    ශක්තිව්‍යපෘතිය – 2019

    2020 වසරට ( ලක්ෂ 50යි)   වඩා 2019  වසරේ අස්වැන්න  මෙට්ට්‍රික් ටොන් ලක්ෂහතරකින් අඩුය. (  ලක්ෂ 46 ) .  2019 වසරේ යහපාලන රජය ගෙදර යන දිනය දක්වා ලංකාව තුළ සහල් මිල හෝ සහල් සැපයීම සම්බන්ධව කිසිදු ගැටළුවක්  නොතිබූ අතර  වී මිල පහළ යාම සම්බන්ධයෙන් ද කිසිදු චෝදනාවක් රජයට නොතිබුණි. ඒ අනුව  වී  ගොවියාත්  සහල් පාරිභෝගිකයාත් තෘප්තිමත් වන ලෙස වෙළෙඳපොළ හැසිරවීමට 2019 වසරේ දී ආචාර්ය හර්ෂ ද සිල්වා මැතිතුමාගේ  උපදෙස් මත ආර්ථික ප්‍රතිසංස්කරණ හා පොදු සැපයුම් අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වූ  ශක්ති සහල් ව්‍යාපෘතියට හැකි විය .

    2017 වසරේදී ලංකාවේ වී නිෂ්පාදනය පැවැති නියඟය හේතුවෙන් විශාල වශයෙන් අඩාල විය. රිෂාඩ් බදුර්දින් සහ  පී හැරිසන් යන අමාත්‍යවරුන් අනවශ්‍ය පරිදි   සහල් තොග  ආනයනය කිරීම නිසා දේශීය කුඩා හා මධ්‍ය පරිමාණ  සහල් මෝල් හිමියන්ට යන එන මං නැතිවිය.. බැංකු ණය ගෙවාගත නොහැකිව එක් මෝල් හිමියකු සිය දිවි නසා ගන්නා ලදී. 2000 වසරේ සිට   ක්‍රියාත්මක වූ රජයන් වල අදූරදර්ශී  වැසටහන් නිසා ගතවූ දශක දෙකක කාලය තුළ  සුළු හා මධ්‍ය පරිමාණ  සහල් මෝල්  හිමියන් ගණන 2000 සිට 700 දක්වා පහත වැටී තිබුණි  පැවති රජයන් සියල්ලක්ම මහා පරිමාණ මෝල්  හිමියන් කීපදෙනා සංවර්ධනය කිරීමට උත්සාහ කළා මිස  කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියා ආරක්ෂා කිරීමට   පියවර ගෙන නොතිබිණි. 

    2018 වසරවනවිටකුඩාහාධ්‍යපරිමාණමෝල්හිමියන්මුහුණපාසිටිගැටලු

    1 – බැංකු ණය වාරික ගෙවා ගත නොහැකිවීම

    2-  තම සහල් මෝල පවත්වාගෙන යාම සඳහා ප්‍රමාණවත් කාරක ප්‍රාග්ධනයක් නොමැති වීම (අසාදු ලේඛන ගත ව ඇති බැවින් තවදුරටත් බැංකු ණය ලබාගත නොහැක)

    මෙම ගැටළු පිළිබඳව 2018 වසරේදී සමස්ථ ලංකා සහල් නිෂ්පාදකයින්ගේ සංගමය  විසින් පැවැති රජය දැනුවත් කළ අතර ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උපදෙස් මත  ආර්ථික ප්‍රතිසංස්කරණ හා  පොදු සැපයීම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මැතිතුමා මෙම ගැටලුව නිරාකරණය කිරීම සඳහා සුදුසු වැඩ පෙළක් සකස් කිරීම ආරම්භ කරන ලදී. ඒ අනුව අමාත්‍ය මණ්ඩල සංදේශයක් මගින් සහල් මෝල් හිමියන්ට එරෙහිව බැංකු විසින් ගනු ලබන නීතිමය ක්‍රියාමාර්ග  ( නඩු පැවරීම හා දේපල වෙන්දේසි )  තාවකාලිකව අත්හිටුවීමට ‍රජය ක්‍රියා කරන ලදී. මීළගට අමාත්‍ය හර්ෂ ද සිල්වා හමුවේ තිබූ විශාලතම ගැටළුව වූයේ මේ අකර්මන්‍ය වී පවතින කර්මාන්තකරැවන්ට කාරක ප්‍රාග්ධනය සපයන්නේ කෙසේද යන්නයි.  

    ඇතැම් මෝල් හිමියන් බැංකු විසින්  කර්මාන්තයේ ක්‍රියාකාරීත්වය වෙනුවෙන් ලබා දුන් ණය මුදල් භාවිතා කර තිබුණේ අධි සුඛෝපභෝගී මෝටර් රථ මිලදී ගැනීමට සහ දැවැන්ත මාලිගාව ඉදි කිරීමට විය.  තවත් මෝල් හිමියන් කීපදෙනෙක් එකම වී තොගය බැංකු දෙකකට උගස්කර ණය ලබාගෙන තිබුනි. ඒ අනුව යලිත් බැංකුවලට නම් එම මෝල් හිමියන්ට  යළිත් ණය ලබාදෙන ලෙස ඉල්ලා සිටීමට රජයට හැකියාවක් නොතිබිණි.  ඒ අනුව සහල්  මෝල් හිමියන්ට තනි තනිව බැංකු ණය ලබා දීම අවදානම් සහගත ක්‍රියාවක් බවත්  වඩාත් සුදුසුම ක්‍රියාමාර්ගය වනුයේ සහල් මෝල් හිමියන්  දිස්ත්‍රික් මට්ටමින් සමුපකාර ගතකර, එම සමුපකාර සමිතියට රජය මගින් කාරක ප්‍රාග්ධන ණය මුදලක් ලබාදී සමිතියේ  කළමනාකාරිත්වය මගින් සහල් මෝල් කළමනාකරණය කිරීමත්  ඒ හරහා ලැබෙන ආදායමෙන්  සහල් මෝල් හිමියන් ගේ හිඟහිටි බැංකු ණය වාරික ගෙවීම සුදුසු බවටත් තීරණය විණි.

    පොළොන්නරුව ,  අනුරාධපුරය, පුත්තලම,  කුරුණෑගල,  මහනුවර,  මඩකලපුව,  අම්පාර,  හා  හම්බන්තොට  දිස්ත්‍රික්ක තුල  සහල්  නිෂ්පාදකයන්ගේ සමුපකාර සමිති  පිහිටවූ අතර එම සියලුම සමිති  ආවරණය කරමින් රේඛීය සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ශ්‍රී ලංකා සහල් නිෂ්පාදකයින්ගේ සමූපකාර සංගමය පිහිටුවන ලදී.  ශක්ති වෙළද නාමයේ අයිතියත් සියළු දිස්ත්‍රික් සහල් නිෂ්පාදකයින්ගේ සමුපකාර සමිති නියාමනය කිරීමත් මෙම සංගමයට පැවරිණි. 2019 මාර්තු මස අගදී මහා භාණ්ඩාගාරය විසින් රුපියල් මිලියන දහසක් මෙම සමුපකාර සමිති 8 සඳහා කාරක ප්‍රාග්ධනය වශයෙන් වෙන් කළ අතර 2019-04 මස සිට  ව්‍යාපෘතිය  ආරම්භ විය. මෙම ව්‍යාපෘතිය මගින් සිදු වූයේ සමුපකාර සමිතිය විසින් මිලදීගෙන (  අවම වී මිල රජයේ සහතික වී මිල )  තම සාමාජික සහල් මෝල් හිමියන් මගින් සහල් බවට පත්කර රජයේ රජයේ උපරිම සිල්ලර මිලට යටත්ව සහල් තොග වෙළඳපොලට සැපයීමයි.  සහල් මෝල් හිමියන් විසින්  නිෂ්පාදනය කරනු ලබන සහල්  වෙනුවෙන් සමූපකාර සමිතිය ඇඹරුම් ගාස්තුවක් මෝල් හිමියාට  ගෙවූ අතර  එම ආදායමෙන් මෝල් හිමියා ගේ මාසික බැංකු ණය වාරික ගෙවීම් සිදු විය. 

    මෙම  ව්‍යාපෘතිය  ප්‍රධානතම සමුපකාර සමිතිය වනුයේ  සහල් මාෆියාවේ අගනුවරවන  පොලොන්නරුවේ පිහිටුවා ඇති  දිස්ත්‍රික් සහල්  නිෂ්පාදකයින්ගේ සමුපකාර සමිතියයි. සමිතිය   වී මිලදී ගැනීම් ආරම්භ කරන විට වෙළෙඳ පොළේ සම්බා වී කිලෝවක මිල රු 35.00  කි. සමිතිය රුපියල් 41 බැගින්   වී මිලට ගැනීම ආරම්භ කළ පසු වෙළඳපොලේ වී මිල රුපියල් 41 දක්වා සති දෙකක් ඇතුළත දී ඉහළ ගොස් ඇත.  එසේම එම සමිතිය සහල් තොග අලෙවි කිරීම් ආරම්භ කරන විට වෙළදපොලේ සම්බා සහල් කිලෝවක මිල රුපියල්  115  ඉක්මවා ගොස් තිබූ අතර එම මිල සතියක් ඇතුළත දී රුපියල් 85 දක්වා අඩුවී ඇත.

    ව්‍යාපෘතියේ මාර්ගෝපදේශණ කඩකරමින් පළාත් සමුපකාර නිලධාරීන්ගේද සහය මත හම්බන්තොට සහ කුරැණෑගල සහල් මෝල් හිමියන්  වංචනික කටයුතු කිරීම නිසා එම සමිති දෙක ව්‍යාපෘතියෙන් තාවකාලිකව බැහැර කිරීමට අමාත්‍යංශයට සිදු විය. විශේෂයෙන්ම මෝල්හිමියෙකුගේ සියදිවි නසා ගැනීමක් වාර්තා වූ හම්බන්තොට දිස්ත්‍රික් සහල් නිෂ්පාදකයින්ගේ සමිතියට ලබා දුන් මුදල එම සමිතියේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකු අවභාවිතා කර තිබුණි. අවම වශයෙන් සියදිවි නසාගත් මෝල්හිමියාගේ ව්‍යාපාරය සදහා වී කිලෝ සියයක් වත් ලබා දීමට ඔවුන් කටයුතු කර නොතිබූ අතර, එම පුද්ගලයින් පසුගිය මැතිවරණ වලදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආණ්ඩු පක්ෂ ප්‍රබලයෙකු වෙනුවෙන් සේවය කර ඇත.

    ව්‍යාපෘතිය ආරම්භයේ දී එනම් 2019  අප්‍රේල් මස සිට දෙදහස් 2019 ඔක්තෝබර් දක්වා සමිති විසිනි ගොවීන්ගෙන් වී මිලදී ගනු ලැබූ අතර ඔක්තෝම්බර් මස සිට වී අලෙවි මණ්ඩල සතු ව තිබූ වී තොගය සහ බවට පත්කර කරමින් ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක විය. එම කාලය තුළ ලංකාවේ සහල් මිල නාඩු 80 /= සහ සම්බා රු 85/= පැවතිනි. ව්‍යාපෘතියට දිනකට සහල්  කිලෝග්‍රෑම් ලක්ෂ පහක් දක්වා වෙළඳපොළට සැපයීම්ට හැකියාව තිබූ අතර එය ලංකාවේ ප්‍රධානතම මහා පරිමාණ සහල් මෝලේ  ධාරිතාවයට සමාන විය. රාජ්‍ය අනුග්‍රහයත්,   ධාරිතාවයත්,   සහල් තොග වල ප්‍රමිතියත් ,ආචාර්ය හර්ෂ ද සිල්වා ගේ උපක්‍රමශීලීත්වයත්   හේතුවෙන්  මෙම  ව්‍යාපෘතියට  මහා පරිමාණ මෝල් හිමියන්ගේ මාෆිය ක්‍රියාකාරීත්වය බොහෝ දුරට අඩපණ කිරීමට හැකි විය . 2019  ජනාධිපතිවරණ‍යෙන් සතියකට පසු මෙම ව්‍යාපෘතිය නවතා දැමීම ඉහළ අණකින් සිදු වූ අතර ඉන් සති කිහිපයකට පසු එනම්  2019-12-19 දින නව රජයේ පළමු සහල්  ගැසට්ටුව නිකුත් කරමින් සහල් මිල රු 98.00 දක්වා ඉහල දමමින් ගැසට් නාටකය ආරම්භ කරන ලදී.

    ආණ්ඩු පෙරළියත් සමගම ව්‍යාපෘතියේ ප්‍රධානතම සමිතිය වන පොළොන්නරැව දිස්ත්‍රක් සමිතිය ආණ්ඩු පක්ෂයේ රාජ්‍ය අමාත්‍ය වරයෙකුගේ (පසුගිය කාලයේ හාල් මාෆියාවට එරෙහිව ව්‍යාජ රංගනයක් කල ) හෙන්චයියන් විසින් උතුරැ මැද සමුපකාර  කොමසාරිස්වරියගේ ආශිර්වාදය මත අත්පත් කරගන්නා ලදී.

    අද සහලේ අර්බුදය හමුවේ ආණ්ඩුවේ  යම් මැති ඇමැතිවරු මෙම මාෆියාව මර්දනය කිරීම සඳහා රජය විසින් සහල් මෝල් ඉදි කල යුතු යැයි යෝජනා කරන විට පෙර රජයේ  ආචාර්ය හර්ෂ ද සිල්වා තිබූ සුළු හා මධ්‍ය  පරිමාණ සහල් මෝල් හිමියන් නිසි පරිදි කළමනාකරණය කරමින් සහල් මාෆියාව මර්දනය කර තිබූ බව නොදැන සිටීම හාස්‍යට  කරුණකි.

    2019  ජනාධිපතිවරණඋණුසුම

    2019   ජනාධිපතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ සහල් මෝල් හිමියන්ගේ සංගමය බිහිවිය. එම සංගමයේ  ප්‍රධානතම පොරොන්දුවක් වූයේ ගෝඨාභය රාජපක්ෂ  මැතිතුමා  ජනාධිපති වූ සැනින් මෝල් හිමියන්ගේ ණය කපා හරිනු ලබන බවයි . කුඩා මෝල් හිමියන්ගේ සමස්ත ණය  ප්‍රමාණය රුපියල් බිලියන 15 ඉක්මවයි..  ඒ අනුව කුඩා මෝල් හිමියන් කල්පනා කළේ සහල් නිෂ්පාදනය කර ඒ ලැබෙන ආදායමෙන් ණය ගෙවීම් වෙනුවෙන් සජිත් ප්‍රේමදාසට ඡන්දය දෙනවාද එසේත් නැත්නම් නිකං ඉද  ණය කපා ගැනීම වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ  මැතිතුමාට ඡන්දය ලබා දෙනවාද යන්නයි.  මෝල් හිමියන්ගෙන් අතිබහුතරය නිකං  ඉද තම බැංකු ණය කපා ගැනීම වෙනුවෙන් 2019  නොවැම්බර් 16 වන දින පොහොට්ටුව ඉදිරියේ තම  කතරය ගැසූ බව සුප්‍රකට කරුණකි.  ඒ  අතරම  මහා පරිමාණ මෝල්  හිමියන්ද ගෝඨාභය රාජපක්ෂ  මැතිතුමාගේ   ජයග්‍රහණය වෙනුවෙන් දැවැන්ත මුදලක් වියදම් කරන්නට  විය.

    ණය කපා ගැනීමේ  සිහිනයෙන් මත් වී සිටි පොදුජන පෙරමුණේ සහල් මෝල් හිමියන්ගේ සංගමයේ සම සභාපතිවරයා බව කියන පුද්ගලයා  2019 වසරේ දෙසැම්බර් විසි දෙවන දින මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් රජය මෝල් හිමියන්ගේ සියලු ණය කපා හැරි බව ප්‍රකාශ කළ මුත් අද වනතුරු රජය එවන් තීරණයක් ගෙන නොමැත. ණය කපා ගැනීමේ උත්සාහයට ශක්ති ව්‍යාපෘතිය බාධාවක් බව පොදුජන පෙරමුණේ මෝල් හිමියන්ගේ සංගමයේ , මහා මෝල් හිමියෙකුගේ ඉත්තන් බවට පත්ව සිටින ප්‍රධානීන්ට  ඒ වනවිට ඒත්තු ගොස් තිබුණි. 

    ඒ අනුව ශක්ති සහල් ව්‍යාපෘතිය නවතා දැමීම වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජයට බොරු පෙත්සම් ටොන් ගානක් යවා ලණුව දෙනු ලැබුවේ එතුමාගේ  මෝල් සංගමය විසිනි. ( ශක්ති සුදු අලියෙක් කියූ   නිදහස් ව්‍යපාරිකයකු හැදීමට ගිය ඔවුන් දැන් යළිත් සමූපකාර විෂයභාර  අමාත්‍යතුමා පිටුපස‍ යයි. )  ඒ සමඟම   ශ්‍රී ලාංකීය සමුපකාර ඉතිහාස‍යේ නිෂ්පාදන සමුපකාරයක් විසින්  ක්‍රියාත්මක කරන ලද   සාර්ථකම ව්‍යාපෘතිය වන ශක්ති සහල්  ව්‍යාපෘතිය , සියෙස්ටා වෙළඳ නාමයෙන් පසු ලංකාවේ සමූපකාර සමිතියක් විසින් ගොඩනඟන ලද  ජාතික මට්ටමේ  එකම වෙළඳ නාමය වන ශක්ති වෙළඳ නාමයත්  සමග අවසන් ගමන් යන ලදී.

    නවරජයේප්‍රථම සහල්ගැසට්ටුව – 2019- 12-19

    2019-12-19 නව රජය  සහල් මිල වෙනුවෙන් නව මිලක්  ප්‍රකාශයට පත් කරන ලදී. ඒ සම්බා  සහ නාඩු සහල් වර්ග දෙකම විකිණිය හැකි උපරිම සිල්ලර මිල රුපියල් අනූ අටක් ලෙසිනි.  යහපාලන රජය විසින් 2019-05- 31 දින ප්‍රකාශයට පත් කර තිබූ  නාඩු රුපියල් 80 යි හා සම්බා 85 යි යන ගැසට් නිවේදනය මෙම නව නිවේදනයත් සමග අහෝසි විය . 2019 මාර්තු මාසයේදී යහපාලන රජය හා කුඩා , මධ්‍ය , මහා යන සියලු පරිමාණ සහල්  නිෂ්පාදකයන් සමග  සහල් මිල සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්විණි. එහි දී සහල් මිල සම්බන්ධයෙන් යම් මිල සූත්‍රයක් ගොඩනැඟීමට රජයට හැකිවිය. එනම් රජයේ සහතික වී මිල මෙන් 2.1 සහල් සිල්ලර මිල විය යුතු බවයි.

    ඒත් අනුව නාඩු සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 80 ක් වූ අතර සම්බා සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 85 ක් විය.  එම මිල යටතේ 2020 මාර්තු මාසය දක්වා සහල් මිල පවත්වාගෙන යාමට සියලු පාර්ශවයන් එකඟ විය.  එම එකඟතාවයන් පිළිබඳ කිසිදු   සැලකිල්ලක් නොදැක්වූ  රාජපක්ෂ රජය දෙසැම්බර් මාසයේදී සහල් මිල රුපියල් 18  ඉහළ දැමීම මහා පරිමාණ  මෝල් හිමියන්ට ලබාදු දුන් ලොතරැයි වාසනාවක් විය.  ඒ  වන විට  වී තොග තිබුණේ ගොවීන් සතුව නොව මහා මෝල් හිමියන් සතුව ය.  80 සහ 85 යන සහල් මිල ඉලක්ක කර ගනිමින් වී මිලට ගත් මහා පරිමාණ මෝල්  හිමියන්ට රු 98/= සහල් මිල  නිසා තවත් කෝටි ගණනාවක අතිරේක ලාභයක් ලබා ගැනීමට අවස්ථාව උදාවිය.   එය ඔවුන්  ජනාධිපතිවරණය වෙනුවෙන් කරන ලද  කැප කිරීමට ලැබුණු ත්‍යාගයකි  .

    නවරජයේසහතිකවීමිල

    2020  මහ කන්නය සඳහා නව රජය විසින් නව සහතික වී  මිලක් ප්‍රකාශයට පත් කළ නමුත් ඊට සාපේක්ෂව  සහල් මිල යාවත්කාලීණ නොවිණි.

    නාඩු, සම්බා  හා කීරි සම්බා යන වී වර්ග තුනටම රජය ලබා දුන්නේ එකම වී මිලකි.. මේ නිසා ගොවීන් වැඩි වශයෙන් නාඩු වී වගාව කිරීමට පමණක් යොමු වූ අතර එම නිසා වෙළඳපොල තුළ සම්බා, කීරි සම්බා වී තොග හිඟ විය.

    2020-04-10 සහල්මිලඅඩුකිරීම

    කොරෝනා වසංගතයේ හේතුවෙන් මේ වන විට මුළු රටම  ලොක්ඩවුන් කර තිබූ පසුබිමක ජනතාව තිරිඟු පිටි ආහාර වලින් ඈත්ව සහල් පරිභෝජනය කිරීම නිසා සහල්  ඉල්ලුම වෙනදාට වඩා ඉහළ ගොස් තිබුණි.   එසේම සහල් මෝල්  උපරිම ධාරිතාව යුතුව ක්‍රියාත්මක නොවීම නිසා වෙළඳපොල තුළ සහල් හිඟයක් මෙන්ම එනිසාම සහල් මිල ඉහළ යාමක් ද සිදුවීය.   මේ තත්ත්වය නිසියාකාරව වටහා නොගත්  රජය, 65 පරිප්පු සහ 100 සැමන් සදහා රුපියල් 90 දක්වා සහල් මිල පහත හෙළීමත්  කීරි සම්බා සහල් සඳහා ඉතිහාසයේ ප්‍රථම වතාවට  උපරිම සිල්ලර මිලක් පැනවීමත්  නව රජය සහල් අර්බුදයක් නිර්මාණය කර ගැනීම සඳහා වෙළෙඳපොළ පිළිබඳව අවබෝධයකින් තොරව  ක්‍රියා කළ තවත් අවස්ථාවක් විය.  නූතන දේශීය සහල්  කර්මාන්තයේ පියාවන නිපුන සහල් අධිපති සිරිපාල ගම්ලත් මැතිතුමා  මේ වෙළෙඳපොළ තත්ත්වය පිළිබදව  රජයට  පැහැදිලි කරදීමට උත්සාහයක් ගත් නමුත් එය තේරුම් ගැනීමට  රජයේ කිසිවකුට  අවශ්‍යතාවයක් නොවීය.

    වතුර බේරෙන  සහල්  ඇසුරුම් කර වෙළඳපොලට සපයන කිසිදිනක කීරි සම්බා සහල් නිෂ්පාදනය කර නොතිබූ කුඩා පරිමාණ  මෝල් හිමියන් කිහිපදෙනෙකුගේ අමනෝඥ උපදෙස් නිසා රජය කීරි සම්බා සඳහා පැනවූ රුපියල් එකසිය විසි 125 ක  උපරිම සිල්ලර මිල ඇත්ත වශයෙන්ම විහිළුවක් විය.

    2020-05-28 සහල්මිලවැඩිකිරීම

    මීට ඉහතදී   රුපියල් 90 දක්වා සහල් මිල අඩු කිරීම සාර්ථක පිළියමක් නොවන බව ඩඩ්ලි සිරිසේනගේ  ප්‍රතිචාරයත් සමග තේරුම්ගත් රජය මෙදින නාඩු 96/= දක්වා සහ සම්බා රු 98/= දක්වා ඉහල දැමූ මුත් යලිත් සහල් කර්මාන්තයේ ළදරුවකුගේ උපදෙස් මත කීරි සම්බා සහල් කිලෝවක මිල රුපියල් 120 දක්වා පහත හෙලීය. නිසි   ප්‍රමිතියෙන් යුතුව  කීරි සම්බා සහල්  නිෂ්පාදනය කිරීමේදී  වසරක පමණ කාලයක්  වී තොග ගබඩාවේ රඳවා තබාගත යුතුය. වී කිලෝවක් වෙනුවෙන් මාසිකව සත පනහක පමණ මුදලක් බැංකු පොලී වශයෙන් වැයවේ. ඒ අනුව රුපියල් 50ට මිලදී ගත් වී කිලෝවක් වසරකට පසු සහල් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා විට රුපියල් පනස් හයක් පිරිවැය වී ඇත.

    2020-07-23 වීතොග / සහල්තොගසත්වආහාරසඳහාලබාදීමඅත්හිටුවීමේගැසට්නිවේදනය

     මහවැලි කලාපයන්හි යල කන්නය සඳහා  ජලය  නිකුත් කිරීම  වෙන වසරවලට  වඩා සති හයක් කලින් සිදුවිය.  අගෝස්තු හා සැප්තැම්බර් මාස  වල දී වෙළඳපොළට වෙනදා පැමිණෙන යල කන්නයේ වී අස්වැන්න මෙම වසරේදී ජුලි සහ අගෝස්තු මාසවලදී වෙලද පොලට ලැබුනි.  මෙම වී තොග මිලට ගැනීම වෙනුවෙන් රජයට  කිසිදු යාන්ත්‍රණයක් නොතිබූ අතර වෙළෙඳපොළ අතිරික්ත වී තොග සත්ව ආහාර ලෙස සකස් කර අලෙවි කිරීමට  මෝල් හිමියන්ට සිදුවිය.  වෙළෙඳපොළ තත්වයන් සම්බන්ධයෙන්ව හරිහමන් දැනුමක්  තිබූ එක් ඇමති ඇමතිවරයෙකු හෝ මෙම රජයේ හිටියේ නම් ගැසට් නිවේදන ගසා වී සත්ව ආහාර ලෙස ලබා දීම  අත්හිටුවීම දක්වා ප්‍රශ්ණය දුරදිග නොයනු  ඇත.  කළ යුතුව තිබුණේ අදාළ වී තොග රජයට මිලට ගැනීම වෙනුවන්   යාන්ත්‍රණයක් සකස් කිරීම හෝ අදාළ වී තොග කඩිනමින් සහල් කර රජය ආරක්ෂිත සහල් තොග ලෙස පවත්වාගෙන යාමයි . ගැසට් නිවේදන වදින විට යල කන්නයේ අස්වැන්නෙන්   25% අධික ප්‍රමාණයක් සත්ව ආහාර ලෙස යොමු කොට අවසන් කර තිබුනි.

    එසේත් නොමැති නම් සත්ත්ව ආහාර සඳහා අවශ්‍ය වෙනත් ධන්‍ය ආදේශකයක්  අදාල පාර්ශවයන්ට ලබාදී තිබුණේ නම් ඔවුන් කිසිදු  අවස්ථාවක සහල් තොග  සත්තුන්ට කන්න  නොදෙනු ඇත 

    2020-11-04 සහල්තොගමිලගැසට්නිවේදනය

    සෑම වසරකදීම ඔක්තෝම්බර් පහළොවෙන් පසු සහල් මිල ඉහළ යාම  ඉතිහාසය පුරාම සිදුව ඇත.  යල කන්නය සති හයක් කලින් ආරම්භ වීම්ත් එම වී  තොග සත්ව ආහාර ලෙස නිෂ්පාදනය වීමත් නිසා මෙවර සහල් මිල ඉහළ යාම සැප්තැම්බර් මාසයේ සිට ආරම්භ විය.  සහල් මිල ඉහළ යන්නේ කුමන කාරණයක් නිසා ද යන්න තේරුම් නොගත්  මේ රජය මෙදින සහල් සඳහා  උපරිම තොග මිලක් නියම කරන ලදී.  වර්තමාන වෙළඳ අමාත්‍යවරයා ආර්ථික විද්‍යා  ආචාර්යවරයෙකි.  ඉල්ලුම් හා සැපයුම සම්බන්ධව  ප්‍රවීණ දේශකයෙකි.  එහෙත් එතුමා  තමන් උගත් ශාස්ත්‍රය මත නොව  ගැසට් නිවේදන මත වෙළෙඳපොළ හැසිරවීමට යන්නේ ඇයි යන්න ප්‍රහෙලිකාවකි. මෙම ලිපිය සකස් කරන විට අදාල තොග ගැසට් නිවේදන නිකුත් කර දින දහයකට අධික කාලයක් ගතවී ඇතත් අදත් වෙළඳපොල තුළ රජය කියන  මිලට සහල් නැත.  සිදුව ඇත්තේ  සහල් මෝල් හිමියන් සහල්  නිෂ්පාදනයෙන් ඈත්වීම පමණකි.- රටේ ප්‍රධාන ආහාරය සිල්ලර වෙළදුන් අලෙවි කරන්නේ සගවාගෙනය.

    රජයේවීමිලදීගැනීමේ වැඩසටහන්

    01-  වී අලෙවි මණ්ඩලය -වී අලෙවි මණ්ඩල ඉතිහාසයේ අසාර්ථකම  ( නව සහතික  මිලක් ප්‍රකාශ කල පසු ) වී මිලදී ගැනීම් සිදු වූයේ මේ 2020 වසරේය .  මහ කන්නයේදී වී මෙට්‍රික් ටොන් 25000න් සීමා වීමට මණ්ඩලයට සිදු විය. 2019 වසරේදී රු 38/= ට වී ටොන් 50000 මිලට ගත් වී අලෙවි මණ්ඩලයට 2020 වසරේදි රු 50 බැගින් හමුදා සහය මත මිලට ගත් හැකි වූවේ 2019 සාපේෂ්ව 50% කි. ඒ අන් කිසිවක් නිසා නොව වී අලෙවි මණ්ඩලයට රුපියල් 50 බැගින් වී මිලට ගන්නට කියූ රජය දිස්ත්‍රික් ලේකම්වරුන්ට රුපියල් පනස් හතර බැගින් වී මිලට ගන්නට  උපදෙස් ලබාදී තිබූ බැවිනි.

    02 – දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ වී මිලදී ගැනීම – රජයේ ප්‍රමිතිය අනුව  වී වල තෙතමනය 14%  කි. රජය සහතික වී මිල ප්‍රකාශයට පත්කරනුයේ ප්‍රමිතියෙන්  යුතු වී තොග වලට ය.  මුදල්   අමාත්‍යංශයේ  වැඩසටහනක්  අනුව මෙවර තෙතමනය 22% වන වී , රු 44/= මිලට ගැනීමට දිස්ත්‍රික් ලේකම්වරුන්ට සිදුවිය. 22% තෙතමනය  වන වී කිලෝවක් 14% දක්වා   වේලීමට ලක්කර  ගබඩා කළ යුතුය.  නැත්නම් වී තොග විනාශ වේ. 22% සිට 14% දක්වා තෙතමනය ඉවත් කිරීමට වී වියලන විට  කිලෝවකින් ග්රෑම් 125ක්  තෙත බර  ඉවත් වේ. ඒ අනුව රජය ඇත්තවශයෙන්ම දිස්ත්‍රික් ලේකම්වරු හරහා රු 44 බැගින් මිලට ගනු ලැබුවේ වී කිලෝවක් නොව ග්‍රෑම් 875 කි.  එම වී තොග වේලීම වෙනුවෙන් තවත් රුපියල් හතරක් රජය වැය කල අතර මේ  වැඩසටහන අනුව වී කිලෝවක පිරිවැය 54.28  විය. 

    රජය රුපියල් හතලිස් හතර බැගින් තෙත වී මිලට ගන්නා විට පුද්ගලික අංශයට ද 44 බැගින් තෙත වී මිලට ගන්නට සිදුවූ අතර වේලූ  පසු වී කිලෝවක පිරිවැය රු  53.00 විය. 

    දිස්ත්‍රික් ලේකම්වරු සතු වී තොග සහල් බවට පත්කිරීම

    දිස්ත්‍රික් ලේකම්වරු සතුව පැවතුනේ රජයේ  ආරක්ෂිත වී තොගයකි.  ආරක්ෂක තොගයක් වෙළඳපොළට නිකුත් කළ යුත්තේ හිගයක් පවතින අවස්ථාවක ය . ඒ වෙනත් රටවලය. ලංකාවේ සිදුවූයේ එහි අනෙක් පැත්තය.   වසරේ ජුනි,  ජුලි අගෝස්තු  මාස වල දී සහල් තොග මිල රුපියල් 80 – 85  අතර පහල වැටුනු  අතර ඉතිං අපේ රටේ මුදල් අමාත්‍යංශ නිලධාරීන්  රජයේ  ආරක්ෂිත තොගය  සහල් බවට පත් කළ යුතු සුදුසුම කාලය ලෙස එම කාලය තීරණය  කලහ.  ඒ අනුව අදාල නාඩු  සහල් තොග රුපියල් 95 බැගින් ලංකා සතොස  ආයතනයට ලබාදුනි. සතොසට එම කාලයෙදී රු 85  බැගින් වෙළඳපොළෙන් සහල් මිලට ගන්නට හැකියාව තිබියදී මේ අපූරු මුදල් අමාත්‍යංශ තීරණ නිසා රු 95 බැගින් සහල් මිලදී ගන්නට සිදු විය.

    එම වී තොග රඳවා තිබුනේ කුඩා මෝල් හිමියන්ගේ ගබඩාතුලය. ලැබෙන තොරතුරු අනුව මෙම තොගවලින් කොටසක් මේ වන විට අතුරුදහන්ය. රජයට මුදල් ද වී ද සහල් ද නැත.  නමුත් රජයේ නිලධාරීන්ට මේ   වැඩසටහන් නියාමනය කිරීම වෙනුවෙන් දිරිදීමනා ලැබී ඇත.

    වී අලෙවි මණ්ඩලයේ වි තොග සහල් බවට පත් කිරිමට ප්‍රමාද වීම

    ඔක්තෝබර් වන විට වි අලෙවි මන්ඩලයේ වි තොග සහල් බවට පත් කිරීම ආරම්බ කර තිබිය යුතුය. පසුගිය අවුරැද්දේ සහල් අර්බුදයක් නොතිබුණු නමුත් 2019- සැප්තැම්බර් මාසයේදි වි තොග සහල් කිරීමට අදාල තීරණ ජිවන වියදම් කමිටුව ගෙන තිබුණි. එහෙත් මේ දේශප්‍රේමි ආණ්ඩුව තිරණ ගනුයේ අශ්වයා පැන ගිය පසු ය.මේ සෑම ප්‍රමාද කිරීමක ම ඇත්තේ සහල් ආනයන කොමිස් සුවද ය.

    ආහාරකොමසාරිස්දෙපාර්තමේන්තුවේසහල්නිෂ්පාදනවැඩවැඩසටහන

    සමුපකාර සමිති හරහා  සහල් නිෂ්පාදනය කරමින් රටේ සහල් වෙලද පොළ පාලනය කිරීම සඳහා රජය විසින් ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 300 ක් වෙන් කර තිබුනි .  මෙම මුදල් භාවිතා කරමින්  සහල්  වෙළඳපොළ පාලනය කිරීම වෙනුවෙන් මැදිහත් වීම අදාල දෙපාර්තමේන්තුවේ වගකීම නමුත් එය එසේ සිදු නොවීය. ඒ වෙනුවට සිදුවූයේ ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ඉහල නිලධාරියෙකු එම මුදල් භාවිතා කරමින් තම පුද්ගලික  සහල්  ව්‍යාපාරය තර කර ගැනීමට කටයුතු කිරීම පමණකි. 

    රජයේ අරමුදල් වලින්  නිෂ්පාදනය වූ සහල් සෘජුවම සමුපකාර සමිති හෝ ලංකා සතොස ආයතනය වෙත යොමු කළ යුතු උවද අදාල ඉහළ නිලධාරියා එම සහල් තොග  ඔහු හරහා අලෙවි කිරීම්ට කටයුතු කරමින් සහල් කිලෝවකින් රුපියල් දෙක තුනක කොමිස් මුදලක් ලබා ගැනීමට කටයුතු කර ඇත . මේ වන විට අදාල රුපියල් මිලියන තුන සීයෙන් මිලියන දෙසීයකට අධික මුදලක් මහා භාණ්ඩාගාරය විසින් නිකුත් කර ඇතත්  ඒ සම්බන්ධයෙන් කිසිදු පාර්ශවයක් පසුවිපරමක් හෝ සිදුකර නොමැත. අඩුම තරමේ අදාල මුදල් වලින් වී මිලදී ගත්තේ ද යන්න  සොයා බැලීමටවත්  කිසිදු  නිලධාරියෙකු  උත්සාහ කර නැත.

    අර්බුදයටවිසදුමසහල්ආනයනයද

    සහල් වෙළෙඳ පොළේ මෙම  අර්බුදයට හේතුවනුයේ රජයේ වී මිල රජයේ සහල්  සිල්ලර මිල අතර ඇති නොගැලපීම‍යි.  රජයේ සහතික වී මිල රුපියල් 50 නම් ඊට සාපේක්ෂව සහල් සිල්ලර මිල රුපියල් 105ක් විය යුතු ය. තැත්නම් සහල් නිෂ්පාදකයාටත් තොග හා සිල්ලර වෙළෙන්දාටත්  තම වෙළඳාම ගැසට් නිවේදන ඇතුලේ කිරීමට  හැකියාවක් නැත. යල කන්නයේ වී අස්වනු  නෙලූ පසු ඔක්තෝබර් මස සිට ජනවාරි දක්වා වී  මිල ඉහළ යාම ඉතිහාසය පුරාම සිදු වූ වූවකි.  එම කාලය තුල වී කිලෝවක මිල රුපියල් 05 සිට රුපියල් 12 දක්වා ඉහළ ගියා අවස්ථා ඕනෑ තරම් ඇත.  මෙවර රජය රුපියල් පනස් හතර බැගින් වී මිලට ගෙන ඇත .  එම රුපියල් පනස් හතරේ මිලේ සිට  තවත් රුපියල් හයක් මේ වන විට වී මිල ඉහල ගොස් ඇත. එය සාමාන්‍ය  තත්ත්වයකි.  රජය රුපියල් පනස් හතර බැගින් වී මිලට නොගත්තේ නම් අද වී මිල වනුයේ රු 56 කි.

    රුපියල් 38 සිට රුපියල් 50 දක්වා වී සහතික මිල ඉහළ දැමූ රජය ඊට සාපේක්ෂව  සහල් මිල අද වනතුරු   යාවත්කාලීන කර නැත. සහල් මිල සූත්‍රය අනුව  2.1  වියයුතු සහල්  මිල 1.76 (රජයේ වී මිල 54.25   සහල් මිල 96  ) තබන  බන්දුල  ගුණවර්ධනලා ඒ මිලට සහල් දෙන ලෙස ගැසට්  නිවේදන ගැසූ පමණින් නිෂ්පාදකයාගේ නිෂ්පාදන වියදම වෙනස් වන්නේ නැත.   බන්දුලගේ ගැසට් නිසා වී කිලෝ සීයකින් ලැබෙන සහල් ප්‍රමාණය ඉහළ යන්නේ නැත. බන්දුලගේ ගැසට් නිසා මෝල් හිමියන්ගේ බැංකු ණය වාරික බැංකුව එපා කියන්නේ නැත. බන්දුලගේ ගැසට් නිසා සේවකයින් නිකන් වැඩ කරන්නේ නැත. බන්දුලගේ ගැසට් නිසා පොළොන්නරුවේ සිට කොළඹට සහල් පියඹා එන්නේ නැත. බන්දුලගේ ගැසට් නිසා රුපියල් සීයට සහල් තොග මිලට ගෙන රුපියල් අනූ හය බැගින් සහල් සිල්ලරට විකුණන්න ද කඩ හිමියන්ට ඔළුවෙ අමාරුවක්  නැත. බන්දුලගේ ගැසට් නිසා   රුපියල් අනූ හතක්  පිරිවැය වන සහල් කිලෝව රුපියල් අනුව දෙක බැගින් තොග දෙන්නට මෝල් හිමියන්ට ඔළුවෙ අමාරුවක් ද නැත.

    සහල් මෝල් හිමියාට 5% ක  ලාභයක් නොමැති නම් මේ කර්මාන්තය කිරීමෙන් ඵලක් නැත. එසේම තොග  වෙළෙන්දාට අවම වශයෙන් රුපියල් දෙකකුත් සිල්ලර වෙළෙන්දාට රුපියල් තුනක  ලාභයක් නොමැතිනම් ඔවුන්ට එම ව්‍යාපාර පවත්වාගෙන යා නොහැක  මේ තත්ත්වය ගැසට් ඇමතිවරු තේරුම් ගත යුතුය .

    සහල් නිෂ්පාදන කර්මාන්ත කරුවන් බන්දුලගේ ගැසට් මේනියාව නිසා අද මුහුණ පා සිටින තත්ත්වය මහා පරිමාණ මෝල් හිමියන් ප්‍රසිද්ධියේ කතා කරන්නේ ද නැත. ඒ පහුගිය දෙසැම්බරයේ  ඔවුන් ලබාගත් රුපියල් 98  මිල නිසා  තවත් වරක් සහල් මිල සංශෝධනය කරන ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිය නොහැකි බැවිනි. එසේම දුරස්ථ පාලකයකින් ක්‍රියාත්මක වන පොදුජන පෙරමුණේ මෝල් සංගමය ද කසාය බිව් ගොලුවන් සේය. ඔවුන්ගේ එකම ඉලක්කය ණය කපා ගැනීම ය. නැත්නම් යලි ණයක් ගැනීම ය. සහල් මිල  සම්බන්ධ ගැටලු නැත. කොහොමත් ඔවුන් බැංකු ණය ගෙවීමට ද බලාපොරොත්තුවක් ද නැත.

    මේ අර්බුදය විසදීමට නම්  සහල් ආනයනය කළ යුතු බව  එක් මහා මෝල් හිමියකු හා වෙළඳ අමාත්‍යවරයා ප්‍රකාශ කරනු පසුගිය දිනවල දකින්නට ලැබුනි. සහල් ආනයනය සිදුවුවහොත්  වෙළදපොල අහිමි වන්නේ මහා පරිමාණ මෝල්  හිමියන්ට නොව කුඩා මෝල් හිමියන්ටය. බැංකු ණය ගෙවා ගත නොහැකිව අසරණ වන්නේ කුඩා මෝල් හිමියන්ය. එවිට  අනාගතයේදි  වාසිය මහ මෝල්ලුන්ටය.. වෙළෙඳ ඇමැතිවරයාත්  මහා මෝල් හිමියකුත්  මේ අර අදින්නේ  තවත් කුඩා මෝල් හිමියන් 60/70 ක්  වසා දැමීමටය. ප්‍රශ්ණ යට ගැසීම සදහා සෑම දිස්ත්‍රික්කයකම පොදු ජන පෙරමුණේ මෝල සංගමයේ ප්‍රධානියාට ලංකා බැංකුවෙන් ණයක් ලැබෙනු ඇත.

    සහල් ආනයනය  ඇමතිවරුන්ට මෙන්ම ඇතැම් රාජ්‍ය නිලධාරීන්ට ද කොමිස් ඉල්ලමක් වනු ඇත. ඔවුන් තීරණ ගැනීමේදී රටේ අවශ්‍යතාවය නොව කොමිස් අවශ්‍යතාවය මත තීරණ ගන්නා බව තේරුම් ගැනීමට නම්  විගණකාධිපතිතුමාගේ  සහල් ආනයනය  පිළිබඳ විශේෂ වාර්තාව කියවිය යුතුය. පොලිස් මත්ද්‍රව්‍ය කාර්්‍යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටියාක් මෙන්ම මෙම සහල් අර්බුදය ද ධන නිධානයක් කරගත් රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකු ඝෝඨාභය රාජපක්ෂ රජය අමාරැවේ දමා ඇත. එම නිලධාරීන් ද වසරක් පුරා ආණ්ඩුවට විහිළු කළ පොදු ජන පෙරමුණේ මෝල් සංගමය සමග තවදුරටත් මේ රජය ඉදිරියට යන්නේ නම් 2024  ජනාධිපතිවරණයේදී විපක්ෂ අපේක්ෂකයාට තම මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් වැඩිය මහන්සි විය යුතු නැත.

    රජයවිසින්නිර්මාණයකළඅර්බුදයවිසදීමට කළයුත්තේ කුමක්ද

    කෙටිකාලීන

    01- රජයේ වී මිල මත  නව සහල් මිල නියම කිරීම ( අනුපාතය 2.1 )

    02- රජයේ වී තොග කඩිනමින් සහල් බවට පත්කර ලංකා සතොස හා සමුපකාර සමිති හරහා අලෙවි කිරීම

    දිගුකාලීන

    01-  නාඩු ,  සම්බා හා  කීරි සම්බා වී සදහා සහතික වී මිල වෙන් වෙන්ව නියම කිරීම හා ඒ ඒ ප්‍රභේද වගා කලයුතු භූමි ප්‍රමාණය නියාමනය කිරීම.

    02-සෑම වසරකම මාර්තු  1 දින ඉදිරි වසරක කාලය සදහා සහල් මිල තීරණය කිරීම

    03- සහල් මිල තීරණය කිරීමේදී ප්‍රමිතිය මත මිල මට්ටම් 3 ක් නියම කිරීම ( ප්‍රමිති කාර්යාංශයේ ප්‍රමිතීන් අනුව  )

    04- රටේ සහල් අවශ්‍යතාවයෙන් 65% සපයනු ලබන සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීම

    05 – රටේ සහල් අවශ්‍යතාවයෙන්   20% ශක්ති ව්‍යාපෘතිය යටතේ පවත්වාගෙන යාම

    06- වී අලෙවි මණ්ඩලය නවීකරණය කිරීම ( වී වියලීමේ යන්ත්‍ර ලබා දීම ) හා නිරතුරුව ආරක්ශිත වී තොගය ටොන් 100,000 පවත්වා ගැනීම ,  රජය වෙනුවෙන් වී තොග රැස් කිරීම වී අලෙවි මණ්ඩලයට පමණක් සීමා කිරීම.

    07. වී ගොවියාගේ නිශ්පාදන වියදම අවම කිරීම සදහා වැඩි අස්වැන්නැක් ඇති වී ප්‍රභේද හදුන්වා දීම ,  වී ගොවීන් සදහා ගොවි සංවිධාන මට්ටමෙන්  වී වියලීමේ යන්ත්‍ර ලබා දීම‍,ගොවි යන්ත්‍රෝපකරණ අමතර කොටස් වල මිල නියාමනය කිරිම .

    ඩබ්. ඩි. කේ. මුදිත් පෙරේරා – ආරම්භක සභාපති – ශක්ති සහල් ව්‍යාපෘතිය-2019 -ශ්‍රී ලංකා සහල් නිශ්පාදකයින්ගේ සමුපකාර සංගමය

  • HIV ගැන යොවුන් ඔබ දැනගත යුතුම කරුණු මෙන්න !

    HIV ගැන යොවුන් ඔබ දැනගත යුතුම කරුණු මෙන්න !

    මුළු රටේම අවධානව කොවිඩ්-19 වෙත යොමුව තිබියදී අපි කාටවත් නොදැනීම තවත් මාරාන්තික වෛරසයක් වන HIV වෛරසය අපේ නව යොවුන් වියේ තරුණ – තරුණියන් අතර වේගයෙන් ව්‍යාප්ත වන බව අපි පසුගිය ලිපියක් මගින් හෙළි කළා. මෙහිදී එච්.අයි.වී වෛරසය ආසාදනය වීම සහ එය සිදුවන ආකාරය ගැන අපේ නව යොවුන් වියේ තරුණයින් අතර දැනුවත්කම අල්ප බව අප සමග කතා කළ බොහෝ දෙනෙක් පැවසුවා.

    ඔවුන් එහිදී කියා සිටියේ නව යොවුන් වියේ තරුණයින් අතර පවතින මේ ‘නොදැනුවත්භාවය‘ සහ මිත්‍යා මත ඔවුන් අතර ඒඩ්ස් ව්‍යාප්තිය ඉහළ යාමට හේතු වී ඇති බවයි. ඒ නිසා ‘ඉතාම සරල, වැටහෙන ආකාරයෙන්‘ ඔවුන් දැනුවත් කරන ලෙස ද අපට කතා කළ පිරිස ඉල්ලා සිටියා.

    මේ ලිපිය මගින් අපි ඒ අරමුණ ඉටුකරනවා.

    එක්සත් ජාතීන්ගේ එඩ්ස් මර්දන ව්‍යාපෘතිය ඒඩ්ස් මර්දනයට දායකත්වය සපයන ප්‍රමුඛ සංවිධානයක්. එක්සත් ජාතීන්ගේ ඒඩ්ස් මර්ධන ව්‍යාපෘතියේ ශ්‍රී ලංකාවේ කළමනාකරු වෛද්‍ය දයානාත් රණතුංග සමඟ වර්තමානයේ පවතින තත්වය පිළිබඳව බී.බී.සී සංදේශය කළ සාකච්ඡාවක දී ඒඩ්ස් රෝගය හා සම්බන්ධ කරුණු පිළිබඳ ඔහු ලබා දුන් පිළිතුරුයි මේ.

    ප්‍රශ්ණය : එච්අයිවී වෛරසය කෙනෙකුගෙන් තවත් අයෙකුට බෝ විය හැකි ක්‍රම මොනවාද?

    පිළිතුර:

    කෙනෙකුගේ ශරීරරයේ එච්අයිවී වෛරසය තවත් අයෙකුට බෝවන ආකාරයෙන් තියෙන්න පුළුවන් තරල වර්ග හතරක විතරයි. එයින් පලවෙනි එක තමයි රුධිරය. රුධිරයේ තමයි වැඩිම සාන්ද්‍රණයක් තියෙන්නෙ. දෙවෙනි සහ තුන් වෙනි වර්ග වෙන්නෙ යෝනි මාර්ග ශ්‍රාවය සහ ශුක්‍රානු. අවසාන වර්ගය තමයි මව් කිරි.

    උදාහරණයක් විදියට කියනව නම් දහදිය, කෙළ, මුත්‍රා, කඳුළු හෝ වෙන කිසිම ශ්ලේෂ්මල වර්ගයක එච්අයිවී වෛරසය බෝවීමේ හැකියාවක් නැහැ.

    ප්‍රශ්ණය :දැන් ඔබ සඳහන් කළා රුධිරය පිළිබඳව. කිසිවෙකු රුධිරය ස්පර්ශ කළ පමණින් එච්අයිවී ආසාදනය වන්න පුලුවන්ද?

    පිළිතුර:

    කොහෙත්ම බැහැ. මේ එච්අයිවී වෛරසය කියන එක ශරීරයට ඇතුල්විය හැක්කේ ශ්ලේෂ්මල පටලයක් හරහා පමණයි. අපි හිතමු තුවාලයක් වෙලා ඉන්න කෙනෙක් ගේ රුධිරය යම් හේතුවක් නිසා මගේ අතේ ගෑවුණා කියල. එත් මගෙ අතේ කැපුමක් නැතිනම් එච්අයිවී වෛරසය මට ඇතුල්වෙන්න හැකියාවක් නැහැ. අපි දන්නවා සමහර වෛද්‍යවරු එච්අයිවී වෛරසය සහිත පුද්ගලයන්ගේ ශල්‍යකර්ම සිද්ධ කරනව. අපි හිතමුකො එච්අයිවී සහිත දරුවෙක් පාසලක ඉන්නව කියල. ඒ දරුවා හදිසි අනතුරක් හරි වෙලා යම් විදියකින් රුධිර වාහනයක් වුනත් තව කෙනෙකුට ඒක බෝවීමේ හැකියාවක් නැහැ.

    ප්‍රශ්ණය :ඒ කියන්නෙ කිසියම් දරුවෙක් එච්අයිවී අසාදිත දෙමව්පියන් සමග ජීවත් වීම මගින් ඒ දරුවාට එච්අයිවී වෛරසය බෝවීමේ අවදානමක් නැහැ කියන එකද?

    පිළිතුර:

    මම හිතන්නෙ එච්අයිවී බෝවීමේ තර්ජනයට වඩා ඒක යම්කිසි ආශීර්වාදයක් විදියටයි මම දකින්නෙ. අපි දන්නව ඕන තරම් එච්අයිවී සමග ජීවත්වන දරුවො ඉන්න පුද්ගලයන්. ඒ දරුවන්ගෙ එච්අයිවී තත්වයක් නැහැ. ඒ කියන්නෙ වෛරසය ශරීර ගතවෙලා නැහැ.ඒ දරුවො ඒ දෙමව්පියන් එක්ක බොහොම සන්තෝසයෙන් කල් ගත කරනව. අපි කියන්නෙ එකට ඉඳ ගැනීම, එකට නිදා ගැනීම, සිප වැළඳ ගැනීම, එකට අහාර ගැනීම හෝ තුවාය වැනි දේ එකට පාවිච්චි කිරීම, හෝ වැසිකිලිය වැනි දේ එකට පාවිච්චි කිරීම වැනි කිසිදු සාමාන්‍ය සමාජීය සම්බන්ධතාවකින් එච්අයිවී තව කෙනෙකුට බෝවෙන්නේ නැහැ.

    ප්‍රශ්ණය:ඔබ කියන දෙවැනි ක්‍රමය තමයි යෝනි ශ්‍රාවය සහ ශුක්‍රාණු මගින් එච්අයිවී ආසාදනය වීම. මේ ආකාරයට එච්අයිවී ආසාදනය වීමට ඇති එකම ක්‍රමය ලිංගික එක්වීමක් නේද?

    පිළිතුර:

    ශුක්‍රාණු සහ යෝනි මාර්ග ශ්‍රාවයන් හුවමාරු විය හැක්කේ ලිංගික සම්බන්ධතාවයක දී පමණයි. තවදුරටත් කියනවා නම් ලිංගික සංසර්ගයක දී පමණයි. යෝනි මාර්ගයකට, ගුද මාර්ගයකට, මුඛයට ශිශ්නයක් ඇතුළු කිරීම වැනි ලිංගික ක්‍රියාවලියකින් මෙහා කෙනෙකුට එච්අයිවී බෝවීමේ කිසිම අවදානමක් නැහැ.

    ප්‍රශ්ණය: මව් කිරි වලින් එච්.අයි.වී වෛරසය බෝවීමේ සම්භාවිතාවය කෙබඳු ද?

    පිළිතුර:

    ඇත්තටම මව් කිරි වලින් පමණක් කෙනෙකුට එච්අයිවී බෝවීමේ සම්භාවිතාවය 5% කටත් වඩා අඩු මට්ටමක තියෙන්නෙ. සමහර අවස්ථාවලදී 1% ටත් වඩා අඩුයි. හැබැයි ඒක තීරණය වෙනව ඒ ඒ පුද්ගලයන් ජීවත්වෙන පරිසරවල තියන සනීපාරක්ෂක තත්වය සහ ඒ දරුවන්ගෙ ප්‍රතිශක්තිකරණ මට්ටම අනුව. නමුත් එකේ සුළු අවදානමක් තියනව.

    ප්‍රශ්යන: යමෙක් එච්අයිවී අසාදිතයෙක් බව ලොවට හඬගා කීම කොයිතරම් දුරට සදාචාර සම්පන්න ද?

    පිළිතුර:

    අපි ආයතනයක් විදියට ඉන්නෙ එවැනි දෙයක් සිදු නොවිය යුතුයි කියන ස්ථාවරයේ. මිනිස් අයිතිවාසිකම් කෙසේ වෙතත් ඒක හොඳ මානුෂික ගුණාංගයක් නෙවෙයි. නමුත් සමහර අවස්ථාවල දී එච්අයිවී වලට තියන භීතිය හෝ එවැනි බාහිර කරුණු මත ඇතැමුන් එහෙම ක්‍රියා කළත් එය අනුමත කළ හැකි දෙයක් නොවෙයි.

    මෙම ලිපිය 2016 මාර්තු 13 වැනි දින පළ වූ ලිපියක් බව කාරුණිකව සලකන්න – ප්‍රධාන සංස්කාරක

  • චීන ජනපති ප්‍රංශයේ දී සිදුකළ සුපිරි හෙළිදරව්ව

    චීන ජනපති ප්‍රංශයේ දී සිදුකළ සුපිරි හෙළිදරව්ව

    මහජන චීන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින් පිං මහතා පැරිස් සාම සංසදයේ තුන්වන සමුළුවේ නිල උත්සවයේදී පැවැත් වූ කතාව

    අතිගරු ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, සගයිනි,නෝනාවරුනි මහත්වරුනි,හිතවත් මිත්‍රවරුනි,

    පැරිස් සාම සංසදයේ තුන්වන සමුළුවට සහභාගී වීමට ලැබීම මට මහත් සතුටකි. සංසදය ආරම්භ කළ අවස්ථාවේ සිටම එහි පාර්ශව කරුවන් ගෝලීය පරිපාලනය වැඩිදියුණු කිරීම, බහුපාර්ශ්වීයත්වය ප්‍රවර්ධනය කිරීම සහ ලෝක සාමය ආරක්ෂා කිරීම පිළිබඳ අන්‍යෝන්‍ය අවබෝධය ගැඹුරු කිරීම සඳහා කටයුතු කරනු ලැබීය. මෙම වැදගත් වේදිකාව ඉටු කළ කාර්යභාරය ධනාත්මක සහ වැදගත් වේ. ඒ සඳහා ජනාධිපති මැක්‍රොන්ගේ සහ ප්‍රංශයේ සියලුම දෙනාගේ සියලු උත්සාහයන් අගය කරමි.

    මේ වන විට ගෝලීය භූ දර්ශනය වේගයෙන් පරිණාමය වෙමින් පවතී. සාම්ප්‍රදායික හා සාම්ප්‍රදායික නොවන ආරක්ෂක තර්ජන දිගින් දිගටම මතුවෙමින් තිබේ. ජාත්‍යන්තර තත්වය තුළ අස්ථාවරත්වය සහ අවිනිශ්චිතතාවයන් වර්ධනය වෙමින් පවතී. ගෝලීය තර්ජන හා අභියෝග සඳහා ගෝලීය ප්‍රතිචාර අවශ්‍ය වේ. මේ සත්‍යය මූලික  කරගෙන පහත සඳහන් යෝජනා තුන ඔබ සමඟ බෙදා ගැනීමට කැමැත්තෙමි:

    පළමුව, COVID-19 එරෙහිව සටන් කිරීමේදී අපි සහයෝගීතාවය පෙන්වමින්  එකිනෙකාට උදව් කළ යුතුවේ.  කොරෝනා වෛරසය තවදුරටත් ලෝකය පුරාම විනාශයන් ඇති කරමින් තිබේ. අප මිනිසුන් සහ ජීවිත වලට මුල් තැන දිය යුතු අතර, මිනිසුන්ගේ යහපැවැත්මට මූලිකත්වය දීම, විද්‍යාවට ගරු කිරීම සහ වඩාත් ඉලක්කගත හා සාමූහිකව ප්‍රතිචාර දැක්විය යුතුය.

    COVID-19 ට එරෙහි ඒකාබද්ධ ගෝලීය ප්‍රතිචාරයට පහසුකම් සැලසීමේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ තීරණාත්මක නායකත්වයේ කාර්යභාරය සඳහා අප පූර්ණ දායකත්වයක් ලබා දිය යුතුය.

    චීනය විසින් වෛරසය ගැන ඇති අත්දැකීම් සහ රෝග විනිශ්චය මෙන්ම චිකිත්සාව පිළිබඳ විශේෂඥ දැනුම අඛණ්ඩව බෙදාහදා ගනු ඇති අතර අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයුම් සඳහා සහාය ලබා දෙනු ඇත. චීන එන්නත් ගෝලීය වශයෙන් පොදු මහජන යහපත වෙනුවෙන් යොදා ගැනීම සඳහා වූ වැඩපිළිවෙලට චීනය ගරු කරනු ඇත. චීනය ගෝලීය ප්‍රජාවට, විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවලට, මහජන සෞඛ්‍ය හදිසි අවස්ථා සඳහා අවශ්‍යය සූදානම් වීම් වැඩි දියුණු කිරීමට උපකාරී වනු ඇත. අප සැමට එකතු වී, සෑම දෙනා සඳහා වූ ගෝලීය සෞඛ්‍ය ප්‍රජාවක් ගොඩනැගිය හැකිය.

    දෙවනුව, යතා තත්වයට පත්වීම ඒකාබද්ධව ප්‍රවර්ධනය කිරීම සඳහා විවෘතභාවය සහ සහයෝගිතාවය වැළඳ ගනිමු. සති දෙකකට පෙර, චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වන මධ්‍යම කාරක සභාවේ පස්වන සමුළුව පැවති අතර එහිදී  ආර්ථික හා සමාජ සංවර්ධනය සඳහා චීනයේ 14 වන පස් අවුරුදු සැලැස්ම සහ 2035 සඳහා දිගුකාලීන අරමුණු සම්පාදනය කිරීම පිළිබඳ නිර්දේශයන් සාකච්ඡා කොට සම්මත කරන ලදී. මෙම වැඩපිළිවෙල චීනයේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා මූලික වේ.  චීනය අඛණ්ඩව නව සංවර්ධන දර්ශනය අනුගමනය කරනු ඇත.

    නව සංවර්ධන ආදර්ශයක් පෝෂණය කරනු ඇත. එසේම උසස් තත්ත්වයේ සංවර්ධනයක් කරා ගමන් කරනු ඇත. මේ සඳහා චීනය අවශ්‍යය ප්‍රතිසංස්කරණ ගැඹුරු කිරීම සහ ලෝකයට පුළුල් ලෙස විවෘත කිරීම සඳහා කැපවී සිටිනු ඇත. ගෝලීය කාර්මික හා සැපයුම් දාම ස්ථාවරව තබා ගැනීමටත් විවෘත ලෝක ආර්ථිකයක් පෝෂණය කිරීමටත් චීනය සෙසු ජාත්‍යන්තර ප්‍රජාව සමඟ කටයුතු කරනු ඇත.

    දුප්පත්ම රටවල් සඳහා වන ජී 20 ණය සේවා අත්හිටුවීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් චීනය උනන්දුවෙන් කටයුතු කරනු ඇත. චීනය ජාත්‍යන්තර සංවර්ධන සහයෝගීතාවයට ක්‍රියාකාරී දායකත්වයක් ලබා දෙන අතර අප්‍රිකානු සහ අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවලට ඔවුන්ගේ වර්තමාන දුෂ්කරතා මඟහරවා ගැනීමට උපකාර කරනු ඇත.  හරිත ආර්ථිකය මානව ප්‍රගතියේ අනාගතය නියෝජනය කරයි.

    ප්‍රතිසාධනය ප්‍රවර්ධනය කිරීමේ යතුර ද එය සතුව ඇත. චීනය සහ යුරෝපය යන දෙකම හරිත සංවර්ධනයේ අනුගාමිකයන් වන අතර දේශගුණික විපර්යාස පිළිබඳ පැරිස් ගිවිසුම ක්‍රියාත්මක කිරීමට දෙරටම කැපවී සිටිති. 2030 වන විට කාබන්ඩයොක්සයිඩ් විමෝචනය උපරියෙන් අවම කිරීම සඳහා ජාතික වශයෙන් තීරණය කරන ලද දායකත්වය ඉහළ නැංවීමට කටයුතු කරනු ඇත.

    එසේම 2060 වන විට කාබන් නැති තත්වය ළඟා කර ගැනීමට චීනය ප්‍රමුඛව කටයුතු කරන බව මම නිවේදනය කළෙමි.  ලබන වසරේදී චීනය, යුරෝපය සහ ප්‍රංශය ජෛව විවිධත්වය, දේශගුණික විපර්යාස සහ සොබාදහම සංරක්ෂණය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවක් පවත්වනු ඇත. මෙම ක්‍ෂේත්‍රයන්හි සහයෝගීතාව ගැඹුරු කිරීම සඳහා අපට එවැනි අවස්ථාවන් භාවිතා කළ හැකිය.

    තෙවනුව, ලෝක සාමය ඒකාබද්ධව ආරක්ෂා කිරීම සඳහා යුක්තිය තහවුරු කරමු. සාමකාමී සහජීවනයකට අප අනුගත විය යුතුය. අප වෙනත් රටවල සංවර්ධනයට ඇති අයිතියට ගරු කළ යුතුය. අප බහුපාර්ශ්වීයත්වය තහවුරු කරමින්  ඒකපාර්ශ්විකත්වයට, ආධිපත්‍යයට හා බල දේශපාලනයට විරුද්ධ විය යුතු අතර, සියලු ආකාරයේ ත්‍රස්තවාදය සහ අන්ත ප්‍රචණ්ඩ ක්‍රියා ප්‍රතික්ෂේප කළ යුතුය. ලෝකයේ සමානාත්මතාවය, යුක්තිය, සාමය සහ ආරක්ෂාව ආරක්ෂා කිරීම සඳහා අප එක්ව කටයුතු කළ යුතුය.

    එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකයින් වන චීනය සහ ප්‍රංශය ලෝක සාමය සඳහා විශේෂ හා වැදගත් වගකීම් දරති. චීනය සාමකාමී ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. චීනය සාමකාමී සංවර්ධනයේ මාවතට කැපවී සිටී. ජාත්‍යන්තර නීතිය සහ ජාත්‍යන්තර සබඳතා පාලනය කරන මූලික සම්මතයන් පිළිපැදීමටත්, එක් එක් කාරණයේ සුදුසුකම් පිළිබඳ ඔවුන්ගේ ස්ථාවරය තීරණය කිරීමට ඇති අයිතියට ගරු කරමින්  පටු දෘෂ්ටිවාදාත්මක නැඹුරුව හා ගැටුම්  වලට ඇති නැඹුරුව අභිබවා කටයුතු කරන ලෙස අපි සියලු රටවලින් ඉල්ලා සිටිමු.

    චීනය, ප්‍රංශය සහ අනෙකුත් රටවල් සමඟ සන්නිවේදනය හා සම්බන්ධීකරණය වේගවත් කිරීමට බලාපොරොත්තු වන අතර ජාත්‍යන්තර හා කලාපීය වශයේ ඇති දේශපාලන ගැටළු විසඳීම සහ ලෝක සාමය හා ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සඳහා ධනාත්මක කාර්යභාරයක් ඉටු කරනු ඇත.

    චීන කියමනට අනුව, “විශ්වීය මාර්ගය සියලු දෙනාගේම යහපතට හේතු වේ.” සාමය හා සංවර්ධනය අපේ කාලයේ තේමාවයි. ඒවා ඉතිහාසයේ නොනවතින ප්‍රවණතාවයි. මානව වර්ගයා මුහුණ දෙන අභියෝග සැලකිල්ලට ගනිමින්, රටවල් අතර සහයෝගීතාව ශක්තිමත් කළ යුතුය.

    රටවල් වලට අවශ්‍ය වන්නේ සහයෝගීතාව ඉදිරියට ගෙන යාම මිස ගැටුම් අවුලුවාලීම හෝ වෙන්වීම නොවේ. මානව වර්ගයා වෙනුවෙන් හවුල් අනාගතයක් සහිත ප්‍රජාවක් ගොඩනැගීමට සහ ගෝලීය ප්‍රජාවට වැඩි ප්‍රතිලාභයක් ලබා දීම සඳහා අපි අත්වැල් බැඳ ගනිමු..

  • බස්නාහිර පළාතට රටේ සෙසු පළාත් සූරා කන්න තවදුරටත් ඉඩ දිය යුතු ද ?

    බස්නාහිර පළාතට රටේ සෙසු පළාත් සූරා කන්න තවදුරටත් ඉඩ දිය යුතු ද ?

    ආචාර්ය චන්දිමා ගයාත්‍රි විජේසුන්දර,ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, සමාජ විද්‍යා අධ්‍යනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය 

    රටක් සංවර්ධනය වීම යනුවෙන් හැඳින්වෙන්නේ යම්කිසි නගරයක් හෝ පළාතක් වෙත සියල්ල සංකේන්ද්‍රණය වීම නොවේ. එහෙත් මේ වන විට ශ්‍රී ලංකාව තුළ පැහැදිලිව ම දැකිය හැක්කේ බස්නාහිර පළාත කේන්ද්‍රකොට ගෙන සිදු වන සංවර්ධන ක්‍රියාවලියකි. එක අතෙකින් කොළඹ ප්‍රධාන නගරය වන විට ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රධාන පරිපාලන නගරය වේ. මෙම නගර ද්විත්වය ම ඇතුළත් වන බස්නාහිර පළාත රටේ සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත්තේ සෙසු පළාත් 08ට සාපේක්ෂව විශාල ජන ගණත්වයක් ඒ වටා එක්රොක් කරගනිමිනි.

    මේ ප්‍රදේශය තුළ පවත්නා අධි ජනගණත්වය, විශාල වශයෙන් ජනතාව ඒකරාශීකරණය වීම තුළ පරිසර දූෂණය, පුද්ගලයන්ගේ ජීවන තත්ත්වයේ විශාල වශයෙන් උස්පහත් වීම් ඇතිවීම, නාගරීකරණය තුළ ඉහළ උසස් ජීවන තත්ත්වයක් හිමි සේ ම ශ්‍රමයේ ගරුත්වය අඩු නිල් කරපටි රැකියාවල නියුතුවන්නන් පිරිසක් බිහිවීම, පැල්පත් බිහිවීම සහ ඒ ආශ්‍රිත ඇති වන සමාජ ප්‍රශ්න පැහැදිලිව හඳුනාගත හැකි ය.

    විශේෂයෙන් ම ඉහළ ආදායම් ලබන සුළුතරයක් සහ අඩු ආදායම් ලබන බහුතරයකුත් මෙම නගර ක්‍රමය තුළ බිහි වේ.

    මෙහිදී ප්‍රධාන වශයෙන් ම බස්නාහිර නැතහොත් විශේෂයෙන් ම කොළඹ කේන්ද්‍රය බවට පත්වෙමින් රටේ අනෙකුත් පළාත් පර්යන්ත බවට පත් වී ඇත. පෑලියගොඩ මාළු වෙළඳපොළේ තත්ත්වය සලකා බැලීමේදී පැහැදිලි වන්නේ කුමක්ද? රටේ විවිධ පළාත්වලින් පෑලියගොඩට එන මාළු නැවත බෙදාහැරීම ඇරඹෙන්නේ එතැනිනි. මේ කේන්ද්‍රගත වීම යම් හෙයකින් විකේන්ද්‍රණය වී පැවතියේ නම් කොවිඩ් -19 යටතේ පෑලියගොට මාළු පොකුරට අයත් ආසාදිතයන් සංඛ්‍යාව මෙතරම් විශාල අගයක් නොගන්නට ඉඩ තිබිණි.   

    කොළඹ මැනිං වෙළඳපොළ සම්බන්ධයෙන් ද දැකිය හැක්කේ එවැනි ම තත්ත්වයක් නොවේද? රටේ සියලුම පළාත්වලින් කෘෂි නිෂ්පාදන එම වෙළඳපොළට ගෙනඑන අතර ප්‍රතිව්‍යාප්තිය සිදු වන්නේ එතැන් සිට ය. එක්තරා ආකාරයකින් බලන විට මෙය සංවර්ධනයේ විකෘති අවස්ථාවකි. මේ කියන්නාවූ කේන්ද්‍රය නිර්මාණය කරගත් ක්‍රියාවලිය සංවර්ධනය තුළ නිරන්තරයෙන් ගැටලුකාරී තත්ත්වයන් ඉස්මතු කරයි.

    මෙම කේන්ද්‍රය හා පර්යන්තය පිළිබඳ න්‍යාය තුළ සියලුම වත්කම්, හැකියාවන්, පුද්ගලයන්, සම්පත් නගරයට ම කේන්ද්‍ර වී පර්යන්තය සූරාකෑමකට ලක්වේ. තවත් ලෙසකින් කිවහොත් “කොළඹට කිරි ගමට කැකිරි” යන සංකල්පය නිර්මාණය වේ. එවිට රටේ සියලු සාරය කොළඹට ය. බස්නාහිරට ය. බස්නාහිර සීමාවෙන් එපිට පර්යන්තීය වශයෙන් පවතින ග්‍රාමීයකරය තදබල ලෙස සූරාකෑමකට, සේදීයෑමකට ලක්වේ. එය වූ කලී යහපත් තත්ත්වයක් නම් නොවේ.

    මෙයාකාරයෙන් සිදු වන සූරාකෑමේදී අනුග්‍රාහක සේවාදායක සම්බන්ධය තුළ අනුග්‍රාහකයා අතට සියලු දේ ලැබෙන අතර සේවාදායකයාට ලැබෙන දෙයක් නැති තරම් ය. නාගරික වශයෙන් ඉහළ වෙළඳ ව්‍යාපාරිකයන් විශාල වශයෙන් ලාභ ලබන විට ඔවුන්ගේ සේවා දායකයින් ලෙස නිෂ්පාදකයා සහ වෙළෙන්දා අතර මැදි ව කටයුතු කරන පුද්ගලයාට ඉතා අඩු ලාභයක් හිමි වේ.

    මේ සංසිද්ධිය තුළ ම අතරමැදියා ගමේ ගොවියාගෙන් කෘෂි නිෂ්පාදන මිලදී ගැනීමේදී අතරමැදියාට වැඩි ලාබයකුත් ගොවියාට අඩු ම ලාභයකුත් හිමි වේ. නිර්මාණය වී ඇති මෙම දාමය තුළ හැම විටම අපට දැකගත හැක්කේ සංවර්ධනයේ යම්කිසි විකෘති තත්ත්වයකි.

    මෙම මධ්‍යගත සංවර්ධනය විමධ්‍යගත විය යුතු ය.  නාගරීකරණ ක්‍රියාවලියේදී එක් නගරයක් වටා පරිපාලනය, නිෂ්පාදනය, බෙදාහැරීම සහ වෙළඳාම ආදී වශයෙන් සංවර්ධනයේ ක්‍රමෝපායන් ගොනුවීමේදී සිදු වන්නේ මහා පරිමාණ නගර බිහිවීම ය. එවැනි මහා පරිමාණ නගරයක් ලෙස ශ්‍රී ලංකාව තුළ හඳුනාගත හැක්කේ කොළඹ පමණක් වුවත් ඇතැම් රටවල එවැනි මහා පරිමාණ නගර සංකීර්ණ කිහිපයක් ඇත.

    විශේෂයෙන් ම සංවර්ධිත රටවල් පිළිබඳ අවධානය යොමු කිරීමේදී දැකිය හැක්කේ එකම සංවර්ධිත නගර සංකීර්ණයකි. අපට එවන් නගර සංකීර්ණයක් නැත. රටේ අතිබහුතරයක් කටයුතු සඳහා සක්‍රීය දායකත්වයක් ලබාදෙන කේන්ද්‍රස්ථානය කොළඹ ය.  මෙයාකාරයෙන් බලන කල රටේ සංවර්ධනය ගලා යන රටාව තුළ යම්කිසි විකෘතියක් නිර්මාණය වී ඇති බව පැහැදිලි ය.

    එක අතෙකින් මේ විකෘතිය තුළ මානව සබඳතා අවුලෙන් අවුලට පත්ව ඇත. ග්‍රාමීයව ජීවත්වන පවුල්වල සැමියා, බිරිඳ හෝ දරුවන් රැකියා හෝ උසස් අධ්‍යාපන අවස්ථාවන් වෙනුවෙන් නගරබද ප්‍රදේශවලට සංක්‍රමණය වීමේ විශාල ප්‍රවණතාවක් හඳුනාගත හැකි ය. එවිට ඔවුන් උපන් ගමින් බැහැරව රැකියා හා අධ්‍යාපන ආයතවලට නුදුරින් නවාතැන් පොළවල් ඇති කරගනිමින් නගරය තුළ කටුක ජීවිතයකට හුරුපුරුදු වේ.

    එක අතෙකින් මේ පුද්ගලයන්ගේ සංක්‍රමණ තත්ත්වයන් යටතේ කොවිඩ් -19 වැනි වෛරස පියාපත් ලබයි. අනෙක් අතින් එම පුද්ගලයන්ගේ පවුල්වල සබඳතාවලට ද මේ තත්ත්වය විසින් එල්ල කරන්නේ අහිතකර බලපෑමකි.   

    ස්වාමියා හෝ භාර්යාව නිවෙසින් බැහැරවීම තුළ පවුල් සංස්ථාවේ නොයෙකුත් ගැටලුකාරී තැන් උද්ගත වීම වර්තමාන සමාජය තුළ සුලබව දැකිය හැක. එසේ ම රැකියා මෙන් ම ද්වීතීය තෘතීය අධ්‍යාපන අවශ්‍යතා සඳහා ග්‍රාමීය ප්‍රදේශවල දරුවන් ද බස්නාහිරට ඒකරාශී වීම සාමාන්‍ය තත්ත්වයකි.

    පවුලෙන් බැහැව ඔවුන් එහි ගතකරන නාගරික ජීවිතය තුළ යම්කිසි ප්‍රමාණයකට හුදෙකලා භාවයකට ලක්වේ. ඇතැම්විට පවුලෙන් බැහැරව ගතකරන නාගරික ජීවිතයේදී ඔවුන් ලිංගිකමය අවශ්‍යතාවන් සඳහා ලබාගන්නා අනියම් අවස්ථා සහ නොයෙකුත් දුසිරිත්වලට පෙළඹීම තුළ කායික හා මානසික වශයෙන් ලබන්නාවූ පීඩනය ඇතැම් විට සියදිවි නසාගැනීම් දක්වා ම වර්ධනය වන අවස්ථා ද නැතිව ම නොවේ.

    මෙයාකාරයෙන් එකම සිද්ධි දාමයක් තුළ ගැටලු බොහෝ ප්‍රමාණයක් නිර්මාණය වී තිබේ. බස්නාහිර පළාත ආශ්‍රිතව සියලු සම්පත් සංකේන්ද්‍රණය වීම වෙනුවට එහි යම් විකේන්ද්‍රණය වීමක් සිදු වී ග්‍රාමීයකරයට නැතහොත් පර්යන්තයට ද සංවර්ධනයේ අවස්ථාවන් සුදුසු අයුරින් ලබාදෙන්නේ නම් පෙර කී පරිදි ඇති වන්නාවූ විකෘති තත්ත්වය අකාමකා දැමිය හැකි ය. 

    කෙසේ වෙතත් මේ සඳහා ජනතාව තුළ ආකල්පමය වෙනසක් ද ඇති කළ යුතු ය. ශිෂ්‍යත්වය සමත් ග්‍රාමීය දරුවකුට ද්විතීයික අධ්‍යාපනය සඳහා නගරයට ඒමට සිදු වන්නේ කුමක් නිසාද? ඒ සඳහා බොහෝ විට හේතුවන්නේ ජාතික පාසල් සංකල්පය සහ ජනප්‍රිය පාසල් සංකල්පය යි. සංවර්ධිත රටවල මෙවැනි තත්ත්වයන් දැකිය නොහැකි ය.   

    “ළඟම පාසල හොඳ ම පාසල” යන්න අපට සංකල්පයක් පමණක් වුව ද සංවර්ධිත රටවලට එය යථාර්ථයකි. මෙරට ජනතාවගෙන් බහුතරයකට නිවසට යාබද ආගමික ස්ථානය, පහසුකම් සපයන ආයතන, රෝහල, පාසල පිළිබඳ යහපත් ආකල්පයක් ඇත්තේ ම නැත. විශේෂයෙන් ම පාසල් සම්බන්ධයෙන් ඔවුන් හුරුපුරුදු වී ඇත්තේ ජීවත්වන පරිසරයට බොහෝ දුරින් ඇති ජනප්‍රිය පාසලක් තම දරුවා වෙනුවෙන් තෝරාගැනීමට ය.

    සංවර්ධිත රටවල දරුවන් බොහෝදුරට ඉගෙන ගන්නේ නිවසේ සිට ඇවිදගෙන යා හැකි මට්ටමේ දුරක ඇති පාසලකින් ය. එවිට ප්‍රවාහන   ගැටලු, දරුවන්ගේ විඩාව සහ අමතර වියදම්වලින් සහනයක් ලැබිය හැකි ය.    “ළඟම පාසල හොඳ ම පාසල” යන සංකල්පය, සංකල්පයක් වශයෙන් කලෙකදී මෙරට තුළ ඉදිරියට පැමිණිය ද   එය යථාර්ථයක් බවට පත් කළ හැක්කේ භෞතික වශයෙන් ගුණාත්මකව හා ප්‍රායෝගිකව අවම පහසුකම් ඇති පාසල්ද අවශ්‍ය පහසුකම්වලින් පොහොසත් කිරීමෙනි.

    පවතින ක්‍රමය තුළදී ම මේ ආයතන නිසි අයුරින් බලගැන්වීම තුළ බොහෝ කාරණා අපට පිරිමසා ගත හැක. සංවර්ධනයේ කළඑළිය වැටිය යුත්තේ බස්නාහිරට පමණක් නොවේ. සෙසු පළාත්වල ද රැකියා ස්ථාන, ආගමික සහ අධ්‍යාපන ස්ථාන ඇතුළු සියලු දේ බලගැන්වීම තුළ රටේ සංවර්ධනය බස්නාහිර පළාතට සංකේන්ද්‍රණය වීම නවතාලිය යුතු ය.

    එපමණක් නොව තම පළාත තුළ ඇති පාසලට, පන්සලට, පල්ලියට, රෝහලට, කර්මාන්තවලට වටිනාකමක් දීමට ජනතාව තුළ ද ආකල්පමය වශයෙන් විශාල වෙනසක් ඇති කළ යුතු ය. මේ වන විට රටේ ජනතාව බොහෝ විට වැඩි විශ්වාසයක් තබා ඇත්තේ පිටරටින් ගෙන්වන භාණ්ඩ පිළිබඳව ය.

    එහෙත් ‘සිය රට දේ සිරිසැප දේ’ යන සංකල්පය මෙරට තුළ බොහෝ කලකට පෙර ක්‍රියාත්මක වූ අතර එම සංකල්පය හේතුවෙන් ම දියුණුවෙන් දියුණුවට පත් වූවන් ද විය. මේ සියල්ල විනාශ මුඛයට ඇදවැටුණේ 1978 විවෘත ආර්ථිකයත් සමඟිනි. එතෙරින් ආ නිෂ්පාදන විශාල ප්‍රවාහයක් සියලු දේශීය නිෂ්පාදන සහ ව්‍යවසායකයන් යටපත් කරගෙන නැඟීසිටීම වෙනුවට එදා ඒ විවෘත ආර්ථික සංකල්පය යම් පාලනයකින් යුතුව ක්‍රියාත්මක වූයේ නම් මේ වන විට දේශීය වශයෙන් බොහෝ කර්මාන්තවල වර්ධනයක් අත්පත් කරගැනීමට ඉඩ තිබිණි. එය එසේ වී නම් රටේ සංවර්ධනය මෙයාකාරයෙන් බස්නාහිරට කේන්ද්‍ර නොකොට සංවර්ධන වැඩසටහන තුළ රට පුරා පැවැති සම්පත් නිසි ආකාරයෙන් ඵලදායිව යොදාගනිමින් සංවර්ධනයේ අරුණලු සිව්දිග පතුරවන්ට තිබිණි.

    ඉතිහාසය තුළ අපට එම අවස්ථාව මඟහැරුණි. එහෙත් වර්තමානයේදී හෝ විදේශයන්ගෙන් ගෙන්වන යම් යම් දේ වාරණය කරමින් ඒ සඳහා ආදේශන භාණ්ඩ, දේශීය සම්පත්, හැකියාවන් හා දැනුම මත නිෂ්පාදනය කෙරෙන කර්මාන්ත ශාලා නගරයෙන් බැහැර ව ස්ථාපනය කිරීම වටී. එවිට ශ්‍රමිකයන් ලෙස විශාල පිරිසක් ගමෙන් නගරයට සංක්‍රමණය වීමේ තත්ත්වය පහව යනු ඇති. ඒ සමඟ ම ශ්‍රමිකයන්ගේ නවාතැන් ගාස්තු ඇතුළු වෙනත් වියදම් අවම වේ.

    තම තමන් ජීවත් වන ප්‍රදේශයට ආසන්නයෙන් වන කර්මාන්තශාලා, වැඩබිම්, රාජකාරි ආයතනවල රැකියා කිරීමට සහ ව්‍යාපාර පවත්වාගෙන යෑමට රටේ ජනතාවට අවස්ථාව සහ පහසුකම් ලැබෙන විට නාගරීකරණයත් සංවර්ධනයේ මධ්‍යගතවීමත් හේතුවෙන් පැනනැගෙන්නා වූ අහිතකර තත්ත්වයන්ගෙන් යම් සහනයක් ලැබිය හැකි ය.

    එසේ ම ජනතාවට තම ජීවනෝපාය සරිකරගනු වස් ඔවුන් ජීවත් වන ප්‍රදේශ ආශ්‍රිතව කර්මාන්ත ශාලා ඇතිකිරීම, විශේෂයෙන් ඒ ඒ ප්‍රදේශයට ආවේණික සම්පත් සමඟ ගලපා සිදු කරනු වටී. එය සංවර්ධනයේ පෙරකී විකෘති තත්ත්වය යම් පමණකට මගහරවා ගැනීමට උපකාරී වේ.

    කොළඹදී කොවිඩ් -19 ආසාදනය වී ඇති ආසාදිතයන්ගේ තොරතුරු සලකා බැලීමේදී පැහැදිලි වන්නේ ඔවුන්ගෙන් බහුතරය රට පුරා විසිරුණු ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව බව ය. එසේ නම් ඒ සියලු දෙනා කොළඹ නගරයට නොඑසේනම් බස්නාහිරට සංකේන්ද්‍රණය වී සිටිනේ කුමක් නිසාද? එයට හේතුව රටේ සංවර්ධනය බස්නාහිරට සංකේන්ද්‍රණය වී තිබීම ය.

    බොහෝ පුද්ගලයන්ට උසස් අධ්‍යාපනය ලැබීමට, රැකියාවක නියුතු වීමට, විවිධ භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සඳහා නොඑසේ නම් රාජ්‍ය ආයතනවල සේවය ලබාගැනීම සඳහා රටේ සංවර්ධනයේ කේන්ද්‍රය වූ බස්නාහිරට නිරන්තරයෙන් පැමිණීමට, ඒ වටා කේන්ද්‍රගත වීමට සිදු ව ඇත.   

    කොවිඩ් -19 හේතුවෙන් මේ වන විට රටේ උද්ගත ව ඇති තත්ත්වය වනාහී මේ සියල්ල සුදුසු පරිදි විකේන්ද්‍රණය කිරීමට කදිම අවස්ථාවකි. රටේ සමස්තය බස්නාහිරට ගොනු කිරීමේ ඇති අවැඩදායි බව, ඌණ ඵලදායිතාව කොවිඩ් අපට කියා දෙන තවත් එක් පාඩමකි.  

    වැඩි පිරිසකට රැකියා ලබාදෙමින් දේශීය නිෂ්පාදනය ද ඉහළ නැංවිය හැකි මට්ටමේ කර්මාන්ත ශාලා හැම විටම නගරාශ්‍රිතව ම ස්ථාපනය කරනු වෙනුවට  නගරයෙන් බැහැරව පර්යන්තයටත් ඒවා යම් ආකාරයකින් විතැන් කරන්නේ නම් වඩා යහපත් ය. එවිට බාධාවකින් තොරව පුද්ගල ශ්‍රමය ලබාගත හැකි වන සේ ම බස්නාහිර  පළාතේ ඇති වන අධි ජන ගණත්වය ද යම් මට්ටමකින් අවම කරගත හැකි ය.

    මේ අධි ජනගණත්වය, නිසි ලෙස සැලසුම් නොකරණ ලද නාගරීකරණය, කාර්මීකරණය තුළ සිදුවෙමින් පවතින පරිසර දූෂණය සුළුපටු නොවේ. රථවාහන පරිහරණය වැඩි ය. කර්මාන්තශාලා බහුල ය. අපද්‍රව්‍ය කළමනාකරණය අවිධිමත් ය. මේ සමඟ ඇති වන්නා වූ පරිසර දූෂණයත් කලබලකාරී බවත් පිළිකාව ඇතුළු නොයෙකුත් රෝගමය තත්ත්වයන්ගෙන් ද ආතතිය අසහනය විශාදය වැනි මානසික තත්ත්වයන්ගෙන් ජනතාවට පීඩාවට පත්කිරීමට ප්‍රබල හේතුවකි.

    මේ සියල්ලෙන් බැහැරවීම කොණක සිට ඇරඹිය යුත්තකි. මන්ද සබඳතා ජාලයක් ලෙසින් සියල්ල එකට බැඳී පවතී. පවුල් සංස්ථාවේ සිට ම ආර්ථික, සමාජ, දේශපාලනික වශයෙන් ලබාගන්නා තීන්දු තීරණ එකින් එකට යම් ආකාරයක ධනාත්මක බලපෑම් ඇතිකර විය හැකි මුත් මේ වන විට බහුල වශයෙන් දැකගත හැක්කේ ඒවායින් එකිනෙකට එල්ල වන්නාවූ සෘණාත්මක බලපෑම් ය.

    රටේ ඇති වී තිබෙන කොවිඩ් -19 වසංගත තත්ත්වය, මේ කියන්නාවූ සෘණාත්මක බලපෑම් වෙනුවට ධනාත්මක බලපෑම් කිරීමෙහිලා කටයුතු කිරීමට අවස්ථාවක් කොටගත යුතු ය.

      ආචාර්ය චන්දිමා ගයාත්‍රි විජේසුන්දර,ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, සමාජ විද්‍යා අධ්‍යනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය 

    සටහන – කාංචනා සිරිවර්ධන

  • LPL මිකී ආතර්ගෙන් සුපිරි හෙළිදරව්වක් !

    LPL මිකී ආතර්ගෙන් සුපිරි හෙළිදරව්වක් !

    මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට කාලයක් තිස්සේ අඩුපාඩුවක්ව පැවැති ගුණාත්මක බවින් යුත් ජාත්‍යන්තර මට්ටමේ විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියක අඩුව පුරවමින්, ‘ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය හෙවත් LPL ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුල පිරීම ඉතා කාලෝචිත ක්‍රියාවක් බව පවසන ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මෙකී තරගාවලිය හරහා දක්ෂතාවලින් හෙබි තරුණ ක්‍රීඩකයින් හඳුනා ගැනීමට මෙන්ම ඔවුන්ගේ දක්ෂතා වේගවත්ව දියුණුකර ගැනීමට කදිම වේදිකාවක් නිර්මාණය කර දෙන බව සඳහන් කර සිටියි.

    දේශීය ක්‍රීඩකයින් 50 දෙනෙකු සහ විදෙස් ක්‍රීඩකයින් 30 දෙනෙකුගේ සහභාගිත්වයෙන් එළැඹෙන නොවැම්බර් 26 වැනිදා හම්බන්තොටදී ආරම්භ වන අභිනව එල්. පී. එල්. ක්‍රිකට් තරගාවලිය පිළිබඳව අදහස් දක්වමින් දකුණු අප්‍රිකානු ජාතික පුහුණුකරුවා ඉහත අදහස් පළ කර සිටියේය.

    දෙසැම්බර් 16 වැනිදා දක්වා වූ පුරා දින 20 ක් මුලුල්ලේ පැවැත්වෙන මෙම තරගාවලියේදී ක්‍රීඩකයින්ගේ දක්ෂතා සංවර්ධනය වීම කාරණා කීපයක් හරහා සිදුවන බවත්, ඒ අතරින් වැදගත්ම කරුණ බවට පත්වන්නේ පීඩන තත්ත්වයන් යටතේ ක්‍රීඩකයින් කොයි අයුරින් ක්‍රීඩා කළ යුතු ද යන්න ඉගැන්වීම බව සඳහන් කර සිටියි.

    “වැදගත්ම දේ තමයි පීඩනය යටතේ ක්‍රීඩා කළ යුතු ආකාරය ක්‍රීඩකයින්ට ඉගැන්වීම.  එල්. පී. එල්. තරගාවලිය හරහා එවැනි අත්දැකීම් රාශියක් ක්‍රීඩකයින්ට ලබා ගැනීමේ හැකියාව උදාවනවා” යැයි ආතර් තම විශ්වාසය පළ කර සිටියි.

    පීඩනයේදී හැසිරිය යුතු ආකාරය, විදේශීය ක්‍රීඩකයින් මෙන්ම පුහුණුකරුවන් සමඟ අන්‍යෝන්‍ය ලෙස කටයුතු කිරීම සහ වෘත්තීය පරිසරයක් වටා සිටීමට නවක ක්‍රීඩකයින්ට අවස්ථාව හිමිවීම හරහා එම නවක ක්‍රීඩකයින්ගේ දක්ෂතා වර්ධනය වන අයුරි තමන් ලෝකය පුරා පැවැත්වෙන ලීග් තරගාවලි වලදී තමන් දැක තිබෙන බවද ප්‍රධාන පුහුණුකරු මෙහිදී සඳහන් කර සිටියේය.

    “ඇත්තටම විදේශීය ක්‍රීඩකයින් මෙන්ම ජාතික කණ්ඩායම නියෝජනය කරනු ලබන ප්‍රධාන ක්‍රීඩකයින් සමඟ එකතුව ක්‍රීඩා කිරීමට නවක ක්‍රීඩකයින්ට අවස්ථාව ලැබීම හරහා තරගයකදී  ජ්‍යෙෂ්ඨයින්ගේ සූදානම ගැන නිරීක්ෂණය කිරීම, තරගයකට පෙර සූදානම් වීම වගේම දිනය සැලසුම් කරන්නේ කොහොමද කියන දේවල් ගැනත් ඉගෙන ගන්න හොඳ අවස්ථාවක්” යැයිද ආතර් පවසයි.

    කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන LPLතරගාවලිය ලබන දෙසැම්බර් මස 16 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරගය ඇතුළුව සමස්ථ තරගාවලිය තරග 23 කින් සමන්විතවනු ඇත.

    කෙසේ වෙතත් මේ ආකාරයේ ෆ්‍රැන්චයිස් ක්‍රිකට් තරගාවලිවලදී සෑම විටම දක්ෂතා සහිත නවක ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේ දක්ෂතා දැක බලා ගැනීමේ අවස්ථාව උදාවන අතර ඒ සදහා මෙම තරගාවලිය කදිම අවස්ථාවක් නිර්මාණය කර දී තිබෙන බව මිකී ආතර් සිය විශ්වාසය පළ කර සිටියි.

    “මම නිතරම තරුණ වගේම නැවුම් දක්ෂතා තියෙන ක්‍රීඩකයින් සොයමින් ඉන්නවා. ඒ අනුව ඔවුන් අපි සොයන නිර්ණායකයන්ට ගැලපෙන පරිදි දක්ෂතා දැක්වීමට හැකියාවක් තියෙනවා නම් සහ ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ කරා කණ්ඩායම රැගෙන යා හැකි තරමේ දක්ෂතා තියෙනවා නම් ඔවුන් දෙස මම උනන්දුවෙන් බලන්න සූදානම්. කෙසේ නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් තරග සහ ෆ්‍රැන්චයිස් ක්‍රිකට් තරග අතර යම් කිසි පරතරයක් තියෙන බව අප තේරුම් ගත යුතුයි” යැයි ආතර් වැඩිදුරටත් සඳහන් කර සිටියි.

    බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව මෙම පෙබරවාරි මසදී පැවැති එක්දින සහ විස්සයි-20 තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමට මේ වන තෙක් කිසිදු ජාත්‍යන්තර මට්ටමේ තරගාවලියකට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවිය. සංචාර කීපයක් ඉලක්ක කර ගනිමින් ගෙවී ගිය මාස කීපයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සිය පුහුණුවීම් කටයුතු වල නිරත වූ නමුත් කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් ඒ සෑම තරගාවලියක්ම කල් දැමිණ.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මාධ්‍ය අංශය සමඟ සිදුකරන ලද සාකච්ඡාවේදී අවසන් වශයෙන් ඒ පිළිබඳවද අදහස් දක්වා සිටි ප්‍රධාන පුහුණුකරු “මේ තරගාවලියේ මම වඩාත්ම සිත්ගන්නා අංගය තමයි අපේ ක්‍රීඩකයින්ට තරගකාරීත්වයකින් යුතු ක්‍රිකට් ක්‍රීඩාවට යළි අවතීර්ණ වීමට අවස්ථාව උදාවීම. දීර්ඝ කාලයක් ක්‍රීඩා කිරීමට නොහැකි වීම ඇත්තටම කලකිරීම් ඇති කරවන්නක්. කොයිම ආකාරයක දැල් පුහුණුවීමකින් හෝ පුහුණුවීම් තුළින් දැඩි තරගකාරීත්වයකින් යුතු ක්‍රීඩාවක් ප්‍රති නිර්මාණය කළ නොහැකියි” යැයිද සඳහන් කර සිටියේය.

    මෙම ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වෙබ් අඩවියෙන් උපුටා දන්නා ලද්දකි – ප්‍රධාන සංස්කාරක

  • පිරිමින්ගෙන් 50%ක් දුම්බොන රටේ ‘දුම්වැටියට එරෙහි කකුළු සටන’

    පිරිමින්ගෙන් 50%ක් දුම්බොන රටේ ‘දුම්වැටියට එරෙහි කකුළු සටන’

    උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ඔහුගේ පරීක්ෂණ චාරිකා වලදී බොහෝ විට දුම් පානය කරනු දක්නට ලැබේ

    උතුරු කොරියාව ගැන අපට නිතර නිතර අසන්නට ලැබෙන්නේ අවි ආයුධ, මිසයිල අත්හදා බැලීම් ගැන. නැති නම් ලෝකෙට ලොක්කා ඇමෙරිකාවට කරන නිමක් නැති තර්ජන ගැන. ඒත් උතුරු කොරියාව මුහුණ දෙන බරපතළ සමාජ හා සෞඛ්‍ය අර්බුදයක් ගැන දැන් ජාත්‍යන්තර මාධ්‍යවල අවධානය යොමු වෙලා. ඒ තමයි ‘අසීමිත ලෙස උතුරු කොරියානු පිරිමි කරන දුම්පානය‘

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වලට අනුව, උතුරු කොරියාවේ පිරිමින්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් දුමපාලනය කරනවා. වාසනාවට මෙන් උතුරු කොරියානු කාන්තාවන් දුම්පානය කරන්නෙම නැහැ. ඊට හේතුව නීතිය මගින් ම කාන්තාවන්ට දුම්පානය කිරීම තහනම් කිරීමයි.

    මේ වන විට තම පුරවැසි පිරිමින්ගේ මේ අසීමිත දුම්පානයට එරෙහිව, නමුත් නිතර නිතර දුම්පානය කරන උතුරු කොරියානු නායකයා දැඩි පියවර ගැනීමට සූදානම් වෙනවා.

    මෙම මස මුලදී සම්මත කරන ලද නීතියක් මගින් උතුරු කොරියාවේ පොදු ස්ථානවල දුම්පානය තහනම් කර ඇති අතර ජනතාවට “වඩා සංස්කෘතික හා සනීපාරක්ෂක” පරිසරයක් ලබා දීම සඳහා නීති රීති නියම කර තිබෙනවා.

    එහෙත් රාජ්‍ය මාධ්‍ය බොහෝ විට උත්තරීතර නායක කිම් ජොන් උන් සිගරට් අතේ තබාගෙන සිටින ආකාරය පෙන්වනවා. 

    ‘ඉතින් රටේ දුම්වැටි විරෝධී ක්‍රියාමාර්ග මගින් අත්කරගන්නේ කුමක්ද?‘

    නව නීතිය පවසන්නේ කුමක්ද?

    නොවැම්බර් මස මුලදී සම්මත කරන ලද ‘දුම්කොළ තහනම් කිරීමේ නීතිය‘ මගින් සියලුම ආයතන, සංවිධාන සහ පුරවැසියන් “ජනතාවගේ ජීවිත හා සෞඛ්‍යය ආරක්ෂා කිරීමේදී අනුගමනය කළ යුතු” නීති රීති දක්වා තිබෙනවා.

    මිනිසුන් දෙදෙනෙක් දුම් පානය කරති
    උතුරු කොරියාවේ පිරිමින් අතර දුම්පානය බහුලව දක්නට ලැබෙන නමුත් කාන්තාවන්ට එය තහනම්ය

    නව නීතිය මගින් “දුම්වැටි නිෂ්පාදනය හා විකිණීම සහ දුම්කොළ භාවිතය පිළිබඳ නීතිමය හා සමාජීය පාලනයන් රාජ්‍ය දුම්කොළ තහනම් කිරීමේ ප්‍රතිපත්තියට අනුව දැඩි කරයි”.

    “දේශපාලන හා දෘෂ්ටිවාදාත්මක අධ්‍යාපනය” සඳහා අදහස් කරන ප්‍රදේශ, සිනමා ශාලා, අධ්‍යාපන ඒකක, මහජන සෞඛ්‍ය පහසුකම් සහ පොදු ප්‍රවාහන වැනි ස්ථානවල දුම්පානය තහනම් කර ඇති ස්ථාන ද එහි සඳහන් වෙනවා. නීතියට එරෙහි වන්නන්ට දෙන දඩුවම් ගැන එහි සදහන් වන නමුත් රාජ්‍ය මාධ්‍ය ඒවා මොනවාදැයි පවසන්නේ නැහැ.

    නව නීතිය සම්මත වී දින කිහිපයකට පසු, රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය KCNA ලොව පුරා සිටින වෛද්‍යවරුන් සහ විශේෂඥයන්”උපුටා දක්වමින් වාර්තා කළේ, දුම් පානය කරන්නන්ට කොරෝනා වෛරසය වැළඳීමේ වැඩි අවදානමක් ඇති බවයි.

    දුම්වැටි විරෝධී ව්‍යාපාර ආරම්භ වූයේ කවදාද?

    2005 දී අනුමත කරන ලද ‘දුම්කොළ පාලනය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ රාමු සම්මුතියට (WHO Framework Convention on Tobacco Control, which it ratified in 2005) අත්සන් තැබීමෙන් පසුව උතුරු කොරියාවේ දුම්වැටි විරෝධී වැඩසටහන් සාමාන්‍ය සිදුවීමක් බවට පත් විය.

    දුම්කොළ පාලන නීතියේ කොටසක් ලෙස, සිගරට් ඇසුරුම් කිරීම සඳහා අනතුරු ඇඟවීමේ ලේබල් සහ පොදු ස්ථානවල දුම්පානය තහනම් කිරීමට පියවර ගත්තා.

    දුම්පානය කරන්නන් මෙම භාවිතයේ “හානිකර බව” දැනුම් දීම සඳහා 2019 දී “කඩිනම්” ව්‍යාපාරයක් සිදු කළ බව KCNA වාර්තා කරනවා. විදේශීය නිෂ්පාදිත දුම්කොළ ආනයනය සීමා කිරීමට පියවර ගෙන ඇති බව රාජ්‍ය මාධ්‍ය පවසනවා.

    කොරියානු මධ්‍යම රූපවාහිනිය උදේ සහ සවස දුම් පානය කරන අය “විශ්වාස කළ නොහැකි” පුද්ගලයන් ලෙස විස්තර කර ඇති බව සෝල්හි ඩේලි එන්කේ වෙබ් අඩවිය – Daily NK website වාර්තා කරනවා.

    මෙම වසරේදී දුම්පානයෙන් ඇති විය හැකි අනතුරු පිළිබඳ තොරතුරු සපයන වෙබ් අඩවියක් දියත් කර තිබීම ද විශේෂත්වයක්. “දුම්පානයට එරෙහි ව්‍යාපාර වලදී විද්‍යාව සහ තොරතුරු වැදගත්” යැයි ප්‍රචාරක ව්‍යාපෘතිය භාර ප්‍රධානියෙක් සදහන් කළා.

    අසීමිතව දුම්පානය කරන නායකයෙක් …

    නමුත් උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අධික ලෙස දුම් පානය කරන්නෙකු වන අතර, ඔහුගේ සංචාර වලදී ඔහු අධික ලෙස දුම්පානය කරනු දැකගත හැකියි.

    කිම් ජොන් උන් අතේ සිගරට් එකක් ගෙන ඉඟි කරයි
    කිම්ට 2018 දී බීජිං සංචාරයකදී උතුරු කොරියානු තානාපති කාර්යාලයේදී දුම් පානය කරන අයුරු

    එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඔහුගේ දෙවන සමුළුව සඳහා වියට්නාමයට දුම්රියෙන් යන අතරතුර  (2019 පෙබරවාරි මාසයේදී) ඔහු අඛණ්ඩව දුම්පානය කරනු දැකගත හැකි වුණා. ඔහුගේ සහෝදරිය කිම් යෝ-ජොං ඔහු වෙනුවෙන් අළු බඳුනක් තබා ගත්තා.

    කිම්ගේ බිරිඳ රි සොල්-ජු ඔහුගෙන් දුම්පානය නතර කරන ලෙස ඉල්ලා සිටි නමුත් ඔහු එයට කන් නොදෙන බවයි ජාත්‍යන්තර මාධ්‍ය කියන්නේ.

    කාන්තාවන් දුම් පානය නොකරන බව ඇත්තද?

    වසර ගණනාවක් තිස්සේ උතුරු කොරියාවේ දුම්පානය ඉහළ මට්ටමක පවතින අතර එහි පහළ යාමක් තවමත් නිවැරදිව දැකගත නොහැකියි. 2019 සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවක් පවසන්නේ රටේ වයස අවුරුදු 15 ට වැඩි පිරිමින්ගෙන් 46.1% ක් දුම් පානය කරන බවයි.

    දත්ත වලට අනුව, කිසිදු කාන්තාවක් දුම් පානය කරන්නේ නැහැ ! එයට හේතුව උතුරු කොරියානු සමාජයේ දුම්පානය කරන කාන්තාවන් පහත් කොට සැලකීමයි.

    “දකුණු කොරියාවට සාපේක්ෂව කාන්තාවන් ප්‍රසිද්ධියේ, විශේෂයෙන් තරුණ කාන්තාවන් දුම් පානය කිරීම උතුරු කොරියාවේ සංස්කෘතික හා සමාජීය වශයෙන් තහනම්. තත්ත්වය එසේ වුවත් උතුරු කොරියාවේ සමහර විවාහක හෝ වැඩිහිටි කාන්තාවන් පෞද්ගලිකව දුම් පානය කරනවා” යනුවෙන් එක්සත් ජනපදයේ කොරියානා කනෙක්ට් CoreanaConnect හි අධ්‍යක්ෂ ජේම්ස් බන්ෆිල් පවසනවා.

    “උතුරු කොරියාවේ දුම්පානය පිරිමි පාරිභෝගිකයින් විසින් නිර්වචනය කර තිබෙනවා. උතුරු කොරියාවේ පිරිමි සමාජ, වැඩ සහ මිලිටරි සංස්කෘතියේ දුම්පානයට භූමිකාවන් තිබෙනවා. අධික දුම්පානය සහ ඇබ්බැහි වීම පිරිමින්ට සංස්කෘතික වශයෙන් පිළිගත හැකියි” යනුවෙන් විශේෂඥයෙකු සහ මාධ්‍යවේදියෙකු වන මින් චාවෝ චෝයි පවසනවා.

    ඇත්ත වශයෙන්ම, කාන්තාවන් දුම්පානයෙන් අධෛර්යමත් කිරීම සඳහා වන රාජ්‍ය ව්‍යාපාර සඳහා කාන්තාවන් යොදා ගැනීම සුලභව සිදුවෙනවා.

    රාජ්‍ය රූපවාහිනිය වරක් “අතිරේක ගුණාත්මක බවින් යුත් ජීවිතයට තර්ජනයක් වන ජීවිතයක්” නමින් වැඩසටහනක් විකාශය කළ අතර එහිදී කාන්තාවන් පිරිමි දුම් පානය කරන්නන්ට බැණ වැදුණු අතර ‘ඔවුන් පවුල් ජීවිතය සහ රාජ්‍ය පවුල් කළ අසමතුන් ලෙස‘ නම් කිරීම සිදු වුණා.

    Tobacco Atlas විසින් රැස් කරන ලද දත්ත වලට අනුව සෑම වසරකම දුම්කොළ භාවිතය නිසා ඇතිවන රෝගාබාධ හේතුවෙන් උතුරු කොරියාවේ පුද්ගලයින් 71,300කට අධික පිරිසක් මිය යනවා. මේ තත්ත්වය උතුරු කොරියාවට සමාන මිලියන 25කට වැඩි ජනගහනයක් සිටින ඔස්ට්‍රේලියාව හා සසදා බලන විට එරටින් වාර්තා වන්නේ 22,200කට ආසන්න මරණ සංඛ්‍යාවක්.

    ඉතින් මෙම උද්ඝෝෂණ අත්කර ගෙන ඇත්තේ කුමක්ද?

    සමහර සෞඛ්‍ය විශේෂඥයින් සිතන්නේ උතුරු කොරියානු රජයේ මෙම මුල පිරීම් බලපෑමක් ඇති කරන බවයි.

    “නවතම සංඛ්‍යා ලේඛන අනුව උතුරු කොරියානු වැඩිහිටි පිරිමින්ගෙන් අඩකටත් වඩා අඩු හෝ 46.1% ක් දුම් පානය කරන්නන් බව හදුනාගෙන තිබෙනවා. මෙය 2009 දී 52.3% සිට පහත වැටී තිබීම විශේෂත්වයක්. පසුගිය වසර 13 කට වැඩි කාලයක් තිස්සේ උතුරු කොරියාවට ගිය සංචාර 20කට වැඩි සංඛ්‍යාවක් තුළ, පියොංයැං හි දුම් පානය කරන්නන් පහළ යමින් තිබෙන බව මම දැක්කා. විශේෂයෙන් තරුණ පිරිමින් තුළ ඒ පහළ වැටීම මම නිරීක්ෂණය කළා‘ යැයි හාවඩ් වෛද්‍ය විද්‍යාලයේ කොරියාවේ සෞඛ්‍ය ප්‍රතිපත්ති ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ කී බී පාක් බීබීසී අධීක්ෂණ ආයතනයට පැවසුවා.

    නමුත් උතුරු කොරියාවේ සිගරට් පහසුවෙන් ලබා ගත හැකිවීම සහ දැරිය හැකි මිලකට අලෙවි කිරීමට ගැලුවක් බව පෙනෙනවා.

    “බොහෝ ජාතීන් මෙන්, උතුරු කොරියාව ද දුම්පානය නැවැත්වීම වැනි නවීන සෞඛ්‍ය ප්‍රතිපත්ති ඇතුළත් නවීනත්වය පිළිබඳ තමන්ගේම සංකල්පයක් කරා ගමන් කරනවා. පාලන තන්ත්‍රයේ අභිලාෂයන් සහ යථාර්ථයේ සිදුවන දේ අතර වෙනස බොහෝ විට විශාල යි. එම බෙදීම රටේ දුම්පානය තුළ දැකිය හැකියි. එහි වර්ධනය වන දුම් පානය කිරීමේ සංස්කෘතියට එදිරිව ප්‍රතිපත්ති තුළ එය පැහැදිලිව දැකගත හැකියි ”මින් චාවෝ චෝයි පවසනවා.

    සමහර විශ්ලේෂකයින් සිතන්නේ පුරුද්දට පයින් ගැසීමට වඩා ශක්තිමත් වැළැක්වීමක් අවශ්‍ය බවයි.

    “දුම්වැටි විරෝධී ව්‍යාපාර බොහෝ විට නිශ්චිත ස්ථානවල දුම්පානය අඩු කිරීම අරමුණු කර ගෙන තිබෙනවා. පූර්ණ අධිෂ්ඨාන ශක්තිය හැරුණු විට, උතුරු කොරියාවේ පුද්ගලයෙකුට දුම්පානයෙන් ඉවත්වීමට උපකාර කිරීමට බොහෝ යාන්ත්‍රණ නැහැ‘ බැන්ෆිල් මහතා පවනෙවා.

    ‘ නිතරම, යන යන තැන සිගරැට්ටුවක් දල්වා ගෙන සිටින උතුරු කොරියානු නායකයා මීට වඩා හොඳ ආදර්ශයක් ලබා දෙනවා නම් එය කෙතරම් ප්‍රබල පණිවිඩයක් වනු ඇත්දැයි සිතා බලන්න. ඇත්ත වශයෙන්ම එය කවදා හෝ සිදුවනු ඇත්දැයි සිතාගත නොහැකියි‘

    බී.බී.සී වාර්තාවක් ඇසුරිණි – සකස් කළේ – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • නීතියට අභියෝග කරමින් ඉදිරියට යන ජපානයේ Tattoos රැල්ල

    නීතියට අභියෝග කරමින් ඉදිරියට යන ජපානයේ Tattoos රැල්ල

    වැඩිහිටි පුද්ගලයින්ගේ පච්ච විලාසිතා ගැන අපි මීට පෙර කතා කළා. මෙවර අපි කතා කරන්නේ සකුරා මල් පිපෙන, අධි තාක්ෂණික ජපානයේ වේගයෙන් ව්‍යාප්ත වන පච්ච කලාව සහ එහි ප්‍රවණතා ගැන.

    ජපානය පච්ච කලාව සැලකුවේ බොහෝ ආසියාතික රටවල් වල මෙන් ‘අපරාධකරුවන්ගේ විලාසිතාවක්‘ විදිහට. ජපනුන්ගේ ඒ මානසිකත්වයට හේතු වුණේ අපරාධ කල්ලි තමන්ව හදුන්වා දීමට ඇතුළු විවිධ අරමුණු වෙනුවෙන් පච්ච භාවිතා කළ නිසයි. මේ තත්ත්වය තුළ පච්ච කොටා ගැනීම ජපානය තුළ සැලකුණේ ‘අපරාධයක්‘ විදිහටයි. ඒ නිසා මීට අවුරුදු 400කට පමණ පෙර එවකට ජපන් අධිරාජ්‍ය විසින් පව්ච කොටා ගැනීම තහනම් කළා.

    ඒත් වර්තමානය වන විට මේ පැරණි තහනමට අභියෝග කරමින් / නොතකා ජපන් ජාතිකයින් පච්ච කොටා ගැනීමට දැඩි නැඹුරුවක් දක්වනවා.

    මිනිසෙකු තම පච්ච කොටාගත් අත් කැමරාවට පෙන්වයි
    හිරෝකි ඉරෙසුමි අයිකෝකායි හි පච්ච මෝස්තර

    ජපන් ජාතිකයින්ගේ පච්ච වල බොහෝ විට සාම්ප්‍රදායික ජනප්‍රවාදවල චරිත දක්නට ලැබෙන බවයි මේ ගැන විමර්ශනය කළ පුද්ගලයින් පවසන්නේ.

    මෙම ළදරු දියණිය සමඟ කකුල් සහ පපුව මත පච්ච කොටාගත් මිනිසෙක් කාපට් මත වාඩි විය
    සිරුර පුරා පච්ච කොටා ගෙන සිටින චිකිත්සක සේවක හිරෝයුකි නෙමොටෝ (48) සහ ඔහුගේ එක් හැවිරිදි දියණිය වන සුමුගි, ඉබාරකි හි හිටාචිනාකා හි නිවසේ

    පැරණි නීතිය අනුව යමින් ජපානයේ සමහර ස්පා, තටාක, වෙරළ සහ ජිම් වල ශරීර පච්ච කොටා ඇති අයට ඇතුළු වීම තහනම් කළද, ඡායාරූප ශිල්පී කිම් කියුං-හූන් ටෝකියෝ හි ප්‍රසිද්ධ නාන කාමරයකදී පච්ච කොටා ගත් පුද්ගලයින් කිහිප දෙනකු හමුවී ඔවුන්ගේ අපූරු ඡායාරූප එකතුවක් ලබා ගත්තා.

    පච්ච කොටා ඇති පිරිමින් පිරිසක් ප්‍රසිද්ධ ස්නානයක පෙනී සිටිති
    අසකුසා හොරිකාසු ඔහු සහ ඔහුගේ පියා පච්ච කොටා ඇති මිනිසුන් සමඟ
    ශරීර පච්ච කොටාගත් මිනිසෙක් ඔහුගේ පිටට වතුර වත් කරයි
    ඉදිකිරීම් කම්කරුවෙකු වන හිරාකු සාසාකි
    ශරීර පච්ච කොටාගත් මිනිසෙක් ප්‍රසිද්ධ ස්නානයක වැතිර සිටී
    අවන්හල් හිමිකරු හිරෝෂි සුගියාමා, 38

    පසුගිය පෙබරවාරි මාසයේ දී ටෝකියෝ නුවර පැවති ඉරේසුමි අයිකෝකායි Irezumi Aikokai (පච්ච පෙම්වතුන්ගේ සංගමය – Tattoo Lovers Association) හි වාර්ෂික රැස්වීම පචච්ච ලෝලීන්ගේ වාර්ෂික සැනකෙළිය වශයෙන් සැලකිය හැකියි.

    ‘මේ වාර්ෂික රැස්වීම අපට අතිෂයින් වැදගත් වන්නේ සාමාන්‍යයෙන් අපි අපේ පච්ච සමාජයෙන් සඟවන නිසයි. නමුත් වසරකට එක් වරක් පමණක් පැවැත්වෙන මෙම රැස්වීමේදී අපට අපේ පච්ච අනෙක් අයට ආඩම්බරයෙන් පෙන්විය හැකියි. අප ලබාගත් නව පච්ච මොනවාදැයි එකිනෙකාට පෙන්විය හැකියි‘ යැයි එහි ප්‍රධානී හිරෝයුකි නෙමෝටෝ පවසයි.

    ශරීර පච්ච කොටාගත් පිරිසක් ඡායාරූපයක් සඳහා පෙනී සිටිති
    ඉරෙසුමි අයිකොකායි වාර්ෂික රැස්වීමට පැමිණි පච්ච ලෝලීන්
    දැඩි ලෙස පච්ච කොටාගත් ටෝසෝ සමඟ මිනිසුන් දෙදෙනෙක් එකිනෙකා අසල වාඩි වී සිටිති
    ඉරෙසුමි අයිකොකායි

    62 හැවිරිදි හිරෝකි තකමුරා මෙසේ පවසයි: “2000 දශකයේ දී පච්ච සඟරා වැඩි වීමට පටන් ගත්තා. ඒ සමග කාන්තාවන් පවා පච්ච කොටා ගැනීමට පටන් ගත්තා.පච්ච කොටා ගැනීම යුරෝපයේ පවතින ආකාරයටම පිළිගනු ඇතැයි මම සිතුවා”

    කිමොනෝස් හි සංචාරක ව්‍යාපාරයේ නිරත වන වන 33 හැවිරිදි රී යොෂිහාරා තවමත් තම පියාට ඇගේ සම්පූර්ණ පච්චය පෙන්වීමට නොහැකි වී තිබේ.

    කාන්තාවක් තම විශාල පච්චය කැමරාවට හෙළි කිරීම සඳහා ඇඳුමක් ඇඳගෙන ඇඳක් මත දණ ගසයි
    යොෂිහාරා තම පච්ච ප්‍රදර්ශනය කරයි
    පච්ච කලාකරුවෙක් ඔවුන්ගේ චිත්‍රාගාරයේ කාන්තාවකගේ පච්ච කොටා ගනී
    ෂෝඩායි පච්ච කොන අයුරු

    ඇගේ පච්ච කෙටීමේ ශිල්පී ෂෝඩායි හොරීන් පවසන්නේ “ඔබේ නිවස වයසට යනවා. ඔබේ දෙමාපියන් මිය යනවා. ඔබ පෙම්වතාගෙන් වෙන් වෙනවා. ළමයි වැඩිවියට පත් වෙනවා. නමුත් ඔබ ආදාහනය කරන තෙක් සහ ඔබේ සොහොන තුළ පච්චයක් ඔබ සමඟ සිටිනවා. ඒක තමයි ආයාචනය.”

    පච්ච කලාකරුවෙකු ගනුදෙනුකරුවෙකුගේ පිටේ වැඩ කරයි
    පච්ච ගොඩක් ඇති කාන්තාවක් තම ස්වාමිපුරුෂයාගේ පාදයේ පච්චයක් ස්පර්ශ කරයි
    මීනා සිය සැමියාගේ නවතම පච්චය ටෝකියෝහි නිවසේදී ස්පර්ශ කරයි

    “සිය සිරුර පුරා පච්ච කොටා ගෙන ඇති 40 හැවිරිදි පොත් තැබීමේ නිලධාරිනියක වන මීනා යොෂිමුරා ඇගේ ස්වාමිපුරුෂයා වන හිරෝෂි ගැන මෙසේ පවසයි.

    ‘ අපි දෙදෙනාම එක හා සමාන බැවින් අපට ඕනෑම තැනකට යා හැකියි. මම හිතන්නේ ඒක හොඳයි‘‘

    48 හැවිරිදි මාරි ඔකාසාකා සිය පළමු පච්චය කොටා ගෙන ඇත්තේ මීට වසර 20 කට පෙරය. දැන් ඇගේ පුතා වන 24 හැවිරිදි ටෙන්ජි ඔහුගේ මුළු සිරුරම පච්චවලින් ආවරණය කර ගැනීමට කටයුතු කරමින් සිටී.

    පච්ච කොටාගත් කාන්තාවක් සහ ඇගේ වැඩිහිටි පුතා ඔවුන්ගේ නිවසේ පෙනී සිටියි
    මාරි සහ ටෙන්ජි, සයිටාමා හි නයිසා හි

    “සමහර අය ගැඹුරු හේතු නිසා පච්ච කොටා ගන්නවා,” ඇය පවසයි.

    “නමුත් මම එය කරන්නේ ඒවා හුරුබුහුටි නිසා, මම ලස්සන බ්ලවුස් එකක් මිලදී ගන්නා ආකාරයටමයි.”

    නමුත් මාරි නිවසින් පිටවන විට දිගු අත් සහිත බ්ලවුස් පළඳින බැවින් ඇගේ අසල්වැසියන් ඒ ගැන කිසිවක් දන්නේ නැත.

    ටෙන්ජි මෙසේ පවසයි: “සමහර අය මා දෙස බලන්නේ පුදුමයෙනුයි. නමුත් මම තවදුරටත් ඒ ගැන අවධානය යොමු කරන්නේ නැහැ‘

    අතෙහි සහ කකුලේ පච්ච කොටාගත් මිනිසෙක් කළු බළලෙකු සෝෆා මත සුරතල් කරයි
    ටෙන්ජි

    “ඔව්, මම මැර කල්ලියක සාමාජිකයෙක් යැයි මිනිසුන් සිතන අවස්ථා තිබෙනවා. නමුත් මම ඒ ගැන එතරම් කරදර වෙන්නේ නැහැ. මගේ සම සම්පූර්ණයෙන්ම වැසෙන තෙක් මම දිගටම පච්ච කොටා ගන්නවා”

    2019 මාර්තු මාසයේදී කකුල කපා දැමූ 48 හැවිරිදි කාර්යාල සේවක හිදෙයුකි ටොගාෂි මෙසේ පවසයි: “පච්ච කොටා ගැනීම නිසා මම මානසිකව ශක්තිමත් වූ බව මම සිතනවා‘

    කොට කලිසමක් ඇඳගෙන මිනිසෙක් තණකොළ මත සිටගෙන කෘතිම පාදයක් සහ පච්ච කොටාගත් කකුලක් පෙන්වයි
    හයිඩ්යුකි ටෝකියෝහි ඔහුගේ නිවස අසල උද්‍යානයේදී

    “ඒ වගේම මම ගොඩක් ශක්තිමත් නිසා මට ඉක්මනින් සුවය ලැබීමට හැකි වුණා.”

    බී.බී.සී වාර්තාවකි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • විදේශ අමාත්‍යාංශයෙන් ශ්‍රී ලාංකික සංචාරකයින් හට අනතුරු හැඟවීමක්

    විදේශ අමාත්‍යාංශයෙන් ශ්‍රී ලාංකික සංචාරකයින් හට අනතුරු හැඟවීමක්

    ශ්‍රී ලංකාවට හෝ වෙනත් ඕනෑම තෙවැනි රටකට ඇතුළුවීමට අවසර ලබා දීම සඳහා ගෙවීම්/ගාස්තු හෝ ඕනෑම ආකාරයක මූල්‍යමය අයකිරීමක් ඉල්ලා සිටින පුද්ගලයින්ගෙන් ප්‍රවේශම් වන ලෙස ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය ශ්‍රී ලංකාවට පැමිණෙන සහ පිටතට යන සියලුම සංචාරකයින්ගෙන් ඉල්ලා සිටී.

    අදාළ රාජ්‍ය ආයතනවලට හැර, ශ්‍රී ලංකාවට ඇතුළුවීමට හෝ පිටවීමට පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට අවසර දී නොමැති බව විදේශ අමාත්‍යාංශය මෙයින් නිවේදනය කරයි.

    මෙරට තුළ ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් තාවකාලිකව අත්හිටුවන ලද නැවත මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය, වඩාත් අවදානමට ලක්විය හැකි සහ සුදුසුම පුද්ගලයන්ට ප්‍රමුඛතාවය දෙමින් ඉදිරි සතිවල දී නැවත ආරම්භ කෙරෙනු ඇත.

    විදේශ රටවල පදිංචිව සිටින අයට වැඩිදුර හා සත්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා ඔබේ ළඟම ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හෝ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය හෝ කොන්සල් ජනරාල් කාර්යාලය අමතන්න. නැතහොත් ඔබේ ගැටලු https://www.contactsrilanka.mfa.gov.lk/ වෙබ් ලිපිනයෙහි පිහිටි ‘ශ්‍රී ලංකාව අමතන්න’  අන්තර්ජාල ද්වාරය වෙත යොමු කරන්න.

  • කොරෝනා මෘතදේහ ගැන සෞඛ්‍ය ඇමතිනියගෙන් විශේෂ ප්‍රකාශයක්

    කොරෝනා මෘතදේහ ගැන සෞඛ්‍ය ඇමතිනියගෙන් විශේෂ ප්‍රකාශයක්

    විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව අනූව භූමිදානය පිලිබදව තීන්දුව ගනු ලබන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි.

    සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද දින (13) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මෙම අදහස් දක්වන ලදි.

    කොවිඩ් – 19 වැළදී මියගිය පුද්ගලයින්ගේ මෘත දේහයන් භූමිදානය සම්බන්ධයෙන් විවිධ අයගෙන් ඉල්ලීම් ලැබී තිබෙනවා. නමුත් මේ සම්බන්ධයෙන් පත් කරන ලද විශේෂඥ කමිටුව ඔවුන්ගේ තව වාර්තා කිහිපයක් මා වෙත ලබාදීමට නියමිතව තිබෙනවා.

    කෙසේ වෙතත් පසුගිය කැබිනට් මණ්ඩලයේ දී මෙම කාරණය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය කිසිදු තීන්දුවක් ගනු ලැබුවේ නැහැ. කැබිනට් මණ්ඩලයට මෙම කාරණය මතු වූ අවස්ථාවේ දී කැබිනට් මණ්ඩලය මා වෙත දැනුම් දුන්නේ මේ සම්බන්ධයෙන් පත් කරන ලද විශේෂඥ කමිටුවේ වාර්තා අනුව කටයුතු කරන ලෙසයි. එම නිසා එම වාර්තා මා වෙත ලැබුණු පසු අවසන් තීන්දුව ගැනීමට බලාපොරොත්තු වෙනවා.