Blog

  • ශ්‍රී ලංකාවේ Covid-19 මරණ අඩු වුණේ BCG එන්නත නිසාද ?

    ශ්‍රී ලංකාවේ Covid-19 මරණ අඩු වුණේ BCG එන්නත නිසාද ?

    ලංකාව 1949 සිට BCG එන්නත ප්‍රශස්තම ලෙස පාවිච්චි කළ රටක් වන අතර ලංකාවේ ජනගහනයෙන් 95%ක්ම එම එන්නත ලබාගෙන තිබේ.

    ලංකාව තුළද කොරෝනා වසංගතයේ වේගවත් ව්‍යාප්තියක් මේ වන විට පෙනෙන්නට ඇතත් ක්ෂය රෝග මර්දනය සඳහා ලබාදෙන ලද බ BCG එන්නත ප්‍රශස්ත ලෙස යොදා ගෙන තිබෙන රටක් නිසා මරණ අනුපාතිකයෙහි ලොකු වර්ධනයක් පෙන්නුම් නොකරනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.

    එම එන්නතින් ලබාදී තිබෙන ප්‍රතිශක්තිය කොවිඞ් 19 වෛරසයට ඔරොත්තු දීමේ හැකියාවක් ලබාදී තිබේ. ඒ ගැන කර තිබෙන අධ්‍යයන්ගෙන්ද තහවුරු වී තිබෙන්නේ BCG එන්නත පාවිච්චි කර තිබෙන රටවල කොරෝනාවලින් සිදුවී තිබෙන මරණ අනුපාතිකය එම එන්නත පාව්ච්චි කර නැති රටවල මරණ අනුපාතිකයට වඩා බොහෝ පහළ මට්ටමක පවත්නා බවය.

    එම එන්නත කොහෙත්ම පාවිච්චි කර නැති රටවල් ගණන 26ක් වන අතර ඇමරිකාව ඇතුළු ලොකු මරණ අනුපාතිකයක් පෙන්නුම් කර තිබෙන්නේ එම රටවල්ය.

    එක ළඟ තිබෙන රටවල් දෙකක් ලෙස සැලකිය හැකි ස්පාඤ්ඤයේ මරණ අනුපාතිකය සමග සසඳන විට පෘතුගාලයේ මරණ අනුපාතිකය තිබෙන්නේ පහළ මට්ටමකය. ස්පාඤ්ඤයේ මරණ සංඛ්‍යාව 35,369කි. පෘතුගාලයේ මරණ සංඛ්‍යාව 2438කි. මේ වෙනසට හේතුව ස්පාඤ්ඤය BCG එන්න්ත පාවිච්චි නොකළ රටක් වීම හා පෘතුගාලය එම එන්නත පාවිච්චි කළ රටක් වීමය.

    ලංකාව 1949 සිට BCG එන්නත ප්‍රශස්තම ලෙස පාවිච්චි කළ රටක් වන අතර ලංකාවේ ජනගහනයෙන් 95%ක්ම එම එන්නත ලබාගෙන තිබේ.

    උපුටා ගැනීම – 2020 නොවැම්බර් 08 රාවය ඊ පුවත්පතේ ලිපියකිනි –

    ලංකා ඊ ප්‍රෙස් මෙම ලිපියට සම්බන්ධ තව දුරටත් තොරතුරු සොයා යාමේදී 2020 අප්‍රෙල් මස 17 වැනි දින බී.බී.සී වාර්තාවක් හමු වූ අතර https://www.bbc.com/news/52310194 එහි BCG හා සම්බන්ධ වන කොටසේ පරිවර්තනයක් ද පහත පළ කරමු.

    Covid-19 : BCG කටකතා සහ වෙනත් කථා සත්‍යය පරීක්ෂා කර ඇත

    ඉහළින් ඇති ෆේස්බුක්, වට්ස්ඇප් සහ ට්විටර් ලාංඡන සහිත තිරපිටපත්

    සමාජ මාධ්‍යවල වඩාත් ජනප්‍රිය ව්‍යාජ හා නොමඟ යවන කොරොන වෛරස් කතන්දර බීබීසී කණ්ඩායම් විසින් කරුණු පරීක්ෂා කරනු ලැබේ.

    BCG එන්නත පිළිබඳ ව්‍යාජ ප්‍රකාශ

    බීසීජී එන්නත මගින් කොරෝනා වයිරස් ආසාදනය වළක්වන බව පවසන වට්ස්ඇප් පණිවිඩ සාවද්‍යය. (Inaccurate)

    ක්ෂය රෝගයට එරෙහිව සටන් කිරීම සදහා BCG එන්නත (The Bacille Calmette-Guérin) ලොව පුරා ළමයින්ට ලබා දී ඇති අතර එය 2005 වන තෙක් එක්සත් රාජධානියේ ද්විතීයික පාසල්වල පුළුල් ලෙස ව්‍යාප්ත විය.

    දරුවෙකු හෝ වැඩිහිටියෙකු ක්ෂය රෝගය සමඟ සම්බන්ධ වීමේ අවදානමක් ඇති විට එය තවමත් එක්සත් රාජධානියේදී ලබාදීම සිදුවේ.

    බීසීජී එන්නත කොරොන වයිරසයෙන් ආරක්ෂාව සපයන බව අරාබි බසින් වට්ස්ඇප් ප්‍රකාශ කරයි.  අපි මෙම රූපය "සාක්ෂි නැත" යනුවෙන් ලේබල් කළෙමු

    සිරියාව වැනි බොහෝ රටවල තවමත් සුලභව දක්නට ලැබෙන කටකතා පැතිරී ඇති අතර, මිනිසුන්ට BCG එන්නත ලබාදී තිබේ නම් (එන්නත ලබා දුන් විට අතේ ඇතිවන ‘ලපය‘ තිබේ නම්) ඔවුන් කොරොන වෛරසය ගැන කරදර නොවිය යුතු බවට කටකතා පැතිරෙමින් තිබේ.

    අරාබි බසින් සංසරණය වන වට්ස්ඇප් පණිවිඩයක් පවසන්නේ ‘ඔබේ අතෙහි රවුම් කැළලක් ඇත්නම්, ඔබ කොවිඩ් -19 ට එරෙහිව “75% ක් ආරක්ෂා කර ගත හැකි” බවයි.

    කෙසේ වෙතත්, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ BCG එන්නත විසින් කොවිඩ්-19 ආසාදනයෙන් ජනතාව ආරක්ෂා කරන බවට කිසිදු සාක්ෂියක් නොමැති බවයි.

    සෞඛ්‍ය ආයතනය පවසන්නේ BCG සම්බන්ධ සායනික අත්හදා බැලීම් දෙකක් සිදු වෙමින් පවතින අතර එය අවසන් වූ විට ඔවුන්ගේ සොයාගැනීම් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඇගයීමට ලක් කරනු ඇති බවයි.

    වෛද්‍ය සාක්ෂි නොමැති වුවද ගූගල් සමාගමට අනුව “BCG” යන පදය සඳහා ගෝලීය සෙවීම් ඉහළ ගොස් තිබේ.

    ලෝක සෞඛ්‍ය සංවිධානය සැලකිලිමත් වන්නේ එන්නත සඳහා ඇති ඉල්ලුම වැඩිවීම යනු ක්ෂය රෝගයට එරෙහිව ළමුන් එන්නත් කිරීම සඳහා ලබා ගත හැකි ප්‍රමාණය අඩු වීම ගැනයි.

    බීසීජී එන්නත සඳහා ඉල්ලුම ඉහළ යන බව වාර්තා කරමින් ජපානයේ සැපයුම්කරුවන් ද ඒ හා සමාන බිය පළ කර තිබේ.

    බී.බී.සී වාර්තවකිනි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • ලංකාවේ කොරෝනා තත්ත්වය ගැන අලුත්ම හෙළිදරව්ව

    ලංකාවේ කොරෝනා තත්ත්වය ගැන අලුත්ම හෙළිදරව්ව

    කොවිඩ් සමග තවත් අවුරුදු දෙකක්වත් ජීවත් වෙන්න වෙයි – සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක

    ශ්‍රී ලංකාවේ කොවිඞ්-19 වසංගත තත්ත්වය මේ වන විට එහි තුන්වන මට්ටමට ළඟා වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාප්‍රේම මහතා පැවසීය.

    සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී අද (6) පැවති මාධ්‍ය හමුවේදී කරුණාප්‍රේම මහතා මේ බව සදහන් කළේය.

    මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාප්‍රේම මහතා මෙසේ ද පැවසීය.

    ‘ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව කොවිඩ් වසංගතයේ අදියර 4ක් පවතිනවා. පළමු මට්ටමේදී විදේශවලින් පැමිණි අය වැනි පිරිස් අතුරින් කුඩා ප්‍රමාණයක් වාර්තාවීමත්,  දෙවන මට්ටමේදී රට තුළ විශාල වශයෙන් නොපැතිරුණු එක් පොකුරක් පැවතීමත් සිදුවෙනවා. ලංකාව දැන් ළගා වෙමින් සිටින තුන්වන මට්ටමේදී දැකිය හැකි වන්නේ පොකුරු කීපයක් මතුවීමයි. හතරවන මට්ටමේදී සිදුවන්නේ පොකුරු කිහිපයක් සමඟ සමාජ පැතිරීමක් සිදුවීමයි.

    ලෝක සෞඛ්‍ය සංවිධානය මේ මට්ටම් පිළිවෙළින් කොළ, කහ, තැඹිලි, රතු වර්ණයන්ගෙන් දක්වා තිබෙනවා. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවේ පවතින්නේ තැබිලි පැහැයෙන් දැක්වෙන තුන්වන මට්ටමේයි.

    කොවිඩ් සමග තවත් අවුරුදු දෙකක්වත් ජීවත් වෙන්න වෙයි – සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක

    මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පැවසුවේ කොවිඩ් රෝගයත් සමග තව වසර දෙකකට වැඩි කාලයක් ගත කිරීමට ලෝකයට සිදුවනු ඇති බවත් ලෝකයේ තුන්වැනි කොවිඩ් රැල්ල ලබන වසරේ මුල ඇතිවිය හැකි බවට  කොවිඩ් -19 පිළිබඳව පර්යේෂණ සිදුකරන විද්‍යාඥයින් අනතුරු අඟවා ඇති බවත් ජයරුවන් මහතා මෙහිදී හෙළි කළේය.

    මෙහිදී වැඩි දුරටත් කරුණු සදහන් කළ වෛද්‍ය ජයරුවන් මහතා මෙසේ ද ප්‍රකාශ කළේය.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇතුළු ලෝකයේ කොවිඩ් වෛරසය ගැන පර්යේෂණ පවත්වන විද්‍යාඥයින් කියන කාරණයක් තමයි දෙවැනි කොවිඩ් රැල්ලේදීවත් අපි හොයා ගත්තෙ නැති වුණොත් බෙහෙතක්, තුන්වැනි කොවිඩ් රැල්ලක් ලබන වසරේ මුල භාගයේදී එන්න පුළුවන් කියන කාරණය. එය දැන් තියෙන වෛරසයටත් වැඩිය භයානක වෙන්න පුළුවන් බවයි ඔවුන් කියන්නේ.

    දෙවැනි කොවිඩ් රැල්ලේ මේ බරපතළ ලෙස මිනිසුන්ට ආසාදනයවන කොවිඩ් වෛරසය සුළඟින් ගිහින් බෝ වෙන්නේ නෑ. මේ වෛරස් එකත් අපි අල්ලලා මුඛයේ හෝ නාසයේ හෝ ඇස්වල හරි ගාගන්නවා. අපි එදිනෙදා බාහිර පරිසරයේ ගමන්කරන කොට මේ වෛරසය ඇවිත් අපේ ඇඳුම්වල අත්වල ගෑවෙන්න පුළුවන්. වෛරසය බිම පතිතවෙලා තිබුණොත් අපේ සපත්තුවල ගෑවෙන්න පුළුවන්. එහෙම වෙලා ඒක ගෙදරට යන්න පුළුවන්. ඒ නිසා තමයි නිවරැදි සෞඛ්‍ය පුරුදු පිළිපදින්න කියන්නේ. පුළුවන්නම් ගේ ඇතුළට යන්න ඉස්සෙල්ලා නාලා පිරිසිදුවෙලා යන්න. එහෙම කළොත් ඔබත් බේරී සමාජයත් කොවිඩ් වලින් බේරා ගන්න පුළුවන්.

  • සුළු සේවකයින් පත් කිරීමේ ‘ඇමති අභිමතයට’ වැට බඳී

    සුළු සේවකයින් පත් කිරීමේ ‘ඇමති අභිමතයට’ වැට බඳී

    මින් ඉදිරියේදි සියලුම රාජ්‍ය ආයතනයවල සුළු සේවකයන් පත්කිරීම අදාළ අමාත්‍යංශය බාර ඇමතිවරයාගේ අභිමතය අනුව කළ නොහැකි ලෙස චක්‍ර ලේඛයක් නිකුත් කළ බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා කියයි.

    මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටියේෙ අමාත්‍යංශ වල රියදුරන්, කාර්යාල කාර්ය සහායකයන් සහ පිරිසිදු කරන්නන් යන තනතුරු සඳහා අවශ්‍ය සේවක පිරිස් මුදල් අමාත්‍යංශයේ බහුකාර්ය සංවර්ධන කාර්ය සාධන බලකා දෙපාර්තමේන්තුව මගින් ලබාදීමට තීරණය කර ඇති බවයි.

    අභ්‍යන්තර උසස්වීම් මගින් අදාළ පුරප්පාඩු පිරවීම සඳහා අවස්ථාව සලසා දී ඇත්නම් ඒ අනුව කටයුතු කළ යුතු බවත් අනෙකුත් සියලුම අවස්ථාවන්හිදී බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුව මගින් අදාළ සේවා සපුරාගැනීමට කටයුතු කළ යුතු බවත් ආටිගල මහතා වැඩිදුරටත් සදහන් කළේය.

    මෙම නියෝගය චක්‍රෙල්ඛයක් මගින් සියලු ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇති බවයි ඔහු වැඩි දුරටත් සදහන් කළේ.ෙ

  • ඕමානයට ගෘහ සේවිකාවන් යවන්නන්ට දැඩි කොන්දේසියක්

    ඕමානයට ගෘහ සේවිකාවන් යවන්නන්ට දැඩි කොන්දේසියක්

    ශ්‍රී ලාංකික කාන්තා ගෘහ සේවිකාවන් ඕමාන සුල්තාන් රාජ්‍යයට අවිධිමත් ලෙස සංක්‍රමණය වීම වැළැක්වීම සඳහා ඕමාන සුල්තාන් රාජ්‍යයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය (SLBFE) හා අදාළ ඕමාන බලධාරීන් සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව නව ක්‍රියා පිළිවෙතක් හඳුන්වා දී තිබේ.

    මෙම නව ක්‍රියා පිළිවෙතට අනුව, එක් එක් ශ්‍රී ලාංකික කාන්තා ගෘහ සේවිකාවන්ගේ රැකියා කොන්ත්‍රාත්තුව සමඟ මස්කට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් නිකුත් කරන ලද “විරෝධතාවක් නොමැති බවට සහතිකයක්” (NOC) ඇති නියෝජිතායතන හෝ තනි අනුග්‍රාහකයන්ට පමණක්, ශ්‍රී ලංකාවේ කාන්තා ගෘහ සේවිකාවන්ට රැකියා වීසා බලපත්‍ර නිකුත් කීරිමට පියවර ගෙන ඇත..

    එබැවින්, ශ්‍රී ලංකා කාන්තා ගෘහ සේවිකාවන් ඕමානයේ සුල්තාන් රාජ්‍යයට බඳවා ගැනීම පිණිස මස්කට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් “විරෝධතාවක් නොමැති බවට සහතිකයක්” ලබා ගැනීම, බඳවා ගැනීමේ නියෝජිතායතන සහ තනි අනුග්‍රාහකයන් සඳහා අනිවාර්ය වේ

    ඒ අනුව, ඕමාන් සුල්තාන් රාජ්‍යයේ රැකියා සඳහා ශ්‍රී ලංකාවේ කාන්තා ගෘහ සේවිකාවන් බඳවා ගැනීමට අපේක්ෂා කරන සියලුම බඳවා ගැනීමේ නියෝජිතායතන සහ තනි අනුග්‍රාහකයන්ට, පහත සඳහන් ක්‍රියා පටිපාටියට අනුකූල වන ලෙස මස්කට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය උපදෙස් දෙයි.

    1.      එක් එක් ශ්‍රී ලාංකික කාන්තා ගෘහ සේවිකාවගේ රැකියා කොන්ත්‍රාත්තුව ඕමාන් සුල්තාන් රාජ්‍යයේ මිනිස්බල අමාත්‍යාංශයට මෙන්ම, එරට විදේශ කටයුතු අමාත්‍යාංශයට ද අවශ්‍ය සහතික කිරීම් සඳහා ඉදිරිපත් කිරීම.

    2.      ඕමාන සුල්තාන් රාජ්‍යයේ මිනිස්බල අමාත්‍යාංශය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සහතික කරන ලද රැකියා කොන්ත්‍රාත්තුව සත්‍යාපනය සඳහා මස්කට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ඉදිරිපත් කිරීම.

    3.      ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සහතික කරන ලද රැකියා කොන්ත්‍රාත්තුව යැවීම මඟින්, අදාළ ශ්‍රී ලාංකික කාන්තා ගෘහ සේවිකාව විදේශීය රැකියා නියුක්තිය නියාමනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ ව්‍යවස්ථාපිත ආයතනය වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ (SLBFE) ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම.

    4.      එම ගෘහ සේවිකාව ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි කිරීමෙන් පසුව, “විරෝධතාවක් නොමැති බවට සහතිකයක්” (NOC) නිකුත් කරන ලෙස ඉල්ලා මස්කට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත ලිපියක් ඉදිරිපත් කිරීම.

    5.      ශ්‍රී ලංකා කාන්තා ගෘහ සේවිකාව ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය (SLBFE) සමඟ අනිවාර්ය ලෙස ලියාපදිංචි කිරීම තහවුරු කිරීමෙන් පසුව, මස්කට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය “විරෝධතාවක් නොමැති බවට සහතිකය” (NOC) නිකුත් කරනු ඇත.

    6.      ඕමාන සුල්තාන් රාජ්‍යයේ සේවය කිරීම සඳහා ශ්‍රී ලාංකික කාන්තා ගෘහ සේවිකාවන්ට අවශ්‍ය රැකියා වීසා බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා, මස්කට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් නිකුත් කරන ලද “විරෝධතාවක් නොමැති බවට සහතිකය” (NOC) සමඟ රැකියා කොන්ත්‍රාත්තු රාජකීය ඕමාන් පොලිසියේ විදේශ ගමන් බලපත්‍ර සහ පදිංචිය පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය වෙත ඉදිරිපත් කිරීම.

    මෙම අවශ්‍යතාවය සඳහා “විරෝධතාවක් නොමැති බවට සහතිකය” (NOC) තානාපති කාර්යාලය මඟින් නොමිලයේ නිකුත් කරන බව මස්කට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තවදුරටත් දැනුම් දෙයි. ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් “විරෝධතාවක් නොමැති බවට සහතිකය” නිකුත් කිරීමේ නව ක්‍රියා පිළිවෙත 2020 ඔක්තෝබර් 01 වැනි දින සිට ක්‍රියාත්මක වේ.

    මෙම නව ක්‍රියා පිළිවෙත පිළිබඳව කාරුණිකව දැනුවත් වන ලෙසත්, ඉහත සඳහන් පියවර අනුගමනය කරන ලෙස ඔවුන්ගේ බඳවා ගැනීමේ නියෝජිතායතන හෝ තනි අනුග්‍රාහකයන්ගෙන් ඉල්ලා සිටින ලෙසත්,  ඕමාන සුල්තාන් රාජ්‍යයේ රැකියාවක් ලබා ගැනීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකික කාන්තා ගෘහ සේවිකාවන්ගෙන් මස්කට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉල්ලා සිටී. ඕනෑම තුන්වැනි රටක් හරහා පැමිණීමේ/සංචාරක වීසා‍ කාණ්ඩය යටතේ ඕමාන සුල්තාන් රාජ්‍යයේ රැකියා අවස්ථා ලබා දීමට පොරොන්දු වන වංචනික ආයතන/පුද්ගලයින්ට ගොදුරු නොවන ලෙස අනාගත ශ්‍රී ලාංකික කාන්තා ගෘහ සේවිකාවන්ට උපදෙස් දීමට තානාපති කාර්යාලය අපේක්ෂා කරයි. 

    ශ්‍රී ලාංකික කාන්තා ගෘහ සේවිකාවන් අවිධිමත් ලෙස සංක්‍රමණය වීම/මිනිස් ජාවාරම මැඩපැවැත්වීම සඳහා, ඉහත සඳහන් ක්‍රියා පටිපාටියට දැඩි ලෙස අවනත වන ලෙසත්, මෙම තානාපති කාර්යාලය සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙසත්, ශ්‍රී ලංකා කාන්තා ගෘහ සේවිකාවන් ඕමාන් සුල්තාන් රාජ්‍යයේ රැකියා සඳහා බඳවා ගැනීමට අපේක්ෂා කරන සියලුම විදේශීය හා දේශීය බඳවා ගැනීමේ නියෝජිතායතන සහ තනි අනුග්‍රාහකයන්ගෙන් මස්කට්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කාරුණිකව ඉල්ලා සිටී. 

    ශ්‍රී ලංකාවේ කාන්තා ගෘහ සේවිකාවන්ගේ අවිධිමත් සංක්‍රමණ/මිනිස් ජාවාරම් මැඩපැවැත්වීම පිණිස මෙම නව ක්‍රියා පටිපාටිය හඳුන්වාදීම සඳහා  ලබා දුන් කාරුණික සහයෝගීතාව සහ නොසැලෙන සහය වෙනුවෙන් ඕමාන සුල්තාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ඕ.එල්. අමීර් අජ්වාඩ් මැතිතුමා ඕමාන් සුල්තාන් රාජ්‍යයේ සහ ශ්‍රී ලංකාවේ සියලුම පාර්ශ්වකරුවන්ට සිය අවංක අගය කිරීම ප්‍රකාශ කළේය.

    ශ්‍රී ලංකා තානාපති කාර්යාලය- මස්කට්-

  • ඇමෙරිකාව දැන් ඡන්ද කරන්නේ ‘ලංකාව ආදර්ශයට’ අරගෙන ද ?

    ඇමෙරිකාව දැන් ඡන්ද කරන්නේ ‘ලංකාව ආදර්ශයට’ අරගෙන ද ?

    මැතිවරණ කළමනාකරණයේ‘ දී ජයගන්නේ අපේක්ෂකයින් හෝ පක්ෂ නොව දත්ත පාදක ‘මැතිවරණ විද්‍යාව‘ යි. ඇමරිකාවේ අප අත්දකිමින් සිටින්නේ ලංකාවේ 2015 ජනාධිපතිවරණයේ මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් ගොනුකළ ‘මැතිවරණ විද්‍යාවේ‘ ජයග්‍රහණයේ කථාවයි. නැතිනම්, 2019 දී බැසිල් රාජපක්ෂ විසින් ගොනු කළ ‘මැතිවරණ විද්‍යාවේ‘ සාර්ථකත්වය යි

    1994 – 2019 ලංකා ජනාධිපතිවරණයන් හි ජයග්‍රාහකයා පිළිබඳ තීරණාත්මක සාධකය කුමක්ද?දෙමළ ජනතාවගේ ඡන්දය මිලදී ගැනීම, හා මුස්ලිම් ජාතිකයින් ගේ ඡන්දය අවහිර කිරීම ය.

    ද්වි පක්ෂ දේශපාලනයේ ජයග්‍රහකයා තීරණය වන්නේ තරාදියේ එක් තට්ටුවක ඡන්ද අඩු කිරීමෙන් පමණක් නොවේ. අනෙක් තට්ටුවේ ඡන්ද වැඩි කිරීමෙන් ද එය සිදුවේ. ඇමරිකාවේ දැන් තත්වය ද එයමය. ජෝර්ජියාව, ජෝ බයිඩ්න් ගේ පැත්තට හැරී ඇත. අන්තිම මොහොතේ ජෝ බයිඩ්න් පය ගැසූ මිචිගන් ද ඔහු දිනා ඇත. ‘මැතිවරණ විද්‍යාව‘ ම ජයගත් සම තත්වයකට ඇමරිකානු ඡන්දය දැන් පත්ව ඇත.

    බයිඩ්න්ට ජය කැන්දන තැපැල් ඡන්දය

    ඇමරිකාව පුරා කෝවිඩ් රැල්ල පැතිර යද්දී, ඡන්දය තියෙන දවසේ ඡන්දපොළට යාමට ඉඩම් නොලැබෙනු ඇතැයි බියක් ඇති විය. ඒ බිය පැතිර වූවේ නිදහස් ජනමධ්‍ය යි. ඇමරිකාවේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 55% – 57% සීමාවේ පවතී. නමුත්, 2020 ඡන්දයේ ඉතිහාසයේ වැඩිම ඡන්ද ප්‍රමාණය (66.4%) ප්‍රකාශයට පත්ව ඇත. අතිරේක ඡන්ද වැඩිවූයේ තැපැල් ඡන්ද ලෙසිනි.

    ඩිමෝක්‍රටික් පාක්ෂිකයින් හා ඔවුන්ට අනුබද්ධ සංවිධාන කෝවිඩ් නිසා ඡන්ද පොළට යා නොහැකි බැවින් තැපැල් ඡන්දයට ලියාපදිංචි වන ලෙස ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙන ගියේය. එයට ඉහළම දායකත්වය දැක්වූවේ නිදහස් හා සමාජ මාධ්‍ය යි.

    මේ ප්‍රවණතාව හදුනාගත් ට්‍රම්ප් කණ්ඩායම තැපැල් ඡන්දය ලියාපදිංචි වළක්වන්නට සෑම දේම කළේය. උසාවි ගියේය. ටෙක්සාස් ඇතුළු ප්‍රාන්ත ගණනාවක තහනම් නියෝග ගත්තේය. ඒ සඳහා ට්‍රම්ප් අලුතෙන් පත් කළ විනිසුරුවරු දැක්වූ දායකත්වය ද ගැන කාටුනයක් මේ සමඟ අමුණා ඇත. (මතක තබා ගන්න. ලංකාවටත් මෙය අනාගතයේ දී අදාළ විය හැකිය)

    ඇමරිකානු ඉතිහාසයේ වැඩිම ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය (66.4%) මෙවර වාර්තා වී ඇත. මිචිගන් හි 73% කි. (මෙයට පෙර වැඩිම 2008 – 69%කි) ජොර්ජියා මෙවර 67% කි. (ජොර්ජියාවේ පෙර වාර්තාව 2008 හි 62% කි)

    තැපැල් ඡන්ද ජෝ බයිඩන් ගේ ජයග්‍රහණයේ තීරණාත්මක සාධකය වී ඇති ගැන කියන්නට මිචිගන් හා ජොර්ජියානු උදාහරණය ප්‍රමාණවත් අතර එය වැළැක්වීමට ට්‍රම්ප් දැරූ උත්සාහය පසුගිය මාස 4 තුළ ද, පසුගිය දින දිකේ ද කැපී පෙනුණි.

    දැවැන්ත ජනතා ව්‍යාපාරයක් මගින් උපද්දවා ගත් ඡන්ද ගොඩ තම මල්ලට දමාගන්නට ජෝ බයිඩ්න් ගේ ඩිමෝක්‍රටික් පක්ෂය සමත්ව ඇත. ඔහු ජනාධිපතිවනවා නම්, තීරණාත්මක ජය සාධකය මේ අලුත් ඡන්දය යි. පරාජය වූවත්, මෙහෙම සටනක් දෙන්නට අවස්ථාව උදාවූවේ තැපැල් ඡන්ද නිසාය.

    ලංකාවේ ද මේ තත්වය වෙනස් නැත.

    2005 දී මහින්ද රාජපක්ෂට දිනන්නට අවශ්‍ය අලුත් ඡන්ද ටික ගෙනාවේ ජවිපෙ යි. එය ජවිපෙ හි ලක්ෂ 2 කාඩර් එකට වැඩි ප්‍රමාණයකි. උතුරේ දෙමළ ඡන්දය පාගාවක් දී නැවැත්වූ දුප්පත් රනිල් උදේ 10 වන තුරුම එය දැන සිටියේ නැත. නැගෙනහිර මුස්ලිම් ඡන්ද වැලැක්වන්නට අවශ්‍ය වූවේ බෝම්බ කිහිපයකි.

    2015 දී සිදු වූයේ එහි අනික් පැත්තය.

    හැදුණුම්පත් නැති අති බහුතරයක් වූ දෙමළ – මුස්ලිම් ජනතාවට හැදුණුම්පත් සාදා දෙන ලදී. ජවිපෙ, චම්පික ලා අවසන එක් විය. ප්‍රජාතන්ත්‍රවාදය ගැන උනන්දු වූ තරුණ කණ්ඩායම් (උදා – අලුත් පරපුර) ගෙනාවේ ඔවුන්ගේ ඡන්ද 100 – 150 නොවේ. එයට වැඩි ප්‍රමාණයකි. ජවිපෙ කළේ කාඩර් එක සමඟ පෝස්ටර් ගැසීම පමණක් නොවේ.

    සුදර්ශන ගුණවර්ධන, උපුල් කුමරප්පෙරුම, උදුල් ප්‍රේමරත්න, ලක්ෂාන් ඩයස්, නිමල්කා ප්‍රනාන්දු ලා කියන්නේ නීතිඥවරුන් දුසිමක් දෙකකට වඩා වැඩි දෙයකි. උතුරේ දෙමළ ජන්ද සල්ලිවලට ගන්නට බැරි තැනකට සිවිල් ක්‍රියාකාරීත්වය ශක්තිමත් වූවේය.

    2015 ජනවාරි 8 මෛත්‍රීපාල සිරිසේන දිනුවේ මුස්ලිම් ඡන්ද වළක්වන්නට නොහැකි වූ නිසාය. උදේ පාන්දර මුස්ලිම් ජනතාව ඡන්ද පොළට ගිය නිසාය. එය ඔහුට අලුත් ඡන්දයක් වූවේය.

    1994, 1999, 2005, 2010, 2019 සෑම අවස්ථාවක දී ම දෙමළ ඡන්ද මිලදී ගැනීමත්, මුස්ලිම් ඡන්ද වැලැක්වීමේ දේශපාලන ජයගත ගත්තේය.

    2015 දී එය මෛත්‍රීපාල සිරිසේන ගේ දේශපාලන ශූරත්වය හෙවත් උදේ 4 රැස්වීම හරහා, චම්පික රණවක, ශිරාල් ලක්තිලක, මෛත්‍රී ගුණරත්න විසින් කළමනාකරණ කරනු ලැබීය. 2015 මෛත්‍රිපාල ට වඩා 2019 සජිත් ගේ රැස්වීම්වලට සෙනඟ සිටියේය. මෛත්‍රී දිනු අතර, සජිත් පැරදීම ‘මැතිවරණ විද්‍යාව‘ යි.  

    ඇමරිකානු දත්ත සහ ලංකාවේ ‘නොදත්ත‘

    හැමෝම කියන කතාව 2016 දී මෙන්ම මෙවරද ඇමරිකාවේ ජනමත සමීක්ෂණ වැරදුණු බවකි. (Project 358 බලන්න) සමීක්ෂණවලට හසු නොවන ‘සැඟවුණු දත්ත‘ ජයග්‍රාහී ටූල්ස් බවට පත්වී ඇත.

    2019 දී බැසිල් රාජපක්ෂ විසින් ගෝඨාභය රාජපක්ෂ ගේ ජයග්‍රහණය වෙනුවෙන් දියත් කර තිබූ ‘බිග් ඩේටා‘ මාදිලිය ලංකාවේ බොහෝ දෙනා තවම දන්නේ වත් නැත. ‘බිග් ඩේටා‘ පද්ධතිය මුදල් හා දැනුම සම්පත ඇති නම් වෘත්තිකයින්ට කළ හැකිය. නමුත්, කුලියට ගන්නා මිනිසුන්ගෙන් ‘දත්ත පාදක සාධක‘ මහ පොළොවේ ජය ගත නොහැකිය.

    1973 -1976 පරිගණකයක් හෝ නොමැති යුගයක, ජේ.ආර්.ජයවර්ධන ලංකාවේ ‘බිග් ඩේටා‘ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ඇත්තේය.

    ‘මහා සම්ප්‍රදායේ කථාව – එක්සත් ජාතික පක්ෂය‘ කෘතිය ලියන්නට මම එහි මැද කොළඹ, ඇතුළු දත්ත සාම්පල දැක ඇත්තෙමි. එයට සමාන්තරව, ජේ.ආර්. රට පුරා සහ සමාජ කණ්ඩායම් හරහා යන සංවිධාන හා සාමාජික ජාලයක් එදා එජාපය බිහි කර ගත්තේය.

    2017- 2019 බැසිල් රාජපක්ෂ කළේ එදා ජේ.ආර්. අතින් කළ දෙයම තාක්ෂණය යොදා ගනිමින් සිදු කිරීමය.

    මිත්‍රවරුනි,

    ‘මැතිවරණ කළමනාකරණයේ‘ දී ජයගන්නේ අපේක්ෂකයින් හෝ පක්ෂ නොව දත්ත පාදක ‘මැතිවරණ විද්‍යාව‘ යි. ඇමරිකාවේ අප අත්දකිමින් සිටින්නේ ලංකාවේ 2015 ජනාධිපතිවරණයේ මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් ගොනුකළ ‘මැතිවරණ විද්‍යාවේ‘ ජයග්‍රහණයේ කථාවයි. නැතිනම්, 2019 දී බැසිල් රාජපක්ෂ විසින් ගොනු කළ ‘මැතිවරණ විද්‍යාවේ‘ සාර්ථකත්වය යි.

    2015 දී මෛත්‍රීපාල සිරිසේන නොවන අපේක්ෂකයෙකුටත් දිනන්නට තිබුණි. 2019 ගෝඨාභය නොවී චමල් රාජපක්ෂ අපේක්ෂකයා වූවත් පොහොට්ටුවේ ජයග්‍රහණය වෙනස් වන්නේ නැත.

    2020 ඇමරිකානු ජනාධිපතිවරණයේ දී මේ වයෝවෘද්ධ ජෝ බියිඩ්න් හැර තරුණයෙකු ඩිමෝක්‍රටික් පක්ෂයට නොසිටියා දැයි බොහෝ දෙනා මැතිවරණ ව්‍යාපාරය පුරාම අසන්නේය. නූතන මැතිවරණවල දිනන්නේ අපේක්ෂකයාම නොව දත්ත හා උපක්‍රමය ය.

    දෙවන වතාවේ පරදින ඇමරිකානු ජනාධිපතිවරුන් ලැයිස්තුවේ හය වැනියා වන්නට ට්‍රම්ප් ට සිදු වන්නේ ඇයි? උත්තරය සරළ ය. ඉතා පැහදිලි ය. දෙදෙනෙකු අතර ද්වන්ධ සටනක ජනාධිපතිවරණය වඩා වැදගත් වන්නේ ‘මැතිවරණ විද්‍යාව‘ මිස අපේක්ෂකයා නොවේ. ‘මැතිවරණ විද්‍යාව‘ යනු විශේඥතාව (Specialization) හා වෘත්තීය භාවය (Professionalism) යි. ඇමරිකානු ජනාධිපතිවරණය, 2024 ට ලංකාවේ දේශපාලන පක්ෂවලට උගන්වන පාඩම එයයි.

    රජිත් කිර්ති තෙන්නකෝන්

  • ‘සම්ප්‍රදායික වසංගතවේදයෙන්’ කොරෝනා උවදුර ජය ගත නොහැකි ඇයි?

    ‘සම්ප්‍රදායික වසංගතවේදයෙන්’ කොරෝනා උවදුර ජය ගත නොහැකි ඇයි?

    COVID-19 වසංගතයේ දෙවන රැල්ල ප්‍රබල ලෙසින් රට පුරා පැතිර ගොස් ඇති මේ අවස්ථාවේ වසංගත කළමනාකරණය මීට වඩා ප්‍රශස්ත කරන්නේ කෙසේද යන්න යළිත් සාකච්ඡා වනවා.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලතල හොබවන වෛද්‍යවරුන් බොහෝ විට සරසවි වෛද්‍ය පර්යේෂකයන් හෝ ස්වාධීන වෛද්‍ය පර්යේෂකයන් නොමිලයේම ලබා දෙන විද්වත් උපදෙස් නොතකා හරින බවක් ද පෙනෙනවා.

    මහජන සෞඛ්‍යය ගැන දෙස් විදෙස් අත්දැකීම් බහුල ලාංකික විද්වතකු කොරෝනාවේ අලුත් අභියෝග ගැන කරන විග්‍රහයක් අද මා බෙදා ගන්නවා.

    වෛද්‍ය රවී රන්නන්එළිය

    සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය (Institute of Health Policy, http://www.ihp.lkනමැති ස්වාධීන පර්යේෂණ ආයතනයේ විධායක ධ්‍යක්ෂ වෛද්‍ය රවී රන්නන් එලිය සෞඛ්‍ය සේවා සැලසුම්කරණය, ඒවායේ සාධාරණත්වය සහ මහජන මුදල් නිසි ලෙස සෞඛ්‍ය සේවා සඳහා යෙදවීම ආදී විෂයයන් පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය, ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර ආයතනවලට විද්වත් උපදෙස් දෙන ලොව පිළිගත් විශේෂඥයෙක්.

    අමෙරිකාවේ හාවර්ඩ් සරසවියෙන් ආචාර්ය උපාධිය ලබා ඇති ඔහු, දත්ත මත පදනම් වී සහ තුලනාත්මකව විද්වත් මතය ප්‍රකාශ කරමින් පොදු උන්නතිය වෙනුවෙන් හඬ නගන (එහෙත් ජනමාධ්‍ය හරහා ප්‍රතිරූප ගොඩ නංවා ගන්නට තැත් නොකරන) අයෙක්.

    COVID-19 අර්බුදය මුල සිටම ඔහු සිය දැනුම සහ අත්දැකීම මත පදනම් වී කරන විග්‍රහයන් අඩංගු විද්වත් ලිපි ඉංග්‍රීසි පුවත්පත්වලට ලියමින් සිටිනවා. එසේම එයින් සමහරක සිංහල පරිවර්තන තමන්ගේම බ්ලොග් අඩවියක් හරහා බෙදා ගන්නවා. http://www.ihp.lk/blogs/ravi/

    එහෙත් ඔහුගේ ස්වාධීන විග්‍රහ හා උපදෙස් ඇති තරම් මෙරට ජනමාධ්‍ය හෝ රාජ්‍ය අවධානයට යොමු වී නැහැ. මෙය කණගාටුදායක කරුණක්. 

    2020 ඔක්තෝබර් 29 වනදා Daily Mirror පත්‍රයේ ලිපියක් ලියමින් කොරෝනා දෙවන රැල්ල පිළිබඳව වෛද්‍ය රවී රන්නන් එලිය ස්වාධීන විග්‍රහයක් කළා. මෙතැන් සිට ඉදිරිපත් කරන්නේ එහි අනුවාදයක්. [ඔහු මුල් ලිපිය ලියූ උත්තම පුරුෂ ඒක වචනයෙන්ම එය අනුවාදිතයි.]

    කොරෝනා ආසාදන නැවත වරක් සීග්‍රයෙන් වැඩි වීම සමඟ ශ්‍රී ලංකාව පැමිණ සිටින්නේ ප්‍රපාතයක අභිමුඛයට බව පෙනෙනවා. අප දැන්වත් වසංගත ප්‍රතිචාර ක්‍රමවේදය වෙනස් නොකළොත් තත්ත්වය බෙහෙවින් දුෂ්කර විය හැකියි. එය හුදෙක් පාලනය කළ නොහැකි වසංගතයක් පමණක් නොව ආර්ථික වශයෙන් විශාල ගරා වැටීමකට ද තුඩු දෙනු ඇති. 

    අප මෙතැනට ආවේ කෙලෙසකින් ද යන්නට වඩා වැදගත් වන්නේ අප මෙතැන් සිට කරන්නේ කුමක්ද යන්නයි. මිනුවන්ගොඩ ආසාදන පොකුර ඇරඹුනේ කොතනින්ද, එයට වගකිව යුත්තේ කවරහුද, මේ වන විට කොරෝනා වෛරසය ප්‍රජා ව්‍යාප්ති (community spread) මට්ටමක පැතිර තිබේ ද ආදිය ගැන දිගටම තර්ක කරමින් සිටියොත් අප හමුවේ තිබෙන දැවැන්ත අභියෝගයට මුහුණ දිය නොහැකි වනවා. 

    මිනුවන්ගොඩ ආසාදන පොකුර පමණක් නොවෙයි, කන්දකාඩු පොකුර ද ඇරඹුනේ කොතැනින්ද යන්න සොයා ගත නොහැකිව තිබෙනවා. කොරෝනා වෛරසය සාර්ථක ලෙස පාලනය කළ චීනය, වියට්නාමය සහ නවසීලන්තය වැනි රටවල ද ආරම්භය නොපැහැදිලි ආසාදන පොකුරු පැවතියා. එය අසාර්ථකත්වය පිළිබඳ සාධකයක් නොවෙයි.

    වඩා තීරණාත්මක වන්නේ තැනින් තැන මතු වන ආසාදන පොකුරුවලට රටක් දක්වන ප්‍රතිචාරය කුමක් යන්නයි. අප අසමත්ව තිබෙන්නේ එතැනයි!

    අපේ රටේ අලුත් ආසාදන පොකුරක් සොයා ගත් සෑම අවස්ථාවකදීම එය ඇති තරම් කල් තබා හඳුනා ගන්නට නොහැකි වුණා. එයට හේතුව කොරෝනා සඳහා නිතිපතා PCR පරීක්ෂාවන් ඇති තරම් සිදු නොවීමයි. [දින ගණනක් යන තුරු බොහෝ ආසාදිතයන් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන නිසා, ආසාදන හඳුනා ගැනීමට ඇති එකම නිශ්චිත ක්‍රමය PCR පරීක්ෂාවන් සිදු කිරීමයි.]

    ලෝකසෞඛ්සංවිධානයේනිර්වචනයටඅනුවකොරෝනාවෛරසයේප්රජාව්යාප්තියමෙරටසිදුවඇත්දයන්නගැනවිවාදකරනවාටවඩාහදිසිඅවශ්යතාවයවන්නේරටේබොහෝප්රදේශවලවෛරසයපැතිරතිබෙනබවතේරුම්ගෙනඑයමර්දනයටඅවශ්නිසිපියවරඉක්මනින්ගැනීමයි.

    උදාහරණයකට මිනුවන්ගොඩ/බ්‍රැන්ඩික්ස් ආසාදන පොකුර සලකා බලමු. ශ්වසන රෝග ලක්ෂණ සහිත පුද්ගලයන් ගැන දින ගණනාවක් තිස්සේ දැන සිටියත් ඔවුන් කිසිවකු PCR පරීක්ෂාවකට ලක් වූයේ නැහැ.

    දැනට හඳුනාගෙන තිබෙන මුල්ම රෝගී කාන්තාව රෝහල් ගත වූ විට පවා ඇයට එම පරීක්ෂාව සිදු කෙරුණේ නැහැ. ඇය COVID-19 ආසාදිත බව සොයා ගත්තේ රෝහලෙන් පිටව යන මොහොතේදීයි. එය අපි පළමුවන ‘රතු එළිය’ ලෙස සලකමු. 

    ඒ තීරණාත්මක දින කිහිපය තුළ ඇයගෙන් නොදැනුවත්ව වෛරසය තව බොහෝ දෙනෙකුට පැතිරෙන්න ඇති. PCR පරීක්ෂාවන් වැඩි කරන්නැයි ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්‍රසිද්ධියේම උපදෙස් දී තිබියදීත්, සෞඛ්‍ය බලධාරීන් එයට නිසි ප්‍රමුඛතාවය නොදුන්නේ ඇයි?

    ඊළඟ රතු එළිය දැල්වුනේ මිනුවන්ගොඩ කර්මාන්තශාලා සේවිකාවන් රාශියක් ආසාදිතයන් බව පරීක්ෂාවන් හරහා හෙළි වීමෙන්. එයින් පෙනී යන්නේ දින හෝ සති ගණනක් තිස්සේ මෙම වෛරසය ඒ ආශ්‍රිතයන් අතර බෝ වෙමින් තිබූ බවයි.

    මේ දත්ත මතු වූ පසු සෞඛ්‍ය බලධාරීන් ඉක්මනින් තේරුම්ගත යුතුව තිබුණේ මේ වසර මුල අප මුහුණ දුන් කොරෝනා පළමුවන රැල්ලට වඩා මෙය ඉතා බරපතළ තත්ත්වයක් බවයි.

    මිනුවන්ගොඩ ආසාදන පොකුර, ඊට පෙර මතු වූ ආසාදන පොකුරුවලට වඩා විසිර පැතිර ගිය එකක්. මෙම ආසාදිතයන්, වැලිසර හෝ කන්දකාඩු ආසාදන පොකුරුවලදී මෙන් තනි පරිශ්‍රයක පදිංචි වූවන් නොවෙයි. විවිධ නිවෙස්වල පදිංචි මිනුවන්ගොඩ ආසාදිතයන්ට විවිධාකාර ආශ්‍රිතයන් සිටියා. 

    මේ අතර වසර මැද සිට මාධ්‍ය හරහා වැඩිපුරම අපට අසන්නට ලැබුනේ ‘ශ්‍රී ලංකාව කොරෝනා ආසාදනය ජය ගෙන ඇති’ බවයි. එම නිසා, මිනුවන්ගොඩ ආසාදිතයන් (තමන් ආසාදිත බව නොදැනම) පවුලේ උදවිය සහ හිතමිතුරන් ඇසුරු කරමින් සාමාන්‍ය පරිද්දෙන් ගමන් බිමන් යාමට පටන්ගෙන තිබුණා. එබැවින් මිනුවන්ගොඩින් මතු වූ ආසාදන රටේ පැතිර යන්නට ගත වුණේ කෙටි කාලයක්.  

    මිනුවන්ගොඩින් මතුවූ වෛරසය ඉක්මනින් සහ පුළුල්ව පැතිර යාමට හේතුව නම් අප ඇති තරම් PCR පරීක්ෂාවන් අහඹු ලෙස නොකිරීමයි. නිතිපතා පරීක්ෂාවන් නොකරන විට අප කිසිවකුත් නොදැනම සමාජයේ වෛරසය පැතිරිය හැකියි. 

    ආසාදන පොකුරක් මතු වූ පසුව ලහිලහියේ PCR පරීක්ෂාවන් වැඩි කළ විට COVID-19 ආසාදිතයන් වැඩියෙන් හමුවීම ස්වාභාවිකයි. එවිට බැලූ බැල්මට පෙනෙන්නේ වෛරසය ඉතා වේගයෙන් පැතිරෙන බව වුවත්, ඇත්තටම ආසාදන සංඛ්‍යාව වැඩි වීමට ආසාදන ඉහළ යාම මෙන්ම ඒවා වැඩිපුර සොයා ගැනීමත් යන සාධක දෙක ම දායක වනවා.  

    2020 මාර්තුවේ ඉතාලියේ සහ ස්පාඤ්ඤයේ ආසාදන ඉතා සීග්‍රයෙන් පැතිර යන විටද මෙබන්දක්ම සිදු වුණා. මුලදී ඔවුන් සිතුවේ රටටම ආසාදන පැතිර වූ super-spreader ලෙස නම් කරන සිදුවීම් මෙයට හේතු වූ බවයි.

    එහෙත් පසුව සොයා ගත්තේ සති ගණනක් තිස්සේ කිසිවකුත් නොදැන කොරෝනා වෛරසය ටිකෙන් ටික ඒ රටවල පැතිරී තිබුණු බව සහ පසුව පරික්ෂා කරන්නට ගත් විට ඒවා මහා පරිමාණයෙන් සොයා ගැනුණු බවයි. 

    මෙයින් ගත යුතු පාඩම ආසාදන සංඛ්‍යා විග්‍රහ කරද්දී ඉතා ප්‍රවේශම් විය යුතු බවයි.

    මිනුවන්ගොඩින් පැතිර ගිය ආසාදනය පුළුල් වයස් පරාසයක පුද්ගලයන්ට වැළඳී ඇති බව දත්තවලින් පෙනෙනවා. වයස වැඩිවත්ම ආසාදනයට ඇති ඉඩකඩ ද ඉහළ යනවා. වයසින් වැඩි අයට වෛරසය ආසාදනය වූ විට ඔවුන් රෝග ලක්ෂණ පහළ කිරීමට ද වැඩි ඉඩක් තිබෙනවා. රෝග ලක්ෂණ පහළ වූ විට ඔවුන් අතින් රෝගය අන් අයට පැතිරීමට වැඩි හැකියාවක් තිබෙන බව ද පර්යේෂණවලින් පෙනෙනවා. 

    මේ සාධක නිසා මෙවර ආසාදනවලින් මිය යන සංඛ්‍යාව මෙන්ම රෝහල්ගත වන සංඛ්‍යාව ද කලින්ට වඩා වැඩි වීමක් පෙනෙනවා. මුල් වටයේ දී ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව සීමිත වූයේ ආසාදනයට ලක් බොහෝ දෙනා වයසින් අඩු පුද්ගලයන් වූ නිසයි. 

    වෛරසය ශරීරගත වී දින හා සති ගණනාවක් තිස්සේ රෝගී තත්ත්වය උග්‍ර වූ පසුවයි ටික දෙනකුට මරණය අත් වන්නේ. මෙවර වාර්තා වන COVID-19 මරණවලින් සමහරක් රෝගීන් රෝහල්ගත විගසම මිය ගියා යයි මාධ්‍ය වාර්තා කළා. සමහරුන්ගේ ආසාදිත තත්ත්වය තහවුරු වූයේ මියගිය පසු කළ පරීක්ෂාවලින්. මෙසේ වන්නේ සති ගණනක් තිස්සේ කිසිවකුත් නොදැන වෛරසය සමාජයේ පැතිරෙමින් තිබූ නිසා විය යුතුයි.

    අවසාන රතු එළිය ලෙස මා දකින්නේ මෙරට සෞඛ්‍ය සේවාවට මෙම වසංගතය කළමනාකරණය කරන්නට හැකි ධාරිතාවේ සීමා ළඟා වෙමින් තිබෙන බව පෙනීමයි. නිරෝධායන මධ්‍යස්ථානවල ඉඩ නොමැති වීම නිසා විදෙස්ගත ශ්‍රීලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම යළිත් සීමා කරන්නට සිදුව තිබෙනවා. ආසාදිතයන්ගේ පළමු ආශ්‍රිතයන් (first contacts) පෙර මෙන් නිරෝධායන මධ්‍යස්ථානවලට නොයවා නිවසේම ස්වයං නිරෝධායනය වීමට සලස්වන්නේ ද මධ්‍යස්ථානවල ඉඩ මදි වීම නිසයි.

    PCR පරීක්ෂාවන් දවසකට 10,000 පමණ සිදු කළත් මේ වන විට එයද සෑහෙන්නේ නැහැ. පරීක්ෂාවන් ප්‍රමාණය තවත් වැඩි කිරීම සඳහා මහජන සෞඛ්‍ය පද්ධතියට ධාරිතාවක් නැති බව සෞඛ්‍ය බලධාරීන් දැන් පිළිගෙන තිබෙනවා. ධාරිතාව වැඩිකර ගැනීමට ගෙවී ගිය මාස කීපය තිස්සේ ඇති තරම් පියවර නොගැනීමෙහි විපාක දැන් අත්විඳිනවා.

    මේ දුෂ්කර අභියෝග හමුවෙහි කුමක් කළ හැකිද?

    මහජනයාට පැය 48ක දැනුම්දීමකින් පසුව මුළු රටටම බලපාන පරිදි දින 14ක නිවාස අඩස්සිය හෙවත් lock-down එකක් කළ යුතුයි. බස්නාහිර පළාතට පමණක් එවැනි සීමාවක් පැනවීම සෑහෙන්නේ නැහැ. අප COVID-19 සඳහා රෝග ආවේක්ෂණය ඇති තරමට හා දිගටම නොකළ නිසා මේ වන විට වෛරසය කෙතරම් දීප ව්‍යාප්ත වී ඇතිද යන්න කීමට නොහැකියි. දැන්වත් ප්‍රවේශම්කාරී පියවර හැකි තරම් ගැනීම අවශ්‍යයි. 

    එවන් ලොක්ඩවුන් එකක් දීප ව්‍යාප්තව සිදු කළත් එයද නොසෑහෙන්නට පුළුවනි. වෙනත් දියුණු වන රටවල කොරෝනා පැතිරීම ලොක්ඩවුන් හරහා මුළුමනින් පාලනය නොවූ බවට සාක්ෂි තිබෙනවා. එසේ වුවද අලුත් ආසාදන පොකුරු මතුවීම නම් ලොක්ඩවුන් මගින් සමනය කර ගත හැකියි.

    ජනාධිපතිවරයා සිය ධුර කාලයේ කිරීමට අපේක්ෂා කරන සංවර්ධන සැලසුම් සියල්ල කොරෝනා වසංගතය නිසා අඩාලවීමේ අවදානමක් තිබෙනවා.

    මේඅර්බුදයඋග්වීමටහේතුලෙසමාදකින්නේවසංගතයහරිහැටිකළමනාකරණයටසෞඛ්නිලධාරීන්අසමත්වීමසහරජයටඋපදෙස්දෙනවෛද්විශේෂඥයන්ගේගතානුගතිකචින්තනයයි

    මේ මොහොතේ සියලු ප්‍රයත්නයන් ගත යුත්තේ දිනපතා PCR පරීක්ෂාවන් 50,000 පමණ සිදු කිරීමට කෙසේ හෝ ධාරිතාව වැඩි කර ගැනීමටයි. සමහර සෞඛ්‍ය බලධාරීන් මෙයට නෑ-බෑ කියනු ඇති. එහෙත් ‘කිසිදා පරාජය කරන්නට බැරි’ යයි සලකන ලද කොටි සංවිධානය හමාර කිරීමේ වගකීමට උර දුන් වත්මන් ජනාධිපතිවරයාට, මේ වසංගතය මෙල්ල කිරීමට අවශ්‍ය නායකත්වය දිය හැකියි. 

    වත්මන් කොරෝනා ව්‍යාප්තිය පාලනය කර ගත් විට ද, නව යථාර්ථය තුළ ‘කොරෝනා සමග වාසය’ කිරීමට අපට අනුගත වන්නට සිදුවෙයි. [ආසාදනයෙන් බේරීමට සාර්ථක සහ ආරක්ෂාකාරී එන්නතක් ලැබෙන්නට තව මාස කිහිපයක් ගත වනු ඇති.] 

    උගුරේ කැසිල්ලක්, හොටු ගැලීමක් වැනි ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග ලක්ෂණ මතු වූ හැම විටෙකම ලෙහෙසියෙන් සහ නොබියව COVID-19 සඳහා PCR පරීක්ෂාවක් කර ගැනීමේ පහසුකම මෙරට සියළු පුරවැසියන්ට ලබා දීම අවශ්‍යයි.

    එසේ පරික්ෂා කිරීමේදී COVID-19 ආසාදිත යයි තහවුරුවන පුද්ගලයන් කිසිදු පීඩාවකට ලක් නොවන පරිදි සියුම් ලෙස ප්‍රතිචාර දැක්විය යුතුයි. රෝගියා හුදකලා කොට හැකි තාක් නිවසේ සිටම ප්‍රතිකාර ලබා දීමට අවශ්‍ය සූදානම ඇති කළ යුතුයි. 

    මහා පරිමාණයෙන් නිතිපතා PCR පරික්ෂා කිරීමේ උපායමාර්ගය අනුගමනය කරන රටවල හිටි අඩියේ විශාල ආසාදන පොකුරු මතුවීම වළක්වා ගන්නට හැකිව තිබෙනවා. නිරන්තර මුහුණු වැස්ම හෝ lockdownවලින් තොරව ටිකෙන් ටික සාමාන්‍ය ජන ජීවිතයකට යළි පිවිසීමට ඒ හරහා කෙමෙන් ඉඩ පාදා ගත හැකියි.

    අවසන් වශයෙන් මා අවධාරණය කරන්නේ මෙයයි. COVID-19 සාර්ථකව මැඩ පැවැත්වීම කළ රටවල් ඒ සඳහා ගත් ක්‍රමෝපායන් අප අධ්‍යයනය කොට ඒවායෙන් පාඩම් උගත යුතුයි. ඒ රටවල සාර්ථකත්වයට හේතුව ඇත්තේ ගතානුගතික විශේෂඥ උපදෙස් වෙනුවට මේ දැවැන්ත නව අභියෝගයට ගැලපෙන පරිදි අලුතෙන් සිතීමයි. ගතානුගතිකත්වයට මුල් තැන දුන් බ්‍රිතාන්‍යයේ COVID-19 මර්දනය ලොකු අර්බුදයකට ගොස් තිබෙන හැටි මෙනෙහි කිරීමත් වැදගත්.

    COVID-19 යනු අපට හුරුපුරුදු සාම්ප්‍රදායික බෝවන රෝගයක් නොවෙයි.  ඒ නිසා සාම්ප්‍රදායික වසංගතවේදය මුල්කර ගෙන මේ වසංගතය කළමනාකරණය කරමින් යා හැකි දුර සීමිතයි.

    අපේ මහජන සෞඛ්‍ය සේවාවේ වැඩිකොට ම සිටින්නේ දක්ෂ සහ කැප වූ නිලධාරී පිරිසක්. එහෙත් ඔවුන්ගේ දැක්මේ සීමාවන් ඇති බව පැහැදිලියි. සමස්ත වසංගත නිවාරණ උපාය මාර්ග (overall pandemic strategy) සඳහා රාජ්‍ය සෞඛ්‍ය තන්ත්‍රයෙන් පරිබාහිර ස්වාධීන විශේෂඥ උපදෙස් ලබා ගැනීම අවශ්‍ය යයි මා විශ්වාස කරනවා.

    නාලක ගුණවර්ධන

    මෙම ලිපිය 2020 නොවැම්බර් 08 වැනි දින ‘රාවය‘ පුවත්පතේ පළ වී ඇත. කාලීනභාවය සලකා කළ ඍජු උපුටා ගැනීමකි – ප්‍රධාන සංස්කාරක

    ඩේලිමිරර් පත්‍රයේ මුල් ලිපිය මෙතැනින් කියවන්න: https://bit.ly/2I3mO1q

  • ඇමෙරිකාවේ පොම්පියානු දේශපාලනය

    ඇමෙරිකාවේ පොම්පියානු දේශපාලනය

    බයිඩන් නිසා ඇමෙරිකානු අභ්‍යන්තර රාජ්‍ය ප්‍රතිපත්ති මුලධර්ම හෝ විදේශ නැතහොත් ජාත්‍යන්තර ප්‍රතිපත්ති මුලධර්ම හෝ මුලෝපා නම් කිසිදු වෙනසකට ලක් වන්නේ නැත. එවැනි වෙනසක් සඳහා ඇමෙරිකානු ජනාධිපතිවරයෙකුට තනි බලයක් ඇත්තේ ද නැත. අනික ඔහු ප්‍රතිපත්ති ක්‍රියාකරන්නෙකු මිස සම්පාදකයෙකු නොවේ ය.

    ඇමරිකා එක්සත් ජනපද දේශපාලනය තේරුම් ගත යුත්තේ ඔවුන් කියන දෙයින් නොව කරන දෙයින් ය. ඒ කියමන සෑම රටකට ම අදාළ වුවත් එක්සත් ජනපදය අළලා එය තීරණාත්මක ය. ඊට හේතුව එරට දේශපාලනය එහි අභ්‍යන්තරයට වඩා ලොව අනෙකුත් රටවලට ඉතාම බලපෑම් සහගත වීමය.

    විශේෂයෙන් ගෝලීය සහ කලාපීය වශයෙන්, ඇමෙරිකානු ආරක්ෂක, ආර්ථික සහ වෙළඳපොළ උපායමාර්ගවලට අදාළව අහස, අභ්‍යවකාශය, සාගරය, සහ ගොඩබිම් අරබයා එම දේශපාලනය තීරණාත්මකය. ඒ උපාය මාර්ගවලට  අදාළ අනෙකුත් තරඟකාරී රටවල් ඇමෙරිකානු දේශපාලනයේ ප්‍රධාන ඉලක්ක වේ. එම රටවල් සමඟ වන ඇමෙරිකානු තරඟයේදී ඔවුන් අප වැනි රටවල් යොදා ගන්නේ උපායමාර්ගික නැවතුම් පොළවල්, මුර කපොලු, සහ සක්ක ගල් ලෙස මිස ගෝලීය දේශපාලනයේ හෝ ආර්ථිකයේ නැතුවම බැරි සාධක ලෙස නොවේ. ඒ ඇමෙරිකානු එක්සත් ජනපද රාජ්‍ය දේශපාලනයේ හැටි ය. නැතුව එය ඇමෙරිකානු එක්සත් ජනපද ජනාධිපති දේශපාලනයේ හැටි නොවේ ය. මේ අපබ්‍රංශය තේරුම් කිරීම මෙවර ලිපියේ මූලික අරමුණ ය.

    රාජ්‍යයක ව්‍යුහාත්මක වෙනස්කම් හුදු මැතිවරණ හෝ ජනාධිපතිවරණ නිසා සිදු නොවන බවට වූ උදාහරණ අපමණ ය. එසේ සිදු නොවන්නේ, එම රටේ දේශපාලන ක්‍රමය/පද්ධතිය සහ දේශපාලන සංස්කෘතිය, මහජන නියෝජිතයින්ට සහ තනි පුද්ගල නායකයින්ට වඩා (අගමැති, ජනාධිපති, චාන්සලර්) බලවත් නිසා ය. මේ බලවත්කම විසින් ලෝකයේ සමහර රටවල් ශක්තිමත් රාජ්‍යයන් බවටත් ඇතැම් ඒවා, එනම් අපවැනි රටවල් දුබල රාජ්‍යයන් බවටත් පත්කොට ඇත.

    ඇමෙරිකා එක්සත් ජනපදය, චීනය, ප්‍රංශය, ජර්මනිය, ලෝක දේශපාලනයේ බලවත් රාජ්‍යයන් බවටත්  ෆින්ලන්තය, ඩෙන්මාර්කය, ස්වීඩනය, නොර්වේ, ස්විස්ට්සර්ලන්තය, නවසීලන්තය වැනි  රටවල් සාමකාමී නිදහස් විධිමත් රාජ්‍යයන් බවටත් පත්වී තිබෙන්නේ ඒවායේ දේශපාලන පද්ධතියේ සහ සංස්කෘතියේ බලවත්කම සහ දියුණුව නිසා ය.

    අප වැනි රටවල් දුබල සහ පීඩාකාරී රාජ්‍යයන් වී තිබෙන්නේ දේශපාලන ක්‍රමයේ සහ සංස්කෘතියේ දුබලතාව සහ නොදියුණු බව නිසා ය.

    ඒ බලවත් බව හෝ සාමකාමී නිදහස් විධිමත් බව හෝ දුබල බව හෝ, හුදු නායකයෙකුට වෙනස් කළ නොහැක්කේ ඉහත කී දේශපාලන ක්‍රමය සහ සංස්කෘතිය නායකයාට වඩා බලවත් නිසා ය. ඇමෙරිකා එක්සත් ජනපදය යනු බලවත් සහ ශක්තිමත් රාජ්‍යයකි. එය ඒ රටේ රාජ්‍යය ගොඩනැගීම සහ පවත්වාගෙන යාම ට අදාළ දේශපාලන ක්‍රමයේ සහ සංස්කෘතියේ නිර්මාණයකි. එහි යම් වෙනස්කම් සිදු වී ඇත්නම් එසේ වී ඇත්තේ එම දේශපාලන ක්‍රමයේ සහ සංස්කෘතියේ වෙනස්වීම් වලට සමගාමීව ය.

    ලෝකයට පෙනෙන උත්සවකාරී රාජ්‍ය රූපකවලට යටින් ඇති සැබෑ එක්සත් ජනපද රාජ්‍යය හෙළිදරව් වී නැත, ඔවුන් එය හෙළිදරව් කරන්නෙත් නැත. එය යම් තරමකින් හෝ මැනගත හැක්කේ ඇ.එ.ජ. ය කියන හෝ පෙන්වන හෝ දෙයින් නොව කරන දේවල් නිරීක්ෂණය කිරීමෙන් ය. ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරුන්ගේ වෙනස්වීම එරට රාජ්‍ය ප්‍රතිපත්තියේ හෝ විදේශ ප්‍රතිපත්තියේ තීරණාත්මක වෙනස්කමකට හේතු නොවන්නේ ඇයි දැයි දැනගැනීම අප වැනි රටකට වැදගත් ය.

    ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණ අළලා මෙරට ඇතිවන කතාබහක් වන්නේ අහවලා ජයගතහොත් අපට වාසිය, නැතහොත් අවාසිය යන්නය. මෑත ඉතිහාසයේ රේගන්, බුෂ්, ක්ලින්ටන්, බුෂ්, ඔබාමා, සහ ට්‍රම්ප් ජයගත් ජනාධිපතිවරණ වලදීත් ඒ කතාබහ දකින්නට ලැබුණි. එසේම එවැනි කතාබහක් බ්‍රිතාන්‍යයේ මැතිවරණ අළලා මතු වුණේ කම්කරු පක්ෂය සහ කොන්සර්වේටිව් පක්ෂය යන දෙකින් කුමක් ජයගතහොත් අපේ රටට වාසිද අවාසිද යන්න මුල් කර ගෙනය. ඉන්දියාවේ මැතිවරණ අරබයා ද මෙරට මතුවන්නේ භාරතීය ජනතා පක්ෂය සහ ඉන්දියා ජාතික කොන්ග්‍රසය අතුරින් කුමක් ජයග්‍රහණය කිරීම අපට වාසි අවාසි ගෙන දෙන්නේද යන්න මුල් කරගෙන ය.

    නමුත් ඒ කිසිදු රටක්, තම රටේ ආණ්ඩු වෙනසකින් පසු අප වැනි රටවල් සම්බන්ධයෙන් වූ ඔවුන්ගේ විදේශ ප්‍රතිපත්තියේ මුලධාර්මික වෙනසක්  සිදු කළේ නැත. එසේ සිදු නොවන්නේ එකී රටවල රාජ්‍ය ප්‍රතිපත්ති සහ ඒවායේ මුලධර්ම සැලසුම් කරන්නේ, තීරණය කරන්නේ, මුලෝපායික සහ උපායමාර්ගික තීන්දු තීරණ ගන්නේ හුදු නායකයෙකු විසින් නොවන නිසා ය. නායකයා විසින් සිදු කරන්නේ සම්මත, ස්ථාවර, සහ මුලෝපායික වැඩපිළිවෙලවල්වලට ‘නායකත්වය සැපයීම’ ය. ඒවා වෙනුවෙන් සහ ඒවායේ සංකේතාත්මක හෝ උත්සවකාරී නායකයා ලෙස පෙනී සිටීම ය. එවැනි පසුබිමක ජනාධිපතිවරයෙකු නඩු පැවරීමෙන් මුක්ත කළ යුත්තේ නැතහොත් ජනාධිපතිවරයෙකුට විරුද්ධව නඩු පැවරිය නොහැක්කේ ඔහු හෝ ඇය ගත්තා යැයි පෙනෙන තීරණ සත්‍ය වශයෙන් ම ඔහුගේ හෝ ඇයගේ තීරණ නොවන නිසා බව මගේ තේරුම් ගැනීමය.

    එසේ වන්නේ නායකයාට වඩා රාජ්‍යය බලවත් සහ වැදගත් නිසා ය. මෙවර පැවැත්වූ ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණය ගැන අප බැලිය යුත්තේ එවැනි අවබෝධයක පිහිටා ය. එරට රාජ්‍යය මෙහෙයවන්නේ තනි පුද්ගල ජනාධිපතිවරයෙකු ය, ඔහුගේ පුද්ගල අභිමතාර්ථ සහ පුද්ගලික දක්මවල් රාජ්‍ය පාලනයේදී සහ ජාත්‍යන්තර සබඳතාවල දී අතිශයින්ම තීරණාත්මක ය, යන දෙකම පරිපුර්ණ සත්‍යයක් නොවේ.

    එසේම එක්සත් ජනපදය යනු අභ්‍යන්තර සහ ගෝලීය වශයෙන් එකට බැඳුණු බහු විෂයයික මූලෝපා කට්ටලයක් මිස, තනි නායකයෙකුට එහා මෙහා කළහැකි හුදු බලකාමී පුද්ගල එකතුවක් නොවේ. එරට ශක්තිය සහ බලවත්කම ස්ථාවර වී ඇත්තේ එකී මූලෝපා වෙනුවෙන් කටයුතුකරන උපායික බුද්ධි අංශ සහිත රාජ්‍ය යාන්ත්‍රණය නිසා ය. ප්‍රතිපත්ති සහ තීරණ ගනු ලබන්නේ තනි නායකයෙකු නොව, ඒ මූලෝපා විසින් ආරක්ෂා කරන සහ වර්ධනය කරන ජාතික අභිලාෂ සහ රාජ්‍ය අභිලාෂ මත පදනම්ව, එකී රාජ්‍ය යාන්ත්‍රණය විසින් ය.

    මෙවර ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිරණයත් පෙර පරිදිම එරට ට උද්වේගකාරී බාස්කට් බෝල් ක්‍රීඩා තරඟයකි. ඒ තරඟය, රට අභ්‍යන්තරය සහ ලෝක දේශපාලනය හැසිරවීමේ, විශේෂයෙන් ම අනිකුත් බලවතුන්ට සහ ගෝලීය-ජාතික රාජ්‍ය අසරණයින්ට පණිවිඩ දීමේ ක්‍රියාවලියක් බවට පත්කරගනු ලබන්නේ එරට බුද්ධි අංශ, අනෙකුත් රාජ්‍ය යාන්ත්‍රණ සහ ඇමෙරිකානු ස්ථාවර අභිලාෂ වෙනුවෙන් පෙනී සිටින ගෝලීය මාධ්‍ය බලාධිකාරය විසිනි.

    මේ ලිපිය ලියන මොහොත වන විට ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් 264ක් ද ඩොනල්ඩ් ට්‍රම්ප් 214ක් ද මැතිවරණ විද්‍යාලවල ඡන්ද ලබා සිටී. බයිඩන්ගේ ජයග්‍රහණය සහතික බව පෙනේ. එය එක්සත් ජනපදවාසී බයිඩන් පාර්ශවයේ බහුතරයකගේ කෙටි කාලීන අමන්දානන්දයට හේතු වනු ඇත. එසේම ට්‍රම්ප් පාර්ශවයේ කෙටි කාලීන අසතුට ට ද හේතුවනු ඇත. නමුත් බයිඩන් නිසා ඇමෙරිකානු අභ්‍යන්තර රාජ්‍ය ප්‍රතිපත්ති මුලධර්ම හෝ විදේශ නැතහොත් ජාත්‍යන්තර ප්‍රතිපත්ති මුලධර්ම හෝ මුලෝපා නම් කිසිදු වෙනසකට ලක් වන්නේ නැත. එවැනි වෙනසක් සඳහා ඇමෙරිකානු ජනාධිපතිවරයෙකුට තනි බලයක් ඇත්තේ ද නැත. අනික ඔහු ප්‍රතිපත්ති ක්‍රියාකරන්නෙකු මිස සම්පාදකයෙකු නොවේ ය.

    ඒ කෝණයෙන් බලනවිට බයිඩන් ගේ ජයග්‍රහණය හෝ ට්‍රම්ප් ගේ පරාජය ශ්‍රී ලංකාව කෙරෙහි අමුතු හෝ පෙර නොවූ ආකායේ  බලපෑමක් සිදුකරන්නේ නැත. නව ජනාධිපති දිවුරුම් දීමත් සමඟ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් වෙනස්වෙනු ඇත. මයික් පොම්පියෝ වෙනුවට වෙනත් අයෙකු පත් කෙරෙනු ඇත. එහෙත් චීනය අරබයා වූ ඇමෙරිකානු පිළිවෙත නම් වෙනස් වන්නේ නැත. අපේ චීන සබඳතා ගැන අප කියන දේ නොව, චීනය කරන්නට හදන දේ ගැන දැනුමක්, අපට වඩා, ඇමරිකානු බුද්ධි අංශ සතුව ඇතිය යන තොරතුරවත් අපේ රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ පිං පඩි ගන්නා සමහර තානාපති නිලධාරීන් දැනගෙන සිටීම වැදගත්ය. මන්ද අපට අතීතයේ දී ගණුදෙනු කිරීමට සිදුවුණේ සහ ඉදිරියේ දී ගනුදෙනු කිරීමට සිදුවන්නේත් ඇමෙරිකානු ජනාධිපතිවරයෙකු සමඟ නොව, අප දෙස ඇස යොමා සිටින, මූලෝපා සහ උපායමාර්ග බාහුල්‍යයක් සහිත බලවත් සහ විධිමත් ඇමෙරිකානු රාජ්‍යය සමඟය.  

    එසේම ආසියාවේ, ඉන්දියන් සහ පැසිෆික් සාගර කලාපවල ආධිපත්‍යයේ දී චීන බලවතා සමඟ වන උපායමාර්ගික සම්බන්ධතා තීරණය කිරීමේ දී ඉන්දියාව, ලංකාව, පමණක් නොව මාලදිවයින් දුපත් පවා වැදගත් ය යන ඇමෙරිකානු පිළිවෙත සඳහා දකුණු ආසියාවට පැමිණි පොම්පියෝ වෙනුවට ඒ අරමුණ සඳහා ම, වෙනත් ‘පොම්පියෝ’ කෙනෙකු පැමිණෙන බව අප දත යුතු ය. වෙනස් වන්නේ පුද්ගල නාමය පමණක් මිස ඇමෙරිකානු අභිලාෂ නොවේ ය යන්න අප කවුරුත් වටහා ගත යුතු ය. ඇමෙරිකානු ජනාධිපතිවරණය, සහ පත්වන ජනාධිපති ගැන අපට ඇති මිථ්‍යා දුරු කරගත හැක්කේ එවිට ය. ඒ අනුව අප ඇමෙරිකාව දෙස බැලිය යුත්තේ කලාපීය සහ ගෝලීය, එසේම ආර්ථික, වෙළඳපොළ, ආරක්ෂක, දෘෂ්ටි කෝණයකින් මිස පුග්ගල මානයකින් නොවන බව මෙවර මගේ ‘කිවි දා දැක්ම’ ය.

    ධම්ම දිසානායක

  • සෞදි ‘Kafala’ කම්කරු නීතියේ වෙනසක්: සංක්‍රමණික ශ්‍රමිකයන් මිලියන 10කට සහන

    සෞදි ‘Kafala’ කම්කරු නීතියේ වෙනසක්: සංක්‍රමණික ශ්‍රමිකයන් මිලියන 10කට සහන

    සෞදි අරාබියේ බල පැවැත්වෙන ‘කෆාලා’ ක්‍රමය සහමුලින්ම අවලංගු වියයුතුව ඇතැයි මානව හිමිකම් ක්‍රියාධරයෝ කියා සිටිති

    නව සමාරම්භක කම්කරු ප්‍රතිසංස්කරණ නීතිය පෞද්ගලික අංශයේ සියළු සංක්‍රමණික කම්කරුවන්ට ලබන වසරේ මාර්තු මාසයේ පටන් අදාළ වෙන බව සෞදි අරාබි මානව සම්පත් අමාත්‍යාංශය පවසයි.

    නව කම්කරු ප්‍රතිසංස්කරණ යෝජනා සෞදි අරාබියේ රැකියාවන්හි නිරත කෝටියක් පමණ වූ විදේශීය සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ ජීවිත කෙරෙහි දැනට බල පැවැත්වෙන දැඩි නීති ළිහිල් කරනු ලැබීමට ඉවහල්වනු ඇත.

    සෞදි අරාබියේ බල පැවැත්වෙන ශ්‍රමය හාම්පුතුන්ට ගැටගසා තබනු ලබන ‘කෆාලා’ (kafala) ක්‍රමය සහමුලින්ම අවලංගු විය යුතුව ඇතැයි මානව හිමිකම් ක්‍රියාධරයෝ කලක් පටන් කියා සිටිති.

    ‘කෆාලා’ යන වචනයෙහි තේරුම භාරකාරත්වය යන්නයි. එම ක්‍රමය යටතේ ශ්‍රමිකයාට හාම්පුතා මතම බැඳී සිටීමට සිදුවෙයි. එම ‘කෆාලා’ ක්‍රමය යටතේ ශ්‍රමිකයන් සූරාකෑමට මෙන්ම තර්ජන හිරිහැර ආදියට ගොදුරුවෙන බව මානව හිමිකම් ක්‍රියාකාරීහු පෙන්වා දෙති.

    එවැනි පරිසරයක් තුළ බදාදා ප්‍රකාශිත නව කම්කරු ප්‍රතිසංස්කරණ අනුව කම්කරුවන්ට සිය රැකියා සම්බන්ධයෙන් තීන්දු ගැනීමේ දී හාම්පුතුන්ගේ අවසරය අවශ්‍ය නොකෙරෙනු ඇත.

    හාම්පුතාගේ මනාපය පරිදි කම්කරුවන් බැඳතබා ගැනීමේ සෞදි අරාබියානු සම්ප්‍රධායික ශ්‍රම බැම්ම හඳුන්වනු ලබන්නේ ‘කෆාලා’ යන වචනයෙනි. නව ප්‍රතිසංස්කරණය අනුව එහි එක්තරා වෙනසක් සිදුවෙනු ඇත. ඒ අනුව ශ්‍රමිකයන්ට රැකියාවේ වෙනසක් සිදුකරනු ලැබීමට හෝ ඉන් ඉවත්ව යාමට හාම්පුතාගේ මනාපය හෝ අවසරය අවශ්‍ය නැත. එසේම හාම්පුතුන්ගේ අවසරයකින් තොරව පිටරටවල සංචාරය කිරීමට ද ශ්‍රමිකයන්ට නිදහස ලැබෙයි.

    නව ප්‍රතිසංස්කරණ අනුව විදේශීය සංක්‍රමණික ශ්‍රමිකයන්ට ලැබෙන තවත් අයිතිවාසිකමක් වන්නේ ආණ්ඩුවේ රැකියා සඳහා කෙලින්ම ඉල්ලුම් කිරීමට අවස්ථාව උදාවීමයි. එසේම ඔවුන් හාම්පුතුන් සමඟ ඇතිකරගනු ලබන කොන්ත්‍රාත් ගිවිසුම්වලට අදාළ ලියැවිලි ‘ඩිජිටල්’ මට්ටමින් පවත්වාගනු ඇත.

    එක් මානව හිමිකම් ක්‍රියාකාරිකයකු විසින් නව ප්‍රතිසංස්කරණ විග්‍රහකරන ලද්දේ සුවිශේෂී අවස්ථාවක් හැටියටය. ශ්‍රමය බැඳ තබන ‘කෆාලා’ ක්‍රමය සම්පූර්ණයෙන් ම අහෝසිකරන ලෙස ඔහු ඉල්ලීමක් ද කළේය

    “මෙම සමාරම්භය මගින් අපේ ඉලක්කය වන්නේ ශ්‍රම වෙළෙඳපොල ආකර්ෂණය කර ගැනීම සහ වැඩකිරීමේ පරිසරය වඩාත් හිතකර තත්වයකට ගෙන ඒමයි,” ඉහත කී ප්‍රතිසංසකරණ වැඩ පිළිවෙල සම්බන්ධයෙන් රියාද් නගරයේ දී මාධ්‍යවේදීන් ඉදිරියේ ප්‍රකාශයක් කළ සෞදි අරාබි මානව සම්පත් භාර නියෝජ්‍ය ඇමති අබ්දුල්ලා බින් නසීර් අබුතුනේන් (Abdullah bin Nasser Abuthunain) සඳහන් කළේය.

    saudi arabia
    සෞදි අරාබිය 2030 වනවිට දිනාගැනීමට අපේක්ෂාකරන ඉලක්ක මුදුන්පත් කර ගැනීමට ඉහත කී කම්කරු ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල මහෝපකාරී වනු ඇතැයි ද නියෝජ්‍ය ඇමතිවරයා පවසයි

    දැනට ඛනිජතෙල් මත යැපෙන රටේ ආර්ථිකය විවිධාංගකරණය සඳහා පියවර ගනිමින් සිටින සෞදි අරාබිය 2030 වනවිට දිනාගැනීමට අපේක්ෂාකරන ඉලක්ක මුදුන්පත් කර ගැනීමට ඉහත කී කම්කරු ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල මහෝපකාරී වනු ඇතැයි ද නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.

    “සෞදි අරාබි මානව සම්පත් අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත්කරන ලද නිවේදනය සුවිශේෂී එකක්. එම සැලැස්ම මගී සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ තත්වය යහපත් අතට හැරෙන්නට ඉඩකඩ තියෙනව,” හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ රොත්නා බෙගම් (Rothna Begum) බීබීසීයට අදහස් දක්වමින් සඳහන් කළාය.

    “කොහොම නමුත්, මෙම නව ප්‍රතිසංස්කරණ යෝජනා මගින් ‘කෆාලා’ ක්‍රමය සහමුලින්ම අහෝසිකර දැමීමක් සිදුකර නැහැ.”

    නව ප්‍රතිසංස්කරණය යටතේත් ශ්‍රමිකයන්ට සෞදි අරාබියට ඇතුල්වීම සඳහා රැකියා සපයන තැනැත්තකුගේ අනුග්‍රාහකත්වය ඉදිරියේදීත් අවශ්‍ය කරන ආකාරයක් පෙනී යන බවත්, ශ්‍රමිකයන්ගේ වීසා බලපත් යළි දීර්ඝකරනු ලැබීම හෝ අවලංගු කරනු ලැබීම එම අනුග්‍රාහකයා අත රඳා පවතින බවත් රොත්නා බෙගම් (Rothna Begum) පෙන්වා දෙන්නීය.

    “ඒකෙ තේරුම ශ්‍රමිකයන් තවදුරටත් සූරාකෑමට සහ හිරිහැරවලට ගොදුරුවෙන්න ඉඩකඩ තියෙනව කියන එක වෙන්න පුළුවන්. හාම්පුතුන්ට ශ්‍රමිකයන් මත බලපෑමක් කරන්න පුළුවන්තාක් කල් එම අනතුර පවතිනවා,” බෙගම් අනතුරු ඇඟවීමක් ද කළාය.

    ‘ගෘහ සේවයට අදාළ නැති ප්‍රතිසංස්කරණයක්’

    “මෙතැන තවත් අඩුපාඩුවක් තියෙනව. ඒක තමයි, ගෘහසේවක සේවිකාවන්ට මේ ප්‍රතිසංස්කරණය අදාළ නොවීම. සෞදි අරාබියේ වැඩියෙන් ම අනතුරුදායක අඩියක රැකියාවල නිරතවෙලා ඉන්නේ ගෘහ සේවක සේවිකාවන්,” ඇය වැඩිදුරටත් පෙන්වා දෙයි.

    saudi
    සෞදි අරාබියේ දී රැකියා අහිමිව මහාමාර්ගයේ සීතලේ කල්ගෙවන ශ්‍රී ලාංකිකයන් කීපදෙනෙක්

    “කොපමණ ගෘහසේවක සේවිකාවන් පිරිසක් කිසිම විවේකයක් නැතිව දීර්ඝ පැය ගණන් ගෙවල්වල මෙහෙකාර වැඩවල නිරතවෙලා ඉන්නවද කියල හියුමන් රයිට්ස් වොච් සංවිධානය විසින් ලැයිස්තුගත කරනු ලැබ තියෙනවා. ඔවුන්ට නිවාඩු දවසක් නැහැ. වැටුප් ගෙවන්නේ නැහැ. ගෙවල්වලට හිරකරල තියාගෙන ඉන්නවා.සමහර ගෘහසේවිකාවන් ශාරීරික වශයෙන් පහරදීම් සහ ලිංගික හිරිහැරවලට ගොදුරුවෙලා තියෙනව,” හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ රොත්නා බෙගම් (Rothna Begum) පවසයි.

    “එපමණක් නොවෙයි, කිසිදු ලියකියැවිල්ලක් නොමැති ලක්ෂ ගණනක් ශ්‍රමිකයන් සෞදි අරාබිය තුළ ඉන්නවා. ඒ වගේ ශ්‍රමිකයන්ට ලියකියැවිලි හදා ගැනීමට හෝ අළුත් තැනක රැකියාවක් සොයා ගැනීමට අවසර දෙනවද? නැද්ද? කියන කාරණය ගැන සෞදි බලධාරීන් කිසිවක් කියන්නේ නැහැ. ඔවුන්ගෙන් වැඩිදෙනා එවැනි තත්වයකට වැටිලා තියෙන්නේ ඔවුන්ගේ වැරැද්දෙන් නොවෙයි,” රොත්නා බෙගම් පෙන්වා දෙයි.

    Text by bbc

  • පාසලට යන දරුවා නිවසට කොරෝනා රැගෙන එයිද ? – ඇත්ත දැන ගනිමුද ?

    පාසලට යන දරුවා නිවසට කොරෝනා රැගෙන එයිද ? – ඇත්ත දැන ගනිමුද ?

    කොරෝනාවෛරසය දරුවන්ට පහසුවෙන් ආසාදනය නොවන අතරම ඔවුන් වෛරස් ප්‍රවාහකයන් වන බවට මතයක් පවතින නමුත් ළමුන් සමඟ ගතකිරීම Covid-19 වෛරසය ආසාදනය වීම අතින් දරුණු අනතුරුදායක තත්වයක් නොමැති බව අළුත්ම පර්යේෂණ වාර්තාවකින් පැවසෙයි.

    පසුගිය පෙබරවාරි සහ අගෝස්තු මාස අතර සිදුකරන ලද එම සමීක්ෂණය මගින් එවැනි නිගමනයට පැමිණ තිබෙන්නේ ළමුන් සමඟ සහ ළමුන්ගෙන් ඈත්ව සිටින පුද්ගලයන් වශයෙන් ජීවත්වෙන වයස අවුරුදු 65ට අඩු වැඩිහිටියන් අනූලක්ෂයක තොරතුරු ඔවුන් වෛරසය බෝවීම අතින් මුහුණදෙන අනතුරුදායක තත්වයන් සමඟ සංසන්දනය කිරීම මගිනි.

    වයස අවුරුදු 18ට අඩු වයසේ ළමුන් සමඟ එකම නිවසක ජීවත්වීම කොරෝනාවෛරසය ආසාදනය වීමෙන් බරපතල මට්ටමින් රෝගාතුර වීමේ හෝ මරණයට පත්වීමේ අනතුරක් එල්ල නොකරන බව ඉහත කී සමීක්ෂණය මගින් පෙන්නුම් කරයි.

    “ළමුන් පාසලේ සිට ගෙදර පැමිණීම මගින් වෛරසය නිවසේ සෙසු අයට බෝවීමක් සිදුවෙන්නේ නැහැ,” එම සමීක්ෂණයට හවුල් වූ විද්‍යාඥයෙක් පවසයි.

    covid
    Covid-19 ආසාදනය වුනත් ළමුන් තුළ රෝග ලක්ෂණ ප්‍රදර්ශනය නොවීමේ ඉඩකඩක් පවතී

    ‘ජීවත්වීම හැදෑරීම’

    ඉහත කී සමීක්ෂණය සිදුකරනු ලැබ තිබෙන්නේ ‘සනීපාරක්ෂාව සහ ඝර්ම කලාපීය වෛද්‍ය විද්‍යාව පිළිබඳ ලන්ඩන් විද්‍යාතනය (LSHTM) සහ ඔක්ස්ෆර්ඩ් සරසවිය (University of Oxford) විසිනි. එම හැදෑරීම මගින් අනාවරණය වී තිබෙන්නේ, ප්‍රාථමික පාසල්වල පන්තිවලට සහභාගි වෙන බාලවයසේ දරුවන්ගෙන් නිවසේ වැඩිහිටියන්ට Covid-19 වෛරසය ආසාදනය වීම හෝ රෝහල්ගතවීම අතින් වැඩි අනතුරුදායක තත්වයක් මතු නොකරන බවය.

    සමීක්ෂණයේ දී ඉස්මතු වූ තවත් කරුණක් වූයේ, ළමුන්ගෙන් තොරව ජීවත්වෙන වැඩිහිටියන්ට වඩා ළමුන් සමඟ ජීවත්වෙන වැඩිහිටියන් මරණයට පත්වීමට ඇති ඉඩකඩ 25%කින් පමණ අවම වන බවකි.

    ද්විතීයික පාසල් අධ්‍යයන වියේ පසුවෙන ළමුන් සමඟ ජීවත්වෙන වැඩිහිටියන්ට Covid-19 වෛරසය ආසාදනයවීම අතින් ඇත්තේ කුඩා අන්තරායකි. එය 8%ක් පමණක්ය යන්න සමීක්ෂකයන්ගේ නිගමනය වෙයි. එහෙත් එම අනතුරත් රෝහල්ගත කරනු ලැබීමට තරම් දරුණු එකක් නොවේ.

    එසේම ළමුන්ගෙන් ඈත්ව ජීවත්වෙන වැඩිහිටියන්ට වඩා ළමුන් සමඟ ජීවත්වෙන සම වයසේ වැඩිහිටියන් සාපේක්ෂව ඇතැම්විට වඩාත් නිරෝගීවීමේ ප්‍රවනතාවක් පෙන්නුම් කරන හෙයින් ඔවුන් කොරෝනාවෛරසයෙන් මරණයට පත්වීමට ඇති ඉඩකඩ 27%ක් තරම් පහල මට්ටමක පවතී.

    දුම්බීම, සමාජ-ආර්ථික දුෂ්කරතා, ජනවාර්ගිකත්වය සහ නිදන්ගත සෞඛ්‍ය ප්‍රශ්න ආදියත් සමීක්ෂකයන් විසින් සැලකිල්ලට ගනු ලැබ ඇත.

    මහා හානියක් නැහැ

    සමීක්ෂණයට සහභාගි වූ විද්‍යාඥයකු වන ‘සනීපාරක්ෂාව සහ ඝර්ම කලාපීය වෛද්‍ය විද්‍යාව පිළිබඳ ලන්ඩන් විද්‍යාතනයේ (LSHTM) මහාචාර්ය ලියෑම් ස්මිත් මෙසේ සඳහන් කරයි.

    “දරුවන් සමඟ ජීවත්වෙන ජනතාව පොදුවේ වඩාත් යහපත් ශරීර සෞඛ්‍යයෙන් පසුවෙන බව අපි දන්නවා. කවර හේතුවක් නිසා හෝ එවැනි වැඩිහිටියන් මරණයට පත්වීමට ඇති අනතුර පහල මට්ටමක පවතිනවා.”

    “රෝහල්ගත කරනු ලැබීම සහ මරණ වැනි නරක කෝවිඩ් ප්‍රතිවිපාකවල ඉතාම සමාන රටාවක් අපි දකිනවා. ඉතින්, දරුවන් පාසලේ සිට ගෙදර පැමිණීම නිසා වෛරසය පැතිරීම අතින් පවතින සමස්ත අනතුරක් අපට පේන්නේ නැහැ,” මහාචාර්ය ස්මිත් පවසයි.

    covid
    දෙවන ‘ලොක්ඩවුන්’ අදියරේ දී එක්සත් රාජධානියේ බොහෝ පළාත්වල පාසල් දිගටම විවෘතව පවත්වා ගනිමින් පවතී

    ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරනුයේ මෙවැනි අදහසකි.

    “අපට පාසල් විවෘතව තබාගැනීමට හැකිනම්, බොහෝ දෙනෙක් කැමැති වෙනවා ඇති. පාසල් පවත්වාගෙන යාම අපේ ළමා පරපුරට ඉතාම වැදගත්. සිදුකරනු ලබන අධ්‍යාපන කටයුතු මගින් සමානත්වයට අදාළ එක කොටසක් සම්පූර්ණ කෙරෙනවා. ළමුන් සමඟ ජීවත්වීම මගින් සමස්ත වශයෙන් හානිදායක තත්වයක් උද්ගතවෙන්නේ නැහැ.”

    ආචාර්ය බෙන් ගෝල්ඩෙකර් (Dr Ben Goldacre) ඔක්ස්ෆර්ඩ් සරසවියේ තොරතුරු දත්ත විද්‍යාගාරයේ (DataLab) අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරයි. ඔහුත් ඉහත සඳහන් කරන ලද සමීක්ෂණයට සහභාගි වූ විද්‍යාඥයෙකි. එක්සත් රාජධානියේ බලපැවැත්වෙන දෙවන ‘ලොක්ඩවුන්’ අදියරේ දී ලැබෙන තොරතුරු දිගටම විශ්ලේෂණය කෙරෙන බව ආචාර්ය බෙන් ගෝල්ඩෙකර් (Dr Ben Goldacre) පවසයි. මෙම දෙවන ‘ලොක්ඩවුන්’ අදියරේ දී එක්සත් රාජධානියේ බොහෝ පළාත්වල පාසල් දිගටම විවෘතව පවත්වා ගනිමින් පවතී.

    “මේ ප්‍රතිපත්තිමය මැදිහත්වීමේ සූක්‍ෂම දැනුමට අදාළ දත්ත තොරතුරු අපට හැකි පරිදි හැකි ඉක්මණින් ලබාගැනීම වැදගත්. මොකද? අපත් සමඟ ජීවත්වෙන ජනතාවට හානිකර නිසා මේ කෝවිඩ් පිළිබඳ කතාව ජීවිතය පිළිබඳ හැදෑරීමක්,” ආචාර්ය ගෝල්ඩෙකර් සඳහන් කරයි.

    මෙහි සාකච්ඡාවට ගත් සමීක්ෂණයට සමාන තවත් සමීක්ෂණයක් ස්කොට්ලන්තයේ ‘ග්ලාස්ගෝ’ සරසවියේ මහජන සෞඛ්‍ය පිළිබඳ කථිකාචාර්යවරයකු වන ආචාර්ය ඩේවිඩ් මැක්ඇලිස්ටෙයාර් (Dr David McAllister) විසින් ද සිදුකරනු ලැබ ඇත. එම සමීක්ෂණයේ දී පෙන්නුම්කරනු ලැබ තිබෙන්නේ මෙවැනි තත්වයකි.

    “පාසල් යන වයසේ ළමුන් ජීවත්වෙන කුටුම්භයක් ඉතා අනතුරුදායක සෞඛ්‍ය ප්‍රශ්නවලින් පෙළෙන වැඩිහිටියන් සඳහා සුදුසු ස්ථානයක් නොවේ.”

    Text by bbc sandesaya

  • යුධබිමේ ප්‍රාන්තවල ඡන්ද ගණන් කිරීම නතර කිරීමට ට්‍රම්ප් දැඩි ප්‍රයත්නයක

    යුධබිමේ ප්‍රාන්තවල ඡන්ද ගණන් කිරීම නතර කිරීමට ට්‍රම්ප් දැඩි ප්‍රයත්නයක

    ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණ ප්‍රතිඵල ප්‍රමාදය දෙස සමස්ත ලෝකයම බලා සිටී. වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිවරණ දූෂණ සිදුවූ බව කියමින් අධිකරණමය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වෙමින් සිටියදී ජෝ බිඩෙන් ‘සන්සුන් වන ලෙස‘ ජනතාවට ආයාචනා කරයි.

    මේ අතර ලෝ ප්‍රකට බී.බී.සී. සේවය කියන්නේ විවිධ වෙබ් අඩවිවල ඇමෙරිකානු ජනාධිපතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් දැඩි විෂමතා පවතින බවයි.

    උදාහරණයක් ලෙස ඔබ ප්‍රකට ‘ගුගල්‘ වෙබ් අඩවිය හරහා ඇමෙරිකානු ජනාධිපතිවරණ ප්‍රතිඵල සොයන්නේ නම් ලැබෙනු ඇත්තේ පහත සදහන් ප්‍රතිඵලයයි. (අප විසින් ද ඊයේ (05) මේ වාර්තාවම උපුටා දක්වා ඇත)

    නමුත් බී.බී.සී වාර්තාවලට අනුව මේ දක්වා ඇමෙරිකානු ප්‍රාන්ත 50න් ඡන්දය සම්පූර්ණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර ඇත්තේ ප්‍රාන්ත 44 වන අතර එහිදී ජෝ බිඩෙන් ඡන්ද විද්‍යාල නියෝජිතයින් 253ක් ද ඩොනල්ඩ් ට්‍රම්ප් ඡන්ද විද්‍යාල නියෝජිතයින් 214ක් ද දිනාගෙන ඇත.

    මේ අතර ඇමෙරිකානු ජනාධිපතිවයා ඡන්දය ගණන් කරමින් පවතින ප්‍රාන්තවල ඡන්දය ගණන් කිරීමට නතර කිරීම දරන උත්සාහයට ප්‍රතිචාර දක්වමින් ජෝ බිඩෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කර ඇත.

    ට්වීට් මාලාවකින්, ජෝ බිඩෙන් සෑම ඡන්දයක්ම ගණන් කරන ලෙස ඉල්ලා තිබේ – නීතිමය ක්‍රියාමාර්ග මගින් ප්‍රධාන ප්‍රාන්තවල ඡන්ද ගණන් කිරීම නතර කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් දැරූ උත්සාහයට එය ප්‍රතික්ෂේප කිරීමකි.

    සිය නවතම ට්වීට් එකේ බිඩෙන් පවසන්නේ ඔවුන් “ඉතිහාසයේ විශාලතම මැතිවරණ ආරක්ෂණ ප්‍රයත්නය නැවත සටන් කිරීමට එක්රැස් කර ඇති” බවයි.

    මේ අතර බී.බී.සීය වැඩි දුරටත් දක්වන්නේ ඡන්ද ගණන් කිරීම දිගටම කරගෙන යද්දී, පෙන්සිල්වේනියාව සහ ජෝර්ජියාව ඇතුළු යුද බිමේ ප්‍රාන්ත ගණනාවක ට්‍රම්ප් බිඩෙන්ට වඩා ඉදිරියෙන් සිටී.

    මේ වත්මන් තත්ත්වය තුළ ඇමෙරිකානු ජානධිපතිවරණයේ සමස්ත තත්ත්වය පහත සදහන් ආකාරයට සාරාංශ කළ හැකිය.

    1. ඇමෙරිකානු ජනාධිපතිවරණයේ යුධ බිමේ ප්‍රාන්ත වශයෙන් සැලකෙන ප්‍රාන්ත කිහිපයක ඡන්දය ගණන් කරමින් තිබුණ ද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන් මැතිවරණය ජයග්‍රහණය කර ඇති බව දිගින් දිගටම කියයි.
    2. තම ප්‍රකාශය සඳහා කිසිදු සාක්ෂියක් ලබා නොදී “තැපැල් ඡන්ද පත්‍රිකා වල දැවැන්ත දූෂණ හා වංචාවන්” ගැන ජනාධිපතිවරයා චෝදනා කරයි
    3. ඇරිසෝනා, ජෝර්ජියා, නෙවාඩා සහ පෙන්සිල්වේනියා යන මැතිවරණ ප්‍රතිඵල ලබා දෙන ප්‍රාන්ත හතරක තවමත් නීතිමය තැපැල් ඡන්ද ගණන් කරනු ලැබේ.
    4. ජනාධිපතිවරයා පවසන්නේ “ඇරිසෝනා හි හරි දේ කිරීමට ඔහු ගමන් කරමින් සිටින” බවයි. එහෙත්, 88% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ඇති නවතම අගය, බිඩෙන් ඉදිරියෙන් සිටින බව පෙන්නුම් කරයි
    5. ජනාධිපති ට්‍රම්ප් පවසන්නේ “අවසානයේදී විනිසුරුවන්ට පාලනය කිරීමට සිදුවනු ඇතැයි මට හැඟේ” යනුවෙනි
    6. ජෝ බිඩෙන් පවසන්නේ ඡන්ද ගණන් කරන විට ජනතාව සන්සුන්ව සිටිය යුතු බවත්, ඔහු ජයග්‍රාහකයා බවට පත්වනු ඇති බවට සැකයක් නැති බවත්ය.
    7. ඩිමොක්‍රටික් පක්ෂයට නෙවාඩා සහ ඇරිසෝනා හි වාසිදායක තත්ත්වයක් ඇති අතර ජෝර්ජියාවේ සහ පෙන්සිල්වේනියාවේ ට්‍රම්ප්ට දැඩි සටහන් දෙමින් සිටී
    8. බිඩෙන් වාර්තාගත ඡන්ද මිලියන 71.5 ක් ලබාගෙන ඇති අතර ජනාධිපති වීමට තරම් ප්‍රාන්ත ජයග්‍රහණය කරන බව පවසා තිබේ
    9. වසර 120කට පසු ඇමෙරිකානුවන්ගෙන් වැඩිම ප්‍රතිශයක් ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ මෙම මැතිවරණයේදීය. එය 66.9%ක.

    Text by – bbc – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • අයිශ්වර්යා රායි Red carpet විලාසිතා

    අයිශ්වර්යා රායි Red carpet විලාසිතා

    අයිශ්වර්යා රායි බච්චන් ගැන අපි කවුරුත් දන්නවා. ඒත් බොහෝ දෙනා නොදන්න දේකුත් තිබෙනවා. ඒ ඇයගේ වයස. ඔබ හිතන්නේ ලෝකයේ සුන්දරතම කාන්තාවගේ වයස කීයක් විය හැකි ද ?

    පසුගිය නොවැම්බර් 01 වැනිදාට ඇයට අවුරුදු 47ක් සම්පූර්ණ වුණා. විශ්වාස කළ හැකි ද ? ඒත් ඔබ මතකය ඈතට අවධි කළොත් 1994 වසර සිහියට ඒවි. ඒ අයිශ්චර්යා ලෝක රූ රැජිණ ලෙස කිරුළුපළන් වසර. එතැන් සිට දැන් අවුරුදු 26ක් ගතව තිබෙනවා. ඒත් අදත් ඇය බොලිවුඩයේ ජනප්‍රියතම තාරකාව. බොලිවුඩයේ පමණක් නොවෙයි ලෝකයේම සුන්දරතම කාන්තාව.

    ඉතිං අපි මෙවර ඇයගේ උපන් දිනය වෙනුවෙන් ඇයට තෑග්ගක් දීමට කල්පනා කළා. ඒ ඇයගේ සුන්දරතම, විශේෂ ඡායාරූප එකතුවක් ඇගේ ආදරණීය රසිකයින් වෙත තිළිණ කරමින්.

    පහත දැක්වෙන ඡායාරූප 16 ඇයගේ වඩාත් විචිත්‍රවත් වගේම අවධානයට ලක් වූ Red carpet අවස්ථා නිරූපණය කරනවා.

    බලන්න ලෝකයේ ලස්සනම කාන්තාව පසුගිය කාලය තුළ පසු කළ විචිත්‍රවත් අවස්ථා 16ක්.

    අයිශ්වර්යා රායි බච්චන්
    1 /16
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්

    ෆිල්ම් ෆෙයාර් ඇසුරිණි – සකස් කළේ – තුෂාධවි

  • සහල් මාෆියාව ගැන හර්ෂ ද සිල්වා කරන සුපිරි හෙළිදරව්ව

    සහල් මාෆියාව ගැන හර්ෂ ද සිල්වා කරන සුපිරි හෙළිදරව්ව

    සහල් මාෆියාවට වෙළෙඳපොළේ හොඳ තරගයක් ලබාදීමට මා විසින් ආර්ථික කටයුතු සහ පොදු සැපයීම් අමාත්‍යවරයා ලෙස ආරම්භ කළ සුළු හා මධ්‍යම පරිමාණ සහල් මෝල් හිමියන් ශක්තිමත් කරමින් ආරම්භ කළ “ශක්ති“ සහල් ව්‍යාපාරය වත්මන් රජය කඩා බිඳ දමනවිට එසේ කරන්නට එපා යැයි මා විසින් අවධාරණය කළෙමි. 

    නමුත්, වත්මන් රජය විසින් සිදුකළ එම අත්තනෝමතික විනාශය වෙනුවෙන් මෙරට සහල් පාරිභෝගිකයාට මේ වනවිට වන්දි ගෙවීමට සිදුවී තිබේ. ඉතිහාසයේ වාර්තාගත වී අස්වැන්නක් ලැබී තිබියදීත් සහල් මිල පාලනය කිරීමට නොහැකි වී තිබෙන අතර සහල් මිල පාලනය කිරීම සඳහා වත්මන් රජය විසින් පස්වන  ගැසට්ටුවද ඊයේ ප්‍රකාශයට පත්කර තිබේ. එහි සඳහන් වන්නේ සුදු/රතු සම්බා සහල් කිලෝවක් සඳහා රුපියල් 94 ක උපරිම මිලක්ද, සුදු/රතු කැකුළු සම්බා සහල් කිලෝවක් සඳහා රුපියල් 94 ක උපරිම මිලක්ද, සුදු/රතු නාඩු සහල් කිලෝවක් සඳහා රුපියල් 92 ක සහ සුදු/රතු කැකුළු සහල් කිලෝවක් සඳහා රුපියල් 89 ක උපරිම මිලක්ද නියම කර ඇති බවයි. මෙය සහල් නිෂ්පාදකයා විසින් තොග වෙළෙන්දාට අලෙවි කළ යුතු මිලයි.

    ගැසට් ගසා වෙළෙඳපොළ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම අපහසු බව වත්මන් රජය අවබෝධ කරගත යුතු අතර මීට පෙර නිකුත් කළ ගැසට් පත්‍ර හතරේම සඳහන් වූ උපරිම මිල සීමාවන්ට යටත්ව පාරිභෝගිකයාට වෙළෙඳපොළේ සහල් සොයා ගැනීමට නොහැකි විය. මේ ආකාරයෙන්ම, රජය විසින් ඊයේ නිකුත් කළ ගැසට් පත්‍රයේ සඳහන් වන උපරිම මිල සීමාවන්ට යටත්වද සහල් ලැබෙන තුරු බලා සිටියහොත් කිසිවෙකුටත් ඉදිරියේදී බත් කන්නට සිදුවන්නේ නැත. 

    ගැසට් පිට ගැසට් ගැසුවත් වෙළෙඳපොළේ සම්බා සිල්ලර සහල් කිලෝවක සැබෑ මිල රුපියල් 125 ක් පමණ වන අතර නාඩු සහල් කිලෝවක සැබෑ සිල්ලර මිල රුපියල් 105 – 110 ත් අතර අගයක් ගනී. ඒ අතරම, කිරී සම්බා සහල් කිලෝවක සැබෑ සිල්ලර මිල රුපියල් 140-150 ත් අතර මිලක් ගන්නා අතර කැකුළු සහල් කිලෝවක සැබෑ සිල්ලර මිල රුපියල් 100 – 105 අතර මිලක් ගනී. 

    ආණ්ඩුවට වැරදුණේ කොතනද ?

    සහල් මිල තුවක්කුවෙන් පාලනය කළ නොහැකි බව මා දිගින් දිගටම ප්‍රකාශ කළෙමි. එසේම, සහල් මිල ගැසට් ගසාද පාලනය කළ නොහැකිය. කළ යුත්තේ නිසි වෙළෙඳපොළ තරගකාරීත්වයක් ඇති කිරීමයි. ඒ සඳහා අවශ්‍ය සාධක මෙරට වෙළෙඳපොළ තුළ පවතී. ඉතිහාසයේ වාර්තාගත වී අස්වැන්නක් ලැබී ඇත. වී වල හිඟයක් නොමැත. මේ නිසා, පිටරටින් සහල් ආනයනය නොකර මෙරට සහල් වෙළෙඳපොළේ තරගකාරීත්ය ඇතිකළ හැකිය. 

    සහල් වෙළෙඳපොළේ තරගකාරීත්වයක් ඇති කරන්නේ කෙසේද ?

    මෙරට සහල් වෙළෙඳපොළේ තරගකාරීත්වයක් ඇතිකිරීමට නම් සහල් මාෆියාවට හොඳ තරගයක් ලබාදීමට හැකි තවත් කණ්ඩායමක් බල ගැන්විය යුතුය. ඒ සඳහා සුදුසුම කණ්ඩායම වන්නේ මෙරට සුළු හා මධ්‍යම පරිමාණ වී මොල් හිමියනුයි. සහල් මාෆියාවට සැමදා තර්ජනයක් වූයේ මෙම කණ්ඩායමයි. මොවුන් ශක්තිමත් වුවහොත් ඔවුන්ද වෙළෙඳපොළට පැමිණ කරට කර වී මිලදීගන්නට ඉදිරිපත් වේ. එවිට, සහල් මාෆියාවට අවශ්‍ය තරම් හංගාගන්නට වී තොග මිලදීගන්නට හැකියාවක් ලැබෙන්නේ නැත. මෙම සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියන් වෙළෙඳපොළේ තරග කරන විට සහල් මාෆියාවට අවශ්‍ය පරිදි සහල් මිල තීරණය කිරීමට හැකියාවක්ද ලැබෙන්නේ නැත. 

    “ශක්ති” සහල් වැඩසටහනේ දැක්ම

    මා විසින් සුළු හා මධ්‍යම පරිමාණ සහල් මෝල් හිමියන් සම්බන්ධ කරගනිමින් “ශක්ති“ සහල් ව්‍යාපාරය ආරම්භ කළේ වෙළෙඳපොළේ මෙම තරගකාරීත්වය ඇති කිරීමටයි. මෙම වැඩසටහන ක්‍රියාත්මක වූ කාලයේ මෙරට වෙළෙඳපොළේ සහල් මිල වැඩිවූයේ නැත. මෙම වැඩසටහන කුඩාවට පටන් ගත්තද මෙම සංකල්පයේ තිබූ තර්ජනාත්මක ස්වරූපය අවබෝධකරගත් සහල් මාෆියාව මෙම වැඩසටහන නතර කිරීමට දිගින් දිගටම බලපෑම් කළේය. සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියන්ට මෙම වැඩසටහන යටතේ වී මිලදීගැනීමට ලැබිය යුතු මුදල්, මුදල් අමාත්‍යංශය හරහා ලැබීම ඉතාමත් සූක්ෂම ලෙස ප්‍රමාද කිරීමට සහල් මාෆියාව කටයුතු කළ හැටිත් එයට එරෙහිව මා සටන් කළ හැටිත් මේ අවස්ථාවේ සිහිපත් වේ. වර්තමාන රජය කළ යුතුව තිබුණේ “ශක්ති“ සහල් වැඩසටහන තව තවත් ශක්තිමත් කර ඉදිරියට රැගෙන ගොස් වෙළෙඳපොළ තරගකාරීත්වය උපරිම කර සහල් මාෆියාව පුපුරවා හැරීමයි. දැක්මක් ඇතිව වැඩක් කරන්නේ එසේයි. දේශපාලන පාට කණ්නාඩි වලින් නොබලා එසේ කළා නම් අද වනවිට මෙවැනි ලැජ්ජාශීලී ගැසට් නිවේදන පිට පිට ප්‍රකාශයට පත්කිරීමට රජයට සිදු නොවනු ඇත. මේ නිසා, ඉදිරියටත් රජයට ඇති එකම විසඳුම වන්නේ මා විසින් ආරම්භ කළ “ශක්ති“ වැඩසටහනෙන් මට ලකුණු වැටෙනවා යැයි සිතෙනවා නම් වෙනත් නමකින් හෝ එවැනි තරගකාරී වැඩසටහනක් ආරම්භ කර වී තොග සඟවන සහල් මාෆියාව පුපුරවා හැරීමයි. 

    වාර්තාගත වී අස්වැන්නක් තිබියදී සහල් ආනයනය කිරීම

    හෙට අනිද්දාට විශාල සහල් තොගයක් ආනයනය කිරීමට රජය කටයුතු කිරීමෙන් සහල් ප්‍රශ්නයේ බැරෑරුම්කම පෙනේ. වාර්තාගත වී අස්වැන්නක් ලැබී තිබෙන රටක් මේ ආකාරයෙන් සහල් ආනයනය කිරීම යුක්ති සහගතද ? වෙළෙඳපොළ යාන්ත්‍රණය නිසි පරිදි හසුරුවා ගන්නට අසමත් ආණ්ඩුවක් මෙරට ක‍ෘෂි කර්මාන්තය දියුණු කිරීම කරන්නේ කටින් බතල කොළ සිටුවන න්‍යායටදැයි අපට අසන්නට සිදුවේ. වත්මන් ආණ්ඩුව බලයට පත්කිරීමට ගොවි ප්‍රජාව ඡන්දය ලබාදුන්නේ දහසකුත් බලාපොරොත්තු පොදි බැඳගෙනයි. තමන්ගේ අනාගතය, තමන්ගේ දරුවන්ගේ අනාගතය සරුවනු ඇතැයි බලාපොරොත්තුවක් ඔවුන්ට තිබුණි. තමන් ඇති තරම් වී වගා කරද්දී වත්මන් ආණ්ඩුව පිටරටින් සහල් ආනයනය කරනු ඇතැයි ඔවුන් සිහිනෙන්වත් නොසිතන්නට ඇත. අවසාන වශයෙන් සටහන් කරන්නේ සහල් මිල තුවක්කුවෙන් හෝ ගැසට්ටුවෙන් පාලනය කළ නොහැකි බවයි.  

    හර්ෂ ද සිල්වා, පා. ම.

  • ‘ස්වයං නිරෝධායන ක්‍රියාවලිය’ දැඩිව නිරීක්ෂණයට ජනපති නියෝග

    ‘ස්වයං නිරෝධායන ක්‍රියාවලිය’ දැඩිව නිරීක්ෂණයට ජනපති නියෝග

    ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු කොවිඩ් මර්දනය සඳහා ක්‍රියාත්මක ස්වයං නිරෝධායන ක්‍රියාවලිය දැඩිව නිරීක්ෂණය කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි.

    කොවිඩ් ආසාදිතයන් ආශ්‍රිත බවට හඳුනාගත් සියලු පවුල් සිය නිවෙස්වලම ස්වයං නිරෝධායනයට යොමු කෙරිණ. ඔවුන්ගේ සංඛ්‍යාව දිවයින පුරා නිවාස 31,457ක 84,000කට ආසන්න වෙයි. බස්නාහිර පළාතේ නිවාස 13,911ක 40,676 දෙනෙක් නිරෝධායනය වෙති.

    නිරෝධායනය වෙමින් සිටින පිරිස  ඇඳිරි නීතිය ඉවත් කළ පසුවද විධිමත්ව අධීක්ෂණය කළ යුතු බව රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

    ජනාධිපති කාර්යාලයේ දී දෛනිකව හමුවන කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය අද (05) පෙරවරුවේ රැස්වූ අවස්ථාවේ දී ජනාධිපතිවරයා විසින් මේ උපදෙස් දෙනු ලැබිණ.

    ආසාදිතයන් සමාජයෙන් හමු වුවහොත් ඔහුගේ හෝ ඇයගේ ආශ්‍රිතයන් සහ ඔවුන් අයත් ප්‍රදේශ පිළිබඳව විශේෂ අවධානය යොමු කළ යුතු අතර, අවශ්‍ය වුවහොත් හුදකලා ප්‍රදේශ ලෙස පවත්වාගෙන යන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය. වතු සහ මහල් නිවාස කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීමේ අවශ්‍යතාව දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් විය.

    ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළෙඳාමට පමණක් සීමා කිරීමට තීරණය කෙරිණ. සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් සහ PCR පරීක්ෂණ අඛණ්ඩව කරමින් මනා සුපරීක්ෂණයක් සහිතව වෙළෙඳ කටයුතු සිදු විය යුතු බව ජනාධිපතිවරයා සඳහන් කළේය. එළවළු, පළතුරු ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ තොග රැගෙන දිස්ත්‍රික්ක අතර ගමන් කරන ලොරි රථ සඳහා ඇඳිරි නීති බලපත්‍ර අවශ්‍ය නොවේ.

    කටුනායක ආයෝජන කලාපයේ මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාමට සියලු පියවර ගෙන තිබේ. පෞද්ගලික රෝහල්වල දායකත්වය ඇතිව සෞඛ්‍ය අමාත්‍යාංශයේ හා නාවික හමුදාවේ අධීක්ෂණය යටතේ වෙළෙඳ කලාපය ආශ්‍රිත PCR පරීක්ෂණ අහඹු ලෙස සහ අඛණ්ඩව කරගෙන යාමට ද ජනාධිපතිවරයා විසින් උපදෙස් දෙනු ලැබීය.

    ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්ම මහත්මීහූ සහ ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

  • අද දින Covid-19 මරණ 05ක්: මුළු ගණන 29 දක්වා ඉහළට

    අද දින Covid-19 මරණ 05ක්: මුළු ගණන 29 දක්වා ඉහළට

    අද (05) දින තවත් කොවිඩ්-19 මරණ 05ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයක සදහන් වේ.

    ඒ අනුව, මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොවිඩ්-19 මරණ ගණන 29ක් බව එම වාර්තාවේ වැඩි දුරටත් සදහන් වේ.

    අද (05) කොවිඩ්ම -19 රණ ලෙස වාර්තා වූ පුද්ගලයින් 05 දෙනාගේ තොරතුරු දැක්වේ.

    01. කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. පිඹුර මූලික රෝහලේ දී ඊයේ (04) දින මිය ගොස් ඇත. එම පුද්ගලයා කොවිඩ් -19 ආසාදිතයෙකු වශයෙන් හඳුනාගෙන එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර දීර්ඝකාලීන වකුගඩු රෝගයෙන් ද පෙළී ඇත.

    02. වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි කාන්තාවකි. පපුවේ වේදනාවක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඊයේ (04) දින මියගොස් ඇත.

    03. කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි කාන්තාවකි. සිය නිවසේදී මිය ගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයේදී කොවිඩ් -19 ආසාදිතයෙකු වශයෙන් හඳුනාගෙන ඇත. මරණයට හේතුව ලෙස වාර්තා වන්නේ කොවිඩ් -19 ආසාදනය නිසා සිදු වූ හෘදයාබාධයකි.

    04. කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි කාන්තාවකි. සිය නිවසේදී මියගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයේදී කොවිඩ් -19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇත. මරණයට හේතුව වශයෙන් හඳුනාගෙන ඇත්තේ කොවිඩ් -19 ආසාදනය හේතුවෙන් සිදු වූ පෙනහලු ආසාදනයකි.

    05. කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 74ක පිරිමි පුද්ගලයෙකි. සිය නිවසේ දී මිය ගොස් ඇත. පශ්චාත් මරණ පරීක්ෂණයේදී කොවිඩ් -19 ආසාදිතයෙකු ලෙස තහවුරු කර ඇති අතර මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් -19 ආසාදනය හේතුවෙන් ඇති වූ හෘදයාබාධයකි.

  • US election Hot: ඇමෙරිකාව ජෝ බිඩෙන්ට !

    US election Hot: ඇමෙරිකාව ජෝ බිඩෙන්ට !

    එක්සත් ජනපද ජනාධිපතිවරණයේ ජයග්‍රහණය අභියසය ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බිඩන් පැමිණ සිටිනවා. මේ වන විට බිඩෙන් විසින් ඡන්ද විද්‍යාල නියෝජිතයින් 264 දෙනකු ජයග්‍රහණය කර ඇති අතර ජනපති ට්‍රම්ප් විසින් දිනාගෙන ඇති ඡන්ද විද්‍යාල නියෝජිතයින් ගණණ 214ක්.

    ඇමෙරිකානු ජනපතිවරණයෙන් ජයග්‍රහණය කිරීම සදහා අවශ්‍ය වන්නේ ඡන්ද විද්‍යාල නියෝජිතයින් 270ක් දිනා ගැනීම පමණයි. ඒ අනුව බිඩන්ට අවශ්‍ය වන්නේ තවත් ඡන්ද විද්‍යාල නියෝජිතයින් 06කු දිනා ගැනීම පමණයි. එය දැනට ප්‍රතිඵල නිකුත් කිරීමට ඇති, බිඩන් විසින් ජයග්‍රහණය කරනු ඇතැයි උපකල්පනය කරන ‘නෙවාඩ – NV ප්‍රාන්ත ජයග්‍රහණය සමග සම්පූර්ණ වනු ඇති බවයි දේශපාලන විශ්ලේෂකයෝ සදහන් කරන්නේ.

    මේ වන විට නෙවාඩා ප්‍රාන්තයේ ඡන්දවලින් 75%ක් ගණන් කර ඇති අතර එහිදී බිඩෙන් 49.3% (588,252) සහ ට්‍රම්ප් සියයට 48.7%ක (580,605) දිනාගෙන තිබෙනවා.

    ජාතික වශයෙන් බිඩෙන් විසින් ඡන්ද විද්‍යාල නියෝජිතයින් 264ක් සමග 50.4%ක ඡන්ද ප්‍රතිශතයක් දිනාගෙන ඇති අතර ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 71,938,595ක්.

    ට්‍රම්ප් විසින් ඡන්ද විද්‍යාල නියෝජිතයින් 214ක් සමග 48%ක ප්‍රතිශතයක් ද ඡන්ද 68,530,962ක් ද දිනාගෙන තිිබෙනවා.

    මෙහිදී ට්‍රම්ප්ට වාසිදායක ප්‍රාන්ත 04ක ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමට තිබෙනවා. එම ප්‍රාන්ත වන්නේ ඇලස්කා (3) පෙන්සිල්වේනියා (20), උතුරු කැරොලිනා (15) සහ ජෝර්ජියා (16) යන ප්‍රාන්තයි.

    කෙසේ වෙතත් මේ වන විට නිකුත්ව ඇති ඡන්ද ප්‍රතිඵල ජනපති ට්‍රම්ප් විසින් අභියෝගයට ලක්කර තිබෙන අතර ඔහු අවධාරණය කරන්නේ ඡන්ද දූෂණ සිදුව ඇති හෙයින් තමා අධිකරණයට යන බවයි.

    ඒ.එෆ්.පී. වාර්තා ඇසුරිණි – සකස් කළේ – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • ඇමෙරිකානු මැතිවරණය 2020: අධිකරණය හමුවට යන බව ට්‍රම්ප් කියයි

    ඇමෙරිකානු මැතිවරණය 2020: අධිකරණය හමුවට යන බව ට්‍රම්ප් කියයි

    ප්‍රකාශිත ඡන්ද තවමත් ගණන් කරමින් පවතින අතර, ප්‍රාන්ත කීපයක ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමට ද නියමිත නමුත්, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් යන දෙදෙනාම පවසන්නේ ඔවුන් ජයග්‍රහණය ලබමින් බවය.

    කලක් ‘බියකරු සිහිනයක්’ ලෙස පෙනුණු සිද්ධියක් මේ වන විට සිදුවෙමින් පවතී. තමා ජයග්‍රාහී මාවතක යන බව බයිඩන් පවසන අතර ට්‍රම්ප් ඡන්ද වංචා සහ මැතිවරණ සොරකම් පිළිබඳ පදනම් විරහිත චෝදනා ඉදිරිපත් කරයි.

    USA election 2020

    එය මත ගැටුම් සහ දිග්ගැස්සුනු අධිකරණ සටනක පෙර නිමිති වන අතර, එයින් පරාජය වන කණ්ඩායමේ ආධාරකරුවෝ තමන් වංචාවකට ලක් වූයේය යන හැඟීමෙන් කෝපය පළ කිරීමට ඉඩ තිබේ.

    අවසාන ප්‍රතිඵලය තවමත් නොදන්නා නමුත්, මැතිවරණ රාත්‍රියෙන් පසුව පැහැදිලි වන්නේ එක්සත් ජනපදය දැඩි ලෙස බෙදී ගිය ජාතියක් ලෙස දිගටම පවතින බවය.

    ඇමරිකානු ඡන්දදායකයින් කිසිදු අර්ථවත් ආකාරයකින් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කර නොමැත. එමෙන්ම, ජනාධිපතිවරයා බලාපොරොත්තු වූ ආකාරයෙන් අනුමත කිරීමක් ද සිදු වී නොමැත.

    ඒ වෙනුවට ගැටුම් තත්වයන් නිර්මාණය වෙමින් පවතින අතර, මෙම විශේෂිත මැතිවරණය ජයග්‍රහණය කරන්නේ කවුරුන් වුවද දේශපාලන ගැටුම දිගටම පවතිනු ඇත.

    මේ දක්වා සිදු වූයේ කුමක්ද?

    USA election 2020

    2020 ඇමෙරිකානු ජනාධිපතිවරණය පිළිබඳ අපගේ සජීව වාර්තාකරණයට සම්බන්ධ වන ඔබ සැම සාදරයෙන් පිළිගන්නෙමු!

    ප්‍රකාශිත ඡන්ද තවමත් ගණන් කරමින් පවතින අතර, ප්‍රාන්ත කීපයක ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමට ද නියමිත නමුත්, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් යන දෙදෙනාම පවසන්නේ ඔවුන් ජයග්‍රහණය ලබමින් බවය.

    මැතිවරණ රාත්‍රිය දිග හැරුණු ආකාරය:

    ජනපති පදවියට පත්වීම සඳහා අවශ්‍ය ඡන්ද විද්‍යාල නියෝජිතයන් 270 ලබා ගැනීමේ තරඟයේදී ජෝ බයිඩන් 224 ක් ජයග්‍රහණය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. එමෙන්ම, ඩොනල්ඩ් ට්‍රම්ප් 213 ක් ජයග්‍රහණය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෙසේනමුත්, මෙම මැතිවරණයේ ප්‍රතිඵලය තීරණය වනු ඇත්තේ මිලියන ගණනක් තැපැල් ඡන්ද මත වන අතර, ඒවා ගණන් කිරීම තවමත් ආරම්භ කර නොමැත.

    තීරණාත්මක පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ මිඩ්වෙස්ට් සහ රස්ට් බෙල්ට්හි ප්‍රතිඵල මඟින් තියුණු තරගයක් පෙන්නුම් කර තිබේ. මිචිගන් සහ විස්කොන්සින් වැනි නාගරික හා තදාසන්න ප්‍රදේශවලින් වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලැබෙනු ඇතැයි ඩිමොක්‍රටික් පක්ෂය අපේක්ෂා කරන අතර, එහි ප්‍රතිඵලය දින ගණනක් යන තුරු දැනගැනීමට නොහැකි විය හැකිය.

    එක්සත් ජනපද වේලාවෙන් සවස් කාලය වන විට ධවල මන්දිරයේ සිට නිරවද්‍යතාව ඔප්පු නොකළ ‘ජයග්‍රහණය’ ගැන අදහස් දක්වමින් ට්‍රම්ප් පැවසුවේ තැපැල් ඡන්ද වංචාවක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝග කරන බවය. නමුත් මේ සම්බන්ධයෙන් ඔහු කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නොමැත.

    උප ජනාධිපති මයික් පෙන්ස් ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රකාශය හැකි තාක් නිරවද්‍ය කිරීමට උත්සාහ කළ අතර, තවමත් තහවුරු වී නොමැති ජයග්‍රහණය ගැන ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කරමින් සහ නීත්‍යානුකූලව ලබා දුන් ඡන්ද සියල්ල ගණන් කරන ලෙස අවධාරණය කළේය.

    තවමත් ගණන් නොකළ ඡන්ද පත්‍රිකාවල නීත්‍යානුකූලභාවය ගැන ට්‍රම්ප්ගේ ප්‍රශ්න කිරීම “කුපිත කරවන සුළු, පෙර නොවූ විරූ සහ වැරදි දෙයක්” යැයි ජෝ බයිඩන්ගේ ඡන්ද ප්‍රචාරක කණ්ඩායම පැවසූහ.

    ඩෙලවෙයාර්හි ආධාරකරුවන් අමතමින් ජෝ බයිඩන් පැවසුවේ, “සෑම ඡන්දයක්ම ගණන් කරන තුරු මැතිවරණය අවසන් වී නැති” බවත්, “අපි ජයග්‍රහණය කරා යන ගමනක සිටින” බවත්ය.

    මැතිවරණ දිනයේදී වාර්තාගත ඡන්ද ප්‍රකාශ කිරීමක් සිදු විය. අඟහරුවාදා දින අග භාගයේ ඡන්ද විමසීම අවසන් වීමට ආසන්නව තිබියදී, වොෂිංටන් ඩීසී හි වීදිවල ට්‍රම්ප්ට එරෙහි විරෝධතා පැවැත්වුණු අතර, එය යම් නොසන්සුන්කාරී තත්වයක් ඇති කළේය.

    ප්‍රාන්ත 41 ක ප්‍රතිඵලය

    ප්‍රාන්ත 41 ක ප්‍රථිඵලය

    ඉදිරියට කුමක් වේද?

    US Election

    එක්සත් ජනපදයේ මීළඟ ජනාධිපති වන්නේ කවුරුන්ද යන ප්‍රශ්නයට තවමත් පිළිතුරක් නොමැත. වියහැකි සමහර කරුණු:

    දින ගණනක් යනතුරුත් අවසන් ප්‍රතිඵලය දැනගැනීමට නොහැකි විය හැක. මෙය බොහෝ දුරට ඉඩ ඇති තත්ත්වයක් සේ පෙනේ, මෙම සටන මිචිගන්, විස්කොන්සින් සහ පෙන්සිල්වේනියා වැනි ස්ථානවල තවමත් ගණන් ගණන්කරන තැපැල් ඡන්ද වෙත මාරු වනු ඇත.

    නීතිඥයන් මෙයට සම්බන්ධ විය හැකිය. ඩොනල්ඩ් ට්‍රම්ප් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට යන බවට තර්ජනය කර තිබේ. මෙයින් අදහස් කෙරෙන්නේ එයට සති කිහිපයක් ගත විය හැකි බවය.

    අවිනිශ්චිතතාව නිසා නොසන්සුන්තා ඇති විය හැකිය. බොහෝ ඇමරිකානුවන් ඔවුන්ගේ ගැටලු ගැන කතා කර ඇතත්, සැලකිය යුතු නොසන්සුන්තාවක් ඇති වේ දැයි කීමට කල් වැඩි ය. නමුත් අනිවාර්යයෙන්ම අවිනිශ්චිතතාවක් ඇති වනු ඇත.

    ට්‍රම්ප්: “අපි ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා”

    ට්‍රම්ප්

    නිත්‍යානුකුලව ප්‍රකාශ වූ තවත් ඡන්ද විශාල ප්‍රමාණයක් ගණන් කිරීමට තිබියදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහය නොලත් ජයග්‍රහණයක් ප්‍රකාශයට පත් කළේය.

    “අවංකව ම අපි මේ මැතිවරණය ජයගත්තා,” යැයි පහත් ස්වරයකින් ඔහු කීය. මැතිවරණය තුළදී “වංචා” වූ බව ඔහු පැවසුවේ සාක්ෂි ඉදිරිපත් කිරිමකින් තොරවය.

    “මේක අපේ රටට ලැජ්ජාවක්,” යැයි ඔහු සඳහන් කළේ මැතිවරණ ප්‍රතිඵලවලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යන බව පවසමිනි.

    ඔහු මේ බව සඳහන් කළේ මන්දිරයේ නැගෙනහිර කාමරයේ (East Room) වේදිකාවේ සිට ආධාරකරුවන් අමතමිනි. ඔහුගේ පවුලේ අයට සහ ඔහු වෙනුවෙන් පෙනී සිටි මිලියන සංඛ්‍යාත ආධාරකරුවන්ට ස්තූති කරමින් ඔහු කතාව ඇරඹීය.

    “අපි විශාල උත්සවයකට සූදානම් වෙමින් සිටියා,”යැයි කී ඔහු “අපි හැම දෙයක්ම දිනුවා.” යි සඳහන් කළේය.ජයග්‍රාහී ස්වරය ගනිමින් ට්‍රම්ප් ෆ්ලොරිඩාවේදී ලැබූ සිය විශාල ජයග්‍රහණය ප්‍රකාශ කළේය.

    “අපි එය දිනුවා නොවෙයි විශාල ලෙස දිනා ගත්තා,” මීට පෙර මැතිවරණ රාත්‍රියේදී ප්‍රතිවාදියා වූ ජෝ බයිඩන් කළාක් මෙන් ට්‍රම්ප් ද පෙන්සිල්වේනියාවේ පෙරමුණ ගෙන සිටින බව කියා සිටියි. එම ප්‍රාන්තයේ ජයග්‍රහයකයා තීරණය කිරීමට තවමත් කල් වැඩිය.

    ට්‍රම්ප්ගේ ප්‍රකාශයෙන් රිපබ්ලිකන් පාක්ෂිකයින් ‘පීඩාවට පත්ව සිටිති’

    ධවල මන්දිරයේ නැගෙනහිර කාමරයේ කළ කතාවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් සනාථ නොකළ ජයග්‍රහණයක් ප්‍රකාශයට පත් කර ඇත. ඔහු එසේ කළේ මිලියන ගණනකගේ ඡන්ද ගණන් කිරීම තවමත් අවසන් කර නොමැති තත්ත්වයක් තුළ ය.

    ඉහළ පෙලේ රිපබ්ලිකන් පාක්ෂිකයින් සහ ගතානුගතික විචාරකයින් කිහිප දෙනෙකු ට්‍රම්ප්ගේ සනාථ නොකළ අදහස් දැක්වීම ගැන අවධානය යොමු කරති.

    ඒබීසී ප්‍රවෘත්ති සේවයට අදහස් දක්වමින් නිව් ජර්සි හි හිටපු ආණ්ඩුකාරවරයා සහ ට්‍රම්ප්ගේ උපදේශක ක්‍රිස් ක්‍රිස්ටි ජනාධිපතිවරයාගේ කතාව හැඳින්වූයේ උපායමාර්ගිකව මෙන්ම ජනාධිපතිවරයෙකු වශයෙන් ද ගත් වැරදි පියවරක් ලෙසිනි.

    “එය නරක උපායමාර්ගික තීරණයක්,” ඔහු පැවසීය. “එය නරක දේශපාලන තීරණයක්.”

    ට්‍රම්ප්ගේ ප්‍රකාශයෙන් තමා “දැඩි පීඩාවට පත්වූ” බව පෙන්සිල්වේනියා හි හිටපු රිපබ්ලිකන් සෙනෙට් සභික රික් සැන්ටෝරම් පැවසීය. “වංචාව යන වචනය භාවිත කිරීම … මම හිතන්නේ වැරදියි,” ඔහු සීඑන්එන් නාලිකාව වෙත පැවසීය.

    ගතානුගතික විචාරකයෙකු මෙන්ම ට්‍රම්ප්ගේ විවේචකයෙකු වන බෙන් ෂැපිරෝ ට්විටර් පණිවුඩයක් තුළින් කියා සිටියේ මෙම ප්‍රකාශය “දැඩි වගකීම් විරහිත” බවය.

    Text by bbc sandesaya