Blog

  • 24 වන කොරෝනා මරණය වාර්තා වෙයි

    24 වන කොරෝනා මරණය වාර්තා වෙයි

    ශ්‍රී ලංකාවේ සිදුවී ඇති 24වැනි කොවිඩ් -19 මරණය අද (04) වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 79 හැවිරිදි කාන්තාවක් ඊයේ (03) සිය නිවසේදීම මියගොස් ඇති බවත් පශ්චාත් මරණ පරීක්ෂණයේ දී ඇය කොවිඩ් ආසාදිතයෙක් ලෙස අද (04) හඳුනාගත් බවත්ය.

    එම කාන්තාව මසකට අධික කාලයක් සිය නිවසේ රෝගී තත්ත්වයෙන් පසු වූ බවත්, නිධන්ගත රෝගයන්ගෙන් පෙළුන බවත් පශ්චාත් මරණ පරීක්ෂණයේ දී වාර්තා වී ඇත.

    එම රෝගීයා මියයාමට ආසන්නම හේතුව වශයෙන් කොවිඩ් -19 ආසාදනය වීම හේතුවෙන් ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් ලෙස දැක්වේ.

    මෙය ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ 24 වන කොවිඩ් -19 ආසාදිත මරණය ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.

    මේ අතර කොළඹ 13 ප්‍රදේශයේ 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් නිවසේ දී සිදුවූ ඇද වැටීමකින් හිසට සිදු වී ඇති බරපතළ හානි සහිතව පසුගිය 02 වන දා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ හේතුවෙන් ඔහු ඊයේ (03) මියගොස් තිබේ.

    අද (04) දින සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී එම පුද්ගලයා ද කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

    කෙසේ වුවද මිය යාමට බලපෑ ආසන්නතම හේතුව අනුව එම මරණය කොවිඩ්-19 ආසාදනයවීම හේතුවෙන් සිදුවූ මරණයක් ලෙස නොසළකන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දෙයි.

  • පාර්ලිමේන්තු සභාව මුල්වරට රැස්වෙයි

    පාර්ලිමේන්තු සභාව මුල්වරට රැස්වෙයි

    විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පත් කෙරුණු පාර්ලිමේන්තු සභාවේ මංගල රැස්වීම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පස්වරුවේ කථානායක නිල නිවසේදී පැවැත්විණි.

    එම රැස්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් සහ අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා වන ඩග්ලස් දේවානන්ද අමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයාගේ නියෝජිතයා වන කබීර් හෂීම් මන්ත්‍රීවරයාද පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා සහ නියෝජ්‍ය මහ ලේකම් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී නීල් ඉද්දවල යන මහත්වරුන්ද එම අවස්ථාවට එක්ව සිටියහ.

    පස්වරු 4.00 පමණ සිට පැයකට වැඩි කාලයක් පැවති මෙම රැස්වීමේදී පළමුව අදහස් දැක්වූ ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තු සභාවට එක්වූ සියළු සාමාජිකයන් ඉතා ගෞරවයෙන් පිළිගනිමින් ඉදිරියේදී වඩාත් සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා සියළුදෙනාට ආරාධනා කළේය.

    ඉන්පසු කථානායකවරයාගේ උපදෙස් පරිදි මහ ලේකම් ධම්මික දසනායක මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයට අනුව පාර්ලිමේන්තු සභාවේ නීතිමය රාමුව සහ එහි ක්‍රියාපටිපාටිය පැහැදිලි කරන ලදී.

    ඉන්පසුව එහි සාමාජිකයන් ඉදිරියේදී අනුගමනය කළයුතු ක්‍රියාපටිපාටියන් පිළිබඳව දීර්ඝව සාකච්ඡා කර ඒ සම්බන්ධව ගතයුතු පියවර සම්බන්ධයෙන් එකගත්වයකට පැමිණියහ.

    අනතුරුව ලබන නොවැම්බර් 10 වන දින පෙරවරු 10 ට සභාව යළි රැස්කිරීමට තීරණය විය.

  • රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබන සායනික රෝගීන් සඳහා ඖෂධ හෙට සිට නිවසටම

    රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබන සායනික රෝගීන් සඳහා ඖෂධ හෙට සිට නිවසටම

    COVID-19 රෝග ව්‍යාප්තිය පවතින කාලය තුළ රජයේ රෝහල් වලින් සායනික රෝගීන් සඳහා ඖෂධ 05 වන දා සිට නිවෙස් වෙත ලබා දීම ආරම්භ කෙරෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (04) දින නිකුත් කළ නිවේදනයක සදහන් වේ.

    එම නිවේදනයේ මෙසේ ද සදහන් වේ.

    රජයේ රෝහල් සායන වලින් ප්‍රතිකාර ගන්නා, මසකට ප්‍රමාණවත්  ඖෂධ තමන් සතුව නොමැති රෝගීන් වෙත ඖෂධ ලබා දීම සඳහා ශ්‍රී ලංකා තැපැල් සේවය සමඟ ඒකාබද්ධව වැඩසටහනක් සකස් කර ඇත.

     ඒ අනුව නැවතත් හෙය දින සිට (05) දිවයින පුරා ඇති රෝහල් වලින් ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ගේ ඖෂධ නිවෙස් වෙත ලබා දීම ආරම්භ කෙරේ.

    මෙම ඖෂධ රෝගියා වෙත ගෙනැවිත් ලබා දීමට නම් රෝගියා පදිංචි ස්ථානයේ ලිපිනය හා දුරකතන අංකය ලබාදීම අවශ්‍ය වේ. තමන්ගේ සායනික පොත සමඟ නිවැරදි ලිපිනය ලබාදී නොමැති නම්, දුරකතනය මගින් ඔබ බෙහෙත් ගන්නා රෝහලට ඇමතුමක් ලබා දී තොරතුරු යාවත්කාලීන කරන්න. එවිට ඔබේ රෝහලේ කාර්යය මණ්ඩලය ඔබේ බෙහෙත් පැකට්ටුව සකස් කර ලිපිනය, දුරකථන අංකය සඳහන් කර,තැපැල් කාර්යාලයට බාරදෙන අතර  ලියුම් බෙදන නිළධාරියා මගින් ඔබගේ නිවසට ගෙනැවිත් බාරදෙනු ඇත.

    රෝහල වෙත තොරතුරු සැපයීමේදී ඔබ ප්‍රදේශයේ  සිටින පවුල් සෞඛ්‍ය සේවා නිළධාරී, ග්‍රාම නිළධාරීගේද සහය ලබා ගැනීම සුදුසු වේ.

  • පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා සඳහා අභ්‍යාසලාභීන් 1000ක් බඳවා ගැනේ

    පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා සඳහා අභ්‍යාසලාභීන් 1000ක් බඳවා ගැනේ

    පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවන්හි තනතුරු 12 ක් සඳහා පුහුණුවට අභ්‍යාසලාභීන් දහසක් බඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.මෙම තනතුරු සඳහා ඉල්ලුම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවිය වන  www.health.gov.lk ඔස්සේ online  ක්‍රමයට අයදුම්පත් ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය 2020.10.29 දින සිට පහසුකම් සලසා ඇත.

    මෙම තනතුරු සඳහා අයදුම්පත් යොමු කළ හැකි අවසන් දිනය 2020.11.30 දින වන අතර අයදුම්පත් ඉදිරිපත් කිරීමේද යම් ගැටලුවක් ඇති වුවහොත් සතියේ වැඩ කරන දින වල පෙ.ව.9.00 – ප.ව.4.00 දක්වා වූ කාලය තුළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානව සම්පත් කළමණාකරණ හා සම්බන්ධීකරණ ඒකකයේ ක්ෂණික දුරකථන අංක 0112-340007 අමතා අවශ්‍ය උපදෙස් ලබාගන්නා මෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය දන්වා සිටී.

    සංකේත අංකය සේවාව පුහුණු පාඨමාලාවේ නම පුහුණු කාල සීමාව මාධ්‍යය
    1   ඖෂධවේදී වසර 02 ඉංග්‍රීසි
    2 පරිපූරක වෘත්තීන්ගේ වෘත්තීය චිකිත්සක වසර 02 ඉංග්‍රීසි
    3 සේවාව විකිරණ ශිල්පී වසර 02 ඉංග්‍රීසි
    4   පාසල් දන්ත චිකිත්සක වසර 02 ඉංග්‍රීසි
    5   සෞඛ්‍ය කීට විද්‍යා වසර 02 ඉංග්‍රීසි
    6   අක්ෂි තාක්ෂණවේදී වසර 02 ඉංග්‍රීසි
    7 අතුරු වෛද්‍ය සේවාව අංගාදේශක හා සෘජුකරණඥ වසර 03 ඉංග්‍රීසි
    8   මහජන සෞඛ්‍ය පරීක්ෂක වසර 02 ඉංග්‍රීසි
    9   ඛන්තු රේඛණ ශිල්පී වසර 01 ඉංග්‍රීසි
    10   විද්‍යුත් නිකර්පණ රේඛන සටහන්කරු වසර 02 ඉංග්‍රීසි
    11   මහජන සෞඛ්‍ය රසායනාගාර වසර 01 මාස 03 ඉංග්‍රීසි
        ශිල්පී    
    12   දන්ත කාර්මික ශිල්පී වසර 02 ඉංග්‍රීසි
  • රු. බිලියන 7.3ක් නිරෝධානයේදී ජනතාවට සහන දෙන්න වෙන් කරලා

    රු. බිලියන 7.3ක් නිරෝධානයේදී ජනතාවට සහන දෙන්න වෙන් කරලා

    නිරෝධායන ක්‍රියාවලියේ දී ජනතාවට සහන සැලසීමට ඔක්තෝබර් මාසය තුළ දී පමණක් රජය රුපියල් බිලියන 7.3 කට අධික මුදලක් වෙන් කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (04) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

    එම මාධ්‍ය නිවේදනයේ මෙසේද සදහන් වේ.

    කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්ත වීම මැඩලීම සඳහා සිදුකෙරෙන නිරෝධායන ක්‍රියාවලිය තුළ  ජනතාවට සහන ලබාදීමට රජය විසින් රුපියල් බිලියන 7.3 කට අධික (මිලියන 7355.53) අරමුදල් ලබා දී ඇත. දිවුලපිටිය ප්‍රදේශයෙන් කොවිඩ් – 19 වෛරසය නැවත වාර්තා වීමෙන් පසු මේ දක්වා කාලය තුළදී උක්ත කටයුතු වෙනුවෙන් මෙම අරමුදල් ප්‍රමාණය වෙන් කර තිබේ.

    එමෙන්ම, දිසාපතිවරුන් ඇතුළු අදාළ පාර්ශවයන්ගේ ඉල්ලීම මත තවදුරටත් මේ අයුරින් අවශ්‍ය වන අරමුදල් වෙන් කිරීමට බලාපොරොත්තු වන බව ද මහා භාණ්ඩාගාරය පවසයි.

    ස්වකීය නිවෙස්වල නිරෝධායනයට යොමු කර ඇති පවුල් සඳහා සහන මල්ලක් ලබාදීම සහ  නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර ඇති ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පවුල්වලට රු.5000 ක සහන දීමනාවක් ලබාදීම යන සහන කටයුතු සඳහා මෙසේ අරමුදල් වෙන් කර ඇත.

    රු.5000 සහන දීමනාව ලබාදීමේ දී ගම්පහ දිස්ත්‍රික්කය සඳහා රුපියල් මිලියන 2,721.27 ක්ද, කොළඹ දිස්ත්‍රික්කය සඳහා රුපියල් මිලියන 2,333.60 ක්ද, කළුතර දිස්ත්‍රික්කය සඳහා රුපියල් මිලියන 1,310 ක්ද  ලබා දී තිබේ. ඊට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ සහන ලැබිය යුතු පවුල් වෙනුවෙන් මෙම දීමනාව ලබාදීමට ලබා දුන් මුදල රුපියල් මිලියන 469.57 ක් හා මඩකලපුව දිස්ත්‍රික්කය වෙනුවෙන් ලබා දුන් මුදල රුපියල් මිලියන 128.39 ක්ද වේ.

    ඒ අනුව, නිරෝධායන ඇඳිරි නීතිය නිසා ජීවනෝපාය අහිමි වූ සහන ලැබිය යුතු පවුල් සඳහා රු.5000 දීමනාව ලබාදීමට මෙම කාල සීමාව තුළ රජයෙන් ලබා දුන් මුදල රුපියල් බිලියන 6.9 කි. (මිලියන 6,962.83)

    නිවෙස් වල නිරෝධායනට යොමු කළ පවුල්වලට වියළි ආහාර මල්ලක් ලබාදීමේ වැඩපිළිවෙලේදී කොළඹ දිස්ත්‍රික්කය  සඳහා පමණක්  රුපියල් මිලියන 75 ක් ලබා දී තිබේ. ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක සඳහා එක් දිස්ත්‍රික්කයකට රුපියල් මිලියන 40 බැගින් ලබා දී ඇත. කුරුණෑගල දිස්ත්‍රික්කය වෙනුවෙන් මෙම වියදම රුපියල් මිලියන 24.61 කි. ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් රුපියල් මිලියන 17.86 ක් ලබා දී තිබේ. එමෙන්ම මඩකලපුව දිස්ත්‍රික්කය වෙනුවෙන් රුපියල් මිලියන 15.92 ක් හා නුවරඑළිය දිස්ත්‍රික්කය වෙනුවෙන් රුපියල් මිලියන 15.60 ක් යනාදී වශයෙන් දිස්ත්‍රික්ක 20 ක ස්වකීය නිවෙස්හි නිරෝධායනය වන පවුල් සඳහා වියළි ආහාර සහන මල්ල ලබා දීමට රජය අරමුදල් ලබා දී ඇත. මේ සඳහා ලබා දී ඇති මුළු මුදල රුපියල් මිලියන 336.54 කි.

    එමෙන්ම, දිස්ත්‍රික්ක 11 ක නිරෝධායන කටයුතු ක්‍රියාත්මක කිරීමට රජය රුපියල් මිලියන 56.16 ක් ලබා දී තිබේ.

  • ‘රට වසා තැබිය නොහැකියි’ – ජනපති

    ‘රට වසා තැබිය නොහැකියි’ – ජනපති

    කොවිඩ් මර්දනයට සහායවීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායනයේ මගපෙන්වීමෙන් සැකසුණු “සුවෙන් සිටිමු” (Stay Safe)  ඩිජිටල් ව්‍යාපෘතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හඳුන්වා දෙයි.

    කොවිඩ් ආසාදිතයන්ගේ සබඳතා සොයා ගැනීම හා වාහකයන්ගේ සංචරණය කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ප්‍රධාන අභියෝග වේ. “සුවෙන් සිටිමු” (Stay Safe)  ඩිජිටල් ව්‍යාපෘතිය මේ ගැටළු දෙකටම එකවර විසඳුම් දෙයි.

    ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී දෛනිකව හමුවන කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය අද (04) පෙරවරුවේ රැස්වූ අවස්ථාවේ දී තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායනයේ සභාපති ජයන්ත ද සිල්වා මහතා විසින් නව ව්‍යාපෘතිය හඳුන්වාදෙනු ලැබීය.

    “සුවෙන් සිටිමු” (Stay Safe)  QR කේතයක් මත පදනම් වේ. කොවිඩ් 19 වැළැක්වීමේ නිරත සියලු පාර්ශ්වයන්ට, වාණිජ හා රාජ්‍ය අංශයේ ආයතනවලට සහ සියලුම ජනතාවට පහසුවෙන් භාවිත කළ හැකි සරල ක්‍රමවේදයකින් ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ.

    Staysafe.gov.lk වෙත පිවිසීමෙන් සෑම ආයතනයකටම අනන්‍ය QR කේතය ගත හැකිය. ලබන සෙනසුරාදා (07) සිට ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

    ස්මාට් ජංගම දුරකථනයක් භාවිතයෙන් ඕනෑම ආයතනයක නම, ලිපිනය, හිමිකරුගේ නම සහ දුරකථන අංකය වැනි තොරතුරු කිහිපයක් දීමෙන් ඉතා පහසුවෙන් QR කේතය ගත හැකිය. එම කේතය මුද්‍රණය කර ආයතනයේ දොරටුවේ ප්‍රදර්ශනය කිරීමට පිළිවන.

    ස්මාට් ජංගම දුරකථනයක් ඇති හෝ නැති හෝ සියලුදෙනා ලියාපදිංචි කර ඔවුන් යන එන ස්ථාන හඳුනා ගනු ලැබේ. මේ පිළිබඳව සියලු මාධ්‍ය මගින් ජනතාව දැනුවත් කිරීමට තොරතුරු හා සන්නිවේදන නියෝජිතායනය පියවර ගනු ඇත.

    කොවිඩ් කාර්ය සාධක බලකාය බස්නාහිර පළාත ඇතුළු දිවයිනේ සියලු ප්‍රදේශවල කොරෝනා ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය ජනාධිපතිවරයාට පැහැදිළි කළේය.

    ජනතාව වගකීමෙන්  ක්‍රියාකිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය. ඇඳිරි නීතිය පැනවීමෙන් පමණක් ජනතාව හැසිරවීම අඛණ්ඩව කළ නොහැකිය. ජන ජිවිතය, රටේ ආර්ථිකය සහ අන් සියලු පැතිකඩ සමබරව සැලකිල්ලට ගෙන අවබෝධයෙන් යුතුව තීරණ ගත යුතු බව ජනාධිපතිවරයා පැවසීය.

    වෛරසය මර්දනයට පිළියමක් සොයා ගන්නා තෙක් රට වසා තැබිය නොහැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් සියලු දෙනා දෛනික කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට සූදානම් විය යුතු බව ද පැවසීය.  

    වෛරසය පාලනය සඳහා ඇඳිරි නීතිය තදින් ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපතිවරයා පොලීසියට උපදෙස් දුන්නේය.

    ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු සහ කාර්ය සාධක බලකායේ සාමාජිකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

    ජනාධිපති මාධ්‍ය අංශය

  • ජ’පුර සරසවියේ Covid සොයාගැනීම් ගැන ‘මහාචාර්ය නීලිකා මලවිගේ’ කරන සුපිරි හෙළිදරව්ව !

    ජ’පුර සරසවියේ Covid සොයාගැනීම් ගැන ‘මහාචාර්ය නීලිකා මලවිගේ’ කරන සුපිරි හෙළිදරව්ව !

    ශ්‍රී ලංකාව තුළ පෙර වතාවේ පැතිර ගිය වෛරසය නොවන බවත් ඊට සාපේක්ෂව අතිශයින් දරුණු වෛරසයක් බවත්, යුරෝපයෙන් පැමිණි බවත් එකී දුර්මත අතර වේ.  

    මහාචාර්ය නීලිකා මලවිගේ – ක්ෂුද්‍රජීව විද්‍යා අංශයවෛද්‍ය විද්‍යා පීඨයශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

    ගෝලීයකරණයේ අයහපත් ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව වසරකට ආසන්න කාලයක් මුළුල්ලේ පියවි ඇසට නොපෙනෙන සතුරකු හා සටන් වදිමින් සිටී. ඒ සතුරා වනාහී කොවිඩ් -19 ය.

    මෙකී වසංගත  තත්ත්වය සොයා බැලීම සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් මෙහෙය වනු ලැබූ විශේෂ පර්යේෂණයක ප්‍රතිඵල මේ වන විට සමාජය තුළ සැලකිය යුතු කතාබහකට ලක්වී තිබේ. එහෙත් එම සැලකිය යුතු කතාබහ අතරින් ඇතැම්විට පරීක්ෂණයේ නිගමනවලට පරිබාහිර වූ දුර්මත කිහිපයක් ද සමාජය සිසාරා පැතිර යන බවක් පෙනෙන්නට තිබේ. මෙම වෛරසය ශ්‍රී ලංකාව තුළ පෙර වතාවේ පැතිර ගිය වෛරසය නොවන බවත් ඊට සාපේක්ෂව අතිශයින් දරුණු වෛරසයක් බවත්, යුරෝපයෙන් පැමිණි බවත් එකී දුර්මත අතර වේ.  

    කොවිඩ් – 19 රෝගය වැළදෙන්නේ SARS – CoV2 වෛරසයෙනි. මේ කියන්නාවූ SARS – CoV2 වෛරසය ලෝකය පුරා හැමතැනම පවතින්නේ එක ම වෛරසයකි.  ඇමරිකාවේ, එංගලන්තයේ, ජපානයේ, ශ්‍රී ලංකාවේ ආදි වශයෙන් සියලු රටවලට පවතින්නේ එකම වෛරසයකි. තවදුරටත් කිවහොත් SARS – CoV2 වෛරස පවතින්නේ එකක් බව පළමුකොට පැහැදිලි ව අවබෝධ කරගත යුතු ය.   

    එහෙත් එම වෛරසයේ සුළු සුළු ජානමය වෙනස්කම් හේතුවෙන් ප්‍රභේදවලට වෙන් කෙරේ. විශේෂයෙන් ම යම් වසංගත තත්ත්වයක් පැතිර යන විට ඊට අදාළ වෛරස ජානමය පරීක්ෂාවට ලක් කරන්නේ  වෛරසය කෙතරම් සීඝ්‍රයෙන් පැතිර යනවාද? එහි ප්‍රභේද කිහිපයක් එකම අවස්ථාවේ සංසරණය වීමේ තත්ත්වයක් පවතින්නේද? පාලනය කිරීම කෙතරම් දුරකට කරගත හැකිද? යන කරුණු පිළිබඳව සොයාබැලීමට ය.   

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් SARS – CoV2 වෛරස් ජානමය පරීක්ෂාවට ලක් කිරීම ආරම්භ කළේ පළමු ශ්‍රී ලාංකික කොවිඩ් -19 ආසාදිතයා වාර්තා වූ ඉකුත් මාර්තු මාසයේ සිටම ය. මේ වන විට රට තුළ කොවිඩ් – 19 වසංගත අවදානම බරපතල තත්ත්වයකට පත්ව ඇති බව නොරහසකි.

    කොවිඩ් -19 පළමු රැල්ල සාර්ථක ව මැඩපැවැත්වූ පසු නැවතත් එම වසංගතයේ දෙවැනි රැල්ලක් හිස එසවීම සම්බන්ධයෙන් කරුණු සොයා බලා පර්යේෂණයක් සිදු කරන ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඉල්ලීමක් ලැබුණේ සෞඛ්‍ය අමාත්‍යංශයෙනි. ඒ සඳහා අවශ්‍ය මූල්‍යාධාර ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ලබාදුනි.   

    ඉකුත් මාර්තු මාසයේ මේ වෛරසයේ ප්‍රභේද කිහිපයක් අපේ රට තුළ හදුනාගත හැකි විය. ඒ විවිධ රටවල පුද්ගලයින් ශ්‍රී ලංකාවට පැමිණීම හේතුවෙනි. ඒ ඒ රටවල ඒ වන විට පැවති කොවිඩ් -19 තත්ත්වයෙන් බේරී සිටීමට රටවල් රැසක පුද්ගලයින් මෙරටට පැමිණ සිටීමත් සමඟ මාර්තු මාසයේ ශ්‍රී ලංකාවේ SARS – CoV2 වෛරසයේ ප්‍රභේද කිහිපයක් ම පැවැතිණි.

    මාර්තු අග වන විට රට ලොක්ඩවුන් කිරීමත් සමඟ රජය සහ මහජනතාව සිය යුතුකම් නොපිරිහෙළා ඉටු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස කොවිඩ් -19 වසංගත තත්ත්වය සාර්ථකව මැඩපැවැත්වූ රටවල් අතර ඉහළින් ම සිටීමේ භාග්‍යය ශ්‍රී ලංකාවට හිමි විණි. එහෙත් එහි සතුට වැඩි කලක් භුක්ති විදිය නොහැකි වූයේ කන්දකාඩු පොකුර මතු වීම හේතුවෙනි.

    කෙසේ වෙතත් කන්දකාඩු පොකුරේ වූ වෛරස ප්‍රභේදත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම විසින් පරීක්ෂණයට ලක් කළේ ය. ඉන් අනතුරුව බ්‍රැන්ඩෙක්ස් පොකුරත් සමඟ නොසිතූ විරූ එකවරම මතු වූ නව කොවිඩ් රැල්ලේදී විශේෂයෙන් අනාවරණය කරගත යුතු වූ කරුණු වූයේ යටගොස් තිබී යළි එලෙස මතු වූයේ කන්දකාඩු පොකුරේ වූ වෛරස ප්‍රභේදයද? නොඑසේ නම් වෙනයම් ප්‍රභේදයක්ද? හිටි හැටියේ සිදු වූයේ කුමක්ද යන්නයි. 

    පර්යේෂණ ප්‍රතිඵල අනුව සනාථ වූයේ මෙවර පැතිර යන්නේ ශ්‍රී ලංකාව තුළ පෙර වතාවේ පැතිර ගිය වෛරස ප්‍රභේද නොව, ඊට වඩා වෙනස් තත්ත්වයේ වෛරස්  ප්‍රභේදයක් බව ය. ප්‍රභේද කිහිපයකින් මෙසේ හදුනාගත හැක්කේ SARS – CoV2 වෛරසය යි. සුළු සුළු ජානමය වෙනස්කම්වලට අනුව ප්‍රභේද කිහිපයකට වෙන්කොට ඇත.

    එසේ වෙන්කොට හදුනාගන්නා ප්‍රභේදවලින් එක ප්‍රභේදයක් අනිත් ප්‍රභේදයට වඩා වැඩිපුර දරුණු බවක් පැවැසිය නොහැක. ඒ සියලු ප්‍රභේද එක ලෙස ම දරුණු ය. ශ්‍රී ලංකාව තුළ මේ වන විට හඳුනාගත හැකි ප්‍රභේදය පෙර වතාවේ වූ ප්‍රභේදවලට වඩා දරුණු යැයි කීමට කිසිදු සාධකයක් නැත.  ඒ කෙසේ වෙතත් පරිණාමය නමින් යමක් සිදු වන බව අපි කවුරුත් දනිමු. සත්ත්වයෙකු පරිණාමය වන්නේ වැඩි වශයෙන් ඒ අදාළ පරිසරයට හැඩගැසීමට සහ තම වර්ගයා බෝකිරීමට ය.

    මෙම වෛරසයට ද ඊට එහා ගිය වෙනත් අරමුණක් නැත. එසේ නම් මේ වෛරසය වැඩිපුර බෝවීමට නම් එහි සුළු සුළු පරිණාමීය වෙනස්කම් සිදු වේ. ඒ අනුව බලන කල මේ වන විට මේ වෛරසයේ ලෝකයේ පවතින සියලු ප්‍රභේදවල මේ කියන්නා වූ අන්දමෙන් සුළු සුළු ජානමය වෙනස්කම් ඇති වී ඇත්තේ වැඩිපුර වෛරස් ප්‍රමාණයක් නිපදවීමට ය. 

    නිදසුනක් ලෙස කිවහොත්, මෙරට තුළ මුල් වරට වූ වෛරස ප්‍රභේදයෙන් ආසාදනය වූ විට ආසාදිතයකුගේ ශ්වසන තරලවල මිලියනයක් පමණ වෛරස් පැවතියේ නම් වර්තමානයේ හඳුනාගත හැකි වෛරස් ප්‍රභේදයෙන් ආසාදනය වූ විට වෛරස් බිලියනයක් පමණ පවතී. ශ්වසන තරලවල මිලියනයක් වෙනුවට බිලියනයක් වෛරස් පවතින විට ඒ පුද්ගලයාගේ වැඩිපුර ප්‍රමාණක් ආසාදනය වී ඇති බව අමුතුවෙන් කිව යුතු නැත.

    මේ කරුණ පර්‍යේෂණයක් සිදු නොකර ද කිව හැකි ය. ඒ කෙසේද යත්, අප හොඳින් දන්නා කරුණක් නම්, ඉකුත් මාර්තු මාසයේදී ආසාදිතයන් සමඟ බිග් මැච් ගොස් එක ම වීදුරුවෙන් බිව් අය අතරින් ද සමහරකු ආසාදනය නොවී ගැලවුණමුත් මෙවර පෑලියගොඩින් මාළු මිලදී ගැනීමට ගොස් විනාඩි 15කට වැඩි කලක් එම ස්ථානයේ සිටගෙන සිටි අයට ද කොවිඩ් -19 ආසාදනය වි තිබේ. ඒ අනුව මෙවර වෛරස ප්‍රභේදයෙන් වැඩිපුර ආසාදනයට ලක් වන බව හොඳින් පැහැදිලි ය. 

    ලෝකයේ මේ වෛරසය වැඩිපුර ම සංසරණය වන රටවල පැතිරෙන වෛරස ප්‍රභේදවල මෙයාකාර වූ සුළු සුළු ජානමය වෙනස්කම් පවතින අතර ශ්‍රී ලංකාවේ ද මේ වන විට එම තත්ත්වය පැහැදිලි ව පෙනෙන්නට තිබේ.

    කෙසේ වෙතත් මේ වන විට ශ්‍රී ලංකාවේ පැතිර යන් SARS – CoV2 වෛරස ප්‍රභේදය යුරෝපයෙන් පැමිණි ප්‍රභේදයක් බවට වන දුර්මතයක් මේ වන විට සමාජගත වෙමින් පවතී.  මේ වෛරස ප්‍රභේදය මුලින් ම හඳුනාගත්තේ යුරෝපයෙනි. මුල් වරට යුරෝපයෙන් හඳුනාගත්තා යන්නෙන් මේ වෛරස් ප්‍රභේදය යුරෝපයෙන් ම ශ්‍රී ලංකාවට පැමිණි බවක් කියවෙන්නේ නැත. ඒ වෛරස ප්‍රභේදය ඉන්දියාවෙන්, කොරියාවෙන්, ඇමරිකාවෙන්, ලෝකේ කොහෙන් හෝ ශ්‍රී ලංකාවට ආවා විය හැකි ය.

    ඒ කෙසේ වෙතත් ජානමය පරික්ෂාවකට ලක්කිරීමෙන් කිසිවිටකත් කිව නොහැකි ය  මෙම වෛරස් ප්‍රභේදය කොහෙන් පැමිණියාද? යන කාරණය. එසේ ම මෙම ප්‍රභේදය යුරෝපයෙන් පැමිණි බව කීමට අපට කිසිඳු සාධකයක් ද නැත.   

    චීනයේ වූහාන්වලින් කොවිඩ් – 19 ආසාදිතයින් වාර්තා වූයේ ඉකුත් දෙසැම්බරයේ අග ය. පෙබරවාරි මාසය වන විට ලෝකයේ රටවල් ගණනාවකට කොවිඩ් -19 වසංගතය පැතිරී ගොස් තිබුණි.

    මෙවර වෛරස ප්‍රභේදය මුල් වරට හඳුනාගත්තේ යුරෝපයෙන් වුවත් සති 06ක් ගතවන විට ලෝකයේ හැම හැම තැනම පැතිරී අවසන් ය. ඒ ඕනෑම රටකින් SARS – CoV2 වෛරසයේ මේ ප්‍රභේදය ශ්‍රී ලංකාවට පැමිණියා විය හැකි ය. එබැවින් මේ වන විට ශ්‍රී ලංකාවේ පවතින වෛරස ප්‍රභේදය යුරෝපයෙන් ආ ප්‍රභේදයක් බව සැක හැර කිව නොහැක. එබැවින් එවැනි වැරදි මත ඇති කරගත යුතු නොවේ. 

    කෙසේ වෙතත් පොදු මහජනතාවට වැදගත් වන්නේ ඔය කිසිවක් නොවේ. මේ වන විට ශ්‍රී ලංකාවේ පැතිර යන්නේ SARS – CoV2 වෛරසයේ කිනම් ප්‍රභේදයක්ද? එම ප්‍රභේදය සමාන වන්නේ කුමන රටක පැතිර යන ප්‍රභේදයටද? යන කිසිවක් නොව, මහජනතාව සිහි තබා ගත යුත්තේ මේ වෛරස ප්‍රභේදය පෙර වතාවේ වූ ප්‍රභේදයට වඩා සීඝ්‍රයෙන් පැතිර යන බව ය. එය වටහා ගැනීමට අමුතුවෙන් පරීක්ෂණයක් අවශ්‍ය වන්නේ ද නැත.

    වෛරසය පැතිර යෑමේ සීඝ්‍රතාව වැඩි වී ඇති බව රටේ තත්ත්වය දෙස බැලූ බැල්මට ම පෙනෙන්නට තිබේ. එවිට මහජනතාව සිදු කළ යුත්තේ පෙරටත් වඩා වැඩි උනන්දුවකින් හා සැලකිලිමත් භාවයකින් සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම ය. පෙර සිටියේ මීටරයක දුරින් නම් දැන් ඊටත් වඩා සමාජ පරතරයක් තබාගත යුතු ය. මුව ආවරණය නිවැරදි ව නාසය සහ මුඛය ආවරණය වන පරිදි පැළඳිය යුතු ය. නිතර සබන් හෝ විශබීජ නාශක යොදා දෑත් පිරිසිදු කිරීමේ පුරුද්ද අත් නොහළ යුතු ය. වැදගත් ම කරුණ වන්නේ අනවශ්‍ය ගමන්බිමන් නොයා නිවෙසට වී සිටීම ය.

    නිරෝධායන ඇඳිරි නීතිය බල නොපැවැත්වෙන පළාත්වල ද උත්සව, පිංකම්, රැස්වීම් සියල්ල සීමා කිරීම අනිවාර්යයෙන් ම සිදු කළ යුත්තකි. නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් නොසැලකිලිමත්ව, කොවිඩ් -19 පැතිර යෑමට තුඩු දෙන පරිදි රිසි සේ හැසිරීම, පිට පළාත්වලට ද බස්නාහිරට අත්ව ඇති ඉරණම අත්වීමට හේතුවක් විය හැකි ය. 

    අවශ්‍ය වන්නේ රටම වසා දමන තැනට වැඩ කිරීම නොවේ. රටක් ලොක්ඩවුන් කිරීම තුළ ජන ජීවිතවල උද්ගත වන ප්‍රශ්න පිළිබඳව අපට අමුතුවෙන් කිවයුතු නැත. දැන් අපි එය අත්දැකීමෙන් ම දනිමු. එහි දුක්ඛිතම තත්ත්වය වන්නේ එදා වේල හරිහම්බ කරගෙන කෑ මිනිසුන්ට කන්න නැති වීම ය. එපමණක් ද? ජන ජීවිතය අඩාල වේ. සුළු පරිමාණයේ පටන් මහා පරිමාණය දක්වාම වන ව්‍යාපාර කඩා වැටීමට ලක්වෙමින් එය රටේ සමස්ත ආර්ථිකයේ ම කඩා වැටීමකට තුඩු දෙනු ඇත.

    මෙයාකාර වන ගැටලුකාරි තැන් සැලකිල්ලට ගැනීමේදී ලොක් ඩවුන් කිරීමක් සිදු කරන්නේ කරන්නට වෙන කිසිවක් ම නැති වූ තැන ය. එබැවින් එතැනට නොයා සිටීම වෙනුවෙන් තම තමන්ගේ යුතුකම හැකි උපරිමයෙන් ඉටු කිරීම මේ අවස්ථාවේ සියලු රට වැසියන්ගෙන් අපේක්ෂා කරමු. පළමුකොට තමන් කොවිඩ් -19 ආසාදිතයකු නොවීමට වගබලා ගත යුතු ය. ඒ වෙනුවෙන් සියලු සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිපදිමින් ප්‍රවේසම් විය යුතු ය.

    යම් හෙයකින් තමන් මේ වෛරසයේ ගොදුරක් බවට පත් වුවහොත් තවකෙකු ආසාදිතයකු බවට පත් නොකිරීමට වග බලා ගත යුතු ය. ඒ කියන්නා වූ සමාජ වගකීම කවුරු කවුරුත් තදින් මනසට කාවද්දා ගැනීම වටී. මන්ද මෙවර අප මුහුණ පා සිටින වෛරස ප්‍රභේදයේ පැතිර යෑමේ සීඝ්‍රතාව පෙරට වඩා බොහෝ සෙයින් වැඩි ය.

    මෙම වෛරස ප්‍රභේදය මෙරට තුළ පෙර වතාවේ පැතිර ගිය වෛරස ප්‍රභේදයට වඩා දරුණු බවක් හෝ ආසාදිතයකුගේ රෝගී තත්ත්වයේ නැතිනම් රෝග ලක්ෂණවල වෙනසක් නොමැත. එහෙත් පැතිරීමේ සීඝ්‍රතාව පමණක් වැඩි වී ඇත. එබැවින් ඔබ දැන් පෙර මෙන් දෙගුණයකින් ආරක්ෂා විය යුතු ය. සමීපතමයින් ආරක්ෂා කළ යුතු ය. රට වෙනුවෙන් යුතුකම් ඉටු කළ යුතු ය.  

    මහාචාර්ය නීලිකා මලවිගේක්ෂුද්‍රජීව විද්‍යා අංශයවෛද්‍ය විද්‍යා පීඨයශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

    සටහන – කාංචනා සිරිවර්ධන

  • ඇමෙරිකානු මැතිවරණය 2020 ප්‍රතිඵල: ප්‍රාන්ත 18ක ප්‍රතිඵල නිකුත්වී අවසන්

    ඇමෙරිකානු මැතිවරණය 2020 ප්‍රතිඵල: ප්‍රාන්ත 18ක ප්‍රතිඵල නිකුත්වී අවසන්

    ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කරමින් පවතින අතර ඇතැම් ප්‍රාන්තවල ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර ඇත. මේ වන විට (04) පෙ.ව 08.00) ප්‍රාන්ත 18ක ප්‍රතිඵල නිකුත් වී ඇති අතර ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බිඩන් ඡන්ද විද්‍යාල නියෝජිතයින් 89ක් සහ රිපබ්ලිකන් අපේක්ෂක, වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඡන්ද විද්‍යාල නියෝජිතයින් 72 දෙදෙනකු දිනාගෙන ඇත.

    2020 ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ඇතැම් ප්‍රාන්තවල අවසන් වෙද්දී ඡන්ද ගණන් කිරීම ක්‍රියාත්මක වෙමින් පවතී. එසේ ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් වූ ප්‍රාන්ත අතරට උතුරු කැරොලයිනා , බටහිර වර්ජිනියා සහ ඔහායෝ අයත් වේ.

    එම ප්‍රාන්ත අතරින් උතුරු කරොලයිනා ප්‍රාන්තයට ඡන්ද විද්‍යාලය තුළ ඡන්ද 15ක් හිමි අතර ඔහායෝ ප්‍රාන්තයට ඡන්ද විද්‍යාලය තුළ ඡන්ද 18 ක් පවතී. බටහිර වර්ජීනියා ප්‍රාන්තයට ඡන්ද විද්‍යාලය තුළ හිමි ඡන්ද ගණන 5 කි.

    ඔහායෝ, ඇමරිකානු ජනාධිපතිවරණ ඡන්ද ඉතිහාසය තුළ තරගකාරී ප්‍රාන්තයක්ව පවතී. සම්ප්‍රදායිකව ඔහායෝ ප්‍රාන්තය තුළ පරාජය වන සෑම රිපබ්ලිකන් පාක්ෂිකයෙකු ම ජනාධිපති ධුරය සඳහා වන තරගය පරාජයට පත්ව ඇත.

    ජනාධිපති ට්‍රම්ප් සිය ප්‍රචාරණ වැඩපිළිවෙල තුළදී වැඩි වශයෙන් චාරිකා කළ උතුරු කරොලයිනා ප්‍රාන්තය ප්‍රධාන පෙළේ දෝලනය වන ප්‍රාන්තයක් බවට මතුවෙමින් පවතින අතර ජනාධිපතිවරයාගේ එම සංචාර කෙතරම් දුරට ඵල දරා ඇත්ද යන්න විමසා බැලීමට මෙය අවස්ථාව වේ.

    ෆ්ලොරිඩා හි මුල් ප්‍රතිඵල නිකුත් වෙමින් පවතින අතර එය මිශ්‍ර ප්‍රතිඵල බවට පෙන්නුම් කරයි

    ෆ්ලොරිඩා හි නැගෙනහිර කාල කලාපයේ ඇති ප්‍රදේශවල ප්‍රථිපල කඩිනමින් වාර්තාවීමට පටන්ගෙන ඇත. එය මිශ්‍ර ප්‍රතිඵලයක් බවට පෙන්නුම් කෙරෙන බැවින් දෙපාර්ශවයටම හොඳ සහ නරක ආරංචියක් වී තිබේ.

    ටම්පා බේ ආසන්න බටහිර වෙරළ තීරයේ ජනාකීර්ණ ප්‍රදේශයක් වන පිනෙල්ලාස් වැනි ස්ථානවල බයිඩන්, හිලරි ක්ලින්ටන්ගේ 2016 ප්‍රතිපල ප්‍රතිඵල ඉක්මවා යමින් තිබේ. ඩොනල්ඩ් ට්‍රම්ප් 2016 දී එම ප්‍රදේශය දිනා ගත්තේ සියයට 1 කිනි. ඇස්තමේන්තුගත ඡන්ද ප්‍රතිශතය 75% ක් වන අතර, බයිඩන් 52% සිට 46% දක්වා ඉදිරියෙන් සිටිනුයේ ඡන්ද 248,620 කිනි. මීට වසර හතරකට පෙර ඡන්ද 239,201 ක් ලබා ගනිමින් ට්‍රම්ප් එම ප්‍රදේශය ජයග්‍රහණය කළේය.

    කෙසේ වෙතත්, ඩිමොක්‍රටික් බලකොටුවක් වන මියාමි-ඩේඩ් හි දී, ට්‍රම්ප් තමන්ගේ 2016 ලබාගත් ඡන්ද ප්‍රමාණය අහිබවා යමින් සිටී. බයිඩන් 84% ක් වාර්තා කිරීමත් සමඟ ඉදිරියෙන් සිටින්නේ 54% සිට 45% දක්වා වූ මායිමකිනි. ක්ලින්ටන් එවර 63% සිට 33% දක්වා වූ සීමාවකින් ජය ගෙන තිබිණි.

    නූතන එක්සත් ජනපද දේශපාලනයේ එක් මූලික රීතියක් තිබේ නම්, එය ෆ්ලොරිඩාව මුලිකව වනු ඇත – මේ වසරේදීත් එහි වෙනසක් නැත. කෙසේ වෙතත්, එය මේ වසරේදීත් තීරණාත්මක වීම පුදුමය සහගත විය හැකිය.

  • මේ ආයතන 107 අයට රැකියාවට යන්න ඇඳිරිනීති බලපත් අවශ්‍ය නෑ

    මේ ආයතන 107 අයට රැකියාවට යන්න ඇඳිරිනීති බලපත් අවශ්‍ය නෑ

    රාජකාරියට යෑමට ඇඳිරිනීති බලපත් අවශ්‍ය නොවන ආයතන ලැයිස්තුව 84 සිට 107 දක්වා යාවත්කාලීන කිරීමට රජය පියවර ගෙන තිබේ. එම ආයතනවල සේවකයින්ට රාජකාරී හැඳුනුම්පත හෝ ජාතික හැඳුනුම්පත සමග තම ආයතන ප්‍රධානියා විසින් නිකුත් කරන ලද සේවයට කැඳවීමේ ලිපිය ඇඳිරිනීති බලපත වෙනුවට භාවිත කළ හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා අද (03) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී සදහන් කළේ.

    මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ ආයෝජන මණ්ඩලයේ සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ අනුමැතිය යටතේ ක්‍රියාත්මක වන ආයතනවල සේවකයින්ට ද ඇඳිරිනීති බලපත් ලබාගැනීම් අවශ්‍ය නොවන බවයි.

    යාවත්කාලීන කළ ආයතන ලේඛනය පහත දැක්වෙනවා.

    මේ අතර ආයෝජන මණ්ඩලයේ සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ අනුමැතිය යටතේ ක්‍රියාත්මක වන ආයතනවල සේවකයින්ට ඇඳිරිනීති බලපත් ලබාගැනීම් අවශ්‍ය නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

  • PCR පරීක්ෂණය හා බැඳුණු මිත්‍යා මත සහ අත්දැකීම්

    PCR පරීක්ෂණය හා බැඳුණු මිත්‍යා මත සහ අත්දැකීම්

    PCR swab (පුළුන් රැඳවූ දිග කූරක්) පරීක්ෂණය කොරෝනාවෛරසය සඳහා සම්මත රෝග විනිශ්චය ක්‍රමය ලෙස හැඳින්වේ.

    කොරෝනාවෛරස පරීක්ෂණ මගින් මිනිසුන්ට හානියක් විය හැකි බවට විවිධ ප්‍රකාශ සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතී.

    අනිසි බියක් ඇති කිරීම හෝ “බියවැද්දීමෙන්” මිනිසුන් සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රම අනුගමනය කිරීමට යොමු කිරීම එවැනි ප්‍රකාශවල අරමුණ යැයි එවැන්නක් පළ කළ පුද්ගලයන් කීපදෙනෙකු අප සමග ‘මැසෙන්ජර්’ ඔස්සේ අදහස් හුමාරු කරමින් පැවසූහ.

    නමුත් මේ “බියවැද්දීම්” නිසා PCR පරීක්ෂණය මඟහරින පුද්ගලයන් සිටිය හැකිද?

    “මම PCR ටෙස්ට් එක කරන්න සෑහෙන බය වුණා. ෆේස්බුක් එකේ පෝස්ට් දැකලම තමයි මේ බය ඇති වුණේ. බය නිසාම ටෙස්ට් එක කළාට පස්සේ වමනේ ගියා. ඒ වගේම මගේ ටෙස්ට් එක කරන්න සෑහෙන අමාරු වුණා. අන්තිමට මට සැර කරළා තමයි කූර උගුරටයි, නහයටයි දැම්මේ,” ජා ඇල පදිංචි ඉනුෂි කුරේ සිය අත්දැකීම් විස්තර කරමින් පැවසීය.

    PCR පරීක්ෂණය මොළයට හානි කළ හැකිද?

    කොරෝනාවෛරස පරීක්‍ෂණ සිදුකරන අයුරු දැක්වෙන පින්තූර ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් හි පුළුල් ලෙස සංසරණය වී ඇත. එමෙන්ම, PCR පරීක්ෂණ මඟින් “මොළයට හානි සිදු විය හැකි යැයි” සමහරු අදහස් පළ කර ඇත.

    PCR test Sri Lanka

    කෙසේනමුත්, නාසයෙන් ඇතුළු කරන පුළුන් රැඳවූ කූර (swab) මොළයට පිවිස එයට හානි සිදු කළ හැකි යැයි යන්න සම්පූර්ණ වරදවා වටහා ගැනීමකි.

    මොළයේ ආරක්ෂිත ස්ථර රාශියක් පිහිටා ඇත. පළමු හා පැහැදිලිම ආවරණය හිස් කබල වන අතර ආරක්ෂිත පටල හා තරලවලින් තවදුරටත් මොළය ආරක්ෂා වී තිබේ.

    මොළයට හානි සිදු කිරීමට නම් නාසයට ඇතුළු කරන කූර පටක ස්ථර කිහිපයක් කඩා අස්ථියක් හරහා හා රුධිර නාල තුළට යා යුතුය.

    “පටක හා අස්ථි බිඳගෙන යන තරමේ බලයක් මේ ටෙස්ට් යොදන්නේ නැහැ. මේවා අනවශ්‍ය බිය ගැන්වීම් සඳහා පතුරවන බොරු මත. මොළයට හානි සිදුවෙලා වැනි සංකූලතා මෙතෙක් අපට අසන්න ලැබිලා නැහැ,” වෛද්‍ය පවිත්‍රා ද සිල්වා පැවසුවාය.

    PCR test Sri Lanka

    “ටෙස්ට් එක කරනකොට උගුරේ, නාසයේ කැසීමක් වගේ දෙයක් දැනෙන එක සාමාන්‍යයයි. සමහරුන්ට පොඩි කැස්සක්, නැත්නම් ඔක්කාරයට එන ගතියක් දැනෙනවා. ඒ කිසිදෙයක් කල් පවතින ලක්ෂණ නෙමෙයි. ටෙස්ට් එකට කිසිසේත්ම බය වෙන්න ඕනේ නැහැ. බය වෙන්න ඕනේ කොරෝනාවෛරසය නිසා ලෙඩ වීමට,” ඇය තවදුරටත් පැවසීය.

    PCR පරීක්ෂණය සිදු කරනු ලබන්නේ ඒ සම්බන්ධයෙන් නිසි පුහුණුවක් ලැබූ පිරිසක් වන අතර, එයින් හානි සිදුවීමක් ගැන ශ්‍රී ලංකාවෙන් වාර්තා වී නොමැති බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ බීබීසී සිංහල සේවයට පැවසීය.

    මොකක් ද මේ PCR පරීක්ෂණය?

    PCR swab (පුළුන් රැඳවූ දිග කූරක්) පරීක්ෂණය කොරෝනාවෛරසය සඳහා සම්මත රෝග විනිශ්චය ක්‍රමය ලෙස හැඳින්වේ. රසායනික ද්‍රව්‍ය භාවිත කරමින් වෛරසයේ ජානමය ද්‍රව්‍ය විස්තාරණය කිරීම මෙමගින් සිදුවේ. PCR යනු කෙටි නාමය වන අතර, එහි දිගුව වන්නේ Polymerase Chain Reaction යන්නය.

    වෛරසය ඇති දැයි විනිශ්චය කිරීමට ඔබෙන් ලබා ගන්නා සාම්පල විද්‍යාගාර පියවර ගණනාවක් හරහා යා යුතුය.

    පුළුන් රැඳවූ දිග කූරක් (Swab) නාසයෙන් හෝ මුඛයෙන් ඇතුළු කර උගුර සහ නාස් කුහරය කෙළවර ආසන්නයෙන් සෙම පටල ලබා ගැනීමෙන් පසු, එම සාම්පල PCR පරීක්ෂණය සඳහා පැය 48ක් තුළ රසායනාගාර වෙත යොමු කළ යුතුය.

    එම රසායනාගාර අප එදිනෙදා දකින සාමාන්‍ය ඒවා නොවන අතර, විශේෂ දැනුමැති තාක්ෂණවේදීන්, විද්‍යාඥයන් සිටින රසායනාගාරය.

    PCR test Sri Lanka

    කොරෝනාවෛරස පරීක්ෂණයෙන් පසු ඔබට “ඔව්” හෝ “නැත” යනුවෙන් පිළිතුරක් ලැබේ. කෙසේනමුත් ලබා ගත් සාම්පල තුළ වෛරසය කොපමණ ප්‍රමාණයක් ඇත්ද යන්න හෝ ක්‍රියාකාරී ආසාදනයක් වීමට ඇති ඉඩකඩ පිළිබඳ කිසිදු සඳහනක් පරීක්ෂණ ප්‍රතිඵලවල සඳහන් වන්නේ නැත.

    සක්‍රීය ලෙස වෛරස් විශාල ප්‍රමාණයක් ඇති පුද්ගලයෙකුට මෙන්ම දැනටමත් සුව වී ඇති ආසාදනයකින් ඉතිරිව ඇති කොටස් ඇති පුද්ගලයෙකුට ද ‘ධනාත්මක’ ලෙස පරීක්ෂණ ප්‍රතිඵල ලැබෙනු ඇත.

    එංගලන්තයේ මහාචාර්ය හෙනගන් පවසන්නේ සාක්ෂි අනුව කොරොනාවෛරසය “සතියකට පමණ පසු ආසාදනය අඩු වන බව පෙනේ,” යනුවෙනි.

    සක්‍රීය වෛරස තිබේදැයි බැලීමට සෑම සාම්පලයක්ම පරීක්‍ෂා කළ නොහැකි වුවද, කඩඉම් ලක්ෂ්‍යය විය යුත්තේ කොතැනදැයි විද්‍යාඥයින්ට සොයාගත හැකි නම් ව්‍යාජ ධනාත්මක ප්‍රතිඵල ලබා ගැනීමේ සම්භාවිතාව අඩු කළ හැකි බව ද මහාචාර්යවරයා පැවසීය.

    මෙමගින් පැරණි ආසාදනයක් මත පදනම්ව ධනාත්මක ප්‍රතිඵලයක් ලබා දීම මෙන්ම පුද්ගලයන් අනවශ්‍ය ලෙස නිරෝධායනයට යොමු කිරීම වළක්වා ගත හැකිය.

    “මගේ දරුවාට කොවිඩ් 19 ලක්ෂණ නිසා අපේ ගෙදර හැමෝම ටෙස්ට් කළා. හැබැයි දරුවා සහ ගෙදර හැමෝම නෙගටිව්, මම විතරක් පොසිටිව් වුණා. මේක හිතා ගන්න බැරි දෙයක්. මම දොස්තරලගෙන් ඇහුවමත් කිව්වේ මේ වගේ දරුණුවට පැතිරෙන වෛරස් එකක දී මේ වගේ දෙයක් අසාමාන්‍යයි කියලා. ඒක නිසා දවස් තුනකට පස්සේ මම ආයෙත් ටෙස්ට් කළා. ඒ ප්‍රතිඵලේ නෙගටිව්,” එංගලන්තයේ පදිංචි ශ්‍රී ලාංකික කාන්තාවක පැවසූ අතර, ඇය සිය අනන්‍යතාව හෙළි කිරීමට අකමැත්ත පළ කළාය.

    මෙය සමාජ මාධ්‍ය ජාලවල පළවන සේ “භයානක” පරීක්ෂණයක් නොවන නමුත් සංකීර්ණ පරීක්ෂණයක් බව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ පැවසීය.

    PCR test Sri Lanka
    වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ

    “මෙය සිදු කරන කෙනාට භයානක වන්නේ නැහැ. නමුත් පියවර කීපයක් ඔස්සේ සිදුවන සංකීර්ණ පරීක්ෂණයක්. සමාජයෙන් නැගෙන තවත් චෝදනාවක් තමයි PCR පරීක්ෂණයට මේ තරම් කාලයක් ගත වන්නේ ඇයි කියන එක. ඔවුන් අසන්නේ ලේ පරීක්ෂාවක් වගේ ඉක්මණට මෙය සිදු කරන්න බැරි ඇයි කියලා. මේ තත්ත්වයට හේතුව, මේ වන විට සාම්පල් විශාල ප්‍රමාණයක් එන නිසා අපට කාලයක් ගත වෙනවා මේ පරීක්ෂණ සිදු කරන්න. එය ප්‍රමාදයක් නොවෙයි, නමුත් පරීක්ෂණයේ සංකීර්ණ බව එක්ක ගතවන කාලයයි”

    “මෙය සංකීර්ණ ක්‍රියාවලියක් නිසා අපි නිවැරදි වාර්තාවක් දෙන්න ඕනේ. මෙහි දී සිදුවන්නේ යම් කාලයක් ගතවන සම්පූර්ණ ක්‍රියාවලියක්,” ඔහු තවදුරටත් පැහැදිලි කළේය.

    PCR පරීක්ෂණය සම්බන්ධ විවිධ අත්දැකීම්

    රටවල් ගණනාවක් හරහා ගුවන් ගමන් කීපයකින් පසු ශ්‍රී ලංකාවට පැමිණි නිල්මිණී PCR පරීක්ෂණ හතරකට මුහුණ දී ඇති අතර එම අත්දැකීම් බීබීසී සිංහල සේවයට පැවසුවාය,

    “ලංකාවට එන්න ෆ්ලයිට් කීපයක් ගන්න වුණා, රටවල් දෙකක PCR කළා. ලංකාවට ඇවිත් නිරෝධායනයේ ආයෙත් PCR දෙකකට මුහුණ දුන්නා. මට මුලින් අපහසු වුණේ නැහැ. හැබැයි තුන්වෙනි එක කරළා පැය කීපයක් යනකොට නහය, මූණ ඉදිමුණා. දවසක් යනකොට ඒක හොඳ වුණා. කොහොම වුණත් මේකට බය වෙන්න ඕනේ නැහැ. ඊට වඩා ප්‍රශ්න වෙනවා ලෙඩේ හැඳුනොත්,” ඇය පැවසීය.

    PCR test Sri Lanka

    මේ අතර, ගම්පහ පදිංචි ධම්මිකා ලොකුහේවා පැවසුවේ, PCR පරීක්ෂණය කිරීමේ දී හෝ ඉන් පසුව ඇයට කිසිදු අපහසුතාවක් නොදැනුන බවය.

    “මගේ ටෙස්ට් එක නෙගටිව් ආවා. ටෙස්ට් එක කරනකොට කිසිම අමාරුවක් වුණේ නැහැ. උගුරේ, නහයේ පොඩි කැසිල්ලක් ආවා විතරයි. ඒ අය කියන විදිහට හොඳට කට ඇරලා, දිව එළියට දමලා ඉවසීමෙන් හිටියාම හැමෝටම කරදරයක් නැහැ,” ඇය පැවසුවාය.

    PCR පරීක්ෂණය සිදු කරන ආකාරය සහ කොරෝනාවෛරසය පිළිබඳ දිගින් දිගටම වීඩියෝ සහ ඡායාරූප නැරඹීම නිසා ඒ ගැන දැඩි බියකින් පෙළෙන බව කොළඹ පදිංචි සමාධි කුරුවිට බීබීසී සිංහල සේවයට පැවසුවාය.

    “මට වෛරස ලක්ෂණවත් නැහැ. හැබැයි PCR කරනකොට අමාරු වෙන වීඩියෝ, ඡායාරූප දැකලා, විවිධ අය කියන කතා අහලා හොඳටම බයක් දැනෙනවා මේ ගැන. මේවා ඇත්තද බොරුද කියලා හිතා ගන්න අමාරුයි.”

    PCR test Sri Lanka

    Swab එකට හුස්ම ගැනීමෙන් පමණක් පරීක්ෂණය සිදු කළ නොහැකිද?

    “කෝවිඩ් ඇත්තටම ඔබේ හුස්මෙන් බෝ වෙනවා නම්, ඔබට Swab එක මත හුස්ම ගන්න බැරි ඇයි? එය ඔබේ නාසයේ පිටුපසට තල්ලු කළ යුත්තේ ඇයි?” යනුවෙන් ඉන්ස්ටග්‍රෑම් බොහෝ දෙනෙකු අතර බෙදී ගිය ප්‍රකාශයක් දක්නට ලැබිණි.

    ආසාදිත පුද්ගලයෙකුට කැස්ස හෝ කිවිසුම් යන විට වෛරසය පිරී ඇති කුඩා බිඳිති වාතයට එකතු වීමෙන් එය පැතිරී යා හැකිය. නමුත්, රසායනාගාර පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ප්‍රමාණවත් ද්‍රව්‍ය මෙමගින් එකතු නොවේ.

    “නාසයෙන් හෝ උගුරෙන් සෙම් පටල ගැනීමෙන් වඩාත් නිවැරදි පරීක්ෂණ ප්‍රතිඵල ලැබෙනවා,” යැයි වෛද්‍ය පවිත්‍රා ද සිල්වා තවදුරටත් පැවසුවාය.

    PCR test Sri Lanka

    සිහින් කූරකට හුස්ම පිටකිරීමෙන් වෛරස් අංශු හෝ වෛරසය රැගෙන යන සෛල හඳුනාගත නොහැකිය. නමුත්, නාසයට සහ උගුරට Swab ඇතුළු කර ලබා ගන්නා සෙම් පටලවලින් වඩාත් නිවැරදි ප්‍රතිඵලයක් ලැබෙනු ඇත.

    PCR පරීක්ෂණය යොදාගන්නා වෙනත් කාර්යයන්

    කුඩා DNA සාම්පලයක පිටපත් විශාල ප්‍රමාණයක් ගෙන ගැඹුරින් අධ්‍යයනය කිරීම සඳහා භාවිතා කරන්නේ ද PCR පරීක්ෂණයයි.

    අධිකරණ වෛද්‍ය විද්‍යාවේ දී අපරාධකරුවන් හඳුනාගැනීම සහ වෙනත් කාර්යයන් සඳහා ද මෙම පරීක්ෂණය යොදාගනු ලැබේ.

    ඊට අමතරව පුද්ගලයෙකුගේ දෙමාපියන් හඳුනාගැනීම මෙන්ම විවිධ ආසාදන හඳුනාගැනීමටද මෙම පරීක්ෂණය යොදා ගැනේ.

    සම්පූර්ණ ලිිපිය 2020 නොවැම්බර් 03 වැනි දින බී.බී.සී. සන්දේශය වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි – ප්‍රධාන සංස්කාරක

  • 2019 උපෙළ පැරණි – නව විෂය නිර්දේශ ඇති කළ අවුල ලිහාගන්න පියවර

    2019 උපෙළ පැරණි – නව විෂය නිර්දේශ ඇති කළ අවුල ලිහාගන්න පියවර

    වසර 05කට වරක් සිදුවන විෂය නිර්දේශ වෙනස් වීම හේතු කොට ගෙන උසස් පෙළ පැරණි නිර්දේශය සහ නව නිර්දේශය ලෙස කණ්ඩායම් දෙකක් විශ්ව විද්‍යාලවලට තෝරා ගැනීමේදී සිදුවී ඇති ගැටලුව සම්බන්ධයෙන් විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් වාර්තාවක් කැදවා ඇති බව අධ්‍යාපන අමාත්‍ය ජී.ඇල් පීරිස් මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

    ජනතා විමුක්ති පෙරමුණෙහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්දී  මේ පිළිබදව කරුණු විමසූ අවස්ථාවේදී අමැතිවරයා මේ බව පැවසීය.

    වසර 05කට වරක් විෂය නිර්දේශ වෙනස්වීම හේතුකොට ගෙන මෙවර උසස් පෙළ විභාගයට පළමුවර ලිවීමේ කණ්ඩායම සහ දෙවන වර ලිවීමේ  කණ්ඩායම ලෙස තෝරා ගැනීම සිදුවන බවත් මෙහිදී 2019 වසරේදී පළමු වරට උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට බලවත් අසාධාරණයකට මුහුණදීමට සිදුව ඇති බව අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය.

    ‘දැන් මේ පිළිබදව අධිකරණයෙත් නඩුවක් විභාග වෙමින් තිබෙනවා. එහිදී කරුණු කිහිපයක් මතුවී තියෙනවා. උදාහරණයක් ලෙස කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් දෙවැනි වර ලියන  ළමයි 98ක් හා පළමුවර ලියන  ළමයි 34 ක් වෛද්‍ය විද්‍යාලය සදහා තෝරා ගැනෙනවා. මෙහිදී පළමුවරට උසස් පෙළ විභාගයට පෙනී සිට ඉහළ  සාමාර්ථ ලබාගත් ළමුන් තමන් වෛද්‍ය විද්‍යාලය සදහා තේරෙයි කියන විශ්වාසයෙන් දෙවන වරට උසස් පෙළ විභාගයට අයදුම් කරෙත් නැහැ. වෙනත් පාඨමාලාවන් ඉල්ලුම් කරෙත් නැහැ’’ යැයි දිසානායක මහතා පැවසීය.

    උදාහණයක් ලෙස මෙවර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පළමු වර කණ්ඩායමෙන් ජීව විද්‍යා අංශයෙන් 37 වැනි තැනට තේරුනු දරුවා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට ඉහළින්ම ‍තේරීපත් වුවත් වෛද්‍ය විද්‍යාලයට ප්‍රවේශ විය හැකි යයි සිතා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට ‍නොයා ඉන්නවා. දෙවැනි වර විභාගයට අයදුම් කරෙත් නෑ. නමුත් පළමුවර ලියන  ළමයි 34 දෙනෙක් පමණයි වෛද්‍ය විද්‍යාලය සදහා තෝරා ගැනෙන්නේ. ඇතැම් ළමුන් ඉහළ සාමාර්ථ ලබා ගත් නිසා වෛද්‍ය විද්‍යාලය පමණයි අයදුම් කර තිබෙන්නේ. මේ නිසා එම ළමුන් කිසිදු පාඨමාලාවකට සහභාගීවීමට නොහැකිව  දැඩි මානසික පීඩනයට ලක්ව සිටිනවා. මෙහිදී පළමුවර ලිවීමේ කණ්ඩායමට විශාල අසාධාරණයක් සිදු වී ඇති බව පැහැදිළියි. මේ නිසා මේ සදහා මැදිහත්වීමක් අවශ්‍යයි’’යැයි ද ඒ මහතා සදහන් කළේය.

    මෙහිදී අදහස් දැක්වු අධ්‍යාපන අමාත්‍ය වරයා පැවසුවේ මේ සම්බන්ධව 2012 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දුවක් සහ නිර්දේශ පවතින බවත් මේ අනුව මෙම ගැටලුව සම්බන්ධව කඩිනමින් විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් වාර්තාවක් කැදවන බවයි.

  • මෙරට කොවිඩ් රෝගීන්ගෙන් 60%ක් ගැන සෞඛ්‍ය ඇමති පවිත්‍රාගෙන් හෙළිදරව්වක්

    මෙරට කොවිඩ් රෝගීන්ගෙන් 60%ක් ගැන සෞඛ්‍ය ඇමති පවිත්‍රාගෙන් හෙළිදරව්වක්

    මෙරට කොවිඩ් රෝගින්ගෙන් සියයකට 60කට පමණ රෝග ලක්ෂණ පෙන්නුම් නොකිරීම ගැටලු සහගත බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (03) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

    මෙහිදී කොවිඩ් වසංගතයේ වත්මන් තත්ත්වය ගැන අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරිය වැඩි දුරටත් මෙසේද පැවසුවාය.

    කොවිඩ්   19 වසංගතයට අදාළව පීසීආර් පරීක්ෂණ සිදු කිරීම සඳහා පර්යේෂණාගාර 25 ක් මේ වන විට ස්ථාපිත කර තිබේ. දිනකට පීසීආර් පරීක්ෂණ 8000 කට අධික ප්‍රමාණයක් දැන් සිදු කරන බවද ඇය පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.

    නිරෝධායන පනතට සංශෝධන එක් කිරීමට ප්‍රමාද වූයේ ඒ පිළිබද පුළුල් අධ්‍යයනයක් කිරීමට සිදු වූ හේතුවෙන් බවද ඇය පෙන්වා දුන්නාය. සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරන තැනැත්තන් අත්අඩංගුවට ගැනීමේ බලය නව සංශෝධන මගින් පොලිස් නිලධාරින්ට හිමි වේ. මෙම රෝගය පාලනය සඳහා ජනතා සහාය උපරිමයෙන් අපේක්ෂා කරන බවද ඇය පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළාය.

    විදෙස් ගතව සිටි ශ්‍රී ලාංකිකයන් 50000 ක් පමණ දිවයිනට රැගෙන ඒමට රජය කටයුතු කර තිබේ. රටේ පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් එම කටයුතු ඉදිරියටත් සිදු කරන බවද අමාත්‍යවරිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

    ලෝක බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 128 ලැබී තිබෙන අතර, එම ණය මුදල 2023 වසර වනතෙක් වියදම් කළ යුතු අතර, ඉන් අමෙරිකානු ඩොලර් මිලියන 35 ක් මේ වන විට සෞඛ්‍ය පහසුකම් ලබාදීම වෙනුවෙන් වියදම් කර ඇති බවත්, තවත් අමෙරිකානු ඩොලර් මිලියන 22 ක් වියදම් කිරීමට සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

    නිරෝධායන පනත මුළු ලංකාවටම පොදු වන්නක් වන අතර, මෑතකදි නිකුත් කළ ගැසට් පත්‍රයේ සඳහන් පොදු ස්ථාන යන්නෙන් අර්ථ දැක්වෙන්නේ එළිමහන් පොදු ස්ථාන බවද ඇය පැහැදිලි කළාය.

    ශ්‍රී ලංකාව තුළ කොරෝනා මරණ සංඛ්‍යාව සැලකියයුතු මට්ටමකින් පාලනය වී තිබෙන බවත්, තත්ත්වය පාලනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ  සියලු දෙනා භේද වලින් තොරව ක්‍රියා කිරීමේ අවශ්‍යතාවයද අමාත්‍යවරිය පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නාය.

    මෙරට කොවිඩ් රෝගින්ගෙන් සියයකට 60 කට පමණ රෝග ලක්ෂණ පෙන්නුම් නොකිරීම ගැටලු සහගත බවද ඇය පැවසුවාය. ගම්පහ දිස්ත්‍රීක්කයේ තත්ත්වය පාලනය කර තිබේ. රට තුළ පවතින මෙම තත්ත්වය පාලනය කිරීමට කඩිනමින් හැකි වනු ඇතැයි තමා විශ්වාස කරන බව ද ඇය පෙන්වා දුන්නාය.

  • SLMC පිළිගත් වෛද්‍යවරයෙක් වීමේ අවම සුදුසුකම් මෙන්න !

    SLMC පිළිගත් වෛද්‍යවරයෙක් වීමේ අවම සුදුසුකම් මෙන්න !

    වෛද්‍ය ආඥාපනත යටතේ නියෝග 02 ක් පාර්ලිමේන්තුවේදී අද (03) සම්මත විය. ඉන් එක් නියෝගයක් වූයේ මෙරට වෛද්‍ය සභාවේ ලියාපදිංචි වූ වෛද්‍යවරයෙක් බවට පත් වීමට නම් අවම වශයෙන් උසස් පෙළ ජීව විද්‍යා විෂය ධාරාවෙන් සම්මාන සාමාර්ථ 02 ක් සහ සාමාන්‍ය සාමාර්ථ 01 ක් මූලික සුදුසුකම් වශයෙන් පැවතිය යුතු බවට වූ නියෝගය පාර්ලිමේන්තුවේදී සම්මත විය.

    ඊට ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා තම විරෝධය පළ කළ අතර, ඔහු යෝජනා කර සිටියේ වසරින් වසර එම සුදුසුකම සංශෝධනයට ලක්වන ලෙස නියෝගය ආඥාපනතට එක් කළ යුතු බවයි. එබැවින් නියෝග 02 සම්මත නොකර උපදේශක කාරක සභාවේදී ඒ පිළිබදව වැඩිදුර සාකච්ජා කර සංශෝධනය කළ යුතු බවට ඔහු යෝජනා කළේය.

    එහෙත් එයට ආණ්ඩු පක්ෂය එකග නොවූ අතර පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී එකග වූ පරිදි එම නියෝග සම්මත කළ යුතු බවට සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදි පෙන්වා දුන්නේය.

    ඉන්පසු දිසානායක මහතාගේ  විරුද්ධත්වය සටහන් කර ගැනීමෙන් අනතුරුව අදාළ නියෝග 02 පාර්ලිමේන්තුවේ දී සම්මත විය.

    අද විවාදයේ පිළිතුරු කථාව කළ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවේ මෙම නියෝග 02 සම්මත කිරීම කාලීන අවශ්‍යතාවයක් බවයි. ඉන් වෛද්‍ය අධ්‍යාපනය ප්‍රමිති සහගත වන බවද ඇය පෙන්වා දුන්නාය.

    විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා යොමු කළ ගැටළුවකට පිළිතුරු ලබාදුන් අමාත්‍යවරිය පෙන්වා දුන්නේ, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පත් කිරීම ක්‍රමවත්ව සිදු වූ බවයි. ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව ද ඇය පෙන්වා දුන්නාය.

    වෛද්‍ය සභාව මගින් රැසියානු විශ්වවිද්‍යාල 03 කින් ලබාදෙන උපාධි තහනම් කිරීම පිළිබදව කිරිඇල්ල මහතා මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරිය පැවසුවේ ඒ සම්බන්ධව කඩිනමින් සොයා බලන බවයි. තාවකාලිකව එම තහනම ඉවත් කිරීමට කටයුතු කළ බවද ඇය පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.

  • ව්‍යවස්ථාදායක සභාවේ අගමැතිගේ නියෝජිතයා ලෙස අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පත් කරයි

    ව්‍යවස්ථාදායක සභාවේ අගමැතිගේ නියෝජිතයා ලෙස අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පත් කරයි

    ව්‍යවස්ථාදායක සභාවේ අග්‍රාමාත්‍යවරයා විසින් පත් කරනු ලබන නියෝජිතයා ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පත්කර තිබේ.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ යෝජනාවට ඊයේ (02)  කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ අනුමැතිය හිමිවී ඇත.

    ඒ අනුව ව්‍යවස්ථාදායක සභාවේ අග්‍රාමාත්‍යවරයා විසින් පත් කරනු ලබන නියෝජිතයා ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා කථානායකවරයා විසින් පත් කර තිබේ.

    20 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය වෙනස්වේ.

    ඒ අනුව ව්‍යවස්ථාදායක සභාව අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා, විපක්ෂ නායකවරයා ඇතුළුව අග්‍රාමාත්‍යවරයා විසින් පත් කරන නියෝජිතයෙකු, කථානායක විසින් පත්කරන නියෝජිතයෙකු හා විපක්ෂ නායකවරයා විසින් පත් කරන නියෝජිතයෙකුගෙන් සමන්විත වේ.

    2020 මහ මැතිවරණයෙන්, යාපනය දිස්ත්‍රික්කයෙන් තරගකොට පාර්ලිමේන්තුවට තේරී පත් වූ, ඩග්ලස් දේවානන්දා මහතා කැබිනට් අමාත්‍යවරයකු මෙන්ම ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (ඊ.පී.ඩී.පී) නායකයා ලෙස ද කටයුතු කරයි.

    පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ සාමාජිකත්වය දරන, අමාත්‍ය ඩගලස් දේවානන්දා මහතා ධීවර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාපතිවරයා මෙන්ම කිලිනොච්චිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතීත්වය ද දරනු ලබයි.

  • ට්‍රම්ප් සහ බිඩෙන්: ‘ජීවිත කතාවේ සුපිරි අවස්ථා’

    ට්‍රම්ප් සහ බිඩෙන්: ‘ජීවිත කතාවේ සුපිරි අවස්ථා’

    ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණය මේ වන විට පැවැත්වෙමින් තිබේ. සටන පවතින්නේ වත්මන් ජනාධිපති, රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් (74) සහ ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බිඩන් (77) අතරය. අභියෝගකරුවන් දෙදෙනාටම දශක හතකට වැඩි පෞද්ගලික හා වෘත්තීය අත්දැකීම් තිබේ. එය ගෝලීය දේශපාලනය තුළ බොහෝ විට දක්නට නොලැබෙන සුවිශේෂ තත්ත්වයකි

    මේ අතර බී.බී.සී සේවය සුවිශේෂ මාධ්‍ය මෙහෙවරක් ඉටු කළේය. ඒ මේ වියපත් අභියෝගකරුවන් දෙදෙනාගේ ජීවිතයේ සුවිශේෂ අවස්ථාවල දුර්ලභ ඡායාරූප එකතුවක් පළ කිරීමය. එම දුර්ලභ සහ සුවිශේෂ ඡායාරූප එකතුව පහත පළ වේ.

    මුල් කාලය

    ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුදා පාසල් නිල ඇඳුමකින් සැරසී සිටියේය
    18 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප් සිය හමුදා පාසල් නිල ඇඳුමින් සැරසී සිටින අතර එය 1964 නිව් යෝර්ක් හමුදා ඇකඩමියේ වාර්ෂික සංග්‍රහයේ New York Military Academy’s 1964 yearbook දැක්වේ

    1946 ජුනි මාසයේදී දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු උපත ලැබූ ඩොනල්ඩ් ජෝන් ට්‍රම්ප් නිව්යෝර්ක්හි දේපල වෙළඳාම් ව්‍යාපාරයක අධිපති ෆ්‍රෙඩ් ට්‍රම්ප් සහ මේරි ඈන් මැක්ලියෝඩ් ට්‍රම්ප්ගේ  (Fred Trump and Mary Anne MacLeod Trump) සිව්වන දරුවා විය. පවුලේ ධනය තිබියදීත්, ඔහු තම පියාගේ සමාගම තුළ වඩාත්ම පහළ රැකියාවන් කරනු ඇතැයි අපේක්ෂා කළ අතර, ඔහු පාසලේදී වැරදි ලෙස හැසිරීමට පටන් ගැනීමෙන් පසු වයස අවුරුදු 13 දී හමුදා ඇකඩමියකට යවනු ලැබීය.

    ඔහු පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ අතර ඔහුගේ වැඩිමහල් සොහොයුරා වූ ෆ්‍රෙඩ් ගුවන් නියමුවෙකු වීමට තීරණය කිරීමෙන් පසුව ට්‍රම්ප් තම පියාගේ පවුලේ ව්‍යාපාර කටයුතුවල නිරත වීමට කැමති විය.

    ජෝ බිඩෙන් 1967 දී, වයස අවුරුදු 25 යි
    ‍1967 දී වයස අවුරුදු 25 ක් වූ ජෝ බිඩෙන්

    ජෝශප් රොබිනෙට් බිඩෙන් Joseph Robinette Biden Jr)1942 දී පෙන්සිල්වේනියාවේ ස්ක‍්‍රැන්ටන් හි උපත ලැබීය. නීතිඥයෙකු වීමට සිහින දකිමින් සිටි තරුණ ජෝගේ ලොකුම අභියෝගය වූයේ නීතිඥ වෘත්තිය අතිෂය වැදගත් ‘කථන හැකියාව ඇතිකර ගැනීමයි. නැතහොත් කථන බාධකයක්ව පැවති කඩුල්ල ජය ගැනීමයි. කැඩපතක් ඉදිරිපිට කථා කිරීමේ ඔහුගේ තාක්‍ෂණය හේතුවෙන් මාස කිහිපයකට පසු ඔහු ජයගත්තේය.

    බිඩෙන් ඩෙලවෙයාර් විශ්ව විද්‍යාලයට සහ පසුව සිරකූස් විශ්ව විද්‍යාලයේ නීති විද්‍යාලයට ඇතුළත් විය. පසුව ඔහු සිය පළමු බිරිඳ නීලියා සමඟ විවාහ වී විල්මින්ටන්හි සිය දේශපාලන ජීවිතය ආරම්භ කළේය.

    1970 දශකය

    ඩොනල්ඩ් ට්‍රම්ප් 1976 දී පෙනී සිටියි
    1976 දී ඩොනල්ඩ් ට්‍රම්ප්

    ෆ්‍රෙඩ් ට්‍රම්ප්ගේ සමාගමට බැඳීමට පෙර තම පියාගෙන් ඩොලර් මිලියනයක ණයක් ලබාගෙන දේපළ ව්‍යාපාරයට අවතීර්ණ වූ බව ට්‍රම්ප් පවසයි. එහිදී ඔහු නිව්යෝර්ක් නගරයේ නේවාසික නිවාස, වතු විශාල ප්‍රමාණයක් කළමනාකරණය කිරීමට උදව් කළ අතර අවසානයේ සමාගම පාලනය කළේය. 1971 දී ඔහු එය ට්‍රම්ප් සංවිධානය – Trump Organization.ලෙස නම් කළේය.

    වසර හයකට පසු ඩොනල්ඩ් ට්‍රම්ප් චෙක් ජාතික ක්‍රීඩක ක්‍රීඩිකාවක් හා නිරූපිකාවක් වන ඔහුගේ පළමු බිරිඳ ඉවානා සෙල්නිකෝවා සමඟ විවාහ විය. ඔහුගේ පළමු විවාහයේ සිටම ඔහුගේ දරුවන් වන ඩොනල්ඩ් ජේ.ආර්, ඉවාන්කා සහ එරික් – ට්‍රම්ප් සංවිධානය පවත්වාගෙන යාමට උදව් කරයි.

    සෙනෙට් සභික ජෝශප් බිඩෙන් රෝහල් කාමරයක දිවුරුම් දෙයි
    සෙනෙට් සභික ධුරයට පත්වූ ජෝ බිඩෙන් ඔහුගේ මාමණ්ඩිය වන රොබට් හන්ටර් දෙස බලා රෝහලේ දිවුරුම් දෙන අතර ඔහුගේ පුතා රෝහලේ ඇදමත ප්‍රතිකාර ලබමින් සිටී.

    ජෝ බිඩෙන් එක්සත් ජනපද සෙනෙට් සභාවේ අසුන් ගැනීමට උනන්දුවෙන් බලා සිටියේය.  ඒ අතර 1972දී ‍ඛේදවාචකයක් සිදුවිය. ඒ බිරිඳ සහ ළදරු දියණිය නයෝමි රිය අනතුරකින් මියයාමයි. ඔහුගේ පුතුන් වන බියු සහ හන්ටර් බරපතල තුවාල ලැබූහ. බිඩෙන් මහතා ඩිමොක්‍රටික් පක්ෂයේ සෙනෙට් සභිකයෙකු ලෙස සිය කුඩා පුතුන්ගේ රෝහල් කාමරයේ සිට දිවුරුම් දුන්නේය.

    සම්බන්ධක කොටු බැනරය පහළ

    1980 දශකය

    ඩොනල්ඩ් ට්‍රම්ප් සිය හෙලිකොප්ටරයෙන් නිව්යෝක් අහස යටින් ඔහුට පහළින්
    ඩොනල්ඩ් ට්‍රම්ප් 1987 අගෝස්තු මාසයේදී සිය පුද්ගලික හෙලිකොප්ටරයෙන් නිව්යෝර්ක් නගරය හරහා ගමන් කරයි

    1970 දශකයේ අග භාගයේදී ට්‍රම්ප් සිය අභිලාෂයන් වේගවත් කරමින් බෘක්ලින් සහ ක්වීන්ස් වෙතින් තම දේපල අවධානය දිලිසෙන මෑන්හැටන් වෙත මාරු කළේය. සුන්බුන් සහිත හෝටලයක් කඩා එය ග්‍රෑන්ඩ් හයට්  Grand Hyatt බවට පරිවර්තනය කිරීමෙන් පසු ඔහු වඩාත් ජනප්‍රිය ට්‍රම්ප් දේපළක් වන මහල් 68 කින් යුත් ට්‍රම්ප් කුළුණ Trump Towe ඉදි කළේය. එය 1983 දී විවෘත විය.

    ට්‍රම්ප් පෙදෙස, ට්‍රම්ප් වර්ල්ඩ් ටවර්, ට්‍රම්ප් ඉන්ටර්නැෂනල් හෝටලය සහ කුළුණ යන ප්‍රසිද්ධ නම දරන අනෙකුත් දේපල සහ ඔහුගේ ප්‍රබල සන්නාමය මාධ්‍ය උනන්දුව දිනා ගැනීමට පටන් ගත්තේය.

    නමුත් ඔහු ස්පර්ශ කළ සෑම දෙයක්ම රන්වන් පැහැයට හැරුණේ නැත. ට්‍රම්ප්ගේ ව්‍යාපාර බංකොලොත්භාවය ගොනු කිරීමකට හේතු වී තිබේ.

    එක්සත් ජනපද සෙනෙට් සභික ජෝශප් බිඩෙන් ඔහු සමඟ ඔහුගේ බිරිඳ සමඟ මාධ්‍ය හමුවකදී කතා කරයි
    සෙනෙට් සභික බිඩෙන් සිය බිරිඳ ජිල් සමඟ මාධ්‍ය හමුවකදී ජනාධිපති තරඟයෙන් ඉවත් වන බව නිවේදනය කළේය

    වොෂිංටනයේ ගත කළ පළමු වසර 14 තුළ බිඩෙන් මහතා තම බිරිඳ සහ දියණියගේ මරණයෙන් පසු සිය පෞද්ගලික ජීවිතය නැවත ගොඩනඟා ගත්තේය. ඔහු තම පුතුන්ට සාමාන්‍ය ජීවිතයකට සමානත්වයක් ලබා දීමට කැප වූ අතර සෑම දිනකම ඩෙලවෙයාර් හි පිහිටි පවුලේ නිවසේ සිට වොෂිංටන් ඩී.සී. වෙත ගමන් කළේය. ඔහු අවසානයේදී පාසැල් ගුරුවරියක වන ජිල් ජේකොබ්ස් සමඟ නැවත විවාහ විය.

    බිඩෙන් මහතා සෙනෙට් අධිකරණ කමිටුවේ ස්ථාපිත වූ අතර ජාතික ප්‍රතිරූපයක් ගොඩනැගීමට පටන් ගත්තේය. 1987 දී ඔහු එක්සත් ජනපද ජනාධිපති ධුරයට සිය පළමු ගමන ආරම්භ කළ නමුත් එවකට බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ නායක නීල් කින්නොක්ගේ කතාවක් කොපි කිරීමේ චෝදනාව මත ඔහු තරගයෙන් ඉවත් විය.

    1990 දශකය

    ට්‍රම්ප් මිස් ඇමරිකා එක්සත් ජනපදය සහ මිස් යෞවන යෞවනියන් සමඟ
    ට්‍රම්ප් 1999 ජනවාරි මස  Miss USA and Miss Teen USA in New York වෙනුවෙන් මාධ්‍ය හමුවකට සහභාගී විය

    විනෝදාස්වාද ක්‍ෂේත්‍රයට (entertainment sector) පිවිසි ට්‍රම්ප් මහතා 1996 දී Miss Universe, Miss USA, and Miss Teen USA යන තරඟාවලි දියත් කරමින් තවත් ව්‍යාපාරික ක්ෂේත්‍රයක් ආක්‍රමණය කළේය.

    මේ අතර ඔහු පළමු බිරිද ඉවානාගෙන් වෙන්වීමෙන් පසු ඔහු 1993 දී නිළි මාර්ලා මේපල්ස් Marla Maples සමඟ විවාහ විය.

    1999 දී මාර්ලාගෙන් දික්කසාද වීමට ඔහු තීරණය කළ අතර ඒ වන විට ඔවුන්ට ‘ටිෆනි Tiffany – නම් දියණියක් සිටියේය. එම වසරේම ට්‍රම්ප්ගේ පියා මිය ගියේය.

    “මගේ පියා මගේ ආනුභාවයෙන් – My father was my inspiration ට්‍රම්ප් මහතා ඒ අවස්ථාවේ පැවසීය.

    සෙනෙට් සභිකයින් වන ජෝසප් බිඩෙන් සහ ටෙඩ් කෙනඩි ක්ලැරන්ස් තෝමස් තහවුරු කිරීමේ නඩු විභාගයට සහභාගී වෙති
    ලැරන්ස් තෝමස් තහවුරු කිරීමේ නඩු විභාගයේදී සෙනෙට් සභිකයන් වන ජෝ බිඩෙන් සහ ටෙඩ් කෙනඩි

    1991 ඔක්තෝබර් 11 වන දින ඔක්ලහෝමා විශ්ව විද්‍යාලයේ නීති මහාචාර්යවරියක් වන ඇනීටා හිල් (Anita Hill) සෙනෙට් අධිකරණ කමිටුව (Senate Judiciary Committee) ඉදිරියේ සාක්ෂි දුන් බැවින් එක්සත් ජනපද මහජනතාව ඔවුන්ගේ රූපවාහිනිය ඉදිරිපිට සිටගත්තේය. එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක වන ක්ලැරන්ස් තෝමස්ගේ නාමයෝජනා සම්බන්ධයෙන් කමිටුව විභාගයක් පැවැත්වීය. රේගන් පරිපාලනය වෙනුවෙන් ඔවුන් දෙදෙනාම සේවය කර ඇති අවස්ථා වලදී ඔහු ඇයට ලිංගික හිරිහැර (sexually harassed) කළ බව මිස් හිල් චෝදනා කළේය.

    කමිටුවේ සභාපතිවරයා ලෙස ජෝ බිඩෙන් විසින් නඩු විභාගය මෙහෙයවන ලදී. මිස් හිල්ගේ සාක්ෂි ඔහු විසින් හැසිරවීම බොහෝ කලක සිට විවේචනයට ලක්විය.

    නඩු විභාගය පැවැත්වූයේ සුදු ජාතික පිරිමි මණ්ඩලයක් විසිනි. පෙනෙන විදිහට මිස් හිල් වෙනුවෙන් සාක්ෂි දීමට කැමති කාන්තාවන් කිහිප දෙනෙකු සාක්ෂි දීමට බිඩෙන් මහතා කැඳවූයේ නැත.

    2019 අප්‍රියෙල් මාසයේදී රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් බිඩෙන් මහතා පැවසුවේ “ඒ ගැන කණගාටු වන” බවයි.එ

    2000 දශකය

    ඩොනල්ඩ් සහ මෙලනියා ට්‍රම්ප්
    1998 දී ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලනියා ට්‍රම්ප්, එවකට මෙලනියා නෞස්

    2003 දී ට්‍රම්ප් මහතා නව රියැලිටි ටීවී වැඩසටහනක් මෙහෙයවූ අතර ඔහු ව්‍යාපාරිකයෙකු මෙන්ම මාධ්‍යකරුවෙකු ලෙස සිය පෞරුෂත්වය ප්‍රකට කළේය. 

    ඔහු මෙම ප්‍රසංගය වාර 14 ක් සඳහා සත්කාරකත්වය දුන් අතර, මූල්‍ය අනාවරණය කිරීමේ ස්වරූපයෙන් කියා සිටියේ, ප්‍රදර්ශනය අතරතුරදී ජාලය විසින් ඔහුට ඩොලර් මිලියන 213 ක මුදලක් ගෙවා ඇති බවයි.

    මේ අතර, 2005 දී ඔහු යුගෝස්ලාවියානු ජාතික නිරූපිකාවක් වන ඔහුගේ වර්තමාන බිරිඳ මෙලනියා නෞස් සමඟ විවාහ විය. මෙම යුවළට එක් පුතෙකු සිටී. ඒ බැරන් විලියම් ට්‍රම්ප්.

    බරක් ඔබාමා ජෝ බිඩන්ට වේදිකාවට සවන් දෙයි
    ඉලිනොයිස් හි ස්ප්‍රිංෆීල්ඩ් හි පැවති උත්සවයකදී බැරක් ඔබාමා සිය උප ජනාධිපති අපේක්ෂකයා ලෙස හඳුන්වා දීමෙන් පසු ජෝ බිඩෙන් වේදිකාවට කතා කරයි.

    2008 අගෝස්තු 23 වන දින ජනාධිපති අපේක්ෂක බැරක් ඔබාමා ජෝ බිඩෙන්ව ඔහුගේ උප ජනාධිපතිවරයා ලෙස හඳුන්වා දුන්නේය. එය ජයග්‍රහණයේ පදනම විය. ඔබාමා – බිඩෙන් ධුරකාල දෙක පුරාම අඛණ්ඩව හා ශක්තිමත්ව කටයුතු කළේය. බිඩෙන් නිතරම ඔබාමා ඔහුගේ “සහෝදරයා” ලෙස හැඳින්වීය.

    2010 දශකය

    සමාරම්භක පෙළපාළිය නරඹන්නේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ජනාධිපති ආර්යා මෙලනියා ට්‍රම්ප් සහ බැරන් ට්‍රම්ප් ය
    ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2017 දී වොෂිංටන් හි සමාරම්භක දිනයේදී ජනාධිපති ආර්යා මෙලනියා සමඟ සිය පුත් බැරන් මාධ්‍ය පෙන්වා දෙයි

    ට්‍රම්ප් මහතා ධවල මන්දිරය සඳහා තරඟයට පිවිසෙන බව නිල වශයෙන් නිවේදනය කළේ 2015 ජුනි මාසයේදී නොවේ. ඔහු ජනාධිපති ධුරය සඳහා සැලසුම් කළ ප්‍රචාරක ව්‍යාපාරය මතභේදයට තුඩු දී ඇත.

    2005 සිට ඔහු කාන්තාවන් පිළිබඳව අසභ්‍ය ප්‍රකාශ කිරීම පිළිබඳ පටිගත කිරීමක් සහ ඔහු ධුරයට නුසුදුසු බවට ඔහුගේම පක්ෂයේ සාමාජිකයන් ඇතුළු ප්‍රකාශයන් එවකට මාධ්‍ය හමුවට ඉදිරිපත් විය.

    එහෙත් ඔහු දිගින් දිගටම තම ආධාරකරුවන්ට කියා සිටියේ තමන් ජනමත විමසුම් ප්‍රතික්ෂේප කරන බවයි. තම ජනාධිපති ධුරය දේශපාලන සංස්ථාපිතයට පහර දෙන බවත් වොෂිංටනයේ “මඩ වගුර” ඉවත් කරන බවත් ඔහු පැවසීය.

    බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් කර ගැනීමේ සාර්ථක ව්‍යාපාරයෙන් ඔහු ආශ්වාදයක් ලබා ගත්තේ “Brexit times 10” ඉවත් කරන බව පවසමිනි. සියලු අනාවැකි පාහේ තිබියදීත්, ට්‍රම්ප් මහතා 2016 මැතිවරණයෙන් ජයග්‍රහණය කළේය. ඔහු 45 වන එක්සත් ජනපද ජනාධිපතිවරයා ලෙස 2017 ජනවාරි 20 වන දින රාජකාරී ආරම්භ කරන ලදී.

    ජනාධිපති බැරැක් ඔබාමා සහ උප ජනාධිපති ජෝ බිඩෙන් එකට සිනාසෙති
    2010 දී ධවල මන්දිරයේ වාර්ෂික ශාන්ත පැට්‍රික් දින පිළිගැනීමේ උත්සවයේදී අයර්ලන්තයේ අගමැති බ්‍රයන් කොවන් කතා කරන විට බැරක් ඔබාමා සහ ජෝ බිඩෙන් ප්‍රතිචාර දක්වයි.

    සිය ජනාධිපති ධුරයේ අවසන් දිනවල පැවති උත්සවයකදී ඔබාමා විසින් බිඩෙන් වෙත ජනාධිපති පදක්කම (Presidential Medal of Freedom) පිරිනැමීය. එය රටේ ඉහළම සිවිල් ගෞරවයයි.

    “ජෝ බිඩෙන් දැන ගැනීම යනු මවාපෑමකින් තොරව ආදරය දැන ගැනීම, ආත්ම ගෞරවයෙන් තොර සේවාවන් දැන ගැනීම සහ ජීවිතය සම්පූර්ණයෙන් ගත කිරීම” යැයි එවකට ජනාධිපතිවරයා පැවසීය.

    2015 දී වයස අවුරුදු 46 දී ඔහුගේ පුත් බියු මොළයේ පිළිකාවක් හේතුවෙන් මිය ගිය අතර එයින් බිඩෙන් දැඩිව කම්පනයට පත් විය. මේ අතර 2016 දී ඔහු ඩෙලවෙයාර් ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා ලෙස පත්විය.

    2020

    ඩොනල්ඩ් ට්‍රම්ප් 2020 ඔක්තෝබර් 5 වන දින වෝල්ටර් රීඩ් ජාතික හමුදා වෛද්‍ය මධ්‍යස්ථානයේ සිට ධවල මන්දිරයට පැමිණි පසු ඔහුගේ වෙස් මුහුණ ඉවත් කරයි
    ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔක්තෝබර් 5 වන දින වෝල්ටර් රීඩ් ජාතික හමුදා වෛද්‍ය මධ්‍යස්ථානයේ සිට ධවල මන්දිරයට පැමිණීමෙන් පසු මුහුණු ආවරණය ඉවත් කරයි.

    ට්‍රම්ප්ගේ නැවත බලයට පත්වීමේ මෙහෙයුම කොරොන වයිරස් වසංගතයේ පසුබිමට එරෙහිව සිදු කර ඇති අතර, එහිදී ඇමරිකානුවන් 230,000 ක් මියගොස් ඇති අතර ජනාධිපතිවරයාම ආසාදනය වී ඇති බව දැක තිබේ. ජනාධිපති ආර්යා මෙලනියා ට්‍රම්ප් සහ ඔවුන්ගේ පුත් බැරන් ද ධවල මන්දිරයේ කාර්ය මණ්ඩලය ගණනාවක් සමඟ වෛරසය වැළඳී ඇත.

    නොවැම්බර් 3 වන දින මැතිවරණයට පෙර දිනවලදී, ට්‍රම්ප් විසින් ප්‍රාන්තවලින් ඉල්ලා සිටියේ අගුලු දැමීමෙන් වළකින ලෙසයි.

    ජෝ බිඩෙන් මාධ්‍යයට කතා කරයි
    ජෝ බිඩෙන් ඔක්තෝම්බර් 10 වන දින ඩෙලවෙයාර් වෙත ආපසු යාමට පෙර පෙන්සිල්වේනියාවේ ඊරි ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී මාධ්‍ය වෙත කතා කරයි

    කොරෝන වෛරසය පිළිබඳ ජනාධිපති ප්‍රතිවාදීන් දෙදෙනාගේ බෙදීම් ගැඹුරු වී ඇති අතර, නරක අතට හැරෙන කොරෝනා වයිරස් අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කටයුතු කිරීම එහි වින්දිතයින්ට “අපහාසයක්” බව බිඩෙන් මහතා ප්‍රකාශ කර තිබේ.

    “මම දිනුවද, මෙම වසංගතය අවසන් කිරීම සඳහා විශාල වෙහෙසක් දැරීමට සිදුවනු ඇත,” ඔහු පැවසීය. “මම මෙය පොරොන්දු වෙමි – අපි පළමු දිනයේ සිට නිවැරදි දේ කරන්නෙමු.”

    ඇමරිකානුවන් මිලියන 90 කට වඩා වැඩි සංඛ්‍යාවක් කලින් ඡන්දය ප්‍රකාශ කර ඇති අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් තැපැල් මගින් ඡන්දය ප්‍රකාශ කර ඇත.

    2020 නොවැම්බර් 03 වැනි දින බී.බී.සී වාර්තාවකි. සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • US election 2020 polls: අවසන් ජනමත සමීක්ෂණ ප්‍රතිඵල මෙන්න !

    US election 2020 polls: අවසන් ජනමත සමීක්ෂණ ප්‍රතිඵල මෙන්න !

    ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ තවත් වසර හතරක් රැඳී සිටිනවාද යන්න ඇමරිකාවේ ඡන්දදායකයින් නොවැම්බර් 3 දා (හෙට) තීරණය කරනු ඇත.

    රිපබ්ලිකන් ජනාධිපතිවරයාට අභියෝග කරනු ලබන්නේ ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂක ජෝ බිඩෙන් ය. ඔහු බරක් ඔබාමාගේ උප සභාපති ලෙස වඩාත් ප්‍රචලිත නමුත් 1970 දශකයේ සිට එක්සත් ජනපද දේශපාලනයේ යෙදී සිටී.

    මැතිවරණ දිනය ළඟා වෙත්ම, ජනමත සමීක්ෂණ ආයතන තමන් කැමති කුමන අපේක්ෂකයාදැයි ඡන්ද දායකයින්ගෙන් විමසීමෙන් ජාතියේ මනෝභාවය මැන බැලීමට උත්සාහ කරනු ඇත.

    අපි මෙහි එම ඡන්ද විමසීම් පිළිබඳව අවධානයෙන් සිටිමින් ඔවුන්ට කළ හැකි දේ සකස් කර ගැනීමට උත්සාහ කරන අතර මැතිවරණය ජයග්‍රහණය කරන්නේ කවුරුන්ද යන්න අපට කිව නොහැක.

    බිඩෙන් ප්‍රමුඛ ජාතික ජනාධිපතිවරණය

    සමස්තයක් ලෙස රට පුරා අපේක්ෂකයෙකු කෙතරම් ජනප්‍රියද යන්න පිළිබඳව ජාතික ඡන්ද විමසීම් හොඳ මඟ පෙන්වීමකි, නමුත් ඒවා අනිවාර්යයෙන්ම මැතිවරණයේ ප්‍රතිඵල අනාවැකි කීමට හොඳ ක්‍රමයක් නොවේ.

    නිදසුනක් වශයෙන්, 2016 දී හිලරි ක්ලින්ටන් මැතිවරණයට නායකත්වය දුන් අතර ඩොනල්ඩ් ට්‍රම්ප්ට වඩා මිලියන තුනකට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් දිනා ගත්තාය. නමුත් ඇය පරාජයට පත් වූවාය. එයට හේතුව එක්සත් ජනපදය  මැතිවරණ විද්‍යාල ක්‍රමයක් භාවිතා කරන නිසා වැඩිම ඡන්ද ප්‍රමාණයක් දිනා ගැනීම සැමවිටම ජයග්‍රහණයට පදනම් නොවීමයි.

    එම අවවාදය පසෙක තබා, ජෝ බිඩෙන් වසර ආරම්භයේ සිට බොහෝ ජාතික ඡන්ද විමසීම් වලදී ඩොනල්ඩ් ට්‍රම්ප්ට වඩා ඉදිරියෙන් සිටී. ඔහු මෑත මාසවලදී 50% ක් පමණ ඉහළ ගොස් ඇති අතර අවස්ථා 10 කදී පෙරමුණ ගෙන සිටී.

    මෙම මැතිවරණය තීරණය කරන්නේ කුමන ප්‍රාන්තද?

    හිලරි ක්ලින්ටන් මහත්මිය 2016 දී සොයාගත් පරිදි, ඔබ දිනා ගන්නා ඡන්ද සංඛ්‍යාව ඔබ දිනා ගන්නා ස්ථානයට වඩා අඩු වැදගත්කමක් දරයි.

    බොහෝ රාජ්‍යයන් සෑම විටම පාහේ එකම ආකාරයකින් ඡන්දය ප්‍රකාශ කරයි, එයින් අදහස් කරන්නේ යථාර්ථයේ දී අපේක්ෂකයින් දෙදෙනාම ජයග්‍රහණය කිරීමේ අවස්ථාවක් ඇති රාජ්‍යයන් අතළොස්සක් පමණක් ඇති බවයි. මැතිවරණය ජයගෙන පරාජයට පත්වන ස්ථාන මේවා වන අතර ඒවා යුද බිමේ රාජ්‍යයන් (battleground states)ලෙස හැඳින්වේ.

    2020 මැතිවරණයෙන් යුධ පිටියේ රාජ්‍යයන් සිටින ස්ථානය පෙන්වන සිතියම.  ටෙක්සාස්හි වැඩිම ඡන්දදායකයින් සංඛ්‍යාවක් (38) සිටින අතර නිව් හැම්ප්ෂයර් හි අඩුම ඡන්ද සංඛ්‍යාව (4)

    එක්සත් ජනපදය සිය ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා භාවිතා කරන මැතිවරණ විද්‍යාල ක්‍රමය තුළ, සෑම ප්‍රාන්තයකටම කොන්ග්‍රසය සහ සෙනෙට් සභාවට සාමාජිකයින් කොපමණ සංඛ්‍යාවක් යවනවාද යන්න මත පදනම්ව ඡන්ද ගණනාවක් ලබා දෙනු ලැබේ. මැතිවරණ විද්‍යාලයේ ඡන්ද 538 ක් ලබා ගැනීමට අපේක්ෂිත බැවින් අපේක්ෂකයෙකු ජයග්‍රහණය සඳහා 270 ක් ලබා ගත යුතුය.

    ඉහත සිතියමෙහි දැක්වෙන පරිදි, සමහර යුධ පිටියේ ප්‍රාන්තවලට අනෙක් අයට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ඇත. එබැවින් අපේක්ෂකයින් බොහෝ විට ඔවුන් තුළ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා වැඩි කාලයක් ගත කරයි.

    යුධ පිටියේ ප්‍රාන්තවල නායකත්වය දෙන්නේ කවුද?

    මේ මොහොතේ, යුධ පිටියේ ප්‍රාන්තවල ඡන්ද විමසීම් ජෝ බිඩෙන්ට වාසිදායක වී ඇති නමුත් ඒවායින් කිහිපයක ආන්තිකයන් තදින් පවතී.

    බිඩෙන් මහතාට මිචිගන්, පෙන්සිල්වේනියා සහ විස්කොන්සින් යන නගරවල ප්‍රබල ජයග්‍රහණයක් ඇති බව පෙනේ.

    එහෙත් ට්‍රම්ප් මහතා 2016 දී විශාල ජයග්‍රහණයක් ලබා ගත් සටන් බිමේ රාජ්‍යයන් ගැන නම් මෙවර ඔහුගේ කණ්ඩායම වඩාත් කනස්සල්ලට පත්වනු ඇත. අයෝවා, ඔහියෝ සහ ටෙක්සාස්හි ඔහුගේ ජයග්‍රාහී ආන්තිකය එවකට 8-10% අතර වියෙ. නමුත් එය මේ තුනේම වඩා සමීපව පෙනේ. සමහර දේශපාලන විශ්ලේෂකයින් ඔහුගේ නැවත තේරී පත්වීමේ අවස්ථාව තත්වය තරම් අඩු යැයි තක්සේරු කිරීමට එය එක් හේතුවකි.

    ජනාධිපතිවරයාට තවමත් ඉහළට පැමිණිය හැකි බව ආර්ථික විද්‍යාඥයින් සිතන අතර බිඩෙන් මහතා ට්‍රම්ප් මහතා පරාජය කිරීමට බොහෝ දුරට ඉඩ තිබෙන බව ඔවුන්ගේ අදහසයි.

    ජනාධිපති විවාද ජය ගත්තේ කවුද?

    පළමු ජනාධිපති විවාදය අතරතුර ජෝ බිඩෙන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් පෙන්වන සංයුක්ත රූපයක් - 2020 සැප්තැම්බර් 29

    ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජෝ බිඩෙන් සජීවී රූපවාහිනී විවාදයේදී.

    ජනපති ට්‍රම්ප් සහ ජෝ බිඩෙන් අතර පැවැති පළමු රූපවාහිනී විවාද නැරඹූ අයගෙන් 48% ක් කියා සිටියේ බිඩෙන් මහතා ජයග්‍රාහකයා වන බවයි. මේ අතර 41% ක් ට්‍රම්ප් මහතා වෙනුවෙන් සිය ප්‍රසාදය පළ කළහ. එය ට්‍රම්ප් මහතා මේ දක්වා දක්වා ඇති ජාතික ඡන්ද සාමාන්‍යයට සමාන අගයක් වීම විශේෂත්වයකි. මේ සමග බහුතරය වන, 70% කට ආසන්න පිරිසක් කියා සිටියේ විවාදය තමන් තුළ “කෝපයක්” ඇති කළ බවයි.

    අපේක්ෂකයින් දෙදෙනා අතර දෙවැනි විවාදය ඔක්තෝබර් 22 පැවති අතර එහි දී ජනාධිපති ට්‍රම්ප් එහිදී වඩා සංයමයකින් යුක්ත වූ අතර අපේක්ෂකයින් දෙදෙනාගේ ප්‍රතිපත්ති කෙරෙහි වැඩි අවධානයක් යොමු විය. එය ට්‍රම්ප් මහතාට තරමක් උපකාරී වන බවක් පෙනෙන්නට තිබුණද, ක්ෂණික ඡන්ද විමසීම් මගින් නරඹන්නන් යෝජනා කළේ බිඩෙන් මහතාගේ ක්‍රියාකාරිත්වය වඩාත් ආකර්ෂණීය බවයි.

    ජනපති ට්‍රම්ප් වඩා හොඳ කාර්ය සාධනයක් ඉදිරිපත් කළද, තරඟයේ සමබරතාවය තනිවම වෙනස් කිරීමට එය ප්‍රමාණවත් නොවනු ඇත.

    කෝවිඩ් -19 ට්‍රම්ප්ගේ ජනප්‍රියභාවයට බලපා තිබේද?

    ඔක්තෝබර් 2 වනදා පාන්දර ජනාධිපති ට්‍රම්ප් තමා කොවිඩ් -19 පරීක්ෂණයේදී ධනාත්මක වූ බව ප්‍රකාශ කළ අතර ඒ සමග ජනාධිපති ආර්යාව කිරීටක වයිරස සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර තිබේ.

    වසංගතය වසර ආරම්භයේ සිට එක්සත් ජනපදයේ ජනමාධ්‍ය සිරස්තලවල ආධිපත්‍යය දැරූ අතර, සැප්තැම්බර් මාසයේ දී දීර්ඝ කාලයක් සේවය කළ විනිසුරු රූත් බේඩර් ගින්ස්බර්ග්ගේ අභාවයෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අවධානය යොමු විය.

    එබැවින් ට්‍රම්ප්ගේ ධනාත්මක කොරෝනා වයිරස් පරීක්ෂණයෙන් එක්සත් ජනපදයේ 230,000කට අධික පිරිසකගේ ජීවිත බිලිගත් වසංගතයට ඔහුගේ ප්‍රතිචාරය යළිත් අවධානයට ලක්විය.

    ඉප්සෝස් විසින් කරන ලද ඡන්ද විමසීම් වලට අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කොරොන වයිරස් වසංගතය හැසිරවීම ඇමරිකානුවන්ගෙන් බහුතරයක් අනුමත නොකරන බව පෙන්වන වගුව

    ඒ.බී.සී ප්‍රවෘත්ති සේවය කළ ජනමත සමීක්ෂණයක දත්ත වලට අනුව, ඇමරිකානුවන්ගෙන් 35%ක් පමණක් ජනාධිපතිවරයා කොවිඩ් අර්බුදය හසුරුවා ඇති ආකාරය අනුමත කරයි. එම අගය රිපබ්ලිකානුවන් අතර ඉහළ ගියද එය 76% දක්වා පමණි.

    ඔහුගේ සෞඛ්‍ය තත්වය අනුව, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 72% ක් කියා සිටියේ ට්‍රම්ප් මහතා “වෛරසය වැළඳීමේ අවදානම බැරෑරුම් ලෙස නොසලකන” බවයි. එම සංඛ්‍යාවම කියා සිටියේ “ඔහුගේ පෞද්ගලික සෞඛ්‍යය සම්බන්ධයෙන් සුදුසු පූර්වෝපායන්” ගැනීමට අපොහොසත් වූ බවයි.

    ඒ හා සමාන යාහු නිවුස් කළ මත විමසුමකට ප්‍රතිචාර දැක්වූවන්ගෙන් අඩක් පමණ විශ්වාස කළේ ඔහු වැඩි සමාජ දුරස්ථභාවයක් පවත්වා මුහුණු ආවරණයක් පැළඳ සිටියේ නම් රෝගය වැළඳීමෙන් වැළකී සිටිය හැකි බවයි.

    අපට ඡන්දය විශ්වාස කළ හැකිද?

    මීළඟ එක්සත් ජනපද ජනාධිපති වන්නේ කවුරුන්ද යන්න ජනමත සමීක්ෂණ මගින් පුරෝකථනය කළ හැකිද?

    2016 දී එය වැරදියි කියා පවසමින් ජනමත සමීක්ෂණ ප්‍රතිඵල ප්‍රතික්ෂේප කිරීම පහසු වන අතර ජනාධිපති ට්‍රම්ප් නිතරම එය හරියටම කරයි. නමුත් එය සම්පූර්ණයෙන්ම සත්‍ය නොවේ.

    බොහෝ ජාතික ඡන්ද විමසීම් වලදී හිලරි ක්ලින්ටන්ට ප්‍රතිශත කිහිපයකින් ඉදිරියෙන් සිටියද එය ඉහළ ප්‍රතිශතයකින් නොවේ. ඇමෙරිකානු ජනපතිවරණයේදී අතිෂය තීරණාත්මක යුද පිටියේ ප්‍රාන්තවල හිලරි ක්ලින්ටන්ට වාසිදායක තත්ත්වයක් තිබුණේ නැත. මෙවර බොහෝ සමීක්ෂණ ප්‍රතිඵල මගින් 2016 වරද නිවැරදි කර ඇත.

    නමුත් මේ වසරේ සාමාන්‍යයට වඩා අවිනිශ්චිතතාවයක් ඇති වී ඇත්තේ කොරෝනා වයිරස් වසංගතය සහ එය ආර්ථිකයට බලපාන ආකාරය කල්තියා පුරෝකථනය කළ නොහැකි නිසාය. එනිසා හෙට (03) ඇමෙරිකානු ඡන්දදායකයින් ඡන්දය ප්‍රකාශ කරන්නේ කෙසේද කියා කිසියම් කුතුහලයකින් යුතුව නිරීක්ෂණය කළ යුතුය.

    2020 නොවැම්බර් 02 දින බී.බී.සී. වාර්තාවකි. සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ