Blog

  • දරුවෙකු දරුකමට හදා ගැනීම: ‘කුලවැද්දුම් නීතිය’ දැන ගනිමු !

    දරුවෙකු දරුකමට හදා ගැනීම: ‘කුලවැද්දුම් නීතිය’ දැන ගනිමු !

    ලංකාවේ ජනතාව තුළ ‘නීතිය’ ගැන තිබෙන්නේ ඉතාම අල්ප දැනුමක්. මේ නිසා ඔවුන් එදිනෙදා ජීවිතයේදී වගේම යම් යම් විශේෂ අවස්ථාවලදී ද මුහුණ පාන දුෂ්කරතාවල නිමක් නැහැ. මෙය වෙනස් කළ හැකි වන්නේ ‘ජනතාව තුළ නීතිය පිළිබඳ සාක්ෂරතාව’ වර්ධනය කිරීමෙන් පමණයි.

    එහෙත් එවැනි පියවරක් වෙත යාමට ‘අදාළ අංශ’ උනන්දුවක් දක්වන බවක් පෙනෙන්ට නැහැ. මේ තත්ත්වය තුළ එදිනෙදා ඔබ මුහුණ දෙන නෛතික ගැටලූ සම්බන්ධ නීතිමය පසුබිම වටහා දීම සඳහා විශේෂ ලිපි පෙළක් සම්පාදනය කිරීමට අප තීරණය කළා. මේ එහි පළමු ලිපිය.

    මෙය උපුටා ගත්තේ පසුගිය 16 වැනිදා බී.බී.සී. සන්දේශය වෙබ් අඩවියේ පළ වූ ‘මංජුල ලසන්ත උක්වත්තගේ CSC නේෂන් ලංකා ආයතනය පුණ්‍ය කටයුත්තක් ද? .බේබි ෆාම්. එකක් ද ? යන ලිපියෙන්.

    ‘ස්වභාවික දෙමාපියන් හැර වෙනත් විවාහක හෝ අවිවාහක පුද්ගලයන් දරුවෙකු දරු කමට හදා වඩා ගැනීම ‘දරුවන් කුලවද්දා ගැනීම’ යන්නෙන් අදහස් වන අතර, ඊට අදාළ නීතිය 1941 අංක 24 දරණ දරුකමට හදාගැනීමේ ආඥා පනතේ සඳහන් වන බව නීතීඥ මදුෂි කොස්වත්ත අදහස් දක්වමින් පැවසුවාය.

    Baby farm Sri Lanka
    ඡායාරූප ශීර්ෂ වැකිය,නීතීඥ මදුෂි කොස්වත්ත

    “මේ සම්බන්ධයෙන් දරුවා වගේම ඒ දරුවා හදා ගන්න අය සපුරාලිය යුතු අවශ්‍යතා කීපයක් පනතේ සඳහන් වෙනවා. ප්‍රායෝගිකව සිදු විය යුත්තේ, අධිකරණය හරහා පෙත්සමක් ගොනු කරළා ඉල්ලුම්කාර පාර්ශවය විදිහට දරු කමට හදා ගන්න ඉල්ලන යුවල හෝ තනි පුද්ගලයා සඳහන් කරන්න ඕනේ. එහි වගඋත්තරකරුවන් විදිහට දරුවාගේ නම සඳහන් කළ යුතුයි. ඊට අමතරව දරුවාගේ ස්වභාවික මව සහ පියාගේ කැමැත්ත අනිවාර්යයෙන් තිබිය යුතුයි,” ඇය සඳහන් කළාය.

    “ඊට අමතරව රෙජිස්ටර් ජෙනරල් දෙපාර්තමේන්තුව සහ දරුවට අදාළ පරිවාස නිලධාරීන්ව වගඋත්තරකරුවන් ලෙස නම් කරළා, ඒ අයගෙන් කැමැත්ත විමසලා, දරුවාගේ උපරිම යහපත කියන සංකල්පය මත අධිකරණය තීරණයක් ලබා දෙනවා,” යැයි නීතීඥවරිය පැවසුවාය.

    1941 අංක 24 දරණ දරුකමට හදාගැනීමේ ආඥා පනත ප්‍රකාරව දරුවෙක් දරුකමට හදා ගැනීමේදී සපුරාලිය යුතු අවශ්‍යතා:

    1. දරුකමට හදා ගැනීමට බලාපොරොත්තු වන දරුවා වයස අවුරුදු 14 ට අඩු විය යුතුය.
    2. වයස අවුරුදු දහයට වැඩි දරුවෙක් දරුකමට හදා ගැනීමට ගැනීමේදී, අධිකරණය දරුවාගේ කැමැත්ත විමසනු ඇත.
    3. දරුකමට හදා ගැනීමට ඉල්ලුම් කරන පාර්ශවය, එනම් යුවල හෝ තනි ‍පුද්ගලයා අවුරුදු 25 සම්පුර්ණ කර තිබිය යුතුය.
    4. දරුකමට හදා ගැනීමට ගන්නා පාර්ශවය සහ දරුවා අතර වයස පරතරය අවුරුදු 21 ට වැඩි විය යුතුය. නමුත් අදාළ දරුවා ඉල්ලුම්කරුගෙන් කෙලින්ම පැවත එන්නෙක් වන විට හෝ ඉල්ලුම්කරුගේ පුර්ණ හෝ අර්ධ සහෝදරයෙක් හෝ සහෝදරියක් වන විට හෝ ඔවුන්ගෙන් පැවත එන්නෙක් වන විට හෝ ඉල්ලුම්කාර පාර්ශවයේ සැමියාගේ හෝ බිරිඳගේ වෙනත් විවාහයක දරුවකු වන විට ඔවුන් අතර තිබිය යුතු අවුරුදු 21 වයස් පරතරය අත්‍යවශ්‍ය නොවේ.
    5. ගැහැණු දරුවෙකු දරුකමට හදා ගැනීමේදී ඉල්ලුම් කරන පාර්ශවය තනි පිරිමි පුද්ගලයෙකු නම්, ඔහුට ඒ සඳහා අධිකරණයෙන් අවසර නොලැබේ.vකෙසේනමුත්, විශේෂ ඥාති සම්බන්ධතා මත අවසර ලබා දීමට අධිකරණයට අභිමතයක් තිබේ.
    6. යුවලක් විසින් ඉල්ලුම් කරන විටෙක, දරුවා හදා ගැනීමට දෙදෙනාගේම කැමැත්ත අවශ්‍ය වේ. නමුත්, ඔවුන් දික්කසාද වී සිටී නම් හෝ එක් පාර්ශවයක් සොයාගත නොහැකි නම් හෝ කලත්‍රයා මානසික ආබාධයකින් පසුවෙයි නම්, දෙදෙනාගේම කැමැත්ත අවශ්‍ය නොවේ.
    7. දරුවෙක් හදාගැනීමට ගැනීමක දී, ඔහුගේ/ ඇයගේ ස්වාභාවික දෙමවුපියන්ගේ කැමැත්ත ලබාගැනීම අනිවාර්ය වේ. දරුවාගේ දෙමව්පියන් විවාහක නම් දෙමාපිය දෙදෙනාගේම කැමැත්තද, අවිවාහජ දරුවෙකු නම් (පියෙකු නොමැති නම්) මවගේ කැමැත්ත ද අවශ්‍ය වන අතර, භාරකරුවෙක් යටතේ දරුවා සිටින විටෙකදී, එම භාරකරුගේ කැමැත්ත ද අවශ්‍ය වේ.
    8. නමුත් මෙසේ කැමැත්ත ලබාගත යුතු පුද්ගලයා දරුවාව අත හැර ගොස් සිටී නම් හෝ දරුවා නඩත්තු කිරීම පැහැර හැර ඇත්නම් හෝ සිහි විකල් වූවෙක් නම්, ඔහුගේ/ ඇයගේ කැමැත්ත විමසීමක් අවශ්‍ය නොවන අතර දිසා අධිකරණයට දරුවා පිළිබඳ තීරණයක් ගත හැකි වේ. දිසා අධිකරණය දරුවන්ගේ ඉහළම භාරකරු වශයෙන් සැළකීම මීට හේතු වේ.
    9. දරුවෙකු හදා ගැනීමට ගැනීම සම්බන්ධයෙන් දරුවාගේ ස්වභාවික දෙමව්පියන් හෝ භාරකරු වෙත මුදලක් හෝ ත්‍යාගයක් ගනුදෙනුවක ආකාරයෙන් ලබා දීම දීම හෝ දීමට පොරොන්දු විය නොහැක.
    10. දරුවා හදාගැනීමට ගැනීමෙන් පසුව දරුවාට නමක් යෝජනා කිරිමට කුලවද්දා ගත් දෙමාපියන්ට හැකි අතර, කුලවද්දා ගත් පියාගේ පෙළපත් නාමය දරුවාට ලබා දිය හැකිය.
    Baby farm Sri Lanka

    දරුවාගේ උපරිම යහපත පිළිබඳ සංකල්පය යනු කුමක්ද?

    දරුකමට හදා ගැනීමේ ආඥා පනතේ 4 වන වගන්තිය, දරුවාගේ උපරිම යහපත පිළිබඳ සංකල්පය සම්බන්ධයෙන් විස්තර කර ඇත.

    දරුවන්ගේ ඉහළම භාරකරු වශයෙන් හඳුන්වන්නේ දිසා අධිකරණය වන අතර, දරුවා කුලවද්දා ගැනීමට අදාළ නියෝගය ප්‍රකාශ කිරීමට පෙර දරුවා හදාගැනීමට දීමෙන් ඔහු හෝ ඇයගේ උපරිම යහපත සැලසී ඇත්ද යන්න පිළිබඳ සොයා බැලිය යුතුය.

    මෙහිදී මූලික වශයෙන් සලකා බලන කරුණු නම්:

    1. දරුවාගේ කායික සහ මානසික යහපත
    2. දරුවාගේ සෞඛ්‍යමය යහපත
    3. දරුවාගේ මුල්‍යමය තත්වයට අදාළ කරුණු
    4. දරුවාගේ සදාචාරාත්මක පැවැත්මට අදාළ කරුණු

    “තනි පුද්ගලයෙකුට දරුවෙක් හදා ගන්න පුළුවන් කියලා පනතේ තිබුණට, අධිකරණයෙන් ඒකට අවසර දෙන්නෙම නැති තරම්. කොහොම වුණත්, දරුවන් කුලවද්දා ගැනීම සම්බන්ධයෙන් ලංකාවේ පවතින්නේ යල් පැනගිය නීතියක්. 1940 ගණන්වලට අදාළ මේ නීතිය අනිවාර්යයෙන් සංශෝධනය විය යුතුයි,” නීතිඥ මදුෂි කොස්වත්ත පැවසීය.

    “මේ නීතියේ සෑහෙන හිඩැස් තියෙනවා. ඒ හිඩැස්වල තමයි CSC නේෂන් ලංකා වගේ ආයතන එල්ලිලා ඉන්නේ. මේ යල් පැනගිය නීති නිසා ඇත්තටම දරුවෙකුගේ අවශ්‍යතාව තියෙන යුවලකට දරුවෙකු හදාගන්න එක අමාරු වෙන අවස්ථා අපි අත්දැක තියෙනවා.”

    Baby farm Sri Lanka

    ළමා නිවාසවල සිටින දරුවන් කුලවද්දා ගැනීම සිදුවන්නේ කෙසේද?

    ළමා නිවාසවල සිටින දරුවන් සම්බන්ධයෙන් වගකීම ඇත්තේ අදාළ පළාතේ ළමා හා පරිවාස කොමසාරිස්වරයාටය.

    1. ඒ අනුව, ළමා නිවාසයක සිටින දරුවෙකු හදා ගැනීමට ඉල්ලුම් කිරීමේ දී ප්‍රථමයෙන් අවසර ලබා ගත යුත්තේ පරිවාස හා ළමා කොමසාරිස්වරයාගෙනි. ඒ සඳහා අදාළ ළමා නිවාසය පිහිටි බල ප්‍රදේශයේ ළමා හා පරිවාස කොමසාරිස්වරයා වෙත ලිඛිත ඉල්ලීමක් සිදුකළ යුතුය.
    2. මෙහි දී ඉල්ලුම්කාර පාර්ශවය නිත්‍යානුකුලව විවාහ වී සිටීම අවශ්‍ය වන අතර, ඔවුන් අදාළ අධිකරණ බල ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවන් විය යුතුය.
    3. පිරිමි ඉල්ලුම්කරුවන්ගේ වයස අවුරුදු 25ත් 55ත් අතර විය යුතු අතර, කාන්තා ඉල්ලුම්කරුවන් වයස අවුරුදු 25 ත් 50 ත් අතර විය යුතුය.
    4. අදාළ පාර්ශවයට දරුවෙකු හදා ගැනීමට සරිලන ආර්ථික තත්වයක් පවතින බව ඔප්පු කළ යුතුය.
    5. ඔවුන් හොඳ කායික සහ මානසික යහ පැවැත්මෙන් යුක්ත බව පෙන්වා දිය යුතුය.
    6. ඔවුන්ට දරුඵල නොමැති බව වෛද්‍ය සහතිකයකින් පෙන්වා දී තිබිය යුතුය.
    7. දරුවාගේ සුභසාධනය වෙනුවෙන් දරුවාගේ නමින් බැංකු ගිණුමක් අරඹා පවත්වා ගෙන යාමේ කොන්දේසියට ද අදාළ පාර්ශවය එකඟ විය යුතුය.

    දරුවෙකු කුලවද්දා ගැනීමට ගැනීම සඳහා අධිකරණයෙන් තාවකාලික ආඥාවක් පමණක් නිකුත් කර තිබෙන අවස්ථාවක, දරුවා නැවත ළමා නිවාසයට භාරදීමේ හැකියාව ඇති නමුත්, අධිකරණය මඟින් ස්ථිර ආඥාවක් නිකුත් කළ පසුව එසේ කළ නොහැකිය.

    “නීතියේ තියෙන යම් දුර්වලතා නිසා, ළමා නිවාසයකින් දරුවෙක් හදා ගන්න ඉල්ලනකොට පරිවාස නිලධාරීන් හරි ඉක්මනට ඒ ක්‍රියාවලිය සම්පූර්ණ කරන තත්වයක් තියෙනවා. ඒ වගේ දේවල් CSC නේෂන් ලංකා වගේ ආයතනවලට වාසි සහගත වෙලා තියෙනවා.”

    “ශ්‍රී ලංකාවේ ගබ්සා කිරීම තහනම් වීම යන කාරණය මත, සමහරවිට ඔවුන් මේ සිදුකරන්නේ හොඳ දෙයක් වෙන්න පුළුවන්, නමුත් මංජුල කියන පුද්ගලයා මේ ලබා දෙන අනවශ්‍ය ප්‍රචාරය දැක්කාම ඕනෑම කෙනෙකුට සාධාරණ සැකයක් මතු වෙනවා,” නීතිඥවරිය තවදුරටත් පැවසුවාය.

    ශ්‍රී ලංකාවේ ගබ්සා නීතිය

    ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 303 වගන්තිය අනුව ගබ්සාවක් කළ හැක්කේ කළලයෙන් මවගේ ජිවිතයට හානියක් වන අවස්ථාවකදී පමණි.

    Baby farm Sri Lanka

    ගබ්සා කිරීම සම්බන්ධයෙන් පවතින දැඩි නීති හේතුවෙන්, ස්ත්‍රී දූෂණ, කළලයේ බරපතළ විකෘතිතා, පවුල් සැලසුම් ක්‍රම අසාර්ථකවීම, ව්‍යභිචාර වැනි අවස්ථාවලදී ඇතිවන ගැබ් ගැනීම් ඉවත් කිරීමට නොහැකි නිසා කාන්තාවන් විශාල ගැටළු රැසකට මුහුණ දෙන තත්වයක් දැකිය හැකිය.

    දියුණු රටවල මෙන් ශ්‍රී ලංකාව තුළ තනි මවකට දරුවෙකු හදා වඩා ගැනීමට රජයෙන් සහයක් නොලැබෙන අතර, සමාජයෙන් එල්ල වන පීඩනය අන් සියල්ලට වඩා අසීරුය.

    ගබ්සා නීතිය ලිහිල් කරන ලෙස කාන්තා සංවිධාන, වෛද්‍යවරුන් ඇතුළු බොහෝ දෙනෙක් වසර ගණනාවක් තිස්සේ විවිධ ඉල්ලීම් කළ නමුත් ඒ සෑම අවස්ථාවකම ආගමික නායකයන්ගෙන් එල්ල වූ විරෝධය හේතුවෙන් කිසිදු රජයක් එම ඉල්ලීම් ක්‍රියාත්මක කළේ නැත.

    මේ අතර, ලොව පුරා රටවල් ගණනාවක ගබ්සාව සම්බන්ධයෙන් පවතින නීති ලිහිල් කර තිබේ.

    විදේශිකයෙකු ශ්‍රී ලංකාවේ දරුවෙකු කුලවද්දා ගැනීමට අදාළ නීති මොනවා ද?

    විදේශීය රටක පුරවැසිභාවය හිමි අයෙකුට වුව ද ශ්‍රී ලංකාවේ දරුවෙක් කුලවද්දා ගැනීම සඳහා ඉල්ලුම් කළ හැකිය. එහිදී පහත සඳහන් කරුණු අත්‍යවශ්‍ය වේ:

    1. අදාළ දරුවා රජයේ ලියාපදිංචි අනාථ නිවාසයක සිටින දරුවෙක් විය යුතුය.
    2. එම දරුවා තෝරා දීමේ කාර්යය පරිවාස හා ළමා කොමසාරිස් විසින් සිදු කළ යුතුය.
    3. විදේශීය ඉල්ලුම්කරු සම්බන්ධයෙන් ඔහුගේ රටේ වගකිවයුතු ආයතනයකින් ලබාගත් පොලිස් වාර්තාවක්, ඔහුගේ වටපිටාව සම්බන්ධ වාර්තාවක් සහ එරට සිටින ශ්‍රී ලංකා තානාපතිවරයාගෙන් ලබාගත් වාර්තාක් ද ඉදිරිපත් කළ යුතුය.
    4. විදේශිකයෙක් ශ්‍රී ලංකාවේ දරුවෙක් කුලවද්දා ගැනීමෙන් පසු එම දරුවාට වයස අවුරුදු 10 වන තෙක්ම සෑම සය මසකට වරක් දරුවා පිළිබඳ ප්‍රගති වාර්තා අදාළ ඡායාරූප ද සමඟ පරිවාස හා ළමා කොමසාරිස් වෙත එවිය යුතුය.
  • 20 එන දවසේ පාන්දර වසර1 1/2ක් අත්අඩංගුවේ සිටි මාකඳුරේ මදුෂ් මරුට! සැඟවුණු ආයුධ නොවෙයි සැඟවුණු කුඩු පෙන්වන්න ගිහින්ලු!

    20 එන දවසේ පාන්දර වසර1 1/2ක් අත්අඩංගුවේ සිටි මාකඳුරේ මදුෂ් මරුට! සැඟවුණු ආයුධ නොවෙයි සැඟවුණු කුඩු පෙන්වන්න ගිහින්ලු!

    මාලිගාවත්ත නිවාස සංකීරණයේ සඟවා තිබූ මත්ද්‍රව්‍ය කිලෝ 22ක් සොයා කළ සෝදිසි මෙහෙයුමක් අතර සිදුවූ වෙඩි හුවමාරුවකදී මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙකු වන මාකඳුරේ මධුෂ් වෙඩිවැදි මරණයට පත්ව තිබේ.

    ඔහු එම ස්ථානයට රැගෙන ගොස් ඇත්තේ, කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසිනි.

    අද (20) අළුයම එම වැටලීම සිදුකර තිබේ.

    එහිදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් පොලිස් නිලධාරීන්ට වෙඩි තබා ඇත.

    ඉන් අනතුරුව ඇති වූ වෙඩි හුවමාරුවෙන් මාකඳුරේ මධූෂ්ට සහ CCD නිලධාරියෙකුට වෙඩිවැදී තිබේ. ඉන් මාකඳුරේ මධූෂ් මරණයට පත්වී තිබේ.

    වසර 1 1/2කට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිටි මාකඳුරේ මධුෂ් පසුගිය සිකුරාදා (ඔක්තෝබර් 16) වැඩිදුර පරික්ෂණ සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දුනි.

    ඉන් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මාකඳුරේ මධුෂ් ලබාදුන් තොරතුරකට අනුව කොටිකාවත්ත ප්‍රදේශයෙන් සඟවා තිබූ හෙරොයින් කිලෝ 10ක් සොයා ගැණුනි.

    වසර ගණනාවක් ඩුබායිහි රැඳී සිටි මාකඳුරේ මධුෂ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බුද්ධි මෙහෙයුමකින් අනතුරුව 2019 මැයි මාසයේ දී මෙරටට රැගෙන එන ලදි.

    උපුටා ගැනීම: අද දෙරණ

    සංස්කාරක සටහන:

    අද (20) පාර්ලිමේන්තුවට 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කිරීමට නියමිත අතර හෙට(21) සහ අනිද්දා (22) එය විවාදයට ගැනීමට සැලසුම් කොට තිබේ.

    මීට පෙර (2015 යහපාලන ආණ්ඩුව පැමිණීමට පෙර ) බොහෝ අවස්ථාවලදී මෙවැනි දරුණු අපරාධ කරුවන් සැඟවුණු ආයුධ පෙන්වීම ගෙන ගිය අවස්ථාවලදී පොලිසිය සහ ඔවුන් අතර ද්වන්ධ සටන් ඇතිවී එම අපරාධ කරුවන්ගේ ජීවිත අහිමි වූ අවස්ථා බොහෝමයක් වාර්තාවිය. කෙසේ වෙතත් මෙවර වාර්තාවන්නේ සැඟවුණු ආයුධ වෙනුවට සැඟවුණු කුඩු පෙන්වීමට ගිය බවයි. පාතාලයට සම්බන්ධ බොහෝ අපරාධකරුවන්ධ මේ වන විට අත් අඩංගුවට පත් වෙමින් සිටින්නේ කුඩු ජාවාරමේ නිරත ජාවාරම්කරුවන් ලෙසය.

    අපරාධකරුවන්, ජාවාරම්කරුවන් පිටුපස බොහෝ විට දේශපාලන හස්තයන් ක්‍රියාත්මක වන බව ප්‍රසිද්ධ රහසකි. එසේම ඇතැම් විට රටේ තීරණාත්මක දේශපාලන, ආර්ථික තීන්දු තීරණ ගන්නා සහ ක්‍රියාත්මක වන අවස්ථාවලදී එවැනි දේ පරයා වෙනත් මාතෘකා ඉස්මතු වීම සහ මාධ්‍ය ගණිකා වෘත්තියේ යොදවා ගනිමින් එවැනි දෑ ඉස්මතු කිරීම මෑත කාලයේ සුලභව සිදුවන බව වහලුන් නොවන බුද්ධිමත් ජනතාවට පසක් වෙමින් තිබේ.

  • LPL වලට ක්‍රීඩකයින් තේරීම අද සවස

    LPL වලට ක්‍රීඩකයින් තේරීම අද සවස

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන මෙරට ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය හෙවත් ‘ලංකා ප්‍රිමියර් ලීග්’ ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිත ක්‍රීඩකයින් තෝරා ගැනීම (Player draft) අද (19 වැනිදා) දිනයේ තවත් හෝරා කීපයකින් පැවැත්වෙනු ඇත. අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට නියමිත මෙම ක්‍රීඩක තෝරා ගැනීම ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 4.00 ට ආරම්භ වේ.  

    270 දෙනෙකුට ආසන්න විදෙස් ක්‍රීඩකයින්ට අමතරව දේශීය ක්‍රීඩකයින් 165 කු අද දිනයේ දිනයේ පැවැත්වෙන ක්‍රීඩක තෝරා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපත් කර සිටියි. එම ලැයිස්තුවට අමතරව බහුතරයක් නැගී එන සංචිතය නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින් ඇතුළත් 50 කට ආසන්න සංඛ්‍යාවක් අතිරේක ක්‍රීඩක ලැයිස්තුවකට නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

    මෙම ක්‍රීඩකයින් තෝරා ගැනීම ඒ ඒ කණ්ඩායම් අයිතිකරුවන්, පුහුණුකරුවන් හෝ කණ්ඩායම්හි හිමිකාරීත්වය විසින් නම් කරන ලද පිරිසක් විසින් සිදුකරන අතර, කුසපත් ඇදීමකින් අනතුරුව ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාව ඔවුනට හිමිවනු ඇත.

    එහිදී තම කණ්ඩායමට අයත් ක්‍රීඩකයකු තෝරා ගැනීම සඳහා එම කණ්ඩායම් හිමිකාරීත්වයන්ට මිනිත්තු 2 ක කාලයක් හිමි වන පරිදි මෙම ක්‍රීඩක තෝරා ගැනීම සකස් කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තරග වදිනු ලබන කණ්ඩායම් 5 සඳහා සංඛේතාත්මක (Icon Player) ක්‍රීඩකයින් 6 දෙනෙකු මේ වන විටත් නම් කර තිබෙන අතර ඔවුනට අමතරව තවත් ක්‍රීඩකයින් 2 දෙදෙනකු සංඛේතාත්මක ක්‍රීඩකයින් ලෙසින් කණ්ඩායමට එක් කර ගැනීමේ අවස්ථාව කණ්ඩායමට හිමිකාරීත්වයට උදාවනු ඇත.  ලසිත් මාලිංග, ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා, කුසල් පෙරේරා, දසුන් ශානක සහ නිරෝෂන් දික්වැල්ල නම් කර ඇති සංඛේතාත්මක ක්‍රීඩකයින් වේ.

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ලබන නොවැම්බර් මස 21 වැනිදා සිට දෙසැම්බර් 13 වැනිදා දක්වා වූ කාල සීමාවේදී පල්ලකැලේ සහ හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණවලදී පැවැත්වෙනු ඇත. කොළඹ, මහනුවර, දඹුල්ල, ගාල්ල සහ යාපනය යන නගර මුල් කරගනිමින් කණ්ඩායම් 5 ක් මෙම තරගාවලිය නියෝජනය කරනු ලබන අතර දින 15 ක කාලයක් පුරා විහිදෙන තරගාවලිය අවසන් මහ තරගයද ඇතුළුව සමස්ථ තරග 23 කින් සමන්විත වනු ඇත.

  • LPL ලාංඡනය එළි දක්වයි

    LPL ලාංඡනය එළි දක්වයි

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් (LPL) තරගාවලියේ නිල ලාංඡනය (Logo) නිල වශයෙන් මාධ්‍යයන් වෙත නිකුත් කිරීමට එම තරගාවලියේ තරග සංවිධාන කටයුතු මෙහෙයවනු ලබන ඉනෝවේටිව් ප්‍රඩක්ෂන් ගෘප් හෙවත් IPG ආයතනය අද (17 වැනිදා) පස්වරුවේ පියවර ගනු ලැබීය.

    ශ්‍රී ලංකාවේ ජාතික අනන්‍යතාවය ලොවට පෙන්වන ජාතික ධජයේ ප්‍රධාන සංකේතය ලෙසින් සටහන් වන සිංහ රුවකට සමාන සිංහ රුවක හිසක් භාවිතයෙන් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ නිල ලාංඡනය නිර්මාණය කර තිබෙන අතර ජාතික ධජයේ සටහන් වන ආකාරයෙන්ම ධෛර්යය, අධිෂ්ඨානය සහ නිර්භීතකම, එම නිල ලාංඡනයේ ප්‍රධාන තේමාව බවට පත්ව තිබේ. 

    මීට අමතරව සංස්කෘතීන් සහ උරුමයන් වල මුල් තැනක් ලබා දෙනු ලබන පොහොසත් ශ්‍රී ලාංකේය ජාතියෙහි නිදහස ගලා යෑම මෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පිටිය තුළ ක්‍රීඩා කරන විට ඔවුන් දක්වනු ලබන නිර්භීත ආකල්ප නිරූපනය වන ආකාරයෙන් මෙම නිල ලාංඡනය නිර්මාණය කර තිබේ.

    LPL නිල ලාංඡනයේ රතු සහ තැඹිලි වර්ණ තුළ භාවිතා කිරීම මගින් ඓතිහාසික මහනුවර යුගයේ සිතුවම් සහ සීගිරි බිතුසිතුවම් මිනිස් සිත තුළට කා වැද්දීම මෙන්ම නිල සහ කහ වර්ණ උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ වරුණ නිරූපණය කිරීම අපේක්ෂා කරයි. 

    තරගාවලිය නියෝජනය කරනු ලබන කණ්ඩායම් 5, සිංහ රුවේ කේශරය සඳහා යොදා තිබෙන වර්ණ වලින් පිළිබිඹු වේ. එම වර්ණ 5 ට අමතරව යොදා තිබෙන වර්ණ වලින් තරගාවලියේ හැඟීම උද්දීපනය කිරීම මෙන්ම තරගාවලියේ වේගය නිරූපණය කරනු ඇත. තවද සියළු දෙනාගේම ආදරය දිනා ගත් ක්‍රීඩාව බවට පත්ව තිබෙන ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි දක්වනු ලබන නොනවතින ආශාව සහ උනන්දුවද මෙම කේශර වර්ණ වලින් පිළිබිඹු වනු ඇත. මෙම වර්ණ සියල්ල භාවිතයේ ප්‍රධාන පරමාර්ථය බවට පත්ව ඇත්තේ ශ්‍රී ලාංකේය සන්නාමයක් ලෙසින් දේශීය මෙන්ම විදේශීය ක්‍රීඩා ලෝලීන්ට සමානව ආකර්ශනය වන ආකාරයෙන් පැවැත්වීම වේ.

    ලංකා ප්‍රිමියර් ලීග් හි නිල ලාංඡනය පිළිබඳව අදහස් දක්වා සිටින එම තරගාවලි අධ්‍යක්ෂක, ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා, “මෙම ලාංඡනය තුළ ශ්‍රී ලාංකේය ක්‍රිකට් නිමිත්තන් සහිත ජාතික වර්ණවල අපූරු සංයෝජනයක් දකින්න ලැබීම ගැන මම අතිශයින් සතුටට පත් වෙනවා. ඒ වගේම මෙම ලාංඡනය හරහා ක්‍රිකට් රසිකයින්ට තරගාවලිය සමඟ පහසුවෙන් සම්බන්ධ වීමේ අවස්ථාව උදාවනවා පමණක් නොව ඔවුන් ඔවුන්ගේ ජාතික කණ්ඩායම හා සමාන කැමැත්තකින් සහයෝගය දැක්වීමට ඉදිරිපත් වනු ඇති බව මට විශ්වාසයි” යැයි සඳහන් කර සිටියේය.

    මේ අතර අයි. පී. ජී. ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කරන අනිල් මොහාන් මහතා ද අදහස් දක්වමින්, “මෙම ලාංඡනය තුළින් ශ්‍රී ලාංකේය ජනතාව, සංස්කෘතිය මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවට තිබෙන සුවිශේෂී බව වැනි කාරණා නිරූපණය වෙනවා. ක්‍රිකට් ක්‍රීඩාව මේ රටේ සියළු දෙනාගේම හදවත් වල වැදගත් කොටසක් බවට පත්ව තිබෙනවා. ඒ නිසා සැබැවින්ම ජාතියේ අභිමානවත් බව මේ ලාංඡනයෙන් හොඳින්ම පිළිබිඹු වෙනවා”යි සඳහන් කර සිටියේය. 

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ලබන නොවැම්බර් මස 21 වැනිදා සිට දෙසැම්බර් 13 වැනිදා දක්වා වූ කාල සීමාවේදී පල්ලකැලේ සහ සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණවලදී පැවැත්වෙනු ඇත. තරගාවලියේ ක්‍රීඩක වර්ගීකරණය (Player Draft) ලබන ඔක්තෝම්බර් මස 19 වැනි සඳුදා දින අන්තර්ජාල තාක්ෂණය භාවිතා කරමින් පැවැත්වීමට නියමිතය. 

    කොළඹ, මහනුවර, දඹුල්ල, ගාල්ල සහ යාපනය යන නගර මුල් කරගනිමින් කණ්ඩායම් 5 ක් මෙම තරගාවලිය නියෝජනය කරනු ලබන අතර දින 15 ක කාලයක් පුරා විහිදෙන තරගාවලිය අවසන් මහ තරගයද ඇතුළුව සමස්ථ තරග 23 කින් සමන්විත වනු ඇත.

    ලබන 19 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙන ක්‍රීඩක වර්ගීකරණයේදී විදේශීය ක්‍රීඩකයින් 6 ක් සහ දේශීය ක්‍රීඩකයින් 10 ක් වශයෙන් 16 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් තෝරා ගැනීමේ අවස්ථාව කණ්ඩායම් හිමිකාරීත්වයට උදාවේ.

    Text by – sri lanka cricket

  • සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද සහන ණය සඳහා රුපියල් බිලියන 178ක්

    සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද සහන ණය සඳහා රුපියල් බිලියන 178ක්

    2020 ඔක්තෝබර් මස 15 වන විට, කොවිඩ්-19 වසංගතයෙන් පීඩාවට පත් වූ ව්‍යාපාර විසින් එවන ලද ණය අයදුම්පත් 61,907ක් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව අනුමැතිය ලබා දී ඇත.

    සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද සහන ණය පහසුකමෙහි අදියර තුන ම යටතේ ලියාපදිංචි කළ මෙම අයදුම්පත්වල වටිනාකම රුපියල් මිලියන 177,954 ක් විය. බලපත්‍රලාභී බැංකු විසින් දිවයින පුරා විසිරී සිටින පීඩාවට පත් වූ ප්‍රතිලාභීන් 45,582ක් වෙත රුපියල් මිලියන 133,192ක මුදල් ප්‍රමාණයක් මේ වන විට මුදා හැර ඇත (වැඩි විස්තර සඳහා වගු අංක 1 බලන්න).

    ණය යෝජනා ක්‍රමයේ පළමු අදියර 2020 අප්‍රේල් මස 01 වන දින සිට ක්‍රියාත්මක විය. දෙවන හා තුන්වන යන අදියර දෙකම 2020 ජුලි මස 01 වන දින සිට බලාත්මක වන පරිදි හඳුන්වා දෙන ලදී.  මෙම යෝජනා ක්‍රමවල අභිප්‍රාය වූයේ වාර්ෂිකව සියයට 4ක පොලී අනුපාතිකයක් යටතේ කාරක ප්‍රාග්ධන ණය ලෙස රුපියල් බිලියන 150ක් සැපයීමයි. ණය සඳහා මාස හයක සහන කාලයක් ද ඇතුළත්ව මාස 24ක ණය ආපසු ගෙවීමේ කාල සීමාවක් හිමි විය. කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ස්වයං රැකියා හා තනි පුද්ගල ව්‍යාපාර ද ඇතුළු සියලු ව්‍යාපාර මෙම යෝජනා ක්‍රමවල ප්‍රතිලාභීන්  විය.

    පීඩාවට පත් ව්‍යාපාර විසින් කරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගෙන මුලින් අපේක්ෂිත රුපියල් බිලියන 150ක සීමාව පිළිබඳ නොසලකා අයදුම්පත් භාරගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තීරණය කරන ලදී.  ඒ අනුව, නිවේදනය කරන ලද නියමිත කාලය තුළදී  පීඩාවට පත්වූ ව්‍යාපාර විසින් ඉදිරිපත් කරනු ලැබූ සියලුම අයදුම්පත් සඳහා මෙම ණය යෝජනා ක්‍රමය යටතේ සහන ලබා දෙන ලදී.

  • ඉදිරි ඇයවැයේ අධ්‍යාපන සංවර්ධනය සිදුවන අයුරු ඇමැති ජී.එල්. හෙළිකරයි

    ඉදිරි ඇයවැයේ අධ්‍යාපන සංවර්ධනය සිදුවන අයුරු ඇමැති ජී.එල්. හෙළිකරයි

    අධ්‍යාපන පද්ධතිය නඟාසිටුවීමේ දී  දිස්ත්‍රික් මට්ටමින් පවත්නා සංවර්ධන අවශ්‍යතා සහ දැනට පවතින අභියෝග හඳුනාගැනීම ඉතා ඵලදායී බවත්,  එළඹෙන නොවැම්බර් මාසයේ ඉදිරිපත් කෙරෙන 2021 අයවැය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉදිරිපත් කරන යෝජනාවල දී ඒ සම්බන්ධයෙන් ප්‍රමුඛ අවධානය යොමු කරන බවත් අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සඳහන් කළේය.

    අමාත්‍යවරයා මේ අදහස් පළකළේ, දිස්ත්‍රික් මට්ටමින් මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැනට පවත්නා තත්ත්වය සොයාබැලීමේ වැඩපිළිවෙළෙහි පොළොන්නරුව දිස්ත්‍රික් වැඩසටහනට එක්වෙමිනි.

    අධ්‍යාපන ක්ෂේත්‍රෙය් මතුව ඇති ගැටළු පිළිබඳ සොයාබැලීමේ දී ඇතැම් ගැටළු සඳහා ඉතා පහසුවෙන් කඩිනම් විසඳුම් ලබාදිය හැකි බවත්, ඇතැම් ගැටළු සඳහා මූල්‍ය ප්‍රතිපාදන සම්පාදනය කරගත යුතුව පවත්නා බවත්, ඇතැම් තත්ත්වයන් සම්බන්ධයෙන් විසඳුම් ලබාදීමට සැලකිය යුතු කාලයක් ගතවන බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා, පාසල් තුළ ගුරු හිඟය, ගුරු මාරු ක්‍රියාවලිය තුළ පවතින ගැටළු, භෞතික පහසුකම් ප්‍රමාණවත් නොවීම ඇතුළු බොහෝ ගැටළුවලට අදාළව ඉදිරි අයවැයේ දී යෝජනා ඉදිරිපත් කරන බව ද සඳහන් කළේය.

    සංවර්ධන ක්‍රියාවලිය තුළ අපට ඇති ප්‍රධාන සම්පත මානව සම්පත බවත්, මානව සම්පත නිවැරදිව සංවර්ධන ක්‍රියාවලියට දායක කරගැනීම වෙනුවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයට අතිමහත් කාර්යභාරයක් පැවරෙන බවත්, අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය වෙනුවෙන් සැලසුම්සහගත වැඩපිළිවෙළක් සකස්කිරීම වෙනුවෙන් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කර ඇති රාජ්‍ය අමාත්‍යාංශයන්හි ද මනා සම්බන්ධීකරණයක් සහිතව ඉදිරියේ දී කටයුතු යොදන බව ද අමාත්‍යවරයා පැවසීය.

    පොළොන්නරුව මනම්පිටියේ නව විශ්වවිද්‍යාලය ඉදිකිරිමට යෝජිත ස්ථානය ගල්ලෑල්ල ප්‍රදේශයේ යෝජිත නව ජාතික පාසල ඉදිකෙරෙන ස්ථානය සහ කීර්තිමත් ඉතිහාසයක් සතු මින්නේරිය ජාතික පාසලේ වත්මන් තත්ත්වය නිරීක්ෂණයට ද අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රමුඛ නිලධාරීන් පිරිස මෙහි දී එක්වූහ.

    මේ අවස්ථාවට, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා,  ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර, ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් රැසක් ද, පළාත් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ප්‍රමුඛ නිලධාරීන් රැසක් ද එක්ව සිටියහ.

  • පරිප්පුවල සුපිරි ගුණ ගැන විස්මිත හෙළිදරව්වක් !

    පරිප්පුවල සුපිරි ගුණ ගැන විස්මිත හෙළිදරව්වක් !

    ශාක පදනම් කරගත් ආහාර වේලක ඇති ප්‍රයෝජන පිළිබඳ වැඩි වැඩියෙන් දැනුවත් වීමත් සමඟ, කලින් නොසලකා හරින ලද විවිධ අමුද්‍රව්‍ය වඩාත් ප්‍රචලිත වී තිබේ. පරිප්පු යනු එවැනි එක් ආහාරයකි. අපගේ ප්‍රෝටීන් මාත්‍රාව ලබා ගැනීම සඳහා අපගේ පරිප්පු බඳුන අවසන් කරන ලෙස අපට නිතරම පවසා ඇත. එය උරාඩ් පරිප්පු (කළු පරිප්පු), මසූර් පරිප්පු (රතු පරිප්පු), ටෝර් පරිප්පු (කහ පරිප්පු) යනාදිය විය හැකිය. නමුත් ප්‍රෝටීන වලින් පොහොසත් වීමට අමතරව පරිප්පු වලට වෙනත් සෞඛ්‍යමය වාසි රැසක් ඇති බව ඔබ දැන සිටියාද?

    ප්‍රතිලාභ

    පරිප්පු අතර රතු පරිප්පු හෝ මසූර් පරිප්පු යනු භාවිතයේ පහසුව නිසා ඉන්දියාවේ බහුලව භාවිතා වන පරිප්පු වලින් එකකි. එය අධික පෝෂ්‍යදායී හා රසකාරක වන අතර එමඟින් එදිනෙදා සෞඛ්‍ය සම්පන්න ආහාර පිසීම සඳහා කදිම තේරීමක් වේ.

    මෙම අඩු කැලරි හා ඉහළ ප්‍රෝටීන් සහිත සුපිරි ආහාර පෝෂ්‍ය පදාර්ථ සහිත පිරිපහදු කළ පිටි සඳහා හොඳ විකල්පයකි. ස්වාභාවිකවම සමාගම් රතු පරිප්පු වලින් සාදන ලද පෝෂ්‍යදායී ග්ලූටන් රහිත පැස්ටා නිපදවා ඇත. එබැවින්, ඔබ පැස්ටා රසවත් බඳුනක් භුක්ති විඳින විට පවා, ඔබ සෞඛ්‍ය සාධකය සමඟ සම්මුතියක් ඇති නොකරයි.

    රතු පරිප්පු වල පෝෂණ කරුණු

    ශාක පදනම් කරගත් ප්‍රෝටීන වල විශිෂ්ට ප්‍රභවයකි.

    යටින්
    ශාක පදනම් කරගත් ප්‍රෝටීන වල විශිෂ්ට ප්‍රභවයකි. කලින් සඳහන් කළ පරිදි රතු පරිප්පු ප්‍රෝටීන වල හොඳ ප්‍රභවයකි. පිසූ රතු පරිප්පු වල එක් භාජනයක් (ග්‍රෑම් 50 ක් පමණ) ප්‍රෝටීන් ග්‍රෑම් 12ක් අඩංගු වන අතර එය මූලික වශයෙන් ඔබ නිර්දේශිත දෛනික ප්‍රෝටීන් ප්‍රමාණයෙන් සියයට 30 කට පරිවර්තනය කරයි. එබැවින් එය සත්ත්ව ආහාර වලින් තොර සහ නිර්මාංශිකයින් සඳහා ශාක පදනම් කරගත් ප්‍රෝටීන වල විශිෂ්ට ප්‍රභවයක් බවට පත් කරයි.

    තන්තු වල හොඳ ප්‍රභවය – රතු පරිප්පු යනු තන්තු වල විශිෂ්ට ප්‍රභවයකි. පිසින ලද රතු පරිප්පු කෝප්පයක තන්තු ග්‍රෑම් 15 ක් අඩංගු වන අතර එය ඔබ නිර්දේශිත දෛනික තන්තු ප්‍රමාණයෙන් සියයට 45 ක් පමණ වේ.

    අත්‍යවශ්‍ය ඛනිජවල ඉහළ – රතු පරිප්පු යකඩ හා මැග්නීසියම් හොඳ ප්‍රභවයකි.

    ප්‍රතිලාභ


    අඩු කැලරි – රතු පරිප්පුවල අඩංගු කැලරි ප‍්‍රමාණය ඔබට සැනසුමක් ගෙන දෙන තරම් වේ. පිසූ පරිප්පු වල එක් භාජනයක් අඩංගු වන්නේ කැලරි 168 ක් පමණි.

    විටමින් වලින් පොහොසත් – රතු පරිප්පු විටමින් හොඳ ප්‍රභවයක් ලෙස සේවය කරයි, විශේෂයෙන්, ෆෝලේට්, එය බී විටමින් වර්ගයකි.

    රතු පරිප්පු වල සෞඛ්‍ය ප්‍රතිලාභ

    පරිප්පු වල සෞඛ්‍ය ප්‍රතිලාභ හයක් මෙහි ලැයිස්තු ගත කර ඇති අතර ඒවා දැන්ම ඔබේ ආහාර වේලට ඇතුළත් කිරීමට පටන් ගනී.

    ප්‍රතිලාභ


    හෘද සෞඛ්‍යය නංවන්න – තන්තු, මැග්නීසියම් සහ ෆෝලේට් වලින් පොහොසත් වීම; රතු පරිප්පු නිරෝගී හදවතකට උපකාර කරයි. මැග්නීසියම් ශරීරය පුරා රුධිරය, ඔක්සිජන් සහ පෝෂ්‍ය පදාර්ථ වැඩි දියුණු කරයි. ධමනි බිත්ති වලට වන හානිය වළක්වා ගැනීමට ෆෝලේට් උපකාරී වන අතර එමඟින් හෘදයාබාධ ඇතිවීමේ අවදානම අඩු කරයි. රතු පරිප්පු වල ඇති තන්තු අන්තර්ගතය ශරීරයේ සෞඛ්‍ය සම්පන්න කොලෙස්ටරෝල් මට්ටම පවත්වා ගැනීමට උපකාරී වේ.

    ප්‍රතිලාභ

    බර කළමනාකරණයට උදව් කිරීම – රතු පරිප්පු කෙඳි හා ප්‍රෝටීන් වලින් පොහොසත් වීමට අමතරව අඩු කැලරි අගයක් ඇති බැවින් ඵලදායී බර කළමනාකරණයට උපකාරී වේ. මෙම පෝෂ්‍ය පදාර්ථ දෙක නිසා, අපට වඩා වේගවත් හා දීර්ඝ කාලයක් දැනෙන අතර, එම නිසා ආහාර වේල් අතර සෞඛ්‍ය සම්පන්න නොවන සුලු ආහාර අනුභව කිරීමේ ආශාව මග හැරේ. අධික ලෙස ආහාර ගැනීමෙන් වැළකී සිටීමටත්, අනවශ්‍ය බර පැටවීම වැළැක්වීමටත් එය අපට උපකාරී වේ.

    ප්‍රතිලාභ

    සෞඛ්‍ය සම්පන්න ගැබ්ගැනීම් සඳහා සහාය – ගර්භනී කාන්තාවන්ගේ ආහාරයට රතු පරිප්පු ඇතුළත් කිරීම ප්‍රයෝජනවත් වේ. මෙයට හේතුව රතු පරිප්පු හොඳ ෆෝලේට් ප්‍රභවයක් වන අතර එය කලලරූපී මොළයේ වර්ධනයට සහ සංජානන ආබාධ වැළැක්වීමට බෙහෙවින් අත්‍යවශ්‍ය වේ.
    ප්රතිශක්තිය ගොඩනැගීමට උදව් කරන්න

    ප්රතිශක්තිය ගොඩනැගීමට උපකාරී වේ

    ප්‍රතිශක්තිය ගොඩනැගීමට උදව් කරයි – රතු පරිප්පු වල අත්‍යවශ්‍ය විටමින්, ප්‍රතිඔක්සිකාරක සහ ඛනිජ ලවණ බහුල වීම ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ගොඩනැගීමට උපකාරී වේ. ප්‍රතිඔක්සිකාරක මගින් නිදහස් රැඩිකලුන් විනාශ කිරීමට සහ සෛල හා පටක වලට සිදුවන හානිය අවම කිරීමට උපකාරී වන අතර එමඟින් නිරෝගී සම ප්‍රවර්ධන කාරකයක් ලෙස සේවය කරයි.
    රුධිරයේ සීනි මට්ටම ස්ථාවර කිරීමට උදව් වන්න

    රුධිරයේ සීනි මට්ටම ස්ථාවර කිරීමට උපකාරී වේ

    රුධිරයේ සීනි මට්ටම ස්ථාවර කිරීමට – රතු පරිප්පු වල අඩු ග්ලයිසමික් ​​දර්ශකයක් ඇති අතර ආහාරමය තන්තු අඩංගු වේ. මෙම සාධක දෙකේ සංයෝජනය හදිසියේ රුධිරයේ සීනි වැඩිවීම වැළැක්වීම සහතික කරයි. මේ අනුව දියවැඩියාව ඇති පුද්ගලයින් සඳහා ස්ථාවර රුධිර සීනි මට්ටමට සහාය වීම.

    ශක්තිය වැඩි කරයි


    ශක්තිය වැඩි කරයි – රතු පරිප්පු මන්දගාමී දැවෙන සංකීර්ණ කාබෝහයිඩ්‍රේට ලබා දෙන අතර එය බිඳ වැටීමට වැඩි කාලයක් ගත වන අතර ශරීරයේ වැඩි කල් පවතින ශක්තියක් සපයයි. මේ හැරුණු විට රතු පරිප්පු යනු යකඩ ප්‍රභවයක් වන අතර එය රුධිරයේ ඔක්සිජන් ප්‍රවාහනය හා බලශක්ති නිෂ්පාදනයේ විශාල කාර්යභාරයක් ඉටු කරයි. යකඩ ඌනතාවය වෙහෙසට හා තෙහෙට්ටුවට ප්‍රධාන හේතුවක් වන හෙයින්, රතු පරිප්පු ආහාරයට විශේෂයෙන් එකතු කරනුයේ විශේෂයෙන් ඔසප් වීම / ගර්භනී කාන්තාවන්, ළමුන් සහ යෞවනයන් යකඩ ඌනතාවයට වැඩි අවදානමක් ඇති අය සඳහා ය.

    Text by The femaina.in – by – Thushadhavi

  • Covid-19 World Hot: ඉන්දියාවේ රැල්ල පසුබැස්සද ? ඉහළ ගියා ද ?

    Covid-19 World Hot: ඉන්දියාවේ රැල්ල පසුබැස්සද ? ඉහළ ගියා ද ?

    ඉන්දියාවේ මේ වන විට කෝවිඩ් -19 ආසාදන මිලියන 7.5 ක් වාර්තා වී තිබේ

    කොරෝනා වෛරස් වසංගතය දැනටමත් ඉන්දියාවේ උච්ච වී තිබේද? වෛරසය පැතිරීම ලබන වසර මුලදී පාලනය කළ හැකිද? මෙය ඉන්දියානුවන් පමණක් නොවෙයි මුළු ලෝකයම අසන ප්‍රශ්නයක්.

    මේ ප්‍රශ්නයට උත්තරයක් ඉන්දියාවේ ඉහළම විද්‍යාඥයින් පිරිසක් විසින් සැපයීමට සූදානම්. ඔවුන්ගේ නවතම ගණිතමය ආකෘතියට අනුව ඉන්දියාව විසින් වාර්තා කරන ලද ආසාදනවල උපරිමය සැප්තැම්බර් මාසයේදී පසු කර ඇති අතර වසංගතය ලබන වසරේ පෙබරවාරි මාසය වන විට පාලනය කළ හැකිය. 

    මෙහිදී වැදගත් උපකල්පනයක් ද ඔවුන් විසින් ඉදිරිපත් කරයි. ඒ මිනිසුන් මුහුණු ආවරණ පැළඳීම, විශාල රැස්වීම් වළක්වා ගැනීම, සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම සහ අත් සේදීම අඛණ්ඩව සිදුකළ යුතු බවයි.

    ඉන්දියාවේ කෝවිඩ් -19 රෝගීන් මිලියන 7.5 ක් පමණ වාර්තා වී ඇති අතර මේ වන විට මරණ 114,000 කට වඩා තිබෙනවා. ලෝක ජනගහනයෙන් හයෙන් එකක් නියෝජනය කරන ඉන්දියාව ගෝලීය කොවිඩ්-19 ආසාදිතයින්ගෙන් 6/1ක් නියෝජනය කිරීම විශේෂත්වයක්.

    කෙසේ වෙතත්, ඉන්දියාවෙන් වාර්තා වන්නේ ආසාදිතයින්ගෙන් සියයට 10ක් මරණයට පත්වීමකි. එය කොවිඩ් -19 රෝගීන් අතර මරණ මනිනු ලබන සීඑෆ්ආර් 2% ට වඩා අඩුය. එය ලෝකයේ අඩුම අනුපාත අතර වේ.

    සක්‍රීය රෝගීන් මිලියනයකට වඩා වාර්තා වූ සැප්තැම්බර් මැද භාගයේදී ඉන්දියාව වාර්තාගත උපරිමයකට පැමිණියේය. එතැන් සිට කැසලෝඩය ක්‍රමයෙන් පහත වැටෙමින් තිබේ. පසුගිය සතියේ ඉන්දියාවේ දිනකට සාමාන්‍යයෙන් රෝගීන් 62,000 ක් සහ මරණ 784 ක් වාර්තා විය. බොහෝ ප්‍රාන්තවල දෛනික මරණ ද අඩුවෙමින් පවතී. පරීක්ෂණ ස්ථාවරව පවතී. පසුගිය සතියේ සෑම දිනකම සාමාන්‍යයෙන් සාම්පල මිලියනයකට වඩා පරීක්ෂා කරන ලදී.

    සටහන

    රජය විසින් පත් කරන ලද නවතම ගණිත අධ්‍යයනයට සම්බන්ධ විද්‍යාඥයින් හත් දෙනා අතර ක්ෂුද්‍රජීව විද්‍යාඥයෙකු වන ආචාර්ය ගගන්දීප් කන්ග් සහ ලන්ඩන් රාජකීය සංගමයේ සාමාජිකයා ලෙස තේරී පත් වූ පළමු ඉන්දීය කාන්තාව ද වේ. 

    ආදර්ශය මගින් මිනිසුන් ආසාදනය වන වේගය, ඔවුන් සුවය ලැබූ හෝ මියගිය අනුපාතය සහ සැලකිය යුතු රෝග ලක්ෂණ සහිත ආසාදිත පුද්ගලයින්ගේ භාගය දෙස බලයි. ආසාදනයේ කිසිදු සලකුනක් නොපෙන්වා ඇති රෝගීන් සඳහා ගණනය කිරීමෙන් රෝගයේ ගමන් පථය සිතියම් ගත කරයි.

    විද්‍යාඥයින් යෝජනා කරන්නේ මාර්තු අග අගුලු දැමීමකින් තොරව සිටියේ නම් ඉන්දියාවේ සක්‍රීය රෝගීන් සංඛ්‍යාව මිලියන 14 කට වඩා වැඩි වනු ඇති බවත් මිලියන 2.6 කට වැඩි පිරිසක් කොවිඩ් -19 රෝගයෙන් මිය යනු ඇති බවත්ය. එය වර්තමාන මරණ සංඛ්‍යාව මෙන් 23 ගුණයක් පමණ වේ. බිහාර් සහ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත දෙකෙහි කරන ලද අධ්‍යයනයන් මත පදනම්ව විද්‍යාඥයින් නිගමනය කළේ, අගුලු දැමීමෙන් පසු නගරයෙන් ගම්වලට රැකියා විරහිත සංක්‍රමණිකයන් අනවසරයෙන් ආපසු යාමේ බලපෑම සිද්ධි අංකවලට “අවම” බලපෑමක් ඇති කළ බවයි.

    ‘‘ජුනි මාසය වන විට මෙම උපරිමය පැමිණීමට ඉඩ තිබුණි. මෙය අපගේ රෝහල් අධික ලෙස ව්‍යාප්ත වීමටත් පුළුල් භීතියක් ඇති කිරීමටත් හේතු විය. අගුලු දැමීම වක්‍රය සමතලා කිරීමට උපකාරී විය” අධ්‍යනයට නායකත්වය දුන් හයිද්‍රාබද් හි ඉන්දියානු තාක්ෂණ ආයතනයේ මහාචාර්යවරයකු සහ මතුකෝමාල්ලි විද්‍යසගර් පැවසීය.

    නමුත් ඉන්දියාවේ කාර්යබහුල උත්සව සමය ළග ළග පැමිණෙමින්ය තිබේ. එය බරපතළ අනතුරකි. මෙමගින් නිර්මාණය වන “සුපර්ස්ප්‍රෙඩර්” සිදුවීම් කිහිපයක් සහ වැඩි සංචලතාව සති දෙකකින් වෛරසයේ ගමන් මග වෙනස් කළ හැකිය. නිදසුනක් වශයෙන්, අස්වැන්න නෙළන උත්සවයක් වන ඕනාම් සැමරීමෙන් පසු සැප්තැම්බර් මාසයේ කේරළයේ තියුණු වර්ධනයක් වාර්තා විය.

    සටහන

    මිනිසුන් තම ආරක්ෂාව අඩු කළහොත්වි වෛරසයේ ව්‍යාප්තිය හා ආසාදිතයින් සංඛ්‍යාව විශාල වශයෙන් ඉහළ යාමක් සිදුවනු ඇතැයි විද්‍යාඥයින් අනතුරු අඟවා ඇත: ඔක්තෝබර් අවසානය වන විට සක්‍රීය ආසාදන මිලියන 2.6 ක නව උපරිමයක් ඔවුන් පුරෝකථනය කරයි.

    “ආරක්‍ෂිත ප්‍රොටෝකෝලයන් මිනිසුන් පිළිපදින්නේ නම් අපගේ සියලු ප්‍රක්ෂේපන පවතිනු ඇත. සැප්තැම්බර් මාසයේදී ඉන්දියාව [ක්‍රියාකාරී ආසාදන] උච්චතම අවස්ථාව පසු කර ඇති බව අපි විශ්වාස කරමු. අප ලිහිල් නොවිය යුතුය. අප පිටුපස ඇති නරකම දේ යැයි සිතීමේ මානව ප්‍රවණතාවක් ඇත,” මහාචාර්ය විද්‍යසගර් පවසයි.

    නමුත් බොහෝ වසංගත රෝග විද්‍යාඥයින් විශ්වාස කරන්නේ තවත් උච්චත්වයක් නොවැළැක්විය හැකි බවත්, නොවැම්බර් මාසයේ ආරම්භ වන මීදුම පිරුණු ශීත ඍතුවේ දී උතුරු ඉන්දියාවේ කැසලෝඩ් වැඩිවීමක් දක්නට ඇති බවත් ය. ඔවුන් විශ්වාස කරන්නේ මෑතදී සිදුවීම් හා මරණ අඩුවීම හොඳ සලකුණක් බවයි, නමුත් වසංගතය පහව යන බව පැවසීම බොහෝ කල් වැඩි බව ඔවුන් පවසයි.

    වසංගතය පිළිබඳව සමීපව සොයා බලා සිටින මිචිගන් විශ්ව විද්‍යාලයේ ජෛව විද්‍යාව හා වසංගත විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වන ආචාර්ය බ්‍රාමර් මුකර්ජි පැවසුවේ “ඉන්දියාව එහි පළමු රැල්ල පසු කර ඇති බවක් පෙනේ” යනුවෙනි.

    නමුත් වායු දූෂණය හේතුවෙන් ශීත ඍතුවේ දී මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බව ඇය විශ්වාස කරන අතර එය ශ්වසන රෝග සඳහා විශේෂයෙන් නරක ය.

    ඉන්දියාව මීටර 1 ට වඩා පරීක්ෂණ පවත්වයි

    මේ අතර, ප්‍රතිදේහ සමීක්ෂණ දිගටම කරගෙන යාම සහ වෛරසය පැතිරීමට වැඩි ඉඩක් ඇති බැවින් අඩු ජනගහනයක් ආසාදනය වී ඇති නගර සහ ගම් අධීක්ෂණය කිරීම ඉතා වැදගත් බව ඇය පැවසුවාය.

    “ලොව පුරා ඇති ස්වාභාවික අත්හදා බැලීම් අපට යමක් පැවසුවහොත්, තවත් උච්චතම අවස්ථාව, කවදාද සහ කොපමණ ඉහළ මට්ටමක පැවසිය හැකිද යන්න වැදගත් ය. ප්‍රධානතම දෙය නම්, රෝහල්වල ධාරිතාවයට වඩා සිද්ධීන් සහ රෝහල්ගත කිරීම් යම් ස්ථානයක තබා මහජන සෞඛ්‍යය පිළිබඳ පුහුණුව දිගටම කරගෙන යාමයි. මෙම සරත් සමයේ මිනිස් සෞඛ්‍යයට, ජීවිතයට හා ගෞරවයට නමස්කාර කරමු. ”වෛද්‍ය මුකර්ජි පවසයි.

    උදාසීනත්වය නිසා බලාපොරොත්තුව ඉක්මනින් නිවා දැමිය හැකි බව පැහැදිලිය. එබැවින් ඔබේ මුහුණු ආවරණ නිවැරදිව තබාගෙන විශාල රැස්වීම් වලින් වළකින්න.

    බී.බී.සී ඇසුරිණි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • රැකියා ලක්ෂයේ වැඩසටහනේ පත්වීම් ලිපි  ප්‍රදානය ඇරඹේ

    රැකියා ලක්ෂයේ වැඩසටහනේ පත්වීම් ලිපි ප්‍රදානය ඇරඹේ

    සමාජයේ පහළම ආදායම් කාණ්ඩයට අයත් පවුල් අතරින් තෝරාගත් ලක්ෂයක් දෙනා රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන යටතේ අභ්‍යාසලාභීනට පත්වීම් ලිපි ප්‍රදානය අද (19) ඇරඹිණ. ප්‍රථම අදියර සඳහා තෝරාගෙන ඇති පිරිස 34,818 දෙනෙකි. 

    පත්වීම් ලාභීනට ඔවුන්ගේ නිපුණතාව සහ අභිමතය අනුව හඳුනාගත් ක්ෂේත්‍ර 25ක් යටතේ මාස 06ක විධිමත් පුහුණුවක් ලැබේ. ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය පුහුණු වැඩසටහන භාරව සිටී. පුහුණුව සාර්ථකව නිම කරන අභ්‍යාසලාභීනට NVQ III ශ්‍රේණියේ සහතික පත්‍රයක් ප්‍රදානය කෙරේ. පුහුණු කාලය තුළ අභ්‍යාසලාභියෙකුට රුපියල් 22,500ක මාසික දීමනාවක් ගෙවනු ලැබේ.

    රැකියා ලක්ෂයේ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් “දිළිඳුබවින් තොර ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ සංකල්පය අනුව සැලසුම් කරනු ලැබූවකි. එය බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලැබේ.

    අඩු ආදායම්ලාභීන්ගේ ආදායම නැංවීම, සමාජ සංරක්ෂණය තහවුරු කොට දිළිඳුකම පිටුදැකීම ආදායම් විසමතා හැකිතරම් සමනය කොට ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනැගීම ඉන් අපේක්ෂා කෙරේ.

    වැඩසටහන ක්‍රියාත්මක කිරීම මේ වසරේ ජනවාරි මස 20 වැනිදා ඇරඹිණ. භාෂා 03ම පළ කළ පුවත්පත් දැන්වීම් මගින් සුදුස්සන්ගෙන් අයැදුම්පත් කැඳවනු ලැබීය. සියලු අයැදුම්පත් තම ප්‍රදේශය භාර ග්‍රාම නිලධාරී වෙත යොමු කරන ලෙස දැනුම් දෙන ලදී. එසේ ලැබුණු අයැදුම්පත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත ගෙන්වා ඉල්ලුම්කරුවන් සම්මුඛ පරික්ෂණයකට භාජන කොට අභ්‍යාසලාභීහූ තෝරාගනු ලැබූහ. තෝරාගත් කිසිවෙකු හෝ රජයේ හෝ පෞද්ගලික ආයතනයක රැකියාවක් නොකරන පවුල්වල සාමාජිකයෝ වෙති.

    හය මාසික පුහුණුවෙන් පසු අභ්‍යාසලාභීන් PL01  ශ්‍රේණියේ ස්ථීර පත්වීම් ප්‍රදානය කොට අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා සහ රජයට අනුබද්ධ ආයතනවල පුරප්පාඩු තනතුරුවල කාර්යයන් ඉටු කිරීම සඳහා යොමු කරනු ලැබේ. බඳවාගනු ලබන පිරිස් රජයේ ගොවිපොළවල සහ අතහැර දමා ඇති වගා කළ හැකි ඉඩම්වල නවීන කෘෂි තාක්ෂණය උපයෝගි කර ගනිමින් එළවළු සහ පළතුරු නිෂ්පාදන කටයුතුවලට මෙන්ම වන ජීවි හා වන සංරක්ෂණ, වාරිමාර්ග ගොවිජන සේවා, කෘෂි සේවා මධ්‍යස්ථාන, ග්‍රාමීය රෝහල්, පාසල් සම්බන්ධ කටයුතු සඳහා ද යොදවනු ඇත.

  • කොළඹ ජාතික රෝහලේ 34, 35, 36 වාට්ටු වසා දමයි..

    කොළඹ ජාතික රෝහලේ 34, 35, 36 වාට්ටු වසා දමයි..

    කොළඹ ජාතික රෝහලේ 34, 35, 36 වාට්ටු සම්පූර්ණයෙන්ම වසා දැමීමට කටයුතු කර තිබේ.

    ජාඇල ප්‍රදේශයේ පුද්ගලයෙකු හෘද සැත්කමක් සඳහා රෝහල් ගත කිරීමෙන් පසු ඔහු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

    ආසාදිතයා අයි.ඩී.එච්. රෝහලට මාරු කර යවා තිබේ.

    එම වාට්ටුවල සිටි සියලු රෝගීන් ඒ තුළම ස්වයං නිරෝධායන කිරීමට කටයුතු කර ඇත.

    -ලංකා සී නිවුස්-

  • 20ට පෙරදින අත්අඩංගුවට පත් වූ බදුර්දීන් රක්ෂිත බන්ධනාගාරය වෙත

    20ට පෙරදින අත්අඩංගුවට පත් වූ බදුර්දීන් රක්ෂිත බන්ධනාගාරය වෙත

    සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් ඔක්තෝබර් මස 27 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

    ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද පෙරවරුවේ අත්අඩංගුවට ගැනීමෙන් පසු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පස්වරුවේ ඉදිරිපත් කරනු ලැබීය.

    එහිදී අධිකරණය විසින් මෙම නියෝගය කරනු ලැබීය.

    මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල එන්සයිබර් පාරේ මහල් නිවාසයක සිටියදීය.

  • මම සති 28 ගැබිනියක්ව සිටියදී ‘මගේ පියයුරේ’ ගැටිත්තක් හමු වුණා

    මම සති 28 ගැබිනියක්ව සිටියදී ‘මගේ පියයුරේ’ ගැටිත්තක් හමු වුණා

    29 හැවිරිදි එමී, සොමර්සෙට් හි ෆ්‍රෝම් හි රූපලාවණ්‍ය ශිල්පිනියක සහ වේශ නිරූපණ ශිල්පිනියකි. ඇය ගර්භණීව සිටියදී පියයුරු පිළිකාවක් ඇති බවට හඳුනාගෙන ඇති අතර, ඇය එතැන් සිට සමාජ මාධ්‍යවල ඇගේ ගමනේ දුෂ්කර පියවර බෙදාගනිමින් සිටියි.

    ‘ඊයේ රෑ මම කොණ්ඩය සෝදමින් සිටියදී මගේ හිසකෙස් පොකුරු පොකුරු ගැලවී අතට ආවා. දැන් මගේ කොණ්ඩය ඉතාම සිහින් වෙලා. එහි තැන තැන හිසකෙස් සම්පූර්ණයෙන්ම ඉවත් වී තිබෙනවා. මේ වන විට මට මගේ ඇහිබැම සහ ඇහිපිය ද අහිමි වී තිබෙනවා. මෙය දරාගත නොහැකි හැඟීමක් වගේම මා කිසිසේත් බලාපොරොත්තු නොවූ තත්ත්වයක්’

    ‘මම කැඩපත දෙස බැලූවා. දැන් එහි සිටින පුද්ගලයා මට හඳුනා ගැනීමට නොහැකියි. ඒත් ඒ මම කියලා මා දන්නවා’ ‘මම වෘත්තියෙන් වේශ නිරූපණ ශිල්පිනියක්. එම මෑතක් වනතෙක් එය පවත්වා ගෙන ගියා. ඒත් දැන් එය වසා දමා තිබෙනවා.

    ‘මගේ රැුකියාව වන්නේ කාන්තාවන් ලස්සන කිරීමයි. ඔවුන් තුළ ප‍්‍රබෝධයක් ඇති කිරීමයි. ඒත් දැන් මා මුහුණ දී සිටින තත්ත්වය අනුව මට ඔවුන් හමුවට යාම දුෂ්කර වී තිබෙනවා. කොණ්ඩය සහ ඇහිබැම කියන්නේ ඔබගේ අනන්‍යතාවයයි. එය අහිමි වීම ඔබට ඔබම අහිමිකර ගැනීමක්’

    ‘මා දැන් පත්ව සිටින්නේ දැඩි අසීරු තත්ත්වයකට. මට වේෂනිරූපණ කිරීමට සහ බොරු කොණ්ඩයක් පැළඳීමට සිදුව තිබෙනවා.

    ‘ගර්භණීභාවයට පෙර මා සිටි තත්ත්වය ගැන මට අමතක කළ නොහැකි හැඟීමක් තිබෙනවා. මම ඒ ගැන කල්පනා කරනවා. ඒත් දැන් මගේ ජීවිතය වෙනස් වී තිබෙනවා. මට මගේ අනන්‍යතාව අහිමි වෙලා තිබෙනවා’

    එමී

    ‘මම මුලින්ම මගේ පියයුරුවල ගැටිත්තක් සොයාගත්තේ මැයි මාසයේදීයි. එය දුටු විට මා පුදුමයට පත් වුණා. ‘එය එතැනට ආවේ කොහොමද ?’ මම කල්පනා කළා.

    ‘තවත් දින කිහිපයක් ගත කළා. මා තීරණය කළා එය පරීක්ෂා කළ යුතු බව. නමුත් අවාසනාව පැමිණ තිබුණා. කොවිඞ් වසංගත නිසා මට නිසි පරීක්ෂණයකට ලක්වීමට නොහැකි වුණා. මා පරීක්ෂා කළ කාන්තාව එය නිසි පරිදි කළේ නැහැ. ඇය මට ගෙදර ගොස් සිසිල් ගෝවා කොළ මගේ පපුව මත තබන ලෙසත් පියයුරුවල තිබෙන ගැටිත්ත ගර්භනීභාවය නිසා හෝමෝන වෙනස්වීම් නිසා ඇති වූ තත්ත්වයක් විය හැකි බවත් ඇය පැවසුවා. මම ඇයව විශ්වාස කළා. මොකද ඇය විශේෂඥවරියක්. ඇය කියන දේ මා විශ්වාස නොකර වෙන කුමක් කරන්න ද ?

    ඒත් ඇය වැරදි බවත්, මා ඛේදවාචකයකට මුහුණ දෙමින් සිටින බවත් සති කිහිපයකින් මට වැටහුණා. සති හතරක් පහක් තුළ අර ගැටිත්ත මගේ පියයුරුවල මුදුනටම ආවා.

    එය දිගින් දිගටම වර්ධනය වෙමින් පැවතුණා. ඒ නිසා එය නැවත පරීක්ෂා කිරීමට මට අවශ්‍ය වුණා. මම නැවත විශේෂඥ වෛද්‍යවරයෙක් හමු වුණා. ඔවුන් පැය 24ක් තුළ මාව දේශීය පියයුරු පිළිකා සායනයට ඇතුළත් කළා.

    ඔවුන් එහි බයොප්සි පරීක්‍ෂණයක් කළා. යමක් වැරදියි කියා ඔවුන්ට පෙනෙන නිසා ඔවුන් මගේ යටි පතුලත් පරිලෝකනය කළා. මම සති 35ක ගර්භනී අවධියේදී නිල වශයෙන් දැනගත්තා මට පියයුරු පිළිකාවක් වැළඳී ඇති බව’ එය ත්‍රිත්ව බැට්එසඩැ ණාත්මක පියයුරු පිළිකාවක් බවයිග

    ‘එය ඇසූ විට මම සම්පූර්ණ හා දැඩි කම්පනයකට පත්ව වුණා. එය හරියට මගේ දෙපා කපා ඉවත් කළා වගෙයි මට දැනුණේ’

    ‘ඔබ ගර්භණීව සිටින විට ඔබට දැනෙන්නේ ඔබට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඇති බවයි.ඔබට හෝ ඔබේ දරුවාට කිසිම හානියක් සිදු නොවන බවයි. ඒත් මගේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්. මම ගර්භණීව සිටියදීයි පියයුරු පිළිකාවකට ගොදුරු වුණේ. මම එවැනි දෙයක් කිසිදාක අසා නැහැ. එය ඇත්තෙන්ම බියකරු සිහිනයක් වගේ දෙයක්’

    ‘පිළිකා ඔබේ තේරීම් ඉවත් කරයි’

    ‘මගේ දුව බ්‍රොඩි-රේ සති තුනකට පෙර සිසේරියස් ශෛල්‍යකර්මයක් මගින් ප‍්‍රසූත කළා. මට ඇයට මව්කිරි දීමට හැකි වූයේ එක් වරක් පමණයි. එතරම් ස්වාභාවික දෙයක් කිරීමට හැකිවීම සහ පිළිකාවක් නොතිබීම එය මගෙන් ඈත් කිරීම එම සුළි සුළඟේ මට මතක ඇති වඩාත් සාමකාමී, සුන්දර මොහොතයි’

    ‘නමුත් ඊළඟ දවසේ වෛද්‍යවරු මගේ කිරි පැමිණීම නැවැත්වීමට බෙහෙත් ටිකක් දුන්නා. ඒ නිසා මට මව්කිරි දීමට නොහැකි වුණා. මම මෑතකදී මගේ අන්තිම ප‍්‍රතිකාර වටය ද අවසන් කළ අතර මම සුවය ලබා හැකිතාක් විවේක ගනිමින් සිටිනවා. සති හතරකින් ශල්‍යකර්මයක් කිරීමට නියමිතයි’

    ‘මට සියල්ල අහිමි වී ඇති බවත්, සියල්ල අසීරු බවත් හැඟී යනවා’

    එමී

    ‘පියයුරු පිළිකාවක් තිබීම නිසා මට තෝරා ගැනීම් කිහිපයක් තිබුණේ නැහැ. එය අතිෂය ඒකපාර්ශ්වික දෙයක් වුණා.

    මගේ ප්‍රතිකාර කාලසටහන, මගේ දරුවා ප්‍රසූත කරන්නේ කවදාද යන්න පැහැදිලි කළ විශේෂඥ වෛද්‍යවරුන් තවත් මොහොතකින් ‘මට මව්කිරි දීමට නොහැකි බව’ පැවසුවා. මගේ ඩිම්බ කෝෂ රසායනික චිකිත්සාවෙන් ආරක්ෂා කර ගැනීම සඳහා මාව ඔසප් වීමකට ලක් කළා. දැන් මගේ ඩිම්බ කෝෂ රසායනික ද්‍රව්‍යයෙන් පසු අවදි නොවන්නේ නම් මගේ සාරවත් බව නැති වීමට ඉඩ තිබෙනවා. පිළිකාව මගෙන් උදුරා ගත හැකි තවත් දෙයක් එයයි’

    මම මේ මොහොතේ කැඩපත දෙස බැලීමට කැමති නැහැ. එය මම නොකිරීමට උත්සාහ කරන දෙයක්. මම මේ චුම්බක ඇහිබැමි පැළඳ ගෙනයි සිටින්නේ. මම ඒවා පැළඳ සිටින්නේ අමුත්තන් හමුවේ පෙනී සිටීමට අවශ්‍ය වූ විට සහ මම ‘පිටතට’ යන විටයි.

    කොණ්ඩය කැපීමේ පෙනුම නිර්මාණය කිරීමට ඔබට භාවිතා කළ හැකි පුදුමාකාර බ්‍රෝ පැන්සලක් ද මම සොයා ගත්තා. මට අහිමි වූ දේ නැවත ලබා ගැනීමට මේ කුඩා නිෂ්පාදන සියල්ලම මට උපකාර කරමින් සිටිනවා.

    ‘මගේ දුව ලෝකයේ ඉන්න වාසනාවන්තම දැරිය කියලා මට දැනෙනවා. මම මවක් වන්නේ කෙසේදැයි දන්නේ නැහැ. නමුත් එය මම ඉතා දිගු කාලයක් තිස්සේ සිහින මැවූ දෙයක්. ඉතින් මේ සියල්ල සිදුවන්නේ මගේ ජීවිතයේ සුන්දරම කාලය තුළ වීම මට විශ්වාස කළ නොහැකි දෙයක්.

    නමුත් සෑම දිනකම මගේ දියණිය දෙස බැලීමෙන් මට ඇදහිය නොහැකි තරම් වාසනාවක් දැණෙනවා. මට දැන් ඇය නොසිටියා නම් මට කවදාවත් දරුවන් ලැබෙන්නේ නැති බව මා දන්නවා.

    මම හිතන්නේ මගේ පිළිකාව අපේ සම්බන්ධතාවය වඩාත් ගැඹුරු කර ඇත්තේ ඇය වැඩී ඇය කෙතරම් වැදගත් දැයි වටහා ගන්නා නිසයි. ඇය ලෝකයේ ප්‍රීතිමත්ම කුඩා දැරිය වන අතර ඇය හරිම සුරතල්. ඇය මාව සම්පූර්ණ කරනවා’

    එමී

    ‘මම තරුණ අම්මලාගෙන් ඉල්ලා සිටින්නේ වසංගත කාලේ තුළ වුවත් ඔබේ පියයුරු මත සිදුවන වෙනස්කම් නිරීක්ෂණය කරන ලෙසය. වෙනසක් හෝ සැකයක් ඇති වූ විට පිිළිගත් වෛද්‍යවරයෙක් හමුවී උපදෙස් ලබා ගන්නා ලෙසයි.

    ‘පළමු වතාවට මා හැරී ගිය විට මට දැනුනේ මම සැබවින්ම ඇහුම්කන් නොදුන් බවයි. එබැවින් කෝවිඩ් සීමාවන් යළිත් දැඩි වීමත් සමඟ ඔබේ බුද්ධිය සහ සහජ බුද්ධිය විශ්වාස කළ යුතුයි’ යමක් නිවැරදි යැයි හැඟෙන්නේ නැත්නම්, ඔබ ආපසු යා යුතු අතර ඔබ දැකීමට තල්ලු කර තල්ලු කළ යුතුයි.

    ‘මට ඉතා වේගයෙන් වර්ධනය වන, ආක්‍රමණශීලී පිළිකාවක් තිබෙනවා. එබැවින් යමක් නිවැරදි යැයි හැඟෙන්නේ නැතැයි මා විශ්වාස නොකළේ නම් මා කෙබඳු තත්වයක සිටිය යුතුදැයි කවුද දන්නේ ?’

    මෙම මාසය පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසය වන නමුත් පියයුරු පිළිකා රෝස සහ සුදුමැලි දේවල් සමඟ සම්බන්ධ කිරීමට මා කැමති නැහැ. ඊට හේතුව වන්නේ පියයුරු පිළිකාව කිසිවිටෙකත් සුමුදු මෘදු අත්දැකීමක් නොවීමයි. එය කිසිසේත් රෝස මලක් මෙන් සුන්දර හෝ පියකරු නැහැ. එය තරුණියන්ව ඝාතනය කරන ඝාතකයෙක්’

    අපගේ පියයුරු පරීක්ෂා කර මාසික මතක් කිරීමේ සේවාවලට ලියාපදිංචි වීම කොතරම් වැදගත් ද? කල්තියා හඳුනා ගැනීම එතරම් වැදගත්’

    පිළිකා යනු ඕනෑම කෙනෙකුට කවදාවත්, කවදා හෝ අත්විඳිය යුතු ඉතාම භයානක දෙයක්. නමුත් මම මගේ කතාව ඉන්ස්ටග්‍රෑම්හි බෙදාහදා ගෙන ඇත්තේ දැනුවත් කිරීම සහ අනෙක් අයට උපකාර කිරීම සඳහා යි.

    බොහෝ කාන්තාවන් මා අමතනවා. ඔවුන් කියන්නේ මාගේ දැනුවත් කිරීම නිසා ඔවුන් ද පියයුරු පරීක්ෂා කිරීමට යොමු වූ බවයි. ඔවුන් අවධානමෙන් මිදීමට එය අවස්ථාවක් කරගෙන තිබෙනවා. මෙහිදී මා යළි යළිත් ඔබට අවධාරණය කරන්නේ ඔබේ සුන්දර පියයුරු දිනපතා පරීක්ෂා කර බලන ලෙසයි. එහි සිදුවන සියුම් වෙනසක් පවා දැඩිව නිරීක්ෂණය කරන ලෙසයි. මොකද ඔබේ පියයුරු ඔබව සුන්දර කරන්නා සේම ඒ හරහා ඔබගේ මාරයා ද පැමිණිය හැකියි’

    බී.බී.සී. වාර්තාවක් ඇසුරිණි – සකස් කළේ – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • අශිෂ්ටතම ජනමාධ්‍යකරණයට ‘බක-සම්මාන’ දෙන්න කාලය ඇවිත්!

    අශිෂ්ටතම ජනමාධ්‍යකරණයට ‘බක-සම්මාන’ දෙන්න කාලය ඇවිත්!

    උත්ප්‍රාසයට කරුණ නම් මුද්‍රිත මාධ්‍ය කර්මාන්තයටම මාධ්‍ය ආචාරධර්ම සම්පාදනය කරන කර්තෘ සංසදයේ වත්මන් ප්‍රධානියා ලංකාදීප කතුවරයා වීමයි! වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසමු ඒ අමාරුව?

    නාලක ගුණවර්ධන

    2020 වසර පුරාම අප මුහුණ දී සිටින වසංගත ආපදා තත්වය හමුවේ අලුත්ම තොරතුරු නිවැරදි සහ නිරවුල් ලෙස ලබා දීමට ජනමාධ්‍යවලට ලොකු වගකීමක් තිබෙනවා.

    වසංගතයේ පැතිරීම සහ වැළැක්වීම ගැන නිවැරදි තොරතුරු එකතු කිරීම, විශ්ලේෂණය කිරීම සහ ප්‍රවෘත්ති ලෙස ඒවා සම්පාදනය කොට විගසින් බෙදා හැරීම කරනවාට අමතරව, සමහරක් මාධ්‍යවේදීන් තමන්ගේ පෞද්ගලික ආකල්ප සහ මතවාද එයට එකතු කරනු අප දකිනවා.

    COVID-19 රෝගය ඇති කරන, ඇසට නොපෙනෙන SARS-CoV-2 වෛරසය ආසාදනය වූවන් රෝගීන් හෝ ආසාදිතයන් යයි හඳුන්වනවා වෙනුවට, ඔවුන් අපරාධකරුවන් හා පාපතරයන් ලෙස හැඟීම් ඇති කරන විදියේ සාහසික මාධ්‍යකරණයක් මේ දිනවල යළිත් වරක් සමහර පත්තර, රේඩියෝ සහ ටෙලිවිෂන් අන්තර්ගතයේ හමු වනවා.
    ඔක්තෝබර් 4 වනදා දිවුලපිටිය ප්‍රදේශයේ ඇඟලුම් සේවක සේවිකාවන් අතරින් නව COVID-19 ආසාදිත පොකුරක් මතුවීමෙන් පසු යළිත් වරක් ආසාදිතයන් මත වරද පැටවීමේ සහ ඔවුන්ට දැඩි ලෙස නින්දා කිරීමේ අශිෂ්ට මාධ්‍යකරණයක් ඉස්මතු වී තිබෙනවා.

    පසුව ඇගේ දියණියටද මෙම රෝගය ආසාදනය වී ඇති බව සොයා ගත්තා. ඇතැම් ජනමාධ්‍ය මේ සිදුවීම් වාර්තා කළේ එම ආසාදිත කාන්තාව හා ඇගේ දියණිය සිදු කළ “අපරාධයක්” ලෙස හුවා දක්වමින්.

    රාජ්‍ය මාධ්‍යයක් වන ITN ශ්‍රී ලංකා ප්‍රවෘත්ති නිවේදකයා ඔක්තෝබර් 5 වනදා සවස සිරස්තල ඉදිරිපත් කළේ “දිවුලපිටියේ අම්මගෙයි දුවගෙයි කොරෝනාව” හැටියටයි.

    එම කාන්තාවට වෛරසය ශරීරගත වීමේ මූලාශ්‍රය සොයා ගැනීමට මේ දක්වා සෞඛ්‍ය බලධාරීන්ට හැකි වී නැතත්, ඇගේ චරිතය ඝාතනය වන පරිද්දෙන් නොයෙක් ආකාරයේ අනුමානයන් සහ ප්‍රබන්ධයන් ලෙස සමහර මාධ්‍ය ආයතන ප්‍රවෘත්ති ලෙස ඉදිරිපත් කළා.

    එම සතියෙම FM දෙරණ නාලිකාවේ අනුපමා වැඩ සටහනේ නිවේදකයා මෙහෙම ප්‍රශ්නයක් මතු කළා: “ඇඟලුම් කර්මාන්ත සේවිකාවන් ඉස්සරත් දැනුත් දැන් බයෙන් සිටින්නේ කුමක් සම්බන්ධයෙන්ද?” නිවේදිකාව එයට මෙසේ පිළිතුරු දුන්නා: “පොසිටිව් වීම!”

    ඇඟලුම් සේවිකාවන් පිළිබඳව මෙවැනි අවඥා සහගත කතා ජන සමාජයේ හමු වන බව ඇත්ත. එහෙත් රටටම ඇහෙන්න විද්‍යුත් මාධ්‍යයක කතා කරන නිවේදක දෙපළ චාරයක් නැති මෙවැනි කතා කීම හරිද?

    FM නිවේදකයන් බොහෝ දෙනකු ගුවන් තරංගවල වල්පල් දෙඩවීම මේ වන විට සාමාන්‍ය දෙයක් වී ඇතත්, වාචාලකමටත් කිසියම් හෝ සීමා තිබිය යුතුයි නේද?

    ඔක්තෝබර් 6 වනදා ලංකාදීප පුවත්පතේ සිරස් තල දෙකකම කොරෝනා කතා යන යෙදුම ලොකු අකුරින් භාවිත කර තිබුණා. ඇය මෙසේ හංවඩු ගැසීමට මාධ්‍ය මෙතරම් උත්සුක වුණේ ඇය ඇඟලුම් කර්මාන්ත සේවිකාවක වන නිසාද?

    උත්ප්‍රාසයට කරුණ නම් මුද්‍රිත මාධ්‍ය කර්මාන්තයටම මාධ්‍ය ආචාරධර්ම සම්පාදනය කරන කර්තෘ සංසදයේ වත්මන් ප්‍රධානියා ලංකාදීප කතුවරයා වීමයි! වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසමු ඒ අමාරුව?

    මා ඉහත ගෙනහැර දැක්වූයේ උදාහරණ කිහිපයක් පමණයි. මෙම අශිෂ්ට මාධ්‍යකරණය ගැන කම්පනයට පත් (මාත් ඇතුළු) පුරවැසියන් ගණනාවක් අත්සන් කළ ප්‍රකාශයක මේ තත්ත්වය විග්‍රහ කළේ මෙලෙසයි:

    “විශේෂයෙන්ම මෙම අසාධාරණයට ඇය ලක්වීමට මුලිකම හේතුව ඇය ඇඟළුම් කම්හලක සේවය කරන කාන්තාවක් වීමත් සමාජයේ පහළ ස්ථරයකට අයත්වීමත් බව පෙනෙන්නට තිබේ. ඇය, මෙම අවස්ථාවෙහි දස දහස් ගණනාවක් වන ඇඟලුම් සේවිකාවන් අතර කළු පැල්ලමකි. මෙම අශිෂ්ට වාර්තාකරණයන් නිසා අදාළ ප්‍රදේශයන්හි ඇඟලුම් සේවිකාවන්ද විසම සැළකීම්වලට ලක් වෙමින් ඇති බවද වාර්තා වේ.”

    එම ප්‍රකාශයේ මුලදීම අප කියා සිටියේ මෙයයි: “සමාජීය ඛේදවාචකයක් අවස්ථාවක වින්දිතයින් මෙලෙස මානසික පීඩනයකට මෙන්ම අවමානයට සහ කොන් කිරීමට හේතු වන මෙම කණගාටුදායක ප්‍රවණතාවය නිසා කම්පනයටත් වේදනාවටත් පත්ව සිටිමු.”

    සම්පූර්ණ ප්‍රකාශය මෙතැනින්:https://bit.ly/2GVMNYB

    මෙවැනි චරියා Facebook වැනි සමාජ මාධ්‍යවලද දැකිය හැකි නමුත්, එවැනි වේදිකාවල නොයෙක් පුද්ගලයන් කරන ආගිය කතාවලට බෙහෙවින් වැඩි වගකීම් සහගත හැසිරීමක් අපි මහා මාධ්‍යවලින් අපේක්ෂා කරනවා.

    මුද්‍රිත මාධ්‍යවලට නම් ආචාර ධර්ම මාලාවක් තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා කර්තෘ සංසදය විසින් සම්පාදනය කරනු ලැබ, අවසන් වරට 2015 සංශෝධනයට ලක් වූ මාධ්‍ය වෘත්තිය ප්‍රතිපත්ති (ආචාර ධර්ම) සංග්‍රහයයි. https://bit.ly/3bdJ95z

    ශ්‍රී ලංකාවේ රේඩියෝ සහ ටෙලිවිෂන් මාධ්‍ය ආයතනවලට පොදු මාධ්‍ය ආචාරධර්ම මාලාවක් නැහැ. විද්‍යුත් මාධ්‍ය හරහා අගතියට පත් කෙනෙකුට පැමිණිල්ලක් කරන්නට හෝ සහනයක් පතන්නට කිසිදු යාන්ත්‍රණයක් ඇත්තේ ද නැහැ.

    වත්මන් වසංගත වාර්තාකරණයේදී මගපෙන්වීම ලද හැකි, 2020 අප්‍රේල් මාසයේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ COVID-19 සම්බන්ධ වාර්තාකරණයේදී භාවිත කළ යුතු නිර්දේශ’ මාලාවක් තිබෙනවා. සමහර මාධ්‍ය ආයතන ඒවා අමු අමුවේ උල්ලංඝණය කරනවා.

    ඔක්තෝබර් 11 වනදා සියලුම මාධ්‍ය ආයතන ප්‍රධානීන් වෙත විවෘත ලිපියක් ලියමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව ඉල්ලා සිටියේ COVID-19 සම්බන්ධයෙන් පුවත් වාර්තාකරණයේ දී වඩා වගකීම් සහගතව ක්‍රියා කරන ලෙසයි.

    එහි මෙසේ ද සඳහන් වුණා: “…වෛරසය ආසාදිත හෝ නිරෝධායනයට ලක් කරන හෝ පුද්ගලයන් පිළිබඳව ප්‍රවෘත්ති වාර්තාකරණයේ දී ඇතැම් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ මෙම පුද්ගලයන් නිරෝධායනය හෝ රෝහල් ගත කිරීම සඳහා රැගෙන යන ආකාරය, ඔවුන්ගේ නිවාස හෝ ආශ්‍රීත පරිසරය ආදී එම පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වයට හානි වන අන්දමේ දර්ශන විකාශය කිරීම දිගටම සිදු කෙරෙන බව නිරීක්ෂණය වේ. එමෙන්ම ඇතැම් අවස්ථාවන්හිදී රෝගීන් හා ආශ්‍රීතයින් යනු සමාජ විරෝධීන් ලෙස හැඟෙන ආකාරයට ඇතැම් මාධ්‍ය මඟින් කරුණු ඉදිරිපත් කරනු දැකිය හැකිය.”

    මෙම අශිෂ්ට මාධ්‍යකරණයේ බිහිසුණු ආදීනව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා සාවධානව මෙසේ පෙන්වා දුන්නා: “මෙවැනි දර්ශන විකාශය කිරීම මගින් ජනතාව නිසි ලෙස දැනුවත් කිරීමේ කාර්යයට ඵලදායී දායකත්වයක් නොලැබෙන අතර, සිය පෞද්ගලිකත්වයට හානි වන දර්ශන සමාජගත වීමේ අවදානම නිසා යම් පුද්ගලයන් ප්‍රතිකාර හෝ නිරෝධායනය සඳහා ඉදිරිපත් නොවීමේ අවස්ථාද එළඹිය හැකිය”

    ශ්‍රී ලංකා තරුණ ජනමාධ්යවේදීන්ගේ සංගමය ද මේ ගැන නිවේදනයක් නිකුත් කරමින් එම කරුණම අවධාරණය කළා: “රෝගය ආසාදනය වූවන් ඉදිරිපත් නොවීමට සහ ඉදිරිපත් වීමට බියක් දැක්වීමට ප්‍රධානම හේතුව ජනමාධ්‍ය මගින් COVID-19 ආසාධිතයන් අපරාධකරුවන් සේ සලකා කරන වාර්තා කිරීම සහ ඔවුන්ගේ පෞද්ගලිකත්වයට හානියක් වන ආකාරයට වාර්තා කිරීම බව අපගේ විශ්වාසයයි.”

    ජනමාධ්‍ය ප්‍රවීනයන් සහ දශක ගනන් අත්දැකීම් ඇති සමහර කතුවරුන් මාධ්‍ය ආචාරධර්ම අමු අමුවේ දිනපතා කඩන විට, තරුණ මාධ්‍යවේදීන් මෙසේ හඬ නැගීම ප්‍රශංසනීයයි.

    තරුණ ජනමාධ්‍යවේදීන් තව දුරටත් පෙන්වා දුන්නේ මෙයයි: “COVID-19 ආසාදිතයන් සහ ආසාදනය වූවායැයි සැක කරන පුද්ගලයන් සම්බන්ධයෙන් පසුගිය මාර්තු මාසයේ සිටම ඇතැම් ජනමාධ්‍ය වාර්තා කළේ ආසාදිතයන් වැරදිකරුවන්යැයි යන හැඟීම මහජනතාවට ඇති වන අයුරින් සහ ඔවුන්ගේ පෞද්ගලිකත්වයට හානි වන අයුරින්ය. මීට පෙර කොරෝනා බෝ කරන්නේ එක්තරා ජාතියකට අයත් පිරිසක් බවට ඒත්තු ගැන්වීමට පසුගිය මාර්තු සහ අප්‍රේල් මාසවල ව්‍යාජ පුවත් පවා ඇතැම් ජනමාධ්‍ය වාර්තා කළ අතර එය සමාජයේ දැඩි කතාබහකට ලක් විය.”

    සම්පූර්ණ ප්‍රකාශය මෙතැනින්: http://bit.ly/3nR1T20

    ප්‍රකාශන නිදහසේ ම දිගුවක් වන මාධ්‍ය නිදහස දිවා රාත්‍රී භුක්ති විඳින අතර, වගකීම් සහගතව සහ ශිෂ්ට සම්පන්නව ක්‍රියා කිරීමට සමහර විද්‍යුත් මාධ්‍යවේදීන් සහ කතුවරුන් දිගටම අසමත් වන්නේ ඇයි?

    මේ ගැන සාකච්ඡා කරන හැම විටකම මෙයට බලපාන නොයෙක් ව්‍යුහමය සාධක මතු කෙරෙනවා. ග්‍රාහක පිරිස වැඩි කර ගන්න මාධ්‍ය අතර තිබෙන දැඩි තරගකාරීත්වය (විශේෂයෙන්ම විiුත් මාධ්‍යවල රේටින් පොරය), ප්‍රාග්ධනය සහ හිමිකාරීත්වය වැනි සාධක පසුබිමේ තිබෙන බව ඇත්තයි.

    එහෙත් අපේම සහෝදර පුරවැසියන් ගැන පරපීඩකයන් හැටියට ක්‍රියා කරමින් නිර්දය ලෙසින් මාධ්‍යකරණයේ යෙදීම ගැන ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට මෙන්ම මාධ්‍ය ප්‍රධාන කාර්යාලවල තීරක මට්ටමේ සිටින කතුවරුන්ට සහ පුවත් අධ්‍යක්ෂකවරුන්ට කිසිම ලැජ්ජාවක් හෝ කම්පනයක් නොමැතිද?

    මා මින් පෙර කිහිප අවස්ථාවක පෙන්වා දී ඇති පරිදි, ආචාරධර්ම කඩමින් සිදු කරන අශිෂ්ට මාධ්‍යකරණයේ වගකීම මුළුමනින්ම මාධ්‍ය හිමිකරුවාට හෝ වෙළඳපොළට හෝ පැවරීමට නොහැකියි. එසේම රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේම මාධ්‍ය මේ වැරදි දැන දැන කරනවා.

    පරමාදර්ශී මාධ්‍යකරණයක යෙදීමට අවශ්‍ය සියලු සාධක සපුරා ගත නොහැකි වුවත්, සිය හෘදය සාක්ෂියට එකඟව හැකි තාක් වෘත්තීය මට්ටමින් වැඩ කිරීමට යම් ඉඩක් තවමත් සොයා ගත හැකියි. එසේ කරන මාධ්‍යවේදීන් සහ මාධ්‍යවේදිනියන් ටික දෙනකු ගැන මා දන්නවා.

    මේ දුෂ්කර අවස්ථාවේ, තමන්ට වෛරස් ආසාදනය වීමේ අවදානමද නොතකා වසංගතය පිළිබඳව වගකීම් සහගතව වැඩ කරමින් සිටින මාධ්‍ය වෘත්තිකයන්ට අපි ප්‍රණාමය පුද කරමු.

    එහෙත් කිරි කළයකට ගොම ටිකක් එකතු වුණත් සමස්ත කිරි කළයම අපතේ යනවා වගේ ජනමාධ්‍ය තක්කඩියන් කරන අමන වැඩ නිසා මුළු මාධ්‍ය ප්‍රජාවම මේ දිනවල දැඩි මහජන අප්‍රසාදයට ලක් වී සිටිනවා.

    මේ කර්මාන්තය තුළ උඩුගම් බලා පිහිනීමට නොහැකි නම් (මෑතකදී එවැනි දුර්ලභ මාධ්‍යවේදීන් කිහිප දෙනකු කළාක් මෙන්) මහා මාධ්‍ය කසල ගොඬේ දිගටම ලැග නොසිට ආත්ම ගරුත්වය රැක ගෙන නික්ම යා හැකියි.

    එසේ නික්ම ගිය සමහරුන් මේ වන විට කුඩා පරිමාණයෙන් ප්‍රමිතිගත ඩිජිටල් මාධ්‍ය කලාවක නිරත වෙනවා. මාධ්‍ය කලාවේ අනාගත පැතුම ඇත්තේ එතැනයි.

    මෙය මාධ්‍යවේදීන්ගේ හැදියාව සහ ශිෂ්ට සම්පන්න බව උරගා බැලෙන අවස්ථාවක්. ලක් සමාජයේ තිබෙන අධිපතිවාදය සහ පරපීඩක නැඹුරුව එලෙසින්ම ජනමාධ්‍ය ආයතනවල සහ එම කර්මාන්තයේ නිරත පුද්ගලයන් තුළත් හමු වනවා.

    වින්දිතයාට හා පීඩිතයාට දත නියවීම සහ දිගින් දිගට පහරදීම ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය පටන් ගත්තේ අද ඊයේ නොවෙයි. වාර්ගික සහ ආගමික සුළුතරයන්, වතුකරයේ ප්‍රජාවන්, HIV ආසාදිතයන්, ලිංගික ශ්‍රමිකයන් වැනි සමාජයේ පීඩිත ස්ථරයන් සහ පිරිස් තව තවත් පීඩාවට පත් කරන්නට අපේ සමහර මාධ්‍ය හරි හපන්.

    මේවා කෙතරම් විවේචනය කළත් ජනමාධ්‍ය කසල ගොඩින් අත්මිදීමට බොහෝ අයට උවමනාවක් නැති පාටයි. ඒ නිසා වෙනත් ආකාරයක ප්‍රවේශයක් මා කල්පනා කළා.

    කර්තෘ සංසදය වාර්ෂිකව මෙරට මුද්‍රිත මාධ්‍යයට අදාළව විශිෂ්ටතා සම්මාන පිරිනමනවා. 2019 වර්ෂයේ මාධ්‍යකරණය සඳහා සම්මානවලට අයදුම්පත් කැඳවන දැන්වීම් මේ දිනවල පුවත්පත්වල පළ වී තිබෙනු දැකිය හැකියි.

    පොදු උන්නතිය වෙනුවෙන් අවංකවම කැප වී, ජනමාධ්‍ය ආචාර ධර්ම ද රකිමින් ක්‍රියා කරන මාධ්‍ය වෘත්තිකයන් ටික දෙනා ඇගයීමට ලක් කිරීම වැදගත්. එහෙත් බහුතරයක් ජනමාධ්‍ය අයාලෙ යමින් සිටින අද කාලයේ, අශිෂ්ටතම ජනමාධ්‍යකරණය සම්බන්ධයෙන්ද යම් තේරීමක් කළ හැකියි!

    එවැනි බක-සම්මාන පිරිනැමීමකදී නොයෙක් ආකාරයේ ජනමාධ්‍ය නොපනත්කම් සැලකිල්ලට ගත යුතුයි. මට හිතෙන බක-සම්මාන කිහිපයක් මෙන්න:
    ■ වර්ෂයේ අමානුෂිකම පරපීඩක වාර්තාකරණයට
    ■ පට්ටපල් බොරු වැඩිම සංඛ්‍යාවක් ප්‍රධාන ප්‍රවෘත්තිය ලෙස ඉදිරිපත් කිරීමට
    ■ වර්ෂයේ අශිෂ්ටතම සිරස්තල නිර්මාණයට
    ■ දිගින් දිගටම කාන්තා විරෝධී ලෙසින් බස හැසිරවීමට
    ■ මනුෂ්‍යත්වයට මුළුමනින්ම එරෙහි වන පුවත් සේයාරූකරණයට
    ■ නිවට නියාලු ලෙස මාධ්‍ය හැසිරවීම සඳහා වැඩිපුරම හැකියාව පෙන්වූ කතුවරයාට
    ■ වර්ෂයේ අශිෂ්ටතම පුවත්පත, ටෙලිවිෂන් නාලිකාව හා රේඩියෝ නාලිකාව
    ■ වැඩිම වාරයක් මාධ්‍ය ආචාරධර්ම කඩ කිරීමට සමත් වූ මාධ්‍යයට
    ■ අවඥාව, අසංවේදී බව සහ අමනෝඥ බව හොඳින්ම මූර්තිමත් කරන නිවේදකයාට
    ■ අන් අයට ආචාරධර්ම නිර්දේශ කරමින් තමන් ඒවා නිතිපතා කඩ කරන කතුවරයාට

    තවත් ජනමාධ්‍ය අශිෂ්ටතා සම්මාන ඔබටත් යෝජනා කළ හැකි වේවි. සම්මානලාභීන් තෝරා ගන්නේ කොහොමද?

    ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන තෝරන්නේ කර්තෘ සංසදය පත්කරන කිහිප දෙනකුගේ විනිශ්චය මණ්ඩලයක් විසින්. එහෙත් අශිෂ්ටතම ජනමාධ්‍යකරණයට දෙන බක-සම්මාන සඳහා එම මාධ්‍ය නොපනත්කම්වලින් සංවේගයට හෝ කෝපයට පත් මාධ්‍ය ග්‍රහකයන්ගෙන් නාමයෝජනා කැඳවා, ඔවුන්ගේම වැඩි ඡන්දයෙන් (වැඩි අමනාපයෙන්?) බක-සම්මානලාභීන් තෝරා ගත හැකියි.

    කාටුනය: The Morning පුවත්පතේ කාටුන් ශිල්පී ආර්. සී. ප්‍රදීප්කුමාර් විසින්

    කාලීන හා ජාතික අවශ්‍යතාව සලකා 2020 ඔක්තෝබර් 18 වැනි දින රාවය ඊ පුවත්පතින් උපුටා ගෙන සම්පූර්ණයෙන්ම පළ කරන ලදි – ප්‍රධාන සංස්කාරක

  • ආණ්ඩුවේ හක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස්

    ආණ්ඩුවේ හක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස්

    ටිරන් කුමාර බංගගමආරච්චි

    පළමුවර කොරෝනා මෙරටට ආවේ නොදැනුවත්කම හෝ අතපසුව හෝ කුමන හේතු මත හෝ විදේශිකයන් හරහාය. එහෙත් එය ලොකුවට වර්ධනය වන්නට ඉඩ නොදී මර්දනය කර ගන්නට ආණ්ඩුව සමත් විය. එය අගය කළ යුතුය.
    ඒ කෙටි කාලය තුළත් ආණ්ඩුව කොරෝනා බෝ කළැයි එළිපිටම ඉතාලියෙන් ආ මෙරට අයට බැන්නේය.

    ඉතාලියෙන් ආ අය කොරෝනා බෝ කරමින් පාටි දමනවා යැයි ආණ්ඩුව කියද්දී රටේ ඉතිරි ජනයා ඒ අය දෙස බැලුවේ දැඩි වෛරයෙනි. එහෙත් ඉතාලියේ සිට ආ අය හෝ ඒ අය විසූ පැතිවල කොරෝනා රෝගීන් හමුවූයේ ඉතා අල්පවය.

    ඉන්පසු ඇමති අලුත්ගමගේ ප්‍රසිද්ධියේ කීවේ “දැන් බලන්න. අද දවසේ මේ ආසාදනයන්ට ලක්වෙච්ච රෝගීන් සංඛ්‍යාව විස්සයි. ඒකෙන් 19 දෙනෙක්ම මුස්ලිම් බැතිමතුන්. අද මේ වෛරසය පාලනය කරන්න බැරිවෙලා තියෙන්නේ මේ අය නිසයි.” මේ රටේ ඇමතිවරයෙක් සිංහලයන්ට අවුරුදු කන්න බැරි වුණ හේතුව එදා හෙලිකර ගත් හැටිය. බහුතර සිංහලයෝ මුස්ලිම් අයට වෛර කරන්න ගත්තේ මුස්ලිම් විරසකය තවත් ඉහළට ගනිමිනි. ඉන්පසු සමාජයේ ප්‍රචලිත වූයේ මුස්ලිම් පිරිස් ඕනෑකමින්ම මෙම වෛරසය පතුරුවාලන බවය. ආණ්ඩුවේ අංක එකේ මුඛරියෙක් වන මහින්දානන්ද කියූ පසු අනෙක් කතා මොනාද පන්නයට කතාව ලියලා වැඩුණේය. එහෙත් අවසානයේ මුස්ලිම් අයට වෛරසය වැලඳුණු ප්‍රමාණය ඉතා අල්ප විය.

    ප්‍රශ්නය එය නොවේ. කන්න ඕනෑ වෙලාවට කබරගොයත් තලගොයා කරන මේ ආණ්ඩුව අද කොරෝනා දෙවැනි රැල්ල උච්චම වෙමින් පවතිද්දීත් එය ලංකාවට ගෙනත් බෝ කළ බ්‍රැන්ඩික්ස් ලොක්කාට එරෙහිව වචනයක්වත් නොකීමය. ඉතාම හොඳට කොරෝනා පාලනය කළ ලෝකයේ දෙවැනි රට ලෙස ආඩම්බරයෙන් උදම් ඇනූ ලංකාවට කොරෝනා ගෙනවිත් ව්‍යාප්ත කළ ඔමාර් අස්රෆ්ට මේ ආණ්ඩුවේ කිසිවකු වචනයක්වත් නොකියන්නේ ඇයි? මහින්දානන්ද අලුත්ගමගේ එදා කතාව කිවයුත්තේ අද නොවේද? එදා වීරයා වූ ඔහු අද නිවටයා වී ඇත්තේ ඇයි?
    ලංකාවේ දේශපාලනය තුළ ජාතිය, ආගම, කුලය කුමන දේවල් පෙරට ගෙන ඡන්දය ඉල්ලුවද අවසානයේ රට කරවනුයේ ව්‍යාපාරික ඕනෑඑපාකම් මතය. ජනතා කැමැත්ත ගන්නට දේශපාලකයෝ කොතරම් මුදල් වියදම් කරනවාද? ඒ කාගේ මුදල්ද? අපි ජනතාව ලෙස රැවටෙනුයේ ඒ අයගේ මතවාදවලට නොව, ඒ අය වියදම් කොට පෙන්වන මායම්වලටය. ඒ මුදල් එනුයේ මෙරට සිටින මහා පරිමාණයේ ව්‍යාපාරිකයන්ගෙන්ය.

    පාස්කු ප්‍රහාරයට බදියුදීන්ලා දඟ ගෙයි යැවිය යුතුමයි කියන කාදිනල්තුමාට කොරෝනා රැල්ල ඇති කළ ඔමාර් අස්රෆ් ගැන වචනයක් කිව නොහැක්කේ ඇයි? සියල්ල ධනය බලය මත පතබෑවෙන නිසාද?

    බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයන්ට බැණ වැදුණු අය ඉන්දියාවේ සිට කොරෝනා ගෙනා එහි ලොක්කාට බැණ නොවදින්නේ ඇයි? මේ දෙවැනි කොරෝනා රැල්ල මුදලට තණ්හාවෙන්ම බලෙන් රැගෙන ඒමකි.

    එදා ගෝඨාභය දිනවන්නට විශාල වශයෙන් මුදල් දැමූ අය අතර පෙරමුණේම සිටින අයෙක් ලෙස ඔමාර් අස්රෆ් හැඳින්විය හැකිය. ඔහු මීට පෙර එජාපයේ ජයග්‍රහණවලට මුදල් යෙදෙව්වෙකි. එහෙත් එජාපයෙන් ගැලවී රාජපක්ෂලා ළඟට ගිය මිලින්ද මොරගොඩගේ මාර්ගයෙන් ඔමාර් අස්රෆ්ද රාජපක්ෂලාට හේත්තු විය. ඒ ඔහු මිලින්දගේ ළඟ හිතවතකු වීම නිසාය. වියත් මග තුළවත් නොලැග්ග මිලින්ද ගෝඨාට නැතිවම බැරි මිනිසෙක් වූයේ වියත් මගටත් ඉහළින් සිටිමින් අවශ්‍ය ධනස්කන්ධය සෙවූ පුරෝගාමියා මිලින්ද වූ නිසාය. විමල් වීරවංශ වැනි කයිවාරුකාරයන් සියයක් සොයා ගත හැකි වුවත්, මිලින්ද ගෝඨාට ළං කළ ව්‍යාපාරිකයන් දහදෙනකු සොයා ගැනීම ලේසි පහසු නැති බව ජනපති හොඳාකාරවම දන්නේය. ඒ නිසා මිලින්ද තැබිය හැකි ඉහළම තැන තැබුවේය.

    එමෙන්ම ඔමාර්ටත් අවැසි ඕනෑම දෙයක් කරන්නට ජනපති එකෙන්ම සිටියේය. මේ කොරෝනා දෙවැනි රැල්ල එහි ප්‍රතිඵලය. ඔමාර් පවුලට අයත් බ්‍රැන්ඩික්ස් ආයතනයේ ප්‍රධානියා ඔමාර් අස්රෆ්ය. ඔහුට මෙරට පුරාම ව්‍යාප්ත බ්‍රැන්ඩික්ස් ජාලයක්ම ඇත. එමෙන්ම ඉන්දියාවේද බ්‍රැන්ඩික්ස් ආයතනයක් ඇත. එය මහින්ද ආණ්ඩු සමයේ දැමූවකි. එහි ප්‍රධාන ආරාධිතයා වූයේ ජී.එල්. පීරිස්ය.

    ඉන්දියාව පුරා කොවිඞ් ව්‍යාප්තිය ශීඝ්‍ර ලෙස පැතිරෙන බැවින් ඉන්දීය බ්‍රැන්ඩික්ස් ආයතනයට පැමිණි ඇණවුම සපුරාලීමට නොහැකි විය. (බ්‍රැන්ඩික්ස් ආයතනයේ සියලු නිෂ්පාදන යුරෝපීය අවශ්‍යතා වෙනුවෙන් සපුරාලන්නේය.) ඒ අනුව එම හදිසි ඕඩරය සපුරාලීම ලංකාවේ බ්‍රැන්ඩික්ස් ආයතනය හරහා කිරීමට ඔමාර් තීරණය කරන්නේය.
    ඉන්දියාවේ සාම්පල සහ ඒවා පිළිබඳ ප්‍රවීණයන් මෙරටට එනුයේ ඒ ගැන මෙරට සේවකයන් දැනුවත් කරන්නටය. පෞද්ගලික ගුවන් යානා හරහා මත්තලට ගොඩබාන්නේ ඒ අයය.

    මෙරට පවතින රාමුව නම් පිටරටින් එන අය දින 14ක් නිරෝධායනය කොට ඒ අය නිවසේද තව සති දෙකක් නිරෝධායනය විය යුතුය යන්නය. එහෙත් එතරම් කාලයක් දිග් ගැස්සුණහොත් මේ හදිසි ඇණවුම් ලබාදිය නොහැකිය.

    ඒ නිසා ඔමාර්ට ජනපතිට දුන් සහයේ ප්‍රතිඵල ඕනෑ වන්නේය. එහි ප්‍රතිඵල ලෙස කිසිදු නිරෝධායනයකින් තොරව ඉන්දියානුවෝ බ්‍රැන්ඩික්ස් ආයතනවලට පැමිණියහ. මේ දෙවැනි රැල්ල ව්‍යාප්ත වන්නේ එලෙසය. එහෙත් ජනමාධ්‍ය මෙන්ම ආණ්ඩුවත් මුලදී බැණ වැදුණේ බ්‍රැන්ඩික්ස් ආයතනයේ මුලින්ම වෛරසය ආසාදනය වූ කාන්තාවටය. ඇයගේ චරිතය පවා කෙලෙසුවාය. ආණ්ඩුවද හරි උජාරුවට එය ව්‍යාප්ත කළේය. එහෙත් දැන් සියල්ල සිදුවී ඇත්තේ ආණ්ඩුවේ වරදින් තම පැවැත්මට මුදල් දුන් අයට උදව් කරන්නට ගොස් බව වැටහුණු පසු කිසිදු කතාවක් නැතිව කරබාගෙන සිටිති. මේ දෙබිඩි ප්‍රතිපත්තිය කුමක්ද?

    යහපාලනය තිබුණා නම් අද රට පුරා කොවිඞ් කිව් අය අද කෝ? අද රට පුරා කොවිඞ් නැද්ද? රාජපක්ෂලාත් මෙරට ව්‍යාපාරිකයන්ගේ මෙන්ම ජාත්‍යන්තර රූකඩය. එය රනිල්ගේ විතරක් දැක්කේ රාජපක්ෂලා සිවුරට මුවාවී ඇති නිසාය. ආණ්ඩුවේ සිටින ජාති හිතෛෂීන් අද කෝ? බදියුදීන්ගේ සහෝදරයා නිදහස් කළා යැයි ලියුම් ලියන මන්ත්‍රීවරු කොරෝනා දෙවැනි රැල්ල නිර්මාණය කළ ඔමාර්ට එරෙහිව අත්සන් සියයක් එකතු නොකරන්නේ ඇයි? ජනතාව මේ ව්‍යාජයන් ප්‍රමාද වී හෝ හඳුනා ගත යුතුය. රාජපක්ෂලා කළේම රට කොටවන එකය. ජාති ආගම්වලට කඩන එකය. ඒ අයට මුස්ලිම් කොටසක් නරකය. අලි සබි්‍රලා, ඔමාර්ලා හොඳය. ඔමාර් කොරෝනා ව්‍යාප්ත කළද අද රාජපක්ෂලාට වචනයක් කිව නොහැකිය. ජනතාවට ඒ ගැන හිතා ගන්නටත් බැරිය. මේ තමන් ඇදහූ ආණ්ඩුවයය. මේ ආණ්ඩුවේ ඇත්තේ හක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස්ය. මේ තත්ත්වය ඉදිරියේදී මීට වඩා හොඳට දැකගත හැකිය.

    චීනයෙන් පමණක් නොව අපට ඉන්දියාවෙන්ද කොරෝනා ලැබුණි. මේ ආණ්ඩුව දැඩිව විශ්වාස කරනුයේ තමන්ට චීනය සහ ඉන්දියාව සිටින නිසා බිය විය යුතු නැති බවය. ඒ අයට බියක් නැතත් මේ දෙකේම බිය ඉදිරියෙහි අත්විඳින්න වනුයේ ජනතාවටය. ජනතාව උපරිම පරිස්සමට ඉද්දී ආණ්ඩුව ඉන්දියාවෙන් කොරෝනා ගෙනවිත් නැවත ජනතාවට බෝ කළේය. තමාට බලයට එන්නට මුදල් පොම්ප කළ ව්‍යාපාරිකයන්ට නීතිය නැවීම නිසා අද රටම අගාධයට හෙළා ඇත. එහෙත් ඒ තත්ත්වයන් නිවැරදිව දකින්නට ජනතාවට තවම නොහැකිය. ඒ අය ඇත්තේ තවම රාජපක්ෂලාගේ මෝහනයට ලක්වය.

    ඉතාම අපහසු වුවත් ජනතාව ලෙස සිය උපරිම ආරක්ෂාව සපුරාගෙන මේ වෛරසයෙන් මිදීමට වග බලා ගත යුත්තේ එහි නරක ප්‍රතිඵලත් තමන්ටම වන බැවිනි. අප දකිනුයේ කොවිඞ් කියූ සැණින් කුදලාගෙන යෑම් පමණි. ඒ හරහා අබල දුබල වන ජීවන රටාව කාට හෝ නොපෙනේ.

    ආණ්ඩුව කළේ නිතර මිනිසුන්ට බැණ වදිමින් මිනිසුන්ට නඩු දමමින් කොරෝනා පාලනය කිරීමට ජනතාවම බිත්තියට හේත්තු කිරීමය. මුහුණු ආවරණ නැති අයට දඩ ගහන ආණ්ඩුව කොරෝනා මෙරටට ගෙනා අයට දඩ දැම්මේ ඡන්දයට පෙර නිසාදෝ අද මුනිවත රකී. ආණ්ඩුව පිහිටුවන්නට ව්‍යාපාරිකයන්ගෙන් ගත් දඩවලට වන්දි ගෙවන්නට සිදුව ඇත්තේ ජනතාවටය. මේ උපරිම ලබාදී පිහිටුවා ගත් ආණ්ඩුව නිසා ආණ්ඩුව දෙන්නේ නම් කොරෝනා වුවත් සතුටින් බාර ගැනීමට ජනතාව සැදී පැහැදී සිටිය යුතුය. මෙය තනිකරම එම අදහසෙහි පිහිටුවා කළ දෙයකි. පාර්ලිමේන්තුවේ අයට කොරෝනා හැදෙන්නේ නැත්නම් ජනතාවට හෙණ ගැහැව්වම මොකද? ■

    2020 ඔක්තෝබර් 18 වැනි දින ‘රාවය‘ ඊ පුවත්පතින් සම්පූර්ණයෙන්ම උපුටා ගන්නා ලදි – ප්‍රධාන සංස්කාරක

  • ඇඟලුම් සේවිකාවන් ත්‍රස්තවාදීන් කළ මහ රෑ හමුදා මෙහෙයුම

    ඇඟලුම් සේවිකාවන් ත්‍රස්තවාදීන් කළ මහ රෑ හමුදා මෙහෙයුම

    ඉඳුනිල් උස්ගොඩ ආරච්චි


    චීනයේ සිට මෙරටට පැමිණි කාන්තාවකට කොවිඞ් 19 ආසාදිතව රෝහල්ගතව සිටීමත් සුවය ලැබූ ඇගේ පිටත්ව යෑමත් උත්කර්ෂවත් ලෙස හා හැඟීම්බරව සැමරූ මෙරට පාලකයන් දැන් මෙරට ඇඟලුම් සේවක සේවිකාවන්ට සලකන්නේ ඊට හාත්පසින්ම වෙනස් අයුරිනි. චීන ජාතික කාන්තාවට මල් මිටක් දී මුහුණ සිඹ ඉතා ආදර ගෞරව දැක්වූ රටක් අද ලංකාවේ ම ඇඟලුම් සේවක සේවිකාවන් රැගෙන යන්නේ ආයුධ සන්නද්ධව විත් ත්‍රස්තවාදීන් පිරිසක් රැගෙන යන ලෙසිනි. රට තුළ විශාල කොවිඞ් ආසාදිත පොකුරක් බවට පත් වූ ඇඟලුම් කර්මාන්තශාලාවල සේවයේ නියුතුවූවන් එබැවින් මේ වන විට මැදිව සිටින්නේ ඉතාම දුක්ඛිත තත්ත්වයකටය.


    අපරාධකරුවන් සේ රැගෙන යෑම


    “රෑ දොළහට විතර අපේ බෝඩිංවලට හමුදාවෙන් ඇවිත් දොරවල්වලට ගහලා අපිව ඇහැරෙව්වා. අපේ බෝඩිමේ කට්ටිය 53ක් හිටියා. කාමරවල ඉන්න ඔක්කෝම එළියට එන්න හැංගෙන්න එපා කියාලා අපිට කිව්වා. එක්කෙනෙක්වත් පැනලා යන්න හදන්න එපා හමුදාවෙන් වට කරලා තියෙන්නේ කිව්වා. ඒ අය අපිට කතා කළේ ජාතික අපරාධයක් කළ අයට වගෙයි. අපි හිතුවේ අපිට සෞඛ්‍ය උපදෙස් දෙන්න ඇවිත් කියලායි. රෑ අපිව කුදලගෙන යන්න ඇවිත් කියලා අපි හිතුවේ නැහැ. ඔක්කෝම තත්පරෙන් යන්න ලෑස්තිවෙන්න කියලා කිව්වා. අපිට ලෑස්ති වෙන්න වෙලාවක්වත් දුන්නේ නැහැ. රෑ දොළහමාර වෙද්දී අපිව බස්වල පටවාගෙන ආවා. ඕනෑ ඇඳුම් ටිකවත් හරියට ගන්න බැරි වුණා.” කටුනායක ඇඟලුම් කම්හල්වල සේවය කළ සේවක සේවිකාවන් පිරිසක් ඇවරිවත්ත ප්‍රදේශයේ බෝඩිංවලින් රැගෙන ගිය අයුරු එක් ඇඟලුම් සේවිකාවක් විස්තර කළේ එලෙසය. එසේ බසයක නංවාගත් එම පිරිසද රැගෙන කටුනායක, සීදුව, මීගමුව, අමන්දොළුව ආදී ප්‍රදේශවල සිටි තවත් සේවක සේවිකාවන් ද රැගෙන කටුනායකින් පිටත්ව ගොස් තිබුණේ පසුවදා පෙරවරු 5.30ට පමණය.


    කොවිඞ් රෝගීන් හා ආශ්‍රිතයන් පලා යෑම සම්බන්ධයෙන් හා සැඟවීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා කරන පිරිස් ඊට හේතුව කුමක් දැයි සාධාරණ ලෙස බැලිය යුතුව තිබේ. ආසාදිතයන් හෝ ආශ්‍රිතයන් රැගෙන යන ආයුධ සන්නද්ධ සෙබළුන්ගේ හැසිරීම ඔවුන්ට බිය උපදවන්නකි. එමෙන්ම එම ක්‍රියාවලිය සිදුවන්නේ ද අපරාධකාරී හැඟීමක් මේ ආසාදිතයන්ට හෝ ආශ්‍රිතයන් වූ අයට දැනෙන ලෙසය. ඔවුන් පවසන පරිදි ඒ රැගෙන යෑමේ ක්‍රියාවලියම ඉතා පීඩාකාරීය, කර්කෂය. ඉන් මිදී පලා යාම හෝ සැඟවීමට උත්සාහ කිරීම වඩා ආරක්ෂාකාරී යැයි මේ මිනිසුන්ට දැනීම ඉතාම ස්වභාවිකය.


    අපි මනුෂ්‍යන් නොවෙයිද?


    එලෙස එදින රැගෙන ගිය කණ්ඩායම කළුතර ප්‍රදේශයේ ස්ථානයකට රැගෙන ආ බව එහි එක් සේවිකාවක් පැවසුවාය. “දැන් අපි අන්ත අසරණ වෙලා ඉන්නේ. හරක් වගේ මෙහෙම ගාල් කරලා තියෙන්නේ අපි මිනිස්සු නෙවෙයිද. මේක ගොඩක් කාලයක් පාවිච්චියට ගත්තේ නැති ගොඩනැගිල්ලක්. මෙතැන දැන් ගොඩක් දෙනෙක්ට පාවිච්චි කරන්න තියෙන්නේ වැසිකිළි කීපයයි, ඒවාත් උතුරා යනවා, හරිම අපිරිසිදුයි. හැමතැනම අපිරිසිදුයි. මෙතැනට එද්දී ඩොක්ටර්ස්ලා නර්ස්ලා ඉන්න තැනකට අපිව ගෙනියනවා කියලා අපි හිතුවා. එහෙම කවුරුවත් මෙහේ නෑ. අපිට කිසිම පරීක්ෂණයක් කළේත් නෑ. දෙන කෑම කටේ තියන්නවත් බෑ. මෙහෙම ඉඳලා දවස් දාහතර ඉවරවෙද්දී අපිව දැඩි සත්කාර ඒකකයට දාන්න වේවි කියලා හිතෙනවා.” එම කණ්ඩායමේ දරුවන් කීපදෙනෙකු ද සිටින බව ඇය පැවසුවාය.


    ඔක්තෝබර් 11 වැනි දින රාත්‍රී 10.30ට පමණ හදිසියේම යුද හමුදාවෙන් පැමිණ කටුනායක ලියනගේමුල්ල ප්‍රදේශයේ නේවාසිකව සිටි ඇඟලුම් සේවක සේවික පිරිසක් ද එලෙසම රැගෙන ගොස් තිබුණි. ගර්භනී තත්ත්වයේ මවකගේ කතාව මෙවැන්නකි. “මට දරුවෙක් ලැබෙන්න ඉන්න නිසා මේ දවස්වල හිටියේ තනියම කටුනායක බෝඩිමෙයි. දරු ගැබට දැන් මාස හතක් වෙනවා. අල්ලපු බෝඩිමේ සේවිකාවක් කොවිඞ් පොසිටිව් නිසා අපිවත් නිරෝධායනයට ගෙනියනවා කියලා පෙරෙයිදා (09) රෑ හමුදාවෙන් ඇවිත් කිව්වා. අපිව බස් එකකට නග්ගාගෙන ඇවරිවත්තට ගිහින් එහෙනුත් තව කට්ටිය බස් එකට නග්ග ගත්තා. අපි එකසිය ගණනක් කට්ටිය නිරෝධායන මධ්‍යස්ථානයකට ගෙනාවා. අපිට සූදානම් වෙන්නවත් වෙලාවක් දුන්නෙ නැති නිසා ඕනෑ දේවල් ගේන්නත් බැරි වුණා. දරුවෝ කීපදෙනෙකුත් මේ කණ්ඩායමේ ඉන්නවා. මට නිතර දැන් බඩගිනි දැනෙනවා, ඒත් කන්න දෙයක් නැහැ, මෙතැනින් දෙන කෑම කොහොමත්ම කන්න බැහැ. අපිට කිසිම දෙයක් ගේන්න ඉඩක් ලැබුණේත් නැහැ. මෙතන වැසිකිළි හරිම අපිරිසිදුයි, ඒවාත් හැමෝම පාවිච්චි කරනවා, සබන් වුණත් කීපදෙනා පාවිච්චි කරනවා. නිරෝධායනයට පහසුකමක් මෙතැන නැහැ.”


    මේ අතර කටුනායක වෙළෙඳ කලාපයේ ඇඟලුම් සේවක සේවිකාවන්ට පීසීආර් පරීක්ෂණ සිදුකර ගැනීමට ඔක්තෝබර් 14 වන දින අමන්දොළුව විද්‍යාලයට උදෑසනින් පැමිණෙන ලෙස පොලිස් නිවේදන නිකුත් කර තිබුණි. එදින උදෑසන හය පමණ සිට එම විද්‍යාල භූමියට ඇඟලුම් සේවක සේවිකාවන් දහසකට වැඩි ගණනක් රැස්ව තිබුණි. උදෑසන නවය හමාරට පමණ මහජන සෞඛ්‍ය පරීක්ෂක හා තවත් නිලධාරීන් කීපදෙනෙකු පැමිණ නිවේදනයක් නිකුත් කර තිබුණේ ඇඟලුම් කම්හල් දෙකක සේවක සේවිකාවන් සහ රෝග ලක්ෂණ ඇති අය පමණක් රැඳී අනෙක් අයට නැවත නේවාසිකාගාර වෙත පිටත්ව යන ලෙසය. එලෙස පැමිණි එක් සේවිකාවක් ඉන්පසු සිදුවූ සිද්ධි දාමය අපට පැවසුවේ මෙලෙසය. “අපි බෝඩිමට ඇවිත් පැයක් වගේ යද්දී හමුදාවෙන් ආවා. පරක්කු වෙනවා කියලා අපිව හදිසියේම වගේ බස් එකට පටවා ගත්තා. ඒත් අන්තිමට මුළු දවසම ටවුන් එකේ රස්තියාදු කර කර තවත් අයව එකතු කර කර හිටියා. අපි බඩගින්නේ හරක් වගේ තියාගෙන හිටියා. බස් එක කටුනායකින් පිටත් වුණේ පහමාරත් පහුවෙලායි. දැන් වේයන්ගොඩ බස් ස්ටෑන්ඞ් එකේ නතර කරගෙන ඉන්නවා. මෙතැන කිරි දෙන අම්මලාත් ඉන්නවා. ඒ අය දරුවෝ එක්ක ඇවිත් ඉන්නවා. දරුවෝ තෙහෙට්ටුවට අඬනවා. සමහර අය ඊයේ රෑ කෑවට පස්සේ තාම කාලා නැහැ. උදේ උයපු බත් එක අපිට කන්න වුණේ නැහැ, පරක්කු වෙනවා කියලා කලබල කළ නිසා උයපු බත් එක හලලා අපි ආවා. අපිට මොකද කරන්නේ කොහේද ගෙනියන්නේ මොනවත් අපි දන්නේ නැහැ. අපි අහද්දී ඒ අයත් දන්නේ නැහැ කියනවා.” එම අවස්ථාවේ ඔවුන්ට බිස්කට් පැකට් එකක් හා කිරි පැකට් එකක් ලබාදීමට යුද හමුදාව කටයුතු කර තිබුණි. කොවිඞ් ආසාදිත බවට තහවුරු වූවන්ගේ ළඟම ආශ්‍රිතයන් ද එසේ නොවන අය ද කර්මාන්තශාලා කීපයක අයද එකටම රැගෙන යාම් සිදුවන බවත් ඒ අතර ආසාදිතයන් ද සිටිය හැකි බැවින් එය තවත් අයට වැළඳේ යැයි යන බියෙන් ද ඔවුහු පසුවූහ.


    මාධ්‍ය වගකීම ඉටු කරන්න


    ඒ අතර වෙනත් රෝගාබාධ සහිත අය ද සිටින බවත් ඔවුන්ට අවශ්‍ය ඖෂධ ආදිය ද රැගෙන ඒමට නොහැකි වූ බවත් ඒ පිරිස පැවසූහ. ඔවුන්ට අවශ්‍ය දේ මිල දී ගැනීමට පසුගිය දිනවල සිටම ප්‍රදේශයේ වෙළෙඳ සැලකටවත් යා නොහැකි තත්ත්වයක් උද්ගතව තිබූ බවත් බොහෝ දෙනා ඇඟලුම් සේවක සේවිකාවන් දෙස සැකයෙන් බයෙන් බැලීමට මෙන්ම ඇතැම්විට බැණ වැදී ගැරහීමට ද කටයුතු කළ බව ඔවුහු පැවසූහ. එම පරිසරය හැදීමේ වරදෙහි දැවැන්ත පංගුකාරීත්වයක් ඇතැම් ජනමාධ්‍ය ආයතනවලට ද තිබෙන්නේය. පසුගිය දිනක රජයේ රූපවාහිනී නාලිකාවක් පුවතක් වාර්තා කළේ, “අම්මගෙයි දුවගෙයි කොරෝනාව නිසා 2000කට පීසීආර්, 72කට දැනටමත් කොරෝනා” යනුවෙනි. තවත් ගුවන් විදුලි නාලිකාවක තරුණයෙක් හා තරුණියක් ඇඟලුම් සේවිකාවන් පොසිටිව් වීම සම්බන්ධයෙන් බියෙන් සිටින බවට අපහාසත්මක දෙබසක් හාස්‍යජනක ලෙස ඉදිරිපත් කර තිබුණේය. ඒ හා සමගාමීව සමාජ මාධ්‍ය ජාලවලද එවැනි අපහාසාත්මක දේ හුවමාරු වූයේය. ඇඟලුම් කම්හල්වල ශ්‍රමය දිය කරමින් මෙරටට විනිමය ඉපයීමේ මෙහෙවරෙහි යෙදෙන සේවක සේවිකාවන්ගේ ජීවිතවලට එල්ල වන්නේ එවැනි අමානුෂීය නින්දා අපහාසය. ඔවුන්ගේ ශ්‍රමය සූරාකමින් ලාභ ලබන දැවැන්ත කර්මාන්තශාලාවල හාම්පුතුන් ද මේ සේවක සේවිකාවන්ගේ ජීවිත නගාසිටුවීමට ඔවුන්ගේ සුභසාධනය පිළිබඳ කිසිදිනක එතරම් අවධානයක් යොමු කළේ නැත. මෙවන් ව්‍යසන හමුවේ ඔවුන්ගේ ජීවිත ආර්ථික, සමාජයීය ආදී සෑම අංශයකින්ම බිඳ වැටීමෙහි වගකීම ප්‍රධාන වශයෙන් ඔවුන් මත ද තිබෙන්නේය. එමෙන්ම තම රටේම පුරවැසියන්ගේ ජීවිත මෙවැනි තත්ත්වයකට ඇද වැටීමට ඉඩ දී තිබෙන හා ඔවුන්ගේ ගැටලුවල දී නිසි මැදිහත්වීමක් නොකරන මෙරට පාලකයන් ද මෙහි වගකීම ගත යුතුය.


    මේ යුද්ධය වෙනස්


    වෙළෙඳ කලාපයේ සේවක සේවිකාවන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් කටයුතු කරන සංවිධානයක් වන StandUp Movement Lanka හි කැඳවුම්කාරිය වන අශිලා දංදෙනිය ඇඟලුම් සේවක සේවිකාවන් මේ වන විට මුහුණ දෙන තත්ත්වය සම්බන්ධයෙන් රාවයට දැක්වූයේ මෙවන් අදහසකි. “මේක ඉතාමත්ම නරක ක්‍රමවේදයක්. සමහර වෙලාවට පොඞ්ඩ ඇත්නම් හමුදාවේ අය කුණුහරුප කියලා මේ සේවිකාවන්ට බැණලා තිබුණා. පොඩි දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් බස් එකට නගින්න ඇවිත් දරුවාගේ කිරිබෝතලයක් අමතක වීම නිසා ඒක නැවත ගන්න යද්දීත් අසභ්‍ය කතා කියලා තිබුණා. ආයුධත් අරගෙන ඇවිත් කිසිම චාරයක් නැති විධියට මේ අයව කුදලාගෙන යන්නේ ඇයි. ෆැක්ටි්‍ර වලින්වත් පීසීආර් කරගැනීමට හෝ මේ අය සම්බන්ධනේ කිසිම ක්‍රමවේදයක් නැහැ. රජය පැත්තෙන් කරගෙන යන්නේ සේවකයන් බිය වද්දන ක්‍රමවේදයක්. ඒක මේ අය කැමැත්තෙන් පීසීආර් පරීක්ෂණ වලටවත් නිරෝධායනයටවත් යන්න උනන්දු කරවන ක්‍රමවේදයක් නෙමෙයි. දැන් පාලනයක් නැතිව ක්‍රමවේදයක් නැතිව පිස්සෝ වගේ එකතු කරනවා. හොරු මංකොල්ලකාරයෝ ගෙනියනවා වගේ ගෙනියනවා. ඊට පස්සේ මිනිස්සු හැංගෙනවා කියලා කියනවා. හැංගෙන්නේ මේ ක්‍රමවේදය ඉතාම හිංසනකාරී නිසායි. එහෙම ප්‍රශ්න ගොඩක් මේ වෙලාවේ තියෙනවා. එකපාරට මෙවැනි දෙයක් සිදුවුණාම ධාරිතාවන් පිළිබඳ ආදී ප්‍රශ්න තියෙන්න පුළුවන් බව අපි දන්නවා. නමුත් අවම වශයෙන් මේ අය මනුෂ්‍යයෝ ලෙස සලකා කටයුතු කරන්න ඕනෑ. අඩුම වශයෙන් මේ කර්මාන්තශාලා ටික දින කීපයකට හෝ වසා දමා හෝ විධිමත් ක්‍රමයකට මේක කරන්න ඕනෑ.”


    කොවිඞ් ගෝලීය වසංගතයක් හා වෛරසයක් සම්බන්ධ සෞඛ්‍යමය කාරණයක් වුවද ඒ සම්බන්ධයෙන් ප්‍රධානත්වය ගනිමින් හා ජනතාවට ප්‍රකාශ නිකුත් කරන්නේ යුද හමුදාව හා පොලීසිය විසිනි. සෞඛ්‍ය අංශයට මෙවන් ගෝලීය වසංගතයක් හමුවේ තනිව කටයුතු කළ නොහැකි බව සැබෑය. ආරක්ෂක අංශවල සහාය ඊට ලැබිය යුතුය. එහෙත් මෙරට පැවති ආයුධ සන්නද්ධ යුද්ධයට වඩා මෙය හාත්පසින්ම වෙනස් වූ සෞඛ්‍යමය කාරණයක් බවත් ඊට විසඳුම් සෙවිය යුතු වන්නේ සෞඛ්‍ය සම්බන්ධයෙන් වන විද්‍යාත්මක ක්‍රමවේද මුල් කරගෙන බවත් පසුගිය යුද සමයේ මෙරට ආරක්ෂක ලේකම්වරයා ලෙසද කටයුතු කළ වත්මන් ජනාධිපතිවරයා ද ඇතුළු රාජපක්ෂ පාලනතන්ත්‍රයම තේරුම් ගත යුතුව තිබෙන්නේය. වගකීම ජනයා මතම පැවරෙන මොහොතට පෙර වහා අලුතෙන් සිතා පියවර ගත යුතුව තිබෙන්නේය. ■

    මේ ගෙනියන්නේ මිනිස්සු
    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ


    සමහර අය බස් එකට නැග්ගාට පස්සේවත් කොහේද යන්නේ කියලා දන්නේ නැහැ. මේ අරන් යන්නේ මිනිස්සු. බස් එකකට දාගනිද්දී කොහේද යන්නේ කියලාවත් දැනගන්න ඕනෑ. එවැනි දේවල් නිවැරදි විය යුතුයි. සමහර වෛද්‍යවරු පවා ගෙන ගිය ස්ථාන ගැන සෞඛ්‍ය අංශ දන්නේත් නැති තත්ත්වයක් තිබුණා.
    සමහර නිරෝධායන මධ්‍යස්ථාන සම්බන්ධයෙන් පැමිණිලි ලැබී තිබෙනවා. වැසිකිළි ප්‍රශ්න, පොදු ශාලාවල වැඩි ප්‍රමාණයක් රඳවා තැබීම, දුරස්ථභාවය පිළිබඳ ප්‍රශ්න, එම ස්ථානවල වෛද්‍යවරු නැහැ ආදී පැමිණිලි ලැබී තිබෙනවා. ඒවා හොඳ තත්ත්වයන් නෙමෙයි. නිරෝධායනය වෙන්න යන අය විශාල කැපකිරීමක් කරන්නේ, ඒ අයට වෙනත් විකල්පයක් නෑ. ඒ අයට අවශ්‍ය පහසුකම් සැපයීම බලධාරීන්ගේ වගකීමක්. ආරක්ෂක අංශවලට මේක තනියම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මිනිස්සුන්ගේ සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕනෑ. වෙනත් රෝග තිබෙන අයත් එම ස්ථානවල ඉන්නවා. නිරෝධායනය සඳහා රැගෙන යාම් මීට වඩා පාරදෘෂ්‍ය ආකාරයට විය යුතුයි. ■

    රෝගීවීම අපරාධයක් වෙලා
    ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය


    නිරෝධායන පනත යටතේ මහජන පරීක්ෂකවරුන්ට නිරෝධායනය කිරීම සඳහා බලය පැවරී තිබුණත් තවත් පාර්ශ්වයක් විසින් එය උල්ලංඝනය වන ආකාරයට කටයුතු කිරීමෙන් නිරෝධායනය විහිළුවක් බවට පත්වෙනවා. ඒ වගේම ආරක්ෂක අංශවලින් සිදුකරන රැගෙන යෑම් කොවිඞ් පැතිරීම වැළැක්වීමේ අරමුණින් වුණත් එය සිදුකරන ආකාරය නිසා මහජනතාවට ඒ ගැන විශ්වාසයක් නැති වීමත්, බියක් ඇතිවීමත් වෙනවා. යම් පාර්ශ්වයක් තමන් මේ දේ කළා කියලා මාධ්‍ය ඉදිරියට ඇවිත් කියනවාට වඩා මේක සාමූහිකව සිදුකිරීම වැදගත් වෙනවා. මිනිස්සු මේ රෝගය බලෙන් හදා ගන්නා දෙයක් නෙමෙයි. රෝගීවීම කියන්නේ සාමාන්‍ය තත්ත්වයක්. ජනතාවට මෙය අපරාධයක් ලෙස හැඟෙන ආකාරයට කටයුතු කිරීම සුදුසු නැහැ. ■

    ජාතික වශයෙන් ජනතාව දැනුවත් කිරීම අතිෂය වැදගත් හෙයින් 2020 ඔක්තෝබර් 18 වැනි දින රාවය ඊ පුවත්පතින් උපුටා ගන්නා ලදි. – ප්‍රධාන සංස්කාරක

  • යුද්ධ හමුදාධිපති ලීග් T20: Army Southern Warriors ජයගනී

    යුද්ධ හමුදාධිපති ලීග් T20: Army Southern Warriors ජයගනී

    කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තිය පාලනය කරනවාසේම ජන ජිවිතයේ එදිනෙදා කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යමින් (Live with COVID-19), ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති හා කොවිඩ්-19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව පැවැති ‘යුද්ධ හමුදාධිපති ලීග් විස්සයි විස්ස’ ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය සෙනසුරාදා (17) දින සන්ධ්‍යාවේ දොඹගොඩ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

    ඔක්තෝබර් මස 6 වන දින ආරම්භ වූ මෙම තරඟාවලියේ අවසන් මහා තරඟයට සීක්කූගේ ප්‍රසන්න ගේ නායකත්වයෙන් යුත් ‘Army Northern Warriors’ කණ්ඩායම සහ දිනේෂ් චන්දිමාල් ගේ නායකත්වයෙන් යුත් ‘Army Southern Warriors’ කණ්ඩායම සුදුසුකම් ලැබීය. යුද්ධ හමුදා ක්‍රිකට් කමිටුව විසින් සංවිධානය කරන ලද ‘යුද්ධ හමුදාධිපති ලීග් විස්සයි විස්ස’ ක්‍රිකට් තරඟාවලිය සඳහා පානදුර ‘සුපර් ෆැෂන්ස්’ ආයතනයේ අනුග්‍රහය මත සීක්කූගේ ප්‍රසන්න ගේ නායකත්වයෙන් යුත් ‘Army Northern Warriors’ කණ්ඩායම, ලංකා ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රීස් හා ප්‍රීමා ආයතනයේ සම අනුග්‍රහකත්වයෙන් අසේල ගුණරත්න ගේ නායකත්වයෙන් යුත් ‘Army Eastern Warriors’ කණ්ඩායම, ඩිමෝ පුද්ගලික සමාගමේ අනුග්‍රහය දක්වන දිනේෂ් චන්දිමාල් ගේ නායකත්වයෙන් යුත් ‘Army Southern Warriors’ කණ්ඩායම සහ ආසියා පැසිෆික් තාක්‍ෂණ පද්ධති හා මෙල්බන් මෙටල් (පුද්) සමාගමේ සම අනුග්‍රහය දක්වන තිසර පෙරේරා ගේ නායකත්වයෙන් යුත් ‘Army Western Warriors’ කණ්ඩායම් සහභාගි වූහ.

    සීක්කූගේ ප්‍රසන්න ගේ නායකත්වයෙන් යුත් ‘Army Northern Warriors’ කණ්ඩායම සහ දිනේෂ් චන්දිමාල් ගේ නායකත්වයෙන් යුත් ‘Army Southern Warriors’ කණ්ඩායම දොඹගොඩ යුද්ධ හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අවසන් මහා තරඟයට තරඟවැදුණු අතර නිසි සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව තරඟාවලියේ අවසන් මහා තරඟය අද දින පැවැත්විණි.

    කරට කර උණුසුම් තරඟයකින් අනතුරුව, තරඟාවලියේ ශූරතාවය හිමිකරගැනීමට ඩිමෝ පුද්ගලික සමාගමේ අනුග්‍රහය දක්වන දිනේෂ් චන්දිමාල් ගේ නායකත්වයෙන් යුත් ‘Army Southern Warriors’ කණ්ඩායම සමත්විය. ඒ අනුව, තරඟාවලියේ අනුශූරතාවය පානදුර ‘සුපර් ෆැෂන්ස්’ ආයතනයේ අනුග්‍රහය මත සීක්කූගේ ප්‍රසන්න ගේ නායකත්වයෙන් යුත් ‘Army Northern Warriors’ කණ්ඩායමට හිමිවිය. ‘Army Northern Warriors’ කණ්ඩායමේ නායක සීක්කූගේ ප්‍රසන්න තරඟාවලියේ වීරයා ලෙස තේරීපත්විය.  හොඳම පන්දු යවන්නා ලෙස තිසර පෙරේරා තේරීපත්විය. තවද, අවසන් මහා තරඟයේ වීරයා ලෙස  ‘Army Southern Warriors’ කණ්ඩායමේ සුමින්ද ලක්‍ෂාන් තේරිපත් වූ අතර තරඟාවලියේ හොඳම පිතිකරුවා ලෙස දිනේෂ් චන්දිමාල් තේරිපත්විය.