Blog

  • නව නිරෝධාන නීති එයි – නීති කඩකළොත් දඩ සහ දඬුවම්

    නව නිරෝධාන නීති එයි – නීති කඩකළොත් දඩ සහ දඬුවම්

    නව නිරෝධායන නීති යටතේ ජනතාව ගැවසෙන පොදු ස්ථානවල සමාජ දුරස්ථභාවය තබා ගැනීම, මුව ආවරණ පැළැදීම වැනි ප්‍රධාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීම ඇතුලත් විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් කටයුතු යොදා ඇත. ඒ අනුව මෙම ගැසට් පත්‍රය නිකුත් කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යතුමිය විසින් අද දින (15) අත්සන් තබන ලදි.

    මෙම නව ගැසට් පත්‍රය නිකුත් කිරීමත් සමග නීති කඩ කරන පුද්ගලයින් හට රුපියල් 10,000 කට නොවැඩි දඩයකුත්, මාස 06 ක සිරදඬුවමකුත් යන දඬුවම් දෙකම හෝ එක් දඬුවමක් ලබාදීමට මින් ඉදිරියට අධිකරණයට හැකියාව ලැබේ.

    මෙයට අමතරව ව්‍යාපාරික හා සේවා ස්ථාන වලට ඇතුලුවීම හා පවත්වාගෙන යාම පිළිබදව මෙම ගැසට් පත්‍රය මගින් පෙන්වා දී ඇති අතර,

    v   සේවා ස්ථානවලට සහ ව්‍යාපාරික ස්ථාන වලට ඇතුල්වන සෑම තැනැත්තකු ම සෑම අවස්ථාවක දී ම මුව ආවරණයක් පැළැද සිටීම.

    v   දෙදෙනෙකු අතර මීටර එකකට නොඅඩු සමාජ දුරස්ථභාවයක් පවත්වාගෙන යාම.

    v   සේවා ස්ථානයට ඇතුල්වීමට පෙරාතුව සෑම තැනැත්තකුගේම ශරීර උෂ්ණත්වය මැන බැලීම.

    v   විෂබීජ නාශක දියර සමගින් ප්‍රමාණවත් පරිදි දෑත් සේදීමේ පහසුකම් සැලැස්වීම.

    v   ඇතුල්වන සෑම තැනැත්තකුගේම නම, හැදුනුම්පත් අංකය සහ සම්බන්ධ කර ගත හැකි තොරතුරු පිළිබද විස්තර ඇතුළත් ලේඛණයක් පවත්වාගෙන යාම

    v   සේවා ස්ථාන වල උපරිම සේවා නියුක්තයන් සංඛ්‍යාව සහ වෙනත් තැනැත්තන් සංඛ්‍යාව ඉක්මවන සංඛ්‍යාවක් තබා නොගැනීමඒ අතර වේ.

    එමෙන්ම සංචරණ සීමා, නිරෝධායන කටයුතු, ප්‍රවාහන කටයුතු වැනි විශේෂිත කරුණු වලට අදාල නීති තවදුරටත් ශක්තිමත් කිරීමට  ද මෙම ගැසට් පත්‍රය මගින් කටයුතු යොදා ඇත.

  • අපනයනකරුවන්ගේ අඛණ්ඩ ක්‍රියාකාරිත්වය සහතික කිරීම සඳහා EDB පියවර ගනී

    අපනයනකරුවන්ගේ අඛණ්ඩ ක්‍රියාකාරිත්වය සහතික කිරීම සඳහා EDB පියවර ගනී

    දිවයිනේ ප්‍රදේශ කිහිපයකට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය යටතේ, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලබන මාර්ගෝපදේශයන්ට යටත්ව ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශවල අපනයන කර්මාන්තවලට බාධාවකින් තොරව ක්‍රියාත්මක වීමට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පහසුකම් සපයයි.

    ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල පිහිටා ඇති අපනයන සමාගම්වලට අදාළ ප්‍රදේශවල පොලිස් ස්ථානවලින් ඇඳිරි නීති බලපත්‍ර ලබා ගැනීම අපනයන සංවර්ධන මණ්ඩලය විසින් නිර්දේශ  ලබා දෙන අතර එමඟින් ඇඳිරි නීතිය නොමැති ප්‍රදේශවල පිටත සිටින සේවකයින්ට ඔවුන්ගේ කර්මාන්තශාලාවල වැඩවල නිරත විය හැකිය.

    කෙසේ වෙතත්, ගම්පහ, මිනුවන්ගොඩ, වේයංගොඩ, දිවුලපිටිය සහ මීරිගම යන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන සේවකයින්ට සේවයට පැමිණීමට අවසර නොමැති අතර කර්මාන්තශාලාවල මෙහෙයුම් දිගටම කරගෙන යා හැක්කේ ඇඳිරි නීතිය නොමැති ප්‍රදේශවල පදිංචි කම්කරුවන්ට පමණි.

    අත්‍යවශ්‍ය අපනයන ආශ්‍රිත ක්‍රියාකාරකම් අඛණ්ඩව පවත්වාගෙන යාම සහතික කිරීම සඳහා නිරෝධායන ඇඳිරි නීතියය බලපවත්වන පිටත පදිංචි සේවකයින් කර්මාන්තශාලාවලට බලපත්‍ර යටතේ ආරක්ෂිතව ප්‍රවාහනය කළ හැකිය. නිරෝධායන ඇඳිරි නීතිය නොමැති පිටත ප්‍රදේශවල සේවකයින් ඉහත සඳහන් කළ ප්‍රදේශවල පදිංචිකරුවන්ට නිරාවරණය නොකිරීමට අදාල සමාගම් සියළුම ක්‍රියාමාර්ගයන් අනුගමනය කළ යුතුය.

    ඇඳිරි නීති බලපත්‍ර ඉල්ලා සිටීම සඳහා අදාළ තොරතුරු සහ ආදර්ශ අයදුම්පත අපනයන සංවර්ධන මණ්ඩලයෙහි පහත සඳහන් නිලධාරින්ගෙන් ලබා ගත හැකිය:

    කෘෂිකර්ම හා ධීවර අංශය සඳහා: අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ, මාලනි බද්දේගමගේ මහත්මිය malani@edb.gov.lk,කාර්මික නිෂ්පාදන අංශය සඳහා: හර්ෂ පත්බේරිය මහතා, වැඩබලන අධ්‍යක්ෂ – කාර්මික නිෂ්පාදන අංශය, hdp@edb.gov.lk,අපනයන සේවා සහ ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන අංශ සඳහා: මනෝජා දිසානායක මහත්මිය, වැඩබලන අධ්‍යක්ෂ – අපනයන සේවා, manojad@edb.gov.lk

    කොවිඩ් -19 කළමනාකරණය කිරීම සඳහා සෞඛ්‍ය බලධාරීන් විසින් නිර්දේශ කරනු ලබන සියලුම ආරක්ෂක පියවරයන් අනුගමනය කරන ලෙස එම ප්‍රදේශවල අපනයන නිෂ්පාදන ආයතනවලට උපදෙස් දී ඇති අතර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද “COVID-19 පිළිබඳ මාර්ගෝපදේශ, සේවා ස්ථාන සඳහා සූදානම් වීම” අනුව ආරක්ෂක පියවරයන් දැඩිව ක්‍රියාත්මක කළ යුතුව ඇත.

    මේ සම්බන්ධයෙන් වැඩිදුර පැහැදිලි කිරීම් ලබාගැන්ම සදහා 0112300710 අපනයන උපකාරක කවුළුව වෙතින් ලබා ගත හැකි අතර විද්‍යුත් තැපෑල: helpdesk@edb.gov.lk සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ වෙබ් අඩවිය වන www.srilankabusiness.com වෙතින් ද ලබා ගත හැකිය.

  • මාස 6 ක් හිරේ යන්න වෙන, 10,000ක් දඩ වදින කොරෝනාවට ආපු අළුත්ම ගැසට් එක මෙන්න

    මාස 6 ක් හිරේ යන්න වෙන, 10,000ක් දඩ වදින කොරෝනාවට ආපු අළුත්ම ගැසට් එක මෙන්න

    නව නිරෝධායන නීති යටතේ ජනතාව ගැවසෙන පොදු ස්ථානවල සමාජ දුරස්ථභාවය තබා ගැනීම, මුව ආවරණ පැළැදීම වැනි ප්‍රධාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීම ඇතුලත් විශේෂ ගැසට් පත්‍රයට සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් අද දින (15) අත්සන් තබා තිබේ.

    මෙම නව ගැසට් පත්‍රය නිකුත් කිරීමත් සමග නීති කඩ කරන පුද්ගලයින් හට රුපියල් 10,000 කට නොවැඩි දඩයකුත්, මාස 06 ක සිරදඬුවමකුත් යන දඬුවම් දෙකම හෝ එක් දඬුවමක් ලබාදීමට මින් ඉදිරියට අධිකරණයට හැකියාව ලැබී ඇත.

    මෙයට අමතරව ව්‍යාපාරික හා සේවා ස්ථාන වලට ඇතුලුවීම හා පවත්වාගෙන යාම පිළිබදව මෙම ගැසට් පත්‍රය මගින් පෙන්වා දී තිබේ. ඒ අනුව,

    1). සේවා ස්ථානවලට සහ ව්‍යාපාරික ස්ථාන වලට ඇතුල්වන සෑම තැනැත්තකු ම සෑම අවස්ථාවක දී ම මුව ආවරණයක් පැළැද සිටීම.

    2). දෙදෙනෙකු අතර මීටර එකකට නොඅඩු සමාජ දුරස්ථභාවයක් පවත්වාගෙන යාම.

    3). සේවා ස්ථානයට ඇතුල්වීමට පෙරාතුව සෑම තැනැත්තකුගේම ශරීර උෂ්ණත්වය මැන බැලීම.

    4). විෂබීජ නාශක දියර සමගින් ප්‍රමාණවත් පරිදි දෑත් සේදීමේ පහසුකම් සැලැස්වීම.

    5). ඇතුල්වන සෑම තැනැත්තකුගේම නම, හැදුනුම්පත් අංකය සහ සම්බන්ධ කර ගත හැකි තොරතුරු පිළිබද විස්තර ඇතුළත් ලේඛණයක් පවත්වාගෙන යාම

    6). සේවා ස්ථාන වල උපරිම සේවා නියුක්තයන් සංඛ්‍යාව සහ වෙනත් තැනැත්තන් සංඛ්‍යාව ඉක්මවන සංඛ්‍යාවක් තබා නොගැනීම ඒ අතර වේ.

    එමෙන්ම සංචරණ සීමා, නිරෝධායන කටයුතු, ප්‍රවාහන කටයුතු වැනි විශේෂිත කරුණු වලට අදාල නීති තවදුරටත් ශක්තිමත් කිරීමට ද මෙම ගැසට් පත්‍රය මගින් කටයුතු යොදා තිබේ.

  • 15 හැවිරිදි සිසුවාගෙන් 27 හැවිරිදි ගුරුවරිය සැප අරන් මාට්ටුවෙයි..

    15 හැවිරිදි සිසුවාගෙන් 27 හැවිරිදි ගුරුවරිය සැප අරන් මාට්ටුවෙයි..

    පහළොස් හැවිරිදි බාලවයස්කාර පිරිමි ළමයකු ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවට කියන සිද්ධියක් සම්බන්ධයෙන් වැලිගම පොලිසිය විසින් සැකපිට 27 හැවිරිදි උපකාරක පන්ති ගුරුවරියක අත්අඩංගුවට ගෙන ඇත. මේ සම්බන්ධයෙන් පිරිමි දරුවාගේ මව විසින් වැලිගම පොලිසියට පැමිණිලි කර තිබිණි.

    මෙම පිරිමි දරුවා සැකකාරිය විසින් සිය නිවසේ පවත්වාගෙන ගිය බවට කියන උපකාරක පන්තියට යමින් සිට ඇත. මේ මස 6 වැනිදා උපකාරක පන්තියට සහභාගි වූ පිරිමි දරුවා නිවසට නොපැමිණීම හේතුවෙන් එම දරුවාගේ මව උපකාරක පන්තිය පවත්වන නිවසට ගොස් තිබේ.

    එහි දී සැකකාරියගේ මව පවසා ඇත්තේ ඈ නිවසේ නැති බවය. ගුරුවරියත් පුතත් නැති බව දැනගෙන පොලිසියට ඒ සම්බන්ධව පැමිණිලි කළ බවත් පවසා ඇත. පසුව වහාම ක‍්‍රියාත්මක වූ වැලිගම පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කර ඇත. එහිදී අනාවරණය වී ඇත්තේ සැකකාරිය විසින් පිරිමි ළමයා ලිංගික කටයුත්තක් සඳහා රැගෙන ගොස් ඇති බවය.

    පසුව 12 වැනිදා වැලිගම පොලිසියේ දැන්වීම මත පිරිමි ළමයාත් සැකකාරියත් පොලිසියට ඉදිරිපත් වී ඇත. මෙහිදී පිරිමි ළමයා ප‍්‍රකාශ කර ඇත්තේ සැකකාරිය තමා කොළඹ සහ නුවර ප‍්‍රදේශවල හෝටල්වලට ගෙන ගිය බවයි. මෙම ප‍්‍රකාශ මත පොලිසිය සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.

    උපුටා ගැනීම: දිවයින

  • කොවිඩ් රෝගීන් ගමන් කළ බස් රථ 06 මෙන්න

    කොවිඩ් රෝගීන් ගමන් කළ බස් රථ 06 මෙන්න

    කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් බවට තහවුරු වු පුද්ගලයින් ගමන් ගත් බස් රථ 06ක් මේ වන විට හඳුනාගෙන තිබේ.

    ඊයේ (14) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රවාහන අමාත්‍යවරයා මේ බව තහවුරු කර සිටියේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, “අපි හඳුනා ගෙන තියෙනවා බස් රථ ගණනාවක්, ND 4890 කොළඹ – මැදගම ගිය බස් රථයේ කොවිඩ් රෝගියෙක් ඉදලා තියෙනවා. ඒ එක්කම ND 2350 මාකුඹුර – ගාල්ල ගිය බස් එකෙත් කොවිඩ් රෝගියෙක් ඉදලා තියෙනවා. ND 549 – අම්බලන්ගොඩ බස් එක කඩවත ඉදලා ගිය බස් එකෙත් රෝගියෙක් ඉදලා තියෙනවා. කොළඹ – යාපනය ගිය 6503 බස් එකෙත් කොවිඩ් රෝගියෙක් හමුවෙලා තියෙනවා. ඇල්පිටිය – කොළඹ ගිය බස් එකෙත් ND 9788කොවිඩ් රෝගියෙක් හමුවෙලා තියෙනවා. ගාල්ල – කඩවත ගිය බස් එකෙත් NF 7515 බස් එකෙත් රෝගියෙක් හමුවෙලා තියෙනවා. අපේ තියෙන හයිවේ බස් සියල්ලම මොනිටර් කරලා තියෙන්නේ ජීපීස් තාක්ෂණයෙන්“ යනුවෙනි.

    මේ අතර, සුඛෝපභොගි බස් රථවලට මගීන් නංවාගැනීමට පෙර ඔවුනගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීම සිදුකළ යුතු බව ද ප්‍රවාහන අමාත්‍යවරයා පවසයි.

    ඔහු පෙන්වාදෙන්නේ මේ වන විට දෛනිකව බස් රථවල ගමන් ගන්නා මගීන් සංඛ්‍යාව ද සිඝ්‍ර ලෙස අඩුවී ඇති බවය.

    බස් රථවල ගමන් කරන මගීන්ගේ සෞඛ්‍යා රක්ෂිතභාවය සම්බන්ධයෙන් බස්රථ සේවකයින් වැඩි අවධානයක් යොමුකළ යුතු බව ගාමිණි ලොකුගේ අමාත්‍යවරයා සඳහන් කළේය.

    “අපි විශේෂයෙන්ම වායුසමනය කළ බස් රථවලින් ඉල්ලීමක් කරනවා ඒ බස්වලට මගීන් ගොඩවෙන්න කලින් උණ බලන යන්ත්‍රයක් පාවිච්චි කරලා හැමෝගෙම උණ බලලා, ඇතුළු කරන්න කියලා. එහෙම අවිශ්වාසයක් තියෙනවා නම්, ඒ එය සෞඛ්‍ය අධිකාරීන්ට දැනුවත් කරන්න. සාමාන්‍ය ධාවනයේ තිබුණ බස් ප්‍රමාණයත් සමග අද මගීන්ගේ ගමනාගමනය අඩුවෙලා තියෙනවා. කොවිඩ් 19 වසංගතය ඇති වෙන්න ඉස්සෙල්ලා, දිනකට බස් 1600ක් ධාවනය වුණා. 25,000ක් විතර මගීන් ආවා දැන් බස්රථ 666කට වගේ සීමාවෙලා. මගීන් එන්නේ 5691ක් විතර. අපි බලාපොරොත්තු වෙන්නේ මගීන්ගේ සේවාව ඒ විදියටම පවත්වන ගමන් කොවඩ් වසංගතයෙන් මගීන්ව ආරක්ෂා කරන්න.“

    කොවිඩ් 19 තිබෙන මොහොතක බස් සම්බන්ධයෙන් යම් පැමිණිල්ලක් හෝ විමසීමක් සිදුකිරීමට අවශ්‍ය නම් 1955ට කතා කරන ලෙසත් මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේය.

  • කොළඹ ජාතික රෝහලේ විශේෂ නිවේදනයයි

    කොළඹ ජාතික රෝහලේ විශේෂ නිවේදනයයි

    දැනට පවතින  කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් කොළඹ ජාතික රෝහලට  පැමිණෙන රෝගී ජනතාව සීමා කිරීමට තීරණය කර ඇත. එ් අනුව කොළඹ ජාතික රෝහලේ සායන වලින් ඖෂධ ලබා ගන්නා රෝගීන් පහත සදහන් දුරකථන අංක අමතා අදාළ සායන හා සම්බන්ධ වී සේවාවන් ලබා ගන්නා ලෙස රෝහල් අධ්‍යක්ෂ ඉල්ලා සිටියි.

     සායනය දුරකථන  අංකය
     CARDIOLOGY CLINICහෘද රෝග සායනය 01136187270113618728011361873601136187300113618735
    NEURO SURGICAL CLINICස්නායු ශල්‍ය සායනය 0113618754
    PAIN CLINICවේදනා සමනක සායනය 0113618762 
    DPM-GENARALරක්තවේද සායනය (සාමාන්‍ය)0113618538  
    DPM-SPECIALරක්තවේද සායනය (විශේෂ)0113618770  
    SURGICAL &CARDIOTHORASIC CLINICශල්‍ය සහ උරස් ශල්‍ය සායනය (කාමර අංක 17) 0113618718
    SURGICAL & VASCULAR CLINICශල්‍ය හා වාහිනීක සායනය (කාමර අංක 19)0113618719  
    DERMATOLOGY CLINICචර්ම රෝග සායනය(කාමර අංක 25)0113618746
     ENT CLINICඋගර කන නාසා සායනය(කාමර අංක 21)0113618748
    VS OPD / VP OPD & GUවෛද්‍යශල්‍ය හා මෞත ලිංගික සායනය(කාමර අංක 18 හා 24)  0113618724 
    MEDICAL CLINICවෛද්‍ය සායනය(කාමර අංක 26,27,36) 01136187420113618743
     NEPHROLOGY CLINICවකුගඩු රෝග සායනය(කාමර අංක 09)
  • ශ්‍රී ලංකාවේ දිනපතා පිළිකා රෝගීන් 38 දෙනෙකු මරුට

    ශ්‍රී ලංකාවේ දිනපතා පිළිකා රෝගීන් 38 දෙනෙකු මරුට

    ශ්‍රී ලංකාවේ  දිනකට පිළිකා රෝගීන් 38 දෙනෙකු මියයන අතර සෑම දිනකම අලුතෙන් 64 දෙනෙකුට  එම රෝගය වැළදෙන බව පරීක්ෂණ වලින්  සොයාගෙන ඇතැයි  සෞඛ්‍ය පිළිකා වැලැක්වීමේ ජාතික වැඩසටහනේ අධ්‍යක්ෂිකා වෛද්‍ය  ජානකී විදානපතිරණ මහත්මිය පවසයි’

    පිළිකා රෝගය  පිළිබදව  සමාජ මාධ්‍ය  ඔස්සේ ජනතාව දැනුම්වත් කිරීම සදහා  ජාතික පිළිකා වැලැක්වීමේ වැඩසටහන මගින් ආරම්භ කරන ලද   ‘ආයු ප්ලස්’ නැමැති සමාජ ජාලා වෙබ් අඩවිය  එළිදැක්වීමේ  උත්සවයේ දී ඇය මේ බව  පැවැසුවා ය.                       

    නිරාහේන්පිට ජාතික රුධිර පාලවිය මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී අද 15  මෙම උත්සවය පැවැත්විණි

  • Hot Story: ජීවන වියදම් කමිටුව ගත් තීන්දු මෙන්න !

    Hot Story: ජීවන වියදම් කමිටුව ගත් තීන්දු මෙන්න !

    ගොවියාට ඉහළ මිලක් සහ පාරිභෝගිකයාට සහන මිලක් ලැබෙන වෙළඳපොළ නිර්මාණය කිරීමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

    දිවයිනේ සියලු ප්‍රදේශවල කෘෂි අස්වනු අතරමැදියන්ගේ සම්බන්ධයක් නැතිව අළෙවි කිරිමේ පහසුව ගොවීන්ටම ඝෘජුව හිමිවන පසුබිම සැකසීමෙන් එය ආරම්භ කළ හැකි බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

    ජීවන වියදම් කමිටුව සමග අද (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

    අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ හිඟයකින් තොරව සියලු ප්‍රදේශ වෙත අඛණ්ඩව සැපයීමට ගත යුතු ක්‍රියාමාර්ග විධිමත් කිරීම කෙරෙහි ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අවධානය යොමු විය.

    වත්මන් ජීවන තත්ත්වය සහ කොවිඩ් 19 ආශ්‍රිත දුෂ්කරතා සැලකිල්ලට ගෙන පරිප්පු, ටින් මාළු, බී ළුණු සහ සීනි යන අත්‍යාවශ්‍ය භාණ්ඩවල ආනයනික බදු ජනාධිපතිතුමා විසින් ඊයේ ඉවත් කරනු ලැබීය.

    පුරන්ව ඇති බවට ශ්‍රේණිගත කර තිබෙන කුඹුරුවල කඩිනමින් පොල් වගා කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. හෙක්ටයාර් 50,000ක් අළුතින් පොල් වගා කිරීම රජය ආරම්භ කර ඇත.

    එළවළු, පළතුරු, බිත්තර  පාරිභෝගික අවශ්‍යතාව අනුව ප්‍රාදේශීයව සපුරා ගැනීමේ විධිමත් වැඩපිළිවෙළක් සැකසෙමින් පවතින බව ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසීල් රාජපක්ෂ මහතා පැවසීය.

    පවුලක දෛනික පරිභෝජන අවශ්‍යතාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ  මැදිහත්වීමෙන් ගණනය කර තිබේ. අඩු ආදායම්ලාභීන් නගා සිටුවීමේ පියවරක් ලෙස නිවාස ආශ්‍රිතව එළවළු සහ පළතුරු වගා කිරීම සහ ගෘහස්ත කුකුලු පාලනයෙන් බිත්තර අවශ්‍යතාව සපුරා ගැනීමට සැලසුම් කර ඇති බව බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය. 

    පසුගිය වසරට සාපේක්ෂව මෙවර යල සහ මහ කන්නයේ ඉහළ වී අස්වැන්නක් ලැබී ඇතැයි නිලධාරීහූ පෙන්වා දුන්හ. ඉදිරියේ දී වී අස්වනු මිලදී ගැනීමේ ක්‍රමවේදයක් සැකසීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පැහැදිළි කළේය.

    දුම්රිය දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධව පළතුරු, එළවළු සහ පොහොර දුම්රියෙන් ප්‍රවාහනය කිරීමට විශේෂ වැඩසටහනක් සැලසුම් කර ඇතැයි ද සඳහන් කෙරිණ.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා,  බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අළුත්ගමගේ, ඩග්ලස් දේවානන්ද යන අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න,  අරුන්දික ප්‍රනාන්දු,  ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසීල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරු ඇතුළු ජීවන වියදම් කමිටුවේ සාමාජිකයෝ සාකච්ඡාවට එක්ව සි

  • යුද්ධ හමුදාව වගා කළ පාරම්පරික සහල් යුද්ධ හමුදාවම බෙදා ගනී

    යුද්ධ හමුදාව වගා කළ පාරම්පරික සහල් යුද්ධ හමුදාවම බෙදා ගනී

    යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව දියත් කරනු ලබන ‘තුරු මිතුරු – නව රටක්’ හරිත ව්‍යාපෘතියට සමගාමීව පුරන් වූ කුඹුරු අස්වද්දා දිවයින සහල්වලින් ස්වයංපෝෂිත කිරීමේ කාර්යභාර්ය යථාර්තයක් බවට පත් කරමින් යුද්ධ හමුදා කෘෂිකාර්මික හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් යුද්ධ හමුදා ගොවිපලවල පුරන් වූ කුඹුරු යළි අස්වද්දා ලබාගත් සහල් තොග සහනදායි මිල ගණන් යටතේ යුද්ධ හමුදා සාමාජිකයින් අතර බෙදාදීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇත.

    ඒ අනුව, 2019 ‘මහ’ කන්නයේ සහ 2020 ‘යල’ කන්නයේ දී ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයට යාබදව පිහිටි පුරන්වූ කුඹූරු සහ යුද්ධ හමුදා ගොවිපල වලට අයත් කුඹුරුවල ‘සුවඳැල්’ සහ ‘කළුහීනටි’ ආදී වී ප්‍රභේදයන් වපූරා පළිබෝධනාශක සහ රසායනික ද්‍රව්‍ය අවම වශයෙන් භාවිත කර නෙළාගත්තා වූ අස්වැන්න මෙලෙස යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ප්‍රයෝජනය සඳහා ලබාදීම සිදුකෙරේ.

    මෙලෙස නෙළාගත් විෂ රසායනික ද්‍රව්‍ය රහිත සහල් තොග ආරක්‍ෂක සේනා මූලස්ථාන, පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ පිහිටි රෙජිමේන්තු මධ්‍යස්ථාන සහ කැන්දලන්ද, මැනිං ටවුන්, රුක්මල්ගම, පානළුව, ජාවත්ත සහ වත්තල ප්‍රදේශයන්හී පිහිටි යුද්ධ හමුදා සේවා වනිතා ඒකක යටතේ පවත්වාගෙන යනු ලබන සුභ සාධක වෙළඳසැල්හී අලෙවි කිරීම යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි සිදුකෙරෙණු ඇත.

    ඒ අනුව, යුද්ධ හමුදා දිනයට පෙර දින (9), යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීවා නෙල්සන් මහත්මියගේ උපදෙස් මත යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් පවත්වාගෙන යනු ලබන සුභසාධන වෙළඳසැල් අතර බෙදා හැරීම සඳහා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඉන්ද්‍රජිත් කන්දනආරච්චි විසින් මෙම සහල් කිලෝ 25,000 ක් යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙත ලබාදුන්නේය.

    කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ නියෝජනය කරමින් මෙම අවස්ථාවට සහභාගී වූ කන්දකඩු 6 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් නිශාන්ත මුත්තන්ත්‍රිගේ විසින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය යටතේ ස්ථාපිත සුභසාධන වෙළඳසැල් මගින් සහනදායි මිල ගණන් යටතේ යුද්ධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් අලෙවි කිරීමට මෙම සහල් තොගය සේවා වනිතා ඒකකයේ කර්නල් සුමේද බාලසුරිය සහ කර්නල් අරුණ විජේකෝන් වෙත නිල වශයෙන් භාරදුන්නේය.

  • සංචාරය කිරීමට හොඳම රටවල් අතර ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානයට

    සංචාරය කිරීමට හොඳම රටවල් අතර ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානයට

    2020 වසරේදී සංචාරය කිරීමට හොඳම රටවල් අතුරින් දෙවැනි ස්ථානට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා.

    ඇමෙරිකා එක්සත් ජනපදය මූලස්ථානය කරගත් Advance Publication නම් ආයතනය විසින් ප්‍රකාශයට පත්කරන “Conde Nast Traveler” නම් සංචාරක ක්ෂේත්‍රය සම්බන්ධ තොරතුරු ගෙන එන සඟරාවේ පාඨකයන් විසිනුයි මේ නම් කිරීම කර තිබෙන්නේ.

    ශ්‍රී ලංකාවේ සංස්කෘතිය, තේ වතු සහ ප්‍රියකරු මුහුදු වෙරළ “Conde Nast Traveler” සඟරාව විශේෂයෙන් ඉස්මතු කර තිබෙනවා.

    මෙහි ප්‍රථම ස්ථානය දිනාගෙන තිබෙන්නේ ඉතාලියයි.

    ඔක්තෝබර් මාසයේදී ප්‍රකාශයට පත් කර ඇති එම සඟරාවේ “Reader’s Choice Awards” නම් පාඨකයින්ගේ ප්‍රසාද ලකුණු 94.05ක් හිමිකර ගනිමින් පළමු ස්ථානයට පත්වීමට ඉතාලියට හැකි වූ අතර ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 93.96ක් හිමිවී තිබෙනවා.

    පෘතුගාලය තෙවන ස්ථානය ද, ජපානය සිවුවන ස්ථානයද ග්‍රීසිය, තායිලන්තය සහ දකුණු අප්‍රිකාව පාඨක කැමැත්ත අනුව පිළිවෙලින් අනෙකුත් ස්ථාන හිමිකරගෙන තිබෙනවා.

  • කොළඹ ජාතික රෝහලෙන් විශේෂ නිවේදනයක්

    කොළඹ ජාතික රෝහලෙන් විශේෂ නිවේදනයක්

    දැනට පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් කොළඹ ජාතික රෝහලට පැමිණෙන රෝගී ජනතාව සීමා කිරීමට තීරණය කර ඇත.

    ඒ අනුව කොළඹ ජාතික රෝහලේ සායනවලින් ඖෂධ ලබා ගන්නා රෝගීන් පහත සඳහන් දුරකථන අංක අමතා අදාළ සායන හා සම්බන්ධ වී සේවාවන් ලබා ගන්නා ලෙස රෝහල් අධ්‍යක්ෂ ඉල්ලා සිටි.

    (එම විස්තර පහතින්)

  • කටුනායකට ඇඳිරිනීතිය; වෙළෙඳ කලාපයේ කොවිඩ් ආසාදිතයින් ගණන 72ක් දක්වා ඉහළට

    කටුනායකට ඇඳිරිනීතිය; වෙළෙඳ කලාපයේ කොවිඩ් ආසාදිතයින් ගණන 72ක් දක්වා ඉහළට

    හෙට (15) උදෑසන 5 සිට යළි දැනුම්දෙනතුරු කටුනායක පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට තීරණය කර තිබේ.

    ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 19ක් සඳහා නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    කටුනායක ආයෝජන කලාපයේ සේවක සේවිකාවන්ට සිය ආයතනික හැඳුනුම්පත ඇඳිරිනීති බලපත්‍රය ලෙස භාවිතා කළ හැකිය.

    මේ අතර කටුනායක වෙළෙඳ කලාපයෙන් වාර්තාවන කොවිඩ් ආසාදිතයින් ගණන 72ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    එම කලාපයෙන් පළමු ආසාදිතයා හමුවුයේ ඔක්තෝබර් 10 වැනිදාය.

    අද හඳුනාගත් කාන්තාව අලුත්ගම ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කර සිටියදී කළුතර මහ රෝහලේ දී සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයකින් ඇයට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

    ඒ අනුව ඇයව වැලිකන්ද කොවිඩ් ප්‍රතිකාර රෝහල වෙත අද යොමු කර තිබේ.

  • මතුගම අධිවේගයේ බස් රථ රියදුරෙකුට සහ කොන්දොස්තර ඇතුළු පිරිසකට කොරෝනා

    මතුගම අධිවේගයේ බස් රථ රියදුරෙකුට සහ කොන්දොස්තර ඇතුළු පිරිසකට කොරෝනා

    මතුගම ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් තිදෙනෙක් හඳුනාගෙන ඇතැයි මතුගම පවුල් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජී.ඩී. ලයනල් මහතා පවසයි.

    මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත්තේ, මතුගම – කොළඹ අධිවේගී මාර්ගයේ ධාවනය වු සුඛෝපභෝගී බස් රථයක රියදුරු, කොන්දොස්තර මහතා හා එම බස් රථයේ හිමිකරුය.

    බස් රථ රියදුරු මතුගම නවුන්තුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, කොන්දොස්තර මතුගම බදුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    බස්රථයේ හිමිකරු මතුගම ඕවිටිගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බව මහජන සෞඛ්‍ය පරීක්ෂක ජී.ඩී. ලයනල් මහතා වැඩිදුරටත් පැවසීය.

    එම පුද්ගලයින් තිදෙනාම කළුතර නාගොඩ රෝහලෙන් පසුගිය දා ස්වකැමැත්තෙන් පීසීආර් පරීක්ෂණ සිදුකර ඇති අතර ඒ අනුව ඔවුන් ආසාදිතයින් බවට ඊයේ (13) රාත්‍රීයේ තහවුරු වී තිබේ.

    “කළුතර මහරෝහලේ පීසීආර් කිරීමෙන් පසුව කොවිඩ් 19 ආසාදිත බවට රෝගීන් තිදෙනෙකු මතුගම සෞඛ්‍ය නිලධාරී කොට්ඨාසයේ, බදුගම, ඕවිටිගම සහ යටගල යන ප්‍රදේශවලින් ඊයේ මධ්‍යම රාත්‍රියෙන් වාර්තා වුණා. එතැන් සිට මතුගම ප්‍රාදේශීය සභාව, පොලීසිය හා මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය සම්බන්ධ කරගනිමින් අවශ්‍ය නිරෝධායන කටයුතු සිදුකරමින් පවතිනවා. මෙම තිදෙනා මතුගම – කොළඹ වායුසමීකරණය කරන ලද බස් රථයක රියදුරු, කොන්දොස්තර සහ හිමිකරුවන් වෙනවා. මෙම බස් රථය කොළඹ සේවය කරන රෝහල් කාර්ය මණ්ඩලය, රාජ්‍ය සේවකයින්, ව්‍යපාරිකයින් හා පොදු මහජනතාව ගමන් කර තිබෙනවා. ඒ අය සොයා විමර්ශන කටයුතු කරමින් සිටිනවා. තවද එම ආශ්‍රිතයින්ගේ පීසීආර් පරීක්ෂණ සිදුකිරීමට නියමිතයි. එම බස්රථයේ ගමන් කළ බොහෝ පිරිසක් මේ වන විට හඳුනා ගෙන තිබෙනවා.“

    එමෙන්ම මෙම බස් රථයේ ගමන් කළ බව පැවසෙන කොළඹ ජාතික රෝහලේ සේවයේ නියුතු මතුගම වල්ලාවිට ප්‍රදේශයේ පදිංචි හෙදියක්ට ද කොවිඩ් – 19 ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

    මෙලෙස ආසාදිතයින් හමුවීමත් සමග පුද්ගලික බස් නැවතුම්පොළ අසල ඇති වෙළෙඳසැල් දින 14 ක කාලයක් වසා දැමීමට වෙළෙන්ඳන් කටයුතු කර තිබේ.

    -දෙරණ-

  • නිරෝධායනයට ගිය පිරිසකගේ නිවස සොරු කඩලා

    නිරෝධායනයට ගිය පිරිසකගේ නිවස සොරු කඩලා

    නිරෝධායනය මධ්‍යස්ථානයක් වෙත යොමු කර සිටි පිරිසකගේ නිවසකට රාත්‍රී කාලයේ සොරුන් පිරිසක් ඇතුළු වී ඇති පුවතක් නාරම්මල, මැටිවලගෙදර ප්‍රදේශයෙන් වාර්තා වේ.

    ඉකුත් 5 වන දින කොවිඩ් ආසාදනය වු බවට සැකපිට 42 හැවිරිදි කාන්තාවක් හඳුනා ගෙන ඇති අතර, ඒ අනුව ඇයගේ පවුලේ ඥාතීන් නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත රැගෙන ගොස් තිබේ.

    ඊයේ (13) රාත්‍රී කාලයේ දී සුනඛයන්ගේ කෑ ගසන හඬක් ඇසීමත් සමග ප්‍රදේශවාසීන් ඒ පිළිබඳව සොයා බැලීමේ දී නිවසේ පිටුපස දොර කඩා සොරුන් නිවසට ඇතුළු වී ඇති බවට අනාවරණය වී ඇත.

    නාරම්මල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    -අද දෙරණ-

  • Covid-19 Today Hot: ලංකාවේ ආසාදිතයින් ගණන 5000 පනී

    Covid-19 Today Hot: ලංකාවේ ආසාදිතයින් ගණන 5000 පනී

    ශ්‍රී ලංකාවේ දී මෙතක් වාර්තා වී ඇති කොවිඩ් -19 රෝගීන් සංඛ්‍යාව අද (13) දිනය අවසන් වන විට 5,038ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මේ වන විට 1,697 දෙනකු තවමත් ප්‍රතිකාර ලබමින් සිටින අතර කොවිඩ් -19 ආසාදිතයින් 3,328  සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

    මේ අතර අද (13) සවස 20.50ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයක සදහන් වූයේ අද දිනය තුළ නව කොරෝනා වෛරස් ආසාදිතයින් 145 දෙනකු වාර්තා වූ බවයි. මෙම පිරිසෙන් 48 දෙනකු මිනුවන්ගොඩ ඇගළුම් කම්හලේ සේවය කළ සේවක සේවිකාවන් අතරින් ද 97 දෙනකු ඔවුන් ඇසුරු කළ පුද්ගලයින් බව ද එම වාර්තා වේ වැඩි දුරටත් සදහන් වේ. සමස්තයක් ලෙස මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව අද දිනය අවසන් වන විට 1446ක් දක්වා වර්ධනය වූ බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වේ.

  • නිමි ඇඳුම් කර්මාන්ත ශාලා හිමියන්ගේ ගැටළු විසදීමට විශේෂ සාකච්ඡාවක්

    නිමි ඇඳුම් කර්මාන්ත ශාලා හිමියන්ගේ ගැටළු විසදීමට විශේෂ සාකච්ඡාවක්

    දැනට පවතින කොවිඩ්- 19 රෝගී තත්ත්වය හේතුවෙන් අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම හා කටුනායක වෙළෙද කළාප සහ දිවයින පුරා තිබෙන නිමි ඇඳුම් කර්මාන්ත ශාලා පවත්වාගෙන යාමේ දී උද්ගත වී ඇති ගැටළු වලට විසදුම් ලබාදීමේ දී අනුගමනය කළ යුතු සෞඛ්‍ය ක්‍රියාමාර්ග පිළිබදව නිමි ඇදුම් කර්මාන්ත ශාලා හිමියන් සහ පරිපාලනය දැනුවත් කිරීමට හා ඔවුන්ගේ ගැටළු වලට පිළියම් යෙදීමට විශේෂ සාකච්ඡාවක් අද දින (13) රාජගිරිය කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී පැවැත්විනි.

    මෙම සාකච්ඡාවේ දී අනාවරණය වූ කරුණු අනුව නිමි ඇඳුම් කර්මාන්ත ශාලා තුල සේවයේ නියුතු කාර්ය මණ්ඩල නවාතැන් ගෙන සිටින ස්ථාන පිළිබදව විශේෂ සැළකිල්ලක් දැක්විය යුතු බව අවධාරණය කරන ලදි. එමෙන්ම  මේ වනවිටත් සෞඛ්‍ය අංශ වලින් ලබාදී ඇති මුව ආවරණ පැළැදීම, එකිනෙකා අතර දුරස්ථභාවය තබා ගැනීම, දිනකට තෙවරක් ශරීර උෂ්ණත්වය මැන බැලීම මූලිකවම සිදු කළ යුතු බවට උපදෙස් ලබාදෙන ලදි. යමි සේවකයෙකු උණ තත්ත්වයකින් හෝ වෙනයම් ආසාත්මිකතාවයකින් පසු වුවහොත් ආසන්නතම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් සෞඛ්‍ය උපදෙස් ලබාගැනීමට කටයුතු කරන ලෙස ද දැනුවත් කරන ලදි. එමෙන්ම සති දෙකකට වරක් සේවකයින්  PCR පරීක්ෂණයට ලක් කිරීමට කටයුතු කරන ලෙසත්, සෑම සේවකයෙකුගේම ස්ථීර ලිපිනය ලබාගැනීමට කටයුතු කරන ලෙසත් නිමි ඇඳුම් කර්මාන්ත ශාලා හිමියන් සහ පරිපාලනය දැනුුවත් කිරීමට මෙහිදී පියවර ගන්නා ලදි. එමෙන්ම පවතින කොවිඩ් -19 රෝගී තත්ත්වය හමුවේ නිමි ඇදුම් කර්මාන්ත ශාලා පවත්වාගෙන යාමට අදාලවම විශේෂිත වූ මාර්ගෝපදේශ මාලාවක් කඩිනමින් සැකසීමට ද මෙහිදී තීරණය කරන ලදි.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, කොව්ඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා, සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මහතාවැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එස්.ශ්‍රීධරන් මහතා,  නිමි ඇදුම් කර්මාන්ත ශාලා හිමියන් සහ එම කර්මාන්ත ශාලා පරිපාලනය කරනු ලබන නිලධාරීන් පිරිස් සහභාගි වූහ.