Blog

  • 20 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම් 32ක නීතිඥ දේශන අවසන්

    20 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම් 32ක නීතිඥ දේශන අවසන්

    වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් 32 පිළිබඳ විභාගය අද  (30) පෙරවරුවේ දෙවන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ වූ අතර නඩු විභාගය පස්වරු 7.20 දක්වා පැවැත් විණි.

    අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ,  සිසිර ද ආබෲ,  ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ එම පෙත්සම් විභාගය පැවැත් වේ.

    එහිදී 20 වන සංශෝධන පනත් කෙටුම්පතේ අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් 32ක් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ගේ දේශන ඉදිරිපත් කිරීම අවසන් කෙරුණු අතර වැඩිදුර විභාගය ලබන සිකුරාදා (02) තෙක් කල් තබන ලදි.

    ඒ අනුව ලබන සිකුරාදා සෙසු පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දැක්වීමට නියමිතය.

  • අගමැති මහින්දගෙන් ‘මසුරන් කතාවක්’- මේ කියන්නේ කා ගැනද ?

    අගමැති මහින්දගෙන් ‘මසුරන් කතාවක්’- මේ කියන්නේ කා ගැනද ?

    බොහෝ දේශපාලනඥයින් පිරිහීමට හේතුව ඔවුන්ගේ භාර්යාවන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (29) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ග්‍රන්ථ ද්විත්වයක් දොරට වැඩීමේ උත්සවයේදී පැවසීය.

    හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ මුණබුරෙකු වන ප්‍රදීප් ජයවර්ධන මහතා විසින් රචිත ”ප්‍රජාතන්ත්‍රවාදයේ ඒකාධිපතියා – ජේ.ආර්.ජයවර්ධන යුගයේ නොපළ කතා”කෘතිය සහ සාගරිකා දිසානායක මහත්මිය විසින් රචිත ”එලීනා ජයවර්ධන – චරිතයක කතාවක් ” යන කෘතීන් එළිදැක්වීම මෙහිදී සිදුවිය.

    මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා,

    “ඇත්ත වශයෙන්ම මම සන්තෝෂ වෙනවා මෙම කෘතීන් එළි දැක්වීමේ අවස්ථාවට එක්වීමට ලැබීම ගැන. මම පාසල් යන අවධියේ නැවතිලා හිටියේ ජේ. ආර්. ජයවර්ධන මහතා ගේ නිවසට ආසන්න නිවසක. එතන තවත් වෛද්‍ය ශිෂ්‍යයන් පිරිසකුත් හිටියා. මම එතුමිය දැක්කේ ඒ දවස් වල. ඇය ඉතාම නිහතමානී චරිතයක්. එලීනා මැතිනිය ගැන කෘතිය එළි දැක්වීම කාලෝචිත ක්‍රියාවක්. අද ගොඩක් දේශපාලනඥයින් පිරිහෙන්නේ ඔවුන්ගේ භාර්යාවන් නිසයි. මේ පොත කාන්තාවන් කියවන්න. එය කාන්තාවන්ට ඉතා වැදගත් වනු ඇතැයි,” යනුවෙන් එහිදී අදහස් දක්වමින්  අග්‍රාමාත්‍යවරයා පැවසීය.

  • Covid-19: ලංකාවේ අවධානම තව දුරටත් – වසංගත රෝග විද්‍යා අංශය

    Covid-19: ලංකාවේ අවධානම තව දුරටත් – වසංගත රෝග විද්‍යා අංශය

    මෙරට තුළ කොවිඩ්-19 අවදානම තවදුරටත් පහව ගොස් නොමැති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.

    සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අද (30) දින පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මේ බව සඳහන් කළේය.

    එහිදී ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 අවධානමේ වත්මන් තත්ත්වය පැහැදිලි කරමින් වෛද්‍ය සමරවීර මහතා මෙසේ ද සදහන් කළේය.

    ‘මාස දෙකකට අධික කාලයක සිට සමාජය තුළින් කිසිදු කොවිඩ් රෝගියෙකු වාර්තා නොවූවද විදෙස් රටවල සිට පැමිණෙන පුද්ගලයින් හේතුවෙන් කොවිඩ් යළි පැතිරීමේ අවදානමක් පවතින බව අප හදුනා ගෙන තිබෙනවා.

    “විදෙස් රටවල සිට කොවිඩ්-19  රෝගීන්තමයි, මේ රටට එන්නේ, වෛරසය ආසාදිතයින් පුද්ගලයින් අපේ මේ භූමිය තුළ සිටිනවා, රෝහලකට හෝ නිරෝධායන මධ්‍යස්ථානයක සමහර වේලාවට අත්වැරදීමකින් හෝ අතපසුවීමකින් ඔවුන් සමාජයත් සමග ගැටෙන්නට පුළුවන්,  ඒ වාගේම තමයි අපේ රටට ඉන්දියාවේ සිට නීතිවිරෝධීව මුහුදු මාර්ගයෙන් ඇතැම් පිරිස් ආවා, ඒ වගේම මුහුදේදී ඉන්දියානු ජාතිකයින් හමුවිය හැකියි,  ඒ නිසා තවමත් අපේ සමාජය අනාරක්ෂිතයි. ඇත්තෙන්ම ශ්‍රී ලංකාවේ ජනතාව කොවිඩ්-19 රෝගයේ භායානක දැක්කේ නැහැ“

  • සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහ ගත කිරීමට යයි

    සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහ ගත කිරීමට යයි

    සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඒකාබද්ධ කමිටුවක් පත් කරන්න යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (30) පස්වරුවේ පැවැසීය.

    සුරාබදු නිලධාරීන්ගේ වෘත්තීය ගැටලු සාකච්ඡා කිරීම සඳහා වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකදී අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

    මෙම හමුවේදී සුරාබදු නිලධාරීන්ගේ වෘත්තීමය ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු කළ අග්‍රාමාත්‍යවරයා දේශපාලන බලපෑම් මත සුරාබදු නිලධාරීන්ට ස්ථාන මාරු ලබා දීම වහාම නවතා දමා සුදුසුකම් සැපිරූ නිලධාරීන්ට පමණක් ස්ථාන මාරු ලබා දෙන්නැයි උපදෙස් දුන්නේය.

    ඒ් අනුව ප්‍රතිලාභ ලබන ස්ථානවල සේවය කරන සුරාබදු නිලධාරීන් ස්ථාන මාරු ක්‍රමවේදයට අනුව නියමිත කාලයට මාරු කිරීමට පියවර ගන්නැයි ද අග්‍රාමාත්‍යවරයා පැවැසීය.

  • ශ්‍රී ලංකාව මධ්‍යස්ත රටක් සංවර්ධන සහයෝගිතාව අපේ ප්‍රථම ප්‍රමුඛතාව – ජනපති නව තානාපතිවරුනට කියයි

    ශ්‍රී ලංකාව මධ්‍යස්ත රටක් සංවර්ධන සහයෝගිතාව අපේ ප්‍රථම ප්‍රමුඛතාව – ජනපති නව තානාපතිවරුනට කියයි

    ශ්‍රී ලංකාව පිහිටා තිබෙන්නේ උපාය මාර්ගික වැදගත්කමක් සහිත ස්ථානයක. ඒ නිසාම අපේ රට බොහෝ පාර්ශ්වයන්ගේ ආකර්ශණයට ලක්ව තිබෙනවා. මේ වාතාවරණය හමුවේ ශ්‍රී ලංකාව තෝරාගෙන ඇත්තේ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක්.  අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත සංවර්ධන සහයෝගිතාව අපේ ප්‍රථම ප්‍රමුඛතාව.

    මේ රට විදේශ ආයෝජන සඳහා විවෘතයි” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එසේ ප්‍රකාශ කළේ අද (30) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී තමා වෙත අක්ත පත්‍ර පිළිගැන්වූ ශ්‍රී ලංකාවට අලුතින් පත්ව ආ තානාපතිවරුන් සිව් දෙනෙකු සමග කෙටි පිළිසඳරක නිරත වෙමිනි.

    කොරියානු ජන රජය, ජර්මනිය, වතිකානය සහ ස්විට්සර්ලන්තය යන රාජ්‍යයන්හි නව තානාපතිවරු ජනාධිපතිතුමා වෙත  අක්ත පත්‍ර පිළිගැන්වූහ.

    ඔවුන්ගේ නාම ලේඛනය මෙසේය.

    01-   Mr. Jeong Woonjin                                        

    (ජොන්ග් වුන්ජින්ග් මහතා)

    Ambassador of the Republic of Korea

      (කොරියානු ජනරජයේ තානාපති)

    02-   Mr.  Holger Lothar Seubert                           
    (හොල්ගර් ලෝතර් සොයිබෙයට් මහතා)                    

    Ambassador of the Federal Republic of Germany
    (ජර්මන් ෆෙඩරල් ජනරජයේ තානාපති)

    03-   Monsignor Brian Udaigwe                            
     (මොන්සිඤ්ඤෝර් ධූරන්දර  බ්‍රයන් උඩයිවේ හිමිපාණන්)      
    Apostolic Nuncio of the Holy See
    (ශුද්ධ වතිකානයේ අපෝස්තලික නන්සියෝ)

    04-   Mr. Dominik Furgler             
    (ඩොමිනික් ෆර්ග්ලර් මහතා)     
    Ambassador of the Switzerlan
    ( ස්විට්සර්ලන්තයේ තානාපති)

    අක්ත පත්‍ර භාර ගැනීමෙන් පසු නව තානාපතිවරු සමග සුහද කතා බහක නිරත වූ ජනාධිපති රාජපක්ෂ මැතිතුමා ඉන්දීය සාගරය අරභයා ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය පැහැදිළි කරමින් ඉන්දීය සාගරය සියලු රටවලට විවෘත හා නිදහස් කලාපයක් විය යුතුයැයි පැවසීය. ඉන්දීය සාගරය සාම කලාපයක් කළ යුතු බවට දශක පහකට පමණ පෙර ප්‍රථමයෙන් යෝජනා කළේ ශ්‍රී ලංකාව බව ද එතුමා සිහිපත් කළේය.

    මෑත කාලීන ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යායාමය ගැන අවධානය යොමු කළ ජනාධිපතිතුමා 2009දී ත්‍රස්තවාදය පරාජය කිරිමෙන් පසු ආණ්ඩුවේත්, ජනතාවගේත් ප්‍රමුඛ අභිලාෂය වූයේ කඩිනම් සංවර්ධනයක් අත් කර ගැනීම බව පැවසීය.

     “ත්‍රස්තවාදය නිසා ආර්ථිකය පරිහානියට ගියා.  ඉක්මන් සංවර්ධනයක් සඳහා අපට විදේශ ආධාර අවශ්‍ය වුණා. මෙරට සංවර්ධන ව්‍යාපෘතිවල ආයෝජනය කිරීමට චීනය ඉදිරියට පැමිණියා. අප දෙරට අතර සිදු වූයේ ගනුදෙණුවක්. එහෙත් ඇතැම් පිරිස් මේ සබඳතාව විග්‍රහ කළේ චීනයට පක්ෂපාතී වීමක් ලෙස.  ශ්‍රී ලංකාව හැම රටක් සමගම මිතුරුයි” ජනාධිපතිතුමා පැහැදිළි කළේය.

    චීනයේ මූල්‍යාධාර ඇතිව හම්බන්තොට වරාය ඉදිකිරීම ‘ණය උගුලක සිරවීමක්’ ලෙස ඇතැම් පාර්ශ්ව හැඳින්වුවද හම්බන්තොට වරාය විශාල සංවර්ධන විභවතාවක් සහිත ව්‍යාපෘතියක් බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. පසුගිය රජය හම්බන්තොට වරාය චීනයට බදු දුන් නමුත් එය භාවිත කරන්නේ වාණිජ අරමුණු සඳහා පමණකැයි එතුමා කියා සිටියේය.

    සිය අදහස් පළ කළ නව තානාපතිවරු සිව් දෙනාම කොවිඩ් 19 වසංගතය සාර්ථක ලෙස පාලනය කර ගැනීම පිළිබඳව ජනාධිපතිතුමාට සහ ශ්‍රී ලංකාවට ප්‍රසාදය පළ කළහ. ‘ශ්‍රී ලංකාව අතිශය සුරක්ෂිත රටක්’. කොරියානු ජනරයේ තානාපති ජොන්ග් වුන්ජින්ග් මහතා පැවසීය.

    කොවිඩ් උවදුර ජයගත් ශ්‍රී ලංකාවට තානාපති ධූරයක් ගෙන පැමිණීමට ලැබීම ගැන ජර්මානු තානාපති
    හොල්ගර් ලෝතර් මහතා සතුට පළ කළේය.

    “අපි ශ්‍රී ලංකාවට පැමිණියේ ඔබට දේශණ පවත්වන්නට නොවෙයි. අපට කළ හැකි උපකාරයක් කරන්නට. කළ යුතු දේ තෝරා ගැනීමට ශ්‍රී ලංකාව සමත් බව අපට විශ්වාසයි. ශ්‍රී ලංකාවේ සංවර්ධන අපේක්ෂා සපුරා ගැනීමට කළ හැකි දේ කරන්නට අපි සූදානම්” ජර්මානු තානාපති හා ස්විට්සර්ලන්ත තානාපති  ඩොමිනික් ෆර්ග්ලර් යන දෙදෙනාම සඳහන් කළහ.

    ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ  2015 දී ශ්‍රී ලංකාවේ කළ චාරිකාවට තමාද එක්ව සිටී බව කී බ්‍රයන් උඩයිවේ හිමිපාණෝ ජනාධිපතිතුමාට ලැබී ඇති විශාල ජනවරම පිළිබඳව වත්මන් පාප් වහන්සේගේ සුබ පැතුම් එක් කළහ. භූගෝලීය පිහිටීම ශ්‍රී ලංකාවට හිමිව ඇති අනගි දායාදකැයි උන්වහන්සේ කීහ.

  • 20න් හිට්ලර් කෙනෙක් බිහිකිරීමට යෝජනා කරලා – ශිරාල් ශ්‍රේෂ්ඨාධිකරණයේදී කියයි

    20න් හිට්ලර් කෙනෙක් බිහිකිරීමට යෝජනා කරලා – ශිරාල් ශ්‍රේෂ්ඨාධිකරණයේදී කියයි

    ආන්ඩුක්‍රම ව්‍යවස්ථා මුලධර්ම හා මුලික පදනම උල්ලංඝනය කරමින් 20 වන සංශෝදනය මගින් අධිබලැති ජනාධිපතිවරයකු බිහිකිරීමට යෝජනා කර ඇති බැවින් 20 වන යෝජනාව වගන්තියෙන් වගන්තියට නොසලකමින් සම්පුර්ණ ව්‍යවස්ථා යෝජනාවලියම ප්‍රතික්ෂේප කරන්නැයි ජ්‍යෙෂ්ඨ නීතිඥ ශීරාල් ලක්තිලක අද (30) ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්‍රි විසින් පසුගිය සැප්තැම්බර් 22 වෙනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පිළිබඳ පෙත්සම් විභාගය අද (30) දෙවන දිනට ශ්‍රේෂ්ඨාධිකරණයේ 501 ශාලාවේදී ආරම්භ විය.

    එහිදී 20 වැනි සංශෝදන යෝජනාවලිය අභියෝගයට ලක් කරමින් හිටපු ආණ්ඩුකාර රජිත කීර්ති තෙන්නකෝන් ඉදිරිපත්කර තිබු පෙත්සම වෙනුවෙන් නීතිඥ ශිරාල් ලක්තිලක ශ්‍රේෂ්ඨාධිකරනය හමුවේ පහත කරුණු අවධාරණය කළේය.

    ආන්ඩුක්‍රම ව්‍යවස්ථා මුලධර්ම හා මුලික පදනම උල්ලංඝනය කරලා !

    20 වන සංශෝදනය මගින් අධිබලැති ජනාධිපතිවරයකු බිහිකිරීමට යෝජනා කර ඇත. ඔවුන් එසේ කරන්න්නට යෝජනා කරන්නේ පිලිගත් ආන්ඩුක්‍රම ව්‍යවස්තා මුලදර්ම හා මුලික පදනම උල්ලංඝනය කරමිනි. එය කිසිසේත් කල නොහැකි දෙයකි.

    එම නිසා 20 වන යෝජනාව වගන්තියෙන් වගන්තියට නොසලකමින් සම්පුර්න ව්‍යවස්තාව යෝජනාවලියම ප්‍රතික්ෂේප කලයුතුව තිබේ.

    එසේම එවැනි ව්‍යවස්තාවේ මුලික හරය වෙනස් කරන යෝජනාවක් තුනෙන් දෙකක බලයෙන් තබා ජනමත විචාරනයකින් වත් සම්මත කල නොහැකි බවත් එවැනි අවස්තාවක මහජන අනුමැතිය අදාල නොවන බවත් ඔහු පැවසීය.

    ඉතිහාසයේ දී අවස්තා දෙකක් !

    මෙවැනි තත්වයක් ඉතිහාසයේ දී අවස්තා දෙකකදී සිදුව තිබේ. ඉන් පලමු වැන්න 1933 දී ජර්මානු පාර්ලිමේන්තුව විසින් වෛමාර් ආන්ඩුක්‍රම ව්‍යවස්තාව උල්ලංඝනය කරමින් හිට්ලර්ට සියලු බලය දානය කරන පනතක් සම්මත කිරීමය.

    දෙවැන්න 1904 දී ප්‍රංශ ජනතාව ජනමත විචාරණයක් තුලින් නැපෝලියන් බොනපාට් ජීවිතාන්තය දක්වා ප්‍රංශ අධිරාජ්‍යයා බවට පත් කරගත්තේය. ලංකාවේ සිදුවෙමින් සිදුවෙමින් තිබෙන්නේ එවැනිම දෙයකි.

    අප විනාශයේ මාවතට අවතීර්න වනවාද සංවර්ධනයේ මාවතට පිවිසෙනවාද යන්න 20 හි පැවැත්ම නොපැවැත්ම මත තීරනය වනු ඇත.  එම නිසා රටේ ජනතාවගෙ අනාගතය තීරනය කිරීමේ බලය මෙරට ශ්‍රේෂ්ඨාධිකරනය මත රැඳී පවතින බව නීතිඥ ශිරාල් වැඩිදුරටත් පැවසීය.

    උපුටා ගැනීම: ද ලීඩර්

  • දූෂණ විරෝධී කමිටුව ගැන කැබිනට් පත‍්‍රිකාව බොරුවක්…

    දූෂණ විරෝධී කමිටුව ගැන කැබිනට් පත‍්‍රිකාව බොරුවක්…

    පසුගිය රජය යටතේ දූෂණ විරෝධී කමිටුව පිහිටුවන්නේ ජාතික විධායක සභාවේ අනුමැතියට යටත්ව බවට හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් සංදේශයේ ඇති සඳහන සම්පූර්ණ අසත්‍යයක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක හා ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා ඊයේ (29 දා) පසුගිය රජයේ දේශපාලන පළිගැනීම් පරීක්‍ෂා කිරීමේ ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් පැවසීය.

    එසේම හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා දූෂණ විරෝධී කමිටුව පිහිටුවීම සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත‍්‍රිකාව ගැන තමා කිසිසේත්ම නොදන්නා බව එම දූෂණ විරෝධී කමිටුවේ සාමාජිකයෙක් ලෙස නම් සඳහන් වූ හිටපු ඇමැති සහ එවකට එක්සත් ජාතික පක්‍ෂයේ සභාපතිවරයා වූ මලික් සමරවික‍්‍රම මහතාද ඊයේ කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් කීවේය.

    තමාගේ නම එම දූෂණ විරෝධී කමිටුවේ සාමාජිකයකු ලෙස සඳහන්ව තිබුණත් තමාට එහි රැුස්වීම්වලට කතා කළේ නැති බවද ඒවාට තමා සහභාගි නොවූ බවද මලික් සමරවික‍්‍රම මහතා කීවේය.

    එසේම අනුර කුමාර දිසානායක මහතා කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් කීවේ හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත‍්‍රිකාවේ එම දූෂණ විරෝධි කමිටුව යටතේ පිහිටුවා තිබෙන ක්‍ෂණික ප‍්‍රතිචාර අනුකමිටුවේ සම්බන්ධීකාරක ලෙස තම නම සඳහන්ව තිබුණත් තමා එවැනි කමිටුවක් තිබෙන බවක් නොදැන සිටි බවය.

    මෙම කොමිසම ඊයේ උදේ 11.00 ට පමණ එහි සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ මැදහත්භාවයෙන් රැුස් විය.

  • රු.1000කට සැප ගන්න ගිහින් රු.44,000ක් නැති කරගෙන

    රු.1000කට සැප ගන්න ගිහින් රු.44,000ක් නැති කරගෙන

    කාමරයේ ඇඳමත රුපියල් 44,000 ක් වටිනා රන් දම්වැල තබා නාන කාමරයට ගිය අවස්ථාවේ තමා සමග කාමරයේ සිටි කාන්තාව රන්මාලය ගෙන පැන ගොස් ඇති බව කියමින් ආරච්චිකට්ටුව වෛරන්කට්ටුව පදිංචිකරුවෙක් හලාවත පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

    තමන් තම බිරිය සමග හලාවත මාළු වෙළෙඳසලට පැමිණ බිරියට මාළු වෙළෙඳසල ඇතුළට පිටත් කර යවා තමා මාළු වෙළෙඳ සැලට ඇතුල් වන ස්ථානයේ රැඳී සිටි බවත් එවෙලේ වයස අවුරුදු 35 ක පමණ කාන්තාවක් පැමිණ තමාගේ සැමියා නොමැති බවත් දරුවකු සිටින බවටත් කී බව පැමිණිල්ලෙන් කියා ඇත.

    ඉන් පසුව ඇය තමාගෙන් රුපියල් 1000 ක් ඉල්ලා කාමරයකට යෑමට කතා කළ බවත් තමා එයට කැමති වී ති‍්‍රරෝද රථයකින් හලාවත හෝටලයකට පැමිණි බවද, එහි කාමරයක් කුලියට ගෙන ඇයත් සමග අඹුසැමියන් ලෙස හැසිරුණු බවද ඉන් අනතුරුව තමාගේ ගෙල බැඳි රුපියල් 44,000 ක් වටිනා රන් දම්වැල ගලවා කාමරයේ ඇඳ මත තබා නාන කාමරයට ගිය බවද සඳහන් කර ඇත.

    නාන කාමරයේ සිට විනාඩි පහකින් පමණ කාමරයට පැමිණි බවද ඒ එන විට කාමරයේ සිටි කාන්තාව හා රන් දම්වැල නොතිබූ බවද තමා කාන්තාවගේ නම හෝ පදිංචි ස්ථානයක් නොදන්නා බවද පැමිණිල්ලේ දක්වා තිබේ.

    හලාවත පොලිසියේ උප පොලිස් පරීක්‍ෂක ගාමිණී ආදසූරිය මහතා මේ පිළිබඳව විමර්ශන කරගෙන යයි.

    -දිවයින-

  • අවුරුදු 16 ක දැරිය පැයකට 3000 ගානේ විකුණලා..

    අවුරුදු 16 ක දැරිය පැයකට 3000 ගානේ විකුණලා..

    තාවකාලික නවාතැම් පළක රැඳී සිටිමින් ගණිකා සේවයේ යෙදුන බව කියන අවුරුදු 16 ක බාල වයස්කාර දැරියක සහ ඒ සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් තිදෙනෙකු ඉකුත් 27 දා රාත‍්‍රි අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි.

    අත්අඩංගුවට පත්වූවන් අතර තාවකාලික නවාතැම් පළේ කළමනාකරු, දැරිය ගැනුම්කරුවාට සම්බන්ධ කළ පුද්ගලයා සහ ඇය සමග කාමරයේ රැඳී සිටි පුද්ගලයාද වන බව පොලිසිය කියයි. ලද තොරතුරක් මත පොලිස් පරීක්ෂක උපුල් ඇතුළු පොලිස් කණ්ඩායම බප‍්‍රදේශයේ තාවකාලික නවාතැම් පළක් පරීක්ෂා කිරීමේදි එහි කාමරයක රැඳී සිටි දැරිය හා ගැනුම්කරුවා සහ නැවතුම් මධ්‍යස්ථානයේ කළමනාකරු අත්අඩංගුවට ගෙන කරන ලද ප‍්‍රශ්න කිරීම්වලින් පසු දැරිය සම්බන්ධීකරණ කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

    දැරිය පැයක කාලයක් සඳහා රුපියල් 3000 කට ගැනුම්කරුට ලබාදී ඇති අතර හෝටල් කළමනාකාරීත්වය දැරියට රුපියල් 2000 ක මුදලක් ලබාදීමට එකඟතාව පළකර ඇති බවට පරීක්ෂණවලදී තහවුරු වී ඇතැයි පොලිස් නිලධාරීයකු පැවසීය. සැකකරුවන් මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

    කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප‍්‍රියන්ත, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල පේ‍්‍රමදාස සහ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිල්රුක් කොළඹගේ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි පොලිස් පරීක්ෂක උපුල්, සැරයන් (55277) කිත්සිරි, කොස්තාපල්වරුන් වන (36166) ඉෂාන්, (92442) වික‍්‍රමාරච්චි සහ කාන්තා (10600)නදීශා නිලධාරිනියද වැටලීමට එක්වූහ.

  • වී වගාවේ ‘ගොක් මැස්සා’ නැවතත් හිස ඔසවන ලකුණු

    වී වගාවේ ‘ගොක් මැස්සා’ නැවතත් හිස ඔසවන ලකුණු

    වී වගාව ගොක්මැස්සාගේ හානියට ලක්වූ පසුව කෘමිනාශක යෙදීමෙන් කළ හැක්කේ පලිබෝධකයා තව දුරටත් වැඩිවීම අවම කිරීම පමණකි. වෙනත් ලෙසකින් කිවහොත් ඒ වනවිටත් සිදුවී ඇති අස්වනු හානිය කෘමිනාශක යෙදීමෙන් හානිපූරණය කල නොහැක. එබැවින් එළඹෙන මහ කන්නයේ වී වගාව ගොක්මැස්සාගෙන් ආරක්ෂාකරගැනීම සදහා පූර්ව ප්‍රතිකර්ම යෙදීම ඉතා වැදගත්ය.

    ගොක් මැස්සා යනු සැඟව පහරදෙන සතුරෙක් යයි හැඳින්වූවාට වරදක් නැත. වී වගාවේ ප්‍රධානතම පලිබෝධකයෙකු ලෙස සැලකෙන දුඹුරු පැල කීඩෑවා අපට පෙනෙන්නට පිටත සිටියත් ගොක් මැස්සා වෙසෙන්නේ ගොයම් ගස තුල සැඟවීගෙනය.

    කරලක් පූදින්නේ නැතිව ඒ වෙනුවට සුදුපැහැති ගොබයක් පමණක් පිටතට එනවිට මේ පළිබෝධකයා ගොයමේ සිටින බව දැනගත්තත්, ඒ වනවිට සිදුවන හානිය උපරිමයෙන් සිදුවී හමාර බැවින් කළ යුත්තක්ද නොමැත්තේය.

    මදුරුවෙකුගේ පෙනුමැති මේ කුඩා සත්වයා සිදුකරන හානිය නම් සුළුපටු නොවේ. මුලින්ම 70 දශකයේදී හානිය වාර්තා වීමත් සමගම එකල බතලගොඩ සිටි කෘෂි විද්වතුන් ඉන්දියාවෙන් ගෙන්වාගත් OB 678 නම් ගොක් මැස්සාට ප්‍රතිරෝධී ප්‍රභේදයක් ඇසුරෙන් පර්යේෂණ ආරම්භ කරන ලදී. මෙම ඉන්දීය ප්‍රභේදයේ ගොක්මැසි හානිය ශුන්‍යය වන අතර එම ප්‍රතිරෝධීතාවය ඇතිකරනු ලැබුවේ තනි ජානයක් මගින් බවද වාර්තා වේ.

    ප්‍රතිරෝධීතාවය සඳහාම වූ මෙම විශේෂිත ජානය දේශීය ප්‍රභේද තුළට ඈඳා ගැනීමේ උත්සාහයන් 1979 වසර වනවිට සාර්ථක වී Bg 400-1, Bg 380, Bg 276-5 වැනි ගොක් මැස්සාට ප්‍රතිරෝධී ප්‍රභේද නිදහස් කෙරුණි. මේවා කෙතරම් ජනප්‍රසාදයට පත්වූවාද කියනවානම් වසර දෙක තුනක් යනවිට ලාංකික වගා වපසරියෙන් 30% ක පමණ ප්‍රමාණයක් පුරවාලන්නට මෙම ප්‍රභේදයන් සමත්වී තිබේ.

    සොබාදහමේ අණසකට අවනත වියයුතු ගොක් මැස්සාටද නිහඬවිය නොහැක. තම වර්ගයා නොනැසී පවත්වා ගැනීම උදෙසා අලුත් ප්‍රතිරෝධී ප්‍රභේදයන් තුළ ජීවත් වන්නට හැකිවෙන පරිදි විකෘති හරහා හෙතෙම හැඩගැසේ. මෙහි ප්‍රතිපලයක් වශයෙන් 1983 වනවිට මාතලේ දිස්ත්‍රික්කයේ ගුරුවෙල ප්‍රදේශයෙන් නැවතත් ගොක් මැස්සාගේ හානිය මතුවුනි. ඒ Bg 400-1 යන ප්‍රභේදය තුලිනි.

    “අපේ කණ්ඩායමක් වහාම ඒ ස්ථානයට ගියා. අපි උපකල්පන දෙකක් කෙරුවා. එක්කෝ මේ 400-1 කියන ප්‍රභේදය නෙවෙයි. අනෙක් උපකල්පනය තමයි අපේ ප්‍රතිරෝධී ප්‍රභේද හා සටනට ගොක් මැස්සා තම පරපුර සූදානම් කරගෙන අවසන් කියන එක. දෙවැනි උපකල්පනය තමා නිවැරදි බවට සනාථ වුනේ. ගොක් මැස්සා ජය අරගෙන”

    එසේ පවසන්නේ එකල මේ කර්තව්‍ය වෙනුවෙන් කටයුතුකළ ජ්‍යෙෂ්ඨ කීට විද්‍යාඥ ආචාර්ය ලයනල් නුගලියද්ද මහතායි. වසරක් ගතවෙත්ම ගොක් මැසි ආක්‍රමණය රටපුරාම ව්‍යාප්ත වූ බැවින් රසායන මර්දනයකට පවා යාමට සිදුවූ බව හෙතෙම පවසයි. ටික කලක් ඇතුලත රට පුරාම එය පැතිර ගියේය. වී වගා විද්වතුන්ට නැවතත් සිදුවූයේ ප්‍රතිරෝධී වී ප්‍රභේද බිහිකිරීමේ අභිජනන වැඩසටහන් ආරම්භ කරන්නටය. එක් ජානයක් වෙනුවට ජාන කීපයක් මගින් නියාමනය කරන ප්‍රතිරෝධීතාවයක් කරා ලඟාවෙමින්, 1991 වසර වනවිට නැවතත් අවදානමෙන් මඳක් මිදෙන්නට ඔවුනට හැකිවී තිබේ.

    අද වනවිට ගොක් මැස්සා අපගේ කුඹුරුවල ජීවත් නොවේයැයි ස්ථිරව ප්‍රකාශ කළ නොහැකි නිසා දිගින් දිගටම අවධානයෙන් සිටීමේ අවශ්‍යතාවය වගා ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත්ය.

    කෘෂිකර්ම දෙපාර්තමේන්තුවද ලංකාවේ  නව වී ප්‍රභේදයක් නිර්දේශ වීමට ප්‍රථම ඒවා ‘ගොක් මැස්සා කෙරේ දක්වන ප්‍රතිරෝධීතාවය නිර්ණය කිරීම සදහා කෙරෙන ප්‍රභේද වරණය කිරීමේ පරීක්ෂණයෙන් සමත් වීම’ අත්‍යවශ්‍ය කරුණක් සේ සලකනු ලබයි.

    ලංකාවේ  මුළු වී වගා වපසරියෙන් 95% කටත් වඩා වගාකෙරෙන්නේ නව වැඩිදියුණුකල වී ප්‍රභේදයන් වන අතර ඉන් අති බහුතරයක් ප්‍රභේද ගොක් මැස්සා කෙරේ අවම වශයෙන් මධ්‍යස්ථ ප්‍රතිරෝධීතාවයක්වත් දක්වයි.  ඒ නිසා මෑතක් වනතුරු මෙරට ගොවි ක්ෂේත්‍ර වලින් ගොක් මැස්සාගේ හානිය පිලිබද වාර්තා වූයේද නැත.

    එහෙත් ඉදිරියේදී මේ තත්වය වෙනස්වන බවට ඉගි පලකරමින් පසුගිය 2019/20 මහ කන්නයේදී මහනුවර අන්තර් පළාත් බල ප්‍රදේශයේ හසලක සමහර ස්ථාන වලිනුත්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැබිතිගොල්ලෑව ආදී සමහර ප්‍රදේශ  වලිනුත් දරුණුලෙස ගොක්මැස්සාගේ හානිය වාර්තා වූ බව පවසන්නේ බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ ප්‍රධාන කීට විද්‍යාඥ සුසන්ති චන්ද්‍රසේන මහත්මියයි.

    “ඒ ක්ෂේත්‍රවල වගාකරලා තිබුනේ Bg 352, Bg 366, Bg 374 සහBg 403 වැනි වී ප්‍රභේද. හැම එකටම දරුණුලෙස හානිවෙලා තිබුණ. මේ වී ප්‍රභේද වගාව සදහා මුලින්ම නිදහස්වන අවස්ථාවේදී ගොක්මැස්සා සදහා මධ්‍යස්ථ ප්‍රතිරෝධීතාවයක් තිබුනත් තත්වය මේ වනවිට බිඳීගොස් තිබෙනවා විය හැකියි. ඒ කියන්නේ ගොක් මැස්සාගේ තවත් ජීව දර්ශයක්/හානිකර මාදිලියක් බිහිවී තිබීම වෙන්න පුළුවන්.එය සනාථ කිරීම සදහා පර්යේෂණ කෙරුවත් අපිට අවශ්‍ය තොරතුරු නියමාකාරයෙන් ලැබුනේ නෑ.  රටේ පැවති කොවිඩ්-19 වසංගත තත්වය හමුවේ ඊළඟ කන්නය වන 2020 යල කන්නයේදී එම පර්යේෂණ ඉදිරියට ක්‍රියාත්මක කරන්නත් බැරි වුණා.”

    එසේ පවසන සුසන්ති මහත්මිය ප්‍රකාශ කරන්නේ බෝඹුවල ප්‍රාදේශීය වී පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ වගා ඇසුරෙන් කල පර්යේෂණ අනුව ගොක් මැස්සාගේ තවත් ජීවදර්ශයක්/හානිකර මාදිලියක් බිහිවී ඇතැයි යන සැකය තවදුරටත් තීව්‍රව ඇති බවයි.

    මෙම සැකය තහවුරු කරගැනීම සදහා එළඹෙන මහ කන්නයේදී අදාළ පර්යේෂණය සිදු කිර්‍රීමටද සැලසුම්කර තිබේ. 1983 වසරේදී මාතලෙන් හඳුනා ගත් ජීව දර්ශයන්ද වගා කන්නයක් තුලදී මධ්‍යම පළාතේ අනෙක් ප්‍රදේශ වලටත්, තවත් කන්නයක අවෑමෙන් දිවයිනේ අනෙක් ප්‍රදේශ වලටත් සංක්‍රමණය වන බවට ආචාර්ය නුගලියද්දටත් අත්දැකීම් තිබෙන නිසා, සුසන්ති මහත්මිය සැකකරන ජීව දර්ශය/හානිකර මාදිලිය මේ වන විටත් රටේ බොහෝ ප්‍රදේශ වලට ව්‍යාප්තවී ඇතැයි අනුමාන කිරීම සාධාරණය. අධික ආර්ධතාවයක් පැවතීම මෙම පලිබෝධකයාගේ ගහනය වැඩිවීමට සෘජුවම බලපායි. එනිසා ඉදිරි මහ කන්නයේදී විශේශයෙන්ම ගොයමේ පඳුරු දමන අවදියේදී වැසි බර කාලගුනයක් පවතීයයි පුරෝකථනය කලහැකි ප්‍රදේශ වල මෙම අවදානම ඉතා වැඩිවියහැකි බව අප සිහි තබාගත යුතුවේ.

    වී වගාව ගොක්මැස්සාගේ හානියට ලක්වූ පසුව කෘමිනාශක යෙදීමෙන් කළ හැක්කේ පලිබෝධකයා තව දුරටත් වැඩිවීම අවම කිරීම පමණකි. වෙනත් ලෙසකින් කිවහොත් ඒ වනවිටත් සිදුවී ඇති අස්වනු හානිය කෘමිනාශක යෙදීමෙන් හානිපූරණය කල නොහැක. එබැවින් එළඹෙන මහ කන්නයේ වී වගාව ගොක්මැස්සාගෙන් ආරක්ෂාකරගැනීම සදහා පූර්ව ප්‍රතිකර්ම යෙදීම ඉතා වැදගත්ය.

    මේ සදහා පහත සදහන් පිලිවෙත් කෙරේ ගොවීන්ගේ අවධානය යොමුකරවන ලෙස  බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය ඉල්ලාසිටියි.

    • කලින් කන්නයේ අස්වැන්න නෙලූ විගසම පළමු සීසෑම කරන්න.
    • අඩු වයස් කාණ්ඩයේ ප්‍රභේද තෝරාගැනීමෙන් අවදානම් තත්වය අඩුවේ.
    • ස්වභාවික සතුරන් ගහනය පරිසරයේ වැඩියෙන් පවත්වා ගැනීම සඳහා පළිබෝධනාශක භාවිතය හැකිතරම් සීමා කරන්න.
    • පැල තවානට හෝ වපුරන ලද කුඹුරට මුල් සති 2-3 අතරතුර හෝ ගසට උරාගෙන ක්‍රියාත්මක වෙන කණිකාමය කෘමිනාශකයක නිර්දේශිත ප්‍රමාණයන් පසට යොදන්න.
    • ප්‍රමාදනොවි යායම / ප්‍ර‍දේශයම සති 2-3ක් වැනි කෙටි කලක් තුලදී වගා කිරීම මඟින් පළිබෝධ හානිය අවම කර ගත හැකිය.
    • සමහර වල්පැලෑටි ගොක්මැස්සාගේ අතරමැදි ධාරක ශාක ලෙස ක්‍රිකිරීමට ඉඩ ඇති බැවින්, කුඹුර අවට වල්පැල මර්දනය කර තබාගන්නට උත්සාහ කරන්න.
    • නිර්දේශිත ආකාරයට යුරීයා පොහොර යොදන්න (නයිට්‍රජන් පොහොර වැඩිපුර යෙදිමෙන් වැලකිය යුතුය)
    • දින 5-7 අතර කාලයක් සඳහා කුඹුරේ ජලය කපා හැරිය හැකිනම් අනිවාර්යයෙන්ම එය ගොක් මැසි ගහනය අඩුකිරීමට හේතුවේ.
    • කුඹුරේ ආලෝක උගුල් හෝ පන්දම් දල්වා තබන්න. ගොක් මැස්සාගේ සුහුඹුලන් සවස 6 සිට රාත්‍රී 10 අතර කාලය තුලදී සක්‍රිය බව පර්යේෂණාත්මකව පෙනීගොස් ඇති නිසා අක්කරයකට එකක් වනසේ මෙම ආලෝක උගුල් දැල්වීම සෑහේ.

    තාක්ෂණික කරුණු: ආචාර්ය ලයනල් නුගලියද්ද, ජ්‍යෙෂ්ඨ කීට විද්‍යාඥ සුසන්ති චන්ද්‍රසේකර, ප්‍රධාන කීට විද්‍යාඥ, වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය, බතලගොඩ

    සටහන – සනත් M බණ්ඩාර

  • ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් අගමැතිගෙන් සහතිකයක්

    ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් අගමැතිගෙන් සහතිකයක්

    කොවිඩ්-19 අභියෝගය හමුවේ හැකි ඉක්මණින් පාසල් ආරම්භ කරන්නැයි දරුවන් කළ ඉල්ලීම ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳවත් සැළකිලිමත් වෙමින් ඉටු කරදීමට අපට හැකි වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (30) වන දින පැවසීය.

    කොළඹ හින්දු විද්‍යාලයේ පැවති වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට එක් වෙමින්  අග්‍රමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    හින්දු විද්‍යාලයේ 2019 වසරේ අධ්‍යාපන හා විෂය සමඟdමී කටයුතුවල දක්ෂතා දැක්වූ සිසු දරුවන්ට මෙහිදී අග්‍රාමාත්‍යවරයා අතින් ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය කෙරිණි.

    2019-හින්දු විද්‍යාලීය සඟරාව සහ සමරු තිළිණයක් විදුහල්පති ටී.පී.පරමේෂ්වර්ම් මහතා විසින් අග්‍රාමාත්‍යවරයාට මෙහිදී පිළිගැන්වීය.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ත්‍යාග ප්‍රදානෝත්සවය අමතා මෙසේ ද කීය, 

    මෙම විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානය කිරීමේ උත්සවයට මට ආරාධනා කිරීම පිළිබඳව මම සතුටු වෙනවා. දෙමළ භාෂාවෙන් ඉගැන්වීම් කරන මෙම ජාතික පාසල රටට වැඩදායී  යහපත් පුරවැසියන් බිහිකර තිබෙනවා. ඔවුන් අතර විශිෂ්ට අධ්‍යාපනඥයින් පවා සිටිනවා. මේ දරුවෝ හෙට රට භාර ගන්න අයයි. ඒ කියන්නේ රටේ අනාගත නායකයින්.

    පිරිමි ළමයින් වෙනුවෙන් 1951 වසරේදී ආරම්භ කළ මෙම විද්‍යාලය දෙමළ හා ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම උගන්වන පාසලක්. සිසුන්ට නිවැරදි මඟ පෙන්වීම පාසලක මූලික කාර්යභාරයක්. එක් පාසලක් විවෘත කරන විට බන්ධනාගාර දහස් ගණනක් වැසෙනවා කියලා කතාවකුත් අප අතර තිබෙනවා.

    දරුවන් යහමඟට යොමු කර ඔවුන්ගේ අනාගතය නිසි මඟට ගැනීමේ විශාල වගකීමක් හා බැඳීමක් විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට තිබෙනවා. 

    අධ්‍යාපනය කෙරෙහි අවධානය යොමු කිරීම වගේම ළමයින් විනය ගරුක පුද්ගලයින් බවට පත්කිරීමත් පාසලේ වගකීමක්. මෙම විද්‍යාලය දරුවන්ගේ අධ්‍යාපනය වගේම විනය කෙරෙහි විශේෂ සැළකිල්ලක් දක්වන බව මම දන්නවා.

    හොඳ අධ්‍යාපනයක් සහිත සිසුන් බිහිකිරීම හරහා රටේ ආර්ථිකය දියුණු කිරීමටත්, සමෘද්ධිමත් ජීවන පරිසරයක් නිර්මාණය කිරීමටත්, රට සමෘද්ධිමත් කිරීමටත්, ජනතාවගේ ආකල්ප සකස් කිරීමත් පාසලෙන් සිදුවන සුවිශාල මෙහෙයක්. රටක් වෙනස් කිරීමට හැකි වන්නේ අධ්‍යාපනය මඟිනුයි.

    අධ්‍යාපනය කියන්නේ කිසිවෙකුට විනාශ කළ නොහැකි හා කාටවත් උදුරා ගත නොහැකි ධනයක්. දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන සෑම ආයතනයක්ම කරන්නේ රට වෙනුවෙන් හොඳ පුරවැසියන් බිහිකිරීමයි. කොළඹ හින්දු විද්‍යාලයෙන් දරුවන්ට ලැබෙන්නෙත් ඒ වගේ විධිමත් අධ්‍යාපනයක්.

    තිස් වසරක් අපිව පීඩාවට පත්කළ  යුද්ධය අවසන් කරලා සාමය උදාකළාට පසුව රට වේගවත් සංවර්ධනයක් කරා ගෙන යාමට අපේ රජයන් කටයුතු කළා. උතුරු නැගෙනහිර පළාත්වලට උතුරු වසන්තය, නැගෙනහිර උදාව වගේ ව්‍යාපෘති රාශියක් අපි ක්‍රියාත්මක කළා. අද ජනතාව අපව නැවත බලයට ගෙනැවිත් තිබෙනවා. ඒ කියන්නේ ජනතාව වෙනුවෙන් තවත් සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරන්න අපිට අවස්ථාව ලැබිලා තියෙනවා.

    අධ්‍යාපන කටයුතු ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ඔසවා තැබීම සහ අපේ රටේ අධ්‍යාපන සංවර්ධනය ඊළඟ මට්ටමට ගෙන යාම අපේ ඉලක්කයක්.

    අද කොවිඩ් – 19 ගෝලීය අභියෝගයක් බවට පත්ව තිබෙනවා. ජනතාවගේ සහයෝගයෙන් මේ අර්බුදය පාලනය කරගන්න අපිට හැකියාව ලැබුණා. මේ ගැටලු කිසිම අවස්ථාවක ඔබේ අධ්‍යාපනයට බලපෑමක් කර ගන්න එපා. කොරෝනා තත්ත්වය නිසා පාසල් නිවාඩු දී තිබුණු කාලයේ නව තාක්ෂණය ඔස්සේ දරුවන්ගේ හඩට කන් දෙන්න මට හැකියාව ලැබුණා. ඒ අවස්ථාවේදී දරුවන් ඉල්ලා සිටියේ හැකි ඉක්මනින් පාසල් කටයුතු ආරම්භ කරන ලෙසයි. මේ වෙද්දි සාර්ථකව තත්ත්වය පාලනය කරලා පාසල් කටයුතු ආරම්භ කරන්න අපිට හැකියාව ලැබුණා. පාසල් ආරම්භ කරන්න කළින් දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳවත් අපි වැඩි අවධානයක් යොමු කළා.

    අධ්‍යාපනයට වගේම ක්‍රීඩාවලටත් මේ දරුවෝ යොමු වෙන්න ඕනේ. ඔබ වගේම උතුරු නැගෙනහිර, කඳුරට ප්‍රදේශවල දරුවොත් ඉගෙනීම් කටයුතුවලට ඉතා උද්යෝගයෙන් සම්බන්ධ වෙනවා.

    අනාගතයේ රට භාර ගන්න නායකයන් විදියට ඔබ මේ රට සමෘද්ධිමත් කිරීමට අවබෝධයෙන් යුතුව කටයුතු කළ යුතුයි.

    ඒ වගේම මේ විද්‍යාලය අනෙකුත්  පාසල්වලට ආදර්ශ පාසලක් විය යුතුයි.

    මාගේ ආදරණීය දරුවනි,

    ඔබ අප රටේ අනාගත නායකයින් ය.

    අද ඔබ සියලූ දෙනා හමුවීම සතුටක්

    ඔබ සියලු දෙනාට සුබ අනාගතයක්!  යැයි අග්‍රාමාත්‍යවරයා පැවසීය.

    මෙම අවස්ථාව iඳහා හින්දු mQcl rdupන්ද්‍ර කුරුක්කල් බාබු ෂර්මා පූජකතුමා, අචාර්ය එස්.සන්දීර් පූජකතුමා සහ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, පාර්ලිමේන්තු මන්ත්‍රී, නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන්, හින්දු විදුහලේ විදුහල්පති ටී.පී.පරමේෂ්වර්ම් මහත්වරු, ගුරුභවතුන්, දෙමාපියන්, සිසු දරුවන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.

  • කොරෝනා වසංගතය බිලිගත් මිනිස් ජීවිත ගණන ලක්ෂ 10 පනී ! තවත් ලක්ෂ 20ක් ගැන බිය

    කොරෝනා වසංගතය බිලිගත් මිනිස් ජීවිත ගණන ලක්ෂ 10 පනී ! තවත් ලක්ෂ 20ක් ගැන බිය

    අද (29) දිනය ආරම්භ වන විට ගෝලීය වශයෙන් කොවිඩ් -19 මරණ සංඛ්‍යාව මිලියනය (10,000,00) ඉක්මවා ගිය බව ජොන්ස් හොප්ස්කින් විශ්වවිද්‍යාලය වාර්තා කළා. එම මරණවලින් වැඩි සංඛ්‍යාවක් ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රසීලය සහ ඉන්දියාව විසින් වාර්තා කරන බවයි එම වාර්තාවල වැඩි දුරටත් සදහන් වන්නේ.

    මාස 09කට ආසන්න කාලයක් තුළ ලොව පුරා ආදායිතයින් මිලියන 20කට අධික පිරිසක් වාර්තා කරමින් තව දුරටත් අඛණ්ඩව ව්‍යාප්ත වන කොවිඩ් වසංගය හමුවේ සමස්ත ලෝකයම අන්ත අසරණභාවයට පත්ව ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය කියන්නේ.

    මේ ලිපිය මගින් කොවිඩ් වසංගය ආරම්භයේ සිට අද දක්වා අවධානය යොමු කරනවා.

    කොවිඩ් -19 වසංගතය මධ්‍යම චීනයේ නගරයක ප්‍රධාන නගරයක් වන ‘හුවාන්‘හි පසුගිය වසරේ ආරම්භ වූ අතර එතැන් සිට පෘථිවියේ සෑම රටකටම පාහේ එය බලපා ඇත. මෙම වෛරසය අසමානතාවය හෙළි කරමින් ලෝක නායකයින් ද ඇතුළු ලොව බලවත් පුද්ගලයින් ආසාදිතයින් බවට පත් වූ අතර තවත් පිරිසක් මිය ගොස් තිබේ. 

    මේ වන විට කොවිඩ් වසංගතය ගෝලීය ආර්ථිකයට ඍජු දැවැන්ත බලපෑමක් එල්ල කර ඇති අතර බිලියන ගණනක් ජනතාව එමගින් දැඩි පීඩාවට පත්ව තිබේ. එහි දී ද ධනවත් – බලවත් රටවල් කියා වෙනසකින් තොරව සමස්ත ලෝකයම පීඩාවට පත්ව තිබේ.

    වෛද්‍ය විද්‍යාව හා තාක්ෂණය කොතරම් දියුණු තත්ත්වයක පැවතියත් මේ දක්වා කොවිඩ් වෛරසයට එරෙහි සාර්ථක ප්‍රතිකාරයක් සොයා ගෙන නැති අතර එකම පිළියම වන ‘සමාජ දුරස්ථභාවය‘ සහ ‘මුහුණු ආවරණ පැළදීම‘ මේ වන විට බරපතළ ආර්ථික හා සමාජයීය ප්‍රශ්න පමණක් නොව සෞඛ්‍ය ගැටලු ද උද්ගත කර තිබේ.ෙ

    2020 ජනවාරි 9 – පළමු වරට මරණය වාර්තා විය

    2020 ජනවාරි මාසය ජාත්‍යන්තර තලයේ පුවත් මවන මාසයක් ම විය. වසර ආරම්භයේදීම සමස්ත ලෝකයම යුධ ආතතියක ගිල්වමින් එක්සත් ජනපදය විසින් ඉරානයේ ඉහළම ජෙනරාල්වරයකු ඝාතනය කළ අතර ඕස්ට්‍රේලියාව ලැව්ගිනිවලින් හෙම්බත් වූවේය. මේ අතර හෙලිකොප්ටර් අනතුරකින් බාස්කට්බෝල් ක්‍රීඩකයෙකු වූ බ්‍රයන්ට්ගේ මරණය සිදුවිය.

    මේ අතර සමස්ත ලෝකයේම ඇස් වසා චීනයේ බිහිසුණු සිදුවීමක් සිදුවෙමින් තිබුණේය. මධ්‍යම චීනයේ ප්‍රධාන නගරයක් වන ‘හුවාන්‘හි අභුත වෛරයක් ක්‍රියාත්මක වෙමින් පැවැති අතර එය ආසාදනය වූ චීනය ඒ ගැන සපුරුදු නිහඩභාවය ආරක්ෂා කළේය.

    මේ අතර චීන රජය ජනවාරි 11 වැනිදා වෛරසය ආසාදනය වීමෙන් සිදු වූ ‘පළමු මරණය‘ වාර්තා කළේය. එසේ මිය ගියේ 61 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

    චීන විද්‍යාඥයින් මෙම රෝගය ‘කොරොන වයිරස් වර්ගයක්‘ ලෙස හඳුනා ගත් අතර එමඟින් සෙම්ප්‍රතිශ්‍යාව සිට සාර්ස් (දරුණු උග්‍ර ශ්වසන සින්ඩ්‍රෝමය) වැනි දරුණු රෝග දක්වා විවිධ රෝග ඇති කරන බව ද කියා සිටියේය.

    වුහාන් නගරය පිළිබඳ දර්ශනයක්
    වෛරසය මුලින්ම මතු වූයේ හුවාන් නගරයේය.

    චීන රජය සුපුරුදු අධිකාරීවාදී බලය යොදමින්, හුවාන් නගරය හුදකලා කරමින් වෛරසය පැතිර යාම පාලනය කිරීමට දැඩි පියවර ගත්ත ද නොබෝ දිනකින් වෛරසයේ පුපුරා යාම සිදුවිය. හුවාන්හි සංචාරය කළ සිංගප්පූරු සහ හොංකොං ජාතික සංචාරකයින් මෙහිදී ගොදුරු බවට පත්විය.

    චීනයේ මිලියන සිය ගණනක් ජනයා චීන අලුත් අවුරුද්ද සඳහා රට පුරා සංචාරය කිරීමට සූදානම් වීමත් සමඟ වෛරසය වේගයෙන් පැතිර යා හැකි බවට ද බිය විය. නමුත් රෝගය සම්ප්‍රේෂණය වූයේ කෙසේද යන්න තවමත් පැහැදිලි නැත. සෞඛ්‍ය නිලධාරීන් කියා සිටියේ මිනිසාගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වූ අවස්ථා කිසිවක් තහවුරු වී නොමැති බවයි.

    එම අවස්ථාවේදී, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) කියා සිටියේ එය පුපුරා යාම පිළිබඳව දැනුවත්ව සිටින බවත්, තමන් චීන රජය සමඟ සම්බන්ධ වී ඇති බවත් එය සිද්ධිය සමීපව නිරීක්ෂණය කරන බවත්ය.

    2020 ජනවාරි 28 – මරණ 100 ක්

    ජනවාරී මාසය අවසන් වන විට සංඛ්‍යාව 100 ඉක්මවා ගොස් ඇති අතර ආසාදන වේගයෙන් ඉහළ ගියේය. එය වුහාන් වලින් ඔබ්බට චීනයේ අනෙකුත් ප්‍රදේශවලට සහ අවම වශයෙන් ලොව රටවල් 16 කට ව්‍යාප්ත විය.

    සමහර ජාතීන් පුරවැසියන් ඉවත් කිරීම සඳහා වුහාන් වෙත ගුවන් යානා යැවීමට පටන් ගත්හ. මේ අතර, එක්සත් ජනපදය තම ජාතිකයින්ගෙන් ඉල්ලා සිටියේ චීනය වෙත “සංචාරය නැවත සලකා බලන” ලෙසයි.

    වුහාන් සහ එහි පළාතක් වන හුබේ මේ වන විටත් ඵලදායී ලෙස අගුලු දමා තිබුණි. ප්‍රසිද්ධියේ මුහුණු ආවරණ පැළඳීම ද මේ වන විට සමහර චීන නගරවල අනිවාර්ය වී තිබේ. වුහාන් වෙත ගිය 50 හැවිරිදි පුද්ගලයෙක් බීජිං අගනුවර වෛරසය සමඟ මිය ගිය පළමු පුද්ගලයා බවට පත්විය.

    වුහාන් හි මුහුදු ආහාර වෙළඳපොළක නීතිවිරෝධී ලෙස වෙළඳාම් කරන ලද වන සතුන්ගෙන් මෙම වෛරසය හටගෙන ඇති බව සෞඛ්‍ය නිලධාරීන් තීරණය කළ අතර එය ඇත්ත වශයෙන්ම මිනිසුන් අතර පැතිර යා හැකි බව පැවසීය. 

    චීන බලධාරීන් පැවසුවේ වෛරසය එහි පුර්ව ලියාපදිංචි තක්සේරු කාලය තුළ පැතිර යා හැකි බවත් සාමාන්‍ය රෝගයක් සාමාන්‍ය උණක් මෙන් පෙනෙන්නට පෙර එය පාලනය කිරීමට අපහසු බවත්ය.

    මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ජනවාරි 30 වැනි දින වෛරසයේ පුපුරා යාම ගෝලීය හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශයට පත් කළේය.

    2020 පෙබරවාරි 10 – මරණ 1,000 ක්

    සති දෙකකට පසුව මරණ සංඛ්‍යාව 1,000 දක්වා ඉහළ ගියේය. වැඩි වැඩියෙන් රටවල් ඔවුන්ගේ පළමු සිද්ධීන් දැකීමට පටන් ගත් නමුත් ලෝකයේ බොහෝ අවධානය තවමත් චීනය කෙරෙහි යොමු විය.

    වෛරසය එක් දිනක් තුළ පුද්ගලයින් 97 දෙනකු බිලිගත් බව මේ අතර ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළ අතර අප එවකට දිනකට වැඩිම මරණ සංඛ්‍යාව එයයි. ඊට පසුව  අපේ‍්‍රල් මාසයේ එක් දිනකදී එක්සත් ජනපදය මරණ 2,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා කළේය.

    එවකට ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටියේ චීනයේ නව රෝගීන් සංඛ්‍යාව “ස්ථාවර” වන බවයි. (නමුත් වෛරසය උච්ච වී ඇත්දැයි කීමට ඉක්මන් බව අනතුරු ඇඟවීය) එය පුපුරා යෑමට ප්‍රතිචාරයක් සම්බන්ධීකරණය කිරීම සඳහා චීනයට ජාත්‍යන්තර මෙහෙයුමක් යවා ඇති බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටියේය.

    චීනයෙන් පිටත කොරෝනා වයිරස් රෝගීන්ගේ ග්‍රැෆික් පෙන්වයි

    මේ වන විට වෛරසය අවම වශයෙන් වෙනත් රටවල් හා ප්‍රදේශ 27 ක් දක්වා වෛරසය ව්‍යාප්ත වී ඇති නමුත් මේ වන විට චීනයෙන් පිටත පිලිපීනයේ හා හොංකොං හි මරණ දෙකක් සිදුවිය.

    මේ අතර, පෙබරවාරි අග වන විට ජපානයේ නිරෝධායනය කරන ලද ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ මගීන් සිය ගණනක් වෛරසය සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති අතර එය කොවිඩ් ‘හොට්ස්පොට්‘ බවට පත් වූ බොහෝ නෞකාවලින් එකකි. මෙම නෞකාවේ සිටි බ්‍රිතාන්‍ය ජාතිකයෙක් වෛරසය ආසාදනයෙන් මියගිය අතර ඔහු කොවිඩ් ආසාදනය වී මිය ගිය පළමු බ්‍රිතාන්‍ය ජාතිකයා බවට පත්විය. 

    ඒ සමගම කොරොන වයිරසයට නිල නමක් ලබා දෙන ලදි, ‘කොවිඩ් -19‘

    මාර්තු 20 – මරණ 10,000 ක්

    ලොව පුරා කොවිඩ්ය-19 වෛරසයෙන් මිය ගිය සංඛ්‍යාව මාර්තු 20 වැනිදා 10,000ක් බවට පත්විය. ඒ සමග කොවිඩ් වසංගයේ ගොදුරු බිම බවට යුරෝපය පත්වූ අතර කොවිඩ් මරණවලින් 50%ක් යුරෝපා රටවලින් වාර්තා විය.

    යකොරෝනා වයිරස්: චිත්ත ධෛර්යය ඉහළ නැංවීම සඳහා ඉතාලියානුවන් ඔවුන්ගේ ජනේල වලින් ගීති ගායනා කරති

    වාර්තා වූ මාරාන්තික සංඛ්‍යාව අනුව එකල දරුණුතම බලපෑමට ලක්වූ රට වූ ඉතාලියේ මරණ සංඛ්‍යාව 4,032 ක් විය. ඒ සමග ඉතාලිය අගුළු දැමීමට පියවර ගත්තේය.

    මේ අතර, චීනය අඛණ්ඩව දෙවන දිනටත් නව දේශීය ආසාදිතයින් කිසිවක් වාර්තා කර නැත.

    මේ වන විට ලොව පුරා තහවුරු වී ඇති රෝගීන් සංඛ්‍යාව 250,000 ක් පමණ වූ අතර 80,000කට වැඩි පිරිසක් සුවය ලබා ඇති බව පැවසේ.

    මාර්තු 19 වන දින එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන් කියා සිටියේ ඉදිරි සති 12 තුළ එක්සත් රාජධානියට පුපුරා යාමෙන් අර්බුදයක් නිර්මාණය විය හැකි බවයි.

    මාර්තු 24 වන දින එක්සත් රාජධානියේ මරණ සංඛ්‍යාව 335 දක්වා ඉහළ ගිය අතර ඒ සමග රට අගුළු දැමීමට ආණ්ඩුව පියවර ගත්තේය.

    අප්‍රේල් 9 – 100,000 මරණ

    මේ වන විට ලෝකය මාස තුනකට පෙර කළ දෙයට වඩා බෙහෙවින් වෙනස් ස්ථානයක් සේ පෙනෙන අතර ගෝලීය මරණ සංඛ්‍යාව 100,000 දක්වා වර්ධනය විය. ඒ සමග ඇමෙරිකානු ජනාධිපතිවරයා එක්සත් ජනපදයේ මරණ සංඛ්‍යාව 100,000ක් පමණ වනු ඇතැයි අනාවැකි පළ කළ අතර වසංගතයට එරෙහිව කඩිනම් පියවර ගැනීම ප්‍රතික්ෂේප කළේය.

    මෙහි ප්‍රතිඵලයක් ලෙස අප්‍රේල් 10 වැනි දා වන නිව් යෝර්ක් නගරයේ ආසාදිතයින් සංඛ්‍යාව ලෝකයේ ඉහළම ආසාදිතයින් සංඛ්‍යාව බවට පත් වූ අතර සැප්තැම්බර් වන විට මරණ සංඛ්‍යාව 200,000 ඉක්මවනු ඇතැයි අනාවැකි පළ විය.

    බ්‍රිතාන්‍ය ජනතාව මහජන සෞඛ්‍ය සේවකයින්ට සිය ස්තූතිය පළ කරමින් අත්පොළසන් දුන් අයුරු

    ජුනි 29 – මරණ 500,000 ක්

    ජූනි 29 වැනි දින වන විට ගෝලීය මරණ සංඛ්‍යාව 5000,000 ඉක්මවා ගියේය. මේ අතර ලෝකයේ සමහර ප්‍රදේශවල අගුලු දැමීමේ සීමාවන් ලිහිල් කරන ලද අතර, උතුරු අර්ධගෝලයේ ජනයා ඔවුන්ගේ ගිම්හානය ගත කරන්නේ කෙසේද යන්න පිළිබඳව අවධානය යොමු කළහ.

    මේ අතර යුරෝපා සංගමය කියා සිටියේ ඕස්ට්‍රේලියව සහ කැනඩාව ඇතුළු විවිධ රටවල පුරවැසියන් සදහා සිය දේශසීමා නැවත විවෘත කරන බවයි. එහෙත් එක්සත් ජනපදයට එම අවස්ථාව හිමි නොවීය.

    සයිප්‍රසයේ ලාර්නාකා ගුවන්තොටුපලේ ගමන් බලපත්‍ර පාලනය
    සයිප්‍රසයේ ලාර්නාකා ගුවන්තොටුපලේ ගමන් බලපත්‍ර පාලනය

    එම අවස්ථාවෙහිදී, ලෝකයේ රෝගීන්ගෙන් අඩක් එක්සත් ජනපදයේ සහ යුරෝපයේ වාර්තා වී ඇති නමුත් කොවිඩ් -19 ඇමරිකාවේ වේගයෙන් වර්ධනය විය. මෙම වෛරසය දකුණු ආසියාවට සහ අප්‍රිකාවට ද බලපා ඇති අතර එය ජූලි මස අවසානය දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා නොකළේය.

    මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇගවූයේ ‘නරකම දේ තවම නොපැමිණි බවයි‘ වහාම නිවැරදි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන ලෙස ඔවුන් රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටියේය.

    සැප්තැම්බර් 28 – මිලියනයක මරණ

    සඳුදා, (28) ගෝලීය වශයෙන් කොවිඩ්-19 මරණ සංඛ්‍යාව මිලියනයක් බවට පත්විය. ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව එක්සත් ජනපදය, බ්‍රසීලය සහ ඉන්දියාව දැන් මුළු ප්‍රමාණයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් වේ.

    කෙසේ වෙතත්, බොහෝ සිද්ධීන් නිල වශයෙන් වාර්තා නොවීම නිසා මරණ සංඛ්‍යාව බෙහෙවින් වැඩි යැයි සැලකේ. ජුනි මාසයේදී බී.බී.සී විසින් රටවල් 27ක මරණ වාර්තා විශේෂණය කිරීමෙන් තවත් මරණ 130,000ක් දෛනික වාර්තාවල නොමැති බව හදුනා ගත්තේය.

    ඉතින් අනාගතයේදී අපට අපේක්ෂා කළ හැක්කේ කුමක්ද? 

    මේ වන විට ලොව පුරා දිනකට වාර්තා වී ඇති කොරෝනා වයිරස් මරණ 5000 ක් පමණ අපට දැකගත හැකි බව බීබීසී සංඛ්‍යාලේඛන ප්‍රධානී රොබට් කෆ් පවසයි. එම වේගය දිගටම පැවතුනහොත්, මාස හයක් වැනි කෙටි කාලයක් තුළ දෛනික ගණන මිලියන දෙකක් ඉක්මවා යනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.

    වසංගතයේ ආරම්භයේ සිටම සෞඛ්‍ය බලධාරීන් වෛරසය පිළිබඳව බොහෝ දේ ඉගෙන ගෙන ඇති නමුත් නිලධාරීන් පවසන්නේ මරණ සංඛ්‍යාව ඉහළ යාම අඛණ්ඩව සිදුවන බවයි.

    වසංගත රෝග විද්‍යාඥයෙකු හා මෙල්බර්න්හි ජනගහන හා ගෝලීය සෞඛ්‍ය පාසලේ ප්‍රධානී නැන්සි බැක්ස්ටර් බීබීසීයට පැවසුවේ “මරණ අනුපාතය මන්දගාමී වන බවට කිසිදු සලකුණක් අපට නොපෙනේ. මාර්තු 18 සිට ලොව පුරා දිනකට මරණ දහසකට අධික සංඛ්‍යාවක් සිදුවී ඇති අතර, පෙනෙන ආකාරයට සිදුවන්නේ කොවිඩ් -19 එක් අධිකරණ බල ප්‍රදේශයක් තුළ පාලනය වන විට එය වෙනත් තැනක පාලනයෙන් තොර වීමයි. ඉතින් මම හිතන්නේ අවාසනාවකට අපි ඇත්ත වශයෙන්ම එන්නතක් සොයාගෙන බෙදා හැරීමට පෙර ඒ හා සමාන මරණ සංඛ්‍යාවක් දෙස බලමින් සිටිනවා.” යනුවෙනි.

    බී.බී.සී. වාර්තාකි – සැකසුම තීක්ෂණ වෙළෙන්එගොඩ

  • ජනමාධ්‍යවේදීන්ට වෘත්තීය අභ්‍යාස ආයතනයක් – පුවත්පත් මණ්ඩල පනත සංශෝධනයට

    ජනමාධ්‍යවේදීන්ට වෘත්තීය අභ්‍යාස ආයතනයක් – පුවත්පත් මණ්ඩල පනත සංශෝධනයට

    අන්තර්ජාතික තැපැල් සේවා දෙස අවධානය යොමු කර, සැපයිය හැකි පුළුල් සේවා අවස්ථා හඳුනාගතහොත් ශ්‍රී ලංකා තැපෑලට ජාතික ආර්ථිකයේ ප්‍රධාන කොටස්කරුවෙකු විය හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

    ශ්‍රී ලංකා තැපෑල සතු විශාල සම්පත් සම්භාරය නිසි ලෙස කළමනාකරණයෙන් ඉලක්කය වෙත පහසුවෙන් ළගාවිය හැකියැයි ද ජනපතිවරයා කියා සිටී.

    තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව අද (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

    වාර්ෂිකව තැපැල් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 08කට අධික ආදායමක් උපයයි.  වියදම රුපියල් බිලියන 14කි. වැටුප් සහ අතිකාල දීමනා ඇතුළු සෙසු පිරිවැය නිසා රුපියල් බිලියන 06ක පාඩුවක් වාර්ෂිකව සිදුවන බව අනාවරණය විය. නව සේවා හඳුන්වාදෙමින් ඉහළ තාක්ෂණික ක්‍රම උපයෝගි කර ගැනීමෙන් තැපෑල ලාබ ලබන තත්වයට පත් කිරීමට ඇති ඉඩ කඩ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ.

    දිවයිනේ දිස්ත්‍රික්ක රැසක පිහිටි පැරණි තැපැල් කාර්යාල ගොඩනැගිලි සංචාරක අමාත්‍යාංශයේ ද සහය ඇතිව සංචාරක ආකර්ශණය දිනාගත හැකි ස්ථාන බවට පත් කිරීමට පිළිවන. කොළඹ කොටුවේ පිහිටි පැරණි මධ්‍යම තැපැල් ගොඩනැගිල්ල පෞරාණික බව රැක ගනිමින් නවීකරණයට තීරණය කෙරිණ.

    කොවිඩ් වසංගතය නිසා රට වසා දමා තිබූ සමයේ රෝහල් සහ ඔසු සල් වෙතින් ඖෂධ වර්ග නිවෙස් වෙතම බෙදා හැරීමට තැපැල් දෙපාර්තමේන්තුව කළ සේවය ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ ඇගයීමට ලක් විය.

    Speed  Post සේවය තවදුරටත් වේගවත් කිරීමෙන් සේවාලාභීන් විශාල පිරිසකගේ අවධානය දිනාගත හැකි බව බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.  

    මැණික් අපනයනයේ දී භාණ්ඩ බෙදාහරින පෞද්ගලික ආයතනවල සේවය වැඩි මිලකට ලබා ගැනීමට ව්‍යාපාරිකයෝ පෙළඹී සිටිති.  ශ්‍රී ලංකා තැපෑල සතුව ගෙන් ගෙට ගොස් බෙදා හැරිමේ ක්‍රමයක්  (Door to Door Delivery System)  වූයේ නම් ඉහළ ආදායමක් උපයා ගැනීමට ඇති හැකියාව   බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

    ජනමාධ්‍යවේදින්ගේ වෘත්තීය නිපුණතා වර්ධනයට අභ්‍යාස ආයතනයක් පිහිටුවීමට සැලසුම් කර තිබේ. විද්‍යුත්, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය වෙතින් පුද්ගලයන්ට, ආයතනවලට සහ ව්‍යාපාරවලට එල්ල කෙරෙන අනිසි බලපෑම සහ අගතීන් පිළිබඳව ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ඉතා ඉහළ මට්ටමක පවතින බව අනාවරණය විය. සියලු කරුණු සැලකිල්ලට ගෙන පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීමේ දැඩි අවශ්‍යතාව ද සාකච්ඡා කෙරිණ.

    හඬ කවන ලද විදේශ ටෙලි නාට්‍ය විකාශනයේ දී අය කෙරෙන බදු නාළිකාවල ඉල්ලීම මත කොවිඩ් කාලසීමාවේදී ඉවත් කෙරිණ. එය නැවත සක්‍රිය කිරීමට ද තීරණය විය.

    රූපවාහිනී නාළිකා ප්‍රේක්ෂක ප්‍රතිචාර මත ශ්‍රේණිගත කිරීම කැළනිය විශ්ව විද්‍යාලයේ සහභාගීත්වයෙන් සමස්ත දිවයිනම ආවරණය වන පරිදි අපක්ෂපාතීව සිදු කිරීමට සැලසුම් කර තිබේ. ඊට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර කඩිනමින් එය ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාවය ගැන එකඟතාව පළ විය.

    අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, රාජ්‍ය අමාත්‍ය එස්. විලයේන්ද්‍රන්, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු සහ රේඛීය ආයතනවල ප්‍රධානීහූ ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියහ.

  • Mangrove Photography Awards’ ජයග්‍රාහී ඡායාරූප

    Mangrove Photography Awards’ ජයග්‍රාහී ඡායාරූප

    කඩොලාන‘ ගැන ඔබේ මතකය කොහොමද ? මීට කලකට පෙර කඩොලාන පද්ධතියක් විනාශ කළ දේශපාලනඥයෙක් කී කතාව ඔබට මතක ඇති. ඒ නීරස මතකය. සුන්දර මතකය කෙසේද ? මාදු ගගේ කඩොලාන අතර සංචාරය… ඊටත් ඔබ්බට ගියොත් මඩොල් දූව වාගේ බොහෝ සුන්දර මතකයන් රැසක් ඔබට ඇති.

    අපේ මේ උත්සාහය ඔබේ ඒ සුන්දර මතකය අලුත් කරමින් කඩොලාන ගැන ජාත්‍යන්තර ඡායාරූප රැසක් ඔබට දැක ගැනීමට සලස්වන්න. ඒවා නිකම් නිකන් ඡායාරූප නොවෙයි. 2020 කඩොලාන ඡායාරූප සම්මාන උළලේ ජයග්‍රාහී ඡායාරූප.

    2020 වසරේ ‘කඩොලාන ඡායාරූප සම්මාන උළෙලේ – Mangrove Photography Awards සමස්ත ජයග්‍රාහකයා වුණේ ‘වික්ටර් හියුගෝ ලූජා මොනීනා Victor Hugo Luja Molina නම් ඡායාරූප ශිල්පියාය. ඔහු විසින් ඡායාරූපයට නැගුවේ මෙක්ෂිකෝවේ කඩොලාන වනාන්තරයක තම පැටියා සමග සිටින මේ ජගුවර් මවගේ ඡායාරූපයයි. බලන්න එය වචන 1000ක් නොව මිලියන ගණනක කතාවක් කියනවා නේද ?

    කඩොලාන වනාන්තරයක ජගුවර් සහ පැටියෙකුගේ රාත්‍රී කාලයේ ඡායාරූපයක්

    ‘කඩොලාන ඡායාරූප සම්මාන උළෙල මෙහෙයවනු ලබන්නේ ‘කඩොලාන ක්‍රියාකාරී ව්‍යාපෘතිය‘ නම් ලාභ නොලබන සංවිධානය විසින්. එය මේ වන විට අඛණ්ඩව 06 වතාවක් පවත්වා තිබෙනවා.

    මේ වන විට මෙම ඡායාරූප තරගයට, වනජීවී, වෙරළබඩ ප්‍රජාවන් සහ කඩොලාන වනාන්තර අතර සබඳතා මෙන්ම ජල මාර්ගයට ඉහළින් හා පහළින් මෙම අද්විතීය පරිසර පද්ධතිවල අස්ථාවරත්වය පෙන්වීමට අපේක්ෂා කරනවා.

    මෙවර මෙම ඡායාරූප තරගයට රටවල් 70 කට ආසන්න සංඛ්‍යාවකින් ඡායාරූප 1000කට ආසන්න ප්‍රමාණයක් ඉදිරිපත් වුණා.

    තම ජයග්‍රහණය ගැන වික්ටර් මෙසේ කියනවා. ‘‘මම මේ පින්තූරයට කැමති එය කඩොලාන මුල්, කඩොලාන වනාන්තරය විස්තරාත්මකව සහ රාත්‍රියේදී පෙන්වන නිසා” යැයි ලූජා මොලිනා පවසයි.

    කඩොලාන පරිසර පද්ධතිවල දී ඡායාරූපයට නගන ලද ජගුවර් පවුලක දුර්ලභ ඡායාරූපයක් වශයෙන් මෙය ඇගයීමට ලක්වේ. .

    “මම මේ පැහැදිලි / සාර්ථක ඡායාරූපය ගැනීම සදහා වසර දෙකකට ආසන්න කාලයක් කැමරා අටවා ගෙන සිටියා. ඒ අතරේ මගේ කැමරා කිහිපයක් නැති වුණා. ඒත් අපැහැදිලි ඡායාරූප කිහිපයකුත් ලැබුණා. ඒත් දැන් ඒ සියල්ල අවසන්. මම ඒ විස්මිත ඡායාරූපය ගත්තා. ඇය (ඇයව නම්කර ඇත්තේ ‘ජැනිස්‘ නමින්) අවසානයේ පැටවුන් සමග මගේ කැමරාව ඉදිරියට පැමිණියා‘

    බටහිර මෙක්සිකෝවේ කඩොලාන පරිසර පද්ධතිය විශාල සංරක්ෂණ ගැටලුවලට මුහුණ දී සිටින අතර නීතිවිරෝධී ඉස්සන් ගොවිපලවල් ඇතුළු ඉඩම් පරිහරණ ඊට ප්‍රධාන හේතුව වී ඇත.

    කඩොලාන දේශගුණික විපර්යාසයන්ට එරෙහිව වැදගත් ආරක්ෂාවක් වන අතර කඩොලාන වනාන්තර අක්කරයක් (වර්ග මීටර් 4,000) ඇමසන් වැසි වනාන්තරයේ අක්කරයකට සමාන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් අවශෝෂණය කරයි.

    දැඩි කුණාටු නිතර නිතර වර්ධනය වන බැවින් කඩොලාන වනාන්තර වෙරළබඩ ඛාදනය වීමෙන් ආරක්ෂා කරයි.

    කඩොලාන ඡායාරූප තරගයේ විනිසුරු ස්ටීව් වින්ටර් මෙසේ පවසයි: “කඩොලාන පරිසර පද්ධතියේ ඉතා වැදගත් කොටසක්. ඒවා බොහෝ ජලජ විශේෂ සඳහා තවාන් වශයෙන් සැලකිය හැකියි. මෙම පරිසර පද්ධතිවල සෞඛ්‍යය මිනිස් හා සත්ව සෞඛ්‍යයට අත්‍යවශ්‍යයි.”

    ඡායාරූප ශිල්පීන්ගේ විස්තර සහිතව තරඟ කාණ්ඩ පහකින් ජයග්‍රාහී රූප තෝරා ගැනීම මෙන්න.

    2px ඉදිරිපත් කිරීමේ අළු රේඛාව

    කඩොලාන සහ වනජීවී Mangroves & Wildlife: ජෙනී ස්ටොක් – කියුබාව

    කඩොලාන මුල් අතර කිඹුලෙකුගේ පිහිනීමේ දිය යට ඡායාරූපයක්
    2px ඉදිරිපත් කිරීමේ අළු රේඛාව

    කඩොලාන සහ වනජීවී අනුශූරතාව: අනීටා කයින්රත් ඇනීටා කයින්රත් – බහමාස්

    කඩොලාන මුල් අතර තරුණ ලෙමන් මෝරුන් දෙදෙනෙකුගේ දිය යට ඡායාරූපයක්

    ලෙමන් මෝරුන් lemon sharks කඩොලාන සහිත කලපු සහ ගංගා පැටවුන් බිහි කිරීම සදහා භාවිතා කරයි.

    2px ඉදිරිපත් කිරීමේ අළු රේඛාව

    කඩොලාන හා ප්‍රජාවන් Mangroves & Communities: මෝගන් බෙනට්-ස්මිත්, පැපුවා නිව්ගිනියාව

    කඩොලාන ගස් අසල ජලයේ වැඩිහිටියන් හා ළමුන් කණ්ඩායමක්

    පැපුවා නිව්ගිනියාවේ වෙරළ තීරයේ කුඩා කඩොලාන පරිසර පද්ධතියක් ආශ්‍රිත එළිමහනක් ඉදිරිපිට පිරිමි ළමයින් එක්රැස් වේ. මෙහි වෙරළබඩ පරිසර පද්ධති රඳා පවතින්නේ ප්‍රජාව පදනම් කරගත් සංරක්ෂණ හා ආරක්ෂණ ක්‍රමයක් මත ය. ප්‍රදේශවාසීන් ඔවුන්ගේ පරිසර පද්ධති අගය කරන අතර ඒවා ආරක්ෂා කරයි.

    2px ඉදිරිපත් කිරීමේ අළු රේඛාව

    කඩොලාන හා ප්‍රජාවන්ගේ අනුශූරතාවය: රිවි ශ්‍රියාක්, ගිනියා බිස්සව්

    බෙල්ලන් එකතු කිරීම සඳහා බාල්දි අල්ලාගෙන කඩොලාන වනාන්තරයක කාන්තාවන් දෙදෙනෙක් ජලයේ සිටගෙන සිටිති

    බටහිර අප්‍රිකාවේ ගිනියා-බිස්සව් හි බිජගෝස් ප්‍රජාවේ බෙල්ලන් සෙවීම සඳහා අඩු වඩදිය බාදිය අතරතුර කඩොලාන අතර ජලය හරහා ගමන් කරන කාන්තාවන් දෙදෙනෙක්.

    2px ඉදිරිපත් කිරීමේ අළු රේඛාව

    කඩොලාන සහ භූ දර්ශන Mangroves & Landscapes : ඉන්දුනීසියාවේ හැරී පීටර්ස්

    කඩොලාන ගස් නටමින් සිටින බවක් පෙනෙන සුන්දර කෝණවලින් භූ දර්ශන රූගත කිරීම

    ඉන්දුනීසියාවේ නැගෙනහිර සුම්බා හි වලකිරි වෙරළ තීරයේ කඩොලාන පද්ධතියක් උඩින් හිරු බැස යන දර්ශනයක්.

    2px ඉදිරිපත් කිරීමේ අළු රේඛාව

    කඩොලාන සහ භූ දර්ශන අනුශූරතාවය: මැඩගස්කරයේ ක්‍රිස් ස්කාර්ෆ්

    කඩොලාන වනාන්තරයක භූ දර්ශන රූගත කිරීමක් සුළං හමන ගඟක් හරහා එය හරහා ගිනි කන්දක් සමඟ ගමන් කරයි

    වයඹදිග මැඩගස්කරයේ කඩොලාන වනාන්තරටන් මැදිහින් ගලා බසින ගංගාවක්. සිට, ගිනිකදු දූපතක් වන නොසි කොම්බා පසුබිමේ.

    2px ඉදිරිපත් කිරීමේ අළු රේඛාව

    කඩොලාන හා තර්ජන Mangroves & Threats – මැතිව් පොටෙන්ස්කි, බහමාස්

    පසුබිමේ ගොඩබිමට බුල්ඩෝසරයක් සමඟ කඩොලාන අංකුරයක් ජලයෙන් ඉවතට වැඩෙමින් තිබේ

    නොගැඹුරු කලපුවක් හරහා ඉදිකරන පාළමකට අවශ්‍ය වැලි ගොඩදමන ආකාරය පසුබිමින් ඇති මෙම ඡායාරූපය ගත් දිනට පසුදා වන විට මෙම කඩොලාන පද්ධතිය විනාශ කර තිබුණ බව ඡායාරූප ශිල්පියා පවසයි.මෙම රූපය සෑම විටම මිනිසුන් තුළ ප්‍රබල චිත්තවේගීය ප්‍රතික්‍රියාවක් ඉස්මතු කරන බවක් පෙනේ.

    2px ඉදිරිපත් කිරීමේ අළු රේඛාව

    කඩොලාන හා තර්ජන වල අනුශූරතාවය: ඉන්දියාවේ විද්‍යසගර් හරිහරන් The Real ‘Man Vs Wild’ හෝ ‘Live and Let Live’

    ෆ්ලෙමින්ගෝ රැළක් පසුබිමේ පිළිබිඹු වන තට්ටු නිවාසයක් සමඟ වතුරෙන් පෝෂණය වේ

    මුම්බායි හි දැනට ඉතිරිව ඇති කඩොලාන පද්ධතිය ද නිමක් නැති තර්ජනයට ලක්ව ඇත. කඩොලාන පද්ධතියට පසුබිමෙන් ඇති දැවැන්ත ගොඩනැගිලිවල පරාවර්තනයත් සමඟ තෙත් බිමක සිටින මෙම පක්ෂීන් සැබැවින්ම ‘ගිනිදැල්‘ මෙන් පෙනේ. එය මෙම පක්ෂීන් මුහුණ දෙන අරගලය සහ වාසස්ථාන අහිමි වීම පිළිබඳ දරුණු සාක්ෂියකි.

    2px ඉදිරිපත් කිරීමේ අළු රේඛාව

    කඩොලාන හා සංරක්ෂණ Mangroves & Conservation ප්‍රතික් චෝර්ජ් – ඉන්දියාව

    ඔවුන් අසල ඉවුරේ තට්ටු නිවාස කුට්ටි සහිත ජලයේ ගිනිදැල් දහස් ගණනක් දැක ගත හැකිය

    මේ වසරේ මානව ක්‍රියාකාරකම් අඩුවීමත් සමඟ වාර්තාගත ගිනිදැල් සංඛ්‍යාවක් ඉන්දියාවේ මුම්බායි වෙත ගමන් කළේය. වැඩිවන ආර්ද්‍රතාවය සමඟ අන්වීක්ෂීය ඇල්ගී සහ බැක්ටීරියා මිශ්‍ර වී ජලයේ කොටස් රෝස පැහැයට හැරීමෙන් පසුව තෙත්බිම්වලට අමතර රෝස පැහැති දර්ශනයක් ලබා දෙන ලදී.

    2px ඉදිරිපත් කිරීමේ අළු රේඛාව

    කඩොලාන හා සංරක්ෂණයේ අනුශූරතාව: කෙන්යාවේ රොෂ්නි ලෝඩියා

    කඩොලාන වනාන්තරයක ගොඩගැසී ඇති ව්‍යුහයක් මත ධීවරයෙකු වාඩි වී සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක්

    කෙන්යාවේ පේට් දූපතේ සිටින රේන්ජර්වරුන්ට කඩොලාන ප්‍රදේශවල මුර සංචාරයේ යෙදෙන්නේ නීති විරෝධී කඩොලාන දැව කැපීම වැළැක්වීම සදහාය.

    2px ඉදිරිපත් කිරීමේ අළු රේඛාව

    බෙහෙවින් පැසසුමට ලක්වියHighly Commended: : ඉන්දියාවේ සොහාම් භට්ටාචාර්යා – කඩොන වනාන්තරයේ ‘රජු‘ ජගුවර්

    කඩොලාන වනාන්තරයක අද්දර සිට ව්‍යා tiger ්‍රයෙක් ජලයට පිවිසේ

    ජගුවරයා යනු කඩොලාන වල විශාලතම අභිරහසයි. ප්‍රාදේශීය ගම්වාසීන් ජගුවරයාව “දෙවියන්” ලෙස සලකන්නේ ඔවුන් වනාන්තරය ඕනෑම මිනිස් තර්ජනයකින් ආරක්ෂා කරන බැවිනි.

    2px ඉදිරිපත් කිරීමේ අළු රේඛාව

    බෙහෙවින් පැසසුමට ලක්විය: එක්සත් ජනපදයේ ෂේන් ග්‍රොස් – විනාශ කරන ලද වාසස්ථාන

    වළාකුළු පිරි අහස යට මියගිය කඩොලාන ගස්වල භූ දර්ශනයක්

    2017 දී පුවර්ටෝ රිකෝවට සති දෙකක් වැනි කෙටි කාලයකදී ඉර්මා සහ මරියා සුළි කුණාටු ඇති විය.කාබෝ රොජෝ අසල කඩොලාන විශාල ප්‍රමාණයක් මිය ගිය අතර වසර තුනකට පසු සුවය ලබා නැත.

    2px ඉදිරිපත් කිරීමේ අළු රේඛාව

    බෙහෙවින් පැසසුමට ලක්විය: ඉන්දුනීසියාවේ වික්ටර් ෆිදෙලිස් සෙන්ටෝසා – කඩොලාන වනාන්තරයේ ජනරාල්වරිය

    තරුණියක් කඩොලාන අංකුරයක් මඩේ ගසාගෙන යයි

    වර්තමානයේ යෞවනයන් කඩොලාන පරිසර පද්ධතිය හා එහි ක්‍රියාකාරිත්වය පිළිබඳව වැඩි අවබෝධයක් ලබා ගත යුතුය.උද් and ෝෂන සහ සමාජීයකරණය ද දීප්තිමත් අනාගතයක් සඳහා වන ක්‍රියාමාර්ග සමඟ පැමිණිය යුතුය.

    2px ඉදිරිපත් කිරීමේ අළු රේඛාව

    ඉහළින්ම පැසසුමට ලක්විය: වම හෝ දකුණ, අප දියුණුවිය යුත්තේ කුමක් දෙසටද? ඉන්දියාවේ ශ්‍රීකාන්ත් මන්නෙපුරි විසිනි

    වම් පැත්තේ කඩොලාන වනාන්තරයක ගුවන් දසුනක් සහ දකුණු පසින් දුඹුරු ජලජීවී වගා පොකුණු

    කඩොලාන වනාන්තර වාණිජ ජලජීවී වගා පොකුණු බවට පරිවර්තනය කිරීම කඩොලානවලට ඇති ලොකුම තර්ජනයයි.

    2px ඉදිරිපත් කිරීමේ අළු රේඛාව

    බෙහෙවින් පැසසුමට ලක්විය: කඩොලානවල සෝනා සහ බෙල්ලන්, රිචී ශ්‍රියාක්, ගිනියා-බිස්සෝ

    බෙල්ලන් එකතු කරන්නන් කඩොලාන වනාන්තරයක බිම වැඩ කරති

    29 හැවිරිදි සෝනා සෙඩ්ජා විසින් කඩොලාන කලපුවෙන් රැස්කර ගත් බෙල්ලන් වෙළඳපොළට ගෙන යාමට පෙර ඒවා සෝදා පිරිසිදු කරන අයුරු.

    2px ඉදිරිපත් කිරීමේ අළු රේඛාව

    බෙහෙවින් පැසසුමට ලක්විය: ඉන්දුනීසියාවේ ඇල්වාරෝ හෙරේරෝ ලෝපෙස්-බෙල්ට්‍රන් – කඩොලානවල ස්පොන්ජ්

    කඩොලාන මුල් වටා ස්පොන්ජ් වල දිය යට ඡායාරූපයක්
    2px ඉදිරිපත් කිරීමේ අළු රේඛාව

    බෙහෙවින් පැසසුමට ලක්විය: පිලිපීනයේ ජැනොස් ලියෝ ජී අන්දනාර් – කඩොලාන මේස්

    විවිධ ගංගා අතු ගංගා සහිත කඩොලාන වනාන්තරයක ගුවන් දසුන

    පිලිපීනයේ සියාර්ගාවෝ දූපතේ කඩොලාන වනාන්තරයක් මැද සංචාරක බෝට්ටුවක් ගමන් කරන අයුරු.

    බී.බී.සී හි 2020 සැප්තැම්බර් 29 වැනි දින පළ වූ වාර්තාවකි – සැකසුම – තීක්ෂණ වළෙන්එගොඩ

  • වතු ජනතාවට ලයිම ආශ්‍රිතවම නව නිවාස: ජනපති – අගමැති අවධානය

    වතු ජනතාවට ලයිම ආශ්‍රිතවම නව නිවාස: ජනපති – අගමැති අවධානය

    වතු ජනතාවට නිවාස සම්පාදනයේ දී ලයිම ආශ්‍රිතවම ඉදිකිරීමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙති.

    ඉන්දීය රජයේ ආධාර යටතේ වතු ජනතාව වෙනුවෙන් නිවාස 4,000ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය 2016 වසරේදී ආරම්භ කර තිබේ. දැනට ඉදිකිරීම් අවසන් කර ඇති නිවාස සංඛ්‍යාව 669කි. යටිතල පහසුකම් සැපයීමේදී ඇති ප්‍රායෝගික ගැටළු ඉදිකිරීම් ප්‍රමාදයට හේතු වූ බව නිලධාරීහූ සඳහන් කරති.

    වතු ජනතාව ජීවත්වන ලයිම සඳහා අත්‍යාවශ්‍ය යටිතල පහසුකම් සපයා තිබේ. එම නිසා ලයිම ආශ්‍රිතව නව නිවාස ඉදිකිරීමෙන් ව්‍යාපෘතියේ ප්‍රතිලාභ කඩිනමින් ජනතාවට දිය හැකි බව ජනාධිපතිතුමා සහ අගමැතිතුමා පෙන්වා දෙති.

    සිදුවිය යුත්තේ ඔවුන් ජීවත්වන පරිසරයේම සිට ජීවන තත්ත්වය නගා සිටුවීම බව ජනාධිපතිතුමා සඳහන් කළේය. නිවාස සැලසුම් කිරීම රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට පැවරීමෙන් ඉදිකිරීමේ ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය ඉහළ තත්ත්වයක පවත්වාගත හැකි බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි.  

    වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව අද (29) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

    වතු ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට රජය ගෙන යන වැඩපිළිවෙළට සමගාමීව පෞද්ගලික වතු සමාගම් ද තම යුතුකම් සහ වගකීම් කොටස ඉටුකළ යුතු බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    වතු නිවාස සහ ප්‍රජා යටිතල පහසුකම් පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය සෞඛ්‍ය, අධ්‍යාපන, කෘෂිකර්ම, නිවාස, ක්‍රීඩා ඇතුළු රේඛීය අමාත්‍යාංශවල සහය ගනිමින් වතු ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීමට පියවර ගන්නැයි ජනාධිපතිතුමා පැවසීය.

    වතු ආශ්‍රිත පෙර පාසල්, ප්‍රාථමික විද්‍යාල, සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් වෛද්‍ය මධ්‍යස්ථාන සංවර්ධනය කළයුතු බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

    වතු ආශ්‍රිතව ජීවත්වන තරුණ තරුණියන්ටNVQ මට්ටමේ සහතිකයක් ගත හැකි මට්ටමින් වෘත්තීය පුහුණුවක් දී රැකියා අවස්ථාවලට යොමු කිරීමේ ඇති වැදගත්කම ද දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරිණ.

    438ක් වන වතු ආශ්‍රිතව ඇති සෞඛ්‍ය මධ්‍යස්ථාන රජයට පවරාගෙන ගුණාත්මක සේවාවක් වතු ජනතාව වෙනුවෙන් කඩිනමින් ක්‍රියාත්මක කළයුතු බව ජනාධිපතිතුමා පැවසීය.

    බණ්ඩාරවෙල, හැටන්, නුවරඑළිය සහ ඇල්ල කේන්ද්‍ර කර ගනිමින් සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට ගෙන ඇති සැලසුම් කෙරෙහි ද සාකච්ඡාවට ලක් විය.

    වත්ත සහ ගම වෙන් නොවන ආකාරයෙන් සියලු සංවර්ධන කටයුතු සිදුවිය යුතු බවද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

    රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු සහ රේඛීය ආයතනවල ප්‍රධානීහු සාකච්ඡාවට එක්ව සිටියහ. 

    ( ඡායාරූප : ඩී. සමරකෝන්  ඩී. සමරකෝන් | උපුල් නිලංග – ජනාධිපති මාධ්ය අංශය )  

  • 20 වෙනි සංශෝධනයට කිසිඳු ගැටලුවක් වෙන්නේ නෑ – අගමැති මහින්ද

    20 වෙනි සංශෝධනයට කිසිඳු ගැටලුවක් වෙන්නේ නෑ – අගමැති මහින්ද

    විසි වෙනි ව්‍යවස්ථා සංශෝධනයට කිසිඳු ගැටලුවක් ඇති නොවන බවට තමන්ට විශ්වාස යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (29) දින අරලියගහ මන්දිරයේදී පැවසීය.

    විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරුන් සහ පුවත්පත් කතුවරුන් අතර පැවති හමුවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කළේය.

    මෙම හමුවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට මෙසේ පිළිතුරු ලබා දුන්නේය.

    මාධ්‍යවේදියා – විසිවැනි සංශෝධනය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යතුමාගේ මතය කුමක්ද ?

    අග්‍රාමාත්‍යතුමා – ආණ්ඩුවක් වුණාම, ආණ්ඩුව ගන්න මතය තමයි මගේ මතය වෙන්නෙ. 20 වැනි සංශෝධනයට කිසි ගැටලුවක් වෙන්නෙ නැහැ.

    මාධ්‍යවේදියා – විසිවැනි සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුවට සම්බන්ධව සිටින  පක්ෂ විසින් කමිටු පත්කරලා තියෙනවා නේද ?

    අග්‍රාමාත්‍යතුමා – හැම පක්ෂයකටම ඒ සම්බන්ධයෙන් කමිටු පත්කරන්න අයිතියක් තියෙනවා. නමුත් අවසානයේ අපි එක මතයකට එනවා. විසිවැනි සංශෝධනය ගැන අපි සියලු දෙනා සමඟ අමාත්‍ය මණ්ඩල රැස්වීමෙදි කතා කළා. මම දැක්කා විපක්ෂයත් කමිටුවක් පත් කරලා තිබුණා.

    මාධ්‍යවේදියා – විසිවැනි සංශෝධනයෙන් පසුව අග්‍රාමාත්‍යතුමා නාමික වෙනවා ද ?

    අග්‍රාමාත්‍යතුමා – නෑ. නාමික වෙන්නෙ නෑ. අග්‍රාමාත්‍යතුමා අතේ තමයි ඒක තියෙන්නෙ.

    මාධ්‍යවේදියා – ඉන්දීය අග්‍රාමාත්‍යතුමා සමඟ පැවැති සාකච්ඡාවේදී 13 වැනි සංශෝධනයට බලකළා කියලා මාධ්‍ය වාර්තා ඉදිරිපත් වුණා.

    අග්‍රාමාත්‍යතුමා – දැනට තිබෙන ව්‍යවස්ථාව තමයි ක්‍රියාත්මක වෙන්නෙ. පළාත් සභා මැතිවරණය කල්දැම්මෙ කවුද ? ඡන්ද නොතියා හිටියෙ කවුද කියලා ඔබ දන්නවා. අපි කළේ නියමිත පරිදි ඡන්ද තියපු එක. 

    මාධ්‍යවේදියා –  අලුත් ව්‍යවස්ථාවක් ගෙන එනවාද ?

    අමාත්‍ය උදය ගම්මන්පිල මහතා – අමාත්‍ය මණ්ඩලය නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර තිබෙනවා. ඒ සඳහා ජනමත විචාරණයකට යන්න වෙනවා.

    අග්‍රාමාත්‍යතුමා – මුළු ව්‍යවස්ථාවම වෙනස් වෙනවා නම් ජනමත විචාරණයකට යන්න අවශ්‍යයයි. හැබැයි අපට ඒ ජනවරම පැහැදිලිව ලැබිලා තියෙනවා.

    අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා – 19 ව්‍යවස්ථාව ඉවත් කළ යුතුයි කියලයි ජනවරම ලැබුණෙ. එය කෙටි කාලින විසඳුම. අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒම දිගුකාලීන විසඳුම වෙනවා.

    මාධ්‍යවේදියා – අග්‍රාමාත්‍යතුමා දේශපාලනයෙන් විශ්‍රාම යනවා කියලා ප්‍රවෘත්තියක් පළවෙලා තිබුණා ?

    අග්‍රාමාත්‍යතුමා – දේශපාලඥයො කවුද විශ්‍රාම ගියේ ? මම විශ්‍රාම යන්නෙ නැහැ.

    මාධ්‍යවේදියා – විසිවැනි සංශෝධනය සම්මත වෙන්න දෙන්නෙ නැහැ කියලා එක පැත්තක් කියද්දි විස්සට විස්සක් ගන්නවා කියලා ආණ්ඩුවෙන් කියනවා.

    අග්‍රාමාත්‍යතුමා – අපට තුනෙන් දෙකක බලයක් ජනතාව දී තිබෙනවා. පක්ෂවලට, පුද්ගලයන්ට තව තව මතවාද තියෙන්න පුළුවන්. ස්ථිර ලෙසම අපට තුනෙන් දෙක තියෙනවා. ඒ ගැන සැකයක් තියාගන්න එපා.

    මාධ්‍යවේදියා – කොවිඩ්-19 නිසා ලෝකයේ සෑම රටකම ආර්ථිකයට බලපෑම් එල්ල වී තිබෙනවා. ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කීරීමට ගන්න පියවර මොනවාද ? විදෙස් ණය ගෙවා ගත හැකිද ?

    අග්‍රාමාත්‍යතුමා – දේශීය ආර්ථිකයට මුල්තැන දීම තමයි රජයේ ප්‍රතිපත්තිය. ඒ වෙනුවෙන් ආණ්ඩුව දේශීය කර්මාන්ත නගා සිටුවීමට දැනටමත් පියවර ගනිමින් සිටිනවා. අපි මොනදේ තිබුණත් වෙලාවට ණය ගෙවලා තිබෙනවා.

    මාධ්‍යවේදියා – පොල් ගැන ලොකු ආන්දෝලනයක් තිබෙනවා.

    අග්‍රාමාත්‍යතුමා –  කවදත් පොල් සම්බන්ධයෙන් මෙවැනි තත්ත්වයන් තිබුණා. අපට පාරිභෝගිකයා වැදගත්. ඒ නිසා පාලන මිලක් සම්බන්ධයෙන් වන යෝජනාව හොඳයි. එය විධිමත්ව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා.

    මාධ්‍යවේදියා – ආණ්ඩුව ගැසට් ගහනවා. ආයෙ හකුළගන්නවා කියලා චෝදනාවක් තියෙනවා.

    අග්‍රාමාත්‍යතුමා – ඒකෙන් පෙනෙන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය වෙන මොකුත් නෙමෙයි.පොල් පිළිබඳව ප්‍රශ්නය නිරාකරණය කරන්න විෂය භාර අමත්‍යවරයාට මම ඒ බව දන්වනවා.

    මාධ්‍යවේදියා – කහ ප්‍රශ්නය නිරාකරණයවනතුරු රටින් කහ ආනයනය කළ නොහැකිද ?

    අග්‍රාමාත්‍යතුමා – දේශීය ගොවියා දැන් කහ වගා කරමින් සිටින්නෙ. ඔවුන්ව අධෛර්යමත් කරන්න අපට බැහැ. ඒ නිසා දේශිය කහ ගොවියා ධෛර්යමත් කරන්න නම් මේ තත්ත්වයට මුහුණ දෙමින් අප ඉදිරියට යා යුතුයි. පිටරටින් ආයෙමත් කහ ගෙන්නුවොත් ගොවීන් වගාව අත්හරිනවා.

    මාධ්‍යවේදියා – වාහන සහ වාහන අමතර කොටස් ඉතා අධික මිලක් යටතේ අලෙවිවීමෙන් දුෂ්කරතා රැසක් මතුවී තිබෙනවා.

    අග්‍රාමාත්‍යතුමා – අමතර කොටස් ගෙන්වන්න කියලා තියෙන්නෙ. අමතර කොටස් ගෙන්වීමේ බාධාවක් නැහැ.

    මාධ්‍යවේදියා – ගුවන් තොටුපළ විවෘත කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබෙනවාද ?

    අග්‍රාමාත්‍යතුමා – කොවිඩ්-19 තත්ත්වය සැලකිල්ලට ගනිමිනුයි එය කළ යුත්තෙ. අපි ඉන්දියාවේ තත්ත්වය යුරෝපයේ තත්ත්වය සැළකිල්ලට ගෙන ඒ ගැන අවධානය යොමු කරලා තියෙනවා.

    මාධ්‍යවේදියා – පාසල්වල ළමුන් ඇතුළත් කිරීමේදී පදිංචියට අදාළව ළමුන් ඇතුළත් නොකර ගැනීමෙන් අසාධාරණයක් වී තිබෙනවා.

    අමාත්‍ය විමල් වීරවංශ මහතා – ඡන්ද හිමි නාම ලේඛනයේ නම තිබීම ප්‍රමාණවත් කියලා දැනට කැබිනෙට්ටුවේ මේ ප්‍රශ්නය සාකච්ඡාවට ගෙන තිබෙනවා.

    මාධ්‍යවේදියා – අනවසර ඉන්දීය ධීවර ප්‍රශ්නය ගැන විසදුමක් තිබේද ?

    අග්‍රාමාත්‍යතුමා – අනවසර ඉන්දීය ධීවර ප්‍රශ්නය ඉන්දීය අග්‍රාමාත්‍යතුමාට ඉදිරිපත් කළා. රටක් විධියට ගත යුතු ක්‍රියාමාර්ග අපි නාවික හමුදාවට දැනුම් දී තිබෙනවා.

    අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා – ඉන්දීය අගමැතිතුමාට මේ සම්බන්ධයෙන් දැනුම් දුන්නාම පැහැදිලි පිළිතුරක් ලැබුණෙ නැහැ. දකුණු ඉන්දියාවේ මහ ඇමැතිතුමා එක්ක කතා කරලා විසඳුමක් දෙන්න කියලා අපි එතුමාගෙන් ඉල්ලා සිටියා.

    මාධ්‍යවේදියා – තිලීපන් සැමරීමට ඉල්ලමින් උතුරේ හර්තාල් ක්‍රියාත්මක වෙනවා ආණ්ඩුව මේ තත්ත්වයට මුහුණ දෙන්නෙ කොහොමද ? පසුගිය කාලයේ වගේ තත්ත්වයක් නැවත ඇතිවෙයිද ?

    අග්‍රාමාත්‍යතුමා – එහෙම එකක් නැවත ඇතිවෙන්නෙ නැහැ. රට ආරක්ෂිතයි. ආරක්ෂාව සම්බන්ධයෙන් අපි බොහෝ අවධානය යොමුකර කටයුතු කරනවා. නැවත උතුරේ එවැනි තත්ත්වයක් ඇතිවෙනවා නම් පසුගිය කාලේ දුන්න උත්තරේම තමයි උත්තරේ.

    මාධ්‍යවේදියා – එම්.සී.සී ගිවිසුම සම්බන්ධයෙන් ආණ්ඩුවේ යටින් යන වැඩපිළිවෙළක් තියෙනවාද ?

    අග්‍රාමාත්‍යතුමා – අපි යටින් වැඩ කරන්නෙ නැහැ. එම්.සී.සී ගැන අපි යටින් සාකච්ඡා කළේ නැහැ. දැනට එහෙම සාක්චඡාවක් වෙලත් නැතිව එහෙම ප්‍රශ්නයක් ගැන කතා කරන්නෙ මොකටද ?

    මාධ්‍යවේදියා – විස්සට අත උස්සන්න ආණ්ඩුවට ගන්න මන්ත්‍රීවරුන්ට තනතුරු දෙනවාද ?

    අග්‍රාමාත්‍යතුමා – අපට 150 තියෙනවා. තනතුරුවලට එන මන්ත්‍රීවරුන් දැන් නෑ. මේකත් කියන්න උවමනායි. මම නම් 19 ට ඡන්දෙ දුන්නෙ නෑ.

    අමාත්‍ය විමල් වීරවංශ මහතා – 20ට විරෝධය දක්වන්න පාර්ලිමේන්තු විරෝධයට ආපු නැති අය ගැන හෙව්වොත් කවුද අපට සහය දෙන්නෙ කියලා හොයා ගන්න පුළුවන් වෙයි.

    මාධ්‍යවේදියා – විසිවැනි සංශෝධනයට ඔබතුමා පත්කළ කමිටුවේ වාර්තාව සමාජගත නොකළේ ඇයි ?

    අග්‍රාමාත්‍යතුමා – ඒක මට බලාගන්න දීපු එකක්. (සිනාසෙයි) අවශ්‍ය සංශෝධන කාරක සභා අවස්ථාවේ ඉදිරිපත් කළ හැකියි.

    අමාත්‍ය විමල් වීරවංශ මහතා – කමිටුවේ නිර්දේශ ලැබුණා. ඒවා සාකච්ඡා කරලා. අග්‍රාමාත්‍යතුමාගේ සංශෝධන සහ කාරක සභා අවස්ථාවේ ඉදිරිපත් කරන සංශෝධන ගැන ජනාධිපතිතුමා සමඟත් සාකච්ඡා කරලා එකඟත්වයකට පැමිණිලයි තිබෙන්නෙ.

    මාධ්‍යවේදියා – මත් කුඩු ජවාරම සමාජයට පිළිලයක් වී තිබෙනවා. මේ සදහා ස්ථීර විසඳුමක් ගෙන එනවාද ?

    අග්‍රාමාත්‍යතුමා – අපි මේ උවදුර හැදිනගෙන වැටලීම් කරන්න පටන්ගෙන තිබෙනවා. දැන් අපට අහුවෙන්නෙ මේ ජාවාරමේ පොඩි අය. ප්‍රධාන අයයි අල්ලගන්න උවමනාවෙන්නෙ. අප ඒ සඳහා අවශ්‍ය කටයුතු කරනවා. ඒ අය අත්අඩංගුවට ගෙන අපට මෙම මත් කුඩු උවදුර මර්දනය කළ හැකියි.

    මාධ්‍යවේදියා – වතු කම්කරුවන්ට රුපියල් දහසේ දීමනාව ලබා දීම ක්‍රියාත්මක කරනවාද ?

    අග්‍රාමාත්‍යතුමා – අපියි ඒ ගැන කතා කළේ. දැනටමත් විෂය භාර අමාත්‍යතුමා එම උපදෙස් දී තිබෙනවා.

    මාධ්‍යවේදියා – ජනාධිපතිතුමා ගමින් ගමට යන්නෙ ඇමැතිවරුන්ගෙන් වැඩ වෙන්නෙ නැති නිසාද ?

    අග්‍රාමාත්‍යතුමා – එහෙම එකක් නැහැ. ජනාධිපතිවරුන් ගමට යන එක අද ඊයේ සිදුවෙච්ච දෙයක් නෙමෙයි.

    අමාත්‍ය විමල් වීරවංශ මහතා – ජනාධිපතිතුමා ගමින් ගමට යන එක වැරදිද ?

    මාධ්‍යවේදියා – මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළව අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙනවාද ?

    අග්‍රාමාත්‍යතුමා – ඒ සම්බන්ධ පරීක්ෂණ අඛණ්වව සිදුවෙනවා. ජාත්‍යන්තර නීතිය අනුවයි ඇතැම් කටයුතු සිදුවන්නෙ.

    පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතා – පසුගිය ආණ්ඩුව වගේ අපි අධිකරණ කටයුතු සඳහා පෞද්ගලික මැදිහත්වීම් සිදු කරන්නෙ නැහැ. අධිකරණ කාර්ය ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා.

    අමාත්‍ය විමල් වීරවංශ මහතා – පහුගිය ආණ්ඩුව දූෂණ විරෝධි කමිටුවක් හැදුවා. නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥයන්ටත් වෙනමම මුදල් දීලා. රුපියල් කෝටි තුනක් අයතා වියදම් කරලා. ඒ අනුව දූෂණ විරෝධි කමිටුවෙත් දූෂණයක් කරලා. අර්ජුන් මහේන්ද්‍රන් ගැන වගකියන්න උවමනා එතුමාව පත්කරපු අයයි.

    මාධ්‍යවේදියා – අග්‍රාමාත්‍යතුමාගේ පවුලේ සාමාජිකයන් මෙන්ම අද අමාත්‍යවරුන්ව සිටින බොහෝ දෙනා නිකරුනේ සිරභාරයට පත් කළ අවස්ථා පසුගිය කාලේ තිබුණා. ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ගයක් ගන්නවාද ?

    අග්‍රාමාත්‍යතුමා – පෞද්ගලික ප්‍රශ්න ගැන හිතුවෙ නැහැ. අපි එකට එක කරන්න කැමැති අය නෙමෙයි. අපි ඉතිහාසයේ කවදාවත් පළිගත්තෙ නැහැ. තව දෙයක් අපි ඉදිරියේදී හැම මැතිවරණ කොට්ඨාශයක්ම නියෝජනය වන පරිදි ගෙවල් 100 යුතු මහල් නිවාස ක්‍රමයක් රටට හඳුන්වා දෙනවා.

    මෙම අවස්ථාව සඳහා ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොළවත්ත අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහත්වරු සහ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ප්‍රධානීන් රැසක් එක්ව සිටියහ.