Blog

  • මුහුණු ආවරණ භාවිතයත් සමග කාන්තාවන්ට රූපලාවන්‍ය ගැටලු රුසක්

    මුහුණු ආවරණ භාවිතයත් සමග කාන්තාවන්ට රූපලාවන්‍ය ගැටලු රුසක්

    කොරෝනාවෛරසයේ බලපෑම හේතුවෙන් මේ වන විට අප බොහෝ දෙනෙකුට, මුහුණු ආවරණ එදිනෙදා ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක් වී ඇත. නමුත් නිතිපතා මුහුණු ආවරණ පැළඳීමෙන් කුරුලෑ වැනි අතුරු ආබාධ ඇති විය හැකිය. ‘මාස්ක්නේ’ යන නමින් මෙම කුරුලෑ හඳුන්වයි.

    යේල් වෛද්‍ය විද්‍යාලයේ චර්ම රෝග පිළිබඳ මහාචාර්ය වෛද්‍ය මෝනා ගොහාරා බීබීසී වෙත පැවසුවේ “තර්කයක් නැහැ. මාස්ක්නේ ඇත්තටම තියෙනවා,” යනුවෙනි.

    “මම මුහුණු ආවරණ දෙකක් වගේම සමහරවිට ආරක්ෂිත පලිහක් පැළඳ සිටිනවා … මම කුරුලෑ ඇතිවීම අත්විඳ තියෙනවා, එය නිතර ඇතිවෙනවා.”

    අනවශ්‍ය ලප ඇති ඕනෑම කෙනෙකුට ලැබෙන අනුකම්පාවත් සමග කලකිරීමට පත් වීම දක්වා මෙම තත්වය බලපෑ හැකිය.

    නමුත් මාස්ක්නේ ඇති වීමට හේතුව කුමක්ද?

    “මුහුණු ආවරණය අපේ සමේ නිරන්තරයෙන් ඇතිල්ලෙමින් තිබීමත් සමග සම ඉතා සියුම් ලෙස පළුදු කරනවා. ඒ අතරින් බැක්ටීරියා සහ කුණු සමේ සිදුරු තුළට ඇතුළු වෙනවා,” චර්ම රෝග විශේෂඥ ඇන්ජලින් යොං පැවසීය.

    Coronavirus
    ඡායාරූප ශීර්ෂ වැකිය,”මුහුණු ආවරණයක් යට හුස්ම ගැනීම නිසා උණුසුම් හා තෙතමනය සහිත පරිසරයක් නිර්මාණය කරනවා.”

    එමෙන්ම, ඔබේ මුහුණු ආවරණය යට තෙත ගතියක් පවතී.

    “මුහුණු ආවරණයක් යට හුස්ම ගැනීම නිසා උණුසුම් හා තෙතමනය සහිත පරිසරයක් නිර්මාණය කරනවා. එයින් දහඩිය, තෙල් සහ බැක්ටීරියා ගොඩනැගීමට මග පාදනවා. මුහුණු ආවරණ ස්වභාවයෙන්ම දේවල් අවහිර කිරීමට නිර්මාණය කර ඇති නිසා එය සමේ රෝග සඳහා සඳහා වට්ටෝරුවක් බවට පත් වෙලා,” සිංගප්පූරුවේ සේවය කරන කරන වෛද්‍ය ඇන්ජලින් යොං පවසයි.

    මාස්ක්නේවලට එරෙහිව සටන් කළ හැකි එක් ක්‍රමයක් වන්නේ “ඉතා තද සම රැකවරණ ක්‍රීම් ආලේපනය කිරීමෙන් වැළකී සිටීමෙන්” බව වෛද්‍ය යොං පවසයි.

    “මුහුණු ආවරණයට යටින් වඩා සැහැල්ලු ජලය මත පදනම් වූ නිෂ්පාදන තෝරා ගන්නා ලෙස මම නිතරම මගේ රෝගීන්ට පවසනවා… සැහැල්ලු මොයිස්චරයිසර් ද අතිරේක ආරක්ෂිත බාධකයක් ලෙස ක්‍රියා කර පළුදු වීම වළක්වා ගන්න පුළුවන්,” යැයි ඇය පැවසීය.

    සම රැකවරණ නිෂ්පාදන සමාගම් මේ වන විටත් මාස්ක්නේ ඇතිවීම හඳුනාගෙන තිබීම පුදුමයට කරුණක් නොවන්නේය.

    ජනප්‍රිය කොරියානු සම ආරක්ෂණ සන්නාමයක් වන Dr Jart දැන් එහි වෙබ් අඩවියේ “මාස්ක්නේ සඳහා අත්‍යවශ්‍ය දේ” යනුවෙන් විශේෂ කොටසක් වෙන්කර තිබේ.

    “ඒ අතර, ෆේෂල් මුහුණු ආවරණ” සහ “කැළැල් මැකීමේ පැච්” වැනි නිෂ්පාදන එහි දැකිය හැකිය.

    Coronavirus
    ඡායාරූප ශීර්ෂ වැකිය,”ගැඹුරු පිරිසිදු කිරීමේ නිෂ්පාදන අලෙවි වීම දැඩි ලෙස වැඩිවීමක්”

    රූපලාවණ්‍ය ලෝකයේ දැවැන්තයෙකු වන L’Oréal සමාගමට අනුව, පසුගිය මාස කීපය තුළ “ගැඹුරු පිරිසිදු කිරීමේ නිෂ්පාදන අලෙවි වීම දැඩි ලෙස වැඩිවීමක්” දක්නට ලැබී ඇත.

    L’Oréal ආයතනයේ ආසියා පැසිෆික් කලාපයේ විධායක උප සභාපති ජොශෙන් සොම්සෙයිල් පැවසුවේ ජනප්‍රිය සම ආරක්ෂණ වෙළඳ නාම වන La Roche-Posay සහ CeraVe සමාගම්වල ගැඹුරු පිරිසිදු කිරීමේ නිෂ්පාදන අලෙවිය මෑතකදී “විශාල ලෙස වැඩි වී” ඇති බවය.

    ආසියා-පැසිෆික් කලාපය තුළ, පිරිසිදු කිරීමේ නිෂ්පාදනවල වැඩිවීමට හේතු වී ඇත්තේ තෙල් සහිත සම සහ කුරුලෑ වැනි මුහුණු ආවරණ ආශ්‍රිත ගැටළු මෙන්ම කෝවිඩ් -19 නිසා සනීපාරක්ෂක පුරුදු අනුගමනය කිරීමට පෙළඹීමත් සමගය.

    “සම ආරක්ෂණ නිෂ්පාදන සෑම විටම අපගේ අංක එකේ ආදායම් මාර්ගයයි. නමුත් ඇත්ත වශයෙන්ම වසංගත තත්වය තුළ එය තවදුරටත් ඉදිරියට ගිහින් තිබෙනවා,” යැයි ජොශෙන් සොම්සෙයිල් පැවසීය.

    සම රැකවරණය වේගයෙන් වර්ධනය වන අතර, වැඩි පිරිසක් නිවසේ සිට රැකියාවේ නිරත වීම සහ පිටතට යාමෙන් වැළකී සිටීමත් සමග මුහුණු ආලේපන (makeup) කර්මාන්තයට බලපෑම් එල්ල වී ඇත.

    ජීවිතය යථා තත්ත්වයට පත්වීමත්, ව්‍යාපාර නැවත විවෘත වීමට පටන් ගැනීමත්, වැඩි පිරිසක් රැකියාවට යාමත් සමඟ මුහුණු ආලේපන සඳහා ඇති ඉල්ලුම යළිත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව ජොශෙන් සොම්සෙයිල් පැවසීය.

    වෛරසය සමඟ සාර්ථකව කටයුතු කිරීමේදී ලෝකයේ බොහෝ රටවලට වඩා මාස කීපයක් ඉදිරියෙන් සිටින චීනයේ තත්වය L’Oréal සමාගම පැහැදිලි කළේය.

    2020 පෙබරවාරි මාසයේදී චීන කාන්තාවන්ගෙන් 34% ක් පමණ මුහුණු ආලේපන භාවිත කළ බව සොයාගෙන ඇත. නමුත් මෙම තත්වය ජුනි අග සිට ජූලි මුල දක්වා 68% දක්වා ඉහළ ගොස් තිබේ.

    කෙසේවෙතත්, L’Oréal පවසන්නේ මිනිසුන්ගේ මුහුණු ආවරණ වලට වඩා ඉහළින් පෙනෙන ප්‍රදේශවලට අදාළ නිෂ්පාදන සඳහා නිරන්තර ඉල්ලුමක් පවතින බවය.

    Coronavirus

    “දැන් ඇස් තමයි ඔබේ මුහුණේ වඩාත්ම දෘශ්‍යමාන කොටස. ඒ නිසා මස්කාරා, අයි ලයිනර් වැනි දෑ හොඳින් අලෙවි වෙනවා,” යැයි ජොශෙන් සොම්සෙයිල් පැවසීය.

    මුහුණු ආවරණවල නොතැරවෙන දීර්ඝ කාලයක් පවතින තොල් ආලේපන මෙන්ම සැහැල්ලු නිෂ්පාදන ජනප්‍රිය වී තිබේ.

    ‘මුළු මුහුණම මේකප් කිරීම ඉවරයි, හැබැයි ඇස් තියෙනවා!’

    යූ ටියුබ්හි රූපලාවණ්‍ය ක්‍ෂේත්‍රය පුරා මෙම ප්‍රවණතාව දෝංකාර දී ඇති අතර, ව්ලොග් සටහන්කරුවන් බොහෝ දෙනෙක් මුහුණු ආවරණ හිතකාමී රූපලාවණ්‍ය වීඩියෝ සාදමින් සිටිති.

    මුහුණු ආලේපන වැඩි ප්‍රමාණයක් සහිත පෙනුම දැන් වියැකී ගොස් ඇති අතර,ඒ වෙනුවට ඇස් අලංකාර කිරීම සිදුවෙමින් පවතී.

    “ඔබේ මුහුණෙන් අඩක් ආවරණය වන යමක් ඔබ සතුව ඇති නිසා ඔබ දැන් වැඩි අවධානයක් යොමු කරන්නේ ඇහි බැම සහ ඇහැ පියට. මම ඇත්තෙන්ම විශාල ඇහි බැමකට හා තද පැහැති වර්ණවත් ඇහි පියකට කැමතියි. එයින් මාව කැපී පෙනෙනවා,” යැයි මෙලීනා බැස්නයිට් බීබීසී වෙත පැවසීය.

    “මගේ මුහුණේ අනෙක් කොටසේ ද ලාවට ආලේපන ගාලා තියෙනවා. මොක ද ඔබ පිටතට ගිය විට මුහුණු ආවරණය ගලවා තබන්නත් වෙන අවස්ථා තියෙනවා. මම කරන දේ ගැන සම්පූර්ණ දැනුමක් ලබාගෙන තියෙනවා.”

    මෙලීනාගෙන් උපදෙස්

    Coronavirus
    ඡායාරූප ශීර්ෂ වැකිය,”හැමදේම අසාමාන්‍ය වෙලා තිබෙන මේ වගේ කාලයක මේ පුංචි දේ ඔබව තදින් අල්ලා ගත හැකියි.”
    • අන් අය අතර කැපී පෙනෙන ලෙස විවිධ පාටවලින් ඇස් වර්ණ ගැන්වීම.
    • ඝනකම් ඇහි බැම. ඇය ඇගේ ඇහිබැම හඳුන්වන්නේ “වෘක ඇහිබැම” ලෙසය.
    • ඔබගේ “සම රැකගන්නා තරගය නිසි තැනකට ගෙන ඒමට” වග බලා ගත යුතුයි. ඇය සාමාන්‍යයෙන් තවමත් ඇගේ මුහුණේ පහළ කොටසේ ද ආලේපන යොදන නමුත් එය අවම මට්ටමක පවත්වා ගනී.

    ටෙක්සාස් රෝහලක රෝගීන් පිටත් කර හැරීමේ ක්‍රියාවලියේ සහකාරියක ලෙස සේවය කරන මෙලීනා බැස්නයිට්, සෑම දිනකම මුහුණු ආවරණයක් පැළඳිය යුතුය.

    “මේ වසර මුලදී කීපදෙනෙකු මගෙන් ඇසුවා මුහුණු ආවරණයත් එක්ක මේකප් කරන්නේ කොහොම ද කියලා. ඒ වන විටත් මම සති කීපයක් තිස්සේ මුහුණු ආවරණ පැළඳ සිටියා,” ඇය පැවසුවාය.

    “තවමත් බොහෝ දෙනෙකුට මුහුණු ආවරණ දමාගෙන පවා මේකප් දාන්න අවශ්‍යයි. එය තමන් සාමාන්‍යයි කියල හැඟීමක් ලබා දෙනවා. හැමදේම අසාමාන්‍ය වෙලා තිබෙන මේ වගේ කාලයක මේ වගේ පුංචි දේ ඔබට තදින් සමීප වේවි.”

    එබැවින් ඇයගේ MakeupMenaree නම් නාලිකාවේ මුහුණු ආවරණ හිතකාමී වේශ රූපලාවන්‍යය පාඨමාලා වීඩියෝ නිර්මාණය කිරීමට ඇය තීරණය කළාය.

    පිලිපීන ජාතික යූ ටියුබර් නීනා කාපියෝ පැවසුවේ මුහුණු ආලේපන හේතුවෙන් තම සමට සිදු වූ හානියත් සමග මැයි මාසයේ සිට මෙම ගැටලුව කෙරෙහි අවධානය යොමු කිරීමට තමා පෙලඹී ඇති බවය.

    මුහුණු ආවරණය යට විවිධ ආලේපන හා දහඩිය එකතු වීමෙන් ඇයගේ කැසීම් සහ සම පළුදු වීම් සිදුව තිබේ. එමෙන්ම, ආලේපන ඇයගේ මුහුණු ආවරණය යටි පැත්තේ ගෑවී එය ද අපිරිසිදු වී ඇත.

    Coronavirus
    ඡායාරූප ශීර්ෂ වැකිය,”ෆවුන්ඩේෂන්, පවුඩර් සමග සම්පූර්ණ මේකප් එකක් දාගෙන යන්න මම උත්සාහ කළා. නමුත් එය හරියන්නේ නැති බව මට පෙනී ගියා”

    “ෆවුන්ඩේෂන්, පවුඩර් සමග සම්පූර්ණ මේකප් එකක් දාගෙන යන්න මම උත්සහ කළා. නමුත් එය හරියන්නේ නැති බව මට පෙනී ගියා. ඒ නිසා දැනට මම ඒ සියල්ල මඟ හැරියා. මම මුහුණ සහ තොල් මත මොයිස්චරයිසර්, ලිප් බාම් වැනි නිෂ්පාදන පමණක් පාවිච්චි කරනවා,” Smile Like Nina යූ ටියුබ් නාලිකාවේ නීනා පැවසුවාය.

    මෙම ප්‍රවණතාව තව බොහෝ කලක් ඉදිරියට පවතිනු ඇතැයි ඇය පැවසුවාය.

    “අපි වසංගතය තුළ ජීවත් වන තාක් කල්, මුහුණු ආවරණ අපේ එදිනෙදා අංගයක් බවට පත්වෙයි. අපේ රූපලාවන්‍යය කටයුතු අනිවාර්යයෙන්ම ඒ අනුව හැඩගැහෙයි. “

  • කොරෝනා නිසා බි‍්‍රතාන්‍ය රජ පවුලේ ආදායම අඩුවෙලා

    කොරෝනා නිසා බි‍්‍රතාන්‍ය රජ පවුලේ ආදායම අඩුවෙලා

    කොරෝනාවෛරසයේ බලපෑම හේතුවෙන් රාජකීය ගිණුම්වල පවුම් මිලියන 35 ක හිඟයක් ඇතිවිය හැකිය.

    බකිංහැම් මාලිගය සහ වින්ඩ්සර් කාසල් වැනි ස්ථානවලට සංචාරකයන් පැමිණීමට සීමා පැනවීමත් සමග ඉදිරි වසර තුන තුළ ඩොලර් මිලියන 15 ක ආදායමක් අහිමි වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති බව රාජකීය ගිණුම් භාරකරු පැවසීය.

    වසර දහයකින් බකිංහැම් මාලිගය අලුත්වැඩියා කිරීම සඳහා පවුම් මිලියන 369ක අයවැයට තවත් ඩොලර් මිලියන 20ක හිඟයක් ඇති වනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රීමත් මයිකල් ස්ටීවන්ස් පැවසීය.

    ඔහු සඳහන් කළේ අමතර අරමුදල් ඉල්ලා සිටීමට රාජකීය පවුලට කිසිදු අදහසක් නොමැති බවකි.

    වසංගතය තුළ පවතින “මූල්‍යමය අභියෝග” “අපගේම උත්සාහයෙන් හා කාර්යක්ෂමතාවයෙන්” කළමනාකරණය කිරීමට රාජකීය ගෘහය උත්සාහ කරන බව ශ්‍රීමත් මයිකල් ස්ටීවන්ස් පැවසීය.

    අප්‍රේල් මාසයේ දී රාජකීය කාර්ය මණ්ඩලය සඳහා වැටුප් ගෙවීම් තාවකාලිකව නතර කිරීමට ක්‍රියා කළ අතර, නව බඳවා ගැනීම් ද නවතා දමා ඇත. එම කාර්ය මණ්ඩලයට වැටුප් රහිත නිවාඩු හෝ ලබා දී නැත.

    කොරෝනාවෛරසය පැතිරීම මැඩපැවැත්වීම සඳහා එක්සත් රාජධානි රජය එදිනෙදා ජීවිතයට සීමාවන් පැනවීම ආරම්භ කිරීමත් සමගම, ප්‍රකාශිත මුල්‍ය වාර්තාවෙන් මාර්තු 31 දක්වා දොළොස් මසක කාලය ආවරණය කෙරේ.

    වාර්තාවේ හෙළි කර ඇති අනෙකුත් විස්තර අතර:

    • හැරී කුමරු සහ මේගන් කුමරියගේ දකුණුදිග අප්‍රිකානු සංචාරය පසුගිය වසරේදී වඩාත්ම මිල අධික නිල විදෙස් සංචාරය වූ අතර, සැලසුම් සඳහා රාජකීය කාර්ය මණ්ඩලය කළ චාරිකා ද ඇතුළුව පවුම් 246,000 කට ආසන්න මුදලක් ඊට වැය කර තිබිණි.
    • සුල්තාන් කබූස් බින් සයිඩ්ගේ අභාවයට ශෝකය ප්‍රකාශ කිරීමට චාල්ස් කුමරු ඕමානයේ යෙදුනු දෙදින සංචාරයට පවුම් 210,345 ක් වැය කර ඇත.
    • රාජකීය පෝට්රෂ් ගොල්ෆ් ක්ලබ් හි විවෘත ශූරතාවලියට සහභාගී වීම සඳහා යෝර්ක්හි ආදිපාද ඇන්ඩෲ කුමරු උතුරු අයර්ලන්තයට කුලියට ගත් ගුවන් යානයකින් ගිය අතර ඒ සඳහා පවුම් 15,848 ක් වැය වී තිබේ.
    • විලියම් සහ හැරී කුමරු සහ පවුල් වෙනුවෙන් 2019-2020 දී චාල්ස් කුමරුට පවුම් මිලියන 5.6ක බිල්පතක් ලැබී තිබුණු අතර එය පෙර වසරට වඩා 11% ක වැඩි වීමකි.
    • භාණ්ඩාගාරයෙන් නිකුත් කරන රැජිනගේ ස්වෛරී ප්‍රදානය 2019-20 වසරේ දී පවුම් මිලියන 82.4 දක්වා ඉහළ ගොස් ඇති අතර එය පෙර වර්ෂයට වඩා පවුම් 200,000 ක වැඩි වීමකි.

    බකිංහැම් මාලිගයේ විදුලි රැහැන් ඇදීම, ජලනල හා තාපක යාවත්කාලීන කිරීම සඳහා වෙන් කර ඇති පවුම් මිලියන 33 ද ඊට ඇතුළත්ය.

    සියලුම ප්‍රධාන වියදම් ක්ෂේත්‍රයන්හි වැඩි වීමක් දක්නට ඇත. වැටුප් ලේඛනයේ සිට (පවුම් මිලියන 24.4 දක්වා, පවුම් මිලියන 1.2 කින් ), සංචාරය කිරීම සඳහා (පවුම් මිලියන 5.3 දක්වා, පවුම් 700,000 කින් ), ගෘහ පාලනය සහ ආගන්තුක සත්කාරය (පවුම් මිලියන 2.6 දක්වා, පවුම් 300,000 කින්) වියදම් වැඩි වී තිබේ.

    Coronavirus
    හැරී කුමරු සහ මේගන් කුමරියගේ දකුණුදිග අප්‍රිකානු සංචාරය පසුගිය වසරේදී වඩාත්ම මිල අධික නිල විදෙස් සංචාරයයි

    ‘ෆ්‍රොග්මෝර් කොටේජ්’ සඳහා කුලියට මෙන්ම අලුත්වැඩියා කිරීම වෙනුවෙන් හැරී කුමරු සහ මේගන් 2018-19 දී වැය කළ පවුම් මිලියන 2.4ක මුදල වියදම් වැඩි වීමට “සැලකිය යුතු දායකත්වයක්” ලබා දී ඇති බව මාළිගාවේ ජ්‍යෙෂ්ඨ ආරංචි මාර්ගයක් සඳහන් කරයි. එය ලබන වසරේ වාර්තාවෙන් අනාවරණය වනු ඇත.

    ස්වෛරී ප්‍රදාන සඳහා අරමුදල් සපයනු ලබන්නේ රාජකීය දේපළෙන් ලැබෙන ලාභයෙනි. පවුම් බිලියන ගණනක් වටිනා එම දේපළ ලන්ඩන් නුවර රීජන්ට් වීදියේ සිට ඇස්කොට් තුරඟ තරඟ පිටිය දක්වා විහිදේ.

    ස්වාධීන සංවිධානයක් එම දේපළ කළමනාකරණය කරනු ලබන අතර, එයින් ලැබෙන ලාභය එක්සත් රාජධානියේ සියලුම බදු ගෙවන්නන්ගේ ප්‍රයෝජනය සඳහා භාණ්ඩාගාරයට ගෙවනු ලබයි.

    බ්‍රිතාන්‍ය කිරීටය අහෝසි කරන ලෙසට හඬ නගන කණ්ඩායමක් වන ‘රිපබ්ලික්’ කියා සිටින්නේ ස්වෛරී ප්‍රදානය “පිස්සුවක්” වන අතර එය අහෝසි කළ යුතු බවය.

    “අවශ්‍ය සෑම පුද්ගලයකුටම උපරිම ප්‍රතිකාර ලබා දීමට රෝහල්වලට නොහැකි විට, ගුරුවරුන් අවශ්‍ය පොත්පත් හා උපකරණ සඳහා මුදල් ගෙවීමට වෙහෙසෙන විට සහ පොලීසිය පිරිස් බලයෙන් හීනව කඩා වැටීමට ආසන්න වාතාවරණයක රාජකීය ගමන් වියදම් 15%කින් වැඩිවීම අපකීර්තියක්,” යැයි ‘රිපබ්ලිකන්’ කණ්ඩායමේ ප්‍රධාන විධායක ග්‍රැහැම් ස්මිත් පැවසීය.

    පසුගිය සතියේ ප්‍රකාශයට පත් කරන ලද වෙනත් ගිණුම් වලින් පෙනී යන්නේ රාජකීය දේපොළවලින් පසුගිය මූල්‍ය වර්ෂය සඳහා භාණ්ඩාගාරයට ඩොලර් මිලියන 345ක ලාභයක් ලැබී ඇති බවය. නමුත් කෝවිඩ් -19 හේතුවෙන් අනාගතයේ එල්ලවිය හැකි මූල්‍ය බලපෑම් පිළිබඳ අවධානය යොමු වී තිබේ.

    bbc sandesaya

  • ලෝක හදවත් දිනය වෙනුවෙන් අමාත්‍යාංශයෙන් වැඩසටහන් රැසක්

    ලෝක හදවත් දිනය වෙනුවෙන් අමාත්‍යාංශයෙන් වැඩසටහන් රැසක්

    හදවතින්ම හදවත රකිමු “Use heart to beat Cardiovascular diseases”  යන්න තේමා කරගත් ලෝක හදවත් දිනය අද දිනට (29) යෙදී ඇත. ලෝක හදවත් දින අරමුණ වන්නේ හදවත් රෝග වැළැක්වීම හා පාලනය කිරීම සදහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ලෝකවාසී ජනතාවට දැනුම ලබා දීමයි.

    බෝනොවන රෝග අංශය මගින් අද දින (29) සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවකයින් සදහා බෝනොවන රෝග පරීක්ෂණ ඒකකයක්  (NCD Corner)  ස්ථාපිත කිරිමට පියවර ගත් අතර, හදවත් රෝග විනිශ්චයන් සිදු කිරීමට නව මෘදුකාංගයක් (APP) (launching of the e-learning platform for NCDs) හදුන්වා දීමට ද  කටයුතු යෙදිනි. එම මෘදුකාංගය මගින් රෝගී පරීක්ෂාවෙන් පසු පෞද්ගලික ජංගම දුරකථනය වෙත රෝග විනිශ්ච්‍ය පිළිබද තොරතුරු සහ සුව පණිවුඩ ලබා දෙනු ලබයි. එමෙන්ම ජනතාවට හෘද රෝග වැලදීමට ඇති අවධානම මැඩලීම හා ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමේ අරමුණින් ප්‍රාථමික සෞඛ්‍ය සේවාව වල නියැලෙන සෞඛ්‍ය කර්ය මණ්ඩල සදහා අන්තර්ජාල පුහුණු පාඨමාලා ක්‍රමවේදය හදුන්වාදීමට ද කටයුතු යොදා තිබූ අතර, ඉදිරියේ දී සාර්ථකව එම පුහුණුව අවසන් කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩල හට සහතිකපත් ලබාදීමට ද නියමිතය.

    ලෝක හදවත් දිනය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කළ සෞඛ්‍ය අමාත්‍යතුමිය – “මේ වන විට අපේ රටේ සිදුවන මරණ වලින් සියයට 70 ක් ම සිදුවන්නේ බෝ නොවන රෝග හේතුවෙන්. බෝ නොවන රෝග වලිනුත් ප්‍රධානම වශයෙන් මෙම මරණ වලට හේතු වන්නේ හෘද රෝග සහ ආඝාතය වැනි රෝගයි. අද වන විට මෙම රෝග වැලඳී ඇති අයට ප්‍රතිකාර කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ ඖෂධ ප්‍රතිකාර වලට අමතරව ස්ටෙන්ටි දැමීම, බයිපාස් සැත්කම් කිරීම ඇතුළු අතිනවීන පහසුකම් තිබෙනවා. නමුත් අපට සිටින රෝගීන් ප්‍රමාණයේ අධික බව නිසා මේ විශේෂ ප්‍රතිකාර ක්‍රම ලබාගැනීමට වසරකට අධික කාලයක් පොරොත්තු ලේඛණයක සිටිය යුතු වනවා. මේ නිසා  අපගේ අවධානය යොමුවිය යුත්තේ මෙම රෝග ඇතිවීමට බලපාන හේතු සොයා බලා ඒවා වැලැක්වීමයි. මෙම රෝග ඇති වීමට බලපාන ප්‍රධානම හේතුව තමයි අධි රුධිර පීඩනය. මෙම රෝග වලින් වැලැකීමට යහපත් ජීවන රටාවක් ගත කිරීම මහෝපකාරී වෙනවා.

    මෙම හෘද රෝග වැලැක්වීම සඳහා ඔබට ඇති අවධානම සොයා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සෑම ප්‍රාථමික සත්කාර ඒකකයකම, ප්‍රාදේශීය රෝහලකම සහ මුලික රෝහලකම මේ වන විට සුව දිවි මධ්‍යස්ථාන ඇති කර තිබෙනවා. මේ වන විට මෙවැනි සුව දිවි මධ්‍යස්ථාන 1000 කට වැඩි ප්‍රමාණයක් ඔබ වෙනුවෙන් සේවය සපයනවා. එම මධ්‍යස්ථාන මගින් වයස අවුරුදු 35 වැඩි පුද්ගලයින්ගේ රුධිර ගත සීනි ප්‍රමාණය, කොලෙස්ටරෝල් ප්‍රමාණය මෙන්ම වකුගඩු රෝගී පරීක්ෂාවන් ඇතුලු සියළු රෝග පරීක්ෂාවන් දෛනිකව සිදු කරනු ලබනවා. ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් සෑම කිලෝමීටර් 4 ක් තුල ම මෙවැනි මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබෙනවා. එම මධ්‍යස්ථාන වලට ගොස් ඔබගේ රෝගී පරීක්ෂාවන් සිදු කර ගැනීමෙන් සහ සෞඛ්‍ය උපදෙස් ලබාගැනීමෙන් මෙම රෝගී තත්ත්වයන්ගෙන් ආරක්ෂා විය හැකියි.

    හදවත් දිනය වෙනුවෙන් වෙන්කොට ඇති 2020.09.29 සිට 2020.10.02 දින දක්වා සතියක කාල සීමාව තුල සියළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල රුධිර පීඩනය පරීක්ෂා කිරීමේ කටයුතු සිදු කෙරෙනු ඇත. මහජනතාව විශාල වශයෙන් ගැවසෙන පොදු ස්ථාන වල රෝගී පරීක්ෂාවන් සිදු කිරිමට ද කටයුතු යොදා ඇත. ඒ අනුව 28,29,30 යන තෙදින කොටුව දුම්රිය ස්ථානයේ දී රෝග පරීක්ෂාවන් සිදු ක්‍රියාත්මක වන අතර, දිවයින පුරා සියළු සෞඛ්‍ය  වෛද්‍ය නිලධාරීන්ගේ මෙහෙයවීමෙන් අධිරුධිර පීඩන පරික්ෂා කිරීමේ වැඩසටහන් සහ  හදවත් රෝග පිළිබද වන වීඩියෝ පට හා පොස්ටර් ප්‍රදර්ශණය කරමින් දැනුම ලබාදීමට ද කටයුතු යොදා ඇත.

    මෙම අවස්ථාවට, සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා, වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය  එස්. ශ්‍රීධරන් මහතා, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා පෙන්ඩ්සේ (Dr. Razia Pendse) මහත්මිය, බෝනොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරපේලි මහත්මිය ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ  නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.  

  • ජාතික සහ බෞද්ධ කොඩි ආනයනය නවතී

    ජාතික සහ බෞද්ධ කොඩි ආනයනය නවතී

    ලබන වසරේ සිට පාසල් හා ආරක්ෂක හමුදා නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි සැපයීමේ වගකීමෙන් වැඩි ප්‍රතිශතය දේශීය නිෂ්පාදකයන්ට පැවරීමට ඇති හැකියාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ විමසුමට ලක් වෙයි.

    මහා සහ සුළු පරිමාණ දේශීය නිෂ්පාදකයන් ඉහළ ප්‍රමිතියකින් සහ ගුණාත්මක අගයෙන් වැඩි රෙදි නිෂ්පාදනය වහාම ආරම්භ කළ යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

    අද (28) පෙරවරුවේ දංකොටුව, කර්මාන්තපුරයේ Dankotuwa Textile Mill (pvt) ltd, කඳාන, කපුවත්ත වැන්ගාඩ් Vanguard Industrial  (pvt) ltd සහ වත්තල Creative Textile Mill (pvt) ltd ආයතන නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා මේ බව පැවසීය.

    පාසල් නිල ඇඳුම් සදහා ක්‍රියාත්මක කළ කූපන් ක්‍රමයත් සමග විශාල ප්‍රාග්ධනයක් වැය කොට පටන් ගත් ආයතන කිහිපයක් වසා දැමීමට සිදු වූ බව කර්මාන්තකරුවෝ පවසති.  විශාල පිරිසකට රැකියා අහිමි විය.

    දංකොටුව කර්මාන්තයේ පුරයේ පිහිටුවා ඇති Creative Textile Mill (pvt) ltd ආයතනය ප්‍රථමයෙන් ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් කෙරිණ. රුපියල් මිලියන 2000ක ආයෝජනයකින් ස්ථාපිත කර්මාන්ත ආයතනය 2015 වසරේ සිට වසා තැබිණි. කිසිදු ආදායමක් නොලැබුණද වසරකට රුපියල් මිලියන 08ක බැංකු පොළියක් ගෙවීමට හිමිකරුට සිදුව තිබේ.

    Creative Textile ආයතනය ඉන්දියාව, පාකිස්ථානය සහ චීනය යන රටවලින් නූල් ආනයනය කොට රෙදි නිෂ්පාදනය කිරීමෙන් 500 දෙනෙකුට රැකියා සපයා ඇත. එහි නිෂ්පාදන ධාරිතාව දිනකට රෙදි මීටර් ලක්ෂය දක්වා වැඩිකිරීමට අපේක්ෂා කෙරේ.  වාර්ෂික පාසල් නිල ඇඳුම් අවශ්‍යතාව මීටර් මිලියන 11කි.

    රෙදි නිෂ්පාදනය කඩිනමින් යළි ඇරඹීමට ආයතන කළමනාකාරිත්වය දිරි ගැන්වූ ජනාධිපතිතුමා  ස්වයං රැකියාවක් ලෙස රෙදි නිෂ්පාදනයේ නිරත පිරිසට ද පාසල් රෙදි සැපයුමට අවස්ථාව සැලසීම ගැන සොයා බලන්නැයි පැවසීය.

    දේශීය රෙදි නිෂ්පාදනය වැඩි කිරීමෙන් ආනයන පිරිවැය 68%කින් ඉතිරිකර ගත හැකි බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. දේශීය රෙදි මිලට ගැනීමෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට වාර්ෂිකව රුපියල් මිලියන 80කට අධික මුදලක් ඉතිරිකරගත හැකි බව ද අනාවරණය විය.

    ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය සහ ජනතාව දංකොටුව, කර්මාන්තපුරය ආශ්‍රිතව ඉදිරිපත් කළ ගැටළු පිළිබඳව ද ජනාධිපතිතුමා අවධානය යොමු කළේය.

    2015ට පෙර පාසල් නිල රෙදි අවශ්‍යතාවෙන් 40%ක දායකත්වයක් දුන් කඳාන, කපුවත්ත වැන්ගාඩ් Vanguard Industrial  (pvt) ltd ආයතනය දැන් ඇඳ ඇතිරිලි සහ තුවා නිෂ්පාදනයේ නිරතව සිටි. ආයතනයේ සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා  දේශීය වෙළෙඳපොළහි රෙදි අවශ්‍යතාව සපුරාලීමට ධාරිතාව වැඩි කරන්නැයි ආයතන කළමනකාරිත්වය දිරි ගැන්වීය. තම ආයතනයට ද පාසල් නිල ඇඳුම් රෙදි අවශ්‍යතාවෙන් 30%ක් සම්පාදනය කළ හැකි බව කළමනාකාරිත්වය සඳහන් කළේය.

     Dankotuwa Textile Mill (pvt) ltd ආයතනයේම ශාඛාවක් වන වත්තල ක්ලිප්ටෙක්ස් Creative Textile Mill (pvt) ltd ආයතන ද ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය. ත්‍රිවිධ හමුදාවේ නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි එහි නිෂ්පාදනය කෙරේ. 1500ක පමණ පිරිසක් සේවය කරති. ආරක්ෂක අංශවලට අවශ්‍ය පරිදි රෙදි වර්ණ ගැන්වීම ආයතනයේ මූලික කාර්යයකි. ආනයනික රෙදි පරීක්ෂා නොකරන අතර, දේශීය රෙදි නිෂ්පාදන පරීක්ෂණවලට යොමු කිරීමේ දී විශාල පිරිවැයක් දැරීමට සිදුවන බව කළමනාකරිත්වය ජනාධිපතිතුමාට කීය.

    රෙදි සෝදන කුඩු වර්ග නිසි නියාමනයකට ලක් නොවන බව පෙන්වා දුන් ඕව්හු එමගින් රෙදිවල වර්ණයට විශාල හානියක් වන බව පැවසූහ. රජය දේශීය කර්මාන්තකරුවන්ට දෙන සහය ප්‍රයෝජනයට ගෙන දේශීය මෙන්ම විදේශීය වෙළෙඳ පොළ දිනා ගැනීමට උත්සුක වන්නැයි ජනාධිපතිතුමා ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය.

    ජාතික සහ බෞද්ධ කොඩි ආනයනය වහාම නතර කිරීමට උපදෙස් දුන් ජනාධිපතිතුමා ඉල්ලුමට අවශ්‍ය නිෂ්පාදන දේශීයව සැපයීමට පියවර ගන්නා ලෙස ද දැනුම් දුන්නේය.

    අමාත්‍ය විමල් වීරවංශ මහතා ද ජනාධිපතිතුමා සමග නිරීක්ෂණ චාරිකාවට එක්ව සිටියේය.

    ( ඡායාරූප : උපුල් නිලංග සහ  රොෂාන්ත කිරිවත්තුඩුව ,  ඩී. සමරකෝන්  – ජනාධිපති මාධ්‍ය අංශය)

  • පරිසර විනාශයක් ගැන අසත්‍ය පුවත් සමාජගත කරන මෙහෙයුමක්

    පරිසර විනාශයක් ගැන අසත්‍ය පුවත් සමාජගත කරන මෙහෙයුමක්

    වත්මන් රජය බලයට පැමිණීමෙන් පසු පෙර නොවූ අයුරින් පරිසරය විනාශ කිරීමට පටන්ගෙන ඇතැයි කියැවෙන අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රබන්ධ කොට සමාජගත කිරීමේ මෙහෙයුමක් හඳුනා ගැනේ.

    රක්ෂිත වනාන්තර ගිනි තබා විනාශ කරන බවටත්, ස්වභාවික කැලෑවල පිහිටි ගස් කපා හෙළන බවටත්, මේ අසත්‍ය වාර්තා මගින් හුවා දක්වනු ලැබේ. මින් පෙර කිසි කලෙක මෙබඳු පරිසර විනාශයක් සිදු නොවූ බවත් රජය එවැනි නීති විරෝධී ක්‍රියා හමුවේ නිහඬව සිටින බවත් ඒත්තු ගැන්වීමට මේ පුවත් නිර්මාණය කරන අය උත්සහ කරති. එවැනි වාර්තාවල මුලුමනින් අසත්‍ය සහ විකෘති කරන ලද තොරතුරු ඇතුළත් බව නිරීක්ෂණය කර ඇත.

    පරිසර විනාශයක් ගැන කියැවෙන අසත්‍ය පුවත් විශේෂයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සහ ඇතැම් මුද්‍රිත මාධ්‍ය සහ රූපවාහිනී හා ගුවන් විදුලි මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරේ.  මෙසේ පළ කෙරෙන පුවත් අසත්‍ය බව කරුණු සහිතව සනාථ කළ විට ඒවා සමාජ මාධ්‍යයෙන් ඉවත් කර ගැනේ. පසුව වෙනත් අසත්‍ය වාර්තාවක් ගොතා පළ කරනු ලැබේ. විපක්ෂ බලවේග සහ ඔවුන්ගේ ආධාරකරුවෝ මේ අසත්‍ය පුවත්වලට ඉමහත් ප්‍රසිද්ධියක් දෙති. ඔවුන්ගේ රැස්විම් ප්‍රවෘත්ති සාකච්ඡා සහ සම්මුඛ සාකච්ඡාවලදී අසත්‍ය පුවත් අතිශෝක්තියෙන් අවධාරණය කෙරේ.

    මහවැලි අධිකාරියට අයත් “එච් කලාපයේ, අනුරාධපුර, ඉහලතලාව වැව ප්‍රතිසංස්කරණයේ දී දැවැන්ත වන විනාශයක් සිදුවන බවට චෝදනා කරමින් පෞද්ගලික රූපවාහිනි ආයතනයක් පසුගිය සැප්තැම්බර් 15 දින සිය ප්‍රවෘත්ති ප්‍රකාශයට ඇතුළත් කර තිබූ වාර්තාව අසත්‍ය පුවත් ගොතා සමාජගත කිරීමේ මෙහෙයුමට කදිම නිදසුනකි. වන විනාශයට අමතරව බරපතළ දූෂණ ක්‍රියා සිදුවන බවට ද එමගින් චෝදනා කරනු ලැබීය.

    පෞද්ගලික රූපවාහිනිය පළ කළ පුවත මුලුමනින් අසත්‍යයක් බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ “එච් කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකරු උභය කල්‍යාණ කුමාර මහතා සැප්තැම්බර් 17 වැනිදා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වෙත සාක්ෂි සහිතව දැනුම් දුන්නේය. එහි සඳහන් පරිදි 2016 වසරේ ඇති වූ මහ වැසි නිසා ඉහළතලාව වැව් බැම්ම කැඩී යාමේ අවදානමක් ඇති විය. යුද හමුදාවේ සහ ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් වැලි කොට්ට තබා  වැව් බැම්ම තාවකාලිකව රැක ගන්නා ලදී. බැම්ම බිඳී ගියහොත් තලාව නගරය සහ පුරාණ ගම්මාන මුලුමනින් ජලයෙන් යට වෙයි. කොළඹ – යාපනය දුම්රිය මාර්ගයට සහ අනුරාධපුර – පාදෙනිය මහාමාර්ගයට බරපතළ හානි පැමිණේ.

    පසුව කෘෂිකර්ම අමාත්‍යාංශයේ දේශගුණික අව බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේ වැව ප්‍රතිසංස්කරණය පිණිස ලෝක බැංකුවෙන් රුපියල් මිලියන 38.9ක ආධාර මුදලක් ප්‍රදානය කෙරිණ.  ව්‍යාපෘතියේ වැඩ පසුගිය ජූලි මාසයේ දී ආරම්භ විය.  ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ ප්‍රගතිය බැංකුව විසින් අධීක්ෂණය කෙරේ.

    ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ දී වැවේ සහ වැව් බැම්ම මත වැඩී ඇති ගස් 80ක් ඉවත් කිරීමට තීරණය විය. ඒ සියල්ලම පාහේ මාර ගස්ය. ව්‍යාපෘතිය සඳහා පාරිසරික ඇගයීම් සහතික මෙන්ම භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ අනුමැතිය ද ලැබී ඇත.  අනුමැතිය දුන් ලිපිවලට අත්සන් තබා ඇත්තේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සී.එච්.ඊ.ආර්. සිරිවර්ධන  සහ දේශගුණික අවබලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ඉංජනේරු ඩී.සී.එස්. ඇලකන්ද යන මහත්වරුන් විසිනි. කපා දැමෙන ගස් රාජ්‍ය දැව සංස්ථාව විසින් ඉවත් කර ගනිමින් පවතී.

    වැව ප්‍රතිසංස්කරණයේ දී මහා වන විනාශයක් සිදුවන බවට චෝදනා කළ පෞද්ගලික රූපවාහිනී ආයතනය මේ සත්‍ය තොරතුරු කිසිවක් සඳහන් කළේ නැත. ජනතාව නොමග යවනු පිණිස සිතා මතා අසත්‍ය ප්‍රවෘත්ති නිර්මාණය කොට විවිධ මාධ්‍ය ඔස්සේ සමාජගත කරන පිරිස් හඳුනාගෙන ඔවුනට එරෙහිව නීතිමය පියවර ගැනීමට රජය තීරණය කර තිබේ.

  • දුෂ්කර සහ නොදියුණු විහාරස්ථානවලටත් රජයේ මූල්‍යාධාර

    දුෂ්කර සහ නොදියුණු විහාරස්ථානවලටත් රජයේ මූල්‍යාධාර

    විහාරස්ථාන කිහිපයකට පමණක් රජයේ මුල්‍යාධාර සීමාවීම වැළැක්වීම සඳහා රට පුරා සියලු දුෂ්කර සහ නොදියුණු පන්සල්වලටද ඉදිරියේදී මුල්‍යාධාර ලැබෙන පරිදි රජයේ ප්‍රතිපාදන වෙන්කළ යුතුව ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (28) දින පැවැසීය.

    පසුගිය කාලයේ රජයේ මුල්‍යාධාර ලබා දීමේ වැඩසටහන්වලදී දියුණු විහාරස්ථානවලට රුපියල් මිලියන ගණනින් ආධාර ලබා දී ඇති බවත්, දුෂ්කර සහ නොදියුණු පන්සල් සංවර්ධනයට මුදල් වෙන් නොවීමත් සැලකිල්ලට ගනිමින් අග්‍රාමාත්‍යවරයා මෙම උපදෙස් ලාබා දුන්නේය.

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ දොඩම්ගස්ලන්ද ආසනයේ සංවර්ධන කටයුතු කඩිනම් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ශ්‍රී ලංකා ජාතික භික්ෂු පෙරමුණේ දොඩම්ගස්ලන්ද ආසනයේ භික්ෂූන් වහන්සේලා අතර සාකච්ඡාවක් කොළඹ විජේරාමයේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී පැවැති අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.

    දොඩම්ගස්ලන්ද ආසනයේ පවතින ගැටලු ගණනාවක් පිළිබඳව මෙහිදී අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමුවිය.

    නෙල්ලිගල රාජමහාවිහාරය පූජා භූමියක් ලෙස නම් කිරීම සහ විහාරස්ථානවල සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් බුද්ධශාසන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට මෙහිදී අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබාදුන්නේය.

    දොඩම්ගස්ලන්ද ආයුර්වේද රෝහලේ පවතින ගැටලු පිළිබඳව අවධානය යොමුකරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට උපදෙස් ලබාදුන් අග්‍රාමාත්‍යතුමා දොඩම්ගස්ලන්ද නගරයේ පවතින ප්‍රධාන අඩුපාඩුවක්ව පැවැති පොදු වැසිකිලි පද්ධතියක් ඉදිකිරීම ඇතුළු අනෙකුත් ගැටලු සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු පිළිබඳව සොයා බලන ලෙස වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතාට ඒ මොහොතේදීම දන්වා සිටියේය.

    ශ්‍රි ලංකා ජාතික භික්ෂු පෙරමුණේ දොඩම්ගස්ලන්ද ආසනයේ සභාපති කිරිදිවත්තේ සුමනසාර නායක ස්වාමින්වහන්සේ, ශ්‍රී ලංකා ජාතික භික්ෂු පෙරමුණේ දොඩම්ගස්ලන්ද ආසනයේ ලේකම් කටුකෙන්දේ චන්ද්‍රසිරි ස්වාමින්වහන්සේ, රිදීගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකම් රම්බඩගල්ලේ තිලකවංශ ස්වාමින්වහන්සේ, දොඩම්ගස්ලන්ද ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකම් කැකිරියේ විමලසිරි ස්වාමින්වහන්සේ, සහ  බුද්ධශාසන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, අග්‍රාමාත්‍ය උපදේශක එස්.ලියනගම මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

  • හොර දොස්තරලා 100ක් වෛද්‍ය සේවයට – බලධාරීන් නිහඬ ඇයි ?

    හොර දොස්තරලා 100ක් වෛද්‍ය සේවයට – බලධාරීන් නිහඬ ඇයි ?

    උසස් පෙළ අසමත්  විදේශ වෛද්‍ය උපාධි ධාරීන් 19ක් හා ලෝකයේ කිසිදු පිළිගත් වෛද්‍ය උපාධියක් නොමැති 81 දෙනෙකු  මේ වසරේ  ශ්‍රී ලංකාවේ වෛද්‍ය සේවය ට එක් වීමට නියමිතව ඇත. 

    අප රටේ බොහෝ පුවත්පත්  වෛද්‍යවරුන්ගේ අඩුපාඩු කම්  හා ඔවුන් අතින් සිදුවන වැරදි  හේතුවෙන් පීඩාවට පත්වන රෝගීන්ට සිදු වන හානිය ගැන තම පුවත්පත්  මඟින් අතිශයෝක්තියෙන් කරුණු වාර්තා කරත්, එම සිදුවීම වලට පෙර එය වළක්වා ගැනීමට  මේ නුසුදුසු වෛද්‍යවරු ගැන අප කොතෙක් තොරතුරු ලබා දුන්නත්  වාර්තා කරන්නේ නැතිම තරම් ය. එසේ නො කර ඔවුන් කරන්නේ දොස්තර මුවහමට  තඩි බෑම පමණි.

    යම්කිසි ප්‍රමාණයක් අතින් සිදුවන වැරදි වලට මුළු රටේ ම වෛද්‍යවරුන්  වැරදිකරුවන් නොවන අතර, මේ රටේ සෞඛ්‍ය සේවාව ඉතා ඉහළින් පවත්වාගෙන යනු ලබන්නේ  එවැනි කැපකිරීම් කරන වෛද්‍යවරුන්  අතින් බව වටහා ගත යුතු ව ඇත.

    එහෙත් මේ රටේ යම් කිසි වරදක් සිදු සිදුවුවහොත් වෛද්‍යවරුන්ට බනින පුවත්පත් එම වෛද්‍යවරයා කවරෙක්ද යන්න කිසිදු සොයා බැලීමක් හා විග්‍රහයක් නොකරන බව නම් අපට විශ්වාසය.

    එසේ ම  අද දිනයේ  සිදු වන එක වරදක්   හෙට දිනයේ සියයක් පමණ සිදුවිම වළක්වා ගැනීම සඳහා සමාජය හා බලධාරීන් දැනුවත් කිරීම මේ රටේ මාධ්‍යයේ වගකීම වේ.

    අනාගතයේ දිනක ඔබගේ  ලඟම ඥාතියා ද  මේ නිසා පීඩාවට පත්වනු  නැතැයි ඔබට උපකල්පනය කළ හැකි ද ඒ වෙනුවෙන් ඔබ ගෙවන වන්දිය කොතෙක් ද ඊට පෙර මුළු මහත්  සමාජයක් සුවපත් කිරීම සඳහා සමාජය දැනුවත් කිරීම හා නුසුදුස්සන් ඒම වලකාලීම ඔබගේ වගකීම නොවන්නේ ද ?

    අපට කළ හැක්කේ ඔබ දැනුවත් කිරීම පමණි සමාජයක් සුවපත් කිරීම සඳහා ඔබගේ පුද්ගලික අරමුණු වලින් තොර ව රට සුව පත් කිරීමට ඔබගේ මාධ්‍ය භාවිතා කරන ලෙස කාරුණිකව ඔබගෙන් ඉල්ලමි 

    ස්තූතියි වසන්ත අල්විස් කැදවුම්කරු – මහජන යුතුකම් කේන්ද්‍රය

  • කොරෝනා සාර්ථකව පාලනය කළ රටවල් අතර ලංකාව 02 වැනි තැනට – සම්පූර්ණ වාර්තාව මෙන්න !

    කොරෝනා සාර්ථකව පාලනය කළ රටවල් අතර ලංකාව 02 වැනි තැනට – සම්පූර්ණ වාර්තාව මෙන්න !

    චීන මූල්‍ය බුද්ධි ආයතනයක් වන “YICAI” පර්යේෂණ ආයතනය සිදුකළ සමීක්ෂණයකට අනුව Covid- 19 ගෝලීය වසංගතය වැළැක්වීමේ ක්‍රියාමාර්ග, ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සහ ජාත්‍යන්තර සහයෝගීතාව සැලකූ විට ශ්‍රී ලංකාව ලොව දෙවැනි ස්ථානයට පත්ව තිබෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාල නිල ෆේස්බුක් පිටුවේ පළකර ඇති වාර්තාවක දැක්වෙනවා.

    එම සමික්ෂණය අනුව කොරෝනා වසංගතය පාලනය කිරීමට සමත්වු ප්‍රමුඛ රටවල් 10 වන්නේ චීනය, ශ්‍රී ලංකාව, දකුණු කොරියාව, මියන්මාරය, ඔස්ට්‍රේලියාව, තායිලන්තය, නවසීලන්තය, වියට්නාමය, කාම්බෝජය සහ ඝානා රාජ්‍යයයි.

    මෙහිදී කාණ්ඩ 06ක් යටතේ අදාළ ලකුණු ලබාදීමක් සිදුකර ඇති අතර රටවල් 108ක් සමීක්ෂණයට ලක්කර තිබෙනවා.

  • මිත්‍රත්ව මග – දියුණුව හා සමෘද්ධිය කරා යන මිත්‍රත්වයේ මාවත – ඉන්දු  ශ්‍රී ලංකා ඒකාබද්ධ නිවේදනය

    මිත්‍රත්ව මග – දියුණුව හා සමෘද්ධිය කරා යන මිත්‍රත්වයේ මාවත – ඉන්දු ශ්‍රී ලංකා ඒකාබද්ධ නිවේදනය


    අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අතර ඊයේ (26) දින විද්‍යුත් සන්නිවේදනය ඔස්සේ පැවති ද්විපාර්ශ්වික සමුළු අවසානයේ දෙරට විසින් නිකුත් කළ ඒකාබද්ධ පුවත්පත් නිවේදනය.  

    මිත්‍රත්ව මග – දියුණුව හා සමෘද්ධිය කරා යන මිත්‍රත්වයේ මාවත

    1. ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය ගරු නරේන්ද්‍ර මෝදි මැතිතුමා අද දින අතථ්‍ය සමුළුවක් පැවැත්වූ අතර, එහි දී ඔවුන් දෙපළ ද්විපාර්ශ්වික සබඳතා සහ අන්‍යෝන්‍ය වශයෙන් සැලකිලිමත් විය යුතු කලාපීය හා ජාත්‍යන්තර කරුණු පිළිබව සාකච්ඡා කළහ.

    2. 2020 අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ දී තීරණාත්මක ජනවරමක් සහිතව අග්‍රාමාත්‍ය ධුරයට පත්වීම පිළිබඳව අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත සිය සුබ පැතුම් පිරිනැමීය. එම සුබ පැතුම් වෙනුවෙන් සිය කෘතඥතාව පළ කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා සමඟ සමීපව කටයුතු කිරීම සඳහා තමන් දක්වන උනන්දුව පිළිබඳව ප්‍රකාශ කළේය.

    3. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පිළිවෙලින් 2019 නොවැම්බර් සහ 2020 පෙබරවාරි මාසවල දී නිරත වූ සාර්ථක ඉන්දියානු රාජ්‍ය සංචාර පිළිබඳව රාජ්‍ය නායකයින් දෙපළම සිහිපත් කළහ. මෙම සංචාර මඟින් දෙරට අතර සබඳතාවයේ අනාගතය පිළිබඳව පැහැදිලි දේශපාලන මඟ පෙන්වීමක් සහ දැක්මක් ලබා දෙන ලදී.

    4. කොවිඩ්-19 ගෝලීය වසංගතයට එරෙහි සටනේ දී, කලාපයේ රටවලට අන්‍යෝන්‍ය සහයෝගය සහ ආධාර ලබා දීම පිළිබඳ දැක්මක් මත පදනම්ව අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා ලබා දුන් ශක්තිමත් නායකත්වය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අගය කළේය. ද්විපාර්ශ්වික සබඳතාවලට අමතර ශක්තියක් ලබා දීම පිණිස වර්තමාන තත්ත්වය මඟින් නව අවස්ථාවක් ලබා දී ඇති බවට නායකයින් දෙපළම එකඟ වූහ. කොවිඩ්-19 ගෝලීය වසංගතය සමඟ කටයුතු කිරීමේ දී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඉතා සමීපව ක්‍රියා කිරීම පිළිබඳව නායකයන් දෙදෙනාම සතුට පළ කළහ. මෙම ගෝලීය වසංගතයේ සෞඛ්‍ය හා ආර්ථික බලපෑම අවම කිරීම සඳහා ශ්‍රී ලංකාවට හැකි සෑම සහයෝගයක්ම ලබා දීම පිණිස ඉන්දියාව අඛණ්ඩව කැපවන බව අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා යළිත් තහවුරු කළේය.

    5. දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවයට තවදුරටත් ශක්තියක් ලබා දීම සඳහා:

     i. බුද්ධි අංශ, තොරතුරු හුවමාරු කර ගැනීම, රැඩිකලීකරණය තුරන් කිරීම සහ ධාරිතා වර්ධනය යන ක්ෂේත්‍ර ඇතුළුව ත්‍රස්තවාදය සහ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීම සඳහා වන සහයෝගීතාවය වැඩි දියුණු කිරීම.

     ii.රජය සහ ශ්‍රී ලංකාවේ ජනතාව විසින් හඳුනාගෙන ඇති ප්‍රමුඛතා ක්ෂේත්‍රයන්ට අනුකූලව ඵලදායී හා කාර්යක්ෂම සංවර්ධන හවුල්කාරිත්වය දිගටම කරගෙන යාම සහ 2020-2025 කාල සීමාව සඳහා ඉහළ බලපෑමක් සහිත ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති (HICDP) ක්‍රියාත්මක කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුම යටතේ තවදුරටත් පුළුල්ව දීප ව්‍යාප්ත ලෙස කටයුතු කිරීම.

      iii. 2017 මැයි මාසයේ දී අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා නිරත වූ ශ්‍රී ලංකා සංචාරයේ දී ප්‍රකාශයට පත් කරන ලද පරිදි, වතුකරයේ නිවාස ඒකක 10,000 ක් ඉදිකිරීම කඩිනමින් නිම කිරීම සඳහා එක්ව කටයුතු කිරීම.

      iv.දෙරට අතර වෙළඳ හා ආයෝජන කටයුතු සඳහා ශක්තිය දෙන පරිසරයක් සඳහා පහසුකම් සැපයීම සහ කොවිඩ්-19 ගෝලීය වසංගතය මඟින් එල්ල කරන ලද අභියෝග පිළිබඳ පසුබිම තුළ සැපයුම් දාම ඒකාබද්ධ කිරීම වැඩිදියුණු කිරීම.

     v. ද්විපාර්ශ්වික ගිවිසුම් හා අවබෝධතා ගිවිසුම්වලට අනුකූලව, සමීප උපදේශන මගින් වරාය හා බලශක්ති ක්ෂේත්‍ර ඇතුළු යටිතල පහසුකම් හා සම්බන්ධකතා ව්‍යාපෘති ඉක්මණින් සාක්ෂාත් කර ගැනීම සඳහා කටයුතු කිරීම සහ දෙරට අතර අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සංවර්ධන සහයෝගීතා හවුල්කාරිත්වයක් සඳහා ශක්තිමත් ලෙස කැපවීම.

    vi.ඉන්දියාවෙන් ලැබෙන ඇමරිකානු ඩොලර් මිලියන 100 ක ණය පහසුකම යටතේ, සූර්ය බලශක්ති ව්‍යාපෘති සඳහා විශේෂ අවධානයක් යොමු කරමින් පුනර්ජනනීය බලශක්තිය සඳහා සහයෝගීතාව වැඩිදියුණු කිරීම.

    vii.කෘෂිකර්මාන්තය, සත්ව පාලනය, විද්‍යාව හා තාක්‍ෂණය, සෞඛ්‍ය සේවා සහ ආයුෂ්(ආයුර්වේද,යෝග,යුනානි,සිද්ධ හා හෝමියෝපති  චිකිත්සාව) යන ක්ෂේත්‍රවල තාක්‍ෂණික සහයෝගීතාව ශක්තිමත් කිරීම මෙන්ම, වෘත්තිකයින් පුහුණු කිරීම ඉහළ නැංවීම තුළින් නිපුණතා සංවර්ධනය කිරීම මඟින් දෙරටේ ජන විකාශන ලාභාංශ පූර්ණ වශයෙන් සාක්ෂාත් කර ගැනීම.

    viii. ශිෂ්ටාචාරික සබඳතා සහ බුද්ධ ධර්මය, ආයුර්වේදය හා යෝග ක්‍රම වැනි පොදු උරුමයන් පිළිබඳව පවතින අවස්ථා ගවේෂණය කිරීම තුළින් පුද්ගලාන්තර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම. විශේෂ බෞද්ධාගමික වැදගත්කමකින් යුත් ස්ථානයක් ලෙස හඳුනාගැනීම තුළින් මෑතක දී ජාත්‍යන්තර ගුවන්තොටුපළක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද පූජනීය නගරයක් වන කුෂිනගර් වෙත ශ්‍රී ලංකාවේ සිට ගමන් ගන්නා බෞද්ධ බැතිමතුන් පිරිසකගේ සංචාරයක් සඳහා ඉන්දීය රජය විසින් පහසුකම් සපයනු ඇත.

      ix. කොවිඩ්-19 ගෝලීය වසංගතය නිසා ඇති වන තර්ජනය පිළිබඳව සිහියේ තබාගනිමින් සහ අවශ්‍ය සියලු වැළැක්වීමේ පියවර ගනිමින්, සම්බන්ධකතාවය වැඩි දියුණු කිරීම සහ සංචාර නැවත ආරම්භ කිරීම සඳහා දෙරට අතර ගුවන් බුබුලක් ඉක්මනින් ස්ථාපිත කිරීම තුළින් සංචාරක කටයුතු සඳහා පහසුකම් සැපයීම.

     x. එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක ඇතුළුව, පවත්නා රාමු සහ හවුල් අරමුණුවලට අනුව නිතිපතා උපදේශනය සහ ද්විපාර්ශ්වික මාර්ග ඔස්සේ ධීවරයින් සම්බන්ධ ගැටළු විසඳීම සඳහා දිගින් දිගටම නිරත වීම.

     xi.අන්‍යෝන්‍ය වශයෙන් භට පිරිස්වල සංචාර හුවමාරු කර ගැනීම, සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාවය සහ ආරක්ෂක කටයුතු යන අංශවල දී ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීම ඇතුළුව දෙපාර්ශ්වයේ සන්නද්ධ හමුදා අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම.

    යන කරුණු සඳහා නායකයන් දෙපළ එකඟ වූහ.

    6. දෙරට අතර බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා ඉන්දියානු අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා විසින් ඇමරිකානු ඩොලර් මිලියන 15 ක ආධාර ලබා දෙන බවට කරන ලද නිවේදනය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සතුටින් පිළිගත්තේය. අනෙකුත් කරුණු ද ඇතුළුව, බෞද්ධ ආරාම ඉදිකිරීම/ප්‍රතිසංස්කරණය කිරීම, ධාරිතා සංවර්ධනය, සංස්කෘතික හුවමාරු, පුරාවිද්‍යාත්මක සහයෝගීතාවය, සර්වඥ ධාතූන් වහන්සේලා අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රදර්ශනය කිරීම, බෞද්ධ විද්වතුන් හා පූජ්‍ය පක්ෂය සම්බන්ධ කර ගැනීම ශක්තිමත් කිරීම යනාදිය තුළින්, බුද්ධාගම තුළ දෙරට අතර ජනතාව අතර සබඳතා වැඩිදියුණු කිරීමට මෙම ප්‍රදානය සහාය වනු ඇත.

    7. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සහ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම ඇතුළුව, එක්සත් ශ්‍රී ලංකාවක් තුළ සමානාත්මතාවය, යුක්තිය, සාමය සහ ගෞරවය පිණිස, දෙමළ ජනතාවගේ අභිලාෂයන් පිළිබඳව කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියේය. ශ්‍රී ලංකාවේ ජනතාවගේ වරම අනුව පෝෂණය වූ ප්‍රතිසන්ධානය සාක්ෂාත් කර ගැනීම හා ව්‍යවස්ථාමය විධිවිධාන ක්‍රියාත්මක කිරීම තුළින් දෙමළ ජාතිකයන් ඇතුළු සියලු ජනවාර්ගික කණ්ඩායම්වල අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව කටයුතු කරනු ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විශ්වාසය පළ කළේය.

    8. නායකයන් දෙපළම, සාර්ක් සංවිධානය, බිම්ස්ටෙක්, අයෝරා සහ එක්සත් ජාතීන්ගේ පද්ධතිය ආදී රාමූන් ඇතුළුව අන්‍යෝන්‍ය සම්බන්ධතාවය පිළිබඳ කලාපීය හා ජාත්‍යන්තර ගැටලු සම්බන්ධයෙන් ඒකරාශී වීම  වැඩි වන බව පිළිගත්හ.

    9. දකුණු ආසියාව අග්නිදිග ආසියාව හා සම්බන්ධ කරන කලාපීය සහයෝගීතාවය පිළිබඳ වැදගත් වේදිකාවක් ලෙස බිම්ස්ටෙක් සංවිධානය පිළිගනිමින්, ශ්‍රී ලංකාවේ සභාපතිත්වය යටතේ සාර්ථක බිම්ස්ටෙක් සමුළුවක් පැවැත්වීම සහතික කිරීම සඳහා නායකයින් දෙදෙනාම එකඟ වූහ.

    10. 2021-2022 කාල සීමාව සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය නොවන සාමාජිකයෙකු ලෙස ඉන්දියාව පත්වීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවෙන් ලද ප්‍රබල සහයෝගය පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට මැතිතුමා වෙත සිය සුබ පැතුම් පිරිනැමීය.

  • මානසික සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට සෞඛ්‍ය ප්‍රතිපත්තියක්

    මානසික සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට සෞඛ්‍ය ප්‍රතිපත්තියක්

    සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙම අදහස්  පළ කරන ලද්දේ මනෝචිකිත්සක වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ 17 වන වාර්ෂික අධ්‍යයන සැසිවාරයේ සමාරම්භක උත්සවයට එක්වෙමෙනි. මෙම උත්සවය අද දින (27) කොළඹ ගෝල්ෆේස් හෝටලයේ දී පැවැත්විණි.

    ශ්‍රී ලංකා මනෝචිකිත්සක වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය 2003 වසරේ ආරම්භ කරන ලද අතර, විද්‍යාලයේ දැක්ම වන්නේ මානසික දියුණුව ප්‍රවර්ධනය කිරීම වන අතර, එහිදී සෞඛ්‍ය සහ ඒ ආශ්‍රිත විද්‍යාවන්, මානසික සෞඛ්‍යයට අදාළ පර්යේෂණ ප්‍රවර්ධනය කිරීම, වෛද්‍ය පුහුණුවට පහසුකම් සැපයීම, මනෝ චිකිත්සාව පිළිබඳ උපාධි අපේක්ෂකයින් සහ පශ්චාත් උපාධිධාරීන් බවට විද්‍යායතනයේ වෛද්‍යවරුන් පත් කිරීම සිදු කරනු ලබයි.

    මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යතුමිය – “මනෝචිකිත්සක වෛද්‍යවරුන්ගේ 17 වන වාර්ෂික අධ්‍යයන සැසිවාරයේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස මා හට ආරාධනා කිරීම පිළිබඳව ශ්‍රී ලංකා මනෝචිකිත්සක විදයාලයට මා පළමු‍වෙන‍්ම ස්තූතිවන්ත  ‍වෙනවා. මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැදගත් අංගයක් ලෙස මානසික ආබාධිත පුද්ගලයින් රැකබලා ගන්නා මනෝචිකිත්සාව පෙන්වා දිය හැකියි. මානසික ආබාධිත පුද්ගලයින්ට  ගෞරවයෙන් සැලකිය යුතු වෙනවා. අප ප්‍රජාව තුළ ප්‍රවර්ධනය කළ යුතු කරුණක් ලෙස මානසික ආබාධිත පුද්ගලයින්ට, හෘද රෝග , අධි රුධිර පීඩනය හෝ දියවැඩියාව ඇති පුද්ගලයින්ට මෙන්ම දයානුකම්පාවෙන් යුක්තව  සැලකිය යුතු වෙනවා.”

     “මානසික සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට සෞඛ්‍ය ප්‍රතිපත්තියක් සකස් කරනවා. ඒ සදහා වන කටයුතු ඉදිරියේ සිදු කිරීමට මා බලාපොරොත්තු වෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදෙන සෞඛ්‍ය සේවාවන් දිවයිනේ ප්‍රධාන රෝහල්වලට පමණක් සීමා නොකොට සියළු ජනතාව ඉළක්ක කර ගනිමින් පුළුල් කර තිබෙනවාදිස්ත්‍රික් මට්ටමේ බොහෝ රෝහල්වල අපි මනෝචිකිත්සකයින් පමණක් නොව, මනෝචිකිත්සාව පිළිබඳ ඩිප්මලෝමාව ලබා ඇති වෛද්‍ය නිලධාරීන් ද සේවයේ යොදවා තිබෙන බව සතුටින් ප්‍රකාශ කරන්න කැමතියිඒ අනුව අපට ජනතාවට සමීප සෞඛ්‍ය සේවාවක් ලබාදීමට හැකියාව ලැබී තිබෙනවාදිවයිනේ සියලුම දිස්ත්‍රික්ක වල මනෝචිකිත්සක සත්කාර වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා මනෝචිකිත්සක විද්‍යාලය සෞඛ්‍ය අමාත්‍යාංශයට විශාල සහයෝගයක් ලබා දී  තිබෙනවාවිවිධ තත්ත්වයන් යටතේ මනෝචිකිත්සකයින්  විසින් කරනු ලබන සේවාවන් මම බෙහෙවින් අගය කරනවාසියලු සංවර්ධිත රටවල මනෝ වෛද්‍යවරුන් වශයෙන් ඔබට විශාල ඉල්ලුමක් තිබියදීත් ඔබගෙන් බොහෝ දෙනෙක් මව්බිමට සේවය කිරීමට නැවත පැමිණ තිබීම සතුටට කරුණක්වඩා ‍හොඳ හා නවීකරණය කරන ලද මනෝචිකිත්සක සේවාක් ලබාදීමට දිවයින පුරා පිහිටි සෞඛ්‍ය ආයතනවල මනෝචිකිත්සක ඒකක සංවර්ධනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරිය වශයෙන් මාගේ උපරිම සහයෝගය ලබා දෙනවාමෙහිදී ප්‍රජා සේවා වැදගත් වන අතරඑමඟින් මිනිසුන්ට තම නි‍වෙසේවල පවා ඔවුන්ට අවශ්‍ය රැකවරණය නැවත ලබා ගත හැකි වෙනවා.

     “COVID -19 ව්‍යසනයේ දී තැපැල් සේවා භාවිතා කරමින් සියලුම රෝගීන්ගේ නිවෙස්වලට අඛණ්ඩව  ඖෂධ  ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශයටහැකි වුණා. ඒ පිළිබද අපි සතුටට පත්වෙනවා . නව රජසේ ජනාධිපතිතුමාගේ  හා   අගමැතිතුමාගේ මඟ පෙන්වීම යටතේ එවැනි තීරණාත්මක අවස්ථාවන්හිදී  පවා හැකි උපරිම සෞඛ්‍ය සේවාවක් ජනතාවට නොඅඩුව සැපයීමට කටයුතු කළා. නව රජයේ හා සෞඛ්‍ය අංශයේ කැපවීම මෙයින් පෙන්නනුම් කරනවා. මනෝචිකිත්සක වෛද්‍යවරුන්ගේ 17 වන වාර්ෂික අධ්‍යයන සැසිවාරය තුළින් මනෝචිකිත්සක වෛද්‍යවරුන්ට මහා දැනුම් සම්භාරයක් ලබාගැනීමට  හැකිවේවායි මා ප්‍රාර්ථනා කරනවා.

     මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා, ශ්‍රී ලංකා මනෝචිකිත්සක  විද්‍යාලයේ සභාපති මහාචාර්ය ෂෙහාන්  විලියම්ස් මහතා,  ලේකම් වෛද්‍ය සංජීවන අමරසිංහ, භාණ්ඩාගාරික වෛද්‍ය අරුණි හපන්ගම ඇතුලු මනෝචිකිත්සක වෛද්‍යවරුන් පිරිසක් එක්ව සිටියහ.

  • දිව්‍ය ලෝකයට ළගම තැන් 10 මෙන්න !

    දිව්‍ය ලෝකයට ළගම තැන් 10 මෙන්න !

    ලෝකයේ ලස්සනම හිරු පායා එන දර්ශනය තිබෙන්නේ ලංකාවේ බව අපි දන්නවා. ඒ අසිරිමත් දර්ශනය දැකගත හැකි වන්නේ සමනළ කන්ද මුදුනේ සිටයි. ශ්‍රී පාද වන්දනාවේ යන සියලු දෙනාම මේ අසිරිමත් සිදුවීම, ‘ඉරසේවය‘ නරඹන්න අමතක නොකරන්නේ ඒ නිසයි.

    මේ අතර ඉර බැසයන දර්ශනයත් මනරම් එකක් බව අප අමතක නොකළ යුතුයි. ඔබ එවැනි සුන්දර අවස්ථා ගැන මතකයන් ඕනෑ තරම් ඇති. ඒත් ජාත්‍යන්තර මාධ්‍ය, විශේෂයෙන් සංචාරක ප්‍රවර්ධන වෙබ් අඩවි නිරන්තරයෙන් ලෝකයේ සුන්දර හිරු උදාව නැරඹිය හැකි ස්ථාන වගේම සුන්දරතම හිරු බැස යන දර්ශනය නැරඹිය හැකි ස්ථානත් ප්‍රකාශයට පත් කරනවා.

    මේ සම්බන්ධයෙන් පොදු/නිල එකගතාවක් නැති වුණත් මෙවැනි පුවත්වලට ජාත්‍යන්තර මාධ්‍යවල ඉහළ ඉඩක් ලැබෙනවා.

    ඉතිං අපි තීරණය කළ ලෝ ප්‍රකට සංචාරක ප්‍රවර්ධන වෙබ් අඩවියක් විසින් ඊයේ (25) ප්‍රකාශයට පත්කළ ‘ලෝකයේ සුන්දරතම හිරු බැස යන දර්ශන ගැන සියලු තොරතුරු ඔබ වෙත ගෙන එන්න.

    ලෝකයේ හොඳම හිරු බැස යන ස්ථාන 10 ක් මෙන්න. 10 of the World’s Best Sunset Spots

    Bagan (මියන්මාරය)

    ලෝකයේ සුන්දරතම හිරු බැස යන ස්ථාන අතර මුල්තැන සිටිනේ්නේ ලංකාව වගේම ථේරවාදී බෞද්ධ රටක් වන මියන්මාරය නැතිනම් බුරමයයි. බුරුමයේ දස දහස් සංඛ්‍යාත දාගබ් පිහිටි ‘මැන්ඩලේ‘ පළාතේ ‘බගන් Bagan ‘ නිම්නය තමයි මේ සුන්දර දර්ශනයට උපත දෙන්නේ. දස දහස් සංඛ්‍යාත ස්ථුප මළහිරු රැසින් දෝවනය කරමින් හිරු බැස යන ආකාරයට නැරඹීමට ලක්ෂ සංඛ්‍යාත සංචාරකයින් පිරිසක් වාර්ෂිතව බගන් මිටියාවතේ ආරාම සංකීර්ණය වෙත පැමිණනවා.

    බගන් (මියන්මාරය) |  ලොව හොඳම හිරු බැසයාමේ ස්ථාන 10 ක් |  සෙස්ට්‍රඩාර්

    Isle of Eigg  (ස්කොට්ලන්තය)

    මහා බ්‍රිතාන්‍යයට අයත් ස්කොට්ලන්තය ද සුන්දර ස්ථාන සඳහා ප්‍රසිද්ධියක් උසුළනවා. එහෙත් පුදුමයකට මෙන් හිරු බැස යන සුන්දර ස්ථාන නැරඹීමට නම් කිසිම සංචාරකයෙක් ස්කොට්ලන්තයට පැමිණෙන්නේ නැහැ. එය කණගාටුවට කරුණක් බවයි සංචාරක විශේෂඥයෝ කියන්නේ. මන්ද ස්කොට්ලන්තයේ දිනෙන් දින වෙනස් වන කාලගුණ තත්ත්වය් යටතේ එහි දී විස්මයජනක හිරු බැස යන දසුන් නැරඹීමට හැකියාව තිබෙනවා. ඒ අතර සුන්දරමතම හිරු බැස යන දර්ශනය දැකිගත හැකිවන්නේ ස්කොට්ලන්තයේ  Isle of Eigg දූපතේදීයි. ඒ දිව්‍යමය සුන්දරත්වය ඔබට පහත ඡායාරූපයෙන් දැකගත හැකියි.

    අයිල් ඔෆ් ඊග් (ස්කොට්ලන්තය) |  ලොව හොඳම හිරු බැසයාමේ ස්ථාන 10 ක් |  සෙස්ට්‍රඩාර්

    ඇරිසෝනා හි ග්‍රෑන්ඩ් කැනියන් ජාතික උද්‍යානය

    ඇරිසෝනා හි ග්‍රෑන්ඩ් කැනියන් ජාතික උද්‍යානය නොමැතිව ලෝකයේ සුන්දතරම හිරු බැස යෑමේ ලැයිස්තුවක් සම්පූර්ණ වන්නේ නැහැ. එය නියත වශයෙන්ම සොබාදහම විසින් නිර්මාණය කරන ලද වඩාත්ම දර්ශනීය භූ විද්‍යාත්මක විස්මයන්ගෙන් එකක් ලෙස ඔබට හැගී යා හැකියි. එයින් අදහස් කරන්නේ එහි හිරු බැසයාම ලෝකයේ වඩාත්ම සිත් ඇදගන්නා සුළු එකක් බවයි. රතු සහ රෝස පැහැයෙන් සෑම දෙයක්ම පින්තාරු කරමින් හිරු බැස යෑම ආරම්භ වන විට ග්‍රෑන්ඩ් කැනියොන්හි සුන්දරත්වය වඩාත් පැහැදිලි වේ.

    ග්‍රෑන්ඩ් කැනියන් (ඇමරිකා එක්සත් ජනපදය) |  ලොව හොඳම හිරු බැසයාමේ ස්ථාන 10 ක් |  සෙස්ට්‍රඩාර්

    Angkor Wat(කාම්බෝජය)

    කාම්බෝජ – බුරුම දේශසීමාවේ පිහිටි විශාල බෞද්ධ විහාර සංකීර්ණයක් වන ඇන්කෝර් වොට් යනු ලෝකයේ වඩාත්ම සුන්දර ස්ථානයකි. පුරාණ විහාරස්ථාන, අලංකාර කැටයම් සහ දෙවිවරුන්ගේ පිළිම දැකබලා ගැනීම දිනපතා දස දහස් සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් සහ සංචාරකයින් පැමිණෙති. ස්වාභාවිකවම, එහි හිරු බැස යෑම ද විශ්මයජනක ය. 

    ඇන්කෝර් වොට් (කාම්බෝජය) |  ලොව හොඳම හිරු බැසයාමේ ස්ථාන 10 ක් |  සෙස්ට්‍රඩාර්

    Uluru (ඕස්ට්‍රේලියාව)

    ඔබ ඕස්ට්‍රේලියාවට ගියහොත්, තවත් විස්මිත හිරු බැසයාමේ අත්දැකීමක් සඳහා ඕස්ට්‍රේලියාවේ සුප්‍රකට සංචාරක ආකර්ෂණයක් වන පූජනීය අයර්ස් පර්වතය (The Ayer’s Rock) වෙත යාමට වග බලා ගන්න.  අයර්ස් පර්වතය විචිත්‍රවත් කරමින් මළ හිරු බැසයන ආකාරය ඔබට දිව්‍යමය අත්දැකීමක් ලබා දෙන බව නම් සහතිකයි.

    උළුරු (ඕස්ට්‍රේලියාව) |  ලොව හොඳම හිරු බැසයාමේ ස්ථාන 10 ක් |  සෙස්ට්‍රඩාර්

    Koh Lanta (තායිලන්තය)

    තායිලන්තය කියන්නේ ලෝකයේ වැඩියෙන්ම සංචාරක ආකර්ෂණය සිදුවන රටක්. ඔබ තායිලන්තයේ සංචාරකට ගිය විට ඔබට ලෝකයේ සුන්දරතම හිරු බැස යන අවස්ථාවක් දැකබලා ගත හැකියි. ඔබට අඩු ජනාකීර්ණ පසුබිමක් අත්විඳීමට අවශ්‍ය නම්, එහි සුන්දර ක්ලෝං ඩාවෝ වෙරළ තීරය සමඟ සන්සුන් කෝ ලන්ටා Koh Lanta වෙත යන්න. අවම ජනගහනයක් ඇති මෙම නිසල පරිසරයේදී නිසැකවම ඔබට දෙවියන් සමග එක්විය හැකියි. 

    කෝ ලන්ටා (තායිලන්තය) |  ලොව හොඳම හිරු බැසයාමේ ස්ථාන 10 ක් |  සෙස්ට්‍රඩාර්

    Namib-Naukluft National Park (නැමීබියාව)

    අප්‍රිකානු රටක් වන ‘නැමීබියාව‘ අති දුෂ්කර රටක් වුණත් ස්වභාව සෞන්දර්යයෙන් අනූන රටක්. විශේෂයෙන් එහි ඇති කාන්තාර අති සුන්දර සිතුවම් මවනවා. ඉතිං ඔබට ලෝකවේ රමණීයම හිරු බැස යෑමක් අත්විඳීමට අවශ්‍ය නම් නැමීබියාව එය කළ හැකි හොඳම ස්ථානය වන බැවින් තවදුරටත් පමා වෙන්න එපා. වියළි ඇටසැකිල්ලක් වැනි ගස්වලින් හා නිමක් නැති වැලි තැනිතලා වලින් පිරී ඇති ‘නැමීබ්-නූක්ලුෆ්ට් ජාතික වනෝද්‍යානය‘ මේ සදහා සුදුසුම ස්ථානයයි. එහි හිරු බැස යෑම ඔබට කිසිදා අමතක නොවන දසුනකි.

    නැමීබ්-නාක්ලුෆ්ට් ජාතික උද්‍යානය (නැමීබියාව) |  ලොව හොඳම හිරු බැසයාමේ ස්ථාන 10 ක් |  සෙස්ට්‍රඩාර්

    Santorini (ග්‍රීසිය)

    සැන්ටෝරිනි යනු ග්‍රීසියේ වඩාත්ම ආදරණීය හා සුන්දර ස්ථානයක්. සුදු හුනු ගසන ලද ගෙවල් සහ අලංකාර පල්ලි වලින් සමන්විත සැන්ටෝරිනි, දීප්තිමත්-නිල් ජලය, අඳුරු ගිනිකඳු සහ වර්ණවත් අහස යට පරිපූර්ණයි. හිරු බැස යන කාලය තුළ තැඹිලි සහ රතු පැහැයට හැරෙන සියලු වර්ණ ලබා දෙයි. එකට ගත් විට, සැන්ටෝරිනිගේ වර්ණ හුදෙක් සිත් ඇදගන්නා සුළු යි !

    සැන්ටෝරිනි (ග්‍රීසිය) |  ලොව හොඳම හිරු බැසයාමේ ස්ථාන 10 ක් |  සෙස්ට්‍රඩාර්

    Haleakala- (හවායි)

    ‘හවායි‘ කියන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් ප්‍රාන්තයක්. සංචාරක ආකර්ෂණය ඉහළමරටක්. ඒ අතරින් ද ලෝකයේ මනරම් හිරු බැසයාමක් නැරඹීම සදහා හලේකලා ජාතික වනෝද්‍යානය වඩාත් සුදුසුයි. එය හවායි හි පිහිටා ඇති අද්භූත ගමනාන්තයන්ගෙන් එකක් වන අතර අඟහරු ග්‍රහලෝකය සිහිගන්වන ගිනිකඳු භූ දර්ශන, පාළු දර්ශන සහ කඳු පාමුල දර්ශනීය දිය ඇලි ඇත්තෙන්ම විස්මිතයි. ඒ අතරින් වඩාත්ම සුන්දර දර්ශනය වන Haleakala ගිනි කන්ද මුදුනට ඉහළින්, අඩි 10,000 ක උසකින් මළ හිරු බැස යන ඇත්තෙන්ම සුන්දරයි.

    හලේකලා (හවායි) |  ලොව හොඳම හිරු බැසයාමේ ස්ථාන 10 ක් |  සෙස්ට්‍රඩාර්

    Mount Bromo ( (ඉන්දුනීසියාව)

    ඉන්දුනීසියාව ද ලෝකයේ වඩාත්ම ඉහළ සංචාරක ආකර්ෂණයක් ඇති රටකි. එමෙන්ම අසමසම සිත්තම් මවමින් මළ හිරු බැස යන රටක්. එහිදී ඔබට ලෝකයේ සුන්දරතම මළහිරු බැසයන දර්ශනය නැරඹිය හැකි අතර ඔබ ඒ සදහා ජාවා හි පිහිටා ඇති බ්‍රෝමෝ Mount Bromo (කන්දට යා යුතුයි. බ්‍රෝමෝ කලාපය තවමත් පිහිටා ඇත්තේ ක්‍රියාකාරී ගිනි කන්දක් ඇසුරු කරගෙන බැවින් ලෝකයේ භයානක ගිනිකඳු වලින් එකක මනරම් සුන්දරත්වය සිත්සේ භුක්ති විඳීමට ඔබට අවස්ථාව හිමි වෙනවා. බ්‍රෝමෝ කන්දට ඉහළින් දීප්තිමත් හිරු බැස යන අයුරු වඩාත් හොදින් නැරඹීම සඳහා එබ පෙන්ජාජන් කන්ද දෙසට ගමන් කළ යුතු එහි සිට මළ හිරු බැස යන ආකාරය නැරඹීම ඇත්තෙන්ම දිව්‍ය ලෝකයට ගියා හා සමාන වෙනවා.

    බ්‍රෝමෝ කන්ද (ඉන්දුනීසියාව) |  ලොව හොඳම හිරු බැසයාමේ ස්ථාන 10 ක් |  සෙස්ට්‍රඩාර්

    cnn ඇසුරිණි – සකස් කළේ – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • වැඩි වැඩියෙන් ලුණු කන අයගේ ‘ජීවිතය කෙටි වෙන හේතු’ සොයා ගනී

    වැඩි වැඩියෙන් ලුණු කන අයගේ ‘ජීවිතය කෙටි වෙන හේතු’ සොයා ගනී

    එංගලන්තයේ වැඩිහිටියන්ගෙන් සියයට 69 ක් අධික ලෙස ලුණු අනුභව කරන බවට ගණන් බලා ඇති බව මුත්‍රා සාම්පල මත පදනම් වූ ‘ජාතික ආහාර හා පෝෂණ සමීක්ෂණය 2020 වාර්තා කරයි.

    නිර්දේශිත ප්‍රමාණයට වඩා ලුණු පරිභෝජනය මගින්, රුධිර පීඩනය ඉහළ යාම, හෘද රෝග හා ආඝාතය වර්ධනය වීමේ අවදානම් සාධකය හා ආමාශ පිළිකා සහ ඔස්ටියෝපොරෝසිස් අවදානම වැඩි කරන බවයි වෛද්‍යවරු පෙන්වා දෙන්නේ.

    වැඩිහිටියන් දිනකට ලුණු 6g (දළ වශයෙන් 1 තේ හැන්දක) නොඉක්මවන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරනවා. එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවට අනුව, වයස අවුරුදු 19-64 අතර පුද්ගලයින්ගේ සාමාන්‍ය ලුණු පාරිභෝජනය දිනකට ග්‍රෑම් 7.5ක් වන අතර එය නිර්දේශිත ප්‍රමාණයට වඩා 25%ක ඉහළ අගයක්. වයස අවුරුදු 35-49 අතර පුද්ගලයින් දිනකට ලුණු ග්‍රෑම් 08ක් ආහාරයට එක්කර ගන්නා අතර එය අධි අවදානම් අගයක් වෙනවා. (ලංකාවේ තුළ මේ ආකාරයේ අධ්‍යයන සිදුකර තිබේද යන්න සොයා බැලිය යුතුව තිබෙනවා)

    වැඩිහිටියන්ගෙන් තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයක් අධි රුධිර පීඩනය හේතුවෙන් පීඩාවට පත්ව ඇති අතර, ලුණු ආහාරයට ගැනීම අඩු කිරීමෙන් මෙය පහත හෙලීමටත් හෘද වාහිනී රෝග අඩුවීමටත් හේතු වන බවට සාධක තිබෙනවා.

    එබැවින් දෛනිකව ඔබේ ආහාරයට එක්වන ලුණු ප්‍රමාණය පාලනය කිරීම වැදගත්ය. 

    නමුත්ඔ ප්‍රශ්නය වන්නේ බොහෝ පුද්ගලයින් තමන් දෛනිකව ආහාරයට ගන්නා ලුණු ප්‍රමාණය ගැන කිසිවක් නොදැනීමයි. එමෙන්ම ඒ ගැන දන්නා පුද්ගලයින් මුහුණ දෙන අභියෝගය වන්නේ ලුණු පාරිභෝජනය අඩුකර ගැනීමට නොහැකිවීමයි.

    Woman salting pizza, selected focus, canon 1Ds mark3

    ඔබ කොපමණ ලුණු කනවාද?

    ‘ලුණුවලට එරෙහි ක්‍රියාකාරීත්වය‘ නම් ලාබ නොලබන සංවිධානයේ වාර්තාවලට අනුව අප අනුභව කරන ලුණු වලින් සියයට 75 ක් පමණ පාන්, චීස් හා සෝස් වැනි එදිනෙදා ආහාර වලින් එක් වෙනවා. එබැවින් අප නොදැනුවත්වම අධික ලුණු ප්‍රමාණයක් අපගේ ශරීරයට එක්වෙනවා. 

    මීට තිරසර විසදුමක් ලෙස එම ආහාර සමග එක්කර ඇති පෝෂණ ලේබලය කියවීම වැදගත් ය. මෙහි තවත් ගැටලුවක්, අවදානමක් වන්නේ ලුණු අධික ආහාර බොහොමයක ලුණු රසයක් නොතිබීමයි. නිදසුනක් වශයෙන් සමහර උදේ ආහාර ධාන්‍ය වර්ග, ජරස් සෝස්, බිස්කට් සහ කේක් ගත හැකියි. ඒවායේ කිසිම ආකාරයක ලුණු රසයක් නැහැ.

    මේ අභියෝගය විසදා ගෙන ලුණු ආහාරයට එක්කර ගැනීම පාලනය කර ගැනීමට තිරසර මගක් නැතිද ?

    තිබෙනවා. ඔබට ලබාදිය හැකි ශුභාරංචිය නම් ලුණු සඳහා ඔබේ රුචිය අඩු කිරීමට ඔබටම පියවර ගත හැකි වීමයි. මන්ද ඔබ ලුණු අනුභව කරන තරමට ඔබට එය අවශ්‍ය වෙනවා. 

    පෝෂණවේදී ෆියෝනා හන්ටර් පවසන්නේ ලුණු සඳහා ඔබේ රසය නැවත සැකසීමට සති හතරක් පමණ ගත වන බවයි.

    ආහාරවල ලුණු මැනිය හැකි ආකාරය

    සමහර ආහාර ලේබල් මඟින් සපයන්නේ සෝඩියම් ප්‍රමාණය පමණයි. එය ලුණු අන්තර්ගතයට සමාන වන්නේ නැහැ.

    සෝඩියම් ග්‍රෑම් 01 = ලුණු 2.5gකි. එබැවින් වැඩිහිටියෙකුගේ (6g) දෛනික ලුණු මාර්ගෝපදේශය සෝඩියම් ග්‍රෑම් 2.4 ට සමාන වෙනවා.

    අඩු සෝඩියම් ලවණවල සෝඩියම් ක්ලෝරයිඩ් වෙනුවට පොටෑසියම් ක්ලෝරයිඩ් අඩංගු වේ. සෝඩියම් ප්‍රමාණය අඩු වුවත්, අධික ලෙස පොටෑසියම් ඇතැම් වකුගඩු හා හෘද රෝග ඇති පුද්ගලයින්ට සෞඛ්‍ය අවදානම් සහගතයි.

    මුහුදු ලුණු සහ මේස ලුණු යන දෙකම සෝඩියම් ක්ලෝරයිඩ් වන බැවින් දෛනික 6g ප්‍රමාණය දෙකටම සමාන වේ. මුහුදු ලුණු ඉහළ ප්‍රමාණයකින් යුත් ධාන්‍ය වර්ග ඇති නමුත්, මුහුදු ලුණු ආකාරයෙන් මේස ලුණු ආකාරයකට වඩා බරින් අඩු ලුණු අඩංගු වේ.

    ඔබේ ලුණු ප්‍රමාණය අඩු කිරීමට පහසු ක්‍රම

    ඔබේ ආහාර වේලෙහි සරල වෙනස්කම් කිහිපයක් සමඟ ඔබේ ලුණු පරිභෝජනයට විශාල වෙනසක් කළ හැකිය.

    1. සෝයා සෝස් සහ මාළු සෝස් ඇතුළු සෝස් සහ මැරිනේඩ් වල ඉහළ ලුණු මට්ටම ගැන සැලකිලිමත් වන්න.
    2. පෝෂණ ලේබලයේ ලුණු මට්ටම පරීක්ෂා කරන්න. ඔබ සිතනවාට වඩා ආහාර ලුණු වැඩි විය හැකිය; උදාහරණයක් ලෙස බේක් කළ බෝංචි ටින් එකකට ලුණු ග්‍රෑම් 2.4 ක් පහසුවෙන් අඩංගු විය හැකිය. අඩු ලුණු විකල්ප තෝරන්න.
    3. ප්‍රවේශමෙන් ප්‍රවේශම් තෝරන්න. පීසා වල ලුණු ග්‍රෑම් 5ක් තරම් ප්‍රමාණයක් අඩංගු විය හැකිය.
    4. ඔබේම සෝස් සහ සුප් සාදන්න. 
    5. මිරිස්, සුදුළූණු, දුරු, ලෙමන් යුෂ සහ කළු ගම්මිරිස් වැනි නැවුම් හෝ වියලන ලද කුළුබඩුවක් භාවිතා කරමින් කුළුබඩු සඳහා ලුණු මාරු කරන්න.
    6. නැවුම් මාළු හෝ මස් තෝරන්න.
    7. ලුණු හැපෙනසුළු හා සුලු කෑම කපා ඉවත් කර හැපෙනසුළු එළවළු, පලතුරු වෙත මාරු වෙන්න.

    බී.බී.සී. වාර්තාවක් ඇසුරිණි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • චීන App පමණක් නොව ටෙලිකො යටිතල පහසුකම් පවා ජාතික ආරක්ෂාවට තර්ජනයක්

    චීන App පමණක් නොව ටෙලිකො යටිතල පහසුකම් පවා ජාතික ආරක්ෂාවට තර්ජනයක්

    චීන දුරකථන යෙදුම් පමණක් නොව චීන ටෙලිකොම් යටිතල පහසුකම් සම්බන්ධයෙනුත් රජය අවධානය යොමු කළ යුතු බව ශ්‍රී ලංකා තොරතරු තාක්ෂණ සංගමය විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

    එහි වැඩි දුරටත් සදහන් වන්නේ ශ්‍රී ලංකා රජයේ පද්ධති, විශේෂයෙන් සංවේදී පද්ධති සදහා චීන ටෙලිකොම් යටිතල පහසුකම් භාවිතය අවම කිරීමට වගබලා ගතයුතු බව පෙන්වා දෙමු. මේ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම ආරක්ෂක අමාත්‍යංශය සතු වගකීමක් බවයි.

    ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය (Information Technology Society Sri Lanka (ITSSL) විසින් මාධ්‍ය වෙත නිකුත් කළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය මෙසේය.

    ශ්‍රී ලංකාවෙහි ජාතික ආරක්ෂාවට චීන ජංගම දුරකථන යෙදුම් පමණක් නොව චීන සමාගම් වල සහය ලබාගනිමින් ශ්‍රී ලංකාවෙහි ඉදිකර ඇති ටෙලිකොම්/බ්‍රෝඩ්බෑන්ඩ් යටිතල පහසුකම් තර්ජනයක් වියහැකි බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස අවධාරණය කරමු.  වෙනත් බොහෝ රටවල් ඔවුන්ගේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාකරන ආකාරය බැලූ කල, ශ්‍රී ලංකාවෙහි ජාතික  ආරක්ෂාව සම්බන්ධයෙන් විදුලි සංදේශන අංශය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බව අප ශ්‍රී ලංකා තොරතරු තාක්ෂණ සංගමය විශ්වාස කරන්නෙමු.

    ශ්‍රී ලාංකික ගනුදෙනුකරුවන් සඳහා යොමු වන චීන නිෂ්පාදිත විදුලි සංදේශ උපාංග සහ පද්ධති වලට අනිෂ්ට දෘඩාංග හෝ මෘදුකාංග තැන්පත් කිරීම ඔත්තු බැලීමේ මෙවලමක් වශයෙන් සහ සංවේදී වෙළඳ රහස්, උසස් පර්යේෂණ හා සංවර්ධන දත්ත, රාජ්‍ය තාන්ත්‍රික හෝ වාණිජමය වාසියක් ලබා ගැනීමට හැකි දත්ත රැස් කරගැනීමේ ක්‍රමයක් ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස පෙන්වාදෙමු.

    මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බුද්ධි අංශ සුපරීක්ෂාකාරීව හා අවධානයෙන් සිටිය යුතු බව අප ශ්‍රී ලංකා තොරතරු තාක්ෂණ සංගමය වශයෙන් අවධාරණය කරනු ලබන අතර ශ්‍රී ලංකා රජයේ පද්ධති, විශේෂයෙන් සංවේදී පද්ධති සදහා චීන ටෙලිකොම් යටිතල පහසුකම් භාවිතය අවම කිරීමට වගබලා ගතයුතු බව පෙන්වා දෙමු. මේ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම ආරක්ෂක අමාත්‍යංශය සතු වගකීමක් බව අප සංගමය වැඩිදුරටත් පෙන්වා දෙමු.

  • අගමැති මෝදි හා අගමැති මහින්ද අතර ද්විපාර්ශ්වික සාකච්ඡා

    අගමැති මෝදි හා අගමැති මහින්ද අතර ද්විපාර්ශ්වික සාකච්ඡා

    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර වීඩියෝ තාක්ෂණය ඔස්සේ ද්විපාර්ශ්වික සමුළුවක් අද (26) දින පවත්වන ලදී.

    අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරවලට පත්වීමෙන් පසු වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදු කළ පළමු ද්විපාර්ශවික සාකච්ඡාව මෙයයි.

    මෙම ද්වී පාර්ශවික සාකච්ඡාව ආරම්භ කරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යතුමාට සුභ පැතුම් එක් කරන බවයි.

    පසුගිය මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දුන් පක්ෂය ලබා ගත් විශාල මැතිවරණ ජයග්‍රහණය, ඉන්දියානු මහ මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරමින් තමා ලැබූ ජයග්‍රහණය හා සමානව බව ප්‍රකාශ කළ අග්‍රාමාත්‍ය මෝදි මහතා ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මහඟු සහයෝගීතාවයකට එම මැතිවරණ ජයග්‍රහණ ඉවහල් වනු ඇති බවට තමා විශ්වාස කරන බව ද පැවසීය.

    මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ඉන්දියාව – ශ්‍රී ලංකාව අතර නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමට අවස්ථාවක් උදා වී ඇති බවත්, ඒ පිළිබඳව දෙරටේ ජනතාව නව බලාපොරොත්තුවකින් හා අපේක්ෂාවන්ගෙන් අප දෙස බලා සිටින බව ද අග්‍රාමාත්‍ය මෝදි මහතා පැවසීය.

    අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ පුළුල් සාකච්ඡාවක්  පැවැත් වූ අතර මෙහිදී ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව හා දෙරටේ ප්‍රධාන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම කෙරෙහි අවධානය යොමු කළේය.

    ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ ආරක්ෂක ක්ෂේත්‍රය, වෙළඳ සබඳතා අතර සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කිරීමේ මාර්ග මෙන්ම ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක පවත්නා සහයෝගීතාව පුළුල් කිරීම වැනි කාරණා ගණනාවක් පිළිබඳව ද නායකයෝ දෙදෙනා සාකච්ඡා කළහ.

    වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදු කළ ද්වීපාර්ශවීය සාකච්ඡාව ආරම්භ කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දැක් වූ අදහස් මෙසේය,

    මම මේ සමුළුවට ඔබව ආදරයෙන් පිළිගන්නවා. හැමදාම වගේ ඔබව ඉන්දියාවට අපි ඉතාමත් ආදරයෙන් පිළිගනු ලබනවා. භාරතයට පැමිණෙන ලෙස මම ඔබට හැමදාම ආරාධනා කරනවා. මෙම සම්මුඛ සාකච්ඡාව මෙලෙස සිදු කිරීම පිළිබඳව මා හට ඉතා සතුටුයි.

    මේ සාකච්ඡාව සඳහා මගේ ආරාධනවා පිළිගැනීම පිළිබඳව ඔබට මම ස්තූතිවන්ත වෙනවා. නව අග්‍රාමාත්‍යධූරයට පත්වීම සම්බන්ධයෙන් ද මම ඔබට මේ අවස්ථාවේ සුබ පැතුම් එක්කරනවා. ඒ වගේම පාර්ලිමේන්තුවේ මෙවැනි ජනවරමක් ලබා ගැනීම පිළිබඳව මම ඔබට සුබ පැතුම් එක් කරනවා. මේ මැතිවරණ ජයග්‍රහණය මඟින් ජනතාව ඔබ ගැන තිබූ විශ්වාසය තවදුරටත් පෙන්නුම් කරනවා.

    ඔබ ලබා ගත් මෙම ජයග්‍රහණය ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සහයෝගීතාවය වර්ධනය කර ගැනීමට විශාල අවස්ථාවක්.  අපි දෙදෙනාගේම දෙරටේ ජනතාවට අලුත් සිහිනයකින්, උද්යෝගකින් අපි දෙස බලන් ඉන්නවා. අපිට හැම පාර්ශවයකින්ම ප්‍රගතියක් ඔස්සේ ඉදිරියට ගමන් කළ හැකියි. අධ්‍යාපනය, කෘෂි කර්මාන්තය, වෙළඳාම වගේම තවත් ක්ෂේත්‍ර ගණනාවක් යටතේ අපිට ඉදිරියට යා හැකියි. ඔබගේ ආණ්ඩුව මූලික ආර්ථික ව්‍යාපෘති ඉදිරියට පවත්වාගෙන යාමට කටයුතු කරයි කියලා මම විශ්වාස කරනවා. දෙරට අතර පවතින සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කර ගනිමින් කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.”  යැයි පැවසීය.

    මෙහිදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් දැක් වූ අදහස් මෙසේය,

    “මේ සමුළුවට ආරාධනා කිරීම ගැන සතුටු වනවා. ඒ වගේම අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත්වුණාට පසුව මේ මම සහභාගී වන පළමු සමුළුවයි.

    අප එකිනෙකා මුහුණට මුහුණ හමු නොවුණත් අපි අතර ඇති සුහදත්වය, මිත්‍රත්වය, සහෝදරත්වයේ බැඳීම, ඒ ආකාරයෙන්ම පවතින බව මම කියන්න ඕන.

    ලෝකයම මුහුණපා සිටින කෝවිඩ්-19 අර්බුදය ආරම්භ වුණ අවස්ථාවේදීම ඉන්දියාව අසල්වැසි රටවල් වෙනුවෙන්, ඒ රටවල ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කළ ආකාරය ගැන අපේ ප්‍රශංසාව හිමිවෙනවා.

    සාර්ක් රටවල ප්‍රධාන රට වශයෙන් කලාපයේ නායකයින් සියලු දෙනා සමඟ ඉන්දියාව මේ ආකාරයටම තමන්ගේ අදහස් හුවමාරු කර ගත්තා.

    ජනාධිපතිවරණය වගේම මහ මැතිවරණයේදීත් ලංකාවේ රජයට විශාල ජනවරමක් ලැබුණා. ඒ අනුව සියලු ජාතීන්ට සමඟියෙන්, සහයෝගයෙන් කටයුතු කරන්න අවශ්‍ය පසුබිම අපි හදනවා.

    අපට ලැබුණ ජනවරම අනුව අපි කොවිඩ් 19 වසංගතය ජයගැනීම සඳහා ක්‍රියා කළ ආකාරය පිළිබඳව රටේ තිබෙන ප්‍රසාදය පිළිබිඹු වන බව මම කියන්න ඕනේ.

    ඉතාම අසීරු අවස්ථාවක වුවත් අපි ලංකාවේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට මුල්තැන දීලා කටයුතු කළ බව කියන්න ඕනේ.

    ඒ වගේම කෙතරම් දුෂ්කර තත්ත්වයක් ආවත් අපේ පොදු ජනතාවගේ ආර්ථිකය, සෞඛ්‍ය, අධ්‍යාපනය වගේ අත්‍යාවශ්‍ය දේවල් හැකි උපරිම ආකාරයෙන් සපුරාලන්න කටයුතු කරලා තියෙනවා.

    ඒ වගේම කොවිඩ් වෛරස තත්ත්වය හමුවේ අඩු ආදායම් ලාභී පවුල්වලට, විශ්‍රාමිකයින් සහ ආබාධිතයින්ට, ‍දෛනිකව වැටුප් ලබන්නන්ට සහ ගොවීන්ට මූල්‍ය සහාය දුන්නා.

    විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් නැවත ශ්‍රී ලංකාවට ගෙන්වාගැනීම සහ  එම ක්‍රියාවලිය සම්බන්ධීකරණය කරමින් කළමණාකරණය කළා.

    කොවිඩ් වෛරසය තත්ත්වය පාලනය කිරීම සඳහා ්‍රී ලංකාව ගත් ක්‍රියාමාර්ග ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රශංසාවට ලක් වුණා.

    ජාත්‍යන්තර මුහුදු මාර්ගවලට සමීපව පිහිටා තිබීම නිසා මතුවන ආරක්ෂක, සුරක්ෂිතතා සහ දේශසීමා සම්බන්ධ තර්ජනවලට විසඳුම් ලබාදීමේ දී අප රටවල් සමීපව කටයුතු කිරීමත් අවශ්‍යයි.

    නිව් ඩයමන්ඩ් තෙල් නෞකාවේ ගින්න නිවීමට සාමූහිකව ගත් ක්‍රියාමාර්ග මඟින් පෙනීයන්නේ දෙරට අතර සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම දෙරටටම ප්‍රයෝජනවත් බවයි.

    කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා සිදුවූ ආර්ථික කඩාවැටීම හමුවේ ඉන්දියාවේ වෙළෙඳපොළ සඳහා භාණ්ඩ සැපයීමේදී ශ්‍රී ලංකාවේ නිෂ්පාදන අංශවලට වැඩි අවස්ථාවක් ලබාදීම සුදුසු බව මගේ හැඟීමයි. මෙය දෙරටේම ආර්ථික වර්ධනය සඳහා යෝග්‍යයි.

    ආගමික, සංස්කෘතික සමානකම් ඇති අප දෙරට අතර පවතින නොබැඳි මිත්‍රත්වය ඒ අයුරින්ම පවත්වා ගෙන යාමටත් අපි මූලිකත්වය දෙනවා.

    අපට ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර තිබෙන ඓතිහාසික සම්බන්ධතාවය වගේම අපේ ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරවලින් උරුම වුනු  ඉවසීම, සංයමය, කැපවීම, පදනම් කරගෙන මේ සියලු අභියෝග ජයගන්න පුළුවන් කියලා විශ්වාස කරනවා.”  යැයි පැවසීය.

  • 20 ගැන අවසන් තීන්දුව දෙන්න ‘පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

    20 ගැන අවසන් තීන්දුව දෙන්න ‘පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

    රජය විසින් පාර්ලි‍මේන්තුවට ඉදිරිපත් කර තිබෙන 20 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කිරීමට අගවිනිසුරුවරයා අද (25) පියවර ගත්තා.

    පංච පුද්ගල විනිසුරු මඩුල්ල පහත නම් සදහන් විනිසුරුවරුන්ගෙන් සමන්විත වේ.

    1. අගවිනිසුරු ජයන්ත ජයසූරිය 
    2. බුවනෙක අලුවිහාරේ
    3. ප්‍රියන්ත ජයවර්ධන
    4. විජිත් මළල්ගොඩ
    5. සිසිර ද ආබෲ .

    මෙම පෙත්සම් සලකා බැලීම සැප්තැම්බර් මස 29 වන දින සිදුකිරීමට නියමිත අතර අද (25) දිනය අවසන් වන විට 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් 18ක් ඉදිරිපත්ව තිබෙනවා.

    මෙම සියලු පෙත්සම්වල වගඋත්තරකරු ලෙස නම් කර තිබෙන්නේ නීතිපතිවරයායි.

  • ඉන්දීය සුපිරි ගායන ශිල්පී ‘එස්.පී බාලසුබ්‍රමනියම්’ දිවි සැරිය හැර යයි

    ඉන්දීය සුපිරි ගායන ශිල්පී ‘එස්.පී බාලසුබ්‍රමනියම්’ දිවි සැරිය හැර යයි

    අඩ සියවසකට වැඩි කලක් ඇතුළත 40,000 කට වැඩි ගීත සංඛ්‍යාවක් ගායනා කරමින් ලෝක වාර්තාවක් බිහි කළ ජනප්‍රිය ඉන්දීය ගායක එස්පී බාලසුබ්‍රමනියම් දිවි සැරිය හැර ගියේය.

    ප්‍රේම ගීත සහ ජනප්‍රිය නර්තන ගීත ඇතුළු ඉන්දීය සිනමාවේ ජනප්‍රියම ගීත ගණනාවක්ම භාෂා 16 කින් ඔහු ගැයූ ගී ගොන්නට ඇතුළත් ය. ඔහු මිය යන විට 74 වෙනි වියේ පසුවිණි.

    එස්පී බාලසුබ්‍රමනියම් මියගියේ කෝවිඩ්19 රෝගය වැළඳී දින කිහිපයක් දැඩි සත්කාර ඒකකයේ ගතකිරීමෙන් අනතුරුවය.

    ගීත ලෝලීන්, ඉන්දීය තාරුකාවන් ඇතුළු බොහෝ දෙනා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඔහුට ප්‍රණාමය පළකරමින් සිටිති.

    කොරෝනාවෛරසය ආසාදනය වීම හේතුවෙන් එස් පී බාලසුබ්‍රමනියම් මුලින්ම තමිල්නාඩුවේ චෙන්නායි නුවර රෝහලකට ඇතුළත් කරනු ලැබුවේ පසුගිය අගෝස්තු මාසය මුලදීය. පසුව සැප්තැම්බර් මුල සතියේ ඔහුට රෝගය සුව වී ඇතැයි පරීක්ෂණවලින් හෙළි වූ නමුත් දිගටම දැඩි සත්කාර ඒකකයේ රඳවනු ලැබ සිටියේය.

    ඔහුගේ රසිකයන් ඔහු දැන සිටියේ එස්පීබී (SPB) නමිනි. දකුණු ඉන්දීය දෙමළ සහ තෙළුගු සිනමාවෙන් සිය ගීත චාරිකාව ආරම්භ කළ එස්පීබී, බොලිවුඩ් සිනමාවේ සාර්ථක වූ පළමු දකුණු ඉන්දීය ගායකයා බවට පත්විය.

    ඔහු මියගිය බව අනාවරණය වීමත් සමඟම සිය මතකයේ රැඳුණු ඔහුගේ ගීත සිහිපත් කරමින් රසික රසිකාවියෝ සිය ජනප්‍රිය ගායකයාට ප්‍රණාමය පුදකරමින් සිටිති.

    ගීත ගායනා කරන බව හඟවමින් නලුවන් නර්තනයේ යෙදෙන අතර ඔහුගේ ගීත මිමිනූහ. යුගයේ ඉහළම සංගීතවේදීන් වන ඒආර් රහ්මාන් සහ ඉලෙයිරාජා ගේ සංගීතයට ඔහුගේ මියුරු හඬ මුසුවිය.

    එස් පී බාලසුබ්‍රමනියම්

    1981 දී ජනප්‍රියම සිනමා සිත්තමක් වූ ‘ඒක් දුජේ කේ ලියේ’ (Ek Duuje Ke Liye) ප්‍රේම කතාවට සිය මියුරු හඬ මුසු කරමින් ඔහු බොලිවුඩයේ ජනප්‍රියම ගායකයන් අතරට එක්විය.

    දකුණු ඉන්දීය උච්චාරණයක් ඇති ශිල්පියෙකු වුවද බොලිවුඩ් පුරවරයේ ජනප්‍රියම තාරුකාවක් බවට පත් වූ එස් පී බාලසුබ්‍රමනියම් සල්මාන් ඛාන් ඇතුළු බොහෝ තාරුකාවන්ගේ ‘ගායන හඬ’ බවට පත්විය.

    1946 දී ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ නෙල්ලෝර් හි මධ්‍යම පාන්තික පවුලක උපත ලැබූ බාලසුබ්‍රමනියම් ගේ පියා ද ගායකයෙකු වූ නමුත් ඔහු ශාස්ත්‍රීය සංගීතය ඉගෙනීමට යොමු නොවීය.

    ඒ වෙනුවට මදුරාසි (වර්තමානයේ චෙන්නායි) නගරය වෙත ගිය තරුණ බාලසුබ්‍රමනියම්, සිය මිතුරන් සමඟ එක්ව සංගීත කණ්ඩායමක් නිර්මාණය කළේය. පසු කලෙක ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ සංගීත ශිල්පියෙකු බවට පත් වූ ඉලෙයිරාජා ඒ කණ්ඩායමේ ගිටාර් වාදකයා විය.

    එවක ප්‍රදේශයේ සිනමා සන්ගාත ශිල්පීන් විසින් ඔහුගේ දක්ෂතාව හඳුනාගන්නා විට ඔහු උසස් අධ්‍යාපන ආයතනයක ඉංජිනේරු විද්‍යාව හදාරමින් සිටියේය. එහිදී ඉංජිනේරුවෙකු වීම අත්හැර දැමූ ඔහු ගායනය තෝරා ගත්තේය.

    1969 දී දෙමළ සිනමාවේ සුපිරි නලු එම්ජී රාමචන්ද්‍රන් වෙනුවෙන් ගීත ගායනය කිරීමත් සමඟ දකුණු ඉන්දීය සිනමාවේ ඔහුගේ පළමු සන්ධිස්ථානය සනිටුහන් කෙරිණ.

    BBC