Blog

  • ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කටයුතු පිළිබඳව සොයාබැලීමට පංච පුද්ගල කමිටුවක්

    ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කටයුතු පිළිබඳව සොයාබැලීමට පංච පුද්ගල කමිටුවක්

    ශ්‍රී ලංකාවෙි වෛද්‍ය සභාවේ කටයුතු පිළිබඳව සොයාබැලීමට සෞඛ්‍ය අමාත්‍යතුමියගෙන් පංච පුද්ගල කමිටුවක් පත් කරන ලද අතර, එම කමිටුව පත් කිරිම පිළිබදව සෞඛ්‍ය අමාත්‍යතුමිය පහත පරිදි අදහස් දක්වන ලදි.

    ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාව ප්‍රඥප්තියක් මගින් ස්ථාපිත කරන ලද ස්වාධීන ආයතනයක් වන අතර, එහි ප්‍රධානතම කාර්යභාරය වනුයේ රෝගීන්ගේ අයිතිවාසිකම් සුරැකීම තුලින් ගුණාත්මක වෛද්‍ය සේවයක් පවත්වා ගැනීමයි. එය සුරක්ෂිත කිරීම සදහා වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය ආරක්ෂා කිරීමත්, වෛද්‍යවරුන් නියාමනය කිරිමත් එම ආයතන මගින් සිදු කරනු ලබයි. එසෙම වෛද්‍ය ආඥා පනතට අනුව වෛද්‍ය සභාවේ තීන්දු තීරණ වල අවසන් වගකීම සෞඛ්‍ය අමාත්‍යවරයාට පවරා ඇත.

    එසේ වුවද, වෛද්‍ය සභාවේ ක්‍රියාකළාපය සම්බන්ධයෙන් මේ වනවිට විවිධ පාර්ශ්ව වලින් මා හට පැමිණිලි ගණනාවක් ඉදිරිපත් කර ඇත. එම පැමිණිලි වලින් ඉල්ලා සිටින ප්‍රධානතම කරුණක් වනුයේ වෛද්‍ය සභාවේ ස්වාධීනත්වයට ඇතිව ඇති බලපෑම හා නැවත වෛද්‍ය සභාව ස්වාධීනව කටයුතු කරන ආයතනයක් බවට පත් කර දෙන ලෙසත් ය.  ඉදිරිපත් වූ ප්‍රධාන පැමිණිලි 05 කෙරෙහි මාගේ අවධානය යොමු කරන ලදි.

    01. මේ දිනවල දැඩි කථා බහට ලක් වූ ජාත්‍යන්තරය පිළිගත් විදේශීය විශ්ව විද්‍යාල  කිහිපයක ලියාපදිංචිය අහෝසි කිරීම සම්බන්ධයෙන්ඇති වූ සිද්ධි මාලාව.

    02. වෛද්‍ය සභාව තුල පුරප්පාඩු වී ඇති වෛද්‍ය සභා නියෝජිතයින් පත් කිරීම සදහා පවත්වන්නා වූ නිලවරණය දිගින් දිගටම කල්දැමීම.

    03. අවශ්‍ය අවම අධ්‍යාපන සුදුසුකම්වත් සපුරා නැති වෛද්‍යවරු වෛද්‍ය සභාව තුල ලියාපදිංචියට කටයුතු කිරීම.

    04. විදෙස් වෛද්‍ය උපාධිය ලබාගත් ශිෂ්‍යයින්ගේ වෛද්‍ය උපාධිය ලියාපදිංචි කිරිම සදහා පවත්වනු ලබන E.R.P.M විභාගය කල්දැමීම.

    05. වෛද්‍ය සභාවේ විෂය පරිපථයට හා පවතින නීති වලට පරිභාහිරව වෛද්‍ය සභාව තුල පැමිණිලි විභාග කිරීම සිදුවන බව.

    ඒ අනුව ඉහත කරුණු සම්බන්ධයෙන් වෛද්‍ය සභාව තුලින් කරුණු විමසා ඒ සම්බන්ධයෙන් වාර්තාවක් සපයන ලෙස වෛද්‍ය සභාවෙන් ඉල්ලා සිටීමට තීරණය කරන ලද අතර  ඉහත කරුණු පිළිබද අධ්‍යයනය කර ස්වාධීන වාර්තාවක් ලබාදිම සදහා පහත සදහන් වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් පත් කිරිමට තීරණය කරන ලදි.

    v    විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හේමන්ත පෙරේරා මහතා.

    v    රාගම වෛද්‍ය පීඨයේ හිටපු පිඨාධිපති මහාචාර්ය ප්‍රෂාන්ත විඡේසිංහ මහතා

    v        විශේෂඥ වෛද්‍ය අනුලා විඡේසුන්දර මහත්මිය

    v    විශේෂඥ වෛද්‍ය මෛත්‍රී  චන්ද්‍රරත්න මහතා

    v    විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන මහතා

    ඒ අනුව වෛද්‍ය සභාවෙන් ලබාගන්නා වාර්තාව හා ඉහත සදහන් විශේඥ කමිටුව මගින් ලබාදෙනු ලබන වාර්තාවන් අධ්‍යයනය කර වෛද්‍ය සභාවේ ස්වාධීනත්වය ප්‍රතිස්ථාපනය කර රෝගී අයිතිවාසිකම් සුරකමින් ගුණාත්මක වෛද්‍ය සේවාවක් ලබාදීමට අවශ්‍ය කටයුතු සැකසිම සිදු කරනු ඇත.

  • ජනපති, අගමැති නම කී පමණින් පාසලට ළමයි ගන්න එපා – විදුහල්පතිවරුනට තරයේ උපදෙස්

    ජනපති, අගමැති නම කී පමණින් පාසලට ළමයි ගන්න එපා – විදුහල්පතිවරුනට තරයේ උපදෙස්

    ජනාධිපතිවරයාගේ, අග්‍රාමාත්‍යවරයාගේ සහ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්ගේ නම් සඳහන් කරමින්, පාසල්වලට ළමයින් ඇතුළත් කර ගන්නා ලෙස කරන ඉල්ලීම් නොපැකිළ ප්‍රතික්ෂේප කරන්නැයි සියලු විදුහල්පතිවරුනට උපදෙස් දෙන බව ජනාධිපති මාධ්‍ය අංශය අද (16) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

    එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය,

    ජනාධිපතිතුමාගේ, ජනාධිපති කාර්යාලයේ නිලධාරීන්ගේ, අග්‍රාමාත්‍යතුමාගේ, අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරීන්ගේ සහ වෙනත් ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්ගේ නියෝගයක් බව සඳහන් කොට පාසල්වලට ළමයින් ඇතුළත් කර ගන්නා ලෙස බලපෑම් කරමින් විදුහල්පතිවරුන් වෙත ලිපි යොමු කිරීමට ඇතැම් දෙනා පෙළඹී සිටිති. සමහර අවස්ථාවල රජයේ නිලධාරීන් ද මෙවැනි ලිපි යවන බව නිරීක්ෂණය කර ඇත.

    විදුහල්පතිවරුන් තම පාසලට ළමයින් ඇතුළත් කර ගැනීමේ දී එබඳු කිසිදු ලිපියක් පදනම් කර නොගත යුතුය. ළමයින් පාසල්වලට ඇතුළත් කළ යුත්තේ සම්මත රෙගුලාසි සහ පරිපාටිය අනුවම පමණි.

    මේ නියමය කඩකරන විදුහල්පතිවරුනට එරෙහිව දැඩි පියවර ගන්නා බව ජනාධිපති ලේකම්වරයා සියලු විදුහල්පතිවරුනට දැනුම් දෙයි.

  • අගමැති මහින්දගෙන් විශේෂ ඉල්ලීමක්

    අගමැති මහින්දගෙන් විශේෂ ඉල්ලීමක්

    දේශීය හස්ත කර්මාන්තය වඩාත් ප්‍රචලිත කිරීමට නම් එම නිෂ්පාදන අලෙවි කිරීම මෙන්ම, රටක් ලෙස ඒවා පරිහරණය කළ යුතුව ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (16) දින පැවැසීය.

    වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන අමාත්‍යංශය, ජාතික ශිල්ප සභාව, එක්ව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සහයෝගයෙන් සංවිධානය කළ SHILPA THURSDAY විශේෂ හස්ත කර්මාන්ත  අලෙවි ප්‍රදර්ශනය  විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

    SHILPA THURSDAY අලෙවි ප්‍රදර්ශනය සෑම බ්‍රහස්පතින්දා දිනකම බත්තරමුල්ල, දියත උයන පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදී කළ සම්පූර්ණ කතාව මෙසේය,

    ජාතික ශිල්ප සභාව සංවිධානය කළ අත්කම් වෙළඳපොළ විවෘත කිරීමට අවස්ථාවක් ලැබීම පිළිබඳව සතුටු වෙනවා. අපි අපේ රජයන් යටතේ බලයට පත්වන සෑම අවස්ථාවකම දේශීයත්වයට මුල් තැන ලබා දුන්නා, යැයි  කියන එක මා අමුතුවෙන් කිව යුතු කාරණයක් නොවේ.

    පසුගිය කාලයේ ආපස්සට ගිහිල්ල තිබුණු දේශීය කර්මාන්ත අපිට ආපසු ගොඩනගන්නට අවස්ථාවක් ලැබීම පිළිබඳව අපි සන්තෝෂ වෙනවා. ඒ වගේම රාජ්‍ය අමාත්‍යවරයා මේ පිළිබඳව දක්වන උනන්දුව ගැන අපි එතුමාට අපේ ස්තුතිය පුද කරනවා.

    දේශීය හස්ත කර්මාන්තය වඩාත් ප්‍රචලිත කරන්න නම් අපි මේ නිෂ්පාදන අලෙවි කිරීම වගේම, අපි ඒවා පාවිච්චි කිරීම කළ යුතු වෙනවා. එහෙම නම්, ඒ සඳහා මෙවැනි වෙළදපොළවල් තිබීම තුළින් වඩාත් උනන්දුවක් දක්වන්ට හා මේවා ප්‍රචලිත වෙන්නට එය හේතුවක්.

    අද විශේෂයෙන්ම ගමේ ශිල්පීන්ට තිබෙන විශාල ප්‍රශ්නය තමයි බැංකු ණයක් ගන්න එක. ඔවුන්ට තමන්ගේ කර්මාන්තය දියුණු කර ගැනීමට හෝ ඉදිරියට ගෙන යාමට මුදල් අවශ්‍යතාවය තිබෙනවා. ඔවුන්ට ණයක් ගැනීමේදී මීට වඩා ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු යැයි මම  විශ්වාස කරනවා.

    ඒ වගේම අද මහජන බැංකුවේ සභාපතිතුමා මෙතන ඉන්නවා. මෙවැනි ප්‍රදර්ශන තියෙන අවස්ථාවලදී ඔවුන්ගේ බැංකුවේ, ළඟම ශාඛාව හෝ එහෙම නැත්නම් තාවකාලික ශාඛාවක් මෙහි විවෘත කරලා මේ කලා ශිල්පීන්ට අවශ්‍ය වන මුදල් ප්‍රමාණය, එහෙම නැත්නම් ණය  සහනාධාරයක් ලබා ගැනීමට අවස්ථාව ලැබෙනවා නම් මෙම කලා ශිල්පීන්ට මීට වඩා එය ප්‍රයෝජනයක් වෙයි කියලා මම විශ්වාස කරනවා.

    හැම බ්‍රහස්පතින්දාවකම මේ ස්ථානයේ මෙවැනි වෙළඳපොළක් විවෘත කිරීමට තීන්දු කිරීම පිළිබඳව මෙම අමාත්‍යංශයට මම සුබ  පතනවා, යැයි අගමැතිවරයා පැවසීය.

    මෙහිදී, බංග්ලාදේශයේ රැකියාවල නිරත වන, ශ්‍රී ලාංකිකයින්ගේ ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමය විසින් කොවිඩ් අරමුදල සඳහා රුපියල් ලක්ෂ පහක මුදලක් පරිත්‍යාග කිරීම ද සිදු විය. එම සංගමයේ සභාපති  සම්පත් එරුගෙපොළ මහතා විසින් එම මුදල් අගමැතිවරයා වෙත භාර දුන්නේය.

    මෙම අවස්ථාව සඳහා කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එම්.ඒ.බී.වී. බණ්ඩාරනායක, ජාතික ශිල්ප සභාවේ සභාපති සුදත් අබේසේකර, බංග්ලාදේශ තානාපති මොහොමඩ් අලි ඛාන්, මහජන බැංකුවේ සභාපති සුජීව රාපක්ෂ  ඇතුළු මහත්ම මහත්මීන් රැසක් එක්ව සිටියහ.

  • දේශීය හා ජාත්‍යන්තරව ක්‍රීඩාව ඔසවා තබන්න සංගක්කාරගෙන් නව යෝජනා

    දේශීය හා ජාත්‍යන්තරව ක්‍රීඩාව ඔසවා තබන්න සංගක්කාරගෙන් නව යෝජනා

    නීරෝගිමත්, විනයගරුක සහ ජව සම්පන්න සමාජයක් බිහිකිරීම උදෙසා ඉවහල්වන ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැගීම යුගයේ වගකීමක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

    ක්‍රීඩාව තරුණ පරපුරේ භාෂාවයි. අධ්‍යාපනයට සමගාමීව දරුවා ක්‍රීඩාවට යොමු කිරීමෙන් පරිපූර්ණ පුරවැසියකු සමාජයට දායාද කළ හැකි බව එතුමා පෙන්වා දෙයි.

    අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ අමාත්‍යාංශවලට ඒ වෙනුවෙන් විශාල වගකිමක් පැවරී ඇතැයි  රාජපක්ෂ ජනාධිපතිතුමා කියා සිටී.

    ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා, යටිතල පහසුකම්, ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව අද (16) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

    දිවයින පුරා පාසල්වල ක්‍රීඩාවට දක්ෂතා දක්වන දරුවන් කුඩා කලම තෝරාගෙන ඔවුනට අවශ්‍ය නිසි පෝෂණය සහ ජාතික සහ අන්තර්ජාතික පුහුණුව ඇතුළු පහසුකම් සලසන වඩසටහනක අවශ්‍යතාව ජනාධිපතිතුමා විසින් පෙන්වා දෙනු ලැබීය.

    ග්‍රාමීය පාසල්වලට ක්‍රීඩා පිටි දෙන ලෙස ඉල්ලා සිටියද, ඒවා ඉදිකර දීමෙන් පසු නඩත්තු නොකෙරෙන බව බොහෝ ස්ථානවලදී දක්නට ලැබුණු බව ජනාධිපතිතුමා පැවසීය. තණකොළ කැපීම ඇතුළු ඉතා පහසුවෙන් කළ හැකි නඩත්තු  සඳහා එතරම් මුදලක් වැය නොවන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය. 

    සියලු දිස්ත්‍රික්කවල පාසල්වල ක්‍රීඩා පිටි නඩත්තුව සඳහා වෙනම ඒකකයක් ස්ථාපනය කිරීමට පියවර ගන්නැයි ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    ක්‍රීඩා පිටි නඩත්තු කිරීමේ හැකියාව පළාත් පාලන ආයතන සතුව ඇත. තෙමසක් ඇතුළත දිවයිනේ සියලු ක්‍රීඩා පිටි අලංකාරවත් ලෙස පවිත්‍ර කර දෙන්නැයි ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

    කොළඹ 07, ටොරින්ටන් මාවතේ පිහිටි ජාතික ක්‍රීඩා විද්‍යායතනය දියගම ක්‍රීඩා සංකිර්ණ පරිශ්‍රය සමග බද්ධ කොට අන්තර්ජාතික මට්ටමේ ප්‍රමිතියෙන් යුත් ක්‍රීඩා විශ්ව විද්‍යාලයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

    ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැගීමට කුඩා දරුවන් සෙල්ලම් කරන තැන් සොයා ගොස් ක්‍රීඩා පිටි සකස් කළයුතුව ඇතැයි නාමල් රාජපක්ෂ මහතා කීය.

    ප්‍රධාන ක්‍රීඩා පිටි එක් ආයතනයක් යටතේ පවත්වාගෙන යාම, අංග සම්පූර්ණ ක්‍රීඩා පාසල් 25ක් ස්ථාපනය, ක්‍රීඩා පනතට නව යෝජනා ඇතුළත් කිරීම සහ නව පනතක් සම්පාදනය, ක්‍රිඩාවේ උන්නතිය උදෙසා පෞද්ගලික අංශයේ දායකත්වය ගැනීම වැනි කාර්යයන්ට ගත වූ මාසය තුළ සිය අමාත්‍යාංශය අවධානය යොමු කළ බව අමාත්‍යවරයා පැවසීය.

    ප්‍රාදේශීය වශයෙන් ක්‍රීඩාව දියුණු කිරීමේ අවශ්‍යතාව රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතා පෙන්වා දුන්නේය.

    ග්‍රාමීයව වැඩිම ආකර්ශණයක් ඇති සහ ඒ ඒ පළාත්වල ජනප්‍රිය ක්‍රීඩා හඳුනාගෙන  දක්ෂ ක්‍රීඩකයන් කඩිනමින් පුහුණු කළ යුතුව ඇතැයි ජනාධිපතිතුමා පැවසීය.

    ක්‍රීඩා ශ්‍රේණිගතකර අන්තර්ජාතික තරග සඳහා යොමු කළ හැකි පිරිසක් පුහුණු කිරීමේ වැදගත්කම ක්‍රීඩා සභාවේ සාමාජික කුමාර සංගක්කාර මහතා පෙන්වා දුන්නේය.

    විශ්ව විද්‍යාලවලට ඇතුළත් කර ගැනීමේ දී ක්‍රීඩා දක්ෂතා වෙනුවෙන් ලකුණු දීමේ ක්‍රමය ප්‍රචලිත කිරීමට සහ විශ්ව විද්‍යාල තුළින් ජාතික තලයේ ක්‍රීඩකයන් බිහි කිරීමට ඇති හැකියාව සංගක්කාර මහතා විසින් පෙන්වා දෙනු ලැබිණ.

    සුගතදාස ක්‍රීඩා අධිකාරියේ පූර්ණ ප්‍රතිව්‍යුහකරණය පිළිබඳවද සාකච්ඡාවේදී අවධානය යොමු විය.

    ඔලිම්පික් පදක්කම් දිනාගත හැකි ක්‍රීඩා ලෙස හඳුනාගෙන ඇති දුනු විදීමේ සහ ඉලක්කයට වෙඩි තැබීමේ  ක්‍රීඩා පාසල් මට්ටමේ සිට ප්‍රගුණ කිරීමේ ඉඩකඩ ද සාකච්ඡා කෙරිණ.

    විවිධ ක්‍රීඩා  සඳහා දක්ෂතා දක්වන ලෝකයේ සෙසු රටවල වෙසෙන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික ධජය යටතේ එක් වන්නැයි කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු ඉල්ලා සිටියහ.

    අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු, රේඛීය ආයතනවල නිලධාරීහූ, ක්‍රීඩා සංගම් නියෝජිතයෝ සහ ප්‍රවීණ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

  • ලෝකයේ කිසිම රටක් විගණකාධිපතිට දුන්න බලයක් නැවත අරගන්නට නීති හදලා නෑ

    ලෝකයේ කිසිම රටක් විගණකාධිපතිට දුන්න බලයක් නැවත අරගන්නට නීති හදලා නෑ

    20 වන ව්‍යවස්ථා සංශෝධනය සිදු කළ ‘සෞභාග්‍ය යේ ආණ්ඩුව‘ ‘විගණකාධිපතිගේ බලය අඩු කරන්නට උත්සහ දරපු පළමු ආණ්ඩුව විදිහට  ඉතිහාසයට එක්වෙනවා යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    ලෝකයේ කිසිම රටක් විගණකාධිපති ට දුන්න බලයක් නැවත අරගන්නට නීති හදලා නෑ.  ලෝක විගණන ඉතිහාසයේ එහෙම තැනක් හමුවෙන්නේ නෑ.  ප්‍රජාතන්ත්‍රවාදී, කොමියුනිස්ට්, ඒකාධිපති, රාජාණ්ඩුවලවත් විගණන බලය ශක්තිමත් කරනවා හැර, විගණනය බලය අඩු කරන්නට උත්සහ කරලා නෑ. 

    20 වන ව්‍යවස්ථා සංශෝධනය ලෝකයේ කිසිම ආණ්ඩුවක් සිදු නොකල මුල්‍ය විනිවිද භාවය අහෝසි කිරීමේ උත්සාහයක් ගත් ලියවිල්ලක් ලෙස ඉතිහාසයට එක් වනු ඇතැයි ද තෙන්නකෝන් මහතා පවසයි. 

    ලෙකෝ, රක්ෂණ සංස්ථාව, ලංකා හොස්පිට්ල්, ශ්‍රී ලංකන්, ලෙට්රෝ ගෑස්, ලංකා සතොස, ගල්අගුරු සමාගම, වතු සමාගම් ඇතුළු ආයතන 127 ක් විගණනාධිපතිවරයාගෙන් ඉවත් කරන්නට කටයුතු කරලා තියෙනවා.  අපි දැක්කා, දඹර අමිල හිමියන්ට ලෙට්රෝ ගෑස් සමාගමෙන් දීමනා ගෙවන කොට විගණකාධිපතිවරයා විසින් පෙන්වා දුන් බව.

    මේ සමාගම් කොළඹ හෝටල් හදන්න ගිහින් සිදු කරපු දුෂණ වංචා හෙළි වුණේ විගණකාධිපතිවරයා නිසයි.  ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වංචා දුෂණ හෙළිකළේ විගණකාධිපතිවරයා යි.  බැදුම්කර වංචාව ගැන විගණකාධිපතිවරය සිදු කළ විමර්ශන නිසා, රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා, එදා විගණකාධිපති ගේ වැටුප් ගෙවන එක පවා නවත්වන්න උත්සහ කළා.  හැබැයි, 19 න් විගණන කොමිසම පිහිටුවන්නට එදා ආණ්ඩුවට සිද්ධ වුනේ ජනතාවගේ බලපෑම නිසයි.  නැතිව, අගමැතිවරයා ගේ කැමැත්ත නිසා නෙවෙයි.

    මේ රටේ කොයි පුරවැසියා ද ප්‍රසම්පාදන කොමිෂන් සභාව අහෝසි කරන්නට යෝජනා කළේ?  කවුරුවත් මේ රටේ විගණන ක්‍රියාවලිය අඩපන කරන්න ඡන්දය ඉල්ලුවේ වත්, ඡන්දය දුන්නේ වත් නෑ.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (1) වගන්තිය යටතේ ජනාධිපති, අගමැති කාර්යාල විගණනය කළ යුතු වෙනවා.  රටේ ම තියෙන සම්පත් මේ ආයතන දෙකට ඕනෑම වෙලාවක ගෙන්වා ගන්නට පුළුවන්.  ජනාධිපති, අගමැතිටවත් තමන්ගේ කාර්යාලය විගණනයෙන් ඉවත් කරන උවමනාවක් තියෙන්න බෑ.    

    20 කොත්තුවක් කියලා මාධ්‍ය වේදී  කුසල් පෙරේරා කියලා තිබුණා.  අපිට කොත්තුගේ ගුණ අගුණ වගේම, මේ කොත්තු බාස් හොයා ගන්නත් ඕනි.   ලෝක ඉතිහාසයේ පළමු වරට  විගණකාධිපතිගේ බලය කපන්න යෝජනා කරපු ව්‍යවස්ථා විශාරදයාගේ නමින් පිළිරුවක් දියත උයනේ විගණකාධිපති ගේ කාර්යාලය ඉස්සරහ හදන්න ඕනි යැයි ද තෙන්නකෝන් මහතා සිය නිවේදනයේ දක්වා තිබේ.

  • රජයේ ඉඩම් ප‍්‍රතිපත්තියට මුවාවී ‘හම්බන්තොට අලින්ට දෙන්න යන ඉඩම්වල’ සුපිරි කොල්ලයක්

    රජයේ ඉඩම් ප‍්‍රතිපත්තියට මුවාවී ‘හම්බන්තොට අලින්ට දෙන්න යන ඉඩම්වල’ සුපිරි කොල්ලයක්

    සජීව චාමිකර – ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය

    පසුගිය 2019 වර්ෂය මෙතෙක් ඉතිහාසයේ අලි – මිනිස් ගැටුමේ වර්ධනීයම තත්ත්වයක් වාර්තා වූ වර්ෂය බවට පත් වී ඇත. එම වසරේ දී හානිකර මිනිස් කි‍්‍රයාකාරකම් හේතුවෙන් අලි මරණ 405 ක් හා අලින්ගේ පහරදීම නිසා මිනිසුන් 121 ක් පමණ මියගොස් ඇති බවට වාර්තා වී තිබේ. මේ තත්ත්වය ඇති වීමට ප‍්‍රධාන හේතූන් වී ඇත්තේ අලි – ඇතුන්ගේ වාසස්ථාන ශීඝ‍්‍ර‍්‍රයෙන් විනාශ කිරීම, එම වාසස්ථාන කොටස් වලට බෙදී වෙන් වන පරිදි හානිකර සංවර්ධන ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීම, රක්ෂිත වනාන්තර තුළ හානිකර මිනිස් කි‍්‍රයාකාරකම් සිදු කිරීම හා රක්ෂිත වනාන්තර තුළ ආක‍්‍රමණික ශාක පැතිරීම වැනි හේතු නිසා රක්ෂිත තුළ ගුණාත්මක තත්ත්වය පිරිහී යාම ය.

    දැනට පවතින අලි – මිනිස් ගැටුම තවදුරටත් වර්ධනය කිරීමට සමහර රාජ්‍ය ආයතනවල වැරදි තීන්දු තීරණ ප‍්‍රධාන වශයෙන් ඉවහල්වෙමින් පවතී. ඒ අතුරින් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව හා මහවැලි අධිකාරිය විසින් ගන්නා ලද හානිකර තීරණයක් ප‍්‍රමුඛ වේ. හම්බන්තොට ප‍්‍රදේශයේ ප‍්‍රබල අමාත්‍යවරුන්ගේ උපදෙස් මත මහවැලි අධිකාරියේ නිලධාරීන් විසින් හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතයට අයත් ඉඩම් විවිධ සංවර්ධන ව්‍යාපෘති හා මහ පරිමාණ ඒක භෝග වාණිජ වගාවන් සදහා ලබා දීමට කටයුතු කරමින් පවතී. මේ අනුව අද වන විට ශීඝ‍්‍රයෙන් යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ ඉඩම් මහ පරිමාණයෙන් සමාගම් වලට හා මහ පරිමාණ ව්‍යාපාරිකයන්ට ලබා දී ඇති අතර එම ඉඩම් මහ පරිමාණයෙන් එළි පෙහෙළි කිරීම මේ වන විට සිදු කෙරේ.

    යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ ඉඩම් නීති විරෝධී ව සමාගම් අත්පත් කර ගැනීම

    රජයේ ඉඩම් ප‍්‍රතිපත්ති භාවිතා කර රක්ෂිත ඉඩම් කොල්ලකෑම

    කැබිනට් මණ්ඩලය විසින් 2020 ජූලි මස 01 වන දින තීරණය කර ඇත්තේ වන සම්පත් හා පරිසර අමාත්‍යංශයේ ලේකම් විසින් 2001 අගෝස්තු 10 වන දින අංක 05/2001 දරණ චක‍්‍රලේඛය මඟින් රජයේ අවශේෂ කැලෑ ලෙස හදුන්වන වනාන්තර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පාලනයට යටත් කළ චක‍්‍රලේඛය සංශෝධනය කර දිස්ති‍්‍රක් ලේකම් හා ප‍්‍රාදේශීය ලේකම් යටතට පවරා හේන් ගොවිතැන් සදහා ලබා දීමට ය. ඒ අනුව නව චක‍්‍රලේඛයක් සකස් කර අංක 05/2001 දරණ චක‍්‍රලේඛය සංශෝධනය කර නොතිබුණ ද බොහෝ ඇමතිවරුන්ගේ බලපෑම් මත වනාන්තර ඉඩම් මේ වන විට මහ පරිමාණයෙන් එළි කිරීම හා අත්පත් කර ගැනීම සිදු කරනු ලැබේ. යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයට අයත් වනාන්තර ඉඩම් මේ තත්ත්වයට දරුණු ලෙස ගොදුරු වී ඇත.

    මීට අමතර ව ඉඩම් කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුවෙන් ප‍්‍රකාශිත 2020 සැප්තැම්බර් 10 වන දින අංක 2192/36 දරණ ගැසට් නිවේදනයට අනුව ආයෝජන අවස්ථා පුළුල් කිරීම, දේශීය කිරි නිෂ්පාදනය ප‍්‍රවර්ධනය කිරීම, දේශීය ආහාර බෝග නිෂ්පාදනය සදහා රජයේ ඉඩම් ප‍්‍රශස්ත ලෙස කළමනාකරණය කිරීම ප‍්‍රමුඛ පරමාර්ථය ලෙස ගෙන රජයේ ඉඩම් අවිධිමත් ව භුක්ති විදින පුද්ගලයන් ක‍්‍රමවත් ව හදුනාගෙන සුදුසුකම් පරීක්ෂා කර බලා නීත්‍යනුකූල ලේඛණ ලබා දීමට රජය සූදානම් වේ. ඒ අනුව මේ වන විට අයදුම්පත් කැදවනු ලැබේ. මේ අවස්ථාව පදනම් කර ගෙන යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ ඉඩම් නීති විරෝධීව භුක්ති විදින මහ පරිමාණ ව්‍යාපාරිකයන් කණ්ඩායමක් ඉඩම්වලට නීත්‍යනුකූල අයිතිය ලබා ගැනීමට මේ වන විට ප‍්‍රදේශයේ දේශපාලඥයින්ගේ ද සහයෝගය මත කි‍්‍රයා කරමින් සිටී.

    වනාන්තර ඉඩම් කොල්ලය සිදු වන ප‍්‍රදේශ

    ගල්වැව, වැලිවැව, කුරුදාන, කැටැන්වැව, ගලහිටිය වැවට ඉහළින් පිහිටි අන්දර වැව දක්වා ප‍්‍රදේශය ගොන්නෝරුව හා බුරුතන්කන්ද අතර ප‍්‍රදේශ වල අක්කර 2000 කට වැඩි ප‍්‍රදේශයක් ඩෝසර් යන්ත‍්‍ර භාවිතා කරමින් මහ පරිමාණයෙන් වනාන්තර එළිපෙහෙළි කිරීම මේ වන විට සිදු කෙරේ. හිටපු ගුවන් හමුදාපතිවරයකු විසින් ගොන්නෝරුව හා බුරුතන්කන්ද අතර අක්කර 500 ක භූමියක් සූර්ය බලශක්ති බලාගාර ව්‍යාපෘතියක් සිදු කිරීම සදහා අලූතින් එළිපෙහෙළි කිරීම සිදු කරයි.

    යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ සිට මදුනාගල අභය භූමිය දක්වා අලි ගමන් කිරීම සිදු වන බුරුතන්කන්ද අලිමංකඬේ ඉඩම් සියල්ල ම මහවැලි අධිකාරිය මඟින් ජනතාවට බෙදා දීමේ ප‍්‍රතිඵලයක් ලෙස මදුනාගල අභය භූමිය තුළ අලි - ඇතුන් 18 ත් 20 ත් අතර ප‍්‍රමාණයක් කොටු වී සිටී. මේ සතුන් ඒ අවට ගම්මාන වලට පිවිසීම හා වගා බිම්වලට පැමිණ වගා හානි කිරීම නිරන්තරයෙන් සිදු වේ.

    මීට අමතර ව මාගම්පුර වරාය ඉදි කිරීමට යොදා ගත් වනාන්තර අක්කර 5000 ක භූමියේ දැනට ඉතිරි වී තිබෙන වනාන්තර අක්කර 2500 ක කොටසෙ හි ද අලි - ඇතුන් 20 ක් පමණ රැදී සිටී. මෙම සතුන් රාති‍්‍ර කාලයේ ගම් වැදීම නිසා ගැටලූකාරී තත්ත්වයන්ට ඒ අවට ජනතාවට නිරන්තරයෙන් මුහුණ දීමට සිදු වේ. මීට බලපා ඇති ප‍්‍රධාන හේතුව යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය හා මෙම වනාන්තර කොටස අතර සම්බන්ධතාව බිද වැටීමයි.

    යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ ගොන්නෝරුව ප‍්‍රදේශය ආශි‍්‍රත ව සිටින අලින්ට බුන්දල ජාතික වනෝද්‍යානයට පිවිසීමට ඇති මාර්ගය සම්පූර්ණයෙන් ම මේ වන විට ඇහිරී තිබේ. ගල්වැව ප‍්‍රදේශයෙන් මෙම සම්බන්ධතාව වනාන්තර අතර පැවති නමුත් එම ප‍්‍රදේශයේ මහ පරිමාණයෙන් වනාන්තර එළි කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස අලි පිවිසුම් මාර්ගය සම්පූර්ණයෙන් ම ඇහිරී තිබේ. මේ සියල්ලේම ප‍්‍රතිඵලයක් ලෙස හම්බන්තොට දිස්ති‍්‍රක්කය ආශි‍්‍රත බොහෝ ප‍්‍රදේශ අලි - මිනිස් ගැටුමේ අධි අවදානම් කලාපයක් ලෙස හදුනාගෙන තිබේ.

    යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය තුළ නීති විරෝධී ව පවත්වාගෙන යන වගා බිම්

    යෝජිත රක්ෂිතයේ ඉඩම් විකිණීමේ ජාවාරම

    හම්බන්තොට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයට අයත් වනාන්තර ඉඩම් මහ පරිමාණයෙන් විකිණීමේ ජාවාරමක් ද මේ වනවිට ක‍්‍රියාත්මක වේ. නින්දගම් ඉඩම් යැයි සඳහන් කරමින් වලව මහවැලි කලාපය ලෙස ප‍්‍රකාශයට පත් කර ඇති මෙම යෝජිත රක්ෂිතයට අයත් වනාන්තර ඉඩම් කට්ටි කර විකිණීම මෙලෙස සිදු කෙරේ.

    ගොන්නොරුව නින්දගම ලෙස හැදින්වෙන පන්වැව සිට ගොන්නොරුව දක්වා විහිදී ඇති වනාන්තර ප‍්‍රදේශයේ අක්කර 500 ක් පමණ අක්කර 25 ක් හා 50 බැගින් වන ඉඩම් කට්ටි කර කොළඹ ආශ‍්‍රිත මහ පරිමාණ ව්‍යාපාරිකයන්ට විකිණීම සිදු කර ඇත.

    කැටැන්වැව සිට මළල ආර දක්වා කොටසේ පිහිටන ගලහිටියවත්ත නින්දගම ලෙස හදුන්වන වනාන්තර ප‍්‍රදේශයේ ඉඩම් කට්ටි කර විකිණීමේ ජාවාරම ‘‘වැලි සමන්’’ යන අන්වර්ථ නාමයෙන් හදුන්වන පුද්ගලයෙකු විසින් සිදු කෙරේ. මීට අමතර ව යෝජිත හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතයට අයත් ප‍්‍රධාන අලි මංකඩක් වන හැඩිල්ල අලිමංකඩ අවහිර කිරීම ද දේශපාලකයන් කිහිපදෙනෙකුගේ මැදිහත් වීම මත සිදු කෙරේ.

    හැඩිල්ල අලි මංකඩ හරහා බුන්දල ජාතික වනෝද්‍යානය හා හම්බන්තොට ප‍්‍රදේශයේ වනාන්තරවල ජීවත්වන අලි ඇතුන් ලූණුගම්වෙහෙර හා උඩවලව ජාතික වනෝද්‍යාන වලට ගමන් කිරීම සිදු කරයි. මෙම අලි මංකඩ නිවාස සංකීර්ණයක් ඉදි කර අවහිර කර තිබේ. ගොන්නොරුව හා කැටන්වැව අතර මෙම අලිමංකඩ අවහිර වන පරිදි මේ නිවාස සංකීර්ණය ඉදි කර තිබේ.

    හම්බන්තොට ප‍්‍රසිද්ධ දේශපාලඥයකු විසින් නින්දගම් ඉඩමක් යැයි සඳහන් කරමින් ව්‍යාජ ඔප්පුවක් සකස් කර හැඩිල්ල අලිමංකඬේ අක්කර 50 ක භූමියක් විදුලි වැටවල් සකස් කර වෙන් කර ගෙන තිබේ. මහ පරිමාණයෙන් වනාන්තර එළිකරමින් ඉඩම් කට්ටි කිරීම මෙලෙස නීතිවිරෝධී ව සිදුකරද්දී මහවැලි අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, හම්බන්තොට දිස්ත‍්‍රික් ලේකම් හා හම්බන්තොට ප‍්‍රාදේශීය ලේකම් ඇතුළු නිලධාරීන් නිහඩ ව සිටී ම පුදුමයට කරුණකි.

    මේ මහ පරිමාණ වන විනාශය හා නීතිවිරෝධී ඉඩම් අල්ලා ගැනීමේ ක‍්‍රියාවලිය හේතුවෙන් අලි ඇතුන්ගේ වාසස්ථාන හා අලි මංකඩවල් අවහිර කිරීම හේතුවෙන් මතුවන අලි - මිනිස් ගැටුම ට මෙම නිලධාරින් ඍජුව ම වගකිව යුතු ය. මේ ප‍්‍රදේශයේ නින්දගම් ඉඩම් යැයි සඳහන් කරමින් ව්‍යාජ ඔප්පු සකස් කර ඉඩම් විකිණීමේ ජාවාරම පුද්ගලයින් තිදෙනෙකු විසින් ප‍්‍රසිද්ධියේ මෙහෙයවීම සිදු කරයි. වැලි සමන්, ගොන්නොරුවේ චමින්ද හා පන්වැව තුෂී යන අන්වර්ථ නම් වලින් හැදින්වෙන පුද්ගලයින් විසින් මේ සමස්ත ජාවාරම මෙහෙයවනු ලැබේ. ඒ සඳහා සියලූ දේශපාලන පක්ෂවල ප‍්‍රබලයින් ඔවුන් ට දේශපාලන රැකවරණ ලබා දේ.

    රක්ෂිතය ප‍්‍රකාශයට පත් නොකිරීමේ ප‍්‍රතිඵල

    වලව වම් ඉවුරු සංවර්ධන ව්‍යාපෘතියෙන් හා පසුගිය කාලයේ කි‍්‍රයාත්මක කළ හම්බන්තොට මහ පරිමාණ අක‍්‍රමවත් සංවර්ධන කටයුතු හේතුවෙන් වනාන්තර අක්කර 20,000 ක් සම්පූර්ණයෙන් ම විනාශ කිරීම හේතුවෙන් වාසස්ථාන අහිමි වූ අලි – ඇතුන් ගම් වැදීමෙන් දැවැන්ත අලි – මිනිස් ගැටුමක් මේ වන විට හම්බන්තොට ආශි‍්‍රත ප‍්‍රදේශ ගණනාවක වර්ධනය වෙමින් තිබේ. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස පසුගිය වසර තුන තුළ දී පමණක් වගා බිම්වලට පැමිණි අලි – ඇතුන් 31 ක් පමණ වෙඩි තැබීමෙන්, හක්කපටස් භාවිතයෙන් හා විදුලි සැර යෙදීමෙන් ඝාතනය කර තිබේ.

    එපමණක් නොව අලි – ඇතුන්ගේ ප‍්‍රහාරයට ලක් ව මිනිසුන් 15 දෙනෙකු පමණ මියගොස්, තවත් පුද්ගලයන් අටදෙනෙකු පූර්ණ ආබාධිත තත්ත්වයට පත් ව සිටී. මේ තත්ත්වය පාලනය කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යෝජනා කළ ”හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය” ප‍්‍රකාශයට පත් නොකිරීම හා ඊට අයත් වනාන්තර ඉඩම් මහවැලි අධිකාරිය ශීඝ‍්‍රයෙන් එළිපෙහෙළි කර බොරළු කැණීම, කළු ගල් කැඞීම මෙන්ම විවිධ සංවර්ධන කටයුතු හා වාණිජ වගාවන් සඳහා ලබා දීම හේතුවෙන් මේ තත්ත්වය තව තවත් උග‍්‍ර වෙමින් පවතී.

    එපමණක් නොව පසුගිය රජය පැවති සමයේ දී යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ විවිධ ප‍්‍රදේශ වල අලූතින් ගම්මාන පිහිටුවීම හා වාණිජ වගාවන් ස`දහා ඉඩම් ලබා දීම හේතුවෙන් මෙම තත්ත්වය තවතවත් වර්ධනය වෙමින් තිබුණි. ඒ තත්ත්වය තවත් දෙගුණ කිරීමට 2010-2015 කාල වකවානුවේ දී මෙන් ම අද වන විට ද ප‍්‍රදේශයේ ප‍්‍රබල දේශපාලඥයින්ගේ හිතවතුන්ට හා සමාගම් වලට වනාන්තර ඉඩම් බෙදා දෙමින් සිටී. මේ අයුරින් වනාන්තර අවභාවිතාව පමණක් නොව ඔවුන් විසින් මෙම රක්ෂිතය ප‍්‍රකාශයට පත් කිරීමට ද ඉඩප‍්‍රස්ථාව ලබා නොදේ.

    නීති විරෝධී වගා බිම් වලට හානිකර ලෙස ජලය ලබා ගෙන ඇති ආකාරය

    හම්බන්තොට අලි කළමනාකරණ සැලැසුම

    උඩවලව, ලූණුගම්වෙහෙර හා බූන්දල ජාතික වනෝද්‍යාන සම්බන්ධ කරමින් අලි – ඇතුන් ගේ සංක‍්‍රමණික රටාවන් හඳුනාගෙන හම්බන්තොට අලි – මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා වනාන්තර ප‍්‍රදේශ ජාල ගත කිරීම අරමුණු කර ගෙන ”හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය” ප‍්‍රකාශයට පත් කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යෝජනා කර තිබේ. ඒ ම`ගින් හම්බන්තොට ප‍්‍රදේශයේ ජීවත් වන අලි – ඇතුන් 450 ක ගේ පමණ වාසස්ථාන සුරක්ෂිත කිරීමේ හැකියාව පවතී. 2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1937 අංක 2 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥ පනතේ 2 වන වගන්තියට අනුව මෙම රක්ෂිතය ප‍්‍රකාශයට පත් කිරීමට යෝජිත ව ඇත.

    ගජ මිතුරෝ වැඩසටහන යටතේ 2009 වසරේ සිට 2011 වසර දක්වා කාලය තුළ හම්බන්තොට දිස්ත‍්‍රික්්කයේ සියලූ ම රාජ්‍ය ආයතනවල හා ප‍්‍රදේශවාසීන් ගේ සහභාගිත්වයෙන් යුතු ව සකස් කළ මේ සැලැසුම සඳහා 2012 වසරේ දී ගජ මිතුරෝ දිස්ත‍්‍රික් කමිටුව විසිින් ඒකමතික ව අනුමැතිය ලබා දී තිබේ. එම සැලැසුමට අනුව හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ප‍්‍රකාශයට පත් කිරීම, විදුලිවැටවල් ඉදිකිරීම හා අලි මංකඩවල් විවෘත කිරීම ඇතුළු ක‍්‍රියාමාර්ගවලට පිවිසීමට නියමිත ව තිබුණි.

    මේ සියලූ ම සැලැසුම් ක‍්‍රියාත්්මක කිරීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප‍්‍රාදේශීය නිලධාරීන් විසින් සකස් කළ වාර්තා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන කාර්යාලය වෙත යොමු කර වසර නවයකට වැඩි කාලයක් ගත වී ඇතත් ඉදිරි කි‍්‍රයාමාර්ග මේ වන තුරුත් ගෙන නොමැත. මීට අමතර ව මේ සැලැසුම සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේ යෝජනාව දැනට වසර හතකට ප‍්‍රථම ඉඩම් අමාත්‍යාශය වෙත යොමු කර තිබුණ ද එහි කිසිදු ප‍්‍රගතියක් මේ වන විටත් දැක ගත නොහැකි ය.

    රක්ෂිත ප‍්‍රදේශ ජාලගත කිරීමට ප‍්‍රධාන අලිමංකඩවල් තුනකින් සමන්විත ව මෙම සැලැසුම සකස් කර තිබේ. එ් අනුව යෝජිත හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතයට බූන්දල ජාතික වනෝද්‍යානයේ සිට අලි සංක‍්‍රමණය වන ප‍්‍රධාන අලි මංකඩ පිහිටා ඇත්තේ කොහොලංකල ප‍්‍රදේශයේ ය. මෙය කොහොලංකල – කෑලියපුර අලි මංකඩ ලෙස හැඳින්වේ. යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය හා ලූණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය සම්බන්ධ වනුයේ උනාතුවැව අලි මංකඩෙනි. මේ අලි මංකඩ ද මේ වන විට ඇහිරී ඇති අතර එය විවෘත කිරීම සඳහා ද සැලැසුම් සකස් කළ යුතු ව ඇත.

    යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය තුළ හානිකර ලෙස පවත්වාගෙන යන ගල් වලවල්

    දේශපාලන බලපෑම් මත රක්ෂිතය ප‍්‍රකාශයට පත් නොකිරීම

    යෝජිත රක්ෂිතය හා උඩවලව ජාතික වනෝද්‍යානය සම්බන්ධ වන්නේ උඩවලව – තණමල්විල මාර්ගයේ 31 හා 32 කිලෝමීටර කණු අතර ප‍්‍රදේශය හරහා ය. මේ අලි මංකඩ විවෘත කිරීම සඳහා ප‍්‍රදේශයේ දේශපාලඥයින් විරෝධතාව දැක්වීම හේතුවෙන් මෙතෙක් ඒ පිළිබඳ සැලැසුම් සකස් කිරීමට නොහැකි වී තිබේ. මෙහි අවසාන ප‍්‍රතිඵලය වන්නේ දිනෙන් දින අලි – මිනිස් ගැටුම උග‍්‍ර තත්ත්වයකට පත් වීම හා යෝජිත රක්ෂිතය පියවරෙන් පියවර සංවර්ධන කටයුතු සදහා යොදා ගැනීමයි.

    මේ වන විට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ සූරිය වැව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මහ අන්දර වැව හා පහළ අන්දර වැව අතර පිහිටි හාමුදුරු වැව් ඉහත්තාවේ අක්කර 2000 ක් පමණ එළිපෙහෙළි කර මහ පරිමාණයෙන් කෙසෙල් වගා කර තිබේ. පුද්ගලයින් අටදෙනෙකු විසින් මෙම වගා බිම් පවත්වාගෙන යයි.

    විදුලි වැටවල් සකස් කර පවත්වාගෙන යන මෙම අනවසර වගා බිම් හේතුවෙන් අලින්ගේ වාසස්ථාන අවහිර වීම නිසා මහ අන්දර වැව, වල්සපුගල, කරුවල වැව, තිස්සපුර හා රණමයුරපුර ප‍්‍රදේශ වල ගොවීන්ගේ වගා බිම් වලට අලින්ගෙන් සිදු වන හානි වර්ධනය වී තිබේ. මීට අමතර ව වීර වැව, ගලහිටිය වැව, එළල්ල වැව හා පුස්ගලේ වැවට අලි - ඇතුන්ට පිවිසීමට ඇති ඉඩකඩ විදුලි වැටවල් හා වගා බිම් නිසා සම්පූර්ණයෙන් ම අවහිර වී තිබේ. මීට අමතර ව අන්දර වැවේ ජලය වතුර මෝටර් 81 ක් මගින් මහ පරිමාණයෙන් ලබා ගෙන අනවසර වගා බිම් වලට යෙදීම හේතුවෙන් මෙම වැව යටතේ වගා කරන ගොවීන්ට උග‍්‍ර ජල හිගයකට මුහුණ පෑමට සිදු වී ඇත.

    යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයට අයත් වනාන්තර විනාශ කර ඉදි කරණ සූර්යය බලශක්ති බලාගාර

    යෝජිත රක්ෂිතයේ නීති විරෝධී ව්‍යාපෘති

    මේ වන විට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය තුළ අයිරිෂ්, ඇනෝචි, ෆාර්නා, නැවිටාස් යන සමාගම් විසින් සූර්ය බලශක්ති බලාගාර ඉදිකිරීම සඳහා තිස්සපුර, බුරුතංකන්ද ප‍්‍රදේශයේ වනාන්තර අක්කර 600 ක් නීති විරෝධී ලෙස සම්පූර්ණයෙන් ම එළිපෙහෙළි කර තිබේ. වල්සපුගල, දිවුල්පැලැස්ස වැව් ඉහත්තෑවේ අලි – ඇතුන් ජීවත් වූ අක්කර 300 ක ට වැඩි වනාන්තර භූමි ප‍්‍රදේශයක් සම්පූර්ණයෙන් ම එළිපෙහෙළි කර මහ පරිමාණ සූර්ය බලශක්ති ගම්මානයක් ඉදි කර තිබේ. මෙම වැව හා ආශි‍්‍රත ප‍්‍රදේශය අලි – ඇතුන් විශාල රංචු වශයෙන් ජීවත් වූ ප‍්‍රදේශයකි. මෙම බලාගාරය නිසා ඒ සියල්ල අහිමි වී ඇත.

    මෙයට අමතර ව හිටපු ගුවන්හමුදාපතිවරයකුු විසින් විවිධ පුද්ගලයින් ඉදිරිපත් කර වනාන්තර හෙක්ටයාර 60 ක් සූර්ය බලශක්ති බලාගාර ඉදිකිරීම සඳහා මහවැලි අධිකාරියෙන් ඉඩම් නිදහස් කර ගෙන තිබේ. එම ඉඩම් අතුරින් හෙක්ටයාර 40 ක් සෙනොක් ආයතනයට සූර්ය බලාගාර ඉදිකිරීමට නීති විරෝධීව පවරා තිබේ. සාගර් සෝලා බලාගාරයට යාබදව බුරුතංකන්ද ප‍්‍රදේශයේ වනාන්තර හෙක්ටයාර 20 ක භූමියක් ඉවත් කර සූර්ය බලශක්ති බලාගාරයක් ඉදිකිරීම සිදු කර ඇත.

    මේ සියල්ල ම ජාතික පාරිසරික පනත උල්ලංඝනය කරමින් නීති විරෝධී ව සිදු කර තිබේ.
    ඒ අතරතුර මහවැලි අධිකාරිය මඟින් කෑලියපුර, ගොන්නෝරුව, කැටැන්වැව, පහළ අන්දරවැව හා කුඩාඉදිවැව යන ප‍්‍රදේශවල ව්‍යාප්තව ඇති යෝජිත රක්ෂිතයට අයත් වනාන්තර අක්කර 6000 ක් පමණ සංවර්ධනය කර වාණිජ ඉඩම් ලෙස ලබා දී තිබේ. මේ නිසා යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයෙන් වැඩි කොටසක් අලි – ඇතුන්ට අහිමි වී ගැටලූ ගණනාවකට අලි – ඇතුන්ට හා එ් අවට ජනතාවට මුහුණ දීමට සිදු ව ඇත.

    යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයට අයත් උඩමළල ප‍්‍රදේශයේ ලෝලූගස්වෑකඩ, මැටිගත්වැව, පරෙන්ගි වැව, ළිං වැව, ස්වර්ණමාලී වැව හා මායියන් වැව ආවරණය වන පරිදි අක්කර 1500 ක භූමියක් තෙල් පිරිපහදු පද්ධතියක් ඉදි කිරීමට චීන සමාගමකට ලබා දීමට සැලැසුම් කෙරෙමින් පවතී. මැටිගත් වැව හා ස්වර්ණමාලී වැව යටතේ කුඹුරු අක්කර 90 ක් පමණ වී වගා කෙරේ. මෙම වැව් දෙකට වලව වම් ඉවුරු ඇළ යටතේ ජලය සැපයෙන අතර ඒ මගින් යල - මහ දෙකන්නයේ වී වගාව සිදු කෙරේ.

    එවැනි වැව් පද්ධති මෙවන් ව්‍යාපෘති සදහා යොදා ගැනීමෙන් සුළු පරිමාණ ගොවි ජනතාව දැඩි අර්බුදයකට ලක් වේ. මීට අමතර ව මෙම ප‍්‍රදේශයේ කිරි ගොවීන් 15 දෙනෙකු පමණ එළ හා මී ගව පාලනයේ නිරත වේ. මෙම වැව් රක්ෂිත වෙහෙරගල රක්ෂිතය ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන අතර මෙම වනාන්තරය හරහා බුන්දල ජාතික වනෝද්‍යානය දෙසට අලි සංක‍්‍රමණය වේ. මෙම වනාන්තරය තෙල් පිරිපහදු පද්ධතියක් ස්ථාපිත කිරීම සදහා නිදහස් කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විරෝධතාව පළ කර ඇති නමුත් මාගම්පුර වරාය චීන සමාගමට මේ වන විට ලබා දී ඇති අතර එහි කි‍්‍රයාකාරීත්වයත් සමග මෙය නැවත මතු වෙමින් පවතී.

    යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය තුළ නීති විරෝධීව පස් කැණීම් කරන ආකාරය

    යෝජිත රක්ෂිතයේ අනවසර වගා බිම් හා කළුගල් වලවල්

    යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය තුළ පිහිටි මහවැලි අධිකාරියට අයත් වනාන්තර භූමි මහ පරිමාණයෙන් එළිපෙහෙළි කර අනවසර වගා බිම් පවත්වාගෙන යන ස්ථාන ගණනාවක් වේ. එනම් හාමුදුරු වැව, ඉහළ අන්දර වැව, සීනුක්කුගල, පහළ අන්දර වැව, දිමුතුගම හා වැලි වැව ප‍්‍රදේශ වල ය.

    මීට අමතර ව යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනාන්තර එළිපෙහෙළි කර ස්ථාන ගණනාවක මහ පරිමාණයෙන් අනවසර වගා බිම් පවත්වාගෙන යනු ලැබේ. එනම් රතුකුරුස වැව, දක්ෂිණ වැව, අලූත් වැව, කඩවර වැව, බදගිරිය වැව, මහ අලූත්ගංආර වැව, රණවරුනාව වැව හා දෙව්රන්වෙහෙර වැව යන ප‍්‍රදේශ වල ය. මයුරපුර හා නාගර වැව ප‍්‍රදේශයේ මහ පරිමාණයෙන් පස් කැපීම සිදු කරණ අතර අධිවේගී මාර්ග ඉදි කිරීම සදහා ස්ථාන ගණනාවකින් වනාන්තර එළිපෙහෙළි කර මහ පරිමාණයෙන් පස් කැපීම සිදු කරයි.

    යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය තුළ පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හා මහවැලි අධිකාරියට අයත් වනාන්තර ඉඩම් එළිපෙහෙළි කර මහ පරිමාණ කළු ගල් වලවල් පවත්වාගෙන යනු ලැබේ. වෙහෙරගල හා මහ අලූත්ගංආර ප‍්‍රදේශ වල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනාන්තර මේ ස`දහා යොදා ගෙන ඇත. මීට අමතර ව මයුරපුර, සීනුක්කුගල, කැටැන්වැව, ඉහළ අන්දරවැව, කුඩා ඉදිවැව, ගලහිටිය හා ගොන්නෝරුව ප‍්‍රදේශ වල මහවැලි අධිකාරියට අයත් වනාන්තර එළි කර මහ පරිමාණයෙන් කළුගල් වලවල් පවත්වාගෙන යාම සිදු කරයි.

    මහවැලි අධිකාරියේ දුර්වලතා

    මේ ආකාරයෙන් අවභාවිතා වන යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයෙන් සියයට 40 ක් පමණ ආවරණය වන්නේ මහවැලි අධිකාරියට අයත් වනාන්තර ඉඩම් වලිනි. 1979 අංක 23 දරණ ශී‍්‍ර ලංකා මහවැලි අධිකාරී පනතේ 3 (1) වගන්තියට අනුව 1981 අපේ‍්‍රල් 16 වන දින අංක 137 දරන ගැසට් නිවේදනය මගින් වලව බල ප‍්‍රදේශය වශයෙන් විශාල භූමි ප‍්‍රමාණයක් මහවැලි අධිකාරිය යටතට පවරා දී තිබේ. එසේ පවරා දී ඇත්තේ මෙම සමස්ත ප‍්‍රදේශයේ ම වනාන්තර එළි පෙහෙළි කර සංවර්ධනය කිරීමට නොවේ.

    මහවැලි කඩිනම් සංවර්ධන ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීමේ දී වනාන්තර එළි පෙහෙළි කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස වාසස්ථාන අහිමි වූ අලි – ඇතුන් ඇතුළු සියලූ ජෛව ප‍්‍රජාවට හා ජල පෝෂක ප‍්‍රදේශ වල සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා ජාතික වනෝද්‍යාන ඇතුළු බොහෝ ආරක්ෂිත ප‍්‍රදේශ ප‍්‍රකාශයට පත් කරන ලදී.

    නමුත් වලව ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීමේ දී වාසස්ථාන අහිමි වූ අලි – ඇතුන් ඇතුළු ජෛව ප‍්‍රජාවට හා ජල පෝෂක ප‍්‍රදේශ වල සුරක්ෂිතතාව තහවුරු කිරීමට මහවැලි අධිකාරියට අයත් කිසිදු වනාන්තර ප‍්‍රදේශයක් රක්ෂිත තත්ත්වයට පත් කර නොමැත.

    වලව වම් ඉවුරු ප‍්‍රදේශය සංවර්ධනයේ දී මෙන්ම පසුගිය රජයේ හම්බන්තොට මහ පරිමාණ සංවර්ධන ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීමේ දී වාසස්ථාන අහිමි වූ අලි – ඇතුන් ඇතුළු සියලූ ජෛව ප‍්‍රජාව තවමත් අවතැන්ව සිටී. වැව් හා ජලාශ වල පමණක් නොව මව් ආර හා මලල ආර පෝෂණය කරන බොහෝ වනාන්තර ප‍්‍රදේශ මේ වන විට සංවර්ධනයේ නාමයෙන් අහිමි වෙමින් තිබේ.

    මහවැලි අධිකාරියට වන සතුන්ගේ වාසස්ථාන වල හෝ ජල පෝෂක වනාන්තර වල වැදගත්කම පිළිබඳව කිසිදු හැගීමක් නොමැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ මෙම වනාන්තර විවිධ සමාගම් වලට හෝ පුද්ගලයින්ට බදු දීමට ය. 1981 ගැසට් නිවේදනය මඟින් වලව බල ප‍්‍රදේශය ප‍්‍රකාශයට පත් කර ඇත්තේ එම සමස්ත ප‍්‍රදේශය ම සංවර්ධනය කර විනාශ කිරීමට යැයි මහවැලි අධිකාරියේ නිලධාරීහූ විශ්වාස කරති. නමුත් වලව බල ප‍්‍රදේශය ප‍්‍රකාශයට පත් කර ඇත්තේ සංවර්ධනය සඳහා පමණක් නොව වනාන්තර පරිසර පද්ධති නිසි පරිදි ආරක්ෂා කරමින් සමස්ත ව්‍යාපෘතියේ තිරසාර පැවැත්ම තහවුරු කිරීමට ය.

    අද සිදු වන වේගයෙන් මහවැලි අධිකාරිය මේ ප‍්‍රදේශයේ ඉතිරි වී තිබෙන වනාන්තර සංවර්ධනය සඳහා යොදා ගතහොත් ඉදිරියේ දී අලි - මිනිස් ගැටුම උග‍්‍ර වීම හා ජල අර්බුද උග‍්‍ර වීම වලක්වා ගත නොහැකි වන අතර වලව සංවර්ධන ව්‍යාපෘතිය ද කෙටි කලකින් බිඳ වැටෙනු ඇත. මේ පිළිබඳව නොසිතන නිලධාරීන් මහවැලි අධිකාරියේ සිටීම කනගාටුවට කරුණකි. යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය තුළ මහවැලි අධිකාරියට අයත් සුවිශේෂී වනාන්තර පද්ධති ගණනාවක් පිහිටා තිබේ.

    එම වනාන්තර සියල්ලම පසුගිය කාලය මුළුල්ලේම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ආරක්ෂා කරන ලදී. නමුත් අද වන විට එම වනාන්තර වාණිජ වගාවන් ව්‍යාප්ත කිරීමට, බොරලූ හා කළු ගල් ලබා ගැනීමට සමාගම් වලට හා විවිධ පුද්ගලයින්ට එම අධිකාරියෙන් ලබා දීම සිදු කරයි. මහවැලි අධිකාරියට අවශ්‍ය වන්නේ මුදල් ඉපයීම පමණි. ඔවුන් වන සතුන්ගේ පැවැත්ම හෝ ජල පෝෂක වල පැවැත්ම පිළිබදව කිසිදු අවබෝධයක් හෝ එ් පිළිබඳව සිතා බැලීමක් හෝ සිදු නොකරයි.

    යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය තුළ පිහිටි මහවැලි අධිකාරියට අයත් වනාන්තර ප‍්‍රදේශ හයක් මේ වන විට අනාරක්ෂිතව පවතී. මදුනාගල අභය භූමිය ආශි‍්‍රත ව පිහිටි හෙක්ටයාර 300 ක් පමණ වන කරඹගස්මුල්ල ඖෂධ වනය එ් අතුරින් ප‍්‍රධාන වේ. මීට අමතර ව වැවේ ගම, වැලි ආර, බැදි වැව, බෝගහ ඉදි වැව, කුඩා ඉදි වැව ආශි‍්‍රත ප‍්‍රදේශවල ව්‍යාප්ත ව ඇති කෝන්කැටි ආර වනාන්තරය හෙක්ටයාර 700 ක් පමණ වේ. මෙම ඝන වනාන්තරය තුළ අලි - ඇතුන් බහුල ව ජීවත් වන අතර මව් ආර ව්‍යාපෘතියට අදාළ ඇළ මාර්ග බොහොමයක ජල පෝෂක ප‍්‍රදේශ වේ.

    මහ ඉදිවැව හා ඉහළ කුඹුක් වැවේ ඉහත්තාවේ ජල පෝෂක ප‍්‍රදේශ ලෙස පිහිටන වනාන්තර හෙක්ටයාර 120 ක් පමණ මහවැලි අධිකාරිය යටතේ පාලනය වේ. එ් අතර මහ ඉදි වැව ඉහත්තාවේ පිහිටන හෙක්ටයාර 20 ක් පමණ වන සූරියමාර වන වගාව අද වන විට ඉතා හොඳින් ස්වභාවීකරණයට ලක් ව තිබේ. ගොන්නෝරුව පාර හා මලල ආර අතර පිහිටි හෙක්ටයාර 400 ක් පමණ වන වනාන්තර ප‍්‍රදේශය හා පහළ අන්දර වැව, හැඹිල්ල, කැටැන් වැව යන ගම්මාන ආශි‍්‍රත ව පිහිටි හෙක්ටයාර 200 ක් පමණ වන එලල්ල වනාන්තර ප‍්‍රදේශයේ මහවැලි අධිකාරිය යටතේ පාලනය වේ.

    මේ වනාන්තර ප‍්‍රදේශ සියල්ල ම කඩිනමින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරා ආරක්ෂා කළ යුතු ව ඇත. එසේ නොවුනහොත් ඉතා ම කෙටි කලකින් මෙම වනාන්තර සියල්ල ම මහවැලි අධිකාරියෙන් සම්පූර්ණයෙන් විනාශ කර දමනු ඇත. මහවැලි අධිකාරියට අයත් නොවන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් තවත් වනාන්තර ප‍්‍රදේශ ගණනාවක් යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයට අයත් ය. හෙක්ටයාර 600 ක් පමණ වන තම්මැන්න - බදගිරිය අවශේෂ කැලය, හෙක්ටයාර 500 ක් පමණ වන බුන්දල – සිරියගම අවශේෂ කැලය, හෙක්ටයාර 2000 ක් පමණ වන රන්මුදු වැව වන රක්ෂිතය හා හෙක්ටයාර 600 ක් පමණ වන කැලිගම – කොහොලංකල අවශේෂ කැලය එ් අතර ප‍්‍රධාන වේ. මෙම වනාන්තර ද අද වන විට දැඩි අවදානමකට ලක් ව තිබේ.

    පසුගිය 2010-2015 රජය පැවති සමයේ දී කැලිගම – කොහොලංකල අවශේෂ කැලයේ වනාන්තර අක්කර 1000 ක් නාගරික සංවර්ධන අධිකාරිය යටතට පැවරීමට අත්පත් කර ගෙන තිබේ. එම වනාන්තර ප‍්‍රදේශය කොහොලංකල අලි මංකඩ ලෙස සැලකෙන ඉතා ම වැදගත් වනාන්තර ප‍්‍රදේශයකි. මෙම ප‍්‍රදේශයේ වනාන්තර විනාශ කිරීමෙන් හා සංවර්ධනය කිරීමෙන් අලි – ඇතුන්ගේ සාම්ප‍්‍රදායික අලිමංකඩ අහිමි වී ගැටලූ බොහොමයක් උද්ගත වී ඇත.

    මලල ආරට ඉහළින් පිහිටි තම්මැන්නාව – බ`දගිරිය අවශේෂ වනය ලූණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය හා බුන්දල ජාතික වනෝද්‍යානය අතර අලි ගමන් කරන ප‍්‍රධාන මංකඩකි. මෙම ප‍්‍රදේශයේ ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම් පිහිටා ඇති බව සඳහන් කරමින් විවිධ පුද්ගලයන් විසින් වනාන්තර ඉඩම් නිදහස් කර ගැනීමට උත්සාහ දරයි.

    මෙම වනාන්තර ප‍්‍රදේශයේ අක්කර 50 ක භූමියක් කජු වගාවක් සඳහා ලබා ගැනීමට මේ වන විට උත්සාහ දරන අතර එම ඉඩම් නිදහස් කිරීමට ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ද පියවර ගනිමින් සිටී. මීට අමතර ව බඳගිරිය ජලාශය ඉදි කිරීමේ දී අවතැන් වූ ජනතාවට විකල්ප ඉඩම් ලබා දී ඇති නමුත් ජලාශයට යට වූ භූමි ප‍්‍රදේශ වල ඉඩම් ඔප්පු භාවිතා කරමින් ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් වනාන්තර නිදහස් කර ගැනීමට හම්බන්තොට ප‍්‍රදේශයේ පෞද්ගලික පංති පවත්වන ගුරුවරයකු ඇතුළු සංවිධානාත්මක පිරිසක් උත්සාහ දරති.

    යෝජිත රක්ෂිතය තුළ අලි – ඇතුන් වැනසීම

    මේ සියල්ලේ ම ප‍්‍රතිඵලය ලෙස යෝජිත හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය තුළ හා ඒ ආශ‍්‍රිත ව පිහිටි කැටන්වැව, කුඩා ඉදිවැව, නාගරවැව, පන්වැව, වල්සපුගල, තැලවිල්ල, ඉලූක්පැලැස්ස, සීනුක්කුගල හා මැටිගත්වැව ආදී ප‍්‍රදේශවල වගා බිම්වලට පැමිණෙන අලි – ඇතුන් වෙඩි තබා හෝ විදුලිසැර යොදා ඝාතනය කිරීම වර්ධනය වී තිබේ.

    මේ ප‍්‍රදේශයේ අලි මරණ හා අලි ප‍්‍රහාරයට ලක් ව සිදු වූ මිනිස් මරණවලට සෘජුව ම වගකිව යුතු වන්නේ නිවැරදි උපායමාර්ගික සැලසුමකින් තොරව හම්බන්තොට සිදු කළ අවිධිමත් සංවර්ධන කටයුතු ය. ලංකාවේ දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉදි කිරීම සඳහා පමණක් මත්තල ප‍්‍රදේශයේ අලි – ඇතුන්ගේ ප‍්‍රධාන වාසස්ථානයක් වූ දැවැන්ත වනාන්තර පද්ධතියේ අක්කර 5000ක් සම්පූර්ණයෙන් යොදා ගැනීම සිදු කෙරිණ. ඉන්පසුව ඒ ආශ‍්‍රිත මාර්ග පද්ධති හා යටිතල පහසුකම් නැංවීමට, මාගම්පුර වරාය ඉදි කිරීමට, හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාව, මිරිජ්ජවිල ආයෝජන කලාපය, හම්බන්තොට පරිපාලන සංකීර්ණය, අධිවේගී මාර්ග පද්ධතිය ඉදි කිරීම හා ක‍්‍රිකට් ක‍්‍රීඩාපිටිය ඉදි කිරීම සඳහා ද දැවැන්ත වනාන්තර ප‍්‍රමාණයක් ඉවත් කෙරිණ.

    මේ හේතුවෙන් පහළ අන්දරගස්වැව, දිමුතුගම, එලල්ල, පහළ මත්තල, උඩ මත්තල, පුංචිඅප්පු ජදුර, බදගිරිය සහ ලූණුගම්වෙහෙර ව්‍යාපාරය යටතේ සංවර්ධනය කළ කුඩා ගම්මාන 5 හා 6 ප‍්‍රදේශවලට වාසස්ථාන අහිමි වූ අලි – ඇතුන් පිවිසීමෙන් දැවැන්ත අලි – මිනිස් ගැටුමක් අලූතින් නිර්මාණය වී තිබේ. මේ නිසා වගා බිම් වලට හා දේපොළ වලට සිදු වී ඇති හානිය සුළුපටු නොවේ. සමහර ගොවි ජනතාව වගා කටයුතු වලින් ඉවත් වීමට පවා මේ තත්ත්වය බලපා තිබේ.
    මේ වන විනාශයේ ප‍්‍රතිඵලය වී ඇත්තේ අලි – මිනිස් ගැටුම මෙතෙක් නොපැවති බොහෝ ප‍්‍රදේශ එහි ගොදුරු බවට පත් කිරීම පමණක් ම නොවේ. පසුගිය කාලයේ පැවති උග‍්‍ර නියං තත්ත්වයට හා ඒ සමග ම උද්ගත වූ දැවැන්ත ජල අර්බුදයට ප‍්‍රධාන හේතුව වී ඇත්තේ ද මේ මහා පරිමාණ වනාන්තර විනාශ යයි.

    හම්බන්තොට අලි – ඇතුන් අනාථ වී ඇති ආකාරය

    අද වන විට නිසි සැලැසුමකින් තොරව ඉදි කළ හම්බන්තොට වරාය පරිශ‍්‍රය තුළ, මිරිජ්ජවිල ආයෝජන කලාපය තුළ, හම්බන්තොට පරිපාලන සංකීර්ණය පිටුපස පිහිටි වනාන්තර කොටස තුළ, ක‍්‍රීඩා පිටිය ආශ‍්‍රිත නුගේගලයාය, එඩිසන් කන්ද ආශ‍්‍රිත ව සහ මෙම සංවර්ධන කටයුතු හේතුවෙන් හුදකලා වී ඇති වනාන්තර කුට්ටි ලෙස පවතින, මානජ්ජාව කැලය, මදුනාගල වනාන්තරය, නාගරවැව ප‍්‍රදේශය, ඉහළ කුඹුක්වැව හා කුමාරගම කැලෑ ප‍්‍රදේශයේ අලි – ඇතුන් විශාල ප‍්‍රමාණයක් හුදකලාව සිටිති. මේ සියලූ සතුන් අනාථ වී සිටින්නේ හම්බන්තොට අවිධිමත් සංවර්ධනයේ ප‍්‍රතිඵලයක් ලෙස ය.

    යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය දෙකඩ කරමින් මාතර සිට හම්බන්තොට දක්වා අධිවේගී මාර්ගය ඉදි කර ඇති අතර මාතර සිට ඉහළ අන්දර වැව හරහා මත්තල ගුවන්තොටුපොළ දක්වා ඉදිකර ඇති අධිවේගී මාර්ගය හා මාගම්පුර වරායේ සිට ඉහළ අන්දරවැව දක්වා ඉදිකර ඇති අධිවේගී මාර්ග පිවිසුම හේතුවෙන් මෙම රක්ෂිතයේ වනාන්තර පද්ධති දැඩි ලෙස ඛණ්ඩනය වීමට ලක් ව තිබේ. මේ වන විට අධිවේගී මාර්ගය සකස් කිරීම සඳහා මීටර් 150 ක් පමණ පළල හා කිලෝමීටර් 8 ක් පමණ දිග වනාන්තර තීරයක් සම්පූර්ණයෙන් ම ඉවත් කර ඇත.

    මෙම අධිවේගී මාර්ග හේතුවෙන් යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ සීනුක්කුගල, වල්සපුගල, කරුවලවැව වනාන්තර ප‍්‍රදේශය සම්පූර්ණයෙන් ම අලි – ඇතුන් සමග ම හුදකලා වීම සිදු ව තිබේ. මේ පිළිබඳ ව අදාළ සැලසුම් සකස් කරන්නන් ගේ අවධානය යොමු නොකිරීමෙන් සිදු ඇත්තේ අවට ජනතාව අලි - මිනිස් ගැටුමට තව තවත් ගොදුරු වීම ය.

    යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මහවැලි අධිකාරියට අයත් ඉඩම් වලින් සමන්විත වුව ද බොහෝ ඉඩම් අද වන විට දේශපාලන බලය හා නිලධාරීන් මුදලට යට වීම මත මහ පරිමාණයෙන් එළිපෙහෙළි කර විවිධ ව්‍යාපෘති සදහා භාවිතා කිරීමට සමාගම් වලට හා විවිධ පුද්ගලයින්ට ලබා දේ.

    මහවැලි අධිකාරිය වනාන්තර වාණිජ වගාවන් ව්‍යාප්ත කිරීම හා විවිධ සංවර්ධන කටයුතු සදහා ලබා දීම අඛණ්ඩව සිදු කරන නමුත් මෙම ප‍්‍රදේශයේ අලි - මිනිස් ගැටුම පාලනය කිරීම සදහා යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය ප‍්‍රකාශයට පත් කිරීමට ඉඩකඩ ලබා නොදේ. එපමණක් නොව මෙම ප‍්‍රදේශයේ මහ පරිමාණයෙන් වනාන්තර එළිපෙහෙළි කිරීම සදහා අනුමැතිය ලබා දෙන්නේ ජාතික පාරිසරික පනත උල්ලංඝනය කරමිනි.

    හම්බන්තොට සංවර්ධනයෙන් අලි – මිනිස් ගැටුම උග‍්‍ර කිරීම

    මාගම්පුර වරාය, මත්තල ගුවන් තොටුපොළ හා හම්බන්තොට අධිවේගී මාර්ග ජාලය ඉදිකිරීමට ප‍්‍රථම සකස් කළ පරිසර බලපෑම් ඇගයීම් වාර්තාවල පැහැදිලිව සඳහන් කර ඇත්තේ මේ සංවර්ධන කටයුතු හේතුවෙන් අවතැන්වන අලි – ඇතුන්ට රැුකවරණය සැලසීම සඳහා හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ප‍්‍රකාශයට පත් කළ යුතු බව ය. නමුත් එය එම වාර්තාවලට පමණක් සීමා කර දැනට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය අවිධිමත් හම්බන්තොට සංවර්ධනයේ දැවැන්ත ගොදුරක් බවට පත් ව තිබේ.

    මේ තත්ත්වය හේතුවෙන් වල්සපුගල, කරුවලවැව, මදුනාගල, හැඩිල්ල, කරඹගහමුල්ල, නබඩගස්වැව කටු වැව, පතලයාගම, ආරබැද්ද, කැලිගම, ගල්වැව, හොඩවැල් පොකුණ, බැල්ලගස් වැව, බැරගම, අම්බලන්තොට, මානජ්ජාව, වැවේගම, වැලි ආර, වැලි වැව, මීගහජදුර, මත්තල, උඩමත්තල, ගොන්නෝරුව, බදගිරිය, තම්මැන්නාව, කැරුස වැව, ජූල්ගමුව, යහන්ගල, අන්දරවැව, පන්වැව, සීනුක්කුගල, නාගරවැව, කුඩා ඉදිවැව, කැටැන්වැව හා උණුදිය පොකුණ ආදී ප‍්‍රදේශවල අලි – මිනිස් ගැටුම උග‍්‍ර තත්ත්වයකට පත් ව තිබේ.

    ගුවන්තොටුපොළ, වරාය, ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණශාලාව හා අධිවේගී මාර්ග ජාලය ඇතුළු හම්බන්තොට මහ පරිමාණ සංවර්ධන කටයුතු ස`දහා අක්කර 20000 ක ට අධික වනාන්තර ප‍්‍රමාණයක් එළි කිරීම හේතුවෙන් හා යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය තුළ මහ පරිමාණයෙන් සිදු වන සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් අවතැන් වී ඇත්තේ අලි – ඇතුන් පමණක් නොවේ. ගව පාලනයේ නිරත පුද්ගලයින් ගේ එළ හා මී ගවයින් 30000 ක ට වැඩි ප‍්‍රමාණයකගේ ආහාර බිම් අහිමි වී ඇත. මේ නිසා මෙම සතුන් ව මාදුරුඔය, ගල් ඔය, කොටියාගල, සියඹලාණ්ඩුව, අම්පාර, පදියතලාව ආදී ප‍්‍රදේශ වල රක්ෂිත වනාන්තර වලට යොමු කර තිබේ. මේ නිසා ද තවත් ආකාරයක ගැටුම් වර්ධනය වී තිබේ.

    ජාතික පාරිසරික පනත උල්ලංඝනය කිරීම

    1980 අංක 47 දරන සංශෝධිත ජාතික පාරිසරික පනතට අනුව ප‍්‍රකාශිත 1993 ජුනි 24 වන දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව අක්කර 2.5 කට වඩා විශාල වනාන්තරයක් එළි කර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා යොදා ගැනීමට ප‍්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයීම් ක‍්‍රියාවලියට යටත් ව ඒ සදහා පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය.

    නමුත් යෝජිත හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය තුළ මහවැලි අධිකාරියේ මැදිහත් වීමෙන් සිදු කෙරෙන සියලූ සංවර්ධන කටයුතු මේ නීතිමය තත්ත්වය උල්ලංඝනය කරමින් සිදු කෙරේ. නමුත් මේ කිසිදු කි‍්‍රයාවකට එරෙහි ව මධ්‍යම පරිසර අධිකාරිය කිසිදු කි‍්‍රයාමාර්ගයක් ගෙන නොමැති වීම කනගාටුවට කරුණකි.

    2006 වසරේ දී ප‍්‍රකාශයට පත් කළ ‘‘වන අලි සංරක්ෂණය හා කළමනාකරණ ජාතික ප‍්‍රතිපත්තියට’’ අනුව අලි කළමනාකරණ රක්ෂිත ප‍්‍රකාශයට පත් කිරීම තුළින් අලි - ඇතුන් ස්ථානීයව සංරක්ෂණය කිරීම පිළිබද ව ප‍්‍රධාන අවධානය යොමු කර තිබේ. ඒ සදහා එම සතුන් ගේ වාසස්ථාන ආරක්ෂිත ප‍්‍රදේශ ලෙස ප‍්‍රකාශයට පත් කළ යුතු ය. ඒ අනුව යෝජිත හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය කඩිනමින් ප‍්‍රකාශයට පත් කළ හැකි ය. නමුත් තවමත් ඒ සදහා නිසි යොමුවක් ලබා දී නොමැත.

    මෙවර ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනතාවට ඉදිරිපත් කළ ‘‘ගෝඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්ම’’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ ‘‘තිරසර පරිසර ප‍්‍රතිපත්තියක්’’ කොටසෙ හි ‘‘ශී‍්‍ර ලංකාවේ භූමිය භාවිතා කළ යුත්තේ ජනතාවගේ යහ පැවැත්ම සදහා ය. මිනිසා මෙන් ම අනෙක් සත්ත්වයින්ට භූමියට ඇති අයිතිය සුරක්ෂිත කරන භාරකාරයකු ලෙස රජය කි‍්‍රයා කළ යුතු ය.’’ යනුවෙන් සදහන් වන අතර ලංකාවේ වන ආවරණය සියයට 30 දක්වා වර්ධනය කරන බව ද සදහන් කර ඇත.

    නමුත් ඒ සදහා කිසිදු ප‍්‍රවේශයක් මේ දක්වා ගෙන නොමැති වත්මන් ආණ්ඩුව පසුගිය ආණ්ඩුව මෙන්ම අලි – මිනිස් ගැටුම වර්ධනය වන කි‍්‍රයාමාර්ග රැසක් ගනිමින් සිටී. ඒ අතර යෝජිත හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය ප‍්‍රකාශයට පත් නොකර එම වනාන්තර බිම් සංවර්ධනයට, වාණිජ වගාවන් ව්‍යප්ත කිරීමට හා ජනාවාස ව්‍යාප්ත කිරීමට යොදා ගන්නා අතර තවත් විශාල භූමි ප‍්‍රදේශයක් චීන සමාගම් වලට කර්මාන්ත ස්ථාපිත කිරීමට ලබා දීමට සූදානම් වේ.

    ආණ්ඩු බලය හිමි කණ්ඩායම් මෙලෙස ගන්නා වැරදි තීන්දු තීරණ හේතුවෙන් අසරණ වන්නේ සුළු ගොවීන් හා අලි – ඇත් පරපුරයි. අවසානයේ දී මේ කණ්ඩායම් දෙක දැවැන්ත ගැටුමකට මුහුණ දී දුබලයා පරාජයට පත් වන අතර වගා බිම් ද විනාශ වී යයි. නමුත් කිසිදු අවස්ථාවක ගොවීන් මෙම හානිකර සැලැසුම් වලට එරෙහිව කි‍්‍රයාත්මක නොවේ. කි‍්‍රයාත්මක වන්නේ තම වගා බිමට පැමිණෙන අලි – ඇතුන් මරා දැමීමට පමණි.

    රක්ෂිතය ප‍්‍රකාශයට පත් කිරීමෙන් අත්වන වෙනත් ප‍්‍රතිලාභ

    යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය මගින් රක්ෂිත ප‍්‍රදේශ කිහිපයක් ජාලගත කිරීම සිදු වන අතර ම ජල පෝෂක බිම් කිහිපයක් ම සුරක්ෂිත කෙරේ. මේ තුළ පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වනාන්තර ප‍්‍රදේශ තුළ වැව් 25 ක් පමණ පිහිටා තිබේ.

    මැටිගත් වැව, ස්වර්ණමාලී වැව, ලෝලූගස්වෑකඩ වැව, කැලිගම වැව, පරෙන්ගි වැව, වීරසිංහ වැව, ඩෝසර්වත්ත වැව, තම්මැන්න වැව, බදගිරිය වැව, කඩවර වැව, උඩමත්තල වැව, ඔරුකැන්ගල වැව, පන් වැව, කටු වැව, ලූණුවැරනිය වැව, රන්මුදු වැව, මහ අලූත්ගංආර වැව, මහ වැව, මහ ගල් වැව, කුඩා වැව, ගලපිට වැව, රතු කුරුස වැව, දක්ෂිණ වැව, සේරුංකෙළිය වැව හා අලූත් වැව ඒ අතර වේ. මේ අතුරින් බදගිරිය වැව විශාලත ම වැව වේ.

    මීට අමතර ව යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ මහවැලි අධිකාරියට අයත් වනාන්තර ප‍්‍රදේශ තුළ වැව් 17 ක් පමණ පිහිටා තිබේ. එනම් කිකිළි ඉද්ද වැව, ගල් වැව, දිවුල්පැලැස්ස වැව, ඉළුක්පැලැස්ස වැව, කැටැන් වැව, ගලහිටිය වැව, තේක්ක වැව, හාමුදුරු වැව, අන්දර වැව, උස්ගල වැව, වැවේගම් වැව, කුඩා ඉදි වැව, එලල්ල වැව, හැඩිල්ල වැව, පහළ අන්දර වැව, කරමැටිය වැව හා මුත්තගල්ආර වැව යි. මේ සියල්ලේ ම ජල සුරක්ෂිතතාව හා කෘෂිකර්මාන්තයේ සුරක්ෂිතතාව ඇති කිරීම සදහා මෙම රක්ෂිතය ප‍්‍රකාශයට පත් කිරීම ඉතා ම වැදගත් වේ.

    යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය අලි – ඇතුන්ගේ නිජබිමක් පමණක් නොවේ. එය සුවිශේෂී පරිසර පද්ධති ගණනාවකින් සමන්විත ය. වියළි මිශ‍්‍ර සදාහරිත වනාන්තර, කටු පදුරු සහිත ලදු කැලෑ, වැව් ඇතුළු තෙත් බිම් පද්ධති මේ තුළ පිහිටා තිබේ. මේ සියලූ පරිසර පද්ධති වල 450 ක් පමණ වන අලි ගහනයක් හා විශාල ජෛව ප‍්‍රජාවක් වාර්තා වේ. තෙත් බිම් ආශි‍්‍රත නේවාසික පක්ෂීන් බහුතරයකගේ වාසස්ථාන වන මෙම ප‍්‍රදේශය සංක‍්‍රමණික තෙත් බිම් පක්ෂීන්ගේ ද ප‍්‍රධාන ගොදුරු බිමකි. මීට අමතර ව මෙම ප‍්‍රදේශය තුළ පුරා විද්‍යාත්මකව වටිනා ස්ථාන බොහොමයක් පිහිටා තිබේ.

    අලි කළමනාකරණ රක්ෂිතය කඩිනමින් ප‍්‍රකාශයට පත් කළ යුතුය

    මේ නිසා අප විශේෂයෙන් මෙසේ අවධාරණය කර සිටිමු. යෝජිත හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය කඩිනමින් ප‍්‍රකාශයට පත් කර හම්බන්තොට අක‍්‍රමවත් සංවර්ධනය හේතුවෙන් අවතැන් වී ඇති අලි – ඇතුන් ගේ රැුකවරණය තහවුරු කරණ ලෙස ය. එසේ නොමැති වුවහොත් රජයේ අක‍්‍රමවත් ඉඩම් බෙදා දීමේ කි‍්‍රයාවලිය හේතුවෙන් දරුණු විනාශයක් හම්බන්තොට ප‍්‍රදේශයේ අලි – ඇතුන් ඇතුළු ජෛව ප‍්‍රජාවට හා සාමාන්‍ය ජනතාවට සිදු විය හැකි ය.

    එපමණක් නොව හම්බන්තොට ස්වාභාවික සම්පත්, වනාන්තර හා අලි – ඇතුන්ගේ ගැවසුම් ප‍්‍රදේශ හුදකලා කිරීමට හා ඛණ්ඩනය කිරීමට හේතුවන අහිතකර සංවර්ධන සැලසුම් සකස් කිරීම නතර කළ යුතු ය. විශේෂයෙන් චීන කර්මාන්ත පුරයක් ඇති කිරීම සදහා දරනට මැනීම් කර ඇති අලි - ඇතුන්ගේ වාසස්ථාන ලෙස පවතින වනාන්තර අක්කර 15000 ක් ලබා දීමේ කි‍්‍රයාවලිය ද සම්පූර්ණයෙන් ම නතර කළ යුතු ය.

    ඉදිරි සංවර්ධන කටයුතු ක‍්‍රියාත්මක කිරීමට ප‍්‍රථමයෙන් හම්බන්තොට දැනට සිදු කර ඇති සංවර්ධන කටයුතු වලට අදාළ ව නිසි ඇගයීමක් සිදු කර හුදකලා වී ඇති හා ඛණ්ඩනය වී ඇති වනාන්තර හා ස්වාභාවික පරිසර පද්ධති ඒකාබද්ධ කිරීම තුළින් අලි - ඇතුන් ඇතුළු ව සියලූ ජෛව ප‍්‍රජාවගේ රැුකවරණය හා කෘෂිකාර්මික ජල සුරක්ෂිතතාව තහවුරු කර ගොවි ජනතාවගේ රැුකවරණය සුරක්ෂිත කළ යුතු ය.

    එපමණක් නොව ඉදිරි සංවර්ධන සැලැසුම් සියල්ල ප‍්‍රදේශයේ ජනතාවගේ අවශ්‍යතාවන් මත අනාගත පරපුරේ පැවැත්ම තහවුරු වන ආකාරයෙන් නිවැරදි ආර්ථික සංවර්ධන උපායමාර්ග මත මානව හා ස්වාභාවික සම්පත් නිසි කළමනාකරණයකින් යුතු ව සිදු කළ යුතු ය. ඒ සදහා උපායමාර්ගික සංවර්ධන ප‍්‍රවේශයක් සදහා සමස්තය ආවරණය වන පරිදි නිවැරදි පරිසර බලපෑම් ඇගැයීමක් සිදු කළ යුතු ය. එසේ නොවුනහොත් මාගම්පුර වරාය හා මත්තල ගුවන්තොටුපොළ මෙන් සිදු කළ සංවර්ධන ව්‍යාපෘති වලින් රටට ප‍්‍රතිලාභ අත් වනවා වෙනුවට ඒවා පවත්වාගෙන යාම රටට බරක් වී ඒ සියල්ල විදේශීය සමාගම් වලට දීර්ඝකාලීනව බදු දීමට සිදු වනු ඇත.

    සජීව චාමිකර – ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය

  • ලෝකයේ සුපිරිම නිතඹ හිමි නිළියක සුපිරි බිකිනි විලාසිතා 20ක්

    ලෝකයේ සුපිරිම නිතඹ හිමි නිළියක සුපිරි බිකිනි විලාසිතා 20ක්

    සුපිරි හෙළිවුඩ් නිළියක වන කිම් කාර්ඩාෂියන් වෙස්ට් – Kim Kardashian West නිළියක් වගේම නිරූපණ ශිල්පිනියක්. ලෝකයේ ලස්සනම / සරාගීම ‘නිතඹ‘ හිමි කාන්තාව වශයෙන් සැලකෙන්නේ ද ඇයයි. ඒ වගේම ප්‍රකට සමාජ ක්‍රියාකාරිනියක් සේම සමාජ සේවිකාවක් ද වන කිම් ලෝකයේ බලවත්ම කාන්තාවන් අතර ඉදිරියෙන්ම සිටිනවා.

    අපි මෙවර අපේ විලාසිතා පිටුව සදහා තෝරා ගත්තේ කිම්ගේ සුපිරි බිකිනි විලාසිතා 20ක එකතුවක්. බටහිර රටවල පමණක් නොව ආසියානු කලාපයේ ද මහත් ආකර්ෂණයක් දිනා ගත් ඇයගේ මේ සුන්දර බිකිනි විලාසිතා ඔබගේ ආකර්ෂණය දිනා ගන්නා බව නම් අපට සහතිකයි.

    Sexy Kim Kardashian Pictures 2019 | POPSUGAR Celebrity
    Photos from Kim Kardashian Bikini Pics - E! Online
    Even More From Kim's White-Hot Postbaby Bikini Shoot! | Kim kardashian  bikini, Kim kardashian show, Celebrity bikini
    Kim Kardashian Bikini Styles2 - QuirkyByte Trendz
    Photos: Kim Kardashian Wearing Blue Bikini in Mexico | BlackSportsOnline
    Kim Kardashian | Kardashian bikini, Kim kardashian bikini, Kourtney  kardashian bikini
    Kim Kardashian's Bondage Bikini in Miami - E! Online
    Kim Kardashian flaunts 119lb figure in eye-popping bikini bottoms | Daily  Mail Online
    Kim Kardashian flaunts her banging body in sexy silver bikini as she poses  in Miami beach (Photos)
    Kim Kardashian showcases her curves in skimpy monokini as she hits the  beach in Mexico
    Kim Kardashian Hot Swimwear Pic — Celeb Lives
    Kim Kardashian hot bikini (13) | 21st Century Boy
    American Model Kim Kardashian in White Bikini Looks | Kardashian bikini,  Bikinis, Kim kardashian bikini
    720x1208px | free download | HD wallpaper: Kim Kardashian Sexy Bikini |  Wallpaper Flare
    Kim Kardashian poses mouth-watering snake print bikini - Real Talk Time
    Kim Kardashian West on Twitter: "Coming soon: @SKIMS Stretch Rib — a sleek,  sport-inspired collection of soft ribbed underwear and loungewear pieces  that flatter the body and mold to your curves.… https://t.co/pLHEm5xIyO"
    SHE'S BAE! Kim Kardashian shows off her fab curves in pink bikini
    Kim Kardashian puts on an eye-popping display in skimpy snakeskin bikini -  Mirror Online
    Kim Kardashian shows off her curves in sexy cut-out swimsuit in Mexico  after hitting the gym - Mirror Online

    The Bikinifashion.com – Text by – Thushadhavi

  • Facebook කරන වැඩ තවත් ඉවසන්න බෑ – සුපිරි හොලිවුඩ් නිළි කිම් කාර්ඩාෂියන්

    Facebook කරන වැඩ තවත් ඉවසන්න බෑ – සුපිරි හොලිවුඩ් නිළි කිම් කාර්ඩාෂියන්

    සුපිරි හෙළිවුඩ් නිළියක වන කිම් කාර්ඩාෂියන් වෙස්ට් – Kim Kardashian West සහ තවත් ප්‍රසිද්ධ පුද්ගලයින් දුසිම් ගණනක් “වෛරය, ප්‍රචාරය සහ වැරදි තොරතුරු – “hate, propaganda and misinformation” පැතිරවීමට විරෝධය දැක්වීම සඳහා තම සමාජ මාධ්‍ය ගිණුම් ඉවත් කර ගන්නා බව ප්‍රකාශ කර තිබේ.

    Kim Kardashian looks stunning in a black bikini on 'heavenly' Mexican  holiday with Kanye West

    “සමාජ මාධ්‍යවල බෙදාගෙන ඇති වැරදි තොරතුරු බරපතල ලෙස බලපායි” යනුවෙන් කර්ඩාෂියන් වෙස්ට් ඊයේ (15) විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියාය.

    මෙම පියවර සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරීන් විසින් සංවිධානය කරන ලද #StopHateforProfit ව්‍යාපාරයේ කොටසකි.

    කීර්තිමත් පුද්ගලයින් අද (16) පැය 24 ක් ඔවුන්ගේ ගිණුම් අත්හිටුවනු ඇත.

    “වෛරය, ප්‍රචාරය සහ වැරදි තොරතුරු පැතිරවීමට මෙම වේදිකා දිගින් දිගටම ඉඩ දෙන අතර මට තව දුරටත් නිහඬව සිටිය නොහැකියි. සමාජ මාධ්‍යවල වැරදි තොරතුරු හුවමාරු වීම අපගේ මැතිවරණයට (ඇමෙරිකානු ජනාධිපතිවරණයට) බරපතල බලපෑමක් ඇති කරන අතර අපගේ ප්‍රජාතන්ත්‍රවාදයට වළ කපයි.

    වර්ජනය සඳහා සහභාගී වීමට එකඟ වූ අනෙකුත් ජනප්‍රිය පුද්ගලයින් අතර නළු ලෙනාඩෝ ඩිකැප්‍රියෝ, සාචා බාරොන් කොහෙන් සහ ජෙනිෆර් ලෝරන්ස් මෙන්ම ගායක කැටි පෙරී ද වේ.

    “මෙම වේදිකාවන් මගින් ද්වේෂ සහගත තොරතුරු සපයන අතර මට නිකම් ඉඳගෙන සිටිය නොහැක” යනුවෙන් පෙරී ඉන්ස්ටග්‍රෑම් හි ලියා තිබේ.

    මිලියන සංඛ්‍යාත අනුගාමිකයන් සිටින සහ වර්ජනයට එක්වන නළු ඇෂ්ටන් කුචර් පැවසුවේ “මෙම මෙවලම් ගොඩනඟා ඇත්තේ වෛරය සහ ප්‍රචණ්ඩත්වය පැතිරවීම සඳහා නොවන” බවයි.

    කැටි පෙරී සහ ඕර්ලන්ඩෝ බ්ලූම්
    කැටි පෙරී සහ ඕර්ලන්ඩෝ බ්ලූම් ද වර්ජනය සඳහා එක් වී සිටිති

    ජුනි මාසයේදී දියත් කරන ලද #StopHateforProfit ව්‍යාපාරයේ සංවිධායකයින්, ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් වෛරී කතා සහ වැරදි තොරතුරු නැවැත්වීමට ප්‍රමාණවත් නොවන බවට චෝදනා කරති.

    මෙම කණ්ඩායම ෆේස්බුක් වෙත ද අවධානය යොමු කර ඇති අතර මේ වන විට ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් හිමිකාරීත්වය ද දරන ෆෙස්බුක් සමාගම පසුගිය වසරේදී ඩොලර් බිලියන 70 කට වෙළඳ දැන්වීම් ආදායමක් ලබා ගත්තේය.

    වර්ණ ගැන්වූ ජනතාවගේ අභිවෘද්ධිය සඳහා වූ ජාතික සංගමය (එන්ඒඒසීපී) සහ අපහාස-විරෝධී ලීගය‘ – The National Association for the Advancement of Colored People (NAACP) and the Anti-Defamation League (AD) ඇතුළු ව්‍යාපාර සහ ප්‍රධාන සිවිල් අයිතිවාසිකම් කණ්ඩායම් දහස් ගණනක් මෙම ව්‍යාපාරයට අත්සන් තබා ඇත.

    “අපි ඉක්මනින්ම ඇමරිකානු ඉතිහාසයේ වඩාත්ම ඵලදායී මැතිවරණයක් කරා ළඟා වෙමින් සිටිනවා,” කණ්ඩායම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. 

    “ෆේස්බුක් හි අනවසර හා නොපැහැදිලි ‘වෙනස්කම්’ අපගේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට අවශ්‍ය දේට වඩා භයානක ලෙස අඩුවෙමින් තිබේ.”

    යමාර්ක් සකර්බර්ග් බීබීසීයේ සයිමන් ජැක්ට පැවසුවේ ෆේස්බුක් විසින් කොරෝනා වයිරස් වැරදි තොරතුරු ‘ඉවත් කරන’ බවයි

    ජුනි මාසයේදී ෆේස්බුක් කියා සිටියේ හානිකර හෝ නොමඟ යවන සුළු පෝස්ට් ඔවුන්ගේ ප්‍රවෘත්ති වටිනාකම සඳහා ලේබල් කරන බවයි.

    “නිශ්චිත ජාතියක්, ජනවාර්ගිකත්වයක්, ජාතික සම්භවයක්, ආගමික බැඳීමක්, කුලයක්, ලිංගික දිශානතියක්, ස්ත්‍රී පුරුෂ අනන්‍යතාවයක් හෝ සංක්‍රමණික තත්වයක් ඇති පුද්ගලයින්” අන් අයට තර්ජනයක් යැයි කියමින් දැන්වීම් පළ කිරීම සමාජ මාධ්‍ය සමාගම විසින් තහනම් කරන බව නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් පැවසීය.

    “2020 මැතිවරණය මේ වන විටත් උණුසුම් වෙමින් තිබෙනවා” ඔහු ප්‍රකාශ කර තිබේ. “මේ මොහොතේදී, ෆේස්බුක් සෑම කෙනෙකුටම ආරක්ෂිතව සිටීමට සහ දැනුවත් වීමට උපකාර කිරීම සඳහා අමතර පූර්වෝපායන් ගනු ඇත.”

    නමුත් #StopHateforProfit ව්‍යාපාරය තවත් බොහෝ දේ කළ යුතු යැයි ඉල්ලා සිටි අතර සමාගම් 90 කට වැඩි ප්‍රමාණයක් පසුව එහි උත්සාහයට සහය දැක්වීම සඳහා ෆෙස්බුක්හි වෙළඳ දැන්වීම් නවතා දැමීය.

    වර්ජනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ෆේස්බුක් හි කොටස් විශාල ලෙස පහත වැටුණු අතර එක්සත් ජනපද මාධ්‍ය වාර්තා කළේ සකර්බර්ග්ගේ පුද්ගලික ශුද්ධ වටිනාකම ඩොලර් බිලියන 7.2 ක් කපා දමා ඇති බවයි.

    ලොව පුරා නියාමකයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් ෆේස්බුක් හි පමණක් නොව සියලු සමාජ මාධ්‍ය වේදිකාවල වෛරී කථනයේ වර්ධනය ගැන සැලකිලිමත් වන අතර බොහෝ රටවල් තාක්‍ෂණ සමාගම් මෙම ගැටලුව සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව විමසීම් ආරම්භ කරති.

    2020 සැප්තැම්බර් 16 දින බී.බී.සී. වාර්තාවකි. සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • Comedy Wildlife Photography Awards 2020: අවසන් වටයට පැමිණි ඡායාරූප

    Comedy Wildlife Photography Awards 2020: අවසන් වටයට පැමිණි ඡායාරූප

    සිනාසෙන මාළුවෙක්…මිත්‍රත්වයට දෑත් ඔසවන වළසෙක්… කෝපයෙන් පුපුරණ කැස්බෑවෙක්… මේ අපූරු ඡායාරූප ගොන්න අපට හමුවෙන්නේ ‘කොමඩි වනජීවී ඡායාරූප සම්මාන 2020 – Comedy Wildlife Photography Awards 2020 finalists revealed. අවසන් තරඟකරුවන්ගෙ ඡායාරූප අතරින්.

    ඔක්තෝබර් 22 වන දින පැවැත්වෙන සම්මාන උළෙලකදී ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. ඊට පෙර ඔබටම පුළුවන් කවුද අවසන් ජයග්‍රාහකයා කියා සිතා ගන්න. ඒ මේ සියලු ඡායාරූප බැලුවොත් පමණයි.

    A giraffe looking sideways into the photographic frame of another giraffe
    නැමීබියාවේ එටෝෂා ජාතික උද්‍යානයේ වාසය කරන මේ ජිරාෆ් යුවළ ඡායාරූපවලට ඉතා කැමති බව පෙනේ.
    A bear holding up its paw and looking up at the camera
     ඇලස්කාවේ දුඹුරු වලසා මේ අමතන්නේ කාටද ?
    A bird ruffling its wings
    මේ ටර්න් පක්ෂියා දිග ගමනක් යාමට සූදානම් වන හැඩයි !
    A turtle appearing to be gesticulating at the camera
    ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තයේ ලේඩි එලියට් දූපතේ වාසය කරන මේ කැස්බෑවා කුමක් නිසාදෝ මන්දා තරහෙන් පුපුරනවා
    A parrot holding up its foot to another parrot
    ශ්‍රී ලංකාවේ කවුදුල්ල ජාතික වනෝද්‍යානයේ දී කැමරාවට හසුකර ගත් මේ ගිරා යුවළ කියන්නේ කතාවෙන්නේ කුහක් ගැනද ? ‘කරුණාකර සමාජ දුරස්ථභාවය තියා ගන්න හොදේ !
    A gorilla looking bored
    උගන්ඩාවේ Mgahinga Gorilla ජාතික උද්‍යානයේ ජීවත් වන මේ කදුකර ගෝරිල්ලා මේ තරම් දුකින් ඉන්නේ ඇයි කියලා සොයා බැලිය යුතුයි.
    Two bears, one playing around and one looking grumpy
     රුසියාවේ කම්චැට්කා හි කුරිල් විලෙහි වාසය කරන මේ දුඹුරු වළසුන් ටිකක් ආඩම්බර පාටයි
    A young fox looking down at a rodent
    ඊශ්‍රායෙලයේ හිවලෙකු හා මීයෙක් අතර සිදුවන මේ සංවාදය කුමක් ගැන විය හැකිද ?
    A group of penguins walking on a beach with one of them throwing up
     ෆෝක්ලන්ඩ් දූපත් වල ජෙන්ටූ පෙන්ගුවින් රංචුව වැඩිහිටියන්ට සලකන තාලේ අන්තමයි !
    A monkey scratching its bottom
    බොට්ස්වානා හි චෝබේ ගඟ අසල චක්මා බබූන් ගේ පිටකහන්න පත්තරකාරයෙක්වත් නැහැලු
    Four mongoose looking up with wide eyes
    කෙන්යාවේ බොගෝරියා විලේ වාමන මොන්ගෝස් මේ පුදුමයෙන් බලා ඉන්නේ මං දිහා නෙමෙයි කියලා ෂුවර්ද ?
    A bird with wet spiky feathers
     ෆ්ලොරිඩාවේ ඩෙසෝටෝ කුරුල්ලට දැන් සංසාරෙම එපා වෙලා
    A large seal lying on a rock appearing to laugh
     ස්කොට්ලන්තයේ කයිත්නස් හි වෙරළේ සුව නින්දක් ලබන මේ සීල්ට බාධා කරන්න එහෙම එපා හොදේ !
    A kingfisher on a "no fishing" sign with a fish in its mouth
    ස්කොට්ලන්තයේ කිර්ක්කුඩ්බ්‍රයිට්හි කිංෆිෂර් පිළිහුඩුවට මේ නීති දැම්මේ කවුද ?
    A monkey in water looking shocked at the temperature of the water
    ජපානයේ මේ හිම වදුරට උණුසුම උහුල ගන්න බැරිතරම්ලු
    A bird with its wings outstretched behind another bird
    ෆ්ලොරිඩාවේ ෆෝට් මයර්ස් බීච් හි දුඹුරු පෙලිකන් තම දරුවන්ට උපරිම ආරක්ෂාව ලබා දෙන පියෙක් බව පැහැදිලියි
    A red squirrel appearing to be chortling
    නෙදර්ලන්තයේ එස්පෙලෝහි ජීවත් වන මේ යුරේසියානු රතු ලේනා කවුරු එනකම් ද මේ තරම් සතුටින් ඉන්නේ ?
    A raccoon with its legs sticking out of a hole in a tree
    වර්ජිනියාවේ නිව්පෝර්ට් නිවුස් හි ජීවත් වන මේ රකූන් උදව් ඉල්ලන්නේ ඇයි කියලා දන්නවාද ?
    A monkey swinging on the tails of two other monkeys
     ඉන්දියාවේ කබිනි හි මේ රිලා පැටවාට මීට වඩා හොද ඔන්චිල්ලාවක් සොයා ගන්න බැරි වෙයි.

    බී.බී.සී. ඇසුරිණි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • සැබෑම සුන්දර කාන්තාවක් වන්නේ ‘මේ ලක්ෂණ 10’ තිබුණොත් පමණයිලු

    සැබෑම සුන්දර කාන්තාවක් වන්නේ ‘මේ ලක්ෂණ 10’ තිබුණොත් පමණයිලු

    සැබෑ කාන්තා සුන්දරත්වය යනු කුමක්ද ? මූලික සංකල්ප සහ ප්‍රමිතීන් කාන්තාවකගේ සුන්දරත්වයට හා ආකර්ශනීයත්වයට විශාල වශයෙන් දායක වන සමහර ක්ෂේත්‍ර ගවේෂණය කිරීමට අපව පොළඹවනවා.

    ‘ගැහැනිය‘ කියන්නේ ලෝකයේ සුන්දරතම වස්තුව‘ කියලා තමයි කියන්නේ. එහි කිසිම වරදක් නැහැ. ඇත්තටම ලෝකේ තියෙන ලස්සනම මලට වඩා ගැහැනිය ලස්සනයි. ඇයගේ සුන්දරත්වය සම කළ හැකි වෙනත් කිසිවක් නැහැ.

    ඒත් ප්‍රශ්නයක් තියෙනවා. ලස්සන / රූමත්කම කියලා අපි කියන්නේ ‘සාපේක්ෂව‘ ද නැතිනම් ‘නිරපේක්ෂව‘ ද ? රූමත්කම කියලා කියන්නේ කුමක් ද යන්නට නිර්වචනයක් තිබෙනවාද ? ඒ ගැන සොයා බැලිය යුතුයි කියලා අපිට හිතුණා. ඊට හේතුව ඔබට මෙම ලිපිය කියවා අවසන් වන විට මනාව වැටහේවි.

    ‘සැබෑ රූමත් කාන්තාවක්’ යනු ශාරීරිකව ආකර්ශනීය වන්නියක් පමණක් නොව පෞරුෂත්ව ගති ලක්ෂණ ඇති කාන්තාවක් බවයි මේ සම්බන්ධයෙන් වන විශේෂඥයෝ පවසන්නේ. ඔවුන් වැඩි දුරටත් දක්වන ආකාරයට ‘සැබෑ රූමත් කාන්තාව අන් අයෙකුගේ ඇසට රසදුනක්. ඔවුන් ඇයව වඩාත් ප්‍රිය කරනවා‘

    එහෙත් බොහෝ අය ගැහැණු සුන්දරත්වය විනිශ්චය කරන්නේ ඇගේ ශරීර හැඩය, බර, සමේ හා හිසකෙස් පෙනුම සහ ඇය කෙතරම් උසද යන්න මතයයි. කෙසේ වෙතත්, මෙම ගති ලක්ෂණ තාවකාලික ඒවා පමණක් වන අතර ඒවා කාන්තාවකගේ සැබෑ සුන්දරත්වය නිර්වචනය කරන්නේ නැහැ. ඇගේ සැබෑ සුන්දරත්වය පවතින්නේ ඇගේ පෞරුෂය, ඇගේ ප්‍රඥාව සහ අනෙක් පුද්ගලයින් කෙරෙහි ඇය දක්වන ආකල්පය මතයි.

    සැබෑ කාන්තා සුන්දරත්වය යනු කුමක්ද ? මූලික සංකල්ප සහ ප්‍රමිතීන් කාන්තාවකගේ සුන්දරත්වයට හා ආකර්ශනීයත්වයට විශාල වශයෙන් දායක වන සමහර ක්ෂේත්‍ර ගවේෂණය කිරීමට අපව පොළඹවනවා.

    කණ්නාඩි සහිත විලාසිතාමය දැරිය

         සැබෑ ගැහැණු සුන්දරත්වය යනු කුමක්ද? මූලික සංකල්ප සහ ප්‍රමිති

    කාන්තාවක් සැබවින්ම ප්‍රියමනාප හා ආදරය හා ගෞරවය ලැබීමට සුදුසු බවට පත් කිරීම සඳහා තිබිය යුතු ගති ලක්ෂණ කිහිපයක් දෙස බලමු.

         1. ඔබේ ඉලක්ක ගැන දැඩි උනන්දුවක් දැක්වීම.

    සැබෑ කාන්තාවක් යනු ජීවිතයේ අරමුණු ඇති අයෙක් වන අතර, ඒවා සාක්ෂාත් කර ගැනීමට ඇය අධිෂ්ඨාන කරගෙන සිටී. ජීවිතය පිළිබඳ මෙම ආකල්පය ඇය ගැන බොහෝ දේ පවසන අතර විශේෂයෙන් ඇය සාර්ථකත්වය සොයා යන්නියක / හඹා යන්නියක පමණක් නොව උද්‍යෝගිමත් හා අභිලාෂකාමී පුද්ගලයෙකු බවට පත් කරයි. ජීවිතයේ සාර්ථක වීමට සෑම කෙනෙකුම තමන්ගේම කුසලතා හා කුසලතා මත විශ්වාසය තැබිය යුතු අතර එය පිරිමින්ට මෙන්ම කාන්තාවන්ටද එකසේ සත්‍යයකි.

         2. ඔබේ හැඟීම් ව්‍යාජ නොකිරී

    ව්‍යාජ චිත්තවේගයන් දිගුකාලීන, සෞඛ්‍ය සම්පන්න සබඳතාවලට මඟ පාදන්නේ නැති අතර සමහර විට ඔබේ සැබෑ මුහුණ ලෝකයට පෙන්වීම වඩා හොඳය. සැබවින්ම සුන්දර කාන්තාවක් ඇය නොවන කෙනෙකු වීමට උත්සාහ නොකරන අතර ඇය අන් අයගේ අදහස් ගැන තැකීමක් නොකරයි. මුල් සහ අව්‍යාජ වීම අන් අයගේ ඇස් හමුවේ ඔබේ තත්වය ඉහළ නංවන්නේ ඔබ අවංක, සත්‍යවාදී සහ සැබෑ නිසාය.

         3. ඔබ විශ්වාසයි

    විශ්වාසය යනු මිනිසුන්ගේ සහ විශේෂයෙන් කාන්තාවන්ගේ හොඳම දේ ඉස්මතු කරන එක් ලක්ෂණයක්. ඔබ කථන කලාව දන්නා අතර ඔබ අන් අයට කාරුණිකව හා ආදරයෙන් සලකන්නේ නම්, ඔබ රූමත් කාන්තාවක් ලෙස සැලකෙනවා. සංවාදවලින් ඈත් වීමෙන් ඔබ කිසිවක් නොදන්නා පුද්ගලයෙකු මෙන් හැගී යා හැකියි. පිරිමින් සාමාන්‍යයෙන් බුද්ධිමත් හා සෑම දෙයක් ගැනම බොහෝ දේ දන්නා කාන්තාවන් වෙත ආකර්ෂණය වෙනවා.

         4. ඔබ ස්වයං-විශ්වාසවන්තයි

    ස්වාධීන කාන්තාවන් වඩාත් සුදුසු වන්නේ ඔවුන්ගේ කටයුතු බලා ගැනීමට කිසිවෙකු අවශ්‍ය නොවන නිසයි. ඔබට ජීවිතයේ යම් ඉලක්ක ඇති විට ස්වයං විශ්වාසය රඳා පැවතීම අවශ්‍ය වන අතර ඒවා කුමක් වුවත් ඒවා ඉටු කිරීමට ඔබට අවශ්‍යයි. යැපෙන කාන්තාවන්ට ජීවිතයේ බොහෝ සීමාවන් ඇති අතර, ඔවුන් සාමාන්‍යයෙන් වැඩකට නැති හා කිසිම දෙයකට යහපත් නොවන බව පෙනෙනවා. ඉතින්, ඔබට සැබවින්ම ලස්සන කාන්තාවක් වීමට අවශ්‍ය නම්, ඔබේ වැඩ කටයුතු තනිවම කිරීමට ඉගෙන ගන්න.

         5. ඔබ ඔබ ගැන විශ්වාස කරන්න

    සෑම දිනකම දහස් ගණනක් තීරණ ගැනීමට අපට අවශ්‍ය වෙනවා. අපි අපේම සහජ බුද්ධියක් විශ්වාස නොකරන්නේ නම්, තීරණ ගැනීමේදී හා යමක් කර ගැනීමේදී අපි අසරණ වෙනවා. ස්වයං සහතිකය නිසා කාන්තාවක් අන් සියල්ලන්ට වඩා තම ජීවිතය පාලනය කර ගන්නවා. සැමවිටම අන් අයගේ උපකාරය හා මතය විමසන කාන්තාවන් බොහෝ විට අවසන් වන්නේ ඔවුන්ගේ ජීවිතය පිළිබඳ වැරදි තීරණ ගැනීමෙනුයි.

    ආකර්ෂණීය හා දීප්තිමත් ගැහැණු ළමයින් දෙදෙනෙකුගේ රූපය

         6. අන් අය කෙරෙහි උනන්දුවක් දැක්වීම.

    ‘කරුණාව‘ යනු කාන්තාවක් තුළ සෑම කෙනෙකුම කැමති ගති ලක්ෂණයක්. නමුත් ඊටත් වඩා වැදගත් වන්නේ ‘සංවේදනය‘ ලෙස හැඳින්වෙන ලක්ෂණයකි. කාන්තාවක් වෙනත් පුද්ගලයින් කෙරෙහි උනන්දුවක් දක්වන්නේ නම්, එයින් පෙන්නුම් කරන්නේ ඇය ආත්මාර්ථකාමී නොවන බවයි. ව්‍යාජ කාන්තාවන් බොහෝ විට අන් අයව සුළු කොට සලකන අතර ඔවුන්ගේ ජීවිතය ගැන හෝ ඔවුන්ගේ ගැටළු ගැන සැබවින්ම උනන්දු වන්නේ නැහැ. අන් අයට ඔවුන්ගේ ගැටළු වලට උදව් කිරීමෙන් ඔබ ශක්තිමත් කාන්තාවක් බවට පත්වෙනවා. එවැනි කාන්තාවක් තමන්ගේ ජීවිත ප්‍රශ්න ඉතා කාර්යක්ෂමව හැසිරවිය හැකි අයෙක්. මෙම පෞරුෂ ලක්ෂණ ඇති කාන්තාවක් වෙත සියලු දෙනාම ආකර්ෂණය වෙනවා. ඔවුන්ව ප්‍රිය කරනවා.

         7. ඔබ උපදෙස් සඳහා විවෘතය

    ‘ස්වාධීනව සිටීම‘ යනු ඔබ කිසි විටෙකත් උපදෙස් වලට ඇහුම්කන් නොදෙන බව නොවේ. ඇත්ත වශයෙන්ම, සැබවින්ම බුද්ධිමත් හා රූමත් කාන්තාවක් යනු සෑම කෙනෙකුටම ඇහුම්කන් දී පසුව ඇයගේ සහජ බුද්ධිය මත පදනම්ව දැනුවත් හා ඥානවන්ත තීරණයක් ගන්නා අයෙක්. සමහර විට අනෙක් පුද්ගලයින් ඔබට වඩා දැනුමක් ඇති අතර, ඔබේ ජීවිත සදාචාරය කෙරෙහි වැඩි උනන්දුවක් දක්වයි. මෙම තත්වයන් තුළ, එය විවෘත මනසක් ඇති කර ගැනීමට උපකාරී වන අතර එය ඔබව සුන්දර ආත්මයක් බවට පත් කරයි.

         8. ඔබ පරිපූර්ණ වීම ගැන තැකීමක් නොකරයි.

    ‘පරිපූර්ණත්වය‘ මේ ලෝකයේ කළ නොහැකියි. ඇත්ත වශයෙන්ම, මේ ලෝකය අසම්පූර්ණ ස්ථානයක් බවට පත් කර ඇති අතර එම නිසා ඔබ හෝ ඔබේ ජීවිතය පරිපූර්ණ කිරීමට කාලය ගත කිරීම ඔබේ සම්පත් හා උත්සාහයන් අපතේ යයි. සෑම කෙනෙකුම අඩුපාඩුකම් ඇති බවත් පරිපූර්ණ ජීවිතයක් ගත කළ නොහැකි බවත් ලස්සන කාන්තාවක් තේරුම් ගනී. අසම්පූර්ණ වීම ගැන වැලපෙමින් කාලය නාස්ති කරනවා වෙනුවට, සැබෑ කාන්තාවක් තම ගැටලු විසඳා සතුටින් හා තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමට කාලය ගත කරයි.

         9. ඔබ සතුව ඇති දෙයින් ඔබ සෑහීමට පත් වේ

    යමෙකු ජීවිතයෙන් ලබා දිය යුතු දේ ගැන සෑහීමකට පත් නොවන්නේ නම්, ඔවුන් බොහෝ විට කලකිරීමට පත්වන අතර අන් අය වටා කෝපයට පත් වේ. ඔබට පාලනය කළ නොහැකි දේවල් ගැන කරදර නොවී ඔබේ ජීවන තත්ත්වය සැබවින්ම වැඩිදියුණු කළ හැකි දේවල් කෙරෙහි අවධානය යොමු කිරීම හොඳයි. තෘප්තිය ද ජීවිතයට සතුට ගෙන දෙන අතර සැබවින්ම සුන්දර කාන්තාවක් යනු සතුටින් හා සතුටු සිතින් සිටින අයෙක්. අපි සාමාන්‍යයෙන් දුක්ඛිත, අඳුරු සහ බලාපොරොත්තු රහිත මිනිසුන්ගෙන් ඈත්ව සිටිනවා. අනාගතය පිළිබඳ බලාපොරොත්තුවක් තිබීම බලාපොරොත්තු සුන්වීම සහ කාංසාව වැනි හැඟීම්වලින් මිදීමට අපට උපකාරී වෙනවා. රූමත් කාන්තාවක් ඇගේ ආතතිය සමඟ කටයුතු කරන්නේ කෙසේදැයි දනී.

         10. ඔබ ලෝකයේ හොඳම කාන්තාවයි

    ඔබටම කියන්න: මම තමයි මේ ලෝකයේ ලස්සනම කාන්තාව!

    මිල අධික ලොම් කබායකින් සැරසී සිටින ලස්සන කාන්තාවක්

         නිගමන

    ශාරීරිකව ආකර්ශනීය හා සෞඛ්‍ය සම්පන්න කාන්තාවක් තරමක් ප්‍රියජනක පෙනුමක් ඇති නමුත් ඇයට සුන්දර පෞරුෂයක් නොමැති නම්, ඇගේ පෙනුම ඇයව මතුපිටින් පමණක් අලංකාර කරයි. කරුණාව සහ අන් අය කෙරෙහි සැලකිල්ල දැක්වීම වැනි පෞරුෂ ගති ලක්ෂණ ඇති කාන්තාවක් පිරිමින් විසින් සැබවින්ම ප්‍රිය කරයි.

    ඊට අමතරව, තම ජීවිත තීරණ ගැනීම සඳහා අන් අය මත යැපෙන කාන්තාවක් වන විට ඇය විශ්වාසයෙන් හෝ ආත්ම විශ්වාසයෙන් නොසිටින විට, ඇගේ ශාරීරික සුන්දරත්වය ඉක්මනින් මැකී යනු ඇත. පරිපූර්ණත්වය මේ ලෝකයේ නොපවතින බව සලකා බැලීම ද වැදගත් ය.

    කාන්තාවක් නිරන්තරයෙන් පරිපූර්ණත්වය සඳහා වෙහෙසෙන්නේ නම්, ඇය බොහෝ විට සැබෑ දේවල සුන්දරත්වය දැකීමට අපොහොසත් වන අතර බොහෝ දේ මග හැරේ. සැබෑ කාන්තාවක් යනු තම ජීවිතය ඥානවන්තව ගත කරන අතර ඇයගේ තීරණ වලට මග පෙන්වීම සඳහා තමාගේම ප්‍රඤාව හා දැනුම භාවිතා කරන අයෙකි. ඒ අතරම, අනෙක් අය වඩා දැනුවත්ව හා විශ්වාසවන්තව සිටින විට ඇය උපදෙස් සඳහාද විවෘතය.

    The Woman ඇසුරිණි – සැකසුම තුෂාධවි

  • එජා මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් 20 පතුරු ගසයි

    එජා මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් 20 පතුරු ගසයි

    ශ්‍රී ලංකා රජය විසින් සම්මත කර ගැනීමට සැලසුම්කර ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම ඇතුළු ස්වාධීන කොමිෂන් සභාවලට දැඩි අහිතකර බලපෑම් එල්ල වන බව  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමිෂමේ 45 වැනි සභාවාරය අමතමින් එහි මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ (Michelle Bachelet) මහත්මිය පැවසුවාය.

    එහිදී ඇය කියා සිටියේ ශ්‍රී ලංකාවේ සාමයට සහ ප්‍රතිසංධානයට එල්ල වී ඇති තර්ජන වළක්වා ගැනීම සදහා ශ්‍රී ලංකාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලෙස තමා මානව හිමිකම් පිළිබද කොමිෂමෙන් ඉල්ලා සිටින බවයි. ” ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුව වේගයෙන් මානව හිමිකම් කවුන්සිලයේ වගකීම්වලින් බැහැර වෙමින් පවතින අතර ඔවුන් 30/1 යෝජනාවට සම අනුග්‍රහය දැක්වීමෙන්ද ඉවත් වුණා.

    යෝජනාවී ඇති 20 වන ව්‍යවස්ථා සංශෝධනයත් මානව හිමිකම් කොමිෂන් සභාව වැනි ආයතනවල ස්වාධීනත්වයට සෘණාත්මක ලෙස බලපාන්න පුළුවන්. අනීතික ඝාතනවලට සම්බන්ධ වු හමුදා සෙබලෙකුට මාර්තු මාසයේදී ජනාධිපති සමාව හිමිවුණා. වැදගත් සිවිල් තනතුරුවලට යුද අපරාධ සහ මානුෂීයත්වයට එරෙහි අපරාධවලට සම්බන්ධ වු බවට චෝදනා ලබාසිටි හමුදා නිලධාරින් පත්කර තිබෙනවා‘ යැයි ද ඇය වැඩි දුරටත් පැවසුවාය.

  • 20ත් හරියට එරාජ් වීරරත්නගේ සිංදුවක් වගේ – රෝහිණී කවිරත්න

    20ත් හරියට එරාජ් වීරරත්නගේ සිංදුවක් වගේ – රෝහිණී කවිරත්න

    ‘සෞභ්‍යාගයේ ආණ්ඩුවේ‘ විධායක, ව්‍යවස්ථාදායක හා අධිකරණ බලයට පිටින් ‘මුදල් බලය‘ කියලා වෙනම බල ව්‍යුහයක් ගොඩනැගී තියෙනවා.  තමන්ගේ කැමැත්තට මුදල් වියදම් කරන්නට, නාස්ති කරන්නට තිබෙන ලැදියාව, කෑදරකම කොච්චර ද කියනවා නම්, විගණන කොමිසම ඉවත් කරලා, ප්‍රසම්පාදන කොමිෂන් සභාව වහලා දාලා, රටේ මුදල් වැය කරන හැටි ගැන සොයන්නට, විමසන්නට, පරීක්ෂා කරන්නට තියෙන සියළු මාවත අවහිර කන්නට 20 ව්‍යවස්ථා සංශෝධනයෙන් ආණ්ඩුව උත්සහ කරනවා යැයි මාතලේ පාර් ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය රත්තොට දී පැවසුවාය.

    කබරගල වත්තේ දී පැවති උත්සවයක් අමතමින් කවිරත්න මන්ත්‍රීවරිය පැවසූවේ,  20 වන සංශෝධනයෙන් අගමැති, කැබිනට් මණ්ඩලය සතු බලය ‘අලියා දිවුල ගිල්ලා වගේ‘ ජනාධිපතිවරයාගේ බඩට යවන්න උත්සහ කරනවා.  අගමැතිවරයාට ඔය කැබිනට් එකේ ඇමතිවරුන්ට කට අරින්න වෙන්නේ තේ බොන්න විතරයි.අධිකරණ සේවා කොමිෂන් සභාවට ජ්‍යෙෂ්ඨත්වයට පිටින් සමාජිකයෝ පත් කලාම සිදුවන විනාශය හිතාගන්නටවත් බැරි වේවි. 

    ඒ විදිහට පාර් ලිමේන්තුව, අධිකරණය කුඩු පට්ටම් කරලා දාලා, රටේ මුදල් තමන් කැමති විදිහට පාවිච්චි කරන්න ආණ්ඩුව උත්සහ කරනවා. 

    විගණන කොමිසම, ප්‍රසම්පාදන කොමිසම වහන්නේ අන්න ඒ නිසයි. මැතිවරණ කොමසාරිස්ට බලය ලැබුණු 104 උඋ වගන්තිය ඉවත් කරලා, මැතිවරණ කොමිසමේ සභාපති ලොකු පඹයෙක් කරන්න හදනවා. 

    මැතිවරණ කොමිසමේ නියෝග/උපමාන උල්ලංඝනය කරන රාජ්‍ය සේවකයෙකුට රු. ලක්ෂයකට දඩයක් ගහන්න, වසර 3 ක සිර දඩුවමක් දෙන්න දැන් පුළුවන්.  මැතිවරණ නිදහස් හා සාධාරණව තියන්න, පෝස්ටර්, කටවුට් නීතිය ක්‍රියාත්මක කරන්නත් පුළුවන් වුණේ ඒ නිසයි.  මගේ ගෙදර ගහලා තිබුන කටවුට් එකක් ගිය ඡන්දේ දී කැපුවා.  දැන් මේ නීති ඉවත් කරන්නට උත්සහ කරන්නේ කාගේ උවමනාවට ද? බඩු බෙදන්න, රජයේ වාහන ටික ඡන්දෙට පාවිච්චි කරන්න නේද? කියා මම රත්තොට ජනතාවගෙන් අහනවා.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වගන්තියෙන්, ජනාධිපති ‘නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය සහාය ලබාදිය යුතුය‘ කියලා කියනවා.  මේ වගන්තියට ඉවත් කරලා තියෙනවා.  මේක හරියට ගවුම් ඇඳන් විපක්ෂයට මඩ ගහන එරාජ් වීරරත්නගේ සිංදුවක් වගේ.  ලියපු කෙනෙක් නෑ. හදපු කෙනෙක් නෑ.  කාව හරි විනාශ කරන්න හදපු ‘මඩ බාල්දියක්‘ යැයි ද කවිරත්න මන්ත්‍රීවරිය පැවසුවාය. 

  • ලංකාව ලොව ප්‍රධානතම නාවික කේන්ද්‍රස්ථානයක් බවට දියුණු කරන්න පිළිවන් – ජනපති

    ලංකාව ලොව ප්‍රධානතම නාවික කේන්ද්‍රස්ථානයක් බවට දියුණු කරන්න පිළිවන් – ජනපති

    පිහිටීම ප්‍රයෝජනයට ගෙන ශ්‍රී ලංකාව ලොව ප්‍රධානතම නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී.

    ලෝකයේ දියුණුතම වරායන් ආදර්ශයට ගෙන මෙරට වරාය පහසුකම් සංවර්ධනය කිරීමෙන් සංවර්ධන ඉලක්ක කඩිනමින් ලඟාකරගත හැකි බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

    බහලුම් 24,000ක් ප්‍රවාහනය කළහැකි ලොව විශාලතම නෞකා ආකර්ශණය කර ගැනීමට ඉවහල් වන අයුරින් මෙරට වරාය සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

    ගුදම් පහසුකම්, බහලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු සහ නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව අද (15) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේය.

    රට ආසන්නයෙන් යාත්‍රා කරන ජාත්‍යන්තර නෞකාවනට සේවා සැපයීමට හැකි පරිදි වරාය පද්ධතිය දියුණු කරමින් කොළඹ, ගාල්ල, ත්‍රිකුණාමලය, කන්කසන්තුරේ සහ ඔලුවිල් වරාය සංවර්ධනය කළ යුතු බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

    කොළඹ වරායේ නැගෙනහිර සහ බටහිර පර්යන්ත සංවර්ධනය වේගවත් කළ යුතුය. ප්‍රති නැව්ගත කිරීම හැසිරවීමේ ධාරිතාව, ගුදම් පහසුකම් හා භාණ්ඩ අංගන, සැපයුම් පහසුකම් අන්තර්ජාතික ප්‍රමිතියට වැඩිදියුණු කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු කෙරිණ.

    රත්මලාන, පෑලියගොඩ සහ වේයන්ගොඩ ආශ්‍රිතව නව ගුදම් පහසුකම්  ඉදි කරමින් කොළඹ වරාය සංක්‍රමණික බහලුම් කේන්ද්‍රයක් (Transshipment Hub) බවට පත්කිරීම පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය.

    රජය මැදිහත්වී ඉන්ධන ගබඩා  ටැංකි ඉදිකර නැව් වලට ඉන්ධන සැපයීම කළයුතුය. විශාල ප්‍රමාණයේ බෝට්ටු ඉදිකිරීමෙන් පසු ඒවා දියඹට ගෙන යාමට බේරුවල ප්‍රදේශය ආශ්‍රිතව දියත් කිරීමේ යාත්‍රාංගනයක් ඉදිකිරීමට  ජනාධිපතිතුමාගේ අනුමැතිය හිමි විය.

    විදේශ වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් අපනයනය සඳහා නැව් සහ බෝට්ටු නඩත්තුව, අළුත්වැඩියාව හා නිෂ්පාදනය පුළුල් කිරීම, ප්‍රධාන වරාය කේන්ද්‍ර කර ගනිමින් නාවික කාර්ය මණ්ඩල හුවමාරුවට අවශ්‍ය පහසුකම් පුළුල් කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිතුමා විසින් පෙන්වා දෙනු ලැබීය.

    අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරු සහ රේඛීය ආයතන ප්‍රධානීහූ සහ වරාය  ක්ෂේත්‍රයේ ව්‍යවසායකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

  • දරුවන් 46 දෙනෙකු සමඟ සිරගතව සිටින මව්වරුන් පිළිබඳ වාර්තාව අගමැතිට භාර දෙයි

    දරුවන් 46 දෙනෙකු සමඟ සිරගතව සිටින මව්වරුන් පිළිබඳ වාර්තාව අගමැතිට භාර දෙයි

    සිරකරු  සුභසාධක දිනය වෙනුවෙන් නිකුත් කරන සමරු කොඩිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පැළඳවීම අද (15) දින අරලියගහ මන්දිරයේදී සිදු විය.

    ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ සිරකරු  සුභ සාධක සංගමයේ  හිටපු උප සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.ඒ.ඩී. සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සමරු කොඩිය පැළඳුවේය.

    කොඩි අලෙවි කිරීමෙන් ලැබෙන මුදල් සෘජුවම සිරකරු සුභ සාධනය වෙනුවෙන් වැය කිරීමට නියමිතය.

    ජාතික පුවත්පතක පළ වූ, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු විවිධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ දරුවන් 46 දෙනෙකු සමඟ සිරගතව සිටින මව්වරුන් පිළිබඳ වාර්තාව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය පිළිබඳ රාජ්‍ය ඇමතිනී  සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය  මෙම හමුවේදී අග්‍රාමාත්‍යවරයා වෙත භාර දුන්නාය.

    එම වාර්තාවේ සඳහන් කරුණුවලට අදාළව දරුවන් සම්බන්ධයෙන් කළ හැකි විශේෂ වැඩසටහනක් සොයා බලන ලෙසත්,  ඔවුන්ට නිදහස ලබාදීමට හැකි නෛතික පසුබිම සොයා බලන්නැයි ද අග්‍රාමාත්‍යවරයා අමාත්‍යවරියට උපදෙස් දුන්නේය.

    අගමැතිවරයා මෙම හමුවට එක්ව සිටි බන්ධනාගාර හා පුනරුත්ථාපනයට අදාළ, විෂය භාර ප්‍රධානීන් සමඟ දැනට බන්ධනාගාර තුළ පවතින දුෂ්කරතා සම්බන්ධයෙන් ද සාකච්ඡාවක නිරත විය.

    දැනට රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේදී ඔවුන් නිසි ක්‍රමවේදයක් යටතේ වැඩබිම්වලට යොමු කිරීමට පියවර ගන්නැයි අග්‍රාමාත්‍යවරයා විෂය භාර අමාත්‍යවරියට උපදෙස් දුන්නේය.

    ඒ අනුව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ රැඳවියන් ගොවිපළ හා කර්මාන්තශාලාවලට යොමු කර, නිසි පුනරුත්ථාපන ක්‍රමවේදය සපිරූ යහපත් පුද්ගලයන් ලෙස  සමාජගත කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළක්  අධිකරණ අමාත්‍යංශය සමඟ  ඉදිරියේදී සාකච්ඡා කොට සකස් කරන්නැයි අග්‍රාමාත්‍යවරයා  අවධාරණය කළේය.

    මෙම අවස්ථාවට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය පිළිබඳ රාජ්‍ය ඇමතිනී  සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය, ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂක සිරකරු  සුභ සාධක සංගමයේ  හිටපු උප සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.ඒ.ඩී. සිරිසේන, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය, බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහත්වරු ද එක්ව සිටියහ.

  • 20 වැනි සංශෝධනය ගැන අධ්‍යයනයට පත් කළ කමිටුව අගමැතිට වාර්තාව භාර දෙයි

    20 වැනි සංශෝධනය ගැන අධ්‍යයනයට පත් කළ කමිටුව අගමැතිට වාර්තාව භාර දෙයි

    20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනය කිරීමට පත් කළ කමිටුව විසින් අදාළ වාර්තාව අද (15)5 දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය  මහින්ද රාජපක්ෂ මහතාට භාර දෙන ලදී.

    කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් අදාළ කමිටුවේ සභාපතිත්වය දරනු ලැබුවේ කැබිනට් අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාය.

    විසි වෙනි සංශෝධනය සම්බන්ධයෙන් කළ අධ්‍යයනයේදී හඳුනාගත් අලුතින් එක් කළ යුතු හා සංශෝධනය කළ යුතු කරුණු සම්බන්ධයෙන් අදාළ කමිටු සාමාජිකයන් අගමැතිවරයා දැනුවත් කළේය.

    20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට අගමැතිවරයා මෙම කමිටුව පසුගිය දා පත් කර තිබිණි.

  • එජාප නියෝජ්‍ය නායකත්වය රුවන් විජේවර්ධනට – සටනට ආ රවී පරාදයි

    එජාප නියෝජ්‍ය නායකත්වය රුවන් විජේවර්ධනට – සටනට ආ රවී පරාදයි

    අද (14) පැවති කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී පැවති රහස් ඡන්දයකින් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පත්කර ගෙන තිබෙනවා.

    එජාප නියෝජ්‍ය නායකත්වය සදහා එජාප උප නායකයා  ලෙස කටයුතු කරන රවී කරුණානායක මහතා ද තරග කළ අතර ඡන්ද විමසීමේදී රුවන් විජේවර්ධන මහතා ඡන්ද 28ක්ද රවී කරුණානායක මහතා ඡන්ද 10ක්ද ලබා ගෙන තිබෙනවා.

    එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ බෑණා කෙනෙකු වන රුවන් විජේවර්ධන විජය පුවත්පත් සමාගමේ හිමිකරු රංජිත් විජේවර්ධන මහතාගේ පුතුයෙකු ද වෙනවා.

    එජාප නායකයා තමා බෑණා වන රුවන් විජේවර්ධන පක්ෂ නායකත්වයට රැගෙන එනු ඇති බවට කාලයක් තිස්සේ මතයක් තිබුණා.

    මේ ගැන අප කළ විමසීමේදී එජාපයේ ජ්‍යෙෂ්ඨයින් මෙන්ම පාක්ෂිකයින් ද සදහන් කළේ එය ඉතාම ‘බාල වර්ගයේ‘ තෝරා ගැනීමක් බවයි.