Blog

  • ජාතික පාසල් සංඛ්‍යාව දහස දක්වා වැඩි කෙරේ – සියලු පාසල්වලට සමාන පහසුකම්

    ජාතික පාසල් සංඛ්‍යාව දහස දක්වා වැඩි කෙරේ – සියලු පාසල්වලට සමාන පහසුකම්

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලු රාජ්‍ය අමාත්‍යවරුන් සමග අද (10) ජනාධිපති කාර්යාලයේ දී කළ සාකච්ඡාවේ දී ජන ජීවිතයේ සහ සමාජයේ අභිවෘද්ධියට ඉවහල්වන තීරණ රැසක් ගනු ලැබීය.

    දිවයිනේ සමස්ත ජාතික පාසල් සංඛ්‍යාව දහස දක්වා වැඩි කිරීම ඉන් එකකි. දැනට පවතින ඇතැම් ජාතික පාසල් නමට පමණක් සීමා වී ඇත. ප්‍රමාණවත් පහසුකම් කිසිවක් ඒවායේ නැත. එවැනි පාසල් ද කඩිනමින් සංවර්ධනය කරනු ලැබේ.

    පාසල් පද්ධතියේ දියුණුව පිණිස දිස්ත්‍රික් අධ්‍යාපන කමිටු පත් කිරීමට ජනාධිපතිතුමා ප්‍රමුඛ රාජ්‍ය අමාත්‍යවරු තීරණය කළහ. අධ්‍යාපන කලාප කාර්යාල සහ කොට්ඨාස කාර්යාල අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට ද එකඟත්වය පළ විය. ගුරු මාරු සහ දරුවන් පාසල්වලට ඇතුළත් කිරීම හැර පාසල් පද්ධතියේ දියුණුවට ඉවහල්වන සෑම කාර්යයකටම හවුල් වීමේ අවස්ථාව දේශපාලනඥයන්ට විවෘතව පවතී. එය පොදු යහපත අරමුණු කරගත්තක් මිස දේශපාලන ඇඟිලි ගැසීමක් නොවේයැයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    දිවයිනේ පාසල්වල විදුහල්පති පුරප්පාඩු පිරවීම සඳහා වැඩබලන විදුහල්පතිවරු පත්කිරීම පිළිබඳව අද රැස්වීමේ දී සොයා බැලිණ. ගුරු ව්‍යවස්ථාව අනුව වසරක් පතා ගුරු විභාග පැවැත්විය යුතුය. විදුහල්පති පුරප්පාඩුවට ප්‍රධාන හේතුව එය විධිමත්ව සිදු නොවීමයි. පාසල්වල සිටින දක්ෂ සහ පළපුරුදු ගුරුවරුන් වැඩබලන විදුහල්පතිවරු ලෙස පත් කිරීමට ඇති ඉඩ කඩ විමසා බැලීමට ද තීරණය විය.

    වැසි සමයේ දී නගර ජලයෙන් යටවීමේ ගැටළුව සාකච්ඡාවට ලක් වූ තවත් මාතෘකාවකි. ඒ පිළිබඳව අදහස් පළ කළ ජනාධිපති රාජපක්ෂ මැතිතුමා “පොඩි වැස්සටත් කොළඹ යටවෙනවා. අපි ඊට ස්ථීර විසඳුමක් හඳුන්වා දුන්නා. පසුගිය පස් වසර තුළ එය ක්‍රියාත්මක වුයේ නැහැ. ගැටළුව දැන් යළිත් මතුවෙලා. වගකීම් විවිධ ආයතනවලට පැවරී තිබීමත්, විසඳුම් සාර්ථක නොවීමට හේතුවක්”, යයි කී ජනාධිපතිතුමා එවැනි දුබලතා මගහැර ගැටළු කඩිනමින් විසඳිමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

    ඖෂධ ක්ෂේත්‍රය කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපතිතුමා සහ රාජ්‍ය ඇමතිවරු ඖෂධ පනත සංශෝධනය කිරීම ගැන සාකච්ඡා කළහ. ඖෂධ ආනයනය විධිමත් කිරීමට සහ  ඒ සඳහා ඇතිකරගෙන තිබෙන ගිවිසුම් සංශෝධනයට  එකඟත්වය පළ විය. “අපේ රටේ අවශ්‍යතාව සඳහා පමණක් නොව විදේශීය වෙළෙඳපොළ සඳහාත් ඖෂධ නිෂ්පාදනය කිරීමට අපට පිළිවන්. ඒ සඳහා ආයෝජකයන් ද සුදානමින් සිටිනවා. මේ ඉලක්කය සපුරා ගැනීම රට ලබන විශාල ජයග්‍රහණයක් ලෙස ඉතිහාසයට එක් වේවි”, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

    මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීමේ විසඳුමක් ලෙස සිවිල් ආරක්ෂක කමිටු ස්ථාපනය කොට මත්ද්‍රව්‍ය මර්දන වැඩසටහන් වඩා කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම ගැනද සාකච්ඡා කෙරිණ.

    රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කොට සංවර්ධන ක්‍රියාවලියට සක්‍රීයව දායක කර ගැනීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පැහැදිළි කළේය. ඇතැම් නිලධාරීහූ තීරණ ගැනීමට බිය වෙති. මේ තත්ත්වය වෙනස් කළ යුතුය. රාජ්‍ය සේවය කාර්යක්ෂම සහ විධිමත් කිරීමට දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් එකඟත්වයෙන් වැඩ කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

    ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ද සාකච්ඡාවට එක් විය.

  • Hot Cabinet Decisions: Night Time Data ගැන තීන්දුවක් ගන්න TRC අවධානය

    Hot Cabinet Decisions: Night Time Data ගැන තීන්දුවක් ගන්න TRC අවධානය

    කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අද (10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත් වුණා. ඒ සදහා සම කැබිනට් ප්‍රකාශකවරුන් වන අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ උදය ගම්මන්පිල සහභාගී වුණා. මේ එහිදී මාධ්‍ය වෙත දැනුම් දුන් කැබිනට් තීන්දු සියල්ලයි.

    රාත්‍රී කාලයේ භාවිතයට නොගන්නා ඩේටාවලට ගෙවීම සම්බන්ධයෙන් ප්‍රායෝගික විසදුමක් ලබා ගැනීමට TRC අවධානය

    රාත්‍රී කාලයේ භාවිතයට නොගන්නා ඩේටා වලට ගෙවීම සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත දිගින් දිගටම ලැබෙන පැමිණිලි හේතුවෙන් ඒ සම්බන්ධව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අවධානය යොමුව ඇති බවත්, ඒ වෙනුවෙන් ප්‍රයෝගික විසඳුමක් සෙවීමටත් කටයුතු කරන බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (10) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තෙම්න්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය. මෙම මාධ්‍ය හමුව සදහා ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ද සහභාගී විය.

    රාත්‍රී කාලයේ භාවිතයට නොගන්නා ඩේටා වලට අදාළ සේවා ආයතන වෙත ජනතාව වැඩිපුර මුදලක් ගෙවීම සම්බන්ධයෙන් විධිමත් විසදුමක් තිබේ ද යන්න පිළිබඳව මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

    දහවල් කාලයේ අන්තර්ජාලයේ පවතින තදබදය අවම කර ගැනීම සදහා පාරිභෝගිකයා පෙළඹ වීමට මෙලෙස රාත්‍රී කාලයේ සහ දහවල් කාලයේ ලබා දෙන ඩේටා ප්‍රමාණයේ
    වෙනසක් කර ඇති බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

    තෙල් ගවේෂණය යළි අරඹන්න රජය තීරණය කරයි

    ශ්‍රී ලංකාවට අයත් කලාපය තුළ තෙල් සහ ගෑස් ගවේෂණය කිරීම යළි ආරම්භ කිරීම සඳහා රජය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගත් බව ද උදය ගම්මන්පිල මහතා මෙහිදී සදහන් කළේය. මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයා,

    “වසර ගණනාවක් පුරාවට අත්හැර දමා තිබුණු තෙල් සහ ගෑස් ගවේෂණය යළි ආරම්භ කරන්න ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන තිබෙනවා. ඒ අනුව ආයෝජකයින් ආකර්ෂණය ගැනීමට අත්‍යාවශ්‍ය කාරණයක් වූ ස්වභාවික වායු පිළිබඳ ප්‍රතිපත්තියක් සම්පාදනය කර තිබෙනවා. මේ සතියේ අමාත්‍ය මණ්ඩලයේ දී ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් සුරත් ඕවිටිගම මහතාත්, උපදේශකවරයෙක් වශයෙන් මෙම ක්ෂේත්‍රයේ දීර්ඝ කාලීනව ඇත්දැකීම් තිබෙන, ලෝකය පුරා පිළිගැනීමට ලක්ව ඇති චරිතයක් වන සාලිය වික්‍රමසූරිය මහතාත් පත්කරන්න අමාත්‍ය මණ්ඩලය තීරණය කළා“, යනුවෙන් සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය උදය ගම්මන්පිල මහතා  වැඩිදුරටත් කියා සිටියේය.

    ගව ඝාතනය සම්පූර්ණයෙන් තහනම් කිරීම ගැන තීන්දුව මාසකින් කල් යයි

    මෙහිදී පසුගිය දා ගව ඝාතනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ අනුමැතිය හිමිවීම සමග එහි වත්මන් තත්ත්වය ගැන ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් මාධ්‍යකරුවෙකු ප්‍රශ්න කළේය.

    එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අමාත්‍යරයා කියා සිටියේ, ‘ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඇතිවෙලා තිබෙනවා. නමුත් ඒක ගැන තීන්දුවක් ගැනීම ඒක මාසයකට කල් දාලා තියෙනවා. ඒ සම්බන්ධව නොයෙකුත් අනෙකුත් අදහස් ලබා ගන්න තමයි මේ මාසයක කල් දැමීම කළේ. තීන්දුවක් ගන්න කලින් අපි සෑම අංශයකින්ම අවශ්‍ය අදහස් ලබාගන්න ඕනෑ. ඊට පසුවයි අවසන් තීන්දුවකට එන්න පුළුවන් වෙන්නේ.

    මහ කන්නයේ හිගයකින් තොරව පොහොර සැපයීමට වැඩපිළිවෙළක්

    එළැඹෙන 2020/21 මහ කන්නයේ හිගයකින් තොරව ගොවීන්ට පොහොර සැපයීම සදහා රජය කඩිනම්  වැඩපිළිවෙළක් සැලසුම් කර ඇති අතර ඒ  සදහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  සහ කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහත්වරුන්   ඒකාබද්ධව  ඉදිරිපත් කළ යොජනාවට  කැබිනට් මණ්ඩල  අනුමැතිය හිමි ඇත. 

    ඒ අනුව 2020/21 මහ කන්නය සදහා වී ගොවීන්ට අවශ්‍ය පොහොර මෙට්‍රික් ටොන් 230,000ක් රජයේ පොහොර සමාගම් හරහා කඩිනමින් ආනයනය කෙරෙන අතර ,වී ගොවීන් හට නොමිලේ පොහොර ලබාදීමේ වැඩසටහන තවදුරටත් ඒ අයුරින්ම ක්‍රියාත්මක කෙරෙනු ඇත.  

    වී හැර අනෙකුත් වගාවන් සදහා අවශ්‍ය පොහොර කිලෝග්‍රෑම් 50ක පොහොර මිටියක් රුපියල් 1500 ක සහනාධාර මිලකට ඕනෑම ගොවියෙකුට විවෘත වෙළදපොළෙන් ලබාගැනීමට අවස්ථාව ලබාදීමද මෙම සැලසුම්වලට අයත්ය.  

    වී වගාව හැර අනෙකුත් වගාවන් සදහා 2020/21 මහ කන්නය වෙනුවෙන් පොහොර මෙට්‍රික් ටොන් 332,000ක ප්‍රමාණයක් අවශ්‍ය වනඅතර , ඒ සදහා පොහොර සමාගම් සතුව පවතින්නේ මෙට්‍රික් ටොන් 40,000ක පොහොර ප්‍රමාණයක් පමණක්බැවින් වගාව සඳහා තවදුරටත් අවශ්‍ය මෙට්‍රික් ටොන් 300,000 ක පමණ පොහොර ප්‍රමාණයක් ආනයනය කිරීමට  පොහොර සමාගම් වෙත (එකගතාවය පළකර ඇති)අවසර ලබාදීමද මේ අනුව  සිදු වනු ඇත. 

    සුදුසුකම් ලබන වෙනත් සමාගම් සදහාද මෙට්‍රික් ටොන් 5000ක උපරිමයකට යටත්ව 2020/21 මහ කන්නය සදහා පොහොර ආනයනය කිරීම පිණිස අවසර ලබාදීමටද පියවර ගෙන තිබේ.. පසුගිය වකවානුව තුළ පොහොර සහනාධාර ප්‍රතිපත්තිය වරින්වර වෙනස් කිරීමත්, පොහොර ආනයනය කරනු ලබන සමාගම් වෙත නිසි පරිදි මුදල් නොගෙවීමත්, ගුණාත්මකභාවයෙන් හා ප්‍රමිතියෙන් තොර වූ පොහොර වෙ‍ළෙඳපොළට පැමිණීමත් හේතුවෙන් ගොවීන්ට විවිධ දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදුවී ඇත.

    එබැවින් එම තත්ත්වය මගහරිමින් 2020/21 මහකන්නයේ සිට ගොවීන් වෙත පොහොර ලබාදීමේ ක්‍රමවේදය නිසි පරිදි ක්‍රියාත්මක කිරීම සදහා මෙම පියවර ගැනීමත් , පරිසර හිතකාමී පොහොර වී ගොවීන් අතර ප්‍රචලිත කිරීම සදහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමත්අරමුණු කර ගනිමින් මෙම කටයුතු සැලසුම් කෙරෙනු ඇත.

    රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ප්‍රචාරක පිරිවැයෙන් 25%ක් රාජ්‍ය මාධ්‍යවලට

    රාජ්‍ය මාධ්‍ය ආයතනයන් රාජ්‍ය අයවැයට බරක් නොවන ලෙස පවත්වාගෙන යාමට හැකි වනු පිණිස සියලුම රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවල දැන්වීම් හා ප්‍රචාරක අයවැයෙන් 25%ක වටිනාකමකින් යුත් ප්‍රචාරණ වැඩසටහන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ශ්‍රී ලංකා ස්වාධීව රූපවාහිනී මාධ්‍ය ජාලය සහ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම යන රාජ්‍ය මාධ්‍ය ආයතන මඟින් අනිවාර්යයෙන් ප්‍රචාරය කිරීම පිණිස ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ලිට්‍රෝ ගෑස් සමාගමේ ඩොලර් මිලියන 3.76ක හිස් සිලින්ඩර් කොන්ත්‍රාත්තු තායිලන්ත සමාගම් 2කට

    අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම වෙත ද්‍රව පෙට්‍රෝලියම් (LPG) වායු හිස් ලෝහ සිලින්ඩර සැපයීමේ කොන්ත්‍රාත්තුව තායිලන්තයේ Metal Mate Co. Ltd සහ  Sahamitr Pressure Containers Public Co, Ltd වෙත ප්‍රදානය කිරීම පිණිස මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

    මෙහිදී කිලෝග්‍රෑම් 2.3, 12.5 හා 37.5 යන කාණ්ඩයන් යටතේ පිළිවෙලින් සිලින්ඩර 22,000ක්, 105,056ක් සහ 1,260 ක ප්‍රමාණයක් සැපයීම සඳහා වන කොන්ත්‍රාත්තුව ඇමරිකානු ඩොලර් මිලියන 2.18 ක මුදලකට Metal Mate Co. Ltd  වෙත සහ කිලෝග්‍රෑම් 05 කාණ්ඩය යටතේ සිලින්ඩර 117,040ක ප්‍රමාණයක් සැපයීම සඳහා වන කොන්ත්‍රාත්තුව ඇමරිකානු ඩොලර් මිලියන 1.58 ක මුදලකට Sahamitr Pressure Containers Public Co, Ltd වෙත ලබා දීමට තීරණය වුණා.

    සැකසුම – තුෂාර වල්ගම

  • සැලසුම් ෆයිල් එකේ තිබී ඵලක් නැහැ –  බිමට ගේන්න ඕනෑ – ජනපති රාජ්‍ය ඇමතිවරුන්ට කියයි

    සැලසුම් ෆයිල් එකේ තිබී ඵලක් නැහැ – බිමට ගේන්න ඕනෑ – ජනපති රාජ්‍ය ඇමතිවරුන්ට කියයි

    “සරල ආරම්භයකින් කල්ගත වන විට ලොකු වෙනසක් කරන්න පිළිවන්. ඒ නිසා සරලම තැනින් පටන් ගන්න. 2005 දී අපි බලයට එන විට එළියට බහින්න බැහැ, හැමතැනම කුණු ගොඩවල්. එදා මගේ නිල නිවසේ සිට යාර 100ක් ඇතුළත කුණු ගොඩවල් 03ක්. කුණු ඉවත් කිරීම ඉතා පහසු දෙයක්. හැම අමාත්‍යාංශයකටම සරල වැඩවලින් දිගු ගමනක් යන්න  පිළිවන්” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (10) ජනාධිපති කාර්යාලයේ දී රාජ්‍ය අමාත්‍යවරුන් අමතමින් පැවසීය.

    සියලු රාජ්‍ය ඇමතිවරු රැස්වීමට එක්ව සිටියහ. පසුගියදා ආරම්භ කළ රාජ්‍ය අමාත්‍යාංශ විෂය පථය හා කාර්යභාරය සමාලෝචනය තව සති 03කින් පමණ අවසන් කළ හැකි වෙතැයි පැවසු ජනාධිපතිතුමා රාජ්‍ය අමාත්‍යාංශ ව්‍යුහය සකස් කළේ වසර කිහිපයක් තුළ හඳුනාගත් ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට හැකිවන අයුරින් යයි සඳහන් කළේය.

    “ඔබටම පැහැදිළි ඇති මේ අමාත්‍යාංශවලින් කොපමණ වැඩ ප්‍රමාණයක් කළ හැකිද යන්න” පොදු ප්‍රතිපත්තියක් මත ඇමතිවරයා සමග එකඟත්වයෙන් වැඩ කරන්න වගකීම භාර දී තිබෙනවා. ජනතා අපේක්ෂා ඉටුකිරීම අපේ යුතුකමක්. නිලධාරීනුත් හවුල්කරගෙන ඔබේ වගකීම ඉටුකරන්න” ජනාධිපතිතුමා රාජ්‍ය ඇමතිවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

    සැලැස්මක් ඇතිව ඉදිරි වැඩ කළයුතු බව කියා සිටි ජනාධිපති රාජපක්ෂ මැතිතුමා වසරින් වසර කළහැකි ප්‍රමාණය තක්සේරු කොට පස් අවුරුද්දටම සැලසුම් සකස් කරන්නැයි පැවසීය.

    “ හරි සර්, සියල්ල හරි කියා නිලධාරීන් කියන්න පිළිවන්,  ඒ සැලසුම් තියෙන්නේ ෆයිල් එකේ. සැලසුම් ෆයිල් එකේ තියලා ඵලක් නැහැ. ඒවා බිමට ගේන්න ඕනෑ. ඒ තමයි රාජ්‍ය ඇමතිවරයාගේ වගකීම” ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    වෙනසක් කරන බවට ජනාධිපතිවරණයේ දී දුන් පොරොන්දුව සිහිපත් කළ ජනාධිපතිතුමා වත්මන් දේශපාලන සංස්කෘතිය වෙනස් කරන බවට සපථ කළේය. “ඒ වගකීම මට තිබෙනවා, ඔබටත් තිබෙනවා, ඊට අමතරව ඔබේ දේශපාලන ජීවිතය හැඩ ගස්වා ගැනීමටත් මෙය අවස්ථාවක්” එතුමා කීය.

    ජනාධිපතිතුමා රාජ්‍ය ඇමතිවරුන් හමුවේ කළ කතාවේ දී අධ්‍යාපනය, කෘෂිකර්මය, තාක්ෂණික නවෝත්පාදන, නිවාස සම්පාදනය, ජල සැපයුම, නගර සංවර්ධනය, ජීවන වියදම වැනි ක්ෂේත්‍ර ගණනාවක් ගැන අදහස් දැක්වීය. නිදසුනක් ලෙස පුරන් කුඹුරු අස්වැද්දීම ගැන සඳහන් කළ එතුමා කෘෂි සංවර්ධනය සඳහා රාජ්‍ය අමාත්‍යාංශ 03ක් ස්ථාපනය කළ බව කීය.

    “සමහර කුඹුරු  පුරන් වෙලා.  ඒවායේ වී  වගා කරන්න බැ. ගොවිජන සේවා මධ්‍යස්ථානවලට අපි අනුමැතිය දුන්නා පුරන් කුඹුරුවල වෙනත් භෝග වගා කරන්න. ඒ ආකාරයට පොල් වගා කරන්නත් පිළිවන්” ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    මසකට වරක්වත් රාජ්‍ය ඇමතිවරු හමුවී අදහස් හුවමාරු කර ගැනීමට අපේක්ෂා කරන බව කී ජනාධිපතිතුමා ඉදිරියට යන විට උද්ගතවන ප්‍රශ්න විසඳා ගැනීමට ඉන් අවස්ථාව ලැබෙනු ඇතැයි සඳහන් කළේය.

  • අලි-මිනිස් ගැටුම ‘සමාදානයට නව දැනුම උපයෝගී කරගත යුතුයි

    අලි-මිනිස් ගැටුම ‘සමාදානයට නව දැනුම උපයෝගී කරගත යුතුයි

    මහාචාර්ය රංගික හල්වතුර – කොමසාරිස්, නව නිපැයුම්කරුවන්ගේ කොමිසම

    සත්තු ද පරිසරයේ ම කොටස්කරුවෝ ය. එහෙත් මිනිසා සෑම සතකු ම මිතුරකු ලෙස හෝ පරිසරයට අවශ්‍ය ජීවි කොට්ඨාසයක් ලෙස හෝ නොදකී. නාගරික මිනිසුන් අලින්, මොනරුන්, දඬුලේනුන්, රිළවුන් වැනි සතුන් බැලීමට යාල, විල්පත්තු යනමුත් ඒ අවට ගම්මානවල මිනිසුන්ට එකී සතුන් විශාල හිරිහැරයකි. ඒ හේතුවෙන් ම නාගරික ජනතාව දකින්නා වූ සුන්දරත්වය ඒ සතුන් තුළින් දකින්නට ග්‍රාමීය ජනතාවට ඉඩක් ඇත්තේ ම නැත.

    විශේෂයෙන් ම අලි මිනිස් ගැටුමට ප්‍රධානම හේතුව තමන් විසින් අලින්ගේ සීමාවට ගොස් ජනාවාස ඉදිකරගැනීම බව කළුවරගස්වැව, ගල්ගමුව වැනි ප්‍රදේශවල දැනට ජීවත් වන මිනිසුන් හොඳින් දන්නා කරුණකි. එහෙත් ඔවුන්ගෙන් පසු පරම්පරාව පිළිබඳ සලකා බැලුවහොත් කුඩා දරුවන් අලියා සලකනු ඇත්තේ සිය පියා මරාදැමීමට එන සතුරකු ලෙසිනි. ඔවුන් වැඩිහිටියන් බවට පත් වන කලෙක අලිඇතුන් ත්‍රස්තවාදීන් ලෙස සලකනු ඇත. එවැනි සතුන් සමූල ඝාතනය කළ යුතු යැයි සිතන තැනකට ද පත් විය හැකිය.

    එබැවින් ශ්‍රී ලංකාවේ වන සතුන් සහ මිනිසුන් අතර ඇති මෙම ගැටලුවට ලබාදිය හැකි පිළිතුරු සොයා, අත්හදාබැලීමට මේ වන විටත් විශේෂ ව්‍යාපෘතියක් දියත්කොට ඇත. එම ව්‍යාපෘතියේ පළමු අදිරය ලෙස ක්‍රියාත්මක වන්නේ අලි මිනිස් ගැටුම නිරාකරණය කිරීමට පිළිතුරක් ලෙස ඒ වෙනුවෙන් ලංකාවේ ඇති නව නිපැයුම් ජනතාවට හඳුන්වා දීම ය. මෙය වූ කලී නව නිපැයුම්කරුවන්ගේ කොමිසම, වනජීවී දෙපාර්තමේන්තුව සහ අමාත්‍යංශය එක්ව දියත් කරන වැඩසටහනකි. මේ ව්‍යාපෘතිය දියත් වීමත් සමඟ ඒ වෙනුවෙන් බොහෝ නව නිපැයුම් ඉදිරිපත් විය. අලි මිනිස් ගැටුම නැවැත්වීමට නම් අලින් ගම්වැදීම කෙසේ හෝ නවතාලිය යුතු ය. ඒ වෙනුවෙන් අවශ්‍ය ස්ථානවලට සුදුසු පරිදි අලිවැටවල් යෙදීම සිදු කළ යුත්තකි.

    සංචාරක ආකර්ෂණය

    මෙහිදී මිනිසාට අලියාත් අලියාට මිනිසාත් හිතකර වන අන්දමින් තරමක් දුරට සම්බන්ධ කිරීමට හැකි නම් එය ද මෙකී ගැටලුවට පිළිතුරු සෙවීමේ මාර්ගයක් වනමුත් එය එතරම් පහසු කර්තව්‍යයක් නොවනු ඇත. මේ වෙනුවෙන් අපට සාමාජීය වශයෙන් සිදු කරන්නට වන වෙනස සුළුපටු නොව නමුත් කළ නොහැක්කක් ද නොවේ. වන සතුන් මෙරට ආර්ථිකයට විශාල වාසියක් බවට පත්කර ගැනීමේ ඉඩක් පවතින බව පැහැදිලි ව පෙන්වා දිය හැකි නම් මේ ව්‍යාපෘතිය ඒ ඔස්සේ පහසුවෙන් ම ඉදිරියට ගෙන යා හැකි ය.

    ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තුළ වන ජීවීන්ගේ අසිරි සිරියෙන් මුදල් ඉපයීමට වැඩි ඉඩක් වෙන් නොවීම කනගාටුවට කරුණකි. වනජීවීන් යනු හිරිහැරයක් ම නොව විශාල වශයෙන් ආදායම් උත්පාදනයෙහිලා යොදාගත හැකි සම්පතක් බව ජනතාවට ඒත්තු ගැන්වීම මෙම ව්‍යාපෘතියේ එක් අරමුණකි. සංචාරක ව්‍යාපාරය ඇසුරු කරගනිමින්, අලියා හේනට ඒම තුළ තමාට යම් ආදායමක් ලැබිය හැකි බව හේන අයිති ගොවියාට ඉගැන්විය හැකි නම් හේනට වැදී බඩ ඉරිඟු කන අලියා වෙනුවෙන් වැඩිපුර බඩඉරිඟු කොටසක් වැවීම ගොවියාට වාසියක් වනු ඇත. හේනට වදින අලින් ඇතුළු වන ජීවින් නැරඹීම සඳහා සංචාරකයන් ඇදබැඳ ගැනීමෙන් ආදායම් ඉපයීමේ මාර්ග ගොවීන් වෙනුවෙන් විවරකොට දිය යුතු ය.

    මෙවැනි නව අදහස් රැසක් මුල් කර ගනිමින් දියත් වන මෙම ව්‍යාපෘතියේ පළමු පියවර වශයෙන් සිදු කෙරෙනුයේ අලි මිනිස් ගැටුම වළකාලීම සඳහා යොදාගත හැකි නව නිපැයුම් හයක් ජනතාව අතරට ගෙනයෑම ය. මෙහිදී ස්වීඩනයෙන්, නවසීලන්තයෙන් ආනයනය කොට යොදනු ලබන අලි වැට වෙනුවට ලංකාවේ බුද්ධිමය දේපළ අයිතිය ඇති අලිවැටවල් අත්හදා බැලීම ද විශේෂත්වයකි. ලාංකිකයන් විසින් නිර්මාණය කරන ලද නවීන පන්නයේ අලි වැටවල් තවම අප විසින් අත්හදා බලා නැත. එම අලිවැටවල් දැනට පිටරටින් ආනයනය කොට යොදනු ලබන අලිවැටවලට වඩා උසස් තාක්ෂණයෙන් යුක්ත ය.

    අලියකු විත් අලිවැට ස්පර්ශ කරනවාත් සමඟ ම මුළු ගමටමත් ළඟ ම පොලිස් ස්ථානයටත් අනතුරු ඇඟවීමේ සංඥාවක් ලබාදිය හැකි තරමට දියුණු කළ අලිවැටවල් ද ලංකාවේ නිපදවා ඇති අතර මෙහිදී ඒවා යොදාගැනීමට උත්සාහ කෙරේ. යම් හෙයකින් අලියා ගම තුළට ඇතුළු වුව හොත් ගමට හානියක් නැතිව නැවත කැලෑව දෙසට යා හැකි අන්දමින් සකස්කොට ඇති අලිවැටවල් ද අලියකුට කිසිසේත් ම කඩා දැමිය නොහැකි අලිවැටවල් ද කඩිනමින් යෙදිය හැකි අලිවැටවල් ද මේ අතර වේ. මෙකී අලිවැටවල් අවශ්‍යතාව අනුව අවශ්‍ය ප්‍රදේශවලට යෙදීමට කටයුතු සම්පාදනය කිරීම මෙම ව්‍යාපෘතිය ඔස්සේ සිදු කිරීමට නියමිත ය. කෙසේ වෙතත් මෙය අලිවැටක් යොදා අලින් ගම්මානවලින් වෙන් කිරීමෙන් පමණක් නවතින සරල ව්‍යාපෘතියක් ලෙස සැලකිය යුතු නොවේ. මේ මඟින් අලින් මෙහෙයවීමේ වැඩ පිළිවෙළක් ද අත්හදා බැලීමට නියමිත ය.

    සැබැවින් ම අපට අලින් පිළිබඳ නිවැරදි අවබෝධයක් නැත. එබැවින් ගම්මානවලට ඇතුළු වන අලින් කිහිප දෙනකු තෝරා ගෙන ගෙලට කොලරයක් යොදා ඒ ඔස්සේ අලින් පුහුණු කිරීමක් ඉදිරියේදී අපෙක්ෂා කෙරේ. ඒ මඟින් අලි ගමන් ගන්නා දිශාව, ඒ අලින්ගේ චලන, රංචුව තුළ හැසිරීම් රටාව අධ්‍යයනය කිරීම ද මෙම ව්‍යාපෘතියේ ම කොටසකි. එලෙස අලින්ට පැලඳීමට අපේක්ෂා කරන කොලරය ද ශ්‍රී ලංකාවේ ම නිෂ්පාදනය කරන්නකි. එම කොලරය මඟින් අපේක්ෂා කරනුයේ අලියා ගමට ළං වන විට යම් සංඥාවක් නිකුත් කිරීම ය. ඒ ඔස්සේ අලියා ගමට කිලෝමීටර් 10ක් දුරින් සිටින බව, කිලෝමීටර් 05 දුරින් සිටින බව දන්වමින් ගම්වාසින් සූදානම් කළ හැකි ය. එතෙකින් නොනැවතී ගමේ තරුණයන් එක්කර ගනිමින්, අලියා ගම්වැදීමට උත්සාහ කරන විට, අලිවැට කැඩීමට උත්සාහ කරන විට ක්ෂණිකව යෙදිය හැකි දෙවැනි අලිවැටක් යොදා අලියා නැවත කැලේට පන්නා දමන ක්‍රමවේදයක් ද අප සතු ය.

    කෙසේ වෙතත් අලි මිනිස් ගැටුම ශ්‍රී ලංකාව මුහුණපා සිටින විශාල ගැටලුවක් වන අතර තවදුරටත් මේ සමඟින් ඉදිරියට යෑම තුළ ලංකාවේ කැලෑවල සිටින අලිඇතුන් හෝ ගම්මානවල ජීවත් වන මිනිසුන් අපට අහිමි වනු ඇත. එසේ හෙයින් මෙය වූකලී කඩිනම් විසඳුමක් අවැසි ගැටලුවකි. අලි ගම් වදින ස්ථාන සොයා බලා අලිවැටවල් යෙදීම පමණක් මෙකී ගැටලුවට සාර්ථක පිළියමක් නොවන බව අමුතුවෙන් කිව යුතු නැත. අලියා යනු බුද්ධි මට්ටමෙන් ඉහළ සත්ත්වයකු ලෙස දකින අප උත්සාහ කරනුයේ අලින්ගේ චර්යා පිළිබඳව ද නිරන්තරයෙන් අධ්‍යයනය කරමින් මෙම ගැටලුවට සාර්ථක විසඳුමක් සෙවීමට ය.

    නව නිපැයුම්කරුවන්ගේ කොමිසම සමඟ සිටින නව නිර්මාණකරුවන් මෙම ව්‍යාපෘතිය පර්යේෂණ ඔස්සේ ඉදිරියට ගෙන යෑමට ඉදිරිපත් වී සිටීම විශේෂත්වයකි. එම සාමුහික ප්‍රයත්නය තුළ අලි මිනිස් ගැටුම් අවම කිරීමට වඩාත් නිවැරදි ක්‍රමවේදයක් සොයාගත හැකි වනු ඇත. ශ්‍රී ලංකාව තුළ අලිඇතුන් සම්බන්ධයෙන් නිර්මාණය වූ නව නිපැයුම් රැසක් ඇති අතර එමඟින් වඩා සුදුසු ක්‍රමවේදය තෝරාගැනීම මෙම පර්යේෂණයේ එක් අරමුණකි.

    අලි වැට හා අගල් ඉදිකිරීම සම්බන්ධ ඇති කරන තිබෙන අමාත්‍යංශයෙන් ද මෙම ව්‍යාපෘතියට ලබාදෙන්නේ නොමඳ සහයෝගයකි. මෙම ව්‍යාපෘතිය ඉතාමත් සාධනීය ව්‍යාපෘතියක් වන බවට මේ වන විටත් පෙර ලකුණු පෙනෙන්නට තිබෙන බැවින් ඉතාමත් කෙටි කාලයකදී මේ ඔස්සේ ශ්‍රී ලංකාවේ පවතින අලි මිනිස් ගැටුමට පිළිතුරක් ලබාදිය හැකි බව අපගේ විශ්වාසය යි.

    වෙනත් රටවල ද අලි මිනිස් ගැටුම් පවතින නමුත් ඒ සෑම රටක් ම අප තරම් දරුණුවට මේ ගැටලුවට මුහුණ පාන්නේ නැත. ශ්‍රී ලංකාවේ ඇති අලිමංකඩවල් ගැසට් කිරීම අනිවාර්යෙන් කළ යුතු නමුත් එය තව ම සපුරාගත නොහැකි ව ඇති අවශ්‍යතාවක් ලෙස දැක්විය යුතු ය. පළමුවෙන් එකී අවශ්‍යතාව සපුරාගත යුතු අතර ඉන් අනතුරුව අලින් නිරන්තරයෙන් ගමන් කරන්නා වූ ප්‍රදේශ අලින් වෙනුවෙන් නිරාවරණය කරදීමට සිදු වේ.

    අලින්ගේ හා ගම් වැසියන්ගේ සීමා වෙන වෙන ම හඳුන්වා දෙමින් අලින් ගම් වැදීම නවතාලීමේදී අලින්ට ආහාර සහ ජලය සපයන ක්‍රමවේද සෙවීමේ අවශ්‍යතාව ද මතු වනු ඇති. එපමණක් නොව මෙහිදී ග්‍රාමීය ජනයාගේ මනස වෙනස් කළ හැකි ක්‍රමවේද සෙවීම ද අත්‍යවශ්‍ය කාරණාවක් ම ය. ගම්මානවල වැසියන් එක්රැස්කොට කණ්ඩායම් කිහිපයකට බෙදා, අලි මිනිස් ගැටුමට සාර්ථකව මුහුණ දෙන ආකාරය පිළිබඳ පුහුණුවක් ලබාදීමට ද ග්‍රාමීය නිෂ්පාදන ආර්ථිකයක් සමඟ ගම ආර්ථික වශයෙන් නඟාසිටුවීමට ද කටයුතු කළ හැකිය.

    ව්‍යාපෘති ගණනාවක එකතුවක් වන මෙම වැඩපිළිවෙළ දැකිය හැක්කේ ඉතා සාර්ථක ව්‍යායාමයක් ලෙසිනි. කෙසේ වෙතත් අවම වශයෙන් සය මාසයක් මේ පිළිබඳ පර්යේෂණ සිදු කළ යුතු ය. අලි වැට කෙසේ විය යුතු ද? අලියාගේ ගමන් මාර්ගය, අලියා අලිවැට කඩාගෙන ගම්වැදුණහොත් මීළඟට ගත හැකි ක්‍රියාමාර්ග ආදිය පිළිබඳ තව දුරටත් පර්යේෂණ පැවැත්විය යුතු ය. මෙය පුහුණු කිරීම් මත පදනම් වන ව්‍යාපෘතියක් වන අතර මේ වෙනුවෙන් ලබාදිය හැකි නායකත්වය නව නිපැයුම්කරුවන්ගේ කොමිසම මඟින් ලබාදී තිබේ. මේ සඳහා අවශ්‍ය සහාය අදාළ සියලු පාර්ශ්වවලින් ලැබෙන්නේ නම් වසර ගණනාවක් මුළුල්ලේ උඩුදුවමින් පවතින අලි මිනිස් ගැටුමට නිසැක විසඳුමක් සෙවිය හැකි ය.

    මෙම ව්‍යාපෘතියේ නියමු ව්‍යාපෘතිය ආරම්භ වන්නේ නිතර අලි කරදරයට මුහුණ පාන ගමක් වන කළුවරගස්වැවෙනි. නියමු ව්‍යාපෘතිය තුළ මෙම ගම වටා අක්කර දෙදහක වපසරියක් ආවරණය කිරීමට නියමිත ය. කළුවරගස්වැවෙන් පසු හැරෙන්නේ අම්පාරට ය.

    ජාතික අවශ්‍යතාවක්

    ව්‍යාපෘතිය තුළ අලින් ගම්වැදීම නවතාලීමට මෙන් ම ගම්වදින අලින් පලවා හැරීමට ද ක්‍රමවේද සෙවිය යුතු ය. එහිදී අලින් ගම්වැදීම නවතාලීමේ ක්‍රම අත්හදා බැලීම සහ අලින් පලවා හරින ක්‍රම අත්හදා බැලෙනුයේ වෙන වෙනම ගම්මානවල ය. ඉන්පසුව යොමු වන්නේ අලිඇතුන් දුම්රියේ ගැටීම වළකාලීම වෙනුවෙන් මෙරට නිර්මාණය කොට ඇති නව නිපැයුම් අත්හදා බැලීමට ය. අලින්ගෙන් නොනවතින මෙම ව්‍යාපෘතිය තුළ මීළඟ පියවර වන්නේ මොනරුන්, දඬුලේනුන් වැනි වගාවට හානි කරන වෙනත් සතුන් පලවා හරින ක්‍රමවේද ගම්මාන තුළ අත්හදා බැලීමට ය. මෙයාකාරයෙන් පියවර ගණනාවකින් මෙම ව්‍යාපෘතිය ඉදිරියට යනු ඇත.

    නව නිපැයුම්කරුවන්ගේ අන්තර්ජාතික තරගාවලියක් ලෙස පැවැත්වූ “සහසක් නිපැයුම්” තරගාවලියේදී රටරටවල නව නිර්මාණකරුවන්, අප හා සම්බන්ධ වූ අතර එම නිර්මාණකරුවන්ගෙන් අය කරගත් මුදල සම්පූර්ණයෙන් ම මෙම ව්‍යාපෘතියට යෙදවීමට නියමිත ය. එසේ ම පෞද්ගලික අංශයෙන් ද අමාත්‍යංශ කිහිපයකින් ද මේ සඳහා මුල්‍යමය දායකත්වය ලබා දෙන බැවින් මෙය වූකලි ජාතික අවශ්‍යතාවක් ලෙස සලකමින් සියලු පාර්ශ්ව එක්ව දියත් කරන ව්‍යාපෘතියක් ලෙස පෙනෙන්නට තිබීම සුවිශේෂත්වයකි.

    මේ සඳහා අවශ්‍ය කරන තාක්ෂණික ඥානය ශ්‍රී ලංකාවේ නව නිර්මාණකරුවන්ගෙන් ලැබෙන අතර සියලු සම්බන්ධීකරණ කටයුතු නව නිපැයුම්කරුවන්ගේ කොමිසම මඟින් සිදු වේ. අමුද්‍රව්‍ය ලබාදෙමින් සහයෝගය දැක්වීමට දෙස්විදෙස් පරිත්‍යාගශීලීන් අප හා අත්වැල් බැඳගෙන සිටීම ද සතුටට කරුණකි. මාධ්‍ය දායකත්වය තවත් අතෙකින් මෙම ව්‍යාපෘතිය ශක්තිමත් කරවයි. මේ සියල්ල එක්තැන් වූ කල නුදුරේදීම යහපත් ප්‍රතිඵල අපේක්ෂා කළ හැකි බව පෙනෙන්න තිබේ.

    සටහන – කාංචනා සිරිවර්ධන

  • ඉන්දීය මහ කොමසාරිස් ධුරය මිලින්ද මොරගොඩට ?

    ඉන්දීය මහ කොමසාරිස් ධුරය මිලින්ද මොරගොඩට ?

    ඇමෙරිකා එක්සත් ජනපදය, චීනය, ජපානය සහ ඉන්දියාව ඇතුළු ශ‍්‍රී ලංකාවට අතිෂය වැදගත් රටවල් 06ක් සඳහා රාජත්‍රාන්ත්‍රිකයින් පත් කිරීම සඳහා පාර්ලිමේන්තු උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතියට යොමු කර තිබෙන බව වාර්තා වේ.

    ඒ අනුව ඇෆ්ගනිස්ථානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස විශ්‍රාමික අද්මිරාල් කේගකේගවීගපී හරිචන්ද්‍ර ද සිල්වා මහතා නම් කර තිබේග

    ජපානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස සංජීව් ගුණසේකර මහතා අමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස රවිනාත් අරියසිංහ මහතා
    ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස මහාචාර්ය ශනිකා හිරිබුරේගම මහත්මිය චීනයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ආචාර්ය පාලිත කොහොන මහතා
    ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස මිලින්ද මොරගොඩ මහතා ඇෆ්ගනිස්ථානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස විශ්‍රාමික අද්මිරාල් කේ.කේ.වී.පී හරිචන්ද්‍ර ද සිල්වා මහතා

    අදාළ පත් කිරිම් සම්බන්ධයෙන් ඕනෑම පුද්ගලයෙකුට කරුණූ දැක්විය හැකි අතර එම කරුණු දැක්වීම සැප්තැම්බර් 23 වන දින හෝ එදිනටට පෙර ලිඛිතව දැනුම්දිය යුතු බව උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව දැනුම් දී ඇත.

    මෙම නව රාජතාන්ත්‍රිකයින් පත් කිරිමට අදාළව උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ ඇනුමැතිය හිමි වූ වහාම ඔවුන් අදාළ තනතුරුවල රාජකාරි කටයුතු ආරම්භ කිරිමට නියමිත බව ද වාර්තා වේ.

  • Smartphone එකක් මිලදී ගැනීමේදී ‘සොයා බැලිය යුතු’ වැදගත්ම දේවල් මෙන්න

    Smartphone එකක් මිලදී ගැනීමේදී ‘සොයා බැලිය යුතු’ වැදගත්ම දේවල් මෙන්න

    වර්තමාන වේගවත් ලෝකයේ ස්මාර්ට් ජංගම දුරකතනයක් (Smartphone) තිබීම අත්‍යවශ්‍ය කරුණක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඒ තරමට අපට ස්මාර්ට් ජංගම දුරකථනය සමීප වෙලා තිබෙනවා.

    මෙහි ඇති තවත් වැදගත් කරුණක් තමයි සාමාන්‍ය ජංගම දුරකථනයකට වඩා ස්මාර්ට් ජංගම දුරකථනයක් ‘බහුවිධකරණය’ වීම. ඒ කියන්නේ ගණනය කළ නොහැකි තරම් සේවා ප‍්‍රමාණයක් අපට ඒ හරහා ලබා ගත හැකියි.

    මේ තත්ත්වය තුළ ස්මාර්ට් ජංගම දුරකථනයක් මිලදී ගැනීමේදී ඔබ විසින් සලකා බැලිය යුතු ‘වැදගත්ම කරුණු 04ක්’ ගැන විශේෂඥ උපදෙස් ලබාදීමක් සිදුව තිබෙනවා. ඇතැම් විට ඔබ මේ කරුණු 04 ගැන අපටත් වඩා හොඳින් දන්නවා විය හැකියි. ඒත් බලන්න ඔබ දන්න කියන කරුණු නිවැරදිද කියා.

    1. කැමරා – Camera 
    උපකරණ

    සියලු අංග අතරින්, මෙය වඩාත් වැදගත් එකක් ලෙස පෙනේ. බොහෝ අය එහි කැමරාව සඳහා හොඳ ස්මාර්ට් ජංගම දුරකතනයක් මිලදී ගනී. මිනිසුන් ඩිජිටල් කැමරා සහ DSLRs භාවිතා කළ දින දැන් ගෙවී ගොස් ඇත. අද හොඳම තත්ත්වයේ පින්තූර සහ වීඩියෝ කිහිපයක් ස්මාර්ට් ෆෝන් වලින් ලබාගෙන ඇත. මේ අනුව, උසස් තත්ත්වයේ කැමරාවක් තිබීම අත්‍යවශ්‍ය අංගයක් වන අල්ට්‍රා-වයිඩ් කාච, පෝට්රේට් ප්‍රකාරය, ඩීඑස්එල්ආර් ගුණාත්මකභාවය සඳහා ප්‍රෝ-මාදිලිය (Ultra-wide lens, portrait mode, pro-mode for a DSLR quality) වැනි තවත් අංග කිහිපයක් තිබිය යුතුය. කැමරා කාච මෙගාපික්සල් වැඩි වන තරමට වඩා හොඳය.

    1. බැටරි ආයු කාලය – Battery Life 
    උපකරණ

    ඔබගේ දුරකථනයේ හොඳ බැටරි ආයු කාලයක් තිබීම අමරණීයත්වය සොයා ගැනීම හා සමානයි. අද, මිනිසුන් තම චාජරය රැගෙන යාම හෝ අතේ ගෙන යා හැකි සොකට් එකක් සොයමින් කරදර වීමට කැමති නැත. එය විශාල අපහසුතාවයක් වන අතර තරමක් අවංකව කාලය නාස්තියකි. එබැවින්, දිගුකාලීන බැටරි ආයු කාලයක් තිබීම අත්‍යවශ්‍ය වේ.

    1. ගබඩා ඉඩකඩ – Storage Space 
    උපකරණ

    ජංගම දුරකථන කේන්ද්‍රීය ගබඩා මධ්‍යස්ථානයක් බවට පත්ව ඇත. පින්තූර සහ වීඩියෝ සිය ගණනක සිට අදාළ ලේඛන සහ ලිපිගොනු දක්වා සෑම දෙයක්ම එක් උපාංගයක ගබඩා වේ. බොහෝ ස්මාර්ට්ෆෝන් වල විශේෂිත ගබඩා සීමාවක් දක්වා විහිදෙන අතිරේක මතක කාඩ්පතක් (Additional memory card) ඇත.

    1. වේගය – Speed 
    උපකරණ

    ස්මාර්ට් ජංගම දුරකතනයක් හිමි කර ගැනීමේ සමස්ත කාරණය වන්නේ විස්තාරණ තාක්‍ෂණය හා වේගය සහිත දුරකථනයක් තිබීමයි. සමස්ත දුරකථනයේ සමාලෝචනය අවසානයේ එහි භාවිතය හා වේගය දක්වා පහත වැටේ. හොඳ ආරම්භක ස්ථානයක් වන්නේ 2GB RAM, නමුත් සුමට බහු කාර්යයන් සඳහා 4GB යතුරු පුවරුව තෝරා ගන්න.

  • ෂාරුක් ඛාන් ගැන සුපිරි හෙළිදරව්වක්

    ෂාරුක් ඛාන් ගැන සුපිරි හෙළිදරව්වක්

    ෂාරුක් ඛාන් ගැන අප නොදන්න දෙයක් නැති තරම්. ඒ තරමට අපි ඔහු ගැන, ඔහුගේ සිනමාපට ගැන, පවුල ගැන පමණක් නොවෙයි රුචි අරුචිකම් ගැන පවා දන්නවා. ඒත් ප‍්‍රශ්නේ තියෙන්නේ ෂාරුක් ගැන මොනතරම් දේවල් ලිවුවත් ඒ ගැන කියවන්න රසිකයින් දක්වන්නේ පුදුමාකාර ආසාවක්. උනන්දුවක්.

    ඉතිං අපිත් හිතුවා ෂාරුක් ගැන ඇතැම් විට ඔබ දන්නවා කියලා හිතෙන සුවිශේෂ තොරතුරක් ඔබ හමුවට ගෙන එන්න.

    ෂාරුක්ම කියා ඇති ආකාරයට ඔහු මුම්බායි වෙත ආවේ හිස් අතින්. ඔහු ජීවිතය දිනා ගත්තේ බොහෝම දුෂ්කරතා මධ්‍යයේ. ඒත් අද ඔහු බොලිවුඩයේ පමණක් නොවෙයි ලෝකයේම බලවත්, ජනප‍්‍රිය චරිතයක්. මිලියන සංඛ්‍යාත රසිකයින් පිරිසක් සිටින අතිෂය ජනප‍්‍රිය නළුවෙක්.

    ෂාරුක් සිනමාවෙන් සහ දැන්වීම්කරණයෙන් සොයා ගත් අති දැවැන්ත ධනය මනාව කියාපාන කැඩපතක් තමයි ෂාරුක්ගේ මාළිගාව වන මන්නට් මන්දිරය. එය පිහිටා ඇත්තේ මුම්බායිහි අතිෂය මිලාධික මුහුදු තීරයක.

    මේ නිසාම අද වන විට මන්නට් මන්දිරය යනු ලක්ෂ සංඛ්‍යාත ෂාරුක් රසිකයින්ගේ ජනප‍්‍රිය සංචාරක ස්ථානයක් බවට පත්ව ඇති තැනක්. ඔවුන්ගේ ප්‍රියතම තාරකාව දැක බලා ගැනීම සඳහා දහස් සංඛ්‍යාත රසිකයන් මන්නට් අසලට පැමිණෙනවා. විශේෂයෙන් ඊද් සහ දීපවාලි සමයේ මන්නට් මන්දිරය අසලට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පැමිණෙණවා.

    විචාරකයින් කියන ආකාරයට මන්නට් මන්දිරයේ ගෘහ නිර්මාණ ශිල්පය ද අති විශිෂ්ඨ එකක්. ඒ බව තව තවත් වර්ධනය කරන්නේ මන්නට් සතු ආසන 42කින් යුත් අධි සුඛෝපභෝගී ‘ගෘහ සිනමා ශාලාව’ Home theatre යි. එය කිං ඛාන්ට චිත්‍රපට කෙරෙහි ඇති ආදරය පිළිබිඹු කරන බව නොරහසක්. මෙහි ආගිය අය කියන ආකාරයට රඟහලේ දොරටුවේ ෂෝලේ, මෝගල්-ඊ-අසාම් සහ රාම් මර ර් ශ්‍යාම් සහ චාලි චැප්ලින් චිත්‍රපටවල දැවැන්ත පෝස්ටර් ප‍්‍රදර්ශනයට තබා තිබෙනවා.

    ෂාරුක් ඛාන්

    එපමණක් නොවෙයි. ෂාරුක්ගේ මේ මිනි සිනමා ශාලාවේ ඔහු රඟපෑ සෑම චිත්‍රපටයක්ම නැරඹීමට අවස්ථාව තිබෙනවා. එවැනි සුඛෝපභෝගී අත්දැකීම් අත්විඳීමට අපි නිසැකවම කැමතියි. ඔබගේ තත්ත්වය කුමක්ද ?

    ෂාරුක් ඛාන්

    Text By – Filmfare.com –

  • ඇමතිවරුන්ගේ ‘මහජන දිනය’ සඳුදා

    ඇමතිවරුන්ගේ ‘මහජන දිනය’ සඳුදා

    ඇමැතිවරුන්ගේ මහජන දිනය සඳුදා දිනවල පැවැත්වීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව සම කැබිනට් ප්‍රකාශක ඇමැති උදය ගම්මන්පිල මහතා අද (10) දින රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ‍්‍රවණාගාරයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය. කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුව බදාදා දිනවල රැස්වෙන බැවින් මහජනතාවට බාධාවක් සිදුනොවීම සඳහා මෙම තීරණය ගත් බවයි ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

  • මේ අවුරුද්දට එතනෝල් ලීටර් ලක්ෂ 20ක් ගෙන්නලා – එතනෝල් ආනයන තහනම බොරුවක්

    මේ අවුරුද්දට එතනෝල් ලීටර් ලක්ෂ 20ක් ගෙන්නලා – එතනෝල් ආනයන තහනම බොරුවක්

    2020 ජනවාරි 1 සිට මෙරටට එතනෝල් ගෙන්වීම තහනම් කළා කියලා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදන නිකුත් කළා.  හැබැයි 2020 ජනවාරි සිට අගෝස්තු 31 දක්වා මේ ආණ්ඩුව එතනෝල් ලීටර් 2,073,961 ක් රටට ගෙන්නලා තියෙනවා යැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය ප්‍රකාශ කළාය. 

    රත්තොට, කයිකාවල පැවති රැස්වීමක් අමතමින් කවිරත්න මහත්මිය පැවසූවේ, මේ ආණ්ඩුව පට්ටපල් බොරු කියමින් රටට රවට්ටවනවා.  එතනෝල් ගේන්නේ නෑ කිව්වා. හැබැයි රටට එතනෝල් ලීටර් ලක්ෂ 20 කට වැඩි ප්‍රමාණයක් ඇවිත් තියෙනවා.   ඔබලා දන්නවා, මේ ඡන්දය සම්පූර්ණයෙන්ම දිව්වේ අරක්කු වලින් කියලා.

    2019 ජූනි සුරාබදු ආදායම රු මිලියන  8,817 යි.  2020 ජූනි ඡන්දය නිසා ඒක රු මිලියන 12,000 ක් වුණා. 2019 ජූලි සුරාබදු ආදායම රු. මිලියන 8,110 යි. 2020 ජූලි ඡන්දය නිසා ඒක රු. මිලියන 13,557 ක් වුණා. රට වටේම මහ මැතිවරණය කළේ, අරක්කු බෙදලා.  හැබැයි මාතලේ අරක්කු බෙදපු හැමෝම පැරදුණා.

    දඹුල්ලේ වෙළෙදපොළේ  කහ ටිකක් ගන්න නෑ.  හැබැයි බියර් ලීටර් 79,021,760 ක් මේ අවුරුද්දේ පිටරටින් ගෙනල්ලා තියෙනවා. ගොවියට පොහොර ටික නෑ.  හැබැයි වයින් ලීටර් 684,765,400 ක් මේ අවුරුද්දට රටින් ගෙනල්ලා තියෙනවා.  අපේ ගෑණු ළමයින්ට, මූනේ ගාන්න ක්‍රීම් එකක් කඩේ නෑ. හැබැයි  විස්කි, බ්‍රැන්ඩි ලීටර් 139,161,220 ක් මේ අවුරුද්දට රටින් ගෙනල්ලා. මෙන්න මේකයි, සෞභාග්‍යයේ දැක්ම යැයි ද කවිරත්න මහත්මිය පැවසුවාය. මේක දවසම මහන්සිවෙලා උපයන පඩියෙන් කසිප්පු ගහන බේබෙද්දෙක් වගේ  ආණ්ඩුවක් යැයි ද කවිරත්න මහත්මිය පැවසුවාය. 

  • ‘ඉන්දියාවේ සහගහන අපරාධයක්’: 86 හැවිරිදි මිත්තණියක් දූෂණය කරලා

    ‘ඉන්දියාවේ සහගහන අපරාධයක්’: 86 හැවිරිදි මිත්තණියක් දූෂණය කරලා

    86 හැවිරිදි කාන්තාවක දූෂණය කිරීම සහ පහරදීම සම්බන්ධයෙන් දිල්ලියේ අගනුවර පොලීසිය විසින් 30 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    “මෙම කාන්තාව සඳුදා සවස කිරි ගෙන එන්නා පැමිණෙන තෙක් නිවසෙන් පිටත සිට බලාසිට තිබෙනවා. දූෂකයා පැමිණ ඇත්තේ ඒ අවස්ථාවෙයි‘ දිල්ලි කාන්තා කොමිෂන් සභාවේ ප්‍රධානී ස්වාති මාලිවාල් බීබීසීයට පැවසීය.

    “තමා සුපුරුදු කිරි බෙදාහරින්නා නොවන බව ඔහු ඇයට පැවසූ අතර ඇයව කිරි ලබා ගත හැකි ස්ථානයට ගෙන යාමට ඉදිරිපත්ව තිබෙනවා. වියපත් කාන්තාව මෙම තරුණ පිරිමියා සමග විශ්වාසයෙන් යුතුව අදාළ ස්ථානය වෙත ගමන් කර තිබෙනවා‘

    මාලිවාල් මහත්මිය කියා සිටියේ ඔහු ඇයව අසල ගොවිපලකට රැගෙන ගොස් දූෂණය කළ බවයි.

    “ඇය දිගින් දිගටම හඬා වැලපෙමින් අතරවර නොකරන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියා. ඇය ඔහුගේ ආච්චි හා සමාන බව ඇය ඔහුට කීවාය. නමුත් ඔහු ඇයගේ ඉල්ලීම් නොසලකා හැර ඇය ආරක්ෂා වීමට උත්සාහ කළ විට අනුකම්පා විරහිතව ඇයට පහර දුන්නේය” යනුවෙන් මාලිවාල් මහත්මිය පැවසුවාය.

    ඇය පසුකර ගිය ප්‍රාදේශීය ගම්වැසියන් ඇගේ හඬ ඇසී ඇයව බේරා ගත්තා. ඔවුන් පහර දුන් තැනැත්තා පොලිසියට භාර දුන්නා.

    අඟහරුවාදා දිවි ගලවා ගත් තැනැත්තිය බැලීමට ගිය මාලිවාල් මහත්මිය ඇගේ හමුව විස්තර කළේ හද කම්පා කරවන ක්‍රියාවක් ලෙසයි.

    “ඇගේ දෑත් මුළුමනින්ම රැළි වැටී ඇත. ඇයට සිදුවූ දේ ඇසූ විට ඔබට කම්පනයක් ඇති වේ. ඇගේ මුහුණේ සහ ඇගේ සිරුර පුරා තැලීම් ඇති අතර ඇය මට පැවසුවේ ඇයට යෝනි මාර්ගයෙන් ලේ ගැලීමක් ඇති බවයි. ඇය දැඩි කම්පනයකින් පෙළෙනවා.”

    Demonstrators in India hold placards to protest against sexual assaults on women, File photo
    කාන්තාවන්ට එරෙහි ලිංගික හිංසනය මෑත වසරවලදී ඉන්දියාවේ අවධානය යොමු වී තිබේ

    මෙම දූෂකයාට මරණීය දණ්ඩනය නියම කරන ලෙස මාලිවාල් මහත්මිය ඉල්ලා ඇත.

    “දිල්ලි මහාධිකරණයේ අගවිනිසුරුට සහ නගරයේ ලුතිනන් ආණ්ඩුකාරවරයාට මම ලියන්නේ නඩුව කඩිනමින් සොයාගෙන මාස හයකින් ඔහුව එල්ලා මරා දමන ලෙසයි.”

    දිල්ලියේ බස් රථයක 23 හැවිරිදි භෞත චිකිත්සක සිසුවියක සමූහ දූෂණයට ලක්වීම හේතුවෙන් 2012 දෙසැම්බර් මාසයේ සිට ඉන්දියාවේ ස්ත්‍රී දූෂණ හා ලිංගික හිංසනය අවධානයට ලක්ව තිබේ. දින කිහිපයකට පසු පහරදීමෙන් සිදුවූ තුවාල හේතුවෙන් ඇය මිය ගිය අතර අදාළ අපරාධයට සම්බන්ධ විත්තිකරුවන් හතර දෙනෙකු මාර්තු මාසයේ එල්ලා මරා දමන ලදී.

    එහෙත් ලිංගික අපරාධ පිළිබඳ වැඩි විමර්ෂණයක් තිබියදීත්, ඔවුන්ගේ සංඛ්‍යාව දිගටම ඉහළ යමින් පවතී.

    ජාතික අපරාධ වාර්තා කාර්යාංශයට අනුව, 2018 දී ඉන්දියාවේ ස්ත්‍රී දූෂණ 33,977 ක් පොලීසිය විසින් වාර්තා කරන ලදී. (ඉන්දියාවේ සෑම මිනිත්තු 15 කට වරක් ස්ත්‍රී දූෂණයක් සිදු කරයිෙ) එහෙත් බොහෝ සිද්ධීන් පවා වාර්තා නොවීම නිසා සත්‍ය සංඛ්‍යාව වැඩි බව ප්‍රචාරකයින් පවසයි.

    සියල්ලන්ම ප්‍රවෘත්ති නොකියයි. පුවත්පත් වාර්තා වන්නේ වඩාත් ම්ලේච්ඡ හෝ කම්පන සහගත කාරණා පමණි. පසුගිය දින කිහිපය තුළ ඉන්දියාව කොරෝනා වෛරස් වසංගතයට මුහුණ දීම සඳහා මහත් පරිශ්‍රමයක් දරමින් සිටියදී ගිලන් රථ රියැදුරෙකු විසින් කොවිඩ්-19 රෝගියෙකු රෝහල කරා රැගෙන යමින් සිටියදී දුෂණය කළ බව වාර්තා විය.

    පසුගිය මාසයේ 13 හැවිරිදි දැරිය උක් වගා බිමකදී දූෂණය කර ඝාතනය කර ඇති බව ඇයගේ පියා විසින් වාර්තා කර ඇති අතර ඇයගේ දෑස් ගළවා ගෙන දිව කපා දමා ඇති බවට ද ඔහු චෝදනා කළේය.

    පසුගිය ජූලි මාසයේදී හය හැවිරිදි දැරියක් පැහැර ගෙන ගොස් දූෂණය කර ඇති අතර දූෂකයා දෑස් වලට බරපතල තුවාල සිදු වූ බවක් පෙනෙන්නට තිබේ.

    කාන්තා ක්‍රියාකාරිනියක වන යෝගිතා භයනා පෙන්වා දෙන පරිදි ‘කිසිදු වයස් කාණ්ඩයක් ආරක්ෂිත නැහැ. දූෂණයට ලක්වූ 60 හැවිරිදි වියේ පසුවන කාන්තාවක් සහ මාසයක් වයසැති ගැහැනු ළමයෙකු මට හමු වී තිබෙනවා‘ ඇය පැවසුවාය.

    An Indian girl holds candles as she along with her relatives takes part in a candle light march to protest against the rape and murder of eight-year-old girl in Kathua, in Amritsar, India, 15 April 2018
    ඉන්දියාව දැඩි නීති දූෂණ නීති 2013 දී සම්මත කළේය

    2012 දෙසැම්බරයේ දිල්ලි බස් දූෂණය පිළිබඳ ම්ලේච්ඡත්වය පිළිබඳ ගෝලීය විරෝධයෙන් පසුව, ඉන්දියාව විශේෂයෙන් බිහිසුණු නඩු වලදී මරණීය දණ්ඩනය ඇතුළු දැඩි නව ස්ත්‍රී දූෂණ නීති හඳුන්වා දුන් අතර ස්ත්‍රී දූෂණ නඩු විභාග කිරීම සඳහා කඩිනම් අධිකරණ පිහිටුවීමට පොරොන්දු විය.

    එහෙත්, උද්ඝෝෂකයින් පවසන්නේ, භූමියේ බොහෝ දේ වෙනස් වී නැති බවයි.

    “කාන්තාවන් සහ ගැහැණු ළමයින් ආරක්ෂා කිරීම රජයේ ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළින්ම සිටිය යුතු නිසා තත්වය වෙනස් වී ඇත. නමුත් එයින් වෙනසක් සිදුව ඇති බවක් නොපෙනේ” බයනා මහත්මිය පවසයි.

    “ඉන්දියාව බාහිර ආරක්ෂාව ගැන කතා කරයි. නමුත් මම ඔවුන්ගෙන් විමසන්නේ අභ්‍යන්තර ආරක්ෂාව ගැන කුමක් ද? කාන්තාවන්ගේ හා ගැහැණු ළමයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ඔබ කරන්නේ කුමක්ද?”

    ස්ත්‍රී දූෂණයට ලක්වූවන්ට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා අගමැති නරේන්ද්‍ර මෝදි වෙත වසර පහක් තිස්සේ ලිපි ලියා ඇති නමුත් එකදු ප්‍රතිචාරයක්වත් ලැබී නොමැති බව බයානා මහත්මිය පවසයි.

    “ඇයි ඔහු ඒ ගැන කතා නොකරන්නේ?” ඇය අසයි.

    විපක්ෂයේ සිටියදී මෝදි මැතිවරණ රැලි කිහිපයකම දිල්ලිය ‘ස්ත්‍රී දූෂණ අගනුවර‘ ලෙස විස්තර කර තිබේ.

    2014 දී අගමැති ධුරයට පත්වීමෙන් පසු ඔහු එය ප්‍රමුඛතාවයක් බවට පත් කළේය. එම වසරේ ඔහුගේ පළමු නිදහස් දින කතාවේදී ඔහු ස්ත්‍රී දූෂණ ගැන කතා කළ අතර වඩා හොඳ පුතුන් ඇති දැඩි කරන්නේ කෙසේද යන්න පිළිබඳව දෙමාපියන්ට උපදෙස් ලබා දුන්නේය.

    “මෙම ස්ත්‍රී දූෂණ ගැන ඇසූ විට අපගේ හිස ලැජ්ජාවට පත්වේ,” ඔහු පැවසීය.

    “සෑම නිවසකම දෙමව්පියන් දියණියන් ඇය යන්නේ කොහේද, ඇය නැවත පැමිණෙන්නේ කවදාද යන්න පිළිබඳව බොහෝ ප්‍රශ්න අසයි. ඇය ගමනාන්තයට ළඟා වූ විට ඔවුන්ව දැනුවත් කරන ලෙස ඉල්ලා සිටී. නමුත් ඔබ කවදා හෝ ඔබේ පුතාගෙන් ඇහුවා ද ඔහු යන්නේ කොහේද, ඔහු යන්නේ ඇයි සහ ඔහුගේ මිතුරන් කවුද? කියා‘ මෝදි ප්‍රශ්න කළේය.

    ඉන්දියාවේ බොහෝ දුරට වැඩවසම් හා පීතෘමූලික සමාජයේ මෙය බිම් මට්ටමේ සිදුවීමක් ලෙස සලකයි. බොහෝ විට මෙම දූෂණ සිදුවීම්වලට බලවත් පුද්ගලයින් සම්බන්ධ වන විට සියල්ල යටපත් වෙයි.

    අගමැති මෝදි පවා මේ සම්බන්ධයෙන් බොහෝ විට දක්වන්නේ ඇල්මැරුණු අකල්පයකි. ඔහු 2018 දී සිදුකළ ට්වීටර් පණිඩුයකින් පසු කිසිවක් ප්‍රකාශ කර නැත.

    ඔහුගේ පක්ෂයට සම්බන්ධ සාමාජිකයන් වෙත එල්ල වූ ස්ත්‍රී දූෂණ චෝදනාවලින් පසු ඔහු “ඉන්දියාවේ දියණියන්ට යුක්තිය ඉටුවනු ඇත” යනුවෙන් 2018 දී ට්වීටර් පණිවුඩයක් නිකුත් කළේය. එය එපමණකි. කිසිම වෙනසක් සිදුව නැත. සිදුවන බවක් පෙනෙන්ට ද නැත.

    ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ මෙම ගැටළුව එක රැයකින් අතුරුදහන් වීමට හේතු විය හැකි “මැජික් දණ්ඩක් නැත, කිසිවක් නැත” යනුවෙන් භයනා මහත්මිය පවසයි.

    ඇය පවසන්නේ බොහෝ දේ වෙනස් කළ යුතු බවයි. (පොලිස් හා අධිකරණ ප්‍රතිසංස්කරණ) පොලීසිය සහ නීතිඥයින් පිළිබඳ වැඩි සංවේදීතාවයක් සහ වඩා හොඳ අධිකරණ මෙවලම් අවශ්‍ය වේ.

    “නමුත් සියල්ලටම වඩා, අපට ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ දැනුවත්භාවය අවශ්‍යයි. මනෝභාවයන් වෙනස් කිරීමට, එවැනි අපරාධ මුලින් සිදුවීම වැළැක්වීමට අප ක්‍රියා කළ යුතුයි.”

    එය අසීරු ඉල්ලීමක් බව ඇය තවදුරටත් පවසන්නීය. දිල්ලි රජය හෝ ෆෙඩරල් රජය වේවා කිසිදු රජයක් ස්ත්‍රී පුරුෂ හිංසනය මැඩපැවැත්වීම සම්බන්ධයෙන් බැරෑරුම් වන බවට කිසිදු සලකුණක් නොමැත.

    “මම අවුරුදු අටක් තිස්සේ ක්‍ෂේත්‍රයේ වැඩ කරමින් සිටිමි. මේ පිළිබඳව බරපතල ලෙස සිතන කිසිවෙකු මට හමු වී නැත.”

    බයානා මහත්මිය පවසන්නේ සෑම තැනකම විවිධ කාරණා ගැන, රජයේ විවිධ ජයග්‍රහණ ගැන, කොවිඩ් -19 ගැන හෝ මත්ද්‍රව්‍ය භාවිතයට එරෙහිව ජනතාවගෙන් අනතුරු ඇඟවීමක් ඇති බවයි.”

    නමුත් ස්ත්‍රී දූෂණය හෝ ස්ත්‍රී පුරුෂ හිංසනය පිළිබඳව කිසියම් නගරයක රැස්වීමක් ඔබ දැක තිබේද?” ඇය අසයි.

    “මෝඩි මහතාගේ සුරතල් සටන් පාඨය වන “බෙටි බචාවෝ, බෙටි පධාවෝ [දියණියන් දැනුවත් කරන්න, දියණියන් බේරා ගන්න] යන පුවරු සමඟ අපි බොහෝ විට පුවරු දකිමු. මම කියන්නේ ඇයි අපි එය බීටා පාදාවෝ, බෙටි බචාවෝ [ඔබේ පුතුන් දැනුවත් කරන්න, දියණියන් බේරා ගන්න] ලෙස වෙනස් නොකරන්නේ? ‘ ඇය ප්‍රශ්න කරයි.

    2020 සැප්තැම්බර් 09 වැනි දින බී.බී.සී වාර්තාවකි. සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • Untitled post 32287

    ඉකුත් දා නිමාවට පත් වුණු අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේදී පිතිකරුවන් රැසක් දක්ෂතා දැක්වීමට සමත්වූ අතර එහිදී ලකුණු 1000 සීමාව ඉක්මවා යෑමට පිතිකරුවන් දෙදෙනකු සමත්විය. හිටපු ටෙස්ට් නායක වත්මන් යුද හමුදා කණ්ඩායමේ පිතිකරු දිනේෂ් චන්දිමාල් සහ එන්. සී. සී. කණ්ඩායමේ ළහිරු උදාර ලකුණු 1000 සීමාව ඉක්මවා ලූ පිතිකරුවන් යුගලය බවට පත්විය. මොවුන් දෙදෙනා අතරින් වැඩිම ලකුණු වාර්තා කරන ලද පිතිකරුවා බවට පත් වූයේ ළහිරු උදාර වන අතර හේ ලකුණු 1039 ක් වාර්තා කරමින් පිතිකරුවන් අතර පෙරමුණට පැමිණ සිටියි.

    මෙවර තරග වාරයේදී පිතිකරුවකු ලෙස දස්කම් දැක්වීමට හැකිවීම පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ නුදුරේදීම ශ්‍රී ලංකා ටෙස්ට් සහ එක්දින කණ්ඩායම්වල ආරම්භක පිතිකරු ස්ථානයේ ක්‍රීඩා කිරීම තම ඉලක්කය වී තිබෙන බවයි. 

    2018-19 තරග වාරයේදීත් ශතකයක් සහ අර්ධ ශතක 7 ක් සමඟින් ලකුණු 861 ක් ලැබූ ළහිරු සමස්ථ තරගාවලියේ වැඩිම ලකුණු ලද පිතිකරුවන් අතර පස්වැනි ස්ථානයට පැමිණියේය. සිය උත්සාහය අත් නොහළ උදාර මෙවර තරග වාරයේදී එම දක්ෂතා තව ඔප් නංවා ගනිමින් ද්විත්ව ශතකයක් ඇතුළුව ශතක 3 ක් සහ අර්ධ ශතක 6 ක් සමඟින් වැඩිම ලකුණු ලද පිතිකරු ශ්‍රේණියේ පළමු ස්ථානය තම නම වෙනුවෙන් වෙන් කර ගත්තේය. රාගම ක්‍රීඩා සමාජයට එරෙහිව නොදැවී රැස් කරන ලද ලකුණු 290 මෙවර තරගවාරයේ ළහිරු ඉනිමක ලද ඉහළම ලකුණු සංඛ්‍යාව වේ.

    “ඇත්තටම මේ තරග වාරයේදී මම හිතුවේ ලකුණු 1000 සීමාව ඉක්මවනවමයි කියල අරමුණකින්මයි හිටියේ. ඇත්තටම ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 87 ක් වන පරිදි (86.72) රඳවා තබා ගනිමින් ඒ දේ කරන්න ලැබීම ගැන මම සතුටු වෙනවා” යි ළහිරු තම සතුට වචන වලට පෙරැළීය.

    මෙවර තරග වාරයේ පළමු තරගයේදීම ත්‍රිත්ව ශතකය ආසන්නයට පැමිණි ළහිරුට ත්‍රිත්ව ශතකය අහිමි වූයේ අනෙක් අන්තයේ පිතිකරුවන් සියල්ල දැවී යෑම හේතුවෙනි. එම තරගයේදී අංක 3 පිතිකරුවා ලෙස පිටියට පිවිසි ළහිරු දක්වන ලද දක්ෂතාවය හේතුවෙන් ඉතිරි තරග සියල්ලටම ආරම්භක පිතිකරුවකු ලෙස උසස්වීම් ලැබුවේය.

    1993 වසරේ දී ඇල්පිටිය, බටුවන්හේනේදී උපත ලද ළහිරු උදාර, සහජ හැකියාවන්ගෙන් හෙබි ක්‍රීකයින්ට ජාතික කණ්ඩායමට ගෙන ඒම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සකස් කර ඇති වැඩපිළිවෙළහි සාර්ථක භාවයට එක් උදාහරණයක් සපයන්නෙකි. ඇල්පිටියේ ආනන්ද ශාස්ත්‍රාලයේ සිට සිට නුගේගොඩ සාන්ත ජොන් විදුහලට පැමිණෙන ළහිරු වයස අවුරුදු 19 න් පහළ නියෝජනය කරන අවධියේදී දක්ෂතම පිට පළාත් ක්‍රීඩකයාට හිමි සම්මානයෙන්ද පිදුම් ලබන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩපිළිවෙළෙහි සාර්ථකත්වය යළි යළිත් විදහා පාමිනි.

    Text by sl cricket

  • පුරාණ තාක්ෂණය හා නූතන විද්‍යාත්මක ක්‍රමයට වැව් 5000ක් ප්‍රතිසංස්කරණය යයි

    පුරාණ තාක්ෂණය හා නූතන විද්‍යාත්මක ක්‍රමයට වැව් 5000ක් ප්‍රතිසංස්කරණය යයි

    පුරාණ තාක්ෂණය සහ නූතන විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව දිවයින පුරා වැව් 5,000ක් කඩිනමින් ප්‍රතිසංස්කරණයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දෙයි. ඒ සමග දිවයින පුරා ඇති පුරන් කුඹුරු අක්කර 120,000ක් ආශ්‍රිතව “ජාතික ආහාර නිෂ්පාදන දායකත්ව වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබේ. වැව් පිළිසකර ව්‍යාපෘතිය කඩිනම් කිරීමට සිවිල් ආරක්ෂක බලකාය සහාය කර ගැනේ.

    ග්‍රාමීය කුඹුරු, ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී යෝජිත වැඩසටහන් පුළුල්ව විමර්ශණය කෙරිණ.

    “මින් පෙරත් වැව් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළා. එය විද්වතුන්ගේ සහ ජනතාවගේ බලවත් දෝෂ දර්ශනයට ලක් වුණා. ඊට හේතුව වැව් හාරා ගැඹුරු කළත් ජලය රඳවා ගැනීමේ පුරාණ තාක්ෂණ සහ විද්‍යාත්මක ක්‍රම භාවිත නොකිරීම. එවැනි අඩු පාඩු මග හරිමින් පොදු නිර්ණායකයක් යටතේ ඒ ඒ ප්‍රදේශවලට සහ වැව් වලට ආවේණික ක්‍රමයකට ප්‍රතිසංස්කරණ වැඩ  කළ යුතුයි”. ජනාධිපතිවරයා පැහැදිලි කළේය.

    වැව් ගොඩවීමෙන් ඒවායේ ධාරිතාව අඩු වී තිබේ. ඉවුරු කැඩී ගිය වැව් විශාල සංඛ්‍යාවක් ඇත. මහ කන්නය ඉලක්ක කොට ගෙන ඒවා  කඩිනමින් පිළිසකර කිරීමේ අවශ්‍යතාව ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

    කුඹුරු වගාව සඳහා පමණක් නොව පානීය ජල සම්පාදනය හා සෙසු වාරි අවශ්‍යතා සපුරාලීමට ද වැව් ජලය භාවිත කිරීමේ හැකියාව ජනාධිපතිවරයා විසින් පෙන්වා දෙනු ලැබීය.

    වාරි මාර්ග පද්ධතියෙන් නඩත්තුවන කෘෂි ඉඩම් පරිහරණ රටාවක් පිළිබඳව ඉඩම් පරිහරණ දෙපාර්තමේන්තුව හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක්ව සමීක්ෂණයක් කර ඇත.  ඉන් අනාවරණය වූ තොරතුරු පදනම් කර ගනිමින්  මනා ජල කළමනාකරණයක් ඇතිව  මැද කන්න සහ අතුරු කන්නවලදී හඳුනාගත්  කෘෂි බෝග 17 ක් වගා කිරීමට සැලසුම් කර තිබේ.

    වැව් ප්‍රතිසංස්කරණය, වැව් ආශ්‍රිත  කර්මාන්ත ආරක්ෂාවන අයුරින් කළයුතුය. අනුබද්ධ ආයතන සහ ගොවි සංවිධාන සමග එකඟතාවයෙන් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම අවශ්‍යයෙන්ම කළ යුත්තකි. වැව් ප්‍රතිසංස්කරණයට සමගාමීව ඇල වේලි ඇතුළු වාරි පද්ධතිය ද ප්‍රතිසංස්කරණයට  ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

    වගා ජල සම්පාදනය සහ පානීය ජල සම්පාදනය අරමුණු කොට සැලසුම් කළ “උතුරු මැද මහ ඇල” සහ “වයඹ ඇල” ව්‍යාපෘති කඩිනමින් නිම කිරීමේ අවශ්‍යතාව අද රැස්වීමේ දී සාකච්ඡාවට ලක් විය.  ඒ යටතේ උතුරු මැද හා වයඹ පළාත්වල ග්‍රාමීය වැව් 1500ක් ආශ්‍රිතව හෙක්ටයාර් 80,000ක් දෙකන්නයේම වගා කිරීමට අපේක්ෂිතය. 

    වාරිමාර්ග ක්ෂේත්‍රයේ දිගු කලක සිට පවතින ඉංජිනේරු සහ කාර්මික නිලධාරී ශ්‍රේණිවල පුරප්පාඩු නොපමාව පිරවීමේ අවශ්‍යතාව ද අවධානයට ලක් විය.

    නව කෘෂි තාක්ෂණය හඳුන්වාදෙමින් තරුණ ව්‍යවසායකයන් 500ක් කාබනික කෘෂිකර්මයට යොමු කිරීම පිණිස සැලසුම් කළ  “තරුණ ගොවි සෞභාග්‍යා, කාබනික ගොවිපල වැඩසටහන” ද මෙහිදී විමර්ශනය කෙරිණ. මාදුරු ඔය දකුණු ඉවුරේ අක්කර 5000ක් ආවරණය වන පරිදි ව්‍යාපෘතිය සැලසුම් කර තිබේ.  ඊට අවශ්‍ය යටිතල පහසුකම් සම්පාදනයට එකඟත්වය පළ විය.

    අමාත්‍ය චමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු, කැබිනට් හා රාජ්‍ය අමාත්‍යාංශවල මෙන්ම රේඛීය ආයතනවල නිලධාරීහූ සහ ගොවි සංගම් නියෝජිතයෝ ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියහ.

  • අගමැති රාජ්‍ය බැංකුවලට ‘හරි පාර’ කියා දෙයි

    අගමැති රාජ්‍ය බැංකුවලට ‘හරි පාර’ කියා දෙයි

    විවිධ ආර්ථික අර්බුධයන්ට ලක්ව සිටින ජනතාව ඉන් මුදා ගැනීම සඳහා ණය ලබාදීමේදී ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නැයි විෂය භාර අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (09) දින රාජ්‍ය බැංකු ප්‍රධානීන්ට උපදෙස් ලබා දුන්නේය.

    මුදල් අමාත්‍යංශයේ  ප්‍රගති සමාලෝචන රැස්වීම මුදල් අමාත්‍යංශයේ පැවති අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    ණය ගෙවා ගැනීමට අපහසු හා අලුතින් ණය ලබා ගැනීමට පැමිණෙන ජනතාව බැංකු තුළ අනවශ්‍ය ලෙස අපහසුතාවයට ලක් නොකරන්නැයි අග්‍රාමාත්‍යවරයා පැවසීය.

    ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ (CRIB) දත්ත පරීක්ෂා කිරීමේ කාර්යය තුළ මහජනතාවට සිදු වන අපහසුතාවන් පිළිබඳව මුදල් අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා මෙහිදී අවධානය යොමු කළේය.

    ණය නොගෙවූ පුද්ගලයෙකුගේ, ඇපකරුවෙකු වූ පමණින් ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ (CRIB)  නම ඇතුළත් වීම නිසා ණයක් ලබා ගැනීමට එම පුද්ගලයා නුසුදුස්සෙකු කිරීම ඇතුළු කරුණු පිළිබඳව අවධානය යොමු කළ අග්‍රාමාත්‍යවරයා ඒ සඳහා සුදුසු සහන ක්‍රමවේදයන් පිළිපදින්නැයි පැවසීය.

  • 20 සංශෝධනයේ කර්තෘ අඥාතයි – රකින්න මුල් ඇවරියේ කවුරුත් නෑ

    20 සංශෝධනයේ කර්තෘ අඥාතයි – රකින්න මුල් ඇවරියේ කවුරුත් නෑ

    එක එක කාලයට ආපු ව්‍යවස්ථා ලියවිලිවලට  කර්තෘවරුන්, නිර්මාතෘවරුන්, කර ගසා ගෙන යන්නන් හිටියේය. ව්‍යවස්ථා ලියවිල්ලක සැබෑ අරමුණ කියවා ගැනීමට කර්තෘ හඳුණා ගැනීම අත්‍යවශ්‍යය.  ඉතිහාසයේ පළමුවෙනි වතාවට ව්‍යවස්ථා සංශෝධනයක් කර්තෘ අඥාත ලියවිල්ලක් ලෙස එළි දැක්වී ඇතැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

    1970 න් පසු වසර 50 ක ඉතිහාසයේ පළමු වරට කර්තෘ අඥාත ව්‍යවස්ථා ලියවිල්ල 20 වන ව්‍යවස්ථා සංශෝධනය යි.  දැන් සතියකට වැඩියි.  රටම බලාගෙන ඉන්නේ මේ ලියවිල්ලේ කර්තෘ සොයා ගැනීමටය.  නිර්මාතෘ සොයා ගැනීමට ය.  කර ගසා ගෙන යන්නෝ සොයා ගැනීමටය.  කීර්ති තෙන්නකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    1972 ව්‍යවස්ථාව හැදුවේ කොල්වින් ආර්. ද සිල්වා ය. 1978 ව්‍යවස්ථාව  හැදුවේ එච්.ඩබ්ලිව්. ජයවර්ධන, ජේ.ආර්.ගේ සහෝදරයා ය.  චන්ද්‍රිකාගේ ව්‍යවස්ථාව හැදුවේ ජී.එල්. පීරිස් ය. 19 ව්‍යස්ථාව  හැදුවේ ජයම්පති  වික්‍රමරත්නය. හැබැයි,  20 සංශෝධනය ලියපු කෙනෙක් නැත. කර්තෘ අඥාත යි.

    20 රකින්නට කවුරුත්ම ඉදිරිපත් වෙන්නේ නෑ.   20 ට විරුද්ධව එල්ල වෙන විවේචන, පරාද කරන්නට එය රැකගන්නට විෂයානුබද්ධ ශාස්ත්‍ර ඥානයක් සහිත කිසිවෙකුත් ඉදිරිපත් නොවන්නේ ඇයි? 

    ලංකා ඉතිහාසයේ අශිෂ්ඨතම ව්‍යවස්ථා සංශෝධනය සිදු කළ අය කවුදැයි රටම දැන ගත යුතුව ඇයි යි, රජිත් කීර්ති තෙන්නකෝන මහතා පවසයි.

    රජිත් කීර්ති තෙන්නකෝන්

  • ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය ‘මහජන අදහස් කැඳවයි’

    ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය ‘මහජන අදහස් කැඳවයි’

    දිවයින පුරා රජයේ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන නේවාසික රෝගීන්ට නොමිලේ ලබාදෙන ආහාර පාන වල රස හා ගුණ ඉහළ නංවන විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය බලාපොරොත්තු වන බව ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා (0714398201) පවසයි.

    මෙහිදී ඒ ඒ රෝහල් වල ප්‍රතිකාර ලබන රෝගීන්ගේ පෝෂණ සහ සෞඛ්‍ය අවශ්‍යතා පිළිබඳව සැලකිලිමත් වන අතර විශේෂයෙන් සැලකිලිමත් විය යුතු අවස්ථාවලදී  අවශ්‍ය බලධාරීන්, විශේෂඥයින් සමගද සාකච්ජා කෙරේ.රෝහල් බලධාරීන්, අදාල තාක්ෂණික කාර්‍ය මණ්ඩල, ආහාර නිරීක්ෂිකාවන් මෙන්ම විශේෂඥ වෛද්‍යවරුන් , පෝෂණවේදීන් ඇතුලත්ව විශේෂ පුහුණු වැඩසටහන් පැවැත්වීමට සැලසුම් කර ඇත. මෙම පුහුණුව සඳහා දිවයිනේ දක්ෂ සූපවේදීන්ද සහභාගී කර ගනු ඇත.

    කෙසේ වෙතත් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී  ව්‍යාපෘතියේ සියලු කරුණු  මහජන අදහස් අනුව සැලසුම් කිරීමට ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය බලාපොරොත්තු වෙයි.

    මෙම ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීමට වැදගත්වන අදහස් හා යෝජනා ඔක්තෝබර් 30 වනදා මධ්‍යහන 12 ට පෙර ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලීමක් කෙරේ.සාමාන්‍ය තැපෑලෙන් හෝ විද්‍යුත් තැපෑලෙන් මෙම යෝජනා හෝ අදහස් යොමුකල හැකිය. අදහස්  හා යෝජනා යොමු කරන සියලුදෙනා තෝරාගත් දිනයකදී විශේෂ සාකච්ජාවක් සඳහා කැඳවීමටද ව්‍යාපෘති කාර්යාලය බලාපොරොත්තු වෙයි.(සම්බන්ධීකරණය – ප්‍රසන්න සමරවික්‍රම මහතා – ව්‍යාති නිලධාරී , ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය -0712887855)

    ලිපිනය  : ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය

                    අංක 191, තෙවැනි මහල, ජේ.ආර්.ජයවර්ධන කේන්ද්‍රය – කොළඹ -07.

    විද්‍යුත් ලිපිනය: psspmoh.lk@gmail.com ,  විමසීම්  – 0112680549 (තනුජා)

  • Covid-19: ඔක්ස්ෆර්ඩ් සරසවියේ අත්හදා බැලීම තාවකාලිකව නතර කරයි

    Covid-19: ඔක්ස්ෆර්ඩ් සරසවියේ අත්හදා බැලීම තාවකාලිකව නතර කරයි

    චීනය සහ රුසියාව දේශීයව සංවර්ධනය කරන ලද එන්නත් එන්නත් කිරීම ආරම්භ කර තිබේ. ඒවා සියල්ලම තවමත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සායනික අත්හදා බැලීම්වල ලැයිස්තුගත කර නැත.

    අවසාන සායනික අත්හදා බැලීම් සඳහා සහභාගී වූ පුද්ගලයෙකුට තුළ ඇති වූ සංකූලතාවක් හේතුවෙන් ඇස්ට්‍රාසෙනෙකා සහ ඔක්ස්ෆර්ඩ් ( AstraZeneca and Oxford) විශ්ව විද්‍යාලය විසින් සිදුකරනු ලබන කොවිඞ්-19 වෛරස් එන්නත සංවර්ධන කටයුතු නතර කර තිබෙනවා.

    ඇස්ට්‍රාසෙනෙකා එය විස්තර කළේ “පැහැදිලි කළ නොහැකි රෝගයක්” සඳහා එය “සාමාන්‍ය” විරාමයක් ලෙසය.

    එන්නත් අත්හදා බැලීම්වල ප්‍රතිඵල ලොව පුරා සමීපව නිරීක්ෂණය කෙරේ.

    ඇස්ට්‍රාසෙනෙකා-ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ එන්නත ගෝලීය වශයෙන් සංවර්ධනය වෙමින් පවතින දුසිම් ගණනක් අතර ප්‍රබල තරඟකරුවෙකු ලෙස සැලකේ.

    අදියර 1 සහ 2 සාර්ථක අත්හදා බැලීම්වලින් පසුව එන්නත වෙළඳපොලට පැමිණි පළමු වැන්නෙන් එකක් විය හැකිය යන බලාපොරොත්තුව ඉහළ මට්ටමක පවතී.

    මෑත සතිවල තුන්වන අදියර පරීක්ෂණයට එය ගෙනයාමට එක්සත් ජනපදයේ මෙන්ම එක්සත් රාජධානියේ, බ්‍රසීලයේ සහ දකුණු අප්‍රිකාවේ 30,000 ක් පමණ සහභාගී වී ඇත. තුන්වන අදියර එන්නත් වල බොහෝ විට දහස් ගණනක් සහභාගී වන අතර එය වසර කිහිපයක් පැවතිය හැකිය.

    මෙම පුවත පළමුවෙන්ම වාර්තා කළ සෞඛ්‍ය වෙබ් අඩවිය වන ‘ස්ටැට් නිව්ස් Stat News’ පැවසුවේ එක්සත් රාජධානියේ සහභාගිවන්නාගේ අහිතකර ප්‍රතිචාරය පිළිබඳ තොරතුරු ක්ෂණිකව නොදන්නා නමුත් මූලාශ්‍රයක් උපුටා දක්වමින් ඔවුන් යථා තත්ත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

    සායනික අත්හදා බැලීම් නැවත ආරම්භ කිරීම පිළිබඳ තීරණය දින කිහිපයක් ගත විය හැකිය

    විශ්ලේෂණය බීබීසී වෛද්‍ය කර්තෘ ෆර්ගස් වොල්ෂ් විසිනි

    බැලූ බැල්මට මෙය තැතිගන්වන සුළු බවක් පෙනෙන්නට තිබේ. බරපතල අහිතකර ප්‍රතික්‍රියාවක් නිසා සැක කෙරේ. එහෙත් එවැනි සිදුවීම් අසා නැත. ඇත්ත වශයෙන්ම ඔක්ස්ෆර්ඩ් කණ්ඩායම එය “පුරුද්දක්” ලෙස විස්තර කරයි. ඕනෑම වේලාවක ස්වේච්ඡා සේවකයෙකු රෝහලට ඇතුළත් කළ පසු ඔවුන්ගේ අසනීපයට හේතුව ක්ෂණිකව නොපෙනේ.

    මෙය ඇත්ත වශයෙන්ම ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය / ඇස්ට්‍රාසෙනෙකා කොරෝනා වයිරස් එන්නත අත්හදා බැලීම සමඟ සිදු වූ දෙවන අවස්ථාවයි. ඔක්ස්ෆර්ඩ් සරසවියේ ප්‍රකාශකයෙක් පැවසුවේ “විශාල අත්හදා බැලීම්වලදී, රෝගාබාධ අහම්බෙන් සිදුවනු ඇති නමුත් මෙය ප්‍රවේශමෙන් පරීක්ෂා කිරීම සඳහා ස්වාධීනව සමාලෝචනය කළ යුතු’ බවයි.

    අත්හදා බැලීම් නැවත ආරම්භ කිරීම පිළිබඳ අවසන් තීරණයක් වෛද්‍ය නියාමකයා වන එම්එච්ආර්ඒ විසින් ගනු ලබන අතර එය දින කිහිපයක් පමණක් ගතවනු ඇත. නමුත් එතෙක් එක්සත් රාජධානියේ, බ්‍රසීලයේ, දකුණු අප්‍රිකාවේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ සියලුම ජාත්‍යන්තර එන්නත් ලබා ගැනීමේ ස්ථාන අත්හිටුවා ඇත.

    ඔක්ස්ෆර්ඩ් සරසවි කණ්ඩායම විශ්වාස කරන්නේ මෙම ක්‍රියාවලිය මගින් ඔවුන්ගේ ස්වේච්ඡා සේවකයන්ගේ ආරක්ෂාව සහ ඔවුන්ගේ අධ්‍යයන කටයුතුවල ඉහළම ප්‍රමිතීන් සඳහා කැපවී සිටින බව මනාව වටහා ගත හැකි බවයි.

    එන්නතක් සෙවීමේදී අප සිටින්නේ කොහිද?

    එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ නොවැම්බර් 3 වන දින මැතිවරණයට පෙර තමාට එක්සත් ජනපදයේ එන්නතක් ලබා ගත යුතු බවයි, නමුත් ඔහුගේ අදහස් මගින් එන්නතක් ලබා ගැනීමේ කඩිමුඩිය ආරක්ෂාව සම්බන්ධයෙන් දේශපාලනයට ප්‍රමුඛතාවය දිය හැකිය යන බිය මතු වී තිබේ.

    අඟහරුවාදා (08) කොවිඩ් -19 එන්නත් සංවර්ධකයින් නව දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එන්නතක් සෙවීමේදී විද්‍යාත්මක හා සදාචාරාත්මක ප්‍රමිතීන් ආරක්ෂා කිරීම සඳහා ‘ඓතිහාසික ප‍්‍රතිඥාවක් historic pledge ’ ප්‍රකාශයට පත් කරමින් මහජනයාගේ බිය සැක දුරු කිරීමට උත්සාහ කළහ.

    ‘සායනික අධ්‍යයනයේ අදියර තුනක් හරහා එන්නත් ලබා ගැනීමෙන් පසුව නියාමන අනුමැතිය සඳහා පමණක් ඉල්ලුම් කරන බවට. වන ප‍්‍රතිඥාවට අත්සන් තැබූ සමාගම් නවය අතර ඇස්ට්‍රාසෙනෙකා ද සිටී.

    කොරෝනා වයිරස් එන්නත: අප කෙතරම් සමීපද, එය ලබා ගන්නේ කාටද?

    කර්මාන්ත දැවැන්තයින් වන ජොන්සන් ඇන්ඩ් ජොන්සන්, බයෝ එන්ටෙක්, ග්ලැක්සෝ ස්මිත්ක්ලයින්, ෆයිසර්, මර්ක්, මෝඩර්නා, සනෝෆි සහ නොවාවාක්ස් යන සමාගම් ද ප‍්‍රතිඥාවට අත්සන් කර ඇත.

    “සෑම විටම එන්නත ලබා දුන් පුද්ගලයින්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම අපගේ ප්‍රමුඛතාවය බවට පත් කිරීමට” ඔවුන් ප‍්‍රතිඥා දුන්හ.

    ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසන්නේ ලොව පුරා එන්නත් සංවර්ධකයින් 180කට ආසන්න සංඛ්‍යාවක් පරීක්ෂාවට ලක් කර ඇති නමුත් කිසිවෙකු තවමත් සායනික අත්හදා බැලීම් සම්පූර්ණ කර නොමැති බවයි.

    සංවිධානයක් පවසා ඇත්තේ එන්නතක් එහි කාර්යක්ෂමතාව සහ ආරක්‍ෂිත මාර්ගෝපදේශ සපුරාලනු ඇතැයි අපේක්ෂා නොකරන බවත් ඒවා ආරක්ෂිතව පරීක්ෂා කිරීමට ගතවන කාලය බවත්ය.

    ජාත්‍යන්තර ඖෂධ නිෂ්පාදකයින්ගේ සම්මේලනයේ අධ්‍යක්ෂ ජනරාල් තෝමස් කූනි (Thomas Cueni, director-general of the International Federation of Pharmaceutical Manufacturers) ද එවැනිම හැඟීම් බෙදාගෙන තිබේ. 

    කර්මාන්ත මණ්ඩලය නියෝජනය කරන්නේ පොරොන්දුව අත්සන් කළ සමාගම් ය.

    එසේ තිබියදීත්, චීනය සහ රුසියාව දේශීයව සංවර්ධනය කරන ලද එන්නත් එන්නත් කිරීම ආරම්භ කර තිබේ. ඒවා සියල්ලම තවමත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සායනික අත්හදා බැලීම්වල ලැයිස්තුගත කර නැත.

    මේ අතර, එක්සත් ජනපදයේ ජාතික නියාමකයා වන ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) යෝජනා කර ඇත්තේ සායනික අත්හදා බැලීම්වල තුන්වන අදියර සම්පූර්ණ කිරීමට පෙර කොරෝනා වයිරස් එන්නත් අනුමත කළ හැකි බවයි.

    නොවැම්බර් 3 වන දින ජනාධිපතිවරණයට දින දෙකකට පෙර එනම් නොවැම්බර් 1 වන විට විභව එන්නතක් බෙදා හැරීමට සූදානම් වීම සඳහා යම් යම් අවශ්‍යතා අත්හැරීම පිළිබඳව සලකා බලන ලෙස එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටි බව පසුගිය සතියේ ද අනාවරණය විය.

    ජනාධිපති ට්‍රම්ප් මැතිවරණයට පෙර එන්නතක් ලබා ගත හැකි බවට ඉඟි කර තිබුණද, ඔහුගේ ඩිමොක්‍රටික් ප්‍රතිවාදියා වන ජෝ බිඩන්, ට්‍රම්ප් මහතා විද්‍යාඥයන්ට ඇහුම්කන් දී විනිවිද නොපෙනෙන ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරනු ඇති බවට සැක පහළ කර තිබේ.

    2020 සැප්තැම්බර් 09 වැනි දින බී.බී.සී. වාර්තාවකි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ