Blog

  • සෞදියෙන් පිටව යන  ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන්ට සෞදි රජයෙන් සහනයක්

    සෞදියෙන් පිටව යන ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන්ට සෞදි රජයෙන් සහනයක්

    සෞදි අරාබියෙන් පිටවී යන ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන් සඳහා සහනයක් ලෙස ඔවුන්ගෙන් කිසිදු ගාස්තුවක් හෝ දඩ මුදලක් අය නොකිරීමට සෞදි බලධාරීන් තීරණය කර ඇතැයි විදේශ අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. එහි වැඩි දුරටත් මෙසේ ද සඳහන් වේ.

    වීසා වලංගු කාල සීමාව තුළ දී කොවිඩ්-19 ගෝලීය වසංගතය හේතුවෙන් සවුදි අරාබි රාජධානියෙන් පිටවීමට නොහැකි වූ ඕනෑම ආකාරයක වලංගු හෝ කල් ඉකුත් වූ සංචාරක වීසා බලපත්‍රයක්, නැවත ඇතුල්වීමේ වීසා බලපත්‍රයක් හෝ අවසාන පිටවීමේ වීසා බලපත්‍රයක් ඇති ඕනෑම ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයෙකුට, පිටත්ව යන විට දී කිසිදු ගාස්තුවක් හෝ දඩ මුදලක් අය කිරීමෙන් තොරව ගුවන් තොටුපළවල විගමන ස්ථාන හරහා එරටින් පිටවීමට අවසර දීම සඳහා සවුදි අරාබි රජය ඉදිරිපත් වී සිටී. මෙය කොවිඩ්-19 ගෝලීය වසංගතය හේතුවෙන් ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන් මුහුණ දෙන තත්වයන් සැලකිල්ලට ගනිමින් එම රජය විසින් ගනු ලැබූ තාවකාලික පියවරකි.

    සවුදි අරාබි රජය විසින් ගන්නා ලද මෙම තීරණය මඟින් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලියේ යෙදී සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන්ට සැලකිය යුතු සහනයක්  ලැබේ. මෙම තීරණය දෙරට අතර දැනට පවතින ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතාවන්හි ප්‍රතිඵලයක් වන අතර, ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය සහ රියාද්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සවුදි බලධාරීන් සමඟ පවත්වාගෙන යනු ලබන ක්‍රියාකාරී  සබඳතාවන්  අවධාරණය කරයි.

    කොවිඩ්-19 ගෝලීය වසංගත සමය තුළ දී ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයින් සඳහා වූ සුභසාධන ක්‍රියාමාර්ගවලට පහසුකම් සැපයීමට ඔවුන්ගේ සහාය ලබා දීම පිළිබඳව  සවුදි අරාබි  රජයට අපගේ කෘතඥතාව පළ කිරීමට ශ්‍රී ලංකා රජය මෙම අවස්ථාව යොදා ගනී.

    විදේශ අමාත්‍යාංශය – කොළඹ

  • 20 සංශෝධනයත් රනිල් ගේ UNP ව්‍යවස්ථාව වගේ

    20 සංශෝධනයත් රනිල් ගේ UNP ව්‍යවස්ථාව වගේ

    20 වන ව්‍යවස්ථා සංශෝධනය මැතිවරණ කොමිසමේ අධිකාරි බලය සම්පූර්ණයෙන්ම විනාශ කරයි.  රනිල් ගේ එජාප ව්‍යවස්ථාව හා පක්ෂ නායකත්වය පිළිබඳ සංකල්පය මත කෙටුම්පත් වී ඇති 20 සංශෝධනයේ මැතිවරණ කොමිසමට අදාළ වගන්ති නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට මාරාන්තික වනු ඇත. දේශපාලනඥයින්ට, ඡන්දදායකයින්ට, මැතිවරණ නිරීක්ෂකයින්ට, පුරවැසියන්ට පමණක් නොව රාජ්‍ය නිලධාරීන්ටත් එහි දිග පළල තම තම නැන පමණින් තෝරා බේරා ගැනීමට මේ ටික ලියා තබමි.

    1.      20 ට අනුව, මැතිවරණ කොමිසම පත්කරන්නේ, අද ව්‍යවස්ථාවේ ඇති ආකාරයට,  ‘ව්‍යවස්ථා සභාවේ නිර්දේශය‘ මත නොව කෙළින්ම ජනාධිපතිවරයා ය. සංයුතිය, ව්‍යූහය හා කාර්යභාරය වෙනස් කළ ‘ව්‍යවස්ථා සභාවකින්‘ බලාපොරොත්තු විය හැකි ‘විනිවිද භාවයක් නැති අතර,  ජේ.ආර්.ගේ ඒකාධිපති ව්‍යවස්ථාවේ කලවාන, මහර, යාපනය සංවර්ධන සභා ක්‍රමයට ලංකාවේ අනාගත මැතිවරණ මිලේච්ඡත්වයට පත් වනු නොවැලැක්විය හැකි වනු ඇත.

    2.      ජනාධිපති පත් කරන ත්‍රී පුද්ගල මැතිවරණ කොමිසම, ජනාධිපතිවරයා නැවත වරක් ජනමතය උරගා බලන, ඊලඟ ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම පවත්වයි.   ජනාධිපතිවරයෙකුට තමන් කැමති තිදෙනෙකු කොමිසමට පත් කර, ජනාධිපතිවරණ කැඳවිය හැකිය.  මෙවැන්නක් මෙයට පෙර හමුවී ඇත්තේ රනිල් ගේ එක්සත් ජාතික පක්ෂය ව්‍යවස්ථාවේ පමනී.  එහි, රනිල්ම ව්‍යවස්ථාව සංශෝධනය කර, රනිල්ම කෘත්‍යාධිකාරි මණ්ඩලය ද පත් කර, කෘත්‍යාධිකාරි මණ්ඩලයේ ඡන්දයෙන් රනිල් ම නායකයා බවට පත්වෙයි. යෝජිත 20 දී, ජනාධිපතිවරයා ඔහුම රටේ ව්‍යවස්ථාව සංශෝධනය කර, ඔහුම කොමිසමට සාමාජිකයින් පත් කර, ඔහුටම නැවත රාජ්‍ය නායකයා විමට ඡන්දය ඉල්ලා සිටිය හැකිය.

    3.      ප්‍රේමලාල් ජයසේකර ඇතුළු මන්ත්‍රී ඡන්දයෙන් 20 සම්මත වූවහොත්, ජනාධිපති ගේ තනි කැමැත්තට මැතිවරණ කොමිසම පත්වේ. උදාහරණයක් ගනිමු.  2019 නොවැම්බර් පත් වූ වත්මන් ජනාධිපතිවරයාට වසර 4 කට පසුව, නැවත 2023 නොවැම්බර්, නැවත ජනවරමකට ඉල්ලා සිටිය හැකිය.    20 සම්මත වූ පසුව, ජනාධිපති පත්කරන කොමිසම, කොමිසමේ කොමසාරිස් ජෙනරාල් පත් කරයි.  ඒ කොමසාරිස් ජෙනරාල්, 2023 නොවැම්බර් මසින් පසුව ඕනෑම දිනෙක පැවැත්විය හැකි ජනාධිපතිවරණය මෙහෙයවයි.  කොමිසමත් – කොමසාරිස් ජෙනරාලුත් තියෙන පුද්ගලයාම, ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු වෙයි.   මේ සන්ධර්භය රනිල්, එජාප පක්ෂ නායකයා, ව්‍යවස්ථාව, කෘත්‍යාධිකාරි මණ්ඩලය හා පක්ෂ නායකත්වය යන ක්‍රියාවලියට සර්ව – සම කරන්නේය.   

    4.      කොමිෂන් සභාවේ එක් සාමාජිකයෙකු නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයෙකු හෝ එයට ඉහළ නිලයක් දැරූ අයෙකු විය යුතු යැයි කියන වත්මන් ව්‍යවස්ථාවේ, 103 (1) වගන්තිය 20 න්  සංශෝධනය වේ.  ඒ අනුව, මැතිවරණ කොමිෂන් සභාවට පළපුරුද්දක් ඇති අයෙකු පත්වීමට තිබූ අනිවාර්ය අවශ්‍යතාව ඉවත් වන්නේය.  මැතිවරණ ක්‍රියාවලිය ගැන විධිමත් අවබෝධයක් නොමැති පුද්ගලයින්ගේ කථා, වැඩ, මෙහෙයුම්, ක්‍රියාවන් සමඟ වසර 13 ක් මම මැතිවරණ හා ගෙවා ඇත්තෙමි.  මා ඉදිරිපිට මැවෙන චිත්‍රය ගැන කියන්නට ඇත්තේ ‘බුදු අම්මෝ‘ කියා පමණකි.

    5.      19 සංශෝධනයෙන් පසුව, මැතිවරණ ක්‍රියාවලිය ‘නිදහස් හා සාධාරණ‘ සාධනීය පාලනයකට නතු වූවේය.   එය සිදුවුයේ රාජ්‍ය සේවකයින්, ජනමාධ්‍ය, මැතිවරණ නිරීක්ෂකයින් ආදී වශයෙන් තෝරාගත් කණ්ඩායම්වලට උපමාන නිකුත් කිරීම මගිනි. යෝජිත 20 සංශෝධනය මගින්,  104 (5) (අ) වගන්තිය සංශෝධනය කර,  උපමාන පැනවීම සම්බන්ධයෙන් සීමා පනවා ඇත. මෙය

    ඒ අනුව, මැතිවරණ කොමිසමට උපමාන පැනවිය හැක්කේ, මැතිවරණයට සෘජුව සම්බන්ධ වූ කාරණාවලට පමණකි.  (ජනාමධ්‍යයට උපමාන පැනවිය නොහැකිය) 

    තව ද, එම උපමාන ‘‘රාජ්‍ය සේවා කොමිෂන් සභාව හා අධිකරණ සේවා කොමිෂන් සභාවේ පාරිපාලන සීමාව ඇතුළත වූ යම් කාරණයකට හෝ  සෘජුව සම්බන්ධ නොවිය යුතු බව‘‘ ට 20 හි දැක්වේ.   මෙහි අරුත පැහැදිලිය.  මැතිවරණ කොමිසමට කිසිදු පත්වීමක් නැවැත්වීමේ බලය අහිමිවන්නේය.  කිසිදු මාරු කිරීමක්, උසස් කිරීමක් නැවැත්වීමේ බලය අහිමි වන්නේය.  උදාහරණයක් ලෙස, පසුගිය ජනාධිපතිවරණ සමයේ නවතා දැමූ ‘ව්‍යාපෘති සහායක‘ පත්වීම, මහා මැතිවරණ සමයේ නැවැත්වූ ‘‘රැකියා ලක්ෂයේ වැඩසටහන‘ ආදී දේශපාලන අල්ලස් නැවැත්වීමේ බලය අහිමි වන්නේය.  රජයේ අරමුදල් වලින් බඩු බෙදිල්ල කැමැති ලෙස කරගෙන යා හැකිය.   රාජ්‍ය ඇමතිවරුන්ගේ වාහන පිළිබඳ කටයුතු කළ නොහැකි වනු ඇත.  ජේ.ආර්. 1982 ජනමත විචාරණය තැබූවෙත්, චන්ද්‍රිකා යුගයේ වයඹ ඡන්දය තිබුණේත් මෙවැනි සංදර්භයකය.  ඔබට මතක ද?

    6.      104 (ආ) අ වගන්තියට සිදු කර ඇති සංශෝධනය ලැජ්ජා සහගතය.  රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය, ගුවන්විදුලි සංස්ථාව මැතිවරණ කොමසාරිස්ගේ උපමාන අනුව ක්‍රියාකළ යුතු විය.  ජාතික රූපවාහිනියට මැතිවරණ කොමිසම කඩා වැදුණේ මේ බලය ඔවුන් සතු වූ නිසාය.  ස්වාධීන කොමිසමට ගැසූ ලිපිය ආපසු කැඳවූයේ කොමිසමේ සාමාජිකයින් අතර  එකඟතාවයක් නොවූ නිසාය.  දැන්, 20  සංශෝධනයෙන් කියන්නේ ‘‘සභාපතිවරු උපමාන පිළිපැදිය යුතු බව පමණී.  පිළි නොපැද්දොත් කොන්ද කැඩූ මැතිවරණ කොමිසමට කළ හැකි දෙයක් නැත. ගත හැකි ක්‍රියාමාර්ගයක් නැත. මෙවැනි නීතියක් යටතේ ලංකාවේ නම ගිය මැතිවරණ දුෂකයින්ට අවශ්‍ය නම් ‘ගස් කපන්නට වනාතවිල්ලුව ගිණි තැබූ ලෙස‘ කටයුතු කිරීමේ හැකියාව ලැබෙන්නේය.  19 න් බලය දී තිබුණත්, මැතිවරණ කොමිසම ක්‍රියාත්මක නොකළ බලය, ප්‍රජාතන්ත්‍රවාදයේ ‘වාන් දොරටු‘ විවර කළ පසු රැකෙන්නේ නැති බව කියන්නට ඡන්දයකින් ගුටිකන්නට අවශ්‍ය නැත.

    7.      මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජෙනරාල් පත් කරන්නේ මේ කොන්ද කැඩා ගත් කොමිෂන් සභාව යි.  සංශෝධනයෙන්, 170 ව්‍යවස්ථාවට සිදු කර ඇති සංශෝධනය මගින්, මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා තවදුරටත්, රාජ්‍ය  නිලධාරියෙකු නොවේ.  කොමසාරිස් ජෙනරාල් තනතුර තවදුරටත් රාජ්‍ය නිලධාරියෙකු නොවීම නිසා, ඕනෑම පුරවැසියෙකු එම තනතුරට පත් කිරීමේ හැකියාව කොමිෂන් සභාවට ලැබේ.  (රාජ්‍ය නිලධාරියෙක් තම තනතුර, රැකියා සුරක්ෂිත භාවය, වරප්‍රසාද නැති කරගෙන කොමසාරිස් ජෙනරාල්වීමට පැමිනෙතැයි සිතිය නොහැකිය) මැතිවරණ පිළිබද අත්දැකීම් නොමැති,   කොමසාරිස්වරු තිදෙනෙකු හා මැතිවරණ අත්දැකීම් නැති කොමසාරිස් ජෙනරාල්වරයෙකු පත් වූ විට, මැතිවරණ කොමිසමට, මැතිවරණ ක්‍රියාවලියට දෙවියන්ගේම පිහිටය.

    8.      තව ද, මැතිවරණ කොමිසමේ සිටින ඉහළ රාජ්‍ය සේවකයෙකුට ඒ අනුව කිසිදා කොමසාරිස් ජෙනරාල් වන්නට හැකියාව හෝ අවස්ථාව ලැබෙන්නේ නැත.   ඒ නිසා කිසිදු දක්ෂ රාජ්‍ය නිලධාරියෙකු වැඩි කලක් මැතිවරණ කොමිසමේ නොරැදෙනු ඇත.    

    9.      යෝජිත ව්‍යවස්ථා සංශෝධනයේ 40 (1) වගන්තිය (සිංහල ලේඛනයේ 32 පිටුව) ට අනුව ජනාධිපති හා අගමැති කාර්යාලය විගණනයෙන් විගණකාධිපති ඉවත් කර ඇත.  (දැන් කැමති විදිහට සිල් රෙදි බෙදිය හැකිය)  නමුත්, ‘‘මැතිවරණ කොමසාරිස් කාර්යාලය‘‘ නම් විගණනය සඳහා විගණකාධිපතිට බලය දී ඇත.    

    10.  වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 උඋ මගින් රාජ්‍ය සේවකයින් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ අසීමිත බලයක් මැතිවරණ කොමිසමට ලැබී තිබුණි.  මැතිවරණ කොමිසමේ උපමාන, නියෝග අනුව කටයුතු නොකරන රාජ්‍ය සේවකයින්ට රු. ලක්ෂයකට නොවැඩි දඩයක්, හෝ අවුරුදු තුනක් නොඉක්මවන බන්ධනාගාරගත කිරීමකට හෝ ඒ දඩුවම් දෙකටම යටත් කළ හැකිව තිබුණි.  රාජ්‍ය  නිලධාරීන්, දේශපාලනඥයින්ගේ අතකොළු බවට පත්වීම වැලකුණේ මේ වගන්තිය නිසාය.  මැතිවරණ කොමිසමට දත් ලැබුණේ මේ 104 උඋ නිසාය. 20 න් ඒ බලය සම්පූර්ණයෙන්ම ඉවත් කෙරෙන්නේය.  එයින් සිදුවන්නේ නැවත වරක්, සිල් රෙදි බෙදිල්ලට, පයිප්ප බෙදිල්ලට, රස්සා දීමට, ඡන්ද අල්ලස් දීමට කිසිදු බාධාවක් ඇති නොවන බවය. නිදහස් හා සාධාරණ මැතිවරණයක් වැඩියෙන්ම දුෂණය වන්නේ රාජ්‍ය දේපල අයථා පරිහරණයෙනි.  එහි පරිමාව, 2014 ඌව පළාත් සභා ඡන්දයේ දී අත් දැක්කෙමු.   සනීපාරක්ෂක තුවායේ සිට ටයර් පමණක් නොව ට්‍රැක්ටර් පවා මැතිවරණයට අල්ලස් ලෙස දුන් යුගය නැවත ඇති උට්ඨානය කිරීමට ’20 වන සංශෝධනයට‘ හැකිය.

    කොමිසන් සභා සාමාජිකයින්, කොමසාරිස් ජෙනරාල් පත් කිරීමෙන් මැතිවරණ කොමිසමේ කොන්ද කඩා දැමූ මැතිවරණ කොමිසමේ, හුස්ම හිර කරන්නේ 104 උඋ වගන්තිය ඉවත් කිරීමෙනි.   

    පුද්ගලිකව මම බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණෙනවාට කැමතිය. ඒ ඔහුගෙන් ප්‍රශ්න කරන්නට හෝ මන්ත්‍රීවරුන්ට අවස්ථාව ලැබෙන  බැවිනි.  මේ රටේ ද්විත්ව පුරවැසියන් අති බහුතරය, ව්‍යවහාරික භාෂාවෙන් ‘ඩයසපෝරා කාරයින්‘ ය. වෙනම රාජ්‍ය සංකල්පයට ලැදි පිරිසය.  අනාගතයේ දවසක උතුරු නැගෙනහිර ප්‍රශ්නය සාකච්ඡා කරන්නට වන්නේ, ඡන්දයෙන් පරාජයවී ගෙදර ගිය මාවෙයි සේනාධිරාජා හෝ  වැල්ලවත්තේ තෝසේ කඩේ දී හමුවන, ධර්මලිංගම් සිද්ධාර්ථන් හෝ අළුත්කඩේ දී හමුවිය හැකි සුමන්දිරන් සමඟ නොව,  20 වන ව්‍යවස්ථාවෙන් ඡන්ද බලය හිමිවන ජිනීවා හි ඩයසපෝරා සාමාජිකයෙකු සමඟ විය හැකිය.  මේවාට හිත හදාගෙන 20 ට අත ඔසවන්නට පක්ෂ – විපක්ෂ  මන්ත්‍රීවරුන් හිත හදා ගත යුතුය.

    19 වන ව්‍යවස්ථා සංශෝධනය නිසා උඩ පිනුම්, බඩ පිනුම් ගැසූ සිවිල් ක්‍රියාකාරීන්, විශේෂයෙන්ම මැතිවරණ නිරීක්ෂකයින් ගොළුවන් – බිහිරන්, කරන්නට 20 ව්‍යවස්ථා කෙටුම්පත සමත් වී තිබේ. එය රටේ නීතිය බවට පත් වූ විට ඇති වන තත්වය ‘පානා හීය, පානා කෙදිරිල්ලෙන්ම‘ ම දැනෙන්නේය.  

    20 සංශෝධනය සම්මත වන්නේ නම්, මැතිවරණ කොමිසමේ ගලිවර්ලා ද, එලෙසින්ම සුවච කීකරු පූස් පැටවුන් වීම වලක්වා ගත නොහැකි වනු ඇත.  අප ඉදිරියේ ඇති අභියෝගය මැතිවරණ විෂය සම්බන්ධයෙන් අද පවත්නා, නිදහස් හා සාධාරණ බව මෙලෙසින් හෝ විනාශ නොවී පවත්වාගෙන ගන්නේ කෙසේ ද යන්නය.

    මැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට යාම තබා, අද පවත්නා ශිෂ්ඨත්වයෙන් හෝ පවත්වා ගැනීමට නම්, 20 පරාජය කිරීම හැර වෙනත් විකල්පයක් අනිවාර්යයෙන්ම නැත.

    රජිත් කීර්ති තෙන්නකෝන් – දකුණු හා මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර

  • ‘19ට එක්කළ’ මේ සංශෝධන 19 ගැන ඔබ දැන සිටියාද ?

    ‘19ට එක්කළ’ මේ සංශෝධන 19 ගැන ඔබ දැන සිටියාද ?

    2015 වසරේදී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට එක් කරන ලද 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සදහා පක්‍ෂව ඡන්ද 215ක් ලැබුණ අතර විපක්‍ෂව ලැබුනේ එක් ඡන්දයකි. 8 දෙනෙකු පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැත. මෙම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පැවති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇති කරන ලද වෙනස්කම් මෙම ලිපිය මගින් පෙන්වා දෙනු ලබයි.

    1.තොරතුරු දැනගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස ඇතුළත් කිරීම

    ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය පුලූල් කරමින් තොරතුරු සදහා ප‍්‍රවේශවීමේ අයිතිය පුරවැසින්ගේ මූලික අයිතිවාසිකමක් ලෙස ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් කරන ලදී. 2016 වසරේදී තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීමට පදනම දමනලද්දේ මෙම ආණ්ඩුකම ව්‍යවස්ථා ප‍්‍රතිපාදනයයි.

    2. පාර්ලිමේන්තුවේ කාල සීමාව වසර 5 දක්වා අඩු කිරීම

    පැවති ව්‍යවස්ථා ප‍්‍රතිපාදන අනුව පාර්ලිමේන්තුවේ නිලකාලය වසර 6කි. 19 වන සංශෝධනය මගින් එම නිලකාලය වසර 5 දක්වා අඩුකරන ලදීි.

    3. ජනාධිපතිවරයාගෙ ධුරකාලය අඩු කිරීම

    1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 6කි. එය 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් වසර 5 දක්වා අඩු කරන ලදී.

    4. ජනාධිපතිධූරය දැරිය හැකි අවස්ථා ගණන 2 දක්වා සීමා කිරීම

    1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ප‍්‍රතිපාදනවලට අනුව තැනැත්තෙකුට ජනාධිපතිධූරය සදහා තරග කල හැක්කේ දෙවරක් පමණි. 2010දී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට එක්කරන ලද 18 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව පුද්ගලයකුට ජනාධිපතිධූරය දැරිය හැකි අවස්ථා ගනනට වූ එම සීමාව ඉවත් කොට ඕනෑම වාර ගණනක් ධූරය දැරීමට අවස්ථාව සලසන ලදී. 2015 වසරේදී මහින්ද රාජපක්‍ෂ මහතා තෙවෙනි වරටත් ජනාධිපතිධූරය සදහා තරග කරන ලද්දේ මෙම ප‍්‍රතිපාදනය උපයෝගී කරගනිමිනි. 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් 1978 මුල් ව්‍යවස්ථාවේ පැවති සීමාව යලි ඇති කරන ලද අතර ඒ අනුව වර්තමාන ව්‍යවස්ථාවට අනුව පුද්ගලයකුට ජනාධිපතිධූරය දැරිය හැක්කේ වාර දෙකක් පමණි.

    5. අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේදී ජනාධිපතිවරයාගේ අභිමතය සීමා කිරිම

    මුල් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිපාදනවලට අනුව අවශ්‍යනම් අග‍්‍රාමාත්‍යවරයාගේ අදහස විමසා අමාත්‍යවරුන් සහ ඔවුන්ගේ විෂයන් තීරණය කිරීමේ බලය ජනාධිපතිවරයාට පැවතුනි . 19 වන සංශෝධනය මගින් එම තත්වය සංශෝධනය කරමින් ර්‍ණජනාධිපතිවරයා විසින් නිශ්චය කරනුලබන අමාත්‍යංශ භාරව කටයුතු කිරීම සදහා අග‍්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අතරින් අමාත්‍යවරයන් පත්කල යුත්තේය” යනුවෙන් ප‍්‍රතිපාදන ඇතුලත් කරන ලදී. මෙි මගින් අමාත්‍යමණ්ඩලය තේරීමේදී ජනාධිපතිවරයාගේ අභිමත බලය අග‍්‍රාමාත්‍යවරයාගේ උපදෙස් ලබා ගැනීම අවශ්‍යවන තත්වය ඇති කිරීම මගින් සීමාකරන ලදී.

    6. ජනාධිපතිවරයාගේ මුක්තිය සීමා කිරීම- ජනාධිපතිවරයාට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩු පැවරීමේ ප‍්‍රතිපාදන

    ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා විසින් ධූරය දරන කාලයේ දී ධූරය දරණ තැනත්තා විසින් සිදුකරන ලද ක‍්‍රියාවක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාව කිසිදු නඩු කටයුත්තක් සදහා අධිකරණයට කැදවිය නොහැකි විය. 19 වන සංශෝධනය මගින් එම තත්වය වෙනස් කරමින් ජනාධිපතිවරයාට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩු පැවරිය හැකි වන ප‍්‍රතිපාදනයක් ඇතුලත් කරන ලදී. මෙහිදී ජනාධිපතිවරයා පුද්ගලිකව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටිය යුතු නැති අතර නීතිපතිවරයා ජනාධිපති වෙනුවෙන් පෙනී සිටයි. එසේ වූවත් ජනාධිපතිවරයාට පැවරී ඇති බලයක් වන යුද්ධය සහ සාමය ප‍්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් නඩු පැවරීමේ හැකියාවක් මෙම සංශෝධනය මගින් ද අවහිර කර තිබේ.

    7. ජනාධිපතිවරයාට අතිරේක රාජකාරී සහ කාර්යයන් පැවරීම

    පහත සදහන් සදහන් අතිරේක කාර්යයන් ජනාධිපතිවරයාට 19 වන සංශෝධනය මගින් පවරා ඇත.

    • ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුගමනය කරන බවට ද, ආරක්ෂා කරන බවට ද වගබලා ගැනීම;
    • ජාතික ප‍්‍රතිසන්ධානය හා ඒකාබද්ධතාවය ප‍්‍රවර්ධනය කිරීම;
    • ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ සහ ඪෂෂඅ ව්‍යවස්ථාවේ සඳහන් ආයතනවල නිසි ක‍්‍රියාකාරීත්වය පහසුකරලීම; සහ
    • මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් මත, නිදහස් හා සාධාරණ ඡුන්ද විමසීම් සහ ජනමත විචාරණ පැවැත්වීම සඳහා උචිත වාතාවරණ නිර්මාණය කිරීම තහවුරු කිරීම,

    8. පාර්ලිමේන්තුව වසරකින් පසුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට තිබු බලය සංශෝධනය කිරීම

    පැවති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිපාදනවලට අනුව පාර්ලිමේන්තු මහ මැතිවරණයකින් වසරක කාලයක් ඉක්ම ගිය පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට හිමිවිය. 19 වන සංශෝධනය ජනාධිපතිවරයාට ස්වකැමැත්ත මත පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ මැතිවරණයකින් වසර හතරහමාරකට පසුව යනුවෙන් සංශෝධනය කරන ලදී. නමුත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක යෝජනාවකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරය යුතු බවට යෝජනාවක් සම්මත කල හොත් එවිට එම කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය හිමිවේ.

    9. ජනාධිපතිවරයාට කැබිනට් අමාත්‍යධූර දැරීමේ අවස්ථාව අහිමිකිරීම

    1978 ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයාට කැබිනට් අමාත්‍යධූර දැරීමේ අවස්ථාව හිමිකර දී තිබූ අතර 19 වන සංශෝධනය මගින් ජනාධිපතිවරයාට කැබිනට් අමාත්‍යධූර දැරිමේ අවස්ථාව අහිමිකර තිබේ. ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ ප‍්‍රධානියා වන නමුත් අමාත්‍යධූරයක් දැරීමේ අවස්ථාවක් නොමැත.නමුත් මෙම ප‍්‍රතිපාදනය සම්බන්ධව අන්තර්කාලීන ප‍්‍රතිපාදනයක් ඇතුලත් කරමින් මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාට (19 වන සංශෝධනය සිදුවන අවස්ථාවේදී ජනාධිපතිධූරය දරූ) පමණක් ආරක්‍ෂක සහ මහවැලි සහ පරිසර යන අමාත්‍යංශවල අමාත්‍යවරයා ලෙස කටයුතු කිරීමේ ප‍්‍රතිපාදන සලසා තිබිණි.

    10. (18 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන්) ඉවත් කල ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව නැවත ස්ථාපනය කිරීම

    (18 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන්) ඉවත් කල ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව නැවත ස්ථාපනය කිරීම රාජ්‍ය කොමිෂන් සභා සදහා සාමාජිකයින් පත් කිරීමේදී සහ ඉහල අධිකරණවල විනිසුරුවරුන් හා ඉහල රාජ්‍ය නිලධාරී පත් කිරීමේදී ජනාධිපතිවරයාගේ අභිමතය සීමා කරමින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට හදුන්වාදුන්නේ 2001 වසරේදී සම්මතවූ 17 වන ව්‍යවස්ථා සංශෝධනය මගිනි. එහි අරමුණ වූයේ රාජ්‍ය සේවය නිර්දේශපාලනීකරණය කර ස්වාධින කිරීමයි. 2010 වර්ෂයේදී සම්මත කරන ලද 18 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධණය මගින් මෙම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව අහෝසිකරන ලද අතර කිසිදු බලයක් නොමැති පාර්ලිමේන්තු සභාවක් හදුන්වා දෙන ලදී. එමගින් රාජ්‍ය සේවය හා අධිකරණ සේවය නැවතවරක් ජනාධිපතිවරයාගේ බලපෑමට නතු කරන ලදී. 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝදනය මගින් නැවත වරක් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව හදුන්වා දුන් අතර එය 17 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් හදුන්වාදුන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවට වඩා බලවත් ආයතනයක්ද විය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව මගින් නිර්දේශ කරනු ලබන පුද්ගලයන් අදාල කොමිෂන් සභා සදහා ජනාධිපතිවරයා විසින් දින 14ක් තුල පත් කිරීම සිදු නොකල හොත් ඔවුන් යථා පරිදී පත් කල පුද්ගලයන් සේ සලකන බවට වූ ව්‍යවස්ථා ප‍්‍රතිපාදනය මගින් ජනාධිපතිවරයාට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මගහැරීමේ අවස්ථාව අහිමිකරන ලදීි .

    11. නව ස්වාධින කොමිෂන් සභා 2ක් හදුන්වා දීම

    විගනන සේවා කොමිෂන් සභාව සහ ජාතික ප‍්‍රසම්පාදන කොමිෂන් සභාව යන නව රාජ්‍ය කොමිසන් සභා දෙක 19 නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධණය මගින් හදුන්වා දෙන ලදී. විගනන සේවා කොමිෂන් සභාව පිළිබද ප‍්‍රතිපාදන මගින් ශ‍්‍රි ලංකාව තුල විගනන සේවය ස්වාධින සේවාවක් ලෙස ආරම්භ කල අතර 2018 වසරේදී විගනන සේවා පනත පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද්දේ මෙම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිපාදනය අනුව යමින්ය. ජාතික ප‍්‍රසම්පාදන කොමිෂන් සභාව මගින් එතෙක් මුදල් අමාත්‍යංශය යටතේ වූ ප‍්‍රසම්පාදන අධීක්‍ෂණ ක‍්‍රියාලිය ස්වාධින කොමිෂන් සභාවක් යටතට පත් කරන ලදී.

    12.රාජ්‍යසේවා කොමිෂන් සභාවේ බලතල වැඩි කිරීම

    එතෙක් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ පැවතියේ අමාත්‍යමණ්ඩලය විසින් නිශ්චිතව නියම කරන නිළධාරීන් බදවාගැනීම, උසස් කිරීම, විනය පාලනය, ස්ථානමාරු කිරීම සහ ඉවත් කිරීම රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සිදුකල යුතු බවයි. නමුත් 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව එකී බලතල (දෙපාර්තමේන්තු ප‍්‍රධානීන් හැර* නිතැතින්ම කොමිසම වෙත පැවරේ (අමාත්‍ය මණ්ඩලය විසින් නිශ්චිතව සදහන් කිරිමකින් තොරව*. එසේම දෙපාර්තමේන්තු ප‍්‍රධානීන් පත් කිරීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් කොමිසම විමසා පත් කිරීම් සිදුකල යුතු බව සංශෝධනයෙන් නියම කරන ලදි.

    13.ජාතික පොලිස් කොමිෂන් සභාවේ බලතල වැඩි කිරීම

    18 වන ව්‍යවස්ථාවෙන් සංශෝධිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ ජාතික පොලිස් කොමිෂන් සභාවට පැවරී ඇති බලතල වූයේ පොලිසියට එරෙහිව එන මහජන පැමිණිලි විභාග කිරීම පමණි. නමුත් 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් පොලිස්පති විමසා පොලිස්පති හැර අනෙකුත් නිලධාරීන් බදවාගැනීම මාරුකිරීම විනය කටයුතු පැවරී තිබේ. එසේම පොලිසිය සදහා සිදුකරන බදවාගැනීම් මිළදී ගැනීම් සදහා අදාල ප‍්‍රමිතීන් සකස් කිරීමද මේ යටතේ ජාතික පොලිස් කොමිෂන් සභාවට පැවරී ඇත. (මෙම ඇතැම් බලතල 17 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත ප‍්‍රධානය කර තිබී පසුව 18 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අහෝසි කරන ලද බලතල වේ*

    14.මැතිවරණ කොමිෂන් සභාවේ බලතල වැඩි කිරීම

    මැතිවරණ සමය තුලදී රාජ්‍ය දේපළ දේශපාලන පක්‍ෂ හෝ ස්වාධින කණ්ඩායම් ප‍්‍රවර්ධනයට යොදාගැනීම වැළැක්වීම සදහා අදාල විධාන නිකුත් කිරීමේ බලතල 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් මැතිවරණ කොමිෂන් සභාවට ලබාදෙන ලදී. එසේම මැතිවරණ කාලසීමාව තුල ජනමාධ්‍ය සදහා උපමාණ නිකුත් කිරීමේ බලතල ලබාදෙන ලදී. මෙම උපමාන හෝ විධාන කඩකරන රාජ්‍ය නිළධාරියකුට හෝ රාජ්‍ය සංස්ථාවක හෝ ව්‍යවසායක නිලධාරියකු වසරක් දක්වා සිරදඩුවම් ලබාදීමේ ප‍්‍රතිපාදනද 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්ථාපනය කරන ලදී.

    15.අල්ලස් කොමිෂන් සභාවේ බලතල වැඩි කිරීම

    පැමිණිල්ලක් නොමැතිව අල්ලස් පිලිබදව පරීක්‍ෂණයක් ආරම්භ කිරීමේ බලතල අල්ලස් හෝ ¥ෂණ චෝදනා කොමිෂන් සභාවට 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ප‍්‍රතිපාදන සලසා ඇත.

    16. හදිසි පනත් කෙටුම්පත් පිලිබද ප‍්‍රතිපාදන ඉවත් කිරීම

    පැවති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිපාදන වලට අනුව ර්‍ණජාතියේ හිත පිණිස වහා අවශ්‍යයැයි කැබිනට් මණ්ඩලය තීරණය කරනු ලබන පනත් කෙටුම්පතක් ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථානුකූලභාවය සලකා බැලීම සදහා ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කිරීමෙන් පසුව උපරිම වශයෙන් දින 3ක් තුල ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිය තීරණය ලබාදිය යුතු අතර ඉන් පසුව පාර්ලිමේන්තුවේ විවාද කර සම්මත කල හැකිය. 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් හදිසි පනත් පිළිබද මෙම ප‍්‍රතිපාදන සලසා තිබු 122 වන ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම ඉවත් කර හදිසි පනත් ගෙන ඒම පිලිබද ප‍්‍රතිපාදන ඉවත් කරන ලදී. එසේම පනත් කෙටුම්පතක් (සාමාන්‍ය* පාර්ලිමේන්තුවට ගෙන ඒමට පෙර දින 7කට පෙර ගැසට් පත‍්‍රයේ පලකල යුතුය යන ප‍්‍රතිපාදනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට දින 14කට පෙර පනත් කෙටුම්පත ගැසට් පත‍්‍රයේ පලකල යුතුය යනුවෙන් සංශෝධනය කරන ලදී.

    17.අමාත්‍ය මණ්ඩලයේ සංඛ්‍යාව සීමා කිරීම

    කැබිනට් මණ්ඩලයේ සංඛ්‍යව 30 දක්වා සහ නියෝජ්‍ය හෝ රාජ්‍ය හෝ කැබිනට් නොවන අමාත්‍යවරුන්ගේ එකතුව 40 දක්වා සීමා කිරීමේ ප‍්‍රතිපාදනය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් කර ඇත. ජාතික ආණ්ඩුකවක් පිහිටුවන්නේ නම් පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයක් මගින් අමාත්‍ය මණ්ඩලයේ සංඛ්‍යාව තීරණය කල හැකිය.

    18.ජනාධිපතිවරණ අපේක්‍ෂකයකුගේ වයස අවුරුදු 35 විය යුතුවීම

    ඵැවති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපති අපේක්‍ෂකයකුගේ අවම වයස අවුරුදු 30ක්ව පැවති අතර 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් එම වයස අවුරුදු 35 දක්වා ඉහල දමන ලදී.

    19. විදේශ රටක පුරවැසිභාවය හිමිවූවකුට ජනාධිපති හෝ පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයකු ලෙස කටයුතු කිරීමට නොහැකිවීම

    29 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් විදේශ රටක පුරවැසිභාවය හිමි පුද්ගලයකුට ජනාධිපති හෝ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස කටයුතු කිරීමට නුසුදුසුකමක් ලෙස ප‍්‍රතිපාදන සකස් කරන ලදී.

    නීතිඥ ජගත් ලියන ආරච්චි

  • බෞද්ධ ස්වාමීන් වහන්සේලා 15000ක් ආවරණය වන ‘බුදුපුත් සුරක්ෂා සෞඛ්‍ය රක්ෂණාවරණය’ ඔක්තෝම්බර් 01 දා සිට

    බෞද්ධ ස්වාමීන් වහන්සේලා 15000ක් ආවරණය වන ‘බුදුපුත් සුරක්ෂා සෞඛ්‍ය රක්ෂණාවරණය’ ඔක්තෝම්බර් 01 දා සිට

    මෙතෙක් ක්‍රියාත්මක නොවූ බෞද්ධ ස්වාමීන් වහන්සේලා 15000 ක් ආවරණය වන “බුදුපුත් සුරක්ෂා සෞඛ්‍ය රක්ෂණාවරණ“ වැඩසටහන ලබන ඔක්තෝම්බර් මස 01 වනිදා සිට ආරම්භ කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (07) දින උපදෙස් ලබා දුන්නේය.

    නව රජය පිහිටුවීමෙන් පසුව අරලියගහ මන්දිරියේ පැවති, බුද්ධ ශාසන අරමුදලේ 84 වෙනි පාලක මණ්ඩල රැස්වීමට එක් වෙමින්, අරමුදලේ සභාපතිවරයා වශයෙන් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    ඒ අනුව බුදුපුත් සුරක්ෂා සෞඛ්‍ය රක්ෂණාවරණ වැඩසටහනට බුද්ධ ශාසන අරමුදලෙන් රුපියල් මිලියන 40 ක මුදලක් ආරම්භයේදී ප්‍රදානය කිරීමට අග්‍රාමාත්‍යවරයා උපදෙස් දුන්නේය. ඊට අමතරව මෙම අරමුදලට රජයෙන් රුපියල් මිලියන 50ක මුදලක් දායක වේ. මෙම අරමුදල වැඩි දියුණු කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස ද  අගමැතිවරයා උපදෙස් දෙන ලදී.

    මෙම හමුවේදී අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි පහත දැක්වෙන තීරණවලට එළැඹිණි.

    1. මෙතෙක් වයස අවුරුදු 100 ට වැඩි ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් පමණක් ලබා දුන් වෛද්‍ය ගාස්තු හා රැක බලා ගැනීම ක්‍රමවේදය අවුරුදු 90 සීමාව දක්වා ගෙන ඒම.
    2. වසර 03ක කාලයකට සාමනේර හිමිවරුන්ට ලබා දෙන ශිෂ්‍යත්ව සංඛ්‍යාව 800 සිට 1500 දක්වා ඉහළ දැමීම සහ රුපියල් 750 ක්ව පැවති එම ශිෂ්‍යත්ව මුදල රුපියල් 1000 ක් දක්වා ඉහළ දැමීම.
    3. අඩු පහසුකම් සහිත විහාරස්ථානවල සනීපාරක්ෂක කටයුතු වෙනුවෙන් ලබා දුන් රුපියල් ලක්ෂයේ මුදල  ආචාර්යය දිවියාගහ යසස්සි හිමියන්ගේ විශේෂ ඉල්ලීමකට අනුව රුපියල් එක් ලක්ෂ පනස් දහස දක්වා වැඩි කිරීම.
    4. දිවයින පුරා පවත්වාගෙන යනු ලබන සාමනේර භික්ෂු ආයතන 20ක් වැඩි දියුණු කිරීම.
    5. චීන රජයෙන් පිරිනමන, චීන භාෂා පුහුණුව සඳහා කොවිඩ්-19 වසංගත තත්ත්වය පාලනය වූ වහාම ස්වාමීන් වහන්සේලා 100 නමක් යොමු කිරීම.
    6. පන්සල් ආශ්‍රිතව පවතින විශ්‍රාම ශාලාවලින් මුදල් අය කිරීම සිදු නොකිරීම හා දායකයින් විසින් ලබා දෙන මුදලක් පමණක් ලබා ගැනීම.
    7. ස්වාමීන් වහන්සේලා සඳහා භාෂා ඉගෙනීමේ (දමිළ විශේෂිතව) වැඩසටහන් ආරම්භ කිරීම.

    මෙම අවස්ථාව සඳහා පාලක මණ්ඩල සාමාජික ආචාර්යය දිවියාගහ යසස්සි හිමි, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, බුද්ධ ශාසන, ආගමික  හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, බුද්ධ ශාසන අරමුදලේ ලේකම් ඩබ්.ටී.එච්.රුචිර විතාන, බුද්ධ ශාසන අරමුදලේ මහා භාරකාරතුමිය නීතීඥ ජී.කරවිට, මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

  • මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තය මත  පනවා ඇති බදු ඉවතට – රන් මිල පහළට ?

    මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තය මත පනවා ඇති බදු ඉවතට – රන් මිල පහළට ?

    මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තකරුවන් උපයන ලාභය මත පනවා ඇති 14%ක ආදායම් බද්ද සහ  සහ 15% වූ රත්‍රන් ආනයන බද්ද ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කරයි.

    1971 වසරේ සිට මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තයට දී තිබූ ආදායම් බදු සහනය 2017 වසරේ හඳුන්වා දුන් ආදායම් බදු ප්‍රතිපත්තියෙන් ඉවත් කෙරිණ. මැණික් හා ස්වර්ණාභරණ අපනයනයෙන් උපයන සත්‍ය ආදායම හෙළි නොවන තත්වයක් මේ නිසා උද්ගත විය.

    2018 වසරේ දී රත්‍රන් ආනයනය සඳහා  15%ක බද්දක් පනවනු ලැබිණ. ස්වර්ණාභරණ මිල ඉහළ යාමට මේ බදු හේතු වී තිබේ. අදාළ බදු කඩිනමින් ඉවත් කර මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ උන්නතියට පියවර ගත යුතු යැයි ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

    මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව  අද (07) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

    මැණික් සඳහා වන ලෝක වෙළෙඳපොළේ කේන්ද්‍රය බවට පත්වීමට ශ්‍රි ලංකාවට නොහැකිවීම  ආශ්‍රිත ගැටළු නිරාකරණයට රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා  ඉදිරිපත් කළ යෝජනා 14ක්  දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්  විය.

    මෙරටදී හමු නොවන ලෝකයේ වෙනත් රටවලට ආවේණික මිල අධික මැණික් ආනයනයට පහසුකම් සැලසීමේ සහ මැණික් සංචිත පවත්වා ගෙන යාමේ වැදගත්කම ලොහාන් රත්වත්තේ මහතා  පෙන්වා දුන්නේය.

    මැණික් කැණීම් බලපත්‍ර නිකුත් කිරීමේ දී සිදුවන ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා අදාළ සියලු ආයතන එක් තැනක ස්ථාපනය කරන්නැයි ජනාධිපතිවරයා පැවසීය. ස්වර්ණාභරණ නිෂ්පාදකයන් සහ සාම්ප්‍රදායික ස්වර්ණාභරණ ශිල්පීන්ට රත්‍රන් මිලදී ගැනීමට රාජ්‍ය බැංකු මගින් 4%ක සහන පොලියක් යටතේ රුපියල් ලක්ෂ 10ක ණය මුදලක් සපයන ලෙස ජනාධිපතිතුමා රාජ්‍ය බැංකුවලට උපදෙස් දුන්නේය.

    වතු සමාගම්වලට අයත් මැණික් ඉල්ලම් සහිත වගා නොකළ ඉඩම් මැණික් කර්මාන්තයට නිදහස් කර ගැනීමට ඇති බාධක ඉවත් කර කැණීම් සඳහා පවරා ගැනීමට  තීරණය කරනු ලැබීය. රත්නපුර, දෙමුවාවත ඉදිකිරීමට සැලසුම් කර ඇති මැණික් අළෙවි සංකීර්ණයේ සහ පුහුණු මධ්‍යස්ථානයේ වැඩ කඩිනම් කරන ලෙස  ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

    රත්නපුර දිස්ත්‍රික්කයේ මැණික් බහුල ප්‍රදේශවල  අනවසර මැණික් ගැරීම් මහා පරිමාණයෙන් සිදු වෙයි. යන්ත්‍ර සූත්‍ර යොදා ගනිමින් පරිසරයට හානිවන අයුරින් කෙරෙන මැණික් ගැරීම් වහා නැවැත්වීමටත්,  සාම්ප්‍රදායික මැණික් ගැරීමේ නිරතවූවන්ට ඇති බාධක ඉවත් කරන ලෙසත් රාජපක්ෂ මහතා විසින් නියම කෙරිණ.

    ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ මැණික් රසායනාගාරය අන්තර්ජාතික ප්‍රමිතියට දියුණු කිරීම ඇතුළු ක්ෂේත්‍රයේ උන්නතිය සඳහා වන අදහස් රැසක් මෙහිදී සාකච්ඡාවට ලක් විය.

    අමාත්‍ය විමල් වීරවංශ, රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු, රේඛීය අමාත්‍යාංශවල නිලධාරීහූ සහ මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තකරුවෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

  • විලාසිතා ලෝකයේ Plus size සුපිරි 10 ගැන අලුත්ම කතාව

    විලාසිතා ලෝකයේ Plus size සුපිරි 10 ගැන අලුත්ම කතාව

    විලාසිතා ලෝකය මොහොතින් මොහොත අලූත් වෙනවා. ඒ වගේම විලාසිතා සංකල්පත් මොහොතින් මොහොත අලූත් වෙනවා. මේ අතර මෝස්තර නිරූපණය, නැතිනම් මෝස්තර නිරූපිකාවොත් වෙනස් වෙලා. කාලයක් තිස්සේ කැට් වෝක් කළ උස සිහින් නිරූපිකාවෝ වගේම දැන් මහත නිරූපිකාවොත් (Plus size models) කැට්වෝක් එක ආක‍්‍රමණය කරලා තිබෙනවා.

    නිරූපණ ක්ෂේත‍්‍රය ගැන අත්දැකීම් බහුල විචාරකයෝ කියන්නේ මෙය ප‍්‍රවණතාවකට වඩා ‘ව්‍යාපාරය පුළුල් කිරීමක්’ බවයි. ඊට හේතු වශයෙන් ඔවුන් පෙන්වා දෙන්නේ සිහින් සිරුර සුන්දරත්වය පිළිබඳ සංකල්පීය තත්ත්වයක් වුවත් එය තව දුරටත් යථාර්ථයක් නොවන බවයි.

    ‘තරබාරුකම ගෝලීය ප‍්‍රශ්නයක්. අද අති බහුතරයක් කාන්තාවෝ තරබාරුයි. ඉතිං ඔවුන්ට ගැළපෙන විලාසිතා සඳහා ගෝලීය වශයෙන් ඉහළ ඉල්ලූමක් තිබෙනවා‘ ප‍්‍රකට මෝස්තර නිර්මාණ ශිල්පී ලිනාඩෝ ලීන් පවසනවා.

    ඔහු කියන්නේ තව දුරටත් මෝස්තර නිරූපිකාවක් ‘කෙසඟ’ තරුණියන් ම වීම සිදු නොවිය යුතු බවයි.

    ඉතිං අපි මෙදින අපේ විලාසිතා පිටුවට Plus size models මේ සුන්දර නිරූපිකාවෝ 10 දෙනකු ගැන අලූත්ම තොරතුරු එක් කරන්න තීරණය කළා. බලන්න ඔවුන් කොතරම් සුන්දරද කියා…

    1. ටෙස් හොලිඩේ – Tess Holliday

    ටෙස්ගේ තරබරු සිරුර නිසා ඇය සමාජමාධ්‍යයේ දැඩි විවේචනයට සහ ගැරහීමට ලක් වුණ ද ඇය තම සිහින පසුපස හඹායාම නතර කළේ නැත. ඇය නිතරම කතා කරන්නේ විලාසිතා කර්මාන්තය සඳහා තව කොපමණ වැඩ කළ යුතුද යන්නයි.

    ඇය කියන්නේ ලස්සන යනු සාපේක්ෂ දෙයක් මිස නිරපේ්ක්ෂ දෙයක් නොවන බව මිනිසුන් අවබෝධයෙන් වටහා ගත යුතු බවයි. ‘එය මිනිසුන් විසින්ම විශ්වාස කළ යුතුයි’ ඇය කියයි. ඇය නින්දා අපහාස මැද නිර්භීතව තම ගමන ගොස් ඇති අතර පසුගිය දා පැවැති ‘නිව් යෝර්ක් විලාසිතා සතියේ’ ඇය කැපී පෙනෙන නිරූපිකාවක් බවට පත්වූවාය.

    ටෙස් හොලිඩේ |  අලංකාර ප්ලස් ප්‍රමාණයේ ආකෘති 10 |  සෙස්ටාර්ඩාර්

    2. පාලෝමා එල්සෙසර් – Paloma Elsesser

    28 හැවිරිදි පාලෝමා ප්ලස් ප්‍රමාණයේ නිරූපිකාවක් වන අතර ඇය කාන්තා යට ඇඳුම් විලාසිතා සඳහා පෙනී සිටීමෙන් පසුව මෝස්තර නිරූපිකාවන් අතර සුවිශේෂ සලකුණක් බවට පත් වූවාය. ඇය American Vogue සඟරාවේ කවරය ද සරසා ඇති අතර එය නිරූපිකාවකට ලැබෙන අතිෂය දුර්ලභ අවස්ථාවකි.

    පාලෝමා එල්සෙසර් |  අලංකාර ප්ලස් ප්‍රමාණයේ ආකෘති 10 |  සෙස්ටාර්ඩාර්

    3. Ashley Graham

    Ashley Graham යනු ලොව ජනප්‍රියම ප්ලස් ප්‍රමාණයේ නිරූපිකාවකි. ඇය විලාසිතා සන්නම්නාම රැසක් සමග (Kai Gerber and Kylie Jenner) ගනුදෙනු කරන අතර ඇය වෝග් සහ ස්පෝර්ට්ස් ඉලස්ට්‍රේටඩ් (Sports Illustrated) ඇතුළු වඩාත් ජනප්‍රිය විලාසිතා සඟරා වල කවරය සරසා ඇත. නමුත් අපි ඇයට වඩාත්ම ආදරය කරන්නේ ඇය ස්වයං-ආදරය පිළිබඳ ගමන ගැන හඬ නගා සිටීම සහ ඇය සියලු ප්‍රමාණයන් සහ හැඩයන් සාමාන්‍යකරණය කිරීම ගැන ය.

    Ley ෂ්ලි ග්‍රැහැම් |  අලංකාර ප්ලස් ප්‍රමාණයේ ආකෘති 10 |  සෙස්ටාර්ඩාර්

    4. බාර්බි ෆෙරෙයිරා – Barbie Ferreira

    බාර්බි ෆෙරෙයිරා 23 හැවිරිදි සුපිරි සාර්ථක නිරූපිකාවක් වන අතර ඇය සිසිල් විලාසිතා සඟරා Coolest fashion magazines සමඟ වැඩ කිරීම සහ හොඳම ඡායාරූප ලබා ගැනීම පමණක් නොව ඇය හොලිවුඩය ද කුණාටුවකට හසුකර ගනී. ඔබ ඇයව යුෆෝරියා (Euphoria) හි දැක තිබේද? නියත වශයෙන්ම සිත් ඇදගන්නා සුළු, ඇයව විස්තර කිරීමට වෙනත් ක්‍රමයක් නොමැත.

    බාර්බි ෆෙරෙයිරා |  අලංකාර ප්ලස් ප්‍රමාණයේ ආකෘති 10 |  සෙස්ටාර්ඩාර්

    5. ටාරා ලින් – Tara Lynn

    ටාරා ලින් IMG මාදිලි සමඟ ගිවිසුම් අත්සන් කර ඇති අතර එය ලෝකයේ විශාලතම හා වඩාත්ම ප්‍රසිද්ධ ආකෘති නිර්මාණ ආයතනයකි. ඇය ඉතා අලංකාර පිහිනුම් ඇඳුම් සහ යට ඇඳුම් ආකෘති නිර්මාණය සඳහා ප්‍රසිද්ධියක් උසුලයි. නමුත් ඇය H&M වැනි ඇඳුම් වෙළඳ නාම සඳහා ඡායාරූප රූගත කිරීම් කිහිපයක්ම කර ඇත. මෙම කාන්තාවට වසය අවුරුදු 38 ක් යැයි ඔබට විශ්වාස කළ හැකිද? ඔව්, අපිටත් බැහැ.

    ටාරා ලින් |  අලංකාර ප්ලස් ප්‍රමාණයේ ආකෘති 10 |  සෙස්ටාර්ඩාර්

    6. ඩෙනිස් බිඩොට් – Denise Bidot

    ඩෙනිස් යනු ඇමරිකානු නිරූපිකාවක් වන අතර බිඩොට් ස්වයං-පිළිගැනීම සහ ඇතුළත් කිරීම් කෙරෙහි දැඩි ඇල්මක් දක්වයි. කුඩා අඩුපාඩුකම් ගැන කරදර වීම නිසා ජීවිතය කෙටි වන ආකාරය ගැන ඇය බොහෝ විට සිය ඉන්ස්ටග්‍රෑම් හි පළ කරයි. ඇය සුපිරි වෙළඳ නාම සමඟ වැඩ කරයි.

    ඩෙනිස් බිඩොට් |  අලංකාර ප්ලස් ප්‍රමාණයේ ආකෘති 10 |  සෙස්ටාර්ඩාර්

    7. කේට් වස්ලි – Kate Wasley

    කේට් වස්ලි යනු ඕස්ට්‍රේලියාවේ සිට ඉහළට එන ප්ලස් ප්‍රමාණයේ නිරූපිකාවකි. ඇයගේ වෘත්තිය ජීවිතය ආරම්භ වූයේ ඇය ඇගේ හොඳම මිතුරා සමඟ කළ ව්‍යාපෘතියකිනි. එහිදී ඔවුන් ශරීරයේ ධනාත්මක බව ප්‍රවර්ධනය කිරීම සඳහා තමන් විසින්ම ගත් පින්තූර අන්තර්ජාලයේ පළ කර ඇති අතර දැන් ඇය දැනටමත් ස්පෝර්ට්ස් ඉලස්ට්‍රේටඩ් සමඟ ඡායාරූප රූගත කිරීමක් කර ඇත.

    කේට් වස්ලි |  අලංකාර ප්ලස් ප්‍රමාණයේ ආකෘති 10 |  සෙස්ටාර්ඩාර්

    8. කැන්ඩිස් හෆින් –  Candice Huffine

    කැන්ඩිස් ඇත්ත වශයෙන්ම නහඹර වියේ රූපලාවණ්‍ය රැජිනක් ලෙස වෘත්තීය ජීවිතයට පිවිසි අතර පසුව ඇය නිරූපණ හා වාණිජ ඡායාරූප රූගත කිරීම් රාශියක් කළාය. නමුත් අවසානයේ ඇය උසස් විලාසිතා කරා ගමන් කළාය. ඇය ඉතාලි වෝග්, ග්ලෝමර් සහ වෙනත් විලාසිතා සඟරා වල කවරය සරසා ඇත. ඇය තමාගේම මලල ක්‍රීඩා සන්නාමයක් සහිත ව්‍යවසායකයෙකි.

    කැන්ඩිස් හෆින් |  අලංකාර ප්ලස් ප්‍රමාණයේ ආකෘති 10 |  සෙස්ටාර්ඩාර්

    9. ස්ටෙෆනි යෙබෝවා – Stephanie Yeboah

    ස්ටෙෆනි යනු නිදහස් ලේඛිකාවක් වන අතර GO, Stylist Magazine සහ Elle Magazine සඳහා ලිපි රචනා කර ඇත. ඒ් සියල්ලම ස්ත්‍රීවාදය සහ ශරීර ධනාත්මකතාව ගැන ය. ඇය Fattily Ever After නමින් පොතක් ද ලියා ඇත. ඇය සාම්ප්‍රදායික අර්ථයෙන් නිරූපිකාවක් නොවිය හැකි නමුත් ඔබ ඇයගේ ඉන්ස්ටග්‍රෑම් දුටු විගසම ඇය අපේ ඇස් ඉදිරිපිට නිරූපිකාවක් වන්නේ මන්දැයි ඔබට වැටහෙනු ඇත.

    ස්ටෙෆනි යෙබෝවා |  අලංකාර ප්ලස් ප්‍රමාණයේ ආකෘති 10 |  සෙස්ටාර්ඩාර්

    10. ලෝරන් නිකොල් –  Lauren Nicole

    ලෝරන් ඇත්ත වශයෙන්ම නිරූපිකාවක් වීමට කිසි විටෙකත් සැලසුම් කර නැත. නමුත් එය සිදුවිය. වෙළඳ නාමයක් ඇය වෙත ළඟා වී ඔවුන්ගේ නිෂ්පාදන ආකෘතිගත කිරීමට අවස්ථාවක් ලබා දෙන විට ඇය අන්තර්ජාලය හරහා ඡායාරූප පළ කරමින් බ්ලොග් කරුවෙකු ද විය. ලෝරන් සිතුවේ එය එක් වරක් පමණක් වනු ඇති බවයි, බොහෝ බ්ලොග්කරුවන් එය කරයි, නමුත් වෙළඳ නාමය ඇයව ඔවුන්ගේ තානාපති කිරීමට ඉදිරිපත් වූ අතර ඇය නිරූපණ ක්ෂේත්‍රයට සමීප වූවාය.

    ලෝරන් නිකොල් |  අලංකාර ප්ලස් ප්‍රමාණයේ ආකෘති 10 |  සෙස්ටාර්ඩාර්

    උපුටා ගැනීම Zestradar.com සැකසුම – තුෂාධවි

  • බොලිවුඩයේ ‘ධනවත්ම’ නිළියන් 10 දෙනාගේ ලැයිස්තුව එළියට එයි

    බොලිවුඩයේ ‘ධනවත්ම’ නිළියන් 10 දෙනාගේ ලැයිස්තුව එළියට එයි

    සිනමා තරුවක් වීම සැමවිටම පහසු නැත. නමුත් එය ලෝකයේ හොඳම වැටුපක් හිමිවන රැකියාවකි. උදාහරණයක් ලෙස හොලිවුඩ් සුපිරි තරු ගන්න, මුළු ලෝකයම ඔවුන්ව රූප වන්දනා කරන අතර ඔවුහු අති සුඛෝපභෝගී විසිතුරු ජීවිත ගත කරති.

    දැන්, බොලිවුඩ් සුපිරි තරු ද බොලිවුඞ් තරු අසලටම පැමිණ ඇත. හොලිවුඞ් තරු තරම් නැති වුව ද ඔවුන් ද ඉතා ධනවත්ය. බලවත්ය. ඔබ වඩාත් ප‍්‍රිය කරන්නේ බොලිවුඞ් චිත‍්‍රපට නම් බොලිවුඩයේ ධනවත්ම නිළියන් කවුදැයි දැන ගැනීමට ඔබ කැමති බව නිසැකය. බලමු ඔවුන් කවුද කියා.

    10. සෝනම් කපූර් – ඩොලර් මිලියන 15ක් – මුළු බොලිවුඩයේම ජනප්‍රිය නිළියක් වන සෝනම් කපූර් සමඟ ආරම්භ කරමු. තිරය ​​මත ඇති ඕනෑම චරිතයකට අනුවර්තනය වීමට ඇය වඩාත් ප්‍රසිද්ධය. බොහෝ විට, ඇය මේ දක්වා කළ හොඳම චිත්‍රපයට වූයේ නීර්ජා Neerja ය.

    9. කාජල් දේව්ගන් – ඩොලර් මිලියන 16 – කජෝල් දේව්ගන් ජාත්‍යන්තරව තරමක් ප්‍රසිද්ධ යැයි ඔබට සිතිය හැකිද? # 9 ධනවත්ම බොලිවුඩ් නිළිය ලෙස, මම කියන්නේ එය අතිශයින්ම පිළිගත හැකි බවයි.

    8. අමරිතා රාඕ – ඩොලර් මිලියන 20.5 ක් – අමරිතා රාඕ ඉන්දියාවේ # 8 ධනවත්ම නිළියයි.  Welcome to Sajjanpur, “Victory“ වැනි චිත්‍රපට වලින් ඔබට ඇයව මතක ඇති. අමරිතා ලෝකයේ වඩාත්ම කැමති කාන්තාවන් 50 දෙනාගෙන් (most desirable women) කෙනෙකු ලෙස නම් කෙරිණි!

    7. අනුෂ්කා ෂර්මා – ඩොලර් මිලියන 25 ක් – අනුෂ්කා ෂර්මා නිරූපිකාවක් ලෙස පෙනී සිට පසුව නිළියක් බවට පත් වූ අතර දැන් ඇය ප්‍රසිද්ධ නිෂ්පාදකවරියකි. මෙම කාර්යබහුල දැරිය මෙම ලැයිස්තුවේ සිටීම පුදුමයක් නොවේ.

    6. විද්‍යා බාලන් – ඩොලර් මිලියන 25 – “හම් පාන්ච් Hum Paanch ” හි විද්‍යා බාලන් මතකද? මිනිස්සු Hum Paanch හි ඇගේ රංගනයට ඇත්තටම ආදරය කළා. ඇත්ත වශයෙන්ම Hum Paanch ඇගේ වෘත්තියේ ආරම්භය පමණි. ජීවිතය වෙනස් කරන “Dirty Picture” චිත්‍රපටයේ රඟපෑමෙන් පසු විද්‍යා එකින් එක විශාල කාර්යභාරයක් ඉටු කළාය.

    5. ප්‍රීති සින්ටා – ඩොලර් මිලියන 30 ක් –  ප්‍රීතිගේ වටිනාකම අවම වශයෙන් ඩොලර් මිලියන 30ක් වන අතර එමඟින් ඇයට ලැයිස්තුවේ ස්ථානයක් හිමි වේ. 

    4. අයිශ්වර්යා රායි – ඩොලර් මිලියන 35 – මෙම ලෝක රූ රැජින 1994 දී තිබූ පෙනුම තවමත් රැකගෙන ඇත. අයිශ්වර්යා ඇගේ පළමු චිත්‍රපටය වන “  Iruvar” චිත්‍රපටයේ සිට “Aur Pyaar Ho Gaya“, “Dhoom 2“, “Hum Dil De Chuke Sanam“ වැනි සුපිරි චිත්‍රපට ගණනාවක රඟපා ඇත.

    3. මධුරි ඩික්සිත් – ඩොලර් මිලියන 35 ක් – මධුරි ඩික්සිත් නියත වශයෙන්ම ඉන්දියාවේ වඩාත්ම රූමත් කාන්තාවයි. නැත, ලෝකයේ ම! එම කාරණයට අමතරව, ඩික්සිත් ද වැඩිම වැටුප් ලබන ඉන්දියානු නිළියකි. යමෙක් ඇයට ආදරය නොකරන්නේ කෙසේද?

    2. ප්‍රියංකා චොප්රා – ඩොලර් මිලියන 40 ක් – ලෝක ප්‍රසිද්ධ නිළියක් වන ප්‍රියංකා චොප්රා Miss World 2000 කිරුළ දිනා ගත්තාය. මුලදී ඇය ඉන්දියාවේ ජනප්‍රිය නමක් වූ නමුත් “ ක්වාන්ටිකෝ “Quantico” චිත්‍රපටයෙන් පසු වැඩි කල් නොගොස් ලොව හොඳම වැටුප් ලබන රූපවාහිනී නිළියක් බවට පත්වූවාය.

    1. දීපිකා පදුකෝන් – ඩොලර් මිලියන 45 ක් වන අතර
    අපගේ # 1 ධනවත්ම නිළිය දීපිකා පදුකෝන් ය! “ Om Shanti Om ” චිත්‍රපටයේ ඇයගේ තරු රංගනයෙන් පසු ඇයව නැවැත්වීමට නොහැකි විය! “ XXx ” හි ඇයගේ භූමිකාව වඩාත් ජනප්‍රිය විය. ඩොලර් මිලියන 45 ක ශුද්ධ වටිනාකම සමච්චල් කිරීමට කිසිවක් නැත!

    Film fare – සැකසුම – තුෂාධවි

  • බොරතෙල් නැවේ ගින්න සම්පූර්ණයෙන් පාලනය කළත් අවදානම තව දුරටත්

    බොරතෙල් නැවේ ගින්න සම්පූර්ණයෙන් පාලනය කළත් අවදානම තව දුරටත්

    New Diamond බොරතෙල් නෞකාවේ ඇති වූ ගින්න සම්පූර්ණයෙන් මැඩපවත්වා තිබුණද නෞකාවේ ඇතුළත පවතින උෂ්ණත්වය හා පාරිසරික බලපෑම් මත මෙම ගින්න නැවත ඇති වීමේ යම් සම්භාවිතාවක් පවතින හෙයින්, ශ්‍රී ලංකා නාවික හමුදාව ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවෙමින් ඕනෑම හදිසි අවස්ථාවක් සඳහා සූදානමින් සිටින බව නාවික හමුදාව විසින් අද (06) දින සවස නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

    ශ්‍රී ලංකා නවික හමුදාව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය,

    MT New Diamond නමැති බොරතෙල් ප්‍රවාහන නෞකාව කුවෙට් රාජ්‍යයේ මීනා අල් අහමදි වරායේ සිට ඉන්දියාවේ පරදිප් වරාය වෙත බොරතෙල් මෙට්‍රික් ටොන් 270000 ක් ප්‍රවාහනය කරමින් තිබියදී 2020 සැප්තැම්බර් 03 වන දින උදෑසන 0800 පැයට පමණ ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේදී ගිනි ගැනීමක් ඇතිවී ආපදාවකට පත්විය. ඒ වනවිට නෞකාව සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 38 ක දුරකින් යාත්‍රාකරමින් තිබූ අතර, එම නෞකාවේ ප්‍රධාන යන්ත්‍ර කාමරයේ බොයිලේරුවක සිදු වූ පිපිරුමක් සමඟ මෙම ගින්න ඇතිව තිබුණි.

    මෙම ආපදාව වාර්ථාවූ මොහොතේ සිට පැය 79 කට ආසන්න කාලයක් තුළ ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රමුඛ අනෙකුත් පාර්ශවකරුවන්ගේ අඛණ්ඩ ගිනි නිවීමේ මෙහෙයුම් හමුවේ අද සවස 1500 පැය පමණ වන විට ඇතිව තිබූ එම ගින්න සම්පූර්ණයෙන් පාලනය කිරීමට හැකි විය.

    ජාත්‍යන්තර වශයෙන්ද විශේෂ අවධානයකට ලක් වූ මෙම ආපදා තත්වය ඉතා කෙටි කාලයක් තුලදී සාර්ථකව කළමණාකරනය කර ගැනීම තුළින් සිදු වීමට ඉඩ තිබූ අති විශාල සමුද්‍රීය පාරිසරික ව්‍යසනයක් වලක්වා ගැනීමට හැකි විය. මෙහිදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් අත්හදා බලන ලද Dry Chemical Powder (DCP) රසායනික මලු මගින් සාර්ථක ප්‍රථිපල අත් කර දෙන ලදි. ඒ අනුව ලබා ගත් ප්‍රථිපලය මත නෞකාවේ ගිනිදැල් නිකුත්වීම ඇනහිට ඇත.

    මෙම තත්වය යටතේ ඉන්දීය නාවික හමුදා සහ ආපදා විශේෂඥ කණ්ඩායම් නෞකාවට ගොඩ වී එහි අභ්‍යන්තරය අධි තාක්‍ෂණික උපකරණ යොදා ගනිමින් පරීක්‍ෂා කිරීමට නියමිතය.

    කෙසේ වෙතත්, මේ වන විට නෞකාවේ ඇති වූ ගින්න සම්පූර්ණයෙන් මැඩපවත්වා තිබුනද නෞකාවේ ඇතුලත පවතින උෂ්ණත්වය හා පාරිසරික බලපෑම් මත මෙම ගින්න නැවත ඇති වීමේ යම් සම්භාවිතාවක් පවතින හෙයින්, ශ්‍රී ලංකා නාවික හමුදාව ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවෙමින් ඕනෑම හදිසි අවස්ථාවක් සඳහා සූදානමින් සිටී.

    එමෙන්ම අද උදෑසන නෞකාවේ වාණිජ හා තාක්‍ෂණික ක්‍රියාකාරිත්වය හිමි සමාගම විසින් මුදවාගැනීමේ මෙහෙයුම් විශේෂඥයින්, ආපදා තක්සේරුකරුවන් හා නීතී උපදේශකයෙකු ද ඇතුළු 10 දෙනෙකුගෙන් යුත් බ්‍රිතාන්‍ය හා නෙදර්ලන්ත විශේෂඥයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත. ඔවුන් ඉදිරියේදී එම නෞකාවට සිදු වී ඇති ආපදාව පිළිබඳව තක්සේරුවක් කිරීමට නියමිත අතර ඔවුන්ගේ නිර්දේශ මත නෞකාව සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවර තීරණය කෙරෙනු ඇත.

    තවද, ඇති වූ හදිසි තත්වය මැඩපවත්වන ලද මෙම නෞකාව ශ්‍රී ලංකාවට අයත් සාගරික සෙවීම් හා මුදවාගැනීම් කළාපයෙන් ඉවත්ව යන තුරු ශ්‍රී ලංකා නාවික හමුදාව අවශ්‍ය සහයෝගය ලබා දීම ඉදිරියටත් සිදු කරනු ලබයි.

  • Covid-19: රුසියානු එන්නත සාර්ථක වන ලකුණු

    Covid-19: රුසියානු එන්නත සාර්ථක වන ලකුණු

    රුසියානු විද්‍යාඥයින් විසින් ඔවුන්ගේ කොරෝනා වෛරස් එන්නත පිළිබඳ පළමු වාර්තාව ප්‍රකාශයට පත් කර ඇති අතර, මුල් පරීක්ෂණ මගින් ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් පෙන්නුම් කරන බව පවසා තිබේ.

    වෛද්‍ය සඟරාවක් වන ‘ලැන්සෙට්‘ The Lancet විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවේ දැක්වෙන්නේ සෑම සහභාගිවන්නෙක්ම වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා ප්‍රතිදේහ නිපදවූ අතර බරපතල අතුරු ආබාධ නොමැති බවයි.

    දේශීය භාවිතය සඳහා රුසියාව විසින් මෙම එන්නත සඳහා බලපත්‍ර ලබා දී ඇත්තේ අගෝස්තු මාසයේදීය.

    ප්‍රවීණයන් පවසන්නේ අත්හදා බැලීම් ඉතා කුඩා බැවින් ඵලදායීතාවය සහ ආරක්ෂාව ඔප්පු කළ නොහැකි බවයි. එහෙත් විචාරකයින්ට පිළිතුරක් ලෙස මොස්කව් බලධාරීන් විසින් ප්‍රතිඵල අගය කර තිබේ. 

    සමහර බටහිර විශේෂඥයන් එන්නත සම්බන්ධ පර්යේෂණවලදී රුසියාවේ කාර්යයේ වේගය පිළිබඳව කනස්සල්ල පළ කර ඇති අතර, පර්යේෂකයන් යෝජනා කරන්නේ ඒ ගැන බියවිය යුතු නැති බවයි.

    පසුගිය මාසයේ රුසියානු ජනාධිපති පුටින් කියා සිටියේ මෙම එන්නත පර්යේෂණ ක්‍රියාවලියේ සියලු පියවර සමත් වී ඇති බවත් එය තම දියණියට ද ලබා දුන් බවත්ය.

    වාර්තාව පවසන්නේ කුමක්ද?

    නව එන්නත සම්බන්ධ අත්හදා බැලීම් දෙකක් පසුගිය ජූනි සහ ජූලි අතර සිදුකළ බව ලැන්සෙට් සඟරාව පවසයි. එක් එක් සෞඛ්‍ය සම්පන්න ස්වේච්ඡා සේවකයන් 38 දෙනෙකුට එන්නත මාත්‍රාවක් සහ සති තුනකට පසුව බූස්ටර එන්නත ලබා දෙන ලදී. සහභාගිවන්නන් වයස අවුරුදු 18 ත් 60 ත් අතර පසු වූවන්ය.

    ඔවුන්ව දින 42 ක් නිරීක්ෂණය කරන ලද අතර ඔවුන් සියල්ලන්ම සති තුනක් තුළ ප්‍රතිදේහ නිපදවීය. වඩාත් සුලභ අතුරු ආබාධ අතර හිසරදය සහ සන්ධි වේදනාව විය.

    අත්හදා බැලීම් විවෘත වූ අතර අහඹු ලෙස සිදු නොවීය, එයින් අදහස් වන්නේ ස්වේච්ඡා සේවකයන් ඔවුන්ට එන්නත ලැබෙන බව දැන සිටි බවයි.

    “කොවිඩ් -19 ආසාදනය වැළැක්වීම සඳහා එන්නතෙහි දීර්-කාලීන ආරක්ෂාව සහ ඵලදායීතාවය තහවුරු කිරීම සඳහා ප්ලේසෙබෝ (placebo) සංසන්දනයක් ඇතුළු විශාල, දිගුකාලීන අත්හදා බැලීම් සහ වැඩිදුර අධීක්ෂණය අවශ්‍ය වේ” යනුවෙන් වාර්තාව පවසයි.

    තුන්වන අදියර අත්හදා බැලීම් සඳහා “විවිධ වයස් හා අවදානම් කණ්ඩායම්” වලින් ස්වේච්ඡා සේවකයන් 40,000 ක් සහභාගී වනු ඇත. රුසියානු එන්නත මගින් සෙම්ප්‍රතිශ්‍යාව ඇති කරන ඇඩිනෝ වයිරස් (adenovirus) නම් වෛරසය අනුවර්තනය කරන ලද වික්‍රියා භාවිතා කරයි.

    line

    තව බොහෝ දුර යා යුතුව තිබේ

    බීබීසී සෞඛ්‍ය වාර්තාකරු පිලිපා රොක්ස්බි විසිනි

    ‘‘ධෛර්යමත් කිරීම” සහ “මෙතෙක් මෙතරම් හොඳ” යනු එක්සත් රාජධානියේ විද්‍යාඥයින්ගේ ප්‍රතික්‍රියා කිහිපයකි. (නමුත් තව බොහෝ දුර යා යුතුව තිබේ) එන්නත 2 වන අදියර සඳහා සහභාගී වූ සියලු දෙනා තුළ ප්‍රතිදේහ ප්‍රතිචාරයක් පෙන්නුම් කළ ද (එයින් අදහස් කරන්නේ එය වෛරසයෙන් ඔවුන්ව ආරක්ෂා කරනු ඇති බවයි) එය තවමත් තහවුරු කර නොමැත.

    මෙම ප්‍රතිඵල වලින් අපට කිව හැක්කේ වයස අවුරුදු 18 ත් 60 ත් අතර නිරෝගී පුද්ගලයින් තුළ මෙම එන්නත දින 42 ක් ආරක්ෂිත බව පෙනී ගිය හෙයිනි. නමුත් කොවිඩ් -19 අවදානමට ලක්ව ඇති වයස්ගත පුද්ගලයින් සහ දිගු කාලීන සෞඛ්‍ය ගැටලු ඇති අය ගැන කුමක් කිව හැකිද ? එය ඔවුන්ට සහ දිගු කාලයක් පුරා කෙතරම් ආරක්ෂිතද ? මෙයට පිළිතුරු දිය හැක්කේ ඊට වඩා විශාල, දිගු කාලීන අහඹු ලෙස අත්හදා බැලීම්වලින් පසුව පමණි.

    එහිදී සහභාගී වන පුද්ගලයින් එන්නත ලබා ගන්නේද නැතහොත් ව්‍යාජ එන්නතක් ලබා ගන්නේද යන්න නොදැන සිටිති. වඩා පුළුල් ජනගහනයක් අතර එන්නත සැබවින්ම කෙතරම් ඵලදායීද යන්න විද්‍යාඥයින්ට මේවා කියනු ඇත.

    විවෘතභාවය සහ විනිවිදභාවය සඳහා ඉල්ලීම් ද තිබේ. දැනට ලොව පුරා අත්හදා බලා ඇති බොහෝ එන්නත් අතුරින් සමහරක් සමහර අවස්ථාවල දී සහ සමහර පුද්ගලයින්ගේ කණ්ඩායම් වලට වඩා හොඳට ක්‍රියා කරයි. ඒ නිසා ඔවුන් කොතරම් හොඳින් වැඩ කරනවාද සහ කවුරුන් සඳහාද යන්න හරියටම දැන ගැනීම වැදගත්ය. මන්ද එක් එන්නතක් සෑම කෙනෙකුටම සුදුසු වනු ඇතැයි සිතිය නොහැකි නිසාය.

    line

    ප්‍රතික්‍රියාව කුමක් වීද?

    මෙම එන්නත වෙනුවෙන් මූල්‍ය ප්‍රතිපාදන ලබා දුන් රුසියානු ආයෝජන අරමුදලක ප්‍රධානී කිරිල් දිමිත්‍රිව් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේ මෙම වාර්තාව “රුසියානු එන්නත අසාධාරණ ලෙස විවේචනය කළ සංශයවාදීන්ට ප්‍රබල ප්‍රතිචාරයක්” බවයි. මීළඟ අදියර සඳහා මේ වන විට පුද්ගලයින් 3,000 ක් බඳවාගෙන ඇති බව ඔහු පැවසීය.

    රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරෂ්කෝ කියා සිටියේ අධි අවදානම් සහිත කණ්ඩායම් කෙරෙහි අවධානය යොමු කරමින් නොවැම්බර් හෝ දෙසැම්බර් සිට රුසියානු ජනතාවට මෙම එන්නත ලබාදීම ආරම්භ කරන බවයි.

    නමුත් විශේෂඥයන් අනතුරු ඇඟවූයේ එන්නතක් වෙළඳපොළට ඇතුළු වන තෙක් තව බොහෝ දුර යා යුතු බවයි.

    ලන්ඩනයේ සනීපාරක්ෂක හා නිවර්තන වෛද්‍ය විද්‍යාලයේ ක්ෂුද්‍රජීවී ව්‍යාධි විද්‍යාව පිළිබඳ මහාචාර්ය බ්‍රෙන්ඩන් වෙන් රොයිටර් පුවත් සේවයට පැවසුවේ “මෙම වාර්තාව මෙතෙක් ලැබුණ ඉතා හොඳ සිද්ධියක් බවයි‘‘

    ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, ලොව පුරා එන්නත් 176 ක් දැනට සංවර්ධනය වෙමින් පවතී. ඉන් 34 ක් දැනට පුද්ගලයින් මත පරීක්ෂාවට ලක් කෙරේ. ඒ අතුරින් අටක් තුන්වන අදියරෙහි සිටින අතර වඩාත්ම දියුණු ය.

    2020 සැප්තැම්බර් 05 වැනි දින බී.බී.සී වාර්තාවක් ඇසුරිණි – සකස් කළේ – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • ‘ටයිගර් ෂ්රොෆ්’ කඩවසම් සිරුරක් හදා ගත්ත ‘සුපිරි රහස් හෙළි කරයි’

    ‘ටයිගර් ෂ්රොෆ්’ කඩවසම් සිරුරක් හදා ගත්ත ‘සුපිරි රහස් හෙළි කරයි’

    ටයිගර් ෂ්රොෆ් යනු බොලිවුඩයේ වෙනමම අන්‍ය්‍යතාවක් ඇති සුපිරි තරුවක්. ඉතා ඉහළ අය කිරීමක් සහිත නළුවන් අතර ඉදිරියෙන්ම සිටින ෂ්රොෆ්ගේ උඩුකය නිරුවත් ඡායාරූප ඉන්දියාවේ කායවර්ධන මධ්‍යස්ථානවලට නැතිවම බැරි අංගයක්.

    ටයිගර් ෂ්රොෆ්

    ටයිගර් ෂ්රොෆ් සමඟ අප කළ එක් සංවාදයකදී සුප්‍රකට ෆිල්ම් ෆෙයාර් සඟරාවේ මාධ්‍යවේදී තුෂාධර් මෙවැනි ඍජු ප්‍රශ්නයක් ෂ්රොෆ් වෙත යොමු කළේය.

    ‘ඔබ තමයි බොලිවුඩයේ ඉන්න කඩවසම්ම සිරුරක් හිමි නළුවා. ඔබේ උඩුකය නිරුවත් ඡායාරූප මුළු ඉන්දියාව පුරා ඇති කායවර්ධන මධ්‍යස්ථානවල තිබෙනවා. තරුණියන්ගේ නිදන කාමරවලත් තිබෙන බව අපි දැක තිබෙනවා. ඇත්තම කියන්න ඔබ කොහොමද කඩවසම් සිරුරක් හදා ගත්තේ ?‘

    මදක් විමතියෙන් තුෂාධර් දෙස බලා සිටි ෂ්රොෆ් මෙහෙම කිව්වා.

    “වයස අවුරුදු හතරේ සිට මම බෘෘස් ලීගේ රසිකයෙක්. ඒ නිසා මට ඔහු වගේ වෙන්න ඕන වුණා. මට ඔහුගේ සියලු ගුණාංග තිබීම අවශ්‍ය වුණා. මගේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්න කියා කිසිවෙකු මට කීවේ නැහැ. ඒක මගේම සැබෑ වුවමනාවෙන්, කැප කිරීම නිසා ලබා ගත් දෙයක්”

    ටයිගර් ෂ්රොෆ්

    ‘මම උදේට ජිම් එකට ගොස් ව්‍යායාම කරනවා. සවස් වරුවේ විකල්පයක් ලෙස මගේ සටන් කලාව, ජිම්නාස්ටික් හා නැටුම් අභාසවල යෙදෙනවා. මම යෝග කරන්නේ නැහැ.  මම ක්‍රීඩාවට කැමතියි. මම නළුවෙක් නොවන්නට නම් මම ක්‍රීඩකයෙක් වීමට ඉඩ තිබුණා ” ෂ්රොෆ් කිව්වා.

    දැන් ඔබටත් තීරණයක් ගන්න පුළුවන් !

    ෆිල්ම් ෆෙයාර් ඇසුරිණි – සැකසුම – තුෂාධවි

  • සුවපහසු නින්දකට ‘සරල උපක්‍රම’ 10ක්

    සුවපහසු නින්දකට ‘සරල උපක්‍රම’ 10ක්

    නින්ද‘ ගැන අපි හැමෝටම කතා තිබෙනවා. ඒ අතර වැඩියෙන්ම තිබෙන්නේ ‘මැසිවිලි‘

    ඔබටත් මේ ගැන කතා ඕනෑ තරම් ඇති. ඒ කතාත් මතකයේ තියාගෙන මේ ලිපිය කියවන්න. මෙම ලිපිය ඔබේ ජීවිතය වෙනස් කිරීමටයි යන්නේ. එය එසේ නොහැකි වුවහොත් අවම වශයෙන් ඔබේ නිදා ගැනීමේ පුරුද්ද හෝ වෙනස් කළ හැකියි. 

    අද රාත්‍රියේ සිට හෝ වඩා හොඳින් නිදා ගැනීමට ඔබට කළ හැකි මේ සරල කරුණු 10 ගැන අවධානය යොමු කරන්න.

    1. කාමරයේ උෂ්ණත්වය අඩු කරන්න

    කාමරයේ උෂ්ණත්වය අඩු කරන්න

    ඔබේ කාමරය ඉතා උණුසුම් නම්, ඔබට නිදා ගැනීමට අපහසු වේ. ඔබ නින්දට යාමට පෙර ඔබේ කවුළු විවෘත කිරීම හෝ වායුසමීකරණ යන්ත්‍රය හෝ විදුලි පංකාව ක්‍රියාත්මක කිරීම හොඳ අදහසකි. එවිට ඔබට ඉක්මනින් නින්දට වැටෙනු ඇත. හැකි නම් ඔබ නිදා ගැනීමට කලින් ඇඟ සෝදා ගන්න. එයත් හොද නින්දකට විශිෂ්ඨ මගකි.

    2. කාලසටහනක් සකසා ගන්න

    උපලේඛනයක් සවි කරන්න

    දැන් වෙන කවරදාකටත් වඩා ඔබට නිදා ගැනීම සදහා කාලසටහනක් සකස්කර ගැනීම වැදගත් වේ. ඔබ ‘නින්දේ කාලසටහනක්‘ ලබා ගත යුතුය. ඔබේ ශරීරයේ අභ්‍යන්තර ඔරලෝසුව දිවා කාලයේදී ඔබේ සමස්ත ක්‍රියාකාරීත්වය දෙස සෝදිසියෙන් සිටින බව අමතක නොකළ යුතුය. රාත්‍රි යේ ඔබේ නින්ද හා එහි ස්වභාවය ගැන තීන්දු ගන්නේ එයයි. එනිසා ඔබ සෑම දිනකම නිශ්චිත වේලාවක නින්දට යාමේ ස්ථාවර කාලසටහනක් අනුගමනය කරන්නේ නම් ඔබේ අභ්‍යන්තර ඔරලෝසුවට විධිමත් කාලසටහනක් තබා ගැනීමට ඔබ උදව් කරයි.

    වේගවත් ඉන්ෆොග්‍රැෆික් නින්දට වැටීමට සරල ක්‍රම

    3. ඔබේ කාමරය සූදානම් කරන්න

    ඔබේ කාමරය සූදානම් කරන්න

    ඔබේ කාමරය අඳුරු බව සහතික කිරීම, අවම අවධානය වෙනතකට යොමු කිරීම සහ නිශ්ශබ්දව සිටීම ඔබේ මොළයට තේරුම් ගැනීමට ඉඩ සලසයි. නින්දට අත්‍යවශ්‍ය හෝමෝනයක් වන ‘මෙලටොනින්‘ නිෂ්පාදනය අන්ධකාරය මගින් වැඩි කරන බව මෑත පර්යේෂණවලින් හෙළි වී තිබේ. එබැවින් ඔබ ජනෙල් වසා දමා, දුරකථනය ඈත් කර තබා ගැනීමටත්, කෘතිම ආලෝකයේ වෙනත් ප්‍රභවයන් ක්‍රියා විරහිත කිරීමටත් වග බලා ගන්න.

    4. ගත සිත සැහැල්ලු කර ගන්න

    බෙහෙත් වෙත හැරෙන්න

    ඔබ කායිකව සහ මානසිකව නිරවුල්ව සිටින්නේ නම් වඩාත් පහසුවෙන් නින්දට වැටේ. ඔබ නින්දට යාමට පෙර කෙටි භාවනා ක්‍රමයක් කරන්න. එහිදී ඔබ අවධානය යොමු කරන්නේ දිවා කාලයේ ඇති වන සියලු ආතතිය දුරු කිරීමට සහ ඔබේ මනස සන්සුන් කර ඔබේ ශරීරය ලිහිල් කිරීමට ය.

    5. වේලාව දෙස නොබලන්න

    වේලාව දෙස නොබලන්න

    ඔබ මධ්‍යම රාත්‍රියේ අවදි වී නැවත නින්දට යාමට නොහැකි නම්, ඔබ කළ යුතු අවසාන දෙය වන්නේ ඔර්ලෝසුව දෙස බැලීමයි. එහිදී ඔබේ නින්ද කොතරම් ප්‍රමාද වී ඇත්ද යන්න සහ ඔබට නින්ද නොයන්නේ ඇයිද ? යන්න වටහා ගැනීමට අවස්ථාව උදා වුවත් එහි බරපතළ ප්‍රශ්නය වන්නේ එතැන් සිට නින්ද ඔබ අසලටවත් නොපැමිණීමයි. එනිසා ඔර්ලෝසුව දෙස නොබැලීමට ප්‍රවේශම් වන්න. ඔබ කළ යුතු වඩාත් නිවැරදි දෙය වන්නේ ඔබේ ඇසි හොදින් වසා ගෙන ගැඹුරු හුස්මක් ගෙන මනස සන්සුන්ව තබා ගැනීමට පියවර ගැනීමයි.  

    6. කෙටි නින්දවලට නොයන්න

    නැප්ස් එපා කියන්න

    වැඩ කරන දිනයක් මැද මිනිත්තු 20 ක කෙටි නින්දක් ලබා ගැනීම ඉතා පහසුය. එත් ඒ කෙටි නින්ද ඔබ විසින් ලබාගත යුතු වැදගත්ම රාත්‍රී නින්දට අතිෂයින් හානිකර බව වටහා ගන්න. කෙටි නින්දක් ලබා ගැනීම වෙනුවට මදක් විවේක ගෙන පරිපූර්ණ නින්දක් ලබා ගැනීමට පියවර ගන්න. එහි සරල අදහස වන්නේ ‘කෙටි නින්ද එපා කීමයි.

    7. නිවැරදි ආහාර අනුභව කරන්න

    නිවැරදි ආහාර අනුභව කරන්න

    ඔබ නින්දට යාමට පෙර ගන්නා රාත්‍රී ආහාරය හා නින්ද අතර ඍජු සම්බන්ධතාවක් ඇත. එය ඔබේ නින්දේ කාලසටහනට අත්‍යවශ්‍ය කාර්යභාරයක් ඉටු කරයි. ඉහළ අනුපාතයක් ඇති කාබෝහයිඩ්‍රේට් ආහාර මගින් (පිටි ආහාර)  ආහාර ඔබේ නින්ද ඍජුව හානි කළ හැකි බව පර්යේෂණවලින් හෙළි වී තිබේ. ඔබ නින්දට යාමට අවම වශයෙන් පැය හතරකට පෙර ඔබේ රාත්‍රී ආහාරය අනුභව කරන බවට සහතික වන්න.

    8. උදේ වරුවේ ව්‍යායාම කරන්න

    උදේ වරුවේ ව්‍යායාම කරන්න

    ශාරීරික ක්‍රියාකාරකම් මඟින් ඔබේ නින්දේ කාලසටහනට ඉමහත් උපකාරයක් ලැබේ. කෙසේ වෙතත්, ඔබ නියම වේලාවට ව්‍යායාම කළ යුතුය. උදේ ව්‍යායාම කිරීමෙන් ඔබගේ නින්දේ චක්‍රයට වඩා හොඳ ප්‍රතිඵල ලැබෙන බව ඔප්පු වී ඇත.

    09. සුව පහසු මෙට්ටයකට ආයෝජනය කරන්න

    සුව පහසු මෙට්ටයක ආයෝජනය කරන්න

    සුව පහසු මෙට්ටයක්, ලස්සන කොට්ටයක් සහ සුවපහසු බ්ලැන්කට්ටුවක් ඔබට නින්දට වැටීමට උදව් කිරීමේදී පුදුම දේ කළ හැකිය. ඔබ ආදරය කරන ලස්සන, කැළඹිලි රහිත සහ සුවපහසු අවකාශයක් සාදන්න. රාත්‍රියේදී ඔබට අධික උණුසුම් හෝ සීතල දැනෙන්නේ නැති පරිදි ඔබේ රාත්‍රී රෙදි සඳහා සුව පහසු රෙදි තෝරා ගන්න.

    10. ඔබ සතුටු වන දේවල් ගැන සිතන්න

    ඔබ සතුටු වන දේවල් ගැන සිතන්න

    ඔබ සතුටු වන ස්ථානයක් හෝ දෙයක් මතකයට නඟා ගෙන නින්ද යාමට උත්සාහා කරන්න. යම් දෙයක් ගැන කරදර නොවී ඔබම අවධාරණය කරනවා වෙනුවට හොඳ, ප්‍රීතිමත් සිතුවිලි වලින් ඔබේ මනසෙහි රැඳී සිටින්න.

    ඇරෝමැටෙරපි තෙල් වේගයෙන් නින්දට වැටේ

    නිති අසන ප්‍රශ්න: නින්දට වැටීමට සරල ක්‍රම

    ප්‍රශ්නය – වේගයෙන් නින්දට යාමට ඔබට කුමක් පානය කළ හැකිද?

    වේගයෙන් නින්දට යාමට ඔබට පානය කළ හැක්කේ කුමක්ද?

    ඔබ නින්දට යාමට පෙර අනුභව කරන දේ ඔබේ නින්ද අතර ඍජු සම්බන්ධතාවක් නිර්මාණය කරයි. නිදා ගැනීමට පෙර උණුසුම් කිරි පානය කිරීම පැරණි සිරිතක් වන නමුත් උණුසුම් කිරි පානය සහ නින්ද අතර සම්බන්ධතාව විද්‍යාත්මකව තහවුරු කර නැත. එසේ වුව ද කිරිවල සැලකිය යුතු ට්‍රිප්ටෝෆාන් අඩංගු වන අතර එය ශරීරයේ ස්වාභාවික හෝමෝනය වන මෙලටොනින් බවට පරිවර්තනය වේ .

    උණුසුම් කිරි (ගව හෝ ආමන්ඩ් කිරි) හැරුණු විට ඔබට හරිත තේ, චමමයිල් තේ හෝ පොල් වතුර ද පානය කළ හැකිය.

    Femina ඇසුරිණි – සකස් කළේ – තුෂාධවි

  • 2020 වසරේ WPY ජයග්‍රාහී වනජීවී ඡායාරූප

    2020 වසරේ WPY ජයග්‍රාහී වනජීවී ඡායාරූප

    පියෙකුගේ අභිමානය‘ යනුවෙන් නම් කර තිබූ ඉහත ඡායාරූපය 2020 වසරේ ජයග්‍රාහී වනජීවී ඡායාරූපයයි. ඔබට කිඹුලන් පිළිකුල් කරන හෝ ඔවුන්ට භීතියක් දක්වන අයෙක් වුවත් මේ ඡායාරූපය ඔබට අලුත් යමක් එක්කරනු ඇති බවයි ජයග්‍රාහී ඡායාරූපයට පෙරවදනක් සපයමින් විනිශ්චය මණ්ඩලය කියා සිටියේ.

    ඡායාරූපය ප්‍රවීණ ඡායාරූප ශිල්පී ධර්තිමාන් මුකර්ජි විසින් ගන්නා ලද්දක්. ඉන්දියාවේ ජාතික චම්බල් අභයභූමියේදී කැමරා කාචයට හසුකර ගත් මේ ඡායාරූපය 2020 වසරේ වනජීවී ඡායාරූප ශිල්පී තරගයේදී (2020 Wildlife Photographer of the Year competition) බෙහෙවින් පැපසුමට ලක් වුණා.

    ‘මිරිදිය ගරියාල්‘ Gharial (Gavialis gangeticus)ලෙස නම්කර ඇති මෙම කිඹුල් විශේෂය බරපතළ ලෙස තර්ජනයට ලක්ව තිබෙනවා. කලකට පෙර දකුණු ආසියාව පුරා සතුන් 20,000 කට වඩා වැඩි සංඛ්‍යාවක් සිටි නමුත් මේ වන විට මේ වන විට පරිණත කිඹුල් ගහණය 1,000 කටත් වඩා අඩු සංඛ්‍යාවක් දක්වා පහත බැස තිබෙනවා.

    “මෙම කිඹුලා කිඹුලියන් හත් අට දෙනෙකු සමඟ සංසර්ගයේ යෙදී තිබෙනවා. ඒ කියන්නේ සැලකිය යුතු බහුභාර්යා සේවනයක්. එහෙත් එය කිඹුල් ලෝකයට ප්‍රශ්නයක් හෝ ලැජ්ඡාවට කරුණක් නොවෙයි. අභිමානයට කරුණක්‘ ධර්තිමන් පැහැදිලි කළේය. 

    “සාමාන්‍යයෙන් ගරියාල් කිඹුලන් කියන්නේ කරදිය හා වගුරු කිඹුලන් හා සසඳන විට ලැජ්ජාශීලී කිඹුලෙක්. නමුත් මේ කිඹුල් පියා සිටි පරිසරය ඉතා ආරක්ෂිත වූ අතර මා ඕනෑවට වඩා ළං වුවහොත් ඔහු මට පහරදීමේ අනතුරක් තිබුණා. මේ මොහොතේ ඔහු ඉතා ආක්‍රමණශීලී විය හැකියි” යනුවෙන් ඔහු බීබීසී ප්‍රවෘත්ති සේවයට පැවසීය.

    කීර්තිමත් WPY තරගය මෙහෙයවන ලන්ඩනයේ ස්වාභාවික ඉතිහාස කෞතුකාගාරයේ උරගයින්ගේ ජ්‍යෙෂ්ඨ භාරකරු පැට්‍රික් කැම්බල් පැවසුවේ ‘මෙය ඡායාරූපයකට වඩා ලොකු කතාවක් කියන ඡායාරූපයක්. වනජීවී ඡායාරූපකරණය කියන්නේ එයටයි‘

    “අනෙක් කිඹුලන් ඉතා පරිස්සමින් තම පැටවුන් කටේ තබාගෙන සිටිති. නමුත් ගරියාල් කිඹුලන් එසේ නොවෙයි. ඔහු මේ පෙනී සිටින අසාමාන්‍ය රූප විද්‍යාවෙන් අදහස් කරන්නේ මෙය කළ නොහැකි බවයි.

    ධරිතිමන් මුකර්ජි ගරියා කිඹුලෙකුගේ රූපය
    මුකර්ජි විසින් ගන්නා ලද රූප අනුපිළිවෙලින් තවත් දර්ශනයක්

    ගරියාල් මුහුණ දෙන බරපතළම ගැටලුව සිය වාසස්ථාන අහිමි වීම පිළිබඳ හුරුපුරුදු කතාවකි.

    මෙය ප්‍රධාන වශයෙන් ගංවතුරට බාධා පමුණුවන වේලි සහ බාධක මගින් මෙහෙයවනු ලැබේ. වැලි නිස්සාරණය සහ ගල් ඉවත් කිරීම කැදැලි අවස්ථා සීමා කර ඇත. එවිට සතුන් ධීවර ආම්පන්නවලට හසු වීමේ බහු වාර්ෂික ගැටළුව පවතී.

    ගරියාල් සංරක්ෂණය ඉලක්ක කරගත් වැඩසටහන් (Rear and release) අවම වශයෙන් මෙම විශේෂය විනාශයේ අද්දරට යාම නතර කර ඇති බව පෙනේ. නමුත් මෙම අසාමාන්‍ය සත්වයාට දිගුකාලීන අනාගතයක් ලබා ගැනීමට නම් දැන් විශාල උත්සාහයක් අවශ්‍යයි‘

    සාර්ථක සංරක්ෂණය සඳහා අවශ්‍ය විද්‍යාවට තම රූපවල දැක්වෙන චිත්තවේගයන් සම්බන්ධ කිරීමෙන් එම උත්සාහය වේගවත් කිරීමට තමාට හැකි වේ යැයි ධර්තිමාන් බලාපොරොත්තු වේ.

    එසේ නොමැතිනම්, ඔබට ගරියාල් දැක ගත හැකි එකම ස්ථානය කෞතුකාගාර වනු ඇත.

    එන්එච්එම් ගරියාල් නිදර්ශක එකතුව
    යටත් විජිත සමයේ දී එන්එච්එම් හි ගරියාල් නිදර්ශක ගණනාවක් එහි එකතුවට ගෙන එනු ලැබේ
    ඉදිරිපත් කිරීමේ අළු රේඛාව

    2020 වසරේ වනජීවී ඡායාරූප ශිල්පී තරඟයේ ජයග්‍රාහකයින් (එහි විශිෂ්ට ත්‍යාග සහ කාණ්ඩයේ ජයග්‍රාහකයින්) ඔක්තෝබර් 13 වන දින ප්‍රකාශයට පත් කෙරේ.

    කෙසේ වෙතත්, කොවිඩ් -19 හි ගෝලීය බලපෑම හේතුවෙන් සම්මාන උළෙල අන්තර්ජාලය හරහා පැවැත්වේ. මේගන් මැක්කබ්බින් Megan McCubbin සමඟ සුප්‍රසිද්ධ රූපවාහිනී ඉදිරිපත් කරන්නන් වන ක්‍රිස් පැක්හැම් Chris Packham විසින් මෙය සත්කාරකත්වය සපයනු ඇත.

    කුරුලු රූපය ඇලෙස්සැන්ඩ්‍රා මෙනිකොන්සි විසිනි

    ස්විට්සර්ලන්තයේ ඇල්ප්ස්ටයින්හි ඇල්ප්ස්ටයින් මැසිෆ් හි සුළං සමඟ පොරබදමින් සිටින පක්ෂීන් කිහිප දෙනකුගේ මෙම ඡායාරූපය ද සුවිශේෂ ඇගයීමට ලක්ව ඇත. ( හැසිරීම: පක්ෂීන් ). 

    මෙම ඡායාරූපයට තම කැමරා කාචයට හසුකර ගත්තේ සිල්වට් ඇලෙස්සැන්ඩ්‍රා මෙනිකොන්සි විසින්.

    ඇල්ප්ස් කඳුකරයේ ස්කීං කර ඇති ඕනෑම කෙනෙකුට මෙම සතුන් දැක ගත හැකිය. මන්ද ඔවුන් බොහෝ විට නිවාඩු නිකේතන අවට සැරසරණ නිසාය. ඇලෙස්සැන්ඩ්‍රා පැවසුවේ ‘ඔවුන්ගේ කෑගැසීම මේ නාට්‍යමය භූ දර්ශනය තුළ එතරම් ඝෝෂාකාරී හා අවධාරණය කිරීමක්. ඇත්තටම එය ත්‍රාසජනක චිත්‍රපටයක සිටීම හා සමානයි” යනුවෙනි.

    මකුළු රූපය ජයිම් කුලෙබ්රාස් විසිනි

    ඔබට බැලීමට එඩිතර විය හැකි නම් … මේ තරමක් බිහිසුණු පින්තූරය යෝධ වීදුරු ගෙම්බෙකුගේ (giant glass frog) බිත්තරයක් ආහාරයට ගන්නා විශාල wandering spiderගේ ය. මෙම ඡායාරූපය ස්පාඤ්ඤ ඡායාරූප ශිල්පී ජයිම් කුලෙබ්‍රාස් විසින් වයඹදිග ඉක්වදෝරයේ මැන්ඩූරියාකු රක්ෂිතයේ ඇළක දී ගන්නා ලදී. බිත්තරය ආහාරයට ගැනීම සඳහා මකුළුවා ආහාර ජීර්ණ යුෂ එන්නත් කර පසුව ද්‍රව නිෂ්පාදන නැවත උරා ගනී. සෙන්ටිමීටර 8 ක කකුලක් ඇති මෙම ගැහැණු මකුළුවා ජේමිගේ කැමරා කාචය ඉදිරිපිට පැයකට වැඩි කාලයක් ගෙම්බාගේ බිත්තර කා දමයි. (චර්යා: අපෘෂ්ඨවංශීන් කාණ්ඩය තුළ – Behaviour: Invertebrates category) මෙම විශේෂිත පින්තූරය බෙහෙවින් පැසසුමට ලක්විය.

    ඡායාරූප – බී.බී.සී. සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • බිත්තර මිල රු. 2කින් පහළට

    බිත්තර මිල රු. 2කින් පහළට

    මේ වන විට රුපියල් 23-24 ගණන්වලට අලෙවි වන බිත්තරයක මිල හෙට (07) සිට රුපියල් දෙකකින් අඩුකිරීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ නිලධාරීන් සහ අග්‍රාමාත්‍යවරයා අතර ඊයේ (05) තංගල්ලේ, කාල්ටන් නිවසේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව එකඟ වූ බව සමස්ත ලංකා බිත්තර නිශ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර්.එම්. සරත් මහතා පැවසුවා.

    අගමැතිවරයා සමග සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ නිලධාරීන් කළ සාකච්ඡාවේදී බිත්තර නිෂ්පාදකයින්ගේ ගැටලු සම්බන්ධයෙන් ද සාකච්ඡා කළ බවයි සරත් මහතා කියා සිටියේ.

    හෙට සිට ක්‍රියාත්මක වන මිල සංශෝධනය අනුව බිත්තරයක සිල්ලර මිල රුපියල් 21ක් 22ක් විය විය හැකි බව කී සභාපතිවරයා මේ වන විට වෙළෙදපොළ තුළ බිත්තර හිඟයක් නොමැති බව ද සදහන් කළා.

  • තෙල් නැවේ ගින්න ගැන අලුත්ම වාර්තාව මෙන්න

    තෙල් නැවේ ගින්න ගැන අලුත්ම වාර්තාව මෙන්න


    New Diamond නෞකාව ගොඩබිම සිට නාවික සැතපුම් 40 ක් (කිලෝමීටර් 74 ක් පමණ) දක්වා වූ ගැඹුරු මුහුදේ රඳවාගෙන දහන අපෝෂක රසායනික දව්‍ය හා ජලය යොදාගෙන ගිනි නිවීම් හා සිසිලන ආවරණ ලබාදීම ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රමුඛ අනෙකුත් පාර්ශවකරුවන් විසින් තවදුරටත් ඉතා කාර්යක්‍ෂමව සිදු කරනු ලබයි. එමෙන්ම අද දහවල් කාලයේදී ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් තවත් නෞකාවන් දෙකක් (02) වන අමීයා හා අභීක් යන නෞකා ද්විත්වය මෙම මෙහෙයුම සඳහා එක්විය.

    අද (2020 සැප්තැම්බර් 05) උදෑසන කාලයේදී ආපදාවට පත් නෞකාව පවතින මුහුදු ප්‍රදේශයේ යම් රළු ස්වාභාවයක් හා සුළගේ වැඩිවීමක් නිරීක්‍ෂණය වුවද එම අභියෝග හමුවේද මෙම ආපදා කළමණාකරණ මෙහෙයුම අඛණ්ඩව සිදු කෙරිණි. අද දිනය පුරාවටම දහන අපෝෂක රසායන ද්‍රව්‍ය යොදා ගනිමින් මෙම ආපදාතත්වය මැඩ පැවැත්වීම සඳහා කටයුතු කල අතර, මෙම හදිසි ආපදා තත්වය හමුවේ ජාතික අවශ්‍යතාවයක් සේ සලකා ශ්‍රී ලංකා සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය (MEPA) හි මැදිහත්වීම මත ශ්‍රී ලංකා වරාය අධිකාරිය (SLPA) මගින් ලීටර 5000ක්, හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමාගම (HIPG) මගින් ලීටර 4600ක්, කොළඹ නැව් තඨාකාංගණය (CDL) මගින් ලීටර 1000ක්, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) මගින් ලීටර 2100ක්, ඉන්දියන් ඔයිල් සමාගම (IOC) මගින් ලීටර 3000ක් සහ ශ්‍රී ලංකා ඛණිජතෙල් ගබඩා පර්යන්තය (CPSTL) මගින් ලීටර 2800ක් වශයෙන් ගිණි නිවීමට යොදා ගන්නා දහන අපෝෂක රසායන ද්‍රව්‍ය නාවික හමුදාව වෙත ලබාදීමට කටයුතු කරන ලදි.

    තවද, මෙම ආපදාවට පත් නෞකාව අයත් සමාගමේ මැදිහත්වීම මත 10 දෙනෙකුත් යුත් බ්‍රිතාන්‍ය හා නෙදර්ලන්ත විශේෂඥයින් පිරිසක් හෙට උදෑසන මත්තල මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පැමිණීමට නියමිත අතර, එම පිරිසට මුදවා ගැනීමේ මෙහෙයුම් විශේෂඥයින්, ආපදා තක්සේරුකරුවන් හා නීතී උපදේශකයෙකු ද ඇතුලත් වේ. එමෙන්ම මෙම විශේෂඥ කණ්ඩායම නාවික හමුදාව මගින් කල්මුණේ සිට වේග ප්‍රහාරක යාත්‍රාවක් යොදා ගනිමින් ආපදාවට පත් නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත රැගෙන යාමට සැළසුම් කර ඇත.

    ආපදාවට පත් නෞකාවේ සිටි කාර්යමණ්ඩල සාමාජිකයින් 23 දෙනාගෙන් අනතුර හේතුවෙන් මියගිය බවට සැක කරන සාමාජිකයා, රෝහල් ගත කර සිටින සාමාජිකයා හා ඉන්දියානු වෙරළ ආරක්‍ෂක නෞකාවේ සිටින ආපදාවටපත් නෞකාවේ කපිතාන් හැර සෙසු සාමාජිකයන් 20 දෙනා මේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවන්හි ආරක්‍ෂිතව වෙන්කර තබා සිටින අතර, හෙට දිනයේදී එම පිරිස හට දුරකථන මාර්ග ඔස්සේ සිය පවුලේ සාමාජිකයින් සමඟ සම්බන්ධවීමට අවස්ථාව ලබාදීමට ද නාවික හමුදාව කටයුතු සූදානම් කර ඇත.

    ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නෞකා තුනක් (03) සහ වේග ප්‍රහාරක යාත්‍රා තුනක් (03), ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් නෞකා දෙකක් (02), ඉන්දියානු වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් නෞකා පහක් (05), ඉන්දියානු නාවික හමුදාවට අයත් යුධ නෞකාවක්, හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමාගමේ (Hambanthota International Port Group) රාවණා සහ වසඹ යන ටග් යාත්‍රා දිවිත්වය (02) ආපදාවට පත් නෞකාව අයත් සමාගම මගින් යෙදවූ ALP Winger නම් ටග් යාත්‍රාව (01) සහ ගැඹුරු මුහුදේ මෙහෙයුම් සිදු කරනු ලබන ගිනි නිවීමේ විශේෂඥයින්ගෙන් සමන්විත ටීටීටී 1 (TTT One) නමැති ටග් යාත්‍රාව (01) මෙම ගිනි නිවීමේ මෙහෙයුම සඳහා මේවන විටත් සක්‍රීයව දායකත්වය ලබා දෙන අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් එම්අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් සහ බීච් ක්‍රාෆ්ට් යානයක් ද මෙම ආපදා සහන සැළසීමේ මෙහෙයුමට දහවල් කාලය පුරාම සහයෝගය දැක්වීය.

    අද උදෑසන වන විට ඉන්දියානු වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් ඩ්‍රෝනියර් ගුවන් යානා දෙකක් (02) හදිසි අවස්ථාවකදී යොදා ගැනීම සඳහා මත්තල මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ස්ථානගත කර තිබූ අතර, ඉන් එක් ගුවන් යානයක් ආපදාවට පත් නෞකාවේ වර්ථමාන තත්වය පිළිබඳ තොරතුරු නිරීක්‍ෂණය කර මෙහෙයුම් කණ්ඩායම් වෙත දැනුම් දීමෙන් පසු නැවතත් ඉන්දියාව බලා නික්ම යන ලදි. තවද. අනෙක් ගුවන් යානාව මේ වන විටත් අදාල මුහුදු ප්‍රදේශයේ නිරීක්‍ෂණ කටයුතු වල තවදුරටත් නියැලී සිටී.

    ආපදාවට පත් නෞකාවේ ගින්න පැතිරයාම ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රමුඛ ආපදා මර්ධන මෙහෙයුම් කණ්ඩායම් විසින් සාර්ථකව පාලනය කර ඇති අතර, එම නෞකාව මගින් සාගරයට තෙල් කාන්දුවීමේ කිසිදු අවධානමක් මේ වන විට පැන නැගී නොමැත.

  • MTV VMAs 2020: All the fashion

    MTV VMAs 2020: All the fashion

    මේ වසරේදී එම්ටීවී වීඩියෝ මියුසික් සම්මාන උළෙල පෙර වසරවලට වඩා වෙනස් ය. මෙම උත්සවය නිව්යෝර්ක් නගරයෙන් පිටත COVID ආරක්ෂිත එළිමහන් පිටියක පැවැත්වූ බැවින් නිසි මාර්ගෝපදේශ මනසේ තබාගෙන සීමිත පිරිසක් අභියස ඇතැම් රංගනයන් ඉදිරිපත් කරන ලදි.

    කෙකේ පාමර් (Keke Palmer) විසින් අනුග්‍රහය දක්වන ලද මෙම සම්මාන උළෙල සදහා ලෝකයේ ජනප්‍රියතම සංගීත තරු සහභාගී වූ අතර ඔවුන්ගේ විලාසිතා ලෝකයේ හොදම සහ නවීනතම ඒවා විය.

    කොවිඩ් වසංගතය ආරම්භ වූ දා සිට සිදු වූ පළමු ප්‍රධාන සිදුවීම්වලින් එකක් ලෙස මෙම සම්මාන උළෙල සලකුණු කරයි. 

    මෙම සම්මාන ප්‍රදානෝත්සවය අතිශයෝක්තියෙන් යුත් සුපිරි විලාසිතා සඳහා ප්‍රසිද්ධ වී ඇත අතර එම විලාසිතා මොහොතකින් ගෝලීය උම්මාදයක් බවට පත් වෙයි.

    අකුණු සැර වැදීමට වඩා වේගයෙන් ඇඳුම් මාරු කළ හැකි සුපිරි තරුව ලේඩි ගගා ඇතුළු සංගීත ලෝකයේ සුපිරි තරු වර්ණවත් කළ ඒ විලාසිතා සියල්ල දැන් ඔබට දැකගත හැකිය.

    විලාසිතා
    ලේඩි ගගාගේ රිදී ඇඳුම උත්සවය පැමිණ සිටි සියලු දෙනාගේම මෙන්ම අන්තර්ජාලය හරහා එය නරඹමින් සිටි සියලු දෙනාගේ සිත් පැහැර ගෙන ඇත.
    විලාසිතා

    ඇය ප්‍රසිද්ධ වැලන්ටිනෝ පිහාටු කබාය සමඟ බොඩිෂූට් එකක් පැළඳ සිටි අතර ඇය රැජිනක් මෙන් දිස් වූවාය.

    විලාසිතා

    ඇය මේ කැන්ඩිස් කියුකෝ ජැකට් (Candice Cuoco jacket) එකෙන් සහ මැනුවෙල් අල්බරාන් බ්‍රා (Manuel Albarran Bra) සමඟ වැලන්ටිනෝ බොඩිෂූට් (Valentino bodysuit) එකෙන් මුළු විලාසිතා ලෝකය මුසපත් කළාය.

    විලාසිතා

    ක්‍රිස්ටෝපර් ජෝන් රොජර්ස් විසින් නිර්මාණය කරන ලද voluminous green ball gown අනිවාර්යයෙන්ම ප්‍රබල ප්‍රකාශයක් කළේය.

    විලාසිතා

    සම්මාන උළෙල වර්ණවත් කළ සුවිශේෂ ඇදුම වූයේ අයිරිස් වැන් හර්පන් විසින් නිර්මාණය කරන ලද මෙම බහු වර්ණ ඇදුමයි. ලේඩි ගගා එය ඇඟලා සිටියාය.

    විලාසිතා
    මිලී සයිරස් Miley Cyrus ඇය පැළඳ සිටි මුග්ලර්ගේ naked dress සියලු දෙනාගේ අවධානය දිනා ගත්තේය. 
    new york, new york   august 30 editorial use only miley cyrus attends the 2020 mtv video music awards, broadcast on sunday, august 30, 2020 in new york city photo by vijat mohindramtv vmas 2020vijat mohindramtv vmas 2020 via getty images

    සුපර් මොඩල් බෙලා හැඩිඩ් (Bella Hadid) සම්මාන උළෙලේ ඉදිරිපත් කරන්නියක් වූ නමුත් ඇය ඊට වඩා වැඩි යමක් කළාය.

    විලාසිතා

    සුපිරි ගායිකා මැඩිසන් විසින් පැළද සිටින (මෝස්තර නිර්මාණ ශිල්පී මුග්ලර් විසින් නිර්මාණය කරන ලද) නවීන The modern-day LBD ගමුව කාගෙත් සිත් වසඟ කෙළ්ය.

    විලාසිතා

    ඩෝජා කැට්ගේ (Doja Cat) නිවර්තන කලාපයෙන් ආනුභාව ලත් වර්සස් ඇඳුම වෙන කවරදාටත් වඩා දීප්තිමත් පෙනුමක් ඇයට ලබා දුන්නේය.

    mtv vmas 2020 red carpet fashion
    විලාසිතා
    Doja Cat Wears A Tropical-Inspired Versace Dress For The 2020 MTV VMAs | BET

    අරියානා ග්‍රෑන්ඩ්ගේ (Ariana Grande) මේ මිනි ගවුම සහ පිග්ටේල්ස් කොණ්ඩා මෝස්තරය (mini dresses and pigtails hairstyle) ඇයට ළදරු පෙනුමක් ලබා දුන්නාය.  ඇගේ රතු කාපට් පෙනුම අවම හා චාම් වුවත්, ඇගේ වේදිකා ඇඳුම විචිත්‍රවත් හා නිර්භීත විය. ගැලපෙන මුහුණු ආවරණය සඳහා ද ඇය ප්ලස් ලකුණු ලබා ගත්තාය.

    විලාසිතා

    සැකසුම – තුෂාධවි – උපුටා ගැනීම – ෆෙමිනා

  • සිය ධූර කාලය තුළ සෞඛ්‍ය සම්පන්න ජාතියක් බිහිකරන බවට ජනපතිගෙන් ප්‍රතිඥා

    සිය ධූර කාලය තුළ සෞඛ්‍ය සම්පන්න ජාතියක් බිහිකරන බවට ජනපතිගෙන් ප්‍රතිඥා

    කොවිඩ් 19 වසංගතය අපට උගන්වන වැදගත් පාඩමක් වන්නේ මධ්‍යගත සෞඛ්‍ය සේවා පද්ධතියක් පවත්වාගෙන යාමේ තීරණාත්මක අවශ්‍යතාව සනාථ කිරීම යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටී.

    ශ්‍රී ලංකාවේ බොහෝ රෝහල් පාලනය පළාත් සභාවලට පවරා තිබුණද සෞඛ්‍ය අර්බුදයකදි පහසුවෙන් ප්‍රයෝජනයට ගත හැකි රෝහල් ප්‍රමාණවත් සංඛ්‍යාවක් සෞඛ්‍ය අමාත්‍යාංශ කළමනාකාරිත්වය යටතේ දිවයින පුරා පවතී. සෞඛ්‍ය සේවාව පළාත් සභාවලට මුළුමනින් පවරා තිබුණේ නම් කොවිඩ් 19 වසංගතය හමුවේ ශ්‍රී ලංකාව දැක්වූ ප්‍රතිචාරයේ කාර්යක්ෂමතාව බොහෝ සෙයින් වෙනස් වන්නට තිබිණැයි ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

    ඇතැම් කාර්යයන් විෂයයෙහි මධ්‍යම ආණ්ඩුවේ වගකීම පවත්වාගැනීමේ වැදගත්කම මෑතකාලීන අත්දැකීම්වලින් තහවුරු වූ බවත්, අධ්‍යාපනය එසේ හඳුනාගත හැකි තවත් ක්ෂේත්‍රයක් බවත් ජනාධිපතිතුමා ප්‍රකාශ කරයි.

    ජනාධිපති රාජපක්ෂ මැතිතුමා මේ අදහස් පළ කළේ කැලණිය බොල්ලෑගල, මානෙල්වත්ත නාගානන්ද අන්තර්ජාතික බෞද්ධ අධ්‍යයන ආයතනයේ දී අද (05) ආරම්භ වූ “යහපත් සීමාවාසිකයා” දෙදින වැඩුමුළුවේ ආරාධිත දේශනය කරමිනි.

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සංවිධාන කළ වැඩමුළුවට සීමාවාසික පුහුණුවට තෝරාගනු ලැබ සිටින ආධුනික වෛද්‍යවරු 680ක් සහභාගී වෙති. අද ආරම්භ වූයේ මෙවැනි වැඩසටහන් මාලාවක 08 වැන්නයි. එහිදී සියයකට අධික මහාචාර්යවරු සහ විශේෂඥ වෛද්‍යවරු දේශන කරති.

    ජනාධිපතිතුමා සිය කථාව  ආරම්භ කරමින් කොවිඩ් 19 වසංගතය සාර්ථකව පාලනය කිරීමට ශ්‍රී ලංකාවට හැකි වූයේ රජයේ විවිධ අංශ ගත් තීරණාත්මක හා කඩිනම් පියවර සහ අපේ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ විශිෂ්ඨ ප්‍රයත්නය නිසා බව සඳහන් කළේය. මේ ව්‍යායාමයට දායක වූ සියලුම සෞඛ්‍ය සේවා වෘත්තිකයනට එතුමා කෘතඥතාව සහ උපහාරය පුද කළේය.

    “ලෝකයේ ඇතැම් සංවර්ධිත රටවල් පවා සාර්ථක ලෙස වසංගතයට ප්‍රතිචාර දැක්වීමට සමත් වූයේ නැහැ. ප්‍රමාද වී ප්‍රතිචාර දැක්වීම සහ සර්වජන සෞඛ්‍ය ආරක්ෂණ පද්ධතියක් නොතිබීම ඊට ප්‍රධාන හේතුවක්. පෙර සූදානමක් නොතිබීමත්, ප්‍රමාණවත් තරම් පරීක්ෂණ නොකිරීමත් ඊට බලපෑවා. ප්‍රතිඵලය ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව ඉහළ යාමයි. කොවිඩ් ආසාදිත බවට සැක කෙරෙන එක් රෝගියෙකු හෝ අප ආපසු හරවා යැවූයේ නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානය සහ යුනිසෙෆ් වැනි අන්තර්ජාතික සංවිධාන සේම බොහෝ රටවල් අප අත්කරගත් සාර්ථකත්වය ගැන ප්‍රශංසා කළා. සංවර්ධනය වෙමින් පවතින රටක් වුවද ශ්‍රි ලංකාවට මේ ප්‍රගතිය හිමිකර ගැනීමට හැකි වූයේ අපේ නිදහස් සෞඛ්‍ය පද්ධතිය නිසා බව මම ප්‍රකාශ කරන්නේ ආඩම්බරයෙන්” ජනාධිපතිතුමා පැවසීය.

    කොවිඩ් 19 වසංගතය කළමනාකරණය අතින් ශ්‍රී ලංකාවේ කාර්ය සාධනය අපේ මහජන සෞඛ්‍ය සේවාවේ ශක්තිමත්භාවයට සහ කාර්යක්ෂමතාවට ප්‍රබල සාක්ෂියකි. එසේ තිබියදී අපේ රට වැසියන් බොහෝ දෙනෙක් බාහිර සෞඛ්‍ය සේවා සොයා යන්නේ මන්ද යන්න තමාට ප්‍රහේළිකාවකැයි ජනාධිපති රාජපක්ෂ මැතිතුමා කීය.

    රාජ්‍ය සෞඛ්‍ය සේවා පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ගැන සැකයක් නැත. රජය උත්පාදනය කරන අරමුදල් මහජන සෞඛ්‍ය සේවා අභිවෘද්ධිය පිණිස වැය කරන නිර්මාණශීලි ප්‍රවේශයකට කාලය එළැඹ තිබේ. එවැනි ක්‍රියාදාමයක අවසාන ප්‍රතිලාභය පුරවැසියාට බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

    මසකට පෙර පැවති පාර්ලි‍මේන්තු මැතිවරණයේදී ජනතාව රජයට දුන් ජනවරම සිහිපත් කළ ජනාධිපතිතුමා ජනතාව සංවර්ධන පිපාසයෙන් පසුවන බවත්, නිදහසට හේතු දැක්වීම්වලින් වෙහෙසට පත්ව සිටින බවත් පැවසීය. “ නිරෝගී ජනගහණයක් සිටීම සංවර්ධනයේ මුලික කුළුණු වලින් එකක්. නිශ්චිත මහජන සෞඛ්‍ය ඉලක්ක සාක්ෂාත් කර ගැනීම රජයේ වගකීමයි. මගේ ධූර කාලය තුළ සෞඛ්‍ය සම්පන්න ජාතියක් නිර්මාණය කිරීමට මම අධිෂ්ඨාන කරගෙන සිටිනවා”, ජනාධිපතිතුමා කියා සිටියේය.

    වෛද්‍යවරයෙකු හමුවීම සඳහා බොහෝ දුර ගමන් කිරීමට සිදුව ඇති ගම්බද ජනයා කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපතිතුමා සක්‍රීය ප්‍රායෝගික දෘෂ්ටියකින් බලා ගැටළු විසඳීමට හැකි බව පෙන්වා දුන්නේය. නව සංකල්ප හඳුන්වාදීමට දැන් කාලය පැමිණ තිබේ. සෞඛ්‍ය පහසුකම් ප්‍රමාණවත් නැති ගම්මානවල සුවසේවා සැලසීමට දායකවීමට මහජන සෞඛ්‍ය හෙදියනට පිළිවන. ග්‍රාමීය බෙහෙත් ශාලා නැවත පණ ගැන්වීම තවත් විසඳුමකි.

    “යහපත් සීමාවාසිකයා” වැඩමුළුවට එක්ව සිටින තරුණ වෛද්‍ය උපාධිධාරීන් විශේෂයෙන් ආමන්ත්‍රණය කළ ජනාධිපති රාජපක්ෂ මැතිතුමා වෛද්‍ය ක්ෂේත්‍රය පුද්ගලයෙකුට පිවිසීමට හැකි උතුම් වෘත්තීන්ගෙන් එකක් ලෙස හැඳින්වීය.

    “ රෝගීන්ගේ ජිවිතය කෙරෙහි වෛද්‍යවරයාට ඇත්තේ විශාල වගකීමක්. පුද්ගලයෙකුගේ ජීවිතය හෝ මරණය තීරණය වන්නේ ඔබ එළැඹෙන නිගමනය අනුව. ඔබේ වගකීම සුළුකොට තැකීමට පිළිවන්කමක් නැහැ”, ජනාධිපතිතුමා කීය.

    දේශනය අවසන් කරමින් “ආරෝග්‍යා පරමාලාභා” යන බුද්ධ වචනය සිහිපත් කළ ජනාධිපතිතුමා සෞඛ්‍ය සේවාවේ ඉහළම ප්‍රමිතීන් සාක්ෂාත් කර ගනිමින් සහෝදර ජනතාවගේ අභිවෘද්ධිය උදෙසා කැප වන්නැයි ආධුනික වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක් කළේය.

    සෞඛ්‍ය ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා සහ සෞඛ්‍ය නිලධාරීහූ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ප්‍රමුඛ සංගමයේ සාමාජිකයෝ සහ සෞඛ්‍ය පර්යේෂණ සහ නවෝත්පාදන සංගමයේ නිලධාරීහූ ඇතුළු පිරිසක් වැඩමුළුවේ සමාරම්භයට එක්ව සිටියහ.

    වැඩමුළුවට සහභාගී වූ රාජපක්ෂ මැතිතුමා නාගානන්ද අන්තර්ජාතික බෞද්ධ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ කැළණිය මානෙල්වත්ත විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම හිමිපාණන් බැහැ දැක කෙටි පිළිසඳරක නිරත විය.

    උන්වහන්සේ ජනාධිපතිතුමා වෙත අනුරාධපුර ඓතිහාසික ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අනුරුවක් තිළිණ කළහ.

    ජනාධිපතිතුමා මානෙල්වත්ත විහාරයේ බුද්ධ ශ්‍රාවිකා අධ්‍යයන ආයතනයේ මෙහෙණින්වහන්සේ,  ආයතන කාර්ය මණ්ඩලය සහ ධර්මචක්‍ර ළමා පදනමේ දැරියන් සමග සමූහ ඡායාරූපයකට පෙනී සිටියේය.