Blog

  • නෝර්වේ තානාපතිනිය සහ කතානායක අතර විශේෂ හමුවක් – සම්පූර්ණ හෙළිදරව්ව මෙන්න

    නෝර්වේ තානාපතිනිය සහ කතානායක අතර විශේෂ හමුවක් – සම්පූර්ණ හෙළිදරව්ව මෙන්න

    ශ‍්‍රී ලංකාවේ නෝර්වේජියානු තානාපතිනි ටී‍්‍රනා යුරන්ලි එස්කෙඩල් මහත්මිය අද උදෑසන පාර්ලිමේන්තු පරිශ‍්‍රයේදී කතානායක මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා මුණගැසුණාය.

    මෙහිදී මෙරට 9 වන පාර්ලිමේන්තුවේ කතානායක ලෙස තේරී පත්වීම සම්බන්ධයෙන් මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත සුබපැතුම් එක් කළ එම මහත්මිය පාර්ලිමේන්තු රාජ්‍යතාන්ත‍්‍රික සබඳතා පවත්වා ගැනීමේ වැදගත්කම පිළිබඳව කතානායකවරයා සමග සාකච්ඡුාවක නිරත වූවාය.

    මෙම හමුවෙහිදී දෙරටෙහි පාර්ලිමේන්තු දෙක අතර අනාගතයේදී සිදු කළ හැකි සබඳතා හා සහක‍්‍රියාකාරීත්වයන් පිළිබඳවද එස්කෙඩල් තානාපතිතුමිය හා කතානායකවරයා අතර අදහස් හුවමාරු විය. ඔස්ලෝ මධ්‍යස්ථානය විසින් මීට පෙර දියත් කරන ලද වැඩසටහනක කොටසක් වශයෙන් ශ‍්‍රී ලාංකික පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කණ්ඩායමක් නෝර්වේජියානු පාර්ලිමේන්තුවෙහි සංචාරයක නිරත වෙමින් විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කළ පාර්ලිමේන්තු නියෝජිතයන් මුණගැසුණු බවද ඇය සිහිපත් කළාය. පොදු ඒකමතිකභාවය හා සන්ධානගතවීම් ගොඩනැගීමේදී නෝර්වේජියානු සන්දර්භය තුළින් උගත හැකි වටිනා පාඩම් හඳුනාගැනීම එම සංචාරයේ අරමුණ විය.

    විවිධ රටවල් වෙතින් ප‍්‍රායෝගික අත්දැකීම් උකහා ගැනීම තුළින් ඉගෙන ගැනීමේ සහ විවිධ පාර්ලිමේන්තු ආශ‍්‍රිතව මුහුණ පෑමට සිදු විය හැකි අභියෝග හා ගැටළු වෙත සාර්ථකව මුහුණ දීම සඳහා එකී සන්දර්භයන්ට නිරාවරණය වීමේ වැදගත්කම අවධාරණය කළ එතුමිය, නෝර්වේ රාජ්‍යය ස්වකීය පාර්ලිමේන්තු අත්දැකීමෙන් උගත් පාඩම් බෙදාහදා ගැනීමට සූදානමින් සිටින බවද ප‍්‍රකාශ කළාය. මෙම හමුවේදී සාකච්ඡුාවට බඳුන් වූ තවත් මාතෘකා අතර ආර්ථික සංවර්ධනය, සාගරික අංශය, පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය මෙන්ම ශ‍්‍රී ලංකාව හා නෝර්වේ රාජ්‍යය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් තර කර ගත හැකි ආකාරද විය.

    නෝර්වේජියානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ¥ත මණ්ඩල ප‍්‍රධානී හිල්ඬේ බර්ග්-හැන්සන් මහත්මිය, පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික බස්නායක මහතා සහ පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද මෙම හමුවට එක්ව සිටියහ.

  • මිරිස් වෙනුවට ගම්මිරිස් කන ලෙස ජනපති ජනතාවට කියයි

    මිරිස් වෙනුවට ගම්මිරිස් කන ලෙස ජනපති ජනතාවට කියයි

    කහ සහ ගම්මිරිස් සඳහා ස්ථාවර මිලක් දී වගාකරුවන් රැකගත යුතුයැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

    කහ සහ ගම්මිරිස් වගා කරුවන් ආරක්ෂා කිරීමට එම භෝග ආනයනය සම්පූර්ණයෙන් නතර කෙරිණ. අන්තර්ජාතිකව වෙළෙඳපොළ සොයා වැඩි අපනයනයක් මගින් උපරිම මිලක් ඉපැයීමට අවශ්‍ය පරිසරය සැකසීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

    උක්, බඩ ඉරිගු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබු නැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සවංර්ධනය ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබදව අද (03) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

    කහ සහ ගම්මිරිස් අවශ්‍යතාව දේශීය වගාවෙන් සපුරා ගැනීමටත්, අගය එකතු කළ නිෂ්පාදන ලෙස අපනයනයටත්, විධිමත් සැලසුම් සැකසීම ගැන  දීර්ඝව සාකච්ඡා කෙරිණ.

    මෙරට වාර්ෂික බඩ ඉරිගු ඉල්ලුම මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 05කි. එය සපුරාගැනීමට වගා කළයුතු බිම් ප්‍රමාණය හෙක්ටයාර එක්ලක්ෂ දස දහසක් වේ. දැනට හෙක්ටයාර 80,000ක බඩ ඉරිගු වගා කෙරෙන අතර ඉදිරි වසර අවසානය වන විට හෙක්ටයාර  එක්ලක්ෂ දස දහසක බිම් ප්‍රමාණයක් අස්වැද්දීම රජයේ අරමුණයි.

    ගම්මාන 100ක කහ සහ ඉගුරු වගාකිරීමට පියවර ගෙන ඇති අතර කුරුඳුගහ හැතැම්ම ප්‍රදේශයේ අපනයන කලාපයක් ස්ථාපනය කිරීමට  සැලසුම් කර තිබේ. මිරිස් පරිභෝජනය වෙනුවට ජනතාව අතර ගම්මිරිස් ප්‍රචලිත කිරිමේ වැදගත්කම  ජනාධිපතිවරයා විසින් පෙන්වා දෙනු ලැබිණ.

    පාකිස්ථානය මෙරට බුලත්වල ප්‍රධාන ගැණුම්කරුවෙකි. කොවිඩ් වසංගතයත් සමග ගුවන් ගමන් වාර සීමාවීම නිසා අපනයනය පහත වැටිණ. ගුවන් සමාගම් සමග සාකච්ඡා කර ඊට විසදුම් සොයන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

    විශ්ව විද්‍යාල මගින් සුළු අපනයන භෝග ආශ්‍රිත අගය එකතුකිරිමේ නිෂ්පාදන පිළිබඳ පර්යේෂණ පුළුල් කිරීමේ  අවශ්‍යතාව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    උක් කර්මාන්තයේ සහ කජු වගාවේ ප්‍රවර්ධනය

    කුඹුර, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු හා කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරු, රේඛීය ආයතන පිළිබඳවත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ.

    අමාත්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය ජානක වක්නිලධාරීහු සහ වගා සංගම් නියෝජිතයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

  • සමන්තභද්‍ර හිමිගේ පන්සලේ කැමල් ටෝ ඇඳුම

    සමන්තභද්‍ර හිමිගේ පන්සලේ කැමල් ටෝ ඇඳුම

    පිටිදූවේ සිරිධම්ම හෙවත් සමන්තභද්‍ර හිමිගේ අසපුවක පැවති වැඩසටහනකදී කාන්තාවක විසින් ඇඳ සිටි ඇඳුමක රූපයක් මේ දිනවල සමාජ මාධ්‍යවල සංසරණය වෙනවා. ඒ පිළිබඳ විවිධ අදහස් ද පළවෙනවා. මෙවැනි ඇඳුමක් ඇඳි කාන්තාවක් පන්සලට ගෙන්වා ගැනීමෙන් හා පන්සල හරහා එම ඇඳුම ප්‍රසිද්ධ කිරීමෙන් එම භික්ෂුව කුමක් අදහස් කළා ද යන්න අප දන්නේ නැහැ. මෙම ලිපියෙන් ඒ ඇඳුම මොකක්ද කියා විමසා බලනවා. එයට කියන්නෙ කැමල් ටෝ කියලායි.

    කැමල් (Camel toe) කියන යෙදුමට සිංහලෙන් ඔටු කුරය කියා කියන්නට පුළුවන්. හැබැයි, එයින් අදහස් වන්නේ ඔටුවකුගේ ඇඟිලි නෙමෙයි. ඔටුවකුගේ ඇඟිලිවලට රූපයෙන් සමානත්වයක් තිබෙන මෙම කොටස තිබෙන්නේ ස්ත්‍රී ශරීරයේයි.

    ස්ත්‍රී යෝනියේ බාහිර තොල් තද ඇඳුමක් තුළින් ඉස්මතුව පෙනෙන විට එයට තමයි කැමල් ටෝ කියන්නෙ.

    බොහෝ කාන්තාවන් තද ඇඳුම් හරහා තම බාහිර යෝනි තොල් ප්‍රදර්ශනය වන එක වළක්වාගන්නට උත්සාහ කළත්, දැන් එය ප්‍රදර්ශනය කරන ඇඳුම් විලාසිතා පැමිණ තිබෙනවා. ශරීරයේ පාටින් ම නිමැවූ ඇඳුමක් ඒ සඳහා යොදා ගත් විට කාමෝද්දීපනය වැඩි වෙනවා.

    එපමණක් නොවෙයි කැමල් ටෝ එක තිබෙනවාටත් වඩා හොඳින් මතු වී පෙනෙන පරිදි සිලිකන් හෝ පැඩිංවලින් සකස් කරන ලද පළඳනා ද තිබෙනවා.

    මීට දශකයකට පමණ පෙර ජපානයෙන් එළි දුටු මේ විලාසිතාව දැන් නැවත ජනප්‍රිය වී තියෙනවා.

    ඉහත රූපයේ දැක්වුණේ එවැනි කෘත්‍රිම කැමල් ටෝ එකක්.

    සංක්‍රාන්ති ලිංගික කාන්තාවන් සඳහා පුරුෂ ලිංගය සඟවාගෙන කැමල් ටෝ එක ඉස්මතු කර පෙන්විය හැකි ආකාරයෙ පළඳනාත් දැන් තිබෙනවා. මේවා අන්තර්ජාලය හරහා විකුණන්නට තිබෙනවා.

    උපුටා ගැනීම: ප්‍රජා

  • ප්ලාස්ටික් වෙනුවට කෙසෙල් ගසෙන් නව නිපැයුම්

    ප්ලාස්ටික් වෙනුවට කෙසෙල් ගසෙන් නව නිපැයුම්

    කෙසෙල් කඳ යොදා ගනිමින් නිෂ්පාදනය කරන පරසර හිතකාමී යෝගට් කෝප්පය ඇතුළු අනෙකුත් ආහාර ඇසුරුම් පෙළක් පර්යේෂණ මට්ටමින් නිපදවා ඇති ‘එකෝ – මා පැකේජින් පෞද්ගලික ආයතනයේ’ සභාපති, නව නිපැයුම්කරුවකු වන මේනක ආරියරත්න මහතාට කඩිනමින් සිය නිෂ්පාදනය වෙළඳපොළට නිකුත් කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා කටයුතු යොදා තිබේ.

    ඒ අනුව පරිසර හිතකාමී, සෞඛ්‍යාරක්ෂිත යෝගට් කෝප්ප ඇතුළු ආහාර ඇසුරුම් පෙළක් මෙරට ජනතාව ලබා දීමටත් ඉදිරියේ දී ඒවා ශ්‍රී ලාංකේය අභිමානය සහිතව විදෙස් වෙළඳාපොළට නිකුත් කිරීමටත් හැකි වනු ඇති බවට මේනක ආරියරත්න මහතා පවසයි.

    පසුගියදා අමාත්‍යවරයා කර්මාන්ත අමාත්‍යාංශයේ දී හමුවීමෙන් අනතුරුව සිය නිෂ්පාදන පෙළ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ මේනක ආරියරත්න මහතා මෙසේද සඳහන් කළේය.

    ‘කෙසෙල් කඳට මිල වටිනාකමක්’

    “අපි මේ වන විට කෙසෙල් කඳ යොදා ගෙන ආහාර ඇසුරුම් නිෂ්පාදන පෙළක් නිෂ්පාදනය කොට තිබෙනවා. මේ සඳහා මෙරට කෙසෙල් ගොවීන් ඵලදාව නෙලා ගැනීමෙන් පසු ඉවත දමන කෙසෙල් කඳන් තමයි අපි යොදා ගන්නේ. මෙතෙක් කලක් කෙසෙල් ගොවියාගේ ‘කෙසෙල් කඳට’ මිල වටිනාකමක් ලැබුණේ නැහැ. නමුත් අපේ නව නිපැයුම් පෙළත් සමඟ කෙසෙල් කඳට මිල වටිනාකමක් ලැබෙනවා. ඒ නිසා කෙසෙල් ගොවියාට තම අස්වැන්න මත පදනම් නොවූ ආදායමක් ලැබෙනවා. එමගින් කෙසෙල් වගාව ප්‍රවර්ධනය වීමක් ද මෙමඟින් සිදුවේවි.

    ‘පරිසර හිතකාමී යෝගට් කෝප්පය’

    අපි මේ කෙසෙල් කඳ භාවිතා කරමින් සාදන ආහාර ඇසුරුම් පෙළ කාබනික, පරිසර හිතකාමී ආහාර ඇසුරුම් පෙළක්. මේ පරිසර හිතකාමී ආහාර ඇසුරුම් පෙළ නිසා මෙතෙක් කලක් පරිසරයට එකතු වූ විශාල ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණයක් නතර කරන්න පුළුවන් වෙනවා. මාසයකට ප්ලාස්ටික් යෝගට් කෝප්ප ලක්ෂ 100ක් නිෂ්පාදනය වෙනවා. ඒ නිසා අපට උපකල්පනය කළ හැකියි, ‘මාසයකට පරිසරයට එකතු වන ප්‍රතිචක්‍රීය කළ නොහැකි ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණය කොපමණද’ කියා. ඒ පරිසරයට සිදු වන හානිය අවම කර ගැනීම පිළිබඳවත් සිතමින් තමයි මේ කෙසෙල් කඳ උපයෝගී කර ගනිමින් අපේ පරිසර හිතකාමී, සෞඛ්‍යාරක්ෂිත යෝගට් කොප්පය නිර්මාණය කළේ. එය ප්‍රධාන නිපැයුමයි. ඊට අමතර බත් ඇතුළු ආහාර ඇසුරුම් පෙට්ටි, ආහාර ඔතන කඩදාසි ලෙස ප්ලාස්ටික් ආශ්‍රිත ආහාර ඇසුරුම් සියල්ලට අපි විකල්ප ඇසුරුම් නිෂ්පාදනය කිරීමට සූදානම්.

    මෙම නිෂ්පාදන පෙළ වෙළෙඳපොළට හඳුන්වා දීමේ අභියෝගය මා හමුවේ පැවතුණා. ඒ සඳහා අවශ්‍ය සහයෝගය බලාපොරොත්තුවෙන් මා කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා හමුවුණා. කර්මාන්තකරුවන්ට සවියක් වීමට, ඔවුන්ගේ ගැටලු ඍජුව අමාත්‍යතුමන්ට ඉදිරිපත් කිරීමට ලබා දී ඇති ‘සඳුදා කර්මාන්තකරුවන්ගේ දිනයේ දී තමයි මා එතුමා හමුවුණේ. මා හට අවශ්‍ය සහයෝගය ලබා දීමට ඇමතිතුමා ඉතා කැමැත්තෙන් මැදිහත් වුණා. ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපතිතුමන් කැඳවා අපේ මේ පරිසර හිතකාමී, සෞඛ්‍යාරක්ෂිත ආහාර නිපැයුම් පෙළ වෙළඳපොළට නිකුත් කිරීම සඳහා වන ක්‍රියාදාමයට උපරිම සහයෝගය ලබා දෙන ලෙස එතුමන් උපදෙස් දුන්නා. ඒ නිසා මට මේ අභියෝගය ජය ගත හැකි යැයි විශාල විශ්වාසයක් ඇති වුණා. මගේ බලාපොරොත්තුව හැකි ඉක්මනින් අපේ නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කර මෙරට ජනතාව පරිසර හිතකාමී. සෞඛ්‍යාරක්ෂිත ආහාර පරිභෝජනයකට හුරු කර වීමයි.

    ඒ වගේම දැනටමත් ප්ලාස්ටික් යෝගට් කෝප්පය වෙනුවට අපේ පරිසර හිතකාමී, සෞඛ්‍යාරක්ෂිත යෝගට් කෝප්පය සිය නිෂ්පාදන සඳහා යොදා ගැනීමට ‘පැලවත්ත ඩෙයරි ප්‍රොඩක්ට්’ ආයතනය ගිවිසුම් ගතව සිටින බවත් කියන්න කැමතියි.”

    අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
    මාධ්‍ය ලේකම්,
    කර්මාන්ත අමාත්‍යාංශය

  • LPL T20 නොවැම්බරයේදී කරළියට

    LPL T20 නොවැම්බරයේදී කරළියට

    නොඉවසිල්ලෙන් බලා සිටි ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය ලබන නොවැම්බර් මස මුල් භාගයේදී නිල වශයෙන් දියත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වේ. තරගාවලිය නොවැම්බර් මස 14 වැනිදා සිට දෙසැම්බර් 06 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත.

    කණ්ඩායම් 5 ක්, දින 15 ක කාලයක් තුළ තරග 23 කදී එකිනෙකා සමඟ ගැටෙන මෙම තරගාවලිය කළමනාකරණය කිරීම සහ මෙහෙයවීම සඳහා අයි. පී. ජී. (IPG) හෙවත් Innovative Production Group ආයතනය සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගිවිසුමකට එළැඹ සිටියි. 

    තරගාවලිය නියෝජනය කරනු ලබන කණ්ඩායම් 5 හි හිමිකරුවන්ගේ අයිතිවාසිකම්, රූපවාහිනී විකාශනය, නිෂ්පාදනය සහ ක්‍රීඩාංගණවල අයිතීන් පිළිබඳව සියළු මෙහෙයවීම් කටයුතු අයි.පී.ජී. ආයතනය විසින් සිදුකරනු ඇත.

    කොළඹ, මහනුවර, ගාල්ල, දඹුල්ල සහ යාපනය යන දිස්ත්‍රික්ක 5 කේන්ද්‍ර කර ගනිමින් නම් කොට තිබෙන කණ්ඩායම් 5 සියළුම තරග රංගිරි දඹුල්ල, හම්බන්තොට මහින්ද රාජපක්ෂ සහ පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයන්හිදී පැවැත්වෙනු ඇත.

    මෙම තරගාවලිය හරහා දේශීය තරග පිටියේ ක්‍රීඩකයින්ට ලොව ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයින් සමඟ කරට කර ක්‍රීඩා කරමින් ඔවුන්ගේ කුසලතා වර්ධනය කර ගැනීමට වේදිකාවක් නිර්මාණය කරන අතරම ශ්‍රී ලාංකේය ක්‍රිකට් රසිකයින්ටද ගුණාත්මක ක්‍රිකට් තරගාවලියක් නැරඹීමේ අවස්ථාව සැලසෙනු ඇත.

  • මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගෙන් ඇමතිවරුන්ට ‘අනතුරු’ ඇඟයීමක්

    මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගෙන් ඇමතිවරුන්ට ‘අනතුරු’ ඇඟයීමක්

    ආණ්ඩුවේ සිටින සියලුම අමාත්‍යවරුන් සහ නිලධාරීන් ජනතාවට නම්‍යශීලි විය යුතු යැයි ‘පැවිදි හඬ සංවිධානයේ’ කැඳවුම්කරු පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ අවධාරණය කරති.

    අද (03) දින පැවැති මාධ්‍ය හමුවකදී ආනන්ද හිමියෝ මේ බව සඳහන් කළහ. එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ආනන්ද හිමියෝ කියා සිටියේ මහජන මතයට කන් නොදෙන අමාත්‍යවරුන් හා නිලධාරීන් යහපාලන ආණ්ඩුවට සිදුවූ දේ ආදර්ශයට ගත යුතු බවයි.

    මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් උන් වහන්සේ මෙසේ ද සඳහන් කළහ.

    සමහර ඇමතිවරු ඉන්නවා දුරකථනයට කථා කරන්නේ නැහැ, සමහර ඇමතිවරුන්ට කථා  කරන්නවත්, පුළුවන්කමක් නැහැ. මේ මම හිතනවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ  “සෞභාග්‍යයේ දැක්මට“ මේවා ගැළපෙන ඒවා නෙමෙයි”

    “ඇමතිවරු පත්කරේ ජනතාව, ජනතාවට මේ අය සේවකයෝ වෙන්නට ඕනේ, නම්‍යශීලි වෙන්නට  ඕනේ, ඇමතිලා හමුවෙන්න යන විට ඔවුන් හමුවෙන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙනවා. මෙය  රටේ රාජ්‍ය නායකතුමාට මතක් කරනවා”

    “මේ ඇමතිවරු ජනතාවට නම්‍යශීලි වෙන්න ඕනේ, ජනතවගේ ඕනෑ එපාකම් ඉටුකරන්න ඕනේ, ජනතා සුභසිද්ධිය ගැන බලන්න ඕනේ, කාර්යාලයක නිලධාරීයෙක් හමුවෙන්නට යන විට ඔහු පුටුවේ නැහැ, වෙන දවසක එන්න කියලා කියනවා, නිලධාරියෙක් ළඟට ප්‍රශ්නයක් ගෙන ගියාම ඒ ප්‍රශ්නයට විසඳුම් හොයාගෙන සුමානයක් ඔහු ළඟට යන්නට ඕනේ”

    “ඒ නිසා මේ මහජන මතය හැමදාම එක පැත්තකට තිබෙන මතයක් නොවෙයි. මහජන මතයට කන්දෙන්න. මහජන මතයට පයින් ගහන්න එපා, නැත්නම් ඔබටත් වෙන්නේ යහපාලන අණ්ඩුවට වුණ දේ”  

  • රට නැවත අනාරක්ෂිත වීමට ඉඩ නොතබන්න – යුද හමුදාපති

    රට නැවත අනාරක්ෂිත වීමට ඉඩ නොතබන්න – යුද හමුදාපති

    ගත වු පැය 72ක කාලය තුළ විදේශයන්හි සිට පැමිණි කොවිඩ් 19 ආසාදිතයින් 89ක් හමු වී ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    අද (03) වන විට විදේශ රටවලින් පැමිණ කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගත් සමස්ථ ගණන 1197ක් වේ. එයට විදේශිකයින් 42ක් සහ ලාංකීකයින් 1155ක් අයත් ය.

    තවදුරටත් විදේශයන් හි සිට පැමිණි පුද්ගලයින් 189ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව ද ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

    සමාජය තුළ තවදුරටත් කොවිඩ් 19 වෛරස ආසාදිතයින් අප්‍රේල් 30 වන දින සිට වාර්තා නොවන අවස්ථාවක විදේශ රටවලින් පැමිණෙන ලාංකීකයන් සහ අත්‍යාවශ්‍ය කටයුතු සඳහා පැමිණෙන විදේශකයින්ගෙන් වෛරසය දිවයිනට තුළට පැමිණෙන බව පෙනී යන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

    ලංකාව කොවිඩ් 19 විධිමත් ක්‍රියාදාමයක් තුළ පාලනය කළ ආදර්ශමත් රටක් ලෙස පෙන්වා දී ඇතැයි ද පැවසු ශවේන්ද්‍ර සිල්වා මහතා, එවැනි අවධියක තවදුරටත් සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් වන මුඛ ආවරණ පැළදීම, පුද්ගල දුරස්ථභාවය, නිතර නිතර අත්සේදීම සහ කිවිසුම් යන විට රෙදි කැබැල්ලක් හෝ වැලමිට බාහුවෙන් නාසය සහ මුඛය ආවරණය කර ගැනීම වැනි කරුණුවලට අනුගත විය යුතු බවත් ඒ මහතා අවධාරණය කර සිටියි.

    විශේෂයෙන් දිවයින පුරා පාසැල්වල සියලූම පන්ති ආරම්භ කිරීමත් සමග විදුහල්පතිවරුන් හා ආචාර්ය මණ්ඩලය මඟින් පාසල් ළමුන් දැනුවත් කර දෙමව්පියන් සමග එක්ව සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අනිවාර්ය අංගයක් සේ සලකා පාසල තුළ සහ ඉන් පිටත දී කටයුතු කළ යුතු බවත් ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

    එසේම කොවිඩ් පාලනය කළ රට, නැවත අනාරක්ෂිත වීම වැළැක්වීම සඳහා සෑම ශ්‍රී ලාංකීකයෙකුම තවදුරටත් ක්‍රියාකල යුතු බවත් කොවිඩ් වෛරසයට ගොඳුරු නොවී සිටීම සඳහා තම සමාජ යුතුකම හා වගකීම නිසි ලෙස ඉටුකල යුතු බවත් ඔහු අවධාරණය කරයි.

  • පෙයාර්ස් වගාවට කැමැති ද ? එසේ නම් මේ ලිපිය කියවන්න

    පෙයාර්ස් වගාවට කැමැති ද ? එසේ නම් මේ ලිපිය කියවන්න

    2018 වර්ෂයේදී ලංකාවට රුපියල් මිලියන 4300ක් වටිනාමින් යුතු ඇපල් ටොන් 27,253ක් ආනයනය කරලා තිබෙනවා. ඊට අමතරව පෙයාර්ස් ටොන් 355ක් ආනයනය කිරීම සඳහා රුපියල් මිලියන 50ක් වැය කරලා තිබෙනවා.

    ඒ කියන්නේ අපි 2018දී ඇපල් සහ පෙයාර්ස් කන්න රුපියල් මිලියන 4350ක විදේශ විනිමය විනාශ කරලා තිබෙනවා.

    ලංකාව කියන්නේ ‘පලතුරු වත්තක්’. එහෙම රටක තමයි මේ මිලියන 4350ක විදේශ පලතුරු කාලා තියෙන්නේ.

    පිට රට පලතුරුත් ඕනෑම නම් ඇපල් අමාරු වුණාට අපිට අපේම පෙයාර්ස් වගා කරන්න පුළුවන්.
    ලංකාවේ උඩරට භූමිය තේ වගාවට වෙන් වෙලා. හැබැයි ‘නිසරු’ තේ වගාබිම් ඕනෑ තරම් තියෙනවා. ඒවාට පොහොර දාන්නෙත් නෑ, නඩත්තුවත් දුර්වලයි.

    මුහුදු මට්ටමින් අඩි 4000-5500ත් උඩින් පිහිටි නිසරු ඉඩම්වලට ‘හොඳ භෝගයක්’ තමයි පෙයාර්ස් කියන්නේ.

    ඔහිය, රත්කරච්ච, බොරුලන්ද, කැප්පෙටිපොළ, බණ්ඩාරවෙල, ලියන්ගහවෙල, ඌව පරණගම, මලපොළ පෙයාර්ස් වගාවට සුදුසු ප‍්‍රදේශ කිහිපයක් පමණයි. තවත් ප‍්‍රදේශ ඕනෑ තරම් තියෙනවා.
    රහංගල පර්යේෂණායතනයෙන් සහ ගොවිපොළෙන් පෙයාර්ස් පැළ නිෂ්පාදනය කරනවා.

    ලොකුවට වවන්න ඉඩ නැතිනම් මේ පළාත්වල අයට පළ 05 බැගින්වත් අරං ගිහින් තමන්ගේ වත්තේ පෙයාස්ර් ගස් කිහිපයක් වවා ගන්න පුළුවන්. අස්වැන්න ආ විට හොඳ මිලක් ගන්නත් පුළුවන්.

    මාස ගණනාවකට පෙර ගහෙන් කඩාගෙන, නොයෙකුත් රසායනික ප‍්‍රතික‍්‍රියා කරලා, සීත ගබඩා ඇතුළෙත් කාලයක් තිබුණ ‘රට පෙයාර්ස්’ වෙනුවට ‘රහංගල පෙයාර්ස්’ වලට මාරු වෙන්න පුළුවන් නම් ඒක ඇඟටත් ගුණයි… රටටත් හොඳයි.

    පෙයාර්ස් වගාව ගැන වැඩිදුර තොරතුරු අවශ්‍ය නම්, බෝග විශේෂඥ බන්දුල හේමචන්ද්‍ර මහතාට (071 821 1770) කතා කරන්න පුළුවන්.

    සනත් එම්. බණ්ඩාර

  • රාජ්‍ය සේවයට බඳවාගත් උපාධිධාරීන්ට සංකේත පත්වීම් ප්‍රදානය ජනපති ප්‍රධානත්වයෙන්

    රාජ්‍ය සේවයට බඳවාගත් උපාධිධාරීන්ට සංකේත පත්වීම් ප්‍රදානය ජනපති ප්‍රධානත්වයෙන්

    සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි “රට වෙනුවෙන් වැඩ” සංස්කෘතියක් ඇති කිරීම සඳහා උපාධිධාරීන් 60,000ක් බඳවා ගැනීම සංකේතවත් කරමින් තෝරාගත් පිරිසකට පත්වීම් ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

    විනාඩි 25කට සීමා වූ සරල උත්සවය අද (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණ.

    උපාධිලාභීන් 50,000කට රැකියා දීමට ඉල්ලුම්පත් කැඳවුවද ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි 60,000ක් බඳවාගැනීමට  රජය තීරණය කළේය.

    අද රාජ්‍ය සේවයට එක් වූ උපාධිධාරීන් සංඛ්‍යාව 50,177කි. ඉන් 38,760ක් කාන්තාවෝ වෙති.  රැකියාලාභී කලා උපාධිධාරීන් සංඛ්‍යාව 31,172කි. උපාධිලාභීන් වර්ගීකරණයේදි අභ්‍යන්තර උපාධිය ලත් 29,156ක් සහ භාහිර උපාධිලාභීන් 20,322ක්  පත්වීම් ලැබ සිටිති. භික්ෂුන් වහන්සේ 1000කට ද පත්වීම් පිරිනැමිණ.

    සෙසු උපාධිධාරීන් අතර වාණිජ අංශයේ 1839ක්, කළමනාකරණ 7278ක්, විද්‍යා 4494ක්, දේශීය වෛද්‍ය 143ක් සම සෞඛ්‍ය 161, පරිගණක තාක්ෂණය 989ක්, ඉංජිනේරු සහ නීති 233ක් සහ ගණකාධිකරණ ඩිප්ලෝමාධාරීන් 1906ක් වෙති.

    පත්විම්ලාභීහූ නායකත්ව, කුසලතා සහ ආකල්ප වර්ධන පුහුණුවකට යොමු කෙරෙති.

    වසරක පුහුණුව අවසානයේ ග්‍රාමීය හා වතු පාසල්, ගොවිජන සේවා මධ්‍යස්ථාන, ප්‍රාදේශීය වාරි මාර්ග කාර්යාල, වනජීවි කාර්යාල, දේශීය ආයුර්වේද රෝහල්, ග්‍රාමීය රෝහල්, ඩිස්පැන්සරි, සුළු අපනයන භෝග කාර්යාල වැනි ග්‍රාමීය අංශයට ඝෘජුව සම්බන්ධ ආයතන වෙත අනුයුක්ත කිරීමට සැලසුම් කර තිබේ.

    සංවර්ධන ක්‍රියාදාමයට සක්‍රීයව දායකවන්නැයි ජනාධිපතිතුමා පත්වීම්ලාභීන්ගෙන් ඉල්ලා සිටියේය.

    රාජ්‍ය සේවයට වැටුප් උපයාදෙන කෘෂි සහ ධීවර වැනි ක්ෂේත්‍රවල නිරත ජනතාවට බරක් නොවී තමන් ලබන වැටුපට සාධාරණය ඉටුකරන්නැයි එතුමා අවධාරණය කළේය.

    තම වෘත්තියේ ඉදිරි ගමන උදෙසා පශ්චාත් උපාධි, පරිගණක පුහුණුව සහ අදාළ ක්ෂේත්‍රවල වෙනත් රැකියා අවස්ථා දියුණු කර ගැනීම පත්වීම්ලාභීන්ගේ වගකීමක් බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, චමල් රාජපක්ෂ, ජී.එල්. පීරිස්, බන්දුල ගුණවර්ධන, ජනක බණ්ඩාර තෙන්නකෝන්, කෙහෙලිය රඹුක්වැල්ල, ඩලස් අලහප්පෙරුම, නාමල් රාජපක්ෂ යන අමාත්‍යවරු හා ආර්ථික පුනර්ජීවන පිළිබද ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා සහ රාජ්‍ය අමාත්‍යවරු කිහිප දෙනෙක් ද, අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

  • ආරක්‍ෂිත දෝෂ කිහිපයක් හේතුවෙන් Mozilla Firefox වෙබ් බ්‍රව්සරය වහාම යාවත්කාලීන කරගන්න

    ආරක්‍ෂිත දෝෂ කිහිපයක් හේතුවෙන් Mozilla Firefox වෙබ් බ්‍රව්සරය වහාම යාවත්කාලීන කරගන්න

    Mozilla Firefox වෙබ් බ්‍රව්සරයෙහි ඇති CVE-2020-15663,CVE-2020-15664,CVE-2020-12401,CVE-2020-12400,CVE-2020-15665,CVE-2020-15666,CVE-2020-15667,CVE-2020-15668,CVE-2020-15669,CVE-2020-15670 නම් ආරක්‍ෂිත දෝෂ හදුනාගැනීම හේතුවෙන් Mozilla සමාගම විසින් Mozilla Firefox වෙබ් බ්‍රව්සරය සදහා නවතම යාවත්කාලීන නිකුත් කොට ඇත.

    ශ්‍රී ලංකාවේ අන්තර්ජාල පරිශීලකයින් බොහෝ ප්‍රමාණයක් අන්තර්ජාලයට පිවිසීම සදහා Mozilla Firefox වෙබ් බ්‍රව්සරය යොදාගන්නා බැවින් කඩිනමින් නවතම යාවත්කාලීන ලබාගැනීමට කටයුතු කරන ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ජනතාවට දැනුම් දෙමු.

  • ඉණ අඟල් 40ට වඩා වැඩි පිරිමින්ට පුරස්ථ ග‍්‍රන්ථිකයේ පිළිකා අවධානමක්

    ඉණ අඟල් 40ට වඩා වැඩි පිරිමින්ට පුරස්ථ ග‍්‍රන්ථිකයේ පිළිකා අවධානමක්

    ඉණ වට ප්‍රමාණය අඟල් 40ට වඩා වැඩි පිරිමින් ඊට වඩා අඩු ඉණ වට ප්‍රමාණයක් ඇති පිරිමින්ට වඩා පුරස්ථ ග්‍රන්ථියේ පිළිකාවෙන් මියයාමට ඇති සම්භාවිතාව 35%ක් බවයි මෙහිදී ඔවුන් හදුනාගෙන තිබෙන්නේ.

    ඉණ වටා වට ප්‍රමාණය අඟල් 40ට වැඩි පිරිමින් පුරස්ථ ග්‍රන්ථියේ පිළිකාවෙන් මිය යාමේ වැඩි අවදානමක් ඇතැයි නවතම පර්යේෂණවලින් සොයා ගෙන තිබෙනවා.

    ඉණ අඟල් 40 (සෙන්ටිමීටර් 103) හෝ ඊට වැඩි පිරිමියෙකු ඉණ වට ප්‍රමාණය අඟල් 35 වඩා අඩු පිරිමියෙකුට (90cm) වඩා පුරස්ථ ග්‍රන්ථියේ පිළිකාවෙන් මිය යාමේ අවදානම 35%ක් බවයි එම පර්යේෂණය කියන්නේ.

    මෙම පර්යේෂණය සදහා ඔක්ස්ෆර්ඩ් සරසවියේ පර්යේෂකයින් විසින් පිරිමින් 200,000 කට වඩා වැඩි සංඛ්‍යාවක් යොදා ගෙන තිබෙනවා.

    මෙහිදී සොයා ගත් තවත් සුවිශේෂ කරුණක් වන්නේ සමස්ත ශරීර පුරා මේදය පැතිර ඇති පුද්ගලයින් තුළ පුරස්ථ ග්‍රන්ථියේ පිළිකා සදහා වැඩි අවධානමක් දක්නට නොමැති බවයි.

    මෙයින් ඇඟවෙන්නේ පිරිමින් පුරස්ථ ග්‍රන්ථියේ පිළිකාවට ගොදුරු වන්නේ ඉණවටා ඇති අධික මේදය නිසා බවයි.

    අක්මාව, අග්න්‍යාශය හා බඩවැල් වැනි අත්‍යවශ්‍ය අවයවවලට බලපෑම් කරන නිසා බඩේ ගබඩා කර ඇති මේදය වඩාත් භයානක වර්ගය ලෙස සැලකේ. 

    තම මේදය වටා මේදය ගබඩා කරන පිරිමින් පුර prost ස්ථ ග්‍රන්ථියේ පිළිකාවෙන් මියයාමේ වැඩි අවදානමක් ඇති බව පර්යේෂණයන් පෙන්වා දෙයි (කොටස් රූපය)

    මෙය ඔවුන්ගේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට බාධා ඇති කළ හැකි අතර පිළිකා සෛල වර්ධනයට දායක වන බව පර්යේෂකයෝ පැවසූහ.

    මෙවර ‘තරබාරුකම පිළිබඳ යුරෝපීය හා ජාත්‍යන්තර සමුළුවේ දී ‘ (ECOICO) ඉදිරිපත් කරන ලද මෙම නවතම පර්යේෂණය සදහා එක්සත් රාජධානියේ පිළිකා රහිත පිරිමින් 218,225ක් පිළිබඳව සොයා බැලූ අතර, ඔවුන්ගේ වෛද්‍ය දත්ත එක්සත් රාජධානියේ ජෛව බැංකුවේ ගබඩා කර ඇත.

    ඔවුන්ගේ ශරීර ස්කන්ධ දර්ශකය (BMI), මුළු ශරීර මේද ප්‍රතිශතය, ඉණ වට ප්‍රමාණය සහ ඉණ සිට උකුල අනුපාතය දෙස විද්‍යාඥයින් වසර 10 ක් තිස්සේ නිරීක්ෂණය කර ඇත.

    ඉණ වට ප්‍රමාණය අඟල් 40ට වඩා වැඩි පිරිමින් ඊට වඩා අඩු ඉණ වට ප්‍රමාණයක් ඇති පිරිමින්ට වඩා පුරස්ථ ග්‍රන්ථියේ පිළිකාවෙන් මියයාමට ඇති සම්භාවිතාව 35%ක් බවයි මෙහිදී ඔවුන් හදුනාගෙන තිබෙන්නේ.

    පුරස්ථි පිළිකා යනු කුමක්ද?

    පුරස්ථ ග්‍රන්ථියේ පිළිකා හේතුවෙන් පියයුරු පිළිකාවලට වඩා වැඩි පිරිසක් වාර්ෂිකව මිය යන බව පසුගිය දා මහා බ්‍රිතාන්‍ය විසින් නිකුත් කළ සංඛ්‍යා ලේඛන මගින් තහවුරු වුණා.

    මහා බ්‍රිතාන්‍යෙය් වාර්ෂිකව පියයුරු පිළිකාවෙන් මිය යන කාන්තාවන් 11,400 ක් සමඟ සසඳන විට වසරකට පිරිමින් 11,800 කට වැඩි පිරිසක් පුරස්ථ ග්‍රන්ථියේ පිළිකාව හේතුවෙන් මිය යනවා.

    එය කෙතරම් ඉක්මනින් වර්ධනය වේද? 

    බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවය සදහන් කරන ආකාරයට පුරස්ථ ග්‍රන්ථියේ පිළිකාව සාමාන්‍යයෙන් සෙමින් වර්ධනය වන බැවින් යමෙකුට වසර ගණනාවක් තිස්සේ එහි කිසිදු සලකුණක් හදුනා ගත නොහැකියි. රෝග ලක්ෂණ ඇති නොවන්නේ නම්, ‘සෝදිසියෙන් සිටීම’ හෝ ‘සක්‍රීය සෝදිසි කිරීම’ වැදගත් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

    සමහර රෝගීන්ට මුල් අවධියේදී ප්‍රතිකාර කළහොත් සුව කළ හැකි නමුත් කල්ගත වූ රෝගීන් සුව කිරීමට නොහැකියි.

    පරීක්ෂණ සහ ප්‍රතිකාර

    පුරස්ථ ග්‍රන්ථියේ පිළිකා සඳහා වන පරීක්ෂණ අන්තරාදායක වන අතර මේ වන විට අලුත් තාක්ෂණය හදුන්වා දෙමින් තිබෙනවා.

    ආක්‍රමණශීලී හා අඩු බරපතල පිළිකා අතර වෙනස හඳුනා ගැනීමට වෛද්‍යවරු වෙහෙසෙනවා.

    වයස අවුරුදු 50 ට වැඩි පිරිමින් ‘පීඑස්ඒ’ රුධිර පරීක්ෂණයකට ලක් කිරීම මගින් අවදානම පිළිබද පැහැදිලි, නිරවුල් අදහසක් ලබාගත හැකියි.

    පුරස්ථ ග්‍රන්ථියේ පිළිකාවට හේතුව කුමක්දැයි විද්‍යාඥයින් මේ වන තෙක් නිශ්චිතව හදුනා ගෙන නැහැ. නමුත් වයස, තරබාරුකම සහ ව්‍යායාම නොමැතිකම ඊට ප්‍රධාන හේතුව බව විශ්වාස කරනවා.

    කෙසේ වෙතත්, පර්යේෂණය මගින් පිරිමියෙකුගේ BMI හෝ සම්පූර්ණ මේද ප්‍රතිශතය සහ පුරස්ථි පිළිකා අතර පැහැදිලි සම්බන්ධයක් සොයාගෙන නැහැ. මෙයින් අදහස් කරන්නේ තරබාරු හෝ බරින් වැඩි මිනිසෙකු පවා එම මේදය වැඩි ප්‍රමාණයක් ඔවුන්ගේ කකුල්වල සහ අත් වල ගබඩා කර ඇත්නම් එම අවදානම වැඩි නොවන බවයි. 

    එයින් ඇඟවෙන්නේ ඔවුන්ගේ මේදය වැඩි ප්‍රමාණයක් ඔවුන්ගේ ඉණ වටා ගබඩා කරන අය රෝගයෙන් මියයාමට වැඩි ඉඩක් ඇති බවයි.  

    මෙම අධ්‍යයනයට නායකත්වය දුන් ඔක්ස්ෆර්ඩ් හි පෝෂණ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය අරෝරා පෙරෙස්-කෝර්නගෝ මෙසේ පැවසුවා.

    ‘බඩ සහ ඉණ වටා ශරීර මේදය සාන්ද්‍රණය වීම සහ පුරස්ථි පිළිකා මිය යාමේ අවදානම අතර සැලකිය යුතු සම්බන්ධයක් අපට හමු වුණා. නමුත් පුරස්ථ ග්‍රන්ථියේ පිළිකා මරණ අවදානම සහ සම්පූර්ණ ශරීර මේදය අතර පැහැදිලි සම්බන්ධයක් අපට හදුනාගත නොහැකි වුණා.

    කෙසේ වෙතත්, මෙම සොයාගැනීම් සනාථ කිරීම සඳහා තව දුරටත් පර්යේෂණ පැවැත්වීම සිදුවිය යුතුව තිබෙනවා.

    ඉහළ BMI මගින් වෙනත් පිළිකා ඇතුළු වෙනත් රෝග ඇතිවීමේ අවදානම වැඩි කරයි. එබැවින් ශරීරයේ අතිරික්ත මේදය ඇති ඕනෑම තැනක ඇති වන බලපෑම පිළිබඳව ජනතාව සලකා බැලිය යුතුයි.

    උදරයේ ගබඩා කර ඇති ‘දුස්ස්රාවී මේදය’ වඩාත් භයානක වර්ගය බව පෙර අධ්‍යයන් මගින් පෙන්වා දී ඇත.

    අතිරික්ත දෘශ්‍ය මේදය පිළිකා සෛලවල වර්ධනය උත්තේජනය කරන ෆයිබ්‍රොබ්ලාස්ට් වර්ධන සාධකය -2 (FGF2) නම් ප්‍රෝටීනයක සංඛ්‍යාව වැඩි කරන බව පෙනේ. නමුත් දෘශ්‍ය මේදය පිළිබඳ පර්යේෂණ තවමත් එහි මුල් අවධියේ පවතී.  

    වෛද්‍ය පෙරෙස්-කෝර්නගෝ පැවසුවේ මෙය වඩාත් භයානක මේදය බැවින් මෙම මේදය අත්‍යවශ්‍ය අවයව වටා පිහිටා ඇති බවයි.

    “එය පරිවෘත්තීය හා හෝමෝන ක්‍රියාකාරිත්වය සමඟ සම්බන්ධ වී ඇති අතර පුරස්ථ ග්‍රන්ථියේ පිළිකා වර්ධනය සඳහා මෙය දායක වේ.”

    පිරිමින්ට දෙන පණිවුඩය සෞඛ්‍ය සම්පන්න බරක් සහ ඉණ වට ප්‍රමාණය අඩු කර ගැනීම සඳහා සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගැනීම බව ඇය පැවසුවාය.

    පුරස්ථ ග්‍රන්ථියේ පිළිකා එක්සත් රාජධානියේ බහුලව දක්නට ලැබෙන රෝගයක්. එංගලන්තය, ස්කොට්ලන්තය, උතුරු අයර්ලන්තය සහ වේල්සයේ 2018 වර්ෂයේදී පුරස්ථ ග්‍රන්ථියේ පිළිකා වැළදුණ පිරිමින් 57,192 දෙදෙනකු හදුනා ගත් අතර එම අගය 2017 දී 48,690ක් වුණා. 1998දී එම අගය වාර්තා වුණේ 24,000ක් ලෙසයි.

    එහි අර්ථය වන්නේ පුරස්ථ ග්‍රන්ථියේ පිළිකා හඳුනා ගැනීම පසුගිය අවුරුදු 20 තුළ දෙගුණයකට වඩා වැඩි වී ඇති අතර එය දැන් වඩාත්ම සුලභ වූ පියයුරු පිළිකා අභිබවා ද ගොස් ඇති බවයි.

    මීට හේතු වශයෙන් පර්යේෂකයින් සදහන් කරන්නේ පරීක්ෂාවට ලක්වන පිරිමින්ගේ සංඛ්‍යාව ඉහළ යාම මෙන්ම වයස්ගත වන ජනගහනය වැඩිවීමයි.

    Daily mail හි 2020 සැප්තැම්බර් 02 වැනිදා පළ වූ වාර්තාවකි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • ගැටළු නැති ඉඩම්වලට මාස 03ක් ඇතුළත ඔප්පු – ප්‍රයෝජනයට නොගත් LRC ඉඩම් සංවර්ධනට පියවර

    ගැටළු නැති ඉඩම්වලට මාස 03ක් ඇතුළත ඔප්පු – ප්‍රයෝජනයට නොගත් LRC ඉඩම් සංවර්ධනට පියවර

    ජනතාව භුක්ති විඳිමින් සිටින ගැටළු නැති ඉඩම් සඳහා මාස 03ක් ඇතුළත නිරවුල් ඔප්පු දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.

    ඉඩම් ඔප්පු නොතිබීම දිවයින පුරා චාරිකා කළ තමාට දිස්ත්‍රික්ක රැසක ජනතාවගෙන් ඉදිරිපත් වූ ප්‍රධානතම ගැටළුවක් බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    පරම්පරා ගණනක් පදිංචිව සිටිය ද, වගා කටයුතු කළ ද ඔප්පු නොමැති වීමෙන් ඔවුන් දැඩි පීඩාවට ලක්ව ඇතැයි ජනාධිපතිතුමා කියා සිටී. ප්‍රශ්නය විසඳීමට රටට සහ ආර්ථික ප්‍රතිපත්තියට ගැලපෙන ආකාරයට ඉඩම් ප්‍රතිපත්තිය සංශෝධනය විය යුතු යැයි ජනාධිපතිතුමා අවධාරණය කළේය.

    අද (02) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡාවේදී ජනාධිපතිතුමා විසින් මේ බව සඳහන් කෙරිණ.

    ඉඩම් ඔප්පු නොතිබීමෙන් ජනතාව දැඩි අපහසුතාවටත්, සංවර්ධනය දැවැන්ත පසුබෑමකටත් ලක්ව තිබේ. කෘෂි ආර්ථික රටාවක් ගොඩනැගීමේදී ඉඩම් පරිහරණ ප්‍රතිපත්තිය  ඉතා වැදගත් බවද ජනාධිපතිතුමා කියා සිටියේය.බදු දී ඇති ඉඩම් සංවර්ධනය කිරීමෙන් පසු ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව හෝ ඉඩම් අයත් ආයතන හෝ ඒවා වෙනත් පාර්ශ්වයන්ට පැවරීමද වගාකරුවන් මුහුණ දී ඇති තවත් ගැටළුවකි. 

    ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් වගාවට නොගත් ඉඩම් සුදුසු වගාවන් සඳහා භාවිතා කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිතුමා තරුණ ව්‍යවසායකයන්ට ඒවා බදු දීමෙන් ජාතික ආර්ථිකයට දායක කරගත හැකි බව  පැවසීය.

    විවිධ රජයන් යටතේ ජනාධිපතිවරු ජනතාවට ඉඩම් බලපත්‍ර ප්‍රදානය කළහ. එහෙත් පසුකාලීනව බැංකු ණයක් හෝ ආර්ථික ඒකක බවට එම ඉඩම් පත් කරගැනීමේදී ගැටළු රැසකට ජනතාව මුහුණ පා ඇතැයි ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

    විදේශ ආයෝජකයන්ට ඉඩම් දීමේදී ණය සහ සෙසු පහසුකම් සලසා ගත හැකි පරිදි ගිවිසුම් අත්සන් තැබේ. ඉදිරියේදී  ඒ ආකාරයට ජනතාවට ද එවැනි පහසුකම් ගතහැකි පරිදි ඔප්පු සකස් කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා අවධාරණය කළේය.

    බදු පදනම මත ඉඩමක නිරවුල්භාවය ගැනීමට ආයතන 20 කට අධික සංඛ්‍යාවක අනුමැතිය ගැනීමට ජනතාවට සිදුවේ. ඒ සඳහා වසර ගණනාවක් ගතවන බව අනාවරණය විය. මෙවැනි තත්ත්වයන්ට ඉඩ නොතබා සරල කොන්දේසි වලට යටත්ව ඉඩම්වල නිරවුල්භාවය දීමට පියවර ගන්නැයිද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

    අනුමැතිය සඳහා රාජ්‍ය ආයතනයකට යොමුකරන ඉල්ලීමකට දින 14ක් ඇතුළත පිළිතුරු දීමට අවශ්‍ය පසුබිම රාජ්‍ය යාන්ත්‍රණය තුළ සකස් විය යුතු බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

    අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන, රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ,  ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු සහ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු සහ රේඛීය ආයතනවල නිලධාරීහූ සාකච්ඡාවට එක්ව සිටියහ.

  • දේශපාලන පළිගැනීම්  පිළිබඳ කමිටුවේ වාර්තාව අගමැතිට

    දේශපාලන පළිගැනීම් පිළිබඳ කමිටුවේ වාර්තාව අගමැතිට

    දේශපාලන පළි ගැනීම්වලට ලක්වූවන් (2015-2019) පිළිබඳ සොයා බලන කමිටුවේ මූලික වාර්තාව අද (02) දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට භාර දෙන ලදී.

    2015-2019 කාලය තුළ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවයේ පරිපාලනමය වශයෙන්  දේශපාලන පළිගැනීම්වලට ලක් වූ පුද්ගලයින් 6952 දෙදෙනෙක් මේ වන විට මෙම කමිටුවට අභියාචනා ඉදිරිපත් කර තිබේ.

    ඒ අතුරින් 1152 දෙදෙනෙකුගේ අභියාචානාවලට අදාළ පරීක්ෂා කිරීම්, නිරීක්ෂණ හා ඉදිරි පියවර මෙම වාර්තාවට ඇතුළත්ය.

    2015-2019 කාලයේ දේශපාලන පළිගැනීම් සිදුව ඇති ආකාරය, කමිටුවට ඉදිරිපත් වූ අභියාචනා පිළිබඳව සොයා බැලීමේදී හෙළි වූ බව කමිටුවේ  සාමාජිකයෝ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දුන්හ.

    දේශපාලන වශයෙන් පළිගැනීමට ලක් වූ සියලු දෙනාට සාධාරණය ඉටු කිරීම මෙම කමිටුවේ වගකීමක් බවත්, ආයතන ප්‍රධානීන්ට දැනුම් දෙන කමිටු නිර්දේශ ක්‍රියාත්මක නොවන්නේ නම්, කැබිනට් මණ්ඩය දැනුවත් කොට විෂය භාර අමාත්‍යවරුන් ඔස්සේ වින්දිතයින්ට සාධාරණයක් ඉටු කරන්නැයි අග්‍රාමාත්‍යතුමා කමිටුවේ සාමාජිකයින්ට  උපදෙස් දුන්නේය.

    කමිටුවට මේ දක්වා අභියාචනා 1152ක් පරීක්ෂා කර, නිරීක්ෂණ ගොනු  484 ක් විවිධ ආයතනවලට යොමු කර තිබේ. විමර්ශනය සඳහා කමිටුවට කැඳවා තිබෙන  අභියාචානා  සංඛ්‍යාව 372 කි.

    කොවිඩ්-19 හේතුවෙන් මාස 3ක කාලයක් කමිටුවේ කටයුතු ඇණහිට තිබුණ ද මේ දක්වා අඛණ්ඩව සිදුවන විමර්ශනයන්ට අදාළව ආයතන ප්‍රධානීන් 34 දෙනෙකු කමිටුව වෙත කැඳවා ඇති බව දේශපාලන පළිගැනීම් සොයා බැලීමේ කමිටුවේ ලේකම් නීතීඥ චතුරිකා විජේසිංහ මහත්මිය  මෙම  හමුවේදී පෙන්වා දුන්නාය.

    කමිටුවේ සභාපතිවරයා  ලෙස මෙයට පෙර කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කටයුතු කළ අතර කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස ආරියරත්න අරුමප්පෙරුම, මහින්ද සෙනෙවිරත්න මහත්වරු කටයුතු කරති.

    මෙම අවස්ථාවට කථානායක මහින්ද යාපා අබේවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න, දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ (2015-2019) කමිටුවේ සාමාජිකයින් වන ඒ.ආරියරත්න, මහින්ද සෙනෙවිරත්න, කමිටුවේ ලේකම් නීතීඥ චතුරිකා විජේසිංහ මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

  • Covid-19 ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමට එක්සත් ජනපදයෙන් Portable ventilators යන්ත්‍ර 200ක පරිත්‍යාගයක්

    Covid-19 ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමට එක්සත් ජනපදයෙන් Portable ventilators යන්ත්‍ර 200ක පරිත්‍යාගයක්

    ශ්‍රී ලංකාවේ කොවිඩ් – 19 ප්‍රතිකාර සේවාවන් ඉහළ නැංවීමේ අරමුණ ඇතිව එක්සත් ජනපද රජය, අන්තර්ජාතික සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද ඒජන්සිය (USAID) හරහා ශ්‍රී ලංකාවට නවීනතම Portable ventilators යන්ත්‍ර 200 ක් පරිත්‍යාග කිරීමේ උත්සව අවස්ථාව අද දින (02) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ එක්සත් ජනපද තානාපති ඇලයිනා ටෙප්ලිට්ස් (Ms.AlainaTeplits) මහත්මියගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.

    එක්සත් ජනපදයේ නවීන තාක්ෂණයට අනුව  නිෂ්පාදිත මෙම උපකරණ කොවිඩ්-19 වෛරසයෙන් පීඩාවට පත් රෝගී ප්‍රතිකාර සේවාවන් සදහා පහසුවෙන් යෙදවිය හැක. එක්සත් ජනපද රජය 1956 සිට ශ්‍රී ලංකාවට සංවර්ධන හා මානුෂීය ආධාර සපයනු ලබයි.  පසුගිය වසර 20 තුළ එක්සත් ජනපදය ඩොලර් මිලියන 26 කට වැඩි සෞඛ්‍ය ආධාරයක් ශ්‍රී ලංකාවට ලබා දී තිබේ. ඩොලර් මිලියන 5.8 කට වැඩි මුදලක මෙම පරිත්‍යාගය සමඟ අනුපූරක පුහුණුව හා නඩත්තු සහාය ලබා දෙනු ලබයි.

    මෙම අති නවීන Portable ventilators යන්ත්‍ර ශ්‍රී ලංකාවට ලබාදීමට ලැබීම සතුටට කරුණක් බව ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ එක්සත් ජනපද තානාපති ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය පවසයි.

    මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යතුමිය – “ලෝක සෞඛ්‍ය සංවිධානය COVID-19 මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශයට පත් කර අදට දින 216 ක් වනවා. COVID-19 වෛරසය ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට වාර්තාවීමත් සමග, රට තුළ වෛරසය පාලනය හා මැඩපැවැත්වීම සහ ප්‍රජා සම්ප්‍රේෂණය වැළැක්වීමට අප රටේ දේශපාලන කැපවීම විශාල කාර්යභාරයක් ඉටු කළා. ඒ සඳහා අතිගරු ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ නායකත්වය යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව, පොලීසිය, බුද්ධි අංශ සහ ඊට සම්බන්ධ අනෙකුත් විෂයයන් එකට ගෙන ජාතික කාර්ය සාධක බලකාය පිහිටුවීමට කටයුතු කළා. ඔවුන්ගේ මූලික කාර්යය වූයේ වසංගතය පාලනය හා මැඩපැවැත්වීම සඳහා ගත යුතු පියවර පිළිබඳව රජයට උපදෙස් ලබා දීමයි. අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය හා අනෙකුත් අංශවල ප්‍රධාන නිලධාරීන්ගෙන් සමන්විත ජාතික ක්‍රියාකාරී කමිටුවක් ද පත් කළා.”

    “ශ්‍රී ලංකාවේ COVID-19 සඳහා වූ උපාය මාර්ගික සූදානම සහ ප්‍රතිචාර සැලැස්ම මත පදනම්ව, USAIDS ඇතුළු විවිධ සංවර්ධන හවුල්කරුවන්ගෙන් ලැබුණු සහයෝගය අගය කළ යුතුයි.”

    “COVID-19 ආසාදනයේ ප්‍රකට සංකූලතාවක් වන නියුමෝනියාවෙන් පෙළෙන රෝගීන්ට සිදු කරනු ලබන ප්‍රතිකාර සේවාවන් වල දී Portable ventilators (අතේ ගෙන යා හැකි, වාතාශ්‍රය ලබාදිය හැකි උපකරණ) අත්‍යවශ්‍ය වන අතර, ඒ අනුව Portable ventilators උපකරණ 200 ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරමින් මෙම අවස්ථාවේ දී සහයෝගය ලබාදීම පිළිබඳව එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සියට (USAIDS) සහ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ එක්සත් ජනපද තානාපති ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මියට මෙරට රජය වෙනුවෙන් සහ ජනතාව වෙනුවෙන් මාගේ අවංක කෘතඥතාව ප්‍රකාශ කරන්න කැමැතියි. කොවිඩ් ආසාදිතයින්ගේ ජිවිත බේරා ගැනීමට මහෝපකාරී වන මෙම Portable ventilators යන්ත්‍ර දිවයිනේ ද්විතීයික හා තෘතීයික මට්ටමේ රෝහල් අතර බෙදා හැරීමට කටයුතු කරනවා. මෙම පරිත්‍යාගය මෙරට ක්‍රියාත්මක සෞඛ්‍ය සේවාවන් වැඩි දියුණු කිරීම සඳහා අප දරන උත්සාහයට සහයෝගය දීමක් වන අතර, එමගින් සෞඛ්‍ය සේවාවන් තවත් ඉහළ නැංවීමට හැකි වනු ඇති බව ද ප්‍රකාශ කරන්න කැමැතියි.”

    මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් ජයනාත් කොලොම්බගේ මහතා, සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය එස්.එච් සංජීව මුණසිංහ මහතා, වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය  එස්.ශ්‍රීධරන් මහතා, අතිරේක ලේකම්  (වෛද්‍ය සේවා) වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා, අතිරේක ලේකම් (මහජන සෞඛ්‍ය සේවා) වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග මහත්මිය ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

  • Covid වැළඳී සුව වුවත් වෛරසය මාසයක් සිරුරේ – නවතම පර්යේෂණයක් කියයි

    Covid වැළඳී සුව වුවත් වෛරසය මාසයක් සිරුරේ – නවතම පර්යේෂණයක් කියයි

    කොවිඩ් ආසාදිතයින්ගේ සිරුරෙන් වෛරසය මුළුමනින්ම පහවයාම සඳහා මාසයක පමණ කාලයක් ගතවිය හැකි බව මොදේනා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ෆ්රැන්සෙස්කෝ වෙන්චුරෙල්ලි ඇතුළු කණ්ඩායමක් රෙජියෝ එමිලියා පළාතේ රෝගීන් 1162දෙදෙනකු යොදාගෙන කළ පීසීඅර් පරීක්ෂණ මගින් හඳුනා ගෙන ඇතැයි බි‍්‍රතාන්‍යයේ ප‍්‍රකට වෛද්‍ය සඟරාවක සඳහන් වේ.

    ඒ අනුව එක් වරක් වෛරසය ආසාදනය වූ තැනැත්තෙකු එයින් සුව වූ පසු එම රෝගියා කොරෝනා වෛරසය රහිත පුද්ගලයෙක් බව හඳුනාගත හැක්කේ මාසයකට පසුව සිදු කෙරෙන පීසීඅර් පරික්ෂාවක් අනුව බව එම පර්යේෂණ වාර්තාවේ සඳහන් වේ.

  • 20 සම්මත කරගන්න 3/2න් පුළුවන් – නීතිපති

    20 සම්මත කරගන්න 3/2න් පුළුවන් – නීතිපති

    යෝජිත 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වීමට අවශ්‍ය නොවන බවත්, එය පාර්ලිමේන්තුවේ 2/3ක බහුතරයකින් සම්මත කළ යුතු බවත් නීතිපතිවරයා විසින් අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය මේ බව සඳහන් කළාය.