Blog

  • සමෘද්ධිය දුගී ජනතාව බලගැන්වෙන  වැඩසටහනක් කරන්න – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

    සමෘද්ධිය දුගී ජනතාව බලගැන්වෙන වැඩසටහනක් කරන්න – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

    සමෘද්ධි සහනාධාරය රටට බරක් වීමට ඉඩ නොතබා එය අඩු ආදායම්ලාභී ජනතාව බලගැන්වෙන වැඩසටහනක් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දෙයි.

    දුගීකම සහ සමාජ අසමානතාව අවම කළ හැක්කේ අඩු ආදායම්ලාභීන්ට නව ආදායම් මාර්ග විවෘත කර ඔවුන් වැඩි ආදායම්ලාභීන් කිරීමෙනි. එම නිසා දරිද්‍රතාව තුරන් කිරීමට ප්‍රමුඛතාව දෙමින් සමෘද්ධි වැඩසටහන ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    සෑම පවුලකම ආදායම වැඩි කිරීම, ග්‍රාමීය ආර්ථිකයේ දියුණුව, ජනතා කේන්ද්‍රීය ආර්ථිකය සවිමත් කිරීම යන කරුණු ඊට පාදක කරගත යුතු යැයි  ද ජනාධිපතිවරයා පැවසීය.

    සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබදව අද (24) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

    සමෘද්ධි ප්‍රතිලාභ සදහා වාර්ෂිකව වැය කෙරෙන මුදල  රුපියල් මිලියන 50,000කි. එම මුදල රටට ආයෝජනයක් විය යුතුය. සමෘද්ධිලාභී සහනාධාර මානසිකත්වයෙන් මුදාගෙන ක්ෂුද්‍ර ව්‍යවසායකයෙක් බවට පත් කිරීමේ වැඩපිළිවෙළ කඩිනමින් සැලසුම් කළයුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය. එහිදී නිසි පසුවිපරමක අවශ්‍යතාව ද ජනාධිපතිරයා පෙන්වා දුන්නේය.

    සවිබල ගැන්වූ සමෘද්ධි ප්‍රතිලාභියා සමෘද්ධි වැඩසටහන හා තබා ගනිමින් රටට ප්‍රතිලාභ හිමිවන වැඩපිළිවෙළක් සැකසිය යුතුය. ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමවලින් ප්‍රතිලාභ දීමට නම් නියාමනය අනිවාර්ය වේ. මූල්‍ය සාක්ෂරතාව අවබෝධකර ගැනීම ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවල වැදගත් කාර්ය භාරයකි. සමාජ වෙනසකට ජනතාව තුළ උද්යෝගයක් ඇතිව තිබෙන පසුබිම ගෘහ ආර්ථිකය දියුණු කිරීමට පාදක කර ගැනීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    කොවිඩ් 19 වැනි අභියෝගකාරි තත්වයකට මුහුණදුන් ජනතාවට සිය ආර්ථිකය නංවා ගැනීම වෙනුවෙන් බැංකු විසින් සහනදායී වැඩසටහන් හදුන්වාදීමේ වැදගත්කම  පැහැදිළි කළ ජනාධිපතිතුමා ජනතාවට මෙන්ම රටටද යහපත් ආර්ථිකයක් උදාකර ගත හැක්කේ එවිට බව කියා සිටියේය.

    “සමෘද්ධිය” සැබවින්ම හිමිවිය යුතු කණ්ඩායම් හඳුනා ගැනීමේ අවශ්‍යතාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් පෙන්වා දෙනු ලැබිණ. ක්ෂුද්‍ර මූල්‍ය ණය ගැටළුවක් බවට පත්ව ඇති බවත්, ණය නියාමන අධිකාරී පනතක් හෝ වෙනත් පනතක් මගින් එය නියාමනය කළයුතුයැයි ද අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

    ජනාධිපතිතුමාගේ මූලික අපේක්ෂාවක් වන ජනතාවට ඉඩම් අයිතිය නිරවුල් කර දීම වහාම ඇරඹිය යුතුව ඇතැයි ද බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

    පොල්, අඹ, කොස් වැනි බෝග වගාව අරඹා ගෘහ ආර්ථිකය දියුණු කිරීම ආරම්භ කළ යුතු බව  ජනාධිපතිතුමා පැවසීය. වනජීවි සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති ඉඩම් නැවත ප්‍රාදේශීය ලේකම් කාර්යාල යටතට පවරා ජනතාවට නිසි අයිතිය ලබාදීම කඩිනමින් කළයුතු බව ද දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, බැසිල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මුදල් ලේකම් එස්.ආර්.ආටිගල යන මහත්වරු, රාජ්‍ය අමාත්‍යාංශයට අයත් ආයතනවල නිලධාරීහු සහ බැංකු ක්ෂේත්‍රය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මීට එක්ව සිටියහ.

  • යෝෂිත – සජීව‌ගෙන් මිලියන 500ක වන්දියක් සමග තවත් ඉල්ලුවේ මොනවාද ?

    යෝෂිත – සජීව‌ගෙන් මිලියන 500ක වන්දියක් සමග තවත් ඉල්ලුවේ මොනවාද ?

    සිංහරාජ රක්ෂිතය ආශ්‍රිතව මහා පරිමාණ හෝටලයක් තමාට අයත් බව කියමින් තමා වෙත එල්ල කරන ලද අසත්‍ය හා පදනම් විරහිත, අපහාසාත්මක ප්‍රකාශයක් වෙනුවෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙටු පුත් යෝෂිත රාජපක්ෂ මහතා සිය නීතිඥයන් මඟින් පරිසරවේදී සජීව චාමිකර මහතා ගෙන් දින හතක් තුළ රුපියල් මිලියන 500 ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යවා තිබේ.

    සිංහරාජ වනාන්තරය තුළ යොෂිත රාජපක්ෂ මහතාට අයත් හෝටලයක් ඇති බවත්, සිංහරාජය හරහා මාර්ගයක් ඉදි කරනු ලබන්නේ ඊට ළඟාවන මාර්ගයට සම්බන්ධ කිරීමට බවත් සජීව චාමිකර මහතා 2020.08.19 වන දින පැවති මාධ්‍ය සාකච්ඡාවකදී  ප්‍රකාශ කර තිබුණි.  

    එම ප්‍රකාශයේ කිසිඳු සත්‍යතාවයක් නොමැති බව ප්‍රකාශ කරන යෝජිත රාජපක්ෂ මහතා එය පදනම් විරහිත චෝදනාවක් බව ප්‍රකාශ කරමින්, ඉන් තමාට හා තමාගේ චරිතයට සිදු වූ පුද්ගල හානිය සම්බන්ධයෙන් රුපියල් මිලියන 500 ක මුදලක් වන්දි වශයෙන් ඉල්ලා මෙම  එන්තරවාසිය යොමු කර තිබේ.

    එමෙන්ම,

    1. මෙම ප්‍රකාශයේ කිසිඳු සත්‍යතාවක් නොමැති බව පිළිගනිමින් තමා‌ගෙන් සමාව ගැනීම
    2.  මාධ්‍ය ආයතන, සමාජ මාධ්‍ය හා වෙබ් මාධ්‍යයන්හි මෙම අසත්‍ය පුවත පළ කර ඇත්නම් එය ඉන් ඉවත් කරන ලෙස අදාළ ආයතන හෝ පාර්ශවයන් දැනුම්වත් කිරීම හා අදාළ පුවත ඉවත් කිරීමට කටයුතු කිරීම
    3. අදාළ ප්‍රකාශයේ කිසිඳු සත්‍යතාවයක් නොමැති බව මාධ්‍ය නිවේදනයක් මඟින් මාධ්‍ය වෙත දැනුම්වත් කිරීම
    4. යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව නැවත පදනම් විරහිත චෝදනා  සිදු නොකරන බවට ප්‍රකාශ කිරීම
    5. දින 07ත් ඇතුළත් කෝටි 50 ක මුදලක් වන්දි වශයෙන් ලබාදීම

    යනාදී කරුණු ඇතුළත් එන්තර වාසිය සේවා දායක නීතීඥ සමාගම විසින්  අද 2020.08.24 දින පරිසරවේදී සජීව චාමිකර මහතා වෙත යොමු කර ඇත.

  • අල බද්ද තව ඉහළට: කහ ආනයන තහනම ඉවත් කරන්නෑ – ඇමැති බන්දුල

    අල බද්ද තව ඉහළට: කහ ආනයන තහනම ඉවත් කරන්නෑ – ඇමැති බන්දුල

    දේශීය අර්තාපල් ගොවියා රැක ගැනීමේ අරමුණින් ආනයනික අර්තාපල් කිලෝවක් සදහා අයකළ බද්ද රුපියල් 50 සිය 55 දක්වා රුපියල් 05කින් ඉහළ දැමීමට පියවර ගත් බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.

    විශේෂ වෙළෙද භාණ්ඩ යටතේ සිදුකර ඇති මෙම බදු සංශෝධනය මාස 04ක කාලයක් වලංගු වන බව ද ඊට අදාළ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර ඇති බව ද මුදල් අමාත්‍යාංශය වැඩි දුරටත් සදහන් කරයි.

    මේ අතර කහ ආනයනය කිරීමට අවස්ථාව ලබා නොදෙන බවත් ඒ සදහා පසුගිය දා පැනවූ තහනම තව දුරටත් බලාත්මක බවත් වෙළෙද ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (23) පැවසීය.

    මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ප්‍රකාශයක් කළ වෙළෙද ඇමැතිවරයා කියා සිටියේ කහ ආනයන තහනම ඉවත් කර ඇති බවට ඇතැම් මාධ්‍යවල පළවූ පුවත් සාවද්‍ය බවයි.

    කහ ආනයන තහනම ප්‍රති අපනයනය කිරීමේ ව්‍යාපාරවල නිරත වූවන්ට අහිතකර ලෙස බලපා ඇති බව කී ඇමැතිවරයා ඔවුන්ගේ ගැටලු ගැන සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද පැවසීය.

    ඒ අනුව දේශීය වෙළෙදපොළ අවශ්‍යතා සදහා නොව අපනයනය සදහා කහ ආනයනය කිරීමට හැකිවන පරිදි ආනයන සීමා ලිහිල් කිරීම ගැන ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට දැනුම් දෙන බව ද ඇමැතිවරයා වැඩි දුරටත් පැවසීය.

    නිසි වගා සැලසුමකින් තොරව කහ ආනයනය තහනම් කිරීම නිසා මේ වන විට දේශීය වෙළෙදපොළේ උග්‍ර කහ හිගයක් පවතින අතර කහ ග්‍රෑම් 100ක් රුපියල් 600ක් වැනි ඉහළ මිලකට අලෙවි කෙරේ. මේ සම කහ සම්බන්ධ ‘කලු කඩයක්‘ ද නිර්මාණය වී ඇති අතර රජයේ පාලන මිල ගැන කහ අලෙවිකරුවන් කිසිම තැකීමක් නොකරන බවට පාරිභෝගිකයෝ චෝදනා කරති.

  • කොවිඩ් ගැන ෆෙස්බුක් බොරු කතා කෝටි 380ක් වාර්තා කරලා !

    කොවිඩ් ගැන ෆෙස්බුක් බොරු කතා කෝටි 380ක් වාර්තා කරලා !

    ගතව ගිය වසරක කාලය තුළ ෆේස්බුක් හි පළ වූ සෞඛ්‍ය හා සම්බන්ධ නොමග යවන සුළු තොරතුරු, බිලියන 3.8 වාරයක් කියවනු ලැබ ඇති බව වාර්තාවකින් පෙන්නුම් කරයි.

    ඉහත කී තත්ත්වය කෝවිඩ්-19 අර්බුද සමයේ උච්ඡ වී ඇති බවත් එම වාර්තාව පෙන්වා දෙයි.

    ෆේස්බුක් මහජන සෞඛ්‍යට “දැඩි තර්ජනයක්” බව අදාළ සමීක්ෂණය මෙහෙය වූ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන ‘අවාස්’ ආයතනය පවසයි.

    එන්නත් සම්බන්ධයෙන් ෆේස්බුක් හි පළ වන ව්‍යාජ තොරතුරු නිසා කෝවිඩ්-19 සඳහා එන්නතක් සොයා ගත්ත ද එය ලබා ගැනීමට සූදානම් වන පිරිස සීමා වීමට ඉඩ ඇති බව වෛද්‍යවරු පෙන්වා දෙති.

    සිය ආයතනය ගෙන ඇති පියවර ඉහත කී වාර්තාවේ අඩංගු සොයා ගැනීම් මගින් පෙන්නුම් නොකරන බව ෆේස්බුක් සමාගම පවසයි.

    නිවේදනයක් නිකුත් කරමින් ෆේස්බුක් සමාගම සඳහන් කර තිබුණේ “වැරදි තොරතුරු පැතිරීම සීමා කිරීම සඳහා අවාස් සතු ඉලක්කය අපටත් තිබෙනවා. කරුණුවල නිවැරදිභාවය සොයා බලන අපේ ගෝලීය ජාලයට ස්තූතිවන්නට, අප්‍රේල් සිට ජුනි දක්වා කෝවිඩ්-19 ගැන පළ වූ නොමග යවන සුලු වාර්තා මිලියන 98 ක් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමටත් හානියක් සිදුවිය හැකි වාර්තා මිලියන 7 ක් ඉවත් කිරීමටත් අපි කටයුතු කළා,” යනුවෙනි.

    “සෞඛ්‍ය ආයතන ලබා දී ඇති තොරතුරු වෙත අප විසින් බිලියන දෙකකට වැඩි පිරිසක් යොමු කරනු ලැබ තිබෙනවා. යමෙකු කෝවිඩ්-19 සම්බන්ධ යොමුවක් (link) ‘ෂෙයාර්’ කිරීමට සූදානම් වන විට අප ඔවුන් වෙත විශ්වසනීය සෞඛ්‍ය තොරතුරු අඩංගු ස්ථාන පෙන්නුම් කර තිබෙනවා’

    බොරු බෙහෙත්

    ෆේස්බුක් සමාගම එවැනි උත්සහයක් ගත්ත ද එම සමාජ ජාලයේ තිබී හඳුනා ගත් සෞඛ්‍ය හා සම්බන්ධ නොමග යවන සුලු තොරතුරුවලට අදාළව අනතුරු ඇඟවීම් දක්වා තිබුණේ 16% ක පමණක් බව ‘අවාස්’ වාර්තාවෙන් පෙන්නුම් කරයි.

    ෆේස්බුක් තුළ සෞඛ්‍ය හා සම්බන්ධ නොමග යවන සුළු තොරතුරු පතුරුවන බවට පර්යේෂකයන් විසින් හඳුනා ගනු ලැබ ඇති ප්‍රධාන වෙබ් අඩවි දහය, ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි නිල වෙබ් අඩවි මෙන් සිව් ගුණයක් කියවා ඇති බව ඉහත කී වාර්තාවේ දැක්වේ.

    සෞඛ්‍යට අදාළ නොමග යවන සුළු තොරතුරුවලින් සැලකිය යුතු ප්‍රමාණයක් හුවමාරු (ෂෙයාර්) වී ඇත්තේ ෆේස්බුක් පිටු (පේජස්) ඔස්සේය.

    එවැනි පිටු 42 කින් තොරතුරු ලබා ගෙන ඇති පිරිස (ෆලෝවර්ස්) මිලියන 28 කට අධිකය.

    එසේ වැඩි වශයෙන්ම හුවමාරු වී ඇති තොරතුරු:

    • ‘වීව්ස්’ (කියවා ඇති පිරිස) මිලියන 8.4 – ඉන්දියාවේ දරුවන් මිලියන භාගයක් අංශභාග තත්ත්වයට පත් කිරීමට හේතු වූ එන්නතට බිල් ගේට්ස්ගේ සහාය ලැබී ඇතැයි පැවසෙන වාර්තාවක්
    • ‘වීව්ස්’ මිලියන 4.5 – ඉබෝලා සඳහා කොලොයිඩ් සිල්වර් ද්‍රාවන ලබා දීම වැනි මාරක රෝග සඳහා ව්‍යාජ ප්‍රතිකාර ක්‍රමවේද අඩංගු වාර්තාවක්
    • ‘වීව්ස්’ මිලියන 2.4 – නිරෝධායනය මගින් මහජන සෞඛ්‍යට හානි ගෙන දෙන බව සඳහන් වාර්තාවක්

    ඉහත කී පර්යේෂණය මගින් එක්සත් ජනපදයේ, එක්සත් රාජධානියේ, ප්‍රංශයේ, ජර්මනියේ සහ ඉතාලියේ සමාජ ජාල ගිණුම් වෙත අවධානය යොමු කර තිබේ.

    ‘අවාස්’ ආයතනයේ ප්‍රචාරක අධ්‍යක්ෂ ෆාඩි කුරාන් කියා සිටියේ “ෆේස්බුක් ‘ඇල්ගොරිදම’ (algorithm) මහජන සෞඛ්‍යට ප්‍රධාන තර්ජනයක්” යනුවෙනි.

    “වසංගතය අතරතුර විශ්වාසය තැබිය හැකි තොරතුරු ලබා දෙන බවට මාක් සකර්බර්ග් ප්‍රතිඥා දුන්නා.”

    “නමුත් ෆේස්බුක් හි බිලියන 2.7 ක් සෞඛ්‍ය හා සම්බන්ධ නොමග යවන සුළු තොරතුරු පතුරුවන ජාල වෙත යවමින් ඔහුගේ ‘ඇල්ගොරිදම’ ඒ උත්සාහය කඩාකප්පල් කර දමනවා,”

    “ෆේස්බුක් සමාගම මේ ‘ඇල්ගොරිදම’ ඉවත් නොකර, විශාල වශයෙන් හුවමාරු වූ බොරුවලට නිරාවරණය වූ සෑම දෙනාටම නිවැරදි කිරීම් සැපයුවේ නැති නම් මේ ගැටලුකාරී තොරතුරු නිසා වසංගත තත්ත්වය තවත් නරක අතට හැරේවි,” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    කෝවිඩ්-19 පාලනය සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේද සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන් විසින් තහවුරු නොකරන ලද තොරතුරු ද ෆේස්බුක් ඔස්සේ පළ වී තිබිණි.

    කොරෝනාවෛරසයෙන් ගැලවී සිටීම සඳහා කැඳ පානය හෝ දුම් ඇල්ලීම වැනි ක්‍රමවේද ඒ අතර විය.

    එවැනි අත්හදා බැලීම් මේ මොහොතේ යෝග්‍ය නොවන බව ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සභාවේ සභාපතිවරයා මෙන්ම ආයුර්වේද කොමසාරිස්වරයා ද එවක බීබීසී සිංහල සේවයට කියා සිටියේය.

    Text by – bbc

  • ආණ්ඩුවේ නව න්‍යාය පත්‍රය ගැන කරුගෙන් විශේෂ නිවේදනයක්

    ආණ්ඩුවේ නව න්‍යාය පත්‍රය ගැන කරුගෙන් විශේෂ නිවේදනයක්

    අභිනව පාර්ලිමේන්තුව රැස්වීම ඇතුළු දේශපාලන ප්‍රවණතා ගැන හිටපු කතානායක කරු ජයසූරිය මහතා විසින් විශේෂ මාධ්‍ය නිවෙදනයක් නිකුත් කර තිබෙනවා. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන්ම පහත දැක්වෙනවා.

  • ජනපති මහා නාහිමිවරුන් සිවුදෙනෙක් දෙනෙක් බැහැ දකී

    ජනපති මහා නාහිමිවරුන් සිවුදෙනෙක් දෙනෙක් බැහැ දකී

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (22) අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්මහිමි, සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය අතිපූජ්‍ය කුඹුරුගමුවේ වජිර  හිමි, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත, මහෝපාධ්‍යාය අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමි, කෝට්ටේ ශ්‍රි කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර ස්වාමින් වහන්සේ බැහැ දැක කෙටි පිළිසඳරක නිරත විය.

    ජනපති අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්මහිමි බැහැ දකී

    ඊයේ (22) පස්වරුවේ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන වෙත ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විද්‍යාලංකාර පරිවේනාධිපති කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම  හිමි බැහැ දැක සුව දුක් විමසීය. 

    විද්‍යාලංකාර පිරිවෙනේ ඉදිකෙරෙමින් පවතින ජාත්‍යන්තර බෞද්ධ සම්ම්න්ත්‍රණ ශාලාවේ වත්මන් තත්ත්වය පිළිබඳව කුසලධම්ම හිමියෝ ජනාධිපතිවරයා දැනුවත් කළහ.

    එය කඩිනමින් නිම කර දෙන බව ජනාධිපතිවරයා උන්වහන්සේ සමග පැවසීය.

    විද්‍යාලංකාර පිරිවෙනෙහි වැඩ වෙසෙන සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය අතිපූජ්‍ය කුඹුරුගමුවේ වජිර  හිමියන් ද  බැහැ දුටු ජනපතිවරයා උන්වහන්සේගේ ආශිර්වාද ලබා ගත්තේය.

     ජනපති අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමි බැහැ දකී

    මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (22) පස්වරුවේ ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානය වෙත ගොස් ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත, මහෝපාධ්‍යාය අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමි බැහැ දුටුවේය. උන්වහන්සේගේ සුව දුක් විමසූ ජනාධිපතිතුමා කෙටි පිළිසඳරක නිරත විය.

    ජනපති අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාරහිමි බැහැ දකී

    ඊයේ පස්වරුවේ කොට්ටාව රුක්මලේ ධර්මවිජයාලෝක විහාරස්ථානයට ගිය ජනාධිපතිතුමා කෝට්ටේ ශ්‍රි කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර ස්වාමින් වහන්සේ බැහැ දැක කෙටි පිළිසඳරක නිරත විය. 

    සියලුම ඡායාරූප – ජනාධිපති මාධ්‍ය අංශය

  • ප්‍රතික්ෂේප කළ උපාධිධාරීන්ට සහන දීමට රජය තීරණය කරයි

    ප්‍රතික්ෂේප කළ උපාධිධාරීන්ට සහන දීමට රජය තීරණය කරයි

    රැකියා විරහිත උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන -2020 යටතේ අභ්‍යාසලාභී පුහුණුව සදහා කැදවීම් නොලබන බවට ප්‍රකාශ කර ඇති, එහෙත් අනෙකුත් සුදුසුකම් සපුරා ඇති, ප්‍රතික්ෂේප වීමේ හේතුව ලෙසට සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකත්වය තිබීම හා රැකියාවක නිරත වීම ලෙස සදහන් අයදුම්කරුවන්ට අභියාචනා ඉදිරිපත් කිරීම සදහා අවස්ථාව සැලසීමටත්, සුදුසුකම් ලබන්නේ නම් පුහුණුවට කැදවීමටත් අපේක්ෂා කරන බව රජය නිවේදනය කරයි.

    එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.

  • ගුණගරුක දරුවන් බිහිවන ආකාරය ගැන අගමැතිගෙන් හෙළිදරව්වක්

    ගුණගරුක දරුවන් බිහිවන ආකාරය ගැන අගමැතිගෙන් හෙළිදරව්වක්

    දරුවන් දහම් පාසල් තුළට යොමු කිරීම මඟින් ගුණ ගරුක දරුවන් පිරිසක් අපිට රටට දායාද කළ හැකියි. මේ පිළිබඳ සිතිය යුතු අවශ්‍ය යුගය අද එළඹිලා තියෙනවා.

    රටේ උද්ගතව ඇති වැඩි ප්‍රමාණයක් සාරධර්ම පිරිහීම් පවතින්නේ දහම් පාසල් අධ්‍යාපනය නොලත් පිරිස් වෙතින්. ඒ නිසා දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කළ යුතු යැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (23) දින පැවැසීය.

    ඓතිහාසික කසාගල රජමහා විහාරස්ථානයේ පැවැති 125 වැනි දහම් පාසල් දින සැමරුම් ජාතික මහෝත්සවය අමතා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව අවධාරණය කළේය.

    පාස්කු දින ප්‍රහාරය, ත්‍රස්තවාදී ගැටලු ඇතුළු පසුගිය කාලයේ ඇති වූ රටේ විවිධ ප්‍රශ්න නැති කිරීමට දායකවන්නේ ආගමික අධ්‍යාපනය බව සිහිපත් කළ අග්‍රාමාත්‍යවරයා කිසිඳු ආගමක ප්‍රචන්ඩත්වය උගන්වන්නේ නැති බවට විශ්වාසය පළ කළේය.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා කළ සම්පූර්ණ කතාව මෙසේය,

    බෞද්ධ දහම පාසල් අප රට තුළ ආරම්භවීම සම්බන්ධයෙන් සන්තෝෂ වෙනවා. අධ්‍යාපනය වෙනුවෙන් අප රටට හඳුන්වා දුන්  මිෂනාරි අධ්‍යාපන රටාව අප රටේ බෞද්ධ අධ්‍යාපනය විනාශවීමට බලපෑවා. බෞද්ධ දහම් පාසල් වැඩසටහන මෙරට ස්ථාපිත කිරීමේ උදාර වැඩසටහන ලෙස  ගාල්ල  වැලිවත්ත ශ්‍රී විජයානන්ද දහම් පාසල 1895 අගෝස්තු මස 03 දින ආරම්භ වුණා. එසේ ආරම්භ වූ දහම් පාසල් සඳහා රාජ්‍ය අනුග්‍රහය යටතේ දහම් පාසල් පෙළ පොත් ලබාදීම සිදු කළා. 1956 වර්ෂයේ බෞද්ධාගම සඳහා විශේෂ තැනක් ලැබුණා. 

    ලංකාවේ දරුවන් ලක්ෂ 22ක් 23ක් දහම්පාසල් අධ්‍යපනය ලබනවා. ඒ පිළිබඳව එක්තරා විදිහක ආඩමබර වෙන්න පුළුවන්. සාරධර්මයෙන් පිරිපුන් දරුවන් පිරිසක් රටට දායාද කිරීම සඳහා දහම් පාසල් පද්ධතිය අප රටේ පවත්වාගෙන යාම පිණිස ගරුතර මහා සංඝ රත්නයත්, ගිහි දහම් පාසල් ගුරු පිරිසත් කරන කැපවීම අප අගය කොට සැළකිය යුතුයි. කිසිඳු වේතනයක් නොලබා ගරුතර මහා සංඝරත්නය ප්‍රමුඛ දහම් පාසල් ගුරුවරුන් ඉටු කරනු ලබන කැප කිරීම අපි අගය කළ යුතුයි.

    ගෞරවනීය භික්ෂූන් වහන්සේලා විසින් සිදු කරනු ලබන මෙම කර්ත්‍යව්‍ය අගය කරන්නේ නැත්නම් එය අඩුවක්. වර්තමානයේ අප රටේ උද්ගතව ඇති වැඩි ප්‍රමාණයක් සාරධර්ම පිරීහිම් පවතින්නේ දහම් පාසල් අධ්‍යාපනය නොලත් පිරිස් වෙතින්. ඒ නිසා දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කළ යුතුයි. අපේ දරුවන්ගෙන් දහම් පාසල් යන ප්‍රමාණය බැලුවාම විශාල දරු පරපුරක් බෞද්ධ අධ්‍යාපනය ලබන්නේ නෑ. සතියකට විනාඩි 30 ක් හෝ 45 ක් බුද්ධාගම ඉගැන්නුවා කියා අපි සතුටු වෙනවානම් එය වරදක්.

    දරුවන් දහම් පාසල් තුළට යොමු කිරීම මඟින් ගුණ ගරුක දරුවන් පිරිසක් අපිට රටට දායාද කළ හැකියි. මේ පිළිබඳ සිතිය යුතු අවශ්‍ය යුගය අද එළඹිලා තියෙනවා. දහම් පාසල් පද්ධතිය තවදුරටත් ශක්තිමත්ව හා විදිමත් ක්‍රමවේද සහිත පරිපාලනයක් ඔස්සේ ඉදිරියට පවත්වාගෙන යාමට මේ වනවිට දහම් පාසල් විෂය, අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පත්කර ඇති අතර, ඒ සඳහා අමාත්‍යවරයෙකු ද පත්කරලා තියෙනවා. එය දහම් පාසල අප රජය යටතේ ඉදිරියට ගෙන යාමේ පියවරක්.

    රටේ ඉදිරි සෑම අවස්ථාවකදීම ගරුතර මහා සංඝරත්නයේ අවවාද හා අනුශාසනා මධ්‍යයේ සිදු කිරීමට අපි කටයුතු කරනවා. ගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී එය පැහැදිලව ප්‍රකාශ කළා. අපි දහම් අධ්‍යාපනය දරුවන්ට ලබාදීමට කටයුතු කරනවා. ඒ තුළින් දහම් අධ්‍යාපනය පමණක් නෙමෙයි විනය ගරුක දරුවන් පිරිසක් බිහි කිරීම අපේ යුතුකමක්.

    බෞද්ධ අධ්‍යාපනය පමණක් නෙමෙයි අන් ආගම්වල දරුවන් ද ඔවුන්ගේ ධර්මය ඉගෙනීම සඳහා සහයෝගය ලබා දෙමින් කටයුතු කරනවා. ඇතැම් ආගම්වල ධර්මය පමණක් ඉගැන්වීම් කරනවා.

    පසුගිය කාලයේ රට තුළ සිදු වූ විවිධ ප්‍රශ්න, පාස්කු ප්‍රහාරය, ත්‍රස්තවාදය යනාදී ගැටළු ඇති වුණා. එවැනි සියල්ලක් නැති කිරීමට වඩාත් දායක වෙන්නේ ආගමික අධ්‍යාපනය. කිසිම ආගමක ප්‍රචන්ඩත්වය උගන්නන්නේ නෑ. ඒ වගේම මෙම උත්සවය පැවැත්වීමට කසාගල තෝරා ගැනීම පිළිබඳවත් මා සතුටු වෙනවා. යැයි අග්‍රාමාත්‍යවරයා පැවැසීය.

    ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ ලේඛකාධිකාරී ආචාර්යය පූජ්‍ය මැදගම ධම්මානන්ද නායක ස්වාමීන් වහන්සේ, ශ්‍රී ලංකා අමරපුර සංඝසභාවේ සභාපති අති පූජ්‍ය ගන්තුනේ අස්සජි මහනායක මාහිමිපාණන් වහන්සේ, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක, ආචාර්ය, ඕමල්පේ සෝභිත නායක ස්වාමීන් වහන්සේ, සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු නියෝජ්‍ය සභාපති, මහාචාර්ය පූජ්‍ය තුඹුල්ලේ සීලක්ඛන්ධ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නය මේ අවස්ථාව සඳහා වැඩම කළ වදාළහ.

    වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමා, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා, දහම් පාසල්, පිරිවෙන් භික්ෂු අධ්‍යාපන හා බෞද්ධ විශ්වවිද්‍යාල රාජ්‍ය අමාත්‍ය ගරු විජිත බේරුගොඩ මැතිතුමා, ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය උපුල් ගලප්පත්ති මැතිතුමා, දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා හා බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් දේශබන්ධු මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා ප්‍රමුඛ දකුණු පළාත් ලේකම්තුමා හා දිස්ත්‍රික් ලේකම්තුමා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන්, දහම් පාසල් ගුරු භවතුන් හා දුවා දරුවන් මේ අවස්ථාව සඳහා සහභාගි වුහ.

  • සෞඛ්‍ය අමාත්‍යාංශය විදේශ උපාධිධාරීන්ට රිදී හැන්දෙන් බෙදද්දී ‘අපේ සිසුන්ට කන් හැන්දත් නෑ’

    සෞඛ්‍ය අමාත්‍යාංශය විදේශ උපාධිධාරීන්ට රිදී හැන්දෙන් බෙදද්දී ‘අපේ සිසුන්ට කන් හැන්දත් නෑ’

    පූර්ව සීමාවාසික , සීමාවාසික පුහුණුව ලද වෛද්‍යවරුන්ට පවා රැකියා ලබා දීමට අපොහොසත් වත්මන් සෞඛ්‍ය අමාත්‍යාංශය විදේශ උපාධිය හදාරා ERPM විභාගය පැවැත් වීමට හා එම සිසුන්ගේ පත්වීම් ලබාදීම සඳහා රජයේ වෛද්‍ය පීඨ වල සිසුන් බිල්ලට ගන්නවා මිස රටේ සමස්ත සෞඛ්‍යය කෙරෙහි සැලකිල්ලක් නොදක්වන බව නම් වර්තමානය වන විට පැහැදිලිය. 

    වසර 10කට  ආසන්න කාලයක්  වෛද්‍ය අධ්‍යාපනයේ  සහ සීමා වාසික  පූර්ව සීමා වාසික  වෛද්‍යවරුන් වශයෙන්  කටයුතු කරන එහෙත්  ස්ථිර වෛද්‍ය පත්වීම්  නොලද රජයේ වෛද්‍ය උපාධිධාරීන් ගේ ගැටලුවට විසඳුම් ලැබෙන්නේ කවදාද ?

    අවුරුදු හතලිස් පහේ රැකියා නොමැති උපාධිධාරීන්  සිටින බව හා ඒ සම්බන්ධයෙන් තම  විමතිය  මේ රටේ ගරු ජනාධිපතිවරයා පළ කළ බව පසුගියදා වාර්තා විය. එසේම විදේශ වෛද්‍ය උපාධි සහ නීති උපාධි හදාරා වයස අවුරුදු 22,23 දී  මේ රටේ වෛද්‍යවරුන් සහ නීතිවේදීන් වශයෙන් කටයුතු කරන රජයේ  ඉහළම බලධාරින්ගේ දූ දරුවන් සිටින බවද  රටට රහසක් නොවේ.

    එහෙත් මේ රටේ ඉහළම අධ්‍යාපන සුදුසුකම් ලබා රජයේ වෛද්‍ය පීඨ වලට ඇතුළත් වන සිසුවෙක් හෝ සිසුවියක් තමන් උසස් පෙළ විභාගය සමත් වූ දින සිට රජයේ ස්ථිර පත්වීම් ලද වෛද්‍යවරුන්  වශයෙන්  පත්වීම ලබා ගැනීම තෙක් වසර 10කට ආසන්න කාලයක් ගත කරන බව හා එය එසේ පවත්වා ගැනීමට වෛද්‍ය පීඨ වල සිටින සමහරක්  පීඨාධිපතිවරුන් ආචාර  මහාචාර්යවරුන්  හා විශේෂයෙන් උප කුලපතිවරුන්  සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළින්ම සිටින ඇතැම්  නිලධාරීන් කටයුතු කරන බවට වෛද්‍ය අධ්‍යාපනය හා ඔවුන්ගේ රැකියා සුරක්ෂිතතාවයෙන් වෙනුවෙන්  දැනුවත්ව කටයුතු කරන  වෛද්‍ය ප්‍රජාවට රහසක් නො වේ.

    විවිධ අර්බුද මැද විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨ වසා තැබූ කාලයෙ එනම් රාගම වෛද්‍ය පීඨය ජන සතු කිරීම, සයිටම් අර්බුදය, වැනි කාලවලදී පවා එදා විපක්ෂයේ රාජකාරි කටයුතු කළ දේශපාලනඥයින් පවා වෛද්‍ය පීඨ නිසි ලෙස පවත්වා  ගැනීමට උපකාරී කළ බව හා රටේ අනාගත දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් වෛද්‍ය පීඨ කඩිනමින් විවෘත කිරීම සඳහා මැදිහත් වූ බව   රටට රහසක් නො වේ. එහෙත් එවන් පසුබිමක ..රාජ්‍ය යාන්ත්‍රණය පවා නොමඟ යවමින් තම පුද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් කටයුතු කරන ඉහත දක්වා ඇති  ඉහළ රාජ්‍ය නිලධාරීන් තමන්ගේ දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් මේ රටේ සමස්ත සෞඛ්‍යම වළපල්ලට ඇද දමමින් සිටින බව වර්තමානය වන විට මනාව පැහැදිලි වේ.

    එයට උදාහරණ එනම් 2010 වසරේ අපොස උසස් පෙළ ලියන ලද සීමාවාසික පුහුණුව ලද වෛද්‍යවරුන් හට අදටත් පත්වීම් ලබා දී නොමැත. එසේම 2011 අධ්‍යන වර්ෂයේ උසස් පෙළ ලියන ලද අයවලුන්  අදටත් සීමාවාසික වෛද්‍යවරුන් වශයෙන් රජයේ රෝහල් තුළ කටයුතු කරමින් සිටින අතර වසර දහයකට ආසන්න කාලයක් ගත වී ඇත .

    එසේ ම  එම අයවලුන් හට පත්වීම් ලබා දීම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් උවමනාවෙන්  විවිධ ප්‍රශ්න දමමින්  ඇති කරමින්  කටයුතු කරන බව හා එයට අවැසි පහසුකම් ලබා නොදෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවා ප්‍රකාශ කල බව අප හට මතකය.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්නායක අභිබවමින් ජනගහනයට සාපේක්ෂව අප රට තුළ (670 ට එකක් ) වෛද්‍යවරුන් සිටියත්  දුෂ්කර පළාත්වල උග්‍ර වෛද්‍යවරු හිඟයක් පවතින බව ජනාධිපති තුමාගේ රාජාසන කතාවේදී පවා ප්‍රකාශ කරන ලදී.

    ජනගහනයට සාපේක්ෂව කොළඹ දිස්ත්‍රික්කයේ 400 කට එක් වෛද්‍යවරයෙක්  හා නුවරඑළිය දිස්ත්‍රික්කය 3000  කට එක් වෛද්‍යවරයෙක්  සිටිනුයේ සෞඛ්‍ය අමාත්‍යංශයේ වරදින්  මිස වෛද්‍යවරුන්ගේ වරදින් නොවේ.

    එහෙත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වරදින් පත්වීම්  ලබා ගැනීම  අපේක්ෂාවෙන් 2500 පමණ පූර්ව  සීමා වාසික වෛද්‍යවරුන්   පිරිසක් බලාපොරොත්තුවෙන් සිටින  රටක් බවට ශ්‍රී ලංකාව පත් ව ඇත, එසේම ජනාධිපති තුමාගේ රාජාසන කතාවට ද අපහාසයක් සෞඛ්‍යය  අමාත්‍යාංශයේ බලධාරීන් විසින් සිදු කර ඇත.

    එවන් පසුබිමක රජ ය පවා අපහසු තාවයට පත් කරමින් තම පුද්ගලික අරමුණු වෙනුවෙන් කටයුතු කරන සෞඛ්‍ය අමාත්‍යාංශයේ හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙනත් රාජ්‍ය ආයතන වල  සිටින ඉහළ නිලධාරීන් කීප දෙනා  විසින් විදේශ වල ඉගෙන ගන්නා ඔවුන්ගේ දූ දරුවන්ට තැන ලබා දීමට යාමෙන් සිදු වනුයේ එක් විදුලි අධිකාරීවරයෙක් නිසා ඔහුගේ වරදින් රටකට විදුලිය නැති ව විශාල අලාභයක් සිදු වූවා සේ ම රජයේ ආයතන මෙන් ම  සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ සිටිමින් පුද්ගලික අරමුණු වෙනුවෙන් කටයුතු කිරීම නිසා රටේ සමස්ත සෞඛ්‍ය  ක්ෂේත්රයේ ම බරපතළ අර්බුදයකට පත්වීමයි.

    පූර්ව සීමාවාසික , සීමාවාසික පුහුණුව ලද වෛද්‍යවරුන්ට පවා රැකියා ලබා දීමට අපොහොසත් වත්මන් සෞඛ්‍ය අමාත්‍යාංශය විදේශ උපාධිය හදාරා ERPM විභාගය පැවැත් වීමට හා එම සිසුන්ගේ පත්වීම් ලබාදීම සඳහා රජයේ වෛද්‍ය පීඨ වල සිසුන් බිල්ලට ගන්නවා මිස රටේ සමස්ත සෞඛ්‍යය කෙරෙහි සැලකිල්ලක් නොදක්වන බව නම් වර්තමානය වන විට පැහැදිලිය. 

    එහෙත්  අවම ප්‍රමිතිය සම්බන්ධ ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යාමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ තිබූ අදාළ නිවේදනය පිටපත් පන්සියයක් පමණ අස්ථානගත ව නැවත සැකසීමට සිදුවී ඇත .  සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ තරම් දුර්වල ද එය වැළැක්වීමට කටයුතු කරන ලද්දේ අන්තවාදී හෝ සුදුසුකම් රහිත තම දරුවන් දමා දන්නා අයවලුන් හෝ ජාවාරම් කරුවන් විසින් ද  වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය නීති ගත  නොවන තාක් කල්   නුසුදුසු වූ වෛද්‍යවරුන් අතින් රෝගීන්ට කෙරෙහි වන බලපෑම ඔවුන්ගේ ජීවිත සම්බන්ධ ගැටළුවට වග කියන්නේ කවුද? අප ඉන්දියාව සහ මැලේසියාව මෙන් වෙමු ද ?

    වර්තමානයේ වෛද්‍ය පත්වීම් ලබා නොදීම තුළ 2014 වසරේ උසස් පෙළ හදාරන ද සිසුන්ගේ  අවසන් වෛද්‍ය විභාගය 2021 වසරේ ජූලි මස පැවැත්වීමට කටයුතු කර තිබුනත් වර්තමානය වන විට එය 2022 වසරේ සැප්තැම්බර මස දක්වා කල් තබා ඇති බව අද වන විට වාර්තා වන අතර මෙය කොතරම් බරපතළ අපරාධයක් ද ?

    සයිටම් අර්බුදය  සහරාන් ගේ ප්‍රහාරය කාලසීමාවේ වෛද්‍ය පීඨ ක්‍රියාත්මක ව නොපැවති අතර කොවිඩ් 19 අර්බුදය පැවති කාලයේ රජයේ වෛද්‍ය පීඨ සිසුන් අන්තර්ජාලය හරහා ඉගැන්වීම් කටයුතු සිදු කරන ලදී එහෙත් එම කාල සීමාවන් ද නොසලකා තවත් වසරකට ආසන්න කාලයකින් වෛද්‍ය අධ්‍යාපනය  දිගු කිරීම  එම දරුවන්ට හා රටට කරන බලවත් අපරාධයක් නොවේ ද  එම දරුවන්ගේ   හෙට දවස වෙනුවෙන් දෙමාපියන්ට වියදම් දැරීමට සිදු වනවා සේම රජයටත් අමතර අවුරුද්දකට ආසන්න කාලයක් පඩි නඩි සහ අනිකුත් වියදම් දැරීමට සිදුවීම අපරාධයක් නොවේ ද ?

    එහෙත් රජයේ පීඨ වල ප්‍රමිතිය සොයන  එහි කාලය දික් කරන අයවලුන්  තමන්ගේ දරුවන් මේ රට සිට විදේශ වෛද්‍ය  අධ්‍යාපනය  හදාරමින් විභාග පවා ඔන්ලයින් ක්‍රමයට සිදු වන ව්ට නිස්සද්දව එයට අනුමැතිය ලබා දෙමින් සිටින්නේ ය වෛද්‍ය අධ්‍යාපනය *විභාග* ඔන්ලයින් ක්‍රමයට සිදු කළ හැකි ද    ආචාර මහාචාර්යවරුන් රජයේ උසස් නිලධාරීන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන්  එය අනුමත කරන්නේ කෙසේද ?

    තමන්ගේ දරුවන් එම කණ්ඩායම තුළ සිටින නිසා නේද ? වසරකට, තරගකාරී විභාගයකින් අනතුරුව  1500ක පමණ පිරිසක් සුදුසු කම්  ලබා  රටෙහි වෛද්‍ය පීඨ වලට එකතු වන අතර දහසකට ආසන්න පිරිසක් වාර්ෂිකව විදේශ වෛද්‍ය අධ්‍යාපනය හැදෑරීම සඳහා කටයුතු කරන්නේ ය  එහෙත් රජයේ ඉහළ නිලධාරීන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් වෛද්‍ය පීඨවල සමහරක් පීඨාධිපතිවරුන් උපකුලපතිවරුන්  ප්‍රමුඛතාවය ලබා දෙන්නෙ  ද රජයේ වෛද්‍ය පීඨවල  සුදුසුකම් ලබන සිසුන්ට නොව මුදල් මත අඩු සුදුසුකම් මත විදේශ වෛද්‍ය අධ්‍යාපනය හදාරන අයවලුන්ට ය … ඒ ඔවුන්ගේ දරුවන් සිටින නිසා ය.

    මෙ සේ සුදුසුකම් ලබන ඉතා ඉහළ  ප්‍රමිතියෙන් යුත් සීමාවාසික පුර්ව සීමාවාසික සහ වෛද්‍ය සිසුන්ගේ පත්වීම් ලබා දීමේ කාල සීමාව දීර්ඝ කරමින් අඩු සුදුසුකම් මත විදේශ  වෛද්‍ය උපාධිය හැදෑරූ  සිසුන් ට තැන දීමට යාමෙන්  අනාගතයේ දී රට ඉන්දියාවට  සිදු වූ ආකාරය ට පත් වනු ඇත. කොවිඩ්  19  සම්බන්ධයෙන් අපට පාඩම් කියා දී ඇත එහෙත් එයින් පාඩම් ඉගෙන ගත් බවක් නම් පැහැදිලි නො වේ.

    වෛද්‍ය අධ්‍යාපනය අවම ප්‍රමිතිය නීති ගත නො වීම හේතුවෙන් අපොස උසස් පෙළ අසමත් විදේශ වෛද්‍ය උපාධිය හැදෑරූ සිසුන් 750 කට පමණ ERPM විභාගයට  ඉඩදීමට සිදුව ඇත ,එසේම පසුගිය වසරේ අපොස් උසස් පෙළ අසමත් සිසුන් දහනම දෙනෙක් ද මේ වසරේ 11දෙනෙක් හට ද සීමා  වාසික පත්වීම් ලබා දී ඇත.

    එසේ වෛද්‍ය පත්වීම් ලබන විදේශ උපාධිධාරීන්  පරිපාලනයට ගියහොත් එතන අර්බුදය ඇති කරන්නේ ය වෛද්‍ය වරයෙක් වශයෙන් වැඩ කළ හොත් රෝගීන්ට දෙවියන්ගේ පිහිටය අනාගතයේ මේ රටේ රෝගීන් ට ගෙදර ගියොත් තෝ නසී මඟ හිටියොත් අඹු නසී වදන ආදේශ කළ හැක.

    2015 වර්ෂයේ අපොස උසස් පෙළ ලියන ලද 1996 වසරේ උපත ලද අයවලුන්  රජයේ වෛද්‍ය පීඨ වල තෙවැනි වසරේ  ඉගෙනුම් කටයුතු කරද්දී අන්තර් ජාතික විෂය හදාරා මෙරටින් පිටව ගොස් වෛද්‍ය උපාධිය ලබා ගත් අයවලුන් අද වන විට හම්බන්තොට, කොළඹ ළමා රෝහලේ හා  රජයේ රෝහල් වල   සේවය කරන අතර 2015,වසරේ අපොස උසස් පෙළ කරන ලද  රජයේ වෛද්‍ය පීඨ වල සිසුන් මේ යන ආකාරයට 2025 වසරේ දී හෝ වෛද්‍ය පත්වීම් ලබා ගැනීම සැක  සහිතය එහෙත් 1996 වසර ඉපිද විදේශ අධ්‍යාපන ලද අයවලුන් දේශීය සුදුසුකම් ලබන සිසුන්ට වඩා වසර පහකින් ඉදිරියට ගියේ රටේ අධ්‍යාපනයේ,සෞඛ්‍ය අමාත්‍යාංශය  දුර්වලතා නිසා නො වේ ද ?

    එසේම අද වන විට වෛද්‍ය උපාධිය සඳහා විදේශ ගත වීම ජාවාරමක්  බවට පත්ව ඇති  අතර  විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණුව නොලබමින්  නුපුහුණු ශ්‍රමිකයින් මෙරටින් ජාවාරම්කරුවන් පිට කරන ආකාරය ට අපොස උසස් පෙළ අසමත් අයවලුන් සමත් ලෙස ලෙස හුවා දක්වමින් පිට රට යවන අතර නිසි සායනික පුහුණුවක් නොලද අදාල අයවලුන්  හට මෙරට දී සුජාත භාවය ලබාදීම සඳහා රාජ්‍ය යාන්ත්‍රණය උපයෝගි කර ගෙන ඇත   .අනාගතයේ දී අපොස උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් උසස් ලකුණු ලබා ගන්නා සිසුන් අතළොස්සට පවා රැකියාව ලබා ගැනීම සඳහා පාරේ සටන් කිරීමට සිදු වනු ඇත.

    සීමාවාසික පුහුණුව ලබමින් සිටින විදෙශ වෛද්‍ය උපාධිධාරීන්  සම හරක් ෆේස්බුක් සමාජ ජාලා මාධ්‍ය භාවිත කරමින්(අවිස්සාවේල්ල රෝහලේ පවා නම සඳහන් කරමින් ) විදේශ වෛද්‍ය අධ්‍යාපනය හැදෑරීම සඳහා දැන්වීම් නිකුත් කරමින් ඇත. සීමාවාසික පුහුණු කාලයේ දී එසේ කටයුතු කරන්නේ නම් එය අවසන් වූ පසු කෙසේ කටයුතු කරනු ඇත්ද ?

    එසේ ම කවුරුත් කතා නොකරන මාතෘකාවක් වනුයේ මේ පිටුපස ඇති අන්තවාදී දේශපාලන පක්ෂ විසින් හසුරුවන බලපෑම අති මහත් ය ….එය දැන් වත් නතර කළ යුතුව ඇත.

    එසේම කොවිඩ් 19 අර්බුද කාලයේදි  වෛද්‍ය නිල ලාංඡන සඳහන් කර එය අව භාවිත කළ පුද්ගලයෙක් පොලිසියට හසු වූ අතර එම කාලයේ දී මාධ්‍ය වෘත්තීය පාවා දෙමින් දේශපාලන නායකයන් ඝාතනය කිරීම සඳහා මාධ්‍ය නිල ලාංඡන භාවිතා කරමින් කටයුතු කළ මාධ්‍යවේදී ත්‍රස්තවාදීන් වර්තමානය වන විට හසු වී ඇති අතර ත්‍රස්තවාදීන් ට අනුබල දුන් තවත් පිරිසක් විදේශ ගතව ඇත ,එමෙන් ම අනාගතයේ දී වෛද්‍ය නිල ලාංඡන භාවිතා කරමින් ත්‍රස්තවාදී කටයුතු මත්ද්‍රව්‍ය ජාවාරම් වල නියැලී සිට හසු වුවහොත් වත්මන් තත්ත්වය අනුව එය පුදුමයට කාරණයක් නොවනු ඇත.

    තමන්ගේ දරුවන් වෙනුවෙන් මේ රටේ   රෝගීන්ගේ රෝගී ජීවිත අයිතිවාසිකම් විනාශ කරන අයවලුන් මේ රට තුළ එම වෘත්තිය ගණිකා වෘත්තියක් බවට පත් කර ඇත.

    එ වැනි අයවලුන් සිටියදී පවා රජයේ වෛද්‍ය පීඨ වල තම උපරිම කාලය යොදවමින් තමන්ගේ දරුවන්ට හා සමාන සෙනෙහසක් ලබා දෙමින්  අධ්‍යන කටයුතු කරන වෛද්‍ය ගුරු ආචාර්ය මහාචාර්ය තුමන්ලාට රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ කෘතවේදී උපහාරය මේ අවස්ථාවේ පුද කළ යුතු ව ඇත ඔවුන්ගේ බලපෑම නොවන්නට මෙය තව දුරටත් බරපතල වනු ඇත. එවන් දෙවිවරු බඳු මිනිසුන් මැද තම වෘත්තිය හෑල්ලු කරමින් තමන්ගේ දරුවට අවුරුදු හතර හමාරෙන් විදේශ වෛද්‍ය  උපාධිය  ලබා දීමට කටයුතු කරන තක්කඩි උපකුලපතිවරු මහාචාර්යවරු නැතුවා ද නොවේ.

    වෛද්‍ය වෘත්තියේ සහ වෛද්‍ය පීඨ වල අර්බුද ඇති කිරීමට සූක්ෂ්මව ක්‍රියාකරන රාජ්‍ය යාන්ත්‍රණය තුළ  සිටින ඉහද පණුවන් සහ වෛද්‍ය වෘත්තියේ සිටින  එන්ජීඕ කරුවන්  පිළිබඳ වත්මන් රජය මීට වඩා සැලකිල්ලක් දක්වා කටයුතු කළ යුතු ව ඇත.

    එසේ ම පූර්ව සීමාවාසික වෛද්‍යවරුන්ට පත්වීම් ලබා දීමටත් විවිධ අර්බුද හේතුවෙන් වෛද්‍ය පීඨ වල කාලය  දීර්ඝ කිරීමට යාම නිසා එහි සිටින සහ ඇතුළත් ඇතුලත් වීමට බලාපොරොත්තුවෙන් සිටින සුදුසුකම් ලත් දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කර මේ රටේ සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රය ම ආරක්ෂා කර ලීම සඳහා රාජ්‍ය යාන්ත්‍රණය තුළ සිටින දූෂිත නිලධාරීන්ට ඉඩ ලබා නොදීමෙන් හා එක නීතියක් එක රටක් යන සංකල්පයට රට ඔසවා තැබීමට වත්මන් රජයේ බලධාරීන් ට හැකියාව ලැබිය යුතු ව ඇත.

    වසර දහයකට  ආසන්න කාලයක්  වෛද්‍ය අධ්‍යාපනයේ සහ සීමා වාසික  පූර්ව සීමා වාසික  වෛද්‍යවරුන් වශයෙන්  කටයුතු කරන එහෙත්  ස්ථිර වෛද්‍ය පත්වීම්  නොලද රජයේ වෛද්‍ය උපාධිධාරීන් ගේ ගැටලුවට හා වසර දහයකට ආසන්න කාලයක් වෛද්‍ය උපාධිය වෙනුවෙන් වෛද්‍ය පීඨ තුළ ද සිටින දුවා දරුවන් ට ගත කිරීමට සිදු වීම  සම්බන්ධයෙන්  විසඳුම් ලැබෙන්නේ කවදාද ?

    දරුවන්ගේ අයිතීන් වෙනුවෙන් අපට පාරට  බැසීමට සිදු  නොවේවා යන්න බලධාරීන් වටහා ගනු ඇතැයි උදක්ම බලාපොරොත්තු වෙමු. 

    වසන්ත අල්විස් – මාධ්‍ය ප්‍රකාශක රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය

  • Covid-19: ඉන්දියාවේ සිට පැමිණි කාන්තාවක් මරුට

    Covid-19: ඉන්දියාවේ සිට පැමිණි කාන්තාවක් මරුට

    ඊයේ (22) දින රාත්‍රී IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් කොවිඩ් – 19 වෛරසය හේතුවෙන් මියගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වෙතින් අද (23) දින නිකුත් කළ නිල නිවේදනයක සදහන් වේ.

    එහි සදහන් වන්නේ ඉන්දියාවේ සිට මෙරටට පැමිණි ඇය 47 හැවරිදි කාන්තාවක් වන අතර හෘද රෝගයකින් පීඩා විඳ ඇති බවයි.

    අදාළ කාන්තාව සම්බන්ධ සියලු නිල තොරතුරු පහත දැක්වේ.

  • කොවිඩ් ආසාදිතයින් 06ක් වාර්තා වෙද්දී 161කගේ නිරෝධානය අවසන්

    කොවිඩ් ආසාදිතයින් 06ක් වාර්තා වෙද්දී 161කගේ නිරෝධානය අවසන්

    කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය NATIONAL OPERATIONS CENTRE FOR PREVENTION OF COVID – 19 වෙතින් අද (23) දින ඉදිරිපත් කරනු ලබන තොරතුරු පහත සඳහන් වේ.

    අද (23) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුලින් කොවිඩ් – 19 ආසාදිත  පුද්ගලයින් හය දෙනෙකු (06) හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් හය දෙනා (06) අතරින් එක් පුද්ගලයෙක් (01) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ මුලතිවු ශ්‍රී ලංකා ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ දපුද්ගලයින් දෙදෙනෙකු (02) කුවේට් සිට මෙරටට පැමිණ තිස්සමහාරාම ඉකෝ සෆාරි සහ කොළඹ GSH හෝටල් නිරෝධායන මධ්‍යස්ථාන තුලදඑක් පුද්ගලයෙකු (01) ඇමරිකා එක්සත් ජනපදයේ සිට මෙරටට පැමිණ රාජගිරිය ආයුර්වේද නිරෝධායන මධ්‍යස්ථානයේ සහ ඉන්දියාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (02) වස්කඩුව සිට්‍රස් නිරෝධායන මධ්‍යස්ථානයේ ද නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් ලෙස වාර්තා වේ.

    අද (23) දින උදෑසන වනවිට කන්දකාඩු සහ සේනපුර මත්ද්‍රව්‍ය නිවාරණප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයන්ට සම්බන්ධ සියළු ආසාදිතයින් සංඛ්‍යාව 629 දෙනෙකු වේ. 

    පුනරුත්ථාපනය වන රැඳවියන්   –  508

    කාර්ය මණ්ඩලය  – 67

    ආරාධිත කාර්ය මණ්ඩලය  – 05

    පවුල් හා සමීපතමයින් – 48

    වැලිකඩ බන්ධනාගාරයේ කොවිඩ් – 19 වෛරසය –  01

    ආසාදිත වූ රැඳවියා ඇසුරු කළ පුද්ගලයින් එකතුව –   629

    අද (23) දින උදෑසන UL 1710 දරණ මගී ගුවන් යානය මගින් නයිරොබි සිට පුද්ගලයින් එකසිය දහ දෙනෙකු ද (110), EK 648 දරණ මගී ගුවන් යානය මගින් ඩුබායි සිට පුද්ගලයින් තිස් එක් දෙනෙකු ද (31), QR 668 දරණ මගී ගුවන් යානය මගින් දෝහා කටාර් සිට පුද්ගලයින් දහ නව දෙනෙකු ද‍ (19), 6E 9034 දරණ මගී ගුවන් යානය මගින් චෙන්නායි සිට පුද්ගලයින් දාහතර දෙනෙකු (14) සහ UL 606 දරණ මගී ගුවන් යානය මගින් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි සිට පුද්ගලයින් දෙසිය තිස් අට දෙනෙකු (238) මෙරටට පැමිණ ඇත. එසේ පැමි‍ණි පුද්ගලයින් සියළු දෙනා ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත.

    අද (23) දිනය තුළදී ද ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පුද්ගලයින් එකසිය හැට එක් දෙනෙකු (161) තම නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතව ඇත. ඒ අනුවබියගම විලේජ් නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් දෙදෙනෙක් (02)ගල්කිස්ස හෝටල් නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් දෙදෙනෙක් (02)දියතලාව නිවාඩු නිකේතන නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් අසූ නව දෙනෙක් (89)බියගම ක්‍රීඩා සංකීර්ණ නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් දස දෙනෙකු (10) සහ ජෙට්වින් බීච් නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් පනස් අට දෙනෙක් (58) වශයෙන් වේ.

    එසේමඅද (23) දිනය වනවිට පුද්ගලයින් 31,173 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇත. 

    එසේමඅද (23) දිනය වනවිට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 52 ක් තුළ පුද්ගලයින් 7,304 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.

    ඊයේ (22) දිනය තුලදී PCR පරික්‍ෂණ 1710 ක් සිදුකර ඇති අතරමේ වනවිට ශ්‍රී ලංකාව තුළ PCR පරික්‍ෂණ 202,907 ප්‍රමාණයක් සිදුකර ඇත.

    අද (23) දින උදෑසන 0600 වනවිට පුද්ගලයින් නව දෙනෙකු (09) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර ඉන් එක් පුද්ගලයෙකු (01) විදේශයන්හි සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයන්හී නිරෝධායන කටයුතු වල නිරතව සිටි පුද්ගලයෙකු වන අතර ඉතිරි පුද්ගලයින් අට දෙනා (08) දේශීයව හඳුනාගත් කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් සහ ඔවුන් ළඟින් ඇසුරු කළ පුද්ගලයින් ලෙස වාර්ථා වේ.

    ඒ අනුවකන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධ පුද්ගලයින් 597 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. දැනට එම මධ්‍යස්ථානයට සම්බන්ධව ප්‍රතිකාර ලබන සම්පූර්ණ කොවිඩ් – 19 ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 32 දෙනෙකු වේ.

  • ‘විදුලිය කැපීම’ නවතී

    ‘විදුලිය කැපීම’ නවතී

    නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයෙන් මෙගා වොට් 300ක් අද (21) සිට නැවත ජාතික විදුලි පද්ධතියට එකතු කළ බවත් ඒ අනුව අද දිනයේ සිට දිවයිනේ විදුලි විසන්ධි කිරීමක් සිදුනොවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති, විජිත හේරත් මහතා පවසයි.

    මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් විජිත හේරත් මහතා කියා සිටියේ, නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයෙන් ජාතික විදුලි පද්ධතියට මෙගා වොට් 900ක් සපයන අතර, පසුගිය දා සිදුවු විදුලි බිඳවැටීම හේතුවෙන් එම බලාගාරයේ ජනන යන්ත්‍ර ද ක්‍රියා විරහිත වීම හේතුවෙන් පසුගිය අගෝස්තු මස 18වන දින සිට ක්‍රියාත්මක වන පරිදි දින 4ක්, දිනකට පැයක කාලයක් දිවයින පුරා විදුලිය විසන්ධි කිරීමට සිදු වූ බවයි.

    මේ අතර, කෙරවලපිටිය විදුලි බලාගාරයේ නඩත්තු කටයුත්තක දී විදුලි අධිකාරිවරයෙක් සිදුවූ අත්වැරදීමක් හේතුවෙන් මුළු දිවයිනටම විදුලිය විසන්ධි වූ බව ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරි (සම්ප්‍රේෂණ) ආචාර්ය සුසන්ත පෙරේරා මහතා පවසයි.

  • මහ බැංකුව විසින් නියාමනය කරන ආයතනවලට අදාළ විමසීම් කිරීමට මහජනතාවට අවස්ථාව

    මහ බැංකුව විසින් නියාමනය කරන ආයතනවලට අදාළ විමසීම් කිරීමට මහජනතාවට අවස්ථාව

    මහ බැංකුව විසින් 1949 අංක 58 දරණ මූල්‍ය නීති පනතේ, සංශෝධිත, 33 වන වගන්තියේ විධිවිධාන යටතේ නියාමනය කරනු ලබන ආයතන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත යොමු කරනු ලබන සියලුම පැමිණිලි, දුක්ගැනවිලි හා විමසීම් පිලිබදව සේවය සැපයීම සඳහා සම්බන්ධ කර ගත හැකි මධ්‍යස්ථානය ලෙස “මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව” නමින් නව දෙපාර්තමේන්තුවක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2020.08.10 දින සිට ස්ථාපනය කරන ලදී.

    මූල්‍ය පාරිභෝගිකයින්ගේ පැමිණිලි සහ දුක්ගැනවිලි ආමන්ත්‍රණය කිරීම යනු මූල්‍ය වෙළෙඳපොල නියාමනය සහ දිගු කාලීන මූල්‍ය පද්ධති ස්ථායිතාවයේ පරමාර්ථයකි. මූල්‍ය සේවා සැපයීමේදී මූල්‍ය සේවා සපයන්නන් අතර වැඩි වන තරඟකාරිත්වයත් සමඟ, මූල්‍ය සේවා භාවිතා කරන්නන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමට සහ එමඟින් මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව සහ අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට සුදුසු යාන්ත්‍රණයක් අවශ්‍ය වේ. ශ්‍රී ලංකාවේ මූල්‍ය වෙළෙඳපොලෙහි මූල්‍ය පාරිභෝහිකයින්ගේ අත්දැකීම් පිළිබඳ මෑත කාලීන වාර්තා පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකා මහ බැංකුව  විසින් නියාමනය කරනු ලබන ඇතැම් මූල්‍ය සේවා සපයන්නන් මෙන්ම අවිධිමත් මූල්‍ය සේවා සපයන්නන් විසින් ඉතා ඉහල  මූල්‍යමය සාක්ෂරතාවයකින් යුත් පාරිභෝගිකයින් පවා නුසුදුසු වෙළෙඳපොල හැසිරවීමට ගොදුරු කරගෙන ඇති බවයි.

    ආරම්භයේදී, ශ්‍රී  ලංකා මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන මූල්‍ය සේවා සපයන ආයතන පිළිබඳ මූල්‍ය පාරිභෝගික පැමිණිලි සහ දුක්ගැනවිලි කෙරෙහි මෙම මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව අවධානය යොමු කරනු ලබන අතර වෙළෙඳපොල හැසිරීම අධීක්ෂණය කිරීම, පාරිභෝගික සවිබල ගැන්වීම, මූල්‍ය පාරිභෝගික අධ්‍යාපනය, මූල්‍ය සේවා සපයන ආයතන වල අසාධාරණ තරඟකාරිත්වය නියාමනය කිරීම වැනි ක්ෂේත්‍ර දක්වා ආවරණය පුළුල් කිරීම අපේක්ෂා කෙරෙනු ඇත. මෙම ආරම්භයේ අවසාන පරමාර්ථය වන්නේ ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ පාරිභෝගිකයින්ගේ සහ ආයෝජකයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ස්වාධීන අධිකාරියක් පිහිටුවීම වේ.

    ඒ අනුව පහත සඳහන් සන්නිවේදන මාධ්‍ය ඔස්සේ, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන ආයතනවලට අදාළ විමසීම්, පැමිණිලි සහ දුක්ගැනවිලි යොමු කිරීමට මහජනතාවට අවස්ථාව සලසෙනු ඇත.

    දුරකථන : 94 11 247 7966
    ෆැක්ස් : 94 11 247 7744
    තැපැල් ලිපිනය : මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව, අංක 30, ජනාධිපති මාවත, කොළඹ 01
    විද්‍යුත් තැපැල් ලිපිනය : fcrd@cbsl.lk

  • 4% ණය ඉල්ලුම්පත් භාරගැනීමේ අවසාන දිනය සැප්තැම්බර් 30

    4% ණය ඉල්ලුම්පත් භාරගැනීමේ අවසාන දිනය සැප්තැම්බර් 30

    2020 අගෝස්තු 19 වන දින පැවති මුදල් මණ්ඩල රැස්වීමේදී 4% කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමයේ කාලසීමාව දීර්ඝ කිරීමට මුදල් මණ්ඩලය තීරණය කළේය. ඒ අනුව, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාර සහ පුද්ගලයින්ට සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද සහන ණය පහසුකම යටතේ සිය ණය අයදුම්පත් 2020 සැප්තැම්බර් 30 දක්වා අදාළ බලපත්‍රලාභී බැංකුවලට ඉදිරිපත් කළ හැකිය.

    ඉහත පහසුකම යටතේ බලපත්‍රලාභී බැංකු මඟින් අයදුම් කරන ලද ණය අයදුම්පත් 36,489ක් සඳහා රුපියල් මිලියන 100,017ක් අනුමත කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව 2020 අගෝස්තු 18 වන දිනට රුපියල් බිලියන 100ක ණය කඩඉම අභිබවා යන ලදී. අනුමත ණයවලින් බලපත්‍රලාභී බැංකු 2020 අගෝස්තු 18 වන විට දිවයින පුරා පීඩාවට පත් ව්‍යාපාර සහ පුද්ගලයින් 25,365ක් අතර බිලියන 68.5ක් මුදා හැර ඇත. (විස්තර සඳහා 1 වන වගුව බලන්න).

  • සතියේ දේශපාලන Gossip: රනිල්ගේ කල්ලිය කරුට එරෙහිව මඩ මෙහෙයුමක

    සතියේ දේශපාලන Gossip: රනිල්ගේ කල්ලිය කරුට එරෙහිව මඩ මෙහෙයුමක

    කරු ජයසූරිය මහතාගේ නම එ.ජා.ප නායකත්වයට මුලදී යෝජනා කළේ රවි කරුණානායක හා දයා ගමගේ වුවද දැනට ඒ වෙනුවෙන් දැවැන්ත ලෙස පෙනී සිටිනුයේ ඉන් එක් අයෙක් පමණක් බවද එ.ජා.ප ආරංචි මාර්ග කියයි.

    සටහන – ගජබා නාගහවත්ත

    මහමැතිවරණයේදී එ.ජා.ප ය ලැබූ පසුබෑමෙන් අනතුරුව ඇතිවූ අභ්‍යන්තර දේශපාලන වියවුල නායකත්වය වෙනස් කිරීම සදහා වූ විවිධ බලපෑම් මෙන්ම ජාතික ලැයිස්තුව පත් කිරීමේ අවසන් තීන්දුව තවම නොගැනීම ආදි පසුබිම තුළ එ.ජා.ප ය වසර 73 කින් පසුව අභිනව පාර්ලිමේන්තුවේ දී නියෝජනයක් කිරීමට නොහැකිවීම කැපී පෙනෙන ලක්ෂණයකි.

    එ.ජා.ප ජාතික ලැයිස්තුවට අදාළ නම යැවීම පසුගිය 15 වන සිකුරාදායින් අවසන්වීමට තිබුණ ද එ.ජා.ප ය ඒ සදහා කල් ලබාගෙන තිබේ. එසේ නොවූවා නම් එ.ජා.ප ය විසින් මැතිවරණ කොමිසම වෙත යවනු ලැබූ ලැයිස්තුවේ මුල් නම ලෙස තිබු ජෝන් අමරතුංග මන්ත්‍රීධූරය ලෙස පත් කිරීමට ඉඩ කඩ තිබිණ.

    කෙසේ වෙතත් එ.ජා.ප නායකයා හා කෘත්‍යාධිකාරි මණ්ඩලය මන්ත්‍රීධූරයට අදාළ නමක් තීන්දු කිරීමෙන් පසු එය කොමිසමට යැවීමට නියමිතය.

    එ.ජා.ප නායකත්ව සටන තවදුරටත් නොනිමි අරගලයක් බවට පත්ව තිබෙන පසුබිමක හා 08 දෙනෙකු ඒ සදහා තරඟ වදින පසුබිමක වත්මන් නායකයා තවදුරතේ රැදී සිටිමට තීන්දු කොට තිබේ.

    එසේම එ.ජා.ප ය තුළ මේ වන විට සිටින සියළු දෙනා පරාජිතයන් වන හෙයින් පරාජිතයෙකුට නායකත්වය බාරදීම පක්ෂයේ අනාගතයට කෙසේ බලපාවිද යන්න පිළිබදවත් එ.ජා.ප ය තුළ පුළුල් සංවාදයක් ඇරඹී තිබේ.

    එවැනි පසුබිමක බදාදා සිරිකොතට පැමිණි තිනියාවල පාලිත, බෝපිටියේ ධම්මිස්සර ඇතුළු හිමිවරු 15 දෙනෙක් නායකයා හමුවී ලිපියක් බාරදී ඉල්ලා සිටියේ නායකයා අපේක්ෂා නොකළ ඉල්ලීමකි.

    “ඔබතුමා වසර 26 ක් නායකත්වයේ හිටියා. පාක්ෂිකයන් පැතු ජයග්‍රහණ ලබාගන්න බැරි වුණා. පමණක් නොවෙයි ලැබු ජයග්‍රහණ රැක ගැනීමටත් නොහැකි වූ නිසා දැන් ඉවත් වී කරු ජයසූරිය මහතාට නායකත්වය බාර දෙන්න. ඊට අදාළව මේ ලිපියට වහාම අත්සන් කොට අපට බාර දෙන්න.” හිමිවරු ඉල්ලූහ.

    එම ඉල්ලීමෙන් වික්ෂිප්ත වූ නායක රනිල් ලිපිය පසෙක තබා කරුණු පැහැදිලි කරන්නට විය.

    “ඔබවහන්සේලා කරු ජයසූරිය මහතා ගැන කතා කරන්නයි ආවේ. නායකත්වයක් ගැන මෙහෙම දෙයක් මට දැනුම්දීලා තිබුණෙත් නැහැ. කෘත්‍යාධිකාරියට අනෙක් නම් ආවා වගේ කරුගේ නමත් එකතු කරන එක ප්‍රශ්නෙකුත් නෙවෙයි. නායකත්වයේ තීන්දු කරන්නේ මම නොවෙයි. කෘත්‍යාධිකාරියයි. එතනදීත් අවම වශයෙන් මාස දෙකක්වත් කල් යනවා.” එ.ජා.ප නායකයා පැහැදිලි කළේය.

    ඒ අතර උන්වහන්සේලා සමග පැමිණි හිමිවරු කිහිප නමක් එම ස්ථානයෙන් ඉවත් ව ගොස් තිබේ. අදාළ හිමිවරුන් ඉහත ලිපිය සමග නායකයා හමුවට එවා ඇත්තේ එ.ජා.ප නායකත්වය සදහා තරග වදින කොළම දිසාවේ ප්‍රබලයෙකු බවට ද තොරතුරු පවතී.

    එම අවස්ථාවේ එහි සිටි සාගල, ශමල් සෙනරත්, සමන් රත්නප්‍රිය ඇතුළු අය ස්වාමීන්වහන්සේලා නායකයා වෙතින් ඉවත් වූ පසුව කිසියම් විඩියෝ පඨයක් උන්වහන්සේලාට ප්‍රදර්ශනය කළ බවට ද ආරංචි පවතී. ඉන් පෙන්නුම් කළේ කරු පසුගිය මහා මැතිවරණයට දුරකතනයෙන් කොළඹ දිසාවට තරඟ වැදුණු අපේක්ෂකයෙකු වෙනුවෙන් පෙනී සිටින අයුරුය.

    එ.ජා.ප ය ට එරෙහිව කැඩි ගිය පක්ෂයක අපේක්ෂකයන් වෙනුවෙන් පෙනී සිටි අයෙක් දැන් එ.ජා.ප නායකත්වය ඉල්ලීම ගැටළු සහගත නොවේ දැයි ඔව්හු උන්වහන්සේලාගෙන් ප්‍රශ්න කළෝය.

    එතනින් ඉවත්ව ගිය උන්වහන්සේලා මාධ්‍ය හමුවක් කැදවා එ.ජා.ප නායකයාට දැඩි ප්‍රහාරයක් එල්ල කළේ ඉන් අනතුරුවය.

    “එ.ජා.ප නායකත්වය විසින් ස්වාමීන්වහන්සේලාට සලකනවා මදි. ඒ නිසා අපි වත්මන් ආණ්ඩුවේ නායකත්වය සමග භික්ෂුන් 14,000 ම එකතු කර දෙනවා”. උන්වහන්සේලා පැවසූහ. එය කන වැකුණු එ.ජා.ප ප්‍රබලයකු නායකයාට ඇමතුමක් දී කිවේ අමුතු කතාවකි.

    “රාජපක්ෂලා මෙවැනි අරගලකාරි හිමිවරුන් ලංකර ගන්නේ නැහැ. ලංකර ගත්තොත් එතන ඉන්න හිමිවරු ඔවුන්ගෙන් ගැලවෙනවා කියලා ඔවුන් දන්නවා.” ඔහු කීවේ එවැන්නකි.

    එ.ජා.ප ප්‍රතිසංස්කරණ සිදුකොට පක්ෂය යළි නගා සිටුවීම ගැන බ්‍රහස්පතින්දා මාධ්‍යකරුවෙකු එ.ජා.ප නායකයාගෙන් විමසීය.

    “එ.ජා.ප ය ප්‍රතිසංස්කරණය කරලා නග්ගලා ගත යුත්තේ අලුත් නායකයායි.” එ.ජා.ප නායකයා පිළිතුරු දුන්නේය.

    “ඇත්තටම ඔබතුමා නායකත්වයෙන් ඉවත් වෙනවාද?” මාධ්‍යවේදියා යළිත් විමසීය.

    “කෘත්‍යාධිකාරි මණ්ඩලයයි එය තීන්දු කළ යුත්තේ.” නායකයා කීවේ එවැන්නකි.

    කරු ජයසූරිය මහතාගේ නම එ.ජා.ප නායකත්වයට මුලදී යෝජනා කළේ රවි කරුණානායක හා දයා ගමගේ වුවද දැනට ඒ වෙනුවෙන් දැවැන්ත ලෙස පෙනී සිටිනුයේ ඉන් එක් අයෙක් පමණක් බවද එ.ජා.ප ආරංචි මාර්ග කියයි. තවද නවීන් දිසානායක මෙම අවස්ථාවේ පැහැදිලි ස්ථාවරයක් නොගෙන පසෙකට වී සිටීම ගැටළුකාරි බව ද ඇතැමුන්ගේ පිළිගැනිමේ වේ.

    “එ.ජා.ප මහලේකම් අකිල ඇවිත් ඔහුගේ නම ජාතික ලැයිස්තුවට යවන්නේ නැතිනම් අත්සන් කරන්නේ නෑ කියලා පොඩි තර්ජනයක් දැම්මාද?” එ.ජා.ප ප්‍රබලයෙකු නායකයාගෙන් විමසීය.

    “කව්රුවත් මට තර්ජනය කළේ නෑ. තර්ජනයක් හා ඉල්ලීමක් අතර විශාල පරතරයක් තියෙනවා.” යැයි කී නායකයා ඉවත බලා ගත්තේය.

    සටහන – ගජබා නාගහවත්ත

  • ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගීන්ටත් ‘රුසියානු එන්නත’ භාවිත කිරීමට යයි

    ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගීන්ටත් ‘රුසියානු එන්නත’ භාවිත කිරීමට යයි

    ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මතේරි (YURY B.MATERIY) මහතා සහ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අතර විශේෂ හමුවක් අද දින (21) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේදී සිදු විය.

    විශේෂයෙන් මෙහිදී කොවිඩ් 19 වෛරස් රෝගය මර්දනයෙදී රජයක් ලෙස ශ්‍රී ලංකා රජය ගත් ක්‍රියා මාර්ග නිසා ශ්‍රී ලංකාවට එය සාර්ථකව මර්ධනය කිරීමට හැකිවූ බව සිහිපත් කල තානාපතිවරයා  ඒ වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජයටත් ඒ සදහා නායකත්වය දුන් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියටත් රුසියානු රජයේ ප්‍රසංසාව පල කර සිටියේය.

    කොවිඩ් වෛරස ප්‍රතිකාර හා මර්ධනය  සදහා රුසියාව විසින් නිපදවනු ලැබූ  නව එන්නත පිළිබදවද තානාපතිවරයා විසින් අමාත්‍යවරිය දැනුවත් කල අතර එම එන්නත පිළිබදව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවශ්‍ය නිර්දේශ  සහ අනුමැතිය ලැබුනු පසු ශ්‍රී ලංකවේ කොවිඩ් මර්ධනය හා ප්‍රතිකාර කටයුතු සදහා එම ඒන්නත භාවිතා කිරීමට කටයුතු කරන බව අමාත්‍ය  පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය රුසියානු තානාපති යූරි මතේරි (YURY B.MATERIY) මහතා හට  අවධාරණය කළාය.

    ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් බිහිකිරීම සදහා රුසියානු රජය ශිෂ්‍යත්ව ලබා දෙමින් විශාල මෙහෙයක්, සේවාවක් සිදුකල බැවින් ඒ් සදහා ශ්‍රි ලංකා රජයේ විශේෂ ස්තූතිය පුද කර සිටින බව මෙහිදී අමාත්‍යතුමීය සදහන් කළාය.

    මේ පිළිබදව අදහස් දක්වමින් රුසියානු තානාපති යූරි මතේරි (YURY B.MATERIY) මහතා සදහන් කලේ දෙරට අතර පවතින දීර්ඝ කාලීන මිතුදමේ ප්‍රතිලඑලයක් ලෙස මෙරට වෛද්‍යවරුන් හා අනෙකුත් කාර්යය මණ්ඩල වලට  වැඩිදුර අධ්‍යාපනය සදහා රුසියාවේ ශිෂ්‍යත්ව ක්‍රමයක් කඩිනමින් ආරම්භ කිරීමට   කටයුතු කරන බවය.

    මෙම අවස්ථාවට ශ්‍රි ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ දේශපාලන කටයුතු පිළිබද ලේකම් Rostislav LENCHUK  මහතාද මෙම අවස්ථාවට ඒක්විය.