Blog

  • රටේ ස්වෛරීභාවය සහ  ජනතාව රැකගෙන රට සෞභාග්‍ය කරා ගෙනයනවා – ජනපති

    රටේ ස්වෛරීභාවය සහ ජනතාව රැකගෙන රට සෞභාග්‍ය කරා ගෙනයනවා – ජනපති

    9 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිය අමතමින් ජනාධිපති කළ සම්පූර්ණ කතාව

    ගරු කථානායකතුමනි, ගරු අගමැතිතුමනි ගරු විපක්ෂනායකතුමනි ගරු ඇමතිවරුනි, ගරු රාජ්‍ය ඇමතිවරුනි ගරු මන්‍ත්‍රීවරුනි

    කථානායක ධූරයට අභිනවයෙන් තේරි පත් වූ ගරු මහින්ද යාපා අබේවර්ධන මැතිතුමාට
    මාගේ සුබපැතුම් පිරිනමනවා. එලෙසම අද දින නියෝජ්‍ය කථානායක ධූරයට තේරි පත් වූ ගරු රංජිත් සියඹලාපිටිය මැතිතුමාටත්, නියෝජ්‍ය කාරක සභාපති ගරු අංගජන් රාමනාදන් මැතිතුමාටත් මාගේ සුභාශීංසන පිරිනමමි.නව වැනි පාර්ලිමේන්තුවට තේරි පත් වූ සියලුම ගරු මන්ත්‍රීවරුන් මම සුබ ප්‍රාර්ථනා කරනවා.

    අගෝස්තු 5 වනදා පැවැත්වුනේ, ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂී පෙරළියක් සිදුවූ මැතිවරණයක්. ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා 2/3 ක බලයක් ලබා දෙන ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටියා.   ඉතිහාසයේ ප්‍රථම වතාවට, සමානුපාතික ක්‍රමය යටතේ පවත්වන ලද මැතිවරණයකින් 2/3ක ඓතිහාසික ජනවරමක්  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා එහි මිත්‍ර කණ්ඩායම්වලට ලබා  දුන් දේශප්‍රේමී ජනතාවට  මම මුලින්ම ස්තූති කරනවා.

    සර්වජන ඡන්ද බලය අප සැමදෙනා විසින් ගරු කළ යුතු හා අප විසින් ‍රැකගත යුතු,  ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. ඒ නිසා  මේ මැතිවරණයේදී තම වටිනා ඡන්දය භාවිතා  කළ සියලුම ශ්‍රී ලාංකික ඡන්ද දායකයින්ටත් මම මේ අවස්ථාවේ ස්තූතිය පුද කරනවා. 

    පසුගිය වසරේ නොවැම්බර් මාසයේ පැවති ජනාධිපතිවරණයේදි 69 ලක්ෂයකට අධික ජනතාවක් සුවිශේෂී ජනවරමක් ලබාදුන්නේ මා ගැන තැබූ මහත් විශ්වාසයෙන්. ඒ විශ්වාසය කඩ නොකරන බවට මා දුන් පොරොන්දුව මෙතෙක් මා ක්‍රියාවෙන් ඔප්පු කර තිබෙනවා.

    ජනාධිපතිවරණයේ සිට පාර්ලිමේන්තු මැතිවරණය දක්වා වූ කාලය, අපට ඉතාමත් අභියෝගාත්මක කාලපරිච්ඡේදයක් වුණා.  අප බාර ගත්තේ කඩා වැටී තිබූ ආර්ථිකයක්. පාර්ලිමේන්තුව තුළ බහුතරය නොමැති නිසා අපට වැඩ කරන්නට සිදු වුනේ සුළුතර ආණ්ඩුවක් සමග. මීට අමතරව, අපට මේ කාලය තුළ  මුළු ලෝකයම අඩපණ කළ කොවිඩ්-19  වසංගතයටත්  මුහුණ දෙන්නට සිදු වුණා. කොවිඩ්-19 ව්‍යසනය හමුවේ ලෝකයේ ප්‍රබල රටවල් පවා  අසරණ වෙද්දී, එම අභියෝගයට සාර්ථකව මුහුණ දෙන්නට අපට පුළුවන් වුණා. වසංගත තත්ත්වයක් පැතිරයාම වැලැක්වීමට අප කටයුතු කළ ආකාරය විදේශ රටවල පවා ප්‍රසාදයට ලක් වුණා.

    මේ මාස 9 ක කාල පරාසය තුළ  විවිධ බාධක හමුවේ අප විසින් රට පාලනය  කළ ආකාරය ගැන රටේ ජනතාව  පැහැදීමෙන්  සිටින බව  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලැබූ අති විශාල ජනවරමෙන්  ඔප්පු වුණා. 

    දේශපාලන සංස්කෘතියේ සිදුවෙමින් පවතින වෙනස ජනතාව අගය කරමින් සිටිනවා.

    ජනතා නියෝජිතයන් ලෙස, බහුතර ජනතාවගේ අපේක්ෂාවන්ට  අපි හැම විටම ගරු කරනවා.  ජනතා පරමාධිපත්‍යය සුරකින්නට පුළුවන් වන්නේ එවිටයි.  

    අපේ රටේ උත්තරීතර ව්‍යවස්ථාවට අනුව මගේ ධුර කාලය තුළ රටේ ඒකීය බව ආරක්ෂා කරන බවටත්, බුද්ධ ශාසනය සුරක්ෂිත කොට, පෝෂණය කරන බවටත් මා පොරොන්දු වී තිබෙනවා. ඒ අනුව රාජ්‍ය පාලනය සඳහා උපදෙස් ලබාගැනීමට මම ප්‍රධාන පෙළේ බෞද්ධ භික්ෂුන් වහන්සේලාගෙන් සමන්විත උපදේශක සභාවක් පිහිටුවා තිබෙනවා. ඒ වගේම, පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු ස්ථාන ආරක්ෂා කිරීමටත්, අපේ බෞද්ධ උරුමයන් රැකගැනීමටත් මම විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවා තිබෙනවා.

    බුද්ධාගමට ප්‍රමුඛත්වය  තහවුරු කරන අතරම, මේ රටේ  ඕනෑම පුරවැසියෙකුට තමන් කැමති ආගමක් ඇදහීමේ නිදහස වඩාත් හොඳින්  සුරක්ෂිත වී ඇති බව ජනතාවට මේ වන විට පැහැදිලියි. 

    පාරම්පරික උරුමයන්, සංස්කෘතිය  හා අපේකම ආරක්ෂා  කිරීමට මෙන්ම  ප්‍රාසාංග  කලා  හා ග්‍රාමීය කලා ශිල්ප ආරක්ෂා කොට, ප්‍රවර්ධනය කිරීමට  රජය  විශේෂ අවධානයක් යොමු කොට තිබෙනවා.

    2019 වසරේ සිදූ වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය නිසා, අපි රජය භාරගන්නා විට ජනතාව අතර රටේ ආරක්ෂාව පිළිබඳ විශ්වාසය දැඩි ලෙස බිඳ වැටී තිබුනා. අපේ රජයේ මූලික ප්‍රතිපත්තිය වන රටේ ආරක්ෂාව  තහවුරු කරමින් ආරක්ෂක සහ බුද්ධි අංශ ප්‍රතිව්‍යුහගත කොට ජනතාව තුළ ඇතිවී තිබුන බිය නැති කොට රටේ ආරක්ෂාව යළි සුරක්ෂිත කරන්නට අපි කටයුතු කොට තිබෙනවා.  ඕනෑම පුරවැසියෙකුට තමන්ගේ හා තම පවුලේ ආරක්ෂාව ගැන බිය නොවී නිදහසේ ජීවත් විය හැකි වටපිටාවක් අපි යළි ලබා දී තිබෙනවා.

    මා පොරොන්දු වූ ආකාරයටම,  සාමාන්‍ය ජන ජීවිතයට බාධාවක්ව තිබුන පාතාල ක්‍රියාකාරකම්, මත්ද්‍රව්‍ය උවදුර වැනි සමාජ ව්‍යසනයන්ගෙන්  ජනතාව ගලවා  ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් තිබීමත් ජනතා විශ්වාසය ඉහළ යාමට හේතු වී තිබෙනවා.

    මේ නිසා ගුණගරුක, විනයගරුක, නීතිගරුක සමාජයක් රටේ ගොඩනැගෙමින් තිබෙනවා. 

    මේ රටේ දේශපාලන සංස්කෘතියේ පැහැදිලි වෙනසක් කිරීමට අප කටයුතු කරමින් සිටිනවා. මා ජනාධිපතිවරයා වශයෙන් පත් වූ පසු රාජ්‍ය ආයතනවලට ප්‍රධානීන් පත්කිරීම සඳහා එතෙක් පැවති සම්‍ප්‍රදාය  වෙනස් කරමින්, විද්වත් මණ්ඩලයක් හරහා සුදුසුකම් සොයාබලා පත්වීම් සිදුකරන විධිමත්  යාන්ත්‍රණයක් හඳුන්වා දුන්නා.  ඥාතීන්, හිතවතුන්, මිත්‍රයන් හා අනුගාමිකයින් පත්නොකොට වෘත්තිකයන්, ව්‍යවසායකයන් අධ්‍යාපනඥයින්ගෙන් සමන්විත පළපුරුදු කණ්ඩායමක් පත් කළා.   ඒ ප්‍රතිපත්තිය ඉදිරියටම ගෙන යනවා.

    ඒ වගේම අපි නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීමට කටයුතු කළා. වී ගොවියන්ට තම නිෂ්පාදන සඳහා ඉහළ සහතික මිලක් ලබා දුන්නා. අපනයන භෝග ප්‍රති අපනයනය සඳහා ආනයනය කිරීම නැවැත්වීම මෙන්ම මෙරට වගා කළ හැකිව තිබූ භෝග ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම නැවැත්වීම මගින් දේශීය ගොවියා ආරක්ෂා කිරීමට අපි කටයුතු කළා. ගොවියන්ට අවශ්‍ය පොහොර නොමිලේ ලබා දුන්නා. රට පුරා අතහැර දමා තිබූ වගා ඉඩම් යළි අස්වද්දන්නට ජනතාව උනන්දු කළා.  මේ සියල්ල හරහා අපි මේ රටේ කෘෂිකර්මාන්තයට  නව පණක් ලබාදුන්නා.

    අපි බලයට ආවාට පසු දේශීය ව්‍යවසායකයා අරමුණු කරගනිමින් බදු සහන ලබාදීමට කටයුතු කළා.  ව්‍යාපාර දිරිමත් කිරීම සඳහා පොලී අනුපාත අඩු කළා. දේශීය ව්‍යාපාරිකයන් හා කර්මාන්තකරුවන්  ආරක්ෂා කිරීම සඳහා තරඟකාරී  ආනයනයන් සීමා කළා.

    මේ මැතිවරණයේදී ජනතාව දැඩි උද්‍යෝගයකින් අපට සහාය ලබා දුන්නේ මේ ආකාරයට අපි සම්බන්ධයෙන් ඔවුන් තුළ ගොඩනැගී ඇති විශ්වාසය නිසා බව පැහැදිලියි.  අපි ඒ විශ්වාසය තහවුරුවන ආකාරයට දිගටම ජනතාවට සේවය කරනවා.     

    ජනතාව දුන් ජන ව‍රම නිවැරදිව අර්ථකථනය කරගැනීමත් මෙහිදී වැදගත් වෙනවා.  මා කෙරෙහිත්, අගමැති තුමා ඇතුළු අභිනවයෙන් පත්වී සිටින ජනතා නියෝජිතයන්  කෙරෙහිත් ජනතාව තැබු විශ්වාසයට අපි ගරු කරනවා.  ජනතාව මේ සා විශාල ජනවරමක් රජයට ලබා දුන්නේ කුමන අපේක්ෂාවන් පෙරදැරි කරගෙනද යන්න ගැන අපට අවබෝධයක් තිබෙනවා.  මොනම හේතුවක් නිසාවත්  ඒ අපේක්ෂාවන් බිඳවැටෙන ආකාරයට අපි කටයුතු කරන්නේ නැහැ.

    ජනතා ඡන්දයෙන් පත්වන මහජන නියෝජිතයෙකුගේ  මූලික වගකීම ජනතා සේවය බව හැම විටම මතක තබා ගත යුතුයි.  මේ සියලු තනතුරු, වරප්‍රසාද නොව වගකීම් බව මතක තබාගෙන ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටුකිරීමට සංවේදී වෙනවා.

    මම මේ මැතිවරණයේදී අප කණ්ඩායම නියෝජනය කළ සෑම අපේක්ෂකයෙකුටම සහායදීමට රට පුරා සංචාරය කළා. දේශපාලන ‍රැස්වීම් පවත්වනවා වෙනුවට මේ සංචාරවලදී  මම ජනතාව අතරට ගොස් ඍජුවම ඔවුන්ගේ ගැටළුවලට සවන් දුන්නා. 

    ජනතාව ඉදිරිපත් කළ ඉල්ලීම්වලින් අති බහුතරය පෞද්ගලික අවශ්‍යතා නොව පොදු අවශ්‍යතායි.  නිදහසින් වසර 72 කට පසුවත් ජනතාවගේ බොහෝ සරල අවශ්‍යතාවයන්ට විසඳුම් ලැබී නැහැ. වසර ගණනාවක් පුරා  තමන් ජීවත් වූ  ඉඩම්වලට නිසි අයිතියක් නැති  ජනතාවක් සිටිනවා.  ඔවුන්ට අපි නිසි ක්‍රමවේදයකට ඔප්පු ලබා දෙනවා.  නිසි විකල්පයකින් තොරව පරම්පරා ගණනාවක් තිස්සේ තමන් ජීවත් වූ සහ වගා කටයුතු කළ ඉඩම්වලින් කිසිවෙක් ඉවත් කරන්නේ නැහැ.

    අලි මිනිස් ගැටුම අද විශාල ප්‍රශ්නයක් වී තිබෙනවා.  මේ ගැන විසඳුමක් සෙවීමට දැනටමත් විද්වත් මණ්ඩලයක් පත්කර තිබෙනවා. මේ විෂය සඳහා වෙනම රාජ්‍ය අමාත්‍යාංශයක් ඇති කළේ  තිරසාර විසඳුමක අවශ්‍යතාව නිසයි. 

    විශ්වාස කළ නොහැකි තරම් ඉහළ ජන ප්‍රතිශතයක්  රට පුරා පානීය ජලය නොමැතිව දුක් විඳිනවා. අපි මේ මානුෂික ගැටලු කඩිනමින් විසඳීමට පියවර ගන්නවා.  ජාතික ප්‍රතිපත්තියක් ලෙස ඉදිරි වසර කිහිපය තුළ රටේ සෑම ප්‍රදේශයකටම පානීය ජලය ලබා දීම සඳහා අපි විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කරනවා.

    දෙමව්පියන් ඉල්ලා සිටින්නේ  දරුවන්ට අධ්‍යාපනය ලබන්නට සුදුසු පාසැල් ලබා දෙන ලෙසයි. ප්‍රමාණවත් තරම් ජාතික පාසැල් නැතිකම හැම තැනකදීම පෙනී ගියා. බොහෝ පාසැල්වල විශාල අඩුපාඩුකම් තිබෙනවා. ගුරු හිඟය මෙන්ම ප්‍රමාණවත් තරම් විද්‍යාගාර, පුස්තකාල හා ක්‍රීඩා පහසුකම් නැතිකම නිතර අසන්නට ලැබෙනවා.  

    ආර්ථිකයට ඵලදායී දායකත්වයක් ලබාදීම සඳහා විද්‍යා හා තාක්ෂණික විෂයන් හදාරණ ලෙස අපි දරුවන්ට කීවත් ඒ සඳහා මූලික පහසුකම්වත් බොහෝ පාසැල්වල නැහැ.මේ රටේ සෑම දරුවෙකුටම තමන් අපේක්ෂා කරන අනාගතය ගොඩනඟාගැනීම සඳහා අවශ්‍ය කරන අධ්‍යාපනික  දැනුම ලබා ගැනීමටත්, ඔවුන්ගේ නිපුණතා වර්ධනයට උපකාර කිරීමටත්  රජය දරන වියදම අනාගතය වෙනුවෙන් කරන  ආයෝජනයක්.  අළුතින් වගකීම් පවරා ඇති  අමාත්‍යාංශ හරහා අපි මේ ගැටලු විසඳීමට  ප්‍රමුඛත්වය දෙනවා.

    ග්‍රාමීය රෝහල්වල සම්පත් හා පහසුකම් ඉතා අඩුයි. වෛද්‍යවරු, හෙදියන් හා අනෙකුත් රෝහල් කාර්යමණ්ඩලවල විශාල ඌණතාවක් තිබෙනවා. සමහර ප්‍රදේශවල රෝගීන්ට ප්‍රතිකාර ලබාගැනීම සඳහා බොහෝ දුරක් ගමන් කරන්නට සිදුවෙනවා. නිදහස් සෞඛ්‍ය සේවාවන් ජනතාවට ලබාදීමේදී පවතින මේ  විෂමතාවන් අපි ඉවත් කරනවා. ආයුර්වේදය හා දේශීය වෙදකම දියුණු කිරීමටත් අපි කටයුතු කරනවා. 

    විශාල විදේශ විනිමයක් වැයකොට ඖෂධ ආනයනය කරනවා වෙනුවට බොහෝ ඖෂධ වර්ග මෙරටදීම නිෂ්පාදනය කිරීම අපි ආරම්භ කර තිබෙනවා.  ඖෂධ ආනයනයේදී සිදුවන අතිමහත්  දූෂණ ක්‍රියා තුරන් කිරීමට අපි කටයුතු කරනවා. ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමනය සඳහා වෙනම රාජ්‍ය අමාත්‍යාංශයක් ඇති කලේ ඒ සඳහායි.

    මේ රටේ ජනතාවගෙන් විශාල පිරිසක් අදත් ජීවත් වන්නේ ස්වයං රැකියා කිරීමෙනුයි. තව බොහෝ දෙනෙක් යැපෙන්නේ කෘෂිකර්මාන්තයෙන්. ඔවුන් ඉල්ලා සිටින්නේ නිසි කලට වතුර හා පොහොර ලබා දෙන ලෙසයි.  මේ ඉල්ලීම් අපි ඉටු කළ යුතුයි. ඒ අනුව  රට පුරා පවතින වැව් ප්‍රතිසංස්කරණයට හා වාරිමාර්ග සංවර්ධනයට පුළුල් වැඩපිළිවෙළක් අපි දියත් කරනවා. 

    රැකියා වියුක්තිය අද තරුණ පරපුර මුහුණදෙන බරපතල සමාජ ගැටලුවක්. මේ ගැටළුව විසඳීම සඳහා අපි කෙටි කාලීන හා දිගු කාලීන විසඳුම් රැසක් සාකච්ඡා කොට තිබෙනවා. 

    අපි මේ වන විටත් රටේ ජීවත්වන දුප්පත්ම පවුල් ඉලක්ක කරගෙන රැකියා ලක්ෂයක් ලබාදීමට  වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.  ඊට සමගාමීව උපාධිධාරීන්  හැටදහසකට  රැකියා ලබාදීමටත් ඔවුන්ගෙන් ඵලදායී සේවාවක් ලබාගැනීම සඳහා විධිමත් පුහුණුවක් ලබාදීමටත් කටයුතු යොදා තිබෙනවා.

    රජයේ රැකියා ලබාදීමේදී රටේ දුප්පත්ම පවුල්වලට ප්‍රමුඛතාව දෙන්නට අපි කටයුතු කරනවා. එමෙන්ම රැකියා අවස්ථා ලබාදීමේදී සෑම පළාතකටම සම අවස්ථා හිමි වන ආකාරයට එය ක්‍රියාත්මක කළ යුතුයි. 

    රජයේ පත්වීමක් ලබන සෑම කෙනෙකුගෙන්ම රටට ඵලදායී සේවාවක් ඉටු විය යුතුයි.  ඒ නිසා කිසිදු අමාත්‍යාංශයකට හෝ ආයතනයකට අනවශ්‍ය පරිදි කාර්ය මණ්ඩල බඳවා ගන්නේ නැහැ.සෑම අමාත්‍යාංශයකම හා රාජ්‍ය අමාත්‍යංශයකම ඒ ඒ ක්ෂේත්‍රවල පෞද්ගලික අංශයේ සහායත් ඇතුව රැකියාවන් උත්පාදනයට ක්‍රියා කරනවා. 

    ඒ වගේම අදාළ ක්ෂේත්‍රයන්හි ස්වයං රැකියා ප්‍රවර්ධනයටත් ව්‍යවසායකත්වය දිරිමත් කිරීමටත්  කටයුතු කරනවා. අපේ යුතුකම හා වගකීම වන්නේ  රැකියා බෙදා දීම නොව නව රැකියා උත්පාදනයයි. 

    දේශීය හා ගෝලීය අභියෝගයන් ජයගෙන ආර්ථික පුනර්ජීවනය උදාකරගැනීමට නම්, අපි අලුතෙන් සිතන්නට පුරුදු විය යුතුයි.  Out of the box thinking is required in order to meet the economic challenges.  මෙවර අමාත්‍යාශ වෙන් කොට තිබෙන්නේ එම අරමුණ පෙර දැරි කරගෙනයි.  

    සැබෑ ආර්ථික පුනර්ජීවනයක් සඳහා ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක අවශ්‍යතාවය අපි හඳුනාගෙන තිබෙනවා. අමාත්‍යාංශ වෙන්කිරීමේ දී සහ ඒවාට විෂයයන් හා කාර්යයන් පැවරීමේ දී රටේ බහුතර ජනතාවකට බලපාන කෘෂි, වැවිලි, ධීවර කර්මාන්ත හා  පාරම්පරික කර්මාන්ත සහ ස්වයං රැකියා අවස්ථා ප්‍රවර්ධනය සම්බන්ධයෙන් සැලකිල්ල යොමු කළා.

    දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම මෙන්ම අපනයන ආදායම වැඩිකරගැනීමත් අපේ මූලික ඉලක්ක වෙනවා.  මේ වන විට අපේ අපනයන වැවිලි භෝග වන තේ, පොල්, රබර්වලින් ලැබෙන ආදායම සතුටුදායක මට්ටමක නැහැ.   

    ‘තේ’ වගාව දියුණු කිරීමට කටයුතු කරන අතරම කුඩා සහ මධ්‍ය තේ වතු  හිමියන්ට රජය උදව් කරනවා. වැසී ගොස් ඇති තේ කර්මාන්තශාලා නිසා ඔවුන් විශාල අපහසුතාවයකට පත්වී සිටිනවා.

    ඒවා නැවත ආරම්භ කිරීමට ක්‍රියාකරන අතර අක්‍රමිකතා තුරන් කොට ඉහළ ප්‍රමිතියකින් යුතු තේ අපනයනය දිරිමත් කරනවා.  ‘CEYLON TEA’  සන්නාමයට තිබුන පිළිගැනීම ශක්තිමත් කරනවා. 

    පොල් අලුතින් වගා කිරීමට දිරි දෙනවා. රබර්වලට නිසි මිලක් ලබාදීම සඳහා මෙරට නිපදවන රබර් භාවිත කිරීමට, රබර් ආශ්‍රිත කර්මාන්තකරුවන් උනන්දු කරනවා. කටුපොල් වගාව අපි සම්පූර්ණයෙන්ම නතර කරනවා.

    ගම්මිරිස්, කුරුඳු වැනි අපනයන භෝග නිෂ්පාදනය අපි දිරිගන්වනවා.  කෘෂි නිෂ්පාදනවලට අගය එකතු කර අපනයනය කිරීම  හරහා ගොවියාට  ස්ථාවර මිලක් ලබාදෙන අතර එමගින් විශාල විදේශ විනිමයක් උපයා ගැනීමට අපි කටයුතු කරනවා.

    අමාත්‍යාංශවලට වගකීම් පැවරීමේදී,  නාගරික මෙන්ම ග්‍රාමීය යටිතලපහසුකම් සංවර්ධනයට හා ජනතාවගේ නිවාස ගැටළුවට විසඳුම් සෙවීමට විශේෂ  අවධානයක් යොමු කළා.  රටේ සංවර්ධනයට ඍජුවම දායක විය හැකි  ක්ෂේත්‍ර රැසක්  හඳුනාගෙන ඒවාට වගකියන  රාජ්‍ය අමාත්‍යවරුන් පත්කිරීමටත්, ඔවුන් වෙත අදාළ විෂයයන් සහ කාර්යයන් පවරාදීමටත් කටයුතු කර තිබෙනවා. 

    මානව සම්පත් සංවර්ධනය අපි ප්‍රමුඛතාවක් ලෙස හඳුනාගෙන තිබෙන නිසා  අමාත්‍යාංශ නම් කිරීමේ දී  අධ්‍යාපන විෂය එක් අමාත්‍යාංශයක් යටතට ගෙන එහි වෙනස් වගකීම් සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් 4 දෙනෙකු නම් කරනු ලැබූවා. පෙරපාසැල්,  අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, නිපුණතා සංවර්ධනය මෙන්ම දහම් පාසැල් හා භික්ෂු අධ්‍යාපනයට  වෙන වෙනම රාජ්‍ය අමාත්‍යාංශ පිහිටුවා තිබෙන්නේ ඒවායේ ඇති වැදගත්කම නිසයි.

    අපේ අනාගත ඉලක්ක සපුරාගැනීමේදී තාක්ෂණික අධ්‍යාපනයට විශේෂ අවධානයක් යොමුවිය යුතුයි. 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී අපි විශේෂයෙන් සැලකිලිමත් වෙනවා.

    උසස් පෙළ සමත්වන සියලු සිසුන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබාගැනීම සඳහා, විශ්ව විද්‍යාලවල ධාරිතාව වැඩි කරනවා. එතැනින් නොනැවතී  විවෘත විශ්වවිද්‍යාල පද්ධතිය දියුණු කිරීමටත්, දුරස්ථ අධ්‍යාපනය දියුණු කිරීමටත් කටයුතු කරනවා.  විෂය මාලාවන් නවීකරණය කොට මෙම  උපාධි, ආර්ථිකයට ඍජුව දායකත්වය ලබාදිය හැකි  විෂයයන් බවට තහවුරු කරනවා.

    විදුලි මිල රටේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලියේ දී බලපාන වැදගත් සාධකයක්. ඒ නිසා පුනර්ජනනීය බලශක්ති උත්පාදන මාර්ග ප්‍රවර්ධනය සඳහා වෙනම රාජ්‍ය අමාත්‍යාංශයක් පිහිටුවා තිබෙනවා. 

    අගය එකතුකිරීම සඳහා නව තාක්ෂණය භාවිතයටත්, නවෝත්පාදන දිරිගැන්වීමටත්,  නිර්මාණශීලි ලෙස නව වෙළඳපොලවල් සොයා යාමට ව්‍යාපාරිකයන්ට සහාය වීමටත්   අදාළ අමාත්‍යාංශවල අවධානය  යොමු  කරනවා

    අපේ රට  ස්වාභාවික සම්පත්වලින් පොහොසත් රටක් වුවත් අගය වැඩි කිරීමේ කර්මාන්ත තවමත් ජාත්‍යන්තර මට්ටමට දියුණු වී නැහැ.  

    මැණික්, ඛණිජවැලි වැනි ස්වාභාවික සම්පත් අපනයනය කිරීමේදී  අගය එකතු කිරීමෙන්  රටට  විශාල විදේශ විනිමයක්  ලබා ගැනීමට ක්‍රියා කරනවා.

    අපේ පාරම්පරික කර්මාන්ත වන  බතික්, දේශීය ඇඟලුම්,  පිත්තල, වේවැල්, මැටි, ලී බඩු, මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්ත නිසියාකාරව දියුණු කිරීමෙන්  ස්වයං රැකියා ප්‍රවර්ධනය, නව රැකියා උත්පාදනය මෙන්ම ව්‍යාපාර ගොඩනංවා විශාල විදේශ විනිමයකුත් රටට ලබා ගැනීමට අවස්ථාව සලසනවා.

    රටේ ජනතාවගෙන් 1/3 ක් ජීවත් වන්නේ කෘෂිකර්මාන්තය, වැවිලි කර්මාන්තය හා ධීවර කර්මාන්තය මතයි. අපි මේ ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නැංවිය යුතුයි. මෙම කර්මාන්ත දියුණු කිරීම සඳහා  සාම්ප්‍රදායික  ක්‍රමවලින් ඔබ්බට ගිය තාක්ෂණය මුල්කරගත් නව ප්‍රවේශයක් අවශ්‍යව තිබෙනවා.

    කෘෂිකර්මාන්තයට හා වැවිලි කර්මාන්තයට මෙන්ම ධීවර කර්මාන්තයට සම්බන්ධ  ක්ෂේත්‍ර ගණනාවක් ඍජුවම ඉලක්ක කොට  අමාත්‍යාංශ වෙන් කොට තිබෙන්නේ මේ සඳහා අවශ්‍යකරන නිසි අවධානය ලබා දීමටයි. 

    ඉහළ ප්‍රමිතියෙන් යුතු බීජ දේශීයව නිෂ්පාදනය කොට ඒවා ගොවීන්ට ලබා දීමට  කටයුතු කරන අතරම කෘෂි නිෂ්පාදන සඳහා දියුණු ඇසුරුම් හා ප්‍රවාහන ක්‍රමවේදයන් හඳුන්වාදීමෙන් නාස්තිය අවම කිරීමට අපි කටයුතු කරනවා.  කිරි ගොවිතැන සහ බිත්තර නිෂ්පාදනය අපි දියුණු කරනවා.   

    වසවිසෙන් තොර ආහාර නිෂ්පාදනය අරමුණු කොට, ඉදිරි දශකය තුළ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය මුලුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කිරීම සඳහා  දේශීයව කාබනික පොහොර නිෂ්පාදනය වර්ධනය කිරීමට අපි කටයුතු කරනවා

    ධීවර කර්මාන්තයේ විශාල දියුණුවක්  අපි ඉලක්ක කරනවා. මුහුදින් වටවූ අපේ රටට මාළු ආනයනය අපි නතර කළ යුතුයි.   ධීවර කර්මාන්තය දියුණු කිරීම සඳහා අවශ්‍ය කරන නව තාක්ෂණය හා යන්ත්‍රෝපකරණ ලබා දීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් අපි හඳුන්වා දෙනවා.  

    ගැඹුරු මුහුදේ ධීවර කර්මාන්තයේ යෙදෙන බහුදින යාත්‍රාවලට අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා සියලූම ධීවර වරායන් නවීකරණය කරන අතර අවශ්‍යතාවන්ට අනුව අලුතින් වරායවල් ඉදිකිරීමටත් කටයුතු කරනවා. නීත්‍යානුකූල නොවන විදේශ බහුදින ධීවර යාත්‍රා විසින් ලංකා මුහුදු තීරයේ කරන සූරා කෑම නතර කරනවා.මිරිදිය මත්ස්‍ය කර්මාන්තය  දියුණු කිරීම සඳහා  නව තාක්ෂණය හඳුන්වාදීමත් අපේ සැලස්මේ කොටසක්.

    සෑම අමාත්‍යාංශයකටම හා රාජ්‍ය අමාත්‍යාංශයකටම  තම විෂය පථය හා වගකීම්  පැහැදිලිව වෙන්කොට දී  තිබෙනවා. අමාත්‍යවරුන් විසින් අදාළ ක්ෂේත්‍රවල ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම මෙන්ම  රාජ්‍ය අමාත්‍යාංශවල ක්‍රියාකාරීත්වය, කාර්යක්ෂමතාවය, අධීක්ෂණය සිදුකිරීම අපේක්ෂා කරනු ලබනවා. සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය  ප්‍රතිපාදන තම අමාත්‍යාංශයන්ට  ඍජුව ලබාදීමට කටයුතු කර තිබෙන නිසාත් මුල්‍ය වගකීම තමන් සතුව තිබෙන නිසාත් රාජ්‍ය ඇමතිවරුන්ට බාධාවකින් තොරව තම වගකීම් ඉටු කළ හැකියි.    

    රාජ්‍ය සේවයෙන් තමන් බලාපොරොත්තු වෙන සේවාව කාර්යක්ෂමව සහ නිසි අයුරින් නොලැබෙන බවට මහජනතාව අතර චෝදනාවක් පවතිනවා. ඒ නිසා ඔබ යටතේ තිබෙන සෑම අමාත්‍යාංශයක්, දෙපාර්තමේන්තුවක් හා ආයතනයක් විසින් ජනතාවට ලබා දෙන සේවාවන් කාර්යක්ෂමව සහ කඩිනමින් ලබාදෙන ලෙස අමාත්‍යවරුන්ගෙන් හා රාජ්‍ය අමාත්‍යවරුන්ගෙන් මා ඉල්ලා සිටිනවා.  

    ජනතාවට හෝ රජයට කිසිදු අගයක් එක් නොකරන සමහර ආයතනික ක්‍රියාවලියන්ගෙන් සිදුවන්නේ කාලය නාස්තිවීම පමණක් බව මම පසුගිය කාලයේ විවිධ රාජ්‍ය ආයතනයන්ට ගිය අවස්ථාවල දුටුවා.  ජනතාවට සේවාවන් ලබාදීමේ දී අනුගමනය කරනු ලබන සම්ප්‍රදායික ක්‍රමවේදයන් වෙනුවට ආයතනික ක්‍රියාවලීන් කාර්යක්ෂම කොට ජනතාවට පහසුවෙන් හා කඩිනමින් සේවාවන් ලබාදීම සඳහා නව ක්‍රමවේදයන් ඔබ හඳුනා ගත  යුතුයි.

    You need to re-engineer the processes  for greater productivity and customer satisfaction. මේ සඳහා හැකිතාක් දුරට නව තාක්ෂණික විසඳුම් සොයා ගත යුතුයි. 

    ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් නාස්තිය හා දූෂණය පිටුදකින බව අපි ජනතාවට පොරොන්දු වුණා. මෙය අප සියලුදෙනාගේම ප්‍රමුඛ වගකීමක්. සියලු අමාත්‍යාංශ හා  ආයතනවල  නාස්තිය සහ දූෂණය  සම්පූර්ණයෙන්ම නතර කිරීමට කටයුතු කරනවා. ඉදිරියේදී  නාස්තියට, දූෂණයට සම්බන්ධ වන පුද්ගලයින්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීමට මම පසුබට වන්නේ නැහැ. 

    රජය, අමාත්‍යාංශ සහ රාජ්‍ය අංශය හරහා ඉටු කිරීමට අපේක්ෂිත ඉලක්ක සපුරාගැනීමේ ප්‍රගතිය නිරන්තරයෙන් පසුවිපරම් කරනු ලබනවා. යම්කිසි අමාත්‍යාංශයක ඒ ඉලක්කයන් සපුරා ගැනීම පසුබෑමකට ලක් වන්නේ නම්,  රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා  අවශ්‍ය වෙනස්කම් කිරීමට මා කිසිවිටකත් පැකිලෙන්නේ නැහැ.

    වර්තමාන දේශපාලන සංස්කෘතිය තුල බොහෝ විට  ජනතා නියෝජිතයින් බලය ලබාගත් පසු  ජනතාව අතරට යාම අතපසු කරනවා. පසුගිය කාලයේ මම රට පුරා සංචාරය කරද්දී ජනතාව නගන මැසිවිලි වලින්  එය තහවුරු වුණා.  

    ජනතා බලාපොරොත්තු සපුරමින්  ඇමතිවරුන්, රාජ්‍ය ඇමතිවරුන් මෙන්ම  මන්ත්‍රීවරුන් නිරන්තරයෙන් ජනතාව අතරට ගොස්, ඔවුන්ගේ සැබෑ ගැටලු වටහාගෙන ඒවාට විසඳුම් සෙවීමට කටයුතු කරනවා .  

    ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක සාර්ථකත්වය රඳා පවතින පදනම වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. 1978 සිට 19 වතාවක් සංශෝධනය වී ඇති අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල ඇති අවිනිශ්චිත භාවය හා ව්‍යාකූලත්වය නිසා වර්තමානයේ ගැටලු රැසක් නිර්මාණය වී තිබෙනවා.  ව්‍යවස්ථාවේ වෙනසක් සඳහා අපි ඉල්ලු ජනවරම ජනතාව අපට ලබා දී තිබෙන නිසා  අපගේ පළමු කාර්යය ලෙස අප ජනතාවට පොරොන්දු වූ පරිදිම, 19 ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමට කටයුතු කරනවා.  ඉන්පසු සියලු දෙනා සමඟ එක්ව රටට අවශ්‍ය සහ ගැළපෙන නව ව්‍යවස්ථාවක් ගෙන එනවා.  මෙහිදී මේ රටේ සියලූම ජනතාව සම්බන්ධයෙන්  ‘එක රටක් එක නීතියක්’ යන සංකල්පයට මූලිකත්වයක් දෙනවා. 

    පැහැදිලි  තීන්දු තීරණ ගත නොහැකි,  අන්තවාදයේ බලපෑමට නිරන්තරයෙන් යටපත් වන, අස්ථාවර පාර්ලිමේන්තුවක් රටකට සුදුසු නැහැ. නව ව්‍යවස්ථාවක් හඳුන්වාදීමේ දී වර්තමාන  මැතිවරණ ක්‍රමයේ  වෙනස්කම් සිදුකිරීමට අවශ්‍ය වෙනවා. සමානුපාතික ඡන්ද ක්‍රමය තුළ ඇති සාධනීය ලක්ෂණ රැකගන්නා අතරම පාර්ලිමේන්තුවේ ස්ථාවර භාවයද , ජනතාවගේ ඍජු නියෝජනයද තහවුරු වන ලෙස මේ වෙනස්කම් සිදු කරනවා.

    මම මගේ රටට ආදරය කරනවා, මම මගේ රට ගැන ආඩම්බර වෙනවා, මට මගේ රට ගැන දැක්මක් තිබෙනවා. අපේ අරමුණ වන්නේ ඵලදායී පුරවැසියෙක්, සතුටින් ජීවත් වන පවුලක්, ගුණගරුක සමාජයක් හා සෞභාග්‍යමත් දේශයක් ගොඩනැඟීමයි. මේ දක්වා අප විසින් කරන ලද සියලු දේ මෙන්ම, මින් ඉදිරියට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ක්‍රියාමාර්ගයන් ද  සැලසුම් කරනු ලබන්නේ මේ අරමුණ පෙරදැරි කරගෙනයි.

    අපි ඉතිහාසයේ ඉතා  වැදගත් සන්ධිස්ථානයකට පැමිණ තිබෙනවා. ජනතාව වත්මන් රජයට විශාල ජනවරමක් ලබා දී තිබෙනවා.  කිසිදු  බලවේගයකට යටත් නොවී මේ රටේ ස්වෛරීත්වය රැකගෙන ජනතාව ආරක්ෂා කරගෙන රට සෞභාග්‍යය කරා ගෙනයාමට අපට වගකීමක් පැවරී තිබෙනවා. රටේ  අනාගත පරපුර වෙනුවෙන් වත්මන් පරපුර ඒ වගකීම ඉටුකළ යුතුයි.

    මේ අප සියලුදෙනාගේම මව්බිමයි.  ඒ නිසා ජාති, ආගම්, පක්ෂ බේදයකින් තොරව අප සියලු දෙනාම රට වෙනුවෙන් එක් විය යුතු අවස්ථාවක් පැමිණ තිබෙනවා.

    ජනතාවට අප පොරොන්දු වූ  සෞභාග්‍යමත් දේශය ගොඩනැගීම සඳහා මා සමඟ එකතු වන ලෙස ඔබ සියලුදෙනාටම මා මිත්‍රත්වයේ දෑත් දිගුකොට ආරාධනා කරනවා. 

    ඔබ සැමට  තෙරුවන් සරණයි.

  • අභිනව කථානායක මහින්ද යාපාට අගමැති මහින්දගෙන් සුභාශිංසන

    අභිනව කථානායක මහින්ද යාපාට අගමැති මහින්දගෙන් සුභාශිංසන

    ශ්‍රී ලංකාවේ නව වන පාර්ලිමේන්තුවේ අභිනව කථානායකවරයා වශයෙන් තේරීපත් වූ මහින්ද යාපා අබේවර්ධන මහතාට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (20) දින සුභ පැතුම් එක් කළේය.

    ඒ අද පෙරවරුවේ නව වෙනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයට එක් වෙමිනි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු රජය වෙනුවෙන් සුභ පැතුම් එක් කරමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ දකුණු පළාතෙන් බිහි වූ කතානායකවරයෙකු වශයෙන් මහින්ද යාපා අබේවර්ධන මහතා තේරීපත්වීම පිළිබඳව තමාට නිහතමානී ආඩම්බරයක් ඇති බවයි.

    කැබිනට් අමාත්‍යවරයෙකු වශයෙන් දීර්ඝ කාලයක් කටයුතු කොට අත්දැකීම් සම්භාරයක් ලබා ඇති මහින්ද යාපා අබේවර්ධන මහතා ජ්‍යේෂ්ඨයෙකු ලෙස පාර්ලිමේන්තු සම්ප්‍රදාය පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා ඇති අයෙකු බවද අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.

    1983 මැයි 18 වන දින පැවති හක්මන ආසනයේ, අතුරු මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ අභිනව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පටන් රටේ තුන්වැනි පුරවැසියා බවට පත්වන බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිහිපත් කළේය.

    අභිනව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පාර්ලිමේන්තුව තුළ අපක්ෂපාතීව හා ස්වාධීනව කටයුතු කිරීමට අවශ්‍ය ශක්තිය හා ධෛර්ය ලැබේවායි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදී සුභාශිංසන එක් කළේය.

  • PCR අඩු වියදමකින් සහ අවම කාලයකින් සිදු කිරීමේ නව ක්‍රමවේදයක්

    PCR අඩු වියදමකින් සහ අවම කාලයකින් සිදු කිරීමේ නව ක්‍රමවේදයක්

    මෙරට තුල සිදු කරනු ලබන PCR පරික්ෂණ නවීන තාක්ෂණානුකූලව අඩු වියදමින් සහ අවම කාලයක් තුල සිදු කිරිමේ නව ක්‍රමවේදයක් පිළිබද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය දැනුවත් කිරීම අරමුණූ කොට ගෙන නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොළ මහත්මිය සහ එම ක්‍රියාවළිය සදහා තාක්ෂණිය දායකත්වය ලබාදෙනු ලබන  ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණික ආයතනයේ (Sri Lanka Institute of Nanotechnology) අධ්‍යක්ෂ ආචාර්ය මංජු ගුණවර්ධන මහතා ඇතුලු පිරිසක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය අමාත්‍යතුමිය මුණගැසී සාකච්ඡා සිදු කරන ලදි.

    නවීන තාක්ෂණානුකූලව මෙම නව ක්‍රමවේදය ඔස්සේ PCR පරීක්ෂණයක් සිදු කිරීමේ දී ඒ සදහා දැනට  වැය වන වියදම සියයට 50 කින් පමණ අඩු වන බවත් (දැනට PCR පරීක්ෂණයක් සිදු කිරිම සදහා රුපියල් 6000 ක පමණ මුදලක් වැය වේ) එම පරික්ෂණ ප්‍රතිඵල පැය 1  1/2 ක පමණ කාලයක් තුල දී ලබාගැනීමේ හැකියාව පවතින බවත්, ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණික ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය මංජු ගුණවර්ධන මහතා මෙහිදී සෞඛ්‍ය අමාත්‍යතුමිය වෙත පෙන්වා දෙන ලදි.

    දැනට PCR පරීක්ෂණ සදහා භාවිතා කරනු ලබන පරීක්ෂණ යන්ත්‍ර ම භාවිතයට ගනිමින් මෙම නව පරීක්ෂණ ක්‍රියාවළිය අවම කාර්ය මණ්ඩලයක් යොදා ගනිමින් සිදු කිරිමට හැකි බවත්, එක් වරක දී පරීක්ෂණ 90 ක් සිදු කළ හැකි බවත්  ඒ මහතා පෙන්වා දෙන ලදි. එමෙන්ම මේ සදහා ජාත්‍යන්තර අනුමැතිය ලැබී ඇති බව මෙහිදී පෙන්වා දෙන ලදි. මෙම නවීන ක්‍රමවේදය ඔස්සේ PCR පරීක්ෂණ සිදු කිරීම තුලින් ඉදිරියේ දී ගුවන්තොටුපල විවෘත කිරිමත් සමග මෙරටට පැමිණෙන විශාල ගුවන් මගීන් සංඛ්‍යාවකට PCR පරීක්ෂණ කඩිනමින් සිදු කිරීමේ හැකියාව ලැබෙන බව ද මෙම සාකච්ඡාවේ දී අනාවරණය විය.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා ඇතුලු සෞඛ්‍ය බලධාරීන්, වෛද්‍ය පර්යේෂණායතනයේ වෛරස් රෝග විශේෂඥයින් සහ SLINTEC ආයතනය නියෝජනය කරමින් නිලධාරින් පිරිසක් ද සහභාගි විය.

  • අද ඇරඹෙන පාර්ලිමේන්තු ලංකා ඉතිහාසයේ සුවිශේෂී වන්නේ කරුණු 10 ක් නිසාය

    අද ඇරඹෙන පාර්ලිමේන්තු ලංකා ඉතිහාසයේ සුවිශේෂී වන්නේ කරුණු 10 ක් නිසාය

    අද ඇරඹෙන පාර්ලිමේන්තු ලංකා ඉතිහාසයේ සුවිශේෂී වන්නේ කරුණු 10 ක් නිසාය . මේ ඒවාය.

    1. ලංකාවේ ලියාපදිංචි දේශපාලන පක්ෂ 15 ක් සෘජුව ඡන්දය ජයග්‍රහණය කර පාර්ලිමේන්තුවට පැමිණීම, පක්ෂ 22 ක් පාර්ලිමේන්තුව නියෝජනය කිරීම තුල නිදහසින් පසු වඩාත්ම විවිධාංගීකරණය වූ පාර්ලිමේන්තුව නිසාය.

    2. රාජ්‍ය මන්ත්‍රණ සභාව රැස්වූ 1947 නොවැම්බර් 25 පාර්ලිමේන්තුවේ සිට අද දක්වා එජාපයට ආණ්ඩු බලය හෝ විපක්ෂයේ ප්‍රධාන බලය අහිමිවූ එකම පාර්ලිමේන්තුව පමණක් නොව, එජාප මන්ත්‍රීවරයෙකු නොමැතිව රැස්වන පළමු පාර්ලිමේන්තුව ද වේ.

    3. වැඩිම නවක මන්ත්‍රීවරු සංඛ්‍යාවක් ආණ්ඩුපක්ෂයට පමණක් ලැබුණු, විපක්ෂයට නවක මන්ත්‍රීවරුන් අඩුවෙන්ම ලැබුණු පාර්ලිමේන්තුව වන නිසාය.

    4. ලෝකයේ වයසින් වැඩිම (වයස සාමාන්‍ය අගය) කැබිනට් මණ්ඩලය සහිත පාර්ලිමේන්තුව විය හැකි නිසාය. (තහවුරු කළ යුතුව ඇත)

    5. ලෝකයේ මරණ දඬුවම නියම වූ අයෙකු නීති සම්පාදකයෙකු ලෙස දිවුරුම් දෙන පළමු අවස්ථාව වන නිසාය. මරණ දඬුවම ලැබීම නිසා පළාත් සභා මන්ත්‍රී ධූරය අහිමි වූ (හසිත මුහන්දිරම්) ගේ පළාත නියෝජනය කරන අයෙකුම පළාත් සභාවට වඩා උසස් ආයතනය අද අසුන් ගන්නා නිසාය.

    6. මනුෂ්‍ය ඝාතනයකට චෝදනා ලැබූ අයෙකු ද (පිල්ලෙයාන්) පාර්ලිමේන්තුවේ අසුන් ගන්නා නිසාය

    7. විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගේ නම නිවේදනය නොකර, සභා රැස්වීම ඇරඹෙන නිසාය

    8. ලංකාවේ පක්ෂ ලියාපදිංචියකින් පසුව අඩුම කාලයකින් ආණ්ඩු බලය හෝ විපක්ෂයේ බහුතර බලය ලබාගන්නා පක්ෂයෙන් (සජබ) විපක්ෂ නායක ධූරයට පත්වන නිසාය

    9. මෑත ඉතිහාසයේ අඩුම කාන්තා නියෝජනයක් සහිත පාර්ලිමේන්තුව (මන්ත්‍රීවරියන් 12) නිසාය

    10. එකම පවුලේ හය දෙනෙකු පාර්ලිමේන්තුවේ අසුන් ගන්නා නිසා සහ හත්වන සාමාජිකයෙකු පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය පරිසරය නිර්මාණය වෙමින් පවතින නිසාය.

    රජිත් කීර්ති තෙන්නකෝන්

  • චීනයේ ‘ලෙෂන්’ යෝධ බුදුරුව දශක හතකට පසු පළමු වරට ගං දියෙන් තෙත් වෙයි

    චීනයේ ‘ලෙෂන්’ යෝධ බුදුරුව දශක හතකට පසු පළමු වරට ගං දියෙන් තෙත් වෙයි

    චීනයේ පිහිටි යෝධ බුදු රුවේ පා යුගල දශක හතකට පසු පළමු වරට පිටාර ගං දියෙන් තෙත් වී තිබේ. සිචුආන් පළාතේ චෙන්ග්ඩු ප්‍රදේශය ආසන්නයේ පිහිටි යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර ඇති ‘ලෙෂන්’ බුදු පිළිමයේ උස මීටර 71 කි.

    ශෛලමය බුදු පිළිමය ක්‍රිස්තු වර්ෂ 8 වන සියවසේදී පමණ නිමවන ලද්දකි.

    පිළිමය දිය පහරට ඉහළින් පිහිටා ඇතත් එම ප්‍රදේශය1940 ගණන්වලින් පසු හටගත් දරුණුතම ගංවතුර තත්ත්වයට මුහුණ දී තිබේ.

    ඒ හේතුවෙන් 100,000 ට අධික පිරිසක් ආරක්‍ෂිත ස්ථාන කරා රැගෙන යනු ලැබිණි.

    බුද්ධ ප්‍රතිමාව විශාල ආකර්ෂණයක් දිනා ගෙන ඇති අතර අසල පිහිටි ‘යැන්ග්ට්සේ’ නදිය සහ ‘ත්‍රී ගෝර්ජස්’ වේල්ල අවට බෝට්ටු සවාරි ද සංචාරකයන් අතර ජනප්‍රිය වී තිබේ.

    ජල මට්ටම ඉහළ යාමත් සමග ප්‍රතිමාව පිහිටි භූමියේ සිටි සංචාරකයන් 180 දෙනෙකු ආරක්‍ෂිත ස්ථාන කරා ගෙන ගිය බව චීන රාජ්‍ය මාධ්‍ය නිවේදනය කළේය.

    Tourist boats next to the Leshan Buddha in February
    ,පසුගිය පෙබරවාරි මස ගනු ලැබූ මෙම ඡායාරූපයේ දක්නට ඇති පරිදී බුදු පිළිමය ජල මට්ටමට ඉහළින් පිහිටා තිබේ
    Tourists burn offerings at the feet of the Giant Buddha in 2016
    ,බුදු රුව අභියස හිඳ ආශීර්වාද ලබා ගැනීම සඳහා සංචාරකයෝ සහ වන්දනාකරුවෝ බෝට්ටු ඔස්සේ එහි පැමිණෙති
    The feet of the Giant Buddha
    ඡායාරූප ශීර්ෂ වැකිය,ප්‍රමාණයෙන් මිනිසෙකුට වඩා විශාල බුදු රුවේ පා ඇඟිලි අවසන් වරට ජලයෙන් යට වී ඇත්තේ 1949 වසරේදීය
    Waters reach the platform of the statue (12 Aug)
    නමුත් පසුගිය සතියේදී බුදු පිළිමයේ පදනම දක්වා ජල මට්ටම ඉහළ ගිය අතර එය තවදුරටත් වර්ධනය විය

    බුදු පිළිමයේ පා ඇඟිලි ගං දියෙන් තෙමෙන්නේ නම් මිලියන 16 කට නිවහන වූ චෙන්ග්ඩු ප්‍රදේශයත් ජලයෙන් යටවන බවට එහි ජනයා අතර විශ්වාසයක් පවතින්නේ යයි ‘ෂීන්හුවා’ රජයේ පුවත් ඒජන්සිය වාර්තා කර තිබිණි.

    සති ගණනාවක් පැවති ධාරානිපාත වැසි හමුවේ ජල මට්ටම වාර්තා ගත ලෙස ඉහළ යාමත් සමග සිචුආන් පළාත හදිසි ප්‍රතිචාර දැක්වීම සඳහා ඇති ඉහළම මට්ටම ක්‍රියාත්මක කර ඇත. වැසි නවතින බවක් ද දක්නට නොමැත.

    Rescuers help evacuated villagers get off boats onto land in Sichuan (18 August)
    අනතුරුදායක ප්‍රදේශවලින් ජනයා ඉවත් කරවා ගැනීම සඳහා බේරා ගැනීමේ කණ්ඩායම් යොදවනු ලැබ තිබේ
    Flooding in Chongqing (14 Aug)
    චොන්ග්කුයින්ග් නගරය වෙත මෙවර ග්‍රීෂ්ම සෘතුවේ අවස්ථා කිහිපයකදීම ගංවතුරෙන් බලපෑම් එල්ල විය

    ‘යැන්ග්ට්සේ’, ‘යෙලෝ’ (කහ නදිය – හොවන්ග් හෝ නදිය),’හායි’, ‘සොන්ගුවා’ සහ ‘ලයාඕ’ යන ගංගා අවට පිහිටි පළාත් වෙත නාය යාම් ඇතුළු අනතුරු පිළිබඳ දැනුවත් කර තිබේ.

    ‘යැන්ග්ට්සේ’ නදිය ආශ්‍රිතව ක්‍රියාත්මක මහා පරිමාණ ජල විදුලි ව්‍යාපෘතියක් වන ‘ත්‍රී ගෝර්ජස්’ වේල්ල ඉහළ කොටසට ජලය විශාල වශයෙන් එක්රැස් වෙමින් පවතින බවට බලධාරීන් අනතුරු අඟවා ඇත.

    ඒ හේතුවෙන් ප්‍රධාන නගරයක් වන චොන්ග්කුයින්ග් ඇතුළු වේල්ලට ඉහළින් ඇති ප්‍රදේශ ජලයෙන් යටවීමට ඉඩ ඇති බවට ජල සම්පත් අමාත්‍යංශය අනතුරු අඟවා තිබේ.

    by bbc sandesaya

  • අමීර් ඛාන් සතු අමරණීය Box Office වාර්තා තුන මෙන්න !

    අමීර් ඛාන් සතු අමරණීය Box Office වාර්තා තුන මෙන්න !

    අමීර් ඛාන් බොහෝ විට බොලිවුඩයේ පරිපූර්ණවාදියා Perfectionist ලෙස හැඳින්වේ. අමීර් තමා චිත්‍රපටයේ සෑම ක්‍රියාවලියකටම සම්බන්ධ වී ඇති බව සහතික කරන බව අපි කවුරුත් දනිමු. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ශ්‍රේෂ්ඨත්වය උදෙසා ඔහු දැරූ අසමසම අධිෂ්ඨානයයි.

    අමීර් ඛාන් වාර්තා කරයි

    ඔහු නළුවෙකු ලෙස ආකර්ෂණීය වාර්තා කිහිපයක් තබා ඇති හෙයින් මේ සියල්ල සඳහා ඔහු දැරූ උත්සාහය ද සාර්ථක වී තිබේ. වර්තමානයේදී, ඉන්දීය රුපියල් කෝටි 100 සහ කෝටි 200 සීමාව පසු කරන චිත්‍රපට පොදු ප්‍රපංචයක් වී ඇති නමුත් පළමුවෙන්ම මෙම සන්ධිස්ථාන පසුකර ගියේ අමීර් ඛාන් බව බොහෝ දෙනා නොදන්නවා විය හැකිය. 

    අමීර් රංගනයෙන් දායක වූ ‘ගජිනි Ghajini (2008) රුපියල් කෝටි 100 සීමාව පසුකළ පළමු චිත්‍රපටය වූ අතර 2009 දී තිරගත වූ 3 අයිඩියට්ස් 3 Idiots රුපියල් කෝටි 200 සීමාව පසුකර ගියේය.

    අමීර් ඛාන් වාර්තා කරයි

    එපමණක් නොව, ඔහු විසින් 2014 දී නිකුත් කරන ලද පී.කේ PK  ද රුපියල් කෝටි 300 සීමාව පසුකර ගියේය. 

    අමීර් ඛාන් වාර්තා කරයි

    ෆිල්ම් ෆෙයාර් ඇසුරිණි – සකස් කළේ තුෂාධවි

  • අද රැස්වෙන පාර්ලිමේන්තුව තබන ඓතිහාසික වාර්තා මෙන්න

    අද රැස්වෙන පාර්ලිමේන්තුව තබන ඓතිහාසික වාර්තා මෙන්න

    1. ලංකාවේ ලියාපදිංචි දේශපාලන පක්ෂ 15 ක් සෘජුව ඡන්දය ජයග්‍රහණය කර පාර්ලිමේන්තුවට පැමිණීම, පක්ෂ 22 ක් පාර්ලිමේන්තුව නියෝජනය කිරීම තුල නිදහසින් පසු වඩාත්ම විවිධාංගීකරණය වූ පාර්ලිමේන්තුව නිසාය.
    2. රාජ්‍ය මන්ත්‍රණ සභාව රැස්වූ 1947 නොවැම්බර් 25 පාර්ලිමේන්තුවේ සිට අද දක්වා එජාපයට ආණ්ඩු බලය හෝ විපක්ෂයේ ප්‍රධාන බලය අහිමිවූ එකම පාර්ලිමේන්තුව පමණක් නොව, එජාප මන්ත්‍රීවරයෙකු නොමැතිව රැස්වන පළමු පාර්ලිමේන්තුව ද වේ.
    3. වැඩිම නවක මන්ත්‍රීවරු සංඛ්‍යාවක් ආණ්ඩුපක්ෂයට පමණක් ලැබුණු, විපක්ෂයට නවක මන්ත්‍රීවරුන් අඩුවෙන්ම ලැබුණු පාර්ලිමේන්තුව වන නිසාය.
    4. ලෝකයේ වයසින් වැඩිම (වයස සාමාන්‍ය අගය) කැබිනට් මණ්ඩලය සහිත පාර්ලිමේන්තුව විය හැකි නිසාය. (තහවුරු කළ යුතුව ඇත)
    5. ලෝකයේ මරණ දඬුවම නියම වූ අයෙකු නීති සම්පාදකයෙකු ලෙස දිවුරුම් දෙන පළමු අවස්ථාව වන නිසාය. මරණ දඬුවම ලැබීම නිසා පළාත් සභා මන්ත්‍රී ධූරය අහිමි වූ (හසිත මුහන්දිරම්) ගේ පළාත නියෝජනය කරන අයෙකුම පළාත් සභාවට වඩා උසස් ආයතනය අද අසුන් ගන්නා නිසාය.
    6. මනුෂ්‍ය ඝාතනයකට චෝදනා ලැබූ අයෙකු ද (පිල්ලෙයාන්) පාර්ලිමේන්තුවේ අසුන් ගන්නා නිසාය
    7. විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගේ නම නිවේදනය නොකර, සභා රැස්වීම ඇරඹෙන නිසාය
    8. ලංකාවේ පක්ෂ ලියාපදිංචියකින් පසුව අඩුම කාලයකින් ආණ්ඩු බලය හෝ විපක්ෂයේ බහුතර බලය ලබාගන්නා පක්ෂයෙන් (සජබ) විපක්ෂ නායක ධූරයට පත්වන නිසාය
    9. මෑත ඉතිහාසයේ අඩුම කාන්තා නියෝජනයක් සහිත පාර්ලිමේන්තුව (මන්ත්‍රීවරියන් 12) නිසාය
    10. එකම පවුලේ හය දෙනෙකු පාර්ලිමේන්තුවේ අසුන් ගන්නා නිසා සහ හත්වන සාමාජිකයෙකු පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය පරිසරය නිර්මාණය වෙමින් පවතින නිසාය.

    රජිත් කීර්ති තෙන්නකෝන්

  • 09 වැනි පාර්ලිමේන්තුව වාර්තා පිට වාර්තා තබයි – නව වාර්තා සියල්ල මෙන්න !

    09 වැනි පාර්ලිමේන්තුව වාර්තා පිට වාර්තා තබයි – නව වාර්තා සියල්ල මෙන්න !

    ශ්‍රී ලංකාවේ නව වැනි පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම හෙට (20) පෙරවරු 09.30ට ආරම්භ වන අතර අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අභිනව පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය හෙට පස්වරු 3.00ට ඇරඹීමට නියමිතය.

    පාර්ලිමේන්තුව රැස්වන පළමු දිනයේදී මන්ත්‍රීවරුන්ට ආසන වෙන් කිරීමක් සිදු නොකරන අතර ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ අසුන් පමණක් වෙන් කර තැබෙයි.

    හෙට පළමු රැස්වීමේ පළමුව සිදු කිරීමට නියමිතව තිබෙන්නේ නව වැනි පාර්ලිමේන්තුව සඳහා නව කථානායකවරයා පත්කර ගැනීමය. එම ධුරය සඳහා මාතර දිස්ත්‍රික්කයෙන් තේරී පත්වු මහින්ද යාපා අබේවර්ධන මහතා පත් කරනු ඇති බවට තහවුරු වී ඇති අතර ඒ අනුව හෙට පත් කෙරෙන්නේ මෙරට 11 වැනි කථානායකවරයාය.

    පසුව නව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු කථානායකවරයා ඉදිරියේ සිය ප්‍රතිඥාව ලබා දීමට නියමිතය. අනතුරුව නියෝජ්‍ය කථානායක සහ නියෝජ්‍ය කාරක සභා සභාපති යන තනතුරු සඳහා නියෝජිතයින් පත්කරගැනීමෙන් පසු සභාවේ කටයුතු පස්වරු 3 දක්වා අත්හිටුවනු ලබයි.

    අනතුරුව මෙරට 9 වැනි පාර්ලිමෙන්තුවේ ප්‍රථම සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීම සිදු වන්නේ පස්වරු 03.00ටය. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

    ජනාධිපතිවරයා පැමිණීමේ උත්සවය ඉතා චාම්ව පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ජනාධිපතිවරයාගේ උපදෙස් මත ආචාර වෙඩිමුර සහ රථ පෙළපාලි නොපැවැත්වෙන බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය නිවේදනය කරයි. එම උත්සවය සංස්කෘතිකාංග කිහිපයකට පමණක් සීමා වනු ඇත.

    අනතුරුව ඇරඹෙන පළමු සභාවාරයේ දී පාර්ලිමේන්තුවේ සභානායක ලෙස විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරුන් පත්කිරීම සිදු කෙරෙයි. එමෙන්ම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක තනතුර සඳහා නියෝජිතයෙකු නම් කිරීම ද හෙට සිදු කිරීමට නියමිතය.

    පළමු සභාවාරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව අණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.

    1947දී පළමු පාර්ලිමේන්තුවේ බහුතර බලය දිනා ගනිමින් ආණ්ඩුව පිහිට වූ එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු මංගල රැස්වීම නියෝජනය නොකරන, නිදහසින් පසු පළමු අවස්ථාව

    09 වන පාර්ලිමේන්තුවේ වාර්තා

    09 වන පාර්ලිමේන්තුවේ සුවිශේෂ ලක්ෂණ රැසක් දැකගත හැකිවන බවයි දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ. ඒ අනුව,

    • 1947දී පළමු පාර්ලිමේන්තුවේ බහුතර බලය දිනා ගනිමින් ආණ්ඩුව පිහිට වූ එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු මංගල රැස්වීම නියෝජනය නොකරන, නිදහසින් පසු පළමු අවස්ථාව
    • පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ දේශපාලන පක්ෂ සංඛ්‍යාව 06ක් වුවද මෙවර එය 15ක් දක්වා ඉහළ ගොස් ඇත.
    • මෙවර තේරී පත්වූ මන්ත්‍රීවරුන් අතරින් 81 දෙනෙකුම පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ අයයි.
    • නව මැතිසබය නියෝජනය කරන ළාබාලම මන්ත්‍රිවරයා වන්නේ 1994 නොවැම්බර් 09 වැනිදා උපත ලද වතු නිවාස සහ ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතාය.
    • කැබිනට් මණ්ඩලයේ ළාබාලතම අමාත්‍යවරයා වන්නේ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාය.
    • අවුරුදු 25 – 40 අතර වයසේ පසුවන 25 දෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටීම.
    • නව පාර්ලිමේන්තුවේ සමස්ත තරුණ මන්ත්‍රීවරුන්ගේ නියෝජනය 11%කි.
    • මන්ත්‍රීවරුන් අතරින් වැඩිම පිරිසක් නියෝජනය කරන වයස අවුරුදු 41-50 කාණ්ඩයට 67 දෙනෙක් ඇතුළත්ය.
    • වයස අවුරුදු 51-60 කාණ්ඩයට මන්ත්‍රීවරු ගණන 54 දෙනෙකු ඇතුළත් වේ.
    • වයස අවුරුදු 61-70 කාණ්ඩයට අයත් සංඛ්‍යාව 37ක් ද, අවුරුදු 71-80 වයස් කාණ්ඩය නියෝජනය කරන සංඛ්‍යාව 9යකි.
    • අවුරුදු 81-90 වයස් කාණ්ඩය නියෝජනය කරන තිදෙනෙකු මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන අතර වාසුදේව නානායක්කාර, සී.වී විග්නේශ්වරන් සහ ආර්.සම්පන්දන් එම මන්ත්‍රීවරුන් වේ.
    • 2015 මහ මැතිවරණයෙන් මන්ත්‍රීවරියන් 13 දෙනෙකු පාර්ලිමේන්තුවේ අසුන් ගත්ත ද එය මෙවර 12 දෙනෙකුට සීමාවී ඇති අතර නව වැනි පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය ප්‍රතිශතයක් ලෙස 5.3%කි.
    • මරණ දණ්ඩනය නියම වී සිටින මන්ත්‍රීවරයෙකු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ ඉතිහාසයේ පළමු වරටය. ඒ රත්නපුර දිස්ත්‍රික්කයෙන් තේරී පත් වූ ප්‍රේමලාල් ජයසේකර මහතාය.

    සැකසුම – තුෂාර වල්ගම

  • 20 වන සංශෝධනයට නිර්දේශ දෙන්න පංච පුද්ගල කැබිනට් අනුකමිටුවක්

    20 වන සංශෝධනයට නිර්දේශ දෙන්න පංච පුද්ගල කැබිනට් අනුකමිටුවක්

    19 වන ව්‍යවස්ථා සංශෝධනය අවලංගු කිරීමටත්, 20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතක් සකස් කිරීමටත් අද (19) පැවැති කැබිනට් මණ්ඩල හමුවේදී අනුමැතිය හිමි වූ අතර 20 වන ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට කැබිනට් අනු කමිටුවක් ද පත් කිරීමට ද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවිය.

    එම කැබිනට් අනුකමිටුව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පිරීස්, විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි, බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල හා කම්කරු අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විතය.

  • කතානායක පුටුවත් ‘මහින්ද’ කෙනෙකුට

    කතානායක පුටුවත් ‘මහින්ද’ කෙනෙකුට

    හෙට (20) අභිනවයෙන් ආරම්භ වන 9 වැනි පාර්ලිමේන්තුවේ කථානායක ධුරය සඳහා තමන්ව යෝජනා වී ඇති බව තේරී පත්වු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා ජනමාධ්‍ය හමුවේ අද (19) ප්‍රකාශ කළේය. එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් මහින්ද යාපා අබේවර්ධන මහතා කියා සිටියේ අද පැවැති පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ දී ඒ සඳහා තමන්ව යෝජනා කර ඇති බව තමන්ට වාර්තා වූ බවයි.

  • තවත් උපාධිධාරීන් 10,000කට රැකියා

    තවත් උපාධිධාරීන් 10,000කට රැකියා

    රැකියා විරහිත උපාධිධාරීන් රැකියා නියුක්ත කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ
    මහතා හඳුන්වාදුන් වැඩසටහන යටතේ තවත් උපාධිධාරීන් දස දහසකට රැකියා ප්‍රදානය කිරීමට අද (19) කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබිණ.

    මහ මැතිවරණය නිසා නතර කෙරුණු උපාධිධාරී රැකියා සම්පාදන ව්‍යාපෘතිය යළි ක්‍රියාත්මක කිරීම පසුගිය සිකුරාදා ආරම්භ කරනු ලැබීය. ඒ යටතේ උපාධිධාරීන් 50,000කට පත්වීම් ප්‍රදානය කෙරිණ. අද තීරණය අනුව තවත් දස දහසක් ඔවුනට එක් වෙති.

     රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් අද ජනාධිපති කාර්යාලය අසළ විරෝධතාවක නිරතව සිටියහ. කැබිනට් මණ්ඩල රැස්වීම නිමවා යමින් සිටි ජනාධිපතිතුමා ඔවුන් අසළ සිය වාහනය නතර කොට සියලු උපාධිධාරීන්ට රැකියා ප්‍රදානය කරන බව පැවසීය.

    “දැන් ගෙදර යන්න. තවත් දස දහසකට රැකියා දෙන්න අද අනුමත කළා” ජනාධිපතිතුමා ඔවුනට කීය.

  • යහපාලනයේ ‘රාජ්‍ය බැංකුවල අක‍්‍රමිකතා’ සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක්

    යහපාලනයේ ‘රාජ්‍ය බැංකුවල අක‍්‍රමිකතා’ සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක්

    ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා රාජ්‍ය බැංකු පද්ධතිය විධිමත් කර කාර්යක්ෂම කිරීමත්, රාජ්‍ය බැංකු තුළ සිදු වූ අක්‍රමිකතා සොයා බැලීම සඳහාත් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    ඒ අනුව, කොවිඩ් 19 වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය මුහුණදෙන අභියෝග ජයගැනීම සඳහා ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සහ ඒවාට අනුබද්ධ ආයතනයන්හි  2015 ජනවාරි මස 08 වැනිදායින් පසු සිදුව ඇති අක්‍රමිකතා, ඒකී ආයතනවල අරමුණුවලට පටහැනිව සහ බැංකු පනතේ විධිවිධාන සහ කාර්ය පරිපාටිවලට අනුකූල නොවන අයුරින් කටයුතු කළ අවස්ථාවන් සහ ඵලදායී නොවූ ක්‍රියාවන් හා ගණදෙනු විධිමත්ව අධ්‍යනය කිරීමට සිව් පුද්ගල කමිටුවක් පත්කර ඇත.

    ඉදිරියේ දී එවැනි තත්ත්වයන් ඇති නොවීම සඳහා ගතයුතු නෛතික, මූල්‍ය සහ පරිපාලන පියවර පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමත්, මුල්‍ය පාඩුවලට වගකිව යුතු නිලධාරීන් සහ බාහිර පාර්ශ්වයන් හඳුනාගැනීමත් සහ රාජ්‍ය බැංකු පද්ධතිය ජනතාවට වඩාත් හිතකර සේවාවක් බවට පත්කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමේ වගකීමත් මෙම කමිටුවට පැවරෙනු ඇත.

    මෙම කමිටුවේ සභාපති ලෙස කටයුතු කරනු ලබන්නේ හිටපු මහාධිකරණ විනිසුරු සිසිර රත්නායක මහතා ය. වරලත් ගණකාධිකාරී සුසන්ත ද සිල්වා හා විශ්‍රාමික අතිරේක විගණකාධිපති ඩබ්ලිව්. ප්‍රේමානන්ද යන මහත්වරු සෙසු සාමාජිකයෝ වෙති. මුදල් අමාත්‍යාංශයේ නියෝජිතයෙක් කමිටුවේ ලේකම් ධුරය දරනු ලබයි.

    මෙම කමිටුව විසින් මාස තුනක කාලයක් තුළ ඉදිරිපත් කරනු ලබන අදාළ නිර්දේශ සහිත වාර්තාව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මගින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරෙනු ඇත.

  • එජාපයට විකල්ප රැසක් නෑ – එකම නායකයා කරු ජයසූරිය පමණයි

    එජාපයට විකල්ප රැසක් නෑ – එකම නායකයා කරු ජයසූරිය පමණයි

    එක්සත් ජාතික පක්ෂය යළි ගොඩනැගීම සදහා රනිල් වික්‍රමසිංහට හෝ ඔහුගේ කල්ලියට කිසිම ශක්තියක් හෝ දර්ශනයක් නැතැයි ද එය කළ හැකි එකම බලවේගය කරු ජයසූරිය මහතා සහ ඔහු වටා ගොනුව සිටින මධ්‍යස්ථ ඡන්ද දායකයින් පමණක් යැයි ද දකුණු සහ අග්නිදිග ආසියානු දේශපාලන සහ සමාජ සංවර්ධන ආයතනයේ ප්‍රධානී ආචාර්ය ඉන්ද්‍රජිත් හේවාවිතාරණ මහතා අප කළ විමසීමකදී පැවසීය.

    Mgid

    දශක දෙකකට අධික කාලයක් පුරා දකුණු සහ අග්නිදිග ආසියානු කලාපයේ දේශපාලන සහ සමාජ ප්‍රවණතා පිළිබද විශ්ලේෂණය කරමින් සිටින ආචාර්ය හේවාවිතාරණ මෙහිදී පෙන්වා දුන්නේ එජාපය යළි ගොඩනැගීමට නම් පසුගිය මහ මැතිවරණයේදී එජාපය පමණක් නොව සමගි ජන බලවේගය ද දෙමළ ජාතික සන්ධානය ද මුහුණ දුන් දේශපාලන යථාර්ථය මනාව වටහා ගෙන ඒ අනුව දේශපාලන සැලසුම් සකස් කළ යුතු බවයි.

    ‘මේ රටේ මුල් බැසගෙන තිබුණ දෙයක් තමයි සුළු ජාතීන් එක්සත් ජාතික පක්ෂය වටා ගොනුව සිටින බව. ඒත් එය වඩාත් නිවැරදි විය යුතුව තිබෙන්නේ මුස්ලිම් සහ වතු දමිළ කියන විශේෂණ පදය සමග. මොකද ජනාධිපතිවරණයේදී දමළ අපේක්ෂකයෙකු ඉදිරිපත් නොවන නිසා ඔවුන්ගේ ඡන්දවලින් අති බහුතර ප්‍රතිශතය එජාප අපේක්ෂකයාට ලැබුණත් මහ මැතිවරණයේදී ඒ ඡන්ද යන්නේ එජාපයේ උතුරේ හවුල්කාර පක්ෂය දෙමළ ජාතික සන්ධානයට. එය මේ මහ මැතිවරණයේදීත් ඉතාම පැහැදිලිව පෙනුනා. ඒත් ඒ ඡන්ද මෙවර ගියේ එජාපයට නොවෙයි එජාපයේ පිටපත වුණ සමගි ජන බලවේගයට. එය සිදු වුණේ සමගි ජන බලවේගයේ දක්ෂතාවක් නිසා නොවෙයි. මොකද සුළුජනතාව දිනා ගන්න තරම් ආකර්ෂණයක් සජිත් ප්‍රේමදාස මහතාට නැහැ. ඒත් සුළු ජාතීන් මෙවර රනිල් වික්‍රමසිංහ මහතාව දැඩිව ප්‍රතික්ෂේඵ කරලා තිබෙනවා. ඔහුට කොළඹින් ලැබුණේ අන්ත පරාජයක්. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ තව දුරටත් සිංහල බෞද්ධයින් අතර පමණක් නොවෙයි සුළු ජාතීන් අතර පවා ප්‍රතික්ෂේප වුණ දේශපාලන චරිතයක්. මේ තත්ත්වය මත රනිල් වික්‍රමසිංහ කියන්නේ අල්ලපු අත්තත් – පය ගසා ගෙන සිටි අත්තත් දෙකම අහිමි වෙලා බිමට වැටුණු චරිතයක්. ඔහුව විශ්වාස කිරීමට කිසිවෙක් දැන් මේ රට තුළ නැහැ. ඒ නිසා ඔහු වහාම එජාප නායකත්වයෙන් පමණක් නොව දේශපාලනයෙන් පවා සමුගත යුතුයි. පක්ෂය යළි ගොඩනැගිය හැකි විශ්වාසය තැබිය හැකි දේශපාලනඥයෙක් වෙත භාර දිය යුතුයි

    මෙහිදී ආචාර්ය ඉන්ද්‍රජිත් හේවාවිතාරණ කියා සිටියේ කරු ජයසූරිය ගැන විශ්වාසය තැබීමට තරම් සාධක එමට ඇති බවයි.

    ‘කරු ජයසූරිය කියන්නේ මහත්මා දේශපාලනයේ සංකේතයක්. ප්‍රජාතන්ත්‍රවාදයේ සංකේතයක්. ඔහු තමයි මෑත ඉතිහාසයේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය, මහත්මා දේශපාලනය වෙනුවෙන් වඩාත්ම කැප වුණ චරිතය. 2018 පාර්ලිමේන්තු කුමන්ත්‍රණය වේලාවේදී පමණක් නොවෙයි, ඊට බොහෝ කාලයකට පෙර සිට, ඔහුගේ දේශපාලන ආගමනය සිදු වූ දින සිට ඔහු ප්‍රජාතන්ත්‍රවාදය සහ මහත්මා දේශපාලනය වෙනුවෙන් පෙනී සිටියා. පසුගිය කාලයේ වඩාත් කතාබහට ලක් වුණ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත මුලින්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළෙත් ඔහු‘

    මෙහිදී ආචාර්ය ඉන්ද්‍රජිත් හේවාවිතාරණ කියා සිටියේ පසුගිය මහ මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ නොකළ ලක්ෂ 40 තුළ අවම වශයෙන් ලක්ෂ 20ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ සමගි ජන බලවේගය ප්‍රතික්ෂේප කළ එජාප සහ මධ්‍යස්ථ ඡන්දදායකයින් බවයි.

    ‘2015 දේශපාලන වෙනස ඇති කළේ පක්ෂවල ස්ථාවර ඡන්ද පදනම නෙමෙයි පාවෙන, නැතිනම් මධ්‍යස්ථ ඡන්දදායකයෝ. ඔවුන් තමයි සිරිසේන මහතාගේ දියුණු ජයග්‍රහණයට අවශ්‍ය ඡන්ද ප්‍රතිශතය ලබා දුන්නේ. ඒත් පසුගිය කාලය පුරාම එක්සත් ජාතික පක්ෂය වෙතින් පාවෙන ඡන්ද, වෘත්තිකයෝ ඉවත් වුණා. ඔවුන් අදේශපාලනික චරිතයක් වන සජිත් ප්‍රේමදාසට කවදාවත් මනාපය ප්‍රකාශ කරන්නේ නැහැ. ඔවුන්ව දිනාගත හැකි වන්නේ කරු ජයසූරිය වැනි දේශපාලනික චරිතකයකටම පමණයි. ඔහු වටා ගොනු වෙන්නේ වජිර, අකිල, රවීට අසීරු නැහැ. මොකද දීර්ඝ කාලයක් බලය අල්ලා ගෙන ඉන්න කරුට හැකියාවක් නැහැ. ඔහු පක්ෂය යළි යථා තත්ත්වයට පත්කර, පක්ෂයට පිළිගත හැකි නායකයෙක් පත්කර තම යුග මෙහෙවර ඉටුකර සමුගනියි‘

    මෙහිදී ආචාර්ය ඉන්ද්‍රජිත් හේවාවිතාරණ කියා සිටියේ කරුගෙන් පසු එජාප නායකයා පක්ෂයේ පැරණි අයෙකු ම විය යුතු බවට නියමක් නැති බවයි. එවැනි තත්ත්වයක් අනවශ්‍ය බව ද ඔහු පෙන්වා දුන්නේය.

    ‘එය අවශ්‍ය නැහැ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ පොහොට්ටුවේ දේශපාලන බලධූරාවලියට කිසිම සම්බන්ධයක් නැති අයෙක්. වැදගත් වුණේ මහින්දගේ දේශපාලන ශක්තිය සමග ගෝඨාභය සතු වුණ ආකර්ෂණය හා විශ්වාසය දිනා ගැනීම. දැන් එක්සත් ජාතික පක්ෂයටත් අවශ්‍ය එවැනි දෙයක්. ජනතාවගේ විශ්වාසය හා ආකර්ෂණය දිනා ගැනීම. ඒකට තාම අකිල, වජිර, රුවන් වාගේ දෙවැනි පෙළ පරිණත වෙලා නැහැ. ජාතික නායකත්වය ලක්ෂණ ප්‍රකට කරලා නැහැ. එය තිබෙන්නේ කරු ජයසූරිය තුළ පමණයි‘

    මෙහිදී ආචාර්ය ඉන්ද්‍රජිත් හේවාවිතාරණ කියා සිටියේ කෙටි කාලීන ඉලක්ක වශයෙන් ඉදිරි පළාත් සභා මැතිවරණය නොව ඊට පසුව එන පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගෙන පක්ෂය සැලසුම් සකස් කළ යුතු බවයි.

    ‘අකිල විරාජ් කියලා තිබුණා රනිල් වික්‍රමසිංහ ඉවත් වන්නේ පළාත් සභා මැතිවරණයටත් නායකත්වය දීමෙන් පසුව බව. ඒක විකාරයක්. රනිල් දැන් අවලංගු කාසියක්. ඔහු දේශපාලන වශයෙන් මියගොස් ඉවරයි. අකිලට, වජිරට, රුවන්ට ඔහු දේශපාලන ප්‍රතිමාවක් විය හැකියි. ඒත් ජනතාවට රනිල් කියන්නේ තව දුරටත් දේශපාලන බල චරිතයක් නොවෙයි‘

    මෙහිදී සිය විශ්ලේෂණය අවසන් කරමින් ආචාර්ය ඉන්ද්‍රජිත් හේවාවිතාරණ කියා සිටියේ පක්ෂ නායකත්වය අභ්‍යන්තර අරගල කරමින් තව දුරටත් කාලය නොමරා සියලු දෙනා මහා පොදු සාධකය ලෙස කරු වටා පෙළ ගැසී පක්ෂය එක්සත් කර, ශක්තිමත් කර ජනතාවගේ විශ්වාසය දිනාගත යුතු බවයි.

    ‘සජිත් ප්‍රේමදාස දිනා ගත්තේ සියයට 23ක ඡන්ද ප්‍රතිශතයක්. එජාපයේ පොදු ඡන්ද පදනම සියයට 35ක් පමණ වෙනවා. මධ්‍යස්ථ ඡන්ද එක් කළ විට සමගි ජන බලවේගයට වඩා පහසුවෙන් යළි බලය තහවුරු කර ගැනීමට පුළුවන්. ඒ යාන්ත්‍රණය පණ ගැන්වීමයි දැන් කළ යුතු වන්නේ. ඒ නිසා 1994 පරාජයෙන් පසු තිබුණ පළමු පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහා නගර සභාවට කරු පැමිණියා වාගේ, අවොත් කරු – පායයි හිරු කිව්වා වාගේ යළි ආරම්භයක් ගත යුතුයි‘ ආචාර්ය ඉන්ද්‍රජිත් හේවාවිතාරණ අවධාරණයෙන් සදහන් කළා.

    සටහන – රුවන් ලොකු විතානගේ

  • කොම්පෝස්ට් නිෂ්පාදනය හා භාවිතය ගැන නිවැරදිව දැන ගනිමු – 01

    කොම්පෝස්ට් නිෂ්පාදනය හා භාවිතය ගැන නිවැරදිව දැන ගනිමු – 01

    ‘කොම්පෝස්ට්‘ නිෂ්පාදනය යනු ක්ෂුද්‍ර ජීවීන්ගේ මාර්ගයෙන් ශාක කොටස් හා සත්ව අපද්‍රව්‍ය දිරාපත් කිරීම මඟින් හි්‍යුමස් වැනි සරල කාබනික ද්‍රව්‍ය නිපදවා ගැනීමේ ක්‍රියාවලියයි.

    වාණිජ වටිනාකමක් ඇති ප්‍රධාන කාබනික පොහොරක් ලෙස කොම්පෝස්ට් හැඳින්විය හැක. කොම්පෝස්ට් නිෂ්පාදනය පරිසරයට, සමාජයට හා කෘෂි කර්මාන්තයට ප්‍රයෝජන ගණනාවක් ලබා දෙන ක්‍රියාවලියකි.

    කොම්පෝස්ට් පොහොරක් ලෙස නිපදවනු ලැබූව ද එමඟින් පරිසරයට සිදුවන මෙහෙය ද සුළුප‍ටු නොවේ. නාගරික පරිසරයක දී මෙය අපද්‍රව්‍ය කළමනාකරණයට බෙහෙවින් උපකාරි වේ. අපද්‍රව්‍ය ක්‍රමවත්ව කළමනාකරණය කරන ක්‍රමවේදයක් ලෙස කොම්පෝස්ට් නිෂ්පාදනය හැඳින්විය හැකිය. කොම්පෝස්ට් පොහොර ලෝකයේ පැරණිම පොහොරක් ලෙස හැඳින්විය හැකිය. වෙනත් කාබනික අපද්‍රව්‍ය මෙන් නොව එහි සුවිශේෂි ලක්ෂණ ගණනාවක් දක්නට ලැබේ.

    පරිසරයට ඇති වාසි

    • අපද්‍රව්‍ය නිසි කළමනාකරණයකට අවස්ථාවක් උදා වීම.
    • අපද්‍රව්‍යවල අන්තර්ගත රෝගකාරක හා වල් පැළෑටි බීජ විනාශ වීම.
    • පරිසරය පිරිසිදුව තබා ගැනීමට හැකි වීම.
    • පරිසරය හා භූගත ජලය දූෂණය අවම වීම.

    සමාජයට ඇති වාසි

    • ‍රැකියා අවස්ථා වැඩි වීම.
    • අපද්‍රව්‍ය සඳහා වාණිජමය වටිනාකමක් ලැබීම.
    • වාණිජ කර්මාන්තයක් බිහි වීම.
    • කොම්පෝස්ට් යෙදීමෙන් රසායනික පොහොර අඩුකර යෙදිය හැකි නිසා විදේශ විනිමය ඉතිරි කරගත හැකි වීම.

    කෘෂිකර්මාන්තයට ඇති වාසි

    • සාර්ථක බෝග වර්ධනය
    • බෝග අස්වැන්න වැඩි වීම.
    • වෙනත් කාබනික අපද්‍රව්‍ය හා සැසදීමේදී පසට පෝෂ්‍ය පදාර්ථ ඉක්මනින් ලබාදීමේ හැකියාව.
    • කොම්පෝස්ට් මඟින් ශාක පෝෂක සමතුලිතව ලබාදීමේ හැකියාව.
    • රසායනික පොහොර වල කාර්යක්ෂමතාවය වැඩි කිරීම.
    • පසේ රසායනික, භෞතික හා ජීව විද්‍යාත්මක ලක්ෂණ දියුණු වීම.
    • බෝග අවශේෂ හා වෙනත් අපද්‍රව්‍ය නිසි පරිදි කළමනාකරණය කිරීමෙන් බෝගවල රෝග හා පළිබෝධ හානි අවම වීම.
    • පසේ සෝදා පාළුව අවම වීම.
    • පාංශු ජීවීන් වන ගැඩවිලුන් හා වෙනත් ක්ෂුද්‍ර ජීවීන්ගේ ගහනය වැඩි වීම.

    කොම්පෝස්ට් පොහොරවල වැදගත්කම

    • කොම්පෝස්ට් නිපදවීමට භාවිතා කල අමුද්‍රව්‍ය මෙන් නොව හොඳින් දිරාපත් වූ තත්ත්වයේ පැවතීම.
    • කොම්පෝස්ට් හි අන්තර්ගත පොaෂ්‍ය පදාර්ථ සැලකිය යුතු ලෙස ද්‍රාව්‍ය තත්වයේ පැවතීම.
    • කොම්පෝස්ට් හි අන්තර්ගත පෝෂ්‍ය පදාර්ථ ඉක්මනින් හා පහසුවෙන් බෝගවලට උරාගත හැකි වීම.
    • කාබනික අමුද්‍රව්‍යවලට වඩා කොම්පෝස්ට් සඳහා බෝග ඉක්මනින් ප්‍රතිචාර දැක්වීම.
    • නිපදවාගත් කොම්පෝස්ට් අමුද්‍රව්‍යවලට වඩා අඩු පරිමාවකින් යුක්ත වීම.
    • අමුද්‍රව්‍ය ගණනාවක් භාවිතා කර ඇති නිසා කොම්පෝස්ට් වැඩි පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අන්තර්ගතවීම.
    • දිරාපත් නොවූ අමුද්‍රව්‍ය මෙන් නොව කොම්පෝස්ට් වගාවකට යෙදීම පහසු වීම.
    • පරිමාව අඩුවීම නිසා ගබඩා කිරීමේ පහසුව.
    • සමහර කාබනික අපද්‍රව්‍ය මෙන් විවිධ හානි දක්නට නොලැබීම. (උදා:තණ fldළ හා ගොම වැනි දෑ දැමීමෙන් වල් ඇට පැළවීම හා කුකුල් පොහොරවල දක්නට ලැබෙන සැර බව නිසා පැළ පිච්චීම වැනි දෑ සිදු නොවීම.)
    • වාණිජ වටිනාකමක් තිබීම.
    • වෙනත් කාබනික පොහොර මෙන් මූලික පොහොර ලෙස පමණක් නොව බෝගයක වර්ධක අවස්ථාවේදී පවා මතුපිට පොහොරක් ලෙස යෙදීමට හැකි වීම.

    කොම්පෝස්ට් හි සුවිශේෂි ලක්ෂණ

    • කාබනික පොහොර අතුරින් බෝගවලට වඩාත්ම සුදුසු පොහොරක් වීම.
    • සමතුලිත හා වැඩි පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගු කොම්පෝස්ට් පොහොර නිපදවා ගැනීමේ හැකියාව.
    • බෝග වගාවට උපකාර වන විවිධ ක්ෂුද්‍ර ජීවීන් අන්තර්ගත වීම.
    • වාණිජව නිෂ්පාදනය කරනු ලබන නිසා අවශ්‍ය ප්‍රමාණ සපයා ගැනීමේ පහසුව.
    • සමාජයේ බොහෝ දෙනා වැඩි කැමැත්තක් දක්වන කාබනික පොහොර වීම.
    • ප්‍රමිතියෙන් යුක්තව කොම්පෝස්ට් නිපදවීමේ හැකියාව.
    • බොහෝ දෙනා හට සිත්ගන්නා සුළු පැහැයකින් යුක්ත වීම.
    • කුඩක් ලෙස හෝ කුඩා කැබැලි ලෙස පැවතීම නිසා යෙදීමට හා පරිහරණයට පහසු වීම.
    • පෝෂ්‍ය පදාර්ථ අවශ්‍ය ප්‍රමාණ අන්තර්ගත කොම්පෝස්ට් නිපදවා ගැනීමේ හැකියාව.
    • පෝෂ්‍ය පදාර්ථ සියල්ලම පාහේ පහසුවෙන් සැපයීමේ හැකියාව.
    • සත්ත්ව පොහොර මෙන් දුඟඳක් නොතිබීම

    කොම්පෝස්ට් හි අන්තර්ගත දෑ

    ජීර්ණය වූ කාබනික ද්‍රව්‍ය, මැරුණු ක්ෂුද්‍ර ජීවීන්, නොමැරුණු ක්ෂුද්‍ර ජීවීන්, භාවිතා කළහැකි අමුද්‍රව්‍ය, කොළ වර්ග, බෝග අවශේෂ, ජලජ ශාක. සත්ව අපද්‍රවය, වල් පැලෑටි, කුණු රොඩු ආදිය

    අමුද්‍රව්‍යවර්ග දෙකකි

    1. ඉක්මණින් දිරාපත් වන අමුද්‍රව්‍ය
    2. දිරාපත්වීමට අපහසු අමුද්‍රව්‍ය

    දිරාපත්වීමට අපහසු අමුද්‍රව්‍ය

    දහයියා, වියළි වල් පැළෑටි, පිදුරු හා වෙනත් වියළි බෝග අවශේෂ, වියළි කොළ, ලී කුඩු කොම්පෝස්ට් නිෂ්පාදනයේදී උසස් තත්වයේ කොම්පෝස්ට් නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය ගණනාවක් භාවිතා කිරීම වැදගත් වේ.

    කොළ පොහොර

    කොළ වර්ග 

    මේ සඳහා පහත සඳහන් කොළ වර්ග වඩාත් සාර්ථකව භාවිතා කළහැකිය. ග්ලිරිසීඩියා, ඉපිල් ඉපිල්, වල් සූරියකාන්ත, සන් හෙම්ප්, ගංසූරිය, කැකුණ, එරබදු යනාදිය. කෙසේ නමුත්, මේ සඳහා ප්‍රදේශයේ සුලභ ඕනෑම කොළ වර්ගයක් භාවිතා කිරීමේ හැකියාව ඇත.

    කොළ වර්ග භාවිතා කිරීමේ වැදගත්කම

    • ඉක්මණින් දිරාපත් වීමේ හැකියාව.
    • කොම්පෝස්ට් හි වැඩි නයිට්‍රජන් ප්‍රමාණ අන්තර්ගත වීම.
    • නිෂ්පාදනය කරනු ලබන කොම්පෝස්ට් හි හොඳ පැහැයක් ලබාගත හැකි වීම.

    තෝරගත් කොළ පොහොර හා පිදුරුවල අන්තර්ගත ප්‍රධාන ශාක පෝෂක ප්‍රමාණයන්

    විවිධ බෝග අවශේෂ වුවද සුලභතාවය මත කොම්පෝස්ට් නිෂ්පාදනයට අමුද්‍රව්‍ය ලෙස භාවිතා කල හැකිය.විශේෂයෙන් විවිධ බෝග අවශේෂ කාබනික පොහොර ලෙස භාවිතා කිරීමේදී කොම්පෝස්ට් නිෂ්පාදනය කර භාවිත කිරීම වැදගත්ය. එයට හේතුව, බෝග අවශේෂ වල දක්නට ලැබෙන විවිධ රෝගකාරක පවා විනාශ වීම කොම්පෝස්ට් නිෂ්පාදනයේදී සිදු වීමයි.

    බෝග අවශේෂ ලෙස පහත දෑ භාවිතා කල හැකිය

    පිදුරු, එළවළු බෝග අවශේෂ, වෙළඳපොල එළවළු අවශේෂ, වෙනත් බෝග අවශේෂ

    මෙම  බෝග අවශේෂ දිරාපත් නොකර එක එල්ලේ වගාවට යෙදීමෙන් විවිධ ගැටළු ඇති වන අතර,දිරාපත් වීමට සැලකිය යුතු කාලයක් ගත වේ. මෙවැනි බෝග අවශේෂ බෝග වගාවට සාර්ථකව භාවිත කලහැකි ක්‍රමය නම්,ඒවා උපයෝගි කරගෙන කොම්පෝස්ට් නිෂ්පාදනයයි.

    පිදුරු භාවිතා කිරීමේ වැදගත්කම

    • පහසුවෙන් සපයා ගැනීමට හැකිවීම.
    • පොටෑසියම් පෝෂ්‍ය පදාර්ථය සැළකිය යුතු ප්‍රමාණයක් අන්තර්ගත වීම.
    • කොම්පෝස්ට් නිෂ්පාදනයේ භාවිතා කිරීමේ පහසුව.
    • ඒකාකාරී සංයුතියකින් යුක්ත වීම.

    ජලජ වල් පැළෑටි

    විවිධ ජලජ වල් පැළෑටි පවා කොම්පෝස්ට් නිෂ්පාදනයේදී අමුද්‍රව්‍ය ලෙස භාවිතා කල හැකිය.මෙම අමුද්‍රව්‍ය භාවිතා කිරීමේදී වැව් හා ජලාශ ආශ්‍රිතව කොම්පෝස්ට් නිපදවා ගැනීමට යොදාගැනීම වඩාත් වැදගත් වේ.මක් නිසාද යත්,සමහර ජලජ වල් පැළෑටි ප්‍රවාහනය තහනම් කර ඇති බැවිනි.මේ සඳහා සැල්වීනියා,ජපන් ජබර වැනි දෑ කොම්පෝස්ට් නිෂ්පාදනයේදී පහසුවෙන් දිරාපත් කරගත හැකි බව පෙනී ගොස් ඇත.

    • ඉක්මණින් දිරාපත්වීම.
    • හොඳ පැහැයකින් හා තත්ත්වයෙන් උසස් කොම්පෝස්ට් ලබාගැනීමේ හැකියාව.
    • ජලාශවලට සිදුවන හානි අවම කරගැනීම.
    • විනාශකාරි ජලජ වල් පැළෑටි වඳ කිරීමේ හැකියාව.
    • දිවයිනේ විවිධ ප්‍රදේශවල පහසුවෙන් සපයා ගැනීමේ හැකියාව.
    • කුඩා ප්‍රදේශයකින් වැඩි අමුද්‍රව්‍ය ප්‍රමාණයක් සපයා ගැනීමේ හැකියාව.

    කොම්පෝස්ට් නිෂ්පාදනයෙන් සම්පූර්ණයෙන් බීජ හා දඬු මැරී යාම නිසා පැතිරීමක් සිදු නොවේ.

    සත්ව පොහොර

    කොම්පෝස්ට් නිෂ්පාදනයේදී ශාක කොටස්වලට අමතරව සත්ව අපද්‍රව්‍ය භාවිතා කිරීමද වැදගත් වේ.මෙහිදී සත්ව මල හා මූත්‍රා භාවිතා කරනු ලබයි.

    කොම්පෝස්ට් නිෂ්පාදනයේ සාර්ථකත්වයට සත්ව පොහොරවල දායකත්වය ඉමහත්ය. මේ නිසා කොම්පෝස්ට් නිෂ්පාදනයේදී ශාක කොටස්වලට අමතරව හැකි සෑම අවස්ථාවකදීම සත්ව පොහොර භාවිතා කිරීම වැදගත්ය.එමඟින් තත්වයෙන් උසස් කොම්පෝස්ට් නිෂ්පාදනයට හැකිය

    සත්ව පොහොර භාවිතයේ වාසි

    • වැඩිපුර පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් ලබාදීම.
    • බොහෝ සත්ව පොහොරවල දක්නට ලැබෙන හොඳින් දිරාපත් වීමේ හැකියාව.
    • බොහෝවිට
    • බොහෝ සත්ව පොහොර භාවිතා අපද්‍රව්‍ය ලෙස විවිධ ප්‍රදේශවල පහසුවෙන් සපයා ගැනීමේ හැකියාව.
    • නිෂ්පාදනය කරනු ලබන කොම්පෝස්ට් කිරීමෙන් නිෂ්පාදනය කරනු ලබන කොම්පෝස්ට් හි හොද පැහැයක් ලැබීම.
    • කොම්පෝස්ට් නිෂ්පාදනයට අවශ්‍ය ක්ෂුද්‍ර ජීවීන් එක් වීම.
    • අමුද්‍රව්‍ය ලෙස භාවිතා කිරීමේ පහසුව.

    ගොම

    කොම්පෝස්ට් නිෂ්පාදනයට විවිධ ප්‍රදේශවල වැඩි වශයෙන් භාවිතා කරන සත්ව පොහොරය වේ.ගොම වල අන්තර්ගත වල් ඇට විනාශ වීමද කොම්පෝස්ට් නිෂ්පාදනයේදී සිදු වේ.ගොම සමඟ හැකි සෑම විටමගව මූත්‍රාද භාවිතා කළහැකි නම්, දිරාපත් වීම තවදුරටත් ඉක්මන් කලහැකි අතර නිෂ්පාදනයකරනු ලබන කොම්පෝස්ට්වලට සැලකිය යුතු ප්‍රමාණයක් නයිට්‍රජන් ලබාදීමේ හැකියාවද ඇත.

    ගොම භාවිතා කිරීමේ වැදගත්කම

    • වැඩිපුර පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් ලබාදීම.
    • හොඳින් දිරාපත් වීමේ හැකියාව.
    • කොම්පෝස්ට් නිෂ්පාදනයට අවශ්‍ය ක්ෂුද්‍ර ජීවීන් එක් වීම.
    • නිෂ්පාදනය කරනු ලබන කොම්පෝස්ට් හි හොද පැහැයක් ලැබීම.
    • කොම්පෝස්ට් හි බර වැඩි කිරීමට දායක වීම.

    කුකුල් පොහොර

    මේ සඳහා වැදගත් වන්නේ ලේයර් කුකුල් පොහොර වේ.බ්‍රොයිලර් කුකුල් පොහොරවල අන්තර්ගත දහයියා හෝ ලී කුඩු දිරාපත් වීමට අපහසුය.නමුත් බ්‍රොයිලර් අතුරණුව කොම්පෝස්ට් නිෂ්පාදනයට භාවිතා කරන අවස්ථාවලදී ඒ සඳහා විශේෂ ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීම තුලින් බ්‍රොයිලර් අතුරණුවද දිරාපත් කරගත හැකි වේ.ලේයර් කුකුල් පොහොර හොඳින් දිරාපත් වී ඇති නිසා කොම්පෝස්ට් නිෂ්පාදනයට පහසුවෙන් භාවිතා කල හැක.

    කුකුල් පොහොර භාවිතා කිරීමේ වැදගත්කම

    • වැඩිපුර පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් ලබාදීම.
    • කොම්පෝස්ට් නිෂ්පාදනයට අවශ්‍ය ක්ෂුද්‍ර ජීවීන් එක් වීම.
    • දිවයිනේ විවිධ ප්‍රදේශවල පහසුවෙන් සපයා ගැනීමේ හැකියාව.
    • කොම්පෝස්ට් වලට හොඳින් පොස්පරස් ලබාදීමට හැකිවීම

    එළු පොහොර

    එළු පොහොර සපයාගත හැකි ප්‍රදේශවල කොම්පොස්ට් නිෂ්පාදනයට මෙම සත්ව පොහොර වර්ගයද සාර්ථකව භාවිතා කල හැකිය.විශේෂයෙන් බෙටි ආකාරයට දක්නට ලැබෙන එළු පොහොර කොම්පෝස්ට් නිෂ්පාදනයේදී හොඳින් කුඩු වී විනාශ වීම සිදුවේ.

    එළු පොහොර භාවිතා කිරීමේ වැදගත්කම වැඩිපුර පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් ලබාදීම

    • කොම්පෝස්ට් නිෂ්පාදනයට අවශ්‍ය ක්ෂුද්‍ර ජීවීන් එක් වීම.
    • නිෂ්පාදනය කරනු ලබන කොම්පෝස්ට් හි හොද පැහැයක් ලැබීම.

    කොම්පෝස්ට් නිෂ්පාදනයට ඒ ඒ ප්‍රදේශවල සුලභව දක්නට ලැබෙන ඕනෑම සත්ව පොහොරක් භාවිතා කළහැකිය.මේ සඳහා ඉහත සඳහන් කල සත්ව පොහොර වලට අමතරව ඌරු පොහොර,වවුල් පොහොර හා වෙනත් ඕනෑම සත්ව පොහොරක් භාවිතාකල හැකිය.ප්‍රදේශයේ සුලභතාව මත ඒවා ‍තෝරා ගැනීම වඩාත් වැදගත්ය.

    තණකොළ

    ගොඩබිම්හි දක්නට ලැබෙන විවිධ තණකොළ වර්ග කොම්පෝස්ට් නිෂ්පාදනයේදි අමුද්‍රව්‍ය ලෙස භාවිතා කල හැකිය. බොහෝ විට තණකොළ පහසුවෙන් දිරාපත් කරගැනීමේ හැකියාවක් ඇත.

    මෙසේ වල් පැළෑටි කොම්පෝස්ට් නිපදවා ගැනීමට යොදා ගැනීමෙන් වල්නාශක යෙදීම නිසා සිදුවන පරිසර දූෂණය අවම කරගැනීමටත්, එසේම වල් නාශක සඳහා වියදම් වන මුදල් අවම කර ගැනීමටත් අවස්ථාවක් උදාවේ.

    මේ සඳහා ගිනි තණ වැනි රළු ස්වභාවයක් ඇති තණකොළ වර්ගවලින් පවා සාර්ථකව කොම්පෝස්ට් නිෂ්පාදනය කරගත හැකි බව පෙනී ගොස් තිබේ.

    ගිනි තණ සීඝ්‍රයෙන් වර්ධනය වන නිසා මෙන්ම ලංකාවේ බොහෝ ප්‍රදේශවල දක්නට ලැබෙන නිසා එය කොම්පෝස්ට් නිෂ්පාදනයට භාවිතා කිරීම වැදගත්ය.

    තණකොළ භාවිතා කිරීමේ වැදගත්කම

    • පහසුවෙන් දිරාපත් වීමේ හැකියාව
    • පෝෂ්‍ය පදාර්ථය සැළකිය යුතු ප්‍රමාණයක් අන්තර්ගත වීම.
    • පහසුවෙන් හා ලාභදායිව සපයාගැනීමේ හැකියාව.
    • පරිසරය පිරිසිදුව තබාගැනීමේ හැකියාව.
    • කොම්පෝස්ට් නිෂ්පාදනයෙන් සම්පූර්ණයෙන් බීජ හා දඬු මැරී යාම නිසා පැතිරීමක් සිදු නොවේ

    ඉදිරියට – කොම්පෝස්ට් නිෂ්පාදනයේදී බලපාන සාධක

    සැකසුම – තුෂාර වල්ගම -කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ ප‍්‍රකාශන ඇසුරිණි

  • 99%ක් ඵලදායී පවුල් සැලසුම් ක‍්‍රමය ‘ලූපය’ ගැන ඔබට ඇති ප‍්‍රශ්න 15කට පිළිතුරු

    99%ක් ඵලදායී පවුල් සැලසුම් ක‍්‍රමය ‘ලූපය’ ගැන ඔබට ඇති ප‍්‍රශ්න 15කට පිළිතුරු

    ලංකාව තුළ සිදුවන ගැබ් ගැනීම්වලින් 3/1ක් අනවශ්‍ය හෝ සැලසුම් නොකළ ඒවා බව වෛද්‍යවරු කියනවා. ඊට ප‍්‍රධාන හේතුව වන්නේ පවුල් සැලසුම් ක‍්‍රම ගැන නොදැනුවත්කම බවයි පොදුවේ පිළිගන්නේ. මේ ගැටලුව විසදා ගැනීමට නම් කළ යුතු නිවැරදිව දේ වන්නේ ‘පවුල් සැලසුම් ක‍්‍රම’ ගැන නිසි පරිදි දැනුවත් වීමයි.

    එවැනි දැනුවත් භාවයක් තිබුණහොත් අනවශ්‍ය, සැලසුම් නොකළ ගැබ් ගැනීම් වගේම, එඩ්ස් ඇතුළු සමාජ රෝගවලින් ද වැළකී පූර්ණ ලිංගික තෘප්තියක් ලබා ගැනීමට ඔබට අවකාශය සැලසෙනවා. පවුල් සැලසුම් ක‍්‍රම ගැන විද්‍යාත්මක දැනුමක් ඔබ වෙත ගෙන එන මෙම ලිපි මලාව මගින් මෙවර අපි ඉදිරිපත් කරන්නේ ‘ලූපය’ ගැන පූර්ණ දැනුමක්.

    වෛද්‍ය විශේෂඥයින්ට අනුව ‘ලූපය’ ඉතාම ඵලදායී පවුල් සැලසුම් ක‍්‍රමයක් එහි ඵලදායීතාවය 99%ක් බව සොයා ගෙන තිබෙනවා. එමෙන්ම මෙය ගර්භාෂ‍යේ තැන්පත් කළ සැනින් ඔබට අවශ්‍ය උපත් පාලනය සිදුවන අතර ඉවත් කළ සැනින් ගැබ් ගැනීම සිදු වෙනවා. පහසුවෙන් මෙම උපත් පාලන ක‍්‍රමයට යොවුවිය හැකි වීම ද වාසියක් ලෙස සැලකෙනවා.

    අපි මෙම ලිපි පෙළ සම්පාදනය කළේ ‘ශ‍්‍රී ලංකා පවුල් සැලසුම් සංගමයේ නිල අන්තර්ජාල අඩවියේ තොරතුරු මතයි.

    ලූපය

    ලූපය යනු කුමක් ද?

    මෙය බොහෝවිට මෘදු ප්ලාස්ටික් වලින් නිම කරන ලද කුඩා, නැමෙන සුලු උපකරණයකි. මෙහි ඇති කුඩා තන්තු දෙක ගැබ් ගෙල තුළින් යෝනි මාර්ගය තුළ රැදී සිටින සේ සකසා ඇත.මෙම උපකරණය ගර්භාෂය තුළට ඇතුල් කිරීම ඉතා සරලව විෂබීජයන්ගෙන් තොර වූ තත්ව යටතේ සිදු කළ හැක.

    සාමාන්‍යයෙන් භාවිත කෙරෙන ලූප වර්ග ප්‍රධාන වශයෙන් දෙකකි.

    1. කොපර් ලූපය (තඹ වලින් සැදුනු ලූපය)
    2. ප්‍රොජෙස්ටරෝන් ‍හෝමෝනය නිකුත් කරන ලූපය (මිරේනා) Mirena

    මෙය ක්‍රියා කරන්නේ කෙසේ ද ?

    • ලූපය මගින් ගර්භාෂය තුළ ප්‍රදාහයක් (Inflammation) ඇති කරවීම නිසා එමගින් ශුක්‍රාණු හා ඩිම්බ විනාශ වී යයි. මෙමගින් ගර්භාෂයේ ඇතුළත පටක ස්ථරවල සංයුතියෙහි වෙනසක් ඇති කරයි. එම නිසා සංසේචනය වු ඩිම්බය හෙවත් යුක්තානුව ගර්භාෂ බිත්තියේ රෝපණය වීම වළක්වයි.
    • එමගින් ශුක්‍රාණු සහ ඩිම්බ චලනයට බාධා ඇති කරයි.
    • නමුත් ලූපයෙහි ක්‍රියකාරිත්වයට ගබිසා කිරීම අයත් නොවේ.

    ලූපය කෙතරම් ඵලදායක ද?

    • මෙය ඉතා ඵලදායි දීර්ඝකාලීන උපත් පාලන ක්‍රමයකි. (99%)
    • මෙය ගර්භාෂ‍යේ තැන්පත් කළ සැනින් ඔබට අවශ්‍ය උපත් පාලනය සිදුවෙයි.
    • කොපර්(තඹ) ලූපය එක් වරක් ඇතුල් කල පසු නොකඩවා, අවුරුදු 10ක කාලයක් ගර්භිණීවීම වළක්වයි. අවුරුදු 10කට පසු එම ලූපය ඉවත් කර එසැනින් අලුත් ලූපයක් තැන්පත් කරගත හැක. එක් ලූපයක් ඉවත් කර අලුත් ලූපයක් ඇතුල් කිරීමට පෙර කාලයක් බලා සිටිම අවශ්‍ය නොවේ.
    • මීට අමතරව මි‍රීනා ලූපය මගින් අධික ආර්තව රුධිර වහනය අඩු කිරිම ද සිදුවේ.
    • මෙම ලුපය අසාර්ථක වී ගර්භිණී වුව ද ඉන් දරුවාට අහිතකර ප්‍රතිඵලයක් අත්වන බවට සාධක නැත.

    ලූපය භාවිත කළ හැක්කේ කාහට ද?

    • දරු උපත් අතර කාල පරතරය වැඩි කිරීමට
    • දරුවන් ගණන සීමා කිරීම
    • නිරන්තර පරික්ෂා කිරීම අවශ්‍ය වන වෙනත් උපත්පාලන ක්‍රම භාවිත කිරීමට අකැමැති කාන්තාවන් සදහා

    ලූපය නොපැළදිය යුත්තේ කවුරුන් ද?

    • ගර්භිණී බවට පත් වූ හෝ ගර්භිණී යැයි සැක කළ හැකි කාන්තාවන්
    • ප්‍රජනන ඉන්ද්‍රියයන් ආශ්‍රිතව ආසාදන තත්වයක් පවතින හෝ අතීතයේ දී පැවතුනු කාන්තාවන්
    • යෝනි මාර්ගයෙන් අසාමාන්‍ය රුධිර වහනය වන තත්වයන් ඇති කාන්තාවන්ට
    • ප්‍රජනන ඉන්ද්‍රියන් සම්බන්ධව සැක කරන හෝ තහවුරු කරගත් පිළිකා ඇති කාන්තාවන්ට

    පැළදීම කළ යුත්තේ කුමන කාලයකදී ද?

    • ඔබට ක්‍රමවත් මාසික ශුද්ධවීම සිදුවන්නේ නම්,
      මාසික ශුද්ධවීම සිදු වී පළමු දින 5-7 ඇතුළත
    • දරු උපතකින් පසු,
      දරු උපතින් පසු පළමු පැය 48 ඇතුළත හෝ සති 4-6 කට පසු අතර කාලයේ දී ලූපය තැන්පත් කල‍ෙහාත් එය තැන්පත්කළ තැනින් එළියට ඒමට හෝ අස්ථානගත වීමේ හැකියාව ඇත.
    • ගබ්සාවිමකින් පසු,
      පළමු පැය 48 ඇතුළත හෝ සති 4-6කට පසු

    ලූපය තැන්පත් කරන්නේ කෙසේද?

    ලූපය තැන්පත් කළ යුත්තේ ‍ඒ සදහා පුහුණුවක් ඇති පුද්ගලයකු විසින් විෂබීජයන්ගෙන් තොර වූ තත්ත්වයන් යටත දීය.

    ලූපය තැන්පත් කළ පසු ඇතිවිය හැකි ගැටලු මොනවා ද?

    1. උදර වේදනාවක් මුල් පැය 24-48 ඇතුළත පැවතිය හැක. ඒ සදහා පැරසිටමෝල් වැනි සුලු වේදනා නාශයක් භාවිත කල හැක.
    2. යෝනි මාර්ගයෙන් සුලු රුධිර වහනයක් මුල් සති 3-4 ඇතුළත ඇති විය හැක. මෙය බිය විය යුතු තත්වයක් නොවේ.
    3. ලුපය අස්ථානගතවීම හෝ එළියට පැමිණීම
      මෙය සිදුවන්නේ ප්‍රධාන වශයෙන් ම මාසික ශුද්ධියක් සමගයි. එම නිසා සෑම මාසික ශුද්ධියක් අවසානයේ දී ම යෝනි මාර්ගයේ ඇති ලූපයෙ තන්තු පරික්ෂා කිරිමෙන් ලුපය නිසි තැන තිබේදැයි පරික්ෂාකර ගත හැක.
    4. ලූපය තැන්පත් කර පළමු මාසික ශුද්ධි 3 -4 පෙරට වඩා වැඩි රුධිර වහනයක් පෙරට වඩා වැඩි කාලයක් පැවතිමේ හැකියාවක් ඇත. මෙය ද බිය විය යුතු තත්ත්වයක් නොවේ. එය නැවතත් සාමාන්‍ය තත්වයට පත්වේ.
    5. ඉතාමත් කලාතුරකින් ලූපය තැන්පත් කරන අවස්ථාවේදී ගර්භාෂය සිදුරුවීමේ හැකියාවක් පවතී. නමුත් එය කිසිවිටක ශරීරයේ වෙනත් ස්ථානවලට ගමන් කිරීමක් සිදු නොවේ.
    6. ප්‍රජනන ඉන්ද්‍රියයන් ආශ්‍රිත ආසාදන තත්වයන්

    ලූපයේ තන්තු පරික්ෂා කරන්නේ කෙසේ ද?

    1. අත් හොදින් සෝදා ඉදගන්න. නැතිනම් ඇන තියා ඉදගන්න.
    2. ඔබගේ දඹරැගිල්ල හො මැදැගිල්ල යෝනි මාර්ගය තුළට ගැබ්ගෙල ස්පර්ශ වන තෙක් ‍යොමු කරන්න.
    3. ගැබ්ගෙල ඔබට අසුවන්නේ රබර් වැනි තරමක් ඝන ස්ථානයක් ලෙසයි. එය ඔබගේ නාසයේ කෙලවර ඇති ඝණ බවට සමාන කිරීමෙන් ඔබ‍ට හදුනා ගැනීම පහසු වනු ඇත.
    4. එම ගැබ්ගෙල තුළින් ඉවතට පැමිණෙන තන්තු මෙහි දී ඔබට‍ ස්පර්ශ කළ හැක. ඔබට එය ස්පර්ශ කල හැකි වුවහොත් ඉන් අදහස් කරනුයේ ලූපය නියමිත ස්ථානයේ ක්‍රියාකාරි තත්වයෙන් පවතින බවයි. නමුත් තන්තු පෙර අවස්ථාවලට වඩා දිගින් වැඩිනම් හෝ කෙටි වී ඇත්නම් හෝ ඔබට එය සොයාගත නොහැකි නම් ඉක්මණින් ඔබගේ වෛද්‍යවරයා හමුවන්න.
    5. තන්තුවලින් ඇදීම කිසිවිටකත් කරන්න එපා.එමගින් ලූපය නියමිත ස්ථානයෙන් වෙනස් කිරීමට හෝ ගැලවී එළියට පැමිණීම වුවත් සිදුවිය හැක.

    ලූපය තැන්පත් කිරිමෙන් පසු නැවත වෛද්‍ය පරික්ෂාවක් සිදු කරගත යුත්තේ ‍කවදාද?

    ලූපය තැන්පත් කළ පසු පළමු පසු විපරුම සදහා සති 4-6කින් වෛද්‍යවරයා හමුවිය යුතු අතර ඉන් අනතුරුව වසරක් පාසා පරික්ෂණ කරගැනීම සෑහේ.
    නමුත් යම් හෙයකින් ඔබට,

    • මාසික ශුද්ධිය ප්‍රමාද වීමක්
    • සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි ආර්තව රුධිර වහනයක් හෝ පෙරට වඩා වැඩි කාලයක් පවතින ඔසප්වීමක් හෝ රුධිරය සුලු වශයෙන් (බින්දු වශයෙන්) ඔසප්වීම් අතරතුර වහනය වීමක්
    • දැඩි උදර වේදනාවක්
    • ලිංගික සංසර්ගයේ දී ඇතිවන වේදනාවක් හෝ රුධිර වහනයක්
    • දැඩි උදර වේදනාවක් සමග  පවතින සැරව වැනි ශ්‍රාවය පිටවීමක් හා වෙව්ලීමක් ඇතිව හෝ නැතිව පවත්නා උණක් (ප්‍රජනන ඉන්ද්‍රියයන් ආශ්‍රිත ආසාදන තත්ත්වයන්)
    • තන්තු හැලී හෝ ඇගිල්ලට ස්පර්ශ නොවේ නම්
    • ලූපයේ ඝන කොටස් ඇගිල්ලට හමුවේ නම්

    ඔබ හැකි ඉක්මණින් ඔබගේ වෛද්‍යවරයා හමු විය යුතුය.

    ලූපය ඉවත් කිරීමෙන් පසු නැවත ගර්භිණී වීමට කොපමණ කාලයක් බලා සිටිය යුතුද ?

    ලූපය ඉවත් කල සැනින් ඔබගේ සරු බව නැවත ඇතිවේ. ලුපය ඉවත් කර පසුදා පටන් ගර්භිණීවීමට උත්සාහ කළ හැක.

    ලූපයක් තැන්පත් කිරීමෙන් පසු ලිංගික සංසර්ගයක් කිරිමට කොපමණ වේලා බලා සිටිය යුතුද?

    ලුපය තැන්පත් කර ඔබගේ ශරීර‍යට පහසුතාවයක් දැනුණු පසු ලිංගික සංසර්ගයේ නිරතවීමට හැක.

    ලූපය මගින් ලිංගික සංසර්ගයේ දී කිසියම් අපහසුතාවයක් ඇති කරයි ද ?

    නැත. එමගින් කිසිදු අපහසුතාවයක් හෝ වේදනාවක් ඇති නොකරයි. එසේම ලිංගික සංසර්ගය හේතුවෙන් ලුපය අස්ථානගත වීමක් ද සිදුනොවේ. ලුපය හේතුවෙන් ඔබගේ ලිංගික තෘප්තියට කිසිදු බලපෑමක් ඇති නොකරයි.

    මෙමගින් මා ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගවලින් ආරක්ෂා කරයි ද ?

    නැත. ඒ සදහා ඔබට කොන්ඩමයක් වැනි අතිරේක ක්‍රමයක් භාවිත කිරීමට සිදුවේ.

    ලූපයක් තැන්පත් කරගැනිම කළ හැ‍ක්කේ කුමන ස්ථානවලින් ද ?

    1. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සායන
    2. රජයේ සහ ‍පෞද්ගලික රෝහල්වලින්
    3. පවුල් සෞඛ්‍ය කාර්යාංශය
    4. පවුල් සංවිධාන සංගමය යන ස්ථානවලිනි.

    සැකසුම – තුෂාධවි

  • ක‍්‍රිකට් වංශ කතාව අලුතින් ලියූ ‘දෝනි ගැන’ ඔබ අසා  බොහෝ දේ

    ක‍්‍රිකට් වංශ කතාව අලුතින් ලියූ ‘දෝනි ගැන’ ඔබ අසා බොහෝ දේ

    දෝනි ජාත්‍යන්තර තරඟවලින් ඉවත්වන්නේ සිය අනුප්‍රාප්තිකයන් සහ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාව ශක්තිමත් ස්ථානයක සිටියදීය. ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ලෝකයේ හොඳම ක්‍රිකට් කණ්ඩායමක තත්ත්වයේ පසුවෙන අතරවාරයේ වහා කිපෙන නායකයකු විසින් එය මෙහෙයවනු ලබමින් සිටියදීය.නව කඩුළු රකින්නන් කාර්යය භාරගැනීමේ සූදානමින් සිටිති.

    දෝනිගේ සුප්‍රකට’corkscrew on-drive’ එසේත් නැත්නම් ”හෙලිකොප්ටර්'(“helicopter” shot) ප්‍රහාරය අතිවිශේෂ වූවකි

    ඉන්දීය ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමේ පුවත සමස්ත ලෝකයේම අවධානයට ලක් වූ මාතෘකාවක් බවට පත්විය. ක්‍රිකට් ලෝකයේ සුපිරි තරුවක් බවට පත් දෝනිගේ විශ්‍රාමය කෙරෙහි බලපෑ අවිනිශ්චිතභාවයන් ඉක්මණින් අමතක විය හැකි නමුත්,වසර ගණනාවක් ඔහු විසින් ප්‍රදර්ශනය කරන ලද සාඩම්බර ක්‍රීඩා විලාශය ක්‍රීඩාලෝලීන්ගේ මතකයේ රැඳී පවතිනු ඇත.

    ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා නමුත් දෝනි ඉන්දීය ප්‍රීමියර් ලීග් ( IPL) තරඟාවලිය තුළ දිගටම රැඳී සිටින ආකාරයක් දක්නට ලැබේ. ඉන්දීය ප්‍රීමියර් ලීග් ( IPL) යනු දෝනි තමා කැමැති ක්‍රීඩා සමාජයක් වෙනුවෙන් ක්‍රීඩාකරමින් විනෝදවෙන අතරවාරයේ පෙරළා එම ක්‍රීඩා සමාජයන්හි ක්‍රීඩාලෝලීන්ගේ ආදරය දිනාගනු ලබන තරඟාවලියයි.

    වසර විස්සකට අධික කාලයක් විහිද ගිය දෝනිගේ ක්‍රීඩා ජීවිතයේ දී ඔහු ටෙස්ට් ක්‍රිකට් තරඟ අනූවක්, එක්දින ජාත්‍යන්තර තරඟ 350 ක් සහ විස්සයි විස්ස (T20s) තරඟ 98ක් සඳහා සහභාගී වී ඇත. එවැනි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා තරඟවලට අනාගතයේදී ඔහු අහිමිවනු ඇත.

    ඒ සියල්ලටම අමතරව දෝනි මෙතෙක් ඉන්දියාව දිනවූ වඩාත් සාර්ථකම ක්‍රිකට් ක්‍රීඩා නායකයා වේ. ක්‍රිකට් ක්‍රීඩා ශ්‍රේණිගත කිරීම අනුව ඉන්දියාව ලෝකයේ පළමු ස්ථානය කර රැගෙන ගිය දෝනි වසර විසි අටකට පසු යළිත් වරක් ඉන්දියාවට එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කිරුළ හිමිකර දෙමින් 2011 දී එම ජයග්‍රහණය දිනා දීමට සමත් විය. සීමිත ඕවර ක්‍රිකට් තරඟ ඉතිහාසයේ විප්ලවයක් බඳු IPL තරඟාවලිය ආරම්භ කිරීමට පවා මුල්වූ විස්සයි විස්සයි ජාත්‍යන්තර කිරුළ 2007 වසරේ ඉන්දියාවට ලබාදීමට මුල්වූ දෝනි 2013 වසරේ දී ‘චැම්පියන් ශූරතාවත්’ (ICC Champions Trophy) සියරට රැගෙන ආවේය.

    ක්‍රිකට් ක්‍රීඩා පිටියෙහි සුදු පැහැති පන්දු (white ball cricket) යොදාගත් තරඟවලදී අපරාජිතයන් බවට පත් ක්‍රීඩකයන් අතලොස්සට දෝනි එක්වේ. එවැනි ක්‍රීඩා තරඟ අසූ හතරක දී නොදැවුණ ක්‍රීඩකයා ලෙස පිටියෙන් ඉවත්වූ දෝනි සිය එක්දින තරඟ ලකුණු සාමාන්‍යය (average) පනහට ඉහළ මට්ටමක තබා ගැනීමට සමත් විය. තරඟ ජයග්‍රහණය අතින් ඊට වඩා ඉහළ ස්ථානයක සිටින්නේ රිකී පොන්ටිං නායකත්වය දුන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම පමණි. විස්සයි විස්ස (T20) ජාත්‍යන්තර තරඟ ජයග්‍රහණය අතින් දෝනි ලෝකයේ සෙසු සියලුම ක්‍රිකට් නායකයන්ට වඩා තරඟ ජයග්‍රහණය කරා මෙහෙයවා ඇත.

    විරාත් කෝලි ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය මෑතදී භාර ගනු ලැබීමට පෙර දෝනි ටෙස්ට් ක්‍රිකට් තරඟ හැටක දී සිය කණ්ඩායම ජයග්‍රහණය කරා සාර්ථකව මෙහෙයවීමට සමත්ව ඇත.

    දෝනිගේ නායකත්වය හුදෙක් සංඛ්‍යාත්මක වාර්තාවන්ට සීමා නොවී ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි සාතිශය බලපෑමක් සිදුකරන ලද භූමිකාවක් වේ.

    mahendra singh ,dhoni
    කඩුල්ල බිඳ හෙළමින් පිතිකරුවකු දවා ලන ලද අවස්ථාවක්

    දෝනි උපත ලද්දේ එවක ක්‍රිකට් ක්‍රීඩාව ගලා නොගිය ඉන්දියානු කලාපයක්ව පැවති නැගෙනහිර ඉන්දියාවේ රාංචි(Ranchi) නගරයේ ය. දෝනි තමාට පෙර ඉන්දීය කණ්ඩායමේ නායකයකු වූ සව්රව් ගංගුලි විසින් ආරම්භ කරන ලද ක්‍රිකට් ව්‍යාපෘතියට එක් විය. සාම්ප්‍රදායිකව එතෙක් ක්‍රිකට් ක්‍රීඩාවට හවුල් නොවූ තැන් කෙරෙහි අවධානය යොමු කෙරුණු ගංගුලි ව්‍යාපෘතිය ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයන් පෙරට ගෙන ඒමට සමත් වූවකි.

    දෝනි ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස උසස් කරනු ලැබීම මුල්යුගයේ දී මහාරාජාවරුන් සහ ප්‍රාදේශීය අධිපතිවරුන් ඇතුළත් වංශවතුන්ගේ විනෝදාංශයක්ව පැවති ක්‍රිකට් ක්‍රීඩාව ඉන් අනතුරුව මධ්‍යම පන්තියට අයත් ක්‍රීඩකයන් කරාත් අනතුරුව කුඩා නගරවල කුසලතා සහිත ක්‍රීඩකයන් කරාත් ව්‍යාප්තවීමේ දිගුවකි. එම අර්ථයෙන් ගත්විට එය ඉන්දියානු සමාජය තුළත් එක්තරා පරිණාමයක් ප්‍රදර්ශනය කරන සුළු වර්ධනයක් වේ.

    සචින් තෙන්ඩුල්කාර් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවරම ලබමින් පිටියට අවතීර්ණ වන විට දෝනිගේ වයස අවුරුදු අටක් පමණි. දෝනි නායකත්වය භාරගනු ලැබීමෙන් මාස කීපයකට පසු තෙන්ඩුල්කාර් මෙසේ සඳහන් කළේය.

    “දෝනි කටයුතු කරන ආකාරය ගැන මම සතුටුවෙනවා. දෝනි තියුණු මොළයක් ඇති සමබර චරිතයක්”

    දෝනි ඉතා පහසුවෙන් සිය කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ පිළිගැනීම දිනාගත්තේය. හැකියාව සහිත ඉදිරිගමන සහ සාධාරණත්වය යන දෙඅංශයෙන් ම ඔහු ජ්‍යෙෂ්ඨයන්ගේ ගෞරවයට ලක්විය.

    dhoni
    ,රැකගත් උඩපන්දු සංඛ්‍යාව 634කි.

    දෝනි සිය ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගෙන් ඉගෙන ගත්තේය. රාහුල් ඩ්‍රාවිඩ් ගේ නායකත්වය යටතේ ටෙස්ට් ක්‍රිකට් තරඟ 19 කටද, අනිල් කුම්බ්ලේ ගේ නායකත්වය යටතේ ටෙස්ට් තරඟ දහයකට ද දෝනි ක්‍රීඩාකර ඇත.

    රාහුල් ඩ්‍රාවිඩ් මෙන්ම අනිල් කුම්බ්ලේ දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයෙන් පැමිණියෝ වෙති. ඔවුන් දෙදෙනාගෙන් ම දුර්ලභ බුද්ධියක්, උපායශීලී දැනුමක් සහ කළමනාකරණ කුසලතාවක් ක්‍රිකට් කණ්ඩායම් නායක කාර්යභාරයට එක්ව ඇත.

    ”මට කණ්ඩායමක් අවශ්‍යයි. අපි ඉදිරියට ධාවනය වෙමින් තිබෙන විශාල ලොරියක් ඉදිරිපිට සිටගන්න පුළුවන් කණ්ඩායමක්” දෝනි වරක් සඳහන් කර ඇත. එවැනි කණ්ඩායමක් නිර්මාණය කර ගැනීමට ඔහු ක්‍රියාත්මක විය.

    ක්‍රීඩකයකු ලෙස දෝනි සතු විශ්මයජනක කුසලතාව වන්නේ වෙනත් ක්‍රීඩකයකු තුළ පැවතිය හැකි දුබලතාව හඳුනා ගැනීමය. ඔවුන්ගේ කපටි උපක්‍රමයක් වුවද දෝනිට තම වාසියට හරවා ගත හැකිය.

    ඉන්දියාවේ හිටපු කඩුළු රකින්නකු වූ සයිඩ් කිර්මානි (Syed Kirmani) මුල දී දෝනි කඩුළු රකින්නකු ලෙස ඔහුගේ අඩුපාඩු දුටුවේය. පිතිකරු පසුකර තමා ඉදිරියට එන පන්දුවක් ඩැහැ ගැනීමේදී කකුලේ ඇඟිලි මත නොව විලුඹින් සිටීම සම්බන්ධයෙන් සයිඩ් විසින් දෝනි දෝෂදර්ශනයට ලක්කරනු ලැබ ඇත. දෝනිගේ සුප්‍රකට ‘corkscrew on-drive’ එසේත් නැත්නම් ”හෙලිකොප්ටර්'(“helicopter” shot) ප්‍රහාරය අතිවිශේෂ වූවකි. වෙනත් පිතිකරුවන් විසින් එම ප්‍රහාරය ඉතා කලාතුරකින් එල්ල කරනු ලබන්නේ එය අනුකරණය කිරීම දුෂ්කර කාර්යයක් වීම හේතුවෙනි.

    dhoni
    මහේන්ද්‍ර සිං දෝනි “පද්ම විභූෂන්” ගරු නාමයෙන් පුදනු ලැබුණි.

    ක්‍රීඩකයකු විශ්‍රාම ගැනීම ඔහුට මෙන්ම කණ්ඩායමට ද දුෂ්කර කාර්යයකි.

    සුනිල් ගවස්කාර් විශ්‍රාම යාමෙන් අනතුරුව මුහුණදුන් පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දී සමස්ත ඉන්දියානු කණ්ඩායම ලකුණු 75 කට දවාලීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය. එම තරඟයේ දී ඉන්දීය කණ්ඩායම කඩුළු පහකින් පරාජය වී ඇත. ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගල විසින් ලකුණු සියයක් සම්පූර්ණ කරනු ලැබ තිබෙන්නේ එම තරගයෙන් පසු තවත් ටෙස්ට් ක්‍රිකට් තරඟ දහනවයකට පසුවය. එය කාසියේ එක පැත්තකි.

    එහි අනිත් පැත්ත මෙසේ විය. තෙන්ඩුල්කාර්ගේ අවසන් ටෙස්ට් ඉනිමේ දී ඔහු ‘ස්ලිප්’ ක්‍රීඩකයා විසින් දවා ගනු ලැබීමෙන් පසු ඊළඟට පැමිණි විරාත් කෝලි ඊළඟ පන්දුවේ දී ළකුණු හතරකට දැවී ගියේය.

    සංකේතවාදය (symbolism) බැහැර කළ නොහැක්කකි. රජු ස්වර්ගස්ථ වූයේ නමුත් දිගුකල් ජීවත් වන්නේය.

    දෝනි ජාත්‍යන්තර තරඟවලින් ඉවත්වන්නේ සිය අනුප්‍රාප්තිකයන් සහ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාව ශක්තිමත් ස්ථානයක සිටියදීය. ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ලෝකයේ හොඳම ක්‍රිකට් කණ්ඩායමක තත්ත්වයේ පසුවෙන අතරවාරයේ වහා කිපෙන නායකයකු විසින් එය මෙහෙයවනු ලබමින් සිටියදීය.නව කඩුළු රකින්නන් කාර්යය භාරගැනීමේ සූදානමින් සිටිති.

    වසර පහළොවක් තුළ දෝනි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා තරඟ 538කට සහභාගී වී ඇත. ඔහු විසින් රැස්කරන ලද ලකුණු සංඛ්‍යාව 17,000 කි. රැකගත් උඩපන්දු සංඛ්‍යාව 634කි. බිඳ හෙළන ලද කඩුළු ගණන 195 කි.

    dhoni
    2007 විස්සයි විස්ස ක්‍රිකට් තරඟයේ දේ පිතිකරුවකු දවා ගැනීමේ සතුට පළකළ මොහොතක්

    දෝනිට සාපේක්ෂව ඊට වැඩි සංඛ්‍යාවක් ජාත්‍යන්තර ක්‍රිකට් තරඟවලට ක්‍රීඩාකර ඇති ක්‍රීඩකයන්ගේ ගණන පහකි. ඔවුන් අතර ද සිටින්නේ එක් කඩුළුරකින්නකු පමණි. එහෙත් දෝනි තරම් ක්‍රීඩා තරඟ ප්‍රමාණයකට ඔවුන් නායකත්වය සපයා නැත.

    දෝනි තබා ඇති එම වාර්තා ඉක්මවා යාම ඉතා දුෂ්කර කාර්යයක් වනු ඇත. එහෙත් එම සංඛ්‍යාවන් ඉක්මවා යන ඔහුගේ උරුමය ඉන්දීය සමාජමය විපර්යාසය නම් ආරුක්කුවේ පිළිබිඹු වනු ඇත.

    එම උරුමයට ඉන්දියාවේ මේ දක්වා නොසලකා හරිනු ලබන ජනකොටස් තුළට ප්‍රදානය කරනු ලබන ස්වයං විශ්වාසයක් ද ඇතුළත් වේ. එසේම පැරණි සම්ප්‍රදාය සතු ගරුත්වය අවධාරණය කිරීමක්ද එමගින් සිදු කෙරෙන අතර, එය ඔහු නැගී සිටි ක්‍රීඩාවට සහ එහි නිරත ක්‍රීඩකයන්ට පිරිනමනු ලබන ගෞරවයක් ද වේ.

    Text by BBC