Blog

  • 19 කටුගාන ’20’ මංගල කැබිනට් මණ්ඩලයට – බැසිල් පාර්ලිමේන්තුවට ?

    19 කටුගාන ’20’ මංගල කැබිනට් මණ්ඩලයට – බැසිල් පාර්ලිමේන්තුවට ?

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සිදු කෙරෙන 20 වන සංශෝධනයට අදාළ යෝජනාව මේ සතියේ පැවැත්වෙන පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතයි. එය ලබන මස අග සතිය වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතින බවයි රජය පවසන්නේ.

    20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ සතියේ පැවැත්වෙන නව රජයේ මංගල කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙනවා. එය අමාත්‍ය මණ්ඩලයේ සම්මත කරගත් පසු ලබන මස අගවන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර 3/2ක බහුතර ඡන්දයෙන් සම්මත කර ගැනීමටයි රජයේ මූලික අරමුණ වන්නේ.

    20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීම සමග 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් බල රහිත කෙරෙන අතර ඒ මගින් කිසිසේත් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය යළි බලාත්මක නොවන බව රජය පවසනවා.

    ‘මෙය ඉතාම පැහැදිලිව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් රාජ්‍ය පාලනය තුළ ඇතිකර ඇති බරපතළ අර්බුදය කඩිනමින් විසදා ගැනීමට ගන්න පියවරක්. තව දුරටත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සමග ආණ්ඩුවට ඉදිරියට යාමට බැහැ. අනෙක් අතට පසුගිය මහ මැතිවරණයේදී 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර ජනාධිපතිවරයා ශක්තිමත් කිරීම සදහා ජනතාව විසින් විශාල ජනවරමක් ලබාදී තිබෙනවා. අපි ආණ්ඩුවක් ලෙස එම ජනවරමට ගරු කළ යුතුයි‘ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් සදහන් කළා.

    මේ අතර ජාතික සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා කියන්නේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් වැඩියෙන්ම බලාපොරොත්තු වන්නේ බැසිල් රාජපක්ෂ මහතාව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන ඒම බවයි.

    ‘19 මගින් ආණ්ඩුව කියන ආකාරයේ බරපතළ දේශපාලන අර්බුදයක් නිර්මාණය වෙන්නේ නැහැ. අපිට අවසාන කාලයේ එවැනි තත්ත්වයකට මුහුණදීමට සිදු වුණේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර පැවැති බරපතළ බල අරගලය නිසයි. ඒත් වත්මන් ආණ්ඩුව තුළ එවැනි ජනාධිපති – අගමැති බල අරගලයක් ඇතිවීමට කිසිම ඉඩක් නැහැ. ඒ නිසා ආණ්ඩුකරණයේ ගැටලු ඇතිවීම නිසා 19 අහෝසි කරනවා කියන කතාව කොළේ වසා ගැසීමක්. මෙතැන තියෙන්නේ ඉතාම පැහැදිලිව ආණ්ඩුවට හිසරදයක් වෙලා තිබෙන, විය හැකි ස්වාධීන කොමිෂන් සභා, තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම අහෝසි කිරීමයි. ඒ වගේම ද්විත්ව පුරවැසියෙක් වන බැසිල් රාජපක්ෂ මහතාව ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට ගෙන ඒමත් මූලික අරමුණක්‘ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

    මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකට පිළිතුරු දෙමින් දෙමළ ජාතික සන්ධානයේ ජ්‍යෙෂ්ඨයෙකු පැවසුවේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට තමන් සහයෝගය ලබා නොදෙන බවයි.

    ‘අපි සහාය නොදුන්නා කියා ආණ්ඩුවට කිසිම ගැටලුවක් නැහැ. ඒත් උතුරේ දමිළ ජනතාවගේ කිසිම නියෝජනයක් නැතිව 19 වැනි සංශෝධනය අහෝසි කර 20 වැනි සංශෝධනය සම්මතකර ගැනීම අනාගතයේදී බරපතළ ප්‍රතිවිපාක ඇති කිරීමට හේතුවක් වේවි. මොකද ව්‍යවස්ථාව කියන්නේ එක් ජන වර්ගයකගේ, සිංහල බෞද්ධයින්ගේ තනි අයිතියක් නෙමෙයි. මේ ආණ්ඩුවට සුළුජාතික නියෝජනයක් නැති නිසා එය බරපතළ ගැටලුවක් වේවි‘

    මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය පැහැදිලි කළ සමන්ත විද්‍යාරත්න මහතා පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණ කිසිසේත් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහාය ලබා නොදෙන බවයි.

    ‘මේ යන්නේ අපි කියාපු පාරේ. ඒ කියන්නේ ස්වාධීන කොමිෂන් සභා අහෝසි කරමින් ඒකාධිපති පාරේ. අපිට මේකට කිසිසේත් එකග විය නොහැකියි‘ සමන්ත විද්‍යාරත්න මහතා පැවසුවා.

    සටහන – තුෂාර වල්ගම

  • පළාත් සභා මැතිවරණයටත් නායකත්වය දෙන්නේ රනිල් – අකිල කියයි

    පළාත් සභා මැතිවරණයටත් නායකත්වය දෙන්නේ රනිල් – අකිල කියයි

    එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ලබන පළාත් සභා මැතිවරණය තෙක් පක්ෂ නායකත්වය දරනු ඇති බව එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා කියයි. එජාප මහ ලේකම්වරයා කියන්නේ පළාත් සභා මැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත්වනු ඇති බවයි.

    එජාප මහ ලේකම්වරයා මෙසේද කීවේය. ‘පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් ඊයේ (15) සිරිකොත මූලස්ථානයේ පැවැති සාකච්ඡාවේදී නායකතුමා තම ස්ථාවරය පැහැදිලි කළා. ඉදිරි පළාත් සභා මැතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දෙන්නේ තමා බව රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළා. එය ජයග්‍රහණය කිරීම සදහා නව යාන්ත්‍රණයක් සකස් කිරීමට පියවර ගනිමින් සිටින බව ද එතුමා සදහන් කළා. පළාත් සභා මැතිවරණය ජයග්‍රහණය කළ පසුව පක්ෂ නායකත්වය සුදුසු කෙනෙකුට පවරා තමා ඉවත් වන බවයි එතුමා ප්‍රකාශ කළේ‘

    වසර ගණනාවක් කල් දමමින් පවතින පළාත් සභා මැතිවරණය මේ වසර අවසානයේ හෝ ලබන වසර මුල් භාගයේ පැවැත්වෙනු ඇති බව විශ්වාස කෙරේ.

  • රට හදන්න වියතුන් ගේමු කියපු ගෝඨගේ කැබිනට් එකේ වියතුන් නෑ –

    රට හදන්න වියතුන් ගේමු කියපු ගෝඨගේ කැබිනට් එකේ වියතුන් නෑ –

    වියත් මග සහ වත්මන් ජනාධිපතිවරයා විවිධ අවස්ථාවලදී තොරතුරු තාක්ෂණය ගැන බොහෝ දේ කතා කළත් වත්මන් අමාත්‍ය මණ්ඩලය තුළ තොරතුරු තාක්ෂණ කර්මාන්තය හා සම්බන්ධ අමාත්‍යවරයෙක් හෝ අවම වශයෙන් රාජ්‍ය අමාත්‍යවරයෙක් හෝ පත්කිරීමට පියවර ගෙන නැතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද (16) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී සදහන් කළේය.

    මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙසේ ද සදහන් කළේය.

    ‘වත්මන් ජනාධිපතිවරයා වගේම වියත් මග සංවිධානය පසුගිය කාලය පුරාම තොරතුරු තාක්ෂණය ගැන බොහෝ දේ කතා කළා. ඒත් අද ඒ සියල්ල අමතක කරලා තිබෙන බව පේනවා. වත්මන් කැබිනට් මණ්ඩලය හෝ රාජ්‍ය අමාත්‍යවරු පත් කිරීමේදී තොරතුරු තාක්ෂණය සම්පූර්ණයෙන්ම අමතක කරලා තිබෙනවා.

    ඒ වගේම තමයි ජනපතිවරයා ගැන ජනතාවගේ විශ්වාසය ගොඩනැගුනේ වියත් මග වැනි සංවිධාන නිසා. ජනතාව කියා සිටියේ වියතුන් පාර්ලිමේන්තුවට යවා ඔවුන් ලවා රට හදන බවයි. ජනතාව ඒ යුතුකම ඉටුකළත් ජනාධිපතිවරයා තමන්ගේ යුතුකම ඉටුකර නැහැ. වියත් මගට සම්බන්ධයෙන් කිසිවෙකුට කැබිනට් අමාත්‍යධුර ලබාදී නැහැ. ඔවුන්ව නොසලකා හැර තිබෙනවා.

    මෙහිදී තවත් වැදගත් කරුණක් ගැන ජනතාවගේ අවධානය යොමු කළ යුතුයි. අපිට පැහැදිලිව කියන්න පුළුවන් මේ වසරේ දෙවැනි කාර්තුවේදී ආර්ථක වර්ධනය දැඩි ලෙස පහළ යන බව, ඍණ අගයක් ගනු ඇති බව පැහැදිලිව පෙනී යනවා. මෙවැනි තත්ත්වයක් උද්ගත වුවහොත් ජනතාවට විශාල අසීරුකම්වලට මුහුණදීමට සිදුවිය හැකියි“

  • ශාසනික සේවය පසෙකලා ඇතැම් භික්ෂූන් වහන්සේලා පාර්ලිමේන්තු අසුනකට අරගල කරනවා – අගමැති මහින්ද

    ශාසනික සේවය පසෙකලා ඇතැම් භික්ෂූන් වහන්සේලා පාර්ලිමේන්තු අසුනකට අරගල කරනවා – අගමැති මහින්ද

    ඇතැම් භික්ෂූන් වහන්සේලා පාර්ලිමේන්තු අසුනක් වෙනුවෙන් අරගල කරන විට අති පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියෝ සුවිශාල ශාසනික මෙහෙවරක් ඉටුකරමින් සිටින බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සංඝ සභා කාර්යාලය විවෘත කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ  (15) පස්වරුවේ සිදුකෙරුණ අතර එම අවස්ථාවේ අගමැතිවරයා මේ බව සදහන් කළේය.

    වසර 200කට අධික කාලයක් ස්ථිර ලිපියනයක් සහිත මධ්‍යස්ථානයක් හෝ ගොඩනැගිල්ලක් නොතිබූ ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය වෙනුවෙන් මෙම ගොඩනැගිල්ල සඳහා මීට වසර 9කට පෙර මෙම ඉඩම පරිත්‍යාග කර ඇත්තේ එවක ජනාධිපති වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් වීම ද විශේෂත්වයක්.

    මෙම තෙමහල් ගොඩනැගිල්ල අමරපුර මහා නිකායේ පාර්ශ්ව 22හිම ශාසනික කටයුතු සඳහා ප්‍රයෝජනයට ගැනීමට සුදුසු වන සේ නිමවා ඇති අතර ගොඩනැගිල්ල නම් කර ඇත්තේ මෙරට සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අතිමහත් මෙහෙයක් ඉටු කරන ලද “ශ්‍රීමත් සිරිල් ද සොයිසා” මහතාගේ නමිනි.  

    මෙහිදී අදහස් දැක්වූ අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙසේ සදහන් කළා.ෙ

    ‘මහනුවර යුගයේ දී පැවදි උපසම්පදාව එක කොටසකට පමණක් සීමා වුණා. මේ නිසා සියලු ශ්‍රී ලාංකික කුලපුත්‍රයන්ට පැවදි උප සම්පදාව ලබාගත හැකි වන ආකාරයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය බිහි වුණ බවටයි සාසන ඉතිහාසයේ සදහන් වන්නේ.

    උගත්, බුද්ධිමත් සඟ පරපුරක් බිහි කිරීමට අමරපුර නිකාය දායක වුණා. ඒ අනුව වස්කඩුවේ ශ්‍රී සුභූති හාමුදුරුවෝ, පොල්වත්තේ බුද්ධදත්ත හාමුදුරුවෝ, මඩිහේ පඤ්ඤාසීහ හාමුදුරුවෝ, පිංවත්තේ දේවානන්ද හාමුදුරුවෝ, බම්බලපිටියේ නාරද හාමුදුරුවෝ, වජිරාරාම විහාර වාසී පියදස්සී හාමුදුරුවෝ, හීනටියන ධම්මාලෝක හාමුදුරුවෝ, දවුල්දෙන ඥානිස්සර හාමුදුරුවෝ වගේ කීර්තිමත් යතිවරයන් වහන්සේලා බොහෝ පිරිසක් අමරපුර නිකායෙන් බිහි වුණා.

    අති පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නායක හාමුදුරුවෝ තමයි අමරපුර මහා නිකායේ වත්මන් නාහිමියන් වන්නේ. උන් වහන්සේ උත්තරීතර මහා නායක පදවියට පත් වුණේ 2017 වර්ෂයේදීයි. උන් වහන්සේ දහස් ගණන් ධර්ම දේශනා පවත්වනු ලැබුවා. අපේ නායක හාමුදුරුවෝ අති විශාල ශාසනික සේවයක් ඉටුකරමින් සිටිනවා. මම උන් වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.

    ඇතැම් භික්ෂූන් වහන්සේලා පාර්ලිමේන්තු අසුනක් බෙදා ගැනීමට අරගල කරද්දී මෙවැනි ශාසනික සේවාවක් ඉටුවනු දැකීම පවා සතුටට කරුණක්. අද දින අභිනවයෙන් සඟ සතු කරනු ලැබූ මෙම සංඝ සභා කාර්යාල සංකීර්ණය මෙරටට සුවිශාල ශාසනික මෙහෙවරක් ඉටුකරන කේන්ද්‍රස්ථානයක් වේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා‘ යැයි ද අගමැති මහින්ද රාජපක්ෂ මහතා සදහන් කළේය

  • දෝනි – රයිනා ක්‍රිකට් පිටියෙන් සමුගැනීම: ‘වහාම තීරණය වෙනස් කරන්න’ – සිනමා තරු ඉල්ලයි

    දෝනි – රයිනා ක්‍රිකට් පිටියෙන් සමුගැනීම: ‘වහාම තීරණය වෙනස් කරන්න’ – සිනමා තරු ඉල්ලයි

    හිටපු ඉන්දීය නායක එම්.එස්. දෝනි සහ තුන් ඉරියව් ක්‍රීඩක සුරේෂ් රයිනා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව පසුගියදා නිවේදනය කළහ. එම්.එස්. දෝනි සිය නිල ඉන්ස්ටග්‍රෑම් පිටුව මගින් තම විශ්‍රාම යාම නිවේදනය කළේය.

    සුරේෂ් රයිනා ද සිය නි ඉන්ස්ටග්‍රෑම් ගිනුම හරහා සටහනක් තබමින් තමා ද මහේන්ද්‍ර සිං දෝනි සමඟ එක්වීමට තීරණය කරන බව ප්‍රකාශ කළේය.

    එම්.එස්. දෝනි සහ සුරේෂ් රයිනාගේ විශ්‍රාම යාම පිළිබඳ පුවත රට පුරා ක්‍රිකට් ලෝලීන්ට මහත් කම්පනයක් ඇති කළේය.

    මලයාලම් සිනමාව සම්බන්ධයෙන් ගත් කල, ක්‍රිකට් ක්‍රීඩාවේ අනුගාමිකයන් වන මලයාලම් තරු, ඉතා කඩිනමින් තම සමාජ මාධ්‍ය ගිනුම් හරහා ප්‍රතිචාර දක්වමින් අදාළ තීරණය ගැන නැවත සලකා බලන මෙන් දෝනිගෙන් සහ රයිනාගෙන් ඉල්ලා සිටියහ.

    මලයාලම් සිනමාවේ සුපිරි තරුව වන මොහාන්ලාල් සිය නිල සමාජ මාධ්‍ය පිටුවලට ගොස් කැප්ටන් කූල්ට සිය අනාගත උත්සාහයන් සඳහා සුබ පැතුම් එක් කළේය. සුරේෂ් රයිනා සහ එම්.එස්. දෝනිගේ ඡායාරූපයක් මොහාන්ලාල් බෙදා ගත්තේය.

    ස්වයං පාපොච්චාරණය කළ රයිනාගේ පෙම්වතියක් වන ප්‍රිතිවිරාජ් සුකුමාරන්, එම්.එස්. දෝනි සහ සුරේෂ් රයිනා යන දෙදෙනාටම හැඟීම්බර සටහන් දෙකක් සිය නිල සමාජ මාධ්‍ය පිටුවල පළ කළාය. රයිනාගේ සුපිරි පිතිහරඹය තවදුරටත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දක්නට නොලැබෙන බවත්, දෝනි ඉන්දියාවෙන් බිහි වූ සුපිරිම කඩුලු රකින්නා බවත් ඇය ප්‍රකාශ කළාය.

    filmbeat.com ඇසුරිණි – සටහන – තුෂාධවි

  • 99.9%ක් සාර්ථක ‘හෝර්මෝන තැන්පතු’ ගැන ඔබ මේ කරුණු දැන සිටියා ද ?

    99.9%ක් සාර්ථක ‘හෝර්මෝන තැන්පතු’ ගැන ඔබ මේ කරුණු දැන සිටියා ද ?

    ලංකාව තුළ සිදුවන ගැබ් ගැනීම් වලින් 30%ක් අනවශ්‍ය හෝ සැලසුම් නොකළ ගැබ් ගැනීම් බවයි වෛද්‍යවරුන් පවසන්නේ. මේ තත්ත්වය එකී පවුල්වලට බලවත් ගැටලුවක් ඇති කරන තත්ත්වයක් වශයෙන් සැලකිය හැකියි. මේ නිසා පවුල අස්ථාවර වීම වගේම ගබ්සාව වැනි හානිකර පියවර වලට යොමු වීම ද බහුලව සිදුවෙනවා.

    සැලසුම් නොකළ ගැබ් ගැනීම් පාලනය කළ හැකි විවිධ සාර්ථක හා විද්‍යාත්මක පියවර ගැන අපි මීට පෙර ලිපි මගින් කරුණු ඉදිරිපත් කළා. එහි තවත් පියවරක් ලෙස අපි මෙම ලිපියෙන් ඉදිරිපත් කරන්නේ 99.9%ක්ම අති සාර්ථක පවුල් සැලසුම් ක්‍රමයක් වන ‘හෝර්මෝන තැන්පතු‘ ගැනයි.

    අප මෙම ලිපිය උපුටා ගත්තේ ශ්‍රී ලංකා පවුල් සැලසුම් සංගමයේ නිල වෙබ් අඩවියෙන්.

    හෝර්මෝන තැන්පතු

    හෝර්මෝන පුරවන ලද තුනී රබර් වැනි ද්‍රව්‍යයකින් සාදන ලද නැවෙන සුලු කරල් කීපයක් සුළු ශල්‍ය කර්මයක් මගින් කාන්තාවන්ගේ උඩු බාහුවේ සම යට තැන්පත් කරනු ලැබේ. එය හෝර්මෝන තැන්පතුව ලෙස හැදින්වේ.

    හෝර්මෝන අඩංගු කුඩා කරල් 2 මඟින් අවුරුදු 5 කට ආරක්ෂාව ලබාදේ. මෙය ඉවත් කළ වහාම නැවත ගැබ් ගැනීමේ හැකියාව ලබාගත හැකිය.

    තැන්පත් කරල් වර්ග

    වෙළද නාමයඒකකයක්‍රියාත්මක වන කාලය
    නෝර්ප්ලාන්ට්කරල් 6  අවුරුදු 5
    ජඩෙල්කරල් 2අවුරුදු 5
    ඉම්ප්‍ලනෝන්කරල් 1අවුරුදු 3

    එය කොතරම් සාර්ථක ද ? – ඉතා සාර්ථක ක්‍රමයකි. 99.9 % සාර්ථකත්වයක් ඇත.

    • ආරක‍ෂා සහිතය
    • සාර්ථක ප්‍රතිඵල අත්කර දෙයි
    • ඉක්මණින් සරුභාවයට පත්විය හැකිය

    එය ක්‍රියා කරන්නේ කෙසේද ? – ඔසප්වීම ඇරඹී දින 5ක් ඇතුළත තැන්පත් කළ‍හොත්  එහි ක්‍රියාකාරිත්වය වහා ඇතිවේ.

    • ඩිම්බ කෝෂවලින් ඩිම්බ මුදා හැරීම වැළැක්වීම
    • ගැබ් ගෙල ස්‍රාවයේ ඝනකම වැඩි කිරීම (ශුක්‍රාණු ගර්භාෂයට ඇතුළුවීම වලක්වයි).

    එය ඇතුළු කරන්නේ කෙසේද?

    කරල් තැන්පතුව වෛද්‍යවරයෙකු විසින් සිදු කරයි.

    එය තැන්පත් කරන්නේ කෙසේ ද?
    • තැන්පත් කිරීම සඳහා ගතවන්නේ විනාඩි කිහිපයක් පමණකි.
    • අදාළ ප්‍රදේශය පමණක් නිර්වින්දනය කිරීමෙන් තැන්පත් කරනු ලැබේ.
    • මෙම කරල් සමට යටින් තැන්පත් කරනු ලබන්නේ නිතර භාවිත නොවන අතේය.

    එය භාවිත කළ හැක්කේ කාටද ?

    • පළමු ගර්භනීභාවය අවුරුදු 3-5කින් ප්‍රමාද කිරීමට අවශ්‍ය නම්
    • දරු උපත් අතර පරතරයක් තබාගැනීමට අවශ්‍ය නම්
    • පවුල සම්පුර්ණ කර ඇති නම්
    • සංසර්ගයට බාධා ඇති නොවන  ක්‍රමයක් අවශ්‍ය නම්
    • සාර්ථක දිගුකාලීන ක්‍රමයක් අවශ්‍ය නම්

    තැන්පතු භාවිත කල නොහැක්කේ කාට ද?

    • ගර්භනී නම්
    • පියයුරු පිළිකා ඉතිහාසයක් ඇති කාන්තාවන්ට
    • යෝනි මාර්ගයෙන් අක්‍රමවත් රුධිර වහනයක් ඇති කාන්තාවන්ට
    • හෘද රෝග ඇති කාන්තාවන්ට
    • අක්මා රෝග ඉතිහාසයක් ඇතිනම්
    • දියවැඩියාව, අධික රුධිරපීඩනය වැනි සංකුලතාවයන් ඇති අයට.

    මට එය ලබා ගත හැක්කේ කවදාද ?

    • ඔබට ක්‍රමවත් ඔසප්වීමේ චක්‍රයක් ඇතිනම්
      ඔසප්වීමෙන් මුල් දින 5 ඇතුලත
    • ඔබ කිරි දෙන මවක් නම් ප්‍රසූතියෙන් සති 6කට පසු
      ගර්භනීභාවයේ මුල් මාස 3 තුළ ගබ්සාවක් වූයේ නම්
      ගබ්සාවෙන් සති 1කට පසු කරල් තැන්පත් කල හැක.
    • ගර්භනී කාලයේ මාස 3කට පසු ගබ්සා වුයේ නම්
      කරල් තැන්පතුව ගබ්සාවීමෙන් සති 4කට පසු
    වාසි මොනවා ද?
    • කරල් ඉවත් කළ වහාම සරුභාවයට පත්විය හැකිය. – තැන්පතුව ඉවත් කළ පසු මෙම පවුල් සැලසුම් ක්‍රමයේ බලපෑම නැති වී යනු ඇත.
    • පහසුව – ඔබට එය තැන්පත් කරගෙන අමතක කොට සිටිය හැකිය.
    • සාර්ථකත‍වය – මෙය 99% ක් පමණ සාර්ථක තාවකාලික පවුල් සැලසුම්ක්‍ රමයකි.
    • දිගු කාලීන පවුල් සැලසුම් ක්‍රමයක් වීම – මෙය තැන්පත් කිරීමෙන් පසු අවුරුදු 5 ක් තුළ ගර්භනීභාවයෙන් වැළකෙන අතර මෙම වසර 5 ඇතුළත ඔබට ඕනෑම වෙලාවක එය ඉවත් කරගත හැකිය.

    යම් අවාසියක් සිදුවේ ද? 

    • ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන වලින් ආරක‍ෂා නොකරයි.
    • තැන්පත් කිරීම සඳහා පුහුණු කෙනෙකු අවශ්‍යය.
    • එය ඔසප් වීමේ රටාවට සිදුකරනු ලබන බලපෑම දැනගත හැකි වන්නේ තැන්පත් කිරීමෙන් පසුව පමණකි

    අතුරු ආබාධ

    • ඔසප් චක්‍රයේ වෙනස්කම් (රුධිර වහනය සම්පූර්ණයෙන් නතරවීම, ඔසප් දින ගණන දික්වීම (වැඩිවීම), බිංදු වශයෙන් රුධිර වහනය, අක්‍රමවත්රු ධිර වහනය)
    • බර වැඩිවීම – ආහාර රුචිය වැඩිවීම නිසා
    • හිසරදය
    • කරකැව්ල්ල
    E5R67X Contraceptive implant Nexplanon ®.

    තැන්පතු පිළිබඳ මිත්‍යා මත

    1. කිරිදෙන අතර ඔබට තැන්පතු භාවිත කළ නොහැක.

    – නැත. බිළිදාගේ වර්ධනය හෝ සෞඛ්‍යය සම්බන්ධයෙන් ද මව්කිරිවල ගුණාත්මකභාවය සහ ප්‍රමාණය සම්බන්ධයෙන් ද හානිකර බලපෑමක් නොමැත.

    2. තැන්පතු නිසා රුධිර වහනයක් නොමැතිවීම හානිකරය.

    – නැත. මෙම තැන්පතු භාවිත කරන විට, ඔබට ඔපස්වීමක් සිදු නොවන්නේ නම්, එය ඔබේ සෞඛ්‍යයට හෝ අනාගත සරුභාවයට හානිකර නොවේ. මෙම ක්‍රමය ඔබව ගර්භාෂ පිළිකා වලින් ආරක‍ෂා කරයි.

    3. තැන්පතු ශරීරයේ බර වැඩි කිරීමට හේතු වේ.

    – නැත. ආහාර රුචිය වැඩිවීම නිසා ඔබගේ බර වැඩිවිය හැකිය. නිරන්තරව ව්‍යායාම කිරීම සහ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් මගින් මෙම තත්ත්වය පාලනය කළ හැකිය.

    4. තැන්පතු මගින් පිලිකා අවධානම වැඩි කරනු ලබයි.

    – නැත. තැන්පතු මගින් ගර්භාෂ අභ්‍යන්තර බිත්ති (ගර්භාෂයේ බිත්තිය) තුනී කරයි. මෙම තැන්පතු මගින් ගර්භාෂ බිත්තියේ අධිවර්ධනය වැළැක්වීම නිසා ගර්භාෂ පිළිකා තත්ත්වයන් වලක්වයි. තැන්පතු මගින් ඩිම්බ කෝෂයේ උත්තේජනය අඩු කරනු ලබන නිසා ඩිම්බකෝෂ පිලිකා තත්ත්වයන් අඩු කරනු ලබයි.

    තැන්පතු වඩාත් සුදුසු වන්නේ කවුරුන් සඳහාද?

    දිගු කාලීන පවුල් සැලසුම බලාපොරොත්තුවන යුවළවල් සහ ගර්භනීභාවය කල්දමා ගැනීමට බලාපොරොත්තතුවන නව යෞවනියන් සඳහා සුදුසුය.

    සැකසුම – තුෂාධවි

  • සුපිරි නිරූපිකාවන්ගේ සුපිරිම බිකිනි සහ වෙරළ විලාසිතා 50ක්

    සුපිරි නිරූපිකාවන්ගේ සුපිරිම බිකිනි සහ වෙරළ විලාසිතා 50ක්

    බිකිනි විලාසිතා ‘සහ වෙරළ විලාසිතා ලංකාවේ එතරම් ජනප්‍රිය නොවුණත් ලෝකයේ අතිෂයින් ජනප්‍රියයි. ලංකාවේ ඒවා ජනප්‍රිය නොවීමට සංස්කෘතිකමය කාරණා මෙන්ම ලංකාවේ විනෝද සංස්කෘතියක් නොවීම ද ප්‍රධාන හේතුවක් වශයෙන් සැලකිය හැකියි.

    ඒත් අපි දන්නා විදිහට සැලකිය යුතු තරුණියන් පිරිසක් බිකිනි විලාසිතා සහ වෙරළ විලාසිතා ප්‍රිය කරනවා. ඒ වගේම තවත් විශාල පිරිසක් ඒවා දකින්න කැමැත්තෙන් සිටිනවා.

    අපි අපේ විලාසිතා පිටුවට මෙදින අලුත්ම අලුත්ම බිකිනි විලාසිතා සහ වෙරළ විලාසිතා 50ක් තෝරා ගත්තා. මේවා අතිෂයින් උණුසුම් (සරාගී) ඒවා වීම විශේෂත්වයක. කොලිවුඩයේ සහ බොලිවුඩයේ සුපිරි නිරූපිකාවන් හැඩ කළ මේ විලාසිතා ඔබටත් පහසුවෙන් අනුකරණය කළ හැකියි. බලන්න ඒවා කොතරම් සරාගී ද කියා.

    Hot and New Celebrities Wallpapers
    Hot and New Celebrities Wallpapers
    Hot and New Celebrities Wallpapers
    Hot and New Celebrities Wallpapers
    Hot and New Celebrities Wallpapers
    Hot and New Celebrities Wallpapers
    Hot and New Celebrities Wallpapers
    Hot and New Celebrities Wallpapers
    Hot and New Celebrities Wallpapers
    Hot and New Celebrities Wallpapers
    Hot and New Celebrities Wallpapers
    Hot and New Celebrities Wallpapers
    Hot and New Celebrities Wallpapers
    Hot and New Celebrities Wallpapers
    Hot and New Celebrities Wallpapers
    Hot and New Celebrities Wallpapers
    Hot and New Celebrities Wallpapers
    Hot and New Celebrities Wallpapers
    Hot and New Celebrities Wallpapers
    Hot and New Celebrities Wallpapers
    Hot and New Celebrities Wallpapers
    Hot and New Celebrities Wallpapers
    Hot and New Celebrities Wallpapers
    Hot and New Celebrities Wallpapers
    Hot and New Celebrities Wallpapers
    Hot and New Celebrities Wallpapers
    Hot and New Celebrities Wallpapers
    Hot and New Celebrities Wallpapers
    Hot and New Celebrities Wallpapers
    Hot and New Celebrities Wallpapers
    Hot and New Celebrities Wallpapers
    Hot and New Celebrities Wallpapers
    Hot and New Celebrities Wallpapers
    Hot and New Celebrities Wallpapers
    Hot and New Celebrities Wallpapers
    Hot and New Celebrities Wallpapers
    Hot and New Celebrities Wallpapers
    Hot and New Celebrities Wallpapers

    Pictures by Filmbeast.com – Text by – Thushadhavi

  • ලොව දුර්ලභ මහා වානරයාගේ ‘දුර්ලභ පවුලේ ඡායාරූප’ ගැනීමට අවස්ථාව උදාවෙලා !

    ලොව දුර්ලභ මහා වානරයාගේ ‘දුර්ලභ පවුලේ ඡායාරූප’ ගැනීමට අවස්ථාව උදාවෙලා !

    දකුණු නයිජීරියාවේ කඳුකරයේ දුර්ලභ ගෝරිල්ලන් සමූහයක් පෙන්වන ඡායාරූප වසර ගණනාවකට පසු පළමු වරට නිකුත් කර ඇති බව සංරක්ෂණවේදීන් පවසයි. ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක් වන නයිජීරියාවේ ඩබ්ලිව්සීඑස් පැවසුවේ එම්බේ කඳුකරයේ කැමරා උගුල් මගින් මෙම ඡායාරූප ලබා ගත් බවයි.

    ක්‍රොස් රිවර් ගෝරිල්ලන් (Cross River gorillas) 300 ක් පමණක් මේ වන විට නයිජීරියාව තුළ ජීවත් වන අතර ඔවුන් වඩාත් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති උප විශේෂයන් බවට පත්ව ඇත.

    නමුත් වනජීවී සංරක්ෂණ සංගමය (WCS) පවසන්නේ මෙම දර්ශන මගින් වඳවීමේ අවදානමට ලක්ව ඇති ක්‍රොස් රිවර් ගෝරිල්ලන් සැබවින්ම ප්‍රජනනය කරනු ඇතැයි යන බලාපොරොත්තුව මතු කරන බවයි.

    මෙම වසර මුලදී ගත් ඡායාරූප වල ළදරු ගෝරිල්ලන් ගණනාවක් දැකිය හැකිය.

    හරස් ගංගා ගෝරිල්ලන්
    කදුකර ගෝරිල්ලකු සිය පැටියා සමග
    හරස් ගංගා ගෝරිල්ලන්
    සංරක්‍ෂකයින් පවසන්නේ ළදරු ගෝරිල්ලන් සංඛ්‍යාව දැකීමෙන් ඔවුන් ධෛර්යමත් වන බවයි

    ‘මිනිසුන්ගෙන් පරිස්සම් වන්න’

    ක්‍රොස් රිවර් ගෝරිල්ලන් යනු ලොව දුර්ලභ මහා වානරයා බව ‘සොබාදහම සදහා වූ ලෝක ව්‍යාප්ත අරමුදල’ The World Wide Fund for Nature (WWF) says පවසයි.

    කදුකර ගෝරිල්ලන් නයිජීරියාවේ සහ අසල්වැසි කැමරූන් හි සමහර කඳුකර ප්‍රදේශවල ජීවත් වන බව දන්නා නමුත් කලාතුරකින් දක්නට ලැබේ. ඩබ්ලිව්සීඑස් පවසන්නේ ප්‍රජා සංවිධාන, එම්බී කඳුකරයේ සංරක්ෂණ සංගමය මෙන්ම නයිජීරියාවේ ක්‍රොස් රිවර් ප්‍රාන්තයේ බලධාරීන් සමඟ සමීපව කටයුතු කරමින් මෙම ගෝරිල්ලන් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවයි.

    රිදී බැක් ක්‍රොස් රිවර් ගෝරිල්ලා

    බී.බී.සී. වාර්තාවක් අසුරිණි – සැකසුම – තුෂාල් විතානගේ

  • පොලිසියේ තොප්පි අවුලක්..!

    පොලිසියේ තොප්පි අවුලක්..!

    වසර දෙකක කාලයක සිට පොලිස් කොස්තාපල්වරුන්ට සහ පොලිස් සැරයන්වරුන්ට හිස්වැසුම් ද පොලිස් නිලධාරිනියන්ට පාවහන් ද ලබා දී නොමැති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

    එම තනතුරුවල පොලිස් නිලධාරීන් හැත්තෑ තුන්දහසකට වැඩි පිරිසක් සිටින අතර විවෘත වෙළෙඳපොළෙන්වත් හිස්වැසුම් මිල දී ගැනීමට නොහැකි නිසා ඔවුන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති.

    මීට වසර දෙකකට ප්‍රථම විදේශ රටකින් කනිෂ්ඨ පොලිස් නිලධාරීන්ට ලබාදීම සඳහා හිස්වැසුම් 75000ක් ආනයනය කර ඇති අතර එම හිස්වැසුම්වල ඉදිරිපස කොටසේ ඇති වෙනසක් නිසා බෙදා දීම අත්හිටුවා තිබේ. එම හිස්වැසුම් තොගය මේ වන විට මරදාන ප්‍රදේශයේ ගබඩාවක වසර දෙකක් තිස්සේ ගොඩගසා ඇති බව වාර්තා වේ. එහෙත් එම හිස්වැසුම් තොගය ආපසු ලබාගැනීමට අදාළ සමාගම ප්‍රතිකේෂ්ප කර ඇති බව සඳහන් වේ.

    මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්නගෙන් කළ විමසුමක දී ඔහු සඳහන් කළේ එවැනි ගැටලුවක් ඇති බවත් ඉදිරි මාස හතර තුළ අලුතෙන් හිස්වැසුම් හැටදහසක් මිලදී ගැනීමට අවශ්‍ය ටෙන්ඩර් කටයුතු සිදුකර ඇති බවයි.

    එම තනතුරුවල පොලිස් නිලධාරීන් හැත්තෑ තුන්දහසකට වැඩි පිරිසක් සිටින අතර විවෘත වෙළෙඳපොළෙන්වත් හිස්වැසුම් මිල දී ගැනීමට නොහැකි නිසා ඔවුහු දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති.

    මීට වසර දෙකකට ප්‍රථම කනිෂ්ඨ පොලිස් නිලධාරීන්ට ලබාදීම සඳහා හිස්වැසුම් 75000ක් ආනයනය කර ඇති අතර එම හිස්වැසුම්වල ඉදිරිපස කොටසේ ඇති වෙනසක් නිසා බෙදා දීම අත්හිටුවා තිබේ. එම හිස්වැසුම් තොගය මේ වන විට මරදාන ප්‍රදේශයේ ගබඩාවක වසර දෙකක් තිස්සේ ගොඩගසා ඇති බව වාර්තා වේ. එහෙත් එම හිස්වැසුම් තොගය ආපසු ලබාගැනීමට අදාළ සමාගම ප්‍රතික්​ෙෂ්ප කර ඇති බව සඳහන් වේ.

    මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්නගෙන් කළ විමසුමක දී ඔහු සඳහන් කළේ එවැනි ගැටලුවක් ඇති බවත් ඉදිරි මාස හතර තුළ අලුතෙන් හිස්වැසුම් හැටදහසක් මිලදී ගැනීමට අවශ්‍ය ටෙන්ඩර් කටයුතු සිදුකර ඇති බවයි.

    චමින්ද සේනාරත්න

    -දෙරණ අරුණ-

  • මුල් ළමාවිය සෞඛ්‍ය හා පෝෂණය ගැන ඔබ නොදැන සිටි සියලුම කරුණු

    මුල් ළමාවිය සෞඛ්‍ය හා පෝෂණය ගැන ඔබ නොදැන සිටි සියලුම කරුණු

    හොඳම දේ දරුවන්ට’ එහෙම කිවුවේ වී. අයි ලෙනින්. සෝවියට් දේශය නැමැති මහා දේශය ගොඩනැඟූ මහා විප්ලවවාදියා. ළමයි පමණක් නොවෙයි මුළු ලෝකයටම ආදරය කළ පුද්ගලයා.

    අපේ අම්මලා තාත්තලත් කියන්නේ ‘හොඳම දේ ළමයින්ට’ කියලා. ඒ නිසා එයාලා හැම මොහොතක්ම ගත කරන්නේ තමන්ගේ දරු පැටවුන්ගේ අනාගත සුරක්ෂිතභාවය වෙනුවෙන්. දරුවන් සතුටින් තැබීම වෙනුවෙන්.
    ඒත් ‘හොඳම දේ දරුවන්ට ’ කියන මේ කියමන ‘පෝෂණ විද්‍යාවේදී’ නම් බොහොම තදින් ප‍්‍රශ්න කෙරෙනවා. ඒ පෝෂණ විද්‍යාව අනුව නම් අම්මලා තාත්තලා හොඳම දේ කියලා හිතන දේ ‘නරකම දේ’ වෙන්න පුළුවන් නිසා. මේ ලිපියෙන් අවධානය යොමු කරන්නේ ඒ ගැන. පෝෂණ විද්‍යාව අනුව දරුවාට වඩාත් සුදුසු ආහාර මොනවාද කියන කාරණය අනුව.

    පෝෂණය යනු කුමක්ද ?

    ‘‘පෝෂණය’’ යනු කුමක් කියලා කරන වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීමකදී පෝෂණය යනුවෙන් අදහස් වෙන්නේ ‘‘ අප ජීවිතයේ එදිනෙදා ශාරීරික ක‍්‍රියාවන් හා වර්ධනය සඳහා ශරීරයට ලබා දිය යුතු ආහාර’ යනුවෙනුයි.
    පෝෂණය ඕනෑම ජීවියෙකුට අත්‍යවශ්‍ය දෙයක්. නිසි පෝෂණයකින් තොරව ගසක් පවා නිසියාකාරව වර්ධනය වෙන්නේ නැති බව ඔබ අප සියලූ දෙනාම ඉතාම පැහැදිලිව දන්නා කියන කාරණයක්.

    මෙහිදී අපේ අවධානය යොමු වන්නේ ළමුන්ගේ පෝෂණය ගැන නිසා අපි වඩාත් සැලකිලිමත් විය යුතුයි. ඒකට හේතුව තමයි මිනිසාගේ වර්ධනයේ තීරණාත්මක අවධිය වන්නේ ළමාවිය.

    නිසි පෝෂණයක් නොලැබුණොත් ?

    නිසි පෝෂණයක් නොලැබීමෙන් ශාරීරික වර්ධනයට සහ මානසික සංවර්ධනයට බලපෑම් ඇති වෙනවා. පෝෂණ විෂමතාවෙන් මන්දපෝෂණය, අධිපෝෂණය, විටමින් ඌනතා ඇති වෙනවා.

    මන්දපෝෂණය

    මන්දපෝෂණය මානව ඉතිහාසය පුරාම මිනිසාට අත්විඳීමට සිදු වූ දෙයක්. විද්‍යාත්මක අතින් බොහොම පොහොසත් වර්තමාන ලෝකයත් මන්දපෝෂණයට මුහුණ දෙනවා. ඒ සඳහා සංකීර්ණ හේතු බලපානවා. මන්දපෝෂණය යනු අප ශරීරයට අත්‍යවශ්‍ය පෝෂ්‍ය කොටස් නොලැබී යාම නිසා අපගේ ශරීරයට ඇතිවන තත්වය වශයෙන් පැහැදිලි කළ හැකියි.

    ලංකාවේ තත්ත්වය

    මන්දපෝෂණ තත්ත්වයෙන් ලංකාව බැට කනවා. ඒකට දුප්පත්කම වගේම ආහාර පුරුදු ආදියත් බලපානවා. ඒ නිසා අපි ලංකාවේ තත්ත්වය ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුයි.

    ළමුන් සම්බන්දයෙන් ලෝකයේ ක‍්‍රියාත්මක වන ප‍්‍රධාන ආයතනය වශයෙන් ‘එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් ‘යුනිසෙෆ්’ ආයතනය සැලකිය හැකියි. ඔවුන් බොහෝ කාලයක සිට ළමුන්ගේ පෝෂණය සම්බන්ධයෙන් ලෝකයේ සියලූම රටවල දත්ත රැස් කරමින් පර්යේෂණ කරනවා. ඒ අනුව ඔවුන් ලංකාවේ ළමුන්ගේ හා කාන්තාවන්ගේ මන්දපෝෂණ තත්ත්වය ගැන තොරතුරු ප‍්‍රකාශයට පත් කරලා තිබෙනවා.
    යුනිසෙෆ්’ ආයතානයට අනුව දරුවන්ගෙන් තුනෙන් එකක් සහ කාන්තාවන්ගෙන් හතරෙන් එකක් මන්දපෝෂණයෙන් පෙළෙන බව ඔබ දන්නවාද ? යුනිසෙෆ් වාර්තාවන්ට අනුව අවුරුදු 05ට අඩු දරුවන්ගෙන් 29 % ක අඩු බර දරුවන්ය. අලූත උපන් දරුවන්ගෙන් 16 % ක් අඩු උපත් බර දරුවන්ය. අවුරුදු 05ට අඩු දරුවන්ගෙන් 14 % ක් තීව‍්‍ර මන්දපෝෂණයෙන් පෙළෙති. මාස 6-11 ත් අතර ළදරුවන්ගෙන් 58 % ක් මාස 12-23 ත් අතර දරුවන්ගෙන් 38 % ක් රක්තහීනතාවයෙන් පෙළෙති. අවුරුදු 05ට අඩු පෙර පාසල් දරුවන්ගෙන් 30 % ක් පාසල් දරුවන්ගෙන් 21 % ක් රක්තහීනතාවයෙන් පෙළෙති. අවුරුදු 05ට අඩු පෙර පාසල් දරුවන්ගෙන් 29 % ක් විටමින් ඌණතාවයෙන් පෙළෙති.

    ඔබට දැන් කුමක්ද හිතෙන්නේ. මේ දත්ත විමසා බලන විට නම් අපි හිතන තරම් අපේ රට පොහොසත් නැහැ. කියන තරම් අපි ආහාර අතින් ස්වයං පෝෂිත නැහැ. මේ භයානක තත්ත්වයක්. මොකද මන්දපෝෂණයට ලක්වෙලා ඉන්නේ අපේ අනාගත පරම්පරාව. මවුවරුන්. ඔවුන්ට පාරේ යන්නවත් පණ නැති කොට අලූත් රටක්, සමෘද්ධිමත් අනාගතයක් බිහි වෙයිද ?

    අයඞීන් ඌණතාවය

    රටේ ඕනෑම තැනක සිට මුහුදට කිලෝ මීටර 100 කට වඩා දුර නැහැ. ඒ නිසා ලංකාවේ මුහුදු ආහාර සුලභ විය යුතුයි. ඒත් අපි දන්වා ඒක එහෙම නොවන බව. ඒත් ‘ලූණු’ ඒක බොහොම මිල අඩු ද්‍රව්‍යයක්. ඒත් යුනිසෙෆ් වාර්තාවන්ට අනුව ලංකාවේ දරුවන්ගෙන් 20 % ක් අයඩින් ඌණතාවයෙන් පෙළෙනවා. මේවා විශ්වාස කරන්න අමාරු ඇති. ඒත් ඇත්ත තත්ත්වය නම් මේක තමයි.

    යුනිසෙෆ් සංවිධානයට අනුව ලංකාවේ මන්දපෝෂණයට හේතු

    1. නිතර රෝගවලට ගොදුරු වීම
    2. අවශ්‍ය ප‍්‍රමාණයක් ආහාර නොගැනීම
    3. නොදැනුවත්කම
    4. සංස්කෘතික හේතු
    5. දුප්පත්කම

    යුනිසෙෆ් සංවිධානය විසින් ලංකාවේ මන්දපෝෂණයට ඉහත සඳහන් හේතු හඳුනා ගෙන තිබෙනවා. මේවා දිහා බලන විට අපට ඉතා පැහැදිලිව පෙනී යන්නේ කොතැන හෝ වරදක් තිබෙන බවයි. ඒකට හේතු ඔබම විමසා බලන්න. ලංකාවේ තරම් පලතුරු විවිධත්වයක් ලෝකේ කිසිම රටක නැහැ. ඒ වගේම හැමදාම මොනවා හරි පලතුරක ඵලදාව ලැබෙනවා. ඒත් අපේ රටේ දේශීය පලතුරුවලට අත්වෙලා තියෙන්නේ බොහාම දුක්ඛිත ඉරණමක්. ලඳු කැලෑ පිරෙන්න හැදෙන දංගෙඩියේ සිට මිඳුල වැහෙන්න හැදෙන ඡුම්ඹු ගෙඩිය දක්වාත්, දිවුල් ගෙඩියේ සිට කොස් ගෙඩිය දක්වාත් අපි අපතේ දානවා.

    ඒ වගේම තමයි අපේ ඇතැම් සංස්කෘතික හේතුත් මන්දපෝෂණය සමග අත්වැල් බැඳ ගෙන ඉන්නවා. මස් කෑම සම්බන්ධව තිබෙන මතය, මිරිදිය මාළු ගැන තිබෙන ආකල්පය මේ අතර ප‍්‍රධානයි.

    දුප්පකම, හැමදේකටම මුල් වෙනවා වාගේ මන්දපෝෂණයටත් මුල්වෙනවා. ඒත් දුප්පත් පවුල්වල පියවරුන්ගේ වියදම් (මත්පැන්, දුම්වැටි, බුලත්විට* දෙස අවධානය යොමු කරන විට නම් පේන්නේ වෙනස් තත්ත්වයක්.

    මන්දපෝෂණයෙන් දරුවන්ට සිදුවන බලපෑම

    මන්දපෝෂණය ළමුන් කෙරේ කෙටි කාලීන, මැදි කාලීන මෙන්ම දීර්ඝ කාලීනව සෞඛ්‍ය හා මානසික බලපෑම් ඇති කරනවා. ඒවා පහත සඳහන් ආකාරයට දැක්විය හැකියි.

    1. බෝ නොවන රෝගවලට ගොදුරු වීම
    2. නිතර වසංගත රෝගවලට ගොදුරු වීම
    3. බුද්ධි වර්ධනය අඩු වීම
    4. ඉගෙනීමේ හැකියාව අඩු වීම
    5. අනාගතයේ බර අඩු දරුවන් ලැබීම

    මන්දපෝෂණය ජය ගැනීම

    මන්දපෝෂණය ජය ගැනීම පහසු දෙයක් නොවුණත් ඔබ එය කළ යුතුමයි. ඒකට හේතු ඔබට පැහැදිලිනේ. මොන අම්මා තාත්තද කැමැති නිතර නිතර ලෙඩ වෙන, බුද්ධි වර්ධනය අඩු පාරේ යන්න පණ නැති දරුවෙකුට. එහෙනම් ඔබ කළ යුත්තේ ඔබේ දරුවා මන්දපෝෂණයෙන් ආරක්ෂා කිරීමට නම් අංග සම්පූර්ණ රස හයකින් යුත් සමබර ආහාර වේලක් ලබාදීමයි.

    මොනවද මේ පෝෂ්‍ය පදාර්ථ කියන්නේ
    1 කාබෝහයිඩ්‍රේට්
    2 මේදය
    3 ප්‍රෝටීන්
    4 විටමින්
    5 තන්තු
    6 ජලය
    පහත සඳහන් කළ දේවල් ඔබට ඔබේ පරිසරයෙන් නොමිලේ හෝ ඉතා අඩු වියදමික් සපුරාගත හැකියි.

    1 මධුර රස හෙවත් පැණි / ධාන්‍ය වර්ග (පිෂ්ඨය) අල වර්ග හා කිරි මේදය
    2 තිත්ත රස : පළා වර්ග – විටමින් ඊ සහ යකඩ
    3 කහට රස: එළවළු වර්ග – ශාඛ ප්‍රෝටීන්, විටමින් වර්ග
    4 ලවණ රස: මුහුදු මාළු, කරවල , ලූණු , සත්ත්ව ප්‍රෝටීන්, යකඩ කැල්සියම් වැනි ඛනිජ ලවණ හා මේදය.
    5 අම්ල හෙවත් ඇඹුල් රස: ඇඹුල් රසැති පළතුරු – විටමින් සී
    6 ධාන්‍ය වර්ග : සහල්, මුං , කුරක්කන්, කව්පි, බඩ ඉරිඟු, කොල්ලූ, ඕලූ ඇට, මෙනේරි, තණහාල්, බාර්ලි.
    7 පළා වර්ග : මැල්ලූම් වර්ග, ගොටු කොළ, මුකුණුවැන්න නිවිති, සාරණ, කතුරු මුරුංගා, කොළ කැඳ, ගොටු කොළ, මුකුණුවැන්න එළ බටු, මොණරකුඩුම්බිය.

    බලන්න, මේ කිසිවක් මිල අධික දේවල් නොවෙයි. ඉතා අඩු මිලකට හෝ නොමිලේ ස්වභාවික පරිසරයෙන් ලබා ගත හැකි දේ. ඒත් ඇයි මේ දේ ඉටු නොවෙන්නේ. ඒක ඔබම ගැඹුරින් සිතා බැලිය යුතු කරුණක්. ඔබේ ආදරණීය දරුවාට වළ කපා ඇත්තේ ඔබම නේද ? කියලා ඔබට නොහිතෙන්නත් බැහැ නේද ?

    වර්ණවත් ආහාර වේලක්

    අපේ සමාජය වෙළෙන්දන්ගේ උප්පරවැට්ටිවලට අවශ්‍ය ප‍්‍රමාණයටත් වඩා රැුවටිලා කියලා තේරෙන්නේ ආහාර සම්බන්ධයෙන් අවධානය යොමු කරන විටයි. වත්ත පුරා පලතුරු වැටිලා කුණු වෙන කොට ණය වෙලා ඇපල් කන ජාතියක් බවට අපි පත් වෙලා. හීන් නාරං ගෙඩි කුණු වෙලා යද්දී අපි කෝඩියල්වලින් අපේ දරුවන්ගේ බඩ පුරනවා. ගම් බිත්තරේ විකුණලා සොසේජස් අරං කනවා. කොස් ඇට ටික කුණු වෙද්දී ක්ෂණික බඩගිනන්ට බිස්කට් කනවා. මේ රටක් හා ජාතියක් වශයෙන් බරපතළ තත්ත්වයක්. මන්දපෝෂණය අපි අපි විසින්ම ළඟා කරගත් අභාග්‍යයක්.ෙ

    මන්දපෝෂණයෙන් ඔබේ දරුවා ගළවා ගැනීමට නම් ඔබ ඔබේ දරුවාට විවිධ වර්ණයන්ගෙන් යුත් ආහාර වේලක් ලබා දිය යුතුමයි. රූපවාහිය මගින් පුනපුනා ඉදිරිපත් කරන නානාප‍්‍රකාර ක්ෂණික ආහාර ගැනීම හැකිතාක් අඩු කරන්න. ඒ අතර කෘත‍්‍රිම රස, වර්ණකාරක, කල් තබා ගැනිමට යොදා ගන්නා රසායනිකයන්, වැඩිි මේදය ඇති ආහාර හැකිතාක් සීමා කරන්න. දේශීය පාන වර්ග වන බෙලිමල්, රණවරා මල්, ඉරමුසු වැනි පාන වර්ග හැකිතාක් දරුවාට ලබා දෙන්න.

    දරුවා මානසිකව නිරෝගීව තබා ගන්නේ කෙසේද ?

    දරුවාගේ කායික නිරෝගීභාවය වගේම මානසික නිරෝගීභාවයත් අතිෂයින් වැදගත්. අපි අපේ දරුවන්ගේ බඩ පුරවන්න යොමු කරන අවධානය හා සමාන අවධානයක් ඔවුන්ගේ මානසික නිරෝගීභාවය රැුක ගැනීම සඳහා යෙදවිය යුතුයි.

    දරුවාගේ මානිසක නිරෝගීභාවය රැුක ගන්නේ කෙසේද? ඒ සඳහා වැදගත්ම පියවර තමයි දරුවාට ආදරය කිරීම, ඔහුගේ ආරක්ෂාව හා රැකවරණය සහතික කිරීම. ඒ සඳහා ඔබ මහ ලොකු කාලයක් හෝ මුදලක් වැය වෙන්නේ නැහැ. අවශ්‍ය වන්නේ වුවමනාව ම පමණයි.

    මං අම්මට ගොඩා….ක් ආදරෙයි….
    මං තාත්තට ගොඩා….ක් ආදරෙයි….
    තාත්තත් මට ආදරෙයි නේද?
    තාත්තයි…. අම්මයි…දෙන්නම මගේ….
    මම තාත්තාගේ…. මම අම්මාගේ…. වැනි වදන් නිතර පවසන්න. ඒ සඳහා දරුවාටත් අවස්ථාව ලබා දෙන්න. මෙවැනි වදන්වලින් පිරුණු පවුලක් තුළින් බිහිවන්නේ ‘ආදරණීය දරුවන් ’ බව මතක තබා ගන්න.

    මාපියන්ගෙන් දුරස්වීම

    ‘‘අනේ මගේ අතේ තියාගෙන හදපු ළමයා අද මට සලකන්නේ හතුරෙක්ට වාගේ ’’ ‘‘ ළමයෙක් ඉන්නවා අපි උන්නද මළාද කියලා බල්නනේ නැහැ ’’ මේ අපට නිතර නිතර ඇසෙන මැසිවිලි. එහෙම වුණේ ඇයි ? වරද කොතතැනද ?

    කුඩා කාලයේ දෙමාපියන්ට මෙතරම් ආදරය කරන දරුවන් පසු කාලයේදී දෙමාපියන්ගෙන් දුරස් වන්නේ ඇයි ? මේක අපි හැමෝටම ප‍්‍රශ්නයක්. ඒකට පහත සඳහන් කාරණා බලපෑ හැකියි. බලන්න ඔබේ ගැටලූව තියෙන්නේ කොතැනද ? කියලා.

    1. අයහපත් ආශ‍්‍රය ?
    2. නරක ආදර්ශ ?
    3. ජනමාධ්‍යවල බලපෑම ?
    4. සාරධර්මවල පිරිහීම.

    දරුවන් ඔබලෙන් බලාපොරොත්තු වන ප‍්‍රධාන දේ ආදරයයි. ඔබ දරුවන්ට හිරු සඳු දේ සිටින්න.

    දරුවා මානසිකව නිරෝගීව වැඞීමට නම් ඔහුට, ආදරය, රැුකවරණය, ආරක්ෂාව පිළිබඳ විශ්වාසී හැඟීමක් ඔවුන්ගේ සිත් තුළ ජනිත විය යුතුයි. මෙසේ කළ යුත්තේ වචනයෙන් නොව හැසිරීමෙනි.

    ආයුර්වේදය හා දරුවා

    අපිට නිතරව ඔවදන් ලැබෙන්නේ බටහිර වෛද්‍ය විද්‍යාවෙන්. ඒත් අපිට බොහොම සමීප, අපේම ආයුර්වේදයත් දරුවන් ගැන දැඩි අවධානයක් යොමු කරලා තිබෙනවා.

    ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ නිවැරදිව දරුවන් හදා වඩා ගැනීම දක්වා තිබේද? ඔව්. එහි පහත සඳහන් පැහැදිලි කිරීම් තිබේ.

    බිළිදු වියේදී – සුරතල් කරමින්

    අවුරුදු 6 සිට යොවුන් විය දක්වා – සමාජ සංස්කෘතික හර පද්ධතියට අනුකූලව දඬුවම් කර හික්මවා හැඩ ගැස්විය යුතුයි

    යොවුන් වියට පත් දරුවා – මිතුරෙකු ලෙස සලකා කටයුතු කල යුතුයි. යොවුන් වියට පත් දරුවා මිතුරෙකු ලෙස තම දෙමාපියන් වෙත ළංවීමට නම් කුඩා කල සිටම දරුවා සහ දෙමාපියන් අතර මනා සම්බන්ධතාවයක් පැවතිය යුතුයි.දරුවාට දැනෙන්න ආදරය කරන්න. ආදරය, රැුකවරණය, ආරක්ෂාව, ගෞරවය ජීවිතයේ හැම සිද්ධියකදීම ඔවුන්ට දැනෙන්නට ආදරය කරන්න…..
    නිරෝගී දරුවන් විසින් නිරෝගී පරපුරක් ද රටක් ද බිහි කරනු ඇත.■

    සකස් කළේ – තුෂාල් විතානගේ
    සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප‍්‍රකාශන ඇසුරින්

  • ‘සීනී ගැන කතා’ කියන තරම් තිත්ත ද ?

    ‘සීනී ගැන කතා’ කියන තරම් තිත්ත ද ?

    සීනි ගැන අපි හැමෝටම සුන්දර අත්දැකීම්, මතකයන් තිබෙනවා. අන්දරේ සීනි කාපු කතාව වගේම අම්මා හංඟලා තිබ්බ සීනි බෝතලෙන් සීනි හැන්දක් හොරන් කාපු හැටි, සීනි ගේන්න කඬේට ගිහින් එන කොට සීනි ගොට්ටේ පුංචි හිලක් හදාගෙන සීනි උරා බීපු හැටි, බත් කාලා අතුරුපස විදිහට සීනි ටිකක් අල්ලට හලාගෙන කටේ දාගත් හැටි වැඩිහිටි බොහෝ දෙනකුගේ මතකයේ සදාකාලිකව තැන්පත් වෙලා ඇති.

    එත් කාලයක් ලොකු කුඩා සැමට ප්‍රනීත කෑමක් වූ සීනි පසුගිය කාලය වන විට යක්ෂයෙක් බවට පත්වෙලා. සීනි දැක්කොත් වෙවුලන මිනිසුන් පිරිසක් බිහිවෙලා. ‘අපෝ අපි සීනි තියෙන කිසිම දෙයක් කන්නේ බොන්නේ නැහැ’ කියන පිරිසක් බිහිවෙලා.

    මේ ප්‍රනීත කෑම අප්‍රියජනක ආහාරයක් වුණේ කොහොමද ? ඒ වෙන කිසිවක් නිසා නොවෙයි අද ලොකු කුඩා සියලු දෙනාම ක්‍රමික මරණයක් කරා ගෙන යන ‘දියවැඩියාව’ නිසයි.

    සීනි ගැන කතා

    ‘සීනි’ ලංකාවේ සිංහල ජනතාව පොදුවේ වහරන නම. ලංකාවේ අපි දන්නේ සීනි වර්ග දෙකක් විතරයි. ඒ ‘රතු සීනි’ සහ ‘සුදු සීනි’ කියන දෙක. ඒත් ලෝකයේ සීනි වර්ග විශාල සංඛ්‍යාවක් තිබෙනවා.

    අපි පොදු ව්‍යවහාරයේ සීනි මේ ආකාරයෙන් වර්ග කළත් වෛද්‍ය විද්‍යාත්මකව සිදුවන වර්ගීකරණය මීට වෙනස්.

    උක් හෝ බීට් යුෂ මගින් කර්මාන්තශාලාවල නිෂ්පාදනය කරන සීනි අයත් වෙන්නේ ‘සුක්රෝස් ’කියන කාණ්ඩයට. මේ සීනි ආහාරයට ගත්විට සිරුරට උරා ගැනීමේදී ‘පෘක්ටෝස්’ හා “ග්ලුකෝස් ’ යන කාණ්ඩ දෙකට බිදෙනවා.

    සීනි තිබෙන්නේ උක් ගස්වල හෝ බීට්වල විතරක් නොවෙයි. අපි කවුරුත් නොදන්නවා වුණාට අපේ රුධිරයෙත් සීනි තිබෙනවා. රුධිරගත සීනි හඳුන්වන්නේ ‘ග්ලුකෝස් ’ කියලා. රුධිරයේ තිබෙන සීනි ප්‍රමාණය අපි ආහාරයට ගන්නා ආහාර සමග වෙනස් වෙනවා. ඒ කියන්නේ, ආහාරවල ඇති විවිධ කොටස්, විශේෂයෙන් ‘පිෂ්ඨය’ මගින් සිරුර තුළ ග්ලුකෝස් වර්ගයට අයත් සීනි පරිමාව වැඩි කරනවා.

    පලතුරු සීනි

    අපි සීනි කන්නේ කඩෙන් ගෙනත්නේ. ඒත් අපි තවත් ආකාර කිහිපයකින් සීනි ආහාරයට එක්කර ගන්නවා. ඒ අතර ප්‍රධාන තැනක් පලතුරුවලට හිමිවෙනවා. ‘පෘක්ටොස් ’ කියන්නේ මේ ආකාරයෙන් පලතුරු මගින් අපට ලැබෙන සීනි විශේෂයක්. පැණිරස පලතුරු වල පෘක්ටෝස් සීනි විශාල වශයෙන් දැකිය හැකියි.

    දියවැඩියා රෝගීන්ට වෛද්‍යවරු දෙන අවවාදයක් තමයි පිෂ්ඨය සහිත ආහාර දැඩිව පාලනය කළ යුතු බව. ඒකට වෛද්‍ය විද්‍යාත්මක හේතුවක් තිබෙනවා. ඒ පිෂ්ඨය සහිත ආහාර පාරිභෝජනය කිරීම මගින් ‘මෝල්ටෝස් ’ කියන ධාන්‍යමය සීනි සිරුර තුළ නිෂ්පාදනය වෙනවා. වෛද්‍යවරු කියන ආකාරයට මොල්ටෝස් සීනි බහුල වශයෙන් තිරිඟු සහ බාර්ලි වල දැකිය හැකියි.

    මවුකිරිවලත් සීනී

    මේ ලෝකයේ තිබෙන වටිනාම ආහාරය තමයි මවුකිරි. මවුකිරි ඇතුළු සියලුම කිරි හා කිරි නිෂ්පාදනවල තිබෙන සීනි හඳුන්වන්නේ ‘ලැක්ටෝස් ’ කියලා.

    අපි කියන්නේ ‘සීනි පැණි රසයි ’ කියලනේ. ඒක අත්ත. සීනි පැණි රස තමයි. ඒත් වැඩියෙන්ම පැණි රස මොන සීනිද ? වෛද්‍යවරු කියන ආකාරයට වැඩියෙන්ම පැණිරස සීනි වර්ගය තමයි ‘පෘක්ටෝස්. ’ මවුකිරි ඇතුළු කිරි වර්ග වල තිබෙන ලැක්ටෝස් අඩුවෙන්ම පැණි රස සීනි වර්ගය බව සඳහන් වෙනවා.

    මේ කොහොම වුණත් මේ සියලුම සීනි වර්ග පාරිභෝජනය කළ විට ‘ග්ලුකෝස් ’ කියන සීනි වර්ගය අවසානයේදි ශේෂ වෙනවා.

    සීනි ගැන මිත්‍යා මත

    ‘අන්දරේ සීනි කෑවා’ කියන කතාව අපි හැමෝම දන්නවා. ඉතිහාසය කියන විදිහට අන්දරේ කියන්නේ ‘කල්පිතයක් ’ එහෙම නැතිනම් හිතින් මවාගත් චරිතයක්. කොටින්ම මිත්‍යාවක් විය හැකියි. ( ලංකාවට සීනි හඳුන්වා දෙන්නේ බ්‍රිතාන්‍ය ජාතිකයින් බවයි කියන්නේ )

    මේ ආකාරයට සීනි සම්බන්ධයෙනුත් අපි අතර මිත්‍යාවන් රැසක් තිබෙනවා. අපි මේ ගැන සියුම්ව විමර්ශනය කළ යුතුයි.

    සීනි සහ දත්

    ‘සීනි කීවොත් දත් දිරනවා’ කියන එක අපි නිතර නිතර අහන කතාවක්. මේ කතාව ඇත්ත කතාවක් බව අපි පිළිගත යුතුයි. ඒත් දත් දිරන්න සීනි විතරක් නොවෙයි සීනි අඩංගු තවත් බොහෝ දේ බලපානවා. උදාහරණයක් විදිහට ‘මී පැණි ’ වගේම පලතුරු යුෂත් දත් දිරා යාමට හේතු වෙනවා.

    දත් දිරා යාමට සීනි හේතුවක් වෙන්නේ මෙහෙමයි. දන්ත පථ තුළ විවිධාකාර බැක්ටීරියාවන් ජීවත් වෙනවා. ඔවුන් සීනි උපයෝගී කොට ගෙන දත තුළ ආම්ලික කොටස් නිෂ්පාදනය කරනවා. මේ අම්ල වලට දතෙහි ඇති ශක්තිමත් ම කොටස ලෙස සැලකෙන ‘ඉනැමලය’ විනාශ කිරීමට හැකියාව ලැබෙනවා.

    කිරි වර්ගවල ඇති සීනි අනෙකුත් සීනි වර්ගවලට සාපේක්ෂව දත්වලට කරන බලපෑම අඩුයි. ඊට හේතුව වන්නේ එහි පැණ රස අඩුවීම සහ කිරිවල අන්තර්ගත සීනිවල දත් හා ක්‍රියාකාරී වීම වළකන විශේෂ සාධකයක් තිබීම.

    සීනි හා මොළය

    ‘මොළේ තියෙන කෙනෙක් සීනි කන්නේ නැහැ’ කියලා සමහරු කියනවා. දියවැඩිවා වැනි රෝගය සම්බන්ධයෙන් මේ කතාව අදාළ විය හැකි වුණත් අපට කියන්න තියෙන්නේ ‘සීනි නොකෑවොත් මොළේ නැහැ’ කියන එකයි.

    මේකට හේතුව තමයි මොළයේ ක්‍රියාකාරීත්වය සහ ස්නායු සමායෝජනය සඳහා උපකාර කරන්නේ ‘ග්ලුකෝස්’. මේ ග්ලුකෝස් නිපදවීමට නම් අප සීනි ආහාරයට ගත යුතුමයි.

    අප ආහාරට ගන්නා සීනිවලින් කොටසක් ඒ මොහොතේම රුධිර ධාරාවට එකතු වෙලා ‘ශක්තිය’ නිපදවනවා. ඉතිරිය ‘ග්ලයිකෝජන් ’ නැමැති රසායනිකය බවට පත්වෙලා අක්මාවේ සහ මාංශ කොටස් තුළ තැන්පත් වෙනවා. සිරුරට ග්ලූකෝස් අවශ්‍ය වූ විට මේ ග්ලයිකෝජන් ග්ලූකෝස් බවට පත් වෙනවා.

    සීනි – තෙල් සම්බන්ධයක් නෑ

    ‘සීනි සිරුර තුළ තෙල් පරිමාව වැඩි කරනවා’ කියන කතාව මිත්‍යාවක් බව කිව යුතුයි. ඒකට හේතුව තමයි කාබෝහයිඩ්‍රේට් ග්‍රෑමයක ඇති ශක්ති ප්‍රමාණය හා සීනි ග්‍රෑමයක ඇති ශක්ති ප්‍රමාණය සමාන වීම.

    මේ වන විට සිදු කරලා තිබෙන පරීක්ෂණ අනුව හඳුනා ගෙන ඇති ආකාරයට සීනිවල පිෂ්ඨිය ආහාරවලට වඩා වැඩි තෙල් ප්‍රමාණයක් නැහැ.

    වෙළෙඳපොළේ ඇති සීනි කැට උක් ගසෙන් හෝ වෙන යම් සීනි සාර පැළෑටියකින් උකහාගත් ‘සුක්රෝස්’වේ. සුදු සීනි කැටවල සුක්රෝස් ප්‍රතිශතය සියයට 99.5 ක් තරම් ඉහළ අගයක් ගන්නවා. මේ නිසා සීනි වර්ග බහුතරයක ඇත්තේ සුළු පෝෂ්‍ය ගුණයක්. නැතහොත් සීනිවල කිසිඳු ආකාරයක පෝෂණ ගුණයක් නැහැ.

    එහෙත් ශක්තිය සම්බන්ධයෙන් ගත්විට සීනි වල තත්ත්වය ඉතාමත් වැදගත් වෙනවා. චොක්ලට් කේක් හා බිස්කට් වැනි වැඩි ශක්ති ප්‍රමාණයක් ලබා දෙන ආහාර අධික සීනි ප්‍රතිශතයකින් යුක්ත වෙනවා. උදාහරණයක් වශයෙන් සාමාන්‍ය ප්‍රමාණයේ චොක්ලට් එකක ඇති ශක්ති ප්‍රමාණය කුකුල් මස් සහිත බර ආහාරයක ඇති ශක්තියට සමාන බවයි තහවුරු වෙලා තිබෙන්නේ.

    මේ තොරතුරුවලින් අදහස් වෙන්නේ සීනි භාවිතය සාධාරණීකරණය කිරීම හෝ සීනි හොඳ කෑමක් බව කීම නොවෙයි. ඔබේ ආහාර වේල පෝෂ්‍ය ගුණයෙන් සාරවත් කර ගැනීමට සහ ඔබේ බර ප්‍රමාණය සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වා ගැනීමට නම් ඔබ අනිවාර්යයෙන් ම පැණිරස ආහාර අනුභවය සීමා කළ යුතුමයි.

    සීනි සහ හදවත

    ‘සීනි පාරිභෝජනය අඩු කිරීම හෘද රෝගවලට අතවනයි’ කියලා අතැමුන් අතර මතයක් තිබෙනවා. ඒක සම්පූර්ණයෙන් බොරු අදහසක්.

    පර්යේෂණවලට අනුව මේදමය ආහාර අඩු කැලරි ප්‍රමාණයක් ( ශක්තියක් ) ජනිත කරනවා. සීනි සහිත ආහාර වැඩි කැලරි ප්‍රමාණයක් ජනිත කරනවා. ඒත් හෘද රෝග අවදානමෙන් මිදීමට සීනි සහ මේදමය ආහාර දෙකම අඩු කිරීම ප්‍රායෝගික වන්නේ නැහැ. සීනි පාරිභෝජනය අඩු කිරීම මේදමය ආහාර වැඩිකර ගැනීමට පොළඹවන පසුබිමක් ඇති කරනවා. එය හෘද රෝගවලට අත වැනීමක් වශයෙන් සැලකිය හැකියි.

    එහෙත් මෙහි තවත් ඍණාත්මක පැතිකඩක් තිබෙනවා. ඒ සීනි පාරිභෝජනය අඩු කිරීම නිසා මේද වලින් ලබාගත යුතු ශක්ති ප්‍රමාණය මේද ආහාර ප්‍රමාණය නියතව පවත්වා ගනිමින් සිදු කරන්න හැකියාවක් නැහැ. ඒ නිසා හෘද රෝග අවදානමෙන් මිදීමට මේදය අඩු ආහාර ගන්නා අතරම සීනි වර්ග ආහාරයට ගැනීමේදී හැකිතාක් ස්වාභාවික සීනි ( පලතුරු ) වලින් ඉටු කර ගැනීම ඉතා වැදගත්.

    ඉස්සර තරම් සීනි කන්නේ නැදද් ?

    ‘අපි ඉස්සර කාලේ තරම් දැන් සීනි කන්නේ නැහැ ’ මේ කතාව බොහෝ දෙනකු කියන කතාවක්. ඒ කියන්නේ බොහෝ දෙනෙක් දැන්  ඉස්සර තරම් සීනි ප්‍රමාණයක් නිවසට ගේන්නේ නැහැ. ඒ නිසා තමන්ට සීනි ගැන අවදානමක් නැහැ’ කියලයි ඔවුන් හිතන්නේ.

    මේ කතාව සම්පූර්ණයෙන් බොරු එකක්. ඔබ වෙළෙඳ සැලෙන් මිලදී ගන්නා සීනි ප්‍රමාණය අද අඩුවිය හැකියි. ඒත් සීනි අන්තර්ගත, ඇතැම් විට ඉතා වැඩි සීනි ප්‍රමාණයක් සහිත බොහෝ ආහාර සහ පාන වර්ග ඔබ විසින් ආහාරයට ගන්නා බව පැහැදිලියි. ඒක සිද්ධ වෙන්නේ ඔබ ආහාරයට ගන්නා අමතර ආහාර (කේක්, පලතුරු, පලතුරු යුෂ, ටින් කළ අතුරුපස) වල අන්තර්ගත සීනි නිසයි.

    මේ තත්ත්වය තුළ ඔබ සීනි කැට වශයෙන් නොව සැඟවුණු සීනි විශාල ප්‍රමාණයක් දෛනිකව ආහාරයට එක්කර ගන්නා බව පැහැදිලියි.

    වෛද්‍ය විද්‍යාත්මක මතය අනුව නම් වැඩිහිටියෙකු සාමාන්‍යයෙන් දිනක් තුළ ආහාරයට ගතයුතු සීනි ප්‍රමාණය ග්‍රෑම් 60 ක් ( තේ හැදි 12 ක් ) නොඉක්මවිය යුතු බව පෝෂණවේදීන්ගේ මතයයි.

    සීනි කෑමෙන් ශක්තිය වඩවයිද ?

    අප සාමාන්‍යයෙන් එදිනෙදා භාවිත කරන උක් සීනි ( සුක්රෝස් සීනි ) රස කැවිලි, බිස්කට් හා කේක් වැනි කැවිල් වර්ග නිෂ්පාදනයට යොදා ගන්නවා. මෙම ආහාර ගත් සැනින් ඒවායින් කොටසක් සිරුරට අවශ්‍ය ශක්තිය ලබා ගැනීම සඳහා සැනෙකින් ක්‍රියාත්මක වෙනවා. සිරුරට ග්ලූකෝස් එක් කරමින් මේ සීනි වර්ගය සැනෙකින් රුධිරයට එක් වෙනවා.

    මේ ආහාර මගින් රුධිරයට එක්වන  සීනි ප්‍රමාණය අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුනම් වෙහෙසකර බව, ක්ලාන්තය, හිසේ රුදාව ආදි ලක්ෂණ මතු වෙනවා.

    මේ අවස්ථාවේදී ඇඞ්රිනලින් ග්‍රන්ථිය මගින් ඇඞ්රිනලින් හෝමෝනය ස්‍රාවය කර රුධිරගත සීනි ප්‍රමාණය ස්ථාවර කර ගන්නවා. මේ අවස්ථාවේදී අපත් නොදැනීම අප පැණි රස කෑම වලට පොළඹවනවා.

    ධාන්‍ය වර්ග, එළවළු වැනි සංකීර්ණ පිෂ්ඨය කොටස් සහිත සීනි සාර ආහාරවල ඇතැම් විට කෙඳිති සහිත ස්වභාවයක් ද තිබිය හැකියි. කෙඳි සහිත ආහාර සිරුරට උරා ගැනීමේ වේගය අඩු කරනවා. මේ තත්ත්වය සිරුර තුළ නැවතත් රුධිරගත සීනි ප්‍රමාණය නියග අගයක පවත්වා ගැනීම දිරි ගන්වනවා.

    මේ අනුව සඳහන් කළ හැක්කේ ඔබට ඔබගේ ශක්තිය වැඩිකර ගැනීමට අවශ්‍ය වුවහොත් පැණිරස ආහාර වෙත යොමු වෙනවාට වඩා පිෂ්ඨයසාර ආහාර වෙත යොමු වීම වඩාත් යෝග්‍ය බවයි.

    දියවැඩියා රෝගීන්ගේ සීනි වැඩිද ?

    ‘දියවැඩියාව’ කියන්නේ සිරුරේ ඉන්සියුලින් කියන හෝමෝනය නිපදවීම නිසා ඇතිවන අසාමාන්‍ය තත්ත්වයක්. ඉන්සියුලින් හෝමෝනය රුධිරයේ ඇති ග්ලූකෝස් විවිධ සෛල තුළට බෙදා හැරීමට උපකාරී වන හෝමෝන අතරින් එකක්. එසේම එය ග්ලූකෝස් නැවත ‘ග්ලයිකෝජන් ’ නමැති සංචිත සීනි බවට පෙරළීමට ද උපකාරී වෙනවා. මේ අනුව අපට පැහැදිලිව වන්නේ දියවැඩියා රෝගියෙකු තුළ වැඩි සීනි ප්‍රමාණයක් පවතින බවට වන මතය සත්‍ය බවයි.

    සීනි සහ වැඩිහිටියන්ගේ දත්

    සීනි වියපත් පුද්ගලයින්ගේ දත්වලට වැඩියෙන් හානි කරන බවට පවතින මතය සත්‍ය එකක්. එයට හේතුව වන්නේ පුද්ගලයෙකු වයසට යන විට සිරුරේ ඛේට ග්‍රන්ථිවල ස්‍රාවය ( කෙළ ) නිපදවීම අඩුවීමයි. ආරක්ෂක ආවරණයක් සේ ක්‍රියා කරන කෙළ ශ්‍රාවය වීම අඩුවීම නිසා දත්වලට අම්ලවලින් වන හානිය ද වැඩිවෙනවා.

    මේ හැරුණ විට වියපත් වන විට විදුරුමස් දියවී දන්ත මූලය වාතයට නිරාවරණය වෙනවා. මෙය ද දත් දිරාපත් වීම දිරිගන්වන තත්ත්වයක් වශයෙන් සඳහන් කළ හැකියි.  මේ අනුව අපට සඳහන් කළ හැක්කේ වියපත් පුද්ගලයින් පැණි රස කෑම අඩුකර ඒ වෙනුවට පලතුරු, එළවළු හා පිෂ්ඨය සාර ආහාර ගැනීම වඩාත් යෝග්‍ය බවයි. ■

    සැකසුම – තුෂාල් විතානගේ

    ( විශේෂඥ වෛද්‍යවරයෙකු සමග කළ සාකච්ඡාවක් ඇසුරිනි)

  • බෝග වගාවේ ‘පසු අස්වනු හානි අවම කර ගන්නේ’ කෙසේද ? කියා හරියටම දැන ගන්න

    බෝග වගාවේ ‘පසු අස්වනු හානි අවම කර ගන්නේ’ කෙසේද ? කියා හරියටම දැන ගන්න

    ‘කුණු වෙන ඒවටත් අල්ලන්න එපෑ මහත්තයෝ. කිලෝ සීයක් ගෙනාවොත් හතළිහක් පනහක් අයින් කරන්න වෙනවා. ඉතිං කොහොමද අපි අඩුවෙන් දෙන්නේ ?’’

    මේ එළවළු, පලතුරු වෙළෙඳුන්ගේ සුලභ මැසිවිල්ලකි.

    ‘‘එළවළු, පලතුරු ගිනි ගණන් යැ’යි කියමින් පරිභෝගිකයින් අවලාද නගද්දී වෙළෙඳුන් කියන්නේ ගොවීන්ගෙන් ලබා ගන්නා එළවළු, පලතුරුවලින් වැඩි ප‍්‍රමාණයක් කුණු වී ඉවත දැමීමට සිදුවන බවයි.

    මේ සම්බන්ධයෙන් වගකිව යුතු ආයතන සඳහන් කරන්නේ ද ශ‍්‍රී ලංකාවේ එළවළු හා පලතුරු ගොවිපොළේ සිට පාරිභෝගිකයා දක්වා ගමන් කරන කාලය තුළ සිදුවන ‘‘පසු අස්වනු හානිය සැලකිය යුතු ප‍්‍රතිශතයක් ගන්නා බවයි.

    මෙම ගැටලූව සඳහා විවිධ විසඳුම් ද ආණ්ඩුව පැත්තෙන් පසුගිය කාලය තුළ විටින් විට ප‍්‍රකාශයට පත් වුණා. එළවළු ප‍්‍රවාහනයේදී ප්ලාස්ටික් කූඩ භාවිතය අනිවාර්ය කිරීම මේ අතර වඩාත් සක‍්‍රීය හා ඵලදායී විසඳුමක් වශයෙන් ඉදිරිපත් වුණා. ඒත් වෙළෙඳුන්ගෙන් ඒ සඳහා එල්ල වූ දැඩි විරෝධය නිසා මේ වන විටත් ප්ලාස්ටික් කූඩ භාවිතය පවතින්නේ නොසැලකිය යුතු තත්ත්වයකයි.

    පසු අස්වනු හානිය කියලා කියන්නේ කුමක්ද ?

    බෝගවල අස්වනු නෙළීමේ සිට ඒවා පාරිභෝගිකයා අතට පත්වන අවස්ථාව දක්වා සිදුවන භෞතික, රසායනික යනාදී සියලූ ආකාරයේ හානිවීම්‘‘පසු අස්වනු හානිය’’ යනුවෙන් නිර්වචනය කරනවා. මේ නිසා ශ‍්‍රී ලංකාවේ එළවළු හා පලතුරු අස්වැන්නෙන් සැලකිය යුතු ප‍්‍රමාණයක් මිනිස් පාරිභෝජනයට ගත නොහැකි තත්ත්වයට පත් වෙලා ඉවත දැමීමට සිදුවෙනවා. පසු අස්වනු හානිය හේතුවෙන් ගොවියාට, වෙළෙන්දාට සහ පාරිභෝගිකයාට යන පාර්ශ්ව තුනටම විශාල අලාභයක් සිදු වෙනවා. ගොවියාට තමන්ගේ නිෂ්පාදන සඳහා ප‍්‍රමාණවත් මිලක් ලබා ගැනීමට නොහැකි වෙනවා. වෙළෙන්දාට මිල දී ගත් නිෂ්පාදනවලින් සැලකිය යුතු කොටසක් ඉවත් කිරීමට සිදුවෙනවා. ප‍්‍රවාහන, සේවක ආදි වියදම් එක්ක මේ තත්ත්වය අලෙවි මිල ඉහළ දැමීමට හේතු වෙනවා. පාරිභෝගිකයාට සිදුවන්නේ තමන්ගේ කිසිම සම්බන්ධයක් නැති, මිල දී නොගත් ඒවටත් එක්ක අවසානයේ මුදල් ගෙවන්න. මේ සියලූ සිදුවීම් එක්ක අවසානයේ රටේ භූමිය, ශ‍්‍රමය ඇතුළු සමස්ත වටිනාකම් නිකරුණේ අපතේ යාමක් සිදු වෙනවා.

    පසු අස්වනු හානිය සිදුවන ක‍්‍රම

    ගොවීන් විසින් නෙළන ලද අස්වැන්න පාරිභෝගිකයා අතට පත්වීම දක්වා සිදුවන ක‍්‍රියාවලිය බැලූ බැල්මට සරල එකක් වගේ පෙණුනට එය සංකීර්ණ ක‍්‍රියාවලියක්. මේ ක‍්‍රියාවලිය තුළ නෙළන ලද අස්වැන්න විනාශ වීමට ඇති අවස්ථා රැුසක් තිබෙනවා.

    • සීරීම
    • තැලීම
    • ක්ෂුද්‍ර ජීවී ආසාදනවලට ලක්වීම නිසා කුණු වී යාම
    • වියළි යාම
    • කෘමි හානිවලට ලක් වීම, ආදිය පසු අස්වනු හානිය සිදුවන ක‍්‍රම වශයෙන් දැක්විය හැකියි.

    පසු අස්වනු හානිය දෙයාකාරයකට සිදු වෙනවා.

    1. ගුණාත්මක හානිය
    2. ප‍්‍රමාණාත්මක හානිය

    ‘‘ගුණාත්මක හානිය’’ යනුවෙන් සැලකෙන්නේ අස්වනුවල පෝෂණීය අගය, වර්ණය, රසය, සුවඳ, වයනය, බාහිර පෙනුම සහ සෞඛ්‍යාරක්ෂිත බව වෙනස් වීමයි. මෙම හානිය මැනීමට අපහසු වීම බරපතළ තත්ත්වයක් වශයෙන් සැලකිය හැකියි. ගුණාත්මක හානියට ලක් වූ එළවළු, පලතුරු මිල දී ගැනීමට පාරිභෝගිකයින් කැමැති නැහැ. මේ නිසා මෙම නිෂ්පාදන සඳහා තිබෙන පාරිභෝගික රුචිය මෙන්ම වෙළෙඳපොළ අගය ද අඩු වෙනවා.

    ‘‘ප‍්‍රමාණාත්මක හානිය’’ යනුවෙන් අදහස් වන්නේ කුණු වීම්, තැලීම්, වියැළීම් යනාදිය නිසා අස්වනු තොගයේ බර හෝ පරිමාව අඩු වීමයි.

    පසු අස්වනු හානියට බලපාන හේතු

    ‘ගින්නක් නැතිව දුමක් නඟින්නේ නැහැ’ වාගේ යම් යම් හේතු නොමැතිව පසු අස්වනු හානි සිදුවන්නෙත් නැහැ. ඒත් ගොවීන්, ප‍්‍රවාහනය කරන්නන්, අලෙවිකරන්නන් සහ පාරිභෝගිකයින් මේ ගැන වැඩි දැනුවත්කමකුත් නැහැ. දැනුවත් වුණත් වැඩි සැලකිල්ලකුත් නැහැ. ඒ නිසා දීර්ඝ කාලයක් පුරා පසු අස්වනු හානිය කෘෂිකර්මාන්තය හා සම්බන්ධ ප‍්‍රධාන ගැටලූවක් බවට පත්වෙලා තිබෙනවා. මෙය ව්‍යාපාරිකයින්ට හා පාරිභෝගිකයින්ටත් ඍජුව බලපාන නිසා ජාතික ගැටලූවක් වශයෙන් ද සැලකිය හැකියි.

    මේ තත්ත්වය තුළ පසු අස්වනු හානිය සිදුවන්නේ කොහොමද ? කියලා දැනුවත් වීම වැදගත්.

    1. බෝගය වගා කරන කාලයේ නිසි පරිදි නඩත්තු නොකිරීම

    පසු අස්වනු හානියේ සමාරම්භක අවස්ථාව වශයෙන් මෙය සැලකිය හැකියි. බෝගයට අවශ්‍ය අවස්ථාවලදී අවශ්‍ය ප‍්‍රමාණයට ජලය සහ පොහොර නොයෙදීම, නිසි පරිදි පළිබෝධ පාලනය නොකිරීම, වැඩිපුර ඇති පැළ තුනී නොකිරීම ආදි කරුණු හේතුවෙන් එළවළුවල ගුණාත්මකභාවය අඩු වෙනවා. එබැවින් නියමිත පරිදි පශ්චාත් බෝග ප‍්‍රතිස්ථාපන කටයුතු සිදු කළ යුතුයි.

    2. නියමිත මේරීමේ අවස්ථාවෙන් බැහැරව ඵල නෙළීම

    අස්වනු නෙළීමේ අවස්ථාව බෝගයෙන් බෝගයට වෙනස් වෙනවා. මේ තත්ත්වය මනාව හඳුනා ගෙන ප‍්‍රමාණවත් තරම් මේරූ අවස්ථාවේදී අස්වනු නෙළීම කළහොත් පසු අස්වනු හානිය අවම කරගත හැකියි.

    මේ තත්ත්වය බෝග කිහිපයක් ඇසුරින් පැහැදිලි කරගත හැකියි

    තක්කාලි – තක්කාලි කියන්නේ සියුම් සිවියක් සහිත ජලය බහුල ජෙලිමය ස්වභාවයක් ගන්නා බෝගයක්. ඒ නිසා තක්කාලි අස්වැන්න නියමිත කාලයේදී නෙළාගත යුතුයි.

    • තක්කාලි නෙලාගත යුත්තේ ගෙඩියේ පැහැය කොළ පැහැයේ සිට ලා රතු පැහැයට හැරීම සිදුවන අවස්ථාවේදීයි.
    • බණ්ඩක්කා – කරල මෘදු අවස්ථාවේදී, රළු වීමට පෙර.
    • කෙසෙල් – ගෙඩිවල දාර සහිත ස්වභාවය නැතිවන විට / තද කොළ පැහැයේ සිට ලා කොළ පැහැයට හැරෙන අවස්ථාවේදීයි.
    • පැපොල් – ගෙඩියේ පැහැය කොළ පැහැයේ සිට කහ පැහැයට හැරෙන විට.
    • අඩුවෙන් මෝරා ඇති / කොළපාට බොහොමයක් එළවළු සහ පලතුරු වර්ග අස්වනු නෙලීමෙන් පසු ඉදීමට ලක් වන්නේ නැහැ. ඒ වගේම වැඩියෙන් ඉදිණු බෝග පහසුවෙන් තැලීමට ලක් වෙනවා. මෙය පසු අස්වනු හානිය බහුල වීමට හේතුවක්.

    3. දවසේ නුසුදුසු අවස්ථාවේදී අස්වනු නෙළීම

    මේ තත්ත්වයත් පසු අස්වනු හානි වැඩිවීමට ප‍්‍රධාන හේතුවක්. ඒ ඒ එළවළු හා පලතුරු වර්ග නෙළීම සඳහා සුසුදු ස්වභාවික කාලයක් තිබෙනවා. උදාහරණ වශයෙන්,

    • එළවළු නෙළගත යුත්තේ උදය වරුවේ පිණි වියළී ගිය පසුවයි.
    • කොළ එළවළු නෙළිය යුත්තේ උදය වරුවේදීයි.
    • කෙසෙල් නෙළාගත යුත්තේ පෙරවරු 10ට හෝ පස්වරු තුනට පසුවයි.
    • අඹ සහ පැඟිරි සහිත පලතුරු වර්ග නෙළාගත යුත්තේ පෙරවරු 10.00ත් පස්වරු 03.00ත් අතර කාලයේදීයි.

    මේ ආකාරයෙන් අනෙක් එළවළු හා පලතුරු වර්ග නෙළාගත යුතු කාලය ගැන ඔබ දැනුවත් විය යුතුයි.

    • උදෑසන පිණි වියළී යාමට පෙර අස්වනු නෙළීමෙන් රෝගවලට පාත‍්‍රවීම වැඩි වෙනවා. ඒ වගේම තද හිරු එළිය ඇති දහවල් කාලයේ අස්වනු නෙළීමෙන් වගාවට මෙන්ම ඵලදාවට ද හානි සිදුවෙනවා. ඒ නිසා එළවළු අස්වනු නෙළිය යුත්තේ පිනි සිඳුණු පසු, මධ්‍යාහනයට පෙරයි.

    4. අස්වනු නෙළීම සඳහා නුසුදුසු ක‍්‍රමවේද භාවිත කිරීම

    මෙයත් පසු අස්වනු හානිය සඳහා බහුල වශයෙන් හේතු වන තත්ත්වයක්. ඵලදාව නෙළා ගැනීමේදී තැලීම්, සීරීම්, නටුව අසල තුවාල වීම් ආදිය සිදු වෙනවා. ඒ නිසා සිදුවන හානිය වන්නේ අදාළ බෝගවල ගුණාත්මකභාවය අඩුවීමයි.

    අතින් අස්වනු නෙළීම මඟින් ඒවාට සිදුවන තැලීම්, සීරීම් වැනි හානි අවම වෙනවා. ඒ වගේම ඵලය නටුවෙන් වෙන් කිරීම සඳහා පිහියක් භාවිත කිරීම වඩාත් සුදුසුයි. උදාහරණයක් ලෙස බණ්ඩක්කා වැනි එළවළු නටුව කරකවා නෙළීමෙන් ඒවාට සිදුවන හානිය වැඩි වෙනවා. මේ තත්ත්වය මිදි වගාවේදීත් සිදුවිය හැකියි. ඒ නිසා මිදි අස්වැන්න නෙළා ගැනීමේදී නටුව කැපීම සඳහා ‘සෙකටියරයක්’ භාවිත කළ හැකියි.

    අඹ, දිවුල්, දොඩම්, වැනි උස ගස්වල හට ගන්නා ඵල නෙළා ගැනීමේදී ඒවා බිමට පතිත වීමෙන් පසු අස්වනු හානි විශාල වශයෙන් සිදුවෙනවා. එම නිසා මෙවැනි උස් ස්ථානවල හට ගන්නා ඵල නෙළීම සඳහා විශේෂිත නෙලීමේ උපකරණ භාවිත කළ හැකියි. උදාහරණ වශයෙන් අඹ නෙළා ගැනීම සඳහා භාවිත කරන කෙක්කට කුඩා දැල් කූඩයක් සවි කිරීම මඟිින් අඹ බිමට නොදමා කෙක්කට සවිකර ඇති දැල් කූඩයට කඩාගත හැකියි.

    5. අස්වනු නිසි පරිදි පිරිසිදු නොකිරීම සහ තදින් අතුල්ලා පිරිසිදු කිරීම

    මේ තත්ත්වය අඹ, පැපොල් වැනි කිරි සහිත පලතුරුවලට තදින් බලපානවා. අඹ, පැපොල් වැනි පලතුරු නෙළීමේදී එම කිරි පොත්තේ තැවරීම නිසා ඒවා පහසුවෙන් ආසාදනය වෙනවා. ඒ නිසා අඹ, පැපොල් වැනි පලතුරු වහාම සෝදා ගබඩා කළ යුතුයි.  මෙහිදීත් සාමාන්‍ය ජලය භාවිත කිරීම සුදුසු නැහැ. ඒ වෙනුවට මදක් උණුසුම් ජලයෙන් අඹ, පැපොල් ආදියෙහි පොත්තේ තැවරී තිබෙන කිරි සෝදා හැරිය යුතුයි. ඒ වගේම තමයි අස්වනු සමග තිබෙන මැරුණු පත‍්‍ර කොටස්, මුල් කැබලි ආදිය ද ඉවත් කළ යුතුයි.

    කැරට්, බීට් ආදි එළවළු පිරිසිදු කිරීමේදී ජලය භාවිතයෙන් සෝදා දැමීම තමයි ගොවීන් අතින් නිතර සිදුවන්නේ. මෙය ඉතා පැහැදිලිව ම පසු අස්වනු හානිය වැඩි කිරීමට හේතුවක්. කැරට්, බීට් වැනි එළවළු පිරිසිදු කිරීමේදී ජලය භාවිත නොකර බුරුසුවක් ආධාරයෙන් ඒවා පිරිසිදු කළ යුතුයි. කැරට්, බීට් පිරිසිදු කිරීම සඳහා ජලය යොදා නොගැනීමට හේතුව වන්නේ එළවළු සේදීමේදී තදින් ඇතිල්ලීමෙන් පළුදු වීම් සිදුවීමයි. එවිට එම එළවළු ක්ෂුද්‍ර ජීවී ආසාදනවලට පහසුවෙන් ලක් වෙනවා.

    6. නෙළාගත් අස්වැන්න ශ්‍රේණිගත නොකිරීම

    අස්වනු නෙලාගත් පසු ඒකාකාරයේ අස්වැන්නක් අපට ලබාගැනීම අපහසුයි. මේ නිසා අස්වැන්න නිසි පරිදි ශ්‍රේණිගත කිරීම ඉතා වැදගත්. එහිදී පළුදු වූ, පළිබෝධ හානිවලට ලක් වූ, නියමිත ප්‍රමාණයට වර්ධනය වී නොමැති කුඩා ඵල ආදිය තෝරා ඉවත් කළ යුතුයි. එසේ නොකළහොත් පළුදු වූ ඵලදාව ආසාදනයට ලක් වී කුණු වූ විට ඉතිරි අස්වැන්නට ද පහසුවෙන් පැතිර යා හැකියි.

    7. නිසි පරිදි ඇසුරුම් ක‍්‍රම යොදා නොගැනීම

    මේ තත්ත්වයත් අපේ ගොවීන් අතර බහුලව දැකිය හැකි පසු අස්වනු හානි සිදුවන ප්‍රබල අවස්ථාවක්. එළවළු, පලතුරු පහසුවෙන් සීරීම්, තැලීම්වලට ලක් වෙනවා. ඒ නිසා ඒවා නිසි පරිදි අසුරා තැබිය යුතුමයි. එළවළු, පලතුරු වැනි දේවල් ගෝනි තුළ ඇසිරීමෙන් ඒවා තැලීමට ලක්වීමට ඇති ඉඩ ඉතා ඉහළයි. එනිසා මේවා ඇසිරීම සඳහා සුදුසු ප්ලාස්ටික් හෝ කුඩා ලී පෙට්ටි ආදිය භාවිත කළ යුතුයි. තක්කාලි සහ පලතුරු වර්ග ඇසිරීමේදී ඒවා නොතැලෙන පරිදි වෙන් වෙන්ව අසුරන්නේ නම් සිදුවන හානිය අවම කරගත හැකියි.

    8. නිසි පරිදි ගබඩා නොකිරීම

    අපේ ගොවීන්ට මෙන්ම අලෙවිකරුවන්ටත් නිසි ගබඩා පහසුකම් නොමැති වීම බරපතළ ප‍්‍රශ්නයක්. එහෙත් කල්පනාකාරී වුවහොත් මේ ගැටලූව විසඳාගත හැකි ක‍්‍රම තිබෙනවා.

    ඔබ විසින් නෙලා ගෙන ගබඩා කර තබන ජීව අස්වනු ශ්වසනය කරන බව ඔබ දන්නවාද ? ජීව අස්වනු ශ්වසනය කරනවා. ඒ නිසා ඒවාට වාතය අත්‍යවශ්‍යයි. එය ලබාදිය හැක්කේ ජීව අස්වනු මනාසේ

    වාතාශ්‍රය ලැබෙන පරිදි ගබඩා කිරීම මඟින් පමණයි. ගබඩාවේ උෂ්ණත්වය, ආර්ද්‍රතාව, කෘමි උවදුරු තත්ත්ව පාලනයකින් යුතුව පවත්වා ගැනීමට ඔබ සමත් වන්නේ නම් ඔබගේ අස්වැන්න කාලයක් සුරක්ෂිත කරගත හැකියි. පසු අස්වනු හානිය අවම කරගත හැකියි.

    9. නිසි පරිදි ප්‍රවාහනය නොකිරීම

    ගෝනි සිය ගණනක් එකමත එක පැටවූ එළවළු ප්‍රවාහනය කරන ලොරිවල ඒවායේ ගමන් කරන සේවකයින් නිදාගෙන යාම අපි දකින සුලභ තත්ත්වයක්. ප්‍රවාහනයේදී මෙවැනි තවත් හානිකර අවස්ථා රැසක් තිබෙනවා. ඒ නිසා සිදුවන්නේ ඔබ විසින් නෙලාගත් හෝ මිල දී ගත් ඵලදාව විනාශයට පත්වීම පමණයි.

    ප‍්‍රවාහනයේදී අස්වනු එක මත එක පටවා තැබීමේදී පහළින් ඇති අස්වනු පහසුවෙන් ම තැලීමට ලක් වෙනවා. ඒ වගේම ඒවාට නිසි පරිදි වාතාශ්‍රය නොලැබීම නිසා පටක මිය ගොස් කුණු වීමට පටන් ගන්නවා.  ඒ වගේම තමයි තද හිරු එළියට නිරාවරණය වීම, වර්ෂාවට ලක්වීම ද, අබලන් වූ වාහනවල අබලන් මාර්ග ඔස්සේ ප‍්‍රවාහනය කිරීම නිසා එළවළු, පලතුරු ආදිය අධික ලෙස තැලෙනවා. පසු අස්වනු හානියකට ලක් වෙනවා.

    ඉහත සඳහන් කළේ පසු අස්වනු හානිය සිදුවන ආකාරය සහ ඒවාට ලබාගත හැකි විසඳුම් යනාදියයි.  ඔබට පසු අස්වනු හානිය අවම කරගත හැකි නම් ඉහළ ලාභයක් ලබාගත හැකියි. ඒ සඳහා අවශ්‍ය වෙන්නේ නිසි පරිදි දැනුවත් වීම සහ උනන්දුව පමණයි. ඒ වගේම මේ වෙනස කළ හැක්කේ ද ඔබට ම පමණයි.

    සැකසුම – තුෂාල් විතානගේ

  • පැරදුණු මන්ත්‍රීවරුවන්ට අංග ආරක්ෂාවත් අහිමි වෙයි

    පැරදුණු මන්ත්‍රීවරුවන්ට අංග ආරක්ෂාවත් අහිමි වෙයි

    මෙවර මැතිවරණයෙන් පරාජය වූ මන්ත්‍රීවරුන් 81 දෙනෙකුගේ ආරක්ෂාවට ලබාදී තිබු ඇමති ආරක්ෂක නිලධාරීන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

    ඒ අනුව එළඹෙන සතියේ සිට ඔවුන් ඉවත් කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

    කෙසේ වෙතත් හිටපු අගමැතිවරයෙකු වන එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව ඉවත් කිරීම පිළිබඳව මෙතෙක් උපදෙස් ලැබී නැති බවද පොලිස් මූලස්ථානය පැවසීය.

    පරාජිත මන්ත්‍රීවරුන් ගේ ආරක්ෂාවට යොදා සිටි ඇතැම් නිලධාරීන් දැනටමත් ඇමති ආරක්ෂක කොට්ඨාශය වෙත ආපසු වාර්තා කර තිබේ.

  • අභිරහසක් මෙන්ම හිතවතුන්ගේ වේදනාව උළුප්පා දැක්වීමක්’ වූ සුෂාන්ත් සිං රාජ්පුත් ගේ මරණය

    අභිරහසක් මෙන්ම හිතවතුන්ගේ වේදනාව උළුප්පා දැක්වීමක්’ වූ සුෂාන්ත් සිං රාජ්පුත් ගේ මරණය

    සුෂාන්ත් සිං රාජ්පුත් ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපටවල ඔහු රඟපෑ සමහර චරිත මෙන්ම අසාමාන්‍ය ජීවිතයක් ගත කළ පුද්ගලයෙකි. නිහතමානී ආරම්භයක සිට සිනමා තරුවක් දක්වා වූ ඔහුගේ සුරංගනා කතා ගමන ජුනි 14 වන දින අවසන් වූයේ වයස අවුරුදු 34 දී ඔහුට අයත් මහල් නිවාසය තුළ දී මිය යාමත් සමගය. ඔහු ජීවත් වූ මුම්බායි නගරයේ පොලිසිය පැවසුවේ සුෂාන්ත් සිය දිවි නසා ගෙන ඇති බවය.

    ඔහුගේ සාර්ථකත්වය ඔවුන්ගේම ලෙස දුටු මිලියන සංඛ්‍යාත රසිකයන් මෙම පුවත අසා මහත් සේ කම්පා විය.

    සුෂාන්ත් හැදී වැඩුණේ ඉන්දියාවේ දුප්පත්ම ප්‍රාන්තවලින් එකක් වන බිහාර්හිය. ඔහු ඉතා වෙහෙසී සිය දිවිය ගොඩනගා ගත් අතර, ඉන්දියාවේ ඉහළම ඉංජිනේරු විද්‍යාලයකට ඇතුළත් වීමට ද සමත් විය. එය ඉන්දියාවේ මධ්‍යම පාන්තික පවුලකට දීප්තිමත් අනාගතයක් සුරක්ෂිත කිරීමේ ස්ථිර මාර්ගයක් ලෙස හැඳින්විය හැකිය.

    නමුත් ඔහුගේ හදවත රංගනය කෙරෙහි යොමු විය. ඒ නිසා ඔහු විශ්ව විද්‍යාලයෙන් සමුගෙන, දිනපතා බොහෝ දෙනෙකුගේ සිහින දහස් ගණනක් මුදුන්පත් වන සහ බිඳ දමන මුම්බායි නගරය වෙත පැමිණියේය.

    ඔහු කුඩා චරිත නිරූපණය කිරීම ආරම්භ කළේය. විවිධ රැකියාවල නිරත විය. වසර ගණනාවක් නාට්‍ය කලාවට සම්බන්ධ රැකියාවල නිරත වන අතර තුර, ඔහුගේ එක් රූපවාහිනී වැඩසටහනක් අතිශය ජනප්‍රිය විය. කෙටි කලක් ඇතුළත රිදී තිරයේ ද ඔහු සාර්ථක රංගන ශිල්පියෙකු ලෙස ඉදිරියට පැමිණියේය.

    Sushant Singh Rajput
    ඔහු අතිදක්ෂ නර්තන ශිල්පියෙකු ලෙස ද ප්‍රසිද්ධියට පත්ව සිටියේය

    කුඩා නගරවල දිවිගෙවන තරුණ තරුණියන්ට සිය අභිලාෂයන් මුදුන්පත් කර ගැනීමේ ගමනේ දී ඔහුගේ ජීවිත කතාව සවියක් විය. සුෂාන්ත්ගේ රසිකයන් බොහෝ දෙනෙක් ඔහුගේ මරණය පෞද්ගලික සිදුවීමක් ලෙස සලකා ක්‍රියා කළේ එබැවිනි.

    සුෂාන්ත් පිළිබඳ පුවත් සමග ඔවුහු දිගින් දිගටම සම්බන්ධ වෙමින් සිටියහ. මේ අතර, සුෂාන්ත්ගේ වෘත්තිය දිවිය, මූල්‍ය තත්වය, ආදර සබඳතා සහ මානසික සෞඛ්‍යය පිළිබඳ තහවුරු නොකළ තොරතුරු සමාජ මාධ්‍යවල සහ ප්‍රවෘත්ති නාලිකාවල විවාද ලෙස ද සංසරණය වීමට පටන් ගත්තේය.

    ඔහුගේ චිකිත්සකවරයා, හිටපු අරක්කැමියා, මිතුරන්, කළමනාකරු, පවුලේ අය සහ ඔහුගේ සගයන් සියල්ලන්ම පාහේ විශේෂ සම්මුඛ සාකච්ඡාවලට කැඳවා තිබිණි.

    පොලිසිය මාධ්‍යයට තොරතුරු ලබා දීම අවම මට්ටමක තිබීම හේතුවෙන් ඔහුගේ මරණය පිළිබඳ අභිරහස වඩාත් ගැඹුරු ස්වරූපයක් ගෙන තිබේ.

    පිටස්තරයන් සහ අභ්‍යන්තරිකයන්

    ඔහු මියගොස් දින කිහිපයකට පසු සමහරන් සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් කර තිබුණේ, බොලිවුඩයේ බලවත් පවුල් සහ අධ්‍යක්ෂවරුන් කිහිප දෙනෙකු ඔහුට අසාධාරණ ලෙස සැලකූ නිසා ඔහු සියදිවි නසා ගත් බවය.

    Sushant Singh Rajput
    මහේන්ද්‍ර සිං දෝනිගේ චරිතය නිරූපණය කිරීමෙන් ඔහු සිනමාව තුළ වඩාත් ප්‍රසිද්ධියට පත් විය

    සිනමා කර්මාන්තය තුළ “ගෝඩ් ෆාදර්” කෙනෙකු නොමැති බාහිර පුද්ගලයකු වූ නිසා සුෂාන්ත්ගේ නැගී සිටීම බොලිවුඩ්හි කිරුළුපලන් සිටින සමහර පුද්ගලයන්ට දරාගත නොහැකි වූ බව සමාජ මාධ්‍ය ජාල භාවිත කරන්නන් පවසති. විශාල පිරිවැයක් දරමින් නිර්මාණය වන චිත්‍රපටවල චරිත නිරූපණය කිරීමට ලබා දෙන බවට පොරොන්දු වීමෙන් පසුවත් ඔහු ඒවායින් ඉවත් කර ඇති බවට නිකුත් වූ වාර්තා පෙන්වා දීමට ද ඔවුහු ක්‍රියා කළහ.

    රංගන ශිල්පියාගේ මරණයට හේතුව කුමක්දැයි මුම්බායි පොලිසිය තවමත් විමර්ශනය කරමින් සිටියි. සියදිවි නසාගැනීමට පෙළඹවීම හෝ අනුබල දීම යන චෝදනා ගොනු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි තිබේදැයි සොයා බැලීමට ඔවුන් චිත්‍රපට ක්ෂේත්‍රයේ පුද්ගලයින් පනහකට වැඩි පිරිසක් ප්‍රශ්න කර ඇත. පොලිසිය තවමත් සිය අවසන් වාර්තාව ඉදිරිපත් කර නොමැත.

    මෙම චෝදනා මත සමහර චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ට සහ නිෂ්පාදකයින්ට සමාජ මාධ්‍යවල දැඩි ප්‍රහාර එල්ල වෙමින් පවතියි. හිටපු සිනමා තාරකාවන්ගේ දරුවන් මෙම වෘත්තියට හඳුන්වා දුන් කරන් ජොහාර් විශේෂයෙන් මෙම ප්‍රහාරවල ඉලක්කය වී තිබිණි.

    අන්තර්ජාලය හරහා අපයෝජන හා තර්ජනවලට ඔහු මුහුණ දුන් නමුත් ඒ කිසිවකට ප්‍රතිචාර නොදැක්වීය. ඒ තර්ජන සම්බන්ධයෙන් සම්බන්ධයෙන් පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කර නැත.

    නම හෙළි කිරීමට අකමැති චිත්‍රපට විචාරකයෙකු පැවසුවේ සුෂාන්ත්ගේ මරණය නිසැකවම දැඩි සත්‍යයක් පෙරට ගෙන ඇති බවය. “නිවැරදි සම්බන්ධතා නොමැති පුද්ගලයින් බොලිවුඩය පිළිගන්නේ නැත.”

    “කොහොම නමුත්, වෘත්තීය එදිරිවාදිකම් සුෂාන්ත්ව මේ තැනට තල්ලු කළාදැයි කියලා අපි දන්නේ නැහැ. විමර්ශනය අවසන් වන තෙක් අප බලා සිටිය යුතුයි,” ඔහු පැවසීය.

    Sushant Singh Rajput
    සිනමා අධ්‍යක්ෂ සංජය ලීලා බන්සාලිගෙන් ද පොලිසිය ප්‍රශ්න කර ඇත

    මෙම විවාදය තවදුරටත් පැතිර යමින් තිබියදී, සමහර නාලිකා රංගන ශිල්පිණියක වන සුෂාන්ත්ගේ පෙම්වතිය රියා චක්‍රබෝති වෙත අවධානය යොමු කළහ.

    සුෂාන්ත්ගේ පියා රියාට එරෙහිව ඔහු වාසය කරන බිහාර් ප්‍රාන්තයේ පොලිස් පැමිණිල්ලක් ගොනු කර ඇත. සියදිවි නසා ගැනීමට අනුබල දීම සහ සුෂාන්ත්ගේ මුදල් අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් ඔහු ඇයට චෝදනා කරන්නේය.

    මෙම නව පෙරළිය දෙසට මාධ්‍යයේ ඉක්මන් අවධානය යොමු විය.

    “සුෂාන්ත්ගේ මුදල් පැහැර ගත් රන් කැණීම් කරුවා”ලෙස සමාජ මාධ්‍යවල ඇය හඳුන්වා තිබිණි.

    තමන් වරදක් කර ඇති බව ප්‍රතික්ෂේප කර සිටින රියා සුෂාන්ත්ගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා වෙත ආයාචනයක් කළාය.

    එවක් පටන් විවිධ විමර්ශන ආයතන විසින් ඇයව ප්‍රශ්න කරනු ලැබ ඇත.

    අන් අයගේ වේදනාව උළුප්පා දක්වන මාධ්‍ය ආවරණ

    රූපවාහිනී නාලිකා සහ වෙබ් අඩවි සුෂාන්ත්ගේ මරණයට හේතු වූ කරුණු සම්බන්ධ න්‍යායයන් දෙකකට වැඩි අවධානය යොමු කරන බව පෙනේ.

    ඔවුන්ගෙන් සමහරුන් විශ්වාස කරන්නේ රියා සහ චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ උදාසීනත්වය නිසා ඔහු මේ තත්වයට තල්ලු වූ බවය. තවත් සමහරු තරයේ කියා සිටින්නේ ඔහුගේ මරණය සැක සහිත බවය.

    ඔවුන්ගේ න්‍යායයන් සනාථ කිරීම සඳහා ඔවුන් රතු රේඛා කිහිපයක් පසු කර ඇති බව මානසික සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය සෞමිත්‍රා පතාරේ පවසයි.

    රංගන ශිල්පියාගේ බැංකු ගිණුම් තොරතුරු පිටතට දැනගැනීමට ලැබී ඇති අතර ඔහුගේ මානසික සෞඛ්‍යය හා ඖෂධ පිළිබඳ තොරතුරු ද වාර්තා වී තිබේ.

    Sushant Singh Rajput
    මියයන විට ඔහු 34 වෙනි වියේ පසුවිය

    සියදිවි නසා ගැනීම වැනි සංවේදී මාතෘකාවක් වාර්තා කිරීමේදී සෑම මාධ්‍ය ආයතනයකටම ආචාර ධර්ම පද්ධතියක් තිබිය යුතු බව වෛද්‍ය සෞමිත්‍රා පතාරේ පවසයි.

    “නමුත් කණගාටුවට කරුණක් නම්, ශ්‍රේණිගත කිරීම් මත පදනම් වූ වෙළෙඳපොලේ බොහෝ නාලිකා ආචාර ධර්ම අනුගමනය නොකිරීමයි. සෑම කෙනෙකුම එකිනෙකා අභිබවා යාමට කැමති වන අතර ඔවුන්ගේ වගකීම අමතක කරනවා,” ඔහු තවදුරටත් පැවසීය.

    සුෂාන්ත්ගේ සමාජ මාධ්‍ය ජාල පිටුවල සිටි මිලියන සංඛ්‍යාත තරුණ තරුණියන් ඔහුගේ මරණයට අදාළ සෑම නව කටකතාවක් හා වර්ධනයක් ගැනම තවමත් දැඩි උනන්දුවක් දක්වති.

    එම තරුණයින්ගෙන් සමහරෙකු මානසික ව්‍යාකූලතාවල සිටිය හැකි බැවින් මාධ්‍ය ආයතන වඩාත් වගකීමෙන් ක්‍රියා කළ යුතු බව වෛද්‍ය සෞමිත්‍රා පතාරේ පවසයි.

    මානසික සෞඛ්‍ය ගැටළු පිළිබඳ සමහර මාධ්‍ය ආයතනවල පවතින සීමිත අවබෝධය ගැන ඔහු දොස් නැගීය.

    Sushant Singh Rajput
    බිහාර්හි කොන්ග්‍රස් පක්ෂ නායකයින් මධ්‍යම රජයේ කාර්යාංශවලින් විමර්ෂනයක් ඉල්ලමින්…

    මානසික සෞඛ්‍යය යනු ඉන්දියාවේ බොහෝ දුරට අවධානයට ලක් නොවූ කාරණයක් වන අතර, එය බොලිවුඩය විසින් ද වසර ගණනාවක් තිස්සේ වැරදි ලෙස නිරූපණය කරන ලද්දකි.

    “අපේ චිත්‍රපටවල වැඩිපුරම නිරූපණය කරන්නේ මානසික අවපීඩනයෙන් පෙළෙන පුද්ගලයෙකු උම්මත්තකයෙකු හෝ සැමවිටම දුක්බර කෙනෙකු ලෙසයි” වෛද්‍ය සෞමිත්‍රා පතාරේ පැවසුවේය.

    සුෂාන්ත් මරණයට පත් වීමට මාස කීපයකට පෙර තම නිවසේ විවේකීව සිටින බව පෙන්නුම් කරන “සුවිශේෂී වීඩියෝවක්” එක්තරා රූපවාහිනී නාලිකාවක් මෑතකදී විකාශය කළේය.

    වීඩියෝව තුළ රංගන ශිල්පියා සතුටින් සිටින අතර ඔහු මානසික අවපීඩනයට එරෙහිව සටන් නොකරන බවට එය සාක්ෂි සපයන බව ද අදාළ නාලිකාව ප්‍රකාශ කළේය.

    වෛද්‍ය සෞමිත්‍රා පතාරේ පවසන්නේ මෙයින් විෂය පිළිබඳ නාලිකාවේ පටු අවබෝධය පෙන්නුම් කරන බවය.

    “මානසික අවපීඩනයෙන් පෙළෙන පුද්ගලයෙකු නිතරම දුක් විඳින බව මිථ්‍යාවක්” ඔහු තවදුරටත් පැවසීය.

    රංගන ශිල්පියා මිය යාමට පැය කීපයකට පෙර අන්තර්ජාලය හරහා සොයමින් සිටි දේ වැනි තොරතුරු පිටතට ලබා දීම සම්බන්ධයෙන් මුම්බායි පොලිසිය වෙත විවේචන එල්ල වෙමින් පවතී.

    Sushant Singh Rajput
    විශේෂ සබදතා නොමැතිව බොලිවුඩයේ රැදී සිටීම අපහසු බවට සුෂාන්ත් නිතර සිය අදහස් දැක්වීය

    උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ හිටපු ඉහළ පොලිස් නිලධාරියෙකු වන වික්‍රම් සිං පවසන්නේ පොලීසිය එවැනි සංවේදී තොරතුරු නිකුත් නොකළ යුතු බවය.

    “එය විමර්ශනයට උපකාරී වන්නේ කෙසේද යන්න ගැන මට තේරුම් ගන්න බෑ. මෙහි තිබෙන අවදානම නම් බොහෝ යෞවනයන් මේ සමාන දේ සෙවීමට උත්සාහ කරන්න පුළුවන්. එය ඔවුන්ව අඳුරු තැනකට ගෙන යා හැකියි,” ඔහු තවදුරටත් පැවසීය.

    දේශපාලනය සහ තණබිමේ යුද්ධය

    වසර අවසානයේදී සුෂාන්ත්ගේ ගම වන බිහාර් හි මැතිවරණය පැවැත්වීමට නියමිතය. එබැවින් සුෂාන්ත්ගේ පවුලට සාධාරණය ඉටු කිරීම සඳහා දේශපාලනඥයන් සටන් වදිනු දැකීම පුදුමයක් නොවේ.

    මෙම නඩුව ෆෙඩරල් විමර්ශන කාර්යාංශය හෝ මධ්‍යම විමර්ශන කාර්යාංශය (CBI) විසින් විමර්ශනය කරන ලෙස බිහාර් මහ ඇමති නිතිෂ් කුමාර් නිර්දේශ කර ඇත.

    නිතිෂ් කුමාර් සම්බන්ධ භාරතීය ජනතා පක්ෂය මෙහෙයවනු ලබන ෆෙඩරල් රජය මෙම නිර්දේශය පිළිගෙන ඇති අතර CBI එහි විමර්ශනය ආරම්භ කර තිබේ.

    භාරතීය ජනතා පක්ෂයේ හිටපු සාමාජිකයෙකු වන ශිව් සේනා නායකත්වයෙන් යුත් මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත රජය යටතේ පවතින මුම්බායි පොලීසිය සිදු කරනු ලබන විමර්ශනයට මෙය කෙසේ බලපානු ඇත්ද යන්න පැහැදිලි නැත.

    Sushant Singh Rajput
    බිහාර්හි පොලිස් නිලධාරියෙකු මුම්බායිහි පරීක්ෂණවලට සහභාගී වෙමින්

    නමුත් පසුගිය සති කිහිපය තුළ බිහාර් සහ මුම්බායි පොලිසිය අතර “තණබිමේ යුද්ධයක්” පවතින බව වික්‍රම් සිං විස්තර කළේය.

    මෙම නඩුව විභාග කිරීම සඳහා මුම්බායි වෙත ගිය බිහාර් පොලිස් නිලධාරියෙකු කෝවිඩ් -19 සීමාවන් උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් නිරෝධායනය කර ඇත.

    “ප්‍රසිද්ධියේ මෙවැනි යුද්ධයක් පැවතීම ඉතා අවලස්සනයි. පවුලකට තම පුතා අහිමි වී තිබෙනවා. දෙවියන්ගේ නාමයෙන් ඔබ යම් සංවේදීතාවයක් පෙන්විය යුතුයි,” වික්‍රම් සිං පැවසීය.

    “සුෂාන්ත්ගේ පවුලට සාධාරණය ඉටු කිරීම සඳහා සියලු විමර්ශන ආයතන එක්ව කටයුතු කළ යුතුයි. මේ නඩුව විසඳා වසා දැමීම ඔවුන්ට මෙන්ම ඔහුගේ රසිකයින්ටද ඉතා වැදගත්. නමුත් මේ මාධ්‍ය සර්කස් සහ දේශපාලනය එයට උදව් කරන්නේ නැහැ,” ඔහු තවදුරටත් පැවසුවේය.

    Text by – bbc

  • කොරෝනා වෛරසයට එරෙහි සටනින් ‘මිනිසාට’ ජය ලැබේවි ද? නැති නම් වැනසෙවිද ?

    කොරෝනා වෛරසයට එරෙහි සටනින් ‘මිනිසාට’ ජය ලැබේවි ද? නැති නම් වැනසෙවිද ?

    මේක මේ ග්‍රහලෝකය පුරාම පැතිර යන වෛරසයක්. අපි සෑම කෙනෙකුටම ඉන් බලපෑමක් ඇති වෙනවා. මේක මිනිසාගෙන් මිනිසාට පැතිරෙනවා. අපි හැමෝම එකිනෙකාට බැඳී ඇති බවයි ඉන් ඉස්මතු වෙන්නේ,” ලන්ඩන් නුවර St George’s විශ්වවිද්‍යාලයේ වෛද්‍ය එලිසබෙටා ග්රොපෙලි පැවසුවාය.

    කොරෝනාවෛරසයේ ආගමනය ගෝලීය හදිසි තත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කරනු ලැබීමෙන් පසු ගතවී ඇත්තේ හය මසකුත් දින කීපයක් පමණි. පසුගිය ජනවාරියේ අග භාගයේ දී එම නිවේදනය නිකුත් වූ දිනය වන විට කොරෝනාවෛරස් රෝගීන් දස දහසකට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී තිබුණු අතර පුද්ගලයින් 200කට අධික සංඛ්‍යාවක් මරණයට පත් වී තිබුණි.

    ඒ සියලු රෝගීන් සහ මරණ වාර්තා වී තිබුනේ චීනයෙන් මිස වෙනත් කිසිදු රටකින් නොවේ.

    එවක් පටන් ලෝකය සහ අපගේ ජීවිත විශාල වෙනසකට භාජනය විය. එසේ නම් අප සියළු දෙනා එක්වී සිටින්නේ මානව වර්ගයා සහ කොරෝනාවෛරසය අතර ඇරඹි යුද්ධයකට ය.

    මුළු පෘථිවි තලය දෙස පුළුල්ව නිරීක්ෂණය කළහොත් දිස් වන්නේ රළු චිත්‍රයකි.

    ලොව පුරා දැනට තහවුරුකර ගෙන ඇති කොරෝනාවෛරස් ආසාදිතයන්ගේ ගණන මිලියන 19කට අධිකය. ඊට ගොදුරු වී හත් ලක්‍ෂයක් මිය ගොස් ඇත.

    වසංගතය ආරම්භයේ දී රෝගීන් ගණන ලක්ෂයකින් ඉහළ යාමට සති කීපයක් ගතවිය. දැන්, ලක්‍ෂයේ සන්ධිස්ථාන පැය කීපයකින් සලකුණු වෙයි.

    “තීව්‍ර සහ ඉතා බරපතළ වසංගතයක් වේගවත් වන අවස්ථාවක අතරමැද අපි තවමත් සිටින්නේ. මේක ලෝකයේ හැම ජන කොට්ඨාශයක් වෙත ම ගිහින් තියෙන්නේ,” ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය මාගරට් හැරිස් මා සමඟ පැවසුවාය.

    මෙය එක් වසංගතයක් වුවත් එය තුළ ඇත්තේ එක් කතාවක් නොවේ. කොවිඩ් 19 යේ බලපෑම ලොව තැනින් තැනට වෙනස් ය. ඔබ වෙසෙන රටින් එපිට පවතින යතාර්ථය ඔබට නොපෙනී යාම ඉතා පහසුය.

    නමුත් සියලු ලෝක වාසීන්ටම පොදු වූ එක් කරුණක් තිබේ. ඔබේ නිවහන ඇමසන් වනාන්තරයේ තනා තිබුනත්, සිංගප්පුරුවේ අහස උසට තැනූ මහල් ගොඩනැගිල්ලක මුදුනේ හෝ එක්සත් රාජධානියේ ගිම්හාන සැණකෙළියක් පැවැත්වෙන වීදියක ඔබ ජීවත් වුවත් මෙම වෛරසය පැතිර යන්නේ සමීප මානව ඇසුර මතය. අප එකිනෙකා සමීප වන තරමට එහි ව්‍යාප්තිය පහසු වනු ඇත.

    මෙම වෛරසය චීනයේ ආරම්භ වූ දා පටන් අද දක්වාම මෙය සත්‍යයක් ලෙස පවතී.

    ඔබ ලෝකයේ කොතැනක සිටියත් එතැන පවතින තත්වය මෙම පොදු ධර්මතාවයෙන් පැහැදිලි කෙරෙනු ඇත. අනාගතය කෙබඳු වේදැයි තීරණය කෙරෙන්නේ ද එමගිනි.

    Mask-wearing on the streets of India
    ඉන්දියාවේ වසංගත තත්වය බරපතළ වෙමින් පවතී

    මේ වන විට ලතින් ඇමරිකානු කලාපයේ තත්වය නරක ය. ඉන්දියාවේ වසංගත තත්වය බරපතළ වෙමින් පවතී. හොංකොං හි නිරෝධායන මධ්‍යස්ථාන තුළ මිනිසුන් රඳවා ඇත්තේ ඇයි දැයි මින් පැහැදිලි වනු ඇත. දකුණු කොරියාව තම වැසියන්ගේ ජංගම දුරකථන සහ බැංකු ගිණුම් දෙස පවා ගසාගෙන සිටින්නේ ඇයි දැයි මින් පැහැදිලි වෙයි. යුරෝපයේ සහ ඔස්ට්‍රේලියාවේ ලොක්ඩවුන් නීති ලිහිල් වෙද්දී වසංගතය පාලනය කර ගැනීමට දුෂ්කර වී ඇත්තේ මන්දැයි ඉන් කියාපායි. එක්සත් රාජධානිය සාමාන්‍ය ජන ජීවිතය “නව සාමාන්‍යයක්” කරා ගෙනයාමට උත්සාහ කිරීමට හේතුව ද එයින් මොනවට පැහැදිලි වෙයි.

    “මේක මේ ග්‍රහලෝකය පුරාම පැතිර යන වෛරසයක්. අපි සෑම කෙනෙකුටම ඉන් බලපෑමක් ඇති වෙනවා. මේක මිනිසාගෙන් මිනිසාට පැතිරෙනවා. අපි හැමෝම එකිනෙකාට බැඳී ඇති බවයි ඉන් ඉස්මතු වෙන්නේ,” ලන්ඩන් නුවර St George’s විශ්වවිද්‍යාලයේ වෛද්‍ය එලිසබෙටා ග්රොපෙලි පැවසුවාය.

    “මෙය සංචාරය කිරීම ගැන විතරක් නෙවෙයි. කතා කිරීම සහ එකට එක් වී කාලය ගතකිරීමත් මීට අදාලයි. මානවයින් හැටියට අපි කවුරුත් කරන්නේ මේවා තමයි.” ඇය තවදුරටත් පැවසුවාය.

    එකට එක්වී ගීතයක් ගායනය කිරීම වැනි ඉතාම සරල ක්‍රියාකාරකමකින් පවා වෛරසය ව්‍යාප්ත වනු ඇත.

    Ulaanbaatar, Mongolia
    ඉතා සීමිත සම්පත් ප්‍රමාණයක් තිබියදී මොන්ගෝලියාව වැඩේ හොඳට කරල තියෙනවා”

    ඇතැමුන්ට ඉතා සුළු රෝග ලක්ෂණ මතු කරමින් හෝ කිසිදු රෝග ලක්ෂණයක් මතු නොකරමින්, එහි ව්‍යාප්තිය හොර රහසේ සිදු කිරීමට තරම් මෙම වෛරසය සමත් ය. එමෙන්ම ඇතැමුන්ට මාරාන්තික වී, අසාධ්‍ය රෝගීන්ගෙන් රෝහල් පුරවා දමන්නට තරම් සාහසික වීමටත් මෙම වෛරසය සමත් ය.

    “මේක තමයි අපේ කාලයේ පැමිණි පරිපුර්ණ ම වසංගත වෛරසය. අපි දැන් ජීවත් වෙන්නේ කොරෝනාවෛරස් යුගයේ.” වෛද්‍ය හැරිස් පැවසුවාය.

    කෙනෙකුගෙන් තවත් අයෙකුට මෙම වෛරසය සංසරණය වීමට ඇති හැකියාව බිඳ දැමීම සාර්ථක වූ අවස්තාවක් ගැන කල්පනා කළහොත් වැඩි අවධානයක් යොමු වන්නේ නවසීලන්තය දෙසටය.

    ඔවුහු කල්තියා ක්‍රියා කළහ. එවකට රට තුළ සිටියේ ආසාදිතයන් කීප දෙනෙකු පමණි: රට වසා දැමූහ. දේශ සීමාවට මුද්‍රා තැබූහ. දැන් ආසාදිතයෙකු වාර්තා නොවන තරම් ය. ජන ජීවිතය බොහෝ සෙයින් නැවත යථා තත්වයට පැමිණ ඇත.

    මොන්ගෝලියාව “වැඩේ හොඳට කරල”

    මූලික කර්තව්‍යයන් නිවැරදිව ඉටු කිරීම මගින් සහනයක් ලැබූ දිළිඳු රටවල් ද නැත්තේ නොවේ.

    චීනයේ දේශ සීමාවෙන් දීර්ඝතම කොටස යාවී ඇත්තේ මොන්ගෝලියාවට ය. වෛරසයේ ආරම්භය චීනයෙන් සිදු වූ බව අපි දනිමු. එහෙයින් මොන්ලිගෝයාවට මෙම වෛරසය සාහසික වන්නට ඉඩ තිබුණි. නමුත් ජුලි මාසය වනතුරු කිසිදු ආසාදිතයෙකුට අධිසත්කාර ඒකකයේ පිහිට අවශ්‍ය වූ බව වාර්තා නොවිණි. අද වන විට එරටින් වාර්තා වී ඇත්තේ ආසාදිතයන් 293 දෙනෙකු පමණි. එකදු මරණයක් හෝ සිදු නොවිණි.

    “ඉතා සීමිත සම්පත් ප්‍රමාණයක් තිබියදී මොන්ගෝලියාව වැඩේ හොඳට කරල තියෙනවා. ඔවුන් ආසාදිතයන් වෙන් කළා. සමීප සබඳතා හඳුනාගත්තා. එම සමීපතයන් හුදෙකලා කළා.” London School of Hygiene and Tropical Medicine හි මහාචාර්ය ඩේවිඩ් හේමාන් පැවසීය.

    ඔවුහු වහාම පාසල් වසා දැමුහ. විදෙස් සංචාර සඳහා සීමා පැනවූහ. මුහුණු ආවරණ පැළඳීම සහ නිතර අත් සේදීම කල්තියා ප්‍රවර්ධනය කළෝ ඔවුහු ය.

    Gravedigger in Brazil
    බ්‍රසීලයෙන් පමණක් ආසාදිතයන් විසි අට ලක්‍ෂයක් වාර්තා විය. ලක්‍ෂයක් පමණ මරණයට පත් විය

    තවත් පැත්තකින් සිතතොත්, “මහජන සෞඛ්‍ය නායකයන් සහ දේශපාලන නායකයන් එකට හිඳ කතිකා කිරීම” සඳහා අවශ්‍ය “දේශපාලන නායකත්වය හීන වීම” හේතුවෙන් බොහෝ රටවලට අවහිරයක් වූ බවට මහාචාර්ය හේමාන් තර්ක කරයි. එවැනි වාතාවරණයක් යටතේ වෛරසය වැජඹුණේ ය.

    එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ වසංගත රෝග පිළිබඳව එරට සිටින ඉහළම වෛද්‍යවරයා වන ඇන්තනි ෆවුචි පැහැදිලිව ම සිටියේ පොතේ වෙනස් පිටු දෙකක ය. එසේ නැතහොත්, වසංගත සමය තුළ නම් වෙනස් ම පොත් දෙකකය.

    බ්‍රසීලයේ ජනපති ජායිර් බොල්සොනාරෝ, රට වසා දැමීමට එරෙහිව වීදි බට ‘ලොක්ඩවුන් විරෝධීන්ගේ’ පෙළපාලිවලට එක් විය. ඔහු මෙම වසංගතය “පුංචි හෙම්බිරිස්සා උණක්” ලෙස හැඳින් වූ අතර එය මාර්තු වන විට නිමාවන බව පැවසීය. ඒ වෙනුවට, බ්‍රසීලයෙන් පමණක් ආසාදිතයන් විසි අට ලක්‍ෂයක් වාර්තා විය. ලක්‍ෂයක් පමණ මරණයට පත් විය.

    වෛරසය සමඟ ජීවත් වෙන්නේ කොහොමද?

    නමුත් ජන ජීවිතය අවුල් කරවන, වේදනාකාරී ලොක්ඩවුන් ක්‍රමවේද තුළින් වෛරසය පාලනය කළ රටවල් බොහොමයක් වටහා ගෙන ඇත්තේ එසේ කිරීමෙන් වෛරසය සදහටම තුරන් වී නොමැති බවය. නීති ලිහිල් කළහොත් නැවත පැතිරෙන බවය.

    “ලොක්ඩවුන් කරනවට වඩා එයින් එලියට එන එක අපහසු කාර්යයක් බව ඔවුන්ට දැන් වැටහිලා තියෙනවා. වෛරසය සමඟ ජීවත් වෙන්නේ කොහොමද කියල ඔවුන් හිතල නැහැ.” වෛද්‍ය ග්රොපෙලි ප්‍රකාශ කළේය.

    ඔස්ට්‍රේලියාව, ලොක්ඩවුන් තත්වයෙන් බැහැර වීම සඳහා මංපෙත් සකස් කරන රටකි. නමුත් වික්ටෝරියා ප්‍රාන්තයේ මේ වන විට මහත් ව්‍යසනයකි. ජූලියේ මුල් භාගය ගෙවී යන්නට පෙර මෙල්බර්න් නුවර නැවත වසා දැමුණි. පෙරට වඩා දැඩි වූ නීති රීති පැනවූ නමුත් වසංගතය නොනවත්වා ඉදිරියට ඇදුණි. දැන් රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය ද ක්‍රියාත්මක ය.

    යුරෝපය ද විවෘත වෙමින් පවතී. නමුත් ස්පාඤ්ඤය, ප්‍රංශය සහ ග්‍රීසිය තවමත් ආසාදිතයන් ඉහළ ගණනක් වාර්තා කරති. පසුගිය තුන් මාසය ඇතුළත ප්‍රථම වතාවට ජර්මනියෙන් දිනකට ආසාදිතයන් 1000කට අධික සංඛ්‍යාවක් වාර්තා විය.

    මුහුණු ආවරණ පැළඳීම විකාරයක් ලෙස වරෙක සිතූ යුරෝපයට දැන් එය සාමාන්‍ය දෙයකි. ඇතැම් ස්ථානවලදී එය පැළඳීම අනිවාර්ය කර තිබේ.

    ඒක ‘අලුත් සාමාන්‍යයක්’

    කොරෝනාවෛරසයේ පළමු රැල්ල සාර්ථකව පාලනය කළ හොංකොං, පැසසුමට ලක් විය. අනතුරුව විවෘත කළ ඩිස්නිලන්තය පවත්වාගෙන යා හැකි වූයේ මාසයකටත් අඩු කාලයකි. දැන්, නැවතත් අවන්හල් සහ කායවර්ධන මධ්‍යස්ථාන වසා දමා තිබේ.

    “ලොක්ඩවුන් තත්වයෙන් බැහැර වූ පමණින් සියල්ල පැරණි මට්ටමට එන්නේ නැහැ. ඒක ‘අලුත් සාමාන්‍යයක්.’ මිනිස්සුන්ට ඒ පණිවිඩය ගිහින් නැහැ.” වෛද්‍ය හැරිස් පැවසුවාය.

    කොරෝනාවෛරසයට එරෙහිව අප්‍රිකාවේ තත්වය තවමත් ප්‍රශ්නාර්ථයකි. සාර්ථක ආරම්භයකින් පසුව මුළු මහද්වීපයෙන් ම ආසාදිතයන් දස ලක්ෂයක් වාර්තා විය. ඉන් බහුතරයක් සිටින්නේ දකුණු අප්‍රිකාවේ ය. නමුත් ආසාදිතයන් සඳහා පරීක්ෂණ සිදු කෙරෙන්නේ සාපේක්ෂව අඩු මට්ටමකිනි. එබැවින් අප්‍රිකානු කලාපය පිළිබඳව පැහැදිලි චිත්‍රයක් ලබා ගැනීම දුෂ්කරවේ.

    ලොව වෙනත් රටවල් හා සසඳන කල අප්‍රිකාවේ කොරෝනා මරණ අනුපාතිකය පහළ මට්ටමකින් පෙන්නුම් කිරීම ද ප්‍රහේලිකාවකි. ඊට හේතු වශයෙන් පහත සඳහන් යෝජනා ඉදිරිපත් කළ හැකිය.

    • අප්‍රිකානු මහාද්වීපයේ වෙසෙන්නේ තරුණ ජනගහනයකි. කොවිඩ් 19 වැඩිපුරම මාරාන්තික වී තිබෙන්නේ වයස්ගත පුද්ගලයන්ට ය.
    • වෙනත් වර්ගයේ කොරෝනාවෛරස අප්‍රිකාවේ බහුල විය හැකිය. එමගින් යම් ප්‍රමාණයක ආරක්ෂාවක් හෝ ඔරොත්තු දීමේ ශක්තියක් පැවතිය හැකිය.
    • පොහොසත් රටවල ශරීර සෞඛ්‍ය පිලිබද ප්‍රශ්න වැඩිය. උදාහරණ ලෙස ශරීර ස්ථුලභාවය සහ දෙවන කාණ්ඩයේ දියවැඩියාව දැක්විය හැකිය. ඉන් කොවිඩ් 19 අවදානම වැඩි කරවයි. අප්‍රිකාවේ එවැනි සෞඛ්‍ය ප්‍රශ්න බහුල නොවේ.

    ඇතැම් රටවල් අලුත් ක්‍රමවේද සොයා ගනිති. රුවන්ඩාව, රෝහල්වලට අවශ්‍ය දෑ ගෙනයාමටත් කොරෝනාවෛරස් නීති රීති ජනතාව අතර බෙදා හැරීමටත් ඩ්රෝන යානා භාවිතා කළහ. නීති කඩ කරන්නන් අල්ලා ගැනීමට ද ඩ්රෝන යොදා ගත්හ. නීති උල්ලංඝනය කරමින් කටයුතු කළ කතෝලික දේවස්ථානයක පුජකවරයෙකු ද එමගින් නීතියේ රැහැනට හසු කර ගැනුණි.

    මෙම වසංගතය පාලනය කිරීම සඳහා ලබා දී ඇති සරලම උපදේශය නිතර අත සේදීම යි. නමුත් පිරිසිදු ජලය ලබා ගැනීම දෛනික අභියෝගයක් වී ඇති ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවලට මෙය එතරම් සරල නොවේ.

    “සමහර මිනිස්සුන්ට අත සෝදාගන්න වතුර තියෙනවා. එහෙම නැති අයත් ඉන්නවා. මේක ලොකු වෙනසක්. මේ අනුව ලෝකය කොටස් දෙකකට බෙදෙනවා. මෙතැනදී ලොකු ප්‍රශ්නයක් මතු වෙනවා, එන්නතක් නොමැතිව මෙම වසංගතය පාලනය කරන්නේ කොහොමද කියල.” වෛද්‍ය එලිසබෙටා ග්රොපෙලි පැවසුවාය.

    එසේනම් මෙම වසංගතය නිමා වන්නේ කවදාද?

    Map

    දැනටමත් ඖෂධීය ප්‍රතිකාර පවතී. ඩෙක්සමෙතසෝන් (Dexamethasone), ස්ටෙරොයිඩ ගණයට අයත් මිලෙන් අඩු ඖෂධයකි. ඇතැම් අසාධ්‍ය රෝගීන්ගේ ජීවිත එමගින් ආරක්ෂා වූ බව පෙනී ගොස් තිබේ. නමුත් කෝවිඩ් රෝගීන් සියලු දෙනාම මරණයෙන් ගලවා ගැනීමට හෝ සියලු නීති රීති ඉවත් කිරීමට මෙම ඖෂධය පමණක් ප්‍රමාණවත් නොවේ.

    ස්වීඩනය ගත් ක්‍රියාමාර්ගය දීර්ඝකාලීනව සාර්ථක වේදැයි බොහෝ දෙනා විමසිල්ලෙන් නිරීක්ෂණය කරති. ඔවුන් රට ලොක්ඩවුන් කළේ නැත. නමුත් වැඩිහිටි නිවාස තුළ සිටි පිරිස ආරක්ෂා කර ගැනීමට අපොහොසත් වීම තුළ අසල්වැසි රටවලට වඩා ඉතා ඉහළ මරණ අනුපාතිකයක් ස්වීඩනයෙන් වාර්තා විය.

    “බ්‍රැඩ් පිට් ලා (Brad Pitt) නොවෙයි.”

    සරලව ම කිවහොත්, සාමාන්‍ය ජීවන රටාවට ලෝකය යළි පැමිණීමේ අපේක්ෂාව අමුණා ඇත්තේ එන්නතක් මතය. මිනිසාට ප්‍රතිශක්තිය ලබා දීම මගින් වෛරසයේ පැතිරීමට ඇති හැකියාව බිඳ දැමිය හැකිය.

    මේ වන විට, සායනික අත්හදා බැලීමේ ක්‍රියාදාමයේ තුන්වැනි අදියරට පැමිණි එන්නත් හයක් තිබේ. ඉන් එක් එන්නතක් හෝ සත්‍යවශයෙන් ම වෛරසයට එරෙහිව ක්‍රියාශීලී වන බවට සනාථ කර ගැනීම සඳහා පවතින තීරණාත්මක අදියර මෙයයි.

    බොහෝ ඖෂධ ඇණහිට ඇත්තේ ද අවසාන කඩුල්ල අසල ය. එම නිසා “එන්නතක් සොයාගත් විට” යන යෙදුමට වඩා “එන්නතක් සොයා ගතහොත්” යන යෙදුම සෞඛ්‍ය බලධාරීහු අවධාරණය කරති.

    “මිනිස්සු විශ්වාස කරන්නේ එන්නතක් කියන්නේ හොලිවුඩ් චිත්‍රපටයක් වගේ කියල. විද්‍යාඥයෝ එන්නතක් සොයා ගැනීමට වෙහෙසෙනවා. පැය දෙකක චිත්‍රපටයක නම් ඉතා ඉක්මනින් අවසානයට ළඟා වෙනවා. නමුත් විද්‍යාඥයෝ කියන අය, තමන්ටම එන්නත විදගෙන ‘දැන් අපි ඔක්කොම ආරක්ෂිතයි’ කියල ප්‍රකාශ කරන බ්‍රැඩ් පිට් ලා (Brad Pitt) නොවෙයි.” ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය මාගරට් හැරිස් ප්‍රකාශ කළාය.

    Text by bbc

  • නැවත කියමි – ‘මෙහෙම යා නොහැක’

    නැවත කියමි – ‘මෙහෙම යා නොහැක’

    අප තෝරා ගෙන ඇත්තේ මේ බිඳ වැටුනු විවෘත වෙළඳපල ආර්ථිකය යළි ගැට ගසා ගෙන, මේ ආත්මාර්ථකාමී, අවිනීත, අශීලාචාර සමාජයෙහිම ලැග ඉඳීමේ තේරීමය. නාගරික මැද පංතික වෘත්තිකයින් තවමත් සිතන්නේ මේ විවෘත වෙළඳපල සමග තමන්ගේ වත් පොහොසත් පාරිභෝගික ජීවිතය බේරා ගැනීම ගැන පමණි. 

    කාට ඡන්දය දුන්නත් එක යැයි මැතිවරණ සමයේ මගෙන් ඡන්දය ගැන ඇසූවන්ට මම කීවෙමි. “කාටවත් කිසිම ප්‍රශ්නයකට උත්තර නැහැ.” මම එයට හේතු දැක්වූයෙමි.

    කෝවිඞ්-19 ගෝලීය වසංගතය හේතුවෙන් සිව් මසකට ආසන්න කාලයක් ප්‍රමාද වූ පාර්ලිමේන්තු මැතිවරණය අවසන් විය. අමාත්‍ය මණ්ඩලයත් රාජ්‍ය අමාත්‍යවරුනුත් ආණ්ඩුවේ දේශපාලන දිස්ත්‍රික් සම්බන්ධිකාරකයිනුත් පත්කර දිවුරුම් දී තනතුරු බාර ගෙනද අවසන්ව ඇත.

    සමාජ මාධ්‍ය ජාලවල ඒ සමග විශේෂයෙන් රාජ්‍ය ඇමති ලේඛනය වහා උපහාසයට ලක් කෙරුණි. රාජ්‍ය ඇමතිවරුන්ට පවරා ඇති වගකීම් හඳුන්වන්නට වූයේ කඬේ යෑමට හැදූ බඩු ලැයිස්තු ලෙසිනි. ඇතැම් රාජ්‍ය ඇමතිවරුන් වැඩියෙන් උපහාසයට ලක් විය. අලුත් තාක්ෂණික මෙවලම් ලෙස සමාජ මාධ්‍ය ජාල භාවිතය සතු නිදහස සමග ඊට ගොඩවන අයගේ හැදියාව සහ දැනුම ඉන් මැනවින් දිස් වන්නේය. “සමාජ මාධ්‍ය ජාල” යැයි හැඳින්වුනද, ඒවායේ පුද්ගල කේන්ද්‍රීය භාවිතයෙහි සමාජ වගකීමක් ඇත්තේ නැත. ඒවාට ගොඩවන අති බහුතරයක් සමාජ මධ්‍යයක තිබිය යුතු සමාජ වගකීම ගැන දන්නේද නැත. සමාජ මාධ්‍ය ජාලාවන්හි නිතර දෙවේලේ සැරිසරණවුන්ට දැන් කෝවිඞ්-19 වසංගතය අමතක වූ විෂයකි. එනිසා ඒ මැදිහත්වීම් කිසිවක කෝවිඞ්-19 ගෝලීය වසංගතයෙන් මුදා හැරි අර්බූද ඉල්ලා සිටින නව අනාගතයක් සඳහාවන අලුත් සාමුහික සංවාදයක් ඇත්තේ නැත.

    විවෘත වෙළඳපල විසින් ඉතිරි කළ මනුස්සකමක් නැත. අනෙකා ගැන කිසිදු හැඟීමක් එහි නැත. අපට ඉතිරිකර ඇත්තේ එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය සිදුවීම් බවට පත්ව ඇති බරපතල අපරාධ, මත්කුඩු ජාවාරම්, ලිංගික අපරාධ, ස්ත්‍රී දූෂණ, ළමා අපයෝජන, පාරිසරික විනාශ හා ආගමික – වාර්ගික භේද වැනි ඛේදවාචක ය.

    කෝවිඞ්-19 විසින් මේ සමාජය අවුරුදු 40 ට වැඩි කාලයක් පුරා ගෝලීය නව ලිබරල් වෙළඳපල ආර්ථිකයට ගැට ගසා තිබූ සියලු බැඳීම් ක්ෂණිකව කඩා දමනු ලැබිණ. මහා සාගරයේ රුවල අහිමි වූ පාරුවක් මෙන් අපි දැන් අතරමංව සිටිමු. ගෙවුනු අවුරුදු 40 ට වැඩි කාලයේ නව ලිබරල් ආර්ථිකය විසින් අපව කොටුකර ඇත්තේ කොළඹ කේන්ද්‍රීය වෙළඳපළකට ය. ඒ මුලු කාලය පුරා ගම අතහැර දමා තිබිණ. ආදායම් හා වත්කම් විෂමතා බරපතල ලෙස වර්ධනය විය. ඒ සමග විවෘත වෙළඳපල විසින් ඉතිරි කළ මනුස්සකමක් නැත. අනෙකා ගැන කිසිදු හැඟීමක් එහි නැත. අපට ඉතිරිකර ඇත්තේ එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය සිදුවීම් බවට පත්ව ඇති බරපතල අපරාධ, මත්කුඩු ජාවාරම්, ලිංගික අපරාධ, ස්ත්‍රී දූෂණ, ළමා අපයෝජන, පාරිසරික විනාශ හා ආගමික – වාර්ගික භේද වැනි ඛේදවාචක ය. විවෘත වෙළඳපල සමගින් හැදූ මේ සමාජය මිථ්‍යාවෙන් පිරි අතිශය ආත්මාර්ථකාමී, අවිනීත, අශීලාචාර සමාජයකි.   

    මේ සියලු සාදාචාරත්මක හා බුද්ධිමය පිරිහීම් විවෘත වෙළඳපල ආර්ථිකය පවත්වා ගැනීමේ උකස් හා කල් බදු ක්‍රම, ක්‍රෙඩිට් කාඞ් පත් හා ණය වාරික මත හදා ඇති හිස් පාරිභෝගික තරගකාරිත්වය විසින් වසන්කර ඇත. විවෘත වෙළඳපල ආර්ථිකයෙහි සමාජය සමස්ථයක් ලෙස බිඳ වැටුනද, එය පවත්වා ගෙන යාමට අවශ්‍ය මතවාදය හැදුවේ, එහි හවුල්කාර පාර්ශවයන් වන වෘත්තිකයින්, උසස් නිලධාරීන්, ජාවාරම්කාර ව්‍යාපාරිකයින් පැත්තකින් තබා, සියලු වගකීම් දේශපාලකයින් මත පැටවීමෙනි. එනිසා එය පිරිසිදු කළ හැකි යැයි නාගරික මැද පංතික උගතුන් සූත්තර ගෙතූහ. අවංක උගතුන් පාර්ලිමේන්තු යැවීමට දේශන පැවැත්වූහ. දූෂණයෙන් තොර විවෘත වෙළඳපල ආර්ථිකයක් මගින් සමාජය යළි ගොඩ ගත හැකි යැයි දේශපාලනයක් සමාජය හමුවේ තැබීමට ඉදිරිපත් වූයේ ජනතා විමුක්ති පෙරමුණ සමග හවුල් වූ ප්‍රධාන දේශපාලන ධාරාවෙන් හැලුණු නාගරික කණ්ඩායම් ය. ලොව කොතැනකවත් කාටවත් පිරිසිදු කළ නොහැකි වූ සහ අශීලාචාර විවෘත වෙළඳපල ආර්ථික පැවැත්ම සාධාරණය කිරීමට හා ඊට සුජාත බවක් දීමට ඔවුන් සෘජුව දායකවන බව හෝ ඔවුන් දන්නේ නැත.

    අද අප ඉන්නේ මැහුම් දමා, පැලැස්තර අලවා රෝගී ආයු කාලය තව ටික කලක් හෝ ඇදගෙන යා හැකි අවදියක නොවේ. කෝවිඞ්-19 විසින් අප හමුවේ තේරීම් දෙකක් තබා ඇත. විශ්ව කීර්තියට පත්ව ඉන්නා ඉන්දීය නවකතාකාරිනියක් මෙන්ම විකල්ප ධාරාවේ බුද්ධිමය සමාජ ක්‍රියාකාරිනියක්ද වන අරුන්දති රෝයි කෝවිඞ්-19 න් ඉතිරි කළ අර්බූද ගැන පසුගිය අප්‍රේල් මාසයේදී කියා තිබුණේ, ඓතිහාසිකව ගෝලීය වසංගත විසින් මිනිසාට තම අතීතයෙන් ගැලවී ලෝකය දෙස අලුතින් බලන්නට අවසථාවක් ලබා දෙන්නේ යැයි කියා ය. ඒ කතාව ඇය පැහැදිලිකර තිබූයේ “අපට ඒ හරහා, අපගේ පක්ෂග්‍රාහීත්වයේ, වෛරයේ මළ කඳන්, ධනයට ඇති අපගේ කෑදරකම්, අපගේ දත්ත බැංකු සහ මියගිය අදහස්, මිය ඇදුණු ගංගා, දුම් බැඳුණු අහස අප පසුපසින් ඇද ගෙන යා හැකිය. එසේත් නැතිනම්, වැඩි බරක් නැතිව, වෙනත් ලෝකයක් ගැන සිතන්නට අපට සැහැල්ලු ගමනක් යා හැකිය. එය දිනා ගැනීමට සූදානම් විය හැකිය” යනුවෙනි.

    අප තෝරා ගෙන ඇත්තේ මේ බිඳ වැටුනු විවෘත වෙළඳපල ආර්ථිකය යළි ගැට ගසා ගෙන, මේ ආත්මාර්ථකාමී, අවිනීත, අශීලාචාර සමාජයෙහිම ලැග ඉඳීමේ තේරීමය. නාගරික මැද පංතික වෘත්තිකයින් තවමත් සිතන්නේ මේ විවෘත වෙළඳපල සමග තමන්ගේ වත් පොහොසත් පාරිභෝගික ජීවිතය බේරා ගැනීම ගැන පමණි. 

    සමාජ කතිකා හා මාධ්‍ය වාර්තා අනුව අප සූදානම් වෙමින් සිටින්නේ යෝධ බරක් ඇදගෙන යන්නට ය. අප තෝරා ගෙන ඇත්තේ මේ බිඳ වැටුනු විවෘත වෙළඳපල ආර්ථිකය යළි ගැට ගසා ගෙන, මේ ආත්මාර්ථකාමී, අවිනීත, අශීලාචාර සමාජයෙහිම ලැග ඉඳීමේ තේරීමය. නාගරික මැද පංතික වෘත්තිකයින් තවමත් සිතන්නේ මේ විවෘත වෙළඳපල සමග තමන්ගේ වත් පොහොසත් පාරිභෝගික ජීවිතය බේරා ගැනීම ගැන පමණි. දේශපාලන පක්ෂ වලටද විකල්ප ගැන සිතන්නට හුරුවක් හා බුද්ධිමය සම්පත් නැත. ගෝලීය වශයෙන්ද පරිසරය හා මිනිස් ජීවිත විනාශ කරමින් ලාභ හා කොමිස් මුදල් කඳු ගැසූ යෝධ ව්‍යාපාරික මැදිහත්වීම් ඇත්තේද නව ලිබරල් ආර්ථිකය යළි පිළිසකර කර ගැනීම සඳහා ය.  

    අපගේද අවුරුදු 40 ට වැඩි කලක ඉතිහාසය සාක්ෂි සමගින් ඉතිරිකර ඇත්තේ අශීලාචාර, අසංවර, ධනයට ගිජු සමාජයකි. ඒ මගින් ඔප්පුකර ඇත්තේ සමාජීය සංවර්ධනයක් විවෘත වෙළඳපල ආර්ථිකයෙන් ලැබිය නොහැකි බව ය. බරපතල ගැටළුව වන්නේ විවෘත වෙළඳපල ආර්ථිකය විසින් හදා ඇති ජාවාරම්කාර දේශපාලනයෙහි ය. අතිශය කෑදර පාරිභෝගික සමාජයන්හි ඉදිරිය තීන්දු කිරීමේ බලය ඇත්තේ ඔවුන් අතය.

    පශ්චාත් කෝවිඞ්-19 යුගය සඳහා වන තේරීම් ගැන “ද ඉන්ක්” (the.ink) නැමැති අන්තර්ජාල පුවත් අඩවිය සමග විශ්ව කීර්තියට පත්ව ඇති, විකල්ප මත දරණ බුද්ධිමතෙකු සේ පිළිගනු ලබන විද්වත් මහාචාර්ය (Laureate Professor) නොආම් චොම්ස්කි කළ දිගු සාකච්ඡාවේදී කියා තිබුණේ “අවුරුදු 40 ක් නව ලිබරල් ප්‍රහාරයට ලෝක ජනතාව ලක් කළ මේ අර්බූදයේ නියත නිර්මාණකරුවන් මේ ක්‍රියාදාමයට පාදක වූනු සියල්ලෙහි වඩා දරුණු ආකෘතියක් හැදීමට උත්සාහ කරති. කෙළවරක් නැතිව වෙහෙසෙති. එය වඩා තියුණු රහස්‍ය සෝදිසි කිරීම් හා දරුණු පාලනයක් සමගින් හැදෙන්නකි.” (අගෝස්තු 11 වන දින පළ කෙරුණකි) “අතීතය” අනාගතයට රැගෙන යාමේ උත්සාහය කෙළවර විය හැක්කේ එළෙසිනි. 

    දුගඳ හමන, දුර්වර්ණ, දූෂිත අවුරුදු 40 ක අතීතය බිම දමා අලුත් ගමනක් ආරම්භ කිරීමට කෝවිඞ්-19 න් ලබා දුන් ඓතිහාසික අවසථාව අප බාර ගත යුතුව ඇත්තේ එබැවින්ය. ආණ්ඩුවේ දූෂණ සෙවීමේත්  මැතිවරණයේදී දුන් පොරොන්දුත් ඉටු කරන්නට යැයි ගෝසා කිරීමේ පැරණි විරෝධාකල්ප දේශපාලනයෙන් අලුත් ලොවක් ගැන අදහසක් හදා ගැනීමට අලුත් ගමන් යා නොහැකිය. දූෂණ සෙවිය හැකිය. එහෙත් මේ ක්‍රමයෙහි දූෂණ නතර කළ නොහැක. රාජපක්ෂලාගෙන් යහපාලනයට මාරුවීම ඔප්පු කෙරුවේ එය ය. දුන් පොරොන්දු ඉටු කරන මෙන් ඉල්ලා සිටිය හැකිය. එහෙත් මේ ක්‍රමය ඇතුළත කිසිදු ආණ්ඩුවකට පොරොන්දු ඉටු කළ නොහැකිය. එයද යහපාලනයෙන් ඔප්පු කෙරුවකි. යහපාලනයක් වෙනුවෙන් පොරොන්දු දුන් නාගරික මැද පංතිකයින්ට සහ ජ.වි.පෙ ට මෙවර සිදුවූයේ අලුතින් පොරොන්දු දෙන්නටය.

    ශීලාචාර, ශිෂ්ට අලුත් සමාජ නිර්මාණයක් සඳහා ගමන් ආරම්භ කළ හැක්කේ විෂය කරුණු දෙකක් වෙනුවෙන් අලුතින් සිදු කරන සමාජ මැදිහත්වීම් සමගින් ය. එක් විෂයක් වන්නේ පරිසරිය සුරැකීම ය. මේ ආණ්ඩුව තමන් බරපතල ආර්ථික අර්බූදයක කොටුව ඉන්නා බව පත් කෙරුණු ඇමති මණ්ඩලයට වඩා රාජ්‍ය අමාත්‍ය ලේඛනයෙන් පෙන්වන්නකි. ඉන් ගොඩ එන්නට අපනයනය සඳහා ජාතික නිෂ්පාදන දියුණු කිරීම ගැන කෙරෙන ආණ්ඩුවේ සැළසුම් විරහිත කතා මගින් කියනු ලබන්නේ පරිසරය කෙසේ වෙතත් නිෂ්පාදනය වැදගත් බවය. පරිසරයට අදාලව කටයුතු කළ හැකි රාජ්‍ය ඇමතිවරුන් තිදෙනෙකු ඉන්නා විට, දූෂිත ආර්ථිකයක එයම පරිසර විනාශය සඳහාවන අවසර පත්‍රයකි.

    එය වඩාත් තීව්‍ර කෙරෙන්නේ පරිසරය සුරැකීමට ඉදිරිපත්ව ඉන්නා ක්‍රියාධරයින් බොහෝමයක් “දේශප්‍රේමීන්” බවට පත්ව ඇති හෙයිනි. එබැවින් විල්පත්තු ගිය බොහෝ දෙන සිංහරාජයට නොයති. තවමත් පරිසරය සුරැකීමට වෙර දරණ අවංක අතළොස්ස කොටුවී ඉන්නේ කෑලි ක්‍රමයට කෙරෙන පරිසරය රැකීමේ විරෝධතා හා උද්ඝෝෂණ සමගින් ය. ඔවුහු එක ප්‍රශ්නයකට නඩුවක් පවරති. තවත් ප්‍රශ්නයකට විරෝධතාවක් පවත්වති. තවත් තැනක පරිසරය සුරැකීමේ පුහුණුවීම් වැඩසටහන් කරති. පරිසරය ගැන දන්නා අලුත් ඇමතිවරුන් එන තෙක් බලාපොරොත්තු තබති. මේ කිසිවකින් අවුරුදු 30 ට වැඩි කාලයක්, පැවති මට්ටමෙන් හෝ පරිසරය රැක ගැනීමට නොහැකිව ඇත. ඒ මන්දැයි එනමුත් පසු විපරමක් කෙරෙන්නේද නැත.

    ඉතා කෙටියෙන් කිවහොත් ජාතික පරිසර ප්‍රතිපත්තියෙහි අයිතිකරුවන් විය යුත්තේ ජනතාව ය. සංවර්ධන උපා මාර්ග තීන්දු විය යුත්තේ ජාතික පරිසර ප්‍රතිපත්තියද ඇතුළුව ය.

    පරිසරය සුරැකීමේ අනාගත විසඳුම ඇත්තේ ජාතික පරිසර ප්‍රතිපත්තියක් සමගින් ය. එය නගරවල වායු දූෂණයේ සිට නාය යෑම් දක්වාත් වන සංරක්ෂණයේ සිට ශබ්ද දූෂණය දක්වාත් කසළ ඉවත් කිරීමේ සිට ප්‍රතිචක්‍රීකරණය දක්වාත් ලංකාණ්ඩුව බැඳී ඉන්නා සියලු ජාත්‍යන්තර ප්‍රඥප්තීන් ක්‍රියාවට දැමීම දක්වාත් සියල්ල ආවරණය කෙරෙන ජාතික ප්‍රතිපත්තියක් විය යුතුය. එවැන්නක් සැකසිය යුත්තේ වායු සමීකරණය කළ කාමර තුල නොවේ. එවැන්නක් සැකසිය යුත්තේ ජනතා ව්‍යාපාරයක් සමගින්ය. ජන සහභාගිත්වය ඇතිවය.

    ඉතා කෙටියෙන් කිවහොත් ජාතික පරිසර ප්‍රතිපත්තියෙහි අයිතිකරුවන් විය යුත්තේ ජනතාව ය. සංවර්ධන උපා මාර්ග තීන්දු විය යුත්තේ ජාතික පරිසර ප්‍රතිපත්තියද ඇතුළුව ය. පරිසර ක්‍රියාකාරීන් හා සංවිධාන ආණ්ඩුවකින් ඉල්ලා සිටිය යුත්තේ එවැනි ජාතික පරිසර ප්‍රතිපත්තියක් පාර්ලිමේන්තුවේ සම්මත කරන මෙන් ය. අනතුරුව පළාත් සභාවන්හිත් පළාත් පාලන ආයතන සියල්ලෙහිත් ඊට අනුකූලව ඔවුන්ගේ පරිසර ප්‍රතිපත්ති සකස් කරන මෙන් ඉල්ලීමට ය. කෝවිඞ්-19 අර්බූද හමුවේ එවැනි අලුත් ගමනකට මුල පිරිය හැක්කේ ජාතික පරිසර ප්‍රතිපත්තියක් සැකසීමට පරිසර ක්‍රියාකාරීන් හා සංවිධාන ජන සහභාගිත්වයක් ගොනු කරන්නට සූදානම් වන්නේ නම් පමණි.

    අතිශය වැදගත් දෙවැනි විෂය කරුණ වන්නේ “සමාජ රක්ෂණය” සඳහා ප්‍රතිපත්තියක් සමාජගත කිරීම සමගින් ඊට අදාල වැඩ සටහනක් ක්‍රියාවට නංවා ගැනීම ය. එවැන්නක් දියුණු ප්‍රජාතන්ත්‍රවාදී සමාජයන්හි පැවතෙන්නේ ස්ථාවර, නිරෝගී සමාජ පැවැත්මක් වෙනුවෙනි. එවැනි සමාජ රක්ෂණයක් අපට අද වඩාත් වැදගත් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු පාලනයක් සඳහා අවශ්‍ය සමාජ ස්ථාවරත්වය වෙනුවෙනි.

    සම්පූර්ණයෙන්ම මෙන් ගෝලීය වෙළඳපලෙන් යැපුණු අපට, එය කඩා වැටීම හේතුවෙන් අපගේ අපනයන නිෂ්පාදන සියල්ලට හිටි අඩියේ වෙළඳපලක් අහිමි විය. සංක්‍රමණික ශ්‍රමික ඉල්ලුමද දැන් අවම වී ඇත. ගුවන් සමාගම් විසින් ඔවුන්ගේ යානා නැවත ගුවන්ගත කෙරෙන දින වකවානු ගැන කිසිදු ගණන් හැදීමක් නොමැති ලෝකයක සංචාරක ව්‍යාපාරයකට පැවතිය නොහැක. අවිධිමත් ආර්ථිකය අඩකින් පමණ හැකිලී ඇත. අප මුහුණ දෙන්නේ ලක්ෂ ගණනින් රැකියා අහිමිවීමේ ආසන්න අනාගතයකට ය. කම්කරු දෙපාර්තමේන්තුවේ නිල සමීක්ෂණයකට අනුව විධිමත් පෞද්ගලික අංශයේ පමණක් රැකියා ලක්ෂ 03 ට වැඩි සංඛ්‍යාවක් නුදුරු අනාගතයේදී අහිමි වන්නට ඉඩ ඇත. ඒ හා සමාන අනුමාන කිරීම් ව්‍යාපාරික ප්‍රධානීන්ද මාධ්‍ය සමග පවසා තිබිණ.

    පාසල් අධ්‍යාපනයෙන් පසු රැකියා සොයන්නට වාර්ෂිකව සමාජයට පැමිණෙන තරුණ සංඛ්‍යාවට අමතරව, මෙලෙසින් හදිසියේ රැකියා අහිමි වන්නට පටන් ගත් විට සමාජය බරපතල අස්ථාවර තත්ත්වයකට හසු වන්නේය. කෝවිඞ්-19 අර්බූදයෙන් රැකියා අහිමිවන අය විවිධ වගකීම් කර ගැසූවන් ය. ඔවුන්ට තම දරුවන්ගේ වගකීම්, වයෝවෘද්ධ තම දෙමාපියන්ගේ වගකීම්, ණය ගෙවීම් හා පවත්වාගෙන පැමිණි ජීවන රටාව නඩත්තු කර ගැනීමේ ගැටළු සමග විවිධ අසීරුකම් වලට මුහුණ දෙන්නට සිදුවන්නේය. 

    ව්‍යාපාරික ප්‍රජාව ඇතුලු සියල්ලන්ට අනාගත ඉදිරි ගමනට ස්ථාවර සමාජයක් අවශ්‍ය වන්නේය. එවැනි ස්ථාවර සමාජයක් වෙනුවෙන් ගත හැකි දියුණු සාර්ථක පියවර වන්නේ සමාජ රක්ෂණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමය. 

    මේ තත්ත්වයට මුහුණ දීමට දැනුම් තේරුම් ඇති වෘත්තීය සමිති නායකයින් අපේ රටේ ඇත්තේ නැති තරම් ය. ඔවුන් දන්නා යල් පිනූ භාවිතය මත විරෝධතා සංවිධානය කිරීමෙන්, පිකට් කිරීමෙන්, පෙළපාලි යාමෙන් ලක්ෂ ගණන් රැකියා බේරා ගැනීමට නොහැක. ආණ්ඩුවකටද මේ පිරිස් සඳහා අලුතින් රැකියා උත්පාදනයකට හැකියාවක් නැත. එහෙත් ව්‍යාපාරික ප්‍රජාව ඇතුලු සියල්ලන්ට අනාගත ඉදිරි ගමනට ස්ථාවර සමාජයක් අවශ්‍ය වන්නේය. එවැනි ස්ථාවර සමාජයක් වෙනුවෙන් ගත හැකි දියුණු සාර්ථක පියවර වන්නේ සමාජ රක්ෂණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමය.

    එවැන්නක් වෙනුවෙන් මූලික යෝජනා දෙකක් නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සේවක සංගමය මැතිවරණයට පෙර කම්කරු ඇමති වෙත ඉදිරිපත් කරනු ලැබිණ. අනෙක් වෘත්තීය සමිති වෙතද ඔවුන් එය ඉදිරිපත් කර තිබිණ. ඔවුන් යෝජනා කර තිබූයේ පෞද්ගලික අංශයේ විශ්‍රාමිකයින්ට සමාජ රැකවරණයක් ලෙස මාසික අවම දීමනාවක් ගෙවීමටද රැකියා ලැබෙන තෙක් කුසලතා වර්ධන වැඩපිළිවෙලක් සමග මාසික අවම විරැකියා දීමනාවක් ගෙවීමට ය.

    මේ යෝජනා තව දියුණු කළ යුතුව ඇත. විශ්‍රාමිකයින්ගේ සමාජ රැකවරණය පෞද්ගලික අංශයට පමණක් නොව, විශ්‍රාම යෑමේ වයසට එළැඹෙන කෘෂි, ධීවර හා අවිධිමත් වැනි සියලු ක්ෂේත්‍රයන්හි සියල්ලන්ට හිමිවන ලෙස සැළසුම් කළ යුත්තකි. ඔවුන්ගේ සෞඛ්‍ය රැක බලා ගැනීමේ විශේෂ සේවා පහසුකම්ද එහි අඩංගු විය යුතුය. විරැකියා දීමනාව කෝවිඞ්-19 අර්බූදය හමුවේ රැකියා අහිමිවන සියල්ලන්ටද අදාල විය යුතුය. විරැකියාවෙන් සිටින කාලය තුල වැඩි දුර අධ්‍යාපනයට හා වෘත්තියාභිමුඛ කුසලතා වර්ධනයට පුහුණු වැඩසටහන් තිබිය යුතුය. ඔවුන්ට හා ඔවුන්ගෙන් යැපෙන අයටද අවශ්‍ය විටෙක ප්‍රතිකාර ගැනීමේ පහසුවද ඊට ඇතුළත් විය යුතුය.

    ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීමේ යෝජනාව සමග මේ සමාජ රක්ෂණ යෝජනාව සමාජ කතිකාවක් සමගින් ආණ්ඩුව හමුවේ තැබීමට පරිසර සංවිධාන, වෘත්තීය සමිති පමණක් නොව, සමාජයේ අනෙක් පාර්ශවද හවුල් විය යුතු ය. පරිසරය රැක ගැනීම පරිසරවේදීන්ට පමණක් පැවරෙන වගකීමක් නොවන්නකි. නගරයේ වායු දූෂණයට හා නාය යෑමට හසු වන්නේ පරිසරවේදීන්ම නොවේ.

    සමාජ රක්ෂණයකින් වාසි ලබන්නේ විශ්‍රාමිකයින් හා විරැකියාවෙන් සිටිනවුන් පමණක් නොවේ. ස්ථාවර සමාජයක වාසිය සියල්ලන්ට ඇති වාසියකි. එවැනි ස්ථාවර සාමකාමී සමාජයක පරිසරය සුරැකීමත් පහසු ය. එබැවින් මේ යෝජනා වෙනුවෙන් සක්‍රීය ජනතා ව්‍යාපාරයක් සමග දියුණු කතිකාවක අවශ්‍යතාව දැන් මග හැරිය නොහැක්කකි. කෝවිඞ්-19 විසින් අපට විවෘත කර ඇති වැදගත්ම තේරීම වන අලුත් ලෝකයක් වෙනුවෙන් ගමන් ඇරඹීම සඳහා වෙනත් මැදිහත්වීමක් අපට ඉතිරිව නැත. තව දුරටත් අශීලාචාර, අසංවර, දූෂිත සමාජයක් ලෙස පැවතිය නොහැකි බැවිනි.

    කුසල් පෙරේරා – 2020 අගෝස්තු 14 වන දින http://kusalperera.blogspot.com/2020/08/blog-post_14.html