ඉන්දීය හිටපු ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව දෝනි කියයි. සිය නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ දෝනි මේ පිළිබඳ සටහනක් තබා ඇත. ඉන්දීය මාධ්‍ය වාර්තාවලට අනුව පසුගිය වසරේ ජූලි මාසයේ පැවති එක්දින ලෝක කුසලාන තරගාවලියෙන් ඉන්දියාව අවසන් පූර්ව වටයට පිවිසීමෙන් පසුව දෝනි ක්‍රීඩා කර නොමැත.
Blog
-

මහනුවර පොලිස් නිල සුනඛයින් වෙන්දේසි වුණු හැටි මෙන්න
ශ‍්‍රි ලංකා පොලිසියේ නිල සුනඛ අංශය විසින් සුනඛ වෙන්දේසියක් අද දින මහනුවර පිහිටි නිල සුනඛ මුලස්ථානයේ දි පැවත් වුනා.
අද දින මෙම වෙන්දේසිය සදහා සුනඛයින් 25ක් ඉදිරිපත් තිබුනා. මෙයින් බොහෝ දෙනා වසර 10ක් පමන වු සුනඛයින් බවයි පොලිස් නිල සුනඛ අංශය සඳහන් කළේ.
පොලිස් නිල සුනඛ අංශය විසින් අද දින සිදු කරන ලද මෙම වෙන්දේසියේ දි Bride නම් Laboador වර්ගයේ සුනඛයා රුපියල් එක් ලක්ෂ එක් දහසකට (110,000) අලෙවි විම විශේෂයක් වුනා. 2018 වර්ෂයේ ජුනි මස 18 වෙනිදා උපත ලද මෙම සුනඛයා පරිත්‍යාගයක් ලෙස පොලිස් නිල සුනඛ කොටිඨාශයට ලැබි ඇති අතර මෙම සුනඛයා පොලිස් රාජකාරි සදහා පුහුණු කිරිමෙි දි අවශ්‍ය පරිදි පුහුනු කිරිමට නොහැකි විම මත මෙසේ වෙන්දේසි කිරිමට තීරණය කර තිබෙනවා.
මිට අමතරව සිම්බා නැමති සුනඛයා රුපියල් 50,000 කට රෙක්ස් නැමති සුනඛයා රුපියල් 23,000 කට රෙජි නැමති සුනඛයා රුපියල් 17.500 කට ලිලි නැමති සුනඛයා රුපියල් 16.000 කට වැනි මුදලකට වෙන්දේසි වි ඇති අතර අද දින පැවති වෙන්දේසියේ දි අවම මුදලකට වෙන්දේසි වි ඇත්තේ හිරොස් නැමති සුනඛයායි ඒ රුපියල් 1100 ක් වැනි මුදලකටයි.
අද දින මෙි සුනඛ වෙන්දේසියට ඉදිරිපත් කල සුනඛයන් 25 දෙනාම වෙන්දේසි කිරිමෙන් රුපියල් 315,800 ( තුන් ලක්ෂ පහලොස් දහස් අටසියයක්) ක මුදලක් පොලිස් දෙපාර්තමේන්තුවට ලැබි තිබෙනවා.
පොලිස් නිල සුනඛ අංශයේ රාජකාරි කිරිමෙි දි නිලධාරින්ට සහයාවු දිවයිනේ විවිධ අය අත්අඩංගුවට ගැනිම සහයවු හා විවිධ ආරක්ෂක කටයුතු මෙන්ම නැති වු පුද්ගලයින් සොයා ගැනිමට ද දක්ෂතා හා කුසලතාවයෙන් යුතු වු එහෙත් වයසට යාමත් සමග තවදුරටත් සේවයට යෙදිය නොහැකි සුණඛයින් රැසක්ම වෙන්දේසියේ දි පැමිණ සිටි පිරිස් විසින් මිලදි ගනු ලැබුවා.
එම සුුනඛයින් අතර මිමුරේ ප‍්‍රදේශයේ දි අතරමං වු ළමුන් සොයා ගත් රෙජි නැමති සුනඛයා මෙන්ම, ත‍්‍රිකුණාමලය ප‍්‍රදේශයේ සහාය වු රෝසි නැමති සුනඛයාත්, දකුණු පලාතේ සහයා වු බමිපර්, නිරෝෂ් හා අජා යන සුනඛයින් මෙන්ම දක්ෂතා දැක්වු ජෙසි,සිසි හා රෙක්ෂි වැනි සුනඛයින් ද සිටි බව මහනුවර නිල සුනඛ කොටිඨාශය සදහන් කර සිටියා.
-නෙත් නිව්ස්-
-

‘කාර්තික් ආර්යන්’ නිරෝගී – කඩවසම් සිරුරක් සඳහා අත්‍යවශ්‍ය කරුණු 04ක් හෙළි කරයි
කොවිඩ් වසංගතය ලංකාව සේම මුළු ලෝකයම අවුල්කර ඇත. අගුළු දැමීම, සමාජ දුරස්ථභාවය තබා ගැනීමට සිදුවීම මෙන්ම පොදු ස්ථාන වසා දැමීම නිසා ද තත්ත්වය තව දුරටත් බරපතළ වෙමන් පවතී.
මේ අතර ව්‍යායාම මධ්‍යස්ථාන වසා දැමීම ගැන බොහෝ රටවල දැඩි මැසිවිලි නැගේ. විශේෂයෙන් නාගරික තරුණ – තරුණියන් සේම මැදි වයසේ පසුවන පිරිස් ද මේ ගැන දැඩි කණස්සල්ලක් පළ කරති. ඔවුන් කියන්නේ තමන් වසර ගණනාවක් කරගෙන ආ ව්‍යායාම නතර කිරීමට සිදුවීම නිසා විවිධාකාර සෞඛ්‍ය හා මානසික ගැටලු ඇතිවන බවයි.
මේ අතර ව්‍යායාම කිරීම, නිරෝගීව සිටීම සහ මංශපේෂි වර්ධනය කර ගැනීම ගැන ජනප්‍රිය බොලිවුඩ් නළු (අතිෂය කඩවසම් සිරුරකට හිමිකම් කියන) කාර්තික් ආර්යන් තමන් විසින් අත්හදා බලා ඇති, අත්දැක ඇති න්‍යායන් 04ක් පසුගිය දා ඉදිරිපත් කළේ.
බොලිවුඩ් රසිකයින් අතර වෛරසයක් මෙන් පැතිර ගිය මෙම න්‍යායන් 04 ඔබ වෙනුවෙන් පරිවර්තනය කිරීමට අප පියවර ගෙන ඇත.
නිරෝගීව සිටීම සඳහා කාර්තික් ආර්යන් අනුගමනය කරන අත්‍යවශ්‍ය කරුණු හතර පහත දැක්වේ:
1. නිර්මාංශිකයින් මාංශ පේශි වර්ධනය කර ගැනීමට (muscles) යාම මිථ්‍යාවකි. එවැනි අවශ්‍යතාවක් තිබේ නම් ඔවුන් අනිවාර්යයෙන්ම කෘත්‍රීම විටමින් වර්ග සහ ශක්ති ජනක පාන (ස්ටෙරොයිඩ්)ගත යුතුයි. මේවා සිරුරට අතිෂය හානිකර ය.
2. ඩයට් කිරීම මගින් සිහින් සිරුරක් ලබා ගත නොහැකියි. ඒ සදහා ව්‍යායාම කළ යුතු අතර විධිමත් ආහාර රටාවක් අනුගමනය කළ යුතුය. (නොකා සිටියා කියා කෙට්ටු නොවේ)
3. සීනි සහිත ආහාර කෑමෙන් සහ පානය කිරීමෙන් සම්පූර්ණයෙන්ම වළකින්න. නමුත් ඔබේ ආහාර වේලට ලුණු ටිකක් ඇතුළත් කරන්න.
4. ප්‍රතිඵලය පැහැදිලිව පෙනෙන්නට අවම වශයෙන් මාස හතරක්වත් සිරුරට කාලය ලබා දෙන්න. ( මොහොතකින් කිසිවක් සිදුනොවේ)හොඳයි, අපි නිසැකවම සෑම වචනයක් සමඟම එකඟ වෙමු. ඔයාට කොහොම ද?

ෆිල්ම් ෆෙයාර් ඇසුරිණ් සකස් කළේ – තුෂාධවි
-

ගෝඨාගමනයේ මූලය “ජනවාරි විප්ලවයයි”
කෙසේ වුවද, ලාංකීය දේශපාලනයේ එක් යුගයක් දැන් අවසන්ව ඇති අතර නව යුගයක් ආරම්භ වෙමින් ඇත. මා “රාවය”ට ලියන ලිපි පෙළේ ඊළඟ අදියර එම නව යුගය තේරුම් ගැනීම සඳහා දැරෙන පොදු බුද්ධිමය ප්‍රයත්නයට කිසියම් හෝ දායකත්වයක් වනු ඇතැයි අපේක්ෂා කරමි.
පසුගිය ජනාධිපතිවරණයට පෙර පටන් මා “රාවය” පුවත්පතට ලියූ ලිපි මාලාව තුළ දිගින් දිගටම අවධාරණය කළ යමක් වී නම්, ඒ මෙයයි:
‘ලොව සෙසු බොහෝ තැන්වල සේම ශ්‍රී ලංකාව තුළද දක්ෂිණාංශික ජනතාවාදී දේශපාලන ව්‍යාපෘතියක හිස එසවීමක් සිදුවෙමින් පවතී; එය අපට රාජපක්ෂ හෙජමොනික ව්‍යාපෘතිය ලෙස හැඳින්විය හැකිය (“රාජපක්ෂවාදය” නොවේ); මෙම දේශපාලන ව්‍යාපෘතිය එක්සත් ජනපදයේ ඩොනල්ඩ් ට්‍රම්ප්, එක්සත් රාජධානියේ බ්‍රෙක්සිට් ව්‍යාපාරය සහ බොරිස් ජොන්සන්, ඉන්දියාවේ නරේන්ද්‍ර මෝඩි සහ අමිත් ෂා, තුර්කියේ තයීප් එර්දොගන්, හංගේරියාවේ වික්ටර් ඕබන්, බ්‍රසීලයේ ජයීර් බොල්සනාරෝ, පිලිපීනයේ රොද්‍රිගෝ ඩුටාටේ, ප්‍රංශයේ මරීන් ලපෙන් යනාදීන් ඔස්සේ වෙනස් ආකාරවලට ප්‍රකාශ වන ගෝලීය ප්‍රවණතාවක ලාංකීය “සදෘශ්‍යය” ලෙස සැලකිය හැකිය; නමුත්, එය ගෝලීය ප්‍රවණතාවක ලාංකීය “ප්‍රකාශනය” ලෙස ගැනීම අතිසරල වටහා ගැනීමක් බවද මම නොයෙක් වර පෙන්වා දුන්නෙමි.
ගෝලීය ප්‍රවණතාවක් ලෙස සමකාලීන දක්ෂිණාංශික ජනතාවාදය පැන නගින්නේ නව-ලිබරල්වාදයේ පොදු අර්බුදයට දක්වන ප්‍රතිචාරයක් ලෙසය. නමුත්, ඒ සමගම හුදෙක් එම ගෝලීය අර්බුදය ශ්‍රී ලංකාව තුළ ප්‍රකාශයට පත් වනවා හෝ පරාවර්තනය වනවා නොවේ.
ලාංකීය දේශපාලනයෙහි ආවේණික සුවිශේෂතා පවතී. එම සුවිශේෂතා නිර්මාණය වී සහ හැඩ ගැසී ඇත්තේ අප සමාජයන්හි දේශපාලනයේ ඓතිහාසිකත්වය අනුවය. එබැවින්, ලාංකීය සුවිශේෂකත්වයන් වෙනස් වන ගෝලීය සහ කලාපීය තත්ත්වයන් සමග දක්වන දයලෙක්තික සම්බන්ධය අපගේ පරීක්ෂාවට ලක් විය යුතුය. ලෙනින්ගේ වචනයෙන් කිව හොත්, “සංයුක්ත තත්ත්වය පිළිබඳ සංයුක්ත විශ්ලේෂණයක්” ගොඩ නැගිය හැක්කේ එලෙසය.
න්‍යායික රාමුව
තවද, එවන් සංයුක්ත දේශපාලන විශ්ලේෂණයකදී සැලකිල්ලට ගත යුතු තවත් වැදගත් මානයක් තිබේ. එනම්, දේශපාලන න්‍යාය සහ දර්ශනය තුළ සිදුවෙමින් පවතින සමකාලීන සංවාදයයි. මෙහිදී විශේෂයෙන්ම න්‍යාය සහ දේශපාලනය අතරැති සම්බන්ධතාව ගැනද යමක් කිව යුතුය. ඒ “ප්‍රායෝගික දේශපාලනයට න්‍යාය අවශ්‍ය නැත” වැනි විකාර සහගත අදහස් මෙකල ප්‍රචාරය වෙමින් පවතින නිසාවෙනි.
දේශපාලන න්‍යායන් යනු හුදෙකලා මනෝ ලෝකවල පවතින දේ නොව “මේ දැන් මෙතැන” පවතින තත්ත්වය වටහා ගන්නට (සහ වෙනස් කරන්නට) උපකාරී වන ප්‍රායෝගික දැනුම්ය. එවන් විශිෂ්ට සමකාලීන න්‍යායික ධාරාවක් නියෝජනය කරන ශන්තාල් මූෆ්ගේ මෑතකාලීන ලිවීම් අපගේ විශ්ලේෂණයන් තුළ බහුල වශයෙන් පරිශීලනය කෙරිණ.

ඉන්දියාවේ මෝදිට පමණක් දෙවැනි බල කණුව – අමිත් ෂා යුරෝපයේ දක්ෂිණාංශික ජනතාවාදයේ නැගීම පෙර දකින්නට මූෆ් සමත් වූවාය. ඇය විසින් පෙන්වා දෙන ලද වැදගත් කාරණයක් නම් එම දක්ෂිණාංශික ජනතාවාදයේ නැගීම සඳහා වාසි සහගත වූ තත්ත්වයන් නිර්මාණය කර දෙන ලද්දේ එතෙක් රාජ්‍ය බලය ඉසිලූ නව-ලිබරල් පාලක හවුල විසින්ම බවය. ඒ කෙසේද යත්, නව-ලිබරල් ප්‍රවේශය තුළ ලිබරල් අයිතීන් ගැන කොතරම් අවධාරණය වුවද ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රික නියෝජනය සහ සමානත්වය පිළිබඳ ඉල්ලීම් එමගින් නොතකා හැරිණ; එය “ප්‍රජාතන්ත්‍රවාදයෙන් තොර ලිබරල්වාදයකි.” මෙනිසා තමන්ව නියෝජනය නොකරන ප්‍රභූ පාලක පැලැන්තිය කෙරෙහි එල්ල වන්නා වූ පොදු විරෝධය මේ යුගයේ පොදු ලක්ෂණයක් බවට පත්ව තිබේ. එම විරෝධය සංවිධානය කරන්නට වාමාංශය අසමත් වන විට විපාක්ෂික දේශපාලනයේ හිඩැස පුරවනු ලබන්නේ දක්ෂිණාංශික ජාතිකවාදී ජනතාවාදී ප්‍රවණතා විසිනි. ඒ බොහෝ විට සුළු ජනවර්ග විරෝධය ඇතුළු නව-ගතානුගතිකවාදී දෘෂ්ටිවාදයන් මගින් ජනයා බල මුළු ගැන්වීම මගිනි. ලොව විවිධ තැන්වල ගොඩ නැගෙමින් පවතින දක්ෂිණාංශික ජනතාවාදී ප්‍රවණතාවල ආවේණික සුවිශේෂතා පැවතියද, ඒවා තේරුම් ගැනීමේදී මූෆ්ගේ න්‍යායෙන් ලැබිය හැකි ඉමහත් ආලෝකයක් තිබේය යන්න මගේ අදහසයි.
රාජපක්ෂ හෙජමොනික ව්‍යාපෘතියේ පළමු නැගීම

මූෆ්ගේ (හෝ වෙනත් කිසිවෙකුගේ) න්‍යායික අදහසක් කෘතීමව මෙරට දේශපාලනය තේරුම් කිරීම සඳහා අදාළ කළ නොහැකිය. නමුත්, අපගේ සමකාලීන දේශපාලන චලනයන් වටහා ගැනීමේ පර්යේෂණ කාර්යයේදී ඇයගේ න්‍යායන්හි අදාළත්වය පරීක්ෂා කොට බැලිය හැකිය. නැතිනම්, ඒවායින් කිසියම් විදර්ශනාත්මක ආලෝකයක් ලබා ගැනීමට ප්‍රයත්න දැරිය හැකිය. ඇතැම්විට, එමගින් න්‍යාය වඩා වැඩි දියුණු වීමටද හැකිය. මේ ප්‍රවේශය තුළ න්‍යාය සහ විශ්ලේෂණය අතර, (එමෙන්ම, විශ්ලේෂණය සහ භාවිතය අතර) ඇත්තේ එකිනෙක පරීක්ෂාවට ලක් වන සහ එකිනෙක පෝෂණය කෙරෙන සම්බන්ධයකි.
මගේ යෝජනාව වන්නේ මූෆ් යුරෝපයේ දක්ෂිණාංශික ජනතාවාදයේ නැගීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ඇතැම් නිරීක්ෂණ සමකාලීන ලංකාවේ රාජපක්ෂ ව්‍යාපෘතියේ (දෙවන) නැගීම තේරුම් කිරීම සඳහාද ප්‍රයෝජනවත් වන බවය.
රාජපක්ෂ ව්‍යාපෘතියේ පළමු නැගීම සඳහා පසුබිම් වූයේ 1994 සිට 2004 දක්වා කාල පරිච්ජේදය තුළ චන්ද්‍රිකා-රනිල් දෙපළගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වූ නව-ලිබරල් සම්මුතිවාදී දේශපාලනයයි; ටෝනි බ්ලෙයාර්ගේ නායකත්වයෙන් එක්සත් රාජධානිය තුළ සිදු වූවාක් සේ ශ්‍රී ලංකාවේද ප්‍රධාන ධනේශ්වර පක්ෂ දෙක අතර වෙනස මැකී යාම මෙම යුගය තුළ මානව දැක ගත හැකි විය.
මෙහිදී ශ්‍රී ලංකාවට අදාළ සුවිශේෂකත්වයක් වන්නේ අධිපති සිංහල බෞද්ධ ජාතිකවාදය ගතානුගතික ධනේශ්වර පක්ෂවලින් සාපේක්ෂ ස්වාධීනත්වයක් සහිතව සංවිධානය වීමයි. මේ දෙආකාරයෙන්ම සිදු වූයේ ගතානුගතික ප්‍රභූ පක්ෂ නායකත්වයන්හි හෙජමොනිය අර්බුදයට ලක් වීමයි. ප්‍රධාන ධාරාවේ පක්ෂයක් තුළින්ම ජනතාවාදී නායකත්වයක් හිස එසවීමට හැකි තත්ත්වයන් සැකසුණේ එසේය.

ගෝඨාගමනයේ මූලය “ජනවාරි විප්ලවයයි”
අප දැන් අත් දකිමින් සිටින්නේ රාජපක්ෂ හෙජමොනික ව්‍යාපෘතියේ දෙවන නැගීමයි. එය ආකාර කිහිපයකින්ම පළමුවැන්නෙන් වෙනස්ය. මෙවර එය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වය යටතේ සංවිධානය වූ සිංහල ව්‍යාපාරික පංති ස්ථරයක්, වෘත්තීයවේදී ශ්‍රේණියක් සහ මිලිටරි නිළධාරී තන්ත්‍රයක් විසින් ඉදිරිපත් කෙරුණු විධිමත් උපාය මාර්ගික වැඩ පිළිවෙලකින් සමන්විතය. එම වැඩ පිළිවෙලෙහි ආදර්ශය ලෙස ගැනෙන්නේ නැගෙනහිර ආසියාතික අධිකාරීමය ධනවාදී සංවර්ධන මොඩලයයි.
එසේම මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැගෙන්නේ එක්සත් ජනපදය විසින් 1990 දශකයේ ආරම්භයේදී දියත් කරන ලද ලිබරල් ජාත්‍යන්තර පර්යාය අර්බුදයට ගියා වූත්, චීනය සහ එක්සත් ජනපදය අතර තුෂ්ණි යුද්ධයක් ආරම්භ වෙමින් පවතින්නා වූත්, ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දු-පැසිෆික් කලාපය එම තුෂ්ණි යුද්ධයේ පරිධි-බිම බවට පරිවර්තනය වී තිබෙන්නා වූත්, ලොව පුරා දක්ෂිණාංශික ජාතිකවාදී ජනතාවාදී ප්‍රවණතා හිස ඔසවමින් තිබෙන්නා වූත්, මේ සියල්ලටමත් වඩා කොරෝනා වෛරස් වසංගතය හමුවේ අධිකාරීවාදී රාජ්‍යවාදී දේශපාලනයට නව සුජාතභාවයක් හිමි වෙමින් පවතින්නා වූත් වාතාවරණයක් තුළය. වෙනත් ලෙසකින් කිවහොත්, දේශීයව මෙන්ම ගෝලීයවද ජාතිකවාදී අධිකාරීවාදී දේශපාලන ධාරාවන්ට ඉතාම හිතකර තත්ත්වයන් සැකසෙමින් තිබේ. මෙරට යම් තරමකට හෝ ඉතිරිව තිබෙන ලිබරල් ප්‍රජාතාන්ත්‍රික අයිතීන් දැන් අනතුරට පත්වෙමින් තිබේය යන්න වටහා ගැනීමට කිසිවෙකුටත් සුවිශේෂී දේශපාලන විද්‍යා දැනුමක් අවශ්‍ය වන්නේ නැත.
නමුත්, ප්‍රශ්නය නම් මෙම රාජපක්ෂ ව්‍යාපෘතියේ දෙවන නැග්ම සඳහා උචිත තත්ත්වයන් සකසන ලද්දේ කව්රුන්/කුමක් විසින්ද යන්නයි. මෙහි පළමු “චූදිතයා” විය යුත්තේ 2015 නව-ලිබරල් යහපාලන ව්‍යාපෘතිය බව මගේ අදහසයි. යහපාලන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඉදිරිපත් වන ප්‍රචලිත විවේචනය වන්නේ නව පාලකයින් ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට අසමත් වීම නිසා ඔවුන් මහජන විරෝධයට ගොදුරු වූවාය යන්නයි.
නමුත්, යහපාලන ව්‍යාපෘතියේ අර්බුදයේ මූලයන් ඊට වඩා ගැඹුරට දිව යයි. එහි අර්බුදයේ මූලයන් පවතින්නේ එහි සමාරම්භය තුළමය. ඒ අන් කිසිවක් නොව මාදුළුවාවේ සෝභිත හිමිගේ මූලිකත්වයෙන් ආරම්භ වූ එම ව්‍යාපාරයේ ආරම්භයේදීම මහජනයාගේ ආර්ථිකමය සහ සමාජමය ඉල්ලීම් ප්‍රජාතාන්ත්‍රික කතිකාවෙන් බැහැර කරනු ලැබීමය. ඒ විසින් ඉදිරිපත් කරන ලද්දේ ව්‍යවස්ථාමය, නෛතික සහ ආයතනික ප්‍රතිසංස්කරණවලට සීමා කරන ලද ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කතිකාවකි. 2015 ජනවාරියේදී බලයට පත් ආණ්ඩුව ආර්ථිකමය ලෙස නියෝජනය කළේ නව-ලිබරල් සංස්ථාපිතයයි. ආර්ථිකය නිර්-දේශපාලනීකරණය කිරීම නව-ලිබරල් බලාධිකාරයේ ප්‍රධාන ගති ලක්ෂණයකි.
මේ අනුව, එම පාලකයින් තමන්ගෙන් දුරස් වූ, තමන්ව නියෝජනය නොකරන සහ තමන්ට සතුරු වූ පිරිසක් ලෙස බහුතර ජනයා විසින් දකිනු ලැබීම පුදුමයට කරුණක් නොවේ. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව පාලකයින්ට එරෙහි පොදු විරෝධය එහි උච්චස්ථානයට පත් විය. දක්ෂිණාංශික ජාතිකවාදී ජනතාවාදී නායකත්වයක් ලෙස රාජපක්ෂ ව්‍යාපෘතියට නැවත මතු විය හැකි වූයේ මේ වාතාවරණය තුළය.

මැතිවරණ දඬුවම
මෙවර මහා මැතිවරණයේ ප්‍රතිපල දෙස බැලූ විට අන් සියල්ලට පෙර එක් කරුණක් ඉතාම පැහැදිළිය. එනම්, 2015 ජනවාරි යහපාලන ව්‍යාපෘතියට නියමින් හෝ අනියමින් සම්බන්ධ වූ සියලුම පක්ෂ අති බහුතර ජනතාවක් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබෙන බවය. ඒ අතුරින් එක්සත් ජාතික පක්ෂය යළි ගොඩ ඒමට නොහැකි තරමේ අගාධයකට හෙළනු ලැබ ඇත. දෙමළ ජාතික සන්ධානයේ ගතානුගතික නායකත්වය විශාල පසුබෑමකට ලක්ව ඇත.
යහපාලන ව්‍යාපෘතියට සම්බන්ධ වී සිට පසුව එයින් වෙන් වූ නාගරික වාම-ලිබරල් බුද්ධිමය ශ්‍රේණියක් සමග සන්ධානගත වූ ජනතා විමුක්ති පෙරමුණ බරපතල බසුබෑමකට ලක්ව තිබේ. එය ජවිපෙ තනි පක්ෂයක් ලෙස ඉදිරිපත් වී 2018 පළාත් පාලන මැතිවරණයේදී ලබා ගත් ජන්ද සංඛ්‍යාවට වඩා ලක්ෂ දෙක හමාරක් පමණ අඩු ජන්ද සංඛ්‍යාවකි. බහුතර ජනතාවක් විසින් ප්‍රතික්ෂේප කොට ඇත්තේ ජවිපෙට වඩා ජාතික ජන බලවේගය බැව් පෙනේ.
කෙසේ වුවද, ලාංකීය දේශපාලනයේ එක් යුගයක් දැන් අවසන්ව ඇති අතර නව යුගයක් ආරම්භ වෙමින් ඇත. මා “රාවය”ට ලියන ලිපි පෙළේ ඊළඟ අදියර එම නව යුගය තේරුම් ගැනීම සඳහා දැරෙන පොදු බුද්ධිමය ප්‍රයත්නයට කිසියම් හෝ දායකත්වයක් වනු ඇතැයි අපේක්ෂා කරමි.
සුමිත් චාමින්ද
-

නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම ලබන 20 වැනිදා පස්වරු 3.00 ට
අගෝස්තු 20 වැනිදින පැවැත්වෙන නව වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේ මංගල රැස්වීමේදී ජනාධිපතිවරයා විසින් නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ අනුව ප.ව 3.00ට ජනාධිපතිවරයා මංගල රැස්වීමේ මුලසුන ගැනීමට නියමිත අතර,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (2) ව්‍යවස්ථාව මගින් විධිවිධාන සළසනු ලැබ ඇති පරිදි, නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම ද ජනපතිවරයා විසින් සිදු කෙරේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව වෙත පැමිණෙන අවස්ථාවේදී කථානායකවරයා හා පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා විසින් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැට පෙළ අසලදී ජනපතිවරයා පිළිගැනීමට නියමිත අතර ජනාධිපති ධජය උඩුකුඹූ කිරීම ඉන් අනතුරුව සිදු කිරීමට නියමිතය.
වේත්‍රධාරි,නියෝජ්‍ය වේත්‍රධාරි සහ සහකාර වේත්‍රධාරි පෙරටු කරගත් කථානායකවරයා සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා විසින් අතිගරු ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්දිරය වෙත කැදවා ගෙන යනු ලැබීමෙන් අනතුරුවජනාධිපතිවරයා විසින් මූලාසනයේ සිට නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ අතර එදින උදෑසන 9.30ට අභිනව පාර්ලිමේන්තුව රැස්වන අතර එහිදී පළමුව කථානායකවරයා තෝරාපත් කර ගැනීමෙන් පසු මන්ත්‍රීවරු දිවුරුම හෝ ප්‍රතිඥාව ලබා දීම සිදුකෙරේ. ඉන්පසුව නියෝජ්‍ය කථානායකවරයා සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා පත්කර ගැනීම සිදුවේ. අනතුරුව කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව ප.ව 3.00 දක්වා කල්තබනු ඇත.
-

සිරිසේන ඉතාම නින්දිත, නීච විදිහට ශ්‍රීලනිපය විනාශ කළා – ශ්‍රීලනිපය කෑ සිරිසේනට චන්ද්‍රිකා විශේෂ ප්‍රකාශයකින් අමතයි (වීඩියෝ)
මගේ තාත්තා බිහි කරපු, අපෙ අම්මා ආරක්ෂා කරපු, මම සංවර්ධනය කරපු පැරණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැන් ඇති වෙලා තියෙන ඉරණම ගැන මට කණගාටුයි. මහින්ද පක්ෂය විනාශ කිරීම සූක්ෂම විදිහට කරා. සිරිසේන ඉතාම නින්දිත විදිහට, නීච විදිහට ඒක කළා’ යැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය පවසයි.
ඒ මහත්මිය මේ බව ප්‍රකාශ කර සිටියේ අද (14) මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් ලබා දෙමින්.
“මෙවර මහ මැතිවරණයේදී පොහොට්ටුව ලබා ගත් ඡන්ද ප්‍රමාණය පෙර පැවති ජනාධිපතිවරණයේදී ලබා ගත් ඡන්ද ප්‍ර්‍රමාණයටත් වඩා අඩු උනත් 2/3ක බලයක ලැබෙන්න ප්‍රධාන හේතුව ජේ.ආර්.ගෙ බහුබූත ව්‍යවස්ථාව. අනෙක් හේතුව දුර්වල විපක්ෂය..
ලංකාවේ පැවති ප්‍රධාන පක්ෂ දෙකම මේ වන විට විනාශ වී එවරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොහෙද කියලා මං තාම කොයනවා සිරිසේන මේක විනාශ කරාට පස්සේ අවුරුදු 5ක් තිස්සේ රාජපක්ෂ ආරම්භ කරපු කටයුත්ත. එක්සත් ජාතික පක්ෂය කෑළි කෑලි වලට කැඩිලා විසිරිලා තියෙන්නේ. මේ රටේ ප්‍රධාන පක්ෂ 2ම කැඩී බිඳී සුණු විසුණු වී ගොස් තියෙන වෙලාවක අළුතෙන් ආරම්භ කළත් ශක්තිමත් පක්ෂයක් හදපු රාජපක්ෂශක්තිමත් නායකයෙක්, එතුමගෙ දර්ශනයට සහ ක්‍රියා කලාපයට මම එකඟ නොවුණත්. හොරකමට, මිනී මැරුම් වලට මම එකඟ නෑ.
විපක්ෂයේ ශක්තිමත් නායකයන් නෑ. ඒ වගේ තත්වයක් තුල විපක්ෂය අඩු ඡන්ද ප්‍රමාණයක් ලබා ගැණීම මට නම් පුදුමයක් නෙවෙයි. ඒත් අනුපාත ඡන්ද ක්‍රමය තිබ්බා නම් විපක්ෂයේ මන්ත්‍රීවරුන් වැඩි වෙලා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීන් ගණන අඩු වෙන්න තිබ්බා.
මගේ තාත්තා බිහි කරපු, අපෙ අම්මා ආරක්ෂා කරපු මම සංවර්ධනය කරපු පැරණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැන් ඇති වෙලා තියෙන ඉරණම ගැන මට කණගාටුයි. මහින්ද පක්ෂය විනාශ කිරීම සූක්ෂම විදිහට කරා. සිරිසේන ඉතාම නින්දිත විදිහටන් නීච විදිහට ඒක කරා. අපේ පක්ෂයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ප්‍රතිපත්ති තියෙන පොහොට්ටුව එක්ක එකතු වෙනවට අපි කැමැති නෑ.” යැයි එතුමිය පවසයි.
-

CTB බස්වල පාට වෙනස් කරන්න සූදානමක්..!
පාසල් ළමුන්ගේ ආරක්ෂාව සඳහා ජූලි මාසයේදී කරන ලද යෝජනාවකට අනුව පාසල් ප්‍රවාහන සේවා සඳහා භාවිතා කරන සියලුම ශ්‍රී ලංකා ප්‍රවාහන මණ්ඩල (SLTB) බස් රථ කහ පැහැයෙන් වර්ණාලේප කර තිබෙනවා.
පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමේ යෙදී සිටින සියලුම පෞද්ගලික වාහන ද යෝජනාවට අනුව ක්‍රමයෙන් කහ පැහැයෙන් වර්ණාලේප කිරීමට නියමිතයි.
පාසල් ප්‍රවාහන සේවාවලට සම්බන්ධ සියලුම බස් හා වෑන් රථ කහ පැහැයෙන් වර්ණාලේප කළ යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දීමෙන් පසුව මෙම පියවර ගෙන තිබෙනවා.
මෙයින් පසු ප්‍රවාහන සේවා අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර සිටියේ පාසල් ප්‍රවාහන සේවා සඳහා භාවිතා කරන සියලුම බස් හා වෑන් රථ කහ පැහැයෙන් වර්ණාලේප කිරීම අනිවාර්ය බවයි.
පාසල් ප්‍රවාහන සේවා සඳහා භාවිතා කරන වෑන් රථ සංගම් හා පොලීසිය සමඟ කළ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති අතර, පාසල් ප්‍රවාහන සේවා සඳහා භාවිතා කරන බස් රථ සහ වෑන් රථ දෙකම කහ පැහැයෙන් වර්ණාලේප කළ යුතු යැයි අමාත්‍ය අමරවීර යෝජනා කළා.
පාසල් ළමුන් ප්‍රවාහනය කරන වාහනවලට ඇති තර්ජනය සහ ඔවුන්ගේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය දීම පිළිබඳව අදාළ සංගම්වල සහ පොලිසියේ නියෝජිතයින් මෙම යෝජනාවට එකඟ වී තිබෙනවා.
-

අලුත් පාර්ලිමේන්තුවේ ඉන්න හිටපු මන්ත්‍රීවරුන්ගේ දූ පුතුන් හා ළගම ඥාතීන් මෙන්න
අපි ගොඩක් මිනිස්සු බඩු මිල වැඩිවෙන වෙලාවට, නැත්නම් තමන්ට ආර්ථිකය, ජීවිතය, බිස්නස් අවුල් වෙලාවට බනින්නේම පාර්ලිමේන්තුවේ ඉන්න මැති ඇමතිවරුන්ට. ඒ වගේ කාලෙට සමහරු පාර්ලිමේන්තුව දියවන්නාවේ ගිලෙනකන් බලන් ඉන්නවා. සමහරු පාර්ලිමේන්තුවේ ඉන්න උන්ව කිඹුල්ලුම කන්න ඕනි කියනවා. තව සමහරු පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න ඕනි කියලත් කියනවා. මුන්ගේ තාත්තලා, පුත්තු, බාප්පලා, මාමලා, නෑයෝ පරම්පරාව තමා මේකට රිංග ගන්නේ කිය කියා දෙස් දෙවොල් තියනවා.
ඒත් එහෙම කියන අපි අතරේම ඉන්න ඡන්ද දායකයෝ වෙන ඒ මිනිස්සුම ආයෝ ඡන්දයක් ආපු ගමන් වැඩිම මනාපයෙන් පත්කර ගන්නේම ඉන්න අයගෙනම පරම්පරාවේ එකෙක් මයි.
අපේ අය ඒ විදියට මේ පාරත් ගොඩදාලා තියෙන පරම්පරා ගානත් පොඩි නැහැ. ඥාතී සම්බන්ධකම් ටික කියවලාම බලන්න කෝ…
1. මහින්ද රාජපක්ෂ (ඩීඒ රජපක්ෂගේ පුතා)
2. චමල් රාජපක්ෂ (ඩීඒ රාජපක්ෂගේ පුතා)
3. නිපුණ රණවක (ඩීඒ රාජපක්ෂගේ මුණුපුරා
මහින්දගේ නංගිගේ පුතා)4. ශෂීන්ද්‍ර රාජපක්ෂ (ඩීඒගේ පුණුපුරා / චමල්ගේ පුතා)
5. නාමල් රාජපක්ෂ (ඩීඒගේ මුණුපුරා / මහින්දගේ පුතා)
–
6. සජිත් ප්‍රේමදාස (අාර්. ප්‍රේමදාසගේ පුතා)7. මයන්ත දිසානායක (ගාමිණී දිසානායකගේ පුතා)
8. දිලුම් අමුණුගම (සරත් අමුණුගමගේ ඥාති පුතා)
9. හර්ෂණ රාජකරුණා (සරත්චන්ද්‍ර රාජකරුණාගේ පුතා)
10. අනුරාධ ජයරත්න (දිමු ජයරත්නගේ පුතා)
11. කංචන විජේසේකර (මහින්ද විජේසේකරගේ පුතා)
12. ඉම්රාන් මහරූෆ් (එම්.ඊ.එම් මහරුෆ්ගේ පුතා)
13. සාරතී දුෂ්මන්ත (එච්අාර් මිත්‍රපාලගේ පුතා)
14. ඩී.වී. චානක (ඩීවී උපුල්ගේ පුතා)
16. කාවින්ද ජයවර්ධන (ජයලත් ජයවර්ධනගේ පුතා)
18. ගයන්ත කරුණාතිලක (රූපා කරුණාතිලකගේ ඥාති පුතා)
19. චන්දිම වීරක්කොඩි (අමරසිරි දොඩංගොඩගේ ඥාති පුතා)
21. ඉසුරු දොඩංගොඩ (අමරසිරි දොඩංගොඩගේ පුතා)
22. ප්‍රසන්න රණතුංග (රෙජී රණතුංගගේ පුතා)
23. මල්ලිකා සොයිසා (රංජිත් සොයිසාගේ බිරිද)
24. ප්‍රමිත තෙන්නකෝන් (ජනකගේ පුතා / ටීබීගේ මුණුපුරා)
25. මංජුලා දිසානායක (සාලින්ද දිසානායකගේ බිරිද)
26. නිරෝෂන් පෙරේරා (පෙස්ටස් පෙරේරාගේ පුතා)
27. හරීන් ප්‍රනාන්දු (වින්සන් ඩයසගේ බෑණා)
28. රංජන් රාමනායක (චන්ද්‍රිකා කුමාරතුංගගේ ඥාති පුතා)
29. දිනේශ් ගුණවර්ධන (පිලිප් ගුණවර්ධනගේ පුතා)
30. අසංක නවරත්න (රංජිත් නවරත්නගේ පුතා)
31. අකිල එල්ලාවල (මොහාන් එල්ලවලගේ පුතා)
32. දුමින්ද දිසානායක (බර්ටි දිසානායකගේ පුතා)
33. ශෙහාන් සේමසිංහ (කේබී රත්නායකගේ දුවගේ පුතා)
34. රාජිකා වික්‍රමසිංහ (ශ්‍රීලාල් වික්‍රමසිංහගේ බිරිද)
35. මහින්ද යාපා අබේවර්ධන (ලක්ෂ්මන් යාපාගේ ඥාති සහෝදර)
36. කෝකිලා ගුණවර්ධන (අජිත් ගුණවර්ධනගේ නංගී)
37. තලතා අතුකෝරාල (ගාමිණී අතුකෝරාලගේ නැගණිය)
38. ජේසී අලුවතුවල (අලවතුවලගේ පුතා)
39. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ (ජේරාජ් ප්‍රනාන්දුපුල්ලේගේ බිරිද)
40. කනක හේරත් (මහීපාල හේරත්ගේ පුතා)
41. රමේෂ් පතිරණ (රිචර්ඩ් පතිරණගේ පුතා)
42. ලොහාන් රත්වත්තේ (අනුරුද්ධ රත්වත්තේගේ පුතා)
43. විදුර වික්‍රමනායක (රත්නසිරි වික්‍රමනායකගේ පුතා)
44. පවිත්‍රා වනනිඅාරචචි (ධර්මදාස වන්නිඅාරච්චිගේ දුව)
45. ජනක තෙන්නකෝන් (ටීබී තෙන්නකෝන්ගේ පුතා)
46. ආර්. සම්බන්ධන් (එස් සිවපාලන්ගේ ඥාති පුතා)
47. සුජිත් සංජය පෙරේරා (වින්සන්ට් පෙරේරාගේ පුතා)
48. තාරක බාලසූරිය (ජගත බාලසූරියගේ පුතා)
49. සීවී විග්නේෂ්වරන් (වාසුදේව නානායක්කාරගේ මස්සිනා)
50. කින්ස් නෙල්සන් (එච්ජීපී නෙල්සන්ගේ පුතා)
51. ජීවන් තොණ්ඩමාන් (සෞමමූර්ති තොණ්ඩමන්ගේ මීමුණුපුරා / ආරුමුගම්ගේ පුතා)
52. රෝහිණී කවිරත්න (පීබී කවිරත්නගේ ලේලිය)
53. වාසුදේව නානායක්කාර (හේමකුමාර නානායක්කාරගේ සහෝදරයා /විග්නේෂ්වරන්ගේ මස්සිනා)
55. යද්මිණි ගුණවර්ධන (දිනේශ් ගුණවර්ධනගේ පුතා)
56. වරුණ ලියනගේ (හීන්මහත්තයා ලියනගේගේ පුතා)
57. අජිත් නිවාඩ් කබ්‍රාල් (මහින්ද රාජපක්ෂගේ මස්සිනා)
58. කපිල අතුකෝරාල (එම්.කේ.ඩී.එස්.ගුණවර්ධන බෑණා)
59. ගජේන්ද්‍ර පොන්නම්බලම් (කුමාර් පොන්නම්බලම්ගේ පුතා)
60. මහින්දානන්ද අලුත්ගමගේ (දිමු ජයරත්නගේ බෑණා)
(අන්තර් ජාලයෙන් උපුටා ගත්තකි.)
ඔන්න බලන් ..සකි..
ලoකාවේ(සිරි ල0කාවේ) පවුල්පාලනය නොහොත් අපි ආඩම්බරයට සැනසෙන්න කියන අපේ දේශපාලනය.. -

චීනයේ ෂැංහයි වෙත මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවීම: ශ්‍රීලංකන් ගුවන් සේවය කරුණු පැහැදිලි කරයි
චීනයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය (CAAC) විසින් කොළඹ-ෂැංහයි ශ්‍රීලංකන් ගුවන් මෙහෙයුම් සති හතරක කාලයක් තාවකාලිකව අත්හිටුවීම සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය මෙසේ කරුණු පැහැදිලි කර සිටියි.
2020 අගෝස්තු මස 7 වන දින ශ්‍රීලංකන් ගුවන් සේවය ඩුබායි සිට කොළඹ හරහා ෂැංහයි දක්වා චීන ජාතිකයින් 223 ක් රැගත් විශේෂයෙන් වෙන්කරවා ගත් ගුවන් යානාවක් (charter flight) ක්‍රියාත්මක කළේය. මෙම ගුවන් ගමනට පෙර ශ්‍රීලංකන් ගුවන් සේවය ඩුබායි සිට ෂැංහයි දක්වා මේ හා සමාන ගුවන් ගමන් දෙකක් ක්‍රියාත්මක කළ අතර එහි කිසිදු COVID පරීක්ෂණය ධනාත්මක වූ පුද්ගලයින් සිටි බව වාර්තා නොවීය.
අගෝස්තු මස 7 වන දින ක්‍රියාත්මක වූ මෙම විශේෂ ගුවන් ගමනේ සංවිධායකවරුන් විසින් සියළුම මගීන්ට දේශීය පිළිගත් ආයතනයකින් COVID PCR පරීක්ෂණය ලබා ගන්නා ලෙස අවධාරනය කළ අතර අනෙකුත් ප්‍රමුඛ ජාත්‍යන්තර ගුවන් සමාගම් විසින් ද භාවිත කරනු ලබන ක්‍රමවේදයට අනුව ගුවන් යානයේ සිටි මගීන් 223 දෙනා සඳහා PCR පරීක්ෂණ සිදු කරනු ලැබීය. මෙම පරීක්ෂණ ක්‍රියාවලිය ගුවන් යානයට ගොඩවීමට පැය 72 කට පෙර සිදු කරන ලද අතර එහි දී සෘණාත්මක පරීක්ෂණ ප්‍රතිඵල පෙන්වූ සියලු මගීන්ට ගුවන් යානයට ගොඩවීමට අවසර ලබාදෙන ලදී.
මෙම ක්‍රියාවලිය ඩුබායි සිට චීනය බලා පියාසර කිරීම සඳහා අනිවාර්ය අවශ්‍යතාවයක් ලෙස නොසැලකූ අවස්ථාවක පවා මගීන් සහ කාර්ය මණ්ඩලය සඳහා ගනු ලබන ආරක්ෂිත පියවරක් ලෙස මෙම පරීක්ෂණ සිදු කරන ලදී.
කෙසේ වෙතත් මෙලෙස ආරක්ෂිත පියවරයන් ගත් නමුත් එම ගුවන් යානයේ පියාසර කළ මගීන් 25 දෙනෙකු චීනයට පැමිණි පසු COVID පරීක්ෂණය ධනාත්මක වූ බව චීන බලධාරීන් පසුව තහවුරු කරගන්නා ලදී.
COVID – 19 ව්‍යාප්ත වීමෙන් පසු, චීනයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය (CAAC) විසින් 5-1 ප්‍රතිපත්තිය නමින් නව ප්‍රතිපත්තියක් හඳුන්වා දී ඇති අතර එහි සඳහන් ගුවන් සීමාවන්ට අනුව චීනයේ එක් ස්ථානයකට සතියකට එක් ගුවන් ගමන් වාරයක් පමණක් සිදු කිරීමට අවස්ථාව හිමිවේ.
මෙම නව ප්‍රතිපත්තියට අනුකූලව කටයුතු කරමින් ශ්‍රීලංකන් ගුවන් සේවය එක්සත් රාජධානියේ සහ ඩුබායි සිට චීනය දක්වා චීන මගීන් 3000 කට වැඩි පිරිසක් සඳහා ගුවන් පහසුකම් සපයමින් එවැනි විශේෂ ගුවන් ගමන් 15 ක් ක්‍රියාත්මක කර තිබේ.
CAAC නව ප්‍රතිපත්තියට අනුව, ගුවන් යානයක COVID ධනාත්මක වීම් අවස්ථා පහකට වඩා තිබේ නම් තාවකාලික ගුවන් ගමන් අත්හිටුවීම් සිදු කරනු ලැබේ. ඒ අනුව අගෝස්තු මස 7 වන දින ක්‍රියාත්මක වූ ශ්‍රීලංකන් විශේෂ ගුවන් යානයේ සිටි මගීන් 23 දෙනෙකු COVID පරීක්ෂණය ධනාත්මක වී ඇති අතර, එම නිසා නව රෙගුලාසි වලට අනුව CAAC විසින් ශ්‍රීලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් සති හතරක් තාවකාලිකව අත්හිටුවන ලදී.
ශ්‍රීලංකන් ගුවන් භාණ්ඩ ප්‍රවාහනය කිසිදු බලපෑමකින් තොරව ක්‍රියාත්මක වේ.
ආයතනික සන්නිවේදන අංශය ශ්‍රීලංකන් ගුවන් සමාගම
-

මෙරට සිටින විදෙස් ශ්‍රමිකයන්ට අනිවාර්ය බද්දක්
ශ්‍රී ලංකාව තුළ රැකියාවල නිරතව සිටින සියලු විදේශිකයන්ගෙන් අනිවාර්ය බද්දක් අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. මෙතෙක් අයකළ උපයන විට ගෙවීමේ බද්ද වෙනුවට මෙම නව බද්ද හඳුන්වා දී තිබේ. එය නම්කර තිබෙන්නේ විකල්ප පදනම මත අත්තිකාරම් පුද්ගල බද්ද ලෙසයි.
පසුගිය අප්‍රේල් 01 වැනිදා සිට රැකියාවල නිරත විදේශිකයන්ගෙන් මෙම බද්ද අය කෙරෙන අතර ඒ අනුව සේවායෝජකයින් විසින් 2017 අංක 24 දරන දේශීය ආදායම් විධිවිධාන පනතේ විධිවිධානවලට අනුව අදාළ සේවකයින්ගේ කැමැත්ත මත ඔවුන්ගේ වැටුපෙන් අඩු කරගෙන අත්තිකාරම් පුද්ගල බද්ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ගෙවිය යුතුයි.
මෙරට සේවයේ නියුතු සියලුම නේවාසික සේවා නියුක්තිකයන්ගෙන් සහ සියලුම වාසික එහෙත් පුරවැසියන් නොවන සේවා නියුක්තිකයන්ගෙන් එකඟතාව නොසලකා අත්තිකාරම් පුද්ගල බද්ද අය කිරීම අනිවාර්ය කර තිබෙනවා.
-

කැබිනට් අමාත්‍යාංශ 03කට නව ලේකම්වරු
කැබිනට් අමාත්‍යාංශ 03ක් සඳහා පත් කෙරුණු නව ලේකම්වරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ඊයේ (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
ඔවුන්ගේ නම් පහත පරිදි වේ.
- එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා – ලේකම්, අධිකරණ අමාත්‍යාංශය
- යූ.ඩී.සී. ජයලාල් මහතා – ලේකම්, වරාය හා නාවික අමාත්‍යාංශය
- මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා – බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය
-

උපාධිධාරීන් 50,000කට සහ අඩු ආදායම්ලාභීන් 100,000කට රැකියා ප්‍රදානය වහාම ඇරඹේ
මහ මැතිවරණය නිසා නතර කෙරුණු, එක්ලක්ෂ පනස් දහසක් දෙනා රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන නොපමාව ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණය කරයි.
රැකියා පනස් දහසක් රැකියා විරහිත උපාධිධාරීන් සඳහා වෙන් කෙරේ. ඉතිරි රැකියා ලක්ෂයට සුදුස්සන් තෝරා ගනුයේ සමාජයේ පහළම ආදායම් ස්ථරයට අයත් පවුල්වලිනි.
ජනාධිපති රාජපක්ෂ මැතිතුමා ගිය වසරේ නොවැම්බර් මස ධූරයට පත්වී සති කිහිපයක් ඇතුළත උපාධිධාරීන් 50,000ක් සහ අඩු ආදායම්ලාභීන් 100,000ක් රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන සැලසුම් කෙරිණ.
උපාධිධාරීන්ගෙන් අයැදුම්පත් කැඳවා සුදුස්සන් තෝරා ගැනීම පෙබරවාරි මස මුල් සතියේ ආරම්භ කරනු ලැබීය. අඩු ආදායම්ලාභී ලක්ෂයක් දෙනා සේවා නියුක්ත කිරීම පිණිස බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකායක් ස්ථාපනය කෙරිණ. ජනාධිපතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව දිළිඳු බවින් තොර ශ්‍රී ලංකාවක් බිහි කිරීම වැඩසටහනේ පරමාර්ථය විය.
2020 පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු රැකියා එක්ලක්ෂ පනස්දහසේ වැඩසටහන අත්හිටුවන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නියම කළේය. එබැවින් වැඩසටහන අත්හිටුවන ලදී. අගෝස්තු 05 මහ මැතිවරණය අවසන් වූ විගස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 08 වැනි පරිච්ඡේදයේ විධිවිධාන ප්‍රකාර විධායකය ස්ථාපනය කිරීමට ජනාධිපතිතුමා විසින් පියවර ගන්නා ලදී.
ජනරජයේ අභිනව අග්‍රාමාත්‍යවරයා අගෝස්තු 09 වැනිදා ධූරයේ දිවුරුම් දුන්නේය. පසුදා අග්‍රාමාත්‍ය ලේකම්වරයා පත් කෙරිණ. මැතිවරණයෙන් සතියකට පසු එනම් අගෝස්තු 12 වැනිදා කැබිනට් අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දුන්හ. අමාත්‍යාංශ ලේකම්වරු ඊයේ (13) පත් කරනු ලැබූහ. නව පාර්ලිමේන්තු සභා වාරය ලබන බ්‍රහස්පතින්දා (20) උත්සවශ්‍රීයෙන් ඇරඹේ.
පාලන තන්ත්‍රය විධිමත් පරිදි ස්ථපානය කිරීමෙන් පසු රැකියා එක්ලක්ෂ පනස්දහසේ වැඩසටහන නොපමාව ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමා තීරණය කළේය. රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය ලබන ඉරිදා (16) ජනාධිපති කාර්යාලයීය වෙබ් අඩවියේ පල කරනු ලැබේ. තෝරා ගනු ලැබූවවන්ට ලිපි යැවීම සඳුදා (17) ඇරඹේ. පත්වීම්ලාභීන් සැප්තැම්බර් 01 දා තමන්ට ආසන්නම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා කළ යුතුය. සුදුසුකම් ලැබූ උපාධිධාරීන්ගේ නම් ලේඛනයේ ඇතුළත්ව නැත්නම් ජනාධිපති කාර්යාලයෙන් විමසීමට පිළිවන.
තෝරාගත් අඩු ආදායම්ලාභී ලක්ෂය රැකියා නියුක්ත කිරීම ඒ සඳහාම ස්ථාපිත කාර්ය සාධක බලකාය විසින් සැප්තැම්බර් 01දා සිට ක්‍රියාත්මක කරනු ලැබේ.
-

සුපිරි බොලිවුඩ් නිළි කරීනා කපූර්ගේ ‘සරාගීම ඡායාරූප’Leak වෙලා !
කරීනා කපූර් ඛාන් කියන්නේ බොලිවුඩයේ අතිෂය ජනප‍්‍රිය නිළියක්. සිනමා භාෂාවෙන් කිව්වොත් ‘සුපිරි තරුවක්‘. සිනමා විචාරකයින්ට අනුව ඇය කිසිදා කඩා වැටෙන තරුවක් නොවෙයි. දශක දෙකක් ගෙවී යන ඇගේ සිනමා ජීවිතය තව දුරටත් ඔපවත් වෙමින් බොහෝ දේ එක්කරනු ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

කරීනාගේ සිනමා දිවියට දශක දෙකක් ගතවීම නිමිතෙන් පසුගිය දා සුප‍්‍රකට ෆිල්ම් ෆෙයාර් සඟරාව ඇය සමග විශේෂ සාකච්ඡාවක් කළා. එමෙන්ම මෙවර ෆිල්ම් ෆෙයාර් කවරය වෙන් වුණෙත් කරීනා වෙනුවෙන්.
ඉතිං, ෆිල්ම් ෆෙයාර් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවේදී කරීනාගේ විවිධ කෝණයන්ගෙන් යුත් සුපිරි, උණුසුම් ඡායාරූප එකතුවකුත් බිහි වුණා. මේ ඒ ඡායාරූප එකතුව.









Pictures by filmfare – Text by – Thushadhavi
-

අඹ ගහ මහළු ද ? ඵලදාව අඩුද ? මෙන්න අඹගස තිරිහන් කරන විද්‍යාත්මක ක්‍රමය
පුනර්ජනන කප්පාදුව සම්පූර්ණව වගාකරුගේ අභිමත ප‍්‍රකාර අඹ ගසක් ලැබීමට වසර දෙක හමාරක් පමණ ගතවෙනු ඇත. නිසි නඩත්තුවක් සහිතව තම පාලනයට යටත් කිරුළක් මෙතැන් සිට පවත්වාගෙන යාම වගාකරුගේ වගකීමයි. ප‍්‍රමාණවත් කිරුළක් වර්ධනයෙන් පසු කෘතිම උත්තේජනය මගින් මල් හට ගැන්වීමද කළ හැකිය.

පැළ තවානකින් මිලදී ගෙනැවිත් ඉතා සැළකිලිමත්ව ගෙවත්තේ සිටුවාගන්නා අඹ පැළයට නිදහසේ වැඩෙන්නට ඉඩ නොදී විද්‍යානුකූලව කප්පාදු කරමින්, හොඳින් ඵලදාව දෙන හුරුබුහුටි අඹ ගසක් නිර්මාණය කරගන්නා ආකාරය පසුගිය ලිපියකින් අප පෙන්වා දුන්නෙමු.
කිරුළේ පත‍්‍ර සියල්ලම හිරුරැසින් නැහැවී උපරිම ආහාර නිෂ්පාදනයක් සිදුවෙන අයුරින් අතු පන්තිය සකසා ගැනීම මේ කප්පාදුවේ ප‍්‍රධාන අරමුණ විය. ඊට අමතරව පළිබෝධ හානි අවම කරගැනීම උදෙසා ළපටි ගෙඩි ආවරණය කිරීමටත්, අස්වැන්න නෙළීම පහසු කරගැනීමටත් හැකිවෙන පරිදි ගසේ උස අඩුකරගැනීම ද තවත් අවශ්‍යතාවයක් තිබුණි.
ළපටි අඹ පැළයක් මේ ආකාරයට පුහුණු කරමින් තම අභිමතයට අනුව ගසක් නිර්මාණය කරගත හැකි වුවද, අද මෙරට තිබෙන බොහොමයක් අඹ ගස් සිටවූවා මිස මෙවන් පාලනයකට නතුවූ ඒවා නොවේ. ඒ නිසාම ඒවාහි වර්ධනය සිදුවී ඇත්තේ ගසට උවමනා පරිදිය. ඵලදාව දෙන්නේද සොබාදහමේ නියමයන්ට අනුව තම වර්ගයා නොනැසී පවත්වා ගැනීමට අවශ්‍ය ප‍්‍රමාණයක් බීජ නිපදවා පරිසරයට මුදාහැරීමට මිස, සිටවූ පුද්ගලයාගේ ආර්ථික ප‍්‍රතිලාභයන් පිරිමසන්නට නොවේ. අතු එකිනෙක අතිපිහිත වෙමින් පිහිටන නිසා මෙම ශාකවල සූර්යාලෝක ප‍්‍රතිග‍්‍රහණය ඉතා අකාර්යක්ෂමය.
ඒ හේතුවෙන්ම ඵලදාවද අවම අගයක් ගනී. ගස් උසින් වැඩි බැවින් සෑදෙන සුළු ගෙඩි ප‍්‍රමාණය වුවත් අපගේ ග‍්‍රහණයට නතුකර ගැනීම අපහසුය. සැළකිය යුතු ගෙඩි ප‍්‍රමාණයක් පලතුරු මැස්සාගේ හානියටත්, පැසී ඉදෙද්දී වවුලන් ලේනුන් වැනි වෙනත් සතුන්ගේ ආහාරය පිණිසත් යෙදවෙන්නේය. එවන් හානියක් විඳ දරාගනිමින් දිගටම සිටිය යුතු නැති බවත්, විද්‍යාත්මක ක‍්‍රමවේදයකට අනුව පැරණි අඹ ගසක් වුවත් කප්පාදුකර වගාකරුට හසුරුවාලිය හැකි ගසක් නිර්මාණය කළහැකි බවත් අඟුණකොළපැලැස්ස පර්යේෂණායතනයේ පර්යේෂකයින් පෙන්වා දී තිබේ. කෙසේනමුත් කප්පාදුවෙන් පසු, අස්වැන්න නොලැබෙන වසර දෙක තුනක්ද උදාවෙන නිසා වගාකරු එයටද සිත එකඟ කරගත යුතුවේ.

”දශක කීපයක් පැරණි අඹ ගසක් පවා මෙම දැඩි කප්පාදුව නමැති ක‍්‍රමවේදය යටතේ ‘තිරිහන්’ කරගන්න පුළුවන්. හුඟක්ම පැරණි ගස් වලට නම් මෙය ආර්ථික වශයෙන් ලාභදායක ක‍්‍රමයක් නෙවෙයි. පසේ හොඳින් තෙතමනය තිබෙන කාලයක් තමයි මේ සඳහා තෝරාගත යුත්තේ. හොඳින් වැඩුණු එක අත්තක් ඉතිරි කරලා අනෙක් අතු සියල්ල කපා දමනවා. තිබෙන මුළු අතු වලින් 80% ක් පමණ ඉවත්කිරීම මේ යටතේ සිදුවෙනවා. කප්පාදුව ආරම්භ කරන්නේ කුමන උසකින්ද යන්න තීරණය කළයුත්තේ වගාකරුගේ අභිමතය සහ ගසේ අතු බෙදීම සිදුවී ඇති ආකාරය අනුවයි. අපේ පර්යේෂණායතනයේ තිබෙනවා පොළොවේ සිට මීටර් 2.5, 3.0, 3.5, 4.0, 4.5 යනාදී උසින් කප්පාදුවට භාජනය කළ ශාක”

එසේ පවසන්නේ අඟුණකොළපැලැස්ස පර්යේෂණායතනයේ උද්‍යාන බෝග පිළිබඳ පර්යේෂණයන් මෙහෙයවන සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ ඩබ්ලිව්. ඒ. විජිතවර්ණ මහතායි. කරුණු එපරිදි නම් මේ වැසි සමය කප්පාදුවක් සඳහා උචිත කාලයක් වේ. අධික වැසි හා අධික වියළි කාල ම
ගහරින්නේ නම් වඩාත් යෝග්‍යය. අතු බොහොමයක් කපා දැමුව විටදී පසෙහි තිබෙනා ජලය කාර්යක්ෂමව ශාකය තුළට ඇද ගැනීමට ඉවහල් වන, පත‍්‍ර වලින් ජලය වාෂ්පවීම නිසා ගොඩනැගෙන චූෂණ බලය නොහොත් උත්ස්වේදන චූෂණය ශාකයට අහිමි වී යයි. ඒ නිසා කප්පාදුව සිදුකරන අවස්ථාවේදී ජලය පහසුවෙන් උරාගැනීම සදහා පසේ ජලය හොදින් තිබිය යුතුය.තෙතමනය පසේ හොඳින් තිබුනද එක අත්තක් ඉතිරි කරන්නේද යම් තරමක චූෂණයක්ද තිබිය යුතු නිසාමය. ඉතිරි කරන මෙම අත්ත ප‍්‍රධාන අත්තක් නොවන අතර ගසේ සමතුලිතතාවයට බාධාවක් නොවන පරිදි පත‍්‍ර හොඳින් තිබෙන කුඩා අත්තක් විය යුතුවේ. ඒ හරහා මූල පද්ධතියට අවශ්‍ය ආහාර නිපදවීමත්, වර්ධනයට අවශ්‍ය ජලය උරාගැනීමත් සිදුවේ. පැරණි අඹ ගසක් දරන මුළු අතු ප‍්‍රමාණයෙන් 80% ක් පමණ ඉවත් කරනවා යනු, විශාල දැව ප‍්‍රමාණයක් නිදහස් වීමකි. දුර්වල දැව වර්ගයක් නිසා මේවා කලක් තබාගැනීමද කළ නොහැකිය. එබැවින් කප්පාදුවෙන් පසු නිදහස්වෙන දැව සඳහාද ආර්ථික වටිනාකමක් ලබාගැනීමේ ක‍්‍රමයක් සූදානම් කරගෙන කප්පාදුව ඇරඹීම වඩාත් ඵලදායී වේ.
කප්පාදුවට භාජනය කරන ශාකයේ මුල් අතු බෙදීම ඉතා පහළින් සිදුවී තිබේනම්, බෙදුණු ස්ථාන පසුකර, පොළොවේ සිට අඩු උසකින් අතු කපා දැමිය හැකිවේ. එවන් ශාකයකින් ලැබෙන වාසිය වන්නේ කුඩයක් ආකාරයට මනාව විසිරුණු කිරුළක්, පොළොව මට්ටමේ සිට අඩු උසකින් නිර්මාණය කරගත හැකිවීමයි. මුල් ශාකයේ අතු බෙදී ඇත්තේ තරමක් ඉහළින් නම්, කප්පාදුව කළයුත්තේ ඊටත් ඉහළින් නිසා, ඉදිරියේදී නිර්මාණය වන ශාකය තරමක් උස එකක් වීම වැළක්විය නොහැකිය.

”අතු කැපීම සඳහා යාන්ත‍්‍රික කියතක් භාවිතා කළයුතුයි. කැපුම් තලය මත ජලය නොරැුඳෙන පරිද්දෙන් යම් ආනතියකින් කපන්නත් ඕනෑ. ඒ වගේම අත්තක් කපනකොට එය ප‍්‍රධාන කඳට සම්බන්ධ වෙන ස්ථානයෙන්ම නොකපා අඟල් කීපයක් දුරින් කපන්න ඕනෑ. දිලීරනාශකයක් කැපූ පෘෂ්ඨයේ ආලේප කිරීමත්, එය වියලූන පසු ඊට උඩින් සුදු එනමල් තීන්ත මගින් තුවාලය වැසීමත් කළ යුතුයි. මෙම තීන්ත ආලේපනය වසරකට වරක් පමණ කීප වතාවක් කළයුතු වෙනවා”
ශාකයේ මතු ආරක්ෂාව උදෙසා අනුගමනය කළයුතු පිළිවෙත් ගැන විජිතවර්ණ මහතා පවසන්නේ එවන් අදහසකි. කැපූ අතුවල මෙතෙක් කලක් අක‍්‍රියව තිබූ පාර්ශ්වික අංකුර දැන් ක‍්‍රියාත්මක වනු ඇත. තමාට අවශ්‍ය ආකාරයේ කිරුළක් සාදාගැනීම උදෙසා ප‍්‍රමාණවත් අතු සංඛ්‍යාවක් ඉතිරි කරගෙන අලූතින් සෑදෙන වැඩිපුර අතු වුවත් ඉවත් කිරීමට වගාකරු පසුබට නොවිය යුතුවේ. විශාල ප‍්‍රමාණයක් නව රිකිලි අලූතින් ලියලා එන බැවින් කිහිප වතාවක්ම රිකිලි .තුනී කිරීමට. සිදුවීම ස්වභාවිකය.
ළපටි දළු පහසුවෙන් ඇන්ත‍්‍රැක්නෝස් වැනි දිලීර රෝග වලටද, අඹ කීඩෑවා වැනි කෘමීන්ගේ හානියටද පාත‍්‍ර විය හැකි නිසා සංස්ථානික කෘමිනාශක සහ දිලීරනාශක යෙදීමද ආරක්ෂක පියවරකි. බොහොමයක් කප්පාදු කළ අඹ ගස් අසාර්ථක වන්නේ අලූතින් හටගන්නා රිකිලි වලට සිදුවන මෙවැනි ආසාදනයන් නිසා බැවින් කප්පාදුවෙන් පසු මෙය විශේෂයෙන් සැළකියයුතු කරුණක් වන්නේය. ශාකයේ ජීවී ක‍්‍රියාකාරිත්වය සඳහා සෑදී ඇති නව කිරුළ ප‍්‍රමාණවත් යයි සිතෙන්නේ නම්, පෙරදී ඉතිරි කරගත් පැරණි අත්තද දැන් කපා දැමිය හැකිවේ. බොහෝවිට මේ සඳහා වසරක් හෝ දෙකක් ගතවෙනු ඇත.
පුනර්ජනන කප්පාදුව සම්පූර්ණව වගාකරුගේ අභිමත ප‍්‍රකාර අඹ ගසක් ලැබීමට වසර දෙක හමාරක් පමණ ගතවෙනු ඇත. නිසි නඩත්තුවක් සහිතව තම පාලනයට යටත් කිරුළක් මෙතැන් සිට පවත්වාගෙන යාම වගාකරුගේ වගකීමයි. ප‍්‍රමාණවත් කිරුළක් වර්ධනයෙන් පසු කෘතිම උත්තේජනය මගින් මල් හට ගැන්වීමද කළ හැකිය.
තාක්‍ෂණික කරුණු – ඩබ්ලිව්. ඒ. විජිතවර්ණ – සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ
මාෂ හා තෙල් බෝග පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය, අගුණකොළපැලැස්සසනත් එම්. බණ්ඩාර – සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ, ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය, ගන්නොරුව
-

එජාපයේ දෙකොන ගිනි ගනිද්දී ‘රනිල් – කරු දෙන්නම’ ගොඩ යයි ද ?
එක්සත් ජාතික පක්ෂයට පසුගිය මහ මැතිවරණයේ ජාතික ලැයිස්තුවෙන් හිමි වූ මන්ත්‍රී ධුරයට රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට සූදානමක් ඇතැයි එජාප ජ්‍යෙෂ්ඨයෙක් අප සමග පැවසුවේය. ඔහු සදහන් කළේ පසුගිය මහ මැතිවරණයෙන් අන්ත පරාජයක් ලැබූ තම පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සම්බන්ධයෙන් ඇතිවී ඇති බරපතළ අර්බුදයට එකම විසදුම රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීම බවයි.
‘මේක පක්ෂය තුළ යළිත් අර්බුදයක් ඇතිවීමට හේතු වී තිබෙනවා. ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයට පමණක් නොව වික්‍රමසිංහ මහතා නායකත්වය අත් හැරීමට සූදානම් බව ප්‍රකාශ කිරීම සමග ඒ හා සම්බන්ධ අර්බුදයකත් තියුණු වෙමින් තිබෙනවා. මේ තත්ත්වය තුළ කොතරම් පරාජය වුණත් රනිල් වික්‍රමසිංහ මහතා හැර වෙනත් විකල්පයක් නැති බව යළි යළිත් තහවුරු වෙනවා. ඒ නිසා හොදම තීන්දුව තමයි පක්ෂය තුළ ස්ථිරසාර ලෙස නායකත්ව අර්බුදය විසදා ගන්නා තෙක් රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට යාම‘
මෙහිදී අප හා අදහස් දැක්වූ දේශපාලන විශ්ලේෂකයින් කිහිප දෙනකුම ප්‍රකාශ කළේ රනිල් වික්‍රමසිංහ වැනි අත් දැකීම් බහුල නායයෙකු පාර්ලිමේන්තුවේ සිටීම වත්මන් අති බහුතර ආණ්ඩුවට පවා ශක්තියක් බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රවීන දේශපාලන විශ්ලේෂක භාතිය බරුකන්ද මහතා සදහන් කළේ ‘එජාප නායකත්ව අර්බුදය කිසිදා විසදා ගත හැකි එකක් නොවෙයි. දැනි පාලිත රංගේ බණ්ඩාර වාගේ සුළු චරිත පවා නායකත්ව අර්බුදයට මැදිවීම හරහා සිදුවන්නේ අර්බුදය තව තවත තියුණු වීමට වඩා පක්ෂය තව දුරටත් කුණුවීමයි. ඒ නිසා එජාපයේ දෙවැනි පෙළ යථාර්ථය සහ තමන්ගේ ඇත්ත තත්ත්වය මනාව වටහා ගන්නා තෙක් රනිල් වික්‍රමසිංහ මහතාට තවත් කාලයක් පක්ෂ නායකත්වය දැරීමට සිදුවීම දැන් දේශපාලන යථාර්ථයක්. මොකද දැන් පක්ෂ නායකත්ව අරගලයට මැදිව සිටින පිරිසෙන් ජාතික නායකත්වයට සුදුසු පරිදි මුහුකුරා ගිය චරිතයක් ඇත්තේ නැහැ. යම් පමණකට මහ ලේකම් අකිල ගැන කල්පනා කළ හැකියි. ඒත් සජිත් පිළිටත් අභියෝගයක් වෙමින් පක්ෂය යළි ගොඩනැගීමට ඔහුට කොතරම් හැකියාවක් තිබේද ? ඒ සදහා රවී – වජිර ඇතුළු ජ්‍යෙෂ්ඨයින්ගෙන් කොතරම් සහායක් ලැබේද යන්න ප්‍රශ්නයක්. ඒ නිසා දේශපාලන යථාර්ථය තමයි රනිල් වික්‍රමසිංහ තවත් කාලයක් පක්ෂ නායකයා ලෙස සිටීම“
මෙහිදී භාතිය බරුකන්ද මහතා කියා සිටියේ ජාතික ලැයිස්තුවට සුුදුසුම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහතා හෝ හිටපු කතානායක කරු ජයසූරිය මහතා බවයි.
‘රනිල් වික්‍රමසිංහ වාගේ දැඩි පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදියෙක් ඕනෑම පාර්ලිමේන්තුවකට ශක්තියක්. ඔහු මේ පාර්ලිමේන්තුවෙත් සිටිය යුතුම චරිතයක්. ඔහුගෙන් ආණ්ඩුවට පවා වටිනාකමක් ලැබෙන බව සහතිකයි. මොකද එජාප ජාතික ලැයිස්තුව තුළ පාර්ලිමේන්තුවට ඔබින වටිනා චරිත නැහැ. හොදම සහ එකම විකල්පය තමයි රනිල් වික්‍රමසිංහ‘
-

තිස්ස, රංජිත්, ඉමිටියාස් සහ ඉරාන් ඇතුළු JSB 07කගේ නම් මැකොට
සමගි ජන බලවේගය විසින් තම ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 07 දෙනා නම්කර අදාළ නම් අද (13) පස්වරුවේදී මැතිවරණ කොමිෂම වෙත භාර දී තිබෙනවා. සමගි ජන බලවේගය විසින් ජාතික ලැයිස්තුවට නම්කර ඇත්තේ, පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, තිස්ස අත්තනායක, ඉරාන් වික්‍රමරත්න, හරීන් ප්‍රනාන්දු, ඉමිටියාස් බාකීර් මාකාර්, මයන්ත දිසානායක සහ ඩයනා ගමගේ මහත්මියයි.
