Blog

  • ඇමෙරිකාවේ මීළඟ උප ජනපතිනිය ‘අපේම කෙනෙක්’ වෙන හැඩ

    ඇමෙරිකාවේ මීළඟ උප ජනපතිනිය ‘අපේම කෙනෙක්’ වෙන හැඩ

    ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන් විසින් සිය උප ජනාධිපති අපේක්ෂිකාව ලෙස කමලා හැරිස් නම් කරනු ලැබ තිබේ. ඒ අනුව ඇමරිකානු ජනාධිපතිවරණයක උප ජනාධිපති අපේක්ෂකත්වය හිමි පළමු දකුණු ආසියානු ඇමරිකානුවා සහ කළු ජාතික කාන්තාව ලෙස කමලා ඉතිහාස ගත වෙයි.

    ඉන්දීය-ජැමෙයිකන් සම්භවයක් සහිත 55 හැවිරිදි කමලා හැරිසන් පළමුව ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තරග කළාය. උප ජනාධිපති අපේක්ෂකත්වය සඳහා ඇයගේ නම ඉදිරි පත් වූයේ ඉන් අනතුරුවයි.

    කමලා හැරිසන් කැලිෆෝනියා ප්‍රාන්තයේ හිටපු නීතිපතිවරියකි. ඇමරිකාව පුරා ජාතිවාදයට එරෙහි විරෝධතා පැවැත්වෙන අතර එහිදී දැඩි ලෙස චෝදනාවට ලක් වන ඇමරිකානු පොලිසිය සම්බන්ධයෙන් ප්‍රතිසංස්කරණ සිදු කළ යුතු බව ඇය දැඩිව අවධාරණය කරයි.

    කවුද මේ කමලා හැරිස්?

    Kamala Harris and Joe Biden at a Biden campaign event
    ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තරග කළ කමලා හැරිසන් ජනවාරි මස ඉන් ඉවත් වූ අතර පසුව ජෝයි බයිඩන් වෙත සිය සහාල පළ කළාය

    ඇය උපත ලැබුවේ කැලිෆෝනියාවේ ඕක්ලන්ඩ්හිදීය. ඇමරිකාවට සංක්‍රමණය වූ ඇයගේ මව ඉන්දියාවේ උපත ලබා ඇති අතර පියා ජැමෙයිකාවේ උපත ලැබූවෙකි.

    දෙමව්පියන් දික්කසාද වීමෙන් පසු කමලා හැදී වැඩී ඇත්තේ හින්දු භක්තික සිය මව ශ්‍යාමලා ගෝපාලන් හැරිසන් සමගය. ඇය පිළිකා පිළිබඳ පර්යේෂිකාවක් මෙන්ම සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ක්‍රියාකාරිනියකි.

    ඉන්දීය උරුමය සමග හැදී වැඩුණු කමලා සිය මව ඉන්දියාවේ සංචාරය කරන විට ඇය සමග එම ගමන් සඳහා එක් විය. නමුත් සිය මව ඕක්ලන්ඩ් හි කළු ජාතිකයන්ට අනන්‍ය වූ සංස්කෘතියට අනුගත වූ බව කමලා පවසයි. තමන් සහ සිය නැගෙණිය ද එම සංස්කෘතියට හුරු කළ බව ඇය වැඩිදුරටත් කියා සිටී.

    “තමන් කළු ජාතික දියණියන් දෙදෙනෙකු ඇතිදැඩි කරන බව මගේ මව හොඳින් වටහාගෙන සිටියා,” යනුවෙන් කමලා ‘he Truths We Hold’ නැමති සිය ස්වයං චරිතාපදානයේ සටහන් කර තිබේ.

    ස්ථීර පදිංචිය සඳහා පැමිණි දෙවන මව්රට තම දියණියන් දෙදෙනා කළු කෙල්ලන් වශයෙන් දකිනු ඇති බව සිය මව දැන සිටි බව කමලා එහි පවසා තිබේ. එමෙන්ම තමා සහ නැගෙණිය ආත්ම විශ්වාසයක් සහිත අභිමානවත් කළු ජාතික කාන්තාවන් ලෙස උස්මහත් කිරීමේ අධිෂ්ඨානයෙන් සිය මව පසු වූ බවත් ඇය පවසයි.

    කැලිෆෝනියා සෙනෙට් සභික කමලා හැරිස් මුල් වසරවලදී කෙටි කලක් කැනඩාවේ ද වාසය කර තිබේ. එවක ඇයගේ මව මැක්ගිල් විශ්වවිද්‍යාලයේ ගුරු රැකියාවක් ලබා ගත් අතර කමලා සහ නැගෙණිය මායා ද සිය මව සමග එහි ගියහ. වසර පහක කාලයක් ඔවුන් මොන්ට්‍රියල් හි පාසලක අධ්‍යාපනය ලැබූහ.

    උසස් අධ්‍යාපනය ඇමරිකාවේ නිම කළ ඇය හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ගත කළ කාලය වසර හතරකි. සිය ජීවිතය හැඩගැස්වීමට එම කාලය මහෝපකාරී වූ බව කමලා පවසයි.

    සිය අනන්‍යතාව ගැටළුවක් නොවූ බව සඳහන් කරන ඇය තමන් හඳුන්වා ගනු ලබන්නේ “ඇමරිකානුවෙක්” වශයෙනි.

    සමේ පැහැය හෝ පසුබිම මත දේශපාලනඥයන් යම් ස්ථානයකට ලඝු නොකළ යුතු බව කමලා 2019 වසරේදී ‘වොෂිංටන් පෝස්ට්’ වෙත පවසා තිබිණි.

    නීති ක්ෂේත්‍රය ඔස්සේ ඉහළට

    US Senator Kamala Harris
    ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු බ්‍රෙට් කැවනෝ (Brett Kavanaugh) ගබ්සාව පිළිබඳව දැරූ අදහස් සහ 2016 වසරේ පැවති ජනාධිපතිවරණයේදී රුසියානු අත පෙවීම් පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් දැඩිව ප්‍රශ්න කිරීම හේතුවෙන් ඇය ඩිමොක්‍රටික් පාක්ෂිකයින්ගේ දැඩි අවධානයට පාත්‍ර විය

    වසර හතරක් හාවර්ඩ් හි ගත කළ කමලා කැලිෆෝනියා විශ්වවිද්‍යාලයෙන් නීති උපාධිය හිමි කර ගත් අතර ඇලමෙඩා දිස්ත්‍රීක් නීතිපති කාර්යාලයෙන් වෘත්තීය ජීවිතය ආරම්භ කළාය.

    2003 වසරේදී ඇය ෆ්‍රැන්සිස්කෝ හි දිස්ත්‍රික් නීතිපති ධුරයට පත් විය. ඒ ඇය කැලිෆෝනියාවේ නීතිපති ධුරයට පත් පළමු කාන්තාව සහ කළු ජාතිකයා වීමට පෙරය. කැලිෆෝනියාව ඇමරිකාවේ ජනහගනය වැඩිම ප්‍රාන්තය වන අතර නීතිපති ධුරය එම ක්ෂේත්‍රයේ පවතින ඉහළම පදවියයි.

    නීතිපති ධුරයේ සිටි කාලය අතරතුර ඩිමොක්‍රටික් පක්ෂයේ නැගී එන තරුවක් වශයෙන් ඇය නමක් දිනා ගත්තාය. 2017 වසරේදී කමලා හැරිස්, කැලිෆෝනියාවේ කනිෂ්ඨ සෙනෙට් සභිකයෙකු ලෙස දිවුරුම් දුන්නාය.

    නොවැම්බර් 03 වෙනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ජෝ බයිඩන් ප්‍රතිවාදී ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව තරග කරනු ඇත.

    Text by – bbc

  • CCC පිල ශූරතාව පෙනෙන මායිමට

    CCC පිල ශූරතාව පෙනෙන මායිමට

    ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටිමින් සුපිරි කණ්ඩායම් 8 අතර තරග වටය ඇරැඹූ සී. සී. සී. පිල රාගම පිලට එරෙහිව පැවැති තරගයෙන් ඉනිමක සහ ලකුණු 125 ක ජයක් වාර්තා කිරීමට සමත්වීමත් සමඟ තරගාවලියේ ශූරතාව දිනා ගැනීමේ තවත් ආසන්නයට පැමිණීමට සමත්වූවේය.

    මෙම තරගයට පෙර ප්‍රසාද ලකුණු 54.57 ක් හිමිකරගෙන සිටි කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු සී. සී. සී. කණ්ඩායමට ලද ජයග්‍රයණයත් සමඟ තවත් ප්‍රසාද ලකුණු 19 ක් හිමිවිය. ඒ අනුව මේ වන විට සී. සී. සී. කණ්ඩායම මුලු ප්‍රසාද ලකුණු 73.57 ක් ලබමින් සෙසු කණ්ඩායම් වලට පහසුවෙන් ළඟාවිය නොහැකි ස්ථානයක් වෙත පැමිණ සිටියි. එන්. සී. සී. කණ්ඩායම ප්‍රසාද ලකුණු 55.68 ක්ද කෝල්ට්ස් කණ්ඩායම 46.32 ක්ද ලබා පිළිවෙළින් එම සටහනේ දෙවැනි සහ තෙවැනි ස්ථාන වල පසුවෙති.

    ප්ලේට් තරග වටයේ ප්‍රසාද ලකුණු 16.44 ක් ලබා සිව්වැනි ස්ථානයේ රැඳී සිටි මීගමුව ක්‍රීඩා සමාජය ලන්කන් ක්‍රීඩා සමාජයට එරෙහිව වාර්තා කරන ලද කඩුලු 5 ක ජය හේතුවෙන් ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය දක්වා පැමිණ සිටියි. මෙම තරග වටය ආරම්භයට පෙර ප්‍රසාද ලකුණු 20.42 ක් ලබා පළමු ස්ථානයේ සිටි ටැමිල් යුනියන් කණ්ඩායම එස්.එස්.සී. පිලට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කළද පූර්ණ තරග ජයග්‍රහණයට වඩා වැඩි ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් මීගමුව පිලට හිමිවීම මෙකී තත්ත්වයට හේතු වී තිබේ.

  • ඇමැතිවරු වෙනස් වුණත් සංස්ථා සභාපතිවරු – අධ්‍යක්ෂ මණ්ඩල හොල්ලන්න බෑ

    ඇමැතිවරු වෙනස් වුණත් සංස්ථා සභාපතිවරු – අධ්‍යක්ෂ මණ්ඩල හොල්ලන්න බෑ

    රජයේ සංස්ථා, මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතන සඳහා පත් කර සිටින සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වෙනස් නොකළ යුතු බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත ලිඛිතව දැනුම් දී තිබේ. 

    රජයේ සංස්ථා, මණ්ඩල හා ව්‍යාවස්ථාපිත ආයතන සඳහා පත් කර සිටින සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ යම් වෙනසක් සිදුකරන්නේ නම් ඒ සඳහා ජනාධිපතිවරයාගේ එකඟතාව ලබාගත යුතු බව අදාළ ලිපියේ සඳහන් වේ.

    අදාළ නියෝගය සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු දක්වමින් ජනපති ලේකම්වරයා සදහන් කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්විමෙන් අනතුරුව අදාළ ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරිම සිදුකරනු ලැබුවේ විශේෂ කමිටුවකින් ලැබුණු නිර්දේශ මත බවත් එම නිසා අදාළ තනතුරු සඳහා පත්කළ පුද්ගලයින් වෙනස් නොකර දිගටම කටයුතු කිරීමට එම නිලධාරින්ට අවස්ථාව ලබාදිය යුතු බව ජනාධිපතිවරයාගේ ස්ථාවරය බවයි.

  • නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ

    නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ

    නව කැබිනට් අමාත්‍යාංශ 25ක් සඳහා පත් කෙරුණු ලේකම්වරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණ.

    නව අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ.

    • ඩබ්.එම්.ඩි.ජේ. ප්‍රනාන්දු මහතා              – අමාත්‍ය මණ්ඩල ලේකම්
    • ආර්.ඩබ්.ආර්. පේමසිරි මහතා                – මහාමාර්ග අමාත්‍යාංශය
    • එස්.ආර්. ආටිගල මහතා                        – මුදල් අමාත්‍යාංශය
    • ජේ.ජේ. රත්නසිරි මහතා                       – රාජ්‍ය සේවා, පලාත් සභා සහ පලාත් පාලන
    • ජගත් පී.විජේවීර මහතා                        – ජනමාධ්‍ය අමාත්‍යාංශය
    • රවින්ද්‍ර හේවාවිතාරණ මහතා                 – වැවිලි අමාත්‍යාංශය
    • අනුර දිසානායක මහතා                         – වාරිමාර්ග අමාත්‍යාංශය
    • ඩබ්.ඒ. චූලානන්ද පෙරේරා මහතා         – කර්මාන්ත අමාත්‍යාංශය
    • වසන්තා පෙරේරා මහත්මිය                   – විදුලිබල අමාත්‍යාංශය
    • එස්. හෙට්ටිආරච්චි මහතා                     – සංචාරක අමාත්‍යාංශය
    • ආර්.ඒ.ඒ.කේ. රණවක මහතා               – ඉඩම් අමාත්‍යාංශය
    • එන්.පී.ඩී.යූ.කේ. මාපා පතිරණ මහතා   – කම්කරු අමාත්‍යාංශය
    • ආර්.එම්.අයි. රත්නායක මහත්මිය          – ධීවර අමාත්‍යාංශය
    • මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා – ආරක්ෂක අමාත්‍යාංශය
    • එම්.කේ.බී. හරිස්චන්ද්‍ර මහතා                – වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශය
    • එන්.බී. මොන්ටි රණතුංග මහතා           – ප්‍රවාහන අමාත්‍යාංශය
    • ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා          – ජලසම්පාදන අමාත්‍යාංශය
    • ජේ.එම්.බී. ජයවර්ධන මහත්මිය             – වෙළෙඳ අමාත්‍යාංශය
    • මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා   – සෞඛ්‍ය අමාත්‍යාංශය
    • මේජර් ජනරාල් (විශ්‍රාමික) ඒ.කේ. සුමේධ පෙරේරා මහතා – කෘෂිකර්ම අමාත්‍යාංශය
    • අනුරාධ විජේකෝන් මහතා                   – තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය
    • කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය                 – බලශක්ති අමාත්‍යාංශය
    • අද්මිරාල් (විශ්‍රාමික) ජයනාත් කොළඹගේ මහතා – විදේශ අමාත්‍යාංශය
    • වෛද්‍ය අනිල් ජාසිංහ මහතා                 –  පරිසර අමාත්‍යාංශය
    • මහාචාර්ය කපිල පෙරේරා මහතා           – අධ්‍යාපන අමාත්‍යාංශය
    • සිරිනිමල් පෙරේරා මහතා                     – නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය
  • ශ්‍රි ලංකන් ගුවන් සේවයෙන් චීනෙට ගිය 23කට කොරෝනා..!

    ශ්‍රි ලංකන් ගුවන් සේවයෙන් චීනෙට ගිය 23කට කොරෝනා..!

    ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 866 දරණ ගුවන් යානයෙන් අගෝස්තු 7 දා කොළඹ සිට ෂැංහායි වෙත ගමන් කළ මගීන් 23 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති බව චීනයේ ෂිංහුවා පුවත් සේවය වාර්තා කරයි.

    ඒ අනුව සති හතරක කාලයක් සඳහා කොළඹ – ෂැංහායි ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමටද චීනයේ සිවිල් ගුවන් සේවා පරිපාලනය කටයුතු කර තිබේ.

    මීට අමතරව එතිහෑඩ් ගුවන් සෙවයේ අබුඩාබි – ෂැංහායි ගුවන් යානයෙන් අගෝස්තු 3 දා චීනයට ගිය ගුවන් මගීන් 6කට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී හේතුවෙන් එම ගුවන් ගමන සතියක කාලයකට තාවකාලිකව අත්හිටුවා තිබේ.

    මීට අමතරව මැනිලා – ෂැංහායි ගමන් කරන MU 212 චයිනා ඊස්ටන් ගුවන් යානයෙන්ද අගෝස්තු 05 වැනිදා කොවිඩ් ආසාදිතයන් 6ක් වාර්තා වීමත් සමගින් එම ගුවන් ගමන්ද තාවකාලිකව සතියක කාලයක් අත්හිටුවා තිබේ.

    අබුඩාබි සිට පැමිණෙන Etihad ගුවන් සේවය, පිලිපීනයේ මැනිලා නුවර සිට පැමිණෙන චයිනා ඊස්ටර්න් ගුවන් සේවය සතියක කාලයක් අත්හිටුවීමට පියවර ගෙන ඇත.

    ඒ ඉකුත් අගෝස්තු 03 වෙනිදා පැමිණි Etihad ගුවන් සේවයට අයත් යානයේ සිටි මගීන් 6 දෙනෙකු සහ මැනිලා සිට  පැමිණි චයිනා ඊස්ටර්න් ගුවන් යානයේ තවත් මගීන් 06 දෙනෙකු හට මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරැ වීමෙන් අනතුරුව බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

  • හොංකොං හි අන්ධකාර කතාව “මිනීපෙට්ටි නිවාස”

    හොංකොං හි අන්ධකාර කතාව “මිනීපෙට්ටි නිවාස”

    “මිනී පෙට්ටියක පණපිටින් ජීවත් වෙන්න ලැබුණොත් මොන වගේ දැනේවිද..? ඒක මරණයට වැඩිය නරක අත්දැකීමක්.. ඒ අත්දැකීම මම වින්දේ නැති වුණත් ඒ අත්දැකීම විදින මිනිස්සු දැකපු පළවෙනි දවසේ මට ඒක ලොකු කම්පනයක් වුණා.. එදා මම ආපහු ගෙදර එනකොටත් මගේ ඇස් වලින් ගලන කදුළු නවත්තගන්න බැරි තරම්..

    හොංකොං හි “මිනී පෙට්ටි නිවාස“ ගැන “නැෂනල් ජියෝග්‍රැෆික්“ සගරාව හරහා ලොවට පෙන්වූ ඡායාරූප ශිල්පී බෙනී ලැම් තම අත්දැකීම ගැන එම සගරාවට ලියන්නට පටන් ගත්තේ ඒ අයුරිනි.
    හොංකොං ලෝකයේ ධනවත්ම ආර්ථික කලාපයකි. අහස උසට ගොඩනැංවුණු සුඛෝපභෝගී පහසුකම් සහිත ගොඩනැගිලි, නියෝන් එළියෙන් රාත්‍රියටත් දහවලක් මෙන් එළිය වුණු වීදි, දිවාරෑ විවෘතව ඇති වෙලද සැල්, ඒවායේ නිරන්තරව ගැවසෙන ධනවත් පාරිභෝගික ජනතාව ඇති හොංකොං ලෝකයේ වැදගත්ම වෙලද මධ්‍යස්ථානයකි.

    එහෙත් මේ ධනවත් නගරයේ දීප්තියට පසුපසින් සැගවී ඇතිි අන්ධකාර කතාව ගැන දන්නේ කීයෙන් කී දෙනාද.?

    හොංකොං හි ජනගහනය මිලියන 7.5 කට අධිකය. එහෙත් එහි ඉතිරිව ඇති ඉඩම් ප්‍රමාණය සීමා සහිතය. ඒ නිසා එහි ඉඩම් වල මිල ඉතා ඉහලය. නිවාස වල මිල සාමාන්‍ය වැසියන්ට දරන්නට බැරි තරම්ය. ලෝකයේ රටවල් වලින් නිවාස මිල අධිකම හොංකොං වල යැයි කියවෙයි. එබැවින් නිවාස අහිමි මිනිසුන් එහි බොහෝ ඇත. එවන් මිනිසුන්ට බොහෝ විට පිහිටට ඇත්තේ කුඩා කොටස් වලට බෙදුණු මහල් නිවාසයක කොටසක් පමණකි. මේ මහල් නිවාස කොටස් කොතරම් කුඩාද කිවහොත් ඒවා සාමාන්‍ය මිනී පෙට්ටියකට වඩා විශාල වනුයේ අගල් කිහිපයකින් පමණකි. මේ කුඩා කුටීර නිවාස හදුන්වනුයේ “මිනී පෙට්ටි නිවාස“ යනුවෙනි. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මේ කූඩු නිවාස හදුන්වනුයේ “මනුෂ්‍යත්වයට කරන බරපතල නිගාවක්“ වශයෙනි. එහෙත් නිවාස ගැටලුවට වෙනත් විකල්පයක් නැති කම හේතුවෙන්ම හොංකොං හි වැසියෝ 200,000 ක් පමණම මේ මිනීපෙට්ටි නිවාස වල ජීවත් වෙති. මේ 200,000 ක් වූ ජනගහනය අතර කුඩා දරුවන්ද හතලිස් දහසක් පමණ සිටින බව වාර්තා වෙයි.

    මේ මිනී පෙට්ටි නිවාස නිර්මාණය වෙන්නේ මහල් නිවාස කොටස් වලට බෙදීමෙනි. මහල් නිවාස කුඩා කොටස් වලට බෙදා කුලියට දීම එරට නීතියෙන් තහනම් වුවද මහල්නිවාස හිමියෝ තම නිවාස කොටස් වලට බෙදා අඩු ආදායම්ලාභී, නිවාස නැති මිනිසුන්ට බදුදීම තවමත් සිදු කෙරෙන කාර්යයකි. වර්ග අඩි 400 ක මහල් නිවාසයක් එහි හිමිකරුවන් විසින් අඩුම තරමේ කොටස් විස්සකටවත් බෙදනු ලබයි. හැකියාවක් ඇති නම් ඊටත් වඩා වැඩි කොටස් ප්‍රමාණයකට බෙදෙයි. මේ එක් කොටසක මාසික කුලිය හොංකොං ඩොලර් දෙදහසක් පමණ (ඇමරිකානු ඩොලර් 250ක් පමණ) වෙයි.
    එතරම් අධික මාසික කුලියක් ගෙවා ලබා ගන්නා නිවාසයක කාමරයක් බොහෝ විට දිගින් අඩි හයක් හා පළලින් අඩි දෙකහමාරක් පමණ වෙයි. හරියටම කිවහොත් මිනී පෙට්ටියකට වඩා අගල් කිහිපයක් විශාලය. මෙම නිවාසයකට ඇත්තේ අඩි දෙකහමාරේ අඩි හයේ කාමර දෙකකි. කුස්සියත් වැසිකිලියත් එක කාමරයකය. අනෙක් කාමරය ඉතිරි සියලු කටයුතු සදහාය.

    “නිදා ගැනීමේ පටන් උයා පිහා ගැනීම දක්වාම හැම දේම කරන්න ඒ මිනිස්සුන්ට තියෙන්නේ හැරෙන්නවත් ප්‍රමාණවත් නොවෙන ඉඩකඩක්.. හොංකොං වල තියෙන සෞභාග්‍යයෙන් එක දශමයක්වත් මේ මිනිස්සු අත් විදින්නෙ නෑ.. ඒ මිනිස්සු ගත කරන්නෙ සිරගත වුණ ජීවිතයක්..“ බෙනී ලැම් පවසයි.

    ලැම් නැෂනල් ජියෝග්‍රැෆික් සගරාවට ඉදිරිපත් කළ මේ එක් මිනීපෙට්ටි නිවාසයක ඡායාරූපයක් මේ සියලු කතාන්දර එකට පවසන කැඩපතක් බදු යැයි ඔහු පවසයි. එහි එක් මිනිසෙකු ඔහුගේ ඇදේ වැතිරී විවේක ගනියි. ඔහුට ඔහුගේ දෙපා දිගහැරගන්නට ඉඩ නැත. ඔහු සිටින්නේ දෙපා නවාගෙනය. එහෙත් දෙපා නවාගත් කළ ඔහුගේ දණහිස් දෙපස වූ බිත්ති වල වැදෙයි. සිටගත් විට ඔලුව හැපෙන තරමට පහත් සිවිලිමෙහි ඇදුම් එල්ලා ඇත. ලැම් කියන්නේ එරට රජයත් බලධාරිනුත් නිවාස ගැටලුවට වහ වහා විසදුම් සෙවිය යුත්තේ ඇයිදැයි තේරුම් ගන්නට මෙම ඡායාරූපයම කරුණු සපයන බවයි.

    “ඇයි අපි ඒ අය ගැන හිතන්නේ..? කෙනෙක් එහෙම අහන්න පුලුවන්.. ඒ අය අපේ ජීවිතයේ හැමදාම වගේ අපිට මුණ ගැහෙන අය.. අපට සමීප අය.. අපි කෑම කන අවන්හල් වලදි අපට සේවය කරන වේටර් වරු, අපි සතුටින් බඩු මිලදී ගන්න සාප්පු සංකීර්ණ මුරකරන ආරක්ෂක නිලධාරීන්, කාර්යාල රෝහල් පිරිසිදු කරන පිරිසිදු කිරීම් සේවකයින්, අපිට එදිනෙදා මුණ ගැහෙන කම්කරුවන්.. මේ වගේ අය තමයි මේ මිනී පෙට්ටි වල ජීවත් වෙන්නෙ.. ඔවුන්ගෙයි අපෙයි වෙනස මොකක්ද..? අපි ජීවත් වෙනවා.. ඔවුන් මැරි මැරී ජීවත්‍ වෙනවා.. මේක මනුෂ්‍යත්වයට කෙරෙන නිග්‍රහයක්..“ බෙනී ලැම් පවසයි.

    -උපුටා ගැනීමකි-

  • පළමු හොලිවුඩ් වීනස් ජගත් සිනමා උළෙලේ ‘හොඳම නළුවා’ සම්මානය ලංකාවට

    පළමු හොලිවුඩ් වීනස් ජගත් සිනමා උළෙලේ ‘හොඳම නළුවා’ සම්මානය ලංකාවට

    චතුර විමර්ෂ ප්‍රනාන්දුගේ ‘One Blood’ කෙටි චිත්‍රපටය

    හොඳම නළුවා ශ්‍යාම් ප්‍රනාන්දු

    රටවල් 100කට අධික තරගකාරී කෙටි චිත්‍රපට 1000ක්

    පළමු වැනි හොලිවුඩ් අන්තර්ජාතික කෙටි චිත්‍රපට උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය රංගන ශිල්පී ශ්‍යාම් ප්‍රනාන්දුට හිමි විය. ඒ චතුර විමර්ෂ ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ ‘One Blood’ කෙටි චිත්‍රපටයේ රඟපෑ ප්‍රධාන භූමිකාව සඳහාය.

    කැලණිය විශ්වවිද්‍යාලයේ සිව්වැනි වසර විද්‍යාර්ථියෙකුව සිටිය දී චතුර ප්‍රනාන්දු පිටපත් රචනය කොට අධ්‍යක්ෂණය කළ මෙම කෙටි චිත්‍රපටය පිය පුතු සබඳතාවය පිළිබඳ තමා කළ මනෝවිද්‍යාත්මක අධ්‍යයනයක කලාත්මක එළිදැක්වීමක් බව අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.

    පිය-පුතු සබඳතාව මතින් පැන නගින සර්වකාලීන ඝට්ටනය විසින් නව ලෝකය බිහි වන බව සංකේතාත්මකව මෙන් ම මනෝවිශ්ලේෂණාත්මකව ද අවධාරණය කෙරෙයි. සිග්මන් ෆ්‍රොයිඞ් ඉදිරිපත් කළ ඊඩිපස් සංකීර්ණය ද, ග්‍රීක පුරාණොක්තිවල සඳහන් ක්‍රෝනස් සහ සියුස් අතර ගැටුම ද, අපට සමීප සිංහබාහු කතාන්දරයේ සිංහයා හා සිංහබාහු අතර ගැටුම ද මූලික වශයෙන් ‘One Blood’ ප්‍රස්තුතයට සමානය.

    චතුර විමර්ෂ ප්‍රනාන්දු

    Jaffna international film festival (2019), Agenda 14 film festival (2019), Pinwood studio London සංවිධානය කරන ඛසඓ Lift off global first-time filmmaker session (2019) යන කෙටි චිත්‍රපට උළෙලවල අවසන් වටයේ නිර්මාණ අතරට ද චතුර ප්‍රනාන්දුගේ ‘One Blood’ කෙටි චිත්‍රපටය නිර්දේශ වී ඇත.

    ‘One Blood’ සඳහා ශ්‍යාම් ප්‍රනාන්දු, චරින්ද්‍ර චන්ද්‍රසේන, චවිරු පෙරේරා රංගනයෙන් ද, සචිත් බුද්ධික මනම්පේරි, විමුක්ති සෝලංගආරච්චි කැමරාකරණයෙන් ද, විමුක්ති සෝලංගආරච්චි සංස්කරණයෙන් ද, හංස ප්‍රනාන්දු සංගීතයෙන් ද, ලක්ෂිත ජයකොඩි අංග රචනයෙන් ද, කසුන් රජීව කලා අධ්‍යක්ෂණයෙන් ද, ඩිනාලි ලියනගේ තේමා ගීත ගායනයෙන් ද, ශෂික අනුෂාන් නිෂ්පාදන කළමනාකරණයෙන් ද, ප්‍රභාත් අගම්පොඩි නිෂ්පාදන අධීක්ෂණයෙන් ද දායක වෙති.

  • මවුකිරි දීම සම්බන්ධයෙන් ඔබට තිබූ නොවිසඳුණු ගැටලූ 04කට විසඳුම් මෙන්න

    මවුකිරි දීම සම්බන්ධයෙන් ඔබට තිබූ නොවිසඳුණු ගැටලූ 04කට විසඳුම් මෙන්න

    ගැබිණි කාන්තාවන් වෙනුවෙන් පැවැත්වෙන පුහුණු පන්තිවලට මම සහභාගී වුනෙමි. මව්කිරි දෙන කාලයට අඳින තනපට කිහිපයක් මිලදී ගත්තෙමි. මා දැන් දරුවාට කිරි දෙන මවක් වීමට සුදානම් ය.

    නමුත්, දරුවා ඉපිද දින දෙකකට පසුවත් මව්කිරි වෑහෙන්න ගත්තේ බිංදු කිහිපයක් පමණි. මම සම්බාහනය කර උත්සාහ කලෙමි. මේදය අධික ආහාර අධික ලෙස ගිල දැමුවෙමි. එළකිරි ගැලුම් ගණන් පානය කලෙමි.

    තුන්වැනි දිනයේ දී පවුල් සෞඛ්‍ය සේවිකාව පැමිණියාය. වහාම රෝහල් ගත වන ලෙස ඇය මට නියෝග කළාය. මගේ පුංචි පැටියා හාමත් වී සිටියාය.

    “දරා ගන්න අමාරුයි”

    A model smiles while breastfeeding a baby on a runway versus a woman sitting against a wall looking despondent while breastfeeding her baby
    ,මව්කිරි දීම: අපේක්‍ෂාවට එරෙහිව යතාර්ථය

    රෝහලට ගිය පසු මව්කිරි දොවන කුඩා පොම්පයක් යොදා ගනිමින් කිරි ලබා ගැනීමට උත්සාහ කළ ද කිරි වෙනුවට රුධිරය වෑහෙන්නට පටන් ගත්තේය.

    “මට මොනවා වෙලාද? මගේ පියයුරු මව් පදවිය ප්‍රතික්‍ෂේප කරනවද?” මට සිතුණි. මාගේ කුඩා බිළිඳා කිරි පොදක් බීමට තන පුඩුව තදින් උරන්නට වීම නිසා එය තුවාල විය.

    මවකට කිරි එරීම සවභාවිකව ම සිදු නොවන බව මම කල්තියා දැන සිටියානම් කෙතරම් අගනේ ද?

    එය පිරික්සුම් හා වැරදීම් න්‍යාය ( trial and error) මත පවත්නා ක්‍රියාවලියකි.

    පුහුණුවීම තුළින් තත්වය යහපත් අතට හරවා ගත හැකිය. ඒ සඳහා අත්හදා බැලිය හැකි උපායන් එමටය. නමුත් එය එතරම් පහසු නොවේ. විටෙක ඉතා වේදනාකාරීය.

    තනි වීම

    Newborns are not always great company: they mostly just eat, sleep and poop
    අලුත උපන් දරුවා දවසේ වැඩි වෙලාවක් කරන්නේ නිදා ගැනීමය. ඔබට තනිකමක් දැනීම අරුමයක් නොවේ.

    යතාර්ථයට මුහුණ දුන් දරුවා මව්කිරි බීම ක්‍රමයෙන් ආරම්භ කළේය. දැන් උවමනාවටත් වඩා මව්කිරි වෑහෙන්නට විය. මට සුව පහසු නින්දක් ලබන්නට කාලයක් නොමැත. තනිව නිදහසේ දිය නෑමට අවස්ථාවක් නැත. කැඩපත ඉදිරියට ගිය මොහොතක් මතක නැත.

    නිවසෙන් පිටවී ගමනක් යාමට හිතෙන්නෙම නැති තරම්ය. ” මාව දැක්කොත් අසල්වැසියෝ මොනවා හිතයිද? මගේ මිතුරියන්ට මොනවා හිතෙයිද?”

    මම ගැවසෙන්නට කැමතිම තැන්, දැන් පය ගසන්නට අකමැති ම තැන් බවට පත් වී තිබේ. ප්‍රසිද්ධ ස්ථානවල දී දරුවාට මව්කිරි ලබා දීමේදී මට අපහසුතාවයක් දැනේ.

    රෑ මැදියමේ මම නින්දෙන් අවදි වෙමි. දරුවා සමඟ තනි වෙමි. පිටස්තර ලෝකයෙන් ම තනි වී ඇති බවක් දැනේ. පශ්චාත් ප්‍රසව විශාදය මා වෙලා ගැනීමට ආසන්න ය.

    තමන්ව රැක බලා ගැනීම දරුවා රැක බලා ගැනීම තරම්ම – ඇතැම් විට ඊටත් වඩා – වැදගත් බව මම මීට පෙර දැන සිටියානම් කෙතරම් හොඳදැයි මට සිතේ.

    කාංසාවෙන් පෙළෙන, විෂාදයට ලක් වී බිඳ වැටුණු මවකට වඩා නිසි විවේකය ලද නිරෝගී මව යහපත් ය.

    වරදක් කළැයි දැනෙන හැඟීම පහව නොයයි

    A newborn being held in its mother's arms looking contented

    රෝහලේ දී ළදරු කිරිපිටි ලබා දුන් පසු දරුවා පැය කිහිපයක් නින්දට වැටුණි. මට නින්දක් අවැසිව සිටි සෑම මොහොතකම මව් කිරි ලබා දීමට උත්සහ කරමින් සිටිනවා වෙනුවට ළදරු පිටිකිරි දරුවාට ලබා දිය හැකිව තිබුනා නොවේදැයි මට පසක් විය.

    වරදක් කළ බවට දැනෙන හැඟීම මා වෙලා ගන්නට එතරම් කාලයක් ගත නොවීය. එය නොතකා සිටිය නොහැකි තරම් බලවත් වූ හැඟීමක් විය. ළදරු කිරිපිටි දීමෙන් පසු දරුවාගේ දිවේ සුදු පැහැති අවශේෂයක් ඉතිරිව තිබිණ.

    එය පිළිකුලක් දනවන දුර්ගන්ධයකින් යුක්ත විය. අස්වාභාවික දර්ශනයක් සේ දැනුණි. රසවත්, පෝෂ්‍යදායී මව්කිරි වෙනුවට ‘බාල ආහාරයක්’ මා දරුවාට ලබා දෙනවා නොවේදැයි යන හැඟීම මට ඇති විය.

    මා වරදක් කළැයි දැනෙන හැඟීම වරින් වර මතුවෙයි: “මට තව තවත් උත්සාහ කරන්න තිබුනා. මට වැඩිපුර පැයක් නිදා නොගෙන ඉන්න තිබුනා.”

    මෙම හැඟීම කිසිදා පහව නොයන එකක් බව කල් තියා දැනගෙන සිටියානම් කෙතරම් හොඳදැයි මට සිතේ. නමුත් එය ද සාධාරණ නොවේ. තමන්ට ගැලපෙන දේ තෝරා ගැනීමට හැම දෙනාම පෙළඹේ.

    කෙසේ හෝ තමන් වරදක් කළැයි දැනෙන හැඟීම ඉස්මතු වීම වළක්වාලිය නොහැකිය. එය වගකීම් සහගත මවකගේ අවලාදයක් විනා අයහපත් මවකගේ අවලාදයක් නොවේ.

    සහාය පතන්න

    Mother shopping with a baby. Did you know you can buy 'breast shields' to collect excess breast milk and give your nipples a break?
    මව්කිරි දොවා තබා ගෙන පසුව දරුවාට දිය හැකි බව ඔබ දැන සිටියා ද? ඒ සඳහා සුදුසු උපකරණ සහ නිසි ක්‍රමවේදයක් පවතී

    බිලියන ගණනක් වටිනා වෙළඳපොළක් සහ කර්මාන්තයක් මව්කිරි දීම ආශ්‍රිතව පවතී. නොගැනිය හැකි තරම් කුඩා ගැටලුවක දී පවා ඔබට සහනයක් ලබා දීම සඳහා ඉතා පිළිවෙළට ඇසුරූ විසඳුමක්, ඔබේ මුදල් ලබා ගැනීමට සුදානමින් පවතී.

    සුපිරි වෙළඳසල් තුළ මේ සඳහා ම වෙන් වූ රාක්කයක් පිරී තිබේ. තන පුඩුවට ආලේප කරන ක්‍රීම් වර්ගවල සිට පියයුරු උණුසුම්ව තබා ගැනීම සඳහා නිෂ්පාදිත ආවරණ දක්වා වූ භාණ්ඩ සහ අත් බෙහෙත් එහි නොඅඩුව පවතී.

    නමුත් මට සහනයක් ගෙන දුන් වැදගත් ම ‘අත් බෙහෙත’ වූයේ මව්කිරි දීම සම්බන්ධයෙන් පැවැත්වුණු වැඩමුළුවලට සහභාගී වීම ය. එහි දී හමු වූ, මව්කිරි දීම සම්බන්ධයෙන් වැඩි අත්දැකීම් සහිත උදවියගෙන් සහ විශේෂඥ දැනුම ඇති අයගෙන් ලබා ගත් උපදෙස් ය.

    නිසි පරිදි දරුවාට මව්කිරි දීමට නොහැකිව අරගලයක යෙදෙන එකම මව මා නොවන බව කලින් දැන සිටියේනම් කෙතරම් අගනේ ද? සහන සහ උපදේශන සේවා එමටය. ඔබ අසීරුතාවයකට පත් වූ විට කළ යුතු හොඳම දේ සහනයක් ඉල්ලා සිටීමය.

    Baby drinking milk from a bottle.

    තම දරුවාට මව්කිරි ලබා දීම හෝ නොදීම තමන් ගේ තේරීමයි. එය තීරණය කිරීමට සෑම මවකට ම අයිතියක් ඇති බව මම සිතමි. කෙසේ නමුත් මව්කිරි ලබා දීමට අසමත් වීම හෝ මව්කිරි ලබා නොදීමට තීරණය කිරීම මගින් ඔබ අයහපත් මවක් නොවනු ඇත.

    Text By – bbc sandesaya

  • පවුල් සැලසුම් එන්නත ගැන ‘ඔබේ හිතට වද දුන්’ කරුණු 10කට නිවැරදි පිළිතුරු

    පවුල් සැලසුම් එන්නත ගැන ‘ඔබේ හිතට වද දුන්’ කරුණු 10කට නිවැරදි පිළිතුරු

    ලංකාව තුළ වාර්ෂිකව සිදුවන ගැබ්ගැනීම්වලින් 3/1ක් අනවශ්‍ය හෝ සැලසුම් නොකළ ගැබ් ගැනීම් බව හඳුනා ගෙන තිබෙනවා. මෙය අදාළ පවුලට සේම සමාජයට ද ගැටලූවක් වුවත් ඒ කෙරෙහි තවමත් බොහෝ දෙනකුගේ අවධානය යොමු නොවීම ගැටලුවක්.

    ඊට හේතුව වන්නේ ‘සැලසුම් නොකළ හෝ අනවශ්‍ය ගැබ් ගැනීම් නිසා ඇති වන සෞඛ්‍ය, ආර්ථික ගැටලූවලට අමතරව ‘ගබ්සාව’ ද බහුලව සිදුවීමයි. මේ තත්ත්වයට මුහුණ නොදී ‘සැලසුම් කළ පවුලක්’ පවත්වා ගැනීමට වඩාත් පහසුව සහ සෞඛ්‍ය විද්‍යාත්මක විසඳුම වන්නේ ‘පවුල් සැලසුම්’ ක‍්‍රම යටතේ සාකච්ඡා කරන ‘උපත් පාලනය’යි. ඒත් කනගාටුවට කරුණ වන්නේ ලංකාවේ බහුතරයක් කාන්තාව උපත් පාලනය සම්බන්ධයෙන් ද ‘නිසි‘ දැනුවත්භාවයකින් තොර වීමයි.

    අප මෙම ලිපි පෙළ මගින් බලාපොරොත්තු වන්නේ කාන්තා ඔබ වගේම පිරිමි පාර්ශ්වයත් (තනි අතින් අත්පොළසන් දිය නොහැකි නිසා) උපත් පාලනය ගැන විද්‍යාත්මකව දැනුවත් කිරීමයි.

    කිරි දෙන මවුවරුන්ට වඩාත්ම සුදුසු පවුල් සැලසුම් ක‍්‍රමය – පවුල් සැලසුම් එන්නත

    පවුල් සැලසුම් එන්නත ( ඩිපෝ මෙ‍ඩ්‍රොක්සි ප්‍රොජෙස්ටරෝන් ඇසිටේට්) DMPA යනුවෙන් හැඳින්වේ.

    ඩිපෝප්‍රොවේරා යනු කුමක් ද ? – මෙය මාස 3කට වරක් එන්නත් කර ගනු ලබන හෝර්මෝන නිෂ්පාදනයකි. (ප්‍රොජෙස්ටරෝන්)  එක් වරකට DMPA මිලිග්‍රෑම් 150ක් ඔබගේ මාංශපේශීය තුළට විදිනු ලැබේ. හෝර්මෝනය ටිකින් ටික මාංශපේශියෙන් රුධිරයට පිට කරනු ලැබේ.

    එය ක‍්‍රියාකරන්නේ කෙසේද ?

    • දරුවන් ලබන වයසේ සිටින කාන්තාවන් දින 28කට පමණ වරක් බිත්තරයක් (ඩිම්බ) ඔවුන්ගේ ඩිම්බ කෝෂ මගින් පිට කරනු ලැබේ. මෙම ඩිම්බය ශුක්‍රාණුවක් සමග එක්වීමෙන් (සංසේචනය) ගර්භිණීභාවයක් ඇතිවේ. DMPA වල ප්‍රධාන ක්‍රියාව වන්නේ මෙම බිත්තරය (ඩිම්බය) පිටවීම වැළැක්වීමයි.
    • ඊට අමතරව එමගින් ගැබ්ගෙල ස්‍රාවයන් ඝනබවට පත් කරන බැවින් ශුක්‍රාණුවක් ප්‍රජනන පද්ධතිය තුළ ගමන් කිරීම අසීරු කරයි.
    • තවද එමගින් ගර්භාෂයේ ඇතුළත බිත්තිය තුනී බවට පත් කොට සංසේචනය ඇතිවුවත් කළලය ගර්භාෂයේ තැන්පත්වීම වළක්වයි.

    එහි සාර්ථකභාවය කෙසේ ද ?

    • කාන්තාව නොකඩවා, නියම කරන ලද  දිනයට පැමින එන්නත ලබාගතහොත්, අතිශයින් සාර්ථකය. 99.97% ක් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැක.
    • ආර්තවයෙන් දින 5ක් ඇතුළත ලබාගත හොත් වහා ප්‍රතිඵල ලැබේ. එන්නත ලබාගෙන සතියක් කොන්ඩමයක් භාවිත කළ යුතුය.
    • ලිංගිකව බෝවන රෝගවලින් ආරක්ෂාවක් නොලැබෙන හෙයින් එම අවශ්‍යතාවය ඇති නම් කොන්ඩමයක් භාවිත කළ යුතුය.

    එය ලබාගත හැකි ස්ථාන මොනවා ද ?

    • සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සායනවලින්
    • පවු‍ලේ ‍වෛද්‍යවරයාගෙන්
    • රජයේ සහ පෞද්ගලික රෝහල්වලින්
    • පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ සායනයක්
    • පවුල් සංවිධාන සංගමයෙන්

    එන්නත වඩාත් සුදුසු වන්නේ කාහට ද ?

    • කිරි දෙන මව්වරුන්ට
    • ලිංගික ක්‍රියාවලියට බලපෑමක් නොමැති ක්‍රමයක් උවමනා අයට
    • දරුවන් අතර පරතරයක් අවශ්‍ය අයට
    • ඊස්ට්‍රජන් ‍හෝර්මෝනය නුසුදුසු අයට

    ඕනෑම කාන්තාවකට ඩිපෝ ප්‍රෝවේරා එන්නත ලබාගැනීම සුදුසු ද ?

    • නැත, පහත සදහන් අවස්ථාවලදී එය සුදුසු නැත.
    • ගර්භිණී නම්
    • පැහැදිලි හේතුවක් නොමැතිව යෝනි මාර්ගයෙන් රුධිරය වහනය වීම
    • අක්මා රෝග ඇත්නම්
    • පියයුරු පිළිකා ඇතිනම්

    එන්නත ලබාගැනීම පටන් ගත යුත්තේ කවදාද ?

    • මසකට වරක් ඔපස්වීම ඇතිනම් එන්නත දෙනු ලබන්නේ චක්‍රයේ මුල් දින 5 ඇතුළත
    • මව්කිරි දෙන්නේ නම්,
      • ප්‍රසූතියෙන් සති 6කට පසු
    • ගබ්සාවක් නම්,
      • ගබ්සාව මුල් මාස 3 තුළ සිදු වී නම් ගබ්සාව සිදු වී සතියක් ඇතුළත
      • ගබ්සාව මාස 3කට පසුව සිදු වී නම් ගබ්සාව සිදු වී සති 4කට පසුව

    එය දෙනු ලබන්නේ කෙසේ ද ?

    • මාස 3කට වරක් දෙනු ලැබේ. එන්නත දුන් ස්ථානය සම්බාහනය කිරීමෙන් වළකින්න.
    • සෑම විටම කුප්පියේ කල් ඉකුත්වන දිනය පරික්ෂා කරන්න.

    නියමිත දිනට එන්නත සදහා පැමිණීමට නොහැකි වුවහොත් ?

    • අසාර්ථකවීම වැලැක්වීම සදහා සෑම දින 90කට වරක් ලබාගත යුතුය
    • කිසියම් හේතුවක් නිසා නියමිත  දිනට පැමිණීමට නොහැකි වුවහොත් එම දිනට දින 14කට පෙර ලබාගැනීම සුදුසුය.
    • යම් හෙයකින් නියමිත දිනට නික්ෂේපනය ලබාගත නොහැකි වුවහොත් එම දිනයෙන් සති 4ක් ඇතුළත වහාම එය ලබාගත යුතුය. නමුත් ගර්භිණී තත්ත්වයක් නැති බව තහවුරු කළ යුතුය.
    • සති 4කට වඩා පමාවුවහොත් දින 7ක් සංසර්ගයේ යෙදීමෙන් වළකින්න. නැතිනම් කොන්ඩමයක් භාවිතා කරන්න.

    ඔබට ඇතිවිය හැකි අතුරු ආබාධ

    • ඔසප්වීමේ වෙනස්වීම් ඇතිවිය හැක.
    • මසකට වරක් ඔසප්වීම ඇතිවනවා වෙනුවට අක්‍රමවත් ලේ වහනයක් ඇතිවිය හැක. මෙය කරදයක් වුවද දරුණු සංකුලතාවයක් නොවේ. ‍තවත් අයකුට ඔසප්වීම එන්නත ගන්නා  කාලයේදී නතර විය හැක. මෙය කලබල විය යුතු කරුණක් නොවේ. එන්නත භාවිතය නවත්වා මාස 6-18ක් අතර කාලය තුළ නැවත ඔසප්වීම සාමාන්‍යය ලෙස ඇතිවේ.
    • බර වැඩි වීම
      ආහාර රුචිය වැඩිවීම නිසා බර වැඩි විය හැක. සෞඛ්‍යමත් ආහාර වේලක් ගැනීමෙන් සහ ව්‍යායාම කිරීමෙන් මෙය පාලනය කරගත හැක.
    • හිසරදය සහ කරකැවිල්ල
    • පියයුරුවල මද වශයෙන් වේදනාව සහ විශාලවීම

    එන්නත නැවැත් වූ පසු නැවත ගැබ් ගැනීම කොපමණ කලකින් ප්‍රමාද වේ ද?

    සාමාන්‍යයෙන් මේ සදහා නික්ෂේපන ගැනීම නවත්වා මාස 7-12 දක්වා කාලයක් ගතවේ.

    අප මෙම සම්පූර්ණම ලිපිය උපුටා ගත්තේ ශ‍්‍රී ලංකා පවුල් සැලසුම් සංගමයේ නිල වෙබ් අඩවියෙන්.

  • කැබිනට් අමාත්‍යවරුන්ගේ විෂය පථයන් හා අදාළ ආයතන – සම්පූර්ණ ගැසට් නිවේදනය මෙන්න !

    කැබිනට් අමාත්‍යවරුන්ගේ විෂය පථයන් හා අදාළ ආයතන – සම්පූර්ණ ගැසට් නිවේදනය මෙන්න !

    අද (12) ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන් කැබිනට් අමාත්‍යවරුන්ට අයත් අදාළ විෂය පථයන් සහ ආයතන ගැසට් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. ඒ ගැසට් නිවේදනය සම්පූර්ණයෙන්ම පහත පළ වෙනවා.

    01.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ – ආරක්ෂක අමාත්‍ය 

    ජාතික ආරක්ෂාව තහවුරු කිරීම ප්‍රමුඛව ශ්‍රී ලංකාවේ සියලූම ජනතාවගේ සුරක්ෂිතබව සහතික කරමින්, අපරාධ හා සමාජ විරෝධී හා ත්‍රස්ථවාදී ක්‍රියාකාරකම්වලින් තොර වු නීතිය හා සාමය ස්ථාපිත රටක් ඇති කිරීම.

    02.අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ – මුදල්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු හා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය

    මුදල් අමාත්‍යාංශය – සාර්ව ආර්ථික ප්‍රතිපත්ති, වාර්ෂික අයවැය හා විෂර්ජන පනත් සම්බන්ධ වගකීම්, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, දේශීය හා විදේශීය ඉතුරු කිරීම් හා අයෝජන, රාජ්‍ය ණය, බැංකු, මූල්‍ය හා රක්ෂණ කටයුතු ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතා, සමාජ ආරක්ෂණ හා ආර්ථික සංවර්ධන කටයුතු මෙහෙයවීම.

    බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුද්ධාගමට හිමි ප්‍රමුඛතාවය තුළ බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කරමින්, අනෙකුත් සියලූම ආගම්වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂක කිරීම හා සම්බුද්ධ ශාසනයේ චිරස්ථීතිය උදෙසා කටයුතු කිරීම හා ශ්‍රී ලාංකීය ප්‍රෞඩත්වය හා අනන්‍යතාවය ස්ථාපිත කරමින් ඉතිහාසය, පුරාවිද්‍යාව, සාහිත්‍ය, කලාව ආදී සංස්කෘතිමය විහිදීම් සංරක්ෂණය කිරීම හා උසස් රසඥතාවයක් උදෙසා එම අංශයන්හි ධනාත්මක ප්‍රගමනය තහවුරු කිරීම

    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය – භෞතික අවකාශයේ නව ප්‍රවේශයක් හරහා ආර්ථීක කේන්ද්‍රස්ථානයක් වශයෙන් මෙන්ම, සුවපහසු, සුපිරිසිදු නගර ඇති කිරීම සහ ජනතාවට ඇවැසි නේවාසික හා නාගරික පහසුකම් ලබා දීම.

    03. නිමල් සිරිපාල ද සිල්වා – කම්කරු අමාත්‍ය

    කම්කරු නීති ප්‍රඥප්ති ප්‍රමිති සම්බන්ධයෙන් ජාත්‍යන්තරය සමඟ සබඳතා පවත්වා ගනිමින්, කම්කරු ප්‍රජා ආරක්ෂණය, සුබසාධනය සිදු කිරීම හා කාර්මික සාමය හා සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීම.

    04. ජී.එල්.පීරිස් – අධ්‍යාපන අමාත්‍ය

    දැනුම පදනම් කරගත් සමාජ ආර්ථීකයක් කරා ශ්‍රී ලාංකීය ජනතාව නගා සිටුවීම සඳහා තිරසර අධ්‍යාපන ක්‍රමෝපායන් මගින් ළමා මිතුරු අධ්‍යාපන,නවෝත්පාදන පදනම් කරගත් දැනුම හා විශිෂ්ට උසස් අධ්‍යාපන ක්‍රමයකට අවශ්‍ය ඉඩප්‍රස්ථා අනාගත පරපුර වෙත විවෘත කරදීම.

    05. පවිත්‍රා වන්නිආරච්චි – සෞඛ්‍ය අමාත්‍ය

    කායික, මානසික, සාමාජීය සුවතාව මෙන්ම, ආධ්‍යාත්මික සුවතාව ද ඉලක්ක කර ගනිමින් ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියක් මත පදනම්ව බටහිර මෙන්ම දේශීය වෛද්‍ය ක්‍රම උපයෝගීතාවය තුළ නිරෝගිමත් ජනතාවක් බිහි කිරීම සඳහා කටයුතු කිරීම.

    06. දිනේෂ් ගුණවර්ධන – විදේශ කටයුතු අමාත්‍ය

    මිත්‍රශීලී හා නොබැඳුණු විදේශ ප්‍රතිපත්තියක් මත ශ්‍රී ලාංකීය අනන්‍යතාවය තහවුරු කරමින් සමාජ, ආර්ථීක, දේශපාලන හා සංස්කෘතිමය වපසරියන් තුළ ද්වි පාර්ශවික හා බහුපාර්ශවික සබඳතා ඔස්සේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ ඔසවා තැබීම.

    07. ඩග්ලස් දේවානන්ද – ධීවර අමාත්‍ය

    දේශීය වශයෙන් මත්ස්‍ය පරිභෝජන අවශ්‍යතා සපුරාලමින්, දේශීය හා විදේශීය වෙළඳපොළ ඉලක්ක කරගත් ශක්තිමත් ව්‍යාපාරික ප්‍රජාවක් බිහිකරලමින් ධීවර ප්‍රජාවගේ සමාජ හා ජීවන මට්ටම් ඉහළ නංවමින් ජාතික ආර්ථීකයට ඉහළ දායකත්වයක් දක්වන ධීවර කර්මාන්තයක් ඇති කිරීම.

    08. ගාමිණි ලොකුගේ – ප්‍රවාහන අමාත්‍ය

    මගී හා භාණ්ඩ ප්‍රවාහනය, සංචාරක මගී පහසුකම්, අදාල යටිතල පහසුකම්, සේවා ප්‍රමිතීන්, මාර්ග තදබද හා අනතුරු වලක්වා ගැනීමේ සමස්ථ ප්‍රවාහන සේවය පොදු කාලසටහනකට ක්‍රියාත්මක වන ජනතා විශ්වාසය තහවුරු වන ප්‍රවාහන සේවයක් පවත්වා ගැනීම, ආයතනික ව්‍යුහය ශක්තිමත් කිරීම හා මහා මාර්ග හා දුම්රිය මාර්ග පදනම් කරගත් පරිසර හිතකාමී මෙන්ම මහජන හිතකාමී ප්‍රවාහන පද්ධතියක් ස්ථාපිත කිරීම.

    09. බන්දුල ගුණවර්ධන – වෙළෙඳ අමාත්‍ය

    පාරිභෝගිකයින් ගේ අයිතීන් ආරක්ෂා කරමින් තරගකාරී දේශීය වෙළෙඳ ජාලයක් හරහා ජනතාව වෙත අවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ලබා දීම සඳහා කටයුතු කිරීම.
    10. සී.බී.රත්නායක – වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය

    වනජීවි හා වන සම්පත් සංරක්ෂණය මගින් ජෛව විවිධත්වය පෝෂණය කිරීම හා පරසර සංවේදී වන වගාවන් තුළින් ජාතික වන වැස්ම පුළුල් කිරීම හා වන සතුන් ජීවත්වන ස්වභාවික පරිසරය සංරක්ෂණය කිරීම.

    11. ජනක බණ්ඩාර තෙන්නකෝන් – රාජ්‍ය සේවා,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය

    සියලූ රාජ්‍ය සේවාවන්හි පූර්ණ ධාරිතා සංවර්ධනයක් සිදු කරමින් නව තොරතුරු තාක්ෂ‚ක ක්‍රමෝපායන් ඔස්සේ කාර්යයන් ද්විකරණය වළක්වාලමින් සේවා දායකයින් වෙත ප්‍රශස්ථ සේවාවක් ලබා දීම හා පළාත් හා ප්‍රාදේශීය මට්ටමින් පවතින අසමානතා අවම කරමින් ජනතාව වෙත උසස් සේවා සැපයීමක් ලබාදීම.

    12. කෙහෙළිය රඹුක්වැල්ල – ජනමාධ්‍ය අමාත්‍ය

    භාෂාවේ හා ප්‍රකාශනයේ නිදහස ඇතුළුව නිවැරදි තොරතුරු දැනගැනීමේ ජනතා අයිතිය තහවුරු කරන තොරතුරු දැනුම හා මතවාදයන් සමබර සන්නිවේදනයක් සඳහා උචිත ජනමාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම මෙන්ම ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීමය කුසලතා සංවර්ධනයට කටයුතු කිරීම.

    13. චමල් රාජපක්ෂ – වාරිමාර්ග අමාත්‍ය

    දිවයින පුරා ඇති වැව් හා වාරිමාර්ග, ජලාශ පද්ධතිය හා ආශ්‍රිත ඇළ වේලී සංරක්ෂණය කරමින් කෘෂිකාර්මික කටයුතුවලට මෙන්ම ජල විදුලි බලාගාර හා පානීය ජලසම්පාදනයට අවශ්‍ය කළමනාකරණය, වාරිමාර්ග පද්ධතිය පුළුල් කිරීම. ජලය කාර්යක්ෂමව පාවිච්චි කිරීමේ නව තාක්ෂණ ක්‍රමවේදයන් හඳුන්වා දීම සහ හා අදාළ කටයුතු.

    14. ඩලස් අලහප්පෙරුම – විදුලිබල අමාත්‍ය

    දිගුකාලීන විදුලි ජනන සැලැස්ම උපයෝගී කර ගනිමින්, සියලූම නාගරික හා ග්‍රාමීය ප්‍රජාවගේ අවශ්‍යතාවයන් සඳහා විදුලි බල අවශ්‍යතා සපුරාලීම හා ශ්‍රී ලංකාවේ ව්‍යාපාරවල වෙළඳපළ තරගකාරීත්වය තහවුරු වන විදුලි බලය සැපයීම හා බලශක්ති සුරක්ෂිතතාවය ස්ථාපිත කිරීම.

    15. ජොන්ස්ටන් ප්‍රනාන්දු – මහාමාර්ග අමාත්‍ය

    මහජනතාවට යාම් ඊම් සඳහා අවශ්‍ය මාර්ග පහසුකම් සැපයීම හා ශ්‍රී ලංකාව සංවර්ධිත ආර්ථීකයක් කරා රැගෙන යාමට අවශ්‍ය සහසම්බන්ධිත මාර්ග පද්ධතියක් ස්ථාපනය කිරීම.

    16. විමල් වීරවංශ – කර්මාන්ත අමාත්‍ය

    කර්මාන්ත විවිධාංගීකරණයක් හරහා දේශීය, කලාපීය හා ජාත්‍යන්තර සැපයුම් ජාලය හා සම්බන්ධ වෙමින් ගෝලීය තරඟකාරීත්වය තුළ සාපේක්ෂ ලාභයන් වෙත ළඟාවීම සඳහා දේශීය කර්මාන්ත ක්ෂේත්‍රය නවීන ක්‍රමෝපායන් හරහා ශක්තිමත් කිරීම හා ප්‍රවර්ධනය.

    17. මහින්ද අමරවීර – පරිසර අමාත්‍ය

    තිරසාර සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය හා ස්වභාවික සෞන්දර්යය රැක ගනිමින් ස්වභාවික සම්පත් පරිහරණය කිරීම මෙන්ම වන, වෘක්ෂලතා, වෙරළ, වගුරු බිම්, ඇළ, දොළ, ගංගා හා වන ජීවින් කිරීම, කැලිකසළ වලක්වා ගැනීම හා ඉවත් කිරීම, පිරිසිදු නේවාසික පරිසරයක් හා තිරසාර ආර්ථීක සංවර්ධනයකට ගැලපෙන පරිදි පරිසර ප්‍රතිපත්ති හා ආයතනවලට අදාළ කටයුතු.

    18. එස්.එම්.චන්‍ද්‍රසේන  – ඉඩම් අමාත්‍ය

    ජාතික ඉඩම් ප්‍රතිපත්තියක් හරහා ප්‍රශස්ත ඉඩම් කළමනාකරණයක් තුළින් සංවර්ධන කාර්යයන්, නේවාසික කටයුතු හා පොදු අවශ්‍යතා සඳහා කඩිනම් වැඩපිළිවෙලක් යටතේ ඉඩම් ලබා දීම හා අනාගත පරපුර සඳහා භූමියේ අයිතිය සුරක්ෂිත කිරීම.

    19. මහින්දානන්ද අලුත්ගමගේ – කෘෂිකර්ම අමාත්‍ය 

    ජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් මත පදනම්ව, නවීන තාක්ෂණ උපයෝගීතාවය තුළ සමෘද්ධිමත් දේශීය කෘෂි සංස්කෘතියක් හා කෘෂි ව්‍යාපාරික ප්‍රජාවක් බිහි කරමින් රටේ දළ ජාතික නිෂ්පාදනයට ඉහළ දායකත්වයක් ලබා දීම හා දේශීය හා ජාත්‍යන්තර පාරිභෝගිකයන් වෙත ප්‍රමාණවත් වස විසෙන් තොර ගුණාත්මක ආහාර හා කෘෂි නිෂ්පාදන සැපයීම, කෘෂිකාර්මික සම්පත් ඉහළ ඵලදායිතාවයකින් යුතුව ප්‍රයෝජනයට ගැනීම තුළින් ආහාර සුරක්ෂිතතාවය, ගොවි ජනතාවගේ ජීවනෝපාය මාර්ග වැඩි දියුණු කිරීම, යැපුම් කෘෂිකාර්මික ක්‍රමවේදයන් වෙනුවට වාණිජමය වශයෙන් ඵලදායී නව තාක්ෂ‚ක කෘෂි නිෂ්පාදනයකට පරිවර්තනය වීම හා කෘෂිකාර්මීකරණ ක්‍රියාවලියට (Agro industrialization) ප්‍රවේශ වීමෙන් සියලු පාර්ශවයන් ඇතුළත්වන ආර්ථීක සංවර්ධනයක් ඇති කර ගැනීම.

    20. වාසුදේව නානායක්කාර – ජල සම්පාදන අමාත්‍ය

    දිවයිනේ සියලූ නිවෙස් ආවරණය වන පරිදි ජල සම්පාදනය කිරීමත්, පවත්නා ජල සම්පාදන හා ජල ප්‍රවාහන පද්ධති ඉහළ ප්‍රමිතියකින් පවත්වා ගැනීම, නඩත්තු කිරීම හා ධාරිතාව පුළුල් කිරීමත්, මල අපද්‍රව්‍ය ඉවත් කිරීමට අදාළ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමටත්, පෞද්ගලික හා රාජ්‍ය ආයෝජන දිරි ගන්වමින් ප්‍රමිතියෙන් යුත් පානීය ජල සම්පාදනය හා ඛෙදා හැරීම.

    21. උදය ප්‍රභාත් ගම්මන්පිල – බලශක්ති අමාත්‍ය

    බලශක්ති සුරක්ෂිතතාවය තහවුරු කර ගැනීම හා ඉන්ධන ආනයනය අඩුකර ගැනීම සඳහා ජාතික අවශ්‍යතා සැපිරෙන පරිදි ඛනිජ තෙල් හා ගෑස් ඇතුළ අතුරු නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීම, ගබඩා පහසුකම් පුළුල් කිරීම හා බෙදා හැරීම් කටයුතු හා අදාළ ප්‍රමිතීන්වල නියාමන කටයුතු හා අදාළ රාජ්‍ය ව්‍යපාර කාර්යක්ෂම ලෙස පවත්වා ගැනීම.

    22. රමේෂ් පතිරණ – වැවිලි අමාත්‍ය

    පර්යේෂණාත්මක විධි ක්‍රමයන් නව තාක්ෂ‚ක මෙවලම් හා ප්‍රශස්ත භූමිය උපයෝජනය හරහා අගය එකතු කරන ලද නිෂ්පාදන විවිධාංගීකරණයක් තුළින් අපනයන වෙළඳපළ ආකර්ශනය කර ගැනීම ඉලක්ක කර ගනිමින් සමස්ත වැවිලි ක්ෂේත්‍රය නව මානයක් වෙත යොමු කිරීම.

    23. ප්‍රසන්න රණතුංග – සංචාරක අමාත්‍ය

    ශ්‍රී ලාංකීය සංස්කෘතිය, ජෛව විවිධත්වය, පරිසර හිතකාමීත්වය හා මිත්‍රශීලී ජන අනන්‍යතාවය මතු කරමින් ශ්‍රී ලංකාව සංචාරක ආකර්ශිත රටක් බවට පත්කරමින්, ඉහළ ආදායම් ලබන රැකියා හා ජීවනෝපාය ක්ෂේත්‍රයක් හා උසස් විදේශ විනිමයක් උපයන ආර්ථීක ක්ෂේත්‍රයක් ලෙස සංචාරක කර්මාන්තය ශක්තිමත් කිරීම.

    24. රෝහිත අබේගුණවර්ධන – වරාය හා නාවික අමාත්‍ය

    ශ්‍රී ලංකාව ඉන්දියානු සාගර ජාලයත්, වාණිජ සහ මුදල් කේන්ද්‍රස්ථානයක්, ජාත්‍යන්තර කාර්මික හා සේවා සැපයුම් කේන්ද්‍රස්ථානයක් ලෙසත් ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය වරාය හා නාවුක සැපයුම් පද්ධතිය ප්‍රතිෂ්ඨාපනය කිරීම.

    25. නාමල් රාජපක්ෂ – තරුණ හා ක්‍රීඩා අමාත්‍ය

    අභිමානවත්, තුලිත පෞරුෂත්වයකින් හෙබි, ජවසම්පන්න තරුණ ප්‍රජාවක් ඇති කිරීම, බාහිර ක්‍රියාකාරකම්වලට යොමු කරමින් සෞඛ්‍ය සම්පන්න ළමා හා තරුණ පිරිසක් බිහිකිරීම, ක්‍රීඩා හිතකාමී ජන සමාජයක්, නාගරික සංවර්ධන, සංචාරක, වාණිජ හා ජාත්‍යන්තර සබඳතා ගොඩනඟන ක්‍රීඩා සංස්කෘතියක් ඇති කිරීම.

    26. අලි සබ්රී – අධිකරණ අමාත්‍ය

    ජනතාවගේ පරමාධිපත්‍ය බලය ප්‍රමුඛත්වය තබා ක්‍රියාත්මක කරන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු හා නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කරමින්, නීතිය වෙත ප්‍රවිෂ්ඨ වන හා නීතියේ රැකවරණය සැමට සර්ව සාධාරණ වන සේ කටයුතු කිරීම උදෙසා නෛතිකමය පසුබිම සකස් කිරීම හා භෞතික පහසුකම් සලසාලීම.

    Text Copied by ada derana
  • රුසියාවේ කොවිඩ් එන්නත ජනපති පුටින්ගේ දියණියටත් ලබාදීලා

    රුසියාවේ කොවිඩ් එන්නත ජනපති පුටින්ගේ දියණියටත් ලබාදීලා

    මේ වන විට ලොව පුරා කෝවිඩ් -19 රෝගීන් මිලියන විස්සකට වඩා වාර්තා වී ඇති අතර, මරණ 736,766 ක් සිදු වී තිබේ. එම රෝගීන්ගෙන් මිලියන පහකට වඩා එක්සත් ජනපදයෙන් ද බ්‍රසීලයේ මිලියන තුනක් සහ මිලියන දෙකකට වැඩි පිරිසක් ඉන්දියාවෙන් ද වාර්තා වේ.

    ඇමරිකාව තුළ සඳුදා (අගෝස්තු 10) වන විට රෝගීන් මිලියන පහ ඉක්මවා ගියද, වසංගතයේ වේගය මන්දගාමී විය හැකි බවට ලකුණු දක්නට ලැබේ. පසුගිය සතිය තුළ ඊට පෙර සතියට සාපේක්ෂව නව රෝගීන් ගණන 11.5% කින් අවම වී මරණ 7% කින් පහත වැටී ඇතැයි ෆෙඩරල් හදිසි කළමනාකරණ කාර්යාංශය නිකුත් කළ සංදේශයක දැක්වෙන බව ඒබීසී පුවත් සේවය වාර්තා කර තිබේ.

    රුසියාවෙන් එන්නතක්

    අසාමාන්‍ය වේගයකින් රුසියාව සිය කෝවිඩ් -19 එන්නත සොයාගෙන තිබේ.

    චීනය, එක්සත් ජනපදය සහ යුරෝපයේ පරීක්ෂණ කණ්ඩායම්වලට මාස කීපයකට පසු රුසියාව සිය පළමු සායනික අත්හදා බැලීම් සිදු කිරීම ආරම්භ කළේ ජුනි 1 වන දිනය.

    වෙනත් කණ්ඩායම් මෙන් නොව, මොස්කව්හි ගමාලියා ආයතනය සිය අධ්‍යයනවල ආරක්ෂිත හෝ ප්‍රතිශක්තීකරණ දත්ත කිසිවක් නිකුත් කර නොමැත. මේ හේතුවෙන් ස්වාධීන විද්‍යාඥයන්ට එන්නත සම්බන්ධයෙන් තක්සේරුවක් සිදු කිරීමට නොහැකි වී ඇත.

    මේ දක්වා රුසියානු එන්නත ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ පුද්ගලයන් කීදෙනෙකුට ලැබී ඇත්ද යන්න පැහැදිලි නැත. එන්නත් පර්යේෂණ සඳහා මුදල් සපයන රුසියානු සෘජු ආයෝජන අරමුදලේ ප්‍රධානී කිරිල් දිමිත්‍රිව් පවසන පරිදි ඔහුගේ දෙමව්පියන්ට ද මෙම එන්නත මගින් ප්‍රතිශක්තිකරණය ලබා දී ඇත.

    පසුගිය මාසයේ දී ඔහු මෙය විස්තර කළේ “ස්පුත්නික් මොහොතක්” ලෙසය. ස්පුත්නික්, සෝවියට් සමූහාණ්ඩුව 1957 දී අභ්‍යවකාශයට යැවූ පළමු චන්ද්‍රිකාව වන අතර එය ඇමරිකාව ‘පැරදවීමක්’ ලෙස සටහන් විණි.

    රුසියාව සිය එන්නත ‘ස්පුත්නික් වී’ ලෙස නම් කර තිබේ.

    තම දියණියක් කොරෝනාවෛරස එන්නත ලබාගෙන ඇති බවත් එය හොඳින් ක්‍රියාත්මක වන බවත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූතින් පවසා තිබේ.

    පූතින් තම දියණියන් ගැන සඳහන් කරන්නේ කලාතුරකිනි. ජනාධිපතිවරයා තම පවුලේ පෞද්ගලිකත්වය නිතර ආරක්ෂා කරන අතර සෑම විටම තම දියණියන්ගේ ජීවිත පිළිබඳ විස්තර ලබා දීම ප්‍රතික්ෂේප කර තිබේ. ඔවුන්ගේ නම් පමණක් මාධ්‍ය වාර්තා කර ඇත.

    කෙසේවෙතත්, ඔහුගේම දියණිය ගැන සඳහන් කිරීම මගින් අවධාරණය කරනුයේ, එන්නත ආරක්ෂිත හා ඵලදායී බවට සැක සහිත ලෝකයකට ඒත්තු ගැන්වීමට රුසියාව කෙතරම් උනන්දුවක් දක්වන්නේ ද යන්නය.

    එන්නත ලියාපදිංචි කර ඇති බව නිවේදනය කරමින් රූපවාහිනිය ඔස්සේ අදහස් දැක්වමින් ඔහු පැවසුවේ, “මේ එන්නත ස්ථාවර ප්‍රතිදේහයක් ලෙස සෛලීය ප්‍රතිශක්තියක් ඇති කරනවා. මගේ දියණියකට එවැනි එන්නතක් ලබා දී ඇති නිසා මම මෙය හොඳින් දන්නවා,” යනුවෙනි.

    පළමු එන්නතෙන් පසු ඔහුගේ දියණියගේ ශරීර උෂ්ණත්වය සෙල්සියස් අංශක 37 දක්වා පහත වැටීමට පෙර, සෙල්සියස් අංශක 38 දක්වා ඉහළ ගිය බව ඔහු පැවසීය. “එපමණයි. දෙවන එන්නතෙන් පසු ඇයගේ උෂ්ණත්වය තරමක් ඉහළ ගිය නමුත් පසුව පහව ගියා. දැන් ඇයට සුවයක් දැනෙනවා,” ජනාධිපතිවරයා තවදුරටත් පැවසුවේය.

    රුසියානු විද්‍යාවේ දක්ෂතාවය පිළිබඳව පැහැදිලි පණිවිඩයක් ලොවට යැවීමට ජනාධිපති පූතින් උනන්දු වී ඇත.

    නමුත් පළමු තැන සිටීම පමණක් ප්‍රමාණවත් නොවේ. කෝවිඩ් එන්නතක් තවමත් නිපදවා නොමැති අතර, ඒ කිසිවක් කොරෝනාවෛරසයට එරෙහිව ආරක්ෂාව සපයන බව මෙතෙක් තහවුරු වී නොමැත.

    එම කේන්ද්‍රීය ප්‍රශ්නයට තවමත් පිළිතුරු නොමැත.

    Text by – bbc sandesaya

  • අනවසර ‘ග්ලයිෆොසෙට්’ භාවිතය පිටුදකිමු !

    අනවසර ‘ග්ලයිෆොසෙට්’ භාවිතය පිටුදකිමු !

    කෘෂි රසායන ද්‍රව්‍යය අතුරින් මෑත කාලයේදී වඩාත්ම කතාබහට ලක්වූ ද්‍රව්‍යය ලෙස නම් කළ හැක්කේ ග්ලයිෆොසේට් නමැති වල්නාශකයයි. මෙය ලංකාවේ පමණක් නොව ලෝකයේම අවධානයට යොමුවූ නිෂ්පාදනයක්. ඇතැම් පුද්ගලයින්ට සිදුවූ සෞඛ්‍යමය හානි හේතුවෙන් මෙය නිෂ්පාදනය කළ සමාගමට වන්දි ගෙවීමට පවා සිදුවූ අතර මෙරට තුළද කලකට ඉහතදී මෙම නිෂ්පාදනය නිදහසේ භාවිතා කරන ලදි.

    එසේවුවත් විවිධ පාර්ශවයන්ගෙන් පැමිණි විරෝධතා නිසා වරක් එය ශ‍්‍රී ලංකාව තුළ භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් වී, පසු කලෙක සීමිත භාවිතයක් වෙනුවෙන් අවසර දීමටද පියවර ගනු ලැබීය. මේ අනුව වර්තමානයේ ග්ලයිෆොසෙට් භාවිතා කළ හැක්කේ තේ, රබර් යන වැවිලි බෝගයන්හි වල් මර්දනය සඳහා පමණක් වේ. ආනයනය මෙන්ම බෙදාහැරීම සිදුකරනු ලබන්නේද රජයේ නියාමනය යටතේය. තවමත් වී වගාවද ඇතුළුව කෙටිකාලීන කෘෂිකාර්මික බෝග වගාකරන භූමි සඳහා ග්ලයිෆොසේට් භාවිතයේ තහනම එසේම පවතී.

    ගොවිතැන උදෙසා ග්ලයිෆොසෙට් වල අනිවාර්යය අවශ්‍යතාවයක් ඇති බවට වූ ආකල්පයක් කෙතරම් ජනතාව අතරට ගොස් තිබේද කියනවානම්, මේ වනවිට නීත්‍යානුකූල නොවන මාර්ගයන් ඔස්සේ හෝ මෙය ලබාගෙන භාවිතාකිරීමට වී ගොවියා පවා පෙළඹී සිටී. එනම් පළිබෝධනාශක අලෙවිකරුවන් පවසන්නේ ග්ලයිෆොසෙට් සොයා සැලකියයුතු පිරිසක් තවමත් ඔවුන් වෙත එන බවයි.

    මේ ඉල්ලූම නිසාම අනවසරයෙන් පවා මෙරටට ග්ලයිෆොසෙට් රැුගෙන එන අවස්ථා අනාවරණය වී තිබේ. ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් හොර රහසේ රැුගෙන එනවායයි විශ්වාස කෙරෙන මෙම ද්‍රව්‍යය ඉතා ශක්තිමත් ජාලයක් හරහා රට පුරා බෙදාහරිමින්ද තිබේ. නීතිය යටතට හසුකරගනිමින් නඩු මාර්ගයට එළඹීමට හැකි සීමාවන් පවා අභිබවමින් මෙම ක‍්‍රියා සිදුවෙමින් පවතී. ඒ පිළිබ`දව පළිබෝධනාශක රෙජිස්ට‍්‍රාර් කාර්යාලයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ ලසන්ත රත්නවීර මහතා පැවසුවේ මෙවන් අදහසකි.

    ”අප සතු ශක්තිය හා සම්පත් උපයෝගී කරගනිමින් අප පසුගිය වසරේදීත් වැටලීම් ගණනාවක් සිදුකලා. ඒ අනුව අලෙවිකරුවන් එකොළොස් දෙනෙකුට එරෙහිව අධිකරණ ක‍්‍රියාමාර්ග පවා අරගත්තා. අයකළ දඩ මුදල රුපියල් ලක්ෂ ගණනක්. ඒ වුවත් දඩ මුදල ගෙවා නිමකර මේ වැඬේ නැවතත් එම ව්‍යාපාරිකයින් විසින්ම පටන් ගන්නවා. ගොවි ජනතාවගෙන් එන ඉල්ලූම තමයි එයට ප‍්‍රධාන හේතුව”

    ග්ලයිෆොසෙට් නොමැතිව ගොවිතැන් කරන්නට අවශ්‍ය තාක්ෂණික දැනුම මේ වනවිට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ප‍්‍රකාශ කර අවසන්ය. එබැවින් ගොවියා තුළ ආකල්පමනය වෙනසක් ඇතිවී ග්ලයිෆොසෙට් ඉල්ලා වෙළඳසැල වෙතට යන සිරිත ඔහු විසින් අත්හල යුතුවේ. ජනතාවගෙන් ඉල්ලූමක් නැතිනම් අනවසරයෙන් නොව අවසර ලබාගෙනවත් ව්‍යාපාරිකයින් මේවා ආනයනය කරන්නේ නැත.

    කටයුතු පාලනය කිරීම උදෙසා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පළිබෝධනාශක රෙජිස්ට‍්‍රාර් කාර්යාලය මහජන සහාය බලාපොරොත්තුවෙන්නේ මේ හේතුවෙනි. මේ ආකාරයෙන් රට තුළට පැමිණෙන ග්ලයිෆොසෙට් නීත්‍යානුකූල ඒවාටත් වඩා පරිසරයට මෙන්ම ජනතාවට හානි ගෙනදෙන බවට විද්වත් මත පලවී ඇති පසුබිමක මහජනතාව මීට වඩා සැලකිලිමත්ව මේ ගැන සිතා බැලිය යුතුය.

    සංයුතිය කෙබඳුදැයි පරීක්ෂාකර, ලියාපදිංචිකර පරිහරණය සඳහා අනුමැතිය දීම සාමාන්‍ය ක‍්‍රමවේදය වුවත්, මෙහිදී එවැන්නක් සිදු නොවන නිසා ආරක්ෂකබව සම්බන්ධයෙන් බරපතල අවදානමක් තිබේ. අනෙක් කරුණ වන්නේ මෙම අනවසර නිෂ්පාදනයන් සඳහා විධිමත් මිල නියාමනයක් නොමැති වීමයි. කුමන සංයුතියකින් යුතුව කුමන ද්‍රව්‍යය අන්තර්ගතදැයි කිසිවෙක් දන්නේ නැත.

    නිසි ප‍්‍රමිතියක් නොලැබූ මෙවන් දෑ පරිසරයට මුදාහැරීමෙන් සිදුවන්නේ විශාල හානියකි. මීට අමතරව අනවසර දෑ සඳහා වෙළෙඳුන් හිතුමනාපයට මුදල් අයකරනු ලබයි. මේ නිසා ගොවියාට අනවශ්‍ය නිෂ්පාදන වියදමක් දැරීමට සිදුවන්නේය. ඊට සරිලන වැඩි මිලක් තම නිෂ්පාදනයට පාරිභෝගිකයාගෙන් ලැබෙන බවට සහතිකයක්ද නැත.

    නීත්‍යානුකූලව මෙවැනි කටයුතු නියාමනය කරනවාට වඩා ප‍්‍රයෝගික විසඳුම වන්නේ ගොවි ජනතාව නිසියාකාරව දැනුවත්ව අනවසර නිෂ්පාදනයන්ගෙන් ඈත්වී සිටීමයි. එම කටයුතු වලට සහය දීම සමස්ත සමාජය සතු වගකීමක්ද වන්නේය.

    පිටපත : සනත් එම්. බණ්ඩාර – සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ, ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය, ගන්නොරුව
    තාක්‍ෂණික කරුණු ඃ ලසන්ත රත්නවීර – සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ, පළිබෝධනාශක රෙජිස්ට‍්‍රාර් කාර්යාලය, ගැටඹේ

  • ජනපති – අගමැති – නව ඇමතිවරු ත්‍රෛනිකායික මහානායක හිමිවරු බැහැ දකිති

    ජනපති – අගමැති – නව ඇමතිවරු ත්‍රෛනිකායික මහානායක හිමිවරු බැහැ දකිති

    රජයක අමාත්‍ය මණ්ඩලයක් පත්ව රාජ්‍ය නායකයා සමග ත්‍රෛනිකායික මහා නායක හිමිවරු එදිනම බැහැදුටු ප්‍රථම අවස්ථාව ලෙස මෙය දේශපාලන ඉතිහාසයට එක් වනු ඇත.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ අද (12) දිවුරුම් දුන් නව අමාත්‍යවරු ත්‍රෛනිකායික මහා නායක හිමිවරු බැහැ දැක ආශිර්වාද ලබා ගත්හ. රජයක අමාත්‍ය මණ්ඩලයක් පත්ව රාජ්‍ය නායකයා සමග ත්‍රෛනිකායික මහා නායක හිමිවරු එදිනම බැහැදුටු ප්‍රථම අවස්ථාව ලෙස මෙය දේශපාලන ඉතිහාසයට එක් වනු ඇත.

    අද පස්වරුවේ මල්වතු මහා විහාරය වෙත ගිය ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයට මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රි සුමංගල, අනුනායක හිමිවරුන් වන අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි, අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම, ලේඛකාධිකාරී අතිපූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල හිමිවරු ඇතුළු  කාරක සංඝ සභාවේ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ආශිර්වාද  පළ කළහ.

    මෙවර මහ මැතිවරණයෙන් ජනාධිපතිතුමා ප්‍රධාන රජයට ස්වාධීනව ඉදිරියට යාමට හැකි බලයක් ජනතාව දී ඇතැයි සඳහන් කළ නියංගොඩ විජිතසිරි අනු නායක හිමියෝ එය මනාව හඳුනා ගනිමින් අභියෝග ජය ගැනීමට ආශිර්වාද කළහ.

    අනතුරුව ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා ප්‍රධාන අමාත්‍ය මණ්ඩලය අස්ගිරි මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන, අනුනායකහිමිවරුන් වන අතිපූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි, අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි, මහා ලේඛකාධිකාරී අතිපූජ්‍ය මැදගම ධම්මානන්ද නා හිමිවරු බැහැ දුටුහ.

    රටට යහපත් පාලක දෙපළක් පත්ව ඇතැයි අතිපූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි නා හිමියෝ අනුශාසනාවක් කරමින් කියා සිටියහ. කැබිනට් සහ රාජ්‍ය අමාත්‍ය ධූර සඳහා පත් කිරීම් සිදුකර ඇති ආකාරය ගැන උන්වහන්සේ සිය ප්‍රසාදය පළ කළහ.

    රටට, ජාතියට සේවය කිරීමට ජනාධිපතිතුමා, අගමැතිතුමා ප්‍රමුඛ නව රජයට ආශිර්වාදය පළ කරන බව රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපන පේමසිරි නා හිමියෝ සඳහන් කළහ.

    මැණික්හින්න, හූරිකඩුව විද්‍යාසාගර පිරිවෙන වෙත පැමිණි ජනාධිපතිතුමා, අගමැතිතුමා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයට ආශිර්වාද පළ කරමින් උන්වහන්සේ මේ බව පැවසූහ.

    පසුගිය කාලයේ පිරිවෙන් අධ්‍යාපනයට නිසි තැන හිමි නොවූ බව  රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අතිපූජ්‍ය අංකුඹුරේ ප්‍රේමවංශ නා හිමියෝ පෙන්වා දුන්හ.

    ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා ගෙන යන නව වැඩපිළිවෙලත් සමග දේශීයත්වයට සහ රටට නව පණක් ලැබී ඇතැයි සඳහන් කළ ප්‍රේමවංශ නා හිමියෝ රටට අවශ්‍ය මොනවාද යන්න ඔබතුමන්ලා දෙපළට පෙනෙන බව පැවසූහ. දේශීය දේ නගා සිටුවීමට නව අමාත්‍යවරුන්ට වගකීම භාරදී ඇති බව පෙනෙන්නට ඇතැයි උන්වහන්සේ සඳහන් කළහ.

    ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා සහ අගමැතිතුමා විහාරාධිපති අතිපුජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නා හිමියෝ බැහැ දැක උන්වහන්සේගේ ද ආශිර්වාද ලබා ගත්හ.

    මෙවර මහ මැතිවරණයේ දී ජනතාව සිය යුතුකම ඉටුකර ඇති අතර නව රජයට පැවරී ඇති යුතුකම ඉටුකිරීමට සියලුදෙනා කැපවෙනු ඇති බවත්, එම වැඩපිළිවෙළට සමස්ත මහා සංඝරත්නයේ ආශිර්වාදය හිමිවන බවත් උන්වහන්සේ කියා සිටියහ.

  • කැබිනට් අමාත්‍යවරු – රාජ්‍ය අමාත්‍යවරු සහ දිස්ත්‍රික් කමිටු සභාපතිවරු මෙන්න !

    කැබිනට් අමාත්‍යවරු – රාජ්‍ය අමාත්‍යවරු සහ දිස්ත්‍රික් කමිටු සභාපතිවරු මෙන්න !

    අගමැතිතුමා ඇතුළුව කැබිනට්ඇමතිවරු 25යි

    රාජ්‍ය  අමාත්‍යවරු 39 දෙනෙක්

    දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු 23 ක්

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ නව රජයේ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දෙති. දිවුරුම්දීම අද (12) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ ඓතිහාසික මඟුල් මඩුවේදී සිදු විය.

    අනාගතයේදී අපේක්ෂා කරන සෞභාග්‍යවත් දේශය ගොඩනැගීම සඳහා කැපවන කාර්යශූර අමාත්‍ය මණ්ඩලයක අවශ්‍යතාව ජනාධිපතිතුමා විසින් පෙන්වා දී තිබිණ.

    “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ජාතික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ප්‍රායෝගිකව සහ යතාර්ථවාදීව  අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය සැලසුම් කර තිබේ. අමාත්‍යාංශය ව්‍යුහය සැකසීමේ දී ජාතික ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය, යටිතල පහසුකම්, අධ්‍යාපනය, සෞඛ්‍යය හා ක්‍රීඩා යන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමු කෙරිණ.

    අභිනව කැබිනට් මණ්ඩලයට අග්‍රාමාත්‍යතුමා ඇතුළුව 25 දෙනෙක් අයත් වෙති. රාජ්‍ය අමාත්‍යවරුන් ගණන  39කි.  දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු ලෙස 23 දෙනෙක් පත් කරනු ලැබ සිටිති.

    මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර නව අමාත්‍ය මණ්ඩලයට හා තේරිපත් වූ මන්ත්‍රිවරුන්ට ආශිර්වාද පළ කළහ.

    දිස්ත්‍රික් කමිටු සභාපතිවරු වෙත පත්වීම් ප්‍රදානය ජනාධිපතිතුමා අතින් ප්‍රථමයෙන් සිදු කෙරිණ.

    දිස්ත්‍රික් කමිටු සභාපතිවරු

    • ප්‍රදීප් උදුගොඩ මහතා                                         –           කොළඹ දිස්ත්‍රික්කය
    • සහන් ප්‍රදීප් විතාන මහතා                                   –           ගම්පහ දිස්ත්‍රික්කය
    • සංජීව එදිරිමාන්න මහතා                                   –           කළුතර දිස්ත්‍රික්කය
    • වසන්ත යාපා බණ්ඩාර මහතා                             –           මහනුවර දිස්ත්‍රික්කය
    • එන්. නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා     –           මාතලේ දිස්ත්‍රික්කය
    • එස්.බී. දිසානායක මහතා                                   –           නුවරඑළිය දිස්ත්‍රික්කය
    • සම්පත් අතුකෝරළ මහතා                                 –           ගාල්ල දිස්ත්‍රික්කය
    • නිපුණ රණවක මහතා                                       –           මාතර දිස්ත්‍රික්කය
    • උපුල් ගලප්පත්ති මහතා                                     –           හම්බන්තොට දිස්ත්‍රික්කය
    • අංගජන් රාමනාදන් මහතා                                 –           යාපනය දිස්ත්‍රික්කය
    • ඩග්ලස් දේවානන්ද මහතා                                  –           කිලිනොච්චිය දිස්ත්‍රික්කය
    • කේ. දිලීප මහතා                                               –           වව්නියාව දිස්ත්‍රික්කය
    • කේ. කාදර් මස්තාන් මහතා                                –           මන්නාරම සහ මුලතිව්
    • ඩී. වීරසිංහ මහතා                                              –           අම්පාර දිස්ත්‍රික්කය
    • කපිල අතුකෝරල මහතා                                   –           ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය
    • ගුණපාල රත්නසේකර මහතා                             –           කුරුණෑගල දිස්ත්‍රික්කය
    • අශෝක ප්‍රියන්ත මහතා                                      –           පුත්තලම දිස්ත්‍රික්කය
    • එච්. නන්දනසේන මහතා                                   –           අනුරාධපුර දිස්ත්‍රික්කය
    • අමරකීර්ති අතුකෝරළ මහතා                             –           පොළොන්නරුව දිස්ත්‍රික්කය
    • සුදර්ශන දෙනිපිටිය මහතා                                  –           බදුල්ල දිස්ත්‍රික්කය
    • කුමාරසිරි රත්නායක මහතා                                –           මොණරාගල දිස්ත්‍රික්කය
    • අකිල එල්ලාවල මහතා                                      –           රත්නපුරය දිස්ත්‍රික්කය
    • රාජිකා වික්‍රමසිංහ මහත්මිය                                –           කෑගල්ල දිස්ත්‍රික්කය

    නව රාජ්‍ය අමාත්‍යවරු

    1. චමල් රාජපක්ෂ මහතා               – අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ
    2. පියංකර ජයරත්න මහතා            – විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙදපොළ විවිධාංගීකරණ
    3. දුමින්ද දිසානායක මහතා            – සූර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන
    4. දයාසිරි ජයසේකර මහතා           -බතික්, අත්යන්ත්‍ර, රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන
    5. ලසන්ත අලගියවන්න මහතා      – සමූපකාර සේවා, අළෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ
    6. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මිය     -බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන
    7. අරුන්දික ප්‍රනාන්දු මහතා           -පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත
                                                       කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ
    8. නිමල් ලන්සා මහතා                  -ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම්
    9. ජයන්ත සමරවීර මහතා              -ගුදම් පහසුකම්, බහලුම් අංගන, වරාය සැපයුම් පහසුකම්
                                                     බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන
    10. රොෂාන් රණසිංහ මහතා           -ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා
                                                      දේපළ සංවර්ධන
    11. කනක හේරත් මහතා                 -සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ වතු ආශ්‍රිත බෝග වගා
                                                      තේ කර්මාන්ත ශාලා නවීකරණය හා තේ අපනයන ප්‍රවර්ධන
    12. විදුර වික්‍රමනායක මහතා            – ජාතික උරුම, ප්‍රසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පි ප්‍රවර්ධන කටයුතු
    13. ජානක වක්කුඹුර මහතා             -උක්, බඩඉරිගු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා
                                                      වැවිලි බෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන
    14. විජිත බේරුගොඩ මහතා – දහම්පාසල්, භික්ෂු අධ්‍යාපන, පිරිවෙන් හා බෞද්ධ විශ්ව විද්‍යාල
    15. ෂෙහාන් සේමසිංහ මහතා           – සමෘද්ධි ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන
                                                       හා ඌණ උපයෝජන , රාජ්‍ය සම්පත් සංවර්ධන
    16. මොහාන් ද සිල්වා                     – පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමි නාශක
                                                       භාවිත නියාමන
    17. ලොහාන් රත්වත්තේ මහතා       – මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත
    18. දිලුම් අමුණුගම මහතා                –  වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර්
                                                       රථ කර්මාන්ත
    19. විමලවීර දිසානායක මහතා         –  වනජීවි රැකවරණය, අලි වැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත
                                                        වැඩපිළිවෙළවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත්         
                                                        සංවර්ධන
    20.   තාරක බාලසූරිය මහතා            – කලාපීය සහයෝගිතා කටයුතු
    21. ඉන්දික අනුරුද්ධ මහතා             – ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත
                                                       ප්‍රවර්ධන
    22. කංචන විජේසේකර මහතා         – විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය
                                                       සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන
    23. සනත් නිශාන්ත මහතා               – ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන
    24. සිරිපාල ගම්ලත් මහතා               – මහවැලි කලාප ආශ්‍රිත ඇලවේලි හා ජනාවාස, පොදු යටිතල පහසුකම්
                                                       සංවර්ධන
    25. සරත් වීරසේකර මහතා              – පලාත් සභා හා පළාත් පාලන කටයුතු
    26. අනුරාධ ජයරත්න මහතා            -ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන
    27. සදාසිවම් වියාලේන්ද්‍රන් මහතා   -තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන
    28. තේනුක විදානගමගේ මහතා      – ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන
    29. සිසිර ජයකොඩි මහතා               – දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා
                                                       ප්‍රජා සෞඛ්‍ය
    30. පියල් නිශාන්ත ද සිල්වා මහතා  –  කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන,
                                                        පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා
    31. ප්‍රසන්න රණවිර මහතා              – වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන
    32. ඩී.වී. චානක මහතා                   – ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන
    33. ඩී.බී. හේරත් මහතා                   – පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත
                                                       කර්මාන්ත
    34. ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා            – වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පළතුරු, මිරිස්, ලූණු හා
                                                       අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික
                                                       කෘෂිකර්ම
    35. නාලක ගොඩහේවා මහතා         – නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැරවීම හා
                                                       ප්‍රජා පවිත්‍රතා කටයුතු
    36. ජීවන් තොණ්ඩමන් මහතා          – වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම්
    37. අජිත් නිවාඩ් කබ්රාල් මහතා      – මුදල් හා ප්‍රාග්ධන වෙළෙදපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ
    38. සීතා අරඹේපොළ මහත්මිය        – නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම්
    39. චන්න ජයසුමන මහතා               – ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන

    කැබිනට් අමාත්‍යවරු

    1. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා – ආරක්ෂක
    2. මහින්ද රාජපක්ෂ මැතිතු මා                                  – මුදල්
    3. මහින්ද රාජපක්ෂ මැතිතුමා                                 – බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු
    4. මහින්ද රාජපක්ෂ මැතිතු මා                                 – නාගරික සංවර්ධනය හා නිවාස
    5. නිමල් සිරිපාල ද සිල්වා මහතා                            –  කම්කරු
    6. ජී.එල්. පීරිස් මහතා                                           – අධ්‍යාපන
    7. පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය                     – සෞඛ්‍ය
    8. දිනේෂ් ගුණවර්ධන මහතා                                  – විදේශ
    9. ඩග්ලස් දේවානන්ද මහතා                                  – ධීවර
    10. ගාමිණි ලොකුගේ මහතා                                    – ප්‍රවාහන
    11. බන්දුල ගුණවර්ධන මහතා                                  – වෙළෙඳ
    12. ආර්.එම්.සී.බී. රත්නායක මහතා                         -වනජීවි හා වන සංරක්ෂණ
    13. ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා                – රාජ්‍ය සේවා, පළාත් සභා හා පලාත් පාලන
    14. කෙහෙළිය රඹුක්වැල්ල මහතා               –           ජනමාධ්‍ය
    15. චමල් රාජපක්ෂ මහතා                           –           වාරිමාර්ග
    16. ඩලස් අලහප්පෙරුම මහතා                     –           විදුලිබල
    17. ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා                   –           මහාමාර්ග
    18. විමල් වීරවංශ මහතා                              –           කර්මාන්ත
    19. මහින්ද අමරවීර මහතා                           –           පරිසර
    20. එස්.එම්. චන්ද්‍ර සේන මහතා                   –           ඉඩම්
    21. මහින්දානන්ද අළුත්ගමගේ මහතා           –            කෘෂිකර්ම
    22. වාසුදේව නානායක්කාර මහතා              –           ජලසම්පාදන
    23. උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා                –           බලශක්ති
    24. රමේෂ් පතිරණ මහතා                           –           වැවිලි
    25. ප්‍රසන්න රණතුංග මහතා                         –           සංචාරක
    26. රෝහිත අබේගුණවර්ධන මහතා             –           වරාය හා නාවික
    27. නාමල් රාජපක්ෂ මහතා                         –           තරුණ හා ක්‍රීඩා
    28. අලී සබ්‍රි මහතා                                       –           අධිකරණ

    දිවුරුම් දීමෙන් අනතුරුව ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ප්‍රමුඛ නව අමාත්‍ය මණ්ඩලය දළදා වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගත්හ.

    දළදා මාළිගා පරිශ්‍රයේ පත්තිරුප්පුව ඉදිරිපිට සමූහ ඡායාරූපයට පෙනී සිටීමෙන් පසුව උත්සවයේ කටයුතු සමාප්ත විය.

  • ගියපාර ඇමතිකම් හිමි වුණු මේ පාර අහිමි වුණු මන්ත්‍රීවරු මෙන්න

    ගියපාර ඇමතිකම් හිමි වුණු මේ පාර අහිමි වුණු මන්ත්‍රීවරු මෙන්න

    පසුගිය රජයයන් හි අමාත්‍යධුර දරන ලද මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුටම මෙවර කිසිදු අමාත්‍යධුරයක් නොලැබුණි.

    ඒ අතර, පසුගිය කාලයේදී කැබිනට් මෙන්ම රාජ්‍ය අමාත්‍යධුර වරින් වර දැරූ විජයදාය රාජපක්ෂ, එස්.බී. දිසානායක, චන්දිම වීරක්කොඩි යන මහත්වරුන්ට මෙවර රාජ්‍ය හෝ කැබිනට් අමාත්‍යධුර හිමි නොවීය.

    තවද ආණ්ඩු කිහිපයකම විවිධ අමාත්‍යධුර දැරූ අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේම්ජයන්ත්, ඩිලාන් පෙරේරා යන අයටත් මෙවර කිසිඳු අමාත්‍යධුරයක් හිමි නොවීය. එසේම ඔවුන්ට දිස්ත්‍රික් සංවර්ධන සභාපති තනතුරක් හෝ හිමි නොවීය.

    විවිධ රජයන්හි ඇමතිධුර දැරූ ජෝන් සෙනෙවිරත්න, රංජිත් සියඹලාපිටිය, මහින්ද සමරසිංහ හා මහින්ද යාපා අබේගුණවර්ධන යන අයටත් මෙවර ඇමතිධුර හෝ රාජ්‍ය අමාත්‍යධුර හිමි නොවීය.

    එසේම ඔවුන්ට දිස්ත්‍රික් සම්බන්ධීකරණ සභාපති තනතුරුද හිමි නොවුන අතර එස්. බී දිසානායක මහතාට රාජ්‍ය හෝ කැබිනට් අමාත්‍යධුරයක් හිමි නොවුන අතර නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ සභාපති තනතුරක් පමණක් හිමිවිය.

    ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධායේ ප්‍රධානම හවුල්කාර පක්ෂයක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මෙවර අමාත්‍යධුරයක් හිමි නොවීම විශේෂත්වයකි.

  • නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි

    නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි

    නව රජයේ කැබිනට් මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීම අද (12) මහනුවර ඓතිහාසික මගුල් මඩුවේදී සිදුවිය. නව කැබිනට් මණ්ඩලය අමාත්‍යවරුන් 28 දෙනුගෙන් සමන්විත වේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, මුදල්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙසත් මහචාර්ය ජී.එල්. පීරිස් මහතා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන්නේය.

    1.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ – ආරක්ෂක අමාත්‍ය

    02.අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ – මුදල්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු හා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය

    03. නිමල් සිරිපාල ද සිල්වා – කම්කරු අමාත්‍ය

    04. ජී.එල්.පීරිස් – අධ්‍යාපන අමාත්‍ය

    05. පවිත්‍රා වන්නිආරච්චි – සෞඛ්‍ය අමාත්‍ය

    06. දිනේෂ් ගුණවර්ධන – විදේශ කටයුතු අමාත්‍ය

    07. ඩග්ලස් දේවානන්ද – ධීවර අමාත්‍ය

    08. ගාමිණි ලොකුගේ – ප්‍රවාහන අමාත්‍ය

    09. බන්දුල ගුණවර්ධන – වෙළෙඳ අමාත්‍ය

    10. ආර්.සී.බී.රත්නායක – වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය

    11. ජනක බණ්ඩාර තෙන්නකෝන් – රාජ්‍ය සේවා,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය

    12. කෙහෙළිය රඹුක්වැල්ල – ජනමාධ්‍ය අමාත්‍ය

    13. චමල් රාජපක්ෂ – වාරිමාර්ග අමාත්‍ය

    14. ඩලස් අලහප්පෙරුම – විදුලිබල අමාත්‍ය

    15. ජොන්ස්ටන් ප්‍රනාන්දු – මහාමාර්ග අමාත්‍ය

    16. විමල් වීරවංශ – කර්මාන්ත අමාත්‍ය

    17. මහින්ද අමරවීර – පරිසර අමාත්‍ය

    18. එස්.එම්.චන්‍ද්‍රසේන  – ඉඩම් අමාත්‍ය

    19. මහින්දානන්ද අලුත්ගමගේ – කෘෂිකර්ම අමාත්‍ය  

    20. වාසුදේව නානායක්කාර – ජල සම්පාදන අමාත්‍ය

    21. උදය ප්‍රභාත් ගම්මන්පිල – බලශක්ති අමාත්‍ය

    22. රමේෂ් පතිරණ – වැවිලි අමාත්‍ය

    23. නාමල් රාජපක්ෂ – තරුණ හා ක්‍රීඩා අමාත්‍ය

    24. අලි සබ්රී – අධිකරණ අමාත්‍ය

    25. රෝහිත අබේගුණවර්ධන – වරාය හා නාවික අමාත්‍ය

    26. ප්‍රසන්න රණතුංග – සංචාරක අමාත්‍ය