Blog

  • කැබිනට් හා රාජ්‍ය අමාත්‍යාංශ බෙදා දෙන්නේ මෙහෙමයි – සම්පූර්ණ ගැසට් නිවේදනය මෙන්න

    කැබිනට් හා රාජ්‍ය අමාත්‍යාංශ බෙදා දෙන්නේ මෙහෙමයි – සම්පූර්ණ ගැසට් නිවේදනය මෙන්න

    අමාත්‍යාංශ 28කින් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40කින් සමන්විත අමාත්‍යාංශ ව්‍යුහය අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර ඇති බව ජනාධිපති මධ්‍ය අංශය නිවේදනය කළේය. ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා විසින් හොබවනු ලබන අමාත්‍යාංශ ද ඊට අයත් වේ.

    අමාත්‍යාංශ සංයුතිය, විෂය පථය, අදාළ ආයතන සහ බලපවත්නා නීති හා අණ පනත් සඳහන් ගැසට් නිවේදනය අද (10) සවස ප්‍රකාශයට පත් කළ බවද එහි සඳහන් වේ.

    අමාත්‍යාංශ සකස් කිරීමේ දී ජාතික ප්‍රමුඛතා, ප්‍රතිපත්තිමය වගකීම් සහ කාර්යභාරය සැලකිල්ලට ගෙන තිබේ.

    එක් එක් අමාත්‍යාංශයට අයත් පුළුල් කාර්යභාරය අනුව සුවිශේෂ ප්‍රමුඛතා සපුරා ගැනීම සහ අදාළ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පහසු වන පරිදි රාජ්‍ය අමාත්‍යාංශ සකස් කර ඇත.

    අමාත්‍යාංශ ව්‍යුහය සැකසීමේ දී ජාතික ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය, යටිතල පහසුකම්, අධ්‍යාපනය, සෞඛ්‍යය හා ක්‍රීඩා යන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමු කර තිබේ.

    එකී ව්‍යුහය මගින් ග්‍රාමීය හා කෘෂිකාර්මික සංවර්ධනයේ මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද පැතිකඩ ගණනාවක් ආවරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

    සෑම අමාත්‍යාංශයකම විෂය පථය, සුවිශේෂ ප්‍රමුඛතා, අදාළ ආයතන සහ නීති රාමුව අනු මාතෘකා යටතේ පැහැදිලි කර තිබේ.

    අමාත්‍යාංශ භාර අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරු අගෝස්තු 12 බදාදා පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ මඟුල් මඩුවේ දී ජනාධිපතිවරයා හමුවේ දිවුරුම් දෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කළ නිවේදනයේ සඳහන් වේ.

    ඊට අදාළ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.

    ඔබට අදාළ ගැසට් නිවේදනය මෙම Link එක ඔස්සේ කියවිය හැකිය. Gazette Sinhala 

  • අමාත්‍යාංශ 28ක් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40 ක් – ඇමැති දිවුරුම බදාදා

    අමාත්‍යාංශ 28ක් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40 ක් – ඇමැති දිවුරුම බදාදා

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමාත්‍යාංශ 28කින් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40කින් සමන්විත අමාත්‍යාංශ ව්‍යුහය අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරයි. ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා විසින් හොබවනු ලබන අමාත්‍යාංශ ද ඊට අයත්ය.

    අමාත්‍යාංශ සංයුතිය, විෂය පථය, අදාළ ආයතන සහ බලපවත්නා නීති හා අණ පනත් සඳහන් ගැසට් නිවේදනය අද (10) සවස ප්‍රකාශයට පත් කරනු ලැබීය.

    අමාත්‍යාංශ සකස් කිරීමේ දී ජාතික ප්‍රමුඛතා, ප්‍රතිපත්තිමය වගකීම් සහ කාර්ය භාරය සැලකිල්ලට ගෙන තිබේ. එක් එක් අමාත්‍යාංශයට අයත් පුළුල් කාර්ය භාරය අනුව සුවිශේෂ ප්‍රමුඛතා සපුරා ගැනීම සහ අදාළ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පහසු වන පරිදි රාජ්‍ය අමාත්‍යාංශ සකස් කර ඇත.

    අමාත්‍යාංශ ව්‍යුහය සැකසීමේ දී ජාතික ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය, යටිතල පහසුකම්, අධ්‍යාපනය, සෞඛ්‍යය හා ක්‍රීඩා යන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමු කෙරිණ.

    එකී ව්‍යුහය මගින් ග්‍රාමීය හා කෘෂිකාර්මික සංවර්ධනයේ මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද පැතිකඩ ගණනාවක් ආවරණය කර ඇත.

    සෑම අමාත්‍යාංශයකම විෂය පථය, සුවිශේෂ ප්‍රමුඛතා, අදාළ ආයතන සහ නීති රාමුව අනු මාතෘකා යටතේ පැහැදිලි කර තිබේ.

    අමාත්‍යාංශ භාර අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරු අගෝස්තු 12 බදාදා පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ මඟුල් මඩුවේ දී ජනාධිපතිවරයා හමුවේ දිවුරුම් දෙති.

  • ගාමිණී සෙනරත් යළි අග්‍රාමාත්‍ය ලේකම් ධූරයට

    ගාමිණී සෙනරත් යළි අග්‍රාමාත්‍ය ලේකම් ධූරයට

    ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුව සිටි ගාමිණි සේදර සෙනරත් මහතා අග්‍රාමාත්‍ය ලේකම් ලෙස නැවතත් පත් කෙරේ.

    ඔහු සිය පත්වීම් ලිපිය අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙතින් භාර ගත්තේය.

    මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරය හෙබ වූ අවධියේ  අතිරේක ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී වශයෙන් සේවය කළ ගාමිණි සෙනරත් මහතා 2019 නොවැම්බර් 21 වැනි දින  මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමෙන් පසු අග්‍රාමාත්‍ය ලේකම් ධූරයට පත් විය.

    කැලණිය විශ්වවිද්‍යාලයේ ප්‍රථම උපාධිය හදාරා ඇති ගාමිණී සේදර සෙනරත් මහතා 1984 වර්ෂයේ ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්විය.

    කොළඹ විශ්වවිද්‍යාලයෙන් පරිගණක තාක්ෂණය පිළිබඳව පශ්චාත් උපාධිය හිමිකරගත් ඔහු විදේශ අධ්‍යයන පාඨමාලා රැසක්  හදාරා තිබේ.

  • SLPP කැබිනට් අමාත්‍යවරු 25 දෙනා පමණක් 12 වැනිදා දිවුරුම් දෙයි

    SLPP කැබිනට් අමාත්‍යවරු 25 දෙනා පමණක් 12 වැනිදා දිවුරුම් දෙයි

    ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු රජයේ අභිනව කැබිනට් මණ්ඩලය 12 වැනිදා මහනුවර ශ‍්‍රී දළඳා මාළිඟාවේ ඓතිහාසික මඟුල් මඩුවේදී දිවුරුම් දීමට නියමිත අතර නව රජයේ කැබිනට් මණ්ඩලය 30 දෙනකුගෙන් සමන්විත වනු ඇති බව ද වාර්තා වේ.

    12 වැනිදා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරු 25 දෙනා පමණක් දිවුරුම් දීමට නියමිත අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගතවී සිටින සෙසු පක්ෂවල කැබිනට් අමාත්‍යවරුන් පසුව දිවුරුම් දීමට නියමිතව තිබේ.

    නව කැබිනට් මණ්ඩලය පත් කිරීම ගැන අදහස් දක්වමින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයෙකු කියා සිටියේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව තනි පක්ෂයක් ආණ්ඩුව පිහිටුවන විට පත් කළ හැකි වන්නේ කැබිනට් අමාත්‍යවරුන් 30 දෙනකු පමණක් බැවින් කැබිනට් මණ්ඩලය 30 දෙනකුට පමණක් සීමා කිරීමට සිදු වූ බවයි.

  • ජනපතිටත් – ජනතාවටත් වගේ වගක් නෑ – බ්‍රසීලයේ කොරෝනා මරණ 100,000 ඉක්මවයි

    ජනපතිටත් – ජනතාවටත් වගේ වගක් නෑ – බ්‍රසීලයේ කොරෝනා මරණ 100,000 ඉක්මවයි

    බ්‍රසීලය කොවිඩ් මරණ 100,000 පසුකළ දෙවන රට බවට අද (09) පත් වුණා. බ්‍රසීල සෞඛ්‍ය අංශ වාර්තා කරන පරිදි වෛරසය ව්‍යාප්ත වීම ආරම්භ වූ දින සිට මාස තුනක් ඇතුළත 50,000කට අධික පිරිසක් මියගිය අතර එම සංඛ්‍යාව පසුගිය දින 50 තුළ දෙගුණ වී තිබෙනවා.

    ‘බ්‍රසීලය තුළ වසංගතය තවමත් එහි උපරිමයට පැමිණ නැහැ. ඒත් රට තුළ දැඩි අගුළු දැමීමක් ද සිදුවන්නේ නැහැ. කඩ සාප්පු විවෘතව ඇති අතර ජනතාව ද සාමාන්‍ය ජීවිත ගත කිරීමට උත්සාහ කරමින් සිටිනවා‘ බ්‍රසීලයේ බී.බී.සී වාර්තාකරු පැවසුවා.

    අන්ත දක්ෂිණාංශික ජනාධිපති ජෙයාර් බොල්සනාරෝ වෛරසයේ බලපෑම අවතක්සේරු කරන අතර ආර්ථිකයට බලපෑම් සිදුවන ක්‍රියාමාර්ග ගැනීමට දැඩිව විරෝධය දක්වමින් සිටී. කොවිඩ් -19 මර්දනය කිරීම සඳහා ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් විසින් පනවා තිබූ සීමාවන්ට එරෙහිව සටන් කරමින් සිටින ජනපතිවරයා පසුගිය දා ඔහු කොවිඩ්-19 සදහා ධනාත්මක ලක්ෂණ පළ කළ ද ඇතැම් විට මුහුණු ආවරණයක් නොමැතිව ආධාරකරුවන්ගේ හමුවට යාම සිරිතක් කරගෙන සිටී.

    අර්බුදයට බ්‍රසීලය ප්‍රතිචාර දක්වන්නේ කෙසේද?

    සෞඛ්‍ය අමාත්‍යාංශය මෙහෙයවනු ලබන්නේ මහජන සෞඛ්‍ය පිළිබඳ අත්දැකීම් නොමැති හමුදා ජෙනරාල්වරයෙකු විසිනි. මීට පෙර අමාත්‍යවරුන් දෙදෙනෙකු, ( ඔවුන් දෙදෙනාම වෛද්‍ය වෘත්තිකයින්ය) අමාත්‍යධුරවලින් ඉවත් වූයේ සමාජ දුරස්ථ ක්‍රියාමාර්ග සහ හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන් ප්‍රතිකාරයක් ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ එකඟ නොවීම හේතුවෙන් ඇති වූ මත භේද නිසාය.

    කොවිඩ් -19 “කුඩා උණ” ලෙස හැඳින්වූ ජනාධිපති බොල්සොනාරෝ, පුපුරා යෑමට ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් දේශීය හා විදේශීය විවේචනවලට ලක්ව ඇත.

    පසුගිය දා කොවිඩ් -19 සදහා ධනාත්මක ලක්ෂණ පළ කළ ජනාධිපතිවරයා පසුව කියා සිටියේ මැලේරියාවට ප්‍රතිකාර කිරීමට ගන්නා ඖෂධයට ස්තූතිවන්ත වෙමින් තමා ආසාදනයෙන් සුවය ලබා ඇති බවයි.

    “ලෝක යුද්ධයක් වැනි ඛේදවාචකයක් නිසා අපෙි බලාපොරොත්තු සුන් විය යුතුයි. නමුත් බ්‍රසීලය සාමූහික නිර්වින්දනයකට ලක්ව තිබෙනවා” යැයි බෝවන රෝග සංගමයේ ජ්‍යෙෂ්ඨ සමාජික වෛද්‍ය හොසේ ඩේවි උර්බාස් රොයිටර් පුවත් සේවයට පැවසීය.

    “අද රජයේ පණිවුඩය නම්: ඔබ බරපතළ ලෙස ආසාදනය වී නොමැති නම් කරුණාකර කලබල නොවී සුපුරුදු ලෙස කටයුතු කරන්න. එය බරපතල නම් දැඩි සත්කාර ඇත‘යන්නයි. එය අපට ගැටලුකාරී‘ ඔහු වැඩි දුරටත් පැවසීය.

    සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව මේ වන විට බ්‍රසීලයෙන් කොවිඩ් වෛරස් ආශ්‍රිත මරණ 100,477 ක් හා රෝගීන් 3,012,412 ක් වාර්තා වී ඇත. එය දෙවැනි වන්නේ එක්සත් ජනපදයට පමණි.

    යබ්‍රසීලයේ හිටපු සෞඛ්‍ය ඇමතිවරයා

    උණුසුම් ස්ථාන කොහිද?

    මෑත සතිවල ගම්බද ප්‍රදේශවල, විශේෂයෙන් දකුණු හා බටහිර ප්‍රාන්තවල ආසාදනයේ ව්‍යාප්තිය වේගවත් වී ඇති අතර, වැඩිම ජනගහනයක් සිටින සාඕ පවුලෝ හි තත්වය යහපත් අතට හැරෙමින් පවතින බව පෙනේ.

    මේ අතර, ආසාදිතයින්ගේ සංඛ්‍යාව අඩු වී ඇත. වෛරසය මුලින්ම ව්‍යාප්ත වූ ඇමසොනාස් ඇතුළු රියෝ ද ජැනෙයිරෝහි ජනතාව යළි මුහුදු වෙරළට සහ මත්පැන් හල් වෙත ගමන් කරමින් සිටින අතර එය බරපතළ විවේචනයට ලක්ව ඇත.

    පසුගිය සෙනසුරාදා වින්දිතයින්ට උපහාරයක් වශයෙන්,‘ රියෝ ද පාස්‘ නම් රාජ්‍ය නොවන කණ්ඩායම රියෝ හි සුප්‍රසිද්ධ කොපකබානා වෙරළ තීරයේ වැලි මත කුරුස තබා රතු බැලූන් 1,000 ක් අහසට මුදා හැරියේය.

    “අපි ව්‍යවසනය කරා ළගා වෙමින් සිටියත් රජය සහ අපේ ජනතාව අතර ඒ ගැන එතරම් තැකීමක් නැති බව පෙනෙනවා. මරණය සාමාන්‍ය තත්වයට පත්වෙලා” 56 හැවිරිදි මාර්සියෝ ඩූ නැසිමෙන්ටෝ සිල්වා පැවසීය.

    ඔහු කුලී රථ රියදුරෙකු වන අතර වසංගතයෙන් දරුවන් අහිමි විය.

    වෛරසය බ්‍රසීලයේ කළු ජනතාවට පහර දී ඇති අතර දුගී දුප්පත් ජනතාව වසංගතයට බහුලව ගොදුරු වේ. එය තවමත් ආදිවාසී ප්‍රජාවන් අතර ව්‍යාප්ත වෙමින් පවතී. අවම වශයෙන් ආදිවාසීන් 22,300 ක් ආසාදනයට ලක් වී ඇති අතර 633 දෙනෙකු මියගොස් ඇති බව බ්‍රසීලයේ ප්‍රධාන ආදිවාසී සම්මේලනය වන අබිබ් පවසයි.

    සෙනෙට් කථානායක ඩේවි ඇල්කොලුම්බ්‍රේ දින හතරක ශෝක කාලයක් ප්‍රකාශ කළ නමුත් ජනාධිපති බොල්සොනාරෝ තවමත් අදහස් දක්වා නැත. මෙම සතිය මුලදී ඔහු සියලු මරණ ගැන කණගාටු වන බව පැවසූ නමුත් “අපි අපේ ජීවිත ඉදිරියට ගෙන යා යුතුයි” යනුවෙන් යෝජනා කළේය.

    සාඕ රයිමුන්ඩෝ නොනාටෝ නගරයට ගිය සංචාරයකදී සිය ගණනක් දෙනා විසින් බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ පිළිගන්නා බ්‍රසීල ජනාධිපති ධුරය මගින් ලබා දුන් අත් පත්‍රිකාවක්
    ජනාධිපති බොල්සොනාරෝ පසුගිය මාසයේ කොවිඩ් -19 වෙතින් සුවය ලැබීමෙන් පසු සිය පළමු සංචාරයේදී ආධාරකරුවන්ට ආචාර කළේය

    නායකත්වය නොදුන් නායකයා

    විශ්ලේෂණ පෙට්ටිය දකුණු ඇමරිකානු වාර්තාකරු කැතී වොට්සන් විසිනි

    බ්‍රසීලය මරණ 100,000 ඉක්මවා ඇති බවට ප්‍රවෘත්ති ලැබෙන අතර සාඕ පවුලෝ හරහා ප්‍රීති ඝෝෂ සහ ගිනිකෙළි සංදර්ශන පැවැත්විණි. නැත, මෙය කොවිඩ් -19 හි කිසියම් අශෝභන සැමරුමක් නොවේ. පාපන්දු කණ්ඩායම වන පල්මෙයිරාස් දැඩි දඩුවම් පහරකින් පසුව ප්‍රතිවාදී කොරින්තිවරුන්ට එරෙහිව රාජ්‍ය ශූරතාවය දිනා ගෙන තිබුණි.

    බ්‍රසීලයේ ජනප්‍රියම ක්‍රීඩාව කෙරෙහි ඇති ආශාව යටපත් කළ යුතු නැත. (විශේෂයෙන් මේ මොහොතේ මිනිසුන්ව සතුටු කිරීමට තවත් දෙයක් නොමැති විට) නමුත් ජෙයාර් බොල්සොනාරෝ සිය සුබ පැතුම් පිරිනැමීමෙන් ජයග්‍රහණය සනිටුහන් කළද, දුක්ඛිත සංඛ්‍යා ගැන නිහඩය. මේ නිහඩ බව වසංගතය ගැන බොහෝ දේ පවසයි. වසංගතය දෙස ජනාධිපතිවරයා දක්වන ප්‍රතිචාරයේ කිසිම වෙනසක් මේ දුක්ඛිත සංඛ්‍යා ලේඛන සමග වුව ද ප්‍රකාශ නොවීය.

    ඉරිදා පුවත්පත්වල කතුවැකි ජනාධිපතිවරයා පිළිබද විවේචනවලින් පිරී තිබේ. ඔහුගේ උදාසීනත්වය සහ සංවේදනය නොමැතිකම දැඩිව විවේචනයට ලක් වේ. වසංගතය ජය ගැනීම සදහා ඔහුගේ නායකත්වය නොමැතිකම දැඩි කනස්සල්ලට හේතු වී ඇත. විශේෂයෙන් රට නැවත විවෘත වීම සහ වෛරසය තවමත් පාලනය කර නොමැති බව පෙනේ.

    ලතින් ඇමරිකාවේ වෙනත් තැනක සිදුවන්නේ කුමක්ද?

    ලතින් ඇමරිකාවේ සහ කැරිබියන් දූපත් වල වාර්තා වී ඇති කොරොන වයිරස් ආශ්‍රිත මරණ වලින් අඩකට ආසන්න ප්‍රමාණයක් බ්‍රසීලයට ඇති බව වාර්තා වේ. ලෝකයේ තුන්වන වැඩිම මරණ සංඛ්‍යාව වන 52,000 පේරු වෙතින් වාර්තාවන අතර කොලොම්බියාව සහ චිලී යන රටවල්වලින් ආසාදිතයින් 476,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇත.

    විශේෂඥයන් පවසන්නේ ජනාකීර්ණ නගර, දරිද්‍රතාවය සහ සෞඛ්‍ය සේවාවල දුර්වලතා වෛරසයේ දැඩි ව්‍යාප්තිය සහ මරණ සංඛ්‍යාව ඉහළ යාමට ඍජුව බලපාන බවයි.

    බී.බී.සී. වාර්තා ඇසුරිණි – සකස් කළේ – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • ඥානසාර හිමියෝ පාර්ලිමේන්තුවට

    ඥානසාර හිමියෝ පාර්ලිමේන්තුවට

    මහ මැතිවරණයෙන් සිය පක්ෂයට හිමි වු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි තෝරාපත් කරගෙන ඇති බව අපේ ජනබල පක්ෂයේ සභාපති සමන් පෙරේරා මහතා අද (09) පැවති මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය.

    මහ මැතිවරණයට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නායකත්වයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයට ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වූ අතර මෙවර මහ මැතිවරණයෙන් අපේ ජනබල පක්ෂය ඡන්ද 67,758 ක් ලබාගනිමින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයකට හිමිකම් ලබා ගත්තේය.

    අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයට අතුරලියේ රතනහිමියන් ද සටන් කළේය.

  • මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දෙයි – Special Pictures

    මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දෙයි – Special Pictures

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකාවේ 13 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දෙයි. දිවුරුම් දීම අද (09) පෙරවරුවේ ඓතිහාසික කැලණිය පුද බිමේ දී සිදු කෙරිණ.

    දිවුරුම්දීමෙන් අනතුරුව ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා විහාර මන්දිරය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වූහ. අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම්දීමේ උත්සවයෙන් පසු ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා අවට රැස්ව සිටි ජනතාව වෙත ගොස් ඔවුනට සිය ආචාරය පුද කළහ.

    මහා සංඝරත්නය සහ අන්‍යාගමික පූජකවරු, ආණ්ඩුකාරවරු, ජනාධිපති ලේකම්, තානාපතිවරු, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ හා නව රජයට සහාය පළ කරන නව මන්ත්‍රීවරු සහ පවුලේ ඥාතීහූ ඇතුළු පිරීසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    ඡායාරූප – ජනාධිපති මාධ්‍ය අංශය

  • කොරෝනා වසංගත සමයේ ‘මවුකිරි දෙන මවුවරුන්ට’ විශේෂඥ උපදෙස් 04ක්

    කොරෝනා වසංගත සමයේ ‘මවුකිරි දෙන මවුවරුන්ට’ විශේෂඥ උපදෙස් 04ක්

    COVID-19 වසංගතය ලොව පුරා සෞඛ්‍ය පද්ධතියේ පෙර නොවූ විරූ අභියෝගවලට මුහුණ දී තිබේ. COVID-19 ආසාදිතයින් රැකබලා ගැනීම සදහා පසුගිය මාස කිහිපය තුළ සෞඛ්‍ය සේවා සම්පත් විශාල කොටසක් කැප කිරීමත් සමඟ ගෝලීය වශයෙන් අලුත උපන් හා දරුවන්ගේ මරණ සැලකිය යුතු වැඩි වීමක් සිදුවනු ඇතැයි ගණන් බලා තිබේ.

    මව්කිරි දීම

    මෙම වසංගතය තුළ ළදරුවන් තුළ ඇති වන ජීවිතයට තර්ජනයක් වන ආසාදන වැලැක්වීම සඳහා මව්කිරි ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. COVID-19 වසංගතය තුළ මව්කිරි දීම පිළිබඳව සමාලෝචනය කර ඇති සියලුම පර්යේෂණ හා සාක්ෂි වලින්, (WHO, යුනිසෙෆ් සහ අනෙකුත් ගෝලීය සංවිධාන) මව්කිරි දීම, මව සහ දරුවා එකම කාමරයක වාසය කිරීම, දරුවා වඩා ගැනීම ආදි සියලු සම්බන්ධතා අඛණ්ඩව පවත්වා ගන්නා ලෙස මවුවරුන්ට නිර්දේශ කර ඇත.

    මාතෘ COVID තත්ත්වය, එනම් මවට කොවිඩ් ආසාදනය වී තිබේද යන්න ගැන නොසලකා නිසි පූර්වාරක්ෂාවන් සමඟ. මව සහ දරුවා එකට ජීවත්වීම දරුවාට වඩාත් සුවපහසුවක් (දරුවාගේ වඩා හොඳ උෂ්ණත්ව පාලනයක්),මවට ඇති ආතතිය අඩු කිරීමට සහ සාර්ථක මව්කිරි දීම සඳහා උපකාරී වේ. 

    COVID-19 වසංගතය තුළ ළදරු කිරි ආදේශක සහ කෘත්‍රීම ආහාර ප්‍රවර්ධනය කිරීම හා බෙදා හැරීම හානිකර වන අතර එය හෙළා දැකිය යුතුය.

    මව්කිරි දීම

    COVID-19 සහ මව්කිරි දීම පිළිබඳව නිතර අසනු ලබන ප්‍රශ්න කිහිපයකට මගේ පිළිතුරු මෙන්න

    1. COVID-19 මව්කිරි හරහා ගමන් කළ හැකිද?
    නැත. මව්කිරි මගින් COVID වෛරසය ආසාදනය වන බව මෙතෙක් කරන ලද පර්යේෂණවලින් අනාවරණය වී නොමැත. (සීමිත සාක්ෂි කිහිපයක් සොයාගෙන ඇති අතර එය ළදරුවා තුළ ආසාදන ඇති කළ හැකි ශක්‍ය හා ආසාදිත වෛරසයක් සොයා ගැනීමට සමාන නොවේ) එබැවින් මව COVID ධනාත්මක බව අනාවරණය වුව ද මව්කිරි දීම නැවැත්වීමට හේතුවක් නැත. 

    COVID-19 හා සම්බන්ධ සම්ප්‍රේෂණය හා රෝගාබාධවල අවදානම මව්කිරි දීමේ ප්‍රතිලාභ ඉක්මවා යයි.

    2. සැක සහිත හෝ තහවුරු කරන ලද COVID-19 සහිත කාන්තාවන් ආරක්ෂිතව මව්කිරි දෙන්නේ කෙසේද?
    වෛරසය මව්කිරි හරහා ආසාදනය නොවුණ ද ශ්වසන ජල බිඳිති / ස්පර්ශය හරහා පැතිරීමේ අවස්ථාවක් තිබේ. ආසාදන වැළැක්වීම සහ පාලන පියවරයන් නිරීක්ෂණය කළ හොත් එය අවම කර ගත හැකිය:

    සබන් හා ජලය සමග නිතර අත් සෝදන්න නැතිනම් මත්පැන් මත පදනම් වූ දියරයක් භාවිතා කරන්න. දරුවා ස්පර්ශ කිරීමට පෙර අත් හොදින් සබන් ගා සෝදා ගන්න. මව්කිරි දීම ඇතුළුව ළදරුවා සමඟ පවත්වන ඕනෑම සම්බන්ධතාවයකදී වෛද්‍ය මුහුණු ආරණයක් පැළඳ ගන්න. මව ස්පර්ශ කළ පෘෂ්ඨයන් නිතරම විෂබීජහරණය කරන්න.

    3. COVID-19 වසංගතය අතරතුර මව්කිරි දීම වැදගත් වන්නේ ඇයි?
    මවට නිරාවරණය වන ආසාදනයට විශේෂිත වූ ක්ෂුද්‍ර ජීවී සාධක, සයිටොකයින මව්කිරි වල අඩංගු වේ. අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ ආසාදනය සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කළ මව්වරුන්ගේ මව්කිරි තුළ COVID-19 වෛරසයට විශේෂිත ස්‍රාවය වන ප්‍රතිදේහවල ප්‍රබල ප්‍රකාශනයක් ඇති බවයි. 

    උපතින් පැයක් ඇතුළත මව්කිරි දීම ආරම්භ කිරීමට මව්වරුන්ට සහාය විය යුතු අතර, දරුවාට වයස මාස හයක් වන තුරු මව්කිරි දීම පමණක් කළ යුතුය. පසුව වයසට ගැළපෙන අනුපූරක ආහාර සැපයීම ආරම්භ කළ යුතු අතර, දරුවාට වයස අවුරුදු දෙකක් වන තුරු මව්කිරි දීම දිගටම කරගෙන යා හැකිය. .

    මව්කිරි දීම

    4. මව්කිරි දීමට මව / ළදරුවා අසනීප නම් කුමක් කළ යුතුද?
    මෙහිදී ගත හැකි හොදම පියවර වන්නේ කාමර ගත කිරීම, එනම්, ළදරුවා සහ මව එකම කාමරයක, එකිනෙකාට යාබදව, කැපවූ COVID පශ්චාත් ප්‍රසව වාට්ටුවක, විශේෂිත හා බාධාවකින් තොරව මව්කිරි දීම සහතික කිරීමයි.  COVID ධනාත්මක, නමුත් බරපතල ලෙස රෝගාතුර නොවූ මව්වරුන් සදහා මෙය ක්‍රියාත්මක කළ හැකිය. 

    කෙසේ වෙතත්, මව සහ දරුවා වෙන් කළ යුතු අවස්ථාවන්හිදී, මවට දැඩි සත්කාර අවශ්‍ය වේ නම්, ඊළඟ හොඳම විකල්පය වනුයේ ප්‍රකාශිත මව්කිරි භාවිතා කිරීමයි (මවගෙන් දොවාගත් කිරි හැන්දක ආධාරයෙන් දරුවා පෙවීම කළ යුතුය). 

    ළදරුවා වෙනත් ආකාරයකින් සෞඛ්‍ය සම්පන්න නම් සහ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර අවශ්‍ය නොවන්නේ නම්, මවගෙන් දොවාගත් මගින් ළදරුවා පෝෂණය කළ යුතුය. මවගෙන් දොවාගත් මව්කිරි දීමට මවට නොහැකි නම් හෝ නොමැති නම්, වෙනත් මවකගෙන් ලබා ගත් මවුකිරි ලබාදීම වඩාත් සුදුසුය. 

    ළදරුවන් තුළ COVID-19 ආසාදනය වීමේ අවදානම අඩු ය. ආසාදනය සාමාන්‍යයෙන් මෘදු වන අතර ඉහත විස්තර කර ඇති පරිදි සුදුසු පූර්වාරක්ෂාවන් මගින් එය වළක්වා ගත හැකිය. 

    අනෙක් අතට, මව්කිරි ලබා නොදීමේ ප්‍රතිවිපාක දරුණු විය හැකි අතර, මව්කිරි වලින් ආරක්ෂා වන අනෙකුත් සියලුම ආසාදන වලට ළදරුවා අවදානමට ලක්විය හැකිය, විශේෂයෙන් සෞඛ්‍ය හා ප්‍රජා සේවා කඩාකප්පල් වන සහ / හෝ සීමිත කාලයක මෙය බරපතළ ගැටලුවක්, අවදානමක් විය හැකිය.

    femina.in ඇසුරිනි – සකස් කළේ – තුෂාර වල්ගම

  • චම්පිකගේ දේශපාලන ගමනත් අවසන් ද ?

    චම්පිකගේ දේශපාලන ගමනත් අවසන් ද ?

    තුෂාර වල්ගම

    මෙය චම්පික බොහෝ කාලයක් දුටු සිහිනයක් සැබෑ වීමක් වූ අතර ඊනියා සිංහල බෞද්ධ ජාතිකවාදී ජාතික හෙළඋරුමයට වඩා සමගි ජන බලවේගය දේශපාලනයේ ඉහළට යාමට රැකුලක් බව චම්පිකගේ සහ ඔහුගේ සමීපතමයින්ගේ විශ්වාසය විය.

    පසුගිය දා නිමාවට පත් වූ මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ලැබූ නින්දා සහගත පරාජය සමග අවධානයට ලක්විය යුතු තවත් සුවිශේෂ කරුණක් දේශපාලන විචාරකයින්ගේ අවධානයෙන් ගිලිහී ඇත. ඒ ජාතික හෙළ උරුමයේ සහ එහි නායක චම්පික රණවක මහතාගේ දේශපාලන අනාථභාවය ද මෙම මහ මැතිවරණයේදී සනාථ වීමයි.

    1994 සිට මෙරට දේශපාලන තීරණාත්මක භූමිකාවක් ඉටුකළ, 2004 මහ මැතිවරණයේදී එහි උපරිමය සටහන් කළ, බෞද්ධ භික්ෂුව පෙරටු කොටගත් සිංහල ජාතිකවාදී දේශපාලනයේ ‘නිල අවසානය‘ මෙම මහ මැතිවරණයේදී සටහන් වූ බව පැහැදිලිය.

    ජාතික හෙළ උරුමය

    1994 දී ‘සිහළ උරුමය‘ බිහි වූ දා සිට සිංහල බෞද්ධ ජාතිකවාදයේ කොඩිය අතට ගැනීමට, එකට තිලක් කරුණාරත්න, එස්. එල්. ගුණසේකර සහ චම්පික රණවක උත්සාහ කළ ද පාර්ලිමේන්තුව තුළ සැලකිය යුතු නොව අවම නියෝජනයක් හෝ ලබා ගැනීමට ඔවුනට හැකියාවක් නොවීය.

    එහෙත් ගංගොඩවිල සෝම හිමියන්ගේ හදිසි අභාවය සමග නිර්මාණය වූ පසුබිම තුළ 2004 මහ මැතිවරණයෙන් අනපේක්ෂිත ජයග්‍රහණයක් ලබා ගැනීමට චම්පික රණවක විසින් නායකත්වය දුන් බෞද්ධ ජාතිකවාදී පෙරමුණට හැකි වූ අතර පාර්ලිමේන්තුව තුළ ද මන්ත්‍රීධුර 09ක් නියෝජනය කිරීමට ඔවුට අවස්ථාව හිමිවිය.

    එතැන් සිට, 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට ඍජුව සහයෝගය දෙමින් දේශපාලන ධාරාවේ ඉහළටම ගමන් කිරීමට චම්පික රණවකට අවස්ථාව උදාවූ අතර කැබිනට් අමාත්‍යධුරයක් ද දරමින් තම පදනම ශක්තිමත් කර ගැනීමට අවස්ථාව උදාවූ අතර 2010 ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී ද තම බලය සැලකිය යුතු ලෙස තහවුරු කර ගැනීමට චම්පික රණවක සමත් විය.

    එහෙත් 2014 අවසාන භාගයේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත් වූ චම්පික – රතන හිමි ප්‍රමුඛ ජාතික හෙළ උරුමය එවකට මාදුළුවාවේ සෝහිත හිමියන් විසින් නායකත්වය දුන් දේශපාලන ව්‍යාපාරයට එක් වුව ද ජාතික හෙළ උරුමයේ ප්‍රබල චරිතයක් වූ උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා යළි මහින්ද රාජපක්ෂ සමග එක්විය.

    ඒ අනුව උදය ගම්මන්පිල මහතා ‘පිවිතුරු හෙළ උරුමය‘ පිහිටුවාගෙන 2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට ඍජුව සහාය දුන් අතර ජනාධිපතිවරණ පරාජයෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා යළි දේශපාලනයට කැදවා ගැනීමේ ව්‍යාපාරයේ දිදුලන තාරකාවක් බවට පත්විය. ඒ අනුව 2015 මහ මැතිවරණයෙන් පහසුවෙන් පාර්ලිමේන්තුවට යාමට ගම්මන්පිල මහතාට අවස්ථාව උදාවිය.

    2015 ජනවාරි මස 08 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් අනපේක්ෂිත ජයග්‍රහණයක් ලැබූ මෛත්‍රීපාල සිරිසේන – රනිල් වික්‍රමසිංහ යහපාලන ආණ්ඩුවේ ප්‍රමුඛ හා ප්‍රබල භූමිකාවක් ජාතික හෙළ උරුමයට හිමි වූ අතර චම්පක රණවක ප්‍රබලතම කැබිනට් අමාත්‍යාංශයකින් ද තවත් හෙළ උරුමය නායකයෙක් වූ කරුණාරත්න පරණ විතාන නියෝජ්‍ය අමාත්‍යධුරකින් ද පිදුම් ලැබුවේය. ඒ සමග අතුරලියේ රතන හිමි ද ජනාධිපති උපදේශකයෙක් ලෙස ‘වසවිස නැති ගොවිතැන‘ කරළියට ගනිමින් ආණ්ඩුව තුළ ප්‍රබල භූමිකාවක් නිරූපණය කිරීමට සමත් විය.

    සජිත් සමග එක්වීම

    ලංකා දේශපාලනයේ අවස්ථාවාදී චරිතයක් වන අතුරලියේ රතන හිමි ආණ්ඩුව සමග දීග කෑමෙන් පසු තවත් වසර කිහිපයකින් ආණ්ඩු විරෝධයක් කරට ගෙන විපක්ෂය වෙත බැල්ම හෙළන විට චම්පික ද එජාප නායකත්ව අර්බුදයේදී තමාට වඩාත් වාසිදායක සහ අනාගතයක් ඇති (අනාගත දේශපාලන නායකත්වයට) සජිත් ප්‍රේමදාස සමග සන්ධාන ගත වූ අතර සජිත් විසින් නායකත්වය දුන් සමගි ජන බලවේගයේ නියෝජ්‍ය නායකයා බව ද පත්විය.

    මෙය චම්පික බොහෝ කාලයක් දුටු සිහිනයක් සැබෑ වීමක් වූ අතර ඊනියා සිංහල බෞද්ධ ජාතිකවාදී ජාතික හෙළඋරුමයට වඩා සමගි ජන බලවේගය දේශපාලනයේ ඉහළට යාමට රැකුලක් බව චම්පිකගේ සහ ඔහුගේ සමීපතමයින්ගේ විශ්වාසය විය.

    එහෙත් පසුගිය දා නිමාවට පත් වූ මහ මැතිවරණය චම්පික රණවකගේ දේශපාලන සිහින සුනුවිසුණු කළා පමණක් නොව ඔහුගේ දේශපාලන අනාගතය ද, සැබෑ ශක්තිය ද හෙළිදරව් කළේය.

    කොළඹ දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කළ, ඊනියා ජාතික නායකයෙක් වූ චම්පික රණවකට ලබා ගත හැකි වුණේ, සමගි ජන බලවේගය කොළඹ දිස්ත්‍රික්කයෙන් දිනාගත් මන්ත්‍රීධුර 06න් -05 වන ස්ථානය වන අතර (කොළඹ දිස්ත්‍රික්කයෙන් සමගි ජනබලවේගය විසින් මන්ත්‍රීධුර 06ක් දිනාගත් අතර එහි මුල් තැන මනාප ඡන්ද 305,744ක් දිනාගත් සජිත් ප්‍රේමදාස මහතා විසින් ද දෙවන ස්ථානය මනාප ඡන්ද 96,916ක් දිනාගත් එස්.එම්. මරික්කාර මහතා විසින් ද දිනාගෙන තිබේ. තෙවන ස්ථානය මනාප ඡන්ද 87,589ක් දිනා ගත් මුජිබර් රහුමාන් මහතා විසින් ද සිවුවන ස්ථානය මනාප ඡන්ද 82,845ක් දිනාගත් ආචාර් හර්ෂ ද සිල්වා විසින් ද පස්වන ස්ථානය මනාප ඡන්ද 65,574ක් දිනාගත් චම්පික රණවක මහතා විසින් ද සයවන ස්ථානය මනාප ඡන්ද 62,091ක් දිනා ගත් මනෝ ගනේෂන් මහතා විසින් ද දිනාගෙන ඇත) ඔහුට ලබාගත හැකි වුණේ ද මනාප ඡන්ද 65,574ක් පමණකි.

    මේ තත්ත්වය තුළ චම්පික රණවකගේ ජනප්‍රියත්වය සේම ජාතික නායකත්ව භූමිකාව ද අභියෝගයට ලක්වන අතර සමගි ජන බලවේගය තුළ ඔහුගේ ශක්තිය පරීක්ෂාවට ද ලක්කර ඇත. ඒ අනුව තව දුරටත් චම්පික යනු ‘පොරක්‘ හෝ අනාගත නායකයෙක් නොවනු ඇති අතර ඔහුව සරත් ෆොන්සේකා (ගම්පහ පළමු මනාප) වැනි නායකයින් හමුවේ දියවී යන බව පැහැදිලිය.

    හෙළ උරුමයෙන් චම්පික පමණයි

    මෙම මහ මැතිවරණයේදී ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් තරග කළ අපේක්ෂකයින්ගෙන් චම්පික හැර වෙනත් කිසිවෙකු තේරී පත් නොවීම ද හෙළ උරුමයේ හෙළුව පෙන්වන කරුණක් ලෙස සැලකිය හැකිය.

    උදාහරණ ලෙස හෙළ උරුමයේ ජාතික තලයේ නායකයින් වන, ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක, කලුතර දිස්ත්‍රික්කයෙන් තරග කළ, හිටපු පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා හෝ ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කළ හිටපු පළාත් සභා මන්ත්‍රී නිරෝෂා අතුකෝරාළ හෝ හිටපු රාජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණ විතානට හෝ ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබුණේ නැත.

    මේ තත්ත්වය මත චම්පිකගේ හෙළ උරුමය ද ‘තනි මන්ත්‍රී‘ පක්ෂයක් බවට පත්ව ඇත.

    අතුරලියේ රතනට යන එන මං නැතිවීම

    ශ්‍රී ලංකාවේ දේශපාලන කරළියට මෑතදී පාවී ආ අතිෂය අවස්ථාවාදී හා අන්තවාදී භික්ෂුවක වන අතුරලියේ රතනට හිමියන්ට මෙවර මහ මැතිවරණයේදී තමන්ගේ ‘නියම තරම‘ මනාව හදුනා ගැනීමට හැකි වූ අතර ඊනියා සිංහල බෞද්ධ ජාතිකවාදය නියෝජනය කළ, ගලගොඩඅත්තේ ඥානසාර – අතුරලියේ රතන, පාහියන්ගල ආනන්ද ආදි භික්ෂූන්ට ද තමන්ගේ ‘නියම තරම, ශක්තිය වටහා ගැනීමට පහසු අවස්ථාවක් උදාවී ඇත.

    මෙම මැතිවරණයෙන් අතුරලියේ රතන- ගලගොඩඅත්තේ ඥානසාර‘ නායකත්වය දුන් අපේ ජන බලවේගය පක්ෂය දිනාගත්තේ (කුරුණෑගල නාම යෝජනා ප්‍රතික්ෂේප විය) ඡන්ද 67,758ක් හෙවත් 0.58%ක් පමණක් වන අතර අහඹු ලෙස හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයට කාකොටා ගන්නා ආකාරය (මෙය 1994දී ද සිදුවිය) අනුව එම පක්ෂයේ අනාගතය තීන්දු වනු ඇත.

    සටහන – තුෂාර වල්ගම

  • 09 වැනි පාර්ලිමේන්තුව: වාර්තා රැසක් අලුත් වෙයි – ගිනස් වාර්තාවකුත් ඒ අතර

    09 වැනි පාර්ලිමේන්තුව: වාර්තා රැසක් අලුත් වෙයි – ගිනස් වාර්තාවකුත් ඒ අතර

    පසුගිය දා අවසන් වූ මහා මැතිවරණයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන් අතර සුවිශේෂතා රැසක් දක්නට ලැබෙන අතර එය පසුගිය පාර්ලිමේන්තුවල දක්නට නොලැබුණු සුවිශේෂ තත්ත්වයක් බව දේශපාලන විචාරකයින් සේම පොදු ජනතාව ද සදහන් කරති.

    ඒ අතර මුහුණු පොතේ වේගයෙන් හුවමාරු වන පෝස්ට් එකක දැක්වෙන්නේ අභිනව පාර්ලිමේන්තුව තුළ ‘හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙක් සිටින බව‘යි. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ (2005-2015) මහතා සහ මෛත්‍රීපාල සිරිසේන (2015-2019) මහතාය. මෙය ඇතැම් විට ලෝකයේ කිසිම පාර්ලිමේන්තුවක දක්නට නොලැබෙන සුවිශේෂ තත්ත්වයක් බව සාමාන්‍ය ජනතාවගේ අදහසයි.

    මේ තත්ත්වය යම්කිසි හාස්‍යයකින් විස්තර කළ මුහුණු පොතේ පෝස්ට් සටහන් කර තිබුණේ ‘දැන් ඉතිං ලංකාව ගොඩදානන් පුළුවන්. අපිට එක් ජනාධිපතිවරයෙක් නෙමෙයි තුන් දෙනෙක්ම ඉන්නවා. මෙහෙම අවස්ථාවක් කවදාවත්, කාටවත් ලැබෙන්නේ නැහැ‘ යනුවෙනි.

    වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද සමග ජනාධිපති ධුරයේ බොහෝ අත්දැකීම් ඇති තිදෙනෙක් දැන් රටට හිමිව ඇති අතර දැන් ඔවුන්ට රට වඩාත් හොද තත්ත්වයක් කරා ගෙන යාමට අවස්ථාව ලැබී ඇත.

    මේ අතර වත්මන් පාර්ලිමේන්තුවේ ‘මිලිටරි නියෝජනය‘ ගැන ද අදහස් දක්වා ඇති අතර හිටපු යුද්ධ හමුදාපති, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සහ සිවිල් ආරක්ෂක බලකායේ හිටපු ප්‍රධානී, රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ඒ අතර ඉදිරියෙන්ම සිටී. ඒ අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් පත් වූ මේජර් ප්‍රදීප් උදුගොඩ (පොහොට්ටුව) සහ වන්නියෙන් ද හමුදා නියෝජනයක් සිදුව ඇත.

    ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ වාර්තා පොත අලුත් කරමින් පිය පුතු යුගල 4ක් ද මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරයි. ඒ අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා ඔහුගේ පුත් නාමල් රාජපක්ෂ මහතා, චමල් රාජපක්ෂ මහතා හා ඔහුගේ පුත් ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා, ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා හා ඔහුගේ පුත් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා, දිනේෂ් ගුණවර්ධන මහතා සහ ඔහුගේ පුත් යදාමිණි ගුණවර්ධන මහතා මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන පිය පුතු යුගල 4ය.

    වෛද්‍යවරුන් 08 දෙනෙක් ද මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන අතර රමේෂ් පතිරණ, සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ, චන්න ජයසුමන, සීතා අරඹේපොල, උපුල් ගලප්පත්ති, ගයාෂාන් නවනන්ද, තිලක් රාජපක්ෂ, කාවිද් ජයවර්ධන සහ රාජිත සේනාරත්න ද මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන වෛද්‍යවරුන්ය.

    ඉංජිනේරුවරුන් කිහිපදෙනෙක් ද මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන අතර නාලක ගොඩහේවා, නාලක කෝට්ටේගොඩ, ඉසුරු දොඩංගොඩ, අනූප පස්කුවල්, ගාමිණි වලේබොඩ, යදාමිණි ගුණවර්ධන සහ පාඨලී චම්පික රණවක ඒ යටතට අයත් වේ.

    මීට අමතරව කලාකරුවන්, මාධ්‍යවේදීන් කිහිප දෙනෙක් ද වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කිරීම විශේෂත්වයකි.

    මෙවර පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය ද බොහෝ දෙනකුගේ අවධානයට ලක්ව ඇත. ඒ කාන්තාවන් දස දෙනෙකු මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන අතර පවිත්‍රා වන්නිආරච්චි, සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ, කෝකිලා ගුණවර්ධන, ගීතා කුමාරසිංහ, මුදිතා සොයිසා, රෝහිණි කවිරත්න, තලතා අතුකෝරල, මංජුලා දිසානායක, සීතා අරඹේපොල, ඩයනා ගමගේ යන අය මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබයි.

    මරණ දඩුවම නියම වී සිිටින රත්නපුරය දිස්ත්‍රික්කයෙන් (පොහොට්ටුව) දෙවැනි ස්ථානට පත් වූ ප්‍රේමලාල් ජයසේකර, හිටපු එල්.ටී.ටී.ඊ සටන්කාමියෙකු වන පිල්ලෙයාන් සහ ද්වත්ව පුරවැසිභාවය හේතුවෙන් පසුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුරය අහිමි කරන ලද ගීතා කුමාරසිංහ මහත්මිය ද මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සුවිශේෂත්වයකි.

    එසේම 1977 සිට අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කළ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ද මෙවර පාර්ලිමේන්තුව නියෝජනය නොකිරීම කාගෙත් අවධානයට ලක්ව ඇත.

    මේ අතර ඇතැම් දේශපාලන විචාරකයින් පවසන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණවලින් ආණ්ඩු බලය හුවමාරු වන ලෝකයේ ප්‍රධාන ධාරාවෙ දේශපාලන පක්ෂයක්, දශක ගණනාවක් ආණ්ඩු බලය අල්ලා ගෙන සිටි, ජාතික තලයේ දේශපාලන පක්ෂයක් මහ මැතිවරණයකින් වාර්තා කළ අවම ජයග්‍රහණය මෙවර ලංකාවෙන් වාර්තා වූ බවය.

    1947 දී බිහිවී එම වර්ෂයේම පැවැති මහ මැතිවරණයෙන් තියුණු ජයග්‍රහණයක් ලබා ගෙන 1947-1956, 1960 මාර්තු – ජූලි, 1965, 1970, 1977-1994, 2001 දෙසැම්බර් 05 – 2004 අප්‍රෙල් දක්වා ආණ්ඩු බලය දැරූ, 2015 -2019 නොවැම්බර් දක්වා ආණ්ඩු බලය දැරූ එක්සත් ජාතික පක්ෂය මෙවර මහ මැතිවරණයෙන් එකම ආසනයක් හෝ ජයග්‍රහණය නොකළ අතර හිමි වුණේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් පමණි.

    ඒ අනුව 1947 සිට 2020 දක්වා පැවැති මැතිවරණවලින් එක්සත් ජාතික පක්ෂය අවම ඡන්ද සංඛ්‍යාවක් ලැබූ මහ මැතිවරණය බවට (1956 සහ 1970) 2020 මහ මැතිවරණය පත්වීම ද විශේෂ තත්ත්වයකි.

    මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ සන්ධාන ගතව තරග කළත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද නිල වශයෙන් දිනා ඇත්තේ වන්නි යාපනය දිස්ත්‍රික්කයේ 01ක් මන්ත්‍රීධුරයක් වීම ද විශේෂත්වයකි.

    1952 දී බිහිවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධාන 1956, 1960 ජූලි, 1970-77, 1994 සිට 2019 දක්වා ජනාධිපති ධුරයට හිමිකම් කී අතර 1977 මහ මැතිවරණයෙන් පසු ශ්‍රී ලනිපය අන්ත පරාජයක් ලැබූ මහ මැතිවරණය බවට මෙය පත්විය. (එහෙත් මෙය කිවිවෙකුගේ අවධානයට ලක් නොවීය)

    සටහන – තුෂාර වල්ගම

  • නව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ දිවුරුම් දෙයි

    නව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ දිවුරුම් දෙයි

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා අද (09) දින ඓතිහාසික කැළණිය රජමහා විහාරස්ථානයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.  මහින්ද රාජපක්ෂ මහතා මීට පෙර 2004, 2018 සහ 2019 යන වර්ෂවල අවස්ථා 03කදී අග්‍රාමාත්‍ය ධුරයට පත්ව ඇති අතර අද දිවුරුම් දෙන ලද්දේ සිව්වන වරටයි.

  • නිවැරදිව මවුකිරි දීම සඳහා විශේෂඥ උපදෙස් 06ක්

    නිවැරදිව මවුකිරි දීම සඳහා විශේෂඥ උපදෙස් 06ක්

    මව්කිරි දීම කිසිසේත්ම උපත් පාලන ක්‍රමයක් නොවන බව මතක තබා ගන්න. එසේම උපත් පාලන පෙති වල කිරි නිෂ්පාදනයට බාධාවක් විය හැකි එස්ටජන් අඩංගු වේ. එමනිසා, ඔබ මව්කිරි දෙන අතරතුර, ඔබට කොන්ඩම් හෝ වෙනත් උපත් පාලන ක්‍රම භාවිතා කිරීමට යොමු විය යුතුය.

    2020 ජාතික මවුකිරි දීමේ සතිය පසුගිය අගෝස්තු 01 සිට 07 දක්වා පැවැත් වුණා. මෙවර එහි තේමාව වුණේ ‘මවුකිරි දීම ප්‍රවර්ධනය කර නිරෝගී දැයක් බිහි කරමු‘ යන්නයි.

    මවුකිරි දීමේ සතිය කොතරම් වැදගත් වුණත් මහ මැතිවරණ උණුසුම නිසා ඒ ගැන කිසිම අවධානයක් යොමු කිරීමට අපටත් හැකියාව ලැබුණේ නැහැ. ඒත් අපේ දැඩි විශ්වාසය වන්නේ මවුකිරි දීම අත්‍යවශ්‍ය බවත් එය තව දුරටත් ප්‍රවර්ධනය කළ යුතු බවයි. ඒ හා සම්බන්ධයෙන් අපට කිසිදු තර්කයක් නැහැ.

    ජාතික මවුකිරි දීමේ සතිය පසුවී දිනයකට පසුව (08) අපි මවුකිරි දීම සම්බන්ධයෙන් විශේෂඥ ලිපි දෙකක් පළ කිරීමට තීරණය කළා. විශේෂයෙන් කොවිඩ් වසංගත අවධානම සමග මේ විශේෂඥ ලිපි අතිෂයින් වැදගත් බවයි අපගේ අදහස වන්නේ.

    අපි මෙම ලිපිය උපුටා ගත්තේ ලෝකයේ අතිෂය ජනප්‍රිය වෙබ් අඩවියක් වන ඉන්දීය ‘ෆෙමිනා‘ වෙබ් අඩවියෙන්. එනිසා මෙහි යම් ආකාරයක ඉන්දීය ලක්ෂණ තිබිය හැකියි. ඒත් එය මේ ලිපියේ අන්තර්ගතයට හා දැනුමට අභියෝගයක් නොවන බව අපගේ විශ්වාසයයි.

    සාර්ථකව මවුකිරි දීම සඳහා විශේෂඥ උපදෙස්

    කොරෝනා වසංගතය මධ්‍යයේ මාතෘත්වය වැළඳ ගන්නා නව මව්වරුන්ට ආයුබෝවන් . ඔබේ දරුවාට මව්කිරි දීම ආරම්භ කරන්නේ කෙසේද යන්න පිළිබඳ මග පෙන්වීමක් ලබා දීමට අපි සූදානම්. ඒත් ඔබ බොහෝ දෙනෙක් මේ වන විට මවුකිරි දීම ගැන බොහෝ අත්දැකීම් ඇති කාන්තාවන් විය හැකියි. ඒ වගේම ඒහා සම්බන්ධයෙන් ඔබට ඔබේ මවගෙන්, නැන්දනියගෙන් හෝ ඥාතිවරියකගෙන්, පවුලේ වෛද්‍යවරයාගෙන් බොහෝ උපදෙස් ලැබී තිබිය හැකියි.

    ඒත් අපි මෙහිදී අවධානය යොමු කරන්නේ අපේ සමාජය, මවුවරුන් මීට පෙර මුහුණ නොදුන් කොවිඩ් අවධානම සමග මවුකිරි ලබාදීම සිදුකරන්නේ කෙසේද යන්න කෙරෙහි නිසා අපි කියන්න යන දේ තුළ ඔබ නොදැන සිටි අලුත් දැනුම තිබිය හැකියි.

    ඔබට මේ විශේෂඥ උපදෙස් ලබා දෙන්නේ බැංගලෝරයේ ෆෝටිස් රෝහලේ මවුකිරි දීම සම්බන්ධ විශේෂඥ උපදේශක ජොයිස් ජයසීලන්. ඔහු මවුකිරි දීම සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් පුරා අත්දැකීම් ලබා ඇති විශේෂඥයෙක්.

    මව්කිරි දීම

    “මව්කිරි දීම දරුවාගේ සෞඛ්‍ය සම්පන්න වර්ධනයට සහ නිසි පෝෂණය සඳහා අත්‍යවශ්‍ය අංගයක්. මව්කිරි දීම කැපවීමක් වන අතර, කාර්යබහුල කාලසටහනක් ඇති මව්වරුන්ට එය අභියෝගයක් විය හැකියි. දැනටමත් ඔබ ඔබේ බිළිදාට නියමිත පරිදි මවුකිරි ලබාදෙමින් ඔහු මනාව පෝෂණය කරනවා විය හැකියි. ඒත් තවත් සමහරුන්ට එය අභියෝගාත්මක, වෙහෙසකර හෝ නීරස කාර්යයක් විය හැකියි.

    ඒත් පහත සදහන් උපදෙස් නිසි පරිදි වටහා ගෙන ක්‍රියාත්මක කළහොත් ඔබට මවුකිරි දීම බොහොම තෘප්තිමත්… ආදරණීය කාර්යයක් විය හැකියි.

    1. සන්සුන් වන්න
    මව්කිරි මුදා හැරීමට ශරීරයේ ස්වාභාවික හැකියාවට මානසික ආතතිය බාධාවක් වන බව මතක තබා ගැනීම ඉතාමත් වැදගත්. එමනිසා බිළිදාට මවුකිරි ලබාදීම සඳහා නිහඩ ස්ථානයක් සොයා ගැනීම සුදුසුයි. අවශ්‍ය නම්, ඔබට ලිහිල් සංගීතයට සවන් දිය හැකි අතර, සන්සුන් යමක් වෙත (චිත්‍රයක්, පරිසරය ආදි) ඔබේ අවධානය යොමු කළ හැකිය. 

    2. ඉල්ලුමට අනුව
    ඔබේ දරුවාට මව්කිරි දෙන තරමට මවුකිරි කිරි වැඩි වන බව මතක තබා ගන්න. මේ අනුව නිතර නිතර ඔබේ දරුවාට මව්කිරි දීම උත්සාහ කිරීම සුදුසුය. සමහර අවස්ථාවල, ඔබට පෙර සැලසුම් කළ හැකි කාලසටහනක් තිබිය හැකිය‍. 

    විශේෂයෙන් ඔබ රැකියාවකට යන අතර තුර ඔබේ බිළිදා වෙනත් කිසිවෙකු විසින් බලා ගන්නේ නම් මේ තත්ත්වය ඇතිවිය හැකිය. එමනිසා, රැකබලා ගැනීමේ අවසාන පැය තුළ ඔබේ දරුවාට පෝෂණය කිරීමෙන් වළකින ලෙස ඔබේ දරුවාගේ රැකබලා ගන්නන්ගෙන් ඉල්ලා සිටීම සුදුසුය. ඔබ රැකියාවෙන් පැමිණි විගසම ඔබේ දරුවාට මව්කිරි දීමට මෙය ඔබට ඉඩ සලසයි.

    3. බොහෝ විට හා ඵලදායී ලෙස කිරි පොවන්න
    ඔබ වැඩි වැඩියෙන් මවුකිරි ලබා දෙන තරමට මවුකිරි කිරි නිපදවීමට ඉඩ ඇත. සමහර වේලාවට, ඔබට කාර්යබහුල වැඩ කාලසටහනක් තිබිය හැකිය. එවිට, කාර්යබහුල කාලසටහන තුළ සෑම පැය කිහිපයකට මිනිත්තු 15 ක් මවුකිරි පෙවීමට උත්සාහ කළ හැකිය. ඔබේ ද්විත්ව පියයුරු මගින් කිරි නිෂ්පාදනය කරන බැවින් පියයුරු දෙකම එකවර භාවිත කිරීම සුදුසුය. දොවාගත් මව්කිරි පැය 6-8 අතර කාලයක් කාමර උෂ්ණත්වයේ තබා ගත හැකිය. මෙසේ දොවාගත් මවුකිරි බිළිදාට පෙවීමේදී බෝතල් භාවිත කිරීමෙන් වළකින්න, ඒ වෙනුවට කෝප්පයක් සහ හැන්දක් භාවිතා කරන්න.

    මව්කිරි දීම

    4. දියර වර්ග බොන්න
    මවුකිරි දෙන නිසා ඔබ සජලීව තබා ගැනීම අත්‍යවශ්‍ය වේ. ඔබව පහසුවෙන් විජලනය කළ හැකි සෝඩා, කෝපි සහ අනෙකුත් කැෆේන් සහිත බීම සීමා කිරීමට වග බලා ගන්න. අධික ලෙස කැෆේන් පානය කිරීම ගැටලු රැසකට තුඩු දිය හැකි අතර ඔබේ දරුවාගේ නින්දට බාධා කරයි. සමහර අවස්ථාවලදී, ඔබ ඉඳහිට මත්පැන් පානය කිරීමට තෝරා ගන්නේ නම්, පැය දෙකක් ගතවන තෙක් මව්කිරි දීමෙන් වැළකී සිටීම තරයේ නිර්දේශ කෙරේ.

    5. දුම් පානය නොකරන්න
    දුම් පානයෙන් ඔබේ කිරි සැපයුම අඩු වන අතර ඔබේ කිරිවල රසයද වෙනස් වේ. එය ඔබේ දරුවාගේ නින්දට බාධා කළ හැකිය. තවද, ශ්වසන රෝග ඇතිවීමේ අවදානම වැඩි කළ හැකි බැවින් දුම් පානය නොසලකා හරින්න. ඔබ දුම් පානය කරන්නේ නම්, පුරුද්දෙන් ඉවත් වීමට ඔබට උපකාරී වන ක්‍රම සඳහා ඔබේ වෛද්‍ය වෘත්තිකයාගෙන් විමසන්න. මේ අතර, දරුවාට කිරි පෙවීමට පෙර හෝ අතරතුර දුම්පානය කිරීමෙන් වැළකී සිටීම වඩාත්ම සුදුසුය.

    මව්කිරි දීම

    6. ඔබ ගැන හොඳින් සැලකිලිමත් වන්න
    නිසි ආහාර වේලක් සමස්ත යහපැවැත්ම සඳහා අත්‍යවශ්‍ය කාර්යභාරයක් ඉටු කරයි. එමනිසා, පලතුරු, එළවළු සහ ධාන්‍ය වර්ග අඩංගු සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් අනුභව කරන්න. මීට අමතරව, ඔබේ දෛනික චර්යාවට ශාරීරික ක්‍රියාකාරකම් ඇතුළත් කළ හැකිය. හොඳ ආහාර වේලක් සහ ව්‍යායා හැරුණු විට, ඔබේ දරුවා නිදා සිටින විට ඔබත් නිදා ගැනීමට වග බලා ගන්න.

    මවුකිරි ලබාදීම උපත් පාලනයක් නොවේ

    මේ සමග ඔබ තවත් වැදගත් කරුණක් ගැනත් අවධානය යොමු කළ යුතුය. ඒ අනවශ්‍ය හෝ සැලසුම් නොකළ ගැබ් ගැනීමක් වළක්වා ගැනීමයි. ඒ අනුව මවුකිරි ලබා දෙන සමයේදී ඔබ නිවැරදි හා විශ්වාසනීය උපත් පාලන සැලසුම් ක්‍රියාත්මක කළ යුතුය. එය තරයේ නිර්දේශ කෙරේ. 

    මව්කිරි දීම කිසිසේත්ම උපත් පාලන ක්‍රමයක් නොවන බව මතක තබා ගන්න. එසේම උපත් පාලන පෙති වල කිරි නිෂ්පාදනයට බාධාවක් විය හැකි එස්ටජන් අඩංගු වේ. එමනිසා, ඔබ මව්කිරි දෙන අතරතුර, ඔබට කොන්ඩම් හෝ වෙනත් උපත් පාලන ක්‍රම භාවිතා කිරීමට යොමු විය යුතුය.

    “මව්කිරි දීම අභියෝගයක් මෙන්ම කැපවීමකි. ඔබේ කිරි සැපයුම නඩත්තු කිරීමේදී ඔබට ගැටලුවක් තිබේ නම් හෝ කිරි නිෂ්පාදනයේ ප්‍රමාණය පිළිබඳව සැලකිලිමත් වන්නේ නම්, ඔබේ වෛද්‍ය වෘත්තිකයා හමුවී වැඩිදුර මඟ පෙන්වීම ලබා ගන්න” යනුවෙන් ජයසීලන් වැඩි දුරටත් කරයි. 

    ෆෙමිනා ඇසුරිණි – සකස් කළේ – තුෂාර වල්ගම

  • පක්ෂ රැසකට ‘පිනට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රීකම’ හෙණයක් වෙලා !

    පක්ෂ රැසකට ‘පිනට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රීකම’ හෙණයක් වෙලා !

    මහ මැතිවරණ ප්‍රතිඵලවලට සාපේක්ෂව හිමිවන ජාතික ලැයිස්තු කෝටාවෙන් පාර්ලිමේන්තුවට පත් වීමට පක්ෂ කිහිපක ජාතික ලැයිස්තු අපේක්ෂකයින් අතර බරපතළ ගැටුම් ඇතිව තිබෙන බව වාර්තා වෙයි.

    මෙහි බරපතළම ගැටුම වාර්තා වී ඇත්තේ සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂයෙන් සහ අපේ ජන බලවේගය පක්ෂය තුළයි. මෙම පක්ෂ දෙකටම මහ ජනතාවගෙන් ඡන්දයෙන් එකම මන්ත්‍රීධුරයක් හෝ දිනා ගැනීමට නොහැකි වුව ද ජාතික වශයෙන් දිනාගත් සුළු ඡන්ද ප්‍රමාණයට (එජාපය ඡන්ද – 249,435 (2.15%) ක් සහ අපේ ජන බලවේගය ඡන්ද 67,757 (0.58%) ලැයිස්තුවෙන් එක් මන්ත්‍රීධුරය බැගින් හිමිවී තිබේ.

    ඥානසාර හිමි – රතන හිමි මන්ත්‍රී පුටුවට හැප්පෙති

    අපේ ජන බල පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයට බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නම යෝජනා කිරීමට එම පක්ෂය පියවර ගත්ත ද අපේ ජන බලවේගය පක්ෂයේ නායකත්වය දරන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ය.

    මේ තත්ත්වය තුළ අතුරලියේ රතන හිමියන් ද යළි පාර්ලිමේන්තුවට වැඩම කිරීමට තම බලවත් කැමැත්ත පළ කර ඇති බව වාර්තා වේ.

    එජාපයේ අවුල තවත් බිදීමක්ද ?

    මෙවර මහ මැතිවරණයෙන් නින්දා සමගත පරාජයක් ලැබූ එක්සත් ජාතික පක්ෂයට හිමි වූ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයට පත් කරන්නේ කවුරුන්ද යන්න පිළිබදව පක්ෂය තුළ බලවත් අර්බුදයක් නිර්මාණය වී තිබේ. ඒ සදහා එජාප නායකයින් (රනිල් හැර) අතර බරපතළ ගැටුමක් නිර්මාණය වී ඇති අතර ඊට හේතුව වී ඇත්තේ පක්ෂය විසින් නම් කරන ලද ජාතික ලැයිස්තුවේ මුල්ම නම සදහන් හිටපු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා තමා කිසිසේත් ඉල්ලා අස් නොවන බව ප්‍රකාශ කිරීමයි.

    ජොන් අමරතුංග මහතා තම සමීපතමයින්ට පවසා ඇත්තේ මේ අවස්ථාවේ තමන් කිසිසේත්ම ඉන් ඉල්ලා අස්වීමට සූදානම් නැති බවයි.

    පොහොට්ටු – ශ්‍රීලනිප අවුලක්

    මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පත් නොකිරීම සම්බන්ධයෙන් ද පක්ෂය තුළ නොසන්සුන්තාවක් වර්ධනය වී තිබේ.

    17 දෙනකුගෙන් යුත් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය ඊයේ (07) එම පක්ෂය විසින් මැතිවරණ කොමිෂමට භාර දුන් අතර එහි මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාගේ නම සදහන්ව තිබුණේ නැත.

    මේ සම්බන්ධයෙන් සිය දැඩි ස්ථාවරය පැහැදිලි කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැඩිව කියා සිටින්නේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුව සඳහා රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා නම් කිරීමට මුල සිටම එකඟතාවක සිටි බවයි.

    සුළුජන පක්ෂ සජිත්ගෙන් මස් රාත්තලම ඉල්ලයි

    සමගි ජන බලවේගයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරවලින් තමන්ට පොරොන්දු වූ කෝටාව ලබා දිය යුතුම බව සමගි ජන බලවේගයෙන් මැතිවරණයට තරග කළ සුළුජන පක්ෂ නායකයින් වන රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, මනෝ ගනේෂන් සජිත් ප්‍රේමදාස මහතාට දැඩිව බලපෑම් කරමින් සිටින බව වාර්තා වේ.

    දකුණේ සිංහල බෞද්ධ ඡන්ද කොට්ඨාශවලින් අන්ත පරාජයක් ලැබූ සමගි ජන බලවේගය තරමක හෝ සාර්ථකත්වයක් ලබා ගත්තේ මුස්ලිම් ජනතාව සහ දමිළ ජනතව බහුලව ජීවත්වන මැතිවරණ කොට්ඨාශවලින් බව පෙන්වා දී ඇති සුළුජන පක්ෂ නායකයින් අවධාරණය කර ඇත්තේ තමන් සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් නොවුණා නම් සජිත් ප්‍රේමදාස මහතාට ජාතික වශයෙන් සියයට 15කට හෝ ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමට අවස්ථාව නොලැබෙන බවයි.

    (සමගි ජන බලවේගය ජයග්‍රහණය කළ ත්‍රිකුණාමලය සහ මුතූර් ආසන මෙන්ම කොළඹ මහ නගර සභා ඡන්ද කොට්ඨාශ හා මන්නාරම සලකා බලන විට තත්ත්වය මනාව පැහැදිලි වේ)

    ඊයේ සමග සමගි ජන බලවේගය තම ජාතික ලැයිස්තුව ප්‍රකාශයට පත්කර ඇති නමුත් සුළුජන පක්ෂ නායකයින් කියා සිටින්නේ ඒ සදහා තමන්ගේ අනුමැතිය නොලැබුණු බවයි.

    මේ අතර සමගි ජන බලවේගය අභ්‍යන්තර ආරංචි මාර්ග කියන්නේ සුළුජන පක්ෂ පමණක් නොව තවත් ප්‍රබලයින් රැසකගේ දැඩි බලපෑම් හේතුවෙන් ඊයේ දින නම්කරන ලද ජාතික ලැයිස්තු මන්ත්‍රී නාම ලේඛනය යළි සංශෝධනය පියවර ගන්නා බවයි.

  • එජාප නායකත්වයට මංගල ගෙන ඒමේ සූදානමක්

    එජාප නායකත්වයට මංගල ගෙන ඒමේ සූදානමක්

    මංගල තමයි එකම විකල්පය. දැන් බල අරගලයේ ඉන්න කිසිම කෙනෙකුට අති බහුතර රාජපක්ෂ ආණ්ඩුවට අභියෝග කරන්න බැහැ. 1956 දී, 1970දී ජේ.ආර්. ජයවර්ධන කළා වාගේ හතර වටෙන්ම වට කරලා ආණ්ඩුවට අභියෝග කරන්න පුළුවන් ශක්තිය හා උපායශීලීත්වය තියෙන්නේ මංගලට පමණයි. ඔහුට අභියෝග කරන්න, තර්ජනය කරන්න ආණ්ඩුවට බැහැ. ඒත් ඔහුට සියලු අංශවලින් ආණ්ඩුවට අභියෝග කළ හැකියි

    පසුගිය මහ මැතිවරණයෙන් නින්දා සහගත පරාජයක් ලැබූ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වහාම පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්විය යුතු බවත් පක්ෂය යළි ගොඩනැගීම සදහා එහි නායකත්වයට හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පත්කළ යුතු බවත් එජාප ජ්‍යෙෂ්ඨයින් රැසක් සහ තරුණ බලවේග දැඩිව බලපෑම් කරනමින් සිටින බව එජාප ජ්‍යෙෂ්ඨයෙක් පැවසීය.

    ඔහු සදහන් කළේ පක්ෂ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්වනු ඇති බවත් ඒ වෙනුවට වඩාත් ජවසම්පන්න සහ ආණ්ඩුවට අභියෝග කළ හැකි නායකයෙක් පත්කර ගත යුතු බවත්ය.

    පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් මේ වන විට වර්ධනය වෙමින් පවතින තත්ත්වය ගැන වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද සදහන් කළේය.

    ‘පක්ෂ නායකත්වය දිනා ගන්න හිටපු ඇමැතිවරුන් වන රවී කරුණානායක, වජිර අබේවර්ධන, දයා ගමගේ, අකිල විරාජ් කාරියවසම් සහ රුවන් විජේවර්ධන දැඩි බල අරගලයක යෙදී සිටිනවා. ඒත් පසුගිය මහ මැතිවරණයේදී මේ පස් දෙනාම ජනතාව විසින් දැඩිව ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ නිසා අපේ ස්ථාවරය වෙන්නේ මේ කිසිවෙකුට යළි එජාපය ගොඩගත නොහැකි බවයි. ඒකට ජවය වගේම මේ අති බහුතර ආණ්ඩුවට අභියෝග කළ හැකි නායකයෙක් අවශ්‍යයයි. ජනමාධ්‍ය සමග, මාධ්‍ය මෙහෙයවිය හැකි නායකයෙක් අවශයයි. ඒ සදහා අපි දකින එකම සුදුස්සා මංගල සමරවීර පමණයි‘

    මෙහිදී ඔහු අවධාරණත්මකව කියා සිටියේ පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් පමණක් නොව පක්ෂයේ ජවය වන තරුණ හා වෘත්තීය කණ්ඩායම් ද මංගල සමරවීර මහතාට පක්ෂ නායකත්වය ලබාදීමට දැඩි කැමැත්තක් දක්වන බවයි.

    ‘මංගල තමයි එකම විකල්පය. දැන් බල අරගලයේ ඉන්න කිසිම කෙනෙකුට අති බහුතර රාජපක්ෂ ආණ්ඩුවට අභියෝග කරන්න බැහැ. 1956 දී, 1970දී ජේ.ආර්. ජයවර්ධන කළා වාගේ හතර වටෙන්ම වට කරලා ආණ්ඩුවට අභියෝග කරන්න පුළුවන් ශක්තිය හා උපායශීලීත්වය තියෙන්නේ මංගලට පමණයි. ඔහුට අභියෝග කරන්න, තර්ජනය කරන්න ආණ්ඩුවට බැහැ. ඒත් ඔහුට සියලු අංශවලින් ආණ්ඩුවට අභියෝග කළ හැකියි‘ එජාප ජ්‍යෙෂ්ඨයා වැඩි දුරටත් පැවසුවේය.

  • රට ගොඩනැගීම සඳහා රැඩිකල් මැද මාවතක්: මංගල යළි ප්‍රසිද්ධ දේශපාලනයට

    රට ගොඩනැගීම සඳහා රැඩිකල් මැද මාවතක්: මංගල යළි ප්‍රසිද්ධ දේශපාලනයට

    රට ගොඩනැගීම සඳහා රැඩිකල් මැද මාවතක් යෝජනා කරමින් යළි ප්‍රසිද්ධ දේශපාලනයට අවර්තිර්ණ වී සිටින හිටපු අමාත්‍ය මංගල සමරවීර, නව යෝජනාවලියක් ජනතාවගේ සංවාදයට යොමුකර ඇත. 

    තමා යළි මැතිවරණය දේශපාලනයට එක්නොවන බවට යලිත් සහතික වී ඇති ඔහු, දශක තුනක් පුරා තමා විසින් අගයකළ ප්‍රජාතන්ත්‍රවාදී හා සංහිඳියාව ක්‍රියාමාර්ග යටපත්වීමට ඉඩ නොතබා එවැනි ගුණාංග මතවාදීමය වශයෙන් සමාජගත කිරීමේ මෙහෙයුමක් හෙටින් (අගෝස්තු 06) අරඹන බව කියා සිටියි.

    ‘සැබෑ දේශප්‍රේමියෝ’ නමින් ආරම්භ කෙරෙන නව දේශපාලන ගමන් මඟ සම්බන්ධයෙන් ඔහු විසින් නිකුත්කර ඇති නිවේදනයක මෙසේ සඳහන් වේ.

    ”ශ්‍රී ලංකාව හෙළ මුදුනේ සිට ප්‍රපාතයට නෙත් යොමා සිටින මේ මොහොතේ මෙරට ජනතාව අද කරන තේරීම ඉදිරි පරම්පරා ගණනාවක් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ අනාගතය නිශ්චය කරනු ඇත.  

    අපගේ බිය හා පූර්ව නිගමන මත පදනම්ව අපි අපේ රට වෙනුවෙන් නව අනාගතයක් නිශ්චය කරන්නෙමු ද? එසේත්  නැතිනම් සියල්ලන්ම වෙනුවෙන් වඩා යහපත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් අපගේ බලාපොරොත්තු හා අභිලාෂයන් මත පදනම්ව අපගේ අනාගතය තීරණය කරන්නෙමුද? 

    අප මධ්‍යස්ථභාවය හා අනෙකා ඉවසීම ඈත අතීතයක වඩාත් ශිෂ්ට සම්පන්න යුගයක වියැකී ගිය වටිනාකම් බවට පත්වෙමින් තිබේදැයි නිහඬව සිතමින් සිටින අතර ආගමික හා වාර්ගික උන්මාදයෙන් පෙළෙන්නන් හා අනෙක් මූලධර්මවාදී උමතුවෙන් සිටින්නන් අතලොස්සකට අපගේ අනාගතය තීරණය කිරීමට ඉඩ දෙන්නෙමුද ? 

    නිහඬ බහුතරයාගේ ප්‍රජාතන්ත්‍රවාදී මත ප්‍රකාශ අභිබවමින් අන්තවාදයේ මහා වියරු හඬ වඩා හොඳ පුවත් බවට පත්ව ඇත. නිදහසේ සිටම ඝෝෂාකාරී කිහිප දෙනෙකුගේ අන්තවාදය, අනෙකා නොඉවසීම, වෛරය හා ව්‍යාජ ජාත්‍යාලය හමුවේ බහුතරයේ නිහඬතාව අවසානයේදී අද අප ජාතියක් ලෙස මුහුණ දෙන ඛේදනීය අර්බුදය ලෙස කූඨප්‍රාප්තියට පත්ව ඇත. 

    අද අප මුහුණ දෙන සුවිසල් අර්බුදයට මුල් වූ හේතු ස්වභාවයෙන් ආර්ථික, ආගමික හෝ සමාජ දේශපාලනික වන අතර ශ්‍රී  ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටක අභියෝගවලට මුහුණ දීමට අවශ්‍ය දැනුම, අත්දැකීම්, විචාරාත්මක හා විශ්ලේෂණාත්මක චින්තනය මෙන්ම වටිනාකම් අත්කර දීමට මුළුමනින්ම අසමත් වූ අධ්‍යාපන ක්‍රමයක්ද ඒ අතර වේ. 

    ශ්‍රී ලංකාව පෙර නොවූ විරූ දේශපාලන හා ආර්ථික අර්බුදයක් කරා වේගයන් ඇදී යද්දී, වාමාංශික හා දක්ෂිණාංශික පසමිතුරු දේශපාලනයෙන් ඔබ්බට විහිදුණු සම්මුතිවාදී ප්‍රජාතන්ත්‍රවාදී නව්‍යකරණය, හදිසි අවශ්‍යතාවක්ව පවතී.

    එය සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේගේ වදන්හි අනුනාදයක් මෙන් ක්‍රි.පූ. 350 දී ඇරිස්ටෝටල් ඔහුගේ ‘පොලිටික්ස්‘ නම් නිබන්ධයෙහි මෙම ‘මධ්‍යස්ථ මූලධර්මය‘ පිළිබඳව ලියමින් එය ධනවතුන් හා දුගියන් අතර පවතින විවරය යා කරන ධාතුව බව පවසයි.  

    අද, ශ්‍රී  ලංකාව එක් අර්බුදයකින් තවත් අර්බුදයකට ඇද වැටෙද්දී අපට ඇති එකම විකල්පය මධ්‍යස්ථ ප්‍රවේශය බව වඩ වඩා තහවුරු වෙමින් පවතී.

    මධ්‍යස්ථ වටිනාකම් ප්‍රබල ලෙස යළි යළිත් ප්‍රකාශ කිරීම, එනම්, මැද මාවතක්, යුගයේ අවශ්‍යතාව වී ඇත. මෙම මැදමාවත, නිදහස් මතධාරී බව හා මධ්‍යස්ථවාදී වටිනාකම් වෙනුවෙන් රැඩිකල්වාදී කැපවීමකට නිවහන විය යුතුය.  

    මේ මොහොතේ අවශ්‍යතාව වන්නේ බුදුරජාණන් වහ්නසේගේ මැද මාවතේ සිට මහත්මා ගාන්ධිගේ අවිහිංසාවේ මාවත දක්වා, නේරුගේ සිට මාටින් ලූතර් කිං දක්වා, නෙල්සන් මැන්ඩෙලාගේ සිට බැරැක් ඔබාමා දක්වා උකහා ගත් වටිනාකම පද්ධති යළි පණ ගැන්වීම මත පදනම් වූ නව දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීමයි.

    # මැද මාවත නැතහොත් රැඩිකල් මැද මාවත, සාධාරණ, සැලකිලිමත් හා සෞභාග්‍යමත් සමාජයක් දරා සිටින කුළුණු සතර ලෙස ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, සමානාත්මතාව සහ සාදාරණත්වය යන මූලධර්ම මත. පදනම්ව ඇත. 

    # රැඩිකල් මැද මාවත යනු යෙදුම් වල පරස්පරයක් බව බොහෝ දෙනෙකු කීමට ඉඩ ඇති නමුත්, මෙම වටිනාකම් ආරක්ෂා කිරීමට හා සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය වුවහොත් හා අවශ්‍ය වූ විටදී අවිහිංසාවාදී අරගලයක් දියත් කිරීමට පවා යම් අයෙකු විශ්වාස කරන දේ මතින් පැන නගින ධෛර්යය හා සමගම මධ්‍යස්ථ  ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම කෙරෙහි රැඩිකල් යළි කැපවීම් හදිසි අවශ්‍යතාවයකි. 

    # රැඩිකල් මැද මාවත, ඒකාධිපතිවාදය, වර්ගවාදය සහ අනෙකුත් සියළු ආකාරයේ අන්තවාදයට සක්‍රියව හා ශක්තිමත්ව එරෙහිවීමට හා සටන් කිරීමට නිහඬ බහුතරයට සැපයෙන මධ්‍යස්ථතාවයෙහි වේදිකාවකි.

    # දේශපාලන පරාසයෙහි සෑම කොටසකින්ම නැගෙන විකල්ප මතධාරීන්ගේ හඬට හා මතවලට විමධ්‍යගත පාලනයක ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ ස්ථානයක් හිමිවනු ඇත්තා වූ මධ්‍යස්ථවාදී මැද මාවතක් නිර්මාණය කිරීම රැඩිකල් මැද මාවතට උරුම වේ. එය, විද්‍යාමාන වන සියළු ආකාරයෙන් විවිධත්වයට ගරු කරන ක්‍රමයකි; 

    # බහුත්වවාදය සහ ආගමික සහ අධ්‍යාත්මික සංකල්ප වලින් බැහැරවීම වැජඹෙන අවිහිංසාවාදී , ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ විවිධ ප්‍රජාවන් අතර වසර ගණනක ගැඹුරු අවිශ්වාසයේ වේදනාව වියැකී යා යුතුය. 

    # රැඩිකල් මැද මාවත, නොඉවසන සුලු තැනැත්තන්ට ඔවුන් වෛර කරන්නන් සැබැවින්ම ඔවුන්ට බොහෝ සෙයින්ම සමාන බවත්, මනුෂ්‍යයන් ලෙස ඔවුන්ටද එකම සිහින හා අභිලාෂයන් මෙන්ම බිය සහ කණස්සල්ලද තිබෙන බවද පෙන්වා දිය යුතුය.

    # රැඩිකල් මැද මාවත, සියළු ශ්‍රී ලාංකිකයන්  ජාතියේ, ආගමේ හා කුලයේ සීමාවන්ගෙන් ඔබ්බට යමින් ඔවුන්ගේ පොදු මනුෂ්‍යත්වය සොයා ගන්නා ස්ථානය විය යුතුය. 

    # ශ්‍රී ලංකාව මුළුල්ලේ සිටින නිවැරදි චින්තනයක් ඇති සියළුදෙනා ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමට ඔවුන්ගේ නිහඬතාවය බිඳදමා එක්සත් විය යුතුය. 

    # කිහිපදෙනෙකුගේ දුෂ්ට පාලනය පරාජය කළ හැක්කේ නිහඬ  බහුතරය, සැබෑ දේශප්‍රේමීන් ‘ඇති කියන්නෙ ඇති‘  යැයි කීමට ඔවුන්ගේ නිද්‍රාවෙන් අවදි වුවහොත් පමණි.   

    # ශ්‍රී ලංකාවේ දේශප්‍රේමිත්වය ‘සැමුවෙල්ගේ ප්‍රයෝගකාරයාගේ අවසාන රැකවරණය’  බවට පත්ව ඇත. අද දරිගැන්වෙන දේශප්‍රේමිත්වය නිදහසේ සිටම  අපගේ පරිහානියයේ ගමනට ප්‍රධාන හේතුව වී ඇති තුනී පටලයකින් සැඟවූ ජාතිවාදය සහ පමණට වැඩි උනන්දුවක් සහිත උග්‍ර ජාතිභක්තිමදයයි. 

    වැඩවසම් ගොත්‍රීක ආකල්ප සහ පශ්චාත් ‛56 යුගයේ ‘කුඩා ළිඳ තුළ විසල් මැඩියා‘ මානසිකත්වය ප්‍රතික්ෂේප කරමින් නූතන ශ්‍රී  ලංකාවක ඉලක්ක සහ අභිලාෂයන් පිලිබිඹු කිරීමට  දේශප්‍රේමීත්වය යළි නිර්වචනය කිරීම අවශ්‍යව ඇත.  

    අපගේ එක් එක් පෞරාණික සංස්කෘති සහ ආගම්වල විවිධත්වයට සහ මහිමයට ගරු කරන අතරම ශ්‍රී ලංකාවේ ජාතිකවාදී සහ විශ්ව දේශී සත්‍ය දේශප්‍රේමීන් නිදහස, ප්රීතිය හා සෞභාග්‍ය කරා සෙසු ලෝකය සමග අත්වැල් බැඳ ගමන් කිරීමට එක්සත් විය යුතුය. 

    01 –  අප 21 වැනි සියවසේ දෙවැනි කාර්තුව කරා ගමන් කරමින් සිටිද්දී, ප්‍රජාතන්ත්‍රවාදය, එහි සියළු අඩුපාඩු තිබියදීත් හොඳම පාලන ක්‍රමය ලෙස පවතී. 

    විධායකය, හමුදාව සහ පුජ්‍ය පක්ෂය වේගයෙන් ඒක්රැස් වීම සමඟ ශ්‍රී ලංකාව ඒකාධිපතිවාදයක් කරා පිම්මේ ගමන් කරමින් සිටින අතරේ ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි සුවිසල් කැපවීමක් යුගයේ අවශ්‍යතාව බවට පත්ව ඇත; 

    ව්‍යවස්ථාදායකය සහ අධිකරණය හුදෙක් විධායක ජනාධිපතිගේ රබර් මුද්‍රා පමණක් බවට පත් කරනු ලැබෙමින් තිබේ. 

    02 – ශ්‍රී ලාංකික දේශපාලන දේහය සකසන විවිධ ජාතීන් සහ ආගම් අතර ප්‍රතිසන්ධානය සහ සමානාත්මතාව ශ්‍රී ලංකාවට සිය පූර්ණ විභවය යොදවා ගැනීම පිණිස අත්‍යවශ්‍ය වූවකි. ශ්‍රී ලාංකිකයන් එක්සත් රටක් ලෙස ප්‍රගතිය  හා සෞභාග්‍ය අත්කර ගැනීමට නම්, අපගේ වාර්ගික, සංස්කෘතික සහ ආගමික විවිධත්වයට ගරුකිරීමට අපට හැකි විය යුතුය. 

    03 – ගෞරවයෙන් තොර හා වෙනස් කොට සලකන හැසිරීම හා සමඟම වර්ගවාදය, වෛරී ප්‍රකාශ සහ වාර්ගික/ආගමික අන්තවාදය අපගේ සමාජයෙහි නිර්මිතය විනාශ කරන පිළිකාවක් බවට පත්ව ඇත. වර්ගවාදය සහ අනෙකුත් සියළුම ආකාරයේ අන්තවාදය සීමා රහිත ලෙස හෙළා දැකීම සහ ඒවාට උද්වේගකාරී ලෙස එරෙහි වීම කළ යුතුය. 

    04 – භාෂණයේ නිදහස, ප්‍රකාශනයේ නිදහස සහ රැස්වීමේ සහ විරෝධය පළ කිරීමේ නිදහස ක්‍රියාත්මක ප්‍රජාතන්ත්‍රවාදයක සංඝටනීය පාර්ශ්ව වේ.  

    05 – අපගේ සියලු පුරවැසියන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම හා පවත්වා ගැනීම කළ යුතුය. ශ්‍රී  ලංකාව තමන් අත්සන් තබා ඇති සියළු හර ජාත්‍යන්තර ගිවිසුම්වලට ගරු කිරීමද කළ යුත්තේ එබඳු වගකීම් උත්ථම්භනය කිරීමේ ප්‍රතිලාභියා වන්නේ ජාත්‍යන්තර ප්‍රජාව නොව ශ්‍රී  ලංකාව සහ සමස්ත ශ්‍රී  ලාංකික ජනතාව වන බැවිනි. 

    06 – රජු, පූජකයා හෝ සොල්දාදුවා වේවා කවර හෝ තැනැත්තකුවත් නීතියට ඉහළින් නොසිටින ශිෂ්ට සම්පන්න සමාජයකට නීතියේ ආධිපත්‍ය ද අනිවාර්ය පූර්ව අවශ්‍යතාවකි. නීතිය ක්‍රියාවේ යොදවන ආයතන සවිබල ගන්වා ශක්තිමත් කළ යුතු අතර ඒවා පරම ස්වාධීන මෙන්ම දේශපාලන මැදිහත් වීමෙන් නිදහස් විය යුතුය. 

    07 – විධායකය හෝව්‍යවස්ථාදායකය විසින් කවර හෝ ආකාරයකින් එහි බලය අයුතු ලෙස අත්කර ගැනීමෙන් තොර ස්වාධීන අධිකරණයක් ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන ප්‍රතිෂ්ඨාවකි. 

    08- 1977 දී වෙළෙඳපොල ආර්ථිකය වැළඳ ගත් පළමු රටවල් අතරින් එකක් වූ ශ්‍රී  ලංකාවේ තවමත් ඇත්තේ, ඉඳුරාම යල් පැන ගිය නීති හා ‘සමාජවාදී මානසිකත්ව‘ ගොහොරුවෙහි ගිලී ඇති විධාන ආර්ථිකයකි.  ශ්‍රී ලංකාව කලාපයේ වේගවත් හා තරගකාරී ක්‍රියාකාරියෙකු බවට පත් කිරීම පිණිස දූර දර්ශී ආර්ථික ප්‍රතිසංස්කරණ වෙනුවෙන් කැපවීම ඉතා ඉක්මනින් අවශ්‍යව ඇත. 

    ගජමිතුරු ධනවාදී ආර්ථිකය වෙනුවට සියළු ආයෝජකයන්ට හා අනෙකුත් ආර්ථික ක්‍රියාකාරීන්ට නීති මත පදනම් වූ සමාන අවස්ථා සපයන ශක්තිමත් හා ක්‍රියාශීලී වෙළෙඳපොල ආර්ථිකයක් ආදේශ කළ යුතුවඇත. 

    09 – දූෂණය, නාස්තිය සහ වැරදි කළමනාකරණය අද රාජ්‍ය අංශයේ විනාශයට හේතු වී තිබේ. දේශපාලන විරුද්ධවාදීන්ට ප්‍රහාර එල්ල කරනු වස් දූෂණ චෝදනා හැමවිටම ආයුධයක් සේ යොදා ගැනෙන නමුත් වරදකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒම හෝ මෙම පිළිකාව පාලනය කිරීම සඳහා දැඩි දූෂණ විරෝධී නීති හඳුන්වා දීමට හෝ ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගැනේ.

    10 – නාස්තිය සහ වැරදි කළමනාකරණය පුළුල් ලෙස පැතිර පවතින රජය සතු ව්‍යසයික කාර්යභාරය යළි නිශ්චය කළ යුතුව පවතී. 

    11  – වර්ගවාදය හා දූෂණය සමඟම මත්ද්‍රව්‍ය අපගේ සමාජය වනසා දමන වසංගත වලින් එකක් බවට පත්ව ඇත. මහා පරිමාණ මත්ද්‍රව්‍ය  ව්‍යාපාරිකයින් බොහෝ දෙනෙකුට ඉහළම දේශපාලන අනුග්‍රහය ලැබෙන අතර කැසිනෝ, කොටස් වෙළඳපොළ, මාධ්‍ය ආයතන ආදිය හරහා මත්ද්‍රව්‍ය වලින් උපයන මුදල් ප්‍රධාන ධාරාවේ විධිමත් ආර්ථිකය තුළට විශුද්ධිකරණය සිදු වේ. 

    මත්ද්‍රව්‍ය අවභාවිතයට එරෙහි සටනේදී, ඇබ්බැහි වූවන් හා පහළ මට්ටමේ මත්ද්‍රව්‍ය වෙළඳුන් පමණක් නීතිය ඉදිරියට පමුණුවනු ලැබේ. මෙම ව්‍යසනය පාලනය පිණිස නව දැඩි නීති වහා අවශ්‍යව ඇත. අන්තවාදයට හා මත් ද්‍රව්‍ය අවභාවිතයට එරෙහි තෙවදෑරුම් යුද්ධයක් යුගයේ අවශ්‍යතාවය වන අතර ඇබ්බැහි වූ යොවුන් පිරිස් වලට ප්‍රතිකාර කිරීම සඳහා විශේෂ පුනරුත්ථාපන වැඩසටහනක් හඳුන්වා දිය යුතුය.  


    12 – ශ්‍රී  ලංකාව තුළ කුසලතාතත්‍රයක් නිර්මාණය කළ යුතු ඇති අතර ඒ සඳහා පුද්ගලවාදී දේශපාලන අනුග්‍රහකත්වයේ සංස්කෘතිය අවසන් විය යුතුව ඇත.  සියල්ලන්ටම සම අවස්ථා සහතික කිරීම වෙනුවෙන් ශ්‍රී  ලාංකික කුසලතා තන්ත්‍රයක් අනිවාර්ය පූර්ව අවශ්‍යතාවකි. 


    13 – දුප්පතුන්, දුර්වලයන් හා අවාසනාවට ගොදුරුවූවන් ආරක්ෂා කිරීමට ශක්තිමත් සමාජ ආරක්ෂක ජාලයක් සහිත නවීන වෙළඳපොළ ආර්ථිකයක ගමන් කළ යුතුමය. 

    14 – ඉතා වැදගත් භූගෝලීය පිහිටීමක ආශීර්වාදය ශ්‍රී  ලංකාවට හිමිව ඇති අතර රටට ඍජු විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම පිණිස අපට ආකර්ෂණීය ප්‍රතිපත්තියක් තිබිය යුතුය. ඉඩම් හා විදේශ ආයෝජන කෙරෙහි වන ̒ ගෝත්‍රීක ආකල්පයෙන් අප බැහැර විය යුතුය.

    15 – අසමානතාව හා අසාධාරණත්වය සමඟ පුළුල් වන විෂමතා අද අධ්‍යාපන ක්‍රමයේ සම්මතය වී ඇත. රටේ අවශ්‍යතා ඉටු කිරීමට, විශේෂයෙන්ම අන්තහ්කරණය හා විවිධත්වය කෙරෙහි ගෞරවය නොමැතිකම වැනි ප්‍රධාන ගැටළු විසඳාගෙන නවෝත්පාදක, තමන් මත පමණක් යැපෙන තත්ත්වයට පත්ව ගෝලීය වශයෙන් පෙරමුණ ගැනීමට ශ්‍රී  ලංකාවට උපකාරී වීමට අධ්‍යාපන ක්‍රමය මුළුමනින්ම අසමත්ව ඇත. 

    විද්‍යාව, තොරතුරු තාක්ෂනය, ගණිතය හා තාක්ෂණය අවධාරණය කරමින් 21 වැනි සියවසේ ඉගෙනුම කරා සිසුන් මෙහෙයවීම මගින් අධ්‍යාපන ක්‍රමය පූර්ණ ලෙස යළි සැකසීම අවශ්‍යය.

     තෘතීය අධ්‍යාපනයෙහි ආසියානු හා ගෝලීය යෝධයන් හා සම මට්ටමේ සිටින සේ ශ්‍රී  ලංකාවේ විශ්ව විද්‍යාලවල තත්ත්වය උත්ශ්‍රේණිගත කළ යුතුය. 

    සියළු ආකාරයේ ප්‍රචණ්ඩත්වය, ලිංගික අඩන්තේට්ටම් හා නවක වදය විශ්ව විද්‍යාලවලින් තුරන් කර දැමිය යුතුය. එසේ ඉගෙනුමට කැමැත්තක් දක්වන සියල්ලන් සඳහා ඉගැන්වීමේ මාධ්‍යය ඉංග්‍රීසි බවට පත් කළ යුතු වේ. 

    16 – මාධ්‍ය ආදායම් රටවල අලුතින් පැන නගින රෝගවලට මෙන්ම පශ්චාත් කොරෝනා සමාජයේ අභියෝග වලට මුහුණ දීමට ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවය නව තාක්ෂණය හා චිකිත්සාවන් සහිතව ශක්තිමත් හා නවීකරණය කිරීම අවශ්‍යය. 

    අන්තරායකාර ඖෂධ, දුම්කොළ හා මාධ්‍යසාර අවභාවිතය හේතුවෙන් ඇති වන බරපතල සෞඛ්‍ය ගැටළුවලට වහා විසඳුම් සැපයිය යුතුය.

    17 – 2017 දී සීමාන්තික කාලගුණික තත්ත්වයන්ගේ වැඩිම බලපෑමට ලක් වූ රටවල් ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානයේ වූ අතර ම ලෝක බැංකුවට අනුව දේශගුණික විපර්යාස හේතුවෙන් 2050 වන විට වාර්ෂික දළ දේශීය නිෂ්පාදනය 1.2ක් අහිමි වීම අපේක්ෂා කෙරේ. 

    තිරසාර සංවර්ධනය, වැඩිවන දේශගුණික විපර්යාස හා ස්වාභාවික විපත්වලට ප්‍රතිචාර දැක්වීම සඳහා  වැඩිදියුණු වූ යටිතල පහසුකම්, වෙළඳපොළ කෙරෙහි නැඹුරු වූ ප්‍රතිසංස්කරණ, වැඩි කළ මානව ධාරිතා හා වඩා ශක්තිමත් ආයතනික ධාරිතා හා සම්බන්ධ වන බැවින් ඒය හොඳම අනුවර්තන උපායමාර්ගය ලෙස සැලකේ. 

    18 – 1931 දී සර්වජන ඡන්ද බලය ලබා දුන් ආසියාවේ ප්‍රථම රටව තිබියදීත් ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ භූමිකාව, විශේෂයෙන්ම දේශපාලන, ව්‍යාපාරික සහ වාණිජ ක්ෂේත්‍ර තුළ, සතුටුදායක නැත. 

    කාන්තාවන්ගේ ගෞරවයට හා  අභිමානයට සතුරු බොහෝ  ප්‍රතිගාමී නීති අදටත් බලාත්මකව පවතී. නවීන සංවර්ධනය වන ජාතියක් සේ පෙරට යාමට ශ්‍රී ලංකාව මෙම අසමානතා නිවරදි කිරීමට හදිසි ප්‍රමුඛතාව දිය යුතුව ඇත. 

    19 – එකඟ වූ වැඩිහිටියන් අතර සම ලිංගික සබඳතා පාලනය කරන යල් පිනූ වික්ටෝරියානු නීති ඉවත් කිරීම සඳහා වන අරගලයේදී LGBTQ ව්‍යාපාරයට සහාය හා දිරි ගැන්වීම සැපයිය යුතුය. 

    ලිංගික නැඹුරුව, ස්ත්‍රී පුරුෂ සමාජ භාවය, වාර්ගිකත්වය, කුලය හෝ ආගම කුමක් වුවත් සියළු මනුෂ්‍යයන්ට  සමාන ලෙස සැලකිය යුත අතර විද්‍යාමාන වන සියළු ආකාරයේ විවිධත්වයට ගරු කරනු ලැබිය යුතුය. 


    20 – ළමා ශ්‍රමය හා ළමයින් ලිංගික අඩන්තේට්ටම් වලට ලක් කිරීම ගැඹුරට මුල් බැස ගත් ගැටළුවක්ව පවතී. ඇතැම් කණ්ඩායම් හා ප්‍රජාවන් තුළ දරුවන් දෙමවුපියන්ට රිසි දෙයක් කළ හැකි ඔවුන්ගේ දේපළක් සේ දකිනු ලැබේ ; 

    එබැවින් බෞද්ධ ප්‍රජාවේ දුගී කොටස් අතර ළාබාල දරුවන් මහණ කිරීමද මුස්ලිම් ප්‍රජාව තුළ ළමා විවාහද සිදු වේ. ළමා වියේදී ප්‍රචණ්ඩත්වයට මුහුණ දුන් අපයෝජනයට ලක් වූ ළමයි වැඩිහිටියන් වූ විට අපරාධකරුවන් බවට පත්වෙති; නවක වදය හා ලිංගික අඩන්තේට්ටම් එබඳු තත්ත්ව  විද්‍යමාන වීම් වේ. 
     

    21 – ශ්‍රී ලංකාවේ 1907 සත්ව හිංසා වැළැක්වීමේ  ආඥාපනත සතුන්ට කෲරත්වයට එරෙහි ප්‍රමාණවත් නොවන නිවර්තකයකි. මෙම නීතිය සමාලෝපනය කර, සියළු සත්වයන් කෙරෙහි සහවේදනය හා දයාව වෙනුවෙන් පෙනී සිටිමින් සත්ව සුබ සාධනය පාලනය කරන නව නීති පැනවීම වෙනුවෙන් හදිසි හදිසි අවශ්‍යතාවක් පවතී. 

  • අපේ කොස් ගහ මුල කුණු වෙද්දී ‘ඉන්දිය කොස්’ ලෝක වෙළෙදපොළත් ජය ගෙන

    අපේ කොස් ගහ මුල කුණු වෙද්දී ‘ඉන්දිය කොස්’ ලෝක වෙළෙදපොළත් ජය ගෙන

    මෑතකදී කළ රුධිර පරීක්ෂනයකදී පෙර කිසිදිනක නොලත් ආකාරයේ සතුටුදායක ප්‍රතිපල ලැබූ බව කීවේ, ගෙදර කෑම රස නැතැයි කියමින් කඩචෝරු කෑමට පුරුදුවූ  මා හා කුළුපග ව්‍යාපාරිකයෙකි. ඔහු ජීවත්වී තිබුණේ කොලෙස්ටරෝල්, ට්‍රයිග්ලිසරයිඩ් වැනි සුව දිවියට එරෙහි සංඝටක බොහොමයක් උවමනාවටත් වඩා පංචස්කන්දය තුළ හිරකරගෙන වූ අතර, කෑම පාලනය වී තිබුණේ මුකවාඩම නිසා නොව, පාර දෙපැත්තේ කෑම කඩ බොහොමයක් පසුගිය වකවානුවේදී වසා තිබුණු නිසාත්, හිතුන වෙලාවට පාරට බසින්නට නොහැකි වෙන සේ මහ දවාලෙත් ඇඳිරි නීතිය බලපැවැත්වූ නිසාත්ය.

    කෑම ගැන කියවෙත්දී මතකයට එන්නේ ඉදිරි ආහාර අහේනියක් පැමිණේ යයි බියෙන් ගෙවතු වවන්නට ජනතාව උනන්දු වූ තරමයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මතක ඇති කාලයක මෙවැනි බීජ ඉල්ලුමකට මුහුණ දී තිබුනේ නැත. සාමන්‍යයෙන් හොඳ ප්‍රභේද සොයා යන මිනිසුන් අතට හසුවූයේ කුමන ඇටයක්ද, පැළ කල හැකිනම් එය පසට යටකරන ලදී. කෙසේ නමුත් එළවළුවක් වවාගන්නට දක්වන මේ උනන්දුවෙන් කොටසක්, ප්‍රධාන ආහාරය ලෙස අනුභව කරන්නට හා වේලක් දෙකක් පිරිමසා ගතහැකි බෝගයක්ද අතේ දුරින් බිහිකර ගන්නට ජනතාව උනන්දු වූවානම් ආහාර නිෂ්පාදන සංග්‍රාමයේ වර්ණවත් භාවය ගැන කියලා වැඩක් නැත.

    1912 දී දෙපාර්තමේන්තුව බිහිවෙන විටත් රටේ ජනතාව කොස් පිළිබඳව යමක් දැන හඳුනාගෙන තිබුණි. 17 වෙනි සියවසේදී මහනුවර රාජධානිය තුළ වසර 20 කට වැඩි කලක් වාසයකළ බ්‍රිතාන්‍ය නාවිකයෙක් වූ රොබට් නොක්ස් පවා තම වාර්තාවල කොස් අනුභවය ගැන සඳහන් කර තිබූ අතර, 20 වෙනි සියවසේදී මෙරට කොස් ප්‍රචලිත කිරීමෙහි ලා සුවිසල් මෙහෙවරක් කල චරිතයක් වන්නේ අමද්‍යප ව්‍යාපාරයේ සාමාජිකයෙක් හා ජනහිතකාමියෙක් වූ ආතර් වී. දියෙස් මහතාය.

    හෙතෙම වයස 74 දී, 1960 ජූලි 31 වෙනිදා (මීට හරියටම වසර 60 කට පෙර) මියයන විට ලාංකිකයින් පමණක් නොව විදෙස් රටවල් පවා ඔහුව හඳුනන්නේ ‘කොස් මාමා’ යන විකල්ප නමෙන්ය. ඊට හේතුව වූයේ ලංකාව තුල කොස් ගස් මිලියනයක් සිටුවීමේ ව්‍යාපෘතියක් ඔහු විසින් ආරම්භ කිරීමයි. මැලේසියාව වැනි රටවලින් ඔහු කොස්පැල ගෙන්වාගෙන තිබේ. මීට අමතරව ජීව්‍යතාවය රැකගැනීම සඳහා අඟුරු සමග මුසුකර සීල්තැබූ ටින්වල ඇසිරූ කොස්ඇටද රැගෙනවිත් ඇති බව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සිටි පලතුරු බෝග පිලිබඳ පර්යේෂකයෙක් වූ ආචාර්ය සුභ  හීන්කෙන්ද මහතා පවසයි.

    දියෙස් මැතිඳුන් විසින් මේ සියල්ල නොමිලේම ජනතාවට බෙදා දී ඇති අතර, 1918 ජූනි මස 11 වෙනිදා ඇරඹුණු මෙම කොස් ව්‍යාපෘතිය හරහා අද සිටිනා කෘෂි විද්වතුන්ට හොඳ ගස් තෝරාබේරා ඉවර කරන්නට නොහැකි වන තරමේ ප්‍රභේද ගණනාවක් මෙම කොස් පැල ගොන්න නිසා රට තුල බිහිවී තිබේ.

    “80 දශකයේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට ලැබුණා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙන් අරමුදල් සැපයෙන උද්‍යාන බෝග ව්‍යාපෘතියක්. ඒ සමගම කොස් ප්‍රචාරණය සඳහා බද්ධ පැල තාක්ෂණය බිහි වුණා. වෙන බෝග වගේ නෙවෙයි, කොස් බද්ධයක් සාර්ථක කරගන්න සෑහෙන්න අසීරුයි. බද්ධ ක්‍රමවේදයන් කොස් සඳහා සාර්ථකව සුසර කෙරුවේ හොරණ ගොවිපොළේ හිටපු දන්දෙනියආරච්චි කියන කළමනාකාර මහතා විසින්. මීට අමතරව ඉන්ද්‍රානි මැදගොඩ, එන්.ඊ.ආර්. පින්ටෝ සහ දැනට අප අතර නැති ක්ලෝඩ් සොයිසා, වැනි නිලධාරීන් කොස් වෙනුවෙන් ගොඩක් වැඩ කෙරුවා.”

    හීන්කෙන්ද මහතා කොස් ගමනේ මං සලකුණු මතකයට නගමින් කතාකරයි.

    කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තුල සිටි මේ සියලු නිලදරුවන් එදා අයත්වූයේ පලතුරු පර්යේෂණ අංශයටය. ඒ නිසාම ඔවුන් කොස් ගෙඩිය දෙස බැලුවේ පලතුරු හැඟීමක් සිත තුල දරාගෙනය. මෙතෙක් ශ්‍රී ලංකාව තුලින් තෝරා නිර්දේශ කරන ලද කොස් ප්‍රභේදයන් සියල්ල, ඒවාහි ‘පලතුරු ගතිය’ නොහොත් වැල හෝ වරකා වලට සුදුසු ගුණාංග පෙන්වාදෙමින් නිර්දේශ කර ඇත්තේ මෙහි වශයෙනි.

    එසේ වුවත් ආතර් වී දියෙස් මහතාගේ දැක්මට අනුව එකල කොස් ඉදිරියට ආවේ ‘බත් ගස’ සේ හැඳින්වෙන ප්‍රධාන ආහාරයේ විකල්ප බෝගයක් ලෙසයි. පශ්චාද් දියෙස් සමයේදී රට සහලෙන් ස්වයංපෝෂණය වීම නිසා විකල්ප බතකට ඇති උනන්දුව අඩුවී ගිය නිසාදෝ, කෘෂි විද්වතුන්ගේ කොස් පර්යේෂනයන්ද පලතුරු පැත්තටම ඇදී ගියා වන්නට පුළුවන.

    එහෙත් අදටත් ඇඹුල් පොලොස්වලට, මැල්ලුමට, කිරිකොස් මාලුවට, වඩාත් සුදුසුයයි සලකුණු කරගත් කොස්ගස් ගම්මුන් ඇසුරේ පලදරමින් තිබේ. මේ පිළිබඳව විද්‍යාත්මක තහවුරු කරගැනීමක් ලබාගැනීමද ඉතා පහසුය. ඉන් පසු අදාළ ශාකයේ අංකුර භාවිතයෙන් බද්ධපැල නිපදවා රටපුරා බෙදා හරින්නට දියෙස් මහත්තයා යලි ඉපදෙන්නටද උවමනා නැත. කවදාහරි ගහ කපාගෙන ලී ටික ඉරාගන්නවා යන සිතුවිල්ලෙන් බැහැරව මෙවන් කොස් පැලයක් දෙකක් ගෙවත්ත අද්දරින් සිටුවා ගන්නටත්, රූස්ස ගසක  අවසානයක් එනතුරු වැඩෙන්නට ඉඩ නොදී, නිසිලෙස කප්පාදුකර ගෙවත්තට ගැලපෙන කොස් ගසක් දෙකක් හදාගන්නටත් ජනතාවත් තම සිත එකඟ කරගත යුතුවේ.

    වත්මන් කෘෂි පර්යේෂකයින්ද දියෙස් යුගයෙන් පසු කොස් ගසෙන් බිමට වැටුණු ‘කොස් පොලොස් වටිනාකම’ යලි නගා සිටුවීමට නොපමාව පියවර ගත යුතුය යන්න අපගේ හැඟීමයි. අගය එකතු කිරීමක් හරහා ඉන්දියානුවන් ගිය ගමන යන්නට අපටත් හැකිවන්නේ එවන් පසුබිමක් උදාවෙන්නේ නම් පමණි. මන්දයත් අගය එකතුකළ නිෂ්පාදන වැඩිපුරම හැදෙන්නේ කොස් නමැති එළවලුවෙන් මිස වැල වරකා නමැති පලතුරෙන් නොවන බැවිනි.

    “1997 දී ශ්‍රී ලංකා කැනඩා සංවර්ධන අරමුදල මැදිහත්වෙලා කොස් ව්‍යාප්ත කිරීමේ ජාතික කමිටුවක් පිහිටුවා ගත්ත. මෙහි අරමුණ වැඩිපුර දිශානත වෙලා තිබුනේ කොස් වලට අගය එකතුකිරීමක් හරහා කොස් නිෂ්පාදන බිහිකිරීමට. ‘වීර්ය සේවා සංසදය කියන සංවිධානය යටතේ රඹුක්කන ඇඹුල්අරඹ නම් ස්ථානයේ ‘කොස් ප්‍රචලිතකිරීමේ පුහුණු මධ්‍යස්ථානය’ කියන තැන තමයි කමිටුව රැස්වූයේ”

    කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සිටි ආහාර තාක්‍ෂණය පිලිබඳ පර්යේෂකයෙක් වන සෙනරත් ඒකනායක මහතා, කොස් භාවිතයේ අලුත් ගමනක ආරම්භය සිහිපත් කෙරුවේ එලෙසිනි.

    ඉලංගසිංහ නමැති දානපති මහත්මයෙක් තමා සතු ඉඩමක් පවා මේ මධ්‍යස්ථානය ඉදිකිරීමට එකල පරිත්‍යාග කර තිබේ. සෙනරත් මහතා ගන්නෝරුවේ උද්‍යාන බෝග ආයතනයේ සේවය කරන අතරතුරදී මෙහි පුහුණු කටයුතු මෙහෙයවා ඇත. එතැනින් මුදාහැරෙන කොස් නිෂ්පාදනයන්හි තොරතුරු ග්‍රහණය කරගත් විවිධ පුද්ගලයින් හා සංවිධාන, මුදල් අයකරමින් පැවැත්වෙන පුහුණු පන්ති පවා රට පුරා ආරම්භ කර තිබේ. එහෙත් සෙනරත් ප්‍රමුඛ කණ්ඩායමේ ඔරිජිනල් පාඨමාලාව රඹුක්කනදී පැවැත්වූයේ සම්පූර්ණයෙන්ම නොමිලේය. අද දවසේ අප රසවිඳිනා, මුරුක්කු, බයිට් වර්ග, චට්නි වැනි කොස් නිෂ්පාදනයන් මෙරට බිහිවීමේ අඩිතාලම වැටුනේ එලෙසිනි.

    මෙම ව්‍යායාමය ගැන ඉව වැටුණු ඉන්දීය ජාතිකයෙක් වූ, ශ්‍රී පාඩ්රේ නැමැත්තෙක් මෙරට කෘෂිකර්ම බලධාරීන්ගෙන් කල විමසීමකට අනුව, ආචාර්ය හීන්කෙන්ද ගේ මගපෙන්වීම යටතේ සෙනරත් – පාඩ්රේ හමුවීම පසුකලෙකදී ගන්නොරුවේදී සිදුවුනි. ශ්‍රී පාඩ්රේ යනු කර්නටකා ප්‍රාන්තයේ ගොවීන් අතර හුවමාරුවෙන වන ‘අදීකේ පත්‍රිකේ’ නමැති සඟරාවේ සංස්කාරකවරයාය.

    ඇමෙරිකාවේ සුපිරි වෙළඳසැල් වල පවා විකුණන කල්තබාගත හැකිවෙන පරිද්දෙන් බඳුන්වල ඇසිරූ ආසියානු කොස් නිෂ්පාදන වලට කෙළ හලමින් සිටි ඔහුට, සෙනරත් හා ගොඩනැගුනු ඇයිහොඳයිය මහත් අස්වැසිල්ලක් වන්නට ඇත. දැනුමේ දිය පොදක් සොයමින් කතරේ තැන තැන පහුරුගාමින් සිටි හෙතෙම, කලින් දිනයක් වෙන්කරගෙන 2012 වසරේදී තවත් සගයින් සිවුදෙනෙක්ද සමග මෙරටට පැමිණ, ගන්නෝරුවේ සංචාරක නිවස්නයේ දින කීපයක් තිස්සේ ලැගුම් ගනිමින් සෙනරත්ලා යටතේ කොස් වල අගය වැඩිකරන අයුරු හැදෑරීමට පටන්ගති.  

    “වී, තිරිඟු, බඩඉරිඟු වැනි බෝග දේශගුණ විපර්යාසයන්ට සංවේදීයි. ඉදිරි කාලයේදී දේශගුණය තදින් වෙනස්වෙනවා, එතකොට ඔය බෝගයන්ගේ අස්වැන්න පහළ යන බවට අනාවැකිත් පලවෙලා තියෙනවා. කොස් ගස ඒවාට ප්‍රතිරෝධී ශාකයක්. ඒ හින්දා කොස් තියෙන තැන බඩගින්න නෑ. අනිත් එක තමයි පලදාව සම්පූර්ණයෙන්ම කාබනිකයි.”

    එදා සිට අද දක්වාම, ශ්‍රී පාඩ්රේ විසින් කිසිදු සංස්කරණයකින් තොරව මෙම මන්තරය මතුරන්නේය. ඒ මැතිරිල්ලේ ආනුභාවයෙන් ඉන්දීය වෙළඳපොළ කොස් වලට අගය එකතුකළ නිෂ්පාදනයන්ගෙන් පිරී උතුරා ගොස් අවසන්ය. ඒ මදිවාට අගය වැඩිකරන ලද ඉන්දියානු කොස් නිපැයුම්, විදෙස් වෙළඳපොළද ක්‍රම ක්‍රමයෙන් ආක්‍රමණය කරමින් සිටින්නේය.

    “අපේ වෙළඳසැල්වල විකුණන කපන ලද නැවුම් පොලොස් ගැන ඒ අය දැනගෙනම හිටියේ නෑ. මෙහෙ ගතකරපු කාලේදී ගන්නෝරුවේ ආහාර තාක්ෂණ ඒකකය තුලදී ඔවුන් උදේ ඉඳලා හවස් වෙනතුරු ප්‍රයෝගික පුහුණුවකුත් සමග තාක්ෂණික දැනුම ගන්නවා. හැන්දෑවක මම ඔවුන්ව රැගෙන ගියා මහනුවර පොදු වෙළඳපොළට. ඒ වගේම කැපූ පොලොස් වැඩිපුරම විකුණන නුවර, කොළඹ වීදියට. ඔවුන් ඒවායේ පින්තූර ගත්ත. වෙළෙන්දෝ සමග කතා කළා. අන්තිමට ඔවුන්ව දළදා මාලිගාවට කැටුව ගිය වේලේ, මාලිගාව පිටත පඩිපෙළේ කොනක වාඩිවෙලා මගෙන් අහගෙන එදා දැකපු දේවල්වල පසුබිම ගැන ගොඩාක් තොරතුරු ලියාගත්ත බව මතකයි.. කතාකරන ඒවාත් පටිගත කරගත්ත.”

    මීට අට වසරකට ඉහතදී සිදුවූ දෑ සෙනරත් මහතා ආවර්ජනය කෙරුවේ ඒ අයුරෙනි.කොස් වනාහී ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ දුප්පත් වැසියන්ගේ ප්‍රධාන ආහාරයක් වුවත්, එහි කොස් නිෂ්පාදනයෙන් 60% – 70% ක් ගස් යට කුණුවෙමින් අපතේ යාමේ කනස්සල්ලෙන් පසුවූ පාඩ්රේ ආපසු ඉන්දියාවට ගොඩබැස්සේ කේරල ප්‍රාන්තයේ ආර්ථිකය කොස් නිෂ්පාදනයන්ගෙන්ම ගොඩදාන බලාපොරොත්තු සිත තුල දරාගෙනය.

    ඒ වනවිට කොස් පිටි වලින් පපඩම් වර්ගයක් සාදනවා වැනි කර්මාන්තයක් හැරුණුවිට වෙනයම් කොස් කර්මාන්තයක් ඒ පළාතේ කෙරුනේ නැත. පාඩ්රේ විසින් ලංකාවෙන් උගත් දෑ ප්‍රදර්ශනය කිරීම උදෙසා පළමුව කෙරුවේ ‘කොස් සැණකෙළියක්’ (Jack Festival) සංවිධානය කිරීමයි. මෙහි අරමුණ වී තිබුනේ කොස් කෑමෙන් ඇතිවෙන සෞඛ්‍ය ප්‍රතිලාභ ගැන මහජනතාව දැනුවත් කිරීමත්, අගය වැඩිකළ කොස් නිෂ්පාදනයන්හි ඇති වෙළඳ වටිනාකම කේරල ප්‍රාන්තීය වැසියන්ට අවබෝධ කරදීමත්ය.

    සැණකෙළියේ ආකාර්ශනීය අංගෝපාංග රාශියක් තිබුණි. සම්මන්ත්‍රණ, ප්‍රදර්ශන, අගය වැඩිකිරීමේ නිෂ්පාදනයන් සඳහා වූ පුහුණු අවස්ථා, ඉවුම් පිහුම් තරඟ, ප්‍රශ්ණ විචාරාත්මක වැඩසටහන් මෙන්ම විවෘත සංවාද, එපමණක් නොව කොස් පැළ සිටුවීමේ කටයුතුද දින කීපයක් තුළ පැවති සැණකෙළියට ඇතුළත් විය.

    චීනය කොස් වවන්නට පටන්ගත්තේ 1992 තරම් මෑත කාලයේදීය. එහෙත් මේ වනවිට ඔවුන්ද අපට වඩා ඉදිරියට ගොසිනි. පාර දෙපැත්තේ පවා කොස් වවන්නට චීන රජය මගින් ජනතාව උනන්දු කරවයි. පිලිපීනයේ කොස් වගාව ගැන කියාදෙන ඊ පාඨමාලා පවා මේ වනවිට තිබේ.

    අද වනවිට කොස් වලින් අගය වැඩිකළ නිෂ්පාදන බිහිකරන අංක එකේ රට බවට වියට්නාමය පත්වූයේ ඉන්දියානුවන්ද පරදවමිනි. මැලේසියාව තම ජාතික ප්‍රතිපත්තියටද කොස් ඇතුළත් කර තිබේ. මේ පසුබිම තුළ අප සිතා බැලිය යුත්තේ රොබට් නොක්ස් මෙහි පැමිණි කාලයේ සිට කොස් කෑ ලාංකිකයා, අද සිටින්නේ කුමන තැනකද යන්නයි.

    බෝගයක් යොදාගෙන සැණකෙළි පැවැත්වීම ඇතැම් රටවල සම්ප්‍රදායකි. ඒවා බොහෝවිට හුදෙක් විනෝදාස්වාදය අරමුණු කරගත් නාස්තිකාර සැණකෙළිය. “තක්කාලි සැණකෙලිය” මීට හොඳ උදාහරණයකි. විශාලම තක්කාලි සැණකෙළිය පැවැත්වෙන්නේ ස්පාඤ්ඤයේය. ඒ 1945 වසරේ සිටයි. මේ වසරේ සැණකෙළිය කොවිඩ්-19 වසංගතය නිසා අවලංගු වූවා මිස, මීට ඉහතදී දේශපාලන හේතු මත එය අවලංගු වී ඇත්තේ 1957 වසරේදී පමණි. මෙහිදී සිදුවන්නේ පිට පළාත්වලින් නගරයට රැගෙන එන ඉදුණු තක්කාලි තොග වලින් රැස්ව සිටින ජනතාව විසින් එකිනෙකාට පහර දීමයි. පැයක පමණ කාලයක් තිස්සේ සිදුවෙන මෙම ‘තක්කාලි අරගලය’ අවසන් වනවිට සියල්ලෝම තක්කාලි පල්පයෙන් නැහැවී අවසන්ය. අනතුරුව නගර සභාවේ ජල බවුසර පැමිණ වීදි පිරිසිදු කරනු ලැබේ.

    තක්කාලි වල තිබෙන සිට්‍රික් අම්ලය නිසා වීදිවල තිබූ පැල්ලම් පවා මැකීගොස් අලුත් පෙනුමක් ලැබීම සැණකෙළියේ එකම ප්‍රතිලාභය යයි සිතන්නට සිදුවෙන්නේ එය ඒ තරමටම නාස්තිකාර ක්‍රියාවක් බැවිනි. 2015 වසරේ සැණකෙළි පැය තුළ තක්කාලි කිලෝග්‍රෑම් 145,000ක් ඒමේ අත දමාගසාගෙන විනාශ කළ බව සඳහන්ය.

    වැල වරකා සමග කොහොල්ලෑ නාගනිමින්, කොස් සැණකෙළියක් පැවැත්වීමට නොවේ අපේ මෙම යෝජනාව. ගතයුතු තැනින් නියම ආදර්ශය ගත යුතුව තිබේ. කර්නාටකා ප්‍රාන්තය තුලදී පාඩ්රේ කල ආකාරයට ‘හෙරලි සැණකෙළියක්’ අපද සංවිධානය කල යුත්තේ දැනට මුලුගැන්වී ඇති කොස් නිෂ්පාදන තාක්ෂනයන් ජනතාව අතරට ගෙනයාමටයි.

    මේ නිෂ්පාදනයන් වනාහී විදේශ විනිමය උල්පත්ය. එක්සත් රාජධානියේ දැනට නිර්මාංශකයින් මිලියන තුන හමාරක් පමණ සිටී. දිනෙන් දින වැඩිවෙන සංකීර්ණ රෝගාබාධ නිසා මෙම සංඛ්‍යාව ඉදිරියටත් වර්ධනය වෙනවා මිස අඩුවෙන්නේ නම් නැත. මස් කන්නට හුරුවූ දිව සනහන්නට, මස් රහට හයියට හැපෙන අනුප්‍රාප්තික ආහාර නිපදවන්නට ඔවුන් බර උත්සාහයක යෙදී සිටී. සියලු දේ පරදවමින් එතැන ඉදිරියෙන්ම සිටින්නේද කොස්ය. වියලූ හෝ අමුවෙන් බඳුන් ගතකල කොස් රට සල්ලි මවනු ඇත්තේ ඒ අයුරෙනි.

    අපේ දේ ගැන විශ්වාසය තබන්නටත්, සැඟවී ඇති අපේ දේ අගය කරමින් ඉදිරිපත් කරන්නටත් පසුගිය වසංගත කාලයේදී අපට ඇතිවූ පුරුද්ද, කොස් වෙනුවෙන්ද ආදේශ කරමින් පුළුවන් විධියට ‘හෙරලි සැණකෙළිය’ සංවිධානය කළ යුත්තේ මේ නිසාය. ගන්නෝරුවේ කෘෂිකර්ම පුරවරයේම මේ සඳහා උචිත ‘කොස් වත්තක්’ ද තිබෙන්නේය. අක්කර පහක් විශාල පර්යේෂණ පලතුරු උයනේ කොටසක් පුරවා සිටින දේශීය කොස් ප්‍රභේද එකතුව, සැණකෙළියට පැමිණෙන්නන් හට ඇඟට දැනෙන සජීවී අත්දැකීමක්ද ලබාදෙනු නොඅනුමානය.

    “මේ තරම් වටිනා සම්පතක් අපට අහිමි කරන නිහඬ මාරයා ගැනත් යමක් ලියන්න” ආචාර්ය හීන්කෙන්දගේ ඉල්ලීමකි.

    “කවුරුවත් අවධානය යොමු නොකරන නිහඬ මාරයෙක් රටේ තිබෙන හෙක්ටයාර් 55,000ක පමණ කොස් වගාව බිලි ගනිමින් සිටිනවා. මේවා එකතැන පිහිටන වගා වශයෙන් නෙවෙයි තියෙන්නේ. ඒ නිසා යම් තැනක කොස් ගසක් මැරුනොත් එය වගාවක වූ සිදුවීමක් ලෙස වාර්තා වෙන්නෙත් නෑ. වැඩි දෙනෙකුගේ අවධානයට ලක් නොවන හුදකලා මරණයක් පමණයි. පසේ තිබෙන දිලීර වර්ග කීපයක් කොස් ගසට වැළඳිලා, සෙමෙන් සෙමෙන් කොස් ගස් මැරෙනවා.  මෙවන් තත්වයක් තිබේනම් අදාළ අංශ වලට දන්වන්න ඕනෑ. අනෙක් කරුණ තමයි පිළිල. මේක හරියට පිළිකාවක් වගේ. ලොකු ගස් මැරෙන තුරුම කව්රුවත් පිළිල ඉවත් කරන්න උනන්දු වෙන්නේ නෑ.”

    ආතර් වී දියෙස් මැතිඳුන් කොස් විප්ලවයක් පටන් ගන්නා කාලයේ මෙරට මිනිසුන් තුනෙන් දෙකක්ම කෑවේ පිටරටින් ගෙනෙනා හාලේ බත්ය. පැලයේ හැඩය වෙනස්කර, ඇදවැටීම නවතා, පඳුරු ගණන වැඩිකර, රටටම බත සපයන වැඩි අස්වැන්න දෙන ගොයමක් අනාගතයේදී නිපදවෙනු  ඇතැයි ඒ කාලේ කිසිවෙකුත් නොසිතන්නට ඇත. ලෝකයේ හරිත විප්ලවය ඇරඹෙන්නටත් පෙර කොස් ගස, බත් ගස සේ හඳුන්වාදෙමින් ගමනක් යන්නට මෙවැනි ජනහිතකාමී පුරවැසියන් පෙරට ආවේ එබැවිනි. එදා තත්වයට අනුව එම දැක්ම හා මෙහෙවර අතිශයින් සාධාරණය.

    එහෙත් මේ වනවිට නම්, මත්වෙනතුරු කන්නට වුවත් රට තුළ දේශීය හාලේ බත් තිබේ. ඒ වැඩිදියුණු කල වී වර්ගවලට පින් සිදුවන්නටය. එසේ වුවත් මේ ගොයමෙන් උපරිම අස්වැන්නක් නෙළාගැනුම සඳහා, කෘෂි විද්වතුන්ගේ නිර්දේශ ප්‍රකාරව අවශ්‍යම තැනට, ඉතා අවමයෙන් කෙතට හලනා රසායනික පොහොර වෙනුවෙන්, තවත් උගත් පිරිසක් කනස්සල්ලෙන් හිස කසන්නේය.

    ඔවුන්ගේ දර්ශනයට අනුව රසායනික පොහොර ඒ තරමටම පරිසරයට අසාත්මිකය. එසේ වුවත්  සමස්ත කුඹුරු පද්ධතියම කාබනික ඒවා බවට පරිවර්තනයද මහත් භාරධූර කටුත්තකි. එවැන්නක් සිදුකලද ගොයමට හිමි විභව අස්වැන්න තිරසාරව දිගු කලක් තිස්සේ ලබාදේයයි පර්යේෂණාත්මක තහවුරුවක්ද නැත.

    දෙවියන්ගේ පිහිටෙන් එදා මෙන්ම අදටත් කොස් ගස් මුලට කවුරුවත් රසායනික පොහොර දමන්නේ නැති නිසා කොස් ආශ්‍රිත නිෂ්පාදන නම් අදටත් මුළුමනින්ම කාබනික වේ. තැම්බූ කොස් එක දිගට නොකෑවත්, කොස් පිටි යහමින් දැමූ තෝසේ, ගැටවරයින්ට පවා ගැලපෙන කොස් කොත්තු  යනාදිය සමාජය තුල ප්‍රචලිත කරන්නට මෙම දැන උගත් කණ්ඩායම පියවර ගන්නේ නම්, ඔවුන් හෙළනා දහඩියට දැනට වඩා වටිනාකමක් ලැබෙනු ඇතැයි අපට සිතේ. ඔවුන් පෙන්වාදෙන වසවිස ලෝකයෙන් යම් තරමකටවත් රටවැසියා මුදවා ගැනීමට මෙය ඉතා තාත්වික ප්‍රවේශයකි.

    සනත් එම්. බණ්ඩාර

    සනත් එම්. බණ්ඩා