අනුරාධපුර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීධුර 9න් 07ක ජයග්‍රහණය ලබා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වුණා. සමගි ජන බලවේගය විසින් මන්ත්‍රීධුර 02ක් දිනා ගත්තා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඡන්ද 344,458ක් (67.95%) ද, සමගි ජන බලවේගය විසින් ඡන්ද 119,788 (23.83%) ක්ද දිනා ගත් අතර ජාතික ජන බලවේගය ඡන්ද 24,492ක් (4.83%) ද එක්සත් ජාතික පක්ෂය විසින් ඡන්ද 8254 (1.63%) දිනා ගත්තා.
Blog
-

නුවරඑළියේ ජයත් පොහොට්ටුවට – එජාපයට ඇපත් නෑ
නුවරඑළිය දිස්ත්‍රික්කයේ මන්ත්‍රීධූර 8/5ක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වුණා. සමගි ජන බලවේගය විසින් මන්ත්‍රීධුර 3ක් ජයග්‍රහණය කළ අතර එක්සත් ජාතික පක්ෂයට එකදු මන්ත්‍රීධ්‍රරයක් හෝ දිනා ගැනීමට නොහැකි වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඡන්ද 280,389 (54.47%) ක් ද සමගි ජන බලවේගය විසින් ඡන්ද 132,008 (31.21%)ක් ද දිනා ගත් අතර එක්සත් ජාතික පක්ෂය විසින් ඡන්ද 12,974ක් (3.07%) දිනා ගත්තා.
-

කලුතරින් පොහොට්ටුවට මන්ත්‍රීධුර 10/8ක්
කලුතර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීධුර 10/8ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වූ අතර සමගි ජන බලවේගය විසින් මන්ත්‍රීධූර 02ක් දිනා ගත්තා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් කලුතර දිස්ත්‍රික්කයෙන් ඡන්ද 448,699ක් (64.08%) ක් ද සමගි ජන බලවේගය විසින් ඡන්ද 171,988ක් (24.56%)ක් ද ජාතික ජන බලවේගය ඡන්ද 33,434ක් (4.77%) ද එක්සත් ජාතික පක්ෂය ඡන්ද 16,485ක් (2.35%) ද දිනා ගත්තා.
-

මාතලේ දිස්ත්‍රික්කය 4/1ක් ලෙස පොහොට්ටුවට
මාතලේ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීධුර 5/4ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වුණා. සමගි ජන බලවේගය විසින් එක් මන්ත්‍රී ධුරයක් දිනා ගත්තා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඡන්ද 188,779ක් (65.53%) ක් ද සමගි ජන බලවේගය විසින් ඡන්ද 73,955 (25.67%)ක් ද දිනා ගත් අතර ජාතික ජන බලවේගය විසින් ඡන්ද 7542ක් (2.62%) ක් ද එක්සත් ජාතික පක්ෂය විසින් ඡන්ද 6592ක් (2.29%)ක් ද දිනා ගත්තා. දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 407,569ක් වූ අතර 312,576 (76.69%) ඡන්ද ප්‍රකාශ කර තිබුණා.
-

මාතරත් ආසන 7න් 6ක් පොහොට්ටුවට
2020 පාර්ලිමේන්තු මැතිවරණයේ මාතර දිස්ත්‍රික්කයෙන් ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වුණා. ඒ දිස්ත්‍රික්කයේ සමස්ත මන්ත්‍රීධුර සංඛ්‍යාෙව වන 6/7ක් ජයග්‍රහණය කරමින්.
සමගි ජන බලවේගය විසින් එක් මන්ත්‍රීධුරයක් දිනා ගත් අතර එක්සත් ජාතික පක්ෂයට සහ ජාතික ජන බලවේගයට කිසිම මන්ත්‍රීධුරයක් දිනා ගැනීමට හැකි වුණේ නැහැ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඡන්ද සංඛ්‍යාව 352,217ක් (ආසන 06) ද සමග ජන බලවේගය විසින් ඡන්ද 72,740ක්ද (ආසන 01) දිනා ගත් අතර ජාතික ජන බලවේගය විසින් දිනාගත් ඡන්ද සංඛ්‍යාව 37,136ක්.
අන්ත පරාජයක් ලැබූ එක්සත් ජාතික පක්ෂය විසින් දිනාගත් ඡන්ද සංඛ්‍යාව 7631ක්.
මාතර දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 630438ක්.
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 500957ක්.
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 22578ක්.
මාතර දිස්ත්‍රික්කයේ වලංගු ඡන්ද සංඛ්‍යාව 478379ක්.
-

පොහොට්ටුව ගාල්ලේ ආසන 9න් 7ක් ජය ගනී
ගාල්ල දිස්ත්‍රික්කයෙන් අති විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වුණා. ඒ අනුව දිස්ත්‍රික්කයේ මැතිවරණ ආසන 7/9 ක් ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනා ගත්තා.
ගාල්ල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 430, 334ක් ලබාගත් අතර සමගි ජන බලවේගය ඡන්ද 115,456ක් ද ජාතික ජන බලවේගය ඡන්ද 29,963ක් ද එක්සත් ජාතික පක්ෂය ඡන්ද 18968ක් ලබාගත්තේය.
ගාල්ල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 826939ක්.
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 645803ක්.
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 35751ක්.
ගාල්ල දිස්ත්‍රික්කයේ වලංගු ඡන්ද සංඛ්‍යාව 610052ක්.
ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵල ද ප්‍රකාශයට පත්වූ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව 27682ක්.
සමගි ජන බලවේගය ඡන්ද 5144 ක් ලබාගත්තේය.
ජාතික ජන බලවේගය ඡන්ද 3135ක් ලබාගෙන තිබේ.
එක්සත් ජාතික පක්ෂයට ගාල්ල දිස්ත්‍රික්කයෙන් ලැබී ඇති තැපැල් ඡන්ද සංඛ්‍යාව 1507ක්.
-

71%ක් ඡන්ද ප්‍රකාශ කරයි – වැඩිම ප්‍රතිශය නුවරඑළියෙන් – අඩුම ප්‍රතිශතය පුත්තලමෙන්
අද (05) දින පැවැති මහ මැතිවරණයේදී 71%ක ඡන්දදායකයින් පිරිසක් ඡන්දය ප්‍රකාශ කර ඇතැයි ඡන්ද වීමසීම නිමාවීමෙන් පසු මැතිවරණ කොමිෂන් සභාවේ අද (05) පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවා.
වැඩිම ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වුණේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වන අතර එය75%ක්. බදුල්ල, ත්‍රිකුණාමලය, මොනරාගල යන දිස්ත්‍රික්කවලින් 74%ක ප්‍රතිශතයක් වාර්තා වුණා.
අවම ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වුණේ පුත්තලම දිස්ත්‍රික්කයෙන් වන අතර එය 63%ක් ලෙස වාර්තා වුණා. යාපනය දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය 64%ක්.
ඒ අනුව දිවයිනේ ප්‍රකාශිත සමස්ත ඡන්ද ප්‍රතිශතයන් මෙසේ යි.
ගාල්ල 69%
නුවරඑළිය 75%
බදුල්ල 74%
ත්‍රිකුණාමලය 74%
මොනරාගල 74%
වන්නි 73%
රත්නපුර 73%
හම්බන්තොට 73%
කොළඹ 72%
දිගාමඩුල්ල 72%
මඩකලපුව 72%
පොළොන්නරුව 71%
කෑගල්ල 71%
මාතර 71%
කළුතර 71%
මාතලේ 71%
මහනුවර 71%
අනුරාධපුරය 71%
ගාල්ල 69%
කුරුණෑගල 69%
ගම්පහ 69%
යාපනය 64%
පුත්තලම 63%මෙවර මහමැතිවරණය කොවිඩ් 19 වසංගත තත්ත්වය තුළ පැවැත්වීමට සිදුව තිබීම නිසා ඡන්ද දායකයින්ට අද දිනයේදී සිය ඡන්දය භාවිත කිරිමට අවස්ථාව සලසා තිබුණේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්වයි.
-

80 – 85%ක් ඡන්දය ප්‍රකාශ කරනු ඇති බව මැ.කො කියයි
ශ්‍රී ලංකාවේ 09 වෙනි පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් 225 දෙනකු තෝරා පත් කරගනුවස් පැවැත්වෙන මහ මැතිවරණය අද (අගෝස්තු 05) උදෑසන 7:00 ට ආරම්භ වූ අතර එය පස්වරු 05.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 12,985කදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරිම සඳහා ඡන්ද දායකයින් 16,263,885 ක් සුදුසුකම් ලබා සිටින අතර. මහ මැතිවරණය සඳහා තරග වදින අපේක්ෂකයින් සංඛ්‍යාව 7,452ක්.
මෙවර මහ මැතිවරණය කරුණු කිහිපයක් නිසා වැදගත් වෙනවා. එයි ප්‍රමුඛතම කාරණය වන්නේ කොවිඩ්-19 වසංගත තත්ත්වය මත එය පැවැත්වීමට සිදුවීමයි. එනිසා පෙර වසරවලදී මෙන් අද මධ්‍යම රාත්‍රි යේදී මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමක් සිදුවන්නේ නැහැ. හෙට දිනයේදී ඡන්දය ගණන් කිරීම සිදුවන අතර අවසන් ප්‍රතිඵල නිකුත් කිරීම සිදුවන්නේ සිකුරාදා සවස බවයි මැතිවරණ කොමිෂම සදහන් කළේ.

මේ අතර කොරෝනා වසංගතය නිසා ඡන්දපොළ සහ එහි නිලධාරීන්ට ද ඡන්ද දායකයින්ට ද සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම අනුගමනය කිරීමට සිදුව තිබෙනවා. ඒ අනුව කාබන් තැවරූ කඩදාසි කැබැල්ලකින් ඇඟිලි වර්ණ ගැන්වීම සිදුවන අතර ඒ සඳහා ඡන්ද දායකයින් සිය වම් අතේ සුලැඟිල්ල මෙසය මත ඇති ටිෂු කඩදාසියක් මත තැබිය යුතුව තිබෙනවා.
ඡන්දපොළ නිලධාරීන් සඳහා විශේෂ ආරක්‍ෂක කුටි සපයා ඇති අතර ඡන්ද දායකයින් ඇතුළු වනවිට හා පිටව යනවිට විෂබීජහරණය කිරීමකට ලක් කරනවා.

මේ අතර අද ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණ සිටි මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඡන්ද දායකයින්ගෙන් විශේෂ ඉල්ලීමක් කරමින් කියා සිටියේ සියලුම ඡන්ද මධ්‍යස්ථානවල සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ග ගෙන ඇති බැවින් කිසිඳු බියකින් තොරව ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණ සිය ඡන්දය භාවිත කරන ලෙසයි.
මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා කියා සිටියේ මෙවර මහ මැතිවරණයේදී 80% – 85% අතර ප්‍රතිශතයක් ඡන්දය භාවිත කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
මේ අතර මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනය සදහන් වුණේ අද දින 07:00 – 10:00 දක්වා කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 70 ක් වාර්තා වූ බවත් ඉන් බහුතරය නීතිවිරෝධී ප්‍රචාරක කටයුතුවලට අදාළ පැමිණිලි බවයි.
මැතිවරණ පුවත් වාර්තාකරණය – තුෂාර වල්ගම සහ මධුභාෂිනී උරේෂා කුමාරී
-

අධික තරබාරුව ගැන අලුත් තොරතුරු හෙළිවෙයි – පරණ මත ඉවතට ?
තරබාරුකම පුද්ගලයෙකුගේ සෞඛ්‍යය අනුව නිර්වචනය කළ යුතුයි. ඔවුන්ගේ බර පමණක් ඒ සදහා නොසෑහේ – කැනේඩියානු නව සායනික මාර්ගෝපදේශයක් පවසයි.
තරබාරුකම යනු ජීවිත කාලය පුරාම කළමණාකරණය අවශ්‍ය වන සංකීර්ණ, නිදන්ගත තත්වයක් බව එය අවධාරණය කරයි.

‘තරබාරුකම‘ ගෝලීය සෞඛ්‍ය ප්‍රශ්නයක් බවට පත්වෙලා බොහෝ කාලයක් වෙනවා. ඒ හා නිර්මාණය වන සෞඛ්‍ය හා සමාජයීය ගැටලුවලට විසදුම් සෙවීමට දීර්ඝ කාලයක් තිස්සේ අරගල කළත් තවමත් ගැටලුව ආරම්භ වූ තැනම තිබෙනවා.
තරබාරුකමට කඩිනම් සහ එකම විසදුම ලෙස බොහෝ විට ඉදිරිපත් වන්නේ ආහාර පාලනය සහ ව්‍යායාම කිරීමයි. ඒත් පසුගිය දා කැනේඩියානු පර්යේෂකයින් පිරිසක් විසින් සිදුකළ නවතම අධ්‍යයනයකින් එය යල් පැනගිය අදහසක් බවට පත්ව තිබෙනවා.
ආහාර හා ව්‍යායාම නිර්දේශ කිරීමෙන් ඔබ්බට යන ලෙස එම අධ්‍යයනය වෛද්‍යවරුන්ට උපදෙස් දෙනවා. ඔවුන් අවධාරණය කරන්නේ බර වැඩිවීමට මූලික හේතු කෙරෙහි අවධානය යොමු කළ යුතු අතර සෞඛ්‍යයට පරිපූර්ණ ප්‍රවේශයක් ගත යුතු බවයි.
පසුගිය 04 වැනිදා ප්‍රකාශයට පත් වූ කැනේඩියානු වෛද්‍ය සංගමයේ ජර්නලයේ (Canadian Medical Association Journal) මෙම මාර්ගෝපදේශය පිළිබද සදහන් වෙනවා.
“තරබාරුකම පිළිබඳ ප්‍රමුඛ මතවාදය වන්නේ එය පාලනය කර ගැනීමට නොහැකි වී ඇත්තේ පුද්ගලික වගකීම් විරහිතභාවය සහ අධිෂ්ඨාන ශක්තිය නොමැති වීම නිසා බවයි. මෙම අදහස මගින් ස්ථුලතාවයෙන් පෙළෙන පුද්ගලයින්ට දොස් පවරන අතර ඔවුන්ව අවමානයට පත් කරනවා” මාර්ගෝපදේශයේ සදහන් වෙනවා.
එහි වැඩි දුරටත් සදහන් වන්නේ තරබාරුකමට ප්‍රාථමික ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් විසින් ඔවුන්ගේ දෛනික භාවිතයේදී තරබාරුකම හඳුනා ගැනීමට සහ ඒ සදහා ප්‍රතිකාර කිරීමට පැරණි ආකල්ප බැහැර කළ යුතු බවයි.
කැනඩාවේ පර්යේෂණ හා ප්‍රතිපත්ති අධ්‍යක්‍ෂක සහ මාර්ගෝපදේශයේ කතුවරයකු වන සිමෙනා රමෝස්-සලාස් පැවසුවේ ‘බොහෝ වෛද්‍යවරු තරබාරු රෝගීන්ට වෙනස් ලෙස සැලකීම් කරන බවයි‘
‘ එමඟින් සිදුවන්නේ තරබාරු රෝගීන් අසහනයට හා කළකිරීමට පත්වීමයි. එවිට ඔවුන්ගේ බර අඩුවීම කෙසේ වෙතත් වඩාත් අහිතකර, නරක ප්‍රතිඵල නම් හිමිවිය හැකියි‘ ඇය පවසයි.
“බර නැඹුරුව යනු තරබාරුකම පිළිබඳ වැරදි දේ විශ්වාස කිරීම පමණක් නොවේ,” ඇය බීබීසීයට පැවසුවාය.
“බර නැඹුරුව ඇත්ත වශයෙන්ම සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ගේ හැසිරීමට බලපායි.”
කැනඩාවේ පසුගිය දශක තුන තුළ තරබාරුකම තුන් ගුණයකින් වැඩි වී ඇති අතර නවතම සංඛ්‍යාලේඛනවලට අනුව කැනේඩියානුවන් හතර දෙනෙකුගෙන් එක් අයෙකු තරබාරු ය.
2006 සිට මෙම මාර්ගෝපදේශය යාවත්කාලීන කර නොමැති අතර එය යාවත්කාලීන කරනු ලැබුවේ වසර 14කට පසුවය.

ශරීර ස්කන්ධ දර්ශකය (Body mass index (BMI) සහ ඉණ වට ප්‍රමාණය වැනි රෝග විනිශ්චය නිර්ණායක භාවිතා කිරීම නවතම උපදෙස් තවමත් නිර්දේශ කළද, එය ඔවුන්ගේ සායනික සීමාවන් පිළිගන්නා අතර බර පුද්ගලයෙකුගේ සෞඛ්‍යයට බලපාන්නේ කෙසේද යන්න පිළිබඳව වෛද්‍යවරුන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව පවසයි.
3-5% ක් පමණ බර අඩු කිරීම සෞඛ්‍ය වැඩිදියුණු කිරීමට හේතු විය හැකි අතර තරබාරු පුද්ගලයෙකුගේ “හොඳම බර – best weight ” BMI අනුව ඔවුන්ගේ “පරිපූර්ණ බර -ideal weight ” නොවිය හැකි බව මාර්ගෝපදේශය පවසයි.
තරබාරුකම යනු ජීවිත කාලය පුරාම කළමණාකරණය අවශ්‍ය වන සංකීර්ණ, නිදන්ගත තත්වයක් බව එය අවධාරණය කරයි.
“දීර්ඝ කාලයක් තිස්සේ අපි තරබාරුකම යනු ජීවන රටාවේ ප්‍රතිඵලයක් ලෙස සැලකුවා. එය ලැජ්ඡාවට කරුණක් වූ අතර දොස් ඇසීමට ද හේතුවක් වුණා” රමෝස්-සලාස් මහත්මිය පවසයි.
“තරබාරුකමෙන් පෙළෙන පුද්ගලයින්ට වෙනත් නිදන්ගත රෝග සමඟ ජීවත් වන අය මෙන් සහයෝගය අවශ්‍ය වේ.” ඇය අවධාරණය කළා.

නමුත් රෝගීන්ට “අඩුවෙන් ආහාර ගන්න, වැඩිපුර ගමන් කරන්න” යනුවෙන් උපදෙස් දෙනවා වෙනුවට, මනෝ චිකිත්සාව, ඖෂධ සහ ආමාශයික බයිපාස් සැත්කම් වැනි බාර්ආට්‍රික් සැත්කම් (Bariatric surgery) සඳහා ආධාර සැපයීමට මාර්ගෝපදේශය මගින් වෛද්‍යවරුන් දිරිමත් කරන අතර සම්මත බර අඩු කර ගැනීමේ උපදෙස් සම්පූර්ණයෙන්ම ඉවත් නොකරයි.
“ශරීරයේ ප්‍රමාණය හෝ සංයුතිය නොසලකා සියලු පුද්ගලයින්ට සෞඛ්‍ය සම්පන්න, සමබර ආහාර රටාවක් අනුගමනය කිරීමෙන් හා නිතිපතා ශාරීරික ක්‍රියාකාරකම්වල යෙදීමෙන් ප්‍රයෝජන ලැබෙනු ඇත‘ එය වැඩි දුරටත් පවසයි.
කෙසේ වෙතත්, බර අඩු කර ගැනීම බොහෝ විට දුෂ්කර බව එහි සඳහන් වන්නේ තරබාරු පුද්ගලයින්ට නිතර නිතර ඇති වන දැඩි කුසගින්න (මෙය මොළය විසින් ඇතිකරන කෘත්‍රීම තත්ත්වයකි) මිනිසුන් වැඩිපුර ආහාර ගැනීමට උනන්දු කරවන බැවිනි.
බොහෝ අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ අඩු කැලරි ප්‍රමාණයක් සහිත ආහාර වේලක් ගන්නා අය බොහෝ විට වෙනත් ක්‍රම මගින් එය නැවත ලබා ගන්නා බවයි.
“ආහාර වැඩ කරන්නේ නැහැ” රමෝස්-සලාස් මහත්මිය පවසයි.
‘රෝගියෙකුගේ බර ගැන සාකච්ඡා කිරීමේදී ඔහු දෛනිකව ආහාරයට ගන්නා කැලරි ප්‍රමාණය අඩු කරන ලෙස පැවසීම වෙනුවට ඔවුන්ට වැදගත් වන සෞඛ්‍ය ඉලක්ක කෙරෙහි අවධානය යොමු කිරීමට වෛද්‍යවරුන් පියවර ගත යුතුය‘ යනුවෙන් රමෝස්-සලාස් මහත්මිය වැඩි දුරටත් සදහන් කරයි.
2020 අගෝස්තු 04 වැනි දින බී.බී.සී වාර්තාවක් ඇසුරිණි – සකස් කළේ – තීක්ෂණ වෙළෙන්එගොඩ
-

‘ස්ත්‍රී කොන්ඩම්’ ගැන ඔබ දැනගත යුතු වැදගත්ම කරුණු මෙන්න !
ශ්‍රී ලංකාවේ සිදුවන ගැබ් ගැනීම්වලින් 3/1ක් අනවශ්‍ය, නැතහොත් සැලසුම් රහිත ගැබ් ගැනීම් බව සොයා ගෙන තිබෙනවා. ඊට ප්‍රධාන හේතුව ලෙස සැලකෙන්නේ ‘පවුල් සැලසුම් ක්‍රම‘ කෙරෙහි අවධානය යොමු නොකිරීම හා විධිමත් පවුල් සැලසුම් ක්‍රම අනුගමනය නොකිරීම බවයි වෛද්‍යවරු පවසන්නේ.

අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වා ගත හැකි ක්‍රම කිහිපයක් ගැන ඔබ ඔබට මීට පෙර ලිපි මගින් කරුණු ඉදිරිපත් කළා. මෙහිදී අප ඔබගේ අවධානය යොමු කරන්නේ තවත් සාර්ථක පවුල් සැලසුම් ක්‍රමයක් වන ‘ස්ත්‍රී කොන්ඩම්‘ පිළිබදවයි.
ස්ත්‍රී කොන්ඩමයක් යනු කුමක් ද?
කොන්ඩමයක් යනු රබර් හෝ ලේටෙක්ස් වලින් සාදන ලද කොපුවකි.
මෙය ක්‍රියා කරන්නේ කෙසේ ද?
මෙය ශුක්‍රාණු (පුරුෂ ධාතු)ස්ත්‍රියගේ යෝනි මාර්ගයට ඇතුල්වීම වලක්වන බාධකයක් ලෙස ක්‍රියා කරයි.මෙහි ඇති ප්‍රයෝජන මොනවා ද?
ඒඩ්ස් වැනි ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගවලින් ආරක්ෂාව සලසයි.
පසු කාලීනව ඔබගේ සරු බවට කිසිදු බලපෑමක් ඇති නොකරයි.
භාවිත කරන අන්දම
ස්ත්‍රී කොන්ඩමය දෙපස නැවෙන සුලු වළලු 2ක් පවතී.
කුඩා වලල්ල -මෙය ෙකාන්ඩමයේ වැසුනු අන්තයේ පවතී.යෝනි මාර්ගයට ඇතුල් කරන කොටසේ කෙලවරෙහි පිහිටන මෙය ගැබ්ගෙල වටා රැදි සිටියි.
විශාල වලල්ල -මෙය යෝනි මාර්ගයෙන් පිටත රැදි සිටියි.සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ
-

ලෙබනන්හි බේරූට් වරාය සුනේ සුන් කළ මහා පිපුරුම – ත්‍රස්ත ප්‍රහාරයක් ද ? අතපසුවීමක් ද ?
දැන් වරායේ ගබඩා කර තිබූ ධාන්‍ය සියල්ලම විනාශ වී ඇත. ඇත්ත වශයෙන්ම, ‘බේරූට් වරාය තවදුරටත් නැත” යැයි එක් නිලධාරියෙක් පැවසීය. කම්පනය පහව ගිය පසු පවා එහි බලපෑම තේරුම් ගැනීමට අපහසු වනු ඇත.

ලෙබනන්හි බේරූට් අගනුවර වරාය පරිශ්‍රයේ ගබඩාවක සිදු වූ දැවැන්ත පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් 78 දෙනෙකු මිය ගොස් තවත් 4,000 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බව බී.බී.සීය වාර්තා කරයි.
මෙම පිපිරීමෙන් දැවැන්ත ගිනි ජාලා අහස දෙසට විසිරී ගිය අතර මුළු නගරයම දැඩි කම්පනයට ලක්විය.
පිපිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ ලෙබනන් ජනාධිපති මයිකල් අවුන් පැවසුවේ වසර හයක් තිස්සේ ඇමෝනියම් නයිට්රේට් ටොන් 2,750ක් අනාරක්ෂිත ලෙස ගබඩාවක ගබඩා කර ඇති බවයි.
ජනපති අවුන් හදිසි කැබිනට් රැස්වීමක් පැවැත්වීමට පියවර ගෙන ඇති අතර රට තුළ සති දෙකක හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව බදාදා සිට දින තුනක් නිල වශයෙන් ශෝක කාලයක් ක්‍රියාත්මක වනු ඇත.
පිපිරීමෙන් විපතට පත්වූවන් වෙනුවෙන් ලීරා බිලියන 100ක් හෙවත් ඩොලර් මිලියන 50.5ක හදිසි අරමුදල් රජය විසින් නිදහස් කරන බව ද ජනාධිපති අවුන් නිවේදනය කළේය.
“අපි මේ දකිමින් සිටින්නේ අති විශාල ව්‍යසනයක්” යැයි ලෙබනනයේ රතු කුරුස සංවිධානයේ ප්‍රධානී ජෝර්ජ් කෙටානි ප්‍රාදේශීය මාධ්‍ය වෙත පැවසීය. “සෑම තැනකම වින්දිතයින් හා තුවාලකරුවන් සිටිනවා”
ගලවා ගැනීමේ සේවකයින් සුන්බුන් අතර දිගින් දිගටම සෝදිසි කරමින් සිටින අතර මරණ සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ලෙබනන් බලධාරීන් කියා සිටියේ පිපිරීමට හේතුව කුමක්දැයි සොයා බැලීමට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි. ලෙබනනයේ ශ්‍රේෂ්ඨ ආරක්ෂක කවුන්සිලය කියා සිටියේ වගකිවයුත්තන්ට හැකි උපරිම දඩුවමට මුහුණ දීමට සිදුවන බවයි.
2013දී නෞකාවකින් ඇමෝනියම් නයිට්රේට් රැගෙන විත් ඇති අතර ඒවා වරායේ ගබඩාවක ගබඩා කර තිබී ඇත. ඒවා අනාරක්ෂිතව තිබූ බව බලධාරීන් පසුව පිළිගෙන ඇත.
මෙම පිපිරීම ලෙබනනයට ඉතා සංවේදී කාලයකදී සිදුවී ඇති අතර, ආර්ථික අර්බුදයක් සමඟ රට කොරොන වයිරස් අර්බුදය සමඟ පොරබදමින් සිටී. මේ අතර 2005 දී හිටපු අගමැති රෆික් හරිරි ඝාතනය සම්බන්ධයෙන් වූ නඩු විභාගයක ලබන සිකුරාදා ප්‍රකාශයට පත් කිරීමට ද නියමිතව තිබේ. මේ සියලු තත්ත්වයන් තුළ ලෙබනයේ ආර්ථි, දේශපාලන හා ආරක්ෂක තත්ත්වය දැඩි ආතතියකට ලක්ව ඇත. පිපිරීම සමග එය තව දුරටත් තීව්‍රර වන බව පැහැදිලිය.
සිදුවුයේ කුමක් ද?
මෙම පිපිරීම අඟහරුවාදා (04) 18:00 (GMT 15:00) ට පසුව සිදුවිය. එම ස්ථානයේ සිටි බීබීසී මාධ්‍යවේදියෙකු වාර්තා කළේ මළ සිරුරු සහ දැඩි හානි, බේරූට් වරාය ක්‍රියා විරහිත කිරීමට ප්‍රමාණවත් බවයි.
සුන්බුන් යට සිරවී සිටින පුද්ගලයින් ප්‍රාදේශීය මාධ්‍යවලින් පෙන්නුම් කෙරිණි. සිද්ධිය ඇසුන් දුටු පුද්ගලයෙක් ‘පිපිරීම බිහිරි කිරීමක්‘ ලෙස විස්තර කළ අතර වීඩියෝ දර්ශන මගින් සුන්බුන් සහිත කාර් සහ හානිවූ ගොඩනැගිලි පෙන්වන ලදී.

පිපිරීමෙන් සැතපුම් ගණනක් ඈතින් පිහිටි හෝටලයක ජනේල පුපුරා ගියේය “මෙහි ඇති සියලුම ගොඩනැගිලි කඩා වැටිලා. සෑම තැනකම වීදුරු සහ සුන්බුන් විසිරිලා. විදුලිය ඇනහිටිලා. සියල්ල අන්ධකාරයේ ගිලී ගිහින්. මම ඇවිදිමින් සිටිමි” යැයි වරාය අසල එක් පුද්ගලයෙක් ඒඑෆ්පී ප්‍රවෘත්ති ඒජන්සියට පැවසීය.
තුවාලකරුවන්ගෙන් රෝහල් පිරී ඇති අතර ඒවා තුළ දැඩි තදබදයක් පවතී. මරණ සංඛ්‍යාව තව දුරටත් ඉහළ යාමට එය හේතු වී ඇත.
නැගෙනහිර මධ්‍යධරණි මුහුදේ සයිප්‍රස් දූපතේ සිට කිලෝමීටර් 240 ක් (සැතපුම් 150 ක්) ඈතින් මෙම පිපිරීම දැනී ඇති අතර, එය භූමිකම්පාවක් යැයි සිතූ අය එහි සිටියහ.

‘මෙය සිදුවීමට වඩා නරක කාලයක් ගැන සිතීම දුෂ්කර ය’ – රමි රුහයිම්, බීබීසී ප්‍රවෘත්ති, බේරූට්
සයිරන් හඩ දසතින් ඇසේ. ගිලන්රථ විශාල සංඛ්‍යාවක් වරාය දෙසට ගමන් කරමින් තිබේ. ඒ සමග විශාල වාහන තදබදයක් ඇති වී ඇත. ට්‍රැක්ටර් මගින් සුන්බුන් ඉවත් කරද්දී උතුරේ සිට බේරූට් දක්වා දිවෙන අධිවේගී මාර්ගය වීදුරු කැබලි වලින් වැසී ඇත.
බීරුට් මේ පසුකරමින් සිටින්නේ කිසිසේත් යහපත් කාලයක් නොවේ. සියල්ල සිදුවන්නේ අයහපත් ලෙසය. කෝවිඩ් -19 ආසාදන වැඩිවීමත් සමඟ රෝහල්වල දැඩි තදබලයක් පවතී.ඒ සමග, දැන් දහස් ගණනක තුවාලකරුවන් ද භර ගැනීමට රෝහල්වලට සිදුවී තිබේ. මෙය කිසිසේත් දරාගත හැකි තත්ත්වක් නොවේ.
සිය ගණනක් දැන් අවතැන් වී ඇත. ඔවුන්ගේ නිවාස, ව්‍යාපාරික ස්ථාන සුන්බුන් බවට පත්ව ඇත. වාහන ගැන කතා කිරීමට තරම් දෙයක් නැත. සියල්ල සුන්බුන් බවට පත්ව ඇත. කිලෝමීටර් ගණනාවක් තුළ දැකගත හැක්කේ වීදුරු කැබිලි සහ සුන්බුන් පමණකි.
දීර්ඝ කාලීන ගැටුම් නිසා ලෙබනනයේ කෘෂි ආර්ථිකය සම්පූර්ණයෙන් බිද වැටීී ඇති නිසා ඔවුන් ආහාරවලින් වැඩි කොටස ආනයනය කරයි. ආහාර සදහා වන සුරක්ෂිතභාවය මෙහි දැඩි අභියෝගයකි. එහි ආර්ථිකය වසරකට ආසන්න කාලයක් තිස්සේ බිඳ වැටී ඇත.

‘ගොඩනැගිල්ල පුරාම වීදුරු පහළට යනවා’
හදී නස්රල්ලා, ඇසින් දුටු සාක්ෂිකරු බීබීසීයට කතා කළේය
‘‘මම ගින්න දුටුවෙමි, නමුත් පිපිරීමක් සිදුවන බව මම දැන සිටියේ නැත. අපි ඇතුළට ගියා. හදිසියේම මට ශ්‍රවණය අහිමි විය. තත්පර කිහිපයක් මට මගේ ශ්‍රවණය නැති විය, යමක් වැරදී ඇති බව මම දැන සිටියෙමි. එවිට හදිසියේම අප අවට ඇති කාර්, සාප්පු, වෙළඳසැල්, ගොඩනැගිලි සියල්ලම සුනුවිසුනු විය. ගොඩනැගිල්ල පුරාම වීදුරු පහළට යනවා දුටුවෙමි.
බේරූට් පුරා, කිලෝමීටර් ගණනක් ඈතින් විවිධ ප්‍රදේශවලින් මිනිසුන් එකිනෙකාට කතා කරමින් සිටි අතර ඔවුන් එකම දේ අත්විඳිමින් සිටියහ: කැඩුණු වීදුරු, ගොඩනැගිලි සෙලවීම, මහා පිපිරීමක්.
සාමාන්‍යයෙන් මෙවැනි පිපිරීමකදී කම්පනයට, දැඩි හානියට ලක්වන්නේ අදාළ ප්‍ර දේශය පමණකි. නමුත් මෙවර බේරූට් වලින් පිටත ප්‍රදේශ පවා දැඩිසේ කම්පනයට පත්විය.

සුන්නිවා රෝස්, මාධ්‍යවේදී
“සවස් වන විට බේරූට් වෙත රිය පැදවීම අසීරු නොවි. එය අවුල් සහගතය. වීදි වීදුරුවලින් වැසී තිබුණි. ගිලන්රථවලට ඒ හරහා යෑම දුෂ්කර ය. නිවාස කඩා වැටී ඇත.
“මම වරායට යන විට එය හමුදාව විසින් වසා දමා තිබුණි. ඒ දෙවන පිපිරීමක් සිදුවුවහොත් එය වළක්වා ගැනීම සදහා යැයි මා විමසූ විට හමුදාව පැවසීය.
“සවස් වන තුරුම අහස දෙසට දුමාර පිටවිය. මුළු නගරයම කළු විය. එහි ඇවිදීමට ඉතා අපහසු විය, මිනිසුන් රුධිරයෙන් වැසී තිබුණි. 86 හැවිරිදි කාන්තාවකට වෛද්‍යවරයකු විසින් ප්‍රතිකාර කරනු මම දුටුවෙමි. ඔහු තම ප්‍රථමාධාර කට්ටලයක් සමඟ තම නිවසින් පිටව ගොස් ඇත. කාර් මුළුමනින්ම කුඩුපට්ටම් වී ඇත.
‘‘ මගේ මහල් නිවාසයේ ද විශාල කැළඹීමකි. එහි වීදුරු සියල්ලම සුනුවිසුනු වී ඇත. හානියේ තරම අන්තය. කිලෝමීටර් 2 ක් ඈතින් පිහිටි වෙළඳ සංකීර්ණයක පවා වීදුරු සම්පූර්ණයෙන්ම සුනුවිසුනු වී ඇත”

ඇමෝනියම් නයිට්රේට් යනු කුමක්ද?
ඇමෝනියම් නයිට්රේට (ammonium nitrate) මගින් ඉටුකර ගත හැකි විවිධ භාවිතයන් ගණනාවක් ඇත. නමුත් ඒවා වඩාත් සුලභ ලෙස භාවිත වන්නේ කෘෂිකාර්මික පොහොර ලෙස සහ පුපුරන ද්‍රව්‍ය ලෙස ය.
ගින්න සමඟ ස්පර්ශ වන විට එය අධික ලෙස පුපුරන සුලු ය. එය පුපුරා ගිය විට ඇමෝනියම් නයිට්රේට, නයිට්‍රජන් ඔක්සයිඩ් සහ ඇමෝනියා වායුව ඇතුළු විෂ වායූන් මුදා හැරිය හැකිය.

ඇමෝනියම් නයිට්රේට් පිපිරීමක් මගින් විෂ වායූන් මුදා හැරිය හැක එය ක්ෂණික ගිනි අවුලුවන නිසා ඇමෝනියම් නයිට්රේට් ආරක්ෂිතව ගබඩා කරන්නේ කෙසේද යන්න පිළිබඳ දැඩි නීති රීති ඇත. එම අවශ්‍යතා අතර ගබඩා භූමිය මුළුමනින්ම ගිනි නිවාරණය කළ යුතු අතර ඇමෝනියම් නයිට්රේට් කාන්දු විය හැකි කාණු, පයිප්ප හෝ වෙනත් නාලිකා තිබිය නොහැක.
ලෙබනනයේ තත්වය කුමක්ද?
1975-1990 සිවිල් යුද්ධයෙන් පසු දරුණුතම ආර්ථික අර්බුදයක ලෙබනන් ගිලී සිටින අතර අඛණ්ඩව දේශපාලන උද්ඝෝෂණ හා වීදි සටන් සිදුවේ. රට අරාජිකත්වය කරා ළගාවෙමින් තිබේ.
වසර ගණනාවක් තිස්සේ දේශපාලනයේ ආධිපත්‍යය දැරූ සහ තමන්ගේම ධනය රැස් කරගත් පාලක ප්‍රභූ කල්ලිය රටේ ගැටලු විසඳීමට අවශ්‍ය පුළුල් ප්‍රතිසංස්කරණ සිදු කිරීමට අපොහොසත් වී ඇත. ජනතාවට දෛනික විදුලි කප්පාදුව, ආරක්ෂිත පානීය ජලය නොමැතිකම සහ සීමිත මහජන සෞඛ්‍ය සේවා සම්බන්ධයෙන් අඛණ්ඩ ගැටලුවලට මුහුණ දී සිටී.

පිපිරීමෙන් වරාය බොහෝ දුරට විනාශ වී ඇත ඊස්රායලයේ දේශ සීමාව තුළ ද ආතතියක් ඇති වී ඇති අතර, පසුගිය සතියේ කියා සිටියේ හිස්බුල්ලා සටන්කාමීන් ඊශ්‍රායල භූමිය තුළට රිංගා ගැනීමට දැරූ උත්සාහය ව්‍යර්ථ කළ බවයි. එහෙත් ඊශ්‍රායලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු බීබීසීයට පවසා ඇත්තේ බේරූට් පිපිරුමට “ඊශ්‍රායලයට කිසිදු සම්බන්ධයක් නැති” බවයි.
හිටපු අගමැති හරීරි ඝාතනය කළ දැවැන්ත මෝටර් රථ බෝම්බ ප්‍රහාරය සිදුවූ ස්ථානයට ආසන්නව මෙම පිපිරීම සිදුවිය. අඟහරුවාදා පිපිරීම සිදුවූයේ නෙදර්ලන්තයේ විශේෂ උසාවියක දීර්ඝ කාලයක් තිස්සේ බලා සිටි නඩු තීන්දුවට දින කිහිපයකට පෙරය.
බී.බී.සී. වාර්තාවක් ඇසුරිණි – සකස් කළේ – තීක්ෂණ වෙළෙන්එගොඩ
-

නව පාර්ලිමේන්තුව අගෝස්තු 20 වැනිදා රැස් වෙයි
අගෝස්තු 05 බදාදා මහ මැතිවරණයෙන් පසු අභිනව පාර්ලිමේන්තුව 2020 අගෝස්තු 20 වැනිදා කැඳවනු ලැබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ පාර්ලිමේන්තු මැතිවරණ පනතින් පැවරී ඇති බලතල ප්‍රකාර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් මේ තීරණය ගෙන තිබේ. ඒ බව සඳහන් අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ මධ්‍යම රාත්‍රී ප්‍රකාශයට පත් කෙරිණ.
-

Covid අවධානමක් නෑ- බය නැතුව ඡන්ද මධ්‍යස්ථානයට එන්න – මැකෝ
කිසිදු ඡන්ද මධ්‍යස්ථානයක කොවිඩ්-19 අවධානමක් නොමැති බවත්, මහ නගර සභා නගර සභා හා ප‍්‍රාදේශීය සභාවල සහාය ලබාගෙන සෞඛ්‍ය නිලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ අද (03) සහ හෙට (04) යන දිනයන්හිදී සියලුම ඡන්ද මධ්‍යස්ථාන විෂබීජහරණය කිරීමට පියවර ගන්නා බවත් මැතිවරණ කොමිෂම පවසනවා.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මැතිවරණ කොමිෂමේ සභාපතිවරයාට දැනුම් දී ඇති ආකාරයට ඡන්ද මධ්‍යස්ථාන පැවැත්වෙන ගොඩනැඟිලි ලෝහ පෘෂ්ඨ 70% ක් මද්‍යසාර අඩංගු ද්‍රාවණයකින් විෂබීජහරණය කළ යුතු අතර ලෝහ නොවන පෘෂ්ඨ සියයට 0.1 සෝඩියම් හයිපොක්ලෝරයිඞ් යොදා විෂබීජහරණය කෙරෙන අතර ඡන්ද මධ්‍යස්ථාන පැවැත්වෙන ගොඩනැඟිලි ඇතුළත හා පිටත සියලු බිත්තිවලට බිම් මට්ටමේ සිට අඩි 6 දක්වා උසට විෂබීජහරණය කිරීමට ද නියමිතව තිබෙන අතර ඡන්දය දැමීමට පැමිණෙන ඡන්දදායකයන් සබන් යොදා දෑත් සේදීම කළ යුතු අතර එසේ නැතිනම් විෂබීජහරණය කළ යුතු බව ද නියම කර තිබෙනවා.
ඡන්ද මධ්‍යස්ථාන සඳහා ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරුන්ගේ හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය නිලධාරීන් යෙදවීමටද සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සදහන් වෙනවා.
මේ අතර මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා අද (03) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ඡන්ද මධ්‍යස්ථාන තුළ කිසිදු කොරෝනා අවදානමක් නොමැති බවත් කිසිදු බියකින් තොරව සිය ඡන්දය භාවිත කරන ලෙස තමා ජනතාවගෙන් ඉල්ලා සිටින බවත්ය.
මෙහිදී ඡන්ද දායකයින්ගෙන් විශේෂ ඉල්ලීමක් කළ සභාපතිවරයා ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණීමේදී සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුගමන කරන ලෙස ද ඉල්ලා සිටියේය.
-

ලොව පුරා කොරෝනා උණුසුම් පුවත් විමසුම – WHO වෙතින් යළි අනතුරු ඇඟයීමක්
Covid-19 හදුනා ගැනීමට මිනිත්තු 90කින් පුළුවන් – පරීක්ෂණ ලබන සතියේ එංගලන්තයේදී
සාරාංශය
- මිනිත්තු 90 කින් ප්‍රතිඵල ලබා දිය හැකි කොවිඩ් -19 සහ උණ සඳහා නව පරීක්ෂණ ලබන සතියේ එක්සත් රාජධානියේදී සිදු කිරීමට නියමිතය
- එන්නතක් ලබා ගැනීමේ බලාපොරොත්තුව ශක්තිමත් වුවත්, කොවිඩ්-19 වෛරසය සඳහා කිසි විටෙකත් “රිදී උණ්ඩයක් silver bullet” සොයා ගත නොහැකි වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි
- වසංගතය “දිගු (lengthy) විය හැකි බව එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය ඒජන්සිය පවසයි
- ඕස්ට්‍රේලියානු වික්ටෝරියා ප්‍රාන්තයේ ආසාදන ඉහළ යමින් පවතී – බොහෝ ව්‍යාපාර නව අගුලු දැමීම යටතේ වසා දැමිය යුතුය
- එක්සත් රාජධානියේ සමාගමක් වන හේස් ට්‍රැවල් Hays Travel පවසා ඇත්තේ වසංගතය හේතුවෙන් සේවකයින් 4,500 න් 878 ක් දක්වා රැකියා අහිමිවිය හැකි බවයි
- “ඊට් අවුට් ටු හෙල්ප් අවුට් – Eat Out to Help Out” යෝජනා ක්‍රමය දියත් කරන විට එක්සත් රාජධානියේ අවන්හල්වල රාත්‍රී භෝජන 50% ක වට්ටමක් ලබා ගනී
- උතුරු එංගලන්තයේ මැන්චෙස්ටර්, ආසාදන අනුපාතය ඉහළ යාමෙන් පසු ප්‍රධාන සිදුවීමක් ප්‍රකාශ කරයි
- ගෝලීය වශයෙන්, ආසාදන මිලියන 18 කට වැඩි ප්‍රමාණයක් සහ මරණ 689,000 ක් වාර්තා වී ඇත – ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය

එක්සත් රාජධානියේ පොදු ප්‍රවාහන සේවාවල දී මුහුණු ආවරණ ගැටලුවක්
බ්‍රිතාන්‍යයේ පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන පුද්ගලයින් 10 දෙනෙකුගෙන් එක් අයෙකු අනිවාර්යයෙන්ම මුහුණු ආවරණ පැළඳ නොසිටින බව එක්සත් රාජධානියේ ප්‍රවාහන ලේකම් පවසයි.
ප්‍රවාහන ලේකම් ග්‍රාන්ට් ෂැප්ස් ට්වීට් කළේ කොරෝන වෛරස් වසංගතය අතරතුර “එකිනෙකා ආරක්ෂාකාරීව තබා ගැනීමට උදව් කළ යුතු බවයි.
වෛරසය පැතිරීම මන්දගාමී කිරීම සඳහා ජුනි 15 වන දින එංගලන්තයේ පොදු ප්‍රවාහනය සඳහා මුහුණු ආවරණ අනිවාර්ය විය. දින හතකට පසු ස්කොට්ලන්තය ද එම නීතිය අනුගමනය කළ අතර උතුරු අයර්ලන්තය සහ වේල්සය පිළිවෙලින් ජූලි 16 සහ 27 යන දිනවල නීතිය හඳුන්වා දුන්නේය.
පොදු ප්‍රවාහන සේවාවලදී මුහුණු ආවරණ නොපළදින පුද්ගලයින්ට ඩොලර් 100ක දඩයක් නියම කර ඇත.
මේ අතර පොදු ප්‍රවාහන සේවා වලදී මුහුණු ආවරණ නොපැළදීම සම්බන්ධයෙන්
- මගීන් 285 දෙනෙකුට අනුකූල නොවීම සම්බන්ධයෙන් දඩ නිවේදන නිකුත් කර ඇත
- 6,275 ක් ප්‍රවාහන ජාලයෙන් ඉවත් වන ලෙස ඉල්ලා ඇත
- 80,294 කට නීති රීති මතක් කර ඇත
එක්සත් රාජධානියේ නීතිය අනුව මුහුණු ආවරණ ස්කාෆ්, රෙදි කැබැල්ලක් හෝ මුහුණු ආවරණයක් විය හැකිය.

වසංගතය ආරම්භයේදීම සත්කාර අංශය ආරක්ෂා නොවූ බව අහමඩ් මහත්මිය පැවසුවාය මිනිත්තු 90 ක නව පරීක්ෂණය ‘ඩිමෙන්ශියාවෙන් පෙළෙන නිවැසියන්ට පහසු වනු ඇත’
අද එක්සත් රාජධානියේ ප්‍රධාන ප්‍රවෘත්ති වලින් එකක් වන්නේ ලබන සතියේ රෝහල්වල සහ රැකවරණ නිවාසවල නව ආකාරයේ කොරෝනා වයිරස් පරීක්ෂණයක් සිදු කිරීමට ය. නව පරීක්ෂණය ප්‍රතිඵල ලබා ගැනීමට මිනිත්තු 90 ක් ගතවේ. එය වර්තමාන පරීක්ෂණවලට වඩා වේගවත්ය.
රැකවරණ නිවාස ක්‍රියාකරුවන් නියෝජනය කරන ජාතික සත්කාර සංගමයේ සභාපති නද්‍රා අහමඩ් පවසා ඇත්තේ මෙම පරීක්ෂණ “න්‍යායේ විශිෂ්ටයි” සහ “බොහෝ විට අපගේ සියලු යාඥාවලට පිළිතුර” බවයි.
එහෙත් ඇය “පරිස්සමින් සුභවාදී” වූවා පමණක් නොව, ඇය පැවසූ දෙයින් පසුව මෙම රජයෙන් ලැබුණු “බිඳුණු පොරොන්දු මාලාවක්” විය. වසංගතය තුළ රැකවරණ නිවාසවල අර්බුදය විශේෂයෙන් උග්‍ර වී තිබේ.
පුපුරා යාමේ ආරම්භයේ සිට එංගලන්තයේ සහ වේල්සයේ රැකවරණ නිවාසවල කොරෝන වෛරස් රෝගයෙන් 20,000කට ආසන්න පිරිසක් මියගොස් ඇති බව සනාථ වේ.
රැකවරණ නිවාස පදිංචිකරුවන් සහ කාර්ය මණ්ඩලය නිරන්තරයෙන් පරීක්ෂා කිරීම ජූලි 6 වන දින ආරම්භ කිරීමට අදහස් කළ නමුත් දැන් එය පසුපසට තල්ලු කර ඇත.
“පරීක්ෂාව සමඟ, එය ආරම්භයේදීම තිබුණේ නම්, අපට හැකි ප්‍රමාණයට වඩා ජීවිත බේරා ගැනීමට අපට හැකිවනු ඇත,” අහමඩ් මහත්මිය පැවසුවාය.
ඇය කියා සිටියේ මිනිත්තු 90 ක පරීක්ෂණය (වර්තමාන ස්පුබ් පරීක්ෂණවලට වඩා) වඩාත් පහසු වනු ඇති බවයි.
“ඩිමෙන්ශියාවෙන් පෙළෙන රෝගීන් සහ ඇඳේ සිටින පුද්ගලයින් සමඟ භාවිතා කිරීම අපට පහසු වනු ඇත,” ඇය පැවසුවාය.
“මම ඇත්තටම මේ ගැන සුභවාදී වෙනවා. මට නැවත අවශ්‍ය වන්නේ රජය නැවත කලකිරීමට පත් නොවීමටයි.” ඇය පැවසුවාය.
සිම්බාබ්වේ හි ‘රෝහල් රථගාලේ මිය යන රෝගීන්’

වසංගතය ආරම්භ වීමට පෙර සිටම සිම්බාබ්වේ සෞඛ්‍ය සේවකයින් වැඩ වර්ජනයක යෙදී සිටිය අප මුලින් සඳහන් කළ පරිදි සිම්බාබ්වේ සෞඛ්‍ය සේවකයින්ගේ හිඟයක් සමඟ පොරබදමින් සිටී. වසංගතය ආරම්භ වීමට පෙර සිටම වෛද්‍ය කාර්ය මණ්ඩල ගණනාවක් ඔවුන්ගේ වැටුප් සම්බන්ධයෙන් වැඩ වර්ජනයක යෙදී සිටිති.
හිඟය ඇති වන්නේ කොවිඩ් -19 ආසාදන සංඛ්‍යාව ඉහළ යාමට පටන් ගැනීමත් සමඟ ය. සිම්බාබ්වේ හි තහවුරු වූ රෝගීන් 4,000 කට ආසන්න සංඛ්‍යාවක් සහ මරණ 70 ක් වාර්තා වී තිබේ. කෙසේ වෙතත් වෛද්‍යවරු පවසන්නේ එම සංඛ්‍යාව ඊට වඩා වැඩි බවයි.
සිම්බාබ්වේ අගනුවර හරාරේ රජයේ රෝහලක වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය රෂීඩා ෆෙරන්ඩ් බීබීසීයේ නිව්ස්ඩේ වැඩසටහනට මෙසේ පැවසීය:
“අපට ධාරිතාව තිබියදීත්, අපි දැනට ස්වේච්ඡා වෛද්‍යවරුන් දෙදෙනෙකු සහ හෙදියන් කුඩා කණ්ඩායමක් මත රඳා සිටිමු.”
කාර්ය මණ්ඩල හිඟය හේතුවෙන් ඔවුන්ට උපරිම වශයෙන් රෝගීන් 30 ක් පමණක් ගත හැකි බව ඇය පැවසුවාය.
“අපට තිබෙන්නේ ඇදන් 30ක් පමණයි. එම සීමාව ඉක්මවා ගිය වහාම රෝගීන් භාර ගැනීමට නොහැකි වෙනවා. ඔවුන් රෝහල් රථ ගාලේ අවාසනාවන්ත ලෙස මිය යනවා‘ ඇය පැවසුවාය.
බී.බී.සී වාර්තා ඇසුරිණි – සකස් කළේ – තීක්ෂණ වෙළෙන්එගොඩ
-

මිහිපිට අපාය දැක්ක කතුන් තිදෙනෙක් කියන බිහිසුණු කතා තුනක් !
හිරෝෂීමා සහ නාගසාකි පරමාණු බෝම්බ ප්‍රහාරවල 75 වැනි සැමරුම නිමිත්තෙනි

මානව ඉතිහාසයේ සිදු වූ බිහිසුණුම ඛේදවාචකයේ 75 වන සැමරුම තවත් දින කිහිපයකින්, එනම් අගෝස්තු 6 සහ 9 යන දෙදින සැමරීමට නියමිතව තිබෙනවා. ඒ ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ජපානයේ හිරෝෂීමා සහ නාගසාකි වෙත පරමාණු බෝම්බ හෙළීමේ සංවත්සරයයි.
වාර්තාවලට අනුව පරමාණු බෝම්බ ප්‍රහාරයෙන් එවකට හිරෝෂිමා හි ජීවත් වූ 350,000 ජනගහනයෙන් 140,000ක් පමණ මියගිය බවත් නාගසාකි නුවරට එල්ල වූ පරමාණු බෝම්බ ප්‍රහාරයෙන් අවම වශයෙන් 74,000 දෙනකු මියගිය බවත් විශ්වාස කරනවා.
මෙම පරමාණු බෝම්බ ප්‍රහාරවලින් පසුව ජපන් හමුදා විසින් ආසියානු කලාපයේ කරගෙන ගිය ආක්‍රමණය හදිසියේම අවසන් වූ අතර ජපානය 1945 අගෝස්තු 14 වන දින මිත්‍ර පාක්ෂිකයන්ට කොන්දේසි විරහිතව යටත් විය. එහෙත් විචාරකයින් පවසන්නේ ජපානය ඒ වන විටත් යටත් වීමේ අද්දර සිටි බවයි.
පරමාණු බෝම්බ පිපිරීමෙන් දිවි ගලවා ගත් අය ‘හිබාකුෂා – Hibakusha‘ ලෙස හැඳින්වේ. විකිරණ විෂවීම සහ මානසික කම්පනය ඇතුළු දිවි ගලවා ගත් අය බිහිසුණු ප්‍රතිවිපාකවලට මුහුණ දුන්හ.
බ්‍රිතාන්‍ය ජාතික ඡායාරූප මාධ්‍යවේදියෙකු වන ලී කැරන් ස්ටෝ (Lee Karen Stow) ඉතිහාසයේ කැපී පෙනෙන සිදුවීම් දැක ඇති කාන්තාවන්ගේ කථා පැවසීමට විශේෂඥයෙකි. මීට වසර 75 කට පෙර බෝම්බ පිපිරීම් පිළිබඳ මතකයන් ඇති කාන්තාවන් තිදෙනෙකු ස්ටෝ ඡායාරූප ගත කළ අතර ඔවුන් සමග සම්මුඛ සාකච්ඡා කළේය.

පරමාණු ප්‍රහාරය සදහා යොදා ගත් ගුවන් යානය සහ ගුවන් නියමුවා මෙම ලිපියේ සමහර පුද්ගලයින් කලබලයට පත්විය හැකි තොරතුරු අඩංගු වේ.
ටෙරුකෝ යුනෝ Teruko Ueno
1945 අගෝස්තු 6 වන දින හිරෝෂිමාවට එල්ල වූ පරමාණු බෝම්බයෙන් දිවි ගලවා ගන්නා විට ටෙරුකෝගේ වයස අවුරුදු 15කි.

ටෙරුකෝ යුනෝ පරමාණු බෝම්බ ප්‍රහාරයෙන් කෙටි කාලයකට පෙර හිරෝෂීමා රතු කුරුස රෝහලේ හෙදියක ලෙස සේවය කරමින් සිටියදී ගත් ඡායාරූපය (වමේ) සහ 2015දී ඇයගේ ඡායාරූපයක් බෝම්බ ප්‍රහාරය සිදුවන අවස්ථාවේ ටෙරුකෝ හිරෝෂිමා රතු කුරුස රෝහලේ හෙද පාසලේ දෙවන වසරේ ඉගෙනුම ලැබුවාය. බෝම්බ ප්‍රහාරයෙන් පසු රෝහලේ සිසුන්ගේ නේවාසිකාගාරයේ ගින්නක් ඇතිවිය. ගින්න මැඩපැවැත්වීමට ටෙරුකෝ උදව් කළ නමුත් ඇගේ සෙසු සිසුන් බොහෝ දෙනෙක් ගින්නෙන් මිය ගියහ.
බෝම්බයෙන් සතියක් ඉක්මව ගිය පසු ඇගේ එකම මතකයන් වන්නේ දරුණු තුවාල සහිතව රෝහලට රැගෙන ආ රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා දිවා රෑ නොබලා වැඩ කිරීමයි. ඇයට සහ අනෙක් අයට ආහාර සහ ජලය නොමැතිව සේවය කිරීමට සිදුවිය.
උපාධිය ලැබීමෙන් පසුව, ටෙරුකෝ දිගටම රෝහලේ සේවය කළ අතර එහිදී සමේ බද්ධ කිරීම් සම්බන්ධ සැත්කම් සඳහා ඇය සහාය විය.
පසුව ඇය පරමාණු බෝම්බයෙන් දිවි ගලවා ගත් ටැට්සුයුකි සමඟ විවාහ වූවාය.
ටෙරුකෝ ඔවුන්ගේ පළමු දරුවා ගැබ් ගත් විට, දරුවා නිරෝගීව උපත ලබයිද දරුවාට සජීවී උපතක් ලබාදිය හැකිද යන්න ගැන දැඩිව කණස්සල්ලට පත්ව සිටියාය.

ටෙරුකෝගේ දියණිය ටොමෝකෝට හිරෝෂිමා රෝහලේ වෛද්‍ය පරීක්‍ෂණයක් අතරතුර ඇගේ දියණිය ටොමෝකෝ ඉපදී වැඩී, තම පවුල හදා වඩා ගැනීමට ටෙරුකෝට ධෛර්යය ලබා දුන්නාය.

ටොමෝකෝ ඇගේ මව ටෙරුකෝ (වමේ) සහ ඇගේ පියා ටැට්සුයුකි සමඟ “මම නිරයට ගොස් නැහැ. එබැවින් එය කුමක් දැයි මම දන්නේ නැහැ. නමුත් නිරය බොහෝ විට අප පසු කළ දේට (පරමාණු බෝම්බ ප්‍රහාරයට) සමානයි කියලා මට හිතෙනවා. එය නැවත කිසි දිනෙක සිදුවීමට ඉඩ නොදිය යුතුයි” යනුවෙන් ටෙරුකෝ පවසයි.
න්‍යෂ්ටික අවි අහෝසි කිරීම සඳහා දැඩි උත්සාහයක් ගන්නා පුද්ගලයින් සිටිති. පළමු පියවර වන්නේ පළාත් පාලන නායකයින් ඒ සඳහා පියවර ගැනීමයි.
“එහෙනම් අපි ජාතික ආණ්ඩුවේ නායකයින්ට සහ මුළු ලෝකයටම යා යුතුයි.”

ටෙරුකෝ (ඉහළ වමේ) 2015 දී ඇගේ දියණිය ටොමෝකෝ (ඉදිරිපස) සහ ඇගේ මිණිබිරිය කුනිකෝ (දකුණ) සමග “පරමාණු බෝම්බ ප්‍රහාරයෙන් පසුව මෙහි තණකොළ හෝ ගස් වැඩෙන්නේ නැතැයි ජනතාව කී නමුත් හිරෝෂිමාවේ සතා සිවුපාවා සහ ගංගා සහිත සුන්දර නගරයක් ලෙස පුනර්ජීවනය වුණා” යනුවෙන් ටෙරුකෝගේ දියණිය ටොමෝකෝ පවසයි.
කෙසේ වෙතත් හිබාකුෂා විකිරණවලින් පසු බලපෑම් වලින් පීඩා විඳිති.
“හිරෝෂිමා සහ නාගසාකිගේ මතකයන් මිනිසුන්ගේ මනසින් මැකී යද්දී… අපි සිටින්නේ සන්ධිස්ථානයක යි.
“අනාගතය තිබෙන්නේ අපේ අතේයි. සාමය ඇති කළ හැක්කේ අපට හැගීමක් තිබේනම් පමණයි. ඒ සදහා අන් අය ගැන සිතීම, අපට කළ හැකි දේ සොයා ගැනීම, ක්‍රියාමාර්ග ගැනීම සහ සාමය ගොඩනැගීම සඳහා සෑම දිනකම වෙහෙස නොබලා උත්සාහ කිරීම කළ යුතුයි”
ටෙරුකෝගේ මිණිබිරිය වන කුනිකෝ තවදුරටත් මෙසේ පවසයි:
“මම යුද්ධය හෝ පරමාණු බෝම්බ හෙළීම අත්විඳ නැහැ. මම හිරෝෂිමා ගැන දන්නේ එය නැවත ගොඩනඟා ගැනීමෙන් පසුවයි. මට සිතාගත හැක්කේ එය පමණයි. එබැවින් මම සෑම හිබාකුෂාවරයෙකු හෝ වරියකම පවසන දෙයටම සවන් දෙනවා. සාක්ෂි මත පදනම්ව පරමාණු බෝම්බ හෙලීමේ කරුණු මම අධ්‍යයනය කරනවා.

පරමාණු බෝම්බයෙන් පසුව හිරෝෂිමාව බෝම්බයෙන් පසුව ගළවා ගැනීමේ කටයුතු සදහා නගරයට ඇතුළු වූ අයගෙන් (ඔවුන්ගේ පවුලේ අය සහ මිතුරන් සොයා ගැනීමට පැමිණි අයගෙන්) බොහෝ දෙනෙක් මිය ගියහ. දිවි ගලවා ගත් අය රෝගාබාධවලින් පෙළෙති.
“මම හිරෝෂිමා සහ නාගසාකි හි හිබකූෂාවරුන් සමඟ පමණක් නොව යුරේනියම් පතල් කම්කරුවන්, එම පතල් අසල ජීවත් වන පුද්ගලයින්, න්‍යෂ්ටික අවි නිපදවීමට හා පරීක්ෂා කිරීමට සම්බන්ධ පුද්ගලයින් සමඟ සමීප සබඳතා පැවැත්වීමට උත්සාහ කර තිබෙනවා‘‘
එමිකෝ ඔකාඩා Emiko Okada

හිරෝෂිමාවට එල්ල වූ පරමාණු බෝම්බ ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් එමිකෝ ඔකාඩා, 2019 ජුනි මාසය වන විට ලෝකයේ න්‍යෂ්ටික අවි ගණන පෙන්වන රවුමක රූප සටහනක් පෙන්වන අයුරු හිරෝෂිමා වෙත පරමාණු බෝම්බය හෙළන විට එමිකෝගේ වයස අවුරුදු අටකි. ඇගේ වැඩිමහල් සොහොයුරිය වන මයිකෝ සහ තවත් ඥාතීන් සිවු දෙනෙක් ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්විය.
එමිකෝගේ සහ ඇගේ පවුලේ අයගේ ඡායාරූප ඇත්තේ කිහිපයකි. නමුත් ඇගේ ඥාතීන්ගේ නිවෙස්වල තබා තිබූ ඡායාරූප සුරක්ෂිතව ඇත.

එමිකෝ ඇගේ මව ෆුකු නකාසකෝගේ අතේ සිටින අතර ඇගේ සහෝදරිය මයිකෝ පසෙකින් සිටී. “මගේ සහෝදරිය එදා උදේ ගෙදර ගියා, ‘මම පසුව හමුවෙමු!’ යැයි අයට කීවා.
“නමුත් ඇය නැවත පැමිණියේ නැහැ. ඇය කුමක් වීදැයි කිසිවෙකු දන්නේ නැහැ. මගේ දෙමව්පියන් ඇය ගැන දැඩි ලෙස සොයා බැලුවා. ඔවුන් කිසි විටෙකත් ඇගේ සිරුර සොයාගත්තේ නැහැ. ඒ නිසා ඔවුන් දිගටම කියා සිටියේ ඇය තවමත් කොහේ හෝ ජීවතුන් අතර සිටිය යුතු බවයි.
‘ඒ වන විට මගේ අම්මා ගැබ්ගෙන තිබුණත් ඇය ගබ්සා වුණා. අපට කෑමට කිසිවක් තිබුණේ නැහැ. අපි විකිරණ ගැන දැන සිටියේ නැහැ. එබැවින් අපවිත්‍රද නැද්ද යන්න ගැන නොසිතා අපට සොයාගත හැකි ඕනෑම දෙයක් අපි ආහාරයට ගත්තා. කෑමට කිසිවක් නැති නිසා මිනිසුන් සොරකම් කළා. ආහාර විශාලතම ගැටළුව වුණා. ජලය අපට නොතිබූ තරම්. මිනිසුන්ට මුලින් ජීවත් වීමට සිදු වූයේ එලෙසයි. අප කිසිවෙකුට එම යුගය කිසිසේ අමතක නැහැ‘

සාම්ප්‍රදායික ඇඳුමින් සැරසුණු එමිකෝගේ සහෝදරිය මයිකෝ නකාසකෝ සාම්ප්‍රදායික ජපන් නර්තනය ඉදිරිපත් කරයි “දින කිහිපයකින් මගේ හිසකෙස් ගැලවී යන්නට පටන් ගත්තා. මගේ විදුරුමස්වලින් ලේ ගැලීමට පටන් ගත්තා. මම නිතරම වෙහෙසට පත්ව වුණා. විකිරණ යනු කුමක්දැයි එකල කිසිවෙකුට අවබෝධයක් තිබුණේ නැහැ. තවත් අවුරුදු දොළහකට පසුව මට ඇප්ලාස්ටික් රක්තහීනතාවය ඇති බව හඳුනා ගත්තා.
“සෑම වසරකම හිරු බැස යන අහස ගැඹුරු රතු පැහැයක් ගන්නා අවස්ථා කිහිපයක් තිබෙනවා. එය කෙතරම් රතු ද යත් මිනිසුන්ගේ මුහුණු රතු පැහැයට හැරනවා. පරමාණු බෝම්බ ප්‍රහාරය එල්ල වූ දිනයේ හිරු බැස යෑම ගැන මට ඒ මොහොතේ සිතිය නොහැකයි. දින තුනක් සහ රාත්‍රි තුනක් නගරය ගිනිබත් වුණා.
“මම හිරු බැස යෑමට වෛර කරනවා. දැන් පවා හිරු බැස යෑමෙන් මට දැවෙන නගරය මතක් වෙනවා‘ ඇය පවසනවා.

“බොහෝ හිබකූෂාවරුන් මිය ගියේ මේ දේවල් ගැන කතා කිරීමට අකමැතිවයි බෝම්බ හෙලීම පිළිබඳ ඔවුන්ගේ මතකය ඒ තරම් නීරසයි. ඔවුන්ට කතා කිරීමට නොහැකි වුණත් මම ඒ ගැන කතා කරනවා. බොහෝ අය ලෝක සාමය ගැන කතා කරනවා. නමුත් මට අවශ්‍ය වන්නේ මිනිසුන් ලෙස ක්‍රියා කිරීමයි. සෑම පුද්ගලයෙකුටම තමන්ට හැකි දේ කිරීම ආරම්භ කිරීමට මට අවශ්‍යයි. අපේ දරුවන්ට සහ මුණුබුරන්ට සෑම දිනකම සිනාසෙන ලෝකයක ජීවත් වීමට හැකි වන පරිදි යමක් කිරීමට මම කැමතියි”

රිකෝ හඩා Reiko Hada
1945 අගෝස්තු 9 වන දින 11.02 ට ඇගේ උපන් නගරය වන නාගසාකි වෙත පරමාණු බෝම්බය හෙළන විට රිකෝ හඩාගේ වයස අවුරුදු නවයකි.

රිකෝ වයස අවුරුදු පහ දී (වමේ) සහ 2015 දී එදින උදේ ගුවන් ප්‍රහාරක අනතුරු ඇඟවීමක් ඇති බැවින් රිකෝ නිවසේ රැඳී සිටියාය. සියල්ල පැහැදිලිව දැනගත් පසු, ඇය අසල පිහිටි පන්සලට ගිය අතර, නිතර නිතර ගුවන් ප්‍රහාර අනතුරු ඇඟවීම් ද සිදුවිය.
දේවමාළිගාවේ මිනිත්තු 40 ක පමණ අධ්‍යයනයෙන් පසු ගුරුවරුන් පන්තියෙන් ඉවත් වූ නිසා රයිකෝ ගෙදර ගියාය.
“මම මගේ නිවසට ඇතුළු වුණා පමණයි” කියා රේකෝ පැහැදිලි කරයි.
“එවිට එය හදිසියේම සිදුවුණා. මගේ දෑස් පුරා දැවෙන ආලෝකයක් පැතිර ගියා. එය කුමක්දැයි කල්පනා කිරීමට මට වෙලාවක්වත් තිබුණේ නැහැ. හැම දෙයක්ම නොපෙනී ගියා. මට දැනුනේ මාව තනියම දාලා ගියා වගේ. ඊළඟ මොහොතේ මහා ඝෝෂාවක් ඇති වුණා. ඊට පස්සේ මම කළු වෙලා ගියා‘

පරමාණු බෝම්බයෙන් පසු නාගසාකිහි නටබුන් වූ ගොඩනැගිලි “ටික වේලාවකට පස්සේ මම එළියට ආවා. හදිසි අවස්ථාවකදී ගුවන් ප්‍රහාරක නවාතැනකට යන්න අපේ ගුරුවරයා අපට කියා දී තිබුණා. ඒ නිසා මම නිවස තුළ සිටි මගේ මව ගැන සොයා බැලුවා. අපි අපේ අසල්වැසි ගුවන් ප්‍රහාරක නවාතැනකට ගියා.
“මට එක සීරීමක්වත් තිබුණේ නැහැ. මාව බේරාගත්තේ කොන්පිරා කන්දයි. නමුත් කන්දෙන් එහා පැත්තේ සිටින මිනිසුන්ට එවැනි වාසනාවක් තිබුණේ නැහැ. බොහෝ දෙනෙක් කොන්පිරා කන්ද උඩින් අපේ පැත්තට දුවගෙන ආවා. මිනිසුන්ගේ දෑස් ඉවතට පැන තිබුණා. කොණ්ඩය දැවී ගොස්, නිරුවතින්, දරුණු ලෙස පිළිස්සී ඔවුන්ගේ සම පහළට එල්ලා වැටෙමින් තිබුණා.
“මගේ අම්මා ගෙදර තිබුණ තුවා සහ ෂීට් ඔවුන්ට ලබා දුන්නා. ඔවුන් අපේ ගම අසල පිහිටි වාණිජ විද්‍යාලයක ශ්‍රවණාගාරයට ගියා. ඔවුන් වතුර ඉල්ලුවා. මට වතුර දෙන්න කිව්වා. ඒ නිසා මම කැඩුණු බඳුනක් සොයාගෙන අසල ගඟට ගොස් වතුර ගෙනත් ඔවුන්ට බොන්න දුන්නා. වතුර කෝප්පයක් පානය කිරීමෙන් පසු ඔවුන් මිය ගියා. මිනිසුන් එකින් එක මිය ගියා.
“එය ගිම්හානයයි. මළ සිරුරු ඉක්මනින් කුණු වී දැඩි දුර්ගන්ධයක් වහනය වුණා. ඒ නිසා මළ සිරුරු වහාම ආදාහනය කිරීමට සිදු වුණා. ඒවා විද්‍යාලයේ පිහිනුම් තටාකයේ ගොඩ ගසා ආදාහනය කළා. ඒ මිනිස්සු කවුදැයි දැන ගැනීමට නොහැකි වුණා. නමුත් ඔවුන් මිනිසුන් මෙන් මිය ගියේ නැහැ. ඔවුන් අන්ත අසරණ, වචනවලින් කියා නිම කළ නොහැකි තරම් දුක් විදිමින් මිය ගියා‘

රයිකෝ ඇගේ පියා වන කීසෝ ෆරා (වමේ) සහ ඇගේ වැඩිමහල් සහෝදරිය වන ෂිෂූ ෆරා සමඟ “අනාගත පරපුරට කිසි විටෙකත් ඊට සමාන අත්දැකීමක් ලබා ගැනීමට සිදු නොවනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. මෙම න්‍යෂ්ටික අවි භාවිතා කිරීමට අප කිසි විටෙකත් ඉඩ නොදිය යුතුයි. සාමය ඇති කරන්නේ මිනිසුන් විසිනුයි. අප විවිධ රටවල ජීවත් වුවද විවිධ භාෂා කතා කළත් සාමය සඳහා අපගේ පැතුම එක හා සමානයි.”

රිකෝ හඩා සියලුම ඡායාරූප ප්‍රකාශන හිමිකම් වලට යටත් වේ.
උපුටා ගැනීම – 2020 අගෝස්තු මස 03 වැනි දින බී.බී.සී වෙබ් අඩවියෙනි – සැකසුම – තීක්ෂණ වෙළන්එගොඩ
-

සුපිරි බොලිවුඩ් තරුව ‘කයාරා අද්වානිගේ ‘අලුත්ම ලෙහෙන්ගා විලාසිතා එකුතුව මෙන්න !
ඇය සතු වඩාත්ම ප්‍රියජනක මුහුණ සහ සිග් වසඟ කරන සුන්දර සිනහව නිසා ක්ෂණිකව ඔබ ඇයට කැමති වනු ඇත. කයාරා අද්වානි Kiara Advani යනු බොලිවුඩ් පෙම්වතියකි. ඇය ඉතා වේගවත් ආරම්භයක් ලබා ඇත.
Lust stories, Kabir Singh, Good Newwz, Guiltyයන චිත්‍රපටවල ඇයගේ රංගනය තුළින් ඇයගේ දක්ෂතාවය සනාථ විය.
කයාරාට විලාසිතා පිළිබදව ද නිරවුල් අවබෝධයක් ඇත. එනිසාම ඇය අනුකරණය කිරීම ඉන්දීය යෞවනියන්ගේ සිහිනයක් වී ඇත. එය දෛනික ගමන් බිමන් වල සිට මංගල්‍ය අවස්ථා, උත්සව පමණක් නොව විනෝද සවාරි සදහා ද එකසේ අදාළ බව කාගෙත් පිළිගැනීමයි.
කයාරා නිතර නිතර සැරසී සිටින ඉන්දීය අනන්‍යතාව විදහා දක්වන ස්වදේශීය විලාසිතා (ලෙහෙන්ගා, සාරි වැනි) ගැන බොලිවුඩයේ පමණක් නොව සමස්ත ඉන්දියාවේ ද ඇත්තේ දැඩි අවධානයකි.
පසුගිය ජූලි 31 වැනිදා කයාරා තමාගේ 28 වැනි උපන්දිනය ද සැමරුවාය. මේ සුන්දර… ප්‍රීතිමත් සහ මිත්‍රශීලී යෞවනියගේ උපන් දිනය වෙනුවෙන් අපට ලබාදිය හැකි අගනාම ත්‍යාගය වන්නේ ඇයගේ මිලියන සංඛ්‍යාත අනුගාමිකාවන්ට ද අනුගමනය කිරීම සදහා කරායා සැරසුණු හොදම ethnic wear ඔබ වෙත තිළිණ කිරීමයි.
ඉන්දීය යෞවනියන්ගේ සිහින වන මෙම විලාසිතා ලංකාවේ ඔබටත් කොපමණ සුන්දර දැයි දැන් සොයා බලන්න…
















Filmfare ඇසුරිණි – සකස් කළේ – තුෂාධවි