Blog

  • බොලිවුඩ් සුපිරි තරුවල ‘ආදරය දිනාගත්’ සුරතලුන් මෙන්න !

    බොලිවුඩ් සුපිරි තරුවල ‘ආදරය දිනාගත්’ සුරතලුන් මෙන්න !

    සුරතල් සතුන් ඇති කිරීම අපි කාටත් අලුත් අත්දැකීමක් නොවෙයි. අවුරුදු දස දහස් ගණනක් තිස්සේ මිනිසා විසින් සුරතල් සතුන් ඇති කළ බව මානව විද්‍යාඥයින් කියනවා. ඒ වගේම සුරතල් සතුන්ට අපි කවුරුත් කැමතියි. අපි ඔවුන් සමග ජීවිතය හා සතුට බෙදාහදා ගන්නවා.

    ඒත් බොලිවුඩ් සුපිරි තරු සමග ජීවිතය… සතුට බෙදාහදා ගන්නා සුරතලුන් ගැන ඔබ වැඩි යමක් නොදැන සිටින්න පුළුවන්. ඒ නිසා මධුරි ඩික්සිත්ගේ සිට ජෝන් ඒබ්‍රහම් දක්වා බොලිවුඩ් සුපිරි තරු වල ආදරය දිනාගත් සුරතලුන් ගැන ඡායාරූප එකතුවක් ඔබ වෙත ගෙන ඒමට අපි තීරණය කළා.

    බලන්න බොලිවුඩ් තරුවල ආදරය දිනාගත් සුරතලුන් කවුද කියලා.

    සුරතල් සතුන්
    මධුරි ඩික්සිත්
    සුරතල් සතුන්
    සුරතල් සතුන්

    නිම්රත් කෞර් Nimrat Kaur

    සුරතල් සතුන්

    රවීනා ටැන්ඩන් Raveena Tandon

    සුරතල් සතුන්

    රන්දීප් හුඩා Randeep Hooda

    සුරතල් සතුන්

    ෂිබානි දන්ඩෙකර් සහ ෆර්හාන් අක්තාර් Shibani Dandekar and Farhan Akhtar

    සුරතල් සතුන්

    ජෝන් ඒබ්‍රහම් John Abraham

    ඡායාරූප – ෆිල්ම් ෆෙයාර් – සටහන – තුෂාධවි

  • යෝධ පැන්ඩා සංරක්ෂණය හිම දිවියන් ඇතුළු දුර්ලභ සතුන්ට මාරකයක් වෙලා !

    යෝධ පැන්ඩා සංරක්ෂණය හිම දිවියන් ඇතුළු දුර්ලභ සතුන්ට මාරකයක් වෙලා !

    දශක ගණනාවක සංරක්ෂණ ප්‍රයත්නයන් යෝධ පැන්ඩා ගණන යළිත් වර්ධනය වීමට හේතු වී තිබේ

    යෝධ පැන්ඩා සුරැකීම සංරක්ෂණයේ විශාල සාර්ථක කතාවකි. යෝධ පැන්ඩාවුන් සංරක්ෂණය සදහා ආරක්ෂිත වාසස්ථාන නිර්මාණය කිරීමට දශක ගණනාවක් තිස්සේ දැරූ උත්සාහයන් සාර්ථක වී ඇති අතර දැන් ඔවුන් වඳවීමේ තර්ජනයෙන් ගැළවී ඇත.

    එහෙත්, නව අධ්‍යයනයකට අනුව, එකම භූ දර්ශනයේ සිටින තවත් බොහෝ සතුන් මෙම සංරක්ෂණ කටයුතුවලින් ප්‍රයෝජන ලබා ඇති අතර සමහර සතුන් තර්ජනයට ලක්ව ඇති අතර දිවියන්, හිම දිවියන්, වෘකයන් සහ ආසියානු වල් බල්ලන් බොහෝ ආරක්ෂිත ප්‍රදේශවලින් අතුරුදහන් වී ඇත.

    සතුන් දඩයම් කිරීම හා රෝග නිසා මෙම සතුන් ආසන්න වශයෙන් වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති අතර, මේ තත්ත්වය මත “පරිසර පද්ධතිවල විශාල වෙනස්කම්, බිඳවැටීම් පවා” සිදුවිය හැකි බව චීනයේ පර්යේෂකයෝ පවසති.

    දිවියන් හා වෘකයන් වැනි සතුන් නොමැතිව මුවන් ඇතුළු ක්ෂිරපායින්ට පාලනයකින් තොරව සැරිසැරීමට හැකි වන අතර එය ස්වභාවික පරිසරයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇත.

    පැන්ඩා වනාන්තර ආරක්ෂා කිරීමෙන් සංරක්ෂණඥයින් විශ්වාස කළේ පැන්ඩාවුන් පමණක් නොව එකම වාසස්ථානයක සැරිසරන තවත් බොහෝ විශේෂයන් ආරක්ෂා කරනු ඇති බවයි. නමුත් එය වෙනත් වන ජීවීන් සඳහා ධනාත්මක බලපෑමක් කර ඇති අතර, දිවියන් සහ වෘකයා වැනි විශාල මාංශ භක්ෂකයින් සඳහා උත්සාහයන් දැරූ බවක් නොපෙනේ.

    පැන්ඩා ජීවත්වන පරිසර පද්ධතිය කළමනාකරණය කිරීම සඳහා පුළුල් – පරිපූර්ණ – ප්‍රවේශයක් අවශ්‍ය බව පර්යේෂකයන් කණ්ඩායමක් දැන් පවසයි. (ප්‍රධාන විශේෂයන් නැති නොවන බවට සහතික වන)

    හිම දිවියා
    ලෝකයේ විශාලතම හිම දිවියන්ගේ ජනගහනයට චීනය හිමිකම් කියයි

    “යෝධ පැන්ඩා සඳහා පමණක් නොව අනෙකුත් වන ජීවීන් සඳහා ද පරිසර පද්ධතිවල ඔරොත්තු දීමේ හැකියාව සහ තිරසාර බව වැඩි දියුණු කිරීම සඳහා විවේචනාත්මකව අවශ්‍යවේ” යැයි බීජිංහි පීකිං විශ්ව විද්‍යාලයේ සම කර්තෘ ආචාර්ය ෂෙන්ග් ලී පැවසීය.

    මෙය සාක්ෂාත් කර ගැනීම සඳහා පර්යේෂකයන් විශාල මාංශ භක්ෂකයින් ආහාරයට ගන්නා සතුන් සඳහා දඩයම් කිරීම සහ වාසස්ථාන ප්‍රතිෂ්ථාපනය කිරීම ඇතුළු පියවර ගණනාවක් ගෙනහැර දක්වයි.

    යෝධ පැන්ඩා සංරක්ෂණය ක්‍රියාත්මක වන බවට ජීවමාන සාක්ෂියක් ලෙස සැලකේ. වසර ගණනාවක පසුබෑමෙන් පසු ඔවුන්ගේ සංඛ්‍යාව අවසානයේදී යළිත් වර්ධනය වන අතර, 2016 දී නිල වඳ වී යාමේ රතු ලැයිස්තුවේ “වඳවීමේ තර්ජනයට ලක්වූ” සිට “අවදානමට” ලක්විය දක්වා ධනාත්මක වර්ධනයක් වාර්තා කර ඇත.

    පැන්ඩා සම්බන්ධයෙන් ගත් කල, ඔවුන් ජීවත් වන වනාන්තර ආරක්ෂා කිරීම කුරුල්ලන් හා කුඩා මාංශ භක්ෂකයින් ඇතුළු තවත් බොහෝ සතුන් හා ශාක සඳහා ධනාත්මක වී ඇත.

    එහෙත්, දිවියන්, වෘකයන් සහ එතරම් ප්‍රසිද්ධ නැති ආසියානු වල් බල්ලා හෝ ඩොල් වැනි විශාල විලෝපිකයන් දුර ඈත ප්‍රදේශවලට නැඹුරු වී ඇති බව පෙනේ.

    පැන්ඩා සංචිත 1960 ගණන්වලදී පිහිටුවන ලද බැවින්, විශේෂ හතරම විශාල සංචිතයකින් අහිමි වී ඇත. දිවියන් සංචිතවලින් 81% ක් ද හිම දිවියන් 38% ක් ද වෘකයන් 77% ක් ද ආසියානු වල් බල්ලන් 95% ක් ද අතුරුදහන් වී ඇත.

    ආසියානු වල් බල්ලා
    ආසියානු වල් බල්ලා: ඉහළ සමාජ සත්වයා වාසස්ථාන අහිමිවීම හා රෝග වලින් පීඩාවට පත්ව ඇත

    ආසියානු වල් බල්ලා නොබෝ දිනකින් මිහිමතින් තුරන් වනු ඇත. නිදසුනක් වශයෙන්, සමීක්ෂණ මධ්‍යස්ථාන 8,000 කට ආසන්න සංඛ්‍යාවක කැමරා දින මිලියන 1.5කට වඩා වැඩි සංඛ්‍යාවකින්ආසියානු වල් බල්ලා වාර්තා වී ඇත්තේ දර්ශන හතරක් පමණි.

    මෙම අධ්‍යයනයට සම්බන්ධ නැති ZSL (ලන්ඩනයේ සත්ව විද්‍යා සංගමය) හි මහාචාර්ය සැමුවෙල් ටර්වී පැවසුවේ චීනයේ සහ ලෝකයේ වෙනත් තැන්වල සංරක්ෂණය බොහෝ විට නිශ්චිත “ප්‍රමුඛ විශේෂ” සඳහා භූ දර්ශන ආරක්ෂාව මත පදනම් වී ඇති බවත්, කලාපීය ජෛව විවිධත්වයට අනුමාන පුළුල් ප්‍රතිලාභ ලබා දෙන බවත්ය.

    “මෙය සමහර වැදගත් විශේෂයන් යථා තත්ත්වයට පත් කිරීමට හේතු වී ඇත. නමුත් තර්ජනයට ලක් වූ ජෛව විවිධත්වය පවත්වා ගැනීමට දරන උත්සාහයන් පුළුල් පරිසර පද්ධති මට්ටමින් මානව ක්‍රියාකාරකම් කෙරෙහි අවධානය යොමු කළ යුතුය. එසේ නොවුවහොත් ඉලක්ක නොවන විශේෂයන් නොදැනුවත්වම ගිලිහී යනු ඇත” යනුවෙන් මහාචාර්ය ටර්වී පැවසීය.

    අධ්‍යනයේදී පර්යේෂකයන් යෝධ පැන්ඩා ස්වභාවික සංචිත 66 ක් ඇතුළුව ආරක්ෂිත ප්‍රදේශ 73ෙක දත්ත විශ්ලේෂණය කළ අතර ඓතිහාසික සමීක්ෂණ දත්ත දශකයක් වටිනා විස්තීර්ණ කැමරා-උගුල් සමීක්ෂණ සමඟ සසඳා බලා ඇත.

    බී.බී.සී. වාර්තාවක් ඇසුරිණි – සකස් කළේ – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • නිවන් රසය

    නිවන් රසය

    කඳුබොඩ සියනෑ විපස්සනා භාවනා මධ්‍යස්ථානයෙහි ආචාර්ය, පූජ්‍ය පියදස්සි ස්ථවිරයන් වහන්සේ

    බෞද්ධ දර්ශනයෙන් ලැබිය හැකි ශ්‍රේෂ්ඨතම ඵලය නම් සියලූ දුකින් මිදී පරම සුඛයට පත්වීමය.

    බෞද්ධයාගේ පරම අර්ථ සිද්ධිය වන මෙය ළඟා කරගත හැකි වන්නේ පරම චිත්ත පාරිශුද්ධියට පැමිණීමෙන් බව ධර්මය උගන්වයි. එම අති පාරිශුද්ධියට පැමිණීමට භාවනාව කම උපයා මාර්ගය බව ද ඉගැන්වේ.

    ‘‘ශමථ – විදර්ශනා’’ වශයෙන් භාවනා මාර්ග දෙකක් ධර්මයේ එයි. මෙම භාවනා ක‍්‍රම පරම චිත්ත විශුද්ධිය ලබාදීමට සමත් වනවා පමණක් නොව, ලෞකික වශයෙන් එදිනෙදා ජීවිත මාර්ගයට ද, එයින් ලැබෙන විපුල ප‍්‍රයෝජන හා යහපත ඉමහත් බව කිව යුතුව ඇත.

    ක‍්‍රමානුකූලව භාවනාව අභ්‍යාස කරන පින්වතා තම ජීවිත යාත‍්‍රාව නිරුපද්‍රව තම අභිමත අරමුණ කරා ගෙන යාමට සමත් වන්නේය. එමතු ද නොව ජීවිත මාර්ගයෙහි මුහුණපෑමට සිදුවන ජීවිත මාර්ගයෙහි මුහුණපෑමට සිදුවන දහසක් කම්කටොලූ, දුක් කරදර හා අවුල් වියවුල් ප‍්‍රීතියෙන් ඉවසා දැරීමට ද එයින් ලැබෙන පිටුවහල හා ආධාරය අති විශාලය. විශේෂයෙන් ම බෞද්ධ භාවනා ක‍්‍රම ශාරීරික වු ද, චෛතසික වූ ද, දුක්ඛවේදනා, ව්‍යපසමනයෙහිලා දිව ඔසුවක් මෙන් යැයි කීවාට වරදක් නොවේ. භාවනාවෙහි ඇති ප‍්‍රධාන අංගයක් වූ කලී දුක් පීඩා මාධ්‍යයේ ‘‘නිර්වාණය’’ මඳක් දිව ගා බැලීමට එයින් පුළුවන් වීමය.

    ජීවිතය පිළිබඳ නියම අවබෝධයක් ඇති කිරීමට ඉවහල් වන මෙම චිත්තෛකාග‍්‍රතාව ලබා ගැනීම අපේක්ෂා කරන සියලූ සියලූ භික්ෂූන් වහන්සේලා පමණක් නොව සියලූ ගෘහස්ථ බෞද්ධයින් විසින් ද භාවනාව පුහුණු පුරුදු කිරීමේ අවශ්‍යතාව අප විසින් නිතර නිතර දැක්විය යුතුව තිබේ.
    භෞතික වශයෙන් ඇති විය හැකි දුෂ්කරතා නිසා මේ චෛතසික පුහුණුව අප පුරුදු නොකළහොත්, එය බෞද්ධ චාරිත‍්‍රය කඩකිරීමක් වන්නේ ය. සමස්ත බෞද්ධ ජීවිතය ම බෞද්ධ භාවනා ක‍්‍රමයට ඇතුළත් වන බව ද කියා තිබේ.

    ධර්ම දායාදය ලැබූ හැම පුද්ගලයෙකු විසින් ම කළ යුත්තේ කුදුමහත් හැම කටයුත්තකදීම භාවනාව ආධාර කොට ගනිමින් ස්වකීය තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් කර ගැනීම ය. ඇත්ත වශයෙන් ම භාවනාව මෙම දුක්බර ජීවිතය නියම සැපත හා සමාදානය කරා ගෙන යන්නේ ය.

    බුද්ධ සාසනයේ නියම උද්දීප්තිය රඳා ඇත්තේ ද මෙම උත්තරීතර ප‍්‍රතිපදාවෙහි බව කිව මනා නොවේ. බෞද්ධ ප‍්‍රතිපදාවෙහි මෙම ප‍්‍රධාන ප‍්‍රතිපත්තිය මෙන් උගන්වා ඇත්තේ එයින් තොරව කිසිම ශාසනික දියුණුවක් නොවන හෙයිනි. ප‍්‍රතිපත්ති ශාසනයෙහි නියම උන්නතිය පිණිස අත්‍යවශ්‍යයෙන් ම පිරිය යුතු, වැඩිය යුතු, මෙම ගුණ ධර්ම අද ගිහි – පැවිදි බෞද්ධ පිරිස අතරින් අභාවයට ගොස් ඇති බව සංවේගයෙන් යුතුව ප‍්‍රකාශ කළ යුතුව තිබේ. එය කොතෙක් දුරට පිරිහී තිබේ ද කියතහොත් නිවන් දුටුවකු තබා ධ්‍යාන බලයෙන් අහසින් යන්නකුවත් නැති වී තිබේ. ඊට හේතුව වශයෙන් ධර්ම ශක්තිය ජීවමාන ව තිබුණ ද, අද නිවන් අවබෝධ කළ හැකියි යැයි කියති.

    මනුෂ්‍යයා වූ කලී, ආත්මාර්ථකාමී නපුරු සත්ත්වයෙකි. එහෙත්, මෝහ ධූලි පටලයෙන් මඳක් මිදුණු ඇස් ඇත්තෝ, ආත්මාර්ථකාමී නොදැමි ජීවිතය දුකින් තවත් ඈත් කරනු වෙනුවට තව තවත් දුක් කරා ළං වන බව ද දකින්නාහ. මෙය අවබෝධ කරගත් කල තරඟය වෙනුවට සහයෝගයත්, ආත්මාර්ථ පෝෂණය වෙනුවට පරාර්ථ සේවයත් කෙරෙහි මිනිස් සිත යොමු වන්නේ ය. ඒ සමග ඔහු තුළ කරුණාව පහළ වන්නේ ය. කරුණාව ක‍්‍රියාවෙහි යෙදවීමට පුළුවන් වීමට පෙර පළමු කොට අප විසින් කරුණාව පිළිබඳ මානසික අදහසක් ඇතිකර ගත යුතුය.

    මිනිසෙක් හෝ ජාතියක්, තෘෂ්ණාවත්, භයත් ඇති ව සිටින තුරු අවි ආවුධ ඔසවන්නේය. තෘෂ්ණාව නැති වන විට බිය ද අතුරුදන් වීම නිසා සාමකාමීත්වය එළඹෙන්නේය. එහෙත් ශාරීඑිත වූ ද, චෛතසික වූ ද, දුක්ඛ වේදනා ව්‍යුපසමනයට පත් වන්නේ මුළු චිත්ත සන්තානය ම මෛත‍්‍රයෙන් නෑවී, උපේක්ෂාවෙන් උදම් වූ විට ය. ආයතන සන්තර්පණයෙන් මිදී සමාධිය කෙරෙහි යොමු කළ සිත් ඇත්තා කෙරෙන් ‘‘සංස්කාර’’ නම් ස්වභාවික චිත්ත තෘෂ්ණාවෝ ද විපර්යාසයට පත් වන්නාහ.

    දැන් පවත්නා තත්ත්වය අනුව ගෘහස්තයන් ද භාවනාවෙන් ධ්‍යාන ලැබීමට උත්සාහ කළ යුතු බවක් මා නොකියන නමුදු, තෘෂ්ණාවෙන් පිරුණු ලෝකය දුක් ගොඩක් බව ගෘහස්ථයා අවබෝධ කර ගත් විට භාවනාවේ යෙදීමට ඔහු කැමැති වන්නේ යැයි කල්පනා කරමි. එබඳු ගෘහස්ථයා බාහිර අරමුණුවලින් සිත වෙන් කර ගැනීමත්, ත‍්‍රිවිධ රත්නය කෙරෙහි භක්තිව වර්ධනය කර ගැනීමත් සඳහා සූර්යා අස්තංගත වන සමයේ මුහුදු වෙරළට හෝ සන්සුන් වෘක්ෂ මූලයකට හෝ, කල එළි නැති ආරාමයකට හෝ අන් කිසි සුදුසු තැනකට වී බඬ පය ර්‍්‍යඞ්කයෙන් හෝ තමන්ට පහසු පිළිවෙළකට හෝ හිඳ තිසරණ මෙනෙහි කළ යුතුය. ඉන් පසු මොහු අන් කිසිවක් ගැන නො සිතා සියය හෝ තුන් සියය, දක්වා ගණන් කරමින් බාහිර සියලූ චේතනාවලින් වෙන් වුව හොත් එයින් හෙතෙම සුපරිශූඬ චේතනාවෙන් තමන් වෙන් කරන මමත්ව වේතනාවෙන් මිදෙන්නේය ය.

    මින් පසු හෙතෙම පළමුවෙන් තමාටත් අනතුරු ව සකල ප‍්‍රාණීන්ටත් මනා අවබෝධය ඇතිව ම මෙත් වැඩිය යුතුය. එසේ සමස්ත ලෝකයෙහි සකල ප‍්‍රාණීන්ට හුදු මෛත‍්‍රීය පතුරුවන ඔහුගේ සියලූ සන්තානය මෛත‍්‍රියෙන් පිරේ. මේ සඳහා විශුද්ධි මාර්ගයේ පෙනෙන භාවනා ක‍්‍රම පුරුදු කටයුතු හැකි වුවත්, මා මේ කියන්නේ දෛනික වැඩ කටයුතු අතර ගෘහ්සථයාට කළ හැකි භාවනා ක‍්‍රමයක් ගැන ය. යට කී අන්දමට කළ හොත් එම ගෘහස්ථයාගේ චිත්ත සන්තානය පෙරට වඩා පිරිසිදු ව සතුටු සහගත වනු නොවනුමාන ය. ඔහු කෝපාවිෂ්ට වන්නෙක් නම් – තමා භාවනා යෝගී වූ විට දී ඇති කළ මෛත‍්‍රිය ගැන සිතීමත් සමග එය අතුරුදන් වන්නේ ය. මමත්වය, නැතහොත් තමා ගැන ම සිතීමෙන් වෙන් ව අන්‍ය සත්ත්වයන්ට ච මෛත‍්‍රිය පැතිර වූ මොහු කෙරෙන් ක්‍රෝධය හා බිය දුරුවන්නේ ය.

    ‘‘මෛත‍්‍රිය’’ හා ‘‘උපේක්ෂාව’’ පුරුදු පුහුණු කිරීමෙන් මනුෂ්‍යයාගේ සම්පූර්ණ මානසික තත්ත්වය අනුක‍්‍රමයෙන් වෙනස් වන සැටි පෙනී යන්නේ ය. කෝපාවිෂ්ට වූ විටක සාපරාධි දේ කිරීමට ඉඩ නොදීමෙන් ශාරීරික ඉන්ද්‍රීයන් කෙරෙහි බල පවත් වන මේ භාවනාව අනුක‍්‍රමයෙන් උසස් කිරීම නිසා ලෝකයාට අනවබෝධ වූ, ලෝකෝත්තර තත්ත්වයට ද මනුෂ්‍යයා පත් කරන්නේ ය. අවිද්‍යාවෙන් හා දුකින් ද ආරම්භ වූ ජීවිතය ප‍්‍රඥාවටත්, සැපයටත් පත්වන්නේ ය. ජීවිතය පිනවීමත්, සිතේ තත්ත්වය ශාරීරික පැවැත්මෙන් ප‍්‍රකාශ වීමත් මෙහි හේතුව ය.

    අපේ සිත අනුක‍්‍රමයෙන් උසස් කළ විට අපේ තත්ත්වය ද උසස් වන්නේ ය. භාවනාවේ ඇති ප‍්‍රධාන අංගය වූ කලී දුක් පීඩා මධ්‍යයේ ‘‘නිර්වාණය’’ මඳක් දිව ගා බැලීමට එයින් පුළුවන් වීම ය. ‘‘නිර්වාණය’’ මෙයැ යි දක්වන ටිබැට් බෞද්ධයෝ, එය දුකින් මිදුණු තැන යැයි පවසන්නාහ.

    දුකත්, දුකට හේතුවත් ‘‘පටිච්ච පමුප්පාදයේ’’ හේතු ධර්මයෙන් දැක්වෙන්නේ ය. දුක යනු කුමක් දැයි අප අවට ඇති මනුෂ්‍ය හා සත්ත්ව ජීවිත දෙස බැලීමෙන් දැන ගත හැකිය. එහෙත්, අන්‍යයන්ගේ දුකේ දී උපේක්ෂා වන තද සිතැත්තෝ මේ සත්‍ය නොසලකන්නාහ. ඇපයක් පවතින බව ද, දුක සාමාන්‍ය සිද්ධියක් වන අතර සැපය හේතු ධර්ම අනුව ම පහළ වන චෛතික සිද්ධියක් බව ද බෞද්ධයා අමතක කළ යුතු නොවේ.
    ‘‘දුක යනු කුමක් දැයි අවබෝධ වන තුරු සැපය නූපදින්නේ ය. සැබවින් දුකක් ඇති බව අපට අවබෝධ වූවාට පසු ව එයින් මිදී සැපයට පත්වීමට අප උත්සාහ කරන බව මගේ හැඟීමයි. මේ සැපය සෙවීමට, නැතහොත් දුකින් නිදහස්වීමට අපි මහා වෛද්‍යවරයාණන් වහන්සේගේ පිළිසරණ සොයමු. උන්වහන්සේගේ ප‍්‍රතිකර්ම අනුගමනය කරන අප තුළින් අපට විෂ පෙවූ අපවිත‍්‍ර දේ අප තුළින් වියෝ වීම නිසා උන් වහන්සේගේ ක‍්‍රමය පිළිබඳ අපගේ විශ්වාසය සංවර්ධනය වන්නේ ය. මේ විශ්වාසය ඇති වූ විට භාවනාවේ යෙදීමට අපි සුදුස්සෝ වෙමු. එවිට අප අපේ අභ්‍යන්තරය දෙස බලතොත් සතුට පහළ වන්නේ ය. ඒ වූ කලී චිත්ත පාරිශූද්ධිය පිළිබඳ ප‍්‍රසාදයෙන් ජනිත වන සතුටකි.

    භාවනාව ක‍්‍රමයෙන් තව තවත් ගැඹුරු වන කල නියම සැපය පහළ වන්නේ ය. මේ ක‍්‍රමයෙන් චිත්ත පාරිශුද්ධියට පැමිණීමෙන් ස පරම සුඛයට පත් වන නිසා දුකක් මෙන් ම සැපක් ද ඇති බව පෙනේ. ඇත්ත වශයෙන්ම ‘සම්මා සමාධිය’ වූ කලී සැපයට මුඛ්‍ය මාර්ගයකි. එහෙත් ඊට පත්වීමට පෙර ආර්ය අෂ්ටාඬිගික මාර්ගයේ අනික් පියගැට පෙළ නැඟිය යුතුය. ‘‘අප විසින්ම තනන ලද දුක් සහිත බන්ධනාගාරයෙන් මිදීම සඳහා මමත්වය හා තෘෂ්ණාව ද නැවැති යකඩ පොලූ කෙසේ කැඩිය යුතු දැයිි භාවනාව අපට උගන්වන්නේ ය.

    අපත් අපේ විමුක්තියත් අතර සම්බාධක ව ඇත්තේ අපේ ම කෙළෙස් බර සිත් ය’’. භාවනාවෙන් මේ කෙළෙස් තුනී වී අපි දුකින් සැපය කරා ගමන් ගනිමු. දැඩි උද්යෝගයකින් භාවනාවේ යෙදෙතොත් ප‍්‍රතිඵල ඒකාන්ත බව කිව යුතුය. භෞතික වශයෙන් ඇති විය හැකි දුෂ්කරතා නිසා මේ චෛතිසික පුහුණුව අප පුදුසු නොකළ හොත්, එය බෞද්ධ චාරිත‍්‍ර වශයෙන් අප අපට ම කරන බලවත් වංචාවක් වන්නේය.

    මෛත‍්‍රී භාවනාව

    මෛත‍්‍රී භාවනාව වැඞීමේ ක‍්‍රම බොහෝ වෙතත් පහසුවෙන් වැඩිය හැකි කෙටි ක‍්‍රමයක්් දක්වනු ලැබේ. මෙම භාවනාව වඩනු කැමැති යෝගියා විවේච තැනකට පැමිණ පුසුදු ලෙසකින් හිඳ ගෙන ශීලය ආවර්ජනා කිරීම්, තෙරුවන් ගුණ සිහි කිරීම්, ආදිය පෙර කිස කොට ද්වේෂයෙහි (තරහ ගැනීමේහි) ආදීනවත් මෛත‍්‍රියෙහි, ඉවසීමෙහි ආනිසංසත් සලකා කර්මස්ථානයෙහි ආදාරය ඇති කර ගෙන භාවනාව පටන් ගත යුතුය.

    පළමු කොට ‘‘මම වෛර නැත්තෙක් වෙම්වා, නපුරු අදහස් නැත්තෙක් වෙම්වා, සුවසේ ජීවත් වෙම්වා’’ යි තමාට මෙත් වඩා අනතුරුව තමන්ට ප‍්‍රිය පුද්ගලයෙකුට මෙත් වැඩිය යුතුය. මේ සඳහා යෝගියා පුරුෂයෙකු නම් ස්ත‍්‍රියක ද, ස්ත‍්‍රියක් නම් පුරුෂයෙකු ද අරමුණු නොකළ යුතුය. ඒ රාගය ඇති විය හැකි බැවිනි. රාගය මෛත‍්‍රිය නොවේ. ජීවතුන් අතර සිටින තමන් විසින් ගරුකටයුතු දෙමාපිය, ගුරුවරු ආදි සම්භාවනීය පුද්ලගයෙකු අරමුණු කොට, ‘‘ඒ උතුමා වෛර නැත්තෙක් වේවා, නපුරු අදහස් නැත්තෙක් වේවා, දුක් නැත්තෙක් වේවා, සුව සේ ජීවත් වේවා’’යි කියා ඔහු කෙරෙහි මෙත් වැඩිය යුතුය.

    ඔහු කෙරෙහි ද හොඳින් ම මෙත් සිත පිහිටි කල් හි මා, පිය, සහෝදර, සහෝදරී, නෑදෑයන් කෙරෙහි ද, මැදහතුන් කෙරෙහි ද, ‘‘ඔවුහු වෛඑ නැත්තෝ වෙත්වා’’ යි එක් එක් කොටසක් කෙරෙහි මෙත් වැඩිය යුතුය. එසේ කොට ඔවුන් කෙරෙහි ද මෙත් සිත සැබැවින් පිහිටි කල් හි ඉතා ප‍්‍රියයන් කෙරෙහි ද, මැදහතුන් කෙරෙහි ද, ‘‘ඔවුහු වෛර නැත්තෝ වෙත්වා, නපුරු සිත් නැත්තෝ වෙත්වා, දුක් නැත්තෝ වෙත්වා, සුවසේ ජීවත් වෙත්වා’’යි වෙන වෙන ම මෙත් වැඩිය යුතුය.

    එසේ කොට ඔවුන් කෙරෙහි ද මෙත් සිත සැබැවින් පිහිටි කල්හි වෛරී පුද්ගලයින් කෙරෙහි ද මෙත් වැඩිය යුතුය. මෙතනදී ඇතැම් විට ද්වේෂය ඇති විය හැක. එසේ වුවහොත් නැවත ද නොයෙක් අයුරින් ද්වේෂයෙහි ආදීනවත්, ඉවසීමෙහි – වෛර නොකිරීමෙහි ආනිසංසත් සලකා ද්වේෂය සන්සිඳුවා ගෙන, වෛර පුද්ගලයින් කෙරෙහි ද සැබෑ වූ මෙත් සිත ඇති කර ගෙන ‘‘ඒ පුද්ගලයෝ වෛර නැත්තෝ වෙත්වා, නපුරු අදහස් නැත්තෝ වෙත්වා, දුක් නැත්තෝ වෙත්වා, සුවසේ ජීවත් වෙත්වා’’ යි ඔවුන් කෙරෙහිත් තමන් කෙරෙහි මෙන් මෙත් සිත පතුරුවනු.

    වෛරීන් ලෙස සැලකූ පුද්ගලයින් කෙරෙහි ද මෙත් සිත පැතිර වූ කල්හි ගම්වැසි, අවට ගම්වැසි, පළාත්වැසි, රටවැසි සැමටත් පෙර සේ ම මෙත් සිත වඩනු. එය ද මැනවින් සම්පූර්ණ වූ කල්හි පෙරදිග, දකුණුදිග, අපරදිග, උතුරුදිග, අනුදිග, උඩුදිසා, යටදිසා යන දස දිසාවෙහි සියලූ ස්ත‍්‍රී, පුරුෂ, ආර්ය, අනාර්ය, දිව්‍ය, මනුෂ්‍ය හා විනිපාතික සත්ත්වයෝ ද යන ප‍්‍රාණීන් කෙරෙහි වෙන් වෙන් වශයෙන් මෛත‍්‍රිය වඩනු.

    මෙසේ යොදා ගෙන කීමටත්, ඒ ගැන සිතින් මෙනෙහි කිරීමටත් පුරුදු වන්න,

    ‘‘මාගේ මෛත‍්‍රිය – සියලූ සතුන් කෙරෙහි ය.
    මාගේ මෛත‍්‍රිය – සියලූ දෙවියන් කෙරෙහි ය.
    මාගේ මෛත‍්‍රිය – දෙපා ඇති සතුන් කෙරෙහි ය.
    මාගේ මෛත‍්‍රිය – සිවුපා සතුන් කෙරෙහි ය.
    මාගේ මෛත‍්‍රිය – බොහෝ පා ඇති සතුන් කෙරෙහි ය.
    මාගේ මෛත‍්‍රිය – පා නැති සතුන් කෙරෙහි ය.
    මාගේ මෛත‍්‍රිය – සියලූ භූතයන් කෙරෙහි ය.
    මාගේ මෛත‍්‍රිය – සියලූ අමනුෂ්‍යයින් කෙරෙහි ය.
    මාගේ මෛත‍්‍රිය – සියලූ ප‍්‍රාණීන් කෙරෙහි ය.
    සියලූ සත්ත්වයෝ සුවපත් වෙත්වා, අවෛරී වෙත්වා, නිදුක් වෙත්වා.
    පා නැති සතෙක් – මා නොපෙළාවා
    දෙපා ඇති සතෙක් – මා නොපෙළාවා
    සිවුපා සතෙක් – මා නොපෙළාවා
    බොහෝ පා ඇති සතෙක් – මා නොපෙළාවා
    කිසි භූතයෙක් – මා නොපෙළාවා
    සියලූ සත්ත්වයෝ සුවපත් වෙත්වා, අවෛරී වෙත්වා, නිදුක් වෙත්වා,
    සියලූ ප‍්‍රාණීහු ද
    සියලූ සත්ත්වයෝ ද
    සියලූ භූතයෝ ද
    කල්‍යාණයන් මෙන් දකිත්වා,
    කිසිවෙක්, කිසිවෙකුට වෛර නො කෙරෙත්වා,
    නින්දා නො කෙරෙත්වා,
    අවමන් නො කෙරෙත්වා,
    සියලූ දෙනා ම, සියලූ දෙනාගේ ම, සැප කැමැත්තෝ වෙත්වා,
    දීර්ඝ ජාති වූ – ප‍්‍රමාණවත් වූ ද – සර්ප – ගෝනසු – සතපා – මකුළු – සිකනල් – මූසික – යන මොහු මා රක්ෂා කරන ලදහ. කිසි කලක සතුන්ට දුකක් නො වේවා,
    දුකට පත් සත්ත්වයෝ දුකින් මිදෙත්වා
    ශෝකයට පත් සත්ත්වයො ශෝකයෙන් මිදෙත්වා,
    භයට පත් සත්ත්වයෝ භයින් මිදෙත්වා
    සියලූ සත්ත්වයෝ සුවපත් වෙත්වා…

    මේ භාවනාව වැඞීමෙහි ඇති ශ්‍රේෂ්ඨත්වය මෙම බුද්ධ වචනයෙන් ම පැහැදිලි වේ.

    ‘‘අච්ඡුරාසඕඝාතමත්තම්පි චෙ භක්ඛවෙ භික්ඛු මෙත්තං භාවෙති, අයං චුච්චති භික්ඛවෙ භික්ඛු අරිත්තජ්ඣානො, සත්ථුසාසනකරෝ ඔවාපදතිකරො අමොඝං රට්ඨපිණ්ඩං භුඤ්ඡුාති’’
    ‘‘කො පන වාද්‍රෙ යෙ නං බහුලීකරෙන්තීති’’
    ‘‘මහණෙනි, ඉදින් මහණ අසුරු සැණක් පමණ කුදු මෙත් සිත වඩා නම්, මහණෙනි, මේ මහණ නොසිස් දැහැන් ඇත්තේ වෙසේ යයි කියනු ලැබේ. ශෘස්තෘ ශාසනය කරන්නේ අවවාදය පිළිපඳින්නේ, නොසිස්වූ රට්ඨපිණ්ඩය (රටින් ලත් පිණ්ඩපාතය) වලඳයි’’
    ‘‘යම් කෙනෙක් එය බහුල වශයෙන් කෙරෙත් නම් (එහිලා) කවර කථාද ?’’ යනුවෙනි.

    මෙසේ තමාගෙන් පටන් සියලූ සතුන් කෙරෙහි එක හා සමාන ව මෛත‍්‍රිය වැඞීමෙන් සත්ත්වයන් කෙරෙහි පැවති ද්වේෂ ගති, අහිත ගති නැති වී ගොස් සිත උපචාර වශයෙන් සමාහිත වේ. එම මෙත් සි. ම, තව තවත් දියුණු කළ කල්හි ප‍්‍රථමධ්‍යානාදි අපර්ණා සිත් උපදවා ගත හැක.
    මෙම භාවනාව සෑම බෞද්ධයෙකු විසින් ම පුරුදු පුහුණු කරනවා නම්, ඇත්තෙන් ම අපේ රට දිනෙන් දින ශීඝ‍්‍රයෙන් වැඞී යන බිහිහුණු අපරාධ, ¥ෂණ ක‍්‍රියා ආදිය බොහෝ දුරට නැති වී යනවා ඇත. අප රට මෙයට වඩා සෞභාග්‍යයෙන් හා සමගි සම්පන්න භාවයෙන් ද දියුණු ව් යනවා ඇත. එහෙයින් මෙය කියවන සෑම බෞද්ධයෙකු විසින් ම සුළු කාලයක් හෝ මෙය හොඳින් ඉගෙන පුරුදු කිරීමට ඉටා ගත්තොත් මැනවි. අද රටේ හැටියට ගැළපෙන ඉතා ම සුදුසු භාවනාව මෙය බව මගේ හැඟීම ය. එහෙයින් මෙය ඉතා ආදරයෙන් හා ගෞරවයෙන් පරිශීලනය කෙරෙත්වා.

    සැමට තෙරුවන් සරණයි,

  • ‘සැබෑ බෞද්ධයා’ හමුවේ ඇති අභියෝගය හා එය ජයගත යුතු මග කුමක්ද ?

    ‘සැබෑ බෞද්ධයා’ හමුවේ ඇති අභියෝගය හා එය ජයගත යුතු මග කුමක්ද ?

    මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමිපාණන් වහන්සේ
    පැපිලියාන සුනේත‍්‍රා මහාදේවි පිරිවෙන් රජමහා විහාරාධිපති, පරිවේණාධිපති හා කෘත්‍යාධිකාරී, රාජකීය පණ්ඩිත,

    ‘‘චත්තාරි ඉමානි භිකවෙ ඉන්ද්‍රියානි, සදද්ද්‍ර ඉන්ද්‍රියංථ විරිය ඉන්ද්‍රියං, සමාධි ඉන්ද්‍රියංති, ඉහේ ඛො භික්ඛවෙ චත්තාරි ඉන්ද්‍රියානි’’ අංගුත්තර නිකාය – චතුක්ක නිපාතය.

    සැදැහැවත් පින්වතුනි, ඉහත සඳහන් ධර්ම පාඨය ඇතුළත් වන්නේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයට යි. එම නිපාතයේ ඉන්ද්‍රිය වර්ගයේ ඇතුළත් ඉන්ද්‍රිය සූත‍්‍රයේ එන මෙම ගාථාව මා මාතෘකාව වශයෙන් තෝරා ගත්තා.

    මෙතැනදී ඉන්ද්‍රිය කියන්නේ ශරීරයේ තියෙන ඉන්ද්‍රිය නොවෙයි. ඇස, කණ, නාසය, දිව ආදී ඉන්ද්‍රිය මිනිස් ශරීරයේ ඇති ඉන්ද්‍රිය ලෙස සඳහන් කරන්න පුළුවන්. ගස් කොළන් ගත්තොත් ගෙඩි, මල්, අතු, ආදී ඉන්ද්‍රිය තිබෙනවා. මේ ඉන්ද්‍රිය කියන්නේ ඒවාට අයත් වූ දේවල් කියන අර්ථයෙන්. නමුත් ගාථාවේ සඳහන් ඉන්ද්‍රිය නැතිනම් ධර්මයේ සඳහන් ඉන්ද්‍රිය ඔය කියන ඉන්ද්‍රිය නම් නොවෙයි.

    මෙම සූත‍්‍රයේ පෙන්වා දෙන්නේ, යම්කිසි පුද්ගලයෙකුගේ ධර්ම මාර්ගය, ධාර්මික ගමන, සාක්ෂාත් කර ගන්නට, සංවර්ධනය කර ගන්නට, ප‍්‍රතිඵල සාධනය කර ගන්නට, සාර්ථක කර ගන්නට අදාළ වන කරුණු හතරක්. මේ කරුණු හතර එකින් එක ගත්තොත් බෞද්ධ ජීවිතය ඉදිරියට ගෙන යන්නට, බෞද්ධකමේ ප‍්‍රතිඵල නෙළා ගනන්ට, අවශ්‍ය කරන උපදෙස් ඒ තුළින් සැපයෙනවා. ඒ ඉන්ද්‍රිය හතර තමයි, සද්ධා ඉන්ද්‍රිය, වීර්ය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය හා සමාධි ඉන්ද්‍රිය යනුවෙන් සඳහන් වන්නේ.

    ‘සද්ධා’ කියන්නේ ආධ්‍යාත්මික ජීවිතයේ, ගමන් මාර්ගයේ ප‍්‍රවේශද්වාරයයි. ‘විරිය’ කියන්නේ එයින් පිවිසුණු පුද්ගලයා ඉදිරියට ගමන් කරන, උනන්දු කරවන ස්වභාවයටයි. ‘සතිය’ කියන්නේ එම ගමනේදී එක අරමුණක සිත පිහිටුවා ගැනීමයි. ‘සමාධි’ය කියන්නේ එසේ පිහිටුවා ගත් සිතේ පවතින තැන්පත් බව යි. එනම් අධිගමය යි.

    සද්ධා, විරිය, සති හා සමාධි කියන සතර ඉන්ද්‍රිය හරියට අපේ ඇස, කණ, දිව, නාසය, වැනි ඉන්ද්‍රිය වගෙයි. අපට ගමන් යෑම සඳහා අවශ්‍ය කරන පසුබිම සකස් කරනවා. ඇස් දෙකෙන් පේනවා. කන් දෙකෙන් ඇසෙනවා. කකුල් දෙකෙන් ඇවිදිනවා. අත් දෙකෙන් අවශ්‍ය කටයුතු කර ගන්නවා. ඒ වගේ සද්ධා ආදී ඉන්ද්‍රිය මගින් අපේ ආධ්‍යාත්මික ජීවන ගමනට අවශ්‍ය පසුබිම සකස් කරනවා. විමුක්තිගාමියාට විමුක්තිය ලබා දෙනවා. මේ නිසා මේවාට ‘අධිපති ධර්ම’ නැතිනම් ‘‘අධිපත්තෙය්‍ය ධර්ම’’ කියලා කියනවා. ධර්මානුකූල ජීවිතයේ ක‍්‍රියාකාරීත්වය තහවුරු කරන්නේ මේ ඉන්ද්‍රිය ධර්ම මගිනුයි.

    සද්ධා ඉන්ද්‍රිය

    සද්ධා කියන්නේ මොකක්ද ? සද්ධා කියන එක විවිධ තැන්වල, විවිධ විදිහට සඳහන් වෙලා තිබෙනවා. ‘ආලවක සූත‍්‍රයේ’ බුදු හාමුදුරුවන් අමතන ආලවක යක්ෂයා, ‘මේ ලෝකයේ මිනිසාට ඇති ශ්‍රේෂ්ඨතම ධනය කුමක්ද ?’ කියලා අහපු වෙලාවේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ ‘ සද්ද්‍ර විත්තං පුරිස්ස සෙට්ඨං’’ කියලා. පුරුෂයෙකුට ඇති ශ්‍රේෂ්ඨතම ධනය ශ‍්‍රද්ධාව ලෙසයි උන්වහන්සේ සඳහන් කළේ.

    ‘‘සද්ධා ධනං සීල ධනං – හිරිඔත්තප්පියං ධනං
    සුත ධනං වගෝච – සද්ධා මේ සත්තමං ධනං’’ යන සප්ත ආර්ය අතරින් ද සද්ධා මුල් තැනට ම වැටෙනවා.

    පින් කරන පුද්ගලයා මුලින් ම දන් දෙන්න ඕනෑ. පින් කරන්න පෙළෙඹෙන්නේ කුමක් නිසාද ? ශ‍්‍රද්ධාව නිසා නේද පින්වතුනි. ඒ වගේ ම ධර්මයේ පෙන්වා දෙනවා ‘සද්ධා ඡුාතො උපසංකමති’ කියලා. ධර්මයට එන්නේ කුමක් නිසාද ? ශ‍්‍රද්ධාව නිසා.

    බුදු දහමේ ඉගැන්වෙන ‘‘ශ‍්‍රද්ධාවයි’’ අන්‍යාගම්වල ඉගැන්වෙන ‘‘භක්තිය’ යි දෙක එකට අරගෙන බැලූවොත් මේ දෙකේ වෙනස අපට හොඳින් දැන ගන්න පුළුවන්. සියලූ දේවවාදී ආගම්වල ඉන්නේ ශ‍්‍රද්ධාවන්තයෝ නොවෙයි. බැතිමතුන්. කතෝලික බැතිමතුන්, හින්දු බැතිමතුන්, මුස්ලිම් බැතිමතුන් ආදී වශයෙන්. ඒ අය භක්තිවන්තයි.

    නමුත් බෞද්ධ බැතිමතුන් කියලා අපි කියන්නේ නෑ. බොදු සැදැහැවතුන්, නැතිනම් බෞද්ධ ශ‍්‍රද්ධාවන්තයින් කියලයි අපි කියන්නේ. බුදු දහමේ ඉන්නේ බැතිමතුන් නොවෙයි. සැදැහැවතුන්. ඇයි මේ අපි සැදැහැවතුන් කියලා කියන්නේ ? සැදැහැවතුන් කියන වචනය එන්නේ ‘‘සද්ධාති’’ කියන පාලි වචනයෙන්. සද්ධාති කියන වචනයේ තේරුම තමයි, ‘පිළිගත්’ කියන එක. අපි යමක් පිළිගන්නවා නම් ඊට සාධක අවශ්‍යයයි. භක්තිය කියන්නේ සාධක මත පිළිගැනීම නොවෙයි. විශ්වාසය මත පිළිගැනීමයි. දෙවියන් වහන්සේ, මහා බ‍්‍රහ්මයා, ඊශ්වර ආදීන් පිළිබඳ විශ්වාසයයි ඒ ඒ ආගම්වල තිබෙන්නේ. විශ්වාසය මත පිහිටා පිළිගැනීම තමයි වෙනත් ආගම්වල බැතිමතුන්ගේ ලක්ෂණය. යම්කිසි දිනක මේ විශ්වාසය පළුදු වී ද ? ඒ සමග ම භක්තිය අස්ථාවර වෙනවා. බුදු දහමේ තියෙන්නේ භක්තිය නොවෙයි. එතැන තියෙන්නේ ‘‘මම දකිමි’’ යන අර්ථය යි. ‘‘අහං පස්සාමි’’ ඒ නිසා ම ‘‘අහං – සද්ධාමි’’ මම පිළිගනිමි දකීමෙන් පිළිගැනීම, දැකීමෙන් භාර ගැනීම බුදු දහමේ එන ශ‍්‍රද්ධවයි.

    බුදු රජාණන් වහන්සේ දේශනා කරන්නේ, මගේ ධර්මය විවෘත වූ තරමට බබලන්නේ ය’’ කියලයි. හරියට මැණිකක් වාගේ. මැණිකක් හංඟලා තියෙන කොට බබළනවාද ? නැහැ නේද ? සුද්ධ පවිත‍්‍ර කරලා, ඔප මට්ටම් කරලා ගත්තාම කොච්චර ලස්සනද ? ඒ නිසා ම බුදු හාමුදුරුවෝ දේශනා කරනවා ‘‘ඒහි පස්සික’’ – එන්න බලන්න. බලලා තේරුම් ගන්න, කියලා.
    දවසක් උපාලි ගෘහපතියා ආවා බුදුහාමුදුරුවෝ ළඟට. මේ ගෘහපතියා හරිම ධනවත්. නිඝණ්ඨනාථපුත්තෙරැු් ශ‍්‍රාවකයෙක්. බුදුහාමුදුරුවෝ දකින්න නම් නොවෙයි ඒ ආවේ. ප‍්‍රශ්න අහලා බුදුහාමුදුරුවෝ අමාරුවෙ දන්නයි. නමුත් මේ සංවාදයේදී උපාලි ගෘහපතියා නොහිතපු දෙයක් සිදු වුණා. ඒ මොකක්ද ? මේ උපාලි ගෘහපතියා බුදුහාමුදුරුවන්ගේ ශ‍්‍රාවකයෙක් බවට පත් වුණා.
    බුදුහාමුදුරුවන් කියා සිටියේ, ‘‘ආගම මාරු කරන්න එපා. ඔබම ගිහින් කල්පනා කරලා හිතලා බලලා ඔබේ බුද්ධියෙන් වටහා ගන්න’’ කියලයි.

    මේ ධර්මය හොඳයි, මේ කුසල්, මේ ධර්මයේ ගමන් කළොත් හිතසුව පිණිස පවතිනවා කියලා හිතෙනව නම් පිළිගන්න. නරක නම් අත්හරින්න. බුදු දහම තියෙන්නේ වෙන කෙනෙක් කියන දෙයක් පිළිගන්න නොවෙයි. තමන්ගේ අත්දැකීම් පිට, තමන්ගේ ප‍්‍රත්‍යක්ෂය පිට පිළිගන්නා ධර්මයක්. ඒ නිසයි ‘‘පච්චත්තං වේදිතබේබො විඤ්ඤුුහි’’ කියලා සඳහන් වෙන්නේ. නුවණැතියන් විසින් තම තමන් විසින් ම දැනගත යුතු, ප‍්‍රත්‍යක්ෂ කරගත යුතු ධර්මයක් තමන්ගේ අවබෝධය තුළ තේරුම් ගෙන භාර ගන්නා දෙයක් අවසාන වශයෙන් ‘‘සද්ධා’’ යන වචනයේ තේරුම ලෙස සඳහන් කළ හැක්කේ ‘අවබෝධය තුළ පිළිගැනීම’’ යන්නයි.

    අපේ බෞද්ධ පින්වතුන් බුද්ධිමත්ව සිතාබලා බෞද්ධ ප‍්‍රතිපදාව තුළ ස්ථාවර ගමනක් යා යුතුයි. බෞද්ධ ධර්මය තුළින් පැහැදිලි කරගන්න පුළුවන් නියම සත්‍යය. චතුරාර්ය්‍ය සත්‍ය ගැන කියන විට සත්‍ය ඤාණ, කෘත ඤාණ, කෘත ඤාණ, යනුවෙන් සඳහන් වෙනවා. සත්‍ය ඤාණ කියන්නේ බුද්ධිමය වශයෙන් සත්‍යය දැකීමයි. සත්‍ය ඤාණය ඇති තැනැත්තා හරියට තිරයෙන් එහා දැල්වෙන පහනක් දකින්නේ යම් ලෙස ද ඒ ආකාරයට ඒ පාරේ ගිහින් නිවන් දකිනවා.

    පින්වතුනි, ශ‍්‍රද්ධාව විශ්වාසය මත පදනම් වූ දෙයක් නොවෙයි. අවබෝධය මත පදනම් වූ සද්ධාවෙන් යුක්තව බුද්ධ රත්නය මගේ, ධම්ම රත්නය මගේ, සංඝරත්නය මගේ කියන හැඟීමෙන් ක‍්‍රියා කරන්න. අපට ඇති එකම රත්නය, පිහිට, ත‍්‍රිවිධ රත්නය බව අවබෝධයෙන් කටයුතු කරන්න. ‘‘නත්ථි මෙ සරණං අඤ්ඤං බුද්ධෝ මෙ රතනං වරං, ධමෙමා මෙ රතනං වරං, සංඝො මෙ රතනං වරං’’ඒ නිසානේ පන්සිල් ගන්න පෙර, බුද්ධං සරණං ගච්ඡුාමි, ධම්මං සරණං ගච්ඡුාමි, සංඝං සරණං ගච්ඡුාමි’’ කියලා කියන්නේ. තෙරුවන් සරණ ගිය කෙනෙක් තමයි සද්ධාවන්තයෙක් හැටියට බුදු දහමේ පැහැදිලි කරන්නේ.

    වීර්යය ඉන්ද්‍රිය

    වීර්යයට පිවිසීමේ දොරටුවක් තමයි ශ‍්‍රද්ධාව. මේ දොරටුවෙන් ඇතුළු වුණා ම වේගවත්ව ඉදිරියට යන්න ඕනෑ. උද්යෝගයෙන්, උනන්දුවෙන්, උත්සාහයෙන් මේ ගමන යන්න ඕනෑ. එයට ‘‘වීර්යය’’ කියලා කියනවා. වීර්යය කියන එක විවිධ තැන්වල සඳහන් වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේට අපි කියනවා ‘‘මහා වීර්යයාණන් වහන්සේ ’’ කියලා. බුදුවීමේදී වීර්ය පාරමිතාවක් ලෙස පුරලා තිබෙනවා. වණ්ණුපත ජාතය ඊට හොඳ උදාහරණයක්. බෝසත් චරිතය, සිද්ධාර්ථ චරිතය, තාපස චරිතය දෙස බැලූවොත් ඒ වීර්ය කොතරම් ද කියලා හිතෙනවා. බුදුන් වහන්සේ වැනි වීර්යවන්තයෙක් මේ මිනිස් ඉතිහාසය පුරාවට අපට හමුවෙන්නේ නැහැ. බෝධිසත්වයන් වහන්සේගේ දුෂ්කර ක‍්‍රියා සමය ගැන හිතන්න. මොන තරම් වීර්යයකින් ඒ දේ කළා ද ? මහා සීහනද සූත‍්‍රය බැලූවහොත් උන්වහන්සේ මොන තරම් වීර්යයෙන් ක‍්‍රියා කළා ද කියලා දැනගන්න පුළුවන්. සත්‍ය සොයා යන ගමනේදී මොන තරම් දුෂ්කරතාවලට මුහුණ දුන්නාද ? නිවන සාක්ෂාත් කරගන්න මොන තරම් මහන්සි වුණා ද ? වීර්යයෙන් ක‍්‍රියා කළාද ? ඒ නිසා, ඒ සඳහා යොමුවෙන්න ඕනෑ… වීර්ය වඩන්න ඒනෑ. නොයෙකුත් දුෂ්කරතාවලට, අභියෝගවලට, දැඩි අධිෂ්ඨානයෙන් මුහුණ දෙන්න වෙනවා.

    අපටත් නිවන් සැපත ලබා ගන්න, ළඟකර ගන්න පුළුවන්. ඒත් ඒක හරිම දුෂ්කර, අසීරු කටයුක්තක්. බැරි නෑ උත්සාහ කළො.් වීර්ය තිබෙනා නම්. මේ සියලූ දේ අත්හැරලා අභිනිෂ්ක‍්‍රමණය කිරීම හරිම අමාරුයි. ආසාවන්, තෘෂ්ණාව නැති කළොත් හරිම ලේසියි. ඒ අත්හැරීම තමයි දුෂ්කර කාර්යයක් වෙන්නේ. ශ‍්‍රද්ධාවෙන් එළඹ ගත් වීර්යයෙන් ඒ ගමන යා යුතුයි. ධර්මානුකූල චර්යාව සාර්ථක කර ගන්න නම් වීර්යය වැඞීම අනිවාර්යය දෙයක්. ලෞකික ජීවිතය සාර්ථක කර ගන්නටත් වීර්යය නැතිව බැහැ. දෛවයෙන් හැමදේම සිදුවෙයි කියලා බලාගෙන හිටියට ඒ එක රෝදයක් විතරයි. අනෙක් රෝදේ වීර්යය. ඒ නිසා වීර්යය නැතිව තනි රෝදෙන් මේ ගමන යන්න බැහැ.

    ‘‘සතිය’’ කියන්නේ සිහියට යි. බුදු දහමේ සිහියට වැදගත් තැනක් දෙනවා. සතියෙන් තොරව කටයුතු කිරීම, සති සම්පජඤ්ඤයෙන් තොරව කටයුතු කිරීම, මනාව දැන දැක කටයුතු නොකිරීම, අවධියෙන් තොරව කටයුතු කිරීම බෞද්ධ මාර්ගයේ තමන් කිරීමට ලොකු බාධාවක්. සිහිය එනිනෙද්‍ර ජීවිතයේ දී, ධර්මානුකූල ජීවිතයේදී ඉතාම වැදගත් වෙනවා. පටාචාරා, ඇඳුමක්වත් නැතිව බුදුහාමුදුරුවෝ ළඟය දුවගෙන ආ වේලාවේ උන්වහන්සේ දේශනා කළේ ‘‘සිහිය උපදවා ගන්න’’ කියලයි. ප‍්‍රකෘති සිහියට එන්න කියලයි.

    අපි ජීවත් වෙන්න ඕන සිහියෙන් යුක්තවයි. ඇවිදින්න ඕනෑ සිහියෙන් යුක්තවයි. කන්න බොන්න ඕන සිහියෙන් යුක්තවයි. අපේ සමහර ඇත්තෝ රූපවාහිනිය බල බල කනවා. කෑවේ මොනවද කියලවත් දන්නේ නැහැ. පිඟානට අත යනවා – අත කටට යනවා. කෑවේ බත් ද පාන් ද කියලවත් සමහරු දන්නේ නැහැ. බුදු දහමේ මේ දේවල් අනුමත කරන්නේ නැහැ. අවිදින කොට ‘‘මම ඇවිදිනවා’’ කියලා සිහිය තියෙන්න ඕනෑ. හිටගෙන ඉන්න කොට ‘‘මම හිටගෙන ඉන්නවා’’ කියලා සිහිය තියෙන්න ඕනෑ. කෑම බීම ගන්න කොට, පොතක් පතක් බලන කොට, ගමනක් බිමනක් යනකොට පමණක් නොවෙයි වැසිකිළි කැසිකිළි යන කොට පවා ඒ සෑම දෙයක්ම සිහියෙන් කරන්න ඕනෑ. එහෙම නොවෙන කොට හැමදේම අවුල් වෙනවා. පිළිවෙළක් නෑ. කිසිම දෙයක් හරියට කරගන්න බැහැ. ඒ නිසා ‘‘එළඹ සිහියෙන් ක‍්‍රියා කිරීම’’ ඉතා වැදගත් බව බුදු දහමේ සඳහන් වෙනවා.

    බෞද්ධ සම්ප‍්‍රදාය තුළ සිහියෙන් කටයුතු කළ යුතුමයි. එසේ කටයුතු කරන විට සිදුවන අනතුරු අඩුයි. වරදින්නේ නැහැ. ජයග‍්‍රහණය කරන්න නම්, නිවැරදි වෙන්න නම්, නිසි ලෙස යමක් කරන්න නම්, කියන්න නම් සිහියෙන් යුතුව කටයුතු කිරීම ඉතා ම වැදගත්. එහෙම නැතිව ක‍්‍රියා කිරීමේදී අත්වන දුර්විපාක බොහොමයි. අවාසි, ගැටලූ බොහොමයි. ඒවාට උදාහරණ ගණනාවක් ම අපට අපේ සමාජයේ සිදුවන දේවල්වලින් ඉදිරිපත් කළ හැකියි.

    සමාධි ඉන්ද්‍රිය

    සමාධියත් ඉහත සඳහන් කළ සද්ධාව, වීර්යය, සතිය හා සමානව ඉතාම වැදගත් ධර්මතාවයක්. සමාධිය සමථ භාවනාවක්. සමථය කියන්නේ අපේ සිත්සතන් තුළ විසිර පවත්නා ක්ලේශ ධර්ම යටපත් කිරීමයි. තදංග ප‍්‍රහාණ, වික්ඛම්භන ප‍්‍රහාණ වශයෙන් ක්ලේෂ යටපත් කළ යුතුයි. අපේ සිත විවිධ අරමුණු ඔස්සේ ගමන් කරනවා. ‘දුරං ගමං ඒක චරං’ දුර ගමන් යනවා. දියෙන් ගොඩ දැමූ මත්ස්‍යයෙක් වාගේ තමයි. එකතැන තියා ගන්න අමාරුයි. විවිධ අරමුණු ඔස්සේ ගමන් කරන සිත එක අරමුණක තබා ගැනීම, එක්තැන් කිරීම ‘‘සමාධිය’’ යි. සමාධිගත වන පුද්ගලයා ප‍්‍රඥාව මෙහෙයවා කෙළෙස් මුලිනුපුටා දමනවා.

    පින්වතුනි, ගොයම් මිටියක් කපන්න නම් අතින් අල්ලා ගත යුතුයි. ඒ අල්ලා ගැනීම ‘සමථය’ යි. කපා දැමීම විදර්ශනා ඤාණය යි. ඒ නිසා සමථ භාවනාව වගේම විදර්ශනා භාවනාවත් නිවන් මග, නැතහොත් බෞද්ධයාගේ පරම නිෂ්ටාව උදෙසා අවශ්‍ය වෙනවා. ඒ සමාධිය යි. විමුක්ති මාර්ගය උදෙසා සමථය අතිශයින් ම උපයෝගී වෙනවා.

    ඉහත සඳහන් කළ ඉන්ද්‍රිය ධර්ම අපේ ජීවිතවලට අතිශයින්ම වැදගත් වෙනවා. විමුක්තියට අදාළ ගමන් මඟ සාධනය කර ගන්නට, සද්ධාවෙන් එළඹෙනවා. ගමන යාමට තල්ලූව දෙන්නේ වීර්ය යි. ඒ ගමන යන්නට සිහිය තියෙන්න ඕන. සිතෙහි එකඟ බව, සමාධිය ප‍්‍රඥාව කරා ගමන් කරනවා. ඒ නිසා මෙම ඉන්ද්‍රිය ධර්ම බෞද්ධයාගේ ප‍්‍රතිපදාවට, ප‍්‍රතිපදාවේ ඉදිරි ගමනට ඉමහත් රුකුලක්් වෙනවා. විමුක්ති ළඟකර ගැනීමට නම් මෙම කරුණු හතර උපයෝගී කරගත යුතුම යි.

    ඉහත සඳහන් ධර්ම සිතට ගන්නා ඔබට ඒ අනුව ක‍්‍රියා කිරීමෙන් මෙලොව මෙන් ම පරලොව ජීවිතය ද සාර්ථක කරගෙන පරම ශාන්ත වූ අමා මහා නිවනින් සැනසීමට හැකි වෙනවා. ඒ සඳහා සිත් පහළ වේවා, සිත් පහන් වේවා.

    සටහන – කුසල් ධම්මික විතානගේ

  • ආණ්ඩු බලය දිනා ගන්න පුළුවන් පොහොට්ටුවට හෝ අලියට පමණයි – රනිල්

    ආණ්ඩු බලය දිනා ගන්න පුළුවන් පොහොට්ටුවට හෝ අලියට පමණයි – රනිල්

    සහෝදරයින් දෙදෙනකුට බලය දී එක් වේලක් කනවාද ? තුන් වේලම කන්න එක්සත් ජාතික පක්ෂයට බලය දෙනවාද යන්න ජනතාව අගෝස්තු 05 වැනිදා තීරණය කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරග කරන එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම සදහා අද (02) ගාල්ල ක්‍රීඩා මණ්ඩප ශාලාවේ සංවිධානය කර තිබූ ජනහමුවේදී එජාප නායකයා මේ බව සදහන් කළේය.

    ‘මේක දේශපාලනඥයින්ගේ ඡන්දයක් නොවෙයි ඔබේ ඡන්දයක්. ඔබයි පාර්ලිමේන්තුවට පත්කර යැවිය යුතු අපේක්ෂකයින් තෝරා ගන්නේ. ඔබට ලබන පස් වැනිදාට තෝරා ගැනීමට තිබෙන්නේ පක්ෂ දෙකයි. ඒ පක්ෂ දෙකට පමණයි මේ රටේ ආණ්ඩු බලය ලබා ගැනීමේ හැකියාව තිබෙන්නේ. ඒ තමයි වත්මන් ආණ්ඩු බලය හිමි පොදුජන එක්සත් පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය. වෙන කිසිම පක්ෂයකට ආණ්ඩු බලය දිනා ගන්න බැහැ.

    කාගේදෝ දේශපාලන පක්ෂයක් කියා තිබුණා ශක්තිමත් විපක්ෂයක් අවශ්‍යයි කියලා. තව පක්ෂයක් කියලා තිබුණා උතුරේ ජනතාවගේ ප්‍රශ්න විසදනවා කියලා. තව පක්ෂයක් ඇවිල්ලා ඉන්නේ මට බනින්න විතරමයි. ඒ නිසා මම ඉල්ලා සිටින්නේ වගකීමෙන් ඡන්දය ප්‍රකාශ කරන්න. මේ අවස්ථාවේ ඔබ ගන්නා තීරණය අනුව තමයි ඔබේ අනාගතය තීන්දු වෙන්නේ‘

  • ජනපති සමග වැඩකළ හැකි කණ්ඩායමක් පාර්ලිමේන්තුවට එවන්න – අගමැති මහින්ද

    ජනපති සමග වැඩකළ හැකි කණ්ඩායමක් පාර්ලිමේන්තුවට එවන්න – අගමැති මහින්ද

    හැට නව ලක්ෂයක් ජනතාව අනුමත කළ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දෙන කණ්ඩායමක් මෙවර මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තෝරාපත් කර ගැනීම අත්‍යවශ්‍ය කරුණක් බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

    වැඩක් කිරීමට සූදානමින් සිටින ජනාධිපතිවරයාට අවශ්‍ය වන්නේ වැඩක් කළ හැකි ඒ පිළිබද අවබෝධයක් ඇති කණ්ඩායමක් බවට අගමැතිවරයා මෙහිදී සදහන් කළේය.

    අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ බව සදහන් කළේ අද (02) පෙරවරුවේ හම්බන්තොට වෙරළ උද්‍යානයේ සංවිධානය කර තිබූ ජන හමුවේදීය.

    මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන් වන අද දිනයේ දී අගමැතිවරයාගේ සහභාගීත්වයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කය පුරා ජනහමු රැසක් සංවිධානය කර තිබුණේය.

    මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් අගමැතිවරයා කියා සිටියේ අගෝස්තු 05 වැනිදා පාන්දරමින්ම ඡන්ද පොළට ගොස් පොහොට්ටුව ඉදිරියෙන් කතිරය ගසා මනාප තුනම ලකුණු කරන ලෙසයි. කටකතාවලට රැවටී ඡන්ද අයිතිය අහිමිකර නොගන්නා ලෙස ද මෙහිදී අගමැතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

    අගමැතිවරයා කියා සිටියේ වසර පහකට පමණක් බලයට පැමිණ අනාගත පරපුරට අයිති සම්පත් විකුණා දමා කොළඹට පැන දිවූ නායකයින් සිටින මෙවැනි යුගයක ගමේ සංවර්ධනය වෙනුවෙන් කැපවී සිටින නායකයින්ට ජනතාව ඡන්දය ලබාදිය යුතු බවයි.

  • වරාය සේවක වැඩ වර්ජනය අවසන්

    වරාය සේවක වැඩ වර්ජනය අවසන්

    කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා නොදී එය ශ්‍රී ලංකා වරාය අධිකාරියට පවරණ ලෙසට ඉල්ලමින් වරාය වෘත්තිය සමිති 23ක් එක්ව ආරම්භ කළ සත්‍යග්‍රහය අවසන් කර යළි සේවයට වාර්තා කිරීමට වර්ජනයේ නිරත වරාය වෘත්තීය සමිති අද (02) තීරණය කළා.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවේදී ඇතිවූ එකඟතාවලට අනුවයි සත්‍යග්‍රහය හා වැඩවර්ජනය අවසන් කිරීමට වෘත්තීය සමිති පියවර ගත්තේ. මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෘත්තීය සමිති ප්‍රකාශකයෙක් සදහන් කළේ අද උදෑසන වීරකැටිය කාල්ටන් නිවසේ්දී අග්‍රාමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාව සාර්ථක ලෙස අවසන් වූ බවයි.

  • ෂාරුක් ඛාන්ගේ සුපිරි රහසක් රැසක් එළියට !

    ෂාරුක් ඛාන්ගේ සුපිරි රහසක් රැසක් එළියට !

    ෂාරුක් කෑම කන්නේ කෑම අවශ්‍ය නිසා මිස කෑමට ඇති ආසාව නිසා නොවෙයි. ඔබ ඔහුට දිවා ආහාරය ගැන මතක් නොකරන්නේ නම් ඒ ගැන කිිසිදු හැගීමකින් තොරව ඔහු සතුටින් වැඩ කරනවා. ඔහු තම රැකියාවට ඒ තරම් ආදරෙයි. ඔහුට ඉන් එහා ලෝකයක් නැති ගානයි.

    ‘ෂාරුක් – ජුහී වව්ලා‘ කියන්නේ බොලිවුඩයේ යුගයක් ආලෝකමත් කළ ආදර අන්දරයක්. බොලිවුඩ් රසිකයින්ගේ අසීමිත ආදරය දිනාගත් පෙම්වතුන් යුවළක්.

    ෂාරුක් ජුහි චව්ලා සමඟ චිත්‍රපට කිහිපයකම රගපා ඇති අතර ඒවා රසිකයින්ගේ අසීමිත ආදරය දිනා ගත්තා.

    මේ අතර ජුහී පසුගිය දා ෆිල්ම් ෆෙයාර් සමඟ සම්මුඛ සාකච්ඡාවකදී තම මිතුරාගේ ආහාර රහස් රැසක් මාධ්‍ය හමුවේ හෙළි කළා. මොහොතකින් මේ රහස මුළු බොලිවුඩයම දැන ගත්තා. දැන් එය ලංකාවේ ඔබත් දැන ගන්න සූදානම් වෙනවා. බලන්න ජුහී හෙළි කළ ඒ රස රහස කුමක් ද කියලා.

    ෂාරුක් ඛාන්

     
    “ෂාරුක් ඛාන් දිල්ලියේ සිට බොලිවුඩයට පැමිණි විට ඔහුට මුම්බායි දැන් වාගේ සුපිරි නිවසක් තිබුණේ නැහැ.  ඔහු කර්මාන්තය තුළ ස්ථාවර වෙන තෙක් අසීරු ජීවිතයක් ගත කළා. ලාභ ආහාර තමයි ඔහු ගෙන තිබුණේ. ඒත් පුරුදු විහිදට අනෙක් අයත් එක්ක එකම පිගානේ. ඔහු කි චයි ki chai (කිරි සහ හකුරු මුසුකළ පානයකි) පවා සකස්කර ගත්තා. 

    ඔහු සෑම කෙනෙකු සමඟම ඇසුරු කළා. ඔහු හරිම සරලයි. ඔහුගේ ළමා වියේ සිටම පැවැති ආදර සම්බන්ධය මත ගෞරි සමග විවාහයෙන් පසු ඔහු නිවසින් ආහාර ලබා ගැනීමට පටන් ගත්තා. ඔහු වඩාත් කැමති චිකන් ටික්කා (chicken tikka) සහ සුඛි සි රොටි (sukhi si roti) වලටයි. 

    ෂාරුක් කෑම කන්නේ කෑම අවශ්‍ය නිසා මිස කෑමට ඇති ආසාව නිසා නොවෙයි. ඔබ ඔහුට දිවා ආහාරය ගැන මතක් නොකරන්නේ නම් ඒ ගැන කිිසිදු හැගීමකින් තොරව ඔහු සතුටින් වැඩ කරනවා. ඔහු තම රැකියාවට ඒ තරම් ආදරෙයි. ඔහුට ඉන් එහා ලෝකයක් නැති ගානයි. මට නම් එය මිත්‍යාදෘෂ්ටියක් වාගේ. මට විශ්වාසයි ඔහු අදත් එහෙමයි කියලා. 

    සරල, සෞඛ්‍ය සම්පන්න ආහාර තමයි ඔහු කැමති දේ. ඔහු කෑම ගැන කරදර කරන්නේ නැහැ. එය ප්‍රශංසනීය ගුණාංගයක් ” 

    ෂාරුක් ඛාන්

    ෆිල්ම් ෆෙයාර් ඇසුරිණි – සැකසුම – තුෂාධවි

  • බොලිවුඩය කැළඹු ප්‍රියංකා චොප්රාගේ සුපිරි ඡායාරූපය මෙන්න

    බොලිවුඩය කැළඹු ප්‍රියංකා චොප්රාගේ සුපිරි ඡායාරූපය මෙන්න

    සුපිරි බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා ජොනාස් කියන්නේ තම රසිකයින් සමග සේම පැපරාසීන් වෙත ද එකසේ සුහද ආකල්පයක් දක්වන නිළියයක්. විශේෂයෙන් පැපරාසි ඡායාරූප ශිල්පීන්ගේ අරමුණ ගැන මනාව දන්නා ඇය ඔවුන්ට වඩාත් හොද ඡායාරූපයක් ලබා ගැනීමට අවස්ථාව ලබා දෙනවා.

    ඒ නිසා ප්‍රියංකාගේ රතු කාපට් මත පෙනුම පමණක් නොව ඇගේ ගුවන්තොටුපල පෙනුම, නිවසේ පෙනුම, නිවාඩු පෙනුම සහ මුළුතැන්ගෙයි පෙනුම පවා බොලිවුඩ් රසිකයින් අතර මහත් උන්නදුවක් ඇති කිරීමට සමත් වෙනවා. 

    කොවිඩ් වසංගතය නිසා බොලිවුඩය අගුළු ලා ඇති බැවින් ප්‍රියංකා මේ දිනවල ජීවත් වෙන්නේ තම සැමියා සමග ලොස් ඇන්ජලීස් නුවර. ඒත් බොහෝ ඈත සිටියත් ඇය තම රසිකයින් සමග පවත්වන සුහද – මිත්‍රශීලී සම්බන්ධය අඛණ්ඩව පවත්වා ගෙන යාමට පියවර ගත්තා.

    මේ අතර ප්‍රියංකා පසුගිය දා සිය නවතම ඉන්ස්ටග්‍රෑම් සටහන සමග සිය රසිකයින් කුල්මත් කළා. එය දස ලක්ෂ ගණන් පිරිසකගේ ක්ෂණික අවධානයට ලක් වුණා.

    ඇයගේ මේ ඡායාරූපය අපගේ ද අවධානයට ලක් වූයේ ඇය එහි ඉතා සුන්දර ලෙස පෙනෙන නිසයි්‍

    ප්‍රියංකගේ මෙම ඡායාරූපය සමග ඇයගේ විලාසිතාව ද දැඩි අවධානයක් දිනා ගත්තා. ඒ නිසා අපි ඒ විලාසිතාව ගැනත් කෙටි සටහනක් තැබීමට තීරණය කළා.

    පොල්කා තිත් සහිත ඇඳුම – Polka-dotted dress

    ප්‍රියංකා චොප්රා තෝරාගත්තේ පොල්කා තිත් සහිත කළු සහ සුදු ඇඳුමකි. එය ඇයට මනාව ගැළපෙන අතර කිසියම් සරාගී බවක් ද එක් කරයි.

    මැට් නිය ආලේපන – Matte nail polish

    ප්‍රියංකා මෘදු බෙරී මැට් නිය ආලේපනයක් (soft berry matte nail polish) තෝරා ගත් අතර එමඟින් පෙනුම අවශ්‍ය ප්‍රමාණය වැඩි විය.

    රෝස තොල් -Rosy lips

    දැවෙන හිරු යට ඇගේ මුහුණ නැවුම් හා සිනිඳු පෙනුමක් ලබා ගැනීම සඳහා ප්‍රියංකා තම තොල් මත රෝස පැහැති කහ පැහැති ඉරක් තෝරා ගත්තාය.


    සිනිඳු අව් කණ්ණාඩි යුගලයක් – Sleek pair of sunglasses

    ඇගේ චතුරස්රාකාර අව් කණ්ණාඩි පෙනුමට අවශ්‍ය අගය එකතු කළ අතර ගිම්හාන කාලය තුළ සූර්යයාගේ දැඩි පීඩනයෙන් ඇයව ආරක්ෂා කිරීමට සක්‍රීය ලෙස ක්‍රියා කරයි.

    අවුල් වුණ කෙස් කළඹ Messy bun

    ප්‍රියංකා විකල්ප එහෙත් සම්භාව්‍ය පෙනුමක් ලබා ගැනීම සදහා Messy bun විලාසිතාව තෝරා ගත්තාය.


    Filmfare ඇසුරිණි – සැකසුම – තුෂාධවි

  • නුවරඑළිය SJB අපේක්ෂිකා ‘නීතිඥ හිරන්‍යා හේරත්’ පාර්ලිමේන්තුවට තෝරාපත් කර යැවිය යුතුමය

    නුවරඑළිය SJB අපේක්ෂිකා ‘නීතිඥ හිරන්‍යා හේරත්’ පාර්ලිමේන්තුවට තෝරාපත් කර යැවිය යුතුමය

    දශක ගණනාවකට පසු නුවරඑළියෙන් ජාතික දේශපාලනයට පිවිසි එකම කාන්තා නියෝජනය වන හිරන්‍යා හේරත් මහත්මිය අප වෙනුවෙන්… අපේ දරුවන් වෙනුවෙන් වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තුවට පත්කර යැවීම අද නුවරඑළියේ ජනතාව වන අප හමුවේ ඇති ඓතිහාසික වගකීමකි. යුතුකමකි.

    රටට ප්‍රජාතන්ත්‍රවාදය ද? ඒකාධිපතිවාදය ද ? නුවරඑළියට සංවර්ධනය ද ? නැතහොත් පරණ සුපුරුදු සූරා කෑම ද ? විකල්පය තෝරා ගැනීමට තවත් ඇත්තේ දින කිහිපයකි. එනිසා මේ තීරණාත්මක අවස්ථාවේ නුවරඑළියේ බුද්ධිමත් ඡන්දදායකයින්ගෙන් විශේෂ ඉල්ලීමක් කළ යුතුය.

    ඒ මෙවර මහ මැතිවරණයේදී නුවරඑළියේ සාම්ප්‍රදායික අන්ත දූෂිත ප්‍රභු පවුල් පාලනයට අභියෝග කරමින් ජනතාව අතරින්, ජනතාව වෙනුවෙන් ඉදිරිපත්ව සිටින සමගි ජන බලවේගයේ අපේක්ෂිකා නීතිඥ හිරන්‍යා හේරත් මහත්මිය වෙනුවෙන් නොව නුවරඑළියේ ජීවත් වන, එයට ආදරය කරන ඔබ මා වෙනුවෙනි.

    පසුගිය 70 වසරක දේශපාලන ඉතිහාසය පුරා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් කැබිනට් ඇමතිවරු, ඇමැතිවරු, නියෝජ්‍ය ඇමැතිවරු සහ මන්ත්‍රීවරු සිය ගණනක් බිහි වුවත් අදත් ලංකාවේ තිබෙන පසුගාමී දිස්ත්‍රික්ක අතරින් නුවරඑළිය ඉදිරියෙන්ම සිටින බව ඔබ හොදින් දන්නා කරුණකි. ඒ සදඑා හොදම උදාහරණ සෞඛ්‍ය සේවයයි. අන්ත දුප්පත් වතුකම්කරු සහ ගොවි ජනතාවක් වෙසෙන නුවරඑළිය යනු අඩුම වෛද්‍යවරුන් පිරිසක් සේවය කරන දිස්ත්‍රික්කයයි.

    අධ්‍යාපනය, ක්‍රීඩා, කෘෂිකර්මාන්තය, වැවිලි කර්මාන්ත සහ රාජ්‍ය සේවය අතින් ගත් විට ද තත්ත්වය සෞඛ්‍යට දෙවැනි නැත. නුවරඑළියේ පාසල් බහුතරකට පුහුණු ගුරුවරුන් හා විදුහල්පතිවරුන් නොමැති අතර භෞතික සම්පත් හිගය ගැන කතා කිරීමට දෙයක් නැත.

    ක්‍රීඩා ඇමැතිවරු තිදෙනක් පත් කළ දිස්ත්‍රික්කයක් වුවත් නුවරඑළියේ දරුවන්ට ක්‍රීඩා කළ හැකි ක්‍රීඩාංගනයක් නැත. නුවරඑළියෙන් ජාතික තලයට ගිය ක්‍රීඩකයෙක් – ක්‍රීඩිකාවක් නැත.

    වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, වතු යටිතල පහසුකම් අමාත්‍යාංශය පසුගිය කාලය පුරාම නුවරඑළියට සින්න වූ අමාත්‍යධුර විය. එහෙත් අදත් වතු කම්කරු ජනතාවගෙන් අති බහුතර ජීවත් වන්නේ කිසිදු පහසුකමක් නැති පේලි නිවාසවලය. ඔවුන්ට කියා බිම් අගලක් නැත.

    ඔවුන් තම දෛනික වැටපු වැඩි කර ගැනීමට කළ සියලු අරගල නුවරඑළියේ දේශපාලන ප්‍රබලයින් විසින් පවාදී ඇත. එනිසා අදත් නුවරඑළියේ වතු ජනතාව යනු අඩුම දෛනික වැටුපක් ලබන දැවැන්තම සූරා කෑමට ලක්ව සිටින කණ්ඩායමයි.

    එළවළු, අල, මල් වගාව පදනම් කරගත් නුවරඑළියේ ගොවි ජනතාව ද මුහුණ දෙන්නේ මීට දෙන්නේ මීට නොවෙනස් තත්ත්වයකටය. ඔවුන්ගේ නිෂ්පාදන සදහා විධිමත් වෙළෙදපොළක්, සාධාරණ මිලක් ලබා දීමට පසුගිය 70 වසර පුරා බලයට පත් කිසිදු ප්‍රභූ දේශපාලනඥයෙක් පියවර ගත්තේ නැත. එනිසා අදත් නුවරඑළියේ ගොවිජනතාව අතරින් බහුතරය අන්ත දිළින්දෝය.

    නුවරඑළියේ උගත් තරුණ – තරුණියන්ට පසුගිය කාලය පුරා රජයේ රැකියාවක් ලැබුණේ නැත. නුවරඑළියෙන් පත්ව ගිය ප්‍රභූ දේශපාලනඥයින් ඒවා මිලදට විකුණා දමා හෝ තම හිතමිතුරන් අතර බෙදා දී තම මඩිය තරකර ගත්තා පමණකි. ඇතැම් රජයේ රැකියා ලබාදීමට තරුණියන්ගෙන් ලිංගික අල්ලස් ගත් බව ද ප්‍රකට කරුණකි.

    මේ අතර නුවරඑළියෙන් බිහි වූ අල්පයක් වූ විද්වතුන්ට, වෘත්තිකයින්ට රජයේ ඉහළ තනතුරු ලැබුණේ ද නැත. ඒවා ප්‍රභූ දේශපාලනඥයින්ගේ පවුලේ ඥාතීන් හෝ මිතුරන් අතර බෙදා ගත් අතර ඔවුහු ඒවා කෙළිබිමක් බවට පත්කර ගත්හ. නුවරඑළියට කටුවක්වත් ලැබුණේ නැත. ලැබුණා නම් ඒ ලිංගික සූරාකෑම හෝ අල්ලසට රැකියා විකුණා දැමීම පමණකි.

    කාන්තාවන්ට සිදුව ඇති අගතිය

    නුවරඑළියේ අති බහුතරය කාන්තාවන්ය. වතුකරයේ, ගොවිබිමේ, වෙළෙදපොළේ, ගව පට්ටියේ ශ්‍රමය වගුරමින් දහසක් දුක් විදින්නේ මේ කාන්තාවන්ය. රටට විදේශ විනියමය, නුවරඑළියට ආදායම් ගෙන එන්නේ මේ කාන්තාවන්ය.

    එහෙත් නුවරඑළියේ කාන්තාවන්ගේ තත්ත්වය අතිෂය නොදියුණුය. ඛේදවාචකයකි. ඔවුන්ට නිසි වැටුපක්, සෞඛ්‍ය පහසුකම්, ආදායම් තත්ත්වයක් හා ගරුත්වයක් නොව නිසි පවුල් ජීවිතයක් පවා ගත කිරීමට අවස්ථාවක් නැත.

    වතු කම්කරු කතුන් සේම ගොවිබිම්වල ශ්‍රමය වැය කරන කාන්තාවන් ද අසීමිත සූරා කෑමට ලක්ව ඇති අතර ඔවුන් දෙස පසුගිය 70 වසර පුරා ප්‍රභූ දේශපාලනඥයින් ඇසක් ඇර බලා නැත. ඔවුන්ගේ ජීවන තත්ත්වය, ආර්ථික තත්ත්වය, සමාජ තත්ත්වය, සෞඛ්‍ය තත්ත්වය දියුණු කිරීමට කිසිදු දෙයක් කර නැත.

    මේ නිසා අද නුවරඑළියේ අති බහුතරයක් කාන්තාවන් ක්ෂුදු මූල්‍ය මාෆියාවේ ගොදුරු බවට පත්ව ඇත. ණයකාරියන් බවට පත්ව ඇත.

    නුවරඑළිය පුරා අසීමිතය මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ යාම නිසා ඔවුන්ගේ සැමියන්, දරුවන් විනාශ වී ඇති අතර පවුල් ජීවිත අවුල් වී ඇත. අනාගතය අදුරු වී ඇත.

    කොටින්ම නුවරඑළියේ කාන්තාවන් සරණක් අහිමි, පිළිසරණයක් අහිමි පිරිසක් බවට පත්ව ඇත.

    මේ යුගය වෙනස් කළ යුතුමය

    ලෝකය වෙනස් වෙමින් පවතී. එනිසා නුවරඑළියේ අපි ද මේ දූෂිත ප්‍රභූ පවුල් පාලනය පරාජය කර අලුත් දේශපාලන නායකත්වයක් පත් කළ යුතුමය.

    රේණුකා හේරත් මහත්මිය අමාත්‍යධුරයට පත් පත් වීමෙන් පසුව නුවරඑළියෙන් කාන්තා නියෝජනයක් සිදුව නැත. අප විසින් සිදුකර ඇති බරපතළම වරදක් ලෙස එය සැලකිය හැකිය. දිසානායක – තොණ්ඩමන් ප්‍රභූ පවුල් පාලනයට යටව අන්ත දුක් වින්දා මිස අප ඒ දූෂිත ප්‍රභූ පවුල් පාලනය වෙනස් කිරීමට කිසිවක් කළේ නැත.

    එනිසා මෙම මහ මැතිවරණයේදී අප විසින් තීරණාත්මක තීන්දුවක් ගත යුතුය. ඒ අප වෙනුවෙන්, අපේ දරුවන් වෙනුවෙන් පමණක් නොව සමස්ත රටත් – ජාතියත් වෙනුවෙනි.

    ඒ වෙනස කළ හැක්කේ අපිට හිතවත්, අපි අතරින්ම බිහි වූ ‘අපේම කෙනෙක් පාර්ලිමේන්තුවට තෝරා පත්කර යැවීම මගිනි.

    වසර ගණනාවකට පසු, නුවරඑළියේ පොදුජනතාව වෙනුවෙන් අනුපමේය සේවයක් කළ හිටපු ඇමතිනී රේණුකා හේරත් මැතිණිය දේශපාලනයෙන් හා දිවි ගමනින් සමුගත් පසු අපට දෛවෝපගත ලෙස ඒ ස්වර්ණමය අවස්ථාව උදාවී ඇත. ඒ රේණුකා හේරත් මැතිණියගේ දියණිය නීතිඥ හිරන්‍යා හේරත් මහත්මියගේ දේශපාලන ආගමනය සමගිනි.

    ඇය පසුගිය කාලය පුරා සිය මවගේ සෙවනැල්ල සේ කටයුතු කරමින් අපේ දුක – සැප, අවශ්‍යතා මනාව හදුනාගත් අපේම හිතවතියකි… මිතුරියකි… ඥාතිවරියකි… දියණියකි. ඒ නිසා ඇය ගැන දෙවරක් සිතීමට අවශ්‍යතාවක් නැත. නුවඑරළියෙන් බිහි වූ කීර්තිමත්ම දේශපාලනඥවරිය වන රේණුකා හේරත් මැතිණිය ගත් ඒ මග ඇය විසින් ද අනුගමනය කරන බව පැහැදිලිය. ඇය තම මව ආරම්භ කළ ගමන අවසානයක් කරා ගෙන යනු ඇත.

    ඒ නිසා දශක ගණනාවකට පසු නුවරඑළියෙන් ජාතික දේශපාලනයට පිවිසි එකම කාන්තා නියෝජනය වන හිරන්‍යා හේරත් මහත්මිය අප වෙනුවෙන්… අපේ දරුවන් වෙනුවෙන් වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තුවට පත්කර යැවීම අද නුවරඑළියේ ජනතාව වන අප හමුවේ ඇති ඓතිහාසික වගකීමකි. යුතුකමකි.

    දෙවරක් නොසිතන්න. සමගි ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂිකා නීතිඥ හිරන්‍යා හේරත් මහත්මිය වෙනුවෙන් අපේ වටිනා මනාපය සලකුණු කර ඒ ජාතික වගකීම ඉටුකරමු.

    මම, තීක්ෂණ බණ්ඩාර කරල්ලියැද්ද

  • මරණ දඩුවම නියම වූ ‘ප්‍රේමලාල් ජයසේකරගේ’ අපේක්ෂකත්වය ශුන්‍ය හා බලරහිත කරන ලෙස ඉල්ලීමක්

    මරණ දඩුවම නියම වූ ‘ප්‍රේමලාල් ජයසේකරගේ’ අපේක්ෂකත්වය ශුන්‍ය හා බලරහිත කරන ලෙස ඉල්ලීමක්

    පුද්ගල ඝාතනයක් කිරීම සම්බන්ධයෙන් අධිකරණය විසින් මරණ දඩුවම නියම කරනු ලැබ සිටින රත්නපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ප්‍රේමලාල් ජයසේකර ගේ අපේක්ෂකත්වය ශුන්‍ය හා බලරහිත කරන ලෙස ඉල්ලා සමගි ජනබලවේගයේ නිත්‍ය නියෝජිත කීර්ති තෙන්නකෝන් විසින් මැතිවරණ කොමිසම වෙත ලිපියක් යොමු කර ඇත.

    එම සම්පූර්ණ ලිපිය පහත පළ වේ.

    2020 අගෝස්තු මහින්ද දේශප්‍රිය මහතා, සභාපති මැතිවරණ කොමිෂන් සභාව, රාජගිරිය.

    මහත්මාණෙනි,

    ප්‍රේමලාල් ජයසේකර ගේ අපේක්ෂකත්වය ශුන්‍ය හා බලරහිත බව සම්බන්ධයෙනි

    රත්නපුර මහාධිකරණය මගින් මරණ දඬුවම නියම කරනු ලැබූ පොදුජන පෙරමුණු අපේක්ෂක ප්‍රේමලාල් ජයසේකර මහතා ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වගන්තිය ප්‍රකාරව මරණ දඬුවම නියම වූ දිනයේ සිට පුරවැසිබලය අහිමිවේ.  ඒ අනුව, 2020 අගෝස්තු 5 දින පැවැත්වෙන මහා මැතිවරණයේ දී ඔහුට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වන අවස්ථාව හිමි නොවේ.

    මැතිවරණයක දී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් නොලබන කිසිදු අයෙකුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 වගන්තිය යටතේ ඡන්දය ඉල්ලීම සඳහා වන අයිතිය ද අහිමි (පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු යටත් වන අනුශක්තාව) වේ. ඒ අනුව, රත්නපුර දිස්ත්‍රික්ක පොදුජන පෙරමුණේ ලැයිස්තුවේ මනාප අංක 13 යටතේ තරඟවදින අපේක්ෂකයාට නීතියේ ඉදිරියේ වලංගු අපේක්ෂකයෙකු නොවන නිසා ඔහුට  සලකුණු කරනු ලබන ඡන්ද සියල්ල අපතේ යන ඡන්ද බවට පත්වන බව මැතිවරණ කොමිෂන් සභාව හොඳින් දන්නා ස්ථාපිත කරුණකි.

    එවැවින්, අගෝ. 5 දින මැතිවරණයට ප්‍රේමලාල් ජයසේකර ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය අහිමි බවට වන නිල දැනුම්දීම සිදු කිරීම මැතිවරණ කොමිසම සතු වගකීමකි.  ඒ රත්නපුර දිස්ත්‍රික් තේරීම්බාර නිලධාරි වෙත දැනුම්දීමට  කටයුතු කරන ලෙස ද ඉල්ලමි. තව ද,   ඔහුගේ අංකයට සලකුණු කරනු ලබන මනාපයක් වේ නම් එය ශුන්‍ය හා බලරහිත බව ප්‍රකාශ කිරීම ද.  කොමිසම සතු වගකීමක් බව කාරුණිකව සිහිපත් කරමි. 

    මෙයට විශ්වාසී, රජිත් කීර්ති තෙන්නකෝන් නිත්‍ය නියෝජිත/සමගි ජනබලවේගය

    1.       දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි – රත්නපුර

    2.       කොමසාරිස් ජෙනරාල් – මැතිවරණ කොමිෂන් සභාව

    3.       සහකාර මැතිවරණ කොමසාරිස් – රත්නපුර

  • හම්බන්තොට අනාගත ඉරණම ගැන ජනපතිගෙන් විශේෂ හෙළිදරව්වක් !

    හම්බන්තොට අනාගත ඉරණම ගැන ජනපතිගෙන් විශේෂ හෙළිදරව්වක් !

    හම්බන්තොට වරාය සහ මත්තල ගුවන්තොටුපොළ සේවා සැපයුම් කේන්ද්‍රස්ථානයක් බවට 

    අන්තර්ජාතික සම්බන්ධීකරණ මධ්‍යස්ථාන ලෙස සංවර්ධනය කිරීමට අපේක්ෂිත “සිව්මහ වාණිජ නගර” අතරට හම්බන්තොට දිස්ත්‍රික්කය එක්කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටි.

    කොළඹ, යාපනය සහ ත්‍රිකුණාමලය “සිව්මහ වාණිජ නගර” අතරට එක් කෙරෙන සෙසු දිස්ත්‍රික්ක වේ. සිව්මහ නගරවල වරාය සහ ගුවන්තොටුපොළ කේන්ද්‍ර කර “සී හැඩය” ගන්නා ආර්ථික කොරිඩෝව නිර්මාණය කර ජාත්‍යන්තර වෙළෙඳපොළ හා තරගකරන රටක් ගොඩනගන බව ජනාධිපතිවරයා පවසයි.

    පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරග වැද සිටින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කරනු පිණිස අද (02) හම්බන්තොට දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත ජනාධිපතිතුමා මේ බව පැවසීය.

    අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා තිස්සමහාරාමය, බස් නැවතුම්පොළ අසළ සංවිධාන කළ ජන හමුවෙන් ජනාධිපතිතුමාගේ හම්බන්තොට චාරිකාව ආරම්භ කෙරිණ.

    හමුවට සහභාගී වූ ජනාධිපතිතුමාට මහත් හරසර පුද කළ ජනතාව ප්‍රදේශයේ ගැටළු එතුමා වෙත ඉදිරිපත් කළහ.

    පානීය ජල ගැටළුවට සහ වන අලි තර්ජනයට විසඳුම් ලෙස විධිමත් සහ ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කරන බව අපේක්ෂක හර්ෂ උදයකුමාර ජයවීර මහතා ලුණුගම්වෙහෙර බස්නැවතුම්පොළ භූමියේ සංවිධාන කළ ජන හමුවට සහභාගී වූ ජනාධිපතිතුමා සඳහන් කළේය.

    ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට  මහා සංඝරත්නය ආශිර්වාද පළ කළහ.

    හම්බන්තොට මහනාගපුර සහ ලුණුගම්වෙහෙර මහාවිද්‍යාලවල අඩුපාඩු කෙරෙහි ද ජනාධිපතිතුමාගේ අවධානය යොමු කෙරිණ. ගම්මාන කිහිපයකට බස් රථයක් ලබාගැනීම, ගබඩාවෙන්ම පොහොර මිලදී ගැනීම යන ඉල්ලීම් ජනතාව ජනාධිපතිතුමා වෙත යොමු කළහ.

    පස් හැවිරිදි පී.ජී. පසගි දැරිවිය කොවිඩ් අරමුදල සඳහා මුදල් කැටයක් පරිත්‍යාග කළාය.

    අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ අමාත්‍ය චමල් රාජපක්ෂ, අපේක්ෂකයන් වන නාමල් රාජපක්ෂ සහ අජිත් රාජපක්ෂ යන මහත්වරු  හමුවට එක්ව සිටියහ.

    මත්ද්‍රව්‍ය උවදුර තුරන් කර දෙන ලෙස අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සූරියවැව නගරයේ පොදු වෙළෙඳපොළ අසළ සංවිධාන කළ ජනහමුවට සහභාගී වූ ජනාධිපතිතුමාගෙන් ජනතාව ඉල්ලා සිටියහ.

     රිදීගම මහා විද්‍යාලයට ගොඩනැගිල්ලක් ඉදිකර දෙන ලෙස ප්‍රදේශවාසීන් කළ ඉල්ලීම කෙරෙහි ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය. 

    කුඩා දියණියක් කොවිඩි අරමුදල සඳහා මුදල් කැටයක් පරිත්‍යාග කළාය.

    අපේක්ෂක උපුල් සංජීව ගලප්පත්ති මහතා හම්බන්තොට වෙරළ උද්‍යානයේ සහ අපේක්ෂක අජිත් රාජපක්ෂ මහතා අම්බලන්තොට ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ සංවිධාන කළ ජන හමුවලට සහභාගී වූ ජනාධිපතිතුමා රැස්ව සිටි ජනතාව සමග සුහද කථා බහක නිරත විය.

    අමාත්‍ය මහින්ද අමරවීර මහතා හුංගම බස් නැවතුම්පොළ අසළ, අපේක්ෂක ඩී.වී. චානක මහතා රන්න සංස්කෘතික මධ්‍යස්ථාන භූමියේ සහ අපේක්ෂක ජයන්ත වන්නිආරච්චි මහතා වීරකැටිය පොළභූමියේ සංවිධාන කළ ජන හමුවලට සහභාගී වූ ජනාධිපතිතුමාට ජනතාව මහත් හරසර පුද කළහ.

  • Covid-19 Global Hot: එංගලන්තයේ විවාහ උත්සවවලට නව නීති

    Covid-19 Global Hot: එංගලන්තයේ විවාහ උත්සවවලට නව නීති

    කොවිඩ්-19 මරණ 46,688ක් වාර්තා වීමත් සමග මෙක්ෂිකෝව කොවිඩ් මරණ වැඩිම සංඛ්‍යාවක් ඇති තෙවැනි රට බවට අද (01) පත් වුණා.

    සාරාංශය

    1. ඉන්දියාවේ නව කොරෝනා වෛරස් රෝගීන් 57,000 ක් වාර්තා වී ඇත
    2. මුම්බායි හි මූල්‍ය අගනුවර වන මහාරාෂ්ට්‍ර තවමත් දරුණුතම බලපෑමට ලක්වූ ප්‍රාන්තයයි
    3. එංගලන්තයේ තවදුරටත් සීමාවන් ලිහිල් කිරීම නවතා දමා ඇත
    4. ලබන මාසයේ පාසල් නැවත විවෘත කිරීමට ඉඩ දීම සඳහා එංගලන්තයේ මත්පැන්හල් හෝ වෙනත් ක්‍රියාකාරකම් වසා දැමිය යුතු බව ප්‍රමුඛ විද්‍යාඥයෙක් පවසයි
    5. මෙක්සිකෝවේ කොරෝනා මරණ සංඛ්‍යාව දැන් ලෝකයේ තුන්වන ඉහළම අගය වන අතර එක්සත් ජනපදය හා බ්‍රසීලය පමණක් වැඩි සංඛ්‍යාවක් වාර්තා කරයි
    6. එක්සත් ජනපදයේ ඉහළම බෝවන රෝග විශේෂඥයෙකු පවසා ඇත්තේ 2020 අවසන් වන විට එක්සත් ජනපදය විසින් නිපදවන ලද එන්නතක් ලබා ගත හැකි බවයි
    7. එක්සත් ජනපද දේශපාලනඥයින් එහි දීර්ඝ කිරීම පිළිබඳ ගනුදෙනුවකට එකඟ වීමට අපොහොසත් වීම නිසා මිලියන ගණනක් ඇමරිකානුවන්ට ඩොලර් 600 ක ප්‍රතිලාභයක් අහිමි වනු ඇත

    මෙක්සිකෝවේ අඳුරු තත්වයක්

    කොවිඩ්-19 මරණ 46,688ක් වාර්තා වීමත් සමග මෙක්ෂිකෝව කොවිඩ් මරණ වැඩිම සංඛ්‍යාවක් ඇති තෙවැනි රට බවට අද (01) පත් වුණා.

    මෙක්සිකෝවේ තත්වය විවිධාකාරයෙන් අඳුරු ය. පළමුවෙන්ම, රජය එහි වැදගත්කම පිළිබඳව එකඟ නොවීමත් සමඟ පරීක්ෂණ අඩු මට්ටමක පවතී. වඩාත්ම දරුණු අවස්ථා පමණක් පරීක්ෂා කරනු ලබන අතර සම්බන්ධතා සොයා ගැනීම ද දුර්වල ය.

    තවද, මෙක්සිකානු ජනාධිපති ඇන්ඩ්‍රෙස් මැනුවෙල් ලෝපෙස් ඔබ්‍රඩෝර් Andrés Manuel López Obrador වෛරසය පැතිරීම මැඩපැවැත්වීම සඳහා මුහුණු ආවරණ භාවිතා කිරීම පිළිබඳව දිගින් දිගටම නින්දා අපහාස කරන බව පෙනේ.

    මෙක්සිකානු සමාජයේ දීර්ඝ කාලනීන සෞඛ්‍ය ගැටලු වන ඉහළ මට්ටමේ දියවැඩියාව සහ තරබාරුකම වැනි කාරණා මරණ සංඛ්‍යාව ඉහළ යාමට ප්‍රධාන හේතුව වූ බව රජය පවසයි.

    වියට්නාමයේ ඩා නන්ග් ‘මුළු ජනගහනයම පරීක්ෂා කිරීමට’

    වියට්නාමයේ බීච් රිසෝට් නගරය වන ඩැන් නන්ග් Da Nang එහි මුළු ජනගහනයම කොරෝන වෛරස් සඳහා පරීක්ෂා කිරීමට සැලසුම් කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. නගරයට සම්බන්ධ නව ආසාදිතයින් 40 ක් රට පුරා වාර්තා වීම නිසා පළාත් පාලන ආයතන විසින් මෙම නිවේදනය නිකුත් කරන ලදී. ඩා නන්ග් හි ජනගහනය මිලියන 1.1 ක් පමණ වේ.

    මේ වන විට වියට්නාමයේ මුළු රෝගීන් සංඛ්‍යාව 586 ක් වන අතර සිකුරාදා සිට මරණ තුනක් වාර්තා වී තිබේ.

    දේශීය සංචාරකයින් අතර ජනප්‍රිය වූ නගරයේ නව පිපිරීමක් අනාවරණය වූ දා සිට ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරීන් විසින් පරීක්ෂණ 8,000 කට වඩා සිදු කර ඇත. පරීක්ෂණ ධාරිතාව දිනකට 8,000 සිට 10,000 දක්වා වැඩි කරන බව බලධාරීහු පැවසූහ.

    ආසියාවේ නවතම වර්ධනයන්

    • පිලිපීනය විසින් නව කොරෝන වෛරස් රෝගීන් 5,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා කර ඇති අතර එය දිනපතා වාර්තාගත වැඩි වීමකි. මෑතකදී ලිහිල් කරන ලද අගුලු දැමීමේ පියවරයන් දැඩි කරන ලෙස ජනාධිපති රොද්‍රිගෝ ඩුටර්ටේගෙන් ඉල්ලා සිටිමින් වෛද්‍ය සංගම් දුසිම් ගණනක් ලිපියට අත්සන් තැබීය
    • වියට්නාමයේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නව කොරෝන වෛරස් රෝගීන් 40 ක් වාර්තා කර ඇති අතර, මුළු ආසාදන සංඛ්‍යාව 586 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
    • ජපානයේ ඔකිනාවා ප්‍රාන්තයේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, ආසාදන ඉහළ යාම මධ්‍යයේ සති දෙකක් නිවසේ රැඳී සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියහ.
    • ඉන්දියාව පැය 24 ක් තුළ නව කොරෝන වෛරස් රෝගීන් 57,000 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා කර ඇති අතර එය දෛනික වාර්තාගත එකතුවකි
    • දකුණු කොරියාවේ මුල් කොරෝන වෛරසය පැතිරීමේ කේන්ද්‍රයේ නිකායක නායකයා අත්අඩංගුවට ගෙන තිබේ.
    • කොරොන වයිරස් රෝගීන් වැඩිවීම මධ්‍යයේ හොංකොං සිය ඒෂියා වර්ල්ඩ්-එක්ස්පෝ ප්‍රදර්ශන මධ්‍යස්ථානය AsiaWorld-Expo exhibition ඇඳන් 500 කින් යුත් තාවකාලික රෝහලක් බවට පත් කර තිබේ.

    එංගලන්තයේ මංගල උත්සව පිළිබඳ නීති මොනවාද?

    එංගලන්තයේ විවාහ වන පුද්ගලයින්ට ඔවුන්ගේ උත්සවයේදී පුද්ගලයින් 30 දෙනෙකු දක්වා සිටිය හැකිය. (නමුත් පිළිගැනීමේ උත්සවයේදී නොවේ) බොහෝ දෙනෙක් මෙම සති අන්තයේ නීති රීති වෙනස් කිරීමක් අපේක්ෂා කළ නමුත් 30 දෙනෙකුට විවාහ මංගල්‍ය උත්සවවලට සහභාගී වීමට අවසර දීම සීමා කිරීම ලිහිල් කිරීමකි.

    මෙයින් අදහස් කරන්නේ පිළිගැනීම්වලට සහභාගී විය හැක්කේ පිටත පුද්ගලයින් හය දෙනෙකු හෝ ඇතුළත කුටුම්භ දෙකක් පමණි.

    “කොවිඩ්-ආරක්ෂිත – “Covid-secure” විවාහ මංගල්‍යයක් පැවැත්වීම සඳහා රජය විසින් මාර්ගෝපදේශය ප්‍රකාශයට පත් කර ඇත.

    • උත්සව හැකි තරම් කෙටි විය යුතුය
    • අත්‍යවශ්‍ය නම් මිස ආහාර හෝ බීම පානය නොකළ යුතුය
    • කණ්ඩායම් ගායනය සහ උපකරණ වාදනය කිරීමෙන් වැළකී සිටිය යුතුය
    • සම්බන්ධතා සොයා ගැනීම සඳහා ස්ථානය දින 21 ක් සඳහා අමුත්තන්ගේ තාවකාලික වාර්තාවක් තබා ගත යුතුය
    • සමාජ දුරස්ථභාවය සෑම විටම නිරීක්ෂණය කළ යුතුය

    උතුරු අයර්ලන්තය ජූනි මස මුල සිට පුද්ගලයින් 10 දෙනෙකු සමඟ එළිමහන් මංගල උත්සව සඳහා අවසර දී තිබේ .

    වේල්සය සහ ස්කොට්ලන්තය ද දැන් විවාහ උත්සව පැවැත්වීමට ඉඩ දී ඇත, නමුත් සමාජ දුරස්ථභාවය නිරීක්ෂණය කළ යුතු අතර විශාල රැස්වීම්වලට ඉඩ නොදේ.COVID 19

  • අඟහරු ජීවීන් ගැන පරීක්ෂණ පෘථිවිය මතදීම සිදුවන ලකුණු !

    අඟහරු ජීවීන් ගැන පරීක්ෂණ පෘථිවිය මතදීම සිදුවන ලකුණු !

    අඟහරු ලොවේ ජීවීන් අනාවරණය කර ගැනීම සඳහා තැනූ රොබෝ යන්ත්‍රය සිය රාජකාරිය ඉටු කිරීම සඳහා පෘථිවියෙන් නික්ම ගියේය.

    මෙම රොබෝව නම් කර ඇත්තේ ‘පර්සිවියරන්ස්’ (Perseverance) යනුවෙනි. එහි සිංහල අරුත ‘උට්ඨාන වීර්යය’ හෝ ‘ප්‍රබල උත්සාහය’ ලෙසින් සරලව දැක්විය හැකිය.

    රෝද හයකින් යුත්, ටොන් එකක් බරැති මෙම රොබෝව අඟහරු ග්‍රහයා වෙත ළඟා වීමට මාස හතක් ගත වනු ඇත. ඒ අනුව ‘පර්සිවියරන්ස්’ අඟහරු මත ගොඩ බසින්නේ ලබන වසරේ පෙබරවාරි මාසයේදී ය.

    NASA

    අඟහරු මත පවතින පස් සහ ගල් නියැඳි එකතු කොට පෘථිවිය වෙත එවීම, නාසා ආයතනය විසින් තනනු ලැබූ මෙම රොබෝවට පැවරුණු තවත් රාජකාරියකි.

    ‘පර්සිවියරන්ස්’ රැගත් රොකට්ටුව ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරීඩා ප්‍රාන්තයෙන් ගමන් ආරම්භ කළේ පසුගිය බ්‍රහස්පතින්දා (ජූලි 30) හිමිදිරියේ ය.

    දින 11ක් ඇතුළත අඟහරු බලා පෘථිවියෙන් නික්ම ගිය තුන්වැනි රොකට්ටුව මෙය වේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ චීනය ද මීට දින කිහිපයකට පෙර අඟහරු වෙත රොකට් දෙකක් දියත් කළේය.

    කොරෝනාවෛරසය ලොව පුරා පැතිර යන්නට පටන් ගත්තේ නාසා ආයතනය මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරමින් සිටියදී ය. එය පමා නොකොට ඉදිරියටම ගෙන යාම සඳහා ඔවුහු ප්‍රමුඛත්වය දුන්හ.

    ඒ සඳහා විශේෂ වූ ආරක්‍ෂිත විධි ක්‍රම අනුගමනය කළහ.

    “මම බොරුවක් නෙවෙයි කියන්නේ, ඒක අභියෝගයක් වුණා. එය ඉතා පීඩාකාරී වුණා. නමුත් දැන් බලන්න, කණ්ඩායම් සියල්ලම එය සාර්ථක කර ගත්තා. හැමෝම එකතුවෙලා එය ජය ගත්තා. අපට මීට වඩා ආඩම්බර විය හැකි දෙයක් නැහැ.” මෙම ව්‍යාපෘතියේ පරිපාලක ජිම් බ්‍රයිඩන්ස්ටයින් පැවසීය.

    NASA

    ‘පර්සිවියරන්ස්’ සතුව කැමරා 23ක් පවතී. ඊට මයික්‍රෆෝන ද සවි කර ඇති හෙයින් ඡායාරූපවලට අමතරව ශබ්දය ද පෘථිවියට ගෙන එනු ඇත.

    අඟහරු මතින් එක්රැස් කර ගන්නා නියැදි (samples) නැවත පෘථිවිය කරා ගෙන ඒමට අඩු තරමින් ඇමරිකානු ඩොලර් බිලියන 7ක් වැය වනු ඇති බවට ඇස්තමේන්තු කර තිබේ.

    ‘පර්සිවියරන්ස්’ රොබෝව තැනීම සඳහා වැය වූ මුදල ද ඊට ඇතුළත් ය.

    BBC

    වාහනයක ස්වරූපය ගන්නා මෙම රොබෝව අඟහරු මත පවතින විශේෂ ස්ථානයක ගොඩ බැස්සවීමට ඉලක්ක කොට ඇත.

    මෙම ස්ථානය විශාල බඳුනක් (bowl) වැනිය. එය කිලෝ මීටර 40කට අධික විශ්කම්භයක් සහිත භූ ප්‍රදේශයකි.

    මෙතෙක් ලබාගෙන ඇති චන්ද්‍රිකා ඡායාරුප පරීක්ෂාවට ලක් කිරීමෙන් පසු විද්‍යාඥයන් විශ්වාස කරන්නේ මීට වසර බිලියන ගණනකට පෙර මෙය ජලයෙන් පිරි විලක් විය හැකි බවය.

    එබැවින් අඟහරු මත ජීවියෙකු වේනම් හෝ පෙර කලෙක සිටියේනම් ඒ පිළිබඳව සොයා බැලීම සඳහා සුදුසුම ස්ථානය මෙය වනු ඇති බව ඔවුන්ගේ මතය වේ.

    පෘථිවිය කරා රැගෙන ඒමට නියමිත පස් සහ ගල් නියැදි මෙම ප්‍රදේශයෙන් ලබා ගැනීමට සැලසුම් කර ඇත්තේ එබැවිනි.

    අඟහරු ග්‍රහයාගෙන් ලබා ගන්නා ගල් සහ පස් නියැදි පෘථිවිය කරා ගෙන එන ආකාරය දැක්වෙන රූ සටහනක්
    ඡායාරූප ශීර්ෂ වැකිය,අඟහරු ග්‍රහයාගෙන් ලබා ගන්නා ගල් සහ පස් නියැදි පෘථිවිය කරා ගෙන එන ආකාරය දැක්වෙන රූ සටහනක්

    මෙම විශේෂිත භූ ප්‍රදේශය නම් කර ඇත්තේ Jezero Crater යනුවෙනි.

    Perseverance රොබෝව දළ වශයෙන් වසර දෙකක් පමණ අඟහරු මත සැරිසරනු ඇත.

    මීට පෙර මෙවැනි රොබෝ යන්ත්‍ර හතරක් අඟහරු වෙත යවා තිබේ.

    නමුත් මෙහි විශේෂත්වය වන්නේ යම් ජීවියෙකු පණපිටින් හෝ පොසිල මට්ටමින් වේනම් එය සෘජුවම අනාවරණය කර ගැනීම සඳහා අවශ්‍ය උපකරණ මෙහි පැවතීමයි.

    සම්පූර්ණ උපුටා ගැනීම – බී.බී.සී. සන්දේශය

  • ‘පුරුෂ ව්‍යන්ධිකරණය හෙවත් වාසෙක්තම්’ ගැන ඔබ දැනගත යුතු සියලු දේ

    ‘පුරුෂ ව්‍යන්ධිකරණය හෙවත් වාසෙක්තම්’ ගැන ඔබ දැනගත යුතු සියලු දේ

    වසෙක්තම් සැත්කමින් පසු, ශුක්‍ර තරලය පිට කිරීමට හැකියාව ඇති නමුත් එහි ශුක්‍රාණු කිසිවක් අන්තර්ගත නොවේ. ශුක්‍රාණු පිට නොවීම නිසා කාන්තාවන් ගර්භනී බවට පත් කිරීමට ‍නොහැක. මෙහි දී පුහුණුව ලත් පුද්ගලයෙක් ශුක්‍ර නාල කපා ගැටගැසීමෙන් මෙම තත්ත්වය ඇතිවේ. වෘෂණ මගින් තව දුරටත් ශුක්‍රාණු නිපද වුවද, ඒවා ශරීරයට අවශෝෂණය වේ.

    පවුල් සැලසුම් ක්‍රම ගැන ඔබ දැනුවත් කිරීම සදහා අප විසින් ඔබ වෙත ගෙන එන ලිපි පෙළේ දෙවැනි ලිපිය වන්නේ ‘පුරුෂ ව්‍යන්ධිකරණය හෙවත් වාසෙක්තම්‘ නම් මෙම ලිපියයි. ඔබට විද්‍යාත්මක හා නිවැරදි දැනුම ලබාදිය යුතු නිසා ම අප මෙම ලිපි මාලාව උපුටා ගන්නේ මෙරට පවුල් සැලසුම් සම්බන්ධ දීර්ඝ කාලීන අත්දැකීම් ඇති ප්‍රමුඛතම ආයතනය වන ‘ශ්‍රී ලංකා පවුල් සැලසුම් සංගමය‘ විසින් පවත්වා ගෙන යන නිල අන්තර්ජාල අඩවියෙන්.

    පුරුෂ ව්‍යන්ධිකරණය හෙවත් වාසෙක්තම් යනු කුමක්ද ?

    තම පවුල සම්පුර්ණ කළ තවත් දරුවන් බලාපොරොත්තු නොවන අඹුසැමියන්ට මෙය ඉතාම ගැලපෙන ක්‍රමයකි. මෙය ඉතා සාර්ථක පවුල් සැලසුම් ක්‍රමයකි. එසේම මෙය ස්ථිර ක්‍රමයක් ද වේ. එය ඉතා පහසුවෙන් කල හැකි වන අතරම, එයින් ඇතිවන අතුරු ආබාධ අවමය.

    මෙය විෂබීජවලින් තොර වූ පරිසරයකදී /ශල්‍යගාරයකදී  ඒ පිළිබදව විශේෂඥ වෛද්‍යවරයකු විසින් සිදු කල යුතුය. එසේම මෙය අදාළ ප්‍රදේශය හිරිවැටීමට පත් කර සිදු කරන අතර, රෝගියා සැත්කමට පෙර නිරාහාරව සිටීම හෝ රෝහලට ඇතළු වීම අවශ්‍ය නොවේ.

    මෙය ආර්ථික අතින් ඉතා වාසිදායක ක්‍රමයක් වන්නේ දිගින් දිගටම උපත් පාලන ක්‍රම සදහා මුදල් වැය කිරීම හෝ පසු පරික්ෂා අනවශ්‍ය බැවිනි.

    නැවත දරුවකු ලැබීමේ හැකියාව සහතික කළ නොහැකි නමුත් මෙය ආපසු හැරවිය හැකි ශල්‍යකර්මයකි. නමුත් එම ආපසු හැරවීමේ ශල්‍යකර්මය ඉතා සංකිර්ණ ශල්‍යකර්මයකි. මේ නිසා යම් කිසි යුවලක් වාසෙක්තම් කිරීමට තිරණය කළ යුත්තේ වාසි අවාසි ආදිය හොදින් සිතා බැලීමෙන් පසුවය.

    ඔබට මෙම ක්‍රමය සුදුසු වීමට නම් …

    • අවම වශයෙන් දරුවන් දෙදෙනෙක් සිටිය යුතුය.
    • බාලම දරුවා වයස අවුරුදු 2ට වඩා වැඩිවිය යුතුය. (දරුවන් දෙදෙනෙකුට වඩා සි‍ටි නම් මෙය අනවශ්‍යය)
    • ඔබගෙ වයස අවුරුදු 26ට වඩා වැඩි විය යුතුය.

    මෙම ක්‍රමය කෙතරම් සාර්ථකද?
    මෙය, 99% වඩා වැඩි සාර්ථකත්වයක් ඇති විශ්වාසදායි උපත් පාලන ක්‍රමයකි.

    මෙමගින් ගැබ් ගැනීම වළක්වන්නේ කෙසේද ?

    පුරුෂයෙකුට සිදු කරන ස්ථිර පවුල් සැලසුම් ක්‍රමය මෙනමින් හැදින්වේ. මෙහිදි ශුක්‍රධර නාලිකා අවහිර කර ශුක්‍රාණු ස්ත්‍රි ප්‍රජනක පද්ධතියට ඇතුළු වීම වළක්වයි. පුරුෂයකුගේ ශුක්‍රාණු නිපදවන්නේ වෘෂණ තුළය. මේවා ශුක්‍ර නාල ඔස්සේ ඉහළට ගමන් කොට ශුක්‍ර  තරලය සමග මිශ්‍ර වේ. වසෙක්තම් සැත්කමින් පසු, ශුක්‍ර තරලය පිට කිරීමට හැකියාව ඇති නමුත් එහි ශුක්‍රාණු කිසිවක් අන්තර්ගත නොවේ. ශුක්‍රාණු පිට නොවීම නිසා කාන්තාවන් ගර්භනී බවට පත් කිරීමට ‍නොහැක. මෙහි දී පුහුණුව ලත් පුද්ගලයෙක් ශුක්‍ර නාල කපා ගැටගැසීමෙන් මෙම තත්ත්වය ඇතිවේ. වෘෂණ මගින් තව දුරටත් ශුක්‍රාණු නිපද වුවද, ඒවා ශරීරයට අවශෝෂණය වේ.

    මෙය ලිංගිකත්වය හානි පමුණුවයිද ?

    නැත. මෙය පුරුෂ ලිංගේන්ද්‍රිය කප්පාදු කිරීමක් නොවේ. ශුක්‍රාණු, ශුක්‍ර තරලය හා මුසු නොවන ලෙස ඒවායේ මාර්ගය අවහිර කිරීමක් පමණක් මෙහි දි සිදුවේ. මේ හැර කිසිදු වෙනස්කමක් සිදු නොවේ. වාසෙක්තම් මගින් වෘෂණවලට කිසිදු බලපෑමක් ඇති නොකරයි. වෘෂණ මගින් තවදුරටත් ටෙස්ටොස්ටරෝන් හොර්මෝනය (පිරිමි හෝර්මෝනය) නිපදවයි. මේ හෝර්මෝනය රුධිරය ඔස්සේ ගමන් කරයි, එසේ නැතිව ඒවා ගමන් කරන්නේ ශුක්‍ර නාලිකා ඔස්සේ නොවේ. එම නිසා යමෙකුගේ සිතිවිලි හෝ පිරිමිකමට කිසිදු බලපෑමක් ඇති නොවේ.

    එය සිදුකරන්නේ කෙසේද ?

    දැඩි විෂබීජවලින් තොර වූ පරිසරයකදී පුහුණුව ලත් වෛද්‍යවරයෙක් විසින් එම ප්‍රදේශය හිරිවට්ටවා මෙම සැත්කම සිදු කරයි. කලින් දින රාත්‍රියේ නිරාහාරව සිටීම හෝ රෝහලට ඇතුළුවීම අවශ්‍ය නොවේ. ගතවන්නේ විනාඩි 10ක් 15ක් පමණ කාලයකි. මෙය ජංගම ශල්‍යාගාරයක ‍හෝ බාහිර රෝගි අංශයක වුවද සිදු කල හැක. සැත්කම සිදු කර ඇති ස්ථානයේ තදින් වෙලුම් දමන අතර දින 5ක් වියලිව එම ප්‍රදේශය තබාගෙන සිට වෙලුම් ගලවා දමන ලෙස අදාළ පුද්ගලයාට උපදෙස් දෙනු ලැබේ.

    සැත්කමට සූදානම් වන්නේ කෙසේද ?

    1 . ඔබ යම් රෝගයක් සදහා (දියවැඩියාව,අධික රුධිර පීඩනය)
    2. නිරාහාරව සිටීම අනවශ්‍යය.
    3. ස්නානය කර පිරිසිදු වී පැමිණෙන්න
    4. ඔබගේ සහායට වෙනත් අයෙක් අනවශ්‍යය.
    5. අලුත් පිරිසිදු තද යට ඇදුමක් රැගෙන එන්න
    6. මෝටර් බයිසිකලයක් හෝ පාපැදියක් පදවාගෙන නොඑන්න

    මෙම සැත්කමෙන් පසු සිදුවන්නේ මොනවාද ?

    • සැත්කමෙන් පසු දිනක් හෝ දෙකක් නිවසේ රැදී සිට විවේක ගන්න.
    • සතියක් යනතුරු ව්‍යායාම ‍හෝ බර වැඩ නොකරන්න.
    • දින කිහිපයක් යනතෙක් කැක්කුම, ඉදිමුම හො මද රුධිර වහනයක් ඇතිවිය හැක. වේදනාව ඇත්නම් පැරසිටමෝල් වැනි වේදනා නාශකයක් ගන්න.
    • ඔබට දැනෙන අපහසුතාවය නතර වූ පසු සංසර්ගයේ යෙදීම නැවත ඇරඹිය හැක. නමුත් මාස 3ක් හෝ 20 වරක් පමණ ශුක්‍රාණු පිටවන තෙක්, ශුක්‍ර  තරල‍යේ පෙර එක් රැස් වු ශුක්‍රාණු තිබිය හැකි නිසා වෙනත් පවුල් සැලසුම් ක්‍රමයක් අවශ්‍යවේ. සෑමවිටම කොන්ඩම් භාවිත කළ හැකිය. නැතහොත් මේ කාලය තුලදී ඔබේ සහකාරියට වෙනත් පවුල් සැලසුම් ක්‍රමයක් භාවිත කල හැකිය.
    • මාස 3කින් පසු ශුක්‍ර තරලය ශුක්‍රාණුවලින් තොරවනු ඇත. ශුක්‍ර තරල පරික්ෂාවක් ශල්‍යකර්මයෙන් මාස 3කට පසු සිදුකර මේ බව තහවුරු කරගත යුතුය.
    • ශල්‍යකර්මයෙන් දින 7ක් යනතෙක් පිරිසිදු හොදින් වෘෂණ කෝෂ දරා සිටින යට ඇදුම් භාවිත කරන්න.
    • දින 5ක් යන තෙක් එම ප්‍රදේශය තෙමීමෙන් වලකින්න.
  • පාසල් ඇතුළු අධ්‍යාපන ආයතන මත් උවදුරින් නිදහස් සුරක්ෂිත පරිශ්‍ර බවට පත්කිරීමට පියවර

    පාසල් ඇතුළු අධ්‍යාපන ආයතන මත් උවදුරින් නිදහස් සුරක්ෂිත පරිශ්‍ර බවට පත්කිරීමට පියවර

    මත් උවදුර රටින් තුරන් කිරීම වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමන්ගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන ජාතික වැඩපිළිවෙළට සමගාමී ව පාසල්, සහ අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් අනෙකුත් සියලු අධ්‍යාපන ආයතන මතින් තොර පරිශ්‍ර බවට පත්කිරීම වෙනුවෙන්  ක්‍රියාත්මක විය යුතු ආකාරය සම්බන්ධව උපදෙස් ඇතුළත් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට කටයුතු යොදා ඇත.

    පාසල් ප්‍රමුඛ  අනෙකුත් අධ්‍යාපන ආයතන මෙන් ම අධ්‍යාපනික අවශ්‍යතා සඳහා යොදාගනු ලබන අනෙකුත් සියලු බාහිර පරිශ්‍රයන් තුළ මත්ද්‍රව්‍ය, මද්‍යසාර,  දුම්කොළ ආශ්‍රිත අනෙකුත් නිෂ්පාදන හෝ මත්ද්‍රව්‍ය ආදේශක වශයෙන් යොදාගන්නා සියලු නිෂ්පාදන  ප්‍රවර්ධනයට, භාවිත කිරීමට හෝ අලෙවියට ඉඩදීම සපුරා වැළැක්වීමට ආයතන ප්‍රධානීන් විසින් මැදිහත්විය යුතු ආකාරය සම්බන්ධයෙන් මෙම චක්‍රලේඛය මගින් උපදෙස් ලබා දී තිබේ.

    මීට අමතර ව, මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් පාසල් සිසුන් ඇතුළු ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම, ඒ සඳහා ආයතනික මට්ටමින් සම්බන්ධීකරණ කමිටු පිහිටුවීම ඇතුළු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද මෙම චක්‍රලේඛය මගින් දැනුවත් කෙරෙන අතර, මෙරට දරුපරපුර මත් උවදුරෙන් වළක්වාගැනීම වෙනුවෙන් වන ජාතික වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට මෙමගින් පිටුබලයක් සැලසෙනු ඇත.