Blog

  • අලුත් පාර්ලිමේන්තුවට එන මන්ත්‍රීවරුන්ට සෞඛ්‍ය ආරක්ෂිත නීති රැසක්

    අලුත් පාර්ලිමේන්තුවට එන මන්ත්‍රීවරුන්ට සෞඛ්‍ය ආරක්ෂිත නීති රැසක්

    සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පාර්ලිමේන්තු සභා ගර්භයේ රැදී සිටින කාලය පුරාම මුව ආවරණ පැළද සිටීම අනිවාර්‍ය බව අද පස්වරුවේ පාර්ලිමේන්තුවට භාරදුන් පාර්ලිමේන්තුව වෙනුවෙන් සැකසූ  සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශ මාලාවේ සදහන් වේ.

    එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සභා ගර්භයේ රැදී සිටින කිසිදු අවස්ථාවක මුව ආවරණ ඉවත් කිරීම හෝ ලිහිල් කිරීම සිදු නොකළ යුතු බවද මාර්ගෝපදේශවල සදහන් වේ.

    මාර්ගෝපදේශයන්ට අනුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයන් 225 දෙනාටම පාර්ලිමේන්තු රැස්වීමේදී සභා ගර්භයේ සෞඛ්‍ය ආරක්ෂිතව අසුන් ගත හැකිවන නමුත් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පාර්ලිමේන්තු සභා ගර්භයේ තමාට වෙන් කර තිබෙන ආසන වල පමණක් අසුන් ගැනීම අනිවාර්‍ය වන අතර සභා ගර්භය තුළ රැදී සිටින සෑම අවස්ථාවකම මීටරයක දුරස්ථභාවය ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ  යුතුය.

    සභා ගර්භයේ රැදී සිටින සියලුම නිලධාරින් හා පාර්ලිමේන්තු කාර්ය  මණ්ඩල සාමාජිකයන් මෙන්ම ගැලරියන්හි සිටින සියලුම පාර්ශවයන් ද මුව ආවරණ පැළද සිටිය යුතු බව මාර්ගෝපදේශවල සඳහන්ව ඇතැයි පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

    මහ ලේකම්වරයා මේ බව පැවසුවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශ මාලාව පාර්ලිමේන්තුවේදී ඊයේ (31) බාර දීමෙන් අනතුරුවය.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් කාරක සභා රැස්වීම් වලදී ද මෙම මාර්ගෝපදේශ අනුගමනය කිරීම අනිවාර්‍ය වේ. පාර්ලිමේන්තු පරිශ්‍රය තුළදී හැකි සෑම විටම මුව ආවරණ පැළද සිටීමේ අවශ්‍යතාවයද මෙහිදී අවධාරණය කෙරිණි.

    මෙයට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තමන්ගේ ජංගම දූරකථන සහ පෑන් ඇතුළු පුද්ගලික උපකරණ හුවමාරු නොකළ යුතු අතර,වැළද ගැනීම්,අතට අතදීම වැනි ආචාර කිරීමේ ක්‍රමයන්ගෙන්ගෙන් වැළකී සිටිය යුතු බවද මාර්ගෝපදේශවල අන්තර්ගත බව මහලේකම්වරයා මෙහි දී වැඩිදුරටත් පැවසීය.

    මේ අවස්ථාව ඇමතු  සෞඛ්‍ය සේවා  අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ පාර්ලිමේන්තුවේ කටයුතු සෞඛ්‍ය ආරක්ෂිතව ක්‍රියාත්මක කිරීම සදහා මෙම මාර්ගෝපදේශ මහෝපකාරිවන බවයි.

    පාර්ලිමේන්තු සභා ගර්භයට පිවිසෙන සෑම ස්ථානයකම  විෂබීජ නාශක දියර තබා තිබිය යුතු අතර,මන්ත්‍රීවරයන් හා නිලධාරින් සභා ගර්භයට පිවිසීමට පෙර ඒවායින් තම දෑත් පිරිසිදු කර ගත යුතුය. පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයන් 225 දෙනාටම සභා ගර්භය තුළ ආරක්ෂිතව අසුන් ගත හැකි බව ද  සෞඛ්‍ය සේවා   අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙහිදී පැවසීය.

    පාර්ලිමේන්තුවේ මහ ලේකම්තුමා විසින් කරන ලද ඉල්ලීමකට අනුව පාර්ලිමේන්තුව කොවිඩ් 19 අභියෝගයෙන් ආරක්ෂා කර ගැනීම සදහා අවශ්‍ය මාර්ගෝපදේශ සැකසු බවත් , මෙය සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සැකසූ තුන්වන මාර්ගෝපදේශ පද්ධතිය බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

    පාර්ලිමේන්තු සභා ගර්භය, මන්ත්‍රී ආලින්දය, මහජන,මාධ්‍ය සහ විශේෂ අමුත්තන්ගේ ගැලරි,මන්ත්‍රී භෝජනාගාර, පුස්තකාලය, මුළුතැන්ගෙය,ිිිකාර්ය මණ්ඩල ආපනශාලා, විශේෂ අමුත්තන්ගේ භෝජනාගාරය ඇතුළු පාර්ලිමේන්තු පරිශ්‍රයේ ස්ථාන ගණනාවක් ආවරණය වන පරි දි මෙම මාර්ගෝපදේශ සකසා ඇති අතර ප්‍රවාහන සේවා සහ කාර්‍යාල පිරිසිදු කිරීමේ කාර්‍ය මණ්ඩල සදහා ද මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.

    සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශ මාලාව පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට භාර දුන් අවස්ථාවට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීල් ඉද්දවල මහතා ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

  • ඡන්දය සලකුණු කිරීමට තමාගේ පෑනක් භාවිතා කළ හැකියි – ඒත් කොන්දේසි සහිතයි

    ඡන්දය සලකුණු කිරීමට තමාගේ පෑනක් භාවිතා කළ හැකියි – ඒත් කොන්දේසි සහිතයි

    අගෝස්තු 05 වැනි පැවැත්වෙන මහ මැතිවරණයේදී ඡන්ද දායකයින්ට ස්වකීය ඡන්දය සලකුණු කිරීම සදහා අවැසි නම් තමන්ගේම පෑනක් භාවිතා කිරීමට අවසර ඇති බවත් එම පෑන කලු හෝ නිල් පැහැති බෝල තුඩ සහිත පෑනක් විය යුතු බවත් මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (01) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

    එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ ඡන්ද දායකයා විසින් රැගෙන එනු ලබන පෑන යම් පක්ෂයක් හෝ අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය වන ආකාරයේ කිසිදු සලකුණක් / වර්ණයක් හෝ ලාංඡනයක් සහිත එකක් නොවි යුතු බවත් එවැනි පෑන් ඡන්ද මධ්‍යස්ථානයට රැගෙන ඒමෙන් වළකින ලෙසයි.

    යම් ඡන්ද දායකයෙකුට ඡන්දය සලකුණු කිරීමට තමන්ගේම පෑනක් රැගෙන ඒමට නොහැකි වුවහොත් එවැනි ඡන්ද දායකයින් සදහා ඡන්ද මධ්‍යස්ථානයේදී විෂබීජහරණය කරන ලද බෝලතුඩ පෑන් සැපයීමට ක්‍රියාකරන බව ද මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් සදහන් වේ.

  • රැඩිකල්වාදී මැද මාවත: සැබෑ දේශප්‍රේමීන් වෙනුවෙන් න්‍යාය පත්‍රයක් – මංගල සමරවීර

    රැඩිකල්වාදී මැද මාවත: සැබෑ දේශප්‍රේමීන් වෙනුවෙන් න්‍යාය පත්‍රයක් – මංගල සමරවීර

    ශ්‍රී ලංකාව  හෙළ මුදුනේ සිට ප්‍රපාතයට නෙත් යොමා සිටින මේ මොහොත සියලු ශ්‍රී ලාංකිකයන්ට සත්‍ය වශයෙන්ම සාංදෘෂ්ටිකවාදී වූවකි. සෑම පුද්ගලයෙකුම අර්ථවත් තේරීම් කළ යුතු අතර ඔවුන් කරන තේරීම ඉදිරි පරම්පරා ගණනාවක් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ අනාගතය නිශ්චය කරනු ඇත. 

    1947 සිට  ගත් කළ 16 වැනි පාර්ලිමේන්තුව තේරීමට අගෝස්තු 5 වැනි දින තවත් මහ මැතිවරණයකට අප සූදානම් වෙමින් සිටින මේ අවස්ථාව, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී විශ්වසනීයත්වය හා ප්‍රජාතන්ත්‍රවාදයෙහි අනාගතය පිළිබඳව මෙනෙහි කිරීමට සුදුසුම මොහොතකි.

    පාර්ලිමේන්තු සහ පළාත් පාලන මැතිවරණ සමග ඒකාබද්ධව විධායක ජනාධිපති ක්‍රමය සහ පළාත් සභා ක්‍රමය හඳුන්වා දීමේ සිට කවර හෝ ආකාරයක මැතිවරණයක් නොපැවැත්වුණ වසරක් නොවූ තරම්ය. රටක ප්‍රජාතන්ත්‍රවාදී විශ්වසනීයභාවය මැනීමේ මිනුම් දණ්ඩ මැතිවරණ පැවැත්වීම නම්, ශ්‍රී  ලංකාව ලෝකයේ වඩාත්ම ප්‍රජාතන්ත්‍රවාදී රටවල් අතර ඉහලින්ම සිටිනු නිසැකය. කෙසේ වෙතත්, 2019 ඉකොනොමිස්ට් බුද්ධි ඒකකයෙහි ප්‍රජාතන්ත්‍රවාදී දර්ශකය (The Democratic Index of the Economist Intelligence Unit) තුළ ශ්‍රී ලංකාව 69 වැනි ස්ථානයෙහි ලැයිස්තුගත කරනු ලැබ ඇත්තේ ‘දෝෂ සහිත ප්‍රජාතන්ත්‍රවාදයක්‘ සහිත රටක් ලෙසිනි.

    2019 ජනාධිපති මැතිවරණයේ සිට පසුගිය මාස ගණනාව මුළුල්ලේ සිවිල් පරිපාලන ව්‍යුහයන් වේගයෙන් මිලිටරිකරණය වීමත් සමග, 2020 දී ශ්‍රී ලංකාව ‘ඒකාධිපති‘ කාණ්ඩය කරා ඉක්මන් ගමනක යෙදී සිටින ‘දෙමුහුම් රාජ්‍ය පාලනයක‘ තත්ත්වයට පහත දමනු ලැබුවහොත් අප පුදුම විය යුතු නැත.

    තුවක්කු සහ යුද ටැංකි ගත් මිනිසුන් විසින් හමුදා බලය හා බලහත්කාරය තුළින් මෙහෙයවන ලද රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණවල ප්‍රතිඵලයක් ලෙස විසි වෙනි සියවසේදී බොහෝ රටවල ප්‍රජාතන්ත්‍රවාදයන් අභාවයට පත්විය.  ආජන්ටිනාව, චිලී, පාකිස්තානය, තායිලන්තය, ඝානා යන රටවල ප්‍රජාතන්ත්‍රවාදය මෙලෙස මිය ගියේය. අද, ජනරාල්වරුන් අතින් නොව තමන් බලයට ගෙන ආ, ඡන්දයෙන් තේරී පත් වූ  නායකයන් අතින් ප්‍රජාතන්ත්‍රවාදය ‘අභාවය‘ කරා ගෙනයාමට ඉඩ ඇත. සැබැවින්ම, පියවි ඇසට දැක ගත නොහැකි තරම් සියුම් පියවරවලින් බොහෝ ප්‍රජාතන්ත්‍රයන් සෙමෙන් විනාශ වී යන අතර, ඒ සඳහා වූ පසුබෑම ඇරඹෙන්නේ ද ඡන්ද පෙට්ටියෙනි. ඒකාධිපතිවාදය කරා යන ගමනේ මැතිවරණ හරහා වූ මාර්ගයේ පරස්පර විරෝධය වන්නේ, ප්‍රජාතන්ත්‍රවාදයේ ඝාතකයන් ප්‍රජාතන්ත්‍රවාදය මරා දැමීම පිණිස ප්‍රජාතන්ත්‍රවාදයේ ආයතනම ක්‍රම ක්‍රමයෙන් උඩු යටිකුරු කිරීම, සූක්ෂම ලෙස හා නිත්‍යානුකූලව පවා සහතික කිරීමයි.

    ශ්‍රී ලංකාවේ  ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය සහ ආයතන උඩු යටිකුරු කිරීම හා ක්‍රමයෙන් ගෙල මිරිකා මරා දැමීම දැන් ජනාධිපති ගෝඨාභය විසින් වේගවත්ව කරනු ලැබ ඇත. මේ සඳහා ඔහු අපේක්ෂා කරන තුනෙන් දෙකේ බහුතර බලය ලැබුණහොත් එහි මළගම සිදු කිරීමට ඉඩ ඇති බව නිසැකය. එසේ වුවත් එයට එකම හේතුව ඔහු පමණක්ම නොවේ. 1970 සිට  ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ඒකාධිපතිවාදී නායකයන් විසින් බරපතල ආකාරයෙන් අයුතු ලෙස  අල්ලා ගනු ලැබ ඇති අතර, විශේෂයෙන් ම 1978 දී විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දීමේ සිට නවීන  ප්‍රජාතන්ත්‍රවාදයකට අත්‍යවශ්‍ය බොහෝ සංවරණ හා සංතුලන ද අනුකම්පා විරහිත ලෙස මෙහෙයවීම හා පීඩාවට පත් කිරීම සිදු කර ඇත.

    19 සංශෝධනය යටතේ යළි පණ ගන්වන ලද ව්‍යවස්ථාදායක සභාව දැන් අක්‍රිය තත්ත්වයට ආසන්නව පවතිද්දී විධායකය, ව්‍යවස්ථාදායක හා අධිකරණය අතර බල බෙදීම වඩ වඩාත් බොඳ වෙමින් පවතී. ස්වාධීන කොමිෂන් සභා තම පාලන ශෛලියට කරදරයක් බව ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති අතර ඔහු 19 වැනි සංශෝධනය හකුලා දැමීමට ජනවරමක් පතයි.

    තෝරා ගත් ආකාරයට හා භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස දීම වෙනුවට සීමා කිරීමට නීතිය අදාල කෙරෙන තත්ත්වයකදී ජාතිවාදයට, වෛරී ප්‍රකාශවලට හා වාර්ගික හා ආගමික අන්තවාදයට නිදහසේ රජ කිරීමට ඉඩ ලැබීම සාමාන්‍ය තත්ත්වයක් බවට පත් කර ඇත. ඒ අවශ්‍යයන්ට බහු වාර්ගික, බහු ආගමික හා බහු භාෂාමය සමාජයක් සහිත ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය මත තවදුරටත් පීඩනය යොදමිනි. ශ්‍රී ලංකාවේ තිරසර  ප්‍රගතිය හා සංවර්ධනය අත් කර ගැනීමට නොහැකි වීමේ මූලිකම සහ වඩාත් වැදගත්ම සාධකය වන්නේ එහි සියළු පුරවැසියන්ගේ අයිතිවාසිකම් පිළිගනිමින්, ජාතියක් ලෙස විවිධත්වය පැසසීමට හා ගරු කිරීමට ශ්‍රී ලංකාව සතු නොහැකියාවයි. අද දේශානුරාගය ලෙස වෙස් වලාගත් බහුතරවාදය හා උග්‍ර ජාතිභේදවාදය රාජ්‍ය ප්‍රතිපත්තිය බවට පත් වී ඇත.

    නිදහස ලැබීමේ සිට නොනැවතී ඉහළ නගින දූෂණය දැන් අපගේ සමාජයෙහි නිර්මිතය විනාශ කරන පිළිකාවක් බවට පත්ව ඇත. ක්‍රියාශීලී වෙළඳපොල ආර්ථිකයට අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ  හා රෙගුලාසි සහ සම අවස්ථා නොමැතිව 1977 ආර්ථිකය  විවෘත කිරීම මගින්  ගජ මිතුරු මතවාදයෙහි විබාධක ආකෘතියකට මග පාදා ඇත. කෙටියෙන් කිවහොත්, දූෂණය, යළි යළිත් ඇතිවන ඒකාධිපතිවාදය හා එහි ප්‍රතිඵලයක් ලෙස සිවිල්, දේශපාලනික හා මානව හිමිකම්වලට එල්ල වූ ප්‍රහාර ශ්‍රී ලංකාවේ දේශපාලන දේහය දුර්වල කර ඇත. අද  රට විධායකය, හමුදාව සහ පූජ්‍ය පක්ෂය යන අංශවල විරූපී එක්රැස් වීමක් සහිත ඒකාධිපති රාජ්‍යයක් කරා  භයානක ලිස්සා යාමක් අත් දකිමින් සිටී. සත්‍ය වශයෙන්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් නව බහුතරවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා  කෙටුම්පතක් ඇතැම් බෞද්ධ පූජ්‍ය පක්ෂය හා උග්‍ර ජාතිභේදවාදී සිංහල කණ්ඩායම්  මුල් වී පිළියෙල කර, රජයට පක්ෂ මාධ්‍ය තුළ විශාල ඝෝෂාවක් ඇති කරමින් මේ වන විටත් ජනාධිපතිවරයාට භාරදී ඇත්තේ ‘පාර්ලිමේන්තුවෙන් පිටතදී සම්මත කිරීම‘ සඳහාය. අගෝස්තු 5 වැනි දින ශක්තිමත් ජනවරමක් ලැබුණහොත්, පූර්වාදර්ශයකින් තොරව, ගෝඨාභය ජනාධිපතිත්වය ව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පැවරූ දීර්ඝ කාලීන හමුදාමය ඒකාධිපතිවාදයේ අගාධයට ඇදගෙන යනු ඇත. පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයක්ද නැගී එමින් හා විරැකියාව වැඩිවෙමින් පවතිද්දී මර්දනය හා ඒකාධිපතිවාදය රාජපක්ෂ මානසිකත්වය වඩා රුචි කරන විකල්පය වීමට ඉඩ ඇත.  බොහෝ විට, ‘ආසියාවේ පැරණිම ප්‍රජාතන්ත්‍රවාදය‘ ලෙස  හැඳින්වෙන රටකට මෙය නිසැකවම ව්‍යසනකාරී විය හැකිය.

    ශ්‍රී ලංකාව  හෙළ මුදුනේ සිට ප්‍රපාතයට නෙත් යොමා සිටින මේ මොහොත සියලු ශ්‍රී ලාංකිකයන්ට සත්‍ය වශයෙන්ම සාංදෘෂ්ටිකවාදී වූවකි. සෑම පුද්ගලයෙකුම අර්ථවත් තේරීම් කළ යුතු අතර ඔවුන් කරන තේරීම ඉදිරි පරම්පරා ගණනාවක් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ අනාගතය නිශ්චය කරනු ඇත. 

    අපගේ බිය හා පූර්ව නිගමන මත පදනම්ව අපි අපේ රට වෙනුවෙන් නව අනාගතයක් නිශ්චය කරන්නෙමු ද?

    එසේත්  නැතිනම් සියල්ලන්ම වෙනුවෙන් වඩා යහපත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් අපගේ බලාපොරොත්තු හා අභිලාෂයන් මත පදනම්ව අපගේ අනාගතය තීරණය කරන්නෙමුද?

    අප මධ්‍යස්ථභාවය හා අනෙකා ඉවසීම ඈත අතීතයක වඩාත් ශිෂ්ට සම්පන්න යුගයක වියැකී ගිය වටිනාකම් බවට පත්වෙමින් තිබේදැයි නිහඬව සිතමින් සිටින අතර ආගමික හා වාර්ගික උන්මාදයෙන් පෙළෙන්නන් හා අනෙක් මූලධර්මවාදී උමතුවෙන් සිටින්නන් අතලොස්සකට අපගේ අනාගතය තීරණය කිරීමට ඉඩ දෙන්නෙමුද ?

    නිහඬ බහුතරයාගේ ප්‍රජාතන්ත්‍රවාදී මත ප්‍රකාශ අභිබවමින් අන්තවාදයේ මහා වියරු හඬ වඩා හොඳ පුවත් බවට පත්ව ඇත. නිදහසේ සිටම ඝෝෂාකාරී කිහිප දෙනෙකුගේ අන්තවාදය, අනෙකා නොඉවසීම, වෛරය හා ව්‍යාජ ජාත්‍යාලය හමුවේ බහුතරයේ නිහඬතාව අවසානයේදී අද අප ජාතියක් ලෙස මුහුණ දෙන ඛේදණීය අර්බුදය ලෙස කූඨප්‍රාප්තියට පත්ව ඇත.

    මෙම මැදමාවත, නිදහස් මතධාරී බව හා මධ්‍යස්ථවාදී වටිනාකම් වෙනුවෙන් රැඩිකල්වාදී කැපවීමකට නිවහන විය යුතුය.  මේ මොහොතේ අවශ්‍යතාව වන්නේ බුදුරජාණන් වහ්නසේගේ මැද මාවතේ සිට මහත්මා ගාන්ධිගේ අවිහිංසාවේ මාවත දක්වා, නේරුගේ සිට මාටින් ලූතර් කිං දක්වා, නෙල්සන් මැන්ඩෙලාගේ සිට  බැරැක් ඔබාමා දක්වා උකහා ගත් වටිනාකම පද්ධති යළි පණ ගැන්වීම මත පදනම් වූ නව දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීමයි.

    1977 දී වෙළෙඳපොල ආර්ථිකය වැළඳ ගත් පළමු රටවල් අතරින් එකක් වූ ශ්‍රී ලංකාවේ තවමත් ඇත්තේ, ඉඳුරාම යල් පැන ගිය නීති හා ‘සමාජවාදී මානසිකත්ව‘ ගොහොරුවෙහි ගිලී ඇති විධාන ආර්ථිකයකි. අප රජයන් ව්‍යවහාර කරන ගජමිතුරු  ධනවාදී  ක්‍රමය වෙනුවට දුප්පතුන්, දුර්වලයන් හා අවාසනාවට ගොදුරු වූවන් ආරක්ෂා කිරීමට සියල්ලන් ඇතුළත් කර ගන්නා සමාජ ආරක්ෂක ජාලයක් කෙරෙහි අවධාරණය සහිත සැලකිලිමත් හා ක්‍රියාශීලී සමාජ වෙළෙඳපොල ආර්ථිකයක් ආදේශ කළ යුතුව ඇත. සියල්ලන්ටම සම අවස්ථා සහතික කරන,  සියල්ල ඇතුළත් කරගන්නා කුසලතා තන්ත්‍රයක් අවශ්‍යව ඇත. ඒ සඳහා පුද්ගලවාදී දේශපාලන අනුග්‍රාහකත්වයේ  සංස්කෘතිය අවසන් විය යුතුව ඇත. 

    ශිෂ්ටසම්පන්න සමාජයකට නීතියේ ආධිපත්‍යයද පූර්ව අවශ්‍යතාවකි. එබඳු සමාජයක රජු, පූජකයා හෝ සොල්දාදුවා වේවා කවර හෝ තැනැත්තකුවත් නීතියට ඉහළින් නොසිටී. ආයෝජකයන්ගේ විශ්වාසය දිනා ගැනීම මෙන්ම අපගේ ජාතික සංවර්ධනය තුළ අර්ථවත් ලෙස සහභාගි වීමට අපේම පුරවැසියන්ගේ පැහැදීම හා විශ්වාසය දිනා ගැනීම ඇතුළුව අර්ථපූර්ණ ප්‍රගතියක් අත් කර ගැනීම ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍යව ඇත.

    ශ්‍රී ලංකාව පෙර නොවූ විරූ දේශපාලන හා ආර්ථික අර්බුදයක් කරා වේගයන් ඇදී යද්දී, වාමාංශික හා දක්ෂිණාංශික පසමිතුරු දේශපාලනයෙන් ඔබ්බට විහිදුණු සම්මුතිවාදී ප්‍රජාතන්ත්‍රවාදී නව්‍යකරණය, හදිසි අවශ්‍යතාවක්ව පවතී. එය සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේගේ වදන්හි අනුනාදයක් මෙන් ක්‍රි.පූ. 350 දී ඇරිස්ටෝටල් ඔහුගේ ‘පොලිටික්ස්‘ නම් නිබන්ධයෙහි මෙම ‘මධ්‍යස්ථ මූලධර්මය‘ පිළිබඳව ලියමින් එය  ධනවතුන් හා දුගියන් අතර පවතින විවරය යා කරන ධාතුව බව පවසයි.  අද, ශ්‍රී ලංකාව එක් අර්බුදයකින් තවත් අර්බුදයකට ඇද වැටෙද්දී අපට ඇති එකම විකල්පය මධ්‍යස්ථ ප්‍රවේශය බව වඩ වඩා තහවුරු වෙමින් පවතී.

    මැද මාවත යනු ̒̒̕ඕනෑම දෙයක් පිළිගත හැකිය̕ යන ආකල්පයෙන් ‘උණුවන හිතැති නිදහස් මතධාරීන්‘ ඕනෑම තත්ත්වයක් වෙනුවෙන් නිදහසට කරුණු සෙවීමට සහ සාධාරණීකරණයට උත්සාහ කරනු ඇත්තා වූ හා නීතියේ ආධිපත්‍යය අදාල නොවන්නා වූ දුර්වල බවෙහි හා බෙලහීන බවෙහි දර්ශනයක් ලෙස සිතන්නෝ ද සිටිති. සැබැවින්ම බොහෝ දෙනෙක් මධ්‍යස්ථවාදය, ස්වාධීනතාවාදයෙහි නිර්බාධවාදී ආකල්පය සමඟ පටලවා ගනිති. මැද මාවත නැතහොත් රැඩිකල්වාදී මැද මාවත, සාධාරණ, සැලකිලිමත් හා සෞභාග්‍යමත් සමාජයක් දරා සිටින කුළුණු සතර ලෙස ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, සමානාත්මතාව සහ සාධාරණත්වය යන මූලධර්ම මත පදනම්ව ඇත. රැඩිකල්වාදී මැද මාවත යනු යෙදුම්වල පරස්පරයක් බව බොහෝ දෙනෙකු කීමට ඉඩ ඇති නමුත්, මෙම වටිනාකම් ආරක්ෂා කිරීමට හා සාක්ෂාත් කරගැනීමට අවශ්‍ය වුවහොත් හා අවශ්‍ය වූ විට අවිහිංසාවාදී අරගල දියත් කිරීමට පවා මැදිහත් වීමද, ඒ උදෙසා යම් අයකු විශ්වාස කරන දේ මතින් පැනනගින ධෛර්යය හා සමඟම මධ්‍යස්ථ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම කෙරෙහි රැඩිකල්වාදී කැපවීම ද හදිසි අවශ්‍යතාවකි. රැඩිකල්වාදී මැද මාවත, ඒකාධිපතිවාදය, වර්ගවාදය සහ අනෙකුත් සියලු ආකාරයේ අන්තවාදයන්ට සක්‍රියව හා ශක්තිමත්ව එරෙහිවීමට හා සටන් කිරීමට නිහඬ බහුතරයට සැපයෙන මධ්‍යස්ථතාවයෙහි වේදිකාවකි. ‌

    දේශපාලන පරාසයෙහි සෑම කොටසකින්ම නැගෙන විකල්ප මතධාරීන්ගේ හඬට හා මතවලට විමධ්‍යගත පාලනයක ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ ස්ථානයක් හිමිවනු ඇත්තා වූ  මධ්‍යස්ථවාදී මැද මාවතක් නිර්මාණය කිරීම රැඩිකල්වාදී මැද මාවතට උරුම වේ. එය, විද්‍යමාන  වන සියළු ආකාරයෙන් විවිධත්වයට ගරු කරන ක්‍රමයකි; බහුත්වවාදය සහ ආගමික සහ අධ්‍යාත්මික සංකල්පවලින් බැහැරවීම, වැජඹෙන අවිහිංසාවාදී, ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ විවිධ ප්‍රජාවන් අතර වසර ගණනක ගැඹුරු අවිශ්වාසයේ වේදනාවන් වියැකී යා යුතුය. රැඩිකල්වාදී මැද මාවත, නොඉවසන සුලු තැනැත්තන්ට ඔවුන් වෛර කරන්නන් සැබැවින්ම ඔවුන්ට බොහෝ සෙයින්ම සමාන බවත්, මනුෂ්‍යයන් ලෙස ඔවුන්ටද එකම සිහින හා අභිලාෂයන් මෙන්ම බිය සහ කණස්සල්ලද තිබෙන බවද පෙන්වා දිය යුතුය. රැඩිකල්වාදී මැද මාවත, සියලු ශ්‍රී ලාංකිකයන්  ජාතියේ, ආගමේ හා කුලයේ සීමාවන්ගෙන් ඔබ්බට යමින් ඔවුන්ගේ පොදු මනුෂ්‍යත්වය සොයා ගන්නා ස්ථානය විය යුතුය.

    ගෝඨාභය රාජපක්ෂටවත්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණටවත්, බෙදී සිටින විපක්ෂයටවත් මෙම ප්‍රජාතන්ත්‍රවාදයෙහි හා පාලනයෙහි අර්බුදය, එනම් දශක ගණනාවක අයහපත් පාලනයෙහි හා විධිමත් නොවූ කළමනාකරණයෙහි කුඨප්‍රාප්තිය, විසඳීම සඳහා දැක්මක් නොමැති හෙයින් අගෝස්තු 05 වැනි දින මැතිවරණයෙහි ප්‍රතිඵලය කුමක් වුවද එය අදාල නැත. දේශපාලන අවස්ථාවාදයෙහි සහ අන්තවාදයෙහි බලවේග විසින් එහි විශ්වාසනීයත්වය අන්තයටම තල්ලු කෙරෙමින් තිබෙන ප්‍රජාතන්ත්‍රවාදයෙහි පැවැත්ම තහවුරු කළ හැකි එකම මග වන්නේ මධ්‍යස්ථවාදී වටිනාකම් කරා නැවත ගමන් කිරීමයි. විකල්පය වන්නේ ජනාධිපතිවරයා විසින් ඉඟි කරන ලද විධායකය, හමුදාව සහ පූජ්‍ය පක්ෂය ඒකරාශී වීම මත පදනම් වූ ඒකාධිපතිවාදයක් නොවන්නාක් මෙන්ම අගමැතිවරයා හඹායන 2/3 බහුතරය සහිත ශක්තිමත් රජයක්ද නොවේ. 1970 දී, 1977 දී හා 2010 දී අල්ලස් මගින් අත් කරගත් 2/3 බහුතරය ආදී වශයෙන් වූ 2/3 බහුතරය ලබා ගත් සියළු ආණ්ඩු අප අද සාක්ෂි දරන  කුණු වීමට හා ජරාවාස වීමට දායක වී ඇත.

    ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වහා යළි කැප වීමක් අද යුගයේ අවශ්‍යතාවයි. අප විසි එක් වන සියවසෙහි දෙවන කාර්තුව කරා ගමන් කරද්දී, ප්‍රජාතන්ත්‍රවාදය එහි සියලු දෝෂ හා අඩුපාඩු තිබියදීත් හොඳම පාලන ක්‍රමය ලෙස පවතී. නිරන්තරයෙන් මැතිවරණ පැවැත්වීම මගින් අප ප්‍රජාතන්ත්‍රවාදය වචනයට පමණක් සීමා කරමින් සිට ඇති නමුත් වසර ගණනාවක් මුළුල්ලේ අවශ්‍ය සංවරණ හා තුලන සමඟම අපගේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සියල්ලම පාහේ තදබල ලෙස පීඩාවට පත් වී ඇත. එබඳු ආයතන ශක්තිමත් කරනු වස් 2015 දී ගන්නා ලද පියවර කිහිපය පවා මැතිවරණයෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශාල බහුතරයක් ලබා ගතහොත් හකුලා දැමීමට සැලසුම් කර තිබේ.

    ශ්‍රී ලංකාව මුළුල්ලේ සිටින නිවැරදි චින්තනයක් ඇති සියලු දෙනා ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමට ඔවුන්ගේ නිහඬතාවය බිඳ දමා එක්සත් විය යුතුය. කිහිප දෙනෙකුගේ දුෂ්ට පාලනය පරාජය කළ හැක්කේ නිහඬ බහුතරය, සැබෑ දේශප්‍රේමීන් ‘දැන් හොඳටම ඇති‘  යැයි කීමට ඔවුන්ගේ නිද්‍රාවෙන් අවදි වුවහොත් පමණි. සැමුවෙල් ජොන්සන් කියූ පරිදිම ශ්‍රී ලංකාවේ දේශ ප්‍රේමිත්වය දැන් ‘ප්‍රයෝගකාරීන්ගේ අවසාන රැකවරණය’  බවට පත් ව ඇත . අද දිරිගැන්වෙන ව්‍යාජ දේශ ප්‍රේමිත්වය,  නිදහසේ සිටම අපගේ පරිහානියේ ගමනට ප්‍රධාන හේතුව වී ඇති තුනී පටලයකින් සැඟවූ, ජාතිවාදය සහ පමණට වැඩි උනන්දුවක් සහිත උග්‍ර ජාතිභක්තිමදයයි.

    වැඩවසම් ගෝත්‍රික ආකල්ප සහ පශ්චාත් 56 යුගයේ ‘කුඩා ළිඳ තුළ විසල් මැඩියා‘ මානසිකත්වය  ප්‍රතික්ෂේප කරමින් නූතන ශ්‍රී ලංකාවක ඉලක්ක සහ අභිලාෂයන් පිළිබිඹු කිරීමට  දේශ ප්‍රේමීත්වය යළි නිර්වචනය කිරීම අවශ්‍යව ඇත.  අපගේ එක් එක් පෞරාණික සංස්කෘති සහ ආගම්වල විවිධත්වයට සහ මහිමයට ගරු කරන අතරම ජාතිකවාදී සහ විශ්ව දේශී ශ්‍රී ලංකාවේ සත්‍ය දේශප්‍රේමීන් නිදහස, ප්‍රීතිය හා සෞභාග්‍යය කරා සෙසු ලෝකය සමග අත්වැල් බැඳ ගමන් කිරීමට එක්සත් විය යුතුය.

    මංගල සමරවීර

  • ‘සහන කාලය ඉක්මවා නැති’ රියැදුරු බලපත් ඡන්දය දැමීමට වලංගුයි

    ‘සහන කාලය ඉක්මවා නැති’ රියැදුරු බලපත් ඡන්දය දැමීමට වලංගුයි

    රියදුරු බලපත්‍රයේ කාලය ඉක්මවා ඇතත් අදාළ සහන කාලය ඉක්මවා නැත්නම් එය රියදුරු බලපත්‍රද ඡන්ද පොලේදී වලංගු අනන්‍යතා සහතික පත්‍රයක් ලෙස පිළිගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (01) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

  • අන්තවාදීන්ට සහ කුමන්ත්‍රණකරුවන්ට රට ගැන සිතන නායකයින් පෙන්නන්න බෑ – ජනපති

    අන්තවාදීන්ට සහ කුමන්ත්‍රණකරුවන්ට රට ගැන සිතන නායකයින් පෙන්නන්න බෑ – ජනපති

    බාධක පැමිණිය ද දුප්පත්කම තුරන් කිරීමට ආරම්භ කළ ගමන නතර නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. අතීතයේ දී ඇතැමෙකුට රැකියා ලැබුණද, දිළිඳු ජනතාවට අවස්ථාව නොලැබුණු බව ජනනාධිපතිවරයා පෙන්වා දෙයි.

    “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ජනතාවට දුන් පොරොන්දු ඒ අයුරින්ම ඉටු කරමින් මැතිවරණය අවසන් වූ වහාම අඩු ආදායම්ලාභීන් සහ උපාධිලාභීන් සඳහා සැලසුම් කළ රැකියා එක්ලක්ෂ පනස්දහස  දෙන බව රාජපක්ෂ මහතා සඳහන් කරයි. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සමතුන්ට පුහුණුවක් සමග රැකියා දීමට වැඩපිළිවෙළක් සකස් කරන බව ද ජනපතිවරයා කියා සිටී.

    පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරග වැද සිටින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කරනු පිණිස අද (01) බදුල්ල දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත ජනාධිපතිවරයා මහියංගනය මහවැලි ක්‍රීඩාංගණයේ පැවති ජන හමුවේ දී මේ බව සඳහන් කළේය.

    අපේක්ෂක තේනුක විදානගම මහතා විසින් හමුව සංවිධාන කර තිබිණ.

    රට ගැන සිතන නායකයෙකු බලයට පත් සෑම අවස්ථාවකම එම වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීම කුමන්ත්‍රණකාරී සහ අන්තවාදී කණ්ඩායම්වල ඉලක්කය වූ බව  ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    කිසිදු පදනමක් නැතිව වරාය ආශ්‍රිතව අර්බුදයක් නිර්මාණය කිරීමට පිරිසක් උත්සාහ කරමින් සිටිති. තමා බියපත් කිරීමට ඔවුනට නොහැකි බව සඳහන් කළ ජනාධිපතිවරයා දුප්පත්කම තුරන් කිරීමට ගෙන යන වැඩපිළිවෙල ආපසු හැරවීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන බව අවධාරණය කළේය.

    අතරමග නතර වී ඇති මොරන් ඇල වාරි ව්‍යාපෘතිය කඩිනමින් නිම කර මහියංගනය ප්‍රදේශයේ පානීය ජල ගැටළුව විසඳන බව ජනාධිපතිවරයා පැවසීය. වන අලි තර්ජනය, මත්ද්‍රව්‍ය උවදුර සහ දෙහිගොල්ල මහා විද්‍යාලයේ  අඩු පාඩු පිළිබඳව රැස්ව සිටි ජනතාව ජනාධිපතිවරයා දැනුවත් කළහ.

    ඩී.බී. ශෂිකලා සෙව්වන්දි දියණිය කොවිඩ් අරමුදල සඳහා තම මුදල් කැටය ජනාධිපතිවරයා වෙත පිරිනැමුවාය.

    මහියංගනයට යන මග දෙපස රැස්ව සිටී ජනතාව සමග ද ජනාධිපතිවරයා සුහද කථා බහක නිරත විය.

    අපේක්ෂිකා ඕෂධී හේවාමද්දුම මහත්මිය වියළුව කන්දකැටිය සතිපොළ භූමියේ සංවිධාන කළ ජන හමුවට සහභාගී වූ ජනාධිපතිවරයාට ජනතාව මහත් හරසර පුද කළහ.

    බොහෝ  දිස්ත්‍රික්කවල පවතින  වගා ජල හිඟයට සහ වන අලි තර්ජනයට ස්ථීර සාර විසඳුම් සෙවීමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන බව  ජනාධිපතිවරයා කියා සිටියේය. පාරම්පරික වගා බිම් යළි පවරා අස්වැද්දීමට පියවර ගන්නා බව ද රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේය.

    සියලු ගැටළු අධ්‍යයන කර විධිවත් වැඩපිළිවෙළක් යටතේ දිළිඳුකම පිටුදැක, ජනතාව ජීවත් කරවීමේ වගකීම ඉටුකරන බව  ජනපතිවරයා පැවසීය.

    අපේක්ෂක ඩිලාන් පෙරේරා මහතා වියළුව, මීගහකිවුල, පොළභූමිය අසළ සංවිධාන කළ ජන හමුවට සහභාගී වූ ජනාධිපතිතුමා රැස්ව සිටී ජනතාව සමග සුහද කථා බහක නිරත වෙමින් ප්‍රදේශයේ ගැටළු විමසීය.

    ඇල්ලන්ද මාර්ගය පිළිසකර කර බස්රථයක් ධාවනයට යොදවන ලෙස මීගහකිවුල ජාතික පාසලේ දියණියක කළ ඉල්ලීම ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය. එය සටහන් කර ගන්නා ලෙස නිලධාරිනට දැනුම් දෙනු ලැබීය.

    පුරන්ව ඇති අක්කර 3,000ක පමණ කුඹුරු අස්වැද්දීමට හැකි අයුරින් ලොග්ගල ඔය හරවා දෙන්නැයි ජනතාව ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ.

    මීගහකිවුල ජාතික පාසලේ උසස් පෙළ ගුරු හිගය සහ අඩු පාඩු පිළිබදව ජනාධිපතිතුමා දැනුවත් කෙරිණ.

    ක්‍රීඩාංගණය සහ ගුරු නිවාසය ඉදිකර දෙන ලෙස ඌව පරණගම ලූණුවත්ත ජාතික පාසලට පැමිණි ජනාධිපතිතුමාගෙන් විදුහල්පතිතුමා සහ සිසුහු ඉල්ලා සිටියහ.

    අල ගොවීන් වගාව සඳහා දිරිමත් කළ ජනාධිපතිතුමා බදුල්ල බීජ පර්යේෂණ ආයතනය ගුණාත්මක බීජ අර්තාපල් පිළිබඳ පර්යේෂණ කරමින් තිබෙන බව සඳහන් කළේය.

    අපේක්ෂක චාමික බුද්ධදාස මහතා ඌව පරණගම අඹගස්දෝව ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ සහ අපේක්ෂක සම්පත් ජයසුන්දර මහතා වැලිමඩ ප්‍රාදේශීය සභා සතිපොළ භූමියේ සංවිධාන කළ ජනහමුවලට සහභාගී වූ ජනාධිපතිතුමා රැස්ව සිටි පිරිස සමග සුහද කථා බහක නිරත විය.

    ප්‍රදේශයේ ව්‍යාපාරික සහ සෙසු ගැටළු පිළිබඳව ජනතාව ජනාධිපතිතුමා දැනුවත් කළහ. ලූණුවත්ත උඩපේරුව පදිංචි ගාමිණි කුමාරසිංහ මහතා විසින් නිෂ්පාදිත සැහැල්ලු කොල මඩින යන්ත්‍රය පිළිබඳව ජනාධිපතිතුමා දැනුවත් කෙරිණ.

    වැලිමඩ විජය විද්‍යාලයේ මිහෙළි නිල්මිණි රත්නායක දියණිය කොවිඩ් අරමුදල සඳහා මුදල් කැටයක් ජනාධිපතිතුමා වෙත පරිත්‍යාග කළාය.

    අපේක්ෂක සුදර්ශන දෙණිපිටිය මහතා බණ්ඩාරවෙල නගර සභා පරිශ්‍රයේ සහ අපේක්ෂක ජානක තිස්සකුටිට්ආරච්චි මහතා දියතලාව ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ සංවිධාන කළ ජන හමුවලට පැමිණි ජනාධිපතිතුමාට ජනතාව මහත් හරසර පුද කළහ.

    වගා වන්දි ප්‍රදානය ක්‍රමවත් කිරීමට සහ වගා අස්වැන්න සුරක්ෂිතව ප්‍රවාහනයට විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ජනාධිපතිතුමා දැනුවත් කෙරිණ.PMD NEWS

  • ගොවිතැනට ආකර්ශණීයවන කෘෂි ආර්ථිකයක් ගොඩනගනවා

    ගොවිතැනට ආකර්ශණීයවන කෘෂි ආර්ථිකයක් ගොඩනගනවා

    තරුණ පරපුර වගාව අතහැර වෙනත් වෘත්තීන්ට යොමුවීම නතර වී, ගොවිතැනට ආකර්ශණීය වන කෘෂි ආර්ථිකයක් මොණරාගල දිස්ත්‍රික්කයේ ගොඩනගන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා පවසයි. 

    පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරගවැද සිටින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කරනු පිණිස අද (31) මොණරාගල දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය. 

    කුඩා භූමි ප්‍රදේශයක අඩු නිෂ්පාදන පිරිවැයකින්, උසස් තාක්ෂණික ක්‍රමවේද භාවිතයෙන් වැඩි ගුණාත්මක අගයෙන් යුත් ඉහළ අස්වැන්නක් ගතහැකි කෘෂි ආර්ථිකයක් ගොඩනැගීම තම ප්‍රතිපත්තිය බව මෙහිදී ජනාධිපතිතුමා අවධාරණය කළේය. ජනාධිපතිතුමාගේ මොණරාගල දිස්ත්‍රික් චාරිකාව තණමල්විල ජාතික පාසල් ක්‍රීඩාංගණයෙන් ඇරඹිණ. 

    අපේක්ෂක ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා, විදුහල්පතිතුමා, ගුරුවරුන් සහ සිසු සිසුවියන් විසින් එහිදී රාජපක්‍ෂ මැතිතුමා  පිළිගනු ලැබිණ.

    විද්‍යාලයීය ඉතිහාසයේ පළමු වරට රාජ්‍ය නායකයෙකුගේ පැමිණීම අගයමින් සුලෝචනා සංදීපනී ශිෂ්‍යාව කතාවක් කළාය. ගොඩනැගිලි සහ පානීය ජලය ඇතුළු අඩු පාඩු කිහිපයක් සපුරා දෙන ලෙස සිසුන් කළ ඉල්ලීම ඉටුකරන්නැයි ජනාධිපතිතුමා එහිදී යුද හමුදාපතිවරයාට දැනුම් දුන්නේය.

  • හිටපු නියෝජ්‍ය ඇමති ප්‍රේමලාල් ‍ජයසේකර හෙවත් ‘චොකා මල්ලිට’ මරණ දඬුවම

    හිටපු නියෝජ්‍ය ඇමති ප්‍රේමලාල් ‍ජයසේකර හෙවත් ‘චොකා මල්ලිට’ මරණ දඬුවම

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂක, ‘චොකා මල්ලි’ හෙවත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර ඇතුළු දේශපාලනඥයින් තිදෙනෙකුට රත්නපුර මහාධිකරණය විසින් අද (31) මරණ දඬුවම නියම කරනු ලැබුවා.

    කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන සිල්වා සහ සබරගමු පළාත් සභා හිටපු මන්ත්‍රී නිලන්ත ජයකොඩි මරණ දඬුවම නියම වූ අනෙක් දෙදෙනාය.

    2015 ජනාධිපතිවරණය අතරතුර කහවත්ත ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක රැළියකට හානි කර, පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහිව නඩු පවරා තිබිණි. එම අධිචෝදනාවලට ඔවුන් තිදෙනා වරදකරුවන් බව අධිකරණය තීන්දු කළේය.

    ඝාතනයට ලක් වූ ශාන්ත දොඩන්ගොඩගේ අවමගුල් උත්සවය
    රනිල් වික්‍රමසිංහ ඝාතනයට ලක් වූ සිය ආධාරකරුවාගේ ඥාතීන් සමඟ

    2015 ජනාධිපතිවරණ සමයේ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේනට ආධාර පිණිස කහවත්ත නගරයේ පැවති ප්‍රචාරක රැළියක සරසිලිවල යෙදී සිටි ආධාරකරුවන්ට වෙඩිතබා එක් පුද්ගලයකු ඝාතනය කිරීම ඔවුන් තිදෙනාට එරෙහිව එල්ල වී තිබුණු චෝදනාවය.

    නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වීම, චේතාන්විතව පුද්ගලයකු ඝාතනය කිරීම, තවත් දෙදෙනෙකු ඝාතනයට තැත් කිරීම ඇතුළු අධි චෝදනා නවයක් නිතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව ගොනු කරණු ලැබ තිබිණි.

    ලඝු නොවන නඩු විභාගයේ දී සාක්ෂි දුන් පනස් නව දෙනකුගේ සාක්ෂි සහ නඩු භාණ්ඩ 16ක් මෙම විත්තිකරුවන්ට එරෙහිව පැවැත්වෙන මහාධිකරණ නඩුවට නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබිණි.

  • අනුෂ්කා ෂර්මා ගැන චිරාත් කෝලි ‘සුපිරි හෙළිදරව්වක් කරයි’

    අනුෂ්කා ෂර්මා ගැන චිරාත් කෝලි ‘සුපිරි හෙළිදරව්වක් කරයි’

    ‘බොලිවුඞ් චිත‍්‍රපට – ක‍්‍රිකට්’ ඉන්දියානුවන්ට ආගමක් හා සමානයි. ඒ නිසාම බොලිවුඞ් තරු සහ ක‍්‍රිකට් තරු කියන්නේ ඉන්දියාවේ දේවත්වයෙන් පිදුම් ලබන, අතිෂය පුළුල් සමාජ – ආර්ථික හා දේශපාලන බලයක් ඇති පිරිසක්.

    ඉතිං ක‍්‍රිකට් සහ බොලිවුඞ් චිත‍්‍රපට එකම වහළක් යටට වූ විට කුමක් වෙයිද ? තවත් ආකාරයකින් කිව්වොත් බොලිවුඞ් තරුවක් සහ ක‍්‍රිකට් තරුවක් විවාහ වුනොත් කුමක් වෙයිද ?

    අතිෂයින් විරල වුණත් මේ වන විට ඉන්දියානුවන් ඒ මිහිර විඳිනවා. ඒ ඉන්දීය ක‍්‍රිකට් කණ්ඩායමේ සුපිරි පිතිකරු චිරාත් කෝලි සහ සුපිිරි බොලිවුඞ් නිළි අනුෂ්කා ෂර්මා නිසා.

    අනුෂ්කා – කෝලි යුවලට ඉන්දියානුවන් බොහෝ සේ ආදරය කරනවා වගේම ඔවුන්ගේ පුවත් මොහොතකින් ඉන්දියාව පුරා පැතිර යනවා. හරියට කොවිඞ් වාගේ.

    කොවිඞ් වසංගතය නිසා දැන් ඉන්දියාව වසා දමා තිබෙන්නේ. ඒ නිසා බොලිවුඞ් චිත‍්‍රපටත් නැහැ … ක‍්‍රිකටුත් නැහැ. ඒ නිසා බොහෝ කාලයකට පසු අනුෂ්කා සහ කෝලි ඔවුන්ගේ සුපිරි මන්දිරයේ බොහෝම විවේකයෙන් සහ සතුටින් කාලය ගත කරනවා.

    මේ අතර පසුගිය දා බොලිවුඩය උණුසුම් කළ පුවතක් කෝලි කිව්වා. ඒ ‘අනුෂ්කා නොමැති වුණා නම් මම මෙතන නෑ’ කියලා.

    සෑම සාර්ථක පිරිමියෙක් පිටුපසම ගැහැනියක් ඉන්නවා කියන කාරණය නිසා බොලිවුඞ් සහ ක‍්‍රිකට් පිස්සන් කෝලිගේ මේ කතාව ගැන උනන්දු වුණා. කෝලි මේ කතාව කියලා තිබුණේ තම කණ්ඩායමේ මයාන්ක් අගර්වාල් සමඟ සුහද පිළිසදරක යෙදී සිටින විටයි. එහිදී කෝලි තම මිතුරා සමග තමා සහ අනුෂ්කා ගැන බොහෝ දේ කියලා තියෙනවා.

    අනුෂ්කා ෂර්මා සහ විරාත් කෝලි යනු යථාර්ථයක් ලෙස විශ්වාස කරන එක් යුවළකි.  නිරෝධායනය අතරතුර, එකිනෙකාගේ us ණ වැඩ බාධාවන් සඳහා සම්පූර්ණයෙන්ම එහි සිටීමට ඔවුන්ට කාලය ලැබී ඇති අතර එම නිසා එයින් උපරිම ප්‍රයෝජන ගනී.  ඔවුන් විශාල බැඳීමක් ඇති අතර එය ඔවුන් කරන සෑම දෙයකින්ම පිළිබිඹු වේ.  මෑතකදී විරාත් තම කණ්ඩායමේ මයාන්ක් අගර්වාල් සමඟ අවංක කතාබහක දී අනුෂ්කා ගැන කතා කළේය.  ඔවුන් ද බොහෝ දේ පසුකර ගිය බව ක්‍රිකට් ක්‍රීඩකයා හෙළි කළ නමුත් එය අනුෂ්කා නොවන්නේ නම් ඔහු අනෙක් පැත්ත කවදාවත් දැක නැත.

    ‘මම අනුෂ්කාට සම්පූර්ණ ගෞරවය ලබා දෙන්නේ ඇය මට සම්පූර්ණයෙන්ම වෙනස් පැත්තක් දැකීමට සැලැස්වීම නිසයි. විශාල පින්තූරය සමඟ කළ යුතු බොහෝ දේ මට අවබෝධ කර දුන් නිසා අනුෂ්කා මගේ ජීවන සහකාරිය වීම ගැන මම අවංකව සතුටට පත් වෙනවා’ චිරාත් කියනවා.

    ‘ක්‍රීඩකයෙකු ලෙස මගේ වගකීම, අද මම කවුරුන්ද යන්න පිළිබඳ මගේ වගකීම, ඒ සමඟ ගෙන එන දේ, මිනිසුන්ට නිසි ආකාරයෙන් ආදර්ශයක් තැබීම, මේ සියල්ල පැමිණියේ අනුෂ්කාගෙනුයි. මට අනුෂ්කා හමු නොවූයේ ඒ සියල්ල මගෙන් ගිලිහී යනවා. ඊට හේතුව පැහැදිලියි. මම විවෘත පුද්ගලයෙක් නෙමෙයි. ඒත් මම දැඩි පුද්ගලයෙක්. මුරණ්ඩු පුද්ගලයෙක්. ඒත් මගේ ඒ සියලූ දුර්වලතා ජය ගන්න උදව් කළේ අනුෂ්කායි. මාව යහපත් පුද්ගලයෙක් කළේ ඇයයි. ඇය හමු නොවුණා නම් මම මීට වඩා හාත්පසින්ම වෙනස් හුදකලා, දැඩි පුද්ගලයෙක්. ඉතිං මං ඇයට කෘතඥ නොවී පුළුවන් ද ?’ චිරාත් තම මිතුරාගෙන් විමසා තිබෙනවා.

    Text by Filmfare.in – by – තුෂාධවි

  • තරුණ ඔබේ පෞරුෂත්වය තවත් ඔපවත් කරන සුපිරි Blazer Jacket විලාසිතා

    තරුණ ඔබේ පෞරුෂත්වය තවත් ඔපවත් කරන සුපිරි Blazer Jacket විලාසිතා

    වර්තමානයේ ලස්සනට අඳින්න පළඳින්න කැමැති තරුණයින් අතර බ්ලේසර් විලාසිතා අතිෂය ජනප‍්‍රියයි. ඒ නිසා ඔවුන් අලුත්, නවීන විලාසිතා ගැන දක්වන උනන්දුවක් වැඩියි.

    මේ නිසා අපි තීරණය කළා තරුණ ඔබ වෙනුවෙන් වර්මානයේ අතිෂය ජනප‍්‍රිය බ්ලේ්සර් ජැකට් විලාසිතා එකතුවක් ගෙන එන්න. මෙම බ්ලේසර් විලාසිතා වල විශේෂත්වය වන්නේ එය සාම්ප‍්‍රදායිකව භාවිතා කරන කලූ වර්ණයෙන් තොර විවිධ වර්ණවලින් යුක්ත වීමයි. වැඩි පුර වචනවලට කාලය වැය නොකර එම විලාසිතාවල අපූර්වත්වය පහත පළ වන ඡායාරූපවලින් දැක බලා ගන්න.

    Blazer jacket outfit ideas for men #mensfashion #style #fashion
    Blue blazer with khaki chino shorts කාකි චිනෝ කොට කලිසම් සහිත නිල් බ්ලේසර්
    Blazer jacket outfit ideas for men #mensfashion #style #fashion
    Navy Blazer With White Jeans  සුදු ජීන්ස් සමඟ නේවි බ්ලේසර් 
    Blazer jacket outfit ideas for men #mensfashion #style #fashion
    Grey check blazer with navy chinos – නාවික චිනෝස් සහිත අළු චෙක් බ්ලේසර්
    Blazer jacket outfit ideas for men #mensfashion #style #fashion
    Kahki Blazer With Dark Blue Denim – තද නිල් ඩෙනිම් සහිත කාකි බ්ලේසර්
    Blazer jacket outfit ideas for men #mensfashion #style #fashion
    Grey check blazer with burgundy chino pants  බර්ගන්ඩි චිනෝ කලිසම් සහිත අළු චෙක් බ්ලේසර් 
    Blazer jacket outfit ideas for men #mensfashion #style #fashion
    Navy blazer with beige chinos pants –  ලා දුඹුරු චයිනෝ කලිසම් සහිත නේවි බ්ලේසර්
    Blazer jacket outfit ideas for men #mensfashion #style #fashion
    Grey vertical stipes blazer with black denim – කළු පැහැති ඩෙනිම් සහිත අළු සිරස් ස්ටයිප්ස් බ්ලේසර්
    Blazer jacket outfit ideas for men #mensfashion #style #fashion
    Green blazer with grey chino pants – ළු චිනෝ කලිසම් සහිත හරිත බ්ලේසර්
    Blazer jacket outfit ideas for men #mensfashion #style #fashion
    Kahki blazer with blue washed denim  නිල් ඩෙනිම් washed සහිත කාකි බ්ලේසර්

    Pic by – fashion@mens – සටහන – තුෂාධවි

  • රනිල් සහ සජිත් ගැන ගම්මන්පිලගෙන් සුපිරි හෙළිදරව්වක්

    රනිල් සහ සජිත් ගැන ගම්මන්පිලගෙන් සුපිරි හෙළිදරව්වක්

    මෙතෙක් කාලයක් අන්තවාදීන් හුරතල් කරන්නේ එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා බවට තමන් ඇතුළු පාර්ශ්ව කළ චෝදනාව වැරදි බවත් අන්තවාදීන් හුරතල් කරන්නේ සජිත් පේ‍්‍රමදාස මහතා විසින් බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

    අද (31) කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡුාවකදී ගම්මන්පිල මහතා මේ බව සඳහන් කළේය.

    ‘ අපි අවුරුදු 25ක් පමණ තිස්සේ රනිල් වික‍්‍රමසිංහ මහතාට චෝදනා කළා ඔහු අන්තවාදීන් හුරතල් කරනවා කියලා. ඒත් අපිට දැන් ඉතාම පැහැදිලිව කියන්න පුළුවන් අන්තවාදීන් හුරතල් කළේ වෙන කවුරුත් නොවෙයි සජිත් පේ‍්‍රමදාස මහතා විසින් බව. ඒත් අපිට ඇත්ත හඳුනා ගන්න රනිල් – සජිත් වෙන් වෙලා යන තුරු බලා ඉන්න සිද්ධ වුණා’

  • ‍කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය ජූලි මාසයේ දී ඉහළට

    ‍කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය ජූලි මාසයේ දී ඉහළට

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100)  ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 ජුනි මාසයේ පැවති සියයට 3.9හි සිට 2020 ජූලි මාසයේ දී සියයට 4.2 දක්වා ඉහළ ගියේය.

    ආහාර නොවන කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම් සහ 2019 ජූලි මාසයේ පැවති පහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා ප්‍රධාන වශයෙන් දායක විය.

    ආහාර කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය 2020 ජුනි මාසයේ පැවති සියයට 10.0හි සිට 2020 ජූලි මාසයේ දී සියයට 10.9 දක්වා ඉහළ ගියේය. තවද, ආහාර නොවන කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය ද 2020 ජුනි මාසයේ පැවති සියයට 1.4හි සිට 2020 ජූලි මාසයේ දී සියයට 1.5 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේය.

    වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කො.පා.මි දර්ශකයෙහි වෙනස ද, 2020 ජුනි මාසයේ පැවති සියයට 4.7හි සිට 2020 ජූලි මාසයේ දී සියයට 4.8 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේය.

  • සාර්ව ආර්ථික පුරෝකථන පිළිබඳ ව ප‍ළවන මාධ්‍ය වාර්තා  සාවද්‍යයි – මහ බැංකුව

    සාර්ව ආර්ථික පුරෝකථන පිළිබඳ ව ප‍ළවන මාධ්‍ය වාර්තා සාවද්‍යයි – මහ බැංකුව

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද බවට ඇතැම් මාධ්‍යන්හි පළ වී ඇති සාර්ව ආර්ථික පුරෝකථන පිළිබඳ සාවද්‍ය වාර්තා වෙත මහ බැංකුවේ අවධානය යොමු වී ඇත.  

    ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව 2020 අප්‍රේල් මාසයේ දී ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරු ව එහි සාර්ව ආර්ථික පුරෝකථන සඳහා කිසිදු යාවත්කාලීන කිරීමක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාව වෙත නිකුත් කර නොමැත. කොවිඩ්-19 වසංගතය මගින් නිර්මාණය කර ඇති තත්ත්වයන් යටතේ සාර්ව ආර්ථික පුරෝකථන සඳහා නිරන්තර යාවත්කාලීන කිරීම් අවශ්‍ය වන අතර, එම නිසා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ආර්ථික ක්‍රියාකාරකම් පිළිබඳ සම්මත දර්ශක ලැබෙන අයුරින් අඛණ්ඩ ව නිරීක්ෂණය කරමින් සිටී. එසේ ම, තත්කාලීන ව ලබා ගත හැකි සාම්ප්‍රදායික නො වන දර්ශක ද ශ්‍රී ලංකා මහ බැංකුව එහි විශ්ලේෂණ සහ ප්‍රතිපත්ති මාර්ගෝපදේශන සඳහා යොදා ගනිමින් සිටී. 

    කෙසේ වෙතත්, මහ බැංකුවේ සාර්ව ආර්ථික පුරෝකථන පුළුල් ලෙස සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය වන ප්‍රධාන සාධකයක් වන 2020 වසරේ පළමු කාර්තුව සඳහා වන දළ දේශීය නිෂ්පාදිතයේ ඇස්තමේන්තු, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතඩය. එම දත්ත නිකුත් වූ පසු මහ බැංකුව විසින් සංශෝධිත පුරෝකථන ප්‍රකාශයට පත් කරනු ඇත. එම නිසා, 2020 වසර සඳහා දළ දේශීය නිෂ්පාදිතය සැලකිය යුතු ප්‍රමාණයකින් සංකෝචනය වන බව සහ අයවැය හිඟය විශාල ලෙස පුළුල් වන බව මහ බැංකුව විසින්  පුරෝකථන සංශෝධනය කර ඇතැයි පළවන වාර්තා මුළුමනින් ම අසත්‍ය සහ මහජනතාව නො මග යවන සුළු බවට  ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තරයේ අවධාරණය කරයි.

  • ඇමෙරිකානු ආර්ථිකය ඉතිහාසයේ දරුණුතම හැකිලීමට ලක් වෙයි

    ඇමෙරිකානු ආර්ථිකය ඉතිහාසයේ දරුණුතම හැකිලීමට ලක් වෙයි

    කොවිඩ්-19 වසංගත සමයේ අගුළු දැමීම් සහ වියදම් කප්පාදු හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද ආර්ථිකය පසුගිය අප්‍රේල් සහ ජුනි අතර වාර්ෂික අනුපාතයෙන් 32.9% කින් හැකිලී ගියේය.ෙ 1947 දී රජය වාර්තා තබා ගැනීමට පටන් ගත් දා සිට එය ගැඹුරුම පරිහානිය වූ අතර 1958 දී වාර්තා වූ 10% ක හැකිලීමට වඩා තුන් ගුණයකින් තත්ත්වය දරුණු වී තිබේ.

    සෞඛ්‍ය සේවා වැනි සේවාවන් සඳහා වන වියදම් අඩුවීම පහත වැටීමට හේතු විය.

    ආර්ථික විද්‍යාඥයින් පවසා ඇත්තේ දෙවන කාර්තුවේ තියුණු ම පහත වැටීමක් සිදුවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.

    නමුත් එක්සත් ජනපදයේ වෛරස් ආසාදනයන් සහ සමහර ප්‍රදේශවල ක්‍රියාකාරිත්වය සඳහා නැවත තහංචි පැනවීමත් සමඟම, නැවත නැගිටීම ඇණහිටීමේ සලකුණු පෙන්නුම් කරයි.

    එක්සත් ජනපද දළ දේශීය නිෂ්පාදිත සටහන

    මිලියන 1.4 කට වැඩි පිරිසක් පසුගිය සතියේ විරැකියාව සඳහා නව හිමිකම් ගොනු කළ අතර එය පෙර සතියේ සිට දෙවන සතිය දක්වා මඳක් ඉහළ ගොස් තිබේ. අනෙකුත් දත්ත වියදම් කප්පාදුවට යොමු වන අතර ජූලි මාසයේදී විශ්වාසය බිඳ වැටේ.

    රැකියා අහිමිවීම්

    ඇමරිකාවේ මහ බැංකුවේ ප්‍රධානී ජෙරොම් පවෙල් ඊයේ (29) ආර්ථිකය යළිත් මන්දගාමී වීම ගැන අනතුරු ඇඟවූ අතර පසුබෑම “අපගේ ජීවිත කාලය තුළ වඩාත් දරුණු සිදුවීමක්” ලෙස විස්තර කළේය.

    අර්බුදය සමනය කිරීම සඳහා ඇමරිකානු කුටුම්භ හා ව්‍යාපාරවලට උපකාර කිරීම සඳහා තවදුරටත් රජයේ වියදම් ඉල්ලා සිටියේය.

    රට මුහුණ දෙන ආර්ථික අර්බුදයේ පරිමාව මෙම සංඛ්‍යාලේඛන මගින් අවධානයට ලක් කිරීමත් සමඟ අද (30) එම ඉල්ලීම අනෙකුත් ව්‍යාපාරික නායකයින් විසින් අවධානයට ගන්නා ලදි.

    “දෙවන කාර්තුවේදී දළ දේශීය නිෂ්පාදිතයේ ඓතිහාසික පරිහානිය පිළිබඳ පුදුමාකාර පුවත අප සැවොම කම්පනයට පත් කළ යුතුයි” යැයි එක්සත් ජනපද වාණිජ මණ්ඩලයේ ප්‍රධාන ප්‍රතිපත්ති නිලධාරි නීල් බ්‍රැඩ්ලි පැවසීය. “මෙම ජරා ප්‍රවෘත්තිය කොන්ග්‍රසයට වේගයෙන් ගමන් කිරීමට බල කළ යුතුයි.” ඔහු වැඩි දුරටත් කීවේය.

    මේ වසරේ ගෝලීය වර්ධනය 4.9% කින් පහත වැටෙනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කර තිබේ. අද (30) ජර්මනිය වාර්තාගත කාර්තුමය වශයෙන් 10.1% ක අඩුවීමක් වාර්තා කළ අතර මෙක්සිකෝවේ ආර්ථිකය ද ඉලක්කම් දෙකක හැකිලීමක් වාර්තා කළේය.

    වසරකට පෙර එම කාර්තුව හා සසඳන විට එක්සත් ජනපද ආර්ථිකය 9.5% කින් හැකිලී ගියේය. අපනයන හා ආනයන යන දෙකම වසරකට පෙර සිට 20% කට වඩා පහත වැටී ඇති අතර එක්සත් ජනපද ආර්ථිකයේ ප්‍රධාන ධාවකයා වන පාරිභෝගික වියදම් වසරින් වසර 10.7% කින් පහත වැටී ඇත.

    ‘යථා තත්ත්වයට පත්වීමේ සලකුණු නොමැත’

    ඇන්තනි ලොපෝටෝ, හිමිකරු බීන් පෝස්ට් පබ්

    නිව්යෝර්ක් නගරයේ මත්පැන් අලෙවි සැලක හිමිකරු ඇන්තනි ලොපෝටෝ

    මැයි සහ ජුනි මාසවල දැඩි බඳවා ගැනීම් තිබියදීත්, එක්සත් ජනපදයට පෙබරවාරි මාසයේ සිට රැකියා මිලියන 15 කට ආසන්න සංඛ්‍යාවක් අහිමි වී තිබේ. එක්සත් ජනපද සංගණනයෙන් ඇස්තමේන්තු කර ඇත්තේ ඇමරිකානු වැඩිහිටියන්ගෙන් අඩකට වඩා ජීවත් වන්නේ වසංගතයෙන් පසු ආදායම කපා හැර ඇති නිවාසවල බවයි.

    එක්සත් ජනපදයට මෙම ව්‍යසනයෙන් ගොඩ ඒමට වසර ගණනාවක් ගතවනු ඇතැයි ආර්ථික විද්‍යාඥයින් අනතුරු ඇඟවීය.

    “මැයි සහ ජුනි මාසවලදී ආර්ථිකය වේගයෙන් පසුබෑමකට ලක් වූ විට පවා, කොවිඩ් -19 ආර්ථික කම්පනය මීට පෙර මාසවල දී විශාල හානියක් සිදු කළ අතර ශුද්ධ ප්‍රතිඵලය දෙවන කාර්තුව සඳහා ආර්ථික ව්‍යසනයක් විය” යනුවෙන් පර්යේෂණ අධ්‍යක්ෂ ජොෂ් බිවන්ස් ලිවීය.

    “ආරම්භක රැකියා විරහිත ඉල්ලීම් දෙවන සතිය දක්වා ඉහළ ගොස් තිබීම කනස්සල්ලට කරුණක් වන අතර නව පරිභෝජන ප්‍රකෘතිමත් වීමේ අවදානමක් ඇති බව අවධාරනය කරයි” යනුවෙන් මූඩීස් ඉන්වෙස්ටර් සර්විස් හි උප සභාපති මාධවි බොකිල් පැවසීය.

    බී.බී.සී. වාර්තාවක් ඇසුරිණි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • තිත්ත දේශපාලනයේ ‘ඇත්ත ප්‍රශ්න’

    තිත්ත දේශපාලනයේ ‘ඇත්ත ප්‍රශ්න’

    දේශපාලනය ඇත්තේ “මේ දැන් මෙතැනය.” වෙනස් සමාජයක, වෙනස් අවකාශයක, වෙනස් කාලයක වලංගු වූ දේශපාලන ක්‍රියාමාර්ග “මේ දැන් මෙතැන” පවත්නා තත්ත්වයට වලංගු නොවිය හැකිය.

    විශේෂයෙන්ම අර්බුද සමයකදී පවත්නා තත්ත්වයන් වේගයෙන් පරිවර්තනයට ලක් වේ. ටික කලකට පෙර ඉතාම වලංගු වූ සටන් පාඨයක් අවලංගු වූවක් බවට පත් වේ. නොඑසේනම්, එහි ප්‍රමුඛතාව අහෝසි වී යයි. වෙනත් ප්‍රමුඛතා ඉස්මත්තට එයි. 

    දේශපාලනයේ ඇති මෙම රැඩිකල් අනිශ්චයතාව නොහොත් අහඹුතාව ගැන කදිම ජනප්‍රවාදයක් මෙසේය. රුසියානු විප්ලවයෙන් පසුව වී.අයි. ලෙනින් එක්තරා රුසියානු විශ්වවිද්‍යාලයක සංචාරයේ යෙදෙමින් සිටියේලු. එවිට එක්තරා තරුණ සිසුවෙකු ඉතාම උනන්දුවෙන් කිසියම් කෘතියක් කියවමින් සිටිනු ඔහුගේ ඇස ගැටුණු බැව් කියැවේ. නිරන්තර හදාරන්නෙකු වූ ලෙනින් මදක් නැවතී ඒ කෘතිය කුමක්දැයි ඔහුගෙන් විමසීය:

    “රාජ්‍යය සහ විප්ලවය.” ඒ ලෙනින් විප්ලවාසන්න රුසියාවේ බලයට පත්ව සිටි තාවකාලික ආණ්ඩුවේ අත්අඩංගුවට පත් වීමේ අවදානම නිසා සැඟවී සිටින අතරතුරදී ලියූ කෘතියකි. තරුණ ශිෂ්‍යයාගේ පිළිතුරට ලෙනින් දැක් වූ ප්‍රතිචාරය අනපේක්ෂිත වූවක් විය: “ආ..ඒක පරණ පොතක්.” 

    ලෙනින්ගේ මෙම ප්‍රකාශයෙන් ගම්‍ය වන්නේ කුමක්ද? “කැලැන්ඩර කාලයට” අනුව ඉතාම මෑතකදී ලියන ලද ඔහුගේම කෘතිය ඔහු දැන් පරණ කෘතියක් ලෙස හඳුන්වයි. මෙයින් අදහස් වන්නේ කිසිසේත්ම එය නොවැදගත් කෘතියක් බව නොවේ. එය රාජ්‍යය පිළිබඳ මාක්ස්වාදී න්‍යායට කෙරුණු විශිෂ්ටතම දායකත්වයක් ලෙස පිළිගැනෙන කෘතියකි.

    නමුත්, ඇතැම්විට ඉහත කී තරුණ සිසුවාට දැක් වූ ප්‍රතිචාරයේදී ලෙනින් අදහස් කරන්නට ඇත්තේ එම කෘතිය රචනා කරන ලද්දේ කවර නම් ඓතිහාසික තත්ත්වයක් තුළද, එම තත්ත්වය තවදුරටත් පවතින්නේ නැත යන කාරණය විය හැකිය. ඒ අරුතින් එම කෘතිය පැරණිය. එබැවින්, දැන් එය කියැවිය යුත්තේ එය රචනා කෙරුණු මොහොතේ පැවති සංයුක්ත තත්ත්වය සිහි තබා ගනිමින්ය. 

    දේශපාලනය තුළ අනිශ්චිත අහඹුතාවේ වැදගත්කම ගැන ලෙනින්ගෙන් උගත හැකි තවත් දේ ඇත. 1917 සැප්තැම්බර් මස අග භාගයේ පටන් ඔහු පෙට්‍රොග්‍රාඩ්හි සිටි පක්ෂයේ මධ්‍යම කාරක සභිකයන් වෙත නොනැවතී ලිපි මාලාවක්ම ලිවීය. (ඔහු ඒ වනවිට ෆින්ලන්තයේ සැඟවී සිටියේය). ඒ සෑම ලිපියකින්ම ඔහු නැවත නැවතත් අවධාරණය කළේ වහාම පහර දී බලය අත්පත් කරගන්නා ලෙසයි. ප්‍රමාද වුවහොත් විප්ලවීය මොහොත අහිමි වී යා හැකිය.

    ඔහුගේ යෝජනාව දිගින් දිගටම ප්‍රතික්ෂේප කෙරුණු විට අවසානයේදී බරපතල ජීවිත අවදානමක්ද ගෙන වෙස් වලාගෙන පෙට්‍රොග්‍රාඩ් වෙත පැමිණි කෝපාන්විත ලෙනින් පක්ෂයේ රහසිගත මධ්‍යම කාරක සභා රැස්වීමකට හදිසියේ කඩා වැදුණේය. ඉන්පසුව අඛණ්ඩව පැය දහයක කාලයක් පුරා කෙරුණු උණුසුම් විවාදයකින් පසුව පක්ෂ නායකයින් බහුතරයක් ඔහුගේ මතයට එකඟ කරවා ගන්නට ඔහු සමත් විය. 1917 ඔක්තෝබර් මස 23 වනදා රුසියානු විප්ලවයේ තීරණය ගැනුණේ එලෙසය.

    දේශපාලනිකය (the political) පිළිබඳ වැදගත් ඉගැන්වීම් දෙකක් අඩු තරමින් මේ නිදසුනෙහි ගැබ්ව ඇත. පළමුවැන්න නම්, මා කලින්ද සඳහන් කළ පරිදි අනිශ්චය නොහොත් අහඹු තත්ත්වය නිවැරදිව කියවා ගැනීමේ වැදගත්කමයි. දෙවැන්න වන්නේ පවත්නා මොහොත මග හැරිය හොත්, එය නැවත උදා නොවනු ඇත යන්නයි. දේශපාලනයේදී ඔබට දෙවන අවස්ථාවක් ලැබෙන්නේ නැත.                                      

    ජනතාවාදයේ නිමේෂය

    පසුගිය ජනාධිපතිවරණය සමයේ මා පෙන්වා දුන් පරිදි ලොව සෙසු බොහෝ තැන්වල සේම ශ්‍රී ලංකාවේද ජනතාවාදයේ නිමේෂයක් උදා විය. මෙයින් අදහස් වන්නේ සම්ප්‍රදායික දේශපාලන නායකත්වයන් කෙරෙහි පොදු ජනතා විරෝධයක් පැන නැගීමෙන් “ප්‍රභූ පාලකයින්ට එරෙහිව මහජනතාව” යන පසමිතුරුතාව වටා දේශපාලනය නැවත සංවිධානය විය හැකි වාතාවරණයක් උදා වී තිබේය යන්නයි.

    මෙහිදී එක්කෝ ජනතාව නියෝජනය කරන නව නායකත්වයක් මතු වීමට හැකිය; නොඑසේනම්, සාම්ප්‍රදායික පක්ෂ තුළින්ම අසම්ප්‍රදායික නායකත්වයක් මතු වීමෙන් මෙම ජනතාවාදී මොහොත අත්පත් කර ගන්නටද ඉඩ තිබේ. ට්‍රම්ප් යටතේ 2016 දී එක්සත් ජනපදය තුළ සිදු වූයේ මෙයයි. 
    ශ්‍රී ලංකාවේ පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී සිදු වූ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව එතෙක් කලක් මෝරමින් පැවති දේශපාලකයින් පිළිබඳ පොදු විරෝධය එහි උත්සන්නියටම පැමිණුනි.

    “පාර්ලිමේන්තුවේ 225 ම එළවා දැමිය යුතුය” යන ප්‍රකාශය පොදු ජන වහරක් බවට පත් විය. දේශපාලකයින් වෙනුවට වෘත්තීයවේදීන් ආදේශ කිරීමේ දක්ෂිණාංශික විසඳුමට වලංගුතාවක් ලැබුණේ එම සුවිශේෂී තත්ත්වය තුළය. පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ හට එල්ල වූ එක් විවේචනයක් වූයේ ඔහු අත්දැකීම් සහිත වෘත්තීය දේශපාලකයෙකු නොවේය යන්නයි. නමුත්, ඒ මොහොතේදී පැවති ජනප්‍රිය මනෝභාවය තුළ එම “නුසුදුසුකම” ඔහුගේ ප්‍රධානතම සුදුසුකම බවට පත් විය. 

    මීට සමාන්තරව දූෂිත දේශපාලකයින් වෙනුවට උගත්, ප්‍රබුද්ධ පිරිසක් පාර්ලිමේන්තුවට යැවිය යුතුය යන අදහස ජාතික ජන බලවේගය විසින්ද පුනරුච්ජාරණය කරන්නට යෙදිණ. සැබවින්ම ඔවුන් එම අදහස එදාටත් වඩා දැඩිව අවධාරණය කරන්නේ අදයි. “තිත්ත දේශපාලනයේ ඇත්ත මිනිස්සු” යන ඔවුනගේ ප්‍රධාන උදෘතයෙන් හැඟවෙන්නේ එයයි.

    වාම ජනතාවාදයක් සඳහා දැරෙන කිසියම් ප්‍රයත්නයක්ද මේ තුළ හඳුනාගත හැකි බව මගේ අදහසයි. නමුත්, එම ප්‍රයත්නය සාර්ථක කර ගැනීමට නම් ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් විසින් වහ වහාම අවධානයට ගත යුතු තවත් වැදගත් කාරණයක් තිබේ. එනම්, දැන් දේශපාලනයේ සංයුක්ත මොහොත නැවතත් වෙනස් වී තිබේය යන කාරණයයි. (මා ඉහත කී ලෙනින්ගේ ඉගැන්වීම් අනුව සිතා බැලූ විට මෙය පැහැදිලි කර ගැනීම පහසු වනු ඇතැයි සිතමි).

    කොරෝනා යුගයේ ඇත්ත ප්‍රශ්න

    සමකාලීන ලාංකීය දේශපාලන මොහොත නිර්මාණය වීමේ ආසන්න සංසිද්ධිය වූයේ කොරෝනා වෛරස් වසංගතය සහ ඒ ආශ්‍රිතව පැන නැගුණු සමාජ, ආර්ථික අර්බුද මාලාවයි. ලොව සෑම තැනකම පාහේ අද පවත්නා තත්ත්වය එබඳුය. බහු-විධ කොරෝනා අර්බුදය හමුවේ නිරීක්ෂණය කළ හැකි ප්‍රධාන දේශපාලන ගතිකයක් වන්නේ ආර්ථිකමය ගැටළු යළිත් දේශපාලන ක්‍රියාවලියේ මධ්‍යයට පැමිණීමයි. ඒ අතරම මෙය මිනිසුන්ගේ පැවැත්ම පිළිබඳ සංදෘෂ්ටික ගැටළු ඉස්මත්තට එන කාල වකවානුවකි. මහජන සෞඛ්‍යය, සමාජ ආරක්ෂාව සහ දෛනික දිවි පැවැත්ම පිළිබඳ භෞතික ගැටළු දැන් ඉතාම තීරණාත්මකය. 

    ජනතාවාදී නායකත්වයක් මෙම ගැටළුවලට ආමන්ත්‍රණය කිරීම පමණක් නොසෑහේ. ඒවා තම දේශපාලන න්‍යාය පත්‍රයේ ප්‍රමුඛත්වයට පත් කර ගැනීමද අවශ්‍යය. එසේ කරන්නට අසමත් වන ඕනෑම දේශපාලන නායකත්වයක් මේ මොහොතේ බහුතර ජනතාව විසින් ප්‍රතික්ෂේප කෙරෙණු ඇත.

    මෙයින් අදහස් වන්නේ දූෂණය, අක්‍රමිකතා සහ සොරකම යනාදිය පිටුදකින “ඇත්ත මිනිසුන්ගේ” අවශ්‍යතාව දැන් අහෝසි වී ගොස් තිබෙන බව නොවේ. දැන් බහු ජන කොටස්වල දේශපාලන ප්‍රමුඛතා වෙනස් වෙමින් පවතින බවයි. මේ මොහොතේදී වඩා ප්‍රබල ජනතා ආමන්ත්‍රණය ඇත්තේ දූෂණයෙන් තොර “ඇත්ත මිනිසුන්” කෙරෙහි නොව තම “ඇත්ත ප්‍රශ්නවලට” ආමන්ත්‍රණය කරන නායකත්වයන් කෙරෙහිය.

    වෙනත් වචනවලින් කිව හොත්, ඔබට වත්මන් දේශපාලන මොහොතේ හෙජමොනික ආමන්ත්‍රණයක් කිරීමට අවශ්‍ය නම්, ඔබ ප්‍රථමයෙන් 2015 ජනාධිපතිවරණය ආශ්‍රිතව ඉහළට එසවුණු යහපාලනවාදී දෘෂ්ටිවාදයේ ග්‍රහණයෙන් මිදිය යුතුය. න්‍යායිකව වැරදි ලෙස “විප්ලවයක්” යැයි අර්ථ කථනය කෙරුණු 2015 ජනවාරිය දැන් අතීතයට එක් වී බොහෝ කල්ය. 

    මෑතකදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක නුවන් බෝපගේ සමකාලීන මොහොතේ ජන විඥානය කදිමට හකුළුවා දක්වන ප්‍රශ්නයක් නැගීය. ඒ ඔහු සහභාගී වූ රූපවාහිනී වැඩසටහනකදීය. ඔහුගේ ප්‍රශ්නය වූයේ “දැන් මැද පෙරදිග සේවයේ යෙදී වසංගතයේ ප්‍රහාරයට ලක් වී සියරටට එන්නට නොහැකිව සිටින ජනයා නියෝජනය කරන්නේ කවුරුන්ද” යන්නයි. “සේවයෙන් නෙරපා දැමූ පෞද්ගලික අංශයේ සේවකයන්ව නියෝජනය කරන්නේ කවුද?”, “සහල් මාෆියාවෙන් පීඩා විඳින ගොවි ජනයා නියෝජනය කරන්නේ කවුද..?”

    මෙවන් ඇත්ත ප්‍රශ්න අදාළ වන්නේ කම්කරු සහ ගොවි ජනයාට පමණක් නොවේ. ජාතික ජන බලවේගයේ දේශපාලන පණිවිඩයේ ප්‍රධාන ග්‍රාහකයන් වී සිටින ඊනියා සබුද්ධික නාගරික මධ්‍යම පංතිකයන්ගේද ප්‍රශ්නවල ප්‍රමුඛතා දැන් පරිවර්තනයට ලක්වෙමින් තිබේ. ඔවුන් බහුතරයක් සිටින්නේ තම පංති තත්ත්වයෙන් පහළට ඇද වැටීමේ අවදානමට මුහුණ දෙමිනි. 

    ජාතික ජන බලවේගය මේ ඇත්ත ප්‍රශ්නවලට ආමන්ත්‍රණය කරන බව එහි සාමාජිකයින් කරුණු සහිතව පෙන්වා දීමට ඉඩ තිබේ. මම එය ප්‍රතික්ෂේප නොකරමි. දැන් එම ප්‍රශ්න ආමන්ත්‍රණය නොකරන කිසිදු පක්ෂයක් තිබේද? සියල්ලන්ම ඒවා සැලකිල්ලට ගනී. නමුත්, කාරණය නම් ඒ කෙසේද යන්නයි. දේශපාලන දෘෂ්ටිවාදය වැදගත් වන්නේ මෙහිදීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එම ප්‍රශ්නවලට තම පිළිතුරු ගොනු කරන්නේ ශක්තිමත් නායකත්වයක් පිළිබඳ ජාතිකවාදී සහ රාජ්‍යවාදී දෘෂ්ටිවාදී දවටනය තුළය.

    සමගි ජන බලවේගයේ දෘෂ්ටිවාදී දවටනය වන්නේ ප්‍රේමදාස වර්ගයේ සුභසාධනවාදී නොහොත් අනුග්‍රාහකවාදී එකකි. ජාතික ජන බලවේගයේ බුද්ධිමය ශ්‍රේණිය නව-ලිබරල් යහපාලන ව්‍යාපෘතිය සමග දැක් වූ සම්බන්ධය නිසාදෝ ඔවුන්ගේ ව්‍යාපෘතියේ දෘෂ්ටිවාදී රාමුව වශයෙන් තවමත් පවතින්නේ දූෂණය පිටුදකින යහපත් දේශපාලකයින් නොහොත් ඊනියා “ඇත්ත මිනිසුන්” පිළිබඳ යහපාලනවාදී රාමුවකි. එම ප්‍රවේශය වඩාත් ආකර්ශනීය වනු ඇත්තේ නාගරික ලිබරල් මධ්‍යම පංතික කොටස්වලට බැව් සිතීම සාධාරණය.

    නමුත්, ඊට වෙනස්ව, ඉහත නුවන් බෝපගේ විසින් ඉදිරිපත් කොට ඇති ප්‍රවේශයේ සෘජු ආමන්ත්‍රණය එල්ල වන්නේ කොරෝනා අර්බුදයෙන් නේකවිධ පීඩනයන්ට ලක්වෙමින් සිටින කම්කරු, ගොවි, විරැකියා තරුණ කොටස් යනාදී පිරිස් වෙතය. න්‍යායිකව මෙන්ම දේශපාලනිකවද මේ ප්‍රවේශ දෙක සහමුලින්ම එකිනෙකින් වෙනස්ය. (“සමකාලීන මොහොත නිවැරදිව ග්‍රහණය කොටගෙන තිබියදීත් නුවන්ලාගේ ව්‍යාපෘතිය තවමත් සැලකිය යුතු ජනතා ආකර්ශනයක් දිනා ගෙන නැත්තේ මන්ද යන ප්‍රශ්නය වෙනම සාකච්ජා කළ යුත්තකි. මේ ඒ සඳහා අවස්ථාව නොවේ).                                 

    දේශපාලනය සබුද්ධිකකරණය කිරීම

    මේ මොහොතේදී දීර්ඝව සාකච්ජා කිරීමට ඉඩක් නොමැති වුවත් වාමාංශික ජනතාවාදයක් සම්බන්ධයෙන් වැදගත් විය හැකි තවත් කාරණා දෙකක් ගැන කෙටියෙන් හෝ සඳහන් කළ යුතුව ඇත. පළමුවැන්න නම්, ජාතික ජන බලවේගය විසින් දේශපාලනය සබුද්ධිකකරණය කිරීමේ ප්‍රවණතාවයි. ඔවුන් ප්‍රකාශිතවම තම ආමන්ත්‍රණය කරන්නේ “සබුද්ධික ජනතාව”ටය. මෙය යුරෝපීය අන්ත-දක්ෂිණාංශික ජාතිකවාදයේ නැගීම හමුවේ ශන්තාල් මූෆ් වාමාංශයට කළ අනතුරු හැඟවීමක් සිහි ගන්වයි. ඇය නැවත නැවතත් අවධාරණය කළේ ජනතාවගේ හැඟීම් සංවිධානය කිරීම ජනතාවාදී දේශපාලනයේ ප්‍රධාන අංගයක් විය යුතු බවයි. සරලව, මිනිසුන්ගේ මොළයට සේම හදවතට කතා කරන භාෂාවක්ද අවශ්‍යය. මන්ද යත්,  දේශපාලනය සබුද්ධිකකරණය කිරීමේ ප්‍රවේශයකදී යමෙකු තම හෙජමොනික ශක්‍යතාව අහිමි කර ගනී. 

    හැඟීම් සංවිධානය කිරීම සම්බන්ධයෙන් මෙරට වාමාංශය සතුව තිබූ ප්‍රධාන තේමාවක් නම් අධිරාජ්‍ය විරෝධයයි. චීනය සහ එක්සත් ජනපදය අතර ගොඩ නැගෙමින් පවතින නව තුෂ්ණි යුද්ධයේ සංග්‍රාම භූමියක් බවට මේ කුඩා දිවයින පත්වීමේ අනතුර උදා වී ඇති අද දිනයේ එම අධිරාජ්‍ය විරෝධයේ ධජය යළිත් වාමාංශයට අත්පත් කර ගත හැකිය. නමුත්, එක්සත් ජනපද සේම චීන ආධිපත්‍ය පිළිබඳ තියුණු විශ්ලේෂණයක් අහිමි නායකත්වයකට එසේ කළ නොහැකිය. “අපගේ උපන් බිම චීන සහ එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන්ගේ සංග්‍රාම භූමියක් බවට පත් වීමට ඉඩ නොතබමු” යැයි කිව හැක්කේ මේ යුගයේ මූල්‍ය ප්‍රාග්ධනය ගැනත් වෙනස් වෙමින් පවතින භූ-දේශපාලනික යථාර්තය ගැනත් සංයුක්ත විශ්ලේෂණයක් සහිත වාමාංශික නායකත්වයකට පමණි. 

    මට සඳහන් කරන්නට අවශ්‍ය දෙවන කාරණය වන්නේ මෙයයි. ජාතික ජන බලවේගයේ යහපාලනවාදී ප්‍රවේශය මගින් ඔවුන්ව මෙහෙයවනු ලබන්නේ පවත්නා සංකේත පිළිවෙලෙහි අභ්‍යන්තර වෙනස් කිරීම් වෙතට මිස මේ පිළිවෙල තුළ නොමැති “වඩා දෙයක්” දිනාගැනීම වෙතට නොවන බවයි. එබැවින් එය “කළ හැක්කේ කුමක්දැයි” විමසන දේශපාලනයකි. ඒ වෙනුවට “කළ යුත්තේ කුමක්දැයි” විමසන ප්‍රති-හෙජමොනික ආමන්ත්‍රණයක් සහිත දේශපාලනයක් බවට එය පරිවර්තනය කරන්නට දැනට ප්‍රයත්න දරා ඇති බවක් නොපෙනේ. කෙසේ වුවද, ඒ සඳහා න්‍යායිකව දැනුවත් බුද්ධිමය මැදිහත්වීමක් වුවමනාය. (මේ ගැන ඉදිරියේදී දීර්ඝව ලියන්නට බලාපොරොත්තු වෙමි).

    අවසන් වශයෙන් කිව යුත්තේ මේ ලිවීමේ අරමුණ වන්නේ වත්මන් මොහොතේ මතු වෙමින් තිබෙන අන්ත-දක්ෂිණාංශික අධිකාරීවාදී පාලනයක් ගොඩ නැගීමේ අනතුර හමුවේ ඊට මුහුණදිය හැකි වාමාංශික ජනතාවාදී අක්ෂයක් නිර්මාණය කිරීමට කිසියම් තරමකින් හෝ දායක වීම බවයි. එවන් වාම-ජනතාවාදී අක්ෂයක් ගොඩ නැගීමේ එක් අවශ්‍යතාවක් වන්නේ විවිධ වාමාංශික සහ ප්‍රජාතාන්ත්‍රික බලවේග අතර පුළුල් සහයෝගීතාවක් ඇති කර ගැනීමයි. බුද්ධිමය සහ විවේචනාත්මක ප්‍රවේශයකින් තොරව එය කළ නොහැකිය. ඉදිරියේ එන මහා මැතිවරණයෙන් පසුව බොහෝ විට මෙරට වාම, ලිබරල්, ප්‍රජාතාන්ත්‍රික කොටස්වලට මුහුණ දීමට සිදු වනු ඇත්තේ පොදු අභියෝග රැසකටය. විකල්ප බුද්ධිමය සහ දේශපාලනික කතිකාවක අවශ්‍යතාවද එම දුෂ්කර සමය විසින්ම මතු කෙරෙනු ඇත.                                         

    සුමිත් චාමින්ද       

  • දකුණු ආසියාවේ පරීක්ෂණ ප්‍රමාණවත් නොවීමක් නිසා කොරෝනා වසංගතයේ තත්ත්වය සඟවනවාද?

    දකුණු ආසියාවේ පරීක්ෂණ ප්‍රමාණවත් නොවීමක් නිසා කොරෝනා වසංගතයේ තත්ත්වය සඟවනවාද?

    කොරෝනාවෛරස ආසාදිත සංඛ්‍යාව අතින් ඉන්දියාව මිලියනයේ සීමාව ඉක්මවා ගොස් තිබෙන්නේ ඇමෙරිකාව හා බ්‍රසීලයට පසු ලොව තුන්වෙනි විශාලතම ආසාදිතයින් සංඛ්‍යාව සහිත රට බවට පත්වෙමිනි.

    එහි අති විශාල ජනගහනය සැලකීමේදී මෙය පුදුමයට කරුණක් නොවුව ද ඉන්දියාවේ අසල්වැසි රටවල් ද වෛරසයේ දැඩි බලපෑමට ලක්ව ඇත.

    පාකිස්තානය, බංග්ලාදේශය, නේපාලය, ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය තුළ වසංගතය බලපෑ ප්‍රමාණය විමසා බලමු.

    ලෝකයේ වඩා සක්‍රීය ස්ථානයක්

    සෑම දින 20 කදීම රෝගීන් ප්‍රමාණය දෙගුණයක් වෙමින් ඉන්දියාව දැන් කොරෝනාවෛරසයේ මධ්‍ය ලක්ෂ්‍යයක් බවට පත්ව තිබේ. රෝගීන් ප්‍රමාණය තවමත් වේගයෙන් ඉහළ යමින් තිබේ.

    කෙසේවෙතත්, දෛනිකව වාර්තාවන රෝගීන් සම්බන්ධයෙන් කළාපයේ අනෙකුත් ප්‍රදේශ වෙනස් ගමන් මගකට පිවිස තිබෙන්නේ, මැයි – ජුනි මාසවලදී දුටු අධික ඉහළ යාමෙන් අනතුරුව තහවුරු කරන ලද ආසාදිතයන් ප්‍රමාණය පහළ යාමක් පෙන්නුම් කරන හෙයිනි.

    වැඩිම රෝගීන් සංඛ්‍යාව අතින් කළාපයේ දෙවෙනි ස්ථානයේ ඇති පාකිස්තානය තුළ ආසාදිත වක්‍රය පහළට දිශාගත වීම සම්බන්ධයෙන් සුභවාදී බවක් පළවී ඇත.

    ජුනි මැද වනවිට දෛනික ආසාදිත සංඛ්‍යාව 6,000ක් වූ තැන සිට ජූලි මැද වනවිට 2,000 ට වඩා අඩු තත්ත්වයකට පහළ වැටී තිබේ.

    කෙසේවෙතත්, මේ සම්බන්ධයෙන් තවමත් සැලකිල්ල පවතින අතර ඇතැමුන්ට අනුව, වෛරසය පාලනය කර ඇතැයි නිගමනය කිරීමට කල්වේලා වැඩි ය.

    මේ හා සමානව, ජූලි 16 වනවිට 196,323ක් ලෙස බංග්ලාදේශ් හි සමස්ත රෝගීන් ප්‍රමාණය වාර්තා විය. ජුනි මැද සහ ජූලි මස ආරම්භයේදී එරට වැඩිම දෛනික රෝගීන් ප්‍රමාණය වාර්තා විණි.

    ඉන් අනතුරුව, ආසාදිත වක්‍රයේ පහළ යාමක් පෙන්නුම් කළේ මේ වනවිට සෑම දින 28 දී ආසාදිතයින් සංඛ්‍යාව දෙගුණ වෙමිනි.

    Boy in Afghanistan gets his temperature check

    ඇෆ්ඝනිස්තානය තුළ ආසාදිතයින් දෙගුණවීමේ වේගය අසල්වැසි රටවලට වඩා අඩුවී තිබෙන්නේ සෑම දින 41 දී එය වාර්තා වීමක් ලෙසය. එහෙත් එරට නිල සංඛ්‍යා දත්තවල විශ්වසනීයත්වය පිළිබඳ ප්‍රශ්න පැන නැගී ඇත.

    නේපාලය හා ශ්‍රී ලංකාවේ සමස්තයක් ලෙස ආසාදිත ප්‍රමාණයේ පෙන්නුම් කරන්නේ පහළ මට්ටමකි. නේපාල ආණ්ඩුව විසින් පනවන ලද ලොක්ඩවුන් වැඩපිළිවෙල දින 100ක් ක්‍රියාත්මක විණි. එම කාලය තුළදී වැඩිම රෝගීන් ප්‍රමාණය හඳුනාගනු ලැබුණේ ඉන්දියාවට මායිම්වන ප්‍රදේශ වලිනි.

    මෑත ප්‍රවණතාව පෙන්වන්නේ දෛනික රෝගීන් සංඛ්‍යාව පහත වැටෙන බවකි. එහෙත්, ප්‍රජාව අතරේ රෝගීන් හඳුනා නොගැනීම මීට එක් හේතුවක් විය හැකි බව විශේෂඥයෝ පවසති.

    අප්‍රේල් මාසයේ සිට ශ්‍රී ලංකාවේ ආසාදිතයන්ගේ වැඩිවීමක් පෙන්නුම් කළ ද එම සංඛ්‍යා පහළ මට්ටමක රඳවා ගැනීමට සමත්වී ඇත. දැඩි ‘ලොක්ඩවුන්’ පියවර ක්‍රියාවට නැගූ අතර තහවුරු කරන ලද රෝගීන්ගේ ආශ්‍රිතයින් හඳුනාගැනීම හා ආසාදිතයින් සඳහා දැඩි නිරෝධායන රීති පැනවිණි.

    “මහජන සෞඛ්‍ය නිලධාරීන්, පොලිසිය, බුද්ධි තොරතුරු නිලධාරීන් හා ප්‍රාදේශීය පරිපාලන නිලධාරීන්ගේ දායකත්වය සහිතව, දැඩිව ආශ්‍රිතයින් හඳුනා ගැනීමේ ක්‍රමයක් ක්‍රියාවට නැගුණා,” යැයි බීබීසී සිංහල සේවයේ සරෝජ් පතිරණ පැවසීය.

    ළඟ එන පාර්ලිමේන්තු මැතිවරණය හමුවේ ශ්‍රී ලංකාව ‘ලොක්ඩවුන්’ පියවර ඉවත් කළේය.

    Temperature check at a railway station in Sri Lanka

    අඩු මට්ටමේ පරීක්ෂාව

    ලෝක ජනගහනයෙන් හතරෙන් එකක් පමණ සිටින්නේ දකුණු ආසියාවේ ය. එහෙත් සමස්ත වාර්තාගත ආසාදිතයින් අතරින් මෙම කළාපයෙන් වාර්තාවූයේ 11% ක් පමණි.

    “ඉන්දියාවේ වගේම දකුණු ආසියාවේ රටවල පුද්ගලයින් මිලියනයකට සමස්ත රෝගීන් සංඛ්‍යාව සිටින්නේ අඩු මට්ටමක. පුද්ගලයින් මිලියනයකට කෙරෙන මුලු පරීක්ෂණ සංඛ්‍යාවත් ඒ වගේමයි,” වෛරසවේදියෙකු වන වෛද්‍ය ෂහීඩ් ජමීල් පැවසීය.

    මෙම රටවල මුලු පරීක්ෂණ සංඛ්‍යාව ඉහළ අගයක් ගන්නවා වගේ පෙනුන ද, ජනගහනය සමග සසඳන විට “උසස් තත්ත්වයක නැති” බව ඔහු කියා සිටියේය.

    උදාහරණයක් ලෙස, කල් යද්දී ඉන්දියාව පරීක්ෂණ ප්‍රමාණය ඉහළ නැංවූ අතර මේ දක්වා මිලියන 10.3 ක පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබේ. පාකිස්තානයේ එය මිලියන 1.6 ට අධිකය.

    එහෙත් ඒක පුද්ගල පරීක්ෂණ ප්‍රමාණය අනෙකුත් බොහෝ රටවලට වඩා අඩු මට්ටමක පවතී.

    මීටත් වඩා, පාකිස්තානයේ හා බංග්ලාදේශ් හි පරීක්ෂණ මට්ටම පහළ වැටී ඇති අතර එය වාර්තා වූ තහවුරු කරන ලද රෝගීන් සංඛ්‍යාවට බලපෑමක් එල්ල කෙරෙනු ඇත.

    රෝගීන් වැඩිවශයෙන් වාර්තා වූ කාලය තුළදී පාකිස්තානය දිනකට පරීක්ෂණ 31,000 ට වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක කළේය. එහෙත් ජුනි මස අග සතියේ සිට එම ප්‍රමාණය අඩු කර ඇති අතර රෝග ලක්ෂණ නොපෙන්වන පුද්ගලයින් සම්බන්ධයෙන් පරීක්ෂණ නොපවත්වයි.

    පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර හා ඒ අවට ආණ්ඩුව විසින් මෑතදී කරන ලද සමීක්ෂණයකදී පෙන්නුම් කළේ එම ප්‍රදේශයේ පමණක් ආසන්න වශයෙන් පුද්ගලයින් ලක්ෂ තුනකට වෛරසය ආසාදනය වී ඇති බවයි. ඉන් බහුතරය රෝග ලක්ෂණ නොපෙන්වති.

    බංග්ලාදේශ් හි පරීක්ෂණවල ප්‍රමාණයද පහළ යාමක් පෙන්වන අතර ආසාදනය වී නැති බව දැක්වෙන ව්‍යාජ සහතික අලෙවි කිරීමේ ජාවාරමක් හේතුවෙන් පරීක්ෂණවල විශ්වසනීයත්වය පිළිබඳ ප්‍රශ්න පැන නැගිණි.

    නේපාලය ජූලි 16 වනවිට ලක්ෂ තුනට මඳක් වැඩි පරීක්ෂණ ප්‍රමාණයක් ක්‍රියාත්මක කර තිබිණි. ජූලි මාසයේ සිට දෛනිකව පරීක්ෂණ 10,000 ක් පවත්වන බව ආණ්ඩුව මීට පෙර ප්‍රකාශ කර තිබුණ ද මෙතෙක් එය පවතින්නේ 4,000 ක පමණ ප්‍රමාණයක ය.

    ඇෆ්ඝනිස්තානයේ පරීක්ෂණ දත්ත දැනගන්නට නැති අතර ඒ පිළිබඳ අවධානය යොමු කරන රතු අඩසද සංවිධාන පවසන්නේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති ප්‍රමාණයට වඩා සත්‍ය රෝගීන් ප්‍රමාණය මීට වැඩි විය හැකි බවකි.

    ලෝක සෞඛ්‍ය සංවිධානය සකස් කරන ලද නිර්ණායකයට අනුව රටක හෝ කළාපයක පරීක්ෂණ 10 ත් 30 අතර ප්‍රමාණයකට තහවුරු වූ රෝගියෙකු හඳුනාගැනීම සිදුවේ.

    මේ ගණනය සැලකීමේදී දකුණු ආසියානු රටවල තිබෙන්නේ දුර්වල තත්ත්වයකි. බංග්ලාදේශ් හි ජනගහනයට සමාන ජනගහණයකින් හෙබි රුසියාව හා ජපානය තුළ වඩා පුළුල්ව පරීක්ෂණ ක්‍රියාත්මක කෙරේ. එම රටවල පිළිවෙලින් පරීක්ෂණ 32 ට හා 26 ට තහවුරු වූ රෝගියෙකු සොයා ගැනේ. එහෙත් බංග්ලාදේශ් තුළ සෑම පරීක්ෂණ පහකදී එක් රෝගියෙකු හමුවේ.

    නේපාලය තුළ ජුනි 14 වෙනිදා තෙක් සෑම පරීක්ෂණ 25 ට රෝගියෙකු සොයා ගැනිණි. ඉන් පසු දත්ත දැනගන්නට නැත.

    විශ්වසනීය නොවන සංඛ්‍යාලේඛන

    නිශ්චිත අංක හෝ ජනගහනය අතරින් සලකන ප්‍රමාණය දෙස අප විමසීම යොමු කළද, මෙම රටවල මරණ සංඛ්‍යාව වාර්තා වී තිබෙන්නේ බටහිර රටවලට වඩා බෙහෙවින් අඩු මට්ටමකිනි.

    මෙය දිරිගන්වන සුලු සංඥාවක් වුව ද, අසතුටුදායක සෞඛ්‍ය යටිතල පහසුකම් පිළිබද වාර්තාවක් ඇති කළාපයකින් ලැබෙන මෙම දත්තවල විශ්වසනීයත්වය පිළිබඳ ප්‍රශ්න නැගී ඇත.

    “බොහෝ මරණ, අතිශයින් වැදගත් ලියාපදිංචි කිරීමේ ක්‍රමය තුළ වාර්තා වී නැහැ. ඒ වගේම මරණවලට හේතුව වැරදි ගොන්නට ඇතුළු කරලා,” යැයි යෝක් විශ්ව විද්‍යාලයේ මහජන සෞඛ්‍ය විශේෂඥ මහාචාර්ය කම්රන් සිද්දිකි පැවසීය.

    එහෙත් වෛද්‍ය ෂහිඩ් ජමීල් පවසන පරිදි මරණ සංඛ්‍යාව අඩුවෙන් වාර්තා වුවද ඒ වෙනස “සැලකිය යුතු තරම්.”

    “බොහෝවිට දිය හැකි පැහැදිලි කිරීම වන්නේ යුරෝපයට හා ඇමෙරිකාවට වඩා බොහෝ තරුණ පිරිසකින් දකුණු ආසියානු ජනගහනය සමන්විත වන බවයි,” යැයි ද මහාචාර්ය සිද්දිකි පැවසීය.

    බී.බී.සී සංදේශය වාර්තාවක් ඇසුරිණි –

  • ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ‘ගිනස් වාර්තා පොතට’ ඇතුළත් වීමට සූදානම් වෙයි

    ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ‘ගිනස් වාර්තා පොතට’ ඇතුළත් වීමට සූදානම් වෙයි

    ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සේවය කරනු ලබන නිවුන් සහෝදරයන් දෙපලක් වන මේජර් ජෙනරාල් පූරක සෙනෙවිරත්න සහ මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙපල ‘ගිනස් ලෝක වාර්තා පොතට’ ඇතුළත් කිරීම සඳහා අදාල ලියකියවිලි භාරදීමේ උත්සවය අද (30) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.

    වසර 71 ක අභිමානවත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉතිහාසයට සහ ලෝක ඉතිහාසයට නව පිටුවක් එක්කිරීමේ අරමුණින් පැවැති මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහභාගි විය. තවද, මෙම අවස්ථාව සඳහා ගිනස් පොත් වාර්තා පිලිබඳ ශ්‍රී ලංකාවේ බලයලත් නියෝජිත ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ජාතික මෙහෙයුම් කවුන්සිලයේ සභාපති සමන් අමරසිංහ මහතා සමගින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි සහ ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් රැසක් සහභාගි වූහ.

    එකම දිනක උපත ලබමින්, එකම දිනක පාසලට ඇතුලත්ව, උසස් පෙළ දක්වා එකම පන්තියක අධ්‍යාපනය හැදෑරීමෙන් අනතුරුව එකම දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක්ව, එකම දින අධිකාරියට පත්ව පකිස්තානයේ ක්වේටා (Quetta) හි විදේශීය පාඨමාලාවක් හදාරා, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ එකම දින උසස්වීම් ලැබූ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානි, ශ්‍රී ලංකා සංඥා බලකායේ මේජර් ජෙනරාල් පූරක සෙනෙවිරත්න සහ බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති හා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න යුද්ධ හමුදා දිවියෙන් ද එකම දින විශ්‍රාම ගැනීමට නියමිතය.

    බ්‍රහස්පතින්දා (30) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති මෙම විධිමත් උත්සවය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ සම්ප්‍රාප්තියෙන් අනතුරුව ආරම්භ කෙරුණු අතර ගිනස් ලෝක වාර්තා පිළිබඳ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ජාතික මෙහෙයුම් කවුන්සිලයේ සභාපති සමන් අමරසිංහ මහතා විසින් මෙහිදී හඳුන්වාදීමේ දේශනය සිදුකරමින් ගිනස් වාර්තා පොතට ඇතුලත් කිරීම සඳහා අවශ්‍ය නිර්ණායක පෙන්වාදුන් අතරම මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙපල ඒ සඳහා සම්පුර්ණ කළයුතුවන්නේ කෙසේදැයි සඳහන් කළේය.

    ඉන් අනතුරුව, දවසේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සියලුදෙනා අමතමින් සිදු කළ සිය දේශනයේදී, “මෙම නිවුන් සොහොයුරන්ගේ දෙමව්පියන්ට එම පුතුන් දෙදෙනා පෝෂණය කොට යුද්ධ හමුදාව වෙත ඇතුලත් කිරීම වෙනුවෙන් විශේෂ උපහාරයක් පුද කරන අතරම ඔවුන් දෙදෙනා යුද්ධ හමුදාවේ මේජර් ජෙනරාල් තනතුරට පත්ව යුද්ධ හමුදා වෘත්තියේ ඉහළටම පැමිණීම පිළිබඳව මම ඔවුන්ට සුබපතමි. යැයි පැවසීය. මෙම ඓතිහාසික අවස්ථාවට යුද්ධ හමුදාවේ ආරාධනයෙන් යුද්ධ හමුදා මුලස්ථානය වෙත පැමිණිම පිළිබඳව ශ්‍රී ලංකාවේ ගිනස් වාර්තා නියෝජත සමන් අමරසිංහ මහතාට ද සිය ස්තූතිය පුද කළේය.

    ඉන් අනතුරුව, නිවුන් සහෝදරයන් දෙපලගේ හමුදා දිවිය හා සිවිල් ජිවිතය පිළිබඳ කෙටි විඩියෝ පටයක් ද මෙහිදි ප්‍රදර්ශනය කළ අතර පසුව, ගිනස් වාර්තා පොතට ඇතුලත් කිරීම සඳහා සුදුසුකම් ලබාගැනීමට නිවුන් සහෝදරයන් දෙපළ විසින් නිල ලිපිලේඛණවලට අත්සන් තැබුහ.

    මෙම උත්සවයේදී, රෙජිස්ට්‍රාර් ජෙනරාල් කාර්යාලයේ නිල නියෝජිත සහකාර රෙජිස්ට්‍රාර් ජෙනරාල් ලක්ෂිකා ගනේපොල මහත්මිය නිවුන් නිලධාරීන් දෙපලගේ උප්පැන්න සහතික දෙකක් සහතික කර ජාතික ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ ගිනස් ලෝක වාර්තා පිළිබඳ මෙහෙයුම් කමිටුවේ සභාපති වෙත භාර දුන්නේය.

    පසුව, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ගිනස් වාර්තාවට අවශ්‍ය නිවුන් සහෝදරයන් දෙපලගේ යුද්ධ හමුදාවට අදාල නිල ලේඛණ සැබෑ පිටපත් ලෙසට සහතික කොට ගිනස් වාර්තා කමිටු නියෝජිතයා වෙත නිල වශයෙන් භාරදෙන ලදී. එමෙන්ම, ගිනස් ලෝක වාර්තාවට සුදුසුකම් ලැබීමට ගත් උත්සාහය අගයමින් සමන් අමරසිංහ මහතා නිවුන් සහෝදරයන් දෙපල වෙත ඇගයීම් ලිපි දෙකක් ද මෙහිදී ප්‍රදානය කළේය.

    උත්සව කටයුතු අවසානයේ, නිවුන් සහෝදරයන් දෙපල වෙනුවෙන් ස්තූතියි කථාව මේජර් ජෙනරාල් පූරක සෙනෙවිරත්න විසින් සිදුකළේය. මෙම උතසවය සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ඇතුළු මාණ්ඩලික නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සභාගි වූහ.