Blog

  • පොදුරාජ්‍ය මණ්ඩලයීය නීල ප්‍රඥප්ති මාර්ගගත සමුළුව: කඩොලාන පරිසර පද්ධතීන්හි වටිනාකම නිරාවරණය

    පොදුරාජ්‍ය මණ්ඩලයීය නීල ප්‍රඥප්ති මාර්ගගත සමුළුව: කඩොලාන පරිසර පද්ධතීන්හි වටිනාකම නිරාවරණය

    කඩොලාන පරිසර පද්ධති සහ ජීවනෝපාය පිළිබඳ පොදුරාජ්‍ය මණ්ඩලීය නීල ප්‍රඥප්ති ක්‍රියාකාරී කණ්ඩායමේ ප්‍රධාන රටක් වශයෙන් ශ්‍රී ලංකාව මෑතකදී, පොදුරාජ්‍ය මණ්ඩලයීය ලේකම් කාර්යාලය හා  එක්ව, කඩොලාන පරිසර පද්ධතිය සංරක්ෂණය කිරීමේ ජාත්‍යන්තර දිනය සමරනු වස් “පොදුරාජ්‍ය මණ්ඩලීය නීල ප්‍රඥප්ති මාර්ගගත සමුළුව : කඩොලාන පරිසර පද්ධතීන්හි වටිනාකම නිරාවරණය” සංවිධානය කරන ලදි.

    කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණය කිරීමේ ජාත්‍යන්තර දිනය, 2015 යුනෙස්කෝ මහා සම්මේලනය විසින් සම්මත කර සෑම වසරකම ජූලි 26 දින සමරනු ලබයි. “අද්විතීය, විශේෂ හා අවදානමට ලක්විය හැකි පරිසර පද්ධතියක් ” ලෙස කඩොලාන පරිසර පද්ධතිවල වැදගත්කම පිළිබඳ දැනුවත් කිරීම සහ ඒවායේ තිරසාර කළමණාකරණය, සංරක්ෂණය සහ භාවිතය සඳහා විසඳුම් ප්‍රවර්ධනය කිරීම මෙය සැමරීමේ අරමුණ වෙයි.

    පසුගිය අවුරුදු 50 තුළ කඩොලානවලින් 30% ත් 50%ත් අතර ප්‍රමාණයක් අහිමි වී ඇත. කඩොලාන ප්‍රතිෂ්ඨාපනය සඳහා නව, අඩු වියදම් තාක්ෂණයන්ගෙන් ප්‍රතිලාභ අත්කර දෙන සහ වෙර ගන්වන ලද කටයුතුවල නියැලීම සහ නව්‍යකරණ අරමුදල් තුළින් ප්‍රාදේශීය ප්‍රජාවන් යථාතත්වයට පත්වීම සඳහා සහාය වන නව ප්‍රවේශයන් මතුවෙමින් පවතියි.

    කඩොලානවල මනා කළමණාකාරිත්වය සඳහා අවශ්‍ය වූ තොරතුරු රැස් කිරීමට, විවිධ කළාප නියෝජනය කරමින් පොදුරාජ්‍ය මණ්ඩලය පුරා ඇති ව්‍යාපෘතිවල සිද්ධි අධ්‍යයන තුළින් ඒ් පිළිබදව හැදෑරීම් හා ඒ්වා  ප්‍රදර්ශනය කිරීම සහ කොවිඩ් 19 වලින් පසු අවධියේ දී ඉදිරියට යාමට ඇති විවිධ වේදිකා අවධාරණය කිරීමට මෙන්ම විවිධ රටවල් විසින් අනුගමනය කරන ලද විද්‍යාව හා ප්‍රතිපත්තීන් පිළිබඳ දළ විශ්ලේෂණයක් ලබාදීම කෙරෙහි ද මෙම මාර්ගගත සමුළුවේ දී අවධානය යොමු විය.

    පොදුරාජ්‍ය මණ්ඩලයීය ලේකම් කාර්යාලයේදී පොදුරාජ්‍ය මණ්ඩලයීය නීල ප්‍රඥප්තියේ උපදේශක, සාගර පාලන හා ව්‍යාපෘති නායක ජෙෆ් ආර්ඩොන් මහතා විසින්  මාර්ගගත සමුළුව මෙහෙයවන ලද අතර පොදුරාජ්‍ය මණ්ඩලයීය ප්‍රඥප්තිය, කඩොලාන පරිසර පද්ධති හා ජීවනෝපාය පිළිබඳ පොදුරාජ්‍ය මණ්ඩලයීය නීල ප්‍රඥප්ති ක්‍රියාකාරී කණ්ඩායමේ ප්‍රගතිය හා කඩොලාන පරිසර පද්ධතිය සංරක්ෂණය කිරීමේ ජාත්‍යන්තර දිනයේ වැදගත්කම කෙරෙහි ආරම්භක කරුණුවලදී අවධානය යොමු වූ අතර ශ්‍රී ලංකා විදේශ සබඳතා අමාත්‍යාංශයේ සාගර කටයුතු, පරිසර හා දේශගුණික විපර්යාස කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් හසන්ති ඌරුගොඩවත්ත දිසානායක මහත්මිය විසින් මෙම ආරම්භක අදහස් දැක්වීම සිදුකරන ලදී.

    ස්වාභාවිකව පුනර්ජනනයට විරුද්ධ ලෙස ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා සිදුකළ මැදිහත්වීම් තුළින් උගත් පාඩම් විශ්ලේෂණය කරමින් “පොයින්ට් ලිසාස් හි කඩොලාන පද්ධතියක් ප්‍රතිෂ්ඨාපනය කිරීම” පිළිබඳව සිද්ධි අධ්‍යයනයක්, ට්‍රිනිඩෑඩ් හා ටූබැගෝහි සමුද්‍රිය කටයුතු ආයතනයේ වැඩබලන අධ්‍යක්ෂ ආචාර්ය රහන්නා ජුමාන් විසින් ඉදිරිපත් කරන ලදි.

    කඩොලාන පරිසර පද්ධතිවල බිඳවැටීම විද්‍යාත්මකව හා ප්‍රජා මූලිකව හඳුනාගනිමින්, මෙම ක්‍රියාවලි දෙකම ප්‍රතිෂ්ඨාපනය කෙරෙහි දායකවන්නේ කෙසේද යන්න පිළිබඳව කොරියාවේ සමුද්‍රිය හා ධීවර  පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ ආචාර්ය ජුඩින් ඔකෙලෝ විසින් සිදුකළ ඉදිරිපත් කිරීමේ දී අවධාරණය කෙරිණි.

    ශ්‍රී ලංකාවේ සත්‍ය කඩොලාන විශේෂවල විවිධත්වය, විශේෂවල අවධානම් මට්ටම සහ කරුණු පාදක කරගත් කළමණාකරණයක් සඳහා දත්තවල ඇති වටිනාකම හුවා දක්වමින් “සෑම තැනකම කඩොලාන : දෙකක් සමාන නොවේ” පිළිබඳව ඉදිරිපත් කිරීමක්, ශ්‍රී ලංකා සමුද්‍රිය පරිසර ආරක්ෂා කිරීමේ අධිකාරියේ සහකාර සමුද්‍රිය පරිසර නිලධාරී අචිනි ප්‍රනාන්දු මහත්මිය විසින් සිදු කළාය.

    නිල් කාබන් හා කඩොලාන කළමණාකරණය, ධීවර කටයුතු, විකල්ප ජීවනෝපාය හා ප්‍රජා සෞඛ්‍ය සහ සම්බන්ධ කරමින් මැඩගස්කරයේ හා ඉන්දුනීසියාවේ දී දියත් කරන ලද “නිල් වන ක්‍රියාමාර්ගය” හරහා වෙරළාසන්න ප්‍රජා සවිබල ගැන්වීම හා දේශගුණික බිදවැටීම් වළක්වාගැනීම පිළිබඳව එක්සත් රාජධානියේ ගෝලීය උපායමාර්ග පිළිබඳ නායිකා, ලෙහ් ග්ලාස් විසින් නිල් ව්‍යාපාරයේ කඩොලාන සංරක්ෂණය පිළිබදව කරුණු ඉදිරිපත් කළේය.

    මෙම මාර්ගගත සමුළුවට 100 කට අධික පිරිසක් සහභාගී වූ අතර පසුව මිනිත්තු 20 ක ප්‍රශ්න හා පිළිතුරු සැසිවාරයක් ද පවත්වන ලදී.

    සාගර ආරක්ෂාව සහ ආර්ථික සංවර්ධනය සඳහා සාධාරණ, සියල්ල ඇතුළත් සහ තිරසාර ප්‍රවේශයක් සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය රටවලට ඒකරාශීවී කටයුතු කිරීමට නීල ප්‍රඥප්තිය උපකාර කරයි. ප්‍රඥප්තිය ක්‍රියාත්මක වන්නේ විශේෂිත සාගර ගැටලුවක් සඳහා කැපවී ඇති ක්‍රියාකාරී කණ්ඩායම් සමූහයක් හරහා වන අතර ඒවා මෙහෙයවනු ලබන්නේ “පෙරමුණගත්” රටවල් විසින් මෙහෙයවනු ලබන සාමාජික රටවල් විසිනි. මේ දක්වා රටවල් 13 ක් තේමාවන් 10 ක් මත පෙරමුණ ගැනීමට ඉදිරියට පැමිණ තිබේ.

    කඩොලාන පරිසර පද්ධති සහ පීවනෝපාය පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම එවැනි ක්‍රියාකාරී කණ්ඩායමක් වන අතර එය මෙහෙයවනු ලබන්නේ ශ්‍රී ලංකාව විසිනි. මෙම ක්‍රියාකාරී කණ්ඩායමේ වත්මන් සාමාජිකයන් වන්නේ ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, බහමාස්, ජැමෙයිකාව, කෙන්යාව, නයිජීරියාව, පකිස්ථානය, ශ්‍රී ලංකාව, ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ, එක්සත් රාජධානිය සහ වනවාටු යන රටවල්ය.

    කඩොලාන ව්‍යාප්තිය සඳහා පෙරමුණ ගන්නා රටක් ලෙස ශ්‍රී ලංකාව දැනටමත් කඩොලාන ප්‍රතිපත්තියක්, මාර්ගෝපදේශ, බහු පාර්ශ්වකරුවන්ගේ කාර්ය සාධන බලකායක් සහ කඩොලාන පිළිබඳ විශේෂඥ කණ්ඩායමක් සකස් කර ඇති අතර, ලෝකයේ පළමු කඩොලාන කෞතුකාගාරය පිහිටුවීම සහ වෙනත් භාවිතයන් බවට පරිවර්තනය කර ඇති කඩොලාන වනාන්තර යථා තත්ත්වයට පත් කිරීම සඳහා නීති පැනවීම ද සිදුකර තිබේ.

  • සජිත් එක්ක ගිය කල්ලියේ තවත් පිරිසක් එජාපයෙන් දොට්ට දානවා – රවී කරුණානායක

    සජිත් එක්ක ගිය කල්ලියේ තවත් පිරිසක් එජාපයෙන් දොට්ට දානවා – රවී කරුණානායක

    සමගි ජන බලවේගය සමග එක්වෙමින් එක්සත් ජාතික පක්ෂය හැර ගිය තවත් කණ්ඩායම් කිහිපයක්ම ඉදිරියේදී අදියර කිහිපයක් යටතේ පක්ෂයෙන් නෙරපා හරින බව එක්සත් ජාතික පක්ෂ උප නායක රවී කරුණානායක මහතා පවසයි.

    ලංකා ඊ ප්‍රෙස් කළ විමසීමකට පිළිතුරු දෙමින් රවී කරුණානායක මහතා මේ බව සදහන් කළේ.

    මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රවී කරුණානායක මහතා කියා සිටියේ අදාළ කණ්ඩායම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා නිසි ලෙස විභාග කිරීමෙන් පසු පළමු කණ්ඩායම නෙරපා හැරීම සිදුකළ බවයි.

    ‘‘මෙවර මහ මැතිවරණයට සමගි ජන බලවේගයෙන් නාම යෝජනා ලබා දුන් අපේක්ෂකයින් 54 දෙනෙකුගේ සහ එක්සත් ජාතික පක්ෂයෙන් තේරී පත්වු පළාත් පාලන මන්ත්‍රීවරු 61 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරිමට පසුගිය 28 වැනිදා රැස් වූ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළා. එම තීරණය ගනු ලැබුවේ අධිකරණවලින් ලබා දුන් තීන්දු පාදක කරගනිමිනුයි.

    මේ බව එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කළා. මෙහිදී අධිකරණය ලබා දුන් තීන්දුව ඉතාම පැහැදිලියි. සමගි ජනබලවේගයේ පැමිණිලි අධිකරණවලින් ප්‍රතික්ෂේප වීම තුළ එහි කිසිවෙකුට එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය දැරිය නොහැකි බව දැන් තහවුරු වී තිබෙනවා‘ යැයි ද රවී කරුණානායක මහතා සදහන් කළේය.

    මේ අතර එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සදහන් වූයේ අධිකරණ තීන්දුව හෑල්ලුවට ලක් කරමින්, “එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව සමග ඩීල් එකක් දමා ඇති බවට” සමගි ජන බලවේගයේ ඇතැමුන් පැවසීම අධිකරණයේ ස්වාධීනත්වය හෑල්ලුවට ලක් කිරීමක් බවයි.

    ආණ්ඩුව, ස්වාධීන අධිකරණ කොමිසම ඇතුළු කොමිෂන් සභා අහෝසි කිරීමට උත්සාහ දරමින් සිටින බවත් සමගි ජන බලවේගය ද ආණ්ඩුවේ ඩීල් එක යහමින් ඉටු කරමින්, “නීත්‍යනුකූල නොවන පක්ෂ සහ එහි සාමාජිකයන් රැක ගැනීමේ” ආණ්ඩුවේ පදයට නටමින් සිටින බව ද අකිල විරාජ් කාරියවසම් මහතා එම නිවේදනයේ සදහන් කළේය.

    සමගි ජන බලවේගයෙන් නාමයෝජනා ලබාගත් 54 දෙනකු සහ එජාප මැතිවරණ ව්‍යාපාරයට සහය නොදුන් හැට දෙනෙක් පක් ෂයෙන් ඉවත් කර තිබෙන බව එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා නිකුත් කළ නිවේදනයක සදහන් වෙනවා. එජාපයෙන් ඉවත් කළ පිරිස පහත දැක්වෙනවා.

  • බොලිවුඞ් සුපිරි තරුවල අසාමාන්‍ය lipstick shades විලාසිතා

    බොලිවුඞ් සුපිරි තරුවල අසාමාන්‍ය lipstick shades විලාසිතා

    කොවිඞ් වසංගතය නිසා මුහුණු ආවරණ පැළඳීමට සිදු වන නිසා දැන් තොල් ආලේපනවලට ඉල්ලූමක් නැහැ කියලා හිතුණත් ඒක එහෙම නැහැ. අදත් කාන්තාවන් තමන් හුරු පුරුදු වෙලා හිටිය ආකාරයට තොල් ආලේපන ගල්වනවා. ඒ නිසා තොල් ආලේපන ගැන දැන ගන්න එක, එහි නව ප‍්‍රවණතා ගැන දැන ගන්න එක කිසිම පාඩුවක් නැති වැඩක්.

    ඒත් අපි මේ කියන්න යන්නේ තොල් ආලේපනවල අලූත් කතාවක්. ටිකක් විරල කතාවක්. ඒ තමයි අයිශ්වර්යා රායි බච්චන්, ප්‍රියංකා චොප්රා ජොනාස් හෝ කරීනා කපූර් ඛාන් තමන්ගේ තොල් ආලේපනවල කළ රැඩිකල් වෙනසක් ගැන කතාවක්.

    ඔවුන් තම සුන්දර… සරාගී දෙතොල්වලට කළේ කුමක්ද කියා වචනවලින් කියනවාට වඩා ඒක රූපවලින්ම දැක ගන්න එක තමයි වටින්නේ. ඒ නිසා වචන දස දහස් ගණනක් කියන ඒ සුන්දර දෙතොල් දෙස බලන්න…

    ලිප්ස්ටික් ලිප්ස්ටික් ලිප්ස්ටික්
    ලිප්ස්ටික් ලිප්ස්ටික් ලිප්ස්ටික්
    ලිප්ස්ටික් ලිප්ස්ටික් ලිප්ස්ටික්
    ලිප්ස්ටික් ලිප්ස්ටික් ලිප්ස්ටික්
    ලිප්ස්ටික් ලිප්ස්ටික් ලිප්ස්ටික්
    ලිප්ස්ටික් ලිප්ස්ටික් ලිප්ස්ටික්

    Text by – Filmfare.in – by Thushadhavi

  • මැතිවරණ ප‍්‍රචාරක කටයුතු අගෝස්තු 02 දා මධ්‍යම රාත‍්‍රියෙන් අවසන්

    මැතිවරණ ප‍්‍රචාරක කටයුතු අගෝස්තු 02 දා මධ්‍යම රාත‍්‍රියෙන් අවසන්

    කොවිඩ් වසංගත තත්ත්වය මත මැතිවරණ ප‍්‍රචාරණ කටයුතුවලට විවිධ බාධා පැමිණි හෙයින් මැතිවරණ ප‍්‍රචාරක කටයුතු අවසන් කරන දිනය දීර්ඝ කරන ලෙස ඉදිරිපත් වූ ඉල්ලීම බැහැර කිරීමට සිදු වූ බවත් ඒ අනුව අගෝ්ස්තු මස 02 වැනි දින මධ්‍යම රාත‍්‍රි 12.00න් පසු කිසිදු මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු අවසන් කර ‘නිහඬ කාලය’ ක‍්‍රියාත්මක කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

    එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.

  • නුවරඑළියෙන් පත් වුණ ක‍්‍රීඩා ඇමැතිවරු වෙන වෙන ක‍්‍රීඩා කළා මිසක් නුවරඑළියට කළ දෙයක් නෑ – නීතිඥ හිරන්‍යා හේරත්

    නුවරඑළියෙන් පත් වුණ ක‍්‍රීඩා ඇමැතිවරු වෙන වෙන ක‍්‍රීඩා කළා මිසක් නුවරඑළියට කළ දෙයක් නෑ – නීතිඥ හිරන්‍යා හේරත්

    නුවරඑළිය දිස්ත‍්‍රික්කයෙන් ක‍්‍රීඩා අමාත්‍යවරුන් තිදෙනක් බිහි වුණත් මුළු දිස්ත‍්‍රික්කයටම හරිහමං ක‍්‍රීඩාංගණයක් නැතැයි ද ක‍්‍රීඩා අමාත්‍යවරු නුවරඑළියේ තරුණ තරුණියන්ගේ ක‍්‍රීඩා කුසලතා නැංවීම වෙනුවට ඔවුන්ගේ ජීවිත සමග නම් ක‍්‍රීඩා කළ බව නුවරඑළිය දිස්ත‍්‍රික් සමගි ජන බලවේගයේ අපේක්ෂකා නීතිඥ හිරන්‍යා හේරත් මහත්මිය පසුගිය දා රාගල පැවැති ජනහමුවකදී පැවසුවාය.

    මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ හිරන්‍යා හේරත් මහත්මිය කියා සිිටියේ එස්.බී. දිසානායක, සී.බී. රත්නායක සහ නවීන් දිසානායකලා ක‍්‍රීඩා අමාත්‍යධුර දැරුවත් තමන්ගේ දිස්ත‍්‍රික්කයේ දරුවන්ගේ ක‍්‍රීඩා කුසලතා සංවර්ධනයට අල්පමාත‍්‍ර සේවයක් නොකළ බවයි.

    ඇය මෙසේ ද පැවසුවාය – නුවරඑළියට හැමදාම කැබිනට් අමාත්‍යධූර ලැබුණා. එකක් නෙමේ දෙක තුනක් ලැබුණා. වැවිලි කර්මාන්ත, පශූ සම්පත් වගේම වතු යටිතල පහසුකම් අමාත්‍යාංශ නුවරඑළියට සින්නක්කරවම දීලා තිබුණා. ඒත් ඒ අමාත්‍යධුර දැරූ කිසිම කෙනෙක් නුවරඑළියේ ජනතාවගේ, වතු ජනතාවගේ, ගොවීන්ගේ දියුණුව වෙනුවෙන් කිසිවක් කළේ නැහැ. තරුණ තරුණියන් වෙනුවෙන් එක රජයේ රැුකියාවක් ලබා දුන්නේ නැහැ. අදත් නුවරඑළියේ රජයේ සේවකයෙක් ඉන්නවා නම් ඒ මගේ අම්මා රේණුකා හේරත් මැතිණිය විසින් ලබා දුන්න රජයේ රැුකියා.

    හැබැයි මේ හිටපු ඇමැතිවරු නුවරඑළියේ තරුණ – තරුණියන්ට රජයේ රැුකියා ලබා නොදුන්නාට ඒවා සේරම ගත්ත බව අපි දන්නවා. ඒවා මුදලට, ඥාති – මිත‍්‍ර සංග‍්‍රහ විදිහට තමන්ගේ කල්ලිය අතර බෙදා ගත්තා. තවත් ඒවා විවිධ අල්ලස්වලට ලබා දුන්නා. ඒත් නුවරඑළියේ අහිංසක, දුප්පත් තරුණයෙක්ට – තරුණියකට ඒ එක රස්සාවක් ලබා දුන්නේ නැහැ.

    අපි මේ යුගය වෙනස් කළ යුතුයි. ඒක කරන්න පුළුවන් ඔබට පමණයි. ඔබගේ ඡුන්ද බලයට පමණයි. ඒ නිසා මම ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නේ පරම්පරා ගාණක් ඔබව සූරාගෙන කෑ, ඔබට වංචා කළ, ඔබට නිගරු කළ ඒ පරම්පරා දේශපාලනයට මේ මහ මැතිවරණයේදී තිත තියන්න. අලූත් දේශපාලන ගමනකට මුල පුරන්න. අලූත්, වැඩක් කළ හැකි කණ්ඩායමක් සමග සිටින දේශපාලන නායකත්වය වන සමගි ජන බලවේගය වටා එක්වන්න.

    ඔබට, ඔබේ දරුන්ට යුක්තිය ඉටුකළ හැකි වන්නේ මේ ආණ්ඩුව සමග නුවරඑළියේ ප‍්‍රභූ දේශපාලන පරාජය කිරීමෙන් පමණයි. අගෝස්තු පස් වැනිදා ඒ සඳහා ස්වර්ණමය අවස්ථාව උදා වෙනවා. යළිත් මෙවැනි අවස්ථාවක් උදා වෙන්නේ නැහැ. ඒ නිසා එදාට ඡුන්දපොළට ගිහින් ඒ ඓතිහාසික කාර්යභාරයේ උරුමකරුවන්, කොටස්කරුවන් බවට පත්වෙන්න‘

  • ‘පුරුෂ කොන්ඩමය’ ගැන ඔබ දැනගත යුතු සියලුම කරුණු මෙන්න !

    ‘පුරුෂ කොන්ඩමය’ ගැන ඔබ දැනගත යුතු සියලුම කරුණු මෙන්න !

    ලංකාවේ සෑම දරු උපත් තුනකින්ම එකක් අනවශ්‍ය ගැබ් ගැනීමක් බව අප මීට පෙර ලිපියක සඳහන් කළා. එහිදී අපි පෙන්වා දුන්නේ නිවැරදි පවුල් සැලසුම් ක‍්‍රම හෝ උපත් පාලන ක‍්‍රම අනුගමනය නොකිරීම මේ සඳහා ප‍්‍රධාන වශයෙන් හේතු වන බවයි. ඒ වගේම ඒඞ්ස් ඇතුළු සමාජ රෝග ව්‍යාප්තියත් වර්තමානයේ ප‍්‍රබල ගැටලූවක් බවට පත්ව තිබෙනවා.

    මේ සියලූ කාරණාවලට තිරසර විසඳුමක් ලෙස ලෝකයේ ජනප‍්‍රියතම උපත් පාලන ක‍්‍රමයක් වන ‘පිරිමි කොන්ඩම්’ භාවිතය සැලකිය හැකියි. අනවශ්‍ය ගැබ් ගැනීම් හා සමාජ රෝගවලින් වැළකී සිටීමට මෙන්ම බියකින් හෝ සැකයකින් තොරව සංසර්ග ක‍්‍රියාව වඩාත් හොඳින් සහ සතුටින් සිදු කිරීමට කොන්ඩම් භාවිතයෙන් පුළුවන්.

    ඒත් කොන්ඩම් භාවිතය ගැන නිවැරදි හා විශ්වාසනීය දැනුමක් බොහෝ දෙනකුට නැහැ. ඒ නිසා කොන්ඩම් භාවිතයට ඔවුන් වැඩි උනන්දුවක් දක්වන්නෙත් නැහැ. මේ සියලූ ගැටලූවලට විසඳුමක් ලෙස ‘පුරුෂ කොන්ඩම්’ ගැන පරිපූර්ණ දැනුමක් ඔබට ලබාදීමට අප තීරණය කළා. මේ ඒ ගැන …

    පුරුෂ කොන්ඩමයක් යනු කුමක් ද?

    රබර් හෝ ලේටෙක්ස් වලින් නිපදවා ඇති කොපුවක් වන මෙය ශිෂ්ණය ප්‍රාණවත් වූ පසු එය වැසී යන පරිද්දෙන් පැළදීමෙන් එහි ඉහළ කෙළවරික් ශිෂ්ණයට සවිවන කුඩා කොපුවකි.

    එය ක්‍රියා කරන්නේ කෙසේ ද? ‍

    මෙය, ලිංගික ස්‍රාවයන් සහ පුරුෂ ශුක්‍රාණු කාන්තාවකගේ යෝනි මාර්ගයට ඇතුල්වීම වළක්වන බාධකයක් සේ ක්‍රියා කරයි. නියමාකාරයෙන් භාවිත කළහොත් 97% කට වැඩි සාර්ථක ප්‍රතිඵල ගෙන දෙයි. මෙය ගබඩා කල යුත්තේ හිරු එළියට නිරාවරණය නොවන පරිදි සිසිල්, වියළි ස්ථානයකයි.

    මින් ලැබෙන වාසි මොනවා ද?

    • ලිංගික තෘප්තියට කිසිදු බාධාවක් ඇති නොකරයි.
    • ඉතා ආරක්ෂිත ක්‍රමයකි
    • HIV/ඒඩ්ස් වැනි ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගවලින් ආරක්ෂා කරවයි.
    • දීර්ඝකාලීනව ඔබගේ සරුබවට බලපෑමක් ඇති නොකරයි.
    • කිසිදු අතුරු ප්‍රතිඵලයක්(නරක) ඇති නොකරයි.
    • ඉතා පහසුවෙන් ඕනෑම බෙහෙත් ශාලාවකින් (ෆාමසියකින්) ලබාගත හැක.

    ඔබට ඇතිවිය හැකි ගැටළු මොනවා ද?

    1. වරක් භාවිත කළ කොන්ඩමයක් නැවත භාවිත කළ නොහැකිවීම.
    2. ලිංගිකව එක්වන සැම වාරයකම අලුත් කොන්ඩමයක් භාවිත කිරීමට සිදුවීම
    3. සැමවිටම එය  ළග තබාගෙන සිටිය යුතු වීම
    4. කලාතුරකින් රබර්වලට හෝ ලේටෙක්ස්වලට ආසාත්මිකතාවයක් ඇතිවිය හැකි වීම

    භාවිතා කරන අන්දම

    1. පළමුවෙන් පැකට්ටුවේ සදහන් කර ඇති  කාලය ඉකුත්වීමේ දිනය පරික්ෂා කරන්න.
    2. පැකැට්ටුව විවෘත කල යුත්තේ දැති සහිත කෙළවරෙන් පමණි. අනෙක් පැති වලින් විවෘත කරන්නට උත්සහ දැරුවහොත් කොන්ඩමය ඉරී තුවාල විය හැක.
    3. කොන්ඩමය දිගහැරිය යුත්තේ ලිංගික සංසර්ගය සිදුවන අවස්ථාවේ පමණි. එහි තත්ත්වය පරික්ෂා කිරීමට ඊට පෙර දිග හැරීමෙන් වැළකී සිටින්න.
    4. කොන්ඩමය පැළදිය යුත්තේ ප්‍රාණවත් වු ශිෂ්ණයකට පමණි.
    5. කොන්ඩමය පැළදිය යුත්තේ ශිෂ්ණය යෝනි මාර්ගය හා ස්පර්ශවීමට පෙරය. ශුක්‍රාණු විසර්ජනය(පිටතට විදීමට) වීමට ප්‍රථම නිකුත්වන ස්‍රාවයේ දී ශුක්‍රාණු පැවතිය හැකි බැවිණි.
    6. පැළදීමේ දී කොන්ඩමය කෙලවර ඇති බුබුල මිරිකා වාතය ඉන් සම්පුර්ණයෙන් ඉවත් කල යුතුය.
    7. කෙළවර බුබුල මිරිකා හරිමින් ප්‍රාණවත් වු ශිෂ්ණය මත කොන්ඩමය සම්පුර්ණයෙන් දිගහරින්න.
    8. කොන්ඩමය පැළදීමේ දී තෙල්වර්ග, ක්‍රීම් වර්ග, ආලේප නොකරන්න. එමගින් කොන්ඩමයට හානි පැමිණීමට ඉඩ ඇත.
    9. එක කොන්ඩමයක් භාවිත කල හැක්කේ එකම වතාවක් පමණි. එය නැවත වාරයක් භාවිත කළ නොහැක. නැවත වතාවකට යොදා ගත යුත්තේ අලුත් කොන්ඩමයකි.
    10. ශුක්‍ර තරලය විසර්ජනය වීමෙන් පසු ශිෂ්ණය සම්පුර්ණයෙන් යෝනි මාර්ගයෙන් ඉවතට ගෙන ශිෂ්ණය ප්‍රාණවත්ව තිබියදීම කොන්ඩමය ඉවත්කල යුතුය.
    11. කොන්ඩමය පාවිච්චි කර ඉවත් කල පසු එය වළලා හෝ පුළුස්සා දැමිය යුතු අතර වැසිකිලිය තුලට හෝ තැන තැන දැමීම සුදුසු නොවේ. එනිසා එසේ කිරීමෙන් වැළකී සිටින්න.
    12. ලිංගික රසාස්වාදය වඩ වඩාත් තීව්ර කිරීමට හා වර්ධනය කිරීම‍ට විවිධාකාරයෙන් නිශ්පාදනය කර ඇති, (විවිධ රසයන්ගෙන් රස ගැන් වු සහ විවිධ සුවදින් යුත් කොන්ඩම් හා‍ දැති සහ බුබුලු සහිත මතුපිටක්  සහිතව නිශ්පාදනය කර ඇති  කොන්ඩම්) කොන්ඩමයන් විවිධ මිල ගණන් යටතේ මිල දී ගැනීමට ඕනෑම කෙනෙකුට හැකියාව පවතී. නමුත් මේවාද වරක් පාවිච්චි කිරීමට ඉඩක් නොමැත.

    පුරුෂ කොන්ඩමයක් පැළදිය යුතු ආකාරය

    • කොන්ඩමයට හානි නොවන ආ ප්‍රකාරයෙන් එය පැකට්ටුවෙන් ‍එළියට ගෙන කොන්ඩමයේ වැසුණු කෙළවර ඇතා පුඩුවේ රූපයේ පෙනෙන ආකාරයට ඇගිලි තුඩින් මිරිකා අල්ලා ගෙන විවරය සහිත පැත්තෙන් ශිෂ්ණය වැසී යන පරිදි පලදින්න.
    • එය ශිෂ්ණයේ ඉහළ කෙළවර තෙක් දිග හරිමින් අග ඇති බුබුලක් වැනි පුඩුවේ රැදී පවතින වාතය ඉවත් කර හරින්න.
    • කොන්ඩමය පැළදිය යුත්තේ ශිෂ්ණය හොදින් ප්‍රාණවත් වු පසුවයි.
    • ශුක්‍ර තරලය විසර්ජනය වීමෙන් අනතුරුව ශිෂ්ණය නැවත අප්‍රාණික වෙන්නට (පෙර තිබූ ස්වභාවයට පත් වෙන්න‍ට පළමු  කොන්ඩමය ශිෂ්ණ‍යෙන් ඉවත් කරන්න.ඉවත් කිරීමේදි එහි ඇති තරලය යෝනි මගෙහි තැවරෙන්නට ඉඩ නොහැරිය යුතුයි.
    • එමෙන්ම එය  ඉහිරීම වැළැක්වීමට ගැටයක් ගසා, කොන්ඩමය ප්‍රවේසමෙන් කඩදාසියක ඔතා විසිකර දමන්න.

    කොන්ඩමයක් අසාර්ථක විය හැක්කේ කෙසේද ?

    1. වැරදි හා අක්‍රමවත් භාවිතය
    2. හානියක් සිදුව ඇති කොන්ඩමයක් පැළදීම
    3. කොන්ඩමයේ වාතය යෑම හෝ ලිස්සා ගැලවී යාම වැනි හේතු මත

    කොන්ඩම් කැඩීමට හෝ ලිස්සා ගැලවී යාමට හේතු

    1. නියපොතුවලට හසුවීමෙන් හෝ වෙනත් ක්‍රමයකින් ඉරී යෑම
    2. වැඩි කාලයක් පවත්වා ගන්නා හෝ දැඩි ලිංගික සංසර්ගයන්
    3. බාල තත්ත්වයේ කොන්ඩම් භාවිතය
    4. වැරදි ආකාරයෙන් කොන්ඩම පැළදීම හෝ ශිෂ්ණය පිටතට ගැනීමට ප්‍රථම අප්‍රාණික වීම

    කොන්ඩමය කැඩුන විට හා හෝ ගැලවී ගියහොත්

    1. සංසර්ග ක්‍රියාව නවත්වන්න
    2. භාවිත කරන ලද කොන්ඩමය ඉවතලන්න
    3. සංසර්ගය දිගටම පවත්වා ගන්නට අදහස් කරයි නම් අලුත් කොන්ඩමයක් පළදින්න.
    4. ගර්භිණී වීම පිළිබද සැකයක් පවතී නම් එය සදහා පැය 72ක් ඇතුළත භාවිත කළ හැකි Postinor 2 වැනි හදිසි උපත්පාලන ක්‍රමයක් භාවිත කරන්න.
    5. ඔබට ලිංගිකව සම්ප්‍රේෂණය වන ‍රෝගයක් පිළිබද සැකයක් පවතී නම් නොපමාව වෛද්‍යවරයකු හමුවන්න

    Text by – Happylife

  • දුම්කොළ සහ මත්පැන්වලින් වැළකී මුඛ පිළිකාවෙන් ගැළවෙමු !

    දුම්කොළ සහ මත්පැන්වලින් වැළකී මුඛ පිළිකාවෙන් ගැළවෙමු !


    විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම – ප්‍රජා වෛද්‍ය විශේෂඥ, අධ්‍යක්ෂ (සෞඛ්‍ය අධ්‍යාපන හා ප්‍රචාර) දුම්කොළ සහ මත්පැන්වලින් වැළකී මුඛ පිළිකාවෙන් ගැළවෙමු !

    පසුගිය ජූලි 27 වැනි දිනට යෙදී තිබූ ‘ලෝක හිස හා ගෙළ ආශ්‍රිත පිළිකා දිනය‘ නිමිත්තෙනි.

    සටහන – සුනෙත් බණ්ඩාර

  • ශ්‍රී ලංකා ක්‍රිකට්:  මතිවානන් වෙනුවෙන් ජයන්ත ධර්මදාස එයි

    ශ්‍රී ලංකා ක්‍රිකට්: මතිවානන් වෙනුවෙන් ජයන්ත ධර්මදාස එයි

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව උප සභාපතිවරයා ලෙස ජයන්ත ධර්මදාස මහත් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (29) පියවර ගත්තා.

    මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ධුරයෙන් ඉල්ලා අස් වූ කේ. මතිවානන් මහතා සිදුකළ රාජකාරීන් ඉදිරියටත් පවත්වාගෙන යාම සඳහා නව උප සභාපතිවරයා ලෙස ජයන්ත ධර්මදාස මහතා පත් කළ බවයි.

  • ශිෂ්‍යත්ව ළමුන්ට සහන 2ක්

    ශිෂ්‍යත්ව ළමුන්ට සහන 2ක්

    2020 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ කාලය මිනිත්තු 15කින් දීර්ඝ කිරීමට තීරණය කළ බවත් අනුව මෙතෙක් පැවති මිනිත්තු 45ක කාලය පැයක් දක්වා දීර්ඝ කරන බවත් අද (29) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා හෙළිකළා.

    මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේ දෙවන ප්‍රශ්න පත්‍රයේ වරණ 4 මෙවර වරණ 3ක් බවට පත්කිරීමට කටයුතු යොදා ඇතැයි බවයි. ඔක්තෝබර් මස 11 වන දින මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට නියමිත බවත්  අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවා.

  • පාසල් ඇරඹෙන නව කාලසටහන නිකුත් වෙයි – නව කාලසටහන මෙන්න !

    පාසල් ඇරඹෙන නව කාලසටහන නිකුත් වෙයි – නව කාලසටහන මෙන්න !

    නිවාඩු ලබාදුන් රජයේ සියලු පාසල් අගෝස්තු 10 වැනි දා සිට යලි ඇරඹෙයි සතියේ දින පහ තුළම පාසල් කැඳවන්නේ 5,10,11,12,13 ශ්‍රේණි පමණයි.

    කොවිඩ් වෛරසයේ ව්‍යාප්ති තත්ත්වය හේතු‍වෙන් නිවාඩු ලබාදුන් රජයේ පාසල් සහ රජය අනුමත පෞද්ගලික පාසල් සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දී ඇති නිර්දේශයන්ට  අනුකූල ව නැවත ආරම්භ කිරිම පියවර කිහිපයක් යටතේ සිදුකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තීරණය කර ඇත.

    ඒ අනුව, ජූලි මස 27 වැනි සඳුදා දින සිට 11,12 සහ 13 ශ්‍රේණි සඳහා පමණක් පාසල් ආරම්භ කරන ලද අතර, 31 සිකුරාදා දින තෙක් එම ශ්‍රේණිවල සිසුන් පමණක් පාසල් වෙත කැඳවනු ලැබේ.

    2020 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඡන්ද මධ්‍යස්ථාන ලෙස හා ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස පාසල් යොදා ගැනීම සහ මැතිවරණ රාජකාරී සඳහා බොහෝ ගුරුභවතුන් යොදාගැනීමත් හේතුවෙන් අගෝස්තු මස 04 වැනි අඟහරුවාදා දින සිට අගෝස්තු මස 07 වැනි දා තෙක් පාසල් වසා තැබීමට පියවර ගෙන තිබේ.

    1 සිට 13 දක්වා වන සියලු ම ශ්‍රේණි සඳහා අගෝස්තු මස 10 වැනි දා සිට පාසල් ආරම්භ කරනු ලැබේ. එහිදී සිසුන් පාසලට ගෙන්වා ගැනීම ශිෂ්‍ය සංඛ්‍යාව පදනම් කරමින් තීරණය කිරීමට උපදෙස් ලබා දී ඇත.

    ඒ අනුව, පාසලේ සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 200 හෝ ඊට අඩු පාසල් මීටරයක ශිෂ්‍ය පරතරය ඇතිව පන්ති පවත්වාගෙන යා හැකි නම් සියලුම ශ්‍රේණිවල සිසුන්ට සුපුරුදු පරිදි අගෝස්තු මස 10 වැනි දා සිට පාසල් පවත්වාගෙන යාමට පළාත් සහ කලාප බලධාරීන් සහ විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලබා දී තිබේ.

    ශිෂ්‍ය සංඛ්‍යාව 200ට වැඩි ප්‍රාථමික පාසල්වල 1-5 පන්ති පැවැත්වෙන පාසල් සහ ද්විතීයික පාසල්වල ප්‍රාථමික අංශ පහත පරිදි පාසල් විවෘත කිරීමට පියවර ගැනේ.

    තව ද, 2020-08-10 වැනි දින සිට පාසල්වල අධ්‍යයන කාර්ය මණ්ඩලයේ සියලු දෙනා රාජකාරියට වාර්තා කළ යුතු අතර, ඔවුන් සඳහා ඉගැන්වීම් ක්‍රියාවලියට අදාළ කටයුතුවලට අමතර ව, සුපරීක්ෂණ කාර්යය, පැවරුම් පරීක්ෂා කිරීම, සෞඛ්‍ය හා විනය ආරක්ෂණ කටයුතුවල වගකීම් ද පවරනු ලැබේ. ප.ව. 3.30 දක්වා කාලසටහන් හිමි ගුරුවරුන් හැර අනෙකුත් සියලු ම ගුරුභවතුන්ගේ රාජකාරී වේලාව පෙ.ව. 7.30 සිට  ප.ව 1.30 දක්වා වේ.  

    පවත්නා තත්වය තවදුරටත් පාලනය වී ඇති බව සෞඛ්‍ය බලධාරීන් විසින් තහවුරු කරන තුරු පාසල් ආපන ශාලා විවෘත නොකරන ලෙස ද, පාසල් ප්‍රධානීන් වෙත දැනුම් දි තිබේ. එමෙන් ම සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් නිකුත් කර ඇති උපදෙස් හා මගපෙන්වීම් නිසියාකාර ව පිළිපදිමින් නිරෝගී පාසල් පරිසරයක් පවත්වාගෙන යාම කෙරෙහි සමස්ත පාසල් ප්‍රජාවගේ අවධානය යොමු කරවන ලෙස ද අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් ප්‍රධානීන් වෙත උපදෙස් ලබා දී ඇත.

  • බොලිවුඩය ඒකාලෝක කළ ‘තවත් සුපිරි තරුවක්’ නිවී යයි

    බොලිවුඩය ඒකාලෝක කළ ‘තවත් සුපිරි තරුවක්’ නිවී යයි

    කුම්කුම් 1935 දෙසැම්බර් 21 වන දින බිහාර් හි හුසේනාබාද් හි උපත ලැබුවාය. ඇගේ පියා නවාබ් මන්සූර් හසන් ඛාන් පට්නා අසල හුසේනාබාද් හි ඉඩම් හිමියෙකු වුවත් ඔවුන්ගේ මූල්‍ය තත්ත්වය පිරිහීමට පටන් ගත් විට නවාබ් තම පවුල සමග කොල්කටා වෙත සංක‍්‍රමණය වූවේය. මේ අතර යළි විවාහ වූ නවාබ් තම දියණිය කුම්කුම් තරණ වියේදී පාකිස්ථානය වෙත සංක‍්‍රමණය වූවේය. මිය යන තෙක්ම ඔහු පාකිස්ථානයේ ජීවත් වූ බව පැවසේ.

    කුම්කුම්, ප්‍රවීණයෙක්

    කුම්කුම් ලක්නව් හි ෂම්බු මහරාජ්ගේ රැකවරණය යටතේ ඉන්දියාව තුළ අතිෂය ජනප‍්‍රිය නර්තන ශිල්පයක් වන ‘කතක්’ ඉගෙන ගත් අතර 1952 දී සිය පවුලේ අය සමඟ බොම්බායට සංක්‍රමණය වූවාය. එහිදී ඇය බොලිවුඩයේ ප‍්‍රකට හා බලවත් චරිතයක් වූ නෞෂාඩ් හඳුනා ගත් අතර ඔහු ඇයට බොහෝ උපකාර කළ බවත් ඇයව සිනමාවට හඳුන්වාදීමට පියවර ගත් බවත් පැවසේ.

    නෞෂාඞ් තම මිතුරෙකු වූ ප‍්‍රවීන චිත‍්‍රපට නිෂ්පාදන ෂහීඞ් ලතීෆ්ට කුම්කුම් හඳුන්වා දුන් අතර ඒ හඳුන්වාදීම සමග 1952දී ‘ෂීෂා – Sheesha’ හි රගපෑමට කුම්කුම්ට අවස්ථාව උදාවිය.

    කුම්කුම්ගේ බොලිවුඩයේ ගමන තහවුරු කරමින් 16 වැනි වියේදී ගුලාම් මොහොමඩ් විසින් රචනා කරන ලද ‘ෂම්ෂාඩ් බෙගම් – Shamshad Begum’ ගීතයට නර්තනයෙන් දායක වීමට අවස්ථාව උදා විය. (එවකට බොලිවුඩයේ සුපිරි තරු වූ නර්ගිස් සහ සජ්ජන් මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළහ) මෙම නර්තනයේදී ඇය තිරය මත පෙනී සිටියේ මිනිත්තු කිහිපයක් පමණක් වුවද ඇය එමගින් නිෂ්පාදකයින්ගේ සහ අධ්‍යක්ෂකවරුන්ගේ අවධානය දිනා ගත්තාය. ඒ සමග ඇය බොලිවුඩය තුළ තම ස්ථාවරත්වය තහවුරු කර ගත්තාය.

    කුම්කුම්, ප්‍රවීණයෙක්

    බොලිවුඩය තුළ කීර්තිමත් චරිතයක් බවට පත්වීමට ඇයට වැඩි කාලයක් නොගියේය. ප‍්‍රකට සිනමාරු ගුරු දත්ගේ ආර් පාර් – Aar Paar :1954 සඳහා ඇයව තෝරා ගැනීම සමග සියල්ල යහපත් වීමට ආරම්භයක් දෙමින් ඇය රංගනයෙන් දායක වූ ගීතිය අතිශයින් ජනප්‍රිය වූ අතර කුම්කුම් තරුවක් බවට පත්වූවාය.

    ඒ සමග මේ සුරූපී නර්තන ශිල්පිනියගේ රංඟන කුසලතාව මනාව වටහා ගත් ගුරු දත් ඇයට මිස්ටර් ඇන්ඩ් මිස් .55 –  Mr and Mrs ’55 (1955) යන උපහාසාත්මක චිත්‍රපටයේ රඟපෑමට අවස්ථාව ලබා දුන්නේය. ඇය ඒ වන විට තරමක් තරුණ වියේ සිටියද දරුවන් පස් දෙනෙකුගේ මව ලෙස රඟපෑවාය.

    කුම්කුම්, ප්‍රවීණයෙක්

    ඇය වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ මදර් ඉන්දියා (1957), පියසා (1957), කොහිනූර් (1960), සෝන් ඔෆ් ඉන්ඩියා (1962), උජාලා (1959), Mr X in Bombay  (1964), ආන්කෙන් (1968), ලල්කාර් (1972), ගීත් (1970) සහ ඒක් කුන්වාරි ඒක් කුන්වරා Ek Kunwari Ek Kunwara (1973) යන චිත‍්‍රපටවල දැක්වූ අපූර්ව රංගන ප‍්‍රතිභාව හේතුවෙනි.

    කුම්කුම්, ප්‍රවීණයෙක්

    ඇය භෝජ්පූරි Bhojpuri  සහ ගංගා මයියා ටෝ පියාරී චායිබෝ Ganga maiya tohe piyari chadhaibo (1963) නම් වූ බ්ලොක්බස්ටර් චිත්‍රපටයක රඟපෑවාය. ඇය භෝජ්පූරි චිත්‍රපටවල ගංගා සහ භවුජි වීරවරිය ලෙස පෙනී සිටියාය.

    කුම්කුම්, ප්‍රවීණයෙක්

    ඇය 1973 වන තෙක් සිනමා කර්මාන්තයේ ක්‍රියාකාරීව සිටියාය. ඇගේ අවසන් චිත්‍රපටවලින් එකක් වූයේ ජල්ටේ බඩාන් Jalte Badan (1973) නම් මත්ද්‍රව්‍ය නාශක චිත්‍රපටයයි. එහිදී කිරාන් කුමාර් ඇගේ වීරයා විය. ඇයගේ අවසන් නිකුතුව බොම්බේ බයි නයිට් Bombay By Nite (1979) යැයි කියනු ලැබේ. කළු සහ සුදු ප්‍රතිකාර ලබා දුන් මෙම චිත්‍රපටයේ සංජීව් කුමාර් ඇගේ වීරයා විය.

    කුම්කුම්, ප්‍රවීණයෙක්

    කුම්කුම් 1975 දී සජ්ජාඩ් අක්බාර් ඛාන් සමග විවාහ වූවාය. සජ්ජාඩ් සෞදි අරාබියේ සේවය කළ අතර විවාහයෙන් පසු කුම්කුම් ද එහි පදිංචියට ගියාය. මෙම යුවළට අන්දලීබ් ඛාන් නම් දියණියක් සිටී. 

    කුම්කුම් වසර විස්සක් පමණ ගල්ෆ් කලාපයේ රැඳී සිටි අතර නැවත පැමිණීමෙන් පසුව පවා සිනමා කර්මාන්තයෙන් ඈත්ව සිටීමට කැමැත්තක් දැක්වූවාය. ඔබට සුබ ගමන්.

    Text By Filmfare – සටහන – තුෂාධවී

  • ක්‍රිකට් උප සභාපති කේ. මතිවානන් ඉල්ලා අස්වෙයි

    ක්‍රිකට් උප සභාපති කේ. මතිවානන් ඉල්ලා අස්වෙයි

    ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ අර්බුදයේ තීරණාත්මක කඩඉමක් සටහන් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ධූරයෙන් කේ. මතිවානන් මහතා අද (29) ඉල්ලා අස් වුණා. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව දන්වා සිටියා.

    තම ඉල්ලා අස්වීමට හේතු වශයෙන් ඔහු සදහන් කළේෙ වත්මන් ක්‍රිකට් පරිපාලනය විනිවිද භාවයෙන් තොරව කටයුතු කිරීම නිසා තමන් ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි.

    ජාත්‍යන්තර ක්‍රිකට් හා දේශීය ක‍්‍රිකට් අංශ දෙක මෙහෙයවීම ක්‍රිකට් ව්‍යවස්ථාව අනුව උප සභාපතිවරුන් දෙදෙනාගේ කාර්යයක් වූවද වර්තමානය වන විට තමාට කිසිදු වගකීමක් ලබා නොදීම නිසා පරිපාලනය විසින් තමන් හුදෙකලා කළ බවත් එම තත්ත්වය තුළ ඉල්ලා අස්වීම හැර තමන් හමුවේ වෙනත් විකල්පයක් නොමැති බව ද මතිවානන් මහතා තම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කළා.

  • රාජ්‍ය සේවයේ දූෂණයට සහ අක්‍රමිකතාවන්ට තිත තියනවා – ජනපති

    රාජ්‍ය සේවයේ දූෂණයට සහ අක්‍රමිකතාවන්ට තිත තියනවා – ජනපති

    දූෂණ සහ අක්‍රමිකතා නවතා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ස්ථාපනය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි. ලක්ෂ 15කට අධික පිරිසක් රාජ්‍ය සේවයේ සිටිති. එහෙත් සේවා ඉටුකර ගැනීමේදී ජනතාවට මුහුණපෑමට සිදුව ඇති දුෂ්කරතා පිළිබදව  දෛනිකව තොරතුරු වාර්තා වේ.

    අල්ලස, දුෂණය සහ අක්‍රමිකතා නවතා ජනතාව වෙනුවෙන් කැපවූ රාජ්‍ය සේවයක් ඇති කරන බව ජනාධිපතිතුමා කියා සිටී.

    පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරගවදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කරනු පිණිස අද (29) කළුතර දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරතවෙමින් ජනාධිපතිතුමා මේ බව පැවසීය.

    අපේක්ෂක මහින්ද සමරසිංහ මහතා පානදුර, කෙසෙල්වත්ත ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ සංවිධාන කර තිබූ ජන හමුවට එක් වෙමින් ජනාධිපතිතුමාගේ කළුතර දිස්ත්‍රික් චාරිකාව ඇරඹිණ.

    ආනයනික වෙළෙඳ ක්‍රමය වෙනුවට මෙරට නිෂ්පාදනයට ප්‍රමුඛත්වය දුන් ආර්ථික ක්‍රියාවලියකට රජය මුල පුරා ඇත. කෘෂිකාර්මික සහ නිෂ්පාදන ක්ෂේත්‍රයට අවතීර්ණව ඉන් උපරිම ප්‍රයෝජන ගන්නා ලෙස රැස්ව සිටී ජනතාව සමග ජනාධිපතිතුමා පැවසීය.

    නවීන තාක්ෂණය මුසුකර ගොවි ආර්ථිකය ශක්තිමත් කළයුතුව ඇත.  ඒ සඳහා කෘෂි භෝග ආනයනය නවතා අස්වැන්නට ඉහළ මිලක් දීමට රජය පියවර ගෙන තිබේ. උපාධිලාභීන් සහ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් රැකියා එක්ලක්ෂ පනස්දහසක් දීම මැතිවරණයෙන් පසුව සිදු කෙරේ. මේ සියලු අවස්ථා රටේ ආර්ථික සංවර්ධනයට ඉවහල්වනු ඇතැයි ජනාධිපතිතුමා ජනතාව සමග කීය.

    අපේක්ෂක ජගත් අංගගේ මහතා පානදුර නගර සභා පිටියේ සංවිධාන කර තිබූ ජන හමුවට සහභාගී වූ ජනාධිපතිතුමා රැස්ව සිටී ජනතාව සමග සුහද කතා බහක නිරත වෙමින් දිස්ත්‍රික්කයේ අඩු පාඩු සොයා බැලීය. 

    කළුතර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවල පවතින පානීය ජල ප්‍රශ්නයට විසඳුම් දෙන බව හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා පානදුර කොරොස්දූව ක්‍රිඩාංගණයේ සංවිධාන කළ ජන හමුවට සහභාගී වූ  ජනාධිපතිතුමා පැවසීය. පාස්කු ප්‍රහාරය සහ කොවිඩ් වසංගතය නිසා 2021 වසරේ අ.පො.ස උසස් පොළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ ඉගෙනුමට ද බාධා එල්ල විණි. ඒ පිළිබඳව ද අවධානය යොමු කරන ලෙස හමුවට එක්ව සිටී සිසුහු  පිරිසක් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ. 

    කළුතර හෙද විදුහල අළුත්වැඩියා කිරීම පිළිබඳව අවධානය යොමු කළ ජනාධිපතිතුමා  පානදුර මධ්‍ය මහා විද්‍යාලයේ ගොඩනැගිලි අළුත්වැඩියාව සම්බන්ධයෙන් කළ ඉල්ලීම ඉටුකිරීම ජයන්ත සමරවීර මහතාට භාර දුන්නේය.

    හිටපු රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ද මේ අවස්ථාවන්ට එක් විය.

  • මහ මැතිවරණය පැවැත්වෙන සතිය පුරා රජයේ පාසල්වලට නිවාඩු

    මහ මැතිවරණය පැවැත්වෙන සතිය පුරා රජයේ පාසල්වලට නිවාඩු

    පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වෙන අගෝස්තු මස 05 වැනි දිනය ඇතුළත් සතිය තුළ සියලුම රජයේ පාසල්වලට නිවාඩු ලබා දීමට තීරණය කළ බව අද (29) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මේ බව සඳහන් කළේය.

    ඒ අනුව අගෝස්තු මස 4, 5,6 සහ 7 වන සිකුරාදා යන දිනවල පාසල් වසා තැබීමට තීරණය කළ බවයි අධ්‍යාපන ඇමැතිවරයා සදහන් කළේ. දිවයිනේ සියලු පාසල්වල 11, 12, 13 ශ්‍රේණිවල අධ්‍යන කටයුතු පසුගිය ජූලි මස 27 වන දින යළි ආරම්භ වු බැවින් එම ශ්‍රේණිවල සිසුන්ට පමණක් මෙම නිවාඩුව අදාළ වන බවයි ඇමැතිවරයා වැඩි දුරටත් සදහන් කළේ.

    තීරණය කර ඇති පරිදි අගෝස්තු 10 වන දා අනෙකුත් ශ්‍රේණි සඳහා ද පාසල් විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කළා.

  • ජනපති – අගමැති ශෂින්ද්‍රට දෙහි කපලා

    ජනපති – අගමැති ශෂින්ද්‍රට දෙහි කපලා

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර තිබෙන විරසකය මේ වන විට හැම තැනම පත්තු වෙමින් තිබෙනවා. ඒ අතර මොනරාගල ප්‍රධානයි. රාජපක්ෂ පවුලේ තවත් ප්‍රබලයෙක් වන ශෂින්ද්‍ර රාජපක්ෂ මොනරාගලින් තරගයට පිවිස ඇති නිසා චමල් ඇතුළු රාජපක්ෂ පවුල සහ ඔවුන්ගේ හිතවතුන් මොනරාගල පීරමින් මනාව සොයමින් සිටිනවා.

    මේ අතර ශෂින්ද්‍ර රාජපක්ෂ කළ ආන්දෝලනාත්මක ප්‍රකාශ දෙකක් නිසා ඔහුව මහින්ද රාජපක්ෂගේ සහ ගෝඨාභය රාජපක්ෂගේ දෝෂාරෛා්පණයට ලක් වුණා.

    ජනපති – අගමැතිගේ දෝෂාරෝපණයට ශෂින්ද්‍ර ලක් වුණේ ඔහු පසුගිය දා කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් නිසා. ‘ඇතැමුන් වේදිකා ගානේ හඬා වැටෙන බවත් හෙට අනිද්දාම පොළොන්නරුවෙන් මහ එකාද හඬා වැටෙනු ඇති බවත් ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා කලින් ජනහමුවක් අමතමින් පැවසුවා‘

    ‍මේ අතර ඊයේ පැවැති ජන හමුවකදී ශෂින්ද්‍ර රාජපක්ෂ කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා කතා කර තමන්ට දෝෂාරෝපණය කළ බවයි.

    මැතිවරණ වේදිකාවක දී කළ කතාවක් සම්බන්ධයෙන් තමන්ට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දොස් පැවරූ බව පැවසූ ශෂින්ද්‍ර රාජපක්ෂ කියා සිටියේ එනිසා තමන් එම කලින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව ඉල්ලන බවයි.

  • සජිත් ඇමතිකම් කළ සමයේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ මිලියන 11,000ක් අවභාවිත කරලා

    සජිත් ඇමතිකම් කළ සමයේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ මිලියන 11,000ක් අවභාවිත කරලා

    මහා භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව මධ්‍යම සංස්කෘතික අරමුදල ජංගම ගිණුම් 25ක් අරඹා ඇති අතර, මුදල් රෙගුලාසි උල්ලංඝනය කරමින් උපාංග මිලදී ගැනිම්, විදේශ ආදායම් සහිත අරමුදල් ව්‍යාපෘතිවල මුදල් ගිණුම්ගත කිරීමේ දෝෂ සහ ගෙවීමේ පටිපාටියෙන් බැහැර මුදල් ගෙවිම් සඳහා පසුව ලේඛන සකස් කර ඇති බවත් කමිටුව මගින් අනාවරණය කරගෙන ඇත.

    සජිත් පේ‍්‍රමදාස මහතා අමාත්‍යධුරය දැරූ 2016-2019 දක්වා කාලය තුළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිදුවූ අක්‍රමිකතා සහ අවභාවිතාවන් පිළිබඳ සොයාබැලීමට පත්කළ කමිටුව සිය වාර්තාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඊයේ (28) භාර දුන්නේය.

    විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ගාමිණී සරත් එදිරිසිංහ, හිටපු කැබිනට් අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය ජයරත්න සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ හරිගුප්තා රෝහණධීර යන මහත්වරුන් එම කමිටුවේ සාමාජිකයින් විය.

    මධ්‍යම සංස්කෘතික අරමුදලේ කාර්යයන් විමර්ශනය කිරීමට පත්කළ එම කමිටුවේ වාර්තාව මගින් 2016 – 2019 කාල සීමාව තුළදී එම අරමුදලේ බරපතළ මුදල් අවභාවිතාවක් සිදු වී ඇති බව තහවුරු කර ඇති අතර එසේ අවභාවිත කර ඇති සම්පූර්ණ මුදල රුපියල් මිලියන 11,059 ක් බව එම කමිටුව අනාවරණය කර ගෙන තිබේ.

    එම අක‍්‍රමිකතාවන් අතර

    • නියමිත අනුමැතියකින් තොරව ස්ථාවර තැන්පත් ආපසු ගැනීමේ හා තැන්පත් පොළිය ආදායම් අහිමිවීමෙන් රුපියල් මිලියන 2608ක්
    • නීත්‍යානුකූල අනුමැතියකින් තොරව සිසු දහම් සෙවණ වැඩසටහන යටතේ ඉදිකිරීම් සඳහා රුපියල් මිලියන 753ක්
    • සංචාරක ප්‍රවේශ පත්‍රවල ඩොලර් ආදායම රුපියල්වලට පරිවර්තනය කිරීමේදී සිදුවූ අලාභය ලෙස රුපියල් මිලියන 48ක්
    • පුරාවිද්‍යා භාරය සඳහා නියමිත දායකත්ව මුදල් නොගෙවා නීති විරෝධීව වෙනත් කටයුතු සඳහා වැයකළ මුදල රුපියල් මිලියන 2266ක්
    • අපේ ගම ව්‍යාපෘතියේ දේපල පැවරීමේදී සිදු වූ අලාභය රුපියල් මිලියන 8ක්
    • විධිමත් අනුමැතියකින් තොරව සංස්කෘතික ආධාර හා ප්‍රදාන ලෙස ලබාදුන් රුපියල් මිලියන 2316ක්
    • බඳවා ගැනීමේ පටිපාටියේ අනුමත සීමා ඉක්මවා අවිධිමත් බඳවා ගැනීම් සඳහා වැටුප් හා දීමනා ලෙස රුපියල් මිලියන 3,060ක්

    සිදු වී ඇති මූල්‍යමය අක්‍රමිකතා සහ අවභාවිතයන් මෙන්ම පරිපාලන අක්‍රමිකතා වෙනුවෙන් අදාළ පාර්ශ්වයන් සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද කමිටුව නිර්දේශ කර ඇත.

    එසේම මධ්‍යම සංස්කෘතික අරමුදල සතුව ඇති ඩොලර් ගිණුමෙන් ද නීති විරෝධීව මුදල් නිදහස් කරගෙන ඇති අතර පසුගිය ජනාධිපතිවරණ සමයේ දී ස්ථාවර ගිණුමෙන් රුපියල් මිලියන 400ක් කිසිදු අනුමැතියකින් තොරව නිදහස් කර ගෙන ඇති බවද කමිටු වාර්තාවේ සඳහන් වේ.

    මහා භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව මධ්‍යම සංස්කෘතික අරමුදල ජංගම ගිණුම් 25ක් අරඹා ඇති අතර, මුදල් රෙගුලාසි උල්ලංඝනය කරමින් උපාංග මිලදී ගැනිම්, විදේශ ආදායම් සහිත අරමුදල් ව්‍යාපෘතිවල මුදල් ගිණුම්ගත කිරීමේ දෝෂ සහ ගෙවීමේ පටිපාටියෙන් බැහැර මුදල් ගෙවිම් සඳහා පසුව ලේඛන සකස් කර ඇති බවත් කමිටුව මගින් අනාවරණය කරගෙන ඇත.

    2019 වර්ෂය පුරා කළ අවිධිමත් වියදම් සඳහා අනුමැතිය ලබාගැනීමට 2019.11.15 දින අධ්‍යක්ෂ මණ්ඩලය රැස්වීමක් කැඳවා ඇත. එයට සාමාජිකයින් 5 දෙනකු සහභාගි වී ඇති නමුත් සහභාගි නොවූ අන් සාමාජිකයින්ගේද අත්සන් ඊට ලබාගෙන ඇති බව අනාවරණය වී තිබේ.

    මෙම අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ නිත්‍යානුකූලභාවය පිළිබඳව ගැටලු ඇතැයි සඳහන් කරන කමිටුව, අධ්‍යක්ෂ මණ්ඩලයේ අත්සන් තහවුරු කරගැනීම සුදුසු බවද අවධාරණය කරයි.