Blog

  • ශ්‍රි ලංකා මහ බැංකුව ඉන්දියානු සංචිත බැංකුව සමඟ මුදල් හුවමාරු ගිවිසුමකට එළඹේ

    ශ්‍රි ලංකා මහ බැංකුව ඉන්දියානු සංචිත බැංකුව සමඟ මුදල් හුවමාරු ගිවිසුමකට එළඹේ

    දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංවිධානයේ (SAARC) රටවල් වෙත 2019-2022 කාලය සඳහා පිරිනමනු ලබන මුදල් හුවමාරු පහසුකම් රාමුව යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව,  ඉන්දියානු සංචිත බැංකුව සමග මුදල් හුවමාරු ගිවිසුමකට 2020 ජූලි මස 24 වන දින එළඹිණි. මෙමගින් රටේ කෙටිකාලීන ගෙවුම් ශේෂ අවශ්‍යතාවන් මූල්‍යනය කරගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවට පහසුකමක් සැලසේ.

    ශ්‍රී ලංකා මහ බැංකුව මෙම  මුදල් හුවමාරු පහසුකම සඳහා එළඹීමෙහි අරමුණ වූයේ ස්ථාවර විදේශ විනිමය සංචිත තත්ත්වයක්  සුරක්ෂිත කර ගනිමින්,  ප්‍රමාණවත් කෙටිකාලීන විදේශ විනිමය ද්‍රවශීලතාවයක් පවත්වා ගැනීමයි. ශ්‍රී ලංකාව දැනට මුහුණ දී සිටින අභියෝගාත්මක බාහිර ආර් ථික පරිසරයට ප්‍රධානම හේතුව වනුයේ කොවිඩ් – 19 වසංගත තත්වයයි. 

    මෙම මුදල් හුවමාරු පහසුකම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නිර් දේශ යටතේ කැබිනට් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. මෙම මුදල් හුවමාරු පහසුකම යටතේ, ශ්‍රී ලංකා මහ බැංකුවට එක්සත් ජනපද ඩොලර් මිලියන 400ක් ප්‍රථමයෙන් මාස තුනක කාලයක් සඳහා ලබා ගත හැකිය. දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංවිධානයේ රටවල් වෙත පිරිනමනු ලබන මුදල් හුවමාරු පහසුකම් රාමුවෙහි කොන්දේසිවලට අනුකූලව, පසුව, මෙම මුදල් හුවමාරු පහසුකම වරකට තෙමස් කාලපරිච්ඡේදයක් බැගින් දෙවරක් නැවත ලබාගත හැකිය.

    ශ්‍රී ලංකා මහ බැංකුව වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා ද, ඉන්දියානු සංචිත බැංකුව වෙනුවෙන් එහි කලාපීය අධ්‍යක්ෂක අජේ කුමාර් මහතා ද මෙම ගිවිසුමට අත්සන් තැබූහ.

    මෙම පහසුකමට අමතරව, විශේෂ ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුමක් යටතේ, අතිරේක වශයෙන් එක්සත් ජනපද ඩොලර් බිලියන එකක මුදල් පහසුකමක් ලබාගැනීම සඳහා ඉන්දියානු සංචිත බැංකුව සමඟ දැනට සාකච්ඡා කෙරෙමින් පවතින බව ද සඳහන්  කිරීම වැදගත් වේ.

  • මැලේසියානු හිටපු අගමැති නජිබ් රසාක් දූෂණ චෝදනාවලට වැරදිකරු වෙයි

    මැලේසියානු හිටපු අගමැති නජිබ් රසාක් දූෂණ චෝදනාවලට වැරදිකරු වෙයි

    මැලේසියාවේ හිටපු අගමැති නජිබ් රසාක්, ඔහුට එරෙහිව එල්ලවූ දූෂණ චෝදනාවලට වැරදිකරු වී තිබේ. මේ බව තීරණය කෙරුණේ ඩොලර් මිලියන ගණනක දූෂණ චෝදනා සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ක්‍රියාත්මත වන නඩු විභාග කිහිපයෙන් එකකදී ය.

    සාපරාධී විශ්වාසය කඩකිරීම, මුදල් විශුද්ධිකරණය හා බලය අයුතු ලෙස යෙදීම යන චෝදනාවලට තමන් වැරදිකරු නොවන බව රසාක් කීය.

    2009 සිට 2018 දක්වා බලයේ සිටි නජීබ් රසාක්ට එරෙහි මෙම නඩුව සැලකුණේ මැලේසියාවේ දූෂණ විරෝධී වැඩපිළිවෙල පරීක්ෂාවකට ලක් කිරීමක් ලෙසිනි.

    මැලේසියාවේ 1MDB ධන අරමුදල සම්බන්ධ අපචාරය තුළින් ගෝලීය වංචා හා දූෂණ ජාලයක් හෙළිවිය.

    “නඩුවේ සියලු සාක්ෂි සැලකිල්ලට ගැනීමෙන් පසු මට පෙනීගියේ, සාධාරණ සැකයෙන් ඔබ්බට සාර්ථකව නඩුව ඔප්පු කිරීමට පැමිණිල්ල සමත්වී ඇති බවයි,” යැයි විනිසුරු මොහොමඩ් නස්ලාන් මොහමඩ් ඝසාලි ක්වාලාලම්පූර් මහාධිකරණයේදී පැවසීය.

    චෝදනා මොනවාද?

    අරමුදලෙන් රිංගිට් මිලියන 42 ක් (ඩොලර් මිලියන 10) එවක අගමැතිවරයාගේ පුද්ගලික ගිණුම්වලට මාරු කිරීම අඟහරුවාදා (ජූලි 28) දුන් තීන්දුවට පදනම් විය.

    තමන් කිසිදු වරදක් නොකළේ යැයි පවසන නජිබ් රසාක් සඳහන් කළේ විශේෂයෙන් දැනට නීතියට වසන්වී සිටින මුදල් සම්පාදකයකු වන ජෝ ලෝව් ඇතුළු මුල්‍ය උපදේශකයින් තමන් නොමග යැවූ බවකි.

    ඇමෙරිකාව හා මැලේසියාව යන දෙරටේ ම චෝදනාවලට ලක්ව සිටින ජෝ ලෝව් ද තමන් නිවැරදි බව කියා සිටී.

    නජීබ් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කණ්ඩායමේ තර්කය වූයේ ඔහුගේ ගිණුම්වල ඇති මුදල් රාජ්‍ය අරමුදලෙන් කළ අවභාවිතයක් නොව සෞදි රාජකීය පවුලෙන් ලද ප්‍රදාන බවට ඔහුට ඒත්තු ගන්වා ඇති බවකි.

    එම චෝදනා සම්බන්ධයෙන්, එකකට වසර 15 සිට 20 දක්වා වූ සිර දඬුවම්වලට යටත් කෙරිය හැක. නඩු තීන්දුව ලැබීමට පෙර නජිබ් සඳහන් කළේ තමන් වැරදිකරු වුවහොත් ඊට එරෙහිව අභියාචනය කරන බවය.

    1MDB අපචාරය යනු කුමක්ද?

    මැලේසියානු ආර්ථික සංවර්ධනය වැඩිදියුණු කිරීම සඳහා මැලේසියා සංවර්ධන අරමුදල (1 Malaysia Development Berhad – 1MDB) 2009 වසරේදී ස්ථාපනය කරනු ලැබුවේ නජිබ් රසාක් අගමැති ධුරය දරන අවධියේය.

    බැංකු හා බැඳුම්කර හිමියන්ට කළ යුතු ගෙවීම් මගහැරීම හේතුවෙන් 2015 දී අදාළ අරමුදලේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ගැටලු පැන නැගිණි.

    ඩොලර් බිලියන 4.5 ක මුදලක් අනීතිකව අරමුදලෙන් ඉවත්කොට පුද්ගලික සාක්කුවලට හරවා ඇතැයි මැලේසියානු හා ඇමෙරිකානු බලධාරීහු චෝදනා නැගූහ.

    එසේ අතුරුදන් වූ මුදල් සුඛෝපභෝගී ඉඩකඩම් දේපොළ, පුද්ගලික ගුවන් යානයක්, වැන් ගෝ හා මොනෙට් යන ලෝ ප්‍රකට චිත්‍රශිල්පීන්ගේ නිර්මාණ පමණක් නොව ඇති සාර්ථක හොලිවුඩ් චිත්‍රපටයක් වන ද වුල්ෆ් ඔෆ් ද වෝල් ස්ට්‍රීට් (Wolf of Wall Street) සඳහා ද යෙදවී ඇති බව පැවසේ.

    2018 නජිබ් ගේ මැතිවරණ පරාජයට දූෂණ චෝදනා බෙහෙවින් ඉවහල් විය.
    2018 නජිබ් ගේ මැතිවරණ පරාජයට දූෂණ චෝදනා බෙහෙවින් ඉවහල් විය

    ඩොලර් බිලියන ගණනක දූෂණ සිද්ධිය තුළ තමන්ට ඇති සම්බන්ධය සමථයකට ගෙන ඒම සඳහා ඇමෙරිකානු බැංකුවක් වන ගොල්ඩ්මන් සැක්ස් (Goldman Sachs) පසුගිය සතියේදී මැලේසියානු ආණ්ඩුවට ඩොලර් බිලියන 3.9ක් ගෙවීමට එකඟ විය.

    අරමුදල සඳහා ඩොලර් බිලියන 6.5ක අරමුදල් රැස් කිරීමට සහය වීමේදී ආයෝජකයින් නොමග යවන ලද බවට මැලේසියාවේදී නැගෙන චෝදනා විසඳාගැනීම එම එකඟත්වයේ අරමුණ විය.

    නජිබ් රසාක්ට ඇති වෙනත් චෝදනා මොනවාද?

    හිටපු අගමැතිවරයා ධුරය දරන අවධියේදී මැලේසියානු බලධාරීහු සියලු චෝදනාවලින් ඔහු නිදහස් කළහ.

    එහෙත් 2018 වසරේ නජිබ් රසාක් ලද මැතිවරණ පරාජයට, අදාළ චෝදනා වැඩි වශයෙන් ඉවහල් වූ අතර බලයට පත් නව ආණ්ඩුව 1MDB අරමුදලට අදාළ පරීක්ෂණ වහා යළි ආරම්භ කළේය.

    අඟහරුවාදා (ජූලි 28) තීන්දුව දෙනු ලැබුවේ ඔහුට එරෙහි නඩු විභාගවලින් එකක් සඳහා වන අතර එය වඩා සුවිශේෂී නඩුව නොවේ.

    පසුගිය වසරේ අගෝස්තු මාසයේ ඇරඹුණු වෙනත් නඩුවකින් විමසා බැලෙන්නේ 2011 සහ 2014 අතර කාලය තුළදී හිටපු අගමැතිවරයා නීති විරෝධී අයුරින් රිංගිට් බිලියන 2.28ක් (ඩොලර් මිලියන 550) 1MDB අරමුදලින් ලබාගැනීම පිලිබඳවය.

    මුදල් විශුද්ධිකරණයට අදාළ චෝදනා 21 ක් හා බලය අයුතු ලෙස භාවිතයට අදාළ චෝදනා හතරකට මුහුණ දී සිටින නජිබ් රසාක් එම සියලු චෝදනා ප්‍රතික්ෂේප කරයි.

    ඔහුගේ බිරිඳ රෝස්මාහ් මන්සෝර් ද මුදල් විශුද්ධිකරණය හා බදු නොගෙවීමට අදාළ චෝදනාවලට ලක්වී සිටින අතර තමන් වැරදිකාරියක් නොවන බව ඇය පවසයි.

    Text by bbc sandesaya

  • නිරෝධානයට ලක්වන පිරිස්වලට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාවදීම ගැන තීන්දුවක්

    නිරෝධානයට ලක්වන පිරිස්වලට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාවදීම ගැන තීන්දුවක්

    කොවිඩ් -19 නිරෝධානය වන පුද්ගලයින්ට අගෝස්තු 05 වැනි දිනම සවස 05.00න් පසුය සිය ඡන්දය ප්‍රකාශ කිරීමට යෝජනා වී ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා අද (28) කොවිඩ්-19 වෛරසය මැඩලීමේ ජනාධිති කාර්ය සාධක බලකායේ විශේෂ රැස්වීමේදී දැනුම් දුන්නේය.

    මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (28) දින නිකුත් කළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහත පළවේ.

  • විදේශගත වී සිට පැමිණි ඡන්ද හිමියන්ට මැකොගෙන් විශේෂ දැනුම් දීමක්

    විදේශගත වී සිට පැමිණි ඡන්ද හිමියන්ට මැකොගෙන් විශේෂ දැනුම් දීමක්

    විදේශගත වී සිට පැමිණි ඡන්ද හිමියන් ඡන්දය පාවිච්චි කිරීමට පැමිණීමේදී සිය ජාතික හැදුනුම්පත සමග විදේශ ගමන් බලපත්‍රය ද රැගෙන ආ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (28) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

    මේ හා සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහත පළ වේ.

  • රාජාංගනයට පනවා ඇති සංචරණ සීමාවන් අදිරය වශයෙන් ඉවතට – අනිල් ජාසිංහ

    රාජාංගනයට පනවා ඇති සංචරණ සීමාවන් අදිරය වශයෙන් ඉවතට – අනිල් ජාසිංහ

    කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා රාජාංගනය වෛද්‍ය නිලධාරි කොට්ඨාශය තුළ පණවනු ලැබූ සංචරණ සීමාවන් අදියර වශයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කරයි.

    ඒ අනුව,  පහත දැක්වෙන අයුරින් අදාළ ප්‍රදේශ වලට පනවා තිබූ සංචරණ සීමාවන් ඉවත් කරනු ලැබේ.

    2020 ජුලි 27 න් පසුව සංචරණ සීමාවන් ඉවත් කෙරෙන ප්‍රදේශ

    1. කලුන්දෑගම
    2. සිරිමාපුර
    3. යාය 01 (පොළ පිටුපස කොටස හැර)
    4. යාය 02

    2020 ජුලි 31 න් පසුව සංචරණ සීමාවන් ඉවත් කෙරෙන ප්‍රදේශ

    1. යාය 01 (පොළ පිටුපස කොටස)
    2. යාය 03
    3. යාය 04
    4. යාය 05
    5. යාය 06 / අංගමුව  
  • පාර්ලිමේන්තුව වෙනුවෙන් සැකසෙන  සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශ ලබන සිකුරාදා පාර්ලිමේන්තුවට

    පාර්ලිමේන්තුව වෙනුවෙන් සැකසෙන සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශ ලබන සිකුරාදා පාර්ලිමේන්තුවට

    මහ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව කොවිඩ්-19 අභියෝගයට   මුහුණ දෙමින් සෞඛ්‍යාරක්ෂිතව  රැස්වීම සදහා අත්‍යවශ්‍ය වන මාර්ගෝපදේශ මාලාව ලබන සිකුරාදා පාර්ලිමේන්තුවට ලබාදෙන බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය  අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතා පැවසීය.

    පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාගේ ඉල්ලීම මත සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මෙම මාර්ගෝපදේශ මාලාව සැකසෙයි.

    මහ මැතිවරණයෙන් අනතුරුව පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී වන  මන්ත්‍රීවරුන් ඇතුළු ප්‍රභූවරුන්, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සහ ආරක්ෂක අංශ කොවිඩ් -19 වෛරසයෙන් ආරක්ෂාකර ගැනීමට අදාළ වැඩපිළිවෙලක් සකස් කිරීම සදහා සෞඛ්‍ය සේවා නියෝජ්‍ය  අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතා ඇතුළු  වෛද්‍ය කණ්ඩායමක් පසුගිය 22 වැනිදා පාර්ලිමේන්තුවේ  නිරීක්ෂණ චාරිකාවක  නිරත වූහ.

    එහිදී පාර්ලිමේන්තුවේ විවිධ අංශ පරීක්ෂා කළ වෛද්‍ය කණ්ඩායම දැනටමත් පාර්ලිමේන්තුව ගෙන ඇති සෞඛ්‍ය ආරක්ෂිත  පියවර පිළිබද සතුට පළ කළේය.

    සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශ සැකසීමේදී පාර්ලිමේන්තු සභා ගර්භය, භෝජනාගාර හා පාර්ලිමේන්තු පුස්තකාලය පිළිබදව විශේෂ අවධානයක් යොමු කරන බව ද සෞඛ්‍ය සේවා නියෝජ්‍ය  අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතා වැඩිදුරටත් පැවසීය.

  • ඡන්දදායකයින්ට අයුතු බලපෑම් එපා –  ‘මැකොගෙන් විශේෂ නිවේදනයක්’

    ඡන්දදායකයින්ට අයුතු බලපෑම් එපා – ‘මැකොගෙන් විශේෂ නිවේදනයක්’

    මහ මැතිවරණයේදී ඡන්ද හිමියන් සදහා අයුතු බලපෑම් කිරීම සම්බන්ධයෙන් මැතිවරණ නීතිය පැහැදිලි කරමින් මැතිවරණ කොමිෂම විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සදහන් වන්නේ 1981 අංක 01 දරන පාර්ලිමේන්තු මැතිවරණ පපනතේ 79 වැනි සහ 81 වැනි වගන්ති අනුව ඡන්ද හිමියන්ට අයුතු බලපෑම් කරන අපේක්ෂකයින් සම්බන්ධයෙන් මැතිවරණ නීතිය අනුව දැඩිව කටයුතු කරන බවයි.

    මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කළ එම නිවේදනය සම්පූර්ණයෙන් ම මෙසේයි.

  • හම්බන්තොට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ ‘සුපිරි අවකෙළි ගැන සුපිරි හෙළිදරව්වක්’

    හම්බන්තොට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ ‘සුපිරි අවකෙළි ගැන සුපිරි හෙළිදරව්වක්’


    දැනට පවතින අලි – මිනිස් ගැටුම තවදුරටත් වර්ධනය කිරීමට වත්මන් රජයේ සමහර අමාත්‍යවරුන්ගේ වැරදි තීන්දු තීරණ තවදුරටත් ඉවහල්වෙමින් පවතී. ඒ අතුරින් මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග හා මහවැලි සංවර්ධන හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා විසින් ගන්නා ලද හානිකර තීන්දුවක් ප්‍රමුඛ වේ.

    පසුගිය 2019 වර්ෂය මෙතෙක් ඉතිහාසයේ අලි – මිනිස් ගැටුමේ වර්ධනීයම තත්ත්වයක් වාර්තා වූ වර්ෂය බවට පත් වී ඇත. එම වසරේ දී හානිකර මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් අලි මරණ 405 ක් හා අලින්ගේ පහරදීම නිසා මිනිසුන් 121 පමණ මියගොස් ඇති බවට වාර්තා වී තිබේ. මේ තත්ත්වය ඇති වීමට ප්‍රධාන හේතූන් වී ඇත්තේ අලි – ඇතුන්ගේ වාසස්ථාන ශීඝ්‍රයෙන් විනාශ කිරීම හා එම වාසස්ථාන කොටස් වලට බෙදී වෙන් වන පරිදි සිදු කරන හානිකර සංවර්ධන ක්‍රියාවලීන් ය.

    දැනට පවතින අලි – මිනිස් ගැටුම තවදුරටත් වර්ධනය කිරීමට වත්මන් රජයේ සමහර අමාත්‍යවරුන්ගේ වැරදි තීන්දු තීරණ තවදුරටත් ඉවහල්වෙමින් පවතී. ඒ අතුරින් මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග හා මහවැලි සංවර්ධන හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා විසින් ගන්නා ලද හානිකර තීන්දුවක් ප්‍රමුඛ වේ. චමල් රාජපක්ෂ මහතා විසින් මහවැලි අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතයට අයත් ඉඩම් විවිධ සංවර්ධන ව්‍යාපෘති හා මහ පරිමාණ ඒක භෝග වාණිජ්‍ය වගාවන් සඳහා ලබා දීමට කටයුතු කරන ලෙස ය. මේ අනුව අද වන විට ශීඝ්‍රයෙන් යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ ඉඩම් මහ පරිමාණයෙන් සමාගම් වලට හා මහ පරිමාණ ව්‍යාපාරිකයන්ට ලබා දී ඇති අතර එම ඉඩම් මහ පරිමාණයෙන් එළි පෙහෙළි කිරීම මේ වන විට සිදු කෙරේ.

    ගල්වැව, වැලිවැව, කුරුදාන, කැටැන්වැව, ගලහිටිය වැවට ඉහලින් පිහිටි අන්දර වැව දක්වා ප්‍රදේශය ගොන්නෝරුව හා බුරුතන්කන්ද අතර ප්‍රදේශ වල අක්කර 2000 කට වැඩි ප්‍රදේශයක් ඩෝසර් යන්ත්‍ර භාවිතා කරමින් මහ පරිමාණයෙන් වනාන්තර එළිපෙහෙළි කිරීම මේ වන විට සිදු කෙරේ. හිටපු ගුවන් හමුදාපතිවරයකු වන ඔලිවර් රණසිංහ මහතා විසින් ගොන්නෝරුව හා බුරුතන්කන්ද අතර අක්කර 500 ක භූමියක් සූර්ය බලශක්ති බලාගාර ව්‍යාපෘතියක් සිදු කිරීම සඳහා අලුතින් එළිපෙහෙළි කිරීම සිදු කරයි.

    යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය තුළ නීති විරෝධී ව පවත්වාගෙන යන වගා බිම්

    යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ සිට මදුනාගල අභය භූමිය දක්වා අලි ගමන් කිරීම සිදු වන බුරුතන්කන්ද අලිමංකඬේ ඉඩම් සියල්ලම මහවැලි අධිකාරිය මඟින් ජනතාවට බෙදා දීමේ ප්‍රතිඵලයක් ලෙස මදුනාගල අභය භූමිය තුළ අලි – ඇතුන් 18 ත් 20 ත් අතර ප්‍රමාණයක් කොටු වී සිටී. මේ සතුන් ඒ අවට ගම්මාන වලට පිවිසීම හා වගා බිම්වලට පැමිණ වගා හානි කිරීම නිරන්තරයෙන් සිදු වේ.

    මීට අමතර ව මාගම්පුර වරාය ඉදි කිරීමට යොදා ගත් වනාන්තර අක්කර 5000 ක භූමියේ දැනට ඉතිරි වී තිබෙන වනාන්තර අක්කර 2500 ක කොටසෙ හි ද අලි – ඇතුන් 20 ක් පමණ රැඳී සිටී. මෙම සතුන් රාත්‍රි කාලයේ ගම් වැදීම නිසා ගැටලුකාරී තත්ත්වයන්ට ඒ අවට ජනතාවට නිරන්තරයෙන් මුහුණ දීමට සිදු වේ. මීට බලපා ඇති ප්‍රධාන හේතුව යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය හා මෙම වනාන්තර කොටස අතර සම්බන්ධතාව බිඳ වැටීමයි.

    යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ ගොන්නෝරුව ප්‍රදේශය ආශ්‍රිත ව සිටින අලින්ට බුන්දල ජාතික වනෝද්‍යානයට පිවිසීමට ඇති මාර්ගය සම්පූර්ණයෙන් ම මේ වන විට ඇහිරී තිබේ. ගල්වැව ප්‍රදේශයෙන් මෙම සම්බන්ධතාව වනාන්තර අතර පැවති නමුත් එම ප්‍රදේශයේ මහ පරිමාණයෙන් වනාන්තර එළි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අලි පිවිසුම් මාර්ගය සම්පූර්ණයෙන් ම ඇහිරී තිබේ. මේ සියල්ලේම ප්‍රතිඵලයක් ලෙස හම්බන්තොට දිස්ත්‍රික්කය ආශ්‍රිත බොහෝ ප්‍රදේශ අලි – මිනිස් ගැටුමේ අධි අවදානම් කලාපයක් ලෙස හඳුනාගෙන තිබේ.

    යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය තුළ නීති විරෝධී ව පවත්වාගෙන යන වගා බිම්

    යෝජිත රක්ෂිතයේ ඉඩම් විකිණීමේ ජාවාරම

    හම්බන්තොට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයට අයත් වනාන්තර ඉඩම් මහ පරිමාණයෙන් විකිණීමේ ජාවාරමක් ද මේ වනවිට ක්‍රියාත්මක වේ. නින්දගම් ඉඩම් යැයි සඳහන් කරමින් වලව මහවැලි කලාපය ලෙස ප්‍රකාශයට පත් කර ඇති මෙම යෝජිත රක්ෂිතයට අයත් වනාන්තර ඉඩම් කට්ටි කර විකිණීම මෙලෙස සිදු කෙරේ. ගොන්නොරුව නින්දගම ලෙස හැඳින්වෙන පන්වැව සිට ගොන්නොරුව දක්වා විහිදී ඇති වනාන්තර ප්‍රදේශයේ අක්කර 500 ක් පමණ අක්කර 25 ක් හා 50 බැගින් වන ඉඩම් කට්ටි කර කොළඹ ආශ්‍රිත මහ පරිමාණ ව්‍යාපාරිකයන්ට විකිණීම සිදු කර ඇත. කැටැන්වැව සිට මළල ආර දක්වා කොටසේ පිහිටන ගලහිටියවත්ත නින්දගම ලෙස හඳුන්වන වනාන්තර ප්‍රදේශයේ ඉඩම් කට්ටි කර විකිණීමේ ජාවාරම “වැලි සමන්” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයෙකු විසින් සිදු කෙරේ.

    මීට අමතර ව යෝජිත හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතයට අයත් ප්‍රධාන අලි මංකඩක් වන හැඬිල්ල අලිමංකඩ අවහිර කිරීම ද දේශපාලකයන් කිහිපදෙනෙකුගේ මැදිහත් වීම මත සිදු කෙරේ. හැඬිල්ල අලි මංකඩ හරහා බුන්දල ජාතික වනෝද්‍යානය හා හම්බන්තොට ප්‍රදේශයේ වනාන්තරවල ජීවත්වන අලි ඇතුන් ලුණුගම්වෙහෙර හා උඩවලව ජාතික වනෝද්‍යාන වලට ගමන් කිරීම සිදු කරයි. මෙම අලි මංකඩ පළමු ව හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් නිවාස සංකීර්ණයක් ඉදි කර අවහිර කර තිබේ. ගොන්නොරුව හා කැටන්වැව අතර මෙම අලිමංකඩ අවහිර වන පරිදි මේ නිවාස සංකීර්ණය ඉදි කර තිබේ.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තිස්සමහාරාම ආසන සංවිධායක දිසරු දිසානායක මහතා විසින් නින්දගම් ඉඩමක් යැයි සඳහන් කරමින් ව්‍යාජ ඔප්පුවක් සකස් කර හැඬිල්ල අලිමංකඬේ අක්කර 50 ක භූමියක් විදුලි වැටවල් සකස් කර වෙන් කර ගෙන තිබේ. මහ පරිමාණයෙන් වනාන්තර එළිකරමින් ඉඩම් කට්ටි කිරීම මෙලෙස නීතිවිරෝධී ව සිදුකරද්දී මහවැලි අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් හා හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් ඇතුළු නිලධාරීන් නිහඬ ව සිටී ම පුදුමයට කරුණකි. මේ මහ පරිමාණ වන විනාශය හා නීතිවිරෝධී ඉඩම් අල්ලා ගැනීමේ ක්‍රියාවලිය හේතුවෙන් අලි ඇතුන්ගේ වාසස්ථාන හා අලි මංකඩවල් අවහිර කිරීම හේතුවෙන් මතුවන අලි – මිනිස් ගැටුම ට මෙම නිලධාරින් ඍජුව ම වගකිව යුතු ය.

    මේ ප්‍රදේශයේ නින්දගම් ඉඩම් යැයි සඳහන් කරමින් ව්‍යාජ ඔප්පු සකස් කර ඉඩම් විකිණීමේ ජාවාරම පුද්ගලයින් තිදෙනෙකු විසින් ප්‍රසිද්ධියේ මෙහෙයවීම සිදු කරයි. වැලි සමන්, ගොන්නොරුවේ චමින්ද හා පන්වැව තුෂී යන අන්වර්ථ නම් වලින් හැඳින්වෙන පුද්ගලයින් විසින් මේ සමස්ත ජාවාරම මෙහෙයවනු ලැබේ. ඒ සඳහා සියලු දේශපාලන පක්ෂවල ප්‍රබලයින් ඔවුන් ට දේශපාලන රැකවරණ ලබා දේ.

    නීති විරෝධී වගා බිම් වලට හානිකර ලෙස ජලය ලබා ගෙන ඇති ආකාරය

    රක්ෂිතය ප්‍රකාශයට පත් නොකිරීමේ ප්‍රතිඵල

    වලව වම් ඉවුරු සංවර්ධන ව්‍යාපෘතියෙන් හා පසුගිය මහින්ද රාජපක්ෂ රජයෙන් ක්‍රියාත්මක කළ හම්බන්තොට මහ පරිමාණ අක්‍රමවත් සංවර්ධන කටයුතු හේතුවෙන් වනාන්තර අක්කර 20,000 ක් සම්පූර්ණයෙන් ම විනාශ කිරීම හේතුවෙන් වාසස්ථාන අහිමි වූ අලි – ඇතුන් ගම් වැදීමෙන් දැවැන්ත අලි – මිනිස් ගැටුමක් මේ වන විට හම්බන්තොට ආශ්‍රිත ප්‍රදේශ ගණනාවක වර්ධනය වෙමින් තිබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය වසර තුන තුළ දී පමණක් වගා බිම්වලට පැමිණි අලි – ඇතුන් 31 ක් පමණ වෙඩි තැබීමෙන්, හක්කපටස් භාවිතයෙන් හා විදුලි සැර යෙදීමෙන් ඝාතනය කර තිබේ.

    එපමණක් නොව අලි – ඇතුන්ගේ ප්‍රහාරයට ලක් ව මිනිසුන් 15 දෙනෙකු පමණ මියගොස්, තවත් පුද්ගලයන් අටදෙනෙකු පූර්ණ ආබාධිත තත්ත්වයට පත් ව සිටී. මේ තත්ත්වය පාලනය කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යෝජනා කළ “හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය” ප්‍රකාශයට පත් නොකිරීම හා ඊට අයත් වනාන්තර ඉඩම් මහවැලි අධිකාරිය ශීඝ්‍රයෙන් එළිපෙහෙළි කර බොරළු කැණීම, කළු ගල් කැඩීම මෙන්ම විවිධ සංවර්ධන කටයුතු හා වාණිජ වගාවන් සඳහා ලබා දීම හේතුවෙන් මේ තත්ත්වය තව තවත් උග්‍ර වෙමින් පවතී.

    එපමණක් නොව සජිත් ප්‍රේමදාස මහතා විසින් යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ විවිධ ප්‍රදේශ වල අලුතින් ගම්මාන පිහිටුවීම හා වාණිජ වගාවන් සඳහා ඔහුගේ ආධාරකරුවන්ට ඉඩම් ලබා දීම හේතුවෙන් මෙම තත්ත්වය තවතවත් වර්ධනය වෙමින් තිබුණි. ඒ තත්ත්වය තවත් දෙගුණ කිරීමට 2010-2015 කාල වකවානුවේ දී මෙන් ම අද වන විට ද චමල් රාජපක්ෂ මහතා විසින් තම හිතවතුන්ට හා සමාගම් වලට වනාන්තර ඉඩම් බෙදා දෙමින් සිටී. මේ අයුරින් වනාන්තර අවභාවිතාව පමණක් නොව ඔවුන් විසින් මෙම රක්ෂිතය ප්‍රකාශයට පත් කිරීමට ද ඉඩප්‍රස්ථාව ලබා නොදේ.

    හම්බන්තොට අලි කළමනාකරණ සැලැසුම

    උඩවලව, ලුණුගම්වෙහෙර හා බූන්දල ජාතික වනෝද්‍යාන සම්බන්ධ කරමින් අලි – ඇතුන් ගේ සංක්‍රමණික රටාවන් හඳුනාගෙන හම්බන්තොට අලි – මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා වනාන්තර ප්‍රදේශ ජාල ගත කිරීම අරමුණු කර ගෙන “හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය” ප්‍රකාශයට පත් කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යෝජනා කර තිබේ. ඒ මඟින් හම්බන්තොට ප්‍රදේශයේ ජීවත් වන අලි – ඇතුන් 450 ක ගේ පමණ වාසස්ථාන සුරක්ෂිත කිරීමේ හැකියාව පවතී. 2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1937 අංක 2 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 2 වන වගන්තියට අනුව මෙම රක්ෂිතය ප්‍රකාශයට පත් කිරීමට යෝජිත ව ඇත.

    ගජ මිතුරෝ වැඩසටහන යටතේ 2009 වසරේ සිට 2011 වසර දක්වා කාලය තුළ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලූ ම රාජ්‍ය ආයතනවල හා ප්‍රදේශවාසීන් ගේ සහභාගිත්වයෙන් යුතු ව සකස් කළ මේ සැලැසුම සඳහා 2012 වසරේ දී ගජ මිතුරෝ දිස්ත්‍රික් කමිටුව විසින් ඒකමතික ව අනුමැතිය ලබා දී තිබේ. එම සැලැසුමට අනුව හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත් කිරීම, විදුලිවැටවල් ඉදිකිරීම හා අලි මංකඩවල් විවෘත කිරීම ඇතුළු ක්‍රියාමාර්ගවලට පිවිසීමට නියමිත ව තිබුණි. මේ සියලූ ම සැලැසුම් ක්‍රියාත්මක කිරීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය නිලධාරීන් විසින් සකස් කළ වාර්තා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය වෙත යොමු කර වසර නවයකට වැඩි කාලයක් ගත වී ඇතත් ඉදිරි ක්‍රියාමාර්ග මේ වන තුරුත් ගෙන නොමැත. මීට අමතර ව මේ සැලැසුම සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේ යෝජනාව දැනට වසර හතකට ප්‍රථම ඉඩම් අමාත්‍යාශය වෙත යොමු කර තිබුණ ද එහි කිසිදු ප්‍රගතියක් මේ වන විටත් දැක ගත නොහැකි ය.

    රක්ෂිත ප්‍රදේශ ජාලගත කිරීමට ප්‍රධාන අලිමංකඩවල් තුනකින් සමන්විත ව මෙම සැලැසුම සකස් කර තිබේ. ඒ අනුව යෝජිත හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතයට බූන්දල ජාතික වනෝද්‍යානයේ සිට අලි සංක්‍රමණය වන ප්‍රධාන අලි මංකඩ පිහිටා ඇත්තේ කොහොලංකල ප්‍රදේශයේ ය. මෙය කොහොලංකල – කෑලියපුර අලි මංකඩ ලෙස හැඳින්වේ. යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය හා ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය සම්බන්ධ වනුයේ උනාතුවැව අලි මංකඩෙනි. මේ අලි මංකඩ ද මේ වන විට ඇහිරී ඇති අතර එය විවෘත කිරීම සඳහා ද සැලැසුම් සකස් කළ යුතු ව ඇත.

    යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය තුළ හානිකර ලෙස පවත්වාගෙන යන ගල් වලවල්

    දේශපාලන බලපෑම් මත රක්ෂිතය ප්‍රකාශයට පත් නොකිරීම

    යෝජිත රක්ෂිතය හා උඩවලව ජාතික වනෝද්‍යානය සම්බන්ධ වන්නේ උඩවලව – තණමල්විල මාර්ගයේ 31 හා 32 කිලෝමීටර කණු අතර ප්‍රදේශය හරහා ය. මේ අලි මංකඩ විවෘත කිරීම සඳහා පසුගිය රජයේ අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා එකල විරෝධතාව දැක්වීම හේතුවෙන් මෙතෙක් ඒ පිළිබඳ සැලැසුම් සකස් කිරීමට නොහැකි වී තිබේ. මෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ දිනෙන් දින අලි – මිනිස් ගැටුම උග්‍ර තත්ත්වයකට පත් වීම හා යෝජිත රක්ෂිතය පියවරෙන් පියවර සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමයි.

    මේ වන විට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ සූරිය වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මහ අන්දර වැව හා පහළ අන්දර වැව අතර පිහිටි හාමුදුරු වැව් ඉහත්තාවේ අක්කර 2000 ක් පමණ එළිපෙහෙළි කර මහ පරිමාණයෙන් කෙසෙල් වගා කර තිබේ. පුද්ගලයින් අටදෙනෙකු විසින් මෙම වගා බිම් පවත්වාගෙන යයි. ඔවුන් මහින්ද රාජපක්ෂ රජය පැවති සමයේ නාමල් රාජපක්ෂ මහතා ගේ සහයෝගය මත මෙම අනවසර වගා බිම් පවත්වාගෙන ගිය අතර පසුව හිටපු අමාත්‍ය දුලිප් වෙදආරච්චි හා සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ගේ සහයෝගය මත එය සිදු කෙරින.

    විදුලි වැටවල් සකස් කර පවත්වාගෙන යන මෙම අනවසර වගා බිම් හේතුවෙන් අලින්ගේ වාසස්ථාන අවහිර වීම නිසා මහ අන්දර වැව, වල්සපුගල, කරුවල වැව, තිස්සපුර හා රණමයුරපුර ප්‍රදේශ වල ගොවීන්ගේ වගා බිම් වලට අලින්ගෙන් සිදු වන හානි වර්ධනය වී තිබේ. මීට අමතර ව වීර වැව, ගලහිටිය වැව, එළල්ල වැව හා පුස්ගලේ වැවට අලි – ඇතුන්ට පිවිසීමට ඇති ඉඩකඩ විදුලි වැටවල් හා වගා බිම් නිසා සම්පූර්ණයෙන් ම අවහිර වී තිබේ. මීට අමතර ව අන්දර වැවේ ජලය වතුර මෝටර් 81 ක් මඟින් මහ පරිමාණයෙන් ලබා ගෙන අනවසර වගා බිම් වලට යෙදීම හේතුවෙන් මෙම වැව යටතේ වගා කරන ගොවීන්ට උග්‍ර ජල හිඟයකට මුහුණ පෑමට සිදු වී ඇත.

    යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයට අයත් වනාන්තර විනාශ කර ඉදි කරණ සූර්යය බලශක්ති බලාගාර

    යෝජිත රක්ෂිතයේ නීති විරෝධී ව්‍යාපෘති

    මේ වන විට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය තුළ අයිරිෂ්, ඇනෝචි, ෆාර්නා, නැවිටාස් යන සමාගම් විසින් සූර්ය බලශක්ති බලාගාර ඉදිකිරීම සඳහා තිස්සපුර, බුරුතංකන්ද ප්‍රදේශයේ වනාන්තර අක්කර 600 ක් නීති විරෝධී ලෙස සම්පූර්ණයෙන් ම එළිපෙහෙළි කර තිබේ. වල්සපුගල, දිවුල්පැලැස්ස වැව් ඉහත්තෑවේ අලි – ඇතුන් ජීවත් වූ අක්කර 300 ක ට වැඩි වනාන්තර භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන් ම එළිපෙහෙළි කර මහ පරිමාණ සූර්යය බලශක්ති ගම්මානයක් ඉදි කර තිබේ. මෙම වැව හා ආශ්‍රිත ප්‍රදේශය අලි – ඇතුන් විශාල රංචු වශයෙන් ජීවත් වූ ප්‍රදේශයකි. මෙම බලාගාරය නිසා ඒ සියල්ල අහිමි වී ඇත.

    මෙයට අමතර ව හිටපු ගුවන්හමුදාපතිවරයකු වන ඔලිවර් රණසිංහ මහතා විසින් විවිධ පුද්ගලයින් ඉදිරිපත් කර වනාන්තර හෙක්ටයාර 60 ක් සූර්ය බලශක්ති බලාගාර ඉදිකිරීම සඳහා මහවැලි අධිකාරියෙන් ඉඩම් නිදහස් කර ගෙන තිබේ. එම ඉඩම් අතුරින් හෙක්ටයාර 40 ක් සෙනොක් ආයතනයට සූර්ය බලාගාර ඉදිකිරීමට නීති විරෝධීව පවරා තිබේ. සාගර් සෝලා බලාගාරයට යාබදව බුරුතංකන්ද ප්‍රදේශයේ වනාන්තර හෙක්ටයාර 20 ක භූමියක් ඉවත් කර ඔලිවර් රණසිංහ මහතා විසින් සූර්ය බලශක්ති බලාගාරයක් ඉදිකිරීම සිදු කර ඇත. මේ සියල්ල ම ජාතික පාරිසරික පනත උල්ලංඝනය කරමින් නීති විරෝධී ව සිදු කර තිබේ.

    ඒ අතරතුර මහවැලි අධිකාරිය මඟින් කෑලියපුර, ගොන්නෝරුව, කැටැන්වැව, පහළ අන්දරවැව හා කුඩාඉදිවැව යන ප්‍රදේශවල ව්‍යාප්තව ඇති යෝජිත රක්ෂිතයට අයත් වනාන්තර අක්කර 6000 ක් පමණ සංවර්ධනය කර වාණිජ ඉඩම් ලෙස ලබා දී තිබේ. මේ නිසා යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයෙන් වැඩි කොටසක් අලි – ඇතුන්ට අහිමි වී ගැටලු ගණනාවකට අලි – ඇතුන්ට හා ඒ අවට ජනතාවට මුහුණ දීමට සිදු ව ඇත.

    යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයට අයත් උඩමළල ප්‍රදේශයේ ලෝලුගස්වෑකඩ, මැටිගත්වැව, පරෙන්ගි වැව, ළිං වැව, ස්වර්ණමාලී වැව හා මායියන් වැව ආවරණය වන පරිදි අක්කර 1500 ක භූමියක් තෙල් පිරිපහදු පද්ධතියක් ඉදි කිරීමට චීන සමාගමකට ලබා දීමට සැලැසුම් කෙරෙමින් පවතී. මැටිගත් වැව හා ස්වර්ණමාලී වැව යටතේ කුඹුරු අක්කර 90 ක් පමණ වී වගා කෙරේ. මෙම වැව් දෙකට වලව වම් ඉවුරු ඇළ යටතේ ජලය සැපයෙන අතර ඒ මඟින් යල – මහ දෙකන්නයේ වී වගාව සිදු කෙරේ. එවැනි වැව් පද්ධති මෙවන් ව්‍යාපෘති සඳහා යොදා ගැනීමෙන් සුළු පරිමාණ ගොවි ජනතාව දැඩි අර්බුදයකට ලක් වේ.

    මීට අමතර ව මෙම ප්‍රදේශයේ කිරි ගොවීන් 15 දෙනෙකු පමණ එළ හා මී ගව පාලනයේ නිරත වේ. මෙම වැව් රක්ෂිත වෙහෙරගල රක්ෂිතය ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන අතර මෙම වනාන්තරය හරහා බුන්දල ජාතික වනෝද්‍යානය දෙසට අලි සංක්‍රමණය වේ. මෙම වනාන්තරය තෙල් පිරිපහදු පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා නිදහස් කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විරෝධතාව පළ කර ඇති නමුත් මාගම්පුර වරාය චීන සමාගමට මේ වන විට ලබා දී ඇති අතර එහි ක්‍රියාකාරීත්වයත් සමඟ මෙය නැවත මතු වෙමින් පවතී.

    යෝජිත රක්ෂිතයේ අනවසර වගා බිම් හා කළුගල් වලවල්

    යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය තුළ පිහිටි මහවැලි අධිකාරියට අයත් වනාන්තර භූමි මහ පරිමාණයෙන් එළිපෙහෙළි කර අනවසර වගා බිම් පවත්වාගෙන යන ස්ථාන ගණනාවක් වේ. එනම් හාමුදුරු වැව, ඉහළ අන්දර වැව, සීනුක්කුගල, පහළ අන්දර වැව, දිමුතුගම හා වැලි වැව ප්‍රදේශ වල ය. මීට අමතර ව යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනාන්තර එළිපෙහෙළි කර ස්ථාන ගණනාවක මහ පරිමාණයෙන් අනවසර වගා බිම් පවත්වාගෙන යනු ලැබේ. එනම් රතුකුරුස වැව, දක්ෂිණ වැව, අලුත් වැව, කඩවර වැව, බඳගිරිය වැව, මහ අලුත්ගංආර වැව, රණවරුනාව වැව හා දෙව්රන්වෙහෙර වැව යන ප්‍රදේශ වල ය.

    මයුරපුර හා නාගර වැව ප්‍රදේශයේ මහ පරිමාණයෙන් පස් කැපීම සිදු කරණ අතර අධිවේගී මාර්ග ඉදි කිරීම සඳහා ස්ථාන ගණනාවකින් වනාන්තර එළිපෙහෙළි කර මහ පරිමාණයෙන් පස් කැපීම සිදු කරයි.

    යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය තුළ පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හා මහවැලි අධිකාරියට අයත් වනාන්තර ඉඩම් එළිපෙහෙළි කර මහ පරිමාණ කළු ගල් වලවල් පවත්වාගෙන යනු ලැබේ. වෙහෙරගල හා මහ අලුත්ගංආර ප්‍රදේශ වල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනාන්තර මේ සඳහා යොදා ගෙන ඇත. මීට අමතර ව මයුරපුර, සීනුක්කුගල, කැටැන්වැව, ඉහළ අන්දරවැව, කුඩා ඉදිවැව, ගලහිටිය හා ගොන්නෝරුව ප්‍රදේශ වල මහවැලි අධිකාරියට අයත් වනාන්තර එළි කර මහ පරිමාණයෙන් කළුගල් වලවල් පවත්වාගෙන යාම සිදු කරයි.

    යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය තුළ නීති විරෝධීව පස් කැණීම් කරන ආකාරය

    මහවැලි අධිකාරියේ දුර්වලතා

    මේ ආකාරයෙන් අවභාවිතා වන යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයෙන් සියයට 40 ක් පමණ ආවරණය වන්නේ මහවැලි අධිකාරියට අයත් වනාන්තර ඉඩම් වලිනි. 1979 අංක 23 දරණ ශ්‍රී ලංකා මහවැලි අධිකාරී පනතේ 3 (1) වගන්තියට අනුව 1981 අප්‍රේල් 16 වන දින අංක 137 දරන ගැසට් නිවේදනය මගින් වලව බල ප්‍රදේශය වශයෙන් විශාල භූමි ප්‍රමාණයක් මහවැලි අධිකාරිය යටතට පවරා දී තිබේ. එසේ පවරා දී ඇත්තේ මෙම සමස්ත ප්‍රදේශයේ ම වනාන්තර එළි පෙහෙළි කර සංවර්ධනය කිරීමට නොවේ.

    මහවැලි කඩිනම් සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී වනාන්තර එළි පෙහෙළි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස වාසස්ථාන අහිමි වූ අලි – ඇතුන් ඇතුළු සියලු ජෛව ප්‍රජාවට හා ජල පෝෂක ප්‍රදේශ වල සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා ජාතික වනෝද්‍යාන ඇතුළු බොහෝ ආරක්ෂිත ප්‍රදේශ ප්‍රකාශයට පත් කරන ලදී. නමුත් වලව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී වාසස්ථාන අහිමි වූ අලි – ඇතුන් ඇතුළු ජෛව ප්‍රජාවට හා ජල පෝෂක ප්‍රදේශ වල සුරක්ෂිතතාව තහවුරු කිරීමට මහවැලි අධිකාරියට අයත් කිසිදු වනාන්තර ප්‍රදේශයක් රක්ෂිත තත්ත්වයට පත් කර නොමැත.

    වලව වම් ඉවුරු ප්‍රදේශය සංවර්ධනයේ දී මෙන්ම පසුගිය රජයේ හම්බන්තොට මහ පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී වාසස්ථාන අහිමි වූ අලි – ඇතුන් ඇතුළු සියලු ජෛව ප්‍රජාව තවමත් අවතැන්ව සිටී. වැව් හා ජලාශ වල පමණක් නොව මව් ආර හා මලල ආර පෝෂණය කරන බොහෝ වනාන්තර ප්‍රදේශ මේ වන විට සංවර්ධනයේ නාමයෙන් අහිමි වෙමින් තිබේ.

    මහවැලි අධිකාරියට වන සතුන්ගේ වාසස්ථාන වල හෝ ජල පෝෂක වනාන්තර වල වැදගත්කම පිළිබඳව කිසිදු හැඟීමක් නොමැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ මෙම වනාන්තර විවිධ සමාගම් වලට හෝ පුද්ගලයින්ට බදු දීමට ය. 1981 ගැසට් නිවේදනය මඟින් වලව බල ප්‍රදේශය ප්‍රකාශයට පත් කර ඇත්තේ එම සමස්ත ප්‍රදේශය ම සංවර්ධනය කර විනාශ කිරීමට යැයි මහවැලි අධිකාරියේ නිලධාරීහූ විශ්වාස කරති. නමුත් වලව බල ප්‍රදේශය ප්‍රකාශයට පත් කර ඇත්තේ සංවර්ධනය සඳහා පමණක් නොව වනාන්තර පරිසර පද්ධති නිසි පරිදි ආරක්ෂා කරමින් සමස්ත ව්‍යාපෘතියේ තිරසාර පැවැත්ම තහවුරු කිරීමට ය.

    අද සිදු වන වේගයෙන් මහවැලි අධිකාරිය මේ ප්‍රදේශයේ ඉතිරි වී තිබෙන වනාන්තර සංවර්ධනය සඳහා යොදා ගතහොත් ඉදිරියේ දී අලි – මිනිස් ගැටුම උග්‍ර වීම හා ජල අර්බුද උග්‍ර වීම වලක්වා ගත නොහැකි වන අතර වලව සංවර්ධන ව්‍යාපෘතිය ද කෙටි කලකින් බිඳ වැටෙනු ඇත. මේ පිළිබඳව නොසිතන නිලධාරීන් මහවැලි අධිකාරියේ සිටීම කනගාටුවට කරුණකි.

    යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය තුළ මහවැලි අධිකාරියට අයත් සුවිශේෂී වනාන්තර පද්ධති ගණනාවක් පිහිටා තිබේ. එම වනාන්තර සියල්ලම පසුගිය කාලය මුළුල්ලේම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ආරක්ෂා කරන ලදී. නමුත් අද වන විට එම වනාන්තර වාණිජ වගාවන් ව්‍යාප්ත කිරීමට, බොරලු හා කළු ගල් ලබා ගැනීමට සමාගම් වලට හා විවිධ පුද්ගලයින්ට එම අධිකාරියෙන් ලබා දීම සිදු කරයි. මහවැලි අධිකාරියට අවශ්‍ය වන්නේ මුදල් ඉපයීම පමණි. ඔවුන් වන සතුන්ගේ පැවැත්ම හෝ ජල පෝෂක වල පැවැත්ම පිළිබදව කිසිදු අවබෝධයක් හෝ ඒ පිළිබඳව සිතා බැලීමක් හෝ සිදු නොකරයි.

    යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය තුළ පිහිටි මහවැලි අධිකාරියට අයත් වනාන්තර ප්‍රදේශ හයක් මේ වන විට අනාරක්ෂිතව පවතී. මදුනාගල අභය භූමිය ආශ්‍රිත ව පිහිටි හෙක්ටයාර 300 ක් පමණ වන කරඹගස්මුල්ල ඖෂධ වනය ඒ අතුරින් ප්‍රධාන වේ. මීට අමතර ව වැවේ ගම, වැලි ආර, බැදි වැව, බෝගහ ඉදි වැව, කුඩා ඉදි වැව ආශ්‍රිත ප්‍රදේශවල ව්‍යාප්ත ව ඇති කෝන්කැටි ආර වනාන්තරය හෙක්ටයාර 700 ක් පමණ වේ. මෙම ඝන වනාන්තරය තුළ අලි – ඇතුන් බහුල ව ජීවත් වන අතර මව් ආර ව්‍යාපෘතියට අදාළ ඇළ මාර්ග බොහොමයක ජල පෝෂක ප්‍රදේශ වේ.

    මහ ඉදිවැව හා ඉහළ කුඹුක් වැවේ ඉහත්තාවේ ජල පෝෂක ප්‍රදේශ ලෙස පිහිටන වනාන්තර හෙක්ටයාර 120 ක් පමණ මහවැලි අධිකාරිය යටතේ පාලනය වේ. ඒ අතර මහ ඉදි වැව ඉහත්තාවේ පිහිටන හෙක්ටයාර 20 ක් පමණ වන සූරියමාර වන වගාව අද වන විට ඉතා හොඳින් ස්වභාවීකරණයට ලක් ව තිබේ. ගොන්නෝරුව පාර හා මලල ආර අතර පිහිටි හෙක්ටයාර 400 ක් පමණ වන වනාන්තර ප්‍රදේශය හා පහළ අන්දර වැව, හැඹිල්ල, කැටැන් වැව යන ගම්මාන ආශ්‍රිත ව පිහිටි හෙක්ටයාර 200 ක් පමණ වන එලල්ල වනාන්තර ප්‍රදේශයේ මහවැලි අධිකාරිය යටතේ පාලනය වේ. මේ වනාන්තර ප්‍රදේශ සියල්ල ම කඩිනමින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරා ආරක්ෂා කළ යුතු ව ඇත. එසේ නොවුනහොත් ඉතා ම කෙටි කලකින් මෙම වනාන්තර සියල්ල ම මහවැලි අධිකාරියෙන් සම්පූර්ණයෙන් විනාශ කර දමනු ඇත.

    මහවැලි අධිකාරියට අයත් නොවන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් තවත් වනාන්තර ප්‍රදේශ ගණනාවක් යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයට අයත් ය. හෙක්ටයාර 600 ක් පමණ වන තම්මැන්න – බඳගිරිය අවශේෂ කැලය, හෙක්ටයාර 500 ක් පමණ වන බුන්දල – සිරියගම අවශේෂ කැලය, හෙක්ටයාර 2000 ක් පමණ වන රන්මුදු වැව වන රක්ෂිතය හා හෙක්ටයාර 600 ක් පමණ වන කැලිගම – කොහොලංකල අවශේෂ කැලය ඒ අතර ප්‍රධාන වේ. මෙම වනාන්තර ද අද වන විට දැඩි අවදානමකට ලක් ව තිබේ.

    පසුගිය මහින්ද රාජපක්ෂ රජය පැවති සමයේ දී කැලිගම – කොහොලංකල අවශේෂ කැලයේ වනාන්තර අක්කර 1000 ක් නාගරික සංවර්ධන අධිකාරිය යටතට පැවරීමට අත්පත් කර ගෙන තිබේ. එම වනාන්තර ප්‍රදේශය කොහොලංකල අලි මංකඩ ලෙස සැලකෙන ඉතා ම වැදගත් වනාන්තර ප්‍රදේශයකි. මෙම ප්‍රදේශයේ වනාන්තර විනාශ කිරීමෙන් හා සංවර්ධනය කිරීමෙන් අලි – ඇතුන්ගේ සාම්ප්‍රදායික අලිමංකඩ අහිමි වී ගැටලු බොහොමයක් උද්ගත විය හැකි ය.

    මලල ආරට ඉහළින් පිහිටි තම්මැන්නාව – බඳගිරිය අවශේෂ වනය ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය හා බුන්දල ජාතික වනෝද්‍යානය අතර අලි ගමන් කරන ප්‍රධාන මංකඩකි. මෙම ප්‍රදේශයේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම් පිහිටා ඇති බව සඳහන් කරමින් විවිධ පුද්ගලයන් විසින් වනාන්තර ඉඩම් නිදහස් කර ගැනීමට උත්සාහ දරයි. මෙම වනාන්තර ප්‍රදේශයේ අක්කර 50 ක භූමියක් කජු වගාවක් සඳහා ලබා ගැනීමට මේ වන විට උත්සාහ දරන අතර එම ඉඩම් නිදහස් කිරීමට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ද පියවර ගනිමින් සිටී. මීට අමතර ව බඳගිරිය ජලාශය ඉදි කිරීමේ දී අවතැන් වූ ජනතාවට විකල්ප ඉඩම් ලබා දී ඇති නමුත් ජලාශයට යට වූ භූමි ප්‍රදේශ වල ඉඩම් ඔප්පු භාවිතා කරමින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් වනාන්තර නිදහස් කර ගැනීමට හම්බන්තොට ප්‍රදේශයේ පෞද්ගලික පංති පවත්වන ගුරුවරයකු ඇතුළු සංවිධානාත්මක පිරිසක් උත්සාහ දරති.

    යෝජිත රක්ෂිතය තුළ අලි – ඇතුන් වැනසීම

    මේ සියල්ලේ ම ප්‍රතිඵලය ලෙස යෝජිත හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය තුළ හා ඒ ආශ්‍රිත ව පිහිටි කැටන්වැව, කුඩා ඉදිවැව, නාගරවැව, පන්වැව, වල්සපුගල, තැලවිල්ල, ඉලුක්පැලැස්ස, සීනුක්කුගල හා මැටිගත්වැව ආදී ප්‍රදේශවල වගා බිම්වලට පැමිණෙන අලි – ඇතුන් වෙඩි තබා හෝ විදුලිසැර යොදා ඝාතනය කිරීම වර්ධනය වී තිබේ.

    මේ ප්‍රදේශයේ අලි මරණ හා අලි ප්‍රහාරයට ලක් ව සිදු වූ මිනිස් මරණවලට සෘජුව ම වගකිව යුතු වන්නේ පසුගිය මහින්ද රාජපක්ෂ රජය විසින් සැලසුමකින් තොරව හම්බන්තොට සිදු කළ අවිධිමත් සංවර්ධන කටයුතු ය. ලංකාවේ දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉදි කිරීම සඳහා පමණක් මත්තල ප්‍රදේශයේ අලි – ඇතුන්ගේ ප්‍රධාන වාසස්ථානයක් වූ දැවැන්ත වනාන්තර පද්ධතියේ අක්කර 5000ක් සම්පූර්ණයෙන් යොදා ගැනීම සිදු කෙරිණ. ඉන්පසුව ඒ ආශ්‍රිත මාර්ග පද්ධති හා යටිතල පහසුකම් නැංවීමට, මාගම්පුර වරාය ඉදි කිරීමට, හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, මිරිජ්ජවිල ආයෝජන කලාපය, හම්බන්තොට පරිපාලන සංකීර්ණය, අධිවේගී මාර්ග පද්ධතිය ඉදි කිරීම හා ක්‍රිකට් ක්‍රීඩාපිටිය ඉදි කිරීම සඳහා ද දැවැන්ත වනාන්තර ප්‍රමාණයක් ඉවත් කෙරිණ. මේ හේතුවෙන් පහළ අන්දරගස්වැව, දිමුතුගම, එලල්ල, පහළ මත්තල, උඩ මත්තල, පුංචිඅප්පු ජදුර, බදගිරිය සහ ලූණුගම්වෙහෙර ව්‍යාපාරය යටතේ සංවර්ධනය කළ කුඩා ගම්මාන 5 හා 6 ප්‍රදේශවලට වාසස්ථාන අහිමි වූ අලි – ඇතුන් පිවිසීමෙන් දැවැන්ත අලි – මිනිස් ගැටුමක් අලූතින් නිර්මාණය වී තිබේ. මේ නිසා වගා බිම් වලට හා දේපොළ වලට සිදු වී ඇති හානිය සුළුපටු නොවේ. සමහර ගොවි ජනතාව වගා කටයුතු වලින් ඉවත් වීමට පවා මේ තත්ත්වය බලපා තිබේ.

    මේ වන විනාශයේ ප්‍රතිඵලය වී ඇත්තේ අලි – මිනිස් ගැටුම මෙතෙක් නොපැවති බොහෝ ප්‍රදේශ එහි ගොදුරු බවට පත් කිරීම පමණක් ම නොවේ. පසුගිය කාලයේ පැවති උග්‍ර නියං තත්ත්වයට හා ඒ සමඟ ම උද්ගත වූ දැවැන්ත ජල අර්බුදයට ප්‍රධාන හේතුව වී ඇත්තේ ද මේ මහා පරිමාණ වනාන්තර විනාශ යයි.

    හම්බන්තොට අලි – ඇතුන් අනාථ වී ඇති ආකාරය

    අද වන විට නිසි සැලැසුමකින් තොරව ඉදි කළ හම්බන්තොට වරාය පරිශ්‍රය තුළ, මිරිජ්ජවිල ආයෝජන කලාපය තුළ, හම්බන්තොට පරිපාලන සංකීර්ණය පිටුපස පිහිටි වනාන්තර කොටස තුළ, ක්‍රීඩා පිටිය ආශ්‍රිත නුගේගලයාය, එඩිසන් කන්ද ආශ්‍රිත ව සහ මෙම සංවර්ධන කටයුතු හේතුවෙන් හුදකලා වී ඇති වනාන්තර කුට්ටි ලෙස පවතින, මානජ්ජාව කැලය, මදුනාගල වනාන්තරය, නාගරවැව ප්‍රදේශය, ඉහළ කුඹුක්වැව හා කුමාරගම කැලෑ ප්‍රදේශයේ අලි – ඇතුන් විශාල ප්‍රමාණයක් හුදකලාව සිටිති. මේ සියලු සතුන් අනාථ වී සිටින්නේ හම්බන්තොට අවිධිමත් සංවර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස ය.

    යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය දෙකඩ කරමින් මාතර සිට හම්බන්තොට දක්වා අධිවේගී මාර්ගය ඉදි කර ඇති අතර මාතර සිට ඉහළ අන්දර වැව හරහා මත්තල ගුවන්තොටුපොළ දක්වා ඉදිකර ඇති අධිවේගී මාර්ගය හා මාගම්පුර වරායේ සිට ඉහළ අන්දරවැව දක්වා ඉදිකර ඇති අධිවේගී මාර්ග පිවිසුම හේතුවෙන් මෙම රක්ෂිතයේ වනාන්තර පද්ධති දැඩි ලෙස ඛණ්ඩනය වීමට ලක් ව තිබේ. මේ වන විට අධිවේගී මාර්ගය සකස් කිරීම සඳහා මීටර් 150 ක් පමණ පළල හා කිලෝමීටර් 8 ක් පමණ දිග වනාන්තර තීරයක් සම්පූර්ණයෙන් ම ඉවත් කර ඇත. මෙම අධිවේගී මාර්ග හේතුවෙන් යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ සීනුක්කුගල, වල්සපුගල, කරුවලවැව වනාන්තර ප්‍රදේශය සම්පූර්ණයෙන් ම අලි – ඇතුන් සමඟ ම හුදකලා වීම සිදු ව තිබේ. මේ පිළිබඳ ව අදාළ සැලසුම් සකස් කරන්නන් ගේ අවධානය යොමු නොකිරීමෙන් සිදු ඇත්තේ අවට ජනතාව අලි – මිනිස් ගැටුමට තව තවත් ගොදුරු වීම ය.

    යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මහවැලි අධිකාරියට අයත් ඉඩම් වලින් සමන්විත වුව ද බොහෝ ඉඩම් අද වන විට දේශපාලන බලය හා නිලධාරීන් මුදලට යට වීම මත මහ පරිමාණයෙන් එළිපෙහෙළි කර විවිධ ව්‍යාපෘති සඳහා භාවිතා කිරීමට සමාගම් වලට හා විවිධ පුද්ගලයින්ට ලබා දේ. මහවැලි අධිකාරිය වනාන්තර වාණිජ වගාවන් ව්‍යාප්ත කිරීම හා විවිධ සංවර්ධන කටයුතු සඳහා ලබා දීම අඛණ්ඩව සිදු කරන නමුත් මෙම ප්‍රදේශයේ අලි – මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත් කිරීමට ඉඩකඩ ලබා නොදේ. එපමණක් නොව මෙම ප්‍රදේශයේ මහ පරිමාණයෙන් වනාන්තර එළිපෙහෙළි කිරීම සඳහා අනුමැතිය ලබා දෙන්නේ ජාතික පාරිසරික පනත උල්ලංඝනය කරමිනි.

    හම්බන්තොට සංවර්ධනයෙන් අලි – මිනිස් ගැටුම උග්‍ර කිරීම

    මාගම්පුර වරාය, මත්තල ගුවන් තොටුපොළ හා හම්බන්තොට අධිවේගී මාර්ග ජාලය ඉදිකිරීමට ප්‍රථම සකස් කළ පරිසර බලපෑම් ඇගයීම් වාර්තාවල පැහැදිලිව සඳහන් කර ඇත්තේ මේ සංවර්ධන කටයුතු හේතුවෙන් අවතැන්වන අලි – ඇතුන්ට රැකවරණය සැලසීම සඳහා හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත් කළ යුතු බව ය. නමුත් එය එම වාර්තාවලට පමණක් සීමා කර දැනට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය අවිධිමත් හම්බන්තොට සංවර්ධනයේ දැවැන්ත ගොදුරක් බවට පත් ව තිබේ. මේ තත්ත්වය හේතුවෙන් වල්සපුගල, කරුවලවැව, මදුනාගල, හැඩිල්ල, කරඹගහමුල්ල, නබඩගස්වැව කටු වැව, පතලයාගම, ආරබැද්ද, කැලිගම, ගල්වැව, හොඬවැල් පොකුණ, බැල්ලගස් වැව, බැරගම, අම්බලන්තොට, මානජ්ජාව, වැවේගම, වැලි ආර, වැලි වැව, මීගහජදුර, මත්තල, උඩමත්තල, ගොන්නෝරුව, බඳගිරිය, තම්මැන්නාව, කැරුස වැව, ජූල්ගමුව, යහන්ගල, අන්දරවැව, පන්වැව, සීනුක්කුගල, නාගරවැව, කුඩා ඉදිවැව, කැටැන්වැව හා උණුදිය පොකුණ ආදී ප්‍රදේශවල අලි – මිනිස් ගැටුම උග්‍ර තත්ත්වයකට පත් ව තිබේ.

    ගුවන්තොටුපොළ, වරාය, ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලාව හා අධිවේගී මාර්ග ජාලය ඇතුළු හම්බන්තොට මහ පරිමාණ සංවර්ධන කටයුතු සඳහා අක්කර 20000 ක ට අධික වනාන්තර ප්‍රමාණයක් එළි කිරීම හේතුවෙන් හා යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය තුළ මහ පරිමාණයෙන් සිදු වන සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් අවතැන් වී ඇත්තේ අලි – ඇතුන් පමණක් නොවේ. ගව පාලනයේ නිරත පුද්ගලයින් ගේ එළ හා මී ගවයින් 30000 ක ට වැඩි ප්‍රමාණයකගේ ආහාර බිම් අහිමි වී ඇත. මේ නිසා මෙම සතුන් ව මාදුරුඔය, ගල් ඔය, කොටියාගල, සියඹලාණ්ඩුව, අම්පාර, පදියතලාව ආදී ප්‍රදේශ වල රක්ෂිත වනාන්තර වලට යොමු කර තිබේ. මේ නිසා ද තවත් ආකාරයක ගැටුම් වර්ධනය වී තිබේ.

    යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය තුළ නීති විරෝධීව පස් කැණීම් කරන ආකාරය

    ජාතික පාරිසරික පනත උල්ලංඝනය කිරීම

    1980 අංක 47 දරන සංශෝධිත ජාතික පාරිසරික පනතට අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 වන දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව අක්කර 2.5 කට වඩා විශාල වනාන්තරයක් එළි කර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා යොදා ගැනීමට ප්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට යටත් ව ඒ සඳහා පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. නමුත් යෝජිත හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය තුළ මහවැලි අධිකාරියේ මැදිහත් වීමෙන් සිදු කෙරෙන සියලු සංවර්ධන කටයුතු මේ නීතිමය තත්ත්වය උල්ලංඝනය කරමින් සිදු කෙරේ. නමුත් මේ කිසිදු ක්‍රියාවකට එරෙහි ව මධ්‍යම පරිසර අධිකාරිය කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති වීම කනගාටුවට කරුණකි.

    2006 වසරේ දී ප්‍රකාශයට පත් කළ “වන අලි සංරක්ෂණය හා කළමනාකරණ ජාතික ප්‍රතිපත්තියට” අනුව අලි කළමනාකරණ රක්ෂිත ප්‍රකාශයට පත් කිරීම තුළින් අලි – ඇතුන් ස්ථානීයව සංරක්ෂණය කිරීම පිළිබඳ ව ප්‍රධාන අවධානය යොමු කර තිබේ. ඒ සඳහා එම සතුන් ගේ වාසස්ථාන ආරක්ෂිත ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කළ යුතු ය. ඒ අනුව යෝජිත හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය කඩිනමින් ප්‍රකාශයට පත් කළ හැකි ය. නමුත් තවමත් ඒ සඳහා නිසි යොමුවක් ලබා දී නොමැත.

    මෙවර ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනතාවට ඉදිරිපත් කළ “ගෝඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ “තිරසර පරිසර ප්‍රතිපත්තියක්” කොටසෙ හි “ශ්‍රී ලංකාවේ භූමිය භාවිතා කළ යුත්තේ ජනතාවගේ යහ පැවැත්ම සඳහා ය. මිනිසා මෙන් ම අනෙක් සත්ත්වයින්ට භූමියට ඇති අයිතිය සුරක්ෂිත කරන භාරකාරයකු ලෙස රජය ක්‍රියා කළ යුතු ය.” යනුවෙන් සඳහන් වන අතර ලංකාවේ වන ආවරණය සියයට 30 දක්වා වර්ධනය කරන බව ද සඳහන් කර ඇත.

    නමුත් ඒ සඳහා කිසිදු ප්‍රවේශයක් මේ දක්වා ගෙන නොමැති වත්මන් ආණ්ඩුව පසුගිය ආණ්ඩුව මෙන්ම අලි – මිනිස් ගැටුම වර්ධනය වන ක්‍රියාමාර්ග රැසක් ගනිමින් සිටී. ඒ අතර යෝජිත හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත් නොකර එම වනාන්තර බිම් සංවර්ධනයට, වාණිජ වගාවන් ව්‍යප්ත කිරීමට හා ජනාවාස ව්‍යාප්ත කිරීමට යොදා ගන්නා අතර තවත් විශාල භූමි ප්‍රදේශයක් චීන සමාගම් වලට කර්මාන්ත ස්ථාපිත කිරීමට ලබා දීමට සූදානම් වේ.

    ආණ්ඩු බලය හිමි කණ්ඩායම් මෙලෙස ගන්නා වැරදි තීන්දු තීරණ හේතුවෙන් අසරණ වන්නේ සුළු ගොවීන් හා අලි – ඇත් පරපුරයි. අවසානයේ දී මේ කණ්ඩායම් දෙක දැවැන්ත ගැටුමකට මුහුණ දී දුබලයා පරාජයට පත් වන අතර වගා බිම් ද විනාශ වී යයි. නමුත් කිසිදු අවස්ථාවක ගොවීන් මෙම හානිකර සැලැසුම් වලට එරෙහිව ක්‍රියාත්මක නොවේ. ක්‍රියාත්මක වන්නේ තම වගා බිමට පැමිණෙන අලි – ඇතුන් මරා දැමීමට පමණි.

    රක්ෂිතය ප්‍රකාශයට පත් කිරීමෙන් අත්වන වෙනත් ප්‍රතිලාබ

    යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය මඟින් රක්ෂිත ප්‍රදේශ කිහිපයක් ජාලගත කිරීම සිදු වන අතර ම ජල පෝෂක බිම් කිහිපයක් ම සුරක්ෂිත කෙරේ. මේ තුළ පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වනාන්තර ප්‍රදේශ තුළ වැව් 25 ක් පමණ පිහිටා තිබේ. මැටිගත් වැව, ස්වර්ණමාලී වැව, ලෝලුගස්වෑකඩ වැව, කැලිගම වැව, පරෙන්ගි වැව, වීරසිංහ වැව, ඩෝසර්වත්ත වැව, තම්මැන්න වැව, බඳගිරිය වැව, කඩවර වැව, උඩමත්තල වැව, ඔරුකැන්ගල වැව, පන් වැව, කටු වැව, ලුණුවැරනිය වැව, රන්මුදු වැව, මහ අලුත්ගංආර වැව, මහ වැව, මහ ගල් වැව, කුඩා වැව, ගලපිට වැව, රතු කුරුස වැව, දක්ෂිණ වැව, සේරුංකෙළිය වැව හා අලුත් වැව ඒ අතර වේ. මේ අතුරින් බඳගිරිය වැව විශාලත ම වැව වේ. මීට අමතර ව යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ මහවැලි අධිකාරියට අයත් වනාන්තර ප්‍රදේශ තුළ වැව් 17 ක් පමණ පිහිටා තිබේ. එනම් කිකිළි ඉද්ද වැව, ගල් වැව, දිවුල්පැලැස්ස වැව, ඉළුක්පැලැස්ස වැව, කැටැන් වැව, ගලහිටිය වැව, තේක්ක වැව, හාමුදුරු වැව, අන්දර වැව, උස්ගල වැව, වැවේගම් වැව, කුඩා ඉදි වැව, එලල්ල වැව, හැඩිල්ල වැව, පහළ අන්දර වැව, කරමැටිය වැව හා මුත්තගල්ආර වැව යි. මේ සියල්ලේ ම ජල සුරක්ෂිතතාව හා කෘෂිකර්මාන්තයේ සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා මෙම රක්ෂිතය ප්‍රකාශයට පත් කිරීම ඉතා ම වැදගත් වේ.

    යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය අලි – ඇතුන්ගේ නිජබිමක් පමණක් නොවේ. එය සුවිශේෂී පරිසර පද්ධති ගණනාවකින් සමන්විත ය. වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර, කටු පඳුරු සහිත ලඳු කැලෑ, වැව් ඇතුළු තෙත් බිම් පද්ධති මේ තුළ පිහිටා තිබේ. මේ සියලු පරිසර පද්ධති වල 450 ක් පමණ වන අලි ගහනයක් හා විශාල ජෛව ප්‍රජාවක් වාර්තා වේ. තෙත් බිම් ආශ්‍රිත නේවාසික පක්ෂීන් බහුතරයකගේ වාසස්ථාන වන මෙම ප්‍රදේශය සංක්‍රමණික තෙත් බිම් පක්ෂීන්ගේ ද ප්‍රධාන ගොදුරු බිමකි. මීට අමතර ව මෙම ප්‍රදේශය තුළ පුරා විද්‍යාත්මකව වටිනා ස්ථාන බොහොමයක් පිහිටා තිබේ.

    මේ නිසා අප විශේෂයෙන් මෙසේ අවධාරණය කර සිටිමු. යෝජිත හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය කඩිනමින් ප්‍රකාශයට පත් කර හම්බන්තොට අක්‍රමවත් සංවර්ධනය හේතුවෙන් අවතැන් වී ඇති අලි – ඇතුන් ගේ රැකවරණය තහවුරු කරණ ලෙස ය. එපමණක් නොව හම්බන්තොට ස්වාභාවික සම්පත්, වනාන්තර හා අලි – ඇතුන්ගේ ගැවසුම් ප්‍රදේශ හුදකලා කිරීමට හා ඛණ්ඩනය කිරීමට හේතුවන අහිතකර සංවර්ධන සැලසුම් සකස් කිරීම නතර කළ යුතු ය. ඉදිරි සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන් හම්බන්තොට දැනට සිදු කර ඇති සංවර්ධන කටයුතු වලට අදාළ ව නිසි ඇගයීමක් සිදු කර හුදකලා වී ඇති හා ඛණ්ඩනය වී ඇති වනාන්තර හා ස්වාභාවික පරිසර පද්ධති ඒකාබද්ධ කිරීම තුළින් අලි – ඇතුන් ඇතුළු ව සියලු ජෛව ප්‍රජාවගේ රැකවරණය හා කෘෂිකාර්මික ජල සුරක්ෂිතතාව තහවුරු කර ගොවි ජනතාවගේ රැකවරණය සුරක්ෂිත කළ යුතු ය.

    එපමණක් නොව ඉදිරි සංවර්ධන සැලැසුම් සියල්ල ප්‍රදේශයේ ජනතාවගේ අවශ්‍යතාවයන් මත අනාගත පරපුරේ පැවැත්ම තහවුරු වන ආකාරයෙන් නිවැරදි ආර්ථික සංවර්ධන උපායමාර්ග මත මානව හා ස්වාභාවික සම්පත් නිසි කළමනාකරණයකින් යුතු ව සිදු කළ යුතු ය. ඒ සඳහා උපායමාර්ගික සංවර්ධන ප්‍රවේශයක් සඳහා සමස්තය ආවරණය වන පරිදි නිවැරදි පරිසර බලපෑම් ඇගැයීමක් සිදු කළ යුතු ය. එසේ නොවුනහොත් මාගම්පුර වරාය හා මත්තල ගුවන්තොටුපළ මෙන් සිදු කළ සංවර්ධන ව්‍යාපෘති වලින් රටට ප්‍රතිලාභ අත් වනවා වෙනුවට ඒවා පවත්වාගෙන යාම රටට බරක් වී ඒ සියල්ල විදේශීය සමාගම් වලට දීර්ඝකාලීනව බදු දීමට සිදු වනු ඇත.

    සජීව චාමිකර – ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

  • අධිඝනත්ව අඹ වගාවට ‘නැතුවම බැරි කප්පාදුව’

    අධිඝනත්ව අඹ වගාවට ‘නැතුවම බැරි කප්පාදුව’

    අඹ වාරය නැවතත් පැමිණ තිබේ. රටපුරා නගරයක් ගමක් පාසා වීදි අයිනේ පලතුරු කඩ පුරවා දමා අඹ යහළුවා ආපසු යාමටත් සූදානම්වය. කෙසේ වෙතත් වාරයේ තරමට නොවූවත්, වසරේ දින 365 පුරාම දිවයිනේ කුමන හෝ ස්ථානයක අඹ හටගන්නා බැවින් වෙළඳපොළෙහිද කිසිදා අඹ හිඟයක් පෙනෙන්නට නම් නැත.

    රටේ ජනතාව අතර ගෘහාශ්‍රිතව වගා කරන්නට කැමතිම පලතුරු බෝග අතරද අඹ වලට හිමිවන්නේ ඉහළ ස්ථානයකි. ඒ නිසාම අඹ පැලයක් ගෙවත්තේ සිටුවා ගැන්මට සැවොම උනන්දුවක් දැක්වුවත්, එයින් සාර්ථක ඵලදාවක් ලබාගැනීමේ සිහිනය නම් ඇතැමුන්ට සැබෑ නොවනේය. එයට හේතුව වන්නේ පැලයක් සිටුවාගැනීමේ උනන්දුවක් තිබුණද, නිසියාකාරව එය නඩත්තු කිරීමේ දැනුමක් සමාජයට නොතිබීමයි. එසේ නැතහොත් සිටුවීමෙන් පසු ගෙඩි සෑදීමේ කර්තව්‍යය අඹ ගසටම භාරදෙමින් වගාකරුවා නිහඬවීමයි.

    මීට අමතරව දැනගත යුතු කරුණක් වන්නේ අඹ ශාකය හොඳින්ම වර්ධනය වන්නේ දැඩි හිරුරැස් පතිතවෙන වියලි කලාපයේ බවයි. අප අතර ජනප්‍රිය අඹ ප්‍රභේද බොහොමයක් වියලි කලාපීය ප්‍රභේදයන් වන අතර, ඒවා තෙත් කලාපයේ වැවුවත් යම් සාර්ථකත්වයකින් පලදරන අවස්ථාද තිබේ. කුමක පරිසරයකදී වුවත් සාර්ථක පලදාවක් ලබාගැනීමට නම් ශාකයේ නඩත්තුව ප්‍රධාන සාධකයක් වෙත්දී, කප්පාදුව ඒ අතරින්ද විශේෂය.

    අධි ඝනත්ව අඹ වගාව මේ වනවිට වගාකරුවන් අතර ජනප්‍රිය වගා ක්‍රමවේදයකි. මින් අදහස් කරන්නේ සාම්ප්‍රදායික පරතරය ලබා නොදී ඉතා ළඟින් අඹ පැල සිටුවීමයි. ගොවිතැන සඳහා භූමිය සීමාකාර වෙත්දී මෙවන් තාක්ෂණයන් කරලියට පැමිණීම අවශ්‍යයෙන්ම සිදුවිය යුතු අතර ඒ හරහා ඉහළ යන්නේ භූමියේ කාර්යක්ෂමතාවයයි.

    විශාල වගාවක් සඳහා පමණක් නොව, සීමිත ඉඩ සහිත ගෙවත්තකට වුවද, මේ ක්‍රමය භාවිතා කිරීමෙන් වැඩි අඹ පැල ගණනක් ඒකක වර්ගඵලයක් තුළට ඇතුළත් කළ හැකිවේ. එසේ නමුත් ගස් එකිනෙක ළං කරනාවිට වඩාත් සැලකිල්ලෙන් ඒවාහි නඩත්තුව සිදුකිරීමද අත්‍යවශ්‍යය වේ. විශේෂයෙන් පැලය සිටවූදා සිටම විධිමත් කප්පාදු ක්‍රම අනුගමනය කරමින් ගසේ කිරුළේ වර්ධනය පාලනය කළ යුතු අතර අප දැන් පෙන්වා දෙන්නේ එහිදී අනුගමනය කලයුතු මූලික පියවරයන්ය.

    කප්පාදු කරන සෑම අවස්ථාවකදීම පසේ ප්‍රශස්ථ ජල ප්‍රමාණයක් රැඳී තිබෙනවාදැයි බැලීමට ඔබ කල්පනාකාරී විය යුතුය. ජල ඌනතාවය වැනි ආතතික තත්වයක් පරිසරයේ පවතිද්දී කප්පාදුවක් හරහා තවදුරටත් ශාකයට ආතතිය පැටවීම නොකළ යුත්තකි. පැලයේ උස මීටරයක් දක්වා පැමිණීමට කලින් සෙන්ටිමීටර 50 ක උසකින් කප්පාදුවේ පළමු පියවර ලෙස ප්‍රධාන කඳ කපා දමනු ලැබේ. මින් බලාපොරොත්තු වන්නේ ගසෙහි උස පාලනය කිරීමයි. පාර්ශ්වික අංකුර ක්‍රියාත්මක වෙමින් දැන් ගස අතු දැමීමට පටන් ගන්නවා ඇත.

    දිශා තුනකට විහිදෙන අතු තුනක් ගැන පමණක් මෙහිදී අවධානය යොමු කරන්න. ඒවාට පමණක් වැඩෙන්නට ඉඩදෙන්න. අනෙක් පාර්ශ්වික ශාඛා ඉවත් කල යුතුයි. තෝරා ගත් අතු තුනද සෙන්ටිමීටර් 30-50 ක පමණ දුරකින් කපා දමන්න. එය කප්පාදුවේ දෙවැනි පියවරයි. දැන් ඒවායින්ද පාර්ශ්වික අතු හටගනීවී. එක ශාඛාවකින් නැවතත් විරුද්ධ දිශාවන්ට හටගන්නා අතු තුන බැගින් ඉතිරිකර අනෙක් අතු ඉවත් කරන්න.දැන් ශාකය සතුව අතු 9 ක් තිබේ.

    කප්පාදුවේ තුන්වෙනි පියවර වශයෙන් එම අතු සියල්ල දෙවැනි පියවරේදී සේම යම් දුරකින් කපා දැමිය යුත්තේ ඒවාහි ඉදිරි වර්ධනය නැවතීමටයි. මෙම අතු වලත් පාර්ශ්වික ශාකා සෑදෙන විට, එකකට අතු තුන බැගින් ඉතිරිකොට අතු 27 ක ශාකයක් ඔබ විසින් නිර්මාණය කරගත යුතුය. නිසියාකාරව විරුද්ධ දිශා වලට හටගන්නා අතු ඉතිරි කෙරුවේ නම් මේ වනවිට නිර්මාණය වී ඇත්තේ කුඩයක් ආකාරයට පත්‍ර කිරුළක් සාදාගත් ලපටි අඹ ශාකයකි.

    “කුඩා අතු කපන විට කඳෙහි සෑදෙන තුවාල වල දිලීර නාශක දියරයක් ආලේප කිරීම වැදගත් වෙනවා. ඒ වගේම රිකිලි ලියලලා අලුතෙන් දළු දාන විටත් පරීක්ෂාකාරී විය යුතුයි කීඩෑවන්, දිලීර වැනි දේ අසාදනය වෙනවාද කියලා, එහෙම උනොත් සුදුසු පරිදි ඒවාටත් ප්‍රතිකාර කල යුතුයි. බොහෝ අය කප්පාදුව අසාර්ථක කරගන්නේ එක්කෝ නිසි තෙතමනයක් නැති විටදී පටන්ගෙන, එහෙම නැත්නම් ලපටි දළු කොටස් රෝග වලට පාත්‍ර වීම නිසා.”

    ගසක කප්පාදුව යනු හිතුමතේ සිදුකරන අතු කපාදැමීම පමණක් නොවන බව එසේ තහවුරු කරනු ලැබුවේ කෘෂි විද්‍යාඥ ඩබ්ලිව්. ඒ. විජිතවර්ණ මහතාය. තම නිත්‍ය සේවාස්ථානය ලෙස අඟුණකොළපැලැස්ස පර්යේෂණායතනයේ කරන සේවයට අමතරව අරලගංවිල හා කරදියන්නාරු පර්යේෂනායතනයන්ද මෙහෙයවන සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂවරයා ඔහුය.  

    මෙතැන්සිට කිනම් අතු කපනවාද, කුමන ඒවා ඉතිරි කරනවාද යන්න තීරණය කලයුත්තේ වගාකරු විසිනි. ගසක වර්ධනයට මෙන්ම ඵල දැරීමටත් හිරුඑළිය අවැසි බව තේරුම් ගෙන තිබෙන නිසාත්, හිරුඑළියේ ඇති ශක්තිය උරාගන්නේ පත්‍ර මගින් බව දන්නා නිසාත්, ගසේ සෑම පත්‍රයකටම ආලෝකය වැටෙන ආකාරයට වැඩිපුර අතු ඉවත්කිරීම අඛණ්ඩව සිදුකල යුතුවේ.

    අතු එකිනෙක අතිපිහිත වීමෙන් ඉහල අතු වලින් පහළ අතු වලට සෙවන වැටීම නිසා පහල අතු ආහාර නිපදවීමක් නොකර අලසව ජීවත්වන්නේ ගස නිපදවන ආහාර කොටසක් පරිභෝජනයද කරමින්ය. එබැවින් මේවා කපා ඉවත් කිරීම අනිවාර්ය අවශ්‍යතාවයකි. ගසෙහි තිබිය යුත්තේ හිරුඑලිය වැටෙන අතු වැඩි ප්‍රමාණයකි. ඒ නිසා වසරකට වරක් සාමාන්‍ය කප්පාදුවකට ගස මුහුණදිය යුතුවේ.

    සම්පූර්ණ කප්පාදු කාලය තුළදීම ප්‍රධාන කඳ දෙසද අවධානය යොමුකිරීම මගහැරිය යුතු නැත. එහි සිට දිගින් දිගටම පාර්ශ්වික ශාඛා පැනනැගෙන අතර අප විසින් ඉතිරි කරගත් ඒවා හැරුණුවිට මෙසේ බිහිවෙන ආගන්තුක ශාකා සියල්ල ඉවත් කිරීමට වග බලාගත යුතුවේ.

    මෙසේ බිහිකරගන්නා අඹ ගසක තිබිය යුත්තේ අඩි 10 ක් පමණ උසකි. රෝග හා පළිබෝධ පාලනය පහසුවෙන් කරගැනීම, ඵල හටගැනීමේදී කලයුතු ගෙඩි ආවරණය, පැසුණු ගෙඩි තෝරාගැනීම හා අස්වැන්න නෙලීම වැනි ඉදිරි ක්‍රියාකාරකම් විධිමත් හා පහසු කරගැනීම සඳහා මෙවැනි උසක වාසිය අපට වැදගත්ය.

    අධි ඝනත්ව පැල සිටුවීමේදී බොහෝ විට වගාකරුවන් තෝරා ගන්නේ මීටර් 5 X 5 හෝ 6 X 4 යන පරතරයන් වේ. මීටත් වඩා අඩු පරතරයන් යටතේ අඹ වගාකිරීමේ හැකියාව පිළිබඳව මේ වන විටත් අඟුණකොළපැලැස්ස පර්යේෂණායතනයේ පර්යේෂණයන් ඇරඹී ඇති නමුත් මෙවැනි බහු වාර්ෂික ශාකයක් ඇසුරෙන් කරනු ලබන පර්යේෂණයක ප්‍රතිපල එන්නට ගන්නා කල්ගතවීම, දැනුම ලබාගැනීමේ ඇති හදිස්සියට නම් නොගැලපේ. කිනම් පරතරය තෝරා ගත්තද, පේලියේ ඇති යාබද ගස්වල අතු එකිනෙක සමීපවෙනවා මිස, අතිපිහිතවීමට ඉඩ නොතැබිය යුතුවේ. එවන් නැඹුරුවක් ඇති අතු කපා දැමිය යුතුය.

    “අඹ ගස්වල රිකිලි කෙලවර තමයි ගෙඩි හැදෙන්නේ. ඒ නිසා ගසේ ව්‍යුහය හදාගන්නා මූලික කප්පාදුවලින් පස්සේ අපි රිකිලි ගණන වැඩිවෙන පිළිවෙලට කිරුළේ පර්යන්ත කප්පාදුව කරන්න ඕනෑ. අනිවාර්යයෙන්ම අස්වැන්න වාරයකට පස්සේ ගසේ ඉතුරුවූ නැටි කොටස්, වැඩි රිකිලි ආදිය ඉවත් කරන, ගස පිරිසිදුකිරීමේ කප්පාදුවකුත් දෙන්න වෙනවා.”

    එසේ අවසන් වූ විජිතවර්ණ මහතා හා කෙරුණු සංවාදයෙන් පැහැදිලිවන්නේ රැල්ලට හසුවී ගස් සිටවූවාට වඩා දෙයක්, ඉන් යහපත් ප්‍රතිපල ලැබීමට නම් අප විසින් ඉටුකළ යුතු බව නොවේද?

    සටහන – සනත් එම් බණ්ඩාර

  • Bollywood Fashion King’s රන්වීර් සිංගේ නවතම Blazer විලාසිතා එකතුව

    Bollywood Fashion King’s රන්වීර් සිංගේ නවතම Blazer විලාසිතා එකතුව

    රන්වීර් සිං කියන්නේ බොලිවුඩ් විලාසිතා ලෝකයේ රජුයි. ඔහුටම අනන්‍ය වූ විලාසිතා සමූහයක් රන්වීර් විසින් හදුන්වාදී ඇති අතර ඒවා බොලිවුඩයේ පමණක් නොවෙයි මුළු ඉන්දියාවේම අතිෂය ජනප්‍රියයි. විචාරකයින්ට අනුව ඉන්දීය තරුණයින් අනුකරණය කිරීමට කැමතිම විලාසිතා නිර්මාණකරුවන් වන්නේ රන්වීර්.

    රන්වීර්ගේ විලාසිතා සම්ප්‍රදාසික විලාසිතාවල සිට අතිෂය රැඩිකල් නූතන විලාසිතා දක්වා පුළුල් පරාසයක පැතිරෙන අතර ඒවායින් ඇතැම් විලාසිතා මිල අඩුයි. ඇතැම් ඒවාට තිබෙන්නේ සුපිරි මිලක්. ඒ නිසාම ඔහුව අනුකරණය කරන කණ්ඩායමත් වැඩියි.

    රන්වීර්ගේ විලාසිතා සම්ප්‍රදාසික විලාසිතාවල සිට අතිෂය රැඩිකල් නූතන විලාසිතා දක්වා පුළුල් පරාසයක පැතිරෙන අතර ඒවායින් ඇතැම් විලාසිතා මිල අඩුයි. ඇතැම් ඒවාට තිබෙන්නේ සුපිරි මිලක්. ඒ නිසාම ඔහුව අනුකරණය කරන කණ්ඩායමත් වැඩියි.

    ලංකාවේ තරුණ ඔබත් බ්ලේසර් විලාසිතාවලට දැඩි කැමැත්තක් දක්වන නිසා අප තීරණය කළා මේ රන්වීර්ගේ මේ නවතම බ්ලේසර් විලාසිතා එකතුව ඔබට ගෙන එන්න. බලනන් ඒවා ඔබටත් අනුකරණය කළ හැකිද කියා !

    රන්වීර් සිං
    රන්වීර් සිං
    රන්වීර් සිං
    රන්වීර් සිං
    රන්වීර් සිං
    රන්වීර් සිං
    රන්වීර් සිං
    රන්වීර් සිං
    රන්වීර් සිං
    රන්වීර් සිං
    රන්වීර් සිං
    රන්වීර් සිං
    රන්වීර් සිං

    Pictures by – Filmfare.in – Text by Thushadhavi

  • කුසල් මෙන්ඩිස්ට විනය පරීක්ෂණයක්

    කුසල් මෙන්ඩිස්ට විනය පරීක්ෂණයක්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරු කුසල් මෙන්ඩිස්ට විනය පරීක්ෂණ සිදු කිරීමට නියමිත බව වාර්තා වේ. පසුගිය දා රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් කිරීම සම්බන්ධයෙන් මෙම විනය පරීක්ෂණය පැවැත්වෙයි. ක්‍රිකට් ආයතනය විසින් මෙසේ විනය පරීක්ෂණ සිදුකරන්නේ ක්‍රීඩකයන් අතින් සිදු වන අනතුරු වළක්වා ගැනීම සඳහා වූ බවද වාර්තා වේ.

  • ලංකා ප්‍රිමියර් ලීග් අගෝස්තු 28 වැනිදා සිට

    ලංකා ප්‍රිමියර් ලීග් අගෝස්තු 28 වැනිදා සිට

    දේශීය තරග පිටියේ ප්‍රධානම ක්‍රිකට් තරගාවලිය ලෙස ලංකා ප්‍රිමියර් ලීග් වි-20 ක්‍රිකට් තරගාවලිය ලබන මාසයේදී පැවැත්වීමට අද (27) රැස්වූ ශ්‍රී ලංකා ආයතනන විධායක සභාවේ අනුමැතිය හිමිවී තිබේ. ඒ අනුව එළැඹෙන අගෝස්තු 28 වැනිදා සිට සැප්තැම්බර් 20 වැනිදා දක්වා ක්‍රීඩාංගණ හතරකදී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වීමට නියමිතය. 

    සමස්ථ තරග 23 කින් යුතු තරගාවලියේ සියළු තරග කොළඹ ආර්.ප්‍රේමදා, රංගිරි දඹුල්ල, මහනුවර පල්ලෙකැලේ සහ සූරියවැව මහින්ද රාජපක්ෂ යන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. තරගාවලිය සඳහා කණ්ඩායම් 05 සහභාගි වන අතර එම කණ්ඩායම් නම් කිරීම සිදු වන්නේ කොළඹ, මහනුවර, දඹුල්ල, ගාල්ල සහ යාපනය නගර මුල් කර ගෙනය. 

    තරගාවලිය සඳහා සහභාගි වීමට ජාත්‍යන්තර ක්‍රීඩකයන් 70 කට වැඩි පිරිසක් සහ ජාත්‍යන්තර ප්‍රමුඛ පෙළ පුහුණුකරුවන් 10 දෙනකුට වැඩි පිරිසක් මේ වන විට කැමැත්ත පළ කර ඇත. ඔවුන් සමඟ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන සියළු ක්‍රීඩකයන් තරගාවලියට එක් වීමට නියමිතව ඇත.

    තරගාවලිය සඳහා ක්‍රීඩකයන් තෝරා ගැනීම සඳහා වූ ලංසු තැබීමේ කටයුතු ජුලි 30 වැනිදායින් අවසන් වන අතර තරග කාලසටහන ඉන් අනතුරුව නිකුත් කරනු ඇත.

  • ගම්මිරිස් ගොවීන් වෙනුවෙන් ‘කිඹුල් කදුළු හෙළුව කල්ලිය’ අද නිහඬ ඇයි ? නීතිඥ හිරන්‍යා හේරත්

    ගම්මිරිස් ගොවීන් වෙනුවෙන් ‘කිඹුල් කදුළු හෙළුව කල්ලිය’ අද නිහඬ ඇයි ? නීතිඥ හිරන්‍යා හේරත්

    නුවරඑළිය ඇතුළු ගම්මිරිස් වගා කළ දිස්ත්‍රික්කවල ගම්මිරිස් වගාකරුවන් කබලෙන් ලිපිට වැටී යනඑන මං නැතිව අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇති බවත් පසුගිය ජනපතිවරණ සමයේ වේදිකාවක් වේදිකාවක් ගානේ ගම්මිරිස් වගාකරුවන් වෙනුවෙන් කිඹුල් කදුළු හෙළි වත්මන් ජනපතිවරයා ප්‍රමුඛ නායකයින් අද ගම්මිරිස් වගාකරුවන් දෙස ඇසැක් ඇර නොබලන බවත් සමගි ජන බලවේගය නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂිකා නීතිඥ හිරන්‍ය හේරත් මහත්මිය පැවසුවාය.

    අද (27) නුවරඑළියේ පැවැති ජනහමුවකදී මේ බව සදහන් කළ හිරන්‍යා හේරත් මහත්මිය සදහන් කළේ ගම්මිරිස් ගොවීන් පමණක් නොව එළවළු ගොවීන් ද වත්මන් ආණ්ඩුව යටතේ අන්ත අසරණ වී ඇති බවයි.

    මෙහිදී වට්ටක්කා ගොවීන් සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා පසුගිය දා සිදුකළ ප්‍රකාශය දැඩිව හෙළා දුටු හිරන්‍යා හේරත් මහත්මිය බැසිල් රාජපක්ෂ ආදී නායකයින්ගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වීම හාස්‍යජනක බව ද කීවාය.

    මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ හිරන්‍යා හේරත් මහත්මිය, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් වුණේම බොරු පොරොන්දු දීලා. එදා නුවරඑළිය ඇතුළු ගම්මිරිස් වගාකරුවන් සිටින දිස්ත්‍රික්කවලට පැමිණි ගෝඨාභය රාජපක්ෂ දස අතේ දිවුරමින් කියා සිටියේ ගම්මිරිස් වගාකරුවන්ට හොද මිලක් ලබා දෙන බවයි. ඒ කාලේ ගම්මිරිස්වලට රුපියල් 700-800ක් ලැබුණත් ගම්මිරිස් වගාකරුවන් ගෝඨාභය රාජපක්ෂගේ බොරුවලට මුලා වෙලා ගම්මිරිස් ගෝනි පිටින් ගිනි තිබ්බා. එහෙම කළේ ඔහුගේ පාලනයක් යටතේ ගම්මිරිස් සදහා හොද මිලක් ලබා ගන්න.

    ඒත් අද අමු ගම්මිරිස් කිලෝවක් රුපියල් 150-175යි, වියළි ගම්මිරිස් කිලෝවක් රුපියල් 300-400යි. ගම්මිරිස් වගාකරුවෝ කබලෙන් ලිපට වැටිලා. ඒත් ජනාධිපතිවරයා ඔවුන් දිහා ඇහැක් ඇරලා බලන්නේ නැහැ. නිලධාරීන් ගෙනත් වටමේස සාකච්ඡා කරන එක තමයි කරන එකම දේ. ජනාධිපතිවරයා බලයට පත් වූ දා සිට වටමේස සාකච්ඡා තියලා ගත්ත තීරණ – තීන්දු ක්‍රියාත්මක වුණා නම් අද ලංකාව සුර පුරයක්. ගොවීන් සිටුවරු වෙලා.

    ඒත් ජනාධිපතිවරයා දුන්න කිසිම පොරොන්දුවක් ඉටු නොකළ නිසා අද ගම්මිරිස් ගොවීන්, එළවළු ගොවීන් අන්ත අසරණ වෙලා. ඒ ගොවීන්ට තමයි බැසිල් රාජපක්ෂ සරදම් කරන්නේ.

    එදා බොරුවට රැවටිලා ජනාධිපතිවරණයේ දී ගත්ත තීන්දුව අද යළි හරවන්න ඕනෑ. ඒකට හොදටම කාලය තිබෙනවා. ජනතාවට වගකියන, විශ්වාසය තැබිය හැකි, වැඩක් කළ නායකයෙක් බලයට පත් කළ යුතුයි. ඒ තමයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස.

    ඒ නිසා මම විශේෂයෙන් නුවරඑළියේ ගම්මිරිස් වගාකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා මෙවර පැහැදිලි හා නිවැරදී තීන්දුවක් ගන්න. දුරකථනය ඉදිරියෙන් කතිරය ගසා පසුගිය ජනාධිපතිවරණයේ සිදු වුණ අතපසු වීම, වැරැද්ද නිවැරදි කර ගන්න ‘‘

  • කොරෝනා වෛරස් එන්නත: අතුරු ආබාධ ඇති වේවිද?

    කොරෝනා වෛරස් එන්නත: අතුරු ආබාධ ඇති වේවිද?

    කොරෝනා වෛරසයට එරෙහිව සංවර්ධනය කළ එන්නතක, අත්හදා බැලීමේ පළමු පියවර සාර්ථක වූ බව බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් නිවේදනය කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව නව බලාපොරොත්තු සහිත පුවත් පළවිය.

    මෙම වසංගතයට එරෙහිව තැනුණු එන්නත් විස්සකට අධික ප්‍රමාණයක් මේ වනවිට මිනිස් දේහය තුළ අත්හදා බැලෙමින් පවතින අතර ඉහත කී පුවත පළ වූයේ ඉන් එක් එන්නතක් පිළිබඳවය.

    මීට අමතරව, කොරෝනාවෛරසයට එරෙහිව තවත් එන්නත් 140ක් පමණ ලොව පුරා සංවර්ධනය වෙමින් පවතී.

    පවතින වසංගතයට තිත තැබීම සඳහා හැකි ඉක්මණින් එන්නතක් සාර්ථක වනු දැකීම කාගේත් ප්‍රාර්ථනය වුවද ඉන් ඇතිවිය හැකි අතුරු බලපෑම් කවරේදැයි යන්න පිළිබඳව බොහෝ දෙනා විමසිලිමත් වෙති. ප්‍රශ්න නගති.

    ඉන් ප්‍රධාන ප්‍රශ්න කීපයකට, බීබීසීයේ සෞඛ්‍ය පුවත් පිළිබඳ සංස්කාරක මයිකල් රොබට්ස් පිළිතුරු දුන්නේ ය.

    Getty Images

    මෙම එන්නත සියට සියයක් ආරක්ෂිතද? ක්‍රියාවලිය වේගවත් කිරීම නිසා අනවශ්‍ය අතුරු බලපෑම් ඇතිවේද?

    අලුතින් සොයා ගන්නා එන්නත් සාමාන්‍ය ජනතාවට ලබා දීමට පෙර දැඩි පරීක්ෂාවකට ලක් කෙරෙනු ඇත.

    මේ අවස්ථාවේදී කොරෝනා වෛරසය වෙනුවෙන් තැනෙන එන්නත් අතිශය වේගවත් ක්‍රියාවලියකට භාජනය වී ඇති නමුත් එය ආරක්ෂිත ද යන්න තහවුරු කර ගැනීම සඳහා සිදු කෙරෙන සියලු පරීක්ෂාවන්, සායනික අත්හදා බැලීම් තුළ සිදු කරමින් පවතී.

    සෑම වෛද්‍ය ප්‍රතිකාරයක ම අතුරු බලපෑම් පවතී. කොරොනාවෛරස එන්නත ද එසේමය.

    සෑම එන්නතක ම පවතින අතුරු බලපෑම් බොහොමයක් ඉතා සුළු කොට තැකිය හැකි ඒවාය. ඒ අතර එන්නත ලබා දුන් ස්ථානය ඉදිමීම හෝ ඒ අවට සම රත් පැහැ ගැන්වීම විය හැකිය.

    සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා උණ සඳහා 2019 සහ 2020 යන වසරවල නිෂ්පාදනය වූ එන්නත් covid 19 රෝගය සඳහා අත්හදා බලා තිබේ ද?

    සෙම්ප්‍රතිශ්‍යා උණ සඳහා නිපදවා ඇති එන්නත ලබාගැනීමෙන් කොරෝනාවෛරසයෙන් ආරක්ෂා විය නොහැක.

    ඉන්ෆ්ලුවෙන්සාව සහ covid 19 යනු එකිනෙකට වෙනස් රෝග දෙකක් වන අතර එය ඇතිකරවන වෛරසය ද එකිනෙකට සම්පූර්ණයෙන් වෙනස් ය.

    Getty Images

    අවයව බද්යක් සිදුකර ඇති පුද්ගලයන් සඳහා කොරෝනාවෛරස එන්නත ලබා දීම සුදුසුද?

    කොරෝනාවෛරසයට එරෙහිව තැනුණු විවිධ වර්ගයේ එන්නත් කිහිපයක්ම මේ වන විට විද්‍යාඥයන් විසින් අත්හදා බලමින් සිටිනු ලැබේ.

    ඒවා අසාර්ථක වුවහොත් ඉන් කුමන එන්නත වැඩිම ප්‍රතිඵල ලබා දෙන්නේදැයි තවමත් පැහැදිලි නැත. විවිධ පුද්ගලයන් සඳහා විවිධ ගණයේ එන්නත් සුදුසු විය හැක.

    ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී සිටින පුද්ගලයන් මත මෙම එන්නත් අත්හදා බලමින් සිටින අතර එහි ප්‍රතිඵල ලබා ගැනීමට කලක් ගතවනු ඇත.

    අභ්‍යන්තර අවයව බද්ධ කළ පුද්ගලයකුට ඇතැම් විට අඩපණ කරන ලද සජීවී බැක්ටීරියා හෝ වෛරස සහිත එන්නත් සුදුසු නොවිය හැක.

    කොරෝනාවෛරසය කාලයත් සමග වෙනස් වීම් වලට භාජනය වන්නේ නම් මේ අත්හදා බලමින් පවතින එන්නත් ප්‍රතිඵලදායක වේද?

    මේ වන විට අත්හදා බැලෙමින් පවතින්නේ දැනට ජනතාව අතර සංසරණය වෙමින් පවතින කොරෝනාවෛරස මාදිලි ප්‍රයෝජනයට ගනිමින් සංවර්ධනය කරන ලද එන්නත් ය.

    වෛරස කාලයත් සමඟ වෙනස් විය හැකි බව සැබවි. නමුත් මෙම එන්නත් වල කාර්යක්ෂම බව අඩපණ කිරීමට එය බලපානු ඇතැයි සිතිය නොහැක.

    වෛරසයේ වෙනස් වීම කෙතරම් බරපතළ මට්ටමින් සිදු වේද යන්න මත මෙය රඳා පවතිනු ඇත.

    SCIENCE PHOTO LIBRARY

    අත්හදා බැලීම් 23 ක්

    ලොව පුරා කොරෝනාවෛරස එන්නත් සායනික අත්හදා බැලීම් 23 ක් ක්‍රියාත්මක වෙමින් තිබේ.

    ඒ අතරින් යම් එන්නතක් සාර්ථක වී ඇත්දැයි අපට දැනගත හැකි එකම ක්‍රමය නම්, ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ පුද්ගලයන්ට එය ලබා දීමෙන් පසු ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේදී කොරෝනාවෛරසයට නිරාවරණය වී ආසාදනය නොවන්නේ නම් පමණි.

    කෙසේ නමුත් නව කොරෝනාවෛරසය වෙනුවෙන් නිපදවෙන එන්නතක පැවතිය හැකි අතුරු ආබාධ පිළිබඳව නිගමනයකට එළඹිය හැක්කේ ඒ පිළිබඳව කෙරුණු සායනික පරීක්ෂණවලින් අනතුරුව ය.

    මේ පිළිබඳව ඖෂධ නියාමකයන් දැඩි අවධානයකින් පසුවනු ඇත.

    එන්නතක් නිෂ්පාදනය කළහොත් එහි මුල් අවධිය තුළ සැපයුම සීමා සහිත වනු ඇත. එම නිසා පළමු තොග භාවිතය පිළිබඳව ප්‍රමුඛතාව තීරණය කළ යුතුව පවතී.

    කොවිඩ් – 19 රෝගීන් සමඟ සමීපව කටයුතු කරන සෞඛ්‍ය සේවකයන් ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළින් ම සිටිනු ඇත.

    නව කොරෝනාවෛරසයේ බලපෑම මාරාන්තික වී ඇත්තේ වයස්ගත පුද්ගලයන්ට ය. මෙම එන්නත එම වයස් කාණ්ඩයට සාර්ථකව ප්‍රතිචාර දක්වන්නේ නම් ඔවුන්ට ද ප්‍රමුඛතාව හිමි වනු ඇත.

    කෙසේ නමුත්, වයස්ගත පුද්ගලයන් සමඟ වාසය කරන්නන් හෝ ඔවුන් රැකබලා ගන්නා උදවියට මෙම එන්නත ලබා දීම වඩා යහපත් විය හැක.

    Text by bbc sandesaya

  • Covid-19 ආසාදිතයින් 22ක් – සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2804යි

    Covid-19 ආසාදිතයින් 22ක් – සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2804යි

    මේ අතර සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් අද (27) දින ප.ව. 19.07 සිදුකළ නවතම යාවත්කාලීන කිරීම්වල සදහන් වන්නේ අද දිනය තුළ නව ආසාදිතයින් 22 දෙදෙනකු වාර්තා වූ බවත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2804 දක්වා ඉහළ ගොස් ඇති බවත්ය.

    අද (27) දින උදෑසන 0600 වනවිට දී ශ්‍රී ලංකාව තුළ කොවිඩ් – 19 ආසාදිත පුද්ගලයින් දොලොස් දෙනෙකු (12) අළුතින් හඳුනාගෙන ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

    එම පුද්ගලයින් දොලොස් දෙනා (12) අතරින් සේනපුර මධ්‍යස්ථානයේ රැඳවියන් පස් දෙනෙකු (05), කන්දකාඩු රැඳවියන් ආශ්‍රය කළ එක් පුද්ගලයෙකු (01), කාර්ය මණ්ඩල එක් සාමාජිකයෙකු (01), ධම්මින්න නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටින ගාල්ල බන්ධනාගාරයේ සිට පැමිණි එක් රැඳවියෙක් (01) සහ විදේශගතව සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන තුළ සිටි පුද්ගලයින් හතර දෙනෙක් (04) (කටාර් සිට පැමිණ CTS අම්පාර නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි) ලෙස වාර්ථා වේ.

    ඊයේ (26) දින රාත්‍රි  UL 102 දරණ මගී ගුවන් යානය මගින් ඩුබායි සිට‍ ඒක් පුද්ගලයෙකු ද (01) සහ අද (27) දින උදෑසන QR 668 දරණ මගී ගුවන් යානය මගින් දෝහා සිට  සිට‍ පුද්ගලයින් පනස් තුන් දෙනෙකු (53) මෙරටට පැමිණ ඇත‍. එසේ පැමි‍ණි පුද්ගලයින් සියළුදෙනා ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත.

    අද (27) දිනය තුළදී ද යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පුද්ගලයින් විසි නව දෙනෙකු (29) තම නිරෝධායන කටයුතු අවසන් කර තිවෙස් වෙත පිටත්ව යාමට නියමිතයි. ඒ අනුව, හොටෙල් ජෙට්වින් බ්ලූ නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් තිදෙනෙකු ද (03), හේකිත්ත නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් දෙදෙනෙකු (02) සහ බියගම විලේජ් නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් විසි හතර දෙනෙකු (24) වශයෙන් වේ.

    එසේම, අද (27) දිනය වනවිට පුද්ගලයින් 26,942 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇත. 

    එසේම, අද (27) දිනය වනවිට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 44 ක් තුළ පුද්ගලයින් 3,556 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.

    ඊයේ (26) දිනය තුලදී PCR පරික්ෂණ 1380 ක් සිදුකර ඇති අතර, මේ වන විට ශ්‍රී ලංකාව තුළ PCR පරික්ෂණ 151,324 ප්‍රමාණයක් සිදුකර ඇත.

    අද (27) දින උදෑසන 0600 වනවිට පුද්ගලයින් තිදෙනෙකු (03) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර ඉන් පුද්ගලයින් දෙදෙනෙකු (02) විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් වන අතර ඉතිරි පුද්ගලයා (01) දේශීයව හඳුනාගත් පුද්ගලයෙකු ලෙස වාර්ථා වේ.

    මේ අතර සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් අද (27) දින ප.ව. 19.07 සිදුකළ නවතම යාවත්කාලීන කිරීම්වල සදහන් වන්නේ අද දිනය තුළ නව ආසාදිතයින් 22 දෙදෙනකු වාර්තා වූ බවත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2804 දක්වා ඉහළ ගොස් ඇති බවත්ය.

    එම වාර්තාව අනුව මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 672ක් වන අතර දැනට රෝහල්වල විමර්ශනය යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 80කි. සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 2121ක් බව එහි වැඩි දුරටත් සදහන් වේ.

  • යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් රු. මිලියන 10,400ක්

    යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් රු. මිලියන 10,400ක්

    2020 යල කන්නයේ වී මිලදී ගැනීමේ රජයේ වැඩසටහන යටතේ වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 50 ක රජයේ සහතික මිල ගණන් යටතේ මිලදී ගැනීමේ කටයුතු රජය මේ වනවිට ආරම්භ කර ඇත.

    මෙම වැඩසටහනේ මුල් අදියර යටතේ මෙවර යල කන්නයේ වී අස්වනු මෙට්‍රික් ටොන් 200,000 ක් මිලදී ගැනීමට රජය අපේක්ෂා කරන අතර, ඒ සඳහා අවශ්‍ය රුපියල් මිලියන 10,400 ක මූල්‍ය පහසුකම් රාජ්‍ය බැංකු හරහා වී අලෙවි මණ්ඩලය වෙත මහා භාණ්ඩාගාරය විසින් ලබාදීමට දැනටමත් පියවර ගෙන ඇත.

    අතිගරු ජනාධිපතිතුමාගේ රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව, නව රජය විසින් පසුගිය මහ කන්නයේදී ගොවීන්ට වී අස්වනු සඳහා ඉහළ මිලක් ලබාදෙමින් වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 50 ක රජයේ සහතික මිල යටතේ මිලදී ගත් අතර, මෙවර යල කන්නයේදී ද එම සහතික මිල යටතේම වී මිලදී ගැනීම සඳහා රටපුරා පවතින වී අලෙවි මණ්ඩලයේ වී ගබඩා මේ වනවිට විවෘත කර ඇත. 

    පෙර වසරවල යල හා මහ කන්නවලදී ගොවීන්ගෙන් වී මිලදී ගනු ලැබුවේ නාඩු වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 38 ක හා සම්බා වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 41 ක මිල ගණන් යටතේ වන අතර, නව රජයේ වී මිලදී ගැනීමේ වැඩසටහන යටතේ වී කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් 50 ක සහතික මිල යටතේ සමස්ත වී අස්වනු ප්‍රමාණයම අලෙවි කරගැනීමට ගොවීන්ට අවස්ථාව හිමිවෙනු ඇත.