Blog

  • ප්‍රියංකා චොප්රාගේ Red carpet විලාසිතා 30ක්

    ප්‍රියංකා චොප්රාගේ Red carpet විලාසිතා 30ක්

    බොලිවුඩ් සිනමාවේ සහ විලාසිතාවේ අපූර්වත්වය, සුන්දරත්වය ජාත්‍යන්තරයට ගෙන ගිය බොලිවුඩ් තරු අතර ප්‍රියංකා චොප්රාට ප්‍රමුඛ තැනක් හිමිවෙනවා. තවමත් 38 වැනි වියේ පසුවන ප්‍රියංකා පසුගිය කාලය තුළ ජාත්‍යන්තර තලයේ උත්සව රැසකට සහභාගී වුණා. ඒ සෑම අවස්ථාවකදීම ඇයගේ විලාසිතා ජාත්‍යන්තර මාධ්‍යවල ක්ෂණික අවධානයට ලක් වුණා.

    මෙසේ පැපරාසීන්ගේ සහ නිල ඡායාරූප ශිල්පීන්ගේ සුවිශේෂ අවධානය දිනාගත් ප්‍රියංකාගේ The International red carpetඡායාරූප 30ක් අප ඔබ වෙත ගෙන ඒමට තීරණය කළා.

    ඇය මේ සියලු අවස්ථාවන්ට සහභාගී වීමේදී අපූරු විලාසිතාවලින් සැරසී සිටි බව පෙනෙනවා. බලන්න ඔබටත් විවිධ උත්සව අවස්ථාවන්ට ඒවා අනුකරණය කළ හැකිද කියා…

    ප්‍රියංකා චොප්රා ජොනාස්
    ප්‍රියංකා චොප්රා ජොනාස්
    ප්‍රියංකා චොප්රා ජොනාස්
    ප්‍රියංකා චොප්රා ජොනාස්
    ප්‍රියංකා චොප්රා ජොනාස්
    ප්‍රියංකා චොප්රා ජොනාස්
    ප්‍රියංකා චොප්රා ජොනාස්
    ප්‍රියංකා චොප්රා ජොනාස්
    ප්‍රියංකා චොප්රා ජොනාස්
    ප්‍රියංකා චොප්රා ජොනාස්
    ප්‍රියංකා චොප්රා ජොනාස්
    ප්‍රියංකා චොප්රා ජොනාස්
    ප්‍රියංකා චොප්රා ජොනාස්
    ප්‍රියංකා චොප්රා ජොනාස්
    ප්‍රියංකා චොප්රා ජොනාස්
    ප්‍රියංකා චොප්රා ජොනාස්
    ප්‍රියංකා චොප්රා ජොනාස්
    ප්‍රියංකා චොප්රා ජොනාස්
    ප්‍රියංකා චොප්රා ජොනාස්
    ප්‍රියංකා චොප්රා ජොනාස්
    ප්‍රියංකා චොප්රා ජොනාස්
    ප්‍රියංකා චොප්රා ජොනාස්
    ප්‍රියංකා චොප්රා ජොනාස්
    ප්‍රියංකා චොප්රා ජොනාස්
    ප්‍රියංකා චොප්රා ජොනාස්
    ප්‍රියංකා චොප්රා ජොනාස්
    ප්‍රියංකා චොප්රා ජොනාස්
    ප්‍රියංකා චොප්රා ජොනාස්
    ප්‍රියංකා චොප්රා ජොනාස්
    ප්‍රියංකා චොප්රා ජොනාස්

    Text and Pictures by Filmfare – by Thushadhavi

  • රාජ සභා මණ්ඩපය වැසූවන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක විය යුතුයි – ඥානසාර හිමි

    රාජ සභා මණ්ඩපය වැසූවන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක විය යුතුයි – ඥානසාර හිමි

    මේ විනාශය සිදුකළ වගකිව යුත්තන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතුයි. ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් ගන්නා වූ පියවර පිළිබදව මේ රටේ ජනතාව විමසිල්ලෙන් පසුවෙනවා.

    පුරාවිද්‍යා ස්මාරකවලට හානි කිරීම සම්බන්ධයෙන් ගමේ බණ්ඩයියා වැනි පුංචි මිනිසුන්ට එරෙහිව ක්ෂණිකව ක්‍රියාත්මක වන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නීතිය දේශපාලනඥයින් වැනි ලොකු මිනිසුන්ට එරෙහිව ක්‍රියාත්මක නොවන්නේ මන්දැයි, බොදුබල සේනා සංවිධානයේ කැදවුම්කරු, ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ප්‍රශ්න කරති.

    කුරුණෑගල රාජධානි සමයේ ඉදිකළ බව කියන බුවනෙකබාහු රාජ සභා මණ්ඩපයට විනාශ කිරීම නිරීක්ෂණය කිරීම සදහා එම ස්ථානයට පැමිණි අවස්ථාවේදී ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඥානසාර හිමියෝ මේ අදහස් පළ කළහ.

    ‘උතුරු – නැගෙනහිර තිබෙන බෞද්ධ පුරා විද්‍යා උරුමයන් අන්‍යාගමිකයින් විසින් ඉවක් බවක් නැතිව බුල්ඩෝසර් කරමින් විනාශ කරනවා. ඒ දේම අද දකුණේ බෞද්ධ දේශපාලනඥයින් අතිනුත් සිද්ධ වෙන එක සංගවේගයට කරුණක්.

    මේ විනාශය සිදුකළ වගකිව යුත්තන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතුයි. ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් ගන්නා වූ පියවර පිළිබදව මේ රටේ ජනතාව විමසිල්ලෙන් පසුවෙනවා.

    මෙම අවස්ථාවට උලපනේ සුමංගල, වනවාසී රාහුල ඇතුළු හිමිවරුන් පිරිසක් සහභාගී වූහ.

  • බුවනෙකබාහු රාජ්‍ය සභා මණ්ඩපය වැනසූවන්ට එරෙහිව ‘නීතිය ප්‍රමාද’ ඇයි ?

    බුවනෙකබාහු රාජ්‍ය සභා මණ්ඩපය වැනසූවන්ට එරෙහිව ‘නීතිය ප්‍රමාද’ ඇයි ?

    ඵෙතිහාසික වටිනාකමක් ඇති  කුරුණෑගල රාජ සභා මණ්ඩපයට ආරක්ෂාව තහවුරු කරන ලෙස පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයා  සහ පොලිස්පතිවරයා  දැනුවත් කර තිබියදීත්, එය කඩා බිඳ දැමීම ගැටළුවකි.  එබැවින් මේ සම්බන්ධව පරික්ෂණයක් සිදු කර රටට/ සහ රටේ අනාගත පරපුරට ඵෙතිහාසික අහිමිවන ඵෙතිහාසික ස්ථාන විනාශ කරන කරන දේශපාලන හස්තයන් හා රාජ්‍ය නිලධාරීන් පිළිබද විධිමත් පරීක්ෂණයක් ඔබතුමගේ මැදිහත් වීමෙන් සිදු කරන ලෙස  ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින්නෙමු‘යැයි හෙළ බොදුසවිය පදනමේ සභාපති බුදුගල ජිනවංශ හිමියෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යවමින් ඉල්ලා සිටියි.

    එම ලිපිය සම්පූර්ණයෙන් මෙසේය,

    ගරු ජනාධිපතිතුමා, ජනාධිපති කාර්යාලය, කොළඹ 01.

    ගරු ජනාධිපතිතුමනි,

    කුරුණෑගල  දිස්ත්‍රික්කයේ සංරක්ෂණය කළ කලයුතු ස්ථාන දහයෙන් එකක් වන දෙවන බුවනෙකබාහු රාජ්‍ය සභාව කඩා දැමිම සම්බන්ධවයි.

    ඓතිහාසික කුරුණැගල නගරයේ පිහිටි දෙවන බුවනෙකබාහු රාජ්‍ය සමයේ ඉදි කරන ලද අවුරුදු 700ක් පමණ පැරණි වර්තමානයේදී නාගරික සංවර්ධන අධිකාරිය හා පුරාවිද්‍යාත්මක දෙපාර්තමේන්තුව විසින් කුරුණෑගල දිස්ත්‍රික්යේ සංරක්ෂණය කලයුතු ගොඩනැගිලි 10න් එකක් වන රාජ්‍ය සභා ගොඩනැගිල්ල නගර සංවර්ධනය මුවාවෙන් පසුගියදා කඩා ඉවත් කර ඇත.

    වසර 100ක් ඉක්මවා ගිය පසු ඕනෑම ගොඩනැගිල්ලක්  පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුත්ත වන බව පුරාවිද්‍යා පනතේ සදහන් වන අතර රටක පෞරාණික වස්තුන් එම රටේ අභිමානය හා ඵෙතිහාසික වටිනාකමක් විදහාදක්වන වටිනා සාක්ෂියකි.

    අප විසින් පුරා විද්‍යාත්මක ස්ථාන අරක්ෂා කළ යුතු යුගයක එවන් වටිනාකමක් ඇති ස්ථාන කඩා විනාශ කරන්නේ කවරෙකුගේ බලපෑම මතද?  අද වන විට මහ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති අවස්ථාවක වත්මන් බුද්ධ ශාසන අමාත්‍ය හා සංස්කෘතික අමාත්‍යවරයාගේ මැතිවරණ දිස්ත්‍රික්කය තුල මෙවන් දෑ සිදු නොවිය යුතුය.

    එසේම තමන්ගේ මැතිවරණ දිස්ත්‍රික්කය තුල සිදුවන මෙවන් වටිනා ඵෙතිහාසික ස්ථාන ආරක්ෂා කර ගැනීමට නොහැකි මැතිවරණ අපේක්ෂකයෙකු උතුරු ප්‍රදේශයේ මුහුදු මහා විහාරය, දෙවනගල හා කූරගල නටබුන් සංරක්ෂණය කරන්නේ කෙසේද ? යන්න සමස්ථ මහජනතාවටම ඇත්තේ සාධාරණ සැකයකි.

    ඓතිහාසික උරුමයන් අරක්ෂා කරන බවට මැතිවරණ වේදිකාවේ පොරොන්දු දෙමින් පසුගිය ජනාධිපතිවරණයේදි මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කර, ඊට හාත්පසින්ම විරුද්ධ මෙවන් දෑ සිදුකිරීම ජනතාව කිසිසේත්ම බලාපොරෙත්තු නොවේ. මේ හරහා වත්මන් රජයට ඡන්දය ලබා දුන් 69 ලක්ෂයක් වු ජනතාව පත්වන අපහසුතාවය මෙපමණයි කියාකිව නොහැකිය.

    ගරු ජනාධිපතිතුමනි, මෙම සිදුවීම පිටුපස සිට එයට බලපෑම් කරන දේශපාලන හස්තයන් ගැන සොයා ඊට කඩිනමින් මැදිහත්ව කටයුතු කරන ලෙස ඔබතුමන්ගෙන් ඉල්ලා සිටින අතර එම ස්ථානයේ ඓතිහාසිකත්වය සුරැකෙන ලෙස අනාගත පරපුර වෙනුවෙන් එම පුරාවිද්‍යාත්මක ගොඩනැගිල්ල නැවත ඒ ආකාරයෙන්ම ඉදි කරන ලෙස ද ඉල්ලා සිටිමි. එසේ නොකිරිමයෙන් සිදු වන්නේ ඔබතුමා බලයට පත් කිරීමට කටයුතු කළ ජනතාවට කරන අගෞරවයකි, අපහසයකි, අවඥාවට ලක්කිරිමකි.

    එසේම  මෙම ඵෙතිහාසික වටිනාකමක් ඇති  කුරුණෑගල රාජ සභා මණ්ඩපයට ආරක්ෂාව තහවුරු කරන ලෙස පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයා  සහ පොලිස්පතිවරයා  දැනුවත් කර තිබියදීත්, එය කඩා බිඳ දැමීම ගැටළුවකි.  එබැවින් මේ සම්බන්ධව පරික්ෂණයක් සිදු කර රටට/ සහ රටේ අනාගත පරපුරට ඵෙතිහාසික අහිමිවන ඵෙතිහාසික ස්ථාන විනාශ කරන කරන දේශපාලන හස්තයන් හා රාජ්‍ය නිලධාරීන් පිළිබද විධිමත් පරීක්ෂණයක් ඔබතුමගේ මැදිහත් වීමෙන් සිදු කරන ලෙස  ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින්නෙමු.

    බුදුගල ජිනවංස  හිමි, සභාපති, ‘හෙළබොදු සවිය‘

  • පවුල් ජීවිතයේ සාර්ථකත්වය උදෙසා ‘ඉස්ලාම් දහමෙන්’ ලබාගත හැකි ආදර්ශය කුමක්ද ?

    පවුල් ජීවිතයේ සාර්ථකත්වය උදෙසා ‘ඉස්ලාම් දහමෙන්’ ලබාගත හැකි ආදර්ශය කුමක්ද ?

    ලිංගික ආශාවන් විවාහ ජීවිතය තුළින් සන්තර්පණය කර ගත යුත්තක් වන අතර එවැනි බැඳීමකට  යොමු විය නොහැකි තරුණයින්ට උපවාසය නිර්දේශ කොට ඇත්තේ තම මනසේ ඇතිවන එම ආශාවන් පාලනය කර ගැනීමේ මාර්ගයක් ලෙසිනි. ඒ සඳහා තාරුණ්‍යට විශාල චෛතාෂික ප්‍රයත්නයක යෙදෙන්නට සිදුවනු නොඅනුමානය.

    සත්ව ලෝකයේ විවාහයෙන් ආරම්භවන පවුල් සංස්ථාවක් ඇත්තේ මිනිස් පරපුර අතරේ පමණි. විවාහය හා පවුල් ජීවිතය පිලිබඳ ව විමසීමක යෙදීමෙන් එහි සාර්ථකත්වය සාක්ෂාත් කර ගැනීමට හැකිවේ යැයි සිතන්නෙමු.  මිනිසා ඇතුළු සත්ව ලෝකයේ සෑම සතෙකුම තම වර්ගයාගේ පැවැත්ම සහතික කර ගැනීම පිණිස ලිංගික ක්‍රියාව මත පදනම් වූ ප්‍රජනන කටයුතු වල නියැලෙති. මේ සඳහා පෙළඹවීම සිදුවන්නේ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම ඇතිවන ලිංගික උත්තේජනය මගිනි.

    ප්‍රති විරුද්ධ ලිංගිකයන්ගේ දර්ශනය, ගන්ධය, ස්පර්ශය, ශබ්දය ආදී ඉන්ද්‍රිය ග්‍රහණ හේතු නිසා හෝ ඒ ආශ්‍රිත වෙනත් හේතු නිසා හෝ සිතේ ලිංගික හැඟීම් පිබිදේ. මල්වර වයසට අවතීර්ණය වන ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම ලිංගික උත්තේජනය සිදුවෙයි. නමුත් ලිංගික ක්‍රියාවලිය විවාහ බන්ධනය තුල සිදුවිය යුත්තක් බවට ඉස්ලාමය අවධාරණය කරයි.

    “මුහම්මද් තුමාණන් වරෙක පවසා සිටියේ, අහෝ තරුණයිනි! විවාහ වීමට පහසුකම් ඇත්තා විවාහ වෙත්වා, පහසුකම් නොමැත්තා උපවාසයෙ (සව්ම්) හි යෙදෙත්වා, එය ඔහුට පලිහක් වනු ඇත, යනුවෙනි.” (සහීහ් බුහාරී 4778 – මුස්ලිම් 1400) 

    ලිංගික ආශාවන් විවාහ ජීවිතය තුළින් සන්තර්පණය කර ගත යුත්තක් වන අතර එවැනි බැඳීමකට  යොමු විය නොහැකි තරුණයින්ට උපවාසය නිර්දේශ කොට ඇත්තේ තම මනසේ ඇතිවන එම ආශාවන් පාලනය කර ගැනීමේ මාර්ගයක් ලෙසිනි. ඒ සඳහා තාරුණ්‍යට විශාල චෛතාෂික ප්‍රයත්නයක යෙදෙන්නට සිදුවනු නොඅනුමානය.

    විවාහ බන්ධනයෙන් භාහිරව ලිංගික ක්‍රියාවේ නොයෙදී හැකි පමණ තරුණ වයසේදීම විවාහ වීමට දිරි දීමක් ඉස්ලාමය මගින් සිදුවෙයි. එනම් ලිංගික ක්‍රියාවලිය පවුල් ජීවිතය ආරම්භවනවාත් සමග සිදු විය යුත්තක් ලෙසයි ඉස්ලාමය දකින්නේ.

    පවුල යන සමාජ සම්මත සීමාමායිම් තුල මිස ඉන් භාහිරව සිදුවිය හැකි ලිංගික ක්‍රියාවලිය භයානක ප්‍රතිඵල ගෙන දෙන්නක් විය හැක. දරුගැබක් ඇති වුවහොත් ගැටලුව වඩාත් සංකීර්ණ විය හැක. එයටත් වඩා ගැටළුකාරී තත්ත්වයන්ට මෙමගින් මුහුණ පාන්නට ඇති හැකිවායන් ද බොහෝ ය. එපමණක් නොව විවාහ ජීවිතය අසාර්ථක වීමට ද මෙය එක හේතුවක් විය හැක. විවාහයෙන් පසු විවාහයට පෙර ලද ලිංගික වින්දනයන් සොයා යෑමට ප්‍රවණතාවක් ඇති වුවහොත් පවුල බිඳ වැටෙන්නට එය හේතු සාධක විය හැක.

    පවුලක් යනුවෙන් අප අර්ථ දක්වන්නේ දෙමව්පියන් හා දරුවන්ගෙන් සංයුක්ත වන ඒකකයටයි. සමාජයක් සෑදෙන්නේ මෙවන් පවුල් රාශියක් ඒකරාශී වීමෙනි. නීත්‍යානුකුල ලෙස ‘නිකාහ්’ නම් විවාහ ගිවිසුමට එළැඹුණු පිරිමියෙකුගෙන් හා ස්ත්‍රියකගෙන් ඉස්ලාමීය පවුලක් ආරම්භ වෙයි. ඔවුන්ට දාව උපදින දරුවන් එම පවුලේ සාමාජික සාමාජිකාවන් වෙති.  විවාහයට අවතීර්ණ වන්නන් තම ආගමික වගකීම්වලින් අඩක් සම්පුර්ණ කළ අය බව වරෙක මුහම්මද් තුමාණන් පවසා සිටියහ.

    “තවද නුඹලා සහකාරියන් තුළින් සැනසුම ලබනු පිණිස නුඹලා වෙනුවෙන් නුඹලා අතුරින්ම ඔවුන් ව මවා නුඹලා අතර ආදරයක් හා කරුණාවක් ඇති කිරීමද ඔහුගේ සංඥාවන් අතුරිනි. සැබැවින් ම ගැඹුරින් සිතා බලන පිරිසකට මෙහි සංඥාවක් ඇත”. (අල් කුර්ආන් 30:21)

    මෙම අල් කුර්ආන් වැකිය පවුල් ජීවිතය සම්බන්ධව ඉතා වැදගත් කරුණු කිහිපයක් අපට දන්වා සිටියි. සතුට හා සැනසීම එයින් එක් වැදගත් සාධකයකි. විවාහ ජීවිතය සාර්ථක වීමට නම් එමගින් සතුට හා සැනසීම  අත්විඳින්නට හැකිවිය යුතුයි. සතුට හා සැනසීම විවාහ ජීවිතයේ මුලික පදනමක් වනවිට බිරිඳ හා සැමියා අතර ඉතා සමීප බැඳියාවක් අනිවාර්යයෙන් ම ඇතිවනු ඇත. මෙම අල් කුර්ආන් වැකිය අපට දන්වා සිටින මීළඟ වැදගත් සාධකය නම් ආදරය හා කරුණාවයි.

    විවාහ ජීවිතයෙන් ලබන සතුට හා සැනසීම මෙන්ම ආදරය හා කරුණාව ද විවාහ ජීවිතයේ සාර්ථකත්වය සඳහා අවශ්‍යය වැදගත් සාධකයන් ය.  බිරිඳ හා සැමියා අතර ආදරය හා කරුණාව නොමැති විට පවුල නමැති නෞකාව ඉදිරියට යාත්‍රා කරවීම ඉතාම දුෂ්කර කාර්යයක් වනු ඇත. සැමියා හා බිරිඳ අතර බැඳියාව ආදරය හා කරුණාව මත පදනම් ව සැකසී ඇති විට දෙදෙනා අතර අන්‍යෝන්‍ය අවබෝධය වඩාත් සාර්ථක අයුරින් ඇති වීමට හේතු සාධක වනු ඇත. අන්‍යෝන්‍ය අවබෝධය නොමැති විට ඇතිවිය හැක්කේ සමථයකට පත්කිරීම ඉතා දුෂ්කර වූ මත ගැටීම් ය.

    “මුහම්මද් තුමාණන් වරෙක මෙසේ පවසා සිටියහ, ස්ත්‍රියක් ව විවාහ කර ගැනීම කරුණු හතරක් මත සිදු කෙරේ. ඇගේ ධනය, ඇගේ පවුල් තරාතිරම, ඇගේ රුපාලංකාරය, ඇහේ දහම (දැහැමිකම). මෙයින් ඔබ විවාහ විය යුත්තේ දැහැමි ස්ත්‍රියක් සමගය. එසේ නොවුවහොත් ඔබ අසාර්ථක විය හැක”. (බුහාරි 4802, මුස්ලිම් 1466)    

    ස්ත්‍රියක් ව විවාහය සඳහා තෝරා ගැනීමේ දී ඇගේ දැහැමිකමට ප්‍රමුඛතාවක් දිය යුතු බව මෙයින් දැක්වේ. අනෙකුත් සාධක කෙරෙහි ද සැළකිල්ලක් දැක්වීම තහනම් නොවන අතර නමුත් සාර්ථක විවාහ ජීවිතයක් සඳහා දැහැමිකම  මගින් ලැබෙන්නේ ඉතා විශාල දායකත්වයකි.

    සහකරුවෙක් හෝ සහකාරියක් තෝරා ගැනීමේ දී

    1. තමන්ට සුදුසු නොවන අයෙකු බව වැටහේ නම් එම විවාහ කටයුත්ත සඳහා ඔබගේ අනුමැතිය ලබා දීමෙන් වැළකී සිටින්න. එසේ නොවුවහොත් ඔබ විසින්ම අසාර්ථකත්වය සඳහා ආරාධනා කළා වන්නකි සිදුවන්නේ. කිසිවෙකුගේ බලපෑම් මත තීරණ ගන්නවාට වඩා තමන් විසින් ම ඉතා බුද්ධිමත් අයුරින් කරුණු සොයා බලා නිගමනයකට ඒමයි වඩාත් සුදුසු යන්න ගැන සැකයක් නොමැත.
    2. ඉහත නබි වදනින් සඳහන් කොට ඇති පරිදි දැහැමිකම සඳහා අනිවාර්යයෙන්ම ප්‍රමුඛතාව ලබා දී අනෙකුත් කරුණු තුනම හෝ ඉන් කිහිපයක් සම්බන්ධයෙන් ද අවධානය යොමු කිරීම පිළිබඳව සිතා බලන්න. 
    3. ඉස්ලාමය විවිධත්වය අගය කරයි. අප සැමවිට සමාන සමාජ ආර්ථික පසුබිමකින් යුක්ත වුවන් මෙන්ම එකම වාර්ගිකත්වයෙන් යුක්ත වුවන් පමණක් විවාහ වීම බහුත්වයකින් යුත් උම්මතයක් බිහිවීමට ඇති බාධාවක් වනු ඇත. බහුත්වය හොඳ දෙයක් වුවත් එහිදීත් තමන්ගේ කැමැත්ත කෙරෙහි ද අවධානය යොමු කරන්න.   
    4. ඇතැම් විට ඇතැම් අය ආගමිකත්වය පිළිබඳ රඟපෑම් කළ හැක. විවාහයක් තීන්දු කර ගැනීම සඳහා ආගමිකත්වය ඉතා වැදගත් සාධකයක් බව හැමෝම දන්නා කරුණකි. එහෙයින් පෘෂ්ඨය මතු පිටට පෙනෙන දැයින් ඔබ්බට කරුණු සොයා බැලීමක් කරන්නේ නම් වඩාත් යෝග්‍යය වනු ඇත.
    5. විවාහයක් තීන්දු කර ගැනීමේ දී ඔබට අවශ්‍ය හා සුදුසු පරිදි කාලය උපයෝගී කරගන්න. මෙම කාලය තුල හැකි පමණ අවබෝධයක් ලබා ගැනීමට කටයුතු කරන්න. විවාහය පිළිබඳ හදිසි තීරණ බොහෝ විට හානිකර විය හැක.  

    බිරිඳ හා සැමියාගේ වගකීම් හා අයිතිවාසිකම්

    ඉස්ලාමීය පිළිවෙත අනුව පිරිමියෙකු හා ස්ත්‍රියක් අතර සිදුවන විවාහය ආර්ථික හෝ මුල්‍යමය හෝ ශාරීරික අවශ්‍යතාවන් මත පමණක් එක්ව විසීමක් නොවේ. එසේ එක්ව විසීම සඳහා  මහා කාරුණික දෙවිඳුන් විසින් ලබා දෙන ත්‍යාගයක් මෙන්ම එය පිවිතුරු ගිවිසුමකි. එමගින් ප්‍රීතිමත් තෘප්තිකර ජීවිතයක් සකස් කර ගනිමින් තම පරපුර පවත්වාගෙන යෑමට කටයුතු කිරීම  අපේක්ෂිතයි.  මුහම්මද් තුමාණන් වරෙක පවසා සිටියේ ඔබලා අතුරින් යහ මුස්ලිම්වරයා වන්නේ තම පවුලට යහ වූ පුද්ගලයාය.

    සැමියාගේ ප්‍රධානතම වගකීම් වන්නේ තම බිරිඳට කරුණාව, ආදරය, ගෞරවයෙන් යුක්තව, හා ඉවසීමෙන් කටයුතු කිරීමයි.

    “…… තවද යහ අයුරින් ඔවුන් සමග නුඹලා කටයුතු කරවූ. නුඹලා ඔවුන්ව පිළිකුල් කරන්නේ නම් (නුඹලා ඉවසීමෙන් සිටිවූ. මන්දයත්) නුඹලා යමක් පිළිකුල් කරන්නේ ද එහි අල්ලාහ් වැඩි යහපතක් තැබීමට ද පුළුවන”. (අල් කුර්ආන් 4:19)

    බිරිඳගේ පුර්ණ ආර්ථික වගකීම පැවරෙන්නේ සමියාටය. බිරිඳට ආදායම් මාර්ග තිබුනත් ඒවා ඇගේ අනුමැතියෙන් තොරව ගැනීමට සැමියාට අයිතියක් නොමැත.

    බිරිඳ විසින් තම සැමියාගේ ගෞරවය ආරක්ෂාවන පරිදි තම පතිවත රැකගෙන කටයුතු කළ යුතු වෙයි. තම සැමියාගේ වස්තුව හා ධනය ආරක්ෂා කිරීමට ද ඇය බැඳී සිටියි.

    “….. ඔවුනට (ස්වාමි පුරුෂයින් සඳහා කළ යුතු වගකීම්) තිබෙන්නාක් සේ යහ අයුරින් ඔවුන් සඳහා (ස්වාමි පුරුෂයින්ගෙන් ලැබිය යුතු නිසි අයිතිවාසිකම්) ද ඇත. (එහෙත්) ඔවුනට වඩා පුරුෂයින්ට තරාතිරමක් ඇත. අල්ලාහ් අති බලසම්පන්නය සර්ව ප්‍රඥාවන්තය”. (අල් කුර්ආන් 2:228) 

    බිරිඳට ජීවත්වීම පිණිස නවාතැනක් (නිවසක්), ඇඳුම් පැළඳුම්, පෝෂණය, රෝගී අවස්ථාවන් හි උපස්ථානය  මෙන්ම යහපත් අයුරින් සියල්ල ඉටු කිරීම සැමියාගේ වගකීම් වෙයි.    

    සැමියා විසින් තම බිරිඳ සම්බන්ධව ඉටු කළ යුතු දෑ

    1. මහා කාරුණික අල්ලාහ් විසින් ස්ථාපිත නීතිය අනුව තම බිරිඳ සම්බන්ධව ස්වාමියා විසින්  සාධාරණ හා යුක්ති සහගත අයුරින් කටයුතු කළ යුතු වෙයි.
    2. ඇගේ හැඟීම් සම්බන්ධව ගරුකිරීමක් මෙන්ම අවධානයෙන් යුතුව කටයුතු කරන්න. ඇය සමග කාරුණිකව කටයුතු කරන්න.
    3. ඇය පිලිබඳ පිළිකුලක් හෝ දෙගිඩියාවකින් හෝ අව්නිශ්චිතභාවයකින් කටයුතු නොකරන්න.
    4. ඇයට හිංසනයක් කිරීමේ චේතනාවෙන් ඇයව රඳවා නොතබාගන්න. ඇගේ සාධාරණ හා යුක්ති සහගත නිදහසට බාධා නොකරන්න.
    5. විවාහ බන්ධනයෙන් ඇය තෘප්තිකර නොවන්නේ නම් හෝ සැමියා ඇයට ආදරය හා දයාවක් නොදක්වන්නේ නම් විවාහ බන්ධනයෙන් නිදහස් වීමට ඇයට අවස්ථාව ලබා දෙන්න.

    බිරිඳ විසින් තම සැමියා වෙනුවෙන් ඉටු කළ යුතු දෑ

    1. විවාහයේ කොටස් කාරියක් ලෙසින් පවුලේ සතුට හා සාර්ථකත්වය උදෙසා ඇය විසින් තම දායකත්වය ලබා දිය යුතුය.
    2. තම සැමියාගේ හැඟීම් සම්බන්ධව අවබෝධයෙනඅවධානයෙන් හා පංගු කාරියක් ලෙසින් කටයුතු කළ යුතුය
    3. තම සැමියාගේ සතුට හා සැනසීම පිළිබඳ ව ඇය වඩාත් උනන්දුවෙන් කටයුතු කළ යුතුය. තම සැමියා සම්බන්ධයෙන් හිංසාකාරී හෝ පීඩාකාරී අයුරින් කටයුතු නොකළ යුතුය. මේ පිළිබඳ වඩාත් සුදුසු අයුරින් අල් කුර්ආනය කරුණු දක්වා ඇති අයුරු වෙත අපගේ අවධානය යොමු කරමු.
    4. “තවද ඔවුහු කවරහුදයත්,  ‘අපගේ පරමාධිපතියාණනි, අපගේ බිරියන්ගෙන් ද අපගේ පරම්පරාවෙන් ද අපට නෙත් පිනවීම ලබාදෙනු මැනව! තවද අපට බිය භක්තිකයින් ලෙස මෙහෙයවන්නෙකු බවට පත් කරනු මැනව! යැ’යි පවසන්නන්ය”. (අල් කුර්ආන් 25:74)
    5. ඉහත දක්වන අයුරු වීමට නම් සැමියා හා බිරිඳ එකිනෙකාට ලැදිව, විශ්වසනීයත්වය රැක ගනිමින් හා අවංක අයුරින් කටයුතු කළ යුතු වෙයි. මෙය අන්‍යෝන්‍ය වශයෙන් බලපාන සාධකයන් ය.
    6. තම සැමියාහට පමණක් ඇති අයිතීන් ලෙස සැලකෙන දෑ සම්බන්ධව අන් කිසිදු පිරිමියෙකුට සමීපතාවක් හෝ ප්‍රවේශයක් ලබා ගැනීමට ඉඩ නොහැරිය යුතුය. විශේෂයෙන් ම ලිංගික සම්බන්ධතාව පිළිබඳ ව මෙය ඉතා වැදගත් අයුරින් ම ක්‍රියාත්මක කළ යුතුය.  තම සැමියා අකැමැති කිසිවෙකු ව ඇය විසින් තම නිවසට නොකැඳවිය යුතුය. 

    තව බොහෝ කරුණු මෙයට එකතු කිරීමට ඇතත් ඉහත කරුණු පිළිපදින්නේ නම් සඳහන් නොකළ කරුණු නිරායාසයෙන්ම ඉවත්ව යනු ඇත. පවුල් ජීවිතයක් අසාර්ථක වීමෙන් තමන්ගේ දරුවන් මානසික වශයෙන් පත් වන්නේ ඉතා කම්පනීය තත්ත්වයකටය. අප සිතේ ඇතිවන උද්වේගය අනුව ක්‍රියා නොකොට නිතර ඉවසිලිවන්තව කටයුතු කරන්නේ නම් අපගේ ජීවිත ඉතා අලංකාර වනු නිසැකය.

  • කුඩු ජාවාරමට සම්බන්ධ නාකොටික් නිලධාරීන්ට ‘යහපාලන ආණ්ඩුව’ ජනාධිපති සම්මාන දුන්නා – ඇමති ප්‍රසන්න

    කුඩු ජාවාරමට සම්බන්ධ නාකොටික් නිලධාරීන්ට ‘යහපාලන ආණ්ඩුව’ ජනාධිපති සම්මාන දුන්නා – ඇමති ප්‍රසන්න

    කුඩු ජාවාරමට සම්බන්ධ නාකොටික් නිළධාරීන්ට  පසුගිය යහපාලන ආණ්ඩුව කාලයේ ජනාධිපති සම්මාන පවා ලබා දුන් බවත් පාතාලය හා කුඩු ජාවාරම මර්දනයට සහාය දෙන තමන්ට පාතාලයට හා කුඩු ජාවරමට සම්බන්ධ වූවන් මඩ ගැසීමට පටන් ගෙන ඇති බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. 

    අහසින් පාත් වුණු ඇතැමුන් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ අයිතිකරුවන් ලෙස පෙනී සිටන බව පැවසු ඇමතිවරයා පොහොට්ටුව විනාශ කිරීමට කිසිවෙකුට ඉඩ නොතබන බව ද අවධාරණය කරයි.

    ජා-ඇල ප්‍රදේශයේ පහුගිය දා (17) පැවති රැස්වීමක දී ඇමතිවරයා මේ බව කීවේය.

    මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.

    “ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා භාරගත් දේශපාලන ආර්ථික හා සමාජීය වශයෙන් කඩා වැටුණු රටක්. ඒ රට ගොඩගැනීමේ වගකීම පැවරිලා තියෙන්නේ ගෝඨාභය මහත්තයාට. 2005 දී මහින්ද මහත්තයා භාර ගන්නකොට තිබුණෙත් මේ වගේම තත්ත්වයක්. එතකොට තිබුණේ ඍණ ආර්ථිකයක්. සුනාමියෙන් විනාශ වුණ රටක්. ලෝක ආහාර අර්බුදය නිසා රටේ ආහාර හිගයක් ඇතිවිමේ අවධානමක් තිබුණා. 30 වසරක යුද්ධය අවසන් කරලා මහින්ද මහත්තයා මේ රට සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කළා. සුද්දගෙන් පස්සේ මේ රටේ වරායවල්, ගුවන් තොටුපළවල් ආදී අධිවේගී මාර්ග ඉදි කරලා රට සංවර්ධනය කිරීමේ මෙහෙයුම ඇරඹුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. 2015 මැතිවරණයේ මේ රටේ ජනතාව යහපාලන බොරු වලට රැවටෙනවා. 2015 දී යහපාලන ආණ්ඩුවට අපි භාරදුන්නේ වැඩබිමක්. නමුත් යහපාලන ආණ්ඩුව මේ රට පහුගිය වසර හතරාමාර තුළ මුඩුබිමක් බවට පත් කළා. යහපාලන ආණ්ඩුවට කිසිම වැඩ පිළිවෙලක් තිබුණේ නෑ රට ගොඩගන්න. යහපාලන කාලය තුළ රට සමාජ, ආර්ථික හා දේශපාලනික වශයෙන් පිරීහීමකට ලක් වුණා.

    අපි පොහොට්ටුව හැදුවේ තර්ජන මැද්දේ. අද දකුණු ආසියාවේ ශක්තිමත් ම දේශපාලන පක්ෂයක් බවට පොහොට්ටුව පත් වෙලා ඉවරයි. අපි දෙවැනි වන්නේ චීනයේ කොමියුනිස්ට් පක්ෂයට විතරයි. ඒ නිසා පොහොට්ටුව විනාශ කරන්නේ කිසිවෙකුට ඉඩ දෙන්න බෑ. ඒකට හුගදෙනෙක් උත්සාහ කරමින් ඉන්නවා. මිතුරු වෙසින් එන සතුරන්  පොහොට්ටුව විනාශ කරන්න හදනවා. පොහොට්ටුව රැකගන්න අපි ඕනෑම කැපකීරීමක් කරන්න ලෑස්තියි.

    මේ දවස්වල අහසින් පාත් වෙච්ච මිනිස්සු එනවා ඔබේ ඡන්දය ඉල්ලගෙන. පසුගිය පළාත් පාළන මැතිවරණයේ දී, පසුගිය ජනාධිපතිවරණයේ දි අපි ඒ අයව දැක්කේ නෑ. මේ අය පෙනී ඉන්නේ ගෝඨාභය මහත්තයාගේ අයිතිකාරයෝ වගේ. මගේ වගකීම පළාත් පාලන මැතිවරණය, ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න පහුගිය වසර හතර හමාරේ දුක් විදපු අය වෙනුවෙන් පෙනී සිටීම. මම ඒක ඊයෙත් කළා. අදත් කරනවා, හෙටත් කරනවා. පොහොට්ටුවෙන් ඉල්ලන හැමෝම පොහොට්ටුවේ නෙමෙයි. ඒක බැසිල් ඇමතිතුමාත් කිව්වා.

    මම මෙහෙම කථා කරනකොට සමහර අය කැමති නෑ. සමාජ මාධ්‍ය භාවිතා කරලා මට මඩ ගහන්න පටන් අරන්. ඵල ඇති රුකටනේ ගල් ගහන්නේ. මම කට අරිනවාට යහපාලන නඩය බයයි. මට මඩ ගහන්න පටන් අරන් තියෙන්නේ මහබැංකු හොරුන්ගෙන් සල්ලි ගත්ත යහපාලන කටු සූප්පු කරන අයයි, බැක්සයිඩ් රන්ජනුයි. මේ දෙගොල්ලොම එකම කාණ්ඩේ. යහපාලන සෙට් එකට තියෙන අභියෝගය ප්‍රසන්න රණතුංග. මට නම් මේ අය අභියෝගයක් නෙමෙයි. මට ගහන්න ඉස්සෙල්ලා ගෑවුණු මඩ සෝදගෙන එන්නයි මම ඔවුන්ට කියනවා.

    පසුගිය දවස්වල මිනුවන්ගොඩ කුඩු ජාවාරමත් ඇල්ලුවා. මේක යහපාලන ආණ්ඩුව කාලේ ඉදලා කෙරුණ එකක්. යහපාලන ආණ්ඩුව මේ ගැන කිසිම පියවරක් අරන් තිබුණේ නෑ. අපි පත්වුණාට පස්සේ ගමේ පන්සලේ රැස්වීමක් තියලා පොලිසීයත් ගෙනල්ලා පොලිස්පතිතුමාටත් කියලා මේ කුඩු ජාවාරම මැඩලන්න කීව්වා. ඒ අනුව තමයි ඔය නාකොටික් ජාවාරම හෙළි වුණේ.  පහුගිය යහපාලන කාලේ මහා පරිමාණයෙන් පාතාලය හා කුඩු ජාවාරම ගම්පහ දිස්ත්‍රික්ක පුරා ව්‍යාප්ත වුණා. ඒවා අල්ලන්න කවුරුත් කටයුතු කළේ නෑ. යහපාලන ආණ්ඩුව කළේ මේ කුඩු ජාවාරමට සම්බන්ධ නාකොටික් අයට ජනාධිපති සම්මාන ලබා දීමයි. පහුගිය කාලේ සතොස ලාංඡනය ගහගෙන කුඩු ජාවාරම කෙරුණා. නැව් පිටින් රටට ආපු කුඩු ඇල්ලුවා කිව්වා. හැබැයි ඒවාට මොකද වුණේ. අපි කුඩු අල්ලන්න සහාය දෙනකොට, පාතාලය මර්දනයට කටයුතු කරනකොට  අපිට මඩ ගහන්නේ ඔය කුඩු වලට පාතාලයට සම්බන්ධ අයයි. ඔහොම නෙමෙයි ඔළුවෙන් හිටගෙන මඩ ගැහුවත් අපි ඉදිරියට තැබු පය ආපස්සට ගන්නේ නෑ. මේ රට පාතාලයෙන් කුඩු වලින් තොර රටක් බවට පත් කිරීමට අපි දිවිහිමියෙන් කැප වෙනවා.”

  • ඇමති ප්‍රසන්නගෙන් ‘පොලිස්පතිට ලිපියක්’

    ඇමති ප්‍රසන්නගෙන් ‘පොලිස්පතිට ලිපියක්’

    පොලිස්පතිවරයා වෙත ලිපියක් යවමින් ඇමතිවරයා අවධාරණය කරන්නේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිළධාරින් ද සමග එක් ව ගෙන ගිය මෙම මහා පරිමාණ කුඩු ජාවාරම හෙළි කර ගත හැකි වුයේ තමන් විසින් පොලිස්පතිවරයාට හා මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමක් අනුව බවයි.

    මිනුවන්ගොඩ කුඩු ජාවාරමට තමන්ව ඈදා ගනිමින් සාවද්‍ය ප්‍රකාශ කරන පුද්ගලයන්ට සහ සමාජ මාධ්‍ය වලට එරෙහිව පියවර ගන්න

    යහපාලන ආණ්ඩුව සමයේ සිට ක්‍රියාත්මක මිනුවන්ගොඩ කුඩු ජාවාරමට තමන්ව ඈදැගනිමින් සාවද්‍ය ප්‍රකාශ කරනු ලබන පුද්ගලයන්ට හා වෙබ් අවඩි ඇතුළු සමාජ මාධ්‍ය වලට එරෙහිව වහා පියවර ගන්නා ලෙස කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති  ප්‍රසන්න රණතුංග මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලයි.

    පොලිස්පතිවරයා වෙත ලිපියක් යවමින් ඇමතිවරයා අවධාරණය කරන්නේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිළධාරින් ද සමග එක් ව ගෙන ගිය මෙම මහා පරිමාණ කුඩු ජාවාරම හෙළි කර ගත හැකි වුයේ තමන් විසින් පොලිස්පතිවරයාට හා මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමක් අනුව බවයි.

    ප්‍රදේශවාසින් තමන්ට ලබාදුන් තොරතුරු පොලිස්පතිවරයාට හා මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාට ලබා දී ඒ පිළිබදව කඩිනම් පියවර ගන්නා ලෙස කරනු ලැබු ඉල්ලීම අනුව මෙම පරීක්ෂණ සිදුකෙරුණු බව ඔහු සදහන් කරයි.

    මේ සම්බන්ධයෙන් ඇමතිවරයා පසුගිය (17) වෙනිදා පොලිස්පතිවරයා වෙත යොමු කරන ලද සම්පූර්ණ ලිපිය මෙසේ ය.

    2020-07-17

    පොලිස්පතිතුමා පොලිස් මූලස්ථානය, කොළඹ.

    පොලිස්පතිතුමණි,

    මා සම්බන්ධයෙන් සිදු කෙරෙන සාවද්‍ය ප්‍රකාශය නිවැරිදි කිරීම සහ ඒ සදහා පරීක්ෂණයක් ඉල්ලීම

    මිනුවන්ගොඩ පොලීසිය මගින් පසුගිය දා අත් අඩංගුවට ගත් ටයිල් චමින්ද නැමැත්තා හරහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයට සම්බන්ධ කීපදෙනෙකු ගෙන ගිය මහ පරිමාණ මත්කුඩු ජාවාරමක් පිළිබද තොරතුරු අනාවරණය කර ගැනීමට හැකියාව ලැබුණි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කුඩු හා පාතාලය මර්දනය කිරීමේ වැඩසටහන ඉතා ඉහළ තලයකට ඔසවා තැබීමට මෙමගින් හැකියාව ලැබුණු බව මුළු රටම පිළිගන්නා කාරණයකි.

    මෙම සිද්ධියට සම්බන්ධ ‘ ටයිල් චමින්ද ‘ නැමැත්තා අත්අඩංගුවට ගැණුනේ 2020-06-08 වන දින යටියන විජය මංගල පිරිවෙනේ ධර්ම ශාලාවේ පැවති රැස්වීමකින් අනතුරුවය. යහපාලන ආණ්ඩුව කාලයේ සිටි යටියන ගමේ මත්ද්‍රව්‍ය ජාවාරමක් පවතින බවට ප්‍රදේශවාසීන් විටින් විට මා වෙත පැමිණිලි කර තිබු අතර ඒ අනුව අදාළ රැස්වීම සංවිධානය කරන ලෙස ප්‍රදේශයේ මගේ නියෝජිතයන්ට මා විසින් උපදෙස් ලබා දී තිබිණි. රැස්වීම එදින පැවැත්වූයේ ඒ අනුවය. ඒදින රැස්වීමට මිනුවන්ගොඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා ද කැදවා ගන්නේ මේ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමටය. ඒ අනුව ප්‍රදේශවාසීන් ලබා දුන් තොරතුරු අනුව මෙයට සම්බන්ධ සියලු දෙනාට ඒරෙහිව කඩිනම් පියවර ගන්නා ලෙස මාවිසින් පොලිස් ස්ථානාධිපතිවරයාගේ ඉල්ලා සිටි අතර පොලිස්පතිවරයාට ද දුරකථනයෙන් අමතා මේ පිළිබද පියවර ගන්න‌ා ලෙස දැනුම් දුනිමි.

    පහුගිය යහපාලන රජය කාලයේ සිට ඉතා රහසිගත ව ක්‍රියාත්මක වූ මෙම ජාවාරම හෙළිදරව් වුයේ එම රැස්වීමෙන් පසුව ක්‍රියාත්මක වු පරීක්ෂණ වලට අනුවය. මෙම පරීක්ෂණ වලට මගේ තනතුර හෝ නාමය භාවිතා කරමින් අබමල් රේණුවක හෝ බාධාවක් නොවනු පිණිස  අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග මා විසින් ගත් බව ඔබතුමා සහ පොලීසියේ සියලු නිළධාරීන් හොදින් දන්නා කරුණකි. එබැවින් මේ සිද්ධියට මා ඇඳෑ ගැනීමට පාරාජිත දේශපලනඥයින් කටයුතු කිරීම පිළිකුල් සහගතය.

    ප්‍රසිද්ධ මාධ්‍ය, වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය ඔස්සේ මේ  පිරිස මෙම කුඩු ජාවාරම පිටුපස මා සිටින බවට ජනතාව අතර මතයක් ඇති කිරීමට කටයුතු කරමින් සිටී. ඊට අදාළව මාධ්‍ය ඔස්සේ පළ වූ වාර්තා කීපයක් මේ සමග ඔබ වෙත එවමි. ඔවුන් මේ සියල්ල සිදු කරන්නේ ඔවුන්ට හා ඔවුන් නියෝජනය කරනු ලබන දේශපාලන පක්ෂ වලට වාසි ලබා ගැනිමේ  අරමුණිනි. ජනාධිපතිවරයා ගෙන යන පාතාළය හා කුඩු මර්දනය කිරීමේ මෙහෙයුම අඩාල කිරීම මොවුන්ගේ අරමුණ බව පෙනේ. මේ නිසා මේ සිද්ධිය සිදු වූ ආකාරය පිළිබද පැහැදිලි කීරිමක් රටට සිදු කරන ලෙසත් මේ සදහා මා සම්බන්ධ කර ගනිමින් මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රකාශ කරනු ලබන පුද්ගලයන්ට හා ඒවා පළ කරන අයට එරෙහිව විමර්ශනයක් සිදු කර ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලා සිටිමි.

    මෙවැනි බොරු අවලාද නැගීමෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ පමණක් නොව රටේම ජනතාව පොහොට්ටුව  හා මා කෙරෙහි තබා ඇති විශ්වාසය පලුදු නොවන බව මා දනිත්ත හෘද සාක්ෂියක් සහිත දේශපාලනඥයෙකු ලෙස මෙම ඉල්ලීම සිදු කරනු ලබන බවද අවධාරණය කරමි.

    ස්තූතියි. මෙයට – විශ්වාසි, ප්‍රසන්න රණතුංග

  • කොරෝනා දෙවැනි රැල්ලක් අතළග – විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

    කොරෝනා දෙවැනි රැල්ලක් අතළග – විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

    ශ්‍රී ලංකාවේ මේ වන විට කොවිඩ්-19 දෙවන රැල්ලක් ක‍්‍රියාත්මක නැතත් දෙවන රැල්ලක් ඉතා ආසන්න සිටින බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලලන්ත රණසිංහ මහතා අද (18) පැවැති මාධ්‍ය හමුකදී හෙළි කළේය.

    විශේෂඥ වෛද්‍ය ලලන්ත රණසිංහ මෙහිදී කියා සිටියේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන් ලෙස කණස්සල්ලෙන් පසුවන බවත් අද ඇති වී තිබෙන තත්ත්වය කුමන අතට හැරෙයි දැයි සැකයක් ඇති බවයි.

    කොරෝනා වසංගතය ආරම්භ වූ මුල් අවධියේ ඊට මුහුණ දුන් ආකාරය ඉතා විශිෂ්ට බවත් ඒ ගැන සෑහීමකට පත්විය හැකි බව පැවසූ රණසිංහ මහතා රජයේ ඉහළ බලධාරීන් ගෙන් ලැබෙන වැරදි ආදර්ශ නිසා ජනතාව මන්දෝත්සාහී වී ඇති බවද කීවේය.

    කොරෝනා වෛරසය සමාජයේ පැතිර ඇතැයි සීයට සීයක් තහවුරු කර කිව නොහැකි වුවත් ඒ ආසන්නයේ අත ළඟ ඉන්නා බව කිව හැකි යයිද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලලන්ත රණසිංහ මහතා වැඩි දුරටත් සදහන් කළේය.

  • Covid-19 World Hot: කොරෝනා ආසාදිතයින් මිලියනය ඉක්මවූ රටවල් 3ක්

    Covid-19 World Hot: කොරෝනා ආසාදිතයින් මිලියනය ඉක්මවූ රටවල් 3ක්

    කොවිඩ් -19 ආසාදිතයින්ගේ ඉහළම අගය ඊයේ (17) වාර්තා වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කළා. ඒ අනුව ඊයේ දිනයේ ගෝලීය වශයෙන් ආසාදිතයින් 237,743 දෙනකු වාර්තා වී තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව ඊයේ දිනයේදී වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වුණේ එක්සත් ජනපදය, බ්‍රසීලය, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාවෙන්.

    කෙසේ වෙතත් අද (18) දිනයේ ගෝලීය වශයෙන් වාර්තා වී ඇත්තේ කොවිඩ්-19 ආසාදිතයින් 208,146ක් පමණයි.

    අද දිනය වන විට ගෝලීය වශයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 13,824,739ක් දක්වා ද මරණ සංඛ්‍යාව 591,666ක් දක්වා ද ඉහළ ගොස් තිබෙනවා.

    වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව එක්සත් ජනපදයෙන් 3,544,143 සහ මරණ137,674ක් , බ්‍රසීලයෙන් ආසාදිතයින් 2,012,151ක් සහ 76,688මරණ ක් සහ ඉන්දියාවෙන් ආසාදිතයින් 1,038,716ක් සහ මරණ 26,273ක් සහ නව ආසාදිතයින් 34,884ක් වාර්තා වෙනවා.

    ආසාදිතයින් කලාපීය වශයෙන්

    කලාපීය වශයෙන් ගත්විට වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ ඇමෙරිකානු කලාපයෙන්. දෙවැනි තැන යුරෝපය ද තෙවැනි තැන නැගෙනහිර මධ්‍යධරණී කලාපය ද සිවුවැනි තැන දකුණු සහ නැගෙනහිර ආසියාවෙන් ද වාර්තා වෙනවා.

  • දේශපාලන බිස්නස්වලට ඇතුගල මගුල් මඩුව බිලිවෙද්දී ‘ෆේස්බුක් වීරයෝ සහ චීවරධාරීන් ගොළුවෙලා !

    දේශපාලන බිස්නස්වලට ඇතුගල මගුල් මඩුව බිලිවෙද්දී ‘ෆේස්බුක් වීරයෝ සහ චීවරධාරීන් ගොළුවෙලා !

    කුරුණෑගල රාජසභා මණ්ඩපය හෙවත් මගුල් මඩුව ඩෝසර් කර විනාශ කර තිබේ.  මේ ලෙස විනාශ වන්නේ පොලොන්නරුව සහ දඹදෙනිය අතර කාලය තුළ (වසර 300 ක පාරාසයක්) ඉදිකිරීම් අතරින් අංග සම්පූර්ණව ආරක්ෂාවී තිබු ලංකාවේ එක ම ගොඩනැගිල්ලයි.

    අපේ රටට අවේනික දුර්වල කම අනුව යමින් මේ ගොඩනැගිල්ල ද පසුගිය කාලයේ ජනතාවගේ අවධානයෙන් මිදි ගොස් තිබුණි. මෙම ගොඩනැගිල්ල පිළිබඳව වගකීමක් සහිතව විධිමත් අවධානයක් යොමු වූයේ 2017 වසර තුළයි. එහිදි සාධනීය මෙහෙවරක් ඉටුකරණ ලද්දේ පාඨලී චම්පික රණවක ඇමතිවරයාය. එහි දී මගුල් මඩුව සංස්රක්ෂණය සඳහා ගැසට් කළ අතර සංරක්ෂණයට මුදල් ද වෙන් කෙරිනි.

    මගුල්මඩුව අවන්හලක් බවට පත්වන්නේ 1995 වසරේ සිටය. ඔවූහු එය බුනෙකබා අවන්හල යැයි නම්කළහ. චන්ද්‍රිකා රජය සිය පාක්ෂිකයින්ට බාර් පර්මිට් ලබා දෙන අතර තුර බුනෙකබා රජ්ජුරුවන්ට අයිති දේපලකටද බාර්පර්මිට් එකක් ලබා දෙන්නට අමතක නොකළාය. එතැන් සිට මේ ස්ථානය දේශපාලකයින්ගේ තිප්පොලක් බවට පත්වූ අතර සමහරු එය අන්තප්පුර බවට ද පත්කරගත්හ. කුරුණෑගල මගුල් මඩුවට එම අවාසනාවන්ත ඉරණම අත්ව තිබිය දී එයට විරුද්ධව  හඬනැගුවන් සිටියද ඔවුන් ගේ හඬ යටපත් කරන ලදදේ මේ ජාතික අපරාධය රටට නොදැනෙන පරදිය.

    මහනගර සංවර්ධන අමාත්‍යංශය මගින් මේ ස්ථානය සංරක්ෂණය කරන්නට තීරණය ගැනීමත් සමග එයට උරණවූවෝ සිටියහ. එයට ඔවුන් මුලදී  විරෝධය පලකළේ වක්‍රාකාරයෙන්ය. අමාත්‍යංශය මගින් වැව රව්මේ ඉදිකළ උද්‍යානය සහ එහි ස්මාරක මහා රෑ විනාශ කර දැමුවේ ඔවුහු ය. නගරාධිපතිවරයාටත් දේශපාලන බලදාරීන්ටත් පෙනුනේ මෙම භූමියේ වාණිජමය වටිනාකම පමණි. තවදුරටත් මේ භූමිය ජාවාරම් සඳහා යොදාගැනීම පමණක් ඔවුන් ගේ අරමුණු වීය.

    නගර සභාව මගුල් මඩුවේ නිධන් හෑරුවාද? මගුල් මඩුව පසුගියදා ඩෝසර් කරන්නේ අහඹු ලෙස හෝ අත්වැරැද්දකින් නොව හිතා මතාම කරණ සැලසුමක් අනුවය. ඔවුන්ගේ අවශ්‍යතාව තිබුනේ හොර හසේම පුරාවස්තු ටික විනාශ කරදැමීමය. එහෙත් දෛවෝපගතව එලිවන්නට පෙර එය කරගත නොහැකිවූයේ ඒ සඳහා යොදාගත් බැකෝ යන්තරය ක්‍රියා විරහිත වීම නිසාය. එසේ නොවන්නට ඒ යක්ෂයාගේ රාත්‍රියේ මගුමඩුවේ අවසානය සිදුනු ඇත. මේ ආකාරයෙන් හෝ මගුල් මඩුව ආරක්ෂාවුයේ  ඒ අවසරයෙනි.

    මේ විනාශය සිදුවන්නට යන බව පුරාවිද්‍යා දේපාර්තමේන්තුව දැනසිටියහ. ඒ නිසා ඒ සම්බන්ධව පොලිසියට පැමිණිලි කර තිබුණි. පොලිසිය කළ යුතුව තිබුනේ මේ ස්ථානයට ආරාක්ෂාව යෙදවීමයි. සමහරවිට පොලිසිය එය කරන්නට අදහස් කළාද විය හැකිය. එහෙත්  පොලිසියට වැඩිය නගරාධිපතිවරයා බලවත් වී තිබිණි. නගරාධිපති ඉහළ අයගේ බලයද ගත් විට ඒ බලය තවත් වැඩිය. (පසුගියදා කුරුණෑගල රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියා එලවාගත්තේ ද මේ නගරාධිපතිය.) මේ නගරාධිපතිවරයා ඇතුගලටත් වැඩිය සවිමත් වන්නේ දේශපාලන බලයෙනි. එළඹෙන මැතිවරණයේ ඉහළ දේශපාලන බල අධිකාරියේ උපදෙස් ඔහු ට තිබේ. අගමැතිවරයාද එම ලේඛණයේ ම චන්දය ඉල්ලයි. අගමැතිවරයාගේ සහෝදරයා ජනාධිපතිය. ඒ සියල්ලට ඉහලින් ජනාධිපති පුතුන් සිටිති. පුතුන් රජකරවන්නට දිස්ත්‍රික් නායකයා පිඹුරුපත් සකසමින් සිටිති. ඒ අනුව නගරාධිපතිවරයාට භය වන්නට කිසිඳු හේතුවක් නැත. එය එසේ  යැයි තහවුරු වන්නේ තමත් මේ ජාතික අපරාධයේ වගකිව යුත්තෝ නිදැල්ලේ සිටීම නිසාවේනි.  

    මාර්ග සංවර්ධන අධිකාරිය පැහැදිලිවම කියා තිබෙන්නේ මේ  බිඳදැමීම තමන්ට අදාල කාර්යයක් නොවන බවය. එහෙත්, නගරාධිපති මුලින් පැවසුවේ එය මාර්ගසංවර්ධන අධිකාරියේ අවසරයකින් කරන ලද්දක් ලෙසය. දැන් නගරාධිපති වරයා කියන්නේ එය අනවසර ඉදිකිරීමක් බවයි. මෙය පුදුම අවනඩුවකි. මේ ඉදිකිරීම කරන්නේ 13 වන සිවසේ සිටි නගරාධිපතිය. ඔහුගේ මේ ඉදිකිරීම අනවසර වනවානම් වන්නේ  ඉන්දියාවේ සිට රට ආක්‍රමණය කළ ආර්ය චක්‍රවර්තිගේ නියෝගයකට අනුවය. එසේ නම් වත්මන් නගරාධිපතිවරයා මේ ක්‍රියාත්මක කොට ඇත්තේ ආර්ය චක්‍රවර්තිගේ නියෝගයයි. ඒ අනුව දෙවන බුවනෙකබාට දඬුවම් ද කළ යුතු යැයි නගරාධිපති වරයා කියනු ඇත.

    බුනෙකබාට කුරුණෑගල ආරක්ෂිත නැති බව දැනිනි. ඒ දකුණු ඉන්දිය ආක්‍රමණය ලඟ ලඟම එන බව දැනුනු විටය. ඒ නිසා සිය බෑණනුවන් ලවා සෙන්කඩගල නගර ඉදිකරවන ලද්දේ රාජ්‍යයේ ආරක්ෂාව සඳහාය. ඒ ගත් දූරදර්ශී පියවර පසුකාලීනව පලදායි වූ බව ඉතිහාසය ශාක්ෂි දරයි.  පසුකලෙක කුරුණෑගල අතහැර දැමුවද එහි වැදගත් ස්ථාන කීපයක් සංරක්ෂණය වීය. ඒ අතරින් එකක් වුයේ මගුල් මඩුවයි.  ගම්පල සහ කෝට්ටේ යුග පසුකරමින් මහනුවර යුගයේ ද මගුල් මඩුව සුරැකිව තිබුණි. මහනුවර යුගයේ මගුල්මඩු ප්‍රතිසංස්කරණය වන්නේ ප්‍රාදේශීය පරිපාලනයේ අවශ්‍යතා මතය. ආර්ය චක්‍රවර්ති මගුමඩුව විනාශ නොකළේය. ඔහු සිය පරිපාලනය සඳහා එය යොදාගත්තේය. පසුව ආ  පරංගියාද ලංසියාද ඉංග්‍රිසිකාරයාද උඩරටට පහර දෙන්නට ආවේ කුරුණෑගල හරහාය. එහෙත් ඔවුන්  මගුල් මඩුව අනවසර ඉදිකිරීමක්  ලෙස  සැලකුවේ නැත. ඔවුන්ගේ ගමන් මග පලල් කරන්නට මගුල් මඩුව කඩන්නට හිතුවේ නැත.

    image

    මහනුවර මගුල්මඩුවේ රාජසභාව බිඳවැටීමෙන් පසුව කුරුණෑගල මගුල් මඩුව ඓතිහාසිකව නැවත වැදගත්වීය. ඒ 1848 කැරැල්ල අවස්ථාවේ දීය. මාතලේ දී ගොන්ගාලේ ගොඩ බණ්ඩා රජවූවා සේම හත්කෝරලයේ දී හඟුරන්කෙත සුදු බංඩා , කීර්ති ශ්‍රි නමින් රජවීය. ඔහු ඔටුනු පැලඳුවේ සහ රාජ්‍ය කටයුතු ඇරඹුවේ කුරුණෑගල මගුල් මඩුවේය. සුද්දාගේ ආක්‍රමණය කුරුණෑගල වෙත එද්දි ඔවූහු මගුල් මඩුව තුළ බලය තහවුරු කරගෙන සිටිහය. ඔවුන් එම ස්ථානයෙන් පසුබැස්සේ සුද්දාගේ කාලතුවක්කුවට මුනදීගත නොහැකිවය. ඒ පියවර නොගන්නට  මගුල් මඩුව කාලතුවක්කු ප්‍රහාරයෙන් විනාශ වන්නට තිබුණි.  කුරුණෑගල අත්පත් කරගත් සුද්දා මගුල් මඩුව අනවසර ඉදිකිරීමක් බවට නම් කළේ නැත. එහෙත්  කැරලිකරුවන්ට විරුද්දව නඩු ඇසුවේ මේ මගුල් මඩුවේය. ඉතිහාසයේ විරුවන් රැසකගේ ඉරණම් තීන්දුව ලැබුණේ ද එහි දීය.

    ඒ  සියලු අතවරන් හමුවේ සුරැකි පසුව අවන්හලක් වූ මගුල්මඩුවට මෙවර අත තැබුවේ කව්රුන්ද. ? මේ සඳහා නගරාධිපතිවරයාට බලය දුන්නේ, සුද්දාගේ පාලනය යටතේ රාමදින්න මාලදිවයිනෙන් ගෙන්වු මිනිසෙකුගේ මී මුණුබුරාය. ඔහු කුරුණෑගල ප්‍රමුඛ අරක්කු වෙලෙන්දාය. ඔහු සිය අරක්කු අධිරාජ්‍යයේ බලකොටුව පැරණි මගුල් මඩු භූමියේම් ඉදිකරන්නට තීරණය කිරීම දෛවෝපගතය.  රා මදින පරපුරේ අරක්කු රේන්ද කාරයාගේ අධිරාජ්‍යට බලය ලබාදන ඉහළ දේශපාලන බල අධිකාරියද අපූරුය. ඒ දෙපල බලයට ආවේ එම්. සී. සි. ගිවිසුමෙන් අක්කර දොලොස්දාහක් ඇමරිකාවට දෙන්න යනවා කියමින් මහ භීතියක් ඇතිකරමින්ය. ඔවුන්ගේ ගෝලබාලයින් හඬ නැගුවේ ඓතිහාසික ඇතුගල්පුරයත් ඇමරිකාවට දෙන්න යනවා කියමිනි. ටියුෂන් මාස්ටර්ලා පවා හය හතර නොදන්න උසස් පෙළ  ළමයින්ට කිව්වේ සීගිරිය සහ දඹුල්ලත් ඇමරිකාවට දෙනවා කියාය.  පපුවට අතගසාගනිමින් මව්බිම රකිනවා උරුමය රකිනවා කිව් අය වැඩ අරඹා ඇති බව දැන් පැහැදිලිය.

    ආර්ය චක්‍රවර්තිගේ ආක්‍රමණය තුළ බිඳනොවැටුන, සුද්දාගේ ආක්‍රමණය තුළ ද කෙලින් සිටගෙන විරාජමානව සිටි මගුල් මඩුව අද බිඳවැටි ඇත. එහි කැනිමඩල සුණු විසුණුවි ගොස්ය. බැකෝ යන්ත්‍රයේ පහරින් ඇදවැටුන ගොඩනැගිලි ශේෂය කියාපාන්නේ අතීත විරුවන්ගේ අසරණ බවයි. එහෙත් බුවනෙකබාගේ ආත්මය නැගිට ඇවිත් බැකෝ යන්ත්‍රය ක්‍රියාවිරහිත කොට තිබේ. මගුල් මඩුවේ කොටසක් සුරැකී ඇත. එහෙත් අතීත විරුවන්ගේ සාපයෙන් නම් ගැලවී ගත නොහැකි වන බව අපරාධකරුවන් දතයුතුය.

    දර්ශනපති, ධර්මසිරි හේවාගම රජරට සංස්කෘතික හා කලා පදනම

  • ජනපතිගේ කෑගල්ල දිස්ත්‍රික් සංචාරයෙන් ජනතා ගැටලුවලට විසදුම්

    ජනපතිගේ කෑගල්ල දිස්ත්‍රික් සංචාරයෙන් ජනතා ගැටලුවලට විසදුම්

    කෑගල්ල දිස්ත්‍රික්කයේ සිදුවන නිරන්තර නාය යාම් පාලනය කොට ඉන් පීඩාවට පත්වන ජනතාවගේ ගැටළු විසඳීමට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දිස්ත්‍රික්කයේ ජනතාවට කියා සිටී.

    අද (18) පස්වරුවේ කෑගල්ල දිස්ත්‍රික්කයේ පැවති ජන හමු කිහිපයකට එක් වූ ජනාධිපතිතුමා ජනතාව ඉදිරිපත් කළ ගැටලු  විමර්ශනය කොට මේ බව පැවසීය.

    බුලත්කොහුපිටිය, ලෑවන පොළ භූමියේ දී පොදුජන පෙරමුණේ අපේක්ෂිකා රාජිකා වික්‍රමසිංහ මහත්මිය සහ අරණායක දිප්පිටිය රෝහල හන්දියේ දී අපේක්ෂක ඩබ්. ජයරත්න මහතා සංවිධාන කර තිබූ ජන හමුවලට ජනාධිපතිතුමා අද පස්වරුවේ එක් විය.

    රැස්ව සිටී ජනතාව ජනාධිපතිතුමා මහත් හරසරින් පිළිගත් අතර මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර සෙත් ප්‍රාර්ථනා  කළහ.

    සුළු අපනයන බෝග ආනයනය දැන් නතර කර ඇති බැවින් මෙරට බෝග සඳහා ඉදිරියේ දී ඉහළ මිලක් ලැබෙනු ඇති බව ගොවීන් ඉදිරිපත් කළ ගැටළුවලට පිළිතුරු දෙමින් ජනාධිපතිතුමා කීය.

    බුලත්කොහුපිටිය – යටියන්තොට මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කර දෙන ලෙස කළ ඉල්ලීම ඉටු කිරීමට ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

    නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ප්‍රදේශයේ තරුණයන් බේරාදෙන්නැයි කළ ඉල්ලීම ද ජනාධිපතිතුමාගේ විශේෂ අවධානයට යොමු විය.

    අපේක්ෂක ඉදුනිල් ශාන්ත ගුණසේකර මහතා මාවනැල්ල, මයුරපාද විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ සංවිධාන කර තිබූ ජන හමුවට ද ජනාධිපතිතුමා සහභාගී විය.

    එහිදී ද ජනතාවගේ තොරතුරු විමසූ ජනාධිපතිතුමා ඔවුන් සමග සුහද කථා බහක යෙදිණි.

    සෞඛ්‍ය සේවකයන්ගේ ගැටළු ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරුණු අතර සමුපකාර ව්‍යාපාරයේ උන්නතිය වෙනුවෙන් යල් පැණ ගිය නීති සංශෝධනය කිරීමේ අවශ්‍යතාව ද  ජනතාව ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කළහ.

    මාවනැල්ල නගරයට අඩුවක්ව පවතින බස් නැවතුම්පොළක් ඉදිකර දෙන ලෙස හා  දනාගම වේල්ල ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ද  ජනතාව ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ. මේ පිළිබඳ අධ්‍යයනය කොට සැලසුම් සම්පාදනය කරන්නැයි ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    මයුරපාද ජාතික පාසලේ අඩුපාඩු පිළිබඳව ද ජනාධිපතිතුමා දැනුවත් කෙරිණි.

    හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් වන තාරක බාලසූරිය සහ කනක හේරත් යන මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

    හිටපු නියෝජ්‍ය අමාත්‍ය සාරති දුෂ්මන්ත මිත්‍රපාල මහතා මාවනැල්ල නගරයේ දී සහ කනක හේරත් මහතා රඹුක්කන දුම්රියපොළ ඉදිරිපිට සංවිධාන කර තිබූ ජන හමුවලට ද ජනාධිපතිතුමා සහභාගී විය.

    රට ගොඩනැගීමට ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළට ඉහළ ජනතා ප්‍රසාදයක් පළ වූ අතර එම වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කිරීමට මෙවර මහා මැතිවරණයේ දී වත්මන් රජයට 2/3 ක පාර්ලිමේන්තු බලයක් ලබාදීමට තමන් කැපවී සිටින බව ඔව්හු අවධාරණය කළහ.

    ‘කෑගල්ලත් හදමු’ ප්‍රතිපත්ති ප්‍රකාශය කනක හේරත් මහතා සහ දිස්ත්‍රික් ඉංජිනේරු සංසදය විසින් ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබීය.

    ලිගමුව ෂාන් හෝටලය
    වරකාපොළ සතිපොළ භූමියේ

    අපේක්ෂක තාරක බාලසූරිය මහතා කෑගල්ල පොදු වෙළඳ සංකීර්ණයේ වාහන අංගනයේ, අපේක්ෂක සමන් ජයසිංහ මහතා ගලිගමුව ෂාන් හෝටලය ඉදිරිපිට රථ ගාලේ, හිටපු අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ගලිගමුව, කෝට්ටපොල ගම්මැද්ද පාර අසල නිදහස් භූමියේ සහ අපේක්ෂක උදයකාන්ත ගුණතිලක මහතා  වරකාපොළ සතිපොළ භූමියේ සංවිධාන කර තිබූ ජනහමුවලට ද සහභාගී වූ ජනාධිපතිතුමාට ඉහළ ජනතා පිළිගැනීමක් හිමි විය.

    අවසන් රැළි කිහිපයේ දී මහ වැසි ඇඳ වැටෙන්නට පටන් ගත් අතර වැසි නොතකා ජනතාව අතරට ගිය ජනාධිපතිතුමා ඔවුන් සමග කථා බහක නිරත විය.

  • නාලක ගොඩහේවාට කඩේ යන ‘හොර විද්වත් නඩයක්’ ගැන සුපිරි හෙළිදරව්වක් !

    නාලක ගොඩහේවාට කඩේ යන ‘හොර විද්වත් නඩයක්’ ගැන සුපිරි හෙළිදරව්වක් !

    නාලක ගොඩහේවාට කඬේ යන්නේ මේ විද්වතුන් හා විද්වතියන් නම් ගෝඨාභය රාජපක්ෂ – මහින්ද රාජපක්ෂ – ප‍්‍රසන්න රණතුංග ආදී දේශපාලනඥයින් කළ කී සියල්ල වතුරේ යන බව පැහැදිලිය. ඒ නිසා වත්මන් ආණ්ඩුවේ ප‍්‍රබලයින් සේම ජනතාව ද මේ ඊනියා විද්වතුන් හා ඔවුන් වෙනුවෙන් අටවා ගත් මේ ඊනියා විද්වත් සංවිධාන ගැන වඩාත් ප‍්‍රවේශම් විය යුතුය.

    දේශපාලනයට ‘විද්වතුන් ඕනෑ’ කියන කතාවට සමාජය තුළ මෙන්ම දේශපාලනය තුළත් මිලක් තිබෙනවා. ඒ නිසා ජනතාව සමග සැප – දුක බෙදා ගනිමින්, දහසකුත් එකක් කැප කිරීම් කරමින් සිටි පූර්ණ කාලීන දේශපාලනඥයින් වෙනුවට ඊනියා ‘සහතික ලත් බුද්ධිමතුන් / විද්වතුන් දේශපාලන කරළිය තුළ බැබලීමට පමණක් නොව දියවන්නාව තරණය කිරීමටත් සිහින දකිමින් තිබෙනවා.

    මේ ඊනියා විද්වතුන්ට කඬේ යාම සඳහා හෝ ගොට්ට ඇල්ලීම සඳහා පසුගිය කාලය තුළ විද්වතුන්ගේ සංවිධානත් හතු පිපෙන ආකාරයට බිහි වුණා. ඒ අතර එක් සංවිධානයක් වශයෙන් ‘සමස්ත ලංකා විද්වත් පෙරමුණ’ සැලකිය හැකියි.

    සමස්ත ලංකා විද්වත් පෙරමුණ පිහිටුවා ගැනීම අරමුණු කිහිපයක් පෙරදැරිව සිදුවූ බව පසුගිය 16 වැනිදා පැවැති එම පෙරමුණේ මහා සම්මේලනය වෙනුවෙන් නිකුත් කළ ‘සලවිපෙ’ නම් සමරු කලාපයේ සටහන් වෙනවා.

    ‘සමස්ත ලංකා විද්වත් පෙරමුණ පිහිටුවා ගන්නා ලද්දේ අරමුණු කිහිපයක් පෙරදැරි කරගෙන බව පළමුවෙන්ම සඳහන් කළ යුතුය. ශ‍්‍රී ලංකාව තුළ විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් වෘත්තීය ආයතනවල සමාජිකයින් වන වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, ගණකාධිකාරීවරුන්, ගෘහ නිර්මාණශිල්පීන් සහ පරිගණක ශිල්පීන් ආදීන් තම තමන්ගේ වෘත්තීන්ට අදාළව සංවිධාන ගත වී කටයුතු කරණු ලබයි. එසේම රාජ්‍ය සේවයේ විශ‍්‍රාමික ජ්‍යේෂ්ඨ නිළධාරීන් බොහෝ විට පවතින සමාජ ක‍්‍රමය තුළ වෙන් වෙන්ව ක‍්‍රියාකාරීව කටයුතු කරති. තම තමන්ගේ වෘත්තීන්වලට ආවේනික නීති රීති පිළිබඳ විශාල දැනුම් සම්භාරයක් ඇති මෙකී පිරිස එකම වේදිකාවකට කැඳවා රටේ ප‍්‍රගමනය සඳහා විශාල කාර්යභාරයක් සිදුකළ හැකි බව අප විශ්වාසයයි. සමස්ත ලංකා විද්වත් පෙරමුණ මෙකී අරමුණින් සංවිධාන ගතවී ඇත’ (පිටුව 10- සංස්කාරකවරුන්ගේ සටහන)

    මේ සමස්ත ලංකා විද්වත් පෙරමුණ පිහිටුවා ගැනීමේ අරමුණ ගැන අදාළ පෙරමුණේ සංස්කාරකවරුන් තිදෙනා විසින් තබා ඇති සටහනයි.

    මේ අරමුණ ඉතාම හොඳය. රටට වැඩදායකය. එහෙත් ප‍්‍රශ්නය වන්නේ මේ ඊනියා සමස්ත ලංකා විද්වත් පෙරමුණේ සාමාජිකයින් කවුද ? යන්නයි. ඔවුන් කුමනාකාරයේ විද්වතුන්ද යන්නයි.

    කඬේ යන්නේ නාලක ගොඩහේවාට

    සමස්ත ලංකා විද්වත් පෙරමුණ පසුගිය 16 වැනිදා අගමැති මහින්ද රාජපක්ෂ. හිටපු ඇමති ඩිව් ගුණසේකර, වාසුදේව නානායක්කාර, ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන, එස්.බී දිසානායක සහ ආචාර්ය නාලක ගෙඩහේවා කැඳවා සිදුකළ දේශනවල හරය හෝ අරමුණ විය හැකිව ඇත්තේ මෙවර මහ මැතිවරණයට පොහොට්ටුවෙන් ගම්පහ දිස්ත‍්‍රික්කයට තරඟවඳින ආචාර්ය නාලක ගොඩහේවාට සහාය පළ කිරීම / කඬේ යාම බව අමුතුවෙන් කිව යුතු නැත. (අගමැතිතුමා මෙම වැඩසටහනට සහභාගී වන බව සඳහන් වුව ද එතුමා පැමිණියේ නැත – අගමැතිතුමා මේ සදහා සහභාගී වන බව සදහන් කිරීම ජනමාධ්‍ය අවධානය දිනා ගැනීමේ ඊනියා සැලසුමක් පමණක් විය හැකිය)

    ආචාර්ය නාලක ගොඩහේවා ඇතුළු මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින ඊනියා විද්වතුන් මේ ආකාරයේ අටවා ගත් සංවිධාන හරහා තම ප‍්‍රතිරූපය ඔසවා ගැනීමට තැත් කරන බව අමුතුවෙන් කිව යුතු නැත. ඔවුන් මේ සැරසෙන්නේ ඊනියා විද්වත් බවක් සමාජය හමුවේ මවාපා ඡන්ද ගොඩ වැඩිකර ගැනීම බව පැහැදිලිය.

    සමස්ත ලංකා විද්වත් පෙරමුණේ මහා සම්මේලනය වෙනුවෙන් නිකුත් කළ සමරු කලාපයට ආචාර්ය නාලක ගොඩහේවා විසින් ශුභ පැතුම් එක් කිරීම සහ දේශනයක් කිරීම මගින් ඒ බව මනාව පැහැදිලි වේ.

    එහෙත් ප‍්‍රශ්නය වන්නේ නාලක ගොඩහේවාට කඬේ යන මේ සමස්ත ලංකා විද්වත් පෙරමුණ ඇත්ත වශයෙන්ම විද්වත් පෙරමුණක් ද ? යන්නයි. ඒ තුළ කටයුතු කරන්නේ මීට ඉහත සංස්කාරකවරුන් පවසන පරිදි විද්වතුන් වන වෘත්තීයවේදීන් ද යන්නයි.

    සමස්ත ලංකා විද්වත් පෙරමුණේ උපදේශක මණ්ඩලය

    අදාළ සමරු කලාපයේ 16 වැනි පිටුවේ දක්වා ඇති ආකරයයට සමස්ත ලංකා විද්වත් පෙරමුණේ උපදේශක මණ්ඩලය වන්නේ,

    මහාචාර්ය ටියුඩර් වීරසිංහ,
    2 මහාචාර්ය චන්ද්‍රසිරි රාජපක්ෂ
    3 මහාචාර්ය ආරියරත්න කලූආරච්චි
    4 මහාචාර්ය මංගල සේනානායක
    මහාචාර්ය ධර්මකීර්ති ශ‍්‍රී රන්ජන් යන මහාචාර්යවරු පස් දෙනායි.

    එහෙත් මේ ඊනියා විද්වත් පෙරමුණේ උපදේශක මණ්ඩලයේ සිටින මහාචාර්යවරු දෙදෙනකු ‘සැබෑ මහාචාර්යවරු’ නොවීම ‘විද්වත් වංචාවකි’ නැතහොත් සාමාන්‍ය ජනතාව නොමග යැවීමකි. විද්වතුන්ගේ සහාය, දැනුම අපේක්ෂා කරන ජනාධිපතිවරයා නොමග යැවීමකි.

    මෙහි මුලින්ම නම සඳහන් වන මහාචාර්ය ටියුඩර් වීරසිංහ සහ මහාචාර්ය ධර්මකීර්ති ශ‍්‍රී රන්ජන් යනු මහාචාර්ය ධුරයක් හිමි අය නොවේ. හොරණ ශ‍්‍රී පාලි මණ්ඩපයයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරුන් වන ඔවුන් දෙදෙනා ‘ආචාර්යවරුන්’ මිස මහාචාර්යවරුන් නොවේ.

    මේ බව කොළඹ විශ්විද්‍යාලයේ ශ‍්‍රීපාලි මණ්ඩපයෙන් දැන ගැනීම අවශ්‍ය නොවන්නේ මෙම සමරු කලාපය සංස්කරණය කළ බව කියන ඊනියා සංස්කාරකවරුන් තිදෙනාගේ විද්වත්භාවය මනාව පැහැදිලි කරමින් ‘ගෝලීය සන්දර්භය තුළ ජාතික අර්බුදය හමුවේ අප කළ යුත්තේ කුමක්ද ’ යන (පිටුව 21) ලිපියේ රචකයා ලෙස එහි අවසානයේ (පිටුව 29) සඳහන් වන්නේ ‘ආචාර්ය ටියුඩර් වීරසිංහ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ශ‍්‍රීපාලි මණ්ඩලය, කොළඹ විශ්වවිද්‍යාලය’ ලෙසය.

    සංස්කාරකවරුන්ගේ ඊනියා විද්වත්කම තව දුරටත් හෙළිකරමින් මෙම සමරු කලාපයේ 37 වැනි පිටුවේ ‘සමස්ත ලංකා විද්වත් පෙරමුණෙහි මහා සම්මේලනයට අපේ සුබ පැතුම්’ මැයෙන් ලබාදී ඇති අනුග‍්‍රාහක දැන්වීමේ සටහන් වන්නේ ‘ආචාර්ය ටියුඩර් වීරසිංහ සහ ආචාර්ය ධර්මකීර්ති ශ‍්‍රී රන්ජන්’ යනුවෙනි.

    ආචාර්ය ධුරයක් ඇති අයෙකු මහාචාර්යවරයෙකු ලෙස හැඳින්වීම සම්පූර්ණයෙන් වරදක් වන අතර ජනතාව හෝ මේ ඊනියා සංවිධානවල අනුහස ගැන සතුටට පත්ව සිටින පාලකයින් නොමග යැවීමකි. අදාළ සංවිධානවලට අනවශ්‍ය වටිනාකමක් ආරෝපණය කර ගැනීමකි.

    මෙහි වඩාත්ම හාස්‍යජනක කරුණ වන්නේ ආණ්ඩුකිරීමට උපදෙස් දෙන්න යන මේ ඊනියා විද්වතුන් තම මහා සම්මේලනය වෙනුවෙන් මුද්‍රණය කළ සමරු කලාපයේ තම සෙළුව අවශ්‍ය ප‍්‍රමාණයට වඩා නිරාවරණය කිරීමය.

    සමස්ත ලංකා විද්වත් පෙරමුණේ විද්වතුන්ගේ පැටිකිරිය

    සමස්ත ලංකා විද්වත් පෙරමුණ පිහිටුවා ගත්තේ රාජ්‍ය පාලනයට අවශ්‍ය ප‍්‍රතිපත්ති සම්පාදනයට විද්වත් වෘත්තිකයින්ගේ දැනුම සහ අත්දැකීම් ලබා දීමට බව එහි සංස්කාරක සටහනේ සටහන් වේ.

    එහෙත් ප‍්‍රශ්නය වන්නේ සමස්ත ලංකා විද්වත් පෙරමුණේ විද්වතුන් අතර, ‘විද්වතුන්’ නොවීමය. අවම වශයෙන් අදාළ විෂය පිළිබඳ කිසිඳු ආකාරයක වෘත්තීය සුදුසුකමක් ඇති (මේ බව මේ කුඩා සමරු කලාපය උඩින් පල්ලෙන් බලන විට පවා පැහැදිලි වේ. එසේ නොවේ නම් ගරු එස්.බී. දිසානායක අමාත්‍යතුමාගේ ප‍්‍රකාශයේ අවසානයට සඳහන් නම (පිටුව 07) ගරු. එස්.බී. දිසානයක වන්නේ නැත)

    මෙම සමරු කලාපයේ 16 වැනි පිටුවේ සඳහන් වන පරිදි සමස්ත ලංකා විද්වත් පෙරමුණේ උපදේශක මණ්ඩලයේ සිටින ඊනියා මහාචාර්යවරුන් දෙදෙනා සේම සංස්කාරක මණ්ඩලයේ ද ඊනියා මාධ්‍යවේදියෙක් සිටී.

    අදාළ මහා සම්මේලනය පැවැත්වූ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ සංවර්ධන සහකාරවරයෙකු (උපාධිධාරියෙකු නොවේ) වන ‘මාධ්‍යවේදී. කේ.ඒ.සී. පෙරේරා’ අප කළ සොයා බැලීම්වලදී මාධ්‍ය ආයතනයක පස්පෑගුවෙකු ද නොවේ.

    එසේම එහි විධායක සභාව නියෝජනය කරන ‘ඉන්ධීවරී දිසානායක’ මිය ද හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ ප‍්‍රවෘත්ති හා ප‍්‍රකාශන නිලධාරිනියක් පමණකි (ඇය කනිෂ්ඨ නිලධාරිනියකි)

    පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය භාර රාජ්‍ය අමාත්‍යවරයා වූ වසන්ත අළිවිහාරේ මහතාට ඥාතී සම්බන්ධයක් ඇති බව කියන මෙම ඊනියා විද්වත් කමිටු සාමාජිකාවගේ සැමියා වන්නේ මීට ඉහත නම සඳහන් කළ සංස්කාරක, මාධ්‍යවේදී කේ.ඒ.සී. පෙරේරා වීම ද අවධානයට ගත යුත්තකි.

    රාජ්‍ය සේවයේ අත්දැකීම් බහුල විද්වතුන්ගේ පෙරමුණක් බව කියන එකක මොවුන් දෙදෙනා (අඹු සැමියන්) මහා විද්වතුන් වන්නේ කෙසේද යන්න වෙනම වටහා ගත යුත්තකි.

    පවුල් හවුල

    මේ අවුල විසඳා ගැනීම කිසිසේත් අසීරු නොවේ. ඒ සමස්ත ලංකා විද්වත් පෙරමුණේ ප‍්‍රධාන ලේකම්වරයා වන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කේ.ඒ ගුණදාස පෙරේරා හඳුනා ගත් පසු ඉහළ සංස්කාරකවරයා සහ විධායක කමිටු සාමාජිකාවගේ ඥාතීත්වය පහසුවෙන් හඳුනා ගත හැකිය.

    සමස්ත ලංකා විද්වත් පෙරමුණේ ප‍්‍ර‍්‍රධාන ලේකම්වරයා වන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කේ.ඒ. ගුණදාස පෙරේරාගේ පුත‍්‍රයා වන්නේ මෙම පෙරමුණේ සංස්කාරකවරයා වන උසස් පෙළ පමණක් සමතෙකු වන ඊනියා මාධ්‍යවේදී කේ.ඒ.සී. පෙරේරාය.

    එවිට අපට ඊනියා සමස්ත ලංකා විද්වත් පෙරමුණේ සැබෑ තත්ත්වය පහසුවෙන් වටහා ගත හැකි වේ.

    මේ තත්ත්වය තව දුරටත් පැහැදිලි කර ගැනීමට අවශ්‍ය නම් මහාචාර්ය ටියුඩර් වීරසිංහ ප‍්‍රධාන ලේකම්වරයාගේ ඥාතියෙකු වන අතර සංස්කාරකවරයා ඔහුව හඳුන්වන්නේ ‘මාමා’ ලෙසය.

    එසේ නම් ඊනියා සමස්ත ලංකා විද්වත් පෙරමුණේ ඥාතී සම්බන්ධතාව පහසුවෙන් වටහා ගත හැකිය.

    ආචාර්ය නාලක ගොඩහේවා වැනි විද්වතුන්ට කඬේ යන සමස්ත ලංකා විද්වත් පෙරමුණ ගැන මීට වඩා යමක් ලිවිය යුතු නැත. එහෙත් මේ ඊනියා විද්වතුන් ගැන තව දුරටත් හෙළිකරමින් මෙම පෙරමුණේ මාධ්‍ය ලේකම්වරයා බව කියන ප‍්‍රවීන මාධ්‍යවේදී චන්දන විජේකෝන් ගැන ද යමක් සඳහන් කළ යුතුය. උපාධිධාරියෙකු නොවන චන්දන විජේකෝන් දිනමිණ පුවත්පතේ උප කර්තෘවරයෙකු පමණක් වන බව සඳහන් කළ යුතුය.

    අවසානය

    මෙහි ඇති වඩාත්ම හාස්‍ය ජනක මෙන්ම බියකරු තත්ත්වය වන්නේ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ සේවකයින් දෙදෙනකු වන ඉන්ධීවරී දිසානායක සහ ඇයගේ සැමියා වන කේ.ඒ.සී. පෙරේරා යන දෙදෙනාම පසුගිය යහපාලන ආණ්ඩු සමයේ එම ආයතනය භාරව කටයුතු කළ වසන්ත අළුවිහාරේගේ ඍජු දේශපාලන පත්වීම් ලාභීන් වීමයි.

    අනෙක් අතට යහපාලන ආණ්ඩු සමයේ තම ඇමති මාමාගේ අනුහස ගෙන අදාළ කණිෂ්ඨ නිලධාරිනිය ආයතනය තුළ බලාධිපත්‍යක් පවත්වා ගෙන යාමයි. එවකට තම පෙම්වතා වන සමස්ත ලංකා විද්වත් පෙරමුණේ සංස්කාරකවරයකු වන මාධ්‍යවේදී කේ.ඒ.සී. පෙරේරාගේ පත්වීම ස්ථිර කර ගැනීමට (මොහු අදාළ ආයතනයට පැමිණ ඇත්තේ තම පියාගේ බලපෑම්වලින් අනියම් සේවයෙකු ලෙසය)

    මේ වන විට මෙම විධායක කමිටු සාමාජිකාව තම සංස්කාරක සැමියාගේ සහ ප‍්‍රධාන ලේකම් මාමාගේ දේශපාලන අනුහස ගෙන යහපාලන සමයේ මාමා ඇමැතිකම් කළ සමයේ හැසිරුණු ආකාරයෙන් හැසිරෙමින් සිටින අතර එය ආයතනයේ සමස්ත පාලනයට ද බරපතළ තර්ජනයක් වී ඇත.

    නාලක ගොඩහේවාට කඬේ යන්නේ මේ විද්වතුන් හා විද්වතියන් නම් ගෝඨාභය රාජපක්ෂ – මහින්ද රාජපක්ෂ – ප‍්‍රසන්න රණතුංග ආදී දේශපාලනඥයින් කළ කී සියල්ල වතුරේ යන බව පැහැදිලිය. ඒ නිසා වත්මන් ආණ්ඩුවේ ප‍්‍රබලයින් සේම ජනතාව ද මේ ඊනියා විද්වතුන් හා ඔවුන් වෙනුවෙන් අටවා ගත් මේ ඊනියා විද්වත් සංවිධාන ගැන වඩාත් ප‍්‍රවේශම් විය යුතුය.

    මන්ද දේශපාලන කටුස්සන් වන තාත්තලා – පුතාලා – ලේලිලා විසින් තම පැවැත්මට අටවා ගත්, ආචාර්යවරු මහාචාර්යවරු කරන, මාධ්‍යවේදීන් සිටින මෙම සංවිධානවල සැබෑ අරමුණ කිසිසේත් අවංක නොවන නිසාය.

    සටහන – මහාචාරිය කඩේගෙදර විද්වතී අළුවිහාරේ

  • ඔබගේ Instagram Game ඉහළ නැංවීමට සුපිරිම ඉරියව් 12ක්

    ඔබගේ Instagram Game ඉහළ නැංවීමට සුපිරිම ඉරියව් 12ක්

    Instagram හි ඡායාරූප පළ කිරීම බොහෝ දෙනකුගේ දෛනික පුරුද්දක්. ඒත් අපි දකින ආකාරයට ඒ ඡායාරූප ඔවුන් අපේක්ෂා කරන තරම් සුන්දර හෝ කඩවසම් නැහැ. නැතිනම් සරාගී හෝ උණුසුම් නැහැ. ඒ නිසා ඇති වන්නේ සිත්තැවුලක්.

    ඒත් Instagram සදහා ඡායාරූප ගැනීම ගැන ලොව පුරා විශේෂඥ දැනුම හුවමාරු වෙනවා. සුන්දර ඉරියව් ගැන අධ්‍යයනය සිදුවෙනවා. අපි ඔබ වෙනුවෙන් එවැනි ඉරියව් 12ක් ලෝ ප්‍රකට අන්තර්ජාල අඩවියක් වන ‘ෆෙමිනා‘ වෙතින් සොරා ගත්තා. මේ ඒ ඡායාරූප 12. බලන්න මේ ඉරියව්වලින් ඡායාරූප ගැනීමට ඔබටත් පුළුවන් ද කියලා.

    Fiona Frills – The Knee Popped Out Pose

    විලාසිතා

    Emma Chamberlain – The Claw Hands

    විලාසිතා

    Haley Pham – The Mid-Walk Pose

    විලාසිතා

    Summer Mckeen – Making Most Of Sunlight

    විලාසිතා

    Lauren Bullen – Self-Portrait With Props

    විලාසිතා

    Chriselle Lim – Overlooking The Shoulder

    විලාසිතා

    Christie Tyler – The No Smile Mirror Selfie

    විලාසිතා

    Karen Wazen – The Classic Victory Sign Pose

    විලාසිතා

    Negin Mirsalehi – Climbing The Stair Candidly

    විලාසිතා

    Aimee Song – Lounging On A Chair

    විලාසිතා

    Cosmo & Fries – Leg Mid-Air Pose

    විලාසිතා

    By – Femina.in

  • පවුලකට අනාරාධිතවම තුන්වැන්නෙක් එක් වන්නේ ඇයි ?  ‘ඇත්ත කතාව’ මෙන්න !

    පවුලකට අනාරාධිතවම තුන්වැන්නෙක් එක් වන්නේ ඇයි ? ‘ඇත්ත කතාව’ මෙන්න !

    ‘අනපේක්ෂිත ගැබ්ගැනීම්‘ කාන්තාවන් විසින් මුහුණ දෙන සුලභ ප්‍රශ්නයක්. සමීක්ෂණවලට අනුව ගැබ් ගැනිම් වලින් 33%ක් පමණ සැලසුම් නොකල ඒවායි. මෙයින් 23 %ක් පමණ ආර්තව චක්‍රයේ සරු කාලයේ දී සංසර්ගයේ යෙදිම නිසා ඇතිවන අතර 10%  කිසිසේත්ම සැලසුමකින් තොරවීම නිසා සිදුවේ.

    කාන්තාවන් මේ තත්ත්වයට මුහුණ දෙන්නේ ‘ගැබ් ගැනීම්‘ ගැන ප්‍රමාණවත්, නිවැරදි දැනුමක් නොමැති නිසා බව ප්‍රකට කරුණක්. අප මේ ලිපිය මගින් අනපේ්ක්ෂිත ගැබ් ගැනීම් ගැන ඔබට පරිපූර්ණ විද්‍යාත්මක දැනුමක් ලබා දෙනවා.

    සැලසුම් නොකළ ගැබ් ගැනීමක් යනු, මව හෝ පියා හෝ යුවල විසින් ම සැලසුම් නොකොට ඇතිවන පිළිසිද ගැනීමකි. විවාහයෙන් පසු, බොහෝ අඹු සැමියන් දරුවන් අපේක්ෂා කරති. ඔවුන්ගේ අවශ්‍යතා පෞද්ගලික වන අතර, එම නිසා නිසි සැලසුම් කිරීමක් කළ යුතුය.

    ගැබ් ගැනීමට සැලසුම් කිරීමේදී සිතිය යුතු කරුණු

    • ශාරීරික යෝග්‍යතාව සම්බන්ධ කරුණු
    • මානසික ස්වභාවය
    • දරුවකු ලැබීම සදහා අවශ්‍ය කාලය සපයාගත හැකිවීම
    • අනාගතය සදහා සැලසුම්
    • ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය පිළිබද දැනුම

    මේ ඒ පිළිබදව තිබිය යුතු කරුණු කිහිපයකි. එම නිසා නිසියාකාර සැලසුම් මගින් යුවලකට නිරෝගි, තෘප්තිමත් දරුවෙකු ලැබිය හැකි අතර එම නිසා පවුලේ සාමාජිකයන් අතර සබදතාවය ද වර්ධනය කර ගතහැක.

    සැලසුම් නොකල ගැබ් ගැනීමක් ඇති වුණු විට, ගබ්සාවකට මුහුණ දීම ඇතුලුව විවිධාකාර ප්‍රති විපාකවලට මුහුණදිමට සිදු වේ.

    සැලසුම් නොකළ ගැබ් ගැනීම් ප්‍රමාණය

    වර්තමානයේ දී ඇතිවන සැලසුම් නොකළ ගැබ්ගැනිම් නියම ප්‍රමාණය ගණනය කිරිම ඉතා අපහසු වෙයි. සමීක්ෂණවලට අනුව ගැබ් ගැනිම් වලින් 33%ක් පමණ සැලසුම් නොකල ඒවා වෙයි.
    මෙයින් 23 %ක් පමණ ආර්තව චක්‍රයේ සරු කාලයේ දී සංසර්ගයේ යෙදිම නිසා ඇතිවන අතර 10%  කිසිසේත්ම සැලසුමකින් තොරවීම නිසා සිදුවේ.

    බොහෝ නුතන උපත් පාලන ක්‍රම ආරක්ෂාකාරී හා විශ්වාසදායක වෙයි. මෙවැනි ආසාර්ථකත්වයක් බොහෝවිට ඇතිවෙන්නේ උපත් පාලන ක්‍රමයේ වැරදි හා ස්වභාවික උපත් පාලන ක්‍රම යොදාගැනිම නිසාය.

    සැලසුම් නොකළ ගැබ් ගැනීම් ඇතිවීමට හේතු

    1. ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය පිළිබද දැනුම අල්ප වීම – සබදතාවයක දී හෝ විවාහය සැලසුම් කරන විට, ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය පද්ධති පිළිබද දැනුමක් ලබා තිබීම අත්‍යවශ්‍යවේ. මෙමගින්, ලිංගික කාර්යයේ දී සිදුවන දෑ, පිළිසිද ගැනීමක් ඇති වෙන්නේ කෙසේද, එය වළක්වා ගන්නෙ කෙසේද යන්න පිළිබදව අවබෝධයක් ලබාගත හැක.

    2. උපත් පාලන ක්‍රමයක් භාවිත නොකිරීම – විශ්වාසදායක උපත් පාලන ක්‍රමයක් භාවිත නොකරන්නේ නම්, අනවශ්‍ය ගැබ් ගැනීමක් ඇතිවිය හැක.

    3. උපත් පාලන ක්‍රමය අසාර්ථක වීම – උපත් පාලන ක්‍රමයේ යම් අසාර්ථකත්වයක් නිසා අනවශ්‍ය ගැබ් ගැනීමක් ඇතිවිය හැක. බොහෝ නුතන උපත් පාලන ක්‍රම ආරක්ෂාකාරී හා විශ්වාසදායක වෙයි. මෙවැනි ආසාර්ථකත්වයක් බොහෝවිට ඇතිවෙන්නේ උපත් පාලන ක්‍රමයේ වැරදි හා ස්වභාවික උපත් පාලන ක්‍රම යොදාගැනිම නිසාය.

    4. ලිංගික අපයෝජනය හෝ දුෂණය- අනවශ්‍ය පිළිසිද ගැනීමක් ඇතිවීමේ අවදානම සිහි තබා ගත යුතුය.

    අනවශ්‍ය පිළිසිද ගැනීමකදී සිදුවිය හැක්කේ කුමක්ද ?

    1. සැලසුම් නොකල ගැබ්ගැනිම් අනවශ්‍ය පිළිසිද ගැනීමක් බවට පත්වීම – මුලදී අනවශ්‍ය /සැලසුම් නොකළ පිළිසිද ගැනීමක් වුවද, කාලය සමග එය අවශ්‍ය  පිළිසිද ගැනීමක් බවට පත්විය හැක. ඔබේ සහකරු,පවුලේ සාමාජිකයන් හෝ පවුලේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කිරීමෙන් පසු මෙය සිදුවිය හැක.

    2. අනවශ්‍ය පිළිසිද ගැනීම, අනවශ්‍ය  පිළිසිද ගැනීමක් ලෙස පැවතීම – මවගේ මානසික තත්ත්වය හා සමහර විටෙක තමන් පිළිබද නොසැලකිල්ල, කායිකව හා මානසිකව දරුවාට හා මවට බලපායි.

    3. අනවශ්‍ය පිළිසිද ගැනීම ගබ්සාවක් දක්වා වර්ධනය වීම – මවගේ ජීවිතය බේරා නොගැනීමට නොවේ නම්, ගබ්සාව ශ්‍රී ලංකාවේ නිතී විරෝධිවේ. ශ්‍රී ලංකා‍වේ භාවිතවන ගබ්සා ක්‍රම  වෛද්‍යමය,ශල්‍යමය හෝ සාම්ප්‍රදායික ක්‍රම විය හැක.

    4. ළදරු ඝාතනය / මව විසින්ම ළදරුවා ඝාතනය කිරීම – මව විසින් තම සෞඛ්‍යය තත්ත්වය ගැන අවධානය යොමු නොකිරීම,නිතර වෛද්‍ය පරික්ෂණ සදහා සහභාගි නොවීම, ආහාර හා විටමින් ගැන අවධානය යොමු නොකිරීම, මව විසින් සමහර විටෙක ගැබ් ගැනීම රහසක් ලෙස තබා ගැනීමට ‍හෝ දරු ප්‍රසුතිය තමා විසින් ම කර ගැනීමට හෝ දරුවාගේ හුස්ම හිර කිරීමට උත්සාහ කරනු ඇත. ඉහත සදහන් සියලු අවස්ථා ‍දරුවාගේ ජීවිතය‍ට තර්ජනයකි.

    5. දෙමව්පියන් විසින් නොසලකා හැරීම – මන්ද පෝෂණය, ආතතියට හෝ අපයෝජනයට දරුවා ලක්විය හැක. අපයෝජනය, කායික හා මානසික හෝ ලිංගික වශයෙන් තෙවැදෑරුම් විය හැක. මෙහි අවසාන ප්‍රතිඵලය විය හැක්කේ බොහෝ දරුවන්ට මානසික ගැටලු උරුමවීමයි.

    6. මවට ඇතිවිය හැකි බලපෑම් – නිතර ගැබ් ගැනීම මගින් කායික හා මානසික සෞඛ්‍යය‍ට බලපෑම් ඇති කරයි.

    •  කායික සෞඛ්‍යය – මන්දපෝෂණය, නීරක්තිය , අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ හිගවීම, හදවත් රෝග වැනි අනෙකුත් රෝග වර්ධනය වීම, දියවැඩියාව, අධික රුධිර පීඩනය ආදිය
    • මානසික සෞඛ්‍යය-  පිළිසිද ගැනීම පිළිබද සුදානම් නොමැති නම් ගැටලු රාශියක් මතුවෙයි. මෙම ගැටලු දරුවා ඉපදුනු පසු ද පැවතිය හැක. කාන්තාවක්, ගබ්සාවක් කිරීමට තීරණය කරන්නේ නම්, ඇය ඒ පිළිබදව වසර ගණනාවක් තිස්සේ පසුතැවෙයි. එවැනි තත්ත්වයක් කාන්තාවගේ හා ඇයගේ පවුලේ සුවතාවයට බලපෑම් ඇති කරයි.

    7. දරුකමට හදා ගැනීම සදහා ලබා දීම – මූල්‍ය අස්ථාවරතාවය, සාමාජීය හේතු (විශාල පවුල්, එක් සහකරුවෙකුගෙන් ප්‍රතික්ෂේප වීම සහ අනෙකුත් හේතු නිසා, සමහර විටෙක මෙම තීරණය ගනු ලැබේ. කෙසේ නමුත් බොහෝ කාන්තාවන් සහ ඔවුන්ගේ සහකරුවන් ජීවිත කාලය තුරාවටම ඒ පිළිබදව සිතමින් පසුතැවෙයි.

    8. විකිණීම සදහා ලබා දීම- බොහෝ විට මූල්‍ය ප්‍රශ්න නිසා දරුවන් විකිණීම සදහා ලබා දෙයි.

    9. දරුවා  අත්හැර දැමීම – දරුවා – ශරීර උෂ්ණත්වය අඩුවීම හෝ විජලනය නිසා මියයාම ‍‍හෝ සතුන් විසින් පහරදීමට ලක්වීම හෝ අන්‍යයන් විසින් ලබාගැනීම (සමහර විට දරුවා හොදින් ලබා ගැනෙන අතර සමහර විටෙක විවිධ අපයෝජන වලට ලක්විය හැකිය.)

    10. සිය දිවි නසා ගැනීම – පවුල හෝ සාමාජය මගින් ඇතිවන පීඩනය නිසා හෝ තම පවුල නඩත්තු කිරීමට නොහැකියාව නිසා සියදිවිනසා ගැනීමට පෙළඹේ.

    ඉහත සදහන් තත්ත්වයන් ඇතිවීම වළක්වා ගැනීම සදහා සැම විටම ආරක්ෂාකාරී පියවර අනුගමනය කිරීම වැදගත්වේ.

    අනවශ්‍ය පිළිසිද ගැනීමක් වළක්වා ගන්නේ කෙසේ ද?

    • ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය පිළිබද අවබෝධය දියුණු කිරීම
    • ඔබේ සහකරු සමග සාකච්ඡා කර ඔබේ අවශ්‍යතා පරිදි පවුල සැලසුම් කරගන්න.
    • උපත් පාලනය හා ලබාගත හැකි උපත් පාලන ක්‍රම පිලිබදව අ‍වබෝධය දියුණු කරගැනීම
    • නිසි හා ක්‍රමවත් ලෙස විශ්වාසදායි උපත් පාලන ක්‍රමයක් යොදාගැනීම

    (ක්‍රමවත් උපත් පාලන ක්‍රමයක් භාවිත නොකරන්නේ නම්) සැලසුම් නොකළ ලිංගික එක්වීමකින් පසු හදිසි ගැබ්ගැනීම් වැලැක්වීමේ ක්‍රමයක් භාවිත කරන්න.

    Text by Happylife.lk

  • පාසල් ආරම්භ කිරීම කල් යයි – AL සහ 5 වසර ශිෂ්‍යත්වය ගැන තීන්දුව සදුදා

    පාසල් ආරම්භ කිරීම කල් යයි – AL සහ 5 වසර ශිෂ්‍යත්වය ගැන තීන්දුව සදුදා

    පාසල් නිවාඩුව තවත් සතියකින් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.   යළිත් පාසල් ආරම්භය 11 , 12 ,13 වසර සඳහා පමණක් ජුලි මස 27 වනදා සිදුකරන බව ද එම අමාත්‍යංශය සඳහන් කරයි. 

    කෙසේවෙතත් රාජාංගනය සහ වැලිකන්ද අධ්‍යාපන කොට්ඨාශයන්හි කිසිදු පාසලක් අගෝස්තු මස 10 වන දිනට පෙර විවෘත නොවන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සදහන් වෙයි.

    පාසල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඔහුගේ නිර්දේශ ඊයේ (17) දිනයේ අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලබාදී තිබේ. 

    මැතිවරණයෙන් පසුව එළඹෙන පළමු සඳුදා දිනය වන අගෝස්තු මස 10 වන දා පාසල්වල අනෙකුත් ශ්‍රේණි විවෘත කිරීම සඳහා සුදුසු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිර්දේශ කර ඇති බව ද සඳහන් වේ. 

    උසස් පෙළ සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පවත්වන නව දින ප්‍රකාශයට පත් කිරීම එළඹෙන සඳුදා (20) සිදුකරන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

  • ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් දශලක්‍ෂය ඉක්මවයි

    ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් දශලක්‍ෂය ඉක්මවයි

    එක් දිනයක් ඇතුළත Covid -19 ආසාදිතයන් 35,000කට අධික සංඛ්‍යාවක් වාර්තා කරමින් ඉන්දියාව එරට සමස්ත ආසාදිත ජන සංඛ්‍යාව දශ ලක්ෂය ඉක්මවා ගොස් ඇත.

    ඇමෙරිකා එක්සත් ජනපදය සහ බ්‍රසීලය ළඟට කොරෝනා ආසාදිත දර්ශකයේ තුන්වෙනි තැන සිටින්නේ ඉන්දියාවය. එම රටවල් තුනම මේවනවිට කොරෝනා ආසාදිත ජන සංඛ්‍යාව අතින් දශ ලක්ෂය ඉක්මවා ඇත.

    ඉන්දියාව ලෝක මට්ටමින් එම තෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ ආසාදිතයන් සුවපත්වීම අතින් ඉහළ හා මරණ සංඛ්‍යාවේ අඩු අනුපාතයක් වාර්තා කරමින් සිටින අතරය.

    මරණ සංඛ්‍යාව දැනට 25,602 ඉක්මවා ඇති අතර එය කොරෝනා මරණ ප්‍රමාණය අතින් ලෝකයේ අටවෙනි ස්ථානය වේ.

    ඉන්දියාවේ ප්‍රාන්ත මට්ටමින් විමසන විට එරට වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වී තිබෙන්නේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙනි. එම ප්‍රාන්තයෙන් වාර්තාවන කොරෝනාවෛරස් ආසාදිත සංඛ්‍යාව 180,000 ඉක්මවා ඇත.

    A health worker in PPE talking to a woman during a swab Covid-19 rapid antigen tests at a government school.

    ඒ අතරම ඉන්දියාවේ දකුණු ප්‍රාන්තවලින් ද අලුත් දරුණු කොරෝනා කළාප වාර්තාවෙමින් පවතී. කර්ණාටක සහ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්ත ඒ අතර මුල්තැන ගනී.

    නැගෙනහිර ඉන්දියාවේ බිහාර් සහ බටහිර බෙංගාලය දෛනික මට්ටමින් කොරෝනා ආසාදිත ජන සංඛ්‍යාව වේගයෙන් ඉහළ යමින් පවතින තවත් ප්‍රාන්ත දෙකකි.

    ඉන්දියාව සිය භූමියේ පළමු කොරෝනා ආසදිතයා වාර්තා කළේ පසුගිය ජනවාරි මස අවසාන දිනවලය. එහෙත් එම කාලය තුළ ඉන්දියානු භූමියේ වසංගතය පැතිරයාම ඉතා සෙමෙන් සිදුවන මට්ටමක පැවතුනි.

    ඉන්දියානු ආණ්ඩුව පසුගිය මාර්තු මාසය වනවිට කල්තබාම ජාත්‍යන්තර ගුවන්ගමන් අත්හිටුවමින් ක්‍රියාවට නංවන ලද රට අගුලු දැමීමේ (Lockdown) දැඩි ක්‍රියාමාර්ගය හේතුවෙන් වසංගතය පැතිරයාම එක්තරා මට්ටමකින් සීමාකරගත් බව විශේෂඥයන්ගේ විශ්වාසය ය. එහෙත් මාස දෙකකට ආසන්න කාලයකට පසු එම අගුලු දැමීම අවසන් කරනු ලැබිණි.

    රට අගුළු දැමීම ආර්ථික සහ මානවීය ජීවිතයට බරපතල ප්‍රහාරයක් වූ අතර එවැනි පසුබිමක් තුළ ජූනි මාසය අවසානයේ රට යළි විවෘත කරනු ලැබීමත් පරීක්ෂණ සංඛ්‍යාව වැඩිකරනු ලැබීමත් සමඟ ආසාදිත ජන සංඛ්‍යාව වේගයෙන් ඉහළ යන්නට විය.

    පරීක්ෂණයට ලක්කිරීම, ආසාදිතයන් හඳුනාගැනීම සහ හුදෙකලා කර තැබීම සඳහා රට අගුළු දැමීම මගින් දෙන ලද අවස්ථාව දිල්ලි අගනුවර ඇතුළු ඇතැම් ප්‍රාන්ත අපතේ යවනු හැර ලැබ ඇතැයි විශේෂඥයෝ පවසති.

    මේ වනවිට දිල්ලි අගනුවරට අයත් කලාපයෙහි කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාවේ පහත වැටීමක් පෙන්නුම් කෙරෙන අතර ඉන්දියාවේ සෙසු ප්‍රදේශවල දක්නට ලැබෙන්නේ ආසාදිත ජන සංඛ්‍යාවේ වැඩිවීමකි.

    බලධාරීන් ඊට ප්‍රතිචාරය දක්වා තිබෙන්නේ ප්‍රාදේශීය මට්ටමින් අගුළු දැමීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාවට නංවමිනි. දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ‘චෙන්නායි’ නගරය අගුළු දැමීම පසුගියදා අවසන් කෙරුණ අතර, බැංගලෝර් නගරයේ සතියක අගුළු දැමීමක් ප්‍රකාශයට පත්කරනු ලැබ ඇත.

    A man reads a newspaper while sitting in front of closed shops in a commercial area during a week-long lockdown to contain the surge of COVID-19 coronavirus cases, in Bangalore on July 15, 2020.

    ඉන්දියාව සහමුලින්ම විවෘත කරනු ලැබ ඇතත්,රට වසංගතයට එරෙහිව සටනක පැටලී සිටින හෙයින් ප්‍රාදේශීය මට්ටමින් කලින් කල ප්‍රකාශයට පත් කෙරෙන අගුලු දැමීම් සාමාන්‍ය දෙයක් බවට පත්වීමේ හැඩක් දක්නට ලැබේ.

    ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාවේ ඇත්ත නැත්ත

    කොරෝනාවෛරස් වසංගතය නිසා සිදුවෙන මරණ අනුපාතය අසාමාන්‍ය ලෙස පහත වැටීම ඉන්දියාව සඳහා ඉතා යහපත් පුවතකි.

    එහි සමස්ත මරණ සංඛ්‍යාව ගත්විට එය ලෝකයේ අටවැනි ස්ථානයයි. එහෙත් ජනගහනය දශ ලක්ෂයකට එය පහළ අනුපාතයකි.

    ඉන්දියාව පුරා Covid -19 මරණ සංඛ්‍යාව අතින් ප්‍රශ්න රාශියක් පැන නැග ඇත. ඇතැම්විට නියම සංඛ්‍යාව වාර්තා නොවන මට්ටමක පැවතීමට ඉඩකඩ ඇති බවට විශේෂඥයන් බොහෝදෙනෙක් එකඟ වෙති.

    එහෙත් එම විශේෂඥයන් ද පවසන්නේ, උදාහරණයක් වශයෙන් ඉන්දියාව සහ බටහිර යුරෝපය අතර සැලකිය යුතු පරතරයක් ඉදිරිපත් නොවෙන බවය.

    එසේම බංග්ලාදේශ් සහ ඉන්දුනීසියාව වැනි අසල්වැසි රටවල් සමඟ සාපේක්‍ෂව බලනවිට ඉන්දියාවේ Covid -19 මරණ අනුපාතය එම රටවලට සමාන මට්ටමක පවතී.

  • මැතිවරණයට අදාළව මාර්ගෝපදේශ 03කට නීතිපති අනුමැතිය

    මැතිවරණයට අදාළව මාර්ගෝපදේශ 03කට නීතිපති අනුමැතිය

    සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මහ මැතිවරණයට අදාළව ඉදිරිපත් කරන ලද මාර්ගෝපදේශවලින් මැතිවරණ රැස්වීම්, මැතිවරණ ප්‍රචාරක කටයුතු හා මැතිවරණ කාර්යාල සම්බන්ධයෙන් පමණක් නීතිපතිවරයාගේ අනුමැතිය හිමි වූ බව නීතිපතිගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය සදහන් කළාය.

    කොවිඩ් 19 තත්ත්වය යමතේ මහ මැතිවරණය පැවැත්වීමට අදාළව  සෞඛ්‍යමය මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සකස් කර එය රෙගුලාසි බවට පත් කිරීම සදහා රජයේ ගැසට් පත්‍රයේ පළ කළ යුතු බවත් මේ සදහා නීතිපති අනුමැතිය ලබාගැනීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අදාළ මාර්ගෝපදේශ නීතිපති දෙපාර්තුමේන්තුවට යොමු කර ඇති බවත් ඇය වැඩි දුරටත් සදහන් කළා.