Blog

  • ඇන්ඩ්‍රොයිඩ් පරිශීලකයන් අනතුරේ – ITSSL

    ඇන්ඩ්‍රොයිඩ් පරිශීලකයන් අනතුරේ – ITSSL

    සයිබර් ප්‍රහාරකයෙකුට ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතනයක පවතින සංවේදී තොරතුරු ලබා ගැනීමට, එම දුරකථනයෙහි අනිෂ්ට කේත ක්‍රියාත්මක කිරීමට පහසුකම් සලසන ආරක්‍ෂිත දෝෂ කිහිපයක් හදුනාගැනීමට ගූගල්‍ සමාගමට හැකිවී ඇත.

    මෙම ආරක්‍ෂිත දෝෂ කිහිපය සදහා ගූගල් සමාගම විසින් පසුගිය ජූලි 5වන දින ආරක්‍ෂිත යාවත්කාලීන ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ අනුවාද 8.0,8.1,9,10 සදහා නිකුත් කර ඇත. එම ආරක්ෂක යාවත්කාලීනය ලබාගැනීමට කටයුතු කරන ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතන පරිශීලකයන්ට දැනුම් දෙමු.

  • මුළු රටේම සිදුකර ඇත්තේ Covid-19  PCR  පරීක්ෂණ 28,496ක් පමණයි !

    මුළු රටේම සිදුකර ඇත්තේ Covid-19 PCR පරීක්ෂණ 28,496ක් පමණයි !

    කොවිඩ්-19 ආසාදිතයින් සම්බන්ධ නොවන, සාමාන්‍ය ජනතාව ඉලක්ක කරගෙන මුළු දිවයිනම ආවරණය වන පරිදි විවිධ අවස්ථාවලදී 2020.06.25 වැනි දිනට දළ වශයෙන් PCR පරීක්ෂණ 28,496ක් සිදුකර ඇති බව වෛද්‍ය පබා පළිහවඩන – නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය සේවා) විසින් හෙළිකර ඇත.

    නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය විසින් මේ තොරතුරු හෙළිකර ඇත්තේ, මහජන අයිතීන් සුරැකීමේ පදනමේ මාධ්‍ය අධ්‍යක්ෂවරයා විසින් 2020.05 .26 වැනි දින තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ කරන ලද ඉල්ලීමකට පිළිතුරු වශයෙනි.

  • දිස්ත‍්‍රික්ක 16කින් ආසාදිතයින් හමුවේ – 3000ක් ස්වයං නිරෝධානයේ

    දිස්ත‍්‍රික්ක 16කින් ආසාදිතයින් හමුවේ – 3000ක් ස්වයං නිරෝධානයේ

    කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ඇසුරින් කොවිච්-19 ආසනයට ලක් වූ රෝගීන් මේ වන විට දිස්ත‍්‍රික්ක 16කින් වාර්තා වී ඇති බවත් මේ ආසාදිතයින් ඇසුරු කළ 3000කට ආසන්න පිරිසක් මේ වන විට නිරෝධායනයට ලක්කර ඇති බවත් ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියයි.

    ඔහු සඳහන් කළේ නිරෝධායන මධ්‍යස්ථානවලට අමතරව නිවාසවල ද ස්වයං නිරෝධායනයට ලක්වන පිරිසක් සිටින බවයි.

    මේ අනුව කොළඹ, ගම්පහ, කලූතර, ගාල්ල, මාතර, හම්බන්තොට, අනුරාධපුරය, පොළොන්නරුව, රත්නපුරය, කෑගල්ල, මහනුවර, මාතලේ, කුරුණෑගල, පුත්තලම, මොනරාගල සහ යාපනයෙන් ආසාදිතයින් වාර්තා වූ බවයි ගමගේ මහතා කියා සිටියේ.

    මේ තත්තවය තුළ සෞඛ්‍ය උපදෙස් පිළිපැඳීමට වඩාත් වැඩි අවධානයක් යොමු කළ යුතු බව කී රෝහණ ගමගේ මහතා, මුහුණු ආවරණ පැළඳීම, සමාජ දුරස්ථභාවය පවත්වා ගෙන යාම සහ නිතර සබන් හෝ විෂබීජ නාශයක් යොදා දෑත් පිරිසිදු කිරීම කරන මෙන්් ජනතාවගෙන් ඉල්ලීමක් ද කළේය.

  • සජිත් හිතාගෙන ඉන්නේ ‘මේ රටේ ජනතාව’ බබ්බු කියලා – ඇමති ප්‍රසන්න

    සජිත් හිතාගෙන ඉන්නේ ‘මේ රටේ ජනතාව’ බබ්බු කියලා – ඇමති ප්‍රසන්න

    සියළු තොරතුරු තිබිය දී පාස්කු ප්‍රහාරය නවත්වා ගැනීමට නොහැකි වු යහපාලන නඩය තමන් බලයේ සිටියේ නම් කොවිඩ් 19 පාලනය කරන බවට කරන ප්‍රකාශය තරම් විහිළුවක් තවත් නැතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ කොවිඩ් 19 වසංගතය මෙරට පැතිරෙන විට යහපාලන ආණ්ඩුව බලයේ සිටියේ නම් ඇමෙරිකාව, ඉතාලියටත් වඩා ඛේදජනක තත්ත්වයකට රට පත්වන බවයි.

    කොරෝනා නිසා මැතිවරණය කල් දමන්නැ‘යි විපක්ෂය ඉල්ලා සිටින්නේ මැතිවරණයට මුහුණ දීමට ඇති බය නිසා බවත් මැතිවරණය කල් දැමීම හෝ නොදැමීම සෞඛ්‍ය අංශ නිර්දේශ මත සිදුවිය යුත්තක් මිස දේශපාලඥයන්ට අවශ්‍ය පරිදි සිදු විය යුත්තක් නොවන බවත් ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි. ආණ්ඩුව හැමවිටම කටයුතු කරන්නේ ඒ ඒ ක්ෂේත්‍රයන් වල විශේෂඥ උපදෙස් මත බව ද ඔහු අවධාරණය කරයි.

    මිනුවන්ගොඩ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශාඛා කාන්තා සංවිධාන නියෝජිතයන් සමග අද (15) පැවති සාකච්ඡාවක දී ඇමතිවරයා මෙම අදහස් පළ කළේය.

    මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.

    “මම දැක්කා රනිල් – සජිත් ජෝඩුව කිය කියා යනවා ඒ අය බලයේ හිටියානම් කොරොනා ආපහු පැතිරෙන එක වළක්වනවා කියලා. පාස්කු ප්‍රහාරය වෙලාවේ බලයේ හිටියේ ඔය කට්ටිය. ගහන තැන වෙලාව, දවස, ගහන්න එන ත්‍රස්තවාදීන්ගේ නම් ගම්, අයිඩෙන්ටි කාඩ් අංක පවා දීලත් පාස්කු ප්‍රහාරය නවත්තගන්න බැරි වුණ යහපාලන නඩය දැන් කියනවා කොවිඩ් 19 මර්දනය කරන්න පුළුවන් එයාලටලු. මොන විහිළු කථා ද ඔව්වා. කොවිඩ් එනකොට යහපාලන නඩය බලයේ හිටියා නම් අද ලංකාව ඇමෙරිකාවටත්, ඉතාලියටත් වඩා අන්ත තත්ත්වයකට පත් වෙනවා. ඒක ස්ථිරයි. බුද්ධි අංශ සියලු තොරතුරු දීලත් පාස්කු ප්‍රහාරය වළක්වාගෙන මිනිස්සුන්ගේ ජිවිත බේරගන්න බැරිවුණ යහපාලන නඩය අද කට මැත දොඩවනවා. යහපාලන නඩය මේ රටට කරපු කෙන්ගෙඩියක් නෑ.

    කොරෝනා පාලනය කරන්න අපි ක්‍රියාකළේ සෞඛ්‍ය උපදෙස් අනුවයි. සෞඛ්‍ය උපදෙස් අනුව තමයි මාස දෙකාමාරකට ආසන්න කාලයක් ඇදිරිනීතිය පනවලා තිබුණේ. එහෙම බුද්ධි අංශ යොදවලා අපි කොරෝනා පාලනය කරන්න අවශ්‍ය තොරතුරු එකතු කළා. කොරෝනා මර්දනයට බුද්ධි අංශ සහාය යොදාගත් ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව. ඒ වගේම ඇදිරිනීතිය පවතින කාලයේ රටේ ජනතාවට අත්‍යාවශය භාණ්ඩ ගෙවල් ලගට ලැබෙන්න සලස්වපු ආණ්ඩුවක් කොහේද තිබුණේ. ලෝකයේ ප්‍රධාන රටවල් තමන්ගෙ ජනතාව මැරෙන්න දාලා අහක බලාගද්දී අපි අපේ රටේ ජනතාව ආරක්ෂා කරන්න ගත හැකි, ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගත්තා.

    දැන් රනිල් – සජිත් තරගෙට කියාගෙන යනවා අලුත් තත්ත්වයත් එක්ක මැතිවරණය කල් දාන්න කියලා. ජවිපෙ එකත් ඒකට සයිට් සපෝට් එකක් දෙනවා. රටේ ඇතිවෙලා තියෙන අලුත් තත්ත්වය අඩන්න බලාගෙන ඉන්න මිනිහගේ ඇහැට ඇගිල්ලෙන් ඇන්න වගේ තමන්ගේ වාසියට හරවගන්නයි මේ යහපාලන නඩය හදන්නේ. සෞඛ්‍ය අංශ ඉතා පැහැදිලිව කියනවා මේ තත්ත්වය මැතිවරණයට බාධාවක් නෙමෙයි කියලා. රනිල්ලා – සජිත්ලා දන්නවා අගෝස්තු 05 වෙනිදා මැතිවරණයෙන් මේ අය කුජීත වෙනවා කියලා. ඒ නිසා තමයි දැන් කොරෝනා පිට දාලා මේ මැතිවරණය නැවත කල් දාගන්න ට්‍රයි කරන්නේ. ඒක දේශපාලන පක්ෂ වල උවමනාවට සිදුවිය යුත්තක් නෙමෙයි. රනිල්ලා – සජිත්ලා – අනුරලා බයේ කෑ ගැහුවට ඡන්දය කල් දාන්න බෑ. ඒක සෞඛ්‍ය අංශවල නිර්දේශ අනුව මැතිවරණ කොමසාරිස්වරයා ගත යුතු තීරණයයි.

    අද රනිල් – සජිත් කථා කරන්නේ හදෙන් බැස්සා වගෙයි. මේ අය කියන දේවල් ඇහුවාම අපිට හිතෙනවා පසුගිය අවුරුදු හතරාමාරේ ආණ්ඩු කළේ අපි ද කියලා. ඒ අය පහුගිය කාලේ විපක්ෂයේ හිටියා වගේ තමයි කථා කරන්නේ. රනිල් – සජිත් හිතාගෙන ඉන්නේ මේ රටේ ජනතාව බබ්බු කියලා. රනිල්ලාගේ සජිත්ලාගේ කථා වලට ජනතාව රැවටුණු කාලේ ඉවරයි.

  • මැතිවරණ දේශපාලනයේ ‘බුද්ධිමහතුන්’

    මැතිවරණ දේශපාලනයේ ‘බුද්ධිමහතුන්’

    මෙවර ලිපිය බුද්ධිමතුන්ගේ මැතිවරණ අපේක්ෂක දේශපාලනය පිළිබඳව ය. මෙරට දේශපාලනය ගැන කලකිරුණු ජනයා විසින් කලක සිට ප්‍රතික්ෂේප කිරීමක් සහ යෝජනාවක් සමාජ ගත කළේය. ‘දෙසිය විසි පහම එපා’ යනු ඒ ප්‍රතික්ෂේප කිරීමය. ‘බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට යවමු’  යනු  ඒ යෝජනාවය.

    මේ මොහොතේ මේ දෙකම ප්‍රබලය. දීර්ඝ කාලයක් වාර කීපයක් පාර්ලිමේන්තුවේ සිටි අය අර ‘බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට යවමු’ යන යෝජනාව ඉදිරිපත් වූ මොහොතේ සිට මේ දක්වා ප්‍රබල ප්‍රහාර එල්ල කිරීම ඊට උදාහරණයකි.

    හැබැයි දේශපාලන පක්ෂ ඊට වඩා උපායික විය. සැරසිලි ලෙස සහතිකපත්‍ර බුද්ධිමතුන් තම පක්ෂවල අපේක්ෂක ලැයිස්තුවලට එකතු කළේ ඒ නිසා ය. දැන් හැම පක්ෂයකට ම ඒ ආකාරයේ බුද්ධිමතුන් ඇත. නමුත් මේ බුද්ධිමතුන් වනාහි ජනතාව අර එපා කියූ දෙසිය විසිපහට අයිති අයගේ බුද්ධියෙන් අනුමැතිය ලැබූ අය ය. එසේම ඒ දෙසිය විසිපහට අවනත අය ය. ඒ අනුව බුද්ධිමත්භාවය යනු ධුර-ලාභ අපේක්ෂාවෙන් අවනත වීමේ ගුණයක් විය යුතුය?.

    ඒ අතර, අසරණ ජනයා කෙරෙහි  වූ හෘදසාක්ෂියක් සහිත අය ද කීපදෙනෙක් ද සිටින බව සඳහන් කළ යුතුය. නමුත් එවැන්නන්ට පවා තමන්ලාට අපේක්ෂකත්වය ලැබුණු පක්ෂයේ ගතිලක්ෂණ සහ චරියාව නම් වෙනස් කළ නොහැකිය. බොහෝවිට ඔවුන් එවැනි උත්සාහ ගන්නේද නැත. මන්ද ඒවා සිදුවුණේ හතළිහ පනහ හැට දශකවලය. බුද්ධිමතුන්ට ද ආසන කීපයක් වෙන්කර තිබුනාට ඉන් පලක් නොවන්නේ ඒ නිසාය. මන්ද ඇන් ඇම් ලා, කොල්වින්  ලා, එස්ඒලා, කන්නගර ලා, මුත්තෙට්ටුවේගම ලා එස්ඩබ්ලිව්ආර් ලා නැවත ඒ ආසනවලට එන්නේ නැති නිසා ය. සමහර විට ලෝක තත්ත්වයද මේ ආකාර විය හැකිය.   

    ඒ අතරම ඇතැම් ‘බුද්ධිමතුන්’ තමන්ලාට අපේක්ෂක වරම් නොලැබීම ගැන තවමත් කණස්සල්ලෙන් පසුවෙති. ඇතමුන් ස්වාධීනව ඉල්ලති. දිස්ත්‍රික් නායකයෝ තම ලැයිස්තුවල ඉන්නා බුද්ධිමතුන්ට එරෙහිව වාචික සහ සැඟවුණු සටන්වල නිරත වෙති. බුද්ධිමතුන් ද දවල් මිගෙල් රෑ දනියෙල් චරිත රඟපාති. එනම් එළිපිට දෙසිය විසිපහම වර්ණනා කරමින් ඒ අය හරහා මනාපයක් ලබා ගැනීමට කටයුතු කරන අතර රහසේ තමාව පමණක් ප්‍රවර්ධනය/ ප්‍රමෝට් කර ගනිති. මෙය අපූරු නාටකයකි.

    හුදු බුද්ධිමතුන් පක්ෂවලින් ඉල්ලුවාට ඒ අය අතුරින් කීපදෙනෙකු තේරීපත් වූවාට පක්ෂ, සහ පාර්ලිමේන්තුව බුද්ධිමතුන්ගේ පාලනයට නතු වන්නේ නැත. නතු වුණා යැයි සිතමු. එහෙත් ඒ බුද්ධිමතුන්ට ජනයා කෙරෙහි වූ ප්‍රගතිශීලී හෘද සාක්ෂියක් නැත්නම් ඔවුන්ගෙන් ඔවුන්ටම මිස ජනසමාජයට සිදුවන සෙතක් නැත.

    අද බොහෝ අයට ඇත්තේ ‘බුද්ධිය’ පමණය. එය උත්තරාරෝපිත බුද්ධියකි. එහෙත් මනුෂ්‍යයෙකුගේ මනුෂ්‍යත්වය පරිපුර්ණ වීම සඳහා  අවශ්‍ය වන අංග සතරකි. එය මනා අයුරින් ‘ප්‍රත්‍යශතකයේ’ සඳහන් වන්නේ මෙසේය. එහි සංස්කෘත ශ්ලෝකයේ සරල තේරුමට අනුව නරයාට (මනුස්සයාට) ආභරණය රූපයයි, රූපයට ආභරණය ගුණයයි, ගුණයට ආභරණය ඥානයයි, ඥානයට ආභරණය ඉවසීමයි.

    දැන් ගැටළුව වන්නේ ගුණය, ඥානය සහ ඉවසීම නොමැති එහෙත් රූපයෙන් පමණක් ‘බුද්ධිමහතුන්’ බුද්ධිමතුන් ලෙස පෙනී සිටීමයි. මහ බැංකු සිද්ධිය එවැනි බුද්ධිමහතුන්ගේ ප්‍රහාරයක් ලෙස තේරුම් ගත්තොත් මා කියන දෙය ඔබට යසට පැහැදිළි වනු ඇත. අප බුද්ධිමතුන්ගෙන් අපේක්ෂා කළ යුත්තේ රූපය නොව ගුණය, ඥානය, ඉවසීම සහ පොදුජන සමාජය වෙනුවෙන් වූ හෘදසාක්ෂිය ය. 

    දාර්ශනික බුද්ධිමත් පාලකයින් පිලිබඳ යුරෝපීය අදහස ඉතාම විධිමත්ව මුලින්ම ඉදිරිපත් කළේ ප්ලේටෝ විසිණි. ඒ අපේ (ඉන්දියාවේ ) ප්‍රත්‍යශතකකරුවාට, බුදුහාමුදුරුවන්ට, චානක්‍ය කෞටිල්‍යයට සියවස් තුන හතරකට පමණ පසුව ය.

    ඔහු කියූ ආකාරයට දාර්ශනිකයෝ පාලකයින් විය යුතුය, නැතහොත් පාලකයින් දාර්ශනිකයින් විය යුතුය. දෙවැන්න ඉටුකර ගැනීම ඉතා අපහසු නිසා දාර්ශනික පාලකයින් නිර්මාණය කරගැනීම පිණිස වූ අධ්‍යාපන ක්‍රමයක් ද හෙතෙම ඉදිරිපත් කළේය. දාර්ශනික පාලකයින් ගේ පාලනයකින් තොරව මානව වර්ගයාට දුක් කම්කටොලුවලින් නම් ගැලවීමක් නොමැති බව පහදා දුන්නේ ප්ලේටෝය.

    මේ අදහසින් පෙනී යන්නේ පාලකයින් හුදු බුද්ධිමතුන් වීම පමණක් නොව ඔවුන් මානව වර්ගයාගේ යහපත සලසන්නන් විය යුතු බවය. එසේ නැතුව තම තම නැණ පමණින් තමන්ගේ පමණක් යහපත් සලසා ගන්නන්ගේ බුද්ධියෙන් පොදු ජනයාට පලක් නැත. 

    ‘ව්‍යවස්ථාවක් තිබේනම් යක්ෂ ජාතියකට වුවත් රාජ්‍යයක් සැදිය හැකිය’ යනුවෙන් කීවේ එම්මානුවෙල් කාන්ට් ය. එහි සරළ අදහස වන්නේ රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රාජ්‍යයක් ගොඩ නැගීමේ කාර්යයේ දී තීරණාත්මක සහ උත්තරීතර වන බවය. එපමණක් නොව රටක් විධිමත් රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීමේ දී තීරනාත්මක සාධකයෝ වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ එය අනුව යන ව්‍යවස්ථානුකූලවාදය ය. ව්‍යවස්ථානුකූලවාදය යනු ව්‍යවස්ථාවට අනුකූලව සියලු දෙනා ක්‍රියාකිරීමය. එනම් එය පිළිපැදීම ය. රාජ්‍යයක සමාජ-දේශපාලන-ආර්ථික ගමනට අදාළ මාර්ග සිතියම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ය.

    කවරෙකුට වුවද ව්‍යවස්ථාවට උඩින් යා නොහැක, එය යටපත් කළ නොහැක. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු රටක සියලු ජනයාගේ සම්මුතිය, ගිවිසුම, සහ එකඟතාවය වීම ඊට හේතුව ය. ඒ නිසාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු නෛතික ලියවිල්ලක් පමණක් නොවේ.

    එසේම ව්‍යවස්ථා සම්පාදනය යනු හුදු නීතිවේදීන්ගේ සහ නීතිඥයින්ගේ වැඩක් පමණක් ද නොවේ. 1972 දී සමස්ත පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් ලෙස කටයුතු කළේ  ඒ නිසාය. සහ පාර්ලිමේන්තුව හරහා සමස්ථ ජන සමාජයම නියෝජනය වනවාය යන මූලධර්මය මත පිහිටා ය.

    මා මෙතැනට ව්‍යවස්ථා කතාව ගෙන ආවේ හේතුවක් මතය. එනම් බුද්ධිමතුන්ගේ වැඩ සහ අවැඩ ගැන යමක් කීමට ය. අපේ රටේ ව්‍යවස්ථා සම්පාදනය සහ සංශෝධන ඉතිහාසය දිහා බලනවිට පෙනීයන්නේ පක්ෂ, කණ්ඩායම් සහ පුද්ගලයින්ගේ පක්ෂග්‍රාහී බල අරමුණු විසින් එකී ක්‍රියාවලිය අපවිත්‍ර වී ඇති බවය. ඒ අපවිත්‍රතාවට ඒ පාර්ලිමේන්තුවල සිටි බුද්ධිමතුනුත් වගකිව යුතුය. ඉන් පෙනී යන්නේ බුද්ධිය තිබුනාට එවැනි අකටයුතුකම් වලින් දේශපාලනය වැලක්වීමට ඔවුන්ට හැකියාවක් නොතිබුණු බවය.

    මෙරට බුද්ධිමහතුන් 1972 ව්‍යවස්ථාවට නගන ප්‍රධාන චෝදනා දෙකින් එකක් වන්නේ බුද්ධාගමට මුල් තැන දීම සහ පරිපාලන, සහ අධිකරණ සේවා කොමිෂන් අහෝසි කිරීම පිලිබඳවය. එක්සත් ජනපද ඩොලර්වල මුද්‍රණයකොට ඇති ‘දෙවියන් වහන්සේ විශ්වාස කරන්න’ යන්න නොපෙනෙන සහ ‘තේරීපත්වන ආණ්ඩුවට නීත්‍යානුකූල ලෙස රාජ්‍ය සේවය පක්ෂපාතී විය යුතුය’ යන බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය දෙස නොබලන අයගේ 72 ගැන චෝදනා කෙසේ වෙතත් නිදහසින් පසු මා දකින හොඳම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එය ය. එම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සභාපති ආචාර්ය කොල්වින් ආර් ද සිල්වාය.

    තවත් ගැටළුවක් වන්නේ ජනහිතකාමී බුද්ධිමතුන් තේරීමට ජනතාව බුද්ධිමත් ද යන්නය. ඊයේ උදෑසන පහයි පනස් අටට රේඩියෝ නාලිකාවකින් ඇසුණු උදා ගීතය වුණේ ‘ඔබ ඇස්පිය නොසොලා බැලුවා මගෙ දෑස් දිහා’ යන්න වූ අතර ඊට පසුව ඇසුණේ ‘පනන් අටින් මට වැඩිකර දුන්න හැකිවුනත් බත් මිටක් දරුවට කවන්න’ යන ගීතය ය. මේ ගීත දෙකට මමත් කැමතිය. ඒත් උදෑසන පහට හයට ඇසීමට නම් නොවේ.

    රේඩියෝ සහ ටෙලිවිෂන් චැනල විසින් වසර තිහකට ආසන්න කාලයක් තිස්සේ සිදුකර ඇති සංස්කෘතික සංහාරය විසින් පාන්දර, උදෑසන, දහවල, මධ්‍යහනය, හැන්දෑව සහ රාත්‍රිය යන කාලසීමා අතුරුදහන් කොට ඇත. ඒ සංස්කෘතික සංහාරයට ගොදුරුව බොල් වී ඇති සමාජයෙන් මනාපය ලැබෙන්නේ බුද්ධිමතුන්ට නොව අර සංස්කෘතික සංහාරයට දායකවන සහ අනුග්‍රහය දක්වන අයට ය. ඒ අනුව බුද්ධිමතුන්ටත් කලියුග කාලේ සංස්කෘතික සංහාරකයින්ගේ සරණ සහ පිහිට මිස වෙන පිහිටක් හෝ සරණක් නොමැත.

    මේ පසුබිම තුළ බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට යවන්න කියා මනාප දුන්නාට යැවෙන්නේ ‘බුද්ධිමහතුන්’   ය. ඒ බුද්ධිමහතුන් ට කටයුතු කරන්නට සිදුවන්නේ ස්වකීය බුද්ධියට අනුව නොව තමන්ලාට අපේක්ෂක වරම දුන් පක්ෂවලට අවනතවය, කීකරුව ය. ඇත්තටම බුද්ධිමහතුන්ට එය ගැටළුවක් නොවන්නේ මුල සිටම ඔවුන් එයට සුදානම් නිසා ය. එසේ වනබව ඔවුන් දන්නා නිසාය. ඔවුන්ට අවශ්‍ය මැතිකම, ඇමතිකම මිස පොදු ජනයාට වැඩකිරීමේ ඉඩකඩ නොවේය. ඒ නිසා ‘බුද්ධිමතෙකි’  යන හැඳුනුම් පත්‍රය යොදාගෙන ක්‍රමයේ දැත්තක් වීමේ ඉඩකඩ සලසා ගන්නවා මිස ක්‍රමයක් තැනීමේ යන්ත්‍රයක් වීමට මොවුන් උත්සාහ නොකරනු ඇත. 

    එසේ නොවන බුද්ධිමතුන්ගේ වගකීම වන්නේ බුද්ධිමහතෙකු නොවී පක්ෂයක කණ්ඩායමක දාසයෙකු හෝ ප්‍රවේණි දාසයෙකු නොවී ලද මැතිකම හෝ ඇමතිකම රටේ ජනයා වෙනුවෙන් රැඩිකල් ලෙස භාවිතාවේ යෙදවීමය. එවිට ඒ බුද්ධිමතා වටා එළියේ සිටින බුද්ධිමතුන් රැස්වනු ඇත. පාර්ලිමේන්තුවට යාමට සැරසෙන මගේ බුද්ධිමත් මිතුරන්ගෙන් ඉල්ලා සිටින්නේ බුද්ධිමහතෙකු වීමේ රෝගයට දැන්ම සිට ප්‍රතිකාර ගන්නා ලෙසය.

    ධම්ම දිසානායක

  • සිංගප්පූරුවේ ආර්ථිකය බිද වැටෙයි !

    සිංගප්පූරුවේ ආර්ථිකය බිද වැටෙයි !

    කොරෝනාවෛරස තත්ත්වය මැද රට මාස තුනකට අධික කාලයක් අගුලු දමා තැබීම ව්‍යාපාරික අංශයට මෙන්ම සිල්ලරට මිළදී ගැනීම් සඳහා කෙරෙන වියදම් කෙරෙහි ද බලපෑම හේතුවෙන් සිංගප්පූරුවේ ආර්ථිකය හදිසි කඩා වැටීමකට ලක්ව ඇත.

    කොරෝනාවෛරසයට ගොදුරුවීමට පෙර මාස හතර සමඟ සාපේක්‍ෂව බලනවිට ගතවූ මාස තුන ඇතුළත සිංගප්පූරු ආර්ථික වර්ධන වේගය 41.2% කින් හැකිළී ඇත. මෙය එරට ඉතිහාසයේ දරුණුම ආර්ථික හැකිළීමය.

    1965 වසරේ මැලේසියාවෙන් නිදහස ලැබීමෙන් අනතුරුව සිංගප්පූරුව මුහුණ දෙන බරපතළම ආර්ථික අවපාතය මෙය වනු ඇතැයි බලධාරීහු අනාවැකි පළකරති.

    කොරෝනාවෛරස් බලපෑමෙන් ලෝක මට්ටමින් සිදුවෙමින් පවතින ආර්ථික පල්ලම් බැසීමේ බරපතලභාවය එම සංඛ්‍යා තොරතුරු මගින් අනාවරණය වේ.

    සිංගප්පූරු ආර්ථිකයේ දෙවැනි කාර්තුව (අප්‍රියෙල්-මැයි-ජූනි) තුළ දළ දේශීය නිෂ්පාදිතය (GDP) පසුගිය වසරේ අදාළ කාර්තුවට සාපේක්ෂව 12.6% ක අනුපාතයකින් හැකිළී ඇතිබව නිල සංඛ්‍යා දත්ත මගින් පෙන්නුම් කෙරේ.

    කොරෝනා වසංගතය හමුවේ වසා දමන ලද (lockdown) බොහෝ අර්ථක්‍රම අතරින්, එම කාලයට අදාළව ආර්ථික ක්‍ෂේත්‍රයෙහි තොරතුරු ප්‍රකාශයට පත්කරන ලද පළමු රටවල් අතරට සිංගප්පූරු පාලනය ද එක්වේ. එරට බලධාරීන් විසින් ප්‍රකාශයට පත්කරනු ලැබ ඇති සංඛ්‍යා දත්ත තොරතුරු මගින් ලෝකය පුරා වසංගතයට ගොදුරු වී ඇති අර්ථක්‍රමයන් කෙරෙහි, පවතින ව්‍යසනය බලපා ඇති අන්දම පෙන්නුම් කෙරේ.

    පසුගිය වසරේ පළමු මාස තුනට සාපේක්‍ෂව මේ වසරේ පළමු මාස තුන ඇතුළත දළ දේශීය නිෂ්පාදිතය (GDP) 2.2%කින් ද, පසුගිය වසරේ පළමු මාස තුනට සාපේක්‍ෂව මේ වසරේ පළමු මාස තුන ඇතුළත මූල්‍ය ආදායම් 10.6 කින් ද බලාපොරොත්තු වූ මට්ටමට වඩා දරුණු අවපාතයකට ලක්ව ඇත.

    ඉහත පරිදි ආර්ථික පසුබෑම මගින් පෙන්නුම් කෙරෙන්නේ, කොරෝනා වසංගතය ආසියාවේ සෙසු ඊට සමාන අර්ථක්‍රම පවතින රටවලට වඩා සිංගප්පූරු ආර්ථිකය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කිරීමට ඉඩකඩ පවතින බවය.

    ලෝක වෙළෙඳාමේ හදිසි කඩාවැටීම සිංගප්පූරු අපනයන පදනම් කරගත් නිෂ්පාදන ආර්ථිකයට මරු පහරකි.ඒ අතරම, එරට ඉදිකිරීම් කර්මාන්තයේ කටයුතු ඇණහිට ඇති අතර, සිල්ලර වෙළෙඳුන්ගේ අලෙවිකිරීම් පහත වැටී ඇත්තේ වාර්තාගත මුහුණුවරකිනි.

    කලාපයේ වෙනත් රටවල් විමසන විට වසරේ පළමු මාස තුනෙන් අනතුරුව එළැඹි දෙවැනි කාර්තුවෙහි ජපානයේ දළ දේශීය නිෂ්පාදිතය (GDP) 20% කින් හැකිළෙමින් පවතින ආකාරයක් දක්නට ලැබේ. එහෙත් මේ සතියේ ප්‍රකාශිත සංඛ්‍යා දත්ත තොරතුරු අනුව චීනයේ ආර්ථිකය නැවත සංවර්ධන දිශානතියකට අවතීර්ණවීමක් පෙන්නුම් කරනවා විය හැකිය.

    සිංගප්පූරුවේ ප්‍රකාශිත ආර්ථික තොරතුරු එරට පාලක ‘මහජන ක්‍රියාකාරී පක්‍ෂය’ (People’s Action Party) කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරනු ඇත. මෙයින් වසර 55කට පෙර නිදහස දිනාගනු ලැබීමෙන් අනතුරුව අත්දුටු දුර්වලම මහමැතිවරණ ප්‍රතිඵලයට මුහුණදීමට එම පක්ෂයට පසුගිය සතියේ සිදුවිය.

    මේ වනවිට දුෂ්කර අරගලයකට මැදි වී සිටින රටේ ව්‍යාපාරික අංශය සහ කුටුම්භ සඳහා ආධාර වශයෙන් සිංගප්පූරු ඩොලර් කෝටි 6700 ක් පමණ, එසේත් නැත්නම් රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 20%කට ආසන්න මූල්‍ය සම්පාදනය කිරීමේ ආර්ථික උත්තේජක විධිවිධාන ක්‍රියාවට නැංවීමට රජය දැනටමත් ප්‍රතිඥා දී ඇත.

    සිංගප්පුරුවේ බල පැවැත්වුණු අගුලුදැමීම් (lockdown) ළිහිල් කිරීම පසුගිය ජූනි 01 දින ආරම්භ විය.

    ඒ අනුව එරට ආර්ථිකය යළි විවෘත කිරීමේ දෙවැනි අදියර ජූනි 19 දිනෙන් පටන් ගැනිණි. එම නව විධිවිධාන අනුව සමාජ දුරස්ථභාවය තවදුරටත් බල පැවැත්වෙතත්, බොහෝ වෙළෙඳසල් සහ ආපනශාලාවලට ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා අවසර ලැබී ඇත.

    Text by – bbc sandesaya

  • ඔබ කිසිදා නුදුටු අයිශ්වර්යා රායිගේ Sexy ඡායාරූප රැසක් ලීක් වෙලා !

    ඔබ කිසිදා නුදුටු අයිශ්වර්යා රායිගේ Sexy ඡායාරූප රැසක් ලීක් වෙලා !

    අයිශ්චර්යා රායිටත් කොරෝනා හැදිලා’ බච්චන් පවුලේ සිවු දෙනකුට කොවිඞ් ආසානය වීමේ පුවත මොහොතකින් ලෝකය පුරා පැතිර ගියා. ඒ කම්පනයකුත් එක්ක. ඉන්දියාවේ ලක්ෂ සංඛ්‍යාත ‘බච්චන් බැතිමතුන්ගෙන්’ කෝවිල් පිරී ගියා. ඔවුන් අමිතාබ්, අභිෂේක්, අයිශ්චර්යා වෙනුවෙන් යාඥා කළා.

    බච්චන් පවුල තුළින් නිර්මාණය වූ මේ උණුසුම මැද සුප‍්‍රකට ෆිල්ම් ෆෙයාර් සඟරාව තව තවත් උණුසුම් පුවත් පළ කළා. ඒවා උණු කැවුම් වාගේ පාඨක ආකර්ෂණය දිනා ගත්තා. මේ අතර ඉතා සුවිශේෂී ලිපියක් සහ දුර්ලභ ඡායාරූප එකතුවක් තිබුණා. ඒ බොලිවුඞ් සුරූපිනිය, ලෝකයේ සුන්දරතම කාන්තාව වන අයිශ්චර්යා රායිගේ. එහි විශේෂත්වය වුණේ අයිශ්චර්යාගේ මේ ඡායාරූප සියල්ල ඇය ලෝක රූ රැජිණ වීමට පෙර ගත් ඒවා වීම. ඒ කියන්නේ ඇයගේ යොවුන් වියේදී ගත් ඡායාරූප වීම.


    අයිශ්චර්යාගේ පුද්ගලික ඡායාරූප ගොනු අතර වසර ගණනාවක් සුරක්ෂිතව තිබුණ මේ අතිෂය දුර්ලභ ඡායාරූප එකතුව දැන් ඔබට දැක ගත හැකියි. බලන්න ලෝකයේ සුන්දරතම කාන්තාවගේ යොවුන් වියේ සුන්දරත්වය කොතරම්ද කියා…

    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්

    Text by – Femina – Wrote by – Thushadhavi

  • සුපිරි බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන්ගේ සරාගී විලාසිතා 10k

    සුපිරි බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන්ගේ සරාගී විලාසිතා 10k

    සුපිරි බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් රගපෑ චිත්‍රපට අතර ‘කොක්ටේල් – Cocktail සුවිශේෂ චිත්‍රපටයක්. හෝමි අඩාජානියා Homi Adajania විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටයේ සයිෆ් අලි ඛාන් සහ ඩයනා පෙන්ටි රඟපෑවේ ආදරය හා මිත්‍රත්වය පිළිබඳ විකෘති කතාවකි. විශිෂ්ඨ සංගීතය, හාස්‍යජනක දර්ශන සහ ආකර්ෂණීය නර්තන කොක්ටේල් වර්ණවත් කළ නමුත් ඒ සෑම දෙයකටම වඩා කැපී පෙනෙන දෙය වූයේ දීපිකා පදුකෝන්ගේ සුපිරි විලාසිතා එකතුවයි.

    කොක්ටේල්හි දීපිකා රගපෑවේ ‘වෙරෝනිකා‘ නම් සෙල්ලක්කාර පොහොසත් තරුණියකගේ චරිතයකි. මෙම පෙහෛාසත් සෙල්ලක්කාර තරුණියගේ විලාසිතා කොක්ටේල් සමග බොලිවුඩ් රැල්ලක් නිර්මාණය කළ අතර ඒවා අද ද බොලිවුඩයේ සුපිරි විලාසිතා වශයෙන් සැලකේ.

    ඉතිං, දීපිකා – වෙරෝනිකා හැඩකළ ඒ සුපිරි විලාසිතා එකතුව ඔබට දැන් යළිත් රසවිදිය හැකියි. බලන්න ඒවා කොතරම් සුන්දරද කියා….

    දීපිකා පදුකෝන්
    දීපිකා පදුකෝන්
    දීපිකා පදුකෝන්
    දීපිකා පදුකෝන්
    දීපිකා පදුකෝන්
    දීපිකා පදුකෝන්
    දීපිකා පදුකෝන්
    දීපිකා පදුකෝන්
    දීපිකා පදුකෝන්
    දීපිකා පදුකෝන්

    Filmfare – සකස් කළේ – තුෂාධවි

  • ‘2021 -2030 නිපුණතා සංවර්ධන දශකය’ ලෙස ජනපති නම් කරයි

    ‘2021 -2030 නිපුණතා සංවර්ධන දශකය’ ලෙස ජනපති නම් කරයි

    අරමුණ – හැම දරුවෙකුටම උසස් අධ්‍යාපනය සහ නුපුහුණු ශ්‍රමය 10%  අඩු කිරීම.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2021-2030 දස වසර  ශ්‍රී ලංකාවේ නිපුණතා සංවර්ධන දශකය ලෙස ප්‍රකාශයට පත් කරයි. ‘ රට හදන සෞභාග්‍යයේ දැක්ම’ රජයේ ජාතික ප්‍රතිපත්ති ලේඛනයට අනුකූලව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා නිපුණතා සංවර්ධන ක්ෂේත්‍රයේ පරිවර්තනීය ප්‍රගතියක් අත්කර ගැනීම එමගින් අපේක්ෂා කෙරේ.

    වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ධූරයේ සිටියදී 2014 එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට ඉදිරිපත් කළ යෝජනාවකින් ස්ථාපනය කළ “ලෝක යොවුන් නිපුණතා දිනය” අත්කරගත් ප්‍රගතිය මත පදනම්ව නිපුණතා සංවර්ධන දශකය සැලසුම් කොට තිබේ. ගෝලීය ප්‍රවනතාවනට යෝග්‍ය පරිදි ඊළඟ පරපුරේ නිපුණතා ප්‍රවර්ධනය සහ ධරණීය සංවර්ධනය සඳහා වන ගෝලීය න්‍යායපත්‍රය 2030 කේන්ද්‍ර කොට නිපුණතා සංවර්ධන දශකයේ ක්‍රියාකාරී සැලැස්ම සැකසේ.

    දිවයිනේ නුපුහුණු ශ්‍රම බලකාය ජනගහණයෙන් 10%  දක්වා අඩු කිරීම සහ රටේ සංවර්ධන න්‍යාය පත්‍රය මෙහෙයවීමට සමත් ඩිජිටල් තාක්ෂණයෙන් සන්නද්ධ සහ අනාගත අවශ්‍යතාවලට ගැලපෙන පරපුරක් බිහි කිරීමෙන් ශ්‍රී ලංකාව ආසියාවේ මානව සම්පත් සංවර්ධනයෙහි කේන්ද්‍රය බවට පත් කිරීම පිණිස සාමාන්‍ය අධ්‍යාපනය, තෘතීයික අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපනය හැඩ ගැස්වීම නිපුණතා සංවර්ධන දශකයෙන් අපේක්ෂා කෙරේ. අධ්‍යාපන අංශයේ ඇතිකරන පරිවර්තනය මගින් විදේශ ආයෝජන සහ විදේශීය ශිෂ්‍යයන් ආකර්ශණය කර ගැනීමෙන් හා විදේශ රැකියාවන්හි නිරත පුහුණු ශ්‍රමිකයන් උපයන විදේශ විනිමය වර්ධනය කිරීමෙන් වැඩිපුර ආදායම් ජනනය තවත් අපේක්ෂාවකි.

    ‘රට හදන සෞභාග්‍යයේ දැක්ම’ ජාතික ප්‍රතිපත්ති රාමුව ශ්‍රී ලංකාවේ අනාගත ප්‍රගතිය අරභයා රට වැසියා සතු දැනුම, නිපුණතා සහ හැකියාවන් ඉතා වැදගත් සාධක සේ සලකයි. ‘අපේ තරුණයන්ට සහ දේශීය ව්‍යවසායකයනට නව ඉඩ ප්‍රස්ථා උදා කරන, හැම දෙනාටම අලුත් බලාපොරොත්තු සහ අභිමානය පිළිබඳ හැගීම ඇති කරන, ජනතාවට තමන් තෝරාගන්නා කුමන ක්ෂේත්‍රයක වුවද ලෝක නායකයන් බවට පත්විය හැකි පරිදි ස්වකීය නිපුණතා, සමත්කම් සහ ව්‍යාපාරික විනිශ්චය ප්‍රයෝජනයට ගැනීමට ඉඩ සලසන පරිසරයක් නිර්මාණය කිරීම’ පිණිස නිශ්චිත අධ්‍යාපන සැලැස්මක් සම්පාදනය කොට  ක්‍රියාකිරීමේ අවශ්‍යතාව ඉන් අවධාරණය කර තිබේ.

    වත්මන් අධ්‍යාපන ක්‍රමය සමාලෝචනය කොට ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව පරිවර්තනීය ක්‍රියාකාරී සැලැස්මක් සම්පාදනය කරනු වස් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන කටයුතු පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායක් ජනාධිපති රාජපක්ෂ මැතිතුමා විසින් දැනටමත් ස්ථාපනය කර ඇත. කාර්ය සාධක බලකාය ඉදිරිපත් කළ අධ්‍යාපන අංශයේ දිගුකාලීන ගැටළු විමර්ශණය කළ ජනාධිපතිතුමා රටක වඩාත්ම වටිනා වත්කම අනාගත පරපුර බවත්, සියලු රටවැසියනට ස්වකීය විභවතා පුබුදු කොට ප්‍රීතිමත් පවුල් ජීවිතයක් භුක්ති විඳිමින් නීතිගරුක පුරවැසියෙකු ලෙස සමෘද්ධිමත් හා තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමට ඉවහල් වන පරිදි මානව සම්පත් සංවර්ධනය රජයක මූලික වගකීම බවත් අවධාරණය කළේය. ජනාධිපතිතුමාගේ මග පෙන්වීම අනුව සැකසෙන නිපුණතා සංවර්ධන දශකයේ මාර්ග සැලැස්ම ජීවිත කාලය පුරා ඉගෙනීම දිරිමත් කරමින්, අධ්‍යාපනයට පිවිසීමේ බහුවිධ අවස්ථා හඳුන්වාදීමටත්, ශ්‍රී ලංකාව නිපුණතා සංවර්ධන ක්ෂේත්‍රයේ ඉදිරියට යන විට සියලු දෙනාට ඊට එක්වීමේ අවස්ථාව සැලසීමත් ප්‍රමුඛත්වය දෙයි.

    හඳුන්වාදී ඇති ප්‍රවේශයන් ශිෂ්‍යයන්, අධ්‍යාපනඥයන්, දෙමාපියන් සහ වෘත්තිකයන් වැනි කණ්ඩායම්වල සේම ජාතික මට්ටමේ ආයතනවල සැබෑ අවශ්‍යතා සපුරාලීමට සමත්දැයි දැනගනු පිණිස පරිවර්තනීය වැඩ සැලැස්ම පිළිබඳව ඉදිරි සති කිහිපය තුළ මහජන සංවාදයක් ඇතිකරන බව ද ජනාධිපතිතුමා පැවසීය.

    නිපුණතා සංවර්ධන දශකයට අදාළ පරිවර්තනීය න්‍යාය පත්‍රය අවසන් වරට සකස් කිරීමේ දී මහජන අදහස් ද සැලකිල්ලට ගැනේ. අනාගතයට යෝග්‍ය, තමන් තෝරාගන්නා ක්ෂේත්‍රයේ ලෝක නායකයන් බවට පත්වීමට සමත්, සියලු ශ්‍රී ලාංකිකයන් තුළ අභිමානය ඇතිකරන සහ ජාතියේ සංවර්ධනයට උර දෙන පරපුරක් බිහි කිරීම සඳහා වූ ජනාධිපතිතුමාගේ අභිලාශය සාක්ෂාත් කරනු පිණිස අධ්‍යාපන, කර්මාන්ත හා ශ්‍රමික අංශවල සම්බන්ධීකරණයෙන් සැලැස්ම යතාර්ථයක් බවට පත් කිරීමට අපේක්ෂිතය.

  • Covid වසංගතයෙන් ජනතාව රැකගන්නා බවට ජනපතිගෙන් සහතිකයක්

    Covid වසංගතයෙන් ජනතාව රැකගන්නා බවට ජනපතිගෙන් සහතිකයක්

    කොවිඩ් 19 වසංගතය ලෝකයෙන් තුරන් කරන තෙක් විටින් විට රට තුළ මතු විය හැකි වෛරසය පැතිර යාමේ අවදානම පාලනය කර, ජනතාව රැක ගැනීමේ අභියෝගය ජය ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

    කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරෙන් කොවිඩ් 19 ආසාදිතයන් පිරිසක් හමුවීමත් සමග උද්ගතව ඇති තත්වය විමර්ශනය කරනු පිණිස කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය සමග අද (14) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේය.

    එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැක්වූ සම්පූර්ණ අදහස් මෙසේය.

    කොවිඞ් – 19 වෛරසය ඇතිවූ දවසේ ඉ`දලාම ඉතා වගකීමෙන් යුතු රජයක් හැටියට අපි කි‍්‍රයා කරලා තිබෙනවා. ලෝකයේ අනෙකුත් රටවල් කි‍්‍රයා කිරීමට ප‍්‍රථමයෙන් වගකිවයුතු රජයක් හැටියට අපි මේ සම්බන්ධව කි‍්‍රයා කළා. මේ කාලය තුළදී අපි විවිධ අභියෝගවලට ලක් වුණා. මේක ලෝකයේවත්, අපේ රටේ කවුරුවත් මීට පෙර මුහුණ දීලා නැති තත්ත්වයකට මුහුණ දෙන්න සිදුවුණා. බොහෝ වේලාවට සමහර අයට අපි කරපු දේවල්, අපි මුහුණ දුන් අභියෝග අමතක වෙලා තියෙන්නේ.

    ජනවාරි 26 වෙනිදා තමයි අපි මෙහි කාර්ය සාධක බළකාය මුලින්ම ස්ථාපනය කළේ. වෛද්‍යවරුන්, ති‍්‍රවිධ හමුදාව, බුද්ධි අංශ, පොලීසිය මේ සෑම කණ්ඩායමක් ඇතුළත් කරලා තමයි කාර්ය සාධක බළකාය ඇති කළේ. ඒ වගේම වෙනම කාර්යාලයක් ආරම්භ කළා. ජනාධිපතිවරයා හැටියට මම හැමදාම වගේ රාජ්‍ය බුද්ධි අංශ සේවාවේ ප‍්‍රධානියා, හමුදාපතිවරයාත් එක්ක කතා කළා. අනිල් මහතා, සෞඛ්‍ය ඇමතිනිය එක්ක කතා කරලා තියෙනවා. මේ සෑම අවස්ථාවේදීම රජයක් හැටියට අපි ඉතා වගකීමක් සහිතව මේ කාර්යය කළා. ඒ නිසා අපිට ඒ අවස්ථාවලදී නිසි පියවර ගන්න හැකි වුණා.

    මේක අද ලෝකයේ ඉහළම රටවල් පවා විශාල අභියෝගයකට පත් වෙලා තියෙන බව අපි කවුරුත් දන්නවා. නමුත් අපිට හැකිවුණේ මේක පාලනය කරගන්නට අපි රජයක් හැටියට මේක දීපු වැදගත්කමත්, ඒ වගේම අවශ්‍ය අවස්ථාවන්වලදී තීරණ ගැනීමත්, ඒ වගේම සෑම අංශයක්ම එකට එක්ව කටයුතු කිරීම නිසාත් අපිට පුළුවන් වුණා. හැබැයි මේ කාලය ඇතුළත අපට අභියෝග විශාල සංඛ්‍යාවක් ඇතිවුණා. නමුත් අපිට ඒවාට සාර්ථකව මුහුණ දෙන්නට පුළුවන් වුණා. මේක පටන් ගන්නකොට අපි දන්නවා වූහාන් නගරයෙන් පටන් ගත්තේ. එහේ අපේ ශිෂ්‍යයෝ 34 දෙනෙක් හිටියා.

    අපි තීරණයක් අරගෙන ගුවන් යානයක් යවලා ගෙන්නලා, දවස් 6 කින් අපි දියතලාවේ නිරෝධායන කඳවුරක් හදලා එතෙන්ට ගිහිල්ලා සාර්ථකව ඒ කාර්යය කළා. දැන් ඒ ගැන ටිකක් බැලූවොත් එහෙම හරියට නිකන් චිත‍්‍රපටි වල තියෙන දෙයක් වගේ. මොකද අපි දැකලා නැහැ කවදාකවත් මේ වගේ දෙයක්. නමුත් මේ අය ගෙනල්ලා ස්කොඞ් දාගෙන ගෙනිහිල්ලා ඒ විදියට අපි ක‍්‍රියා කළේ. ඒ වෙනකොට අපි මේ නිරෝධායන කඳවුරු කියන ක‍්‍රමවේදයක් අහල තිබුණේ නෑ. නමුත් අපි තීරණයක් ගත්තා මේ අයව ගෙනියන්න කියලා. මේ ඉන්න අය ඔක්කොම දන්නවා අපිට නිරෝධායන කඳවුරක් හදාගන්න කොච්චර අපහසුද. අපි මුලින්ම කඳානට ගෙනියන්න තීරණය කළාම එතන උද්ඝෝෂණය කළා. දියතලාවේ උද්ඝෝෂණය කළා. පූනානිවල උද්ඝෝෂණය කළා. ඒ වගේ එදා මේව පටන් ගන්නකොට උද්ඝෝෂණය කළා. ඒපාර අපි පූනානිවල තිබුණු විශ්වවිද්‍යාල පවරා ගෙන එකේ අපි පළවෙනි නිරෝධායන කඳවුර ඇතිකළා.

    ඉතාලියෙන් ආපු අය ගෙනියන කොට අපිට තිබුණු ප‍්‍රශ්න, හබරණදි ඩ‍්‍රයිවර්ගේ බෙල්ල මිරිකලා පැනලා ගියා සමහර අය. ඉතින් ඒ වගේ තත්ත්ව අභියෝග යටතේ තමයි මේක කළේ. පිටරට ඉඳලා මේ වෙනකොට අපි රටවල් 74 කින් 16279 දෙනෙක් මෙරටට ගෙනල්ලා පුනරුත්ථාපන කඳවුරුවලට යවලා තියෙනවා. මේකත් ලොකු අභියෝගයක්. කුෙවිට්වලින් ගෙනාපු සීයයට අනූ පහකටම කොරෝනා ආසාදිත වෙලා තිබුණේ. මේ තත්ත්වය මත අයි.ඩි.එච්. එක මදි වුණා. තව ආරෝග්‍යශාලා ලබාගෙන මේයට නිසි පිළියම් යෙදුවා.

    අපේ ලොකුම සාර්ථකත්වය ආසාදිතයන් හදුනාගත් වහාම ඔවුන් සම්බන්ධතා පැවැත් වූ පුද්ගලයන් තෝරා ගැනීමයි. පළවෙන් වටය, දෙවෙනි වටය සමහර වේලාවට තුන්වෙනි වටයෙනුත් ආසාදිතයන් හදුනා ගත්තා. මේ හැම දෙනෙක්ම ප‍්‍රමාණය කොච්චර වුණත් මේ පුද්ගලයන් අපි නිරෝධායන කදවුරුවලට යොමු කළා. මේ නිරෝධායන කදවුරු අපි හැත්තෑවක් වගේ ප‍්‍රමාණයක් වෙනකම් ඉහළට අරන් ගියා. හැත්තෑවක් වගේ සංඛ්‍යාවක් නිරෝධායන කදවුරු විදිහට පවත්වාගෙන යනවා කියන එක විශාල අභියෝගයක්.

    ඇත්තටම හමුදාව සහ බුද්ධිය අංශ මේ ක‍්‍රියවලියට තෝරා ගන්න එක හේතුවක් තමයි මේ කාර්යය සෞඛ්‍ය අමාත්‍යාංශයට කරන්න ටිකක් අමාරුයි. ආරෝග්‍ය ශාලාවක් පවත්වන්න පුඵවන්. නමුත් මේ වගේ කාර්යයක් කරන්න ඒ කිව්වේ කදවුරු හොයන්න, කදවුරුවලට ආරක්ෂාව සපයන්න, කදවුරුවලට ගෙනියන්න ඉතාම අමාරු දේවල් බුද්ධි අංශ මේ සදහා විශාල සේවාවක් අපට කළා. අවාසනාවකට වගේ මත්ද්‍රව්‍ය ඇබ්බැහි වූවන්ගේ පුනරුත්ථාපන කදවුරුකින් දැන් ප‍්‍රශ්නයක් ඇවිත් තියෙනවා. අපි ඒවායේ හොට්ස්පොට් හරියට හදුනාගෙන ඒවාට නිසි සැලසුම් ඇතිව නිරෝධායන වැඩපිළිවෙල කරගෙන යනවා දැනටමත්. අපි කළින් අභියෝගය ජයගත්තා වගේම මේ අභියෝගයත් අපට ජය ගන්න පුළුවන්.

  • සංචාරක ව්‍යාපාරයේ විප්ලවයකට ඇමැති ප්‍රසන්නගෙන් නව සැලසුම්

    සංචාරක ව්‍යාපාරයේ විප්ලවයකට ඇමැති ප්‍රසන්නගෙන් නව සැලසුම්

    ඉදිරියේ දී පිහිටුවන නව රජය යටතේ සංචාරක  ප්‍රවර්ධනය සදහා නව ක්ෂේත්‍ර රැසක් මේ වන විට හදුනාගෙන ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කළේ සංචාරකයන් මෙරටට ආකර්ෂණය වන ස්වාභාවික සෞන්දර්යට අමතරව මෙම ක්ෂේත්‍ර හදුනාගෙන ඇති බවයි.

    ඒ අනුව ඉදිරියේ දී සංචාරක ක්ෂේත්‍රය සංවර්ධනය කළ යුතු ක්ෂේත්‍ර ලෙස විනෝදාස්වාදය පදනම් කරගත් උද්‍යාන, ආගමික සංස්කෘතික හා ජාතික උරුමයන්, ත්‍රාස්‍යජනක ක්‍රීඩා, කෘෂිකර්මාන්තය හා වනාන්තර ආශ්‍රිත සංචාරක කර්මාන්තය, දේශීය ආයුර්වේදය හදුනගෙන තිබේ. මෙම හදුනාගත් ක්ෂේත්‍ර දියුණු කිරීම සදහා පෞද්ගලික අංශයට අවශ්‍ය ආයෝජන පහසුකම් හා වෙනත් පහසුකම් ලබා දීමට අපේක්ෂිත බවද ඇමතිවරයා කියයි.

    වසර 2025 වන විට මෙරටට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව මිලියන 07 ක් දක්වා ඉහළ නැංවීමටත් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 10 ක ආදායමක් උපයා ගැනීමටත් අපේක්ෂිතය. කොවිඩ් 19 හේතුවෙන් සංචාරක කර්මාන්තය පසුබෑමකට ලක් ව ඇතැත් අදාළ ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ද ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියා සිටි.

    රටේ ප්‍රධාන සංචාරක නගර යාවෙන මාර්ග පද්ධති ආශ්‍රිතව සංචාරක සේවා, මධ්‍යස්ථාන පිහිටුවීම, සනීපාරක්ෂක පහසුකම්, අවන්හල්, මුදල් හුවමාරු මධ්‍යස්ථාන වැනි සංචාරකයන්ට අවශ්‍ය සියලු පහසුකම් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු ව ඉදිරිකිරීමට අපේක්ෂිතය. අන්තර්ජාලය හරහා හෝටල් වෙන් කීරීම, ප්‍රවාහන පහසුකම්, මාර්ගෝපදේශකයන්, අභ්‍යන්තර ගුවන් ප්‍රවේශපත්‍ර හා ඇතුළු වීමේ ප්‍රවේශපත්‍ර ලබා ගත හැකි වන ආකාරයට මධ්‍යම අන්තර්ජාල මෘදුකාංග පද්ධතියක් සහ සියලු සංචාරක ස්ථාන සදහා ස්වයංක්‍රීයව ඇතුළුවිමේ දොරටු ක්‍රමයක් හදුන්වා දිමට නව රජය යටතේ පියවර ගන්නා බව ද ඇමතිවරයා කියයි.

    සංචාරකයන් සදහා රට විවෘත කිරීම ඉතා කඩිනමින් සිදු කිරීම රජයේ අපේක්ෂාවයි. එහෙත් එව සිදුව්නනේ විදේශගත ශ්‍රමිකයන් දිවයිනට ගෙන්වා ගැනීමෙන් පසුවය. විදේශගත ශ්‍රී ලාංකිකයන් දිවයිනට ගෙන්වා ගැනීමට මේ වන විට තාවකාලිකය අත්හිටුවා ඇතැත් ඉතා ඉක්මණින් එම කටයුතු ද නැවත ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවද ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටී.

  • මහින්ද දේශප්‍රිය ‘ගීතා කුමාරසිංහට ඇඹරූ ගුලියම’ සජිත්ගේ පක්ෂයටත් අඹරලා – සාක්ෂි මෙන්න !

    මහින්ද දේශප්‍රිය ‘ගීතා කුමාරසිංහට ඇඹරූ ගුලියම’ සජිත්ගේ පක්ෂයටත් අඹරලා – සාක්ෂි මෙන්න !

    මහ මැතිවරණය අවසන් වීමෙන් පසු සමගි ජන බලවේගය යටතේ තරග කළ අපේක්ෂකයින්ට එරෙහිව අධිකරණමය ක‍්‍රියාමාර්ග ගැනීමට සිවිල් සමාජ කණ්ඩායම් කිහිපයක් මේ වන විට සැලසුම් කරමින් සිටින බව Colombo Telegraph අනාවරණය කරයි.

    මේ අතර කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ඔෂල හේරත් කියා සිටින්නේ එළඹෙන මහ මැතිවරණය මෙතෙක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත දූෂිතම මැතිවරණය වනු ඇති බවයි.

    මේ කාරණය යළිත් අවධාරණය කරමින් කොළඹ ටෙලිග්‍රාෆ් සමඟ අදහස් දැක්වූ ඕෂල හේරත් මැතිවරණ කොමසාරිස්වරයා සමග කළ දුරකථන සංවාද හතරක් ඉදිරිපත් කළ අතර ඔහු කියා සිටියේ මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා ශ්‍රී ලංකාවේ මහ මැතිවරණයක් පැවැත්වීමට තරම් දක්ෂතම දූෂිත නිලධාරියා (Most corrupt official) බව ඔප්පු කළ හැකි බවයි.

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්ව ගිය කණ්ඩායම සමගි ජන බලවේගය යටතේ තරඟ කිරීම නීති විරෝධී බවත් එය මහ මැතිවරණ පනත සහ පක්ෂ ව්‍යවස්ථාව (sjb) ඍජුව උල්ලංඝනය කිරීමක් බවත් ඒ බව මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා පැහැදිලිව දන්නා බවත් කී හේරත් මහතා මෙම සියලූ පටිගත කිරීම් තමා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකළ පෙත්සම තුළ අන්තර්ගත කළ බවත් පැවසීය.

    මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් අක්‍රමිකතා සිදු කර ඇති බවත්, ලේඛන නීතිවිරෝධී ලෙස යල් පැන ගිය ආකාරය, ශ්‍රේෂ්ඨාධිකරණයේ තොරතුරු යටපත් කිරීමට පෙත්සම්කරුට බලපෑම් කිරීම සහ පෙත්සම්කරුට සහ වගඋත්තරකරුවන්ට තොරතුරු කාන්දු වීම පිළිබඳව මෙම පටිගත කිරීම් තුළ පැහැදිලි සාක්ෂි අන්තර්ගත වෙයි.

    Colombo Telegraph වෙත තවදුරටත් අදහස් දක්වමින් ඔෂල හේරත් ප්‍රකාශ කළේ, ‘මහ මැතිවරණයට ඉදිරිපත් වූ අනෙක් වගඋත්තරකරුවන් තමන්ගේ පක්ෂයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව මහින්ද දේශප්‍රිය දැන සිටියා. ඔවුන්ගේ ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ ඔවුන් දැනට වෙනත් දේශපාලන පක්ෂයක සාමාජිකයෙකු නම් කිසිවෙකු සාමාජිකයෙකු කළ නොහැකි බවත්, පක්ෂයට බැඳී පළමු මාස ​​තුන තුළ කිසිදු නව සාමාජිකයෙකුට ධුරය දැරීමට නොහැකි බවත්, සභාපතිවරයෙකු හා ලේකම්වරයෙකු පත් කිරීම කමිටුවක් විසින් සිදු කරන බවත්ය. ඒ සඳහා කිසිදු බලයක් නොමැති අතර ඔවුන්ගේ පක්ෂයේ ව්‍යවස්ථාවේ යම් සංශෝධනයක් දින 30 ක් ඇතුළත මැතිවරණ කොමිසමට ගොනු කළ යුතුය. මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා මේ සියලූ අඩුපාඩුකම් හොඳින් දැන සිටියා. ඔහු ඇත්ත වශයෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සෙනසිංහ සහ පළාත් සභා නීතිඥ ෆර්මන් කැසිම් යන අයව මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යාලයේදී මා හමුවීමට පැමිණියා. රැස්වීම පැය දෙකහමාරකට වැඩි කාලයක් පැවති අතර එම සම්පූර්ණ පටිගත කිරීම ද මා සතුව තිබෙනවා. ඒ සියල්ල සැලසුම් කර තිබුණේ මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා විසිනුයි. පසුව ඔහු ඔවුන්ට උපදෙස් දුන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට පෙර මා මුණගැසී ගැටලූව විසඳා ගන්නා ලෙසයි. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වශයෙන් ඔහු ස්වාධීනව සිටිය යුතු අතර ඒ සඳහා මැදිහත් නොවිය යුතුයි. ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කිරීමට යන බව මා ඔහුට දන්වා තිබුණා. ඒ නිසා මෙය පැහැදිලිව අනිසි මැදිහත්වීමක්. පසුව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වගඋත්තරකරුවන්ගේ නීතිඥ කණ්ඩායම භාවිතා කිරීමට යන්නේ කුමකට හා උපාය මාර්ගයක් දැයි මට දන්වා සිටියා. සාක්ෂි යටපත් කරන ලෙසත් දුරකථන පටිගත කිරීම් ඉදිරිපත් නොකරන ලෙසත් ඔහු මගෙන් ඉල්ලා සිටියා. ශ්‍රව්‍ය පටි වලට සවන් දෙන්න. එය සියල්ලම පැහැදිලිව වටහා ගත හැකියි.

    එක් පටිගත කිරීමක දී මහින්ද දේශප්‍රිය විසින්ම ඔෂල හේරත්ට දන්වා ඇත්තේ, වගඋත්තරකරුවන්ගේ නීති කණ්ඩායම උසාවියේදී කතාවක් ගොතන ලද බවයි. ඒ සමගි ජන බලවේගය පක්ෂය ඇත්ත වශයෙන්ම එම ලිපිය මැතිවරණ කොමිසමට ඉදිරිපත් කර ඇති නමුත් එම ලිපිය දැන් අස්ථානගත වී ඇති බව සඳහන් කරමිනි. මෙය ඔවුන්ගේ පක්ෂයේ ව්‍යවස්ථාවේ යම් වෙනසක් සිදු කර දින 30 ක් ඇතුළත සමගි ජන බලවේගය විසින් ගොනු කිරීමට නියමිතව තිබූ ලිපියට අදාළවය.

    එළඹෙන මහ මැතිවරණයට තරඟ වැදීමට මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා විසින් සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ කණ්ඩායමට අවසර දීම ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහා උත්තේජනයක් සැපයීමේ උපායක් බව දේශපාලන ක්‍රියාකාරීන් විශ්වාස කරති.

    මහ මැතිවරණය අවසන් වූ පසු ඔවුන් මෙම කාරණය ද අධිකරණයේ දී සලකා බලනු ඇති බව වාර්තා වේ.

    Colombo Telegraph සමග අදහස් දක්වමින් දේශපාලන ක්‍රියාකාරිනියක් පැවසුවේ ‘මෙය 2015 දී ගීතා කුමාරසිංහ සමඟ ද සිදු වූ බව අපි දුටුවෙමු. ඇය වෙනත් රටක පුරවැසියෙකු වුවද, ද්විත්ව පුරවැසිභාවය ලබා සිටියද මැතිවරණ කොමිසම ඇගේ නාමයෝජනා පත්‍ර භාර ගත්තේය. ඇය මහජන ඡුන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වුව ද පසුව ඇයව අධිකරණයම ක‍්‍රියාවලියක් හරහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයෙන් ඉවත් කළා‘

    මැතිවරණය අවසන් වූ පසු ඒ හා සමාන දෙයක් සිදුවිය නොවිය හැකි බවට සමගි ජන බලවේගයේ ඡන්දදායකයින්ට ඇති සහතිකය කුමක්ද ? සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ කැඩී ගිය එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම මෙම මහ මැතිවරණයට නීතිවිරෝධී ලෙස තරඟ කළ බව පහසුවෙන් ඔප්පු කළ හැකිය. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මේ සමස්ත කාරණය ගැන සන්සුන්ව පසු වන්නේ එබැවිනි. හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා ද අවසන් මොහොතේ සජිත් ප්‍රේමදාසගේ කණ්ඩායම සමඟ තරඟ කිරීමට සිත වෙනස් කර හදිසියේම විශ‍්‍රාම යාමට තීරණය කළේ මේ නිසාය.

    මේ අතර, හිටපු ඇමති සහ කොළඹ අපේක්ෂක එක්සත් ජාතීන්ගේ අපේක්ෂක රවී කරුනානායක මහතා ද මෑත සම්මුඛ සාකච්ඡාවකදී විශ්වාසයෙන් කියා සිටියේ පක්ෂයෙන් ඉවත් වූ අය ඉතා ඉක්මනින් දේශපාලනයෙන් ඉවත් වන බවයි. එය පවසන විට ඔහු ඉතා විශ්වාසයෙන් පෙනී සිටියේය.

    ‘කිසියම් දිස්ත්‍රික්කයක මහ මැතිවරණයකින් පසුව, යම් පක්ෂයක නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කළ යුතුව තිබූ බව අධිකරණය විසින් තීරණය කරනු ලැබුවහොත් එම පක්ෂයට ලැබුණු ඡන්දය සැලකිල්ලට නොගෙන එම දිස්ත්‍රික්කයේ ප‍්‍රතිඵලය නැවත ගණනය කළ යුතුය. සංශෝධිත ප්‍රතිඵල ප‍්‍රකාශයට පත් කළ යුතුයි’ මේ තත්ත්වය පැහැදිලි කරමින් ව්‍යවස්ථා විශේෂඥයෙක් වන ජනාධිපති නීතිඥයෙක් අප සමග පැවසීය.

    මීට පෙර 2020 ජුනි මස 9 වන දින ශ්‍රේෂ්ඨාධිකරණ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ඕෂල හේරත් විසින් ගොනු කරන ලද රිට් අයදුම්පතක් විභාග කිරීම සඳහා නිවාඩු ලබා දී නොමැත.

    ‘ශ්‍රේෂ්ඨාධිකරණය බොහෝ විට සමගි ජන බලවේගය තරඟකරුවන්ට තරඟ කිරීමට දිනය ඉතිරි කර තිබේ‘ යැයි නීති විශාරදයෙක් පැවසීය.

    Colombo Telegraph වෙත අදහස් දක්වමින් ඕෂල හේරත් මහතා කියා සිටියේ, ‘ගොනු කරන ලද පෙත්සම සහ රිට් අයදුම්පත නිෂ්ප්‍රභ කිරීම නිසා අපගේ සොයාගැනීම් ඉදිරිපත් කිරීමට අපට ඉඩ ලැබුණේ නැහැ. මෙම හඬ පටිගත කිරීම් ඉදිරිපත් කළේ නම් විනිසුරු මඬුල්ලේ තීන්දුව වෙනස් විය හැකියි. මෙම හෙළිදරව්වෙන් පසුව අධිකරණ පද්ධතියට පවා, ගොනු කර ඇති පෙත්සම් නිෂ්ප්‍රභ කරන්නේ කෙසේද යන්න පිළිබඳ ඔවුන්ගේ වර්තමාන නියමිත ක්‍රියාදාමය ගැන නැවත සිතා බැලිය යුතුයි. මෙය පැහැදිලිවම නීති පද්ධතියේ ඇති අඩුපාඩුවක් හෙළි කරනවා’

    ඔෂාල හේරත් මහතා විසින් ගොනු කරන ලද පෙත්සමෙහි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය, මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් වන, ජනාධිපති නීතිඥ නලින් අබේසේකර, මහාචාර්ය එස්. රත්නජීවන් හූල්, වගඋත්තරකරුවන් ලෙස සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස, එහි මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, අපේ ජාතික පෙරමුණේ පක්ෂයේ සභාපති සේනක ද සිල්වා සහ ලේකම් ඩයනා ගමගේ වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත.

    Chairman EC Mahinda Deshapriya states Senaka’s back dating of the letter and the ploy Sajith Premadasa’s team of lawyers are going to use at the Supreme Court”
    Chairman EC Mahinda Deshapriya informs Herath that he informed Senaka to meet Oshala and settle the matter
    Chairman EC Mahinda Deshapriya gives out details stating irregularities committed by the Elections Commission
    Chairman EC Mahinda Deshapriya gives out details stating irregularities committed by the Elections Commission

    by – Colombo Telegraph

  • සාමාන්‍ය සමාජයෙනුත් Covid ආසාදිතයින් හමුවීමේ අවධානමක්

    සාමාන්‍ය සමාජයෙනුත් Covid ආසාදිතයින් හමුවීමේ අවධානමක්

    මෙහිදී වගකීම් විරහිතව හැසිරෙන ජනතාවට අවවාදයක් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ රට නැවත විවෘත කිරීම සමග අනවශ්‍ය ලෙස සිදුවන ගමනාගමන කටයුතු ඉහළ ගොස් ඇති බවත් ජනතාව සෞඛ්‍ය උපදෙස් නොතකා කටයුතු කරන බවත්ය.

    සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරන්නේ කොතැනද එතැනට කොවිඞ් රිංගන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව ප‍්‍රකාශ කළේ කන්දකඩු පොකුර පිළිබඳව මාධ්‍ය වෙත විශේෂ ප‍්‍රකාශයක් කරමිනි.

    මෙහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ සතියක කාලයක් සඳහා පාසල් වසා දැමීමට පියවර ගත්තේ රට පුරා කොවිඞ් ව්‍යාප්ත වී ඇති නිසා නොව ආරක්ෂිත පියවරක් වශයෙන් බවයි.

    ‘වර්තමානයේ අපේ රටේ ඇතිවී තිබෙන තත්ත්වය කොරෝනා දෙවැනි රැල්ල ලෙස හඳුන්වනවාට වඩා පොකුරක් ලෙසයි හැඳින්විය යුත්තේ. මීට පෙරත් අප රට තුළ මෙවැනි කොවිඞ් පොකුරු නිර්මාණය වුණා. අපි ඉතා සාර්ථකව ඒවා පාලනය කළා. ඒ ආකාරයෙන්ම කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ‍්‍රිතව නිර්මාණය වී ඇති කොවිඞ් පොකුර පාලනය කළ හැකියි‘

    මෙහිදී කන්දකාඩු කඳවුර ආශ‍්‍රිත තත්ත්වය ගැන කරුණු හෙළිකරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ එහි දහස් ගණනින් කොවිඞ් ආසාදිතයින් නොමැති බවයි.

    ‘එහි සිටි ආසාදිතයින් බහුතරය මේ වන විට හඳුනා ගෙන තිබෙනවා’ යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

    කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා ආසාදිතයන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් සාමාන්‍ය සමාජය තුළ සංචාරණය කර ඇති නිසා ඔවුන් හරහා සමාජයට කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය වීමේ ඉඩක් ඇති බව ද එසේ සම්පේ‍්‍රෂණය වී ඇති නම් ඉදිරි දිනවල දී ආසාදිතයන් සාමාන්‍ය සමාජය තුළින් හමු වීමේ අවධානමක් ඇතැයිද අනිල් ජාසිංහ මහතා පැවසීය.

    මෙහිදී වගකීම් විරහිතව හැසිරෙන ජනතාවට අවවාදයක් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ රට නැවත විවෘත කිරීම සමග අනවශ්‍ය ලෙස සිදුවන ගමනාගමන කටයුතු ඉහළ ගොස් ඇති බවත් ජනතාව සෞඛ්‍ය උපදෙස් නොතකා කටයුතු කරන බවත්ය.

    ‘රට නැවත විවෘත කළේ ආර්ථික ක‍්‍රියාවලිය යථා තත්ත්වයට පත් කිරීමට මිස ජනතාවට අනවශ්‍ය ලෙස විනෝද චාරිකා, උත්සව පවත්වන්න නෙමෙයි. මේවා කරන විට ඔවුන් සෞඛ්‍ය උපදෙස් ගැන දක්වන සැලකිල්ල දැඩි ලෙස අඩුකරනවා. එය කිසිසේත් නොකළ යුතු දෙයක්. සෞඛ්‍ය උපදෙස් නොතකා හරින්නේ කොතැන ද එතැනට කොරෝනා රිංගනවා’ යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.

  • නිවැරදිම තීන්දුව නොගත්තොත් රටට වෙන දේ ගැන GMOA අනතුරු අඟවයි

    නිවැරදිම තීන්දුව නොගත්තොත් රටට වෙන දේ ගැන GMOA අනතුරු අඟවයි

    බාහිර සමාජයෙන් කොරෝනා පොකුරු නිර්මාණය වෙමින් පවතින තත්ත්වයක් නිරීක්ෂණය වන බවත් එය කොරෝනා දෙවැනි රැල්ලක භයානක පෙර නිමිත්තක් බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

    අද (13) කොළඹදී පැවති විශේෂ මාධ්‍ය හමුවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ බව අවධාරණය කළේය.

    කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් ආරම්භ වී තිබෙන කොරෝනා දෙවැනි රැුැල්ල ගැන මාධ්‍ය දැනුවත් කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබුණේය. මෙහිදී වත්මන් තත්ත්වය ගැන සිය නිරීක්ෂණ පැහැදිලි කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටියේ කොරෝනා ආසාදිතයන් දෙවැනි වටයේ දී වැඩි වශයෙන් හමුවුණ ප්‍රදේශයවලට යළිත් සංචරණ සීමා පැනවිය යුතු බව තම සංගමයේ අදහස බවයි.

    ‘අපි යළි යළිත් අවධාරණය කරන්නේ පළමු අවස්ථාවේදීම නිවැරදි තීන්දු නොගන්නේ නම් යළිත් රට වසා දැමීම වැනි බරපතල තීරණ ගැනීමට සිදුවනු ඇති බවයි. ඒ නිසා වැඩි වශයෙන් ආසාදිතයින් හමුවන ප‍්‍රදේශවලට සංවරණ සීමා පැනවිය යුතු බවයි අපි විශ්වාස කරන්නේ. මේ සම්බන්ධයෙන් අපි අද සවස ජනාධිපතිවරයා හමුවී සාකච්ඡුා කිරීමට බලාපොරොත්තු වෙනවා.

    එහිදී මේ මොහොතේ ගත යුතු පියවර සම්බන්ධයෙන් යෝජනාවලියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාර දීමටත් අපි පියවර ගන්නවා‘

  • රනිල් – සජිත් වාගේ කයිවාරුකාරයින්ට රට ගොඩනගන්න බැහැ – ඇමැති ප‍්‍රසන්න

    රනිල් – සජිත් වාගේ කයිවාරුකාරයින්ට රට ගොඩනගන්න බැහැ – ඇමැති ප‍්‍රසන්න

    කොරෝනා රෝගීන් හමුවෙද්දී වැඩිපුරම සතුටු වන්නේ විපක්ෂය බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ විපක්ෂය එමගින් කාළකණ්ණි සතුටක් ලබන බවයි.

    බියගම ප්‍රදේශයේ ඊයේ (12) පැවති රැස්වීමකට එක්වෙමින් ඇමතිවරයා  මේ බව සදහන් කළේය. මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.

    “විපක්ෂයට දැන් හරි ම සංතෝෂයි. කොරෝනා රෝගීන් රටේ වැඩිපුර හම්බෙනකොට ඒ ගැන වැඩියෙන්ම සතුටු වෙන්නේ මේ රටේ විපක්ෂය. විපක්ෂය දන්නවා මේ මැතිවරණයේ දී යන එන මං නැතිව යනවා කියලා. පරාද වෙන බව දන්න නිසා මේ අයට ඕන කොක්කෙන් හරි කෙක්කෙන් හරි මැතිවරණය කල් දාගන්න. ඒ නිස තමයි කොරෝනා වසංගතය පැතිරෙනකොට විපක්ෂය සතුටු වෙනවා.

    මම දැක්කා කබීර් හෂිම් කියනවා ආණ්ඩුව අසාර්ථකයි කියලා. ශ්‍රී ලංකා ඉතිහාසයේ අසාර්ථකම ආණ්ඩුව පහුගිය යහපාලන ආණ්ඩුවයි. ඒ ආණ්ඩුවේ ඇමති කෙනෙක් තමයි කියන්නේ මේ ආණ්ඩුව අසාර්ථකයි කියලා. මේ අය කථා කරන්නේ තොත්ත බබාලා වගේ. මොකුත් දන්නේ නෑ. මේ ආණ්ඩුව අවුරුදු හතරාමාරක් කළේ අපි වගේ තමයි කථා කරන්නේ.

    රටේ මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි තරමට මේ රට විනාශ කරපු යහපාලන ආණ්ඩුවේ ඇමතිවරු තමයි කියන්නේ මේ ආණ්ඩුව අසාර්ථකයි කියලා. කොවිඩ් 19 වසංගතය පැතිරයාම අපේ රටේ ආර්ථිකයට මරු පහරක්. ඒත් ගෝඨාභය – මහින්ද සුසංයෝගයට කඩා වැටී ඇති ආර්ථිකය ගොඩ නැගීමට නිසි වැඩ පිළිවෙලක් තිබෙනවා. සජිත්ටත් – රනිල්ටත් එහෙම දැක්මක් හෝ උවමනාවක් නෑ. මේ රට ගොඩ නගන්න ඔවුන්ගේ කයිවාරුව විතරයි.

    සජිත් සංස්කෘතික අරමුදලේ මුදල් පාවිච්චි කළේ තමන්ගේ ප්‍රතිරූපය හදාගන්න. නිවාස හැදුවා කිව්වට නිවාස ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් ම අසාර්ථකයි. සජිත්ලා දැන් කථා කරන්නේ හඳෙන් ආවා වගෙයි. හැබැයි රට අද පත් ව තිබෙන අවාසනාවන්ත තත්ත්වයට සජිත්ලා වග කිව යුතුයි. 2015 කරපු බොරුවට ජනතාව නැවත රැවටෙන්නේ නෑ.

    පාස්කු ප්‍රහාරයට චෝදනා ලත් සියලුම දෙනා ඉන්නේ සජිත්ගේ වේදිකාවේ. මහබැංකු හොරකමේ ප්‍රධානියා ඉන්නේ රනිල්ගේ වේදිකාවේ. මේ දෙගොල්ලෝ දැන් ගහගන්නවා. හොරු හොරු ගහගන්නකොට බඩු මාට්ටු වගේ. රනිල්ලා – සජිත්ලා කරපු සෙල්ලම් දැන් ඔවුන්ගේම කටවල් වලින් එළියට එමින් තිබෙනවා. ඒවාට ජනතාව අගෝස්තු 05 වෙනිදාට ප්‍රතිචාර දක්වන බව සිකුරුයි.

    අපි තුනෙන් දෙකේ බහුතර බලයක් අපි ඉල්ලන්නේ යහපාලනය ගෙන ආ රටට අහිතකර අණපණත් අහෝසි කරන්නයි. ඒ පණත් අහෝසි කර ගැනිමට තිබෙන එකම ක්‍රමය තමයි අපි. තුනේ දෙකක බලයක් ලබා ගැනීමට.

    සජිත් ප්‍රේමදාස කියනවා පහුගිය කාලේ රාජ්‍ය සේවකයන්ගේ කපා දැමු දීමනා පරිපුරකයක් ගෙනත් ගෙවනවා කියලා. එදා රාජ්‍ය සේවකයන්ගේ බඩට ගැසු යහපාලන නඩය අද නැවත රාජ්‍ය සේවකයන්ට දුන්නු දීමනා කප්පාදු කළේ. මහින්ද මහත්තයා තමයි රටේ ශක්තිමත් රාජ්‍ය සේවාවක් හැදුවේ. එදා යුද්ධය දිනද්දිත් මෙදා කොවිඩ් පාලනය කරද්දීත් රාජ්‍ය සේවකයන් තමයි පෙරමුණ ගත්තේ. ඒ නිසා පහුගිය යහපාලනය රාජ්‍ය සේවය විනාශ කිරීමට ගෙන ආ අණපණත් හා චක්‍ර ලේඛ ගෝඨාභය – මහින්ද සුසංයෝගයෙන් යුත් ආණ්ඩුවක් මගින් වහා අහෝසි කරනවා. රාජ්‍ය සේවය ආණ්ඩුවේ රජ කාලේ ඉදන් රාජ්‍ය සේවය බාල්දු කරන්න අප කිසිවෙකුටවත් ඉඩ තියන්නේ නෑ.”