Blog

  • ජර්මයින් බ්ලැක්වුඩ් කොදෙව් ජයග‍්‍රහණය තහවුරු කරයි

    ජර්මයින් බ්ලැක්වුඩ් කොදෙව් ජයග‍්‍රහණය තහවුරු කරයි

    එංගලන්ත – බටහිර ඉන්දීය කොදෙව් පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරඟයෙන් කඩුළු 4ක විශිෂ්ඨ ජයග‍්‍රහණයක් ලබා ගැනීමට ඊයේ (12) බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා. ඒ සමග තරග 03කන් සමන්විත එංලගන්ත – බටහිර ඉන්දිය ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස කොදෙව් කණ්ඩායම ඉදිරියෙන් පසු වෙනවා.

    එංගලන්තයේ සවුත්හැම්ප්ටන් හි අවසන් දිනයේදී ලකුණු 200ක පහසු ඉලක්කයක් හඹා ගිය කොදෙව් පිතිකරවෝ තරඟයේ පළමු භාගයේදී ලකුණු 27කට කඩුළු 03ක් දැවී ගොස් අසීරු තත්ත්වයක පසුවෙද්දී පිටියට පිවිසි ජර්මේන් බ්ලැක්වුඞ්ස් විශිෂ්ඨ ඉනිමක් ක‍්‍රීඩා කරමින් කොදෙව් කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියා. පන්දු 154කට මුහුණ දුන් ජර්මේන් හතරේ පහර 12කින් තම ලකුණු 95 වර්ණවත් කළා.

    අවසන් දිනයේදී ජෙෆ්රා අවාර් ඇතුළු වේග පන්දු යවන්නන්ගේ දැඩි පීඩනයකට මුහුණ දුන් කොදෙව් පිතිකරුවන් දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ලකුණු 35කට කඩුළු 03ක් දැවී ගොස් දැඩි පීඩනයක සිටියත් දිවා ආහාරයෙන් පසුව තේ පානය සඳහා තරගය නතර කරන විට එම පීඩනයෙන් මිදීමට සමත්ව සිටියා.

    ඒ අනුව තේ පාලනය සඳහා තරගය නතර කරන විට කඩුළු 04කට ලකුණු 108ක් දක්වා සිය ඉනිම ඔසවා තැබීමට කොදෙව් පිතිකරුවන් සමත් වුණා. තේ පානයෙන් පසුව ජයග‍්‍රාහී ඉලක්කය කරා යාමට ක්‍රෙග් සහ ජෝන් කැම්බල් උත්සාහ කළ ද ජෙෆ්රා අවාර්ගේ පන්දුවක් වැඳීමෙන් පාදයේ අස්ථි ප‍්‍රදේශයේ බිඳීමක් සිදුවූ හෙයින් කැම්බල්ට තාවකාලිකව පිටියෙන් ඉවත් වීමට සිදු වුණා. නමුත් තරගයේ ජයග‍්‍රාහී ලකුණ වාර්තා කිරීමට යළි පිටියට පිවිසි කැම්බල්ට හැකිවීම විශේෂත්වයක්.

    තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එංගලන්ත නායක බෙන් ස්ටොක්ස් මෙසේ කියා සිටියා – ‘එය ඉතා අසීරු ටෙස්ට් තරඟයක්. පස්වන දින දක්වා ක්‍රීඩා කළ හැකි සෑම විටම එය විශිෂ්ටයි\ ක්‍රිකට් ක්‍රීඩා කරන මට්ටම අතිශය අසාමාන්‍යයි’

    ඓතිහාසික ජයග‍්‍රහණයෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ බටහිර ඉන්දීය කොදෙව් නායක ජේසන් හෝල්ඩර් මෙසේ සඳහන් කළා. ‘මට ඇත්තටම සතුටුයි. අපේ කණ්ඩායම කළ යුතු හොඳම දේ කළා. ඔවුන් ඔවුන්ගේ මහන්සියේ, කැප වීමේ ප‍්‍රතිඵල නෙළා ගත්තා‘

  • ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය පැතිරීම පාලනයෙන් ගිලිහිලා ද?

    ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය පැතිරීම පාලනයෙන් ගිලිහිලා ද?

    කොරෝනා වයිරසය පාලනය සම්බන්ධයෙන් පසුගිය මාස කිහිපය පුරා ගන්නා ලද සාධනීය පියවර මේ වන විට අවදානමට ලක්වෙමින් පවතින්නේද යන්න සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශවල ඇතැම් වෘත්තිකයෝ කනස්සල්ල පළ කරති.

    කන්දකාඩු හි පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රයෙන් ආසාදිත පොකුරක් මතුවීම මෙන්ම සමාජය තුළ වෛරසය පැතිරීම පාලනය සඳහා ගෙන තිබූ පියවර ලිහිල් කිරීමෙන් දැනට මතුවී ඇති තත්ත්වය පිළිබඳ ඔවුහු සිය අවධානය යොමු කරති.

    “රෝග ව්‍යාප්තිය පාලනය සඳහා අත්‍යවශ්‍ය ක්‍රියාමාර්ග නියමිත පරිදි ක්‍රියාත්මක නොවීම හේතුවෙන් කෝවිඩ්-19 වසංගතය ප්‍රජාව තුළ පැතිර යාමේ දැඩි අවදානමක් මේ වනවිට පවතින බව අපගේ අදහස,” යැයි සිකුරාදා (ජූලි 10) නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පැවසීය.

    මේ අතර ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ කියා සිටින්නේ “කෝවිඩ්-19 පාලනය සඳහා මාර්ගෝපදේශ මෙතෙක් නීතිගත නොකිරීමේ තත්ත්වය මත, දැඩි කැපවීමකින් පාලනය කරගත් වසංගතය යළි හිස එසවීමේ අවදානමක් ඇති,” බවකි.

    මේ පිළිබඳ බීබීසී සිංහල සේවය කළ විමසීමකදී පිළිතුරු දුන් වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුගත් සමරවීර කියා සිටියේ වසංගතය පාලනය සඳහා සෞඛ්‍ය අංශවලින් ප්‍රමාණවත් පියවර ගන්නා බවය. එහෙත් ප්‍රජා දායකත්වයේ හිඩැසක් පෙනෙන බව ඔහු සඳහන් කළේය.

    කන්දකාඩු හි පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයින් අතරින් එහි සේවා සම්පාදකයින් ඇතුළු කිහිපදෙනෙක් ප්‍රජාව අතරට ගොස් ඇති බවත් ඔවුන් හඳුනා නිසි පියවර ගැනීම ක්‍රියාත්මක බවත් වෛද්‍ය සමරවීර පැවසීය.

    විදේශවලින් පැමිණි පුද්ගලයින්ද ඇතුළුව සිකුරාදා දිනය තුළ වාර්තා වූ ආසාදිතයින් ගණන 296 කි. එය මෙතෙක් එක් දිනකදී වාර්තා වූ ඉහළම ආසාදිතයින් සංඛ්‍යාවය.

    දිනක වැඩිම ආසාදිතයින්

    සමාජය තුළ පාලනය “වේගයෙන් ලිහිල් කිරීම”

    අලුත් ආසාදිත පොකුරක් මතුවීම හා ඒ ආශ්‍රිත ඇතැමුන් ප්‍රජාව වෙත යොමු වීම එක් පසෙකින් සිදුවෙද්දී සමාජය තුළ ආරක්ෂණ පිළිවෙත් ලිහිල් වීම සම්බන්ධයෙන් ඇතැම් අංශවලින් මේ වනවිට පළ වී ඇත්තේ කණස්සල්ලකි.

    පොදු රැස්වීම් පිළිබඳ සීමා ලිහිල් කිරීම, පොදු ප්‍රවාහන සේවා පෙර පරිදි ක්‍රියාත්මක කිරීම, විනෝදාත්මක ක්‍රියාකාරකම් පුළුල් ලෙස විවෘත කිරීම හා වෙනත් ප්‍රශ්නකාරී ක්‍රියා පිළිවෙත් හේතුවෙන් ජනතාව රෝග ආරක්ෂණ පිළිවෙත්වලින් ඈත්වී ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වා දෙයි.

    පොදු ස්ථානවල මුඛ ආවරණ පැළඳීම පවා නියමිත පරිදි සිදු නොවන බව පෙනී යන්නේ යැයි පවසන එම සංගමය, එයට හේතුව ලෙස පෙන්වා දෙන්නේ කෝවිඩ්-19 අවදානම් තත්ත්වය තවදුරටත් නොමැති බව හැඟවෙන ලෙස, මීට පෙර තිබූ දැඩි පාලනය “ඉතා වේගයෙන් ලිහිල් කිරීම” ය.

    වෛද්‍ය සංගමය

    ඒ අනුව රෝග පාලන පියවර දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය වෘත්තිකයින්ගේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා අනුගතවන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය රජයෙන් ඉල්ලා සිටී.

    මේ අතර සමාජය වෙත පසුගිය දිනවල ලැබුණු ඇතැම් පූර්වාදර්ශ හේතුවෙන් මෙතෙක් කළ කැපවීම අපතේ යාම පමණක් නොව මේ වනවිට සිය රාජකාරී ඉටුකිරීම ද අපහසුවී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

    “ජනතාව මෙන්ම නිලධාරීන් කළ කැපකිරීම උපහාසයට ලක්කිරීම තොණ්ඩමන් අමාත්‍යවරයාගේ අවමගුලේ සිට විශාල ප්‍රමාණයේ මැතිවරණ රැස්වීම් දක්වා විහිද ගිහින් තිබෙනවා. අපිට බිමේ කිසිසේත් රාජකාරි කළ නොහැකි තත්ත්වයක් උදාකරලා තිබෙනවා.” යැයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ කියා සිටියේය.

    නිරෝධායන නීති ආරක්ෂා කිරීමකින් තොරව හා පාලනයකින් තොරව අවදානමට ලක්කෙරෙන ආකාරයෙන් පවත්වන කුඩා පරිමාණ හා මහා පරිමාණ දේශපාලන රැස්වීම් පිළිබඳ ජනතාව තමන්ට ප්‍රශ්න ඉදිරිපත් කරන බව ද ඔහු සඳහන් කළේය.

    කොරෝනාවයිරසය පැතිරීම පාලනය කිරීමේදී සමාජ දුරස්ථභාවය පවත්වාගැනීම ආදී පියවර මෙම මැතිවරණ සමයේ පැවැත්වෙන දේශපාලන රැස්වීම් ඇසුරේ ද දකින්නට ලැබෙන බව බීබීසී සිංහල සේවයට අදහස් පළකළ වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපා ගමගේ ද සඳහන් කළාය.

    සමාජ දුරස්ථභාවය තබා ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ ඈ තවදුරටත් කියා සිටියේ, සමස්තයක් ලෙස ගතහොත් රටේ එදිනෙදා කටයුතු ද පවත්වාගෙන යාම ද අවශ්‍ය බැවින් ප්‍රජාව කළ යුතුවන්නේ විනෝද චාරිකා යාම, සාදවලට එක්වීම වැනි අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන්වලින් වැළකීම බවය.

    කෙසේවෙතත්, අවදානම් කණ්ඩායම් ආශ්‍රිතව මෙතෙක් කළ අහඹු පරීක්ෂණවලින් ඔබ්බට ගොස් ජනතාව අතරේ පරීක්ෂණ ව්‍යාප්ත කිරීම ඇතුළු සැලසුමක් ඇති බව ද විශේෂඥ වෛද්‍ය දීපා ගමගේ වැඩිදුරටත් සඳහන් කළාය.

    By bbc sandasaya

  • අමිතාබ් – අභිෂේක් – අයිශ්චර්යා සහ ආරාධ්‍යා බච්චන්ටත් කොරෝනා !

    අමිතාබ් – අභිෂේක් – අයිශ්චර්යා සහ ආරාධ්‍යා බච්චන්ටත් කොරෝනා !

    බොලිවුඩයේ සුප්‍රකට ‘බච්චන් පවුලේ‘ අම්තාබ් බච්චන්, අභිෂේක් බච්චන්, ආයිශ්චර්යා රායි බච්චන් සහ ඇයගේ දියණිය ආරධ්‍යා බච්චන්ට කොවිඩ්-19 ආසානය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා වල සදහන් වෙනවා.

    ඉන්දීය මාධ්‍ය වාර්තාවලට අනුව අමිතාබ් සහ අභිෂේක් ඊයේ රාත්‍රියේ මුම්බායි හි නැනාවතී රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන් රෝහල්ගත කළ පසු අයිශ්වර්යා රායි බච්චන් සහ ආරධ්‍යා බච්චන් ද ආසාදිතයින් බවට හදුනා ගෙන තිබෙනවා.

    මේ සම්බන්ධයෙන් ට්වීට් පණිවුඩයක් නිකුත් කරමින් අභිෂේක් පවසා සිටියේ “අයිශ්වර්යා සහ ආරධ්‍යා ද COVID-19 ධනාත්මක බව පරීක්ෂා කර ඇත. ඔවුන් නිවසේදී ස්වයං නිරෝධායනය කරනු ඇත. BMC ඔවුන්ගේ තත්වය යාවත්කාලීන කර ඇති අතර අවශ්‍ය දේ කරමින් සිටී. මගේ අම්මා ඇතුළු පවුලේ අනෙක් අය ඍණාත්මක ලෙස පරීක්ෂා කර ඇත. වෛද්‍ය නිර්දේශ ලැබෙන තෙක් මාත් මගේ පියාත් රෝහල්ගතව සිටිමු. හැමෝම කරුණාකර ප්‍රවේශමෙන් සිටින්න. කරුණාකර සෞඛ්‍ය නීති අනුගමනය කරන්න. ඔබගේ පැතුම් හා යාච්ඥාවන්ට ඔබ සැමට ස්තුතියි‘‘

  • විදෙස්ගත ශ්‍රමිකයන් දිවයිනට ගෙන්වීම තාවකාලිකව නතර කිරීමට

    විදෙස්ගත ශ්‍රමිකයන් දිවයිනට ගෙන්වීම තාවකාලිකව නතර කිරීමට

    නිරෝධයන මධ්‍යස්ථාන වල ඉඩකඩ සීමා වීම නිසා විදෙස්ගත ශ්‍රමිකයන් දිවයිනට ගෙන්වීම තාවකාලිකව නතර කෙරේ. කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේ මෙම තාවකාලික ව නතර කිරීම ක්‍රියාත්මක වන්නේ ලබන අගහරුවාදා (14) සිටයි. කෙසේ වෙතත් තත්ත්වය සමනය වූ වහාම නැවත විදෙස්ගත ශ්‍රමිකයන් දිවයිනට ගෙන්වීමේ කටයුතු ආරම්භ කරන බව ද ඔහු සදහන් කරයි..

    අද (12) බියගම ප්‍රදේශයේ පැවති මැතිවරණ රැස්වීමකින් අනතුරුව  මාධ්‍ය වේදින් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය. 

    මෙහි දි වැඩිදුරටත් අදහස් දැක්වු ඇමතිවරයා මෙසේ ද කීවේය.

    “ නිරෝධායන මධ්‍යස්ථාන වල ඉඩකඩ නොමැති නිසා විදෙස්ගත ශ්‍රමිකයන් දිවයිනට ගෙන්වීම තාවකාලික නතර කරන්න තීරණය කරලා තියෙනවා. නමුත් මේ තත්ත්වය මග හැරුණු වහා ම නැවතත් විදෙස්ගත ශ්‍රමිකයන් නැවත දිවයිනට ගෙන්වීමේ කටයුතු නැවත ආරම්භ කරනවා. මේ තත්ත්වය තුළ ගුවන් තොටුපළ විවෘත කිරීම තවදුරටත් කල් යන්න ඉඩ තියෙනවා. පවතින රටේ තත්ත්වය නිසා සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කරලා ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නවා.

    විදෙස්ගත ශ්‍රමිකයන් සියලු දෙනා ශ්‍රී ලංකාවට ගෙන්වන්න ඕනේ කියන ස්ථාවරයේ අපි ඉන්නවා. ජනාධිපතිතුමා අපට උපදෙස් දීලා තියෙන්නේ මේ සියලු දෙනා ලංකාවට ගෙන්න ගන්න කටයුතු කරන් කියලා. ඒ ස්ථාවරයේ කිසිදු වෙනසක් නෑ. මේ වෙනකොට විදෙස්ගත ශ්‍රමිකයන් 12,000කට වැඩි පිරිසක් දිවයිනට ගෙන්වා තිබෙනවා. ඒ අය ගෙන්වන්නේ නිරෝධයන නීතිරීති වලට අනුවයි. කොවිඩ් 19 රටපුරා පැතිරෙනවානම් ඒ ගැන වැඩිපුරම සතුටු වෙන්නේ මේ රටේ විපක්ෂය. මැතිවරණයෙන් අන්ත පරාජයක් ලබන නිසා කොරෝනා වල පිහිටෙන් හරි මැතිවරණට නතර කරගන්න විපක්ෂය ඇගිලි ගැන ගැන ඉන්නේ. ජනාධිපතිතුමාත්, සෞඛ්‍ය හා ආරක්ෂක අංශ එක්වෙලා තත්ත්වය පාලනය කරමින් තිබේ. විදේශ රටවල ඉන්න සියලුම ශ්‍රී ලාංකිකයන් අපි ශ්‍රී ලාංකිකයන් ලෙස සලකනවා. ඒ අයව ලංකාවට ගෙන්ව ගන්න කටයුතු කරන බවට අපි සහතික වෙනවා. සෞඛ්‍ය අංශ උපදෙස් අනුවයි අපි මේ කටයුතු කරන්නේ.

    මේ වන විට රටේ මතු ව තිබෙන තත්ත්වය දෙවන කොරෝනා රැල්ලක් ලෙස තාම සෞඛ්‍ය අංශ හදුන්වන්නේ නෑ. නමුත් අපි ඒ මතු ව තිබෙන කොරෝනා තත්ත්වය පාලනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් තිබෙනවා. දැනට කන්දකාඩු මධ්‍යස්ථානයේ කොරෝනා පොකුර හදුනගෙන ඊට සම්බන්ධ අය නිරෝධායනයට ලක් කරන්න කටයුතු කරමින් තිබෙනවා. සෞඛ්‍ය අංශ මේ සම්බන්ධයෙන් අවශ්‍ය සියලු පියවර ගන්නවා.”

  • 2015දී කළ වැරැද්ද යළි කරන්න එපා ? – ප්‍රසන්න රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලයි

    2015දී කළ වැරැද්ද යළි කරන්න එපා ? – ප්‍රසන්න රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලයි

    රනිල් මෛත්‍රී යහපාලන ආණ්ඩුව තරම් රාජ්‍ය සේවය හෑල්ලුවට ලක් කළ ආණ්ඩුවක් මෙරට ඉතිහාසයේ නොතිබු බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. එලෙස රාජ්‍ය සේවය හෑල්ලුවට ලක්කල යහපාලන නඩය නැවතත් රජයේ සේවකයන් රැවටීම සදහා කිඹුල් කදුළු හෙළමින් සිටින බව ද ඔහු පෙන්වා දෙයි.

    එජාපය, ජවිපෙ හා සජිත්ගේ අටමගලය කුජීත වි ඇති බව පවසන ඇමති ප්‍රසන්න රණතුංග මහතා රට විනාශ කළ යහපාලන කැදහැළිය නැවත බලයට ගෙන ඒමට මෙරට ජනතාව සුදානම් නැතැයි ද කියා සිටී. හැකිනම් පාර්ලිමේන්තු මැතිවරණයේ දී රනිල් සමග එකතු වී හෝ  තුනෙන් එකක්වත් ගෙන පෙන්වන්නැ‘යි ඇමතිවරයා සජිත් ප්‍රේමදාස මහතාට අභියෝග කරයි.

    මීරිගම පනාවල ප්‍රදේශයේ ඊයේ (11) පැවති රැස්වීමකට එක් වෙමින් ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව සදහන් කළේය.

    මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.

    “සජිත්ගේ කට්ටිය කියනවා ආණ්ඩුවට තුනෙන් දෙක නෙමෙයි සරල බහුතරයවත් ගන්න බෑ කියලා. අපි තුනෙන් දෙක අරන් පෙන්නනම්. පුළුවන් නම් මේ දෙගොල්ලෝම එකතුවෙලා තුනෙන් එකක් අරන් පෙන්නන්න කියලා මම අභියොග කරනවා. අද එජාප යයි, ජවිපෙයි සජිත්ගේ ඔය අටමගලෙයි කුජීත වෙලා ඉවරයි. පසුගිය යහපාලනයේ හිටපු අලි කොටි නරි ඔක්කොම ඉන්නේ සජිත් ගාව. සජිත් ගාව නැත්තේ කවුද? පාස්කු ප්‍රහාරයට සම්බන්ධව එවුන් ඉන්නවා.

    මහ බැංකු හොරු ඉන්නවා. පාස්කු ප්‍රහාරයට දාපු කොමිසමේ සාමාජිකයෝ ඉන්නවා. මේ ඉන්නේ පසුගිය කාලයේ මේ රට විනාශ කරපු රට කාබාසනිය කරපු නඩය. මේ නඩයට රැවටුනොත් රට සුං. රට විනාශ කරපු යහපාලන කැදහැළිය ආයේ ගේන්න ජනතාව කැමති නෑ. රට පුරාම මම යනකොට පොහොට්ටුවේ අපේ රැස්විම් වලට එන මිනිස්සු කියන්නේ මහින්දගේ ආණ්ඩුවක් ඉක්මණට හදන්න කියලා.

    2015 දි වෙච්ච වැරැද්ද නැවත කරගන්න එපා කියලා මම ජනතාවගෙන් ඉල්ලනවා. සජිත් කියන තරමක් කියන්නේ බොරු. කරන තරමක් කරන්නේ විහිළු. මම දැක්කා සජිත් කියනවා එයා අගමැති වුණොත් රුපියල් 20,000 ගාණේ දෙනවා කියලා. හෝමාගම ක්‍රිකට් ක්‍රීඩාංගණය, ගල්කිස්සේ වෙරළ තීරය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය නතර කරලා මේ වැඩේ කරනවා කියලයි සජිත් කියන්නේ. අඩුම තරමේ මූල්‍ය ප්‍රතිපත්ති ගැන අවබෝධයක් නැති සජිත් මේ හදන්නේ ජනතාව රවට්ටන්නයි.

    සජිත් රනිල් කියන්නේ දැක්මක් නැති නායකයෝ දෙන්නෙක්. හිටපු උන්නැහෙත් එහෙම තමයි. කිසිම දැක්මක් තිබ්බේ නෑ. රනිල් මෛත්‍රී යහපාලන ආණ්ඩුව තරම් රාජ්‍ය සේවය හෑල්ලුවට ලක් කළ ආණ්ඩුවක් මෙරට ඉතිහාසයේ තිබුණේ නෑ. රනිල් මෛත්‍රී ආණ්ඩුව මේ රටේ රාජ්‍ය සේවය කප්පාදු කලා. අග්‍රහාර රක්ෂණය නතර කලා. විශ්‍රාම වැටුප අහෝසි කරන්න හැදුවා. මේ රටේ රාජ්‍ය සේවය ස්වාභාවික මරණයට ලක්කරන්නයි ඔවුන් හැදුවේ. රජයේ සේවකයන්ව විවිධ පරීක්ෂණ කොමිෂන් හරහා හිර කරන්න පිඹුරුපත් සැකසුවා. රජයේ රැකියා ලබා දෙන්න ඇමතිවරු වෙරළ තීරවල සම්මුඛ පරීක්ෂණ කරපු හැටි අපි දැක්කා. පියාණෝගේ පුතාණෝ උස නම් සිකියුරිටි – මිටි නම් කම්කරු තනතුරු දුන්නේ කොහොමද කියලා අපි දන්නවා. දැන් සජිත්ලා රනිල්ලා රාජ්‍ය සේවය වෙනුවෙන් කිඹුල් කඳුලු හෙළනවා. සංස්කෘතික අරමුදලේ සල්ලි හොරකම් කරලා තමන්ගේ ප්‍රතිරූපය ගොඩනගාගන්න කටයුතු කරපු ඇමතිවරු තමයි ඒ කලේ හිටියේ .

    මේ රටේ රාජ්‍ය සේවය ශක්තිමත් කරපු එකම ආණ්ඩුව මහින්ද රාජපක්ෂ ආණ්ඩුවයි. ඒ කලේ උපාධිධාරින් රජයේ රැකියා වලට බදවා ගත්තා. රාජ්‍ය සේවය ගෞරවණීය සේවාවක් බවට පත් කළා. අග්‍රහාර රක්ෂණය, විශ්‍රාම වැටුප විධිමත් කළා. 2001 දි බලයට පත්වුණ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව රාජ්‍ය සේවය ලක්ෂ 07 කට බැස්සුවා. මහින්ද මහත්තයා තමයි ඒක ලක්ෂ 15 දක්වා වැඩි කළේ. පහුගිය යහපාලන ආණ්ඩුව නැවත එය ලක්ෂ 11 දක්වා අඩු කළා. රාජ්‍ය සේවය කප්පාදු කරපු රජයේ සේවකයන් හිරේ දාපු යහපාලන නඩය අද රජයේ සේවකයන්ගේ සහාය ඉල්ලනවා. මේක තරම් විහිළුවක් කොහෙවත් තියෙනවාද? අද රටේ නායකයා කීර්තිමත් රාජ්‍ය සේවකයෙක්. ඔහු නිවැරිදි රාජ්‍ය සේවයක් සදහා කැප වූ අයෙක්. ගෝඨාභය – මහින්ද සුසංයෝගයෙන් යුතු පොහොට්ටු රජයක් යටතේ අපි මෙරට රාජ්‍ය සේවාව වඩා කාර්යක්ශම හා ශක්තිමත් රාජ්‍ය සේවාවක් බවට පත් කරනවා. ඒ සදහා අවශ්‍ය සැලසුම් දැනටමත් සකස් කර අවසන්. ”

    අපේක්ෂිකා කෝකිලා හර්ෂණි ගුණවර්ධන මහත්මිය ද මෙහි දී කථා කළාය.

  • ‘කන්දකාඩුව කඳවුරේ සේවය කළ’ මනෝ විද්‍යා උපදේශකවරයෙකු කරන විශේෂ හෙළිදරව්ව

    ‘කන්දකාඩුව කඳවුරේ සේවය කළ’ මනෝ විද්‍යා උපදේශකවරයෙකු කරන විශේෂ හෙළිදරව්ව

    පහත පළවන්නේ කන්දකාඩුව පුනරුත්ථාපන කඳවුරේ කොරෝනා පොකුර ගැන එම කඳවුරේ සේවය කළ මනෝ විද්‍යා උපදේශකවරයෙකු විසින් ඉදිරිපත් කරන ලද අදහස් කිහිපයකි. දෙවන කොරෝනා රැල්ලක් පිළිබඳ අනතුර අප ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුළ දකිනවාට වඩා භයානක වූවක් බැව් මේ අදහස් මගින් ගම්‍ය වේ. 

    පොළොන්නරුව කන්දකාඩුව මත්ලෝලී පුනරුත්ථාපන කඳවුරේ පුනරුත්ථාපන රැඳවියන් කොරෝනා රෝගයට ගොදුරු වීමත් සමඟ නැවතත් යටපත්ව තිබූ කොරෝනා භීතිය ඉස්මතුවී ඇත. මෙය කිසිසේත් තවත් සරල සිදුවීමක් නොවන අතර කොරෝනා වෛරසයේ හැසිරීම පිළිබඳව අප වඩාත් අවධානය යොමු කළ යුතු අවස්ථාවකි.

    ලාංකීය අත්දැකීම් අනුව වැලිසර නාවික හමුදා කඳවුරේ හමු වූ කොරෝනා පොකුර නැවත අපේ මතකයට නැගේ. එහි සුවිශේෂී ස්වභාවයන් දෙකකි. එයින් පළමුවැන්න වන්නේ වැලිසර නාවික හමුදා කඳවුරට වෛරසය බෝ වූයේ සුදුවැල්ලේදී හමු වූ මත්ලෝලී පුද්ගලයකු නිසාය.

    දෙවැන්න වන්නේ වෛරසය වැලිසර නාවික හමුදා කඳවුර තුළ එතරම් ව්‍යාප්ත වූයේ කඳවුර තුළ නාවික සෙබළුන් හැසිරෙන සමීප ස්වභාවය නිසාය. කන්දකාඩුව තුළ මෙම සාධක දෙකම තීරණාත්මක ලෙස එකට මුසු වී ඇත. එනම් මත්ලෝලීන් දාහකට ආසන්නව සමීපව හැසිරෙන කඳවුරක වෛරසය ව්‍යාප්ත වීමයි.

    කන්දකාඩුව මත්ලෝලී පුනරුත්ථාපන කඳවුරේ මනෝවිද්‍යා උපදේශකයකු ලෙස මා හට ඇති සායනික අත්දැකීම් අනුව කන්දකාඩු කොරෝනා අභියෝගය කෙතෙක් බැරෑරුම් වන්නේදැයි මම දනිමි.

    කන්දකාඩුව කඳවුර තුළ පුනරුත්ථාපනලාභීන් ලංකාවේ සෑම ප්‍රදේශකින්ම උසාවි නියෝග මත වසරක කාලයක් සඳහා පැමිණි අය වෙයි. ඔවුන්ට නේවාසික පහසුකම් ඇත්තේ විශාල විවෘත ගොඩනැගිලි තුළ යුගල යහන් සමඟින්‍ ය. සෑම දිනකම ආහාර ගැනීමට, ව්‍යායාම කිරීමට, ස්නානය කිරීමට සහ දේශනවලට සහභාගී වීමට ඔවුන්ට පෝළිම් ගැසී සමීපව හැසිරීමට සිදු වේ.

    එමෙන්ම සෑම දිනකම මෙම පුනරුත්ථාපනලාභීන්ව පෝළිම් කොට දැඩි ශරීර පරීක්ෂාවකට ලක් කෙරේ. එමෙන්ම ආරක්ෂක නිළධාරීන්ටද මනෝවිද්‍යා උපදේශකවරුන්ට සහ වෙනත් දේශකවරුන්ටද මොවුන්ට ඉතා සමීපව රාජකාරී කටයුතු කිරීමට සිදුවේ.

    වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් යනු දිගු කාලයක් හමුදා විනය පුහුණු කළ නිලධාරීන් කණ්ඩායමකි. ඔවුන්ට සාපේක්ෂව කන්දකාඩු කඳවුරේ සිටින්නේ ආරක්ෂක නිළධාරීන් විසින් බලහත්කාරයෙන් දඬුවම් පවා දෙමින් මහත් පරිශ්‍රමයකින් තබාගනු ලබන පිරිසකි.

    එබැවින් මීට පෙර අවස්ථාවලදීද ඔවුනගේ විනය පුපුරා ගිය අවස්ථාවන් තිබේ. රැඳවියන් අතර කණ්ඩායම් ගැටුම්, හොර රහසේ පලායාම් සහ සියදිවි හානි කරගැනීම් පවා වාර්තා වී ඇත. මේ අවස්ථාවේ කොරෝනා පහර දෙන්නේ එවැනි දුර්වල සතුරු කඳවුරකටය. එනම් පහර දීමට දුර්වලම ස්ථානය කොරෝනා වෛරසය මැනවින් හඳුනාගෙන ඇත.

    මේ නිසා කන්දකාඩු කඳවුරේ කොරෝනා උවදුර මැඩලීමට නම් අවධානය යොමු කළයුතු විශේෂ කරුණු කීපයක් යෝජනා කරමි.

    • ඉන් පළමුවැන්න වන්නේ ‍රැඳවියන් අතර රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීමට සුදුසු පියවර අනුගමනය කිරීමයි.
    • දෙවැන්න පුනරුත්ථාපනලාභීන්ගේ මානසික සෞඛ්‍ය නගා සිටුවීමේ වැදගත්කමයි.
    • තෙවැන්න කඳවුර තුළ පුනරුත්ථාපනලාභීන් අතර සහ ආරක්ෂක අංශ අතර පීඩනය පුපුරා ගොස් ගැටුම්කාරී තත්ත්වයන් වළක්වා ගැනීමයි.
    • සිව්වැන්න ආරක්ෂක අංශ, වෛද්‍ය සහ සෞඛ්‍ය ක්ෂේත්‍ර නිළධාරීන්ට රෝගය ව්‍යාප්ත වීම වළක්වා ගැනීමයි.
    • පස් වැන්න රැඳවියන්ව නැරඹීමට දිවයිනේ සෑම ප්‍රදේශකින්ම පැමිණෙන ඔවුන්ගේ පවුල්වල හිතවතුන්ගෙන් වෛරසය දිවයිනටම පැතිරීම වළක්වා ගැනීමයි.

    මීට අමතරව මේ පිළිබඳව වෛද්‍ය විද්‍යාත්මක සහ මනෝවිද්‍යාත්මක මැදිහත්වීම් සිදු කළ හැකි වෘත්තිකයන් සහ මනෝ සමාජීය මැදිහත්කරුවන් ඉදිරිපත් වී මේ පිළිබඳව සමාජීය සංවාදයක් ගොඩනැගිය යුතු යැයි මම විශ්වාස කරමි. එය සමාජය කෙරෙන් කෙමෙන් බැහැර වෙමින් පැවති ආරක්ෂාකාරී උපක්‍රමයන් සහ ස්වයං විනය පවත්වා ගැනීම සඳහා නැවත පෙළඹවීමක් ඇති කරනු ඇත.

    සුනෙත් ලංකේශ්වර – මනෝවිද්‍යා උපදේශක සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිළධාරී පොළොන්නරුව

  • සියලුම පාසල් සහ පිරිවෙන් 17 සිකුරාදා දක්වා වසා දැමීමට පියවර

    සියලුම පාසල් සහ පිරිවෙන් 17 සිකුරාදා දක්වා වසා දැමීමට පියවර

    වේගයෙන් ව්‍යාප්ත වන කොවිච්-19 වසංගතයේ දෙවැනි රැල්ල හේතුවෙන් දිවයිනේ සියලුම පාසල් සහ පිරිවෙන් ලබන 17 වැනි සිකුරාදා දින දක්වා වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

  • මෙවර රාජ්‍ය සේවකයින්ගේ හෘද සාක්ෂියේ මනාපය කාටද..?

    මෙවර රාජ්‍ය සේවකයින්ගේ හෘද සාක්ෂියේ මනාපය කාටද..?

    බඩු මිල ඉහළට යන්න යන්න ජීවන වියදම අහස උසට යනවා. හුගාක් මිනිස්සුන්ගේ ආදායම් මාර්ග අහිමි වෙලා. බඩු මිල වැඩියි.. හෙට කන්නේ කොහොමද කියලා හිතාගන්න බැරි බවයි මගතොටේ හමුවෙන කාගේත් මුවේ රැව් දෙන්නේ..!

    රාජ්‍ය සේවක අපිත් යන්නේ අමාරුවෙන්. වෙනදා වගේ OT නෑ. වැටුපට අමතරව කීයක් හරි ගන්න අවස්ථාව තිබුණා නම් ඒ හැම දෙයක්ම නැති වෙලා. ඒත් අපිට කන්න අඳින්න අඩුවක් නෑ.. අපි අනිත් මිනිසුන් ගාණකට වඩා යන්තමින් හෝ හොඳ ජීවිතයක් ගෙවනවා. ඒ කොහොමද ?

    හංදියේ ත්‍රීවීලර් මල්ලි:

    මම මගෙන් අහනවා. බොළඳ දේශපාලන හැඟීම් පැත්තකින් තියලා මම මගෙන් අහනවා ” තවම හුඟාක් සාමාන්‍ය මිනිසුන්ට තියෙන ආර්ථික දුෂ්කරතාව මට නාවෙ කොහොමද ? හංදියේ ත්‍රීවීලර් මල්ලි කියන්නේ දැන් එයාල කන්නේ වේලක් හැර වේලක් කියලා. ඉස්සර තරම් හයර් නැතිලු. කතාව ඇත්ත. ඉස්සර හැමදාම උදේ මමයි වයිෆුයි දෙන්නා උදේ වැඩට ගියේ වීල් එකේ.මාස කිහිපයක ඉඳලා අපි ඒ ගමන නැවැත්තුවා. OT නැති නිසා තමයි ඒ බජට් එක කට් කරේ. නැත්නම් අපිටත් කන්න වෙන්නේ වේලක් හැර වේලක්.

    හික්කඩුව හෝටලේ චෙෆ් :

    හික්කඩුව බීච් හෝටලේ චෙෆ් වැඩේ කරපු අල්ලපු ගෙදර මල්ලිගේ කාර් එක සීස් වුනා. වාරික ගෙවාගන්න බැරුව. ඒ කාර් එක ගන්න අත්සන් කරපු එක සාක්ෂිකාරයෙක් මම. ඒ මල්ලිට මාස ගාණකින් පඩි නෑ. අපිව අමාරුවේ දාන්න බෑ කියපු මල්ලි සීසර්ලට කාර් එක ගෙනියන්න කියලා. කසාද බැඳලා මාස 8 යි. ” ජීවිතේ එපා වෙලා ඉන්නේ අයියේ , සුද්දෝ නෑ .. ඒ නිසා පඩිත් නෑ .. බලන්න බැන්දා විතරයි ..ජීවිතය ගෙවන්න හිතාගන්න බෑ.” ඊයේ හවස හම්බුනාම කිව්වේ. අපිටත් එහෙමයි මල්ලි කියලා මම ගෙට ආවා. ඒත් අපිට තවම ජීවිතය එපා වෙන තැනට වැටිලා නෑ.

    නදී අක්කාගේ පුතා ට ෆීස් ගෙවන්න බැරි නම් ඉස්කෝලෙ එන්න එපා කියලා :

    නදී අක්කා කියන්නේ අපේ වෙඩින් එකේ කේක් එක හදපු අක්කා. හස්බන්ඩ් රට. කුවේට් වල. ලංකාවට එන්න විදියක් නැතුව ඉන්නේ. මාස 4 කින් සල්ලි එවලා නෑ. ලොකු පුතා ඉන්ටර්නැෂනල් ස්කූල් ගියේ. ඉස්කූල් ෆී ගෙවන්න විදියක් නැතුව ඉස්කෝලෙ එන්න එපා කියලා. වයිෆ් මාලෙ දුන්නා උකස් තියලා අවුරුද්දකින් බේරගමු.. සල්ලි වලින් මේ ටිකේ දරුවගෙ ස්කූල් ෆී ගෙවන්න කියලා. අපේ දරුවට තවම අවුරුදු දෙකයි. එයාට යන දසාවත් පැහැදිලි නෑ. ඒත් කන්න අඳින්න අඩුවක් නෑ. තවමත් ජීවිතය ගැන බලාපොරොත්තු තියෙනවා. මමයි වයිෆුයි දෙන්නම රාජ්‍ය සේවයේ.

    මොකක්ද මේ වෙන්නේ :

    ඊයේ අපි කතා වුනේ මොකක්ද මේ වෙන්නෙ කියලා. මිනිස්සු වෙනස් වෙලා, ආවේගශීලි වෙලා, බලාපොරොත්තු බිඳිලා, හෙට ගැන හිතපු මිනිස්සු අද දවස ගෙවාගන්නත් බැරුව හූල්ලනවා. වයිෆ් කියන්නේ දේශපාලනඥයින් සේරම එකයි. උන් මිනිස්සු ගැන හිතන්නේ නෑ කියලා. ඒ එක්කම කිව්වා “හොඳ වෙලාවට අනේ 10000.00 පඩි වැඩිවුණේ. ගිය ආණ්ඩුව අපිට කියලා වැඩක් කරානම් එච්චරයි” කියලා.

    රවී දුන්න 10,000.00 !

    මගේ මූණට හිනාවක් ආවා. කවුද ඒ රුපියල් 10000.00 වැඩි කළේ ? මම වයිෆ්ගෙන් ඇහුවා. “අනේ මන්දා කවුරු කළත් එච්චරයි අපිට දෙයක් වුනේ. අපිට අද දවස ගෙවාගන්නත් පුළුවන් වුණේ ඒ නිසා .. ” ඒ වයිෆ් ,

    “රවී කරුණානායක නේද ඒක කළේ”. මම ඇහුවේ කිංඩි හිනාවක් දාගෙන.

    “වෙන්න ඇති ..ඒත් එයාට ගිය ටිකේම මීඩියා ගැහුවා නේද ?” වයිෆ් අහනවා..

    “ඔව්.. ඔව් .. මීඩියා එයාට ගැහුවා. ඔය 10000.00 වැඩි කරපු වෙලාවෙ ඉඳලා විපක්ෂයේ අය විතරක් නෙවෙයි , ආණ්ඩුවේ අයත් එයාට ගැහුවා. ඒ ගැහුවේ එයාගෙ කැරැක්ටර් එකට. එදාා 2015 රුපියල් 5000.00ක් වැටුප් වැඩි කරන්න කියලා වෘත්තීය සමිති ඉල්ලුවේ. රාජපක්ෂ මහත්තයා කිව්වේ “5000ක් දෙන්න පුළුවන් නම් නොදී ඉන්නේ නෑ .. ඒත් 2000.00 ක් වත් දෙන්න පුළුවන් වුණා නම් නොදී ඉන්නේ නෑ” කියලා.

    රවී කරපු වැඩේ !

    ඒත් අර සිරිසේන වෙනුවෙන් ඒ වෙලාවේ පෙනීසිටි රනිල් – රවී කිව්වේ “නෑ අපි ආවොත් 10000.00 ක් වැටුප් වැඩිකරනවා කියලා. මතකද අපි බඳින්න ඉන්න කිට්ටුව ඒ පොරොන්දුවට හිනා වුනා. ඒත් 2015 දීම ඒ පොරොන්දුව ඉෂ්ට කලා, රවී කරුණානායක ඇමතිතුමා ඒ වෙලාවේ පෙන්නුවා මුදල් අමාත්‍යවරයා වැඩ කරන්න ඕන කොහොමද කියලා. මුදල් අමාත්‍යවරයා කියන්නේ බදු ගහන, මිනිස්සු හූරාගෙන කන කෙනෙක් නෙවෙයි , ඒ වෙනුවට මිනිස්සු අතට ආදායම් එවන්නේ කොහොමද ? ඒ සමග රාජ්‍ය මූල්‍ය අර්බුදයක් නොඑන්න වැඩ කරන්න ඕන කොහොමද කියලා මෑත ඉතිහාසයේ පෙන්නපු එකම මුදල් අමාත්‍යවරයා.

    කුමණ්ත්‍රණය දියත්වෙයි !

    අන්න කවුරු කවුරුත් රවී කරුණානායක ඇමතිට ඊර්ෂ්‍යා කරපු තැන. විපක්ෂය බය වුන තැන. ආණ්ඩුව තුළ පවා හිටපු දේශපාලන කුහකයන් බය වුන තැන. ජාවාරම්කරුවන් සල්ලි වියදම් කලා. රවී කරුණානායක ඇමතිට අභූත චෝදනා ඉදිරිපත් වුනා. අන්තිමට රවී ඇමති ඇමතිකම අත්හැර ආණ්ඩුව රකින්න කැපවුනා. ඒත් එදාා රවී කරුණානායක ඇමැති මුදල් අමාත්‍යවරයා ලෙස කරපු දේ හැර වෙන කිසිම දෙයක් අපිටත් නැති වුනා.

    අපිට ඉතිරි වුනේ එයා කරපු දෙයක් විතරයි. අපි හෙට ගැන බයෙන් වුනත් අද කාලා ඇඳලා ඉන්නේ ඒ මනුස්සයා දුන්න දේ නිසයි. ඒ රුපියල් 10000.00 වැටුප නැති වෙන්න අපිටත් වෙන්නේ, හංදියේ ත්‍රීවීලර් මල්ලි, චෙෆ් මල්ලි, නදී අක්කා වගේ අද දවස ගෙවාගන්නත් බැරුව හූල්ලන්න.

    රාජ්‍ය සේවක හෘද සාක්ෂිය !

    මම මේ පාර තැපැල් ජන්දයේ මනාපයක් රවී කරුණානායක ට දෙනවා. මගේ හෘද සාක්ෂිය කියනවා තව දුරටත් බොරු කතා සාප්පු කාරයන්ට, මීඩියා දේශපාලනඥයින් ට අහු වෙන්න එපා, වැඩක් කරපු වැඩක් දන්න කෙනෙකුට දෙන්න කියලා. ඒ මනුස්සයා වරදක් කරා නම් ඒ ගැන ලියපු මීඩියා ඇයි සමාව ඉල්ලා දැන්වීම් දාන්නේ, අධිකරණය ඇයි ඔහුගේ නිර්දෝශීභාවය තහවුරු කරන තීන්දු දෙන්නේ.

    ඒ නිසා මේ පාර මම තැපැල් ජන්දය හරහා ඒ දුන්න පොරොන්දු ඉටුකරපු රවී කරුණානායක වෙනුවෙන් වෙන් කරනවා.

    මගේ මීඩියා , අවස්ථාවාදී තක්කඩියන්ගේ බොරු මඩ වලට තවදුරටත් අපි අහුවෙන්නේ නෑ කියන මැසේජ් එක දෙනවා. බහුතරයක් හූල්ලන විට මාව, මගේ පවුල ඒ තැනට වැටෙන්න නොදී ශක්තිමත් කරපු මනුස්සයා වෙනුවෙන් මම මගේ තැපැල් ජන්දය භාවිතා කරනවා.

    රවී කරුණානායක එන පාර්ලිමේන්තුව තුළ ඉන්න ඕන අයෙක් කියලා විතරක් නෙවෙයි, ඊළඟ ජන්දයෙන් ඉහළින් පත්වෙන්න ඕන නියම ජනතා නියෝජනයක් කියලා මගේ හෘද සාක්ෂිය කියනවා. ඔව්.. මම දන්නවා මම විශ්වාස කරනවා.. රාජ්‍ය සේවක අපි මීඩියා මඩ වෙනුවට රවී කරුණානායක කියන මනුස්සකම දිනවන්න මේ පාර අපේ තැපැල් ජන්දය භාවිතා කරනවා. අපි වෙනුවෙන් අපි අපේ තැපැල් ජන්දයට වටිනාකම එකතු කරනවා.


  • රටම දැඩි අවදානමක! ජ’පුර PCR පරීක්ෂණ වලින් ඉවත් වෙයි! “අපට Positive වන රෝගීන් – රජයට Negative වීම ප්‍රශ්නයක්” බව කියයි

    රටම දැඩි අවදානමක! ජ’පුර PCR පරීක්ෂණ වලින් ඉවත් වෙයි! “අපට Positive වන රෝගීන් – රජයට Negative වීම ප්‍රශ්නයක්” බව කියයි

    ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධ වෛද්‍ය රසායනාගාරය, රජය වෙනුවෙන් පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමෙන්ව ඉවත්ව ඇති බව බව වාර්තා වේ.

    මෙම ඉවත්වීමට හේතුව ලෙස ඔවුන් පවසා ඇත්තේ, පී.සී.ආර්. පරීක්ෂණ සිදු කර, තම ආයතනය මගින් සියයට සියයක්ම ආසාදිතයන් බවට තහවුරු කරන ආසාදිතයන් පවා, අවසන් වාර්තා සැකසීමේ දී රජය එම අවසන් වාර්තාවට ඇතුළත් නොකිරීම නිසා තමන් ඉන් ඉවත් වන බවයි.

    වෛරසය ආසාදනය වූ බවට සියයට සියයකම විශ්වාසයෙන් යුතුව තමන් ලබා දුන් වාර්තා කිහිපයක් ම, එම පරීක්ෂණ වාර්තා වැරදි බවට සදහන් කරමින් රජය ප්‍රතික්ෂේප කර තිබෙන ඔවුන් පවසයි.

    ජිංතුපිටියෙන් වාර්තා වූ ආසාදිතයගේ පළමු පී.සී.ආර්. පරීක්ෂණය සිදු කර තිබුණේ ද ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ රසායනාගාරය මගිනි. එම පී.සී.ආර්. පරීක්ෂණයේ දී අදාල පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සහතික කර තිබුණ ද, රජය පසුව පවසා තිබුණේ, එම පුද්ගලයා කොරෝනා ආසාදිතයෙකු නොවන බව යි.

    රට තුලින් වාර්තාවන ආසාදිතයන්ගේ සංඛ්‍යා විස්තර සකස් කිරීමේ දී එම පුද්ගලයා ආසාදිතයෙකු ලෙස ඇතුළත් කර නැති බව ද පැවසේ.

    කෙසේ වෙතත්, මේ වන විට, අව්‍යශ්‍ය තරමට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමේ ධාරිතාවය රජය සතුව ඇති නිසා, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, පරීක්ෂණ සිදු කිරීමට අත් හැරීමට ගෙන තිබෙන තීරණය එතරම් බලපෑමක් ඇති නොකරන බවද සෞඛ්‍ය අංශ බලධාරීන් පවසා තිබේ.

    Sunday morning පුවත්පතේ මුල් පුවත ඇසුරෙනි.

  • Tik Tok හි නීති කැඩූ වීඩියෝ මිලියන 49ක් මකා දමයි – බහුතර අසභ්‍ය ඒවා

    Tik Tok හි නීති කැඩූ වීඩියෝ මිලියන 49ක් මකා දමයි – බහුතර අසභ්‍ය ඒවා

    2019 වසරේ ජූලි සහ දෙසැම්බර් අතරේදී, සිය නීති උල්ලංඝනය කළ වීඩියෝ මිලියන 49 ක ප්‍රමාණයක් මකා දැමු බව ‘ටික් ටොක්’ (Tik Tok) යෙදවුම (app) හිමි සමාගම පැවසීය.

    සිය නවතම පාරදෘශ්‍ය වාර්තාවෙන් එම සමාගම පෙන්වා දෙන්නේ, මකා දමන ලද වීඩියෝවලින් හතරෙන් එකක් ම වැඩිහිටි නග්න බව හෝ ලිංගික ක්‍රියාකාරකම් සහිත වූ ඒවා බවය.

    මීට අමතරව, දත්ත සම්බන්ධයෙන් ආණ්ඩුවලින් හා පොලිසියෙන් ඉල්ලීම් 500ක් පමණ ලැබුණු අතර ඉන් ඉල්ලීම් 480 කට අනුගත වූ බව සමාගම අනාවරණය කළේය.

    චීනයේ හිමිකම ඇති ටික් ටොක් යෙදවුම තහනම් කිරීමට “සොයා බලන” බව එක්සත් ජනපදය පවසා තිබිණි.

    ටික් ටොක් බාගත කිරීමෙන් පුරවැසියන්ගේ “පුද්ගලික තොරතුරු චීන කොමියුනිස්ට් පක්ෂය අතට පත්වීමට” ඉඩ ඇති බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ සඳුදා පැවසීය.

    ෆොක්ස් නිව්ස් (Fox News) සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පොම්පෙඕ, චීනය හිමිකම් කියන එම යෙදවුම තහනම් කළ යුතුයි යන්න සම්බන්ධයෙන් එක්සත් ජනපද ආණ්ඩුවේ අවධානය යොමුවී ඇති බව සඳහන් කරමින් කියා සිටියේ “මෙය බරපතල ලෙස අප සලකනවා. අපි අනිවාර්යයෙන්ම මේ ගැන සොයා බලනවා,” යනුවෙනි.

    සයිබර් – ආරක්ෂාව පිළිබඳ අවධානය ගෙන හැර දක්වමින් ඉන්දියානු ආණ්ඩුව විසින් දැනටමත් මෙම යෙදවුම තහනම් කරනු ලැබ තිබේ.

    ටික් ටොක් යෙදවුමේ හිමිකාරිත්වය තිබෙන්නේ බයිට්ඩාන්ස් (ByteDance) නම් වූ චීන සමාගම සතුවය. චීනය තුළ එම යෙදවුම භාවිතයේ නැතත් ඒ හා සම වූ ඩෝවුයින් (Douyin) නම් වූ යෙදවුමක් බයිට්ඩාන්ස් සමාගම විසින් මෙහෙයවනු ලබයි.

    දත්ත පිළිබඳ කිසිදු ඉල්ලීමක් චීන ආණ්ඩුවෙන් හෝ පොලිසියෙන් නොලැබුණු බවත් දත්ත මකා දැමීම සඳහා වූ ඉල්ලීමක් චීන ආණ්ඩුවෙන් නොලද බවත් ටික් ටොක් කියා සිටියේය.

    මෙම සමාගම චීනයෙන් පිටත නව මූලස්ථානයක් ස්ථාපනය කිරීම කෙරෙහි අවධානය යොමු කරන ඇති බව දැක්වෙන වාර්තාවක් වෝල් ස්ට්‍රීට් ජර්නල් (Wall Street Journal) පුවත්පත විසින් බ්‍රහස්පතින්දා (ජූලි 09) පළකරනු ලැබිණි.

    “ඉදිරියට යාමේ වඩා හොඳ මාර්ගයක් පිළිබඳ අප අවධානය යොමූ කරන අතරේ, සිය ටික් ටොක් ව්‍යාපාරයේ ආයතනික ව්‍යුහය සඳහා ගෙන ආ හැකි වෙනස්කම් පිළිබඳ බයිට්ඩාන්ස් ඇගයීමක යෙදී සිටිනවා,” යැයි නිවේදනයක් මගින් ටික්ටොක් බීබීසී වෙත ප්‍රකාශ කර තිබේ.

    පුද්ගලිකත්වය පිළිබඳ අංග

    වයස අවුරුදු 13ට අඩු වූවන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කිරීම අරමුණු කරගත් 2019 ගිවිසුමට ටික් ටොක් අනුගතව සිටින්නේ ද යන්න සම්බන්ධයෙන් එක්සත් ජනපද බලධාරීන් විසින් පරීක්ෂා කරනු ලබයි.

    අවුරුදු 13 ට අඩුවූවන් සඳහා අමතර ආරක්ෂක හා පුද්ගලිකත්වය පිළිබඳ අංග සහිත සීමිත අත්දැකීමක් සපයා ඇති බව යෙදවුම කියා සිටී.

    ටික් ටොක් පාරදෘශ්‍ය වාර්තාවට අනුව:

    • මකා දමන ලද වීඩියෝ වලින් 25.5% ක් අන්තර්ගත වූයේ වැඩිහිටි නග්න බව හා ලිංගික ක්‍රියාකාරකම්
    • 24.8% ක් දරුවකු අපරාධයක යෙදී ඇති බව හැඟවෙන හෝ හිංසාකාරී හැසිරීමක අනුකාරක බවක් දැක්වීම වැනි ළමා ආරක්ෂණ ප්‍රතිපත්ති බිඳ දැමීම
    • 21.5% ක් නීතිවිරෝධී ක්‍රියාකාරකම් හෝ “නියාමනය කෙරුණු ද්‍රව්‍ය” ප්‍රදර්ශනය
    • 3% ක් ඉවත් කෙරුණේ හිංසා කිරීම් හෝ හිරිහැර කිරීම් මත ය
    • 1% අඩු ප්‍රමාණයක් වෛරී ප්‍රකාශන හෝ “අවංක නොවන හැසිරීම්” මත ඉවත් කෙරිණි
    • මකා දමන ලද මිලියන 49ක් වූ වීඩියෝවලින් නියෝජනය වන්නේ 2019 ජූලි හා දෙසැම්බර් අතර කාලය තුළ යෙදවුමට එක්කළ වීඩියෝවලින් 1% ට අඩු ප්‍රමාණයකි.
    • මකා දමන ලද වීඩියෝවලින් 98.2% ක් ම පරිශීලකයින් විසින් වාර්තා කරනු ලැබීමට පෙර යන්ත්‍ර මගින් හෝ ඇගයීම් කරන්නන් විසින් හඳුනාගන්නා ලද ඒවා වේ.

    by – bbc sandesaya

  • ජනතාව කබලෙන් ලිපට – කොරෝනා කාලයේ දුන් ‘ණය සහනයට’ අතිරේක පොළියක්

    ජනතාව කබලෙන් ලිපට – කොරෝනා කාලයේ දුන් ‘ණය සහනයට’ අතිරේක පොළියක්

    කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ලබාදුන් සහන කාලයේ දී නොගෙවූ ණය වාරික සඳහා උපරිමය 7% කට යටත්ව අතිරේක පොලියක් අයකර ගැනීමට බැංකුවලට අවසර දුන් බව ශ්‍රී ලංකා මහ බැංකුව නව මූල්‍ය ප්‍රතිපත්ති විවරණය පිළිබඳව අදහස් පල කරමින් එහි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ මහතා මේ බව සඳහන් කළේය.

    කෙසේ නමුත් මෙම අතිරේක පොලිය අයකර ගැනීමට අවස්ථාව දී ඇත්තේ ගනුදෙනුකරුවන් සමග සාකච්ඡා කර ණය ගිවිසුම අලුත් කිරීමෙන් පසුව පමණක් යැයිද ඔහු වැඩි දුරටත් සදහන් කළේය.

    මහ බැංකුවේ මෙම තීරණය සම්බන්ධයෙන් ගනුදෙනුකරුවන් අතර දැඩි ව්‍යාකූලත්වයක් සහ කෝපයක් වර්ධනය වෙමින් පවතින අතර ඔවුන් පෙන්වා දෙන්නේ ආර්ථික ක්‍රියාකාරීත්වය සහ ව්‍යාපාර කටයුතු තව දුරටත් දුර්වල තත්ත්වයක පවතින අවස්ථාවක මෙවැනි තීරණයක් ගැනීම තමන් කබලෙන් ලිපට වැටීමක් බවයි.

  • කොරෝනා දෙවනි රැල්ලක් ශ්‍රී ලංකාවට ඇති වීමේ අවදානමක් – GMOA

    කොරෝනා දෙවනි රැල්ලක් ශ්‍රී ලංකාවට ඇති වීමේ අවදානමක් – GMOA

    කොරෝනා දෙවනි රැල්ලක් ශ්‍රී ලංකාවට ඇති වීමේ අවදානමක් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. තම සංගමය මුලින්ම ඒ බව අනතුරු අඟවා ඇති බවත් පවතින තත්වය මත දිනකට කොරෝනා පරීක්ෂණ 5000ක් අනිවාර්යයෙන්ම අහඹු ලෙස සිදු කළ යුතු බවද සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කියා සිටියේය.

    ලැබී ඇති තොරතුරු අනුව මාරවිල ප්‍රදේශයෙන් හමුවූ ආසාදිත කාන්තාව මගින් කොරෝනා දෙවෙනි රැල්ලේ පළවෙනි පොකුර බිහිවී ඇතැයි සැක සහිත බව ද ඔහු පැවසීය.

    කන්දකාඩු මධ්‍යස්ථානය ආසාදිතයන් මීට වඩා වැඩි බවට තොරතුරු ඇති බවත් පැවසූ ඔහු ආසාදිත වූ පුද්ගලයන්ගේ සමාජ සංසරණය කොතනින් පටන් ගෙන ඇත්දැයි නොදන්නා බවද සදහන් කරයි.

  • අද දිනය තුළ කන්දකාඩුවෙන් කොවිඩ් ආසාදිතයින් 296ක්

    අද දිනය තුළ කන්දකාඩුවෙන් කොවිඩ් ආසාදිතයින් 296ක්

    කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හදුනාගත් කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අද පස්වරුව වන විට 339 දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. අද දිනය තුළ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 296 දෙනා සමග ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2450 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

  • කන්දකාඩු Covid පොකුර වැලිසර තරම් ප‍්‍රබල නෑ – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

    කන්දකාඩු Covid පොකුර වැලිසර තරම් ප‍්‍රබල නෑ – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

    මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරනු ලබන කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇති වී තිබෙන කොරෝනා පොකුරෙන් සමාජ සම්පේ‍්‍රශණයක් සිදුවීමට ඇති ඉඩකඩ ඉතා අඩු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද (10) පැවැති මාධ්‍ය සාකච්ඡුාවකදී අවධාරණය කළේය.

    එහිදී කන්දකාඩු කඳවුර තුළ ඇති වී තිබෙන තත්ත්වය ගැන මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කරමින් අනිල් ජාසිංහ මහතා කියා සිටියේ කන්දකාඩු කඳවුර තුළ ඇති වී තිබෙන තත්ත්වය වැලිසර නාවික හමුදා කඳවුරේ ඇති වූවාට වඩා ප්‍රබලත්වයෙන් අඩු එකක් බවයි.

    මේ වන විටත් එමගින් සමාජ පැතිරීමක් වැළැක්වීම සඳහා අවශ්‍ය සියලූ ක්‍රියාමාර්ග ගෙන ඇති බවද ඔහු කියා සිටියේය.

    මෙහිදී ජනතාව වෙත විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ මේ වනවිට පාලනය කළ තත්වයක් යටතේ ජනතාවට ලබා දී ඇති සෞඛ්‍ය මාර්ග උපදේශ විශාල ලෙස නොතකමින් කටයුතු කරන බව පෙනී යන බවයි.

    ‘සමාජය තුළ වෛරසය පැවතිය හැකි බැවින් එයින් ආරක්ෂා වීම සඳහා සියලු දෙනාම දෙනා මුඛ ආවරණ පැලදීම, සමාජ දුරස්ථභාවය රැකීම, නිතර අත් සේදීම යන ප්‍රධාන කාරණා තුන අනිවාර්යෙන්ම පිළිපැදිය යුතු බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා යළිත් අවධාරණය කළේය.

  • ලොකු ළූණු අස්වැන්නට ස්ථාවර මිලක් දෙන්නැයි ජනපතිට ඉල්ලීමක්

    ලොකු ළූණු අස්වැන්නට ස්ථාවර මිලක් දෙන්නැයි ජනපතිට ඉල්ලීමක්

    ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණෙන් මෙවර මහ මැතිවරණයට තරග වදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (10) මාතලේ දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරතව සිටී.

    වෙළෙඳ පොළට සැපයීමට අපේක්ෂිත ළූණු අස්වැන්නට ස්ථාවර මිලක් දෙන්නැයි ගොවීහු ගලේවෙල ළමා උද්‍යානය අසළ සංවිධාන කර තිබූ ජන හමුවට පැමිණි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ.

    ගම්මිරිස් වගාකරුවන්ගේ අස්වැන්නට ඉහළ මිලක් ගැනීමට අගය එකතු කිරීමේ ක්‍රමවේදයකට යොමුවීමේ වැදගත්කම ජනාධිපතිතුමා ගොවීන් සමග සාකච්ඡා කළේය.

    අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සංවිධාන කළ ජන හමුවට හිටපු නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් යන මහත්වරු ද එක්වූහ.

    ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා දඹුල්ල සති වෙළෙඳපොළ භූමියේ සංවිධාන කර තිබූ ජන හමුවට ද ජනාධිපතිතුමා සහභාගී විය. ප්‍රදේශයේ ගොවීන් කෘෂිකර්මාන්තය වෙනුවෙන් දක්වන කැපකිරීම ජනාධිපතිතුමාගේ පැසසුමට ලක් විය.

    දඹුල්ල නගර සභාවේ මූලිකත්වයෙන් සිදුකරන රංගිරි ජීව හරිත කාබනික පොහොර නිෂ්පාදනාගාරයේ මෙහෙයුම් පිළිබඳව ද ජනාධිපතිතුමා දැනුවත් කෙරිණි. එමගින් මාතලේ සහ දඹුල්ල ප්‍රදේශවලට කාබනික පොහොර ටොන් 03 බැගින් දිනපතා සැපයේ. ප්‍රදේශයේ කසළ කළමනාකරණ ව්‍යාපෘතිය සංවර්ධනයට සහය වුවහොත් මධ්‍යම පළාතට අවශ්‍ය කාබනික පොහොර ප්‍රමාණය නිෂ්පාදනය කළ හැකි බව නාගරික මන්ත්‍රීවරු සඳහන් කළහ.

    නාගරික සංවර්ධන අධිකාරිය, පුරාවිද්‍යා සහ වනජීවි දෙපාර්තමේන්තුව අතර ඇති පරස්පර අදහස් හේතුවෙන් සීගිරිය ආශ්‍රිත ඉඩම් ආරවුල් දීර්ඝ කාලයක සිට විසඳී නැති බව ජනතාව ජනාධිපතිතුමා සමග පැවසූහ. ඉන් සංචාරක ව්‍යාපාරයට වන අහිතකර බලපෑම ඔවුහු පෙන්වා දුන්හ.

    ඉදිකෙරෙමින් පවතින ශිතාගාරයේ වැඩ කඩිනමින් නිම කර දෙන ලෙස ද ගොවීහු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ.

    අමාත්‍ය ජනක බන්ඩාර තෙන්නකෝන් මහතාගේ මැදිහත්වීමෙන් දඹුලු උරුමය සහ ස්වේච්ඡා සංවිධාන කිහිපයක් එකතුව රුපියල් ලක්ෂ 90ක වියදමින් කොවිඩ් මර්ධනයට රෝහල් වාට්ටුවක් ඉදි කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා සිය ස්තූතිය පළ කළේය.

  • පුතාණෝ වගේ විහිළුකාරයන්ට ‘නැවත මේ රටේ ජනතාව’ රැවටෙන්නේ නෑ – ඇමති ප්‍රසන්න

    පුතාණෝ වගේ විහිළුකාරයන්ට ‘නැවත මේ රටේ ජනතාව’ රැවටෙන්නේ නෑ – ඇමති ප්‍රසන්න

    එක්සත් ජාතික පක්ෂය හෝ සමගි ජන බලවේගය සමග පොහොට්ටුවට කිසිදු තරගයක් නොමැති බවත් අගෝස්තු 05 වෙනිදාට පොහොට්ටුව නියත ලෙසම පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

    පිරිසිදු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ඉන්නේ පොහොට්ටුව සමග බව පෙන්වා දෙන ඇමති ප්‍රසන්න රණතුංග මහතා යහපාලනය සමග සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් පිළිබදව කිසිදු විශ්වාසයක් ජනතාවට නැතැයි අවධාරණය කළේය.

    අද (10) මහර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය. මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වු ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.

    “ අපිට එජාපය හෝ සමගි ජන බලවේගය සමග කිසිම තරගයක් නෑ. මොකද එජාපය මුලින් රණ්ඩු වුණා ලකුණට. අලියා කාගේ ද කියලා. පස්සේ රණ්ඩු වුනා සිරිකොතට. දැන් රණ්ඩු වෙනවා පාටට. ඒ අයට මේ රට ගොඩනගන්න වැඩපිළිවෙලක් නෑ. රනිල් ඉදලා හිටලා රට ගොඩගන්න හැටි කිවුවට ජනතාව දන්නවා ඒවා සම්ප්ප්‍රලාප විතරයි කියලා.

    පසුගිය අවුරුදු හතරාමාරේ කරන්න බැරි වුණ දේවල් රනිල් – සජිත් කරන්නේ කොහොමද? රටක් දේශපාලන වශයෙන් ස්ථාවර වුණොත් තමයි රට සංවර්ධනය වෙන්නේ. ඒක නායකයන්ගේ චින්තනය අනුව වෙනස් වෙනවා. යුද්ධය තියෙන කාලේ පුතාණෝගේ පියාත් කටයුතු කළේ කොහොමද කියලා රටම දන්නවා.

    තාත්තා 88 – 89 භීෂණය කළේ රටේ තරුණ තරුණියෝ දහස් ගාණක් මරනකොට ඒක බලන් හිටපු කෙනෙක් තමයි සජිත්. පුතාණෝගේ පියාණන්. තමයි කොටින්ට යුද්ධ කරන්න ආයුධ, සල්ලි, සිමෙන්ති දුන්නේ. එහෙම කරපු පියාණෝගේ පුතාණෝ තමයි අද මේ රට වෙනුවෙන් රෑට රෑට ගෙවල් වලට එනවා කියලා කියන්නේ. මේ වගේ විහිළුකාරයන්ට නැවත මේ රටේ ජනතාව රැවටෙන්නේ නෑ.

    රටක අනාගතය පවතින්නේ රටේ නායකත්වය ගනු ලබන තීරණ මතයි. ඒ නිසා රටට ස්ථාවර ආණ්ඩුවක් පත් කර ගත යුතුයි. ගෝඨාභය මහත්තයාගේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යා හැකි ආණ්ඩුවක් පිහිටුවා ගත යුතුයි. දෙපැත්තට අදින ආණ්ඩු පත් කර ගත්තොත් රටම විනාශයි. පසුගිය ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළ නිසා යහපාලනය රටට කරන විනාශය නතර කර ගන්න අපිට හැකියාව ලැබුණා. දැන් තියෙන්නේ ගෝඨාභය මහත්තයාගේ වැඩපිළිවෙල ක්‍රියාත්මක  කළ හැකි ආණ්ඩුවත් බලයට පත් කර ගැනීමයි.

    මම දැක්කා සජිත් පුතාණෝ කියලා තියෙනවා එයා තමයි අගමැති කියලා. ඕන කෙනෙකුට හීන දකින්න පුළුවන්. එයා අගෝස්තු සිහින අගමැති වෙද්දි මේ රටේ ජනතාවගේ කැමැත්තෙන් රටේ අගමැතිවරයා ලෙස නියත වශයෙන් ම පත් වෙන්නේ මහින්ද රාජපක්ෂ මහතාය. ගෝඨාභය – මහින්ද සුසංයෝගය හැර මේ රට ගොඩනැගිය හැකි වෙනත් කිසිවෙකු නෑ.

    මනාප තෝරගන්න කොට පරිස්සම් වෙන්න. මනාප තෝරන හැමෝම පොහොට්ටුව නෙමෙයි. ඒ නිසා තමයි මම කියන්නේ නියම පොහොට්ටුකාරයන් පමණක් දිනවන්න කියලා.

    එදා මෛත්‍රී කළේ වෛරක්කාරී දේශපාලනයක්. රාජපක්ෂලා හිරේ දැම්මා. මහින්ද මහත්තයා එක්ක ඉන්න බොහෝ දෙනෙක් බොරු චෝදනා කරලා හිරේ දැම්මා. එහෙම වෛරයකින් වැඩ කරපු කෙනා එක පාරටම මොකද මේ පොහොට්ටුවෙන් තරග කරන්න ආවේ. අපි හදන ඊළග ආණ්ඩුව තුළට ඇවිත් අපේ එක එක්කෙනා බිලී බාගෙන අතරමැද දී අපේ කණ්ඩායමත් කඩාගෙන වෙන පැත්තකට යන්න පුළුවන්. මම අනාගත අවධානමක් ගැනයි කිව්වේ.

    මම කිසිම තැනක කිව්වේ නෑ ශ්‍රිලනිපයට ගෑවුණු කිසිම කෙනෙකුට ඡන්දය දෙන්න එපා කියලා. මමත් හොද ශ්‍රී ලංකාකාරයෙක්. අපි ශ්‍රිලනිපය රැක්ක මිනිස්සු. අපි කවදාවත් පාවා දුන්නේ නෑ. මෛත්‍රී පක්ෂයේ සභාපති වුණ ගමන්  ශ්‍රිලනිපය අලියගේ නැට්ටේ ගැටගැහුවා. මිනිසුන්ට යන්න තැනක් නැති නිසයි අපි පොහොට්ටුව හැදුවේ. පොහොට්ටුවට නියම ශ්‍රීලනිප පාක්ෂිකයන් එකතු වූ නිසයි අද පොහොට්ටුව ශක්තිමත් වී තිබෙන්නේ. පැන පැන ගිය අය තමයි අනිත් පැත්තේ ඉන්නේ.  පිරිසිදු ශ්‍රී ලංකාකාරයෝ ඉන්නේ මහින්ද මහත්තයත් එක්කයි.

    පළාත් පාලන මැතිවරණයේ තනියම තරග කරන්න ඕනේ කියන ස්ථාවරයේ අපි හිටියා. අපේ ජයග්‍රහණයේ ආරම්භය පළාත් පාලන මැතිවරණයයි.  ජන බලය ගොඩනැගෙන්නේ පොහොට්ටුව වටායි. එජාපයට, ජවිපෙට අද යන එනමං නෑ.”