Blog

  • සෞඛ්‍යාරක්ෂිත පාර්ලිමේන්තුවක් සදහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සමග සාකච්ඡා

    සෞඛ්‍යාරක්ෂිත පාර්ලිමේන්තුවක් සදහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සමග සාකච්ඡා

    මහ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේදී සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගත වෙමින් සැසිවාර පැවැත්වීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබද සාකච්ඡා කර උපදෙස් ලබා දීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් පාර්ලිමේන්තුවට එවීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

    ඒ මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක, නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීල් ඉද්දවෙල යන මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් පිරිසක් අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී හමුවූ අවස්ථාවේදීය.

    පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ඉතා කඩිනමින් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇති බැවින් අභිනව පාර්ලිමේන්තුවේ කටයුතු සෞඛ්‍යාරක්ෂිතව පැවැත්වීමට අදාළව ගතයුතු ක්‍රියාමාර්ග පිළිබද සාකච්ඡා කිරීම සදහා මෙම හමුව පැවැත්විණි.

    මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසුවේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව රැස්වන ප්‍රථම දිනයේදී  නව කථානායකවරයා තෝරාපත්කර ගැනීම සහ නව මන්ත්‍රීවරුන් දිවුරුම්දීම සදහා සියලුම මන්ත්‍රීවරුන් සභාගර්භය තුළ සිටීම අත්‍යාවශ්‍ය වන බවයි. අනතුරුව ඉදිරි රැස්වීම් පැවැත්විය යුතු ආකාරය මන්ත්‍රීවරුන්ට තීරණය කළ හැකි බවද මහලේකම්වරයා පැවසීය.

    එබැවින් පළමු පාර්ලිමේන්තු රැස්වීමේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයද සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කළ යුතු බැවින් ඒ සදහා සෞඛ්‍ය බලධාරීන්ගෙන් නිසි උපදෙස් ලබා ගැනීම ඉතා අත්‍යාවශ්‍ය බවද දසනායක මහතා මෙහිදී පැවසීය.

    මේවන විට සමාජ දුරස්ථභාවය, දෑත් පවිත්‍ර කිරීම,ශරීර උෂ්ණත්වය මැන බැලීම  ඇතුළු සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ සියලු කටයුතු සිදු කරන බවත් කාර්ය මණ්ඩල දැනුවත් කිරීම් ඇතුළු රැස්වීම් සියල්ලක්ම පාහේ ඔන්ලයින් ක්‍රමයට පවත්වන බවත් ඒ මහතා පැවසීය.

    මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසා සිටියේ මේවන විට ශ්‍රී ලංකාවේ  කොවිඩ් වෛරසය ඉතා හොදින් පාලනය වී තිබුණද විදේශ රටවල සිට මෙරටට පැමිණෙන තැනැත්තන්ගෙන් වෛරසය රටතුළට පැමිණ ව්‍යප්තවීමේ අවධානම පහව ගොස් නොමැති බැවින් ඉදිරියටත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනිවාර්යෙන්ම අනුගමනය කළ යුතු බවයි.

    මේ අනුව ඉදිරි දිනකදී නියෝජ්‍ය  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් ඇතුළු කණ්ඩායමක් පැමිණ පාර්ලිමේන්තුවේ සභාගර්භය ,කාරක සභා ශාලා, ආපන ශාලා ඇතුළු අනෙකුත් ස්ථාන නිරීක්ෂණයෙන් පසු  අදාළ සෞඛ්‍යාරක්ෂිත උපදෙස් ලබා දීමට අපේක්ෂා කරන බව ද හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.

    කොවිඩ් 19 තත්ත්වය පාලනයට අදාල මාර්ගෝපදේශ සහිත පොත් කට්ටල පාර්ලි‍මේන්තුව වෙත ප්‍රදානය කිරීමද මෙහිදී සිදුවිය.

  • ඡන්ද විමසීමේ කාලය පැයකින් දීර්ඝ කිරීමට පියවර

    ඡන්ද විමසීමේ කාලය පැයකින් දීර්ඝ කිරීමට පියවර

    2020 අගෝස්තු මස 05 වැනි දින පෙරවරු 07.00 සිට පස්වරු 04.00 දක්වා කාලය තුළ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීමේ කාලය පස්වරු 05.00 දක්වා දීර්ඝ කිරීමට මැතිවරණය කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් අද (06) දින නිකුත් කළ විශේෂ මාධ්‍ය නිවේදනයක මේ බව සදහන් වෙනවා.

  • කාන්තාවන්ට නිතර නිතර ඇතිවන ‘ලිංගික ගැටලු 13කට’ විද්‍යාත්මක හේතු

    කාන්තාවන්ට නිතර නිතර ඇතිවන ‘ලිංගික ගැටලු 13කට’ විද්‍යාත්මක හේතු

    කාන්තාවන්ට නිතර නිතර ඇතිවන ලිංගිකාශ්‍රිත ප්‍රශ්න 13කට විද්‍යාත්මක හේතු පහත දැක්වෙනවා.

    1. ප්‍රශ්නය – යෝනි මාර්ගයෙන් ශ්‍රාවයන් පිටවීම සෑම විටම රෝග ලක්ෂණයක්ද ?

    පිළිතුර – නැත. කාන්තාවන්ගේ ඔසප් චක්රය තුළ දී සිදුවන හෝර්මෝන වල වෙනස්කම් අනුව ඇතිවන ස්වාභාවික යෝනි ස්‍රාවයන් ඇත. මෙය ගදක් සුවදක් හෝ වර්ණයක් නොමැති, කැසීමක් ඇති නොකරන ස්‍රාවයකි. මෙම තරල ප්‍රමාණය ආර්තව චක්‍රය අනුව වෙනස් වේ. නමුත් මෙය රෝගී තත්ත්වයක් නොවේ. මෙහිදි සනීපාරක්ෂාව ඉතා වැදගත්වේ. යෝනි  ස්‍රාවය සිරුරේ බර අඩුවීමට කිසිම විටෙක හේතු නොවේ. එසේ වුවද යම් අවස්ථාවක යෝනි ස්‍රාවයන් දුගද හමන සුළු, යම් වර්ණයකින් යුක්ත හෝ රුධිරය මිශ්‍ර වේනම් එය වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු තත්ත්වයකි.

    2. ප්‍රශ්නය – යෝනි මාර්ගයෙන් ශ්‍රාවයන් පිටවීම සෑම විටම රෝග ලක්ෂණයක්ද ?

    පිළිතුර ඔව්. පැප් පරික්ෂණය මගින් ගැබ් ගෙලේ සෛල පිළිකාවක් බවට හැරීම ආරම්භ වන විටම ඒ බව හදුනා ගත හැකිය. එය මෙම තත්ත්වය පිළිකාවක් බවට හැරීම වැළැක්වීමට අවශ්‍ය පෙර සුදානම් වීමට ඔබේ වෛද්‍යවරයාට පහසු කරයි.

    3. ප්‍රශ්නය – ස්ථුලතාවය මදසරුභාවය ඇති කිරීමට හේතුවෙක් වේද ?

    පිළිතුර ඔව්. ස්ථුලතාවය හා මදසරුභාවය අතර සම්බන්ධතාවයක් ඇත.

    4. ප්‍රශ්නය – ඔසප්වීම් දෙකක් අතරතුරේදී ඇතිවන බඩරිදීම ඇතිවන්නේ ඇයි ?

    පිළිතුර සාමාන්‍යයෙන් ඔසප් චක්‍රයේ 14වන දිනයේ දී ඇතිවන ඩිම්බ පිටවීම මෙයට හේතුවේ.

    5. ප්‍රශ්නය – වැඩිවිය පත්වීම (පළමු ඔසප්වීම) සාමාන්‍ය වයසට වඩා පසුව හෝ කලින් සිදුවීමට හේතුව කුමක්ද ?

    පිළිතුර – මෙය බොහෝවිට ජාන මගින් තීරණය වන තත්ත්වයකි. එසේම වැඩිවිය පත්වන වයස සදහා ශරීරයේ ඇති ලිංගික හෝර්මෝන ද ක්‍රියාකාරිවීම ක්‍රියාකාරී වීම බලපායි. එනම් විවිධ හේතුන් නිසා මෙම හෝර්මෝන නිපදවීම පමා වුවහොත් වැඩිවිය පත්වීම ද පමාවේ. සාමාන්‍යෙයන් වැඩිවිය පත්වීම වයස අවුරුදු 11-13 අතර කාලයේදී සිදුවේ. නමුත් එය වයස 17ට වඩා පමාවේ නම් වෛද්යවරයෙකු හමුවිය යුතුවේ.

    6. ප්‍රශ්නය – කුඩා ප්‍රමාණයේ පියයුරු වර්ධනය කර ගැනීමට ක්‍රමයක් තිබේද ?

    පිළිතුර – පියයුරුවල ප්‍රමාණය උපතේ දීම තිරණය වන්නකි. පියයුරුවල ප්‍රමාණය වැඩි කිරීමට සමත් ඖෂධ හෝ ක්රීම් වර්ග නොමැත. අවශ්‍යනම් ප්ලාස්ටික් සැත්කමක් මගින් පියයුරුවල ප්‍රමාණය වෙනස් කරගත හැක. එසේම පියයුරු වල ප්‍රමාණය විවාහ ජිවිතය හෝ මවිකිරි දීම කෙරෙහි බලපෑමක් ඇති නොකරයි.

    7. ප්‍රශ්නය – වැඩිවිය පැමිණීමෙන් පසු ඊළග ඔසප්වීම මාස ගණනාවක් පමා විය හැකිය. මෙයට හේතුව කුමක්ද ?

    පිළිතුර වැඩිවිය පත්වීමෙන් පසු ඩිම්බ පිටවීම හා ඩිම්බ කෝෂයේ ක්‍රියාකාරීත්වය නිසි පරිදි ක්‍රමවත්ව සිදුවීම ඇරඹීමට යම් කාලයක් ගත විය හැක.

    8. ප්‍රශ්නය – අක්‍රමවත් ඔසප් චක්‍රයක් ඇතිවීමට හේතුව කුමක්ද ?

    පිළිතුර ඔස්ප්වීම ඇතිවන්නේ ශරීරයේ හෝර්මෝන වෙනස්වීම් නිසාය. මෙය තරුණ කාලයේ බොහෝ දෙනෙකුට පොදු තත්ත්වයකි.

    • මානසික ආතතිය
    • දිගු කාලීනව පවතින රෝගාබාධ
    • කාලගුණික වෙනස්වීම්
    • හොර්මෝන මට්ටමේ වෙනස්කම් (ලිංගික හෝර්මෝන, තයිරොයිඩ් හොර්මෝන)
    • සිරුරේ බරෙහි සිදුවන ක්ෂණික වෙනස්වීම් (බර අඩුවීම හෝ වැඩිවීම)

    9. ප්‍රශ්නය – ඔසප්වීම ඇති වූ පළමු දිනයේදී ස්නානය කිරීම උචිත ද?

    පිළිතුර මෙම දිනයේ දී ස්නානය කිරීම අහිතකර බවට කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් නොමැත. විශේෂයෙන් ම මේ දිනවල ද තම සනීපාරක්ෂාව පිළිබදව සැලකිලිමත්වීම ඉතා වැදගත්ය.

    10. ප්‍රශ්නය – ඔසප්වීම ඇති දිනවල ලිංගික සම්බන්ධතා පැවැත්වීම උචිතද ?

    පිළිතුර ඔබට එයින් අපහසුතාවයක් නොදැනේ නම් හෝ ඒ පිළිබද යම් අකැමැත්තක් නොමැති නම් එහි වරදක් නැත.

    11. ඔසප්වීම ඇති දිනවල අන්නාසි, බීට්රූට් වැනි ආහාර ගැනීම අහිතකරද ?

    පිළිතුර එවැනි ආහාර සීමා කිරීම් කිසිවක් අවශ්‍ය නොවේ.

    12. ප්‍රශ්නය – ඔසප්වීම් දිනවලදී බහුලව ඇතිවන බඩරිදීම හා කොන්දේ වේදනාවට කළ හැක්කේ කුමක්ද ?

    පිළිතුර මෙය කිසිසේත් බිය විය යුතු තත්ත්වයක් නොවේ. උණුසුම් දිය බදුනක් යටිබඩ ප්‍රදේශයේ තබාගෙන සිටීම හෝ පැරසිටමෝල් වැනි වේදනා නාශකයක් භාවිත කිරීම සහනය ගෙන දෙයි.

    13. ලිගේන්ද්‍රියන් ආශ්‍රිතව සමේ ලප ඇතිවීමට හේතු මොනවාද ?

    පිළිතුර මේ ප්‍රදේශයේ රෝම අධිකව තිබීම හෝ අධික ලෙස දහඩිය දැමීම බැක්ටීරියා ආසාදන ඇතිවීම පහසු කරවයි. එය සමේ ලප බිබිලි ආදිය ඇති කරයි. මේ නිසා පෞද්ගලික සනීපාරක්ෂාව හා කපු රෙද්දෙන් මැසූ යට ඇදුම් භාවිතය මෙවැනි තත්ත්ව වලින් මිදීමට ඔබට උපකාරි වෙයි.

    happy Life ඇසුරිණි

  • සුනඛයන් මගින් ‘Covid-19 රෝගීන් සොයන’ පරීක්ෂණයක්

    සුනඛයන් මගින් ‘Covid-19 රෝගීන් සොයන’ පරීක්ෂණයක්

    පරීක්ෂණය සඳහා සහභාගි කර ගනිමින් සිටින්නේ නෝර්මන්, ඩිග්බි, ස්ටෝර්ම්, ස්ටාර්, ජැස්පර් සහ අෂර් යනුවෙන් නම් තබනු ලැබ සිටින සුනඛයන් හයදෙනෙකි.

    සුනඛයන්ට කොරෝනාවෛරසය හඳුනාගත හැකි ද යන්න සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණයක් “ඉතා සාර්ථක ලෙස” පෙරට යමින් ඇතැයි එය මෙහෙයවනු ලබන බ්‍රිතාන්‍ය ශුභසාධක සංවිධානයක් පවසයි.

    බ්‍රිතාන්‍යයේ මිල්ටන් කීන්ස් නගරයේ ‘වෛද්‍යමය පරීක්ෂණ සඳහා සුනඛයන් යොදාගැනීම’ යන තේරුම දෙන ‘Medical Detection Dogs’ නම් සංවිධානය විසින් එකී කාර්යය සඳහා සුනඛයන් හයදෙනෙකු පුහුණු කරනු ලබමින් සිටී.

    එම ශුභසාධක සංවිධානයේ සම නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරිනී වෛද්‍ය ක්ලෙයාර් ගෙස්ට් (Claire Guest) පවසන්නේ, සුනඛ ඉව මගින් වෛරසය හඳුනාගැනීමේ හැකියාවක් පැවතීමේ ළකුණු එම සුනඛයන් කණ්ඩායම දැනටමත් ප්‍රදර්ශනය කරන බවය.

    වෛද්‍ය ක්ලෙයාර් ගෙස්ට් විසින් මැලේරියාව, පිළිකා සහ පාකින්සන් රෝගය හඳුනාගැනීම සඳහාද සුනඛයන් පුරුදු පුහුණු කරනු ලැබ ඇත.

    “අපේ උත්සාහය ඉතාම හොඳින් පෙරට යමින් පවතිනවා. ඇත්තෙන්ම ශුභවාදී ලකුණු දකින්න ලැබෙනවා,” වෛද්‍යවරිය පවසන්නීය.

    “දැන් අපි කරමින් සිටින්නේ මේ වගේ පරීක්ෂණයක්. අපි ටෙනිස් බෝලයක් අරගෙන එහි සිහින් නූල්පටවල් කපනවා. ඊ ලඟට එම නූල්පට කඩදාසි කැබැල්ලක තියල එය හංගනවා. අපේ සුනඛයන් එය සොයා ගැනීමට සමත්වුණා. මේ සුනඛයන්ට සිතාගන්න බැරි තරමේ හැකියාවක් තියෙනව,” වෛද්‍ය ක්ලෙයාර් ගෙස්ට් සිය පරීක්ෂණයේ එක අදියරක් පැහැදිලි කළාය.

    පරීක්ෂණය සඳහා සහභාගි කර ගනිමින් සිටින්නේ නෝර්මන්, ඩිග්බි, ස්ටෝර්ම්, ස්ටාර්, ජැස්පර් සහ අෂර් යනුවෙන් නම් තබනු ලැබ සිටින සුනඛයන් හයදෙනෙකි.

    ලන්ඩන් නගරයේ ජාතික සෞඛ්‍යය සේවයේ (NHS) කාර්ය මණ්ඩල විසින් භාවිත කරනු ලැබ විෂබීජහරණය කරන ලද පාවහන් හා මේස් (socks) කකුල් ආවරණය කරන දිග මේස් (stockings) සහ මුඛ ආවරණ(masks) ආදියේ වෛරසය ඉව ඇල්ලීමට එම සුනඛයන් පුරුදු පුහුණු කෙරෙනු ඇත.

    Medical Detection Dog

    ලබන සතියෙහි එවැනි සාම්පල් 3,200ක් උපයෝගී කර ගැනීමට හැකිවනු ඇතැයි විශේෂඥ කණ්ඩායම බලාපොරොත්තු වෙති. එම සාම්පලවල වෛරසය අන්තර්ගත වේද? නැද්ද? යන්න විද්‍යාඥයන් විසින් පිරික්සනු ලබනු ඇත. අනතුරුව, වෛරසය ඇතුළත් සහ ඇතුළත් නොවන සාම්පල හඳුනාගැනීමේ කාර්යය සඳහා සුනඛයන් යොදවන අතර ඔවුන් සිය පුහුණුකරුවන්ට එම දෙවර්ගය අතර වෙනස ප්‍රදර්ශනය කරන්නේ දැයි විමර්ශනය කෙරේ..

    තමා විසින් බේරාගන්නා ලද සුනඛයා වන ‘අෂර්’ පුහුණුවේ දී ‘පුදුමාකාර’ දක්ෂතා ප්‍රදර්ශනය කළ බව වෛද්‍ය ක්ලෙයාර් පවසයි. නිවසේ ළමුන් සහ වෙනත් සුරතල් සතුන් සමඟ මිත්‍රශීලී ගුණාංග සහිත විශ්වසනීය සුරතලකු වන ‘කොකර් ස්පනියල් ‘ සුනඛ කුලයට අයත් ‘අෂර්’ තමා ළඟට ගැනීමට පෙර හත් වතාවක් නිවසින් පළාගොස් ඇතැයි වෛද්‍යවරිය සඳහන් කළාය.

    “මැලේරියාව සහ පාකින්සන් රෝගය හඳුනාගන්නේ කොහොමද? කියල ‘අෂර්’ දැනටමත් දන්නවා. ඒ නිසා කොරෝනාවෛරසය හඳුනා ගැනීමටත් ‘අෂර්’ ගැලපේවි. ‘අෂර්’ කිසිම වැරද්දකින් තොරව පුහුණුවේ දී ගඳ සුවඳ තේරුම්ගත්තා,” වෛද්‍යවරිය පැවසුවාය.

    “අෂර්’ ඉතාම හොඳින් ඉදිරියෙන් ඉන්නවා. ඒ වගේමයි – ‘ස්ටෝර්ම්’. පුදුමාකාර ලෙස ක්‍රියාත්මකයි. ස්ටෝර්ම්’ හරිම උනන්දුයි. පැවරෙන වැඩවලින් සතුටුවෙනවා.”

    sniffer dog

    එම සුනඛයන්ගේ පළමු පුහුණු සැසිය සති අටක කාලයකි. එම කාලය ඇතුළත සාර්ථක කුසලතා ප්‍රදර්ශනය කරන සුනඛ කණ්ඩායම රෝගීන් සහභාගි කර ගනිමින් සිදුකෙරෙන දෙවන අදියරේ පුහුණුවට යොමු කෙරේ.

    මේ ව්‍යාපෘතිය පුළුල් මට්ටමකට ගෙනෙනු ඇතැයි බලාපොරොත්තු වෙන අතර, පුහුණු සුනඛයන්ට ගුවන් තොටුපොළ වැනි ස්ථානයන්හි දී එක පැයකට මිනිසුන් 250 ක් පමණ පරීක්ෂා කිරීමට හැකිවනු ඇත. එපමණක් නොව, එම සුනඛයන් කොරෝනාවෛරස් පරීක්ෂණ මධ්‍යස්ථාන සඳහාද යෙදවිය හැකිය..

    අදාළ ව්‍යාපෘතිය සඳහා බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ අරමුදලින් £500,000 ලැබේ, විද්‍යාඥයන් සහභාගි කරනු ලබන්නේ ‘ඩර්හැම්’ (Durham) සරසවිය සහ ‘සනීපාරක්ෂාව සහ ඝර්ම කලාපීය වෛද්‍ය විද්‍යාව’ සඳහා වන ලන්ඩන් විද්‍යායතනය විසිනි.

    වෛද්‍ය ක්ලෙයාර් ගෙස්ට් පිළිකා රෝගීන් හඳුනා ගැනීම සඳහා සුනඛයන් පුහුණු කිරීම ආරම්භ කර තිබෙන්නේ 2002 වසරේදීය. 2008 වසරේ ඇය ‘Medical Detection Dogs’ සංවිධානය ආරම්භ කළාය.

    එයින් වසරකට පසු ඇය සතුව සිටි දැඩි ඉවක් සහිත සුනඛ විශේෂයක් වන ‘ලැබ්‍රඩෝ’ (Labrador) වර්ගයට අයත් ‘ඩේසි’ මුත්‍රාශ සහ පුරස්ථි ග්‍රන්ථි පිළිකා හඳුනා ගැනීමට පුහුණු කරනු ලැබිණි. ‘ඩේසි’ සිය පුහුණුව ආරම්භ කර තිබෙන්නේ ඇයගේම ස්වාමි දුව වූ වෛද්‍ය ක්ලේයාර්ගේ පපුව පෙදෙස පහුරුගාමිනි.

    තමා පියයුරු පිළිකාවට ගොදුරුව ඇති බව වෛද්‍ය ක්ලෙයාර් අනාවරණය කරගෙන තිබෙන්නේ ‘ඩේසි’ගේ එම හැසිරීමෙනි. ‘ඩේසි’ ගේ එම හැසිරීම නොවන්නට ඒවනවිට දරුණු ලෙස පැතිර තිබුණ පියයුරු පිළිකාව හඳුනා ගැනීම ඉතා අසීරුවීමට ඉඩකඩ තිබිණි.

    “මේ සුනඛයන් කොතරම් දක්ෂද? කියල මම මගේ අත්දැකීමෙන් ම දන්නවා. ඔවුන් ශ්‍රේෂ්ඨයි. වැඩට සූදානම්. අපි ඉතාම ශුභවාදීව ඉන්නවා. කොරෝනාවෛරසය පරාජය කිරීමේ අරගලයට උදව්වෙන්න අපට පුළුවන්!

    Text copied by bbc sandesaya

  • මහින්දානන්දට එරෙහිව ‘නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා’ පැමිණිල්ලක්

    මහින්දානන්දට එරෙහිව ‘නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා’ පැමිණිල්ලක්

    ක්‍රීඩා වැරදි වැළැක්වීමේ පොලිස් විශේෂ විමර්ශන ඒකකයට මෙම පැමිණිල්ල සෘජුව ඉදිරිපත් කළ නොහැකි නිසා ක්‍රීඩා අමාත්‍යාංශය හරහා සාධාරණ විමර්ශනයක් අපේක්ෂා කරන බවත්, ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් ඉදිරි නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවත් සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර කියා සිටියේය.

    ක්‍රිකට් තරග පාවාදීමක් සම්බන්ධ සාවද්‍ය චෝදනා ඉදිරිපත් කිරීම පිළිබඳව හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව නීතිමය පියවර ගන්නා මෙන් ඉල්ලා සිටිමින් සමාජවාදී තරුණ සංගමය ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

    2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගය පාවා දුන්නේ යයි මහින්දානන්ද අලුත්ගමගේ සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කර ඇති බැවින් ඔහුට එරෙහිව 2019 අංක 24 දරණ ක්‍රීඩා වලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත, දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහයේ වගන්ති ප්‍රකාරව ක්‍රියා කරන්නැයි සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායකවරයා ගොනු කළ එම පැමිණිල්ලෙන් ඉල්ලා තිබේ.

    ක්‍රීඩා වැරදි වැළැක්වීමේ පොලිස් විශේෂ විමර්ශන ඒකකයට මෙම පැමිණිල්ල සෘජුව ඉදිරිපත් කළ නොහැකි නිසා ක්‍රීඩා අමාත්‍යාංශය හරහා සාධාරණ විමර්ශනයක් අපේක්ෂා කරන බවත්, ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් ඉදිරි නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවත් සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර බීබීසී සිංහල සේවයට කියා සිටියේය.

    ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත

    මේ පිළිබඳ ප්‍රතිචාර දක්වා ඇති හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කර තිබෙන්නේ නිසි පුද්ගලයන්ගෙන් ප්‍රකාශ සටහන් කර නොගෙන, සාක්ෂි නැතැයි පවසමින් පොලිසිය අදාළ විමර්ශනය අවසන් කර ඇති බවය. තමා මේ සම්බන්ධයෙන් ජූලි 03 ජනාධිපතිවරයා දැනුවත් කළ බව ද මහින්දානන්ද අලුත්ගමගේ පවසා තිබේ.

    ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත

    සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායකවරයා ඉදිරිපත් කර ඇති පැමිණිල්ලට 2019 අංක 24 දරණ ක්‍රීඩා වලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනතේ 13 වන වගන්තිය සහ 11 ඊ යන වගන්ති ද පදනම් කරගෙන තිබේ.

    එම පනතේ 13 වගන්තිය අනුව සාවද්‍ය චෝදනා එල්ල කිරීම වරදකි. එහි මෙලෙස සඳහන් වේ.

    “මේ පනතේ 16 වන වගන්තිය යටතේ හෙළිදරව් කරනු ලබන යම් තොරතුරක ඇතුළත් යම් චෝදනාවක අන්තර්ගතය සාවද්‍ය බව දැන දැනම හෝ, ඒ චෝදනාව සත්‍ය නොවන බව විශ්වාස කිරීමට හේතු තිබිය දී ඒ තොරතුර මගින් යම් සාවද්‍ය චෝදනාවක් කරන යම් තැනැත්තෙකු මේ පනත යටතේ වරදක් සිදු කරන අතර, මහේස්ත්‍රාත්වරයෙකු විසින් වරදකරු කරනු ලැබීමේ දී රුපියල් ලක්ෂ එකකට වැඩි නොවන දඩයකට හෝ අවුරුදු තුනක් නොඉක්මවන කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීමකට හෝ ඒ දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකට ම හෝ යටත් විය යුතුය.”

    2011 අවසාන මහා තරගය

    මේ පනත යටතේ සිදු කරන යම් විමර්ශනයක කාර්යය සඳහා ඒකකය විසින් යම් තොරතුරක්, වාර්තාවක් හෝ ලේඛනයක් සපයන ලෙස හෝ යම් ප්‍රකාශයක් සිදු කරන ලෙස තමාගෙන් ඉල්ලා සිටි විට දැන දැනම සාවද්‍ය, අසම්පූර්ණ හෝ නොමග යවන සුළු තොරතුරක් වාර්තාවක්, ලේඛනයක් හෝ සාවද්‍ය ප්‍රකාශයක් කිරීම වරදක් බව එම පනතේම 11 ඊ වගන්තියේ දැක්වේ.

    පොලිස් විමර්ශන අවසන් කිරීමට හේතුව

    හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මාධ්‍ය ඔස්සේ කළ හෙළිදරවුවට අදාළ පැමිණිල්ල ජුනි 24 වැනිදා ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකය විසින් සටහන් කරගෙන තිබුණි.

    ඒ අනුව පහත සඳහන් තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා පොලිස් විමර්ශනයක් ආරම්භ විය.

    එම විමර්ශනයට අදාළව 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමේ සමයේදී තේරීම් කමිටු සභාපති ලෙස ක්‍රියා කළ අරවින්ද ද සිල්වා, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එවකට නායකයාව සිටි කුමාර සංගක්කාර සහ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ උපුල් තරංග යන අයගෙන් ප්‍රකාශ සටහන්කර ගන්නා ලදි. මහේල ජයවර්ධන කැඳවා තිබුණ ද පසුව ඔහුට එදින නොපැමිණෙන ලෙස දන්වා තිබුණි.

    එහෙත් මහේල ජයවර්ධන අදාළ දිනයේ ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකය හමුවේ පෙනී සිටියේය.

    ජූලි 03 වැනිදා අදාළ පොලිස් විමර්ශන අවසන් කළ බව‍ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ ජාලිය සේනාරත්න පැවසුවේය.

    “ප්‍රකාශ සටහන් කිරීමට අමතරව ලේඛන ගණනාවක් පරික්ෂා කිරීමට කටයුතු කර තිබෙනවා. මේ සියලු සාක්ෂි අනුව තරග පාවාදීමක් ගැන කරුණු අනාවරණය වී නැහැ. ඒ අනුව ක්‍රීඩා විමර්ශන ඒකකය විසින් තීරණය කර තිබෙනවා මේ විමර්ශනය අවසන් කිරීමට,” යනුවෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ එම ප්‍රකාශය ද සාක්ෂි ලෙස පදනම් කරගෙන මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව නීතිමය පියවර ගන්නැයි ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් සහ ක්‍රීඩා අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලා සිටි බව සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර කියා සිටියේය.

    පොලිස් විමර්ශන ගැන සැහීමකට පත් නොවූ තමන් ඒ ගැන සොයා බලන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව මේ අතර මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

    “මම පැහැදිළිව සඳහන් කළා ක්‍රීඩකයෝ සම්බන්ධ නෑ. තොරතුරු ගන්න ඕනා අය කවුරුන්ද කියලා. තොරතුරු ගත්තේ එවකට තේරීම් කමිටුවේ සභාපතිගෙන් විතරයි. එක්කෙනෙක්ගෙන් කටඋත්තර අරං ලිපි ගොනු වහන්න පුළුවන්ද ? මේ විදියටමයි පොලිසිය පහුගිය කාලේ කළේ. පොලීසිය තමන්ගේ වැරැද්ද වහගන්න වැරැද්ද මගේ පිට දාලා,” යනුවෙන් ඔහු පවසා තිබේ.

    එමෙන්ම මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ට තොරතුරු ලබා දී ඇතැයි ඔහු පවසා තිබුණි.

    සාක්ෂි නැති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කියයි

    මේ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විසින් 2011 ක්‍රිකට් ලෝක කුසලානයේ අවසාන මහා තරගය පාවා දුන් බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි තමන් වෙත ඉදිරිපත් වී නොමැති බවයි.

    අදාළ චෝදනාව සම්බන්ධයෙන් අයිසීසී යේ දූෂණ විමර්ශන ඒකකය මූලික සලකා බැලීමක් කළ බව එම ඒකකයේ කළමනාකරු ඇලෙක්ස් මාෂල් නිවේදනයක් නිකුත්කරමින් කියා සිටී.

    ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අදාළ චෝදනාව සම්බන්ධයෙන් ඒ අවස්ථාවේ අයිසීසී වෙත කිසිදු ලිපියක් යැවූ බවට කිසිදු වාර්තාවක් නොමැති බව පවසන ඇලෙක්ස් මාර්ෂල්, අමාත්‍යවරයාගෙන් එවැනි ලිපියක් ලද බවට මතකයක් නැතැයි අයිසීසී ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද තහවුරු කරන බව සඳහන් කරයි.

    බී.බී.සී. සන්දේශය වෙබ් අඩවියෙන් සම්පූර්ණයෙන්ම උපුටා ගන්නා ලදි – ඡායාරූප කිහිපයක් එක්කර ඇති අතර ප්‍රධාන ශීර්ෂපාඨය සුළු සංශෝධනයකට ලක්කර ඇත – ප්‍රධාන සංස්කාරක

  • යොවුන් බොලිවුඩ් නිළි දීෂා පටානිගේ සුපිරි ඩෙනිම් විලාසිතා 15ක් ‘ලීක්’ වෙලා

    යොවුන් බොලිවුඩ් නිළි දීෂා පටානිගේ සුපිරි ඩෙනිම් විලාසිතා 15ක් ‘ලීක්’ වෙලා

    ‘දීෂා පටානි – Disha Patani බොලිවුඩ් තරු අතරට පායා ආ අලුත්ම තරුවක්. ඉතා කෙටි කාලයක් දීෂා බොලිඩුවයේ තමන්ගේ අනන්‍යතාව තහවුරු කරගෙන තිබෙනවා.

    ‘දිෂා පටානි, ඇගේ ස්වරය, ලස්සන මුහුණ සහ ඩොලර් මිලියනයක් වටින සිනහව ඕනෑම කෙනෙක් ආකර්ෂණය කර ගන්නවා. ඒ වගේම තමයි ඇය සමාජ මාධ්‍ය අතර වඩාත් ආකර්ෂණීය චරිතයක්.

    බොහෝ බොලිවුඩ් නිළියන් සේම දීෂාට ද තමාටම අනන්‍ය වූ විලාසිතා ශෛලියක් තිබෙනවා. ඇය මළල ක්‍රීඩාවලට වඩාත් ඇළුම් කරන නිසා එහි බලපෑමක් දීෂාගේ විලාසිතා තුළ ප්‍රබල ලෙස තිබෙනවා.

    බොලිවුඩ් ගොසිප්කරුවන් කියන විදිහට ඇගේ ලොකුම උමතුව වන්නේ ඩෙනිම් විලාසිතා. එහිදී ඇය ඩෙනිම් කලිසම සමග සුදු පැහැති ටී ෂර්ට් හෝ බ්ලවුස් ආදිය මනාව ගළපා ගන්නවා. මේ ආකාරයේ සරල, සැහැල්ලු විලාසිතාවලින් සැරසී දීෂා ගමන් බිමන් යන ආකාරය බොලිවුඩ් ගොස්පිකරුවන්ගේ ඇස ගැටුණු වාර ගණන අනන්තයි.

    ඉතිං වැඩිපුර වර්ණනා නොකර අපි දීෂාගේ සුන්දර ඩෙනිම් විලාසිතා 15ක්ම තෝර ගත්තා. බලන්න ඒවා ඔබටත් ගැළපෙනවාද කියලා.

    දීෂා පටානි
    දීෂා පටානි
    දීෂා පටානි
    දීෂා පටානි
    දීෂා පටානි
    දීෂා පටානි
    දීෂා පටානි
    දීෂා පටානි
    දීෂා පටානි
    දීෂා පටානි
    දීෂා පටානි
    දීෂා පටානි
    දීෂා පටානි
    දීෂා පටානි
    දීෂා පටානි

    Filmfare ඇසුරිණි – සකස් කළේ – තුෂාධවි

  • පැහිල ඉදුණ දූරියන් හඳුනාගනිමු

    පැහිල ඉදුණ දූරියන් හඳුනාගනිමු

    මැලේ භාෂාවෙන් ‘දූරි’ යනුවෙන් හඳුන්වන්නේ ගසක හෝ සත්වයෙක් මත පිහිටා ඇති තියුණු කටු වැනි ව්‍යුහයන්ය. දූරියන් යන නම සම්භවය ලබා ඇත්තේ ඒ ආකාරයෙනි.

    දූරියෝ සෙබෙතිනස් (Durio zebethinus) යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන මෙම පලතුර දකුණු ආසියානු රටවලදී ගරු බුහුමන් ලබන්නේ ‘පලතුරු ලොවේ රජු’ වශයෙන්ය. එසේ නමුත් සිංගප්පුරුවේ රටපුරා දිවෙන විදුලි දුම්රිය ජාලය තුල දූරියන් රැගෙන යාම තහනම්ය.

    දුම්බීම තහනම් යන නිවේදනය මෙන්ම එහි දුම්රිය මැදිරි තුල ‘No Durian’ දැන්වීම සවිකර තිබේ. එක හේතුවක් විය හැක්කේ මෙහි ඇති තියුණු කටු මගින් ජනාකීර්ණ දුම්රිය මැදිරිය තුලදී මගීන්ට යම් හිංසාවක් පැමිණිය හැකි වීමයි. අනෙක් හේතුව වන්නේ ඇතැමුන්ට ඔක්කාරය සාදවන දුර්ගන්ධයක් දූරියන් ගෙඩියෙන් නික්මීමයි.

    කෙසේ නමුත්, මෙරට පවා ඇතැමුන් මෙය හඳුන්වාදෙන්නේ තමන් කැමතිම පලතුර ලෙසයි. තවත් අයෙක් ඉන් පිටවෙන සුවඳ පවා විඳගත නොහැකිව ඉන් ඈත්වෙත්දී, ජාත්‍යන්තරව ප්‍රසිද්ධ චොක්ලට් වර්ගයක් පවා දූරියන් රස සහිතව නිපදවා මැලේසියාව වැනි රටවල ලොකු මිල ගණන් වලට අලෙවි කෙරේ. දූරියන් අයිස්ක්‍රීම් පවා ඒ රටවල ජනප්‍රියය.

    දූරියන් මදුලක නියම රසය, ගුණය ඇතුළුව නියම දූරියන් අත්දැකීමක් ලබන්නට නම් ඔබ අනුභව කළ යුත්තේ ගසේදීම ඉදී බිමට වැටුණු දූරියන් ගෙඩියකි. මෙම පලතුර ප්‍රියකරන්නන්ට උපරිම ආස්වාදයක් ලැබෙන්නට නම් ඊට ආවේනික සුවඳ හා රස තිබිය යුතුමය. ඒ සඳහා හේතුවෙන විවිධ රසායනික සංයෝග ගෙඩිය තුළ හොඳින් සංවර්ධනය වී මුදාහරින්නේ පැසුණු ගෙඩියක් ඉදෙන විටදී පමණි.

    පල දරන කාලයට පිපෙන පළමු දූරියන් මලෙන් ගෙඩියක් ඇතිවී ඉන් පරිණත ගෙඩියක් බිහිවෙන්නට සති හයක පමණ කාලයක් ගතවේ. මේ කාලය තුලදී නොකඩවා දූරියන් මල් පිපෙන අතර, තොග වෙළෙන්දෝ ගසටම මුදල් ගෙවා අතට හසුවෙන සියලු ගෙඩි කඩාගෙන යති. ඒ අතර නොපැසුණු ගෙඩි රාශියකි. එහෙත් ඔවුන් කිසිවක් ඉවතලන්නේ නැත.

    ලංකාවේ එළවලු හා පලතුරු අස්වැන්න නෙළීමේදී මිනිසුන් පුරුදු වී ඇත්තේ කළ යුතු දෙය කණපිට හරවා කරන්නටය. මෙරට පලතුරු නෙළන්නේ ගෙඩිය හරියාකාරව පැසෙන්නටත් කලින්ය. එහෙත් සිදුවිය යුත්තේ හොඳින් පැසුණු පලතුරු ගසෙන් කඩා ගැනීමයි. එළවලු අස්වැන්න නෙළන්නේ මෝරන්න ආසන්න වෙත්දීය. නියම ක්‍රමය වන්නේ එළවලු අස්වැන්න හැකිතාක් ලපටි තත්වයේදී නෙළා ගැනීමයි.

    අප අනුගමනය කරන මෙම පරස්පර ක්‍රියාවන් නිසා එළවලු පලතුරු යන දෙකම බහුල ලෙස අපතේ යයි. පසු අස්වැනු හානිය ලෙස 40% ක පමණ ඉහල අගයක් වාර්තාවන්නේ මෙම හේතුවත්, අවිධිමත් ප්‍රවාහන පුරුදුත් නිසා බව අප නොයෙක් වර පෙන්වාදී ඇතත්, එළවලු කලින් නෙලා, පලතුරු නෙලීම පමාකරන තත්වයට කටයුතු නිවැරදිවෙන බවක් නම් නොපෙනේ.

    දූරියන් ගෙඩියටද මේ තත්වය බලපායි. සියල්ල වානිජකරණයට හසුව ඇති පසුබිමක  ගසේදී පැහී ඉදී වැටෙන දූරියන් ගෙඩියක මදුලක් රස විඳින්නට ලැබෙන්නේ ඉතා කලාතුරකින්ය. විදෙස් රටවල පවා ඉදුණු දූරියන් ගසෙන් වැටෙනා තුරු බලා නොසිට අස්වැන්න නෙලීම සිදුකලත්, ඔවුහු කඩන්නේ යම්කිසි සීමාවකින් ඔබ්බට පැසුණු ගෙඩි පමණක් නිසා පාරිභෝගික අයිතිය මෙරටට වඩා සුරැකෙනවා යයි සිතිය හැකිය.

    පල දරන කාලයට පිපෙන පළමු දූරියන් මලෙන් ගෙඩියක් ඇතිවී ඉන් පරිණත ගෙඩියක් බිහිවෙන්නට සති හයක පමණ කාලයක් ගතවේ. මේ කාලය තුලදී නොකඩවා දූරියන් මල් පිපෙන අතර, තොග වෙළෙන්දෝ ගසටම මුදල් ගෙවා අතට හසුවෙන සියලු ගෙඩි කඩාගෙන යති. ඒ අතර නොපැසුණු ගෙඩි රාශියකි. එහෙත් ඔවුන් කිසිවක් ඉවතලන්නේ නැත.

    රසායනික ක්‍රමවේදයන් ඔස්සේ පවා ඒවා ඉදවනු ලැබූවත්, එම ක්‍රියාවලිය හරහා සිදුවන්නේ ගෙඩිය මෙලෙක්වීම වැනි භෞතික වෙනස්කම් කීපයක් පමණි. පෙර කී පරිදි ආවේනික රස හා සුවඳ ජනනය කෙරෙන සංයෝග නිපදවීමක් නොපැසුණු ගෙඩි ‘ඉදවීමේදී’ සිදුවන්නේ නැත. මේ නිසා බොහෝ දෙනෙකුට ඇති ගැටළුවක් වන්නේ, වෙළඳපොලෙන් හොඳ දූරියන් ගෙඩියක් තෝරා ගන්නේ කෙසේද යන්නයි.

    මීට ඉවහල් වෙන කරුණු කීපයක් ගැන ආචාර්ය සුභ හීන්කෙන්ද මහතා දරන්නේ මෙවන් අදහසකි. හොරණ පලතුරු බෝග පර්යේෂණායතනයේ අධ්‍යක්‍ෂ ලෙසද, කෘෂිකර්ම අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙසද සේවය කර විශ්‍රාම ලබා ඇති ඔහු, මියන්මාරය වැනි ආසියාතික රටවල පවා පලතුරු වගාවේ උපදේශකයෙකු ලෙස සේවය කර යහමින් පලතුරු අත්දැකීම් ලැබූවෙකි.

    එක ළඟ තිබෙන කටු දෙකක් ඇඟිලිවලින් තද කරලා ලං කරන්න උත්සාහ කරලා බලන්න. ඒවා තද නම් ගෙඩිය ඉදිලා නෑ. මෘදු ලෙස කටු දෙක ලංවෙන්න සූදානම් බවක් පෙනේනම් ඒ කියන්නේ ලෙල්ල මෙලෙක් වෙලා. අපි තෝරා ගත යුත්තේ එවන් ගෙඩියක්

    “දූරියන් ගෙඩියක් පැහිල ඉදිලද කියල බලන්න හොඳම ක්‍රමයක් තමයි අඩි එක හමාරක් විතර උඩ  ඉඳල තද පොළොවට අත අරින එක. එතකොට බොල් සද්දයක් එනවා නම් එය නියම ක්‍රමයට ඉදුණු ගෙඩියක්. ඒ කියන්නේ ඇතුලේ මදුළු ඉදිලා, හැකිලිලා, කටුවෙන් වෙන්වෙලා.”

    හෙතෙම විස්තරය ඇරඹුවේ ඉතා සරල ප්‍රවේශයකින්ය. එසේ නමුත් වෙළඳපොලේ තිබෙන දූරියන් ගෙඩි ඉහළ සිට බිම හෙලන්නට පාරිභෝගිකයාට අවසර නොතිබෙන්නට ඇති ඉඩකඩ වැඩිය. ඒ නිසා හෙතෙම විකල්ප ක්‍රමවේදයන් වෙතටද පිවිසෙයි.

    “එක ළඟ තිබෙන කටු දෙකක් ඇඟිලිවලින් තද කරලා ලං කරන්න උත්සාහ කරලා බලන්න. ඒවා තද නම් ගෙඩිය ඉදිලා නෑ. මෘදු ලෙස කටු දෙක ලංවෙන්න සූදානම් බවක් පෙනේනම් ඒ කියන්නේ ලෙල්ල මෙලෙක් වෙලා. අපි තෝරා ගත යුත්තේ එවන් ගෙඩියක්”

    වෙනත් රටවල තිබෙන වාණිජ දූරියන් වගාවන්හි ගස් මෙරට තිබෙන අයාලේ හැදුනු වෘක්ෂයන් මෙන් උස නැත. ඒවා නියම කාලයට කප්පාදු කරමින් උපරිම පලදාවක් ලබාගත හැකි ආකාරයට පුහුණු කර තිබේ. අතට හසුවෙන උසකින් ගෙඩි හටගන්නා නිසා, උපරිම ප්‍රමාණයට පැසී ඇත්දැයි පහසුවෙන් නිරීක්‍ෂණය කල හැකි අතර ඒ බව දැනගන්නට හොඳම ක්‍රමය වන්නේ නටුව පිරික්සීමයි. ගෙඩිය ගසෙන් වෙන්වීමට සූදානම්වීමේදී සෑදෙන මුද්දක් වැනි ඡේදක ස්තරය ඉතා පැහැදිලිව වලයාකාරව ඉදිමී පිටතට පෙනේ නම් එය පැසුණු ගෙඩියක් හඳුනාගැනීමේ සංකේතයයි.

    “පාරිභෝගිකයින්ට මේ ගැනත් බලන්න පුළුවන්. නටුව පරීක්‍ෂා කරන්න. ගෙඩිය ගසෙන් වෙන්වී ඇත්තේ වලයාකාරව පිටතට ඉදිමුණු ඡේදක ස්තරයෙන්ම දැයි බලාගන්න පුළුවන්. නටුවේ කෙලවර මුද්දක් ආකාරයට ඉදිමුණු ඡේදක ස්තරය පැහැදිලිව පෙනෙනවා. හැබැයි මෙහෙම දෙයකුත් වෙනවා. ගෙඩි කඩනකොට නටුව ටිකක් දිගට තිබෙන්න කඩාගෙන ගබඩා කලවිටත්, නොපැසුණු ගෙඩිවල පවා නටුවේ වෙන්විය යුතු ස්ථානයේ ඉදිමුණු ඡේදක ස්ථර හැදෙනවා. කූට ව්‍යාපාරිකයෝ දැන් එතනින් වෙන්කරනවා. බැලූ බැල්මට දැන් නටුවේ කෙලවර ඉදිමුණු මුහුණතක් තිබෙන නිසා ගැට දූරියන් ගෙඩියකට රැවටෙන්න පුළුවන්”

    ආචාර්ය හීන්කෙන්ද වෙළඳ ප්‍රයෝගයක් ගැන අදහස් දැක්වුයේ එලෙසිනි. දූරියන් ගස ගෙඩි හා ඇට සාදන්නේ අපට කෑමට දෙන්නට නොව, තම වර්ගයා ප්‍රචාරණය කරන්නටය. ගසේ ඇති දූරියන් ගෙඩිය විවෘතවී බීජ පිටවන්නට නම්, පළමුව පරිනත විය යුත්තේ ගෙඩියේ පහල පෙදෙසේ බීජයන්ය. ඒ නිසා පළමුව ඉදෙන්නේ පහල පෙදෙසයි. වෙළඳසැලෙන් මිලදී ගැනීමේදීද, ගෙඩියේ නටුවට ප්‍රතිවිරුද්ධ පැත්තෙන් සුවඳ නිකුත්වේ නම්, හොඳ ගෙඩියක් තෝරා ගැන්මට එම ලක්ෂණයද ඉවහල් කරගත හැකි බව අවසාන වශයෙන් හෙතෙම පෙන්වා දුනි.

    සනත් එම්. බණ්ඩාර

    සනත් එම්. බණ්ඩාර

  • මහ මැතිවරණය අභියස විදුලිය ඇණහිටවීම සදහා  කුමන්ත්‍රණයක්

    මහ මැතිවරණය අභියස විදුලිය ඇණහිටවීම සදහා කුමන්ත්‍රණයක්

    මහ මැතිවරණය අභියස විදුලිය ඇණහිටවීම සදහා  පසුගිය රජයට පක්ෂපාතී ලංවිම ඉහළ නිළධාරින් පිරිසක් ඉතා සුක්ෂම හා උපක්‍රමශීලිව කටයුතු කරමින් සිටි.

    කොවිඩ් 19 වසංගතයට පෙර, ඉදිරියේ දී ඇතිවිය හැකි හදිසි විදුලි අර්බුදයකට විසදුමක් ලෙස කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව මෙගා වොට් 200 ක් සදහා ටෙන්ඩර් පත් කැදවා තිබුණි.

    අවුරුදු 17 ක් වැඩිමිලට විදුලිය ලබා දුන් සමාගමක් අභිබවා ඩුබායි සහ චීන සමාගම් දෙකක් විසින්  එම ටෙන්ඩරය දිනා ගන්නා ලදී. මින් වැඩි ප්‍රමාණයක් ඉතා අඩු මිල ගණන් ඉදිරිපත් කළ චීන සමාගම සතු විය.

    පසුගිය වසර ගණනාවක් තිස්සේ හදිසි විදුලිය සැපයීමේ යෙදී සිටි ඇග්‍රිකෝ (AGGREEKO)  සමාගමට වඩා ඉහත චීන සමාගමෙන් විදුලිය ලබා ගැනිමෙන් ලංවිමට අවුරුද්දක් තුළ රුපියල් බිලියන 5.1 කට අධික ලාභයක් ලැබිය හැකිව තිබුණි.

    කැබිනට් මණ්ඩලය අනුමත ජාත්‍යන්තර ටෙන්ඩර් පටිපාටිය අනුව ටෙන්ඩර් කරන ලද එම ටෙන්ඩරය ලබා නොදී කල් මරමින් සිටින්නේ ඇයි ද යන්න ඉතා සැකයට භාජනය වන කරුණකි.

    අප වෙත වාර්තා වන පරිදි පැවති පසුගිය රජයට සම්බන්ධ ලංවිම ඉහළ නිළධාරීන් මැතිවරණයට පෙර රට පුරා විදුලි කප්පාදුවකට හොර රහසේ සුදානම් වන බව ප්‍රත්‍යක්ෂ වී ඇත. ඔවුන් අරමුණ වී ඇත්තේ ඇග්‍රිකෝ (AGGREEKO)  සමාගමට නැවත අවස්ථාවක් ලබා දීම සදහා නැවතත් ටෙන්ඩර් පත් කැඳවීමක් සිදු කිරීමටය.

  • සිරකරුවන් විසින් නිර්මාණය සුපිරි සන්නම් නාම සහිත ඇඳුම්වල ‘විස්මිත කතාව’

    සිරකරුවන් විසින් නිර්මාණය සුපිරි සන්නම් නාම සහිත ඇඳුම්වල ‘විස්මිත කතාව’

    සැන් පේද්‍රෝ ඩි ලුරිගන්චෝ බන්ධනාගාරයේ මෙම යෝජනා ක්‍රමයට සහභාගී වන සිරකරුවන් තම පවුල් වෙත යැවිය හැකි මුදල් උපයති

    වරෙක පික්පොකට් හා මංකොල්ලකරුවන් ලෙස ජීවත්වූ මිනිසුන්ගේ කඩිසර අත් වලට පේරු හි විශාලතම බන්ධනාගාරයේ තවත් කාර්යයක් ලබා දී ඇත. ඇඳුම් කැපීම, මැහුම් කිරීම සහ මුද්‍රණය කිරීම මගින් ඔවුන් දැන් මුදල් උපයන අතර ඒවා තම පවුල් වෙත යැවීමට ද ඔවුන්ට අවස්ථාව සලසා දී ඇත.

    දැන් පේරු හි අගනුවර වන මධ්‍යම ලීමා හි සැන් පේද්‍රෝ ඩි ලුරිගන්චෝ පිරිමි බන්ධනාගාරයේ (San Pedro de Lurigancho men’s prison in central Lima) දෛනික ඝෝෂාව අතරට මහන මැෂින්වලින් නැගෙන හඩ ද එක්වී ඇත.

    පේරු හි විලාසිතා සන්නාමයක් වන පියෙටා (Pieta) වෙනුවෙන් ටී ෂර්ට් සහ වෙනත් ඇදුම් නිර්මාණය සඳහා සිරකරුවන් 30 ක් එක්ව සිටී.

    10,000ක් පමණ රැදවියන් සිටින බන්ධනාගාරයේ දෛනිකව අධික ඝෝෂාවක් පවතින අතර මැහුම්කරුවන්ට ද කතා කරන විට විශාල ඝෝෂාවක් කිරීමට සිදුවේ. නමුත් මේ වන විට ඔවුහු දෛනිකව මේ කලබලයට මුහුණ දීමට පුරුදු වී සිටිති.

    51 හැවිරිදි කාලෝස් ආර්සෙල් ලාමා ලොම් වලින් ස්වේටර් නිර්මාණය කරයි. ඔහුගේ මහන මැෂිම ඉතා ඉක්මණින් වැඩ කරයි. ඔහුට සතියකට එක්සත් ජනපද ඩොලර් 113ක් පමණ උපයා ගත හැකි අතර, එම මුදල් ඔහුගේ දියණිය වන අයිගන් ද ඇතුළුව ඔහුගේ පවුලට යවයි.

    සැන් පේද්‍රෝ ඩි ලුරිගන්චෝ බන්ධනාගාරයේ නිමි කමිසයක් අල්ලාගෙන සිටින සිරකරුවෙක්
    සිරකරුවන් පියෙටා සඳහා පිරිමි, කාන්තා හා ළමා ඇඳුම් නිර්මාණය කරයි

    “තෝමස් වෙනුවෙන් වැඩ කිරීම මගේ හදවත සතුටු කළා” ඔහු පවසයි.

    ප්‍රශ්නයට ලක්වූ තෝමස් යනු ප්‍රංශ ජාතික තෝමස් ජේකබ් ය.

    ප්‍රංශ විලාසිතා මන්දිරයක් වන ‘චැනල්‘ (French fashion house Chanel) සඳහා හිටපු රෙදි මිලදී ගන්නෙකු වූ ඔහු සැන් පේද්‍රෝ බන්ධනාගාරයට ගිය පසු 2012 දී ලීමා පදනම් කරගත් ව්‍යාපාරයක් නැවත ආරම්භ කිරීමට පෙළඹුණි. 

    පේරු හි ජීවත් වෙමින් සේවය කරමින් සිටි තෝමස්, ප්‍රංශයේ සිරකරුවන්ට උගන්වමින් සිටි මිතුරෙකු සමඟ ගියේය.

    33 හැවිරිදි යාකොබ් මෙසේ පවසයි.

    “සමහර සීමාවාසිකයන් මට කිව්වා මැසීමට, රෙදි විවීමට හා මුද්‍රණය කිරීමට ඔවුන් දන්නා නමුත් එම දැනුම භාවිතා කිරීමට ඔවුන්ට නොහැකි වූ බව. මේ අය වෙනුවෙන් යමක් කිරීමට හැකියාවක් ඇති බව මට වැටහුණා. ඒ නිසා මම තීරණය කළා ඇඟලුම් සන්නාමයක් නිර්මාණය කිරීමට‘

    තෝමස් ජාකොබ්
    තෝමස් ජේකොබ් පවසන්නේ බන්ධනාගාරවල නිෂ්පාදනය සොයා නොගැනීම ඔහුට ලාභදායී බවයි

    අද වන විට මෙම ව්‍යාපාරයට පේරු බන්ධනාගාර තුනක කම්කරුවන් 50 ක් පමණ එක්ව සිටින අතර පිරිමි දෙදෙනෙකු හා කාන්තාවක් සතියකට ඇඟලුම් 1,000 ක් පමණ නිපදවයි. ලාභ නොලබන ව්‍යාපාරයක් වන සිරකරුවන් තමන් සාදන සෑම භාණ්ඩයක්ම විකිණීමෙන් කොමිස් මුදලක් උපයා ගනී.

    ඊට සම්බන්ධ වන අයට ඇඳුම් නිෂ්පාදනය පිළිබඳ පූර්ව අත්දැකීම් අවශ්‍ය නොවිය යුතු අතර, ඔවුන් ද දඩුවම් විඳින අපරාධ සුළු සුළු සොරකම් සිට මිනීමැරුම් දක්වා විහිදේ.

    පියෙටා වෙත දැන් ලීමා හි වෙළඳසැල් තුනක් ඇත. නමුත් වෛරසය පුපුරා යාමේ සිට මුහුණු ආවරණ නිෂ්පාදනය එහි වැඩි වශයෙන් සිදුවේ. ඒවා එහි වෙබ් අඩවිය හරහා විකුණනු ලැබේ. එහි ජාත්‍යන්තර ඇණවුම් බොහොමයක් ඕස්ට්‍රේලියාව, එක්සත් ජනපදය සහ දකුණු ඇමරිකාවේ වෙනත් රටවලින් ලබා ගනී.

    මෙම ඇගළුම් නිෂ්පාදනය වෙනුවෙන් සිරකරුවන්ට ගෙවනු ලබන්නේ පේරු හි අවම වැටුපට සමාන වන මුදල් වන නමුත් මුදල් ඉතිරි කර ගැනීම සඳහා බන්ධනාගාරවල නිෂ්පාදනය පදනම් නොකළ බව ජේකොබ් පවසයි.

    “පේරු හි රෙදිපිළි කර්මාන්තය තරමක් දියුණු මට්ටමක පවතින අතර, අපට තරමක් විශාල නිෂ්පාදනයක් ඇති හෙයින්, අපි බන්ධනාගාරයෙන් පිටතට ගියහොත් අපගේ පිරිවැය සැලකිය යුතු ලෙස අඩු කර ගත හැකියි” යනුවෙන් ඔහු පවසයි.

    “නමුත් මිනිසුන් සූරාකෑමට හා ඔවුන්ට නරක හැඟීමක් ඇති කිරීමට මට අවශ්‍ය නැහැ. අපි සමාජ ව්‍යාපෘතියක් වන අතර, අපි නිෂ්පාදනය පිටතට ගෙන ගියහොත් එය කිසිදු අරමුණක් ඉටු නොකරනු ඇත.”

    පියෙටා ඇඳුම්
    පියෙටාගේ ඇඳුම් ලොව පුරා අපනයනය කෙරේ

    පීටා සඳහා වැඩ කිරීම සිරකරුවන්ට ඔවුන්ගේ ද දඩුවම් අඩු කිරීමට උපකාරී වන අතර එමඟින් අධ්‍යයන පාඨමාලා සඳහා ලියාපදිංචි වීමට ඔවුන්ට හැකියාව ලැබේ. එය අධ්‍යයනය කිරීමෙන් ඔවුන්ගේ බන්ධනාගාර කාලය බලධාරීන් විසින් කපා හරිනු ලැබේ.

    25 හැවිරිදි ඩැනියෙල් රොජස් පැලැසියෝස් පවසන්නේ “මගේ දඩුවම අවුරුදු පහක්. නමුත් මම අවම වශයෙන් අවුරුදු දෙකක්වත් ඉගෙන ගත්තොත් මට අවුරුදු පහකට කලින් මෙයින් පිටව යා හැකියි‘

    ඔහු මාස ​​කිහිපයක් තිස්සේ පීටා වෙනුවෙන් වැඩ කරමින් සිටී. තම කුඩා දියණියට මුදල් උපයා දීමට අමතරව, ඔහු එම මුදල් රෙදිපිළි මෝස්තර අධ්‍යයනය සඳහා ගෙවීමට යොදා ගනී.

    “පාඨ මාලාවේ පිරිවැය අධිකයි. ඒ නිසා මට වැඩි කාලයක් වැඩ කිරීමට සිදුව තිබෙනවා” ඔහු තවදුරටත් පවසයි.

    විලාසිතා සමාගම්වලට ඔවුන්ගේ රෙදිපිළි නිෂ්පාදනය බන්ධනාගාරය තුළ සිදු කිරීමට ඉඩ දෙන එකම රට පේරු නොවේ. ෆින්ලන්තයේ, පැපිලන් නම් ව්‍යාපාරයක් 2009 සිට පීටා මෙන් ම කටයුතු කරයි.

    පැපිලන් කාඩිගන් පැළඳ සිටින නිරූපිකාවක්
    ‘පැපිලන්‘ යන නම හෙන්රි චැරියර්ගේ (Henri Charrière’s) classic 1969 prison break novel නවකතාවෙන් ලබා ගෙන ඇත.

    “සිරකරුවන් සක්‍රීය කිරීමේ අරමුනින් බන්ධනාගාරවල සාධාරණ වැඩ සහ පුනරුත්ථාපන ව්‍යාපෘති සැපයීමට අමතරව, අපගේ නිෂ්පාදන හැකි තරම් තිරසාර ලෙස සකස් කිරීම අපගේ ඉලක්කයයි” යනුවෙන් පැපිලන් ප්‍රධාන විධායක තේමු රූට්සාලයිනන් පවසයි.

    තවත් විලාසිතා ලේබලයක් වන්නේ ඩෙන්මාර්කයේ වෙළඳ නාමයක් වන කාර්සෙල් (Danish brand Carcel) ය. එය කාන්තා බන්ධනාගාර දෙකක ඇඳුම් නිෂ්පාදනය කරයි, එකක් තායිලන්තයේ සහ අනෙක පේරු හි ය.

    එහි නිර්මාතෘ වෙරෝනිකා ඩිසූසා පවසන්නේ කෙන්යාවේ කාන්තා බන්ධනාගාරයකට ගිය පසු තමා ආනුභාව ලත් බවයි. “බන්ධනාගාරයේ මුරකරුවන් පැවසුවේ කාන්තාවන්ට නරකම දෙය නම් කිසිවක් නොකිරීම බවයි. එය මානසික අවපීඩනයට හේතු වේ.”

    දණ්ඩන ප්‍රතිසංස්කරණ ජාත්‍යන්තරයේ ප්‍රචාරක කණ්ඩායමේ (Campaigning group Penal Reform International) ප්‍රධාන විධායක ෆ්ලෝරියන් ඉර්මින්ගර් පවසන්නේ සිරකරුවන්ට සමාගම්වල වැඩ කිරීමට හැකිවීම පිළිබඳව තම සංවිධානය පක්ෂව සිටින බවත් ඔවුන් සූරාකෑමට ලක් නොවන බවත්ය.

    මයිකල්ඇන්ජලෝගේ පීටා
    විලාසිතා ලේබලය ‘පීටා -Pieta  ලෙස නම් කර ඇත්තේ මයිකල්ඇන්ජලෝ විසින් නිර්මිත ජේසුස් වහන්සේ කුරුසියේ ඇණ ගැසීමෙන් පසු එතුමාව ඔසවා ගෙන සිටින මරියාගේ මූර්තිය මූර්ති කිරීමෙනි

    “බන්ධනාගාර ශ්‍රමය ඇතුළුව සිරකරුවන්ගේ පුනරුත්ථාපන ප්‍රයත්නයන් සැලකිය යුතු මට්ටමක පවතින බව අපි විශ්වාස කරමු. එය පදනම් වී ඇත්තේ සිරකරුවාගේ නිදහසේ එකඟ වූ ගිවිසුමක් මත ය” යනුවෙන් ඔහු පවසයි.

    කෙසේවෙතත්, බොහෝ විට බන්ධනාගාර ශ්‍රමය ‘ලාභ ශ්‍රමයක්‘ ලෙස සැලකේ. සිරගෙදර ශ්‍රමය ප්‍රජාවගේ සංවර්ධනයට දායක වීමට සිරකරුවාට අවස්ථාවක් විය යුතුය.

    “විශේෂයෙන් අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවල සන්දර්භය තුළ සිරකරුවන් ජීවත් වන තත්වයන් වැඩිදියුණු කිරීමට වැඩ ඉඩ දිය යුතුයි. අවසාන වශයෙන්, බන්ධනාගාරයේ වැඩ කිරීම සිරකරුගේ ජීවිතයට දිගුකාලීන දායකත්වයක් තිබිය යුතුයි. උදාහරණයක් ලෙස පුහුණුව සහ වැඩ සහතික මගින්.”

    පේරු නුවරට පැමිණි ජේකබ් මහතා පවසන්නේ පීටා හි සිරගෙවල් “යමක් කිරීමට ලැබීම සතුටට කරුණක්” බවයි.

    මයිකල්ඇන්ජලෝගේ මරිය තුමිය මරියාගේ කුරුසයෙන් ඉවතට ගත් පසු පණ නැති යේසුස්ව අල්ලාගෙන සිටින ආකාරය මූර්තියෙන් සමාගම විසින් එහි නම ලබාගෙන ඇත. මූර්ති නැවත නැඟිටීම නියෝජනය කරන බැවින් ඉංග්‍රීසියෙන් “අනුකම්පාව” හෝ “දයානුකම්පාව” යන අර්ථය ඇති නම තමා තෝරා ගත් බව ජේකොබ් මහතා පවසයි.

    “සිරකරුවන්ගේ අභිප්‍රේරණය වන්නේ මුදල් ඉපැයීම සහ වෘත්තියක් ඉගෙන ගැනීමයි. මුදල් වලින් ඔවුන්ගේ සිර කාලය කෙටි කළ හැකියි” යනුවෙන් ඔහු පවසයි. “ඔවුන් එළියට එන විට අපි ඔවුන්ගේ ආකල්පයද වෙනස් කර ඇත්තෙමු.”

    බී.බී.සී වාර්තාවක් ඇසුරිණි – සකස් කළේ – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • රනිල් – සජිත් මෛත්‍රීට හොරකම් කරන්න සහාය දුන්නා – ඇමති ප්‍රසන්න

    රනිල් – සජිත් මෛත්‍රීට හොරකම් කරන්න සහාය දුන්නා – ඇමති ප්‍රසන්න

    මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ වංචා හා දූෂණ ලගදීම රටට හෙළිකරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ මෛත්‍රී- රනිල්- සජිත් යනු එකම අච්චුවේ බඩු තුනක් බවයි.

    යහපාලන ආණ්ඩුව කටයුතු කලේ බටහිර න්‍යාය පත්‍රයට අනුව බවත් ඒ නිසා රටත් ජනතාවත් පාවා දී ආණ්ඩුව රැක ගැනීමට ඔවුන් කටයුතු කල බවත් පැවසූ ඇමතිවරයා ජනාධිපතිවරයාගේ ගමන් මග ශක්තිමත් කිරීමට නම් මෙවර මහමැතිවරණයේ දී මහින්ද හැර නොයන පිරිසක් පාර්ලිමේන්තුවට යැවිය යුතු යැයි පෙන්වා දුන්නේය.

    කොටුගොඩ ප්‍රදේශයේ පැවැති ජනහමුවකට ඊයේ ( 05 ) එක්වෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කලේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේද කිවේය.

    ” 2015 මම මහින්ද මහත්තයත් එක්ක එළියට බහින්න ගත්ත තීන්දුව ගත්තේ අභියෝග ගොඩක් මැද්දේ. මම මහින්ද මහත්තයා නැවත දේශපාලනයට ගේන්න හදනකොට මට විරුද්ධ බොරු නඩු පැටලෙව්වා යහපාලන ආණ්ඩුව. එදා මම ගත්ත දේශපාලන තීන්දුව නිසා මගේ නෝනගෙන්, දරුවන්ගෙන් පවා පලිගත්තා. යහපාලන ආණ්ඩුව පසුගිය කාලයේ රට කලේ බොරුවෙන්. යහපාලන ආණ්ඩුව වැඩ කලේ ජනතාවගේ පොදු යහපත වෙනුවෙන් නෙමේ. ඔවුන් මහින්දට ගෑවුනු ගෑවුන අයගෙන් පලිගත්තා. ඔවුන්ට ඕන වූනේ බටහිර න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන්න. ඔවුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගේන්න හැදුවේ මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් මිනිස්සුන්ට එකට ජීවත් වෙන්න පුළුවන් නෛතික බලයක් දෙන්න නෙමේ. රට ෆෙඩරල් කරලා රට බෙදලා බටහිරට ඕන දේ කරන්න.

    මෛත්‍රීව සත පහකට විශ්වාස කරන්න හොඳ නෑ. මෛත්‍රී කරපුවා කියන්න පුළුවන් ලොරි ගාණක්. ඒ වගේ හොරෙක් වංචාකාරයෙක් මගේ ජීවිතේට දැකලා නැහැ. මෛත්‍රී කරපු දූෂණ ළගදීම රටට හෙළි කරනවා. මෛත්‍රී කියන්නේ තමන්ගේ පෞද්ගලික උවමනාව වෙනුවෙන් ඕනෑම ජරා වැඩක් කරන කෙනෙක්. අපි චෝදනා එළි කලාම එදාට ඔහු ගැන තීරණයක් ගැනීම රටේ ජනතාවට භාරයි. මෛත්‍රීට දෙවනි නෑ රනිලුයි සජිතුයි. රනිල් මෛත්‍රීට හොරකම් කරන්න සහය දුන්නා. සජිත්ලා කලෙත් ඒකමයි. මෛත්‍රී – රනිල් – සජිත් කියන්නේ එකම  අච්චුවේ බඩු.

    විහිළුකාරයන්ට අවුරුදු හතර හමාරක් රට භාර දීලා අපි කලේ මහ පාපයක්. මහින්ද මහත්තයාව පරද්දන්න රිද්දන්න 2015 දී ඡන්දය දුන්නා. හැබැයි රිදුනේ පැරදුනේ අපි. අපේ දුවා දරුවන්ගේ අනාගතය තමයි අවුරුදු හතර හමාරක් නැතිවුනේ. ඒ නිසා මේ අවස්ථාව තමයි අපට ලැබෙන අවසාන අවස්ථාව. රට වෙනුවෙන් ඡන්දය දෙන්න. පොහොට්ටුවට ඡන්දය දෙන්න. තාත්තා කිව්වා බල්ලො මරලා හරි සල්ලි හොයන්න පුළුවන්. හැබැයි මිනිස්සු හම්බකරන්න බැහැ කියන එක. මම දේශපාලනයෙන් සල්ලි හම්බකරල නෑ. මම හම්බ කරල තියන්නේ මිනිස්සු විතරයි. අපි මේ මැතිවරණය දිනනවා. අපි ගම්පහ වැඩි ඡන්ද ලක්ෂ පහකට වඩා වැඩි ඡන්ද ගණනකින් දිනනවා. ඒක ස්ථිරයි. හැබැයි මනාප ගහනකොට පොහොට්ටුව රැකපු, මහින්ද රැකපු අයට ඡන්දය දෙන්න. ”

    මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාර අරංගල්ල, උප සභාපති සුජීව සම්පත් යන මහත්වරු ද කථා කළහ.

  • ලංකාවට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ලබා දී අපි ඉන්දියාව – නේපාලය මෙන් වෙමු ද ?

    ලංකාවට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ලබා දී අපි ඉන්දියාව – නේපාලය මෙන් වෙමු ද ?

    ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිට පිළිතුරක් හා ප්‍රශ්නාවලියක්

    වසන්ත අල්විස්  මාධ්‍ය ප්‍රකාශක රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය  

    ‘ලංකාවට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අවශ්‍ය බව පසුගිය සති අන්ත පුවත් පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා විසින් ප්‍රකාශ කර ඇති අතර ඔහු එහි දී ලෝක මට්ටමෙන් දේශීය වෛද්‍ය පීඨ වලටත් පිළිගත් ප්‍රමිතියක් නොමැති බවටත් පවසා ඇත.

    තව දුරටත් කරුණු ප්‍රකාශ කරමින් වෛද්‍ය සභාවේ සභාපතිවරයා විසින් සදහන් කර ඇත්තේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීම මගින් වෛද්‍ය උපාධිය හැදෑරීම සදහා ළමුන් පිටරට යෑම සහ ආචාර්ය –  මහාචාර්යවරුන්  පිටරට යාම  වළක්වා ගැනීමට හැකියාව ලැබෙන බවයි.

    මෙහිදී තවත් කරුණක් හෙළිකරමින් වෛද්‍ය සභාවේ සභාපතිවරයා කියා ඇත්තේ ශ්‍රී ලංකාවේ ආචාර්ය  – මහාචාර්යවරුන්  මැලේසියාවේ වෛද්‍ය පීඨ වල උගන්වන බවයි.

    වෛද්‍ය සභාවේ සභාපතිවරයා විසින් සදහන් කරන පරිදි ප්‍රමිතියක් නැති ලංකාවේ වෛද්‍ය පීඨ වලින් බිහි වන  ආචාර්ය මහාචාර්යවරුන් මැලේසියාව වැනි ඉතා දියුණු රටක් තමා රටේ දරුවන්ට ඉගැන්වීමට ලබා ගන්නේ ඇයි ද යන්න විමසා බැලිය යුතුව ඇත.‍

    • එසේම සයිටම් පෞද්ගලික ආයතනයේ ආරම්භයේ දී එම හොර උපාධි කඩය වෙත  ජයවර්ධනපුර වෛද්‍ය පීඨයේ ආචාර්ය මහාචාර්යවරුන්  16 දෙනෙක් එම පීඨය හැර යාමෙන් ඇති වූ අර්බුදය අදාල මහාචාර්ය වරයා නොදන්නේද ?
    • එසේ ම අදටත් මේ රටේ යාපනය, නැගෙනහිර, රජ රට, වයඹ, සබරගමුව පීඨ සඳහා ආචාර්ය මහාචාර්යවරුන් හිඟ බව ඔහු නො දන්නේ ද ?
    • එසේ ම පැරණි වෛද්‍ය පීඨයක් වන යාපනය වෛද්‍ය පීඨයට මේ වන තුරු මහාචාර්ය ඒකකයක් ලබා නොදුන්නේ මන්ද ?
    • ගුරුවරු නොමැතිකම්න් මේ රටේ වෛද්‍ය පීඨ අර්බුදයකට ලක්ව ඇති බව අදාළ මහාචාර්ය වරයා නොදන්නේද ? නැතහොත් කන්න ඕන උනාම  කබරගොයාත් තලගොයා ලෙස පෙනෙන්නේ ද ?


    එසේ ම අදටත් මේ රටේ වෛද්‍ය පීඨ වල ආචාර්ය මහාචාර්ය හිඟය උග්‍ර ව පවතින අතර වෛද්‍ය පීඨ ඕනෑ කියන සම හරක් ආචාර්ය මහාචාර්යවරුන් වෛද්‍ය පීඨවල  උගැන්වීම පසෙකට තබා පුද්ගලික රෝහල් වල  ප්‍රතිකාර සේවාවල යෙදෙන බව වාර්තා වී ඇත. ඒ හේතුවෙන් දුෂ්කර ප්‍රදේශවල පිහිටි වෛද්‍ය පීඨ වඩාත් අර්බුදයකට ලක්ව ඇත.

    රාජ්‍ය වෛද්‍ය පීඨ අර්බුදයට ලක් වීමෙන් ඇති වන්නේ මේ රටේ රෝගී ජනතාවගේ ප්‍රතිකාර ලබා ගැනීමේ අයිතිය විනාශ වන අතර ඒ සඳහා වගකිව යුතු වන්නේ කවුද ?

    එසේම ලෝක සෞඛ්‍ය දර්ශක ය විමසා බැලීමේ දී අදාළ මහාචාර්යවරයා පවසන ඉන්දියාව  නේපාලය බංග්ලාදේශය වැනි  රටවල් අපට පිටුපසින් සිටින අතර එම රටවල පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇත ඔහු පවසන ආකාරයට එම රටවල් සෞඛ්‍ය දර්ශක  අපට වඩා ඉදිරියෙන් සිටිය යුතු මුත් එසේ නො වන්නේ ඇයි නුසුදුසු සෞඛ්‍ය කාර්යය මණ්ඩලය වෛද්‍යවරු නිසා නොවේ ද ?

    තවද ඔහු එහි දී වෛද්‍ය වෘත්තිය ඉතා ඉහළ ආදායම් උපයන වෘත්තියක් බවට පවසා ඇති අතර මේ රටේ වෛද්‍යවරුන්  වැඩියෙන් බිහි වීම සඳහා වෛද්‍යවරුන්  වගේ ම වෛද්‍ය ශිෂ්‍යයන්  අකමැති බව පවසා ඇත.

    වසර තුනක තොරතුරු තාක්ෂණ  උපාධියක් සම්පූර්ණ කරන අයෙකු රුපියල් ලක්ෂ පහකට අධික මාසික ආදායමක් උපයන අතර පශ්චාත් උපාධිය පවා සම්පූර්ණ කරන ලද විශ්‍රාම යාමට පවා ආසන්න  විශේෂඥ වෛද්‍යවරයකුගෙ ගේ මාසික වැටුප රුපියල්  එක් ලක්ෂ අනූ දහසක් පමණ වේ.

    එසේ ම මේ රටේ පුද්ගලික සේවාවන්හි නිරතව සිටින්නේ මේ රටේ වෛද්‍යවරුන්ගෙන් අතළොස්සක් වන අතර බහුතරයක් පෞද්ගලික සේවාවන්හි නිරතව සිටින්නේ නැත.

    පෞද්ගලික සේවා වන් හි නිරතව සිට තමන්ගේ දරුවන් අපොස උසස් පෙළ අසමත් වූ පසුව අපොස උසස් පෙළ අවැසි නැතැයි පවසමින් තමන් උගත් අධ්‍යාපනයට පවා ගරහන තක්කඩි ආචාර්ය  මහාචාර්යවරුන් ගේ පසුබිම විමසුව හොත් ඔවුන් ගේ දරුවන් විදේශයන් හි ඉගෙනුම ලැබු වන බව නිරීක්ෂණය වේ.

    එසේම මෙරට කොතලාවල සහ මොරටුව වෛද්‍ය පීඨ සමගින් වෛද්‍ය පීඨ 12ක් ඇති අතර ඒවා නිසි ලෙස ක්‍රියාත්මක වීමෙන් අනතුරුව   වාර්ෂික ව වෛද්‍ය සිසුන් දෙදහසක් පමණ අනාගතයේදී වෛද්‍යවරුන් ලෙස එක්වීමට නියමිතව ඇත.

    එසේ ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ දර්ශකයන් පවා අභිබවමින් මෙරට තුළ වෛද්‍යවරුන් සිටින පසුබිමක කෝවිඩ්  19 අර්බුදයේ දී ශ්‍රී ලංකාව පෙන්වා ඇති විශිෂ්ටත්වය තවදුරටත් ඉහළ දමා ගැනීමට නම් මෙරට තුළට නුසුදුසු වෛද්‍යවරුන්  එකතු වීම වළක්වා රාජ්‍ය පද්ධතිය තව දුරටත් ශක්තිමත් කළ යුතු කාලයක වෛද්‍ය සභාවේ සභාපතිවරයා පවසන  පුද්ගලික වෛද්‍ය විද්‍යාල ලබා දී  අපි ඉන්දියාව මෙන් වෙමු.

    කොවිඩ් 19  අර්බුදයේ දී ඉන්දියාව  බංග්ලාදේශය පකිස්ථානය නේපාලය දෙස බලනු 
    අනාගතයේ එසේ වීමට අප ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යාල පිහිටුවීමට ඉඩ ලබා දෙමු. එසේම අදාළ මහාචාර්ය වරයා වෛද්‍ය සභාවේ කිසුදු සාමාජිකයෙකුගෙන් විමසීමක් නොකර  වෛද්‍ය සභාවේ සභාපති ලෙස ප්‍රකාශ නිකුත් කිරීම වෛද්‍ය ආචාර ධර්ම උල්ලංඝණය කිරීමක් වන අතර එයට විරුද්ධව නිසි ක්‍රියාමාර්ග වෛද්‍ය සභාවේ සාමාජිකයන් විසින් ගනු ඇතැයි උදක්ම බලාපොරොත්තු වෙමු.

    එසේ ම  මේ රටේ වෛද්‍ය අධ්‍යාපනය හා රෝගී ජීවිත ආරක්ෂාව වෙනුවෙන් කැපවන සංගමයක සාමාජිකයන් වශයෙන් අප අදාල මහාචාර්ය  වරයා ගේ  ප්‍රකාශය  තරයේ හෙළා දකිමු.

    එසේම මෙරට වෛද්‍ය අධ්‍යාපන ප්‍රමිති ගත නැතැයි පැවසීමෙන් ඔහු උගත් වෛද්‍ය පීඨයට හා මෙරට වෙනුවෙන් ඉතා විශිෂ්ට සේවාවක් කර ලෝකය විසින් ඉතා ඉහළින් පිළි ගත් මෙරට වෛද්‍ය පීඨ වලින් බිහි වූ වෛද්‍යවරුන් ට පවා අපහාස කරන අතර අදටත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවා ඉහළ පිළිගැනීමට  මෙරට ලක් ව ඇති   අවස්ථාවක  හා මේ රටේ වෛද්‍යවරුන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉහළ වෘත්තිකයන් ලෙස වැඩ කරන කාලවකවානුවක තමන් උගත් වෛද්‍ය පීඨයට තමන් රැකියාව කරන ලද වෛද්‍ය පීඨයට එසේ ම වර්තමානයේ තමන් සේවය කරන වෛද්‍ය සභාවට හා මේ රටේ වෛද්‍ය අධ්‍යාපනය හොඳ නැතැයි පවසමින් මේ රටට කරන ලද අපහාසයට ඔහු තව දුරටත් එම තනතුරේ සිටිය යුතු නැති බව හා ඔහු ඇත්තට ම උගත් මහත්මයෙක් නම් තමන් කරන ලද වරද වෙනුවෙන් වහාම වෛද්‍ය සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව මෙයින් ප්‍රකාශ කරමු.

     වසන්ත අල්විස්  මාධ්‍ය ප්‍රකාශක රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය  

  • ඊළග අගමැති පොළොන්නරුවේ කියලා පෝස්ටර් ගහලා – ඇමති ප්‍රසන්න

    ඊළග අගමැති පොළොන්නරුවේ කියලා පෝස්ටර් ගහලා – ඇමති ප්‍රසන්න

    සමහරු කියනවා ඔය සන්ධානයේ සභාපති මෛත්‍රී කියලා. මම නම් ඔය සන්ධානයට ගෑවෙන්නෙවත් නෑ. මතක තියා ගන්න මේ මැතිවරණයට අපි ඉල්ලන්නේ සන්ධානයකින් නෙමෙයි.  පොහොට්ටුවෙන්. ඒකේ නායකයා මහින්ද, සභාපති ජී.එල්.පීරිස් ඇමතිතුමා. ඔය උකුස්සන්ගේ සන්ධානය අපිට අදාළ නෑ. අපි ඕවාට එදා එකග වුණෙත් නෑ. අද එකගත් නෑ. හෙට එකග වෙන්නෙත් නෑ.

    ශ්‍රිලනිපය සමග සන්ධාන ගත වුයේ ජනාධිපතිවරණයට පමණක් බවත් එය මහ මැතිවරණයට වලංගු නැති බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

    ඔහු පෙන්වා දෙනනේ මෙවර මහ මැතිවරණයට තමන් ඇතුළු පිරිස ඉදිරපත් ව ඇත්තේ සන්ධානයකින් නොවන බවයි.  තමන් ඇතුළු පිරිස ඉදිරිපත් ව ඇත්තේ පොහොට්ටුව ලකුණින් බවත් ඒ නිසා සන්ධාන පිළිබද තමන්ට වගකීමක් නොමැති බවත් ඔහු පෙන්වා දෙයි.

    බෙලිඅත්ත ප්‍රදේශයේ පහුගිය දා (03) පැවති රැස්වීමක දී ඇමතිවරයා මේ බව සදහන් කළේය.

    මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.

    “ අද පොළොන්නරුවේ පෝස්ටර් ගහලා තියෙනවා ඊලඟ අගමැති පොළොන්නරුවෙන් කියලා. ගොනා හැරෙන්නේ පොල් පැළේට කියලා අපිට හොදට තේරේනවා. මෛත්‍රී මේ එන්න හදන්නේ මොකාට ද කියලා අපිට හොදට තේරෙනවා. ඒකයි අපි කියන්නේ මෛත්‍රීට ගෑවුන එකෙකුටවත් ඡන්දය දෙන්න එපා කියලා. මේ රටේ ඊළඟ අගමැති වෙන කවුරුත් නෙමෙයි. මහින්ද මහත්තයා තමයි මේ රටේ ඊළග අගමැති. ඒක වෙනස් කරන්න කාටවත් බෑ. ඔය සජිතුත් හීන දකින්නේ රටේ අගමැති වෙන්න. ඒවා නිකං හීන විතරයි. සජිත්ලාගේ බොරු වලට මේ රටේ ජනතාව රැවටෙන්නේ නෑ.

    මම හැමදාම හැමතැනම කියන දේ තමයි මෛත්‍රීට ගෑවුණු එකෙකුටවත් ඡන්දය දෙන්න එපා කියන එක. මෛත්‍රී හිටපු ජනාධිපතිවරයා විශ්වාස කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. මහින්ද මහත්තයත් එක්ක එදා රෑට කාලා කරඬුව ඔළුවේ තියාගෙන ගිහින් මහින්ද මහත්තයාගේ පිටට පිහියෙන් ඇන්න කෙනෙක් තමයි මෛත්‍රී. එහෙම මිනිහෙක් ව විශ්වාස කරන්නේ කොහොම ද? 2015 මහින්දට අගමැති වෙන්න තිබුණු අවස්ථාව නැති කළේ මෛත්‍රී.

    දැන් සමහරු කියනවා අපි මේ මහ මැතිවරණයට තරග කරන්නේ සන්ධානයකින් කියලා. අපි සන්ධානය ගැහුවේ ජනාධිපතිවරණයට විතරයි. මහ මැතිවරණයට ඔය සන්ධාන අදාළ නෑ. එදා ජනාධිපතිවරණයට ගහපු සන්ධාන මහ මැතිවරනයට වලංගු නෑ. ජනාධිපතිවරණයට අපි සන්ධාන ගැහුවේ 51% ගන්න. එයාලා කපටි වෙනකොට අපිත් ටිකක් කපටි විදිහට වැඩ කළා. මම මෙච්චර කෑ ගහන මිනිහා අඩියක් පස්සට අරන් ඒකට එකඟ වුණේ 51% ගන්න ඕන නිසා. සන්ධානය ගැහුවේ ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා. දැන් ඒක ඉවරයි. මේ මැතිවරණයේ අපි ඉල්ලන්නේ සන්ධානයකින් නෙමෙයි. ඒ නිසා සන්ධානයේ කොන්දේසි උල්ලංඝණය කරනවා යැයි කාටවත් මට චෝදනා කරන්න බෑ.

    සමහරු කියනවා ඔය සන්ධානයේ සභාපති මෛත්‍රී කියලා. මම නම් ඔය සන්ධානයට ගෑවෙන්නෙවත් නෑ. මතක තියා ගන්න මේ මැතිවරණයට අපි ඉල්ලන්නේ සන්ධානයකින් නෙමෙයි.  පොහොට්ටුවෙන්. ඒකේ නායකයා මහින්ද, සභාපති ජී.එල්.පීරිස් ඇමතිතුමා. ඔය උකුස්සන්ගේ සන්ධානය අපිට අදාළ නෑ. අපි ඕවාට එදා එකග වුණෙත් නෑ. අද එකගත් නෑ. හෙට එකග වෙන්නෙත් නෑ.

    අපි මේ මැතිවරණයේ මන්ත්‍රීධූර 150 ක් ගන්නයි මේ උත්සාහ කරන්නේ. අපි මන්ත්‍රීධූර 150 ක් ගන්නකොට මහින්ද මහත්තයාව දාලා යන්නේ නැති පිරිසක් පාර්ලිමේන්තුවට ගන්න ඕනේ. දැන් පොහොට්ටුව ලකුණින් මෛත්‍රීගේ පිරිසක් තරග වදිනවා. අනුරාධපුරයෙන් 03, පොළොන්නරුවෙන් 03, කුරුණෑගලින් 02, ගම්පහින් 01, හම්බන්තොටිනුත් 01. ඒවගේ රට පුරාම ඉන්නවා.

    ඒ අයගෙන් 10ක්වත් පාර්ලිමේන්තුවට ඇවිත් අපිට කොන්දේසි දැම්මොත්, ගෝඨාභය මහත්තයාගේ කුකලෙන් ඇද්දොත් අපි මොකද කරන්නේ? ඒකයි මම කියන්නේ මෛත්‍රීට ගෑවුණු කිසිවෙක්වත් පාර්ලිමේන්තුවට යවන්න එපා කියලා. පක්ෂයකින් ඉල්ලනවා නම් මේ අය අඩුම තරමේ පක්ෂයේ නායකයාගේ පිංතූරේවත් ගහගෙන යන්න එපැයැ. මේ කවුරුත් මෛත්‍රී ගේ පිංතූරේ ගහගෙන යන්නේ නෑ. එහෙම කළොත් බඩු බනිස් කියලා එයාලා දන්නවා. මම අභියෝග කරනවා පුළුවන් නම් මෛත්‍රීෙග් ෆොටෝ ගහගෙන ගිහින් දිනලා පෙන්වන්න.

    අගමැති මහින්ද රාජපක්ෂ, ඇමති චමල් රාජපක්ෂ, මහචාර්ය ජී.එල්. පීරිස්, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරු ද කථා කළහ.

  • මුහුණේ හැඩය අනුව ‘සුදුසු කොණ්ඩා මෝස්තරය’ තෝරා ගන්නේ කෙසේද ?

    මුහුණේ හැඩය අනුව ‘සුදුසු කොණ්ඩා මෝස්තරය’ තෝරා ගන්නේ කෙසේද ?

    ‘‘කොණ්ඩා මෝස්තරයක් තෝරා ගැනීමේදී මුහුණේ හැඩය මතක තබා ගත යුතු වැදගත් කරුණකි.” 

    වටකුරු මුහුණක් සඳහා ගැළපෙන කොණ්ඩා මෝස්තරය දිගැති මුහුණක් සදහා ගැළපෙන්නේ නැත.

    නමුත් මුහුණේ හැඩය හෝ ඒ සදහා සුදුසු කොණ්ඩා මෝස්තරය තීරණය කිරීම පහසු දෙයක් නොවේ. ඒ ගැන තමා මෙන්ම කොණ්ඩා මෝස්තර නිර්මාණ ශිල්පියා ද මනාව දැනුවත් වී සිටිය යුතුය.  ඔබ එය මනාව දැනගත් පසු මුහුණට ගැළපෙන සුන්දර කොණ්ඩා මෝස්තරයක් තෝරා ගැනීම තවදුරටත් දුෂ්කර කාර්යයක් නොවනු ඇත!

    ඔබේ මුහුණේ හැඩය සහ කොණ්ඩා මෝස්තරය තීරණය කිරීම


    අපට පොදුවේ 06 ආකාරයක මුහුණු දැක ගත හැකිය.

    1. හෘද හැඩැති මුහුණ, Heart-Shaped Face
    2. වටකුරු හැඩැති මුහුණ, Round-Shaped Face
    3. හතරැස් හැඩැති මුහුණ, Square-Shaped Face
    4. ඕවලාකාර හැඩැති මුහුණ, Oval-Shaped Face
    5. දියමන්ති හැඩැති මුහුණ, Diamond-Shaped Face
    6. සෘජුකෝණාස්රාකාර හෝ දිගටි හැඩැති මුහුණ,Rectangular-Or Oblong-Shaped Face

    සෑම කෙනෙකුටම තම මුහුණෙහි හැඩය කුමක්දැයි දැන ගැනීම පහසු නැත. ඔබේ මුහුණේ හැඩය හඳුනා ගන්නා අතරතුර මතක තබා ගත යුතු උපදෙස් සහ උපක්‍රම කිහිපයක් තිබේ. එසේම, එය එක් වරක් පමණක් කළ හැකි දෙයකි; ඔබේ මුහුණේ හැඩය දැනගත් පසු, අවම වශයෙන් වසර කිහිපයක්වත් කොණ්ඩා මෝස්තරයක් තෝරා ගැනීමේ තීරණය එය නිරාකරණය කරයි.

    එයින් අදහස් කරන්නේ ඔබට කිසිදු කොණ්ඩා මෝස්තර වෙනස් කිරීමකට ඉඩ නොදෙන බවයි ; සිතිය යුතු දේ පිළිබඳව ඔබට දැන් පැහැදිලි අදහසක් ඇත. 

    ඔබේ මුහුණේ හැඩය තීරණය කිරීම දුෂ්කර කාර්යයක් නොවේ; මෙන්න ඔබට එය කළ හැකි ආකාරය.

    හෘද හැඩැති මුහුණ – Heart-Shaped Face

    හෘද හැඩැති මුහුණු කොණ්ඩා මෝස්තර

    ඔබට පටු නිකටක් (pointed chin) තිබේ නම් සහ ඔබේ නළල ඔබේ මුහුණේ උපරිම කොටස නම්, එවිට ඔබට හෘද හැඩැති මුහුණක් ඇත. මෙය පහසුවෙන් අවබෝධ කර ගැනීමට කැඩපත ඉදිරිපිට සිටගෙන ඔබේ මුහුණ උඩු යටිකුරු ත්‍රිකෝණයක් මෙන් පෙනේද යන්න බලන්න. දීපිකා පදුකෝන්ගේ මුහුණ ‘හදවත හැඩැති මුහුණකි. 

    සුදුසු කොණ්ඩා මෝස්තරය: මෙම විශේෂිත මුහුණේ හැඩය සඳහා, වැදගත් වන්නේ නිකටේ පටු බව ඉවත් කිරීමයි. ඔබේ මුහුණට සමානුපාතික (proportionate) පෙනුමක් ලබා දෙන කොණ්ඩා මෝස්තරයක් තෝරන්න , හිඩැස් පුරවා තියුණු මුහුණේ රේඛා බොඳ කරන්න. එය එකවරම ඔබේ නළල අඩුවෙන් පිරී තිබිය යුතුය.

    ඉඟිය: වළලු හෝ දිගු ස්ථර සඳහා යන්න. හිසකෙස් දිග මධ්‍යම සිට දිගු දක්වා  මෙම මුහුණේ හැඩය සඳහා විශිෂ්ටයි.

    වටකුරු හැඩැති මුහුණ Round-Shaped Face

    වටකුරු හැඩැති මුහුණු කොණ්ඩා මෝස්තර

    වටකුරු මුහුණක් ඇති කාන්තාවන්ගේ මුහුණේ පැති තරමක් පිටතට (කෙළින්ම නොවේ) ඇත. නිකට වටකුරු වන අතර කම්මුල් යනු මුහුණේ උපරිම කොටසයි. මුහුණේ මෘදු කෝණ ඇත, තියුණු කිසිවක් නැත. බොලිවුඩ් නිළි විද්‍යා බාලන්ට වටකුරු මුහුණක් ඇත.

    සුදුසු කොණ්ඩා මෝස්තරය: මෙහි අදහස වන්නේ සමබරතාවයට පත්වීමයි. ඕනෑවට වඩා සිනිඳු හෝ විශාල මෝස්තර තෝරා නොගන්න. දිගටි කොණ්ඩා මෝස්තරයකින් ඔබේ මුහුණට යම් උසක් ලබා දීමට උත්සාහ කරන්න. නැතහොත් පහසු විකල්පයක් සඳහා පැති වෙන් කිරීමක් තෝරා ගන්න.

    හතරැස් හැඩැති මුහුණ Square-Shaped Face

    හතරැස් හැඩැති මුහුණු කොණ්ඩා මෝස්තර

    වටකුරු මුහුණක් මෙන් නොව, ඔබට හතරැස් හැඩැති මුහුණක් තිබේ නම් , ඔබේ මුහුණේ පැති කෙළින්ම කෝණ හකු සහ අවම වක්‍රයකින් යුක්ත වේ. ඔබේ මුහුණේ දිග හා පළල බොහෝ දුරට සමාන වන අතර ඔබේ ලක්ෂණ කෝණික හකු සහිත තියුණු ය. පොප් ගායිකා රිහානාට මෙම මුහුණේ හැඩය ඇත.

    සුදුසු කොණ්ඩා මෝස්තර: කොණ්ඩය කැපීම මුහුණේ පැත්තට වැඩි පරිමාවක් එක් කරන බැවින් නිකටෙන් අවසන් වන කොණ්ඩා කැපීමෙන් ඈත්ව සිටින්න. දිග සහ ස්ථර සඳහා ගොස් මුහුණට වැඩි මානයක් එක් කරන්න. එසේම, මැද කොටසින් ඉවත් වන්න.

    ඉඟිය:  ලිහිල් ෙගත්තම් වැනි මෝස්තරයක් තෝරා ගන්න.

    ඕවලාකාර හැඩැති මුහුණ Oval-Shaped Face

    ඕවල් හැඩැති මුහුණු කොණ්ඩා මෝස්තර

    ඕවලාකාර මුහුණක් ඇති අයගේ නළල ඔවුන්ගේ නිකටට වඩා ටිකක් පළල් ය. අනෙක් මුහුණේ හැඩයන්ට වඩා හකු වක්‍රය. අනුෂ්කා ෂර්මාට මෙවැනි මුහුණක් ඇත.  

    සුදුසු කොණ්ඩා මෝස්තරය: අදහස වන්නේ දිගු මුහුණේ දිග බිඳ දැමීමයි. 

    ඉඟිය: ඔබට රැලි සහිත හිසකෙස් තිබුණත්  බොබ් මෝස්තරය අනුගමනය කරන්න. ඔබට ඍජු දිගු කෙස් තිබේ නම්, සෘජු රේඛා බිඳ දැමීමට ස්ථර එකතු කරන්න.

    දියමන්ති හැඩැති මුහුණ Diamond-Shaped Face

    දියමන්ති හැඩැති මුහුණු කොණ්ඩා මෝස්තර

    හිසකෙස් වල කේන්ද්‍රය ඔබේ කම්මුල් සහ නිකටේ මැදට සම්බන්ධ කිරීම ගැන සිතා බලන්න. එය දියමන්ති හැඩයක් නිර්මාණය කරයිද? ඔව් නම්, ඔබට දියමන්ති හැඩැති මුහුණක් ඇත. එවැනි මුහුණේ හැඩයෙන් හකු ඉහළ කම්මුල් සහ පටු හිසකෙස් වලින් පෙන්වා ඇත . ඔබට දියමන්ති හැඩැති මුහුණක් තිබේ නම් ඔබ සංවේදී ගායක ජෙනිෆර් ලෝපෙස් සමඟ ගැලපේ.

    සුදුසු කොණ්ඩා මෝස්තරය: මුහුණේ සමෝච්ඡයන් දිගු කිරීම සඳහා පුළුල් නළලක මායාවක් නිර්මාණය කරන කොණ්ඩා මෝස්තරයක් තෝරන්න . දිගු කෙස් දිග සහ ස්ථර නිර්මාණය කිරීමට උත්සාහ කරන්න.

    සෘජුකෝණාස්රාකාර හෝ දිගටි හැඩැති මුහුණ Rectangular-Or Oblong-Shaped Face

    සෘජුකෝණාස්රාකාර හෝ දිගටි හැඩැති මුහුණ

    මෙම මුහුණේ හැඩය හතරැස් කොටසට සමාන නමුත් දිගු වේ. ඔබේ නළල, කම්මුල් සහ හකු එකම පළල තරමක් වක්‍රාකාර හකු තිබේ නම් ඔබ බොහෝ විට මෙම මුහුණ හැඩ හැඩයට අයත් වේ. කත්‍රිනා කයිෆ්ට මෙම මුහුණේ හැඩය ඇත.

    සුදුසු කොණ්ඩා මෝස්තර: ඔබේ නිකට සහ උරහිස් අතර හිසකෙස් දිග මෙම මුහුණේ හැඩය සඳහා වඩාත් නිර්දේශිතය. ඔබේ දිගු මුහුණට පළල එකතු කරන කොණ්ඩා මෝස්තරයක් තෝරා ගැනීමට උත්සාහ කරන්න.

    FEMINA – ඇසුරිණි – සකස් කළේ – තුෂාධවි

  • මහින්දානන්ද බොරු චෝදනා කළේ ‘කාගේ වුවමනාවට’ කියලා සොයා බැලිය යුතුයි

    මහින්දානන්ද බොරු චෝදනා කළේ ‘කාගේ වුවමනාවට’ කියලා සොයා බැලිය යුතුයි

    මම හිතන්නේ මේක දේශපාලනික ගේමක්. මේක පිටිපස්සේ ඉන්නේ කවුද කියල බලන්න ඕන. අපේ රටේ ක්‍රිකට් කණ්ඩායමට මේ වගේ චෝදනාවක් එල්ල කළේ දේශපාලනික වශයෙන් වාසි ලබා ගන්නයි. ඒකයි අවුරුදු 9ක් නිදාගෙන හිටිය හිටපු ක්‍රිඩා ඇමති මා මිත්‍ර මහින්දානන්ද අලුත්ගමගේ මේ අවස්ථාවේදීම අපේ ක්‍රිකට් ක්‍රීඩාවට බවුන්සර් පන්දුවක් එව්වේ.

    2011 ලෝක කුසලානය අවසන් මහා තරගය පවාදීම සම්බන්ධයෙන් මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාව දේශපාලන ගේමක් වුවත් අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවට එල්ල කළ මේ චෝදනාව බොරු නම් ක්‍රීඩා නීතිය යටතේ එය වසර තුනක සිර දඬුවමකට යටත් කරන්න පුළුවන් ලොකු වරදක්‘‘ යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණ්වර්ධන මහතා පැවසීය.

    අද (4) අම්බලන්ගොඩ පැවති මාධ්‍ය හමුවකදී සජින් වාස් ගුණවර්ධන මහතා මේ බව පැවසීය.

    මෙහිදී වැඩි දුරටත් කරුණු දැක්වූ සජින් වාස් ගුණවර්ධන මහතා මෙසේ ද කීවේය.

     ‘‘හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ හිටපු විදෙස් කටයුතු සම්බන්ධීකරණ ලේකම් ලෙස මටත් 2011 ලෝක කුසලාන අවසන් මහා තරගය නරඹන්න අවස්ථාව ලැබුණා. එහිදි මට නම් දැක ගන්නට ලැබුනේ නැහැ ඒ තරගය අපේ ශ්‍රී ලංකා කණ්ඩායම පාවා දුන්නා කියලා.

    ඉන්දියාවත් ලංකාවත් අතර පැවති 2011 ලෝක කුසලාන අවසන් මහා තරගය මම හොඳින් නැරඹුවා. එහිදි කිසිවිටකවත් අපේ කණ්ඩායම ඒ තරගය පාවා දුන්නා කියලා පොඩිම සැකයක්වත් අපිට ඇති වුනේ නැහැ. එක් අවස්ථාවකදී අපේ කණ්ඩායම ජයග්‍රහණයේ මාවතට පැමිණිලා සිටියා.

    එය ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම නතර කරලා ජය ඒ අයගේ පැත්තට යොමු කර ගත්තා. ඒකයි එදා සිද්ධ වුණේ. සිද්ධවෙන්න පුළුවන් දෙයක් තමයි එදා සිද්ධ වුණේ. ක්‍රිකට් ක්‍රීඩාව ගැන මම විශාරදයෙක් නෙමෙයි. නමුත් ක්‍රිකට් කියන්නේ අවිනිශ්චිත ක්‍රීඩාවක් බව මම දැනගෙන සිටියා . එදා ඒ දේ සැබවින්ම අත්වින්දා. මා මිත්‍ර හිටපු ක්‍රීඩා ඇමති  මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙය නොදැන සිටීමයි මෙයට එකම හේතුව.

    මහින්දානන්ද ඇමැතිතුමා දැන හෝ නොදැන මේ කළ වැඩෙන් අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවට ජාත්‍යන්තරයෙන් ලොකු බලපැමක් එල්ලවුණා. අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩකයින් පිළිබඳව ජාත්‍යන්තරය වැරදි විදිහටයි දැන් බලන්නේ. ලෝකයේ වෙන කොහේ රටක ක්‍රිකට් තරග පාවාදෙන ක්‍රිකට්  ක්‍රීඩකයින් හිටියත් ලංකාවේ එහෙම නැහැ කියලා මුළු ලෝකයාම පිළිගෙන තිබූ අවස්ථාවක මා මිත්‍ර මහින්දානන්ද අලුත්ගමගේ කල වැඩේ සුළුපටු වැඩක් නෙමෙයි.

    මම හිතන්නේ මේක දේශපාලනික ගේමක්. මේක පිටිපස්සේ ඉන්නේ කවුද කියල බලන්න ඕන. අපේ රටේ ක්‍රිකට් කණ්ඩායමට මේ වගේ චෝදනාවක් එල්ල කළේ දේශපාලනික වශයෙන් වාසි ලබා ගන්නයි. ඒකයි අවුරුදු 9ක් නිදාගෙන හිටිය හිටපු ක්‍රිඩා ඇමති මා මිත්‍ර මහින්දානන්ද අලුත්ගමගේ මේ අවස්ථාවේදීම අපේ ක්‍රිකට් ක්‍රීඩාවට බවුන්සර් පන්දුවක් එව්වේ.

    ඒ අය හිතුවේ නැහැ මේක ජාත්‍යන්තරයේ පවා මහත් ආන්දෝලනයකට ලක්වේවි කියලා. මේ චෝදනාවෙන්  ලංකාව විතරක් නෙමෙයි ජාත්‍යන්තරයම ඇවිස්සුනා. එයින් ආණ්ඩුවට විශාල චෝදනා එමින් තිබුණා. ආණ්ඩුවට අපකීර්තිය ගලා ඒම සිද්ධවුණා. එයින් බේරෙන්නයි මේ වෙනුවෙන් සිදු කෙරුණු විමර්ශන හදියේම නතර කරන්න කටයුතු කරලා තියෙන්නේ. මේකත් ආණ්ඩුවේ මැදිහත්වීමක්. තව දුරටත් මේ විමර්ශණය ඉදිරියට ඇදිලා ගියහොත් ආණ්ඩුවට ලොකු අවාසියක් ජාතික හා අන්තර් ජාතික වශයෙන් වෙන නිසා හදිසියේම එය නතර කරන්න ආණ්ඩුව කටයුතු කළා.

    අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවට එල්ල කළ මේ චෝදනාව බොරු නම් ක්‍රීඩා නීතිය යටතේ එය වසර තුනක සිර දඬුවමකට යටත් කරන්න පුළුවන් ලොකු වරදක්‘‘ යැයි සජින් වාස් ගුණ්වර්ධන මහතා පැවසීය.

  • මම ඡන්දකාලෙට විතරක් ගමේ ඉන්න කෙනෙකුත් නෙවෙයි, ඡන්දෙන් පස්සේ කොළඹ යන කෙනෙකුත් නෙවෙයි

    මම ඡන්දකාලෙට විතරක් ගමේ ඉන්න කෙනෙකුත් නෙවෙයි, ඡන්දෙන් පස්සේ කොළඹ යන කෙනෙකුත් නෙවෙයි

    වලපනේ කොල්ලල්පිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් නුවරඑළිය දිස්ත්‍රීක් සමගි ජන බල වේග අපේක්ෂිකා, නීතීඥ හිරණ්‍යා හේරත් මහත්මිය විසින් ප්‍රදේශයේ වර්තමානය වන විට පවතින සුවිශේෂී වූ ගැටළු කිහිපයක් ගැන අවදානය යොමු කර, ඒ සදහා ඇය විසින් ගනු ලබන ප්‍රායෝගික හා කාලීනමය විසදුම් කිහිපයක් ගැන ප්‍රදේශයේ ජනතාව දැනුවත් කළාය.

    ඒ අනුව ප්‍රදේශයේ ප්‍රධානතම ජීවනෝපාය වන ගොවිතැන, ගොවි මහතුන් සහ ඒ ආශ්‍රිත රැකියාවන්හි යෙදෙන පුද්ගලයන් මුහුණ දෙන ගැටළු පිළිබදව දීර්ඝ ලෙස පැමිණ සිටි පුද්ගලයින් සමග සාකච්චා කර, ඒ ඒ ගැටළු වලට අදාල විසදුම් පහත ආකාරයට ගෙනහැර දැක්වූවා ය. මෙහිදී ප්‍රධානතම ගැටළුව ලෙස ගොවි මහතුන් තම කෘෂි නිශ්පාදන වගාකිරීමේදී, අලෙවි කිරීමේදී පවතින දුෂ්කරතා පිළිබඳව ඇය දැනුවත් කළ අතර, එයට විසදුම් ලෙස තමන් විසින් මේ වෙනුවෙන් දැනටමත් සැලසුම් සකස් කර ඇති බවත්, ඇතැම් සැලසුම් ක්‍රියාත්මක කර ඇති බවත්, දන්වා සිටි අතර ඒ වෙනුවෙන් පහත ක්‍රියාමාර්ග පිලිබද දැඩි අවදානයක් යොමුකර ඇති බව දන්වා සිටියා ය.

    කෘෂි කාර්මික බෝග වගාවේදී අත්‍යවශ්‍යම සාධක වන ජල ගැටළුව විසදීම සදහා පවතින වැව් අමුණු ප්‍රතිසංස්කරණය සහ නව ජල සම්පාදන ක්‍රම ඇති කරන බවට පොරොන්දු වූ අතර, ඇය සංවිධායක දූරයේ සිටින විටදී මේ පිළිබද විශේෂ අවධානය යොමු කර ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කර වැඩ නිම කරවා ඇති බවද පැවසූ අතර, තරුණ පරම්පරාව කෘෂි නිෂ්පාදන වලින් ඈත් වීම උග්‍ර ගැටළුවක්ව පවතින බැවින් කෘෂිකර්මයට නැඹුරු කිරම වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත්, නවීන කෘෂි තාක්ෂණික ක්‍රම හදුන්වාදීමටත් ඇය අදහස් කරයි. දිස්ත්‍රීක්කය තුලම කෘෂි නිෂ්පාදන එකතු කිරීමේ මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම හා ගබඩා කිරීමට සහ ඇසුරුම් කිරීමට අවශ්‍ය පහසුකම් ගොඩ නැගීමටද හැකි බව වැඩිදුරටත් පවසා සිටියා ය.

    දිස්ත්‍රික්කයේ අනෙකුත් දේශපාලන නායකයින් ඡන්ද කාලවලදී පමණක් ගොවියාගේ ප්‍රශ්න විසදානවා යැයි පැවසූවත්, මැතිවරණයෙන් පසු ඔවුන් සොයා ගැනීමට කොළඹට යාමට සිදු වන බව පැවසූ අතර, නීතිඥ හිරණ්‍යා හේරත් මහත්මියගේ මව වන හිටපු සෞඛ්‍ය අමාත්‍ය රේණුකා හේරත් මහත්මිය මෙන් නුවරඑළියේ රැදෙමින් ජනතාවගේ ප්‍රශ්න වලට පිළිතුරු සපයන බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

  • දියවන්නා කතා: යහපාලන සමයේ ‘ලාන්සා ලවා ගැසූ ගේමක් ගැන’ ප්‍රසන්නගෙන් හෙළි දරව්වක්

    දියවන්නා කතා: යහපාලන සමයේ ‘ලාන්සා ලවා ගැසූ ගේමක් ගැන’ ප්‍රසන්නගෙන් හෙළි දරව්වක්

    සටහන – ගජබා නාගහවත්ත

    ඇමති ප්‍රසන්න රණතුංග පසුගිය සතියේ ඉතා කාර්යබහුල වී සිටියේ දිස්ත්‍රික්කයේ සියළු ආසන බල මණ්ඩල කැඳවා තිබුණි . ඒ බලමණ්ඩල වලදී ඔහු ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කලේය.

    “මෛත්‍රී ගැවුනු එක්කෙනෙකුටවත් ඡන්දය දෙන්න එපා ” ඔහු කීවේය.

    මෛත්‍රීගේ 10ක් පාර්ලිමේන්තුවට ආවොත් ආණ්ඩුව ඉවරයි

    ” මෛත්‍රීව සත පහකටවත් විශ්වාස කරන්න බැහැ . මෛත්‍රීගේ කට්ටිය හැම දිස්ත්‍රික්කයකින්ම වගේ අපේ පක්ෂයෙන් ඉල්ලනවා . එයාලා 10 දෙනෙක්වත් බැරිවෙලාවත් පාර්ලිමේනතුවට ආවොත් අපි හදන ආණ්ඩුවට ඒක භයානක වෙනන් පුළුවන් . මේ අය අපිට කොන්දේසි දමාවි. අගමැති කම වුණත් ඉල්ලන්න බැරි නෑ . ඒ නිසා කෝකටත් එයාලව ගෙදර නතර කරන එක හොඳයි. ” ප්‍රසන්න ප්‍රසිද්ධියේ කිවේය.

    මේ ප්‍රකාශය දෙබරයට ගල් ගැසීමක් වුනේ ශ්‍රීලනිප පාර්ශවය ඊට උත්තර බදින්න වීමත් සමඟය. මුලින්ම ඊට උත්තර බැන්දේ දයාසිරිය. ප්‍රසන්න එජාපයේ ඩීල් එකක් කරන බවය. ගිය තරම් ප්‍රසන්නට මෙවර ගම්පහින් ඡන්දය හම්බවෙන්නේ නැතැයි ද  දයාසිරි කීවේය. මහින්ද අමරවීර ද ප්‍රසන්නට උත්තර දුන්නේය. ඔහු කිවේ අපිට දොස් කීමෙන් ජනපතිට තුනෙන් දෙකේ බලයක රජයක් පිහිටුවීමේ අවස්ථාව අහිමි කිරීමට ප්‍රසන්නලා කටයුතු කරන බවය.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ පක්ෂ නායක කතාව පසුගිය අඟහරුවාදා ( 30 ) දහවල් ජී.එල් ගේ නිවසේ රැස්වන්නේ මෙවනි පසුබිමක් තුළය . මේ පක්ෂ නායක රැස්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ද එක්ව සිටියේය. ප්‍රසන්න, උදය, ඩිව්, ගාමිනි ලොකුගේ, බන්දුල ගුණවර්ධන, මහින්ද අමරවීර යන මහත්වරු ද ඊට එක්ව සිටියහ.

    ගාමිණි ලොකුගේ ප්‍රසන්නව අගය කරයි

    රැස්වීමට පෙර ලොකුගේ ප්‍රසන්නගෙන් ඇසුවේ ප්‍රසන්නගේ මෛත්‍රී විරෝධය ගැනය.

    ” ඔයා දෙනවා නේද සැරටම.. මම දැක්කා මෛත්‍රීව සැරටම විවේචනය කරනවා. ” ලොකුගේ කීවේය.

    ” ඔව් ඇමතිතුමා . මට නම් මිනිහව පෙන්න බෑ . පුළුවන් තරම් රටට වින කරලා එනවා සුදන වෙන්න. ” ප්‍රසන්න කීවේය.

    ” මම මෛත්‍රීට ගහනකොට මෛත්‍රීගේ කට්ටියට හොඳම රිදිලා. භූමිතෙල් ගෑවුනු ගැරඬි වගේ දඟලනවා මම දැක්කා. දයාසිරි කියලා තියෙනවා මට මේ පාර ගිය පාර තරම් මේ පාර ඡන්ද ලැබෙන එකක් නෑ කියලා. ගම්පහ මිනිස්සු දයාසිරිගේ අභියෝගයට උත්තර දෙය. ලස්සනම වැඩේ කියන්නේ මං මෛත්‍රීට ගහනකොට දයාසිරිලා කියනවා මම යූඑන්පී ඩීල්කාරයෙක් කියලා. යහපාලන ආණ්ඩුවේ කටු සූප්පු කරපු අය අපිට ඩීල්කාරයෝ කියලා චෝදනා කරන එක තමයි ලොකුම විහිළුව.”  ප්‍රසන්න කේන්තියෙන් කිවේය.

    ” ඇත්තටම මොකද ඔච්චර මෛත්‍රී එක්ක තරහා ” ලොකුගේ ඇසුවේය.

    ” මට ශ්‍රී ලංකා එකත් එක්ක කිසිම ප්‍රශ්නයක් නෑ. මට ප්‍රශ්නය තියෙන්නේ මෛත්‍රී එක්ක. පසුගිය  අවුරුදු හතර හමාරේ රනිල්ලා සජිත් ලා එක්ක එකතු වෙලා මේ රට විනාශ කලා. අපෙන් කොච්චර පලිගත්තද ? මගේ පෞද්ගලික මතය තමයි මම කියන්නේ. මම ඒක අදත් කියනවා හෙටත් කියනවා. රට පුරාම ගිහින් කියනවා මෛත්‍රීට ගෑවුනු කාටවත් ඡන්දය දෙන්න එපා කියලා. ” ප්‍රසන්න දැඩිව කීවේය.

    සමෘද්ධි ණය සහන ප්‍රශ්නය ප්‍රසන්න අගමැතිට යොමු කරයි

    ඇමති ප්‍රසන්න පසුගිය සතියේ අගමැති මහින්දට දුරකථන ඇමතුමක් දුන්නේය. ඒ සමෘද්ධි ප්‍රතිලාභින්ට ලබාගත් ණය මුලදලට අදාලව සහන නොලැබීම ගැනය. කොරෝනා වලින් ණය වාරික කිහිපයක් එකවර ගෙවිමට සිදුවීම නිසා මේ ගැටළුව පැන නැගී තිබිණි.

    ” සර් මේ ගැන බලන්න. සමෘද්ධි අය ලොකු ගැටළුවක ඉන්නේ ” ප්‍රසන්න කීවේය.

    ” ඔව් ප්‍රසන්න මටත් මේ ගැන ආරංචි. මම පවිත්‍රා ඇමතිතුමියටත් කීව්වා මේ ගැන බලන්න කියලා. අපි ඉක්මනින් ඕක විසඳමු. ” මහින්ද කීවේය.

    පසුගිය බදාදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී මේ සම්බන්ධයෙන් අවධානය යොමු කෙරිණි. ජනපති ගෝඨාභය රාජපක්ෂ හා අගමැති මහින්ද ඒ මොහොතේම මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නැයි ජනාධිපති ලේකම්ට කිවේය. ඒ අනුව එදිනම සවස් වනවිට ඒ සම්බන්ධ චක්‍ර ලේඛයද නිකුත් කෙරින.

    ලන්සා ගැන ප්‍රසන්නගෙන් අලුත්ම හෙළිදරව්වක්

    පසුගිය සතියේ වත්තල ආසනයේ පැවැති මධ්‍යම සංවිධාන රැස්වීමට ගිය ඇමති ප්‍රසන්න තවත් හෙළිදරව්වක් කලේය. ඒ ඇමති නිමල් ලාන්සා පිලිබඳවය.

    “ලාන්සා යහපාලන ආණ්ඩුවේ හිටිය බව කියමින් සමහරු මඩ ප්‍රචාරයක් ගෙනියනවා. ලාන්සාව යහපාලන ආණ්ඩුවට යැව්වේ අපි. ලාන්සා එවලේ කලේ අපි කියපු දේ ” ප්‍රසන්න කීවේ රැස්ව සිටි පිරිසගේ අත්පොලසන් මැදය.

    සටහන – ගජබා නාගහවත්ත