Blog

  • ‘දෙවන තුෂ්ණි යුද්ධයක පරිධි-බිම තුළ’ ශ්‍රී ලංකාව මහා බලවතුන්ගේ සංග්‍රාම භූමියක් !

    ‘දෙවන තුෂ්ණි යුද්ධයක පරිධි-බිම තුළ’ ශ්‍රී ලංකාව මහා බලවතුන්ගේ සංග්‍රාම භූමියක් !

    මේ දෙවන තුෂ්ණි යුද්ධය පිළිබඳ කතාව සත්‍යයක් නම්, ඒ තුළ අප රට ස්ථානගත වන්නේ පළමු තුෂ්ණි යුද්ධයේදී මෙන් අඩු අනතුරක් සහිත ප්‍රදේශයක නොවේ. අප තවත් ඇෆ්ගනිස්ථානයක් හෝ ග්‍රැනඩාවක් නොවේ යැයි සහතික වශයෙන්ම කිව හැක්කේ කා හටද?

    ඩිස්ටෝපියානු අනාගතය අදයි! (තෙවන කොටස) – සුමිත් චාමින්ද

    දුෂ්කර හිමාල කඳු යායේ ජන ශුන්‍ය පෙදෙසකදී පසුගියදා බිහිසුණු ගැටුමක් ඇති විය. ඒ ඉන්දීය සහ චීන සොල්දාදුවන් අතරය. සුන්දර ගල්වන් නිම්නය ලෙයින් තෙත් විය.

    මේ සිද්ධිය අපට දේශපාලන දෘෂ්ටිවාදයේ බලවත්කම ගැන කදිම පාඩමක් උගන්වයි. තමන් සමග කිසිදු පුද්ගලික ආරෝවක් නොමැති නොහඳුනන මිනිස් කණ්ඩායමක් වෙත මාරාන්තික ගල් මුගුරු ප්‍රහාර එල්ල කිරීමට යමෙකු පෙළඹවීමට දෘෂ්ටිවාදය සමත්ය. සීත අඳුරු හුදෙකලා කඳු යායක් මතදී පවා මිනිසුන් තුළ වෛරය සහ ක්‍රෝධය පතුරුවන්නට එය සමත්ය.

    රාත්‍රියේ සීතලේ ගැහෙමින් නිරර්ථක දේශ සීමාවක් මුර කරන හමුදා භටයෙකු දේශ සීමාවේ අනෙක් පස සිටින “සතුරු” සොල්දාදුවා සමග දුම් වැටියක් හුවමාරු කර ගන්නා දර්ශනය අපට මුණ ගැසෙන්නේ රුසියානු නවකතාවක් තුළ පමණක්ද? දේශ සීමාවට උඩින් හුවමාරු කර ගන්නා එම දුම් වැටියේ ගැබ්ව ඇති මානවීය සහයෝගීතාවයේ පණිවිඩය අපට තවමත් කොතරම් දුරස්ද? ගල්වන් නිම්නයේ උනුනුන් මරා ගත් ඉන්දීය සහ චීන සොල්දාදුවන් අපට පසක් කරවන්නේ එම අසුබවාදී යථාර්ථයද? නමුත්, වඩා භයානක එම සොල්දාදුවන් නොවේ; ඔවුන්ව ජාතිකවාදී දෘෂ්ටිවාදයෙන් උමතුභාවයට පත් කළ බුද්ධිමතුන්, කලාකරුවන් සහ දේශපාලකයින් නිසැකවම ඔවුනට වඩා කුරිරුය. 

    වත්මනෙහි චීනය තුළ මෙන්ම ඉන්දියාව තුළද රාජ්‍ය බලය උසුලන්නේ එවන් බලකාමී දෘෂ්ටිවාද වැළඳ ගත් ජාතිකවාදී නායකයින් දෙදෙනෙකි. චීන පාර්ශවයේ සිටින්නේ අතීත කින් රාජ වංශයේ ශ්‍රී විභුතිය යළිත් ලෝකය පුරා ව්‍යාප්ත කොට ඊනියා මධ්‍යම රාජධානිය නැවත ගොඩ නගන්නට වෙර දරමින් සිටින උන්නතිකාමී ෂී ජින්පින්ය. ඉන්දියානු පාර්ශවයේ සිටින්නේ “හින්දු රාෂ්ට්‍රයක්” නැවත ගොඩ නැගීමට අදිටන් කර ගත් නරේන්ද්‍ර මෝඩිය.

    ජාතිකවාදී බලකාමය 

    වත්මනෙහි චීනය තුළ මෙන්ම ඉන්දියාව තුළද රාජ්‍ය බලය උසුලන්නේ එවන් බලකාමී දෘෂ්ටිවාද වැළඳ ගත් ජාතිකවාදී නායකයින් දෙදෙනෙකි. චීන පාර්ශවයේ සිටින්නේ අතීත කින් රාජ වංශයේ ශ්‍රී විභුතිය යළිත් ලෝකය පුරා ව්‍යාප්ත කොට ඊනියා මධ්‍යම රාජධානිය නැවත ගොඩ නගන්නට වෙර දරමින් සිටින උන්නතිකාමී ෂී ජින්පින්ය. ඉන්දියානු පාර්ශවයේ සිටින්නේ “හින්දු රාෂ්ට්‍රයක්” නැවත ගොඩ නැගීමට අදිටන් කර ගත් නරේන්ද්‍ර මෝඩිය.

    මේ දෙදෙනා කිසිසේත්ම 1962 ඉන්දු-චීන යුද්ධයේදී උනුනුන් අභිමුඛ වූ නේරු සහ මාවෝ සමග සැසඳිය නොහැක. එකල අඩු තරමින් ඉන්දු-චීන මිත්‍රත්වයේ ප්‍රධාන පුරුක වූ චෞ එන් ලායි වැනි විශිෂ්ට රාජ්‍ය තාන්ත්‍රිකයෙකු සිටියේය. දෙරට අතර ගැටුම් සමථයකට පත් කරන්නට මැදිහත් වූ මහා බලවතෙකු, එනම් නිකිතා කෘෂෙව්ගේ සෝවියට් දේශය තිබුණේය. අද ඒ වෙනුවට ගැටුමේ ප්‍රධාන පාර්ශවකරුවෙකු වන චීනය තමන්ව සලකන්නේ අනාගත ගෝලීය බලවතා වශයෙනි. ඉන්දියාවද තමන් සැලකිය යුතු බලවතෙකු යැයි සිතයි. 

    චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රතිපත්ති සැලසුම්කරුවන් දැන් ඉන්දියාව දකින්නේ ඉන්දු-පැසිෆික් කලාපයේ තම යුද සහ නාවික බලය ව්‍යාප්ත කර ගැනීමේ ප්‍රයත්නයේ හරහට සිටින මහා ඇණයක් ලෙසය. මේ වෙනස් ලෝක තත්ත්වයන් තුළ පැන නගින ඉන්දු-චීන ගැටුමක් යනු 1962 ගැටුම වැනි කලාපීය දේශපාලනයට පමණක් අදාළ වූවක් නොවේ. ඒ වෙනුවට සමස්ත ගෝලීය දේශපාලන පර්යායම කෙරෙහි බලපාන්නකි. එය ෂී ජින්පින්ගේ චීන ව්‍යාප්තවාදයේ ගමන් මග කෙරෙහි සෘජුවම බලපානු ඇත. දැන් දකුණු චීන මුහුදේ සිට දකුණු ආසියාව දක්වා තම ආධිපත්‍ය තහවුරු කර ගන්නට ප්‍රයත්න දරමින් සිටින එක්සත් ජනපදයටද “ඉන්දු-චීන සෙවනැළි යුද්ධයක” ප්‍රතිපලය තීරණාත්මකය.

    මේ සියල්ලෙන් ගම්‍ය වන්නේ කුමක්ද? මිනිස් වර්ගයාගේ ඩිස්ටෝපියානු අද දවස තුළ ශ්‍රී ලංකාවේ අප සිටින්නේ වඩාත්ම අනතුරුදායක ප්‍රදේශයක් තුළ බවයි. මෙය අප ඉතිහාසයේ අන් කවර කලෙකවත් මුහුණ දී නොමැති තත්ත්වයකි. තවමත් අප සමාජය මේ මහා අනතුර ගැන දැනුවත් නැත

    ගෝලීය ඩිස්ටෝපියාව තුළ ලාංකීය පිහිටීම  

    මේ සියල්ලෙන් ගම්‍ය වන්නේ කුමක්ද? මිනිස් වර්ගයාගේ ඩිස්ටෝපියානු අද දවස තුළ ශ්‍රී ලංකාවේ අප සිටින්නේ වඩාත්ම අනතුරුදායක ප්‍රදේශයක් තුළ බවයි. මෙය අප ඉතිහාසයේ අන් කවර කලෙකවත් මුහුණ දී නොමැති තත්ත්වයකි. තවමත් අප සමාජය මේ මහා අනතුර ගැන දැනුවත් නැත. සිංහල බසින් කෙරෙන ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳ හරවත් සංවාද නොමැති වීම එයට එක් හේතුවක් විය හැකිය.

    ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය පවා තවමත් කල්පනා කරන්නේ වත්මන් චීනය සමාජවාදී රාජ්‍යයක් කියාය! එය සමකාලීන ලෝක දේශපාලනය පිළිබඳ ඇදහිය නොහැකි තරමේ අන්ධභාවයකි. (ජාතික ජන බලවේගයේ බුද්ධිමතුන් කරමින් සිටින්නේ කුමක්දැයි මට නම් නොවැටහේ).  

    කෙසේ වුවත්, අප දැන් වහාම දෙනෙත් හැර බැලිය යුතු ලාංකීය ඩිස්ටෝපියාවේ ගමන් මග ඉතාම සංක්ෂිප්තව ගොණු කළ හොත් මෙසේය.

    1945 සිට 1991 දක්වා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර ධනවාදී කඳවුරත් සෝවියට් සංගමය ප්‍රමුඛ නැගෙනහිර කඳවුරත් අතර පැවති පළමු තුෂ්ණි යුද්ධයේදී ශ්‍රී ලංකාව සිටියේ සාපේක්ෂව අවම ගැටුම්කාරීත්වයක් සහිත පෙදෙසකය.

    නොබැඳි ව්‍යාපාරයේ කීර්තිමත් නායිකාවක වූ සිරිමා බණ්ඩාරනායක ඉන්දීය සාගරයේ සාමය වෙනුවෙන් තිරසරව පෙනී සිටියාය. එය ඉන්දු-ශ්‍රී ලංකා සබඳතාවල ස්වර්ණමය යුගයක් විය. ශ්‍රී ලංකාව අභ්‍යන්තර ප්‍රතිපත්තිය අතින් සේම විදේශ ප්‍රතිපත්තිය අතින්ද මහා ව්‍යසනයක් කරා රැගෙන ගිය අදූරදර්ශී නායකයා වූ ජේ.ආර්. ජයවර්ධන බලයට පත් වන තෙක් පැවති තත්ත්වය එයයි.

    අඩු තරමින් 1953 බැන්ඩුන් සම්මේලනයේදී එක්සත් ජනපදය වෙනුවෙන් පෙනී සිටීම නිසා ” බැන්ඩුන් බූරුවා” යනුවෙන් අන්වර්ථ නම් ලද සර් ජෝන් කොතලාවල පවා ශ්‍රී ලංකාව මහා බලවතුන් අතර ගැටුමක් මැදට රැගෙන ගියේ නැත. ’50 දශකයේදී සමාජවාදී චීනය සමග සුප්‍රසිද්ධ රබර්-සහල් ගිවිසුම අත්සන් කළේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවයි.

    දකුණු ආසියාතික කලාපය තුළ තම තුෂ්ණි යුද උපායන් ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාව අතකොළුවක් කර ගන්නට එක්සත් ජනපදය සමත් වූයේ නම්, ඒ අපරිණත ජේ.ආර් බලයට පත් වූ පසුව පමණි. 

    එසේ තිබියදී වුවත්, ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම නිසාත් ඉන්දීය විදේශ ප්‍රතිපත්තියේ හැසිරීම් නිසාත් අසූව දශකයේදී සෝවියට් කඳවුරේ ක්‍රමික පිරිහීම සහ බිඳ වැටීම නිසාත් මෙරට මහා බලවතුන් අතර සංග්‍රාම භූමියක් බවට පත් වූයේ නැත. ශ්‍රී ලංකාව තවත් වියට්නාමයක්, හංගේරියාවක්, චෙකෝස්ලෝවැකියාවක්, ඇෆ්ගනිස්ථානයක්, ගෝතමාලාවක්, ග්‍රැනඩාවක් හෝ කොරියාවක් බවට පත් වූයේ නැත. ලාංකිකයන්ට තිබුණේ තමන් විසින්ම නිර්මාණය කර ගන්නා ලද අභ්‍යන්තර ගැටුම් හා සිවිල් යුද්ධ මිස පිටස්තර බලවේගවල ගැටුම් නොවේ. නමුත්, වත්මන් තත්ත්වය ඊට වඩා බොහෝ වෙනස්ය.  

    ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය සහ පාකිස්ථානයේ ග්වදාර් වරාය එම ව්‍යාපෘතියේ ප්‍රධාන මධ්‍යස්ථාන දෙකකි. හම්බන්තොට වරාය 2017 වසරේ සිට බදු ගිවිසුමකින් චීනයට පවරා දී ඇති අතර ග්වදාර් වරායේ  මෙහෙයුම් පාලනය අයිති චීන සමාගමකටය. ග්වදාර් වරාය “චීන පාකිස්ථාන ආර්ථික කොරිඩෝව” සමග සෘජුව සම්බන්ධ වේ.

    ගල්වන් නිම්නයේ සිට ග්වදාර් වරාය දක්වා       

    දැන් අප සිටින්නේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ඇතැම් විද්වතුන් “දෙවන තුෂ්ණි යුද්ධය” යනුවෙන් හඳුන්වන තත්ත්වය තුළය. මෙවර මහා බලවතුන් දෙදෙනා වන්නේ එක්සත් ජනපදය සහ චීනයයි. ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ මේ බලවතුන් දෙදෙනා තම ආධිපත්‍ය ව්‍යාප්ත කිරීම සඳහා තරඟ කරන ඉන්දු-පැසිෆික් “පරිධි-බිම” (rimland) තුළය.

    Nicholas Spykman

    භූ-දේශපාලනය පිළිබඳ න්‍යායවේදී නිකොලස් ස්පයික්මන් (Nicholas Spykman) පෙන්වා දෙන පරිදි ලෝක ආධිපත්‍ය දිනා ගැනීමේදී වඩා තීරණාත්මක වන්නේ සම්පත් බහුල “හද-බිම”ට (heartland) වඩා මෙම පරිධි-බිමයි. මන්ද යත්, හද-බිම වෙත පිවිසෙන මුහුදු මාර්ග පාලනය කරනු ලබන්නේ පරිධි-බිමෙහි රටවල් විසිනි.

    දැන් චීනය දකුණු චීන මුහුදේ කෘතීම දූපත් ඉදි කරමින් එම ප්‍රදේශයේ සමුද්‍රීය වෙළඳ මාර්ගවල ආධිපත්‍ය තහවුරු කර ගන්නට ප්‍රයත්න දරන්නේ මෙනිසාය. ඔවුනගේ “තීරු සහ මාර්ග සමාරම්භකත්වයේ” (BRI) කොටසක් වන “සමුද්‍රීය සේද මාවත” ගොඩ නගනු ලබන්නේද එම අරමුණෙනි. 

    ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය සහ පාකිස්ථානයේ ග්වදාර් වරාය එම ව්‍යාපෘතියේ ප්‍රධාන මධ්‍යස්ථාන දෙකකි. හම්බන්තොට වරාය 2017 වසරේ සිට බදු ගිවිසුමකින් චීනයට පවරා දී ඇති අතර ග්වදාර් වරායේ  මෙහෙයුම් පාලනය අයිති චීන සමාගමකටය. ග්වදාර් වරාය “චීන පාකිස්ථාන ආර්ථික කොරිඩෝව” සමග සෘජුව සම්බන්ධ වේ.

    අප මේ ලිපියේ ආරම්භයේදී සාකච්ජා කළ ඉන්දු-චීන දේශ සීමා ගැටුම වටහාගත යුත්තේ මෙම පුළුල් චිත්‍රය තුළ ස්ථානගත කරමින්ය. මන්ද යත්, චීනයට උපාය මාර්ගිකව වැදගත් වන කරකොරම් මාර්ගය වැටී ඇත්තේ මෙම ගැටුමට අදාළ ප්‍රදේශය ඔස්සේ වීම නිසාය. එය චීනයට අරාබියානු මුහුද දක්වා ප්‍රවේශ මාර්ගයක් ලබා දෙන ග්වදාර් වරාය දක්වා භාණ්ඩ ප්‍රවාහණය කිරීමේදී ඉතාම වැදගත් වන මාර්ගයකි. මේ ඛණ්ඩාංක සම්බන්ධ කොට බලන විට පෙනී යන්නේ අපට බැලූ බැල්මට ඉතාම අහඹු සහ තාවකාලික යැයි පෙනෙන ඇතැම් ගැටුම් පිටුපස වුවත් ඉතාම වැදගත් යුද උපාය මාර්ගික වුවමනාකම් පැවතිය හැකි බවය. 

    මේ දෙවන තුෂ්ණි යුද්ධය පිළිබඳ කතාව සත්‍යයක් නම්, ඒ තුළ අප රට ස්ථානගත වන්නේ පළමු තුෂ්ණි යුද්ධයේදී මෙන් අඩු අනතුරක් සහිත ප්‍රදේශයක නොවේ. අප තවත් ඇෆ්ගනිස්ථානයක් හෝ ග්‍රැනඩාවක් නොවේ යැයි සහතික වශයෙන්ම කිව හැක්කේ කා හටද?

    ඇමෙරිකානු මැදිහත්වීම සහ MCC

    නේපාලය සහ ශ්‍රී ලංකාව යන රටවල් දෙකටම ඔවුනගේ මිලේනියම් ට්‍රස්ට් කොම්පැනියේ (MCC) ආධාර ලබා දෙන්නට එක්සත් ජනපදය නොමසුරුව ඉදිරිපත් වන්නේ මෙම නව භූ-දේශපාලනික යථාර්ථය තුළය. එක්සත් ජනපද හමුදාවලට ශ්‍රී ලංකා භූමි තලයට ප්‍රවේශ වීමට ඉඩ කඩ සලසන සෝෆා ගිවිසුම සඳහා ඔවුන් උනන්දු වූයේ අන් කවර හේතුවක් නිසාද? මේ අනුව, අප ගෝලීය ඩිස්ටෝපියාවක් කරා වේගයෙන් සේන්දු වෙමින් සිටින අතර රටක් ලෙස ජනතාවක් ලෙස ගමන් කරමින් සිටින්නේ එම ඩිස්ටෝපියාවේ මධ්‍යය කරාය.

    මේ දෙවන තුෂ්ණි යුද්ධය පිළිබඳ කතාව සත්‍යයක් නම්, ඒ තුළ අප රට ස්ථානගත වන්නේ පළමු තුෂ්ණි යුද්ධයේදී මෙන් අඩු අනතුරක් සහිත ප්‍රදේශයක නොවේ. අප තවත් ඇෆ්ගනිස්ථානයක් හෝ ග්‍රැනඩාවක් නොවේ යැයි සහතික වශයෙන්ම කිව හැක්කේ කා හටද? වඩාත් අසුබවාදී කාරණය වන්නේ මෙරට පාලකයින් දැන් ක්‍රියා කරමින් සිටින්නේ එම අනතුර මග හැර යාමේ උපායමාර්ග තෝරන ප්‍රවේශයක නොව කැමැත්තෙන්ම මහා බලවතුන්ගේ උගුල්වල පැටලෙන ප්‍රවේශයක වීමය. 

    එබැවින්, දැන් අප හමුවේ ඇති අනතුර වන්නේ බොහෝ විට ජනප්‍රිය දේශපාලන සංවාද තුළ කියැවෙන පරිදි මේ දිවයින එක්සත් ජනපදයේ හෝ චීනයේ කොලණියක් වේවිද යන්න නොවේ;  මා ඔබට යෝජනා කරන්නට කැමති වන්නේ ඊටත් වඩා දරුණු ඩිස්ටෝපියානු අනාගතයක් ගැන කල්පිත දසුනකි. එනම්, මේ කුඩා දිවයින ගෝලීය හෙජමොනිය සඳහා උග්‍ර සටනක නිරත වන මහා බලවතුන් දෙදෙනෙකුගේ සංග්‍රාම භූමියක් වීමේ පරිකල්පිත දසුනයි.

    අනාගතයේදී ශ්‍රී ලංකාවේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් ආරක්ෂා කිරීම සඳහා මැදිහත් වීමේ බරපතල වුවමනාවක් පෙන්ටගනයේ ප්‍රතිපත්ති සම්පාදකයින්ට ඇති විය නොහැකිද? එසේ බාහිර බලයක මැදිහත් වීම අවශ්‍ය වන තරමට මෙරට ප්‍රජාතන්ත්‍රවාදය වළ පල්ලට යවන්නට සිංහල බෞද්ධ බහුතරයේ කැමැත්ත දිනා ගත් එක්සත් ජනපද ගැති පාලනාධිකාරයක් සමත් නොවනු ඇත්ද?

    ඇතැම්විට, ඉදිරි අනාගතයේදී ශ්‍රී ලංකාවේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් ආරක්ෂා කිරීම සඳහා මැදිහත් වීමේ බරපතල වුවමනාවක් පෙන්ටගනයේ ප්‍රතිපත්ති සම්පාදකයින්ට ඇති විය නොහැකිද? එසේ බාහිර බලයක මැදිහත් වීම අවශ්‍ය වන තරමට මෙරට ප්‍රජාතන්ත්‍රවාදය වළ පල්ලට යවන්නට සිංහල බෞද්ධ බහුතරයේ කැමැත්ත දිනා ගත් එක්සත් ජනපද ගැති පාලනාධිකාරයක් සමත් නොවනු ඇත්ද?

    තවමත් නොවිසඳුණු ජාතික ප්‍රශ්නයක් සමග සිවිල්-මිලිටරි පාලනාධිකාරයක මර්දනකාරීත්වයද එකතු වූ විට එවන් මැදිහත්වීමක් සඳහා අවශ්‍ය යුක්ති සහගතභාවය ආඛ්‍යානගත කළ නොහැකිද? ඇතැම්විට, එය ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාත්‍යන්තර බලපෑම් මුරණ්ඩු ලෙස ප්‍රතික්ෂේප කරන පාලනාධිකාරයක්ද වූ විට…?

    සමාවෙන්න. දේවල් මෙසේ සිදු වීමට නියමිත යැයි මා කොහෙත්ම අදහස් කරන්නේ නැත. මා කිසිසේත්ම කුමන්ත්‍රණ න්‍යායන් ගැන කැමැත්තක් දක්වන්නේද නැත. නමුත්, මට කීමට අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකාව දෙවන තුෂ්ණි යුද්ධයක පරිධි-බිම තුළ ස්ථානගත වන්නේ නම්, ඉහත කී ඩිස්ටෝපියාවද වියහැකියාවන් අතුරින් එකක් ලෙස සැලකිය හැකි බව පමණි. ග්‍රාම්ස්චිගේ උදෘතයක් වූයේ අප උදා විය හැකි නරකම තත්ත්වය පරිකල්පනය කළ යුතු බවයි. මේ රචනා පෙළ ඩිස්ටෝපියානු වර්තමානයක් (සහ අනාගතයක්) පිළිබඳව වන බැවින් ග්‍රාම්ස්චිගේ උදෘතය මේ සඳහා කදිමට ගැලපේ.

    සුමිත් චාමින්ද              

  • සජිත්ගේ ඔළුව දැන් මඤ්ඤං වෙලා තියෙන්නේ – ඇමති ප්‍රසන්න

    සජිත්ගේ ඔළුව දැන් මඤ්ඤං වෙලා තියෙන්නේ – ඇමති ප්‍රසන්න

    ආණ්ඩු බලය ලබාගත් විට ශ්‍රිලනිපයට ඇමතිධූර ලබා දෙන බවට කිසිදු එකගතාවයක් නැතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. තම පක්ෂය ගිවිසුමකට එළඹ ඇත්තේ ශ්‍රිලනිපය සමග මිස එහි සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග නොවන බව ද රණතුංග මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

    මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සිටින කණ්ඩායම ඉදිරි මහ මැතිවරණයෙන් පසු කුමනාකාරයෙන් කටයුතු කරාවිදැ‘යි සැලකිලිමත් විය යුතු බවත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ශත පහකටවත් විශ්වාස කළ නොහැකි බවත් පෙන්වා දෙන ඇමති ප්‍රසන්න රණතුංග මහතා මහින්ද හැර යන කිසිවෙකු පාර්ලිමේන්තුවට නොඑන තරමට රට සුරක්ෂිත බව අවධාරණය කරයි.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් දොම්පෙ ආසන බල මණ්ඩලයට පහුගිය දා (27)  එක්වෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය. දොම්පෙ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු සංවිධායක මිලාන් ජයතිලක මහතා සංවිධානය කර තිබුණි. මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.

    ජනාධිපතිවරණය වෙලවේ දී එක තැනක දී කථා වුණා මෛත්‍රීපාලව ජනාධිපති අපේක්ෂකයා කරන්න. මහින්ද මහත්තයාට ජනාධිපතිවරණයට ඉල්ලන්න බැරි නිසා මෛත්‍රීව ජනාධිපතිවරණයට දාලා මහින්ද මහතත්යාව පූර්ණ බලතල සහිත අගමැති කරන්නයැයි උකුස්සෝ ටික යෝජනා කළේ. හැබැයි මම එතන දී කිව්වා මෛත්‍රීපාලව ශතපහකට විශ්වාස කරන්න බෑ කියලා. මම ඒකට එකග වුණේ නෑ. මේක මම විහිලුවට නෙමෙයි කියන්නේ.  ආප්පයක් කාලා කරඩුව ඔළුවේ තියන් ගිහිල්ලා කරඩුව පූජා කරලා පහුවදා ගිහින් මහින්ද මහත්තයාගේ පිටට පිහියෙන් ඇන්නා. ඒකයි අපි කිව්වේ පොහොට්ටුවෙන් මිසක් ජනාධිපතිවරණය තරග කරන්න බෑ කියලා.

    දැන් මෛත්‍රීගේ මිනිස්සු ටිකක් ලංකාව පුරා තරග කරනවා. බැරිවෙලාවත් මේ අය පාර්ලිමේන්තුවට ආවොත් මොන මොන විදිහේ බලපෑම් කරයි ද දන්නේ නෑ. ඇමතිකම් ඉල්ලයි. සමහරවිට අගමැතිකමත් ඉල්ලයි. අපි ශ්‍රීලනිපයත් සමග ඇති කරගත් ගිවිසුමේ කොහෙවත් ඒ අයට ඇමතිකම් දෙන්න එකගතාවයක් නෑ. ඒත් ඒ අය අපට කොන්දේසි දාන්න ඉඩ තියෙනවා. ඒ නිසයි අපි කියන්නේ මෛත්‍රීට ගෑවුණු කාටවත් ඡන්දය දෙන්න එපා කියලා. මොකද ඒ තරමට මෛත්‍රී අපිට අවිශ්වාසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක නෙමෙයි අපිට ප්‍රශ්නෙ තියෙන්නේ. අපිට ප්‍රශ්නෙ තියෙන්නේ මෛත්‍රීත් එක්කයි.

    එක්සත් ජාතික පක්ෂයයි, සමගි ජන බලවේගයයි අද එකිනෙකා කා කොටා ගන්නවා. එළිවෙන ජාමෙට හොද හොද සෙල්ලම් කියන්න වගේ මේ දෙගොල්ලෝ කෙළ ගන්නකොට තමයි ඇත්ත එළියට එන්නේ.  සජිත් කියනවා රනිල් හොරා කියලා. රනිල් කියනවා සජිත් හොරා කියලා. රට ම දන්නවා මේ දෙන්නම හොරු කියලා. මහ බැංකුව මහා දවාලේ මංකොල්ලකාපු හොරු. මම දැක්කා සජිත් ප්‍රේමදාස මහත්තයා තමන්ගේ පක්ෂයේ ලාංඡනය වෙනුවට වෙන එකක් උස්සලා පෙන්නනවා. පක්ෂයේ ලාංඡනය මතක නැති කෙනා කොහොමද රටක් කරන්නේ. සජිත්ගේ ඔළුව දැන් මඤ්ඤං වෙලා තියෙන්නේ.  කොරෝනා පිට දාලා මැතිවරණය කල් දාගන්න මාන බැලුවා. හැබැයි වැඩේ කෙරුණේ නෑ. දැන් මැතිවරණයට මූණ දීගන්න බැරැව විපක්ෂයේ මුඛ පූට්ටු වෙලා. ආණ්ඩුව ගැන අල්ලෙ පැළවෙන බොරු කියලා ජනතාව රවටලා ඡන්දය ගන්නයි විපක්ෂය හදන්නේ.  2015 දී මේ අය කළෙත් ඒක.

    ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනතාවාදී ගමන එතනින් නතර කරන්න තමයි විපක්ෂය මේ දගලන්නේ. රට නැවත ගොඩගන්න නම් ස්ථාවර ආණ්ඩුවක් බිහි විය යුතුයි. යහපාලන ආණ්ඩුව කාලයේ සිද්ධ වුණේ ජනපති හා අගමැති රට දෙපැත්තට අදින එකයි.  මේ තත්ත්වය නැවත ඇතිවෙන්න  ඉඩ නොදිය යුතුයි.  ඒ සදහා අප ස්ථාවර ආණ්ඩුවක් බලයට පත් කළ ගත යුතුයි. අපි හදන ආණ්ඩුවක අන්තවාදීන්ට ඉඩ නෑ. හොරුන්ට දූෂිතයන්ට ඉඩ නෑ. මත්කුඩු ජාවාරම්කරුවන්ට, කප්පම්කරුවන්ට ඉඩ නෑ. අපි හදන්නේ මේ රට අපේ අනාගත පරපුරට සුරක්ෂිත රටක් කරන්නයි. ඒ වෙනුවෙන් සියලු දෙනා එක්ව පෙළ ගැසෙමු.

    මැතිවරණ අපේක්ෂක මිලාන් ජයතිලක,  ඩුලිප් විජේසේකර යන මහත්වරුන් ද මෙහි දී කථා කළහ.

  • Covid-19 World  Review: ඇමෙරිකාවෙන් වාර්තාගත ආසාදිතයින් පිරිසක්: ඉන්දියාව 500,000 පනී

    Covid-19 World Review: ඇමෙරිකාවෙන් වාර්තාගත ආසාදිතයින් පිරිසක්: ඉන්දියාව 500,000 පනී

    සාරාංශය

    1. ඇමෙරිකා එක්සත් ජනපදයෙන් එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව (40,870) ඊයේ (26) වාර්තා වීම සමග වහාම හදිසි පියවර ගන්නා ලෙස ජනපදයේ සෞඛ්‍ය විශේෂඥයින් රජයෙන් ඉල්ලා සිටිනවා.
    2. බෝවන රෝග විශේෂඥ වෛද්‍ය ඇන්තනි ෆවුසි පවසන්නේ “බරපතල ගැටළුවක්” පවතින බවයි. නමුත් උප ජනාධිපති මයික් පෙන්ස් “ප්‍රගතිය” ගැන ප්‍රශංසා කරයි.
    3. එක්සත් ජනපදයේ ආසාදන මිලියන 2.4 කට වඩා ඇති අතර අවම වශයෙන් පුද්ගලයින් 125,000 ක් මියගොස් ඇත.
    4. මේ අතර, ඉන්දියාවේ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 500,000 ඉක්මවා ගොස් තිබේ.
    5. ජූලි 06 වැනිදා සිට සමහර අත්‍යවශ්‍ය නොවන විදේශ සංචාර සඳහා වන සීමාවන් ලිහිල් කිරීමට එක්සත් රාජධානිය තීරණය කර ඇත.
    6. ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ වාර්තාවලට අනුව ලොව පුරා කොවිඩ්-19 ආසාදිත රෝගීන් මිලියන 9.8 කට වැඩි සංඛ්‍යාවක් සහ මරණ 494,000ක් වාර්තා වී තිබේ.

    ගෝලීය පුපුරායාම නිරීක්ෂණය කිරීම

    කොරොන වෛරසය ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින අතර රටවල් 188 ක රෝගීන් මිලියන නවයකට වඩා තහවුරු වී තිබේ. 500,000 කට ආසන්න පිරිසකට ජීවිත අහිමි වී තිබේ.

  • Fair & Lovely: සිහින විකුණන ඒක වහාම නතර කළ යුතුයි – බිෂාපා බාසු

    Fair & Lovely: සිහින විකුණන ඒක වහාම නතර කළ යුතුයි – බිෂාපා බාසු

    මේ සියල්ල නැවැත්විය යුතුයි. අප විකුණන මේ වැරදි සිහිනය -This wrong dream that we are selling … රටේ බහුතරයකට දුඹුරු පැහැති සමක් ඇති විට එය සුන්දර යි. එය අපකීර්තියක් නෙවෙයි. දැන් එක දැවැන්තයෙක් එක් පියවරක් තබා තිබෙනවා. අනෙක් වෙළඳ නාමයන්ද එම අඩිපාරේ ගමන් කළ යුතුයි

    විශාල රූපලාවණ්‍ය සන්නාමයක් (මේ කතා කරන්නේ බහුජාතික සමාගමක් වන ‘යුනිලිවර්‘ සමාගමේ ප්‍රධාන රූපලාවන්‍ය නිෂ්පාදනය වන Fair & Lovelyගැනය – සංස්කාරක) ඔවුන්ගේ නිෂ්පාදන රාශියකින් ‘Fair’ (Fair යන වචනයට මලලසේකර ශබ්ද කෝෂයට අනුව සිංහල භාෂාවෙන් තේරුම් රැසක් ඇති අතර එය මේ නිෂ්පාදනය සම්බන්ධයෙන් ‘ශෝභන, පැහැදිලි, සතුටුදායක, නිර්දෝෂ, කළු නොවූ ආදි වශයෙන් ගත හැකිය – සංස්කාරක) යන වචනය ඉවත් කිරීමත් සමඟ ඉන්දියාව ද ප්‍රමුඛව ලොව පුරා විවාද කිහිපයක් ඇරඹී තිබේ. 

    ව්‍යාපාරික ලාභය එකම අරමුණ කරගත් සමාගමක් විසින් සිය නිෂ්පාදනය අලෙවි කර ගැනීම සදහා ‘කාන්තාවන්ගේ සමේ පැහැය fair විය යුතුම යැයි‘ සිතීමට සැලැස්වීම වසර ගණනාවක් තිස්සේ බොහෝ දෙනාගේ විවේචනයට ලක් වූ අතර අවසානයේ මෙම දෝෂ සහිත සිහිනය / වචනය විකිණීමේ සැලකිය යුතු වෙනසක් සිදුවී ඇති බව පෙනේ. 

    මේ සම්බන්ධයෙන් බොලිවුඩ් නිළියන් බොහෝ දෙනෙක් (ඔවුන් මෙම නිෂ්පාදනය ප්‍රවර්ධනය කළාය) තවමත් මුනිවත රකිමින් සිටියදී (ඔවුන් නිහැඩියාව බිදී යැයි විශ්වාස කළ නොහැක) ජනප්‍රිය බොලිවුඩ් නිළි බිපාෂා බාසු සිය හඩ අවධි කළා. ඇය අවධාරණාත්මකව කියා සිටියේ ‘මගේ සමේ පැහැය මාව නිර්වචනය කළේ නැහැ – My skin colour didn’t define me‘ කියායි.

    මේ ගැන සේම තවත් බොහෝ දේ ගැන බිපාෂා සමග ප්‍රකට ‘ෆිල්ම් ෆෙයාර්‘ සගරාව කළ විශේෂ සම්මුඛ සාකච්ඡාවක් පහත පළ වෙනවා.

    බොලිවුඩ් නිළි බිපාෂා බාසු බොලිවුඩ් නිළියක හා නිරූපිකාවක වශයෙන් සිය වෘත්තීය මාවත ගැනත් ඇගේ සමේ පැහැය ගැන සැමවිටම විශ්වාසයෙන් සිටින අතර ඇය ඒ ගැන විවෘතව කතා කිරීමට ද බියක් දක්වන්නේ නැත. සැබවින්ම ඇය විවෘතය. විවේනාත්මකය.

    Fair & Lovely හි ‘ව්‍යාජ‘ රංගනය හමුවේ සිය හඩ අවධි කරන බිපාෂා සමාජ මාධ්‍ය සටහනක මෙසේ සටහන් කළාය.

    “මම වැඩෙන කාලයේ සිටම ‘බොනී සෝනිට වඩා අඳුරු යි. ඇය ටිකක් අඳුරුයි නේද? – Bonnie is darker than Soni. She is little dusky na? මම මේ වචන නිතරම අසා ඇත්තෙමි. 

    මගේ අම්මා අඳුරු සමක් ඇති (Dusky beauty)  රූමත් කාන්තාවක් වුවද මම බොහෝ දුරට ඇය වගේමයි. මම පොඩි කාලේ මගේ සමේ පැහැය දුර බැහැර ඥාතීන්ගේ සාකච්ඡාවට ලක් වුණේ ඇයි කියලා දැනගෙන හිටියේ නැහැ. ඒත් වැඩි කල් නොගොස් අවුරුදු 15-16දී පමණ මම නිරූපණ කටයුතු ආරම්භ කළ අතර පසුව මම Supermodel contest ජය ගත්තා. සියලුම පුවත්පත් මා ගැන කතා කළා. ලිව්වා. ඒත් ඒක කළේ එක්තරා නාම විශේෂණයක් සමග. ‘කොල්කටාහි අඳුරු ගැහැණු ළමයා ජයග්‍රාහිකාවයි – Dusky girl from Kolkata is the winner.

    මම නැවත කල්පනා කළේ ඇයි ‘අඳුරු – Dusky) මගේ පළමු නාම විශේෂණය වන්නේ ???

    පසුව මම නිරූපිකාවක් ලෙස වැඩ කිරීම සඳහා නිව්යෝර්ක් සහ පැරිස් වෙත ගිය අතර මගේ සමේ වර්ණය ඔවුන්ට වඩා වෙනස් බව මට වැටහුණා. මගේ සමේ අදුරු පැහැය නිසා මට වැඩි වැඩ සහ අවධානය ලැබුණා. එය මගේ තවත් සොයා ගැනීමක්‘

    “ මම නැවත ඉන්දියාවට පැමිණ චිත්‍රපට ගමන / රගපෑම ආරම්භ කළා. අවසානයේ මම මගේ පළමු චිත්‍රපටය කළා. හදිසියේම මාව පිළිගෙන ආදරය ලැබුවා. නමුත් ඒ වන විට මම කැමති හා ආදරය කිරීමට පටන් ගත් නාම විශේෂණය තිබුණා. 

    ‘ඩස්කි දැරිය සිය මංගල චිත්‍රපටයෙන්ම ප්‍රේක්ෂකයින්ට විස්මයට පත් කරයි – DUSKY girl wows the audiences in her debut film

    මා විසින් කරන ලද සියලු කාර්යයන් සඳහා මගේ බොහෝ ලිපිවල, මගේ සමේ අඳුරු බව ප්‍රධාන සාකච්ඡාව ලෙස පෙනෙන්නට තිබුණා. එයට හේතුව මගේ ලිංගික ආයාචනයයි. මාව බොලිවුඩයේ සරාගී නිළියක් (sexy in Bollywood) ලෙස පිළිගැනීමට පටන් ගත්තා. මම කවදාවත් මෙය තේරුම් ගත්තේ නැහැ.

    මට සරාගී බව යනු ඔබේ සමේ වර්ණය පමණක් නොවේ … මගේ සමේ වර්ණය එකල සාම්ප්‍රදායික නිළියන්ගෙන් පමණක් මා වෙන් කරන්නේ ඇයි? නමුත් එය එසේ ම වුණා. මම ඇත්තටම එතරම් වෙනසක් දුටුවේ නැහැ. නමුත් මම හිතන්නේ මිනිසුන් එසේ සිතුවා. රූපලාවණ්‍යය පිළිබඳ දැඩි මානසිකත්වයක් සහ නිළියකගේ පෙනුම හා හැසිරීම කෙසේ විය යුතුද යන්න ඔවුන් තුළ මුල් බැගත් අදහසක් ලෙස තිබුණා. එය පෙන්වා දුන් පරිදි මම වෙනස් වුණා. මම ආදරය කරන සෑම දෙයක්ම කිරීමෙන් හා මාව වැළැක්වීම ඇත්තෙන්ම නතර කළේ නැහැ. ”

    බිපාෂා බාසු

    බිෂාපා සිය හෘදයාංගම බව හෙළි කරමින් මෙසේ පැවසුවාය.

    “හොඳයි, කුඩා කල සිටම මම කවුරුන්ද යන්න ගැන මට විශ්වාසයක් හා ආඩම්බරයක් තිබුණ බව ඔබට තේරෙණවා ඇති. මගේ සමේ වර්ණය මා නිර්වචනය කළේ නැහැ … මම එයට ආදරය කළා. එය කිසි විටෙකත් මගේ සමේ වර්ණය වෙනස්කර ගන්න මම කැමති වුණේ නැහැ. 

    ඒත් පසුගිය අවුරුදු 18 තුළ මට Skin care නිෂ්පාදන ප්‍රවර්ධනය වෙනුවෙන් පෙනී සිටින ලෙස ඉල්ලීම් ඉදිරිපත් වුණා. එම ඉල්ලීම් පිටුපස දැවැන්ත මූල්‍ය අනුග්‍රහයක් තිබුණා. ඒත් මම සෑම විටම මගේ මූලධර්මයට එකගව කටයුතු කළා. 

    මේ සියල්ල නැවැත්විය යුතුයි. අප විකුණන මේ වැරදි සිහිනය -This wrong dream that we are selling … රටේ බහුතරයකට දුඹුරු පැහැති සමක් ඇති විට එය සුන්දර යි. එය අපකීර්තියක් නෙවෙයි. දැන් එක දැවැන්තයෙක් එක් පියවරක් තබා තිබෙනවා. අනෙක් වෙළඳ නාමයන්ද එම අඩිපාරේ ගමන් කළ යුතුයි” බිෂාපා සම්මුඛ සාකච්ඡාව අවසන් කරමින් පැවසුවා.

    බිපාෂා බාසු

    2020 ජූනි 26 වැනි දින ෆිල්ම් ෆෙයාර් හි පළ වූ ලිපියක් ඇසුරිණි – සකස් කළේ – තුෂාධවි

  • ප්‍රචාරක සමාගම්වල හයිනාවෝ – ගිජුලිහිණියෝ ‘නිකමුංට දියවන්නා තරණයට’ පාර හදනවා

    ප්‍රචාරක සමාගම්වල හයිනාවෝ – ගිජුලිහිණියෝ ‘නිකමුංට දියවන්නා තරණයට’ පාර හදනවා

    මේ මැතිවරණය ස්වකීය මුල්‍ය ලාභය සඳහා පාවිච්චි කරන සහ මංකොල්ල කන වෙළඳ ප්‍රචාරණ කොම්පැණිවල ගොදුරු බිමක් බවට පත්ව ඇත. එනම්  ඒ හයිනාවන් සහ ගිජු ලිහිණින් ප්‍රජාතන්ත්‍රවාදී නිදහස උපරිමයෙන්භුක්ති විඳින බව පෙනේ.

    ධම්ම දිසානායක

    මෙරට පාර්ලිමේන්තුවට අලුත් සාමාජිකයින් තෝරා පත්කර ගැනීම සඳහා පැවැත්වෙන මැතිවරණයේ කටයුතු දැන් ක්‍රියාත්මකය. පාර්ලිමේන්තුවට තේරී පත්වනවා මිස බලෙන් ඇතුළු වී සාමාජිකත්වය ගත නො හැක. පාර්ලිමේන්තු සාමාජිකයා යනු මහජන නියෝජිතයා ය. ඔහු හෝ ඇය පුද්ගලිකව ඉල්ලුම් පත්‍ර දමන්නේ නැත. ඉදිරිපත් කරන්නේ නාම යෝජනා මිස ඉල්ලුම් පත්‍ර නොවේ ය. එනම් තමන්ලාගේ නියෝජිතයින් ලෙස පත්විය යුතු යැයි සිතන අයගේ නම් ජනතාව විසින් යෝජනා කරනු ලබන්නේ ය.

    ඒ කටයුත්ත සියලු ජනයාට එකට කළ නොහැකි නිසා ග්‍රාමීය ප්‍රාදේශීය සහ දිස්ත්‍රික්ක මට්ටමෙන් ජනතා එකඟතාවෙන් තේරී එන අයට අපේක්ෂක අයිතිය අනිවාර්යයෙන්ම ලබා දීම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂයක වගකීමක් ය. ඒ ක්‍රියාවලිය පක්ෂයක කතිපයාධිපති කල්ලියකගේ අත්තනෝමතිකත්වය උඩ සිදුවන්නේ නම් ඒවා නමට පක්ෂ ය.

    ඇත්තටම නම්  පක්ෂ නොව කල්ලිය. මැතිවරණවලට පෙර   අපේක්ෂකවරණ නැතිකම වනාහි ප්‍රජාතන්ත්‍රවාදය ගිලා බහින කළු කුහරයකි. නමුත් ලෝකයේ ජන සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය නොව සටකපට ප්‍රජාතන්ත්‍රවාදය බලවත් නිසා බොහෝ තැන්වල පවත්වන්නේ මැතිවරණ පමණි.

    ඉල්ලුම් පත්‍ර නොව නාම යෝජනා ඉදිරිපත්කල පසු පත්වීම් ලබන්නේ සම්මුඛ පරීක්ෂණ හෝ තරඟ විභාහ මාර්ගයෙන් නොව ජනතාවගේ ඡන්දයෙන් ය. ඡන්දය යනු කැමැත්තය. කැමැත්ත ලබාගත යුත්තේ කැමැත්තෙන් හෝ හරයාත්මක අවබෝධයකින් ය. විවිධ උපායන් මගින් අකමැත්ත කැමත්තක් බවට හරවා ගැනීම එනම් කැමැත්ත සකස්කිරීමෙන් හෝ පොළඹවා ගැනීමෙන් හෝ කූට උපාවලින් හෝ බලහත්කාරයෙන් හෝ රැවටීමෙන් හෝ ලබා ගැනීම, යහ ප්‍රජාතන්ත්‍රවාදයට අයිති වන්නක් නොවේ. එක්කෝ එය ප්‍රජාතන්ත්‍රවාදයකි, නැතහොත් එය සහචර කල්ලිතන්ත්‍රවාදයකි.

    ගෙයින් ගෙට ගොස්, තමන්ලාව අපේක්ෂකයින් ලෙස යෝජනා කළ ජනයා මුණ ගැසීමෙන් එහාට ගිය වර්තමාන මැතිවරණ ප්‍රචාරණ ක්‍රමය සහ කර්මාන්තය වනාහි ප්‍රශස්ත ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සන්නිවේදනයක් නොව දේශපාලන අලෙවිකරණයකි. ඒ අලෙවිකරණයත් සාධාරණ එකක් නොව සේරිවාණිජ පන්නයේ අලෙවිකරණයකි, වෙළඳාමකි.

    පාර්ලිමේන්තුවේ සාමාජිකයා (Member of parliament – MP) යන්නට සිංහල කතාකරන්නන් භාවිතා කරන්නේ මන්තී‍්‍ර, මන්ත්‍රීවරයා, මන්ත්‍රීතුමා වැනි වචන ය. මන්ත්‍රී යන්න බිඳී එන්නේ ‘මන්ත්‍රණ’ යන සංස්කෘත පදයෙනි. මන්ත්‍රණය කරනවා යනු සාකච්ඡා කරනවා යන්නය. ඒ අනුව මන්ත්‍රී යනු සාකච්ඡා කරන්නා යන අර්ථය ගෙන එන්නකි. ඒ පැහැදිළි කිරීම දැනගත්තේ පරසිදු සිංහල භාෂා ගුරුවරයෙකු වන මා මිත්‍ර සුසිල් ජයසිරි ගෙනි.

    ශ්‍රී සුමංගල ශබ්දකෝෂය ට අනුව මන්ත්‍රී යනු රාජාදීන් හා රහස් සාකච්ඡා පවත්වන අය, දේශපාලනය සඳහා පත් කළ අය, උපායෙහි දක්ෂයා, මන්ත්‍ර දන්නා යන තේරුම් ඇති පදයක් ය. මන්ත්‍රීන් යනු සාකච්ඡා කරන්නා නම් ආණ්ඩු කාලය පුරාම අඩුම තරමින් විනාඩියක හෝ කිසිම කතාවක් පාර්ලිමේන්තුවේ නොකළ අය හැඳින්විය යුත්තේ කවර නමකින් ද යන්න අපගේ විමසුමට ලක්විය යුතුය. ඔවුන් එසේ කතා නොකලාට නැවත නැවතත් ඔවුන්ට අපේක්ෂක වරම් ලබා දෙන පක්ෂ යැයි කියාගන්නා අය පෙනී සිටින්නේ ජනතාව වෙනුවෙන් ද යන්න පිළිබඳවත් අපගේ අවධානය යොමු විය යුතුය.

    සටකපට ප්‍රචාරණය අවශ්‍ය වන්නේ මෙවැනි අය දිගින් දිගටම පාර්ලිමේන්තුවට යැවීමට මිස සබෑ ජනතා නියෝජිතයින් පාර්ලිමේන්තුවට යැවීමට නම් නොවේ ය. මේ මගින් බලයට පත්වන මන්ත්‍රීන් ට ගැලපෙන නියම අර්ථය ශ්‍රී සුමංගල ශබ්දකෝෂයෙහි ඇති රාජාදීන් හා රහස් සාකච්ඡා පවත්වන්නා, සහ උපායෙහි දක්ෂයා යන්න බව මගේ යෝජනාවය.    

    රටක ක්‍රියාත්මක වන්නේ යහ ප්‍රජාතන්ත්‍රවාදය නම් ඊටම ගැලපෙන පක්ෂ ක්‍රමයක් නම් ඒ දෙකම නියෝජිතයින් සඳහා වන අපේක්ෂකයින් තේරීම සඳහා ද ජනයාට මුලිකත්වය දෙන යාන්ත්‍රණ සකසා ගන්නේය. එහෙම ජනයා විසින් තෝරා දෙන අපේක්ෂයින්ට අමුතු ප්‍රචාරණයක් අවශ්‍ය නැත. ඔවුනට සමාජ දේශපාලන සාක්ෂරතාවක් ලබාදීමේ දැනුවත් කිරීමේ කූටෝපායික නොවන සරල ක්‍රමවිධි භාවිතා කිරීමේ වැරද්දක් නැත. එසේ නොමැතිව කොටි ගණනින් මුදල් සහ  සහචර සම්බන්ධතා යොදා ගනිමින් රටේ සියළු ආකාරයේ මාධ්‍ය මගින් සිදුකරණ ක්‍රියාන්විත,  වනාහි ප්‍රජාතන්ත්‍රවාදයට  නොව සටකපට දේශපාලන අලෙවිකරණයට අයත් වන්නකි.

    එපමණක් නොව අපේක්ෂිත බල වැයික්කි පුරා දැන්වීම් කටවුට් ප්‍රදර්ශනය කිරීමට ද නිදහස ඉල්ලති. මේ තත්ත්වය වනාහි ප්‍රජාතන්ත්‍රවාදයේ මුලධාර්මික ගැටලුවකි. ඉන් එකක් වන්නේ ‘ප්‍රජාතන්ත්‍රවාද’ය යනු කුමක් දැයි නොදැන සිටීමය. අනෙක එය දැනගැනීමට වුවමනාවක් නැති කමය.අනෙක එය කණපිට ගැසීම මගින් තම පුද්ගලික බල වුවමනාව සපුරා ගැනීමය. මා මිත්‍ර ජගත් ලියනාරච්චි කියන ආකාරයට නම් මෙරට ඇත්තේ ‘හෙල්මට් ප්‍රජාතන්ත්‍රවාදයකි’. ඒ ගැන පසුව පහදමි.

    අලෙවිකරණය සඳහා ප්‍රචාරණය අවශ්‍ය වන්නේ පාර්භෝගිකයාට අවශ්‍ය නැති සහ අදාළ නැති නො විකිණෙන භාණ්ඩ, අවශ්‍ය අදාළ විකිණෙන ඒවා  බවට පත්කර ගැනීමට ය. ඇස්කිමෝවරුන්ට ශීතකරණ මිල දී ගැනීමට සිදු කිරීම ප්‍රචාරණයේ කෙලවර යැයි ප්‍රකාශ කරන්නේ ඒ නිසාය. හැබැයි අවසානයේ ඇස්කිමෝවරුන්ට ශීතකරණවලින් ඇති පලක් නැත, මහ ජනයාට මන්ත්‍රීන්ගෙන් පලක් නැත.

    ‘දේශපාලන අලෙවිකරණය‘ විෂය ට අනුව දේශපාලන වෙළෙඳපොළ තුළ අපේක්ෂකයා යනු දේශපාලන භාණ්ඩයකි. ඒ භාණ්ඩය නිෂ්පාදනය කරන්නේ ජනයා නොවේ. එබැවින් ඔවුන් ඒ භාණ්ඩය ගැන කිසිවක් නො දනී. ඒ නිසා ජනයා යනු දේශපාලන පාරිභෝගිකයින් ය. ඒ අනුව මැතිවරණ ප්‍රචාරණය යනු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවක් නොව දේශපාලන බඩු විකුණන ප්‍රචාරණ ක්‍රියාන්විතයකි. එනම් වෙළඳතන්ත්‍රවාදයකි. ඒ අයිතිය සඳහා ප්‍රජාතන්ත්‍රවාදය මන්තරයක් සේ ජපකරන පක්ෂ ලේකම්ලා කියන්නේ ‘ අපි කොහොමද අපේ අපේක්ෂකයින් ජනතාවට හඳුන්වා දෙන්නේ?’ කියා ය. ජනයා ඇසිය යුත්තේ ‘අපි නොදන්න අය අපි වෙනුවෙන් ඉදිරිපත් කළේ මොන එහෙකට ද?’ යන්නය.

    මා හිතන ආකාරයට මේ මොහොතේ මැතිවරණ ප්‍රචාරණය පිළිබඳව මැතිවරණ කොමිසම සහ බල-දේශපාලන කණ්ඩායම් අතර පවතින විරසකය සහ මත භේදය ගැන අපගේ අවධානය යොමු විය යුත්තේ ඉහත කී පුළුල් සන්දර්භයේ පිහිටා ය.

    ජනතාවත්  මැතිවරණ කොමිසමත් නිරීක්ෂණ කණ්ඩායමුත් ඒ ගැන අවධානය යොමුකොට නැත. සිදුවන්නේ මැතිවරණ කොමිසම ඉතාම ඉහළට ඔසවන ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ  සියලු දෙනා විසින්ම අවභාවිතවේ යෙදවීම ය.

    මේ මැතිවරණය ස්වකීය මුල්‍ය ලාභය සඳහා පාවිච්චි කරන සහ මංකොල්ල කන වෙළඳ ප්‍රචාරණ කොම්පැණිවල ගොදුරු බිමක් බවට පත්ව ඇත. එනම්  ඒ හයිනාවන් සහ ගිජු ලිහිණින් ප්‍රජාතන්ත්‍රවාදී නිදහස උපරිමයෙන්භුක්ති විඳින බව පෙනේ. පොදු ජනයාගේ මුදල් මිලියන දහසක් පමණ ඍජුවම වැය කොට මේ නටන නාඩගම තමන්ලා ට එරෙහිව සිදුකරන කොඩිවිනයක් බව ජනතාව තේරුම් ගත් දවසක මේ රටේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය උපදිනු ඇත යන්න මගේ විශ්වාසය ය.      

    ලංකාවේ ඇත්තේ හෙල්මට් ප්‍රජාතන්ත්‍රවාදයකි යැයි ඉහත සඳහන් කළ දෙය කෙටියෙන් පැහැදිළි කර ගමු. මෙරට යතුරුපැදිකරුවන් සහ කාරියන් බොහෝ දෙනෙක් හෙල්මට් පළදින්නේ ආරක්ෂාවට නොවේ. පොලීසිය දඩ ගසාවි යන බියට ය. එසේම මෙරට  දේශපාලකයින් ප්‍රජාතන්ත්‍රවාදයට අදාළ ඇඳුම් ආයිත්තම් පළදින්නේ පොදු ජන යහපත සහ නියෝජනය සඳහා නොව පුද්ගලික බල අරමුණු සාධනය සඳහා ය.  ප්‍රජාතන්ත්‍රවාදය ගැන සැබෑ බැඳීමකින් නොවේ ය. මේ පැහැදිළි කිරීමට එකඟ අයෙකු අත එසවිය යුත්තේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයට පක්ෂව ද? විරුද්ධව ද?

    ගෙයින් ගෙට යෑම හැර සියලු ආකාරයේ මැතිවරණ ප්‍රචාරණ වැඩ නීතියෙන්ම තහනම් කළ යුතුය යන්න මගේ යෝජනාව ය. ඒ යටතේ මුදල් ගෙවා හෝ නොගෙවා සිදුකරණ රේඩියෝ, රුපවාහිනී, සහ  පුවත්පත් ප්‍රචාරණය තහනම් කළ යුතුය. සමාජ මාධ්‍ය නියාමනය කළ යුතුය. ඒ සියල්ල කළ යුත්තේ නීතියේ පාලනයට යටත්ව මිස කාගේ හරි වුවමනාවට නොවිය යුතුය.

    සියලු බල-දේශපාලන කණ්ඩායම්වලට, පුද්ගල ප්‍රවර්ධනය සඳහා නොව, සිය කණ්ඩායමේ අදහස් ප්‍රවර්ධනය කිරීමට පමණක් සාධාරණව මාධ්‍ය කාල ලබාදෙන නෛතික විධි විධාන සැකසිය යුතුය. ඒවා රාජ්‍ය පෞද්ගලික දෙ අංශයටම අදාළ කළ යුතුය.

    හරවත් දේශපාලන සන්නිවේදනය යටගොස් සටකපට දේශපාලන අලෙවිකරණය බලවත් වී බාල බඩු ඉහලම මනාපවලට අලෙවිවන සමාජයක, ගාල කඩාගත් මැතිවරණ ප්‍රචාරණ නිදහස සීමා කළ යුතුමය. ඒ සඳහා නීති අවශ්‍යය.

    එසේම මැතිවරණ කොමිසම කඹ ඇදීමේ සහ චන්ඩිපාර්ට් දැමීමේ සරල රසාස්වාදයෙන් මිදී පුද්ගල බල-පෙරේතකරුවන්ගෙන් සහ  වෙළඳ ප්‍රචාරණ කර්මාන්තයෙන් එනම් හයිනාවන්ගෙන් සහ ගිජු ලිහිනින්ගෙන් මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය බේරා ගැනීමට මැදිහත් විය යුතුය. ඊට නීති අවශ්‍යය. ප්‍රජාතන්ත්‍රවාදය සහ  ප්‍රජාතන්ත්‍රවාදී නියෝජිත සංස්කෘතියක් නැති රටක අසරණ ජනයාට පිහිටක් පැතිය හැක්කේ නීතියෙන්ම පමණි. හැබැයි ඒ දේවාලයටත් හෙනගසා තිබුනොත් කාට කියන්නද මේ දුක?

    ධම්ම දිසානායක

  • ශ්‍රී ලංකාවේ ‘වෛද්‍ය අධ්‍යාපනයේ වර්තමාන අර්බුදය’ සහ විසදුම් යෝජනා

    ශ්‍රී ලංකාවේ ‘වෛද්‍ය අධ්‍යාපනයේ වර්තමාන අර්බුදය’ සහ විසදුම් යෝජනා

    අපොස උසස් පෙළ A තුනක් ලබා ගත් ශ්‍රී ලාංකික ශිෂ්‍යයන් පවා මුදල් නොමැති කමින් වෛද්‍යවරයෙකු වීමේ වාසනාව අහිමි වී වෙනත් පාඨමාලාවලට යොමු වෙද්දී ඉතා පහළ සාමාර්ථ ලබා ගත් අයට මුදල් මත විදේශ රටවල්ට ගොස් වෛද්‍ය උපාධිය ලබාගෙන පැමිණිමට අවස්ථාව ලබාදීම ද බරපතල සමාජ අසාධාරණයකි.

    වසන්ත අල්විස් – මාධ්‍ය සම්බන්ධීකාරක, වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය

    ශ්‍රී ලංකාවට තවත් වෛද්‍යවරු කොතරම් අවශ්‍ය ද ? වර්තමාන තත්ත්වය පිළිබද විග්‍රහයක් අප පසුගිය 22 වැනිදා කළා. (ශ‍්‍රී ලංකාවට තවත් වෛද්‍යවරු කොතරම් අවශ්‍යද ? වර්තමාන තත්ත්වය පිළිබද විග‍්‍රහයක් –අපි අද ‘වෛද්‍ය අධ්‍යාපනයේ වර්තමාන අර්බුදය, අධ්‍යාපනයේ සහ වෛද්‍ය අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවයේ ගෙවී ගිය අඳුරු යුගය, අනෙකුත් ක්ෂේත‍්‍ර පෞද්ගලීකරණයට ලක් වන පමණින්, වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරණය විය යුතු ද? සහ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීම පිළිබඳ ඉන්දියානු ආදර්ශය – පිළිබදව සාකච්ඡා කිරීමට අපේක්ෂා කරනවා. තරමක් දීර්ඝ මෙම ලිපිය මගින් ඔබට මේ සංකීර්ණ තත්ත්වය පහසුවෙන් වටහා ගැනීමට අවස්ථාව ලබා ගත හැකියි.

    මුලින්ම අපි දැනට ලංකාවේ රෝහල්වල වෛද්‍යවරුන්ගේ තත්ත්වය විමසා බැලිය යුතුයි.

    • දැනට රජයේ වෛද්‍ය පීඨවල සිටින වෛද්‍ය ශිෂ්‍යයන් ගණන සංඛ්‍යාව -7000
    • දැනට රජයේ රෝහල්වල සීමාවාසික පුහුණුව (internship ලබන වෛද්‍ය උපාධිධාරීන් ගේ සංඛ්‍යාව – 2000
    • රජයේ වෛද්‍ය පීඨවල උපාධිය සම්පූර්ණ කළ සීමාවාසික පුහුණුව සබඑැරබියසච බලාපොරොත්තුවන වෛද්‍ය උපාධිධාරීන් සංඛ්‍යාව – 1500
    • මේ අනුව ඉදිරි වසර පහ තුළ සෞඛ්‍ය ක්ෂේ්ත‍්‍රයට එකතු වන වෛද්‍ය උපාධිධාරීන්් සංඛ්‍යාව – 10500
    • 2019 සැප්තැම්බර් මස සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කරන ලද නිවේදනයට අනුව රජයේ රෝහල්වල ඇති වෛද්‍ය සේවයේ පුරප්පාඩු සංඛ්‍යාව – 1700
    • විදේශ රටවල්වල වෛද්‍ය උපාධිය හැදෑරීම සඳහා ගොස් සිටින ශ්‍රී ලාංකික ශිෂ්‍ය සංඛ්‍යාව (ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ 2017 ලේඛන සංඛ්‍යා ලේඛන අනුව) – 3000
    • 2019 වෙන විට එම සංඛ්‍යාව (5000) දක්වා වැඩි වී ඇතැයි ගණන් බලා ඇත.
    • ERPM (ACT 16) විභාගයට පෙනී සිටීමට බලාපොරොත්තුව සිටින විදේශ රටවල වෛද්‍ය උපාධිය ලබාගෙන පැමිණි වෛද්‍ය උපාධිධාරීන් සංඛ්‍ය– 1000
    • වෛද්‍ය සභාවේ සංඛ්‍යාලේඛන අනුව (2019) දී ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුකූලතා සහතිකය (eligibility certificate) ලබාගෙන විදේශගත වී ඇති ශ්‍රී ලාංකික ශිෂ්‍ය සංඛ්‍යාව – 800

    වසරෙන් වසර ඉතා විශාල සංඛ්‍යාවක් මුදල් ගෙවා වෛද්‍ය උපාධිය ලබා ගැනීම සඳහා විදේශ ගත වන බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සංඛ්‍යාලේ ලේඛන අනුව පෙනී යයි. තව වසර කිහිපයකින් රජයේ වෛද්‍ය පීඨ වලින් වෛද්‍ය උපාධි ලබා පිට වන වෛද්‍යවරුන්ටත් රජයේ රෝහල්වල පත්වීම් නොලැබෙන තත්ත්වයක් ඇතිවනු ඇත

    අධ්‍යාපනයේ සහ වෛද්‍ය අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවයේ ගෙවී ගිය අඳුරු යුගය

    පසුගිය වසර කීහිපය තරම් ශ‍්‍රී ලංකා වෛද්‍ය අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවය බරපතළ ලෙස කඩා වැටුණු කාල පරිචපරිච්ෙඡ්දයක් ඉතිහාසයේ නොවූ විරූ තරම් ය. ඒ සමස්ත ප‍්‍රතිඵලය රටේ සමස්ත ජනතාවට ම දැන් ඉතා අවාසනාවන්ත ලෙස භුක්ති විදිමින් පසුවන බව පහත තොරතුරුවලින් හෙළිදරව් වේ

    ශ්‍රී ලංකා වෛද්‍ය සභාව (Sri lanka medical council) බරපතළ දේශපාලන බලපෑම් වලට ලක් වීම නිසා ස්වාධීන ලෙස ක‍්‍රියා කිරීමට ඇති අවස්ථාව අහිමි විය. මේ හේතුව නිසාම වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ අවම ප‍්‍රමිතීන් මේ වන තුරුත් නීතීතිගත කිරීමට නොහැකිවී තිබේ.

    එහි ප්‍රතිඵලයක් ලෙස අ.පො.ස උසස් පෙළ විෂයන් තුනම අසමත් වූ (F3) අයටත් එමෙන්ම අපොස උසස් පෙළ වූ විභාගයට පෙනී නො නොසිටී සාමාන්‍ය පෙළ පමණක් සමත් වූ අයටත් වෛද්‍යවරු වීමට අවස්ථාව උදා වීම සහ මේ වන විට ඔවුන් අය සීමාවාසික පුහුණුව සඳහා සාමාන්‍ය රජයේ රෝහල්වලට අනියුක්ත කර තිබීම ඉතාමත් කණගාටු කණගානගාටුදායක තත්ත්වයකි.

    එමෙන්ම අපොස උසස් පෙළ A තුනක් ලබා ගත් ශ්‍රී ලාංකික ශිෂ්‍යයන් පවා මුදල් නොමැති කමින් වෛද්‍ය වෛද්‍ය වරයෙකු වීමේ වාසනාව අහිමි වී වෙනත් පාඨමාලාවලට යොමු වෙද්දී ඉතා පහළ සාමාර්ථ ලබා ගත් අයට මුදල් මත විදේශ රටවල්ට ගොස් වෛද්‍ය උපාධිය ලබාගෙන පැමිණිමට අවස්ථාව ලබාදීම ද බරපතල සමාජ අසාධාරණයකි.

    ලංකා වෛද්‍ය සභාවේ තාක්ෂණික තීරය කිසිවක් දේශපාලන බලපෑම් නිසා නීතිගත කර ගැනීමේට නොහැකිවීම යුගයේ සිදු වූ බරපතල සිදුවීමකි. මෙම ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ප‍්‍රථම වරට මාස ගණනණනාවක් අධිකරණය වෙත කැඳවීම ද අධිකරණය ඉදිරියේ හෑල්ලූවට ලක් කිරීම ද මෙම යුගයේ සිදුවිය. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ස්වාධීන තීරණ ගැනීමට ගැනීමේ අයිතියි අහිමි විය. එහි ප‍්‍රතිඵලයක් ලෙස ප‍්‍රතිඵලයක් ලෙස විෂයන් තුනම අසමත් වූ අය පවා වෛද්‍යවරු ලෙස ලියා පදිංචි කරන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට අධිකරණ නියෝගය ලැබුණි.

    වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා ශ්‍රී ලාංකික ශිෂ්‍යයන් විදේශ විශ්වවිද්‍යාල වලට යැවීම ජාවාරමක් බවට පත්විය. වෛද්‍ය උපාධිය ලබා පැමිණෙන ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් පවා වෛද්‍ය සේවය පසෙක තබා මෙම ජාවාරමේ තැරැව්කරුවන් බවට පත්විය.

    එමෙන්ම බංගලිදේශය, පකිස්තානය වැනි දකුණු ආසියාතික රටවල තානාපති කාර්යාල හරහා ජාතිවාදී හා වර්ගවාදී පදනමින් වෛද්‍ය අධ්‍යාපනය හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබා දී තම ශිෂ්‍යයන් යැවීම ඉතා රහසිගතව පසුගිය වසර කීපය තුළ සිදුවීම පිළිබඳව කරන ලද පැමිණිල්ලකට අනුව මේ වන විට පරීක්ෂණ පැවැත්වේ.

    එසේ බෙහෝ ශිෂ්‍යයන්ගේ උසස්පෙළ විභාග ප‍්‍රතිඵල ඉතා අඩු මට්ටමේ පවතින අතර ඇතැම් ශිෂ්‍යයන් London A/Level& (Edexel) වැනි විභාග වලට පෙනී සිට එයින් ද සාමාන්‍ය ප‍්‍රතිඵල ලබාගත් අය බවට ද හෙලිවී තිබේ.

    එංගලන්තය වැනි රටවල වෛද්‍ය අධ්‍යාපනය සඳහා වරම් ලබන්නේ London A/L විභාගයෙන් සියලූම විෂයයන් සඳහා A ලැබූ ශිෂ්‍යයන් අතරින් ඉහළම ප‍්‍රතිඵල ලැබූ ශිෂ්‍යයන්ට පමණි. අවාසනාවකට ශ්‍රී ලංකාවේ එම විභාගයෙන් C සහ S සාමාර්ථ ලැබූ ශිෂ්‍යයන්ට ද මුදල් මත විදේශ රටවලට ගොස් වෛද්‍යවරුන් වීමේ අවස්ථාව ලැබීමත්, උසස්පෙළ A සාමාර්ථ තුන පවා ලැබූ දක්ෂම ශිෂ්‍යයන්ට මුදල් නොමැතිකමින් එම අවස්ථාව නොලැබීම කනගාටුදායකය.

    මේ තත්ත්වය නිසා අනාගතයේදී භයානක ප‍්‍රතිඵල අප රට ඇතිවීමට ඉඩකඩ ඇති අතර, ප‍්‍රමිතියෙන් හා ගුණාත්මකභාවයෙන් අඩු වූ වෛද්‍යවරුන් සෞඛ්‍ය සේවයට එකතුවීම නිසා රෝගී සත්කාර සේවය බිඳ වැටී රෝගී ජීවිත අවදානමට ලක්වීම බරපතළ කාරණයක් වී ඇත.

    එමෙන්ම දේශපාලන බලපෑම් නිසා මෙතෙක් ස්ථාවරව ක‍්‍රියාත්මක වූ සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීමේ ක‍්‍රමවේදය (Internship Appointments) කුසලතාවය මත (Merit list) වෛද්‍ය පත්වීම් ලබාදීමේ ක‍්‍රමවේදය සහ වෛද්‍ය මාරුවීම් ක‍්‍රමවේදය (Transfer system) සම්පූර්ණයෙන් ම බිඳ වැටිණි.

    වෛද්‍ය අධ්‍යාපනය සහ වෛද්‍ය ක්ෂේත‍්‍රයේ මානව සම්පත් පිළිබඳව නිසි ජාතික ප‍්‍රතිපත්තියක් නොමැතිවීම නිසා ඉදිරි අනාගතයේ දී රැකියා නොමැති උපාධිධාරී වෛද්‍යවරුන් බිහිවීමට ඇති ඉඩකඩ තවදුරටත් වැඩිවූ අතර ඒ පිළිබඳව වගකිවයුතු සියලූ ම පාර්ශවයන් එකතුවී ජාතික ප‍්‍රතිපත්තියක් නිර්මාණය කිරීම අද යුගයේ අවශ්‍යතාවය වී ඇත.

    සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින රජයේ රෝහල්වල ඇති වෛද්‍යවරුන් සඳහා වූ පුරප්පාඩු සංඛ්‍යාව ඉතා ශීඝ‍්‍රයෙන් අඩුවෙමින් පවතින අතර, තව වසර කීපයකින් රජයේ වෛද්‍ය පීඨ වලින් පිටවන වෛද්‍ය උපාධිධාරීන්ට පවා රජයේ රෝහල්වල රැකියා අහිමිවන තත්ත්වයක් උදාවනු ඇත.

    වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ නිසි සැලැස්මකින් තොරව මෙතෙක් ක‍්‍රියාත්මක වූ ක‍්‍රමවේදය වෙනුවට රජයේ වෛද්‍ය පීඨ පිළිබඳව හා විදේශීය රටවලට වෛද්‍ය උපාධි ලබාගැනීමට ශ්‍රී ලාංකික ශිෂ්‍යයන් යැවීම පිළිබඳව ජාතික ප‍්‍රතිපත්තියක් සකස්කිරීම නොපමාව කළයුතුය.

    අනෙකුත් ක්ෂේත‍්‍ර පෞද්ගලීකරණයට ලක් වන පමණින්, වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරණය විය යුතු ද?

    අධ්‍යාපනය පෞද්ගලීකරණය වීමේ දී ඇතිවන තරඟකාරීත්වයත් සමඟ එහි ගුණාත්මක භාවය රඳවා ගැනීම සිදු නොවන අතර, ඉන්දියාව වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම නිසා සිදු කරගෙන ඇති අනර්ථය එයට හොඳම නිදසුනකි.

    සැබවින්ම වෛද්‍ය අධ්‍යාපනය යන්න අනෙක් පාඨමාලා වලින් හාත්පසින් ම වෙනස් දෙයකි. එය ගණුදෙනු කරන්නේ මිනිස් ජීවිත සමග ය. එම නිසා, එහි ගුණාත්මක භාවය රඳා පැවතීම සඳහා උසස් සායනික පුහුණුවක්, න්‍යාය දැනුමක් සහ ඉහළ කුසලතාවයක් අවශ්‍ය වේ.

    එබැවින් වෛද්‍ය අධ්‍යාපනය යනු සංකීර්ණ ක‍්‍රියාදාමයක් වන අතර, එහි සායනික පුහුණුවෙන් 95% ක් පමණ සිදු වන්නේ රජයේ රෝහල්වල වාට්ටු තුළ දී ය. එමෙන්ම, ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවාවේ ඉතාම වැදගත් අංගයක් වන රෝග වැළැක්වීමේ සත්කාර (Preventive health care) මුළුමනින් ම පාහේ සිදු වන්නේ රාජ්‍ය සෞඛ්‍ය ආයතන හරහා පමණි.

    පෞද්ගලික ව්‍යාපාරයකට, පුද්ගලයෙකුට හෝ පෞද්ගලික ආයතනයකට එසේ ඉහළ මට්ටමක ගුණාත්මක භාවයක් පවත්වා ගැනීම ඉතාම අපහසු ය.

    පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය සැලකීමේ දී, ඉහළ ලාභයක් සහ ඉහළ ගුණාත්මක භාවය යන දෙකම එකවර පවත්වා ගත නොහැක. මක්නිසාද, ඉන් එකක තත්ත්වය ඉහළට යන විට අනෙක පහත් තත්වයකට ඇදවැටීම නිතැතින් ම සිදු වන දෙයකි.

    ලෝකයේ මානව සංවර්ධන දර්ශකය (Human development index) ඉහළ අගයක් ගන්නා ජර්මනිය, නෝර්වේ, ස්වීඩනය, ඩෙන්මාර්කය, ඕස්ටි‍්‍රයාව, ෆින්ලන්තය, ප‍්‍රංශය, ස්පාඤ්ඤය වැනි රටවල පවතින එක් ගුණාංගයක් වන්නේ නිදහස් අධ්‍යාපනයයි. පහත සඳහන් රටවල් සෞඛ්‍ය සේවයේ ගුණාත්මකභාවය අනුව ලෝකයේ අත්කරගෙන සිටින ස්ථානයන් සහ එහි පවතින පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සංඛ්‍යාවන් මදක් සසඳා බලන්න.

    රටක සෞඛ්‍ය සේවය ශ්‍රේණිගත කිරීම

    ඉහත රටවල පවතින අතලොස්සක් වන රාජ්‍ය නොවන වෛද්‍ය විද්‍යාල සියල්ල පුද්ගලික ඒවා නොවන අතර භාරකාර මණ්ඩලයක් මගින් පාලනය වන, ලාබ නොලබන පුණ්‍ය ආයතන ලෙස ක‍්‍රියාත්මක වේ.

    පහත සඳහන් දකුණු ආසියානු රටවල් හතර තුල පුද්ගලික වෛද්‍ය විද්‍යල විශාල ප‍්‍රමාණයක් පවතින අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රේණිගත කිරීම අනුව ඔවුන්ගේ සෞඛ්‍ය සේවාවන් ලෝකයේ අත්කර ගෙන සිටින ස්ථාන මදක් සසඳා බලන්න. පෞද්ගලීකරණය කිරීමෙන් ඔවුන්ගේ සෞඛ්‍ය සේවාවන්ට අත් වී ඇති ඉරණම ඔබට පැහැදිලි වනු ඇත.

    කුසලතාවය මත නොව මුදල් මත පදනම්ව රාජ්‍ය ප‍්‍රතිපත්තියක් ලෙස පුද්ගලික අංශය විසින් වෛද්‍ය උපාධිය අලෙවි කරන එකම රට ඉන්දියාවයි. වෛද්‍ය අධ්‍යාපනය වාණිජකරණය වීම නිදහස් ඉන්දියාව තුල සිදු වූ විශාලතම වරදයි.” – ඉන්දියාවේ හිටපු සෞඛ්‍ය ලේකම් සුජාතා රාඕ

    පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීම පිළිබඳ ඉන්දියානු ආදර්ශය

    1950 දී ඉන්දියාව තුල පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීම රාජ්‍ය ප‍්‍රතිපත්තියක් ලෙස අවසර දෙන ලදී. එමෙන්ම 1991දී විවෘත ආර්ථිකය හඳුන්වා දීමත් සමග තවදුරටත් හඳුන්වා දුන් සංශෝධන මගින් මෙය ප‍්‍රවර්ධනය කරන ලදී.

    වසර 70කට පසු ප‍්‍රතිඵලය පහත තොරතුරු වලින් හෙළි වේ.

    ‘‘කුසලතාවය මත නොව මුදල් මත පදනම්ව රාජ්‍ය ප‍්‍රතිපත්තියක් ලෙස පුද්ගලික අංශය විසින් වෛද්‍ය උපාධිය අලෙවි කරන එකම රට ඉන්දියාවයි. වෛද්‍ය අධ්‍යාපනය වාණිජකරණය වීම නිදහස් ඉන්දියාව තුල සිදු වූ විශාලතම වරදයි.” – ඉන්දියාවේ හිටපු සෞඛ්‍ය ලේකම් සුජාතා රා ඕ

    ඉන්දියාව තුල රාජ්‍ය හා පෞද්ගලික අංශය තුල පවතින වෛද්‍ය විද්‍යාල ගණන 570කි.එහෙත් තවමත් ජන අනුපාතය අනුව වෛද්‍යවරුන් සංඛ්‍යාව 1:1700කි.

    වසරකට වෛද්‍ය උපාධිධාරීන් 50 000කට අධික සංඛ්‍යාවක් බිහි වූවත් සෞඛ්‍ය දර්ශක අතින් තවමත් ඉතා පහල තත්ත්වයක පවතියි. ඉන්දියාවේ වෛද්‍යවරුන් 45%ක්ම තවමත් වෛද්‍යවරුන් ලෙස කටයුතු කිරීම සඳහා නිසි පුහුණුවක් නොමැති බව සමීක්ෂණ වලින් හෙලි වී තිබේ.

    පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හිමිකරුවන් මුදල් බලයෙන් ඉන්දීය වෛද්‍ය සභාව (ඵක්‍) නතු කර ගන්නා බවද 2010දී ඉන්දියානු වෛද්‍ය සභාවේ සභාපති වරයා විශාල වශයෙන් අල්ලස් ලබා ගෙන ඇති බවද අධිකරණය ඉදිරියේ ඔප්පු වී ඇත. එමෙන්ම තවත් වාර්තාවක් පෙන්වා දෙන්නේ ඉන්දීය වෛද්‍ය සභාව විසින් නුසුදුසු යැයි ප‍්‍රතික්ෂේප කරන ආයතන පවා යලි සලකා බලන ලෙස නියෝග කර අධිකරණය පද්ධතියද ඉන්දීය වෛද්‍ය අධ්‍යාපනයේ ප‍්‍රමිතිය බාල කිරීම සඳහා ක‍්‍රියා කරන බවයි.

    තම රටේ රැකියා අවස්ථා නොමැති නිසා විදේශ වලට ඉන්දීය වෛද්‍යවරුන් සංක‍්‍රමණය වන අතර පසුගිය වසර කිහිපය තුළ රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමට අසමත්භාවය හා වෘත්තීය අවභාවිතය (Medical Negligence) නිසා එක්සත් රාජධානියේ වෛද්‍ය සභාව විසින් ප‍්‍රතික්ෂේප කරන ලද වෛද්‍යවරුන් වැඩිම සංඛ්‍යාවක් බිහි වී ඇත්තේ ඉන්දියාවෙනි.

    ඉන්දීය ප‍්‍රාන්ත රජයක් විසින් පසුගියදා වෛද්‍ය උපාධි ලබා දීමට නුසුදුසු යැයි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල 34ක් තහනම් කලේ මෙම වෛද්‍ය විද්‍යාල පිලිගත යුතු යැයි ඉන්දීය අධිකරණය පවා තීරණය කර තිබියදීය.

    අධිකරණ නියෝග පවා නොසලකා ජනතාවගේ සෞඛ්‍ය සුබසාධනය හා වෛද්‍ය අධ්‍යාපනයහ ප‍්‍රමිතිය ගැන ඉන්දීය රජය සෘජු තීරන ගත් අවස්ථා ඇති බව මෙයින් පැහැදිලි වේ.

    රැකියා විරහිත ඉන්දීය වෛද්‍ය උපාධිධාරීන් තම වෘත්තීය සුදුසුකම් වලට නොගැලපෙන වෙළඳ ව්‍යාපාර, රැකියා හා නීතිවිරෝධී ජාවාරම් වල යෙදී තම ජීවිතය ගැටගසා ගන්නා බවට වාර්තා පල වී ඇත.

    උග‍්‍ර ආචාර්ය හිඟයක් මෙම වෛද්‍ය විද්‍යාල වල පවතින නිසා කූඨ ව්‍යාපාරිකයෝ තම උපාධි ආයතන වල ආචාර්ය, මහාචාර්ය ලෙස කිසිදා එම ආයතන වලට පය තබා නොමැති ආචාර්ය, මහාචාර්යවරුන්ගේ නම් මිලදී ගෙන තම ආයතනයේ ප‍්‍රචාරයට යොදා ගනියි.

    බොහෝ පෞද්ගලික වෛද්‍ය පීඨ වලින් නිසි පූර්ව සායනික හෝ සායනික පුහුණුවක් නොලැබේ.

    ඉන්දියානු වෛද්‍ය සභාවහි නිර්දේශ වලට අනුව සෑම වෛද්‍ය පීඨයකටම අනුබද්ධිතව ඇඳන් 300ක් සහත ශික්ෂණ රෝහලක් පැවතිය යුතු වුවද පවතින රෝහල්ද වියදම් දරා ගැනීමට හා පවත්වා ගැනීමට නොහැකිව හිස්ව පවතියි. එම නිසා හදිසි රෝග තත්තව (Emergency management) සඳහා පවා මුහුණ දිය නොහැකි වෛද්‍යවරුන් පිරිසක් බිහි වෙමින් පවතියි.
    ඉන්දීය රජය විසින් මෙම ආයතන නිරීක්ෂණය කරන අවස්ථා වලදී එහි රෝගීන් ලෙස පෙනී සිටින්නේ මුදල් ගෙවා ලබා ගත් දුප්පතුන් ය.

    සෑම වෛද්‍ය පීඨ හයකින් එකක් ම 6:1 විභාග වංචා කිරීම පිලිබඳව අධිකරණය ඉදිරියේ චෝදනා ලබා ඇත. පාඨමාලා ගාස්තු වලට අමතරව මුදල් පරිත්‍යාග ලබා ගෙන සිසුන් ඇතුලත් කර ගැනීම පිලිබඳවද බොහෝ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල චෝදනා ලබා ඇත.

    මීට දශක ගණනාවකට පෙර මුදල් මත පදනම් වූ වෛද්‍ය විද්‍යාල හඳුන්වා දීම නිසා ඉන්දියාවට ආපසු හැරවිය නොහැකි ප‍්‍රතිවිපාක වලට අද මුහුණ දීමට සිදුවීම පිලිබඳව එරට කණගාටු වන බව මේ තොරතුරු වලින් හෙලි වේ.

    වසන්ත අල්විස් – මාධ්‍ය සම්බන්ධීකාරක, වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය

    සංස්කාරක සටහන

    මෙම ලිපිය සංවාදයට විවෘත අතර වෙනත් මතවාද සදහා ද මේ හා සමාන ඉඩක් හා ප්‍රමුඛතාවක් ලබා දීම අපගේ සංස්කරණ ප්‍රතිපත්තිය වේ. ඔබට මේ සදහා ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය නම් කරුණාකර ප්‍රධාන සංස්කාරකවරයාට අමතන්න – 076 610 9836 හෝ gajabanagaha1975@gmail.com යොමු කරන්න (කරුණාකර ලිපි යොමු කරන්නේ නම් එම ලිපි ‘Unicode‘ මගින් යොමු කළ යුතු අතර එය soft copy පමණක් විය යුතුය.HM NEWSEdit

  • සජිත් පිළේ දිනන කිහිප දෙනාගේ ‘දේශපාලන අනාගතය ගැන’ නවීන්ගෙන් අනාවැකියක්

    සජිත් පිළේ දිනන කිහිප දෙනාගේ ‘දේශපාලන අනාගතය ගැන’ නවීන්ගෙන් අනාවැකියක්

    එක්සත් ජාතික පක්ෂයෙන් වෙන් වි ගිය කොටසක් කිසිදු ප්‍රතිපත්තියක් නොමැතිව රටේ පාලන බලය ලබා ගැනීමට උත්සහ කරන බවත්, එය කිසිසේත් ඔහුන්ට සිදු කළ නොහැකි බවත් නවින් දිසානායක මහතා මෙහිදී අවධාරණයෙන් සදහන් කළේය.

    මෙම මහ මැතිවරණය තමන් තරග කරන අවසන් මහ මැතිවරණය බවත් ඉන් පසු එක්සත් ජාතික පාක්ෂිකයෙකු වශයෙන් දිගටම දේශපාලනයේ රැදී සිටින බවත් නවීන් දිසානායක මහතා පවසයි.

    නවින් දිසානායක මහතාගේ මැතිවරණ කාර්යයාලයක් ගිනිගත්හේන නගරයේ විවෘත කිරිමෙන් අනතුරුව පැවති ජන හමුවේදී මේ බව සදහන් කළ නවීන් දිසානායක මහතා වැඩි දුරටත් කියා සිටියේ මහ මැතිවරණයේදි ජයග්‍රහණය කරන සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනා අනිවාර්යෙන්ම රාජපක්ෂ කදවුර ශක්තිමත් කිරිමට ඔහුන් පිහිටුවන රජයත් සමග එක්වන බවයි.

    ශක්තිමත් පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂ තුළ මතභේද ඇති කර කඩා වෙන් කිරිම තුළින් රාජපක්ෂ කදවුර ශක්තිමත් වන බව කී නවීන් දිසානායක මහතා රටේ නායකයින් ගණනාවක් බිහි කර ශක්තිමත් එක්සත් ජාතික පක්ෂය තවදුරටත් ශක්තිමත් නායකයින් රැසක් සිටින බව ද සදහන් කළේය.

    එක්සත් ජාතික පක්ෂයෙන් වෙන් වි ගිය කොටසක් කිසිදු ප්‍රතිපත්තියක් නොමැතිව රටේ පාලන බලය ලබා ගැනීමට උත්සහ කරන බවත්, එය කිසිසේත් ඔහුන්ට සිදු කළ නොහැකි බවත් නවින් දිසානායක මහතා මෙහිදී අවධාරණයෙන් සදහන් කළේය.

    සමගි ජන බලවේගය සමග එක් වි සිටින වැඩි පිරිසක් බලය සහ තනතුරු නොමැතිව දේශපාලනයේ රැදි සිටිමට නොහැකි පිරිසක් බව පෙන්වා දුන් නවීන් දිසානායක මහතා එම පිරිස මැතිවරණයෙන් ජයගෙන ශ්‍රි ලංකා නිදහස් පොදු ජන සන්ධානය පිහිටුවන රජයට අනිවාර්යෙන්ම එක්වන බවද සදහන් කළේය.

  • රාජ්‍ය සේවක ණය හා පොළී මේ මස සිට කැපීමට නියෝග

    රාජ්‍ය සේවක ණය හා පොළී මේ මස සිට කැපීමට නියෝග

    Covid-19 වසංගතය හේතුවෙන් ඇතිවූ තත්ත්වය සැලකිල්ලට ගෙන රජයේ නිලධාරීන්ගේ අත්හිටුවා තිබූ ණය වාරික හා ණය පොලී මෙම මස වැටුපේ සිට යළි අය කිරීමට අදාළ චක්‍රලේඛය මේ වන විට නිකුත් කර ඇති බව බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ජේ. ජේ රත්නසිරි මහතා පැවසීය.

    රාජ්‍ය සේවය යළි සක්‍රීය කිරීම පිළිබද සිය අදහස් දක්මින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා කියා සිටියේ කොවිඩ්-19 ව්‍යාප්තියත් සමඟ රාජ්‍ය සේවකයින්ට සේවයට වාර්තා කිරීමට ලබාදී තිබූ සහන කාලය දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට හා ආයතන ප්‍රධානීන්ට අවශ්‍ය පරිදි  තවදුරටත් පවත්වාගෙන යන ලෙසට උපදෙස් දී ලබා දී ඇති බවයි.

  • ජයන්ත ධනාපාල ව්‍යවස්ථා සභාවෙන් ඉල්ලා අස්වෙයි

    ජයන්ත ධනාපාල ව්‍යවස්ථා සභාවෙන් ඉල්ලා අස්වෙයි

    කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු වන ආචාර්ය ජයන්ත ධනපාල මහතා ව්‍යවස්ථා සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස් වී ඇති බව ව්‍යවස්ථා සභාවේ සභාපති හිටපු කතානායක කරු ජයසුරිය මහතා පවසයි.

    සෞඛ්‍ය හේතුන් මත ධනපාල මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව රැස්වූ පසු නිල වශයෙන් දැනුම්දීමට කටයුතු කරන බවත්  කරු ජයසුරිය වැඩිදුරටත් පැවසීය.

    ආචාර්ය ජයන්ත ධනපාල මහතා ව්‍යවස්ථා සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනාගේ එක් අයකු ලෙස පත්කරනු ලැබ සිටියේ ය.

  • යුද්ධ හමුදා ඉංජිනේරු බළකාය කළ ‘විශ්මිත මෙහෙයුමක’ ප්‍රතිඵල මෙන්න !

    යුද්ධ හමුදා ඉංජිනේරු බළකාය කළ ‘විශ්මිත මෙහෙයුමක’ ප්‍රතිඵල මෙන්න !

    ඉංජිනේරු බලකා භටපිරිස් විසින් නිෂ්පාදනය කරන ලද යුනිකෝන්/යුනිබෆල් රථ 9 ක්, ආපදා රථයක් සහ මෙරටට ආනයනය කරන ලද වාහන අමතර කොටස් බහාලුම් 03 ක් බටහිර අප්‍රිකාවේ, මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරී සඳහා යොදවා සිටින ශ්‍රී ලාංකික සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායමේ (Combat Convoy Company) පරිහරණය සඳහා යැවීමට නැව්ගත කිරීමට සියලු කටයුතු සුදානම් කර ඇත.

    මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති හා කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ සම්ප්‍රාප්තියෙන් අනතුරුව එම වාහන සහ උපාංග තොගය විධිමත් ලෙස නැව්ගත කිරීමේ කටයුතු සඳහා අද (26) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේ දී බෙන් ලයින් ෂිපිං ඒජන්සි (පුද්ගලික) සමාගමේ (Ben Line Shipping Agencies (Pvt) Ltd) කළමනාකරු රාහිලීන් බූරම් මහතා වෙත සංකේතාත්මකව භාර දෙන ලදී.

    බිම් බෝම්බ අදී උවදුරු සඳහා ඔරොත්තු දෙන පරිදි මෙම වාහන සහ උපකරණ, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස්හි තාක්‍ෂණික විශේෂඥතාවයෙන් දේශීයව නිෂ්පාදනය කරන ලද අතර, මෙම වාහන සහ උපකරණ එක්සත් ජාතීන්ගේ පිරිවිතරයන්ට අනුකූල වන පරිදි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ආනයනික අමතර කොටස් භාවිතා කරමින් නිෂ්පාදනය කර ඇති හෙයින් රජයට සහ යුද්ධ හමුදාවට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි කර ගත හැකිය. වසර ගණනාවක් තිස්සේ දකුණු අප්‍රිකානු වාහනවලට සමානව එම වාහන නිෂ්පාදනය කිරීමට ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය දායක වී තිබේ.

    මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් මාධ්‍ය අමතමින් “පසුගිය වසර දෙකක කාලය තුළ මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරී සඳහා යොදවා සිටින ශ්‍රී ලාංකික විරෝදාර රණවිරුවන් 243 දෙනාගේ පරිහරණය සඳහා යුනිබෆල් රථ 9 ක් සහ ආපදා රථයක් ඇතුළු උපකරණ තොගයක් නැව්ගත කිරීමට හැකවීම පිළිබඳ අපි ඉතා සතුටට පත් වෙනවා.

    අපි එක්සත් ජාතින්ගේ සංවිධානය එක්ක එකඟ වෙලා තියෙනවා අපේ කණ්ඩායමට ලබාදිය යුතු වාහන ප්‍රමාණය ගැන. ඒ වාහන වලට පිටරටින් ගෙන්වපු WMAZ වාහන මීට පෙර ලබාදී තිබුනේ. ඒ වාහන මිල අධිකයි. සාමාන්‍යයෙන් මිලියන 40 ක් විතර වෙනවා. අපට ඒක විශාල වියදමක් වන නිසා අපගේ දක්‍ෂ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවෙ වෙතින් මීට ප්‍රථමත් යුනිබෆල් රථ නිපදවුවා. එම මුදලින් ¼ ක මුදලකට මසක් ඇතුලත ආකර්ෂණිය ලෙස නිපදවූ යුනිබෆල් රථ 9 ක් මාලි රාජ්‍ය දැනට සේවය කරන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සංග්‍රමික බලඝණයේ ප්‍රයෝජනය සඳහා යැවීමට සැලසුම් කර ඇත”

    “ මේක අර අනිකුත් WMAZ රථ හා සමානයි, එකම වෙනස යන සංඛ්‍යාවේ වෙනසක් තියෙනවා. යුනිබෆල් රථ මීට පෙර සැදු විට තිබුණු ක්‍රමවේදයයි මේ අතර ලොකු වෙනසක් තියෙනවා. පිටරටින් ගෙන්වන යුනිබෆල් රථ වල වායුසමිකරණය කරලා නැහැ. ඒත් එක්සත් ජාතින්ගේ සංවිධානයේ වාහනවල තිබිය යුතු දේවල් ගැන යම් කොන්දේසි තියෙනවා. ඒවාට අවශ පරිදි තමයි මේ යුනිබෆල් රථ නිපදවලා තියෙන්නේ. මාත් නැගලා බැලුවා හරි පහසුයි. මෙතෙක් කල් අපි පිටරටින් ගෙන්වපු වාහන එක්ක බලුවම හරි ලේසියි ඉදගෙන යා හැකියි.

    මාලි රාජ්‍යයේ සේවයේ යෙදී සිටියදි කිලෝමීටර් දහස් ගණන් ධාවනයේ යෙදෙන්න වෙනවා. ඒ නිසා ලබාදීමට හැකි උපරිම පහසුකම් අපගේ රණවිරුවන්ට ලබාදිලා තියෙනවා. අනෙකුත් අනෙකුත් යුනිබෆල් රථ එක්ක බැලුවම, ඒවාගේ තියෙන්නේ එක් ගන් ඔපරේටර් කෙනෙක් එක්ක, අපි අවි දෙකක් සකස් කරලා තියෙනවා. මාලි රාජ්‍යයේ තියෙන බිම්වෙඩි අපේ ඉන්න ගොඩාක් දක්‍ෂ විරෝධාර රණවිරුවන් ගොඩාක් වෙලාවට අපි හොයාගෙන තියෙනවා.

    කොවිඩ්-19 තියෙන කාලසීමාව තුල අපගේ ශ්‍රේෂ්ඨ ශ්‍රී ලාංකිකයන් ගේවල්වලට වී නිකම් ඉන්නේ නැතිව විවිධ නිෂ්පාදන කරන්න යෙදුනා. ඉතින් ඒ නිෂ්පාදනවලින් අලුත් නිෂ්පාදන, අලුත් සොයාගැනිම් කරනු ලැබුවා. අපි රටක් වශයෙන් පිටරට වලින් භාණ්ඩ ගෙන්නේ නැතිව ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කලොත් අප රට තුල මුදල් රැදීම සිදුවෙනවා. අපි හිතනවා මේවා දැක්කම පිටරටවලින් මේවට ඉල්ලුමක් එයි කියලා. පාබල ඒකකවලට ඉතාමත් වැදගත් රථයක් ඉතින් මම හිතනවා ඉදිරි කාලයේදී ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කරලා විදේශ හමුදාවට පවා මෙය විකිණිමට වුණත් හැකියාවක් තියෙයි කියලා” යනුවෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මාධ්‍ය අමතමින් වැඩිදුරටත් පැවසීය.

    මේ වනවිට, ලුතිනන් කර්නල් නිහාල් ගාල්ලගේ අණදීම යටතේ නිලධාරීන් 20 ක් සහ සෙසුනිලයින් 223 ක් ඇතුළු ශ්‍රී ලංකා එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයන් 243 ක් සහ වාහන 65 ක් මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාම සාධක රාජකාරී සඳහා යොදවා ඇත. මෙම වාහන සහ උපකරණ අද (26) දින යුද්ධ හමුදාපතිතුමන් වෙත භාරදීමට ප්‍රථම කටුබැද්දේ පිහිටි ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ මුලික වැඩපලේදී විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ විසින් පරික්‍ෂා කරන ලදී.

    යුද්ධ හමුදා මුලස්ථානයේ පැවැති මෙම උත්සවය සඳහා යුද්ධ හමුදාවේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගි වූහ.

  • 50% ක ධාරිතාවයකින් පෙර පාසල් ආරම්භ කිරීමට තීරණයක්

    50% ක ධාරිතාවයකින් පෙර පාසල් ආරම්භ කිරීමට තීරණයක්

    ඇහැළියගොඩ ආසනයේ පෙරපාසල් ගූරුවරුන්ගේ ගැටළු පිළිබද සාකච්ඡා කිරිම සදහා  විශේෂ හමුවක් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ සහභාගීත්වයෙන් අද දින (26) ඇහැළියගොඩ ප්‍රදේශයේ දී පැවැත්විනි.

    මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරිය මෙම අදහස් පළ කරන ලදි.

    මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරිය – “රට විවෘත කර අදට දවස් 45 ක් වෙනවා. රට විවෘත කිරිමත් සමග අප රටේ දෙමව්පියන්ගෙන් ලැබුනු ඉල්ලීම තමයි තමන්ගේ දරුවාට මූලික අධ්‍යාපනය ලබාදෙන පෙරපාසල් විවෘත කිරිම සදහා අවස්ථාව ලබාදෙන ලෙස.

    රජය ඒ පිළිබදව අවධානය යෙමු කොට, පෙරපාසල් ගුරුවරු සමග සාකච්ඡා කර තීන්දුවක් ගනු ලැබුවා පෙරපාසල් විවෘත කිරිමට අවස්ථාව සැලසීමට. ඒ අනුව සෞඛ්‍ය අංශ සහ විශේෂඥ උපදෙස් සැළකිල්ලට ගනිමින් දිවයිනේ සියළු පෙරපාසල් සියයට 50 ක පමණ ධාරිතාවයකින් විවෘත කිරිමට මින් පසු ඉඩකඩ ලැබෙනවා. පාසල් ආරම්භ කිරිමටත් බලාපොරොත්තුවක් ඉදිරියේ දී තිබෙන නිසා සෞඛ්‍ය අමාත්‍යංශය මෙම තීන්දුව ගනු ලැබුවා.”

    කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය මාර්තු මස 13 දින සිට දිවයිනේ සියළුම පාසල් හා පෙරපාසල් වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගනු ලැබීය.

  • අගෝස්තු 06 වෙනිදාට සජිත්ගේ විපක්ෂනායක සිහිනය ද බිදවැටෙනවා – ඇමති ප්‍රසන්න

    අගෝස්තු 06 වෙනිදාට සජිත්ගේ විපක්ෂනායක සිහිනය ද බිදවැටෙනවා – ඇමති ප්‍රසන්න

    ආණ්ඩුවට එරෙහි ව විපක්ෂය බොරු බිල්ලක් මවන බවත් ඒවාට ජනතාව රැවටෙන්නේ නැති බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

    ඔහු පෙන්වා දෙන්නේ රට ගොඩනැගිය හැක්කේ මහින්ද – ගෝඨාභය සුසංයෝගයට පමණක් බවයි. ජනපති සිහිනය දුටු සජිත් දැන් අගමැති සිහින දකින බව පැවසූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා අගෝස්තු මස 06 වෙනිදා වන විට සජිත්ගේ ජනපති – අගමැති සිහින බිද වැටී විපක්ෂ නායක තනතුරු ද අහිමි වන බවත් කීවේය.

    මිනුවන්ගොඩ විගොඩ ප්‍රදේශයේ ඊයේ (25) පැවති ජනහමුවකට එක්වෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය.

    මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.

    “මම හොද ශ්‍රී ලංකාකාරයෙක්. හැබැයි මෛත්‍රීපාල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අලියාගේ නැට්ටේ එල්ලුවාට පස්සේ අපි ඒ පක්ෂයෙන් ඉවත් වෙලා නියම ශ්‍රී ලංකා ප්‍රතිපත්ති සහිත නව දේශපාලන පක්ෂයක් ගොඩනැගුවා. අපේ නායකයා මහින්ද මහත්තයා. මේ පක්ෂය හදනකොට මෛත්‍රී අපිව පාරක් පාරක් ගාණේ ඇවිද්දනවා බවට තර්ජනය කළා. අපිව පක්ෂ සංවිධායක ධූර වලින් ඉවත් කළා. අපෙන් පළිගන්න බොරු නඩු පැටලෙව්වා. අදටත් අපි ඒ නඩු වලට යනවා. එහෙම කරලා බැලුවේ අපිව නවත්තන්න. හැබැයි ජනතාව හිටියේ අපිත් එක්ක.

    රටටත්, පක්ෂයටත් කරපු විනාශයට මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා වග කිව යුතුයි. ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දිනවන්න ශ්‍රීලනිපය එකතු වුණු බව ඇත්ත. ඒත් මේ මහ මැතිවරණයට මෛත්‍රීපාල සිරිසේනව එකතු කර ගැනීම මා පෞද්ගලිකව විරුද්ධයි. ඔහුට අපේක්ෂකත්වය දුන්නු එක වැරදියි.

    මෛත්‍රී හැමදාම කළේ පාවා දීම්. කොයිවෙලේ ඔහු අපිව පාවා දෙයි ද මට නම් සැකයි. ගියපාර ජනාධිපතිවරණයේ දී මෛත්‍රී වචනයක් කථා කළේ නෑ. යටින් උදව් කළේ සජිත්ට.  ඒ නිසා අපිට සැකයක් තියෙනවා ඔහුගේ කණ්ඩායමක් දිනවගෙන අපිට කිසියම් බලපෑමක් කරන්න ඉඩ තියෙනවා. ඒ නිසයි මම කිව්වේ මෛත්‍රීට ගෑවුණු එකෙකුටවත් ඡන්දය දෙන්න එපා කියලා.

    අපි මෙවර මහ මැතිවරණය තුනෙන් දෙකක බහුතර බලයක් ලබාගන්නවා. එතකොට අපි යහපාලනය ගෙන ආ රටට එරෙහි සියලු අණපණත් සියල්ල අහෝසි කරනවා. සමහරු අහනවා MCC  ගිවිසුම අත්සන් කරනවා ද කියලා. ඒ ගිවිසුම සමාලෝචනය කරන්න අපි විද්වත් කමිටුවක් පත්කර තිබෙනවා. ඒ කමිටුව වාර්තාව මේ වන විට ඉදිරිපත් කර තිබෙනවා. ඒ වාර්තාව ජනාධිපතිතුමා ජනතාවට ඉදිරිපත් කරන්න කියලා උපදෙස් දුන්නේ මේ ආණ්ඩුව රටට වග කියන ආණ්ඩුවක් නිසයි.

    ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ මහින්ද රාජපක්ෂ මහතා මේ රටට අහිතකර අණපණත්වලට කිසිසේත් අත්සන් තබන්නේ නෑ. ඒක ස්ථිරයි. ඒ නිසා විපක්ෂය මවන බොරු බිල්ලන්ට රැවටෙන්න එපා. විපක්ෂය ආණ්ඩුවට එරෙහිව බොරු බිල්ලන් මවන්නේ ජනතාව නොමග යවන්නයි. ජනතාව නොමග යැවීම පිළිබද ව එජාපයට හා ජවිපෙට හොද පළපුරුද්දක් තිබෙනවා. ඒ නිසා විපක්ෂය හා ජවිපෙ මවන බොරු බිල්ලන්ට රැවටෙන්න එපා.

    2020 අගෝස්තු 05 වෙනිදායින් පසු රටේ අගමැතිවරයා වන්නේ මහින්ද රාජපක්ෂ මහතායි.  මම දැක්ක සජිත් ප්‍රේමදාස හා ඔහුගේ ගැත්තන් කියනවා සජිත් අගමැති වෙනවා කියලා. සජිත් මුලින් ම සිහින ජනපති. දැන් සිහින අගමැති. අගෝස්තු 05 වෙනිදායින් පසු සජිත්ට විපක්ෂ නායකකමත් නැතිව යනවා. ඒක ස්ථිරයි. ජනපති එක පක්ෂයකයි අගමැති තව පක්ෂයකයි හිටපු වෙලාවේ මේ රටට වුණු විනාශය අමතක නෑ.

    රනිල් – මෛත්‍රී ආණ්ඩුව එළහරකයි – මී හරකයි ආණ්ඩුවක්. නැවත එවැනි ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට මේ රටේ ජනතාව සුදානම් නෑ. ඒ නිසා තුනෙන් දෙකක බහුතර බලයක් සහිත ස්ථාවර ආණ්ඩුවක් අපි පිහිටුවනවා. එමගින් යහපාලනය විනාශ කළ මේ රට නැවත ගොඩ ගන්නවා. වසර 30ක යුද්ධය අවසන් කළා ලෝකෙම බයේ හැංගෙද්දි රටේ කොවිඩ් වසංගතය පාලනය කළ ගෝඨාභය – මහින්ද සුසංයෝගයට මිස වෙන කිසිවෙකු ට මේ රට නැවත ගොඩ ගත නොහැකියි”.

  • මහජන උද්ඝෝෂණ හමුවේ Fair and Lovely අඩියක් පසුපසට ගනී

    මහජන උද්ඝෝෂණ හමුවේ Fair and Lovely අඩියක් පසුපසට ගනී

    ඇමෙරිකානු ජාතික ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනයත් සමග නිර්මාණය වූ ‘වර්ණ භේදවාදයට‘ එරෙහි ගෝලීය රැල්ල විවිධ ස්වරූපයෙන් මේ වන විට අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. මේ අතර ක්‍රියාකාරී කණ්ඩායම් සේම තනි පුද්ගලයින් ද ජයග්‍රහණ සහ වැදගත් අවස්ථාවන් ළගා කර ගෙන තිබෙනවා. ඒ අතර ඉන්දියාවෙන් ඇසෙන මේ කතාව ඔබට අතිෂය වැදගත්. මේ ඒ කතාව.

    ගෝලීය පාරිභෝගික දැවැන්තයා වන යුනිලීවර් (Unilever) සමාගම පවසන්නේ එහි වඩාත්ම ජනප්‍රිය නිෂ්පාදනය වන Fair and Lovely හි සදහන් “ෆෙයාර් Fair ” යන වචනය එහි නමෙන් ඉවත් කරන බවයි. 

    කාලයක් තිස්සේ මේ සම්බන්ධයෙන් උද්ඝෝෂණවල නිරත වූ කණ්ඩායම් අදාළ ප්‍රවෘත්ති සාදරයෙන් පිළිගෙන ඇති නමුත් ඔවුන් පවසන්නේ මෙම පියවර පමණක් ප්‍රමාණවත් නොවන බවයි.

    එහෙත් Fair and Lovely වැනි සම පැහැපත් කරන බව කියන නිෂ්පාදනවලට එරෙහිව කොතරම් උද්ඝෝෂණ පැවතියත් ඉන්දියාවේ එවැනි නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම අඩුවීමක් ද නොමැති බව නිරීක්ෂකයින් සදහන් කරයි.

    ‘සම පැහැපත් කරන බව කියන නිෂ්පාදනවලට එරෙහිව කොතරම් උද්ඝෝෂණ සිදු වුණත් ඒවායේ අලෙවියේ කිසිම අඩුවක් සිදුව නැහැ‘ උද්ඝෝෂකයින්ට සහාය වන නමුත් ඒ ගැන ගැඹුරින් සලකා බලන පර්යේෂණ කණ්ඩායම් සදහන් කරනවා.

    යුනිලීවර් සහ එහි ඉන්දියානු අනුබද්ධ හින්දුස්ථාන් යුනිලීවර් ලිමිටඩ් Hindustan Unilever Limited (HUL) විසින් පසුගිය කාලය පුරා ප්‍රවර්ධනය කරමින් සිටින ‘සම පැහැපත් කරන‘ බව කියන නිෂ්පාදන හරහා අදුරු සමයක් තිබෙන ගැහැනු ළමුන් වැදගත් කොටසක් නොවන බව සහ ඔවුන්ට වටිනාකමක් (ආර්ථික, සමාජයීය සහ සංස්කෘති වශයෙන්) නැති බව පෙන්වන දැන්වීම් හා නිෂ්පාදනවලට එරෙහිව දැඩි විවේචනයක් ඉන්දිීය සමාජය තුළ තිබෙනවා.

    ඇමෙරිකානු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කිරීම සහ එය විසින් ජනිත කරන ලද ජාතිවාදය පිළිබඳ ලෝක ව්‍යාප්ත විවාදයට ප්‍රතිචාර වශයෙන් එක්සත් ජනපදයේ ප්‍රමුඛ බහුජාතික සමාගමක් වන ජොන්සන් සහ ජොන්සන් (Johnson and Johnson) ආසියාවේ සහ මැදපෙරදිග ජනප්‍රිය වූ කීම් දෙකක් තවදුරටත් නිෂ්පාදනය නොකරන බව ප්‍රකාශ කළ අවස්ථාවේ සිට පීඩනය වැඩි වෙමින් තිබෙනවා.

    “අපගේ සමහර නිෂ්පාදන (අදුරු සම සුදු හෝ පැහැපත් කරන) නම් හෝ ප්‍රකාශයන් ඔබේම අද්විතීය සමේ තානයට වඩා සාධාරණත්වය හෝ සුදු පැහැය නියෝජනය කරන බව පසුගිය සති කිහිපය තුළ කළ සංවාදවලින් ඉස්මතු වුණා” යනුවෙන් ජොන්සන් සහ ජොන්සන් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියා. 

    “මෙය කිසි විටෙකත් අපගේ අභිප්‍රාය නොවීය – නිරෝගී සම ලස්සන සමකි healthy skin is beautiful skin” එහි වැඩි දුරටත් සදහන් වුණා.

    Fair and Lovely  යනු ඉන්දියාවේ විශාලතම අලෙවියක් සහිත සම ආලෝකකරණ / පැහැපත් කරන (skin lightening cream) ක්‍රීම් වර්ගය වන අතර එහි වාර්ෂික ආදායම රුපියල් බිලියන 24 (ඩොලර් මිලියන 256) කි.

    මෙම නිෂ්පාදනය 1970 දශකයේ සිට පළමු වරට වෙළඳපොළට පැමිණි දා සිට සෑම වසරකම මෙහි ඒකක (ටියුබ්) මිලියන ගණනක් තරුණයින් හා තරුණියන් විසින් මිල දී ගනු ලබන්නේ සැහැල්ලු සම සාමාන්‍යයෙන් සුන්දරත්වයට සමාන වන රටක වීම විශේෂත්වයකි.

    බොලිවුඩයේ ‘සුපිරි තරු‘ ලෙස සැලකෙන නළු නිළියන් ෆෙයාර් ඇන්ඩ් ලව්ලි අනුමත කිරීම සඳහා වෙළඳ දැන්වීම්වල පෙනී සිට ඇති අතර එමගින් fair සම ආදරය හෝ ආකර්ෂණීය රැකියාවක් ලබා ගැනීම සඳහා උපකාරී වන බව ප්‍රවර්ධනය කෙරේ.

    මේ අතර පසුගිය බ්‍රහස්පතින්දා (25) උදෑසන ෆෙයාර් ඇන්ඩ් ලවුලි දැන්වීම් සහ අලෙවිය තහනම් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් වූ ඉල්ලීම්වලින් ෆෙයාර් ඇන්ඩ් ලව්ලි ඉන්දියාවේ ට්විටර් වෙබ් පිරී ගිය අතර ඒ ගැන සමාගමේ බලධාරීන්ගේ අවධානය යොමු විය.

    පසුගිය සති දෙක තුළ, අවම වශයෙන් change.org පෙත්සම් තුනක් වත් ගෝලීය වශයෙන් ඉදිරිපත් වී ඇති අතර, යුනිලීවර් සමාගම ආසියාවේ වෙළඳපලවලින් සහ බටහිර ආසියානු වෙළඳසැල් වලින් මෙම ක්‍රීම් තහනම් කරන ලෙස එමගින් ඉල්ලා තිබේ.

    බංග්ලාදේශයේ ජෙසෝර් හි විශාල දැන්වීම් පුවරුවක් ප්‍රචාරණය කරන සම ආලෝකකරණ ක්‍රීම්.
    ෆෙයාර් ඇන්ඩ් ලව්ලි බංග්ලාදේශය ඇතුළු ආසියානු රටවල් කිහිපයක ජනප්‍රියය

    මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ අයෙකු පැවසුවේ මෙම නිෂ්පාදනය “අභ්‍යන්තර ජාතිවාදයෙන් ගොඩ නැගී, සදාකාලිකව හා ප්‍රතිලාභ ලබා ඇති අතර එහි සියලු පාරිභෝගිකයින් අතර කළු-විරෝධී හැඟීම් ප්‍රවර්ධනය කරන” බවයි.

    මෙම අඛණ්ඩ විරෝධතා මධ්‍යෙය් ඊයේ (බ්‍රහස්පතින්දා) දහවල් යුනිලීවර් සමාගම “ක්‍රීම් සඳහා නව නමක් තෝරාගෙන ඇති අතර නියාමන අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටින” බව සදහන් කළේය.

    fair’, ‘white’ ‘light’යන වචන භාවිතා කිරීම නිවැරදි යැයි අප නොසිතන සුන්දරත්වයේ ඒකීය පරමාදර්ශයක් යෝජනා කරන බව අපි හඳුනා ගනිමු. අපට මෙය ආමන්ත්‍රණය කිරීමට අවශ්‍යයි” යනුවෙන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

    ඔවුන්ගේ සම ආරක්ෂණ එකතුව (skin care portfolio) “වඩාත් ඇතුළත් කර ගැනීම – more inclusive” සහ “සුන්දරත්වය පිළිබඳ විවිධාකාර නිරූපණයන් සැමරීමට නායකත්වය දීමට – want to lead the celebration of a more diverse portrayal of beauty ” ලෙස ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරමින් සිටින බව එහි වැඩිදුරටත් දැක්වේ.

    පසුගිය වසර කිහිපය තුළ, යුනිලිවර් පවසා ඇත්තේ ඔවුන් දැනටමත් යම් යම් වෙනස්කම් කර ඇති බවයි. එනම් ඇසුරුම්වලින් සෙවන කාඩ්පතක් (shade card)  ඉවත් කිරීම සහ ඔවුන්ගේ වෙළඳ දැන්වීම්වල සමේ පැහැය (skin tones) සංසන්දනය කිරීම පෙර සහ පසුව සිදු නොකිරීම (ක්‍රීම් භාවිතයට පෙර හා ඊට පසු), ආදිය ඒ අතර විය.

    ඔවුන්ගේ අනාගත ප්‍රවර්ධන වලදී “විවිධ සමේ පැහැය ඇති කාන්තාවන්, ඉන්දියාව සහ වෙනත් රටවල් පුරා විවිධත්වයේ රූපලාවණ්‍ය නියෝජනය කරයි” යනුවෙන් නම් කරනු ලබන බව ද ඔවුන් පොරොන්දු විය.

    ‘ඔවුන් එය කුමක් කීවත් එය තවමත් fairness cream’

    යුනිලිවර් නිකුත් කළ මෙම නිවේදනය ගැන බොහෝ දෙනෙක් ප්‍රීති වූ අතර එය ඓතිහාසික හා දැවැන්ත ජයග්‍රහණයක් ලෙස විස්තර කරනු ලැබුණි. නමුත් මේ අතර තවත් සමහරු පෙන්වා දුන්නේ එය ‘නව බෝතලයක පැරණි වයින්‘ බවයි.

    ‘සමාගම තවමත් එකම අමුද්‍රව්‍යවලින් නිෂ්පාදනය කළ එකම ක්‍රීම් එක නව නමකින් අලෙවි කරයි. වෙනස එපමණය‘ විවේචකයෝ සදහන් කළහ.

    එක් පෙත්සමක් සම්පාදනය කළ චන්දන හිරාන් බීබීසීයට කියා සිටියේ යුනිලීවර් නිවේදනය “මාවත කඩන තීරණයක්” නමුත් එය “ඇතුළත් වීමේ පළමු පියවර” පමණක් බවයි.

    “ඔවුන් ආඛ්‍යානය වෙනස් කිරීමට කැමති වීම ගැන මම සතුටු වන අතරම, ඔවුන්ගේ නිෂ්පාදනය එහි සාරය දෙස නැවත බැලීමට මට අවශ්‍යයි. ඔවුන් එය කුමක් කීවත් එය තවමත් fairness cream පමණයි”

    ඉතින්, වැදගත් ප්‍රශ්නය නම් – ශතවර්ෂ ගණනාවක් තිස්සේ රඳවාගෙන හා සදාකාලිකව පවත්වා ගෙන යන සමේ වර්ණය පිළිබඳ හැඟීම් වෙනස් කිරීමට ප්‍රමාණවත් නමක් තිබේද? යන්නයි.

    මෑත වසරවලදී,  Dark is Beautiful සහ #unfairandlovely වැනි උද්ඝෝෂණ ඉන්දියානුවන්ගේ සම කෙරෙහි ඇති ඇල්ම පිළිබඳව ප්‍රශ්න කර තිබේ.

    සමාජ මාධ්‍යවල නාගරික උගත් කාන්තාවන් වැඩි වැඩියෙන් බොලිවුඩ් තරු සහ ජනප්‍රිය රූපලාවණ්‍ය තරඟකරුවන් වර්ණ ගැන්වීම ප්‍රවර්ධනය කිරීම සඳහා කැඳවා තිබේ.

    එහෙත් උද්ඝෝෂණ ඉතා සීමිත බලපෑමක් ඇති කර ඇති අතර, සම පැහැපත් කරන නිෂ්පාදන සදහා ඉල්ලුම දිගින් දිගටම ඉහළ යාමත් නිරීක්ෂණය කළ හැකිය. දැඩි බලපෑමක් මේ දක්වා සිදුවන බවක් ද නැත.

    මේ අතර තම සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන fairness නිෂ්පාදන ආසියානු වෙළෙදපොළෙන් ඉවත් කර ගන්නා බවට ජොන්සන් සහ ජොන්සන් විසින් පසුගිය සතියේ කළ නිවේදනය ඇතැමුන්ගේ කණස්සල්ලට හේතු වී තිබේ. ඔවුන් කියන්නේ ‘ඔවුන්ට ඒවා මිලදී ගැනීමට අවශ්‍ය නම් ඔවුන්ට ඒ සදහා ඉඩ දිය යුතු‘ බවයි.

    සමාජ මාධ්‍යවල සමහරු කියා සිටියේ මෙය ඔවුන්ගේ ප්‍රජාවන්ට වෙනස් කොට සැලකීමක් බවයි.

    ‘ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල ද ෆෙයාර් ඇන්ඩ් ලව්ලි හිඟවීම දුක්ඛිත තත්වයකට පත්වන බව මම දනිමි. ගනුදෙනුකරුවන් විශාල සංඛ්‍යාවක් කුඩා නගරවල සහ ග්‍රාමීය ඉන්දියාවේ සිටින අතර සමේ වර්ණය හා Black Lives Matter movement වැනි බටහිර රටවල ඇවිලෙන දේශපාලන ව්‍යාපාර පිළිබද ඔවුන්ට වැටහීමක් ඇත්තේම නැත. ඔවුන් ඒවා දන්නේ ද නැත.

    Geeta Pandey – බී.බී.සී හි දිල්ලි ලේඛිකාව විසින් අද දින (26) Fair and Lovely: Can renaming a fairness cream stop colourism? යන ශීර්ෂය යටතේ සම්පාදිත ලිපියකි.

    පරිවර්තනය කර ප්‍රකාශයට පත් කිරීමේදී අලුතින් ඡායාරූප කිහිපයක් එක්කර ඇත. – ප්‍රධාන සංස්කාරක

    සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • සුපිරි තරු 15ක් හැඩකළ Red Lipstick රස විදින්න !

    සුපිරි තරු 15ක් හැඩකළ Red Lipstick රස විදින්න !

    කොරෝනා වසංගතය නිසා සිදු වුණ බලවත් දුෂ්කරතාවක් වන්නේ මුහුණු ආවරණයක් පැළද ගෙන පොදු අවකාශයට යාමට සිදුවීමයි. මේ නිසා බොහෝ දෙනකුට අනෙකාව හදුනා ගැනීම දුෂ්කර වෙලා තිබෙනවා වාගේම තම සුන්දරත්වය පෙන්වීමට ද නොහැකි වී තිබෙනවා.

    මේ තත්ත්වය තුළ ලිප්ස්ටික්, සුවද විලවුන් වගේ දේවල් තරමක් දුරස් බවයි පෙනී යන්නේ.

    ඒත් තමන්ගේ සුන්දරත්වය, සුවද පෙන්වීමට වඩා සෞඛ්‍ය ආරක්ෂාව ඉතාම වැදගත් නිසා ඔබ අනිවාර්යයෙන්ම පොදු අවකාශයට යන විට මුහුණු ආවරණයක් පැළද යා යුතුයි.

    මේ තත්ත්වය තුළ ලිප්ස්ටික් ගැන කතා කිරීම කිසිම පළක් නැති කතාවක් වෙන්න පුළුවන්. ඒත් අපි බොහෝ දෙනෙක් අගුළු දැම්මා කියලා හෝ මුහුණු ආවරණ පැළද යාමට සිදු වුණා කියලා සුපුරුදු රූපලාවන්‍ය ක්‍රම අත්හැරලා නැහැ. ඒ නිසා අපි හිතුවා ලෝකයේ සුන්දරතම හා ජනප්‍රිය තරු කිහිප දෙනෙක්ගේ ලිප්ස්ටික් විලාසිතා කිහිපයක් ඔබට ඉදිරිපත් කරන්න. එහි විශේෂත්වය වන්නේ මේ තොල් ආලේපන සියල්ල ඔබ වඩාත් කැමැති ‘රතු‘ පැහැති ඒවා වීමයි.

    මුහුණු ආවරණ පැළද යාමට සිදු වුණත් ඔබේ ලබැදියන් හමුවේ මුහුණු ආවරණ ඉවත් කරන නිසා බලන්න ඔවුන්ව කුල්මත් කිරීමට ඔබටත් මේ රතු තොල් කොතරම් වැදගත් වේද කියලා.

    රතු ලිප්ස්ටික්
    කිම් කාර්ඩාෂියන්
    රතු ලිප්ස්ටික්
    දීපිකා පදුකෝන්
    රතු ලිප්ස්ටික්
    සෙලීනා ගෝමස්
    රතු ලිප්ස්ටික්
    සෝනම් කපූර් අහුජා
    රතු ලිප්ස්ටික්
    රෝසි හන්ටින්ඩන් – වයිට්ලි
    රෝසි හන්ටින්ටන්-වයිට්ලි
    සොනක්ෂි සිංහ
    රතු ලිප්ස්ටික්
    ටේලර් ස්ටීෆ්ට්
    රතු ලිප්ස්ටික්
    එමිලි රටාජ්කොච්ස්කි
    රතු ලිප්ස්ටික්
    මිලී සයිරස්
    රතු ලිප්ස්ටික්
    කැටී පෙරී
    රතු ලිප්ස්ටික්
    ගිගි හැඩිඩ්
    රතු ලිප්ස්ටික්
    මැඩලයින් පෙට්ෂ්
    රතු ලිප්ස්ටික්
    මේගන් ෆොක්ස්
    රතු ලිප්ස්ටික්
    රිහානා
    රතු ලිප්ස්ටික්
    ප්‍රියංකා චොප්රා

    ෆෙමිනා ඇසුරිණි – සකස් කළේ – තුෂාධවි

  • Covid-19 World Hot: පළමු ප්‍රතිකාරය යුරෝපා සංගමය විසින් අනුමත කරයි

    Covid-19 World Hot: පළමු ප්‍රතිකාරය යුරෝපා සංගමය විසින් අනුමත කරයි

    අපට එන්නතක් ලැබෙනු ඇතැයි නිශ්චිතවම පැවසිය නොහැකයි – WHO ප්‍රධානියා

    කොවිඩ් ආසාදිතයින්ගේ වේගවත් වර්ධනයක් ඇති රටවල් 11ක් නම් කරයි

    යුරෝපයේ සෞඛ්‍ය ආරක්ෂණ නියාමකයා (Europe’s healthcare regulator)  විසින් කොවිඩ් -19 සඳහා ප්‍රතිකාරයක් ලෙස ප්‍රති-වෛරස නාශක රෙමෙඩිසිවර් (anti-viral drug Remdesivir) අනුමත කර ඇති අතර එය යුරෝපා සංගම් රටවල භාවිතා කිරීමට නියමිතය.

    යුරෝපීය ඖෂධ ඒජන්සිය අද (25) නිවේදනය කළේ වයස අවුරුදු 12 සිට වැඩිහිටියන්ට සහ නව යොවුන් වියේ පසුවන අයට (නියුමෝනියාව සමඟ ඔක්සිජන් ආධාර අවශ්‍ය රෝගීන්ට) මෙය නිර්දේශ කරන බවයි.

    රෙම්ඩෙසිවිර් ඉබෝලා වසංගතයට එරෙහිව භාවිතා කර ඇති අතර එහි බලපෑම් වඩාත් හොඳින් අවබෝධ කර ගැනීම සඳහා දැනට ලොව පුරා සායනික අත්හදා බැලීම් කරමින් සිටී.

    එක්සත් රාජධානියේ ඖෂධ නියාමකයින් විසින් තෝරාගත් කොවිඩ් -19 රෝහල් රෝගීන් සඳහා මැයි මාසයේදී මෙය අනුමත කරන ලදි.

    යුරෝපා රටවල රෙමෙඩිසිවර්ට භාවිතා කිරීමට පෙර යුරෝපා කොමිසමේ අවසාන අනුමැතිය අවශ්‍ය වේ.

    කොවිඩ් ආසාදිතයින්ගේ වේගවත් වර්ධනයක් ඇති රටවල් 11ක් නම් කරයි

    මාස කිහිපයකට පසු යළි කොවිඩ්-19 රෝගීන්ගේ ඉහළ යාමක් සිදුවන බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) යුරෝපා කලාපය භාර ප්‍රධානියා විසින් අනතුරු අඟවා ඇත.

    රටවල් 11 ක “වේගවත් සම්ප්‍රේෂණය” සැලකිය යුතු පුනර්ජීවනයක් ඇති කිරීමට හේතු වී තිබෙන බවයි ලෝක සෞඛ්‍ය සංවිධාය පවසන්නේ.

    කොවිඩ්-19 ආසාදිතයින්ගේ වේගවත් වර්ධනයක් ඇති රටවල් 11 වන්නේ, ඇල්බේනියාව, ආර්මේනියාව, අසර්බයිජානය, බොස්නියාව සහ හර්සගොවිනා, කසකස්තානය, කොසෝවෝ, උතුරු මැසිඩෝනියාව, මෝල්ඩෝවා ජනරජය, ස්වීඩනය, යුක්රේනය සහ කිර්ගිස්තානය යි.(මධ්‍යම ආසියාවේ පුළුල් ලෙස සැලකේ).

    ජුලි 1 වන දින යුරෝපා සංගමයේ බාහිර දේශසීමා නැවත විවෘත කිරීම පිළිබද සාකච්ඡා කිරීම සදහා යුරෝපා සංගම් තානාපතිවරු මේ සතියේ රැස්වීමට නියමිතව සිටී. සාමාජික රටවල් සලකා බලන එක් විකල්පයක් වන්නේ ඉහත රටවල ආසාදන අනුපාතයන්ගෙන් පෙළෙන අයට (සමහර විට එක්සත් ජනපදය, රුසියාව සහ බ්‍රසීලය ඇතුළුව) ආරක්ෂිත ලැයිස්තුවෙන් ඉවත් කිරීම පිළිබදවයි.

    අපට එන්නතක් ලැබෙනු ඇතැයි නිශ්චිතවම පැවසිය නොහැකයි – WHO ප්‍රධානියා

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ප්‍රධානියා පවසා ඇත්තේ කොවිඩ් -19 ට එරෙහිව ඵලදායී එන්නතක් නිපදවීමට විද්‍යාඥයින්ට හැකි බවට කිසිදු සහතිකයක් නොමැති බවයි.

    වෛද්‍ය ටෙඩ්‍රොස් ගෙබ්‍රෙයිසස් අද (25) යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ සෞඛ්‍ය කමිටුවට කියා සිටියේ එන්නතක් නිපදවුවද ඒ සදහා අවම වශයෙන් වසරක්වත් ගතවනු ඇති බවයි.

    “අපට එන්නතක් ලැබෙනු ඇතැයි නිශ්චිතවම පැවසීම ඉතා අපහසු වනු ඇත,” වෛද්‍ය ටෙඩ්‍රොස් වීඩියෝ සබැඳියක් හරහා යුරෝපා සංගම් නීති සම්පාදකයින්ට පැවසීය.

    “අපට කවදාවත් කොවිඩ් වෛරසයක් සඳහා එන්නතක් නොතිබුණි. එබැවින් මෙය සොයා ගනු ඇතැයි අපේක්ෂා කරන විට එය පළමු වැන්න වනු ඇත‘‘ ඔහු වැඩි දුරටත් පැවසීය.

    එන්නත් මඟින් ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට වෛරස් වැනි රෝග කාරක හඳුනාගෙන සටන් කිරීමට උපකාරී වේ. කොවිඩ් -19 වැනි රෝග පැතිරීම වැළැක්වීම සඳහා වඩාත් ඵලදායී ක්‍රමය ලෙස එන්නතක් සලකනු ලැබේ.

    එක්සත් රාජධානියේ ඉම්පිරියල් කොලේජ් විසින් මෙහෙයවන මානව අධ්‍යයනයක් ඇතුළුව පුරා එන්නත් අත්හදා බැලීම් 100 කට වැඩි ප්‍රමාණයක් සිදු වෙමින් පවතී .

    සාරාංශය

    1. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව යුරෝපයේ සතිපතා කොරෝන වෛරස් රෝගීන්ගේ පළමු වැඩිවීම දක්නට ලැබේ
    2. රටවල් දිගින් දිගටම සීමාවන් ලිහිල් කිරීමත් සමඟ මෙම ඉහළ යාම සිදුවිය
    3. මධ්‍යම හා දකුණු ඇමරිකාවේ වසංගතය තවමත් උපරිම මට්ටමට පැමිණ නැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි
    4. එක්සත් රාජධානියේ රජය “සංචාරක කොරිඩෝ” පිළිබඳ තොරතුරු සකස් කරමින් සිටින අතර සමහර පැමිණීම් නිරෝධායනය කිරීමට අවශ්‍ය නොවනු ඇත
    5. බටහිර යුරෝපයේ බොහෝමයක් නිදහස් රටවල් වල ආරම්භක ලැයිස්තුවට ඇතුළත් වීමට නියමිතය
    6. නිව්යෝර්ක්, නිව් ජර්සි සහ කනෙක්ටිකට් වෙනත් එක්සත් ජනපද ප්‍රාන්ත නවයකින් පැමිණෙන පුද්ගලයින්ගෙන් දින 14 ක් නිරෝධායනය කරන ලෙස ඉල්ලා සිටියි
    7. වෛරස් රෝගීන් වැඩිවීම මධ්‍යයේ ඕස්ට්‍රේලියානු හමුදාව හමුදා භටයන් 1,000 ක් වික්ටෝරියා වෙත යවයි
    8. ප්‍රංශය අගුලු දමා මාස තුනකට වැඩි කාලයක් ගතවී ඇතත් පැරිසියේ අයිෆල් කුළුණ නැවත විවෘත වේ

    විදෙස් මාධ්‍ය ඇසුරිණි – සකස් කළේ – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • සනී ලියොන්ගේ බිකිනිය බොලිවුඩ් රසිකයින් අතර වසංගතයක් වෙලා !

    සනී ලියොන්ගේ බිකිනිය බොලිවුඩ් රසිකයින් අතර වසංගතයක් වෙලා !

    කොවිඩ් වසංගත කාලයේදී පවුලෙන් ඈත්ව සිටි බොහෝ අය මෙන් සුපිරි බොලිවුඩ් නිළි සනී ලියොන්ද තම සැමියා වන සැමියා වන ඩැනියෙල් වෙබර් සහ දරුවන් තිදෙනා වන නිෂා, නෝවා සහ ආශර් සමග ලොස් ඇන්ජලීස් බලා පිටත් වුවාය.  

    සනීගේ සහ ඩැනියෙල්ගේ පවුලේ ඥාතීන් ලොස් ඇන්ජලීස් නුවර වාසය කරන අතර ඉන්දියවේ මුම්බායි නුවරට වඩා ලොස් ඇන්ජලීස් හි වාසය කිරීම වඩාත් සුරක්ෂිත වනු ඇතැයි සනී කල්පනා කළා විය හැකිය.

    බොලිවුඩයෙන් ලොස් ඇන්ජලීස් වෙත සංක්‍රමණය වුවත් සනී තම රසිකයින් සමග සම්බන්ධ වීම කිසිසේත් අතපසු නොකළාය. ඇය නිරන්තරයෙන් තම ඡායාරූප සහ උණුසුම් පුවත් සමාජ මාධ්‍යවල යාවත්කාලීන කළ අතර බොලිවුඩ් රසිකයින්, විශේෂයෙන්ම සනීගේ රසිකයින් අතර ඒවා වසංගතයක් සේ ව්‍යාප්ත වූවේය.

    සනී පියවරුන්ගේ දිනයේ දී වීඩියෝ පටයක් සමාජමාධ්‍ය වෙත මුදා හැරි අතර ඇගේ දරුවන් පියවරුන්ගේ දිනය දා තම පියා වෙනුවෙන් අපූරු රංගනයක් ඉදිරිපත් කරන අයුරු එහි දැක් වුණේය.


    මේ අතර සනී විසින් සමාජමාධ්‍ය වෙත මුදා හැරි තවත් සුවිශේෂ ඡායාරූපයක් බොලිවුඩ් රසිකයින් අතර වසංගතයක් සේ හුවමාරු වුණේය. ඒ ඇය සිය සමීප මිතුරිය සමඟ කළු පිහිනුම් ඇඳුම් කට්ටලයකින් සැරසී සිටින සරාගි ඡායාරූපයකි.

    සනී එම ඡායාරූපය සදහා ශීර්ෂ පාඨයක් ලෙස සඳහන් කළේ, “මගේ සමීපතම මිතුරා සමඟ @ nuria.contreras අප සියල්ලන්ම හමුවීම ගැන ස්තූතියි! පිහිනීමට යාමට ලැබීම සතුටක් !! ඔබට ආදරෙයි!”

    සනීගේ මෙම උණුසුම් ඡායාරූපය මේ වන විට මිලියන ගණනක් වන බොලිවුඩ් රසිකයින් අතර හුවමාරු වෙමින් පවතින අතර ඔවුන් ඇගෙන් ඉල්ලා සිටින්නේ හැකි ඉක්මනින් යළි ඉන්දියාව වෙත පැමිණෙන ලෙසයි.

    ෆිල්ම් ෆෙයාර් ඇසුරිණි – සකස් කළේ – තුෂාධවි