Blog

  • JVP Press : ජනපති – නිශ්ශංක සේනාධිපති – නීතිපති සහ නීතියේ ආධිපත්‍ය

    JVP Press : ජනපති – නිශ්ශංක සේනාධිපති – නීතිපති සහ නීතියේ ආධිපත්‍ය

    කොමිෂන් සභාවකට කළ හැක්කේ ජනාධිපතිතුමාට නිර්දේශයක් ලබාදීමයි. ඒ නිර්දේශය අනුව නිශ්ශංක සේනාධිපතිට තියෙන චෝදනාව අයින් කරගන්න කියලා නීතිපතිවරයාට කියන්න අයිතියක් කොමිසමට තියෙනවාද? එහෙම බලයක් කොමිසමට පැවරුවහොත් අපේ රටේ නීතියේ ආධිපත්‍යයට වෙන්නේ මොකක්ද?

    ‘ජාතික ජන බලවේගයේ නීතිඥයෝ‘ මාධ්‍ය හමුව අද (21) පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේදී පැවැත් වුණා. මෙහිදී ප්‍රධාන අවධානය යොමු වුණේ ඇවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති මහතා ‘දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිෂන් සභාවට කැඳවා තිබීම සම්බන්ධයෙනුයි‘ එහිදී ජාතික ජනබලවේගයේ නීතියෝ විසින් දැක්වූ සම්පූර්ණ අදහස් සංස්කරණය කිරීමකින් තොරව පළ කිරීමට අපි තීරණය කළා.

    ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක නීතිඥ සුනිල් වටගල 

    නීතියේ ආධිපත්‍යයට අදාළ කරුණුවලදී අපි මීට ප්‍රථමත් ජාතික ජන බලවේගයේ නීතිඥවරුන් ලෙස ඊට අදාළ සක්‍රීය දායකත්වය ලබාදී තිබෙනවා. මේ වෙලාවේ මහත් ආන්දෝලනයකට තුඩු දෙමින් පවතින ඇවන්ගාඞ් ගනුදෙනුවට අදාළව සිටින නිශ්ශංක සේනාධිපති දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිෂන් සභාවට කැඳවා තිබීම සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කිරීම මූලික අරමුණක්.

    ඒ කොමිෂන් සභාවේ ක්‍රියාකාරිත්වය නෙවෙයි මේ දිග හැරෙමින් තිබෙන දේශපාලන පසුබිම පැහැදිළි කරන්න ඕනෑ. නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොණුකර තිබුණු ඇවන්ගාඞ් අධිපති නිශ්ශංක සේනාධිපති මහත්තයාව දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිෂන් සභාවට සාක්‍ෂිකරුවන් ගණනාවක් කැඳවා කටයුතු කරගෙන යනවා. 

    නීතිඥ උපුල් කුමරප්පෙරුම – ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂක

    දේශපාලන පළිගැනීම් විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති කොමිෂන් සභාවේ කාර්යභාරය මම මුලින්ම පැහැදිලි කරන්නම්. 2020 ජනවාරි 09වැනි දින අංක 2157/44 ගැසට් පත්‍රය මගින් පත්කරනවා. කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරු උපාලි අබේරත්න මහතාත් ඊට අමතරව හිටපු අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රසිරි ජයතිලක මහත්මයාත් හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රානන්දු මහත්මයත් නම්කර තිබෙනවා.

    ගැසට් පත්‍රය අනුව ජනාධිපතිවරයා පවරා තිබෙන කාර්යභාරය 2015 ජනවාරි මාසයේදී සහ අගෝස්තු මාසයේදී පැවැති ජනාධිපතිවරණයට පෙර හෝ මහ මැතිවරණයට පෙර නිලතල දැරූ නිලධාරීන් රාජ්‍ය සංස්ථාවල සේවකයන් සන්නද්ධ හමුදාවල මෙන්ම පොලිස් සේවයේ සාමාජිකයන් සම්බන්ධයෙන් 2019 නොවැම්බර් මස 16න් අවසන්වූ කාලපරිච්ඡේදය තුළ දේශපාලනමය වශයෙන් පළිගැනීමට ලක්කර තිබේ යැයි වාර්තා කිරීමය.

    මේ ගැසට් පත්‍රය අනුව අදාල කරුණු සෙවිය යුතු ආයතන වශයෙන් අල්ලස් හෝ දූෂණ වැලැක්වීමේ කොමිසම, පොලිස් විශේෂ විමර්ශන ඒකකය, එෆ්.සී.අයි.ඩී. එක සහ පසුව ගැසට් පත්‍රය සංශෝධණය කරමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවත් ඇතුළත්කර තිබෙනවා. 
    රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය සංස්ථාවල සේවකයන් එහෙම නැත්නම් පොලීසියේ හෝ හමුදාවල සේවකයන් සම්බන්ධයෙන් කටයුතු කරන බව නිශ්චිතව සඳහන් වෙනවා.

    මේ අයට විරුද්ධව පොලිස් විශේෂ විමර්ශන ඒකකය, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව, එෆ්.සී.අයි.ඩී. එක හෝ අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව තමන්ට විරුද්ධව පරීක්‍ෂණයක් දේශපාලන පක්‍ෂග්‍රාහීව සිදුකර ඒ නිර්දේශ මත තමන්ට විරුද්ධව චෝදනාවක් අධිකරණයක හෝ වෙනත් ස්ථානයක විභාගවෙමින් තිබෙනවා නම් මේ කොමිසම ඉදිරියේ කරුණු හෙළි කිරීමේ හැකියාව ලබාදී තිබෙනවා.

    ඇවන්ගාඞ් ආයතනයේ සභාපතිවරයාගේ පැමිණිල්ලකට අනුව අනුර දිසානායක මහත්මයාටත් කොමිසම හමුවට කැඳවා තිබෙනවා. මේ පැමිණිල්ල සහ අනුර දිසානායක මහත්මයා වගඋත්තරකරුවෙකු ලෙස නම්කර තිබීම මේ ගැසට් පත්‍රයට සාරානුකූලද කියලා අපි සලකා බලන්න ඕනෑ. 

    නීතිඥ හර්ෂණ නානායක්කාර – ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක

    අපි අද මේ මාධ්‍ය හමුව පවත්වන්නේ දේශපාලන අරමුණකට නෙවෙයි. නීතිඥවරුන් වශයෙන් අපේ ස්ථාවරයන් පැහැදිලි කිරීම සඳහා. අනුර දිසානායක මහත්මයා මේ වන විටත් කියා තිබෙනවා, ඉතාමත්ම කැමැත්තෙන් කොමිසම ඉස්සරහට යන බව. කොමිසම මේ අවස්ථාව අනුර දිසානායක මහත්මයට ලබාදීම ගැන අපි ස්තුතිවන්ත වෙන්න ඕනෑ.

    හැබැයි මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන ආකාරය ගැන මම පැහැදිලි කරන්නම්. අපේ රටේ නීතිපති දෙපාර්තමේන්තුව කියන්නේ අවුරුදු 200ක් පැරණි ආයතනයක්. රජයේ කුමන දෙපාර්තමේන්තුවකට හෝ පුද්ගලයන්ට මේ දක්වා දූෂණ වංචා පිළිබඳව චෝදනා තිබුණත් අපි නීතිඥවරු වශයෙන් ගරු නීතිපතිතුමාට විරුද්ධව කිසිම වචනයක් කියලා නැහැ. ඔවුන් අවුරුදු 200ක සම්ප්‍රදායන් රකින වැදගත් වෘත්තීයවේදීන් පිරිසක්. ඔවුන්ගේ කැපවීම අතිමහත්. මේ කොමිසම පවත්වන්නේ පෙරකී ආයතන හරහා දේශපාලන පළිගැනීම් වුනාද කියලා බැලීමයි.

    නීතිපතිවරයාගේ කාර්යභාරය ස්වාධීනව සාක්‍ෂි සලකා බලනවා. ඒ අනුව සී.අයි.ඩී. එකෙන් පවා එන සමහර ෆයිල් සලකා බලා තවදුරටත් කටයුතු කරන්න එපා කියලා මුදා හරින අවස්ථා රාශියක් තිබෙනවා. යම් ලිපිගොණුවක නඩුවක් පැවරිය හැකි බවට බැලූ බැල්මට සාක්‍ෂි තිබෙනවා නම් ඒ ලිපි ගොනුව එන්නෙත් කිහිප දෙනෙකු සලකා බලලා. අදාල ජ්‍යෙෂ්ඨ නිලධාරියා, ඊට වඩා ඉහළ නිලධාරියෙක් ඒ සාක්‍ෂි අධීක්‍ෂණය කරනවා. මේ ක්‍රියාවලියෙන් සෑහීමකට පත් වෙනවා නම් අධිචෝදනා පත්‍රයක් ඉදිරිපත් කරනවා. 

    නිශ්ශංක සේනාධිපති මහත්මයා කියන්නේ ඇවන්ගාඞ් නඩුව සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් සාක්‍ෂි තුළනාත්මකව සලකා බලා පවරපු අධි චෝදනාවක චූදිතයෙක්. කොමිෂන් සභාවේ ඉන්න සාමාජිකයන් පිළිබඳව අපිට ගැටලුවක් නැහැ. නමුත් නිශ්ශංක සේනාධිපතිට නඩු පවරලා තියෙන්නේ දේශපාලන පලිගැනීමකින් යනවග යම් හෙයකින් කොමිසම තීරණය කළහොත් ඒකෙන් කියවෙන අනික් පැත්ත මොකක්ද?

    ඒ කියන්නේ නීතිපතිවරයාත් මේකට සම්බන්ධද? එතකොට ගරු නීතිපතිතුමා සාක්‍ෂි තිබෙන බවට බොරු කියලාද? එෆ්.සී.අයි.ඩී., සී.අයි.ඩී. ආදී වශයෙන් කවුරු විමර්ශන ලිපිගොණු එව්වත් සාක්‍ෂි නැත්නම් නීතිපතිවරයා නඩු පවරන්නේ නැහැ. නමුත් කොමිෂන් සභාවෙන් අර ආකාරයේ තීන්දුවක් ආවොත් ගතහැකි ක්‍රියාමාර්ගය මොකක්ද?

    කොමිෂන් සභාවකට කළ හැක්කේ ජනාධිපතිතුමාට නිර්දේශයක් ලබාදීමයි. ඒ නිර්දේශය අනුව නිශ්ශංක සේනාධිපතිට තියෙන චෝදනාව අයින් කරගන්න කියලා නීතිපතිවරයාට කියන්න අයිතියක් කොමිසමට තියෙනවාද? එහෙම බලයක් කොමිසමට පැවරුවහොත් අපේ රටේ නීතියේ ආධිපත්‍යයට වෙන්නේ මොකක්ද?

    ඉදිරියේදී මතුවන තත්වයන් ගැන අපි සැලකිල්ලෙන් බලාගෙන ඉන්නවා. අපි මීට කලින් අත්විඳපු නැති නීති ඉතිහාසයේ, දේශපාලන ඉතිහාසයේ අලුත්ම දේවල් මේ සිද්ධ වෙන්නේ. මෙවැනි කොමිසමක් මගින්ම එක අවස්ථාවකදී අලි සම්බන්ධ නඩු යද්දී ෆයිල් එක කොමිසමට කැඳවලා තිබුණා. මේ අවස්ථාවේදී කොමිසම ඒ ෆයිල් කැඳවලා නඩුව හිර කරන්නේ කොහොමද කියලා ප්‍රශ්න කර තිබුණා. 

    මොනවා හරි දේශපාලන උවමනාවන් මත අපේ නීතියේ ආධිපත්‍යය පසිඳලන ආකාරයට ප්‍රශ්න ඇතිවුණොත් නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතිවන තත්වය කුමක්ද? ඔවුන් ඉගෙන ගන්න අත්පොත් තබන අය නොවෙයි. අපි සංවේදී සහ සංකීර්ණ නීති ප්‍රශ්න රාශියකට ඉදිරියේදී මුහුණ දිය හැකියි. මේ සම්බන්ධයෙන් අවදියෙන් ඉඳලා ජනතාව දැනුවත් කරනවා. මාධ්‍යවේදීන් මහත්ම මහත්මීන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරන්න ඒ සම්බන්ධ අවදියෙන් ඉඳලා ජනතාව දැනුවත් කරන්නයි. 

    නීතිඥ ජගත් අබේනායක – ජාතික ජන බලවේගයේ නීතිඥයෝ

    මේ වෙනකොට කොමිසම විසින් ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥවරයෙක් වගඋත්තකරුවෙක් කරලා, සිතාසි නිකුත් කරලා. රජයේ හෝ රජයෙන් පරිභාහිර නීතිඥවරයෙක් වුණත් ඔහුගේ කාර්යභාරය කුමක්ද? අපරාධ නඩුවක් ගත්තොත් ඒ නීතිඥවරයා අපරාධය සිදුවන ස්ථානයේ ඉඥලා නැහැ.

    අදාල වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටීමයි නීතිඥවරුන් කරන්නේ. අධිකරණයේ සිදුකරන කාර්යයේදී එක පැත්තකින් නීතිඥවරුන් අධිකරණයට සහාය දෙනවා. පෞද්ගලික නීතිඥයෙක් වුණත් රජයේ නීතිඥයෙක් වුණත් සැලකෙන්නේ අධිකරණ නිලධාරියෙක් විදිහට.

    අධිකරණයට සහාය වන අතර ඔහු නියෝජනය කරන පාර්ශ්වයෙන් ඔහුට ඉදිරිපත් කරලා තියෙන කරුණු ඔහු දන්නා ඉහළම හැකියාවෙන් අධිකරණයට ඉදිරිපත් කිරීම වෘත්තීය වගකීමයි. ඔහුට ඒක පැහැර හරින්න බැහැ. රජයේ අධිනීතිඥවරයෙක්ගේ කාර්යභාරයත් ඒක. යම් නීතිඥවරයෙකුට නඩුවක කරුණු සම්බන්ධයෙන් පුද්ගලික බැඳීම් තිබෙනවා නම් ඒ බව ප්‍රකාශ කරලා ඉවත් වෙනවා.

    රජයේ අධිනීතිඥවරයෙක් කියන්නේ රජයේ සේවකයෙක්. ඔහුට පැවරී තිබෙන රාජකාරියෙන් ඉවත් වෙන්න බැහැ. යම් නීතිවරයෙකුගේ කාර්යභාරය සම්බන්ධයෙන් ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයේ නඩු කියන්නන් චෝදනා කරනවා නම් ඒ නීතිඥයා යටි අරමුණකින් කටයුතු කළ බව මෙවැනි තත්වයක් නවතින්න පුළුවන් කොහෙන්ද? මේ රටේ නීතිය ක්‍රියාත්මක වන ක්‍රමය බිඳ දැමීමේ උත්සාහයක්. ඒ නීතිඥයන්ට ස්වාධීනව තම වෘත්තිය ඉදිරියට කරගෙන යාමේ අවස්ථාව අහිමි කිරීමේ පොටක්. මේ කාරණය අපි හැමෝම සැලකිල්ලට ගන්න ඕනෑ කියලා මම හිතනවා.

    විමර්ශනය කළහැකි පුද්ගලයන් වගේම විමර්ශනය කළ හැකි ආයතන සම්බන්ධයෙනුත් බලතල මේ කොමිෂන් සභාවට තිබෙනවා. මේ ගැසට්පත්‍රයට අනුව නීතිපති දෙපාර්තමේන්තුව ඒ ආයතන අතර නැහැ. රජයේ අධි නීතිඥවරයා වගඋත්තරකරුවෙක් කර සිතාසි යැවීම රටක නීතිය ක්‍රියාත්මකවීමේ ක්‍රමය බැරෑරුම් අර්බුයකට යැවීමක්. ඒක සමස්ත ක්‍රමයේම පිළිබිඹුවක් කියලා මම හිතනවා. 

    නීතිඥ චරිත් ගල්හේන – ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක

    අධිකරණමය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වාර්තා කිරීමේ මාධ්‍ය සතු වගකීම ගැන ප්‍රශ්න තියෙනවා. යම් පුද්ගලයෙකුට, මාධ්‍යවේදියෙකුට, මාධ්‍ය ආයතනයකට චෝදනාවක් එල්ල කළහොත් ඊට උත්තරදීමේ හැකියාව තිබෙනවා. නමුත් අධිකරණයට චෝදනාවක් එල්ල කළහොත් ඊට උත්තරදීමේ හැකියාවක් විනිශ්චයකාරවරුන්ට නැහැ.

    නීතියේ අන පනත් සහ ක්‍රියාමාර්ග තියෙනවා. සාක්‍ෂි විධිවිධාන, නඩුවක් ඇහීමේ විධිවිධාන තියෙනවා. යම් චෝදනාවක් සම්බන්ධයෙන් දෙපැත්තක් තියෙනවා. අධිකරණය කරන්නේ මේ දෙපැත්ත සම්බන්ධයෙන් සාක්‍ෂි විධිවිධාන අනුව කටයුතු කිරීමයි. විනිශ්චයකාරවරු හැම අවස්ථාවකදීම සාක්‍ෂි විධිවිධාන අනුව කටයුතු කරනවා. පැහැදිලි කිරීම් තියෙනවා. හැබැයි මාධ්‍ය නඩු තීන්දුවක් මිනිස්සු අතරට ගෙනියන්නේ පැහැදිලි කිරීම් එක්ක නෙවෙයි.

    යම් නඩු තීන්දුවක් වැරදි යැයි සිතෙනවා නම් අභියාචනා අවස්ථා දෙකක් ලංකාවේ තියෙනවා. අභියාචනා අවස්ථා තිබීම චූදිතයකුගේ අයිතිවාසිකමක්. ඒක ලෝකයේ සම්මුතියක් වශයෙන් පිළිගත් අයිතියක්. 

    ජනාධිපති සමාව සහ ජනාධිපති කොමිෂන් කියන බලතල දෙකම ජනාධිපතිවරයාගේ බලතල සම්බන්ධයෙන් අවුරුදු 40ක් පමණ තිබෙන විවේචනවලින් දෙකක්. සමාව කියන එක නීති පද්ධතියට අවශ්‍ය දෙයක්. නමුත් ලෝකයේ වෙනත් රටවල්වල සමාව ක්‍රියාත්මක වන කාර්ය පටිපාටියක් තියෙනවා. සිරකරුවන්ගේ හැසිරීම් අධ්‍යයනය කරනවා.

    සමහර දියුණු රටවල නඩු තීන්දුවේදීම අදාල දණ්ඩණය සමාවට යටත්ද නැද්ද යන්නත් සඳහන් වෙනවා. එළියට දාන්න පුලුවන් පුද්ගලයෙක් වැරදිකරුවෙකු වී ඉන්නවා නම් අර අධ්‍යයනය කිරීම් මගින් නිර්දේශ කෙරෙනවා. සමහර චෝදනාවලට සමාවක් ඇත්තේම නැහැ. දඬුවමකින් පුද්ගලයා පීඩාවට පත් කිරීමේ අදහසට වඩා ඔහු නිවැරදිකරුවෙකු කර ගැනීමේ උවමනාව තිබෙනවා. දඬුවමක පුනරුත්ථාපනය කිරීමේ අදහස අන්තර්ගත වෙනවා. 

    මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්

    නීතිඥ ජගත් අබේනායක – ජනාධිපති කොමිෂන් සභාවක් කියන්නෙ අධිකරණ ව්‍යූහයක්. ඒ කොමිෂන් සභාවක් ගැන විශ්වාසයන්, අවිශ්වාසයන් තියෙන්න පුළුවන්. හීනෙන් දැකලා බය වෙන හැම කාරණයක් සම්බන්ධයෙන්ම අධිකරණ ව්‍යූහයකට චෝදනා කරන්න හැකියාවක් නැහැ. මේ ජනාධිපති කොමිෂන් සභාව නීත්‍යානුකූලව පිහිටුවා තිබෙනවා. එහි කටයුතු නිසියාකාරව කෙරෙයි කියන අපේක්‍ෂාව අපිට තියෙනවා. 

    නීතිඥ හර්ෂණ නානායක්කාර – බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් සභාවේ පිටු 106ක් නැතිවුණේ නැහැ. පැවතුණු රජය විසින් ඒ පිටු 106 එළියට නිකුත් කළේ නැහැ. මහජනතාවට දැන ගැනීම පිණිස ඒ පිටු 106 නිකුත් කරන්න මේ රජයට සම්පූර්ණ හැකියාව තිබෙනවා. ඒක අධිකරණ ක්‍රියාවලියක් හෝ කිසිදු විනිශ්චයකාරයෙක් කළ දෙයක් නෙවෙයි. නමුත් වර්තමාන දේශපාලන අධිකාරිය වගේම කලින් හිටිය දේශපාලන අධිකාරියේ උවමනාව මත ඒ පිටු 106 එළියට එන්නේ නැහැ. ඒකට කොමිසම වගකියන්න ඕනෑ නැහැ. 

    මමත් ඔබ වගේම කොමිෂන් සභාව විශ්වාස කරනවා. අපි මෙහිදී මතු කරන්නේ මතුවී තිබෙන අලුත් තත්වය. නීතිපතිවරයා විසින් නඩුව පවරන්නේ ප්‍රමාණවත් සාක්‍ෂි තියෙන නිසා. කොමිසම සාධාරණ පිළිතුරක් දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මම මතු කරන්නේ යම් හෙයකින් කොමිසම ඇවන්ගාඞ් සම්බන්ධයෙන් චෝදනාවක් නැහැයි කියලා කිව්වොත් නීතිපතිවරයාගේ ක්‍රියාමාර්ගවලට මොකද වෙන්නෙ කියලා.

    නීතිපතිවරයා නඩු ඉවත්කර ගන්නේ අලුත් තත්වයන් මතුවීම සහ මතුකර තිබෙන සාක්‍ෂියක දුර්වලකමක් නිසා කියලා අපිට නිල වශයෙන් නිගමනයකට එන්න පුළුවන්. අනික් පැත්තෙන් අපි නොදන්නා යම් යම් දේශපාලන අතපෙවීම් තිබුණාද කියලා අපි දන්නේ නැහැ. නීතිඥවරුන් වශයෙන් අධිකරණයේ ස්වාධීනත්වය රැකගන්න කටයුතු කරන්න ඕනෑ බවයි අපි පෙන්වා දෙන්නෙ. නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉවත් කරගන්නා නඩු සම්බන්ධයෙන් ජනතාවට යම් සැකයක් මතු වෙනවා නම් දේශපාලන අතපෙවීම් සම්බන්ධයෙන් ඒ අයිතිය මහජනතාවට තිබෙනවා. 

    අධිකරණයේ යම් තීන්දුවක් සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත්  කිරීමේ අයිතියක් තිබෙනවා. නීතිඥවරයෙකු වශයෙන් අපිට කරන්න තියෙන්නේ අධිකරණය ඉදිරියේ දේශපාලනික කාරණයක් නෙවෙයි. ඇවන්ගාඞ් නඩුවේදීත් නිශ්ශංක සේනාධිපති මහත්මයාට නීතිපතිවරයාට විරුද්ධව රිට් ආඥාවක් ගන්න පුළුවන්. ඒ වගේම මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරන්නත් පුළුවන්. අපිට කරන්න තියෙන ඉල්ලීම මොන ආණ්ඩුව ආවත් අධිකරණයේ කටයුතුවලට අත පොවන්න එපා කියලයි. 

    ඇප පිට ඉන්න නිශ්ශංක සේනාධිපති මහත්මයා මාධ්‍යයට ගෙන්වාගෙන ප්‍රකාශ දෙන්න බාධාවක් නැහැ. ඔහු තවම වැරදිකාරයෙක් වෙලා නැති බව ඇත්ත නමුත් ඔහු සැකකාරයෙක්. ඇප පිට එළියේ ඉන්න පුද්ගලයෙක් මාධ්‍යයට ගෙන්වනවාද නැද්ද කියන සදාචාරය ඒ මාධ්‍යවලට තියෙන්න ඕනෑ.

    අපි ඇත්ත කතා කළොත් ගරු ජනාධිපතිතුමාට විරුද්ධව තියෙන නඩුව අහන්නේ නැත්තේ ඔහුට තියෙන මුක්තිය මත. නැත්නම් ඔහුත් ඇප පිට එළියේ ඉන්න සැකකාරයෙක් තමයි. ලක්‍ෂ 69ක් ඡන්දය දී පත්වී තිබුණත් ඔහුට අදාල නීත්‍යානුකූල තත්වයත් ඒකම තමයි. මේ සදාචාරාත්මක ප්‍රශ්නය ආමන්ත්‍රණය කරන්න ඕනෑ කොහොමද කියලා මාධ්‍ය හා ජනතාව තීරණය කළ යුතු දෙයක්. නිශ්ශංක සේනාධිපතිත් ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයත් නීතිය ඉදිරියේ තාමත් වැරදිකාරයෝ නොවෙයි ඔවුන් සැකකාරයෝ.

    නීතිඥ උපුල් කුමරප්පෙරුම– ඇවන්ගාඞ් එකට ප්‍රශ්න විසඳාගන්න හොඳම ක්‍රමය ඔය නඩුවට මුහුණ දීලා නිවැරදිකරුවන් වීම. දේශපාලන අගතියක් වෙලා තිබෙනවා නම් මේ කොමිසම නිර්දේශ කරාවි. යම් පුද්ගලයෙක් යමක් කී පමණින්ම එක් නිවැරදි වෙන්නෙත් නැහැ. කොමිසම තියෙන්නේ ඒ ගැන හොයලා බලන්න.

    කොමිසම ඒ රාජකාරිය කිරීම සම්බන්ධයෙන් විරෝධතාවයක් නැහැ, කැමැත්තක් තිබෙන්නේ. අනුර දිසාානායක සහෝදරයා ලේඛන සහිතව කොමිසම ඉදිරියේ සාක්‍ෂි දෙන්න බොහොම කැමැත්තෙන්ම ඉන්නේ. නීතිපතිවරයා විසින් ඉවත් කරගත් නඩු ගොඩක් තියෙනවා. චන්දන කත්‍රිආරච්චිට විරුද්ධව තිබූ නාම්පමුණුව මිනීමැරුම් නඩුව ඇතුලු විශාල ප්‍රමාණයක් විවිධ හේතූන් මත ඉවත්කරගෙන තිබෙනවා.

    නීතිපතිවරයා නඩු ඉවත්කරගැනීම සඳහා අධිකරණය ඉදිරියේ නඩුවක් විභාග කර තීන්දුවක් දීම කියන්නේ කාරණා දෙකක්. අධිකරණයක් ඉදිරියට නඩුවක් එන්නේ ක්‍රියාවලියක් තුළින්. මුලින්ම පැමිණිල්ලක් තිබිය යුතුයි. විමර්ශනය කළ යුතුයි. විමර්ශනයේදී සාක්‍ෂි අනාවරණය වෙනවා. සාක්‍ෂි ලේඛණය නීතිපතිවරයාගේ සලකා බැලීම සඳහා යොමුකළ යුතුයි. ඒ සලකා බැලීමට පස්සේ නඩු පැවරිය යුතු බවට නීතිපතිවරයා තීරණය කරනවා නම් නඩු පැවරීමේ හැකියාව තිබෙනවා. 
    ඊට පසු උසාවියේදී පැමිණිල්ල මෙහෙයවන්නේ නීතිපතිවරයා. නඩුව අහන්නේ විනිශ්චයකාරවරයා. නඩුවට සාක්‍ෂිකාරයෝ ඉදිරිපත් කරන්නේ නීතිපතිවරයා. විනිසුරුවරයෙක් ඉස්සරහ ඉදිරිපත් කරන සාක්‍ෂිවල නිරවද්‍යතාවය ඇගයීමෙන් පස්සේ තීරණයක් ලබා දෙනවා.

    මේ ක්‍රියාවලියට මැදිහත්වීමක් කරනවා කියන්නේ දේශපාලන මැදිහත්වීමක්. දේශපාලන මැදිහත්වීමට නතුවන ආයතනය හෝ විනිශ්චයකාරවරයා හෝ ඒ ගැන වගකීම බාරගන්න ඕනෑ. ලංකාවේ අපරාධ නඩුවල වැරදිකරුවෙකු වීමේ සම්භාවිතාව සාමාන්‍යයෙන් 10%ක් විතර. අපරාධ නඩුවක තීන්දු-තීරණ දෙන්නේ ඉතා පරිස්සමෙන්. සැකයේ වාසිය යුක්තියට දෙන්න ඕනෑ. කිසිම සාක්‍ෂියක් නැතිව උසාවියක නඩුවක් පවරා ගෙනයන්න බැහැ. නඩුවක් උසාවියට එනකොට විනිශ්චයකාරවරුන් සෑහීමකට පත්වන සාක්‍ෂි ප්‍රමාණයක් තියෙන්න ඕනෑ. එහෙම නැතිව නඩුපවරලා මේ ආයතන විහිළුවකට ලක් කරන්න පුලුවන්කමක් නැහැ. 

    නීතිඥ හර්ෂණ නානායක්කාර– අධිකරණ තීන්දුවක් ඉවත්කරගන්න බැහැ. ජනාධිපති සමාවක් දෙන්න පුළුවන්. ඒ පුද්ගලයා නිවැරදිකාරයා වුණා කියලා ඒකෙන් අදහස් වෙන්නේ නැහැ. යම් පුද්ගලයෙක් දඬුවමකින් මුදා හරින බලයක් ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට ලැබී තිබෙනවා. ඒ පුද්ගලයා නිවැරදිකාරයෙක් කියලා එයින් අදහස් වෙන්නේ නැහැ.

    ජනාධිපතිවරයා සමාව දීමකදී වින්දිතයාට නැවත නඩු පවරන්න බැහැ. අධිකරණයෙන් චූදිතයා වැරදිකරුවෙක් කර තිබෙන නිසා. මේ කාරණයේදී යම් යම් අඩුපාඩුකම් තිබෙන බව පිළිගන්න වෙනවා. අධිකරණය හෝ පොලීසිය කියන්නේ අපරාධකරුවෙකු පසුපස හඹාගෙන ගිහිල්ලා දඩයම් කරන ආයතන නෙවෙයි.

    වැරදිකරුවෙකු නිදහස් කිරීමේ බලතල ජනාධිපතිවරයාට තිබුණත් ඒ සඳහා නිර්ණායකයන් ලබාදී නැහැ. ඒක ලොකු අඩුවක්. ජනාධිපති අභිමතයටම යටත් වෙනවා. ජනතා විමුක්ති පෙරමුණ 20වැනි ආණ්ඩුක්‍රම කෙටුම්පතක් ඉදිරිපත් කර තිබෙන්නේ මේ අගතිය නිසාමයි. ජනාධිපති සමාව තුළ වෙන්නේ නීතිමය අසාධාරණයක් නෙවෙයි. සමාජමය අසාධාරණයක්. ලංකාවේ ජනාධිපති සමාව දීම ගැන ගැටලු රැසක් තිබෙනවා.

  • Hot Plate: ප්‍රසන්නගේ ඉල්ලීමට ජනපතිගෙන් යහපත් ප්‍රතිචාර

    Hot Plate: ප්‍රසන්නගේ ඉල්ලීමට ජනපතිගෙන් යහපත් ප්‍රතිචාර

    සටහන – ගජබා නාගහවත්ත

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂගේ පසුගිය සෙනසුරාදා ඇමති ප්‍රසන්න රණතුංගට හදිසි දුරකථන ඇමතුමක් ලැබුණේය.

    ” ප්‍රසන්න හෙට මොකද කරන්නනේ ?  ” බැසිල් ඇසුවේය.

    ” ඇයි සර්, මොකක්ද කරන්න ඕනේ ” ප්‍රසන්න පෙරළා ඇසුවේය.

    ” ප්‍රසන්නට ලොකු වැඩක් නැත්නම් හෙට කුරුණෑගලට ගිහින් එනවද? අපේ පළාත් පාලන මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ රැස්වීම් වගයක් තියෙනවා. ඒ අය කැමතියි ප්‍රසන්න එනවට “. බැසිල් පැහැදිලි කළේය.

    ” මමත් කැමැත්තෙන් හිටියේ කුරුණෑගල රැස්වීමකට දෙකකට යන්න. මම අනිවාර්යෙන්ම යන්නම් සර්. මට මහින්ද මහත්තයා වෙනුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ මිනිස්සුන්ට කතා කරන්න කැමැත්තෙන් හිටියේ. ” ප්‍රසන්න කීවේය.

    ප්‍රසන්නගෙන් ජෝන්ස්ටන්ට දැවැන්ත අභියෝගයක්

    පසුගිය ඉරිදා සවස ඇමති ප්‍රසන්න කුලියාපිටියට ගියේ ඒ අනුවයි. රැස්වීමට ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිතුමා ද පැමිණ සිටියේය. ප්‍රසන්න සිය කතාවේදී මෙවර මහ මැතිවරණයේදී මහින්ද අතහැර නොයන අයට ඡන්දය දෙන්නැ‘යි කීවේය. මෛත්‍රීට ඡන්දය නොදෙන ලෙස ඉල්ලන්න තමන් පොළොන්නරුවට යාමට සූදානම් බවද ඔහු කීවේය. ප්‍රසන්නගේ කතාවට ලැබුණේ ඉහළ ප්‍රතිචාරයකි.

    කථාව අවසන් කළ ප්‍රසන්න නැවත සිය අසුනට පැමිණි විට ජොන්ස්ටන් ප්‍රසන්නගෙන් ඇසුවේ ” ඇත්තටම ඔයා පොළොන්නරු යනවද ? ”  කියාය.

    ” නැතුව මම අනිවාර්යෙන් යනවා. ගිහින් කියනවා මෛත්‍රීට ඡන්දය දෙන්න එපා කියලා. මෛත්‍රී මොකාට ද එන්නේ කියලා මම නම් හොඳ අවධානයෙන් ඉන්නේ. ආපහු උකුසු සෙල්ලම් දාන්න එයාට ඉඩදෙන්න බෑනේ. ” ප්‍රසන්න කීවේ සියලුදෙනා සිනා ගන්වමිනි.

    ” හැබැයි ඇමතිතුමා ගම්පහ මිනිස්සු ඔබතුමා එක්ක නම් තරහයි. ” ප්‍රසන්න ජොනීට කීවේය.

    ”  ඒ මොකද ? ” ප්‍රසන්න ඇසුවේය.

    ” නෑ ඉතිං මේ පාර අගමැති බිහිකරන්න ගම්පහට තිබුණු චාන්ස් එක ඔබතුමා උදුරගත්ත නේ” ප්‍රසන්න කීවේ මහින්ද මෙවර මහමැතිවරණයේදී ගම්පහින් තරඟ කළ යුතු  බවට තිබුණු ඉල්ලීම මතක් කරමිනි .

    ” අපිට අගමැති කෙනෙක් පත් කරගන්න තියෙන චාන්ස් එක මොකට ද වෙන දිස්ත්‍රික්කයට දෙන්න. ” ජොනී සිනාසෙමින් කීවේය .

    ” මහින්ද මහත්තයා කැමති වු‍ණෙත් නෑ කුරුණෑගල දාලා එන්න. මම ගම්පහින් තරඟ කරමු සර් කියලා කිව්වාම මහින්ද මහත්තයා කිව්වා මම පැරදුනු වෙලාවේ අවස්ථාව දුන්න කුරුණෑගල මිනිස්සු දාලා ගම්පහට එන්න බැහැ කියලා ” ප්‍රසන්න කිවේය.

    ” ඕකනේ ඇමතිතුමා රටේ මිනිස්සු මහින්ද මහත්තයාට ආදරේ. ඒ අය කවදාවත් මිනිස්සු අමතක කරන්නේ නෑ. ” ජොන්ස්ටන් කීවේය.

    “ හැබැයි ඇමතිතුමා අපි තමයි මේ පාරත් තීරණාත්මක වැඩි ඡන්ද ටික ගන්නේ. ගියපාර අපි තුන්ලක්ෂ හැටපන්දහසක් ගත්තා. ඒක නොතිබුනානම් ගෝඨාභය සර් 51% ඡන්ද ගන්නෙත් නෑ. මේ පාරත් වැඩිම ඡන්ද ගන්නේ ගම්පහින්. පුළුවන් නම් කුරුණෑගලින් අරන් පෙන්වන්න. ප්‍රසන්න ජොනීට අභියෝග කරමින් කීවේය.

    ” මම දන්නවා ඔයා කිව්වොත් කිව්වා කියලා. අපි බලමුකෝ. ” ජොනී සිනාසෙමින් කීවේය.

    ප්‍රසන්නගේ ඉල්ලීමට ජනපතිගෙන් යහපත් ප්‍රතිචාර

    කැබිනට් මණ්ඩලය පසුගිය බදාදා රැස්වූයේ ජනපති ගෝඨාභයගේ ප්‍රධානත්වයෙනි. කැබිනට් රැස්වීම අතරතුර ඇමති ප්‍රසන්න රණතුංග ජනාධිපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කළේය.

    “ සර්, යක්කල වික්‍රමාරච්චි ආයුර්වේදය කැළණියේ ෆැකල්ටියක්. ඒක විශ්ව විද්‍යාල තත්ත්වයට උසස් කරන්න කියලා ඉල්ලීමක් තියෙනවා. ඕක පසුගිය යහපාලනය කල් මර මර හිටියේ. ඒක කරන්න පුළුවන් නම් ලොකු දෙයක්”. ප්‍රසන්න කීවේය.

    “අපි ඒ ගැන සාකච්ඡා කරමින් යනවා”. බන්දුල කීවේය.

    “අපේ තාත්තා තමයි වික්‍රමාරච්චි එක පීඨයක් කරන්න ළමයි කරපු ෆයිට් එකට සපෝට් කළේ. මමත් එතන හිටියා. මේක යු.එන්.පි ආණ්ඩුව හැමදාම කල් දැම්මා”. ප්‍රසන්න කීවේය.

    මට මතකයි. මමත් ඕකට සපෝට් කළා”. මහින්ද කීවේය.

    “අපි මේ වැඩේ එහෙනම් ඉක්මණින් කරමු. උසස් අධ්‍යාපන ඇමතිතුමා ඉක්මණින් ඒක කරන්න”. ජනපති ගෝඨාභය බන්දුලට කීවේය.

    ජනපතිගේ මහ බැංකු කතාවට ප්‍රසන්නගෙන් තල්ලුවක්

    කැබිනට් මණ්ඩලයේ අනතුරුව සතුටු සාමිච්චියේ යෙදී සිටි ඇමතිවරුන්ගේ ප්‍රධාන මාතෘකාවක් වුණේ ජනාධිපතිවරයා ඊට පෙර මහ බැංකුවට කළ අනතුරු ඇගවීම ගැනය.

    “ජනාධිපතිතුමා ඒ කරපු කථාව හොදයි. ලීසිං කොම්පැණි, බැංකු පහුගිය කාලයේ ආණ්ඩුව දීපු සහන දුන්නේ නෑ. පුළුවන් තරම් මිනිස්සු රස්තියාදු කළා”. ප්‍රසන්න කීවේය.

    “ඒක ඇත්ත. මටත් හරියට කම්ප්ලේන් ආවා”. රමේෂ් කීවේය.

    “දැන් මිනිස්සුන්ට තේරේනවා මේ අය පිටිපස්සේ හිටියේ කවුද කියලා. මහ බැංකුව මෙච්චරකල් නිදාගෙනයි ඉදලා තියෙන්නේ”. ප්‍රසන්න කීවේය.

    සටහන – ගජබා නාගහවත්ත

  • Hot Plate: එජාපය රටපුරා ෆයිට් කරන අයුරු රනිල් හෙළි කරයි !

    Hot Plate: එජාපය රටපුරා ෆයිට් කරන අයුරු රනිල් හෙළි කරයි !

    සටහන – ගජබා නාගහවත්ත

    එ.ජා.ප ඡන්ද සටන බිම් මට්ටමේ ක්‍රියාත්මක වීම ඇරඹූවේ නායකයා ගේ පන්සල් වන්දනාව සමගිනි. මුස්ලිම් නායකයින් බහුතරයක් සජිත් පිල හා එකතුවීම හේතුවෙන් බොහෝ පන්සල්  හා නාහිමිවරුන් එ.ජා.ප ය සමග අත්වැල් බැද ගැනීමේ දැඩි ප්‍රවණතාවක් පවතී. එ.ජා.ප මැතිවරණ සටන මෙහෙයවීමට සාගල, අස්මිතා අෂිම්, ශමල් සෙනරත් ඇතුළු ඒකකයක් පත් කොට තිබේ. මහ පොලොවේ සැලසුම් සදහා එක් කණ්ඩායමක් ද, ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඇතුළු සෙසු කටයුතු සදහා තවත් කණ්ඩායමක් වශයෙන් වර්ග කිරිමක් ද සිදුකොට තිබේ.

    බ්‍රහස්පතින්දා පෙරවරුවේ එ.ජා.ප නායකයාගේ නිවසට පැමිණි පිරිස් සමග කතා බහ කරන විට මහනුවර දිසාවට තරඟ වදින මාධ්‍යවේදි මහේෂ් සේනානායක විමසූවේ “අකිල මහලේකම්තුමා මේ මෙහෙයුමට සම්බන්ධ වෙන්නේ කොහොමද” කියායි.

    රැස්විම් තිබ්බොත් ගෙන්න ගන්න පුළුවන් වන සිය දෙනා යු.එන්.පි අය. එයාලට නෙවෙයි කතා කරන්න ඕනෑ. ඒකයි අලුත් උපක්‍රම පාවිච්චි වෙන්න ඕනේ.” එ.ජා.ප නයකයා කීවේය.

    රටපුරා ෆයිට් කරන හැටි එජාප නායකයා පැහැදිලි කරයි

    “අකිලට කුරුණෑගල වැඩි ආසන ගාණක් දිනාගන්න සටනක් තියෙනවා. මෙතනදි ඔහුගේ වැඩි බර ඒකට දාන්න ඕනේ. ගම්පහ රුවන් විජයවර්ධන, අර්ජුන, කිත්සිරි මංචනායක, වරුණ ලා ලොකු ෆයිට් එකක් දෙනවා. කොළඹ මම රවි, දයා ලා ඇතුළු කණ්ඩායම වෙනමම බැහැලා කරනවා. අනිත් හැම දිස්ත්‍රික්කයකම අපේ කටයුතු ඉතා හොදින් ශක්තිමත්ව කෙරෙනවා.” එ.ජා.ප නායකයා කීවේය.

    “සජිත් මේ පාර රැස්විම් දාහකට යනවා කියලා කියන්නේ. තව දින හතලිස් ගානයි තියෙන්නේ. එහෙම නම් දවසකට රැස්විම් විසි පහකට වඩා යන්න වෙනවා. දවසට පැය 24 යි නේ තියෙන්නේ රැස්විම් කොහොම ද එච්චර කරන්නේ. ජනාධිපතිවරණයේත් අවුල් කර ගත්තේ කට නිසා කියලා රංගේ බණ්ඩාර කිව්ව කතාව ඇත්ත.” රවි කරුණානායක කීවේ උපහාසාත්මකව ය.

    “ජ.වි.පෙ, පොහොට්ටු කැම්පේන් තාම හරියට නෑ. අපට ජනතාවට දෙන්න පණිවිඩයක් තියෙනවා. ඒකට විවිධ උපක්‍රම පාවිච්චි කරනවා. රැස්විම් තිබ්බොත් ගෙන්න ගන්න පුළුවන් වන සිය දෙනා යු.එන්.පි අය. එයාලට නෙවෙයි කතා කරන්න ඕනෑ. ඒකයි අලුත් උපක්‍රම පාවිච්චි වෙන්න ඕනේ.” එ.ජා.ප නයකයා කීවේය.

    “බොහෝ ජනමාධ්‍ය එක පැත්තකටයි දැන් තියෙන්නේ. මැතිවරණ කොමිසමත් එක්ක මේ ගැන කතා කළේ නැද්ද?” මහේෂ් සේනානායක විමසුවේය.

    “ජනමාධ්‍යයේ කාටත් සමබර ඉඩක් ලබාදීමට මැදිහත්විම කොමිසමේ වගකීමයි. අපි ඒක ඉල්ලලා තියෙනවා.” නායකයා පිළිතුරු දුන්නේය.

    89 ය භීෂණ කාලෙත් එ.ජා.ප ය ඡන්ද කලා. ගමේ ඇතැම් දූෂිත අය වෙනුවට අලුත් තරුණ පරම්පරාවක් පත්වෙලා නිසා ඒ අය ගම හොදට බැලන්ස් කරනවා.” නවීන් දිසානායක කිවේය

    “89 ය භීෂණ කාලෙත් එ.ජා.ප ය ඡන්ද කලා. ගමේ ඇතැම් දූෂිත අය වෙනුවට අලුත් තරුණ පරම්පරාවක් පත්වෙලා නිසා ඒ අය ගම හොදට බැලන්ස් කරනවා.” නවීන් දිසානායක කිවේය.

    “කාටත් දැන් තියෙන ප්‍රශ්නය කොවිඩ්  නැතුව ජිවත් විමයි. වැටුප් හා රැකියා නැතුව ජිවත්වීමේ ප්‍රශ්නයයි. ප්‍රජාතන්ත්‍රවාදය ගැන ප්‍රශ්නයත් මතු වෙනවා. අපට මිනිස්සු ළගට යන්න වෙලා තියෙන්නේ ඒ වගේ දුෂ්කර පරිසරයකයි.” දයා ගමගේ ගේ අදහස සියළු දෙනා අනුමත කළහ.

    “කොවිඩ් වලින් ගොඩ ආපු බොහෝ රටවල දෙවෙනි ව්‍යාප්තිය ඇති වෙලා. ලංකාවේත් එහෙම අභියෝගයක් ආවොත් ඒකට මුහුණ දීමත් අපට ලොකු ප්‍රශ්නයක් වෙනවා.” වජිර අබේවර්ධන ගේ අදහසට ද කාගේත් අවධානය යොමුවිය.

    ජනපති මහ බැංකු සහ මහජන බැංකු නිලධාරින් මුදල් ඇමති නොමැතිව කැදවා දැඩි දෝෂාරෝපණයක් සිදු කිරිම ගැන ද එහිදි අවධානය යොමු විය.

    “මාස 8 ක් ආර්ථික පැත්තේ මුකුත් කර ගන්න බැරුව මේ ආණ්ඩුව අසරණ වෙලා ඉන්නේ. විනයක් නැතුව කෝටි 600 ක් බදු සහන ලෙස යාළුවන් ට ලබා දීමත් ආණ්ඩුවේ මූල්‍ය විනය හා කළමනාකරණය නොමැතිවීමත් මේ ගැටළුවට මුලයි. අපේ කාලේ ඩොලර් බිලියන 10 ක සංචිත අපි රදවා ගත්තා. ඒත් දැන් ඒක ඩො. බි. 5 – 6 ට බැහැලා. ඒකෙනුත් ඩො. බිලියනයක් මේ වසරේ ණය සහ පොලී ගෙවන්න වෙනවා. මේ රටේ මිනිස්සුන්ට මහා අභාග්‍යමත් කාලයක් මේ ආණ්ඩුව දිනුවොතින් ඇති වේවි.” එ.ජා.ප නායකයා කළ විග්‍රහය එසේය.

    පාස්කු ප්‍රහාරය ගැන මට හෝ අගමැතිට අදාල අය දැන්නුවේ නැති නිසා අපි දෙන්නටම ඒ ගැන වගකිමක් පවරන්න එපා කියලා හිටපු ජනපති මෛත්‍රි බි.බි.සි එකට කිව්වා.” අකිල විරාජ් කීවේය.

    “පාස්කු ප්‍රහාරය ගැන මට හෝ අගමැතිට අදාල අය දැන්නුවේ නැති නිසා අපි දෙන්නටම ඒ ගැන වගකිමක් පවරන්න එපා කියලා හිටපු ජනපති මෛත්‍රි බි.බි.සි එකට කිව්වා.” අකිල විරාජ් කීවේය.

    “මටවත් මගේ සිකියුරිටි එකටවත් කව්රුවත් දැන්නුවේ නැහැ. හැබැයි හිටපු ජනාධිපතිතුමාට වගේම හිටපු විපක්ෂ නායක මහින්දලට නම් දැන්නුවා කියලා තමයි අදාල කට්ටිය කියන්නේ.” එ.ජා.ප නායකයා එසේ කියා ඉවත බලා ගත්තේය.

    “ආණ්ඩුවේ ආර්ථික සැලැස්ම මොකක්ද කියලා ආණ්ඩුවවත් දන්නේ නැති හැඩයි. ඡන්දෙන් පස්සේ ඇමරිකන් එම්.සි.සි ගිවිසුම් අත්සන් කරනවා කියලා ඇමරිකන් තානාපතිනිය පැහැදිලිවම දැන් කියනවා.” රවි කරුණානායක පැවසීය.

    “ඡන්දය නිසා ආපහු බැදුම්කරෙයි, අර්ජුන් මහේන්ද්‍රනුයි ආණ්ඩුව වලෙන් ගොඩදාගෙන දගලනවා. මෛත්‍රි ජනාධිපතිවත්, මේ ආණ්ඩුවත් බැදුම්කරයට අදාළව නඩු දාන්නේ නැහැ. ඒ ඇයි? පොලිසියේ කටයුතු හමාරයි නිතිපති එකේ දැන් ලියවිලි තියෙන්නේ. ඡන්දය අල්ලලා බොරු මඩ ප්‍රචාර නොදා නඩු දාන්න කියලායි අපි කියන්නේ.” චම්පිකා ප්‍රේමදාස කිවේ සිනා මැදය.

    සමගි ජන බලවේගයේ නායකයෝ පන්සල් වන්දනාවේ

    සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් සමගි ජන බලවේගය ද සිය මැතිවරණ සටන ආරම්භ කළේ විහාර රාශියක් වන්දනා මාන කරමිනි. පසුගිය දා ඔහු සහ පාඨලි චම්පික රණවක පන්නිපිටියේ විහාරස්ථානයකට ද පැමිණියහ.

    එහිදි එම ගම්වාසීන් සහ භික්ෂූන් වහන්සේලා ඇතුළු අති විශාල පිරිසකගේ දැඩි ප්‍රතිචාර සජිත් සහ චම්පිකට හිමිවිය.

    “ඡන්දය අගෝස්තු 05 දායි. චම්පික ඇමතිතුමාගේ උපන් දිනය කලින් දිනයේ නේද? ආණ්ඩු හදලා උපන් දිනය සමරන්න උත්සාහ කරන්න.” රොඩ්නි ප්‍රෙෂර් කීවේය.

    සමගි බලවේගයේ කාන්තා සහ තරුණ සම්මේලන පිහිටුවීම ද පසුගිය දා උත්කර්ෂවත් ලෙස සිදුවු අතර සජිත් තම මැතිවරණ කටයුතු ඇරඹුවේ ගම්පහ සහ ගාල්ල දිස්ත්‍රික්ක වලිනි.

    2001 දි හා 2015 දි අපි එ.ජා.ප යට ආණ්ඩු අරන් දුන්නා. ඒත් ඒවා රැක ගන්න ඒ නායකයන්ට බැරිවුනා. ඒකෙන් අසාධාරණය වුනේ පාක්ෂිකයන්ටයි.

    ඒ අතරේ මහනුවර දිසාවේ දුරකතනයට නායකත්වය දෙන ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු කණ්ඩායමද ඉතා ප්‍රබල මැතිවරණ ව්‍යාපාරයක් දියත් කොට තිබේ.

    “2001 දි හා 2015 දි අපි එ.ජා.ප යට ආණ්ඩු අරන් දුන්නා. ඒත් ඒවා රැක ගන්න ඒ නායකයන්ට බැරිවුනා. ඒකෙන් අසාධාරණය වුනේ පාක්ෂිකයන්ටයි. ඒ වගේම මේ ආණ්ඩුව කියන කොරෝනා සංඛ්‍යා ලේඛන අපට සැකයි. මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයත් මේ සැකය මතු කළා. ආණ්ඩුවට මේ ඡන්දයෙන් 113 ගන්න බෑ. අපි සජිත්ගේ නායකත්වයෙන් ආණ්ඩුව හදලා මේ ආණ්ඩුව තම නොහැකියාව නිසා වැනසු ආර්ථිකය විදිමත් කරලා බඩු මිලත් අඩු කරලා ජනතාවට උපරිම සහන දෙනවා.” ලක්ෂ්මන් කිරිඇල්ල ජනතාවට ලබාදෙන පණිවුඩයේ මූලික හරය එය විය.

    දැක්කද හර්ෂණ, අපි කියන කතාව තමයි හැම තැනම කියන්නේ. මෙදා පාර රනිල්ගේ දේශපාලන පරිණතභාවය, කපටිකම් ඒවා සේරම කොළඹදී හේදිලා යනවා‘ ජෝර්ජ් පෙරේරා කීවේය.

    මේ අතර සමගි බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂකයෝ එකාවන්ව සහයෝගයෙන් කටයුතු කරන ආකාරයක් පැහැදිලිව දැකිය හැකිය. සමගි බලවේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට ඉදිරිපත්ව සිටින ජනතාව විසින් ‘ලෙන්ගතු මිනිසා‘ ලෙස හදුන්වන ජනප්‍රිය නායකයෙකු වන යූ. ජෝර්ජ් පෙරේරා මේ අතර ඉදිරියෙන්ම සිටී. ජෝර්ජ් තම බල ප්‍රදේශය මහරදී නිරෝෂා අතුකෝරාළ සමග ද දොම්පේ ආසනයේදී තරුණ නායකයෙකු වන හර්ෂණ රාජකරුණා සමග ද මනා සහයෝගයෙන් කටයුතු කරන අතර ඔවුන් අතර මනාප පොරය වෙනුවට ඇත්තේ අනෝන්‍ය සහයෝගයයි.

    මේ අතර දොම්පේ පැවැති ජනහමුවකදී හර්ෂණ සහ ජෝර්ජ් සුපුරුදු ලෙස වත්මන් දේශපාලන ප්‍රවණතා ගැන කතා කරමින් සිටි විට දොම්පේ ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් ජෝර්ජ්ගෙන් ප්‍රශ්නයක් ඇසුවේය.

    ‘සර්, රනිල් මහත්තයයි අපේ නායකයා සජිත් මහත්තයි දෙන්නම තරග කරන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඉස්සර මේ දෙන්නා හිටියේ දිස්ත්‍රික්ක දෙකක නිසා අපිට ඇත්ත ශක්තිය දැක ගන්න බැරි වුණා. මේ පාර මොකක් වෙයිද ?‘

    හර්ෂණ සහ ජෝර්ජ් එකිනෙකාගේ මුහුණ බලාගෙන මොහොතක් කල්පනා කළ අතර කිසියම් එකගතාවකට පැමිණි අයුරින් ජෝර්ජ් ප්‍රශ්නය යොමු කළ තරුණ මන්ත්‍රීවරයා දෙස බලා සිටියේය.

    ‘හොදයි, මල්ලිම කියන්නකෝ මොකද වෙන්නේ කියලා. මොකද ඔයාලා තමයි බිම් මට්ටමේ ජනමතය හරියට දන්නේ ‘ ජෝර්ජ් කීවේය.

    ‘මොනවා කියන්නද සර්, අපේ සජිත් මහත්තයා එක්ක හැරෙන්න රනිල් මහත්තයට බෑ. මං හිතන්නේ සජිත් මහත්තයා ගන්න මනාපවලින් භාගයක් වත් රනිල් මහත්තයට ගන්න බැහැ. ඇත්ත තත්ත්වේ ඒකයි‘ තරුණ මන්ත්‍රීවරයා කීවේය.

    ‘මල්ලී හිතන විදිහට හේතුව මොක්කද ?‘ ජෝර්ජ් යළි විමසුවේය.

    ‘වෙන මොකවත් නෙමෙයි රනිල් මහත්තයා කියන්නේ ජනතාවට, පාක්ෂිකයින්ට කිසිම සමීප බවක් නැති නායකයෙක්. පොඩි මිනිස්සු ගැන මෙලෝ හසරක් නොදන්න නායකයෙක්. එයාට කළේ එයාගේ පන්තියේ යාළුවන්ටයි තවත් අයටයි විතරයි. පාක්ෂිකයෝ වෙනුවෙන් අබමල් රේණුවක දෙයක් එයා කළේ නැහැ‘ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය.

    ‘දැක්කද හර්ෂණ, අපි කියන කතාව තමයි හැම තැනම කියන්නේ. මෙදා පාර රනිල්ගේ දේශපාලන පරිණතභාවය, කපටිකම් ඒවා සේරම කොළඹදී හේදිලා යනවා‘ ජෝර්ජ් පෙරේරා කීවේය.

    සටහන ගජබා නාගහවත්ත

  • The Lord of the Rings: ශ්‍රීමත් ඉයන් හෝම් දිවි රගමඩලට සමුදෙයි

    The Lord of the Rings: ශ්‍රීමත් ඉයන් හෝම් දිවි රගමඩලට සමුදෙයි

    ද ලෝඩ් ඔෆ් ද රින්ග්ස් The Lord of the Rings චිත්‍රපටවල බිල්බෝ බග්ගින්ස් (Bilbo Baggins) චරිතය රඟපෑ වේදිකා සහ චිත්‍රපට නළු ශ්‍රීමත් ඉයන් හෝම් (Sir Ian Holm) අද (19) දින මියගිය බව ඔහුගේ ප්‍රකාශකයෙක් තහවුරු කළා.

    ශ්‍රීමත් ඉයන් මිය යන විට 88 වැනි වියේ පසු වූ බවයි ඔහු සදහන් කළේ.

    “පාකින්සන් රෝගය හේතුවෙන් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ශ්‍රීමත් ඉයන් හෝල්ම් අද උදෑසන අභාවප්‍රාප්ත වුණා. ඔහු මිය යන විට ඔහු සමීපයේ පවුලේ ඥාතීන් ද සිටියා. ඔහුගේ මරණය බොහොම සාමකාමී එකක් ” ඔහුගේ නියෝජිතයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

    සර් ඉයන් හෝම්
    සර් ඉයන් වෘත්තීය ජීවිතය ආරම්භ කළේ වේදිකා නළුවෙකු ලෙසය.

    The Madness of King George චිත්‍රපටයේ ආචාර්ය විලිස් ලෙස රඟපෑ හෝම් එහිදී අමතක නොවන රංගනයක් ඉදිරිපත් කළේය.

    ජාතික රගහල ශ්‍රීමත් ඉයන් “අසාමාන්‍ය නළුවෙකු extraordinary actor” ලෙස නම් කළ අතර 1997 දී කිං ලයර් (King Lear) ලෙස රඟපෑමෙන් “අපූරු මතකයන්” නිර්මාණය කළ බව ද පැවසුවේය.

    ශ්‍රීමත් ඉයන් 1965 දී හැරල්ඩ් පින්ටර්ගේ ද හෝම්කමිං (The Homecoming) හි ලෙනීගේ චරිත රගපාමින් චිත්‍රපට කලාවට පිවිසි අතර වසර අටකට පසු චිත්‍රපටයේ ඔහුගේ රංගනය නැවත ප්‍රතිනිර්මාණය කළේය.

    චෙරි ඕකිඩ් හි ජූඩි ඩෙන්ච් සහ ඉයන් හෝම්
    හොල්ම් ජූඩි ඩෙන්ච් සමඟ චෙකොව්ගේ Chekhov’s The Cherry Orchard හි රඟපෑවේය

    කෙසේවෙතත්, 1976 දී ද අයිස්මන් කොමෙට් නිෂ්පාදනය අතරතුරදී ඔහු වේදිකාවට සමු දුන්නේය.

    ඔහු ද ෆිෆ්ට් එලේමන්ට් සහ ලෝඩ් ඔෆ් ද රින්ග්ස් වැනි ඉහළ පෙළේ චිත්‍රපටවල විශිෂ්ඨ රංගනයක් ඉදිරිපත් කළ අතර ඉන් ඉහළ කීර්තියක් දිනා ගත්තේය.

    ඔහුට 1981දී Chariots of Fire චිත්‍රපටයේ රග පෑ චරිතය වෙනුවෙන් ‘හොදම සහාය නළුවා‘ට හිමි ඔස්කාර් සම්මානය ලැබුණේය.

    1968 දී The Bofors Gun චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඔහු බැෆ්ටා (Bafta) සම්මානයක් දිනා ගත්තේය.

    2000 දී ලොස් ඇන්ජලීස් ටයිම්ස් (Los Angeles Times) පුවත්පතට අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය. “මම සිනමා තරුවක් නොවෙයි. එනිසා මිනිසුන් හැම විටම මගෙන් එකම දේ බලාපොරොත්තු වන්නේ නැහැ‘

    නාට්‍ය කලාව සඳහා ඔහු දැක්වූ දායකත්වය වෙනුවෙන් 1998 දී ඔහුට නයිට් පදවියක් ලැබුණි.

    සර් ඉයන් හෝම්, මයිකල් බ්‍රයන්ට් සමඟ කිං ලයර් හි
    ඔහු 1997 දී කිංග් ලර්න් නැෂනල් King Lear at the National හි රඟපෑමට වේදිකාවට පැමිණියේය

    විකට නළුවෙකු වන එඩී ඉසාර්ඩ් ශ්‍රීමත් ඉයන් “අපූරු නළුවෙකු” ලෙස සිහිපත් කරමින්, “ඔහු යනවා දැකීම කණගාටුවට කරුණක් බව කීවේය.

    අධ්‍යක්ෂ එඩ්ගර් රයිට් ශ්‍රීමත් ඉයන්ගේ අභාවය ගැන අදහස් දක්වමින් ඔහු ‘දක්ෂ නළුවෙක්” ලෙස හැඳින්වීය.

    ලීග් ඔෆ් ජෙන්ට්ල්මන්  (League of Gentleman) තරුව රීස් ෂියර්ස්මිත් (Reece Shearsmith) ට්වීට් පණිවුඩයක් නිකුත් කරමින් ‘ඔහු සිය ජීවිත කාලය තුළ ඇදහිය නොහැකි රංගනයක් ඉදිරිපත් කළ බව‘ සදහන් කළේය.

    සුපිරි බොලිවුඩ් නළු රොබට් වෙබ් ශ්‍රීමත් ඉයන්ගේ අභාවය ගැන අදහස් දක්වමින් ‘ඔහු අපූරු නළුවෙක්. ඔහුගේ නික්ම යාම කනගාටුවට කරුණක් ‘බව සදහන් කළේය.

    බී.බී.සී ඇසුරිණි

  • ලංකාව ද ඇතුළුව ලොව පුරා දස දෙසින් ඇසෙන ‘අධිකාරිවාදයේ අසුබවාදී ඇඟවීම්’

    ලංකාව ද ඇතුළුව ලොව පුරා දස දෙසින් ඇසෙන ‘අධිකාරිවාදයේ අසුබවාදී ඇඟවීම්’

    පසුගියදා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමකාමී උද්ඝෝෂණයකට එල්ල වූ පොලිස් ප්‍රහාරයෙන් සංකේතවත් වූයේ අප බොහෝ විට ඉදිරි මහා මැතිවරණයෙන් පසුව ඇතුල් වන්නට යන නව යුගයේ පෙර මග ලකුණු විය හැකිය. 

    අන්තෝනියෝ ග්‍රාම්ස්චිගේ (Antonio Gramsci) සුප්‍රසිද්ධ යෙදුමක් නම් “බුද්ධියේ සර්ව-අසුබවාදය සහ අධිෂ්ඨානයේ සර්ව-සුබවාදය” යන්නයි. ඔහු එසේ පැවසුවේ ෆැසිස්ට්වාදය හිස ඔසවමින් පැවති ඉතාලියානු දේශපාලනයේ අවිනිශ්චිත මොහොත තුළ සක්‍රීය දේශපාලනයෙහි නිරත වන අතරමය.

    Antonio Gramsci

    පවත්නා තත්ත්වය පිළිබඳ සංයුක්ත පැහැදිලි කර ගැනීමකදී අප කොතරම් අකමැති වුවත් දේවල්වල යථා ස්වභාවය අපට පිළිගන්නට සිදු වේය යන්න ඔහුගේ අවධාරණය විය. අපගේ අභිලාෂයන් සහ ප්‍රාර්ථනාවන් අනුව අප පවත්නා තත්ත්වය රෝස පැහැයෙන් පින්තාරු නොකළ යුතුය. අප දේශපාලන විශ්ලේෂණයේ යෙදෙන විට දේවල් රෝස පැහැයෙන් දැකීමේ අපගේ නොතිත් ආශාවට අපගේ බුද්ධිමය දෘඪතරභාවය යටපත් කරන්නට ඉඩ නොදිය යුතුය. 

    ග්‍රාම්ස්චිගේ බුද්ධිමය සර්ව-අසුබවාදය ඔහුගේ යුගයේ අධිපතිව පැවති ගතානුගතික මාක්ස්වාදයෙන් ඔහුව වෙන් කරන ප්‍රවාදයක්ද වේය යන්න මගේ අදහසයි. මන්ද යත්, විශේෂයෙන්ම දෙවන ජාත්‍යන්තරය තුළ ප්‍රචලිතව පැවති මාක්ස්වාදී අදහස්වලින් කියැවුණේ සමාජවාදී සමාජ පරිවර්තනය නම් අත්‍යවශ්‍ය සංසිද්ධිය දෙසට ඉතිහාසය ගමන් කරමින් තිබූ බවය.

    එම විශ්වාසයට පටහැණි වන සියල්ලම (ෆැසිස්ට්වාදයද ඇතුළුව) දක්නා ලද්දේ ඓතිහාසික අහම්බයන් ලෙසටය. නැතහොත්, ඉතිහාසයේ අත්‍යවශ්‍ය වර්ධනයේ තාවකාලික අපගමනයන් ලෙසටය. ඒ අනුව, බුද්ධිය (එනම් මේ කාරණයේදී ගතානුගතික මාක්ස්වාදය) විසින් ප්‍රදානය කරනු ලැබ තිබුණේ සර්ව-සුබවාදී පර්යාලෝකයකි. ග්‍රාම්ස්චි ප්‍රතික්ෂේප කළේ එයයි. 

    ඔහු පිළිගත්තේ “සංයුක්ත තත්ත්වය පිළිබඳ සංයුක්ත විශ්ලේෂණයක්” යන ලෙනින්ගේ ප්‍රවාදයයි. එකල ඉතාලියේ පැවති සංයුක්ත තත්ත්වය කිසිසේත් සුබවාදී එකක් නොවීය. දේවල් සැබවින්ම පෙළ ගැසෙමින් තිබුණේ අසුබවාදී දිශාවකටය. ග්‍රාම්ස්චි පෙන්වා දුන්නේ එසේ සැබවින්ම පැවති අසුබවාදී තත්ත්වයේ අඳුරු වර්ණය සමාජවාදී පරිවර්තනයේ අත්‍යවශ්‍යතාව පිළිබඳ රෝස පැහැති (අවශ්‍ය නම් රත් පැහැති) විශ්වාසයෙන්  වසා නොදැමිය යුතු බවයි.

    ඉතිහාසය අවශ්‍යයෙන්ම ප්‍රගතිය කරා දිශානත වී නොමැත. නමුත්, තවමත් ඉතිහාසය වෙනස් කළ හැකිය. “අධිෂ්ඨානයේ සර්ව-සුබවාදයක්” අවශ්‍ය වන්නේ එනිසාය. අධිෂ්ඨානයේ සුබවාදයකින් තොරව කිසිදු දේශපාලනයක නියැළිය හැකිද? 

    එම අධිකාරීවාදයේ අනතුර පෙර දකින්නට සමත් වූයේ අතලොස්සකි. ඇතැම්හු මේ බිහිවන්නට යන්නේ “මෘදු අධිකාරීවාදයක්” යැයි සිතා සිත සනසා ගනිමින් සිටියහ; එනයින්, දේශපාලන විශ්ලේෂණය යනු බරපතල බුද්ධිමය කටයුත්තක්ය යන්න නොතකා හරිමින් සිටියහ.

    ලාංකීය මේ මොහොත

    ලාංකීය දේශපාලනය තුළ අධිකාරීවාදී ප්‍රවණතා මෙන්ම ව්‍යුහයන්ද කලක පටන්ම පවතින බවට සැකයක් නොමැත. නමුත්, මෙරට යම් තරමකට හෝ ඉතිරිව තිබෙන ප්‍රජාතාන්ත්‍රික නිදහස අන් කවරදාකවත් නොවූ විරූ තරමේ අනතුරකට පත් කෙරෙන ආකාරයෙන් අධිකාරීවාදය දෙසට වූ තියුණු හැරීමක් මෑතකාලීනව සලකුණු විය. ඒ පසුගිය ජනාධිපතිවරණයේදීය.

    එම අධිකාරීවාදයේ අනතුර පෙර දකින්නට සමත් වූයේ අතලොස්සකි. ඇතැම්හු මේ බිහිවන්නට යන්නේ “මෘදු අධිකාරීවාදයක්” යැයි සිතා සිත සනසා ගනිමින් සිටියහ; එනයින්, දේශපාලන විශ්ලේෂණය යනු බරපතල බුද්ධිමය කටයුත්තක්ය යන්න නොතකා හරිමින් සිටියහ.

    අනෙක් අතට, බොහෝ වාම-ලිබරල් බුද්ධිමතුන් 2015 නව-ලිබරල් යහපාලන ව්‍යාපෘතියට සක්‍රීයව සහාය දැක්වීමෙන් තම දෑත් පුළුස්සාගෙන සිටි බැවින් සැබවින්ම අධිකාරීවාදයේ අනතුර මතු වූ 2019 වන විට සිටියේ කණමැදිරි එළියට පවා බියට පත් වෙමිනි.

    යළිත් වරක් තම දේශපාලන තක්සේරු කිරීම් වැරදී ගොස් තමන් රැවටීමට ලක් වනු ඇතැයි සාධාරණ බියක් ඔවුන් තුළ තිබුණා විය යුතුය. නමුත්, 2019 දී මතු වූයේ කිසිසේත්ම 2015 සමග සැසඳිය නොහැකි තරමින් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ බරපතල අනතුරකි. 

    පසුගිය ජනාධිපතිවරණය නිමා වූ සතියේ මා “රාවය” පුවත්පතට ලියූ ලිපිය ආරම්භ කළේ පහත වාක්‍යයෙනි: “අප දැන් සිටින්නේ නව දේශපාලන පොළෝ තලයක් මතය.” එය නව පොළෝ තලයක් වන්නේ හුදෙක් යම් යම් අධිකාරීමය ප්‍රවණතා කලින්ට වඩා ඉස්මත්තට පැමිණීමේ අරුතින්ම නොවේ. ඊට වඩා ගුණාත්මක යැයි කිව හැකි ආකාරයේ පරිවර්තනයක් එයින් ගම්‍ය වූ බැවිනි.

    එනම්, සාමාන්‍යයෙන් “අධිකාරීමය ධනවාදය” නැතහොත් “නැගෙනහිර ආසියාතික ධනවාදය” යනුවෙන් හැඳින්වෙන සංවර්ධන මොඩලය කරා ගමන් කිරීමේ දේශපාලන අධිෂ්ඨානයෙන් මෙහෙයවන ලද කණ්ඩායමක් විසින් දේශපාලන නායකත්වය අත්පත් කර ගනු ලැබීමයි. එසේම එම පරිවර්තනය පිටුපස පැහැදිලිවම නව පංති බල-හවුලක අභිලාෂයන් ප්‍රකාශයට පත් විය. එම බල හවුල සමන්විත වූයේ නව සිංහල ධනේශ්වර කොටස්, මිලිටරි නිළධාරී තන්ත්‍රයේ කොටස්, අන්ත-ජාතිකවාදී දෘෂ්ටිවාදී බලකායන්, කළමනාකරණ සහ වෘත්තීයමය ප්‍රභූ ශ්‍රේණීන් සහ ග්‍රාමීය තලය දක්වා විහිඳුණු පුළුල් අනුග්‍රාහක-සේවාදායක සබඳතා ජාලයන්ගෙනි. සමකාලීන දේශපාලන අධිකාරීවාදය වනාහී මෙම නව පංති බල ව්‍යාපෘතියේ අවශ්‍යතාවකි. මෙය පැහැදිලිවම 2015 පැවති තත්ත්වය හා සැසඳූ කල ගුණාත්මක වෙනසකි.

    තවද ඉහත කී පරිවර්තනය වටහා ගත යුතුව තිබුණේ සමකාලීන ගෝලීය දේශපාලන-ආර්ථිකයේ සහ දේශපාලනයේ සිදුවෙමින් පැවති වෙනස්කම්ද සැලකිල්ලට ගනිමින්ය. (මා පසුගිය ජනාධිපතිවරණයට පෙර ලියූ ලිපි ගණනාවකින් මේ කාරණය පැහැදිලි කොට ඇත). විශේෂයෙන්ම 2016 දී එක්සත් ජනපදයේ ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත් වීමෙන් සංකේතවත් වූ අන්ත-දක්ෂිණාංශික ජාතිකවාදයේ නැගීම ඒ අතුරින් ප්‍රමුඛය.

    ට්‍රම්ප්ගෙන් පසුව එක්සත් ජනපදයේ ගෝලීය නායකත්වය බරපතල අර්බුදයකට පත් විය. ඒ අතරම යුරෝපාකරයේ අන්ත-දක්ෂිණාංශයේ නැගීම හමුවේ සමස්ත යුරෝපා සංගම් ව්‍යාපෘතියම අර්බුදයට පත් විය. මේ තත්ත්වයන් යටතේ එක්සත් ජනපද සහ යුරෝපීය හෙජමොනිය තුළ ගොඩ නැගුණු “ලිබරල් ජාත්‍යන්තර පර්යාය” අර්බුදයට පත් විය.

    ශ්‍රී ලංකාවේ ප්‍රජාතාන්ත්‍රික සිවිල් සමාජ ව්‍යාපාරවල ශක්තිය කෙරෙහි ලිබරල් ජාත්‍යන්තර පර්යායේ අර්බුදය බරපතල ලෙස බලපාන බව අමුතුවෙන් කිව යුතු නැත. 2019 සංධිස්ථානමය මොහොත 2015 න් වෙනස් වන්නේ හුදෙක් ජාතික දේශපාලනයේ තත්ත්වයන් පමණක් නොව ඉහත කී ගෝලීය දේශපාලන ආර්ථිකමය මෙන්ම දේශපාලනික තත්ත්වයන්ද හේතු කොටගෙනය.

    මේ අනුව, පසුගිය ජනාධිපතිවරණය පවත්වන ලද්දේ කුමන අරුතකින් ගත්තද අධිකාරීවාදී දේශපාලනයක ආධිපත්‍ය තහවුරු වීමට උචිත ව්‍යුහාත්මක කොන්දේසි දේශීයව මෙන්ම ජාත්‍යන්තරිකවද සැකසෙමින් පැවති වාතාවරණයක් තුළය. 

    වසංගතයට මුහුණ දීම සඳහා රට ලොක් ඩවුන් කළ යුතුය යන ඉල්ලීම මතු වූයේ මෙරට ලිබරල් සිවිල් සමාජ කණ්ඩායම් තුළින්මය. එහිදී ලොක් ඩවුන් කිරීමක් කරන්නේ නම් ඒ සමගම ප්‍රජා සහභාගීත්වය සහිත ශක්තිමත් සමාජ ආරක්ෂණ වැඩ පිළිවෙලක්ද ඉදිරිපත් කළ යුතුය යන යෝජනාව ප්‍රබලව ඉදිරිපත් කරන්නට ඔවුන් අසමත් විය.

    කොරෝනා අර්බුදය 

    යම් දේශපාලන හැරවුමකට උචිත තත්ත්වයන් සැකසීමත් එම හැරවුමට අවශ්‍ය ජවය සැපයෙන ආසන්න සිද්ධියක් නිර්මාණය වීමත් අතර වෙනසක් පවතී. කොරෝනා වෛරස් වසංගතය මගින් සැපිරුණේ ඉහත කී දෙවන අවශ්‍යතාවයි. ඒ සඳහා අනියමින් මෙරට ලිබරල් සමාජ කොටස්ද දායක වී තිබේ.

    වසංගතයට මුහුණ දීම සඳහා රට ලොක් ඩවුන් කළ යුතුය යන ඉල්ලීම මතු වූයේ මෙරට ලිබරල් සිවිල් සමාජ කණ්ඩායම් තුළින්මය. එහිදී ලොක් ඩවුන් කිරීමක් කරන්නේ නම් ඒ සමගම ප්‍රජා සහභාගීත්වය සහිත ශක්තිමත් සමාජ ආරක්ෂණ වැඩ පිළිවෙලක්ද ඉදිරිපත් කළ යුතුය යන යෝජනාව ප්‍රබලව ඉදිරිපත් කරන්නට ඔවුන් අසමත් විය.

    සැබවින්ම ලොක් ඩවුන් කිරීමෙන් පසුව නොවැලැක්විය හැකි ලෙසම ආර්ථිකමය සහ සමාජමය අර්බුද මාලාවකට මුහුණ දීමට පාලනාධිකාරයට සිදු විය. එම අර්බුදයට පාලකයින් ප්‍රතිචාර දක්වන ලද්දේ තම අනුග්‍රාහක දේශපාලන ජාලයන් ප්‍රවර්ධනය කර ගැනීමේ අවස්ථාවක් බවට එය පරිවර්තනය කර ගැනීමෙනි. ප්‍රජා සහභාගීත්වය සහිතව ක්‍රියාත්මක කෙරෙන සමාජ ආරක්ෂණ වැඩ පිළිවෙලක් වෙනුවට දේශපාලන අනුග්‍රාහක සබඳතා ඔස්සේ සෘජුව ක්‍රියාත්මක කෙරෙන ඉහළ සිට මෙහෙයවෙන වැඩ පිළිවෙලක් ආදේශ විය. 

    ඇඳිරි නීතියේ ආවරණය යටතේ පවතින ලොක් ඩවුන් කිරීමක් සමග පාර්ලිමේන්තු මැතිවරණය කල් දැමීමද එක් වූ විට විධායක බලයේ ශක්තිය වර්ධනය වීමට අවශ්‍ය ස්වර්ණමය තත්ත්වයක් ගොඩ නැගෙන බව අමුතුවෙන් කිව යුතු නොවේ. පවත්නා සංයුක්ත තත්ත්වය තියුණු ලෙස විශ්ලේෂණය කරමින් සිටි මහාචාර්ය ජයදේව උයන්ගොඩ ඒ මොහොතේදී මහා මැතිවරණය කල් නොදැමිය යුතු යැයි පවා කියන්නට පෙළඹුණේ සිදුවෙමින් පැවති පරිවර්තනය මෙරට ප්‍රජාතාන්ත්‍රික දේශපාලනයේ අනාගතය කෙරෙහි ඇති කළ හැකි නිශේධනීය බලපෑම් ගැන කල්පනා කිරීම නිසා විය යුතුය. ඒ දිනවල මම  “රාවය” පුවත්පතට මෙසේ ලීවෙමි. 

    “පාර්ලිමේන්තුව නොකැඳවා, මැතිවරණය කල් දැමූ වාතාවරණයක් තුළ “ලොක් ඩවුන්” කිරීමක්ද  කළ හොත් එයින් උද්ගත විය හැකි දේශපාලන පල විපාක කවරාකාර වනු ඇත්ද? කොහොමටත් ඊළඟ මැතිවරණය පැවැත්වෙන තුරු පවතින්නේ භාරකාර ආණ්ඩුවකි. මෙම කාල පරිච්ජේදය තුළ ව්‍යවස්ථාදායකය සහ විධායකය අතර බල තුලනය පවතින්නේ විධායකයට වාසි සහගතවය. හදිසි ආපදා තත්ත්වය තුළ විධායකය තවදුරටත් බලවත් වීම අපේක්ෂා කළ යුතුය. දැනටමත් කොරෝනා වෛරසය සමග කරන සටනේ ප්‍රධාන ඒජන්තයා බවට සන්නද්ධ හමුදාව පත්වී අවසන්ය. මෙම  සිදුවෙමින් පවතින ක්‍රියාවලිය තියුණු ලෙස විශ්ලේෂණය කොටගෙන එකී පුළුල් චිත්‍රය දකින්නට අපට බාධා කරන්නේ කොරෝනාව ආශ්‍රිත භීතිකා කර්මාන්තයයි.” (“රාවය”, 22/03/2020).

    පසුගියදා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමකාමී උද්ඝෝෂණයකට එල්ල වූ පොලිස් ප්‍රහාරයෙන් සංකේතවත් වූයේ අප බොහෝ විට ඉදිරි මහා මැතිවරණයෙන් පසුව ඇතුල් වන්නට යන නව යුගයේ පෙර මග ලකුණු විය හැකිය. 

    නව යුගයේ පෙර මග ලකුණු

    එහිදී මා අවධාරණය කළේ ලොක් ඩවුන් කිරීමේ ඉල්ලීම සමග සමාජ ආරක්ෂණයේ ඉල්ලීමද මැතිවරණය කල් දැමීමේ ඉල්ලීම සමග පාර්ලිමේන්තුව නැවත කැඳවීමේ ඉල්ලීමද සම්බන්ධ කළ යුතු බවය. තවත් බොහොමයක් දෙනා එසේ කීවද, අප වැන්නන් පවසන දේ කව්රු නම් ගණන් ගනීද? දැන් ඒ සියල්ල අතීතයයි.

    පසුගිය මාස කිහිපය මුළුල්ලේ අප දක්නා ලද්දේ ක්‍රම ක්‍රමයෙන් නිරෝධායන නීතින් සමාජ පාලනයේ මාධ්‍යයක් ලෙස භාවිත වන අයුරුත් වසංගත පාලනය අධිකාරීවාදී පාලනාධිකාරයක් හැඩ ගැස්වීම සඳහා භාවිත වන අයුරුත්ය.

    අප වැනි රටවල දේශපාලන විද්‍යා විශ්ලේෂණයේදී අපගේ තියුණු ඇසට හසු විය යුත්තේ විධිමත් සහ නෛතික ආණ්ඩු බලයක්  තැනෙන අයුරු පමණක් නොව එම විධිමත් ව්‍යුහයන්ට පිටතින් පාලනාධිකාරයක් ගොඩ නැගෙන ආකාරයයි.

    පසුගියදා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමකාමී උද්ඝෝෂණයකට එල්ල වූ පොලිස් ප්‍රහාරයෙන් සංකේතවත් වූයේ අප බොහෝ විට ඉදිරි මහා මැතිවරණයෙන් පසුව ඇතුල් වන්නට යන නව යුගයේ පෙර මග ලකුණු විය හැකිය. 

    සුමිත් චාමින්ද        

  • යෞවනයන් සහ තරුණයන්ගේ ‘ලිංගික රුචිකත්වය’ ගැන ඔබ දැනගත යුතුම දේ !

    යෞවනයන් සහ තරුණයන්ගේ ‘ලිංගික රුචිකත්වය’ ගැන ඔබ දැනගත යුතුම දේ !

    යොවුන් වියේදී සහ තරුණ වියේදී ලිංගික හැගීම් ඇතිවීම අතිෂයින්ම ස්වභාවික දෙයක් බව අපි කවුරුත් දන්නවා. ඒත් අපි බොහෝ දෙනෙක් ඒක පිළිගන්න අකමැති වෙනවා පමණක් නොව ඒකට අභියෝගත් කරනවා.

    ඒ වගේම යොවුන් වියේ දී ඇතිවන ලිංගික රුචිකත්වය ගැන අපි බොහෝ දෙනකුට නිවැරදි, නිරවුල්, විශ්වාසනීය දැනුමක් නැහැ. නිසි විද්‍යාත්මක දැනුමක් නැහැ. ඒ නිසා මිත්‍යා මතවල දැඩිව එල්බ ගෙන සිටිනවා.

    මේ නිසා ඇතිවන ගැටලු හා සංකීර්ණතාවල නිමක් නැහැ. ඒ නිසා අපි තීරණය කළා ‘යෞවනයන් සහ තරුණයන්ගේ ‘ලිංගික රුචිකත්වය’ ගැන ඔබ දැනගත යුතුම දේ !ඔබ වෙත ඉදිරිපත් කිරීමට.

    ලිංගික යොමුව 

    පුද්ගලයෙකු තුළ (මිනිසුන්ට ගැහැණුන්ට හෝ දෙවර්ගයටම) ඇතිවන හැගීම්, ප්‍රේමය හා ලිංගික ආකර්ෂණය ලෙස මෙම වචනය විග්‍රහ වේ. වෙනත් අයුරකින් කිවහොත් මෙය එවැනි ආකර්ෂණයක් ඇති සමාජයකට සම්බන්ධ එවැනි හැසිරීම් සහ ආකර්ෂණ පෙන්වන අනන්‍යතාවයන් ඇති පුද්ගලයින් හැදින්වීම සදහා යෙදුමකි.

    ලිංගිකත්වය පිළිබදව අනිකුත් අංග වලින් එනම් ජීව විද්‍යාත්මක, ගැහැණුන් හා පිරිමින් අතර ඇති ශාරීරික ,මානසික සහ ජානමය ලක්ෂණ, ලාංකික අනන්‍යතාවය, ගැහැණිය හා පිරිමියා පිළිබදව ඇති මානසිකත්වය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය  මගින් පහසුවෙන් වෙන් කර ගත හැකිය.

    හැගීම් සහ ස්වයං සංකල්පයක් වන බැවින් ලිංගික යොමුවීම ලිංගික හැසිරීම් වලින් වෙනස් වේ. කෙනෙකුගේ ලිංගික යොමුවීම තම ක්‍රියාකාරකමින් හෝ ලිංගික හැසිරීම් වලින් පෙන්විය හැකි හෝ නොහැකි විය හැකිය.

    ලිංගික යොමුවීම සාමාන්‍යයෙන් වර්ග 3කට වෙන් කර දැක්විය හැකිය.

    • විරුද්ධ ලිංගික
    • ද්වි ලිංගික
    • සම ලිංගික

    ලිංගික යොමුවීම පුද්ගලයෙකුගේ හැගීම් සහ අනන්‍යතාවයට සම්බන්ධ වන අතර එය පුද්ගලයාගේ පෙනුමෙන් හෝ හැසිරීම් වලින් කිව නොහැක.

    පුද්ගලයන් තුළ විරුද්ධ ‍හෝ සමලිංගිකත්වය ආකර්ශනයක් ඇති වුවද ඒ තුලින් ම ඔවුන් ක්‍රියාත්මක නොවනු ඇත. උදාහරණයක් ලෙස ද්වි ලිංගික පුද්ගලයෙකු ඒක ලිංගිකයෙකු සමග සම්බන්ධයක් පැවැත්වුවද අනික් ලිංගයේ අය සමග කිසිදු සම්බන්ධකමක් නොපවත්වනු ඇත.

    කිසියම් ලිංගික යොමුවීමක් ඇතිවීමට හේතු වන්නේ මොනවාද ?

    පුද්ගලයයින්ගේ ලිංගික යොමුවීම පිළිබදව බොහෝ මතවාද ඇත. බොහෝ විද්‍යාඥයින් විශ්වාස කරනු ලබන්නේ මෙය පරිසරය, හැගීම් සහ ජිව විද්‍යාත්මක කරුණු යන සියල්ලන්ගේ ම බලපෑම්වල එකතුවක් නිසා ඇතිවන බවයි. මෙය ජිව විද්‍යාත්මක, ජානමය හෝ හෝර්මෝන ක්‍රියාකාරිත්වය නිසා ඇති වන්නක් බවට කිසිදු නවතම විද්‍යාත්මක සාක්ෂි නොමැත.

    කෙසේ වුවත් සමලංගික බව හෝ ද්විලිංගික බව දෙමාපියන් විසින් දරුවන් ඇති දැඩි කිරීමේ හෝ තරුණ වයසේ දී ඇති වු සමලිංගිකයෙකුගෙන් ඇති වූ ලිංගික බලපෑමක් නිසා හෝ සිදු නොවේ.

    සම ලිංගයකයෙකු හෝ ද්වි ලිංගිකයෙකු වීම නොදැනුවත්කම නිසා හෝ සමාජයේ ඇති මුල් බැසගත් මතයක් අනුව කරදර ඇතිවිය හැකි නමුත් ඔහු මානසික රෝගියකු හෝ කිසියම් අසමානතාවයකින් පෙලෙන බව නොපෙන්වයි.

    තමාගේ ලිංගික යොමුවීම කෙනෙකු වටහා ගන්නේ කෙසේද ?

    නමුත් සමහර අවස්ථාවලදී සමලිංගික හෝ ද්වි ලිංගිකයකු යැයි සිතින් මවාගෙන සි‍ටීම හෝ තමාගේම අය පිලිබදව කතුහලයක් ඇතිවීම සම හෝ ද්වි ලිංගික නොවන කෙනෙකුට සිදුවිය හැකි අතර ඔවුන් එසේ ක්‍රියාත්මක වීම වුවද සිදුවිය හැක.

    බොහෝ දෙනෙකු‍ට තමාගේ ලිංගික යොමුව දැනගැනීමට හැකි වන්නේ නව යොවුන් වියේදී වන අතර බොහෝවිට එවිට ඔවුනට ඒ වන විට කිසිදු ලිංගික සබදතාවයක් නොපවතියි. උදාහරණයක් ලෙස සම ලිංගිකයකු තමාගේ ලිංගික සිතුවිලි සහ ක්‍රියාකාරකම් තමාගේම ලිංගයේ අය කෙරෙහි ඇතිවන බව දැනගනියි.

    සමහර අය වෙනත් පුද්ගලයන් ඇසුරු කිරීමට බොහෝ කලකට පෙර  තමා සමලිංගික හො ද්විලිංගික බව දැනගෙන සිටියි. සමහර අය ලිංගික ‍යොමුවීම ගැන කිසිදු අදහසක් නොමැතිව තමාගේම හෝ වෙනස් ලිංගියකුයකු සමග ලිංගික ක්‍රියාකාරකම්වල යෙදීමට පටන් ගනී.

    වැරදි ලිංගික හැසිරීමක් ලෙස තමා වෙත වරද පැටවේය යන බිය හේතුවෙන් බොහෝ දෙනෙකුට තම ලිංගික යොමුවීම සහ අනන්‍යතාවය පිළිගැනීමට ද නොහැකිවන බැවින් සම ලිංගික හෝ ද්වි ලිංගික බව හදුනා ගැනීම දිර්ඝ කාලයක් ගත වන ක්‍රියාවලියක් වේ.

    නමුත් සමහර අවස්ථාවලදී සමලිංගික හෝ ද්වි ලිංගිකයකු යැයි සිතින් මවාගෙන සි‍ටීම හෝ තමාගේම අය පිලිබදව කතුහලයක් ඇතිවීම සම හෝ ද්වි ලිංගික නොවන කෙනෙකුට සිදුවිය හැකි අතර ඔවුන් එසේ ක්‍රියාත්මක වීම වුවද සිදුවිය හැක.

    කෙනෙකුගේ ලිංගික යොමුවීම වෙනස් කළ හැකිද ?

    බොහෝ විද්‍යාඥයින් එකග වන්නේ ලිංගික යොමුවීම තේරීමක් නොවන නිසා වෙනස් කල නොහැකි බවයි. බොහෝ දෙනෙකුට ලිංගික යොමුවීම  ලිංගික වශයෙන් කිසිදු විට පුරුද්දක් නොලබාම නව යොවුන් වයසේදීම ඇතිවේ.

    හංවඩු ගැසීම සහ වෙනස්වීම් කිරීමෙන් වැලකීම සදහා සමහර සම ලිංගික හෝ ද්වි ලිංගික අය හැංගි සිටීම හෝ විරුද්ධ ලිංගික සබදකම් පවත්වමින් ජීවත්වීම සිදුකරයි.

    තමාගේම හර පද්ධතියට සහ පුද්ගල සිතුම් පැතුම් වලට අනුව ලිංගික යොමුවීම, කෙනෙකුගේ ලිංගික හැසිරීම වෙනස් කිරීමට යෑම තමාට සුදුසු නොවන අතර ඔවුන් ඇති සැටියෙන් බාරගැනිම සිදු කල යුතුයි. එසේ  ඔවුන්ට තමාට වඩා වෙනස් ලිංගික යොමුවීමක් ඇතිවීම රෝගී තත්ත්වයක් නොවන බව හැම විටම අවධාරණය කල යුතුයි.

    ශ්‍රී ලංකා පවුල් සැලසුම් සංගමයේ happylife.lk වෙබ් අඩවිය ඇසුරිණි

  • Covid-19 වසංගතය වේගවත් වන බව WHO ප්‍රධානී ටෙඩ්‍රොස් අනතුරු අඟවයි

    Covid-19 වසංගතය වේගවත් වන බව WHO ප්‍රධානී ටෙඩ්‍රොස් අනතුරු අඟවයි

    ගෝලීය වශයෙන් කොරෝනා වෛරස් වසංගතය වේගවත් වන අතර පසුගිය බ්‍රහස්පතින්දා (18) නව රෝගීන් 150,000 ක් එක් (දිනක් තුළ වැඩිම සංඛ්‍යාවක්) වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් අද (19) මාධ්‍ය හමුවකදී පැවසීය.

    “වාර්තා වූ සිද්ධීන්ගෙන් අඩක් පමණ ඇමරිකාවෙන් වාර්තා ඒවාටි” ඔහු පැවසීය. 

    “ලෝකය නව හා භයානක අවධියක පවතී … වෛරසය තවමත් වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. එය තවමත් මාරාන්තික ය. බොහෝ මිනිසුන් තවමත් එයට ගොදුරු වේ.” ඔහු අනතුරු අගවමින් පැවසීය.

  • ආරක්ෂක ලේකමුත් බන්ධනාගාර නිලධාරීන්ට දෙහි කපයි – සායමත් අරී

    ආරක්ෂක ලේකමුත් බන්ධනාගාර නිලධාරීන්ට දෙහි කපයි – සායමත් අරී

    වෙලේ සුදා, කංජිපානි ඉම්රාන් ඇතුළු පාතාලයේ මුදල්වලින් තම දරුවන් පෝෂණය නොකරන ලෙසට ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා බන්ධනාගාර නිලධාරීන්ගෙන් ඊයේ (18) ඉල්ලීමක් කළේය.

    බන්ධනාගාරයේ දූෂිත ක්‍රියා සම්බන්ධයෙන් මාධ්‍යවල පළවන වාර්තා අනුව නිල ඇඳුම් තමන්ට ඇඳීමට සුදුසු ද නැද්ද කියා හෘද සාක්ෂියෙන් විමසිය යුතු බවද ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේය.

    නිලධාරීන් මෙතෙක් සිදුකළ වැරැදි අමතක කරන ලෙස ඉල්ලා සිටි  ආරක්ෂක ලේකම්වරයා ඉදිරියේදී එවැනි වැරැදි සිදු නොවිය යුතු බව කියා සිටියේය.

    ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා මේ බව පැවසුවේ කොළඹ බන්ධනාගාර උසස් නිලධාරීන් පිරිසක් ඊයේ අමතමනි.
    එහිදී ආරක්ෂක ලේකම්වරයා මෙසේ ද පැවසීය.

    රටට, ජාතියට තමන් සේවය කරන දෙපාර්තමේන්තුවට නිළ ඇඳුම් අනාගත පරම්පරාවට දරුවාට, දරුවන්ගේ උපදින්න ඉන්න දරුවන්ට තමන්ගේ සේවා කාලය තුළ යුතුකම ඉෂ්ට කළාද කියලා සිතන්න. සේවයෙන් යන විට තමන් කුඩු ව්‍යාපාරිකයකු වෙනවානම්, ආයේ ඒ ගැන කතාකරන්න දෙයක් නැහැ.

    වරද කාගෙද කියා තමන්ගේ පපුවට තට්ටු කරලා බලන්න. තමන්ගේ පපුව කතාකරයි කාගෙද වැරැද්ද කියලා. අහිංසක ළමයෙක් වුණත් රිමාන්ඩ් බන්ධනාගාරයට ඇවිල්ලා මාස දෙකක් තුනක් විතර රිමාන්ඩ් එකේ හිටියානම් ඔහු එළියට යන්නේ නැතිවෙලා. කාගේද වැරැද්ද.

    මහජනයාගේ ගින්දරින් මම මගේ දරුවෝ පෝෂණය කළා. වෙළේ සුදාගේ, කන්ජිපානි ඉම්රාන්ගේ සල්ලිවලින් මගේ දරුවෝ කෑවේ බිව්වේ. ඉගෙන ගත්තේ. පාතාලේ රජවරුන්ගේ සල්ලිවලින් කියා හිතෙන මොහොත මැරෙන මොහොතයි.

    බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වශයෙන් උපුල්දෙණිය මහතා පත්කළාට පසු අද බොහෝ දෙනා කවදාවත් නැති විදිහට බන්ධනාගාර ගැන කථා කරනවා. අපිටත් ස්තුති කරනවා. අපි බලාපොරොත්තු වෙන්නේ පිරිසිදු බන්ධනාගාරයක් කාටවත් තලා පෙළා හිරිහැර කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් අයථා ක්‍රියා බන්ධනාගාර වලින් වාර්තා නොවිය යුතුයි.

    බන්ධනාගාර නිලධාරීන් කියන්නේ මේ රටේ ගෞරවණීය නිල ඇඳුමක් ඇඳගෙන සිටින පිරිසක්. බන්ධනාගාර නිලධාරීන්ගෙන් ගෞරවණීය සේවයක් මේ රටේ අහිංසක මිනිසුන් බලාපොරොත්තු වෙනවා. අපි සියලු දෙනා වැටුපක් ලබන අය. එම වැටුප ලබාගන්නේ මේ රටේ අහිංසක ජනතාවගේ බදු මුදලින්. අපි අපේ දරුවෝ කන හැම බත් ඇටයක් ගානෙම අරමුදල් සපයා දුන් ජනතාවට යුතුකම්  ඉටුකරන්න අපිට යුතුකමක් තියනවා.

    බන්ධනාගාරවය තුළින් ලබාගත් සහ පැමිණි ඇමතුම් දස දහස් ගණනක් රාජ්‍ය බුද්ධි අංශ යොදා පරීක්ෂණ සිදුකරලා තමයි මම මේ ගැන කියන්නේ. එක බන්ධනාගාරයකට දොර දෙකේ ශීතකරණයයි, සුපිරි මෙට්ටයයි එනකොට ආරක්ෂක ලේකම් ඒක දැනගත්තා. එහෙම යාන්ත්‍රණයක් අපිට තිබෙනවා.

    පසුගිය දිනවල පුවත්වල මීගමුව බන්ධනාගාරයේ දූෂණ සම්බන්ධයෙන් ලියා තිබුණු ප්‍රවෘත්ති දැකලා මම බන්ධනාගාර නිලධාරියෙක් නම් මේ නිල ඇඳුම අතට ගන්නකොට මම හිතනවා මට මේක අඳින්න සුදුසුද, නැද්ද කියලා.

    උපුල්දෙණිය මහතා දිගටම විශ්‍රාම යනකම් මෙම තනතුරේ සිටිනවා ද නැතිනම් මාස දෙකෙන් තුනෙන් පරිපාලන සේවයේ සහ විශ්‍රාම ගිය හමුදා නිලධාරියෙක් වාඩිකරනවාද කියලා කියන එක සියලු නිලධාරීන්ගේ වැඩක්.

    කෝච්චියේ පිලී පන්නන්න ගන්න එපා. නමගිය අපරාධකරුවෙක් සීසීටීවී කැමරාවකට කිහිප අවස්ථාවකදීම වතුර විසිකරලා තිබුණා. නමුත් උසස් නිලධාරීන් ඒ සම්බන්ධයෙන් ගත් ක්‍රියා මාර්ගයක් නැහැ. විශේෂ කාර්ය බළකාය පරීක්ෂා කරන කැමරා පරීක්ෂා කිරීමේදී දැක්කා සියලු බරපතළ අපරාධකරුවන් එකට එක්වෙලා ලොකු සාකච්ඡාවක් කරනවා. මම එතනින් පිටවෙලා විනාඩි 10ට පසුව කෝල් එකක් ආවා අන්න සර් කංජිපානි ඉම්රාන්ට අලුත් බෙඩ්ෂීට් එකක් ලැබුණා කියලා. ඉදිරියේ එහෙම වෙන්න බැහැ. අද සිට හරි පාරේ යන්න.

    වැරැද්දක් වුණානම් කොන්දක් තියෙන්න ඕන අපි වැරැද්දක් කළා කියලා පිළිගන්න. බන්ධනාගාර නිලධාරීන් අතර හොඳ නිලධාරීන් ඉන්නවා. නමුත් දූෂිත නිලධාරීන් තමයි වැඩිපුර ඉන්නේ. කාටවත් ඒක නැහැ, බැහැ කියන්න බැහැ.  නමුත් ඉස්සරහට එම වැරැදි වෙන්න බැහැ.

    මම මේ කරන්නේ තර්ජනයක් නොවේ. ඉස්සරහට මේ වගේ වැරැදි වුණොත් අපි වෙනම පැත්තකින් ඔවුන්ට එරෙහිව පරීක්ෂණ ආරම්භ කරලා තියනවා. දැනටමත් බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනකුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

    බන්ධනාගාර තුළ සිටින පාතාල අපරාධකරුවන්ට සහය දක්වන්න එපා. එවැනි නිලධාරීන් සම්බන්ධයෙන් අපි විමසිලිමත්ව සිටිනවා. එහෙම වැරැදි සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ පසු අපට දොස් කියන්න එපා. තමන්ගේ වෘත්තිය ඉතාමත් ගෞරවාන්විතව කරගෙන යන්න.

    බන්ධනාගාරය දූෂිත නොවන තැනක් වශයෙන් පත්කරන්නනම් සෑම සිරකරුවෙක්ටම යුතුකම ඉෂ්ට කරන්න. රජයේ නිල ඇඳුම් ඳින නිලධාරියෙක් වශයෙන් තමන්ගේ යුතුකම හරියට ඉෂ්ට කර සෑම සිරකරුවකුටම එක ලෙස සලකන්න. එවිට දූෂිත චෝදනා එන්නේ නැහැ යැයිද ඔහු කීවේය.

    ලංකාදීප ඊ පුවත්පතේ 2020 ජූනි 19 වැනි දින පළ වූ ලිපියකි. සම්පූර්ණයෙන්ම උපුටා ගන්නා ලදි.

  • නීරෝගි දිගු කෙස් කළඹක් හිමිකර ගැනීමට කැමැති ඔබට රහස් 05ක්

    නීරෝගි දිගු කෙස් කළඹක් හිමිකර ගැනීමට කැමැති ඔබට රහස් 05ක්

    නීරෝගී දිග කෙස් කළඹක් කියන්නේ කාන්තාවකට ආභරණයක්. ඊට හේතුව වන්නේ දිග කෙස් කළඹක් හිමි කාන්තාවකට සුන්දර පෙනුමක් ලැබීම ම පමණක් නොවෙයි. දිග කොණ්ඩයක් තමන්ට කැමැති කැමති මෝස්තරවලින් හැඩ ගන්නවා ගන්නත් පුළුවන්.

    ඒත් කාන්තාවන් අතරින් බොහෝ දෙනකුට නිරෝගී දිග කෙස් කළඹක් නැහැ. ඒ නිසා ඔවුන් ඒ ගැන කණස්සල්ලෙන් ජීවත් වෙනවා. ඒත් ඒ ගැන ඔබ තව දුරටත් දුක්විය යුතු නැහැ. නිරෝගීමත් දිගු කෙස් කළඹක් කියන්නේ ඔබට තව දුරටත් හීනයක් නොවෙයි.  ඒ ඒ හීනය සැබෑවක් කර ගැනීම සදහා ඔබට වඩාත් විශ්වාසනීය සහ පහසු ක්‍රම කිහිපයක් තිබෙන බව ඇතැම් විට ඔබ නොදන්නවා විය හැකියි.

    හිසකෙස් වර්ධනය ඉහළ නැංවීම සඳහා යකඩ බහුල ආහාර වේලක් වැදගත් වන අතර, කෙස් කළඹන ලබා දෙන නිතිපතා රැකවරණය ඒ අතර ප්‍රධානයි. ඒ සමග පහත සදහන් ‘විද්‍යාත්මක‘ කරුණු ගැනත් අවධානය යොමු කළහොත් ඔබට නිරෝගීමත් දිගු කෙස් කළඹක් පහසුවෙන් හිමිකර ගත හැකියි.

    කැඩුණු කෙස් අග නිතර කපා ඉවත් කරන්න Go For Regular Trims

    දිගු කෙස් කළඹක් ලබා ගැනීමට නම් ඔබේ කොණ්ඩය නිරෝගීව තබා ගැනීම අත්‍යවශ්‍යයි.  ඒ සඳහා කෙස් අග කැපීම වැදගත් වෙනවා. හිසකෙස් නිරෝගීව තබා ගැනීම සඳහා සෑම මාස හතරකට හෝ හයකට වරක් එහි අග කපා දමන්න. මෙය කෙස් ගස්වල බෙදීම් සහ ගැට ගැටගැසීම් වළක්වා ගැනීම සදහා අත්‍යවශ්‍ය වෙනවා.

    හිසකෙස් වර්ධන ෂැම්පූ භාවිතා කිරීම ආරම්භ කරන්න Start Using Hair Growth Shampoo

    හිස්කබල පිරිසිදු කර පෝෂණය ලබා දෙන ෂැම්පූ එකක් තෝරන්න. දිගු කෙස් කළඹක් සදහා මෙම පියවර අත්‍යවශ්‍යයි. විශේෂයෙන් ඔබ හිසකෙස් ගැළවී යාමේ ගැටලුවට මුහුණ දෙන්නේ නම්. සල්ෆේට් (Sulphates) සහ හිසකෙස් වර්ධන උත්තේජක ගුණාංග නොමැතිව ෂැම්පූ සොයා බලන්න

    කෙස් ආවරණ භාවිතා කරන්න Use Hair Mask

    කෙස් ආවරණ පෝෂ්‍ය පදාර්ථ හා තෙතමනය පාලනය කිරීමට උපකාරී වෙනවා වගේම දිග කෙස් කළඹක් සදහා Hair Mask ද අත්‍යශ්‍ය කොන්දේසියක්.  Hair Mask හිසකෙස් කැඩීම වළක්වන අතර එය හිරු එළියෙන්, දූවිල්ලෙන් තව තවත් අහිතකර පාරිසරික තත්ත්වයන්ගෙන් (වාහන දුම, තෙල් වැනි) ඔබේ කෙස් කළඹ ආරක්ෂා කිරීමට ප්‍රබල ලෙස දායක වෙනවා.

    උණු වතුර ස්නානය කිරීමෙන් වළකින්න Avoid Hot Water Showers

    උණු වතුර මගින් සම වියළී යන පරිදි හිස්කබල වියළී යා හැකියි. ස්නානය සඳහා ඔබ ඇල්මැරුණු ජලය භාවිතා කරන බවට වග බලා ගන්න. වියළි හිස්කබල මගින් හිසකෙස් වල නිරෝගී හිසකෙස් වර්ධනය වීම වළක්වා ගත හැකියි. තෙතමනය රඳවා ගැනීමට උපකාරී වන සීතල වතුරෙන් කන්ඩිෂනර් සේදීම ගැන සලකා බැලීමටද ඔබට අවශ්‍ය විය හැකියි.

    කොණ්ඩා මෝස්තර මෙවලම් වලින් වළකින්න Avoid Hair Styling Tools

    ඔබට අවශ්‍ය නම් එය භාවිතා කරන්න, නමුත් එහි භාවිතය අවම මට්ටමක තබා ගැනීම වඩා හොඳයි. Heat styling  මගින් හිසකෙස් වියළීමට හැකි වන අතර එමඟින් හිසකෙස් වර්ධනය වැළකෙනවා. හිසකෙස් හානිය අවම මට්ටමක තබා ගැනීමට ඕනෑම හිසකෙස් මෙවලමක් භාවිතා කිරීමට පෙර heat protectant භාවිතා කරන්න. 

    FEMINA හි 2020 ජූනි 15 වැනි දින පළ වූ ලිපියකි – සැකසුම – තුෂාධවි

  • මෛත්‍රී රටට කරපු හානිය පොළොන්නරුවේ මිනිස්සුන්ට අමතක නෑ – ඇමති ප්‍රසන්න

    මෛත්‍රී රටට කරපු හානිය පොළොන්නරුවේ මිනිස්සුන්ට අමතක නෑ – ඇමති ප්‍රසන්න

    88-89 භීෂණ කාලයේදී සිය පියාගේ ආණ්ඩුව මෙරට තරුණ තරුණයින්ව 60,000 ක් මරා දමන විට ඒ පිළිබඳව කිසිවක් නොකියූ සජිත් ප්‍රේමදාස මහතා තමන් බලයට පත්වූ විට තරුණ ප්‍රඥප්තියක් ගෙන එන බවට ප්‍රකාශ කිරීම තරම් විහිළුවක් නැතැයි කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ සජිත්ගේ තරුණ ප්‍රඥප්තිය මේ සියවසේ ලොකුම විහිළුව බවයි.

    කටුනායක සිවිල් ගුවන්සේවා අධිකාරියේ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්න වලට පිළිතුරු සපයමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය . එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.

    “පහුගිය යහපාලන ආණ්ඩුව කාලයේ තරුණයන්ට ලක්ෂ 10ක් රස්සාවල් දෙනවා කියලා කිව්වා. එහෙම බොරු කියලා තමයි යහපාලන ආණ්ඩුව බලයට පත්වුණේ. හැබැයි යහපාලන ආණ්ඩුව තරුණ තරුණයින්ට කරපු දෙයක් නෑ. එදා සජිත් ප්‍රේමදාස යහපාලන ආණ්ඩුවේ කැබිනට් ඇමති. පක්ෂයේ නියෝජ්‍ය නායකයා. ඔහු කළේ උස අයට සිකියුරිටි කම්, මිටි අයට කම්කරු රස්සා දෙන්න කටයුතු කරපු එකයි. මුහුදු වෙරළක කොට කලිසමකුත් ගහගෙන සජිත් තරුණ ප්‍රඥප්තිය හදන විධිහ ඔය අන්තර්ජාලයේ තවමත් තියෙනවා. උස අයට සිකියුරිටි රස්සාවයි, මිටි අයට කම්කරු රස්සාවයි දෙන්න කතා කරපු මනුස්සයා මේ රටේ තරුණ ප්‍රඥප්තියක් ගැන කතා කරන එක විහිළුවක්.

    එයාගේ තාත්තා තමයි 88-89 මේ රටේ තරුණයන්ව මැරුවේ. ඒ තරුණයන්ගේ දෙමාපියන්ට, පවුල් වලට සාධාරණයක් ඉටු කරන්න කතා නොකරන සජිත් මේ කරන්නේ තරුණයන් රැවටීමක්. තරුණ ප්‍රඥප්තියක් හදන්න ඉස්සසෙල්ලා 88-89 තමන්ගේ තාත්තා කරවපු තරුණ ඝාතන ගැන ජාතියෙන් සමාව ගත යුතුයි.

    සජිත් දන්නවා එතුමාට ජීවිතේට අගමැතිකමවත්, ආණ්ඩුවක්වත් ගන්න බැරි බව. එහෙම වුණාම ඕන තරම් බොරු පොරොන්දු දෙන්න පුළුවන්, ආකර්ෂණීය පොරොන්දු දෙන්න පුළුවන්. සජිත් ජනාධිපතිවරණයට කියපු දේවල් මිනිස්සුන්ට අමතක නෑ. මම නම් කියන්නේ නියත පරාජය හමුවී සජිත්ලා මරු කියවන බවයි.

    ප්‍රශ්නය – කොහොමද මෛත්‍රී සිරිසේන ජනාධිපතිතුමත් එක්ක ඔබතුමාට තියෙන සම්බන්ධතාවය ?

    උත්තරය – එයත් එක්ක මොන සම්බන්ධතාද ?

    ප්‍රශ්නය – ඔබතුමා එයත් එක්ක තරහයිද ?

    උත්තරය – මට එයත් එක්ක පෞද්ගලික තරහක් නෑ. හැබැයි එයා රටත් කෑවා, පක්ෂයත් කෑවා. රනිල් එක්ක එකතු වෙලා රට විනාශ කළා. ඒකට මම තරහයි. දැන් එයා පොහොට්ටුවත් එක්ක තරඟ කරනවා.

    ප්‍රශ්නය – සහයෝගය ලැබෙයිද ?

    උත්තරය – මොන සහයෝගයක්ද ? පොළොන්නරුව මිනිස්සු පොහොට්ටුවට ඡන්ද දුන්නට මෛත්‍රීට ඡන්ද දෙන එකක් නෑ. මොකද මෛත්‍රී රටට කරපු හානිය පොළොන්නරුව මිනිස්සුන්ට අමතක නෑ.

  • Covid-19 ලෝකය පුරා පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල නිරුවත හෙළි කරයි !

    Covid-19 ලෝකය පුරා පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල නිරුවත හෙළි කරයි !

    ලෝකයේ මානව සංවර්ධන දර්ශකය human development index ඉහළ අගයක් ගන්නා,  එමෙන් ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය සේවාවන් ශ්‍රේණිගත කිරීම් අනුව ඉහළම ස්ථාන වල සිටින  ජර්මනිය, නොර්වේ,  ස්වීඩනය, ඩෙන්මාර්කය, පින්ලන්තය ,ප්‍රංශය  ආදී   දියුණු රටවල පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තිබේද ?

    සෞඛ්‍ය තත්වය ශ්‍රේණිගත කිරීම් අනුව ලෝකයේ මුල් ම ස්ථාන 40 අතර සිටින මෙම රටවල ලාභය මුල්කරගත්   පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නැත. ජර්මනිය අයර්ලන්තය ඕස්ට්‍රේලියාව වැනි රටවල් කිහිපයක පමණක් භාරකාර මණ්ඩලයක් මගින් පාලනය වන  ලාභ නොලබන  පෞද්ගලික වෛද්‍ය විද්‍යාල 2 කට  අඩු ප්‍රමාණයක්  ඇත මහා බ්‍රිතාන්‍යය UK තුළ ද පිහිටා ඇත්තේ  පුණ්‍යායතනක් ලෙස ක්‍රියාත්මක වන එක් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකි.

    ලාභය මත ව්‍යාපාරයක් ලෙස  පෞද්ගලික වෛද්‍ය උපාධි ලබා දෙන දකුණු ආසියාතික රටවල තත්වය කුමක්ද ?ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රේණිගත කිරීම් අනුව ඔවුන්ගේ සෞඛ්‍ය සේවාවන් ලෝකයේ අයත් කරගෙන සිටි ස්ථාන  සහ ඒ රටවල පෞද්ගලික වෛද්‍ය  විද්‍යාල සංඛයාව ද සසඳා බලන්න. ඉන්දියාව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සංඛ්‍යාව 250සෞඛ්‍ය ශ්‍රේණි ගත කිරීම 112්ය. පාකිස්ථානයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල 55ක් ඇති අතර ශ්‍රේණි ගත ගත කිරීම 122ය.

    ශ්‍රී ලංකාව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල මේ දක්වා බිහිකර නැති අතර ශ්‍රේණි ගත කිරීම  අනුව 76 වන ස්ථානයේ පසුවේ. ශ්‍රී ලංකාව ලෝක සෞඛ්‍ය  සංවිධානයේ  WHO  දර්ශක අනුව  දකුණු ආසියාවේ පළමු ස්ථානය සහ ලෝකයේ රටවල් 200 අතරින් 76 වන ස්ථානය අයත් කරගෙන ඇත.

    මුදල් මත පදනම් වත් වෛද්‍ය උපාධිය විකුණන ඉන්දියාවේ පෞද්ගලික  වෛද්‍ය විද්‍යාල 250 ක් සහ රාජ්‍ය වෛද්‍ය විද්‍යාල 220 ඇති අතර ,සෞඛ්‍ය දර්ශක වලට අනුව ඉන්දියාවට  හිමිව  ඇත්තේ දකුණු ආසියාවේ 3 වන ස්ථානය  සහ ලෝකයේ 112  වන  ස්ථානයයි.

    රට තුළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීම සහ වෛද්‍ය උපාධිය සඳහා විදේශගතව  ගතවන  ශිෂ්‍ය සංඛ්‍යාව අතර සම්බන්ධය කුමක් ද

    පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීම  පිළිබඳ අවුරුදු 70  ඉතිහාසයක් පවතින ඉංදියාවේ  වෛද්‍ය උපාධිය සඳහා විදේශගත වෙන ශිෂ්‍ය  සංඛ්‍යාව  අඩු වී නැති බව  සංඛ්‍යා ලේඛනවලින් පැහැදිලි වේ. එංගලන්තය ඇමරිකාව රට වල වෛද්‍ය විද්‍යාල වල සිටින ඉන්දියානු ශිෂ්‍යයන්ගේ ප්‍රතිශතය  10-15% වැනි ඉතා ඉහළ අගයක් ගනී .

    හැකි තරම් වෛද්‍යවරුන් බිහි කිරීමෙන් සෞඛ්‍ය සේවයේ ගුණාත්මක භාවය වැඩි වේ ද ?
    උසස් සෞඛ්‍ය සේවාවක්  පවත්වා ගැනීම සඳහා වෛද්‍යවරුන්, හෙදියන්, භෞත චිකිත්සකයන් විකිරණ ශිල්පීන් ඇතුළු  සෞඛ්‍ය කාර්ය මණ්ඩලය යම් අනුපාතයට සිටිය යුතු ය 

    ශ්‍රී ලංකාව ලෝකයේ පවතින වෙනත් රටවල් අතරින් සුවිශේෂී තැනක් අත්කර ගැනීමට හේතු වී ඇත්තේ රටට මහගු දායාදයන් දෙකක් වූ නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවයයි. කොරෝනා වසංගත තත්ත්වයේදී ඒ බව ලොව හමුවේ සනාථ විය.

    ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ට සාපේක්ෂව  අනිකුත් සම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ විශාල හිඟයක් පවතී. මෙවැනි පසුබිමක ඉතා විශාල සංඛ්‍යාවකින් වෛද්‍යවරුන් බිහි කිරීමෙන් සෞඛ්‍ය සේවයේ අසමතුලිතතාවයක් ඇතිවේ. දැනට කළ යුතුව ඇත්තේ වෛද්‍යවරුන් සංඛ්‍යාවට සාපේක්ෂව අනෙකුත් සෞඛ්‍ය කාර්යය මණ්ඩලය වැඩි කර ගැනීමයි .

    දකුණු ආසියාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව සහ කොරෝනා මරණ සංඛ්‍යාව අතරින් පළමුවන වැඩිම සංඛ්‍යාවක් ඉන්දියාවෙන් වාර්තා වන අතර, දෙවෙනි ස්ථානය පකිස්ථානයට ද තුන්වැනි ස්ථානය බංග්ලාදේශය ට ද  හිමි වී තිබිණි.

    කොරෝනා මරණ සංඛ්‍යාව   01%  වඩා අඩු සංඛ්‍යාවක් වාර්තා වන ශ්‍රී ලංකාවේ මේ වන විට සමාජ ව්‍යාප්තියද පාලනය කර ඇති අතර රෝගීන් සංඛ්‍යාව ද  සාපේක්ෂව ඉතා අවම සංඛ්‍යාවක් දක්වා  අඩු කර ගැනීමට සමත් වීම අති විශිෂ්ට ජයග්‍රහණයක් වන අතර, නිදහස් සෞඛ්‍ය සේවයසහ  වෛද්‍ය අධ්‍යාපනයේ  උසස් ප්‍රමිතිය ඊට හේතුවන ප්‍රධාන කාරණයකි.

    වසන්ත අල්විස්, මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය ශිෂ්‍ය දෙමාපිය සංගමය

  • මැතිවරණ කොමිසම රෙද්ද ගලවාගත් “නොමේරූ උපදෙස් FB පෝස්ට් එක”

    මැතිවරණ කොමිසම රෙද්ද ගලවාගත් “නොමේරූ උපදෙස් FB පෝස්ට් එක”

    FB සටහනක් ‘රී – පොස්ට් කිරීම‘ සම්බන්ධයෙන් දකුණේ පළාත් පාලන කොමසාරිස් සේනක පල්ලියගුරුගෙන් නිදහසට කරුණු විමසන ලෙස, ම.කො. උපදෙස් පරිදි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ‘ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්ට ලිපියක් යොමු කර ඇත. මැ.කො. ට ‘අගෞරවයට, අපහසුතාවට, අප්‍රසාදයට පත් වන අයුරින් හා මහජන විශ්වාසය බිද වැටෙන ආකාරයෙන් ලිපි මගින් හා ෆේස්බුක් සටහන් මගින් කටයුතු කර ඇති නිසා‘ මෙසේ විනය පරීක්ෂණයක් පැවැත්විය යුතු යැයි කොමසාරිස් ජනරාල් සමන් ලියා ඇත.

    නිදහස්, ස්වාධීන යැයි ලේබල් ගසා ගෙන ඇති මැ.කො. තම අමන තකතීරු, බල රහිත සහ හිතුවක්කාරී තීරණ පෙරළා ප්‍රශ්න කළ පෝස්ට් එකක් ෂෙයා කිරීමට කුපිත වී ඇත.

    සැබවින්ම, මැ.කො. කෝප වී ඇත්තේ පෝස්ට් එක ෂෙයා කළ මිනිස්සු එක්ක නොව, එය ලියූ ගාමිණී ගුණසේකර Gamini Gunasekara සමග ය. වචනයකින් හෝ තමන් ප්‍රශ්න කරන සමස්ත රාජ්‍ය සේවයට පාඩමක් ඉගැන්වීමට මැතිවරණ කොමිසම දරන්නේ කැත-ලැජ්ජාසහගත – නින්දිත උත්සාහයකි. කළු වලාවේ දිරී රේඛාව, ප.පා. සභිකයින්ගේ නිවාඩු ප්‍රශ්නයේ දී මැ.කො. කොතරම් ‘නොමේරූ, උපදෙස්‘ ක්‍රම විරෝධී හා උද්දච්ච අයුරකින් වැඩ කරන්නේ ද යන්න ලෝකයට හෙළිවීමය.

    පළාත් පාලන නීතිය අනුව පළාත් පාලන කොමසාරිස්වරයෙකුට පළාත් පාලන ආයතනයක සභිකයෙකු සම්බන්ධයෙන් නිවාඩු ගැන්වීමට, බලපෑම් කිරීමට කිසිදු නෛතික හැකියාවක් නැත. මහා මැතිවරණයට නාම යෝජනා බාර දී ඇති පළාත් පාලන ආයතන සභාපති, උපසභාපතිවරුන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් කටයුතු කිරීම සදහා මැ.කො. කිසිදු වගකීමක් නැති ලිපි ගණනාවක් උපදෙස් ලෙස යොමු කර ඇත.
    පළාත් පාලන කොමසාරිස්වරු සිටින්නේ ස්වාධීන පලාත් පාලන ආයතන පාලනය කිරීමට නොව ‘අධීක්ෂණය, සම්බන්ධීකරණය, මගපෙන්වීම හා සහයා ලබාදීමට‘ ය.

    දකුණ, බස්නාහිර, ඌව ඇතුළු පළාත් ගණනාවක පළාත් පාලන කොමසාරිවරුන් හරහා ‘කොස්ඇට බාවන්නට‘ මැතිවරණ කොමිසන් සභාව දැරූ උත්සාහයට කිසිදු නෛතික පදනමක් නැත. මහා නගර සභා ආඥා පනතේ 13(2), නගර සභා ආඥා පනතේ 12(2) හා ප්‍රාදේශිය සභා පනතේ 7 යන වගන්තිවලට පිටින් පලාත් පාලන ආයතන ප්‍රධානීන් හා සභිකයින් නිවාඩු ගැනීමට හැකිද? මහ නගර සභා පනත අනුව, ප.පා.කො. ට වාර්ෂික වාර්තාවක් සකස් කරවා ගැනීමට වැඩි බලයක් නැත. එසේ තිබියදී, මැ.කො. පලාත් පාලන කොමසාරිස්ට නිවාඩු ගැන නොමේරූ උපදෙස් ලිපි ලිවීමේ තේරුම කුමක් ද?

    මේ ප්‍රශ්නය මතු වූ විට පළාත් පාලන කේෂ්ත්‍රෙය් කිහිප දෙනෙක් ඒ ගැන කතා කළේය. ප්‍රශ්නය අවුල් ජාලාවක් වන විට, ගුණසේකර මේ ගැන මෙහි පළමුවන කොමෙන්ට් එක ලෙස දැක්වෙන ෆෙස් බුක් සටහනක් තැබීය. මේ ප්‍රශ්නයෙන් පීඩාවට පත් ව සිටි සේනක පල්ලියගුරුගේ එය ශෙයා කර ඇත. මැතිවරණ කොමිෂන් සභාව ‘අගෞරවයට, අපහසුතාවට, අප්‍රසාදයට පත් වන අයුරින් හා මහජන විහ්වාසය බිද වැටෙන ආකාරයෙන් ලිපි මගින් හා ෆේස්බුක් සටහන් මගින් කටයුතු කර ඇතැයි‘ මහින්ද දේශප්‍රිය, රත්නජීවන් හූල්, අබේසේකර යන කෙසේ ගසේ සිට නියපොත්ත දක්වා ප්‍රජාතන්ත්‍රවාදය වැගිරෙන කොමිෂන් සභාවේ සමාජිකයින්ට හැගී ගොස් ඇත්තේ මෙයයි. (ඡායාරූපය බලන්න) අපි එහි වගන්තියෙන් වගන්තිය බලමු.

    1. ගාමිණී ගේ සරළ නෛතික පැහැදිලි කිරීම තම වෝල් එකේ පළ කරන බව සේනක කියයි. කරුණු වශයෙන් ගාමිණී කියන්නේ ඇත්තය! මැතිවරණ කොමිසම පලාත් පාලන කොමසාරිස්ට පළාත් පාලන ආයතනයක සභාපති සම්බන්ධයෙන් ඇති බලය මෙහි කියා ඇත. ගාමිණී ගේ මැදිහත්වීම, මැ.කො. කලිසම ගැලවී ඇතැයි කොමිසමටත්, කොමසාරිස් ජනරාල් ටත් හැගී යාම අප තේරුම් ගත යුත්තේ ‘ගාමිණි ගේ තර්කය නිවැරදි බව ඕනෑම පළාත් පාලන ආයතනයක ලේකම්වරයෙකු වුවත් හොදින්ම දන්නා බැවිනි.

    2. දෙවැනි ඡේදයෙන් සේනක මැ.කො. ගැන මෙසේ කියයි. (අ) ‘නෛතික වපසරිය ඉක්මවා‘ – ඔව්. මේ මහා මැතිවරණයට ඉදිරිපත් වන 60 කට වැඩි පිරිසක් අතුරින් තෝරාගත් පිරිසකට පමණක් නිවාඩු ගැන බලපෑම් කිරීමට ‘පලාත් පාලන කොමසාරිස්ට බල කිරීම‘ නෛතික පරිසරය ඉක්මවා යාමකි. (උදාහරණ සමග පසුව සාකච්ඡා කරමු) (ආ) නොමේරූ උපදෙස් – සත්තකින්ම, කොමිසම දී ඇත්තේ නොමේරු උපදෙසකි. තක්කඩි, බාලාංශ පන්තියේ උපදෙසකි. ඒ බව පළාත් පාලන කොමාසාරිස්වරු සිව් දෙනෙකු මැ.කො. ට ලිඛිතව දක්වා ඇත. ඒ එකක් ගැන වත් තැකීමක් කරන්න මැ.කෝ. ට සිහි බුද්ධියක් තිබී නැත. මැ.කො. අඩුම ගානේ මහා මැතිවරණයට ඉදිරිපත්වන සියලු පලාත් පාලන ආයතන නියෝජිතයින්ට එක ලෙස සලකන්නේ නැත. නිවාඩු ගන්නට කියා ජූනි 17 සවස 6 දක්වාම ලිඛිත උපදෙසක් දී නැත. පිටිසර අහිංසක මහියංගනයේ සබාපතිට සලකන ආකාරයට මොරටුවේ, ජයවර්ධනපුර නගරාධිපතිවරුන්ට සලකන්නේ ද නැත. (එකිනෙක ඉදිරියේ දී කථා කරමු) (ඇ) – ‘පරිපාලනය අවුල්වීමට හේතුවක් වන බව‘ සේනක කියයි. මහියංගනය, මොරටුව, මහරගම ගැන ගත් කළ එය සත්‍යයකි. (ජා ඇළ, මොරටුව, මහියංගනය ගැන සවිස්තරව පසුව කථා කරමු)

    3. තෙවන ඡේදයෙන් සේනක, මුල් ලේඛකයා ලියූ වැකිය ‘බළලුන් ලවා කොස් ඇට බෑවීම‘ නැවත උපුටා ඇති අතර, ‘එපා වාහේට හොදි බෙදන්නා වාගේ‘ යැයි කියයි. මැ.කො. ප.පා.කො.වරු මීයන් ලෙස සලකා මරණයට පෙර සෙල්ලම් කරන විට, ඒ උපහැරනය ලාචෝරු වැඩිය.

    දේශප්‍රිය, හූල් ප්‍රමුඛ මැ.කො. රටට පෙන්වන්නේ තමන් ප්‍රජාතන්ත්‍රවාදයේ මුරදේවතාවුන් ලෙසය. නිවාඩු ප්‍රශ්නයේ දී, ඔවුන්ගේ සැබෑ ස්වරූපය, එක එක පුද්ගලයාට වෙන් වෙන්ව සැලකීම හොදින්ම හෙළිදරව් වී ඇත. අද මැ.කො. ට අවශ්‍යව ඇත්තේ තමන්ට එරෙහිව වචනයක් හෝ කියන රාජ්‍ය සේවකයින් සියළු දෙනා නිහඩ කොට ඔවුන්ගෙන් වහළුන්ගෙන් මෙන් වැඩ ගැනීමටය. ඒ සදහා, තමන්ට නැති බලයක්, ආරෝපනය කර ගනී. මේ රටේ ‘ස්වාධීන කොමිෂන් සභා‘ පිහිටවනු ලැබූවේ රාජ්‍ය සේවකයින් තලා පෙළමින් මෙවැනි මරි මෝඩ වැඩ කිරීම නම් නොවේ. පළාත් පාලන ආයතන වල සභිකයින්ගේ නිවාඩු ප්‍රශ්නය විසදිය යුත්තේ මැ.කො. මිස පලාත් පාලන කොමසාරිස්වරු නොවේ. මැ.කො. නොහැකියාවට රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛන වල එල්ලීම ලැජ්ජා නැති වැඩකි.

    අතීත කථාවකි කියමි. 2008 නැගෙනහිර පළාත් සභා මැතිවරණ ලංකාවේ දුෂිතම මැතිවරණයකි. එදා මම කැලණිය විශ්වවිද්‍යාලයේ සේවය කරමින් සිට ‘ඒ බව කීවෙමි. මගේ වැඩ තහනම් කොට විනය පරීක්ෂණයක් පැවැත්වුණි. ලංකාවේ අන්ත දුෂිත නැගෙනහිර මැතිවරණයට ‘දුෂිත යැයි‘ නොකීම තරම් අපහාසයක් තවත් නැත! පළාත් පාලන සභිකයින්ගේ නිවාඩු ප්‍රශ්නය විසදා ගත නොහැකිව දගලන මැ.කො. අදටත් මොරටුව, ජයවර්ධනපුර නිවාඩු ප්‍රශ්නය විසදා නැත. මැ.කො. ට හත්පොළේ ගා ගැනීම හොදය. ගාමිණී ඒ බව පෝස්ට් එකකින් කීමත්, සේනක එය ශෙයා කිරීමත් විනය විරෝධීය! බම්බුව තමයි!!

    කෝවිඩ් තත්වය, හේතුවෙන් මැතිවරණයට ගැටළු ඇති වූ විට එය නිර්මාණාත්මව කලමනාකරණය කර ගැනීම වෙනුවට මැ.කෝ. දැවැන්ත මාධ්‍ය සංදර්ශනයකට එළැඹියේය. ජනාධිපතිවරයාගේ අතට බලය ලැබීම වලක්වා ගැනීමට දින දමා ගැසට් ගැහුවේය. දැන් ‘රාජා හෙළුවෙන්‘ යැයි ලියූ ගාමිණී ගේ ලිපියේ එල්ලී සිටී. “ඕව් රජා හෙළුවෙන්‘ තමා යැයි කියූ සේනකට විනය පරීක්ෂණ යෝජනා කොට ඇත. කැතයි – ලැජ්ජයි – නින්දිතයි!සේනක ලියූ සටහනින්, ‘‘මැතිවරණ කොමිෂන් සභාවට ‘අගෞරවයට, අපහසුතාවට, අප්‍රසාදයට සිදු වන්නට, මහජන විශ්වාසය බිද වැටෙන්නට, සරණ පාරේ ඇත්තේ බිත්තර කටු කොමිසමක් ද?

    ජනාධිපතිවරණයක දී බලයේ සිටින ජනාධිපතිවරයා සිය ධූරයේ කටයුතු කරමින් ඡන්දය කරයි. අගමැති, කැබිනට් මණ්ඩලය එසේම කරයි. නමුත්, පළාත් පාලන ආයතනයක සභිකයෙකුට නිවාඩු ලබා, මහජන දේපල අයථා පරිහරණයකින් තොරව මහා මැතිවරණයකට ඉදිරිපත්වීමේ ක්‍රමයක් නීත්‍යානුකූලව සකසන්නට මැ.කො. ට හැකිව නැත. ඒ නොහැකියාවට පලාත් පාලන කොමසාරිස්වරු පළි නැත. එබැවින්, මැ.කො. රාජ්‍ය පරිපාලන ලේකම්ට ලියා ඇති ‘විනය පරීක්ෂණ යෝජනාව‘ ඉවත් කර ගත යුතුය.

    සේනක ගේ ඡේද තුනේන් ‘අගෞරවයට, අපහසුතාවට, අප්‍රසාදයට පත් වන අයුරින් හා මහජන විශ්වාසය බිද වැටෙන‘ වා යැයි තවදුරටත් මැ.කො. සභාව සිතන්නේ නම්, එහි තේමා පාඨය විය යුත්තේ නම් ‘නමට ප්‍රජාතන්ත්‍රවාදය – ශෙයා කළොත් විනය පරීක්ෂණ‘ යි.

    රජිත් කීර්ති තෙන්නකෝන්

  • කොරෝනා වෛරසය: පළමු ජීවිතාරක්ෂක ඖෂධය පර්යේෂණවලින් තහවුරු වෙයි

    කොරෝනා වෛරසය: පළමු ජීවිතාරක්ෂක ඖෂධය පර්යේෂණවලින් තහවුරු වෙයි

    ලාභදායී සහ බහුල වශයෙන් ලබා ගත හැකි ඖෂධයක් කොරෝනාවයිරසයෙන් බරපතළ ලෙස රෝගාතුර වූ රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට උපකාරී වන බව තහවුරු වී තිබේ.

    ඩෙක්සාමෙතසෝන් (dexamethasone) අඩු මාත්‍රාවක් ලබා දීමෙන් මෙම මාරාන්තික කොරෝනාවෛරසයට එරෙහිව සටන් කිරීමට හැකි වීම අතිශය වැදගත් සොයා ගැනීමක් බව එක්සත් රාජධානියේ වෛද්‍ය විශේෂඥයෝ පවසති.

    මෙම ඖෂධය, දැනට පවතින ප්‍රතිකාර කොරෝනාවෛරස් සඳහා ද ලබා දිය හැකි දැයි පරීක්ෂා කරන ලොව විශාලතම අත්හදාබැලීම්වල කොටසකි.

    මෙම ඖෂධය මගින් වෙන්ටිලේටර් යන්ත්‍රවල සහය ලබා ගන්නා රෝගීන් තුනෙන් එකකට ඇති මරණ අවදානම ඉවත් කරයි. ඊට අමතරව, ඔක්සිජන් ලබා දෙන රෝගීන්ගෙන් පහෙන් එකක ප්‍රමාණයක මරණ අවදානම ඉන් ඉවත් වේ.

    කොරෝනාවෛරස් වසංගතය ආරම්භයේ සිට එක්සත් රාජධානියේ රෝගීන්ට මෙම ඖෂධය ලබා දුන්නේ නම්, ජීවිත 5000ක් පමණ රැක ගැනීමට හැකියාව පැවති බව පර්යේෂකයෝ පවසති.

    එමෙන් ම, එය කොවිඩ් – 19 රෝගීන් විශාල වශයෙන් සිටින දිළිඳු රටවලට ද විශාල ප්‍රතිලාභයක් වන්නට ඉඩ තිබිණි.

    සිය තොග ගබඩාවල ඩෙක්සාමෙතසෝන් ඖෂධය ඇසුරුම් 200000ක් පමණ පවතින අතර ඒවා ජාතික සෞඛ්‍ය සේවාව හරහා රෝගීන්ට ලබා දීමට කටයුතු කරන බව බ්‍රිතාන්‍ය ආණ්ඩුව පවසයි.

    “මේක බ්‍රිතාන්‍යයේ වැදගත් විද්‍යාත්මක ජයග්‍රහණයක්,” බව හැඳින්වූ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පැවසුවේ, මෙය සැමරිය යුතු අවස්ථාවක් බවය. “අපි සතුව ප්‍රමාණවත් තොග පවතින බවට තහවුරු කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා, දෙවන රැල්ලක් ආවත් ඒකටත් මුහුණ දෙන්න පුළුවන් ආකාරයට.”

    එංගලන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී මහාචාර්ය ක්‍රිස් විටී පැවසුවේ, මෙම ඖෂධය මගින් ලෝකය පුරා ජීවිත ගණනාවක් බේරාගත හැකි වනු ඇති බවය.

    කොරෝනාවෛරසය ආසාදිත සෑම රෝගීන් 20 දෙනෙකු අතරින් 19 දෙනෙකු රෝහලකට ඇතුළත් නොවී සුවය ලබා තිබේ.

    රෝහල්වලට ඇතුළත් කර ඇති රෝගීන්ගෙන් බොහෝ දෙනෙකු සුවය ලබන නමුත් ඇතැමුන්ට ඔක්සිජන් හෝ වෙන්ටිලේටර්වල සහය අවශ්‍ය වේ.

    ඉහළ අවදානමක් සහිත රෝගීන්ට ඩෙක්සාමෙතසෝන් උපකාරී වන බව පෙනෙන්නට තිබේ.

    මේ වන විටත් මෙම ඖෂධය ආතරයිටිස්, ඇදුම සහ ඇතැම් සම ආශ්‍රිත රෝගීන්ට සහනයක් සැලසීම සඳහා භාවිත කෙරේ.

    කොරෝනාවෛරසයට එරෙහිව සටන් කිරීමට උත්සහ කිරීමේදී ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අධික වේගයෙන් ක්‍රියාත්මක වන විට සිදුවිය හැකි හානි වළක්වා ගැනීමට එය උපකාරී වන බව පෙනේ.

    ප්‍රතිශක්තිකරණ පද්ධතිය අධික ලෙස ප්‍රතික්‍රියා දැක්වීම මාරාන්තික විය හැකිය.

    ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් කණ්ඩායමක් සිදු කළ අත්හදාබැලීමේදී රෝහල්ගත රෝගීන් 2000කට ඩෙක්සාමෙතසෝන් ඖෂධය ලබා දී, එම ඖෂධය ලබා නොදුන් තවත් රෝගීන් 4000ක් පමණ රෝගීන් සමග සන්සන්දනය කෙරිණි.

    එහිදී වෙන්ටිලේටර් යන්ත්‍ර භාවිත කළ රෝගීන්ගෙන් 40% සිට 28%ක් දක්වා පිරිසකගේ මරණ අවදානම ඉවත් විය.

    ඔක්සිජන් අවශ්‍ය රෝගීන්ගෙන් 25% සිට 20%ක් දක්වා පිරිසකගේ මරණ අවදානම ඉවත් විය.

    ප්‍රධාන පර්යේෂක මහාචාර්ය පීටර් හෝර්බි පැවසුවේ, “මෙතෙක් හමුවූ මරණ අවදානම අඩු කළ හැකි එක ම ඖෂධයයි. ඒක වැදගත් සොයා ගැනීමක්,” බවය.

    පර්යේෂක නියමු මහාචාර්ය මාර්ටින් ලැන්ඩ්‍රේ පැවසුවේ, පර්යේෂණය මගින් පහත කරුණු අනාවරණය වූ බවය.

    • වෙන්ටිලේටර්වල සිටින සෑම රෝගීන් 8 දෙනෙකුගෙන් එක් අයෙකුගේ ජීවිතය බේරා ගත හැකි බව,
    • ඔක්සිජන් ලබා දෙන සෑම රෝගීන් 20-25 දෙනෙකුගෙන් එක් අයෙකුගේ ජීවිතය බේරා ගත හැකි බව

    “මේකෙන් පැහැදිලි ප්‍රතිලාභයක් ලැබෙනවා,” ඔහු පැවසීය.

    “දින 10ක ඩෙක්සාමෙතසෝන් ප්‍රතිකාරය සඳහා වැය වෙන්නෙ පවුම් 5ක පමණ මුදලක්.”

    “ඒ නිසා අනිවාර්යයෙන් ම ජීවිතයක් බේරා ගන්න වැය වෙන්නේ පවුම් 35ක් පමණයි.”

    “මේක ලෝකයේ ඕන ම තැනක තියෙන ඖෂධයක්.”

    අවශ්‍ය වේලාවට, ප්‍රමාදයකින් තොරව රෝහල්ගත රෝගීන්ට මේ ඖෂධය ලබා දිය යුතුයි, මහාචාර්ය ලැන්ඩ්‍රේ පවසයි.

    කෙසේ වෙතත්, සාමාන්‍ය වැසියන් පිටතට ගොස් එම ඖෂධය මිල දී ගෙන නිවසේදී එය භාවිත කිරීම සුදුසු නොවේ.

    කොරෝනාවෛරසයේ සුළු රෝග ලක්ෂණ ඇති ශ්වසන අපහසුතා නොමැති පුද්ගලයින්ට මෙම ඖෂධය මගින් සහනයක් සැලසෙන හැඩක් දක්නට නොලැබේ.

    Text by bbc sandesaya

  • ලීසිං සඳහා දුන් මාස 06ක සහනය අනිවාර්යයෙන් දිය යුතුයි – ජනපති අවධාරණය කරයි

    ලීසිං සඳහා දුන් මාස 06ක සහනය අනිවාර්යයෙන් දිය යුතුයි – ජනපති අවධාරණය කරයි

    මහබැංකුව දුන් සහන ආර්ථිකයත්, ජනතාවත් ශක්තිමත් කිරීමට භාවිත කිරීම රාජ්‍ය බැංකුවල වගකීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

    ගෝලීය වසංගතයෙන් ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වී තිබේ. අර්බුදය ජය ගැනීමට කෘෂිකාර්මික, සුළු හා මධ්‍ය පරිමාණ ඇතුළු සියලු ව්‍යාපාර ක්ෂේත්‍රවලට ඝෘජුව සහාය වෙමින් ඒවා නගාසිටුවීම කළ යුතු බව  ජනාධිපතිවරයා කියා සිටි.

    මහජන බැංකුවේ ක්‍රියාකාරීත්වය විමර්ශනය කරනු පිණිස අද (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව සදහන් කළේය.

    මහබැංකුව සමග පැවති සාකච්ඡාවෙන් පසු රටේ ආර්ථිකය පුනරුදයට අවශ්‍ය පරිසරය සැකසීමේ අවස්ථාව රාජ්‍ය බැංකු වෙත පැවරී තිබේ. රටේ ආර්ථික අභිවෘද්ධිය පිණිස සාම්ප්‍රදායික රටාවෙන් බැහැරව අලුත් සංවර්ධන වැඩපිළිවෙළක් ඇතිව ක්‍රියාකළ යුතු බව ජනාධිපතිවරයා පැවසීය.

    මුදල් රට පුරා සංසරණය විය යුතු බවත්, නියම ගනුදෙනුකරු සහ ව්‍යාපාරය හඳුනාගෙන ණය නිකුත් කිරීම රට පුරා විසිරී ඇති මහජන බැංකු ශාඛා 600කට පැවරී ඇති වගකීම බවත් ජනපතිවරයා සඳහන් කළේය. එහි පසුවිපරමට සියලු කළමනාකරුවන් බැඳී සිටින බවද ජනාධිපති අවධාරණය කළේය.

    බැංකුව ගමට ගෙන යාමට මෙය අවස්ථාවක් කරගත යුතු බවද ජනාධිපතිතුමා කීය. මේ මුදල් භාණ්ඩ ආනයනය සඳහා ණය වශයෙන්  නොදිය යුතු බවද  රාජපක්ෂ මහතා අවධාරණය කළේය.  

    ලීසිං ණය වාරික සඳහා දුන් මාස 06ක සහනය අදාළ පාර්ශ්වයන්ට අනිවාර්යයෙන් දිය යුතුය. ඉදිකිරීම් කර්මාන්තයටද ප්‍රමුඛත්වය දීම අවශ්‍ය වෙයි.  මධ්‍ය ආදායම් ලාභීන්ගේ නිවාස අවශ්‍යතාව නාගරික සංවර්ධන අධිකාරිය සමග එක්ව සපුරාලීමට අවස්ථාව මහජන බැංකුවට විවෘත වී ඇතැයි ජනාධිපති සඳහන් කළේය.

    ගතවූ මාස 08 තුළ මහජන බැංකුව ක්‍රියාත්මක කළ ව්‍යාපෘති පිළිබඳව සභාපති සුජීව රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව දැනුවත් කළේය.

    ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මුදල් ලේකම් එස්.ආර්. ආටිගල,  සාමාන්‍යාධිකාරි බොනිෆස් සිල්වා, මහජන බැංකුවේ සහ පීපල්ස් ලීසිං ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල ඇතුළු ඉහළ කළමනාකරීත්වය සාකච්ඡාවට එක්ව සිටියහ.

  • මැතිවරණ කොමිෂම ජනපතිගෙන් විශේෂ ඉල්ලීම් දෙකක් කරයි

    මැතිවරණ කොමිෂම ජනපතිගෙන් විශේෂ ඉල්ලීම් දෙකක් කරයි

    මැතිවරණයට අදාළ මූලික සැකසුම් සකසා ඇති බවත්, නිලධාරීන් ආරක්ෂක අංශ ඇතුළු සෙසු සියලු පාර්ශ්ව ඊට දායක කර ගන්නා බවත් මැතිවරණ කොමසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

    අද (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී මැතිවරණ කොමිසමේ සභාපති සහ සාමාජිකයන් ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේ මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ බව සදහන් කළේය. 

    මැතිවරණ රාජකාරි සඳහා නිලධාරීන්ගේ අනිවාර්යය සහභාගීත්වය තහවුරු කිරීමට නෛතික පදනමක් සැකසීමේ වැදගත්කම සභාපතිවරයා පෙන්වා දුන්නේය. එකී නියමයන් ආයතන සංග්‍රහයට ඇතුළත් කළ යුතුව ඇතැයි ද දේශප්‍රිය මහතා පැවසීය. මහජන රැළිවලට සහභාගීවිය හැකි සංඛ්‍යාව සහ නිවෙස් වෙත ගොස් කරන  ප්‍රචාරණයේදී සෞඛ්‍යාරක්ෂාව පිළිබඳව සියලු පාර්ශ්ව වගකීමෙන් ක්‍රියා කිරීම මැතිවරණය සාර්ථක කර ගැනීමට උපකාර වන  බව මහින්ද දේශප්‍රිය මහතා කීය.

    මැතිවරණ කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත කොවිඩ් 19 මර්දන නිර්දේශ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කිරීමේ අවශ්‍යතාව ද සභාපතිවරයා පෙන්වා දුන්නේය. සෞඛ්‍ය රෙගුලාසිවලට අනුව ඡන්ද මධ්‍යස්ථානවල ඉඩ පහසුකම් ගැටලුවක් ඇතිවුවහොත් අවශ්‍ය  සහාය ලබාදීමට ද ජනාධිපතිතුමාගේ එකඟතාව පළ විය. ජුලි මස 31 වැනිදා සිට ගම්බිම් බලා පිටත්වන සහ මැතිවරණයෙන් පසු නැවත පැමිණෙන ජනතාව වෙනුවෙන් ප්‍රවාහන පහසුකම් සැලසීම ගැන ද දේශප්‍රිය මහතා අවධානය යොමු කළේය. 

    මැතිවරණ කොමිසමේ සෙසු සාමාජිකයන් වන මහාචාර්ය රත්නජීවන් හූල් සහ එන්.ජේ අබේසේකර, මැතිවරණ කොමිසමේ ලේකම් එච්.එම්.ටි.ඩී. හේරත්, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ජේ.රත්නසිරි,  සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ යන මහත්වරු ද සාකච්ඡාවට එක්ව සිටියහ.

  • මහ මැතිවරණය සම්බන්ධයෙන් ජනපතිගෙන් ‘මැතිවරණ කොමිසමට’ සහතිකයක්

    මහ මැතිවරණය සම්බන්ධයෙන් ජනපතිගෙන් ‘මැතිවරණ කොමිසමට’ සහතිකයක්

    සෞඛ්‍යාරක්ෂාවට ප්‍රමුඛත්වය දෙමින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය වාතාවරණය සකසා දෙන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහතික වෙයි.

    කොවිඩ් 19 වසංගතය හමුවේ මැතිවරණය පැවැත්වීම සඳහා වූ නිර්දේශ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර තිබේ. මෙරට ඉතිහාසයේ මෙවැනි පසුබිමක පැවැත්වෙන පළමු මැතිවරණය මෙයයි. එහෙයින් සෞඛ්‍යාරක්ෂාවට ප්‍රමුඛත්වය දෙමින් මැතිවරණ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට රජයේ පූර්ණ සහාය මැතිවරණ කොමිසමට ලැබෙන බව ජනාධිපතිවරයා කියා සිටී.

    සෞඛ්‍යාරක්ෂිත නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම ගැන සාකච්ඡා කරනු පිණිස  අද (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී මැතිවරණ කොමිසමේ සභාපති සහ සාමාජිකයන් ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේ  මේ බව සඳහන් කෙරිණ.

    කොවිඩ් 19 මර්දනයට රජය සැලසුම් සහිතව මාස කිහිපයක් ඉතා කැපවීමෙන් ක්‍රියා කළේය. එය මැතිවරණය අපේක්ෂාවෙන් නොව ජනතාවත්, රටත් මාරාන්තික වසංගතයෙන් බේරා ගැනීමට කළ  මෙහෙයුමක් බව ජනපතිවරයා කීය. මාස කිහිපයක් අනුගමනය කළ සෞඛ්‍ය ක්‍රියාදාමය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව රාජපක්ෂ මහතා පැවසීය.

    මේ තත්වය පිළිබඳව ජනතාව අවබෝධයෙන් සිටීමෙන් කිසිදු සෞඛ්‍ය ගැටළුවකින් තොරව මැතිවරණයට මුහුණදිය හැකි බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    මැතිවරණයට අදාළ මූලික සැකසුම් සකසා ඇති බවත්, නිලධාරීන් ආරක්ෂක අංශ ඇතුළු සෙසු සියලු පාර්ශ්ව ඊට දායක කර ගන්නා බවත් මැතිවරණ කොමසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

    මැතිවරණ රාජකාරි සඳහා නිලධාරීන්ගේ අනිවාර්යය සහභාගීත්වය තහවුරු කිරීමට නෛතික පදනමක් සැකසීමේ වැදගත්කම සභාපතිවරයා පෙන්වා දුන්නේය. එකී නියමයන් ආයතන සංග්‍රහයට ඇතුළත් කළ යුතුව ඇතැයි ද දේශප්‍රිය මහතා පැවසීය. මහජන රැළිවලට සහභාගීවිය හැකි සංඛ්‍යාව සහ නිවෙස් වෙත ගොස් කරන  ප්‍රචාරණයේදී සෞඛ්‍යාරක්ෂාව පිළිබඳව සියලු පාර්ශ්ව වගකීමෙන් ක්‍රියා කිරීම මැතිවරණය සාර්ථක කර ගැනීමට උපකාර වන  බව මහින්ද දේශප්‍රිය මහතා කීය.

    මැතිවරණ කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත කොවිඩ් 19 මර්දන නිර්දේශ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කිරීමේ අවශ්‍යතාව ද සභාපතිවරයා පෙන්වා දුන්නේය. සෞඛ්‍ය රෙගුලාසිවලට අනුව ඡන්ද මධ්‍යස්ථානවල ඉඩ පහසුකම් ගැටලුවක් ඇතිවුවහොත් අවශ්‍ය  සහාය ලබාදීමට ද ජනාධිපතිතුමාගේ එකඟතාව පළ විය. ජුලි මස 31 වැනිදා සිට ගම්බිම් බලා පිටත්වන සහ මැතිවරණයෙන් පසු නැවත පැමිණෙන ජනතාව වෙනුවෙන් ප්‍රවාහන පහසුකම් සැලසීම ගැන ද දේශප්‍රිය මහතා අවධානය යොමු කළේය. 

    මැතිවරණ කොමිසමේ සෙසු සාමාජිකයන් වන මහාචාර්ය රත්නජීවන් හූල් සහ එන්.ජේ අබේසේකර, මැතිවරණ කොමිසමේ ලේකම් එච්.එම්.ටි.ඩී. හේරත්, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ජේ.රත්නසිරි,  සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ යන මහත්වරු ද සාකච්ඡාවට එක්ව සිටියහ.