Blog

  • ‘මෛත්‍රීට මේ පාර නම් උකුසු කෙළි බෑ’ – ප්‍රසන්න

    ‘මෛත්‍රීට මේ පාර නම් උකුසු කෙළි බෑ’ – ප්‍රසන්න

    පොහොට්ටුවට මුවා වී පාර්ලිමේන්තුවට පැන ගැනීමට දගලන මෛත්‍රිගේ ඊලග පිම්ම කුමක්දැයි දැඩි අවධානයකින් සිටින බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ ලංකාවේ අදුරුතම හා අසාර්ථකම පාලන කාලය ලෙස රනිල්-මෛත්‍රී යහපාලන ආණ්ඩුව ඉතිහාසගත වන බවයි.

    මෙවර මහ මැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට වැඩ කල හැකි ආණ්ඩුවක් පිහිටුවා ගැනීම ජනතාවගේ වගකීමක් බව පෙන්වා දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා යහපාලනයට මුවා වි රට විනාශ කල පුද්ගලයින් අද සුදනන් ලෙස හැසිරෙන බවද කීවේය.

    බියගම ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාන්තා බල මණ්ඩලය අමතමින් මේ බව සදහන් කළේය. බියගම ඩිලාරා උත්සව ශාලාවේදී ඊයේ (13) මෙම රැස්වීම පැවැත්විණ.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේද කීවේය.

     “ 2015 දී බොරු කරලා බලයට පත් වුණ ආණ්ඩුව මේ රට විනාශ කළා. රනිල් – මෛත්‍රී එළ හරකයි මී හරකයි වගේ දෙපැත්තට ඇද්දා. මහ බැංකු හොරකම කළා. පළි ගත්තා. මහින්ද මහත්තයාගේ දරුවෝ සහෝදරයෝ හිරේ දැම්මා. මහ සංඝරත්නයෙන්, හමුදාවෙන්, රාජ්‍ය සේවකයන්ගෙන් පළි ගත්තා.  2015 ඉදලා 2020 ජනාධිපතිවරණය වනතුරු රටේ ආර්ථිකය බිංදුවට ම ඇදලා දාලා රටේ එල්.ටී.ටී එක නැවත පණ දෙන්න හැදුවා.

    පහුගිය දින කීපයේ කොටින්ගේ සයිබර් ප්‍රහාරයට රටේ ප්‍රධාන පෙළේ ආයතන වල වෙබ් අඩවි ලක්ෂයක් නිකන් නෙමේ යහපාලනය විසින් කොටි ත්‍රස්තවාදය දේශීය හා ජාත්‍යන්තර වශයෙන් පෝෂණය කළ නිසයි. නැගෙනහිර පළාතේ මුස්ලිම් කලාප පිහිටුවන ව්‍යවස්ථාවන්ට යෝජනා ගෙන ආවේ කවුද? එහෙම කරපු යහපාලන ආණ්ඩුවේ උදවිය අද සුදනෝ වෙන්න එනවා.

    පාස්කු ප්‍රහාරය වෙන්න කලින් ඉන්දියානු බුද්ධි අංශ දැනුම් දීලා තිබුණා. යහපාලන ආණ්ඩුවේ ජනපති, අගමැති දැනන් හිටියා. පොලිස්පති දැනන් හිටියා. ඒක වළක්වන්න පහුගිය ආණ්ඩුවේ ජනපති මැති ඇමතිවරුන් මොනවද කළේ. අපේ රටේ ජනතාව බිල්ලට දුන්නා. යහපාලන ආණ්ඩුව තරම් රටට වින කරපු ආණ්ඩුවක් ශ්‍රී ලංකා ඉතිහාසයේ නෑ. ලංකාවේ අදුරුතම යුගය ලෙස යහපාලන යුගය ඉතිහාසගත වෙලා ඉවරයි.

    එදා අපි මේ පොහොට්ටුව හදන කොට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කිව්වා අපිව පාරක් පාරක් ගාණේ ඇවිද්දවනවා කියලා. පොහොට්ටුව හැදුවොත් බලාගමු කිව්වා. එහෙම කියපු මෛත්‍රී අද පොහොට්ටුව ලකුණින් තරග කරනවා. යහපාලන ආණ්ඩුව කාලේ තිබුණේ ජනාධිපති, අගමැතියි දෙපැත්තට අදින ආණ්ඩුවක්. ඒ නිසා මට මුකුත් වැඩක් කරගන්න බැරි වුණා. ඒ නිසා ගෝඨාභය ජනාධිපතිතුමාට වැඩ කරන්න පුළුවන් තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් දෙන්න කියලා මෛත්‍රී කිය කියා යනවා.

    මෛත්‍රී හදන්නේ මේ පාර පොහොට්ටුවට මුවාවෙලා වෙලා පාර්ලිමේන්තුවට පැන ගන්නයි. මෛත්‍රී ගේ හැසිරීම දිහා අපි හරි අවධානයෙන් බලාගෙන ඉන්නේ. දියකාවගේ කටේ තියෙන මාළුවා ඩැහැ ගන්න උකුස්සෙක් වගේ කියලනේ කිව්වේ. හැබැයි  මේ පාර ඒ සෙල්ලම් දාන්න ආවොත් තමයි ඔය උකුස්සා හොද පාඩමක් ඉගෙනගන්නේ….

    යහපාලන ආණ්ඩුව පරාජය වෙලා ගෝඨාභය මහත්තයා රටේ වාසනාවට. හිටපු සරල ජනාධිපති වගේ නෙමේ. සරල ජනාධිපතිට 2700 ක් සේවකයෝ හිටියා. ගෝඨාභය මහත්තයා තමන්ගේ සේවක සංඛ්‍යාව දෙසිය ගාණට අඩු කළා. වාහන අඩු කළා. සරල ජනාධිපති ගෙවල් 03 ක් එකතු කරලා කොළඹ නිළ නිවසක් හැදුවා.

    ගෝඨාභය මහත්තයා තමන්ගේ ගෙදර ඉදලා වැඩට එන්නේ. බැරිවෙලාවත් රනිල් – මෛත්‍රී ආණ්ඩුවක් තිබුණ නම් රට පුරා මිනී කදු ගොඩ ගැහිලා.එහෙම වුණානම් රනිල් – මෛත්‍රී ආණ්ඩුව කොමිසම් පත් කරන්නේ  කොරෝනා පාලනය කරන්න නෙමෙයි. කොරෝනා පටන් ගන්නේ සී අකුරෙන් ද කේ අකුරෙන් ද කියලා හොයන්න. ගෝඨාභය මහත්තයා සෞඛ්‍ය හා ආරක්ෂක අංශ වල උපදෙස් අරන් මේ කොවිඩ් 19 වසංගතය පාලනය කළ නිසයි අද අපි සැනසීමෙන් ඉන්නේ. රටක් හදන්න රටට පත්වෙලා තියෙනවා. ඒ නායකයාට වැඩ කළ හැකි ආණ්ඩුවක් පිහිටුවා ගැනීමයි අද අපේ වගකීම ”.

  • පක්ෂ ඉක්මවා ගිය පොදුජන නැගිටීමක් ‘ලංකාවේ යථාර්ථය’ හා ගැළපෙනවාද ?

    පක්ෂ ඉක්මවා ගිය පොදුජන නැගිටීමක් ‘ලංකාවේ යථාර්ථය’ හා ගැළපෙනවාද ?

    මේ මොහොතේ ලොව පුරා පැන නැගෙමින් තිබෙන විමුක්තිවාදී ව්‍යාපාරයන්හි ගති ලක්ෂණයක් වන්නේ ඒවා පක්ෂවල සීමාවන් ඉක්මවා ගිය පොදු මහා ජනතාවගේ නැගී සිටීම්වල ස්වරූපයක් ගැනීමයි. එබැවින්, දැන් මානව නිදහස සහ සමානත්වය ගරු කරන සියලු දෙනාගේ සහභාගීත්වයෙන් කෙරෙන සාමකාමී නිහඬ විරෝධයක් පැවැත්වීම මේ මොහොතේ වඩා උචිත යැයි මට හැඟේ. 

    ඓතිහාසික ක්‍රියාවලිය වටහා ගැනීමේ තම ප්‍රවේශය සම්බන්ධයෙන් මිචෙල් ෆූකෝ පවසා ඇති කාරණයක් නම් ‘තම අවධානය යොමු වන්නේ ඉතිහාසයේ ඊනියා අඛණ්ඩ ගලා යාම ගැන නොවන බව’යි. ඒ වෙනුවට මිනිසුන්ගේ ඓතිහාසික ජීවිතයේ ඛණ්ඩනයන්, හිඩැස්, නැවතීම්, පරතරයන් සහ හැරවුම් යනාදිය ඔහුගේ ගවේෂණයට ලක් විය. මෙය සැබවින්ම මාක්ස්වාදයද ඇතුළුව විවේචක චින්තන සම්ප්‍රදායේ පොදු ලක්ෂණයකි.

    ලිබරල්වාදීන් ඉතිහාසයේ මෘදු වර්ධනීය ගමනක් දකින්නට ප්‍රිය කරන විට මාක්ස්වාදීන් අර්බුද, ගැටුම් සහ විප්ලවීය පරිවර්තනයන් දෙස බලන්නට පෙළඹෙති. වරක් සමකාලීන ග්‍රීක චින්තකයෙකු වන යානීස් වරූෆකීස් (Yanis Varoufakis) තරමක උත්ප්‍රාසාත්මක ස්වරයෙන් මෙලෙස පැවසීය:

    2007-2009 මූල්‍ය අර්බුදය පෙර දකින්නට කිසිදු ලිබරල් ආර්ථිකවේදියෙකු සමත් නොවීය; නමුත්, මාක්ස්වාදීන් පැවසූ දේ සැබෑ විය; ඒ අන් කිසිවක් නිසා නොව මාක්ස්වාදීන් නිතරම ඉදිරියේ එන අර්බුදයක් ගැන පවසමින් සිටින නිසාය

    Yanis Varoufakis

    “2007-2009 මූල්‍ය අර්බුදය පෙර දකින්නට කිසිදු ලිබරල් ආර්ථිකවේදියෙකු සමත් නොවීය; නමුත්, මාක්ස්වාදීන් පැවසූ දේ සැබෑ විය; ඒ අන් කිසිවක් නිසා නොව මාක්ස්වාදීන් නිතරම ඉදිරියේ එන අර්බුදයක් ගැන පවසමින් සිටින නිසාය!” වෙනත් වචනවලින් කිව හොත් මාක්ස්වාදීන් හට නිශේධනය වැදගත්ය. 

    ඇතැම්විට, ඉහත කාරණය නිසාම අර්බුදයක් තීක්ෂණව දැකීමේ වැඩි ශක්‍යතාවක් විවේචක චින්තකයන් සතුව ඇතැයි කල්පනා කළ හැකිය.

    මෙය කොරෝනා වසංගතය ආශ්‍රයෙන් පැන නැගී තිබෙන ගෝලීය බුද්ධිමය සංවාද තුළද හඳුනාගත හැකි බව මගේ නිරීක්ෂණයයි. බොහෝ විට ගතානුගතිකවාදී සිතන්නන් දකින්නට කැමති වන්නේ වසංගතය ඉක්මනින් හෝ කල් පසුවී අවසානයකට පත් වී අපට යළිත් සුපුරුදු සාමාන්‍ය තත්ත්වය කරා යන්නට හැකි වේය කියාය. වසංගතය එක්සත් ජනපදයට ඇතුල් වූ දිනවල ඉන්දියාවේ සංචාරයක යෙදී සිටි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ එවැන්නකි.

    නමුත් සති කිහිපයක් ඉක්ම යන විට එක්සත් ජනපදය සේම ඉන්දියාවද වසංගතයේ චණ්ඩ රළ පහරට ගොදුරු විය. මේ වන විට දෙරටම සෞඛ්‍යමය ආපදාව පැවතියදීම තම ආර්ථිකයන් නැවත විවෘත කිරීමට ප්‍රයත්න දරමින් සිටී. කෙසේ වුවත්, විවේචක සම්ප්‍රදායෙන් එන්නෙකු දේවල් එසේ අඛණ්ඩ ගලා යාමක පවතී යැයි නොදකී; අර්බුදයක වියහැකියාව හඳුනා ගනී; ඒ නිසාම (ග්‍රාම්ස්චිගේ වචනයෙන් කිව හොත්) පවත්නා තත්ත්වයේ සර්ව-අසුබවාදී චිත්‍රය දකින්නට අවශ්‍ය බුද්ධිමය එඩිතර භාවය ඔවුනට තිබේ. 

    ස්ලේවෝයී ශිෂෙක්

    එම විවේචක පර්යාලෝකය අනුව, අප දැන් අවතීර්ණ වෙමින් සිටින්නේ අපගේ සුපුරුදු සාමාන්‍ය සමාජ (සහ පුද්ගලික) ජීවිතය ඉතාම බරපතල ලෙස වෙනස් කර ගන්නට සිදු වන කාල පරිච්ජේදයකටය.

    ස්ලේවෝයී ශිෂෙක් දැඩිව අවධාරණය කරන පරිදි දැන් ආපසු පැරණි තත්ත්වය කරා යාමක් නොමැත. ඒ අතරම ග්‍රේටා තන්බර්ග් ඇයගේ සුපුරුදු තියුණු හඬින් මෑතකදී පවසා තිබුණේ එම සාමාන්‍ය තත්ත්වය පැවතියේද අර්බුදයක බවයි. අප කොරෝනා වසංගතයේ ගෝලීය සමාජ, ආර්ථික සහ දේශපාලන ගම්‍යතා දෙස බලන්නෙමු නම්, ඉදිරියේ එන කාලය නව කාලයක් බව වටහා ගැනීම අසීරු නොවේ. ඇතැම්විට, අපට ඉදිරියේදී නිරත වන්නට සිදු වනු ඇත්තේද නව දේශපාලනයකය. 

    ඇඳිරි නීතිය ඉවත් කළත් වැඩක් නැත්නම් ගෙදරට වෙලා ඉන්න.” චරිත ඇතුළු අප බොහෝ දෙනෙකු කලක් තිස්සේ වැඩක් නැතිවත් එළියට ගොස් විවිධ රැස්වීම්, වාද විවාද යනාදියෙහි යෙදී තිබුණද, දැන් අප එළියට යා යුත්තේ වැඩක් ඇත්නම් පමණි

    ලාංකීය නව සාමාන්‍ය තත්ත්වය 

    අප රටේ නව සාමාන්‍ය තත්ත්වය පසුගිය දිනවල නිතර අපගේ කණ වැකුණු වචන කිහිපයකින් සාරාංශ කළ හැකිය: “ඇඳිරි නීතිය පැවතියදීම ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම.” අප දැන් සිටින්නේ එම නව යථා තත්ත්වය තුළය. වරින් වර පැණවෙන ඇඳිරි නීතිය හෝ අර්ධ ඇඳිරි නීතිය එහි කොටසකි. එය ව්‍යතිරේඛයක් නොව සාමාන්‍ය තත්ත්වයේම අංගයකි.

    චරිත හේරත්

    දැනට සති කිහිපයකට පෙර එම තත්ත්වය තුළ අප හැසිරිය යුත්තේ කෙසේදැයි වත්මන් බලාධිකාරයේ ඓන්ද්‍රීය බුද්ධිමතෙකු වන මහාචාර්ය චරිත හේරත් තම මුහුණු පොත වෙත මුදා හළ කෙටි වීඩියෝවකින් මනාව පැහැදිලි කොට තිබිණ:

    “ඇඳිරි නීතිය ඉවත් කළත් වැඩක් නැත්නම් ගෙදරට වෙලා ඉන්න.” චරිත ඇතුළු අප බොහෝ දෙනෙකු කලක් තිස්සේ වැඩක් නැතිවත් එළියට ගොස් විවිධ රැස්වීම්, වාද විවාද යනාදියෙහි යෙදී තිබුණද, දැන් අප එළියට යා යුත්තේ වැඩක් ඇත්නම් පමණි.

    නමුත්, ඒ අප සියල්ලන්මත් නොවේ. මේ දිනවල ශ්‍රී ලාංකීය සාමාන්‍ය තත්ත්වය හැඩ ගැසෙමින් පවතින ආකාරය සමීපව නිරීක්ෂණය කර බලන විට පෙනී යන්නේ දැන් සමාජ පාලනයේ තර්කනය මුල් කොටගෙන නව සමාජ බෙදීමක්ද නිර්මාණය වෙමින් පවතින බවයි. එය හැඳින්විය හැක්කේ “නිදහස නමැති වරප්‍රසාදය ඇති පංතිය” සහ “එම වරප්‍රසාදය අහිමි පංතිය” ලෙසයි (මෙහිදී මා “පංතිය” යන්න යොදන්නේ මාක්ස්වාදී අරුතින් නොව සරල සමාජ විද්‍යාත්මක අරුතිනි).

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අරුමුගන් තොණ්ඩමන් මහතාගේ දේහයට අවසන් ගෞරව දක්වමින්

    දැන් දෘෂ්‍යමානයේම පවතින සාමාන්‍ය තත්ත්වය කෙබඳුද? එය රාජ්‍ය බලය දරන නැතිනම් රාජ්‍ය බලයට සමීප අයවළුන් හට පමණක් “නිදහස” තිබෙන සාමාන්‍ය තත්ත්වයකි; “නිදහස නමැති වරප්‍රසාදය” තිබෙන පිරිසට තමන් කැමති තැනක යන්නට එන්නට හැකි තත්ත්වයකි; ඔවුනට පමණක් දේශපාලන කටයුතුවල යෙදිය හැකි තත්ත්වයකි; ඔවුන්ගේ චර්යාවන් පමණක් වසංගත නීති මගින් පාලනය නොවන ආකාරයේ තත්ත්වයකි.

    කලින් වුවද සාමාන්‍ය තත්ත්වය පංති අසමානත්වයෙන් යුක්ත වූවක් බව සැබෑය. නමුත්, එම පංති විසමතාවන් බොහෝ විට යම් යම් දෘෂ්ටිවාදී සළුපිළිවලින් ආවරණය කොට තිබිණ. අඩු තරමින් ප්‍රකාශිත තලයෙහි එවැන්නක් පවතින බව පිළි ගනු ලැබුවේ නැත. නමුත්, දැන් ගොඩ නැගෙමින් පවතින නව සාමාන්‍ය තත්ත්වය තුළ සමාජ විසමතාවන් ඇස් පනා පිට ප්‍රදර්ශනය වන්නට පටන් ගෙන තිබේ. නැතහොත්, ස්වාභාවික ව්‍යසනය විසින් ජනිත අර්බුදය විසින් අපව සමාජයේ තියුණු ප්‍රතිවිරෝධතා වෙතට ප්‍රචණ්ඩ ලෙස අභිමුඛ කරනු ලබමින් පවතී. 

    දැන් දෘෂ්‍යමානයේම පවතින සාමාන්‍ය තත්ත්වය කෙබඳුද? එය රාජ්‍ය බලය දරන නැතිනම් රාජ්‍ය බලයට සමීප අයවළුන් හට පමණක් “නිදහස” තිබෙන සාමාන්‍ය තත්ත්වයකි; “නිදහස නමැති වරප්‍රසාදය” තිබෙන පිරිසට තමන් කැමති තැනක යන්නට එන්නට හැකි තත්ත්වයකි; ඔවුනට පමණක් දේශපාලන කටයුතුවල යෙදිය හැකි තත්ත්වයකි; ඔවුන්ගේ චර්යාවන් පමණක් වසංගත නීති මගින් පාලනය නොවන ආකාරයේ තත්ත්වයකි.

    අන් සියළු දෙනාගේ දෛනික ජීවිතය පවා ඉතාම සංකීර්ණ ලෙස සුපරීක්ෂාවට සහ පාලනයට ලක් කෙරෙන ආකාරයේ තත්ත්වයකි. කොටින්ම ජෝජ් ඕවල්ගේ “1984” කෘතියේ එන ඩිස්ටෝපියානු ලෝකය සිහි ගන්වන ආකාරයේ තත්ත්වයකි. අභාවප්‍රාප්ත තොණ්ඩමන් මහතාගේ අවමංගල්‍ය උත්සවයට නිරෝධායන නීති කිසිවක් අදාළ නොවන්නේත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමකාමී විරෝධතාවකට එය අදාළ වන්නේත් එබැවිනි. 

    මිනියපොලිස් සිට හමන සුළඟ          

    සැබවින්ම පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව බොහෝ රටවල නිර්මාණය වෙමින් තිබුණේ එවන් සීතල, බියකරු, නිහඬ පරිසරයකි. රාජ්‍යයේ අධිකාරීවාදී මැදිහත්වීම් මගින් පුද්ගල ජීවිතය සූක්ෂම ලෙස හැසිරවීමට ලක් කෙරෙන පරිසරයකි. (ශ්‍රී ලංකාව තුළ එවන් පරිසරයක් නිර්මාණය වීමේ ක්‍රියාවලිය ආරම්භ වූයේ කොරෝනා වසංගතයට පෙරය; එනම් පසුගිය ජනාධිපතිවරණය නිමා වීමත් සමගය. අවාසනාවකට ඒ දිනවල බොහෝ දෙනෙකු එම අනතුර පෙර දකින්නට සමත් වූයේ නැත). 

    නමුත්, ඒ බියකරු නිහඬතාව අනපේක්ෂිත ලෙස බිඳ වැටිණ. ඒ එක්සත් ජනපදයේ මිනියපොලිස් නගරයේ පොලිස් මෘගත්වයට එරෙහි ස්වයං-සිද්ධ ජනතා උද්ඝෝෂණයක ප්‍රතිපලයක් ලෙසයි. දැන් සති දෙකක් ඉක්මවා තිබෙන එම උද්ඝෝෂණ ව්‍යාපාරය ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතී. මේ ව්‍යාපාරයේ වැදගත්කම වන්නේ කොරෝනා වෛරස් වසංගතය හමුවේ වේගයෙන් වර්ධනය වෙමින් පැවති අධිකාරීවාදී සමාජ පාලනයට එයින් බාධා කෙරුණු නිසා පමණක් නොවේ. එහි තවත් වැදගත්කමක් තිබේ. එනම්, විශේෂයෙන්ම 2007-2009 මූල්‍ය අර්බුදයෙන් ඉක්බිතිව විශේෂයෙන් යුරෝපය සහ එක්සත් ජනපදය තුළ හිස ඔසවන්නට පටන් ගත් අන්ත-දක්ෂිණාංශික ජනප්‍රියවාදයේ හිසටම එයින් පහරක් එල්ල වීම නිසාය.

    අන්ත-දක්ෂිණාංශයේ ප්‍රහාරය එල්ල වූයේ සංක්‍රමණිකයන්, සුළු ජනවර්ග ඇතුළු පීඩිත ජන කොටස් වෙතටය. දැන් ජෝජ් ෆ්ලොයිඩ් ඝාතනයට එරෙහි උද්ඝෝෂණයේ පෙරට එමින් සිටින්නේ සිටින්නේ ඔවුන්ය. දැන් ඉහළට එසවෙන සටන් පාඨ වන්නේ සමාජ යුක්තිය සහ සමානාත්මතාව ගැන වූ ඒවාය. වඩා ගැඹුරු ප්‍රජාතාන්ත්‍රික වෙනස්කම් පිළිබඳ ඒවාය. මේ ව්‍යාපාරය හරයෙන් වාමාංශිකය. 

    මෙය සැබවින්ම දේශපාලනයේ නිර්මාණශීලීත්වය ඉස්මතු වූ මොහොතක් ලෙසද හඳුනාගත හැකිය. මන්ද යත්, වසංගතයේ ප්‍රහාරය හමුවේ ලොව මුල් පෙළේ ඇතැම් වාමාංශික බුද්ධිමතුන් පවා කියමින් සිටියේ ඉදිරියේදී ඉතාම දරුණු සමාජ පාලනයේ යුගයක් උදාවීමට ඉඩ තිබෙන බවය. රාජ්‍යය විසින් පුද්ගල සහ සමාජ ජීවිතය ඉතාම සූක්ෂ්ම ලෙස සුපරීක්ෂාවට සහ ආණ්ඩුකරණයට ලක් වන තත්ත්වයක් නිර්මාණය විය හැකි බවය.

    සැබවින්ම දේවල් ඒ දිශාවට ගමන් කරමින් තිබුණි. ඒ කොරෝනා වෛසරයේ දුෂ්ට ප්‍රහාරයට පෙරම ආරම්භ වූ අන්ත-දක්ෂිණාංශික දේශපාලනයේ අංගයක් ලෙසයි. නමුත්, සාහිත්‍යමය වදනින් කිව හොත්, එම නැඹුරුතාව වෙනසකට ලක් කරමින් අනපේක්ෂිත ලෙස “අකලට වට මහා වරුසාවක් සේ” ලොව දස දෙසින් ලක්ෂ ගණනක් ජනයා ප්‍රජාතාන්ත්‍රික සහ විමුක්තිවාදී හැඟීම්වලින් මෙහෙයවනු ලදුව නගර වීදි පුරවන්නට පටන් ගත්හ. මූල්‍ය අර්බුදය හමුවේ පෙරට ආ අන්ත-දක්ෂිණාංශයට වසංගතය හමුවේ හරියටම එහි ප්‍රති-රැල්ල මුණ ගැසිණ. 

    අර්නෙස්ටෝ ලැක්ලාවූ

    අර්නෙස්ටෝ ලැක්ලාවූගේ වචනයෙන් කිව හොත්, අර්බුදයේ නිමේෂයක ඇති වැදගත්කම වන්නේ අර්බුදය විසින් අනිවාර්යයෙන්ම අපව වඩා දියුණු සමාජ පර්යායක් කරා රැගෙන යාම නොවේ (අර්බුදයක් යනුම නිශ්චිතතාව ගැන එවන් විශ්වාස ප්‍රශ්න කිරීමට ලක් වන තත්ත්වයකි); ඒ වෙනුවට අර්බුදය නව වියහැකියාවන් අප හමුවේ විවර කිරීමය. එම විය හැකියාවන් සැබෑ කළ හැක්කේ අර්බුදය විසින් නිමැවුණු අවිනිශ්චිතතාවේ නිමේෂයට මැදිහත් වීමෙනි. එවන් මැදිහත්වීම් දේශපාලන දකුණට සේම වමටද කළ හැකිය. පසුගිය සති දෙකක කාලය පුරා වේගයෙන් වර්ධනය වූ වර්ගවාදයට එරෙහි වූත් සමාජ යුක්තිය සහ සමානත්වය සඳහා වූත් ජනතා උද්ඝෝෂණ මාලාවෙන් දුන් පණිවිඩය එයයි. 

    පෙරටුගාමීන්ගේ ක්‍රියාවෙන් සොලවනු ලැබුවේ ඉතාම අධිකාරීවාදී මුහුණුවරකින් යුක්තව ගොඩ නැගෙමින් පැවති ඊනියා නව සාමාන්‍ය තත්ත්වයයි

    පෙරටුගාමීන්ගේ ක්‍රියාව 

    පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ශ්‍රී ලංකා ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට සංවිධානය කළ උද්ඝෝෂණය පොලිසිය විසින් පහරදී විසුරුවා හැරියේය

    ඉහත කී අරුතින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් පසුගියදා ජෝජ් ෆ්ලොයිඩ් ඝාතනයට එරෙහිව දියත් කරන ලද උද්ඝෝෂණයද ඉතාම වැදගත් දේශපාලන ක්‍රියාවකි. මන්ද යත්, එය කොරෝනා යුගයේ ගොඩ නැගෙමින් පැවති නව සමාජ පාලනයේ තර්කනයට බාධා කළ බැවිනි. පෙරටුගාමීන්ගේ ක්‍රියාවෙන් සොලවනු ලැබුවේ ඉතාම අධිකාරීවාදී මුහුණුවරකින් යුක්තව ගොඩ නැගෙමින් පැවති ඊනියා නව සාමාන්‍ය තත්ත්වයයි. (සරදම්ජනක ලෙස, එම නව සාමාන්‍ය තත්ත්වයේ බියජනක නිහඬතාව බිඳ හෙලන්නට පොලීසියද සක්‍රීයව දායක විය!) පෙරටුගාමීන්ගේ උද්ඝෝෂණයට එල්ල වූ ම්ලේච්ජ ප්‍රහාරය ඔවුනගේ දේශපාලනය සමග එකඟ නොවන්නවුන්ගේ පවා දැඩි විවේචනයට ලක් විය. (විශේෂයෙන්ම මෙහිදී ජාතික ජන බලවේගය වෙතින් ලැබුණු සංඥාව ඉතාම වැදගත්ය).

    මේ පොදු විවේචනයෙන් හැඟවෙන්නේ ශ්‍රී ලංකාව තුළද අන්ත-දක්ෂිණාංශික ජාතිකවාදයට එරෙහි  ප්‍රජාතාන්ත්‍රික ප්‍රති-රැල්ලක වියහැකියාවයි. එවැන්නක් සඳහා අවශ්‍ය වන්නේ සියළු ප්‍රජාතාන්ත්‍රික බලවේග අතර ඉතාම පුළුල් සහයෝගීතාවකි. සාමූහික ක්‍රියාකාරීත්වයකි. සාමකාමී විරෝධතාවකට එල්ල වූ අමානුෂික ප්‍රහාරය හෙළා දකින සියලු දෙනා වෙත කරන පොදු ආමන්ත්‍රණයකි. එය පක්ෂ දේශපාලනයේ රාමු ඉක්මවා යන්නක් විය යුතුය.

    මේ මොහොතේ ලොව පුරා පැන නැගෙමින් තිබෙන විමුක්තිවාදී ව්‍යාපාරයන්හි ගති ලක්ෂණයක් වන්නේ ඒවා පක්ෂවල සීමාවන් ඉක්මවා ගිය පොදු මහා ජනතාවගේ නැගී සිටීම්වල ස්වරූපයක් ගැනීමයි. එබැවින්, දැන් මානව නිදහස සහ සමානත්වය ගරු කරන සියලු දෙනාගේ සහභාගීත්වයෙන් කෙරෙන සාමකාමී නිහඬ විරෝධයක් පැවැත්වීම මේ මොහොතේ වඩා උචිත යැයි මට හැඟේ. 

    අධිකාරීවාදයක් කරා දිශානත වූ වත්මන් අධිපති දේශපාලනයේ ගමන ආරම්භයේදීම නැවැත්විය හැක්කේ එවන් සාමූහික ප්‍රයත්නයකිනි. එය තවමත් කළ හැකිය. තවමත් හැකිය…

    සුමිත් චාමින්ද 

  • Hot Plate: අහක යන නයි රෙද්ද අස්සේ දාගන්නවා කියන්නේ මේකට තමයි

    Hot Plate: අහක යන නයි රෙද්ද අස්සේ දාගන්නවා කියන්නේ මේකට තමයි

    එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට පසුගිය සති දෙකම වෙහෙසකර සති දෙකක් වූවේ කොරෝනා වසංගතයෙන් පසු මහමැතිවරණයට ලහි ලහියේ ලැහැස්තිවීමට සිදුවීම නිසාය. වෙහෙස නොබලා කෘත්‍යාධිකාරින් මෙන්ම පක්ෂ ක්‍රියාකාරීන්ද අපේක්ෂකයන්ද සිරිකොත පක්ෂ මූලස්ථානයට ගෙන්වා සාකච්ඡා කළේ ඉදිරි මැතිවරණයට මුහුණ දෙන ආකාරය ගැනය.

    එසේ සිරිකොතට පැමිණි ජාතික සේවක සංගමයේ සාමාජිකයන් පිරිසක් ප්‍රකෝපකාරීව හැසිරීම නිසා උණුසුම් තත්ත්වයක් ඇති විය. එවැනි රැස්වීමක් පැවැත්වෙන බව නායකයාට සිරිකොත පක්ෂ මූලස්ථානයෙන් දැනුම් දී තිබුණේ ඊට පෙර දින රාත්‍රියේය. පක්ෂය සාමාජිකයන් කැදවා තිබීම නිසා රැස්වීම අවලංගු නොකල නායකයා රැස්වීමට සහභාගී වූ අතර එහිදි යම් නොසන්සුන් තත්ත්වයක් උද්ගත විය.

    නායකයා ඉකුත් බදාදා සිරිකොතට යාමට සුදානම්ව සිටියදී පාර්ලිමේන්තු මැති ඇමතිවරු ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් රැසක් නයකයාගේ පස්වන පටුමගේ නිවසට පැමිණ සිටි බැවින් ඔවුන් සමග සාකච්ඡාවකට නායකයාද එක් විය.

    “පක්ෂ මූලස්ථානය ඇතුලේ වෙච්ච දේ නොවෙන්න තිබුණ සිද්ධියක්. කව්රුත් මේක බැලුවේ නැද්ද?” වජිර අබේවර්ධන කතාවට මුලපිරීය.

    “සිරිකොත කියන්නේ අපේ දෙවෙනි අම්මා.. එතන මෙහෙම දෙයක් වෙන්න දෙන්න බැහැ. මේ ආපු අය කව්ද කියලා බැලුවේ නැද්ද? ඇතුළට එන්න දොර ඇරියට පස්සේ වැඩක් නැහැ. එන අය කව්ද කියලා හොයලා බලන්න ඕනේ. නැත්නම් ඕන පිල්ලියක් මේක ඇතුළට එයි. කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම තියන දවසට වෙනත් වැඩ දාගන්න හොද නැහැ.” රවී කරුණානායක කීවේය.

    වජිරගෙන් රංගෙ බණ්ඩාරට මල්

    “මොනවා වුනත් අන්තිමට බැණුම් ඇහුවේ නායකතුමා. අපේ අනිත් කණ්ඩායමට ඕන කරලා තිබුණේත් මේකම තමයි. පැහැදිලිවම මේක සැලසුමක්. තමන් හිටපු දෙවෙනි අම්මාගේ සෙවනට මෙහෙම කරලා ඔප්පු කළේ එයාලා දේශපාලන වාසිය වෙනුවෙන් තමන්ගේ අම්මා තාත්තාත් පාවිච්චි කරනවා කියන එකයි. ඒකනේ කට්ටිය බබාලා වගේ එයාලගේ කාර්යාලයටම ගියේ. කොහොමවුනත් එතනදීත් ඉන් පිටතදීත් රංගේ බණ්ඩාර වැඩකරපු විදිය හොදයි.” වජිර අබේවර්ධන කී දේ සැවොම අනුමත කළහ.

    “කෘත්‍යාධිකාරි මණ්ඩලය පක්ෂ සාමාජිකත්වය අත් හිටුවමින් ගත් තීන්දුව අවලංගු කරන්න කියලා කට්ටියක් උසාවි ගිහිල්ලා තිබුණා. මොකක්ද මේ කාරණාව.” චම්පිකා ප්‍රේමදාස විමසා සිටියේය.

    “එයාලා හිතුවේ එයාලා උසාවි ගිය ගමන් පක්ෂේ තීන්දුවට විරුද්ධව වාරණ නියෝගයක් දෙයි කියලායි. නමුත් ඒක වුනේ නැහැ. දැන් අපිට උසාවියට කරුණු වාර්තා කරන්න පුළුවන්. අනෙක එයාලගේ පක්ෂයට විරුද්ධව දාලා තිබුණ නඩුවේදිත් තහවුරු වුනා එයාලා එම පක්ෂයේ සාමාජිකත්වය අරන් කියලා. මේ සියළු කාරණා අපිට උසාවියට ගිහින් කියන්න පුළුවන්.” මහලේකම් අකිල පැහැදිලි කළේය.

    “මෙවර මැතිවරණයට තරග කරන්නේ පක්ෂ දෙකක් විතරයි කියලා නායකතුමා සිරිකොතදි එදා ප්‍රසිද්ධියේ කිව්වා. මේකේ මොකක් හරි යටි අරුතක් තියෙනවා කියලා හැමොටම සැකයක් ඇති වෙලා තියෙනවා. මොකද 2015 දීත් ආණ්ඩුව හදන්නේ අපි කියලා නායකතුමා ඊට වසර ගණනාවකට කලින් කියලා තිබ්බානේ.” කේ.කේ පියදාස කී කතාවට නායකයා සිනා සුනා මිස කිසිවක් කීවේ නැත.

    නවීන්ට සැකයක්

    “මංගල සමරවිර හිටපු ඇමතිවරයා තමන් ඡන්දේ ඉල්ලන්නේ නැහැ. ඡන්දේ දෙන්නත් එපා කියලා ප්‍රසිද්ධියේ කියලා තියෙනවා. මෙතන යටි වැඩපිලිවෙලක් ක්‍රියාත්මක වෙන බවත් පේනවා. තවත් අය මෙහෙම වෙයිද?” නවින් දිසානායක ද කතාවට එක් වූවේ සිනා සෙමිනි.

    “එක්සත් ජාතික පක්ෂය කඩාගෙන ගිය බොහෝ දෙනක් දැන් ඉච්ඡාභංගත්වයට පත් වෙලා. ඒ අය දැන් කරන්න දෙයක් නැතිව ඉන්නේ. ඒක නිසා මේ වගේ අය එක්ක කතා කරන්න නායකතුමා මාවත්, වජිර ඇමතිතුමාත් ඇතුළු පිරිසක් පත් කරලා තියෙනවා. අපි එතුමාට ඉදිරියේදි මේ ගැන වාර්තාවක් දෙනවා. ඊට පස්සේ බලමු.” දයා ගමගේ වැඩි විස්තරයක් කළේය.

    “ඇමරිකාවට විරුද්ධව පැවැති උද්ඝෝෂණයට ප්‍රහාරයක් එල්ල වුනා. අපි මේවට විරෝධය පළ කරන්න ඕනේ”. කේ.කේ පියදාස කීවේය.

    “ඔවුන්ගේ උද්ඝෝණය ආණ්ඩුව අනුමත නොකළත් මෙතනදි මිනිස්සුන්ට ගහපු එක වැරදියි. නිරෝධායන නීතිය යටතේ රැස්වෙන්න බැහැ කියපු පොලීසිය ඒ අයව ජිප්වලට පටවගෙන ගියේ නිරෝධායන නිතියට අනුවද කියලා මිනිස්සු ප්‍රශ්න කරනවා. මම නම් හිතන්නේ මෙතනදි ආණ්ඩුව කටයුතු කරපු ආකාරය නිවැරදි නැහැ. රටේ ජනතාව ප්‍රශ්න ගොඩක හිර වෙලා ඉන්නේ. ජල විදුලි බිල්පත් ගෙවා ගන්න බැරිව මිනිස්සු අසරණ වෙලා. ආදායම් නැතිව මිනිස්සු හිර වෙලා. මේ ගැන තමයි පෙරටුගාමින්ට උද්ඝෝෂණය කරන්න තිබුණේ.” නායකයා දීර්ඝ විස්තරයක් කළේය.

    “තොණ්ඩමන්ගේ මිනිය රට පුරා දහස් ගණනක් මිනිස්සු එක්ක ගෙනිච්චා. සජිත් කළුතර කට්ටියක් එක්ක උද්ඝෝෂණය කළා. හැබැයි ඒවාට ක්‍රියාත්මක නොවුනු නිරෝධායන නිතිය මෙතනදි ක්‍රියාත්මක විම විහිළු සහගතයි.” වජිර අබේවර්ධනද නායකයාගේ කතාවට එකතු විය.

    “ජනාධිපති අලුත් කාර්ය සාධක බලකායක් පිහිටුවලා තියෙනවා සුරක්ෂිත රටක්, විනයගරුක ගුණවත් හා නිත්‍යානුකූල සමාජයක් ගොඩනැගීමේ කාර්ය සාධක බලකාය කියලා. මෙතන ඉන්නේ හමුදා නිලධාරින් හා විශ්‍රමික හමුදා නිලධාරින්. මේක බරපතල ප්‍රශ්නයක්. රට මිලිටරි කරණයට ගෙන යන තවත් වැඩපිළිවෙලක් මේක. මේකට මොනව හරි කරන්න ඕනේ.” චම්පිකා ප්‍රේමදාස කතාව වෙන මගකට යොමු කළේය.

    රනිල්ගෙන් බරපතළ අනාවැකියක්

    “ඔව්. ඒක ඇත්ත. අපි නිවේදනයක් මේ ගැන නිකුත් කළේ ඒකයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව රාජ්‍ය නිලධාරින්ට නියෝග දෙන්න පුළුවන් ජනාධිපතිට, අගමැතිට හා කැබිනට් මණ්ඩලයට පමණයි. අගමැතිට ආණ්ඩුවේ ප්‍රධානියා හැටියට නියෝග දෙන්න පුළුවන්. මෙතනදි හමුදා නිලධාරින් පිරිසකට නිලධාරින්ට නියෝග දෙන්න වෙනවා. අමාත්‍යාංශ ලේකම් කෙනෙක් ඉන්නේ හමුදාපතිටත් ඉහලින්. එයාලට ජනාධිපති කාර්ය සාධක බලකායේ අය නියෝග දෙන්නේ කොහොමද? මෙහි බරපතලකම පේන්න තව කාලයක් යාවි.” නායකයා බැරෑරුම්ව පැහැදිලි කළේය.

    “මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය හූල් කියපු දෙයකුත් අල්ලගෙන පොහොට්ටුවේ කටිටිය ලොකු නැටුමක් නටනවා නේද?” මහරගම නාගරික මන්ත්‍රී ජයමිණි කීවේය.

    “හූල් කියනවා හොරුන්ටයි වංචනිකයන්ටයි ඡන්දය දෙන්න එපා කියලා. එතකොට පොහොට්ටුවේ අය කියනවා අපට ඡන්දේ දෙන්න එපා කියලා හූල් කිව්වා කියලා. අහක යන යන නයි රෙද්දාද අස්සේ දා ගන්නවා කියන්නේ මේකට තමයි.” රවි කරුණානායක කීවේ සැවොම සිනා ගන්වමිනි.

    “මැතිවරණ ක්‍රියාවලිය ගැනත් අපි බලන්න වේවි. ඡන්දයත් එන්න එන්නම ලංවෙන පාටක් තියෙන්නේ. මිටින් තියන්න වෙන්නෙත් අලුත් වැඩපිළිවෙලක් අනුවයි.” නවින් යළි හඩ අවදි කළේය.

    “පොඩි පොඩි රැස්වීම්වලට පාක්ෂිකයෝ ඒවි. ඒත් හැමෝම එන්නේ නැහැ. ගොඩක්  අය නිවසින් එළියට එන්නේ නැහැ. එතකොට අපට නිවසින් එළියට නොඑන අයට පණිවුඩය යවන වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. සිරිකොතට ගිහිල්ලා අපි මේ ගැන වැඩි විස්තර කතා කරමු. යැයි නායකයා කී විට සියලු දෙනා ඔහු සමග සිරිකොතට යාමට පිටත් වූහ.

    සටහන – ගජබා නාගහවත්ත

  • ලීසිං වාහන සඳහා දුන් සහන ක්‍රියාත්මකදැයි රජය විමසිල්ලෙන්

    ලීසිං වාහන සඳහා දුන් සහන ක්‍රියාත්මකදැයි රජය විමසිල්ලෙන්

    කල්බදු ක්‍රමයට වාහන මිලට ගත් පුද්ගලයනට ණය වාරික ගෙවීම සඳහා දුන් සහනය නිසි ලෙස ක්‍රියාත්මක වන්නේදැයි රජය දැඩි විමසිල්ලෙන් සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.

    අද (13) දින විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය මෙසේද සදහන් කරයි.

    කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කරනු පිණිස ආර්ථික ක්‍රියාකාරීත්වයට සහ ජන ජීවිතයට සීමා පැනවීමට සිදු විය. ඉන් පීඩාවට පත් කණ්ඩායම්වලට රජය සහන සමූහයක් ප්‍රදානය කළේය. ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් පසුගිය මාර්තු 23 වැනිදා නිකුත් කළ PS/CSA/16/2020      චක්‍රලේඛයේ දෙවැනි වගන්තියෙන් ත්‍රිවීල් රථ හිමියන් විසින් ගෙවිය යුතු ලීසිං ණය වාරික අය කර ගැනීම මාස හයකට (06) අත්හිටවනු ලැබීය.

    ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් මාර්තු 30 වැනිදා මුදල් අමාත්‍යාංශයේ සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරුන් වෙත යොමු කරන ලද PS/CSA/18/2020 චක්‍රලේඛයේ 09 වැනි වගන්තියෙහි ත්‍රිරෝද රථ, ට්‍රක් රථ, පාසල් බස් සහ වෑන් රථ, ස්වයං රැකියා සඳහා යොදාගන්නා මෝටර් රථ ආදී ස්වයං රැකියාවල නිරත පහළොස් ලක්ෂයකට කල්බදු වාරික සහන සලසා ඇති බව සඳහන් කෙරිණි.

    මෙබඳු සහනයක් ප්‍රදානය කර තිබියදීත් ඇතැම් ලීසිං  සමාගම් සහ මූල්‍ය ආයතන ණය වාරික ගෙවීමට අසමත්වන පුද්ගලයන්ගේ වාහන අත්පත් කර ගැනීම රජයේ නියමය කඩකිරීමක් සේම නීති විරෝධී ක්‍රියාවක් වන බැවින් එය සපුරා නතර කිරීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊයේ (12) පොලීසියට නියෝග කළේය.

    ණය වාරික නොගෙවන බවට ලීසිං සමාගම්වලින් ලැබෙන කිසිදු පැමිණිල්ලක් හය මසක සහන කාලය අවසන්වන තුරු භාර නොගන්නැයි ද එතුමා වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට උපදෙස් දුන්නේය.

    එසේම වාහන අත්පත් කර ගැනීමෙන් පසු පැමිණිලි කිරීම ද නීති විරෝධි බැවින් එවැනි පැමිණිලි භාර නොගත යුතු බවට ජනාධිපතිතුමා පොලීසියට නියෝග කර ඇත.

  • ඇඳිරි නීතිය තවත් ලිහිල් වෙයි

    ඇඳිරි නීතිය තවත් ලිහිල් වෙයි

    හෙට, ජූනි 14 ඉරිදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ දිනපතා මධ්‍යම රාත්‍රී 12.00 සිට අලුයම 4.00 දක්වා බවත් රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන සහ කාර්යාල පවත්වාගෙන යාමේදීත්, එදිනෙදා ජන ජීවිතයේදීත් කොරෝනා නිවාරණ සෞඛ්‍ය නිර්දේශ පෙර පරිදි මුලුමනින්ම පිළිපදින ලෙස රජය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවත් ජනාධිපති මාධ්‍ය අංශය අද (13) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙයි.

  • Hot Plate: ප්‍රසන්නගේ දැවැන්ත සංචාරක සහන පැකේජයට ජනපති – අගමැති කිව්ව කතාව

    Hot Plate: ප්‍රසන්නගේ දැවැන්ත සංචාරක සහන පැකේජයට ජනපති – අගමැති කිව්ව කතාව

    මට ඔය හංගගෙන කථාකරලා පුරුදු නෑ. 2015 වේ මේ රටට වුණ විනාශයට වගකියන්න ඔනෑ මෛත්‍රී. මෛත්‍රී ඔබතුමාව පක්ෂ ලේකම් කමෙන් අයින් කරලා මහින්ද දිනුවත් අගමැතිකම දෙන්නේ නෑ කිව්වා. ඒක තමයි එදා අපිට මහින්ද මහත්තයා අගමැති කරගන්න බැරි වුණේ. මම නම් එදත් අදත් හෙටත් මෛත්‍රීට විරුද්ධයි. මෛත්‍රී ගැවූනු එකෙක් ගැනවත් මට විශ්වාස නෑ.” ප්‍රසන්න දැඩි ලෙස කීවේය.

    සටහන – ගජබා නාගහවත්ත

    කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සදහා ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග සහා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව ආසන මට්ටමින් දැනුවත් කිරීමේ රැස්වීම් මාලාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ක්‍රියාත්මක කලේ පසුගිය සතිඅන්තයේදීය. එය නම් කර තිබුනේ  ගම දැනුවත් කරමු – යළිත් අපි නැගිටිමු ලෙසය.

    බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි එය සංවිධානය කෙරිණ. සියළු සෞඛ්‍ය උපදෙස් අනුව මෙම රැස්වීම් මාලාව සංවිධානය කරන ලෙස බැසිල් විශේෂයෙන්ම උපදෙස් දී තිබිණි.

    රැස්වීමට පැමිණේන සියළු දෙනාගේ උෂ්ණත්වය පරීක්ෂා කිරීම, විෂභීජනාෂක යොදා දෑත් සේදීම මෙන්ම මීටරයක දුර ආරක්ෂා කර ගනිමින් බැසිල් අනිවාර්යය කර තිබුනේ සංවිධායකවරුන්ට ලිඛිතවම යැවූ ලිපියකිනි.

    ඊට අමතරව රැස්වීමට සහභාගී කර ගත යුතු ගණන උපරිමය 100ක් වූ අතර පැමිණෙන සියළු දෙනා මුහුණු ආවරණ (Mask) පැළද සිටීම අනිවාර්යය විය. මාස්ක් නොමැති අයට මාස්ක් ලබා දීමට ද බැසිල් පියවර ගෙන තිබිණි.

    2015 වේ මේ රටට වුණ විනාශයට වගකියන්න ඔනෑ මෛත්‍රී. මෛත්‍රී ඔබතුමාව පක්ෂ ලේකම් කමෙන් අයින් කරලා මහින්ද දිනුවත් අගමැතිකම දෙන්නේ නෑ කිව්වා. ඒක තමයි එදා අපිට මහින්ද මහත්තයා අගමැති කරගන්න බැරි වුණේ. මම නම් එදත් අදත් හෙටත් මෛත්‍රීට විරුද්ධයි

    මෛත්‍රී ගැවූණු එකෙක් ගැනවත් මට විශ්වාස නෑ – ප්‍රසන්න

    මේ රැස්වීම් මාලාවේ කොළඹ දිස්ත්‍රික්කයේ පළමු වැඩසටහන තිබුනේ මැද කොළඹ ආසනයේය. නාරාහේන්පිට දාබරේ මාවත ප්‍රජා ශාලාවේ පැවති රැස්වීම ප්‍රධාන කථිකයා වුණේ ඇමති ප්‍රසන්න රණතුංගය. ඇමති ප්‍රසන්න රැස්වීමට යනවිට ඇමති බන්දුල මෙන්ම සුසිල්ද පැමිණ සිටියේය.

    සුසිල් සිය කථාවේදී කීවේ අගෝස්තු පැවති මැතිවරණයේදී අගමැතිවීමට සිටියේ මහින්ද බවය. එය වැළක්වූයේ කවුදැයි සුසිල් කෙලින්ම කීවේ නැත. ඔහු කීවේ එවකට යහපාලන ආණ්ඩුවේ සිටි ප්‍රධාන පුද්ගලයෙකුගේ ක්‍රියා කලාපය ඊට හේතු වූ බවය. සුසිල් ගේ කථාවෙන් පසු අවස්ථාව ලැබුණේ ප්‍රසන්නටය.

    “ මට ඔය හංගගෙන කථාකරලා පුරුදු නෑ. 2015 වේ මේ රටට වුණ විනාශයට වගකියන්න ඔනෑ මෛත්‍රී. මෛත්‍රී ඔබතුමාව පක්ෂ ලේකම් කමෙන් අයින් කරලා මහින්ද දිනුවත් අගමැතිකම දෙන්නේ නෑ කිව්වා. ඒක තමයි එදා අපිට මහින්ද මහත්තයා අගමැති කරගන්න බැරි වුණේ. මම නම් එදත් අදත් හෙටත් මෛත්‍රීට විරුද්ධයි. මෛත්‍රී ගැවූනු එකෙක් ගැනවත් මට විශ්වාස නෑ.” ප්‍රසන්න දැඩි ලෙස කීවේය.

    ප්‍රසන්න සිය කථාව අවසන් කර නැවත සිය ආසනය වෙත පැමිණෙන විට බැසිල් කීවේ “මම වහල කීව කථාව මෙයා අහුවෙන්න කීව්වනේ” කියාය.

    “ මටනම් ඔය මෛත්‍රීව පෙන්නන් බෑ සර්. මෛත්‍රී රනිල් එක්ක එකතුවෙලා රට කෑවා. මහින්ද මහත්තයට පුළුවන් වුණාට මෛත්‍රීට සමාව දෙන්න මටනම් බැහැ.” ප්‍රසන්න කීවේය.

    මේකථාව ඇසුනු ධනසිරි කීවේ “ ඕකනේ ප්‍රසන්න ලොක්කට හැමෝම ආදරේ. කිව්වොත් කිව්වා ආයේ වචන දෙකක් නෑ කියාය.”

    TNA එකට අභියෝග කරන්න ගම්පහ දිවන්න

    ඇමති ප්‍රසන්න පසුගිය ඉරිදා උඩුගම්පොල සිය නිවසට ගම්පහ දිස්ත්‍රික්කයේ සියළු අපේක්ෂකයන් කැදවා තිබුණේ ඉදිරි මැතිවරණ සැලසුම් සාකච්ඡා කිරීමටය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙවර මහ මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග වදින සියළු අපේක්ෂකයෝ ඒ සදහා පැමිණ සිටියහ.

    “ගම්පහ දිස්ත්‍රික්කය තමයි තීරණාත්මකම දිස්ත්‍රික්කය. උතුරේ TNA එක ගන්න මන්ත්‍රීධූර  ගානට වඩා දකුණෙන් අපි මන්ත්‍රී ධූර සංඛ්‍යාවක් ගන්න ඕනේ. ගම්පහ අපිට ඒ වගකීම වැඩියි. ඒ නිසා ඒ මැතිවරණයේදී අපි හැමෝම එකාවගේ ඒ වෙනුවෙන් කටයුතු කරන්න ඕනේ. මනාප ප්‍රශ්න අති කර ගන්නේ නැතිව. අපි අනිත් දිස්ත්‍රික්ක වලට ආදර්ශයක් වෙන්න මේ මැතිවරණය කරමු.” ප්‍රසන්න කීවේය.

    ඊට සියළුම අපේක්ෂකයෝ එකඟ වූහ.

    සර් මම මේ හැමෝම එක්කම කථා කරා. අපිට කරන්න පුළුවන් උපරිමය අපි කරලා තියෙනවා. එකම දේ මේ කැබිනට් පත්‍රිකාව ඉක්මනින් ක්‍රියාත්මක කිරීම. සමහර මූල්‍ය ආයතනය ආණ්ඩුවේ තීන්දු තීරණ හරි විදියට ක්‍රියාත්මක කරන්නේ නෑ කියලා මිනිස්සුන්ගෙන් චෝදනාවක් තියෙනවා. ඒ ගැනත් හොයලා බලන්න වෙයි සර්” ප්‍රසන්න කීවේය.

    සංචාරක ව්‍යාපාරයේ පුනර්ජීවනයට ප්‍රසන්නගෙන් දැවැන්ත සහන පැකේජයක්

    මේ අතර පසුගිය බදාදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට ඇමති ප්‍රසන්න විෂේශ කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුණි. එහි අරමුණ වුයේ කෝවිඩ් 19 හේතුවෙන් අසරණ වූ සංචාරක ක්ෂේත්‍ර යේ නියුතු 150,000 ආසන්න පිරිසකට සහන සැලසීමය. පසුගිය සති කීපය පුරාම ප්‍රසන්න මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශව වල අදහස් විමසුවේය. එම අදහස් අනුව කැබිනට් පත්‍රිකාව සකස් කර තිබුණි.

    “ මේක හොද යෝජනාවක් මේ ක්ෂේත්‍ර යේ ඉන්න අයට ඉක්මනින් සහනයක් සලසන්න ඕනේ. ඒකයි මම කිව්වේ මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන්න කියාලා ” ජනපති ගෝඨා කීවේය.

    “මමත් ඔය ක්ෂේත්‍ර යේ ඉන්න ගොඩදෙනෙක් හම්බ වුණා. ඒ හැමෝගෙම ඉල්ලීම වුනෙත් ඉක්මනින් මොකක් හරි සහනයක් සලසන්න කියන එක. මම ප්‍රසන්නට නිතර කිව්වෙත් ඒකයි.” අගමැති මහින්ද කීවේය.

    “සර් මම මේ හැමෝම එක්කම කථා කරා. අපිට කරන්න පුළුවන් උපරිමය අපි කරලා තියෙනවා. එකම දේ මේ කැබිනට් පත්‍රිකාව ඉක්මනින් ක්‍රියාත්මක කිරීම. සමහර මූල්‍ය ආයතනය ආණ්ඩුවේ තීන්දු තීරණ හරි විදියට ක්‍රියාත්මක කරන්නේ නෑ කියලා මිනිස්සුන්ගෙන් චෝදනාවක් තියෙනවා. ඒ ගැනත් හොයලා බලන්න වෙයි සර්” ප්‍රසන්න කීවේය.

    “මටත් ඔය ගැන හුගක් පැමිණිලි ලැබුණා. සමහර පෞද්ගලික මූල්‍යායතන ආණ්ඩුවේ නියෝග වලට වෙන ආර්ථ කථන දීලා තමන්ගේ වාසියට හරවාගන්න හදනවා කියලයි ජනතාව චෝදනා කරන්නේ.” අගමැති මහින්ද පෙන්වා දුන්නේය.

    “ඔව් මටත් ඒ ගැන පැණිලි ගොඩක් තියෙනවා. ඉක්මණින් එය නිවැරදි කරනවා.” ජනපති ගෝඨාභය කීවේය.

    ඩොක්ටර් මගේ ලග ටියුෂන් ගුරුවරු කීපදෙනෙක් ඉන්නවා. දැන් ඉස්කෝල පටන්ගන්නත් දින නියම කරලා තියන ඒකේ ටියුෂන් පන්තිත් පටන් ගන්න අවසර දෙන්න කියලයි ඒ අය කියන්නේ – ප්‍රසන්න කීවේය.

    ටියුෂන් ගුරුවරුන්ගේ ගැටලුව විසදුණේ ප්‍රසන්න නිසා

    මේ අතර ඇමති ප්‍රසන්න පසුගිය අගහරුවාදා සවස හදිසියේම සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් අනිල් ජාසිංහට දුරකථන ඇමතුමක් දුන්නේය. “ ඩොක්ටර් මගේ ලග ටියුෂන් ගුරුවරු කීපදෙනෙක් ඉන්නවා. දැන් ඉස්කෝල පටන්ගන්නත් දින නියම කරලා තියන ඒකේ ටියුෂන් පන්තිත් පටන් ගන්න අවසර දෙන්න කියලයි ඒ අය කියන්නේ. ” ප්‍රසන්න කීවේය.

    වෛද්‍ය ජාසිංහ කීවේ ඒ පිළිබදව ජනාධිපති කාර්යය සාධන බල කායේ අවධානය යොමුව ඇති බවය. 

    ළමුන් විශාල ප්‍රමාණයක් සිටින පන්ති ආරම්භ කිරීම තවමත් ගැටළුවක් බව ඔහු කීවේය.

    එහෙනම් ඩොක්ටර් අඩුම ගානේ ළමයි විසිපහක් තියහක් ඉන්න පන්තියක්වත් කරන්න මේ අයට ඉඩ දෙන්න පුළුවන්ද බලන්න . හැබැයි සෞඛ්‍ය උපදෙස් අනුව. මොකද ගම්පහ දිස්ත්‍රික්කයට මේ ටිකක් දරුණු විදියට බල පාලා තියෙනවා. ප්‍රසන්න ඉල්ලා සිටියේය.

    ප්‍රසන්න මේ ඉල්ලීම කලේ අගහරුවාදාය. බදාදා සෞඛ්‍ය අංශ්‍ය සියයට අඩු දරුවන් සිටින උපකාරක පන්ති ආරම්භ කිරීමට දින නියම කළේය.

    සටහන – ගජබා නාගහවත්ත

  • ලී වෙන්ලියන්ග්: චීන කොරෝනා වෛරස් වෛද්‍යවරයගේ වැන්දඹුව පුතෙකු බිහි කරයි

    ලී වෙන්ලියන්ග්: චීන කොරෝනා වෛරස් වෛද්‍යවරයගේ වැන්දඹුව පුතෙකු බිහි කරයි

    කොරෝනා වෛරසය පැතිරීම පිළිබඳව ප්‍රථමයෙන් අනතුරු ඇඟවූ චීන වෛද්‍යවරයකු වන ලී වෙන්ලියැන්ග්ගේ ( Li Wenliang) වැන්දඹු බිරිය අද (12) දින දරුවෙකු බිහි කළ බව චීන මාධ්‍ය වාර්තා කරනවා.

    WeChat නම් පණිවුඩකරණ යෙදුමේ බිළිදාගේ පින්තූරයක් Fu Xuejie විසින් බෙදාහදා ගත් අතර, ඔහු ආචාර්ය ලී වෙතින් “අවසාන තෑග්ගක්” ලෙස නම් කළේය.

    “කටකතා පතුරුවා හැරීම” සම්බන්ධයෙන් වෛද්‍ය ලී චීන බලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අතර පසුව වෛරසය හදුනා ගැනීමෙන් පසුව ඔහු මිය ගියේය.

    ඔහුගේ මරණය සම්බන්ධයෙන් මහජන විරෝධය දැක්වීමෙන් පසු, ඔහු නිදොස් නිදහස් කිරීමට චීන කොමියුනිස්ට් පාලකයින් පියවර ගත් අතර පසුව ඔහු ජනතාවගේ වීරයෙකු බවට පත් විය.

    ඔහුගේ වැන්දඹුව වන ෆු (Mrs Fu) මහත්මියට දැන් පුතුන් දෙදෙනෙක් සිටී. ඇයගේ පණිවුඩයේ ඇය මෙසේ ලිවීය: “ස්වාමිපුරුෂයා, ඔබට මෙය ස්වර්ගයෙන් දැකිය හැකිද? ඔබ අද ඔබේ අවසාන ත්‍යාගය මට ලබා දී ඇත. ඇත්තෙන්ම මම ඔවුන් ආදරය කර ආරක්ෂා කරමි.”

    සිය සැමියාගේ මරණයෙන් පසු ශෝකය නිසා ඇති වූ සෞඛ්‍ය ගැටලුවලින් පීඩා විඳි බවත් නූපන් දරුවා ආරක්ෂාකාරීව තබා ගැනීම සඳහා තාවකාලිකව රෝහල් ගත කළ යුතු බවත් ෆු මහත්මිය ප්‍රාදේශීය පුවත් සේවාවක් වන Litchi News වෙත පැවසුවාය.

    ඇය වෛද්‍ය ලී වගකිවයුතු වෛද්‍යවරයකු හා ආදරණීය ස්වාමිපුරුෂයෙකු ලෙස විස්තර කළ අතර, ඇගේ පවුලේ අය ඔහුගේ මරණය මුලින් අනෙක් දරුවාගෙන් සඟවා ගත් අතර, “තාත්තා විදේශගත වූවාය” යනුවෙන් පැවසුවාය.

    ඇගේ ළදරු ඡායාරූපය චීන සමාජ ජාලයක් වන Weibo හි දහස් ගණනක් පරිශීලකයින් විසින් අදහස් දක්වා ඇති අතර බොහෝ දෙනෙක් සුබ පැතුම් පිරිනමති. තවත් සමහරු පවුලට කරදර නොකරන ලෙස මාධ්‍යයෙන් ඉල්ලා සිටියහ.

  • ‘පරිසර හිතකාමී’ රූපලාවන්‍ය ක්‍රම ගැන  අගනා මාර්ගෝපදේශ 05ක්

    ‘පරිසර හිතකාමී’ රූපලාවන්‍ය ක්‍රම ගැන අගනා මාර්ගෝපදේශ 05ක්

    ජීවත්වීම සහ පරිසර හිතකාමී පුරුදු යනු කාලයෙහි අවශ්‍යතාවයයි. සොබාදහමේ මව අපගේ මාර්ග සකස් කිරීමට සහ පරිසර හිතකාමී ලෝකයක් ගොඩනැගීම සඳහා කටයුතු කිරීමට සංඥා ලබා දෙන අතර ධනාත්මක වෙනසක් ඇති කිරීම සඳහා අපට හැකි සෑම දෙයක්ම කළ යුතු කාලය මෙයයි. 

    ජල බින්දුවෙන් බින්දුව එක්වී මහා සාගරයක් නිර්මාණය වන්නා සේ ඔබ … මා වැනි දස ලක්ෂ සංඛ්‍යාත පිරිසක් විසින් සොබාදහම් මාතාව ආරක්ෂා කිරීම සදහා ගන්නා වූ සෑම පියවරක් ම අනාගතයේ දැවැන්ත වෙනසක් කිරීම සදහා හේතු වනු ඇත. මෙහිදී අප අපගේ දෛනික ජීවිතයේ එවැනි අත්‍යවශ්‍ය අංගයක් වන ස්වයං රැකවරණ පුරුදු හෙවත් රූපලන්‍ය පුරුදු වෙත ද ස්වභාවිකවම අවධානය යොමු කළ යුතුය. 

    “අලංකාරය සහ තිරසාරභාවය සැම විටම අත්වැල් බැඳගනී. ඔබ ජීවත් වන පරිසරයට හානියක් සිදුවන විට ඔබට කිසිදා සුන්දරත්වය සැබවින්ම අත් කරගත නොහැකිය. සතුන්ට හෝ අපේ පරිසරයට වේවා. අප සතුව ඇති සෑම දෙයක්ම අත්‍යවශ්‍යයෙන්ම සොබාදහමෙන් උකහා ගත් ඒවා වන අතර එය රැකබලා ගැනීම අපගේ වගකීම වේ‘ සර්ගම් ධවාන් බයානා (Sargam Dhawan Bhayana, Director at vegan beauty brand Paul Penders Botanicals) කියයි.

    රූපලවන්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීනයෙක් වන බයානා වඩා හොඳ ලෝකයක් ගොඩනැගීම සඳහා සැලකිය යුතු ලෙස බලපෑම් කළ හැකි වැදගත් අංශ පහක් යෝජනා කරයි.

    1. ඇසුරුම්කරණය ගැන සැලකිලිමත් වන්න

    තිරසාර රූපලාවණ්‍ය කටයුතු

    රූපලාවණ්‍ය ව්‍යාපාරයේ මෙම කොටස වැඩි අවධානයක් යොමු කරන්නේ රූපලාවණ්‍ය නිෂ්පාදන සඳහා භාවිතා කරන ඇසුරුම් ද්‍රව්‍ය මගින් සැලකිය යුතු පරිසර හානියක් සිදුවන බැවිනි. තවමත් ඇසුරුම්කරණයේ ප්‍රධාන අංගයක් වන ප්ලාස්ටික් මෙහි ප්‍රමුඛ පරිසර හානිකරය ලෙස ක්‍රියා කරයි. අප සිහියෙන් තොරව ප්ලාස්ටික් බෝතල් හා බහාලුම්වලට ඇලී සිටින බැවින් පරිසරය පිරිහීමට ලක්ව ඇත.

    සෑම ඇසුරුම්කරණයක්ම එය පාවිච්චි කිරීමෙන් පසු පරිසරයට එකතු වන බව වටහා ගැනීම වැදගත්ය. ඔබට ඔබේ නිවසේ කසළ බදුන පරීක්ෂා කිරීමෙන් වුවද මේ හානිය පහසුවෙන් වටහා ගත හැකිය. 

    ඔබට මෙම හානිය අවම කර ගත හැකි ආකාරය මෙයයි:

    • • කාඩ්බෝඩ් ඇසුරුම්, කඩදාසි බෝතල්, වීදුරු බෝතල් , සහ වඩාත් නවීනතම පැළෑටි ඇසුරුම් plantable packaging තෝරා ගැනීම.
    • නැවත නැවත භාවිතා කිරීම – නැවත පිරවිය හැකි භාජන සහ බෝතල් යනු පෘථිවි මාතාවගේ උකුලේ තැබීමට ( කසළ බදුනට දැමීමට) පෙර ඇසුරුම් ද්‍රව්‍ය උපරිම ලෙස භාවිතා කිරීමට තවත් හොඳ ක්‍රමයකි.
    • ඔබේ රූපලාවණ්‍ය නිෂ්පාදන සඳහා, විශාල ප්‍රමාණයේ බෝතල් භාවිතයට නැඹුරු වන්න. අඩු ප්‍රමාණයයේ ඇසුරුම් ද්‍රව්‍ය භාවිතයට වඩා මෙය පරිසර හිතකාමී වන අතර එමගින් ඔබට යම් මුදලක් ඉතිරි කර දෙනු ඇත.
    • සමහර වෙළඳ නාම මඟින් ඔබට හිස් බෝතල් ඔවුන්ගේ ගබඩාවට ආපසු ලබා දිය හැකි විකල්පයක් ඉදිරිපත් කරයි . මෙමඟින් ද්‍රව්‍යයේ පූර්ණ භාවිතය සහ අවශ්‍ය විටදී නිසි ලෙස බැහැර කිරීම ප්‍රවර්ධනය කෙරේ. සමහර අවස්ථාවලදී, මෙය ඔබගේ සාමාජික කාඩ්පතේ අමතර ලකුණු උපයා ගැනීමටද ඉඩ ඇත.

    2. රූපලන්‍ය නිෂ්පාදනවල අමුද්‍රව්‍ය හා සංයෝග ගැන පමණක් අවධානය නොසෑහේ

    තිරසාර රූපලාවණ්‍ය කටයුතු

    පරිසර හිතකාමී මාවතක් අනුගමනය කිරීමේදී , අමුද්‍රව්‍ය සහ සංයෝග කෙරෙහි පමණක් අවධානය යොමු කිරීම ප්‍රමාණවත් නොවේ. ඔබ මිලදී ගන්නා නිෂ්පාදන ගණන ඔබ වැය කළ මුදලට වටිනාකමක් හෝ නාස්තියක් එකතු කරන්නේද යන්න පිළිබඳව ඔබ සැලකිලිමත් යුතුය. 

    එකම කාර්යයක් කරන නිෂ්පාදන දෙකක් හෝ වැඩි ගණනක් තිබීම, භාවිත කරමින් පවතින ඒවා සම්පූර්ණයෙන් භාවිතා කිරීමට පෙර අනෙක වෙත යාමට හේතු වේ. එමගින් ඔබේ මුදල් නාස්තිය හා සම්පත් නාස්ති වේ. නිදසුනක් ලෙස, නිෂ්පාදන සැකසීමේදී භාවිතා කරන ශක්තිය ඔබ පූර්ණ ලෙස භාවිතයට නොගන්නා අතර ඇසුරුම් විශාල ප්‍රමාණයක් සරල අපද්‍රව්‍ය බවට පත්වේ. 

    මේ නාස්තිය (මුදල් හා පරිසර) වළක්වා ගැනීමට අනුගමනය කළ යුතු උපදෙස් කිහිපයක් මෙන්න

    • ඔබේ අවශ්‍යතා ලැයිස්තුගත කර ඔබේ රූපලවන්‍ය නිෂ්පාදන මිලදී ගැනීම සීමා කරන්න.
    • ආවේගයෙන් සහ අනවශ්‍ය මිලදී ගැනීම් වලින් ඈත් වන්න .
    • ඔබේ ප්‍රියතම රූපලාවන්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ තෝරාගෙන ඒවා බඳුනේ/ ටියුබයේ අවසානය දක්වා භාවිත කිරීමට සැලකිලිමත් වන්න. (ඔබේ රූපලාවණ්‍ය නිෂ්පාදනවලින් උපරිම ප්‍රයෝජන ලබා ගන්න)
    • බහු කාර්ය නිෂ්පාදන ගැන සොයා බලන්න .
    • නව වෙළඳ නාමයක් හෝ නිෂ්පාදනයක් මිලදී ගන්නා විට නාස්තිය වැළැක්වීම සඳහා කුඩා ප්‍රමාණ තෝරා ගන්න. ( මල්ල පිරෙන්න – හිත පිරෙන්න භාණ්ඩ මිලදී ගන්න එපා)
    • • තනි භාවිතය නිෂ්පාදන වළකින්න (මුහුණ හෝ දහඩිය පිස දමන ටිෂූ කඩදාසි වෙනුවට කපු ලේන්සුවක් තෝරා ගන්න)
    තිරසාර රූපලාවණ්‍ය කටයුතු

    3. විෂ රහිත නිෂ්පාදන තෝරා ගැනීමට වැඩි අවධානයක් යොමු කරන්න.

    රූපලාවණ්‍ය නිෂ්පාදනවල බහුලව භාවිතා වන හානිකර අමුද්‍රව්‍ය කෙරෙහි අපගේ අවධානය යොමු කර ඇත. කෙතරම්ද යත්, පැරබෙන් රහිත (Paraben-free) සල්ෆේට් රහිත, තැලේට් රහිත (Phthalate-free) සහ කෘතිම නොවන (Non-synthetic) ද්‍රව්‍ය රූපලාවන්‍ය අත්‍යවශ්‍ය දෑ තෝරා ගැනීමේදී එය පිරික්සුම් ලැයිස්තුවට ඇතුළත් කර ඇත.

    විෂ ද්‍රව්‍ය පරිසරයට හානි කරනවා පමණක් නොව තමන්ගේ ශරීරයට දිගුකාලීන හානියක් සිදු කරන්නේ කෙසේද යන්න වැඩි වැඩියෙන් ජනතාව වටහාගෙන සිටිති. 

    මෙහිදී ඔබට පැහැදිලිව හදුනාගත යුතු විෂ රසායනික පහත දැක්වේ.

    • සල්ෆේට් සංයෝග සහිත ( Sulphates)  සබන්, ෂැම්පු වර්ග

    • රසදිය මිශ්‍ර රූපලාවන්‍ය නිෂ්පාදන

    • සිලිකොන් Silicones , කීම් සහ අනෙකුත් ආලේපන වල සුමට කාරකයක්

    • ඛනිජ තෙල් , බොරතෙල් කර්මාන්තයේ ලාභ අතුරු නිෂ්පාදන

    • ස්ටෙරොයිඩ් Steroids – වර්තමානයේ බහුලව භාවිතා කරන ඇතැම් fairness creams

    • Diazolidinyl යූරියා 

    • Hydroquinone  – වත්මන් fairness creams වල බහුලව අන්තර්ගත වේ.

    • Paraphenyline diamine කේශ ඩයි

    4. තත්ත්වයෙන් බාල  Poor quality makeup products රූපලාවන්‍ය නිෂ්පාදන

    තිරසාර රූපලාවණ්‍ය කටයුතු

    වර්තමාන අගුලු දැමීමේ අවස්ථාව සහ නිෂ්පාදන හිගය මඟින් කාබනික රූපලාවණ්‍ය නිෂ්පාදන නැවත භාවිතා කිරීමට අවස්ථාව ලබා දී ඇත. පාරම්පරිකව භාවිත කළ බොහෝ රූපලාවන්‍ය වට්ටෝරු සහ රහස් වට්ටෝරු බොහෝ දෙනකු සතු වන අතර ඒවා දැන් යළි භාවිතයට කාලය පැමිණ ඇත. මේවා සම්පූර්ණයෙන්ම විෂ රහිත වන අතර එහි පිරිසිදු ස්වරූපයෙන් ලබා ගත හැකිය.

    ඔබේ සම සහ හිසකෙස් සඳහා අරුමපුදුම දේ කළ හැකි ඔබේ මුළුතැන්ගෙයි කැබිනට්ටුවෙන් පහසුවෙන් ලබා ගත හැකි මැණික් මෙන්න.

    •  කඩල පිටි Gram Flour
    • කෝමාරිකා
    •  චියා බීජ Chia Seeds
    • රහිත තේ – (Green Tea)
    •  ඇපල් සයිඩර් විනාකිරි Apple Cider Vinegar
    • ෂියා බටර් – Shea Butter
    •  ඔලිව් තෙල්
    • ඉඟුරු
    • ලෙමන්

    5. සත්ව තෙල් මිශ්‍ර නිෂ්පාදන ‘එපා කියන්න

    තිරසාර රූපලාවණ්‍ය කටයුතු

    ඔබ නිෂ්පාදනයක් හෝ වෙළඳ නාමයක් ඔබේ ජීවිතයේ කොටසක් බවට පත් කිරීමට පෙර ‘කුරිරුකම් රහිත‘ (cruelty-free sign before you make a product or brand)  ලකුණ පරීක්ෂා කරන්න. 

    එයින් ඇඟවෙන්නේ අදාළ නිෂ්පාදනයට කිසිදු සතෙකු පරීක්ෂා කිරීම හෝ නිෂ්පාදන ක්‍රියාවලියේදී කිසිවෙකුට හානි කිරීම /ඝාතනය කිරීම ඇතුළත් නොවන බවයි. 

    රූපලාවණ්‍ය ක්‍ෂේත්‍රයේ සත්ව පරීක්ෂාව (Animal testing)  පොදු සම්මතයක් වී ඇති අතර, මෙම පරීක්ෂණ බොහොමයක් වේදනාකාරී වන අතර සත්වයාට හානිකර වන අතර සමහර අවස්ථාවලදී මාරාන්තික සිදුවීම් පවා සිදු වේ.

    සදාචාරාත්මක පදනමක් මත ශක්තිමත්ව සිටීමට නම්, සතුන්ට කිසිදු ආකාරයකින් හානියක් නොවන සත්ත්ව ආහාර වලින් තොර රූපලාවණ්‍ය විකල්පයන් සලකා බැලිය හැකිය. මෙම නිෂ්පාදන කිසිදු සත්ව අමුද්‍රව්‍යයක් හෝ සූරාකෑමකින් තොරය. 

    Femina.in හි පළ වූ ලිපියකි – සැකසුම – තුෂාධවි

  • කොරෝනා නිසා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය නවතී

    කොරෝනා නිසා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය නවතී

    වර්තමානය වන විට ගෝලීය වශයෙන් දැඩි බලපෑමක් එල්ල කොට තිබෙන කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙම ජුනි මස පැවැත්වීමට නියමිතව තිබූ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය කළින් සැලසුම් කර තිබූ පරිදි පැවැත්වීමේ හැකියාවක් නොමැති බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුවත් කර තිබේ.

    ඒ අනුව කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ගෙවී ගිය කාල සීමාවේදී අත හැර දැමීමට සිදුවූ තෙවැනි ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය බවට මෙම තරග සංචාරය පත්වන්නේය.

    එක්දින තරග 3 ක් සහ විස්සයි-20 තරග 3 ක් මෙම තරග සංචාරයට ඇතුළත් වූ නමුත් වත්මන් කොරෝනා වෛරස් තත්ත්වය තවමත් යහපත් අතට පත් නොවීම හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදුවී තිබෙන බවද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කොට තිබේ.

    “ඉදිරි තරග සැලසුම මෙන්ම සෙසු සාමාජිකයන් වෙනුවෙන් කැපැවී සිටියත්, ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කිරීම පිළිබඳව කිසියම් තීරණයක් ගැනීමට පෙර ඉන්දීය රජයේ සහ සෞඛ්‍ය නියාමන බලධාරීන්ගේ උපදෙස් ලැබෙන තෙක් සිටීමට සිදුවෙනවා”යි සිය තරගාවලිය අවලංගු කිරීම පිළිබඳව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත යොමු කරන ලද ලිපියෙහි සඳහන් වී තිබේ.

    මෙම තරගාවලිය අවලංගු කිරීම පෙර ප්‍රථම එංගලන්ත කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතව තිබූ තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සහ දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට තිබූ එක්දින සහ විස්සයි-20 තරගාවලිය අතහැර දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදුවිය.

  • එජාපයට යළි එක්වන ලෙස නවීන් මංගලගෙන් ඉල්ලයි

    එජාපයට යළි එක්වන ලෙස නවීන් මංගලගෙන් ඉල්ලයි

    සමගි ජන බලවේගයෙන් නාම යෝජනා භාරදී පසුගිය දා මහ මැතිවරණයට තරග කිරීමෙන් ඉවත් වූ  මංගල සමරවීර මහතාට යළිත් එක්සත් ජාතික පක්ෂයට එක්වන ලෙස ආරාධනා කරන බව එක්සත් ජාතික පක්ෂයේෙ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා පැවසීය.

    එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (12) පැවැති පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

    මංලග සමරවීර මහතා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කර ඇති බවත් පක්ෂයේ දියුණුව වෙනුවෙන් යළිත් අත්වැල් බැඳ ගන්නා ලෙස තමා එතුමාට ආරාධනා කරන සිටින බවත් නවීන් දිසානායක මහතා සඳහන් කළේය.
     
    වංචාවෙන් දූෂණයෙන් තොර රට වෙනුවෙන් වැඩක් කළ හැකි පුද්ගලයන් සදහා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය  විවෘතව ඇති බවද නවීන් දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

  • ලීසිං සමාගම්වලට නීති විරෝධී වැඩට ඉඩ දෙනු එපා – ජනපතිගෙන් පොලීසියට නියෝග

    ලීසිං සමාගම්වලට නීති විරෝධී වැඩට ඉඩ දෙනු එපා – ජනපතිගෙන් පොලීසියට නියෝග

    ලීසිං පහසුකම් යටතේ වාහන මිලට ගෙන ණය වාරික ගෙවීමට අසමත් වන පුද්ගලයන්ගේ වාහන අත්පත් කරගැනීමට ලීසිං සමාගම් අනුගමනය කරන ක්‍රමය නීති විරෝධී බැවින් කිසිසේත් ඊට ඉඩ නොතබන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොලීසියට නියෝග කරයි.

    ලීසිං සමාගම් එසේ වාහන අත්පත් කරගැනීමට පෙර පොලීසිය දැනුවත් කරන්නේ නැත. ඔවුන් පොලීසියට පැමිණිලි කරන්නේ වාහනය අත්පත් කරගැනීමෙන් පසුවය. බලහත්කාරී ලෙස කරන මෙවැනි පැහැරගැනීම් ඇතැම් විට බරපතල ප්‍රචණ්ඩත්වයට මුල් වී තිබේ. අත්පත් කරගැනීමෙන් පසු ලැබෙන පැමිණිලි නැවත දැනුම් දෙනතුරු භාර නොගන්නැයි ජනාධිපතිතුමා වැඩබලන පොලිස්පති  සී.ඩී. වික්‍රමරත්න මහතාට උපදෙස් දී ඇත.

    කොවිඩ් 19 ව්‍යාප්තිය සමග පීඩාවට පත් විවිධ කණ්ඩායම් වලට රජය ප්‍රදානය කළ සහන සමූහය යටතේ ත්‍රීවිල් රථ හිමියන් විසින් ගෙවනු ලබන ලීසිං ණය වාරික අයකරගැනීම මාස 6 කට අත්හිටුවනු ලැබීය. ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් පසුගිය මාර්තු 23 වැනිදා නිකුත් කරන ලද 16/2020 චක්‍රලේඛයේ දෙවැනි වගන්තියේ ඒ බව පැහැදිලිව සඳහන් වෙයි.

    එසේ තිබියදී ණය වාරිකය නොගෙවීම මත වාහන අත්පත් කරගැනීම රජයේ නියමය කඩ කිරීමක් වන බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි. එබැවින් ණය වාරික නොගෙවීම මත වාහන අත්පත් කරගැනීමට ඉඩ නොතබන ලෙස ද ජනපතිවරයා පොලීසියට දැනුම් දී තිබේ. 

  • පෙරහර නරඹන්න මෙවර ජනතාවට අවසර නැහැ

    පෙරහර නරඹන්න මෙවර ජනතාවට අවසර නැහැ

    සාම්ප්‍රදායික සහ ආගමික චාරිත්‍රවලට ප්‍රමුඛත්වය දෙමින් ප්‍රධාන පූජ්‍යස්ථානවල හා දේවාලවල මෙවර පෙරහර සංවිධාන කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දියවඩන නිලමේ ඇතුළු බස්නායක නිළමේවරුන්ට උපදෙස් දෙයි.

    මහනුවර දළදා මාළිගාව සහ කතරගම, දෙවිනුවර, සබරගමුව ඇතුළු දේවාල මුල්කර ගනිමින් පැවැත්වෙන පෙරහර කොවිඩ් මර්දනයට සහාය වෙමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සිදුවිය යුතු බව ජනාධිපතිවරයා පවසයි.

    වාර්ෂික පෙරහර මෙවර සංවිධාන කළයුතු  ආකාරය පිළිබඳව කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ සහභාගීත්වයෙන් අද (12) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ උපදෙස් දුන්නේය.

    මෙවර කවර හෝ සිද්ධස්ථානයක පෙරහරට සහභාගීවීමට සහ එය නැරඹීමට මහජනතාවට අවසර නොලැබේ. යාපනයේ නල්ලූර්, ත්‍රිකුණාමලය සහ නැගෙනහිර සෙසු ප්‍රදේශවල සිට පාද යාත්‍රාවෙන් කතරගම පෙරහරට පැමිණෙන පිරිසටද මෙවර අවසර නැත.

    සියලු පෙරහර අඩුම කලාකරුවන් පිරිසකගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය නිර්දේශ පිළිපදිමින් සිදු කිරීමේ අවශ්‍යතාව කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය අවධාරණය කළේය. විවිධ ප්‍රදේශවලින් පෙරහරට සහභාගීවන  කලාකරුවන් අදාළ ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන්ගෙන් වාර්තාවක් ලබාගත යුතු බවට ද තීරණය කෙරිණ. දිය කැපීමේ උත්සව ද අවම සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන්  කළයුතුය. දළදා පෙරහරේ කුඹල් සහ රන්දෝලි පෙරහර වීථි සංචාරය කරන දින 10ම සජීවිව රූපවාහිනියෙන් විකාශය කිරීමට සැලසුම් කර ඇතැයි  සඳහන් කෙරිණි.

    ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහත්වරු සහ ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයෝ සහ  දළදා මාළිගාවේ දියවඩන නිලමේ සහ දේවාලවල ප්‍රධාන බස්නායක නිලමේවරු සාකච්ඡාවට එක්ව සිටියහ.

  • ශ්‍රී ලාංකික අපනයනකරුවන්ට විදේශ අමාත්‍යාංශයේ සහයෝගය

    ශ්‍රී ලාංකික අපනයනකරුවන්ට විදේශ අමාත්‍යාංශයේ සහයෝගය

    ගෝලීය සැපයුම් දාමයන් හා සැපයුම් කටයුතු බිඳවැටීම් ඇතුළු අභියෝගාත්මක තත්වයන් මධ්‍යයේ වුවද, මෙම අමාත්‍යාංශයේ සහ විදේශ දූත මණ්ඩලවල ක්‍රියාකාරී ස්ථාවරය මඟින් නව වෙළඳපල ස්ථාන සොයා ගැනීම මෙන්ම, ශ්‍රී ලංකාවේ තේ, රබර් සහ නැවුම්/සැකසූ ආහාර වැනි අපනයන සඳහා වූ සාම්ප්‍රදායික වෙළඳපල නැවත අත්පත් කර ගැනීමට අවස්ථාව සලසා දී තිබේ

    කොවිඩ්-19 වසංගත තත්ත්වයෙන් ඇති වූ අහිතකර බලපෑම් මඟහරවා ගැනීමට ශ්‍රී ලාංකික අපනයනකරුවන් සඳහා විදේශ අමාත්‍යාංශයේ සහයෝගය ලබා දෙන බව එම අමාත්‍යාංශය විසින් අද (11) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

    කොවිඩ්-19 වසංගත තත්ත්වයෙහි ආර්ථික බලපෑම සහ ශ්‍රී ලංකාවට එයින් එල්ල වන ඉල්ලීම් හා අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා 2020 ජුනි 10 වැනි දින ‘අද දෙරණ’ සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවක දී විදේශ අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු පිළිබඳ අතිරේක ලේකම් පී.එම්. අම්සා මහතා මෙම ප්‍රකාශය සිදුකළ බවයි එම මාධ්‍ය නිවේදනයේ සදහන් වන්නේ.

    එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය,

    කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ විශේෂයෙන්  ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික අපනයන සඳහා අහිමි වූ වෙළඳපල, යථා තත්ත්වයෙන් පවත්වා ගෙන යාමට සහ නැවත අත්පත් කර ගනිමින් නව අවස්ථා සක්‍රීය කර ශ්‍රී ලාංකික අපනයන කෙරෙහි ඇති කර ඇති බලපෑම අවම කිරීම සඳහා විදේශ සබඳතා අමාත්‍යාංශය විසින් රජයේ අනෙකුත් ප්‍රධාන ආර්ථික නියෝජිතායතන සහ පෞද්ගලික අංශය සමඟ සමීප සම්බන්ධීකරණයෙන් යුතුව පුළුල් ක්‍රියාමාර්ග රැසක් මේ වන විට ගෙන ඇත.  2020 අප්‍රේල් මාසයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 277 ක්ව පැවති අපනයන ආදායම, මැයි මාසයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 606 දක්වා ඉහළ ගොස් ඇති අතර, සංශෝධිත ප‍්‍රක්ෂේපණවලට අනුව එය ඉදිරි මාසවල දී වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    කොවිඩ්-19 වසංගත තත්ත්වයෙහි ආර්ථික බලපෑම සහ ශ්‍රී ලංකාවට එයින් එල්ල වන ඉල්ලීම් හා අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා 2020 ජුනි 10 වැනි දින ‘අද දෙරණ’ සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවක දී විදේශ අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු පිළිබඳ අතිරේක ලේකම් පී.එම්. අම්සා මහතා මෙම ප්‍රකාශය සිදුකළේය.

    කොවිඩ්-19 වසංගත  ව්‍යාප්තිය ආරම්භ වූ අවස්ථාවේ සිට, එයින් ඇතිවන අහිතකර බලපෑම් මැඩපවත්වාගැනීම සඳහා ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ට පහසුකම් සැලසීම පිණිස, මෙම අමාත්‍යාංශයේ ‘ආර්ථික රාජ්‍යතාන්ත්‍රික වැඩසටහන’ අපනයන සංවර්ධන මණ්ඩලය සහ තේ මණ්ඩලය වැනි නියෝජිතායතන සමඟ සහයෝගයෙන් යුතුව වැදගත් උත්ප්‍රේරක කාර්යභාරයක් ඉටු කරමින් සිටින බව අතිරේක ලේකම්වරයා පැවසීය.

    ගෝලීය සැපයුම් දාමයන් හා සැපයුම් කටයුතු බිඳවැටීම් ඇතුළු අභියෝගාත්මක තත්වයන් මධ්‍යයේ වුවද, මෙම අමාත්‍යාංශයේ සහ විදේශ දූත මණ්ඩලවල ක්‍රියාකාරී ස්ථාවරය මඟින් නව වෙළඳපල ස්ථාන සොයා ගැනීම මෙන්ම, ශ්‍රී ලංකාවේ තේ, රබර් සහ නැවුම්/සැකසූ ආහාර වැනි අපනයන සඳහා වූ සාම්ප්‍රදායික වෙළඳපල නැවත අත්පත් කර ගැනීමට අවස්ථාව සලසා දී තිබේ.

    විකාශනය වෙමින් පවතින ගෝලීය කොවිඩ්-19 තත්ත්වයේ ප්‍රතිඵලයක් ලෙස, පුද්ගලික සෞඛ්‍ය ආරක්ෂණ උපකරණ සහ රබර් මත පදනම් වූ  නව නිෂ්පාදනයන්ට අදාළ වූ  වෙළඳපොළ ඉලක්ක කරගත් අපනයන කටයුතු වර්ධනය කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වී තිබේ (මුහුණු ආවරණ සදහා නව වෙළඳපොළ 12 ක් ද, ආරක්ෂිත ගවුම්  සදහා නව වෙළඳපොළ 17 ක් ද, රබර් අත්වැසුම් සදහා නව වෙළඳපොළ 12ක් ද , අත් සනීපාරක්ෂක ද්‍රව්‍ය සදහා නව වෙළඳපොළ 12ක් ද වශයෙන් මේ වන විට අපනයනයන් ක්‍රියාත්මක වේ). මෙම අමාත්‍යංශය විසින් කරන ලද මැදිහත්වීම් තුළින්, අභියෝගාත්මක තත්වයන් යටතේ සහ ශ්‍රී ලංකා තේ මෙට්‍රික් ටොන් 344 ක් තුර්කියට ද  මෙට්‍රික් ටොන් 220 ක්  ඊජිප්තුවට ද අපනයනය කර ඇති අතර, ශීත කළ ආහාර මෙට්‍රික් ටොන් 30 ක් ඕමානයට අපනයනය කර ඇත.

    ශ්‍රී ලංකා ඒකාබද්ධ ඇඟලුම් සංසදයේ (JAAF) ඉල්ලීම පරිදි, මෙම අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා දූත මණ්ඩල එක්ව පුද්ගලික ආරක්ෂක උපකරණ නිෂ්පාදනය සඳහා  අවශ්‍ය අමුද්‍රව්‍ය ලබාගත හැකි ස්ථාන සාර්ථකව සම්බන්ධීකරණය කර ඇති අතර, එමඟින් බොහෝ රටවලින් පැමිණෙන ඉහළ යන ඉල්ලුමට සරිලන සේ අදාළ නිෂ්පාදන වෙළදපොළට සැපයීමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදා වී ඇත. මෙහිදී  නිශ්චිතව අමුද්‍රව්‍ය සැපයිය හැකි සැපයුම්කරුවන් 53 දෙනෙකු මේ වන විට හදුනාගෙන ඇත.

    පශ්චාත් කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේදී, මෙම අමාත්‍යාංශය සහ අපනයන සංවර්ධන මණ්ඩලය එක්ව නව වෙළඳපොළවල් අත්පත් කර ගැනීමට සහ පවත්නා වෙළඳපොළවල ඉල්ලුම ශක්තිමත් කිරීමේ අරමුණින් යුතුව, ඉදිරි කාලය තුළ දී ඉල්ලුම වැඩිවිය හැකි අපනයන ක්ෂේත්‍ර 15 ක් මේ වන විට හඳුනාගෙන තිබේ.

    වර්තමානයේ සමස්ත ලෝකයේම පවතින අවහිරතා, අභියෝග සහ අවස්ථාවන් සැලකිල්ලට ගනිමින්, පොල්, සැකසූ ආහාර, මුහුදු ආහාර, කුළුබඩු සහ සාන්ද්‍රිත ද්‍රව්‍ය, ඉලෙක්ට්‍රොනික් හා විදුලි උපකරණ, සැපයුම් සේවා, මුද්‍රණ කටයුතු, පිඟන් සහ පෝසිලේන් භාණ්ඩ, ආයුර්වේද සහ ශාකසාර, ශරීර සුවතා නිෂ්පාදන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය/ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණය, සමුද්‍ර හා අක්වෙරළ ඉංජිනේරු කටයුතු, ඉදිකිරීම් සහ බෝට්ටු හා නැව් තැනීම ආදී වූ ක්ෂේත්‍රයන් ඉලක්ක කරගත් පුළුල් ක්‍රියාමාර්ග මේ අනුව සැලසුම් කෙරෙමින් පවතී. මෙහි ඉදිරි පියවරක් ලෙස, ආයුර්වේද හා ශාකසාර, පිඟන් සහ පෝසිලේන්, බෝට්ටු සහ නැව් තැනීම, ඉලෙක්ට්‍රොනික් හා විදුලි අංශ ඇතුළුව, ඉහළ යමින් පවතින ඉල්ලුමට අනුව සකස් කරගත් ප්‍රමුඛතා අනුව එකකට පසු එකක් ලෙස සිදුකෙරෙන වෙබ්නාර් සහ වීඩියෝ රැස්වීම් අපනයන සංවර්ධන මණ්ඩලය විසින් සැලසුම් කොට ඇත.

    මෙම කර්තව්‍යයේ දී, විදේශ සබදතා අමාත්‍යාංශය විදේශ දූත මණ්ඩල සහ පෞද්ගලික අංශය සමග ද, මෙම අවස්ථාවේදී ජාත්‍යන්තරව භාණ්ඩ ප්‍රවාහනය අඛණ්ඩව පවත්වාගෙන යන ගුවන් සමාගම් කිහිපයෙන් එකක් වන ශ්‍රී ලංකන් ගුවන් සේවය සමඟ ද ඉතා සහයෝගයෙන් කටයුතු කරමින් සිටියි.

    හැකි සෑම අවස්ථාවකදීම නැවත මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින විදේශගත ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වා ගැනීම තුළින් ද  මෙම ගුවන් ගමන්වල ශක්‍යතාව වැඩිදියුණු  කර ඇති අතර, එමඟින් මගීන් සහ භාණ්ඩ ප්‍රවාහනය යන දෙකම සියලු පාර්ශ්වයන්ට වඩාත් ලාභදායී ලෙස හැසිරවීමට අවස්ථාව උදා වී ඇත.

  • 2021 ටෝකියෝ ඔලිම්පික් උළෙල ‘ඉතා චාම් එකක්’ – ජපානය කියයි

    2021 ටෝකියෝ ඔලිම්පික් උළෙල ‘ඉතා චාම් එකක්’ – ජපානය කියයි

    021 වසරේදී පැවැත්වීමට නියමිතව ඇති ටෝකියෝ ඔලිම්පික් උළෙල සුපුරුදු අති උත්කර්ෂවත් අයුරින් නොපවත්වන බවත් ඒ අනුව සැලසුම්කර තිබූ බොහෝ වැඩසටහන් ඉවත් කිරීමට පියවර ගන්නා බවත් 2020 සංවිධායක කමිටුවේ ප්‍රධාන විධායක ටොෂිරෝ මුටෝ Toshiro Muto අද (11) මාධ්‍ය හමුවේ හෙළි කළා.

    ටොෂිරෝ මුටෝ මෙහිදි වැඩි දුරටත් පැවසුවේ නැවත සැලසුම් කරන ලද ක්‍රීඩා සඳහා වන වියදම් සරල කිරීම සහ අඩු කිරීම සඳහා අදහස් 200 කට වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක කරමින් සිටින බවයි. 

    යම් හෙයකින් ලබන වසරේදී ද ටෝකියෝ ඔලිම්පික් උළෙල පැවැත්වීමට නොහැකි වුවහොත් එය අවලංගු කරන බව ද 2020 සංවිධායක කමිටුවේ ප්‍රධාන විධායක ටොෂිරෝ මුටෝ පැවසුවා.

  • ෆිනෑන්ස් මාෆියාවේ ගොදුරක් වූ ‘සුනිල් ජයවර්ධන වෙනුවෙන්’ යුක්තිය ඕනෑ !

    ෆිනෑන්ස් මාෆියාවේ ගොදුරක් වූ ‘සුනිල් ජයවර්ධන වෙනුවෙන්’ යුක්තිය ඕනෑ !

    කොරෝනා හෝ වෙනත් යම් හේතුවක් මත නියමිත වේලාවට ඔවුන්ට වාරික නොලැබී ගියොත් වෙන්නෙ ඔවුන් අපිට ණය දෙන්න ණය ගත්තු තැනත් එක්ක හිර වෙන එක. මොකද ඔය සමාගම් ගොඩක් දුවන්නෙ ප්‍රමාණවත් ආරක්ෂක තැන්පතුවක් ඇතිව නෙමෙයි. බොහොම යන්තමට අඩ්ඩඩ්ඩාවට. 

    ඇමෙරිකානු වර්ගවාදී (සුදු) පොලිසිය විසින් ඝාතනය කළ ජෝර්ජ් ෆොලෙයිඩ්ගේ ඝාතනය හේතුවෙන් ඇමෙරිකාවේ ඇති වුණ ගින්න තාමත් ඇවිලෙනවා. එය දැන් ඇමෙරිකාවේ පමණක් නොව ගෝලීය වශයෙන් සිදුවන උද්ඝෝෂණයක් බවට පරිවර්තනය වෙමින් තිබෙනවා. ඊට හේතුව වන්නේ පොලිසියේ කෘෘරත්වය සහ වර්ගවාදය මගින් අතිකරන පීඩනය සමස්ත ලෝකයටම පොදු කරුණක් නිසයි.

    මේ අතර ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනයට වඩා කෘෘර හා අමානුෂික ඝාතනයක් අද (11) ලංකාවෙන් වාර්තා වුණා. ඒ තමයි  ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයේ  සභාපති ජයවර්ධනගේ සුනිල් පෙරේරා (53) අමානුෂික ලෙස පහරදීමකට ලක්ව ඝාතනය වීම.

    පොලිස් හා මාධ්‍ය වාර්තා අනුව ත්‍රිරෝද රියක් බලෙන් ආපසු  ලබා ගැනීමට ගොස්  ඇතිවු ආරවුලක් දුරදිග ගොස්  පෞද්ගලික ෆිනෑන්ස් සමාගමක  සේවකයින්ගේ පහර දීමකට ලක්වීමෙනුයි සුනිල් මරණයට පත්වන්නේ.

    මිරිහාන පොලිස් වසමට අයත් පෞද්ගලික ෆිනෑන්ස් සමාගමක (අපි ගාව අදාළ ආයතනයේ නම ගැන විස්තර නැහැ. එසේ තිබුණා නම් අනිවාර්යයෙන්ම ආයතනය සදහන් කරනවා. මොකද මේ වාගේ මෘගයෝ සේවයේ යොදවන ආයතන ගැන ජනතාව දැනගත යුතු නිසා) සේවකයින් ත්‍රිරෝද රියක් සම්බන්ධ තොරතුරු විමසීමට පැමිණ ඇති අතර එහිදී ඇති වූ ආරාවලුකදී අදාළ සමාගමේ සේවයෝ (මැරයෝ – මෙවැනි ආයතන සේවය ලබා ගන්නේ මැරයින්ගෙන් බව ප්‍රකට කරුණක්) කළ පහරදීමකින් තමයි සුනිල් බරපතළ තුවාල ලබන්නේ.

    පොලිස් වාර්තා අනුව  පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ සුනිල් කලුබෝවිල රෝහලේ හදිසි අනතුරු ඒකකයේ  ප්‍රතිකාර සඳහා ඇතුලු කර සිටියදී තමයි මිය ගොස් තිබෙන්නේ.

    සිද්ධිය සම්බන්ධයෙන් පෞද්ගලික ෆිනෑන්ස් ආයතනයේ  සේවකයින් 8 දෙනකු අත්අඩංගුවට ගත් බවද පොලීසිය කියනවා.

    මේ ඝාතනය බරපතළ ලෙස සමාජ සංවාදයට හා අවධානයට ලක්විය යුතු බවයි අපි කියන්නේ. මොකද මේක මේ කල් බදු සමාගම් ( මේවා පමණක් නොවෙයි බැංකු පවා මේ ආකාරයෙන් හැසිරෙනවා) ජනතාව සූරාගෙන කෑමේ සීමාවක් නැහැ. ඔවුන් අදාළව නිසි නියාමනයක් සිදුවන්නේ නැහැ (මෙවැනි තත්ත්වයක ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලට හසුව සිටින කාන්තාවන් සහ ජනතාව ද පවත්ව සිටින බව අප අමතක නොකළ යුතුයි. මේ වන විට ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුල නිසා කාන්තාවන් 200ක අධික පිරිසක් සිය දිවි නසාගෙන ඇති බවත්, තවත් දහස් සංඛ්‍යාත පිරිසකගේ පවුල් ජීවිත අවුල් වී ඇති බවත් වාර්තා කියනවා)

    කොවිච් -19 විසින් ඇති කළ අවුල තුළ සමස්ත ආර්ථික හා සමාජයීය ජීවිතයම දැවැන්ත අර්බුදයකට ලක්ව ඇති මොහොතක වුණත්, ආණ්ඩුව ඉල්ලා සිටි ණය සහන නොදී බැංකු ඇතුළු මේ මූල්‍ය සමාගම් දැවැන්ත පීඩනයක් ගනුදෙනු කරුවන් වෙත එල්ල කරමින් සිටිනවා. (මේ ගැන ඊයේ පැවැති කැබිනට් මණ්ඩලයේදී උණුසුම් ලෙස කතා වුණා කියලා මාධ්‍ය කියනවා) ඔවුන් තව දුරටත් ගනුදෙනු කරන්නේ ‘ෂයිලොක් න්‍යායෙන් බව කාට වුණත් රහසක් නොවෙයි.

    අපි පසුගිය සතිය පුරාම ඇමෙරිකාවේ ජෝර්ජ් ෆොලොයිඩ් වෙනුවෙන් දැවැන්ත මාධ්‍ය ආවරණයක් ලබා දුන්නා. ට්‍රම්ප්ගේ සිට බොහෝ දෙනෙක් විචේනය කළා.

    දැන් ලංකාවෙත් අමු දවාලේ ඝාතනයක් සිදුව තිබෙනවා. මේ ඝාතනය වුණේ 800,000කට ආසන්න ත්‍රි රෝද රථ රියැදුරන් වෙනුවෙන් සටන් කළ වෘත්තීය සමිති නායයෙක්. ඒ වගේම ත්‍රි රෝද රථ රියැදුරන් / හිමිකරුවන් පමණක් නොවෙයි තවත් අති විශාල පිරිසක් (වාහන හිමි) මේ කල්බදු / ෆිනෑන්ස් සමාගම්වල දැඩි පීඩනයට ලක්ව සිටිනවා.

    ඒ නිසා අපි යෝජනා කරන්නේ සුනිගේ ඝාතනය හුද ඝාතනයක් ලෙස නොසලකා මේ / ෆිනෑන්ස්, කල්බදු, ක්ෂද්‍ර මූල්‍ය ඇතුළු මූල්‍ය ක්ෂේත්‍රයේ මාෆියාවට හා පීඩනයට එරෙහිව සංවිධානාත්මක ප්‍රවේශයකට මේ මරණය වස්තු බීජයක් කරගන්නා ලෙසයි.

    මොකද මෙම සමාගම්වලින් බැට නොකෑ පුද්ගලයෙක් සොයා ගැනීම ‘නොමළ ගෙයකින් අබ ඇටයක් සොයා ගැනීමටත් වඩා දුෂ්කර තත්ත්වයක් වන නිසයි.

    මෙවැනි තත්ත්වයක් ලංකාවේ යම් ආකාරයකින් නිර්මාණය වුවහොත් ලංකාවේ බොහෝ මාධ්‍යවල රෙදි ද ගැළවෙන බව අවසාන වශයෙන් ලිය තැබිය යුතුයි.

    මරණීය න්‍යාය !

    සුනිල්ගේ ඝාතනය සම්බන්ධව නීතිඥ අථිල අතාවුද සිය ෆේස්බුක් ගිනුමේ සටහනක් තබා ඇති අතර එය පහත දැක්වෙනවා.

    මේ පිළිබඳව පූර්ව නිගමන ඇතිකරගන්න තවම කල් වැඩියි. ඒත් ඔතන තියන ප්‍රශ්නයේ හැඩය යම්තාක් දුරකට හඳුනාගැනීමේ හැකියාව පවතිනව. ඒ හැඩය හඳුනා ගන්නට වීරිය කළ යුතුමයි. මොකද ඒක පැති කීපයකින් සමාජයට බලපාන ගැටලුවක් වෙන හින්දා. දේශපාලනිකව ගත්තොත් ධනවාදී සමාජයේ පදාසයක් ක්ෂණිකව කඩාගෙන වැටිය හැකි න්‍යායක් ඒ තුල අන්තර්ගත වෙන හින්දා. 

    ඔය ලීසිං සමාගම් මූල්‍ය සේවා ගොඩක් සපයන ආයතන වුණාට ඔවුන්ගෙ ආදායමෙන් 90%කට වැඩිය එන්නෙ ලීසිං පහසුකම්වල පොලී සල්ලි වලින්. ආකර්ශනීය තැන්පතු පොලී එහෙම හඳුන්වා දුන්නත් මිනිස්සු පොදුවේ පෞද්ගලික මූල්‍ය ආයතනයකට තමන්ගෙ තැන්පතු ධනය හිර කරන්න බයක් තියනව. ඒකට ප්‍රමුඛ බැංකුව ඇද වැටීම,ගොල්ඩන් කී ප්‍රශ්නෙ, ETI අර්බුදය, ද ෆිනෑන්ස් අර්බුදය වගේ දේවල් වලින් මිනිස්සු උගත් පාඩම් හේතු වෙලා තියනව. 

    ඒ හින්ද ඔවුන් වැඩි දෙනෙක් කරන්නෙ අඩු පොළියකට කොහෙන් හරි ණය අරගෙන ඒක වැඩි පොළියට ලීසිං පහසුකම් සඳහා ණයට දීලා ඒ පොළී අනුපාත දෙක අතරේ වෙනස ලාභයක් ලෙස ලබා ගැනීම. ඒක සමාගම් විතරක් නෙමෙයි සල්ලි පොළියට දෙන ඕනෑම ආයතනයක වේවා පුද්ගලයෙකුගෙ වේවා සාමාන්‍ය ව්‍යාපාරික ස්වභාවය. 

    ඔය ලීසිං සමාගම් වලින් අදාළ පහසුකම දෙන වෙලාවෙ මොන කතා කීවත් අතරමැදදි සල්ලි හම්බ වුණාම එක පාර ණය පියවා දමන්න ගියොත් ඔවුන් ඉදිරිපත් කරන කොන්දේසි එකපාර ණය පියවීම අධෛර්යමත් කරන ඒව වෙන්නෙත් ඔය තත්වය තුල. අද තියන මුදලට අද වෙනකල් පොළිය විතරක් අය කරලා ණය කැපුවොත් ඔවුන්ගෙ ආදායම අහිමි වෙනව. ඒ නිසා ලීසිං පහසුකමක් මත ගත්තු වාහනයක ණය එක පාර පියවනවට වඩා වාසිදායක වෙන්නෙ එහෙමම ගෙවාගෙන යන එක බවට පත්වන වාතාවරණයක් ඔවුන් හදල තියනව. 

    කොරෝනා හෝ වෙනත් යම් හේතුවක් මත නියමිත වේලාවට ඔවුන්ට වාරික නොලැබී ගියොත් වෙන්නෙ ඔවුන් අපිට ණය දෙන්න ණය ගත්තු තැනත් එක්ක හිර වෙන එක. මොකද ඔය සමාගම් ගොඩක් දුවන්නෙ ප්‍රමාණවත් ආරක්ෂක තැන්පතුවක් ඇතිව නෙමෙයි. බොහොම යන්තමට අඩ්ඩඩ්ඩාවට. 

    ඒ හින්දයි කොරෝනා නැති කාලෙක වුණත් ටිකක් වාරිකය පරක්කු වෙනකොට ණය ගත්තු කෙනාටයි ඇප කාරයින්ටයි ලියුම් පනහක් වාතර එවල දවස ගානෙ කෝල් කරල කොහොමහරි වාරිකය දම්මගන්න ඔවුන් උත්සාහ ගන්නෙ. 

    නමුත් කොරෝනා ප්‍රශ්නය මත මිනිස්සුන්ගෙ ආදායම් අහිමි වෙනකොට එතනදි මිනිස්සුන්ට සහනයක් ලබාදීම කළ යුතුම දෙයක් වෙනව. ඒ අනුව මහ බැංකුව නිකුත් කරන මඟ පෙන්වීම ගොඩක් ලීසිං සමාගම් තරහෙන්, කේන්තියෙන්, අසතුටින් භාරගත් බවට සැකයක් නෑ. ඒකට හේතුව ඔවුන් ඉන්නෙත් පොඩ්ඩක් ලිස්සුවොත් වැටෙන අඩ්ඩඩ්ඩා තැනක. මාස හයක් දක්වා සහන දෙනව කිව්වට ගොඩක් මූල්‍ය සමාගම් මාස 3කට ඒ සහන සීමා කරල තියෙන්නෙ ඒ නිසා.

    ඔය අතරේ ඔවුන් තවත් අභියෝගයක් දකිනව. දැන් තියෙන්නෙ හැම එකටම කැම්පේන් ක්‍රියාත්මක වෙන සමාජයක්. සමාජ ජාලා අතර වුණත් හැම කැම්පේන් එකටම වගේ බොහොම බලවත් සමාජ ජාලා සමූහ හැදිල තියනව. ඒ වගේම ETI වගේ අත්දැකීමක් අරන් බලපුවාම පැහැදිලිවම පේන දෙයක් තමයි මූල්‍ය සමාගමක් කැම්පේන් එකකින් වට්ටන්න පුළුවන් බව. ඒ නිසා මූල්‍ය සමාගම් ගොඩක් එවැනි කැම්පේන් වලට බයයි. 

    තනි පුද්ගලයෙක් තමන් ගත්ත වාහනේ වාරිකය නොදා වාහනෙත් හංගගෙන හිටියොත් ලීසිං සමාගමට පුළුවන් නඩු දාන්න. ඒ සඳහා සැළකියයුතු වියදමක් යනව. ඒ වියදම පියවා ගන්නෙත් ඔවුන්ගෙ සාමාන්‍ය ව්‍යාපාර කටයුතු වලින්. ඒ කියන්නෙ පොලී සල්ලි වලින්. නමුත් ගණුදෙනුකාරයො රාශියක් වෘත්තීය සමිතියක ස්වභාවයෙන් සංවිධානය වෙලා පොදුවේ “අපි ගෙවන්නෑ” කියන ස්ථාවරයට ආවොත් සමාගමට අත්වෙන්නෙ අර කුඤ්ඤෙ ගලවපු වඳුරට අත්වෙන ඉරණම. 

    ගණුදෙනුකාරයො හැමෝටම නඩු දාන්න සමාගමට සල්ලි නෑ. නඩු දැම්මත් ඒවා ඉවර වෙනකල් සමාගම පවත්වාගෙන යන්න හැකියාවක් ලැබෙන්නෙ නෑ. නඩු ඉවර වෙලා සල්ලි හම්බ වෙනකල් ⁣සමාගමේ සේවක පඩිනඩි, ගොඩනැගිලි කුලී, ණය වාරික ගෙවන්න විදියක් නැතුව සටන අවසන් වෙන්න කලින් සමාගම වහන්නයි වෙන්නෙ. එතකොට තැන්පත්කරුවන්ගෙනුයි, ණය හිමියන්ගෙනුයි එන පීඩනයත් එක්ක සමාගම වැහුවත් අයිතිකාරයන්ට ගැලවීමක් නැති වෙනව. එහෙම වුණාම වෙන්නෙ එක්කො රට පනින්න, නැත්නම් වහ ටිකක් බීලා වනගත වෙන්න. 

    මේ හේතුව මත ලීසිං සමාගම් තමන්ට එරෙහි භයානකම සතුරන් විදියට හඳුනාගන්නෙ කැම්පේ්න්මය නැත්නම් වෘත්තීය සමිතියක ස්වභාවයෙන් තමන්ට අභියෝග කරන ගනුදෙණුකරුවන්. මොකද ගනුදෙණුකරුවන් වෘත්තීය සමිතියක හැඩයෙන් සංවිධානය වු⁣ණොත් ඒක ලීසිං සමාගමට කොහොමටවත් දිනන්න තියා දරාගන්නවත් බැරි සටනක් බවට පත්වෙනව. 

    ඒ නිසා සුනිල් ජයවර්ධන⁣ගෙ අභියෝගයේ ස්වභාවය ලීසිං සමාගම වල බොක්කටම වදින විදියේ රිදෙන දැනෙන එකක්. ඔහුගේ මරණය මේ න්‍යාය මත පදනම් වෙනව කියල මම කියන්නෙ නෑ. ඒත් ලීසිං සමාගම් ඔහුව බොහොම භයානක සතුරෙක් විදියට හඳුනාගැනීම පදනම් වෙන්නෙ ඔය න්‍යාය මත. 

    නිකම් හිතලා බැලුවොත් A සමා⁣ගමෙන් ණය ලබාගත්තවුන්ගේ සංගමය කියලා එකක් හැදිලා “අපි ගෙවන්නෑ” කියන ස්ථාවරයට පොදුවේ ඇවිත් ණය වාරික ගෙවීම එක කතාවට වර්ජනය කරන තැනකට ගියොත් A සමාගමට ක්ෂණික මරණයක් අත්වෙනවා. 

    රුසියාව 1918 රටක් විදියට ඔය තීරණේට එනවා. තවත් උදාහරණ පෙන්නන්න පුළුවන්. වර්තමානය වගේ දියුණු තාක්ෂණයක් සහිත යුගයක ඔහොම දෙයක් ඕන නම් එක රැයින් සංවිධානය කරලා සතියෙන් ඉවර කරන්න පුළුවන්. මේකට සමාගම් භය වෙන එක හරිම ස්වභාවිකයි. ඒක ඇත්තටම මරණ බය. 

    සුනිල් ජයවර්ධනගේ මරණය ගැන ඇති තතු ඉදිරියේදී හෙළිදරව් වෙයි. එය බොහෝවිට ඔය න්‍යායත් එක්ක නොගාවා සාමාන්‍ය මරණයක් ලෙස ඒත්තු ගන්වන්නට උපරිම උත්සාහයත් දරනවා ඇති.

  • ETI අක්‍රමිකතා – වගකීමෙන් නිදහස් වීමට මහ බැංකුවට නොහැකියි – ජනපති

    ETI අක්‍රමිකතා – වගකීමෙන් නිදහස් වීමට මහ බැංකුවට නොහැකියි – ජනපති

    ETI මූල්‍ය ආයතනයේ සිදුව ඇතැයි කියන අක්‍රමිකතා විමර්ශනය සඳහා පත්කෙරුණු කමිටුව අද (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය.

    සමාගම ආරම්භයේ සිටම විධිමත් ලෙස ක්‍රියා කර නැති බව ඕව්හු ජනාධිපතිතුමාට දැන්වූහ. සමාගමේ වත්කම් වෙනත් ආයතනවල ආයෝජනය කර තිබේ. ඒවා මහ බැංකුවේ නිසි අධීක්ෂණයට ලක්වී නැති බව කමිටුව සඳහන් කරයි.

    අක්‍රමිකතා පිළිබඳව තවදුරටත් සොයා බලන්නැයි උපදෙස් දුන් ජනාධිපතිවරයා ජනතාවගේ තැන්පතු මුදල් කඩිනමින් ආපසු ගෙවීමට වැඩි අවධානය යොමු කරන ලෙස දැනුම් දුන්නේය. සිදුව ඇති ක්‍රියාවලිය පිළිබඳ වගකීමෙන් නිදහස් වීමට මහ බැංකුවට නොහැකි බව ජනාධිපතිවරයා පැවසීය.

    මූල්‍ය ආයතනයක යම් අක්‍රමිකතාවක් සිදු වන්නේ නම් තැන්පත්කරුවන් ආරක්ෂා කිරීමට මහ බැංකුව බැඳී සිටී. එය මහ බැංකුවෙන් ඉටුවී නැතැයි ජනාධිපතිවරයා කීය.

    විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා ත්‍රිපුද්ගල කමිටුවේ සභාපතිත්වය දරයි.  විශ්‍රාමික සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් සහ ජ්‍යෙෂ්ඨ බැංකුකරුවෙකු වන        ඩී.එම්. ගුණසේකර මහත්වරු සෙසු සාමාජිකයෝ වෙති.

    ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ද සාකච්ඡාවට එක්ව සිටියේය.