Blog

  • ආයෝජන සහ සංචාරක ක්ෂේත්‍ර නංවාලීමට ඉන්දීය රජයේ පූර්ණ සහාය

    ආයෝජන සහ සංචාරක ක්ෂේත්‍ර නංවාලීමට ඉන්දීය රජයේ පූර්ණ සහාය

    කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් බිද වැටී ඇති මෙරට ආයෝජන , සංචාරක ක්ෂේත්‍ර නංවාලීමට ඉන්දීය රජයේ පූර්ණ සහාය පළ වේ. ඒ අනුව ඒ සදහා අවශ්‍ය මූල්‍යමය, තාක්ෂණික හා වෙනත් අවශ්‍ය සහයෝගයන් ඉදිරියේ දී ලබා දෙන බවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සහතික වෙයි.

    කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සමග එම අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවක දී ඉන්දීය මහකොමසාරිස් මේ බව සදහන් කළේය. මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා පත්වීමෙන් පසු හමු වූ පළමු කැබිනට් ඇමතිවරයා වන්නේ ද ඇමති ප්‍රසන්න රණතුංග මහතායි.

    කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග පිළිබද ව සිය ප්‍රසාදය පළ කළ ඉන්දීය මහකොමසාරිස්වරයා ලෝකයේ කොවිඩ් 19 වසංගත තත්ත්වය පාලනය වීමත් සමගම ශ්‍රී ලංකාවට ආයෝජන හා සංචාරක ක්ෂේත්‍ර සදහා අවශ්‍ය සහයෝගය ලබා දෙන බව කීවේය.

    ඉන්දියානු ව්‍යාපාරිකයන් මෙරට නව ආයෝජන අවස්ථා ලබා ගැනීමට කැමැත්තෙන් සිටින බව පැවසූ ඉන්දීය මහා කොමසාරිස්වරයා ආහාර සුරක්ෂිතතාවය, ඖෂධ නිෂ්පාදනය, කෘෂිකාර්මික නිෂ්පාදනය හා ඉන්ධන පිරිපහදුව සදහා මෙරට ආයෝජනයන්ට ඔවුන් වැඩි කැමැත්තක් දක්වන බව ද කීවේය. කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් පසු ව දෙරට අතර ඒකාබද්ධ ආයෝජන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කොමසාරිස්වරයා  එකගතාවය පළ කළේය. උතුරේ අංකුර හා නව ව්‍යාවසායකයන් සවි බල ගැන්වීමට නව ව්‍යාපාරික මධ්‍යස්ථානයක් ඉදි කීරීමට ඉන්දියානු රජය රුපියල් මිලියන 250 ක ප්‍රදානයක් ලබා දී තිබේ. යාපනය සංස්කෘතික මධ්‍යස්ථානයේ ස්ථාපිත කිරීමට යෝජිත මෙම මධ්‍යස්ථානය පිළිබදව ද දෙපාර්ශවය අතර අදහස් හුවමාරු කර ගැණින. එහි කටයුතු කඩිනමින් අවසන් කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දි කිවේය.

    ඉන්දියානු ජාතිකයන් සිය විවාහ මංගල්‍යය උත්සව ශ්‍රී ලංකාවේ දී ගැනීමට කැමැත්තෙන් සිටින බව පැවසු ඉන්දීය මහකොමසාරිස්වරයා ශ්‍රි ලාංකිකයන් බෞද්ධ ආගමික සිද්ධස්ථාන නැරඹීමට ඉන්දියාවට යන්නාක් මෙන් ඉන්දියානුවන් රාමායණයට සම්බන්ධ ස්ථාන නැරඹීමට ශ්‍රී ලංකාවට පැමිණීමට  කැමැත්තෙන් සිටින බව ද කීවේය. ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දී කීවේ මේ සම්බන්ධයෙන් සංචාරක අධිකාරිය සිය අවධානය යොමු කර ඇති බවයි. මඩු වන්දනාවේ පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් මඩු ප්‍රදේශයේ ඉදි කරන නව නිවාස ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කීරීම කෙරෙහි ද මෙහි දී අවධානය යොමු විය. ඒ සදහා ද ඉන්දියානු රජය රුපියල් මිලියන 300 ක ආධාරයක් ලබා දි තිබේ. නිවාස 144 ක් මේ අනුව ඉදිකිරීමට නියමිතයි.

    යාපනය පළාලි ගුවන් තොටුපළේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ද මෙහි දී දෙපාර්ශවයේ අවධානය යොමු කෙරිණ. පළාලි ගුවන් තොටුපළ සංවර්ධනය කිරීම සදහා ඉන්දියාව රුපියල් මිලියන 300 ක් ලබා දී තිබේ. ඊට අදාළ ගිවිසුම්වලට කඩිනමින් අත්සන් තැබිමට ද මෙම සාකච්ඡාවේ දී ඉන්දියානු මහකොමසාරිස්වරයා හා ඇමති ප්‍රසන්න රණතුංග මහතා එකගතාවය පළ කළහ.

    ඉන්දීයානු මහකොමසාරිස්වරයාට මෙහි දී  කටුනායක ගුවන් තොටුපළ විවෘත කිරීම සහ සංචාරකයන්ගේ පැමීණීම සම්බන්ධයෙන් ද ඇමතිවරයාගෙන් විමසීමක් කළේය. අගෝස්තු 01 වෙනිදාට පෙර සංචාරකයන් සදහා විවෘත කිරීමට හැකිවනු ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දී විශ්වාසය පළ කළේය. අගෝස්තු 01 වෙනිදා ගුවන් තොටුපළ සංචාරකයන් සදහා විවෘත කිරිමට සැලසුම් කර ඇතත් විදේශගත ශ්‍රී ලාංකිකයන් දිවයිනට ගෙන්වා  ගැනීමේ කටයුතු ඊට පෙර අවසන් වුවහොත් අගෝස්තු 01 වෙනිදාට පෙර කටුනායක ගුවන් තොටුපළ විවෘත කළ හැකි බව ද ඇමතිවරයා කීවේය.

    මෙම සාකච්ඡාවට කාර්මික අපනයන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මාපා පතිරණ, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි යන මහත්වරුන් ද සහභාගී වූහ.

  • කොරෝනා වෛරසය: වෙන්ටිලේටර් වෙනුවට ශ්වසන අපහසුතා පාලනය කරන්න බෙහෙතක්?

    කොරෝනා වෛරසය: වෙන්ටිලේටර් වෙනුවට ශ්වසන අපහසුතා පාලනය කරන්න බෙහෙතක්?

    Ibuprofen නමැති ඖෂධය කොරෝනාවෛරසයට ප්‍රතිකාරයක් ලෙස භාවිත කළ හැකි ද යන්න තහවුරු කර ගැනීම සඳහා අත්හදා බැලීම් සිදුකිරීමට විද්‍යාඥයින් පිරිසක් සූදානම් වෙති.

    ලන්ඩන් නුවර Guy’s, St Thomas’ රෝහල සහ King’s College යන විද්‍යායතනවල කණ්ඩායමක් විශ්වාස කරන්නේ, වේදනා නාශකයක් ලෙස භාවිත කරන අදාළ ඖෂධය ශ්වසන අපහසුතාවන්ට ප්‍රතිකාර වශයෙන් ලබා දිය හැකි බවටය.

    මෙම වියදම් අඩු ඖෂධය භාවිත කිරීමෙන් වෙන්ටිලේටර් භාවිතය නතර කළ හැකි වනු ඇති බව ඔවුන්ගේ අපේක්ෂාවය.

    මෙහිදී අත්හදා බැලීම සඳහා රෝගීන්ගෙන් අඩකට සාමාන්‍ය ප්‍රතිකාරවලට අමතරව ibuprofen ඖෂධය ලබා දෙනු ඇත.

    මෙම අත්හදා බැලීමේදී සාමාන්‍යයෙන් වෙළෙඳපොළේ මිල දී ගැනීමට ඇති ibuprofen වෙනුවට විශේෂ මාත්‍රාවක් භාවිත කිරීමට නියමිතය. ඇතැම් පුද්ගලයෝ මේ වන විටත් ආර්තරයිටිස් වැනි රෝග වෙනුවෙන් මෙම ලිපිඩ අඩංගු ඖෂධය භාවිත කරති.

    මේ වන විට සත්ත්වයින් ආශ්‍රිතව සිදු කර ඇති අධ්‍යයනයන් අනුව ශ්වසන අපහසුතාවන්ට මෙම ඖෂධය ප්‍රතිකාරයක් ලෙස භාවිත කළ හැකි බවට යෝජනා වී තිබේ. ශ්වසන අපහසුතා යනු බරපතළ කොරෝනාවෛරස් රෝගී තත්ත්වයකදී ඇති වන තත්ත්වයකි.

    මෙම අත්හදා බැලීම සිදු කරන King’s College විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මිතුල් මේතා පැවසුවේ, “ඉහත ලැබී ඇති සාක්ෂි සත්‍ය වශයෙන් ම අපේක්ෂිත මට්ටමට ගැලපෙන්නේ ද යන්න සොයා බැලීමට අපට අවශ්‍යයි,” යනුවෙනි.

    කොරෝනාවෛරස් වසංගතය ආරම්භ වූ මුල් අවධියේදී ඇතැමුන් පැවසුවේ, විශේෂයෙන්ම සුලු රෝග ලක්ෂණ සහිත රෝගීන්ට ibuprofen යහපත් නොවිය හැකි බවය.

    මෙම අදහස වඩාත් ඉස්මතු වූයේ, ibuprofen වැනි වේදනා නාශක භාවිතයෙන් ආසාදිත තත්ත්වය උග්‍ර විය හැකි බවට ප්‍රංශයේ සෞඛ්‍ය අමාත්‍ය ඔලිවර් වෙරන් ප්‍රකාශ කිරීමෙන් පසුවය. ඔහු උපදෙස් දුන්නේ, ibuprofen වෙනුවට පැරසිටමෝල් භාවිත කරන ලෙසය.

    කෙසේ වෙතත්, බ්‍රිතාන්‍යයේ මානව වෛද්‍ය කොමිසම සිදුකළ අධ්‍යයනයකින් එම අදහස ප්‍රතික්ෂේප කෙරුණු අතර, එම කොමිසම පැවසුවේ, ibuprofen සහ පැරසිටමෝල් යන දෙවර්ගය ම ශරීර උෂ්ණත්වය පහළ දැමීමට සමත් වන බවය.

    බ්‍රිතාන්‍යයේ NHS ජාතික සෞඛ්‍ය සේවාව නිර්දේශ කරනුයේ, ibuprofen ඖෂධයට සාපේක්ෂව පැරසිටමෝල් ඖෂධයේ අතුරු ආබාධ අඩු හෙයින් පළමුවෙන් පැරසිටමෝල් භාවිතය සුදුසු බවය. උදාහරණයක් ලෙස උදරයේ තුවාළ සහිත පුද්ගලයින් ibuprofen භාවිත නොකළ යුතු බව ද එම නිර්දේශ අතර වේ.

    TEXT BY BBC SANDESAYA

  • චිත්‍රපට බලද්දී ඔබත් අඬල තියෙනව ද? රසිකයන් අඬවන චිත්‍රපට කීපයක්

    චිත්‍රපට බලද්දී ඔබත් අඬල තියෙනව ද? රසිකයන් අඬවන චිත්‍රපට කීපයක්

    ඔබ සිනමා ලෝලියකු නම්, බොහෝ චිත්‍රපට නරඹා ඇත්නම්, ඇතැම්විට කඳුළින් යුතුව නරඹන ලද සිනමා හෝ ටෙලි නිර්මාණ ගැන මතකයේ රැඳී තිබීමට ඉඩ ඇත.

    නරඹනු ලැබීමෙන් පසු ‘ඔබ වැඩියෙන් ම දුකට පත් සිනමා නිර්මාණය කුමක්දැයි’ කෙනෙකු ප්‍රශ්නයක් ඇසූ විට, යම්කිසි සිනමා නිර්මාණයක් ඔබගේ මතකයට ඒමට ද ඉඩකඩ පවතී.

    සිනමා ශාලාවන් තුළ චිත්‍රපට නරඹන අතරතුරදීම ඇතැම් සිනමා ලෝලීන් සෙමෙන් ඉකිබිඳිමින් හඬනු සෙසු ප්‍රේක්ෂකයන්ට ඇසෙන අවස්ථා ඇත.

    දැන් අප යොමුවන්නේ සිනමා සහෘද හදවත් ප්‍රකම්පනය කොට ඔවුන් වැඩියෙන් ම ‘හැඬවූ’ ජාත්‍යන්තර චිත්‍රපට මොනවා ද? යන්න පිළිබඳව විමසා බැලීමේ උත්සාහයකදී ලද අලුත් ම තොරතුරු ඉදිරිපත් කිරීමටය.

    මෙම විපරම් කිරීම වාර්තා කරන BBC මාධ්‍යවේදී ඉයන් යංග්ස් (Ian Youngs) සිය ලිපිය ආරම්භ කරන්නේ මෙවැනි උපදේශයක් ද සහිතවය.

    “ඔබ සංවේදී සිනමා වෘත්තාන්තයක් නරඹද්දී, නිහඬවම හෝ උස් හඬින් ඉකිබිඳ හඬන කෙනෙකු නම්, මෙම ලිපියෙහි දැක්වෙන චිත්‍රපට නැරඹීමට යනවිට කඳුළු පිසදැමීම සඳහා අමතර කඩදාසි ලේන්සු පෙට්ටියකුත් අරගෙන යන්න.”

    කෙවින්ගේ ඉල්ලීම

    ඇමෙරිකා එක්සත් ජනපදයේ චිත්‍රපට විචාරකයකු වන කෙවින් ලී (Kevin Lee) සිනමා ලෝලීන්ගෙන් මෙවැනි ඉල්ලීමක් කළේය.

    “ඔබේ ජීවිත කාලය තුළ ඔබ බෙහෙවින් ම සසල කළ සිනමා වෘත්තාන්තය හෝ ටෙලි නිර්මාණය කුමක් දැයි මට කියන්න.”

    කෙවින් පසුගිය සතියේ ‘ට්විටර්’ ජාලයේ පළකළ එම දැන්වීම සම්බන්ධයෙන් ලද දැවැන්ත ප්‍රතිචාරය ඔහුට සිතාගත නොහැකි තරම් විශාල මට්ටමක විය.

    “දැන්වීම පළකරනු ලැබීමෙන් පළමු පැය හයක කාලය ඇතුළත ලද ප්‍රතිචාරය මින්පෙර මා කිසිදාක නොලද මට්ටමේ එකක්,” කෙවින් පවසයි.

    “ඒ ගැන ඇත්ත තත්වය ඔබට ප්‍රකාශ කිරීමත් තරමක් බියක් ඇතිකරනසුලුයි.”

    සිනමා රසිකයන් කෙවින්ට දහස් ගණනින් පිළිතුරු යොමුකර තිබුනේ ‘ඔවුන් “කඳුළු සාගරයක” ගිල්වන ලද සිනමාපටවල නම්ගම් සිරස්තල සහිතවය.

    කෙවින් වඩාත් විශ්මයට පත් වුනේ, ඇතැම් රසිකයන් සමහර චිත්‍රපට ඔවුන්ට වඩාත් සංවේදී වූයේ කුමක් නිසාද? යන්න පැහැදිලි කිරීම සඳහා ස්වීය පෞද්ගලික ජීවිතයේ කතන්දර ද ඔවුන්ගේ පිළිතුරට එක්කොට යොමුකර තිබෙනු දැකීමෙනි.

    “ලැබුන ප්‍රතිචාරය හරිම සතුටුදායකයි.ඒවා එකින් එකට බොහෝ වෙනස් අදහස්,” කෙවින් පැවසීය.

    Owen Wilson and Jennifer Aniston in Marley and Me
    Marley and Me චිත්‍රපටය

    කෙවින් ලද පිළිතුරු අතරින් 35,000ක් BBCය විසින් විශ්ලේෂණය කරනු ලැබුණි. ඒ අනුව ‘වැඩියෙන්ම කඳුළු කඩා වැටීමට’ හේතු වූ චිත්‍රපට අතරින් පළමු නිර්මාණ දෙකම දීර්ඝ වෘත්තාන්ත හෝ ගැඹුරු දෘශ්‍යමය නිර්මාණ නොවුනි. ඒවා අයත් වන්නේ සිතෙහි මත්වෙන මහත් ආදරය කුළුගන්වන සුළු, එම ගුණය නිසාම පවුලේ ආකර්ෂණය ලබන නිර්මාණ ගණයටය.

    සිනමාලෝලීන්ගේ ප්‍රතිචාරය අනුව ඉහළම ස්ථානය ලැබ සිටින්නේ 2017 වසරේ ඔස්කාර් සම්මානලාභී ‘කෝකෝ’ (Coco) චිත්‍රපටයයි. එය ඩිස්නි/ පික්සාර් (Disney/Pixar) නිර්මාණයකි. ‘animation’ තාක්ෂණය යොදා ගනිමින් නිර්මාණය කරන ලද ප්‍රබල වෘත්තාන්තයක් පසුබිම් කරගත් ‘කොකෝ’ චිත්‍රපටය මගින් නිරූපණය කෙරෙන්නේ මෙක්සිකෝ දරුවකුගේ ජීවිත අන්දරයකි. මළවුන්ගේ දේශය (Land of the Dead) තරණය කරන පිරිමි ළමයා, සංගීතඥයකු වීමේ සිය සිහිනය සැබෑ කර ගැනීමේ ප්‍රයත්නය ලුහු බඳින අතරවාරයේ තම පව්ලේ රහස් ද අනාවරණය කර ගැනීමට සමත් වෙයි.

    Coco චිත්‍රපටය
    ,Coco චිත්‍රපටය

    කෝකෝ (Coco) ළඟට ඇති ඊළඟ සිනමා නිර්මාණය 2008 වසරේ තිරයට ආ ‘Marley and Me’ චිත්‍රපටයයි.ඔවින් විල්සන්(Owen Wilson) සහ ජෙනිෆර් ඇනිස්ටන් (Jennifer Aniston) අඹු සැමියන් ලෙස රංගන එම වෘත්තාන්තයට ඔවුන්ගේ පවුල් ජීවිතය පුරා එකට සිටින නොහික්මුණ ‘ලබ්‍රඩෝ'(Labrador) සුනඛයකුත් එක්වෙයි. ඇමෙරිකානු ප්‍රහසනයක් වන ‘Marley and Me’ ඩේවිඩ් ෆ්රැන් කෙල්ගේ අධ්‍යක්ෂණයකි.

    ඉහත කී චිත්‍රපට දෙක කවරාකාරයකින් හෝ සෙසු චිත්‍රපට අභිබවා සිටියි.සැබැවින්ම මෙය විද්‍යාත්මක විධික්‍රම මත සිදු කරන ලද සමීක්ෂණයක් නොවේ. කෙසේවුවද, කෙවින්ගේ ‘ට්විටර්’ පණිවුඩයට ලද පිළිතුරු අනුව, රසිකයන්ගේ තෝරාගැනීම මෙලෙස පෙළගැස්විය හැකිය.

    1. කෝකෝ (Coco) 2017

    2. මාර්ලි ඇන්ඩ් මී (Marley and Me) 2008

    3. ෂින්ඩ්ලර්’ස් ලිස්ට් (Schindler’s List) 1993

    4. අප් (Up) 2009

    5. ටර්ම්ස් ඔෆ් එන්ඩියර්මන්ට් (Terms of Endearment) 1983

    6. ටෝයි ස්ටෝරි ත්‍රී (Toy Story 3) 2010

    7. ඇවන්ගර්ස් : එන්ඩ්ගේම් (Avengers: Endgame) 2019

    8. ද ග්‍රීන් මයිල් (The Green Mile) 1999

    9. ද නෝට්බුක් (The Notebook) 2004

    10. බීච්ස් (Beaches) 1988

    ‘කෝකෝ’ (Coco) ඉහත කී ලැයිස්තුවේ පළමු තැන හිමිකර ගැනීම සම්බන්ධයෙන් චිත්‍රපට විචාරක කෙවින් ලී (Kevin Lee) පුදුම නොවීය.

    ”මම එම චිත්‍රපටයට වශී වුනා. හැම දර්ශන වාරයකදීම එය වැඩි වැඩියෙන් රස විඳින්න හැකිවුනා,” කෙවින් BBC News වැඩසටහනට පැවසීය.

    ‘ඔබේ සිහිනය ලුහු බඳින්න’ යන හුරුපුරුදු පණිවුඩය ‘Coco’ චිත්‍රපටයෙන් දෙනවා. ඒවගේම, ඔබ සතු උරුමය තේරුම් ගන්න – එය ඔබේ ජීවිතයේ සැකැස්ම කෙරෙහි බලපාන්නේ කොහොමද?- එය තවදුරටත් ගතික සහ ප්‍රගතිශීලී වන අතරවාරයේ සංස්කෘතික පරිණාමය සහ එහි ගෞරවයට හේතුවෙන ආකාරයත් එමගින් පෙන්නුම් කෙරෙනවා.

    “ඒ වගේම මේ කතාව හරිම සංවේදීයි. චරිත සමග යම්කිසි නෑකමක් දැනෙනවා. මට හිතෙන හැටියට ඒ කරුණු තමයි මේ චිත්‍රපටය රසිකයන් බොහෝ දෙනෙකුගේ සිත් ඇදගැනීමට හේතුව,” එය කෙවින්ගේ නිගමනයයි.

    නතාලි නම් සිනමා රසිකාව කෙවින්ගේ ‘ට්විටර්’ පණිවුඩයට ප්‍රතිචාරය දක්වමින් මෙසේ ලියා එව්වාය.

    “ඇත්තෙන්ම මගේ තේරීම ‘Coco’. මම සිනමා ශාලාවට ගොස් පස් වතාවක්ම එය බැලුවා. කවුද දන්නේ – කී සැරයක් රූපවාහිනියෙන් බලල ඇද්ද කියල. ‘Coco’ මගේ හදවතට සහ ඔළුවට කතා කරන චිත්‍රපටයක්.”

    එහෙත් Ya – Ya – Yaesa ගේ තේරීම වෙනත් සිනමා සිත්තමකි.

    “මගේ තේරීම Marley and me’ ළමයෙක් හැටියට මට සෙල්ලමින් ඉන්න බල්ලෙක් ඉන්න චිත්‍රපටයක් ඕන කළා. ඒක නරඹලා මට ඇඬුනා.”

    ‘Animation’ තාක්ෂණය යොදා ගනිමින් නිර්මාණය කරන ලද ඩිස්නි/ පික්සාර් (Disney/Pixar) නිර්මාණ තුනක් ඉහත කී වඩාත් ‘හැඟුම්බර’ චිත්‍රපට දහය අතර වෙති.’Toy Story 3′ සිනමා කෘතිය ‘අපේ පරම්පරාවේ වඩාත් දුක දැනෙන චිත්‍රපට වලින් එකක් හැටියට නම් කෙරෙද්දී, ‘අප්’ (Up) පරම්පරා කීපයක්ම මුසපත් කරන නිර්මාණයක් වී ඇත.

    සමස්තයක් ලෙස ගත්විට, දෙයාකාරයක සංවේදී කතා වස්තූන් රසිකයන්ගේ පිළිතුරු මගින් ඉස්මතු කෙරෙන බවත් කෙවින් පෙන්වා දෙයි.

    ඉන් එකක් වන්නේ, චරිතයක අභාවයක් මුල්කර ගනිමින් වැලපීමයි. එක්කෝ ඔවුන් එම චරිතයට දැඩි හැඟුම්බරව ආසක්තව වැඩුන හෙයින් එය හද කකියන සිදුවීමක් වීම හෝ එසේ නැත්නම්, තමන් බැඳුන චරිතයක් අහිමිවීමක් පිළිබඳ පෞද්ගලික කතන්දරයක් ඔවුන් අන්‍යයන් සමඟ බෙදාහදා ගැනීමක් විය හැක,” කෙවින් පවසයි.

    සිය මිත්තනිය මෑතදී මියගිය පසුව ‘කෝකෝ'(Coco) චිත්‍රපටය තමාට විශේෂයෙන් ම බල පෑ බව එක් රසිකයෙක් කෙවින්ට දැනුම් දී ඇත. ‘කෝකෝ'(Coco) චිත්‍රපටයේ මිත්තනිය එහි කේන්ද්‍රීය චරිතයක් වන අතර චිත්‍රපටයේ අතිශය සංවේදී භූමිකාවයි.

    දුක් කඳුළු සහ සතුටු කඳුළු

    “මම දැකපු අනිත් පොදු විශේෂ ලක්ෂණය සත්‍යය ඉතිහාසය පදනම් කර ගනිමින් නිර්මාණය කරන ලද සිනමා නිර්මාණ විශේෂයෙන්ම මානව ඉතිහාසයේ අන්ධකාර පරිච්ඡේද පසුබිම් කරගත් කතා මහජනයා විසින් වැලඳ ගනු ලැබීම,” කෙවින් ලී පවසයි.

    “මානව ඉතිහාසයේ අඳුරුම කාලවලට පිවිසුනාම මනුෂ්‍යත්වයේ අති පරිහානිය වගේම මනුෂ්‍යත්වයේ උත්තරීතර ගුණාංගත් අපට එකවර දකින්න ලැබෙනවා. ඉතින් අපට හරියටම සහතික නැහැ- අපි හෙළන්නේ දුක් කඳුළුද? සතුටු කඳුළුද? කියල.”

    රසිකයන් විසින් වැඩියෙන්ම තෝරාගනු ලැබ ඇති සෙසු චිත්‍රපට අතරට 1980 දශකයේ නිර්මාණ වන කාන්තා චරිත මුල්කරගත් ‘Terms of Endearment’, ‘Beaches’ සහ ‘Steel Magnolias’ පටන් 2019 Avengers: Endgame ඇතුළත් වෙයි.

    Terms of Endearment
    ,Terms of Endearment චිත්‍රපටය

    කොරෝනාවෛරසය නිසා දැනට බල පැවැත්වෙන ‘ලොක්ඩවුන්’ කිරීම තමා විසින් පළ කරන ලද ‘ට්විටර්’ පණිවුඩය ඉහත සඳහන් කරන ලද තරම් සමාජගත වීමට එක්තරා හේතුවක් වන්නට ඇත යන්න කෙවින්ගේ විශ්වාසයයි.

    ඔහු මෙසේ ප්‍රතිචාරය පළ කරයි.

    ”මගේ එකම න්‍යාය වන්නේ,මේ මොහොතේ කාගේත් නිශ්චිත හැඟීම කුමක්ද කියන කාරණය විමසා බැලීම.”

    ”ඔක්කෝම වගේ දැන් ජීවත්වන්නේ දැඩි හුදෙකලා තත්වයක.’ලොක්ඩවුන්’ වෙලා තනිව සිටින විට නොයෙක් කතන්දර එලියට එනවා.”

    කෙවින් මෙසේ පවසයි.

    ”සමහර විට මේ ‘හුයට ‘ (thread)අන් අය සමඟ සහ සම්බන්ධතාවක් ඇතිකර ගන්න අවශ්‍ය පුද්ගලයන් එක්වෙන්න ඉඩකඩ තියෙනව.දැන් පවතින තත්වය මගින් මහජනයාට ඔවුන්ගේ ඉතා ම පෞද්ගලික තොරතුරු විවෘත ලෙස හෙළිදරව් කරන්න පරිසරයක් නිර්මාණය කර තිබෙනවා.”

    Text copied by bbc sandesaya

  • රවීට ගැසූ මඩ ගැසූ මඩකරියන් ප්‍රසිද්ධියේ සමාව අයැදී.. සත්‍යය ජය ගනී..

    රවීට ගැසූ මඩ ගැසූ මඩකරියන් ප්‍රසිද්ධියේ සමාව අයැදී.. සත්‍යය ජය ගනී..

    ප්‍රධාන ධාරවේ මාධ්‍යයක් දේශපාලනඥයකු සම්බන්ධ ලිපියක් ගැන කණගාටුව පළකර නිවැරැදි කිරීමක් පළකරන්නේ කළාතුරකින්ය.

    ලිපියක් සම්බන්ධව කෙසේ වුවත් පුවතක් සම්බන්ධව නම් කොහෙත්ම අතර මැද සමාදාන තියාගන්න මධ්‍ය ආයතන කටයුතු කරන්නේ නැත.

    ඒ එවැන්නක් නිසා අදාළ පුවත සම්පාදනය කළ මාධ්‍යවේදියා මෙන්ම අදාළ මාධ්‍ය ආයතනයත් දැඩි දුෂ්කරතාවකට මුහුණ දෙන නිසාය. විශ්වසනීයභාවයේ සිට කරුණු කාරනා රැසක් එතැන ඇති බව අමුතුවෙන් කිවයුතු නැත. එසේම මීඩියා උණ සම්බන්ධ හීනමාන ද ඒ තුළ අඩු නැතුව පවතී.

    පසුබිම එසේ නිසා බැරිම, ගැලවීමක් නැතිම තැන මිස කණගාටුව පළකර සටහනක් තැබීම ඉතා කළාතුරකින් සිදුවන්නකි. විශේෂයෙන් විපක්ෂයේ දේශපාලනඥයකුට අදාළව කොහෙත්ම අපේක්ෂා කළ නොහැකි තත්ත්වයකි.

    නමුත් සිදුවූ වරදක් ගැන කණගාටුව ප්‍රකාශ කිරීම මාධ්‍ය ආචාර ධර්ම අනූව උසස් ක්‍රියාවක් බවත් මාධ්‍ය මහත්වරුන්ට මිස මහත්හොරුන්ට එසේ කිරීමට නොහැකි බවත් මෙහිදී අවධාරණය කළ යුතුව ඇත.

    කෙසේ වුවත් මේ සිදුව ඇත්තේ එවැන්නකි. ලංකාවේ ප්‍රධාන ධාරවේ මාධ්‍යක් හිටපු අමාත්‍ය රවී කරුණානායක වෙත තම පුවත සම්බන්ධව කණගාටුවට පළකර ඇත. පුවත පළවී ඇත්තේ 2020 පෙබරවාරි 28 ය. වඩාත් වැදගත් කරුණ වන්නේ පුවතට අදාළ සිදුවීමය. එය 2015 පෙබරවාරි මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධවය. එහිද ලංකාවේ සිටි අපකීර්තිමත් ජනාධිපති සිරිසේන පත්කළ ජනාධිපති කොමිසමේ වාර්තාව පදනම් කර ගනිමින් ය.

    රවීට ගහන්නේ ඇයි ?

    රවී කරුණානායක කියන්නේ ලේසි පහසු දේශපාලනඥයෙක් නොවේය. පසුගිය දශක දෙකක පමණ කාලය තුළ එජාපය ගේමක් ගැහුවා නම් ඒ පසුපස අනිවාර්යයෙන් රවී සිටියේය.

    සැබවින්ම රවී කියන්නේ ලලිත් – ගාමිණි සුසංයෝගය ආභාෂයෙන් හැදුණු වත්මන් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන‍‍‍‍‍‍යේ ඔස්තාර් කෙනෙකි. ආර්ථිකය ගැන ඕලාරික කතා කියන පිස්සු ආචාරියන්ට වඩා කාටත් තේරෙන සරල බසින් ආර්ථික කරුණු පැහැදිලි කිරීමේ නිපුනයෙකි. ප්‍රායෝගික දේශපාලන ජීවිතය සහ ජනතාව සංවේදී ආර්ථික පැතිතල ගැන රවී කරුණානායක සමග හැරෙන්නත් අමාරුය. එපමණක් නොව බොහෝ දේශපාලනඥයින්ට නැති , අහිමිකරගත් දෙයක් රවී සතුව සුරක්ෂිත ලෙස ඇත. ඒ ආදරණීය පවුල් ජීවිතයක් ය.

    කවුරුත් නොදන්නවාට රවීගේ දේශපාලන හතුරන් දරාගත නොහැකි ඊර්ෂ්‍යාවකින් පෙළෙන්නේ ඒ ගැනය. මඩේ ඔබා ගලේ ගසා මැඩිය නොහැකි ප්‍රායෝගික දේශපාලනඥයෙක්, ආර්ථිකය සම්බන්ධව ප්‍රාමාණිකයෙක්, ආදරණීය සැමියෙක්, දරුවන්ට කට හැර තාත්තේ කිව හැකි චරිතවත් පියෙක්..ගැන පිසාචයන්, පිංපියන්, බඩගෝස්තරවාදීන්, බඩුකාරයන් අවුල්වීම සාධාරණය. මෙහි අසාධාරණයත් රවීට ය. ඒ ඔහු දෙස බලා අවුල් වූ අය අවුලේ සැබෑව සඟවා බොරු කෝටි ගනන් පැවසීමය.

    කොළඹ රවී !

    අනෙක් අතට රවී කරුණානායක දේශපාලනය කරන්නේ කොළඹය. කොළඹ දේශපාලනය කරන අති බහුතරයට පාතාලය නැතුව බැරිය. නමුත් රවීට කොළඹ දේශපාලනය කරන්න පාතාලය අවශ්‍ය නැත. ඒ රවී සතු අද්භූත බලයක් නිසා නොව ඔහුගේ ඇති මනුෂ්‍යත්වය නිසාය. කොටින්ම රවීගේ PR එක සමග හැරෙන්න හැකි දේශපාලනඥයකු වර්තමානයේ නැත. අන්න ඒ නිසා රවීට පාතාල අනවශ්‍ය අතර කොළඹ ඕන වැඩකට ඕන තරම් මිනිස්සු රවීට ඇත.

    රවී සද්ද නැතුව වැඩ !

    ඊට ආසන්න සාක්ෂිය කොවිඩ් 19 ඇඳිරි නීතිය අවස්ථාවේ රවී කළ නිහඬ සේවයය. ඇත්තටම කොළඹට පමණක් නොව දිස්ත්‍රික්ක ගණනාවක දුප්පත් ජනතාව වෙත වියළි සලාක සහ එළවළු මළු කීයක් බෙදුවාද රවී දන්නෙත් නැත. මේ බෙදන්නේ දියනියන් තිදෙනකු වෙත උරුම කරන්න ඇති දේපොළ බව රවී හිතන්නෙත් නැත. රවීට අවශ්‍ය අවස්ථාවේ හැටියට නැති කෙනාට හිත පිරෙන්න සැලකීමය. එහෙම බෙදුවා කියා රවී හිඳෙන්නේද නැත. ඒ “දෙන්නාට වැඩි වැඩියෙන් ලැබෙන” ලෝක නියාමය අනුවය. එහෙම රවීට පාතාලන් මොකටද ? ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍රවීගේ ඒ කැරැක්ටර් එක පැහැදිලිය. කිළුටු නැත. කොටින්ම රවී කොළඹ වතු ජනතාවගේ දුප්පත්කම දඩමීමා කරගෙන සොත්ථි උපාලිලා හදලා නැත. පාතාලයන් , මැරයන් අවශ්‍ය මිනිස්සු හම්බු නොකළ අයටය.

    කොළඹ දේශපාලනය කරන බහුතරයක් දේශපාලනඥයින් රවී සමග උඩින් මෙන්ම යටින් ඔරොප්පු සහ ඊර්ෂ්‍යාව ඒ නිසා බව දතයුතුය.

    රවීගේ සල්ලි !

    යමෙකුට මෙය රවීගේ සල්ලි කියා හිත හදාගන්න පුළුවන. නමුත් එය සියයට සියයක් නිවැරැදි නැත. රවී කියන්නේ ව්‍යාපාර කිහිපයක හිමිකරුවකු සහ වෘත්තීය ගණකාධිකාරිවරයෙකුය. ඒ හරහා රවී ඇති වෙන්න සල්ලි හම්බකර ඇත. ඒවා නීත්‍යානුකූල ඉපයීම් ය. ඒ හරහා ඇතිවෙන්න මුදල් හම්බකළ රවීට දේශපාලනයෙන් සල්ලි හොයන්න අවශ්‍ය නැත. එහෙත් රවීට අද ගහන්නේ දේශපාලනයෙන් සල්ලි හෙව්වා කියාය.

    එහෙත් ඇත්ත එය නොවේය. එය ඉතා පැහැදිලිව රවීගේ දේශපාලන ජීවිතය නැති කරන්න ගහපු මාස්ටර් ගේමක්ය. කෙටියෙන් කිවහොත් දේශපාලනඥයින් කරළියෙන් ඉවත් කරන වැඩ කිහිපයක් ඇත. එයින් ප්‍රධාන ශාරීරිකව ඉවත් කිරීම සහ ප්‍රතිරූපය විනාශ කිරීමය. මෙයින් රවීට එල්ලවූයේ සහ අදටත් එල්ලවෙමින් ඇත්තේ ප්‍රතිරූපය නැසීමය. ඒ බව සාක්ෂි සමග ඔප්පු කරන්න හැකි අතර ඒ ගැන වෙනම ලිවිය යුතුව ඇත.

    සිරිසේන සහ පුත්‍රයෝ !

    සැබවින්ම අතිබහුතරයක් දේශපාලනඥයින් පොහොසත් වන්නේ දේශපාලන බලය උපයෝගි කරගෙනය. එහෙත් රවී සල්ලි හම්බකළේ ව්‍යාපාර හරහා ය. සැබවින්ම රවී දේශපාලනයෙන් සල්ලි හම්බකරා නම් සිරිසේන පාලන සමයේ ඔහු බන්ධනාගාරයේ ය.

    ඒ තරමට හිටපු ජනාධිපති සිරිසේන රවී ගැන සෙව්වේය. ඔත්තු නිලධාරීන් යෙදවීය. අවස්ථා කිහිපයකම අත්අඩංගුවට ගැනීමට කුරුමානම් ඇල්ලීය. කොටින්ම කියනවා නම් 2015 දී ප්‍රජාතන්ත්‍රවාදයේ වීරයකු ලෙස පැමිණි හිටපු ජනාධිපති සිරිසේන අවසානයේ දැක්කත් හිනායන, අඩියක් තිබ්බත් අතක් ඉස්සුවත් උපහාසයට ලක්වෙන තරම් පිස්සෙක් මෙන් වූයේ රනිල්, රවී සහ කිහිපදෙනකුගේ ප්‍රායෝගික දේශපාලනයේ රහස හොයන්න ගිහින්ය.

    සැබවින්ම 2015 ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන කඳවුර 2019 ජනාධිපතිවරණය හමුවේ බිඳ වැටුණු ආකාරය ගැන විමසන සූක්ෂම විමර්ශනයකදී මේ කියන සියල්ල සත්‍ය බව තහවුරු වනු ඇත.

    එක් පසෙකින් රනිල්ලා, රවීලා කන බොන හඳින පළඳින කතා කරන ආකාරය දිරවා ගන්න හිටපු ජනාධිපති සිරිසේන ගේ උග්‍ර සහ අන්ත ග්‍රාම්‍ය හීනමානය ඉඩ දුන්නේ නැත. අනෙක් පසින් සිරිසේන වටේ සිටි සිරිකොතට ගල් ගැසූ පව්කාරයන්ගේ එජාප එරියස් එකය. සැබෑවට සිදුවූයේ උග්‍ර හීනමානයක් ඇති සිරිසේනගේ බලය ඉතා සූක්ෂම ලෙස එජාප බලය ඇල්ලීම වෙනුවෙන් සිරිකොතට ගල් ගැසූ පව්කාරයන් භාවිතා කිරීමය. ඒ තුළ රවීගේ දේශපාලන ප්‍රතිරූපය නැසීම පක්ෂ නායක රනිල් දේශපාලනයෙන් ඉවත් කිරීම තරම්ම එකට සිදුවිය යුතු බව ඉලක්ක වූ බව පැහැදිලිය.

    පට්ට කෙබර නිව්ස් වුණේ ඒ අනූවය. රවී කරුණානායක ගැන ගැසූ කෙබර නිව්ස් තරමට නඩු ගියා නම් තව ගොඩක් අයට Sorry කියන්න වෙන ඉඩ වැඩිය.

    එහෙත් අදටත් රවී මඩකරියන්ගේ ඉලක්කයක් වී ඇතුවා නොවේද ? විශේෂයෙන් අන් කවරදාකටත් වඩා එජාප පාක්ෂික හෘද සාක්ෂිය අවධි කළයුතු මොහොතක් ලෙස මේ මොහොත හඳුනාගෙන කටයුතු කළ යුතුව ඇත.

    රවී විශේෂ වන්නේ ඇයි?

    අපි සරල ප්‍රශ්නයක් අහන්නම්. රෙද්දේ තුත්තිරි පිරිච්ච දේශපාලන පත්තිනි අම්මලා රවීට කියන කතා , කරන චෝදනා පසෙක තියන්න. පාක්ෂික ඔබ ඉල්ලා සිටි මොන වැඩේද රවී නොකළේ කියන්න ? බලය ඇති කළ ඇමැති කෙනෙක් හමුවෙන්න කොච්චර අමාරුද ? ඒත් රවී ඇමතිතුමා හමුවෙන්න අමාරු වුණේ නෑ නේද ? දහසක් බාධා මැද රස්සාවක් දෙන විට ආසනය හෙව්වේ නෑ නේද ? කැරැක්ටර් එකට ගහලා වට්ටන්න යන්නේ එහෙම PR එකක් තියෙන , බලය ඇති විට වගේම නැති විටත් පාක්ෂිකයන්ට සමීපව සිටින මනුස්සයට නේද ? පක්ෂය, නායකයා සහ පාක්ෂිකයන් දුෂ්කරතාවකට මුහුණදී සිටින සෑම අවස්ථාවකම එයින් ගොඩයන උපාය උපක්‍රම සැකසූ ඒ වෙනුවෙන් වෙහෙසුනු රවී රැකගැනීම පවක් ද ? නැත්නම් පව වන්නේ පක්ෂයත් පාක්ෂිකයත් නන්නත්තාර කරමින් බාහිර පිල්ළි හරහා පක්ෂය නටවන තැනට වැඩ කිරීමද ?


  • ඇත්තම කිව්වොත් අපිට මේක වෙනදාට වඩා ටිකක් අමාරු වෙයි – දිමුත්

    ඇත්තම කිව්වොත් අපිට මේක වෙනදාට වඩා ටිකක් අමාරු වෙයි – දිමුත්

    මාස 3 කට ආසන්න කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදුවීම නිසා නැවත පුහුණුවීම් ආරම්භ කිරීමේදී ක්‍රීඩකයින්ට යළිත් පුහුණුවීම්වලට අනුගත වීම තරමක් අසීරු කරුණක් වන බව පවසන ශ්‍රී ලංකා ටෙස්ට් සහ එක්දින නායක දිමුත් කරුණාරත්න සෞඛ්‍ය පුරුදු සමඟ කටයුතු කිරීමේදී එය වෙනදාටත් වඩා අසීරුවනු ඇති බව සඳහන් කර සිටියි.

    කෙසේ වෙතත් ඉදිරියේදී ක්‍රිකට් ක්‍රීඩාව කරගෙන යෑමට සිදුවන්නේ සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින් බැවින්, ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන පුහුණු වැඩසටහන හොඳ අඩිතාලමක් වන බවද සඳහන් කර සිටියි.

    දැඩි සෞඛ්‍ය නීති රීති සහ කොන්දේසි මත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මාර්ගෝපදේශන මැද ශ්‍රී ලංකා කණ්ඩාය සති 2 ක නේවාසික පුහුණු කඳවුරට අද (ජුනි 01) සහභාගිවිය. මේ සඳහා වේග පන්දු යවන්නන් 6 දෙනෙකු ඇතුළු 13 දෙනෙකුගෙන් සමන්විත ක්‍රීඩකයින් පිරිසක් සහභාගිවී සිටිති. සමාජ දුරස්ථ භාවය ඇතුළු ක්‍රීඩාව කරගෙන යෑමේදී අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග පිළිබඳව ක්‍රීඩා වෛද්‍ය විද්‍යායතන, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ සෞඛ්‍ය අමාත්‍යෘංශ නිලධාරී නිලධාරිණියන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණු දැනුවත් කිරීමකින් පසු මෙම පුහුණු වැඩසටහන ආරම්භ කෙරුණු අතර සවස් යාමයේ කණ්ඩායම නේවාසිකව සිටින හෝටලයේදී ශාරීරික යෝග්‍යතා පුහුණුවීම් වල නිරත වීමට නියමිතව තිබිණ. 

    “ඇත්තටම අපි අද දවසේදී සෞඛ්‍ය අනුගමනය කළ යුතු සෞඛ්‍ය පුරුදු ගණනාවක්ම පිළිබඳව දැනුවත් වුණා. ඒ වැඩසටහන මෙහෙයවපු පිරිස ඉතා හොඳින් අපිට ඒ දේවල් කියලා දුන්නා. ඇත්තම කිව්වොත් අපිට මේක වෙනදාට වඩා ටිකක් අමාරු වෙයි. විශේෂයෙන්ම සෞඛ්‍ය පුරුදුත් එක්ක ක්‍රීඩාව කරගෙන යෑමේදී. නමුත් අපිට ඉදිරියට ක්‍රීඩාව කරගෙන යන්න වෙන්නේ මේ සෞඛ්‍ය පුරුදුත් එක්ක. ඒකට මේ වැඩසටහන හොඳ අඩිතාලමක් වෙනවා. ඒ නිසා එවැනි වැඩසටහනකට අපිව නැඹුරු කරවපු එක ගැන ක්‍රිකට් ආයතනයට ස්තූතිවන්ත වෙනවා”යි ශ්‍රී ලංකා නායකයා පවසා සිටියේය.

    “මේ පුරුදු අතර මීටරේ පරතරය වැදගත්. නමුත් කණ්ඩායම් ක්‍රීඩාවකදි ඒ වගේ දෙයක් පවත්වාගෙන යන්න ගොඩක් අමාරුයි. නමුත් ඒ වටත් හරියන විදියට පියවර කීපයක් තියෙනවා. ඊට අමතරව, විෂබීජය පැතිරෙන්න පුලුවන් විදිහවල්, ඒ වලින් බේරෙන්න කොහොමද කියන එක තමයි ගොඩක්ම එයාලා කියලා දුන්නේ. ගොඩක් වෙලාවට අපි පාවිච්චි කරන ඇඳුම්, තුවාය වගේම පන්දුව පරිහරණය කරන විදියට, ක්‍රීඩා උපකරණ, හෝටලේදී කොහොමද පිට්ටනියෙද් කොහොමද ඉන්න ඕන, උණ පරීක්ෂා කරන එක. වගේම පී. සී. ආර්. පරික්ෂාව ගැනත් එයාලා මේ වැඩසටහනේදී අපිව දැනුවත් කළා. ඒ වගේම පිහිණුම් තටාකය පාවිච්චි කරන විදය වගේම ජිම් එකේ කොහොමද කළ යුත්තේ ගැනත් කිව්වා. ඒ දේවල් ටිකක් අමාරු වෙයි මුලින්. නමුත් කණ්ඩායමේ අය ඒවට ඉක්මනින්ම පුරුදු වෙයි”. 

    ටෙස්ට් තරග 2 කට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටි එංගලන්ත කණ්ඩායම මාර්තු 13 වැනිදා තරගාවලිය අතහැර දමා සිය රට වෙත යන විටත් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පුහුණුවීම් වල නිරත වූ නමුත් අනතුරුව අද වන තෙක්ම සිය පුහුණු සැසි සියල්ලම නවතා දැමීමට සිදුවිය. එහෙත් ක්‍රීඩකයෝ සිය පෞද්ගලික මට්ටමින් සිය ක්‍රියාකාරකම් තම නිවෙස් වල සිට සිදු කළහ. 

    එම කාලය පිළිබඳවද දිමුත් අදහස් පළ කර සිටියේය. “ඇත්තටම ඒ කාලෙදි අපි එදිනෙදා සිදුකරගෙන යන පුහුණු කටයුතු වලට අමතරව එක එක දේවල් වලට නැඹ්රු වුණා. ක්‍රිකට් ක්‍රීඩකයෝ විදියට අපිට ගෙදර වෙලා ඉන්න තියෙන කාලය ගොඩක් අඩුයි. විශේෂයෙන්ම අම්මලා තාත්තාලා එක්ක සතුටින් ජීවත් වෙන්න, එකට කෑමක් වේලක් ගන්න. ඔවුන්ගේ අඩුපාඩු සොයලා බලන්න. ඒ වගේම මගේ සුරතලත් එක්ක ඉන්න. පෞද්ගලිකවම මම ගත්තොත් ගොඩක් වෙලාවට ගෙදර තීන්ත ගෑවා. පැල සිටෙව්වා. ඒ වගේම අනිත් අයත් විවිධ වෙන්න ඇති” යනුවෙනි. 

    මෙම අදහස් දැක්වීම අතතුරදී දිමුත් තවත් විශේෂ දෙයක් සඳහන් කර සිටියේය. “අපි විතරක් නොවෙයි. ලෝකේ හැම කණ්ඩායමක්ම මේ තත්ත්වයට මුහුණ පාල ඉන්නවා. හැමෝම දැන් ඉන්නේ බිංදුවේ. අපිට දැන් අවස්ථාවක් ලැබිලා තියෙනවා ඔවුන් සමඟම නැගිටින්න. බැලුවොත් වෛරස් එකට කළින්,  හිටපු තැනත් එක්ක බලද්දී අපි රටවක් කීපයක් අතුරින් පහළ හිටියේ. නමුත් මේ අවස්ථාවේදී අපේ ශාරීරික යෝග්‍යතාවය ඇතුළු සියළුම අංශ පිළිබඳව වෙනදට වඩා වැඩියෙන් කරන්න උත්සාහ ගත්තොත් අපිට පුලුවන් අනිත් කණ්ඩායම් වලට වඩා ගොඩක් උඩින් ඉන්න. මං හිතනවා මේක හොද අවස්ථාවක් නැවතත් කණ්ඩායමක් විදියට ගොඩනැඟෙන්න. අපි ඒකයි ගොඩක් මහන්සි වෙන්නේ. මිකී ආතර්ටත් ඕන ඒකයි. අපි මේ පුහුණු සැසියෙදි සීයට සීයක් නොවෙයි සීයට දෙසීයක් දෙන්න බලාපොරොත්තු වෙනවා”යි සඳහන් කළේය. 

  • බ්‍රහස්පතින්දා (04) රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

    බ්‍රහස්පතින්දා (04) රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

    ජූනි මස 04 වැනි බ්‍රහස්පතින්දා මුළු දිවයිනටම බලපාන පරිදි ඇදිරි නීතිය ක්‍රියාත්මක වන බැවින් එදින රජයේ කාර්යාල සදහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා නිවේදනය කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තව අද (02) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

  • විපක්ෂයට තිබූ අවසන් අවස්ථාවත් ඉවරයි – ඇමැති ප්‍රසන්න

    විපක්ෂයට තිබූ අවසන් අවස්ථාවත් ඉවරයි – ඇමැති ප්‍රසන්න

    මහ මැතිවරණය පැවැත්වීමට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කළ පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ගත් තීරණය මෙරට ජනතා පරමාධිපත්‍ය සුරැකීමක් බව කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා අවධාරණය කරන්නේ මෙමගින් මෙරට බහුතර ජනතාවගේ අපේක්ෂාවන් ඉටුවූ බවයි. විපක්ෂය විසින් මැතිවරණය කල් දමන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරපත් කර තිබු පෙත්සම් සලකා විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරිමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණ භුමියේ දි මාධ්‍යවේදීන් අමතමින් ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව සදහන් කළේය.

    එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඇමතිවරයා මෙසේද කිවේය.

    ‘‘මං හිතනවා මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය අයිතිය රකින තීන්දුවක් තමයි අද දුන්නේ. අපි ඒ පිළිබද ව පක්ෂයක් හැටියට සංතෝෂ වෙනවා. මොකද පහුගිය කාල සීමාවේදී මේ විපක්ෂය හැමදාම ඡන්දය ඉල්ලන්න ඕන කණ්ඩායම ඡන්දය කල් දාන්න නොයෙකුත් උපක්‍රම, උප්පරවැට්ටි පාවිච්චි කළා. කොරෝනා එක පාවිච්චි කරලා ජනතාවගේ ආරක්ෂාව නැති බව කියන්න පටන් ගත්තා.

    නමුත් මැතිවරණය පිළිබදව අපි පැහැදිලිව කියන්න ඕනේ ඒ අයට ඕන වුණේ ඒ ගොල්ලන්ගේ බෙදීම තුළ, පක්ෂ බෙදීම තුළ ඒ අය දන්නවා මැතිවරණයේ අන්ත පරාජයක් ලබනවා. ඒක වහගන්න මැතිවරණ කොමිසම පාවිච්චි කරලා ඒ ගොල්ලෝ නඩුදාලා උසාවිය හරහා ඒ ගොල්ලන්ගේ තීන්දුව ගන්න හැදුවා. නමුත් මම අද විශ්වාස කරනවා අද විපක්ෂයටම  තීන්දුව ලැබිලා තියෙනවා.

    මැතිවරණ කොමිසමේ වගකීම තමයි ඒ අයට මේ වෙලාවේ බලය පවරලා තියෙන්නේ මැතිවරණයක් තියන්න. නැතුව මැතිවරණ කල් දාන්න නෙමේ. ඒ නිසා ඉතා ඉක්මණින් කෙටි කාලයක් තුළ මේ රටේ ජනතාවගේ අයිතිය සුරකින්න ඕනේ. ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය රකින්න ඕනේ. ස්ථාවර රජයක් පිහිටවන්න ඕනේ. රටේ දේශපාලන ස්ථාවරය ගොඩනගන්න ඕනේ. එතකොට තමයි රටක් හැටියට අපිට නැගිටින්න පුළුවන් වෙන්නේ. මේ ව්‍යසනයෙන් ගොඩ එන්න මේක ඉතාම වැදගත් වෙනවා.“

  • මහ මැතිවරණ දිනයට එරෙහි පෙත්සම් සියල්ලම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කෙරේ

    මහ මැතිවරණ දිනයට එරෙහි පෙත්සම් සියල්ලම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කෙරේ

    ජුනි මස 20 වැනිදා මහ මැතිවරණය පැවැත්වීම සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලමින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් වල නීතිමය පදනමක් නොමැති බව සදහන් කරමින් ඒවා විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද (02) සවස තීන්දු කළහ.

    අගවිනිසුරු  ජයන්ත ජයසූරිය,  බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ,  ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.

    නීතීඥ චරිත ගුණරත්න , රාවය හිටපු කර්තෘ වික්ටර් අයිවන් මහතා ඇතුළු හත් දෙනෙක්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂක ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු , සමගි ජන බලවේගයේ මහලේකම් හා හිටපු අමාත්‍ය  රංජිත් මද්දුමබණ්ඩාර , ජාතික හෙළ උරුමයේ නායක හා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ නව ලංකා නිදහස් පක්ෂයේ නායක හා හිටපු අමාත්‍ය  කුමාර වෙල්ගම යන් මහත්වරුන්  ඇතුළු පිරිසක් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබිණි.

    මෙම පෙත්සම් වල  වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම, එහි සභාපති මහින්ද දේශප්‍රිය ඇතුළු  සාමාජිකයින් වන  ජනාධිපති නීතිඥ එන්.ජේ. අබේසේකර, මහාචාර්ය රත්නජීවන් හූල් , ජනාධිපති  ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජා සිංහ සහ නීතිපති නම් කරනු ලැබ තිබුණි.

    එසේම මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට එරෙහිව, නියමිත පරිදි මැතිවරණය පවත්වන්නැයි ඉල්ලා පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, අචාර්ය ගුණදාස අමරසේකර, නීතීඥ ප්‍රේම්නාත් සී.දොළවත්ත, මහාචාර්ය සුදන්ත ලියනගේ, සම්පත් මෙරිඤ්ඤගේ ඇතුළු පිරිසක්ද අතරමැදි පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබිණි.

    ජුනි මස 20 වැනිදා පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කොට එය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන  ලෙස පෙත්සම්කරුවන් සිය පෙත්සම් වලින් ඉල්ලා තිබිණි.

    මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ජාතික වැදගත්කමින් යුතු වන බැවින් මෙම පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බලන්නැයි පෙත්සම්කාර පාර්ශ්ව කළ ඉල්ලීම සලකා බලමින් මෙම පෙත්සම් සලකා බැලීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කිරීමට මැයි 14 වැනිදා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා තීරණය කළේය.

    දින 10 ක් පුරා පෙත්සම්කාර හා වගඋත්තරකාර පාර්ශ්වවල කරුණු දැක්වීම් ඊයේ (01) අවසන් කළ පංච පුද්ගල විනිසුරු මඩුල්ල මෙම පෙත්සම් විභාගයට අවසර  දෙනවාද  නැත්ද යන්න පිළිබඳ තීන්දුව අද සවස 03.00ට ප්‍රකාශයට පත් කරනු ලබන බව ඊයේ (01) දින දැනුම් දෙන ලදි.

    කොරෝනා රෝග ව්‍යාප්තිය තුළ ජූනි 20 වැනිදා මහමැතිවරණයක් කැඳවා ඇති බව තමන්ට දැන ගන්නට ලැබූ බවත් ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විසින් ඉකුත්දා 2072/3 දරණ අති විශේෂ ගැසට් නිවේදනයක්ද නිකුත් කරනු ලැබ ඇති බවද පෙත්සම්කරුවෝ සිය පෙත්සම් වලින් කියා සිටිති. 

    පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කළ  දිනයේ සිට  මාස තුනක් තුළ නව පාර්ලිමේන්තුව සඳහා  මැතිවරණය  පැවැත්විය යුතු අතර එසේ  නොකිරීම  නීතිවිරෝධී  බව ද   එමගින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය  වන බව ද එබැවින්  මෙම මැතිවරණය ජූනි මාසයේ  පැවැත්වීමට අදාළ ව නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන ලෙසද ඉල්ලා තිබිණි.

    මහ මැතිවරණය ලබන ජුනි 20 වැනිදා  පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට් නිවේදනය බලරහිත කරන්නැයි ඉල්ලා ගොනු  කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් වලට එරෙහිව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික විරෝධතාවයන් තුනක් ගොනු කර තිබුණේය.

    නීතිපතිවරයා ගොනුකළ පෙත්සම් මගින් මෙම පෙත්සම් කාලාවරෝධී බවත් ඇතැම් පෙත්සම් වල අත්‍යවශ්‍ය පාර්ශවකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපති නම් නොකිරීම සහ ඉල්ලා සිටින සහනයන් ප්‍රදානය කිරීම සදහා පෙත්සම පවත්වාගෙන යා නොහැකි බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේමුණි ද සිල්වා මහත්මිය පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සිය මූලික වි⁣රෝධතා ඉදිරිපත් කියා සිටියාය.

    එසේම පෙත්සම් හි වගඋත්තරකරුවකු වන ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතාද මූලික විරෝධතා දෙකක් ඉදිරිපත් කරමින් අධිකරණය හමුවේ කියා සිටියේ මෙම පෙත්සම් කරුණු වසන් කරමින් අධිකරණය හමුවේ ගොනු වී ඇති බවත්, එසේම එම පෙත්සම් නීතියට පටහැනි ලෙස ගොනු කෙරී ඇති බවත්ය‍.

    මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබූ පසු රට පුරා ප්‍රදේශ රැසක ජනතාව රතිඤ්ඤා පත්තු කරමින් සිය සතුට ප්‍රකාශ කිරීම විශේෂත්වයකි.

  • දීර්ඝායුෂ සමග සෞඛ්‍ය සම්පන්න ජීවිතයක රහස හෙළි වෙයි !

    දීර්ඝායුෂ සමග සෞඛ්‍ය සම්පන්න ජීවිතයක රහස හෙළි වෙයි !

    ජීවිතයට වසර ගණනක් එකතු කරනවාට වඩා, වසර ගණනාවකට ජීවිතය සැබවින්ම එකතු කළ හැකිය‘ ජොන් එෆ් කෙනෙඩි

    සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සහ ආහාර අනුභය සම්බන්ධයෙන් බෞද්ධ සාහිත්‍යයේ වගේම ගැමිවහර තුළත් බොහෝ සාධනීය කතා තිබෙනවා. ප්‍රකට උදාහරණය තමයි කොසොල් රජුට බුදුන් වහන්සේ දුන් අවවාදය. ඒ වගේම කවුරුත් දන්න උදේට රජෙක් වගේ කන්න. දවල්ට සිටුවරයෙක් වගේ කන්න සහ රෑට හිගන්නෙක් වගේ කන්න කතා අපි අහලා තිබෙනවා.

    මේ සියලු කතා දැනගෙන සිටියත් ‘මාළුවා නහින්නේ කට නිසා‘ කියලා කිව්වා වාගේ අපිට වැළදෙන බොහොමයක් ලෙඩ වලට මුල ‘කට‘ ඒ නිසා ජීවිතය කෙටි කර ගන්නවා.

    මේ ලිපිය මගින් අවධානය යොමු කරන්නෙත් ඔබ දන්නවාය කියන කරුණ ගැන. ඒත් මේවා විද්‍යාත්මක පර්යේෂණ මගින් තහවුරු කරගත් දැනුම. ඒ නිසා අපි ඒ ගැනත් දැනුවත් වෙමු.

    ඔබ පරිභෝජනය කරන දෛනික කැලරි ස්ථීර ලෙස කපා හැරීම ඔබේ අනාගත ජීවිතයට ප්‍රබල බලපෑමක් ඇති කරන බව සමහර පාරිභෝජන විද්‍යාත්මක අධ්‍යයන්ට අනුව සොයා ගෙන තිබෙනවා.

    අනාගතයේ දී එතරම් ඈත නොවන කාලයක පිරිමියෙකු සහ කාන්තාවක ඔවුන් හමුවූ පළමු දිනයේම අවහන්හලක වාඩි වී සිටිනවා. මෙම පිරිමියාගේ වසය අවුරුදු 33 ක් වන අතර ඔහු තවමත් තනිකඩයෙක්. ඒත් විවාහ වී දරුවන් බිහිකර සාර්ථක ජීවිතයක් ගත කිරීමට ඔහු සැලසුම් කරමින් සිටිනවා… සිහින දකිනවා.

    ඔබට යම් පුදුමයක් ඇති වුණත් ඔහු සමග සිටින කාන්තාවගේ වයස නම් අවුරුදු 52යි. ඇය දික්කසාද වී ඇති අතර ඇයට වයස අවුරුදු 20 ඉක්මවූ දරුවන් ද සිටිනවා.

    ඔහුට කිසිම අදහසක් නොතිබුණි. ඇයගේ වයස ගැන ඔහුට කිසිම අදහසක් නොවීය. එය හදුනා ගැනීමට ඔහුට නොහැකිය. එහෙත් ඇය තමාට වඩා තරුණ බව පමණක් ඔහුට වැටහී තිබුණා.

    ‘ඔබ මට වඩා බොහොම තරුණයි‘ ඔහු පැවසුවේය.

    මේ දකින්නේ එක්සත් ජනපදයේ වයස්ගත වීම පිළිබඳ ජාතික ආයතනයේ ( National Institute on Ageing (NIA) ජුලී මැටිසන්ගේ (Julie Mattison) සිහිනයකි. සෑම වසරකම කාලානුක්‍රමික යුගය ආරම්භ වන කාලයක් ඇය අපේක්ෂා කරයි. නමුත් ජීව විද්‍යාත්මක වයස වෙනස් කාලරාමුවකට සැකසිය හැකියි. එහිදී වැඩිහිටියන් එය දැන් කරන්නේ කුමක්ද යන්න අදහස් නොකරයි.

    එය දුරදිග නොබලා කටයුතු කරන බවක් පෙනෙන්නට තිබුණත්, අපේ සමාජය මේ වන විටත් එම ඉලක්කය කරා වේගයෙන් ගමන් කරන බවක් පෙනෙන්ට ඇත.

    නිදසුනක් වශයෙන්, 2014 දී එක්සත් ජනපද සෞඛ්‍ය සම්මුඛ පරීක්ෂණ සමීක්ෂණය (United States Health Interview Survey)  වාර්තා කළේ වයස අවුරුදු 50 ත් 64 ත් අතර පුද්ගලයින්ගෙන් 16% ක් දිනපතා නිදන්ගත රෝගවලින් පෙළෙන බවයි. දශක තුනකට පෙර එම සංඛ්‍යාව 23% කි. ඒ අනුව වත්මන් තත්ත්වය පැහැදිලිවම ‘කැපී පෙනෙන‘ වර්ධනයකි. වෙනත් වචන වලින් කිවහොත්, දීර්ඝායුෂ වලින් ප්‍රතිලාභ ලැබීම මෙන්ම, අපි දිගු “සෞඛ්‍ය අවකාශයන්” ද අත්විඳිමින් සිටිමු.

    දෙවැන්න ඊටත් වඩා සුහදශීලී බව ඔප්පු කරයි. 1961 දී වයස්ගත වීම පිළිබඳ පළමු ධවල මන්දිර සමුළුවේදී (first White House Conference on Ageing in 1961) ජෝන් එෆ් කෙනඩි විසින් අපූරු ප්‍රකාශයක් කළේය.

    ‘ජීවිතයට වසර ගණනක් එකතු කරනවාට වඩා, වසර ගණනාවකට ජීවිතය සැබවින්ම එකතු කළ හැකිය‘ ජොන් එෆ් කෙනෙඩි ජනපතිවරයා කීවේය.

    ඉතින්, අපගේ ජීවිතයේ දිග හා ගුණාත්මකභාවය ඊටත් වඩා වැඩි කිරීමට අප කළ යුත්තේ කුමක්ද?  ඒ සදහා ලොව පුරා පර්යේෂකයන්  විවිධ අදහස් ඉදිරිපත් කරයි. නමුත් මැටිසන් සහ ඇගේ සගයන් සඳහා, පිළිතුර ‘ආහාරයේ සරල වෙනසක් simple change in diet‘ වේ. 

    වඩා හොඳ මහලු විය සඳහා යතුර “කැලරි සීමා කිරීම calorie restriction” යනුවෙන් හැඳින්වෙන ප්‍රවේශයක් හරහා අපගේ පිගාන මත ඇති ආහාර ප්‍රමාණය අඩු කිරීම බව ඔවුන් විශ්වාස කරයි.  මෙම ආහාරය වරින් වර මේද ආහාර කපා හැරීමට වඩා ඉදිරියට යයි. එය ක්‍රමානුකූලව හා ප්‍රවේශමෙන් කොටස් ප්‍රමාණය ස්ථීර ලෙස අඩු කිරීම ය. 

    අධික කැලරි සහිත ආහාර අද වළක්වා ගැනීමට අපහසු විය හැකිය (ණය: ගෙටි රූප)

    1935 දී පමණ බොහෝ කාලයකට පෙර කරන ලද පර්යේෂණයකින් දිනකට පරිභෝජනය කරන ආහාර ප්‍රමාණයෙන් 30% ක අඩුවීමක් පණුවන්, මැස්සන්, මීයන්, මීයන් සහ වඳුරන්ගේ දීර්ඝ, ක්‍රියාශීලී ජීවිත සමඟ සම්බන්ධ වී ඇති බව මේ වන විට හදුනාගෙන ඇත. සත්ව රාජධානිය පුරා පවතින පොදු තත්ත්වයකි. වෙනත් වචන වලින් කිවහොත්, කැලරි සීමා කිරීම ජීවිතයේ විනාශයට හොඳම පිළියම බව ඔප්පු කර ඇත. එය මිනිසුන්ගෙන් ද වෙනස් වීමට ඉඩක් නැත.ස්වභාව ධර්මයාට අපි සියලු දෙනා ‘සතුන්‘ මිස සුවිශේෂ සත්ව කොටසක් නොවේ.

    අධික කැලරි සහිත ආහාර අනුභවය වර්තමානය පාලනය කළ නොහැකි තරම් දුර ගොස් ඇත. ව්‍යාපාරිකයින් ඒ වෙනුවෙන් අවස්ථාවක් ද ලබා නොදෙනු ඇත.

    ‘පුද්ගලයෙකු අනුභව කරන දෙය ඔවුන්ගේ සෞඛ්‍යයට බලපෑම් කරයි‘ යන අදහස අද පමණක් නොව ඓතිහාසික වශයෙන් ද පැවත එන්නකි. එහෙත්, ඕනෑම විද්‍යාත්මක විනයකට බොහෝ විට සිදු වන පරිදි, පළමු සවිස්තරාත්මක වාර්තා පැමිණෙන්නේ පුරාණ ග්‍රීසියෙනි. (බුදුන් වහන්සේ කොසොල් රජුට දුන් උපදේශය ගැන බටහිර වාර්තාකරුවන් නොදැන සිටින බවක් නිරීක්ෂණය වේ – සංස්කාරක)

    රෝග ස්වාභාවික යැයි පවසන සහ අද්භූත නොවන බව පැවසූ පළමු වෛද්‍යවරුන්ගෙන් කෙනෙකු වන හිපොක්‍රටීස්, බොහෝ රෝග කෑදරකම සමඟ සම්බන්ධ වී ඇති බව නිරීක්ෂණය කළේය. ඔහුට අනුව තරබාරු ග්‍රීකයින්ට වඩා සිහින් ග්‍රීකවරු වඩා තරුණ වියේ පසු වූහ.

    නූතන වෛද්‍ය විද්‍යාවේ කේන්ද්‍රස්ථානයෙන් පැතිරී ඇති මෙම අදහස් සියවස් ගණනාවක් පුරා සම්මත කර ගන්නා ලදී. 

    15 වන ශතවර්ෂයේ අවසානයේදී, ඉතාලියේ වැනීසියට ආසන්නයේ පිහිටි කුඩා ගම්මානයක සිටි වංශාධිපතියෙකු වූ ඇල්විස් කෝර්නාරෝ (Alvise Cornaro) එම දැනුම තමා වෙතටම යොමුකර ගත්තේය.

    ආහාර ගැනීම හානිකර නම්, ආහාරමය තපස්වීම ප්‍රයෝජනවත් වේද? වයස අවුරුදු 40 ක් වූ කෝර්නාරෝ දිනකට ආහාර ග්‍රෑම් 350 ක් (12oz) පමණක් ආහාරයට ගත් අතර එය මෑත ඇස්තමේන්තු අනුව දළ වශයෙන් කැලරි 1000 ක් පමණ වේ. ඔහු පාන්, පැනටෙලා හෝ සුප් සහ බිත්තර කෑවේය. මස් සඳහා ඔහු එළු මස්, හරක් මස්, පාර්ට්‍රිජ්, කුකුළු මස් තෝරා ගත්තේය. ඔහු ගංගාවලින් අල්ලා ගත් මාළු මිලදී ගෙන ආහාරයට ගත්තේය.

    එතැන් සිට (වසර 40කට වඩා වැඩි කාලයකට පසු) මිය යන තුරුම තමා “පරිපූර්ණ සෞඛ්‍යයක් perfect health” ලබා ඇති බව කොනාරෝ කියා සිටියේය. තමා 98 වන වියට පා තැබූ බව පවසමින් ඔහු තමාගේ උපන්දිනය වෙනස් කළද, ඔහු මිය යන විට ඔහුගේ වයස අවුරුදු 84 ක් පමණ යැයි සිතේ. එය 16 වන සියවසේ දී තවමත් කැපී පෙනෙන කාර්යයකි.  

    1591 දී ඔහුගේ මරණින් පසු ඔහුගේ මුණපුරා වෙළුම් තුනකින් යුත් “සන්සුන් ජීවිතය පිළිබඳ කතිකාවන්‘ ( Discourses on the Sober Life) යන මාතෘකාව යටතේ කෝර්නාරෝගේ ජීවිත කතාව ප්‍රකාශයට පත් කළේය. ආහාර සීමා කිරීම ප්‍රධාන ධාරාවට තල්ලු කිරීම සහ වයසට යෑම නැවත අර්ථ දැක්වීමක් එමගින් ලැබුණේය.

    ජීවිතයේ සන්ධ්‍යාව දක්වා සෞඛ්‍යය අතිරේකව ඉහළ නැංවීමත් සමඟ වැඩිහිටියන්ට ඔවුන්ගේ මානසික හැකියාවන් පූර්ණ ලෙස හිමිව ඇති අතර, දශක ගණනාවක රැස් කළ දැනුම හොඳ භාවිතයට ගෙන ඒමට හැකි වනු ඇතැයි කර්නාරෝ කියා සිටියේය. 

    දීර්ඝායුෂ අත්හදා බැලීම්

    කෝර්නාරෝ සිත්ගන්නාසුළු මිනිසෙකු වූ නමුත් ඔහුගේ සොයාගැනීම් විද්‍යාවේ කිසිදු අංශයකින් සත්‍ය ලෙස ගත යුතු නොවේ. ඔහු සිය වචනයට අවනත වූවත්, අඩ සියවසකට ආසන්න කාලයක් තිස්සේ අසනීපයෙන් නොපෙළුණත්, එය කළ නොහැක්කක් මෙන් පෙනෙන්නට තිබුණත්, ඔහු එක් අයෙකු පිළිබඳ සිද්ධි අධ්‍යයනයක් විය. සමස්තයක් වශයෙන් ඔහු මිනිසුන්ගේ නියෝජිතයා නොවේ.

    එය පැහැදිලිව පෙනෙන නමුත් ඔබේ ට්‍රොලිය තුළට දැමීමට ඔබ තෝරා ගන්නා දෙය ඔබගේ ජීවිතයේ දිග හා ගුණාත්මකභාවය කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කළ හැකිය (ණය: ගෙටි රූප)

    නමුත් 1935 දී සුදු මීයන් පිළිබඳ පදනම් අධ්‍යයනයකින් පසුව, 30-50% අතර ආහාර සීමා කිරීමකින් ආයු කාලය දීර්ඝ වන අතර වයස්ගත වූ ආබාධ හා රෝග වලින් මරණය ප්‍රමාද වන බව හදුනා ගෙන ඇත. එහෙත් ඇත්ත වශයෙන්ම, මීයෙකුට හෝ වෙනත් රසායනාගාර ජීවියෙකුට වැඩ කරන දේ මිනිසෙකුට වැඩ නොකරනු ඇත.

    එය පැහැදිලිව පෙනෙන නමුත් ඔබේ ට්‍රොලිය තුළට දැමීමට ඔබ තෝරා ගන්නා දෙය ඔබගේ ජීවිතයේ දිග හා ගුණාත්මකභාවය කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කළ හැකිය.

    වැඩිහිටිවියේ සිට මරණය දක්වා මිනිසුන් අනුගමනය කරන දිගුකාලීන අත්හදා බැලීම් ඉතා දුර්ලභ ය. 

    “දීර්ඝායුෂ පිළිබද මානව අධ්‍යයනයක් අරමුදල් සපයන පර්යේෂණ වැඩසටහනක් ලෙස මා දකින්නේ නැහැ” කියා මැටිසන් පවසයි. 

    “ඔබ අවුරුදු 40ක් හෝ 50ක් වයසැති මිනිසුන්ගෙන් එය ආරම්භ කළත්, ඔබ තවමත් අවුරුදු 40ක් හෝ 50ක් [අධ්‍යයන] දෙස බලයි. ව්‍යායාම, දුම්පානය, වෛද්‍ය ප්‍රතිකාර, මානසික යහපැවැත්ම වැනි බාහිර සාධක අපගේ සමාජීය හා සංස්කෘතික වශයෙන් සංකීර්ණ විශේෂයන්ට අත්හදා බැලීමට නොහැකි බව සහතික කරයි.

    1980 දශකයේ අග භාගයේදී, ස්වාධීන දිගුකාලීන අත්හදා බැලීම් දෙකක් (එකක් එන්.අයි.ඒ හි සහ අනෙක විස්කොන්සින් විශ්ව විද්‍යාලයේ) රීසස් වඳුරන්ගේ කැලරි සීමා කිරීම සහ වයස්ගත වීම අධ්‍යයනය කිරීම සඳහා පිහිටුවන ලදී. අපගේ ඩීඑන්ඒ වලින් 93% ක් මෙම ප්‍රයිමේටාවන් සමඟ බෙදා ගන්නවා පමණක් නොව, අපි වයස්ගත වන්නේ ද ඒ ආකාරයෙන්ම ය.

    සෙමෙන්, මැදි වියට ළං වූ පසු (රීසස් වඳුරන් තුළ අවුරුදු 15ක් පමණ) ඇස් ගිලී යාමට පටන් ගනී, සම සහ මාංශ පේශි හැකිලෙන්න පටන් ගනී. හිසකෙස් දුඹුරු සිට අළු පැහැයට හැරේ. සමානකම් ගැඹුරට යයි. මෙම ප්‍රයිමේටාවන් තුළ පිළිකා, දියවැඩියාව සහ හෘද රෝග ඇතිවීම වයස සමඟ සංඛ්‍යාතය හා බරපතලකම වැඩි කරයි. 

    විස්කොන්සින් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥ රොසලින් ඇන්ඩර්සන් පැවසුවේ “ඔවුන් වයස්ගත වීම හැදෑරීමට කදිම ආදර්ශයක්” බවයි. 

    විද්‍යාගාර පරීක්ෂණ තුළ තත්ත්වය (සියල්ල) පාලනය කිරීමට පහසුය. විස්කොන්සින් විශ්ව විද්‍යාලයේ වඳුරන් 76 දෙනෙකුගේ සහ එන්.අයි.ඒ හි 121 දෙනාගේ ආහාර වේල ඔවුන්ගේ වයස, බර සහ ස්වාභාවික ආහාර රුචිය අනුව සකස් කර ඇත. සියළුම වඳුරන්ට ඔවුන්ගේ ශරීර ආශා කරන පෝෂ්‍ය පදාර්ථ හා ඛනිජ ලවණවල පූර්ණ අනුපූරකය ලැබේ. වඳුරන්ගෙන් අඩක්, කැලරි සීමිත (හෝ CR) කණ්ඩායම, 30% අඩුවෙන් ආහාරයට ගනී.

    දැඩි, අඩු කැලරි සහිත ආහාරයක් ලබා දුන් රීසස් වඳුරන් වැඩි කාලයක් ජීවත් විය (ණය: ගෙටි රූප)

    NIA හි 43 හැවිරිදි ‘ෂර්මන්‘ නම් වඳුරා ගන්න. මැටිසන් පවසන්නේ 1987 දී සී.ආර්. ආහාර වේල ලබාදීම ආරම්භ කළ දා සිට (වයස අවුරුදු 16 සිට) ෂර්මන් තම විශේෂයේ හොඳින් ප්‍රකාශිත වන සාගින්න පිළිබඳ කිසිදු සංඥාවක් පෙන්නුම් කර නොමැති බවයි.

    අඩු කැලරි සහිත ආහාරයක් ලබා දුන් රීසස් වඳුරන් වැඩි කාලයක් ජීවත් විය

    ෂර්මන් මෙතෙක් වාර්තා වී ඇති වැඩිම කාලයක් ජීවත්වී ඇති රීසස් වඳුරා ය. නිදැල්ලේ සිටින විට ඔහුගේ විශේෂයේ සාමාන්‍ය ආයු කාලයට වඩා කූඩුකර සිටින ඔහු වසර 20ක් ජීවත්ව ඇත. තරුණ වඳුරන් රෝග වර්ධනය වෙමින් මිය යමින් සිටියදී, ඔහු වයසට යෑමෙන් නිදහස් බවක් පෙනෙන්නට තිබුණි. වසර 30 දී වුවත් ඔහු තුළ මහළු ස්වභාවයක් පෙනුනේ නැත.

    එන්.අයි.ඒ හි ඔහුගේ පර්යේෂණාත්මක භට පිරිස් සඳහා ද එය වෙනස් වේ. “අපට දියවැඩියාව වැළඳීමේ අවදානම අඩුයි. සීආර් කාණ්ඩවල පිළිකා ඇතිවීමේ අවදානම අඩුයි” කියා මැටිසන් පවසයි. 

    ඔවුන්ගේ සීආර් වඳුරන් තුළ කැපී පෙනෙන ලෙස තරුණ පෙනුමක් ඇතිවා පමණක් නොව ( අළු පැහැයට වඩා හිසකෙස්) සම්මත ආහාර වේලක් ලබා දුන් වඳුරන්ට වඩා, ඔවුන් සෞඛ්‍ය සම්පන්න විය. (ප්‍රතිකාර ලබාදීමක් සිදු නොවීය) ඇඩිනොකාර්සිනෝමා වැනි බඩවැලේ පිළිකා 50% කට වඩා අඩු විය. හෘද රෝග ඇතිවීමේ අවදානමද ඒ හා සමානව අඩකින් අඩුවිය.

    වඳුරන්ට දියවැඩියාව වැළඳී ඇති අතර දියවැඩියා රෝගයට පෙර බවට සංඥා පහක් පෙන්නුම් කළද, රුධිරයේ ග්ලූකෝස් නියාමනය සියලුම සීආර් වඳුරන් තුළ සෞඛ්‍ය සම්පන්න බව පෙනෙන්නට තිබුණි.

    සමස්තයක් ලෙස ගත් කල, සීආර් කාණ්ඩයේ වඳුරන්ගෙන් 13% ක් පමණක් වයස අවුරුදු 20ක් තුළ වයස්ගත වූ හේතු නිසා මිය ගොස් ඇත. 2014 දී විස්කොන්සින් විශ්ව විද්‍යාලයේ යාවත්කාලීන අධ්‍යයනයක දී මෙම ප්‍රතිශතය ස්ථාවරව පැවතුනි.

    ප්‍රතිඵලවලින් පෙනී යන්නේ වයස්ගත වීම සායනික මැදිහත්වීම සහ වෛද්‍ය ප්‍රතිකාර සඳහා සාධාරණ ඉලක්කයක් බවයි – රොසලින් ඇන්ඩර්සන්  

    ඇන්ඩර්සන් මෙසේ පවසයි. “ප්‍රයිමේටාවන් තුළ වයස්ගත වීම හැසිරවිය හැකි බව අපි ඔප්පු කර ඇත්තෙමු. එහි අර්ථය වන්නේ වයස්ගත වීම සායනික මැදිහත්වීම සහ වෛද්‍ය ප්‍රතිකාර සඳහා සාධාරණ ඉලක්කයක් බවයි. වයසට යෑම ප්‍රමාද කළ හැකි නම්, වෙනත් වචන වලින් කිවහොත්, ඒ හා සම්බන්ධ සියලුම රෝග ද එම ක්‍රියාවලිය අනුගමනය කරනු ඇත‘‘

    කැලරි සීමා කිරීම ආහාර වේලෙහි ස්ථිර අඩුවීමක් ඇතුළත් වේ (ණය: ගෙටි රූප)

    ඇන්ඩර්සන් මෙසේ පවසයි. “එක් රෝගයකින් පමණක් වැළකී සිටීම මිනිසුන්ගේ ආයු කාලය සැලකිය යුතු ලෙස වැඩි නොකරනු ඇත. මන්ද ඔවුන් වෙනත් දෙයකින් මිය යනු ඇත. ඔබ සියලු පිළිකා සුව කළා නම්, හෘද රෝග, ඩිමෙන්ශියාව හෝ දියවැඩියාව ආශ්‍රිත ආබාධ හේතුවෙන් ඔබ මරණයට පත් විය හැකිය”

    කැලරි සීමා කිරීම ආහාර වේලෙහි ස්ථිර අඩුවීමක් ඇතුළත් වේ

    අඩුවෙන් ආහාර ගැනීම වඳුරන්ට උපකාරී වන බවක් පෙනෙන්නට තිබුණත්, කැලරි සීමා කිරීම සැබෑ ලෝකයේ ජීවත් වන මිනිසුන්ට කිසිසේත්ම පහසු නැත. එකක් නම්, නිතිපතා, අධික කැලරි සහිත ආහාර සඳහා අපගේ ප්‍රවේශය වෙන කවරදාටත් වඩා පහසු ය. දෙක, බර වැඩිවීම සමහර අයට වඩා ස්වාභාවිකවම පැමිණේ.

    ඇන්ඩර්සන් මෙසේ පවසයි. “මේ සියල්ල සඳහා විශාල ජානමය සංඝටකයක් ඇති අතර සමහර අයට එය වඩා වෙහෙස මහන්සි වී වැඩ කරයි. අපි කවුරුත් දන්නවා සම්පූර්ණ කේක් එකක් කන්න පුළුවන් අය ඉන්නවා. ඔවුන්ට එමගින් කිසිම දෙයක් වෙන්නේ නැහැ‘‘

    ඉතා මැනවින්, අප ගන්නා ආහාර ප්‍රමාණය හා වර්ග අප කවුරුන්ද යන්න අනුව සකස් කළ යුතුය. බර වැඩිවීමට අපගේ ජානමය නැඹුරුතාව, අපි සීනි පරිවෘත්තීය කරන ආකාරය, අප මේදය ගබඩා කරන ආකාරය සහ මේ මොහොතේ විද්‍යාත්මක උපදෙස් සීමාවෙන් ඔබ්බට ගිය අනෙකුත් භෞතික විද්‍යාත්මක ප්‍රවාහයන් ගැන අප සැලකිලිමත් විය යුතුයි.

    නමුත් තරබාරුකමට නැඹුරුතාවයක් නොවැළැක්විය හැකි තත්වයකට වඩා ජීවිත තේරීම් සඳහා මග පෙන්වීමක් ලෙස භාවිතා කළ හැකිය. 

    බොස්ටන්හි ටෆ්ට්ස් විශ්ව විද්‍යාලයේ ආහාර විද්‍යාඤයෙකු වන  සුසාන් රොබට්ස් පවසන්නේ “මගේ පවුල හරහා පැමිණෙන තරබාරුකම පිළිබඳ ජානමය ඉතිහාසයක් මා සතුව ඇති අතර මම නම්‍යශීලී කැලරි සීමා කිරීමක් අනුගමනය කරමි. මම මගේ BMI අගය 22 ක් ලෙස තබාගෙන සිටිමි. [ගණනය කර ඇති පරිදි) මගේ BMI මගේ පවුලේ අනෙක් සාමාජිකයන් මෙන් 30ක් නම් මම අනුභව කරන දේවලින් 80%ක් පමණක් අනුභව කරන 28%ක් කපා හැරිය යුතුය” 

    රොබට්ස් අවධාරණය කරන්නේ එය අමාරු නොවන බවයි. මෙය කළ නොහැකි නම්, තමා කැලරි සීමා කිරීමක් නොකරන බව ඇය තවදුරටත් පවසන්නීය.

    රොබට්ස් ඇගේ පවුල තුළ තරබාරුකම පිළිබඳ ගැටළු මුලින් දැක ඇතිවා පමණක් නොව, සී.ආර්. හි ප්‍රතිලාභ බොහෝ දෙනාට වඩා හොඳින් දනී. වසර 10 කට වැඩි කාලයක් ඇය කැලරි ලෙසද හැඳින්වෙන බලශක්ති අත්හදා බැලීම් අඩු කිරීමේ දිගු කාලීන බලපෑම් පිළිබඳ සවිස්තරාත්මක තක්සේරුකරණයේ ප්‍රමුඛ විද්‍යාඥවරියකි. 

    වයස අවුරුදු 21 ත් 50 ත් අතර නිරෝගී පිරිමින් සහ කාන්තාවන් 218 දෙනෙකු කණ්ඩායම් දෙකකට බෙදා ඇත. එක් අතකින් මිනිසුන්ට සාමාන්‍යයෙන් මෙන් (ad libitum ) කෑමට අවසර දී ඇති අතර අනෙක් පිරිස ආහාරයට ගත්තේ 25% අඩුවෙන්ය. (CR) දෙපිරිසම සෑම මාස හයකට වරක් සෞඛ්‍ය පරීක්ෂාවන් සිදු කළහ.

    රීසස් වඳුරු අත්හදා බැලීම්වල දී මෙන් නොව, අවුරුදු දෙකකට වැඩි පරීක්ෂණ කාලයක් මෙම අත්හදා බැලීම කරන ලදි.

    2015 දී අධ්‍යයන වාර්තාව ප්‍රකාශයට පත් කරන ලද අතර, වසර දෙකකට පසු ප්‍රතිඵල ඉතා ධනාත්මක විය. කැලරි සීමා කරන ලද මිනිසුන්ගේ රුධිරයේ “හොඳ” කොලෙස්ටරෝල් අනුපාතය “නරක” කොලෙස්ටරෝල් අනුපාතයට වඩා වැඩි වී ඇති අතර, පිළිකා සෑදීමට සම්බන්ධ අණු ( ටියුමර් නෙක්ට්‍රොසිස් සාධක tumour necrosis factors (TNFs) ලෙස හැඳින්වේ) ඉන්සියුලින් ප්‍රතිරෝධයේ මට්ටම 25% කින් අඩු කරන ලදී. සාමාන්‍ය ආහාර අනුභව කළ පුද්ගලයින් හා සසඳන විට දියවැඩියාව පිළිබඳ සහතික ලකුණක් 40% කින් පමණ පහත වැටී ඇත. සමස්තයක් ලෙස රුධිර පීඩනය අඩු විය.

    දීර්ඝ කාලයක් තිස්සේ ඉතා පැහැදිලිව පෙනෙන එක් දෙයක් නම්, අධික බර හෝ තරබාරුකම ඔබට අහිතකර බවයි. වයස්ගත ආශ්‍රිත රෝග යැයි කලින් සිතූ රෝග සහ ආබාධ දැන් වයස්ගත නොවූ තරබාරු පුද්ගලියින් අතර දක්නට ලැබේ.

    බර අඩු කර ගැනීමෙන් සමහර ප්‍රතිලාභ ලැබිය හැකි බව පිළිගත යුතුය. මීට පෙර කැලරි හි අත්හදා බැලීම් වලදී තරබාරු පුද්ගලයින් මෙන්ම 25 හෝ ඊට අඩු සෞඛ්‍ය සම්පන්න ශරීර ස්කන්ධ දර්ශකයක් (BMI) ඇති අයද ඇතුළත් වී ඇති අතර, සිහින් වීම නිසැකවම සහභාගී වන්නන්ගේ සුභසාධනය වැඩි දියුණු කරනු ඇත. 

    රොබට්ස් මෙසේ පවසයි. “දීර්ඝ කාලයක් තිස්සේ ඉතා පැහැදිලිව පෙනෙන එක් දෙයක් නම්, අධික බර හෝ තරබාරුකම ඔබට අහිතකර බවයි. වයස්ගත ආශ්‍රිත රෝග යැයි කලින් සිතූ රෝග සහ ආබාධ දැන් වයස්ගත නොවූ තරබාරු පුද්ගලයින් අතර දක්නට ලැබේ.

    නමුත් නවතම ප්‍රතිඵලවලින් පෙනී යන්නේ දැනටමත් සෞඛ්‍ය සම්පන්න ශරීරයක් තුළ සැලකිය යුතු සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා ගත හැකි බවයි.

    වැඩිහිටි ජීවිතය රෝග හා රෝග වලින් එකක් නොවිය යුතුය (ණය: ගෙටි රූප)

    මෙම ප්‍රතිඵල තිබියදීත්, දැනටමත් සෞඛ්‍ය සම්පන්න BMI ඇති අයෙකුට ඔවුන්ගේ කැලරි ප්‍රමාණය අඩු කිරීමට උපදෙස් දීමට පෙර වැඩිදුර පරීක්ෂණ වලින් සාක්ෂි අවශ්‍ය වේ. (ඔවුන්ගේ ආහාර වේල වෙනස් කිරීමට කැමති ඕනෑම කෙනෙකුට කලින් වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගැනීමට උපදෙස් දෙනු ලැබේ.)

    මේ අතර, විද්‍යාඥයින් බලාපොරොත්තු වන්නේ කැලරි සීමා කිරීම මෙම බලපෑම් ඇති කරන්නේ ඇයිද යන්න හරියටම වටහා ගැනීමටයි. ඒ සදහා ඔවුන්ගේ දීර්ඝ කාලීන පර්යේෂණ දත්තවලින් ආලෝකයක් ලැබෙනු ඇති බව ඔවුන් විශ්වාස කරයි.

    අඩු ආහාර සමඟ, පරිවෘත්තීය එහි ඇති දේ සමඟ වඩා කාර්යක්ෂම වීමට බල කෙරේද? අඩු කැලරි ප්‍රමාණයක් සහිත (හෝ අක්‍රිය) වයසට යාම නියාමනය කරන පොදු අණුක ස්විචයක් තිබේද? එසේත් නැතිනම් අපේ ජීවිත හා මරණයට පාදක වූ තවමත් නොදන්නා යාන්ත්‍රණයක් තිබේද? ෂර්මන් වැනි වඳුරන්ගේ වැදගත්කම ඔවුන්ගේ ජීවිත ඉක්මවා යයි. එවැනි ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමට දිගු කාලයක් ගතවනු ඇත.

    කැලරි සීමා කිරීම සෞඛ්‍යය නංවාලීම සඳහා වඩාත්ම පොරොන්දු වූ මාර්ගයක් විය හැකි අතර එය අපගේ ජීවිතයේ කොපමණ කාලයක් පවතිනු ඇත්ද?

    ඇන්ඩර්සන් මෙසේ පවසයි. “මම මා වැනිම 10 දෙනෙකු ක්ලෝනීකරණය මගින් බිහිකර ගෙන අප සියල්ලන්ම හැකි උපරිම ආකාරයෙන් වැඩ කළත් මම හිතන්නේ නැහැ අපි එය විසඳනු ඇතැයි කියා. ජීව විද්‍යාව අතිශයින්ම සංකීර්ණයි. එය ඉතා වටිනා කටයුත්තක්. ජීව විද්‍යාවේ නිශ්චිත කොටස ඉලක්ක කර ගැනීම සඳහා CR ක්‍රියා කරන ආකාරය සහ වෙනත් ප්‍රතිකාර ක්‍රම භාවිතා කරන්නේ කෙසේදැයි තේරුම් ගන්න අවශ්‍යයි. එසේ වුහොත් වයසට යෑම වළක්වා ගන්න කෙලින්ම ප්‍රතිකාර කළ හැකියි. එනම් කැලරි සීමා කිරීමකින් තොරව එය කළ හැකියි‘‘

    ඇන්ඩර්සන් මෙසේ පවසයි. “මම හිතන්නේ එය ඇත්තෙන්ම රන් ටිකට් පතයි‘

    පිළිවෙලට පැහැදිලි කිරීමක් නොතිබුණද, කැලරි සීමා කිරීම සෞඛ්‍යය වැඩි දියුණු කිරීම සඳහා වඩාත් හොඳ ක්‍රමයක් වන අතර එය අපගේ ජීවිතවල කොපමණ කාලයක් පවතිනු ඇත්ද? 

    රොබට්ස් මෙසේ පවසයි. “අප දුටු දෙයින් කිසිවක් මිනිසුන් තුළ කැලරි සීමා කිරීමක් සිදු නොවේ යැයි සිතීමට හේතු විය. තවද, ඖෂධ පදනම් කරගත් ප්‍රතිකාර මෙන් නොව, විය හැකි අතුරු ආබාධ පිළිබඳ දීර්ඝ ලැයිස්තුවක් සමඟ එය පැමිණෙන්නේ නැහැ. අපේ මිනිස්සු බඩගින්නේ හිටියේ නැහැ, ඔවුන්ගේ මනෝභාවය හොඳයි, ඔවුන්ගේ ලිංගික ක්‍රියාකාරිත්වය හොඳයි‘

    අස්ථි ඝනත්වය සුළු වශයෙන් අඩුවීම බොහෝ විට ක්‍රමයෙන් බර අඩු කර ගැනීම සමඟ බැඳී ඇති බව රොබට්ස් පවසයි. නමුත් පූර්වාරක්ෂාවක් ලෙස, පරීක්ෂණය පුරාම ස්වේච්ඡා සේවකයන්ට කුඩා කැල්සියම් අතිරේක ලබා දෙන ලදී.‘

    ‘ මෙතරම් යහපත් සොයා ගැනීම් සිදුකළත් (මේ ආකාරයේ පළමු අධ්‍යයනය වන අතර) අපි මෙය සෑම දෙනාටම නිර්දේශ කරන්නේ නෑ. නමුත් එය ඇත්තෙන්ම ආකර්ෂණීය අපේක්ෂාවක්. නිදන්ගත රෝගවලින් වැළකීම හෝ ඒවා ප්‍රමාද කර ගැනීම ඕනෑම කෙනකු තුළ උනන්දුවක් ඇතිකරන බව මම විශ්වාස කරනවා. මන්ද නිදන්ගත රෝග සමඟ ජීවිතය ගත කිරීමට කිසිවෙකුට අවශ්‍ය නැහැ ” ඇය පවසනවා.

    සංස්කාරක සටහන – මෙම කතාවේ ඇති සියලුම අන්තර්ගතයන් ලබා දී ඇත්තේ සාමාන්‍ය තොරතුරු සඳහා පමණක් වන අතර එය ඔබේම වෛද්‍යවරයාගේ හෝ වෙනත් සෞඛ්‍ය සේවා වෘත්තිකයෙකුගේ වෛද්‍ය උපදෙස් සඳහා ආදේශකයක් ලෙස නොසැලකිය යුතුය. මෙම වෙබ් අඩවියේ අන්තර්ගතය මත පදනම්ව පරිශීලකයෙකු විසින් කරනු ලබන ඕනෑම රෝග විනිශ්චයක් සඳහා බීබීසී වගකිව යුතු නැත. ලැයිස්තුගත කර ඇති කිසිදු බාහිර අන්තර්ජාල වෙබ් අඩවි වල අන්තර්ගතය සඳහා බීබීසී වගකිව යුතු නොවේ. එසේම කිසිදු වෙබ් අඩවියක සඳහන් කර ඇති හෝ උපදෙස් දී ඇති කිසිදු වාණිජ නිෂ්පාදනයක් හෝ සේවාවක් අනුමත නොකරයි. ඔබ ඔබේ සෞඛ්‍යය ගැන කිසියම් ආකාරයකින් සැලකිලිමත් වන්නේ නම් සෑම විටම ඔබේම පවුලේ වෛද්‍යවරයාගෙන් හෝ පිළිගත් වෛද්‍යවරයෙකුගෙන් විමසන්න.

    bbc.com ඇසුරිණි – සකස් කළේ – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • ලොවම කම්පා කළ ‘අරන්තලාව මහා භික්ෂු සහාරය සිදු වුණේ අද වැනි දිනක

    ලොවම කම්පා කළ ‘අරන්තලාව මහා භික්ෂු සහාරය සිදු වුණේ අද වැනි දිනක

    1987 ජුනි 2 දා සිදු කළ අරන්තලාව මහා භික්ෂු සහාරය සිදුකර අදට වසර 33යි. මෙම ලිපිය ඒ වෙනුවෙනි.

    එල්.ටී.ටී.ඊ සංවිධානය ආරම්භක යුගය ලෙස 70 දශකය සැලකිය හැකිය. මිලේච්ඡ කොටි ත්‍රස්ථවාදි සංවිධානයක ආරම්භක පියවර ලෙස තවත් තරුණයන් සමග ප්‍රභාකරන්  එල්.ටි.ටි.ඊ සංවිධානය ලෙස මිලේච්ඡ ක්‍රියාවන් ආරම්භ කරන ලදි. එහිදී මුලින්ම යාපනය වැල්වටිතුරෙයි නගරයේ නවතා තිබූ රජයේ ලංගම බසයකට ගිනි තැබීය. එවා මහජන දේපලය. පසුව 1975 ජූලි 27 වැනිදා ප්‍රභාකරන් යාපනය නගරාධිපති දොරේඅප්පා ඝාතනය කිරිමෙන් මිනිස් ජිවිත විනාශ කිරීම ආරම්භ විය.

    දෙමළ ජනතාවගේ විමුක්ති දායකයන් වන ඔවුන් පළමුව සිදු කලේ තමන්ගේ ජාතියේම දෙමළ දේශපාලඥයෙක් ඝාතනය කිරීමය. පසුව 1976 මැයි මස 05 දින දෙමළ සංවිධාන කිහිපයක් හා එක්ව වඩුක්කුඩේ ප්‍රදේශයේ සමුළුවක් පැවැත්විය. එහිදී 40-50 කණ්ඩායමක් වඩුක්කෝඩෛ ප‍්‍රදේශයේ පැවැත් වූ එම සමුළුව හරහා එල්.ටී.ටී.ඊ සංවිධානය බිහිවීමේ ප්‍රතිපත්තිය ප්‍රකාශය ප්‍රකාශයට පත්කරයි. එම වඩුක්කෝඩෛ සමුළුවේ තීරණයක් අනුව බිහි වූ ද්‍රවිඩ එක්සත් විමුක්ති සංවිධානයේ සන්නද්ධ ඒකකය ලෙස එල්.ටී.ටී.ඊ සංවිධානය ගොඩනගන ලදී.

    ඒ අනුව දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය බිහිවූ අතර එය මගින් දෙමළ ජාතිකත්වයේ නිජබිම ලෙස උතුරු, නැගෙනහිර ප‍්‍රදේශය නම් කෙරෙණි. මෙම ප‍්‍රදේශය දෙමළ ඊළාම් රාජ්‍යය ලෙස නම් කළ අතර එයට ශ‍්‍රී ලංකාවේ භූමියෙන් 1/3ක් ද, ශ‍්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවෙන් 2/3ක්ද වන ලෙස සීමාවන් නම් කරන ලදී. එම අරමුණු සාර්ථක කර ගැනීමට ලාංකීය දෙමළ ජනතාව සියවස් ගණනකට ආපස්සට ඇදගෙන ගියේය.

    ඊට හත්පසින්ම වෙනස් අකාරයෙන් ලාංකීය මුස්ලීම් ජනතාව වර්ධනය වු අතර ඔවුන් හැම විටම ලංකාවේ ප්‍රධාන දේශපාලන ධාරව එක්ව ගොස් මුස්ලිම් ජනතාවට සේවාවන් සිදු කරගැනීමට කටයුතු කලහ. එම නිසා මුස්ලීම් ජනතාවගේ ආර්ථිකය වර්ධනය කර ගැනීම මුස්ලීම් ප්‍රජාව නියෝජනය කරන දේශපාලකයන් හරහා සිදු විය. එහිදි රටක ආර්ථික මරමස්ථානයක් ලෙස අමාත්‍යංශ හරහා ව්‍යාපර සම්බන්ධ කර ගැනීමට, ඒ සදහා උදව් උපකාර ගැනීමටද, එම ජනාතවට හැකි විය. මෙහි එක් පැත්තකින් වරදක් නැත. තමන්ගේ ජාතිය වෙනුවෙන් කතා කිරිම ඒ වෙනුවෙන් වෙහෙස විම ඒ ඒ ජනතාවගේ උන්නතියට හේතු වන්නේය.

    එහෙත් දෙමළ ජනතාව නියෝජනය කරන ප්‍රභාකරන්ගේ නායකත්වයෙන් මේසේ වර්ධනය කරනවා වෙනුවට ලංකාවේ ආර්ථික මරමස්ථානවල හා වෙනත් දේශපාලකයින්, බුද්ධිමතුන්, අහිංසක ජනතා ඝාතන සැළසුම් දිගින් දිගටම ක්‍රියාවට නංවන ලදි.

    ඒ අතර එල්.ටි.ටි.ඊ ත්‍රස්තවාදින්ගේ බිහිසුණු ක්‍රියා කිහිපයක් සිහිපත් කරගැනීමේ දි, 1987 මධ්‍යම බස් නැවතුම්පල බෝම්බ ප්‍රහාරය, හැව්ලොක් මංසංදියේ බෝම්බ ප්‍රහාරය, 1990 ශ්‍රී ලාංකික පොලිස් නිලධාරින් සමූල ඝාතනය, 1996 මහ බැංකු බෝම්බ ප්‍රහාරය, 1996 දෙහිවල දුම්රිය පොළ බෝම්බ ප්‍රහාරය, 1997 කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ බෝම්බ ප්‍රහාරය, 1998 දළදා මාලිගාවට එල්ල වූ ප්‍රහාරය, වැලිවේරිය බෝම්බ ප්‍රහාරය, අකුරැස්ස මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය, 2008 දෙහිවල දුම්රිය බෝම්බ ප්‍රහාරය, 2008 කොටුව දුම්රිය නැවතුම්පල බෝම්බ ප්‍රහාරය, 2008 පිළියන්දල බස් බෝම්බ ප්‍රහාරය, 2008 මොරටුව බස් බෝම්බ ප්‍රහාරය, 2008 පොල්ගොල්ල බස් බෝම්බ ප්‍රහාරය, කැබිතිගොල්ලෑව සමූල ඝාතනය, කාත්තන්කුඩි මුස්ලිම් පල්ලියේ සමූල ඝාතනය, ශ්‍රී මහා බෝධි වහන්සේ ඉදිරිපට උවැසි උවැසියයන්  ඝාතනය, පල්ලියගොඩැල්ල සමූල ඝාතනය, ගෝනගල සමූල ඝාතනය, ගෝමරන්කඩවල සමූල ඝාතනය, මහවිලච්චිය සමූලඝාතනය, මහගොඩයාය සමූලඝාතනය, කෙන්ට් සහ ඩොලර්ෆාම් සමූල ඝාතන, කල්ලරාව සමූල ඝාතනය, කෝකිලායී සමූල ඝාතනය, 2001 ජුලි කටුනායක ගුවන් තොටුපල ප්‍රහාරය, කොලොන්නාව තෙල් ටැංකි ප්‍රහාරය, ආදී මෙකී නොකි ප්‍රහාර රාශියකට වගකිම ප්‍රභාකරන් විසින් භාරගත යුතු විය.

    1985 වර්ෂයේදී මැයි 14 වන දින අනුරාධපුර පිහිටි ශ්‍රී මහා බෝධින් වහන්සේ ඉදිරිපිට දි  අහිංසක ජනතාව සමූල ඝාතනය කිරිමත්, මහනුවර දළදා මාලිගාවට පහර දීමත්, සිංහල බෞද්ධ හදවත් සංවේදි කරන ප්‍රහාර ලෙසද, අරන්තලාවේ භික්ෂුන් වහන්සෙලා ඝාතනයද, ඒ හා සමානව ලෙස සැළකිය හැකිය.

    මෙය ශ්‍රී ලංකාවේ දෙමළ කොටි ත්‍රස්තවාදීන් විසින් ක්‍රියාවට නංවන ලද අතිශයින්ම දරුණු මිනිස් සංහාරයකි. එය දෙමළ කොටි ත්‍රස්තවාදීන් විසින්, දෙමළ ජනතාව බහුතරයක් වෙසෙන ප්‍රදේශයකදී සිදු කරන ලද පළමු දැවැන්ත මිනිස් ඝාතනයක් ලෙස ලෙස සැළකිය හැකිය. 1994 දි පොළොන්නරුව දිඹුලාගල ප්‍රදේශයට මහ රැකවරණයක් වු දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති මාතර කිතලගම ශ්‍රී සීලාලංකාර නාහිමියන්ට වෙඩි තබා  මෙම එල්.ටි.ටි.ඊ ත්‍රස්තවාදින් විසින්  ඝාතනය කරන ලදි.  දිඹුලාගල නාහිමියන්ද ත්‍රස්වාදයට මුහුණලා සිටි ගම්මානවල ජනතාව අරක්ෂා කළ හිමි නමකි. එබැවින් උන්වහන්සෙට ද මෙම ත්‍රස්වාදයේ ගොදුරක් බවට පත්වන්නට සිදු විය.

    වසර 33ක් සපිරෙන 1987 ජූනි 2 වැනිදා අම්පාර දිස්ත්‍රික්කයේ අරන්තලාවේදී සිදුකල තවත් මිලෙච්ජ එල්. ටි. ටි. ඊ. සංවිධානයේ සමූල ඝාතනයකි. උතුර නැගෙනහිර දෙදිශාවේ ප්‍රධාන සංඝ නායක පුජ්‍ය හෑගොඩ ඉන්දසාර නාහිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා 31 නමක්‌ ද ගිහියන් තිදෙනෙකු ඇතුළු 34 දෙනකු සමූල ඝාතනය විය.

    මෙම භික්ෂුන් වහන්සේලා අතර අතිශයින් බහුතරයක් කුඩා ස්වාමින් වහන්සේලාය. මෙම කුරිරු ඝාතනය සිවිල් යුධ සමයේ කොටි සංවිධානය විසින් සිදු කළ වඩාත් අපකීර්තිමත්ම විනාශකාරී ක්‍රියාව ලෙස සැලකිය යුතුය. මෙම ස්වාමින් වහන්සේලා සියලු දෙනම කැති පොලුවලින් පහර දී ඝාතනය කරන ලද අතර එය අහිංසක සතුන් ඝාතනය කරනවා වැනි මිලෙච්ඡත්වයේ උපරිමය ලෙස දැක්විය හැකිය.

    2009 මැයි 19 දින කොටි ත්‍රස්තවාදය අවසන් වන තුරු ලංකා දෙරණ තුළ මිනිස් ඝාතන දේපොල විනාශය මෙපණයි යැයි කිව නොහැකිය. ත්‍රස්වාදය සම්බන්ධව ලංකාවේ අපට විශාල අත්දැකිම් ඇති  රටකි. 30 වසර යුද්ධය අවසන් කර වසර 11 කි. එසේම ලෝකයයේ දරුණුම ත්‍රස්තවාදය නැතිකල අභිමානවත් රටක් ලෙස අපට ගෞරවයක් හිමිවන බැවින් ත්‍රස්තවාදය සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් දැරීම ඕනෑම ත්‍රස්තවාදයක් වර්ධනය වීමට හේතුවෙයි. අප රට තුළ පහළ වු පාලකයන් ත්‍රස්තවාදය සම්බන්ධයෙන් ඉතා ලිහිල් ප්‍රතිපත්ති ගෙන ක්‍රියා කිරිම නිසා අවුරුදු 30 ආසන්න කාලයක් යුද්ධයක් ඇදගෙන යන්නට සිදුවිය.

    ලංකා රාජ්‍ය විසින් ත්‍රස්තවාදය දැන් අවසන් කර ඇත. එම ත්‍රස්වාදයක් තුළ මානව හිමිකම් අනිවාරයෙන්ම සමස්ථ සමාජයටම අහිමි වෙයි. එය එක් ජාතියකට පමණක් සිදුවන කාරණයක් නොවන්නකි. දැන් ලෝක ප්‍රජාව විසින් ලංකා රාජ්‍ය විසින් සිදු කරන ලද ත්‍රස්තවාදය අවසන් කිරිම සම්බන්ධයෙන් අධ්‍යන කොට දැනට ත්‍රස්තවාදය ඇති රටවලට ලංකාවේ ආදර්ශය ලබා ගැනීමට කටයුතු කිරිමට සැලැස්වීම ඉතා වැදගත්ය. ලෝක ත්‍රස්වාදය නැති කර ගැනීමට ද මේ පුංචි දේශයේ ආදර්ශය ගත හැකි බව ලෝක ප්‍රජාව දැන ගත යුතුය.

    අරන්තලාව භික්ෂු ඝාතනය  දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය විසින් 1987 ජූනි 2 වැනිදා අම්පාර දිස්ත්‍රික්කයේ අරන්තලාවේදී සිදුකළ සමූල ඝාතනයකි. මෙම කුරිරු ඝාතනය කොටි සංවිධානය විසින් සිදු කළ වඩාත් අපකීර්තිමත්ම විනාශකාරී ක්‍රියාව ලෙස සැළකිය යුතුය. අප සැමවිට සිහිපත් කළ යුතු කරුණක් ලෙස, කොටි ත්‍රස්තවාදයේ බිහිසුණු ක්‍රියා සම්බන්ධයෙන් නූතන පරපුර දැනුවත් කළ යුතුය. සිංහල සමාජයට මෙවැනි සිදුවීම් ඉතා කෙටි කාලයකින් අමතක වන බව ප්‍රසිද්ධ කතාවකි. එසේ අද ජිවත් වන තරුණ පරපුර ත්‍රස්තවාදයේ බිහිසුණු බව වටහ දිය යුතු කාලයකි.

    එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදින් විසින් ඉතා කෲර ආකාරයෙන් ඝාතනය කරන ලද පුජ්‍ය හෑගොඩ ඉන්දසාර නාහිමියන්ගේ කුඩා ස්වාමින් වහන්සේලා අප සැමදා සැම කල් සිහිපත් කළ යුතුය.එදා අරන්තලාව භික්‌ෂු ඝාතනය සිදු කළ ස්‌ථානයේම එම බස්‌ රිය තුළ ඉදි කරන ලද භික්‌ෂු ප්‍රතිමාව ආදි සිහිවටන ඉදිකර තිබිම ඉතා අගය කල යුතුය. කුමක් හෙයින් ද මෙම සිදු විම් අප සමාජයෙන් ක්‍රමයෙන් අමතක වී ගෙන යන බැවිණි. මෑත ලෝක ඉතිහාසයේ දරුණුතම භික්ෂු සංහාරය වන 1987 අරන්තලා භික්ෂු ඝාතනය සැළකිය හැකිය. එම සිදු වීමෙන් ජීවිතය බේරාගෙන සුවකළ නොහැකි ලෙස ආබාධිත වූ එකම ස්වාමීන් වහන්සේ පූජ්‍ය ආඳාඋල්පොත බුද්ධසාර හිමියන් පමණි.

    මෙවැනි අතීතයක් ඇති ත්‍රස්තවාදයක් සම්බන්ධයෙන් අප ගත් ක්‍රියාමාර්ග හැර වෙනත් ක්‍රියාමාර්ගයක් අද ලෝකයාට ද බටහිර රටවල්වලට ද  නොමැත. එල්.ටි.ටි.ඊ  ත්‍රස්තවාදය සංවිධානය  සම්බන්ධයෙන් ශ්‍රි ලංකා රජය මගින් ගත් ක්‍රියා මාර්ගය අවබෝධ කර ගැනීමට කාලය එළඹ ඇති බව ලෝකයට අවබෝධ වේවායි පතමු. අද වන විට ඉස්ලාම් ආගම සමග බැදුණු ත්‍රස්තවාදයක් ලෝකය ගිල ගනිමින් ඇත. හිරු නොබසින අධිරාජ්‍යයේ මෙසේ අහිංසක ජනතා එල්ල කරගෙන බෝම්බ පිරිම පුදුම සහගතය. නුතන යුගයේ විද්‍යා තාක්ෂණය උපරිමයෙන් භාවිතා වන සමාජයක ආගමික උම්මාදයක් ඇති වීම විද්‍යා තාක්ෂණයට කරන අභියෝගයකි.

    පුජ්‍ය හැගොඩ ඉන්දසාර නාහිමියන් හා මාගේ ගුරුවරයානන් වහන්සේ අතර කිට්ටු මිත්‍රසම්බන්ධයක් තිබිණි. අප පැවිදි වුයේ 1986 දිය. හෑගොඩ නාහිමියන්ගේ විහාරස්ථානයක් කොල්ලුපිටිය තිබිණි. අප ද රාජගිරියේ වාසය කළ බැවින් මෙම කොල්ලුපිටිය පුෂ්පාරාම පන්සලේ සිදුවන දාන පාංශු කූල සදහා අපට ද ආරාධනා ලැබිණි. මෙම ඝාතනය වු කුඩා හිමිවරුන් සමග එකට දානවලට වැඩම කිරිමට හැකි විය. එම හිමිවරුන් මෙසේ ඝාතන විම එදා අපට මහත් සංවේගයට හේතු විය. එදා සිට අප ත්‍රස්තවාදය වෙනුවෙන් මට කළ හැකි හැමදෙයක්ම සිදු කිරීමට එයද එක් හේතු විය.

    ශාස්ත්‍රවේදි : බුදුගල ජිනවංස හිමි – හෙළ බොදු සවිය- සභාපති

  • ‘මී උණ’ ගැන නිවැරදිව දැනුවත් වී දිවි රැක ගනිමු

    ‘මී උණ’ ගැන නිවැරදිව දැනුවත් වී දිවි රැක ගනිමු

    මී උණ රෝගය ව්‍යාප්තවීමේ වැඩි අවධානමක් පවතින බැවින් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා විසින් මහජනතාව මී උණ රෝගය පිළිබදව දැනුවත් කිරීමේ අරමුණින් “අවධානමට පෙර අවධානය” යනුවෙන් වැඩපිළිවෙළක් ආරම්භ කළා. මෙම ලිපිය මී උණ රෝගය සහ එයින් වැළකෙන ආකාරය පිළිබදවයි.

    කෘෂිකාර්මික, විශේෂයෙන් වී ගොවිතැනේ නිරත ගොවීන් සුලභව මුහුණ දෙන මෙම රෝගය ‘මාරාන්තික’ රෝගයක් බවයි වාර්තා වන්නේ. මේ ‘මී උණ’ සහ එයින් වැළකෙන ආකාරය ගැන සරල පැහැදිලි කිරීමක්.

    ‘මී උණ’ මුල් රෝග විනිශ්චය සහ සුදුසු ප්‍රතිකාර නොමැති වුවහොත් රෝගියා අසාධ්‍ය තත්ත්වයට හෝ මරණයට හේතු විය හැකියි. මී උණට අමතරව මීයන් සමඟ සම්බන්ධ වීමෙන් තවත් රෝගාබාධ කිහිපයක් ඇතිවිය හැකි බවයි වෛද්‍යවරු කියන්නේ.

    මී උණේ හි මුල් රෝග ලක්ෂණ වෙනත් රෝගාබාධවල රෝග ලක්ෂණවලට සමාන විය හැකියි.

    රෝග ලක්ෂණ

    • උණ
    • වමනය
    • හිසරදය
    • මාංශ පේශි වේදනාව
    • සන්ධි වේදනාව හෝ ඉදිමීම (පුද්ගලයින් 10 දෙනෙකුගෙන් 5 දෙනෙකු පමණ මෙය ඇත)
    • දද

    රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් බැක්ටීරියා සමඟ සම්බන්ධ වීමෙන් දින 3 සිට 10 දක්වා ආරම්භ වන නමුත් සති 3 ක් තරම් ප්‍රමාද විය හැකිය. මෙම කාලය වන විට, ආසාදනයට හේතු වූ ඕනෑම මීයන් හෝ සීරීම් තුවාලයක් සාමාන්‍යයෙන් සුව වී ඇත.

    උණ ආරම්භ වී දින 2 සිට 4 දක්වා කාලය තුළ අත් සහ පාදවල කැක්කුමක් ඇතිවිය හැකිය. මෙම කැසීම කුඩා ගැටිති සහිත පැතලි, රතු පැහැ ප්‍රදේශ ලෙස පෙනේ. සන්ධි එකක් හෝ කිහිපයක් ඉදිමී, රතු හෝ වේදනාකාරී විය හැකිය.

    හැවර්හිල් උණ (දූෂිත ආහාර හෝ ජලය පානය කිරීමෙන් පසු ඇතිවිය හැකි ආසාදන වර්ගය) Haverhill Fever සමඟ ඇති වන රෝග ලක්ෂණ ස්ට්‍රෙප්ටොබැසිලරි මී උණ හා සමාන වන නමුත් වඩාත් දරුණු වමනය සහ උගුරේ අමාරුව ඇතුළත් විය හැකිය.

    ස්ට්‍රෙප්ටොබැසිලරි streptobacillary මී උණ හි සංකූලතා

    • උදරයේ මෙන් ශරීරයේ ඇතුළත උදරය
    • අක්මාව සහ වකුගඩු ආසාදන
    • පෙනහළු (නියුමෝනියාව) සම්බන්ධ ආසාදන
    • මොළය හා ස්නායු පද්ධතිය සම්බන්ධ ආසාදන)
    • හෘදයට සම්බන්ධ ආසාදන

    ස්ට්‍රෙප්ටොබැසිලරි මී උණ ආසාදනය ඇති පුද්ගලයින් 10 දෙනෙකුගෙන් එක් අයෙකු මිය යයි.

    ස්පිරිලරි Symptoms  මී උණ හි (සොඩොකු) හි රෝග ලක්ෂණ

    • උණ (එය නැවත නැවතත් පැමිණිය හැකිය)
    • තුවාලයේ ඉදිමීම හෝ තුවාලයක් ඇතිවීම (තිබේ නම්)
    • ඉදිමුණු වසා ගැටිති (වසා ගැටිති පෙරීම කරන කුඩා ග්‍රන්ථි, වසා පද්ධතිය හරහා සංසරණය වන පැහැදිලි තරලය සහ ආසාදන වලට එරෙහිව සටන් කිරීමට උපකාරී වේ)
    • රාෂ් (සොඩොකු ඇති පුද්ගලයින් 10 දෙනෙකුගෙන් 5 දෙනෙකු පමණ මෙය ඇත)
    • ශරීරය පුරා හෝ දෂ්ට කළ තුවාලයේ ප්‍රදේශයට ආසන්නයේ පමණක් දක්නට ලැබේ (තිබේ නම්)

    මෙම රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් සිදුවන්නේ බැක්ටීරියා රැගෙන යන සතෙකුට නිරාවරණය වීමෙන් දින 7-21 කට පසුවය.

    මී උණ පැතිරෙන්නේ කෙසේද ?

    මිනිසුන් හට මී උණ වැළදිය හැකි ආකාර කිහිපයක් තිබේ :

    • බැක්ටීරියා රැගෙන යන මීයන් සපා කෑම හෝ සීරීම් හරහා. ඇස්, නාසය හෝ මුඛය වැනි තුවාලයක්, විවෘත සමක් හෝ ශ්ලේෂ්මල පටලයකින් බැක්ටීරියාවට කෙලින්ම ශරීරයට ඇතුළු විය හැකිය.
    • බැක්ටීරියා රැගෙන යන මීයන්ගේ මුත‍්‍රා මගින්.
    • බැක්ටීරියා සමඟ සම්බන්ධ වීමෙන්. කප්පාදුව හෝ සීරීම් හෝ ඇස්, නාසය හෝ මුඛය වැනි ශ්ලේෂ්මල පටල වැනි විවෘත සම හරහා බැක්ටීරියා ශරීරයට ඇතුළු විය හැකිය.
    • බැක්ටීරියා රැගෙන යන මීයන්ගෙන් කේඨය (කෙළ) මුත‍්‍රා වලින් දූෂිත ආහාර හෝ බීම පරිභෝජනය කිරීම

    මී උණ එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට පැතිරෙන්නේ නැත .

    මී උණ බරපතල හෝ මාරාන්තික රෝගයක් විය හැකිය. 

    ඔබට  මී උණ හි යම් සලකුණු හෝ රෝග ලක්ෂණ ඇත්නම් වහාම ඔබේ වෛද්‍යවරයා හමුවන්න .

    මී උණ අමතරව මීයන් වෙනත් රෝග මිනිසුන්ට බෝ කළ හැකිය.

    මී උණ සඳහා ඉහළ අවදානම් සහිත පුද්ගලයින්

    මී උණ ඇති කරන බැක්ටීරියා සමඟ සම්බන්ධ වන ඕනෑම පුද්ගලයෙකුට රෝගය වැළඳීමේ අවදානමක් ඇත. මුල් රෝග විනිශ්චය සහ සුදුසු ප්‍රතිකාර නොමැතිව මී උණ දරුණු රෝග හා මරණයට හේතු විය හැකි බව මතක තබා ගන්න. මී උණ ආසාදනය සඳහා වැඩි අවදානමක් ඇති පුද්ගලයින්ට ඇතුළත් වන්නේ:

    • තම නිවසේ සුරතල් මීයන් හෝ වෙනත් මීයන් ඇති අය
    • සජීවී හෝ ශීත කළ පෝෂක මීයන් හෝ වෙනත් මීයන් තම නිවසේ සිටින පුද්ගලයින්
    • මීයා හෝ වෙනත් මීයන් විසින් සපා කෑ හෝ සීරීමට ලක්වූ පුද්ගලයින්
    • සත්ව පර්යේෂණාගාරවල හෝ සුරතල් ගබඩාවල වැනි මීයන් හෝ වෙනත් මීයන් සමඟ වැඩ කරන අය
    • මීයන් බෝවන ප්‍රදේශවල ජීවත් වන හෝ කාලය ගත කරන අය
    • මීයන් සමඟ සම්බන්ධතා ඇති දරුවන්
      • අවුරුදු 5 හෝ ඊට අඩු ළමයින්ට ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය තවමත් වර්ධනය වෙමින් පවතින නිසා මී උණ ආසාදනය වීමේ වැඩි අවදානමක් ඇත. මීට අමතරව, ඔවුන් කොපමණ වාරයක් අත් සේදිය යුතුද යන්න සහ නිසි ලෙස එය කරන්නේ කෙසේදැයි දැන ගැනීමට ඇති ඉඩකඩ අඩුය. ළදරුවන්ට සහ කුඩා දරුවන්ට අපිරිසිදු ඇඟිලි කටේ තබා හෝ පොදු ගෘහස්ථ වස්තූන් දූෂණය කළ හැකිය.
    • වයස අවුරුදු 65 සහ ඊට වැඩි වැඩිහිටියන්, ගර්භනී කාන්තාවන් හෝ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති අය ආසාදනවලට එරෙහිව සටන් කිරීමට අපහසු අය (නිදසුනක් වශයෙන්, පිළිකා, එච්.අයි.වී / ඒඩ්ස්, අවයව තැන්පත් කිරීම් හෝ ස්ටෙරොයිඩ් වැනි ඇතැම් ඖෂධ ගන්නා අය).

    ඔබට මී උණ හි කිසියම් රෝග ලක්ෂණයක් ඇත්නම්, වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් හමුවී රෝග ලක්ෂණ පවසා ප‍්‍රතිකාර ලබා ගන්න.

    සැකසුම – තුෂාර වල්ගම

    අන්තර්ගත මූලාශ‍්‍ර: රෝග පාලන හා නිවාරණ සඳහා මධ්‍යස්ථානය

  • එන සංචාර සදහා සේවා සැපයීම වැට් බද්දෙන් නිදහස්

    එන සංචාර සදහා සේවා සැපයීම වැට් බද්දෙන් නිදහස්

    සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක නියෝජිතයන් විසින් රට තුළට ගෙන එන සංචාර සදහා සේවා සැපයීම වැට් බද්දෙන් නිදහස් කෙරේ. එය මේ වසරේ අප්‍රේල් 01 වන දින සිට ක්‍රියාත්මක වේ.

    කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ  සංචාරක නියෝජිත ආයතනවල ඉල්ලීම සලකා බැලීමෙන් පසුව අගමැති මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව පසුගිය දා අනුමැතිය හිමි වූ බවයි. මෙරටට සංචාරකයන් රැගෙන ඒම සදහා ඉතා සුවිශේෂ කාර්ය භාරයක් ඉටු කරන මෙම සංචාරක නියෝජිතයන් 1000 කට ආසන්න සංඛ්‍යාවකින් සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී සිටින බව ද ඇමතිවරයා සදහන් කරයි.

    කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් බිද වැටී ඇති මෙරට සංචාරක කර්මාන්තය යළි නගා සිටුවිම සදහා ක්ෂේත්‍ර යේ නියුතු වූවන්ගේ ද අදහස් සැලකිල්ලට ගනිමින් අදාළ පියවර ගනිමින් සිටින බව පවසන ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙන්නේ සංචාරක නියෝජිතයන් රට තුළට රැගෙන එන සංචාර සදහා සේවා සැපයීම වැට් බද්දෙන් නිදහස් කිරීම ඒ සදහා ගත් එක පියවරක් බවයි. සංචාරක ක්ෂේත්‍රයේ  නියුතු වූවන්ගේ ඉල්ලීම අනුව තවත් පියවර රැසක් ඉතා කඩිනමින් ගැනීමට නියමිත බව ද ඇමතිවරයා පෙන්වා දෙයි.

    සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ වාර්තාවලට අනුව 2019 වසරේ දී මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 191,702 කි. ලැබු ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 3724 කි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ  ‘ගෝඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්ම‘ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් වන්නේ වසර 05 ක් තුළ වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියන 10 ක ඉලක්කයක් සපුරා ගැනීම සදහා සංචාරක කර්මාන්තය දියුණු කරන බවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පසුගිය අගහරුවාදා (26) පැවති සාකච්ඡාවේදී  ද කොවිඩ් 19 වසංගතය රට තුළ පාලනය කිරීමෙන් පසුව සංචාරක ක්ෂේත්‍ර යේ අදාළ ඉලක්ක සපුරා ගැනීම සම්බන්ධයෙන් ද අවධානය යොමු වූ බව ද ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටී.

  • මාවතගම ඉන්නේ කාන්තාර පළඟැටියා නොවේ ! ඒත් විමසිල්ලෙන් සිටින්න

    මාවතගම ඉන්නේ කාන්තාර පළඟැටියා නොවේ ! ඒත් විමසිල්ලෙන් සිටින්න

    සතුන් පැතිරිලා හිටියේ අක්කර තුනක විතර ප්‍රදේශයක් පුරා. ඒ වගේම අපි දුටු සතුන්ට පියාසර කරන්න බෑ. ඒ කියන්නේ ඔවුන් තවමත් ඉන්නේ ශිශු තත්වයේ. ඉතාම දුර්වල පියාපත් යන්තමට ඇවිත් තියෙනවා. සුහුඹුල් තත්වයට එන්න කලින් මර්දනය කරගැනීම වැදගත්

    පසුගියදා හදිසියේ වාර්තා වූයේ මාවතගම ප්‍රදේශයෙන් මතුවූ පළඟැටි සේනාවක් භවබෝග කා දමමින් සැරිසරන බවයි. මාස කීපයකට පෙරාතුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් දැනට ඉන්දියාව දක්වා පැමිණ ඇති කාන්තාර පළඟැටියා පිළිබඳව මාධ්‍යය මගින් දැනුවත් කරතිබූ නිසා ප්‍රදේශවාසීන්ට එම පුවත මතක්වී මෙම කෘමි හානිය ගැන වඩාත් උනන්දුවූ බවක් පෙනිණ.

    ප්‍රාදේශීය කෘෂිකර්ම ව්‍යාප්ත නිලධාරීන් විසින් වහාම තත්වය වාර්තා කල බැවින්, කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්. එම්. ඩබ්ලිව්. වීරකෝන්, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම මහාචාර්ය බුද්ධි මාරඹේ, කීට විද්‍යාඥ ආචාර්ය ලයනල් නුගලියද්ද ඇතුළු කණ්ඩායමක් මාවතගම ප්‍රදේශයට ගොස් හානියට පත් ප්‍රදේශ පරීක්ෂා කරන්නට යෙදුණි.

    පළඟැටියා යනු මෙරටට අලුත් සත්වයෙක් නොවේ. විවිධාකාර පළඟැටි විශේෂ අතීතයේ සිට මෙරට ජීවත් වෙන අතර ඔවුන් සියල්ලෝම ශාක භාක්ෂකයෝය. බැලූ බැල්මට ඔවුන්ගෙන් හානියක් සිදුවෙන බව නොපෙනෙන්නේ ඔවුන් පරිසරයත්, අවට වෙසෙනා ස්වභාවික සතුරනුත් සමග තුලිතවී ගහන පාලනයකින් යුතු ජීවිතයක් ගතකරන බැවින්ය.

    එසේ නමුත් හදිසියේ සිදුවෙන දේශගුණික වෙනසක් වැනි පාරිසරික සාධකයක් හමුවේ ඔවුන්ගේ බෝවීමේ සීග්‍රතාවය වැඩිවීම ස්වභාවිකය. ඒ හරහා ආක්‍රමණික තත්වයෙන් සතුන් බෝවේ. විද්වත් කණ්ඩායමට අවබෝධ වී ඇති ආකාරයට වර්තමානයේ සිදුවී ඇත්තේ එවන් අසාමාන්‍ය සතුන් බෝවිමකි.

    අවට ජනතාව පවසා ඇති තොරතුරු වලට අනුව දැනට වසරකට පමණ ඉහතදී මෙම පළඟැටි උවදුර මෙම පළාත ආශ්‍රිතව තිබී ඇත. එහෙත් එය එතරම් ප්‍රබල නොවූ නිසා සමාජ අවධානයෙන් නොදැනුවත්වම ගිලිගී ගොස් ඇති බව පෙනේ. මෙම ලිපිය සම්පාදනය කරන මොහොත වනතුරු සත්වයාගේ විද්‍යාත්මක නම පැවසිය හැකි තරමට හඳුනාගෙන නැත. විදවතුන්ගේ අවධානයට මුල්වරට සත්වයා හසුවූයේ පසුගිය ඉරිදා නිසාය.

    “සතුන් පැතිරිලා හිටියේ අක්කර තුනක විතර ප්‍රදේශයක් පුරා. ඒ වගේම අපි දුටු සතුන්ට පියාසර කරන්න බෑ. ඒ කියන්නේ ඔවුන් තවමත් ඉන්නේ ශිශු තත්වයේ. ඉතාම දුර්වල පියාපත් යන්තමට ඇවිත් තියෙනවා. සුහුඹුල් තත්වයට එන්න කලින් මර්දනය කරගැනීම වැදගත්. “

    එසේ තම අදහස් ප්‍රකාශ කෙරුවේ පසුගියදා නිරීක්ෂණ චාරිකාවට එක්වූ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතායි. බිත්තරයෙන් පිටතට එන පළඟැටි පැටවුන් සුහුඹුලන් බවට පත්වීමට පෙර හැව හැලීම් කීපයක් සිදුකරනු ලබති. නිරීක්ෂණයට අනුව දැනට ඔවුන් සිටින්නේ අතරමැදි අවස්ථාවකය. නිසියාකාරව වැඩුණු පියාපත් දක්නට නොලැබෙන්නේ එබැවිනි.

    මේ නිසාම පළඟැටියාගේ ඉක්මන් ව්‍යාප්තියක් තවම සිදුවන්නේ නැත. මන්දයත් දැනට සත්වයා පියාසර නොකර ශාක මත පැන පැන යමින් පැතිරෙන නිසාය. මේ මොහොතේ මර්දනය පහසුවන්නේද එබැවිනි. පොල් ගසක කඳ දිගේ මෙම ලාබාල සතුන් ඉහළට ඇවිද යන බවත්, ඔවුන් මේරූ පොල්කොළ පවා අනුභව කරනා බවත් තමා නිරීක්ෂණය කලබව මහාචාර්ය මාරඹේ පවසයි.

    තත්වය එසේනම්, අනිවාර්යයෙන්ම පොල්ගසේ ලපටි කොටසට හානිවීම ගැන සැකයක් නැත. පොල් පර්යේෂණායතනයට කරුණු වාර්තා කිරීමෙන් පසු කඩිනම් ක්‍රියාමාර්ග සඳහා ඔවුන්ගේ නියෝජිත කණ්ඩායමක්ද ප්‍රදේශයට පැමිණීමට නියමිත අතර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මෙහෙයවීම යටතේ ඉතාමත් සැර අඩු වර්ගයේ කෘමිනාශක ඉසීමට වහාම කටයුතු කර තිබේ.

    එය ස්පර්ශ කෘමිනාෂකයකි. ඒ හා ගැටෙන සතුන් මැරී යන බවද නිරීක්ෂණය කර තිබේ. ගැටලුවකට ඇත්තේ උස ගස්වල රැඳී සිටිනා සතුන් වෙත කෘමිනාශක යෙදිය හැකි ඉසින යන්ත්‍ර යනාදිය විශාල වපසරියකට සරිලන ප්‍රමාණයක් නොමැතිවීමයි. පොල් පර්යේෂණායතනයේ සහාය ලබාගැනීමට අදහස් කර ඇත්තේ එබැවිනි. කෙසේ වෙතත් කෘෂි බලධාරීන් ජනතාවට උපදෙස් දෙන්නේ සතියක් පමණ යනතුරු කෘමිනාශක හා ගැටුණු ශාක කොටස් ආහාරයට ගැනීමෙන් වලකින ලෙසයි.

    බොහෝ දෙනෙකුට ගැටළුවක් වී ඇත්තේ මේ පැමිණ සිටින්නේ කාන්තාර පළඟැටියාද යන්නය. මීට මාස කීපයකට පෙර එවන් අවදානමක් ගැන විදෙස් වාර්තා උපුටා ගනිමින් අප සඳහන් කළෙමු. එහෙත් එම සත්වයා තවමත් සිටින්නේ ඉන්දියාවේය. සුළං ධාරා ඔස්සේ මෙරටට පැමිණෙනවානම් ඒ සඳහා වැඩි ඉඩක් ඇත්තේද නිරිත දිග මෝසම් සුළං සක්‍රිය වන අවස්ථාවේදීය. එම සුළං හමන්නේද ඔක්තෝබරයෙන් පසුවයි.

    එසේ නමුත් අවදානමක් නැත්තේද නැත. පරික්ෂාකාරීව සිටීම අතවශ්‍ය කරුණකි. නාඳුනන ආගන්තුක පළඟැටි විශේෂයක් තම ගෙවත්තෙහි හෝ වෙනත් වගාවක් ආශ්‍රිතව දක්නට ලැබේනම් ඔබගේ යුතුකම වහාම කෘෂි බලධාරීන් දැනුවත් කිරීමයි. පේරාදෙණියේ පැලෑටි සංරක්ෂණ සේවය (0812388316) හෝ ගොවි සහන සේවාව (1920) අමතා දැනුම්දිය හැකිය.

    වර්තමානයේ පවතින කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් රටපුරා කඩිනම් ආහාර නිෂ්පාදන වැඩසටහන් ආරම්භවී ඇති අවධියකදී පැමිණි මෙම පළඟැටි ආක්‍රමණය වහාම මර්දනය කිරීමටත්, ඉදිරියේ සිදුවියහැකි ආගන්තුක කෘමි ආක්‍රමණයක් වැලක්වීමටත් අවශ්‍ය සහාය ලබාදීම අතපසු නොකළ යුතු සමාජ වගකීමක් වනු ඇත. 

    සනත් එම්. බණ්ඩාර

    සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ, ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය, ගන්නොරුව, පේරාදෙණිය

  • ‘සේනා’ ආයිත් ඇවිත් – කලබල වෙන්න එපා මර්දනය පහසුයි

    ‘සේනා’ ආයිත් ඇවිත් – කලබල වෙන්න එපා මර්දනය පහසුයි

    රටේ ප්‍රධාන ආහාරය වශයෙන් භාවිතා කෙරෙන සහල් හැරුණුවිට ඉදිරි පෙළ සිටිනා බෝග අතරින් බඩඉරිඟු වලට හිමිවන්නේ සුවිශේෂී තැනකි. 2018 වසරේදී සාමාන්‍ය අස්වැන්න වශයෙන් හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 3.8 ක් ලබමින් හෙක්ටයාර් 70,895 ක් තුළ බඩඉරිඟු වවා අප මෙට්‍රික් ටොන් 270,041 ක අස්වැන්නක් ලබාගෙන තිබුණත්, රටේ අවශ්‍යතාවය කොපමණද යත්, මෙට්‍රික් ටොන් 119,086 ක ප්‍රමාණයක් ආනයනයද කර ඇත. මේ සඳහා වැයකර ඇති මුදල රුපියල් කෝටි 500 කට අධිකය.

    පිටරටින් එන ප්‍රභේද සමග හරි හරියට තරඟ කරන්නට සමත් දේශීය දෙමුහුම් බඩඉරිඟු ප්‍රභේදයන්ද ලාංකික පර්යේෂකයින් අතින් බිහිවී ඇති නිසාත්, වර්තමාන කොවිඩ් වසංගත තත්වය හමුවේ ඉදිරියේදී පිටින් එන ආහාර බෝගයන්හි නිත්‍ය සැපයුමක් ගැන සැක පහළවී ඇති නිසාත්, රජය මගින් ලහිලහියේ හඳුන්වාදුන් අතිරේක බෝග වර්ග 16ක් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනටද බඩඉරිඟු ඇතුළත්වී තිබේ. වර්තමාන තත්වය මත වාරිජලය ලැබෙන හොඳින් ජලවහනය සිදුවෙන වියලි කලාපීය කුඹුරු ඉඩම් කොටසකත් බඩඉරිඟු වවන්නට රජය විසින් දිරිමත්කිරීම් මුදාහරිමින් සිටී.

    සේනා ද පුරුක් පණුවාද ? සැකහැර දැන ගන්න

    බඩඉරිඟු කියනා විටම අපගේ මතකයට එන්නේ 2018 වසරේ මාස් කන්නයත් සමග වගාව ආක්‍රමණය කළ සේනා දළඹුවාගේ පුවතයි. අද කොවිඩ් වසංගත පුවත් ජනමාධ්‍යය ඔස්සේ විසුරුවා හරින්නේ කෙබඳුද, එදා රූපවාහිණී තිර මතට සේනා දළඹුවා යනු නැතුවම බැරි චරිතයක් බවට පත්වී තිබුණි. එදා මෙදා තුර ගෙවුණු කාලය තුළ නම් ‘සේනා’ ගැන එතරම් කතාබහක් ඇති නොවුණත්, යල වගා කන්නයක් ඇරඹී ඇති මේ මොහොතේ වගාවේ ආරක්ෂාව ගැන යළි සිහිපත් කිරීම ගොවි ජනතාව පැත්තෙන් බලන කල ප්‍රයෝජනවත්ය.

    මහවැලි සී කලාපයට අයත් ගිරාඳුරුකෝට්ටේ, අනුරාධපුර ප්‍රදේශයේ පමණක් නොව බඩඉරිඟු පර්යේෂණයන්හි හදවත ගැහෙනා මහඉලුප්පල්ලම පර්යේෂණ ස්ථානය අසල ගොවිබිම් වලින්ද ‘සේනා’ මතුවෙමින් තිබෙනා බව දැන් ටික දිනෙක සිට වාර්තාවෙමින් පවතී. ඇඳිරිනීතිය බලපැවත්වීම හේතුවෙන් වගා පරීක්ෂාකිරීම් ගොවීන් අතින් අතපසු වූ නිසාද, රාජ්‍ය උපදේශකසේවා සුපුරුදු කාර්යක්‍ෂමතාවයෙන් ක්‍රියාත්මක නොවුණු නිසාද, ‘සේනා’ විසින් තාවකාලික ජයක් අත්කරගත්තා සේය. මතුවී සිටින්නේ ‘සේනා’ ද පුරුක් පණුවාද යන්නත් සැක හැර දැනගන්නා ලෙස කෘෂි නිලධාරීන් ගොවීනට දන්වා සිටී.

    පුරුක් පනුවා සේනා දළඹුවා තරම් ලොකුවට වැඩෙන්නේ නැත. පැහැය බැලුවත් සේනා ට සාපේක්ෂව ලා පැහැතිය. ලපටි ඉරිඟු කරල කඳට සවිවෙන ස්ථානයෙන් සිදුරු කර ඌ කඳ තුළට යන අතර සේනා තරමට පත්‍ර කා දැමීමක් සිදු නොකරයි. මේ කරුණු අනුව පෙනෙන්නේ පළිබෝධකයා නිවැරදිව හඳුනාගැනීම වැදගත් බවයි. ප්‍රතිකාර ක්‍රමයද එකිනෙකට වෙනස්වේ. සිටින්නේ පුරුක් පනුවා නම් ‘ඩයිසිනෝන්‘ වැනි කැට සහිත කෘමිනාශකයක් සති 3-6 ක් වයස බඩඉරිඟු පැළයේ ගොබය තුළට දැමීම සුදුසුය.

    ඇතැම් ගොවීන්ගේ වගාවන්ට දැන් මාස එක හමාරකට වඩා වයස් ගතවී තිබේ. අඩි හතරකට වඩා ඉහළට වගාව වැඩී ඇති මෙවැනි අවස්ථාවක පත්‍ර කීපයක් කාදමා ඇතිබවක් පෙනෙන්නේ නම් ඒ සේනා දළඹුවාගේ හානියයි. දැන් ප්‍රධාන වශයෙන් කලයුත්තේ ශාකයෙන් අලුත බිහිවෙන කරල ආරක්ෂා කරගැනීම වන නිසා, අළු, පස්, හෝ වැලි වැනි දෙයක් ගොබයට දැමීමෙන්, දළඹුවාට ලපටි කරල කරා යාමට ඇති මග ඇහිරිය හැකිවේ. සතුන් විසින් කා දමනලද පත්‍ර කොටස් වියලී ගොස්, ක්‍රමයෙන් ශාකය ප්‍රකෘති තත්වයට පත්වේවි.

    සේනාට කළ යුතු ප්‍රතිකාර

    ඒ නිසා එවන් වගාවක සිටිනා සතුන් රසායනිකව මර්දනය කරන්නට යාම නිෂ්පල ක්‍රියාවක් මෙන්ම අනවශ්‍ය වියදම් දැරීමක්ද වේ. අනෙක් අතට  ඝනව පත්‍ර වැඩී ඇති වගාවට පළිබෝධනාශක දියර ඉසීමද පහසු නැත. ආරක්‍ෂිත ඇඳුම් ඇඳ නැත්නම්, අනවශ්‍ය පරිදි ඉසින පුද්ගලයා දියරයට නිරාවරණය වීමද සිදුවිය හැකිය.

    මීළඟට සලකා බැලිය යුත්තේ තමාගේ දණහිස තරමට උස්වූ සති කීපයක් වයස බඩඉරිඟු වගාවක් පිළිබඳවය. ගොබය තුළට අළු, පස් හෝ වැලි දැමීමෙන් කරල ආරක්ෂා කරගැනීමේ පියවර මෙතනටද වලංගුය. පත්‍ර මත දළඹුවන් දක්නට ලැබේ නම් රසායනික මර්දනයක් වෙතටද යොමුවන්න.

    එයද කල යුත්තේ සම්පුර්ණ වගාවට ඉසීමෙන් නොව හානිය ඇති තැන් තෝරාගෙන දියර ඉසීමයි. දැනට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කර ඇති පලිබෝධ නාශක පහක් තිබේ. මේ සියල්ල ඉතා අඩු විෂ සහිත සංයෝග වන අතර වැඩි කාලයක් වගාවේ පවතින්නේ නැතිව ඉක්මනින් වියෝජනය වී යයි. තවද මේවා ක්‍රියා කිරීම සඳහා දළඹුවාගේ සිරුරේ ගෑවිය යුතුය. එබැවින් වගාවේ පත්‍ර තෙමෙන පරිද්දෙන් මුළු වගාවම දියරයෙන් නැහැවීම තේරුමක් නැති වැඩකි. හානිය ඇති තැනට, දළඹුවා සිටින තැනට, ඉසිනයේ නොසලය හරවා ප්‍රවේශමෙන් දියරය යෙදිය යුතුවේ.

    දියර ඉසිය යුතු කාලාන්තරය ගැන කියනවානම්, වඩා සුදුසු වන්නේ පළිබෝධකයා සිටින ස්ථානයටම ඉසින ලෙස පැවසීමයි. කාලාන්තරය ගැන නොසිතා පළිබෝධකයා සිටීද, නැතිද යන කරුණ මත තෝරාගත් ස්ථාන වලට පමණක්, කෘමිනාශක ඉසිය යුතු අතර නිතිපතා වගාව පරීක්ෂාකිරීමත් මේ සඳහා අතවශ්‍ය වේ.

    වරක් ඉසිනලද දියරය ඊළඟ වාරයේදී නොයෙදීමටද මතක තබාගන්න. එහි ‘කේතය’ වෙනස් වෙන පරිද්දෙන් සංයෝගය තෝරා ගතහැකිය. එකම කේතය දරන සංයෝගය නොකඩවා නොයෙදිය යුතු බව මින් අදහස් කෙරේ. ‘කේතය’ මගින් නිරූපනය කරන්නේ රසායනය පලිබෝධකයා මත ක්‍රියාත්මක වන ආකාරයයි. මාරුවෙන් මාරුවට වෙනස් ක්‍රියාවක් පෙන්වන ද්‍රව්‍ය යෙදීම නිසා පළිබෝධකයාට ඊට අනුවර්තනය වීමට අපහසු වේ.

    රේඩියන්ට්, සක්සස්, ප්‍රොක්ලේම්, කෝරැජන්, සහ වර්ටැකො දැනට නිර්දේශිත කෘමිනාශක වේ.

    මීට අමතරව පින්න ඇති හිමිදිරියේ වගාවේ පත්‍රවලට අළු ඉසීම වැනි ප්‍රතිකාර හරහා දළඹු හානිය අවම කරගත හැකිවේ.

    අලුත් වගාකරුවන්ට උපදෙස්

    අවසාන වශයෙන් දැන්විය යුතු වන්නේ ඉතා මෑතකදී වගාව ආරම්භ කල ගොවීන් සඳහා වූ උපදෙස්ය. ඔවුන්ගේ වගාව මේ වනවිට අඩියක් පමණ උස විය හැකිය. නැතහොත් බීජ සිටුවා දින 10-14 කාලයක් ගතවූ පත්‍ර දෙකක් පමණ ඇති වගාවක් විය හැකිය. සතියකට දෙවරක්වත් වගාව පරීක්ෂා කරන්න. සලබයා බිත්තර දමන්නේ ලපටි වගාවක පත්‍ර මතුපිට බැවින් බිත්තර කැදලි පියවි ඇසට පවා හසුකරගත හැකිය. ඒවා ඇත්නම් ඉවත්කර විනාශකර දමන්න. මෙම අවධියේදී අළු, කොහොඹ නිස්සාරකය ආදිය භාවිතයද ආරක්ෂක පියවරකි.

    මීට අමතරව කලින් දැක්වූ පරිද්දෙන් හානිය ඇති ස්ථාන සොයමින් රසායනික මර්දනයට යොමුවීම අවශ්‍ය කරුණකි. ලපටි පත්‍ර වල යටිපත්තේ වෙසෙනා කුඩා දළඹුවන් මතුපිට සිවිය ඉතිරිවෙන සේ යටි පැත්තෙන් පත්‍ර සූරා කන බවත්, නූල් වැනි කොටස් සාදා ගෙන පත්‍රවල එල්ලී සිටිමින්, සුළෙඟ් පැද්දී යාබද පත්‍ර කරා ව්‍යාප්ත වන බවත් මේ අවස්ථාවේදී නිරීක්ෂණය කල හැකිය. පින්න ඇති අවස්ථාවේ අළු යෙදීමෙන් පත්‍ර මත සලබයාගේ බිත්තර දැමීමද අවහිර කල හැකි බව මතක තබාගන්න.

    පරිසරයද මේ වනවිට ‘සේනා’ ව හොඳින් හඳුනන්නේය. දළඹුවා ආහාරයට ගන්නා මකුළු වර්ග, සලබයාගේ බිත්තර තුල බිජුලන බිත්තර පරපෝෂිතයින් ආදිය පරිසරයේ බහුලය. ඔවුන් හරහා සාර්ථක මර්දනයක් සිදුවී මේ වනවිට ‘සේනා’ දළඹුවා ස්වභාවික පාලනයකට යටත්වී ඇති බවක් පෙනේ. මේ සමතුලිතභාවය ගොවිතැනට වාසියකි. එය ආරක්ෂා කරගත යුත්තේද ගොවියාමය. එබැවින් අවශ්‍ය තැනට පමණක් පළිබෝධනාශක භාවිතා කරමින්, පරිසරයේ වෙසෙන හිතකර කෘමීන් ආරක්ෂා කරගැනීමටද ඔහු වගබලා ගත යුතුය. එවන් අවධානයක් ඇත්නම්, ඉදිරියට ‘සේනා’ පිළිබඳව එතරම් කලබල වියයුතු නැත.   

  • මැතිවරණයට එරෙහි පෙත්සම් විභාගයට ගන්නේද? නැද්ද?- තීන්දුව හෙට සවස 03ට

    මැතිවරණයට එරෙහි පෙත්සම් විභාගයට ගන්නේද? නැද්ද?- තීන්දුව හෙට සවස 03ට

    පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ මැතිවරණයට දින නියම කිරීම අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් වී ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 07 විභාගයට ගන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් වන තීන්දුව හෙට (02)  පස්වරු 03.00 ට ප්‍රකාශයට පත්කරන බව අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (01) දස වැනි දිනටත් සලකා බැලූ අවස්ථාවේදි අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ප්‍රකාශ ක‍‍ළේය. 

    අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘෘ , ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් සලකා බැලීම සිදු විය.

  • ලෝකයේ වැඩිම අත්සන් ප්‍රමාණයක් ගැසූ ‘ගිනිස් වාර්තාව’ හිටපු ජනපති සිරිසේනට ?

    ලෝකයේ වැඩිම අත්සන් ප්‍රමාණයක් ගැසූ ‘ගිනිස් වාර්තාව’ හිටපු ජනපති සිරිසේනට ?

    මහ බැංකු බැදුම්කර වංචාවේ ප්‍රධාන සැකකරු වන හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීම වෙනුවෙන් ඉදිරිපත් කළ ලිපිලේඛන සඳහා අත්සන් 25,000ක් පමණ යෙදීමට තමන්ට සිදු වූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  පොළොන්නරුවේ පැවැති මාධ්‍ය හමුවකදී හෙළි කළේය.

    පසුගියදා පුවත්පතක පළ වු පුවතක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා  මෙසේද  පැවසීය.

    “වෝහාරික විගණනය ජනතාව දැනගත්තේ මං පත් කළ කොමිසමේ වාර්තාවෙන්. මෙම වාර්තාව තුළ ප්‍රධාන වගඋත්තරකරු අර්ජුන් මහේන්ද්‍රන්. මම 2019 දි සිංගප්පුරු අගමැතිව පෞද්ගලිකව හම්බවුණා. එහිදී මම කිව්වා සියලු ලිපි ලේඛන එවලා තියෙනවා, අර්ජුන් මහේන්ද්‍රන්ව ලංකාවට භාරදෙන්න කියලා ඉල්ලීමක් කළා. මහේන්ද්‍රන් ගෙන්වා ගන්න නීතිපති දෙපාර්තමේන්තුව හදපු ලිපිවලට මට අත්සන් 25,000ක් ගහන්න වුණා. ඒ නිසා අත්සන් කළ තුන්වැනි දවසේදි අතේ දියපට්ට ආවා. ජනාධිපති විදිහට මම අර්ජුන මහේන්ද්‍රන් ගෙන්වාගන්න අත්සන් ගැහුවා..ඒ විදිහේ වැඩ කොටසක් මම කළා.”

    හිටපු ජනපතිවරයාගේ මේ ප්‍රකාශයට ප්‍රතිකාර දක්වමින් බොහෝ දෙනකු ප්‍රකාශ කළේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනපතිවරයාගේ මේ අත්සන් 25,000 කතාව ගිනිස් වාර්තා පොතට යන අත්සන් ගැසීමක් බවයි.

    ‘ඔහු කළ බොහෝ වැඩ ගිනිස් වාර්තා තමයි. හැට දෙලක්ෂයක් ඡන්ද අරන් ඒ ඡන්ද දායකයින්ට පිටුපෑවා. තමන්ගේ පරම දේශපාලන හතුරා ලෙස සලකපු මහින්ද රාජපක්ෂ මහතාව අගමැති කළා. තමන් බලයට ගෙන පක්ෂ නායකයාට කළ හැකි සෑම අපහසයක්ම කළා. ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝණය කළා. පොළොන්නරුවට බිලියන දහස් ගාණක් වැය කළා. අවසානයේ ලංකාවේ පැරණිම හා ප්‍රබලතම පක්ෂය වූ ශ්‍රීලනිපය විනාශ කළා. දැන් නැවත පාර්ලිමේන්තුවට එන්න සිහින දකිනවා. මේ සේරම එකතු කළ විට සිරිසේන මහතාගේ නම ඉදිරියේ ලෝක වාර්තා එකක් නෙමෙයි සීයක් විතර ලියවෙනවා‘ අප කළ විමසීමකට පිළිතුරු දෙමින් බොහෝ දෙනකු කළ ප්‍රකාශවල පොදු හරය විය.