Blog

  • කොවිඩ් වසංගතය හමුවේ පාපන්දු තරු බැස යද්දී ටෙනිස් තරු පායා එයි

    කොවිඩ් වසංගතය හමුවේ පාපන්දු තරු බැස යද්දී ටෙනිස් තරු පායා එයි

    සුපිරි ටෙනිස් තරුව රොජර් ෆෙඩරර් ලෝකයේ වැඩිම වැටුප් ලබන ක්‍රීඩකයා බවටත් නයෝමි ඔසාසා ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩිකාව බවටත් පත්ව ඇතැයි ලෝ ප්‍රකට ෆෝබස් සගරාවේ අලුත්ම කලාපය සදහන් කරයි.

    ෆොබස් Forbes සගරාව වාර්ෂිකව ලොව වැඩිම වැටුප් ආදායමක් ලබන ක්‍රීකඩ ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කරන අතර එහි 2020 වාර්තාව ඊයේ (29) ප්‍රකාශය පත් විය.

    ඔබට මෙම Link එක ඔස්සේ අදාළ සම්පූර්ණ වාර්තාව කියවිය හැකිය –  annual Forbes list

    රොජර් ෆෙඩරර් එම වාර්තාවට හිමිකම් කියන්නේ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ අභිබවා යමින් වීම ද විශේෂත්වයක් වන අතර පාපන්දු තරු අභිබවා ටෙනිස් තරුවක් ලොව වැඩිම වැටුපක් ලබන ක්‍රීඩකයා බවට පළමු වරට පත්වීම ද විශේෂත්වයකි.

    38 හැවිරිදි ෆෙඩරර් පසුගිය වසරේදී ඩොලර් මිලියන 86.2ක් උපයා ඇත.

    ෆෝබස් ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ (ඩොලර් මිලියන 85), තෙවැනි ස්ථානයට ලයනල් මෙසී (ඩොලර් මිලියන 84) සිවුවන ස්ථානයට පාපන්දු තරුවක් වන නෙයිමාර් (ඩොලර් මිලියන 77.5) හිමිකම් කියන අතර පස්වන ස්ථානය ඇමරිකානු පැසිපන්දු ක්‍රීඩක ලෙබ්‍රොන් ජේම්ස් (ඩොලර් මිලියන 71.5) විසින් දිනා ගෙන ඇත

    ඉහළම ආදායමක් උපයා ගත් ක්‍රීඩකයින් අතර මුල්පෙළ ස්ථාන තුනක් (2,3,4) පාපන්දු තරු විසින් දිනා ගෙන තිබිම විශේෂත්වයකි (එය සාමාන්‍යෙයන් සිදුවන දෙයකි)

    බොක්සර් ටයිසන් ෆියුරි 11 වන ස්ථානයේ (ඩොලර් මිලියන 46.2) වැඩිම ආදායමක් උපයන බ්‍රිතාන්‍ය ජාතිකයා බවට පත්ව ඇත.

    ෆෝමියුලා 1 ලෝක ශූර ලුවිස් හැමිල්ටන් ඩොලර් මිලියන 43.7 ක ඉපැයීම් සමඟ 13 වන ස්ථානයට පත්විය.

    ජපාන ටෙනිස් තරුව නයෝමී ඔසකා වැඩිම වැටුපත් ලබන ක්‍රීඩිකාව බවට පත්ව ඇති අතර ඇය පොදු ලැයිස්තුවේ 29 වැනි ස්ථානයේ පසුවේ.

    “කොරෝනා වසංගතය පාපන්දු තරු වන මෙසී සහ රොනාල්ඩෝ සඳහා වැටුප් කප්පාදු කර ඇති අතර එය ටෙනිස් ක්‍රීඩකයෙකුට පළමු වරට ලොව වැඩිම වැටුප් ලබන මලල ක්‍රීඩකයා ලෙස ශ්‍රේණිගත වීමට මග පෑදුවේය” යනුවෙන් ෆෝබ්ස් හි ජ්‍යෙෂ්ඨ කර්තෘ කර්ට් බේඩන්හවුසන් Kurt Badenhausen පැවසීය.

    BBC SPORT ඇසුරිණි – සකස් කළේ – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • රිතික් රොෂාන්ගේ බිරිය සුසෑන් පවුලේ පුද්ගලික ඡායාරූප රැසක් එළියට දාලා !

    රිතික් රොෂාන්ගේ බිරිය සුසෑන් පවුලේ පුද්ගලික ඡායාරූප රැසක් එළියට දාලා !

    රිතික් රොෂාන් බොලිවුඩයේ අතිෂය ජනප්‍රිය සුපිරි තරුවක්. ඔහුගේ බිරිද සුසෑන් ඛාන් සහ දරුවන් වන හර්යාන් සහ රිහාන් ද බොහෝම ආදරණීය චරිත.

    ඉතිං බොලිවුඩ් සිනමා තරු මේ දවස්වල ගත කරන්නේ බොලිවුඩ් ඉතිහාසයේ කිසිදා නොවූ නිහඩ සමයක්. ෂූටින්, සිනමා උත්සව, සාද, ප්‍රිය සම්භාෂණ ඒ කිසිවක් දැන් නැහැ. ඒ නිසා බොලිවුඩය වගේම බොලිවුඩ් තරුත් පුදුමාකාර නිහඩ, නිස්කලංක ජීවිතයක් ගත කරනවා.

    රිතික් සහ ඔහුගේ ආදරණීය පවුල මේ දිනවල කාලය ගත කරන්නේ සුන්දර අරාබි මුහුදට මුහුණ ලා ඉදිකළ මන්දිරයක. හුදකලා වෙරළ තීරයක් ද සහිත මේ මන්දිරය සුසෑන්ට නම් දිව්‍ය විමානයක් බවයි කියන්නේ.

    ඉතිං, නිරෝධානය අතරතුර සුසෑන් පසුගිය දා ඇයගේ පින්තූර කිහිපයක් ඉන්ස්ටග්‍රෑම්හි පළ කළා. එහි වැඩි ගණනක් තිබුණේ සුසෑන් බොහෝම තෘප්තියෙන්, හරියට කුමාරිකාවක් වගේ තම මන්දිරය තුළ ගත කරන ආකාරය ඇතුළත් ඡායාරූප. ඒත් ඒ අතර රිතික්ගේ සහ දරුවන් දෙදෙනාගෙත් ඡායාරූප තිබුණා.

    රිතික් රොෂාන්

    ‘පරස් Paras ලෙස නම් කර ඇති රිතික් රොෂන්ගේ වර්ග අඩි 3000ක් පමණ වන මන්දිරය මුම්බාහි අරාබි මුහුදට මායිම් වන අති සුන්දර වෙරළ තීරයක් වන Juhu හි පිහිටා ඇති අතර එය සැලසුම් කර ඇත්තේ ගෘහ නිර්මාණ ශිල්පී අෂීෂ් ෂා Ashiesh Shah විසිනුයි. එහි සෞන්දර්යාත්මක අවකාශය නළුවාගේ ජීවිතය හා ශෛලිය පිළිබිඹු කරන බව පරස් දකින ඕනෑම අයෙකුට මනාව වැටහී යන බව නම් සහතිකයි.

    ඉතිං, අපි මේ අපූරු මන්දිරය තුළ සුසෑන් සහ රිතක් ගත කරන ජීවිතය ගැන ටිකක් විමසා බලමුද ?

    රිතික් රොෂාන්
    රිතික් රොෂාන්
    රිතික් රොෂාන්
    රිතික් රොෂාන්
    රිතික් රොෂාන්
    රිතික් රොෂාන්
    රිතික් රොෂාන්

    Filmfare ඇසුරිණි – සකස් කළේ – තුෂාධවි

  • කොරෝනා වසංගතයට අභියෝග කරමින් ‘රටපුරා ගෙවතු වගාව’ ජයට සිදුවන හැටි !

    කොරෝනා වසංගතයට අභියෝග කරමින් ‘රටපුරා ගෙවතු වගාව’ ජයට සිදුවන හැටි !

    Covid-19  කියු සැනින් ලොකු කුඩා භේදයකින් තොරව අපේ සිතට නැගෙන්නේ මරණීය බියකි. මෙතෙක් අප මුහුණ දුන් ඉතාමත් භයානක වසංගතයක් වු මෙය තනි මරණයකින් කෙළවර නොවී රුක් සටහනක් සේ ව්‍යසනය පැතිරී පොකුරු මරණයකින් ද කෙලවර වේයැයි කිසිවෙකුට තවමත් කිව නොහැකිය. එය ස්වභාව ධර්මයේ තනි තීරණයකි. එම තීරණයට අවනත වූ මිනිස් වර්ගයා අද එයට මුහුණ දෙමින් සිටී.

    Covid-19 වසංගතය සමග ආහාර සැපයුම් ජාල බිද වැටීම, ආනයන – අපනයන සීමා වීම හෝ අත්හිටුවීම, අධික බදු පැනවීම් ආදිය සමග ‘ආහාර හිගයක් ‘ සාගතයක් ‘ගැන ද ගෝලීය වශයෙන් භීතියක් නිර්මාණය වී ඇති අතර ලෝක ආහාර සංවිධානය, එක්සත් ජාතීන් ඇතුළු ආයතන ද මේ ගැන සිය බිය ‘නිල වශයෙන් ‘ පළ කර තිබේ.

    ගෝලීය වශයෙන් පැතිර යන මෙම ‘ආහාර අහේනිය, සාගතය‘ පිළිබද භීතිය සංවර්ධිත එක්සත් ජනපදය – මහා බ්‍රිතාන්‍ය පමණක් නොව නිරන්තරයෙන් ආහාර අහේනියෙන් හා සාගතයෙන් බැටකන අප්‍රිකානු කලාපය පවා භීතියට පත් කිරීමට සමත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවල දැක්වේ.

    එක්සත් රාජධානියේ දරුවන් ද ගෙවතු වගාවට යොමුව සිටීන අයුරු

    උදාහරණයක් ලෙස බී.බී.සී ලෝක සේවය වාර්තා කළේ එක්සත් රාජධානියේ කෘෂිකාර්මික බීජ සදහා වන ඉල්ලුම පසුගිය මාර්තු මාසයේ 1100%කින් ඉහළ ගිය බවයි. ඇමෙරිකා එක්සත් ජනපදයේ එම ප්‍රතිශතය සියයට 600%ක් වන අතර බ්‍රිතාන්‍ය ජාතික සංඛ්‍යා ලේඛන කාර්යාලය වාර්තා කළේ පසුගිය මාසයේදී එරට පවුල් ඒකක වලින් 46%ක් ගෙවතු වගාව ආරම්භ කර ඇති බවයි.http://lankaepress.com/2020/05/25/33496/ සහ http://lankaepress.com/2020/05/08/32252/

    එහෙත් මේ ගැන අවධානය යොමු කරන පර්යේෂකයින් පෙන්වා දෙන්නේ ගෝලීය වසංගත අවධානමක් සමග නිර්මාණය වන ‘සාගතය පිළිබද බිය‘ නිසා මිනිසුන් බෝග වගාවට යොමු වීම හුදු අහඹු සිදුවීමක් නොවන බවයි. එය වසර සිය දහස් ගණක් පුරා මිනිසුන්ගේ ජාන තුළ නිදන්ගතව පැවැති ‘ගොවිකම‘ යළි එළියට පැමිණීමක් ලෙස ඔවුහු සලකති.

    එළවළු උද්‍යාන, නාගරික ගෙවතු උයන්, ගෙවතු වගාව, බදුන් තුළ වගාව, පියැසි මත වගාව‘ ආදි ඒ ඒ රටවලට, පරිසරවලට ආවේනික ආකාරයෙන් ‘තමන්ගේ ආහාර තමන්ම නිපදවා ගැනීම‘ හෙවත් ලංකාවේ අපට වැටහෙන ආකාරයෙන් ‘වවා කියා ගෙන කෑම‘ ලෝකය පුරා වසංගතයක් (මෙය ඍණාත්මක අදහසක් නොවන නිසා රැල්ලක් වශයෙන් නම් කළ හැකිය) ලෙස පැතිර යන්නේ ‘ගොවිකම‘ නැමති ජාන සෑම මිනිසෙකු තුළම නිදන්ගතව පැවතීම නිසා බවයි ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.

    ඉහත සඳහන් කළා සේ හිතේ ගතේ දැවටී තිබූ ගොවිකම හමස් පෙට්ටියකට දමා අඟුළු ලා මාසේ පඩියට රැකියාවන්ට ගිය මහත්වරුන්ටත් තමන්ගේ ජීවිත‍යෙන් ගොවිකම ඈත් වී නැති බව වටහා දීමට මේ කොරෝනා කාලය සමත් වී ඇත. රැකියා සඳහා යන්නට නොහැකි වු දින ගණණ දිනෙන් දින ඉහළ යත්ම වෙනදාට කඩියන් සේ එහෙ මෙහේ දිව යමින් වැඩ කළ ඒ මහත්වරුන්ගේ නෙත ගැටුනේ උදැල්ල සහ නිවස අවට හිස් භූමියයි. අද ඔවුන්ගේ ගොවිකමේ පිබිදීම අපහට සියැසින් ඉතා අපූර්ව ලෙස දැකබලාගත හැකි වී ඇත්තේ, නිවස අවටත් හිස්ව පැවති සෑම තැනකමත් පුංචි පුංචි මල් පිපිණු ඵල බර වෙන්නට තතනමින් සිනාසෙන ගස් වැල් දකින විටය.

    වසංගතය නිසා ඇති වේ යැයි සැක කළ ආහාර හිඟය හා සටන් කිරීමට වීර සෙබලුන් සේ අද මේ අලුත් ගොවි මහතුන් සන්නද්ධ වී ඇත. ඔවුන් නැවත රැකියාවන්ට ගිය ද මේ පිම්ම, මේ ගැම්ම නැති කර ගන්න නම් මේ මහත්වරුන්ට සිතක් ඇත්තේම නැති බව ඔවුන් හා කෙරුණු සාකච්ඡාවල දී පැහැදිලි විය.

    කොවිඩ්-19 හමුවේ ආහාර සුරක්ෂිතතාව සහ කෘෂිකර්මය නඟා සිටුවීමට යත්න දරන රජය විසින් ගොවියා සහ ගොවි පවුල හෙවත් කුටුම්භය ආරක්ෂා කරමින් ගම ද ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් පිළිබඳ සැලසුම් සකස් කරමින් සිටින මොහොතක ගමේ යමක් කමක් තේරෙන මේ මහත්තුරුන්ගේ උනන්දුව ග්‍රාමීය කෘෂිකර්මාන්තයේ උන්නතියට යොදා ගත හැකි නම් කෙතරම් අගනේ ද? 

    චිරාත් කාලයක් තිස්සේ විද්වතුන්ගේ කතා බහට ලක් වන කෘෂි ව්‍යාප්ති සේවයේ අකාර්යක්ෂමතාවයට ආසන්නතම හේතුවක් වන්නේ කෙතරම් දැනුම තාක්ෂණය ලබා දුන්න ද මිනිසුන්ගේ ආකල්ප වෙනස් කිරීමේ සමත් කමක් නොමැති වීම බව පැහැදිලි කිරීමට සාක්ෂි බොහෝ ඇත. නමුත් අද වන විට ඇසට නොපෙනෙන සියුම් වෛසයක් විසින් සක්කරයාටවත් වෙනස් කළ නොහැකි මිනිසුන්ගේ සමහර ආකල්ප ඉතා අපූරුවට යහපත් ලෙස වෙනස් කර ඇති ආකාරය සතුට දනවන කාරණයකි.

    වසංගතයත් සමඟ ඉතා සාධනීය අයුරින් තම කුටුම්භය සම්බන්ධයෙන් පමණක් නොව තම අසල්වාසීන් නෑයින් පිළිබඳව ද සිතන කාෂිකාර්මික ආකල්පයන් සහිත එවැන්නන් හා කෙරුණු සාකච්ඡා පහත පෙළ ගැසේ.

    ජගත් රෝහණ හෙට්ටිආරච්චි මහතා

    ජගත් රෝහණ හෙට්ටිආරච්චි මහතා, උඩුබද්දාව ප්‍රදේශයට අයත් දකුණු දුනකදෙනිය ග්‍රාමයේ වෙසෙන දෙදරු පියෙකි. ආදර්ශමත් පාසල් ගුරුවරයෙකි. ඔහු කොරෝනාවෙන් ලැබූ නිවාඩුව පිළිබඳ අදහස් දක්වමින් සඳහන් කරන්නේ, සංකීර්ණ ජීවන අරගලයන්ට මැදිව හෙම්බත්ව සිටි මිනිසුන්ට මඳක් නිවී සැනහෙන්නට ස්වභාව ධර්මය විසින් පුංචි විරාමයක් ලබා දී ඇති බවයි. ඒ  පුංචි විරාමය ජීවිතයට සමීප කළ දේවල් අතර ඉතා වැදගත්ම දේ විවිධ බෝගවලින් පිරුණු ගෙවත්තක හිමිකරුවෙක් වීම බව සඳහන් කරන්නේ තෘප්තිමත් මුහුනින්ය.

    අසල්වාසීන්ගෙන් හුවමාරු කර ගැනීමෙන්  මෙන්ම කෘෂි බීජ අලෙවි සැල්වලින් ලබාගත් බීජ භාවිතා කරමින් තමන් දන්න තාක්ෂණ ක්‍රමවේදයන්ට අනුව විවිධ එළවළු වර්ග, පළා වර්ග ගණනාවක් මේ වන විට තමාගේ නිවස අවටත් නිවස ආසන්නයේ තිබෙන අමතර ඉඩම් කැබැල්ලේත් වගා කර ඇති බව පෙනෙන්නට තිබිණි. කැලෑවෙන් වැසී තිබූ මෙම භූමිවල පසේ ඇති නැවුම් සාරවත්භාවය නිසා අමතරව පසට පොහොරක් එක් නොකළ ද ග්ලිඩිසීරියා කොළ සහ වෙනත් කාබනික ද්‍රව්‍යවලින් තම වගාවන් පෝෂණය කරන බව ජගත් ඉස්කෝලේ මහත්මයා සඳහන් කරන ලදි.

    ජගත් මහතා සහ බිරිය වගාවන්ට සාත්තු කරමින්

    ගුරුවරියක් වන ඔහුගේ බිරිඳ මේ කාර්යයන් සියල්ල පසුපස හිඳිමින් ඔහුට සහය වන්නේ ඉතාමත් සතුටිනි. ඉදිරියේ දී වස විසෙන් තොර නැවුම් එළවළු වර්ග, පළා වර්ග තමන්ට පමණක් නොව තම නෑ හිතමිතුරන් සමඟත් සුළු වශයෙන් හෝ බෙදා හදා ගැනීමේ අවංක සිතුවිල්ලක් ද ඔහු තුළ පවතික බවට සඳහන් කළ ජගත් මහතා කොරෝනා කාලය අවසන් වුවත් තමන්, බිරිඳ දුව සහ පුතා මේ ගෙවත්ත තනි නොකරන බව  ද මතක් කළේය.

    කමල් රන්දෙනිය මහත්මා පෞද්ගලික ආයතනයක සේවය කරන දකුණු දුනකදෙනිය ග්‍රාමයේ ම වෙසෙන පුතුන් දෙදෙනෙකුගේ දයාබර පියෙකි. ඔහු සඳහන් කරන්නේ, උදෑසනක ගහකට කොළකට වැටෙන ලා හිරු රැසක් දකින්නට හෝ සන්ධ්‍යාවක සියුම් සුළඟක් ඇඟට විඳ ගන්නට හෝ අවකාශයක් නොලැබ කලුවරේම නිවසින් පිටත් වි කලුවරේම නිවසට එන මිනිසුන්ගේ හැල්මේ දිව ගිය ජීවිත එක්වරම මොහොතකින් නතර කළ ඒ කොරෝනාව ආශ්චර්යයක් බවයි.

    කමල් රන්දෙනිය මහතා

    කොරෝනා වසංගතයත් සමඟ ඇතිවිය හැකියැයි අපේක්ෂා කළ ආහාර හිඟයට මුහුණ දීමට තමන් තුළ ඇති වූ ධෛර්යය ඊටත් වඩා ආශ්චර්යයක් බව ඒ මහතා සඳහන් කරයි.  සුපුරුදු දින චර්යාවෙන් මිදී දින සති ගෙවෙන විට සමාජ ජාල ඔස්සේ එහා මෙහා හුවමාරු වන ගෙවතුවල දර්ශන ඒ වගේම රජයේ නව කෘෂිකාර්මික ප්‍රතිපත්තිය තුළ ඉතා වැදගත් අංගයක් වු වස විසෙන් තොර ආහාර බෝග නිෂ්පාදනයේ ඇති වැදගත්කම ආදී තොරතුරු අතරින් ගෙවත්තක් සාදා ගැනීමේ සිතිවිල්ල තමන්ගේ සිතට කාවැදුනු බව කමල් මහතා සඳහන් කළේය. කෘෂිකාර්මික අංශයට අදාළ රැකියාවක නියුතු ඔහුගේ බිරිඳත් පාසල් යන පුතුන් දෙදෙනාත්  මෙම කාර්යයට උපරිම සහයෝගය දූන් බව ඔහු සඳහන් කළේය.

    බීජ සහ රෝපණ ද්‍රව්‍ය සපයා ගැනීමේ දී මහත් වෙහෙසක් දරන්නට සිදු වු බව සඳහන් කළ මොහු දින කිහිපයක් මහන්සි වී ඒවා සපයා ගත් බව සඳහන් කළේය. ඒ තරමටම බීජ සහ රෝපණ ද්‍රව්‍ය සඳහා ඉල්ලුමක් එම දිනවල පැවති බව හේ සඳහන් කළේය. අන්තර්ජාලයේ සැරිසරමින් සම්ප්‍රදායික දැනුම සහ ඥානය පිළිබඳ තොරතුරු රැස් කරමින් ඒවා අත්හදා බැලීමටත් ඔහු උත්සහා දරා ඇති බව ඔහු සඳහන් කළ කරුණුවලින් පැහැදිලි විය.

    කමල් මහතා කරවිල වගාවට සාත්තු කරමින්

    ඔහු විසින් නිවස අවට ඉඩක් ඇති සෑම බිම් අඟලකම ඉන්දවා ඇති විවිධ එළවළු පැළ සාරවත්ව පවත්වා ගැනිම සඳහා සෑම පාත්තියකටම ග්ලිඩිසිරියා කොළ අතුරා ඇත. ඔහු සඳහන් කරන ආකාරයට මෝරන ලද ග්ලිඩිසීරියා කොළවලට වඩා ලපටි කොළ වඩාත් ප්‍රතිඵලදායක වේ. ඊට අමතරව කෘමීන් සහ පළිබෝධකයින්ගෙන් තම වගාවට වන හානිය අවම කර ගැනීමටත් පොටෑසියම්, පොස්ෆරස් වැනි ඛණිජ පසට එක් කිරීම සඳහාත් කැප්පෙටියා කොළ, ගං සූරිය කොළ භාවිතා කරන බවත් සඳහන් කරන ලදි. මිරිස්, වම්බටු, එළබටු වැනි වගාවන්ගේ කොළ කොඩ වීම වැළැක්විම සඳහා රතුලූනු/රට ලූනු සහ සුදු ලුනු පොතු බ්ලෙන්ඩර් කර තනුක කිරීමෙන් අනතුරුව එම දියරය භාවිතා කළ බව ද කමල් මහතා සඳහන් කරන ලදි.

    කොරෝනා බිය පහවෙමින් ගිය ද එයින් තම ජීවිතයට එක් කළ වැවීමේ ආශාව හා උනන්දුව  මෑ, වැටකොළු, පතෝල, වැල් ඒවායෙහි ආධාරක දිගේ ඉහළට යන්නා සේ දළුලමින් වැඩෙන බව ඔහු පවසන්නේ අතිශය ප්‍රීතියකිනි. සියලු බෝගවල ඵල හටගන්නට දැන් සූදානම්ය. කමල් මහතමා සඳහන් කරන පරිදි අද හෝ හෙට ඔහුටත් බිරිඳටත් රැකියාවන් සඳහා යායුතු වන්නේය. නමුත් මේ ව්‍යවසන කාලයේ  දී ලද ශික්ෂණය මියෙන්නට ඉඩ නාරින බව ඔහු තරයේම කියා සිටියේය. නොසිතු වෙලාවක ජීවිතයට ලැබුණු මේ ඉසිඹුව, නිදහස්  සරල ජීවිතයක අරුතත් ස්වභාව ධර්මයට ආදරය කිරීමෙන් ලැබෙන නිරාමිස සුවයත් පහදා දුන් බව  කමල් මහතා නිවුණු මනසින් සඳහන් කළේය.

    ප්යල් අබේවික්‍රම මහතා

    පියල් අබේවික්‍රම මහතා, දකුණු දුනකදෙනිය ග්‍රාමයේ වෙසෙන කලක් ගුවන් හමුදාවේ සේවය කර විශ්‍රාම යාමෙන් අනතුරුව දැනට රජයේ ආයතනයක සේවය කරන තිදරු පියෙකි. ඔහුගේ බිරිඳ පාසල් ගුරුවරියකි. කාලයක පටන් ඉඩ ලැබෙන සෑම මොහොතකම තම ගෙවත්තේ විවිධ බෝග වගා කිරීමට තමා පුරුදු වි සිටින බව සඳහන් කළේය. කොරෝනා වසංගතය  නිසා ලැබුණු දීර්ඝ විරාමය ඔහුගේ මෙම පුරුද්ද වර්ධනය කිරීමට සමත් වු බව මේ මහත්මා විසින් සඳහන් කරන ලදි.

    පියල් මහතාගේ රතුළුෑණු වගාව

    කොරෝනා වසංගතය ආරම්භය සමඟින්ම තම නිවස වටා ඇති භූමියේ ඉඩ පහසුකම් ඇති සෑම ස්ථානයකම එළවළු සහ පළා වර්ග සිටුවීමට පියල් මහතා උත්සහ දරා ඇති බව ගෙවත්තට පිවිසෙන ඕනෑම අයෙකුගේ නෙත ගැටෙන දසුනක් වේ. නිවිති, කංකුං, මුගුනුවැන්න එක් පසෙක ද ඉතා පුංචි ඉඩක රතුලූනු ද ගෙවත්තේ වැට ආධාරකයක් වනසේ සිටුවා ඇති මෑ වර්ග , වැටකොළු සහ පතෝල වැල් ද සාරවත්ව මල් පිදී ඇත.

    නිවසට අවශ්‍ය කෙරෙන බොහෝ එළවළු වර්ග තම ගෙවත්තෙන් නෙළා ගැනීමේ අපේක්ෂාව සිත්හි දරාගෙන එයින් ලැබෙන සතුට පියල් මහතා අප්‍රමාණව භුක්ති විඳින් සිටියි. උදෑසනම නැගිට තමන් සිටුවා ඇති බෝග වර්ගවලට සාත්තු කිරීම දැන් මොහුගේ දින චර්යාවේ ප්‍රධාන අංගයක් වි ඇත. එය තම ශරීර සෞඛ්‍යය වර්ධනයට ඉතාමත් යහපත් බව පියල් මහතාගේ අදහසයි.

    ජීවිතයට පැමිණෙන බොහෝමයක් ව්‍යසන සේම කොරෝනා ව්‍යසනයත් තමාගේ යහපතට හරවා ගැනීම නිසා රටේ නව කාෂිකාර්මික ප්‍රතිපත්තියේ පෙන්වා දී ඇති වස වස නැති ගොවිතැන, කාබනික පොහොර භාවිතය වැනි කාරණා නිරායාසයෙන් මිනිසා අතර ප්‍රචලිත විම ඉතා යහපත් තත්ත්වයක් බව ද පියල් මහතා සඳහන් කරයි.

    පියල් මහතාගේ කංකුන් වගාව

    ඉහත දැක්වුයේ කොරෝනා වයිරසය නිසා ලැබුණු විරාම කාලය අර්ථවත් කරගත් මහත්වරුන්ගේ කථා කිහිපයකි. එම සාකච්ඡා තුළින් පැහැදිලි වන කරුණු කිහිපයකි. එනම්, රජයන් බිහිවන විට නව ප්‍රතිපත්ති ද බිහිවෙයි.

    ප්‍රතිපත්ති කෙතරම් බිහි වුණ ද ඒවා ක්‍රියාත්මක කළ යුත්තේ නවතාවයකට නොඑළැඹුනු පසුබිමක වන විට බොහෝ සැලසුම් මල් ඵල ගැන්වෙන්නේ නැති තරම්ය. නමුත් මේ කොරෝනා සමයේ දී ස්වභාව ධර්මය විසින් සියලු මනුෂ්‍ය වර්ගයා වෙත සියලු දේ සම්බන්ධයෙන් ඉතා උසස් සත්‍යාවබෝධයක් ලබා ගැනීමේ මාර්ගය ලබා දී ඇත. එබැවින් අද වන විට මානව ආකල්ප වඩාත් සුබදායක මට්ටමකට පැමිණ ඇත.

    ගුරුවරයාත්, ලිපිකරුවාත්, විධායක ශ්‍රේණියේ නිලධාරියාත්, පෞද්ගලික අංශයේ නිලධාරියාත් ඇතුළු ඉහළ මට්ටමේ නිලධාරියාගේ සිට කම්කරුවා දක්වා වූ දාමය තුළ මිනිසුන්ගේ සිත් තුළ පවතින අවශ්‍යතාවන්ට මුදල් පමණක් තිබීම ප්‍රමාණවත් නැත යන ආකල්පය ගෙවී ගිය දෙ මස තුළ මිනිස් මනසේ ගැඹුරටම කිඳා බැස ඇත.

    මේ මහ පොළවට සහ අහස් තලයට ස්වභාව ධර්මයෙන් ලද ඒ සොඳුරු ඇමතුම කෙතරම් අගනේ ද? එසේ නම්  කොවිඩ්-19ත් සමඟ අපට උරුම වු ඒ වඩා සංවේදී වූ සහ පිරිසිදු වු මේ සමාජය තුළ නව කෘෂිකාර්මික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ  යහපත් මාර්ගයක් ලැබී තිබීම අනාගතය පිළිබඳ සුබ ලකුණක පෙර නිමිති බව පෙනී යයි.

    එම්.ඩී. සුසිලා ලූර්දු, ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරිනී, කෘෂි ප්‍රතිපත්ති හා ව්‍යාපෘති ඇගයුම් අංශය, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය

  • නල්ලතන්නිය කලු කොටියා මරුට

    නල්ලතන්නිය කලු කොටියා මරුට

    කළු කොටියා

    නල්ලතන්නිය පොලිස් වසමට අයත් ලක්ෂපාන වලමලෙයි වත්තේ මන්දකට හසු වි මුදාගත් කළු කොටියා අද (29) උදැසන උඩවලව ඇත් අතුරු සෙවනේදි මිය ගිය බව නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරින් ප්‍රකාශ කළා. 

    එම වතු යායේ එළවළු වගා භුමියක දඩයම්කරුවන් විසින් අටවා තිබු මන්දකට කළු කොටියා හසු වි සිටි අතර උඩවලව ඇත් අතුරු සෙවනේ පශු වෛද්‍යවරුන් විසින් මන්දට හසු වි සිටි කොටියා නිර්වින්දනය කර මුදා ගැනීමට පියවර ගත්තා. වැඩිදුර ප්‍රතිකාර සදහා උඩවලව ඇත් අතුරු සෙවන පශු වෛද්‍ය රෝහල වෙත රැගෙන ගොස් ප්‍රතිකාර ලබමින් සිටියදි අද උදැසන කලු කොටියා මිය ගොස් තිබෙනවා.

    කළු කොටියා
  • ඡන්ද කාලෙට රට විරුවන් දැන් මිනිස් බෝම්බ වුණ හේතුව JVP පහදා දෙයි

    ඡන්ද කාලෙට රට විරුවන් දැන් මිනිස් බෝම්බ වුණ හේතුව JVP පහදා දෙයි

    එතෙර අපි සංවිධානයේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අද (29) ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති වුණා. එහිදී එම සංවිධානයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා විසින් දක්වන ලද සියලු අදහස් කිසිදු වාරණයකින් තොරව අපි පළ කරනවා.

    මීට මාස දෙකකට කලින් කොරෝනා තත්වය වර්ධනය වන විට විදේශගත ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන ගැටලු ගැන අපි ආණ්ඩුවේ අවධානය යොමු කළා. විශේෂයෙන්ම ලංකාවට එන්න කැමති අය ගෙන්වා ගැනීමත් එම රටවලදීම ඔවුන් මුහුණදී ඇති ගැටලුවලට විසදුම් ලබාදිය යුතු බවත් අපි අවධාරණය කළා. ආණ්ඩුව ඈලිමෑලි ස්වභාවයෙන් තමයි කටයුතු කළේ. ලංකාවට ගෙන්වා ගැනීම සිදුකළෙත් දේශපාලකයින්ගේ හිතවත්කම අනුවයි. අදාල රට තීරණය කෙළෙත් දේශපාලකයින්ගේ නෑදෑයන් ඉන්න රටවල් අනුවයි.

    අලුත්ම තත්වය වුනේ පසුගිය 19වෙනිදා කුවේට් සිට ගෙනා පිරිස සම්බන්ධවයි. එම පරිස අතර වැඩි ප්‍රමාණයක් කොරෝනා රෝගීන් වාර්තාවීමත් සමග මෙය ආන්දෝලනයක් වුනා. කැබිනට් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා බරපතල ප්‍රකාශයක් කළා කුවේට් රටෙන් මිනිස් බෝම්බ ලෙස ආසාධිතයින් මෙරටට එවලා තියෙනවා කියලා.

    කුවේට් රාජ්‍යයෙන් හිතාමතා රෝගීන් තෝරාගෙන මෙරටට එව්වා කියලා හිතාමතා ප්‍රකාශයක් සිදුකොට තිබෙනවා. එම බරපතල ප්‍රකාශය එතෙර අපි සංවිධානය ලෙස දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා. ඒ වගේම එය ශ්‍රී ලාංකික ජනතාවට කළ අපහාසයක්. ඒ වගේම රාජතාන්ත්‍රික වශයෙන් අනාගතයේදී ගැටලු ඇතිකරන ප්‍රකාශයක්. අපි මේ ගැන විදේශ කටයුතු ඇමතිවරයාට දැනුම් දුන්නා. 

    කොරෝනා රෝගය කිසිවෙක් කැමැත්තෙන් ඇඟට ගන්නේ නැහැ. ආසාධනය වන්නේ නොදැනුවත්ව. ඒ වගේම කිසිම රෝගියෙක් රෝහල්වලින් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ලෙඬේ හදාගත්ත බෝම්බ හැටියට දැක්කේ නැහැ. එනිසා තමයි ඇමතිවරයාගේ ප්‍රකාශය බරපතල වන්නේ. එතෙර සිටින ශ්‍රී ලාංකිකයින් ඩොලර් කෝටි 700ක් විතර විදේශ විණිමයක් රටට ගේනකොට ඔවුන් රට විරුවෝ. නමුත් ලෙඩක් හැදිලා කරදරයකට පත්ව ආවොත් ඔවුන් මිනිස් බෝම්බ වෙනවා.

    ආණ්ඩුවට දැන් අවශ්‍ය වෙලා තිබෙන්නේ ලංකාවේ මේ රෝගය නැහැ කියලා පෙන්වන්න. ඒ ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන්. පිටරටක ඉඳන් කෙනෙක් ආවත් සතුරෙක් ලෙස පේන්නේ ඒ නිසයි. ඡන්දය තිබිය යුතු බව ඇත්ත නමුත් ශ්‍රී ලාංකිකයින් කුමන රටක සිටියත් කොරෝනා තත්වයෙන් පීඩාවට පත්ව සිටිනවානම් ඔවුන් රැකබලාගන්න එක ආරක්ෂා කරන එක ආණ්ඩුවේ වගකීමක්. එය මනුෂ්‍යත්වයේ කටයුත්තක්. එනිසා තමයි එතෙර අපි සංවිධානය මුල සිටම විදේශගත ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් මැදිහත් වුණේ. 

    කුවේට් රජය පොදු සමාකාලයක් ලබාදෙන්න කටයුතු සම්පාදනය කරන විට එතෙර අපි කුවේට් ශාඛාව ලිඛිතව තානාපතිවරයාට දැනුම් දුන්නා ආහාරපාන, රැකියා සහ නවාතැන් ප්‍රශ්න, වීසා ප්‍රශ්න තිබෙන අය ඉන්නවා පොදු සමා කාලය තුල ගැටලු සහිත පුද්ගලයින් ලංකාවට ගෙන්වාගැනීමට සහය දෙන්න කියලා. අපි ඒබව දැනුවත් කළේ අප්‍රේල් 12වෙනිදා.

    කුවේට් රජය අවශ්‍ය ලියකියවිලි සකස් කරලා දීලා, ටිකට් හදල දීලා කුවෙට් රජයේ වියදමෙන් ලාංකිකයින් මෙරටට එවන්න යෝජනා කළා. ඒ වගේම අපි කිව්වා පොදු සමාකාලය දීර්ඝ කරගන්න සාකච්ඡා කරන්න කියලා. එහි ප්‍රතිඵලයක් ලෙස එම කාලය මැයි 31 දක්වා දීර්ඝ කළා. අපි තානාපති කාර්යාලය සමඟ සහයෝගයෙන් වැඩ කළා. ලියාපදිංචි කටයුතුවලට අපි සහය දුන්නා. පොදු සමා කාලය ආරම්භ වෙනකොට අප්‍රේල් 21දා වන විට ලියාපදිංචි වෙලා සිටියේ 466දෙනයි. ඒ වෙනකොට කුවේට් රටේ හිටපු රෝගීන් ගණන 1995දෙනයි. 

    එවිට ශ්‍රී ලාංකිකයින්ට රෝගය වැළදිලා කියලා වාර්තා වෙලා තිබුණේ නෑ. එදා ලියාපදිංචි අය ගෙන්වා ගත්තා නම් ලංකාවට එන්නේ නිරෝගී මිනිස්සු. එදා අවධානමක් නැති අවස්ථාවක්. නමුත් මැයි 19දින ගෙන්වන විට කුවේට්හි රෝගීන් 16784ක් වාර්තා වෙලා තිබුණා. රෝගීන් විශාල ප්‍රමාණයකට වර්ධනය වූ පසු තමයි ලංකාවේ අය ගෙන්වා ගන්න ආණ්ඩුව කටයුතු කළේ. එතෙක් කල් අපේ රටේ ජනතාව හිටපු ස්ථානවල විශාල ගැටලු තිබුණා. වෙනත් රටවල අයත් එක්ක එකට රඳවා තිබුණා. කලින් ගත යුතු තීරණය ආණ්ඩුව ගත්තේ නැහැ.

    මැයි 19 කුවේට් පිරිස ලංකාවට ගෙන්වා ගන්න තීරණය කළේ කුවේට රජය නෙවෙයි. ශ්‍රී ලංකාවේ තානාපතිතුමාගේ සම්පූර්ණ අධීක්ෂණය යටතේ පිරිස තෝරගත්තා. එම පිරිස ගුවන්යානයට ගොඩවෙන තුරු තානාපති නිලධාරීන් සිටියා. අපිට වාර්තා වෙන විදියට අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණවලින් අනතුරුව තමයි මේ පිරිස ගුවන්යානයට ගොඩවෙන්නේ.  කිසිවෙක් රෝගීන් බවට හඳුනාගෙන තිබුණේ නැහැ.

    ඒ වගේම කුවේට් රජය අවසරය ලබාදී තිබුණා ඕනෑම රටකට තමන්ගේ වෛද්‍ය කණ්ඩායම් යවලා අවශ්‍ය පරීක්ෂණ කරලා තමන්ගේ රටේ ජනතාව රැගෙන එන්න. නමුත් අපේ රට මැදිහත් වුනේ නැහැ. ඒ නිසා රෝගීන් මේ රටට එවලා තියෙනවා කියලා ආණ්ඩුව හදන බොරු මතය අපි බැහැර කරනවා.

    අනෙක් කාරණය තමයි ඔවුන් කුමන තත්වයෙන් ආවත් අපේ රටේ ජනතාව. ඔවුන් අපි භාරගත යුතුයි. ආණ්ඩුව දැන් පැහැදිලි කළ යුතුයි මෙම ජනතාවට රෝගී තත්වය වැළඳුනේ කුමන තත්වයක් යටතේද කියලා. මහින්දානන්ද ඇමතිවරයා කරන ආකාරයේ වැරදි මතයක් ජනගත කරමින් නොව පිළිගත හැකි සාක්ෂි සහ විද්‍යාත්මක පදනමක් සහිතව ආණ්ඩුව වගකීම්සහගතව කරුණු ඉදිපත් කළ යුතුයි. මෙම ප්‍රකාශයේ බරපතල කම ගැන විදේශ කටයුතු ඇමතිවරයාට ලිඛිතව දැනුම් දුන්නා.

    ආණ්ඩුව දැන් මෙම කුවේට් ප්‍රශ්නය යොදා ගනිමින් විදේශ රටවල සිටින ලාංකිකයින් ගෙන්වා ගැනීම නවතා දැමීමට උත්සහ කරමින් ඉන්නවා. රටවල් විශාල ගණනක අපේ රටේ ජනතාව ගැටලුවලට මුහුණ දෙමින් සිටිනවා. බොහෝ පිරිසක් අසරණ වෙලා. කෑම, වතුර නවාතැන් ප්‍රශ්න නිසා පීඩාවට ලක්වෙලා තිබෙනවා. එසේ පීඩාවට පත්වෙලා ඉන්න බොහෝ පිරිසක් අපිට කතා කරනවා. විඩියෝ ඡායාරූප එවලා තිබෙනවා. ඒ අයගේ සත්‍ය තත්වය එම විඩියෝපටවලින් අවබෝධ කරගන්න පුළුවන්.

    ආණ්ඩුවට යෝජනා කිහිපයක්…

    විදේශගත ශ්‍රී ලාංකිකයින් ලංකාවට කැඳවීම පටු විදියට සලකන්න එපා. ලංකාවේ ජනතාව පිටරටවල්වලට ගිහින් දුක්මහන්සි වෙලා මුදල් උපයලා ලංකාවට එවන්නේ ඔවුන්ගේ දරු පවුල් වෙනුවෙන් පමණක් නෙවෙයි. ලංකාවේ භාණ්ඩාගාරයට ඔවුන් සල්ලි එවලා විශාල දායකත්වයක් දක්වලා තිබෙනවා. අද ඔවුන් විවිධ රටවල්වල කොරෝනා තත්වය නිසා අපහසුතාවයට පත් වෙලා ඉන්නවා. ඔවුන් ලංකාවට කැඳවිය යුතුයි.

    එතෙර අපි සංවිධානය අපි සූදානම් කඩිනම් ඒකාබද්ධ යාන්ත්‍රණයක් හදලා එය ක්‍රියාත්මක කරන්න ආණ්ඩුවට සහය දෙන්න. එතෙර අපි සංවිධානයේ ශාඛා තිබෙන හැම රටකදීම අපි එම රටවලදී මේ ක්‍රියාවලියට සහය දෙන්න සූදානම්. ලංකාවට ගෙන්වා ගැනීමෙන් පසු ඔවුන්ට ලංකාව තුලදී අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්න සහය දෙන්න අපි සූදානම්. 

    මුදල් පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා නම් අපි යෝජනා කරනවා 1991දී කුවේට් යුද්ධය වෙලාවේදී වන්දි ගෙවපු වන්දි අරමුදල තිබෙනවා එය යොදා ගන්න පුළුවන්. කෝටි 400ක පමණ මුදලක් එහි තිබෙනවා. ලංකාවේ ජනතාවගෙන් ඉල්ලීමක් කළොත් ජනතාව උදව් කරන්න කැමතියි. ඒ වගේම ලාංකිකයින් සිටින විවිධ රටවල පුද්ගලික ආයතන ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට සහය දෙන්න සූදානමින් ඉන්නවා. එවැනි උදාහරණ අපි හඳුනාගෙන තිබෙනවා. ඇතැම් අය මුදල් හොයාගෙන තිබෙනවා. ඒ වගේම ලංකාව තුළ නිරෝධායන මධ්‍යස්ථාන හොයාගන්න අපිට උදව් කරන්න පුළුවන්.

    ඇතැම් විගාමික මධ්‍යස්ථාන නිරෝධායන මධ්‍යස්ථාන ලෙස භාවිතා කරන්න පුළුවන්. අවශ්‍යතාවය අනුව සොයාබලා දැනට පාවිච්චි නොකරන හෝටල් භාවිතා කරන්න පුළුවන්. ඇතැම් අය දැනටත් වෙනත් රටවල ඉන්නේ තමන්ගේ මුදල් වියදම් කරලා. ඒ යම් මුදලක් වියදම් කරන්න සූදානම් නිරෝධායනය වෙන්න. ඒ වගේම එතෙර අපි ඩුබායි ශාඛාව සූදානමින් ඉන්නවා එරට සුරක්ෂාගාරයක් සඳහා කුලියට නිවාස සංකීරණයක් ලබාගන්න. ආණ්ඩුවට උනත් එවැනි නිවාස කුලියට ගන්න පුළුවන්. ලංකාවට ගෙන්වන තුරු නවාතැන් පහසුකම් ලබාදෙන්න එම මධ්‍යස්ථානවලදී පුළුවන්.

    ඒ වගේම ආහාර සහ ජලය පහසුකම් නොමැති විශාල පිරිසක් වාර්තා වෙනවා. ඔවුන්ට සුභසාධන පහසුකම් ලබාදිය යුතුයි. ඇතැම් තානාපති කාර්යාල අපහසුතාවයට පත්වෙලා මුදල් නොමැති කමින්. ඒ නිසා තමයි අපි යෝජනා කරන්නේ කඩිනම් ඒකාබද්ධ යාන්ත්‍රණයක් අවශ්‍යයි කියලා. ඒ වගේම වෛද්‍ය කණ්ඩායම්වල අවශ්‍යතාවය තිබෙනවා. විවිධ ලෙඩ රෝගවලට ලක්වෙලා වෛද්‍ය පහසුකම් නොමැති නිසා අපහසුතාවයට පත්වෙලා ඉන්නවා. ඒ සඳහා ස්වේච්ඡා කණ්ඩායම් අවශ්‍යයි. 

    ඒ වගේම මේ අය ලංකාවට ගෙන්වීමේ කාලසටහනක් සකස් කළ යුතුයි. එවිට ලංකාවට එන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට බලාපොරොත්තුවක් හැදෙනවා. ඒ වගේම ප්‍රමුඛතා ලැයිස්තුවක් සකස් කරන්න කියලා අපි යෝජනා කරනවා. අපේ ආර්ථිකය ශක්තිමත් කරපු මේ ජනතාව නිසා අපි ජීවත් වෙලා තිබෙනවා. රටේ යම් යම් සංවර්ධන කටයුතුවලට ඔවුන් දායක වෙලා තිබෙනවා. මේ අය අපේ රටේ පුරවැසියන්. අපේ රටේ ජනතාවගෙන් ඉල්ලනවා අපේ මනුෂ්‍යත්වයේ දෑත් ඔවුන්ට දිගු කරමු කියලා.

  • හෙට නුවරඑළිය දිස්ත්‍රික්කයට දවස පුරා ඇඳිරි නීතිය

    හෙට නුවරඑළිය දිස්ත්‍රික්කයට දවස පුරා ඇඳිරි නීතිය

    හෙට, මැයි 30 සෙනසුරාදා නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බවත්  ඊයේ 28, බ්‍රහස්පතින්දා නිවේදනය කළ පරිදි මැයි 31, ඉරිදා දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල දවස පුරා ඇඳිරි නීතිය බල පැවැත්වෙන බවත් ජනාධිපති මාධ්‍ය අංශය අද ප.ව 7.45ට නිකුත් කළ නිවේදනක සදහන් වෙනවා.

    එහි වැඩි දුරටත් සදහන් වන්නේ ජූනි 01 සඳුදා සිට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ඊයේ නිවේදනයේ සඳහන් නියමයන් නොවෙනස්ව පවතින බවයි.

  • සජිත් ඇතුළු 99කට එජාපයේ දොර වැසේ – සජිත්ගේ සියලු තනතුරුත් අහෝසියි

    සජිත් ඇතුළු 99කට එජාපයේ දොර වැසේ – සජිත්ගේ සියලු තනතුරුත් අහෝසියි

    එජාප නියෝජ්‍ය නායක ධුරය දරමින් සමගි ජන බලවේගයෙන් මහ මැතිවරණයට නාම යෝජනා ලබා දුන් සජිත් ප්‍රේමදාස මහතා එජාපය තුළ දැරූ සියලු තනතුරු සහ ආසන සංවිධායක ධුරය සහ වගකීම් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (29) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය කළා.

    මේ සමග සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය සමග එක්ව මහ මැතිවරණය සදහා තරග වැදීමට නාමයෝජනා අස්සන් කළ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් 99 දෙනකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට පියවර ගනු ඇති බව සදහන්.

    එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇති අතර කෘත්‍යාධිකාරි මණ්ඩලය එය අනුමත කළා.

    මීට අමතරව එජාපය නියෝජනය කරන සියලුම පළාත් පාලන මන්ත්‍රිවරුන්ට ඉදිරි මහ මැතිවරණයේදී එජාපය ජයග්‍රහණය කරවීම සදහා වැඩ කටයුතු කරන ලෙස දැනුම් දීමටත්, එම සෑම නියෝජිතයකුගේම නිවෙසේ එජාප කාර්යාලයක් විවෘත කරන ලෙස දැනුම් දීමටත් අද පැවැති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තීරණය කළා.

    මේ අතර එක්සත් ජාතික පක්ෂ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයක් සිය නිවෙසේ විවෘත නොකරන පළාත් පාලන මන්ත්‍රිවරුන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමටත් මෙහිදී තීන්දු කර තිබෙනවා.

  • සුපිරි බොලිවුඩ් නළු ජෝන් ඒබ්‍රහම් ‘ටයර් ඉරන්න’ පුහුණු වෙයි

    සුපිරි බොලිවුඩ් නළු ජෝන් ඒබ්‍රහම් ‘ටයර් ඉරන්න’ පුහුණු වෙයි

    සුපිරි බොලිවුඩ් නළු ජෝන් ඒබ්‍රහම් සත්‍යමේවා ජයතේ 2 (Satyameva Jayate 2) සඳහා සූදානම් වන බව බොලිවුඩ් වාර්තා කියනවා. මෙම චිත්‍රපටය දින 90 කින් මුම්බායි හි සැබෑ ස්ථානයක රූගත කිරීමට නියමිතව තිබූ නමුත් කොරෝනා වසංගතය හේතුවෙන් රූගත කිරීම් ප්‍රමාද වුණා. 

    Satyameva Jayate 2 හි අධ්‍යක්ෂ සහ තිර රචක මිලාප් සැවේරි (Milap Zaveri)  තම චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වන ජෝන් ඒබ්‍රහම්ගේෙ භූමිකාව ගැන පසුගිය දා සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දක්වා තිබුණා.

    “ Satyameva Jayate 2 ජෝන් සුපිරි වීරයෙකු හා සමාන යි. ඔහු මීට පෙර කවදාවත් නොකළ දේවල් කරයි. නිදසුනක් වශයෙන්, හල්ක් මෙන් ටයරයක් හෝ දොරක් ඉරා දමන්න. ”

    මෙම චිත්‍රපටයේ ජෝන් ත්‍රිත්ව චරිතයක් රඟපානු ඇති බවට සැකයක් තිබෙනවා.

    මීට පෙර සම්මුඛ සාකච්ඡාවකදී ජෝන් පැවසුවේ “මිලාප් තවමත් ඇතැම් චරිත සංවර්ධනය කරමින් සිටිනවා. මා වෙනුවෙන් වෙනත් චරිත ද නිර්මාණය කිරීමටත් ඔහු සූදානම් වෙමින් සිටිනවා. නමුත් එය තවමත් අවසන් තීරණයක් නැති කරුණක්. ඉතින්,Satyameva Jayate 2 හි මා කොපමණ චරිග ගණනක් නිරූපණය කරාවිද යන්න තවම කිව නොහැකයි ”

    ජෝන් ඒබ්‍රහම්

    ෆිල්ම් ෆෙයාර් ඇසුරිණි – සකස් කළේ – තුෂාධවි

  • ‘තෙල් ගැන හරියට දැන ගත්තොත්’ රැවටෙන්නෙත් නෑ- ලෙඩ වෙන්නෙත් නෑ

    ‘තෙල් ගැන හරියට දැන ගත්තොත්’ රැවටෙන්නෙත් නෑ- ලෙඩ වෙන්නෙත් නෑ

    ෆාම් තෙල් ලීටරය…… යි.” යනුවෙන් සඳහන්වූ දැන්වීමක් සිල්ලර කඩයක් ඉදිරිපිට සවිකර තිබෙනවා පසුගිය දිනෙක දකින්නට ලැබුණි. මොනවා කරන්නද යනුවෙන් හිත හදාගෙන නිහඬ වෙන්නට උත්සාහ දැරුවත්, නිතර මා යන මාර්ගය අයිනේ වූ වෙළඳසැලක් නිසා දැන්වීම මගේ නෙත ගැටෙනා වාර ගණනද වැඩිය. පාරිභෝගිකයා වෙනුවෙන් තත්වය පහදා දෙන්නට මගක් නොමැතිවීම හේතුවෙන් ඒ හැම වතාවකදීම සිතට ඇතිවන කනස්සල්ලද මහත් මානසික වදයක් බවට පත්වී තිබේ.

    ‘ෆාම්’ (farm) යනු ගොවිපොළයි. මෙම වචනය යම්කිසි කෘෂි නිෂ්පාදනයක් ඉදිරියෙන් යෙදූවිට එය පාරිභෝගික සිතට වැඩිපුර සමීපවෙන තත්වයක් තිබේ. වඩාත් සෞඛ්‍යාරක්ෂිත බවක්ද දැනෙන්නේය. හොඳට ඉංග්‍රීසිය හසුරවන්නන් පවා ඇතැම් අවස්ථාවල ‘ෆාම් ඔයිල්’ යන යෙදුම භාවිතා කරනවා මා අසා තිබේ. විටෙක මා එය ඇසුවේ රුපවාහිනී නිවේදකයෙකුගෙන්ය.

    ෆාම් farm ඔයිල් සහ පාම් Palm ඔයිල් අතර වෙනස

    මේ කියන්නේ ‘පාම්’ (Palm) ශාක නොහොත් තාල වර්ගයේ ශාකයක් වන ‘ඔයිල් පාම්’ ශාකයෙන් ලබාගන්නා, ‘පාම් ඔයිල්’ ගැනය. තවත් තේරෙන විධියට කියනවානම් කටුපොල් තෙල් ගැනය. එක අකුරක වෙනසින් එයට ලැබුණු සුචරිතභාවය කෙතරම්ද කියනවානම් අද රටේ කී දෙනෙක් වැඩි හොඳට යයි කියා, ෆාම් තෙල් (පාම් තෙල්) අනුභව කරනවා ඇත්ද? ඒ සිල්ලර කඩයේ තත්වයයි.

    පහල මධ්‍යම පන්තිකයා සිට යන්නට පුරුදු වී ඇති සුපිරි වෙළඳසැලේ තත්වය මීටත් වඩා නරකය. එහිදී ඇතැම්විට පාම් තෙල් හඳුන්වන්නේ ‘එළවලු තෙල්’ නොහොත් දිවට වඩාත් හුරු පරිදි වෙජිටබල් ඔයිල් වශයෙනි. ටොක්ක අනින්නට පෙර බොහොම සනීපෙට හිස අතගාන පරිද්දෙන් රාක්ක වල අසුරා ඇති වෙජිටබල් ඔයිල් බෝතල් වල පාට පාට දවටනයන්හි, වයිවාරන එළවලු වර්ගවල පිංතූර පිරිලාය.

    කැරට්, බෝංචි, ගෝවා, ලීක්ස් ආදියෙන් බෝතල් පිරෙන්නට තෙල් හිඳින්නට හැකිදැයි දෙපාරක් නොසිතනා පාරිභෝගික නෝනලා, රාක්ක අතරින් සීරුවට තල්ලු කරන ට්‍රොලියට වෙජිටබල් ඔයිල් බෝතලයක් ඔබාගන්නේ අල්ලපු රාක්කයේ ඇති පොල්තෙල් බෝතල් දෙසට වපර ඇසින් බැල්ම හෙළමිනි. තම ලේ නෑයාට ලැබෙන සත්කාරය ගැන ඉරිසියා නොකරන තරමට පොල්තෙල් බෝතලය නිහතමානී වී ඇති බව නම් ඇය නොදන්නීය.

    මේවා එළවලු තෙල් නොවේ. සරල ‘කටුපොල්‘ තෙල්මය. වගකීමෙන් බේරෙන්නට අවශ්‍ය නිසා ආනයනකරුවන් විසින් බොහොම පුංචි අකුරෙන් එහි ඇත්තේ පාම් තෙල් බව ඉංග්‍රීසියෙන්ම සඳහනක්ද කර තිබේ. පින්තූරවල විචිත්‍රත්වයෙන් කුල්මත්වී ට්‍රොලි පුරවන්නාට ඒවා පෙනෙන්නේ නැත. ගමේ එකා ඇඟට අගුණ පොල්තෙල් බුදිද්දී, අපිනම් ෆ්‍රයි කරන්නේ වෙජිටබල් ඔයිල් වලින් යයි සිහින් ආඩම්බරයක් නාගරිකයාට තිබේ.

    නමුත් නොදන්නාකම නිසාම ඔවුහු කකුල් දෙකෙන්ම වලිගය පාගාගෙන සිටිති. එළවලු තෙල් නමින් හඳුන්වන ආහාරයට ගන්නා තෙල් වර්ග පන්තියක්ද ලොව පුරා භාවිතා කෙරේ. සුරියකාන්ත තෙල්, සෝයා තෙල්, බඩඉරිඟු තෙල් ආදිය මේ අතරින් අප රටෙහිද සුලභය. මීට අමතරව විදෙස් රටවල නම් ඔලිව් තෙල්, කැනෝලා තෙල්, අලිගැටපේර තෙල්, රටකජු තෙල් ආදියද තිබේ. මේ හැම තෙලකම ගුණ අගුණ දෙකම ඇති නිසා නොදැන ගියොත් නම් අතරමගමය.

    “පොල්තෙල් වුණත්, පාම් තෙල් වුණත් ඔය දෙකේම වැඩිපුර තියෙන මේද අම්ල, සංතෘප්ත මේද අම්ල කියලයි වර්ග කරලා තියෙන්නේ.පාම් තෙල් වලනම් පොල් තෙල් වලට වඩා තරමක් අඩුවෙන් තමයි තියෙන්නේ. ඒත් පොල්තෙල් වලනම් 92% ක්ම සංතෘප්ත මේද අම්ල. පාම් තෙල් වලට එළවලු තෙල් කියනවානම් පොල්තෙල් වලටත් එහෙමම කියන්න වෙනවා. සත්ව තෙල් වල තියෙන්නේත් වැඩිපුරම ඒ වර්ගයේ මේද අම්ල. රුධිරයේ ‘නරක කොලෙස්ටරෝල්’ (LDL) කියන වර්ගය වැඩි කරවන්නේ මේවා විසින්. ඒ හරහා හෘදයාබාධ අවදානමද ඉහළ යනවා. නමුත් නියම එළවලු තෙල් ගණයට වැටෙන තෙල් වර්ග වල තියෙන්නේ ‘අසන්තෘප්ත මේද අම්ල’ කියන ඒවා.”

    බැටළු වෙස්ගත් වෘකයෙක් බඳුවූ පාම් තෙල් නමැති ඊනියා වෙජිටබල් ඔයිල් ගැන මූලික හැඳින්වීමක් ලබා දුන්නේ කෘෂි විද්‍යාඥ සෙනරත් ඒකනායක මහතායි. හෙතෙම කලකට ඉහතදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආහාර පර්යේෂණ ඒකකයේ ප්‍රධානියාද විය.

    කටුපොල් වගාව ගැන  විවේචන

    පාම්තෙල් ලබාදෙන කටුපොල් වගාව ගැන අපටත් විවේචන තිබේ. ඉන්දුනීසියාව මැලේසියාව වැනි රටවල් කටුපොල් වවා රන්කාසි නෙලන්නේ පරිසරය උගසට තබමින් බව නම් සැබෑවකි. කෙසේ නමුත් එරට ජනයා අප තරමට තම මව්බිම වෙනුවෙන් කටුපොල් වගාවට එරෙහිව කෑ ගසන්නේ නම් නැත.

    කටුපොල් වවා පරිසරය වනසාගැනීමට ඔවුන් කටයුතු කල ආකාරයට හොඳම උදාහරණයක් වන්නේ ඔරංඔටං ගේ ඛේදවාචකයයි. මේ සත්වයාගේ නිජබිම වී තිබුනේ සුමාත්‍රා සහ බෝනියෝ දූපත් වලට අයත් වැසි වනාන්තරයි. සොබාදහම සුරකීමේ ජාත්‍යන්තර සංගමය විසින් අද වනවිට බෝනියෝහි ඔරංඔටං, අන්තරායට පත් සත්වයෙක් ලෙස වර්ගකර තිබේ. සුමාත්‍රා හි ඔරංඔටං, අතිශයින්ම අන්තරායට පත්වූ එකෙකි. තව වසර 10-20 ක් අතරතුර ඔරංඔටං කෘතිම සත්තු වත්තකට සීමාවූවෙකු වෙනවා ඇත. මීට හේතුව ඉහත රටවල සීග්‍රව ව්‍යාප්තවෙන කටුපොල් වගාවයි. එම දූපත් වාසීහු ඔරංඔටංගේ නිවස්නය වූ ස්වභාවික වැසි වනාන්තර කපා ගිනි තබා කටුපොල් වගා කරති. වන විනාශයේ වේගය ගැන එක වාර්තාවක සඳහන් කර තිබුණේ පැයකට පාපන්දු පිට්ටනි 300 ක තරම ප්‍රදේශයක වනාන්තරයක් කපා බිම හෙළනා බවයි.

    අපේ රටේ නම් බැලූ බැල්මට ඔරංඔටංලා නැත. ඒ නිසා කටුපොල් වගාවෙන් සිදුවෙන පරිසර විනාශයක් ඇත්නම් එය වෙනම කෝණයකින් අධ්‍යයනය කලයුතු වේ. මෙම ලිපියට එය අදාළ නොවන නිසා වැඩිදුරට ඒ ගැන නොලියමි. ‍

    පොල් තෙල් ගැන ද අගුණ කතා

    අප අනාදිමත් කාලයක සිට පොල්තෙල් අනුභව කරන්නෙමු. එකල කෑමට වෙනත් තෙලක් තිබුණේ ද නැත. හොඳට පොල්කිරි දමා ව්‍යංජනද පිසගත්තෙමු. මෙම අනුභව රටාව මත හදවත් රෝග වැළඳෙන බවක් එකල හඬනගා කීවේද නැත. සෑදෙන පපුවේ කැක්කුමක්, ඇම්මක් හෝ වාත අමාරුවක් සේ සලකන්නටත්, හදිසියේ සිදුවෙන මිය පරලොව යාමක් අදෘශ්‍යමාන බලවේගයකට භාරකරන්නටත් පැරණි ගැමියා පුරුදුවී සිටි නිසා එසේ වූවා විය හැකිය.

    නමුත් පසු කලෙකදී පොල්තෙල් භාවිතයේ අගුණ බව පෙන්වන වාර්තා කරලියට එන්නට පටන් ගැනුනි. මෙය තමාගේ සූරියකාන්ත තෙල් ටික විකුනාගන්නට බලවත් රටවල් විසින් කුමන්ත්‍රණකාරීව පතුරුවා හරින මිත්‍යාවක් යයිද අදහස් ප්‍රකාශ කෙරුනි.

    මීට සම්පාතව ‘කුමන්ත්‍රණය’ පරාද කරනු වස්, විදේශයන්හිම කරන ලද පොල්තෙල් වලට හිතවාදී පර්යේෂණ වාර්තාද ගෙනහැර පෑමටද පොල්තෙල් පාක්‍ෂිකයින් කටයුතු කරනවා දක්නට ලැබුණි. පොල්තෙල් වල සුගුණ සොයන්නට  පිලිපීනය පැත්තේ විද්‍යාගාර වල දොරපියන් දිවා රෑ විවෘතව තැබුණි. මන්දයත් පොල්තෙල් කර්මාන්තය ඔවුන්ගේ ප්‍රධාන විදේශ විනිමය උල්පතක් නිසාය. ඔවුනට පොල්තෙල් රැකගැනීම තම හුස්ම රැකගන්නවාටත් වඩා වටින්නේය.

    Boost memory power by consuming virgin coconut oil | Lifestyle ...

    “පොල්තෙල් හොඳයි කියන විදෙස් පර්යේෂණ වාර්තා අරගෙන පරිස්සමෙන් බැලුවොත් පේනවා ඒ පර්යේෂණ සේරෝම විද්‍යාගාර ඇතුලේ කරලා තියෙන්නේ අපි වෙළඳපොලෙන් ගන්න විධියේ පොල්තෙල් අරගෙන නෙවෙයි. ඔවුන් තමාගේ පර්යේෂණ සඳහාම ඉතා ක්‍රමවත්ව, පිරිසිදු පොල්තෙල් හදලා, ඒවායින් තමයි පර්යේෂණ කරලා තියෙන්නේ. මේවා අදූෂිත නොහොත් පිරිසිදු පොල්තෙල් (virgin coconut oil). එතකොට හොඳ ප්‍රතිපල එන්න පුළුවන්. ඒත් අද සිල්ලර කඩේ තියෙන පොල්තෙල් වල තත්වයට මේ පර්යේෂණ වාර්තා ගලපන්න බෑ. වෙළඳපොලේ තියෙන බාල පොල්තෙල් ඉතා රළු ක්‍රමයට හදපුවා. නිෂ්පාදන ක්‍රමවේදය තුලදී ඒ තෙල් වලට ගොඩක් වෙනස්කම් සිදුවෙනවා. ජනතාව අනුභව කරන්නේ ඒවායි. හානිය වෙන්නේ ඒවායිනුයි. එතැන නිවැරදි නොකර පොල්තෙල් හොඳයි කියන්න බෑ.”

    පොල් තෙල් කටුපොල් තෙල් වගේ නෑනේ

    පොල්තෙල් හා පාම්තෙල් යන දෙකම එක ලඟින් යන තෙල් වර්ග නම්, සුපිරි වෙළඳසැලේ වායුසමන තත්වය යටතේ තිබෙන පොල්තෙල් බෝතල් මිදී, සුදු පැහැයට තිබෙත්දී පාම් තෙල් බෝතල් යස අගේට රන්වන් දියර තත්වයෙන් තිබෙන්නේ කෙසේද යන්නත් අප විසඳාගත යුතුය.  පොල්තෙලේ ලඟ නෑදෑයා වන කටුපොල් ගසේ තෙල් එසේ හැසිරෙන්නේ නැත්තේ ඇයි? ආහාර විද්‍යාඥයා පිළිතුර අසලය.

    “කටුපොල් තෙල් වලට පොඩි වෙනසක් කරනවා. කර්මාන්තයේදී මේ තෙල් ක්‍රමයෙන් ශීත කරන කොට පොල්තෙල් වගේම කොටසක් මිදෙනවා. එතැන තියෙන්නේ වැඩිපුර අගුණ කොටස් තමයි. පෙරීම හරහා ඒ ටික ඉවත් කෙරෙනවා. වෙනත් කර්මාන්ත වලට ඒවා යොදා ගන්නවා. ඉතිරි දියරය කාමර උෂ්ණත්වයේදී මිදෙන්නේ නෑ. දැන් ඒකට වෙන නමකුත් කියනවා. ‘පාම් ඔලීන්’ කියන්නේ මේ ද්‍රව්‍යය. මෙය පාම් තෙල් වලට වඩා මිල වැඩියි. ඒ වගේම ශරීරයට හොඳයි නෙවෙයි, හානිය අඩුයි. මෙරට විකුණන පාම් තෙල් බෝතල් වලත් ඔය නම සඳහන් කරලා තියෙනවනම් ඒවා ඔය කියන නියම එළවලු තෙල් වලට බොහෝ දුරට ගතිගුණ වලින් ළඟයි.”

    හෙතෙම පවසන මෙම ශීතකිරීමේ ක්‍රමවේදය හඳුන්වන්නේ ‘ශිශිරකරණය’ (Winterization) යනුවෙනි. ආරම්භයේදී කැටිගැසුණු තෙල් කොටස් ඉවත්වූ පසු ඉතිරිවන දියර තෙලෙහි වැඩිපුර ඇති මේද අම්ල වන්නේ ඔලෙයික් හා ලිනොලෙයික් අම්ලය වැනි අසන්තෘප්ත මේද අම්ලයන්ය. ඒවා මිදෙන්නේ සෙන්ට්‍රිගේට් අංශක 18-20 අතර උෂ්ණත්වයකදී නිසා අංශක 25 කට පරිසර උෂ්ණත්වය සැකසූ සුපිරි වෙළඳසැල් රාක්කය මතදී වුවත් ඒවා මිදෙන්නේ නැත.

    ඔලෙයික් අම්ලය යනු අගනා එළවලු තෙලක් වන ඔලිව් තෙල් වල බහුලව ඇති සංඝටකයයි. එසේනම් ‘පාම් ඔලීන්’ ලෙස නම්කර ඇති තෙල් බෝතලය, එළවලු තෙල් යයි සිතා මිලදී ගැනීමේදී පාරිභෝගිකයාගේ මුලාවීම, පාම්තෙල් මිලදී ගන්නා තරමට සැර නැත.

    තෙල් පාරිභෝජනය බැහැර කළහැකි දෙයක් නොවේ. එය ආහාරයේ තිබිය යුතු අංගයකි. ඒ මගින් ආහාරයට රසයක්, ප්‍රසන්න සුවඳක් හා හොඳ වයනයක් ලබාදෙයි. ‘කිරෙන් බැද්දත් තෙලෙන් බැද්දත් කොබෙයියාගේ වෙනසක් නැතැ‘යි කිව්වත්, පිසින ක්‍රමය අනුව කොබෙයි මසෙහි ස්වරූපය නම් පැහැදිලිවම වෙනස් වන බව, දන්නෝ දනිති. එවන් විවිධත්වයක් සහිත බාහිර ආටෝපයක් නැතිනම් අනුභවයට රුචියක් උපදින්නේද නැත.

    සූපවේදයේදී වෙනස ගළපා ගත යුතුය

    සංතෘප්ත මේද අම්ල 92.1% ක් සහිතව සත්ව තෙල් වලට සමීපව සිටිනා පොල්තෙල් වලට සාපේක්ෂව කටුපොල්තෙල් වල ඇත්තේ සංතෘප්ත මේද අම්ල 50% ක ප්‍රමාණයකි. නියම එළවලු තෙල් යයි මෙම ලිපියේ අප හඳුන්වාදුන් මෙරට සුලභව භාවිතා කරන තෙල් වර්ග තුනක් වන සූරියකාන්ත, බඩඉරිඟු හා සෝයා තෙල්වල සංතෘප්ත මේද අම්ල ප්‍රතිශතයන් පිලිවෙලින් 11%, 13% හා 15% ක් වේ. එනම් වැඩිපුර තිබෙන්නේ අසන්තෘප්ත මේද අම්ලයන්ය. මෙය පොල්තෙල් වලට මුළුමනින්ම පරස්පර තත්වයකි. එසේනම් අපගේ සූපවේදී ක්‍රියාකාරකම් තුල පොල්තෙල් හා එළවලු තෙල් එකම විධියට හැසිරෙනවා යයි සිතන්නට බැරිය.

    තෙල් පාරිභෝජනය බැහැර කළහැකි දෙයක් නොවේ. එය ආහාරයේ තිබිය යුතු අංගයකි. ඒ මගින් ආහාරයට රසයක්, ප්‍රසන්න සුවඳක් හා හොඳ වයනයක් ලබාදෙයි. ‘කිරෙන් බැද්දත් තෙලෙන් බැද්දත් කොබෙයියාගේ වෙනසක් නැතැ‘යි කිව්වත්, පිසින ක්‍රමය අනුව කොබෙයි මසෙහි ස්වරූපය නම් පැහැදිලිවම වෙනස් වන බව, දන්නෝ දනිති. එවන් විවිධත්වයක් සහිත බාහිර ආටෝපයක් නැතිනම් අනුභවයට රුචියක් උපදින්නේද නැත.

    මීට අමතරව මේදයේ පමණක් දියවෙන විටමින් වර්ග දේහය තුල ඒ මේ අත පරිවහණය කරන්නටත් තෙල් නැතිවම බැරිය. හෝමෝන වැනි ද්‍රව්‍යයන් නිපදවන්නටත් අමුද්‍රව්‍ය සපයන්නේ තෙල් මගින්ය. මෙවැනි අත්‍යවශ්‍ය පෝෂණ පදාර්ථයක් බිහිසුණු කාල බෝම්බයක් තරමට අර්ථ දක්වන සමාජයක් අද බිහිවී ඇත්තේ, තෙල් පාරිභෝජනය ආවාට ගියාට සිදුකිරීමේ හේතුවෙන්ය.

    අප තෙල් පාරිභෝජනය කරන්නේ ගැඹුරු තෙලේ දමා බැදගත් ආහාර හෝ තෙම්පරාදුවක් ලෙස පිළියෙළ කල කෑම සමගය. තෙල් තාච්චිය පෙන දමන්නට උතුරවන විට බාහිර ඔක්සිජන් තෙල් තුලට රිංගන්නට බලයි. තෙල් අසන්තෘප්ත නම් වැඩේ පහසුය. එනම් අසන්තෘප්ත මේද අම්ල බහුල සූරියකාන්ත, බඩඉරිඟු හා සෝයා වල මෙම ඔක්සිකරණය පහසුවෙන් සිදුවේ. එනම් ඒවා උතුරන තෙල් තාච්චිය තුලදී පොල්තෙල් තරමට ශක්තිමත්ව, ස්ථායීව හැසිරෙන්නේ නැත.

    තෙලේ බලේ ගැන නිසි විද්‍යාත්මක දැනුමක්

    “අසන්තෘප්ත තෙල් වලින් ‘මුක්ත ඛණ්ඩක’ කියල අංශු විශේෂයක් මුදා හරිනවා. කල් ගතවෙනකොට මේ වැඩේ ඉබේටම සිදුවෙන දෙයක්. ආලෝක කිරණ, තෙතමනය, උෂ්ණත්වය, ඔක්සිජන් සැපයුම වගේ තත්වයන් මත මෙය පහසුයි. පිටරටින් ගෙනෙන ඔලිව් තෙල් එහෙම කලුපාට බෝතල් වල දාල සීල් කරලා තියෙන්නේ මේ ඔක්සිකරණය නවත්තන්න. අපි තෙල් උණු කරනකොටත් මේ වැඩේම වෙනවා. එතකොට බැදපු ආහාරයත් සමග මුක්ත ඛණ්ඩක ශරීර ගතවෙනවා විතරක් නෙවෙයි, දම්වැල් ප්‍රතික්‍රියාවක් වගේ ආහාරයේ තිබෙන අනෙක් තෙල් සමගත් ප්‍රතික්‍රියා කරමින් මුක්ත ඛණ්ඩක ‘පැටවු ගහනවා’. මෙම අස්ථායී ඛණ්ඩක දේහයෙන් බැහැර කරගත නොහැකි වූ විට, දේහ සෛලවලට යම් ආතතියක් ඇතිකරමින් දේහයේ ක්‍රියාකාරිත්වය අවුල් කරන නිසා ශරීරය ලෙඩ වෙනවා. හදවත් රෝග, පිළිකා, ආඝාතය, ආතරයිටීස් වැනි තත්වයන් මේවාට උදාහරණ. වෛද්‍යවරුන් පවසන්නේ පිටතින් ගන්නා ‘ප්‍රතිඔක්සිකාරක’ (Antioxidants) නම් ද්‍රව්‍ය හරහා ඉහත කී මුක්ත ඛණ්ඩක ඇතිකරන ප්‍රචණ්ඩත්වය සමනය කරන්න පුළුවන් බවයි. හැබැයි ඒ වගේම සාධාරණ නැත්ද අපේ ආහාර පිළියෙළ කිරීමේ රටාව එහා මෙහා කරලා මුක්ත ඛණ්ඩක හැකිතරම් අඩුවෙන විධියට කෑමටික හදා ගත්තොත් ?”

    ගැඹුර තෙලේ බැදීම හා නොගැඹුරු තෙලේ බැදීම

    ගැඹුරු තෙලේ බැදීම

    ආහාර විද්‍යාඥ සෙනරත් ගේ විමසීම හෝ යෝජනාව පැහැදිලිය. පිටරටවල ධනවත් ඇත්තෝ ගැඹුරු තෙලේ යමක් බැද්දත් ඒ තෙල් ටික නැවත භාවිතා කරන්නේ නැත. ඔය කියන විධියට බැදීමෙන් පසු එම තෙලේ මුක්ත ඛණ්ඩක පිරිලාය. නැවත රත් කළහොත් ඔක්සිකරණය තව ටිකක් සිදුවී තවත් මුක්ත ඛණ්ඩක ටිකක් තෙල් ගොඩට මෙන්ම එයින් බදිනා ආහාරයටද එකතු වන්නේය. එම තෙල රත්කරන වාරයක් පාසා මේ ආකාරයට මුක්ත ඛණ්ඩක සාන්ද්‍රණය එහි වැඩි වන්නේය.

    ‘බැදුම් තෙල්’ භාවිතා කිරීමේ අවදානම ඇත්තේ එතැනයි.සූරියකාන්ත, බඩඉරිඟු හා සෝයා තෙල් වැන්නක් ගැඹුරු තෙලේ බැදීමට භාවිතා කරන්නේ නම් මේ අවදානම වැඩිය. මන්දයත් ඒවා අසන්තෘප්ත තෙල් බැවින් පහසුවෙන් ඔක්සිජන් සමග ක්‍රියාකරන බැවිනි. ගැඹුරු තෙලේ බැදුමට එළවලු තෙල් වලට වඩා පාම් තෙල් හොඳය. පොල්තෙල් ඊටත් වඩා සුදුසුය. මන්දයත් එහි 92% ක් ම සංතෘප්ත මේද අම්ල ඇති බැවිනි. එසේනම් අප කොබෙයියා බැදගත යුත්තේ පොල්තෙලෙන් මිස එළවලු තෙලෙන් හෝ පාම් තෙලෙන් නොවේ!

    ගැඹුරු තෙලේ වැඩි වේලාවක් ගිල්ලවාගෙන බදිනා, කැවුම්, කොකිස්, ආස්මි, උඳුවැල් ආදී අපගේ සාම්ප්‍රදායික ආහාර පිසීමේදී අතීතයේ භාවිතා කරනු ලැබුවේ පිරිසිදු පොල්තෙල්ය. අවුරුදු මේසය පිරෙන්නට තෙල් බේරෙන කැවිලි හදන්නට සොබා දහම විසින්ම සංතෘප්ත මේද අම්ල සහිත තෙල් බඳුනක් තෝරා දීම කෙතරම් සුන්දර සිදුවීමක්ද? එහෙත් අද දවසේ වැඩි හොඳට යයි කියාගෙන සුරියකාන්ත හෝ වෙනත් මිල අධික තෙලකින්, ගම අමතක වුණු ටවුන් වැසියෝ කීදෙනෙක් කොකිස් උඳුවැල් බදිනවාදැයි අප දන්නේ නැත. ලඟ එන අවුරුදු කෑමේදීවත් ඔවුන් පොල්තෙල් වලට මාරුවිය යුතුය.

    මග දෙපස වේගයෙන් බිහිවෙන ‘ෂෝට්ඊට්ස්’ කඩ, වඩේ බදින කරත්ත, එකම පාන්පිටි ගුලිය විවිධ හැඩයට නවා මුරුක්කු සැණකෙළි මවන බයිට් වෙළෙන්දෝ ආදී මෙකී නොකී සියල්ලෝම බහුජන ගත සුව පිණිස, වරක් බැදි තෙල් තාච්චිය ඉවතලා අලුත් තෙල් පුරවනවායයි ඔබ සිතන්නේද? පාරේ යන්නවුන්ට පෙනෙන්නට වීදුරු පෙට්ටිවල අසුරාගෙන මේ විකුණන්නේ තෙල් බඳුන හිඳෙන තුරු ඒ තුල කලතමින් බදින ලද අනාරක්ෂිත ආහාරයි.

    පාවිච්චි කළ තෙල් නැවත නැවත භාවිතය

    Weligama, Sri Lanka, 2018-01-16: Asia food stall. Trolley on ...

    තරු පහේ හෝටල් වල නවතින ධනවතුන් උදෙසා සුපිරි ආහාර වර්ග පිළියෙළ කරන හෝටල් මුළුතැන් ගෙවල්හි වරක් භාවිතාකල තෙල් නැවත රත්කරන්නේ නැත. ධනවතාගේ පර්වත  සිරුරට ආහාරයත් සමග යහමින් මුක්ත ඛණ්ඩක ඇතුල්විය හැකි බැවිනි. එහෙත් පසුගිය දිනෙක අසන්නට ලැබුනේ එතැන භාවිතා නොකරන මෙම පාවිච්චි කල තෙල්, මිලට ගැනීමට තවත් පිරිසක් තරු පහේ කුස්සියට පිළිකන්නෙන් රිංගන බවයි. මෙය හෝටල් පාලකයින්වත් නොදන්නා කිචන් ගනුදෙනුවකි. ඔවුන් එය පරිස්සමට පෙරා රොඩුබොඩු ඉවත්කර වෙනත් තෙල් වලට මිශ්‍රකර ගමේ කඩවලට බෙදා හරින අතර ආර්ථික අහේනිය හමුවේ ලාබ තැනක් සොයමින් ඉව අල්ලන ගමේ එකා මුක්ත ඛණ්ඩක පිරුණු මෙම බාල තෙල් ගුදම අසල නවතී. එයින් ටිකක් ගෙදර ගෙනගොස් නිවී හැනහිල්ලේ කරවල කෑල්ලක්ද බැදගනී.

    මග දෙපස වේගයෙන් බිහිවෙන ‘ෂෝට්ඊට්ස්’ කඩ, වඩේ බදින කරත්ත, එකම පාන්පිටි ගුලිය විවිධ හැඩයට නවා මුරුක්කු සැණකෙළි මවන බයිට් වෙළෙන්දෝ ආදී මෙකී නොකී සියල්ලෝම බහුජන ගත සුව පිණිස, වරක් බැදි තෙල් තාච්චිය ඉවතලා අලුත් තෙල් පුරවනවායයි ඔබ සිතන්නේද? පාරේ යන්නවුන්ට පෙනෙන්නට වීදුරු පෙට්ටිවල අසුරාගෙන මේ විකුණන්නේ තෙල් බඳුන හිඳෙන තුරු ඒ තුල කලතමින් බදින ලද අනාරක්ෂිත ආහාරයි.

    අප පෝෂණවේදීන් හෝ වෛද්‍යවරුන් නොවුනත්, දැනට ප්‍රකාශයට පත්ව ඇති විද්‍යාත්මක ලේඛන වලට අනුව සමාජයේ පොදු ජනතාවට වරදින තැන් පෙන්වාදීමේ වගකීම අතහැරිය යුතු නොවේ.

    ගැඹුරු තෙලේ බදිනවානම් වඩා සුදුසු වන්නේ පොල්තෙල්ය. ඒත් එක වරක් පමණි. නැවත භාවිතය නුසුදුසුය. තෙම්පරාදුවක් කරනවානම් තෙල් භාවිතා වන්නේ එක වරක් පමණක් නිසාත්, දිගු වෙලාවක් තෙල් සමග සෙල්ලම් නොකරන නිසාත්, අසන්තෘප්ත මේද අම්ල සහිත එළවලු තෙලක් භාවිතා කිරීමේ වරදක්ද නැත. හදගැස්මට ගැටළුවක් ඇති නොවන පරිද්දෙන් කටගැස්මට සුදුසු තෙල තෝරාගත යුතුයයි අප පවසන්නේ වෙළඳපොලේ ඇති තෙල් වර්ග පෙන්වන මේ පරස්පර හැසිරීම නිසාය.

  • බොලිවුඩ් සුරූපිනී සයියාමි ඛර් රුව රැකගන්නේ මෙහෙමලු !

    බොලිවුඩ් සුරූපිනී සයියාමි ඛර් රුව රැකගන්නේ මෙහෙමලු !

    සයියාමි ඛර් (Saiyami Kher) කියන්නේ නව යොවුන් බොලිවුඩ් සුරූපිනියක්. බොහෝ දෙනෙක් කියන්නේ ඇය තුළ වචනවලට පෙරළිය නොහැකි අමුතු අහිංසක සුන්දරත්වයක් තිබෙන බවයි.

    සයියාමි අපට අවසන් වරට හමු වුණේ රකීෂ් ඔම්ප්‍රකාෂ් මෙහ්රාගේ (Rakeysh Omprakash Mehra ) මිර්ෂියා (Mirzya ) චිත්‍රපටයෙන්. ඇය එහිදී හර්ෂ්වර්ධන් කපූර් සමඟ රගපෑවා. කොහොම වුණත් මිර්ෂියා ආදායම් අතින් සාර්ථක වුණේ නැහැ.  නමුත් ඇගේ අහිංසක සුන්දරත්වය ප්‍රේක්ෂකයන්ගේ සිත් ගත්තා. 

    මේ අතර සයාමි ඇගේ රසිකයින්ට කියන්නේ ලගදීම, ඒ කියන්නේ ජූනි 05 වැනිදා තිරගත වීමට නියමිත Anurag Kashyap ගේ  Chocked චිත්‍රපටයෙන් තමාව දැක ගත හැකි වනු ඇති බවයි.

    මේ අතර සයාමි ෆිල්ම් ෆෙයාර් සමඟ සම්මුඛ සාකච්ඡාවකදී ඇයගේ පුද්ගලික රූපලාවණ්‍ය රහස් කිහිපයක් හෙළි කළා. අපි ඒවා ඔබ වෙනුවෙන් සටහන් කර ගත්තා.

    සයියාමි ඛර්

    සයාමි ඔබ ඔබේ දෛනික සම රැකවරණය සලසා ගන්නේ කොහොමද ? ඒකට විශේෂ රූපලාවන්‍ය රහස් එහෙම තිබෙනවාද ?

    මගේ දෛනික චර්යාව සරලයි. විසිතුරු කිසිවක් නැහැ. මම Sunscreen භාවිතා කරමින් හිරු එළිය නෑම චාරිත්‍රයක් ලෙස කරනවා. අගුලු දැමීමේදී මම වේශ නිරූපණය කළේම නෑ. නමුත් මම වැඩ කරන විට විස්තීරණ වේශ නිරූපණ (Elaborate make-up) ඉවත් කිරීමේ පුරුද්දක් තිබෙනවා. සෑම විටම සම පිරිසිදුව හා සජලීව තබා ගැනීම අත්‍යවශ්‍ය බව මම දන්නවා. 

    දවස පුරා වතුර ගොඩක් පානය කිරීම, පිරිසිදු ආහාර අනුභව කිරීම, ආතතියට පත් නොවීම ගැන මම දැඩි සැලකිල්ලක් දක්වනවා. මේ සියල්ල මගේ සමට ඍජුව බලපාන බව මම දන්නවා.

    ඒත් අවාසනාවට, මට පාරම්පරික අඳුරු කව (Dark circles) තිබෙනවා. මම රාත්‍රියට ඇස් යට රාත්‍රී ක්‍රීම් (Night cream) අලේප කරනවා.

    ගිම්හානයේදී ඔබේ සම සඳහා ඔබ ලබා දෙන සත්කාරය කුමක්ද ?

    මට එක පුරුද්දක් තිබෙනවා. මම වැඩිපුර ජලය පානය කරමි. එබැවින් සම සජලීයව තිබෙනවා. මම මගේ මුහුණට අයිස් ආලේප කිරීමට කැමතියි.  ගිම්හාන පලතුරුවල (summer fruits) යුෂ / සාරය මගේ මුහුණේ ආලේප කිරීමට මම කැමතියි. එවිට මගේ සමට ගිම්හානයේදී වුවත් මෘදු සිසිල් බවක් දැනෙනවා.

    වේශ නිරූපණය කිරීමේදී ඔබ මතකයේ තබා ගන්නා වැදගත්ම දේ ගැන කියන්න පුළුවන් ද?

    සරලයි සරාගීයි. ඒ නිසා මම වේශ නිරූපණය ගැන විශ්වාස කරන්නේ නැහැ. එය ස්වභාවික හා සරල ලෙස තබා ගන්න උත්සාහ කරනවා.

    සයියාමි ඛර්
    මම මගේ ගමට යන සෑම විටම මම එහි ඇති වැවේ පීනනවා. මම වැවෙන් මඩ මගේ මුහුණ සහ ශරීරය පුරා ආලේප කර ගන්නවා. එසේ කළ විට සමට සිනිඳු, පෝෂ්‍යදායී හා මෘදු බවක් දැනෙනවා.

    ඔබේ දෝෂ රහිත (flawless skin) සමේ රහස කුමක්ද ?

    හොඳයි, එය ලෝකයට අමුතු දෙයක් ලෙස පෙනෙන්නට පුළුවන්. නමුත් මම ඔබට පොරොන්දු වෙනවා එය එසේ නොවෙයි. මම මගේ ගමට යන සෑම විටම මම එහි ඇති වැවේ පීනනවා. මම වැවෙන් මඩ මගේ මුහුණ සහ ශරීරය පුරා ආලේප කර ගන්නවා. එසේ කළ විට සමට සිනිඳු, පෝෂ්‍යදායී හා මෘදු බවක් දැනෙනවා.

    ඔබ වඩාත් විශ්වාසයෙන් භාවිත කරන රූපලාවන්‍ය නිෂ්පාදන ගැනත් යමක් කියන්න කැමතිද ?

    සීටාෆිල් මොයිස්චරයිසර්, සන්ස්ක්‍රීන්, ඇස් යට සැහැල්ලු ක්‍රීම් සහ ක්ලිනික් ලිප් බාම්.(A Cetaphil moisturiser, sunscreen, a light under-eye cream and Clinique lip balm)

    ග්‍රීෂ්ම ඍතුවේදී ඔබ ඔබට සමීපව තබා ගන්නා එක් නිෂ්පාදනයක් ගැන කියන්න කැමතිද ?

    මම සාමාන්‍යයෙන් ස්වභාවික තොල් ආලේපන (Natural lip balm) භාවිත කරනවා.  නමුත් මම කවදා හෝ තොල් වර්ණ කළහොත් එය රතු තොල් ආලේපනයක් පමණක් විය යුතුයි.

    සයියාමි ඛර්


    ඔබ ආඩම්බර වන එක් වේශ නිරූපණයක්?

    මම මගේ Eye-liner කිරීම ගැන ආඩම්බර වෙනවා. ඇත්තෙන්ම එය නම් අපූරුයි

    ඔබ වඩාත් වැදගත් කිසියම් රූපලාවණ්‍ය ඉඟියක් අපේ පාඨකයින්ට ලබා දෙන්න කැමතිද ?

    Sunscreen නොමැතිව කිසි විටෙකත් පිටතට යන්න එපා. ඔබ තරුණ වුවත් හොඳ  Eye cream සඳහා භාවිත කරන්න. එයට මුදල් වැය කරන්න කිසි විටෙක පැකිලෙන්න එපා. ප්‍රමාණවත් තරම් කාලයක් නිදාගෙන ප්‍රමාණවත් තරම් පිරිසිදු ජලය පානය කරන්න. එවිට ඔබට අඩු වියදමකින් සුන්දර සමක් ලබාගත හැකියි. තිබෙන සුන්දර සම වඩාත් සුරක්ෂිත කරගත හැකියි.

    Text by filmfare.in – සැකසුම – තුෂාධවි

  • ලෝකය පුරා ආසාදිතයින් 57,46,086ක් සහ මරණ 357,377ක්

    ලෝකය පුරා ආසාදිතයින් 57,46,086ක් සහ මරණ 357,377ක්

    අද (28) දින ප.ව 10.02 වන විට ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් 57,46,086 දෙනකු සහ මරණ 357,377ක් වාර්තා වූ බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝන වෛරස් සම්පත් මධ්‍යස්ථානයේ නිල වෙබ් අඩවියේ සදහන් වේ.

    එහි දැක්වෙන්නේ එක්සත් ජනපදයේ ආසාදිතයින් සංඛ්‍යාව 17,06,500ක් හා මරණ 100,769ක් බවයි.

    වාර්තාගත වර්ධනයක් පෙන්නුම් කරමින් බ්‍රසීලය ආසාදිතයින් 411,821ක් හා මරණ 25,598ක් වාර්තා කර ඇති අතර රුසියාවේ ආසාදිතයින් සංඛ්‍යාව 379,091ක් දක්වාත් මරණ සංඛ්‍යාව 4142 දක්වාත් ඉහළ ගොස් තිබෙනවා.

    ආසාදිතයින් සටහනේ 09 වැනි ස්ථානයේ පසුවන (එක්සත් රාජධානිය, ස්පාඤ්ඤය, ඉතාලිය, ප්‍රංශය හා ජර්මනිය) ඉන්දියාව ආසාදිතයින් 165,069ක් වාර්තා කර ඇති අතර මරණ සංඛ්‍යාව 4695 දක්වා වර්ධනය වී තිබෙනවා.

    මැදපෙර දිග තත්ත්වය

    ශ්‍රී ලංකිකයින් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සේවය කරන මැදපෙරදිග තත්ත්වය විමසීමේදී වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් සෞදි අරාබියෙන් වාර්තා වෙනවා. එය 80,185 ක් හා මරණ 441 ක්. එක්සත් අරාබි එමීර් හි ආසාදිතයින් 32,532ක් සහ මරණ 258ක්, කුවේටයෙන් ආසාදිතයින් 24,112ක් වාර්තා වෙනවා.

  • නාවුක හමුදා සහ කුවෙට් පොකුර දිගටම ක්‍රියාත්මකයි – අදත් ආසාදිතයින් 34ක්

    නාවුක හමුදා සහ කුවෙට් පොකුර දිගටම ක්‍රියාත්මකයි – අදත් ආසාදිතයින් 34ක්

    අද (28) දින ප.ව 19.05 වන විට ශ්‍රී ලංකාවෙන් කොවිඩ්-19 ආසාදිතයින් 34 දෙනකු වාර්තා වූ බවත් ඒ අනුව ලංකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 1503ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ සදහන් වේ.

    එහි දැක්වෙන්නේ මේ වන විට රෝහල්වල රෝගීන් 748 දෙනකු ප්‍රතිකාර ලබන බවත් 68 දෙනකු විමර්ශනය යටතේ පසුවන බවත්ය.

    මේ වන විට සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 745ක් බවයි එහි වැඩි දුරටත් සදහන් වන්නේ.

  • ජාත්‍යන්තර ණය ආයතනවලින් කොන්දේසි විරහිත අය-වැය සහයෝගය ඕනෑ – ජනපති

    ජාත්‍යන්තර ණය ආයතනවලින් කොන්දේසි විරහිත අය-වැය සහයෝගය ඕනෑ – ජනපති

    කැනඩා හා ජැමෙයිකා අග්‍රාමාත්‍යවරුන් සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා විසින් සංවිධාන කරන ලද “කොවිඩ් – 19 සහ ඉන් ඔබ්බට යුගයේ සංවර්ධනය සදහා මූල්‍යකරණය පිළිබඳ ඉහළපෙළේ වීඩියෝ සම්මන්ත්‍රණය” අමතා ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට, 2020 මැයි 28 වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ සම්පූර්ණ කතාව

    මේ හමුව කැඳවීම පිළිබඳව කැනඩාවේ සහ ජැමෙයිකාවේ අගමැතිවරුන්ට සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාට මම මගේ ස්තූතිය පිරිනමමි.

    ගෝලීය වෙළෙඳාම, සංචාරක ව්‍යාපාරය, ආයෝජන හා සේවා නියුක්තිය අඩපණ වී ඇත. වසංගතය හදිසියේම, වරක් තිරසාර වූ ව්‍යාපාර හා ආර්ථිකයන් විනාශ කරමින් අස්ථාවර තත්ත්වයට පත් කර ඇත.

    සැබෑ ආර්ථිකය තවදුරටත් ආදායම් හා රැකිය උත්පාදනය නොකරන හෙයින් රාජ්‍ය මූල්‍ය හිඟය ක්‍රමනුකූලව පහත හෙළමින් සිටි රටවල් පසුබෑමට ලක්ව ඇත. පහත වැටෙන ප්‍රවණතාවක පැවති ණය පරිමාව ඊට අනුරූපව ප්‍රත්‍යවර්තනයකට ලක්ව ඇත.

    අක්‍රීය වත්කම් ඉහළ ගොස් ද්‍රවශීලතා අර්බුදයකට මුහුණදීමට සිදු වීමෙන් බැංකු ක්ෂේත්‍රයට පහර එල්ල වී තිබේ. සමස්ත ඉතුරුම් – ආයෝජන සමීකරණය බිඳ වැටී ඇති අතර සංවර්ධනය සදහා මූල්‍ය සම්පාදනය මුල්‍යකරණය ගෝලීය ආර්ථිකයට අදාල මාතෘකාවක් වන්නේ මේ හේතුවෙනි.

    ශ්‍රී ලංකාව තුල ශ්‍රම ආදායම, අපනයන ආශ්‍රිත ආදායම, සංචාරක ව්‍යාපාරය සහ සම්බන්ධිත සේවා ආශ්‍රිත ප්‍රධාන සම්ප්‍රේෂණ මාර්ග අපගේ සැබෑ ආර්ථිකයට බලපෑම් එල්ල කර ඇත. සේවා නියුක්තිය හා ජීවනෝපාය අහිමිවීම විශාලය.

    අපට මුහුණ දීමට සිදුව ඇති දුෂ්කරතා කුමක් වුවද පළමුව ජනතාව යන අපේ ප්‍රතිපත්ති අත්හළ නොහැක්කේ අප වඩාත් අගය කරන එකම වත්කම මානව සංවර්ධනය නිසාය.

    මෙය රජයේ හා ව්‍යාපාරික ආයතනවල  පාලනය ඉක්මවා ගිය අර්බුදයක් වන හෙයින් බහුපාර්ශවීය හා ද්විපාර්ශ්වීය නිල ණය ප්‍රදානය කරන ආයතන වෙතින් කොන්දේසි විරහිත අය වැය සහයෝගය සහ රාජ්‍ය ණය සඳහා ණය කල් දැමීමේ වන්දි ආකාරයෙන් අන්තර්ජාතික සහයෝගය ලැබි යුතු වන්නේ පෞද්ගලික ණය සහ ලාභාංශ වෙළෙඳ පොළෙහි විශ්වාසය ඉන් තහවුරු වන බැවිනි.

    සංවර්ධනය වෙමින් පවතින රටවලට බහු පාර්ශවීය සහ ද්විපාර්ශවීය රාජ්‍ය ණය ප්‍රදානය කරන්නන්ට බිඳවැටුණු ආර්ථිකය නැවත ගොඩ නැංවීම සඳහා සංවර්ධනය වෙමින් පවතින රටවලට එවන් අවකාශයක් නිර්මාණය කිරීමේ විශේෂ වගකීමක් ඇති අතර ණය දීමේ සාමාන්‍ය කොන්දේසි මත තරයේ රැඳී නොසිටිය යුතු වන්නේ බොහෝ රටවල් සිය ණය බැඳීම් නොකඩවා ඉටු කර ඇති හෙයින් හා රාජ්‍ය ණය ප්‍රදානය කරන්නන් විසින් සැලකිය යුතු සහනයක් මගින් නව අවකාශ සැලසීමට කාලය පැමිණඇති හෙයිනි.

    අපේ ප්‍රමුඛතා වන කෘෂි හා ආහාර සුරක්ෂිතතාව, පරිසර සංරක්ෂණය, පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍ර, ඩිජිටල් ආර්ථිකය හා ඩිජිටල් ආණ්ඩුකරණය. ග්‍රාමීය ආර්ථිකය හා දිළිදුකම අඩු කිරීම, ගම්මාන සඳහා වැඩි දියුණු කළ සබඳතා තුලින් ජනතාවට හා ව්‍යාපාරික ප්‍රජාවට වෙළඳපොළ ප්‍රවේශය සහ අපගේ පරිසර ආරක්ෂණ උපායමාර්ග හා අනුකූලව නගර නිර්මාණය පුරා මාස 02කට ආසන්න කාලයක් ආර්ථිකය වසා දැමීම හේතුවෙන් පසුබෑමට ලක්ව ඇත.

    කොවිඩ් – 19 වසංගත අවදානමට ප්‍රජාව ගොදුරු නොවන බව සහතික කරනු සඳහා වන සෞඛ්‍ය නිරෝධායන ප්‍රමිතීන්ට අනුගතවෙමින් මේ සතියේ සිට සීමාවන් ලිහිල් කිරීමට අපි පියවර ගෙන ඇත්තෙමු. කෙසේ වෙතත්, ආර්ථිකයට සැබෑ ලෙස ඇති වූ අලාභය මාස දෙකක කාලයක් වනවා සේම රට සාමාන්‍ය තත්වයට පත්වීමට අපේක්ෂිත කාල සීමාව දීර්ග වනු ඇති බැවින්, එවැනි පහසුකම් සලසන සියලු බාහිර අධාර “සංවර්ධන කේන්ද්‍රීය” විය යුතුය.

    සෑම ප්‍රධාන ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික ණය සපයන්නන් විසින් ලබාදෙන නිල ණය සහ මධ්‍යකාලීන හදිසි අයවැය ආධාර ණය පෞද්ගලික ණය වගකීම් සපුරාලීමට අවශ්‍ය සාර්ව ආර්ථික අවකාශය විවෘත කරනවා සේම එය වෙළෙඳ හා ගෙවීම් ක්‍රම ලිහිල් කර පෞද්ගලික අංශයේ ණය හිමියන්ට වර්ධනය නැවත සකසා ආයෝජනයට අවශ්‍ය විශ්වාසය ගොඩනැගීමට අවකාශය සලසයි.

    සංවර්ධන මූල්‍යකරණයේ අවශ්‍යතාව මම මහජන චීන සමූහාණ්ඩුවේ ජනාධිපති අතිගරු ෂි ජින් පිං මැතිතුමා, ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා සහ එක්සත් ජනපදයේ  ජාතික ආරක්ෂක උපදේශක රොබට් ඕ බ්‍රයන් මහතා සමග කළ සාකච්ඡාවලදී අවධාරණය කළෙමි.

    කෙසේ වෙතත්, කණගාටුවට කරුණ නම් මධ්‍ය ආදායම් ආර්ථිකයක් සහිත රටවල්, සංවර්ධනය වෙමින් තිබෙන  රටවල් ලෙස පවතින වර්ගීකරනය ඇතුළත උපග්‍රහණය වීම හේතුවෙන් එම රටවල අවශ්‍යතාව මුළුමනින්ම සපුරාගැනීමට ඇති අවකාශය සීමා වී තිබීමයි.

    ලොව ප්‍රධාන පෙළේ ආධාර කණ්ඩායම්වල හා නායකයන්ගේ වගකීම තම තමන් අතර කොන්දේසි පනවා නොගෙන මහා පරිමාණයේ ද්විපාර්ශ්වික, බහුපාර්ශ්වික නියෝජිත ආයතනවල කඩිනම් ක්‍රියාමාර්ග වේගවත් කොට සංවර්ධනය වෙමින් පවතින හා මධ්‍ය ආදායම් ආර්ථිකයන්හි සංවර්ධන හවුල්කරුවන් ලෙස ඉදිරියට යාමයි.

    අධ්‍යාපනය, සෞඛ්‍යය , කාන්තාවන් හා ළමයින් නව අපනයන කර්මාන්ත, ආහාර සුරක්ෂිතතාව හා වඩා යහපත් හා ස්ථාවර ලොවක් වෙනුවෙන් පරිසර සුරැකීම ඇතුළු මානව සංවර්ධන අංශ කෙරෙහි අවධානය යොමු කිරීමට රටවල් දිරි ගන්වන අතර හදිසි ආධාර පහසුකම් තුලින් සංවර්ධනය වෙමින් පවතින හා මධ්‍ය ආදායම් රටවලට සහය වන්නේ කෙසේදැයි මේ කතිකාවත තුළින් එකඟත්වයක් මතු විය යුතුය.

    ගරු මැතිඳුනි,

    “ආරෝග්‍ය පරමා ලාභා හෙවත් යහපත් සෞඛ්‍යය පරම ධනය වේ” යන බුදු වදන සිහිපත් කරමින් මම මගේ අදහස් දැක්වීම අවසන් කරමි.

    ස්තූතියි,

  • සජිත් පිළෙන් දියවන්නා යන්න හදන එජාපයේ 102කට වැඩ වරදී !

    සජිත් පිළෙන් දියවන්නා යන්න හදන එජාපයේ 102කට වැඩ වරදී !

    එක්සත් ජාතික  පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සමගි ජන බලවේගයේ නාමයෝජනා ලබා ගෙන ඇති සාමාජිකයින් 102 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් (27) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා.

    “පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති සාමාජිකයින්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම පිළිබඳවයි” යන්න මාතෘකාව යටතේ නිකුත් කර ඇති අදාළ මාධ්‍ය නිවේදනයේ සදහන් වන්නේෙ පළාත් පාලන නියෝජිතයින්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරු සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු 102 දෙනකුගේ පක්ෂ සාමාජිකත්වය මේ අනුව අත්හිටුවන බවයි.

    එම නිවේදන පහත දැක්වෙනවා.

  • Covid-19: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ‘නවතම තත්ත්ව වාර්තාව’

    Covid-19: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ‘නවතම තත්ත්ව වාර්තාව’

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඊයේ (27) දින Covid-19 වෛරසයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සිය නිරීක්ෂණ ඇතුළත් නවතම තත්ත්ව වාර්තාව ඉදිරිපත් කළේය.

    කොවිඩ්-19 ගෝලීය වසංගතය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්තිය පාලනය කිරීම, රෝගීන් කළමනාකරණය කිරීම, නව සාමාන්‍ය තත්ත්වය හා දෙවන රැල්ලක් ඇතිවීම වළක්වා ගැනීම සම්බන්ධයෙන් වන එම වාර්තාවේ සදහන් වන්නේ මේ වන විට ලංකාව තුළ වැලිසර නාවික හමුදා කදවුර ආශ්‍රිත පොකුර හා විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් නැවත ශ්‍රී ලංකාවට පැමිණි පසු ඇතිවන පොකුර වශයෙන් ‘කොවිඩ්-19 පොකුරු දෙකක් ඇති බවයි.

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් මාධ්‍ය වෙත යොමු කළ එම සම්පූර්ණ වාර්තාව පහත පළ වෙනවා.

  • කොරෝනා නිසා කිසිදු සේවකයෙකුගේ රැකියාව අහිමිවීමට ඉඩ දෙන්නෑ – ඇමැති ප්‍රසන්න

    කොරෝනා නිසා කිසිදු සේවකයෙකුගේ රැකියාව අහිමිවීමට ඉඩ දෙන්නෑ – ඇමැති ප්‍රසන්න

    දිවයිනේ සියලු කර්මාන්තශාලාවල නිෂ්පාදන කටයුතු පුළුල් කිරීමට රජය සිය අවධානය යොමු කර ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ඒ සදහා පියවර ගන්නා බවයි.

    ආයෝජන මණ්ඩලයට අයත් නිදහස් වෙළද කලාප අධ්‍යක්ෂකවරුන් සහ ඇමති ප්‍රසන්න රණතුංග මහතා අතර ඊයේ (27) පැවති සාකච්ඡාවක දී ඇමතිවරයා මේ බව සදහන් කළේය. කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය පාලනය කිරීමත් සමග රට යථා තත්ත්වයට පත් කිරීමේ රජයේ වැඩ පිළිවෙල යටතේ රට තුළ පිහිටි කර්මාන්තශාලාවල ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා මෙම රැස්වීම කැදවා තිබිණ. කාර්මික අපනයන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ දි රැස්වීම පැවැත්විණ.

    දිවයින පුරා පිහිටි නිදහස් වෙළද කලාප තුළ කර්මාන්තශාලා 92% ක් මේ වන විට සිය නිෂ්පාදන කටයුතු ආරම්භ කර තිබෙන බව ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂක ජෙනරාල් සංජය මොහොට්ටාල මහතා මෙහි දී කියා සිටියේ ය. නිදහස් වෙළද කලාප 14 ක කර්මාන්තශාලා 286 ක් පිහිටුවා තිබේ.  සේවක සංඛ්‍යාව 142,000 කි.

    පහුගිය අගහරුවාදා (26) වන විට කර්මාන්තශාලා 262 ක් නිෂ්පාදන කටයුතු ආරම්භ කර තිබු බවත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව අවම සේවක සේවිකාවනක් සංඛ්‍යාවක් සේවයේ යෙදවීමේ පදනම යටතේ  සේවක සේවිකාවන් 91,416 ක් ඒවායේ සේවය කරන බවත් ආයෝජන මණ්ඩල අධ්‍යක්ෂකවරුන් මෙහි දී කියා සිටියහ. එම කර්මානතශාලාවල සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ දැ‘යි නිරන්තරයෙන් පරීක්ෂා කරන බව ද ඔවුහු කියා සිටියහ.

    නිදහස් වෙළද කලාප වල පිහිටුවා ඇති කර්මාන්තශාලා හිමියන්ගේ ප්‍රධාන ඉල්ලීමක් බවට පත්ව ඇත්තේ සිය සම්පූර්ණ නිෂ්පාදන ධාරිතාව ක්‍රියාත්මක කිරීම බව ද වෙළද කලාප අධ්‍යක්ෂකවරු පෙන්වා දුන්හ. දිස්ත්‍රික් අතර ගමනාගමනයට තවදුරටත් පවතින බාධා ඉවත් කර දෙන ලෙස ද කර්මාන්ත හිමියෝ ඉල්ලා සිටින බව ඔවුහු කියා සිටියහ.

    ඇමති ප්‍රසන්න රණුතංග මහතා මෙහිදී කියා සිටියේ කර්මාන්තශාලාවල නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමට සේවක සංඛ්‍යාව වැඩි කිරීමට සිදුවන බවයි. ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශවල මාර්ගෝපදේශ ලබා ගත යුතු බව පැවසූ ඇමතිවරයා ඒ පිළිබද ව සෞඛ්‍ය බළධාරීන්ගේ අවධානය යොමු කරවන බව ද කීවේය.

    අවදානම් කලාපය ලෙස හදුනාගෙන තිබු කොළඹ හා ගම්පහ අතර අන්තර් ගමනාගමන බාධා ලබන සතියේ පමණ වන විට ඉවත් කිරීම කෙරෙහි ද රජයේ අවධානය යොමුව ඇතැයි ඔහු සදහන් කළේය. කර්මාන්තශාලා නිෂ්පාදන ධාරිතාව පුළුල් කිරීමේ දී ඒ ආශ්‍රිතව පවතින බෝඩිං කාමර හා නිවාස පවත්වාගෙන යාමේ දී සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීමේ අවශ්‍යතාවය ද පෙන්වා දුන් ඇමතිවරයා කර්මාන්තශාලා ආශ්‍රිත බෝඩිං කාමර හා නිවාස සදහා වෙන ම සෞඛ්‍ය මාර්ගෝපදේශ ලබා ගැනීමේ අවශ්‍යතාවය ද පෙන්වා දුන්නේය.

    කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුයෙන් නර්මාන්තකරුවන් මුහුණ පා සිටින ඇණවුම් අවලංගු වීම වැනි කරුණු කෙරෙහි ද රජය සිය අවධානය යොමු කර ඇති බවත් ඉදිරියේ දී ඔවුන්ට සහන සැලසීම සදහා රජය අවශ්‍ය පියවර ගන්නා බවත් කී ඇමති ප්‍රසන්න රණතුංග මහතා කිසිදු කර්මාන්තශාලවක් වසා දැමිමටත්, කිසිදු සේවකයෙකුගේ රැකියාව අහිමිවීමටත් ඉඩ නොතැබීම රජයේ ස්ථාවරය බව ද අවධාරණය කළේය. කම්කරු අමාත්‍යාංශයේ මෙවැනි ගැටළු විසදීම සදහා වෙන ම ඒකකයක් පිහිටුවා තිබේ. එම ඒකකයට මෙවැනි ගැටළු ඇත්නම් යොමුකරන ලෙසද ඇමතිවරයා අධ්‍යක්ෂකවරුන්ට උපදෙස් දුන්නේය.

    කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මාපා පතිරණ, ආයෝජන මණ්ඩලයේ සභාපති සුසන්ත රත්නායක, අධ්‍යක්ෂක ජෙනරාල් සංජය මොහොට්ටාල යන මහත්වරුන් ද මෙම සාකච්ඡාවට එක් ව සිටියහ.