Blog

  • ජල බිල්පත් දෙකක් ලැබුණොත් පාරිභෝගිකයින්ට සහනයක්

    ජල බිල්පත් දෙකක් ලැබුණොත් පාරිභෝගිකයින්ට සහනයක්

    හිඟ ජල බිල්පත් ගෙවීම සඳහා පාරිභෝගිකයින්ට සහනයක් ලබාදෙන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග මහතා සඳහන් කරයි.

    සභාපතිරයා වැඩි දුරටත් සදහන් කළේ ජල බිල්පත් දෙකක් එකවර ලැබී ඇත්නම් එක් බිල්පතක් පළමුව ගෙවා අනෙක් බිල්පත මාසයක් ඇතුළත ගෙවිය හැකි බවත් එතෙක් ජලය කපා හැරීමක් කිසි ලෙසකින් හෝ සිදු නොවන බවයි.

    පෙර මාසයට සාපේක්‍ෂව ඉන්පසු මාසයේ ජල බිල්පත් සැකසීමේදී ජනතාවට වැඩිපුර ගෙවීමට සිදුවුවහොත් හෝ බිල්පතේ යම් වෙනසක් ඇත්නම් ඉදිරි මාසයකදී එම අඩුවීම හෝ වැඩිවීම නිවරැදි කර දෙන බව ද සභාපතිවරයා කියා සිටියේය.

  • හෙට සිට සති දෙකක් පොදු ප්‍රවාහනය සීමා කරයි : සාමාන්‍ය ගමන් තහනම්

    හෙට සිට සති දෙකක් පොදු ප්‍රවාහනය සීමා කරයි : සාමාන්‍ය ගමන් තහනම්

    හෙට (11) සිට ඇඳිරි නීතිය ලිහිල් කිරීමට රජය ගෙන ඇති තීරණය සමඟ පොදු ප්‍රවාහන සේවා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඊයේ (09) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගෙන් කරුණු විමසා ඇත.    

    ඒ අනුව රටේ පුද්ගලික හා රාජ්‍ය අංශයේ රාජකාරි කටයුතු සීමාවන් අනුව ආරම්භ කළ ද, පොදු ප්‍රවාහන කටයුතු වලදී සාමාන්‍ය ජනතාව අත්‍යාවශ්‍ය නොවන කටයුතු සඳහා යොමුවිය හැකි බැවින් හෙට සිට තවත් සති දෙකක් යන තෙක් ඔවුන් සඳහා ප්‍රවාහන පහසුකම් නොසලසන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අමාත්‍යවරයාට උපදෙස් ලබාදී ඇත. 

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් අනුව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය විසින් මින් පෙර සැලසුම් කර තිබු පරිදිම ලංගම හා ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දුම්රිය හා බස් රථවලින් ප්‍රවාහන පහසුකම් සපයන්නේ රාජ්‍ය හා පුද්ගලික අංශයේ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා වාර්තා කරන කාර්ය මණ්ඩල සඳහා පමණි. ඒ හැර සාමාන්‍ය ජනතාව සඳහා දුම්රිය හෝ ලංගම බස් රථවලින් ප්‍රවාහන සේවාවන් සැපයීමක් සිදුකෙරෙන්නේ නැත.

    පොදු ප්‍රවාහන සේවා සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ නිවේදනය පහත සදහන් වේ.

  • ලෝකයේ වඩාත්ම පෝෂ්‍යදායී ආහාර 100 ගැන දැන ගනිමු ද?

    ලෝකයේ වඩාත්ම පෝෂ්‍යදායී ආහාර 100 ගැන දැන ගනිමු ද?

    බොහෝ රටවල් අගුළු ලා ඇති බැවින් ජනතාවගෙන් විශාල පිරිසක් නිවාසවලට කොටු වී සිටිනවා. ඒ අතර අනාගතයේ ආහාර අර්බුදයක් ඇතිවේ යැයි පළ වෙන අනාවැකි නිසා බොහෝ දෙනෙක් ගෙවතු වගාවට, බදුන් තුළ එළවළු වගාවට යොමු වෙලා තිබෙනවා. ලංකාවේ වගේම ඇමෙරිකාව, එක්සත් රාජධානිය තුළ එළවළු බීජ සදහා වන ඉල්ලුම අති විශාල අගයකින් ඉහළ ගිහින් තිබෙන්නේ මෙහි ප්‍රතිඵලයක් විදිහටයි.

    මේ අතර ආහාර හිගයක් ගැන බිය පළ කරන ජනතාව තමන් ලබා ගන්නා ‘සීමිත ආහාර‘ ප්‍රමාණයේ ඇති ගුණාගුණ ගැනත් දැන් දැඩි අවධානයක් යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා. ඔවුන් දැන් කල්පනා කරන්නේ ‘අවම ආහාර ප්‍රමාණයකින් උපරිම පෝෂණයක් ලබා ගැනීම ගැනයි.

    පෝෂණවේදීන්ට අනුව නම් මෙය ධනාත්මක තත්ත්වයක්. එය ආහාර සදහා වන අවශ්‍ය ඉල්ලුම අවම කරන අතර අධික ලෙස ආහාර ගැනීම නිසා ඇති වන සෞඛ්‍ය ගැටලු රැසකටත් ඵලදායී විසදුමක් බවයි ඔවුන් කියන්නේ.

    මේ සම්බන්ධයෙන් අවධානය යොමුකරන කෘෂි විශේෂඥයෝත් සතුටට පත්ව සිටිනවා. ඔවුන් කියන්නේ ඉදිරි මාස කිහිපයේ හෝ වසර කිහිපයක් පවා පැවැතිය හැකි ගෝලීය ආහාර අර්බුදයට වඩාත් පෝෂණීය ආහාර ගැන ජනතාව දක්වන උනන්දුවෙන් ‘යම් සහනයක් ලැබෙන බවයි.

    ඉතිං මේ තත්ත්වය තුළ පෝෂණවේදීන් සහ පර්යේෂකයින් පසුගිය දා ‘අමු ආහාර‘ (Raw food) 1,000කට වඩා විශ්ලේෂණය කිරීමෙන් පසුව, ඔබේ දෛනික පෝෂණ අවශ්‍යතාවයන්ගෙන් උපරිම කොටස ලබා දෙන ආහාර වර්ග ශ්‍රේණිගත කර ඇති අතර ඔවුහු පුදුම කරුණු කිහිපයක් ද සොයා ගත්තා.

    සිය සොයා ගැනීම් ගැන සදහන් කරමින් ඔවුන් මෙසේ ද සටහන් කළා. ‘පරිපූර්ණ ආහාරය ගැන සිතන්න. අපගේ දෛනික පෝෂක ඉල්ලුම සපුරාලීමට අවශ්‍ය නමුත් සීමාව ඉක්මවා නොයන සියලුම පෝෂ්‍ය පදාර්ථ අඩංගු එක් ආහාරයක් පැවතියේ නම් කොපමණ අගනේද ? එය අනුභව කිරීම මගින් වෙනත් ආහාර අනුභව නොකර අපගේ ශරීරයට ප්‍රශස්ත පෝෂණ සමතුලිතතාවයක් ලබා දෙනවා නම් කොපමණ වැදගත් ද?

    එහෙත් කනගාටුවට කරුණ වන්නේ එවැනි විස්මිත ආහාරයක් නොපැවතීමයි. 

    නමුත් අපට ඊළඟ හොඳම දේ කළ හැකිය. එහිදී කළ හැකි ප්‍රධාන දෙය නම්, අධික පෝෂණීය ආහාර සමතුලිතතාවයක් ඇති ආහාර වර්ගයක් අනුභව කිරීමයි. එකට පරිභෝජනය කරන විට, එක් පෝෂ්‍ය පදාර්ථයක් වැඩිපුර අඩංගු නොවීම, දිනපතා නිර්දේශිත ප්‍රමාණය ඉක්මවා යාම වළක්වා ගැනීම එහිදී වැදගත් වේ.

    වර්තමාන වසංගතය තුළ බොහෝ දෙනා බලහත්කාරයෙන් හුදකලා වී ඇති හෙයින් අපගේ සුපුරුදු චර්යාවන්ගෙන් අපව ඉවතට විසි කරන විට එය විශේෂයෙන් වැදගත් වේ.

    විද්‍යාඥයින් ආහාර 1,000 කට වඩා අධ්‍යයනය කළ අතර එක් එක් පෝෂණ ලකුණු ලබා දී ඇත. ලකුණු වැඩි වන තරමට, සෑම ආහාරයක්ම සපුරාලිය හැකි නමුත් අනෙක් අය සමඟ ඒකාබද්ධව ආහාරයට ගන්නා විට ඔබේ දෛනික පෝෂණ අවශ්‍යතා ඉක්මවා නොයනු ඇත‘

    විද්‍යාඥයින් විසින් ගණනය කර ශ්‍රේණිගත කර ඇති වඩාත් පෝෂ්‍යදායී ආහාර 100ක් වේ.

    කරුණාකර සටහන් කරන්න: ලැයිස්තුගත කර ඇති ආහාර වලින් කිහිපයක් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති විශේෂ වන අතර ඒවා අපි නිර්දේශ නොකරමු. සියලුම අමුද්‍රව්‍ය ඔබම මිලදී ගන්නේ නම් ඒවායේ ප්‍රභවය පිළිබඳව පර්යේෂණ කිරීමට අපි උපදෙස් දෙමු.

    100. බතල- SWEET POTATO ‍- මෙහි ග්‍රැම් 100ක 6kcal ක් අඩංගුවේ. දීප්තිමත් තැඹිලි අලයක්, මිහිරි අර්තාපල් අර්තාපල් වලට දුරස්ථව සම්බන්ධ වේ. එය බීටා-කැරොටින්වලින් (beta-carotene) පොහොසත් ය. පෝෂණ ලකුණු: 49

    අත්තික්කා ගෙඩි FIGS

    99. අත්තික්කා ගෙඩි FIGS – අත්තික්කා ගෙඩි ග්‍රෑම් 100ක 249kcalක් අඩංගුවේ. අත්තික්කා ගෙඩි පුරාණ කාලයේ සිටම වගා කර ඇත. නැවුම් හෝ වියළන ලද ඒවා මැංගනීස් ඛනිජ වලින් පොහොසත් ය. පෝෂණ ලකුණු: 49

    98. ඉගුරු  GINGER – ග්‍රෑම් 100ක 80kcal අඩංගුවේ. ඉඟුරු වල ඉහළ ප්‍රතිඔක්සිකාරක අඩංගු වේ. වෛද්‍ය විද්‍යාවේදී එය ආහාර ජීර්ණ උත්තේජකයක් ලෙස සහ සෙම්ප්‍රතිශ්‍යාවට ප්‍රතිකාර කිරීම සඳහා යොදා ගනී – පෝෂණ ලකුණු: 49

    97. වට්ටක්කා –  PUMPKIN – වට්ටක්කා ග්‍රැම් 100ක 26kcalක් අඩංගුවේ. වට්ටක්කා කහ සහ තැඹිලි වර්ණක වලින් පොහොසත් ය. විශේෂයෙන් සැන්තොෆිල් එස්ටර සහ බීටා-කැරොටින්වලින් xanthophyll esters and beta-carotene පොහොසත්ය. පෝෂණ ලකුණු: 50

    බර්ඩොක් රූට් BURDOCK ROOT

    96. බර්ඩොක් රූට් BURDOCK ROOT – ග්‍රෑම් 100ක 72kcalක් අඩංගුවේ. ජන වෛද්‍ය විද්‍යාවේ (folk medicine) සහ එළවළු ලෙස භාවිතා කරන අධ්‍යයනවලින් පෙනී යන්නේ බර්ඩොක් මගින් මේදය අඩුවීමට සහ දැවිල්ල සීමා කිරීමට හැකි බවයි. පෝෂණ ලකුණු: 50

    95. බ්‍රසල්ස් ස්පෘට්ස් BRUSSELS SPROUTS -ගෝවා විශේෂයක් වන මෙහි ග්‍රෑම් 100ක 43kcalක් අඩංගුවේ. මේවා කැල්සියම් සහ විටමින් සී වලින් පොහොසත් ය. පෝෂණ ලකුණු: 50

    94. බ්‍රොකෝලි BROCCOLI – ග්‍රෑම් 100ක 34kcalක් අඩංගුවේ. බ්රොකොලි හිස් නොමේරූ මල් පොහොට්ටු සහ කඳන් වලින් සමන්විත වේ. එක්සත් ජනපද පරිභෝජනය වසර 50 ක් තුළ පස් ගුණයකින් ඉහළ ගොස් තිබේ. පෝෂණ ලකුණු: 50

    93. මල්ගෝවා –  CAULIFLOWER – මල්ගෝවා ග්‍රෑම් 100ක 31kcalක් අඩංගුවේ. පෝෂණ ලකුණු: 50

    92. ජල චෙස්නට්ස් WATER CHESTNUTS – ග්‍රෑම් 100ක 97kcalක් අඩංගුවේ. ජල චෙස්නට් කිසිසේත්ම ගෙඩියක් නොව, වගුරු බිම් තුළ දිය යට මඩ වල වැඩෙන ජලජ එළවළු වර්ගයකි. පෝෂණ ලකුණු: 50

    Water Chestnut
    ජල චෙස්නට්ස් WATER CHESTNUTS 

    91. කැන්ටලූප් මෙලන්ස් CANTALOUPE MELONS – ග්‍රෑම් 100ක 34kcalක් අන්තර්ගත වේ. විෂ වලින් සෛල ආරක්ෂා කරන ප්‍රතිඔක්සිකාරකයක් වන ග්ලූටතයෝන් වලින් (glutathione) පොහොසත් ආහාර වලින් එකකි. පෝෂණ ලකුණු: 50

    90. PRUNES – ග්‍රෑම් 100ක 240kcalක් අඩංගුවේ. ප්‍රතිඔක්සිකාරක සහ ඇන්තොසියානින් වැනි සෞඛ්‍යයට හිතකර පෝෂ්‍ය පදාර්ථ වලින් පොහොසත් ය. පෝෂණ ලකුණු: 50

    7 Benefits Of Prunes: The Dry Fruit Youve Ignored For Too Long ...
    PRUNES

    89. සුලභ බූවල්ලන් – COMMON OCTOPUS – ග්‍රෑම් 100ක 82kcalක් අඩංගුවේ. පෝෂ්‍යදායී වුවද මෑත කාලීන සාක්ෂි වලට අනුව බූවල්ලාට හානිකර බෙල්ලන් විෂ හා අසාත්මිකතාවන් රැගෙන යා හැකිය. පෝෂණ ලකුණු: 50

    88. කැරට් CARROTS – ග්‍රෑම් 100ක 36kcal,ක් අඩංගුවේ. කැරට් මුලින්ම ආහාරයට ගත්තේ මීට වසර 1,100 කට පෙර ඇෆ්ගනිස්ථානයේ ය. තැඹිලි පැහැ Orange carrots කැරට් 1500 ගණන්වල යුරෝපයේ වගා කරන ලදී. පෝෂණ ලකුණු: 51

    87. වින්ටර් ස්කෑෂ්  WINTER SQUASH– ග්‍රෑම් 100ක 34kcalක් අඩංගුවේ. ගිම්හාන ස්කොෂ් මෙන් නොව, ශීතඍතු ස්කොෂ් පරිණත පලතුරු අවධියේදී අනුභව කරනු ලැබේ. දෘඩ ඉඟටිය hard rind සාමාන්‍යයෙන් අනුභව නොකෙරේ. පෝෂණ ලකුණු: 51

    86. ජාලපෙනෝ පෙපර්ස් JALAPENO PEPPERS – ග්‍රෑම් 100ක 29kcalක් අඩංගුවේ. අනෙක් ගම්මිරිස් වලට සමාන විශේෂ. ඉදුණු රතු ජලාපෙනෝස් වල කැරොටිනොයිඩ් . Carotenoid මට්ටම 35 ගුණයකින් වැඩි ය. පෝෂණ ලකුණු: 51

    85. රුබාබ්  RHUBARB – ග්‍රෑම් 100ක 21kcalක් අඩංගුවේ. රුබාබ් ඛනිජ, විටමින්, තන්තු සහ ස්වාභාවික ෆයිටොකෙමිකල් වලින් පොහොසත් වන අතර එය සෞඛ්‍යය පවත්වා ගැනීමට දායක වේ. පෝෂණ ලකුණු: 51

    84. දෙළුම් – POMEGRANATES – දෙළුම් ග්‍රෑම් 100ක 83kcalක් අඩංගුවේ. ඒවායේ රතු සහ දම් පැහැය නිපදවන්නේ ප්‍රතිඔක්සිකාරක සහ ප්‍රති-ගිනි අවුලුවන ගුණ ඇති ඇන්තොසියානින් විසිනි. පෝෂණ ලකුණු: 51

    83. රතු මිදි – RED CURRANTS  – රතු පැහැ මිදි ග්‍රෑම් 100ක 56kcalක් අඩංගුවේ. ඇන්තොසියානින්  anthocyanins වලින් පොහොසත් ය. පෝෂණ ලකුණු: 51

    82. දොඩම් – ORANGES – දොඩම් ග්‍රෑම් 100ක 46kcal අඩංගුවේ. ලොව පුරා වගා කරන පැඟිරි පලතුරු බොහෝමයක් දොඩම් වේ. පෝෂණ ලකුණු: 51

    81. කාප් මසුන් – CARP – කාප් මළු ග්‍රෑම් 100ක 127kcalක් අඩංගුවේ. කාප් මාළු වල ඉහළ ප්‍රතිශතයක් ප්‍රෝටීන් වන අතර එය 18% ක් පමණ වේ. 6% ට අඩු මේදය වන අතර සීනි රහිත වේ. පෝෂණ ලකුණු: 51

    Hubbard Squash Information, Recipes and Facts
    හබාර්ඩ් ස්කොෂ් HUBBARD SQUASH

    80. හබාර්ඩ් ස්කොෂ් HUBBARD SQUASH– ග්‍රෑම් 100ක 40kcalක් අඩංගුවේ. බොහෝ විට වට්ටක්කා වෙනුවට පිසිනු ලැබේ. පෝෂණ ලකුණු: 52

    ඉතිරි කොටස හෙට –

    බී.පී.සී වාර්තාවක් ඇසුරිණි
    සැකසුම – තුෂාධවි

  • සංචාරක ව්‍යාපාරය යළි නංවාලීම සදහා සහන දෙන්න රජයේ අවධානය

    සංචාරක ව්‍යාපාරය යළි නංවාලීම සදහා සහන දෙන්න රජයේ අවධානය

    කොරෝනා වසංගතය හේතුවෙන් බිද වැටී ඇති සංචාරක කර්මාන්තය යලි නංවාලීම සදහා එම ක්ෂේත්‍රයේ නිරතවූවන්ට සහන සැලසීමට රජයේ අවධානය යොමුව ඇතැයි කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සංචාරක ක්ෂේත්‍රයේ නියතු වූවන්ගේද අදහස් සැලකිල්ලට ගනිමින් මේ සදහා විශේෂ වැඩ පිළිවෙලක් සකස් කිරීමට අපේක්ෂා කරන බවයි.

    හෝටල් හිමියන්, මාර්ගෝපදේශකයන්, සංචාරක කුලී රථ රියදුරන්, සංචාරක බස් රථ රියදුරන් සංචාරක ක්ෂේත්‍රයේ නිතර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් මෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ද සමග සාකච්ඡා කර මෙම සහන වැඩ පිළිවෙල සැකසීමට දැනටමත් කටයුතු යොදා තිබේ.

    රටවල් 48කට ලබා දී තිබූ නිදහස් වීසා පහසුකම්, සංචාරක සංවර්ධන බද්ධට ලබා දී තිබූ සහන තවදුරටත් ලබා දෙනවාද නැද්ද යන්න පිළිබදව ද ඔවුන් සමග සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.

    කොරෝනා වසංගතය හේතුවෙන් බිද වැටී ඇති සංචාරක කර්මාන්තය නංවාලීම සදහා ගත යුතු පියවර සම්බන්ධයෙන් සංචාරක සංවර්ධන අධිකාරියේ වෙනම යෝජනා වලියක් ඉල්ලා තිබේ. ඊට අමතරව සංචාරක, ගුවන්සේවා ක්ෂේත්‍ර නංවාලීමේ ඒකාබද්ධ සැලසුමක්ද සැකසෙමින් තිබේ. මෙම යෝජනා හා සැලසුම් පිළිබදව කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමට අපේක්ෂා කරන බවද ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි. වත්මන් රජය බලයට පත්වීමත් සමග මෙරටට සංචාරකයන්ගේ පැමිණීමේ ඉහළ වර්ධනයක් පෙන්නුම් කෙරිණි. රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඇතිවූ විශ්වාසය ඊට හේතුවයි. තමුත් ලොව පුරා කොරෝනා වසංගතය පැතිරයාමත්  සමග නැවත එය බිද වැටිණි. එය ලෝකයටම පොදු තත්ත්වයක් බව පෙන්වා දෙන ඇමති ප්‍රසන්න රණතුංග මහතා බිද වැටුණු සංචාරක කර්මාන්තය යලි නංවාලීම සදහා වත්මන් රජයට හැකියාව ඇති බවද පෙන්වා දුන්නේ

  • රජයේ ආර්ථික කළමනාකරණ නොහැකියාවට ‘රාජ්‍ය සේවකයන්’ වගකිව යුතු නෑ – මංගල සමරවීර

    රජයේ ආර්ථික කළමනාකරණ නොහැකියාවට ‘රාජ්‍ය සේවකයන්’ වගකිව යුතු නෑ – මංගල සමරවීර

    රාජ්‍ය සේවකයින්ගේ මැයි මස වැටුප හෝ ඉන් කොටසක් හෝ රජයට පරිත්‍යාග කරන මෙන් ඉල්ලා ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා පසුගිය දා කළ පෞද්ගලික ඉල්ලීම ඇතුළු වත්මන් ආර්ථිකමය කරුණු සම්බන්ධයෙන් හිටපු මුදල් ඇමැති මංගල සමරවීර මහතා විශේෂ පැහැදිලි කිරීමක් කර තිබෙනවා.

    ජනතාවට මේ මොහොතේ නිවැරදි, සමබර හා නිරවුල් තොරතුරු විශ්වාසනීය ආකාරයෙන් දැන ගැනීම අත්‍යවශ්‍ය හෙයින් අප එම ලිපිය සම්පූර්ණයෙන්ම පළ කිරීමට තීරණය කළා. එම සම්පූර්ණ ලිපිය පහත දැක්වෙනවා.

    රටේ ආර්ථිකය නිසි ලෙස කළමනාකරණය කළ නොහැකි රජයේ නොහැකියාවට රාජ්‍ය සේවකයන් වගකිව යුතු නැත 

    නිදහස් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයේ බැරෑරුම් අවස්ථා තිබූ සෑම අවස්ථාවකදීම බලයේ සිටි රජයන් එම අර්බූද නිසි ලෙස කළමනාකරණය කළා විනා එය රජයේ සේවකයන්ගේ කර මත පැටෙව්වේ නැත.

    එහෙත්,  “අපට බලය දෙන්න අපි කරලා පෙන්වන්නම් – සල්ලි හොයන හැටිත් අපි දන්නවා” යැයි ජනාධිපතිවරණ සමයේ කී මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය අසුනේ සිටින වත්මන් රජය කොරෝනා වසංගතයෙන් ආර්ථික අර්බුදයක් ඇති වූ වයි කියමින් එය විසඳීම සඳහා සමස්ත රාජ්‍ය අංශයේ 14 ලක්ෂයක් පමණ සේවක පිරිසගේ මැයි මස වැටුප රජයට පරිත්‍යාග කරන මෙන් ප්‍රසිද්ධියේ ඉල්ලා ඇත. කොරෝනා වෛරසය නිසා ගෝලීය ආර්ථික අර්බූදයක් ඇතිවූ බව සත්‍යයකි. එහෙත් ශ්‍රී ලංකාවේ කොරෝනාව ව්‍යාප්තවීමට පෙර සිටම මහා ආර්ථික අර්බූදයක් හට ගත්තේ වසර කිහිපයක් තිස්සේ අනුගමනය කරන ලද රටේ මූල්‍ය විනය මෙම රජය සම්පූර්ණයෙන්ම බිඳ දැමූ නිසාය.

    ඕනෑම රටකට නොසිතූ ආකාරයට හා නොසිතූ වේලාවක ස්වාභාවික මෙන්ම මිනිසුන් විසින් ඇතිකරන ලද ව්‍යසනයන් සිදුවීම සාමාන්‍යයි. බලයේ සිටින පාලකයන් දක්ෂ නම් රටේ ආර්ථිකය නිසි ලෙස  කළමනාකරණය කිරීමෙන් ඒවාට විසඳුම් සොයා හත හැකිය. එසේ අවස්ථානුකූලව ආර්ථිකය සැලසුම් සහගත ලෙස ක්‍රියාත්මක කරනවා විනා ජනතාවගෙන් හෝ රාජ්‍ය සේවකයන්ගෙන් තමන් හරි හම්භ කළ මුදල රජයට පරිත්‍යාග කරන්නැයි මෙතෙක් කිසිදූ රජයක් ඉලා සිටි බවට වාර්ථා වී නොමැත.

    කෝවිඩ්-19 වෛරසය ලෝක ආර්ථිකය මුළුමනින්ම හුදකලා කර සෑම රටකම ජන ජීවිතය අවිනිශ්චිතතාවයකට පත් කර ඇතැයි කියමින් අපගේ දේශීය ශක්තිය විදහා දක්වනුවස් මැයි මස වැටුප රජයට පරිත්‍යාග කරන්නැයි 14 ලක්ෂයක් පමණ වන සමස්ත රාජ්‍ය අංශයේ සේවකයන්ගෙන්   ජනාධිපති ලේකම් ලිපියක් මගින් ඉල්ලා සිටියි.

    කොරෝනා වෛරස් ව්‍යාප්තියට පෙර සිටම එනම් මෙම රජය බලයට පත්වී මුල් මාස තුනක් ඇතුළතදීම රජය මහා ආර්ථික අර්බුදයකට තල්ලු වූ බව නොරහසකි. කෙසේ හෝ බලය ගැනීමේ පරමාර්ථයෙන් ඉටු කරන්න බැරි පොරොන්දු දීමෙන් 2020 මාර්තු වන විටම ආර්ථිකය කඩා වැටුණි.

    2014 වසරේ (රු. බිලියන 1000)  ට්‍රිලියනයක් පමණ වූ වාර්ෂික රාජ්‍ය ආදායම යහ පාලන රජයේ අවසානය වන විට එය දෙගුණයක් දක්වා එනම්  ට්‍රිලියන් දෙකකට ආසන්න මුදලක් දක්වා (රු. බිලියන 2000) වැඩි කරන ලදී. එහෙත් මෙම රජය ඉටු කරන්න බැරි පොරොන්දු දීමෙන් ජනතාවට කිසිදූ ආර්ථික ප්‍රතිලාභයක් අත්නොවූ වා සේම  රාජ්‍ය ආදායම ද 2014 පැවති තත්ත්වයකට යළි අඩු වෙමින් පවතියි.

    මා මුදල් අමාත්‍යවරයා වශයෙන් සිටියදී පැවති රුපියල් ට්‍රිලියනයක් පමණ වූ  දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වාර්ෂික ආදායම් ඉලක්කය ඡන්දය ලබාගැනීමේ අරමුණින් ජනතාව නොමඟ යවන පොරොන්දු දීම නිසා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම මේ වසරේ දී අඩකට වඩා ප්‍රමාණයකින් අඩු වනු ඇත.

    රාජ්‍ය සේවක වැටුප් හා දීමනා සඳහා මසකට රුපියල් බිලියන 100 බැගින් වසරකට බිලියන 1200 ක් වැය වෙතැයි  ජනාධිපති ලේකම්ගේ ලිපියෙන්ම පිළිගෙන ඇති ආකාරය බලන විට මෙම රජය යටතේ රාජ්‍ය ආදායම වැටුප් ගෙවන්නට පවා ප්‍රමාණවත් වේ දැයි සැක සහිතයි.

    යහපාලන රජය සමයේ වසර හැටකට පසු වූ දරුණුම නියඟයක් 2016 වසරේ දී වාර්ථාවූ අතර 2017 වසරේ දී ගංවතුරකින් කෘෂිකර්මාන්තයට විශාල හානි සිදු විය. ඒ වගේම 2018 ඔක්තෝබර් මස සිදු වූ දින 52 ක ව්‍යවස්ථා කුමන්ත්‍රණය මෙන්ම  2019 පාස්කු ඉරු දින ත්‍රස්ථ ප්‍රහාරය හේතුවෙන් ද දියුණු වෙමින් පැවති  සංචාරක ක්ෂේත්‍රයට විශාල පාඩු සිදු විය. එවන් අර්බුදකාරී අවස්ථාවේ වූවද යහපාලන රජය විසින් පොරොන්දු වූ පරිදී වාර්ෂික වැටුප් වැඩිකිරීම සිදුකළා විනා ඒවා අඩු කිරීම පිළිබඳව කිසිදු අවස්ථාවක තීරණයකට එළෙඹියේ නැත.

    යහ පාලන රජයේ සමයේ ඉහත අභියෝග රැසක් මධ්‍යයේ වූවද ආර්ථික ක්‍රියාවලිය උත්තේජනය කිරීම සඳහා පියවර රැසක් ගනු ලැබීය.

    • රාජ්‍ය සේවක හා විශ්‍රාමික වැටුෆ් හා දීමනා මුල් දින 100 දීම වැඩිකරන ලදී
    • යහපාලන රජය විසින් 2018 වසරේ පත් කරන ලද රනුග්ගේ කොමිසම් වාර්ථාවේ නිර්දේශිත පරිදි රාජ්‍ය සේවක වැටුප් හා පන් ලක්ෂයක් පමණ විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුපද 2020 ජනවාරියේ සිට වැඩි කිරීමට අතුරු සම්මත ගිණුම මගින් ප්‍රතිපාදන වෙන් කර තිබූ නමු දූ මෙම රජය බලයට පත් වූ වහාම රාජ්‍ය සේවකයන්ගේ එම වැටුප් වැඩිකිරීම කප්පාදු කරන ලදී. එම වැඩිවීමත් සමග 2015 මූලික වැටුපට සාපේක්ෂව 107 % න් වැඩිකර තිබූ රාජ්‍ය සේවක වැටුප 2020 ජනවාරියේ සිට 135 % දක්වා වැඩිවීමට නියමිතව  තිබුණි. 
    • 2015 දී අප, රජය භාරගන්නා විට රාජපක්ෂ රජයේ සමයේ නොගෙවූ හා හිඟ බිල් පත් රු. බිලියන 140 ක පමණ දේශීය ණය 2016 වසර තුළ පියවන ලදී.
    • සමෘධි හා වැඩි හිටි දීමනා දෙගුණ කරන ලදී
    • 2016 දී වසර 40 ට පසුව ඇතිවූ දරුණුතම  නියගයෙන් සිදු වූ වගා හානි හා 

    2017 මහා ගංවතුරෙන් විනාශ වූ දේපල හානි නිසා  ආර්ථිකය කඩා වටෙන්නට නොදී එය යළි ගොඩනැගීම සඳහා හානි පූර්ණ වශයෙන් රු 20 ලක්ෂයක් දක්වා වන්දි දෙන ලදී.

    • රාජපක්ෂ රජයේ සමයේ අවසර ගෙන 240 % වැනි අධික පොලියට ක්‍රියාත්මක කළ ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් බැට කෑ නියඟයෙන් හානියට පත් දිස්ත්‍රික්ක 13 ක සිටි රුපියල් ලක්ෂයක් දක්වා ණය ලබාගෙන සිටි පුද්ගලයන් 45000 කගේ ණය සම්පූර්ණයෙන්ම කපා හරින ලදී.
    • රටේ ග්‍රාමීය ආර්ථිකය වේගවත් කිරීම සඳහා “ගම්පෙරලිය” වැඩසටහන යටතේ සෑම මැතිවරණ කොට්ඨාසයකටම වසරකට රු මිලියන 300 බැගින් ලබාදෙන ලද අතර එය 2020 දී රු මි. 400 දක්වා වැඩි කිරීමට අතුරු සම්මත ගිණුමෙන් මුදල් වෙන් කර තිබිණි
    • එමෙන්ම “එන්ටප්‍රයිස් ශ්‍රී” ලංකා වැඩසටහන යටතේ ව්‍යවසායකත්වය දියුණු කරන පෞද්ගලික ආයෝජනයන් දිරිමත් කරන ව්‍යවසායකතව ශ්‍රී ලංකා වැඩ සටහන මගින් රු මිලියන 90,000 ක් පෞද්ගලික ආයෝජනවලට රජය අඩු පොලි ණය ලබාදුන්නේය. එම සාර්ථක වැඩ සටහන මෙම රජය මගින් නවතා දැමීමෙන් ආයෝජනයට අවශ්‍ය මුදල් නොමැතිව ව්‍යවසායකයන් තම ආයෝජන අත් හරින අවදානම් තත්ත්වයකට මුහුණ පා සිටි ති.
    • දින 52 ක දේශපාලන කුමන්ත්‍රණය නිසා රුපියලේ අගය අවප්‍රමාණය වූ අතරම  සංචාරක ක්ෂේත්‍රය ඇතුළුව  ආර්ථිකයට සිදු වූ දැවන්ත පසුබෑම ද කළමනාකරනය කරන ලදී. 
    • පාස්කු ප්‍රහාරයෙන් පසුව විශේෂයෙන් සංචාරක ව්‍යාපාරය නංවන්න මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට විවිඩ සහන ලබාදීමට ක්ෂණිකව කටයුතු කළ අතර ග්‍රාමීය මට්ටමේ සංචාරක පොඩ්ඩන්ට ද  පොලි සහන ණය පැකේජයන් හඳුන්වා දෙන ලදී.
    • පාස්කු ප්‍රහාරය නිසා වෙසක් සමය සමරන්නට බැරිවීමෙන් දුෂ්කරතාවයට පත් වූ වෙසක් තොරන් නිර්මාණකරුවන් හා වෙසක් සංගීත කණ්ඩායම් ආදීන්ට ද රජය මගින් සහන දෙන ලදී.
    • මේ සියලු සහන හා ආර්ථික උත්තේජන පැකේජයන් මැද රාජපක්ෂ රජය විසින් ලබාගෙන තිබූ 60% ට අධික ණය ඇතුළු සියලු ණය වෙලාවට ගෙවීම් කිරීම ද සිදු කළේය.
    • මේ සියල්ල ඉදිරියේ එනම් ශ්‍රීමත් ජොන් කොතලාවල මහතාගේ රජයේ කාලයෙන් පසුව ප්‍රථම වතාවට අයවැයේ ප්‍රාථමික ශේෂයේ අතිරික්තයක්  ලබා ගෙන රාජ්‍ය ආදායමෙන් අපේ ණය ආපසු ගෙවීමට හැකි තත්ත්වයට රට පත් කළ හැකි විය.
    • ආර්ථික අර්බූද හා දේශපාලන කුමන්ත්‍රණ මැද ආර්ථික ක්ෂේත්‍රයේ මෙවන් දියුණුවක් යහපාලන රජයට ලබා ගැනීමට හැකි වූයේ මුදල් අමාත්‍යවරයා වශයෙන් මා විසින් හඳුන්වා දෙනු ලැබූ රාජ්‍ය පාලනයට ඉතා වැදගත්  මූල්‍ය විනය හේතුවෙන් බව අවිවාදයෙන් පිළිගත යුතුයි.

    මෙවැනි අභියෝග මධ්‍යයේ වූවද වසර පනස් ගණනකට පසුව අප රටේ ප්‍රාථමික ශේෂයේ අතිරික්තයක් ලබා ගැනීමට හකිවීම තුළින් අපගේ ආර්ථික ගමන් මගේ නිවැරදි භාවය මනා ලෙස ඔප්පු වෙනවා ඇත. 2015 දී හදිස්සි ප්‍රතිකාර ඒකයේ අවසන් හුස්ම ගනිමින් සිටි ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි නිරෝගී සුවය දක්වා ගෙන යන මග ආරම්භ කරන්නට හැකි වූයේ අප රජයේ මනා මූල්‍ය කළමනාකාරිතවයත් මූල්‍ය විනයත් නිසා බව දැන්වත් ජනතාව තේරුම් ගත යුතුව ඇත.

    මේ රජයේ වැරදි ප්‍රතිපත්ති නිසා ඇති වී තිබෙන ආර්ථික අර්බූදය වසංකිරීම සඳහා කොරෝනා වෛරසය මුවාවෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ද ක්‍රම ක්‍රමයෙන් අඩපණ කරමින් හමුදා පාලනයකට මග පාදමින් සිටියි. එමෙන්ම කොරෝනාව මුවාවෙන්ම මෙම රජය බලයට පත් කරන්නට කටයුතු කළ අන්ත සිංහල ජාතිවාදීන් පිනවීම සඳහා මෙරටේ දෙමල මුස්ලිම් ජනතාව දඩ මීමා කරගෙන ජාතිවාදය, ඉදිරියේ දී පැවත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා අවියක් බවට පත්කරගෙන ඇත. කොරෝනා රෝගයෙන් මිය යන මුස්ලිම් වරුන්ගේ මෘත දේහයන් ආදාහනය කිරීමේ තීරණය ද මෙම අන්තවාදීන් අතොලොස්සක් පිනවීමට ගත් තීන්දුවක් බව ද දැන් ඉතාමත් පැහැදිලිය.

    පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ගැන භීතිකාවක් තිබෙන රාජපක්ෂවරුන් පාර්ලිමේන්තුව නොකැඳවීම තුළින් අළුත් අය වැයක් ඉදිරිපත් කිරීම පවා වළක්වා රට තුළ බරපතල ආර්ථික, මූල්‍යමය හා ව්‍යවස්තාදායක අර්බුදයක් නිර්මාණය කර තිබේ.

    එපමණක් නොව, , රටේ ණය ගැනීමේ නීතිමය සීමාව ඉතිහාසයේ ප්‍රථම වතාවට ඉක්මවා ගොස් ඇති අතර පාර්ලිමේන්තුවී අවසරයකින් තොරව විදේශ ණය ලබා ගෙන තිබේ.

    තම මැයි මස වටුප රජයට පරිත්‍යාග කරන මෙන්  රජයේ සේවකයන් වෙත කරන අද මෙම අභූත ඉල්ලීම ගැන මතුවෙමින් පවත්නා විරෝදතාවය ඉදිරියේ එය, ජනපති ලේකම්ගේ ඉල්ලීමක් ලෙස හුවා දක්වා ඇඟ බේරාගැනීමට රජය දැන් උත්සහ දරමින් සිටියි. එය සත්‍ය නම් එය ඊටත් වඩා බරපතල තත්ත්වයකි.

    වර්තමාන රජයේ ජේ‍යිෂ්ඨ ඇමතිවරයෙකු විසින් පවා ආර්ථික ඝාතකයා ලෙස හඳුන්වන ලද මෙම ලේකම්වරයා ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට 2001 දී  සෘණ ආර්තික වර්ධනයක් පත්කිරීමට මුදල් ලේකම් ලෙස නායකත්වය දුන් මොහු වැනි කෙනෙකුට මෙවැනි ප්‍රකාශ කිරීමේ අයිතිය ලබා දුන්නේ කවරෙක් දැයි රට දැන ගත යුතුය. 2014 වසර වන විට පණ අදිමින් හදිසි ප්‍රතිකාර ඒකකයේ පිහිටි ආර්ථිකය අප භාරගත්තේ ද වත්මන් ජනපති ලේකම් විසින් වසර 10 කට ආසන්න කාලයක් මෙහෙයවන ලද එම ආර්ථිකයයි. එපමණක් නොව වර්තමාන රජයේ තවත් ඇමතිවරයෙකු විසින් පවරන ලද නඩුවක වැරදිකරු වී දඩයක් ද නියම කරන ලද අතර රජයේ සේවයේ කිසිදූ තනතුරක් දැරීමට ආචාර්ය ජයසුන්දර මහතා නුසුදුස්සෙක් බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ම තීන්දු කරන ලදී.

    මෙම රජයේ උද්දච්ඡකම, නොහැකියාව හා මූල්‍ය විනයක් නැති නිසාම අප රටේ ආර්ථිකය යළි වතාවක් හදිස්සි ප්‍රතිකාර ඒකකයට නොව මෘත ශරීරාගාරය (Mortuary) වෙත තල්ලු කිරීමට මේ රටේ ජනතාව මේ රජයට ඉඩ නොතැබිය  යුතුයි.

    මංගල සමරවීර – හිටපු මුදල් අමාත්‍ය

  • Salon & Beauty Salon යළි විවෘත කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ

    Salon & Beauty Salon යළි විවෘත කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ

    සේවා ස්ථානවල කොවිඩ්-19 ව්‍යාප්තිය වැළැක්වීමට පෙර සූදානම සහ ප්‍රතිචාර දැක්වීම සදහා වන මෙහෙයුම් මාර්ගෝපදේශ යටතේ බාබර් සැලූන් සහ රූපලාවන්‍යාගාර පවත්වා ගෙන යාමට අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් ඊයේ (9) නිකුත් කර තිබෙනවා.

    සෞඛ්‍ය සේවා අධයක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ අත්සනින් නිකුත් කළ එම නිවේදනය සහ ඇමුණුම් ඔබට නිවැරදි හා සම්පූර්ණ පුවතම දැන ගැනීමට අවස්ථාව ලබාදීම සදහා වන අපගේ වගකීම අනුව සම්පූර්ණයෙන්ම මෙහි පළ වෙනවා.

    FASHIONEdit

  • කාලය ඉකුත් වූ රථවාහන ‘දඩ පත්‍රිකා ගෙවීමට’ මැයි 29 දක්වා සහන කාලයක්

    කාලය ඉකුත් වූ රථවාහන ‘දඩ පත්‍රිකා ගෙවීමට’ මැයි 29 දක්වා සහන කාලයක්

    කාලය ඉකුත් වූ රථවාහන දඩ පත්‍රිකා ගෙවීම සදහා මැයි 11 වැනිදා සිට මැයි 29 වැනිදා දක්වා තව දුරටත් අතිරේක සහන කාලයක් ලබා දෙන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතාගේ අත්සනින් ඊයේ (9) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

  • ජනපති ලේකම් P.B මැයි මස රාජ්‍ය සේවයක වැටුප ඉල්ලුවේ ජනපතිගේ අනුමැතිය ඇතිවයි – ලාල් කාන්ත

    ජනපති ලේකම් P.B මැයි මස රාජ්‍ය සේවයක වැටුප ඉල්ලුවේ ජනපතිගේ අනුමැතිය ඇතිවයි – ලාල් කාන්ත

    මැයි මාසයේ රාජ්‍ය සේවක සම්පූර්ණ වැටුප හෝ ඉන් කොටසක් ( මාස භාගයක්, සතියක් හෝ දිනක) ඉල්ලා ජනාධිපති ලේකම් පී. බී ජයසුන්දර මහතා විසින් නිකුත් කළ පුද්ගලික ලිපිය ජනාධිපති අනුදැනුම යටතේ සිදුවූවක් බවත් එසේ නොවන්නට  රාජ්‍ය නිලධාරීන්ට බලපෑමක් වන ආකාරයට ඉල්ලීමක් ලෙස ලිපියක් නිකුත් කිරීමට ජනාධිපති  ලේකම්වරයාට කිසිදු නෛතික බලයක් නොමැති බවත් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසයි. 

    ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී ලාල්කාන්ත මහතා  ජනාධිපති ගෝඨාභය  රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් මේ බව සඳහන් කරන අතර  එහිදි  ලාල් කාන්ත මහතා විසින් ජනපති ලේකම්ගේ උක්ත ලිපිය හඳුන්වන්නේ රාජ්‍ය සේවක වැටුප් කප්පාදුවට සුදානමක් ලෙස ය. 

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත කේ.ඩී. ලාල් කාන්ත මහතා විසින් අද (09) දින යොමු කළ සම්පූර්ණ ලිපිය පහත දැක්වේ. 

    අතිගරු ජනාධිපති
    ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා,
    ජනාධිපති කාර්යාලය,
    කොළඹ.

    ජනාධිපතිතුමනි,

    රාජ්‍ය සේවක වැටුප් කප්පාදුව සම්බන්ධවයි.

    රාජ්‍ය සේවකයින්ගේ මැයි මස වැටුප හෝ අඩක් ආණ්ඩුවට ලබාදෙන ලෙස ඔබගේ ලේකම්වරයා විසින් ඔබ ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂය යොදාගනිමින් නිවේදනයක් නිකුත් කර තිබුණි. මෙය ඔබතුමාගේ අනුදැනුම මත සිදුවුවක් බව අපි විශ්වාස කරමු. එසේ නොමැතිනම් ඔබගේ ලේකම්වරයාට කාර්යාලීය ලිපි ශීර්ෂය යොදාගනිමින් රාජ්‍ය නිලධාරීන්ට බලපෑමක් වන ආකාරයට ඉල්ලීමක් ලෙස ලිපියක් නිකුත් කිරීමට කිසිදු නෛතික බලයක් නැත.

    මේ හරහා රාජ්‍ය සේවකයින්ගේ මැයි මසට අදාලව හෝ අඛණ්ඩව වැටුප් කප්පාදුවකට ආණ්ඩුවේ සූදානම පිළිබඳව අදහසක් ඉදිරිපත්වී ඇත.  ඇතැම් රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල බලහත්කාරයද යොදාගනිමින් කොරෝනා මර්දන අරමුදලට යැයි කියමින් සිදුකර ඇති වැටුප් කප්පාදුව එවැනි ක‍්‍රියාවලියක් පිළිබඳව සාක්‍ෂි දරයි.

    ලේකම්වරයාගේ ලිපියට අනුව රාජ්‍ය සේවකයින්ගෙන් කපාගන්නා වැටුප වැන්දඹු හා අනත්දරු අරමුදලකට බැර කරන බව සඳහන් වේ. එහෙත් එවැනි වෙනම පවත්වාගෙන යන අරමුදලක් පිළිබඳව කිසිදු සඳහනක් මහබැංකුව මට්ටමින් හෝ මුදල් අමාත්‍යාංශ මට්ටමින් හෝ කිසිදු තොරතුරක් නැත. එසේ තිබේනම් එම අරමුදල පිළිබඳව තොරතුරු හෙළිකරන ලෙසද මෙතෙක් රාජ්‍ය සේවකයින්ගෙන් කපාගෙන ඇති වැන්දඹු හා අනත්දරු අරමුදලේ ප‍්‍රමාණය කොපමණද යන්න හෙළිදරව් කිරීමද ඔබගේ වගකීමක් බවද සඳහන් කිරීමට කැමැත්තෙමි.

    පොදුවේ රාජ්‍ය සේවකයින්ගේ ජීවන තත්වය මේ වන විට පවතින්නේ ඉතා පහළ මට්ටමකය. රනුක්ගේ වැටුප් කොමිසම විසින් වැටුප් වැඩිවීම විධිමත්ව සිදුවන තුරු 2020 ජනවාරි සිට රු. 3000/- සිට 25000/- දක්වා වැටුප් වැඩිවීමක් ලබාදීමට නිර්දේශ කර තිබුනේ මේ තත්වය යටතේය. කොරෝනා වසංගත තත්වයක් ඒ වන විට නොතිබියදී පවා නව ආණ්ඩුව රාජ්‍ය සේවකයාට ලැබීමට තිබූ එම සහනය අහිමි කරන ලදී.

    දැන් මෙම වසංගතය හමුවේ අන් සියලූ පාර්ශවයන් මෙන්ම රාජ්‍ය සේවකයාද පත්ව ඇත්තේ බලවත් අසීරුතාවයකටය. වෙනදා අතිකාල සේවය කරමින් ලබාගත් අමතර ආදායම අහිමිව ගොස් ඇති අතරම විවිධ කාරණාමත ලබාගත් ණයට වැටුප හිලව් වීමේ තත්වය යටතේ ජීවත්වීමට තිබූ අමතර ආදායමක් වේ නම් ඒ සියල්ලද ඔවුනට ද අහිමි වී ඇත. එහෙත් රාජ්‍ය සේවකයින් යන ලේබලය නිසා කිසිදු සහනාධාරයකට හිමිකම් කීමේ හැකියාවද නැත. උත්සව අත්තිකාරම් ලබාදීමද සම්පූර්ණයෙන් නවතාදමා ඇති නිසා අපේ‍්‍රල් 08 වෙනිදායින් පසුව යළි මුදලක් අතට ලැබන්නේ මැයි 25 වෙනිදාය. එම මුදලද රාජ්‍ය සේවකයින්ට අහිමිවුවහොත් නැවත ජුනි මස 20 දිනය පසුවන තෙක් බලාසිටීමට සිදුවනු ඇත. ඒ අනුව ඔවුන්ගේ දරු පවුල් නඩත්තු කිරීමට කිසිසේත්ම හැකියාවක් නැත.

    කොරෝනා වසංගතය හමුවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඇතුලූ අත්‍යවශ්‍ය සේවාවන්වල නියුතු රාජ්‍ය සේවකයින් ජීවිත අවධානම පවා නොසලකා තම කාර්යය නොපිහිරිහෙලා ඉටුකර ඇත. එසේම පසුගිය කාලය පුරාවට රාජ්‍ය සේවකයින් විසින් වැටුප් මෙන්ම වෙනත් අයිතිවාසිකම් වෙනුවෙන්ද කරනු ලැබූ අරගල තාවකාලිකව නවතා දමනු ලැබුවේද වගකිවයුතු වෘත්තීය සමිති ව්‍යාපාරයක් ලෙස යම් කැපකිරීමක් සිදුකරමිනි. ආණ්ඩුව වැටුප් කප්පාදු කිරීමට සැරසෙන්නේ මේ වටපිටාව තුලය. එය රාජ්‍ය සේවකයා කබලෙන් ලිපට ඇද දැමීමකි. එම නිසා මෙම ක‍්‍රියාවලියට අපගේ බලවත් විරෝධය පළකරන අතරම, ඔබගේ ලේකම්වරයාගේ මීට අදාල ලිපිය වහාම ආපසු කැඳවා, වැටුප් කප්පාදුව නතර කරන ලෙසත්, ලැබිය යුතු පරිදි වැටුප් අඛණ්ඩව ලබාදෙන ලෙසත් ඉතා  ඕනෑකමින් යුතුව අවධාරණය කර සිටිමු.  

    ස්තුතියි.

    මීට විශ්වාසී,
    කේ. ඩී. ලාල්කාන්ත
    සභාපති
    ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය

  • Covid-19 Today Update: ලංකාවේ ආසාදිතයින් සංඛ්‍යාව 847යි – ලෝකය පුරා මරණ 276,007ක්

    Covid-19 Today Update: ලංකාවේ ආසාදිතයින් සංඛ්‍යාව 847යි – ලෝකය පුරා මරණ 276,007ක්

    අද (9) දිනය තුළ අලුතින් වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් 12 දෙනා සමග ලංකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 847 දක්වා වර්ධනය වූ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් අද (9) දින ප.ව 21.05ට සිදුකළ යාවත්කාලීන කිරීම්වල සදහන් වෙයි.

    එහි වැඩි දුරටත් සදහන් වන්නේ මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබන කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 575ක් බවයි. දැනට රෝහල්වල විමර්ශනය යටතේ පුද්ගලයින් 135 දෙනකු සිටින අතර සුවය ලබා පිටවී ගිය පුද්ගලයින් සංඛ්‍යාව 260ක් බවයි එහි වැඩි දුරටත් සදහන් වන්නේ.

    මේ අතර අද දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේ යුද්ධ හමුදාව සහ නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන පූනානි (75), කන්දකාඩු (62), විඩත්තපලෙයි (298), අයියකච්චි (80), දියතලාව නිවාඩු නිකේතන (05), නිපුන බූස්ස (12) හා හොටෙල් ඩොල්ෆින් (01) යන නිරෝධායන මධ්‍යස්ථාන වෙතින් පුද්ගලයින් 533 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලියෙන් අනතුරුව, PCR පරික්‍ෂණය සිදුකර අද (09) දින තම නිවෙස් වෙත පිටත් කරන ලද බවයි.

    ඒ අනුව, අද (09) දිනය වන විට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 6299 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් වී තම නිවෙස් වෙත පිටව ගොස් ඇති බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.

    එසේම, ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 39 ක් තුළ පුද්ගලයින් 4428 දෙනෙකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටින බව ද එම නිවේදනයේ සදහන්.

    නාවික හමුදාව තුළ අද (09) දිනය වන විට කොවිඩ් – 19 වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 409 ක් වන අතර බහුතරයක් කඳවුර තුලින් ආසාධිත වූවන් බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.

    ගෝලීය තත්ත්ව වාර්තාව

    කොවිඩ්-19 ආසාදිතයින් ගැන නිල ගෝලීය තොරතුරු ඉදිරිපත් කරන ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා වෛරස් සම්පත් මධ්‍යස්ථානයේ නිල වාර්තාවල සදහන් වන ආකාරයට අද දිනය අවසාන වන විට ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් 3,974,036ක් වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව 276,007ක් බවයි එහි සදහන් වන්නේ.

  • ජූනි 20 දා මහ මැතිවරණය එපා – චම්පික – වෙල්ගම මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකරයි

    ජූනි 20 දා මහ මැතිවරණය එපා – චම්පික – වෙල්ගම මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකරයි

    පාර්ලිමේන්තු මහ මැතිවරණය ජුනි මස 20 වනදා පැවැත්වීමට ගෙන ඇති තීරණය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණය බල රහිත කිරීමේ නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා ජාතික හෙළ උරුමයේ නායක හා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ නව ලංකා නිදහස් පක්ෂයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම යන මහත්වරුන් විසින් අද (09) දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා.

    විදානපතිරණ ඇසෝසියේට්ස් නීතීඥ සමාගම මාර්ගයෙන් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර තිබෙනවා.

    මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා,  මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, එහි සාමාජිකයින් වන එන්.ජේ. අබේසේකර සහ රත්නජීවන් හූල් මෙන්ම නීතිපතිවරයාද නම් කර තිබෙනවා.

    මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම මගින් පෙත්සම්කරුවන් සඳහන්  කර ඇත්තේ ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදු වූ දින සිට මාස තුනක් ඇතුළත මහ මැතිවරණයක් පවත්වා මීළඟ නව පාර්ලිමේන්තුව රැස් විය යුතු බවට ප්‍රතිපාදන සලසා ඇති බවත් ඒ අනුව ජනාධිපතිවරයා විසින් ඉකුත්  මාර්තු මස දෙවනදා එවක පැවැති පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර ඒ තුළින් මහ මැතිවරණය අප්‍රේල් මස 25 වනදා පැවැත්වීමට දින නියම කෙරුණු බවයි.
     
    එහෙත් පවතින කොවිඩ් වසංගතය හේතුවෙන් අප්‍රේල් මස 25 වන දා මහ මැතිවරණය පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උද්ගතවූ බැවින් එය ලබන  ජුනි මස 20 වැනිදා දක්වා කල් තැබීමට මැතිවරණ කොමිසම තීරණය  කර ඇතැයිද මෙලෙස ජුනි මස 20 වනදා මැතිවරණයකට දින නියම කිරීම  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට පටහැනි බව ද පෙන්වා දෙන පෙත්සම්කරුවන් වැඩි දුරටත් සදහන් කරන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හළ දින සිට මාස තුනක් ඇතුළත නව පාර්ලිමේන්තුවක් රැස් කිරීමට ඇති හැකියාව අහිමි වීම තුළින් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ද නීතිය ඉදිරියේ බල රහිත වන බවයි.
     
    මෙහිදී සිය මූලික අයිතිවාසිකම් පෙත්සම මගින් වැඩි දුරටත් කරුණු ඉදිරිපත් කරන පෙත්සම්කරුවෝ පෙන්වා දෙන්නේ කොරෝනා වසංගතය තවමත් පාලනයකට නතු වී නොමැති හෙයින් මෙම අවස්ථාවේදී මැතිවරණයක් පවත්වනු ලැබූවොත් ජනතාවට නිදහසේ ඡන්දය ප්‍රකාශ කිරීමට තිබෙන අවස්ථාව අහිමි වනු ඇති බවයි. ඒ හරහා නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට තිබෙන අවකාශය ඇහිරී යනු ඇතැයි ද එහි වැඩි දුරටත් සදහන් වෙනවා.
     
    මෙහිදී තම මූලික අයිතිවාසිකම් කඩවන ආකාරයට පැහැදිලි කරමින් පෙත්සම්කරුවෝ පෙන්වා දෙන්නේ කොරෝනා වසංගතය අවසන් වීමට පෙර  මහ මැතිවරණයක් පැවැත්වීම තුළින් තමා ගේත් රටේ ජනතාවගේත් මූලික අයිතීන් උල්ලංඝණය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙසයි.

    ඊට අමතරව මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු ජූනි මස 20 දා මහ මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය සහ ඉකුත් මාර්තු මස 2 වනදා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය තාවකාලිකව අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කරුවෝ අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

  • මැයි මස වැටුප ගැන ‘ජනපති ලේකම්තුමාට’ පුරවැසියකුගෙනුත් පෞද්ගලික ආයාචනයක්

    මැයි මස වැටුප ගැන ‘ජනපති ලේකම්තුමාට’ පුරවැසියකුගෙනුත් පෞද්ගලික ආයාචනයක්

    හැකිනම් රාජ්‍ය සේවකයාගේ එක්දිනක වැටුප ඔහුගේ මැයි මස වැටුපට අතිරේක දීමනාවක් ලෙසට එක් කරන්නැයි මව්රට සංවිධානයේ ජාතික සංවිධායක ඉන්දික රණතුංග ඉල්ලා සිටී. ඒ සමාජ ජාලා මාධ්‍ය හරහා විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

    ඔහු පෙන්වා දෙන්නේ ඉදිරි කාලය රාජ්‍ය සේවකයාට ආර්ථික වශයෙන් ඉතා දුෂ්කර කාල පරිච්ඡේදයක් විය හැකි බැවින් මෙම ඉල්ලීම පෞද්ගලික ආයාචනයක් ලෙසට ජනාධිපති ලේකම්ගෙන් සිදු කරන  බවයි.  

    ”ජනාධිපති ලේකම්තුමා පෞද්ගලික ඉල්ලීමක් කරලා තියෙනවා රාජ්‍ය සේවකයාගෙන් සිය මාසික වැටුප, මාස භාගයක වැටුප හෝ දිනක වැටුප ආණ්ඩුවට පරිත්‍යාග කරන්නෙයි කියලා. මේ අවස්ථාවේදී මම එතුමාගෙන් පෙරළා පුරවැසියෙක් විදියට පෞද්ගලික ඉල්ලීමක් කරනවා හැකිනම් දිනක වැටුපක් මේ මැයි මස රාජ්‍ය සේවකයාගේ වැටුපට අතිරේකව එක් කරන්න කියලා. ඒ රාජ්‍ය සේවකයා මේ වෙලාවේ සිටින අසරණ තත්ත්වය සලකා බලමින්.

    රට 11 වැනිදා කුමන ආකාරයට හෝ විවෘත කළාට පස්සේ මාස දෙක තුනක විදුලි බිල්පත්, ටෙලිෆොන් බිල්පත්, ගෙවල් කුලී, ක්‍රෙඩිට් කාඞ් ගාස්තු ආදි ගෙවීම් රැුසක් ගෙවීමට සිදු වෙනවා. ඇත්තට ම එය රාජ්‍ය සේවකයාට දරාගත නොහැකි මුදලක් විය හැකියි.  අපි දන්නවා බොහෝ විට රාජ්‍ය සේවකයාගේ වැටුප ණය ආදියට සම්පූර්ණයෙන් ම වැය වෙනවා. ඔවුන් එදිනෙදා වියදම් පියවා ගන්නේ බොහෝ විට අතිකාල කරලා. නැතිනම් අතිරේක රැකියාවක් කරලා.

    නමුත් ඒ සියලූ ආදායම් මේ වන විට රාජ්‍ය සේවකයාට අහිමි වී තිබෙනවා. ඒ වගේම ඉදිරියේදී වෙළඳ පොළේ භාණ්ඩ මිල ඉහළ යාමේ ප‍්‍රවණතාවක් ඇති විය හැකියි. විශේෂයෙන්ම ප‍්‍රවාහන පහසුකම්වලට යම් යම් බාධා පැමිණ තිබෙනවා. ගොවිතැන් කිරීමට අපහසු වෙලා තියෙනවා. විවිධ බාධා නිසා ගොවියා ගොවිතැන් කිරීමට මැළිකමකනවා. පිටරටින් භාණ්ඩ ගෙන්වීම අඩු වෙන්න පුළුවන්. මේ හේතුවෙන් වෙළඳපොළේ ඉල්ලූමට සරිලන සැපයුම් ඇති නොවුණ හොත් භාණ්ඩ සහ සේවාවල මිල ඉහළ යා හැකියි. එයත් රාජ්‍ය සේවකයින්ට දරා ගත නොහැකි මට්ටමක් වනවා.

    මේ නිසා මම ජනාධිපති ලේකම්ගෙන් පෞද්ගලිකව ආයාචනය කරන්නේ හැකි නම් මේ මැයි මාසයේ රාජ්‍ය සේවකයාගේ වැටුපට දවසක වැටුපක් අතිරේක දීමනාවක් ලෙසට එක්කර ලබා දෙන්න. ඒක රාජ්‍ය සේවකයාට ලොකු උදව්වක්. පිහිටක්…” යැයිද ඔහු වැඩිදුරටත් කියා සිටි.

  • Covid-19: වෛරසමය කාන්තාරයට ඔබව සාදරයෙන් පිළිගනිමු!

    Covid-19: වෛරසමය කාන්තාරයට ඔබව සාදරයෙන් පිළිගනිමු!

    ස්ලේවෝයී ශිෂෙක් ලියූ “වසංගතය! කොවිඩ් 19 ලොව සසල කරයි” කෘතියේ අන්තර්ගතය සරල සිංහලෙන් – 05 වන කොටස

    ශිෂෙක් “Pandemic!” කෘතියේ හතරවන පරිච්ජේදයේදී සමකාලීන අර්බුදය විසින් මතු කෙරෙන මූලධාර්මික ප්‍රශ්න කිහිපයක් වෙත තියුණු විචාරාත්මක බැල්මක් හෙලයි. වත්මන් මොහොත කොතරම් අවිනිශ්චිත වූවක්ද යත්, ඉදිරි අනාගතය සර්ව-අසුබවාදී එකක් වීමට සේම යම් අරුතකින් සුබවාදී වීමටද ඉඩ තිබේ.

    කොරෝනා ව්‍යසනයේ දුක් පීඩා මතට සෙසු ජනවාර්ගික සහ ආගමික ප්‍රජාවන් වෙත මර්දනකාරීත්වය මුදා හරින අන්ත-දක්ෂිණාංශික බලවේගවල තර්ජනයේ සෙවණැල්ලද වැටෙමින් තිබේ. මෑතකදී ඉන්දීය ඉතිහාසඥ රාමචන්ද්‍ර ගුහා පැවසූ පරිදි දාහතර වන සියවසේදී “කළු මරණ” වසංගතයට හේතුව ලෙස ලේබල් කොට යුදෙව් ජනයා සමූල ඝාතනය කළාක් සේ දැන් ඉන්දියාව තුළ මුස්ලිම් ජනයාට එරෙහි ආක්‍රමණික අදහස් ව්‍යාප්ත කෙරෙමින් පවතී.

    කොරෝනා වෛරසය “චීන වෛරසයක්” ලෙස නාමකරණය කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දක්ෂිණාංශික ජාතිකවාදය විසින් එක්සත් ජනපදයේ වෙසෙන ආසියාතික ජනයා අනතුරෙහි හෙලනු ලබමින් තිබේ. මේ බහු-විධ අසුබවාදී විය හැකියාවන් ගැන සමකාලීන ප්‍රමුඛතම වාමාංශික මහජන බුද්ධිමතා අපට අනතුරු හඟවයි. 

    කොරෝනා වෛරසය “චීන වෛරසයක්” ලෙස නාමකරණය කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දක්ෂිණාංශික ජාතිකවාදය විසින් එක්සත් ජනපදයේ වෙසෙන ආසියාතික ජනයා අනතුරෙහි හෙලනු ලබමින් තිබේ. මේ බහු-විධ අසුබවාදී විය හැකියාවන් ගැන සමකාලීන ප්‍රමුඛතම වාමාංශික මහජන බුද්ධිමතා අපට අනතුරු හඟවයි. 

    නමුත්, ඒ සමගම ඔහු අපට පෙන්වන්නේ ඇතැම්විට මේ අර්බුදය ගෝලීය ධනවාදයේ පැවැත්ම වෙත එල්ල වූ මාරාන්තික ප්‍රහාරයක්ද විය හැකි බවයි. සරලව කිව හොත්, කොරෝනා අර්බුදයෙන් පෙන්නුම් කරන්නේ ගෝලීය ධනවාදයට තව දුරටත් මේ ආකාරයෙන් ඉදිරියට යා නොහැකි බවය. කුමන හෝ රැඩිකල් පරිවර්තනයක් අවශ්‍ය වේ. (මේ සැබවින්ම කොරෝනා වසංගතය ආරම්භ වීමට පෙර සිටම ශිෂෙක් ඔහුගේ මෑතකාලීන කෘතීන් කිහිපයක් තුළම අවධාරණය කරමින් සිටි කාරණයකි). 

    මෙවර ඔහුගේ මැදිහත්වීමේ ඇති වැදගත් දේශපාලන ගම්‍යතාවක් වන්නේ ඔහු අර්බුදය ඉදිරියේ ඉතාම සංයුක්ත සහ ඒත්තු යන සුළු යෝජනා කිහිපයක්ද ඉදිරිපත් කිරීමයි. එම යෝජනා පදනම් වන්නේ ගෝලීය සහයෝගීතාව සහ සම්බන්ධීකරණය පිළිබඳව ඔහු කලක පටන් ඉදිරිපත් කරමින් තිබූ මූලධර්ම මතය. ගෝලීය පොදු සෞඛ්‍ය සේවයක් පිළිබඳ ඔහුගේ යෝජනාව බර්නි සැන්ඩර්ස් එක්සත් ජනපදය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවලියට වඩා ඔබ්බෙන් යන්නකි.

    එසේම ශිෂෙක් අර්බුදයේ නිමේෂය තුළට ඉක්මණින් මැදිහත් වන්නේ ආර්ථික ලිබරල්වාදීන්ගේ දැක්මෙන් මෙම නිමේෂය රාමුගත කිරීමට කිසිදු ඉඩ නොලැබෙන පරිදිය. ඔහු වාමාංශික දැක්මෙන් සමකාලීන අනිශ්චිත මොහොත රාමුගත කරන අතරම දේශපාලන ලිබරල්වාදීන් හටද ඒත්තු යන සුළු ආකාරයෙන් “සීමිත කොමියුනිස්ට්වාදය” පිළිබඳ ඔහුගේ අදහස ඉදිරිපත් කරයි. මෙය ග්‍රාම්ස්චියානු අරුතින් කදිම ප්‍රති-හෙජමොනික මැදිහත්වීමක් යැයි කිව හැකිය.                 

    හතරවන පරිච්ජේදය 
    වෛරසමය කාන්තාරයට ඔබව සාදරයෙන් පිළිගනිමු!

    වත්මන් කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය විසින් දෘෂ්ටිවාදී වෛරසයන්ගේ සුවිසල් වසංගතයක්ද බිහි කරනු ලැබ තිබේ. එම වෛරසයන් අපගේ සමාජ තුළ මෙතෙක් නිද්‍රාගතව පැවති ඒවාය. එනම් ව්‍යාජ පුවත්, භීතිකාමය කුමන්ත්‍රණ න්‍යායන්, වර්ගවාදයේ පුපුරා යාම් යනාදියයි. නිරෝධානය සඳහා ඇත්තේ යුක්ති යුක්ත වෛද්‍ය විද්‍යාත්මක අවශ්‍යතාවකි; නමුත්, දැන් එහි දෝංකාරය දේශ සීමා ස්ථාපිත කිරීම සඳහාත් අපගේ අනන්‍යතාවට තර්ජනයක් එල්ල කරන සතුරන් නිරෝධානය කිරීම සඳහාත් ඇති දෘෂ්ටිවාදී වුවමනාකම් තුළද නින්නාද නැංවේ.  

    කෙසේ වුවත්, ඇතැම්විට වඩාත් වැඩදායක වෙනත් දෘෂ්ටිවාදී වෛරසයක්ද ඉදිරියේදී අපට ආසාදනය වෙතැයි අපේක්ෂා කළ හැකිය. එනම් විකල්ප සමාජයක් පිළිබඳව සිතීමේ වෛරසයයි; ජාතික-රාජ්‍යයට ඔබ්බෙන් වූ සමාජයක් පිළිබඳව සිතීමේ වෛරසයයි; ගෝලීය සහයෝගීතාවේ හා අන්තර්-බැඳියාවේ රාමුව තුළ යථාර්ථයක් බවට පත් වන සමාජයක් පිළිබඳව සිතීමේ වෛරසයයි.

    කොරෝනා වෛරසය චීනයේ කොමියුනිස්ට් පාලනය බිඳ වැට්ටවීම දෙසට දිශානත වනු ඇතැයි පැතිරුණු අනුමාන කිරීමක් තිබේ. ඒ හරියට මිහයීල් ගොර්බචොෆ්ම පිළිගත් පරිදි චර්නොබීල් ඛේදවාචකය සෝවියට් කොමියුනිස්ට් පාලනය බිඳ වැටීමට හේතු  සාධක වූවාක් සේමය

    මිහයීල් ගොර්බචොෆ්

    කොරෝනා වෛරසය චීනයේ කොමියුනිස්ට් පාලනය බිඳ වැට්ටවීම දෙසට දිශානත වනු ඇතැයි පැතිරුණු අනුමාන කිරීමක් තිබේ. ඒ හරියට මිහයීල් ගොර්බචොෆ්ම පිළිගත් පරිදි චර්නොබීල් ඛේදවාචකය සෝවියට් කොමියුනිස්ට් පාලනය බිඳ වැටීමට හේතු  සාධක වූවාක් සේමය. නමුත්, මෙහි පරස්පරතාවක්ද තිබේ. කොරෝනා වෛරසය ඇතැම්විට ජනතාව සහ විද්‍යාව පිළිබඳ විශ්වාසය මත පදනම් වූ කොමියුනිස්ට්වාදයක් නැවත සොයා ගන්නටද අපට බල කරනු ඇත. 

    ක්වින්ටින් ටැරන්ටිනෝගේ “Kill Bill දෙවන පිටපත” නම් චිත්‍රපටයේ අවසන් දර්ශනය තුළ මෙවන් ජවනිකාවක් තිබේ. බියට්‍රික්ස් දුෂ්ට කිල් බිල්ව අඩපණ කොට ඔහුට සටන් කලාවේ ඇති මාරාන්තිකම පහර එල්ල කරයි: එය “පංච නිල ඔස්සේ අත්ලෙන් හෘදය පිපිරවීමේ තාක්ෂණය” ලෙස හැඳින්වේ.

    මේ ප්‍රහාරයේදී සිදු වන්නේ ඇඟිලි තුඩුවලින් තම ප්‍රතිමල්ලවයාගේ සිරුරේ නිල පහක් එක විට තෙරපීමය. පහර කෑ තැනැත්තා පියවර පහක් ඉදිරියට ඇවිද ගිය විට ඔහුගේ ශරීරය තුළ හෘදය පිපිරී බිම ඇද වැටේ. මේ ප්‍රහාරය සටන් කලා මිත්‍යාවේදයේ අංගයක් වුවද සැබවින්ම අතින් පයින් සටන් කිරීමේදී එවැන්නක් විය නොහැකිය. කෙසේ වුවද, මෙම චිත්‍රපටය තුළ බියට්‍රික්ස් මේ ප්‍රහාරය එල්ල කිරීමෙන් පසුව බිල් සංසුන්ව ඇය සමග සමාදාන වී පියවර පහක් ඇවිද ගොස් මරණයට පත් වේ.                 

    මේ ප්‍රහාරයේ චිත්තාකර්ෂණීය දෙය වන්නේ පහර කෑමට ලක් වූ මොහොතත් මරණයේ මොහොතත් අතරමැද කාලයයි. මා සංසුන්ව හිඳගෙන සිටින තාක් කල් මා හට සුහද පිළිසඳරක නිරත විය හැකිය; නමුත්, මා ඇවිදින්නට පටන් ගත් විට මගේ හදවත පුපුරා යන බව ඒ පිළිසඳර පුරාම මා දැනුවත්ය.

    චීන නායකත්වයට සංසුන්ව හිඳගෙන, අවට නිරීක්ෂණය කරමින් නිරෝධානයේ සාමාන්‍ය ක්‍රියාවලිය ගෙන යා හැකිය. නමුත්, ඔවුන් සමාජ පර්යායෙහි ඇති කරන සෑම සැබෑ වෙනසක්ම (නිදසුනක් ලෙස ජනතාව විශ්වාස කිරීමට පටන් ගැනීම) ඔවුනගේ බිඳ වැටීමට හේතු භූත වනු ඇත.      

    කොරෝනා වසංගතය චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ පාලනය බිඳ වැටීමට හේතු වනු ඇතැයි අනුමාන කරන අයවළුන්ගේ අදහසින් හැඟවෙන්නේ එය චීන කොමියුනිස්ට් බලාධිකාරයට “පංච නිල ඔස්සේ අත්ලෙන් හෘදය පිපිරවීමේ තාක්ෂණය” මගින් එල්ල වූ ප්‍රහාරයක් ලෙස ක්‍රියා කරන්නේය යන්න නොවේද? චීන නායකත්වයට සංසුන්ව හිඳගෙන, අවට නිරීක්ෂණය කරමින් නිරෝධානයේ සාමාන්‍ය ක්‍රියාවලිය ගෙන යා හැකිය. නමුත්, ඔවුන් සමාජ පර්යායෙහි ඇති කරන සෑම සැබෑ වෙනසක්ම (නිදසුනක් ලෙස ජනතාව විශ්වාස කිරීමට පටන් ගැනීම) ඔවුනගේ බිඳ වැටීමට හේතු භූත වනු ඇත.      

    ඉන්පසුව ශිෂෙක් පවසන්නේ මේ පිළිබඳව ඔහුගේ මධ්‍යස්ත මතය පවා මීට වඩා ඉතාම රැඩිකල් වූවක් බවයි. එනම්, කොරෝනා වසංගතය වනාහී ගෝලීය ධනවාදී ක්‍රමයටම “පංච නිල ඔස්සේ අත්ලෙන් හෘදය පිපිරවීමේ තාක්ෂණය” ඔස්සේ එල්ල වූ ප්‍රහාරයක් බවයි. එය අප මේ දක්වා පැමිණි ආකාරයට අපට තවදුරටත් ඉදිරියට යා නොහැකි බවට සංඥාවකි; රැඩිකල් වෙනසක් අවශ්‍ය බවට සංඥාවකි.

    වසර ගණනාවකට පෙර ෆ්‍රෙඩ්රික් ජෙම්සන් අවධානය යොමු කළ කාරණයක් ශිෂෙක් මෙහිදී සිහි ගන්වයි. ඇස්ටරොයිඩයක් විසින් මිහි මත ජීවයේ පැවැත්ම තර්ජනයට ලක් කිරීම හෝ වෛරසයක් විසින් මානව වර්ගයා මුළුමනින්ම විනාශ කොට දැමීම වැනි විශ්වීය ව්‍යසනයක් පිළිබඳව කියැවෙන චිත්‍රපට තුළ පවත්නා යුතෝපියානු ශක්‍යතාව ගැන ජෙම්සන් සඳහන් කළේය. එවන් විශ්වීය තර්ජනයක් විසින් ගෝලීය සහයෝගීතාවක් ජනනය කෙරෙනු ඇත. අප එකිනෙකා අතර ඇති මෝඩ වෙනස්කම් නොවැදගත් වී යනු ඇත. අප සියලු දෙනාම විසඳුමක් සෙවීමට එකාවන්ව වැඩ කරනු ඇත. ඉදින්, අප අද දිනයේ අපගේ සැබෑ ජීවිතය තුළ සිටින්නේද එවන් තැනකය.       

    මෙයින් අදහස් වන්නේ පුළුල්ව පැතිරුණු මිනිසුන්ගේ දුක් පීඩාවන් අපගේ අරමුණ කරා යාමට උපකාරී වන තාක් කල් අප පරපීඩාකාමුක ආකාරයෙන් ඒවා ගැන සතුටු විය යුතු බව නොවේ. ඊට ප්‍රතිවිරුද්ධව, අප කළ යුත්තේ අප ජීවත් වන සමාජයේ මූලික පැතිමාන ගැන නැවත සිතා බැලීම සඳහා අපට ව්‍යසනයක්ම අවශ්‍ය වනවා නොවේද යන කණගාටුදායක කාරණය මෙනෙහි කිරීමයි. 

    මෙහිදී ශිෂෙක් ඔහු අදහස් කරන ආකාරයේ ගෝලීය සම්බන්ධීකරණයක් පිළිබඳ නොපැහැදිලි ආකෘතියක් ලෙස හඳුනා ගන්නේ සුපුරුදු නිලබලවාදී දෙඩවිලි වෙනුවට භීතියකින් තොරව නිශ්චිත අනතුරු හැඟවීම් අප හට ලබා දෙන ලෝක සෞඛ්‍ය සංවිධානයයි. එවන් සංවිධානවලට වැඩි විධායක බලයක් ලබා දිය යුතු යැයි ඔහු යෝජනා කරයි.

    එක්සත් ජනපද ජනාධිපතිධූර අපේක්ෂක බර්නි සැන්ඩර්ස් එරට සියළු පුරවැසියන්ට සෞඛ්‍ය සේවය ලබා දිය යුතු යැයි පැවසූ විට ඇතැමුන් ඔහුව උපහාසයට ලක් කළ බව සිහිපත් කරන ශිෂෙක් මෙලෙස විමසයි: කොරෝනා වසංගතයේ පාඩම වන්නේ අපට ඊටත් වඩා දෙයක් අවශ්‍ය බව නොවේද? අප කිසියම් ආකාරයක ගෝලීය සෞඛ්‍ය සේවා ජාලයක් ගැන කල්පනා කිරීම ආරම්භ කළ යුතු බව නොවේද?                    

    ඉරාණයේ නියෝජ්‍ය සෞඛ්‍ය ඇමති ඉරාජ් හරිර්චි

    ඉරාණයේ නියෝජ්‍ය සෞඛ්‍ය ඇමති ඉරාජ් හරිර්චි ජනමාධ්‍ය හමුවක පෙනී සිටිමින් කොරෝනා වසංගතය ව්‍යාප්ත වීම අඩු තක්සේරු කරමින් මහජනයා නිරෝධානය කිරීම අත්‍යවශ්‍ය නොවන බව ප්‍රකාශ කළේය. නමුත්, ඉන් දිනකට පසුව ඔහු තමන්ට වෛරසය ආසාදනය වී ඇති බවත් තමන් හුදෙකලාව සිටින බවත් කෙටි නිවේදනයකින් දැනුම් දුන්නේය (ඔහුගේ රූපවාහිනී පෙනී සිටීම අතරතුරදීත් ඔහු උණ රෝගයේ සහ දුබලතාවයේ ලකුණු ප්‍රකට කළේය). හරිර්චි තම නිවේදනයට මෙසේද එක් කළේය: “මේ වෛරසය ප්‍රජාතාන්ත්‍රිකය. එය දුප්පතුන් සහ පොහොසතුන් අතර වෙනස නොතකයි; රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ සාමාන්‍ය ජනයා අතර වෙනස නොතකයි.”

    මේ කාරණයේදී ඔහු ගැඹුරු ලෙසම නිවැරදි යැයි ශිෂෙක් පවසයි. දැන් අප සියල්ලන්ම සිටින්නේ එකම බෝට්ටුවකය. ඒ අතරම මෙහිදී මග හැර යා නොහැකි සුපිරිතම සරදමක්ද ඇතැයි ඔහු සඳහන් කරයි. එනම්, අප සියලු දෙනාම එකට එක් කොට අප අතර ගෝලීය සහයෝගීතාවක් වර්ධනය කරන්නා වූ දෙයම අපගේ දෛනික ජීවිතය තුළදී අපට නියෝග කරන්නේ එකිනෙකාට සමීප නොවන ලෙසත් ස්වයං-හුදෙකලාවේ සිටින ලෙසත් වීමයි. 

    එසේම අප හමුවේ ඇති එකම තර්ජනය කොරෝනා වෛරසය පමණක් නොවේ. තවත් ව්‍යසනයන් නෙත ගැටෙන මානයේ ඇත. නියඟයන්, ග්‍රීෂ්ම කාලයන්, මාරාන්තික කුණාටු යනාදී ලෙස මේ ලැයිස්තුව තවත් දීර්ඝය. මේ කිසිවකට විසඳුම වන්නේ භීතියට පත් වීම නොවේ. ඒ වෙනුවට කිසියම් ආකාරයක කාර්යක්ෂම ගෝලීය සම්බන්ධීකරණයක් පිහිටුවා ගැනීම සඳහා ඉක්මනින් හා තදබල ලෙස වැඩෙහි නිරත වීමය.

    අප මෙහිදී අත් හළ යුතු පළමු මායාව වන්නේ මෑතකදී ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ ඉන්දීය සංචාරයේදී ප්‍රකාශ කළ දෙයයි. එනම් වසංගතය ඉක්මනින් අඩු වී යනු ඇති අතර අප කළ යුත්තේ එතෙක් බලා සිටීම යැයි ඔහු පැවසීය; ඉන්පසුව ජීවිතය යළි සාමාන්‍ය තත්ත්වයට පත් වනු ඇත. චීනය දැනටමත් මේ මොහොත සඳහා සූදානම් වෙමින් සිටී. වසංගතය අවසන් වූ පසුව මෙතෙක් අතපසු වූ වැඩ සම්පූර්ණ කිරීම සඳහා සෙනසුරාදා සහ ඉරිදා දිනවලද වැඩ කළ යුතු යැයි චීන මාධ්‍ය ජනතාවට නිවේදනය කළේය.          

    මේ සුව පහසු බලාපොරොත්තුවට වෙනස්ව අප පිළි ගත යුතු වැදගත් කාරණය වන්නේ තර්ජනය තවත් කාලයක් පවතිනු ඇති බවයි. වත්මන් රැල්ල බැස ගියද එය ඇතැම්විට වඩාත් භයානක ආකාරයකින් යළි මතු වන සෙයකි. කොරෝනා වෛරසය වැළඳී සුවය ලැබුවා යැයි ප්‍රකාශයට පත් කරන ලද ඇතැමුන්ට නැවත එය ආසාදනය වී තිබේය යන කාරණය මේ පිළිබඳව අනතුරු හඟවන සංඥාවකි.   

    ඉහත හේතුව නිසා මේ වෛරසමය වසංගතය අප සෙසු මිනිසුන් සමගත් අප වටා ඇති දේ සමගත්  පවත්වන මූලික අන්තර්-ක්‍රියා කෙරෙහි බලපානු ඇතැයි අපට අපේක්ෂා කළ හැකිය. අපගේම ශරීරය සමග කරන අන්තර්-ක්‍රියාද එයට අයත්ය. මෙය සමග ගණුදෙණු කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව ඇති උපදෙස් අති මහත්ය. 

    “ඇතැම්විට අදෘශ්‍යමානව වුවත් අපවිත්‍ර වී තිබෙන දේ අල්ලන්න එපා; අතන මෙතන අල්ලන්න එපා; පොදු වැසිකිළි මත හිඳ ගන්න එපා; පොදු ස්ථානවල ඇති බංකුවල හිඳ ගන්න එපා; අන් අයව වැළඳ එපා; ඔවුනට අතට අත දෙන්න එපා…සහ විශේෂයෙන්ම ඔබ ඔබේම ශරීරය පාලනය කරන ආකාරය ගැනත් ප්‍රවේසම් වන්න; ඔබේම නිරායාස ඉරියව් ගැන ප්‍රවේසම් වන්න; ඔබේ නාසය අල්ලන්නට හෝ ඇස් පිස දමන්නට එපා; කෙටියෙන් කිවහොත්, ඔබේ ශරීරය සමග ක්‍රීඩා කරන්නට එපා…”                    

    ඉදින්, අපව පාලනය කරන්නට බලාපොරොත්තු වන්නේ රාජ්‍යය හෝ සෙසු ආයතන පමණක් නොවේ. අපව පාලනය කර ගන්නට සහ විනයගත කර ගන්නට අපම ඉගෙන ගත යුතුය. ඇතැම්විට ආරක්‍ෂිත යැයි සලකනු ඇත්තේ සයිබර් යථාර්තය පමණි. එසේම විවෘත අවකාශයේ නිදහසේ ඔබිනොබ යාම ධන කුවේරයන් සතු දූපත්වලට පමණක් සීමා වනු ඇත.

    නමුත්, මෙහිදී පවා, එනම් සයිබර් යථාර්තයේ සහ අන්තර්ජාලයේ තලය තුළ පවා අප සිහි තබා ගත යුතු කාරණයක් නම් පසුගිය දශක කිහිපයේදී “වෛරස” සහ “වෛරසීය” වැනි යෙදුම් බොහෝ විට භාවිත වූයේ අපගේ වෙබ් අවකාශයට ආසාදනය වන ඩිජිටල් වෛරස හැඳින්වීම සඳහා බවය. එම වෛරසවල විනාශකාරී බලය මුදා හරින තෙක් (නිදසුනක් ලෙස ඒවා අපගේ පරිගණක දෘඩාංග තුළ ඇති දත්ත විනාශ කර දමන තෙක්) අපි ඒවා ගැන නොදැන සිටිමු. දැන් අප හමුවේ දෘෂ්‍යමාන වන්නේ වෛරසය යන යෙදුමේ ප්‍රාරම්භක වචනාර්ථය දැවැන්ත ලෙස යළිත් අප කරා පැමිණීමකි. වෛරසීය ආසාදන සැබෑ සහ අතථ්‍ය යන මානයන් දෙක තුළම අත් වැල් පටලාගෙන යයි.          

    අපට නිරීක්ෂණය කළ හැකි තවත් අරුම පුදුම ප්‍රපංචයක් නම් ධනවාදී ප්‍රාණවාදයේ විජයග්‍රාහී පුනරාගමනයයි. මෙයින් අදහස් වන්නේ වෙළඳපල සහ මූල්‍ය ප්‍රාග්ධනය වැනි සමාජ ප්‍රපංචයන් ජීවමාන ඉන්ද්‍රියන් ලෙසින් සැලකීමයි. ඔබ අපගේ ප්‍රධාන මාධ්‍යවල වෙත අවධානය යොමු කළහොත් ඔබට එන හැඟීම මෙබඳුය: අප සැබවින්ම කණගාටු විය යුත්තේ දැනටමත් මිය ගිය හෝ මිය යාමට ඉඩ තිබෙන දහස් ගණනක් මිනිසුන් ගැන නොවේ; ඒ වෙනුවට, “වෙළඳපල කැළඹීමට පත් වෙමින් තිබේය” යන කාරණය ගැනයි.

    කොරෝනා වෛරසය අන් කවර කලෙකවත් නොවූ විරූ ආකාරයෙන් ලෝක වෙළඳපලේ මෘදු ක්‍රියාකාරීත්වයට බාධා කරමින් තිබීම ගැනයි. මේ සියල්ලෙන් පැහැදිලිව සංඥා කෙරෙන්නේ වෙළඳපල යාන්ත්‍රණයන් මත තව දුරටත් රඳා නොපවතින පරිද්දෙන් ගෝලීය ආර්ථිකය ප්‍රතිසංවිධානය කිරීමේ හදිසි අවශ්‍යතාව නොවේද?             

    අප මේ කතා කරන්නේ පැරණි මාදිලියේ කොමියුනිස්ට්වාදයක් ගැන නොවේ. සැබවින්ම, ආර්ථිකය පාලනය කිරීමට සහ නියාමනය කිරීමට හැකියාව ඇති කිසියම් ආකාරයක ගෝලීය සංවිධානයක් පිළිබඳවය; අවශ්‍ය වූ විට එයට ජාතික-රාජ්‍යයන්ගේ පරමාධිපති බලය සීමා කිරීමටද හැකි විය යුතුය. මින් පෙර රටවල්වලට එසේ කිරීමට හැකි වී තිබෙන්නේ යුදමය තත්ත්වයක් තුළදීය; අපද දැන් බරපතල ලෙස ඇතුල් වෙමින් සිටින්නේ වෛද්‍ය විද්‍යාත්මක යුද්ධයක් තුළටය. මේ වසංගතයේ ඇතැම් වාසි සහගත අතුරු පලයන් ගැන සඳහන් කිරීමට අප බිය නොවිය යුතුය.           
    කොරෝනා වසංගතයේ දිගු කල් පවතින සංකේතයක් වන්නේ විශාල නෞකා තුළ සිරවී නිරෝධානය වන මගීන්ය. හුදෙකලා දූපත් වෙතට හෝ නිවාඩු නිකේත වෙතට සංචාරය කිරීම යළිත් වරක් ධනවතුන් සුළුතරයකගේ වරප්‍රසාදයක් බවට සීමා නොකරන්නට (දශක ගණනාවකට පෙර ගුවන් ගමන්වල යෙදිය හැකි වූයේද ඔවුනට පමණි) අප ප්‍රවේසම් විය යුතු වන අතරම, ඉහත කී ආකාරයේ නෞකාවල අශ්ශීලත්වය හොඳ ප්‍රහේළිකාවක් යැයිද මම කියමි.

    කොරෝනා වසංගතයේ දිගු කල් පවතින සංකේතයක් වන්නේ විශාල නෞකා තුළ සිරවී නිරෝධානය වන මගීන්ය.

    විනෝද උයන් දැන් අවතාරමය නගර බවට හැරෙමින් තිබේ. එය කදිමය. මට ඩිස්නිලන්තය තරම් එපා කරවන සුළු සහ මෝඩ ස්ථානයක් ගැන සිතා ගත නොහැකිය. මෝටර් රථ නිෂ්පාදනයට බරපතල හානි සිදුව තිබේ. හොඳයි, මෙය පුද්ගලික යාන වාහන පිළිබඳ අපගේ උමතුවට විකල්ප මොනවාදැයි සිතීමට අපට බල කරනු ඇත. මේ ලැයිස්තුව තවත් දිගුය.          

    මෑතකදී හංගේරියානු අග්‍රාමාත්‍ය වික්ටර් ඔර්බන් මෙලෙස පැවසීය: “ලිබරල්වාදියෙකු යනුවෙන් දෙයක් පවතින්නේ නැත. ලිබරල්වාදියෙකු යනු ඩිප්ලෝමාවක් සහිත කොමියුනිස්ට්වාදියෙකුට වඩා වැඩි යමක් නොවේ.”

    මෙහි ප්‍රතිවිරුද්ධ දේ සත්‍යය විය නොහැකිද? අප අපගේ නිදහස ගැන සැලකිලිමත් වන අයව ලිබරලුන් යයි හඳුන්වන්නේ යැයි සිතමු; එසේම ගෝලීය ධනවාදය අර්බුදයක් කරා ගමන් කරන බැවින් අපට අපගේ නිදහස ආරක්ෂා කර ගත හැක්කේ රැඩිකල් පරිවර්තන ඇති කිරීමෙන් පමණක් බවට දැනුවත් අයව කොමියුනිස්ට්වාදීන් ලෙස හඳුන්වන්නේ යැයි සිතමු.

    එසේ නම්, අද දිනයේ තවමත් අපව කොමියුනිස්ට්වාදීන් ලෙස හඳුන්වා ගනිමින් සිටින අප වනාහී ඩිප්ලෝමාවක් සහිත ලිබරලුන් බව පැවසිය යුතුව ඇත. එනම්, අපගේ ලිබරල් වටිනාකම් තර්ජනයට ලක්ව ඇත්තේ මන්දැයි බරපතලව අධ්‍යයනය කොට ඇත්තා වූද, ඒවා ආරක්ෂා කර ගත හැක්කේ රැඩිකල් පරිවර්තනයකින් පමණක් බව අවබෝධ කර ගෙන ඇත්තා වූද ලිබරලුන්ය. 


    පරිවර්තනය: සුමිත් චාමින්ද  

    පරිවර්තනය: සුමිත් චාමින්ද  

  • ජනපති මදුරෝ පැහැර ගැනීමට ‘ඇමෙරිකානු කුලී හේවායින් ගත් තැත හෙළි වෙයි’

    ජනපති මදුරෝ පැහැර ගැනීමට ‘ඇමෙරිකානු කුලී හේවායින් ගත් තැත හෙළි වෙයි’

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මදුරෝගේ ආණ්ඩුව පෙරළා දමා ජනාධිපතිවරයා ඇමෙරිකා එක්සත් ජනපදයට ගෙන ඒමට කුමන්ත්‍රණය කළ බව පවසන ඇමෙරිකානු වැසියෙකුගේ පාපෝච්චාරණයක් වෙනිසුවෙලා රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ විකාශනය කෙරිණි.

    එම කුමන්ත්‍රණය සම්බන්ධයෙන් පසුගිය සති අන්තයේ දහතුන් දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබ තිබිණි. එම කණ්ඩායම “කුලී හේවායන්” බවත් ඔවුන්ගේ සන්නද්ධ ආක්‍රමණය ව්‍යවර්ථ කළ බවත් වෙනිසුවෙලා ආණ්ඩුව පවසයි.

    ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනිසුවෙලාව ආක්‍රමණය කොට තමා බලයෙන් පහ කිරීමේ ප්‍රයත්නයක නිරත වෙන බවට ජනාධිපති මදුරෝ බොහෝ වරක් චෝදනා කර ඇත.

    මේ අතර මේ සතිය මුලදී ප්‍රකාශයක් කළ ජනාධිපති ට්‍රම්ප්, වෙනිසුවෙලා ආණ්ඩුව පෙරළා දැමීමේ කුමන්ත්‍රණයට ඇමෙරිකා එක්සත් ජනපදයේ සම්බන්ධයක් නැති බව සඳහන් කළේය.

    ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ අදහස් දක්වමින්, වෙනිසුවෙලා ආණ්ඩුවේ අත්අඩංගුවේ පසුවෙන ඇමෙරිකානුවන් ආපසු සියරට පැමිණීම සහතික කර ගැනීම සඳහා පාවිච්චි කළ හැකි ‘සියලු පියවර’ (“every tool”) එක්සත් ජනපද ආණ්ඩුව ගනු ඇතැයි කියා සිටියේය.

    වෙනිසුවෙලා රූපවාහිනී ප්‍රකාශය

    පසුගිය බදාදා (මැයි 06) වීඩියෝ පටයක ‘මිස්ටර් ඩෙන්මන්’ (Mr Denman) ලෙස පෙනී සිටිමින් අදහස් දැක්වූ 34 හැවිරිදි තැනැත්තෙක් ‘කරකාස්’ අගනුවරට පැමිණීමට පෙර තමා මුදල් ලබා ගනිමින් කුලී පදනම මත කොලොම්බියාවේ සිටින වෙනිසුවෙලා ජාතිකයන් පුහුණු කිරීමේ නිරත වූ බවත්, ඔවුන්ගේ ඉලක්කය වුණේ “ජනාධිපති මදුරෝ රටින් ගෙන යාම සඳහා ‘කරකාස්’ ගුවන් තොටුපොළ අල්ලා ගැනීම” බවත් විස්තර කළේය.

    “වෙනිසුවෙලා ජාතිකයන්ට නැවත රටේ පාලනය අල්ලා ගැනීම සඳහා මම උදව් කරමින් සිටියා” ‘ඩෙන්මන්’ (Mr Denman) ප්‍රකාශ කළේය.

    ‘ඩෙන්මන්’ (Mr Denman) ප්‍රකාශ කළ ආකාරයට ඔහු කලින් ”විශේෂ මෙහෙයුම් බළකායක සාමාජිකයෙකු” ලෙස කටයුතු කර ඇත.

    “කුමන්ත්‍රණය සඳහා හතළිස් එක් හැවිරිදි එරාන් බේරි (Airan Berry) නම් පුද්ගලයා හවුල් කර ගනු ලැබ තිබෙන්නේ ජෝඩන් ගෞඩ්රෝ (Jordan Goudreau) විසිනි. ජෝඩන් ෆ්ලොරිඩා මූලස්ථානය කර ගත් ‘Silvercorp’ නම් ඇමෙරිකානු සමාගම මෙහෙයවන ඇමෙරිකානු හිටපු යුද්ධ නායකයෙකි.

    එම කුමන්ත්‍රණ ප්‍රයත්නයට තමා හවුල් බව පිළිගන්නා ජෝඩන් ගෞඩ්රෝ, තම රටට භාර දෙනු ඇතැයි වෙනිසුවෙලා බලධාරීහු පවසති.

    ජනාධිපති මදුරෝ පවසන පරිදි ‘Silvercorp’ ව්‍යාපාරය වෙනිසුවෙලා විපක්ෂ නායක හුවාන් ගුඅයිඩෝ (Juan Guaidó) සමග ගිවිසුමක් අත්සන් කරනු ලැබ ඇත.

    හුවාන් ගුඅයිඩෝ වෙනිසුලාවේ විපක්ෂ නායකයා මෙන් ම, ඇමරිකා එක්සත් ජනපදය සහ බොහෝ යුරෝපා රාජ්‍යයන් විසින් එරට නීත්‍යනුකූල නායකයා හැටියට පිළිගනු ලැබ ඇති දේශපාලනඥයෙකි.

    රඳවා ගෙන ඇති ඇමෙරිකානුවන්

    ‘ඩෙන්මන්’ සහ ‘බෙරී’ හැරුණ විට කුමන්ත්‍රණයට හවුල් වූ වෙනත් පුද්ගලයන් සම්බන්ධයෙන් වැඩිමනත් තොරතුරු දැන ගැනීමට නොමැත.

    ඉහත නම් සඳහන් පුද්ගලයන් දෙදෙනා එක්සත් ජනපද ආරක්ෂක හමුදාවන්හි සාමාජිකයන් බව වෙනිසුවෙලා යුද්ධ හමුදාවේ ඉහළ ම නායකත්වය පවසා ඇත. එහෙත් එම ස්ථාවරය තවමත් තහවුරු කෙරී නැත.

    එකී පුද්ගලයන් දෙදෙනාට අමතරව තවත් එකොළොස් දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි වෙනිසුවෙලා ආණ්ඩුව පවසයි.

    එසේ ම සිදු විණැයි පැවසෙන කුමන්ත්‍රණ ප්‍රයත්නයේදී සන්නද්ධ පුද්ගලයන් අට දෙනෙක් මරා දමන ලද බවත් ‘කරකාස්’ බලධාරීහු පවසති.

    කුමන්ත්‍රණයේ පසුබිම

    වෙනිසුවෙලා විපක්ෂ නායක ජුවාන් ගුඅයිඩෝ සමග පවත්වන ලද අතීත සම්බන්ධකම් පිළිබඳව ජෝඩන් ගෞඩ්රෝ දිගින් දිගට ම අදහස් පළකොට ඇත.

    එහෙත් සඳුදා ප්‍රකාශයක් කළ වෙනිසුවෙලා විපක්ෂ නායකයා කියා සිටියේ, ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘Green Beret’ විශේෂ යුද්ධ සේනාංකයට අයත් විශ්‍රාමික නිලධාරියෙකු වන ජෝඩන් ගෞඩ්රෝ සමග තමා කිසිදු ගනුදෙනුවක් කර නැති බවය.

    තවදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක ජුවාන් ගුඅයිඩෝ, වෙනිසුවෙලාවෙහි මෑතදී ආරම්භ වූ ප්‍රචණ්ඩ ප්‍රහාර රැල්ල කෙරෙන් මහජන අවධානය වෙනත් දිශාවකට හැරවීමට ජනාධිපති මදුරෝ කටයුතු කරන බවට චෝදනා කළේය.

    එහිදී ඔහු පසුගිය සතියේ සිකුරාදා සිදු වූ කීප දෙනෙකුට මරු කැඳවන ලද බන්ධනාගර කැරැල්ල සහ සෙනසුරාදා රාත්‍රියේ ‘කරකාස්’ අගනුවරින් වාර්තා වූ මැරයන්ගේ කල්ලි අතර ගැටුමක් ගැනත් සඳහන් කර තිබිණි.

    ජෝර්ඩන් ගෞඩ්රෝ කාගේ කවුද?

    කැනඩාවේ උපත ලද, එක්සත් ජනපද හමුදාවේ හිටපු යුද නිලධාරියෙකු වන ජෝර්ඩන් ගෞඩ්රෝ ‘Silvercorp’ නම් ඇමෙරිකානු සමාගම මෙහෙයවන අතර ”වීර යුද පදක්කම්” ලාභියෙකි.

    ‘වොෂිංටන් පෝස්ට්’ පුවත්පත වාර්තා කරන පරිදි, ඔහු එක්සත් ජනපද හමුදාවේ වසර පහළොවක් නිරතව සිටි අතර, පළමුව පාබළ හමුදාවේ මෝටාර් විශේෂඥයෙකු විය. පසුව ඔහු විශේෂ කාර්යසාධක බලකායක වෛද්‍ය අංශයෙහි කටයුතු කර ඇත.

    යුද නිලධාරීන් උපුටා දක්වන ‘වොෂිංටන් පෝස්ට්’ පුවත්පත 2006 සහ 2014 වසරවල ඔහු ඉරාකයේ සහ ඇෆ්ඝනිස්ථානයේ නිරත කරනු ලැබ ඇත.

    ජෝර්ඩන් 2018 වසරේ ෆ්ලොරිඩා වහි සිය ‘Silvercorp USA’ පෞද්ගලික සමාගම ආරම්භ කරයි.

    පැහැර ගැනීමට හෝ මුදල් ආදිය බලහත්කාරයෙන් ලබා ගැනීම වැනි අවස්ථාවන්හි දී පිහිටවීම ඇතුළු සේවාවන් කීපයක් ගැන එම සමාගම සම්බන්ධයෙන් පළ කරනු ලැබ ඇති වෙළෙඳ දැන්වීමවල ඇතුළත්ය.

    එපමණක් නොව, ඇමෙරිකානු ජනාධිපතිවරයා වෙනුවෙන් ”ජාත්‍යන්තර ආරක්ෂක කණ්ඩායම්වලට” නායකත්වය දීමේ නිරත බවත් ‘Silvercorp USA’ ව්‍යාපාරය පවසයි.

    ‘Silvercorp USA’ සමාගමේ වෙළෙඳ දැන්වීම් මෙහෙයුම පනහකට අධික රටවල ක්‍රියාත්මක කෙරෙයි.

    හිටපු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, බහුජාතික සමාගම්වල ආරක්ෂක අංශවල හිටපු ප්‍රධානීන්, විශාල අත්දැකීම් සහිත අවදානම් මෙහෙයුම්වල නිරතව ඇති යුද නිලධාරීන් සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ සහ බුද්ධි අංශවල නිලධාරීන්ගෙන් සමන්විත උපදේශක මණ්ඩලයක් තමන් සමඟ කටයුතු කරන බවත් එම ව්‍යාපාරය කියා සිටියි.

    එහෙත් එම පුද්ගලයන් කවුරුන් ද? යන්න නමින් සඳහන් කරන්නේ නැත.

    මෙම මෙහෙයුම පිටුපස වෙනිසියුලාවේ විපක්ෂ නායක ජුවාන් ගයිඩෝ සිටින බව සාබ් 
    කියා සිටියේය 

    වෙනිසුවෙලා අර්බුදය

    වෙනිසුවෙලා ජනාධිපති නිකලස් මදුරෝ ගේ පාලනය අවසන් කිරීමේ “අවසන් අදියර” කරා තමන් පැමිණ ඇති බව විපක්ෂ නායක ජුවාන් ගුඅයිඩෝ 2019 වසරේ අප්‍රියෙල් මාසයේ ප්‍රකාශ කළ අතර, ඊට ප්‍රතිචාරය දැක්වූ එරට බලධාරීහු “කුඩා ප්‍රමාණයේ කුමන්ත්‍රණ ප්‍රයත්නයක් බිඳ හෙලමින් සිටින බවක්” එම අවස්ථාවේත් ප්‍රකාශ කර ඇත.

    නිල ඇඳුම් ලා ගත් පිරිසක් සමග වීඩියෝ දර්ශනයක පෙනී සිටි ගුඅයිඩෝ, තමන්ට හමුදා සහය ඇති බව එම අවස්ථාවේ සඳහන් කළේය.

    2019 ජනවාරියේදී තමන් අන්තර්කාලීන ජනාධිපතිවරයා බව ප්‍රකාශයට පත් කළ ගුඅයිඩෝ, මදුරෝ විසින් බලය “පැහැර ගනු ලැබීම” අවසන් කිරීම සඳහා සහය දෙන ලෙස හමුදාවේ සාමාජිකයින් වැඩි දෙනාගෙන් ඉල්ලා සිටින බවත් කියා සිටියේය.

    එහෙත් ගුඅයිඩෝ සමග පැවති අර්බුදය අතරතුර යුද හමුදාවේ සහයෝගය ජනාධිපති මදුරෝට ලැබිණි.

    Text by BBC

  • Covid-19 Today Update: ලංකාවේ ආසාදිතයින් 835ක් – ගෝලීය ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 4 අභියස

    Covid-19 Today Update: ලංකාවේ ආසාදිතයින් 835ක් – ගෝලීය ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 4 අභියස

    Covid-19 ආසාදිතයින් 11 දෙනකු ඊයේ (8) වාර්තා වූ බවත් ඒ අනුව ලංකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අද (9) දින පෙ.ව 06.05 වන විට 835 දක්වා වර්ධනය වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ කොවිඩ්-19 තත්ත්ව වාර්තාවේ සදහන් වෙයි.

    ඒ අනුව දැනට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 586ක් වන අතර නිමර්ශනය යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 135කි. 240 දෙනකු ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර මරණ සංඛ්‍යාව 09කි.

    මේ අතර ගෝලීය කොවිඩ්-19 ආසාදිතයින් ගැන නිල වාර්තාව ඉදිරිපත් කරන ජෝන්ස් හොප්කින් විශ්වවිද්‍යාලයේ වාර්තා අනුව ඊයේ දිනය අවසාන වන විට ගෝලීය වශයෙන් වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 3,938,080ක් දක්වා වර්ධනය වී ඇති අතර මරණ සංඛ්‍යාව 274,898කි. ඇමෙරිකා එක්සත් ජනපදයේ මරණ සංඛ්‍යාව 77,180ක් වන අතර ආසාදිතයින් සංඛ්‍යාව 1,283,929කි.

    කොවිඩ්-19 ආසාදිතයින් හා මරණ වැඩි රාජ්‍යයන්

    ස්පාඤ්ඤය – 222,857 – මරණ – 26,299
    ඉතාලිය – 217,185 – මරණ – 30,201
    එක්සත් රාජධානිය – 212,629  – මරණ – 31,316
    රුසියාව – 187,859 – මරණ – 1723
    ප්‍රංශය – 176,202  – මරණ 26,233
    ජර්මනිය – 170,588 – මරණ -7510
    බ්‍රසීලය – 146,894 – මරණ – 10,017
    තුර්කිය – 135,569 – මරණ – 3689
    ඉරානය – 104,691 – මරණ – 6541
    චීනය – 83,976 – මරණ – 4637
    කැනඩාව – 67,674 – මරණ – 4697
    පීරු – 61,847 – මරණ -1714
    ඉන්දියාව – 59,695  – මරණ 1985
    ‍බෙල්ජියම -52,011 – මරණ – 8521
    මේ අතර ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් රැකියා කරන අරාබි රටවල් රැසක් ද කොවිඩ්-19 අවදානමට ලක්ව සිටිනවා. ඒ අතර
    ‍සෞදි අරාබිය තුළ ආසාදිතයින් 35,432ක් වාර්තා වන කටාර් 20,201ක්, එක්සත් අරාබි එමීර් 16,693ක්, ක්වේටට් 7207ක් බහරේන් 4444ක් ඕමාන් 3112ක්, වශයෙන් ආසාදිතයින් වාර්තා කර තිබෙනවා.
  • Salon යළි විවෘත කිරීමට අදාළ මාර්ගෝපදේශ මෙන්න!

    Salon යළි විවෘත කිරීමට අදාළ මාර්ගෝපදේශ මෙන්න!

    මැයි 11 වැනිදා රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමත් සමඟ කොණ්ඩය කපන ස්ථාන හා රූපලාවන්‍ය මධ්‍යස්ථානවල කටයුතු නැවත ආරම්භ කිරීමට අදාළව නව මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

    කොණ්ඩය කැපීම, හිසකෙස් වර්ණ ගැන්වීම, නිය අලංකරණ කටයුතු සහ අත් සහ පාදවල රෝම ඉවත් කිරීමේ කටයුතු සඳහා පමණක් අවසර හිමි වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ මාර්ගෝපදේශවල සදහන් වන්නේ.

    එම මාර්ගෝපදේශවල වැඩි දුරටත් සදහන් වන ආකාරයට අදාළ කොණ්ඩය කපන ස්ථානය හෝ රූපලාවන්‍ය මධ්‍යස්ථාන නැවත විවෘත කිරීමට පෙර එහි හිමිකරු හෝ කළමනාකාරිත්වය විසින් ඒ සඳහා ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගෙන් ඉල්ලීමක් කළ යුතු අතර ඒ අනුව එම නිලධාරීවරයා ඊට අදාළ අයදුම්පතක් මධ්‍යස්ථාන හිමිකරුට ලබා දිය යුතුයි.

    එම අයදුම්පත මගින් ලබාගන්නා තොරතුරු අනුව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරියා විසින් රූපලාවන්‍ය මධ්‍යස්ථානයේ පවතින පහසුකම් පරික්ෂා කර ඒ පිළිබඳ නිර්දේශ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට ඉදිරිපත් කිරීමෙන් පසු රූපලාවන්‍ය මධ්‍යස්ථානය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ තාවකාලිකව ලියාපදිංචි කර එහි කටයුතු පවත්වගෙන යාමට සහතිකයක් නිකුත් කිරීමට පියවර ගන්නා බව සදහන්.

    මෙම වලංගු ලේඛනගත සහතිකය නොමැති කිසිදු රූපලාවන්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාමට අවසර හිමි නොවන අතර කරණවෑමිවරුන් සහ ඊට අදාළ කටයුතුවල නිරතවල පුද්ගලයින් පාරිභෝගිකයින් සමඟ කටයුතු කිරීමේදී මුඛ ආවරණ හා ඇස් ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබෙනවා.

    පාරිභෝගිකයින් සේවා ලබා ගැනීමට පැමිණීමේදී මීටරයක දුර පරතරය පවත්වා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු අතර පාරිභෝගිකයින් සමඟ මුහුණට මුහුණ සිටින පරිදි කටයුතු කිරීමෙන් වැලකිය යුතුයි.

    වායුසමන යන්ත්‍ර සේවා ස්ථාන තුළ භාවිත නොකරන ලෙසට ද නිර්දේශ කර තිබීම ද විශේෂත්වයක්.

  • එදා වේල කන්න නැති දරුවන්ට ‘අන්තර්ජාලයෙන්’ ශිල්ප දැක්වීම!

    එදා වේල කන්න නැති දරුවන්ට ‘අන්තර්ජාලයෙන්’ ශිල්ප දැක්වීම!

    කොරෝනා කාලයේ වෙළඳපොළ කේන්ද්‍රීය ප්‍රතිපත්ති තීන්දු මගින්, තීරණාත්මකව නොසලකා හරින, මග හරින අලුත්ම කණ්ඩායම සිසුන් ය. ක්‍රය ශක්තිය නැතහොත් මිළ දී ගැනීමේ හැකියාව ‘ඇත්තෝ ඉගෙන ගනිව් නැත්තෝ හුල්ලපියව්, හඬපියව්’ යන ඉහත විධානය නැවත සිහියට ගනිමු.

    ධම්ම දිසානායක

    “ආදරණීය ටීචර් තාත්තගෙ ෆෝන් එකෙ රූප නම් පේන් නෑ රීලෝඩ් නෙවෙයි තුන් වේලටත් කන්න නෑ ටීචර්ගෙ මූණ නො පෙනුනත් තව කමක් නෑ ගෙදර වැඩ අහගන්න ෆෝන් එකෙ සල්ලි නෑ

    මොන තරම් තිබු නමුත් අගහිගත් සිට බාලෙ කිසි දිනෙක මඟ හැරුනෙ නෑ මගෙන් ස්කෝලෙ හුඟ දෙනෙක් ඇඹරෙද්දි නුඹ ගණන් දුන් වේලෙ මම නේද හදන්නෙම නැතිව කිසි සබකෝලෙ?

    යහළුවන් ඔන්ලයින් විත් ඉගෙන ගත්තාට මඟ හැරෙන පාඩමට මං අඬනවා රෑට ස්කෝලෙ ඇරෙන තුරු ආයෙ අපි වගෙ අයට ඉඳ හිටලවත් මාව මතක් වෙනවද ටීච……?”

    මේ සාගරිකා ධර්මබන්ධු ගේ කවියකි. එය උපුටා ගත්තේ මුහුණු පොතෙනි. ‘ආදරණීය ටීචර්’ යනු එ කවියේ මාතෘකාවය. ඉතිරිය පද හතර ගානේ එකතු කොට කියවන්න. ඔබේ දෙ ඇස්වල පිරෙන කදුළුවලට බිම වැටෙන්නට ඉඩ දෙන්න. මේ කවිය විසි වතාවක් පමණ කියෙව්වද ඇසට නැගෙන කඳුළු නම් නවතා ගැනීම අපහසුමය.

    ඒ තරමටම හැගීම්බර නො වුනත් අපේ රටේ ඉස්කෝල ක්‍රමයේ ඇත්ත පින්තුරය මතකයට දනවන තවත් ගීතයක් වන්නේ ප්‍රදීපා ධර්මදාස ගයන “මේන් අපේ ඉස්කෝලේ” ය. එහි පද රචනය මහාචාර්ය සුනිල් ආරියරත්න ගේ ය. එයත් කියවා ගැනීම හෝ ඇසීම අපේ සාකච්ඡාවට උපකාරයකි.

    “මේන් අපේ ඉස්කෝලේ රන් රුවයි රැස් මාලේ රෑන් පිටින් අපි ආවේ පහන් වැටක සිරියාවේ වැස්සට ගඟ ආවත් පන්ති වලට…

    අවුවට ඉර වැටුණත් හිස් මුදුනට වෙඩි පිට වෙඩි ඇහුණත් පැයෙන් පැයට අපි ආදරෙයි අපේ ඉස්කෝලෙට…

    කුඹුරේ වැඩ තිබුණත් යලට මහට එනවා හැමදාමත් පන්ති වලට ඩෙස්ක්පුටු බංකු නැතත් ඉදගන්නට අපි ආදරෙයි අපේ ඉස්කෝලෙට…

    ලස්සන සාරි නැතත් ටීචර්ලට මූණට එළිය ඇවිත් පින් පාටට කැන්දන් යන්න අපිව හෙට ලෝකෙට අපි ආදරෙයි අපේ ඉස්කෝලෙට… ” යනු ඒ ගීතය ය.

    මේ දවස්වල ඒ ඉස්කෝලේ නැත. ඒ වෙනුවට සයිබර් අහසට ඇවිත් ඉන්නේ ඔන්ලයින් ටීචර්ලා ය. ඒ ටීචර්ලා ව බිමට ගන්න හැමෝටම බැරිය. වයි ෆයි, ඩොන්ගල්, කොම්පියුටර්, ලැප්ටොප්, අයිපෑඩ්, නිකම් ෆෝන් නොව ස්මාර්ට් ෆෝන් සහ සිග්නල් නැමති කෙකි තිබුනොත් පමණි ඒ ටීචර්ලා බිමට වඩම්මවා ගත හැක්කේ. ගැටලුව වන්නේ මේ කෝකටත් සල්ලි ඕනෑ වීම ය. ක්‍රය ශක්තිය ඕනෑ වීමය.

    ලංකාවේ ජනසමාජය සමමිතික නැත අසමමිතිකය, සමාන නැත විෂමය. මසක පවුලක නඩත්තුව රුපියල් පන්දහසකින් (5000) පිරිමසා ගැනීමට වෙර දරන පවුල් ඉන්නා රටක, දිනකට රුපියල් හත්දහස් පන්සියයක් (7500) ගෙවා නිරෝධායනය සඳහා තරුපහේ හෝටල්වලට පවා, අකමැත්තෙන් යන අය  දෙස බලන විට ඒ විෂමතාව මනාව වටහා ගත හැක.

    මෙරට ජනගහණය අති ආදායම් ලබන පන්තිය, ඉහළ ආදායම් ලබන පන්තිය, මැදි ආදායම් ලබන පන්තිය, පහළ ආදායම් ලබන පන්තිය, සුළු ආදායම් ලබන පන්තිය සහ කිසිදු ආදායමක් නොලබන පන්තිය යනුවෙන් වර්ග කළ හැකිය. 2016 කුටුම්භ ආදායම් සහ වියදම් සමීක්ෂණයට අනුව මූලික අවශ්‍යතාවත් සපුරා ගත නොහැකි, එනම් එක් පුද්ගලයෙකුට අවශ්‍ය කැලරි ප්‍රමාණය සපයා ගත නොහැකි ආහාර දරිද්‍රතාවය සහ අනෙකුත් මූලික භෞතික අවශ්‍යතා සපුරා ගත නොහැකි අහාර නොවන දරිද්‍රතාව සහිත සම්පුර්ණ දිළිඳු පවුල් ප්‍රමාණය එක්ලක්ෂ හැට නවදාස් තුන්සිය අනූ දෙකකි (1,69,392). පුද්ගල සංඛ්‍යාව අට ලක්ෂ හතළිස් තුන් දහස් නවසිය දහ තුනකි (8,43,913). එනම්  මාසික ඒක පුද්ගල පරිභෝජන වියදම රුපියල් 4,166 කට අඩු පුද්ගලයින්ගේ ගණන 8,43,913 කි.

    මාසිකව රුපියල් 3,923.87 ක් සහනාධාර ලබන සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව 13,84,021 කි. ඒ 2018 වර්ෂයේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රගති වාර්තාවට අනුව ය. මේ දිළිඳු   පවුල්වලින් මොන්ටිසෝරි, පාසල් සහ විශ්වවිද්‍යාලවලට යන දරුවන් ට වයි ෆයි, ඩොන්ගල්, කොම්පියුටර්, ලැප්ටොප්, අයිපෑඩ්, ස්මාර්ට් ෆෝන්, සිග්නල් තබා පොතක් පතක් තියාගන්න හරිහමන් ලෑලි තට්ටුවක් වත් නැත

    මාසිකව රුපියල් 3,923.87 ක් සහනාධාර ලබන සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව 13,84,021 කි. ඒ 2018 වර්ෂයේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රගති වාර්තාවට අනුව ය. මේ දිළිඳු   පවුල්වලින් මොන්ටිසෝරි, පාසල් සහ විශ්වවිද්‍යාලවලට යන දරුවන් ට වයි ෆයි, ඩොන්ගල්, කොම්පියුටර්, ලැප්ටොප්, අයිපෑඩ්, ස්මාර්ට් ෆෝන්, සිග්නල් තබා පොතක් පතක් තියාගන්න හරිහමන් ලෑලි තට්ටුවක් වත් නැත. එවැනි පසුබිමක ක්‍රියාත්මක ඔන්ලයින් ටීචින් මෙහෙයුම විසින් මා සිහියට නගන්නේ කුඩා කල අපේ අම්මා කියන කතාවකි.

    වියලුව, ඒ කොළඹ දේශපාලනයට පාර්ලිමේන්තුකරුවෙකු හෝ කාරියක ගෙන්වා ගැනීමට  සීමා මායිම් ලකුණු කොට ඇති මගේ දේශපාලන කොට්ඨාශය ය. ආසනය ය. මා ඉපදුන ගම ඒ වියලුවේ කරමැටිය ය. එය දේශපාලන හෝ පරිපාලන කොට්ඨාශයක් හෝ වසමක් හෝ නම් කිරීමට යොදා ගෙන නැති නමක් ය.

    ජනවාරියේ නොකඩවා දින ගණනක් ගමට ඇදහැලෙන ධාරානිපාත වැස්ස දිහා බලා ගෙන, දිළිඳු ගෞරවනීය ගෙවිලියක වූ අපේ අම්මා කියන කියමනක් වේ. “හත් දා හත් දුරුත්තේ වහින්නේ ඇත්තෝ කාපියව් නැත්තෝ මැරියව් කියලනේ පුතේ” යනු ඒ කියමනයි.

    ඔන්ලයින් ටීචින් වෙළෙඳපොල ද ඒ වගේ ය. ක්‍රය ශක්තිය නැතහොත් මිළ දී ගැනීමේ හැකියාව ‘ඇත්තෝ ඉගෙන ගනිව් නැත්තෝ හුල්ලපියව්, හඬපියව්’ යනු එහි විධාන පාඨය ය.  

    මේ විධානය අපට ඇසෙන්නේ වෙන විදියකටය. එනම්, හැමෝටම ඔය පහසුකම් දැන් තියෙනවා, ඒ නිසා මේ ක්‍රමය කොරෝනා කාලේ විතරක් නොව ඊට පසුත් දිගටම පවත්වාගෙන යමව්, යන ආකාරයටය. ඇමරිකා එකසත් ජනපද ආරක්ෂක ලේකම් වරයාව සිට පසුව ලෝක බැංකුවේ අධිපති බවට පත් වූ රොබට් මැක්නමාරා ගේ ප්‍රකාශිත අරමුණ වූයේ ලෝකයේ සෑම තැනකම සිටින ඉතාම දිළිඳු ගොවියා පවා ලෝක වෙළඳපොළට සම්බන්ධ කර ගැනීමය.

    නමුත් එහි අප්‍රකාශිත සැබෑ අරමුණ වූයේ ඒ සෑම දිළිඳු ගොවියෙක් ම විතරක් නොව සියලු ආකාරයේ ම පුද්ගලයින් ගෝලීය වෙළඳපොලේ ඍජු සහ වක්‍ර වහලුන් බවට පත්කර ගැනීමය. එනම් නින්දා සහගත සහ නම්බුකාර වහලුන් බවට පත් කර ගැනීමය. මේ  නම්බුකාර වහලුන් විකිනෙන්නේ ලක්ෂ නොව මිලියන ගණන්වලටය, මහා තනතුරුවලට ය.

    අද බොහෝ රටවල ප්‍රතිපත්ති තීරණ ගනු ලබන්නේ  හෝ ඒවාට තීරණාත්මක බලපෑම් කරන්නේ වෙළඳපොළ පැවැත්මට පසඟ පිහිටුවා දණ නමස්කාර කරන මේ නම්බුකාර වහලුන් ය. ඔවුන්ගේ අවධානය ස්වකීය නම්බුකාර වහලුන් ගැන නැතහොත් ඒ පන්තිය ගැන මිස අවනම්බුකාර නින්දා සහගත යන එන මං නැති වහලුන් ගැන නොවේය.

    නින්දා සහගත වහලුන් ඒ ප්‍රතිපත්ති තීරණ නිසා සදාකාලික පීඩාවෙන් යුත් පීඩිතයින් ම ය. ‘දුවන්නන් වාලේ කෙට එළදෙනකුත් දිව්වා’ යන කියමන මතක් වෙන්නේ අර නම්බුකාර වහලුන්ට ආවඩන අනුවයන මැද හෝ අතරමැද වහලුන් ද සිටින නිසා ය.  

    Photo of teenage boy doing homework at home

    වෙළඳපොළ තර්කනය මත පදනම්ව, බිලියන ගණනක් වූ මේ නින්දා සහගත පීඩිත වහලුන් සිතාමතාම නොසලකා හැරීම සහ මග හැර යෑම මේ වනවිට ලෝක පුරුද්දක් වී ඇත. ලෝකයේ දියුණු නොදියුණු සියලු රටවල් අසරණයින් සහ පීඩිතයින් නොසලකා හැරීම සහ මගහැර යෑම අතින් එක හා සමානය.  වෙළඳාම කේන්ද්‍රීය මේ ප්‍රතිපත්ති තීරණ නිසා ලෝකයේ සෑම රටකම මිලියන ගණනින් පුද්ගලයින්ගේ රැකියා, කොරෝනාවලට පෙරත් කොරෝනා කාලයේත් ඉන් පසුවත් අහිමි වෙන්නේ දැනටමත් ඒ රටවල ඇති මිලියන ගණනින් වූ රැකියා වියුක්ති මට්ටම තුන් හතර ගුණයකින් වැඩි කරමිනි. මේ මා ඉහත කියූ මග හැරීමේ සහ නොසලකා හැරීමේ ප්‍රථිපල ය.

    කොරෝනා කාලයේ වෙළඳපොළ කේන්ද්‍රීය ප්‍රතිපත්ති තීන්දු මගින්, තීරණාත්මකව නොසලකා හරින, මග හරින අලුත්ම කණ්ඩායම සිසුන් ය. ක්‍රය ශක්තිය නැතහොත් මිළ දී ගැනීමේ හැකියාව ‘ඇත්තෝ ඉගෙන ගනිව් නැත්තෝ හුල්ලපියව්, හඬපියව්’ යන ඉහත විධානය නැවත සිහියට ගනිමු.

    1948 මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයට අනුව සෑම අයෙකුටම අධ්‍යාපනය ලැබීමේ උල්ලංඝනය කල නොහැකි අයිතියක් ඇත. මෙම අයිතිය, විශේෂයෙන්ම රාජ්‍යයකට කිසිසේත් මග හැර යා නොහැකිය. මේ විශ්ව ප්‍රකාශණයට ගරු කරන රටවල් තම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවලට  ජනයාගේ මුලික අයිතීන් පිලිබඳ වගන්ති එකතු කිරීම සුලබ කරුණක් විය.

    ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද ඊට ගරුකොට ව්‍යවස්ථාවේ පස්වැනි පරිච්ඡේදය ඒ සඳහා ම වෙන්කොට ඇත. වගන්ති කීපයකින් යුත් ඒ පරිච්ඡේදයේ 27(2) ඌ වගන්තියට අනුව “නූගත්කම සහමුලින්ම තුරන් කිරීම සහ සියලු තැනැත්තන්ට අධ්‍යාපනයේ සෑම අවස්ථාවක දී ම සර්ව සාධාරණ හා සමාන ඉඩප්‍රස්තා ලබා ගැනීමේ අයිතිය සහතික කිරීම” ට රජය ඇප කැප වී ඇත්තේ ය.

    එසේම පුරවැසියන්ට දියුණු වීමට සම අවස්ථා සැලසීම, ළමුන් සහ තරුණයින් වෙනස්කම්වලට පාත්‍ර කිරීමෙන් ආරක්ෂා කිරීම සහ ඔවුනගේ ශුභ සිද්ධිය සැලසීම රාජ්‍යයේ වගකීම බව එහි  6 සහ 13 වගන්තිවල සඳහන්ය.   

    ඔන්ලයින් අධ්‍යාපනය ගැන අප සලකා බැලිය යුත්තේ මෙවැනි පසුබිමකය. 2017 මහබැංකු වාර්තාවට අනුව මෙරට ශිෂ්‍ය සංඛ්‍යාව හතළිස්පන්ලක්ෂ හතළිස්එක්දහස් අසුදෙකකි (45,41,082). මේ අයගෙන් කී දෙනෙකුට ඔන්ලයින් ටීචින් වෙළඳපොළ සමඟ සම්බන්ධ වීමේ ක්‍රය ශක්තිය තිබෙනවාද නැත්ද යන්න ඉහත සඳහන් කල සංඛ්‍යාදත්ත තුළින් අපට මනාව පැහැදිළි වන්නකි. නමුත් මේ මොහොතේ ධනේශ්වර අර්බුධයේ අලුමතින් නැගිටින කොරෝනා ධනවාදය ශ්‍රම ශක්තිය නැතිවුන් සහ ක්‍රය ශක්තිය නැතිවුන් මිහිමතින් අතුගා දැමීමේ මෙහෙයුමක නිරතව සිටී.

    මොන්ටිසෝරි දරුවන්ගේ සිට පශ්චාත් උපාධි සිසුන් දක්වා ක්‍රියාත්මක ඔන්ලයින් ටීචින් යනු එකී මෙහෙයුමේ එක් පෙරමුණක් යැයි සිතීම වැරදිද?

    “ආදරණීය ටීචර්” කවියෙන් ප්‍රකාශ වන්නේ ඒ මෙහෙයුමෙන් පීඩාවට අසරණකමට ලක්වී පැත්තකට තල්ලුවී කොන් වී රාජ්‍යය වෙතින් ඈත් වී මියයමින් සිටින පරපුරක හෝ සමාජ තීරුවක විලාපය හෝ සාපය යැයි මට සිතේ. ඒ විලාපයෙන් ඇහෙන්නේ ප්‍රදීපා ධර්මදාස ගයන “මේන් අපේ ඉස්කෝලේ” නොව දුගී දුප්පත් දරුවන්ගෙන් ගිලිහී ඈතට යන ‘ආන් අපේ ඉස්කෝලේ’ යන්නය.

    මේ විලාපය සහ සාපය මැදින් නැගිටින ඔන්ලයින් කොම්පැණි සිහි ගන්වන්නේ 2007 දී නයෝමි ක්ලයින් ඉදිරිපත් කළ “ආපදා ධනවාදය’ පිලිබඳ අදහසය. මතභේදාත්මක හා සැක සහිත වෙළඳපොළ කේන්ද්‍රීය නව-ලිබරල් ධනේශ්වර ප්‍රතිපත්ති පරීක්ෂාවට ලක් කිරීම සහ ස්ථාපිත කිරීම සඳහා ආපදා යොදාගන්නා ආකාරයත් පොදුජන මනස වෙන පැත්තකට යොමුකරවන ආකාරයත් බෙහෙවින්ම උපක්‍රමික ය. ඒ නිසා මේ මොහොත මා නම් කරන්නේ ‘කොරෝනා ධනවාදය’ ලෙසය.

    මුද්‍රණ ශිල්ප ධනවාදය ගැන කියූ බෙනඩික්ට් ඇන්ඩර්සන් අනුව ගොස් නම් කළොත් මේ ‘ඔන්ලයින් ධනවාදය’ ය. ධනවාදය කොරෝනා නිසා මිය යන්නේ නැත. එය කොරෝනා පොහොරට ගෙන නව රුපකායක් නිර්මාණය කර ගනිමින් පෝෂණය වෙයි. ඒ රූපකාය ලිබරල් ප්‍රතිමාන වලලා දමන්නේ ගුණ කථනයක් තබා පෙට්ටියක් වත් නොමැතිව ගැඹුරු හුදකලාවක ය. ආදරණීය ටීචර්, දරුවන්ට ඉස්කෝලය වත් ඉතුරු කරන්න.

    ධම්ම දිසානායක