Blog

  • ‘වසංගතය කොවිඩ් 19 ලොව සසල කරයි’ කෘතියේ 03 වන කොටස

    ‘වසංගතය කොවිඩ් 19 ලොව සසල කරයි’ කෘතියේ 03 වන කොටස

    ස්ලේවෝයී ශිෂෙක් ලියූ “වසංගතය! කොවිඩ් 19 ලොව සසල කරයි” කෘතියේ අන්තර්ගතය සරල සිංහලෙන් -03 වන කොටස

    ශිෂෙක් තම කෘතියේ දෙවන පරිච්ජේදය අරඹන්නේ ඉතාම සරල ප්‍රශ්නයක් විමසමිනි. “අපට මෙතරම් වෙහෙසක් දැනෙමින් තිබෙන්නේ ඇයි?”

    අප මේ ගත කරන දීර්ඝ නිරෝධායන කාල පරිච්ජේදය තුළ සිරුරට ඔරොත්තු නොදෙන තරමට ඉතාම පීඩාකාරී කොන්දේසි යටතේ වැඩ කරන වෛද්‍යවරුන් ඇතුළු සහන සේවකයන්ගේ වෙහෙස අපට වටහාගත හැකිය. නමුත්, දැන් කිසිවක් නොකර නිවෙස්වලට වී සිටින්නට බල කෙරුණු බහුතරයක් වන අපද මෙතෙක් ගත කරමින් සිටියේ වෙහෙසට පත් ජීවිත  නොවේද?

    ශිෂෙක් වෙහෙස පිළිබඳ මෙම ප්‍රශ්නය මතු කරන්නේ එය දාර්ශනික කිරීම පිණිස නොවේ. මෑතකදී පැවති සම්මුඛ සාකච්ජා කිහිපයකදීම ඔහු නැවත නැවතත් අවධාරණය කළේ මේ කොරෝනා වසංගතය ඇසුරින් අපගේ පැවැත්ම පිළිබඳ කිසියම් ගැඹුරු ආධ්‍යාත්මික අවබෝධයක් ලැබීමට කෙරෙන යෝජනා තමන් පිළිකෙව් කරන බවයි.

    සිදුව ඇත්තේ ඉමහත් ව්‍යසනයකි. මිනිසුන් දරුණු ලෙස පීඩා විඳිමින් සිටී. ඉදිරියේදී එන සමාජ ආර්ථික සහ දේශපාලනික අර්බුද තුළ අප මීටත් වඩා පීඩා විඳිනු ඇත. මෙහි ඇති ආධ්‍යාත්මික හෝ දාර්ශනික අටමගලයක් නැත. දැන් මහජන බුද්ධිමතුන් විසින් කළ යුතුව ඇත්තේ මේ මහා අර්බුදය වටහා ගැනීමේත් එයට මුහුණ දීමේත් මාර්ග සෙවීමට තම බුද්ධිමය ශ්‍රමය මුළුමනින්ම කැප කිරීමයි. අප ඒ වෙනුවෙන් වෙහෙස නොබලා වැඩ කළ යුතුය. 

    ශිෂෙක්ගේ කෘතියද එවන් අවෙහෙසකර මහජන බුද්ධිමතෙකුගේ මැදිහත් වීමකි. ඔහු අපගේ ජීවිත අරක් ගත් නිමක් නැති වෙහෙස තේරුම් කරන්නේ වියුක්ත දාර්ශනික සංකල්පනා අතර සැරිසරමින් නොවේ. ඒ වෙනුවට දේශපාලන ආර්ථිකය නමැති විෂය ක්ෂේත්‍රයේ හැදෑරීම් ඇසුරු කරමින්ය. කොටින්ම, නව-ලිබරල්වාදය තුළ මිනිසුන්ගේ ශ්‍රමය සංවිධානය කෙරෙන ආකාරය පිළිබඳ විශ්ලේෂණයක් ඇසුරිනි. ඔහු ඒ සමගම සුඛනම්‍ය ලෙස එම තේරුම් කිරීම කොරෝනා යුගයේ සමාජ ජීවිතය සමග ගලපයි.       

               කොරෝනා වසංගතය සමයේ අපගේ දෛනික ජීවිතය තුළ අප සමග රැඳී සිටින, අපට අභිමුඛ වන චරිත දෙවර්ගයක් ඇත. එක් චරිත කාණ්ඩයක් වන්නේ වෙහෙසින් පරිපීඩිත වන තරමට අධික ලෙස වැඩ කරන වෛද්‍ය කාර්ය මණ්ඩල සහ රෝගීන් බලා කියා ගන්නන්ය. අනෙක් කාණ්ඩය වන්නේ ස්ව-කැමැත්තෙන් හෝ බලෙන් නිවෙස්වලට කොටු කරනු ලැබීම නිසා කරන්නට කිසිවක් නොමැති අයවළුන්ය. 

    දෙවන පරිච්ජේදය 

    අප මෙතරම් වෙහෙසට පත්ව සිටින්නේ ඇයි?  

    කොරෝනා වසංගතය සමයේ අපගේ දෛනික ජීවිතය තුළ අප සමග රැඳී සිටින, අපට අභිමුඛ වන චරිත දෙවර්ගයක් ඇත. එක් චරිත කාණ්ඩයක් වන්නේ වෙහෙසින් පරිපීඩිත වන තරමට අධික ලෙස වැඩ කරන වෛද්‍ය කාර්ය මණ්ඩල සහ රෝගීන් බලා කියා ගන්නන්ය. අනෙක් කාණ්ඩය වන්නේ ස්ව-කැමැත්තෙන් හෝ බලෙන් නිවෙස්වලට කොටු කරනු ලැබීම නිසා කරන්නට කිසිවක් නොමැති අයවළුන්ය. 

    ශිෂෙක් පවසන්නේ දෙවන කාණ්ඩයට අයත් වූවෙකු වන ඔහු මේ දුර්දසාව භාවිත කරන්නේ මිනිසුන් වෙහෙසට පත් වන වෙනස් ආකාරයන් ගැන ආපසු හැරී බැලීම සඳහා බවයි. බලෙන් අප මත පැණ වූ අක්‍රියතාව යනු එකකි. අප වෙහෙස වීම යනු තව එකකි. ඒ දෙක අතරැති ප්‍රකට පරස්පරතාව තමන් දැනට නොතකා හරින බව ඔහු පවසයි. 

    වෙහෙස වීම හුදෙකලාව නොගන්නා ඔහු එය තේරුම් කිරීම සඳහා දේශපාලන ආර්ථිකය වෙත හැරේ. ඔහු මෙහිදී ප්‍රථමයෙන් බ්යුන්ග් චුල් හාන් නැමැත්තා කළ විශ්ලේෂණයක් උපුටා දක්වයි.

    හාන් අප විඩාවට පත් සමාජයක් තුළ ජීවත් වන්නේ කෙසේද සහ මන්ද යන කාරණය විධිමත්ව සලකා බලයි. හාන් පවසන්නේ නව-ලිබරල් ක්‍රමය තුළ අප එක්වරම කැප වන්නන් සේම පූජා කරන්නන්ද බවට පත් වන බවය; මන්ද යත්, මේ ආර්ථික ක්‍රමය තුළ අපව මෙහෙයවනු ලබන්නේ අසමත් නොවී දිගටම පැවතීම සඳහා කෙරෙන ඉල්ලුමෙනි; එසේම කාර්යක්ෂමතාව සඳහා වූ විජිගීෂාවේ ඉල්ලුමෙනි.

    එසේම අප එහිදී සීමා මායිම් ලකුණු කිරීමේ, ස්වයං-සූරාකෑමට ලක් වීමේ සහ විනාශ මුඛයට ඇද වැටීමේ දිය සුළියකට ඇතුල් වේ. නිෂ්පාදනය ඇතැම් විට ද්‍රව්‍යාත්මක නොවන්නක් වේ; එවන් විටෙක සෑම අයෙකුම සතුව නිෂ්පාදන උපකරණ තිබේ (කාල් මාක්ස් පැවසුවේ ධනවාදය තුළ නිෂ්පාදන උපකරණ හිමිව ඇත්තේ ධනපති පංතියට පමණක් බවය. නමුත් වත්මනෙහි විශේෂයෙන්ම ද්‍රව්‍යාත්මක නොවන නිෂ්පාදනවලට අදාළව ගත හොත් එම තත්ත්වය වෙනස්ව ඇතැයි ඇතැමුන් පවසති. නිදසුනක් ලෙස, ඔබ මුහුණු පොතේ යම් පෝස්ටුවක් දමන විට එය මුහුණු පොත් සමාගමේ හිමිකරුවා වන මාක් සකර්බග්ගේ ලාභ ඉපැයීමට දායක වීමකි. ඔබ දමන පෝස්ටුව ද්‍රව්‍යාත්මක නොවන නිෂ්පාදනයකි. එය නිපදවීමේ උපකරණ ඔබ සතුය. නමුත්, එයින් ප්‍රාග්ධනය සමුච්චනය කරගන්නේ වෙනෙකෙකි. ශිෂෙක් ඔහුගේ වෙනත් කෘතිවලදී මෙය දීර්ඝව පැහැදිලි කොට තිබේ – පරිවර්තකගේ පැහැදිලි කිරීම). 

    හාන්ට අනුව, නව-ලිබරල් ක්‍රමය තවදුරටත් නියම අරුතින් පංති ක්‍රමයක් නොවේ. එය අන්‍යොන්‍යව පසමිතුරුතාවක් ප්‍රකට කරන පංතීන්ගෙන් සැදුම් ලද්දක් නොවේ. මෙය ක්‍රමයේ ස්ථාවරත්වය සම්බන්ධයෙන් වූ වාර්තාවකි.” 

    හාන්ගේ තර්කය වන්නේ මිනිසුන් දැන් ස්වයං-සූරා කන්නන් බවට පරිවර්තනය වී ඇති බවයි.

    “අද දිනයේ සෑම අයෙක්ම ඔහුගේ හෝ ඇයගේ ව්‍යවසායෙහි ස්වයං-සූරාකෑමට ලක් වන කම්කරුවෙකු වේ. දැන් මිනිසුන් එක්විටම වහලුන් සහ වහල් හිමියන් වේ. පංති අරගලය පවා තමන් සමගම කරන ඇතුළාන්ත අරගලයක් බවට පරිවර්තනය වී තිබේ.”

    පුද්ගලයා හාන් පවසන ආකාරයේ ඉලක්ක ජය ගන්නා විෂයක් බවට පත්ව තිබේ. පුද්ගලයන් තමන් යටත් භාවයට පත් කරන ලද විෂයන් බව විශ්වාස නොකරයි.

    ” ඔවුන් දැන් ව්‍යාපෘතීන් වී ඇත. අප අපවම නිතරම නැවත හැඩ ගසා ගන්නෙමු; අපව නැවත සොයා ගන්නෙමු. එහි යම් බල කිරීමක් සහ බාධා කිරීමක් අන්තර්ගතය. සැබවින්ම, එය වඩා කාර්යක්ෂම ආකාරයේ විෂයීකරණයක් සහ යටත් කිරීමක් කරා ගමන් කිරීමකි. ව්‍යාපෘතියක් පරිබාහිර සහ පිටස්තර සීමාවලින් නිදහස් යැයි සැලකේ. එලෙසම (ව්‍යාපෘතියක් වන) මමද දැන් මාව අභ්‍යන්තර සීමාවලට සහ ස්වයං-බාධාකිරීම් වලට යටත් කර ගන්නෙමි. මා විසින් මටම පණවාගත් එම සීමාවන් සහ බාධාවන් යම් යම් ඉලක්ක සැපිරීමට කෙරෙන බල කිරීම්වල ස්වරූපය ගනී; ප්‍රශස්ත ප්‍රතිපල අත්පත් කරගැනීමට කෙරෙන බල කිරීම්වල ස්වරූපය ගනී. 

    හාන් මෙලෙස විෂයීකරණයේ නව මාදිලීන් පිළිබඳව නිරවුල් නිරීක්ෂණ කිහිපයක් ගෙන හැර දක්වයි; අපට එයින් උගත හැකි බොහෝ දේ ඇතැයි ශිෂෙක් පවසයි. ශිෂෙක්ට අනුව, හාන් මේ හෙළිදරව් කරන්නේ සුපිරි අහමේ වත්මන් ආකාරයයි. කෙසේ වුවත් ඔහු හාන් සමග මුළුමනින්ම එකඟ වන්නේද නැත. එබැවින් ඔහු ඉන්පසුව හාන්ගේ විශ්ලේෂණය පිළිබඳව විවේචනාත්මක තර්ක කිහිපයක් ඉදිරිපත් කරයි. 

    ශිෂෙක් පළමුව පෙන්වා දෙන්නේ සීමාවන් සහ බාධා කිරීම් එන්නේ නිශ්චිතවම ඇතුළාන්තයෙන් පමණක් නොවන බවයි. චර්යාව පිළිබඳ නව දැඩි නීති පැණවීම් තිබේ; විශේෂයෙන්ම “බුද්ධිමය” පංතියේ සාමාජිකයන් සම්බන්ධයෙන් ගත් කල එය එසේය. ඔහු මෙහිදී “දේශපාලන නිවැරදිභාවය” පිළිබඳ චර්යාමය නීතීන් ගැන නිදසුනක් ලෙස ගෙන හැර දක්වයි. (ශිෂෙක් “දේශපාලන නිවැරදිභාවය” පිළිබඳ ලිබරල්-වාම සම්මුතීන් තියුණු ලෙස විවේචනය කරන්නෙකු බව නොරහසකි). ඔහු මෙහිදී පෙන්වා දෙන්නේ මහජන අවකාශවලදී දේශපාලනමය නිවැරදිභාවයේ රීතින් අනුගමනය කරන්නට සිදු වීම “තමන් සමගම අරගල කිරීමක්” බවයි; ඒ “වැරදි” පෙළඹවීම්වලට එරෙහිව තමන් සමගම කරන අරගලයකි.                                         

    ඉන්පසුව ඔහු බාහිර බාධාවන් පිළිබඳව කදිම නිදසුනක් ඉදිරිපත් කරයි. වසර කිහිපයකට පෙර උදි අලෝනි නම් සිනමාකරුවා “Jenin Freedom Theatre” නමැති පලස්තීන කණ්ඩායම වෙනුවෙන් නිව් යෝර්ක් වෙත සංචාරයක් සංවිධානය කළේය. එම සංචාරය පිළිබඳ වාර්තාවක් “නිව් යෝර්ක් ටයිම්ස්” සඟරාවේ පළ විය. නමුත්, ඉතාම කුඩා කාරණයක් නිසා එය පළ නොවන ගානටම ගියේය. එකරුණ මෙයයි; ඔහුගේ කැමතිම ප්‍රකාශනය කුමක්දැයි විමසූ විට ඔහු තමන් සංස්කරණය කළ පොතක  වෙළුමක් සඳහන් කළේය. නමුත්, ගැටළුව වූයේ එම පොතේ අනු මාතෘකාව තුළ “ද්විත්ව-ජාතික” යන යෙදුම සඳහන්ව තිබීමයි (මෙය ඊශ්‍රායලය සහ පලස්තීනය අතරැති ගැටුමට අදාළව සංවේදී යෙදුමකි – පරිවර්තක). ඊශ්‍රායල් ආණ්ඩුව අමනාප කර ගන්නට බිය වූ “ටයිම්ස්” සඟරාව ඔහුගෙන් ඉල්ලා සිටියේ එම වචනය මකා දමන ලෙසය. නොඑසේනම්, අදාළ වාර්තාව පළ කළ නොහැකි වෙතැයි දන්වන ලදී.

    පීටර් හැන්කේ බොස්නියාව තුළ සර්බ් මිලිටරි මෙහෙයුම්වලට විවෘතවම එකඟ වන විටදීත් ඔහුට 2019 දී සාහිත්‍ය පිළිබඳ නෝබල් ත්‍යාගය හිමි විය; නමුත්, ඊශ්‍රායලය පලස්තීනයේ බටහිර ඉවුර ප්‍රදේශයේ සිදු කරන දේශපාලන කටයුතුවලට එරෙහි සාමකාමී විරෝධයකට සහයෝගය දැක්වීම නිසා කැමිලා ශම්සී හට ජයග්‍රහණය අහිමි කෙරිණ. 

    බ්‍රිතාන්‍ය පාකිස්තාන ජාතික ලේඛිකාවක වන කැමිලා ශම්සී “Home Fire” නමින් නවකතාවක් ලියුවාය. එය ඇන්ටිගනී කතාවෙහි ඉතාම සාර්ථක ලෙස නූතනකරණය කරන ලද අනුවාදයකි. එයට ජාත්‍යන්තර සම්මාන කිහිපයක්ම හිමි විය. ඩෝර්ට්මුන්ඩ් නමැති ජර්මානු නගරය විසින් පිරිණමනු ලබන නෙලී සැච්ස් ත්‍යාගයද ඒ අතර විය

    ශිෂෙක් ඉන්පසුව ඔහුට සුපුරුදු ශෛලියෙන් තවත් නිදසුනක් වෙත හැරේ. එය වඩාත් මෑතකාලීන නිදසුනකි. බ්‍රිතාන්‍ය පාකිස්තාන ජාතික ලේඛිකාවක වන කැමිලා ශම්සී “Home Fire” නමින් නවකතාවක් ලියුවාය. එය ඇන්ටිගනී කතාවෙහි ඉතාම සාර්ථක ලෙස නූතනකරණය කරන ලද අනුවාදයකි. එයට ජාත්‍යන්තර සම්මාන කිහිපයක්ම හිමි විය. ඩෝර්ට්මුන්ඩ් නමැති ජර්මානු නගරය විසින් පිරිණමනු ලබන නෙලී සැච්ස් ත්‍යාගයද ඒ අතර විය.

    කෙසේ වුවද, ශම්සී පලස්තීන හිතවාදී BDS (Boycott, Divestment and Sanctions: BDS) ව්‍යාපාරයට සහාය දැක්වූ බව දැනගත් වහාම ඇයගේ ත්‍යාගය ඇයට අහිමි කරන ලදී. ඒ සඳහා දක්වන ලද හේතු දැක්වීම වූයේ ඇයට එම ත්‍යාගය පිරිනමණ විට ඇය 2014 වසරේ සිටම ඊශ්‍රායල් ආණ්ඩුවේ පලස්තීන ප්‍රතිපත්තියට එරෙහිව වර්ජන ක්‍රියාමාර්ගයකට සහභාගී වෙමින් සිටි බව ජූරි මණ්ඩලය දැන නොසිටි බවයි. අද අප සිටින්නේ මෙවන් තැනකය; ශිෂෙක් පවසයි.

    පීටර් හැන්කේ බොස්නියාව තුළ සර්බ් මිලිටරි මෙහෙයුම්වලට විවෘතවම එකඟ වන විටදීත් ඔහුට 2019 දී සාහිත්‍ය පිළිබඳ නෝබල් ත්‍යාගය හිමි විය; නමුත්, ඊශ්‍රායලය පලස්තීනයේ බටහිර ඉවුර ප්‍රදේශයේ සිදු කරන දේශපාලන කටයුතුවලට එරෙහි සාමකාමී විරෝධයකට සහයෝගය දැක්වීම නිසා කැමිලා ශම්සී හට ජයග්‍රහණය අහිමි කෙරිණ. 

    ශිෂෙක් හාන්ට කරන දෙවන විවේචනය වන්නේ හාන් විස්තර කරන නව ආකාරයේ විෂයීකරණය ගෝලීය ධනවාදයේ නව අදියර මගින් හැඩ ගැසීමට ලක් වූවක්ය යන්නයි. එකී ගෝලීය ධනවාදය වනාහී වැඩෙන අසමානතාවක් සහිත පංති ක්‍රමයකි. ඒ තුළ ඇති අරගල සහ පසමිතුරුතා කිසිසේත්ම පුද්ගලයෙකුගේ ඇතුළාන්තයේ ඇති අරගලයකට නොහොත් “තමන් සමගම කරන අරගලයකට ” ඌනනය කළ නොහැක.

    තවමත් තුන්වන ලෝකයේ රටවල කය වෙහෙසා වැඩ කරන මිලියන් ගණනක කම්කරුවන් සිටී. වෙනස් ආකාරයේ ද්‍රව්‍යමය නොවන නිපැයුම් කරන කම්කරුවන් අතරද ඉතාම විශාල වෙනස්කම් තිබේ. (මහළු පුද්ගලයන් බලා ගැනීම වැනි “මානව සේවාවන්”හි සේවයේ නිරත පිරිසගේ වර්ධනය ගැන සඳහන් කිරීම පමණක් මෙහිදී සෑහේ). සමාගමක් හිමි හෝ සමාගමක් පවත්වාගෙන යන ඉහළ මට්ටමේ කළමණාකරුවෙකු සහ තමන්ගේ පුද්ගලික පරිගණකය සමග දින ගණනාවක් නිවසේ සිට වැඩ කරන තාවකාලික කම්කරුවෙකු අතර ඇත්තේ විශාල පරතරයකි.

    ඔවුන් එකම අරුතකින් එක් විටම වහලා සහ වහල් හිමියා වන්නේ නැත; නිශ්චිතවම නැත. ශිෂෙක් මෙහිදී ෆෝඩ්වාදී කර්මාන්ත විසින් හඳුන්වා දෙන ලද භාණ්ඩ එකලස් කිරීම සඳහා කම්කරුවන් පෙළ ගැස්වීමේ ක්‍රමය වෙනුවට නව ස්වරූපයේ සමාගමික වැඩ ආදේශ වීම ගැන බොහෝ දේ ලියැවී ඇති බව සිහිපත් කරයි. වත්මන් ක්‍රමය පුද්ගලික නිර්මාණශීලීත්වයට විශාල අවකාශයක් ලබා දෙයි. කෙසේ වුවත්, ඔහු අවධාරණය කරන්නේ මෙහිදී සැබවින්ම කාර්යක්ෂම ආකාරයෙන් සිදුවෙමින් තිබෙන්නේ පැරණි ක්‍රමය නව ක්‍රමයෙන් විතැන් වීමකට වඩා එය පිටතට පැවරීමක් බවයි. නිදසුනක් ලෙස මයික්‍රොසොෆ්ට් සහ ඇපල් කර්මාන්ත වඩාත් සමාගමික ආකාරයකට සංවිධානය කොට තිබෙනවා විය හැකිය. නමුත්, චීනය තුළ හෝ ඉන්දුනීසියාව තුළ ඒවායෙහි අවසන් නිෂ්පාදන එකලස් කෙරෙනුයේ පැරණි ෆෝඩ්වාදී ක්‍රමයටමය. මෙහිදී සිදුව ඇත්තේ සරලව එකලස් පේළි ක්‍රමය පිටතට පැවරීමය.           

    ඒ අනුව, අපට දැන් නව ශ්‍රම විභජනයක් තිබේ. හාන් පැහැදිලි කරන ස්වයං-රැකියාමය සහ ස්වයං-සූරා කෑමේ ක්‍රමය පවතින්නේ සංවර්ධිත බටහිර ලෝකයේය. තුන්වන ලෝකයේ පවතින්නේ කම්කරුවන් බෙලහීනත්වයට පත් කරන එකලස් පේළි ක්‍රමයයි. මෙයට එකතු කළ යුත්තක් නම් සෑම ආකාරයකම මානව උවැටන් සේවය වර්ධනය වෙමින් තිබීමයි.

    චාලි චැප්ලින්ගේ “මොඩර්න් ටයිම්ස්” චිත්‍රපටයේ සිටින මුළු දවස පුරාම එකම යකඩ ඇණය තද කරන කම්කරුවා සිහියට නගා ගන්න

    මේ යටතට උවැටන් සේවකයන් සහ උපස්ථායකයන් වැනි අය ගැනේ. එහිද සූරා කෑම අධිකය. හාන්ගේ පැහැදිලි කිරීම යටතට වැටෙන්නේ පළමු කාණ්ඩය පමණි; එනම්, ස්වයං-රැකියා කරන අස්ථිර සේවකයන්ය. මේ ශ්‍රමික කාණ්ඩ තුනම සුවිශේෂී ආකාරයේ වෙහෙස වීම් සහ අධිකතර ලෙස වැඩ කිරීම් හඟවයි. එකලස් පේළි ක්‍රමය තුළ ඇති ඒකාකාරී ස්වභාවය කම්කරුවන්ව බෙලහීන කරයි (චාලි චැප්ලින්ගේ “මොඩර්න් ටයිම්ස්” චිත්‍රපටයේ සිටින මුළු දවස පුරාම එකම යකඩ ඇණය තද කරන කම්කරුවා සිහියට නගා ගන්න – පරිවර්තක). ෂැන්හයි පෙදෙසේ කුඩා නගරයක ඇති ෆොක්ස්කොන් කම්හලක් තුළ මේසයක් පිටුපසට වී නැවත නැවතත් එකම අයිෆෝන් එක එකලස් කරන කම්කරුවන් දරා ගත නොහැකි තරම් වෙහෙසට පත් වේ.                
    ඉහත කී වෙහෙසට වෙනස් ලෙස, මානව-උවැටන් සේවකයන් වඩාත් හෙම්බත් වන්නේ ඔවුන් සහකම්පනයකින් යුතුව වැඩ කළ යුතු යැයි අපේක්ෂා කෙරෙන බැවිනි. ඔවුන්ගේ වැඩයට අදාළ විෂය වස්තූන් ගැන ඔවුන් සැලකිලිමත් වන බව පෙන්විය යුතුය. නිදසුනක් ලෙස මොන්ටිසෝරි පාසැලක සේවකයෙකුට ගෙවනු ලබන්නේ හුදෙක් දරුවන් බලා කියා ගන්නවාට පමණක් නොවේ; ඔවුනට ආදරය පෙන්වීමටත් සමගය. මහල්ලන් හෝ රෝගීන් බලා ගන්නා අය හටද මෙය වලංගු වේ.

    “සෑම විටම කරුණාවන්ත වීම” කොතරම් පීඩාකාරී දෙයක්දැයි යමෙකුට සිතා ගත හැකිය. මේ පළමු සහ දෙවන ක්ෂේත්‍රවලදී අඩු තරමින් අපට අප නිරත වන වැඩය සමග යම් ආකාරයක අභ්‍යන්තරික දුරස්ථභාවයක් පවත්වා ගත හැකිය. දරුවෙකුට දයාබර ලෙස සැලකිය යුතු යැයි අපෙන් අපේක්ෂා කෙරෙන විටදී අප එසේ කරන බැව් හැඟවිය හැකිය. 

    නමුත්, තෙවන ක්ෂේත්‍රය අපට බල කරන්නේ ඊට වඩා ඉමහත් වෙහෙසකට පත් වීමටය. (ශිෂෙක් මේ අවධානය යොමු කරන්නේ වෙළඳ දැන්වීම් කර්මාන්තය වෙතය). යම් භාණ්ඩයක් මිළදී ගැනීමට මිනිසුන්ව පෙළඹවීම සඳහා එයට ප්‍රචාරයක් දීමට හෝ එය ඇසුරුම් කිරීමට යමෙකු සේවයට ගැනීම ගැන මදක් සිතා බලන්න. එම පුද්ගලයා අදාළ භාණ්ඩය ගණන් නොගන්නා විටදී පවා, ඔහු ඒ ගැන සිතීම පිළිකෙව් කරන විටදී පවා ඔහුට එය කරන්නට සිදුවේ. ඔහුට වඩාත් අධිකතර ලෙස නිර්මාණශීලීත්වයේ ගැලෙන්නට සිදු වේ; නව්‍යතම විසඳුම් හඳුනා ගන්නට ප්‍රයත්න දරන්නට සිදු වේ. එවන් ප්‍රයත්නයක් ඒකාකාරී එකලස් පේළියක වැඩ කිරීමට වඩා හෙම්බත් වන වැඩක් විය හැකිය. හාන් කතා කරන්නේ මේ සුවිශේෂී වෙහෙස ගැනය. 

    නමුත්, ස්වයං-සූරාකෑමට ලක් වීම මගින් වෙහෙසට පත් වන්නේ  තම නිවසේ සිට තම පරිගණක තිරය ඉදිරිපිටට වී වැඩ කරන අස්ථිර කම්කරුවන් පමණක් නොවේ. මෙහිදී සඳහන් කළ යුතු තවත් කණ්ඩායමක් සිටී. එනම්, සාමාන්‍යයෙන් “නිර්මාණාත්මක කණ්ඩායම් වැඩ කරන්නන් ” නමැති රැවටිලිකාරී යෙදුමෙන් හඳුන්වන අයවළුන්ය. මෙයින් අදහස් වන්නේ තම ඉහළ කළමනාකරුවන් හෝ සමාගම් හිමිකරුවන් වෙනුවෙන් ව්‍යවසායක කටයුතුවල නිරත වීමට සිදුව තිබෙන කම්කරුවන්ය. ඔවුහු නිෂ්පාදනය සමාජයීයව සංවිධානය කිරීමට අදාළව සහ ඒවා බෙදා හැරීමට අදාළව “නිර්මාණාත්මක” කාර්යයන්හි නිරත වෙති. එවන් සමාජ කණ්ඩායම්වල භූමිකාව ද්විත්වාකාරය. 

    Eva Bockenheimer

    (මෙහිදී ශිෂෙක් Eva Bockenheimer නමැති හේගලියානු ලේඛිකාවගේ ප්‍රකාශයක් උපුටා දක්වයි) “එක් අතකින්, කම්කරුවන් ව්‍යවසායක කාර්යයන් භාර ගැනීම මගින් ඔවුන් කරන වැඩවල සමාජමය ගති සොබාවය සහ ඒවායෙහි අර්ථවත් භාවය සමග ගණුදෙණු කරයි; ඒ ලාභ දායකත්වයේ සීමිත රාමුවක් තුළය.” (යළිත් එම උපුටනය) “ශ්‍රමය සහ ඒකාබද්ධ සමාගම් වඩා කාර්යක්ෂම ලෙසත් ලාභදායී ලෙසත් සංවිධානය කිරීමට ඇති හැකියාව සහ සමාජයීයව ප්‍රයෝජනවත් වන ශ්‍රමයේ ගති සොබාවයන් ගැන කල්පනා කිරීම මිනිස් වර්ගයාට ප්‍රයෝජනවත් වේ; ඉදිරියේදීත් ප්‍රයෝජනවත් වනු ඇත.”                       

    ඉන්පසුව ශිෂෙක් පෙන්වා දෙන්නේ ඔවුන් මේ දෙය කරන්නේ අඛණ්ඩවම ප්‍රාග්ධනයට යටහත්ව සිටිමින් බවය. ඔවුනගේ අරමුණ වන්නේ තමන් වැඩ කරන සමාගම වඩා කාර්යක්ෂම සහ ලාභදායී එකක් බවට පත් කිරීමය. ඒ ආකාරයේ “නිර්මාණශීලී කණ්ඩායම් වැඩ” ඉතාම වෙහෙසකර වන්නේ මෙම ආතතිය කරණ කොටගෙනය. ඔවුන් සමාගමේ සාර්ථකත්වය සඳහා වගකීමට බැඳී සිටී.

    ඒ අතරම ඔවුනගේ කණ්ඩායම් වැඩද එකිනෙකා අතරත් අනෙක් කණ්ඩායම් සමගත් තරඟකාරී වූ ඒවාය. ශ්‍රම ක්‍රියාවලියේ සංවිධායකයින් ලෙස ඔවුන් වැටුප් ලබන්නේ සාම්ප්‍රදායිකව ධනපතීන්ට අයත් වූ භූමිකාවක් ඉටු කිරීම වෙනුවෙනි. ඔවුන් එක් අතකින් කළමණාකරණයට අදාළ සියලුම අපහසුතා සහ වගකීම් උසුලයි; අනෙක් අතින්, වැටුප් ලබන සේවකයන් ලෙස ඔවුනගේ අනාගතයද ආරක්‍ෂිත නැත; මේ දෙලොවෙන්ම ඔවුනට හිමි වන්නේ නරකම දේය. 

    ඔහු පවසන්නේ ඉහත කී පංති විභේදනය කොරෝනා භීතිකාව තුළදී නව ගතිකත්වයක් අත් පත් කරගන්නා බවයි. දැන් අපට ආරක්ෂිතව හුදෙකලාවේ සිටිමින් නිවසේ සිට වැඩ කරන්නැයි කෙරෙන ඉල්ලීම්වල නිමක් නැත.

    දෙවන පරිච්ජේදය අවසානයේදී ශිෂෙක් ඔහුගේ ඉහත දේශපාලන ආර්ථික විශ්ලේෂණය කොරෝනා අර්බුදය යුගයේ සමාජ ජීවිතය සමග ගලපයි. ඔහු පවසන්නේ ඉහත කී පංති විභේදනය කොරෝනා භීතිකාව තුළදී නව ගතිකත්වයක් අත් පත් කරගන්නා බවයි. දැන් අපට ආරක්ෂිතව හුදෙකලාවේ සිටිමින් නිවසේ සිට වැඩ කරන්නැයි කෙරෙන ඉල්ලීම්වල නිමක් නැත.

    නමුත්, එසේ කළ හැක්කේ කුමන කණ්ඩායම්වලටද? අස්ථිර බුද්ධිමය කම්කරුවන්ට එසේ කළ හැකිය; ඊමේල් සහ ටෙලි කොන්ෆරන්ස් මගින් සබඳතා පැවැත්විය හැකි කළමණාකරුවන්ට එසේ කළ හැකිය. ඒ අනුව, ඔවුන් නිරෝධානය වෙමින් සිටියදීද ඔවුනගේ කාර්යයන් අඩු වැඩි වශයෙන් මෘදුව ඉදිරියට ගලා යයි. ඇතැම්විට, ඔවුනට දැන් “තමන්වම සූරා කන්නට” වඩා වැඩි කාලයක් පවා හිමි වේ. 

    නමුත්, පිටත ලෝකයේ (එනම් කම්හල් තුළ, මහ පොළොව මත, වෙළඳසැල් තුළ, රෝහල් තුළ සහ පොදු ප්‍රවාහන සේවා වල යනාදී වශයෙන්…) වැඩ කළ යුතු අය පිළිබඳව කිව හැක්කේ කුමක්ද? සෙසු මිනිසුන්ට තම පුද්ගලික නිවෙස් තුළ නිරෝධානය වෙමින් සිටීම සඳහා අනාරක්ෂිත පිටත ලෝකයේ බොහෝ දේවල් සිදු විය යුතුව තිබේ…

    අවසන් වශයෙන් ශිෂෙක් පවසන්නේ ඉතා දැඩි ස්වයං-විනයක් සහිතව වැඩ කිරීම සඳහා ඇති කැප වීම හෙළා දැක “ඒක ලේසියට ගන්න!” යැයි පැවසීමට අපට ඇති පෙළඹවීම අප බැහැර කළ යුතු බවයි. “වැඩ කිරීම ඔබට නිදහස උදා කරයි” යන කියමන නාසිවාදීන් විසින් මෘග ලෙස අවභාවිතයේ යෙදුවද, එය තවමත් නිවැරදි ආදර්ශ පාඨයකි. 

    නමුත්, ශිෂෙක් මේ කතා කරන්නේ කවර ආකාරයේ වැඩ ගැනද? ඒ ප්‍රශ්නයට ඔහුගේ පිළිතුර මේ අවසන් වාක්‍ය කිහිපය තුළ ගොණුව තිබේ. ඔව්, වසංගතයේ ප්‍රති විපාක සමග හැපෙන බොහෝ දෙනෙකු හට ඉතාම අසීරු වෙහෙසකර වැඩවල නිරත වන්නට සිදුව ඇත. නමුත් ඒ ජන ප්‍රජාවේ යහපත වෙනුවෙන් කරන අර්ථවත් වැඩය. ඒවායින් ලැබෙන තෘප්තිය ඒවායෙහි නිරත වීමමය.

    ඒවා වෙළඳපල තුළ සාර්ථකත්වයක් අත්පත් කරගැනීම සඳහා දරන මෝඩ ප්‍රයත්නයන් නොවේ. වෛද්‍ය සේවකයෙකු අමතර පැය ගණනාවක් වැඩ කොට මාරාන්තික වෙහෙසකට පත් වන විට, උවැටන් සපයන්නෙකු දිගින් දිගටම සේවයේ යෙදෙන්නට සිදුවීමෙන් අධික ලෙස මහන්සි වන විට, ඔවුන් සැබවින්ම වෙහෙසට පත් වන්නේ තම කරදරකාරී වෘත්තීය අරමුණු මගින් මෙහෙයවෙන අයෙකුගේ හෙම්බත්වීමට වඩා වෙනස් ආකාරයකටය. ඔවුනගේ වෙහෙස අනර්ඝය!  

    ඉතිරි කොටස පසුවට

    පරිවර්තනය: සුමිත් චාමින්ද

  • උතුරු කොරියානු නායකයා ජනතාව හමුවට පැමිණෙයි – සියලු තොරතුරු මෙන්න

    උතුරු කොරියානු නායකයා ජනතාව හමුවට පැමිණෙයි – සියලු තොරතුරු මෙන්න

    තුරු කොරියානු නායකයාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන ලෝකය උණුසුම් කළ පුවත් ‘බොරු‘ කරමින් අද ඔහු ජනමාධ්‍ය හමුවේ පෙනී සිටියා. ඒ අනුව කොරියානු නායක කිම් ජොන් උන් දින 20කට පසු ප්‍රථම වරට ප්‍රසිද්ධියේ පෙනී සිටියේ ඔහුගේ සෞඛ්‍යය පිළිබඳ ගෝලීය අනාවැකි සියල්ල බොරු කරමිනුයි.

    ඔබට අවශ්‍ය නම් අදාළ වීඩියෝ දර්ශන පහත යොමුව තුළින් නැරඹිය හැකියි. https://www.aljazeera.com/news/2020/05/north-korea-leader-kim-jong-resuming-public-activity-kcna-200501214558371.html

    කොරියානු මධ්‍යම ප්‍රවෘත්ති ඒජන්සිය (කේසීඑන්ඒ) අද (2) වාර්තා කළේ තම අසාහාය නායකයා ප්යොංයැං අගනුවර සන්චියොන් හි පොහොර කර්මාන්ත ශාලාවක් විවෘත කිරීමේෙ උත්සවයකට සහභාගී වූ බවත්, ඔහුගේ සහෝදරිය වන කිම් යෝ ජොං ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද ඒ සදහා සහභාගී වූ බවත් ය.

    KCNA පැවසුවේ ඊයේ (සිකුරාදා) පැවති උත්සවයේදී  කිම්  පීත්ත පටියක් කපා ඇති අතර එයට සහභාගී වූවන් සමෘද්ධිය උදෙසා විශාල අරමුණක් ඉටු කිරීම සඳහා සර්ව ජනතා මහා ගමනට අණ දෙන උත්තරීතර නායකයා වෙනුවෙන් “ඉක්මන් කරන්න!” යනුවෙන් හඩ නැගූ බවයි.

    උත්සවයේදී සහායකයින් සමඟ සිනහවෙන් හා කතා කරමින් කිම් සිටින අයුරු ඡායාරූපවල දැක්වුණා.  

    උතුරු කොරියානු රජයේ නිල රොඩොං සින්මන් පුවත්පතේ වෙබ් අඩවියේ පළ කරන ලද ඡායාරූපවල සත්‍යතාව තහවුරු කර ගත නොහැකි වූ බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

    රජය විසින් මෙහෙයවන ලද රූපවාහිනී දර්ශනවලින් කිම්ගේ කකුල් වල අසාමාන්‍ය චලනයන් දිස් වූ බවයි විශේෂඥයින් සදහන් කළේ.

    දකුණු කොරියාවේ සෙජොං ආයතනයේ විශ්ලේෂකයෙකු වන චියොන්ග් ෂියොන්ග්-චැං පැවසුවේ කිම්ගේ වීඩියෝ දර්ශන මගින් ඔහුගේ ඇවිදීමට බලපාන යම් ආකාරයක වෛද්‍යමය පසුබෑමකින් සුවය ලබන බවත් ඔහුගේ වළලුකර හා සම්බන්ධ විය හැකි බවයි.

    “එළිමහන් අවස්ථාවක් සඳහා වේදිකාවේ මේස සහ පුටු සකස් කිරීම තරමක් දුර්ලභ බවක් පෙනෙන්නට තිබුණි,” කොරියාවේ විශ්ව විද්‍යාලයේ උතුරු කොරියානු අධ්‍යයන මහාචාර්යවරයකු වන නැම් සියොන්ග් වූක් උත්සවය ගැන පැවසීය.

    “කිම්ට වැඩි කාලයක් සිටගෙන සිටීම වළක්වන යම් යම් ශාරීරික තත්වයන් ඇති විය හැකි අතර ඔහු ටික වේලාවක් සිටගෙන වාඩි වී සිටිය යුතුයි”

    2011 දී බලයට පත්වීමෙන් පසු ප්‍රථම වතාවට රටේ වැදගත්ම නිවාඩු දිනය වන සිය අභාවප්‍රාප්ත සීයා වන කිම් ඉල් සුං වෙනුවෙන් අප්‍රේල් 15 වන දින උපන්දිනය සැමරීමෙන් පසු උතුරු කොරියානු නායකයාගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ කටකතා පැතිර ගියේය. 

    කිම්ට දීර්ඝ කාලයක් රැඳී සිටීමට නොහැකි නම්, අප්‍රේල් මාසයේ සූර්යයාගේ කුම්සුසාන් මාළිගාවේ පැවති සංවත්සර උත්සවයට ඔහු නොපැමිණීමට හේතුව, අවම වශයෙන් පැයක් පමණ රැඳී සිටීමට සිදුවනු ඇතැයි නැම් පැවසීය.

    ප්‍රවෘත්ති වාර්තා පිළිබඳව විමසූ විට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ “මම තවම ඒ ගැන අදහස් දක්වන්නේ නැහැ” යනුවෙනි. 

    කොරෝනා වෛරස් ?

    පියොංයැං සමඟ ගනුදෙනු කිරීම අධීක්‍ෂණය කරන දකුණු කොරියානු එක්සත් ඇමති කිම් යෙොන්-චුල් කියා සිටියේ කොරෝනා වෛරස් වසංගතය පිළිබඳ පූර්වාරක්ෂාවක් ලෙස කිම් නොපැමිණීම පිළිගත හැකි බවයි.

    ගෝලීය කොරෝනා වසංගතයේදී මීට පෙර ප්‍රසිද්ධියේ පෙනී සිටි ආකාරයටම, කිම් සහ ඔහුගේ පිරිවර මුහුණු ආයරණ පැළඳ සිටියේ නැත.

    උතුරු කොරියාව අවධාරණය කර ඇත්තේ කොරෝනා වෛරස් ආසාදිතයින් කිසිවෙක් තම රට තුළ නැති බවයි.

    විශ්ලේෂකයින් පැවසුවේ කිම්ට මුහුණු ආවරණයක් පැළඳ ප්‍රසිද්ධියේ පෙනී සිටිය නොහැකි බැවින් එම බොරුවට උතුරු කොරියානු ජනතාවට ගොදුරු විය හැකි බවයි.

    “කිම් නොපැමිණීම සඳහා බොහෝ දුරට පැහැදිලි කිරීම වන්නේ උතුරු කොරියාව කොරොන වෛරස් වසංගතය පැවැත්මේ තර්ජනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමයි … ඔහු බොහෝ විට ඔහුගේ සෞඛ්‍යය සහතික කිරීමට පියවර ගනිමින් සිටි අතර හෝ වෛරසයෙන් පුද්ගලිකව යම් ආකාරයකින් බලපෑමට ලක්විය හැකිය, ” හැරී කසියානිස් පැවසීය.

    සිරියාවේ, කියුබාවේ සහ දකුණු අප්‍රිකාවේ නායකයින්ට සුබ පැතුම් යැවීම සහ වෙරළබඩ නගරයක් වන වොන්සාන් හි සංචාරක පහසුකම් ඉදිකරන කම්කරුවන්ට කෘතඥතාව පළ කිරීම වැනි මහජන දෘෂ්ටියෙන් බැහැරව කිම් කටයුතු කරන බව රාජ්‍ය මාධ්‍ය මීට පෙර වාර්තා කළේය. .

    ‘අසාමාන්‍ය සංඥ නැත’

    සෙනසුරාදා වාර්තාවට සෝල්හි එක්සත් අමාත්‍යංශය ප්‍රතිචාර දක්වමින් කිම් පිළිබඳ “පදනම් විරහිත” සමපේක්ෂණය “අනවශ්‍ය ව්‍යාකූලත්වයක්” ඇති කර ඇති අතර අනාගතයේ දී වඩාත් ප්‍රවේශමෙන් සලකා බැලිය යුතු යැයි කියා සිටියේය. 

    පියොංයැං හි පාලක ප්‍රභූව සොයා ගැනීම පිළිබඳ මිශ්‍ර වාර්තාවක් ඇති දකුණු කොරියාවේ රජය, ශල්‍යකර්මයෙන් පසු 36 හැවිරිදි වියේ පසුවන කිම්ගේ සෞඛ්‍ය තත්වය දුර්වල යැයි අනුමාන කරයි. 

    දකුණු කොරියාවේ ජනාධිපති මූන් ජේ-ඉන් කාර්යාලය කියා සිටියේ උතුරු කොරියාවේ අසාමාන්‍ය සලකුණු හෝ රටේ පාලක පක්ෂය, මිලිටරි හා කැබිනට් මණ්ඩලයේ හදිසි ප්‍රතිචාරයක් නොමැති බවයි. කිම් තවමත් රාජ්‍ය කටයුතු කළමනාකරණය කරන නමුත් පියොංයැං නගරයෙන් පිටත නිශ්චිත ස්ථානයක නැවතී සිටින බව විශ්වාස කරන බව එහි සඳහන් ය. 

    විශ්ලේෂකයින් පවසන්නේ කිම්ගේ සෞඛ්‍යය ඉදිරි වසර කිහිපය තුළ වැඩිවන සාධකයක් බවට පත්විය හැකි බවයි: ඔහු අධික බර, දුම් හා බීම සහ හෘදයාබාධ පිළිබඳ පවුල් ඉතිහාසයක් ඇත.

    සමහර විශ්ලේෂකයින් පවසා ඇත්තේ ඔහුට හදිසියේම පාලනය කිරීමට නොහැකි නම් දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇරඹි පියොංයැංගේ පරම්පරාගත රාජවංශය දිගටම කරගෙන යාම සඳහා ඔහුගේ සහෝදරිය (ඇගේ සහෝදරයාට වඩා අවුරුදු හතරක් පමණ බාල බව විශ්වාස කෙරේ) සූදානම් වනු ඇති බවයි.

    එහෙත් තවත් සමහරු ප්‍රශ්න කරන්නේ උතුරු කොරියාවේ ප්‍රභූ පැලැන්තියේ ප්‍රධාන සාමාජිකයින්ට, වැඩි වශයෙන් 60 හෝ 70 දශකවල පිරිමින්ට, හමුදා අක්තපත්‍ර නොමැති තරුණ හා පරීක්‍ෂා නොකළ කාන්තා නායිකාවක් පිළිගැනීමට හැකි වේද යන්නයි. සමහරු සාමූහික නායකත්වය හෝ ප්‍රචණ්ඩ බල අරගලයන් පුරෝකථනය කරති.

    2017 දී අසාමාන්‍ය ලෙස ප්‍රකෝපකාරී මිසයිල හා න්‍යෂ්ටික අත්හදා බැලීම්වලින් පසුව, කිම් දකුණු කොරියාවේ 2018 ශීතඍතු ඔලිම්පික් උළෙල භාවිතා කරමින් එම වසර අගදී වොෂිංටන් සහ සෝල් සමඟ සාකච්ඡා ආරම්භ කළේය. එය පුදුම සහගත සමුළු මාලාවකට තුඩු දුන් අතර කිම් සහ ට්‍රම්ප් තුන් වතාවක් හමුවිය

    සම්බාධක සහන සහ නිරායුධකරණ පියවර හුවමාරු කර ගැනීමේදී ඇති වූ මතභේද සම්බන්ධයෙන් මෑත මාසවලදී සාකච්ඡා අඩාල වී ඇති අතර, කිම් සිය පැවැත්ම පිළිබඳ ප්‍රබලම සහතිකය ලෙස ඔහු දකින අවි ගබඩාවක් කවදා හෝ සම්පූර්ණයෙන් ඉවත් කරාවිද යන්න පිළිබඳ සැක මතු කරයි.

    ඒපී - කිම් ජොන් උන්

    උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ගේ ගොනු රූපයක් පෙන්වන රූපවාහිනියක් ජනතාව නරඹයි [අහ් යන්ග්-ජූන් / ඒපී]

    පසුගිය සතිවල කිම් නොපැමිණීමට හේතුව කුමක්ද යන්න තවමත් පැහැදිලි නැත. 2014 දී කිම් සති හයකට ආසන්න කාලයක් මහජන අවධානයෙන් අතුරුදහන් වූ අතර පසුව නැවත පෙනී සිටියේය. දකුණු කොරියාවේ ඔත්තු ඒජන්සිය පැවසුවේ ඔහුගේ වළලුකරෙන් ගෙඩියක් ඉවත් කර ඇති බවයි.

    නැගෙනහිර ආසියාවේ හිටපු එක්සත් ජනපද තානාපති ඩැනියෙල් රසල් පැවසුවේ  කිම්ගේ අතුරුදහන් වීමේ ප්‍රහේලිකාව එක්රැස් වීමට කාලයක් ගතවනු ඇති බවයි.

    ඔහුගේ නැවත පෙනී සිටීමෙන් පෙනී ගියේ උතුරු කොරියානු නායකයෙකුගේ යහපැවැත්ම සහ කොහේද යන්න පිළිබඳ බලයලත් තොරතුරු සමීපව ආරක්‍ෂා කර ඇති බවත්, ඔහු පිළිබඳ කටකතා සැලකිය යුතු සැක සහිත ලෙස සලකා බැලිය යුතු බවත් රසල් පැවසීය.

    කෙසේවෙතත්, මෙම කටකතා උතුරු කොරියාවේ අනුප්‍රාප්තික සැලැස්ම කෙරෙහි අවධානය යොමු කිරීමට ඉවහල් වූ අතර, එය “රාජාණ්ඩු හා ඇදහිලි වැනි ආඥාදායකත්වයක් අවදානමකින් පිරී ඇති අතර, බොහෝ වාර ගණනක් අවදානමට ලක්වන වැඩිහිටි උරුමක්කාර සංයෝග නොමැති වීම” ඔහු තවදුරටත් පැවසීය.

    විශ්ලේෂකයින් පවසන්නේ කිම් ඉදිරි දිනවලදී තවත් ප්‍රසිද්ධියක් ලබා ගැනීමට ඉඩ ඇති බවයි. 

    සයොල්හි ඊවා විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර අධ්‍යයන පිළිබඳ මහාචාර්යවරයකු වන ලීෆ්-එරික් ඊස්ලි පැවසුවේ පියොංයැං “නායකයාගේ සෞඛ්‍යය හා කාලසටහන පිළිබඳ රහස්‍යභාවය සැලකිල්ලට ගෙන කිම් මෑතදී නොපැමිණීම පැහැදිලි නොකරනු ඇත” යනුවෙනි.

    උතුරු කොරියාවේ ප්‍රධාන රාජ්‍යතාන්ත්‍රික සගයා සහ වෙළඳ හා ආධාර සපයන ප්‍රධාන සැපයුම්කරු වන චීනය තම අසල්වැසියාගේ ස්ථාවරත්වය පවත්වා ගැනීමටත් සරණාගතයින් ගලා ඒම වළක්වා ගැනීමටත් උනන්දු වෙයි.

    “මිලියන ගණනකගේ ජීවිත අවදානමට ලක්ව ඇති න්‍යෂ්ටික ගැටුමකට සම්බන්ධ උතුරු කොරියාව“ අතිශය දැඩි ආරක්ෂක අර්බුදයක කේන්ද්‍රස්ථානය ”බව එක්සත් ජනපද ජාත්‍යන්තර ප්‍රතිපත්ති පිළිබඳ මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ සාමාජික හෙන්රි ෆෙරොන් ඒඑෆ්පී ප්‍රවෘත්ති ඒජන්සියට පැවසීය.

    “මෙය ඔහුගේ මරණයට හේතු විය හැකි දේශීය හා ජාත්‍යන්තර අස්ථාවරත්වය පිළිබඳ නීත්‍යානුකූල උත්සුකයන් මතු කරයි.”

    2020 මැයි 02 වැනි දින අල් ජසීරා වාර්තාවක් ඇසුරිණි – සැකසුම – තුෂාධවි

  • Covid-19 Today Update: ලංකාවෙන් ආසාදිතයින් 12ක් – ලෝකය පුරා මරණ 240,654ක්

    Covid-19 Today Update: ලංකාවෙන් ආසාදිතයින් 12ක් – ලෝකය පුරා මරණ 240,654ක්

    ශ්‍රී ලංකාවෙන් අද (2) දිනය තුළ (ප.ව 22.05 වන විට) කොවිඩ්-19 ආසාදිතයින් 12 දෙනකු වාර්තා වූ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ සදහන් වෙනවා. ඒ අනුව ලංකාවේ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 702 දක්වා වර්ධනය වී තිබෙනවා.

    මේ අතර ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය විසින් අද (2) දිනය අවසානයේ නිකුත් කළ වාර්තාවල ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් හා මරණ පිළිබද නිල දත්ත දක්වා තිබෙනවා.

    එම වාර්තාවට අනුව අද දිනය අවසන් වන විට ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් 33,86,519ක් වාර්තා වී ඇති අතර වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඇමෙරිකාවෙන් වාර්තා වී තිබෙනවා. මරණ සංඛ්‍යාව 240.654ක් වන අතර වැඩිම මරණ සංඛ්‍යාවට ද හිමිකම් කියන්නේ අමෙරිකාවයි.

  • විෂබීජහරණ පහසුකම් දෙන තෙක් ‘තැපැල් නැති බව’ වෘත්තීය සමිති කියයි

    විෂබීජහරණ පහසුකම් දෙන තෙක් ‘තැපැල් නැති බව’ වෘත්තීය සමිති කියයි

    කොළඹ තැපැල් කාර්යාල හා උප තැපැල් කාර්යාලවලට භාර දෙන ලිපි ඇතුළු සියලු තැපැල් භාණ්ඩ ආරම්භක හා ගමනාන්ත කාර්යාලවලදී විෂබීජහරණය කිරීමට  පහසුකම් සපයන තුරු තැපැල් කාර්යාල හා උප තැපැල් කාර්යාල විවෘත නොකිරීමට තැපැල් ඒකාබද්ධ වෘත්තිය සමිති පෙරමුණ ඒකමතිකව තීරණය කළ බව එම පෙරමුණ විසින් තැපැල්පතිවරයා වෙත ලිපියක් මගින් දන්වා යවා තිබෙනවා.

    එම ලිපියේ සදහන් වන්නේ රජය විසින් ගත් තීරණය අනුව කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තැපැල් කාර්යාල කාර්ය මණ්ඩල හතර වැනිදා සේවයට වාර්තා නොකරන බවට තීන්දු කර ඇති බවයි.

    කොළඹ තැපැල් කාර්යාල හා උප තැපැල් කාර්යාල විවෘත කරන ලෙස දන්වා ඇතත් කිසිදු උප තැපැල් කාර්යාලයක් මේ වනතුරු විෂබීජහරණයකට ලක්කර නැති බවත් බොහෝ තැපැල් කාර්යාලවල තත්ත්වය ද එයම බවත් සදහන් කරන තැපැල් ඒකාබද්ධ වෘත්තීය සමිති පෙරමුණ සෞඛ්‍යාරක්ෂිත පරිසරයක කටයුුතු කිරීම තුල රට වැසියන්ගේ ආරක්ෂාව ද සහතික වන බවත් ඵලදායි සේවයක් සැපයිය හැකි වන බවත් එම ලිපියේ වැඩි දුරටත් සදහන් කර තිබෙනවා.

  • අගමැතිගේ හිටපු මන්ත්‍රී හමුවට ‘එජාපය යන බව’ අකිල තහවුරු කරයි

    අගමැතිගේ හිටපු මන්ත්‍රී හමුවට ‘එජාපය යන බව’ අකිල තහවුරු කරයි

    අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් මැයි 04 වැනිදා අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට සැලසුම් කොට ඇති පසුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ හමුව සදහා එක්සත් ජාතික පක්ෂය සහභාගී වන බව එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා අද (2) පැවසුවේය.

    එජාපය විසින් එම තීරණය ගැනීමට හේතු පැහැදිලි කරමින් මහ ලේකම්වරයා කියා සිටියේ අදාළ හමුව වර්ජනය කළහොත් එය හේතු කොට ගෙන ආණ්ඩුව දිගින් දිගටම එජාපයට චෝදනා කරනු ඇති බවයි.

    එසේම මහ මැතිවරණය පවත්වන්නේ නම් එම කාලය තුළ උසාවි කටයුතු සිදු කිරීම ඇතුළු යෝජනා කිහිපයක් එජාපය විසින් ආණ්ඩුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව ද අකිල කාරියවසම් මහතා වැඩි දුරටත් සදහන් කළේය.

  • මහ මැතිවරණය දිනය ගැන තම නිශ්චිත තීන්දුවක් නෑ

    මහ මැතිවරණය දිනය ගැන තම නිශ්චිත තීන්දුවක් නෑ

    මහ මැතිවරණය පවත්වන දිනය සම්බන්ධයෙන් නිශ්චිත තීන්දුවක් ගැනීම සදහා තව සති දෙකකින් මැතිවරණ කොමිසම රැස්වන බව මැතිවරණ කොමිෂන් සභාව අද (2) පැවසුවා. දේශපාලන පක්ෂ ලේකම්වරුන් සමග මැතිවරණ කොමිෂන් සභාවේදී අද පැවැති සාකච්ඡාවේ දී මේ සම්බන්ධයෙන් තීරණය ගත් බවයි වාර්තා වන්නේ.

    දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් අතර අද පැවැති සාකච්ඡාවේදී නියම කළ පරිදි ජූනි 20 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුවට සහාය දෙන දේශපාලන පක්ෂ ලේකම්වරුන් සිය එකගතාව පළ කළත් විපක්ෂයේ ලේකම්වරුන් ඊට දැඩි විරෝධය පළ කළා. ඔවුන් අවධාරණය කළේ කොවිඩ්-19 වසංගතය ගැන නිවැරදි සහතිකයක් සෞඛ්‍ය අංශ වෙතින් ලබා දෙන තෙක් මහ මැතිවරණය පැවැත්වීමට තමන් දැඩිව විරුද්ධ වන බවයි.

    මේ ගැටලුකාරී තත්ත්වය මතයි තවත් සති දෙකකට පසු මැතිවරණ කොමිෂම රැස්වී ඒ ගැන තීන්දුවක් ගැනීමට පියවර ගෙන ඇත්තේ.

  • මනාප අංක මැතිවරණය දිනය හරියටම තීන්දු වූවාට පසුව – දයාසිරි

    මනාප අංක මැතිවරණය දිනය හරියටම තීන්දු වූවාට පසුව – දයාසිරි

    මැයි 04 වැනි දින මහ මැතිවරණය සදහා තරග කරන අපේක්ෂකයින් හට අපේක්ෂක අංක ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වුවත් එදිනට එය සිදු නොවනු ඇති බව ඇමැති දයාසිරි ජයසේකර මහතා අද (2) මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේදී පැවසුවා.

    දේශපාලන පක්ෂ නායකයින් සහ මැතිවරණ කොමිෂමේ සාමාජිකයින් අතර අද දින පෙරවරුවේ පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය අමතමින් දයාසිරි ජයසේකර මහතා වැඩි දුරටත් පවසා සිටියේ මහ මැතිවරණය පවත්වන දිනය පිළිබදව නිශ්චිත වශයෙන් තීන්දු කිරීමෙන් පසු අපේක්ෂක අංක ලබාදීම සිදුවනු ඇති බවයි.

    අද මැතිවරණ කොමිෂමේ පැවැති පක්ෂ නායක සාකච්ඡාවට සහභාගී වූ ආණ්ඩු පක්ෂය සහ ඊට සහාය දක්වන කණ්ඩායම් කඩිනම් මහ මැතිවරණයක් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ නමුත් විපක්ෂය නියෝජනය කරන පක්ෂ ඊට දැඩි විරෝධය දැක්වූවා.

    එහිදී එජාපය නියෝජනය කරමින් පැමිණ සිටි එහි මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා කියා සිටියේ සෞඛ්‍ය අංශ විසින් නිසි සහතිකයක් දෙන තෙක් මහ මැතිවරණය පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය සිය එකගත්වය ලබා නොදෙන බවයි.

  • මහින්දගේ මැයි 04 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හමුව කොටඋඩ!- JSB යන්නෙත් නෑ

    මහින්දගේ මැයි 04 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හමුව කොටඋඩ!- JSB යන්නෙත් නෑ

    අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින්  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 224 දෙනාටම මැයි  4 වැනි දා අරලිය ගහ මන්දිරයට පැමිණෙන්නට  සිදු කළ ආරාධනය  සමගි ජන බලවේගය විසින්  ප්‍රතික්ෂේප කරන බව සදහන් කරමින් එහි මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

    සමගි ජන බලවේගය නිකුත්කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.

     විපක්ෂය වගකීමෙන් හැසිරුණා 

    කොරෝනා ව්‍යසනය පිළිබඳව වූ අනතුර ගැන අප වගකිව යුතු විපක්ෂයක් ලෙස මුල සිටම වඩාත් විමසිලිමත් වූ අතර ජනවාරි 24 සහ පෙබරවාරි 25  දෙවරක්ම පාර්ලිමේන්තුවේදී රටේ අවධානය යොමුකරන ලදි. නමුත්  ඒ  වන විටත් ආණ්ඩුව සිටියේ වගකීම් විරහිත ස්වභාවයෙනි.

    එමෙන්ම සම්ප්‍රදායික විපක්ෂයක් ලෙස නොව වගකීම් සහගත සහ මිනිස් ජීවිතවල වටිනාකම දන්නා විපක්ෂයක් ලෙස අපි දිගටම කටයුතු කළෙමු.

    ව්‍යසනය උත්සන්න වූ පසු අවස්‍ථා දෙකකදී  අගමැතිවරයා විසින් පක්ෂ නායකයන් කැඳවා කොරෝනා උවදුරින් රට ගලවාගන්නා ආකාරය පිළිබදව සාකච්ඡා කරනු ලැබූ අතර ඒ අවස්‍ථා දෙකේදීම අපි ඊට සහභාගී වීමු.  මේ ව්‍යසනය දුරු කිරීම උදෙසා වගකීම්සහගතව අප කටයුතු කළ අතර විපතට පත්වූවන්ට සහන ලබා දීම, රාජ්‍ය යාන්ත්‍රණය නිසිලෙස යොදා ගැනීම හා ආපදා කළමනාකරණය සඳහා වූ යාන්ත්‍රණය නිසි ලෙස  ක්‍රියාත්මක කිරීම, සහන ක්‍රියාවලිය දේශපාලනීකරණය නොකිරීම, PCR පරීක්ෂණ කඩිනම් කිරීම හා විධිමත් කිරීම, කොරෝනා මර්ධන කාර්‍යමණ්ඩල සඳහා සෞඛ්‍යමය  පෞද්ගලික ආරක්ෂණ මෙවලම් Personal Protective Equipment (PPE) ලබා දීම ආදිය ගැනද ආණ්ඩුවට යෝජනා කළෙමු. එහෙත් ඒ අදහස් සහ යෝජනා කිසිවක් පිළිබඳව ආණ්ඩුව කිසිදු තැකීමක් නොකිරීම පිළිබඳව අපි කනගාටු වෙමු.

    මේ ව්‍යසනය තුරන් කිරීමට ආණ්ඩුව ගනු ලැබූ බොහෝ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ගැටලු පැවතියද අප ඒවා සැලකිල්ලට නොගෙන ආණ්ඩුවට සහාය දැක්වීමු.

    ආණ්ඩුවේ කෙරුවාව !

    සති හයක කාලයක් තිස්සේ ආණ්ඩුව විසින් නීත්‍යානුකූල නොවන අන්දමින් ඇඳිරිනීතියක් පැනවූවද කොරෝනා මර්ධනය නමැති අත්‍යවශ්‍ය කාරණය හේතුකොටගෙන ඒ පිළිබඳව පවා අපි උපේක්ෂාවෙන් කටයුතු කළෙමු.

    නමුත් ආණ්ඩුව බොහෝ විට ඇදිරි නීතිය අවභාවිතා කළ අතර සමාජ ජාල ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීමටත්, තමන්ගේ හිතවතුන්ට ව්‍යාපාරික ඇදිරිනීති බලපත්‍ර ලබාදීමටත්, ඇඳිරි නීතියට මුවා වී සහන ක්‍රියාවලිය දේශපාලනීකරණය කිරීමටත් කටයුතු කළේය.

    සති හයක් තිස්සේ ජනතාව අප්‍රමාණ කැපවීමකින් ක්‍රියා කළ අතර සියලු වේදනාවන් සහ පීඩාවන් දරාගෙන කටයුතු කරනු ලැබුවේ මෙම ජාතික ව්‍යසනය මැඩපැවැත්වීමට රජයට හැකිවේය යන දැඩි විශ්වාසයෙනි.

    සියලුම රටවල් පහළට  යද්දි ලංකාව ඉහළට ගිය හැටි

    එහෙත්, සති හයක කොවිඩ් මර්ධන ව්‍යාපෘතිය ආණ්ඩුව විසින් ජයගෙන ඇති බවක් පෙනෙන්නට තිබේද?

    ඇදිරිනීතිය සහිත සති හයක කාලයට පසු සැබෑ ලෙස විය යුතුව තිබුණේ  කොවිඩ් ආසාදිත රේඛාව පහළට යෑමය. එහෙත් වී ඇත්තේ එම රේඛාව ඉහළට යාමය. සෙසු රටවල් බොහොමයක් ඇදිරිනීතිය නොදමා ‘ලොක් ඩවුන්’ ක්‍රමවේදයන්ට අනුව සති කිහිපයකට පසු කොවිඩ් මර්ධන රේඛාව පහළ මට්ටමට ගෙන ආ නමුත් ඇදිරි නීතිය පවා පනවන ලද තත්ත්වයක් තුළ මෙරට කොරෝනා ආසාදන රේඛාව ඉහළට ගමන් කරමින් තිබීම සැලකිල්ලට ගත යුතු බරපතල තත්ත්වයකි.

    කොරෝනා මර්ධන ක්‍රියාවලිය තුළ ලෝකයේ බොහෝ රටවල සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පිරිස් බොහොමයකට කොරෝනා ආසාදනය වූ නමුදු ලංකාවේ කොරෝනා ආසාදනය වී ඇත්තේ ආරක්ෂක අංශවල සාමාජිකයන් පිරිසකටය. මෙයින් ගම්‍ය වන්නේ කොරෝනා මර්ධන ක්‍රියාවලියට ආරක්ෂක හමුදා යොදා ගත්තද ඔවුන්ට අවශ්‍ය නිසි ප්‍රමිතියක් සහිත ආරක්ෂිත සෞඛ්‍ය මෙවලම් හෝ වසංගත සම්බන්ධයෙන් පුහුණුව ලබා නොදී එම රණවිරුවන්ගේ  ජීවිත අනතුරේ හෙළා ඇති බවය. 

    මේ සියලු තත්ත්වයන් තුළ පවා රට වෙනුවෙන් වූ කාර්‍යභාරය පෙරදැරිව විපක්ෂයේ ප්‍රධාන පක්ෂ ලෙස අප පසුගිය 26 දින අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඒකාබද්ධ ලිපියක් යවනු ලැබීය.

    එම ලිපිය අප විසින් ඉතා සද්භාවයෙන් යුතුව යොමුකළ අතර එහි සැඟවුණු න්‍යායපත්‍රයක් හෝ කිසිදු අසාධාරණ ඉල්ලීමක් තිබුණේ නැත.

    එහි අඩංගු වූයේ අප්‍රේල් 30 වෙනිදායින් පසුව නීත්‍යානුකූලව රජයේ මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන්  සහ කොරෝනා මර්ධන අනපනත් සම්මත කිරීම සම්බන්ධයෙන් සහාය ලබාදීම පිළිබඳව ය. 

    මේ ව්‍යසනකාරී මොහොතේ ආණ්ඩුව පෙරළා දමනවා වෙනුවට ජන ජීවිත ගොඩනැඟීමට සහ ඔවුනට සහන සැලසීමට අවශ්‍ය නීත්‍යානුකූල සහය කොන්දේසි විරහිතව ආණ්ඩුවට ලබාදීමේ ‘ලිඛිත සහතිකයද’ එම ඒකාබද්ධ ලිපියෙහි තිබිණි .

    එහෙත්, ඒ ලිපියට අතිගරු ජනාධිපතිතුමන්ගේ පාර්ශ්වයෙන් කිසිසේත්ම ආචාරශීලී නොවන පිළිතුරක් ඔහුගේ නිලධාරියෙකු හරහා යොමුකොට තිබීම ගැන අපි කනගාටු වෙමු.

    විපක්ෂයේ ප්‍රධාන පක්ෂ නායකයන් විසින් ආණ්ඩුවට සහාය දීම උදෙසා යවනු ලැබූ හරයාත්මක ලියවිල්ල අවැදගත් සේ සලකා බැහැර කළ බවක් ඔහු විසින් නිලධාරියකු මඟින් එවන ලද ලිපියෙන් ගම්‍ය වෙයි.

    ජනාධිපතිගේ හැසිරීම !

    මේ ව්‍යසනකාරී මොහොතේ පක්ෂ පාට භේදයකින් තොරව කටයුතු කිරීමේ වැදගත්කම මුල්කරගෙන අප විසින් අතිගරු ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපියෙහි වූ ස්වර්ණමය අන්තර්ගතය ඔහු විසින්ම නොසලකා හරින ලද තත්ත්වයක් තුළ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ලබන සදුදා (4)  පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 කැදවීමට කටයුතු කර ඇත. 

    එහෙත් පාර්ලිමේන්තුව කැදවීම සහ පරණ පාර්ලිමේන්තුවේ 225ම එපා යැයි ආණ්ඩුවත්, ජනාධිපතිවරයාත් දැඩි ස්ථාවරයක සිටිමින් රජයේ සහ රජයට පක්ෂපාත සියලු මාධ්‍යයයන් යොදාගනිමින් ඒ සදහා පුළුල් ප්‍රචාරයක්ද ලබා දෙන තත්ත්වයක් තුළ අගමැතිවරයා විසින් මන්ත්‍රීවරු 225 කැඳවීමට තීරණය කිරීමේ  රජයේ දෙබිඩි පිළිවෙත පිළිබඳව අපි විමතිය පළ කරමු. 

    මෙවන් තත්ත්වයක් තුළ අදාළ හමුවට සහභාගි වීමට අපගේ අදහසක් නැති අතර මේ මොහොතේ කළ යුතු ප්‍රායෝගික ක්‍රියාවලිය වන්නේ හිටපු කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව කැදවීම බව අප වගකීමෙන් යුතුව නැවත අවධාරණය කරමු. ඒ, රාජ්‍ය මූල්‍ය කටයුතු හා අදාළ නීති සම්මත කිරීම සම්බන්ධයෙන් කටයුතු කළ හැක්කේ පාර්ලිමේන්තුවට පමණක් වන බැවිනි.

    රංජිත් මද්දුමබණ්ඩාර  මහ ලේකම්  – සමගි ජන බලවේගය  

  • ‘අධික ජල පානය’ මරුවා කැදවයි ! – විද්‍යාත්මකව තහවුරුවෙයි

    ‘අධික ජල පානය’ මරුවා කැදවයි ! – විද්‍යාත්මකව තහවුරුවෙයි

    ඔබට තෙහෙට්ටුවක් හෝ වියළි සමක් තිබුණත්, ප්‍රතිකාරයක් ලෙස වැඩිපුර ජලය පානය කරන ලෙස ඔබට බොහෝ දෙනෙක් පවසා ඇතිවාට සැක නැත.  නමුත් මෙම උපදෙස් ලැබෙන්නේ දශක ගණනාවක් පැරණි මග පෙන්වීමෙනි. ඇතැම් විට එහි විද්‍යාත්මක පදනමක් නොමැති විය හැකිය.

    19 වන ශතවර්ෂයේ මුල් භාගයේදී මිනිසුන්ට ජලය පානය කිරීමට පෙර මරණයට සමීප වීමට සිදුවිය. ජල ද්‍රාවණයේ නිර්මාතෘ වින්සන්ට් ප්‍රයිස්නිට්ස්  (Vincent Priessnitz, the founder of hydropathy) පවසන පරිදි “දරිද්‍රතාවයේ අවසාන අදියර දක්වා අඩු වූවන් පමණක් ජලයෙන් ඔවුන්ගේ පිපාසය තෘප්තිමත් කරයි. බොහෝ අය එක වරකදී ජලය පයින්ට් භාගයකට වඩා පාලනය කර නැත‘‘

    කාලය වෙනස් වී ඇත. එක්සත් රාජධානියේ වැඩිහිටියන් මෑත වසරවලට වඩා දැන් ජලය වැඩි පුර පාරිභෝජනය කරන අතර එක්සත් ජනපදයේ බෝතල් කළ ජලය අලෙවිය මෑතකදී සෝඩා අලෙවිය ද ඉක්මවා ගියේය. සෑම දිනකම ජලය ලීටරයක් පානය කිරීම යහපත් සෞඛ්‍යයට, වැඩි ශක්තියක් සහ සමක් සඳහා රහස බවත්, එමඟින් අපගේ බර අඩු කර ගැනීමටත්, පිළිකා වළක්වා ගැනීමටත් හැකි බව අපට ඒත්තු ගන්වමින් ඇත.

    ලන්ඩලයේ උමං දුම්රිය මගීන්ට වතුර බෝතල් ගෙන යාමට දිරිගන්වනු ලබන අතර පාසැල් සිසුන්ට ඔවුන්ගේ පාඩම් වලට ජලය ගෙන ඒමට උපදෙස් දෙන දෙනු ලැබේ. මේ අතර කාර්යාල රැස්වීම් සෑම පුටුවක් ඉදිරිපිටම මේසය මත නොතබා ආරම්භ කළ නොහැකිය.

    අප බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ අප දිනකට අවම වශයෙන් වතුර වීදුරු අටක්වත් පානය කළ යුතු බවයි.

    ජලය සඳහා මෙම රුචිය වැඩි කිරීම “8×8 රීතිය – 8×8 rule” වේ: නිල නොවන උපදෙස් වන්නේ දිනකට මිලි ලීටර් 240 ක වතුර වීදුරු 8 ක් පානය කළ යුතු බවයි.

    කෙසේ වෙතත්, එම “රීතියට” විද්‍යාත්මක සොයාගැනීම්වල පිටුබලය නැත. (එක්සත් රාජධානියේ හෝ යුරෝපා සංගමයේ නිල මාර්ගෝපදේශයන් අප මෙතරම් පානය කළ යුතු යැයි නොකියයි)

    එසේ නම් දිනකට ජලය මිලිලීටර් 240ක වීදුර 08ක් පානය කළ යුතුය යන රීතිය පැමිණියේ කොහෙන්ද? බොහෝ දුරට ඉඩ ඇති පරිදි, මඟ පෙන්වීම් කොටස් දෙකක වැරදි අර්ථකථනයන්ගෙන් ( දෙකම දශක ගණනාවකට පෙර සිටට) ලැබී ඇතිවාට සැක නැත.

    1945 දී ජාතික පර්යේෂණ කවුන්සිලයේ එක්සත් ජනපද ආහාර හා පෝෂණ මණ්ඩලය (US Food and Nutrition Board of the National Research Council) වැඩිහිටියන්ට උපදෙස් දුන්නේ සෑම නිර්දේශිත ආහාර කැලරි වර්ගයක් සඳහාම ද්‍රව මිලි ලීටරයක් ​​පරිභෝජනය කරන ලෙසයි. පිරිමින් කැලරි 2500 ක් පමණ ආහාරයට ගන්නා නිසා පිරිමින් ජලය ලීටර් 2.5ක් පානය කළ යුතු අතර කාන්තාවන් කැලරි 2000ක් පමණ ආහාරයට ගන්නා බැවින් කාන්තාවන් ජලය ලීටර් 02ක් පාලනය කළ යුතුය. එහෙත් ජලය පමණක් නොව, බොහෝ වර්ගවල බීම වර්ග මෙන්ම පලතුරු සහ එළවළු ද 98% ක් දක්වා ජලය අඩංගු විය හැකිය.

    මුල් මඟ පෙන්වීම අනුව, ඔබේ දෛනික ජල පාරිභෝජනයට පලතුරු සහ එළවළු ඇතුළත් විය හැකිය.

    1974 දී, මේ අතර, පෝෂණවේදීන් වන මාග්‍රට් මැක්විලියම්ස් සහ ෆ්‍රෙඩ්රික් ස්ටෙයාර් (Margaret McWilliams and Frederick Stare) විසින් සම-රචනා කරන ලද ‘පෝෂණවේදීන් සඳහා හොඳ පෝෂණය Nutrition for Good Health‘ නම් පොත නිර්දේශ කර ඇත්තේ සාමාන්‍ය වැඩිහිටියෙකු දිනකට වතුර වීදුරු 6 ත් 8 ත් අතර ප්‍රමාණයක් පරිභෝජනය කරන ලෙසයි. එහෙත්, කතුවරුන් මෙසේද සදහන් කළහ.

    ‘මෙයට පලතුරු සහ එළවළු, කැෆේන් කළ හා සිසිල් බීම, බියර් පවා ඇතුළත් විය හැකිය‘

    පිපාසයෙන් අපි විශ්වාස කරමු

    ඇත්ත වශයෙන්ම ජලය වැදගත් ය. අපගේ ශරීර බරෙන් තුනෙන් දෙකක පමණ ප්‍රමාණයක් ජලය වේ. ජලය අපගේ ශරීරය වටා පෝෂ්‍ය පදාර්ථ හා අපද්‍රව්‍ය රැගෙන යාම, අපගේ උෂ්ණත්වය නියාමනය කිරීම, අපගේ සන්ධිවල ලිහිසි තෙල් හා කම්පන අවශෝෂකයක් ලෙස ක්‍රියා කරන අතර අප තුළ සිදුවන බොහෝ රසායනික ප්‍රතික්‍රියා සඳහා භූමිකාවක් ඉටු කරයි.

    දහඩිය, මුත්‍රා කිරීම සහ හුස්ම ගැනීම තුළින් අපට නිරන්තරයෙන් ජලය අහිමි වේ. අපට ප්‍රමාණවත් තරම් ජලය ඇති බව සහතික කිරීම කදිම ශේෂයක් වන අතර විජලනය වළක්වා ගැනීමට ඉතා වැදගත් වේ. අපගේ ශරීරයේ ජලයෙන් 1-2% ක් පමණ අහිමි වූ විට විජලනයේ රෝග ලක්ෂණ හඳුනාගත හැකි අතර අපගේ තරල නැවත ඉහළට යන තෙක් අපි දිගටම පිරිහීමට ලක් වෙමු. දුර්ලභ අවස්ථාවන්හිදී, එවැනි විජලනය මාරාන්තික විය හැකිය.

    විශේෂඥයන් බොහෝ දුරට එකඟ වන්නේ අපගේ ශරීර සංඥ කරන ප්‍රමාණයට වඩා වැඩි දියර ප්‍රමාණයක් අවශ්‍ය නොවන බවයි

    8×8 රීතිය වටා වසර ගණනාවක් තිස්සේ සනාථ නොවූ ප්‍රකාශයන් අපට පිපාසය දැනීම යනු අප දැනටමත් භයානක ලෙස විජලනය වී ඇති බව විශ්වාස කිරීමට හේතු වී තිබේ. නමුත් ප්‍රවීණයන් බොහෝ දුරට එකඟ වන්නේ අපගේ ශරීර සංඥ කරන ප්‍රමාණයට වඩා වැඩි දියර ප්‍රමාණයක් අවශ්‍ය නොවන බවයි.

    මුතුන් මිත්තන් මුහුදෙන් ගොඩබිමට බඩගා ගිය දා සිට පරිණාමය තුළ අප විසින් වර්ධනය කරන ලද අති නවීන දේවලින් සමහරක් සජලනය පාලනය කිරීමකි. 

    මැසචුසෙට්ස් හි ටෆ්ට්ස් විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ අර්වින් රොසෙන්බර්ග් (Irwin Rosenburg, senior scientist at the Neuroscience and Ageing Laboratory at Tufts University in Massachusetts) පවසන්නේ ප්‍රමාණවත් සජලනය පවත්වා ගැනීම සඳහා අප භාවිතා කරන නවීන තාක්‍ෂණයන් විශාල ප්‍රමාණයක් ඇති බවයි.

    නිරෝගී ශරීරයක් අපට පිපාසය දැනීමෙන් විජලනය ගැන අනතුරු අඟවයි

    නිරෝගී ශරීරයක, ශරීරය විජලනය වන විට මොළය විසින් එය හදුනා ගෙන, බීම උත්තේජනය කිරීම සඳහා පිපාසය ඇති කරයි. මුත්‍ර සාන්ද්‍රණය කිරීමෙන් ජලය සංරක්ෂණය කිරීම සඳහා වකුගඩු වලට සංඥ කරන හෝමෝනයක් ද එමඟින් නිකුත් කරයි.

    “ඔබ ඔබේ ශරීරයට ඇහුම්කන් දෙන්නේ නම්, එය පිපාසය ඇති විට එය ඔබට කියනු ඇත,” ලන්ඩන් ට්‍රයැට්ලොන්ස් හි වෛද්‍ය අධ්‍යක්ෂක පවසයි.

    “ඔබ පිපාසයෙන් සිටින විට ප්‍රමාද වැඩියි යන මිථ්‍යාව පදනම් වී ඇත්තේ පිපාසය තරල හිඟයක අසම්පූර්ණ සලකුණක් යැයි උපකල්පනය කිරීම මත ය, නමුත් ශරීරයේ අනෙක් සියල්ල පරිපූර්ණ විය යුතු අතර පිපාසය අසම්පූර්ණ විය යුත්තේ ඇයි? වසර දහස් ගණනක මානව පරිණාමය සඳහා එය ඉතා හොඳින් ක්‍රියාත්මක වේ. ”

    ජලය සෞඛ්‍ය සම්පන්නම විකල්පය වන නමුත් තේ, කෝපි සහ මත්පැන් පවා ජලයට විකල්පයක් වේ.

    කැලරි නොමැති බැවින් ජලය සෞඛ්‍ය සම්පන්නම විකල්පය වන අතර අනෙක් බීම ද තේ සහ කෝපි ඇතුළු අපව හයිඩ්‍රේට කරයි. කැෆේන් මෘදු ඩයුරටික් බලපෑමක් ඇති වුවද, පර්යේෂණයන් පෙන්වා දෙන්නේ තේ සහ කෝපි තවමත් සජලීකරණයට දායක වන බවයි. එසේම මත්පැන් පානය ද පිළිනොගන්නා නමුත් විකල්පයකි.

    යහපත් සෞඛ්‍යයට පානය කිරීම

    අපගේ ශරීර සංඥා වලට වඩා වැඩි ජල ප්‍රමාණයක් පානය කිරීමෙන් විජලනය වළක්වා ගත හැකි මට්ටමට වඩා වැඩි ප්‍රතිලාභයක් ලැබෙන බවට සාක්ෂි නොමැති තරම්ය.

    කෙසේවෙතත්, මෘදු විජලනයේ මුල් අවධීන් පවා වළක්වා ගැනීමෙන් වැදගත් වාසි කිහිපයක් ඇති බව පර්යේෂණවලින් පෙනී යයි. නිදසුනක් වශයෙන්, මෘදු විජලනය වළක්වා ගැනීම සදහා ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම මොළයේ ක්‍රියාකාරීත්වයට සහ ගැටලු විසදීම වැනි සරල කාර්යයන් කිරීමට අපට ඇති හැකියාව සදහා උපකාරී වන බව අධ්‍යයන ගණනාවකින් සොයා ගෙන ඇත.

    සමහර අධ්‍යයනවලින් පෙනී යන්නේ දියර පරිභෝජනය බර පාලනය කිරීමට උපකාරී වන බවයි. වර්ජිනියා පොලිටෙක්නික් ආයතනයේ සහ රාජ්‍ය විශ්ව විද්‍යාලයේ මානව පෝෂණය, ආහාර හා ව්‍යායාම පිළිබඳ මහාචාර්යවරයකු වන බ්‍රෙන්ඩා ඩේවි දියර පරිභෝජනය සහ බර පිළිබඳව අධ්‍යයන කිහිපයක් සිදු කර ඇත.

    එක් අධ්‍යයනයක දී ඇය අහඹු ලෙස කණ්ඩායම් දෙකෙන් එකකට විෂයයන් පවරා ඇත. කණ්ඩායම් දෙකටම මාස තුනක් සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් අනුගමනය කරන ලෙස ඉල්ලා සිටියද, එක් ආහාර වේලක් අනුභව කිරීමට පැය භාගයකට පෙර වතුර වීදුරුවක් (මිලි ලීටර් 500 ක්) පානය කරන ලෙස එක් අයෙකුට පමණක් පවසා ඇත.

    කණ්ඩායම් දෙකටම දිනකට පියවර 10,000 ක් ඉලක්ක කර ගන්නා ලෙස දන්වා ඇති අතර වතුර වීදුරු පානය කළ අය මේ සඳහා වඩා හොඳින් ඇලී සිටියහ. ඩේවි මෙය අනුමාන කරන්නේ 1-2%ක් පමණ මෘදු විජලනය වීම සාමාන්‍ය දෙයක් වන අතර මෙය සිදු වූ විට බොහෝ දෙනෙකුට නොතේරෙන හෙයිනි – මෙම මෘදු මට්ටම පවා අපගේ මනෝභාවයට හා ශක්ති මට්ටමට බලපායි.

    නමුත් ලන්ඩනයේ යුනිවර්සිටි කොලේජ් හි දැඩි සත්කාර වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක් වන බාබරා රෝල්ස් Barbara Rolls පවසන්නේ පානීය ජලය හා සම්බන්ධ ඕනෑම බර අඩු වීමක් සීනි සහිත බීම වෙනුවට ආදේශකයක් ලෙස භාවිතා කිරීමෙන් ජලය පැමිණීමට වැඩි ඉඩක් ඇති බවයි.

    “ආහාර වේලකට පෙර කුසට ජලය පුරවා ගැනීමෙන් රාත්තල් දිය වී යයි යන මතය මනාව තහවුරු වී නැති අතර, ඔබ ජලය පමණක් පානය කළහොත් ආමාශයෙන් එය ඉක්මනින් පිටවේ. නමුත් ඔබ සුප් වැනි ආහාර අනුභව කරන ආහාර මගින් වැඩි ජල ප්‍රමාණයක් පරිභෝජනය කරන්නේ නම්, ජලය ආහාරයට බැඳී ඇති අතර ආමාශයේ වැඩි කාලයක් රැඳී සිටින බැවින් මෙය ඔබව පුරවා ගත හැකිය.

    අපෙන් බොහෝ දෙනෙක් මෘදු ලෙස විජලනය වී ඇති අතර එය නොදැන සිටිති.

    වැඩිපුර ජලය පානය කිරීමෙන් ලැබෙන තවත් සෞඛ්‍යමය වාසියක්  වන්නේ සමේ පැහැය වැඩි දියුණු කිරීම සහ වඩා හොඳ මොයිස්චරයිසින් කළ සමක් ලැබීමයි. එහෙත් මේ පිටුපස විශ්වසනීය විද්‍යාත්මක යාන්ත්‍රණයක් යෝජනා කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැත.

    හොඳ දෙයක් ඕනෑවට වඩා?

    දිනකට වතුර වීදුරු අටක් අපේක්‍ෂා කරන අය අපට කිසිදු හානියක් නොකරයි. නමුත් අපගේ ශරීර සංඥා වලට වඩා ජලය පානය කළ යුතු යැයි විශ්වාස කිරීම සමහර විට භයානක විය හැකිය.

    රුධිරයේ සෝඩියම් තනුක කිරීමට හේතු වන විට ඕනෑවට වඩා දියර (ජලය) පරිභෝජනය බරපතල විය හැකිය. රුධිරයේ සෝඩියම් මට්ටම සමතුලිත කිරීමට දියර මාරුවීම නිසා මෙය මොළයේ හා පෙනහළු වල ඉදිමීමක් ඇති කරයි.

    පසුගිය දශකය තුළ අවම වශයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ක්‍රීඩා ඉසව්වලදී අධික ලෙස සජලනය වීමෙන් මිය ගොස් ඇත

    පසුගිය දශකය තුළ හෝ ඊට වැඩි කාලයකදී, ක්‍රීඩා ඉසව්වලදී අධික ලෙස සජලනය වීමෙන් මියගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ගැන කිප්ස් දැන සිටියේය. මෙම සිද්ධීන් අර්ධ වශයෙන් සිදුවන්නේ අපගේ පිපාසය පිළිබඳ යාන්ත්‍රණය කෙරෙහි අවිශ්වාසයක් ඇති වී ඇති නිසාත්, විජලනය වළක්වා ගැනීම සඳහා අපගේ ශරීර ඉල්ලා සිටින ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් පානය කළ යුතු යැයි අප සිතන නිසාත් ය.

    “රෝහල්වල හෙදියන් සහ වෛද්‍යවරුන් බරපතල ලෙස විජලනය වූ රෝගීන් දකිනු ඇත. ඔවුන්ට බරපතල වෛද්‍ය තත්වයන් ඇති හෝ දින ගණනක් ජලය පානය කිරීමට නොහැකි වී ඇත. නමුත් මෙම අවස්ථා මැරතන් තරඟ වලදී මිනිසුන් කනස්සල්ලට පත්වන විජලනයට වඩා බෙහෙවින් වෙනස් ය.  

    අපි බොහෝ විට ඒ ගැන සිතන්නේ නැත, නමුත් ඕනෑවට වඩා දියර පරිභෝජනය භයානක විය හැකිය

    ජොහානා පැකෙන්හැම් Johanna Pakenham 2018 ලන්ඩන් මැරතන් තරයට එක් වූවාය. ධාවන තරඟයේදී අධික ලෙස ජලය පානය කළ නිසා ඇය හයිපෝනාට්‍රේමියාව (hyponatremia) ලෙස හැඳින්වෙන අධික සජලනයට ලක්වූවාය. එදිනම ඇයව රෝහල වෙත ගෙන යන ලදී.

    “මගේ මිතුරා සහ සහකරු සිතුවේ මා විජලනය වී ඇති බවයි. ඔවුන්ට මට විශාල වතුර වීදුරුවක් ලබා දුන්නා. ඉරිදා සවස සිට ඊළඟ අඟහරුවාදා දක්වා මාව සිහිසුන්ව රෝහල් ගත කර තිබුණා‘  

    මට ඇත්තෙන්ම ජනතාවට කීමට අවශ්‍ය වන්නේ එතරම් සරල දෙයක් මාරාන්තික විය හැකි බව මිනිසුන් දැනගත යුතු බවයි – ජොහානා පැකෙන්හැම්

    “මට හොඳ වීමට අවශ්‍ය වූයේ ටැබ්ලට් කිහිපයක් පමණයි. අධික ජලය පානය ඔබේ රුධිරයේ සෝඩියම් මට්ටම ඉහළ නංවයි. මම මීට පෙර මැරතන් තරඟ කිහිපයට සහභාගී තිබෙනවා. ඒත් මම එය දැන සිටියේ නැහැ. ඇත්තෙන්ම මට ඔබට කීමට අවශ්‍ය වන්නේ එතරම් සරල දෙයක් එතරම් මාරාන්තික විය හැකි බව මිනිසුන් දැන ගත යුතු බවයි”

    කොපමණ ද?

    ‘අප නිරන්තරයෙන් සජලීකරණය විය යුතුය‘ යන අදහසින් බොහෝ අය ඔවුන් යන ඕනෑම තැනකට ජලය රැගෙන යන අතර ඔවුන්ගේ ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට වඩා ජලය පානය කරති.  

    ලන්ඩනයේ ක්‍රීඩා, ව්‍යායාම සහ සෞඛ්‍ය ආයතනයේ පර්යේෂණ අධ්‍යක්ෂ හියු මොන්ට්ගොමරි (Hugh Montgomery, director of research at the Institute for Sport, Exercise and Health in London) පවසන්නේ “කාන්තාරය මැද උණුසුම්ම පුද්ගලයෙකුට දහඩිය දැමිය හැකි උපරිම වේගය පැයකට ලීටර් දෙකක් විය හැකි නමුත් එය ඇත්තෙන්ම දුෂ්කර ය.

    ලන්ඩන් භූගත දුම්රියේ මිනිත්තු 20ක ගමනක් සඳහා වතුර මිලි ලීටර් 500 ක් පමණ රැගෙන යන ඔබ කිසි විටෙකත් එම අනුපාතයට දහඩිය දැමීමට තරම් උණුසුම් නොවනු ඇත – හියු මොන්ට්ගොමරි

    ලන්ඩන් භූගත දුම්රියේ මිනිත්තු 20ක ගමනක් සඳහා වතුර මිලි ලීටර් 500 ක් පමණ රැගෙන යන ඔබ කිසි විටෙකත් එම අනුපාතයට දහඩිය දැමීමට තරම් උණුසුම් නොවනු ඇත – හියු මොන්ට්ගොමරි

    පිපාසයට වඩා නිල මාර්ගෝපදේශ වලින් බැහැරව වඩාත් සුවපහසු යැයි හැඟෙන අයට, එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවය උපදෙස් දෙන්නේ දිනකට දියර වීදුරු හයක් – අටක් අතර ප්‍රමාණයක් පානය කිරීමටය. එයට අඩු මේද හා අඩු සීනි කිරී සහ තේ, කෝපි ද ඇතුළත්ය. 

    තේ සහ කෝපි ඇතුළු දිනකට දියර වීදුරු හයක් හෝ අටක් පානය කිරීමට එන්එච්එස් උපදෙස් දෙයි

    අප වසය අවුරුදු 60 ට වැඩි වූ පසු අපගේ පිපාසය යාන්ත්‍රණයන්ට සංවේදීතාව නැති වන බව මතක තබා ගැනීම ද වැදගත් ය.

    “වයසින් මුහුකුරා යන විට අපගේ ස්වාභාවික පිපාසය යාන්ත්‍රණය අඩු සංවේදී වන අතර තරුණ අයට වඩා විජලනය වීමේ ප්‍රවණතාව වැඩි වේ. වයසට යත්ම, සජලීයව සිටීමට අපගේ දියර පරිභෝජන පුරුදු කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම අවශ්‍ය විය හැකිය, ”ඩේවි පවසයි.

    පුද්ගලයෙකුගේ වයස, ශරීර ප්‍රමාණය, ස්ත්‍රී පුරුෂ භාවය, පරිසරය සහ ශාරීරික ක්‍රියාකාරකම් මට්ටම අනුව අපගේ දියර අවශ්‍යතා වෙනස් වන බවට බොහෝ විශේෂඥයෝ එකඟ වෙති.

    රොසෙන්බර්ග් පවසන්නේ “8×8 රීතියේ එක් වැරැද්දක් නම්, අප ජීවීන් ලෙස අප සිටින පරිසරයට ප්‍රතිචාර දක්වන ආකාරය ඉතා සරල ලෙස සරල කිරීමයි. බලශක්ති අවශ්‍යතාවයට සමාන ආකාරයකින් දියර අවශ්‍යතාවය ගැන අප සිතිය යුතුයි. එහිදී අප කතා කරන්නේ අප සිටින උෂ්ණත්වය සහ ශාරීරික ක්‍රියාකාරකම්වල මට්ටම පිළිබඳවයි.”

    බොහෝ ප්‍රවීණයන් එකඟ වන්නේ දිනකට අත්තනෝමතික ලෙස ජලය පානය කිරීම ගැන අප සැලකිලිමත් විය යුතු බවයි. අප පිපාසයෙන් සිටින විට අපගේ ශරීර අපට සංඥ කරයි, අප කුසගින්නෙන් හෝ වෙහෙසට පත්වන විට ඔවුන් කරන ආකාරයටම. ඔබට අවශ්‍ය ප්‍රමාණයට වඩා දියර / ජලය පානය කිරීමෙන් ඇති එකම සෞඛ්‍ය වාසිය නම්, ඔබ නිතර නිතර මුත්‍රා කිරීම සදහා වැසිකිළිය වෙත දිවීමෙන් වියදම් කරන අමතර කැලරි ප්‍රමාණයයි‍ෙ

    විජලනය මොන වගේද?

    විජලනය (dehydration) යනු ඔබ ගන්නා ප්‍රමාණයට වඩා වැඩි දියර ප්‍රමාණයක් අහිමි වීමයි. බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවයට අනුව විජලනය වීමේ රෝග ලක්ෂණ වන්නේ තද කහ මුත්‍රා, වෙහෙස, සැහැල්ලු හිස හෝ කරකැවිල්ල දැනීම; වියළි මුඛය, තොල් සහ ඇස් වියළී යාම, දිනකට හතර වතාවකට වඩා අඩු මුත්‍රා කිරීම. 

    නමුත් වඩාත් පොදු රෝග ලක්ෂණය කුමක්ද ? හුදෙක් පිපාසය දැනේ.

    මූලාශ්‍රය – https://www.bbc.com/future/article/20190403-how-much-water-should-you-drink-a-day

    සැකසුම – තුෂාධවි

  • බොලිවුඩ් සිනමාවේ Chocolate Boy ‘ රිෂී කපූර්ගේ ජීවිත කතාව සහ ඡායාරූප

    බොලිවුඩ් සිනමාවේ Chocolate Boy ‘ රිෂී කපූර්ගේ ජීවිත කතාව සහ ඡායාරූප

    රිෂි කපූර් 2018 දී පිළිකාවක් වැළඳී ඇති අතර ප්‍රතිකාර සඳහා නිව්යෝර්ක් නගරයට ගියේය . වසරකට වැඩි කාලයක් සාර්ථක ප්‍රතිකාරවලින් පසු රිෂි කපූර් 2019 සැප්තැම්බර් මාසයේදී නැවත ඉන්දියාවට පැමිණියේය. එතැන් සිට බොහෝ වාරයක් අසනීපව සිටි ඔහු බදාදා රාත්‍රියේ මුම්බායි හි ශ්‍රීමත් එච්එන් රිලයන්ස් පදනම් රෝහලට ඇතුළත් කරනු ලැබීය. ඔහු බ්‍රහස්පතින්දා උදෑසන අභාවප්‍රාප්ත විය. 

    අතිෂය ජනාදරයට පත් බොලිවුඩ් නළුවෙක් වූ රිෂි කපූර් Rishi Kapoor පසුගිය බ්‍රහස්පතින්දා අප අතරින් සමුගත්තා. සිනමා විචාරකයින් කියන්නේ රිෂිගේ අභාවය සමග බොලිවුඩ් සිනමාවේ තවත් ස්වර්ණමය යුගයක ජීවමාන සාක්ෂි අතීතයට එක්වන බවයි.

    රිෂි කපූර් අයත් වන්නේ සුප්‍රකට ‘කපූර් පරම්පරාවට‘යි. ඔහුගේ සීයා වන ප්‍රිත්විරාජ් කපූර් Prithviraj Kapoor ඉන්දියානු සිනමාවේ එක් කුළුණක් ලෙස සැලකෙන අතර ඔහුගේ පියා වන රාජ් කපූර් අතිෂය ජනාදරයට පත් ‘සුපිරි‘ බොලිවුඩ් නළුවෙක්. එපමණක් නොවෙයි රිෂිගේ මාමලා වන ශෂි කපූර් සහ ෂම්මි කපූර් ද බොලිවුඩ් සිනමා මේ සුපිරි නළුවන් ලෙස සලකනවා. 

    බොහෝ කපූර්වරුන්ගේ මෙන් රිෂිගේ සිනමා ජීවිතයද ඉතා ඉක්මනින් ආරම්භ වුණා. ඔහු ශ්‍රී 420 (1955) Shree 420 හි පියාර් හුවා ඉක්රාර් හුවා හයි  Pyar hua iqrar hua hai ගීතයේ කුඩා දරුවෙකු ලෙස රංගනයෙන් දායක වුණා. 

    රිෂි ළමා රංගන ශිල්පියෙකු ලෙස සිය පියා වන රාජ් කපූර්ගේ ‘මේරා නාම් ජෝකර් (1970) Mera Naam Joker (1970) චිත්‍රපටයට පිවිසියේ සිය පියාගේ බාල චරිතය රඟපාමිනුයි. මෙම චිත්‍රපටය විචාරකයින්ගේ දැඩි අවධානය දිනාගත් නමුත් ආදායම් ඉපැයීම අතින් එය අසාර්ථක වුණා.

    ඔහු තම පුත් රිෂි සහ නවක නිළි ඩිම්පල් කපාඩියා Dimple Kapadia රඟපෑ තරුණ වියේ ආදර කතාවක් කළේය. ‘බොබී Bobby (1973). බොබි බොක්ස් ඔෆිස් වාර්තා පිහිට වූ චිත්‍රපටයක් වූ අතර එමගින් ඔහුට අති විශාල ලාභයක් ලබා දුන්නේ.

    ඩිම්පල් සහ රිෂි වැඩි කල් නොගොස් බොලිවුඩයේ ජනප්‍රිය තරු බවට පත් වූ නමුත් ඇය සුපිරි තරුවක් වන රාජේෂ් ඛන්නා සමඟ විවාහය සඳහා සියල්ල අත්හැරියාය.

    බොබී චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් රිෂි ෆිල්ම් ෆෙයාර් හොඳම නළුවා කුසලානය දිනා ගත්තේය (Filmfare Best Actor trophy for his performance in Bobby

    ඔහු ඩූ ඩූනි චාර් Do Dooni Chaar (2011) සඳහා තමාගේම මෝටර් රථයක් මිලදී ගැනීමට ආශාවෙන් සිටින මැදිවියේ පියෙකු ලෙස කළ රංගනය වෙනුවෙන් ෆිල්ම් ෆෙයාර් විචාරකයින්ගේ හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත් අතර කපූර් සහ පුත්‍රයින්ගේ (2016) චරිතය වෙනුවෙන් ෆිල්ම් ෆෙයාර් හොඳම සහය නළුවා කුසලානය දිනා ගත්තේය. ඔහුට 2008 දී ෆිල්ම් ෆෙයාර් ජීවිත කාලය සඳහා වූ සම්මානය Filmfare Lifetime Achievement Award in 2008 හිමි විය. 

    බොබීගේ සාර්ථකත්වයට පසු රිෂි මිල කළ හැකි තාරකාවක් (saleable star) ලෙස ගණන් ගනු ලැබීය. සිනමාකරුවන්ට ඔහුගේ ‘චොකලට් පිරිමි ළමයාගේ ප්‍රතිරූපය‘ (chocolate boy) උපයා ගැනීමට අවශ්‍ය වූ අතර ඔහු වෙනුවෙන් චරිත රචනා කළේය. 

    කෙල් කෙල් මෙයින්  Khel Khel Mein (1975), රෆූ චක්කාර් Rafoo Chakkar (1975) – Some Like It Hot (1959) රිෂි වෙනුවෙන්ම චරිත ලියවුණු චිත්‍රපට විය. හම් කිසිස් කුම් නහීන් Hum Kisise Kum Naheen (1977) චිත්‍රපටයේ සාර්ථක රංගයන ඔහුගේ ප්‍රතිරූපය ශක්තිමත් කළේය. 

    රිෂි එවකට ජනප්‍රිය නිළියන් වූ ෂෝමා ආනන්ද්, රන්ජීටා සහ නීතු සිං සමඟ ආදරයෙන් බැදුණු අතර ඔහුගේ ප්ලේබෝයි ප්‍රතිරූපය එමගින් තවත් වර්ධනය විය. 

    රිෂි කපූර් සහ නිතූ සිංග් විවාහා වූ අලුත
    රිෂි තම පුතා වන රන්බීර් සහ දියණිය රිද්මා සමග
    රිෂි සහ නිතූ මැදිවියේදී

    ඔහු කෙල් කෙල් මෙයින්  Khel Khel Mein හි රූගත කිරීම් අතර නීතු සිං Neetu Singh වෙත සමීප වී ඇත. ඇය ඔහුගේ මිතුරියක් හා විශ්වාසවන්තයෙකු බවට පත් වූ අතර රිෂි – නිතූ යුවළ 1980 දී විවාහ විය. බොලිවුඩයේ ඉතා සාර්ථක විවාහයක් ඔවුන් සතුව තිබූ අතර පුත් රන්බීර් සහ දියණිය රිද්මා ඒ ආදරණීය විවාහයේ ප්‍රතිරූප විය.

    රිෂි සිය චොකලට් පිරිමි ළමයාගේ ප්‍රතිරූපය බිඳ දැමීමට (Rishi tried to break his chocolate boy image) උත්සාහ කළේ පුනරුත්පත්තිය පිළිබඳ නාට්‍යයක් වන සුභාෂ් ගයිගේ කර්ස් (1980) සහ සුක්වාන්ත් ධඩ්ඩා විසින් අධ්‍යක්ෂණය කරන ලද ඒක් චදාර් මයිලි සී Ek Chaddar Maili Si (1986), රජින්දර් සිං බෙඩිගේ සම්භාව්‍ය නවකතාව පදනම් කරගෙනය. එම චිත්‍රපටය සහ පොත සාහිත්‍ය ඇකඩමි සම්මානයක් දිනා ගත්තේය. 

    ඔහු කරෝබාර් Karobaar (2000) තෙක් තරුණ නිළියන් සමග දිගටම රංගනයේ යෙදුණේය. ඔහු නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය කළ අක්ෂේ ඛන්නා සහ අයිශ්වර්යා රායි රඟපෑ Aa Ab Laut Chalen (1999) චිත්‍රපටය ලාභයක් ලබා ගැනීමට අසමත් විය. 

    රිෂි අවසාන වශයෙන් හම් තුම් Hum Tum (2004), ෆනා Fanaa  (2006), දිල්ලි 6 Dilli 6  (2009), ඩූ ඩූනි චාර් Do Dooni Chaar (2010) වැනි චිත්‍රපටවල සිය දක්ෂතාව පෙන්වූ අතර එහිදී ඔහු බිරිඳ නීතු සිං සමඟ වසර 25 කට වැඩි කාලයක් පෙනී සිටියේය.  

    ඔහු අග්නිපාත් Agneepath (2012) හි දුර්ලභ ඍණාත්මක චරිතයකට පෙනී සිටි අතර ඒ සඳහා අගය කරන ලදී. ඔහු ශිෂ්‍යයා (2012) හි සමලිංගික චරිතයක් ලෙස පෙනී සිටිමින් තවත් තහනමක් පැනවීය. රිෂි මීට පෙර ප්‍රතික්ෂේප කළ කතුවරයාගේ සහාය ඇතිව රඟපෑවේය. 

    ඩී-ඩේ D-Day (2013) චිත්‍රපටයේ ඩාවුඩ් ඉබ්‍රාහිම්ට රඟපෑ ඔහු Not Out 2018 චිත්‍රපටයේ අමිතාබ් බච්චන්ගේ 76 හැවිරිදි පුත්‍රයා ලෙස පෙනී සිටියේය. 

    ඔහු සහ අමිතාබ් යන දෙදෙනාම වසර 20 කට වැඩි කාලයක් එකට චිත්‍රපටයක් කරමින් සිටි අතර එය ඔවුන්ට චිත්තවේගීය නැවත එක්වීමක් විය. 

    රිෂි මුස්ලිම් නීතිඥයෙකු ලෙස රඟපෑ මුල්ක් Mulk (2018) චිත්‍රපටයේ රංගනයද ඔහු සම්මානයක් දිනා ගත්තේය. 

    රිෂි කපූර් 2018 දී පිළිකාවක් වැළඳී ඇති අතර ප්‍රතිකාර සඳහා නිව්යෝර්ක් නගරයට ගියේය . වසරකට වැඩි කාලයක් සාර්ථක ප්‍රතිකාරවලින් පසු රිෂි කපූර් 2019 සැප්තැම්බර් මාසයේදී නැවත ඉන්දියාවට පැමිණියේය. එතැන් සිට බොහෝ වාරයක් අසනීපව සිටි ඔහු බදාදා රාත්‍රියේ මුම්බායි හි ශ්‍රීමත් එච්එන් රිලයන්ස් පදනම් රෝහලට ඇතුළත් කරනු ලැබීය. ඔහු බ්‍රහස්පතින්දා උදෑසන අභාවප්‍රාප්ත විය . 

    Text by Filmfare – BY – THUSHADHAVI

  • Untitled post 28993

    ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා වෛරස් සම්පත් මධ්‍යස්ථානයේ නවතම යාවත්කාලීන කිරීම් අනුව අද දිනය අවසන් වන විට ගෝලීය වශයෙන් ආසාදිතයින් 3,303,296ක් වාර්තා වූ අතර මරණ සංඛ්‍යාව 235,290ක් ලෙස වාර්තා වෙනවා. වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව තව දුරටත් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන අතර එය 1,082,411ක්. වැඩිම මරණ සංඛ්‍යාව ද ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන අතර අද දිනය අවසන් වන විට එය 63,127ක් දක්වා වර්ධනය වී තිබෙනවා.

    ස්පාඤ්ඤය – රෝගීන් 215,216 ක්, මරණ 24,824 ක්
    ඉතාලිය – රෝගීන් 205,463 ක්, මරණ 27,967 ක්
    එක්සත් රාජධානිය – රෝගීන් 172,481 ක්, මරණ 26,842 ක්
    ප්‍රංශය – රෝගීන් 167,303 ක්, මරණ 24,410 ක්
    ජර්මනිය – රෝගීන් 163,009 ක්, මරණ 6,623 ක්
    තුර්කිය –   රෝගීන් 120,204 ක් ,  මරණ 3 , 174 ක්
    රුසියාව – රෝගීන් 114,431 ක්, මරණ 1,169 ක් 
    ඉරානය – රෝගීන් 95,646 ක්, මරණ 6,091 ක් 
    බ්රසීලය – රෝගීන් 87,187 ක්, මරණ 6,006 ක්
    චීනය – රෝගීන් 83,958 ක්, මරණ 4,637 ක්
    කැනඩාව – රෝගීන් 54,457 ක්, මරණ 3,310 ක්
    බෙල්ජියම – රෝගීන් 49,032 ක්, මරණ 7,703 ක්
    නෙදර්ලන්තය – රෝගීන්  39.988   මරණ 4.909
    පේරු – රෝගීන් 36,976 ක්, මරණ 1,051 ක්
    ඉන්දියාව – රෝගීන් 35,043 ක්, මරණ 1,154 ක්
    ස්විට්සර්ලන්තය – රෝගීන් 29,705 ක්, මරණ 1,737 ක්
    පෘතුගාලය – රෝගීන් 25,351 ක්, මරණ 1,007 ක්
    ඉක්වදෝරය – රෝගීන් 24,934 ක්, මරණ 900 ක්
    සෞදි අරාබිය – රෝගීන් 22,753 ක්, මරණ 162 ක්
    ස්වීඩනය – රෝගීන් 21,520 ක්, මරණ 2,653 ක්
    අයර්ලන්තය – රෝගීන් 20,612 ක්, මරණ 1,232 ක්
    මෙක්සිකෝව – රෝගීන් 19,224 ක්, මරණ 1,859 ක්
    පකිස්ථානය – රෝගීන් 17,439 ක්, මරණ 391 ක් 
    සිංගප්පූරුව – රෝගීන් 17,101 ක්, මරණ 15 ක්
    චිලී – රෝගීන් 16,023 ක්, මරණ 227 ක්
    ඊස්රායලය – රෝගීන් 16,004 ක්, මරණ 223 ක්
    ඔස්ට්‍රියාව – රෝගීන් 15,531 ක්, මරණ 589 ක්
    බෙලාරුස් – රෝගීන් 14,917 ක්, මරණ 93 ක්
    ජපානය – රෝගීන් 14,088 ක්, මරණ 430 ක්
    කටාර් – රෝගීන් 14,096 ක්, මරණ 12 ක්
    පෝලන්තය – රෝගීන් 13,105 ක්, මරණ 651 ක් 
    එක්සත් අරාබි එමීර් ර – රෝගීන් 13,038 ක්, මරණ 111 ක්
    රුමේනියාව – රෝගීන් 12,567 ක්, මරණ 726 ක්
    දකුණු කොරියාව – රෝගීන් 10,774 ක්, මරණ 248 ක්
    යුක්රේනය – රෝගීන් 10,861 ක්, මරණ 272 ක්
    ඉන්දුනීසියාව – රෝගීන් 10,551 ක්, මරණ 800 ක්
    ඩෙන්මාර්කය – රෝගීන් 9,509 ක්, මරණ 460 ක්
    පිලිපීනය – රෝගීන් 8,772 ක්, මරණ 579 ක්
    නෝර්වේ – රෝගීන් 7,759 ක්, මරණ 210 ක්
    අන්තර් ක්‍රියාකාරී: කොවිඩ් -19 සමාජ දුරස්ථභාවය
    බංග්ලාදේශය – රෝගීන් 8,238 ක්, මරණ 170 ක්
    චෙක් ජනරජය – රෝගීන් 7,689 ක්, මරණ 237 ක් 
    ඩොමිනිකන් ජනරජය – රෝගීන් 6,972 ක්, මරණ 301 ක්
    ඕස්ට්‍රේලියාව – රෝගීන් 6,765 ක්, මරණ 93 ක්
    සර්බියාව – රෝගීන් 9,009 ක්, මරණ 179 ක්
    පැනමාව – රෝගීන් 6,532 ක්, මරණ 188 ක්
    කොලොම්බියාව – රෝගීන් 6,507 ක්, මරණ 293 ක්
    මැලේසියාව – රෝගීන් 6,071 ක්, මරණ 103 ක්
    දකුණු අප්‍රිකාව – රෝගීන් 5,647 ක්, මරණ 103 ක්
    ඊජිප්තුව – රෝගීන් 5,537 ක්, මරණ 392 ක්
    ෆින්ලන්තය – රෝගීන් 5,051 ක්, මරණ 218 ක්
    අන්තර්ක්‍රියාකාරී: කොවිඩ් -19 වක්‍රය සමතලා කිරීම
    මොරොක්කෝව – රෝගීන් 4,529 ක්, මරණ 171 ක්
    ආර්ජන්ටිනාව – රෝගීන් 4,428 ක්, මරණ 218 ක් 
    කුවේට් – රෝගීන් 4,377 ක්, මරණ 30 ක්
    ඇල්ජීරියාව – රෝගීන් 4,006 ක්, මරණ 450 ක් 
    මෝල්ඩෝවා – රෝගීන් 3,897 ක්, මරණ 122 ක්
    ලක්සම්බර්ග් – රෝගීන් 3,784 ක්, මරණ 90 ක්
    කසකස්තානය – රෝගීන් 3,551 ක්, මරණ 25 ක්
    බහරේනය – රෝගීන් 3,040 ක්, මරණ 8 ක් 
    තායිලන්තය – රෝගීන් 2,960 ක්, මරණ 54 ක්
    හංගේරියාව – රෝගීන් 2,863 ක්, මරණ 323 ක්
    ග්‍රීසිය – රෝගීන් 2,591 ක්, මරණ 140 ක්
    ඕමානය – රෝගීන් 2,447 ක්, මරණ 11 ක්
    ඇෆ්ගනිස්ථානය – රෝගීන් 2,335 ක්, මරණ 68 ක්
    ඉරාකය – රෝගීන් 2,085 ක්, මරණ 93 ක්
    ක්‍රොඒෂියාව – රෝගීන් 2,085 ක්, මරණ 75 ක්
    ඝනාව – රෝගීන් 2,074 ක්, මරණ 17 ක් 
    ආර්මේනියාව – රෝගීන් 2,148 ක්, මරණ 33 ක්
    උස්බෙකිස්තානය – රෝගීන් 2,075 ක්, මරණ 9 ක්
    කැමරූන් – රෝගීන් 1,832 ක්, මරණ 61 ක්
    අසර්බයිජානය – රෝගීන් 1,804 ක්, මරණ 24 ක්
    අයිස්ලන්තය – රෝගීන් 1,797 ක්, මරණ 10 ක්
    බොස්නියාව සහ හර්සගොවිනා – රෝගීන් 1,757 ක්, මරණ 69 ක්
    නයිජීරියාව – රෝගීන් 1,932 ක්, මරණ 58 ක්
    එස්තෝනියාව – රෝගීන් 1,694 ක්, මරණ 52 ක්
    කොරෝනාවයිරස රෝග ලක්ෂණ
    බල්ගේරියාව – රෝගීන් 1,541 ක්, මරණ 66 ක්
    කියුබාව – රෝගීන් 1,501 ක්, මරණ 61 ක්
    ගිනියාව – රෝගීන් 1,495 ක්, මරණ 7 ක්
    නවසීලන්තය – රෝගීන් 1,479 ක්, මරණ 19 ක්
    උතුරු මැසිඩෝනියාව – රෝගීන් 1,494 ක්, මරණ 81 ක්
    ස්ලොවේනියාව – රෝගීන් 1,434 ක්, මරණ 92 ක්
    ස්ලොවැකියාව – රෝගීන් 1,403 ක්, මරණ 23 ක්
    ලිතුවේනියාව – රෝගීන් 1,399 ක්, මරණ 45 ක්
    අයිවරි කෝස්ට් – රෝගීන් 1,275 ක්, මරණ 14 ක් 
    බොලිවියාව – රෝගීන් 1,167 ක්, මරණ 62 ක්
    ජිබුටි – රෝගීන් 1,097 ක්, මරණ 2 ක්
    ටියුනීසියාව – රෝගීන් 994 ක්, මරණ 41 ක්
    සෙනෙගල් – රෝගීන් 1,024 ක්, මරණ 9 ක්
    ලැට්වියාව – රෝගීන් 870 ක්, මරණ 16 ක්
    සයිප්‍රසය – රෝගීන් 850 ක්, මරණ 15 ක්
    ඇල්බේනියාව – රෝගීන් 773 ක්, මරණ 31 ක්
    හොන්ඩුරාස් – රෝගීන් 804 ක්, මරණ 75 ක්
    කිර්ගිස්තානය – රෝගීන් 756 ක්, මරණ 8 ක්
    ඇන්ඩෝරා – රෝගීන් 745 ක්, මරණ 42 ක්
    ලෙබනනය – රෝගීන් 729 ක්, මරණ 24 ක්
    කොස්ටාරිකාව – රෝගීන් 719 ක්, මරණ 6 ක්
    නයිජර් – රෝගීන් 719 ක්, මරණ 32 ක්
    ශ්‍රී ලංකාව – රෝගීන් 671 ක්, මරණ 7 ක්
    බුර්කිනා ෆාසෝ – රෝගීන් 645 ක්, මරණ 43 ක්
    උරුගුවේ – රෝගීන් 643 ක්, මරණ 17 ක්
    සෝමාලියාව – රෝගීන් 601 ක්, මරණ 28 ක්
    ග්වාතමාලාව – රෝගීන් 599 ක්, මරණ 16 ක්
    සැන් මරිනෝ – රෝගීන් 580 ක්, මරණ 41 ක්
    ජෝර්ජියාව – රෝගීන් 566 ක්, මරණ 6 ක්
    කොසෝවෝ – රෝගීන් 799 ක්, මරණ 12 ක්
    කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය – නඩු 572 ක්, මරණ 31 ක්
    මාලි – නඩු 490 ක්, මරණ 26 ක් 
    ටැන්සානියාව – රෝගීන් 480 ක්, මරණ 16 ක්
    මෝල්ටාව – රෝගීන් 467 ක්, මරණ 4 ක්
    ජෝර්දානය – රෝගීන් 453 ක්, මරණ 8 ක්
    සුඩානය – රෝගීන් 442 ක්, මරණ 31 ක්
    තායිවානය – ‍රෝගීන් 429 ක්, මරණ 6 ක්
    ජැමෙයිකාව – රෝගීන් 422 ක්, මරණ 8 ක්
    කෙන්යාව – රෝගීන් 396 ක්, මරණ 21 ක්
    මාලදිවයින – රෝගීන් 475, 1 මරණය
    එල් සැල්වදෝරය – රෝගීන් 424 ක්, මරණ 10 ක්
    වාඩිලාගෙන සිටින පලස්තීන ප්‍රදේශ – රෝගීන් 344 ක්, මරණ 2 ක්
    මොරිෂස් – රෝගීන් 332 ක්, මරණ 10 ක්
    වෙනිසියුලාව – රෝගීන් 333 ක්, මරණ 10 ක්
    මොන්ටිනිග්‍රෝ – රෝගීන් 322 ක්, මරණ 10 ක්
    සමක ගිනියාව – රෝගීන් 315 ක්, 1 මරණය
    ගැබොන් – රෝගීන් 276 ක්, මරණ 3 ක් 
    වියට්නාමය – රෝගීන් 270 ක්
    පැරගුවේ – රෝගීන් 266 ක්, මරණ 10 ක්
    රුවන්ඩාව – රෝගීන් 243 ක්
    කොංගෝ ජනරජය – රෝගීන් 220 ක්, මරණ 9 ක්
    ගිනියා-බිස්සව් – රෝගීන් 205 ක්, 1 මරණය
    මියන්මාරය – රෝගීන් 151 ක්, මරණ 6 ක්
    ලයිබීරියාව – රෝගීන් 141 ක්, මරණ 18 ක්
    බ une නායි – නඩු 138, 1 මරණය
    ඉතියෝපියාව – රෝගීන් 133 ක්, මරණ 3 ක්
    මැඩගස්කරය – රෝගීන් 132 ක්
    සියරා ලියොන් – රෝගීන් 136 ක්, මරණ 7 ක්
    කාම්බෝජය – රෝගීන් 122 ක්
    කේප් වර්ඩ් – රෝගීන් 122, 1 මරණය
    ටෝගෝ – රෝගීන් 116 ක්, මරණ 9 ක්
    ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ – රෝගීන් 116 ක්, මරණ 8 ක්
    සැම්බියාව – රෝගීන් 106 ක්, මරණ 3 ක් 
    එස්වාටිනි – රෝගීන් 100 ක්, 1 මරණය
    මොනාකෝ – රෝගීන් 95 ක්, මරණ 4 ක්
    ලිච්ටෙන්ස්ටයින් – ‍රෝගීන් 82 ක්, 1 මරණය
    උගන්ඩාව – රෝගීන් 83 යි
    බහමාස් – රෝගීන් 81 ක්, මරණ 11 ක්
    බාබඩෝස් – ‍රෝගීන් 81 ක්, මරණ 7 ක්
    ගයනා – 82 ක්, මරණ 9 ක්
    හයිටි – 81 ක්, මරණ 8 ක්
    මොසැම්බික් – රෝගීන් 76 යි
    බෙනින් – රෝගීන් 64 ක්, 1 මරණය
    ලිබියාව – රෝගීන් 61 ක්, මරණ 3 ක්
    නේපාලය – රෝගීන් 59 ක්
    චැඩ් – රෝගීන් 73 ක්, මරණ 5 ක්
    මධ්‍යම අප්‍රිකානු ජනරජය – රෝගීන් 64 ක්
    සිරියාව – රෝගීන් 43 ක්, මරණ 3 ක්
    සිම්බාබ්වේ – ‍රෝගීන් 40 ක්, මරණ 4 ක්
    එරිත්‍රියාව – රෝගීන් 39 යි
    මොන්ගෝලියාව – රෝගීන් 38 ක්
    මලාවි – රෝගීන් 37 ක්, මරණ 3 ක්
    දකුණු සුඩානය – රෝගීන් 35 ක්
    ඇන්ගෝලා – රෝගීන් 27 ක්, මරණ 2 ක්
    ඇන්ටිගුවා සහ බාබුඩා – රෝගීන් 24 ක්, මරණ 3 ක්
    නැගෙනහිර ටිමෝරය – ‍රෝගීන් 42 යි
    බොට්ස්වානා – රෝගීන් 23 ක්, 1 මරණය
    ග්‍රෙනාඩා – රෝගීන් 20 ක්
    ලාඕසය – රෝගීන් 19 ක්
    බෙලීස් – රෝගීන් 18 ක්, මරණ 2 ක්
    ෆීජි – රෝගීන් 18 යි
    ශාන්ත ලුසියා – ‍රෝගීන් 17ක්
    ඩොමිනිකා – රෝගීන් 16 යි
    නැමීබියාව – රෝගීන් 16 ක්

    අල් ජසීරා වාර්තාවක් ඇසුරිණි

  • Covid-19: ලංකාවේ ආසාදිතයින් 690යි – මරණ 07යි:  ලෝකයේ ආසාදිතයින් 3,303,296 යි මරණ 235,290යි

    Covid-19: ලංකාවේ ආසාදිතයින් 690යි – මරණ 07යි: ලෝකයේ ආසාදිතයින් 3,303,296 යි මරණ 235,290යි

    අද (01) දින ප.ව 22.05 වන විට ශ්‍රී ලංකාවෙන් කොවිඩ්-19 ආසාදිතයින් 25 දෙනකු වාර්තා වූ බවත් ඒ සමග ලංකාවේ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 690 දක්වා වර්ධනය වූ බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ සදහන් වෙනවා.

    එහි වැඩි දුරටත් සදහන් වන්නේ අද දිනය අවසන් වන විට රෝහල් තුළ රෝගීන් 521ක් ප්‍රතිකාර ලබමින් සිටි අතර රෝහල් තුළ විමර්ශනය යටතේ පුද්ගලයින් 145 දෙනකු සිටින බවයි. සුවය ලබා පිටව ගිය රෝගීන් සංඛ්‍යාව අද දිනය අවසන් වන විට 162 ක් වන අතර මරණ සංඛ්‍යාව 07ක් ලෙස ස්ථාවරව පවතින බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ නිල වෙබ් අඩවියේ වැඩි දුරටත් සදහන් වන්නේ.

    ගෝලීය තත්ත්වය

    ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා වෛරස් සම්පත් මධ්‍යස්ථානයේ නවතම යාවත්කාලීන කිරීම් අනුව අද දිනය අවසන් වන විට ගෝලීය වශයෙන් ආසාදිතයින් 3,303,296ක් වාර්තා වූ අතර මරණ සංඛ්‍යාව 235,290ක් ලෙස වාර්තා වෙනවා. වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව තව දුරටත් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන අතර එය 1,082,411ක්. වැඩිම මරණ සංඛ්‍යාව ද ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන අතර අද දිනය අවසන් වන විට එය 63,127ක් දක්වා වර්ධනය වී තිබෙනවා.

    ස්පාඤ්ඤය – රෝගීන් 215,216 ක්, මරණ 24,824 ක්
    ඉතාලිය – රෝගීන් 205,463 ක්, මරණ 27,967 ක්
    එක්සත් රාජධානිය – රෝගීන් 172,481 ක්, මරණ 26,842 ක්
    ප්‍රංශය – රෝගීන් 167,303 ක්, මරණ 24,410 ක්
    ජර්මනිය – රෝගීන් 163,009 ක්, මරණ 6,623 ක්
    තුර්කිය –   රෝගීන් 120,204 ක් ,  මරණ 3 , 174 ක්
    රුසියාව – රෝගීන් 114,431 ක්, මරණ 1,169 ක් 
    ඉරානය – රෝගීන් 95,646 ක්, මරණ 6,091 ක් 
    බ්රසීලය – රෝගීන් 87,187 ක්, මරණ 6,006 ක්
    චීනය – රෝගීන් 83,958 ක්, මරණ 4,637 ක්
    කැනඩාව – රෝගීන් 54,457 ක්, මරණ 3,310 ක්
    බෙල්ජියම – රෝගීන් 49,032 ක්, මරණ 7,703 ක්
    නෙදර්ලන්තය – රෝගීන්  39.988   මරණ 4.909
    පේරු – රෝගීන් 36,976 ක්, මරණ 1,051 ක්
    ඉන්දියාව – රෝගීන් 35,043 ක්, මරණ 1,154 ක්
    ස්විට්සර්ලන්තය – රෝගීන් 29,705 ක්, මරණ 1,737 ක්
    පෘතුගාලය – රෝගීන් 25,351 ක්, මරණ 1,007 ක්
    ඉක්වදෝරය – රෝගීන් 24,934 ක්, මරණ 900 ක්
    සෞදි අරාබිය – රෝගීන් 22,753 ක්, මරණ 162 ක්
    ස්වීඩනය – රෝගීන් 21,520 ක්, මරණ 2,653 ක්
    අයර්ලන්තය – රෝගීන් 20,612 ක්, මරණ 1,232 ක්
    මෙක්සිකෝව – රෝගීන් 19,224 ක්, මරණ 1,859 ක්
    පකිස්ථානය – රෝගීන් 17,439 ක්, මරණ 391 ක් 
    සිංගප්පූරුව – රෝගීන් 17,101 ක්, මරණ 15 ක්
    චිලී – රෝගීන් 16,023 ක්, මරණ 227 ක්
    ඊස්රායලය – රෝගීන් 16,004 ක්, මරණ 223 ක්
    ඔස්ට්‍රියාව – රෝගීන් 15,531 ක්, මරණ 589 ක්
    බෙලාරුස් – රෝගීන් 14,917 ක්, මරණ 93 ක්
    ජපානය – රෝගීන් 14,088 ක්, මරණ 430 ක්
    කටාර් – රෝගීන් 14,096 ක්, මරණ 12 ක්
    පෝලන්තය – රෝගීන් 13,105 ක්, මරණ 651 ක් 
    එක්සත් අරාබි එමීර් ර – රෝගීන් 13,038 ක්, මරණ 111 ක්
    රුමේනියාව – රෝගීන් 12,567 ක්, මරණ 726 ක්
    දකුණු කොරියාව – රෝගීන් 10,774 ක්, මරණ 248 ක්
    යුක්රේනය – රෝගීන් 10,861 ක්, මරණ 272 ක්
    ඉන්දුනීසියාව – රෝගීන් 10,551 ක්, මරණ 800 ක්
    ඩෙන්මාර්කය – රෝගීන් 9,509 ක්, මරණ 460 ක්
    පිලිපීනය – රෝගීන් 8,772 ක්, මරණ 579 ක්
    නෝර්වේ – රෝගීන් 7,759 ක්, මරණ 210 ක්
    අන්තර් ක්‍රියාකාරී: කොවිඩ් -19 සමාජ දුරස්ථභාවය
    බංග්ලාදේශය – රෝගීන් 8,238 ක්, මරණ 170 ක්
    චෙක් ජනරජය – රෝගීන් 7,689 ක්, මරණ 237 ක් 
    ඩොමිනිකන් ජනරජය – රෝගීන් 6,972 ක්, මරණ 301 ක්
    ඕස්ට්‍රේලියාව – රෝගීන් 6,765 ක්, මරණ 93 ක්
    සර්බියාව – රෝගීන් 9,009 ක්, මරණ 179 ක්
    පැනමාව – රෝගීන් 6,532 ක්, මරණ 188 ක්
    කොලොම්බියාව – රෝගීන් 6,507 ක්, මරණ 293 ක්
    මැලේසියාව – රෝගීන් 6,071 ක්, මරණ 103 ක්
    දකුණු අප්‍රිකාව – රෝගීන් 5,647 ක්, මරණ 103 ක්
    ඊජිප්තුව – රෝගීන් 5,537 ක්, මරණ 392 ක්
    ෆින්ලන්තය – රෝගීන් 5,051 ක්, මරණ 218 ක්
    අන්තර්ක්‍රියාකාරී: කොවිඩ් -19 වක්‍රය සමතලා කිරීම
    මොරොක්කෝව – රෝගීන් 4,529 ක්, මරණ 171 ක්
    ආර්ජන්ටිනාව – රෝගීන් 4,428 ක්, මරණ 218 ක් 
    කුවේට් – රෝගීන් 4,377 ක්, මරණ 30 ක්
    ඇල්ජීරියාව – රෝගීන් 4,006 ක්, මරණ 450 ක් 
    මෝල්ඩෝවා – රෝගීන් 3,897 ක්, මරණ 122 ක්
    ලක්සම්බර්ග් – රෝගීන් 3,784 ක්, මරණ 90 ක්
    කසකස්තානය – රෝගීන් 3,551 ක්, මරණ 25 ක්
    බහරේනය – රෝගීන් 3,040 ක්, මරණ 8 ක් 
    තායිලන්තය – රෝගීන් 2,960 ක්, මරණ 54 ක්
    හංගේරියාව – රෝගීන් 2,863 ක්, මරණ 323 ක්
    ග්‍රීසිය – රෝගීන් 2,591 ක්, මරණ 140 ක්
    ඕමානය – රෝගීන් 2,447 ක්, මරණ 11 ක්
    ඇෆ්ගනිස්ථානය – රෝගීන් 2,335 ක්, මරණ 68 ක්
    ඉරාකය – රෝගීන් 2,085 ක්, මරණ 93 ක්
    ක්‍රොඒෂියාව – රෝගීන් 2,085 ක්, මරණ 75 ක්
    ඝනාව – රෝගීන් 2,074 ක්, මරණ 17 ක් 
    ආර්මේනියාව – රෝගීන් 2,148 ක්, මරණ 33 ක්
    උස්බෙකිස්තානය – රෝගීන් 2,075 ක්, මරණ 9 ක්
    කැමරූන් – රෝගීන් 1,832 ක්, මරණ 61 ක්
    අසර්බයිජානය – රෝගීන් 1,804 ක්, මරණ 24 ක්
    අයිස්ලන්තය – රෝගීන් 1,797 ක්, මරණ 10 ක්
    බොස්නියාව සහ හර්සගොවිනා – රෝගීන් 1,757 ක්, මරණ 69 ක්
    නයිජීරියාව – රෝගීන් 1,932 ක්, මරණ 58 ක්
    එස්තෝනියාව – රෝගීන් 1,694 ක්, මරණ 52 ක්
    කොරෝනාවයිරස රෝග ලක්ෂණ
    බල්ගේරියාව – රෝගීන් 1,541 ක්, මරණ 66 ක්
    කියුබාව – රෝගීන් 1,501 ක්, මරණ 61 ක්
    ගිනියාව – රෝගීන් 1,495 ක්, මරණ 7 ක්
    නවසීලන්තය – රෝගීන් 1,479 ක්, මරණ 19 ක්
    උතුරු මැසිඩෝනියාව – රෝගීන් 1,494 ක්, මරණ 81 ක්
    ස්ලොවේනියාව – රෝගීන් 1,434 ක්, මරණ 92 ක්
    ස්ලොවැකියාව – රෝගීන් 1,403 ක්, මරණ 23 ක්
    ලිතුවේනියාව – රෝගීන් 1,399 ක්, මරණ 45 ක්
    අයිවරි කෝස්ට් – රෝගීන් 1,275 ක්, මරණ 14 ක් 
    බොලිවියාව – රෝගීන් 1,167 ක්, මරණ 62 ක්
    ජිබුටි – රෝගීන් 1,097 ක්, මරණ 2 ක්
    ටියුනීසියාව – රෝගීන් 994 ක්, මරණ 41 ක්
    සෙනෙගල් – රෝගීන් 1,024 ක්, මරණ 9 ක්
    ලැට්වියාව – රෝගීන් 870 ක්, මරණ 16 ක්
    සයිප්‍රසය – රෝගීන් 850 ක්, මරණ 15 ක්
    ඇල්බේනියාව – රෝගීන් 773 ක්, මරණ 31 ක්
    හොන්ඩුරාස් – රෝගීන් 804 ක්, මරණ 75 ක්
    කිර්ගිස්තානය – රෝගීන් 756 ක්, මරණ 8 ක්
    ඇන්ඩෝරා – රෝගීන් 745 ක්, මරණ 42 ක්
    ලෙබනනය – රෝගීන් 729 ක්, මරණ 24 ක්
    කොස්ටාරිකාව – රෝගීන් 719 ක්, මරණ 6 ක්
    නයිජර් – රෝගීන් 719 ක්, මරණ 32 ක්
    ශ්‍රී ලංකාව – රෝගීන් 671 ක්, මරණ 7 ක්
    බුර්කිනා ෆාසෝ – රෝගීන් 645 ක්, මරණ 43 ක්
    උරුගුවේ – රෝගීන් 643 ක්, මරණ 17 ක්
    සෝමාලියාව – රෝගීන් 601 ක්, මරණ 28 ක්
    ග්වාතමාලාව – රෝගීන් 599 ක්, මරණ 16 ක්
    සැන් මරිනෝ – රෝගීන් 580 ක්, මරණ 41 ක්
    ජෝර්ජියාව – රෝගීන් 566 ක්, මරණ 6 ක්
    කොසෝවෝ – රෝගීන් 799 ක්, මරණ 12 ක්
    කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය – නඩු 572 ක්, මරණ 31 ක්
    මාලි – නඩු 490 ක්, මරණ 26 ක් 
    ටැන්සානියාව – රෝගීන් 480 ක්, මරණ 16 ක්
    මෝල්ටාව – රෝගීන් 467 ක්, මරණ 4 ක්
    ජෝර්දානය – රෝගීන් 453 ක්, මරණ 8 ක්
    සුඩානය – රෝගීන් 442 ක්, මරණ 31 ක්
    තායිවානය – ‍රෝගීන් 429 ක්, මරණ 6 ක්
    ජැමෙයිකාව – රෝගීන් 422 ක්, මරණ 8 ක්
    කෙන්යාව – රෝගීන් 396 ක්, මරණ 21 ක්
    මාලදිවයින – රෝගීන් 475, 1 මරණය
    එල් සැල්වදෝරය – රෝගීන් 424 ක්, මරණ 10 ක්
    වාඩිලාගෙන සිටින පලස්තීන ප්‍රදේශ – රෝගීන් 344 ක්, මරණ 2 ක්
    මොරිෂස් – රෝගීන් 332 ක්, මරණ 10 ක්
    වෙනිසියුලාව – රෝගීන් 333 ක්, මරණ 10 ක්
    මොන්ටිනිග්‍රෝ – රෝගීන් 322 ක්, මරණ 10 ක්
    සමක ගිනියාව – රෝගීන් 315 ක්, 1 මරණය
    ගැබොන් – රෝගීන් 276 ක්, මරණ 3 ක් 
    වියට්නාමය – රෝගීන් 270 ක්
    පැරගුවේ – රෝගීන් 266 ක්, මරණ 10 ක්
    රුවන්ඩාව – රෝගීන් 243 ක්
    කොංගෝ ජනරජය – රෝගීන් 220 ක්, මරණ 9 ක්
    ගිනියා-බිස්සව් – රෝගීන් 205 ක්, 1 මරණය
    මියන්මාරය – රෝගීන් 151 ක්, මරණ 6 ක්
    ලයිබීරියාව – රෝගීන් 141 ක්, මරණ 18 ක්
    බ une නායි – නඩු 138, 1 මරණය
    ඉතියෝපියාව – රෝගීන් 133 ක්, මරණ 3 ක්
    මැඩගස්කරය – රෝගීන් 132 ක්
    සියරා ලියොන් – රෝගීන් 136 ක්, මරණ 7 ක්
    කාම්බෝජය – රෝගීන් 122 ක්
    කේප් වර්ඩ් – රෝගීන් 122, 1 මරණය
    ටෝගෝ – රෝගීන් 116 ක්, මරණ 9 ක්
    ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ – රෝගීන් 116 ක්, මරණ 8 ක්
    සැම්බියාව – රෝගීන් 106 ක්, මරණ 3 ක් 
    එස්වාටිනි – රෝගීන් 100 ක්, 1 මරණය
    මොනාකෝ – රෝගීන් 95 ක්, මරණ 4 ක්
    ලිච්ටෙන්ස්ටයින් – ‍රෝගීන් 82 ක්, 1 මරණය
    උගන්ඩාව – රෝගීන් 83 යි
    බහමාස් – රෝගීන් 81 ක්, මරණ 11 ක්
    බාබඩෝස් – ‍රෝගීන් 81 ක්, මරණ 7 ක්
    ගයනා – 82 ක්, මරණ 9 ක්
    හයිටි – 81 ක්, මරණ 8 ක්
    මොසැම්බික් – රෝගීන් 76 යි
    බෙනින් – රෝගීන් 64 ක්, 1 මරණය
    ලිබියාව – රෝගීන් 61 ක්, මරණ 3 ක්
    නේපාලය – රෝගීන් 59 ක්
    චැඩ් – රෝගීන් 73 ක්, මරණ 5 ක්
    මධ්‍යම අප්‍රිකානු ජනරජය – රෝගීන් 64 ක්
    සිරියාව – රෝගීන් 43 ක්, මරණ 3 ක්
    සිම්බාබ්වේ – ‍රෝගීන් 40 ක්, මරණ 4 ක්
    එරිත්‍රියාව – රෝගීන් 39 යි
    මොන්ගෝලියාව – රෝගීන් 38 ක්
    මලාවි – රෝගීන් 37 ක්, මරණ 3 ක්
    දකුණු සුඩානය – රෝගීන් 35 ක්
    ඇන්ගෝලා – රෝගීන් 27 ක්, මරණ 2 ක්
    ඇන්ටිගුවා සහ බාබුඩා – රෝගීන් 24 ක්, මරණ 3 ක්
    නැගෙනහිර ටිමෝරය – ‍රෝගීන් 42 යි
    බොට්ස්වානා – රෝගීන් 23 ක්, 1 මරණය
    ග්‍රෙනාඩා – රෝගීන් 20 ක්
    ලාඕසය – රෝගීන් 19 ක්
    බෙලීස් – රෝගීන් 18 ක්, මරණ 2 ක්
    ෆීජි – රෝගීන් 18 යි
    ශාන්ත ලුසියා – ‍රෝගීන් 17ක්
    ඩොමිනිකා – රෝගීන් 16 යි
    නැමීබියාව – රෝගීන් 16 ක්

    අල් ජසීරා වාර්තාවක් ඇසුරිණි

  • වෙසක් උත්සවය සමරන ආකාරය ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයන් උපදෙස්

    වෙසක් උත්සවය සමරන ආකාරය ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයන් උපදෙස්

    අප රටේ පවතින කොවිඩ් – 19  රෝගය සම්බන්ධව බරපතල තත්ත්වය හේතුවෙන් මෙවර වෙසක් උත්සවය වෙනස් ආකාරයනට සැමරිය යුතු වේ.සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් සියලුම බෞද්ධාගමික නායක ස්වාමීන්වහන්සේලා ප්‍රමුඛ සංඝයා වහන්සේලා හා බෞද්ධයින් මෙවර  වෙසක් උත්සවය සැමරීමේදී අනුගමනය කළයුතු ආකාරය පිළිබඳව උපදෙස් මාලාවක් ඉදිරිපත් කරන්නෙමු.

    මෙම උපදෙස් ඔබ අප සියලුදෙනා  කොවිඩ් – 19  රෝගයෙන් ආරක්ෂාවීම පිණිසයි.

    හැකිතාක් දුරට නිවස මූලික කරගත් ආමිස හා ප්‍රතිපත්ති පූජා වල නිරත වන ලෙසත් පුද්ගල දුරස්ථභාවය පවත්වා ගනිමින් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් පිරිත් දේශනා,ධර්ම දේශනා වැඩසටහන් සංවිධානය කිරීම සුදුසු වේ.

    වෙසක් කලාප,දන්සැල්,තොරණ් ආදිය  ඇතුළු සියලුම මහජනතාව ඒකරාශී වන වැඩසටහන් පැවැත්වීමෙන් වළකින ලෙසටත්,වෙසක් දිනයේදී නිවසින් පිටත අනවශ්‍ය ගැවසීම් හා වෙසක් එළි බැලීම සඳහා නොයන ලෙසටත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් භද්‍රාණි ජයවර්ධන මහත්මිය අවධාරණය කරයි.ඒ අනුව,

    විහාරස්ථානය තුළ

    පුද්ගල දුරස්ථභාවය තබා ගැනීමට අසීරු වන, පිරිස් ගැවසෙන ආමිස හා ප්‍රතිපත්ති පූජා පැවැත්වීමෙන් වළකින්න.මේවා නිවසේ සිට කිරීමට අනුබල දෙන්න.

    දාන,ශීල ,භාවනා ව්‍යාපාර ,දන්සැල්,සල්පිල්,තොරණ්,පෙරහැර සංවිධානය කිරීමෙන් වැළකිය යුතුයි.

    නිවස තුළ

    ශීල භාවනා වැඩසටහන් නිවසේ සිට පැවැත්වීමට කටයුතු සූදානම් කරන්න.

    වෙසක් සැරසිලි,වෙසක් කූඩු,පහන් පූජා නිවාස පරිශ්‍රයේ සිදු කළහැක.

    වෙසක් සමයේ සිදු කරන වෙළඳාම් සඳහා ( වෙසක් කූඩු, වෙසක් සැරසිලි සහ අමුද්‍රව්‍ය)

    සියලුම වෙසක් සම්බන්ධව කරන වෙළඳාම් කටයුතු පුද්ගල දුරස්ථභාවය තබා ගනිමින් කොවිඩ් – 19  පැතිරීම වැළැක්වීමට ගතයුතු ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිදු කරන ලෙසය ඉල්ලා සිටී.(මෙය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනගේ අධීක්ෂණ්‍ය යටතේ මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් පරීක්ෂා කරනු ඇත.)

  • බස්නාහිර පළාතේ කොවිඩ්-19 යම් තරමකට පාලනය කරලා

    බස්නාහිර පළාතේ කොවිඩ්-19 යම් තරමකට පාලනය කරලා

    අවශ්‍ය නම් දිනකට සිදුකරන PPR පරීක්ෂණ සංඛ්‍යාව 3000 ක් දක්වා වැඩිකිරීමේ සැලසුමක්

    බස්නාහිර පලාතේ කොරෝනා ( කොවිඩ් -19) තත්වය පාලනයට යටත් කොට  කොට තිබෙන බව සෞඛ්‍ය සේවා  අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. මේ වන විට බස්නාහිර පලාතේ විශාල වශයෙන් පී. සී. ආර් . පරීක්ෂණ සිදුකරයි.

    මේ වන විට විවිධ අවදානම්  කණ්ඩායම තෝරා ගෙන පී. සී. ආර් .පරීක්ෂණ සිදු කරමින් පවතී. එහෙත් තත්වය තවමත්  100% ක්  පාලනය කොට ඇති බව පැවසිය නොහැකිය. පාලනය අප අතින් ගිලිහී නොමැති අතර පාලනය අප අතට ගෙන ඇති බව වගකීමෙන් ප්‍රකාශ කල හැකිය.

    එලඹෙන මැයි මස  04 වනදා ,සඳුදා වනවිට  රට යථා තත්වයට පත් කල හැකි වීම හෝ නොවීම පිලිබදව දැනට අනාවැකි පලකල නොහැකිය. කෙසේවෙතත් වෙසක් සමය දක්වාම මෙම අධික සුපරීක්ෂාව පවත්වාගෙන යාමට සිදුවනු ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පෙන්වාදෙයි. ඉන් අනතුරුවද තවත් කලක් ගතවන තුරු සෞඛ්‍ය උපදෙස් පිලිපදිමින් යම් පාලනයකට යටත්ව දෛනික කටයුතු සිදු කිරීමට සිදුවීම අනිවාර්ය ය.

    ඊයේ (30) දිනයේදී පී.සී.ආර්. පරීක්ෂණ 1397 ක් සිදු  කර ඇත. පරීක්ෂණ වලට සාපේක්ෂව රෝග ආසාදිතයින් අමු වන්නේ සුළු වශයෙනි. කෙසේ වෙතත් පී.සී.ආර්. පරීක්ෂණ  දෛනිකව සිදුකරන සාමාන්‍ය ප්‍රමාණය 1500 මට්ටමක දිගටම පවත්වාගෙන යනු ලැබේ.

    එම පරීක්ෂණවලට ලක් කරන්නේ කුමන කණ්ඩායම්ද යන්න එලඹෙන තත්වයන් අනුව තීරණය කරනු ලැබේ. අවශ්‍යතාවයක් සිදු වුවහොත් දිනකට සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය 3000 දක්වාද වැඩි කිරීමට මේ වන විට හැකියාව පවතී. විශ්ව විද්‍යාල පද්ධතියද මෙම පරීක්ෂණ සිදු කිරීම නිසා දිනකට සිදුකරන පරීක්ෂණ ප්‍රමාණය මෙසේ ඉහල නැංවීමට හැකියාව ලැබී තිබේ.

    චීනයෙන් පරිත්‍යාග වශයෙන් ලැබුනු කට්ටල මෙන්ම ,භාවිත කරන කුමන පී.සී.ආර්. පර්‍ර්ක්ෂණ කට්ටලයක් වුවද එහි නිරවද්‍යතාව පිළිබඳව නිරන්තරයෙන් පරීක්ෂා (Validate)  කෙරේ. එබැවින් පරීක්ෂණ වල ප්‍රතිඵල සම්බන්ධයෙන් තමන් සෑහීමට පත්වන බවද විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කරයි.

    කෙසේවෙතත් රෝගය පාලනය පිණිස බලපාන ප්‍රධාන සාධකයක් වන්නේ මහජනතාව විසින් තවදුරටත් සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස පිලිපැදීම බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා යලිත් අවධාරණය කරයි

  • සෞඛ්‍ය ඇමැති පවිත්‍රා විදෙස් සෞඛ්‍ය අමාත්‍යවරුන් සමග විශේෂ සාකච්ඡාවක

    සෞඛ්‍ය ඇමැති පවිත්‍රා විදෙස් සෞඛ්‍ය අමාත්‍යවරුන් සමග විශේෂ සාකච්ඡාවක

    COVID-19 වෛරසය මැඩලීම, ව්‍යාප්තිය පාලනය, සෞඛ්‍ය ප්‍රතිකාරක සේවාවන් සහ ඉදිරි සැළසුම් පිළිබදව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විදේශීය සෞඛ්‍ය අමාත්‍යවරුන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ බලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක් ඊයේ දින (2020.04.30)  රාත්‍රියේ දී පැවැත්විනි.

    කොළඹ පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධානයේ නේවාසික නියෝජිතවරියගේ කාර්යාලයේ දී පැය 02 කට ආසන්න කාලයක් නවීන වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම සාකච්ඡාව පැවැත්විනි.

    රටවල් 15 ක සෞඛ්‍ය අමාත්‍යවරුන් සහභාගි වූ මෙම සාකච්ඡාවේ දී විශේෂයෙන්ම COVID-19 වසංගත උවදුර තුරන් කිරීමට ගත යුතු ඉදිරි පියවරයන් පිළිබදවත් ඒ ඒ රටවල් ගනු ලබන විධිමත් ක්‍රියාමාර්ග සහ අත්දැකීම් පිළිබදවත්, වෛරසයට අදාල ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීම පිළිබදවත් අමාත්‍යවරුන් මෙහිදී අදහස් හුවමාරු කර ගන්නා ලදි. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් ශ්‍රී ලංකාවේ COVID-19 මර්දන වැඩපිළිවෙල සම්බන්ධයෙන් මෙතෙක් රජය සහ සෞඛ්‍ය අංශ විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබදවත්, ඉදිරියේ දී ක්‍රියාත්මක කිරිමට නියමිත ආරක්ෂිත ක්‍රමවේද පිළිබදවත් කරුණු පැහැදිලි කරමින් අදහස් හුවමාරු කරගන්නා ලදි.

    නිදහස් සෞඛ්‍ය සේවාව ක්‍රියාත්මක වන රටක් ලෙස ශ්‍රී ලංකාව COVID-19 වෛරසය මර්දනයට මෙතෙක් ගෙන ඇති වැඩපිළිවෙල ඉතාමත් සාර්ථක වැඩපිළිවෙළක් බවත්, ලෝකයේ දියුණූ රාජ්‍යයයන් මෙම වෛරසය මර්දනයේ දී ප්‍රමාද වී තීන්දු තීරණ ගෙන ක්‍රියාත්මක කළ බවත්, එම සමහර තීන්දු තීරණ ශ්‍රී ලංකාව කළින් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් මෙම වෛරසය ව්‍යාප්තියේ මර්දනයක් ලගා කරගෙන තිබෙන බව ද විදේශ රටවල සෞඛ්‍ය අමාත්‍යවරු මෙහිදී පෙන්වා දෙන ලදි.

    මෙම අවස්ථාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිතවරිය වන වෛද්‍ය රාසියා පෙන්ඩ්සේ මහත්මිය (Dr Razia Pendse) , සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා, වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහත සහ ගරු අමාත්‍යතුමියගේ සම්බන්ධීකරණ ලේකම් වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතා ද එක් විය.

  • දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම මැයි 11 වැනිදා ඇරඹෙයි

    දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම මැයි 11 වැනිදා ඇරඹෙයි

    කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය සහ ආයතන ක්‍රියාකාරිත්වය යථා තත්වයට පත් කිරීම මැයි 11, සඳුදා ඇරඹෙයි.

    මේ දිස්ත්‍රික්කවල අත්‍යාවශ්‍ය සේවා පවත්වා ගැනීම ඇතුළු ජනජීවිතය සහ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම පිණිස රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන සඳුදා සිට විවෘත කොට පවත්වාගෙන යා යුතුය. සේවා අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් ඒ සඳහා අවශ්‍ය සැලසුම් දැන් සිටම සකස් කරන ලෙස ආයතන ප්‍රධානීන්ට දැනුම් දෙනු ලැබේ. ආයතන විවෘත කොට පවත්වාගෙන යාමේදී කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රමුඛ සෞඛ්‍ය බලධාරීන් නියම කර ඇති මාර්ගෝපදේශ මුළුමනින්ම පිළිපදින බවට ආයතන ප්‍රධානීන් වගබලාගත යුතුය.

    දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවල සේවයට කැඳවිය යුතු සේවක සංඛ්‍යාව සහ සේවයට කැඳවන්නේ කුමන සේවකයන්ද යන්න ආයතන ප්‍රධානියාගේ අභිමතය අනුව තීරණය කිරීමට පිළිවන. පෞද්ගලික අංශයේ ආයතන විවෘත කළයුතු වේලාව උදේ 10.00 ලෙස නියම කර තිබේ.

    වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජනයා අනවශ්‍ය ලෙස මහාමාර්ගයට පැමිණීම සහ වෙනත් ස්ථානවල එක්රැස්වීම නතර කළයුතුව ඇත. ගමනාගමන මණ්ඩල බස්රථවල සහ දුම්රිය මැදිරිවල මගී ප්‍රවාහනය රැකියා සදහා යන එන අයට පමණක් සීමා කෙරේ.

    අවශ්‍යයෙන්ම සේවයට වාර්තා කළයුතු අය හැර සෙසු ජනයාගෙන් රෝග නිවාරණයට සහාය වනු පිණිස නිවෙස්වලම රැඳී සිටින්නැයි ඉල්ලීමක් කෙරේ. කවරකු හෝ නිවසින් බැහැර යා යුත්තේ ආහාර හා ඖෂධ වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ හා ද්‍රව්‍ය මිලට ගැනීමට පමණි. මේ සෑම අවස්ථාවකම කොරෝනා පාලන සෞඛ්‍ය නිර්දේශ අකුරටම පිළිපැදිය යුතුය. පොලිස් බලධාරීන් විසින් නිකුත් කර ඇති ඇඳිරි නීති බලපත් වලංගුවන්නේ රියැදුරු සහ රථයේ ගමන් කරන අය මුඛ ආවරණ පැළඳ සිටින්නේනම් පමණි.

    කොළඹ, කළුතර, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරිනීතිය මැයි 06, බදාදා දක්වා ක්‍රියාත්මක වනුයේ කලින් පරිදි රාත්‍රී 8.00 සිට අලුයම 5.00 දක්වාය.

    මේ දිස්ත්‍රික්කවල මැයි 06, බදාදා රාත්‍රී 8.00ට පනවනු ලබන ඇඳිරි නීතිය මැයි 11 සඳුදා අලුයම 5.00 දක්වා දිගටම ක්‍රියාත්මකව පවතී.

    මෙම ප්‍රවෘත්තිය ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද (01) දින ප.ව 8.25ට නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සම්පූර්ණ උපුටා ගැනීමකි.