Blog

  • කොරෝනා – මහ මැතිවරණය සහ යහපාලන ඩීල් ගැන මහින්දගෙන් මාධ්‍ය නිවේදනයක්

    කොරෝනා – මහ මැතිවරණය සහ යහපාලන ඩීල් ගැන මහින්දගෙන් මාධ්‍ය නිවේදනයක්

    කොරෝනා වසංගතය සහ කල්දමනු ලැබූ පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් අද (18) අගමැති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කළා.

    1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24(3) වගන්තියට අනුව ජනාධිපතිවරයා නියම කළ දිනයට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නොහැකි නම්, ඒ සඳහා වෙනත් දිනයක් නියම කිරීමට මැතිවරණ කොමිසම බැඳී සිටීන බවයි අගමැතිවරයා තම මාධ්‍ය නිවේදනය මගින් පෙන්වා දෙන්නේ.

    සති ගණනක් හෝ මාස ගණනක් ඉදිරියට අනාගතයේ විය හැකි හෝ නොහැකි දේවල් පිළිබඳව ඇතිකරගන්නා උපකල්පන මත අනිවාර්යෙන්ම පිළිපැදිය යුතු නීතිමය ප්‍රතිපාදන නොසළකා හැරිය නොහැකි බවද අග්‍රාමාත්‍යවරයා සිය මාධ්‍ය නිවේදනය මගින් අවධාරණය කරනවා.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහත දැක්වෙනවා.

    ” කොරෝනා වෛරස් වසංගතය ඇමරිකාව, ඉන්දියාව, බංග්ලාදේශය වැනි රටවලට බලපෑවේ එම රටවල් කාලයක් මුළුල්ලේ වේගවත් ආර්ථික වර්ධනයක් සාක්ෂාත් කරගෙන, ශක්තිමත්ව සිටි අවස්ථාවකය.  නමුත් ලංකාවට මේ උවදුරට මුහුණ දීමට සිදුවූයේ දරුණු ආර්ථික කඩාවැටීමක් මධ්‍යයේය.

    2015 සිට 2019 දක්වා සිදු වූ අවපාලනය නිසා අපේ ණය බර 71% කින් වැඩි විය.   රුපියලේ අගය 30% කින් කඩා වැටුණි.  ආර්ථික වර්ධන වේගය  2.7% ක් දක්වා අඩුවිය. 2019 නොවැම්බරයේදී අපි ජනාධිපතිවරණය දිනා අලුත් ආණ්ඩුවක් පිහිටෙව්වද, අපට පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැති වීම හේතුවෙන් පහුගිය ආණ්ඩුවේ බෙහෙත් හා පොහොර සැපයුම්කරුවන්ට හිඟ මුදල් ගෙවීම සඳහාවත් අතුරු සම්මත ගිණුමක් සම්මත කර ගැනීමට නොහැකි විය. 

    මේ අවස්ථාවේදී අස්වැසිල්ලට ඇත්තේ ව්‍යවස්තාවේ 150 (3)  වගන්තිය යටතේ ජනාධිපතිවරයාට හිමිවෙන මුදල් බලතල පිළිබඳ විධිවිධාන පමණි.  අපිට කොරෝනා වෛරස් වසංගතයට මුහුණ දීමට සිද්ධ වූයේ මේ සියලුම අවාසිදායක තත්ත්වයන් මධ්‍යයේය.  

    පසුගිය මාර්තු 11  වැනිදා පළමු කොරෝනා රෝගියා  හමුවීමත් සමගම,  අපි රෝගය කල්තියා හඳුනා ගැනීම, රෝගීන් වෙන්කර ප්‍රතිකාර කිරීම, අවදානමට ලක්වූ පුද්ගලයන් නිරෝධායනයට ලක් කිරීම,  රෝගීන් ඇසුරු කළ පුද්ගලයන් සොයා ගැනීම සහ සමාජ දුරස්ථ භාවය පවත්වා ගැනීම වැනි පාලන ක්‍රමවේදයන් හඳුන්වා දුන්නෙමු.   මේ ආකාරයේ මෙහෙයුමක් අපගේ ජීවිත කාල තුළ කිසිදාක අපි අත්දැක නැත. 

    රෝගය පැතිරීම වැළැක්වීමට සති ගණන් එක දිගට ඇඳිරිනීතිය පැනවීමටත් අපට සිදුවිය.  රට පුරාම තම නිවෙස්වලින් පිටවීමට නොහැකි ජනතාවට ආහාර,  බෙහෙත් වැනි අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබාගැනීමට ක්‍රමවේදයක් සැලසිය යුතු විය.  අඩු ආදායම්ලාභී පවුල්වලට ආධාර සැපයිය යුතු විය.   රටේ නිෂ්පාදන ක්‍රියාවලිය පවත්වාගෙන යෑම සඳහා වී ගොවීන්,  එළවළු ගොවීන්,  හා ධීවරයන්ගේ නිෂ්පාදන මිලදී ගත යුතු විය. 

    මේ සියලුම දේවල් එක විට ඉතා කෙටි කාලයක් තුළ සංවිධානය කර ගැනීමට හැකිවීම සැබැවින්ම කලමනාකරණයේ ප්‍රාතිහාර්යයකි.  කොරෝනා වෛරස් වසංගතය පාලනය කිරීමේදී ලංකාව ලබාගෙන ඇති සාර්ථකත්වය අද මුළු ලෝකයම පිළිගනී. ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් අද්විතීය නායකත්වයක් සපයා ඇත.  අපේ රජයේ වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල මුලු ලෝකයේම අවධානය දිනාගෙන ඇත. 

    රෝගීන් ඇසුරු කළ පුද්ගලයන් සොයාගැනීමේදී අපේ බුද්ධි අංශ පෙන්වා ඇති දක්ෂකම හා කැපවීම නිසාත්,  නිරෝධායනය ක්‍රියාවලිය පවත්වාගෙන යාමේදී  ත්‍රිවිධ හමුදාව පෙන්වා ඇති කාර්යක්ෂමතාවය නිසාත් රෝගය පැතිරීම පාලනය වී ඇත.   පොලීසිය ඇතුළු සෑම තරාතිරමකම රජයේ සේවකයන් කොරෝනා මර්ධන ව්‍යාපාරයේ සාර්ථකත්වයට දායක වී ඇත.  අද කොරෝනා වෛරසය නිසා අනාරක්ෂිත වී ඇති ලෝකය තුළ අපේ රට වඩාත්ම සුරක්ෂිත ස්ථානයකි. 

    අපිට මේ තත්ත්වයට ඒමට පුළුවන් වූයේ විනාශ කරන ලද ආර්ථිකයකුත්,  පුළුවන් හැම අවස්ථාවකදීම ආණ්ඩුවේ කකුලෙන් අදින,  රටට ආදරයක් නැති අවස්ථාවාදී විපක්ෂයකුත් මේ රටේ තිබියදීය.     නිරෝධායනයට යෑම ප්‍රතික්ෂේප කළ අය දිරි ගැන්වීම තුළින් විපක්ෂනායකවරයා මුල් අවස්ථාවේ සිටම කොරෝනා වෛරස් මර්ධන ව්‍යාපෘතිය  කඩාකප්පල් කිරීමට උත්සාහ දැරීය.

    ඉන්පසු, පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙන අවස්ථාවක රජයේ මුදල් වැය කිරීමට ජනාධිපතිවරයාට බලය නැතැයි කියමින් ඔවුන් සෞඛ්‍ය සේවය ඇතුළු සියලු රජයේ  සේවාවන් කඩාකප්පල් කිරීමට උත්සාහ දැරුවේය.  නව පාර්ලිමේන්තුව ජූනි දෙවැනිදාට කලින් හමුවිය යුතු බවත්, පාර්ලිමේන්තු මැතිවරණය ඊට කලින්  පැවැත්වීමට නොහැකි බවත්, එම නිසා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් පත්‍රය අහෝසි කළ යුතු බව අද ඔවුන් පවසා සිටී.  

    යහපාලන ආණ්ඩුව අවුරුදු තුනකින් පළාත් පාලන ඡන්දය කල් දැමූ ආකාරය අපට මතකය. ඒ ඡන්දය උසාවියට ගොස් දින නියමයක් නැතිව කල් දමා ගැනීමට ඔවුන් ගත් උත්සාහය  ව්‍යාර්ථ වූයේ නඩු නැති පළාත් පාලන ආයතන වලට හෝ ඡන්දය පවත්වන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළ නිසා පමණි.  

    2017 දී පළාත් සභා විසුරුවා හැරීමට දින කිහිපයක් තිබියදී,  පළාත් සභා ඡන්දය පැවැත්වීම  වැළැක්වීමට යහපාලන ආණ්ඩුව පළාත් සභා ඡන්ද ක්‍රමය වෙනස් කළේය.  ඒ සංශෝධන පනත සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයක් අවශ්‍ය බව නීතිපතිවරයා ප්‍රකාශ කළ විට ඔවුන් පාර්ලිමේන්තුවේ කොරිඩෝවේ දැමූ ඩීල් තුළින් ඡන්ද වෙනුවෙන් ප්‍රතිපත්තිය පාවා දී අවශ්‍ය බහුතරය ලබාගත්තේය.

    ඒ අපකීර්තිමත් ගනුදෙනුවේ ප්‍රතිඵලයක් හැටියට 2017 අගෝස්තු 25 වැනිදා  සම්මත කළ පළාත් පාලන මැතිවරණ සංශෝධන පනතේ සමානුපාතික නියෝජිත  ප්‍රතිශතය 40% ක්  වන අතර,  ඊට මාසයකට පසු සම්මත කරනු ලැබූ පළාත් සභා මැතිවරණ සංශෝධන පනතේ සමානුපාතික නියෝජිත ප්‍රතිශතය 50% ක් වේ.  

    ශ්‍රේෂ්ඨාධිකරණයට  පෙත්සමක් ඉදිරිපත් කොට ප්‍රකාශයට පත් කර තිබුණු පාර්ලිමේන්තු මැතිවරණයක් අවලංගු කර ගත් දේශපාලන පක්ෂ සිටින ලෝකේ එකම ප්‍රජාතන්ත්‍රවාදී රට වෙන්නෙත් ශ්‍රී ලංකාවය.  වත්මන් පාර්ලිමේන්තු මැතිවරණය කල් දමා ගැනීමට මේ ගෙනියන උත්සාහය ඒ අපකීර්තිමත්  යටගියාවේම දිගුවකි.  කුමන අවස්ථාවකදී හෝ සාමාන්‍ය ජනජීවිතය මෙය රටේ නැවත ආරම්භ විය යුතුය. 

    අපේ පරිපාලන දිස්ත්‍රික්ක 25න්, එකොළහක එකම කෙරෝනා වෛරස් ආසාදිතයෙක් වත් නැත.  තවත්  දිස්ත්‍රික්ක හතක ආසාදිතයන්  හමුවී ඇත්තේ එක්කෙනෙකු හෝ දෙදෙනෙකි.  තවත් දිස්ත්‍රික්ක  දෙකක රෝගීන් පස් දෙනෙකුත් හත් දෙනෙකුත් අතර ගණනක් සොයාගෙන ඇත.  රෝගීන් සැළකිය යුතු ගණනක් සොයා ගෙන ඇත්තේ  දිස්ත්‍රික්ක පහක පමණි.   

    පසුගිය මාර්තු දෙවැනිදා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් මැතිවරණය පවත්වන දිනය අප්‍රේල් 25 හැටියටත්,  අලුත් පාර්ලිමේන්තුව මුල් වරට හමු වෙන දිනය මැයි 14 වැනිදා හැටියටත් නියම කළේය.  ඊට දින දහයකට පසු පළමු කොරෝනා රෝගියා සොයා ගත් අවස්ථාවේදී මැතිවරණය පවත්වන දිනය කල් දැමීමට ජනාධිපතිවරයාට බලය නොතිබුණි.  

    1981 අංක 1 දරණ  පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24(3)  වගන්තියට අනුව ජනාධිපතිවරයා නියම කළ දිනයට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නොහැකි නම්,  ඒ සඳහා වෙනත් දිනයක් නියම කිරීමට මැතිවරණ කොමිසම බැඳී සිටී. දිනයක් නියම නොකොට පාර්ලිමේන්තු මැතිවරණය කල් දැමීමට මැතිවරණ  කොමිසමට  බලයක් නැත.  

    සති ගණනක් හෝ මාස ගණනක් ඉදිරියට අනාගතයේ විය හැකි හෝ නොහැකි දේවල් පිළිබඳව ඇතිකරගන්නා උපකල්පන මත අනිවාර්යෙන්ම පිළිපැදිය යුතු නීතිමය ප්‍රතිපාදන නොසළකා හැරිය නොහැක. 

    මැතිවරණ කොමිසම මුලින්ම 24(3) වගන්තිය යටතේ ඔවුන් වෙත පැවරී ඇති කාර්‍යභාර්ය නීතියට අනුකූළව ඉටුකර, ඉන් පසුව සාකඡ්චා කළ යුතු කාරණයක් ඇත්නම් ඒ වෙත යොමු විය යුතුය.  “

  • කොළඹ ජාතික රෝහලෙන් ක්ෂණික දුරකථන ඇමැතුම් සේවාවක්

    කොළඹ ජාතික රෝහලෙන් ක්ෂණික දුරකථන ඇමැතුම් සේවාවක්

    දැනට පවතින කෝවිඩ් 19 වසංගතය හේතුවෙන්, දෛනිකව වෛද්‍ය උපදෙස් හා සායන ඇතුලු ප්‍රතිකාර සේවාවන් ලබාගැනීම සදහා කොළඹ ජාතික රෝහලට පැමිණි රෝගීන්ට විවිධ අපහසුතාවයන් වලට මුහුන දීමට සිදුවී ඇත. මෙම තත්ත්වය පිළිබදව අවධානය යොමු කල ශ්‍රී ලංකා ජාතික රෝහල රෝගීන්ට දුරකථනයෙන්  ජාතික රෝහල අමතා අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා ගැනීමේ පහසුකම සළසා ඇති බව ශ්‍රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ඩබ්.කේ වික්‍රමසිංහ මහතා දන්වා සිටියි.

    ඒ අනුව පහත සදහන් රෝග ලක්ෂණ මෑතක සිට ඇති වුවහොත්, එනම් ගිලීමේ අපහසුතාවයක්එක දිගට පවතින වමනයආහාර අරුචිය, ශරීරයේ අනපේක්ෂිත බර අඩුවීමක්ශරීරයේ දැඩි තෙහෙට්ටු බවක්වැසිකිළි යාමේ දී රුධිරය පහවිමක් හෝ කළු පැහැයට මළ පහ පිටවීමක්වැසිකිළි යාමේ රටාවේ වෙනස් වීමක්/මළ බද්ධයඑක දිගට පවතින උදරයේ වේදනාවක්ඇස්වල හෝ ශරීරයේ කහ පැහැ ගැන්වීමක්උදරයේ ගෙඩියක් හෝ ඉදිමීමක්පියයුරේ ගැටිත්තක්බෙල්ල ආශ්‍රීතව ඇති ගැටිති/ ගැටිත්තක්, කිහිල්ල හෝ ඉකිලිය ආශ්‍රිතව ඇති ගැටිතිකකුලේ ඇති සුව නොවන තුවාලයක්- විශේෂයෙන් ඔබට දියවැඩියාව ඇතිනම් හෝ දුම් පානය කරන්නේ නම් හදුන්වා දී ඇති දුරකථනය ඔස්සේ සම්බන්ධ වී වෛද්‍ය උපදෙස් ලබාගත හැක.

    වෛද්‍ය උපදෙස් ලබාගැනීම සදහා සම්බන්ධ විය හැකි දුරකථන අංක 0113618724, 0768185157, 0112691111- (දිගුඅංක 2418 ) වන අතර, සදුදා සිට සෙනසුරාදා දක්වා සෑම දිනකම පෙරවරු 8.00 සිට පස්වරු 1.00 දක්වා ජාතික රෝහල ඇමතීමෙන්  මෙම සේවාව ලබාගත හැකිය.

  • රුපියල් 5000 ලබාදීමට ග්‍රාමීය කමිටු ක්‍රියාත්මක වෙයි

    රුපියල් 5000 ලබාදීමට ග්‍රාමීය කමිටු ක්‍රියාත්මක වෙයි

    COVID-19 වෛරස තත්ත්වය හමුවේ පීඩාවට පත් ජනතාව වෙනුවෙන් සමාජ ප්‍රතිලාභ ලෙස රුපියල් 5000 ක මුදල් ප්‍රදානය කිරීම සදහා ග්‍රාමිය කමිටු ක්‍රියාත්මක වෙමින් පවතින බව කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය පවසයි.

    විශේෂයෙන් අත්‍යාවශ්‍ය මහජන සේවාවන් අඛණ්ඩව සැපයීම, මෙහෙයවීම සම්බන්ධීකරණය හා පසුවිපරම පිණිස වූ ජනාධිපති කාර්යසාධන බලකායේ නියමයන්ට අනුකූලව නිර්දේශ කර ඇති ක්ෂේත්‍රයන් වන

    01.              පෙරපාසල් ගුරුවරුන්

    02.              පෞද්ගලික බස්රථ රියදුරන් හා කොන්දොස්තරවරුන්

    03.              රජයේ සේවයේ නොයෙදෙන ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන්

    04.              හස්ත කර්මාන්තකරුවන්

    05.              අත් යන්ත්‍ර පේෂ කර්මාන්තකරුවන්

    06.              උසාවි මගින් නඩත්තු දීමනා ලබන කාන්තාවන්

    07.              ආදායම් අහිමි කුඩා තේවතු හිමියන්

    08.              ප්‍රාදේශීය මාධ්‍යවේදීන්

    යන රැකියා කාණ්ඩ සදහා එම රුපියල් 5000 දිමනාව ලබාදෙනු ඇත.

    ඒ අනුව ඉහත සදහන් කණ්ඩායම් ලියාපදිංචි වී සිටින රාජ්‍ය හා පළාත් මට්ටමේ ආයතන වලින් ලබාගත් නාමලේඛණ මේ වන විට කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය විසින් ග්‍රාමීය කමිටුව වෙත ලබාදීමට කටයුතු කර ඇත.

    මීට අමතරව ග්‍රාමීය කමිටුවේ නිර්දේශයන් මත ග්‍රාමීය කර්මාන්ත ක්ෂේත්‍රයේ නිරත වන්නන්, ග්‍රාමීය මට්ටමේ සේවා සපයන්නන් සහ ග්‍රාමීය අලෙවිකරණයේ යෙදෙන්නන් සදහා මෙම රුපියල් 5000  දීමනාව ලබාදීමට ද රජය තීරණය කර ඇති බව කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය අවධාරණය කරයි.

    මෙහිදී තමාගේ සේවාවන් සදහා ලියාපදිංචි වී ඇති ස්ථාන වෙතින් බැහැරව වෙනත් ස්ථානයක පදිංචි වී සිටී නම් එම පුද්ගලයින්ට ද දැනට පදිංචි ප්‍රදේශයෙහි සිට මෙම සමාජ ප්‍රතිලාභ මුදල් ලබාගැනීමට හැකියාව තිබේ. එ් සදහා තමන්ගේ වෘත්තීය ලියාපදිංචි අනන්‍යතාවය සහ පදිංචිය සනාථ කර ග්‍රාමීය කමිටුව වෙත තම ඉල්ලීම ඉදිරිපත් කළ යුතු  බවත්, මෙම වැඩපිළිවෙල දිවයිනේ සෑම ග්‍රාමසේවා වසමකම පිහිටුවා ඇති ග්‍රාමිය කමිටු හරහා ක්‍රියාත්මක වන බවත් කාන්තා, ළමා කටයුතු හා සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය අවධාරණය කර සිටියි.

  • දැන් නිවසසේ සිටම ජල බිල්පත් ගෙවීමට පුළුවන් – ක්‍රමය මෙන්න

    දැන් නිවසසේ සිටම ජල බිල්පත් ගෙවීමට පුළුවන් – ක්‍රමය මෙන්න

    Covid-19 වසංගතය හේතුවෙන් ඇති වී තිබෙන දුෂ්කර තත්ත්වය යටතේ ජල පාරිභෝගිකයින්ට අඛණ්ඩ සේවාක් ලබා දීම තහවුරු කිරීම සදහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් නිවසේ සිටම ජල බිල්පත් ගෙවීමේ ක්‍රමවේදයක් හදුන්වා දී තිබෙන බව එහි සාමාන්‍යාධිකාරී ආර්.එච්. රුවිනිස් මහතා විසින් අද (18) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙනවා.

    අදාළ ක්‍රමවේදය පිළිබදව සම්පූර්ණ නිල තොරතුරු ඇතුළත් එම මාධ්‍ය නිවේදනය පහත පළ වෙනවා.

    PUBLIC NEWSEdit

  • රෝහල්වල සැත්කම් නොකරන ලෙස චක්‍ර ලේඛයක් නිකුත් කර නෑ – සෞ.සේ.අ. ජනරාල්

    රෝහල්වල සැත්කම් නොකරන ලෙස චක්‍ර ලේඛයක් නිකුත් කර නෑ – සෞ.සේ.අ. ජනරාල්

    රෝහල් වල සැත්කම් නොකරන ලෙස කිසිදු විටෙක චක්‍ර ලේඛයක් නිකුත් කර නොමැති බව අවධාරණය කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා විසින් අද (18) දින විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා. එහි සදහන් වන්නේ ‘පී.ආර්.සී පරීක්ෂණ සිදුකරනු ලබන්නේ විද්‍යානුකූල පදනමක් මත පමණක් වන බවයි. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන්ම පහත පළ වෙනවා.

    H

  • Covid-19 අවධානම ගැන සෞ.සේ.අ.ජනරාල්ගේ විශේෂ නිවේදනය මෙන්න

    Covid-19 අවධානම ගැන සෞ.සේ.අ.ජනරාල්ගේ විශේෂ නිවේදනය මෙන්න

    කොවිඩ්-19 අවදානමේ වත්මන් තත්ත්වය පිළිබදව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් විශේෂ පැහැදිලි කිරීමක් කළ මාධ්‍ය නිවේදනයක් අද (18) දින නිකුත් කළා. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් මෙසේයි.

  • Full Story: ජන ජීවිතය යථාවත් කිරීමට ඇඳිරි නීතිය ලිහිල් කරයි

    Full Story: ජන ජීවිතය යථාවත් කිරීමට ඇඳිරි නීතිය ලිහිල් කරයි

    කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම පිණිස පනවනු ලැබූ ඇඳිරි නීතිය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණ ඇතිව ලිහිල් කිරිමට රජය තීරණය කරයි.

    අප්‍රේල් 20, සඳුදා සිට ඒ ඒ දිස්ත්‍රික්කවල සහ දිස්ත්‍රික්ක ඇතුළත පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය පැනවීම සහ ඉවත් කිරීම සිදු වනුයේ මෙසේය.

    1. කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම,මහනුවර, කෑගල්ල සහ අම්පාර දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය අප්‍රේල් 20 සඳුදා උදේ 5.00ට ඉවත් කොට එදිනම රාත්‍රී 8.00 ට යළි පනවනු ලැබේ. ඉන්පසු නැවත දැනුම් දෙන තුරු මේ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය සෑම දිනකම ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8.00 සිට පසුදා අළුයම 5.00 දක්වා පමණි.
    • මහනුවර, කෑගල්ල සහ අම්පාර දිස්ත්‍රික්කවල අලවතුගොඩ, අකුරණ, වරකාපොළ සහ අක්කරෙයිපත්තු පොලිස් බල ප්‍රදේශ තුළ ඇඳිරි නීතිය ඉවත් නොකොට දිගටම ක්‍රියාත්මක කෙරේ.

    මේ දිස්ත්‍රික්ක 03ට අයත් සෙසු පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය අප්‍රේල් 20 සඳුදා සිට සෑම දිනකම උදේ 5.00ට ඉවත් කොට රාත්‍රී 8.00 ට යළි පනවනු ලැබේ.

    • කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල පහත සඳහන් පොලිස් බල ප්‍රදේශ හැර සෙසු පොලිස් බල ප්‍රදේශවල  ඇඳිරි නීතිය අප්‍රේල් 22, බදාදා සිට උදේ 5.00 ට ඉවත්කොට රාත්‍රී 8.00ට යළි ක්‍රියාත්මක කෙරේ.

    මේ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ඉවත් නොකොට දිගටම ක්‍රියාත්මක පොලිස් බල ප්‍රදේශ වනුයේ,

    • කොළඹ දිස්ත්‍රික්කයට අයත්         :  කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, බම්බලපිටිය, කෙසෙල්වත්ත,
                                                              මරදාන, ගොතටුව, මුල්ලේරියාව, වැල්ලම්පිටිය,
                                                          ගල්කිස්ස, දෙහිවල සහ කොහුවල
    • ගම්පහ දිස්ත්‍රික්කයට අයත්            : ජාඇල, කොච්චිකඩේ සහ සීදුව,
    • පුත්තලම දිස්ත්‍රික්කයට අයත්        : පුත්තලම, මාරවිල සහ වෙන්නප්පුව සහ
    • කළුතර දිස්ත්‍රික්කයට අයත්           :බණ්ඩාරගම, පයාගල, බේරුවල සහ අළුත්ගම,
    • මේ අනුව කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, බම්බලපිටිය, කෙසෙල්වත්ත, මරදාන, ගොතටුව, මුල්ලේරියාව, වැල්ලම්පිටිය, ගල්කිස්ස, දෙහිවල, කොහුවල, ජාඇල, කොච්චිකඩේ, සීදුව, පුත්තලම, මාරවිල, වෙන්නප්පුව, බණ්ඩාරගම, පයාගල, බේරුවල, අළුත්ගම, වරකාපොළ, අකුරණ, අලවතුගොඩ සහ අක්කරෙයිපත්තු යන පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් තොරව දිගටම ක්‍රියාත්මකව පවතී.

    ඇඳිරි නීතිය ලිහිල් කර ඇති යම් ප්‍රදේශයක් හෝ ගම්මානයක් හෝ අවදානම් කලාපයක් ලෙස හඳුනා ගතහොත් එකී ප්‍රදේශවලට සීමාවන පරිදි ඇඳිරි නීතිය පැනවීමට ඉඩ ඇත. කිසියම් ප්‍රදේශයක් හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කර ඇත්නම් කවරකුට හෝ ඊට ඇතුළුවීම සහ ඉන් පිටවයාම සම්පූර්ණයෙන් තහනම් වේ.

    ඇඳිරි නීතිය දිගටම ක්‍රියාත්මක පොලිස් බල ප්‍රදේශවල අත්‍යාවශ්‍ය සේවා සඳහා ප්‍රධාන මාර්ග ඔස්සේ ගමනාගමනයට ඉඩ ලැබේ. ඇඳිරි නිතීය ඉවත් කළ ප්‍රදේශවල ද ප්‍රධාන මාර්ග භාවිත කළ යුත්තේ රැකියා සඳහා යාම් ඊම් ඇතුළු අත්‍යාවශ්‍ය කාර්යයන් උදෙසා පමණි. දිස්ත්‍රික්ක අතර ගමනාගමනය රැකියා අවශ්‍යතා ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් සීමා කර ඇත.

    පාසල්, විශ්වවිද්‍යාල, උපකාරක පංති සහ සෙසු අධ්‍යාපන ආයතන සහ සිනමා හල් නැවත දැනුම් දෙන තුරු වසා තැබිය යුතුය.

    ඇඳිරි නීතිය ලිහිල් කළ පසු දෙපාර්තමේන්තු සංස්ථා, බැංකු ඇතුළු රාජ්‍ය ආයතන සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකව තැබේ.

    කොළඹ දිස්ත්‍රික්කය ඇතුළත රාජ්‍ය ආයතනවල සේවක පිරිසෙන් 1/3 ක් සේවයට වාර්තා කළ යුතුය. සෙසු දිස්ත්‍රික්කවල පිහිටි රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩලයෙන් සේවයට වාර්තා කළයුතු පිරිස 50% කි. සියලු රාජ්‍ය ආයතනවල සේවයට වාර්තා නොකරන කාර්ය මණ්ඩල සාමාජිකයන් නිවසේ සිට සිය රාජකාරි ඉටු කළ යුතු බව නියම කර ඇත.  එක් එක් ආයතනයේ සේවයට වාර්තා කළ යුතු සේවක සංඛ්‍යාව සහ පැමිණිය යුතු සේවකයන් කවුරුන්ද යන්න  ආයතන ප්‍රධානියාගේ අභිමතය අනුව තීරණය කිරීමට පිළිවන. යම් දවසක කාර්ය මණ්ඩලයෙන් සේවයට කැඳවන 1/3 ට සහ 50% ට අයත් පිරිස වෙනුවට ඊළග දවසේ වෙනත් පිරිසක් තෝරා ගැනීමට ආයතන ප්‍රධානීන්ට නිදහස තිබේ.

    කාර්යාල විවෘත කොට පවත්වාගෙන යාමේදී කොරෝනා වෛරසය පාලනය පිණිස සෞඛ්‍ය බලධාරීන් නියම කර ඇති  පිළිවෙත් මුලුමනින්ම අනුගමනය කළ යුතුය. සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම ආයතන ප්‍රධානියාගේ වගකීමකි.

    පෞද්ගලික අංශයේ ආයතන උදේ 10.00ට විවෘත කරන ලෙස නියම කෙරේ. පෞද්ගලික ආයතනවල සේවයට වාර්තා කළ යුතු සංඛ්‍යාව සහ පැමිණිය යුතු සේවකයන් කවුරුන්ද යන්න ආයතන ප්‍රධානීන් තීරණය කළ යුතුය. මේ ආයතන ද සෞඛ්‍ය බලධාරීන් නියම කර ඇති කොරෝනා පාලන පිළිවෙත් අකුරටම පිළිපැදිය යුතු වන්නේය.

    යළි විවෘත කෙරෙන කාර්යාලවල සේවකයන්ගේ ගමන් පහසුව සැලසීමට ගමනාගමන මණ්ඩලය සහ දුම්රිය සේවාව විධිවිධාන සැලසිය යුතුය. රජයේ සෙසු ආයතනවල සේවයට වාර්තා කරන සංඛ්‍යාව සීමා කළද රාජ්‍ය ප්‍රවාහන සේවාවන්හි සහ අත්‍යාවශ්‍ය සේවාවන්හි සමස්ත කාර්ය මණ්ඩලයම සේවයට වාර්තා කිරීම අනිවාර්ය වේ. 

    බස් රථ, වෑන් රථ හෝ දුම්රිය මැදිරිවල ගමන් කළ යුත්තේ ඒවායේ මුළු ධාරිතාවෙන් අඩක් පමණ වන මගීන් සංඛ්‍යාවකි. සියලු වාහන ද විෂ බීජ හරණයට ලක් කළ යුතුය. මේ කොන්දේසිවලට යටත්ව සිය සේවා යළි ආරම්භ කරන්නැයි රජය පෞද්ගලික ප්‍රවාහන ආයතනවලින් ඉල්ලා සිටී.

    සියලු ආකාර උත්සව, වන්දනා සහ විනෝද චාරිකා, සැණකෙළි, පෙරහැර, රැස්වීම් ආදිය නැවත දැනුම් දෙන තුරු තහනම් කර ඇත. ජනයා ඒකරාශීවීම වෛරස ව්‍යාප්තිය පාලනයට බාධාවක් බැවින් ආගමික උත්සව ද අත්හිටුවන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

    කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ ඇඳිරි නීතිය පැනවීම ඇතුළු ක්‍රියාමාර්ග ගනු ලැබූයේ ජනතාව මේ මරණීය වසංගතයෙන් මුදා ගැනීමේ ඒකායන අරමුණ ඇතිවය. අනුගමනය කළ දැඩි ක්‍රියාමාර්ග නිසා අත්කර ගත් ප්‍රගතිය ඇඳිරි නීතිය ලිහිල් කිරීමට ඉවහල් විය. ආර්ථිකය යළි පණ ගැන්වීම සහ අර්බුදයෙන් වඩාත් පීඩාවට පත් වූ  දිළිඳු සහ අවදානමට ලක්ව ඇති ජන කොටස්වල ජිවිතය සුරක්ෂිත කිරීම තවත් අරමුණකි.

    එසේ වුවද කොරෝනා වසංගත අවදානම තවම මුළුමනින් පහව ගොස් නැත. එබැවින් වෛරස ව්‍යාප්තියට යළි ඉඩ නොලැබෙන පරිදි සියලු සෞඛ්‍ය නියමයන් පිළිපදිමින් වගකීමෙන් සහ ඉවසීමෙන් ක්‍රියා කරන්නැයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටී. ඇඳිරි නීතිය ලිහිල් කළ ද රැකියා සඳහා යාම් ඊම් හැරණු විට අන් සෑමවිටම නිවෙස්වල රැඳී සිටින ලෙස ද අවධාරණය කෙරේ.

    ඇඳිරි නීතිය ලිහිල් කළ විගස අනවශ්‍ය කලබලයකින් විශාල පිරිසක් ඒකරාශීවන අයුරින් වෙළෙඳ සැල් වෙත රැස් නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ.

    කොරෝනා උවදුර මුලුමනින් පරාජය කළ බව  සෞඛ්‍ය බලධාරීන් නිගමනය කරන තෙක් තමාගේත්, දූ දරුවන්ගේත්, ජාතියේත් ආරක්ෂාව හා අභිවෘද්ධිය පතා සියලු අපහසුතා වගකීමෙන් ඉවසා සිටින්නැයි රජය ජනතාවට අවධාරණය කරයි.

  • ඉන්දියාව කැළඹූ Four More Shots Please -2 විකාශනය ඇරඹෙයි !

    ඉන්දියාව කැළඹූ Four More Shots Please -2 විකාශනය ඇරඹෙයි !

    2019 ජනවාරි 25  විකාශනය වීම ආරම්භ කළ Four More Shots Please (කරුණාකර තවත් වෙඩි හතරක්!) පළමු කොටස මගින් ඉන්දියානු රූපවාහිනී රසිකයින් තුළ ඇති කළ කම්පනය නිමක් නැහැ. ඒ වගේම ඉන්දීය විචාරකයින් වගේම රසිකයින් ද ගිනි ගත්තා. ඒත් වැඩේ සාර්ථකයි. ඒ නිසා Four More Shots Please – second season පැමිණ තිබෙනවා.

    Four More Shots Please ඊයේ (17) රටවල් 200 ක් පුරා ඇමේසන් ප්‍රයිම් Amazon Prime හි විකාශය ආරම්භ වුණා.

    කීර්ති කුල්හාරි, බානි ජේ, සයනි ගුප්තා සහ මාන්වි ගග්රූ Starring Kirti Kulhari, Baani J, Sayani Gupta and Maanvi Gagroo ප්‍රධාන චරිත නිරූපණය කළ Four More Shots Please මෙම ප්‍රදර්ශනය නිෂ්පාදනය කරනු ලබන්නේ ප්‍රිතිෂ් නන්ඩි විසිනුයි.

    මෙම කතා මාලාවේ සුරූපි තරුණියන් සිවු දෙනා විසින් අති දක්ෂ රංගනයක් ඉදිරිපත් කරන අතර කාන්තාවන් ගැන අලුතින් සිතීමටත් ඔවුන්ගේ රුචි අරුචිකම් පිළිබද පැහැදිලි දැක්මක් ඇතිකර ගැනිමටත් අවස්ථාව උදා කරන බවයි බොලිවුඩ් විචාරකයින් කියන්නේ.

    කරුණාකර තවත් වෙඩි හතරක්

    නූපූර් අස්තනා Nupur Asthana විසින් අධ්‍යක්ෂණය කරන ලද Four More Shots Please රචනා කරන ලද්දේ දේවිකා භගත් Devika Bhagat  විසින් වන අතර කතාව ඉෂිතා මොයිත්‍රා Dialogues by Ishita Moitra විසින් සම්පාදනය කර තිබෙනවා. 

    අගුලු දැමීමේදී නිවසේ වාඩි වී සිටින අප සැමට මීට වඩා හොඳ සංග්‍රහය කුමක්ද?

    Four More Shots Please හි ප්‍රතික් බබ්බාර්, ලීසා රේ, මිලින්ඩ් සෝමන්, නීල් භූප්ලාම්, සිමෝන් සිං සහ අමරිතා පූරි ද චරිත නිරූපණය කරනවා. 

    කරුණාකර තවත් වෙඩි හතරක්

    ඉතින් මෙන්න මේ සුන්දර කාන්තාවන්ගේ තවත් වරක් අපෙන් ඉල්ලා සිටින්නේ ජීවිතය, ආදරය, මිත්‍රත්වය සමග ජීවත් වන ලෙසයි. ජීවිතය විදින ලෙසයි.

    ඇසුරිණි – සකස් කළේ – තුෂාධවි

  • සරුසාර – වසවිස නැති ගෙවතු වගාවකට ‘කාබනික පොහොර’ සදා ගන්නේ මෙහෙමයි

    සරුසාර – වසවිස නැති ගෙවතු වගාවකට ‘කාබනික පොහොර’ සදා ගන්නේ මෙහෙමයි

    Covid-19 වසංගත තත්ත්වය සමග උද්ගත වනු ඇතැයි අපේක්ෂා කරන ආහාර අර්බුදයේදි ‘ගෙවතු වගාව‘ ජනතාවට සැලකිය යුතු සහනයක් සලසනු ඇතැයි අපේක්ෂා කරනවා. ඊට හේතුව වන්නේ අනාගත ආහාර හිගය ඇති වන්නේ ප්‍රධාන වශයෙන් ‘සැපයුම් දාම‘ බිද වැටීම නිසා වීමයි. විශේෂයෙන් ආනයනික ආහාර බෝගවලට මේ තත්ත්වය ඍජුව බලපාන බවයි ආර්ථික විශේෂඥයින් කියන්නේ.

    මේ අතර තවත් පිරිසක් පෙන්වා දෙන්නේ රසායනික පොහෝර සහ කෘෂි රසායන (වල් නාශක හා කෘමි නාශක) සැපයුම ද කොරෝනා වසංගත තත්ත්වය හමුවේ බිද වැටීම හෝ දුර්වල වීම සිදුවිය හැකි බවයි.

    මේ තත්ත්වය තුළ රසායනික පොහොර සහ කෘෂි රසායන භාවිතයෙන් සිදුවන කෘෂිකාර්මික කටයුතු ද අර්බුදයට යාම නොවැළැක්විය හැකි කරුණක්.

    මේ තත්ත්වය තුළ බිහිවන ආහාර අර්බුදයට යම් සහනයක් ගෙවතු වගාව හරහා මෙන්ම කාබනික බෝග වගාව හරහා ද ලබාගත හැකියි. විශේෂයෙන් කාබනික බෝග වගාව තුළ නියැළීම මගින් රසායනික පොහොර සහ කෘෂි රසායන අවශ්‍යතාව තොරවීම තුළ වඩාත් සුරක්ෂිත ආහාර සැපයුමක් ලබාගත හැකියි.

    මේ තත්ත්වය තුළ ගෙවතු වගාවේ යෙදී සිටින ඔබට පහසුවෙන් සහ අඛණ්ඩව කාබනික පොහෝර සපයා ගත හැකි මග වන්නේ ඔබ විසින් ම කාබනික පොහොර නිෂ්පාදනය කර ගැනීමයි.

    කාබනික පොහොර

    ‘දිරාපත්වන සියළු දෑ කාබනික පොහොර‘ ලෙස සරලව හැඳින්විය හැකියි. කාබනික පොහොර නිරන්තරව එක්කිරීම පසෙහි ආරක‍ෂාව හා පෝෂණය දිගුකාලීනව රැඳීමට හේතු වෙනවා. එවිටදිගින් දිගටම බෝග වගා කලත් හොඳ අස්වැන්නක් ලබාගත හැකියි.

    කාබනික පොහොර වර්ග:

    1. සත්ත්ව පොහොර
       ගොම, එළු හා කුකුල් පොහොර ගෙවත්තට එක් කළ හැකියි. මෙම පොහොර බෝගවගා කරන පාත්තිවලට හෝ වල්වලට ප්‍රමාණවත් පරිදි එක්කරන්න.
       කුකුල් පොහොර යොදා ගන්නේ නම් පොහොර යොදා දින තුනක් පමණ ගෙවුනු පසු පැළ හෝ බීජසිටුවීම කළයුතුයි.
    2. කොළ පොහොර
       ඉක්මනින් දිරාපත් වන, වැඩි කොළ අස්වැන්නක් ඇති ග්ලිරිසීඩියා ශාක කොළ පොහොර ලබා ගැනීමට වඩාත් සුදුසුයි.
       කැප්පෙටියා, පිල, කැකුණ, ඉපිල් ඉපිල් හා වල් සූරියකාන්ත වැනි ශාකවල අතුද කොළ පොහොරක් ලෙස හෝ කොම්පෝස්ට් පොහොර ලෙස සෑදීම සඳහා භාවිතා කළ හැකියි.
    3. කොම්පෝස්ට් පොහොර
       දිරාපත්වන ඕනෑම ද්‍රව්‍යයක් කොම්පෝස්ට් සෑදීම සඳහා යොදාගත හැකියි. උදා :-
      – ගෙවත්තේ එකතුවන වියළි ශාක පත්‍ර
      – ගලවා දමනු ලබන වල් පැළෑටි
      – කුස්සියෙන් ඉවත්කරන එළවළු හා පලතුරු ශේෂ
      – පොල් කුඩු හා තේ කොළ
      – ලිපෙන් ඉවත් කරන අළු
      – වැටවල් හා ගස් කප්පාදු කිරීමෙන් ලැබෙන කොළ
      – සත්ත්ව වසුරු
    4. ගැඩවිලි පොහොර
      ඔබේ ගෙවත්තෙත් ගැඩවිලූන් රැ ගැඩවිලි පස් දකින්න ලැබෙනවා නම් එය ගෙවත්තේ පස සරු බවට සාධකයක්.

    කොම්පෝස්ට් බැරලය භාවිතයෙන් කොම්පෝස්ට් පොහොර නිපදවීම

    ඔබගේ  ගෙවත්ත සාරවත් කරගැනීම සඳහා කොම්පෝස්ට් බැරලය භාවිතයෙන් කොම්පෝස්ට් පොහොර සාදාගත හැක.  බැරලයක් භාවිතයෙන් කොම්පෝස්ට් නිපදවීම ඉඩකඩ ඉතා අඩු නාගරික ගෙවත්තට වඩා සුදුසුයි. මෙය ඉතා සරල ක්‍රමයක්.

    කොම්පෝස්ට් බැරලය

     මෙම ක්‍රමයට කොම්පෝස්ට් නිපදවීම සඳහා අඩිය සම්පූර්ණයෙන්ම ඉවත්කරන ලද බැරලයක් හෝ වෙනත් භාජනයක් භාවිතා කල හැකියි.
     කොම්පෝස්ට් සාදන ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරිත්වයට ඔක්සිජන් වායුව ලබාදීම සඳහා බැරලයේ බඳ වටේට සිදුරු සකස් කළ යුතුයි. මේ ආකාරයට සකස්කළ කොම්පෝස්ට් බැරල් ඔබට වෙළඳපොලෙන් මිලදී ගැනීමටත් පුළුවන්.
     කොම්පෝස්ට් බැරලයට ගෙවත්තේ එකතුවන කොළ රොඩු, මුළුතැන්ගෙයි අපද්‍රව්‍ය හා අළු දිනපතාම එකතු කරන්න. බැරලය තුළ කොම්පෝස්ට් නිපදවීමට ප්‍රමාණවත් තරම් තෙමනයක් ඇතිවන සේ ජලය එකතු කරන්න.
     සති තුනක් පමණ ගතවුනාට පසුව බැරලය සෙන්ටි මීටර් 15ක් පමණ පොළොවෙන් ඔසවා ගල් කිහිපයක් මත තබන්න. එවිට ඒවන විට කොම්පෝස්ට් බවට පත්වෙලා තියෙන කොටස ප්‍රයෝජනයට ගත හැකියි.
     බැරලය එසේම තිබියදී හෝ නැවත වරක් පෙර සේ තබා අමුද්‍රව්‍ය පිරවීම හා වරින්වර කොම්පෝස්ට්ලබාගැනීම කළ හැකියි.

    ඔබගේ ගෙවත්ත සාරවත් කරගැනීම සඳහා පහසුවෙන් කොම්පෝස්ට් පොහොර

    ඔබගේ  ගෙවත්ත සාරවත් කරගැනීම සඳහා පහසුවෙන් කොම්පෝස්ට් පොහොර සාදා ගැනීම සඳහා කොම්පෝස්ට් කුළුණු සකස් කරගත හැකියි.

    කොම්පෝස්ට්කුළුණ

    • ග්ලිරිසීඩියා කෝටු ළඟින් ළඟින් සිටුවා ගැනීමෙන් කොම්පෝස්ට් කුළුණක් සාදාගත හැකිවෙනවා.
    • ග්ලිරිසීඩියා කෝටු වෙනුවට මේ සඳහා ඉපිල් ඉපිල්, එරබදු වැනි කෝටු වර්ගත්භාවිතා වෙනවා.
    • මුළුතැන්ගෙයින්ඉවත්කරන අප ද්‍රව්‍ය වගේම ගෙමිදුල අතුගා එකතුවන කොළ රොඩුත්, ගෙවත්තෙන් ඉවත් කරන බෝග අවශේෂත් දිනපතාම මේ කොම්පෝස්ට් කුළුණට දමන්න.
    • සිටුවන ලද ඉනි පැළවේ නම් ඒවාද වරින්වර කපා කොම්පෝස්ට් කුළුණට එකතු කිරීමට හෝ කොළ පොහොරක් ලෙස භාවිතා කිරීමටයොදාගත හැකියි.
    • මේ කොම්පෝස්ට් කුළුණ දිනපතාම පිරවිය හැකි අතරම කලින් කලට එහි අඩියෙන් කොම්පෝස්ට් පොහොර ලබාගත හැකියි.

    තොරතුරු මූලාශ්‍රය – http://saubagya.lk ඇසුරිණි

  • Covid-19 ගැන චීන කතා ගැන බටහිර ලෝකයේ සැකය උග්‍ර වෙයි

    Covid-19 ගැන චීන කතා ගැන බටහිර ලෝකයේ සැකය උග්‍ර වෙයි

    කොරෝනාවෛරස් (කොවිඩ්-19) වසංගතය චීනයෙන් පැතිරයාම ආරම්භ වූ මුල් අවස්ථාවේ බීජිං බලධාරීන් විසින් එදා පැවැති තත්ත්වය පාලනය කිරීමට ගන්නා ලද ක්‍රියාමාර්ග ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) ප්‍රශ්න කරයි.

    වෛරසය ආරම්භ වූ විගස, එම අර්බුදකාරී මොහොතේ චීනය තත්ත්වය පාලනය කරනු ලැබීම සඳහා උපරිම මට්ටමින් ක්‍රියාත්මක වී ඇතැයි පැවසීම ව්‍යාජ බොළඳ ක්‍රියාවක් යයි ප්‍රංශ ජනාධිපතිවරයා ‘ෆයිනෑන්ෂල් ටයිම්ස්’ (Financial Times) පුවත්පතට ප්‍රකාශ කර ඇත.

    ප්‍රංශ ජනාධිපතිවරයාගේ අදහස් දැක්වීම සිදු කෙරුණේ බටහිර රටවල්, සිය මහලු ජනයා වැඩහිටි නිවාසවල මියැදෙන්නට දමා ඇති බවක් චීන තානාපති කාර්යාලයේ අන්තර්ජාල වෙබ් අඩවියේ ලිපියක් මගින් ප්‍රකාශවීමත් සමඟය.

    එම ප්‍රකාශය දැන් ආරවුලක් බවට පත්ව ඇත.

    ඒ සමඟ ක්‍රියාත්මක වූ ප්‍රංශ විදේශ අමාත්‍යංශය ඒ සම්බන්ධයෙන් “බලවත් අප්‍රසාදය” පළ කිරීම සඳහා එරට සිටින චීන තානාපතිවරයා කැඳවීමට පියවර ගත්තේය.

    උද්ගත වූ ආරාවුල “වැරදි වටහාගැනීමක්” යයි පවසමින් චීනය තමන්ට එල්ලවෙමින් පවතින දෝෂාරෝපණ ප්‍රතික්ෂේප කරයි.

    A man wearing a protective suit checks a woman's temperature next to a residential area in Wuhan, in China"s central Hubei province on April 7, 2020.

    “ප්‍රංශය කොරෝනාවෛරස් වසංගතය හමුවේ එය මැඩලීමට පොර බදමින් සිටින ආකාරය සම්බන්ධයෙන් කිසිදු නාස්තික ප්‍රකාශයක් තමන් සිදුකර නැතැයි” පවසන චීන ආණ්ඩුවේ ප්‍රකාශක ෂාඕ ලියෑන් (Zhao Lijian) “එවැන්නක් කිරීමේ කිසිදු අභිප්‍රායක් නොමැති” බවත් කියා සිටියේය.

    චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයාගේ එම අදහස් දැක්වීම සිදු කෙරුණේ, කොවිඩ්-19 වෛරසය පැතිරයාම ආරම්භ වූ වූහාන් නගරයේ මරණ සංඛ්‍යාව චීනය විසින් නැවත සංශෝධනය කරනු ලැබීමත් සමඟය.

    බීජිං බලධාරීන්ගේ අලුත් ප්‍රකාශන අනුව වෛරසයට ගොදුරුවීමෙන් වූහාන් හි තවත් 1,290 ක් මරණයට පත්ව ඇත.

    කොරෝනා මරණ සංඛ්‍යාවේ එම සංශෝධනය සිදු කෙරුණේ, සංඛ්‍යාන විද්‍යාත්මක අධීක්ෂණයක ප්‍රතිඵලයක් වශයෙන් යයි සඳහන් කළ චීන ආණ්ඩුවේ ප්‍රකාශක ෂාඕ ලියෑන්, එවැනි යළි අධීක්ෂණය කිරීම් සුලභ ජාත්‍යන්තර භාවිතයක් යයි කියා සිටි බව ‘රොයිටර්’ පුවත් සේවය වාර්තා කළේය.

    චීනයේ කොවිඩ්-19 මරණ සංඛ්‍යාව, වාර්තා කරනු ලැබ ඇති ආකාරයට 4,632 ක් පමණි. එහෙත් වූහාන් නගරයේ සිදුවී ඇතැයි චීන බලධාරීන් විසින් පසුගිය සිකුරාදා ප්‍රකාශයට පත්කරන ලද තවත් මරණ 1,290 ද දැන් ඊට එකතු වෙයි.

    කොවිඩ්-19 වෛරසයේ තිඹිරි ගෙය ලෙස සැලකෙන වූහාන් නගරය දැඩි පාලනයකට යටත් කරනු ලැබ තිබුණ අතර, එහි කලින් බල පැවැත්වුන තහංචි දැන් ළිහිල් කරනු ලැබ ඇත.

    Medical staff from Jilin Province (in red) hug nurses from Wuhan after the Covid-19 lockdown was lifted, 8 April 2020
    වූහාන්හි කලින් බල පැවැත්වුන තහංචි දැන් ළිහිල් කරනු ලැබ ඇත

    කොරෝනාවෛරස් උවදුරේ දී චීන බලධාරීන් ක්‍රියා කරනු ලැබ ඇති ආකාරයේ විනිවිදභාවය (transparency) පිළිබඳව ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ප්‍රංශය ඇතුළු රටවල් ගණනාවක් ප්‍රශ්න කරති.

    ප්‍රංශ ජනාධිපතිවරයාගේ අදහස් දැක්වීම සිදු කෙරුණේ බටහිර රටවල්, සිය මහලු ජනයා වැඩහිටි නිවාසවල මියැදෙන්නට දමා ඇති බවක් චීන තානාපති කාර්යාලයේ අන්තර්ජාල වෙබ් අඩවියේ ලිපියක් මගින් ප්‍රකාශවීමත් සමඟය

    ප්‍රංශ ජනාධිපතිගේ පිළිතුර

    මේ වනවිට කොරෝනාවෛරස් ආසාදිතයන් 141,000 ක් සහ 18,000 කට ආසන්න මරණ සංඛ්‍යාවක් ප්‍රංශයෙන් වාර්තා වී ඇත.

    වෛරසයේ ආරම්භය සහ පැතිරයාම පාලනය කිරීම සඳහා පුද්ගල නිදහස නොතකා හරිමින් චීනය අනුගමනය කළ “අධිකාරීවාදී ක්‍රියාමාර්ග” බටහිර රටවල ප්‍රජාතන්ත්‍රීය ආණ්ඩුවල දුර්වලතාවය අනාවරණය වීමට හේතු වීදැයි ‘ෆයිනෑන්ෂල් ටයිම්ස්’ (Financial Times) පුවත්පත ප්‍රශ්න කළ විට ඊට පිළිතුරු දුන් ජනාධිපති මැක්‍රෝන්, “විවෘත සමාජ සහ සත්‍යය යටපත් කෙරෙන රටවල් එකිනෙකට සංසන්දනය කළ නොහැකි” බව පෙන්වා දුන්නේය.

    “එම වෙනස සැලකිල්ලට ගනිමින්, චීනය මුලින් කරන ලද දෙය අනුව, මගේත් ගරු කිරීමට ලක්වෙන අද ඔවුන් සිදු කරන දෙය එදාට වඩා හොඳින් දැන් කෙරෙනවාය කියා කීමට තරම් අපි බොළඳ නොවිය යුතුයි”

    ”අපි දන්නේ නැහැ. අපි නොදන්නා දේවල් එතැන සිද්ධවෙන බව පැහැදිලියි ” යනුවෙන් ප්‍රංශ ජනාධිපතිවරයා පවසයි.

    කොරෝනාවෛරස් වසංගතයට එරෙහි සටනේ දී නිදහස් විවෘතභාවය අත්හැර දමනු ලැබීම බටහිර ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයට අනතුරක් වියහැකි බවත් ප්‍රංශ ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

    “අපට එය පිළිගන්න බැහැ. සෞඛ්‍ය අර්බුදයක් තියෙන අවස්ථාවක කිසිවෙකුට ඔහුගේ හෝ ඇයගේ ජානගත මූලික අයිතිය අහිමිකර ගන්න බැහැ”

    වෙනත් ප්‍රතිචාර

    President Donald Trump speaks during the daily briefing of the White House Coronavirus Task Force in the Rose Garden at the White House April 14, 2020
    ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ද චීනයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගනු ලැබ ඇත

    කොවිඩ්-19 වෛරසය ආරම්භ වුණේ කෙසේද? එය ආරම්භයේදීම මර්දනය කරගත නොහැකි වුණේ කුමක් නිසාද? යන අභියෝගාත්මක ප්‍රශ්න මතු කරනු ලැබිය යුතුව ඇතැයි බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩොමිනික් රාබ් (Dominic Raab) පසුගිය බ්‍රහස්පතින්දා මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

    වෛරසය චීනයෙන් පිටතට ව්‍යාප්ත වීමට මඟ හෙළිවුණේ කෙසේද? යන්න සම්බන්ධයෙන් ගැඹුරු විමසීමක් සිදු කළ යුතුයි සඳහන් කළ බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරයා මෙම වසංගතයෙන් පසු චීනයත් සමඟ පැරණි මට්ටමින් දිගටම කටයුතු කළ නොහැකි වනු ඇතැයි ද කියා සිටියේය.

    ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ද චීනයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගනු ලැබ ඇත.

    සමස්ත ලෝකයේ කොරෝනාවෛරස් මරණ සංඛ්‍යාව 137,000 ක් මට්ටමේ පවතින අතරවාරයේ ,එක්සත් ජනපදයෙන් මෙතරම් අධික මරණ සංඛ්‍යාවක් වාර්තාවීමට හේතුව කුමක්දැයි ප්‍රශ්න කළ විට ඊට පිළිතුරු දුන් ජනාධිපති ට්‍රම්ප්, වෙනත් රටවල් ඔවුන්ගේ භූමියේ මරණ සංඛ්‍යාව සම්බන්ධයෙන් බොරු කියන බවට චෝදනා කළේය.

    චීනය නමින්ම සඳහන් කරමින් අදහස් දැක්වූ ඇමෙරිකානු ජනාධිපතිවරයා “ඇතැම් රටවල් ඉදිරිපත් කරන මරණ සංඛ්‍යාවන් කිසිවකු විසින් විශ්වාස කරනු ලබන්නේදැයි” ප්‍රශ්න කළේය

    කොවිඩ්-19 වෛරසය වූහාන් නගරයේ වෙළෙඳපොළකින් නොව එහි විද්‍යාගාරයකින් මතුවීද? යන්න සම්බන්ධයෙන් මෙතෙක් තහවුරු වී නැති වාර්තා දෙස එක්සත් ජනපදය අවධානයෙන් පසුවෙන බවත් ජනාධිපති ට්‍රම්ප් පවසයි.

    “මම මේ කතන්දරයට අදාලව අපට ලැබෙන තවත් බොහෝ තොරතුරු ඉදිරිකාලයේ දී හෙළිදරව් කරනවා. බලමු!අපි ඇහැ ගහගෙනයි ඉන්නේ” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

    වවුලාගෙන්ද ? විද්‍යාගාර කාන්දුවකින්ද?

    කොරෝනා වෛරසය

    සුරක්ෂිතභාවයට අදාළ වැඩ පිළිවෙළේ ඌනතා හේතුවෙන් වූහාන් මධ්‍යස්ථානයක සිදු වූ හදිසි කාන්දුවකින් කොවිඩ්-19 වෛරසය පිටවී ඇති බවක් තොරතුරු ලබාගත් මූලාශ්‍රය හෙළිදරව් නොකරමින් ෆොක්ස් නිව්ස් (Fox News) වාර්තා කරයි.

    මෑත වසරවල වූහාන් විද්‍යාගාර දෙකක සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් බීජිං නගරයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය මැසිවිලි මතුකොට ඇතැයි ඇමෙරිකානු මාධ්‍ය මින් පෙරත් වාර්තා කරනු ලැබ ඇත.

    කෙසේවුවද, කොවිඩ්-19 වෛරසයට මුල්වූ ‘Sars-CoV-2’ වෛරසය විද්‍යාගාර දෝෂයකින් කාන්දු වූ බවට සාක්ෂි නොමැත.

    කොවිඩ්-19 වෛරසය බොහෝ දුරට වවුලන් විය හැකි සතෙකුගෙන් ආරම්භ වුණා විය හැකිය යන්න විද්‍යාඥයන්ගේ අනුමානයි.

    කාලීන අවශ්‍යතාව සලකා මෙම සම්පූර්ණ ලිපියම 2020 අප්‍රේල් 17 වැනි දින බී.බී.සී සන්දේශය වෙබ් අඩවියෙන් උපුටා ගෙන මෙහි පළ කරන ලදි – ප්‍රධාන ඡායාරූපය පමණක් වෙනස් කර ඇත – ප්‍රධාන සංස්කාරක

  • ප්‍රියංකා චොප්රා  ඉන්දිය රසිකයින්ට ධෛර්ය ලබා දෙයි

    ප්‍රියංකා චොප්රා ඉන්දිය රසිකයින්ට ධෛර්ය ලබා දෙයි

    සුපිරි බොලිවුඩ් නිළියක් වන ප්‍රියංකා චොප්රා ජීවත් වන්නේ ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර. ඒත් ඇය තම මවුබිම සහ තම රසිකයින් ගැන දක්වන උනන්දුවක් කිසිසේත් අඩුවී නැහැ. එනිසාම ඇය ඇගේ මිතුරන්, පවුලේ අය සහ රසිකයන් සමඟ නිරන්තරයෙන් ඇයගේ සමාජ මාධ්‍ය හරහා සම්බන්ධ වෙනවා.

    මේ අතර ඉන්දියාවේ පැවැතිර යමින් තිබෙන කොරෝනා වසංගතය ගැනත් ඇය දැඩි උනන්දුවක් දක්වනවා. ඒ වගේම කොරෝනා වෛරසය පාලනයට අගමැති නරේන්ද්‍ර මෝදි ගෙන යන වැඩපිළිවෙළට ප්‍රියංකා සිය සහයෝගය දැක්වීමටත් පියවර ගත්තා. ඒ නිසා ඇය තම සමාජ මාධ්‍ය ගිනුම් හරහා නිරන්තරයෙන් ඉන්දිය රසිකයින් දැනුවත් කිරීමට සහ ඔවුන් තුළ ධනාත්මක හැගීම් ඇති කිරීමට පියවර ගත්තා.

    නිවෙස් නිරෝධායන කාලය තුළ ජනතාව තුළ ධනාත්මක ආකල්ප පතුරුවා හැරීම සහ ශක්තිමත්ව සිටීමට මිනිසුන්ව පොළඹවන ප්‍රියංකා අභිප්‍රේරණ පණිවිඩයක් සමඟ තමා ගැනම හිරු-සිපගත් පින්තූරයක් පළ කිරීමට පසුගිය දා පියවර ගත්තා.  ඇය පින්තූරය නම් කළේ, “උමග අවසානයේ සෑම විටම ආලෝකයක් ඇත … ලෝකයේ එහි රැඳී සිටින්න …” කියායි.

    ප්‍රියංකා යුනිසෙෆ් සමඟ සහයෝගයෙන් ස්වයං සනීපාරක්ෂාව සක්‍රීයව ප්‍රවර්ධනය කර ඇති අතර ජනතාව වෙනුවෙන් මුදල් රැස් කිරීමේ ලේඩි ගගාගේ ගෝලීය මුලපිරුමේ කොටස්කාරියක් වශයෙන් කටයුතු කරනවා. ඇය මධ්‍යම සහන අරමුදලට ද දායක වූ අතර ලොව පුරා සිදුවන ඕනෑම දෙයක් සමඟ නිරන්තරයෙන් කටයුතු කරමින් සිටිනවා.

    Text by Filmfare.com

  • IPL දින නියමක් නැතිව කල් යයි

    IPL දින නියමක් නැතිව කල් යයි

    “නැවත දැනුම් දෙන තුරු” ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරඟාවලිය අත්හිටුවා ඇති බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේය. පසුගිය මාර්තු 29 වෙනිදා ආරම්භ වීමට නියමිතව තිබු ‘විස්සයි විස්ස’ තරඟාවලිය අත්හිටුවා ඇත්තේ කොරෝනාවෛරස් වසංගතය හේතු කොට ගෙනය.

    වසංගතය පාලනය කිරීමේ අරමුණින් ඉන්දියාව ‘ලොක්ඩවුන්’ කෙරුණු අතර එය මැයි මස 3 වෙනිදා දක්වා දීර්ඝ කර තිබේ.

    “අපේ ප්‍රමුඛත්වය ලැබෙන්නේ ජාතියේ සහ මේ මහඟු ක්‍රීඩාවට සම්බන්ධ සියලු දෙනාගේ සෞඛ්‍ය ආරක්ෂාවටයි.” ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පැවසීය.

    ඉන්දීය වැසියන් නිවෙස්වලට සීමා කිරීමෙන් (ලොක්ඩවුන්) අනතුරුව බලපැවැත්වෙන දැඩි නීති යටතේ විවෘතව තැබීමට අවසරය ලැබී ඇත්තේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අලෙවි කෙරෙන වෙළඳසැල් සහ ඖෂධ සැල් සඳහා පමණි.

    ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරඟාවලිය පැවැත්විය යුත්තේ ඒ සඳහා ආරක්‍ෂිත සහ සුදුසු අවස්ථාව පැමිණි විට පමණක්ය යන එකඟතාවයට සියලු පාර්ශව පැමිණ ඇතැයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

    එය නැවත පැවැත්වෙන දිනයක් පිළිබඳව යෝජනාවක් ඉදිරිපත් වී නොමැත.

    ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 2019 ශූරතාව හිමි කර ගත් මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට ජයග්‍රහණය ලබා දීම සදහා මූලිකත්වය ගත්තේ ලසිත් මාලිංගය.

    එක්දින සහ T20 ක්‍රිකට් ඉතිහාසයේ අඛණ්ඩව පන්දු 4කදී කඩුලු 4ක් දවා ගැනීමට සමත් වූ එක ම පන්දු යවන්නා ලසිත් මාලිංග වේ.

    මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය සඳහා එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයන් එකොළොස් දෙනෙකු ද සහභාගී වීමට නියමිතව තිබුණි. ක්‍රිකට් ලෝක කුසලානය හිමිකරගත් බෙන් ස්ටෝක්, ඕවන් මෝගන් සහ ජොස් බට්ලර් ද ඒ අතර විය.

    රාජස්ථාන් කණ්ඩායම විසින් පවුම් මිලියන 1.4කට බෙන් ස්ටෝක් මිල දී ගනු ලැබිණි. එමෙන්ම මෝගන්, බට්ලර් සහ ටොම් කුරන්ට දල වශයෙන් පවුම් 500,000ක් බැගින් වටිනා කොන්ත්‍රාත්තු හිමි විය.

    ආබාධයකට ගොදුරු වීම හේතුවෙන් ජෝෆ්රා ආචර්, රාජස්ථාන් කණ්ඩායමේ කොන්තරාත්තුවෙන් ඉවත් විය.

    දිල්ලි කැපිටල් කණ්ඩායම සමඟ අත්සන් තැබූ කොන්තරාත්තුවෙන් ක්‍රිස් වෝක්ස් ඉවත් වූයේ එංගලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන ජාත්‍යන්තර තරග සඳහා සහභාගී වීමට තීරණය කිරීම හේතුවෙනි.

    අතිශය උත්කර්ෂවත් වූ මෙම ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය ආරම්භ වුයේ 2008 වසරේදී ය. එවක පටන් සෑම වසරකම මාර්තු සහ ජුනි මාසය අතරතුර එය පැවැත්වුණි.

    2009 වසරේ පැවැත්වුණු IPL තරඟාවලිය දකුණු අප්‍රිකාවේ පැවැත්වූයේ ආරක්‍ෂිත හේතුන් මතය.

    ඉන්දීය මහ මැතිවරණය පැවැත්වීම හේතුවෙන් 2014 තරඟාවලියෙන් කොටසක් පමණක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වුණි.

    වර්තමානය වන විට ලොව ධනවත්ම, පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලීගය බවට පත් වී ඇත්තේ ඉන්දීය ප්‍රීමියර් ලීග තරඟාවලිය වේ.

    Text by BBC Sandesaya

  • කොවිඩ්-19: ශ‍්‍රී ලංකාවේ ආසාදිතයින් 244ක් දක්වා ඉහළට: අදත් අලුතින් 06ක්

    කොවිඩ්-19: ශ‍්‍රී ලංකාවේ ආසාදිතයින් 244ක් දක්වා ඉහළට: අදත් අලුතින් 06ක්

    ශ‍්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අද (17) දින ප.ව 22.04 වන විට 244 දක්වා වර්ධනය වූ බව සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශයයේ නිල වෙබ් අඩවියේ සදහන් වෙනවා. එහි සදහන් වන්නේ අද දින ආසාදිත පුද්ගලයින් 06 දෙනකු හදුනා ගත් බවයි.

    එම වාර්තාව අනුව මේ වන විට රෝහල්වල ප‍්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 160ක් වන අතර දැනට රෝහල්වල විමර්ශන යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 148ක්. සුවය ලබා රෝහල් වලින් පිටව ගිය සංඛ්‍යාව 77ක් බවයි එහි සදහන් වන්නේ.

  • කල් ඉකුත් වූ රියදුරු බලපත්‍ර  Covid-19 අවසන් වන තෙක් වලංගුයි – ප්‍රවාහන ඇමති

    කල් ඉකුත් වූ රියදුරු බලපත්‍ර Covid-19 අවසන් වන තෙක් වලංගුයි – ප්‍රවාහන ඇමති

    කල් ඉකුත් වූ රියැදුරු බලපත‍්‍ර වලංගු කාලසීමාව Covid-19 තත්ත්වය අවසන් වන තෙක් දීර්ඝ කිරීමට පියවර ගන්නා ලෙස ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

    රියැදුරු බලපත‍්‍ර වලංගු කාලසීමාව සම්බන්ධයෙන් කි‍්‍රයාත්මක විය යුතු වැඩපිළිවෙළට අදාළව මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරින් සමග එම අමාත්‍යාංශයේදී අද (17) දින පැවැති සාකච්ඡාවකදීයි අමාත්‍යවරයා මේ උපදෙස් ලබා දුන්නේ.

    මේ සම්න්ධයෙන් ආරක්ෂක අංශ දැනුම්වත් කරන ලෙසද අමාත්‍යවරයා එම නිලධාරීන්ට දැනුම් දුන්නා.

    ඉකුත් මාර්තු මස 10 වැනිදායින් කල් ඉකුත් වූ රියැදුරු බලපත‍්‍ර අලූත් කිරීමේ කාලසීමාව අපේ‍්‍රල් මස 15 වැනිදායින් අවසන් වූ බවත් පවතින ව්‍යසනකාරී තත්ත්වය හමුවේ කාර්යාල කටයුතු ආරම්භ කළ හැකි දිනයක් නිශ්චිතව කිව නොහැකි බවත් සදහන් කළ මහින්ද අමරවීර ඇමතිවරයා මෙම කාලසීමාව කොරෝනා තත්ත්වය අවසන් වන තෙක් දීර්ඝ කළ යුතු බවට උපදෙස් ලබා දුන්නා.

    මේ වන විට රියැදුරු බලපත‍්‍ර 50,000ක් පමණ සකස් කර අවසන් බවත්, තවත් 40,000ක් සකස් කිරිමට නියමිතව ඇති බවත් සදහන් කළ අමාත්‍යවරයා, ලබන 20 වැනිදායින් පසුව සකස් කිරිමට නියමිතව ඇති බලපත‍්‍ර සකස් කිරීමට පියවර ගන්නා බවද සදහන් කළා.
     
    මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ප‍්‍රධාන ශාඛාවේ අත්‍යවශ්‍යම සේවක කණ්ඩායම් පමණක් යොදා ගනිමින් ලබන 20 වැනිදා සිට කාර්යාල කටයුතු ආරම්භ කිරීමට උපදෙස් දුන් අමාත්‍යවරයා පිට පළාත්වල ඇති කාර්යාල විවෘත කිරීමටත් අවශ්‍ය පියවර ගන්නා ලෙසටද නිලධාරින්ට උපදෙස් ලබා දී ඇති කිබෙනවා.
     
    මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ප්‍රවාහන අමාත්‍යවරයා කියා සිටියේ කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ඉකුත් මාර්තු මාසයේ සිට මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව වසා දමා ඇති බැවින් දිනකට අලාභය රුපියල් මිලියන 30ක් පමණ වන බවයි.

    මේ තත්ත්වය තුළ ඇතැම් සේවා සපයන ආයතන සදහා ගෙවිය යුතු මුදල් ද ගෙවා ගත නොහැකි තත්ත්වයට පත්ව ඇති බවත් අමාත්‍යවරයා සදහන් කළා.
     

  • මැනිං වෙළඳපොළ වෙළඳුන්ට විශේෂ දැනුම් දීමක්

    මැනිං වෙළඳපොළ වෙළඳුන්ට විශේෂ දැනුම් දීමක්

    පිටකොටුව මැනිං තොග වෙළඳපොළ තුළ කොවිඩ් – 19 ව්‍යාප්තිය වැළැක්වීමේ පියවරක් වශයෙන් එය තවත් සතියක කාලයක් වසා තැබීමට තීරණය කර තිබේ. මේ තත්ත්වය මත දැනට එළවළු හා පලතුරු නිෂ්පාදන මැනිං වෙළඳපොළ වෙත රැගෙන ගොස් අලෙවිකරන ලද සියලුම ගොවි මහතුන් හා වෙළඳ මහතුන් නැවත දැනුම්දෙනතුරු තම නිෂ්පාදන මීගොඩ, නාරාහේන්පිට, රත්මලාන, වැලිසර, පිළියන්දල හා වේයන්ගොඩ පිහිටි ආර්ථික මධ්‍යස්ථාන වෙත රැගෙන යන ලෙසද, 

    මැනිං තොග වෙළදපොළින් තොග සිල්ලර වෙළඳාම සඳහා එළවළු හා පලතුරු මිල දී ගත් වෙළඳ මහතුන් එම මිල දී ගැනීම් සඳහා ඉහතින් සඳහන් කරන ලද ආර්ථික මධ්‍යස්ථාන වෙත යොමුවන ලෙසද දන්වනු ලැබේ. 

    තවද, පවතින තත්ත්වය හේතුකොට ගෙන තොග වෙළඳපොළවල් තාවකාලිකව වසා තැබීම හේතුවෙන් එළවළු හා පලතුරු තොග අපතේ යාමක් සිදුවිය හැකි බැවින් අස්වනු නෙළීම පමා කළ හැකි බෝගයන්ගේ අස්වනු නෙළීම ප්‍රමාද කිරීම මඟින් මෙම තත්ත්වය වළක්වා ගත හැකි බවද ගොවි ජනතාව වෙත දන්වනු ලැබේ. 

    මීට අමතරව  අතිගරු ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ගොවීන් විසින් නිෂ්පාදනය කරනු ලබන එළවළු සහ පලතුරු දිසාපතිවරුන් හා ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා මිල දී ගෙන මහජනතාවගේ එළවළු හා පළතුරු අවශ්‍යතාවන් සැපයීම නොකඩවාම කරගෙන යනු ලැබේ.  

  • ව්‍යවස්ථා අර්බුදයක් ගැන හිටපු කතානායක කරුගෙන් අනතුරු ඇගයීමක්

    ව්‍යවස්ථා අර්බුදයක් ගැන හිටපු කතානායක කරුගෙන් අනතුරු ඇගයීමක්

    ඉදිරියේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කරමින් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා විසින් අද (17) දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වෙනවා.

    පාර්ලිමේන්තුව සහ පාර්ලිමේන්තු මැතිවරණ පිළිබඳ තත්ත්වය

    ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සමබනන්ධයෙන් මේ වන විට රටේ විධායකය සහ මැතිවරණ කොමිසම අතර පැන නැගී ඇති ගැටලූකාරී තත්ත්වය පිළිබඳව බොහෝ ආගමික සහ දේශපාලන නායකයන්, ගරු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, සිවිල් සමාජ සහ වෘත්තීය සමිති නියෝජිතයන්, සහ පුරවැසියන් විසින් විටින් විට මා අමතා, පාර්ලිමේන්තුවේ හිටපු කතානායකවරයා වශයෙන්, මාගෙන් විවිධ පැහැදිළි කිරීම් ඉල්ලා සිටිනු ලැබේ.

    ශ‍්‍රී ලංකාව ද ඇතුලූව සමස්ත ලෝකයම මහත් වූ සෞඛ්‍ය සහ ආර්ථික අර්බුදයකට මේ වන විට මුහුණ දී සිටින තත්ත්වයක් තුළ ව්‍යවස්ථා අර්බුදයක් ඇති වීටම ඇති ඉඩ කඩ අප රට කෙරෙහි ඉතා අනර්ථකාරී අන්දමින් බල පෑ හැකි බව ජාතික වශයෙන් සැලකිල්ලට ලක් විය යුතු බව අවධාරණය කරමින්, උක්ත විමසීම් සියල්ලට පෞද්ගලිකව පිළිතුරු ලබා දීමේ අපහසුතාව සලකා, ඒ පිළිබඳ මාගේ ස්ථාවරය මෙහි පහත නිවේදනය කිරීමට අදහස් කරමි.

    1. වර්ෂ 2020 මාර්තු මස 02 වැනි දින, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප‍්‍රකාශයක් මගින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබූ අතර, පාර්ලිමේන්තු මැතිවරණය සඳහා 2020 අපේ‍්‍රල් මස 25 දින සහ, නව පාර්ලිමේන්තුව රැුස් වීම සඳහා 2020 මැයි මස 14 ලෙස දින නියම කෙරිණි.
    2. වර්ෂ 2020 මාර්තු 21 දින, පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24(3* වගන්තියේ ප‍්‍රකාරව මැතිවරණ කොමිසම වෙත පැවරී ඇති බලතල ප‍්‍රකාරව, එකී පාර්ලිමේන්තු මැතිවරණය රට තුළ උද්ගතව ඇති කෝවිඞ්-19 රෝග තත්ත්වය හේතුවෙන්, නියම කරන ලද පරිදි 2020 අපේ‍්‍රල් මස 25 දින නොපැත්විය හැකි බව ප‍්‍රකාශ කළේය.
    3. ශ‍්‍රී ලංකා ව්‍යවස්ථාවේ 70 (5* (අ* වගන්තිය අනුව, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව, එසේ විසුරුවා හැරීමේ ප‍්‍රකාශය සිදු කළ දින සිට මාස තුනක් ඇතුළත නව පාර්ලිමේන්තුව රැුස් විය යුතු වන අතර, එකී දිනය යෙදෙන්නේ 2020 ජූනි 02 වැනිදාටයි.
    4. 4.2020 මාර්තු 31, අපේ‍්‍රල් 1 සහ 6 න දිනයන්හි දී, මැතිවරණ කොමිසම සහ ජනාධිපති ලේකම්වරයා අතර ලිපි හුවමාරු වූ අතර, ඒවා මගින් ප‍්‍රකාශ වූයේ:
      අ. මැතිවරණ කොමසමෙහි ස්ථාවරය වන්නේ, දැනට රට තුළ පවත්නා තත්ත්වය සහ සංවිධාන කටයුතු සඳහා වන බාධක සැලකූ විට, නව පාර්ලිමේන්තුව එළඹෙන ජූනි 02 දින රැුස් වනු හැකි වන පරිදි කල්තියා මැතිවරණය පැවැත්වීමට නොපැවැත්විය හැකි වනු ඇති බවයි.
      ආ. ආණ්ඩුවේ මතය වී ඇත්තේ, වර්ෂ 2020 මැයි 28 දින හෝ ඊට පෙර දිනක මැතිවරණය පැවැත්වීම අවශ්‍යයෙන්ම නොහැකි වන අන්දමේ දුෂ්කරතාවක් නොපවතින බවයි.

    එළඹ ඇති සෞඛ්‍ය අර්බුදයට මුහුණ දීමේදී, ලොව සෑම රටක්ම සිය දේශපාලන වෙනස්කම් ඉවත දමා එකමුතු වෙමින් සිටී. එළඹ ඇති මහා-වසංගත තත්ත්වයට සහ එමගින් ඇති කෙරෙන අනර්ථකාරී ආර්ථික බලපෑම්වලට මුහුණ දීමට අවශ්‍ය නීති සම්පාදනය සහ මුල්‍ය ප‍්‍රතිපාදන අනුමත කර දීම පිණිස පාර්ලිමේන්තුවක් නැතිව කෝවිඞ්-19 අර්බුදයට මුහුණ දෙන එකම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යය ශ‍්‍රී ලංකාවයි.

    මාගේ ස්ථාවරය නම්, ආණ්ඩුව සහ විපක්ෂය කඩිනමින් සහ යහපත් චේතනාවෙන් යුතුව මැතිවරණ කොමිසම මෙන්ම එකිනෙකා සමඟ සාකච්ඡුා කිරීම අත්‍යවශ්‍ය වන බවයි. මැතිවරණය ආරක්ෂා සහිතව සහ නිසි කාලයට පැවැත්වීම පිණිස යම් පූර්වාරක්ෂණ ක‍්‍රමවේද හෝ නව නීති අවශ්‍ය වේ යැයි කොමිසම විසින් තීරණය කරන්නේ නම්, ඒවා පිළිබඳව කඩිනමින් අවධානය යොමු කළ යුුතු වේ.

    යම් හෙයකින් නියමිත ව්‍යවස්ථානුකූල කාල සීමාව තුළ මැතිවරණයක් පැවැත්වීමට නොහැකි වුවහොත්, ව්‍යවස්ථා අර්බුදයක් ඇති වීම වළක්වා ගැනීම අත්‍යවශ්‍ය වේ. එවන් අර්බුදයක් ඇති වීමෙන්, අපේ රටේ පාලන ක‍්‍රමය පිළිබඳව පවත්නා සුජාතභාවය පලූදු වීමේ මෙන්ම ස්ථාවරභාවය බිඳ වැටීමේ අවදානමක් පවතින අතර ජාත්‍යන්තර ආර්ථික සහන ලබා ගැනීමේදී එය විශාල ලෙස බාධාකාරී වීමට ද ඉඩ තිබේ.

    මේ අභියෝගාත්මක අවස්ථාවේදී, අනවශ්‍ය තුන්වැනි අර්බුදයක් ඇතිවීම මගහැරීම පිණිස, තම තමන්ගේ දේශපාලන වෙනස්කම් දුරැුද ලා කඩිනම් සහ අර්ථවත් පියවර ගන්නා ලෙස, ජාතියේ උන්නතිය පිළිබඳ හැඟීම පෙරදැරිව මම, ආණ්ඩුවෙන්, විපක්ෂයෙන් සහ වෙනත් පාර්ෂවකරුවන්ගෙන් ඉල්ලා සිටිමි.

    කරු ජයසූරිය – 2020- අපේ‍්‍රල-17