Blog

  • කොරෝනා ආසාදනය වී සුවය ලැබූ ලොව වයස්ගතම පුද්ගලයා මෙන්න

    කොරෝනා ආසාදනය වී සුවය ලැබූ ලොව වයස්ගතම පුද්ගලයා මෙන්න

    ස්පාඤ්ඤයේ රැකියා කරන පාකිස්ථානු ජාති කුලී රථ රියැදුරන්ගෙන් සත්කාරයක්

    මේ වන විට ස්පාඤ්ඤයේ කොරෝනා ආසදනය උග්‍ර වී තිබෙනවා. මරණ සංඛ්‍යාෙවත් දෙවැනි ඉන්නේ අසල්වැසි ඉතාලියට පමණයි. මේ අතර බාසිලෝනා හි රැකියා කරන පාකිස්තාන කුලී රථ රියදුරන් කොරෝන වෛරසය පැතිරීම මධ්‍යයේ වෛද්‍ය සේවකයින්ට නොමිලේ සිය සේවය ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

    මාර්තු මස මැද භාගයේදී ස්පාඤ්ඤයේ අගුලු දැමීමේ ආරම්භයේදී  ෂාබාස් අහමඩ්ගේ නායකත්වයෙන් යුත් පාකිස්තාන කුලී රථ රියදුරන් හය දෙනෙකු වෛද්‍ය සේවකයින්ට රාත්‍රියේදී තම නිවෙස් කරා ආපසු යා හැකි ආකාරය පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. ඒ අනුවයි මේ වැඩපිළිවෙළ ආරම්භ වී තිබෙන්නේ. එතැන් පටන් ඔවුන්ගේ උත්සාහය ස්වේච්ඡා සේවකයන් 200 ක් පමණ දක්වා ව්‍යාප්ත වී තිබෙනවා. ඔවුන්ගේ සේවය ස්පාඤ්ඤ මාධ්‍යවල පවා දැඩි ඇගයීමට ලක්ව තිබෙනවා.

    107 හැවිරිදි නෙදර්ලන්ත ජාතික කාන්තාවක් සුවය ලබයි

    ‍කො‍රෝන වෛරසය ආසාදනය වූ 107 හැවිරිදි ඕලන්ද ජාතික කාන්තාවක් සුවය ලබා ඇති අතර, වසංගතයෙන් දිවි ගලවා ගත් වයස්ගතම තැනැත්තා ඇය විය හැකි බවයි විදෙස් මාධ්‍ය කියන්නේ.

    කොර්නෙලියා රාස් ඇගේ 107 වන උපන්දිනයට පසු දින එනම් මාර්තු 17 වන දින රෝගාතුර වූ බව නෙදර්ලන්ත පුවත්පත වාර්තා කරයි. ඒ නිරිතදිගින් පිහිටි දූපතක් වන ගොයරි-ඕවර්ෆ්ලැක්කි හි පිහිටි ඇගේ සාත්තු නිවාසයේ පදිංචිකරුවන් සමඟ පල්ලියේ දේව මෙහෙයකට සහභාගී වීමෙන් පසුව බවයි වාර්තා කියන්නේ.

    කොරොනා ඇමේසන් හුදෙකලා වූ යනාමාමි ගෝත්‍රයට ළඟා වෙයි

    ඇමසන් ආදිවාසී කණ්ඩායමක් වන යනාමාමි ජනතාව අතර බ්‍රසීලය ප්‍රථම කොරෝන වෛරස්  ආසාදිතයා වාර්තා වී තිබෙනවා. 15 හැවිරිදි පිරිමි ළමයෙකු වන මෙම රෝගියා උතුරු ප්‍රාන්තයේ රොරයිමා අගනුවර වන බෝවා විස්ටා හි රෝහලක දැඩි සත්කාර ඒකකයක ප්‍රතිකාර ලබමින් සිටින බව බලධාරීහු පවසති.

    චීනයේ නව රෝගීන් අතර ආසාදිත අලුත උපන් දරුවන් හතර දෙනෙක්

    ගර්භාෂයේ සිටින තම නූපන් ළදරුවන්ට මවගෙන් කොරෝනා වෛරසය ආසාදනය විය හැකි බව චීනයෙන් ලැබෙන නව සාක්ෂි වලින් පෙනී යන බව නව අධ්‍යයන වාර්තාවක් සදහන් කරනවා.

    වුහාන් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් විසින් ප්‍රකාශයට පත් කරන ලද පර්යේෂණයකින් කියැවෙන්නේ මාර්තු මැද භාගය වන විට චීනයේ තහවුරු වූ කොරොන රෝගීන් 81,000 අතර ආසාදිත අලුත උපන් දරුවන් 4 දෙනෙකු සිටින බවයි.

    මෙම අවස්ථා හතරේදීම මව්වරුන්ට කොරෝනා වෛරස් ආසාදනය වී ඇති අතර අවස්ථා තුනකදීම දරු ප්‍රසූතියට පෙර රෝග ලක්ෂණ පෙන්නුම් කර තිබෙනවා. ළදරුවන්ට පෙන්නුම් කළේ මෘදු රෝග ලක්ෂණ පමණක් වන අතර දැඩි සත්කාර සඳහා ඔක්සිජන් ලබාදීම හෝ ප්‍රතිකාර අවශ්‍ය නොවූ බව එම වාර්තාව වැඩි දුරටත් කියන්නේ.

  • Covid-19 World Hot Review: ලංකාවේ ආසාදිතයින් 190යි – ලෝකයේ මරණ 88,550ක්

    Covid-19 World Hot Review: ලංකාවේ ආසාදිතයින් 190යි – ලෝකයේ මරණ 88,550ක්

    කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ එක් පුද්ගලයෙක් පමණක් අද (9) දින වාර්තා වූ බව සෞඛ්‍ය ප‍්‍රවර්ධනය කාර්යංශයේ වෙබ් අඩවියේ අද දින පස්වරු 18.04 සිදු කළ යාවත්කාලීන කිරීම සදහන් කරයි. ඒ අනුව ශ‍්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 190ක් වන අතර මරණ සංඛ්‍යාව 07කි. ප‍්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 134ක් වන අතර දැනට රෝහල්වල විමර්ශන යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 242කි. සුවය ලබා පිටව ගිය පුද්ගලයින් සංඛ්‍යාව 49 දෙනෙකි.

    ගෝලීය තත්ත්වය

    සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශයේ අද දින (9) යාවත්කාලීන කිරීම්් අනුව (ප.ව 18.04) ගෝලීය වශයෙන්තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව 1,519,571 දෙනෙක් වන අතර මරණ සංඛ්‍යාව 88,550කි. අද දින නව ආසාදිතයින් 84,385ක් වාර්තා වී ඇති අතර සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 331,311කි.

    එක්සත් ජනපදය – රෝගීන් 432,438 ක්, මරණ 14,808 ක් 
    ස්පාඤ්ඤය – රෝගීන් 148,220 ක් ,  මරණ 14,792 ක්
    ඉතාලිය – රෝගීන් 139,422 ක්, මරණ 17,669 ක්
    ප්‍රංශය – රෝගීන් 83,080 ක්, මරණ 10,887 ක් 
    ජර්මනිය – රෝගීන් 113,296 ක්, මරණ 2,349 ක්
    චීනය –   රෝගීන්  82,883 ක්,  මරණ 3,339 ක් 
    මැකාවු හි රෝගීන් 44 ක් සහ හොංකොං හි මරණ 765 ක් – මරණ හතරක් ඇතුළත් වේ.
    ඉරානය – රෝගීන් 64,586 ක්, මරණ 3,993 ක් 
    එක්සත් රාජධානිය –  නඩු 61 , 487 , මරණ 7,111
    තුර්කිය – රෝගීන් 38,226 ක්, මරණ 812 ක්
    ස්විට්සර්ලන්තය –  රෝගීන් 23,404 ක්  , මරණ 909 ක්
    බෙල්ජියම – රෝගීන් 24,983 ක්, මරණ 2,523 ක්
    නෙදර්ලන්තය – රෝගීන් 20,682 ක්, මරණ 2,255 ක්
    කැනඩාව – රෝගීන් 19,290 ක්, මරණ 436 ක්
    බ්‍රසීලය – රෝගීන් 16,118 ක්, මරණ 820 ක්
    පෘතුගාලය – රෝගීන් 13,141 ක්, මරණ 380 ක් 
    ඔස්ට්‍රියාව – රෝගීන් 12,942 ක්, මරණ 273 ක්
    දකුණු කොරියාව – රෝගීන් 10,423 ක්, මරණ 204 ක්
    ඊශ්‍රායලය – රෝගීන් 9,404 ක්, මරණ 73 ක්
    රුසියාව – රෝගීන් 8,672 ක්, මරණ 63 ක් 
    ස්වීඩනය – රෝගීන් 8,419 ක්, මරණ 687 ක්
    නෝර්වේ – රෝගීන් 6,042 ක්, මරණ 101 ක්
    ඕස්ට්‍රේලියාව – රෝගීන් 6,010 ක්, මරණ 50 ක්
    අයර්ලන්තය – රෝගීන් 6,074 ක්, මරණ 235 ක්
    ඩෙන්මාර්කය – රෝගීන් 5,581 ක්, මරණ 203 ක්
    ඉන්දියාවේ රෝගීන් 5,916 ක්, මරණ 178 ක් 
    ජපානය – රෝගීන් 4,667 ක්, මරණ 95 ක්
    මැලේසියාව – රෝගීන් 4,119 ක්, මරණ 65 ක්
    පකිස්ථානය – රෝගීන් 4,263 ක්, මරණ 61 ක්
    සෞදි අරාබිය – රෝගීන් 2,932 ක්, මරණ 41 ක්
    එක්සත් අරාබි එමීර් – රෝගීන් 2,659 ක්, මරණ 12 ක්
    පැනමාව – රෝගීන් 2,249 ක්, මරණ 59 ක්
    කටාර් – රෝගීන් 2,210 ක්, මරණ 6 ක්
    කුවේට් – රෝගීන් 855, 1 මරණය 
    බහරේනය – රෝගීන් 821 ක්, මරණ 5 ක්

    අල් ජසීරා ඇසුරිණි

  • ඇදිරි නීතිය කඩමින් දිස්ත්‍රික් අතර ගියොත් වෙන දේ මෙන්න…

    ඇදිරි නීතිය කඩමින් දිස්ත්‍රික් අතර ගියොත් වෙන දේ මෙන්න…

    ඇදිරි නිතිය උල්ලංඝණය කරමින් දිස්ති‍්‍රක් සීමාවන් හරහා ගමන් කරන ඕනෑම පුද්ගලයකු දින 14ක් නිරෝධායන සදහා නිරෝධායන මධ්‍යස්ථාන වෙත අනිවාර්යයෙන්ම යොමු කරනු ලබන බවත් එම නීතිය හෙට (10) සිට ක‍්‍රියාත්මක කරන බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

    නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව සදහන් කළේ අද (9) දින කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැති දෛනික මාධ්‍ය හමුවේදීය.

    මෙම මාධ්‍ය හමුව සදහා සෞඛ්‍ය ඇමති පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය, කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී – යුද්ධ හමුදාපති ශවේන්ද සිල්වා මහතා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා ද සහභාගී වූහ.

    මෙම මාධ්‍ය හමුවේදී සෞඛ්‍ය අමාත්‍යවරිය සදහන් කළේ රජය විසින් අපේ‍්‍රල් 19 වැනිදා දක්වා පනවා ඇති නීති රීතිවලට අවනත වී, සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් පිළිපදිමින් නිරෝධාන ක‍්‍රියාවලියට සහාය වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

    මෙහිදි යුද්ධ හමුදාපතිවරයා සදහන් කළේ නිරෝධායන කි‍්‍රයාවලිය අවසන් කළ පුද්ගලයින් 3459 දෙනෙකු මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටව ගොස් ඇති බවයි. මෙම පුද්ගලයින් සියලූ දෙනාම කොරෝනා වෛරසය පරීක්ෂා කිරීමේ පි.සී.ආර් පරීක්ෂණය දෙවතාවක් සිදුකිරීමෙන් පසුව මෙලෙස පිටත් කර හැරි බවද මේ වන විට පුද්ගලයින් 1311 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාවල තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින බව ද යුද හමුදාපතිවරයා සදහන් කළේය.

    මෙවර සිංහල අලුත් අවුරුද්ද නිවස තුළ, නිවැසියන් සමග පමණක් සමරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පැවසුවේය. ජාසිංහ මහතා කියා සිටියේ චීනය රජය විසින් ද ඔවුන්ගේ අලුත් අවුරුද්ද මේ ආකාරයෙන් නිවස තුළට පමණක් සීමා කළ බවයි.

    මෙම මාධ්‍ය හමුවේ සියලු තොරතුරු පහත පළ වේ.

  • මහ මැතිවරණය ගැන මැකොගේ ලිපි තුනකට PBගෙන් තද පිළිතුරු ලිපියක්

    මහ මැතිවරණය ගැන මැකොගේ ලිපි තුනකට PBගෙන් තද පිළිතුරු ලිපියක්

    ජනාධිපති ලේකම් ආචාර්ය පි.බි. ජයසුන්දර මහතා “2020 පාර්ලිමේන්තු මැතිවරණය සහ නව පාර්ලිමේන්තුව කැඳවන දිනය” මැයෙන් ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා 2020-03-31 සහ 2020-04-01 දිනවල එවූ ලිපිවලට 2020-04-06 වැනි දින පිළිතුරු ලිපියක් යවා තිබේ.

    ජනාධිපති ලේකම්වරයා විසින් යවන ලද සම්පූර්ණ ලිපිය මෙසේය.

    මහින්ද දේශප්‍රිය මහතා
    සභාපති
    ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම
    සරණ මාවත, රාජගිරිය

    2020 පාර්ලිමේන්තු මැතිවරණය සහ නව පාර්ලිමේන්තුව කැඳවන දිනය

    2020-03-31 සහ 2020-04-01 දිනැති ඔබේ ලිපි මා වෙත ලැබී තිබේ.

    ජනරජයේ ජනාධිපතිතුමාගේ නිල කාර්යයන් අරභයා මැතිවරණ කොමිසම විසින් අතිගරු ජනාධිපතිතුමාගේ අවධානය පිණිස එවනු ලැබූ ලිපි මගේ කාර්යාලයට ලැබීමට පෙර ජනමාධ්‍යයට නිකුත් කර තිබීමත්, එකී ලිපි තවත් අයට පිටපත් කොට තිබීමත් ගැන මම මවිතයට පත්වීමි.

    පහත දැක්වෙන තතු ලුහුඬින් සඳහන් කිරීම සුදුසුය :

    1. 2020-03-02 දිනැති අංක 2165/8 දරණ ගැසට් ප්‍රකාශනයෙන් 2020-03-02 දින මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැර නව පාර්ලිමේන්තුව 2020-05-14 දිනට කැඳවනු ලැබීය.
    2. එකී ප්‍රකාශනයෙන් නව පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරා ගැනීමේ ඡන්ද විමසීම සඳහා දිනය 2020-04-25 ලෙස නියම කෙරිණ.
    3. ඉන් අනතුරුව,

    (අ)දේශපාලන පක්ෂ ගණනාවක ලේකම්වරු මැතිවරණයට තරග කිරීමේ සිය  
         අභිලාෂය පළ කළහ.,

                (ආ) පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ගණනාවක් පාර්ලිමේන්තු

                       මැතිවරණ පනතේ 15වැනි ඡේදය ප්‍රකාර පාර්ලිමේන්තුවට තේරා පත්වීමට
                     අදහස් කරන අපේක්ෂකයන්ගේ නම් ඇතුළත් නාම යෝජනා පත්‍ර ඉදිරිපත්
                     කළහ,    

                (ඇ) එකී අපේක්ෂකයන්ගේ ලිඛිත අනුමැතිය ද දෙන ලදී.,

                (ඈ) පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 16 සහ 17 ඡේද ප්‍රකාර නියමිත පරිදි ඇප මුදල්

                     තැන්පත් කරන ලදී.

    අදාළ තත්ත්වයන් යටතේ ස්වාධීන අපේක්ෂකයෝ ගණනාවක් සහ පිළිගත් දේශපාලන පක්ෂ ගණනාවක්

    (අ)       පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය .,
    (ආ)      මැතිවරණ දිනය නියම කිරීමේ නියෝගය.,
    (ඇ)      නාම යෝජනා පත්‍ර භාර ගැනිමේ දිනය සහ
    (ඈ)      අදාළ තේරීම්භාර නිලධාරීන් වෙත නාම යෝජනා පත්‍ර භාරදීම

    පිළිගෙන යථා පරිදි ක්‍රියා කළහ.

    පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24 ඡේදය ප්‍රකාර 24(1) ඡේදයේ A සිටD දක්වා අනු ඡේදවල ඇතුළත් කරුණු සුවිශේෂ කොට දක්වමින් මැතිවරණ කොමිසම විසින් ගැසට් ලේඛනය මගින් නිවේදනයක් පළ කළයුතුව තිබිණ.

    2020-03-20 දිනැති අංක 2167/12 ගැසට් ලේඛනයෙන් 24(1) ඡේදයේ A සහ C අනු ඡේදවල ඇතුළත් කරුණු පමණක්, එනම් සෑම මැතිවරණ දිස්ත්‍රික්කයකම 2020 අප්‍රේල් 25 දින උදේ 7.00 සිට සවස 4.00 දක්වා චන්ද විමසීම සිදුකෙරෙන බව සහ චන්ද විමසීම පැවැත්වෙන මැතිවරණ දිස්ත්‍රික්ක සඳහන් කරමින් නිවේදනයක් ප්‍රසිද්ධ කළ බව දක්නට ඇත.

    ඉන් අනතුරුව මැතිවරණ කොමිසම නිකුත් කළ 2020-03-21 දිනැති අංක 2167/19 ගැසට් ලේඛනයෙන් 2020-04-25 දින ඡන්ද විමසීම සිදු කළ නොහැකි බවත්, 2020-04-30 දින සිට දවස් 14කට පසු එළැඹෙන දිනයක් ඡන්ද විමසන දිනය ලෙස නම් කරන බවත්, ප්‍රකාශ කරන ලදී.

    2020-04-25 දින ඡන්ද විමසීම කළ නොහැකිනම් 24(03) ඡේදය යටතේ නිකුත් කළ ගැසට් ප්‍රකාශනයේ ඡන්ද විමසීම කළ හැකි වෙනත් දිනයක් විශේෂයෙන් සඳහන් කිරීමට 24(3) ඡේදයේ විධිවිධාන යටතේ කොමිසම බැඳී සිටින බව කණගාටුවෙන් වුවද පෙන්වා දිය යුතුව තිබේ.

    එකී ඡන්ද විමසීම සිදු කරන දිනය, පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24(3) ඡේදය යටතේ ප්‍රසිද්ධ කරන ලද ගැසට් ලේඛනය නිකුත් කළ දිනට දවස් 14කට පසුව විය යුතු බව ද සඳහන් කළ යුතුය.

    අතිගරු ජනාධිපතිතුමාට ලැබී ඇති උපදෙස් අනුව 2020-05-28 දින හෝ ඊට පෙර මැතිවරණය පැවැත්වීමට නොහැකි බව ප්‍රකාශ කිරීම මේ අවස්ථාවේ කළ නොහැකිය. ඡන්ද විමසීමේ දිනය නියම කිරීම මැතිවරණ කොමිසමේ වගකීමක් වන අතර, මැතිවරණ කොමිසමේ කාර්යයන්ට සහ වගකීම්වලට මැදිහත්වීමට අතිගරු ජනාධිපතිතුමා අදහස් නොකරයි.

    කල්දැමුණු ඡන්ද විමසීම පිළිබඳ නිවේදනය කිරීමේ කාල සීමාව පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24(3) ඡේදයේ විධිවිධාන ප්‍රකාර දවස් 14කට නොඅඩු කාලයක් බව එනම්, කල්තැබූ ඡන්ද විමසීම 15 වන දවසේ වුවද පැවැත්විය හැකි බව පෙන්වා දෙනු කැමැත්තෙමි.

    ඡන්දය ප්‍රකාශ කිරීමට මේ රටේ ජනතාවට අයිතිය ඇති බවත්, එය ඔවුන්ගේ ස්වෛරි අයිතියක් බවත් මා අවධාරණය කළ යුතු නැත.

    ඉහත සඳහන් කරුණු සියල්ල සම්පිණ්ඩනය කළ විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129 වගන්තිය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු වීමේ ප්‍රශ්නය පැන නොනගින බව මැතිවරණ කොමිසම වෙත දැනුම් දෙන ලෙස මට උපදෙස් ලැබී ඇත.

    පී.බී. ජයසුන්දර
    ජනාධිපති ලේකම්

  • කොරෝනා මෙහෙයුම්වල නිරත සෞඛ්‍ය සේවකයින් රක්ෂණය කරයි

    කොරෝනා මෙහෙයුම්වල නිරත සෞඛ්‍ය සේවකයින් රක්ෂණය කරයි

    කොවිඩ් 19 වසංගතයට එරෙහිව මෙහෙයුමේ යෙදී සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින්  “විරු අභිමන්” නමින්  රු.ලක්ෂ 15 ක රක්ෂණාවරණයක් ලබා දීමට කටයුතු කර ඇත.

    මෙහිදී ජීවිත අහිමි වීමකදී රක්ෂණය හිමි දරුවන් සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවකයාගේ පවුලකට  රු.ලක්ෂ 15 ක මුදලක් ද ,දරුවන් නොමැති පවුලකට සහ අවිවාහක අයෙකුට රු. ලක්ෂ 10 බැගින් ද ගෙවීමට කටයුතු කරනු ලබයි.

    මෙමගින් ආවරණය වන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, වෛද්‍යවරුන්, හෙදියන්, උපසථායකයන්, රියදුරන්, සුළු සේවකයින්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන් ඇතුලත්ය.

    මෙරට ජනතාව වෙනුවෙන් අවධානම නොතකා සේවයේ යෙදෙන සෞඛ්‍ය සේවකයින් වෙනුවෙන් නොමිලේ පිරිනමනු ලබන ප්‍රථම සහ එකම රක්ෂණ ක්‍රමය මෙයයි.

    මෙම රක්ෂණ වැඩපිළිවෙල යටතේ මුදල් අය කිරීමෙන් තොරව,රක්ෂණ සමාගමේ වෙන වෙනම ලියාපදිංචි වීමකින් තොරව ඒ ඒ තත්ත්වයන්ට මුහුණ දෙන සෞඛ්‍ය නිලධාරීන්ට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීම මත ගෙවීම් සිදු කෙරෙනු ඇත. 

    විරු අභිමන් සෞඛ්‍ය රක්ෂණ ක්‍රමය, සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා  අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත හඳුන්වා දීම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ආචාර්ය ජගත් වැල්ලවත්ත මහතා විසින් සිදු කරන ලදී.

    මෙම අවස්ථාවට  සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් භද්‍රාණි ජයවර්ධන, සෞඛ්‍ය සේවා අධ්‍යන්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ගරු අමාත්‍යතුමියගේ පෞද්ගලික ලේකම් කංචන ජයරත්න යන මහත්ම මහත්මීන් සහභාගි වූහ.

  • කොරෝනා මර්ධනයට ජනපති ගත් මග වෛද්‍ය විශේෂඥයෝ අගය කරති

    කොරෝනා මර්ධනයට ජනපති ගත් මග වෛද්‍ය විශේෂඥයෝ අගය කරති

    කොරෝනා වෛරසය රට තුළ පැතිර යාම කඩිනමින් මර්දනයට අවශ්‍ය විශේෂඥ වෛද්‍ය අදහස් ලබාගැනීමේ අරමුණින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ ක්ෂේත්‍ර කිහිපයක විශේෂඥ වෛද්‍යවරු අතර හමුවක් අද (09) දහවල් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ.

    කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීමට රජය සහ ආරක්ෂක අංශ මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රය ගත් ක්‍රියාමාර්ග සහ ඉදිරියට අනුගමනය කළ යුතු වැඩපිළිවෙළ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

    මේ වන විට වෛරසය ආසාධිත පුද්ගලයන් ලඟින් ඇසුරු කළ කණ්ඩායම් හා ඉන් අදියර දෙකක් ඉදිරියට සබඳතා පැවැත්වූ පුද්ගලයන් හඳුනාගනිමින් පරීක්ෂණ කිරීමේ වැදගත්කම විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දුන්හ.

    වෛරසය හඳුනාගැනීමට අවශ්‍ය පරීක්ෂණ කට්ටල (Test Kits) ප්‍රමාණවත් තරම් තිබුණද පැවතියත් ඕනෑම තත්ත්වයකට මුහුණ දිය හැකි වන පරිදි ඒවා ගෙන්වා ගැනීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දුන්නේය.

    ලෝකයේ සෙසු රටවල් අභිබවා යමින් වෛරසය පැතිර යාම වැළැක්වීමට ජනාධිපතිතුමා ගෙනගිය නිරෝධායන වැඩපිළිවෙළ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමේ පැසසුමට ලක්විය. එම නිරෝධායන ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීම වෛරසය පැතිර යාම වැළැක්වීමට ඇති වැදගත්ම ප්‍රවේශය බව වෛද්‍යවරු පවසති.

    වෛරසය පැතිර ගොස් නැති ප්‍රදේශ ආරක්ෂා කරගැනීමේ වැදගත්කම වෛද්‍යවරු දැඩිව අවධාරණය කළහ. එම ප්‍රදේශවලට වෛරසය පැතිරී ඇති ප්‍රදේශවලින් සංචරණය නවත්වාගත යුතු බව ඔවුනගේ මතය විය.

    “පංචායුධ” ක්‍රමවේදයක් ලෙස සෑම අයෙකුම හැකි උපරිමයෙන් නිවසේ රැඳී සිටීම පළමු පියවර ලෙස ඉතා වැදගත් බව වෛද්‍යවරු පවසති. නිවසින් පිටව යාමේදී මුව ආවරණයන් පැළඳීම, මුහුණ ඇල්ලීමෙන් වැළකීම, සෑමවිටම මීටරයක දුරස්ථභාවය පවත්වාගනෙ යාම සහ අත හොඳින් සේදීම පංචායුධ ක්‍රමවේදයට අයත් වේ.

    විශේෂඥයන්, විශ්වවිද්‍යාල, තාක්ෂණික ආයතන, පුද්ගල කණ්ඩායම් COVID – 19 ආශ්‍රිතව නව සොයාගැනීම් ගණනාවක් කර ඇත. ඒවායේ සොයාගැනීම් කඩිනමින් විශේෂඥ මට්ටමෙන් පර්යේෂණයට ලක්කිරීම පිළිබඳව ද සාකච්ඡාවට ලක් කෙරිණ.

    කොරෝනා වෛරසය ඉක්මණින් ආසාදනය විය හැකි පුද්ගලයන් පිළිබඳවත්, ඔවුන් ඉන් මුදාගැනීමට අනුගමනය කළ යුතු ක්‍රමවේද කවරේද යන්නත් ජනාධිපතිතුමා විමසීය.

    දියවැඩියාව, ඇදුම සහ හෘද රෝග ඇති පිරිස් දැඩි අවධානයෙන් සිටිය යුතු අතර, ඔවුන් නියම කර ඇති ඖෂධ නිසි පරිදි ගත යුතු බව වෛද්‍යවරු කියා සිටියහ. එමෙන්ම දුම් පානයෙන් සම්පූර්ණයෙන් වැළකී සිටිමේ වැදගත්කම ද ඔවුහු අවධාරණය කළහ. සෑම අයෙකුම නිරන්තරයෙන් උගුර ආශ්‍රිත ප්‍රදේශ තෙත්ව තබාගැනීමට දියර පාන ගැනීමේ වැදගත්කම ද පෙන්වා දෙනු ලැබිණ.

    ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ  යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා, වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, හිටපු ආණ්ඩුකාර වෛද්‍ය සීතා අරඹේපොළ, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ, විශේෂඥ වෛද්‍යවරුන් වන වජිර සේනාරත්න, ආනන්ද විජේවික්‍රම, මහාචාර්ය සරත් ජයසිංහ, මහාචාර්ය අර්ජුන ද සිල්වා, වෛද්‍ය එම්.සී. වීරසිංහ, මහාචාර්ය නීලක මලවිගේ, ප්‍රසාද් කටුලන්ද, මහාචාර්ය වජිර දිසානායක, මහාචාර්ය රංජනී ගමගේ, කුමුදුනී රණතුංග, අමිත ප්‍රනාන්දු, ඉන්දික ලැනරෝල් සහ ජූඩ් සමන්ත යන මහත්ම මහත්මීහූ සාකච්ඡාවට එක්ව සිටියහ.

  • Covid-19 World Hot Review: ගෝලීය වශයෙන් කොන්ඩම් හිගයක් ගැන බිය පළ වේ

    Covid-19 World Hot Review: ගෝලීය වශයෙන් කොන්ඩම් හිගයක් ගැන බිය පළ වේ

    සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශයේ වෙබ් අඩවියේ දැක්වෙන ආකාරයට අද (8) දිනයේ ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් 84,945ක් වාර්තා වී ඇති අතර ඒ අනුව සමස්ත ගෝලීය ආසාදිතයින් සංඛ්‍යාව 1,431,689 දෙනෙකි. මරණ සංඛ්‍යාව 82,074ක් වන අතර සුවය ලැබූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 302,142කි.

    ගෝලීය ප‍්‍රවණතා

    ප්‍රංශයේ කොරෝනා වෛරසයේ උච්චතම අවස්ථාව බවට පත්වේ

    කොරෝනා වෛරස් වසංගතයේ ආරම්භයේ සිට මේ දක්වා කාලය තුළ ප්‍රංශය  සිදු වූ ඉහළම  පුද්ගල මරණ සංඛ්‍යාව ඊයේ (අප්‍රේල් 07 ) දිනයේ දී වාර්තා විය.

    ප්‍රංශ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජෙරොම් සලොමොන් ඊයේ සවස ප්‍රකාශයට පත් කළ සංඛ්‍යා ලේඛන වලට අනුව, අප්‍රේල් 07 වැනිදා සවසින් ගෙවී ගිය පැය 24 තුළ පමණක් කොරෝනා ආසාධනයෙන් මිය ගිය පුද්ගලයන් ප්‍රමාණය 1, 427 ක් බවට පත් වී ඇත.

    මෙම මරණ 1, 427 න් 620 ක් රෝහල් තුළ සිදු වූ මරණ බවත්, යැපෙන වැඩිහිටියන්ට නවා තැන් පහසුකම් සපයන නිවාස ( Ehpad ) තුළ  මරණ 820 ක් සිදුවී ඇති බවත් ඔහු අනාවරණය කළේය.

    සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජෙරොම් ඉදිරිපත් කළ සංඛ්‍යා ලේඛන වලට අනුව මේ වන විට ප්‍රංශය තුළ සිටින රෝගීන් සංඛ්‍යාව 1, 09, 069 කි.

    කොරෝනා වෛරසය ආසාධනය වීමෙන්  ප්‍රංශය තුළ මෙතෙක් මිය ගොස් ඇති පුද්ගලයන් ප්‍රමාණය 10, 328 කි.  30, 000 ක් රෝහල්ගතව සිටින අතර, රෝගීන් 7, 131 දෙනෙකු දැඩි සත්කාර ඒකක වල පසු වෙති.

    කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන්ගෙන් 19,  337 ක් මේ වන විට සුවය ලබා සිටින බව ද ජෙරොම් අනාවරණය කළේය.

    කොරෝනා වෛරසයේ උච්චතම අවස්ථාව මේ සතිය තුළ සිදු විය හැකි බවත්, දෙපාර්තමේන්තු කිහිපයකින් මරණ සංඛ්‍යාවේ ඉහළ යෑමක් අපෙක්ෂා කරන බවත් සෞඛ්‍ය බලධාරීහු පවසති.
    නිවාස වල රඳවා තැබීමේ නියෝගය අවසන් වන දිනය පිළිබඳව අනාවැකි කීමට කල් වැඩි බව පවසන ප්‍රංශයේ විද්‍යාත්මක කවුන්සිලයේ ප්‍රධානී ජොන් ප්‍රොන්සුවා ( Jean – Francois ) පෙන්වා දෙන්නේ , එම කාලය මැයි මස මුල දක්වා දිගටම පවතිනු ඇති බවය.

    BFM රූපවාහිණිය සමඟ පැවැති සකච්ඡාවකට සහභාගි වෙමින් ඔහු වැඩි දුරටත් කියා සිටියේ, නිවාස තුළ රැඳවීමේ කාලය දීර්ඝ වීම බොහෝ ප්‍රංශ ජාතිකයන්ට දරා ගැනීමට අපහසු බව තමන් හොඳ හැටි දන්නා බවය. 

    මේ අතර අද (අප්‍රේල් 08 ) සිට එළිමහනේ සිට සිදු කරන සියළුම ශාරීරික ව්‍යායාම් සහ ඒ සම්බන්ධ ක්‍රියා කාරකම් උදෑසන 10. 00 සිට රාත්‍රී 7.00 දක්වා සිදු කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කල බව රජය ප්‍රකාශ කොට ඇත.

    මැයි මස මුල දී නැවත පාඨමාලා ආරම්භ කිරීමට අපේක්ෂා කළ ද, ජූනි මස පැවැත්වීමට නියමිත විභාග අවලංගු කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා ගෙන තිබූ තීරණය එලෙසම ක්‍රියාත්මක වන බව ද රජය ප්‍රකාශ කොට ඇත.

    මේ අතර  ප්‍රංශය තුළ කොරෝනා වෛරසයෙන් වඩාත්ම බලපෑමට ලක්ව පවතින ලා කුර්නුව් ( La Courneuve )  යන ප්‍රදේශයෙහි පවතින සෞඛ්‍ය ආයතන කිහිපයක් සහ සමාජ ක්‍රියාකාරිත්වය සඳහා වූ මධ‍යස්ථානයක්  නිරීක්ෂනය කිරීමට ප්‍රංශ ජනාධිපති එම්මානුඑල් මැක්‍රොන් ( Emmanuel Macron ) ඊයේ සවස ගොස් තිබුණි.

    එම අවස්ථාවේ දී ඔහු සහ ජනයා අතර සමීප සම්බන්ධයක් පැවැති නමුත්, ඔහු කිසිදු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමයක් අනුගමනය කිරීමට පියවර ගෙන නොතිබුණි. 

    මේ පිළිබඳව ප්‍රංශ ජන මාධ්‍ය දැඩි ප්‍රහාරාත්ම විවේචනයක් ජනාධිපතිවරයාට  එරෙහිව එල්ළ කරන අයුරු දකින්නට තිබුණි

    සුනිල් ගමිණී – ප්‍රංශ ජන මාධ්‍ය ඇසුරෙන්

    ස්පාඤ්ඤයේ මරණ සංඛ්‍යාෙව් සුළු පහළ යාමක්

    පසුගිය පැය 24 තුළ ස්පාඤ්ඤයේ දෛනික කොරෝන වෛරස් මරණ සංඛ්‍යාව යළි ඉහළ ගොස් ඇති අතර පසුගිය පැය 24 තුළ පුද්ගලයින් 757ක් මිය ගොස් ඇත. නමුත් මරණ අනුපාතය සමානුපාතිකව දිනෙන් දින ඉහළ යාමේ වේගය සුළු වශයෙන් අඩු වූ බව ස්පාඤ්ඤය අමාත්‍යාංශය පවසයි.

    කොරෝන වෛරසය හේතුවෙන් ස්පාඤ්ඤයේ සිදු වූ මරණ සංඛ්‍යාව 14,555 දක්වා ඉහළ ගොස් ඇති බව අමාත්‍යාංශය පවසයි. මුළු මරණ සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස දෛනික වැඩිවීම සියයට 5.5 ක් වූ අතර එය පෙර දින පැවති සියයට 5.7ක අගයට වඩා 0.2ක පහළ යාමකි.

    ඕස්ට්‍රේලියාව දැවැන්ත උත්තේජක පැකේජයක් අනුමත කරයි 

    කොරෝන වෛරස් වසංගතයෙන් ඇති වන ආර්ථික පීඩනයෙන් මිදීම සඳහා ඕස්ට්‍රේලියාව ඕස්ට්‍රේලියානු ඩොලර් බිලියන 130ක දැවැන්ත උත්තේජක පැකේජයක් අනුමත කරයි. ඒ අනුව අවම වශයෙන් ඉදිරි මාස හය සඳහා ඕස්ට්‍රේලියාවේ කොන්සර්වේටිව් රජය මිලියන හයක ජනතාවගේ වැටුප් සඳහා සහනාධාර ලබා දෙනු ඇත. මේ අනුව රැකියාව හෝ ආදායම්ඕ මාර්ග අහිමි වූ ඕස්ට්‍රේලියානු පුරවැසියන්ට ඕස්ට්‍රේලියානු ඩොලර් 1,500 (ඩොලර් 928) සහනාධාරයක් හිමිවනු ඇති බවයි විදේස් මාධ්‍ය කියන්නේ.

    යුරෝපා සංගමයේ විද්‍යා ප්‍රධානියා ඉල්ලා අස්වෙයි

    යුරෝපා පර්යේෂණ කවුන්සිලයේ ප්‍රධානී මවුරෝ ෆෙරාරි ඉල්ලා අස්වී ඇති බව යුරෝපා සංගමය තහවුරු කරයි. පසුගිය ජනවාරියේදී ඊආර්සී හි සභාපති ධුරයට පත්වූ මවුරෝ ෆෙරාරි ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතට පැවසුවේ යුරෝපා සංගමය වසංගතයට දැක්වූ ප්‍රතිචාරය ගැන තමා අතිශයින් කලකිරීමට පත්ව ඇති බවයි. 

    යුරෝපා කොමිසමේ ප්‍රකාශකයෙකු වන ඊආර්සී අධීක්‍ෂණය කරන කණ්ඩායමේ විධායක නිලධාරියා ප්‍රකාශයක් කරමින් මවුරෝ ෆෙරාරි පසුගිය අඟහරුවාදා සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වූ බව සනාථ කළේය.

    “මහාචාර්ය ෆෙරාරි ඉල්ලා අස්වීම පිළිබඳව කොමිසම කනගාටු වන අතර, පෙර නොවූ විරූ අර්බුදයකදී යුරෝපා සංගම් පර්යේෂණයේ කාර්යභාරය ප්‍රධාන වේ.”යැයි ඔහු පැවසීය.

    ඉරානය පවසන්නේ කොරෝනා මරණ 4,000 කට ආසන්න බවයි

    ටෙහෙරානයේ කිරීටක වෛරස් රෝගයෙන් පෙළෙන රෝගීන් (COVID-19) ලබා ගැනීම සඳහා වෛද්‍ය ආධාර සේවකයෙකු සාප්පු සංකීර්ණයක ඇඳක් සකස් කර තිබේ.
    ඉරානයේ විශාලතම සාප්පු සංකීර්ණයක් කොරෝන වෛරස් රෝගයෙන් පෙළෙන රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍ය මධ්‍යස්ථානයක් බවට පත් කර ඇත

    ඉරානයේ නව කොරෝන වෛරස් මරණ සංඛ්‍යාව 3,993 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර පසුගිය පැය 24 තුළ තවත් මරණ 121 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශක කියුනුෂ් ජහාන්පූර් මහතා ඉරාන රාජ්‍ය රූපවාහිනිය වෙත පැවසීය.

    “පසුගිය පැය 24 තුළ අපට නව ආසාදිත රෝගීන් 1,997 ක් පැමිණ තිබේ. ආසාදිත පුද්ගලයින් 3,956 ක් අසාධ්‍ය තත්ත්වයේ පසුවෙති” යනුවෙන් කියුනුෂ් ජහාන්පූර් මහතා පැවසීය.

    මේ අතර කොරෝන වෛරසය පැතිරීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීම සදහා ස්ථාවර ණය” ඩොලර් බිලියන 5ක් තම රටට ලබා දෙන ලෙස ඉරාන ජනාධිපති හසන් රුහානි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා තිබේ.

    “මම ජාත්‍යන්තර සංවිධානවලින් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ රාජකාරි ඉටු කරන ලෙසයි. අපි ජාමූඅ හි සාමාජිකයෙක්. ණය ලබා දීමේදී කිසිදු වෙනස්කම් කිරීමක් නොකළ යුතුයි” යැයි රුහානි රූපවාහිනී කැබිනට් රැස්වීමකදී පැවසීය.

    මාර්තු 12 වන දින ඉරානය නිවේදනය කළේ එවකට ලෝකයේ මාරාන්තික COVID-19 පුපුරායාමට එරෙහිව සටන් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් ණය ඉල්ලා ඇති බවයි.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සංඛ්‍යාලේඛනවලට අනුව 1960 සිට 1962 දක්වා කාලය තුළ නිකුත් කරන ලද “ස්ථාවර ණය” වලින් ඉරානයට ජාමූඅ වෙතින් ආධාර ලැබී නොමැත.

    ඉරානයට එක්සත් ජනපදය විසින් පනවා ඇති සම්බාධක “ආර්ථික හා වෛද්‍ය ත්‍රස්තවාදය” ලෙස රුහානි විවේචනය කළේය.

    ටෝකියෝව දිනපතාම ආසාදන වැඩිවීමක් පෙන්නුම් කරයි

    ජපානයේ ටෝකියෝ නුවර කිරීටක වෛරස් රෝගය පැතිර යාමෙන් පසු අගනුවර හදිසි නීතිය රජය විසින් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු සාමාන්‍ය පදිකයින් ෂිබුයා හරස් මාර්ගය තරණය කරයි.
    ටෝකියෝ හි කොරෝන වෛරස් රෝගය පැතිර යාමෙන් පසු රජය විසින් අගනුවර හදිසි නීතිය ප්‍රකාශයට පත් කරන ලදි.

    ජපානයේ ටෝකියා් අගනුවර කොවිඩ්-19 ආසාදන සංඛ්‍යාව 1339 ක් වන අතර රටපුරා ‍කොවිඩ්-19 ආසාදිතයින් 4768 ක් වාර්තා විය. බදාදා උදෑසන වන විට ජපානයේ මරණ 98ක් වාර්තා වූ බව ජපන් රාජ්‍ය ගුවන් විදුලිය පැවසීය.

    බොහෝ යුරෝපීය රටවලට හා එක්සත් ජනපදයට වඩා ජපානයේ ආසාදන සංඛ්‍යාව තවමත් ඉතා කුඩා වන නමුත් සමහර ප්‍රදේශවල ආසාදිතයින් සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යාම නිසා ටෝකියෝ, ඔසාකා සහ තවත් ප්‍රාන්ත පහක හදිසි අවස්ථා ප්‍රකාශයට පත් කිරීමට අගමැති ෂින්සෝ අබේ පියවර ගත්තේය.

    රුසියාව වාර්තා කරන්නේ නව කොරෝන වෛරස් රෝගීන් දිනකට 1,175 කින් ඉහළ ගොස් ඇති බවයි

    මොස්කව්හි කොරෝනා වයිරස් රෝගීන් වැඩි වේ
    රුසියානු සෞඛ්‍ය නිලධාරීන් කොරොන වයිරස් රෝග ලක්ෂණ පෙන්නුම් කරන රෝගියෙකු කොම්මුනාර්කා රෝහල වෙත ප්‍රවාහනය කරයි

    දෙවන දිනයටත් රුසියාවේ කොරෝන ආසාදිත රෝගීන් සංඛ්‍යාව 1175 කට වඩා වැඩි වී ඇති අතර සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 8,672 ක් දක්වා ඉහළ ගොස් ඇති බව රුසියානු රජය අද (8) ප්‍රකාශ කළේය. රුසියාවේ කොරෝන මරණ සංඛ්‍යාව ද 63 දක්වා ඉහළ ගොස් ඇති බව ද වාර්තා වේ.

    ගෝලීය කොන්ඩම් හිඟයක් ඇතිවිය හැකියි

    කොරොන වෛරස් වසංගතය හේතුවෙන් කර්මාන්තශාලා වසා දැමීම සහ සැපයුම් දාමයන් බිද වැටීම නිසා ගෝලීය වශයෙන් කොන්ඩම් හිඟයක් ඇති වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

    අග්නිදිග ආසියාවේ ආසාදන ඉහළම මට්ටමට පැමිණීමත් සමඟ ලොව ඉහළම රබර් නිෂ්පාදකයෙකු සහ ප්‍රධාන කොන්ඩම් නිෂ්පාදකයෙකු වන මැලේසියාව පසුගිය මාසයේ දී රටපුරා අගුලු දැමීය.

    ගෝලීය වශයෙන් සෑම කොන්ඩම් පහෙන් එකක් (සියයට 20ක්නි) පදවන මැලේසියානු කරෙක්ස් සමාගමේ මෙහෙයුම් සීමා කිරීම හේතුවෙන් ( මාර්තු මැද සිට අප්‍රේල් මැද දක්වා) කොන්ඩම් නිෂ්පාදනය මිලියන 200කින් අඩුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    “ලෝකය අනිවාර්යයෙන්ම කොන්ඩම් හිඟයක් දකිනු ඇත,” කරෙක්ස් ප්‍රධාන විධායක ගොහ් මියා කියට් පැවසීය. 

    “එය අභියෝගාත්මක ය, නමුත් අපි දැන් අපට හැකි සෑම දෙයක්ම කිරීමට උත්සාහ කරමු. එය අනිවාර්යයෙන්ම ප්‍රධාන කරුණකි – කොන්ඩම් අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණයකි.”ගොහ් මියා කියට් වැඩි දුරටත් පැවසීය. 

    ට්විටර් ඩොලර් බිලියනයක අරමුදලක් සකසයි

    ට්විටර් ප්‍රධාන විධායක ජැක් ඩෝර්සි, COVID-19 වසංගතය සඳහා වන ගෝලීය සහන සේවා සඳහා පරිත්‍යාගශීලී ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා ඩොලර් බිලියනයක කොටස් වෙන් කර තිබේ.

    ස්ටෝර්ට් ස්මාල් නමින් නව ව්‍යාපාරය ට්වීට් මාලාවකින් ප්‍රකාශයට පත් කළ ඩෝර්සි, මෙම දායකත්වය ඔහුගේ ධනයෙන් සියයට 28 ක් බව පැවසීය. 

    කුඩා ආරම්භය COVID-19 වැඩ වලට පමණක් සීමා නොවේ. “අපි මෙම වසංගතය නිරායුධ කළ පසු, සංවිධානය සිය අවධානය ගැහැණු ළමයින්ගේ සෞඛ්‍යය හා පර්යේෂණ කෙරෙහි විශ්වීය මූලික ආදායම වෙත යොමු කරනු ඇත, සියලු පුරවැසියන් සඳහා අවම ආදායමක් රජයන් විසින් සහතික කළ යුතුය යන අදහස අපට ඇත‘‘ට්විටර් ප්‍රධාන විධායක ජැක් ඩෝර්සි පැවසීය.

    මාස දෙකක වසා දැමීමෙන් පසු වුහාන් ගමන් තහනම ඉවත් කරන ලදි

    පසුගිය වසරේ අගභාගයේදී කොරෝන වෛරසය ප්‍රථම වරට මතුවූ චීන නගරය වන වුහාන් සිට ගමන් තහනම ඉවත් කිරීමට බලධාරීන් පියවර ගත්තේය. වෛරසය පැතිරීම වැළැක්වීමට ගන්නා පියවර මාලාවක කොටසක් ලෙස ජනවාරි මස අග සිට නගරය දැඩි නිරෝධායනයක යෙදී සිටී.

    මේ අතර චීනයේ ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව විසින් නව කොරෝන වෛරසය පිළිබඳ නව තහවුරු කිරීම් 62ක් වාර්තා කර ඇති අතර, ඒවා සියල්ලම පාහේ විදේශගතව සිටින පුද්ගලයින් බව සදහන් වේ. චීන සෞඛ්‍ය අධිකාරිය අඟහරුවාදා වන විට වාර්තා 1042ක් වන නව ආසාදිතයින් විදේශ රටවල සිට පැමිණි පුද්ගලයින්ය. මේ දක්වා චීනය තුළ තහවුරු කර ඇති මුළු රෝගීන් සංඛ්‍යාව 81,802 කි.

    චයිනා වුහාන්
    මාස දෙකකට පසු හුවාන් සිට පළමු අධිවේගී දුම්රිය පිටත් වීමට සූදානම්.

    ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝක සෞඛ්‍ය සංවිධානයට අනතුරු අගවයි

    එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, කොරෝන වෛරසය පැතිරීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය දක්වන ප්‍රතිචාරය විවේචනය කර තිබේ. එහිදී ඇමෙරිකානු ජනපතිවරයා පවසා ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය චීන හිතවාදී ප්‍රවේශයක් අනුගමනය කළ බවයි. ඇමෙරිකාව විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබා දෙන අධාර කපා හරින බවට ද ට්‍රම්ප් අනතුරු ඇගයීය.

    කොරෝන වෛරසය – ගෝලීය ආසාදන සහ මරණ – 2020/04/08 දිනට

    එක්සත් ජනපදය – රෝගීන් 399,929 ක්, මරණ 12,911 ක් 
    ස්පාඤ්ඤය – රෝගීන් 146,690 ක් , මරණ 14,555  ක්
    ඉතාලිය – රෝගීන් 135,586 ක්, මරණ 17,127 ක්
    ප්‍රංශය – රෝගීන් 110,070 ක්, මරණ 10,343 ක් 
    ජර්මනිය – රෝගීන් 107,663 ක්, මරණ 2,016 ක්
    චීනය –   රෝගීන් 82,809 ක් ,   මරණ 3,337 ක් 
    මැකාවු හි රෝගීන් 44 ක් සහ හොංකොං හි මරණ 765 ක් – මරණ හතරක් ඇතුළත් වේ.
    ඉරානය – රෝගීන් 64,586 ක්, මරණ 3,993 ක් 
    එක්සත් රාජධානිය –  රෝගීන්  55,957 , මරණ 6,171
    තුර්කිය – රෝගීන් 34,109 ක්, මරණ 725 ක්
    ස්විට්සර්ලන්තය –  රෝගීන් 22,789 ක් , මරණ 858 ක්
    බෙල්ජියම – රෝගීන් 23,403 ක්, මරණ 2,240 ක්
    නෙදර්ලන්තය – රෝගීන් 20,678 ක්, මරණ 2,255 ක්
    කැනඩාව – රෝගීන් 17,897 ක්, මරණ 381 ක්
    ඔස්ට්‍රියාව – රෝගීන් 12,852 ක්, මරණ 273 ක්
    දකුණු කොරියාව – රෝගීන් 10,384 ක්, මරණ 200 ක්
    රුසියාව – රෝගීන් 8,672 ක්, මරණ 63 ක් 

    ඕස්ට්‍රේලියාව – රෝගීන් 6,010 ක්, මරණ 50 ක්

    ඉන්දියාවේ රෝගීන් 5,480 ක්, මරණ 164 ක් 

    ජපානය – රෝගීන් 4,257 ක්, මරණ 93 ක්
    මැලේසියාව – රෝගීන් 4,119 ක්, මරණ 65 ක්
    පකිස්ථානය – රෝගීන් 4,072 ක්, මරණ 58 ක්

    සෞදි අරාබිය – රෝගීන් 2,932 ක්, මරණ 41 ක්

    එක්සත් අරාබි එමීර් – රෝගීන් 2,359 ක්, මරණ 12 ක්
    කටාර් – රෝගීන් 2,057 ක්, මරණ 6 ක්

    සිංගප්පූරුව – රෝගීන් 1,623 ක්, මරණ 6 ක්  

    කුවේට් – රෝගීන 855, 1 මරණය 
    බහරේනය – රෝගීන් 821 ක්, මරණ 5 ක්

    ඕමානය – රෝගීන් 419 ක්, මරණ 2 ක්

    අල් ජසීරා ඇතුළු විදෙස් මාධ්‍ය ඇසුරිණි – සකස් කළේ – තුෂාධවි

  • Covid-19 Today Update:  – ශ‍්‍රී ලංකාවේ මරණ සංඛ්‍යාව 07ක්- ආසාදිතයින් 189ක් දක්වා ඉහළට

    Covid-19 Today Update: – ශ‍්‍රී ලංකාවේ මරණ සංඛ්‍යාව 07ක්- ආසාදිතයින් 189ක් දක්වා ඉහළට

    ශ‍්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත බව තහවුරු කරන ලද රෝගීන් සංඛ්‍යාව අද (8) දිනයේ පස්වරු 19.00 වන විට 189 දක්වා වර්ධනය වූ බව සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය සිය වෙබ් අඩවියේ සදහන් කර ඇත.

    ඒ අනුව අද දිනයේදී නව රෝගීන් 04 දෙනකු වාර්තා වී ඇති අතර දැනට රෝහල්වල විමර්ශන යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 228කි. සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව 44ක් වන අතර මරණ සංඛ්‍යාව 07ක් බව ද එහි වැඩි දුරටත් සදහන් වේ.

    ගෝලීය තත්ත්ව වාර්තාව

    සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශයේ වෙබ් අඩවියේ දැක්වෙන ආකාරයට අද (8* දිනයේ ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් 84,945ක් වාර්තා වී ඇති අතර ඒ අනුව සමස්ත ගෝලීය ආසාදිතයින් සංඛ්‍යාව 1,431,689 දෙනෙකි. මරණ සංඛ්‍යාව 82,074ක් වන අතර සුවය ලැබූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 302,142කි.

  • Curfew Update: ඉහළ අවදානමක් සහිත කලාපවල ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම

    Curfew Update: ඉහළ අවදානමක් සහිත කලාපවල ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම

    කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී.

    සෙසු සියළු දිස්ත්‍රික්කවල හෙට අප්‍රේල් 09 බ්‍රහස්පතින්දා උදේ 06.00 ට ලිහිල් කෙරෙන ඇඳිරි නීතිය එදිනම සවස 04.00 ට යළි පනවනු ලැබේ. මේ දිස්ත්‍රික්කවල එසේ යළි පනවන ඇඳිරි නීතිය අප්‍රේල් 14 අඟහරුවාදා උදේ 06.00 ට ඉවත් කොට එදිනම සවස 04.00  සිට නැවත ක්‍රියාත්මක කෙරේ.  

    කොරෝනා වෛරසය ව්‍යාප්තිය නතර කරනු පිණිස ඇඳිරි නීතිය පැනවීම ඇතුළු  ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ හුදෙක් ජනතාවගේ යහපත වෙනුවෙනි. එබැවින් ඇඳිරි නීතිය පැනවීම නිසා ඇතිවන දුෂ්කරතා අවබෝධයෙන් සහ වගකීමෙන් යුතුව ඉවසා සිටින්නැයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටී. එසේම අලුත් අවුරුදු සමය තුළ චාරිත්‍ර වාරිත්‍ර සහ පුද්ගල සබඳතා පවුලේ සාමාජිකයනට පමණක් සීමා කරන ලෙස ද අවධාරණය කෙරේ.

    අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.

    අත්‍යාවශ්‍ය සේවා කර්යක්ෂමව පවත්වාගෙන යනු පිණිස යොදා ඇති ක්‍රමවේද අවභාවිත කරන අයට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරනු ලැබේ.

    ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ නිවසේ සිටම මිලදී ගත හැකි වන පරිදි නොකඩවා සැපයීමට රජය සියලු විධිවිධාන සලසා ඇත.

    කවර දිස්ත්‍රික්කයක වුවද ගොවිතැන් වැඩ කරන සහ කුඩා තේවතු හා අපනයන භෝග නිෂ්පාදන ක්‍රියාවලියේ නිරත ජනතාවට එකී වැඩ කිරීමට අවසර ඇත.

    කොළඹ, කළුතර සහ මහනුවර දිස්ත්‍රික්කවල  හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති ගම්මාන හුදකලා ප්‍රදේශ ලෙස තවදුරටත් සලකනු ලැබේ.  කවරකුට හෝ මේ ගම්මානවලට ඇතුළුවීම හෝ ඉන් පිටවීම හෝ නැවත දැනුම් දෙන තුරු සම්පූර්ණයෙන් තහනම් වේ.

  • COVID-19: විශේෂඥ වෛද්‍ය විද්‍යාල සභාපතිවරුන්ගෙන් රජයට දැඩි ඉල්ලීමක්

    COVID-19: විශේෂඥ වෛද්‍ය විද්‍යාල සභාපතිවරුන්ගෙන් රජයට දැඩි ඉල්ලීමක්

    අප්‍රේල් 20 දක්වා ඉදිරි සති දෙකක කාලය කොරෝනා වසංගත තත්ත්වයේ දෙවැනි නැඟීමක් අපේක්ෂා කරන බැවින් දින 14 බැඟින් කාලසීමාවන් දෙකක් තුළ දී රටේ නීතී රීති තවත් දැඩි කර ජනතාව නිවසේම රැඳවීමට පියවර ගත යුතු බව විශේෂඥ වෛද්‍ය විද්‍යාල සභාපතිවරුන් රජයට නිර්දේශ කරති.

    කොවිඩ් වසංගත තත්ත්වය සම්බන්ධයෙන් සහ වෛරසය පාලනය හා මැඬපැවැත්වීම සඳහා ඉදිරියේ දී ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය විද්‍යාල සභාපතිවරුන්ගේ සහභාගීත්වයෙන් පසුගිය දා සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවැති විශේෂ හමුවකදී මේ බව අවධාරණය විය.

    මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා පැවසුවේ වසංගත තත්ත්වය පාලනය සඳහා වර්තමානයේ මෙන් දැඩි පාලනයක් ඉදිරි කාලසීමාව තුළ දී ද අවශ්‍ය කරන බවයි

    අහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළේ මෙම දින 14 බැඟින් වූ සති දෙකක කාලයෙන් පසුව ද ඉහත ආකාරයෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වන්නේ නම් ඒ පිළිබඳව ජනාධිපති කාර්ය සාධක බළකා ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා වෙත ලිඛිතව දැන්වීමට කටයුතු කරන බවයි. මෙම වසංගත තත්ත්වයට මුහුණදීමට අදාළව වැදගත් වූ තීන්දු තීරණ රැසක් පිළිබඳව විශේෂඥ වෛද්‍ය විද්‍යාල සභාපතිවරු සෞඛ්‍ය අමාත්‍යවරිය දැනුම්වත් කිරීම ද මෙහිදී සිදු විය .

    ප්‍රතිකාර සහ පරීක්ෂණ සම්බන්ධයෙන් තොරතුරු යාවත්කාලීන කිරීම සඳහා කණ්ඩායම් දෙකක් මේ වන විට යොදා ඇති අතර ඉදිරියේ දී රෝගය පැතිරීම වැළැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ක්‍රියා කිරීම සඳහා තවත් කණ්ඩායමක් පත් කිරීමට ද මෙහිදී තීරණය කෙරිණි. පොදු ප්‍රවහනයේ දී දුරස්ථභාවය ඇතිව ගමන් කළ යුතු බවට ක්‍රමවේදයක් සකස් කොට එය රට පුරා ක්‍රියාත්මක කරන ලෙසට ජනාධිපති කාර්ය සාධක බළකායට දැනුම් දීමට කටයුතු කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

    මෙහිදී ප්‍රජා වෛද්‍ය සංගමය විසින් කරුණු දක්වමින් හැකිතාක් දුරට පෞද්ගලික වාහන ගමනාගමනය අවම කර ගැනීම, තම නිවසට ආසන්න කුඩා වෙළෙඳසැළකින් අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට යොමු වීම, පොදු වාහන භාවිතයේ දී දුරස්ථභාවය පවත්වාගෙන යාම, නිරන්තරයෙන් දෑත් සේදීම වැනි අත්‍යවශ්‍ය කරුණු ඉදිරි මාස 06 සඳහා පවත්වාගෙන යාම සුදුසු බව දන්වන ලදි. ඒ පිළිබදව ජනාධිපතිවරයා විසින් ප්‍රජාව දැනුවත් කිරීම වඩාත් සුදුසු බව ද පෙන්වා දී තිබේ.

    එමෙන්ම විශේෂඥ වෛද්‍ය මහේෂ් හරිස්චන්ද්‍ර මහතා කියා සිටියේ ඇඳිරිනීති කාලසීමාව ක්‍රමානුකූලව ඉවත් කිරීමෙන් පසු පොදු ජනයා අපහසුතාවට පත් නොවන අයුරින් අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීම සහ ආසාදිතයන් හඳුනාගැනීමේ වැඩපිළිවෙළක් සමාජයේ ක්‍රියාත්මක කළ යුතු බවයි. එහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ බුද්ධි අංශ හරහා අවශ්‍ය තොරතුරු ලබාගෙන වසංගත රෝග විද්‍යා ඒකකය සහ සම්බන්ධ වී ඒ සඳහා අවශ්‍ය පියවර ගත යුතු බවයි.

    නීති විරෝධී ලෙස පුද්ගලයන් රට තුළට ඇතුළුවීමේ අවදානම, මාර්තු 15 සිට 20 දක්වා විදේශයන් හි සිට මෙරටට පැමිණි සියලු පුද්ගලයන් ස්වයං නිරෝධානයට යොමු කිරීමට කටයුතු කිරීම, වයස අවුරුදු 60ට වැඩි ශ්වසන රෝග ඇති පුද්ගලයන් සඳහා සංකූලතා ඇති වීමේ වැඩි අවදානමක් ඇති බැවින් (ක්ෂුද්‍ර වෛද්‍ය සංගමය) ඔවුන් නිවෙස් තුළම රැඳී සිටිය යුතු බවට වූ පණිවුඩය සමාජගත කිරීම යන කරුණු ද පෙන්වා දෙන ලදි. බෙහෙත් වට්ටෝරු නිවාස වෙත යැවීමේ කාර්යයේ දී ඇතැම් පුද්ගලයන්ට ගැටලුවලට මුහුණපෑමට සිදුව ඇති බැවින් වැඩිහිටි ලේකම් කාර්යාලය හරහා ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීමට කටයුතු කරන බව ඇමැතිවරිය මෙහිදී ප්‍රකාශ කළේය.

    මේ වන විටත් COVID-19 ප්‍රතිකාර කටයුතු සඳහා යටිතල පහසුකම් සැලැස්මක් සකස් කොට ඇති බවත් මුල්ලේරියා රෝහලේ මාතෘ හා නව ජන්ම ඒකක වැඩිදියුණු කිරීමටත් කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී දන්වා සිටියේය. IDH රෝහල සඳහා Mobile CT Scanner යන්ත්‍රයක් ස්ථාපිත කිරීම සඳහා කඩිනමින් කටයුතු කරන ලෙස ද සෞඛ්‍ය ඇමැතිවරිය එහිදී නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා වෙත උපදෙස් ලබා දුන්නාය.

  • රුපියල වාර්තාගත ලෙස අවප්‍රමාණය වෙයි – ඩොලරයට රු. 200.46ක්

    රුපියල වාර්තාගත ලෙස අවප්‍රමාණය වෙයි – ඩොලරයට රු. 200.46ක්

    ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (08) දිනයේ දී රුපියල් 200 සීමාව ඉක්මවා ගියා. අනුව ශ්‍රී ලංකා මහබැංකුව නිවේදනය කළේ එක්සත් ජනපද ඩොලරයක විකුණුම් අගය රුපියල් 200 යි ශත 46 ක් වන බවයි. එහි ගැණුම් මිළ රුපියල් 193.95 ක් බවයි මහ බැංකුව සදහන් කළේ.

  • 2020 සිංහල – හින්දු අලුත් අවුරුදු  චාරිත්‍ර – නිල නැකැත් වේලාවන් මෙන්න

    2020 සිංහල – හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර – නිල නැකැත් වේලාවන් මෙන්න

    2020 සිංහල – හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර හා සම්බන්ධ නැකැත් වේලාවන් බුද්ධශාසන සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කරන තිබෙනවා. පහත එම නිල නිවේදනය පළ වෙනවා.

  • ගම්පහ දිසාවේ පවුල් 10,642ක් නියගයෙන් පීඩාවට පත් වෙලා

    ගම්පහ දිසාවේ පවුල් 10,642ක් නියගයෙන් පීඩාවට පත් වෙලා

    නියගය හේතුවෙන් පීඩාවට පත්ව ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට කඩිනම්  සහන සලසන්නැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් දෙයි. මේ දිනවල බලපා ඇති නියගය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 06 ක පවුල් 10642 ක් පීඩාවට පත්ව තිබේ.

    දිස්ත්‍රික් ලේකම් කාර්යාල සංඛ්‍යා ලේඛන අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 13න් 06ක ග්‍රාම සේවා වසම් 112 කට මෙම නියං තත්ත්වය බරපතල ලෙස  බලපා තිබේ. එහි පවුල් 10,642 ක පුද්ගලයන් 38,829 ක් පීඩාවට පත්ව ඇතැයි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.

    මින් වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ දිවුලපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේයි. ග්‍රාම නිළධාරි වසම් 54ක පවුල් 4384 කට අයත් පුද්ගලයන් 14346ක් නියගය නිසා දිවුලපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පීඩාවට පත්ව සිටිති. පීඩාවට පත්ව ඇති ජනතාව සදහා පානීය ජලය ලබා දීම සදහා 4649,650.00 ක මුදලක් වෙන් කර ඇත.

    ඇමති ප්‍රසන්න රණතුංග මහතා දිස්ත්‍රික් ලේකම් වරයාට උපදෙස් දී ඇත්තේ කෝවිඩ් 19 වසංගතය පාලනය කිරීම සදහා ගෙන ඇති පියවර වලට සමගාමීව දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමට පියවර ගත් සේම මේ වන විට ඇතැම් ප්‍රදේශ වල ජනතාව මුහුණ පා ඇති ජල හිගයටද කඩිනමින් විසදුම් ලබා දිය යුතු බවයි.

  • Covid-19 හමුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ කාර්යභාරය මෙන්න

    Covid-19 හමුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ කාර්යභාරය මෙන්න

    කෝවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ විදේශ සබදතා අමාත්‍යංශයේ සහ විදේශ දූත මණ්ඩලන්හි කාර්යභාරය පැහැදිලි කරමින් විදේශ ලේකම් රවිනාථ ආර්‍යසිංහ  මහතා විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එය සම්පූර්ණයෙන් මෙසේයි.

    “මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ සිටින දෙමාපියන් පිටරට සිටින තමන්ගේ දරුවන්ගේ ඒ වගේම තම පවුලේ සාමාජිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සිත් පීඩාවෙන් සිටින බව පැහැදිළියි. එහෙත් ඔවුන්ට අපගේ තානාපති කාර්යාලයක් එක් දුරකථන ඇමතුමක් ලබාදීමෙන් සම්බන්ධ කරගත හැකි නිසාත් ඔවුන්ට පවතින ගැටඵ සම්බන්ධයෙන් අප තානාපති කාර්යාල ගත හැකි සෑම පියවරක්ම ගන්නා නිසාත් මෙසේ පීඩාවට පත්වීමට හේතුවක් නැහැ.

    විශාල ආපදාකාරී තත්ත්වයක් උද්ගත වුවහොත් ශ්‍රී ලංකා රජය ඔබගේ දරුවන් හා හිතෛශීන් වෙනුවෙන් පෙනී සිටින බව අපි පැහැදිළිව කිවයුතුයි. විදේශ සබඳතා අමාත්‍යංශය ඉදිරියේදී ඇති විය හැකි තත්ත්වයන් පිළිබඳ නිරන්තර විශ්ලේෂණයකින් පසුවන අතරම ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමේ පෙර සූදානමකින් පසුවෙනවා. එසේම මෙම තත්ත්වය පහව යන විට ආර්ථික අංශයේ උද්ගත වන ගැටලු සහ අභියෝගයන්ට මුහුණදීමට අවශ්‍ය පසුබිමද අප මේ මොහොතේ සිට සකස් කරමින් පවතිනවා”.

    විදේශ ලේකම් රවිනාථ ආර්‍යසිංහ  මහතා මෙම කරුණු පැහැදිළි කිරීම

    සිදුකළේ  කෝවිඩ් 19 වෛරසය ලොව පුරා ව්‍යාප්ත වන විට එම වෛරසය නිසා ශ්‍රී ලංකාවට එල්ල වෙන බලපෑම් සහ විදේශගත ශ්‍රී ලාංකිකයන්ට එම හේතුවෙන් උද්ගතව ඇති ගැටඵ වෙත මුහුණදීම සඳහා විදේශ සබඳතා අමාත්‍යංශය සහ විදෙස් දූත මණ්ඩලයන්ගේ කාර්යභාරය, ඒවායේ දායකත්වය සහ පෙර සූදානම සම්බන්ධයන් පසුගිය අප්‍රේල් මස 04 දින අද දෙරණ නාලිකාවේ විකාශය වූ ‘හයිඩ් පාර්ක්’ විශේෂාංගයේදී  මාධ්‍යවේදිනි ඉන්දීවරි අමුවත්ත හා එක් වෙමිනි. “ලෝකයේ  විවිධ ප්‍රදේශයන් වල මෙම ‘කෝවිඩ් 19’ වෛරසය නිසා නිසා උද්ගතව ඇති ගැටලු විවිධාකාරයි. උදාහරණ ලෙස දකුණු ආසියාවේ රටවල විශාල ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් සිටිනවා. ඒවගේම ශ්‍රී ලාංකික ආයෝජකයින්ද මේ රටවල විසිරී සිටිනවා. වර්තමානයේ ඔවුන්ගේ ප්‍රධාන ගැටලුව ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමයි. අපි මැදපෙරදිග දෙසට යොමුවුනොත් එහි සේවය කරන ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව මිලියන 1.5 පමණ වෙනවා. ඔවුන් දැන් මුහුණදෙන්නේ සිය රුකියාව අහිමිවීම සහ ඉන් පසු ජීවතය ගෙනයාම කියන ගැටලුවලට.  යුරෝපයේ සහ ඔස්ටේ්‍රලියාවේ වෙසන ලාංකිකයන් සිය ආරක්ෂාව සම්බන්ධයෙන් සිත් පීඩාවට පත්වෙලා. මෙම සියලු කරැණු සැළකිල්ලට ගෙන අපි ‘කන්ටැක්ට්  ලංකා’ කියන වෙබ් පිටුව නිර්මාණය කළා. අපගේ අරමුණ මිලියන 2.6 පමණවන විදෙස්ගත ලාංකිකයන් සමග සෘජුව සම්බන්ධවීමයි.  ඔවුන්ට අවශ්‍ය සහාය ලබාදීමයි. මෙම වෙබ් පිටුව පසුගිය මාර්තු 26 වැනිදා දියත් කළ පසු මේවන විට 45,770 ක පිරිසක් එහි ලියාපදිංචිවී සිටිනවා.  ඒ හරහා අපට විදෙස්ගත  ලාංකිකයන්ගේ සමහර ගැටලු පැය කිහිපයක් ඇතුලත විසඳීමට හැකියාවක් ලැබුනා. පසුගිය දිනවල එවැනි සිදුවීම් රැසක් වාර්තා වුනා”  ආර්‍යසිංහ මහතා පැවසීය.

    මැදපෙරදිග සේවය කරන අපගේ විදෙස් ශ්‍රමිකයන් සම්බන්ධයෙන් විශේෂයෙන් සිය අවධානය යොමු කළ ආර්‍යසිංහ මහතා “මෙහිදී මම විශේෂයෙන්ම සදහන් කළ යුතු කරණක් වන්නේ මැදපෙරදිග සේවය කරන අපගේ විදෙස් ශ්‍රමිකයන් සම්බන්ධයෙන් අපගේ වැදගත් මෙහවෙරයි. මේ මොහොතේ අපි ඔවුන් වෙනුවෙන් ලබාදෙන අවධානය අන් අයට වඩා අඩුය යන හැගීම කිසිසේත්ම ඔවුන්ට ඇති නොවිය යුතයි. අපි ඔවුන් සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සම්බන්ධතාවන් හරහා අපට කළ හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බව මම මෙහිදී පැහැදිළිව ප්‍රකාශ කිරීමට කැමතියි. ඒවගේම ශ්‍රම සංක්‍රමණ සම්බන්ධ ජාත්‍යන්තර සංවිධානය  සහ කරිටාස් වැනි සංවිධාන, මැදපෙරදිරැ වෙසෙන රැකියා අහිමිවී ඇති පිරිස්වලට යම් සහාය දක්වන වන බව මට වාර්තා වුනා. මෙලෙස ගැටලුවලට මුහුණපා සිටින සමහර  ලාංකිකයන් නීත්‍යනුකූල වේවා, නීති විරෝධි වේවා, සියලු දෙනා ශ්‍රී ලාංකිකයන් ලෙස සැළකිය යුතුයි. එම රටවල මෙම ශ්‍රී ලාංකිකයන්ට සැලකීමක් නොලැබෙන්නේ නම් අපි ඒ සම්බන්ධයෙන් මැදිහත්වී කටයුතු කළ යුතුයි. ඒ සදහා පෙර සූදානමින් කටයුතු කළ යුතු”යැයි පැවසීය.

    ලංකාවේ ‘කෝවිඩ් 19‘ වසංගත රෝගී තත්ත්වය සමනය වන තුරු තමා රැදී සිටින රටෙහිම රැදී සිටින ලෙස  ලංකා රජය කළ ඉල්ලීම සහ එයට විදෙස්ගත ලාංකිකයන් දැක්වූ ප්‍රතිචාර සම්බන්ධයෙන් කරැණු දැක්වූ  ආර්‍යසිංහ  මහතා “අපිට මේ වන විට ලෝකයේ විසිරී සිටින ලාංකිකයන්පගේ ස්වරූපය පිළිබදව පැහැදිළි අවබෝධයක් තිබෙනවා. ඔවුන් නැවතත් ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් රජය පැහැදිළි ස්ථාවරයක මේ මොහොතේ සිටිනවා. එමනිසා මම මගේ දූතමණ්ඩල ප්‍රධානීන්ට දන්වා සිටියේ මේ මොහොතේ අපට ඉටුකළ නොහැකි පොරොන්දු ශ්‍රී ලාංකිකයන්ට ලබා නොදෙන ලෙසයි. මේ මෙහොතේදී වඩාත්ම වැදගත් කාර්ය වන්නේ ලාංකිකයන්ට මුහුණදීමට සිදුව ඇති අපහසුතාවයන් සමනය කර ගැනීමට අවශ්‍ය සහාය ලබා දීමයි. එය අපි සෑම කෙනෙක්ම අවබෝධ කර ගත යුතුයි. එනමුත් විදෙස්ගත ලාංකියන්ට අප පැහැදිළිව පවසන්නේ විශාල ව්‍යසනකාරී තත්ත්වයක් උද්ගතවුවහොත් ශ්‍රී ලංකා රජය ඔවුන් ඉන් ගලවා ගැනීමට අවශ්‍ය  සියලුම පියවර ගන්නා බවයි. මට ඒ ගැන විස්වාසයි. වූහාන්වල සිසුන් සහ ඉන්දියාවේ සිටි වන්දනා පිරිස් ගෙන්වා ගත් ආකාරයට අවශ්‍යතාවය අනුව අපි අනෙකුත්  ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන්ද අවශ්‍ය පියවර ගනු ලබනවා”.  

    ශ්‍රී ලංකාවට ඉදිරියේදී මුහුණදීමට සිදුවිය හැකි ආර්ථික අභියෝග සම්බන්ධයෙන්ද කරුණු පැහැදිළි කළ ආර්‍යසිංහ    මහතා “අපි අද දිනයේ උද්ගතව ඇති තත්ත්වයන්ට මුහුණදෙමින් හෙට දවස සම්බන්ධයෙන් ගත යුතු පියවර පිළිබඳව සිතිය යුතුයි. වර්තමානයේ අපට ඉහළින් ඇදෙමින් ඇති අඳුරු වලාවෙන් පරදා ඉන් පිටතට පැමිණිය හැක්කේ එවැනි සැළසුම් සහගතව කටයුතු කිරීමෙන් පමණයි. විදේශ සබඳතා අමාත්‍යංශයේ ආර්ථික කටයුතු අංශය මෙම කරැණ සම්බන්ධයෙන් විශේෂ අවධානයකින් යුතුව මේ වන විට කටයුතු කරමින් සිටිනවා. ඔවුන් මෙම කටයුතු සඳහා  අපනයන සංවර්ධන මණ්ඩලය සංචාරක අමාත්‍යංශය සහ ආයෝජන මණ්ඩලය හා එක්වී සිටිනවා.  මෙහිදී වැදගත් වන ආර්ථික සාධකයක් තමයි ‘ඉල්ලුම’. වර්තමානයේ යම් භාණ්ඩයකය ඇති ඉල්ලුම පහල යන්නේ එම භාණ්ඩය විකුණා ගැනීමට හැකිවේද නොව්ද යන චකිතය හේතුවෙන්. මෙම චකිතය මේ අවස්ථාවේදී ලෝකය පුරා පවතින තත්ත්වයක්. ඒ නිසා අපි මෙම යථාර්ථයටද මුහුණ දිය යුතුයි. තේ වැනි සාම්ප්‍රදායික නිෂ්පාදන වෙත මෙම අවස්ථාවේදී ඇතැම් රටවල්වලින් වැඩි ඉල්ලුමක් තිබෙනවා. ඒවගේම අපි සාම්ප්‍රදායිකව නිෂ්පාදනය නොකළ භාණ්ඩ සදහා මේ වන විට විශාල ඉල්ලුමක් ලැබී තිබෙනවා. විශේෂයෙන්ම මුහුණු හා සිරුර ආවරණ සැපයීම සදහා අපගේ නිමි ඇදුම් නිෂ්පාදකයන් වෙත ඇණැවුම් ලැබී තිබෙනවා. අපි මෙම ඉල්ලුම සම්බන්ධයෙන් පෙර සූදානමකින් පසුවුනා. එනිසා අපට මෙම අවස්ථාවෙන් සාර්ථක ප්‍රයෝජන ගැනීමට හැකි වී තිබෙනවා.ඒවගේම මේ මොහොත වන විට විදේශ සංචාරකයින් 15 000 පමණ ලංකාවේ රැදී සිටිනවා. ඔවුන් ලංකාව පිළිබදව ලබාදෙන ප්‍රතිචාරය ඉහළයි. පසුගිය දිනක බීබීසී පුවත්සේවයට එසේ රැදී සිටින විදේශිකයෙක් ලබාදුන් සාකච්ඡාව ඔබට මතක ඇති. එයට ලැබුණු ධනාත්මක ප්‍රතිචාර අපට මුදල් ගෙවාවත් ලබා ගැනීමට හැකියාවයක් නැහැ. එම විදේශිකයා ඒ විඩායෝව හරහා ලංකාව පිළිබදව ලෝකයට විශ්වාසයක් සහ ධනාත්මක සහතිකයක් ලබා දුන්නා”.

    මේ අවස්ථාවේදී අපි විදෙස්ගත  ලාංකිකයන්ගෙන් අපට ලැබී ඇති සහාය අගය කළ යුතුයි. ‘කෝවිඩ් 19’ අරමුදලට ඔවුන් සිය උපරිම දායකත්වය දක්වමින් සිටිනවා. ඒවගේම අපට අවශ්‍ය වෛද්‍ය ආම්පන්න ඔවුන් අප වෙත ලබා දෙමින් පවතිනවා. මම මෙවන් දායකත්වයන් තව තවත් ලබාදෙන මෙන් ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා. එසේම අපගේ මිත්‍ර රාජ්‍යන් වෙතින්ද අප ඉල්ලා සිටින්නේ මෙම අවස්ථාවේදී මූල්‍යමය හා ද්‍රව්‍යමය සහාය ලබාදෙන ලෙසයි. එසේම අප අපගේ ණය වාරික ගෙවීමට ඇති දින වකවානු වෙනස් කිරීම සඳහා සාකච්ඡා කිරීම ආදියද මේ අවස්ථාවේ සිදු කරනවා. එවන් සහන සැළසිය හැකි උපරිමයෙන් කටයුතු කරන ලෙසද මම ඉල්ලා සිටීමට කැමතියි”.

    “‘කෝවිඩ් 19’ වෛරසය පිළිබදව චීනයේ වුහාන් ප්‍රාන්තයෙන් මුලින්ම කරණු හෙළිවන අවස්ථාවේදී මෙම වෛරසයේ ක්‍රියාකාරීත්වය පිළිබදව අපි දැනසිටියේ නැහැ. එනමුත් ඉන් උද්ගතවූ තත්ත්වයන්ට මුල සිටම මුහුණ දුන්නේ චීනයේ තිබෙන අපගේ තානාපති කාර්යාලය සහ කොන්සල් ජෙනරල් කාර්යාල. අලුතින් උද්ගතවූ මෙම තර්ජනයට මුහුණදුන් මුල්ම ශ්‍රී ලාංකික පිරිස වූ වූහාන් ප්‍රාන්තයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් පිරිසත් ඉන්පසුව වෛරසය පැතිරීයන් අවස්ථාවේ චීනයේ සිටි අනෙකුත් ශ්‍රී ලාංකික පිරිසත් මෙරටට ගෙන්වාගැනීමට මූලික වූයේ මෙම විදේශ දූත මණ්ඩලයන්. මම ඔවුන්ව මෙම අවස්ථාවේ වීරයන් ලෙස සළකන්නේ එනිසයි. ආපදා අවස්ථාවකදී මෙවන්  කාර්යභාරයක් ඉටුකිරීම ඕනෑම තානාපති කාර්යාලයක මූලික වගකීමක්. එනමුත් මෙම අවස්ථාවේදී අපට  මුහුණදීමට සිදුවූ තත්ත්වයට මීට පෙර අපි මුහුණදී නැහැ. අපි එදා චීනයේදී මුහුණදුන් තත්ත්වය අද වන විට ලෝකය පුරාම ඇති වී තිබෙනවා.

    සිය කරුණු දැක්වීම අවසන් කරමින් ආර්‍යසිංහ මහතා අවධාරණය කර සිටියේ මෙම කාර්යයේදී අපි කෙතරම් සාර්ථකද යන්න කාලය විසින් අපට පවසනු ඇති බවත්, මෙම මොහොතේදී විදේශ සබඳතා අමාත්‍යංශය ලෙස අපිට කළ හැකි සියලු කාර්ය එනම් මෙම තත්ත්වයට මුහුණදී කටයුතු කිරීම, අනාගතයේ ඇති විය හැකි තත්ත්වයන් සදහා පෙර සූදානමකින් පසුවීම, මෙන්ම මෙම තත්ත්වය පහව යන විට ආර්ථික අංශයේ ඇති විය හැකි අභියෝගයන් ජය ගැනීමට සූදානම් වීම ආදිය සඳහා කැපවී කටයුතු කරනු ලබනු බවත්ය.

  • ගර්භණී මව්වරුන්ට සහ දරු ප්‍රසූතියට Covid-19 මගින් ඇති විය හැකි බලපෑම සහ වෛද්‍ය උපදෙස්

    ගර්භණී මව්වරුන්ට සහ දරු ප්‍රසූතියට Covid-19 මගින් ඇති විය හැකි බලපෑම සහ වෛද්‍ය උපදෙස්

    රෝනාවෛරස් වසංගතය පැතිරී යාමත් සමග ගර්භණී මව්වරුන් සහ මෑතකදී දරුවන් බිහි කළ මව්වරුන් මුහුණ දෙන විවිධ ගැටලු ඇති බව බීබීසී සිංහල සේවය කළ විමසුමක දී දැනගැනීමට ලැබිණි.

    තමන්ට සහ දරුවාට කොවිඩ්-19 වෛරසය ආසාදනය වේ දැයි ඇති වන බිය මෙන්ම පෙර පරිදි සෞඛ්‍ය සේවාවලට හෝ සායනවලට යෑමට නොහැකි වේ යැයි බොහෝ දෙනෙකු තුළ අවිනිශ්චිත බවක් පැන නැගී තිබේ.

    ශ්‍රී ලාංකික ගැබිණි මව්වරුන් හතර දෙනෙකු ඉදිරිපත් කළ ගැටලු පිළිබඳ නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය නිශේන්ද්‍ර කරුණාරත්න සහ ජාතික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය සහ කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මධුභාෂිණී දයාබණ්ඩාර බීබීසී සිංහල සේවයට අදහස් දැක්වීය.

    “දවසින් දවස ඇහෙන මරණ ගණන දකින කොට ගොඩක් බයක් දැනෙනවා. දරුවන්ගේ අනාගතය ගැන ගොඩක් බයයි” – චමෝදි ගාඩිනර්

    ගැබිණි කාන්තාවන්ට මෙම වෛරසය වැළඳීමේ ‘දැඩි අවදානමක්’ තිබේද?

    “මේ වෛරසය නිසා මම සෑහෙන බයකින් ඉන්නේ. මම මාස හතක ගැබිණියක්. මට මේ ලෙඩේ හැදුනොත් සාමාන්‍ය කෙනෙකුට වඩා අමාරු වේ දැයි හිතෙනවා. ඒ බලපෑම දරුවාට ඇති වෙයි කියලා බයකුත් තියෙනවා. මේ දේවල් නිසා මම මානසිකව කඩා වැටෙන අවස්ථාත් බොහොමයි,” නීතිවේදිනියක ලෙස සේවයේ නිරත දයක්ෂි පෙරේරා පැවසීය.

    ගර්භණී කාන්තාවන් දැඩි අවදානමක සිටින කණ්ඩායමක් බවට තවමත් සාක්ෂි නොමැත. අන් අය සේම ඔවුන් ද වෛරසය ආසාදනය වීම වළක්වා ගැනීමට පියවර ගත යුතුය.

    නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය නිශේන්ද්‍ර කරුණාරත්න
    නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය නිශේන්ද්‍ර කරුණාරත්න

    “ගර්භණී තත්ත්වයේ සිටියදී රෝගය වැළඳුණහොත්, අන් අයට වඩා වෙනස් රෝග ලක්ෂණ පෙන්නු කරන්නේ හෝ වෙනත් බරපතල තත්ත්වයකට පත් වෙන්නේ නැහැ. ඒ අයගේ සෞඛ්‍ය නිතර පරීක්ෂාවට ලක් වන නිසා සහ ගැබිණි මව්වරුන් සාමාන්‍යයෙන් සිය සෞඛ්‍ය ගැන වැඩි සැලකිල්ලක් දක්වන නිසා වෛරසය ආසාදනය වීමේ ඉඩකඩ අඩුයි,” වෛද්‍ය නිශේන්ද්‍ර කරුණාරත්න පැවසුවේය.

    වෙනත් පුද්ගලයන් සේම ඔවුන් ද නිවැරදි සනීපාරක්ෂක ක්‍රම අනුගමනය කරමින් ආරක්ෂා විය යුතු බව වෛද්‍යවරයා පැවසීය.

    නිතර ම දෙඅත් සබන් ගා හොඳින් සෝදා ගත යුතු අතර, මෙය පොදු ස්ථානයක ගැවසීමෙන් පසු අනිවාර්යයෙන් සිදු කළ යුතුය.

    • දෙඅත් පිරිසිදු කර ගැනීමට වෙනත් ආදේශක ද්‍රාවණයක් (hand gel) වුව ද භාවිත කළ හැකිය.
    • කැස්ස සහ කිවිසුම් යාමේදී මුඛය සහ නාසය ලේන්සුවක් හෝ ටිෂූ කඩදාසියකින් ආවරණය කර ගත යුතුය.
    • භාවිතයෙන් පසු ටිෂූ කඩදාසිය ක්‍රමානුකූලව ඉවත දැමිය යුතුය.
    • ටිෂූ කඩදාසි නොමැති අවස්ථාවක වැළමිට නවා අතේ උඩ කොටසෙන් මුහුණ ආවරණය කර කැස්ස හෝ කිවිසුම් යැවීම සිදු කළ යුතුය.
    • නොසේදූ අත්වලින් මුහුණ ස්පර්ශ නොකළ යුතුය.
    • ආසාදිතයින් සමීපයට යාමෙන් වැළකී සිටිය යුතු අතර, පොදු ස්ථානවල නිකරුණේ ගැවසීමෙන් වැලකී සිටිය යුතුය.
    • මස් සහ බිත්තර හොඳින් පිස ආහාරයට ගැනීම සිදු කළ යුතුය.
    • වන සතුන්ගෙන් මෙන් ම ගොවිපොළවල සේවය කරන්නේ නම් රෝගී සත්ත්වයන්ගෙන් ඈත් වී සිටිය යුතුය.
    • මියගිය සතුන් පරිභෝජනයට නොගත යුතුය.

    ගැබිණි මවගෙන් දරුවාට වෛරසය ආසාදනය විය හැකිද?

    දරු ප්‍රසුතිය

    දැනට වාර්තා වී ඇති රෝගීන් අනුව මවගෙන් දරුවාට මෙම වෛරසය ආසාදනය වන්නේ දැයි ප්‍රත්‍යක්ෂව කිව නොහැකිය. චීනය සහ එක්සත් රාජධානියේ අලුත බිහි වූ දරුවන් දෙදෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබුණු අතර, ඔවුන්ගේ මව්වරුන්ට මෙය ගර්භණී කාලය ඇතුළත වැළදී තිබිණි.

    නමුත්, ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 වැළඳුනු මවක් බිහි කළ දරුවාට මේ වනතෙක් එය ආසාදනය වී නොමැත.

    “දැනට තිබෙන සාක්ෂි අනුව අම්මාගෙන් බබාට මේ වෛරසය ආසාදනය වෙනවා කියන එක නිශ්චිත වශයෙන් කියන්න බැහැ,” වෛද්‍ය නිශේන්ද්‍ර කරුණාරත්න පැවසීය.

    කොරෝනාවෛරසය ආසාදනය වූ මවකට දරු ප්‍රසූතියේ දී සංකූලතා ඇති විය හැකි ද?

    මෙය නව වෛරසයක් හේතුවෙන් එය ආසාදනය වූ මවකට දරු ප්‍රසූතියේදී ඇති විය හැකි සංකූලතා ගැන 100%ක් තහවුරු වී නොමැති බව වෛද්‍යවරයා පැවසීය.

    “වෛරසයේ බලපෑමෙන් ගබ්සා වීම් සිදු වී නැහැ. දරු ප්‍රසූතියේ සංකූලතා ගැන තවමත් සාක්ෂි ඉදිරිපත් වී නැහැ.”

    ගැබිණි මව්වරුන්ට පෙර පරිදි සිය සායනවලට සහභාගී විය හැකි ද?

    ගර්භණී මව්වරුන්ට ලබා දෙන කාඩ් පත රැගෙන ඇඳිරි නීතිය පවතින කාලය ඇතුළත පවා අදාළ මාතෘ සායනවලට සහභාගී වීමේ ඉඩකඩ ඇත.

    ගැබිණි මවක්

    “සායනවලට එනකොට කාඩ්පත අනිවාර්යයෙන් රැගෙන එන්න. හැබැයි ඊළඟට තිබෙන සායනයට ගන්නා දිනය හැකි තාක් පස්සට දාගන්න මේ ඇඳිරි නීතිය අවසන් වෙනතාක් වත්,” වෛද්‍යවරයා පැවසීය.

    “නමුත් නියමිත කාලයේදී නිර්දේශ කරන ස්කෑන්වලට පැමිණිය යුතුයි. ඊට අමතරව යම් උපදෙසක් අවශ්‍ය නම් වෛද්‍යවරයා හා දුරකතනයෙන් හෝ වෙනත් අන්තර්ජාල පහසුකමක් හරහා සම්බන්ධ වෙන්න,”

    මෙම කාලය තුළ ගර්භණී මවක් අනුගමනය කළ යුතු විශේෂ ක්‍රියාවලියක් තිබේ ද?

    • රෝහලට යන විට මුහුණු ආවරණයක් නිවැරදි ලෙස පැළඳීම අත්‍යවශ්‍යය.
    • පුද්ගලයන් අතර මීටර දෙකක දුරක් පවත්වා ගත යුතුය.
    • රැකියාවේ නිරතවන මවක් නම්, හැකිනම් නිවසේ සිට සිය රාජකාරියේ යෙදිය යුතුය.

    උණුවතුර නිතර බීමට ගැනීම සහ පැය හතරකට වරක් හුමාලය ආශ්වාස කිරීමෙන් සාමාන්‍ය කොරෝනාවෛරසවලින් වැළකී සිටිය හැකිය. නමුත් මෙම නව කොරෝනාවෛරසය එවැනි ක්‍රම අනුගමනය කිරීමෙන් වළක්වා ගත හැකි දැයි තවමත් ප්‍රත්‍යක්ෂ වී නොමැති බව වෛද්‍යවරයා පැවසීය.

    වසංගත තත්ත්වය හේතුවෙන් දරු ප්‍රසූතිය කල් දැමිය යුතුද?

    “කලින් සැලසුම් කළ දරු ප්‍රසූතිය මෙම තත්ත්වය නිසා කල් දැමිය යුතු නැහැ. කොරෝනාවෛරසය ආසාදනය වූ මවක් නම් පමණයි දරු ප්‍රසූති ක්‍රියාවලිය වෙනස් වෙන්නේ” යැයි වෛද්‍යවරයා පැවසීය.

    ගර්භණී මවකට කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බවට සැකයක් ඇත්නම් කුමක් කළ යුතුද?

    කැස්සක් සහ උගුරේ ආසාදන තත්ත්වයක් ඇති වුවහොත් තම වෛද්‍යවරයාට දුරකතන මාර්ගයෙන් දැනුම් දිය යුතු අතර, හුස්ම ගැනීමේ අපහසුතා තිබේනම් වහාම රෝහලක් වෙත යා යුතුය.

    “කොරෝනාවෛරසය ආසාදනය වී ඇති මව්වරුන්ට රජයේ රෝහල් දෙකක් වෙන් කර තිබෙනවා. නමුත් ශ්‍රී ලංකා නාරි සහ ප්‍රසව වෛද්‍යවරුන්ගේ සංගමයේ නිර්දේශ අනුව, යම් මවකට කොරෝනාවෛරසය ආසාදනය වීමෙන් සංකූලතා ඇත්නම් වහාම ළඟම තිබෙන රෝහල වෙත යන්න පුළුවන්,” වෛද්‍යවරයා පැවසීය.

    ගර්භණී මවකට තිබෙන වෙනත් රෝගාබාධවලට ප්‍රතිකාර ලබා ගත හැකි ද?

    දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි රෝගාබාධ ඇති ගර්භණී මවක් නම් එම රෝගවලට අවශ්‍ය ප්‍රතිකාර අනිවාර්යයෙන් ලබා ගත යුතු වේ.

    ගැබිණි මවක්

    “එවැනි රෝගවලට හරියට ප්‍රතිකාර නොගතහොත් ඇතිවන සංකූලතා වෛරසය ආසාදනය වීමෙන් ඇතිවන සංකූලතාවලට වඩා වැඩියි,” වෛද්‍යවරයා පැවසීය.

    කොරෝනාවෛරසය ආසාදනය වූ මවක් දරුවාට මව්කිරි දීම සුදුසුද?

    මව්කිරිවලින් කොරෝනාවෛරසය ආසාදනය නොවන නමුත්, දරුවා අසළ සිටීමෙන් වෛරසය දරුවාට ආසාදනය විය හැකිය. මෙය වළක්වා ගැනීම සඳහා හොඳින් පිරිසිදු වී, මුහුණු ආවරණයක් පැළඳ දරුවාට මව්කිරි දීම කළ යුතු බව වෛද්‍යවරයා පැවසීය.

    කෙතරම් කාලයක් දරුවා නිවසේ රඳවා ගත යුතුද?

    “මට අවුරුදු දෙකක දුවෙකුත් ඉන්නවා. මගේ පුතා ලැබුනේ මාර්තු 4 වෙනිදා. ඊට පහුවෙනිදා අපි ගෙදර ආවා. ඒ දවසේ ඉඳන් අපි කොහේවත්ම ගියේ නැහැ. මගේ පුතාත් දුවත් ගැන තමා බය. එළියට යන්න නැහැ, ගෙදරටම හිර වෙලා. ආයෙත් කවදා යන්න හැකි වෙයි ද දන්නේ නැහැ. දවසින් දවස ඇහෙන මරණ ගණන දකින කොට ගොඩක් බයක් දැනෙනවා. දරුවන්ගේ අනාගතය ගැන ගොඩක් බයයි,” චමෝදි ගාඩිනර් පැවසුවාය.

    මව් කිරි

    අලුත උපන් බිළිඳෙකු සාමාන්‍යයෙන් සති හයක කාලයක් නිවසේ රඳවා තබා ගැනීමට ලැබෙන උපදෙස්වලට අමතරව, ඇතිවී තිබෙන තත්ත්වය අනුව වැඩි කාලයක් නිවසේ රඳවා ගැනීමට සිදු වනු ඇතැයි වෛද්‍යවරයා තවදුරටත් පැවසුවේය.

    පවතින තත්ත්වය දරුවෙකු ප්‍රසූත කළ මවකගේ මානසික සෞඛ්‍යට බලපාන්නේ කෙසේ ද?

    “මම පෙබරවාරි මස දරුවා බිහි කළා. දරුවාගේ අනාගතය ගැන මට දැනෙන්නේ අනියත බියක්. මට තව ලොකු දරුවෝ ඉන්නවා. ඔවුන්ට කවදා ආයෙත් පාසල් යන්න හැකිවේවිද? කවදා අයෙත් එලිපහලියේ බයක් නැතිව සෙල්ලම් කරන්න ලැබෙයිද කියලා හිතෙනවා. දිනපතා ඇසෙන්නට ලැබෙන දේවල් නිසා දරාගැනීමේ ශක්තිය හීනවී ගොසින්ද කියාත්, මානසික ආතතියක් ඇතිවී ඇත්දැයි සිතෙන අවස්ථාත් නැතුවාම නොවෙයි. දරුවන් සමග ඇතිවී තිබෙන තත්ත්වයට මුහුණ දෙන්නේ කෙසේදැයි සිතෙන වාර අනන්තයි,” දිනේන්ද්‍රා සෙනෙවිරත්න පැවසුවාය.

    දිනේන්ද්‍රා
    දරුවන් සමග ඇතිවී තිබෙන තත්ත්වයට මුහුණ දෙන්නේ කෙසේදැයි සිතෙන වාර අනන්තයි,” – දිනේන්ද්‍රා සෙනෙවිරත්න

    “කෙසේනමුත් එක්තරා අකාරයකට මුළු පවුලම එකට හිද එකිනෙකා තෙරුම් ගැනීමේ අවස්ථාවක් මේ තත්ත්වය නිසා ඇති වුණා. හැල්මේ දුවපු අපිට නැවතිලා අපේ ජිවිත ගැන ආපහු හැරිලා බලන්න අවස්ථාවක් ලැබිලා තිබෙනවා,” යැයි දිනේන්ද්‍රා තවදුරටත් පැවසුවාය.

    ඇඳිරි නීතිය පවතින මෙවැනි අවස්ථාවක වෙනත් අය සේම මව්වරුන් ද සිය මානසික සෞඛ්‍ය පවත්වා ගැනීම සඳහා හැකිතාක් විවිධ කටයුතුවල නිරත විය යුතු බව විශේෂඥ මනෝ වෛද්‍ය මධුභාෂිණී දයාබණ්ඩාර පැවසීය.

    • ඔබට හොඳ හැඟීමක් ඇති නොවන දේවල් කියවීමට හෝ නැරඹීමට වැය කරන කාලය සීමා කරන්න.
    • අන් අය සමග සම්බන්ධ වීම සඳහා සමාජ මාධ්‍ය ජාලවල සැරිසරන්න, නමුත් කොරෝනාවෛරසය ගැන කියවීම සීමා කරන්න.
    • දරුවන් සමග වැඩිපුර කාලයක් ගත කරන්න.
    • සිය සැමියා, භාර්යාව, දෙමාපියන් හෝ පවුලේ අය සමග වැඩිපුර කාලයක් ගත කරන්න.
    • ආතතිය, පීඩනය අවම කර ගැනීම සඳහා හාස්‍ය උත්පාදක දේ කියවන්න, නරඹන්න.තමන්ට කාලයක සිට මඟ හැරුණු දෙයකට නැවත යොමු වෙන්න.
    • පොත් කියවීම්, අත්කම්, මැහුම් ගෙතුම්, ගෙවතු වගාව වැනි දේට යොමුවන්න.
    • එකිනෙකා අතර නියමිත පරතරය තබාගෙන, නිවසින් පිටත, නිවස තුළ හෝ ගෙමිදුලේ ව්‍යායාම්වල නිරත වන්න. මෙමගින් මොළය තුළ රසායන ද්‍රව්‍යයක් වර්ධනය වන අතර, එය මානසික සෞඛ්‍ය පවත්වාගෙන යාමට බලපායි.
    • සංගීතයට සවන්දෙන්න. ගායනය, වාදනය, නර්තනය සහ චිත්‍ර සඳහා යොමු වන්න.
    • බොහෝ කලකින් කතා නොකළ මිතුරෙකුට දුරකතන ඇමතුමක් දෙන්න.
    • වැරදි පුවත් නොබලා, වගකිව යුතු මාධ්‍ය ආයතනවල පුවත් පමණක් නරඹන්න, කියවන්න.
    • හැකි සෑම විට ම සමබර ආහාර වේලක් ලබා ගන්න.
    • අන් අයට පිහිට වන්න.
    DR. MADHUBHASHINEE DAYABANDARA
    විශේෂඥ මනෝ වෛද්‍ය මධුභාෂිණී දයාබණ්ඩාර

    වසංගත තත්ත්වය ගර්භණී මවකගේ මානසික සෞඛ්‍යට බලපාන්නේ කෙසේ ද?

    පූර්ව ප්‍රසව අවධියේ දී මව මානසික ආතතියට ලක්වීමෙන්, එයින් දරුවා තුළ චර්යාත්මක ගැටලු සහ චිත්තවේගයන්හි ගැටලු පැන නැඟිය හැකිය.

    “මානසික සංකූලතා ඇති වීම දරුවාගේ වර්ධනයට බලපාන්න පුළුවන්. කෙසේනමුත් පෙර සිටම මානසික රෝගයක් තිබුණ කෙනෙකු නම් එය මෙම පවතින තත්ත්වයත් සමග වැඩි වීමේ දැඩි අවදානමක් තිබෙනවා. ඒ අය සිය පවුල් සෞඛ්‍ය නිලධාරීන් දැනුවත් කර නිසි ප්‍රතිකාර සඳහා යොමු විය යුතුයි” යැයි වෛද්‍යවරිය පැවසීය.

    ගර්භණී මවක් සිය මානසික සුවය පවත්වා ගැනීමට විවිධ ක්‍රියාවලට යොමු විය හැකිය:

    • තමන්ගේ සහ දරුවාගේ පෝෂණය ගැන සිත යොමු කර ගුණදායී ආහාර වේලක් ලබා ගැනීම.
    • එක් ස්ථානයක් නොසිට, විවිධ ව්‍යායාමවල නිරත වීම.
    • නිවසේ අය සමග සතුටු සාමිචියේ යෙදීම.
    • වගකිව යුතු මාධ්‍යයක පුවත් පමණක් නැරඹීම.
    • දරු ප්‍රසූතියට සූදානම් වීම.
    • සාමාන්‍ය දිනචර්යාවේ යෙදීම.
    මිහින්තලා ගමගේ
    මේ දේවල් හිතට අපහසු වුණත්, අපි ජීවිතේ ඉදිරියට ගෙනි යනවා,” – මිහින්තලා ගමගේ

    “මම මාස හයක ගැබිණියක්. බබා හම්බ වෙන්ට කල් තිබුනත් මාස 5 පැන්න ගමන් එයාට අවශ්‍ය දේවල් ටික ටික එකතු කර ගත්තා. මොකද අන්තිම මාසවල දී ගොඩක් මහන්සි වෙන්ට බැරි නිසා. මේ දේවල් හිතට අපහසු වුණත්, අපි ජීවිතේ ඉදිරියට ගෙනි යනවා,” මිහින්තලා ගමගේ පැවසුවාය.

    කෙසේවෙතත්, වෛද්‍ය මධුභාෂිණී දයාබණ්ඩාර පෙන්වා දෙන්නේ “නිවසේ අන් අය ද ආරක්ෂා වන අතරම, ඔවුන් ගර්භණී මවට ද සහයෝගය ලබා දිය යුතුයි. පවුල් සබදතා වැඩි දියුණු කරගෙන, මත්පැන්, සිගරට්වලින් ඈත් වී සිටිය යුතුයි” යනුවෙනි.

    කාලීනභාවය සහ නිවැරදි තොරතුරු පිළිබදව පවතින දැඩි අවශ්‍යතාව සලකා බී.බී.සී සන්දේශය මගින් මෙම ලිපිය හා ඡයාරූප සම්පූර්ණයෙන්ම උපුටා ගන්නා ලද ප්‍රධාන ඡායාරූපය සහ ශීර්ෂපාඨය පමණක් වෙනස් කරන ලදි – ප්‍රධාන සංස්කාරක