Blog

  • ජනපතිගෙන් විශේෂ දැනුම් දීමක්

    ජනපතිගෙන් විශේෂ දැනුම් දීමක්

    රටේ පවත්නා හදිසි තත්ත්වය හමුවේ විවිධ වෙබ් පිටු හා සමාජ මාධ්‍ය ඔස්සේ සිය ප්‍රකාශ ලෙස සකස් කළ අසත්‍ය පණිවිඩ හුවමාරු වන බව නිරීක්ෂණය වී ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිය නිල වෙබ් පිටුවේ සටහනක් තබමින් සදහන් කර ඇත.

    එම සම්පූර්ණ සටහන පහත සදහන් වේ, 

    “මේ දිනවල රටේ පවත්නා හදිසි තත්ත්වය හමුවේ විවිධ වෙබ් පිටු හා සමාජ මාධ්‍ය ඔස්සේ මාගේ ප්‍රකාශ ලෙස සකස් කළ පණිවිඩ හුවමාරු වන බව නිරීක්ෂණය විය. මෙම නිසා විවිධ සාවද්‍ය ප්‍රකාශ ජනගත වීමට ඉඩ ඇති හෙයින් සියලුම නිවේදන හෝ ප්‍රකාශ මාගේ නිල වෙබ් පිටු සහ සමාජ මාධ්‍ය පිටු හරහා පමණක් ප්‍රකාශයට පත්කරන බව දැනුම් දෙමි.“

  • ශ්‍රී ලංකාවේ 04 වැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි

    ශ්‍රී ලංකාවේ 04 වැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි

    මෙරට නව කොරෝනා ආසාදිත සිවුවන පුද්ගලයාගේ මරණය අද (2) රාත‍්‍රියේ වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා විසින් තහවුරු කළ බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද රාත‍්‍රියේ නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙනවා.

    මියගොස් ඇත්තේ අයි.ඩි.එච් රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි 58 හැවිරිදි පුද්ගලයෙකු බවත් ඔහු නිව්මෝනියා තත්ත්වය උත්සන්න වීමෙන් මිය ගිය බවත් එම මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් සදහන් වේ.

  • ශ්‍රී ලංකාවේ Covid 19 ආසාදිතයින් 151ක් – ලෝකයේ 964,603ක් සහ මරණ 49,240ක්

    ශ්‍රී ලංකාවේ Covid 19 ආසාදිතයින් 151ක් – ලෝකයේ 964,603ක් සහ මරණ 49,240ක්


    අද දිනයේදී (2) කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු කළ රෝගීන් 5 දෙනකු හදුනා ගත් බව ද ඒ අනුව ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 151 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියයි.

    අද දිනය වන විට ලෝකය පුරා කොරෝනා අසාදිත පුද්ගලයින් ක් හදුනා ගෙන ඇති බවත් මරණ ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය වැඩි දුරටත් සදහන් කරයි.

  • කොරෝනා වෛරසය සහ ශ්‍රී ලංකාව: Covid -19 අවමංගල්‍ය කටයුතුවලට බලපාන ආකාරය

    කොරෝනා වෛරසය සහ ශ්‍රී ලංකාව: Covid -19 අවමංගල්‍ය කටයුතුවලට බලපාන ආකාරය

    කොරෝනාවෛරස් මරණ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යන පසුබිමක ඉන් මරණයට පත් වූවන්ගේ අවසන් කටයුතු සිදු කරන ආකාරය සාමාජයීය ගැටලුවක් දක්වා වර්ධනය වන ස්වභාවයක් දක්නට ලැබේ.

    එය ශ්‍රී ලංකාවට පමණක් නොව ඉතාලිය වැනි යුරෝපා රටවල ද සංවාදයට බඳුන්වන පොදු තත්ත්වයකි.

    කොවිඩ්-19 වසංගත රෝගයක් වන බැවින් රෝහල්ගත කෙරෙන රෝගීන් අසලට ඔවුන්ගේ ඥාතීන්ට යා නොහැක. ජීවත් වීමට වරම් නොලබන ඉන් සමහරෙකු මරු තුරුළට යන්නේ ඥාතීන්ට සමු දීමටවත් ඉඩක් නොතබාය.

    වෛරසය ආසාදනය වී මරණයට පත් පුද්ගලයන් වෙනුවෙන් අවමංගල්‍යය උත්සව නොපැවැත්වෙන පසුබිමක සොවින් බර ඥාතීන් එමගින් තවත් කම්පනයට පත් විය හැක. ඇතැම් විට එම කම්පනය ජීවිත කාලය පුරා ම පැවතිය හැක. ඒ අවසන් ගමන් යන සමීපතමයෙකුගේ දේහයට නිසි ගරුබුහුමන් දැක්වීම ඕනෑ ම ජන වර්ගයක අධ්‍යාත්මය හා බැඳී පවතින්නක් බැවිනි.

    සංස්කෘතික හා ආගමික චාරිත්‍රවලට සංවේදී වෙමින් මළ ගිය ඇත්තන් වෙනුවෙන් අවසන් ගෞරව දැක්වීමට ගත හැකි උපරිම පියවර ගන්නා අතරේ කොරෝනාවෛරසය වැනි වසංගත රෝගයක් පැතිර යාම වැළැක්වීම සඳහා ඉන් මරණයට පත් වූවන්ගේ මෘත දේහ පිළිබඳ අවසන් කටයුතු නිසි ප්‍රමිතියකට අනුව සිදු කිරීම සම්බන්ධයෙන් පොදු එකඟතාවකට පැමිණීමට ඇතැම් රටවල් කටයුතු කර තිබේ.

    එවැනි සෞඛ්‍යාරක්ෂිත පියවර හේතුවෙන් ලොව ඒ ඒ ප්‍රජාවන්ට අනන්‍ය වූ වසර සිය ගණනක්, ඇතැම් විට දහස් ගණනක් පුරා පැවත ආ අවමංගල්‍ය චාරිත්‍රවලට බලපෑමක් එල්ල වී ඇත. එම තත්ත්වය ඉදිරි සති කිහිපය හෝ ඇතැම් විට මාස ගණනක් දක්වා පැවතීමට ද ඉඩ ඇත.

    ශ්‍රී ලංකාව තුළ කොරෝනාවෛරසය ආසාදනය වී මරණයට පත් සංඛ්‍යාව තිදෙනෙකු දක්වා ඉහළ යත් ම අවමංගල්‍ය කටයුතු සිදු කරන ආකාරය සම්බන්ධයෙන් සංවාදයක් මතුව තිබේ. ඒ මීගමුවේදී මරණයට පත් දෙවෙනි රෝගියාගේ මෘත දේහය ඉස්ලාම් ආගමික චාරිත්‍රවලින් බැහැරව ආදාහනය කිරීමට පියවර ගැනීමත් සමගය.

    මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් ඒ සම්බන්ධයෙන් ඔහුගේ ෆේස්බුක් පිටුවේ තබන ලද සටහනක් සමාජ ජාල ඔස්සේ දැඩි කතාබහට ලක් විය. සිය ආගමික විශ්වාසයට අනුව යමින් එකී රෝගියාගේ දේහය භූමදානය කිරීමට අවසර ලබා නොදී ආදාහනය කිරීම සම්බන්ධයෙන් කනගාටුවට පත් වන බව එහි සඳහන් විණි.

    Rauff Hakeemon Monday

    It is unfortunate, regrettable and of course reprehensible that the Janaza of the Negombo Victim of the Covid 19 virus had been cremated without permitting the burial as is ordained in our faith. We tried our best in whatever manner possible in the given circumstances to get higher political and medical authorities to intervene to prevent the hurried cremation. Dr Suhail from B’coloa Teaching Hospital who is an office bearer of the GMOA along with Seyed Ali Zahir Moulana for…See more

    එකී සටහන විවේචනයට ලක් කරමින් අදහස් දක්වා තිබූ බහුතරයකගේ මතය වී තිබුණේ මේ මොහොතේ ආගමික විශ්වාසයන් පසෙක තබා පොදු ජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියා කළ යුතු බවය.

    කොරෝනාවෛරසය පැතිර යාම සඳහා ඉස්ලාමීය අවමංගල්‍ය චාරිත්‍ර පමණක් නොව පිරිත් පැන් ඉසීම, දේව මෙහෙයන් සහ පූජා වැනි සියලු ම ආකාරයේ ආගමික වත්පිළිවෙත් නවතා දැමිය යුතු බවට ද ඒ අතර අදහස් ඉදිරිපත් වී තිබිණි.

    Facebook හි කාරිමඩිත්තේ කළ පළකිරීම: කරුණාකර දැන් ඔවුන්ට ඉඩ දී 
ඔ⁣බේ විජ්ජාවන් පසුව පෙන්න ගන්න.

    කෙසේ නමුත් කෝවිඩ්-19 ආසාදනය වැළැක්වීම සහ ඒ හා සම්බන්ධ රෝගීන්ගේ මෘත දේහ ආරක්‍ෂිත ලෙස කළමනාකරණය කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ලොව රටවල් 182 ක් සාමාජිකත්වය දරන ලෝක සෞඛ්‍ය සංවිධානය හඳුන්වා දී ඇති මාර්ගෝපදේශ අනුව ඉන් මරණයට පත් රෝගියෙකුගේ දේහය ආදාහනය හෝ භූමදානය යන දෙයාකාරයට ම සිදු කළ හැක.

    getty

    පහත දැක්වෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුන්වා දී ඇති මාර්ගෝපදේශයි:

    මෘත දේහය සූදානම් කිරීමේදී:

    • මෘත ශරීරය සූදානම් කරන (උදා: දේහය සෝදන, හිසකෙස් සකසන, නිය කපන, හෝ රැවුල කපන) සෞඛ්‍ය සේවා හෝ මෘත ශරීරාගාර කාර්යමණ්ඩල සේවකයන් සම්මත පූර්වාරක්ෂක පියවර අනුගමනය කරමින් පෞද්ගලික ආරක්ෂණ උපකරණ (PPE: අත්වැසුම්, වරක් භාවිත කර ඉවත දමන ආරක්‍ෂිත ගවුම්, වෛද්‍ය මුහුණු ආවරණ, අක්ෂි ආවරණ) පැළඳිය යුතුය.
    • පවුලේ ඥාතීන්ට දේහය ස්පර්ශ නොකර එය දැක ගැනීමට පමණක් අවශ්‍ය නම් දෑත් පිරිසිදුව තබා ගැනීම ක්‍රමවේද ඇතුළු සම්මත පූර්වාරක්ෂක පියවර අනුගමනය කරමින් (සෑම විට ම) එසේ කළ හැක. දේශය ස්පර්ශ නොකරන ලෙස හෝ සිප නොගන්නා ලෙස ඥාතීන්ට පැහැදිලි ලෙස උපදෙස් ලබා දෙන්න.
    • අනවශ්‍ය ලෙස දේහය අතපත ගෑම වළකාලීම සඳහා එම්බාම් කිරීම නිර්දේශ නොකරයි.
    • අවුරුදු 60 ට වැඩි සහ ප්‍රතිශක්තිය අඩු පුද්ගලයන් දේහය අසල ගැවසීමෙන් වැළකී සිටිය යුතුය.

    දේහය පිළිබඳ අවසන් කටයුතු:

    භූමදානය හෝ ආදාහනය යන දෙයාකාරයට ම සිදු කළ හැක.

    • ඒ ඒ රට හෝ පළාත අනුව දේහය රැගෙන යන සහ සූදානම් කරන ආකාරය සම්බන්ධයෙන් දී ඇති නියෝග පිළිබඳ සහතික කර ගන්න.
    • චාරිත්‍ර අනුව දේහය භූමදානය සඳහා සූදානම් කිරීමෙන් පසු පවුලේ ඥාතීන්ට සහ හිතවතුන්ට එය දැක ගැනීමේ හැකියාවක් ඇත. ඔවුන් දේහය ස්පර්ශ කිරීමෙන් හෝ සිප ගැනීමෙන් වැළකී සිටිය යුතුය. දේහය දැක බලා ගැනීමෙන් පසු ඔවුන් සබන් සහ වතුර යොදා හොඳින් දෑත් පිරිසිදු කර ගත යුතුය.
    • දේහය මිහිදන් කිරීමේදී හෝ ආදාහනය කිරීමේදී එය තැන්පත් කිරීමේ කටයුතුවල යෙදෙන පුද්ගලයන් අත්වැසුම් පැළඳිය යුතු අතර අවසන් කටයුතු නිමවීමෙන් පසු ඒවා ඉවත් කර සබන් සහ වතුර යොදා හොඳින් දෑත් පිරිසිදු කර ගත යුතුය.

    මේ අතර ශ්‍රී ලංකාව තුළ කෝවිඩ් -19 ආසාදනය වී මරණයට පත්වන පුද්ගලයන්ගේ අවසන් කටයුතු සිදු කළ යුතු ආකාරය පිළිබඳ වසංගත රෝග විද්‍යා අංශය මාර්ගෝපදේශ හඳුන්වා දී ඇත (පිටු අංක 25).

    එකී මාර්ගෝපදේශ අනුව කෝවිඩ්-19 ආසාදිත රෝගියෙකුගේ දේහය ආදාහනය කළ යුතුය. ඒ අනුව:

    • අධිකරණ පරීක්ෂණයක් අවශ්‍ය නොවේ.
    • දේහය රැගෙන යාම සහ සූදානම් කිරීමේ කටයුතු අවම මට්ටමක පවත්වා ගත යුතුය.
    • රෝහල් ගොඩනැගිල්ලේ කලින් නියම කළ ස්ථානයකදී සමීප ඥාතියෙකුට/ ඥාතීන්ට දේහය දැක බලා ගත හැක.
    • එම්බාම් කිරීම/මරණ පරීක්ෂණ නොමැත. සිරුර නිවසට රැගෙන යා නොහැක.
    • සිරුරු බහාලීමට යොදා ගනු ලබන බෑගයක සිරුර තැන්පත් කර සීල් (මුද්‍රා) තැබිය යුතුය.
    • සීල් තැබීමෙන් පසු දේහය දැක බලා ගැනීමට හැකියාවක් නොමැත.
    • දේහය රැගෙන යාම සඳහා අවමංගල්‍ය සේවකයෙකු විසින් සීල් තැබූ බෑගය සහිත දේහය මිනී පෙට්ටියක තැන්පත් කළ යුතුය (මිනී පෙට්ටියත් සීල් තැබීම උචිතය).
    • දේහය පැය 24 ක් ඇතුළත ආදාහනය කළ යුතුය (පැය 12 ක් වඩාත් උචිතය).

    මේ විවාදය හමුවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මාධ්‍ය වෙත පවසා තිබුණේ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ අනුගමනය කිරීමට ශ්‍රී ලංකාව බැඳී නොමැති බවය.

    ශ්‍රී ලංකාව අනුගමනය කළ යුතු පියවර දේශීය සෞඛ්‍ය සේවා විසින් තීරණය කර ගනු ලැබ යුතුව ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

    Full Text by BBC Sandesaya

  • Covid 19 ගැන නොදන්නා කරුණු 09ක්

    Covid 19 ගැන නොදන්නා කරුණු 09ක්

    කොරෝනාවෛරසය…කල්ප කාලයක් සේ හැඟුණත් එය ලෝ වාසීන්ගේ කණට හසුවී ගතව ඇත්තේ මාස කිහිපයක් පමණි. ඒ පිළිබඳව පළමුව අසන්නට ලැබුණේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදීය.

    ලෝ වටා විද්‍යාඥයන් දැඩි පරිශ්‍රමයක් දරමින් සිටිය ද කොරෝනාවෛරසය පිළිබඳ තවමත් අප නොදන්නා දේ එමටය. ඊට පිළිතුරු සෙවීම සඳහා ලොව පුරා පරීක්ෂණ කෙරෙමින් පවතී.

    පහත දැක්වෙන්නේ ඒ සම්බන්ධයෙන් ලොව හමුවේ පවතින ප්‍රශ්නාර්ථ කිහිපයකි.

    ආසාදිතයන් සංඛ්‍යාව කොපමණ ද?

    එය වඩාත් මූලික ප්‍රශ්න අතරින් එකකි. එමෙන් ම වඩාත් වැදගත් ප්‍රශ්න අතරින් ද එකකි.

    ලොව පුරා ලක්ෂ ගණනකට කොවිඩ්-19 ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. නමුත් එම සංඛ්‍යාව ආසාදිත මුළු පිරිසෙන් කොටසක් පමණි. එසේ ම වෛරසය ආසාදනය වී ඇතත් රෝග ලක්ෂණ මතුපිටට නොපෙනෙන රෝගීන් කොපමණ සිටී දැයි කිව නොහැකි බැවින් සංඛ්‍යා ලේඛන සම්බන්ධයෙන් තවදුරටත් පවතින්නේ ව්‍යාකූල තත්ත්වයකි.

    ප්‍රතිදේහ පරීක්ෂාවක් වැඩි දියුණු කිරීමෙන් කිසියම් අයෙකුට වෛරසය ආසාදනය වී ඇත්දැයි යන්න දැන ගැනීමට පර්යේෂකයන්ට ඉඩ ප්‍රස්ථාව හිමි වේ. කොරෝනාවෛරසය කෙතරම් දුරට සහ කෙතරම් පහසුවෙන් පැතිර යන්නේ ද යන්න වටහා ගත හැක්කේ එවිටය.

    සැබවින් ම එය කෙතරම් මාරාන්තික ද?

    කොපමණ ආසාදිතයන් සංඛ්‍යාවක් සිටී දැයි දැන ගන්නා තෙක් මරණ අනුපාතය නිශ්චිතව ම කිව නොහැක. වෛරසය ආසාදනය වන පිරිසෙන් 1% ක් පමණ මරණයට පත් වන බව මේ මොහොතේ ගණනය කර ඇත. නමුත් වෛරසය ආසාදනය වුවත් මතුපිටින් රෝග ලක්ෂණ දැකිය නොහැකි රෝගීන් විශාල වශයෙන් සිටින්නේ නම් මරණය අනුපාතය ඊට වඩා අඩු විය හැක.

    රෝග ලක්ෂණ පරාසය

    කොරෝනාවෛරසයේ ප්‍රධානතම රෝග ලක්ෂණ වන්නේ උණ සහ වියළි කැස්ස ය. ඒ සම්බන්ධයෙන් ඔබගේ අවධානය යොමු විය යුතුය.

    උගුරේ වේදනාව (Sore throat), හිසරදය සහ බඩයාම (Diarrhoea) වැනි රෝග ලක්ෂණ ද ඇතැම් රෝගීන්ගෙන් වාර්තා වී ඇත. එමෙන් ම සමහරක් රෝගීන් තුළ ගඳ සුවඳ නොදැනී යාමේ තත්ත්වයක් ද දැකිය හැකි බවට අනුමානයක් ද පවතී.

    නමුත් වඩාත් වැදගත් ප්‍රශ්නය නම් ඇතැම් රෝගීන් තුළ මෘදු සෙම්ප්‍රතිශ්‍යාව වැනි, එනම් නාසයෙන් සොටු දියර ගැලීම හෝ කිවිසුම් යාම වැනි රෝග ලක්ෂණ දැකිය හැකි දැයි යන්නය.

    එසේ විය හැකි බව අධ්‍යයන මගින් පෙන්නුම් කෙරෙන අතර වෛරසය ශරීරගතව ඇතත් ඒ බව නොදන්නා ඔවුන්ගෙන් අනෙක් අයට වෛරසය පැතිර යාමට ද ඉඩ ඇත.

    ළමුන්ගෙන් වෛරසය පැතිර යා හැකි ද?

    අනිවාර්යයෙන් ළමුන්ට කොරෝනාවෛරසය ආසාදනය විය හැක. කෙසේ නමුත් බොහෝ විට ඔවුන් තුළ මෘදු රෝග ලක්ෂණ වර්ධනය වන අතර සෙසු වයස් කාණ්ඩ හා සැසඳීමේදී සාපේක්ෂ වශයෙන් මරණ වාර්තා වන්නේ අඩුවෙනි.

    සාමාන්‍යයෙන් දරුවන් ඉහළ මට්ටමේ රෝග වාහකයන්ය. ඔවුන් තවත් බොහෝ දෙනෙකු සමග මිශ්‍ර වීම (බොහෝ විට ක්‍රීඩා කිරීමේදී) ඊට එක් හේතුවකි. නමුත් කොරෝනාවෛරසය ගත් කළ දරුවන් හරහා එය පැතිර යන්නේ කොපමණ දුරකට දැයි යන්න නිශ්චිතව ම පැහැදිලි නැත.

    කොරෝනාවෛරසය නිශ්චිතව ම පැමිණියේ කොතැනින් ද?

    වෛරසය චීනයේ වූහාන් පළාතෙන් මතු වූයේ 2019 අගදීය. එහි පිහිටි සත්ත්ව මස් අලෙවි කෙරෙන වෙළෙඳපොළකින් රෝගීන් රාශියක් වාර්තා විය.

    කොරෝනාවෛරසය නිල වශයෙන් හඳුන්වනු ලබන්නේ ‘Sars-CoV-2’ ලෙසය. එය හා වවුලන්ට ආසාදනය වන වෛරස් වර්ග අතර සමීප සම්බන්ධයක් දැකිය හැක. කෙසේ නමුත් වවුලන්ගෙන් වෙනත් සත්ත්ව විශේෂයකට ආසාදනය වී ඔවුන් හරහා මිනිසුන් වෙත වෛරසය පැමිණි බව විශ්වාස කරේ.

    තවමත් එම “පුරුක”හඳුනාගෙන නොමැති අතර එමගින් තවදුරටත් වෛරසය පැතිර යාමේ හැකියාවක් පවතී.

    උණුසුම් කාලගුණයෙන් බලපෑමක් සිදුවේ ද?

    ග්‍රීෂ්ම කාලයට වඩා, සීත කාලවලදී සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝගී තත්ත්වයන් බහුලව දැකිය හැක. නමුත් උණුසුම් කාලගුණය මගින් කොරෝනාවෛරසය පැතිර යාම මැඩපැවැත්වෙනු ඇත්දැයි යන්න තවමත් තහවුරු වී නොමැත.

    කොරෝනාවෛරස් රෝගීන් සම්බන්ධයෙන් සෘතු වෙනස්වීම්වල බලපෑමක් වේ දැයි යන්න අපැහැදිලි බව බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ විද්‍යා උපදේශකයෝ අනතුරු අඟවති.

    යුරෝපා රටවල ග්‍රීෂ්ම සෘතුවේදී වෛරසය පැතිර යාමේ දැඩි පසුබෑමක් පෙන්නුම් කළහොත් යළි ශීත කාලයේ එහි තීව්‍ර වර්ධනයක් ඇති වීමේ අනතුරක් පවතී. සාමාන්‍යයෙන් ශීත කාලය වන විට සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ ආශ්‍රිත වෙනත් වෛරස්වලට ගොදුරු වූවන් ද රෝහල් වෙත ගලා එන බැවින් රෝගීන් විශාල සංඛ්‍යාවකට ප්‍රතිකාර කිරීමට සෞඛ්‍ය අංශවලට සිදු වනු ඇත.

    ඇතැම් පුද්ගලයන්ට බරපතළ රෝග ලක්ෂණ පහළ වන්නේ ඇයි?

    කොවිඩ්-19 අසාදනය වූ බොහෝ දෙනෙකු තුළ දැකිය හැක්කේ මෘදු රෝග ලක්ෂණය. කෙසේ වුවත් 20% ට පමණ වඩාත් බරපතල රෝග ලක්ෂණ වර්ධනය වේ. එසේ වීමට හේතුව කුමක් ද?

    පුද්ගලයෙකුගේ ප්‍රතිශක්ති මට්ටම ඊට එක් හේතුවක් වන අතර ජානවල බලපෑමක් ද තිබිය හැක. එම කරුණු සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගැනීම දැඩි සත්කාර වෙත තල්ලු වීම වළකා ගැනීම සඳහා මාර්ග සෙවීමේ ලා උපකාරී විය හැක.

    ප්‍රතිශක්තිය කොතරම් කාලයක් පවතී ද? දෙවරක් වෛරසය ආසාදනය විය හැකි ද?

    බොහෝ අනුමාන තිබුණ ද ඕනෑ ම ආකාරයක ප්‍රතිශක්තියක් කෙතරම් කල් පවතින්නේ ද යන්න පිළිබඳ සාක්ෂි පවතින්නේ අඩු වශයෙනි.

    යමෙකු සාර්ථවකව වෛරසය පරාජය කරන්නේ නම් ඔහු හෝ ඇය තුළ ප්‍රතිශක්තිකරණය වර්ධනය විය යුතුය. නමුත් වෛරසය එළියට පැමිණ ගතව ඇත්තේ සීමිත කාලයක් බැවින් දීර්ඝ කාලීන දත්තවල අඩුවක් පවතී.

    දෙවරක් ආසාදනය වී ඇති බවට පවතින කටකතා නිර්මාණය වනුයේ, වෛරසය ශරීරගතව නොමැති බවට ලබා දුන් වැරදි පර්යේෂණ නිගමන අනුව විය හැකිය.

    ප්‍රතිශක්තිය සම්බන්ධයෙන් පවතින ප්‍රශ්නය, දීර්ඝ කාලීනව කුමක් සිදුවේ දැයි යන්න පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා අතිශය වැදගත්ය.

    වෛරසය වෙනස් වනවා ද?

    වෛරස් සෑම විට ම වෙනසකට භාජනය වේ. නමුත් ඒවායේ ජාන ස්වභාවයේ සිදුවන බොහෝ වෙනස්කම් මගින් සැලකිය යුතු වෙනසක් සිදු නොවේ.

    සාමාන්‍ය රීතියක් වශයෙන්, දීර්ඝ කාලයක් ගත වන විට භයානකත්වය අඩු වන පරිදි වෛරස්වල විකාශනය සිදු වේ. නමුත් ඒ පිළිබඳ සහතිකයක් දිය නොහැක.

    වෛරසය වෙනස් වීමකට භාජනය වුවහොත් ප්‍රතිශක්තිකරණ පද්ධතියට තවදුරටත් එය හඳුනා ගත නොහැකි වනු ඇත. එමෙන් ම ඊට සුවිශේෂී ලෙස සැකසූ එන්නතක් වේ නම් එය බල රහිත වනු ඇත. (උණ සහ සෙම්ප්‍රතිෂාව ආශ්‍රිත වෛරස් සම්බන්ධයෙන් දැකිය හැකි පරිදි).

    (බීබීසී සන්දේශය ඇසුරින් සම්පූර්ණයෙන් උපුටා ගත් වාර්තාවකි )

  • COVID -19 මැඩපැවැත්වීමට  විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් යෝජනා 07 ක්

    COVID -19 මැඩපැවැත්වීමට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් යෝජනා 07 ක්

    කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සදහා ගත යුතු ක්‍රමවේද, යෝජනා සහ අදහස් ඉදිරිපත් කිරීම සදහා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඊයේ (01) දින සවස සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මුණ ගැසුනි.

    මෙහිදී විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මගින් ප්‍රධාන වශයෙන්ම යෝජනා 07 ක් සෞඛ්‍ය අමාත්‍යතුමිය වෙත ඉදිරිපත් කරන ලදි.

    එම ඉදිරිපත් කරන ලද යෝජනා පහත පරිදි වේ.

    01.කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව තිබෙන සියලු දෙනා COVID -19 රෝගීන් දැයි තහවුරු වන තෙක් ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් ප්‍රතිකාර සේවාවන් සිදු කිරීම.

    02. කොරෝනා වෛරසය පිළිබද සිදුකරන පර්යේෂණ සහ නිර්ණායක පුළුල් කිරීම.

    04.කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව සදහා ප්‍රතිකාර ගැනීමට රෝහල්වලට පැමිණෙන රෝගීන්  විශේෂිත වාට්ටුවල ප්‍රතිකාර ලබා දීම.

    05. COVID -19 ප්‍රතිකාර සේවාවන් සිදු කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා ලබාදෙන පුද්ගල ආරක්ෂිත උපකරණ ඇගළුම් වැනි දෑ රෝහල්වලට නිසි ක්‍රමවේදයට ලබාදීම.

    06. කොරෝනා වෛරසය ආසාදිතයින්ට ප්‍රතිකාර කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට ජිවිත රක්ෂණ ක්‍රමයක් සකස් කිරීම.

    07. සායනික ප්‍රතිකාර සිදු කිරීමේ දී විශේෂඥ උපදෙස් ලබාගැනීම

    මෙම යෝජනා අතුරින් කොරෝනා ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර සිදු කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඇගයීමක් ලෙස ජිවිත රක්ෂණ ක්‍රමයක් සකස් කරන යෝජනාව ඉතාම කාලෝචිත යෝජනාවක් බවටත්, එවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීම පිළිබදව එම සංගමයට සෞඛ්‍ය අමාත්‍යතුමිය ස්තූතිය පළ කරන ලදි. අනෙකුත් යෝජනා ද කාලෝචිත යෝජනා බැවින් ඒ පිළිබද විශේෂ අවධානය යොමු කර කටයුතු කරන බවත්, කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්ක වල වෙනම කොරෝනා වෛරසය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමට රෝහල් ස්ථාපිත කිරීමට කටයුතු කරන බව අමාත්‍යතුමිය පැවැසීය.

    මනා කළමණාකාරීත්වයකින්, අනාගත දැක්මකින් තීන්දු තීරණ ගැනීම පිළිබදව විශේෂඥ වෛද්‍ය සංගමයේ වෛද්‍යවරු සෞඛ්‍ය අමාත්‍යතුමියට මෙහිදී විශේෂ ස්තූතියක් පළ කිරීම ද විශේෂත්වයක් විය.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලලන්ත රණසිංහ මහතා, ලේකම් විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා ඇතුලු පිරිසක් සහභාගි වී සිටියේය.

  • Covid 19 World Hot:එක්සත් ජනපදයේ මරණ සංඛ්‍යාව 5,000 ඉක්මවයි

    Covid 19 World Hot:එක්සත් ජනපදයේ මරණ සංඛ්‍යාව 5,000 ඉක්මවයි

    ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 932,605 ක් වන අතර මරණ 46,800 කට වඩා වැඩිය.

    සාරාංශය

    1. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් පවසන්නේ ගෝලීය වශයෙන් ආසාදනය වූ සංඛ්‍යාව දින කිහිපයකින් මිලියනයකට ළඟා වනු ඇති බවයි
    2. ලෝක සෞඛ්‍ය සංවිධානය තම උපදෙස් වෙනස් කර මුහුණු ආවරණ පුළුල් ලෙස භාවිතා කිරීම ප්‍රවර්ධනය කරන්නේද යන්න සාකච්ඡා කිරීමට යයි
    3. ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 932,605 ක් වන අතර මරණ 46,800 කට වඩා වැඩිය.
    4. ලෝක ජනගහනයෙන් අඩක් දැන් දෛනික ජීවිතයට යම් ආකාරයක සීමාවන්ට යටත් වේ
    5. වෛද්‍ය සේවකයින් සඳහා ආරක්ෂක උපකරණ සැපයීම පිළිබඳව රටවල් කිහිපයකම වැඩි අවධානයක් යොමු වී තිබේ
    6. එක්සත් ජනපදයේ කනෙක්ටිකට් හි ආණ්ඩුකාරවරයා විසින් කොවිඩ් -19 නිසා සති හයක් වයසැති බිළිඳෙකු මියගොස් ඇති බව තහවුරු කර තිබේ
    7. බ්‍රිතාන්‍ය ගුවන් සේවය සිය ගුවන් ගමන් 36,000 ක් අත්හිටුවීමට නියමිතය

    එක්සත් ජනපදයේ මරණ සංඛ්‍යාව 5,000 ඉක්මවයි

    කොරෝනා වයිරස් වසංගතයෙන් එක්සත් ජනපදයේ මියගිය සංඛ්‍යාව 5,100 ඉක්මවා ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය පවසයි. මීට පෙර විශ්ව විද්‍යාලය පැවසුවේ පැය 24 ක් තුළ පුද්ගලයින් 884 දෙනෙකු මියගොස් ඇති බවයි.

    මේ දක්වා කොරෝන වෛරසයට ගොදුරු වූ ඇමරිකාවේ ලාබාලම පුද්ගලයා යැයි විශ්වාස කරන කනෙක්ටිකට් හි සති හයක දරුවෙකු මියගොස් තිබේ.

    216,000 කට වැඩි පිරිසකට මේ වන විට කොරෝන වෛරසය ආසාදනය වී ඇති අතර එය ලෝකයේ ඉහළම අගයයි. එක්සත් ජනපදයේ තහවුරු කරන ලද ආසාදන සංඛ්‍යාව එක් දිනක් තුළ 25,000 කට වඩා වැඩි විය.

    දරුණුතම හානියට පත් ස්ථානය නිව් යෝර්ක් නගරය වන අතර එහිදී පුද්ගලයින් 1,300 කට වැඩි පිරිසක් මියගොස් තිබේ. රෝහල්වලින් පිටත ශීත කළ මෝර්ග් ට්‍රක් රථවල සිරුරු පටවා ඇති බව නගරයෙන් ලබාගත් පින්තූරවලින් පෙනී යයි.

    මේ අතර, වොෂිංටන් පෝස්ට් පැවසුවේ ෆෙඩරල් රජයේ ආරක්ෂක උපකරණ සහ වෛද්‍ය සැපයුම් සංචිත බොහෝ දුරට අවසන් වී ඇති බවයි. මීට ප්‍රතිචාර දක්වමින් ට්‍රම්ප් පරිපාලනය පවසන්නේ ප්‍රමාණවත් සැපයුම් ලබා ගත හැකි බවත්, ඒ සඳහා ඩොලර් බිලියන 16 (ඩොලර් බිලියන 13) ක් ඇති බවත්ය.

    ෆ්ලොරිඩා, ජෝර්ජියා සහ මිසිසිපි අගුලු දැමීමේ නියෝග නිකුත් කරන නවතම එක්සත් ජනපද රාජ්‍යයන් බවට පත්ව ඇත. එක්සත් ජනපද ජනගහනයෙන් 75% කට වඩා වැඩි පිරිසක් දැන් නිවසේ රැඳී සිටින ලෙසට නියෝග කර ඇත. එක්සත් ජනපද නිලධාරීන් පවසන්නේ 240,000 ක් පමණ දෙනා මෙම රෝගයෙන් මිය යා හැකි බවයි.

    අගුළු දමා තිබියදීත් තෙල් මිල ඉහළ යයි

    සවුදි අරාබිය සහ රුසියාව ඔවුන්ගේ මිල යුද්ධය අවසන් කිරීම සඳහා කඩිනමින් ගිවිසුමකට එළඹෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීමෙන් පසු ගෝලීය තෙල් මිල ඉහළ ගොස් තිබේ.

    දෙරටේ මිල කප්පාදු කර නිෂ්පාදනය වේගවත් කිරීම නිසා බොරතෙල් මිල පසුගිය දා වසර 18 ක අවම මට්ටමකට වැටී තිබුණි. ඒ අතරම, කොරෝන වෛරසය පැතිරීම මන්දගාමී කිරීම සඳහා ලොව පුරා වසා දැමීම් නිසා බොර තෙල් ඉල්ලුමට දැඩි බලපෑමක් එල්ල වී තිබේ.

    ධවල මන්දිරයේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ට්‍රම්ප් මහතා පැවසුවේ “එය රුසියාවට ඉතා නරකයි, එය සෞදි අරාබියට ඉතා නරකයි. මම කිව්වේ, ඔවුන් දෙදෙනාම ඉතා නරකයි. මම හිතන්නේ ඔවුන් ගනුදෙනුවක් කරන්න යනවා”යනුවෙනි.

    ආසියානු වෙළෙදපොළේ දී බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල 6% කින් ඉහළ ගොස් ඇති අතර එක්සත් ජනපද තෙල් 5% කින් පමණ ඉහළ ගොස් තිබේ.

    ඕස්ට්‍රේලියානු විවාදය: ඔබේ සහකරු බැලීමට යාම නීත්‍යානුකූලද?

    කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සදහා නීති දැඩිකර ඇති බැවින් මේ වන විට, ඕස්ට්‍රේලියාවේ දෙදෙනෙකුට වඩා එක්රැස් වීමට අවසර නැත. ඔබ සහ ඔබේ බිරිද හෝ සැමියා පවා එකම නිවසේ ජීවත් නොවන්නේ නම්. ඔබට පිටතට යාමට අවසර ගැනීමට දැඩි නීති රැසකට යටත් වීමට සිදුවනු ඇත.

    නිදසුනක් වශයෙන්, ඔබ එකට ජීවත් නොවන්නේ නම්, ඔබට ඔබේ සහකරු හමුවිය හැකිද? පිළිතුර රඳා පවතින්නේ ඔබ ජීවත් වන්නේ කුමන ප්‍රාන්තයේද යන්න මතය.

    නිව් සවුත් වේල්ස්හි, පොලීසිය පවසන්නේ එවැනි සංචාරයක් වෙනත් කෙනෙකුගේ රැකවරණය යටතේ පවතින බවයි. (ඔබේ නිවස නීත්‍යානුකූලව හැර යාම සාධාරණීකරණය කිරීමකි) ටස්මේනියාවේ එය “සමාජ සහයෝගය” යන කොන්දේසිය යටතට ගැනේ. එහි අත්‍යවශ්‍ය හේතුවක් ලෙස සැලකේ.

    කෙසේ වෙතත්, ක්වීන්ස්ලන්තයේ, ඔබේ සහකරු තනිව ජීවත් නොවන්නේ නම් එය සාමාන්‍ය “නැත”.

    තම සහකරුවා දැකිය හැක්කේ කවදාද, එසේ නැතිනම් ඔවුන්ට දඩ මුදලක් ගෙවනු ඇත්ද යන්න පිළිබඳව බොහෝ දෙනෙක් සමාජ මාධ්‍යවල කනස්සල්ල පළ කර තිබේ.

    හවුල්කරුවන් එකට ගමන් කිරීම සුදුසු බව සියලු රාජ්‍යයන් එකඟ වන බව පෙනේ. නමුත් දඩ මුදල් පිළිබඳ දැඩි සීමාවන් සහ තර්ජන සැලකිල්ලට ගෙන ඔවුන් කෙතරම් ආදර හැඟීම්බර වනු ඇත්ද යන්න සැක සහිතය!

    කොවිඩ් -19 නොතකා දකුණු කොරියාව මැතිවරණයට සූදානම් වේ

    දකුණු කොරියාවේ එළඹෙන මැතිවරණය සඳහා සති දෙකක නිල මැතිවරණ කාලය ආරම්භ වී ඇති අතර, රට දිගින් දිගටම කොවිඩ් -19 සමඟ සටන් වදින බැවින් අපේක්ෂකයින්ට ඡන්දදායකයින් සමඟ සම්බන්ධ වීමට නව ක්‍රම සොයා ගැනීමට සිදුව තිබේ.

    ඡන්දදායකයින් සමඟ අත් හුවමාරු කර ගැනීම වෙනුවට උමං දුම්රිය ස්ථාන පිවිසුම් සහ සාප්පු විෂබීජහරණය කරමින් අපේක්ෂකයින් අද (1) සෝල්හි වීදිවල දක්නට ලැබුණි.

    දේශපාලන පක්ෂ සාමාන්‍යයෙන් රට පුරා මහා පෙළපාලි පවත්වන නමුත් මෙවර එය කළ නොහැකි වනු ඇත. ඒ වෙනුවට, බොහෝ දෙනා දැඩි ලෙස තරඟකාරී දිස්ත්‍රික්කවල තම පණිවිඩය ප්‍රකාශ කිරීම සඳහා ශබ්ද විකාශන සහිත කාර් භාවිතා කරති.

    ජාතික සභාවේ සාමාජිකයින් 300 දෙනෙකු තෝරා පත් කර ගැනීමේ ඡන්දය කල් දමනු ඇති බවට අනුමාන පළ වුවත් එය නිවැරදි නොවූ අතර අපේ‍්‍රල් 15 වනදා මැතිවරණය පවත් වන බව රජය නිවේදනය කර තිබේ. සියළුම ඡන්ද දායකයින් මුහුණු ආවරණ පැළඳිය යුතු අතර, ඡන්ද මධ්‍යස්ථානවල අවම වශයෙන් මීටර දෙකක දුරක් සිටගෙන ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර අත් සනීපාරක්ෂක සහ අත්වැසුම් භාවිතා කළ යුතුය.

    කොරෝනා වයිරස් රෝගීන් 4,000 ක් පමණ ආසාදනය සඳහා ප්‍රතිකාර ලබන අතර තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට අවසර දෙනු ලැබේ.

    දකුණු කොරියාව නිරෝධායනය කිරීම ප්‍රතික්ෂේප කළ විදේශිකයන් අට දෙනෙකු පිටුවහල් කරයි

    සති දෙකක කාලයක් නිරෝධායනය කිරීම ප්‍රතික්ෂේප කළ විදේශිකයන් අට දෙනෙකුට සිය රටට ඇතුළු වීමට ඉඩ නොදීම දකුණුකොරියාව පියවර ගෙන තිබේ.

    දකුණු කොරියානු රජය සියළුම විදේශීය සංචාරකයින් සඳහා දින 14 ක නිරෝධායන නීතියක් පනවා ඇති අතර, ඔවුන් රෝග ලක්ෂණ පරීක්ෂා කර ඔවුන්ගේ රෝගී තත්ත්වයන් නිරීක්ෂණය කිරීම සඳහා ඔවුන්ගේ දුරකථනයෙන් යෙදුමක් බාගත කළ යුතුය.

    මෙම නීති රීති පිළිපැදීමට අපොහොසත් වන විදේශිකයින් පිටුවහල් කිරීමට සිදුවිය හැකි බවත්, දකුණු කොරියානු පුරවැසියන්ට දඩයක් හෝ වසරක සිර දඩුවමක් නියම කළ හැකි බවත් අධිකරණ අමාත්‍යාංශය අනතුරු අඟවා තිබුණි.

    මේ වන විට රට තුළ නීති උල්ලංඝ නය කිරීම් 52 ක් වාර්තා වී තිබේ. නඩු හයක් නඩු පවරන්නන් වෙත යොමු කර ඇත.

    හැකි තාක් දුරට සමාජ දුරස්ථ පියවරයන් පවත්වා ගෙන යන ලෙස පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියද රට තුළ කිසිදු අගුලු දැමීමක් නොමැත. නිරෝධායනය කිරීමට ඉල්ලා සිටින එකම පුද්ගලයින් වන්නේ වෛරසය ඇති අය, ආසාදිත රෝගියෙකු සමඟ සම්බන්ධකම් පැවැත්වූ අය හෝ විදේශයන්ගෙන් පැමිණි අය පමණි.

    එක්සත් රාජධානියේ සිදුවන්නේ කුමක්ද?

    එක්සත් රාජධානියේ මෑත කාලීන වර්ධනයන් කිහිපයක් මෙන්න:

    • අගමැති බොරිස් ජොන්සන් “දුක්බර දිනයක්” ලෙස හැඳින්වූ ඊයේ එක්සත් රාජධානියේ විශාලතම දෛනික කොරෝන මරණ සංඛ්‍යාව 563 කි. මියගිය සංඛ්‍යාව මේ වන විට 2,352 දක්වා ඉහළ ගොස් තිබේ
    • රජය පවසන්නේ ජාතික සෞඛ්‍ය සේවයේ කම්කරුවන් දහස් ගණනක් වෛරසය සඳහා පරීක්ෂාවට ලක් කර ඇති නමුත් රසායනික ද්‍රව්‍ය හිඟය හේතුවෙන් සියලු පෙරටුගාමී කම්කරුවන්ට පරීක්ෂාවට ලක් කළ නොහැකි බවයි. පරීක්ෂණ ධාරිතාව ඉහළ නැංවීමට කටයුතු කරන බව රජය පවසයි
    • ත්‍රිවිධ හමුදා භටයින් 3,000 ක් පමණ කැඳවනු ලැබේ. විශේෂඥ කුසලතා ඇති අය ජාතික සෞඛ්‍ය සේවය සහ වෙනත් අයට වෛද්‍ය සහ සැපයුම් සහාය ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ
    • ශ්‍රම බලකායෙන් 80% ක් පමණ වන 36,000 ක් පමණ සේවකයින් අත්හිටුවීමට බ්‍රිතාන්‍ය එයාර්වේස් ආයතනය පියවර ගෙන තිබේ.

    දකුණු ආසියාවේ තත්ත්වය

    පාකිස්ථානයේ නව කොරෝනා ආසාදිතයින් 2000ක් පමණ වාර්තා කර ඇත.

    එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිකුත් කළ නවතම වාර්තාවක් පවසන්නේ කොරෝනා ආසාදනය මගින් බංග්ලාදේශයේ මිලියන 2ක් පමණ මිය යා හැකි බවයි. මේ වන විට බංග්ලාදේශයේ පුද්ගලයින් 06 දෙනකු කොරෝනා ආසාදනයේ මිය ගොස් ඇත.

    රුසියානු වෛද්‍ය කට්ටලය එක්සත් ජනපදයට පැමිණේ

    වෛද්‍ය සැපයුම් සහිත රුසියානු ගුවන් යානයක් බදාදා එක්සත් ජනපදයට පැමිණියේය.  ඇන්ටනොව් -124 හමුදා ගුවන් යානය නිව්යෝර්ක් වලට ගොඩ බැස්ස අතර මොස්කව් බලධාරීන් පැවසුවේ “වෛද්‍ය මුහුණු ආවරණ සහ වෛද්‍ය උපකරණ” රැගෙන පැමිණි බවයි.

    “COVID19 පරාජය කිරීම සඳහා අපි එක්ව කටයුතු කළ යුතුයි” යැයි එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය. 

    “රුසියාවෙන් හදිසියේම අවශ්‍ය පුද්ගලික ආරක්ෂක උපකරණ මිලදී ගැනීමට එක්සත් ජනපදය එකඟ වූයේ මේ නිසා ය.”

    රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ සඳුදා කතා කිරීමෙන් පසුව මෙම මෙහෙයුම සිදුවිය. මානුෂීය ප්‍රයත්නයක කොටසක් ලෙස ක්‍රෙම්ලිනය දැනටමත් වෛද්‍ය උපකරණ සහ විශේෂඥයින් ඉතාලියට යවා ඇත.

    ආසියාවේ විශාලතම මුඩුක්කු නිවාසයේ පළමු ආසාදනය

    මිලියනයකට අධික ජනකායක් වෙසෙන ධරාවි මුඩුක්කු ප්‍රදේශයේ 56 හැවිරිදි පුද්ගලයෙකු කොවිඩ් -19 සඳහා ධනාත්මක පරීක්ෂාවක් කර ඇති බව ඉන්දියාවේ මූල්‍ය අගනුවර වන මුම්බායි හි පළාත් පාලන ආයතන විසින් තහවුරු කර තිබේ.

    ඉන්දියානු මාධ්‍ය වාර්තා පවසන්නේ මෙම පුද්ගලයා මියගොස් ඇති බවයි. නමුත් මේ පිළිබඳව තවමත් නිල තහවුරු කිරීමක් නොමැත. ඔහු ජීවත් වූ ගොඩනැගිල්ල නිලධාරීන් විසින් මුද්‍රා තබා ඇති අතර පවුලේ සාමාජිකයින් හත් දෙනෙකු නිරෝධායනය කර ඇත.

    ිලියන ගණනක් ජනතාව ජීවත් වන මුඩුක්කු මුම්බායි හි ප්‍රධාන භූමිය තුළ පිහිටා ඇත. නගරයක් තුළ ඇති නගරයක් වශයෙන් සැලකෙයි. එය නිමක් නැති පටු මංතීරු, විවෘත මලාපවහන සහ අවහිර වූ පැල්පත්වල එකතුවකි.

    විශේෂඥයන් පෙන්වා දී ඇත්තේ සමාජ දුරස්ථභාවය ඉතා වැදගත් වන නමුත් මුබ්බායිහි ධරාවි මුඩුක්කුව වැනි තදබදය සහිත ප්‍රදේශවල එය කළ නොහැකි මට්ටමක පවතින බවයි. මෙහි පදිංචිකරුවන් බොහෝ විට ජනාකීර්ණ නිවාස බෙදා හදා ගන්නා අතර මීටර් දෙකක් ඈතින් සිටගෙන සිටීම කිසිසේත් යථාර්ථවාදී විකල්පයක් නොවේ.

    මෙතරම් ජනාකීර්ණ හා ජනාකීර්ණ ප්‍රදේශයක වෛරසය සොයා ගැනීම අභියෝගයක් වනු ඇති බැවින් ඇති විය හැකි බලපෑම පිළිබඳව මෙය කනස්සල්ලට හේතු වී තිබේ.

    දකුණු අප්‍රිකානු විද්‍යාඥවරියක කොරෝනා සංකූලතා හේතුවෙන් මරුට

     ලෝක ප්‍රකට දකුණු අප්‍රිකානු විද්‍යාඥවරියක වන මහාචාර්ය ගීතා රම්ජි, කොවිඩ් – 19 ආශ්‍රිත සංකූලතා හේතුවෙන් මියගොස් තිබේ. ඇය HIV සහ TB රෝගය සම්බන්ධ පර්යේෂණ සිදුකළ ඕරම් ආයතනයේ ප්‍රධාන විද්‍යාත්මක නිලධාරියා ලෙස සේවය කළේය.

    දකුණු අප්‍රිකාවේ වෙරළබඩ නගරයක් වන ඩර්බන්හි දී ඇය මියගිය බව එරට සෞඛ්‍ය බලධාරීහු පවසති. මාර්තු මස මැද භාගයේදී බ්‍රිතාන්‍යයේ සිට දකුණු අප්‍රිකාවට පැමිණීමෙන් පසුව ඇය රෝගාතුර වූවාය.
     
    ඇය බ්‍රිතාන්‍යයට ගොස් තිබුණේ ලන්ඩන් සනීපාරක්ෂක හා නිවර්තන වෛද්‍ය විද්‍යාලයේ සම්මන්ත්‍රණයකට සහභාගී වීම සඳහාය.ඇය එම වෛද්‍ය විද්‍යාලයේ මෙන්ම වොෂ්න්ටන් විශ්ව විද්‍යාලයේ සහ කේප් ටවුන් විශ්ව විද්‍යාලයේ ගෞරව මරාචාර්යවරියක ලෙස කටයුතු කළාය.
     
    ලෝකයේ වැඩිම HIV ආසාදිතයන් ප්‍රමාණයක් සිටින්නේ දකුණු අප්‍රිකාවේ ය.  මහාචාර්ය රම්ජි කාන්තාවන්ගේ HIV ආසාදන වැළැක්වීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්දව වසර ගනනාවක් තිස්සේ කැපවී ක්‍රියාකළ විද්‍යාඥවරියකි.

     ඇය ඇතුළු කණ්ඩායමේ කාර්යභාරය හේතුවෙන් මේ වනවිට දකුණු අප්‍රිකාවේ නව HIV ආසාදන ශුන්‍ය වී තිබේ.
     
    මහාචාර්ය රම්ජිගේ සේවය ලෝකයට අවශ්‍යම වකවානුවක ඇය මියගිය බවත් එය දැරිය නොහැකි දැවැන්ත පාඩුවක් බවත් එක්සත් ජාතීන්ගේ ආධාර කණ්ඩායමේ ප්‍රධානී විනී බයනිමා පවසයි.
     
    දකුණු අප්‍රිකාවේ උප ජනාධිපති ඩේවිඩ් මබුසා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, “මහාචාර්ය රම්ජිගේ අභාවය එච් අයි වී සහ ඒඩ්ස් වලට එරෙහි ගෝලීය අරගලය ඇතුළු සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයටම සිදුවූ විශාල පහරක්” බව යි.

    කොංගෝවේ හිටපු ජනපතිවරයෙකුත් කොරෝනා ආසාදනයෙන් මරුට

    කොංගෝ රාජ්‍යයේ හිටපු ජනාධිපතිවරයෙකු වන යොම්බි ඔපැන්ගෝ කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය විමෙන් මියගොස් තිබේ. ප්‍රංශයේ පැරිස් නුවරදි ඔහු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 

    81 හැවිරිදි කොංගෝ හිටපු ජනාධිපතිවරයා කොරෝනා වයිරසය ආසාදනය වීමට පෙර විවිධ රෝගාබාධවලින් පීඩා විදමින් සිට ඇති බව සදහන්ය. 1977 වසරේ සිට 1979 වසර දක්වා ඔහු කොංගෝ රාජ්‍යයේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය.

    බී.බී.සී ලෝක සේවය, සී.එන්.එන් ඇතුළු විදෙස් මාධ්‍ය ඇසුරිණි – සකස් කළේ – තුෂාධවි

  • ශ‍්‍රී ලංකාවේ 03වැනි Covid 19  මරණයත් වාර්තා වෙයි

    ශ‍්‍රී ලංකාවේ 03වැනි Covid 19 මරණයත් වාර්තා වෙයි

    ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 72 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වීමට ස්වල්ප වේලාවකට පෙර ඔහු කොරෝන වෛරසය ආසාදිතයෙකු බව තහවුරු කරගෙන ඇත.

    මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ මරදාන ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයෙකි.

    මෙම පුද්ගලයා දියවැඩියාව, අධික රුධිරපීඩනය, දීර්ඝකාලීන වකුගඩු අඩපණ වීම ආදී රෝග තත්ත්වයන්ගෙන් පෙළී තිබෙන බවත් ඔහු රෝහල්ගත වී ඇත්තේ රෝගය උත්සන්න වී ඇති අවස්ථාවේදී බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කළේය.

    ඊයේ (01* රාත්‍රියේ දී සිදුවූ මෙම මරණය ශ්‍රී ලංකාවේ තෙවන කෙරෝනා මරණය බව අනිල් ජාසිංහ මහතා පැවසීය.

    මෙම මරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාසිංහ මහතා කියා සිටියේ මෙම පුද්ගලයා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින විට කොරෝනා වෛරසය ආසාදිතයෙකු බවට තහවුරු කර ගෙන ඇත්තේ ද ඊයේ දිනයේම බවයි. ඒ බව තහවුරු වූ වහාම රෝගියා අයිඩී.එච් රෝහල වෙත මාරු කරන අවස්ථාවේ දී ඔහු මිය ගොස් ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ.

  • Covid 19: ලෝක නායකයින් ඇලන් ජොන්සන්ගේ අත්දැකීම්වලට කන් දෙන්න

    Covid 19: ලෝක නායකයින් ඇලන් ජොන්සන්ගේ අත්දැකීම්වලට කන් දෙන්න

    ඇය එලන් ජොන්සන් සර්ලීෆ් (Ellen Johnson Sirleaf). වසර 2014-16 තෙක් අතිශයින් බිහිසුණු දෙවසරක් ඇතුළුව වසර දොළහක කාලයක් ලයිබීරියාව පාලනය කළ කාන්තාව ඇයයි.

    එලන් ජොන්සන් සර්ලීෆ්ගේ පාලන කාලය ඇතුළත ලයිබීරියාවේ පමණක් ‘ඉබෝලා’ වසංගතයෙන් මරණයට පත් පුද්ගලයින් සංඛ්‍යාව පන්දහසකට ආසන්න විය.

    ලයිබිරීයාවේ මහජන ඡන්දයෙන් තේරී පත්වූ පළමු ජනාධිපතිනිය මෙන් ම පසුව නොබෙල් සම්මානයෙන් පවා පුදනු ලැබූ එලන් ජොන්සන් සර්ලීෆ්, ඉබෝලා වසංගතය මැඩලීමේදී තමන් ලද ජයග්‍රහණ මෙන් ම තමන්ට වැරදුණ තැන් ද විස්තර කරමින්, අද එවැනි තවත් බිහිසුණු වෛරසයකින් (Covid 19) දහස් ගණනින් මහජන ජීවිත වැනසෙමින් ඇති මොහොතක මෙසේ ලෝකය අමතන්නීය.

    ලෝකවාසී මගේ ආදරණීය පුරවැසියනි!

    2014 අවුරුද්දේ ඔක්තෝබර්19 වන දා වන විට බටහිර අප්‍රිකාව මාරක ඉබෝලා වසංගතයේ දරුණු ම මොහොත කරා ගමන් ගනිමින් තිබිණි. මගේ රටේ පුරවැසියන් දෙදාහක පමණ ජීවිත ඒ වන විටත් ඉබෝලා රකුසාට ගොදුරුව අවසන්ය. ආසාදිත ජන සංඛ්‍යා දර්ශකය එකට තුනක වේගයකින් දිනපතා තවත් ඉහළ යමින් තිබිණි. අපට උදව්වීම සඳහා පුහුණු කණ්ඩායම්වල සහ ද්‍රව්‍යමය සහයෝගය දෙන ලෙස ඉල්ලමින් ලෝකය අමතා ලිපියක් ලියන්නට එදාත් මට සිදුවිය.

    එදා මම ඉල්ලා සිටියේ, ලෝකය පුරා පැතිර යාමේ අවදානමක් සහිත වසංගතයක් මගහැර ගැනීම සඳහා සමස්ත ලෝකයේ එක්සත්භාවය ප්‍රදර්ශනය කරන ලෙසය.

    අද මම මේ අවස්ථාව උපයෝගීකර ගන්නේ, අප සියලුදෙනා දරුණු උවදුරකට මුහුණ දී සිටින මේ මොහොතේ ‘එකමුතුභාවයේ වැදගත්භාවය’ (a message of solidarity) පිළිබඳ පණිවුඩය වෙනුවෙන් මගේ හඬ අවදි කිරීම සඳහාය.

    අභ්‍යන්තර අර්බුද රාශියකින් පසුව ලයිබීරියාවේ එවක පැවැති දුර්වල ආර්ථික තත්ත්වය සහ අසීරු අඩියක වූ සෞඛ්‍ය සංරක්ෂණය පිළිබඳව හරියට ම මෙයින් වසර හයකට ආසන්න අවස්ථාවක මගෙන් පැහැදිලි කිරීමක් සිදුවිය. ව්‍යාධිය පැතිරයාම අතින් පැවති අනතුරුදායක පසුබිම සහ බටහිර අප්‍රිකාවට සීමා කරන ලද අර්බුදය සම්බන්ධයෙන් ලෝකය ප්‍රතිචාරය පළකළ යුත්තේ කෙසේ ද? යන්න සම්බන්ධයෙන් මම එදා තර්ක කිරීමක නිරත වුණෙමි.

    ම විසින් එදා පෙන්වා දෙන ලද්දේ සෞඛ්‍ය සංරක්‍ෂණය සම්බන්ධයෙන් අපට පැවරෙන සාමූහික වගකීමය.

    පාලනය කරගත නොහැකි බෝවෙන වසංගතයක්, එය පවතින ස්ථානය හෝ එය සීමා වූ කලාපය හෝ නොතකා හරිමින් එය පොදු මානව වර්ගයාට එල්ල වූ තර්ජනයක් ලෙස සැකිල්ලට ගන්නා ලෙස මම තර්ක කළෙමි.

    එදා අප මුහුණ දුන් එම ඉබෝලා වසංගතයේදී ලෝකයෙන් ශුභවාදී ප්‍රතිචාරයක් ලැබුණ අතර, අපි නිර්භීතව වසංගත සතුරාට මුහුණ දුන්නෙමු.

    එලන් ජොන්සන් සර්ලීෆ් ධවල මන්දිරයේදී (2015)
    එලන් ජොන්සන් සර්ලීෆ් ධවල මන්දිරයේදී (2015)

    මගේ ඉහත කී ඉල්ලීමත් සමග එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන්, ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සහ පසුව ඇමෙරිකා එක්සත් ජනපදයෙන් විශාල සම්පත් තොග අපට ලැබෙන්නට විය. අපි ඉබෝලා වසංගත සතුරා එකමුතුව පරාජය කළෙමු.

    එම එකමුතු ක්‍රියාදාමයේ ප්‍රතිපලයක් වශයෙන් ඉබෝලා වෛරසය සුවපත් කළ හැකි, සාර්ථකව අත්හදා බලන ලද එන්නත් අද අප සතුව ඇත. එම ජයග්‍රහණය අත්පත් කර ගත හැකි වුණේ, ලොවපුරා විද්‍යාඥානය එකමුතු වීමේ සහයෝගී ක්‍රියාදාමයට පින් සිදු වෙන්නටය.

    එදා ම විසින් කරන ලද ආයාචනයට සමාන වූ ඉල්ලීමක් මෙම ‘කොරෝනා’ වෛරස් වසංගතයේදීත් මම මගේ සහෝදර ලෝකවාසී ප්‍රජාව වෙත අදත් ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි.අ

    අප ජීවත්වෙන අප්‍රිකාවේ ජාතීන් ‘කොරෝනා’ තර්ජනය අතින් එහි ඉතා නරක මොහොත කරා තවමත් පැමිණ නැති අවස්ථාවක, ම විසින් මෙවැනි ඉල්ලීමක් කරනු ලබන්නේ ඉතා ම දැඩි තේරුම් ගැනීමක් යටතේය. අප්‍රිකාවට මෙම කොරෝනා (Covid-19) වෛරසයේ ප්‍රහාරය එල්ල වීම කාලය පිළිබඳ කාරණයක් පමණි. ඊට එරෙහිව මුහුණ දීම අතින් අප්‍රිකාවේ තවමත් පවතින්නේ අඩු සූදානමකි.

    කොරෝනාවෛරසය පැතිරයමින් පවතින වේගය අවම කිරීමට, එම පැතිරයාමේ චක්‍රය අඩාළ කිරීමට සහ සහමුලින් ම උපුටා දැමීමට අප පියවර ගත යුතුව ඇත.

    කොරෝනාවෛරසය සම්බන්ධයෙන් එහි පැතිරයාම ආරම්භයේදී ම අවශ්‍ය ප්‍රතිචාරය දැක්වීම අතින් අඩුපාඩු සිදුවූ බව ඉතා ම පැහැදිලිය. එම අඩුපාඩුව ආසියාවේ පටන් යුරෝපය දක්වාත්, එපමණක් නොව ඇමෙරිකාව දක්වාත් ප්‍රදර්ශනය වූ කාරණයකි.

    අනතුරේ ආරම්භක සංඥා සැලකිල්ලට නොගැනිණි. කාලය අපතේ හරිනු ලැබිණි. තොරතුරු සඟවනු ලැබිණි. අනතුරේ බිහිසුණුභාවය ලඝුකරනු ලැබිණි. ඒ සමග විශ්වාසය පළුදු විය.

    එදා මටත් වැරදුණා

    ඉබෝලා වෛරස් භීතිය, ආරම්භයේදී ඊට විසඳුමක් නොදුටු ජනතාව ස්වීය ජීවිත ආරක්ෂාව තකා පළා ගොස් සැඟවීමේ තැනකට තල්ලු කළේය. ඔවුන් රැඳී සිටියේ ප්‍රජාව අතරය.

    මම එය දනිමි. 2014 වසරේ මමත් එම සියලු ම වැරදි ක්‍රියාමාර්ග ගෙන ඇත. ලෝකයේ වෙනත් වගකිව යුත්තන් අතින් ද එම වරද සිදුවිය. එහෙත් අපි එය නිවැරදි කර ගත්තෙමු. එය අප විසින් නිවැරදි කර ගන්නා ලද්දේ සාමූහික ප්‍රයත්නයෙනි.

    කොරෝනාවෛරසය පැතිරයාමේ වේගය පාලනය කර ගැනීම සඳහා ලෝකය පුරා දේශසීමා වසා දමනු ලැබීමෙන්, අපි දැන් ඉතා තීරණාත්මක මංසන්ධියකට පැමිණ සිටින්නෙමු.

    මොන්රෝවියා (Monrovia) නගරයේ මගේ නිවසේ සිට බලා හිඳින මට මේ මොහොතේ බෙහෙවින් ‘දිරිගැන්විය යුතු දේ ‘ ලෙස පෙනීයන්නේ පහත සඳහන් කරුණුය.

    එනම්, විශේෂඥතා ඥානයෙහි විවෘතභාවය සහ දැනුම, විද්‍යාත්මක සොයාගැනීම්, උපකරණ, ඖෂධ සහ පෞද්ගලික සහයෝගය ආදිය බෙදාහදා ගැනීමය.

    වෛරසය රටවල් අභ්‍යන්තරයේ පැතිරෙමින් පවතී. ජාත්‍යන්තර දේශසීමා ඔස්සේ පැතිරීමත් වැඩිවෙමින් ඇත. ප්‍රමාදය වෙනුවට කඩිනම් පියවර ගැනීම අත්‍යවශ්‍ය වේ. සෑම පුද්ගලයෙකු ම, සෑම රටක් ම ඔවුන් විසින් ඉටුකරනු ලැබිය යුතු කාර්යභාරය ඉටුකළ යුතුව ඇත.

    අපි ගොඩ නැගුණේ කොහොම ද?

    ඉහත කී තේරුම් ගැනීම බටහිර අප්‍රිකාවේ ඉබෝලා වෛරසය පාලනය කර ගැනීම අතින් අපගේ සංධිස්ථානය විය.

    ලයිබීරියානු අපි ඉබෝලා වසංගතයෙන් ගොඩ ආවෙමු. සමාජයක් ලෙස ශක්තිමත් වීමු. එසේ ම Covid-19 වසංගතය වැනි වෛරස් පාලනය කර ගැනීමට ඉවහල් වෙන සෞඛ්‍ය වැඩපිළිවෙළකින් සන්නද්ධව සිටින්නෙමු.

    ලෝකවාසී අප සියලු දෙනාට ඇති මාවත එවැනි ක්‍රියාමාර්ගයක්ය යන්න මගේ දැඩි විශ්වාසය වේ.

    පුද්ගලයන් තුළ ඇති දැඩි ආත්ම ශක්තිය සම්බන්ධයෙන් මට සම්පූර්ණ විශ්වාසයක් ඇත. අර්බුදකාරී අවස්ථාවන්හි සමාජයේ සෑම ස්ථරයකින් ම නායකයන් බිහිවෙන බව මගේ විශ්වාසය ය. මෙවැනි අර්බුද කාලයන්හි අපගේ සාමූහික විශ්වාසයට සාපේක්ෂව සියලු ආකාරයේ සමාජමය සහ ආගමික බෙදීම් ද්විතීයික වේ.

    ඉදිරි සති කිහිපය තුළ ලෝකයේ අප සියලුදෙනාට වෙන්ව සිටීමට සිදුවුණත්, අප මිහිතලයේ සියලු පුරවැසියන්ගේ යහපත් ශරීර සෞඛ්‍යය වෙනුවෙන් මම යාච්ඤා කරමි.

    ”යහපත් ජීවිතයක් යනු අනුන් වෙනුවෙන් මෙහෙයක් ඉටුකරන ලද පරහිතකාමී ජීවිතයක්ය,” යන වැදගත් සත්‍යය මත අද අපේ සමස්ත මනුෂ්‍ය වර්ගයාගේ ඉරණම රැඳී පවතින බව සිහියට නගා ගන්නා ලෙස මම සෑම කෙනෙකුගෙන්ම ඉල්ලා සිටිමි.

    මෙම ලිපිය බී.බී.සී සන්දේශය වෙබ් අඩවියෙන් සම්පූර්ණයෙන්ම උපුටා ගන්නා ලදි. ඡායාරූප එක් කිරීම පමණක් අප විසින් කරන ලදි – සංස්කාරක

  • අදත් කොරෝනා ආසාදිතයන් තිදෙනකු හමුවෙයි

    අදත් කොරෝනා ආසාදිතයන් තිදෙනකු හමුවෙයි

    නව කොරෝනා වෛරසය අසාදිත තවත් පුද්ගලයින් තිදෙනකු අද (01) දින හමු වූ බව සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය කියයි. ඒ සමඟ මේ වන විට ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 146 දක්වා වැඩි වී තිබේ. අද දින හමු වූ ආසාදිතයෝ කුරුණෑගල, යාපනය සහ මරදාන යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන්ය.

  • ශ්‍රී ලන්කන් ගුවන් සේවය සියලු ගුවන් ගමන් අත්හිටුවයි

    ශ්‍රී ලන්කන් ගුවන් සේවය සියලු ගුවන් ගමන් අත්හිටුවයි

    ලොව පුරා පනවා ඇති ගුවන් ගමන් සීමාවන් සැළකිල්ලට ගෙන මේ මස 8 වැනිදා සිට 21 වැනිදා දක්වා කාලය තුළ , ශ්‍රී ලන්කන් ගුවන් සේවය සිදු කරන සියලුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙන බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම නිවේදනක් නිකුත් කරමින් සදහන් කළා.

    එහෙත් මෙම කාළය තුළ ලෝක තත්ත්වය යහපත් වුවහොත් වෙළෙඳපළ තත්වය සහ විවිධ බලධාරීන් විසින් පනවා ඇති ගුවන් ගමන් සීමාවන් සමාලෝචනය කර මෙවැනි සීමාවන් ඉවත් කරනු ලැබුවහොත් 21 දිනට පෙර කෙටි දැනුම්දීමකින් අනතුරුව සිය ගුවන් ගමන් මෙහෙයුම් නැවත  ආරම්භ කිරීමට ද  ශ්‍රී ලන්කන් ගුවන් සේවය සූදානමින් සිටින බව ද එම නිවේදනයේ සදහන් වෙනවා.

    එමෙන්ම ලෝක ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා ජාලය මේ පසුබිම යටතේත් අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර අවශ්‍ය විටෙක ඒ සදහා විශේෂ ගුවන් ගමන් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට ද ශ්‍රී ලන්කන් ගුවන් සේවයට සූදානමින් සිටින බවයි නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.

    විවිධ රටවල සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමට රජය විසින් යෝජනා කරනු ලැබුවහොත් ඒ සදහා ක්‍රියාත්මක වීමට ද ශ්‍රී ලන්කන් ගුවන් සේවය කැමැත්තෙන් සිටින බව ද එම නිවේදනයේ සදහන්.

    ප්‍රවේශ පත්‍ර නැවත වෙන් කරවා ගැනීමටෙ, නිකුත් කරවා ගැනීමට සහ මේ පිළිබඳව වැඩිදුර තොරතුරු පැහැදිලි කර ගැනීම සදහා www.srilankan.com වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ +94117771979 දුරකථන අංකය ඇමතීමෙන් හෝ ඔබගේ සංචාරක නියෝජිතයා අමතන ලෙසද ශ්‍රී ලන්කන් ගුවන් සේවය වැඩිදුරටත් දන්වා සිටිනවා.

  • සියලුම ඔසුසල් 2,3 සහ 6 වැනිදා විවෘත කළ යුතුයි – රජය නියෝග කරයි

    සියලුම ඔසුසල් 2,3 සහ 6 වැනිදා විවෘත කළ යුතුයි – රජය නියෝග කරයි

    ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් හෙට (2) අනිද්දා (3) සහ 6 වැනිදා (සදුදා) යන දින තුන තුළ දිවයිනේ සියලු ඔසුසල් විවෘතව තැබීමට රජය උපදෙස් ලබා දී ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසීය.

    අද (1) පැවැති මාධ්‍ය සාකච්ඡුාවකදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මේ බව ප‍්‍රකාශ කළේය.

    මෙම දින තුන තුළ ඔසුසල් විවෘත කර තැබීමට හෙතු පැහැදිලි කරමින් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේ මෙම දින තුන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට විශ‍්‍රාම වැටුප් ලබා දෙන දින බැවින් ඔවුන්ට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සදහා රජය මෙම පියවර ගෙන ඇති බවයි.

    මෙම දින තුන තුළ එම පිරිසට ඔවුන්ගේ විශ‍්‍රාම හැදුනුම්පත ඇදිරීති බලපත‍්‍රයක් වශයෙන් සලකා එම කටයුතු සදහා සහය ලබා දෙන ලෙසට සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුවත් කර ඇති බවද ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සිය විශ‍්‍රාම වැටුප් ලබා ගැනීම වෙනුවෙන් අවශ්‍ය ප‍්‍රවාහන පහසුකම් යුද හමුදාව විසින් ලබා දෙන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

  • Covid 19: ප්‍රංශ සෞඛ්‍ය පද්ධතිය කෙරෙහි අධික ආතතියක්

    Covid 19: ප්‍රංශ සෞඛ්‍ය පද්ධතිය කෙරෙහි අධික ආතතියක්

    කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සීඝ්‍ර වීමත් සමඟ ප්‍රංශ  සෞඛ්‍ය පද්ධතිය කෙරෙහි අධික ආතතියක් හටගෙන ඇතැයි පවසන ප්‍රංශ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජෙරොම් සලමොන්, ප්‍රංශයේ කොරෝනා ආසාදිත රෝගීන් සුවපත් කර ගැනීම සඳහා මේ අවස්ථාවේ රජයට සහයෝගය ලබා දෙන ලෙස සියළුම ස්වේච්ඡා සෞඛ්‍ය වෘත්තිකයන්ට අයත් වන වෛද්‍යවරුන්, හෙදියන් සහ සාත්තු සේවකයන්ට තමන් ආයාචනා කරන බව ඊයේ (  මාර්තු 31 ) ප්‍රකාශ කළාය.

    නගර රසායනාගාර මඟින් පුද්ගලයන් 28, 448 ක් පරීක්ෂාවට ලක් කළ බවත්, ඒ අතුරින් 30% කට කොරෝනා වෛරසය ධනාත්මක බව සොයා ගෙන ඇති බවත් පවසන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, මෙය ප්‍රංශයේ වෛද්‍ය ඉතිහාසයේ පෙර නොවූ විරූ තත්ත්වයක් යැයි සඳහන් කළාය.

    සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජෙරොම් සලමොන් විසින් ඊයේ ( මාර්තු 31 ) රාත්‍රී 7.30 ට ප්‍රංශයේ කොරෝනා ව්‍යාප්තිය පිලිබඳව වාර්තාවක්  ඉදිරිපත් කළ අතර එම වාර්තාවට අදාල සංඛ්‍යා ලේඛන පදනම් වී තිබුණේ ප්‍රංශයේ පිහිටි රෝහල් 767 ක දත්ත පමණි.

    ඊට අනුව ඊයේ ( මාර්තු 31 ) සවස් වනවිට ප්‍රංශය තුළ කොරෝනා ආසාදිතයන්ගේ ගණන 52, 128 කි. ඒ වනවිට ගෙවී ගොස් තිබූ පැය 24 ට රෝගීන් 1, 778 ක් එක්වී තිබුණි.

    22,757ක් රෝහල් ගත කොට තිබූ අතර පැය 24 ක් තුළ රෝහල් ගත කළ සංඛ්‍යාව 1,749 ක් වී තිබුණි. දැඩි සත්කාර ඒකක වල සිටි රෝගීන් ප්‍රමාණය 5, 565 කි. පැය 24 ක් තුළ දැඩි සත්කාර ඒකක වලට ඇතුළත් කළ රෝගීන් සංඛ්‍යාව 458 කි. රෝහල් තුළ සිදු වූ මරණ ගණන ලෙස 3523 ක් පැවැතුනණි. ඊයේ වන විට පැය 24 ක් තුළ මිය ගොස් තිබූ ගණන 499 කි. මේ වන විට 9, 944 ක් සුවපත් වී තිබේ.

    ජෙරොම් සලමොන්ට අනුව දැනට කොරෝනා ආසාදිත රෝගීන්ගෙන් 34% ක් වයස අවුරුදු 60 අඩු පුද්ගලයන්ය. 50% ක් වයස අවුරුදු 60 – 80 ත් අතර සිටින පිරිස්ය. මේ අතර වයස අවුරුදු 30 ට වඩා අඩු රෝගීන් 68 ක් සිටින බව ද ඔහු පැවසීය.

    තත්ත්වය මෙසේ තිබිය දී  කොරෙනා ආසාදිත ප්‍රංශ රෝගීන් 158 ක් විදේශීය රෝහල් කරා යොමු කර ඇති බව ද ජෙරොම් සලමොන් අනාවරණය කළාය.

    ඒ අනුව මේ වන විට  ප්‍රංශ රෝගීන් 158 ක් විදේශවල රෝහල් ගත කර ඇති බවත්, ඒ අතුරින් 36 ක් දැඩි සත්කාර ඒකක වල සිටින බවත්, රෝගීන් 36 ක් සුව වී නැවත මව් බිමට පැමිණ සිටින බවත් ජෙරොම් සලමොන් වැඩි දුරටත් පැවසීය.

    සුනිල් ගාමිණී  – ප්‍රංශ ජන මාධ්‍ය ඇසුරෙනි

  • Covid 19: සමාජ මාධ්‍ය අපයෝජකයින්ට නීතිය ක්‍රියාත්මක කරන්න – ITSSL රජයෙන් ඉල්ලයි

    Covid 19: සමාජ මාධ්‍ය අපයෝජකයින්ට නීතිය ක්‍රියාත්මක කරන්න – ITSSL රජයෙන් ඉල්ලයි

    ශ්‍රී ලංකාව මුහුණදී සිටින COVID-19 වයිරස ආපදා තත්වය යොදාගනිමින් යම් සංවිධානාත්මක කණ්ඩායම් ෆේස්බුක් වට්සැප් ඇතුළු අනෙකුත් සමාජ මාධ්‍ය වෙබ් අඩවි හරහා පදනම් විරහිත ප්‍රකාශ නිකුත් කිරීම, ජාතිවාදය ඇවිලෙනසුළු පුවත් සමාජගත කිරීම වැනි ක්‍රියාවන්හි නියැලී සිටින බවක් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට නිරීක්ෂණය කිරීමට හැකිවී ඇත.

    සමාජ මාධ්‍ය වෙබ් අඩවි තුල සිදුවන මෙවැනි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා  තොරතුරු තාක්ෂණ සංගමය නිරන්තර අවධානයෙන් පසුවන අතර විවිධ සංවිධානාත්මක කණ්ඩායම් විසින් මෙසේ සිදුකරගෙනු යනු ලබන අසත්‍ය පුවත් ප්‍රචාරණය හේතුවෙන් සමාජ මාධ්‍ය වෙබ් අඩවි පිලිබදව සාමාන්‍ය ජනයා තබා ඇති විශ්වසනීයත්වය නැතිවී යා හැකිය.

    රජය විසින් ගෙනයනු ලබන නිරෝධායන වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට අන්තර්ජාලය තුල උත්සාහ දරන පිරිස් හදුනාගැනීමට රජයට සහ ආරක්ෂක අංශ වලට අවශ්‍ය සහයෝගය සහ මගපෙන්වීම් ලබාදීමට අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස සුදානම් බව දැනුම් දෙමු.

    තවද මේ වන විට අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය වෙත එක කල පුද්ගලයන් කිහිප දෙනෙකු අත්තඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට රජය කටයුතු කිරීම ප්‍රශංසනීය ක්‍රියාවක් බවද අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වශයෙන් රජයට දැනුම් දෙමු.

  • අයි සහ නේත‍්‍රා නාළිකා අධ්‍යාපන නාළිකා බවට පත් කරයි

    අයි සහ නේත‍්‍රා නාළිකා අධ්‍යාපන නාළිකා බවට පත් කරයි

    පාසල් ආරම්භ කරන දින සිට සති දෙකක කාලයක් විශ්ව විද්‍යාල ප‍්‍රවේශය සදහා අයැදුම් කිරීමට කාලය ලබාදෙන බව උසස් අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා කියයි.

    අද (01) රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී උසස් අධ්‍යාලන අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.

    මහපොල ආධාර මුදල් ඊයේ දිනය වනවිට සරසවි සිසුන්ගේ ගිණුම්වලට බැර කර අවසන් කළ බව කී අමාත්‍යවරයා විශ්ව විද්‍යාල අධ්‍යාපන හා උසස් අධ්‍යාපනය ලබන සිසුන්ට විදුලි සංදේශ ආයතනවල අනුග‍්‍රහයෙන් ගාස්තු අයකිරීමකින් තොරව අන්තර්ජාලය ඔස්සේ දුරස්ථ අධ්‍යාපනය ලබා දීමට කටයුතු කරන බව ද පැවසීය.

    මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් අධ්‍යාපනය සදහාම වන රූපවාහිනී නාලිකාවක් ආරම්භ කරන තුරු රූපවාහිනි සංස්ථාවට අයත් ‘අයි’ නාලිකාව සහ ‘නේත‍්‍රා’ නාලිකාව අධ්‍යාපන නාලිකාවන් බවට පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇති බව ද ඒ අනුව මේ මස 20 වැනිදා සිට එම නාලිකාවන් දෙක පාසල් දරුවන් ගේ පාඩම් මාලා වෙනුවෙන් වෙන්වනු ඇති බව ද සදහන් කළේය.

    රජයේ පාසල්, ජාත්‍යන්තර පාසල්, පෙරපාසල් හා විශ්ව විද්‍යාල පද්ධතිය වෙනුවෙන් වූ අධ්‍යාපනික වැඩසටහන් පමණක් මෙම නාලිකාව ඔස්සේ ප‍්‍රචාරය වනු ඇතැයි කී උසස් අධ්‍යාපන ඇමැතිවරයා පවතින තත්ත්වය යටතේ ලක්ෂ 55ක් පමණ වන පාසල් හා විශ්ව විද්‍යාල දරුවන් ගේ අධ්‍යාපන ක‍්‍රියාකාරකම් කඩා නොවැටී ඉදිරියට ගෙන යාමට රූපවාහිනි නාලිකාවක් තිබීම ඉතා අත්‍යවශ්‍ය බවත් ඒ පිළිබඳව තමන් කැබිනට් මණ්ඩලයට ගෙන ආ යෝජනාවට අනුමැතිය ලැබීම සතුටට කරුණක් බවත් සදහන් කළේය.

  • උසස් පෙළ විභාගය කිසිසේත් කල් දමන්නේ නෑ – ඩලස්

    උසස් පෙළ විභාගය කිසිසේත් කල් දමන්නේ නෑ – ඩලස්

    උසස් පෙළ විභාගය කිසිසේත් කල් නොදමන බවත් එවැනි තීන්දුවක් රජය මේ වනතුරු රැගෙන නැති බවත් අධ්‍යාපන, ක‍්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කරයි.

    අද (01* රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී අධ්‍යාලන අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.

    මෙහිදී අමාත්‍යවරයා කියා සිටියේ මෙවර උසස් පෙළ විභාගය කල් යන බවට ප‍්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතන දෙකක් සහ සමාජ මාධ්‍ය විසින් ගෙන යන ප‍්‍රචාර සම්පූර්ණයෙන්ම සාවද්‍ය ඒවා වන බවයි.

    මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යවරයා,

    ‘ පසුගිය වසරේදීත් උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි සිසුන් අවාසනාවන්ත අත්දැකීමකට මුහුණ දුන්නා. පසුගිය වසරේ අපේ‍්‍රල් 21 වැනිදා පාස්කු ඉරිදා සිදුවූ ප‍්‍රහාරය හේතුවෙන් උසස්පෙළ දරුවන්ට මාස තුනක් අහිමි වුණා. එයින් දරුවන් තුළ ඇතිවූ කම්පනය බරපතලයි.

    ඒ වගේම තමයි අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල නිකුත් කිරීම ගැනත් සමාජය තුළ යම් කුතුහලයක් තිබෙනවා. සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල නිකුත් කිරීම සදහා අවශ්‍යව තිබෙන්නේ ලකුණුවල නිරවද්‍යතාව පරික්ෂා කිරීම හා දත්ත ඇතුළත් කිරීම පමණයි. ඇදිරි නීතිය පවතින කාල සීමාවේ ද එම කටයුතු සිදුකරනවා. නිලධාරින් 35 දෙනෙකුට දින 14 කදී මෙම කටයුතු අවසන් කළ හැකියි. ඇදිරිනීතිය පවතින අවස්ථාවේම එම කටයුතු නිමා කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බැවින් ඒ සදහා වෙනම හෝටලයක් වෙන් කර ගෙන එහි සිට කටයුතු කරනවා. මේ කටයුතු අවසන් කර 30 වැනිදාට ප‍්‍රථම ප‍්‍රතිපල නිකුත් කිරීමට හැකියාව තිබෙනවා.