Blog

  • COVID-19 සම්බන්ධ App –  පරිගණක මෘදුකාංග භාවිතයේදී ප්‍රවේසම් වන්න

    COVID-19 සම්බන්ධ App – පරිගණක මෘදුකාංග භාවිතයේදී ප්‍රවේසම් වන්න

    COVID-19 වයිරසය මැඩපැවැත්වීම උදෙසා නිර්මාණය කර ඇති බොහෝ ජංගම දුරකථන යෙදුම් අතරට සයිබර් අපරාධකරුවන්  විසින් COVID-19 වයිරසයේ ව්‍යාප්තිය ලුහුබැඳීමේ යෙදුම් (tracking apps) නිර්මාණය කොට එමගින් එම යෙදුම භාවිතා කරන පුද්ගලයාගේ පෞද්ගලික දත්ත සහ වෙනත් තොරතුරු එක්රැස් කරගැනීමක් සිදුකරනු ලබයි. විශේෂයෙන්ම corona live 1.1 නම් ඇන්ඩ්රොයිඩ් ජංගම දුරකථන යෙදුම ඔත්තු බැලීමේ ඔත්තු මෘදුකාංගයක් බව හෙළිවී තිබේ.

    COVID-19 වයිරසය මැඩපැවැත්වීම උදෙසා ශ්‍රී ලංකාවෙහිද විවිධ වර්ගයේ ජංගම දුරකථන යෙදුම් සහ වෙබ් අඩවි විවිධ පුද්ගලයින් සහ විවිධ සමාගම් විසින් නිර්මාණය කර ඇති අතර බොහෝමයක් යෙදුම් සහ වෙබ් අඩවි පෞද්ගලිකත්ව ප්‍රතිපත්ති මාලාවන් ඉදිරිපත් කිරීමට අපොහොසත්වී ඇති බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට අනාවරණය වී ඇත. විශේෂයෙන්ම මෙවැනි පෞද්ගලිකත්ව ප්‍රතිපත්ති මාලාවකින් තොරවූ ජංගම දුරකථන යෙදුම් සහ වෙබ් අඩවි වෙත ඔබගේ දත්ත ඇතුලත් නොකරන ලෙස අප ශ්‍රී ලංකා තොරතුරැ තාක්ෂණ සංගමය ලෙස ශ්‍රී ලාංකික ජනතාවට අවධාරණය කරමු.

    තවද WhatsApp යෙදුම හරහා මේ දිනවල COVID-19 වයිරසය සම්බන්ධයෙන් (www internet-covid19 com) වැනි විවිධ වර්ගයේ යොමු  (Spam Links) හුවමාරු වන අතර එවැනි යොමු සමාජ මාධ්‍ය වෙබ් අඩවි ඔස්සේ හුවමාරු කරගැනීමට යාමෙන් වලකින ලෙසත් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ශ්‍රී ලංකික සමාජ මාධ්‍ය පරිශීලකයන්ට දැනුම් දෙමු.

    රජීව් යසිරු කුරුවිටගේ මැතිව්  

    සභාපති                                                                

    ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

  • රටවල් අගුළු දැමීමත් සමග දුප්පතුන් මුහුණ දෙන ‘සැබෑ භීතිය’ කුමක්ද ?

    රටවල් අගුළු දැමීමත් සමග දුප්පතුන් මුහුණ දෙන ‘සැබෑ භීතිය’ කුමක්ද ?

    කොරෝනා වෛරසය ගැන ඔක්කොම මම දන්නවා. එක හරි ම භයානකයි. මුළු ලෝකය ම වෛරසය තුරන් කිරීමේ අරගලයක නිරත වෙනවා. ගෙදරක් තියෙන සල්ලිකාරයන්ට ඇතුළට වෙලා ඉන්න පුළුවන්. නමුත් අපි වගේ මිනිස්සුන්ට ආරක්ෂාව ද ?බඩගින්න ද? කියන දෙකෙන් එකක් තෝරාගන්න වෙලා තියෙනවා. මොකක් ද අපි තෝරගන්නේ?

    කොරෝනා වෛරසය පැතිරයාම වළක්වාලීමේ පියවරක් වශයෙන් ඉන්දියාව දවස් විසි එකක කාලයකට වසා දමනු ලැබ ඇත (lockdown). එකී කාලය ඇතුළත නිවෙස් තුළ ම රැඳී සිටින ලෙස මහජනයාට උපදෙස් දී ඇත.

    අගමැති නරේන්ද්‍ර මෝදි විසින් ප්‍රකාශයට පත්කරන ලද එම නව නිර්දේශ අනුව කටයුතු කිරීමේදී මහජනතාව ඔවුන් දිනපතා මුහුණ දෙන ගැටලු සමග පොරබදන ආකාරය සම්බන්ධයෙන් බීබීසියේ විකාස් පාන්ඩේ( Vikas Pandey) විවරණයක නිරත වෙයි.

    ‘නොයිඩා’ (Noida) කාර්මික සංවර්ධන පුරයේ ‘ලේබර් චෝක්’ (Labour Chowk) ආයතනය, ඉදිකිරීම් අංශයේ රැකියා සොයා එන සිය ගණනක් ශ්‍රමිකයන්ගෙන් පිරී ඉතිරී යාම සුලභ දර්ශනයක් වී තිබිණි.

    නවදිල්ලි අගනුවර ප්‍රත්‍යන්ත කලාපයක පිහිටි එම කුඩා මංසන්ධිය කුලීකරුවන් සොයා ගැනීම සඳහා ඉදිකිරීම් අංශයේ ව්‍යාපාරිකයන් නිරන්තරයෙන් ගැවසෙන ස්ථානයකි.

    එහෙත් අද එම මුළු කලාපය ම දැඩි නිහඬතාවක ගිලී පවතී. සියල්ල ඇණහිට ඇත. ඒ අතරවාරයේ එක් කෙළවරක මිනිසුන් රංචුවකි.

    ඔවුන් අතර සිටි රමේෂ් කුමාර් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ‘බණ්ඩා’ (Banda) දිස්ත්‍රික්කයෙන් පැමිණි කුලීකරුවෙකි.

    ”අද අපි කුලියට ගන්න කවුරුවත් නැති බව අපි දන්නවා. ඒත් හදිසියෙවත් අවස්ථාවක් ලැබේවි කියලයි බලාගෙන ඉන්නේ,” ඔහු බීබීසියේ විකාස් පාන්ඩේට කියා සිටියේය.

    ”මම දවසකට රුපියල් හය සීයක් හම්බ කරනවා. මම පස්දෙනෙක් නඩත්තු කරන්න ඕන.තව ටික දිනකින් ගෙදර තියෙන කෑම ටික ඉවර වෙනවා. කොරෝනා අනතුර මට තේරෙනවා. නමුත් මට මගේ දරුවෝ බඩගින්නේ ඉන්නවා බලාගෙන ඉන්න බැහැ.”.

    දවසේ කුලියක් කරමින් එදා වේල පිරිමහ ගනු ලබන දශ ලක්ෂ ගණනක් ඉන්දියානුවන්ගේ තත්ත්වය එයයි. අගමැති නරේන්ද්‍ර මෝදි අඟහරුවාදා (මාර්තු 24) ප්‍රකාශයට පත්කළ නිවැසියන් ගෙදොරදොරේ ම රැඳී සිටීමේ ක්‍රියාදාමයත්(lockdown) සමග ඉදිරි සති තුනක කාලය තුළ ආදායමක් සරිකර ගැනීමේ අවස්ථාවක් සම්බන්ධයෙන් ඔවුන්ට බලාපොරොත්තු තැබීමේ මාවතක් නොමැත. ඉදිරි දින දෙකතුන ඇතුළත ඔවුන්ගෙන් ඇතැමෙකු ආහාර අහේනියකට මුහුණ දෙනු ඇත.

    අලහබාද් නගරයේ රික්ෂෝ පදවන්නෙකු වන කිෂන් ලාල්ට දින 4කින් ආදායමක් නැත
    අලහබාද් නගරයේ රික්ෂෝ පදවන්නෙකු වන කිෂන් ලාල්ට දින 4කින් ආදායමක් නැත

    හය සියයකට අධික ඉන්දියානුවන් දැනට කොරෝනාවෛරසයට ගොදුරුවී ඇති අතර දහ දෙනෙකු මරණයට පත් වූ බව නිවේදනය කෙරිණි.

    මේ අතර රමේෂ් කුමාර් වැනි කම්කරුවන්ගේ ගිණුම්වලට කෙලින් ම මුදලක් බැර කරන බවට උත්තර් ප්‍රදේශ්, කේරළ සහ දිල්ලි ප්‍රාන්ත ආණ්ඩු ප්‍රතිඥාවක් දී ඇත.

    නිවසේ කොටු වෙන දවසේ කුලියට රැකියා කරන පුද්ගලයන් වෙනුවෙන් උපකාර වෙන බවට අගමැතිවරයා ද ප්‍රතිඥාවක් දී තිබේ.

    එහෙත් තවත් අභියෝගයක් වන්නේ සේවා සහ භාණ්ඩ සැපයුමයි.

    ලෝක කම්කරු සංවිධානයේ සංඛ්‍යාලේඛන අනුව ඉන්දීය ශ්‍රම හමුදාවෙන් යටත් පිරිසෙයින් 90% ක් පමණ මුරකරුවන්, පිරිසිදු කරන්නන්, රික්ෂෝ පදවන්නන්, පදික වෙළෙඳුන්, කුණු කසළ එකතු කරන්නන් සහ ගෘහ සේවකයන් ලෙස අවිධිමත් රැකියාවන්හි නිරත වෙති.

    ඔවුන්ගෙන් අතිබහුතරයට විශ්‍රාම වැටුප් නොමැත. එපමණක් නොව, ලෙඩ නිවාඩු හෝ රක්ෂණයෙන් තොර වෙති. එසේ ම ඔවුන්ගෙන් වැඩි දෙනෙකුට බැංකු ගිණුම් නොමැත. එම ජනතාව යැපෙන්නේ දවසේ පඩියට කුලියක් කිරීමෙනි.

    එවැනි කම්කරුවන්ගෙන් වැඩි දෙනෙක් රැකියා සොයා තමා අයත් ප්‍රාන්තයෙන් වෙනත් ප්‍රාන්තයකට සංක්‍රමණය වී එහි ජීවත් වන්නෝය. ඒ සමග ප්‍රාන්ත ජනගහනය වේගයෙන් වැඩි වෙයි. රැකියා සොයා ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට සංක්‍රමණය වෙන හෙයින් එවැනි කම්කරුවන් එක ප්‍රාන්තයක දීර්ඝ කාලයක් රැඳී සිටින්නේ ද නැත.

    උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ හිටපු මහ ඇමති අකිලේෂ් යාදව්(Akhilesh Yadav) පවතින දැවැන්ත අභියෝගය පිළිගනියි.

    ”කිසි ම ආණ්ඩුවක කවුරුවත් මේ වගේ අභියෝගයකට මින් පෙර මුහුණ දීලා නැහැ” ඔහු පිළිගනියි.

    ”සියලුම ආණ්ඩු විදුලි වේගයෙන් ක්‍රියාත්මක වෙන්න අවශ්‍යයි. මොක ද? තත්ත්වය දිනපතා ම වෙනස් වෙමිනුයි තියෙන්නේ. අපි ප්‍රජා මට්ටමේ විශාල මුළුතැන්ගෙවල් පටන් ගන්න ඕන. ආහාර අවශ්‍ය ජනතාවට ඒවා සපයන්න ඕන. මිනිස්සුන්ට අවශ්‍ය කරන්නේ සල්ලි ද? හාල් ද? පිටි ද? මොන ප්‍රාන්තෙන් ආව ද කියල බලන්නේ නැතිව, මහ ජනයාට ඒ අවශ්‍ය දේවල් අපි සපයන්න ඕන,” හිටපු මහ ඇමති අකිලේෂ් යාදව් කියා සිටියි.

    හිටපු මහ ඇමති අකිලේෂ් යාදව්ට විශේෂ කනස්සල්ලක් ඇත. ඊට හේතුව ඔහුගේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය ඉන්දියාවේ වැඩි ම ජනගහනය සහිත ප්‍රාන්තය වීමයි. එහි ජනගහනය මිලියන 220 කි.

    ”ප්‍රජා මට්ටමින් වෛරසය පැතිර යාම වළක්වා ගැනීමට අපි නගරයෙන් නගරයට ජනයා සංක්‍රමණය වීම නතර කරනවා. ඒක කරන්න තියෙන එක මාවතක් තමයි – ඔවුන්ට ආහාර සැපයීම. අර්බුද අවස්ථාවලදී මිනිස්සු තමන්ගේ ගම්බිම් කරා යන්න පටන් ගන්නවා”

    අලහබාද් වාසී රික්කෂෝකරුවෙකු වන කිෂාන් ලාල් (Kishan Lal ) පවසන්නේ තමා පසුගිය දවස් හතරේ කිසිදු මුදලක් හරිහම්බ නොකළ බවය.

    ”මට මගේ පවුල රැකගන්න සල්ලි හම්බකර ගන්න ඕන.මට අහන්න ලැබුණා – ආණ්ඩුව අපට සල්ලි දෙනවා කියල .ඒත් මට පැහැදිලි නැහැ – කවද්ද? කොහොමද? කියල”

    කිෂාන් ලාල්ගේ මිතුරෙකු වන අලි හසන් අලහබාද් වෙළෙඳසලක් පිරිසිදු කරන්නෙකි. ආහාර මිලට ගැනීමට මුදල් නැති බව හසන් පවසයි.

    ”දවස් දෙකකට පෙර කඩේ වැහුවා.මට පඩිය දුන්නෙත් නැහැ. කඩේ කවදා අරීවි ද කියල මම දන්නේ නැහැ. මම හරි ම බයකින් ඉන්නේ.මට දරු පවුලක් ඉන්නවා.මම කොහොමද ඔවුන්ට ආහාරපාන සපයන්නේ? හසන් විමසයි.

    ඉන්දියාවේ මහා මාර්ගවල සුළු ව්‍යාපාරික කටයුතු කරමින් ස්වයං රැකියාවේ නිරත ජනයා දශ ලක්ෂ ගණනකි.

    මොහොමඩ් සබීර්
    මොහොමඩ් සබීර්

    මොහොමඩ් සබීර් දිල්ලි අගනුවර වීදියක් යෝගට්වලින් තැනූ පානයක් විකුණමින් ජීවිතය ගැටගසා ගනියි. ඉදිරි ග්‍රීෂ්ම කාලයෙහි සිය ව්‍යාපාරය තවත් සරුවනු ඇත විශ්වාසයෙන් ඔහු තවත් දෙදෙනෙකුත් කුලියට ගෙන තිබිණි.

    ”දැන් මට ඔවුන්ට පඩි ගෙවන්න බැහැ. මගේ අතේ කිසි ම මුදලකුත් නැහැ.මගේ පවුල කීයක් හරි හම්බ කර ගන්නේ ගමේ ගොවිතැනක් කරලා. මේ අවුරුද්දේ මහ වැස්සට අහුවෙලා ඒවත් විනාශ වුණා. ගෙදර මිනිස්සු මගේ උදව්ව බලාපොරොත්තුවෙන් ඉන්නේ,” ඔහු පවසයි.

    ”මම හරි ම අසරණයි කියල දැනෙනවා. මට භයක් හිතෙනවා – කොරෝනා වෛරසයට ගොදුරුවෙන්න ඉස්සර වෙලා අපි බඩගින්නේ මැරේවි ද? කියල”

    රටේ සියලු වැදගත් ස්ථාන වසා දමනු ලැබ ඇති හෙයින් සංචාරක කර්මාන්තයෙන් මුදලක් උපයාගත් බොහෝ කණ්ඩායම්වලත් බඩට වැදී ඇත.

    කැමරාකරුවෙකු වන තේජ්පාල් කාශ්‍යප් (Tejpal Kashyap,) දිල්ලි අගනුවර ඓතිහසික මහා ද්වාරයෙහි (India Gate) ඡායාරූප ගනිමින් මුදලක් උපයා ගන්නා අතර මේ දිනවල කිසිදු වැඩක් නොලද බව පවසයි.

    ”පසුගිය සුමාන දෙක ම හරිම නරක කාලයක්. නිවෙස්වලට කොටු කිරීමේ නීතිය එන්න ඉස්සර පටන් ම තිබුණේ ඒවගේ ත්ත්වයක්. දැන් මට ආයෙත් මගේ ගමට යන්නත් නැහැ. වැඩත් නැහැ. මම දිල්ලියේ හිරවෙලා. මගේ ගම තියෙන්නේ – උත්තර් ප්‍රදේශවල. මම මගේ පවුල ගැන නිතර ම කනගාටුවෙන් ඉන්නේ ”

    මේ තත්ත්වය ඌබර් සහ ඕලා වැනි කුලීරථ සේවාවන්හි රියැදුරන්ටත් බලපා ඇත. ජගින්ර්දර් චෞදරී (Joginder Chaudhary) දිල්ලි ගුවන් තොටුපොළේ රැකියා කරන්නන් ප්‍රවාහනය කරන කුලී රියක් පදවයි. ඔහු කියා සිටින්නේ තමා වැනි පුද්ගලයන්ට රජයෙන් සහන දිය යුතු බවය.

    ”අපට එළියට යන්නේ නැතිව ඉන්න කියපු කාරණේ වැදගත්කම මට තේරෙනවා. කොරෝනා වෛරසය භයානකයි. අපි අපි ආරක්ෂාව සලසා ගත යුතුව තියෙනවා. නමුත් මේ තහනම සති කීපයක් බල පැවත්වුණොත් මම කොහොම ද මගේ දරු පවුල රැක ගන්නේ? ඔහු ප්‍රශ්න කරයි.

    මේ සපත්තු ඔප දමන්නා කොරෝනාවෛරසය නිසා ඉන්දියාව අක්‍රිය වූ බව නොදනී
    මේ සපත්තු ඔප දමන්නා කොරෝනාවෛරසය නිසා ඉන්දියාව අක්‍රිය වූ බව නොදනී

    එහෙත් ‘කොරෝනා’ ගැන අසා නැති පුද්ගලයන් ද නැතුවා නොවේ. ” මම අලහබාද් දුම්රිය පොළට එන මහත්වරුන්ගේ සපත්තු මැදීමයි කරන්නේ. ඒත් මේ දවස්වල කවුරුවත් පෙන්නේ නැහැ” නම් සඳහන් නොකළ සපත්තු ඔප දමන්නෙක් පැවසීය.

    මිනිස්සු ගමන් බිමන් නතර කිරීමට හේතුව තමා නොදන්නා බවත් සපතේරුවා පවසයි.

    ”මම දන්නේ නැහැ – මොනව ද වෙන්නේ කියල. මේ දවස්වල ස්ටේෂමට වැඩි දෙනෙක් එන්නේ නැහැ. ඇඳිරි නීතිය පනවල කියල මම දන්නවා.නමුත් හේතුව මොකක් ද කියල නම් දන්නේ නැහැ”

    විනෝද් ප්‍රජාපති (Vinod Prajapati) එම ප්‍රදේශයේ ම වතුර බෝතල් අලෙවි කරන්නෙකි.

    ”කොරෝනා වෛරසය ගැන ඔක්කොම මම දන්නවා. එක හරි ම භයානකයි. මුළු ලෝකය ම වෛරසය තුරන් කිරීමේ අරගලයක නිරත වෙනවා. ගෙදරක් තියෙන සල්ලිකාරයන්ට ඇතුළට වෙලා ඉන්න පුළුවන්. නමුත් අපි වගේ මිනිස්සුන්ට ආරක්ෂාව ද ?බඩගින්න ද? කියන දෙකෙන් එකක් තෝරාගන්න වෙලා තියෙනවා. මොකක් ද අපි තෝරගන්නේ?

    by BBC

  • ‘ශ්‍රී ලංකාව අමතන්න’ මාර්ගගත ද්වාරයෙහි 17,000ක් ලියාපදිංචි වෙයි

    ‘ශ්‍රී ලංකාව අමතන්න’ මාර්ගගත ද්වාරයෙහි 17,000ක් ලියාපදිංචි වෙයි

    මාර්තු 28 වැනි සෙනසුරාදා දහවල් වන විට එතෙර සිටින ශ්‍රී ලාංකිකයින් 17,457 දෙනෙකු විදේශ සබඳතා අමාත්‍යාංශයේ ‘ශ්‍රී ලංකාව අමතන්න’ මාර්ගගත ද්වාරයෙහි ලියාපදිංචි වී සිටියහ. මෙයින් 6,773 දෙනෙකු මැදපෙරදිග කලාපයෙන් ද, 1,892 දෙනෙකු යුරෝපයෙන් ද, 1,302 දෙනෙකු දකුණු ආසියාවෙන් ද, 1,028 දෙනෙකු උතුරු ඇමරිකාවෙන් ද මෙන්ම, තවත් 6,000 කට අධික පිරිසක් ලෝකයේ වෙනත් රටවලින් ද වෙති.

    එතෙර සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රයෝජනය සඳහා විදේශ සබඳතා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ඒජන්සිය (ICTA) එක්ව නිර්මාණය කරන ලද මෙම මාර්ගගත ද්වාරය, 2020 මාර්තු 26 වැනි බ්‍රහස්පතින්දා දියත් කරන ලදී. එය අමාත්‍යාංශයේ වෙබ් අඩවිය වන www.mfa.gov.lk මත පිහිටුවා ඇති අතර, www.contactsrilanka.mfa.gov.lk හරහා ද ඊට පිවිසිය හැකිය. එමඟින් ලැබෙන විමසීම්වලට ප්‍රතිචාර දැක්වීම සඳහා ඇපකැපවූ නිලධාරීන් කණ්ඩායමක් විදේශ සබඳතා අමාත්‍යාංශය විසින් යොදවා ඇත.

    ‘ශ්‍රී ලංකාව අමතන්න’ ද්වාරය හරහා මෙතෙක් ලැබී ඇති විමසීම් 700 කින් වැඩි ප්‍රමාණයක් ලැබී ඇත්තේ නැවත මෙරටට පැමිණීමේ හැකියාව සම්බන්ධයෙනි. කෙසේ වෙතත්, ඊයේ (මාර්තු 27) රජය විසින් විදේශගත ශ්‍රී ලාංකිකයන් වෙත කරන ලද විශේෂ ඉල්ලීමට අනුව, COVID-19 වෛරසය ආසාදනය වීමේ අවදානම අවම වන තෙක් සහ මෙම රෝගය ශ්‍රී ලංකාව තුළ මැඩපවත්වාගන්නා තෙක් ඔවුන් දැනට සිටින ස්ථානවලම ආරක්ෂිතව රැඳී සිටින ලෙස ඉල්ලා සිටින ලද අතර, එතෙර සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ක්ෂණික ගැටලු සඳහා අඛණ්ඩව පහසුකම් සැලසීම සහ විසඳුම් ලබා දීම පිණිස මෙම අමාත්‍යාංශය සිය දූත මණ්ඩල ජාලය හරහා පියවර කිහිපයක් ගෙන ඇත. ශිෂ්‍ය ප්‍රජාව පිළිබඳ සුභසාධනය, වීසා බලපත්‍ර දීර්ඝ කිරීම, රැකියා විරහිතයින්ට මූල්‍ය ආධාර නොමැතිකම, වැටුප් නොගෙවීම, වාණිජ ආයතන වසා දැමීම සහ නැවත ශ්‍රී ලංකාවට පැමිණීමේ දී සිදු කෙරෙන නිරෝධායනය පිළිබඳ ප්‍රශ්න යනාදිය, අනෙකුත් පොදු විමසීම් අතරට ඇතුළත් වේ.

    සංචාරය කිරීමට බාධා පැමිණීමෙන් අනතුරුව ගත වූ පසුගිය සති දෙක තුළ දී, විශේෂයෙන්ම ශිෂ්‍ය ප්‍රජාවන් මුහුණ දී ඇති ගැටළු පිළිබඳව විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල සුපරීක්ෂාකාරී වී ඇති අතර, ඒ සඳහා විසඳුම් ලබා දීමට කඩිනමින් පියවර ගෙන තිබේ. නේවාසිකාගාර විවෘතව පැවතීම හා ආහාර පාන/ප්‍රතිපාදන සැපයීම අදාළ ආයතන විසින් පවත්වාගෙන යාම සහතික කිරීම මෙන්ම, ඔවුන්ට වෛද්‍ය ආධාර අවශ්‍ය  වේ නම් එම වෛද්‍ය පහසුකම් වෙත යොමු කිරීම සහ හැකි සෑම අවස්ථාවකදීම සිසුන්ගේ විශ්වවිද්‍යාල/පාසල්වලට කෙරෙන ගෙවීම් සඳහා කාලය දීර්ඝකිරීම් ලබා ගැනීමට කටයුතු කිරීම, මෙසේ ක්‍රියාත්මක කර ඇති සමහර ක්‍රියාමාර්ග අතර වේ. එම අධ්‍යාපන ආයතන, ශ්‍රී ලාංකික සිසුන් හා ශිෂ්‍ය ප්‍රජාව සමඟ සමඟ සමීප සම්බන්ධතා පවත්වා ඔවුන්ගේ සුභසාධනය සඳහා අඛණ්ඩව කටයුතු කිරීමට ද මෙම දූත මණ්ඩලවලට උපදෙස් දී තිබේ.

    විශේෂයෙන් මැදපෙරදිග හා ආසියාවේ සිටින ශ්‍රී ලාංකික සේවකයින් සම්බන්ධයෙන්, මෙම දූත මණ්ඩල සත්කාරක රජයන් සමඟ එක්ව විදේශගත ශ්‍රී ලාංකික සේවකයින්ට හැකි තාක් දුරට සාධාරණ සැලකිල්ල හා සහන ලබා දීම සුරක්ෂිත කිරීමට කටයුතු කරනු ඇත. වැටුප් ගෙවීමට අදාළව කම්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ රැකියා සුරක්ෂිතභාවය සහතික කිරීම ද මෙයට ඇතුළත් ය.

    පුළුල් වශයෙන් ශ්‍රී ලාංකික ජනගහනය සම්බන්ධයෙන්, වේගයෙන් වෙනස් වෙමින් පවතින තත්ත්වය හමුවේ දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින සහ ආධාර අවශ්‍ය වන ශ්‍රී ලාංකිකයින් සඳහා ආධාර සැපයීමේ දී ශ්‍රී ලාංකිකයින් විසින් පිහිටුවා ඇති ශ්‍රී ලංකා සංගම්, සංවිධාන සහ පූජනීය ස්ථාන සමඟ සම්බන්ධ වන ලෙස ද මෙම දූත මණ්ඩලවලින් ඉල්ලා ඇත. මූලික වශයෙන් ආහාරපාන හා වෛද්‍ය පහසුකම් සැපයීම සඳහා පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වන ලෙස මෙම දූත මණ්ඩලවලින් ඉල්ලා ඇත.

    COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් බොහෝ රටවල් විසින් නිකුත් කර ඇති පාලන ක්‍රියාමාර්ග සැලකිල්ලට ගනිමින්, දැනට තම රටවල සිටින ශ්‍රී ලාංකිකයින් සඳහා සුදුසු පරිදි වීසා බලපත්‍ර දීර්ඝ කිරීමට පහසුකම් සලසන ලෙස, මීට පෙර මාර්තු 18 වැනි දින ශ්‍රී ලංකාව විදේශ රජයන්ගෙන් ඉල්ලා සිටියේය. රාජ්‍යයන් ගණනාවක් මෙම ඉල්ලීමට ධනාත්මක ලෙස ප්‍රතිචාර දක්වා ඇති අතර, මෙම ක්‍රියාවලිය සඳහා වන ක්‍රමවේදයන් එම පීඩාවට පත් වූවන් වෙත සන්නිවේදනය කරන ලෙස මෙන්ම, දැනට ශ්‍රී ලංකාවේ සිටින සියලුම විදේශීය ජාතිකයන් සඳහා මෙම මාර්තු මස මැද සිට ශ්‍රී ලංකාව මෙම පහසුකම ලබා දී ඇති හෙයින්, අන්‍යෝන්‍ය  ලෙස විධිවිධාන සකස් කිරීම සඳහා අනෙකුත් සත්කාරක රජයන් සමඟ කටයුතු කරන ලෙස ද, එම ශ්‍රී ලංකා දූත මණ්ඩලවලින් ඉල්ලා තිබේ.

  • දිස්ත්‍රික්ක 6ක දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම

    දිස්ත්‍රික්ක 6ක දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම

    කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම ක්‍රියාත්මකව පවතී.

    සෙසු සියළුම දිස්ත්‍රික්කවල හෙට, මාර්තු 30 සඳුදා උදෑසන 6.00ට ලිහිල් කෙරෙන ඇඳිරි නීතිය දහවල් 2.00ට නැවත පනවනු ලැබේ.

    අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.

    අත්‍යාවශ්‍ය සේවා කර්යක්ෂමව පවත්වාගෙන යනු පිණිස යොදා ඇති ක්‍රමවේද අවභාවිත කරන අයට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරනු ලැබේ.

    කොරෝනා වෛරසය ව්‍යාප්තිය නතර කිරීමට ඉවහල් වන ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ හුදෙක් ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා බැවින් එකී ක්‍රියාමාර්ග සහ උපදෙස් වගකීමෙන් පිළිපදින ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටී.

    කළුතර දිස්ත්‍රික්කයේ අටලෝගම සහ මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ ගම්මාන සම්පූර්ණයෙන්ම හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇත. කවරකුට හෝ මේ ගම්මාන දෙකට ඇතුළුවීමට හෝ ඉන් පිටවීම හෝ සම්පූර්ණයෙන් තහනම් වේ.

  • කොරෝනා භීතියට ප්‍රතිචාරීව බිහි වූ ලොව පුරා “නිරෝධායන සංස්කෘතිය”

    කොරෝනා භීතියට ප්‍රතිචාරීව බිහි වූ ලොව පුරා “නිරෝධායන සංස්කෘතිය”

    පුද්ගලයෙකුගේ සැබෑ ස්වරූපය අර්බුදයකදී හෙළි වන බව‘ කියනු ලැබේ. මේ වන විට ගෝලීය ව්‍යසනයක් බවට පත්ව ඇති කොරෝන වෛරසය වසංගතය අපට, රටකට මෙතෙක් කිසිවක් උගන්වා ඇත්නම් ඒ ඉහත ප්‍රකාශය යි.

    කොරෝන වෛරසය පැතිරීම මන්දගාමී කිරීම සඳහා ලෝකය වැඩි වැඩියෙන් බංකර් ගසමින් සිටින විට, සිදුවෙමින් පවතින වඩාත් සිත්ගන්නාසුලු සංසිද්ධියක් වන්නේ විවිධ නගර සහ රටවල් වසංගතයට සාර්ථකව මුහුණ දීමට ඔවුන්ගේම “නිරෝධායන සංස්කෘතිය” නිර්මාණාත්මක, විචක්ෂණශීලී හා ප්‍රබෝධමත් කරන ක්‍රම අත්හදා බලමින් සිටීමයි.

    පසුගිය සති කිහිපය තුළ, ජාතියක සංස්කෘතිය කොරෝනා වයිරසයට වඩා ශක්තිමත් බව ලෝකය දැනගෙන ඇත (ණය: ණය: පියරේ සූ)
    පසුගිය සති කිහිපය තුළ, ජාතියක සංස්කෘතිය කොරෝනා වයිරසයට වඩා ශක්තිමත් බව ලෝකය දැනගෙන ඇත

    බොහෝ ආකාරවලින්, මෙම ගෝලීය වසංගතය විවිධ ජාතීන්ට සැබවින්ම වැදගත් වන දේ හෙළි කරමින් සිටින අතර, එම ක්‍රියාවලියේදී රටක ස්වභාවය පිළිබඳව බොහෝ දේ හෙළි කරයි. මේ ලෝකය මෙතරම් විස්මයජනක ලෙස විවිධාකාර කරවන බොහෝ පුද්ගලයින්, ස්ථාන සහ සංස්කෘතීන් ද එය අපට මතක් කර දෙයි.

    අපි පසුගිය දා අපගේ පාඨකයින් කිහිප දෙනෙකුගෙන් ඉල්ලා සිටියේ ඔවුන් ජීවත් වන නිරෝධායන සංස්කෘතීන් ගැන කතා කරන ලෙසයි.

    ප්‍රංශය

    ප්‍රංශය එහි Boulangeries / පාන් බේකරි නොහැතිව කුමක් කරන්න ද? පාන් විලාසිතාවෙන් බැහැර වී ඇති නමුත් සාම්ප්‍රදායික  Franch baguette වසංගතයකදී පවා කිසි විටෙකත් එසේ නොවනු ඇත.

    ඉතාලියේ නායකත්වය අනුගමනය කරමින් ප්‍රංශ රජය විසින් පැරීසියේ දැඩි අගුලු දැමීමේ පියවරයන් පනවා ඇති අතර එමඟින් තම නිවසින් පිටවන ඕනෑම කෙනෙකුට ඔවුන් පිටත සිටින්නේ ඇයිද යන්න සාධාරණීකරණය කරමින් අත්සන් කරන ලද පෝරමයක් ඉදිරිපත් කළ යුතුය. 

    එය “අත්‍යවශ්‍ය නොවන” සියලුම ව්‍යාපාර වසා දමා ඇත. මෙම අවශ්‍යතාවය තුළ සුපිරි වෙළඳසැල් සහ ඖෂධහල් දිගටම පවත්වා ගෙන යන අතර, ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද නිල නියෝගය ව්‍යතිරේක 40 ක් පමණ ලැයිස්තුගත කර ඇත. බේකරි, මස්කඩ, බාර්, චීස් අලෙවි සැල් ද ඇතුළත් ඒවා “ජාතියේ ජීවිතයේ අඛණ්ඩ පැවැත්මට අත්‍යවශ්‍ය” යැයි සලකනු ලැබේ.

    ප්‍රංශය සියළුම "අත්‍යවශ්‍ය නොවන" ව්‍යාපාර වසා දමා ඇත - නමුත් ජාතියේ ආදරණීය බෝලැන්ගරි විවෘතව තබා ඇත (ණය: ණය: ස්ටෙෆනි කාර්දිනල් / ගෙටි රූප)
    ප්‍රංශය සියළුම “අත්‍යවශ්‍ය නොවන” ව්‍යාපාර වසා දමා ඇත – නමුත් ජාතියේ ආදරණීය බේකරිෙ විවෘතව තබා ඇත

    දැන්, පැරීසියේ සිට ප්‍රොවෙන්ස් දක්වා සෑම උදෑසනකම ප්‍රංශයේ හිස් වීදි හරහා නැවුම්ව පිළිස්සූ පාන් සුවඳ වහනයවේ. ප්‍රංශය පුරා බේකරි 33,000 ක් පමණ විවෘතව පවතී. මා ජීවත් වන නගරයේ පිහිටි පාන් බේකරියේදී ද, අසල්වැසියන් එකිනෙකාගෙන් ආරක්ෂිත සමාජ දුරක් සහතික කරමින් නැවුම් බෑගට් එකක් තෝරා ගැනීමේ දෛනික චර්යාව දිගටම කරගෙන යයි.

    National Confederation of French Patisseries and Bakeries (CNPBF) සභාපති ඩොමිනික් ඇන්රැක්ට අනුව, “පාන් ප්‍රංශ සංස්කෘතියේ සංකේතයකි.” 

    ප්‍රංශ පුද්ගලයෙකුගේ ජීවිතයේ බේකරි විසින් ඉටු කරනු ලබන වැදගත් කාර්යභාරය ඇනරැක්ට් පැහැදිලි කළේය. “ඔබ කුඩා දරුවෙකු ලෙස සංචාරය කරන පළමු ස්ථානය පාන් මිලදී ගැනීම සඳහා වූ බේකරිය / බුලන්ගරි යි. වැඩිහිටියන් සඳහා, දිවා කාලයේ ඇති එකම මිනිස් සම්බන්ධතාවය බොහෝ විට දේශීය බුලන්ගර් (බේකරි) සමඟ වේ. ”

    වසංගතයක් තුළ බේකරි විවෘතව තබා ගැනීමට ගත් තීරණය පරිපූර්ණ අර්ථයක් ලබා දෙයි. 

    “ප්‍රංශ ජනතාව පෝෂණය කිරීම සඳහා බූලන්ගරි යනු මූලික අවශ්‍යතාවයක් වන අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් සුපිරි වෙළඳසැල් වලට සමීපව ජීවත් නොවෙති.”

    වයින් මේ දිනවල පැරිසියේ අත් සනීපාරක්ෂක යන්ත්‍රය තරම්ම වටිනා බව පෙනේ. 

    “ප්‍රංශ ජාතිකයින්ට වයින් පානය නොකර හොඳ ආහාර වේලක් ගැනීම ගැන සලකා බැලිය නොහැකියි. එය පාන් නැති ආහාරයක් වගේ ”යැයි ප්‍රංශයේ වයින් රස බැලීමේ උපදේශක තියරි ගිවෝන් පැවසීය. 

    සමහර දේශීය වයින් සාප්පු නිරෝධායන යටතේ දිවි ගෙවන පදිංචිකරුවන්ට වයින් බෝතල් හයක් හෝ 12 ක් “දිවි ගලවා ගැනීමේ ඇසුරුම්” ලබා දීමට පටන් ගෙන තිබේ.

    අප සමාජයෙන් දුරස්ව වැලඳ ගැනීම නිසා කම්මුල් සිප ගැනීමේ පුරුද්දට බාධා ඇති විය හැකි නමුත් කිසිදු වසංගතයක් අපගේ ප්‍රීතිමත් ආත්මය ප්‍රතික්ෂේප නොකරයි.

    ජර්මනිය

    බර්ලිනයේ රාත්‍රී ජීවිතය පුරාවෘත්තයට වඩා අඩු දෙයක් නොවේ. දශක ගණනාවක් තිස්සේ, ට්‍රෙසෝර් සහ බර්ගයින්  Tresor and Berghain වැනි සමාජ ශාලා ජර්මන් ජනතාවට සහ සංචාරකයින්ට දෙව්ලොවක් මවාදී තිබේ. ඒ සමග ලෝක තාක්ෂණික අගනගරය ලෙසත් නගරයේ තත්වය තහවුරු කර තිබේ. 

    නමුත් ජර්මානු රජය මෑතකදී දෙදෙනෙකුට වඩා රැස්වීම් තහනම් කිරීමත්, චාන්සලර් ඇන්ජෙලා මර්කල් පවා ස්වයං හුදකලාවට ලක්වීමත් සමඟ, සිකුරාදා (හෝ අඟහරුවාදා හෝ ඉරිදා) රාත්‍රියක මෙහි සාදයක් පැවැත්විය යුත්තේ කොතැනද යන ප්‍රශ්නයට ඇත්තේ එකම පිළිතුරකි: නිවස. 

    ස්වාධීන සමාජ ශාලා හා ප්‍රසංග වේදිකා 245ක පමණ සංගමයක් වන ‘බර්ලිනයේ ක්ලබ්කොමිෂන් සමාජ ශාලාවේ‘ සිට දිනපතා සජීවීව විකාශනය වන ඩීජේ උත්සව හරහා සාදය සජීවීව තබා ගනී. 

    ‘‘අපි සාමාන්‍යයෙන් 02:00 හෝ ඊට පසුව සමාජ ශාලාවෙන් පිටත පෝලිමේ සිටියත්, සජීවී ප්‍රසංග රාත්‍රී 19:00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා පවත්වනු ලබන අතර නිරෝධායන බලපෑමට ලක්වූ සමාජ ශාලා සහ කලාකරුවන්ට ආධාර කිරීම සඳහා පරිත්‍යාග කිරීමට ප්‍රේක්ෂකයින් දිරිමත් කරනවා‘‘

    නිරෝධායන රේවර්ස් සඳහා රාත්‍රී ප්‍රසංග සජීවීව විකාශනය කිරීමෙන් බර්ලින් පක්ෂය ලෝකයේ තාක්‍ෂණික අගනුවරට ගෙන යමින් සිටී (ණය: ණය: ජෝන් මැක්ඩොගල් / ගෙටි ඉමේජස්)

    1991 දී ට්‍රේසර් සමාජ ශාලාව ආරම්භ කළ දිමිත්‍රි හෙග්මන් පැවසුවේ “මෙම UWS online party බර්ලින් සමාජ ශාලා අතර ගැඹුරු සහයෝගීතාවයක් පෙන්නුම් කරයි. පුදුම සහගත කාලයන් වුවද, බර්ලිනයේ රාත්‍රී ජීවිතයේ ආත්මය ඉක්මණින් පහව යන්නේ නැත. අවම වශයෙන් මිනිසුන්ට සැබවින්ම එකට එකතු විය හැකි වුවත්. වසංගතය අවසන් වූ පසු? 

    “දිගු කාලීනව කුමක් සිදුවේදැයි මම නොදනිමි. මම දන්නවා කොරෝන වසංගතයෙන් පසු මිනිසුන් පිටත් වන අතර සාදය නතර නොවනු ඇත.” හෙග්මන් පැවසීය. 

    ඉන්දියාව

    කොරෝන වෛරසය පැතිරීම මන්දගාමී කිරීමේ උත්සාහයක් ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මේ සතියේ ඉන්දියාව දින 21ක් වසා දමන බව  බව නිවේදනය කරමින් බිලියන 1.3 ක ජනතාවකට ගෘහස්ථව සිටීමට නියෝග කළේය. අගුලු දැමීමේ ප්‍රවණතාව සහ ඔවුන්ගේ අත්‍යවශ්‍ය සාප්පු සවාරි හා වෛද්‍ය අවශ්‍යතා සපුරාලන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමට මිනිසුන් තවමත් අරගල කරමින් සිටියද, අප මෙතෙක් වැසිකිලි කඩදාසි ගබඩා කර නොමැත.

    මෝඩිගේ නිවේදනයෙන් ටික කලකට පසු ඉන්දියාවේ ජනප්‍රිය කීර්තිමත් යුවළක් වන ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි සහ ඔහුගේ ආදරණීය බොලිවුඩ් නිළි බිරිඳ අනුෂ්කා ෂර්මා ට්විටර් වෙඩ් අඩවියට පිවිස මිලියන 55 ක අනුගාමිකයින්ට පවසා සිටියේ “අපට පවසා ඇති දේ අනුගමනය කර එක්සත් වන්න” යනුවෙනි. ” එහෙත්, ඉදිරි සති තුන තුළ ඉන්දියානුවන්ට දුෂ්කර විය හැකි දෙය නම්, වචනාර්ථයෙන් – බෙදී යන්නේ කෙසේද යන්න ඉගෙන ගැනීමයි.

    හුණු ඇදගත් කවයන් සමඟ සෞඛ්‍ය සම්පන්න සමාජ දුරක් පෝලිම් ගැසෙන ආකාරය බලධාරීන් ඉන්දියානුවන්ට උගන්වයි (ණය: ණය: හින්දුස්ථාන් ටයිම්ස් / ගෙටි රූප)
    හුණු කවයන් සමඟ සෞඛ්‍ය සම්පන්න සමාජ දුරක් පෝලිම් ගැසීමට බලධාරීන් ඉන්දියානුවන්ට උගන්වයි

    දැන්, ඉන්දියානුවන් වන අපට බොහෝ වටිනා ගුණාංග තිබිය හැකි නමුත් පෝලිම් ගැසීම ඒවායින් එකක් නොවේ. බොහෝ මිනිසුන් සිටින රටක, පුද්ගලික අවකාශය පිළිබඳ සංකල්පය ප්‍රායෝගිකව නොපවතී. මෙහි පැමිණ ඇති ඕනෑම අයෙකු දන්නා පරිදි, සරල රේඛාවක් යනු සාමාන්‍යයෙන් ආගන්තුකයන් දුසිම් ගණනක් එකට රවුමට ගොස් එකිනෙකාට කෑ ගසමින් සාප්පු කවුන්ටරයක් ඉදිරිපිට පොරකෑමයි.

    ඉතින්, අගුලු දැමීම මධ්‍යයේ, සුපිරි වෙළඳසැල් ඉන්දියානුවන්ට ආරක්ෂිත දුරක් වෙන්ව සිටිය යුතු ආකාරය ඉගැන්වීමට උත්සාහ කර ඇති අතර සාප්පු වලින් පිටත හුණු සමග අංක රවුම් ඇඳීමෙන් පළමු වරට පැමිණෙන අයට සේවය කළ හැකිය. 

    බටහිර බෙංගාල ප‍්‍රාන්තයේ මහ ඇමතිනිය වෙළඳපොළ වෙත සැලසුම් සහගතව සංචාරය කර පාරේ රවුම් ඇඳීමටත්, සමාජයෙන් ඈත්වීමේ සංකල්පය ජනතාවට පැහැදිලි කිරීමටත් උපදෙස් දුන්නාය.

    පෝලිම් යනු අප ඉගෙන ගන්නා එකම පාඩම නොවේ. පසුගිය දින කිහිපය තුළ, ඉන්දියාවේ දුරකථන ඇමතුමක් ලබා ගන්නා ඕනෑම කෙනෙකුට කැස්ස සහ අත් සේදීම අතරතුර ඔබේ මුඛය වසා ගැනීමේ වැදගත්කම පිළිබඳව පටිගත කරන ලද පණිවිඩයකට සවන් දීමට සිදුවිය. 

    නමුත් කේරළ පොලිස් දෙපාර්තමේන්තුවේ මෙම  වෛරස් වීඩියෝ පටය කිසියම් දෙයක් සනාථ කරන්නේ නම්, බොලිවුඩ් විලාසිතාවේ විචිත්‍රවත් නර්තනයක් සහිත ගීතයක් සහ නර්තනයක් සමඟින් අත් සනීපාරක්ෂාව පිළිබඳ වැදගත්කම අපට දැකගත හැකිය.

    බ්‍රිතාන්‍යය

    බ්‍රිතාන්‍ය පබ් එක සෑම විටම පවතින ආකාරයටම පවතී. එක්සත් රාජධානියේ අගමැති සහ මෑතදී කොවිඩ් 19 ආසාදිත බොරිස් ජොන්සන් පැවසූ පරිදි, බ්‍රිතාන්‍යයන්ට “පබ් එකට යෑමට” ඇති අයිතිය අහිමි කළ නොහැකි අතර එය ඔවුන් උපතින්ම ලද අයිතියකි.

    කොරෝනා වයිරස් වසංගතය ඒ සියල්ලට අවසන් කළේය. මාර්තු 20 වන සිකුරාදා අපගේ පරම අයිතිය අපට අහිමි කරන ලද අතර පබ් වසා දමන ලදි. ඊනියා සමාජ දුරස්ථභාවය ඒ සියලු සතුට අපට අහිමි කළේය.

    නමුත් WhatsApp, Skype, Zoom සහ HouseParty වැනි යෙදුම් සමඟ ශාන්ත ඉව්ස් සිට ස්වන්සී සිට ෂෙට්ලන්ඩ් දක්වා මිතුරන් සමඟ සබැඳිව විනෝද වීමට වේදිකාවක් ලබා දීමත් සමඟ ‘ඩිජිටල් පානය කිරීමේ‘ ප්‍රීතිමත් පැය බිහි වී තිබේ. එවැනි එක් පබ් එකක් වන ඩන්ඩි හි පිහිටි  ජිම් පැනීස් වර්චුවල් පබ් හි දැන් අනුග්‍රාහකයන් 13,000 කට ආසන්න සංඛ්‍යාවක් සිටින අතර එය සවස් යාමයේ කදිම සමාගමකි.

    බ්‍රිතාන්‍යයේ වසා දැමූ මත්පැන්හල් අතථ්‍ය ප්‍රීතිමත් පැය සහ කෝවිඩ් සීලිඩ් (ණය: ණය: ක්ලයිව් බ්‍රන්ස්කිල් / ගෙටි ඉමේජස්)
    බ්‍රිතාන්‍යයේ වසා දැමූ මත්පැන් හලක්

    ඉතින්, අපි සයිබර් උපන්දින සාද, ඔන්ලයින් ස්ටාග් ඩෝ සහ තිරයේ පබ් ප්‍රශ්නාවලිය වැලඳගෙන සිටිමු. ලැන්කෂයර් හි වර්චුවල් පබ් ප්‍රශ්නාවලිය වෙත  මේ සතියේ දී ලොව පුරා 340,000 ක් උනන්දුවක් දැක්වීය. අපගේ නවතම ඩිජිටල් බව්තීස්මය?  

    ඉතින්, ඔබ මේ අගුලු දැමීමේ සති අන්තයේ කරන්නේ කුමක්ද? ඔබේම ඩිජිටල් පබ් එකක් විවෘත කිරීමට තවමත් කාලය තිබේ, නැතහොත් ඔබට සමලිංගික ගෝර්ඩන්ස් හෝ හයිලන්ඩ් බාන් නැටුමකට යා හැකිය. 

    මට? මම සෙනසුරාදා රාත්‍රියේ ග්ලාස්ගෝ සහ එඩින්බරෝ හරහා මිතුරන් 12 දෙනෙකු සමඟ මගේ පළමු ඩිජිටල් ප්‍රීතිමත් පැය සඳහා සහභාගී වෙමි. මේ දිනවල නිදහසට කරුණක් අවශ්‍ය නොවී, අපි ඕනෑම ආත්මයක් ඔසවන්නෙමු‘‘ – මයික් මැක් ඊචරන්

    ඕස්ට්‍රේලියාව

    කිඹුලන්, මෝරුන් සහ මාරාන්තික සර්පයන් සහ මකුළුවන්ගෙන් පිරී ඉතිරී යන දූපතක දිවි ගලවා ගැනීම සඳහා ඕස්ට්‍රේලියානුවන්ට එළිමහනේ ඇති ආදරය, පසුගාමී ආකල්පය සහ දක්ෂතාවය ඒකාබද්ධ කරන එක් සම්ප්‍රදායක් තිබේ නම්, එය පාස්කු කඳවුරු බැඳීමකි. 

    සාමාන්‍යයෙන් අවුරුද්දේ මේ කාලය වන විට, අපේ සීතල ශීත කාලය ආරම්භ වීමට පෙර, නිවාඩු දින සති අන්තයේ මිතුරන් හා පවුලේ අය සමඟ කඳවුරක් තුළ බාබකියු කිරීම සඳහා ඕස්ට්‍රේලියානු කණ්ඩායම් සූදානම් වනු ඇත.

    රටම නිවාස තුළට කොටු කිරීම නැතහොත් ගෘහස්ත පසුබැසීම නිසා පාස්කු නිවාඩු අවලංගු වන්නට ඇත, නමුත් ඕස්ට්‍රේලියානුවන් වන අපි නව නිපැයුම් කිරීමට රුසියෝ වෙමු.

    300,000 කට වඩා ඕස්ට්‍රේලියාව සාමාන්‍යයෙන් පාස්කු ඉරිදා කඳවුරු බැඳ ගනු ඇත.  ඒ වෙනුවට බොහෝ දෙනෙක් ගෘහස්ථව කූඩාරම් ගසනු ඇත.  (ණය: ණය: ජේම්ස් බෝයර් / ගෙටි රූප)
    300,000 කට වඩා ඕස්ට්‍රේලියාව සාමාන්‍යයෙන් පාස්කු ඉරිදා කඳවුරු බැඳ ගනු ඇත. ඒ වෙනුවට බොහෝ දෙනෙක් ගෘහස්ථව කූඩාරම් ගසනු ඇත.

    මේ පාස්කු සති අන්තයේ ෙ ඕස්ට්‍රේලියාවේ කැරවාන් හිමියන් 300,000 කට අධික පිරිසකට ඔවුන්ගේ ගෘහ උද්‍යාදනයේ හෝ විසිත්ත කාමරවලො කූඩාරමක් දැමීමට දිරිගැන්වීම ආරම්භ කර තිබේ.

    කොවිඩ් -19 බොහෝ දුරට අපගේ නිවෙස්වලට පමණක් සීමා වී ඇත. නමුත් ඕස්ට්‍රේලියානු ජන ජීවිතය සම්පූර්ණයෙන් බිද දැමීමට එයට හැකියාවක් නැත. අපි අපේ සීමිත අවකාශයන් තුළ ඔසී සංස්කෘතිය භුක්ති විදින්නෙමු. – කැතරින් මාෂල්

    කොරියාව

    රාත්‍රී වෙලඳපොලවල්, වැඩ කරන කාලසටහන් සහ අවිනිශ්චිත ස්මාර්ට්ෆෝන් සංස්කෘතිය අතර, සෝල් යනු ‘උදේ සන්සුන් දේශය‘ නමින් හැඳින්වෙන සුන්දර, නමුත් අතිෂයින් කාර්යබහුල නගරයකි. නමුත් පසුගිය සති කිහිපය තුළ, දකුණු කොරියාවේ  සමාජ දුරස්ථ භාවයට දුන් නියෝගය මගින් මිහිිරි සන්සුන් බවක් ඇති කරන ගෝලීය ප්‍රවණතාවක් ඇති කර තිබේ.

    දකුණු කොරියාවේ මිත්‍රත්වය ආරම්භ වීම හා පවත්වා ගෙන යාම බොහෝ විට අදහස් කරන්නේ ආපන ශාලාවක හමුවීමයි. රොයිටර් වාර්තාවකට අනුව ලෝකයේ ඒක පුද්ගල කෝපි හල්වල ඉහළම ඝනත්වය පවතින්නේ දකුණු කොරියාවේය. 

    නමුත් දැන් කොරෝනා බිය නිසා කෝපිහල්වල අඩු පිරිසක් සිටින විට, කොරියානුවන් අපේ කැෆේ සංස්කෘතිය නිවසේදීම ප්‍රතිනිර්මාණය කිරීමට තෝරාගෙන ඇත්තේ සීනි, කිරි සහ අයිස් සමඟ ක්ෂණික කෝපි පානය කරන ආකාරය පිළිබඳ ඡායාරූප හෝ වීඩියෝ අන්තර්ජාලයට එක් කිරීමෙනි.

    ඩල්ගෝනා කෝපි

    ගුගල් ප්‍රවණාත්වන්ට අනුව මෙම උමතුව පසුගිය පෙබරවාරි මස අග සිට ඉහළට නැගීමට පටන් ගත්තේය. ලොව පුරා වෙසෙන බොහෝ දෙනෙක් නිවසේ සිරවී සිටින හෙයින්, ලොව පුරා වැඩි වැඩියෙන් ජනයා කොරියානු කෝපි පානය කිරීමට උත්සාහ කරති. ඒ නිසා අන්තර්ජාල අවකාශය කොරියානු කෝපිවලින් පිරි ඉතිරී ගොසිනි.

    මෙහි ඇති ඩල්ගෝනා කෝපි වලට වඩා රසවත් එකම දෙය වන්නේ අතින් ලියන ලද ස්තුති සටහන් අතහැර දැමීමේ ප්‍රවණතාවයයි. (සමහර විට කුඩා තෑගි සමඟ) කොරියානු සංස්කෘතිය තුළ, අත් අකුරින් ස්තූති කිරීම වාචික හෝ විද්‍යුත් තැපැල් ස්තූතියට වඩා කෘතඥතාවයේ ගැඹුරු සලකුණකි. 

    කොරියානු ටයිම්ස් පුවත්පත එක් අවස්ථාවක කොරියානු භාෂාමය සංගමයක සාමාජිකයෙකු උපුටා දක්වමින් සදහන් කළේ, “අපේ මුතුන් මිත්තන් විශ්වාස කළේ අතින් ලියන ලද ලිපි මගින් පුද්ගලයෙකුගේ හැඟීම් පෙන්නුම් කරන බවයි.”

    කොරියානු භාෂාවෙන් අත් අකුරින් ලියන ලද ස්තුති සටහන් සහ යාඥා පෙන්වන ඉන්ස්ටග්‍රෑම් පින්තූර දහස් ගණනක් අතරින්, මේ දක්වා ජනප්‍රියම වාක්‍ය ඛණ්ඩයක් වන්නේ, “කොරොන වයිරසයට ගොදුරු වූවන් තවත් නොමැති බව මම විශ්වාස කරමි.” යන්නයි.

    ඉතිං, කොරෝනා අප අසල්වැසියාට මහත් භීතියක් උරුම කර ඇති අවස්ථාවකට පවා අපට නවීකරණය කරන ලද නිර්මාණශීලී අවකාශයක අපේ සංස්කෘතිය නව මානයකින් පවත්වා ගෙන යාමට හැකියාව උදාවී ඇත.

    බී.බී.සි. ට්‍රැවල් හි පළ වූ ලිපියක දළ පරිවර්තනයකි. – සැකසුම තුෂාධවි

  • Covid 19: World Hot Review: මරණ 28,000යි – ආසාදන 600,000යි

    Covid 19: World Hot Review: මරණ 28,000යි – ආසාදන 600,000යි

    ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය විසින් කරන ලද සංඛ්‍යාලේඛනවලට අනුව, ගෝලීය වශයෙන් ආසාදන 600,000 කට ආසන්න සංඛ්‍යාවක් සහ මරණ 28,000 කට ආසන්න සංඛ්‍යාවක් තහවුරු වී තිබේ

    ඉන්දිය අගමැති මෝදි විසින් දැඩි අනතුරු ඇඟවීමක් සමග හඳුන්වා දුන් – දැඩි අගුලු දැමීමෙන් පසුව කොරොන වයිරස් රෝගය පාලනය කිරීමට ඉන්දියාව අනුගමනය කරන ඇතැම් ‘දැඩි‘ පියවර ජාත්‍යන්තර වශයෙන් දැඩි අවධානයට ලක්ව තිබේ.

    විශේෂයෙන් ඇදරි නීතිය කඩකළ පුද්ගලයින්ට ඉන්දීය පොලිසිය විසින් පහර දෙන ආකාරයට සහ විවිධාකාර දඩුවම් පනවන ආකාරය ඇතැම් පාර්ශ්වයන්ගේ ඇගයීමට ලක්ව ඇති අතර බහුතරයක් එය දැඩිව විවේචනය කර තිබේ.

    විශේෂයෙන් පසුගිය අඟහරුවාදා සති තුනක අගුලු දැමීම පිළිබඳ නිවේදනය නිකුත් කරන විට ජනතාවට ඊට සූදානම් වීම සදහා පැවතියේ පැය හතරකට අඩු කාලයක් වීම සහ රජයට පූර්ව සූදානමක් නොවීම මීට ප්‍රබල ලෙස හේතු වී තිබේ. විශේෂයෙන් ඉන්දියාවේ දිළිදු පුද්ගලයින් මුහුණ පාන තත්ත්වය ගැන ආණ්ඩුව ප්‍රමාණවත් අවධානයක් යොමු නොකළ බවට චෝදනා තිබේ.

    එහෙත් පසුගිය දා ඉන්දිය ආණ්ඩුව අඩු ආදායම්ලාභීන්ට සහන සැලසීම සදහා ඩොලර් බිලියන 45ක අරමුදලක් ආරම්භ කළේය.

    මේ අතර ඉන්දියාව තුළ අද (28) වන විට කොරෝනා ආසාදිත පුද්නිගලයින් 900 ක් පමණ හදුනා ගෙන ඇති අතර මරණ සංඛ්‍යාව 20 දක්වා වැඩි වී තිබේ.

    කෙසේ වෙතත්, විශේෂඥයන් කනස්සල්ලට පත්වන්නේ සැබෑ ආසාදන සංඛ්‍යාව මීට වඩා බෙහෙවින් වැඩි විය හැකි බවයි. ධාරිතාව ඉහළ නැංවීමේ උත්සාහයන් පැවතුනද ලෝකයේ අඩුම කොරෝනා ආසාදන පරීක්ෂණ අනුපාතයක් වාර්තා කරන්නේ ඉන්දියාව විසින් වීම ඊට හේතුවයි.

    ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ රටක් වන ඉන්දියාවේ කොරෝනා වෛරසය නිසි පරිදි පාලනය කරගත නොහැකි වුවහොත් මහත් විනාශයක් විය හැකි බවට බියක් පවතී.

    “සම්පුර්ණ අගුලු දැමීමේ” පියවර යටතේ මිනිසුන්ට නිවාස හැර යාම තහනම් කර ඇති අතර වසා දැමීමෙන් මිලියන ගණනක් රැකියා විරහිතව හා මුදල් නොමැතිව සිටින අතර පීඩාවට පත් ජනතාව ප්‍රධාන නගර වලින් නික්ම යාමක් සිදුවිය.

    සංක්‍රමණික ශ්‍රමිකයන් දහස් ගණනක් ප්‍රවාහනය සේවා නැවැත්වීමෙන් පසු නැවත සිය ගම්මාන වෙත පයින් ගමන් කරනු දැකගත හැකිය.

    මේ අතර ප්‍රාන්ත රජයන් කිහිපයක් දිළිදු ජනතාවට මුදල් ලබා දෙන බවට පොරොන්දු වී ඇත.

    2020 මාර්තු 28 වන දින චෙන්නායි හි COVID-19 කිරීටක වෛරසයට එරෙහි වැළැක්වීමේ පියවරක් ලෙස පොලිස් පරීක්ෂක රාජේෂ් බාබු (වමේ) කොරෝනා වයිරස් තේමාවක් සහිත හිස්වැස්මක් පැළඳ සිටී.
    පොලිසිය දින 21 ක අගුලු දැමීම බලාත්මක කරයි

    මේ අතර, වෛරසය ලොව පුරා වෙනත් රටවල වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින අතර කොරෝන වෛරසයේ නව කේන්ද්‍රය බවට එක්සත් ජනපදය පත්ව ඇත.

    ලෝකයේ නව ප්‍රවණතා කෙටියෙන්

    • කොරෝනා වයිරස් වසංගතය ආරම්භ වූ චීනයේ නගරය වන වුහාන් නගරය මාස දෙකකට වැඩි කාලයක් හුදෙකලා වීමෙන් පසුව අර්ධ වශයෙන් නැවත විවෘත කර ඇත.  ඇත. මිනිසුන්ට ඇතුළුවීමට අවසර දී ඇති නමුත් පිටව නොයන බව වාර්තා වේ.
    • ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය විසින් කරන ලද සංඛ්‍යාලේඛනවලට අනුව, ගෝලීය වශයෙන් ආසාදන 600,000 කට ආසන්න සංඛ්‍යාවක් සහ මරණ 28,000 කට ආසන්න සංඛ්‍යාවක් තහවුරු වී තිබේ.
    • පසුගිය පැය 24 තුළ තවත් මරණ 832 ක් වාර්තා වීමෙන් පසුව ස්පාඤ්ඤයේ මියගිය සංඛ්‍යාව 5,000 ඉක්මවා ඇත. ස්පාඤ්ඤය ඉතාලියෙන් පසු ලෝකයේ දරුණුතම පීඩාවට පත් රටයි
    • එක්සත් ජනපදය දැන් වැඩිම ආසාදන සංඛ්‍යාවක් 104,000 ක් වාර්තා කර ඇත
    • දකුණු කොරියාව පවසන්නේ පළමු වරට වෛරසයෙන් සුවය ලැබූ පුද්ගලයින් නැවත වරක් ආසාදනය වී ඇති බවයි. සෙනසුරාදා නව රෝගීන් 146 ක් වාර්තා වූ අතර, එම සංඛ්‍යාව 9,478 ක් වන අතර ඉන් 4,811 ක් රෝහලෙන් නිදහස් කර ඇත
    • වෛරසය පැතිරීම මන්දගාමී කිරීමට උත්සාහ කිරීම සඳහා නව සීමාවන් පැනවූ නවතම රටවල් අතර රුසියාව සහ අයර්ලන්තය ද වේ. රුසියාවේ සාප්පු, ආපනශාලා වසා දැමීමට නියෝග කර ඇත.  අයර්ලන්තයේ, ඉදිරි සති දෙක සඳහා මිනිසුන්ට සීමිත ව්‍යතිරේකයන් සමඟ නිවසේ රැඳී සිටීමට සිදුවනු ඇත.

    Text BY BBC.COM – Thushadhavi

  • ශ්‍රී ලංකාවේ පළමු කොරෝනා ආසාදිතයා මියයයි

    ශ්‍රී ලංකාවේ පළමු කොරෝනා ආසාදිතයා මියයයි

    කොවිඩ් 19 වෛරසය ආසාදනය වී කොළඹ අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු මිය ගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද (28) සවස නිවේදනය කළා.

    මාරවිල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මිය ගිය ආසාදිතයා 60 වැනි වියේ පසු වූ බව ද වසර කිහිපයකට පෙර ඔහු වකුගඩු බද්ධ කිරීමකට ලක්ව ඇති අතර දියවැඩියා හා අධික රුධිකර පීඩනයෙන් ද පෙළුණු බව අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

    අද දින වන විට ලංකාවෙන් නව කොරෝනා වෛරසය ආසානය වූ පුද්ගලයින් 110 දෙනකු හදුනා ගෙන ඇති අතර 08 දෙනෙක් දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන බව සදහන්.

  • Update: Covid 19 ආසාදිතයින් සංඛ්‍යාව 113 දක්වා ඉහළට

    Update: Covid 19 ආසාදිතයින් සංඛ්‍යාව 113 දක්වා ඉහළට

    ශ‍්‍රී ලංකාවෙන් වාර්තා වූ කොවිඩ් 19 ආසාදිතයින් ගණන අද දින (28) 113ක් ඉහළ ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. අද දින නව ආසාදිතයින් 07 දෙනකු වාර්තා වී ඇති අතර මේ අනුවයි මුළු ආසාදිතයින් සංඛ්‍යාව 113 දක්වා වර්ධනය වී ඇත්තේ.

    මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට මෙරටදී තහවුරු කරගෙන දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන රෝගීන් ගණන 08 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙන අතර ඉන් රෝගීන් 07 දෙනෙකු අංගොඩ අයිගඩීගඑච් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර අනෙක් රෝගියා වැලිකන්ද රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ.

    කොරෝනා ආසාදිතයින්ගේ වර්ධනය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් කළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ සදහන් කළේ කොරෝනා වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා සෞඛ්‍ය බලධාරීන් විසින් ලබාදුන් උපදෙස් නොතකා ජනතාව මහ මගට පැමිණ ගමන් බිමන් යාමට පටන් ගැනීම හේතුවෙන් මෙතෙක් දින ගණනාවක් කළ කැප කිරීම් සියල්ල ව්‍යාර්ථ වූ බවයි.

    පසුගිය 19 දා සිට කලාප වශයෙන් ඇඳ රටපුරා ඇදිරි නීතිය පනවා මෙම වෛරසයෙන් ජනතාව ආරක්ෂා කිරීමට බලධාරීන් ගත් ක්‍රියාමාර්ග ඊයේ පෙරවරුවේ අවුල් වූ තත්ත්වයක් දක්නට ලැබුණු බවද අනිල් ජාසිංහ මහතා පැවසීය.

    පොලිස් ඇඳිරි නීතිය එකේ පණවා ඇති මොහොතක ජනතාව සාමාන්‍ය නිවාඩු දිනයක මෙන් නිදහසේ මහ මග සැරිසරමින් කටයුතු කළේ කෙසේ දැයි යන්න පිළිබඳව සිතාගැනීමටත් නොහැකි බවද ජාසිංහ මහතා වැඩි දුරටත් කියා සිටියේය.

  • කොරෝනා වසංගතය මර්ධනය කිරීමේදී ලංකාව ගත යුතු මග කුමක්ද ?

    කොරෝනා වසංගතය මර්ධනය කිරීමේදී ලංකාව ගත යුතු මග කුමක්ද ?

    කොරෝනා වසංගතය ලෝකයම බිත්තියට හේත්තු කර හමාරය. ලංකාවේ අප තවමත් තත්වය තේරුම් ගත් බවක් පෙනෙන්නේ නැත. පරිනාම වාදය අනුව  මිනිසුන් ස්වභාවයෙන්ම ස්වකීය ප‍්‍රාග් පරිනාමික අවස්ථා ප‍්‍රදර්ශනය කරති. කොරෝනා වසංගතයට  අද ලෝකය විවිධාකාරයෙන් මුහුණ දෙති.

    අටුලූගම ගම්මානයට මැද පෙරදිගින් පැමිණි විදේශික ශ‍්‍රමිකයාගේ හැසිරිමෙන්  එහි ජන ජීවිතය බිඳ වැටිණ. පරණ වෛද්‍ය වට්ටෝරු පෙන්වා ඇඳීරි නිති අවස්ථාවේ රස්තියාදු ගැසීමෙන් පුද්ගලික  පාමසි වැසිණ.  සිරිපාදේ වන්දනාවේ යාම, අඛණ්ඩ පිරිත් පිංකම් සිකුරාදා යාඥා නිසා රෝග වෛරසය සංසරණය  විය.

    සත්‍ය ලෙසම  ජනතාව ස්වයං තීරණ ගත යුතුව තිබිණ. ඒ කිසිවක් සිදු නොවීය.  සුවිශේෂ ජනරාශී තහනම්ව පැවතියදී කොළඹ ප‍්‍රකට දේවස්ථානයක් මාර්තු 13 සහ 20 යන සිකුරාදා ආවේනික යාඥා පැවත්වූ බව ප‍්‍රකට මාධ්‍යක් අදාල දේවස්ථානයේ රූප රාමු සමග   නැවත නැවත පෙන්වීය. එකී හෙළිදරව්ව කොරෝනා මර්ධනයට  වඩා පහත් තුච්ඡ හැසිරිමකි.

    අපට ප‍්‍රශ්න උවමනාවටත් වැඩිය. අටුලූගම පුද්ගලයාගේ හැසිරිමට වඩා හානියක් අර මාධ්‍ය භාවිතයේ තකතිරුකම නිසා ඉස්මතු විය. පාස්කු ප‍්‍රහාරයේදිි මෙන්  යාඥා මධ්‍යස්ථානවලට පහර දිිම පටන් ගත්තා නම් කුමක් විය හැකිව තිබිණිද? එවැන්නක්  සිදු නොවීම රටේ වාසනාවකි.

    පසුගිය කාලයේ එළි බැස්ස බොහෝ බෞද්ධ භික්‍ෂුන් නිහඬය. හේතුව ඔවුන් පෙනී සිටියේ පටු උවමනා සඳහා මිස, සාධාරණ සාධරණත්වය වෙනුවෙන් නොවන නිසාය. 2017දී කාලකන්ණි පාලකයෙකු පත් වූ විට රට කාලකන්ණි වේ යයි  භික්‍ෂුව ඊට නිදසුනකි. මේ මොහොතේ වැදගත් පාලකයාගේ සීදෙවිකම හෝ කාලකන්නිකම නොවේ. එක්ව රට රැක ගත යුතු ජීවිත බේරාගත යුතු වගකීමකි. මේ විග‍්‍රහය කරන්නේ රටේ එකම ගැලවිල්ල වර්තමාන ජනාධිපති ශක්තිමත් කිරිම  පමණක් ය යන ගැඹුුරු  නිරීක්‍ෂණයට අනුගතවය.

    අසල්වැසි ඉන්දියාවේ ආරක්‍ෂක අංශ  අයුතු ජනරාශිය සහ ප‍්‍රසිද්ධියේ ගැවසීම් ගැන දක්වන ප‍්‍රතිකි‍්‍රයා මාධ්‍ය හරහා දැකිය හැකිය. යාඥා කර දේවස්ථානයකින් පිටට එන භක්තිවන්තයන්ට ආරක්‍ෂක අංශ එළව එළවා මුගුරු වලින් පහර දෙන හැටි මුහුණු පොතේ සංසරණය වේ. සමහර විට රටක් පාලනය කරනවා කියන්නේ එහෙමය. අවශ්‍ය තත්වය රටක පවත්වා ගෙන යාම පාලකයා සතු වගකීමකි. ඉන්දියාව පොලූ මුගුරු ගත් ආරක්‍ෂකයන් වීදි බස්වා තත්වය පාලනය කරති. එය ප‍්‍රාථමික තත්වයකි.

    ලංකාව 21 වෙනි සියවසට අනුව නිවේදන නිකුත් කරමින් බලා සිටිති. රටේ මිනිස්සු තකතිරුවන් සේ හැසිරෙති. යටත් පිරිසෙයින් සියල්ලට වඩා මිනිස් ජීවිත වටිනේය යන තේමාව වෙත හෝ ලංකාව පත්වී නැත. එහෙත් කොරෝනා මර්දනයේදී පවා සදාචාරවත් ලංකාව මිනිස් ඝාතකයෙකුට මේ ආපදා තත්වය අතර සමාව දී නැති ලෙඩක් කරේ ඔතාගෙන ඇත. ලංකාව සිටින්නේ කොතැනද? සදාචාරයෙන් ඉන්දියාවටත් වඩා පහළිනි. රෝග වාහකයන්ට හොඳින් සලකති. ඝාතකයන් නිහස් කරති. ජනපි‍්‍රය දේශපාලනය ඡන්දය අවසානයේ ඉබි යතුරු දැමිය යුතු වේ.

    පාලනය කියන්නේ ජනපි‍්‍රය හෝ පහසු කි‍්‍රඩාවක් නොවේ. එහි යෙදෙන්නා වහා දැවී යා හැකිය. දෙවන ලකුණෙන් නැවත ඉස්මතුු විය හැකිය. අප මුහුණ දී සිටින්නේ දෙවන තෙවන සාර්ථකත්වයන් ඒකරාශීව අත්පත් කර ගන්නා නිමේෂයකය. අවස්ථාවෝචිතව කි‍්‍රයා නො කරයි නම් ජනතාවද, එයින් සිදුවන විනාශයටද පාලකයා ඍජුව වගකීව යුතුවේ.  

    ලංකාවේ 21-60 වයස් කාණ්ඩවල හමුවූ රෝගින්ගේ ප‍්‍රතිශතය 82.7%කි. 21-60 වයස් කාණ්ඩය යනු උපයන දරු පවුල් රකින, යමක් තේරුම් ගත හැකි පුරවැසියන් ගෙන් සමන්විත වේ. අසංවර වගකීම් රහිත ලාංකිකයන්ට නී රස ඉන්දියානු ප‍්‍රතිකර්මය හෝ පාලනය කරගත යුතුවේ.

    1971, 1988-89 කාලයේ තත්වය පාලනය කිරිමට පාලකයන් හැසිරුණේ කෙසේද? රටම මළ ගෙයක්ව පවත්නා නිමේෂයක මරණීය දඬුවමට නියමව සිටි සාර්ජන් රත්නායකට සමාව දිම බරපතල මෙන්ම අභීත තීන්දුවකි. එසේ කළ පාලකයාට  රටේ යහපත වෙනුවෙන් කළ නො හැකි දෙයක් තිබිය නො හැකිය. හොර වෛද්‍ය වට්ටෝරු පෙන්වා පාරේ රස්තියාදුවන තක්කඩින් හමුවේ  වර්තමාන පාලකයා පරාජය විය. ඊට ඔහු දුන් විසඳුම කුමක්ද? රට පුරා පැවති සකි‍්‍රය පුද්ගලික  පාමසි වසා දැමීමය.

    රන්ගිරි දඹුල්ලේ විහාර දොර වැසුවේත් සිරිපාදේ වන්දනාව නතර නො කළේත්  භික්‍ෂුන් දෙදෙනකි. ඉහත කී මුස්ලිම් දේවස්ථානය සති දෙකක් යාඥාව පිණිස විවෘත කළේ එකී පූජකයන්ය. මේ කෙටි නිරික්‍ෂණ අනුව රටේ පාලනයක් පවතීද? ප‍්‍රශ්න කළ යුතුවේ.

    මේ බියකරු සංසිද්ධියේදී පාලකයාට කිසිදු මතයක් හයියක් ඇති බව නොපෙනේ. එය බරපතල ය. රෝයල් තෝමියන් මැච් එක හමුවේ වර්තමාන පාලකයා පරාජය විය. එය කෙතරම් බරපතල විද යත් පසුව හෙතෙම ආනන්ද නාලන්ද මැච් එක නැරඹීමට ද ගියේය. සිද්ධ වුණේ කුමක්ද ? මුල් අවස්ථාවේ සිදුවූ පසුබෑම තුල දෙවන සිද්ධියට ගොදුරු වීමය. මේ කතා උදාහරණ මිස සිදුවූ දේ නැවත උඩ දමනවා නොවේ. ඒ සියල්ල අත්දැකීම් ලෙස අප ඉදිරි කාලය සඳහා ශක්තිමත් විය යුතුවේ.

    රජයට බෙහෙවින් පක්‍ෂපාත භික්‍ෂුන් වහන්සේ නමක් මේ තත්වය දුටුවේ කෙසේද? මේ ආණ්ඩුව නිසා මෙහෙම හරි ගියා. පසුගිය කට්ටිය හිටියා නම් ඉවරයි. මොකද ඒ අයට යුද හමුදාවවත් උදව් කළේ නෑනේ. රටක පාලනයක් මේ ආකරයෙන් ලිහිල්ව සරලව තම වාසියට කල්පනා කිරිමෙන් සිදුවන හානින් බොහෝ ය. මුල්ම හානිය තමන් පි‍්‍රය කරන පාලකයාටය. දෙවනුව රටට ය. සත්‍ය ලෙසම පොදු වගකීම් සම්බන්ධව නිරන්තරව විවේචන අවශ්‍ය වේ. සුභවාදිව පමණක් දැකීම තුළ සිදුවන විනාසයෙන් තමන් පමණක් නොව සියල්ල විනාස වේ.

    විධායක ජනාධිපති ලෙස ගෝඨාභය රාජපක්‍ෂ මහතා පත් කළේ 69 ලක්‍ෂයක් ජනතාව විසිනි. ප‍්‍රති පාක්‍ෂික නිරික්‍ෂකයෙකුට අනුව, ඒ  ජන රැල්ල භූමියේ කි‍්‍රයාත්මක කළ නොහැකි ජනපි‍්‍රය මතවාද සහ කි‍්‍රයා කාරකම් රටේ නීතිය වෙනු දැකීමට පෙළ ගැසිණ. ඉහත කී ලෙස අවදානම් මොහොතක ආගමික ස්ථානයකට විධානයක් දීමට නොහැකි වුණේ  අර ජයග‍්‍රහණයේ ඍණාත්මක පදනම හෙවත් බොල් තුඹසක් මත ගොඩ නැගුණ නිසාය. මෙය බරපතල තත්වයකි. පටු සහ අතාර්කික හේතු මත, වර්තමාන පාලකයා නෑ බෑ අතර සිරවී සිටියි. ඒ තත්වය වහා වෙනස් කරගත යුතුවේ.

    බැසිල් රාජපක්‍ෂ යනු  ආසන්න වසර විසි පහක් තුල අපට හමු වූ ඉතාම ශක්තිමත් කාර්යක්‍ෂම දේශපාලනඥයා වේ. එහෙත් ඔහුට කොරෝනා වගකීමක් භාරදුන් විට ඊට ලැබුණ ප‍්‍රතිකි‍්‍රයා අයහපත් විය. ඒත් මහින්ද රාජපක්‍ෂ වර්ගයේ කි‍්‍රයාකාරකම් නිසාය.

    යහලූවන් පාක්‍ෂිකයන් සමග රටක් පාලනය කළ නොහැකි වේ. ආර්.පේ‍්‍රමදාස අගමැතිව පළමුව කළේ කිසිදු බැඳියාවක් නැති දක්‍ෂයයි කල්පනා කළ පිරිසක් ගැන විශ්වාසය තැබීය. ආර්.පේ‍්‍රමදාස සිය පාලන කි‍්‍රයාවලිය සඳහා කේ.එච්.ජේ. විජේදාසලා සුසිල් සිරිවර්දනලා කැඳවූහ. පේ‍්‍රමදාස, ඔවුන්ට තම ව්‍යාපෘතින් භාර දුන්නේය. ඒ එක් කොන්දේසියක් මතය. පටන් ගනින් වැරදුන තැන දොට්ට යන අනම්‍ය කොන්දේසිය සමග ය. සමහර අසාර්ථකවීම්වලට වගකිව යුතු නිලධාරින් පළමු විනාඩියේම පළවා හැරියාහ.

    රටක් පාලනය කිරීම යනු හිත මිතුරු සාදයක් නොවේ. යුද්ධය නිම කළ මහින්ද රාජපක්‍ෂ වැනි ජනතාව ආදරය කරන ළගින් සිටි හිතවතුන් නීතිය නො තකා රැක බලාගත් පාලකයෙකු ප‍්‍රතික්‍ෂේප වුණේ පාලනය ගජ මිතුරු සාදයක් කරගත් හෙයිනි. බැසිල් රාජපක්‍ෂ යනු  ආසන්න වසර විසි පහක් තුල අපට හමු වූ ඉතාම ශක්තිමත් කාර්යක්‍ෂම දේශපාලනඥයා වේ. එහෙත් ඔහුට කොරෝනා වගකීමක් භාරදුන් විට ඊට ලැබුණ ප‍්‍රතිකි‍්‍රයා අයහපත් විය. ඒත් මහින්ද රාජපක්‍ෂ වර්ගයේ කි‍්‍රයාකාරකම් නිසාය.

    විවිධ අතීත සිදුවීම් අවලාද පැවතියද ගෝඨාභය දෙස බලා සිටිමට ජනතාවට සිදුව ඇත. ඒ ඇයි? ඔහුරටේ එකම පාලකයා නිසාය. එකම පාලකයා කියන්නේ පාර්ලිමේන්තුවද විසුරුවා හැර ඇති බැවිනි. ඔහු මේ අවදානමෙන් රට ගොඩ ගත යුතුවේ. අනෙක් අයට කළ හැක්කේ උපකාර කිරිම පමණකි. ඒ විධාන කි‍්‍රයාත්මක කිරිම පමණකි. අද ඒ තත්වට දක්නට නැත.

    ස්වකීය දේශපාලනය තුළ පිරිහුණ රනිල් වික‍්‍රමසිංහ කළ ප‍්‍රකාශයන් රටේ අවධානයට ලක් වෙමින් පවතී.  සජිත් පේ‍්‍රමදාස කළ කළ ප‍්‍රකාශ කිහිපයම හාස්‍ය ජනක විය. එහෙත් රනිල් වික‍්‍රමසිංහගේ මැදිහත්වීම බෙහෙවින් ධනාත්මක වුණේ ඇයි? රනිල් වික‍්‍රමසිංහ බහුශ‍්‍රැතයෙකු නිසා පමණක් නොවේ. ඔහුගේ ප‍්‍රකාශය කණ්ඩායම් සහභාගිත්වයක ලක්‍ෂණ මතු කරනු පෙනේ.

    ස්වකීය දේශපාලනය තුළ පිරිහුණ රනිල් වික‍්‍රමසිංහ කළ ප‍්‍රකාශයන් රටේ අවධානයට ලක් වෙමින් පවතී.  සජිත් පේ‍්‍රමදාස කළ කළ ප‍්‍රකාශ කිහිපයම හාස්‍ය ජනක විය. එහෙත් රනිල් වික‍්‍රමසිංහගේ මැදිහත්වීම බෙහෙවින් ධනාත්මක වුණේ ඇයි? රනිල් වික‍්‍රමසිංහ බහුශ‍්‍රැතයෙකු නිසා පමණක් නොවේ. ඔහුගේ ප‍්‍රකාශය කණ්ඩායම් සහභාගිත්වයක ලක්‍ෂණ මතු කරනු පෙනේ.

    ආචාර්ය ඇන්.ඇම්.පෙරේරාගේ මතවාදි  සාර්ථකත්වය පසුපස හෙක්ටර් අබේවර්ධන වැනි පිරිසක් සිටි බව රහසක් නොවේ. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ජාතිය අමතා කළ කතාව කිහිප වරක් පටිගත කොට නැවත නැවත සංස්කරණය කළ බව කියති. එහෙත් ඒ කිසිදු අවස්ථාවක සැබෑ කණ්ඩායමක් ඔහුසතුව නොතිබුණ බව ඒ කතාවට දැක්වුණ ප‍්‍රතිචාර වලින් පෙනේ්.

    එපමණක් නොවේ. කොරෝනා වසංගත ආරංචිය සමග සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චිගෙන් පටන් ගෙන චමල් රාජපක්‍ෂ තෙක් දේශපාලනඥයන් කළ පටු ප‍්‍රකාශ තුළ කණ්ඩායම් කි‍්‍රයාකාරකම් ආණ්ඩුව තුළ පවත්නා බවක් දැකිය නො හැකිය.

    ජනවාරි 27 පළමු රෝගියා පැමිණීයේ චීනයෙනි. ඒ සමග පෙබරවාරි 1 දින චීනයේ වුහාන් නගරයේ සිටි ලාංකික සිසුන් සහ පවුල්වල 33 දෙනෙකු ලංකාවට ගෙන්වා ගත්හ. හේතුව  ඔවුන් අතර සිටි සමහර විශේෂිත දරුවන් බව කියති.

    හමුවූ මුල්ම සංචාරක රෝගී කාත්නාව පෙබරවාරි මස 19 වෙනි දින සුවය ලබා  රටින් පිට කළේ උත්සවාකාරයෙනි.  ඒ සමග ලංකාවේ සංචාරය පිණීස පැමිණෙන ලෙස නිල වශයෙන් ලෝකයට ආරාධනා කෙරිණ. ඒ කියන්නේ ගුවන් තොටු වසා රටේ ජනතාවගේ ආරක්‍ෂාව ගැන කල්පනා කළේ නැති බවය. ගිය සතියේ ඇල්ල ප‍්‍රදේශයේ ග් යට ලගින තැනට සංචාරකයන් පත් වුණේ ඒ නිසාය. රෝග ව්‍යාප්තිය සහ රජයේ නීති හමුවේ තෙරපුණ හෝටල් සහ ලගුම් හල් හිමියන් තමන් වෙත සිටි සංචාරකයන් පළවා හැරියාහ.

    රටේ පාලකයන් කළ යුතු දේ නිසි ලෙස නො කරන බව කිව යුතුවේ. පළමුව බොරු කීම නතර කළ යුතුවේ. වසංගත රෝග විද්‍යා අංශය මුල්ම කොරෝනා රෝගියා ලංකාවේ හඳුනා ගත් දිනය  මාර්තු 11 දින ලෙස දක්වා ඇත. ඒ මුල්ම ලාංකික රෝගියා මිස ලංකාවේ පළමු රෝගියා හමුවූ දිනය නොවේ.

    ලිපියේ මුල් ඡේදයේ දැක්වෙන අපරිනත හැසිරීම් එසේ තිබීයේවා. එහෙත් රටේ පාලකයන් කළ යුතු දේ නිසි ලෙස නො කරන බව කිව යුතුවේ. පළමුව බොරු කීම නතර කළ යුතුවේ. වසංගත රෝග විද්‍යා අංශය මුල්ම කොරෝනා රෝගියා ලංකාවේ හඳුනා ගත් දිනය  මාර්තු 11 දින ලෙස දක්වා ඇත. ඒ මුල්ම ලාංකික රෝගියා මිස ලංකාවේ පළමු රෝගියා හමුවූ දිනය නොවේ.

    පළමු රෝගියා ජනවාරි 27 දා ය. ඇය සුවය ලබා රටින් ගියේ පෙබරවාරි මස 19 වෙනිදාය. දින 24කි. ඒ කාලය නිරීක්‍ෂණය කළා නම් ොබහෝ වැරදි  සිදු වන්නේ නැත. ඒ සියල්ල අතීතයටය. දෙකෝටි දහ නව ලක්‍ෂයක් ජනතාවට මිනි පෙට්ටියක් නැතිව මිහිදන් වන තැනට රට පත්වීමේ අවදානම එසේමය. මේ තත්වය යුද්ධ හමුදාවට හෝ සෞඛ්‍ය අංශයට තනිව කර ගැසිය නො හැකිය.

    කොරෝනා වෛරසය ගැන පසුගිය දෙසැම්බරයේත් ලෝකය දැන සිටියහ. රාජපක්‍ෂ පාලකයන් ජනවාරියේ කටුනායක නිරෝධායන ඒකකය සකි‍්‍රය කොට, ජාතික කි‍්‍රයාකාරි කමිටුවක් පත් කළහ.  ජනවාරි 27 දා හඳුනා ගත් පළමු චීන ජාතික කොරෝනා රෝගියා  හමු විය. ජනවාරි 27 දා පළමු කොරෝනා රෝගි කාන්තාව හමුවූ දින පළමු ශී‍්‍ර ලාංකික රෝගියා සංචාරක මග පෙන්වන්නෙකු වුණේ විදේශීය සංචාරකයන්ට දොර හැර දුන් නිසාය. ඒ වරද නැවත සිදු නොවීමට නම් රටේ පාලකයා නිබයව තින්දු ගත යුතුවේ.  

    ව්‍යසනයන් එකිනෙකට වෙනස්ය. යුද්ධය අවදානම සමග පැවතිණ. සුනාමිය ඇවිත් වහා යන්ට ගියේය. තිබුණේ ප‍්‍රති සංස්කරණ පමණකි. කොරෝනා වසංගතය දිනෙන් දින අළුත් වේ. එක් තකතීරුවෙකු නිසා මහා විනාසයක් විය හැකිය. එහෙත් යුද්ධයක අත්දැකීම් ඊට සුදුසු නොවිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරි සංගමයම ප‍්‍රකාශ කළහ. මෙවැනි අවස්ථාවල කළමකාකරුවන් දෙ විදියකින් උපක‍්‍රශීලි වෙති. ක‍්‍රමවේදය ටිකෙන් ටික කි‍්‍රයාත්මක කිරිමය. දෙවැන්න ගත හැකි ඉහළම පියවර ගෙන ටිකෙන් ටික ලිහිල් කිරිමය. වසංගතයක් යනු ඉහළම පියවර ගෙන තත්වය සමාලෝචනය කිරිම වඩා පලදායි විය හැකිය.

    නීිතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

  • Covid 19: සටනේදී ලොකුම අඩුව මානව වර්ගයාට නිසි නායකත්වයක් නොමැතිකමයි

    Covid 19: සටනේදී ලොකුම අඩුව මානව වර්ගයාට නිසි නායකත්වයක් නොමැතිකමයි

    වසංගතයන්ට එරෙහිව මානව සංහතියට ගත හැකි හොඳම ආරක්ණ පිළිවෙත රටවල් අතර සහයෝගීතාවයි

    නාලක ගුණවර්ධන 

    යුවාල් නොවා හරාරි (Yuval Noah Harari)

    යුවාල් නොවා හරාරි (Yuval Noah Harari) යනු අද ලෝකයේ කැපී පෙනෙන ඉතිහාසඥයෙක් මෙන්ම දාර්ශනිකයෙක්. ඊශ්‍රායලයේ හීබෲ සරසවියේ ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරයා වන ඔහු, ලෝක අවධානයට මුලින්ම පත්වූයේ Sapiens: A Brief History of Humankind නමින් 2014දී ලියූ විශිෂ්ට පොත නිසායි.

    සාම්ප්‍රදායික ඉතිහාසඥයන්ට වඩා බෙහෙවින් වෙනස් මානවලින් මානව ඉතිහාසය විග්‍රහ කරන ඔහු ඉන් පසු තවත් වැදගත් පොත් දෙකක් ලියා තිබෙනවා. පූර්ව ඉතිහාසයේ සහ ඉතිහාසයේ පුළුල් ආඛ්‍යානයක් ගැන ඔහු කරන විග්‍රහයන් ලොව පුරා බුද්ධි කලම්බනයන්ට තුඩු දී තිබෙනවා.

    තවමත් 44 හැවිරිදි මේ ලෝ ප්‍රකට බුද්ධිමතා, වත්මන් කොරෝනා වයිරස් අර්බුදය ගැන ලියූ අතිශයින් කාලීන ලිපියක් 2020 මාර්තු 15 වනදා TIME පුවත් සඟරාවේ පළ වුණා.

    කොරෝනා ගැන ජනප්රිය මතවාදයන් අභියෝගයට ලක් කරන සහ සමස්ත මානව සමාජයටම අලුතින් සිතන්නට ඉඩක් සපයා දෙන මේ වැදගත් ලිපිය මා සිංහලට අනුවාදය කළා. මෙය සෘජු පරිවර්තනයක් නොවන්නේ අපේ පාඨකයන්ට උදව්වන පසුබිම් තොරතුරු ඇතැම් තන්හි මා එකතු කොට ඇති නිසයි. එසේ වුවද මෙහි විග්රහ සියල්ල හරාරිගේම බව සලකන්න.

    කොරෝනා වෛරස් ආසාදනය මෙතරම් ඉක්මනට ලොව පුරා පැතිර ගියේ ගෝලීයකරණය නිසා යයි චෝදනා කරන ඇතැම් දෙනා, එයට හොඳම ප්‍රතිකර්මය ලෙස යෝජනා කරන්නේ ගෝලීයකරණය ආපසු හැරවීමයි. එනම් රටවල් අතර මානවයන් සංචරණය සීමා කිරීම, අන්තර්ජාතික වෙළඳාම අඩු කිරීම සහ හැකි නම් දේශසීමා තර කිරීම සඳහා ප්‍රාකාරයන් ගොඩ නැගීම ආදිය යෝජනා කැරෙන සැටි අප දකිනවා.

    කෙටි කාලීනව නිරෝධායනය වැනි පියවර වසංගත රෝග නිවාරණයට ප්‍රයෝජනවත් වුවත්, දිගු කාලීනව ලෝකයේ රාජ්‍යයන් එකිනෙකාගෙන් හුදකලා වුවහොත් එයින් සිදුවන්නේ ලෝක ව්‍යාප්ත ආර්ථික කඩා වැටීමක් පමණයි. රටවල් හුදකලා වූ පමණට සොබාදහමෙහි වෛරස් සහ වෙනත් විෂබීජ මර්දනය වන්නේ හෝ විනාශ වී යන්නේ නැහැ.

    කොරෝනා වෛරසය ඇතුළු අප දන්නා සහ නොදන්නා බෝවන රෝග වසංගතයන්ට එරෙහිව මානව සංහතියට ගත හැකි හොඳම ආරක්ෂණ පිළිවෙත රටවල් එකිනෙකාගෙන් හුදකලා වීම නොව, රටවල් අතර සහයෝගීතාව වඩාත් පුළුල් කිරීමයි.

    ගෝලීයකරණය උත්සන්නවීමට බොහෝ කලකට පෙර පටන්ම වෛරස් රෝග වසංගත නිසා අතිවිශාල වශයෙන් මරණ සිදුවී තිබෙනවා. 14 වන සියවසේ ගුවන් යානා හෝ දැවැන්ත මගී ප්‍රවාහන නැව් නොතිබුනත්, මහමාරිය වසංගතය (Black Death) නැගෙනහිර ආසියාවේ සිට යුරෝපයට පැතිරෙන්නට ගතවූයේ දශකයක කාලයක් පමණයි.

    ගෝලීයකරණයක් සිහිනෙන් පවා නොසිතූ ලෝකයක – මහමාරිය වසංගතය (Black Death)

    එංගලන්තය මහාමාරිය වසංගතයට මුහුණ දී සිටි අයුරු.

    ගෝලීයකරණය උත්සන්නවීමට බොහෝ කලකට පෙර පටන්ම වෛරස් රෝග වසංගත නිසා අතිවිශාල වශයෙන් මරණ සිදුවී තිබෙනවා. 14 වන සියවසේ ගුවන් යානා හෝ දැවැන්ත මගී ප්‍රවාහන නැව් නොතිබුනත්, මහමාරිය වසංගතය (Black Death) නැගෙනහිර ආසියාවේ සිට යුරෝපයට පැතිරෙන්නට ගතවූයේ දශකයක කාලයක් පමණයි.

    මහමාරිය නිසා යුරෝපයේ සහ ආසියාවේ එවකට විසූ ජනයා මිලියන 75 සිට මිලියන 200 අතර සංඛ්‍යාවක් අකාලේ මියයන්නට ඇතැයි අනුමාන කරනවා. ඒ කාලේ නිශ්චිත සංඛ්‍යා ලේඛන සොයා ගැනීම දුෂ්කරයි. එංගලන්තයේ පමණක් සෑම දස දෙනකුගෙන් සිවුදෙනකුම මහමාරියෙන් මියගියා.

    වසර 1520 වන තුරු උතුරු හා දකුණු අමෙරිකානු මහාද්වීපයන්හි වසූරිය රෝගය හමුවූයේ නැහැ. 1520 මාර්තු මාසයේ හර්නාන් කෝටෙස් නම් ස්පාඤ්ඤ ජාතික දේශ ගවේශකයා අද මෙක්සිකෝව ලෙස අප හඳුන්වන ප්‍රදේශයට මුල්වරට පැමිණියා. ඔහුගේ දූත පිරිසේ සිටි එක් අයකු හරහා නොදැනුවත්වම වසූරිය වෛරසය එහි සිටි ඇස්ටෙක්වරුන් අතර පැතිර ගියා.

    1520 දෙසැම්බර් වන විට වසංගතයක් ලෙස සමස්ත මධ්‍යම ඇමරිකාව හරහා පැතිර ගොස් එවකට සිටි ජනගහනයෙන් තුනෙන් එකක් එයින් මියගියා. ඒ යුගයේ දියුණු ප්‍රවාහන ක්‍රම කිසිවක් එහි පැවතියේ නෑ. අඩු තරමින් බක්කි කරත්තවත් නොතිබුණු මුත් වෛරසය කෙසේ හෝ ඉක්මනින් ව්‍යාප්ත වී බරපතළ හානි කළා.

    ස්පාඤ්ඤයෙන් පටන්ගෙන 1918 ජනවාරියේ සිට 1920 දෙසැම්බර් දක්වා කාලය තුළ ලොව පුරා විහිදුණු H1N1 ඉන්ෆ්ලුවෙන්සා වසංගතය, මිලියන 500ක් දෙනා (එවකට සමස්ත ලෝක ජනගහණයෙන් හතරෙන් පංගුවක්) රෝගාතුර කළ අතර, එයින් මියගිය සංඛ්‍යාව මිලියන 17 – 50 අතර සංඛ්‍යාවක් යයි අනුමාන කැරෙනවා.

    ස්පාඤ්ඤයෙන් පටන්ගෙන ලොව පුරා විහිදුණු H1N1 ඉන්ෆ්ලුවෙන්සා වසංගතය

    H1N1 ඉන්ෆ්ලුවෙන්සා වසංගතය – 1918 දී රෝගීන්ට “නැවුම් වායු ප්‍රතිකාර” ලබා දුන් ඉන්ෆ්ලුවෙන්සා කඳවුරක්

    ස්පාඤ්ඤයෙන් පටන්ගෙන 1918 ජනවාරියේ සිට 1920 දෙසැම්බර් දක්වා කාලය තුළ ලොව පුරා විහිදුණු H1N1 ඉන්ෆ්ලුවෙන්සා වසංගතය, මිලියන 500ක් දෙනා (එවකට සමස්ත ලෝක ජනගහණයෙන් හතරෙන් පංගුවක්) රෝගාතුර කළ අතර, එයින් මියගිය සංඛ්‍යාව මිලියන 17 – 50 අතර සංඛ්‍යාවක් යයි අනුමාන කැරෙනවා.

    හරිහැටි සංඛ්‍යාලේඛන නොමැති නිසා මියගිය මුළු ගණන මිලියන 100 විය හැකි යයි සමහර පර්යේෂකයන් කියනවා. ලිඛිත ඉතිහාසයේ බිහිසුණුම වසංගතයක් ලෙස සැලකෙන මෙය, 1914-1918 අතර කාලයේ සිදු වූ පළමු වන ලෝක යුද්ධය නිසා මියගිය සංඛ්‍යාවට වැඩි ගණනකට මරු කැඳවූවා.

    ස්පාඤ්ඤ ඉන්ෆ්ලුවෙන්සා වසංගතය ලෙස බහුලව හැඳින්වෙන එම ඛේදවාචකයෙන් පසු ගතවුණු සියවසක කාලය තුළ, බෝවන රෝගයක් රටවල් තුළ සහ රටින් රටට ඉක්මනට පැතිරෙන්නට ඇති හැකියාව බොහෝ සෙයින් වැඩි වී තිබෙනවා. ප්‍රවාහන පහසුකම් දියුණුවීම මෙන්ම මානව ජනගහනය විශාල වශයෙන් වැඩිවීම නිසා යම් බෝවන රෝගයක් වසංගත මට්ටමට පත්වීමට ඇති හැකියාව ඉහළයි.

    මධ්‍යකාලීන යුරෝපයේ ෆ්ලොරන්ස් වැනි සශ්‍රීක නගරයක වසංගතයක් පැතිරීමට තිබූ විභවයට වඩා බෙහෙවින් වැඩි ඉඩක්, වර්තමානයේ තෝකියෝ නැතහොත් මෙක්සිකෝ නුවර වැනි මහ නගරවල (mega cities) හමුවනවා. මේ නිසා අප නිතර නිතර වසංගතවලට ගොදුරුවීමේ හැකියාවක් පවතින නමුත්, අපේ වත්මන් යථාර්ථය එය නොවෙයි. මෙයට හේතුව කුමක්ද?

    පසුගිය සියවස තුළ සැබැවින්ම සිදුව ඇත්තේ වසංගත රෝග හට ගැනීමේ ප්‍රවණතා මෙන්ම ඒවායේ බලපෑම් ද ප්‍රබල ලෙස අඩුවීමයි.

    21 වන සියවසෙහි එබෝලා සහ HIV වැනි වසංගත සැලකිය යුතු මරණ සංඛ්‍යාවකට හේතු වුවද, වර්තමානයේ ජීවත් වන සමස්ත මානව ජනගහනයේ ප්‍රතිශතයක් ලෙස බලන විට වසංගත රෝග නිසා මියයන්නේ ඉතිහාසයේ පෙර කවරදාටත් වඩා අඩු ප්‍රතිශතයක්.

    21 වන සියවසෙහි එබෝලා සහ HIV වැනි වසංගත

    HIV ආසාදිතයෙක්

    21 වන සියවසෙහි එබෝලා සහ HIV වැනි වසංගත සැලකිය යුතු මරණ සංඛ්‍යාවකට හේතු වුවද, වර්තමානයේ ජීවත් වන සමස්ත මානව ජනගහනයේ ප්‍රතිශතයක් ලෙස බලන විට වසංගත රෝග නිසා මියයන්නේ ඉතිහාසයේ පෙර කවරදාටත් වඩා අඩු ප්‍රතිශතයක්.

    විෂබීජ සහ මානව අප අතර දිගු කලක් තිස්සේ පවතින නොනවතින යුද්ධයේදී, මානව පාර්ශ්වය ජයග්‍රහණ රැසක් අත්කර ගෙන තිබෙනවා. වෛරස්වලට වඩා මානවයන් යම් ක්‍රියාවලට සමත්. මානව වෛද්‍යවරුන් සහ වෛද්‍ය පර්යේෂකයන් විද්‍යාත්මක ක්‍රමයට දත්ත එකතු කර විශ්ලේෂණය කරද්දී, වෛරස් ඇතුළු සෙසු විෂබීජවලට හැක්කේ ප්‍රජනනය හරහා තමන්ගෙ ජානමය ද්‍රව්‍ය වැඩි කිරීමට සහ ඉඳහිට ජාන වෙනස්වීම්වලට ලක්වීමට පමණක් නිසායි.
    14 වන සියවසේ මහමාරිය යුරෝපය පුරාම මහත් ව්‍යසන සිදුකරද්දී එයට හේතුව කුමක්දැයි කිසිවකුත් දැනසිටියේ නෑ. ප්‍රවේශම් වීමට කුමක් කළ හැකිද යන අවබෝධය තිබුණේද නෑ.

    මධ්‍යකාලීන යුරෝපයේ සියලුම චින්තකයන්ට බුද්ධිමතුන්ට සහ පූජකයන්ට මහමාරිය පැතිර යාමට හේතු සිතාගත නොහැකි වුවත්, අලුත්ම කොරෝනා වෛරසය චීනයේ හඳුනාගත් පසු ඒ ජානමය සංයුතිය විස්තරාත්මකව හදාරා එය ආසාදිත බව නිසැකව තහවුරු කරන්නට පරීක්ෂණයක් (testing) හදාගන්නට ගතවූයේ දෙසතියක කාලයක් පමණයි.

    මිත්‍යාව මත පදනම් වූ ලෝකයක් තුළ සිතූ දේ

    නුතන විද්‍යාත්මක දැනුම මෑත සියවස් තුන හතරක කාලය තුළ දියුණු වී ඒමට පෙර සියලුම ජන සමාජවල විශ්වාසය වූයේ රෝග ආබාධ ඇති කරන්නේ කෝපයට පත්වූ දෙවියන් විසින්, බිහිසුණු රකුසන් විසින් හෝ අයහපත් වාතය විසින් බවයි.

    ප්‍රකෘති ඇසට නොපෙනෙන අතිශයින් විවිධ වූ ක්ෂුද්‍ර ජීවී ලෝකයක් තිබෙන බව කිසිවකුත් දැන සිටියේ නැහැ. සුරංගනාවන් සහ දේවදූතයන් ගැන ප්‍රවාදයන් බොහෝ සමාජවල විශ්වාස කළත්, තනි වතුර බිංදුවක නොයෙක් ලෙඩ රෝග ඇති කළ හැකි විවිධාකාරයේ ක්ෂුද්‍ර ජීවීන් ඉමහත් සංඛ්‍යාවක් සිටින බවට ඉඟියක්වත් තිබුණේ ද නැහැ.

    එවැනි පසුබිමක මහමාරිය හෝ වසූරිය පැතිරෙන්නට ගත් විට එවකට සිටි පාලකයන්ට කළ හැකි එකම දෙය වූයේ ජනයා බේරන්නට දෙවියන්ට කන්නලව් කිරීම පමණයි. එහෙත් එය කිසි ලෙසකින් හෝ සාර්ථක උපක්‍රමයක් වූයේ නැහැ. සාමූහිකව යාඥා කරන්නට ජනයා ඒකරාශී වූ බොහෝවිට සිදුවූයේ රෝගකාරක විෂබීජ තවත් වැඩි වැඩියෙන් ජනයා අතර පැතිර යාමයි!

    පසුගිය සියවසක පමණ කාලය තුළ වෛද්‍ය විද්‍යාව සහ මහජන සෞඛ්‍ය ආරක්ෂණ උපක්‍රම බෙහෙවින් ඉදිරියට ගොස් තිබෙනවා. වසංගත රෝග මර්දනය සහ නිවාරණය ගැන දැනුම මෙන්ම ක්‍රමෝපායන්ද මානව ඉතිහාසයේ වෙන කිසි දිනකට වඩා අද දියුණු වී තිබෙනවා.

    පරිණාමය පිළිබඳ විද්‍යාත්මකව පිළිගත් සිද්ධාන්ත යොදා ගනිමින් නව රෝගකාරකයන් විටින් විට මතුව එන්නේ සහ පැතිරී යන්නේ ඇයි ද යන්න සාර්ථකව පහදා දීමට නවීන විද්‍යාවට හැකියි. ජාන විද්‍යාත්මක දැනුම හරහා ක්ෂුද්‍ර ජීවීන්ගේ චර්යා රටා සහ බෝවීමේ ප්‍රවණතා සියුම්ව තේරුම් ගන්නට විද්‍යාඥයන්ට පුළුවන්.

    මධ්‍යකාලීන යුරෝපයේ සියලුම චින්තකයන්ට බුද්ධිමතුන්ට සහ පූජකයන්ට මහමාරිය පැතිර යාමට හේතු සිතාගත නොහැකි වුවත්, අලුත්ම කොරෝනා වෛරසය චීනයේ හඳුනාගත් පසු ඒ ජානමය සංයුතිය විස්තරාත්මකව හදාරා එය ආසාදිත බව නිසැකව තහවුරු කරන්නට පරීක්ෂණයක් (testing) හදාගන්නට ගතවූයේ දෙසතියක කාලයක් පමණයි.

    බෝවන රෝග ඇති කරන්නේ නිශ්චිත ක්ෂුද්‍ර ජීවීන් විසින් බව දැන ගත් පසු

    බෝවන රෝග ඇති කරන්නේ නිශ්චිත ක්ෂුද්‍ර ජීවීන් විසින් බව දැන ගත් පසු, එම රෝග පාලනය සහ මර්දනය කිරීම වඩාත් ඉලක්කගතව කළ හැකි වුණා. ඉහළ ස්වස්ථතාව ( hygiene), ප්‍රතිශක්තිකරණ එන්නත්, ප්‍රතිජීවක ඖෂධ ( antibiotics) සහ දියුණු කරන ලද වෛද්‍ය සහ සෞඛ්‍ය විද්‍යාත්මක යටිතල පහසුකම් යොදා ගනිමින් අපේ ඇස් වලට නොපෙනෙන මේ රෝගකාරක සතුරන්ට එරෙහි අරගලය වඩාත් කාර්යක්ෂම ලෙස හසුරුවන්නට නූතන මානවයාට හැකිව තිබෙනවා.

    1967 තරම් මෑත කාලයේ වසූරිය රෝගය ලොව පුරා මිලියන 15 තරම් ජනකායකට වැළඳුණු අතර, එයින් මිලියන දෙකක් අකාලයේ මියගියා. එහෙත් එතැන් පටන් ගෙවුන දශකයක කාලය තුළ වසූරිය මර්දනයට ලෝකයේ රටවල් ගත් සමෝධානිත පරිශ්‍රමය නිසා සහශ්‍ර ගණනක් තිස්සේ මානව සංහතියට මහත් වධ දුන් ඒ බිහිසුණු වෛරස් රෝගය මිහිපිටින් තුරන් කිරීමට හැකි වුණා. 1979 ලෝක සෞඛ්‍ය සංවිධානය සහතික කළේ වසුරිය වෛරසය තවදුරටත් ස්වභාවිකව හමුනොවන බවයි.

    ඉතිහාසයේ දෙවන පාඩම නම් වසංගතවලින් සැබෑ සුරක්ෂිත බව ලැබෙන්නේ විශ්වාස කළ හැකි අන්දමේ විද්‍යාත්මක තොරතුරු රටවල් එකිනෙකා සමග හුවමාරු කර ගැනීම සහ ඒ හරහා තහවුරු වන රටවල් අතර සහයෝගිතාව තුළින් බවයි.

    ඉතිහාසය කියා දෙන පාඩම් දෙක

    මෙම ඈත මෑත ඉතිහාසය මත පදනම් වී අලුත් කොරෝනා වෛරසය ගැන අපට කළ හැකි හොඳම බුද්ධිගෝචර විග්‍රහය කුමක්ද?

    ඉතිහාසයේ පළමුවන පාඩම් නම් තනි රටක දේශ සීමා වසා දැමීමෙන් එරට වැසියන් මෙම වෛරසයෙන් ආරක්ෂා කළ නොහැකි බවයි. ගෝලීයකරණය ව්‍යාප්ත වන්නට සියවස් ගණනකට පෙර පවා සාපේක්ෂව කෙටි කාලයක් තුළ අතිවිශාල බිම් පෙදෙසක පැතිර යාමට රෝගකාරකයන් සමත් වූ බව මධ්‍යකාලීන යුරෝපයේ ප්‍රබල අත්දැකීමයි. හුදකලාවීමෙන් රෝග කාරක පැතිරීම අවම කරගන්නට උත්සාහ කරනවා නම් මධ්‍යකාලීන යුරෝපයට නොව ගල් යුගය තරම් ඈත අතීතයට යන්නට සිදුවේවි. එය කිසිසේත්ම කළ හැකිද?

    ඉතිහාසයේ දෙවන පාඩම නම් වසංගතවලින් සැබෑ සුරක්ෂිත බව ලැබෙන්නේ විශ්වාස කළ හැකි අන්දමේ විද්‍යාත්මක තොරතුරු රටවල් එකිනෙකා සමග හුවමාරු කර ගැනීම සහ ඒ හරහා තහවුරු වන රටවල් අතර සහයෝගිතාව තුළින් බවයි.

    යම් රටක් නව රෝග වසංගතයකට එක්වරම මුහුණ දෙන විට ඒ පිළිබඳව සෞඛ්‍ය විද්‍යාත්මක සහ වෛද්‍ය විද්‍යාත්මක තොරතුරු ඉක්මනින්ම සෙසු රටවලට හෙළි කිරීමට හැකිවිය යුතුයි. එසේ කරන රටට අහිතකර ආර්ථික ප්‍රතිවිපාක අවම විය යුතුයි. එසේ හෙළි කරනු ලබන විද්‍යාත්මක තොරතුරු සෙසු රටවලට විශ්වාස කළ හැකි විය යුතුයි. එම තොරතුරු මත පදනම් වී අදාළ රටට ඉක්මනින් සහ ඇති පමණින් ආධාර උපකාර කිරීමේ යහ සම්ප්‍රදායක් ගොඩනඟා ගත යුතුයි.

    රෝග නිවාරණ පියවර සාර්ථක වීම සඳහා එබඳුම අන්තර්ජාතික විශ්වාසයක් සහ සහයෝගිතාවක් අත්‍යවශ්‍යයි. දැඩි වසංගතයක් මෙල්ල කිරීමට නිරෝධායනය ( quarantine) මෙන්ම නීතියෙන් අනිවාර්ය මහා පරිමාණයේ වසා දැමීමක් හෙවත් lock-down ද අවශ්‍යයි.

    වත්මන් ලෝකය තේරුම් ගත යුතු වැදගත්ම යථාර්ථය

    චීනය නව කොරෝනා වෛරසය සමග පොර බැඳීමෙන් ලත් දැනුම සහ අත්දැකීම් සමුදාය ලොව සෙසු රටවල් සමඟ බෙදාගන්නට හැකි නම් කෙතරම් අපූරුද? මෙය සිදුවීමට නම් ඉහළ මට්ටමේ අන්තර්ජාතික විශ්වාසයක් සහ සහයෝගිතාවක් අවශ්‍ය වනවා.

    රෝග නිවාරණ පියවර සාර්ථක වීම සඳහා එබඳුම අන්තර්ජාතික විශ්වාසයක් සහ සහයෝගිතාවක් අත්‍යවශ්‍යයි. දැඩි වසංගතයක් මෙල්ල කිරීමට නිරෝධායනය ( quarantine) මෙන්ම නීතියෙන් අනිවාර්ය මහා පරිමාණයේ වසා දැමීමක් හෙවත් lock-down ද අවශ්‍යයි. එහෙත් රටවල් එකිනෙකා ඇති තරම් විශ්වාස නොකරන විට අන්තර්ජාතික වශයෙන් සමෝධානිත ලෙස මෙම රෝග නිවාරණ පියවර ගැනීම අපහසු වනවා.

    යම් රටකින් හෝ ප්‍රධාන නගරයකින් ආසාදිතයන් 100ක් හමුවූවා යයි සිතන්න. රෝගකාරකය තවත් පැතිර යාම වළක්වනු පිණිස lockdown කළ යුතු වුවත්, එසේ කළ පසු ටික දිනකින්ම බරපතළ ආර්ථික පසුබෑම ඇතිවනවා. ලෝකයේ සෙසු රටවල් තමන්ට උදව්වට එනු ඇතැයි ප්‍රබල විශ්වාසයක් තිබේ නම් මෙබඳු භාරදූර තීරණයක් නොබියව ගන්නට අදාළ ආණ්ඩුවට හැකි වනවා.

    එහෙත් ‘අපට ඇත්තේ අපේ සරණ පමණයි’ යන දුර්වල විශ්වාසය මත තීරණාත්මක රෝග නිවාරණ පියවර කල් දමමින් සිටියහොත්, කිසිවකුට පාලනය කළ නොහැකි ලෙස වසංගතය උත්සන්න වනවා.

    වසංගත රෝග පිළිබඳව වත්මන් ලෝකය තේරුම් ගත යුතු වැදගත්ම යථාර්ථය වන්නේ මෙයයි: කුමන හෝ රටක වසංගත පැතිරේ නම් එය සමස්ත මානව සංහතියටම තර්ජනයක්. මීට හේතුව වෛරස් දිගින් දිගටම පරිණාමය වෙමින් පැවතීමයි.

    සැම රටකම වෙසෙන සැම මානවයකුම වෛරස්වලින් රැකගත නොහැකි වන තාක් කල්, කිසිදු රටක කිසිදු මානවයකුට සැබෑ ආරක්ෂවක් නැති බව අප වටහා ගත යුතුයි.

    වෛරස්වලට එරෙහිව මානව අප ගෙන යන දිගුකාලීන අරගල

    COVID-19 රෝගකාරක කොරෝනා වෛරසය සලකා බලන්න. වවුලකු වැනි සත්වයෙකුගේ සිරුරෙහි මුලින්ම මේ වෛරසය බිහිවූවා යැයි දැනට පිළිගැනෙනවා. 2019 යම් අවස්ථාවක මේ නව වෛරසය මානවයකුගේ ශරීර ගතවුණා.

    මුලින් මානව දේහය එම වෛරසයට ආගන්තුක වුවත්, නොබෝ දිනකින්ම එය නව ධාරකයාගේ ( host) දේහ පරිසරයට අනුගත වනවා. මානව දේහ තුළ වෛරස් මහා පරිමාණයෙන් බෝවෙද්දි ඉඳහිට වෛරසය ජානමය විකෘති ( genetic mutations) හටගන්නවා. මේ සමහරක් නිසා වෛරසය වඩාත් ප්‍රබල ලෙසින් පැතිර යන්නටත් ඒ ආසාදිත ශරීරවලට දැඩි හානි කරන්නටත් හැකියි.

    ආසාදිත මානව දේහයන් තුළ වෛරස බිලියන සහ ටි්‍රලියන ගණනින් වැඩි වද්දී ඉඳහිට දරුණු බව වැඩි වෛරස මාදිලියක් බිහිවීමේ හැකියාව තිබෙනවා. ඔබ මේ කියවන මොහොතේත් එබඳු වූ ජාන විකෘතියක් චීනයේ, ඉරානයේ හෝ ඉතාලියේ ආසාදිත මානවයකුගේ සිරුරෙහි සිදුවෙමින් පවතිනවා පුළුවනි. එයින් වසංගතය වඩා දරුණු වුවහොත් එය බලපාන්නේ එකී රටට පමණක් නොව සමස්ත මානව සංහතියටමයි!

    සැම රටකම වෙසෙන සැම මානවයකුම වෛරස්වලින් රැකගත නොහැකි වන තාක් කල්, කිසිදු රටක කිසිදු මානවයකුට සැබෑ ආරක්ෂවක් නැති බව අප වටහා ගත යුතුයි.

    1970 දශකයේ වසූරිය මිහිමතින් තුරන් කිරීමට හැකිවූයේ සැම රටකම වෙසෙන සෑම මානවයකුම එයට එරෙහිව එන්නෙත් කොට ප්‍රතිශක්තිය ලබා දුන් නිසයි. එම ප්‍රයත්නයේදී එක් රටක් හෝ එයට සම්බන්ධ නොවුණා නම් සමස්ත මානව පවුලම තවදුරටත් වසූරියට කවදා හෝ ලක්වීමේ අවදානම සමග දිගටම ජීවත් වන්නට ඉඩ තිබුණා.

    අප හැකි තාක් වෙර යොදා රැකවල් කළ යුත්තේ වයිරස් ලෝකය (virus-sphere) හා අපේ මානව ලෝකය අතර සීමාවයි. මේ සීමාව ඇත්තේ බිලියන 7.8ක් පමණ වන මානව ජනගහනයේ හැම සාමාජිකයකුගේම ශරීර තුළයි.

    අප හැකි තාක් වෙර යොදා රැකවල් කළ යුත්තේ වයිරස් ලෝකයි

    වෛරස්වලට එරෙහිව මානව අප ගෙන යන දිගුකාලීන අරගලයේදී දේශ සීමා ආරක්ෂා කිරීම වැදගත්. එහෙත් මෙයට අදාළ හා වැදගත් වන්නේ රටවල් අතර දේශසීමා නොවෙයි. අප හැකි තාක් වෙර යොදා රැකවල් කළ යුත්තේ වයිරස් ලෝකය (virus-sphere) හා අපේ මානව ලෝකය අතර සීමාවයි. මේ සීමාව ඇත්තේ බිලියන 7.8ක් පමණ වන මානව ජනගහනයේ හැම සාමාජිකයකුගේම ශරීර තුළයි.

    අපේ ග්‍රහලොව හැම අස්සක මුල්ලකම වෛරස් ප්‍රභේද හා මාදිලි ඉතා විශාල ගණනක් හමුවනවා. ජානමය විකෘතිවීමෙන් නව වෛරස් නිතර බිහිවනවා. මානව-වෛරස් දේශ සීමාවේ එක් තැනෙක රැකවල් කිරීම අඩාල වුවහොත් එතැනින් මානව ලෝකයට පිවිසෙන වෛරස් සමස්ත මානව වර්ගයාටම තර්ජනයක්.

    පසුගිය සියවස පුරා විද්‍යාවේ දියුණුවත් සමග මෙම මානව-වෛරස් දේශ සීමාවේ රැකවල් ප්‍රබල ලෙස තර කිරීමට අපට හැකිව තිබෙනවා. මේ දේශසීමාවේ මහා ප්‍රාකාරය නම් හැම රටකම මහජන සෞඛ්‍ය සේවාවයි. දිවා රැයේ එය මුර කරන්නේ වෛද්‍යවරුන්, සෙසු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය හා වෛද්‍ය පර්යේෂකයන් විසින්.

    එහෙත් මේ වෛරස්-මානව දේශසීමාවේ දිගු කොටස් අනාරක්ෂිතයි. අවම සෞඛ්‍ය සේවාවන් හෝ නොලබන මානවයන් මිලියන සිය ගණනක් ලොව පුරා විහිද සිටිනවා. මෙසේ දේශසීමාවේ කොටස් නිරාවරණය වීම අප සියලුදෙනාම අන්තරායට පත් කරනවා.

    වසංගතයක් මර්දනය කිරීමට මහජනයා විද්‍යාඥයන්, වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය නිලධාරීන් පවසන දේ විශ්වාස කිරීම අවශ්‍යයි. එසේම රටවල් අතර අන්‍යොන්‍ය විශ්වාසය ද අවශ්‍යයි.

    අද ලෝකයම මහත් අර්බුදයකට පත්ව ඇත්තේ කොරෝනා වෛරසය නිසා පමණක් නොවෙයි

    අද ලෝකයම මහත් අර්බුදයකට පත්ව ඇත්තේ කොරෝනා වෛරසය නිසා පමණක් නොවෙයි. මානවයන් එකිනෙකා අතර විශ්වාසය හෝදාපාලු වී යාමේ අර්බුදයක්ද අද උග්‍රව තිබෙනවා.

    වසංගතයක් මර්දනය කිරීමට මහජනයා විද්‍යාඥයන්, වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය නිලධාරීන් පවසන දේ විශ්වාස කිරීම අවශ්‍යයි. එසේම රටවල් අතර අන්‍යොන්‍ය විශ්වාසය ද අවශ්‍යයි. එහෙත් පසුගිය වසර කිහිපය තුළ විවිධ රටවල දේශපාලකයන් රැසක් වගකීම් විරහිතව කළ ප්‍රකාශ සහ ගත් තීරණ නිසා විද්‍යාත්මක ක්‍රමවේදය, පොදු ආයතන සහ අන්තර්ජාතික සහයෝගීතාව යන අතිශයින් වැදගත් ප්‍රපංචයන් පිළිබඳව තිස්සේ ගොඩ නැගී තිබුණු මහජන විශ්වාසය පළුදු වී තිබෙනවා.

    එහි ප්‍රතිඵලයක් ලෙස මේ අතිශයින් තීරණාත්මක මොහොතේ අර්බුද කළමනාකරණයට යොමුවීමට මානව වර්ගයාට සිදුව ඇත්තේ තම රටවැසියන්ගේ විශ්වාසය අඩු, විද්‍යාත්මකව විසඳුම් සෙවීමට අසමත් සහ සෙසු රටාල් සමග සහයෝගයෙන් වැඩ කිරීමට නොකැමති දේශපාලන නායකයන් බහුතරයක් සමගයි.

    2014 ඉබෝලා වසංගතය අවස්ථාවේ සහ 2008 ගෝලීය ආර්ථික අර්බුදය අවස්ථාවේ දේශපාලන මතවාදයන් පසෙකලා අන්තර්ජාතික සහයෝගිතාව සහ විද්‍යාත්මක දැනුම මත පදනම් වූ විසඳුම් සෙවීමට ඇමරිකා එක්සත් ජනපදය නායකත්වය ලබා දුන්නා. එහෙත් මෑත වසරවල ඇමරිකාව මෙබඳු ගෝලීය නායකත්වයක් ලබාදීමට පෙරට එන්නේ නැහැ. වර්තමානයේ ඇමරිකානු රජය ලෝක සෞඛ්‍ය සංවිධානය ( WHO) වැනි ඉතා වැදගත් අන්තර්ජාතික සහයෝගිතාවයන්ට ලබාදෙන අරමුදල් අඩු කොට තිබෙනවා.

    කොරෝනා වෛරස අර්බුදය මුලින් මතු වූ විට වත්මන් ඇමෙරිකානු රජය ඒ ගැන තැකීමක් නොකර පසෙකින් බලා සිටියා. මේ දක්වා ද (2020 මාර්තු 15) ගෝලීය වසංගතයට යන්න කීව ගෝලීය නායකත්වයක් සපයන්න සූදානමක් නැති පාටයි. පමා වී හෝ එබඳු උත්සාහයක් කළ ද එය ලෝකයේ සෙසු රටවල් කීයක් විශ්වාස කරයිද?

    ඇමරිකාව විසින් අතහැර දමනු ලැබූ ගෝලීය බුද්ධිමය නායකත්වයේ හිඩස පුරවන්නට වෙන කිසිදු රටක් මේ දක්වා සමත් වී ද නැහැ. විදේශිකයින් නුරුස්නා බව, අන්තර්ජාතික සහයෝගිතාවෙන් දුරස්වීම සහ අන්තවාදී ජාතිකවාදය වැනි ප්‍රවණතා පෙරමුණට පැමිණ තිබෙන අද දවසේ තනි රටවල් මට්ටමෙන් ආත්මාර්ථකාමීව සිතා ක්‍රියා කිරීම වෙනුවට මානව සංහතිය වෙනුවෙන් පොදුවේ ක්‍රියාකරන්නට නායකත්වයක් මතු වී නැහැ.

    මේ අර්බුදකාරී මොහොතේ අප මුහුණ දෙන ලොකුම අභියෝගය වෛරසය මර්දනය කිරීම නොව, මානව අප එකිනෙකා අතර විශ්වාසය හා සහයෝගිතාව වැඩිකර ගැනීමයි.

    මේ අර්බුදකාරී මොහොතේ අප මුහුණ දන ලොකුම අභියෝගය

    උදාහරණයකට යුරෝපා සංගමයේ (EU) සාමාජික රටවල් මේ අවස්ථාවේදී වසංගත රෝග මර්දනයට ඇති තරම් සූදානම් වූ බවක් හෝ සංගමයේ වඩා ඉසුරුබර රටවල් යුරෝපයේම වඩා අගහිඟකම් ඇති රටවලට ඇති තරම් උදව් කරන බවක් මේ දක්වා දැකිය නොහැකියි. දුෂ්කර අවස්ථාවක එකිනෙකාගේ පිහිටට නොඑන අන්තර්-රාජ්‍ය හවුලක ඇති ඵලය කුමක්ද?

    මේ අර්බුදකාරී මොහොතේ අප මුහුණ දෙන ලොකුම අභියෝගය වෛරසය මර්දනය කිරීම නොව, මානව අප එකිනෙකා අතර විශ්වාසය හා සහයෝගිතාව වැඩිකර ගැනීමයි. මානව සමාජ හා රාජ්‍යයන් එකිනෙකා සමග අසමගිව කුළල් කා ගන්නා සෑම දිනයක් පාසාම එය වෛරසයට ජයක් අත්කර දෙනවා.

    එහෙත් විවිධ මතවාදී වෙනස්කම් හා පසුගිය එදිරිවාදිකම් නොතකා, අන්තර්ජාතික සහයෝගයෙන් කොරෝනා වෛරස් අභියෝගය ජය ගන්නට ලෝකයේ ආණ්ඩුවලට දේශපාලන නායකයන්ට හැකි වුවොත්, එය මේ ආසාදනයට පමණක් නොව ඉදිරි වසංගතවලටත් එරෙහිව ආරක්ෂාව සපයන රැකවරණයක් වනු ඇති.

  • ඉතාලි කොරෝනා ආසාදිතයින්ට ගෞරවණීය මරණයක් අහිමි වෙයි

    ඉතාලි කොරෝනා ආසාදිතයින්ට ගෞරවණීය මරණයක් අහිමි වෙයි

    කොරෝනා වෛරසය නිසා ඉතාලියට අවමංගල උත්සව පවා තහනම් කිරීමට හේතු වී ඇත. එපණක් නොව, කොරෝනාවෛරසය ම තමන් විසින් මරු කැඳවන ලද ඉතාලි ජාතිකයන්ට තවත් අසාධාරණයක් සිදු කරයි. එය මියගියවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට තම මිය ගිය නෑදෑයාට අවසන් ගෞරවය දැක්වීමේ අවස්ථාවත් අහිමි කිරීමය.

    ”මේ වසංගත උපද්‍රවය දෙවතාවක් ම අපි මරා දමනවා. පළමු අවස්ථාව අපි මැරෙන්නත් ඉස්සර වෙලා අපි අපේ ආදරණීය නෑදෑයන්ගෙන් වෙන්කර හුදෙකලා කරනු ලැබීම. දෙවැන්න, අපි කිසිවෙකුට එකිනෙකාට කිට්ටු වෙන්න තියෙන අවස්ථාව නැති කිරීම,” මිලාන් නගරයේ අවමංගල සේවා ආයතනයක සේවකයකු වන අන්ද්‍රේයා සෙරටෝ (Andrea Cerato) පවසයි.

    ”පවුල් ඉතා ම ඛේදජනක ඉරණමකට ලක්වෙලා. බලාපොරොත්තු වෙන්න බැරි තත්ත්වයක්”

    ”අපව විශ්වාස කිරීම හැර ඔවුන්ට වෙනත් තෝරා ගැනීමක් නැහැ”

    Covid 19 වෛරසයට ගොදුරු වූ බොහෝ ඉතාලි ජාතිකයන් මරණය වැළඳගනු ලබන්නේ රෝහල් තුළ වෙන්කරනු ලැබ සිටිය දී සිය පවුලේ සාමාජිකයන් හෝ කිසිදු හිතමිතුරකුගෙන් තොරවය. රෝහල්ගත කරනු ලැබ සිටින ආසාදිත තැනැත්තා බැලීමට යාම තහනම්ය. හේතුව වෛරසය බෝවීමේ අනතුර ඉතා බරපතළ බැවිනි.

    පුද්ගලයෙකුගේ මරණයෙන් පසු වෛරසය තවත් කෙනෙකුට ආසාදනය නොවන බව සෞඛ්‍යය බලධාරීන් ප්‍රකාශ කරන නමුත් වෛරසය මියගිය තැනැත්තාගේ ඇඳුම්වල පැය කීපයක් අන්තරායකාරී මට්ටමින් රැඳී පැවතිය හැකිය. කොරෝනාවෛරසය ආසාදනය වීම නිසා මරණයට පත් පුද්ගලයෙකුගේ දේහය වහා ම වසා සීල් තබනු ලබන්නේ එබැවිනි.

    ”බොහෝ පවුල්වල නෑදෑයෝ අන්තිම වරට තම මියගිය සාමාජිකයාගේ දේහය බලාගන්න අපෙන් අවස්ථාවක් ඉල්ලනවා. ” ක්‍රෙමෝනා” (Cremona) නගරයේ අවමඟුල් කටයුතු මුදලට සංවිධානය කරන්නෙකු වන මසිමෝ මැන්කස්ට්‍රොපා (Massimo Mancastroppa) පවසයි.

    කොරෝනාවෛරසයෙන් මරණයට පත් තැනැත්තන් ඉතා හොඳ වර්ගයේ තමන් ආශා කළ ඇඳුමකින් සරසා මිහිදන් කිරීමක් සිදු නොකෙරෙයි.

    ඒ වෙනුවට සිදුවෙන්නේ රෝහලේ දී අඳින්නට දුන් ගවුමක් වැනි ඇඳුමින් සැරසී අවසන් ගමන් යාමටය.

    එහෙත් අවමඟුල සංවිධානය කරන මසිමෝ මැන්කස්ට්‍රොපා තමන්ට කළ හැකි උපරිමය මියගිය පුද්ගලයන් වෙනුවෙන් ඉටුකරයි.

    ”පවුලේ නෑදෑයන් අපට දුන් ඇඳුම් අපි මළ සිරුර උඩින් තියනවා. ඔවුන් කලින් අඳින ලද ආකාරයට. උඩ කොටසට කමිසයක්.යටට සායක්”

    අපි මරණකරුගේ පවුලේ සාමාජිකයන්ගේ සියකු වගකීම් භාර ගන්නවා” අන්ද්‍රේයා සෙරටෝ පවසයි.

    ”අපි මරණකරුගේ පවුලට ඔහුගේ හෝ ඇයගේ මිනී පෙට්ටියේ පින්තූරයක් යවනවා. ඊට පස්සේ අපි මිනිය රෝහලෙන් අරගෙන එක්කෝ වළ දමනවා. නැත්නම් පුළුස්සා දමනවා. මරණකරුගේ පවුලේ සාමාජිකයන්ට අපව විශ්වාස කිරීම හැර වෙනත් තෝරා ගැනීමක් නැහැ”

    තමන්ට ඇති බරපතළ ම දුෂ්කරතාව සිය ඥාතියාගේ වියෝවෙන් තැවෙන පවුලේ සාමාජිකයන් සැනසීම බවත් අන්ද්‍රේයා සෙරටෝපවසයි. ”මළ සිරුරුවලට ලස්සනට ඇඳුම් අන්දවන්න අපට බැහැ. ඔවුන්ගේ හිස පීරන්න බැහැ. මුහුණු හැඩ ගන්වන්න බැහැ. ඔවුන් සංසුන්ව ලස්සනට සැතපිලා ඉන්න හැටියට සකස් කරන්න බැහැ. හරි ම කනගාටුයි!”

    අන්ද්‍රේයාට මුදලට අවමඟුල් සේවා සපයන්නෙකු ලෙස වසර තිහක අත්දැකීම් සහිතය. ඔහුගේ පියාගේ වෘත්තියත් එය ම විය. මරණයකින් වියෝදුක් විඳින්නන්ට ඉතා ම කුඩා දෙයක් පවා ඉතා වැදගත් බව ඔහු පෙන්වා දෙයි.

    ”වෙන්ව යන තම ආදරණීය තැනැත්තාගේ නිකට අල්ලා අවසන් වරට අතගෑම, ඔවුන්ගේ අත් මත සිය අත්තබා ගෙන සිටීම වැනි දේවල් අද දක්නට නොලැබීම කම්පාවට හේතුවක්!”

    bbc

    පවතින වසංගතය හමුවේ අවමඟුල සිදුකරන්නන්ට සිදුව ඇත්තේ මරණකරුගේ නිවස අබියසට ගොස් වසා දමනු ලැබ ඇති ඉදිරිපස දොර දෙපැත්තේ සිට සොවින් තැවෙන ඥාතීන් සමග අදහස් හුවමාරු කර ගැනීමටය.

    ඥාතීහු සිය පණිවුඩය හැටියට අතින් ලියන ලද සටහන් යැවීමට යත්න දරති. එපණක් නොව, පරම්පරාවෙන් උරුම වූ භාණ්ඩයක්, අතින් අඳින ලද චිත්‍රයක්, කවියක් වැනි දෙයක් මිහිදන් කිරීමට යන සිය මවගේ-පියාගේ-සහෝදරයාගේ හෝ සහෝදරියගේ සිරුර පසෙකින් තැබීම සඳහා අවමඟුල් සංවිධායකයන්ට දොර අතරින් භාර දෙති.

    එහෙත් ඒ කිසිවක් මිනී පෙට්ටිය ඇතුළේ තැන්පත් නොකෙරෙනු ඇත.

    පෞද්ගලික වස්තූන් මිහිදන් කිරීම ඉතාලියේ දැන් තහනම්ය. එය තද නීතියක් වන නමුත් එහි අරමුණ වෛරසය පැතිරයාම වළක්වා ගැනීමය.

    පුද්ගලයකු නිවසේදී මරණයට පත්වුවහොත් අවමඟුල සංවිධානය කරන්නන්ට නිවසට ඇතුළුවීමට අවසර ඇත. එහෙත් ඔවුන් සම්පූර්ණ ආරක්ෂාකාරී ඇඳුම් ආයිත්තම්වලින් සැරසී සිටිය යුතුය. කන්නාඩි, මුඛ ආවරණ, අත්වැසුම්, කබා ආදියෙන් තම පවුලේ සාමාජිකයෙකු මියගිය මොහොතේ එවැනි දසුන් දැකීම කෙනෙකුට විශාල චිත්ත පීඩාවක් වනු ඇත.

    එහෙත් බොහෝ අවමංගල කටයුතු සංවිධායකයෝත් මේ වන විට නිරෝධායනයට ලක්ව සිටිති. ඇතැමුන්ට තම ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට සිදුව ඇත. ප්‍රබල ප්‍රශ්නයක් වී තිබෙන්නේ මළ මිනී සමග කටයුතු කරන්නන්ට මුඛ ආවරණ සහ අත්වැසුම් නොවීමය.

    ”තවත් සුමානෙකට සෑහෙන ආරක්ෂක උපකරණ අපට තියෙනවා ” අන්ද්‍රේයා සෙරටෝ පවසයි.

    ”ඒත් ඒවා ඉවර වුණොත් අපට අපේ මෙහෙය ඉටුකරන්න බැරි තත්ත්වයක් උදා වෙනවා. අපි ඉතාලියේ ලොකු ම අවමඟුල් සේවා ආයතනවලින් එකක්. මට හිතාගන්නවත් බැහැ. අපි කොහොම ද ඉදිරියේදී උද්ගත වෙන තත්ත්වයන්ට මුහුණ දෙන්නේ කියල”

    වෛරසය පැතිරයාම වලක්වා ගැනීමේ පියවරක් වශයෙන් ජාතික හදිසි නීතියක් මගින් ඉතාලියේ අවමඟුල් උත්සව පැවැත්වීම තහනම් කරනු ලැබ ඇත. ඉතා ශක්තිමත් රෝමානු කතෝලික සාරධර්ම මුල්බැසගත් ඉතාලිය වැනි රටක එවැනි තත්ත්වයක් සිතා ගැනීම පවා අසීරුය.

    යටත් පිරිසෙයින් දවසකට එක මළ සිරුරක්වත් මිහිදන් කිරීමට අන්ද්‍රේයා සෙරටෝට සිදුවෙයි. එහෙත් එම මළ සිරුරකට සමුදීමට එකදු මිනිසෙකු හෝ එහි නැත. සියලු දෙනා ම නිරෝධායන වී ඇති හෙයිනි.

    ”මළ සිරුරක් වළ දමන කොට එක්කෙනෙකුට නැත්නම් දෙන්නෙකුට අවසර ලැබෙනවා. නමුත් එච්චර තමයි,” මසිමෝ මැන්කස්ට්‍රොපා පවසයි.

    ”කතා කරන්න කාටවත් හැඟීමක් නැහැ – නිහඬතාව විතරයි”

    එහෙත් ඔහු හැකි හැමවිට ම එම තත්ත්වය වළක්වා ගැනීමේ තැතක නිරත වෙයි. හැකි අවස්ථාවන්හි ඔහු මළසිරුර පැටවූ මෝටර් රථය පල්ලියක් කරා පදවයි. මිය ගිය තැනැත්තා වෙනුවෙන් ආශීර්වාද කරන ලෙස දේවගතිවරයාගෙන් ඉල්ලා සිටියි.

    ඒ සඳහා ඇත්තේ තත්පර කීපයක් පමණි. ඊළඟට ඊළඟ තැනැත්තාගේ වාරයයි.

    ඉතාලියේ අවමඟුල් සමාගම්වලට ඉහවහා ගිය මට්ටමින් වැඩ ලැබෙයි. මරණ සංඛ්‍යාව ඉහළ නගිමින් ඇත. හත්දහසකට අධික ජීවිත කොරෝනා රකුසා දැනටමත් බිලිගෙන අවසන්ය. එය එක රටක වාර්තා වූ වැඩි ම කොරෝනා මරණ සංඛ්‍යාවයි.

    ”ක්‍රිමොනා නගරයේ අපේ ශාඛාව ඉදිරිපිට මරණ පෝලිමක් තියෙනවා” අන්ද්‍රේයා සෙරටෝ පවසයි.”හරියට සුපිරි වෙළෙඳ සලක තත්ත්වයට බොහෝ දුරට සමානයි”

    උතුරු ඉතාලියේ මෘත ශරීරාගාර මළමිනීවලින් පිරී ගොස්ය.

    ”ක්‍රිමොනා නගරයේ රෝහලේ තියෙන පල්ලිය හරියට මිනී තියන ගබඩාවක් වගෙයි” මසිමෝ පවසයි.

    මිනී පෙට්ටි දේවස්ථාන ඉදිරියේ පෝලිමේ තබා ඇත. බර්ගමෝ (Bergamo) මරණ වැඩිම සංඛ්‍යාවක් වාර්තා වූ නගරයයි. නගරයේ සුසාන භූමි පිරීගිය හෙයින් යුද්ධ හමුදාව කැඳවීමට සිදුවිය.

    පසුගිය දා එක් රාත්‍රියක හැත්තෑවකට අධික මිනී පෙට්ටි යුද්ධ හමුදා රථ පෙළක් නගරය ඔස්සේ සෙමෙන් ඉදිරියට ඇදෙන ආකාරය එහි නිවැසියෝ නිහඬව බලා සිටියහ.

    අසල නගරයකදී දවාලීම සඳහා එලෙස රැගෙන යන ලද්දේ ඔවුන්ගෙන් කවරෙකුහේ හෝ මිතුරෙකුගේ හෝ අසල්වැසියකුගේ මෘත දේහයකි.

    වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් ඉතාලිය පුරා දැන් අගයනු ලබන්නේ වීරයන්ගේ මට්ටමිනි. ඔවුහු ඉතාලියේ මෙම අඳුරු සමයේ ගැලවුම්කරුවන් පිරිසකි. එහෙත් අවමංගල සේවා සපයන්නන් ඔවුන් ඉටුකරනු ලබන කාර්යභාරය සම්බන්ධයෙන් ඇගයීමට ලක් නොවෙති.

    ”බොහෝ දෙනෙක් අපි දකින්නේ මළමිනී ප්‍රවාහනය කරන්නන්ගේ මට්ටමින්” මසිමෝ පවසන්නේ සුසුම් අතරිනි.

    ජීවමාන ලෝකය සහ මළවුන්ගේ ලෝකය බෙදා වෙන් කෙරෙන ගංගාවක් ඔස්සේ අලුතින් මරණයට පත්වූවන්ගේ ආත්මයන් ප්‍රවාහනය කරන පව්කාර චේරන් (Charon) නම් මිථ්‍යා පුරාවෘත්තමය චරිතය දෙස බලන ඇසින් බොහෝ ඉතාලි ජාතිකයන් තමන් දෙසත් බලන බව මසිමෝ වැඩිදුරටත් පෙන්වා දෙයි.

    බොහෝ දෙනෙකුගේ ඇස් අතර දක්නට ලැබෙන්නේ කෘතඥතාවෙන් තොර හිස් ස්වභාවයකි.

    #Andratuttobene – ”සියල්ල හොඳ අතට හැරෙනු ඇත” COVID -19 වෛරසය පැතිරයාමත් සමග එවැනි පණිවුඩයක් සහිත හැෂ්ටෑගයක් ඉතාලිය පුරා ප්‍රචාරය කෙරෙමින් පවතී. සිනාව ඇතුළත් දේදුනු රුවක් ද ඊට එක් කරනු ලැබ ඇත.

    නමුත් මේ මොහොතේත් ආලෝකයක සේයාවක් නොමැත. රට ම යාඥා කරමින් ඇතත් නැවතත් සියල්ල කවදා සැබැවින් ම යථාතත්ත්වයට පත්වේ ද යන්න කිසිවෙක් නියත ලෙස නොදනිති.

    බී.බී.සී ඇසුරිණි

  • Words at the window – නිව්යෝක්හි හුදෙකලා පවුල්වල ප්‍රාර්ථනා…

    Words at the window – නිව්යෝක්හි හුදෙකලා පවුල්වල ප්‍රාර්ථනා…

    Covid 19 වෛරසය පැතිරීම මන්දගාමී කිරීම සඳහා වැඩි වැඩියෙන් මිනිසුන් ගෘහස්ථව රැඳී සිටින හෙයින්, ඡායාරූප ශිල්පී ස්ටීවන්ස් ලව්කින් නිව්යෝක්හි බෘක්ලින්හි හුදෙකලා පවුල්වල ඡායාරූප ගැනීමට පටන් ගත්තේය. මුලදී, ලව්කින් ඔවුන්ගේ ආලින්දයේ සිටියදී ඡායාරූප ගත කළ නමුත් ජනේලයක් පිටුපස ඔවුන් පින්තූර ගත කිරීම වඩාත් සුවිශේෂය වේ යැයි ඔහු පසුව සිතුවේය.

    “ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමට පටන් ගත් විට කවුළුව පිළිබඳ අදහස වඩාත් අර්ථවත් වීමට පටන් ගත්තේය. කවුළුව යනු අප ලෝකය දෙස බලන දෙයක් වන අතර, මිනිසුන්ට අප දෙස බැලිය හැකි ආකාරය සහ අප කෙසේද යන්න වචනාර්ථයෙන් රාමු කරන දෙයක් ලෙස කවුළුව සැලකිය හැකිය”

    ලව්කින් සෑම පවුලකින්ම පණිවුඩයක් ලෝකය සමඟ බෙදා ගන්නා ලෙස ඉල්ලා සිටියේය. මෙම ව්‍යාපෘතිය සතියක් පමණ කාලයක සිට ක්‍රියාත්මක වන අතර මේ වන විටත් සමාජ මාධ්‍යවල ධනාත්මක ප්‍රතිචාර රාශියක් ලැබී තිබේ. ලව්කින් එය ආරක්ෂිත වන තාක් කල් ඉදිරියට යාමට අදහස් කරයි.

    “අවුල් සහගත හා අවිනිශ්චිත කාලයක අප නොදන්නා කාලයක් අප එකිනෙකාගෙන් වෙන්ව සිටියද අප බාහිර ලෝකයට වඩාත් සම්බන්ධ වී ඇති බව මෙම ඡායාරූප හරහා මිනිසුන්ට දැනෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි,” ලව්කින් පවසයි.

    “අප අවට සිටින අය සමඟ ඍජුව, අවංකව හා ධනාත්මකව සන්නිවේදනය කිරීම හා සම්බන්ධ වීම දිගටම කරගෙන යන්නේ නම්, අපට මෙය ව්‍යසනය පරාජය කළ හැකියි. එය පහසු නොවනු ඇත. ආරක්ෂිතව සිට නිවසේ රැඳී සිටින්න.

    “මගේම දරුවන් පැවසූ පරිදි, ‘ළඟදීම අපි එකට සිටිමු.”

    ඇනා බෙත් රූසාකිස් සහ දියණිය මේරි රූසාකිස්
    මව සහ දියණිය – ඇනා බෙත් රූසාකිස් සහ දියණිය මේරි රූසාකිස්
    සැමියා සහ බිරිඳ චිත්‍රපට නිෂ්පාදකයින් වන ක්ලෙයාර් ඉන්ස් සහ ඇන්සිල් මැකේන්
    සැමියා සහ බිරිඳ – චිත්‍රපට නිෂ්පාදකයින් වන ක්ලෙයාර් ඉන්ස් සහ ඇන්සිල් මැකේන්
    මහාචාර්ය සහ ක්‍රියාකාරික ආචාර්ය ක්‍රිස්ටින් ලෝලර්
    මහාචාර්ය සහ ක්‍රියාකාරික ක්‍රිස්ටින් ලෝලර්
    රොබට් ඊ. ක්ලාක් කනිෂ් a
    රොබට් ඊ ක්ලාක් ජේ
    කැලී ලව්කින් සහ ලූකස් ලව්කින්
    කැලී ලව්කින් සහ ලූකස් ලව්කින්
    ටොම් ස්මිත් සහ ලෝරා රොස්, දියණියන් වන කැරොලයින්, එලිසබෙත් සහ අබිගායිල් සමඟ
    ටොම් ස්මිත් සහ ලෝරා රොස් දියණියන් වන කැරොලයින්, එලිසබෙත් සහ අබිගායිල් සමඟ
    ඇග්නෙටා සහ මැතිව් සෙප්ටිමස් සහ දරුවන් එස්රා සහ නෝරා
    ඇග්නෙටා සහ මැතිව් සෙප්ටිමස් සහ දරුවන් එස්රා සහ නෝරා
    මයික් පර්ගෝලා සහ ඩෙනිස් පර්ගෝලා දරුවන් සමඟ හෙන්රි, ජැක් සහ විල්
    මයික් සහ ඩෙනිස් පර්ගෝලා දරුවන් සමඟ හෙන්රි, ජැක් සහ විල්
    චිත්‍ර ශිල්පී ෂර්ලි ෆුවර්ස්ට්
    කලාකරු ෂර්ලි ෆුවර්ස්ට්

    සියලුම ඡායාරූප අනුග්‍රහය ස්ටීවන් ලව්කින් / ෂටර්ස්ටොක්

  • ශ්‍රී ලංකාව තුළ කොරෝනා පලනයට ගත යුතු පියවර 09ක් රනිල් කියා දෙයි

    ශ්‍රී ලංකාව තුළ කොරෝනා පලනයට ගත යුතු පියවර 09ක් රනිල් කියා දෙයි


    කොරෝන වෛරසය ව්‍යාප්තිය වළක්වා ගැනීම වෙනුවෙන් ආණ්ඩුව අවංක චේචේතනාවෙන් සහ සත්භාවයෙන් ගනු ලබන තීරණ සඳහා කොන්දේසි විරහිතව සහය දීමට එක්සත් ජාතික පපක්ෂය සූදානම් බව එජාප නායක රනිල් වික්‍රමසිංහ පවසයි. අද  (27) සමාජ මාධ්‍ය වෙත විශේෂ වීඩියෝවක් නිකුත්කරමින් ඔහු මේ බව සඳහන් කරන අතර වෛරසය ව්‍යාප්තවීම වළක්වා ගැනීම සහ ජනතාව පීඩාවට පත්වීම වළක්වා ගැනීම වෙනුවෙන් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු කරුණු 10ක යෝජනාවක් ද ඔහු ඉදිරිපත් කර සිටියේය.

    අද එජාප නායක රනිල් වික්‍රමසිංහ සමාජ මාධ්‍ය වෙත යොමුකළ වීඩියෝවට අදාළ නිවේදනය පහත දැක්වෙයි.

    Screenshot 20200327 184732
    Screenshot 20200327 184809

  • VAT බදු ගෙවන්න සහනයක්

    VAT බදු ගෙවන්න සහනයක්

    පෙබරවාරි සහ මාර්තු මාස සඳහා එකතු කළ අගය මත බදු හෙවත් වැට් බදු ගෙවීම සඳහා සහන කාලයක් ලබා දෙයි. ඒ අනුව අප්‍රේල් 30 දක්වා සහන කාලයක් ලබා දී ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    Sharing is caring!

  • බෝ නොවන රෝග සඳහා රජයේ සායනවලින් ප්‍රතිකාර ගන්නා රෝගීන් සඳහා විශේෂ නිවේදනයක්

    බෝ නොවන රෝග සඳහා රජයේ සායනවලින් ප්‍රතිකාර ගන්නා රෝගීන් සඳහා විශේෂ නිවේදනයක්

    සෞඛ්‍ය අමාත්‍යංශය විසින් දියවැඩියාව , අධික රුධිර පීඩනය, හදවත් රෝග, අධික කොලෙස්ටරෝල් ආදී බෝ නොවන රෝග සඳහා රජයේ සායන වලින් ප්‍රතිකාර ගන්නා රෝගීන් සඳහා විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

    රාජයේ රෝහල්වල වෛද්‍ය සායන නියමිත දින වලදී පැවැත්වෙන අතර එහිදී ඉදිරි මාස දෙකක් සඳහා ඖෂධ නිකුත් කරනු ලැබේ.

    රෝගීන්ට ඇති අවදානම සලකා , වෛද්‍ය සායනයට ඔබ පැමිණීම නිර්දේශ නොකරන අතර නිරෝගී වගකිවයුතු පුද්ගලයෙකු අත, ඔබගේ සායන වාර්තාව (ක්ලිනික් පොත) එවා ඖෂධ ලබා ගත හැක.

    යම් හේතුවකින් නියමිත සායන දිනයේ ඖෂධ ලබා ගැනීමට නොහැකි වුවහොත්, ඔනෑම සතියේ දිනකදී, රෝහලේ බාහිර රෝගී අංශයෙන් ඔබගේ නියමිත ඖෂධ ලබා ගත හැක.

    සායනික වාර්තා සහ රෝග විනිශ්චය වාර්තා ඔබට ඇඳිරිනීති බලපත්‍රයක් ලෙස ඉදිරිපත් කළ හැකිවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග එකකයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරපේලි පවසයි.

  • Covid 19: ධනවාදයේ සහ ගෝලීයකරණයේ සියලු මිත්‍යා ප්‍රවාද බිද වැටුණු පසු …

    Covid 19: ධනවාදයේ සහ ගෝලීයකරණයේ සියලු මිත්‍යා ප්‍රවාද බිද වැටුණු පසු …

    දැන් අප අභිමුව ඇත්තේ කොරෝනාවලින් පසු මෙරටට ම අනන්‍ය වූ ආර්ථික-සමාජ සංවර්ධන ක්‍රමයක් සකසා ගෙන ස්වයංපෝෂිතව ලෝකය සමඟ සහයෝගීව සහ මිත්‍රශීලීව කටයුතු කිරීමේ මගක් සකසා ගැනීමය. එය පුද්ගලයාගෙන් සහ පවුලෙන් පටන් ගත යුතුය. බොහෝ දෑ කණපිට ගැසිය යුතුය.

    ජේෂ්ඨ කථිකාචාර්ය – ධම්ම දිසානායක

    කොරෝනා ඛේදවාචකය ට මුහුණ දී සිටින ලක්වාසී සහ ලෝක වාසී සියලු දෙනාම  සුවපත් වේවා.  ගෙදරින් එලියට යන්න එපා, කෙනෙකු ළඟ ඉන්න එපා, තම මුහුණ අල්ලන්න එපා, මට මගේ නොවන මගේම මුහුණක් ? මේ වනාහි මහා ලෝක බලවතුන් සියවස් දෙකයි තුන්කාලක් තිස්සේ වගාදිගාකරගත් අස්වැන්නය. අනෙකා තබා තමාට තම මුහුණ පවා අහිමිකොට ඇත.

    ලෝකයට වැරදුණේ කොතැනද? අපට වැරදුනේ කොතනද? ව්‍යසනය විසින් පෙන්වා දෙන නිවැරදි යහ මග කුමක්ද? ඒ මග අප පිළිපැදීමට සුදානම් නම් එවැනි ගමනක මුල කුමක්ද? එවැනි ගමනක් සඳහා ඇති කරගත යුතු හෘදසාක්ෂිය කුමක්ද? යන කරුණු   මැදි කරගෙන මෙවර ලිපිය ලියමි.

    එසේම මේ මොහොතේ මෙරට රාජ්‍යය මැදිහත් වීම සිදුවන ආකාරය පිළිබඳව ද ප්‍රශංසා කරමි. එය ප්‍රශස්තය, විධිමත් ය. ජනතා සහය ද වඩවඩාත් වර්ධනීය මට්ටමක පැවතීම අගය කළ යුතුය.   

    කුඩා කළ අප අම්මාගෙන් අසා ඇති කිසිදා අමතක නොවන “පොල් අත්ත දහ අට දේසේ කැරකුනත් වැටෙන්නේ ගහ මුලට” යන උපමාව ක්‍ෂුද්‍ර මට්ටමේ දී පවුලටත් සාර්ව මට්ටමේ දී රටටත් මේ තරමටම ගැලපෙන බව මට පසක් වුණේ, රට අලුයම ලූ කෙළ පිඩක් සේ පිළිකුල් කරන රට හැරගොස් සිටින බොහෝ ජනයා මෙන්ම වීඅයිපී සහ වීවීඅයිපී දරුවෝ පවා විශේෂ ගුවන් යානා මගින් රැකවරණ පතා අපේ රටට සැපත් වූ පුවත් දකින විට ය.

    පුදුමය කියන්නේ මේ දරුවෝ බලා සිටියේ පොල් අත්තක් සේ ඔහේ වැටෙන්නට නොවේ. මතු දිනක, හේ බා ගිය පොල් අතු වැනි මෙරට පීඩිත සහ ‘අනුවණ’ ජනයාගේ නගර ගම් නියංගම් මත හෙණයක් සේ පතිත වන්නටය. පතිත වී තම මා පිය උරුමයෙන් එන පාලක කරුමයෙන් ඒ ජනතාව පෙලන්නට ය. හැබැයි දැන් ඒ හැමෝට ම වැඩ වැරදී ගහ මුලටම  වැටී ඇත. ඒ කොරෝනා නිසා ය. 

    මෙරට අධ්‍යාපන, සෞඛ්‍යය, සහ ප්‍රවාහනය යන තීරණාත්මක අමාත්‍යංශවල වයස අවුරුදු අසූ නවයකි. නමුත් මෙරට සාමාන්‍ය ජනයාගේ අධ්‍යාපනයට, සෞඛ්‍යයට, සහ ප්‍රවාහනයට අදාළ යටිතළ සහ සේවා පහසුකම් තවමත් නිසි ලෙස සහ ප්‍රශස්ත ලෙස සංවර්ධනය කොට නැත, පරිපූර්ණ කොට නැත.

    මා මේ උත්සාහ කරන්නේ මේ මොහොතේ ඉහළ මට්ටමක පවතින රාජ්‍ය මැදිහත්වීම අවතක්සේරු කිරීමට නොව පාඩමක් කියා දීමට ය.  

    මෙරට ඉහළ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පාලකයින්ගෙන් සියයට අනුවකගේ පමණ දරුවන් අධ්‍යාපනය ලැබූයේ සහ ලබන්නේ විදේශීය අධ්‍යාපන ආයතනවල හෝ විදේශවල බවට පසු ගිය දිනවල ලංකාවට ආ වීවීඅයිපී සහ වීඅයිපී දරුවෝ උදාහරණ ය. ඉතින් මේ රටේ අධ්‍යාපනය අසූ නව අවුරුදු පාලකයින්ට ඇමතිකම් සහ නිලධාරීකම් නඩත්තු කරන පාලන කලාපයක් හෝ වැයික්කියක් මිස වඩා දියුණු ස්වදේශික මානුෂීය කලාපයක් කිරීමට අවැසි ජාතික හෘදසාක්ෂියක් ලැබීමට ඔවුන්ගේ යටිහිත සහ පවුල ඉඩ දෙන්නේ නැත.

    ඉහළ පාලක-නිලධාරී-ව්‍යාපාරික පැලැන්තිය තම සෞඛ්‍ය පහසුකම් සලසා ගත්තේ සහ සලසා ගන්නේ ද මෙරට මිළ අධික වාණිජ රෝහල්වලින් හෝ විදේශවල ඇති මවුන්ට් එලිසබෙත් වර්ගයේ රෝහල්වලින් ය. ඉතින් එහෙව් අසූ නව අවුරුදු පාලකයින්ට මෙරට ප්‍රාථමික, ද්විතියික සහ තෘතියික සෞඛ්‍යයට අදාළ රෝහල් සහ අනෙකුත් අදාළ පහසුකම් දියුණු කිරීමට හිත දෙන ජාතික හෘදසාක්ෂියක් ඇති නොවීම ඔවුනගේ පැත්තෙන් බලන විට ඉතාම සාධාරණ ය.  

    මෙරට පාලකයින් ව්‍යාපාරිකයින් සහ බලවත් නිලධාරීන් අන් සියල්ලට ම වඩා ප්‍රවර්ධනය කලේ සහ කරන්නේ මහාචාර්ය සුමනසිරි ලියනගේ කියනාකාරයේ “ බොරු ෂෝක් පරිභෝජනවාදය” ය. මා දකින ආකාරයට ගෝලීයකරණය පසු පස්සේ යන ‘ලෝකයම යන දිහාවට සහ කියන දිහාවට ම අපිත් ගමනේ යා’ ආකාරයේ ආර්ථික-සමාජ ක්‍රමයක්ය.

    ඇත්තටම අප වැනි රටවල ආර්ථික ක්‍රමයක් නැත. ඇත්තේ ගෝලීය ධනවාදයට ගැට ගැසූ ගැති ආර්ථික ක්‍රියාවලියක් සහ ගෝලීය වෙළඳපොලට ගැටගැසූ, ඊට ගැති, සතිපොලක් වැනි තැරව්කාර වෙළඳපොළ ක්‍රියාවලියක් ය. එවැනි පසුබිමක මෙරට ‘ශ්‍රී ලාංකික මහා ධනපතීන්’ ලෙස නම් දරා සිටින මුදලාලිවරු, බලවත් ‘රාජ්‍ය නිලධාරීන්’ සහ ‘ප්‍රජාතාන්ත්‍රීය පාලකයින්’ වනාහි අර ගෝලීය ආර්ථිකයේ සහ වෙළඳපොළේ තැරැව්කරුවන් ය, බ්‍රෝකර්ලා ය.

    මේක මේ රටේ විතරක් නොව අප වැනි හැම රටකටම අදාළ තත්ත්වයක් ය. මේ තත්ත්වය, එනම් නිදහසේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් පොදු ජනයා නො සලකා හැරීම ඇමරිකා එක්සත් ජනපදයටත් අදාළය. ලෝකයේ ස්වභාවික සම්පත්, තාක්ෂනය, මුල්‍ය වෙළඳපොළ, බහු ජනසංහාරක ආයුධ සහ තොරතුරු මාධ්‍ය මත අති දැවැන්ත ඒකාධිකාරයක් බලපවත්වන ඇමරිකා බලවතුන් ඒ කිසිවකින් පොදු මහ ජනයා ආවරණය කොට නැත. ඇමරිකාවේ කොරෝනා හැසිරීම ඊට අත ළඟ උදාහරණය ය.

    ලෝකය ක්ෂණයකින් විනාශ කළ හැකි සුනුවිසුණු කළ හැකි අවිආයුධ ඇති, ඉතා ඉහළ යුධමය ධාරිතාවක් ඇති ලෝක බලවතුන්, කෙළ බිඳිත්තක රැඳුණු වයිරසයකට උත්තරයක් සොයාගත නොහැකිව ප්‍රමාණවත් සෞඛ්‍ය ධාරිතාවක් නොමැතිව ලතවෙන හැටි, බිය වන සැටි කියා දෙන්නේ ලෝකයේ ධන-බල පෙරේතයින් ලෝකයම දක්කාගෙන ගිය වැරදි ගමනක් පිලිබඳ පාඩමය.         

    ගෝලීයකරණය පිළිබඳව වූ සුබ සිහින ප්‍රශ්න කිරීමේ කාලය එළඹ ඇති බව මා ගියවර අවධාරණය කළ කරුණකි. ‘‘මේ ගෝලීයකරණය පොදු ජනයාගේ එකක් නොව එහි දී වන්නේ ධනේශ්වර ආර්ථිකය සහ වෙළඳපොළ ක්‍රමය ලෝකය පුරා දිවීමක්‘‘ ය කියා කියූ කියුබාවේ හිටපු විප්ලවීය නායක පිදෙල් කස්ත්‍රෝ ගේ අදහසත් ගෝලීයකරණය වන්නේ මානවහිතවාදීකම නොව ධනපති ක්‍රමයේ ධන-බල පෙරේතකම ය යනුවෙන් කියූ වන්දනා ශිවා ගේ අදහසත් එහි දී අවධාරණය කෙරිණි.

    එසේම ‘‘ගෝලීයකරණයේ දී සිදුවන්නේ ස්වභාවික සම්පත්, තාක්ෂණය, මුල්‍ය වෙළඳපොළ, බහු ජනසංහාරක ආයුධ සහ තොරතුරු මාධ්‍ය මත බලවතුන් කීප දෙනෙකුගේ හෝ බලවත් කණ්ඩායම් කීපයකගේ ඒකාධිකාරී බලහත්කාරය ක්‍රියාත්මක වීමය‘‘ යනුවෙන් කියූ  ඊජිප්තු-ප්‍රංශ ආර්ථික සහ දේශපාලන විද්‍යාඥයෙකු වූ සමීර් අමීන් ගේ අදහසද ඒ අතර විය.

    කොරෝනා යනු ඒ ඒකාධිකාරය සඳහා වූ ධන-බලවතුන්ගේ තරඟය හෝ පොරකෑම නිසා එලියට වීසි වුණ පාලනය කිරීමට අසීරු භුමරංගයක් ය, කට්ටඬියාගෙන් මිදුන යකෙක් ය, යනුවෙන් මා කියූ අදහසට තවත් දෑ එකතු කළ යුතුමය. 

    1760 ගණවල සිට යුරෝ-කේන්ද්‍රීයව වර්ධනය වී ව්‍යාප්ත වූ කාර්මීකරණය, නාගරීකරණය, වෙළඳපොළකරණය, තොරතුරුකරණය සහිතව මේ වන විට ගොඩනැගී ඇති ඒකාධිකාරී සහචර ධනපති ක්‍රමය සහ එහි වෙළඳපොළ ක්‍රමය විසින් උත්කර්ෂයට නැංවූ සියල්ල බියෙන් සලිත වී අසරණ වී ඇති සැටි.

    තවදුරටත් මෙවැනි ලෝක ක්‍රමයක් අවශ්‍ය ද?  මගේ ගුරුවරයා වන මහාචාර්ය ජයදේව උයන්ගොඩ පවසන ආකාරයට ජනවාරියට පෙර ලෝකය හෝ ලෝක ක්‍රමය තව දුරටත් අවශ්‍ය ද?  

    ඒ ලෝක ක්‍රමය තුළ රැව් පිලි රැව් දුන් කාර්මික දියුණුව, සංවර්ධන රාමුව, විද්‍යාවේ දියුණුව, ගෝලීයකරණය, සෑම ක්ෂේත්‍රයකටම අදාළ වෙළඳපොළ නියාමනය, බොරු ෂෝක් පරිභෝජන චර්යාව, කේන්ද්‍රීය පරිභෝජනයේ ලෝකකරණය සහ වෙළඳපොළකරණය, ගෝලීය ආර්ථික ක්‍රමය සහ ගෝලීය වෙළඳපොළ ක්‍රමය, රාජ්‍ය හකුළුවා වෙළඳපොළ ප්‍රසාරණය කිරීම, ප්‍රජාවේ ලෝකකරණය, ඒ සියල්ලට සහය දෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ලෝක සංවිධාන, සහ සහචර ධනේශ්වරයට ආයු වඩන, තර්ක තනන බුද්ධිමය ශ්‍රේණි සහිත පූර්ව ජනවාරි ලෝක ක්‍රමය මුළුමනින්ම ඇද වැටී ඇත. අතාර්කික වී ඇත.

    සොබා දහම හමුවේ ‘ධනේශ්වර සොබා දහම’ පරාජය වී ඇත.   එවැනි පසුබිමක පශ්චාත් ජනවාරි හෝ පශ්චාත් කොරෝනා ලෝක ක්‍රමය ජනවාරියට පෙර ලෝක ක්‍රමයෙන් සපුරා ම වෙනස් විය යුතු ම ය. නමුත් පූර්ව ජනවාරි (එනම් ජනවාරියට පෙර) ලෝක ක්‍රමයේ හාම්පුතුන්ට සහ ඔවුන්ගේ පරිධියේ තැරව්කරුවන්ට/කාරියන්ට මානව-සොබාදම් කේන්ද්‍රීය සහ ස්වයං පෝෂිත-ස්වදේශික කේන්ද්‍රීය නව ලෝක පර්යායක් ගොඩ නැගීමට අවැසි හෘදසාක්ෂියක්, වුවමනාවක්, දැනුමක් ඇත්තේම නැති තත්ත්වයක ඇතිවන හිඩැස පිරවිය හැක්කේ කාටද?

    හිඩැස පුරවන්නට නොහැකි වුවහොත් අර පරණ ක්‍රමයම ඒ පරණ අය විසින් ම ප්‍රතිෂ්ඨාපනය කොට මානව වර්ගයා සහ සොබාදහම මීටත් වඩා මහා ව්‍යසනයකට ඇද ගෙන යනු නො අනුමානය.  

    ලෝකය, ගම් සංවිධානය නොකොට ඒවා සූරාකන නගර ශක්තිමත් කළේ නුතන නගර යනු විනාශයේ සංකේත බව නොදැනය. අප වැනි රටවල පාලක බලවතුන් ගෝලීය කේන්ද්‍රීය ආර්ථිකයේ සහ වෙළඳපොළේ තැරව්කරුවන් ම පමණක් ය. එනිසා එහි අනුහසින් තම සුඛ විහරණය සලසා ගත හැකිය යන අපේක්ෂාව කරණකොට ගෙන තම යටත් රටවල ජන සමාජයට අවැසි මුලික එනම් අත්‍යවශ්‍ය සේවා සහ යටිතළ පහසුකම් ප්‍රශස්ත මට්ටමින් නඩත්තු කිරීම තවමත් අතහැර දමා ඇත. යමක් කළේ නම් ඒ බලය අරමුණු කරගෙනම මිස මහා සමාජ හෘදසාක්ෂියකින් නොවේය.

    මේ මොහොතේ රටේ ඇමතිවරු තම තමන්ගේ ඡන්ද බල ප්‍රදේශවල ‘ඡන්ද ප්‍රචාරක බඩුමලු’ බෙදීමෙන් ස්වකීය ජාතික වගකීම අමතක කොට ඇති හැටි නිරීක්ෂණය කරන්න. වසමකට ඍජුව 6 ක් සහ වක්‍රව 50 කට ආසන්න නිලධාරීන් ප්‍රමාණයක් සිටින 14021 ක් වන මෙරට ග්‍රාම වසම් ප්‍රමාණය නිසි ලෙස අභ්‍යන්තරිකව එකාබද්ධව සංවිධානය කොට නො තිබීමෙන් පෙනී යන්නේ අප අනුගමනය කරන ආර්ථික-දේශපාලන-සමාජ-සංවර්ධන ක්‍රමයේ සහ රාමුවේ වැරද්ද ය. බොරු ෂෝක් පරිභෝජනවාදය සහ ලෝකය සමඟ ඉදිරියට යෑම යන රැවටීම ඔස්සේ පොදු ජනයා මුලාවේ දමා ඇති ආකාරය ය.  

    1970 සිරිමාවෝ බණ්ඩාරනායකත් 2010 දී බැසිල් රාජපක්ෂත් ගම සංවිධානය කිරීමට ගත් උත්සාහය ලත් තැනම ලොප් විය. නිලධාරිවාදය බලවත් විය. ගම ස්වයංපෝෂිත නොකොට, සංවිධානය නොකොට දිස්ත්‍රික්ක සීමා හුදු පාලන උපක්‍රම සහ සීමා ලෙස යොදා ගැනීම තාර්කික නැත.

    කොන්ෆියුසියස් රාමුවේ තර්කයකට ගියොත් ස්වයං පෝෂිත ක්‍රියාවලිය, පුද්ගලයා, පවුල, ගම, ප්‍රදේශය, දිස්ත්‍රික්කය, පළාත, රට සහ ලෝකය යන පියවර අනුගමනය කළ යුතුය.

    අපේ පාලකයින් සහ බලවතුන් අනුගමනය කළේ ලෝකය පමණක් ය. නමුත් ඉන් ඔවුන් පමණක් හෝ රැකෙනු ඇත යන විශ්වාසය ‘පොල්වල්ල ගලේ ගැසුවා සේ’ සී සී කඩ විසිර ගොස් ඇත. දැන් අප අභිමුව ඇත්තේ කොරෝනාවලින් පසු මෙරටට ම අනන්‍ය වූ ආර්ථික-සමාජ සංවර්ධන ක්‍රමයක් සකසා ගෙන ස්වයංපෝෂිතව ලෝකය සමඟ සහයෝගීව සහ මිත්‍රශීලීව කටයුතු කිරීමේ මගක් සකසා ගැනීමය. එය පුද්ගලයාගෙන් සහ පවුලෙන් පටන් ගත යුතුය. බොහෝ දෑ කණපිට ගැසිය යුතුය. ඊට අවශ්‍ය කැඩපත දැනට කියුබානු ජනරජය ය. හැබැයි ඊට මඟ පෙන්වීම, නිකම්ම නිකම් පාර්ලිමේන්තුකාරයින්ට සහ කාරියන්ට කළ හැකිද යන්න මට නම් සැක සහිතය.

    ජේෂ්ඨ කථිකාචාර්ය – ධම්ම දිසානායක