Blog

  • ලංකාවේ කොරෝනා මර්ධනයට චීන සහාය

    ලංකාවේ කොරෝනා මර්ධනයට චීන සහාය

    කොරෝනා වෛරසය මර්දනයේ දී ශ්‍රි ලංකාව ලබාදුන් සහාය චීන රජයේ ඇගයීමට. ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දනයට චීන රජයේ පුර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන  තානාපති Hu Wei මහතා පවසයි.

    සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා  කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය සහ ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන  තානාපති Hu Wei මහතා අතර විශේෂ හමුවක්  අද දින (12) චීන තානාපති කාර්යාලයේ දී පැවැත්විනි.

    මෙහිදී ශ්‍රී ලංකාවේ වැඩබලන චීන  තානාපති Hu Wei මහතා පවසා සිටියේ චීනය ඉතා දරුණූ ව්‍යසනයකට මුහුණ දීමෙන් අනතුරුව එම තත්ත්වය මැඩ පවත්වා ගැනීමට කටයුතු කළ පසුගිය කාල වකවානුව තුල ශ්‍රී ලංකා රජය චීන රජයට ලබාදුන් සහයෝගය චීන ජනපතිගේ සහ චීන ජනතාවගේ පැසසුමට ලක් වූ බවයි. කොරෝනා වෛරස් තත්ත්වය ශ්‍රී ලංකාව තුල ඉදිරියේ දී ව්‍යාප්ත වුවහොත් එම තත්ත්වය මැඩපැවැත්වීම සදහා චීන රජයේ පුර්ණ සහයෝගය ලබාදීමට චීන රජය කැමැත්තෙන් සිටින බවද පවසන ලදි. කොරෝනා වෛරසය ආසාදිතව හමු වූ චීන ජාතික කාන්තාවට  ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාව තුලින් ප්‍රතිකාර සේවාවන් ලබාදී සුවපත් කිරිමත්, ඇයව ආදරයෙන් රැකබලා ගැනීමත් පිළිබදව ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමාට, අගමැතිතුමාට සහ සමස්ත ජනතාවට චීන රජය සහ ජනතාව සිය ස්තූතිය පුද කරන බව ද පැවැසීය. මෙවැනි ව්‍යසනයක දී ශ්‍රී ලංකා සෞඛ්‍ය  අමාත්‍යවරිය වශයෙන් සිය කාර්ය උපරිමයෙන් සිදු කිරීම පිළිබදවත් විශේෂ ස්තූතියක් සෞඛ්‍ය අමාත්‍යතුමියට පුද කරන බව ද පැවැසීය. ශ්‍රී ලංකා රජය සදහා අවශ්‍ය ඖෂධ, වෛද්‍ය උපකරණ, මුදල් ඇතුලු ඕනෑම සහයෝගයක් ලබාදීමට චීනය කිසිවිටෙකත් පසුබට නොවන බව ද අවධාරණය කර සිටියේය. ශ්‍රී ලංකාව සමග චීනය සැමදාම අත්වැල් බැදගෙන සිටින බවට චීන වැඩබලන තානාපතිවරයා වැඩිදුරටත් පැවැසීය.

    සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් මෙහිදී ප්‍රකාශ කරන ලද්දේ අතිගරු ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ ද උපදෙස් පරිදි ශ්‍රී ලංකා රජය වෛරසය මැඩපැවැත්වීමට රටක් වශයෙන් තීන්දු තීරණ ගෙන ක්‍රියාත්මක කරන බවත්, තමා කොරෝනා වෛරසය ආසාදිතව සුව වූ චීන ජාතික කාන්තාව සිප වැළද ගනිමින් දෙරට අතර පවතින සහයෝගීතාව වර්ධනයටත්, කිසිවිටෙකත් වෛරසය ආසාදිතයින් සමාජයෙන් කොන් නොකළ යුතු බවට ලොවට පණිවිඩයක් ලබාදීමටත් කටයුතු කළ බවද පැවැසීය.

    පසුගිය තෙමසක කාලය තුල චීන රජය කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සදහා ගන්නා ලද ක්‍රමෝපායන් ඇතුලත් වාර්තාවක් ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන  තානාපති Hu Wei මහතා විසින්  සෞඛ්‍ය අමාත්‍යතුමිය වෙත මෙහිදී පිළිගන්වන ලදි.

    මෙහිදී ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන  තානාපති Hu Wei මහතා සෞඛ්‍ය අමාත්‍යවරිය පිළිගන්නා ලද්දේ කොරෝනා වෛරසය ආසාදිතව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර  ලබා  සුව වූ චීන ජාතික කාන්තාව රෝහලෙන් නික්ම යන අවස්ථාවේ සෞඛ්‍ය අමාත්‍යතුමිය ඇය සිපගන්නා ඡායාරූපයක් සිහිවටනයක් ලෙස පිළිගැන්වීම ද විශේෂත්වයක් විය.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය, සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා,  සෞඛ්‍ය ලේකම් භද්‍රාණි ජයවර්ධන මහත්මිය, චීන රජයේ දේශපාලන අංශ ප්‍රධානී Mr. Luo Chong (ලුවෝ චොං) මහතා,  වීසා අංශයේ ප්‍රධානී  Wang Keqi (වං ක (අ) චී) මහතා,  වාණිජ අංශයේ ප්‍රධානී Xiong Ran (ෂීයොං රන්) මහතා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් එක්ව සිටියහ.
     

  • 2020දී පාර්ලිමේන්තුව තුළ ගුණාත්මක කාන්තා නියෝජනයක් තහවුරු කරමු

    2020දී පාර්ලිමේන්තුව තුළ ගුණාත්මක කාන්තා නියෝජනයක් තහවුරු කරමු

    2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ කාන්තා නියෝජනය වැඩිකිරීම සඳහා පියවර ගන්නා ලෙස ‘අභිමානී ළමා හා කාන්තා සංවර්ධන පදනමේ’ සභාපති, හිටපු පළාත් සභා මන්ත‍්‍රිනී නිරෝෂා අතුකෝරළ මහත්මිය සියලූම දේශපාලන පක්ෂ නායකයින් අමතා යවන ලද ලිපියක් මගින් ඉල්ලීමක් කරයි. එම ලිපිය සම්පූර්ණයෙන් මෙසේය.

    2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ කාන්තා නියෝජනය වැඩිකිරීම සඳහාකරනු ලබන ඉල්ලීමයි.

    ජාත්‍යන්තර කාන්තා දිනය සමරන මෙවන් මොහොතක ශ්‍රී ලාංකික සමාජය ලෙස එක් අතකින් සතුටුවිය හැකි මට්ටමේ ප‍්‍රගතියක් කාන්තාව තුළ අප ඇතිකරගෙන තිබේ. දේශපාලනික වශයෙන් ගත් කල්හි ලොව පළමුවෙන් ම කාන්තාවට ඡුන්දබලය ලබාදුන් රටක් වීමත්, ලොව පළමු අගමැතිවරිය ශ්‍රී ලංකාවෙන් බිහිවීමත් ඒ ප්‍රගතිය කියාපාන සාධක වී තිබේ.

    එසේම අප රට තුළ රාජ්‍ය අංශයේ කාන්තාවගේ නියෝජනය සීඝ‍්‍රයෙන් වර්ධනය වී ඇති අතර ග්‍රාමසේවා නිළධාරිණියගේ පටන් අමාත්‍යංශ ලේකම් ධුරය දක්වා බහුතරයක් විධායක තනතුරු කාන්තා පාර්ශවය විසින් අත්කරගෙන සිටිති. රටක් ලෙස සෑම ක්ෂේත්‍රයකම කාන්තාව වැඩි නියෝජනයක් ලබා ගෙන තිබීම සතුටු විය යුතු කරුණකි. එහෙත් ලාංකික සමාජය තුළ ඇයට බලපාන ඇතැම් ප්‍රශ්නවලට ස්ථිරසාර විසදුම් සෙවීමට නොහැකී වීමට ප්‍රධානම බාධාව වී ඇත්තේ රටේ නීති කෙටුම්පත් කරන උත්තරීතර ආයතනය වන පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය අවම මට්ටමක පැවතීමයි.

    එකී තත්වය සැලකිල්ලට ගෙන ජාත්‍යන්තර කාන්තා දිනය සමරන එමෙන් ම මහමැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති මෙවන් මොහොතක කාන්තාවන් සඳහා පාර්ලිමේන්තුව තුළ පවතින නියෝජනය වැඩිකිරීම කාලෝචිත ක්‍රියාවක් බව අපගේ විශ්වාසය වන අතර ඒ සඳහා ඇතැම් දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කර තිබු කාන්තාවන් සඳහා නම් කළ මන්ත්‍රී ලැයිස්තුවෙන් 20%ක් වෙන්කිරීමට අදාල යෝජනාව ද සැලකිල්ලට ගන්නා ලෙස දන්වනු කැමැත්තෙමු.

    එමෙන් ම අපට අද අවශ්‍යව ඇත්තේ කාන්තා ප්‍රශ්න සෘජු ලෙස සාකච්ඡාවට හා විසදුම් සෙවීමට ශක්‍යතාවය ඇති ගුණාත්මක කාන්තා නියෝජනයක් පාර්ලිමේන්තුව තුළ ඇති කර ගැනීමටයි. දැනටමත් පලාත් පාලන ආයතනවල කාන්තාවන් 25‍%ක නියෝජනයක් ඇතිකර ඇති මෙවන් පසුබිමක එළැඹෙන මහමැතිවරණයේ දී ඔබතුමන්ගේ දේශපාලන පක්ෂයෙන් වෘත්තීය හා සමාජ ක්‍රියාකාරී කාන්තාවන් සදහා නාමයෝජනා ලබා දීමට ද, ජාතික ලැයිස්තුවෙන් (නම් කළ මන්ත්‍රී) පත්කිරීම් සිදුකිරීමේ දී ද වැඩි ඉඩක් කාන්තාවන්ට ලබා දීමට ද කටයුතු කරනා ලෙස අප ගෞරවයෙන් ඉල්ලා සිටිමු. එසේම කාන්තා නියෝජනය විහිලුවට ලක්වන ලෙස නොව එය ගුණාත්මක ලෙස උපයෝගීකර ගත හැකිවන පරිද්දෙන් සිදුකරනා හැටියට ද ඔබ පක්ෂ නායකත්වයෙන් අප ඉල්ලා සිටීමට කැමැත්තෙමු.

    ලොව පුරා කාන්තාවන්ගේ අයිතීන් සුරැකෙන හා ඒ සම්බන්ධයෙන් විශේෂ කථිකාවක් සිදුවන අදවන් දිනක ශ්‍රී ලාංකික කාන්තාවන් ලෙස අප ඉල්ලා සිටිනුයේ එයයි.

  • කොරෝනා ගැන කිසිම තොරතුරක් ජනතාවගෙන් වසංකරන්නෑ – යුද්ධ හමුදාපති

    කොරෝනා ගැන කිසිම තොරතුරක් ජනතාවගෙන් වසංකරන්නෑ – යුද්ධ හමුදාපති

    විවිධ කටකතා විශ්වාස කරන්න එපා. අපි මේ අවස්ථාවේ යුද්ධ හමුදාවේ 011- 309 0502 දුරකතන අංකය ඔස්සේ තොරතුරු ලබා ගන්න පුළුවන් මේ සම්බන්ධයෙන්. ඊට අමතරව 113 දුරකතන අංක ය ඔස්සේ තොරතුරු ලබා ගන්න පුළුවන්. එසේම සමාජමාධ්‍ය ඔස්සේ සම්පූර්ණයේම අසත්‍යය තොරතුරු හුවමාරු කෙරෙනවා.

    නිරෝධායන කටයුතු සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීම වෙනුවෙන් විශේෂ දුරකතන අංක දෙකක් හඳුන්වා දී ඇති නිසා කටකතා සම්බන්ධයන් අනිසි බියක් ඇතිකර නොගත යුතු බවත් ත්‍රිවිධ හමුදාව සම්බන්ධයෙන් පූර්ණ විශ්වාසයකින් කටයුතු කරන ලෙසත් වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

    ඔහු අද ඒසේ ප්‍රකාශකළේ ශ්‍රී ජයවර්ධන පුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථානයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.

    ඒහිදී යුද්ධ හමුදාධිපතිවරයා මෙසේද කීය.

    මේවන විට නිරෝධායන මධ්‍යස්ථාන වෙත 931 දෙනෙකු අදවන විට ඇතුළත් කර තිබෙනවා. මීට අමකරව අද උදෑසන විට විට මෙරටට පැමිණි 103 දෙනෙකු පමණ මේ වන විට ආගමන විගමන කටයුතු නිමා කර නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට අවශ්‍ය කටයුතු සම්බාදනය වෙමින් පවතිනවා. අද උදෑසන දක්වා පැමිණි පිරිස මේ වන විට කන්දකාඩු , පූනානි, දියතලාව නිරෝධනායන මධ්‍යස්ථාන වෙත යොමු කරනු ලැබුවා. නමුත් අද දිනයේ තවත් 150ක පමණ පිරිසත් පැමිණෙතැයි විශ්වාස කරනවා. මේ වන විට විශේෂයෙන්ම කිවයුතු කාරණයක් තියෙනවා විවිධ කටකතා පැතිරීම සම්බන්ධයෙන්.

    ඔබ ශ්‍රී ලාංකිකයින් වශයෙන් අපේ රජය සහ මේ සම්බධයෙන් ක්‍රියා කරන සෞඛ්‍ය අමාත්‍යංශයත් ත්‍රිවිධ හමුදාව කෙරෙහි විශ්වාසය තබා තිබෙනවා. අප කිසිවිටෙකත් මේ සම්බන්ධයෙන් අසත්‍ය්‍ය ප්‍රකාශ කරන්නේ නැහැ. ඒනිසා අවස්ථාවේදී විවිධ කටකතා විශ්වාස කරන්න එපා. අපි මේ අවස්ථාවේ යුද්ධ හමුදාවේ 011- 309 0502 දුරකතන අංකය ඔස්සේ තොරතුරු ලබා ගන්න පුළුවන් මේ සම්බන්ධයෙන්. ඊට අමතරව 113 දුරකතන අංක ය ඔස්සේ තොරතුරු ලබා ගන්න පුළුවන්. එසේම සමාජමාධ්‍ය ඔස්සේ සම්පූර්ණයේම අසත්‍යය තොරතුරු හුවමාරු කෙරෙනවා. යුද හමුදාවෙන් ලබා දෙන තේ සම්බන්ධයෙන් එක් අසත්‍යය ප්‍රචාරයක් සමාජ මාධ්‍යය ඔස්සේ ප්‍රචාරය උණා. ශ්‍රී ලංකා හමුදාව කියන්නේ දිනන්න බෑ කියපු යුද්ධයක් ජයග්‍රහණය කරපු රට විශ්වාස කරන යුද්ධ හමුදාවක්.අපි කැලේ ඉද්දිවත් වතුර බෝතල් කපලා තේ බීපු පිරිසක් නෙවෙයි. කැලේ යද්දි උණත් සියලු දේ සඳහා අපිට යම්කිසි ක්‍රමවේදයක් තියෙනවා.

    නිරෝධායන මධ්‍යස්ථානවලත් නිසි ක්‍රමවේදයන්ට තමයිඅපි අහාර පාන ලබා දෙන්නේ. කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ හිටපු යම්කිසි පුද්ගලයෙකු තමයි මේ ඡායාරූපය සමාජමාධ්‍යයට මුදා හැරලා තිබුණේ. ඇතැම් වෙලාවට මේ සමාජයේ පිරිස් හිතන්න පුළුවන් මෙච්චර මිනිස්සු ආදරය කරන යුද්ධ හමුදාව මෙහෙමද නිරෝධායන මධ්‍යස්ථානවල කටයුතු කරන්නේ කියලා. අපි ඒ තත්ත්වයට පත්වෙන්නේ නෑ කවදාවත්. මේ ඡායාරූපය මුදාහැරපු පුද්ගලයා යම්කිසි යටි පරමාර්ථයක් හිතේ තියාගෙන තමයි මේ ඡායාරූප සමාජගත කරලා තියෙන්නේ. ඔහුගේ ඒ ක්‍රියාව අපි හෙලා දකිනවා.

    අපේ නිරෝධායන මධ්‍යස්ථානයක ඔහුව කිසිම ලෙඩක් නැති පුද්ගලයෙකු ලෙස රඳවාගෙන තව දින 12කින් පමණ ඔහුගේ නිවසට යන්න නියමිතව තියෙද්දි  ඔහු කළ මේ කටයුත්ත සම්බන්ධයෙන් ඔහුට අනුකම්පා කරනවා. අපිට දැනගන්න ලැබිලා තියෙනවා විවිධ ආකාරයෙන් අසත්‍යය ප්‍රකාශ සමාජ මාධ්‍යය ඔස්සේ ප්‍රචාරය කරනවා කියලා. අපිට කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමා අපිට උපදෙස් ලබා දෙනවා.

    අපි තමයි නිරෝධායන මධ්‍යස්ථාන ක්‍රියාත්මක කරන්නේ. ඒ කටයුත්තේදී කුමන හෝ අකටයුත්තක් අසාධාරණයක් අපෙන් සිදුවෙනවා නම් ඒ ගැන අපිට දැනුම් දෙන්න. අපිට කළ හැකි උපරිමය අපි කරනවා. ඔවුන්ට ලබා දෙන ප්‍රධාන ආහාරවේලවලට අමතරව කොත්තමල්ලි, සව් වැනි අතිරේක ආහාරපානත් අපි ලබා දෙනවා. පොදුවේ කල්පනා කරන්න අවශ්‍ය කාරණය වෙන්නේ ඔවුන් කල්පනා කරන්න උවමනායි අපි මේ කරන්නේ සේවයක් කියලා. මේ විදිහට නිරෝධායනය සිදුනොකළොත් ඒ්ක පොදුජනතාවට තර්ජනයක් වෙන්න පුළුවන්. අපිට හැකියාවක් නැහැ මිලියන 22ක ජනතාවක් අනතුරේ දාන්න.දැනට අපි රඳවාගෙන ඉන්න අය කොරෝනා ආසාධිතයෝ නෙවේ. අපේ වෛද්‍යවරු ඔවුන් සම්බන්ධයෙන් නිරන්තර අවධානය යොමුකරනවා.

    අපි මෙරට ජනතාවගෙන් නැවත නැවත ඉල්ලන්නේ රට ආරක්ෂා කරන ත්‍රිවිධ හමුදාව ගැන බලාපොරොත්තු තියාගන්න. අපි මේ සම්බන්ධයෙන් අපිට ලැබෙන සියලුම තොරතුරු  මහජනාතාවට දැනුම් දෙනවා. සමහරු අහනවා ඇයි මේ හමුදාවම මේ දේ කරන්නේ කියලා . ලංකාවේ හිටපු අයනම් දන්නවා යම්කිසි හදිසි අවශ්‍යතාවයක් ඇතිවුණාට පස්සේ මේ රටේ පෙරට ඒන ප්‍රධානතම ආයතනය වෙන්නේ යුද්ධ හමුදාව. නාය යාමක් ගංවතුරක් ආවත් අපි තමයි ඉදිරියට ඒන්නේ. වැඩිම විනය ගරුක  මිනිස්බලය සහිත ආයතනයක් වශයෙන් ත්‍රිවිධ හමුදාව ඉදිරිපත් වෙනවා.මේ නිරෝධායන කටයුතු සඳහාම පුහුණු වූ කණ්ඩායම් ත්‍රිවිධ හමුදාව තුළ ඉන්නවා. අපිට ඒ සඳහා පහසුකම්, මිනිස්බලය සහ දැනුම තිබෙන නිසා තමයි ත්‍රිවිධ හමුදාව මේ සඳහා යොදවලා තියෙන්නේ. අපි අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි යම්කිසි පෙරසූදානමක් වෙලා හිටපු නිසා තමයි මේ සඳහා ඉදිරිපත් වුණේ. යැයි ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

  • පර්යේෂණ ආයතන ප්‍රධානීන්ට ජනපතිගෙන් අභියෝගයක්

    පර්යේෂණ ආයතන ප්‍රධානීන්ට ජනපතිගෙන් අභියෝගයක්

    “ශ්‍රී ලංකාව කුඩා රටක්. කුඩා ආර්ථිකයක්. ජනගහණයත් විශාල නැහැ. එවැනි රටක් ඉහළ සංවර්ධන මට්ටමකට ඔසවා තබන්නේ කෙසේදැයි පර්යේෂණ කරන්න”  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පර්යේෂණ ක්ෂේත්‍රයේ ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටී.

    අද ලෝකයේ ඇත්තේ දැනුම පදනම් කොටගත් ආර්ථිකයක් බැවින් පහසුවෙන් පුහුණු කළ හැකි ශ්‍රම බලකායක් සිටින අප රටේ ආර්ථිකය දියුණු කළ යුත්තේ ඔවුන් කේන්ද්‍ර කොටගෙන බව ද එතුමා පෙන්වා දෙයි.

    පර්යේෂණ ක්ෂේත්‍රයේ ආයතන රැසක සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සමග අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේය. එතුමාගේ “රට හදන සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳව රාජ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීම පිණිස සංවිධානය කෙරෙන හමුවීම් මාලාවක සිව්වැන්න මෙය විය. හෙක්ටර් කොබ්බෑකඩුව කෘෂිකර්ම පර්යේෂණ සහ පුහුණු ආයතනය, ජාතික විද්‍යා පදනම, ආතර් සී ක්ලාක් තාක්ෂණ විද්‍යා කේන්ද්‍රය, පසු අස්වනු තාක්ෂණ ආයතනය ඇතුළු පර්යේෂණ ආයතන රැසක ප්‍රධානීහු සාකච්ඡාවට පැමිණ සිටියහ.

    “අපේ දේශපාලන සංස්කෘතියේ යම් බිඳ වැටීමක් දකින්නට පිළිවන්. එය නිවැරදි කිරීමේ අරමුණ ඇතිවයි ජනතාව දේශපාලනයෙන් බාහිර පුද්ගලයෙක් ජනාධිපති ධූරයට තෝරා ගත්තේ. මේ තමයි මා ජය ගත යුතු අභියෝගය. ජනතා අපේක්ෂා ඉටුකිරීමේ දී රාජ්‍ය අංශයට පැවරී ඇත්තේ විශාල වගකීමක්. රාජ්‍ය ආයතන කාර්යක්ෂමනම්, ජනතාවට අවශ්‍ය සේවය ඉටු කරන්නේනම් අපට ප්‍රශ්න ඇතිවන්නේ නැහැ” ජනාධිපති රාජපක්ෂ මැතිතුමා පැවසීය.

    ආර්ථික සමාජ ක්‍රියාදාමයේ සෑම ක්ෂේත්‍රයකම වර්ධනය පිණිස විධිමත් පර්යේෂණ කිරීම ආර්ථික දියුණුවට ප්‍රබල සාධකයක් බව අවධාරණය කළ ජනාධිපතිතුමා සමාජයේ පහළම ස්ථරයට ඉහළ ජීවන තත්ත්වයක් අත්කරදීම සිය ප්‍රධාන අපේක්ෂාව බව කීය. දිළිඳුතම පවුල්වලින් තෝරාගත් ලක්ෂයක් දෙනා රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන සැලසුම් කළේ එකී අරමුණ සපුරා ගැනීමට බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.

    “අපි කෘෂිකාර්මික රටක්. එහෙත් අපේ ගොවියා දුප්පත්. දෙවැනි, තුන්වැනි පරම්පරා ගොවිතැන තෝරාගන්නේ අන් කළ හැකි දෙයක් නැතිනම් පමණයි. නව පරපුර ගොවිතැනට ආකර්ශණය කර ගැනීමට මේ ක්ෂේත්‍රයට තාක්ෂණය හඳුන්වාදිය යුතුයි. ඉන්දියාව එසේ කිරීමෙන් ප්‍රතිඵල අත්කරගෙන තිබෙනවා. කෘෂිකර්මයට නව තාක්ෂණය හඳුන්වාදෙමින් අඩු ආදායම්ලාභී ජනතාව දිළිඳුකමින් මුදා ගැනීමට පර්යේෂකයන් ක්‍රමෝපාය හඳුන්වාදිය යුතුයි” ජනාධිපති රාජපක්ෂ මැතිතුමා අවධාරණය කළේය.

    පර්යේෂණ ආයතනවල කාර්යභාරය සහ වගකීම් පැහැදිළි කළ ජනාධිපතිතුමා අපේ ජනතාවට අවශ්‍ය කුමක් ද යන්න නිවැරදිව හදුනා ගැනීම පර්යේෂකයන්ගේ වගකීමක් බව පැවසීය. කෘෂි ක්ෂේත්‍රයට මෙන්ම ධීවර කර්මාන්තයට ද නව ශිල්ප ක්‍රම හඳුන්වාදීම සඳහා පර්යේෂණ කළයුතුව තිබේ. රසායනික පොහොර භාවිතය ගැන කොතෙක් ප්‍රශ්න තිබුණ ද අපට තවමත් කාබනික පොහොර භාවිතයට යොමු වීමට හැකි වී නැත. ධීවර කර්මාන්තය ගත් විට මත්ස්‍යයන් බහුල ස්ථාන හඳුනාගැනීමට පර්යේෂණ උපයෝගි කරගත හැකිය. පර්යේෂණවල ප්‍රතිඵල අවසානයේ දි නිෂ්පාදනයක් ලෙස සමාජ ගතකළ යුතුයැයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා සහ අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මීට එක්ව සිටියහ.

  • කොරෝනා වෛරසය ගැන කාර්ය මණ්ඩල දැනුවත් කිරීම ඇරඹේ

    කොරෝනා වෛරසය ගැන කාර්ය මණ්ඩල දැනුවත් කිරීම ඇරඹේ

    කොරෝනා වෛරසය ගැන අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා ඇතුළු ආයතනවල කාර්ය මණ්ඩල සාමාජිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඇරඹේ.

    එහි පළමුවැන්න අද (12) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණ. රෝගය හඳුනාගැනීම ඉන් වැළකී සිටීම මෙන්ම ආරක්ෂාකාරීව ක්‍රියාකිරීම පිළිබඳව වෛද්‍ය දේශාන්ත දිසානායක මහතා කාර්ය මණ්ඩලය දැනුවත් කළේය.

    මේ පූර්වාදර්ශය අනුව රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ සෑම ආයතනයකම වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙනු ඇත.

    ආයතන කාර්ය මණ්ඩල තමන් ලබා ගන්නා දැනුම සිය පවුල්වල සාමාජිකයන්ට සහ සමාජයට ද බෙදා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. වෛරසය ව්‍යාප්තිය ජාතික උවදුරක් බවට වර්ධනය වීම වළක්වා ගැනීම වැඩසටහනේ අරමුණයි.

    ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් (පාලන) කේ.බී. එගොඩවෙලේ මහතා ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීහූ මේ අවස්ථාවට එක්ව සිටියහ.

  • සිරිසේන ‘පඹයාට’ සමකළ හේතුව ඇමැති ප‍්‍රසන්න පැහැදිලි කරයි

    සිරිසේන ‘පඹයාට’ සමකළ හේතුව ඇමැති ප‍්‍රසන්න පැහැදිලි කරයි

    සන්ධානයක් ගහන්න හදනවිට මෙහි සම නායකයින් පත්කරන්න ගිය විට මම ඒකට විරුද්ධ වුණා. මහින්ද මහත්තයාට සම කරන්න මේ රටේ කිසිම නායකයෙක් නැහැ. මහින්ද මහත්තයා අසමසම නායකයා. එතුමා විතරයි සන්ධානයේ නායකයා වෙන්න පුළුවන් කියා මම කිවුවා.

    “ප්‍රසන්න” පොදුජන අරඟලයේ නොකී කතාව ග්‍රන්ථය එළිදැක්වීම වෙනුවෙන් වේයන්ගොඩ, නයිවල ජයසිංහ සිටි සෙන්ටර් හිදී ඊයේ (11) පැවැති උත්සවය අමතමින් අපනයන හා ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා කළ සම්පූර්ණ කතාව

    ඉතාම කෙටිකලක් තුළ මේ වැඩසටහන සංවිධානය කළා. දිනය පිළිබඳ නොයෙක් මතවාද තිබුණා. ප්‍රමාද කළොත් මැතිවරණයට බාධාවක් වන නිසා ඉතා ඉක්මණින් සංවිධානය කරන්න කටයුතු කළා. අද වෙනදාට වඩා වෙනස් ආරාධනාවක් කළේ. මේ ආරාධනාව කළේ විශේෂයෙන්ම මේ අරඟල කාලසීමාව තුළ අරගලය සම්බන්ධයෙන් නොකියපු හා මාධ්‍යවේදී ධනුෂ්ක ගොඩකුඹුර මහතා රචනා කළ ග්‍රන්ථය තුල සිදුවූ දේ ගැන ලොකු කතාවක් තිබෙනවා.

    ජනාධිපවරණ ජයග්‍රහණයනේ පසුව අපි පැරදුනු දවසේ සිට අපි විහිළුවට වගේ කතා කළා. ඒ වෙලාවේ ධනුෂ්ක කිවුවා මේ ටික එකතු කරලා පොතක් ලියමු කියලා. අපි ලියන්නම් ඔබතුමා අපිට උදව් කරන්න කියා කිවුවා. එදා සිට ලියූ පොත තමයි අද එළිදක්වනවා. ඒ නිසා මේ කාලය තුළ කටයුතු කළ ධනුෂ්කට මගේ ස්තුතිය පිරිනමනවා. සමහර කතා යටපත් වෙන්න තිබුණා. අපි කළ ඒ අවුරුදු හතරහමාරක අරඟලය ලෙහෙසි පහසු එකක් නොවෙයි. ප්‍රතිඵල එනවිට මහින්ද රාජපක්ෂ මහතා සමඟ අපි සිටියේ අත්තනගල්ලේ ගණන් කරන මධ්‍යස්ථානයේ. පාන්දර 4, 5 වනවිට අපි දැනගෙන සිටියා ඒ වනවිට අපි පරදිනවා කියා. අපි එතන සිටි කණ්ඩායම සමඟ බැසිල් රාජපක්ෂ මහතා මුණ ගැසෙන්න අරලියගහ මන්දිරයට ගියා. ඒ අනුව උදේ 6.00 වනවිට මහින්ද මහතා ඉන්න සිටි ස්ථානයට යනවිට 6.00 ට පෙර අරලියගහ මන්දිරයෙන් ඉවත් වෙන්න ඕන කියා පණිවුඩයක් ආවා.

    අපි ඒ මහතා සමඟ ජනාධිපති මන්දිරයට ගියා. අපිත් ගියා. අපිට ලොකු සංවේදිත්වයක් තිබුණා. නමුත් මහින්ද මහත්තයා හිනාවෙන් සිටියා. රටක් බේරා ගත් නායකයාට වෙච්ච දේ ගැන ජනතාව කම්පාවෙන් සිටියා. ඊට පස්සේ දහවල් 12.00 ට පෙර ජනාධිපති මන්දිරයෙන් ඉවත් වෙන්න කියා පණිවුඩයක් ආවා. මහින්ද මහත්තයා හදපු බුදු පිළිම තිබුණා. මම ඇහුවා සර් මේ බඩුත් අරගෙන යනවා ද කියා. නමුත් ඒ කිසිවක් අරගෙන යන්නේ නැහැ කිවුවා. මේවා මට තෑගි හම්බ වුණු ඒවා. ඔහොමම තියන්න කිවුවා. එතුමා ඒ සියල්ල දාලා තංගල්ලට ගියා. එයින් පසුව කොළඹට පළමුවෙන්ම ආවේ මගේ නිල නිවාසයට. එතැන් සිට සිදුවූ මොහොතේ සිට අපිට තිබුණු අභියෝග දන්නවා. මහින්ද මහත්තයා ළඟ සිටි අය මහින්ද මහත්තයා දාලා ගිහින් මෛත්‍රීපාල මහතාත් සමඟ එකතු වුණා. අපි ළඟ සිටි අය දවස ගානේ එක එක්කෙනා අඩු වෙවී එතනට ගිය හැටි අපි දන්නවා. අපිට පක්ෂයක් නොමැතිව සිටි වෙලාවේ බැසිල් රාජපක්ෂ මහතා තමයි අපිට හුස්ම් ගන්න, දේශපාලනය කරන්න අවශ්‍ය පසුබිමක් නිර්මාණය කලේ. නමුත් එදා මහින්ද මහත්තයා පැරැදුනේ බැසිල් නිසා යැයි ඇතැමුන් කිවුවා. මහින්ද මහත්තයා පරද්දලා රට ගියා කිවුවා. ඒ වෙලාවේ මට දුරකතනයෙන් කතාකර කිවුවා මම ලංකාවේ හිටියොත් අත්අඩංගුවට ගන්නවා, හිරිහැර කරනවා ඒ නිසා ටික දවසකට රට යනවා.

    පොඩ්ඩක් ගම්පහ බලාගන්න කිවුවා. මහින්ද මහත්යාට සිදුවුණු හිරිහැර අපි දන්නවා. පවුලේ අයට හිරිහැර කළා. සිර ගෙවල්වල දැම්මා. මඩ ගැසුවා. මහින්ද මහත්තයාගේ ප්‍රතිරූපය විනාශ කරන්න උත්සාහ කළා. කළගුණ දන්නා මිනිසුන් මහින්ද මහතා සමඟ සිටියා. ඔහුව අතහැරියේ නැහැ. එතුමාට ගහන්න ගහන්න ප්‍රතිරූපය ගොඩනැඟුණා. බැසිල් මහත්තයා මට කතා කරලා කිවුවා මම ලංකාවට එනවා කියලා. මම කිවුවා එන්න එපා තවම හිරිහැර වෙනවා කිවුවා. මේ දේවල් වනවිට මට එහේට වෙලා ඉන්න බැහැ මම එනවා කිවුවා. එදා අපි ගුවන් තොටට ගිහින් බැසිල් මහත්තයා කොළඹට ගෙනාවා. එතුමා මාස 6කට ආසන්න කාලයක් සිර ගෙදර සිටියා. අපි වැටුණු තැනින් ගොඩ ගන්නේ කොහොමද කියා එතුමා සිර ගෙදර සිට කල්පනා කළා. එතුමා කිවුවා මහින්ද මහත්තයා පැරැද්දුවා කියලා. එතුමා හිර ගෙදරින් එළියට පැමිණ මේ පක්ෂය හදන්න සූදානම් කළා. අපි පොහොට්ටුවෙන් වෙනම ඉල්ලන්න ගම්පහ අපිට දිනන්න පුළුවන් කිවුවා. මේ ජනතාව තමයි ඒ ශක්තිය ලබාදුන්නේ. මම ගම්පහ තනියම ඉල්ලන්න ඕන කිවුවා. අපි මැතිවරණයට ගියා. උදය හා මමයි අපේ ගෙදර සිට සර් අපි සතියක් ගුටි කමු මේ පක්ෂය බාර දෙන්න එපා කිවුවා. හැම තැනම අපේ අයට ගහනවා හැමෝම මට කතා කරලා කියනවා මේක බාරදෙන්න කියලා ඒ නිසා පක්ෂයේ සභාපතිකම බාරදෙමු කියලා මහින්ද මහත්තයා කිවුවා. මිනිසුන්ට හොඳක් වෙනවා නම් අපි බාර දෙමු කිවුවා. අපි සතියක් ගුටි කමු කිව්වත් අන්තිමටම අපි කතානාක නිල නිවෙසට ගිහින් මේක බාරදුන්නා.

    එයින් පසුව පාර්ලිමේන්තු මැතිවරණයේදී ද අපි එක් ස්ථාවරයක සිටියා. අපි එකට යමු කියා බහුතරයක් කිවුවා. නමුත් මම දැනගෙන සිටියා මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ මෙහෙම ගමනක් යන් බැහැ කියලා. කවදා හරි අපිට එතුමාගේ යටතේ ඉන්න වෙනවා කිවුවා. අපි මහින්ද දිනන්න අගමැතිකම දෙන්නේ නැහැ කිවුවා. මේ අයට ඒක මතක ඇති. අපි එදා තමයි වැටුණේ. ඒ නිසා මෛත්‍රී විශ්වාස කරන්න බැහැ කියා මම කිවුවා. අපි වෙනම ඉල්ලමු කිවුවා. අපි අද සතුටු වෙනවා. බැසිල් රාජපක්ෂ මහතාට කිවුවාම ගම්පහ ගැන විශ්වාසයක් තිබෙනවා. අවසානයේ දී අපිට අවස්ථාව ලැබුණා. ලංකාවේම බහුතර පළාත් පාලන මන්ත්‍රීවරු සංඛ්‍යාවක් පත්කරලා අපිට මැතිවරණය දිනන්න අපේ ශක්තිය පෙන්වන්න එය අවස්ථාවක් වුණා. ඊට පස්සේ ජනාධිපතිවරණය එනවිට තවත් මතවාද ආවා. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා කරනවා කියා අපි කිවුවා. මේ සියලු දෙනාම අපි සමඟ එම ස්ථාවරයේ සිටියා. මහින්ද මහත්තයා විසින් ගෝඨාභය රාජපක්ෂ මහතා නම්කළ පසුව අපි සියලු දෙනාම එකතු වෙලා එකට සිට මැතිවරණය මෙහෙයවා මේ දිස්ත්‍රික්කය 365,000 කින් දිනෙව්වා. 2015 දී පැරැදුණු දිස්ත්‍රික්කය මේ මන්ත්‍රීවරු නිසා අපි දිනුවා. ඒ හයිය මහින්ද මහත්තයා වෙනුවෙන් දුන්නා. සන්ධානයක් ගහන්න හදනවිට මෙහි සම නායකයින් පත්කරන්න ගිය විට මම ඒකට විරුද්ධ වුණා. මහින්ද මහත්තයාට සම කරන්න මේ රටේ කිසිම නායකයෙක් නැහැ. මහින්ද මහත්තයා අසමසම නායකයා. එතුමා විතරයි සන්ධානයේ නායකයා වෙන්න පුළුවන් කියා මම කිවුවා.

    අපේ අරඟලය තුළ අවසානයේ මහින්ද මහත්තයා නායකයා කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී මහත්තයා සභාපති කළා. එයාට වටිනාකමක් නොමැති නිසා තමයි මම පඹයාගේ කතාව කිවුවේ. අද වනවිට අපිට මේ මැතිවරණයේ දී පොහොට්ටුවෙන් තරඟ කරන්න දැන් තීරණය කරන්න. සියලුම දිස්ත්‍රික් නායකයින් අද අත්සන් කළා. අපිව මහ පාරේ ඇවිද්දවනවා කියූ අය අද අපේ පක්ෂයෙන් තරඟ කරන්නත් එනවා. අපි පොහොට්ටුවෙන් සියලුම දිස්ත්‍රික්ක්වලට තරඟ කරනවා. මහින්ද මහත්තයාට ගහන්න ගහන්න් ප්‍රතිරූපය තවත් දිලිසෙනවා. තව තව ප්‍රතිරූපය වැඩි වෙනවා. පසුගිය කාලයේ රාජපක්ෂ පවුල ඉලක්ක කරගෙන පහර දුන්නා. නමුත් ඒ අයට ඒවා සාර්ථක කර ගන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. මේ තුළ ප්‍රබල සන්ධානයක් රටේ පොදු ජනතාව තුළ ගොඩනැඟුණා. ගහන්න ගහන්න ජනතාව එතුමන්ලා ආරක්ෂා කළා. ඒ නිසා නැවත මහින්ද යුගයක් ආරම්භ කරන්න හැකිවුණා. ගෝඨාභය රාජපක්ෂ මහතා හා පවුලේ සමඟියක්ම අපි දකිනවා. අද ගෝඨාභය මහත්තයා ආවා. මහින්ද මහත්තයා එනවිට නැඟිට්ටා. පොඩි පොඩි දේවල් වෙන්න පුළුවන්. එකිනෙකට ගරු කරන නායකයින් අද රටේ ඉන්නවා. මේ පසුපස ඉන්නේ බැසිල් රාජපක්ෂ මහතා. මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ මහත්වරු අපේ දිස්ත්‍රික්කයේ දේශපාලන කටයුතු වෙනුවෙන් විශාල ශක්තියක් වී තිබෙනවා.

    ඒ නිසා බැසිල් මහතා කරන ලද සේවයට මම හැමදාම ගරු කරනවා. අද අපිට දේශපාලනය කරන්න පක්ෂයක් පිහිටුවන්න කළ සේවය අගයනවා. ඒ නිසා මේ හැම දෙයක්ම කරනවිට දිස්ත්‍රික්කයක් හැටියට අපේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනගියා. ඉදිරි මැතිවරණය මේ රටේ තීරණාත්මක මැතිවරණයක්. මේ මැතිවරණයෙන් පසුව මේ ගැන කතා වනවාට වඩා අපිට ලොකු දේවල් කරන්න තිබෙනවා. මේක යටපත් වෙන්න හොඳ නැහැ. අවුරුදු හතරහමාරක අරඟලයේ අවසානය තමයි ඉදිරි මහා මැතිවරණය. රට ගැන හිතන්න පුළුවන් නායකයින් පත්කර ගන්න අපි කටයුතු කරනවා. මහින්ද මහත්තයා අත නොහැර ගිය පිරිසක් අපි සමඟ ඉන්නවා. ලක්ෂ තුන හමාරකට වැඩි ජයක් අරගෙන ගම්පහ දිස්ත්‍රික්කයෙන් වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට යවන්න පියවර ගන්න කියා ඉන්නවා.

    ප්‍රසන්න රණතුංග ලංකා ඉතිහාසය වෙනස් කළ පුද්ගලයෙක්

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල

    ප්‍රසන්න රණතුංග මහතා ලංකා ඉතිහාසය වෙනස් කළ පුද්ගලයෙක්. මේ පොත කියවන්න ලැබුණොත් වීර පුරන් අප්පු දැක්වූ දායකත්වයට වඩා වැඩි දායකත්වයක් අපේ රටට ලබාදී තිබෙනවා. 1818 වසරේ දී වීර පුරන් අප්පු තමන්ගේ ජීවිතය බේරා ගන්න සමත්වුණේ නැහැ. නමුත් ප්‍රසන්න රණතුංග මහතා තමන්ගේ ජීවිතය බේරා ගන්න සමත්වුණා. අපේ රට විවිධ අවස්ථාවල පාවා දුන්නා. ඒ වගේම් අපේ මවුබිම 2015 වසරේ දී බටහිර රටවලට පාවා දෙන්න කටයුතු කළා. අපි දන්නා හදුනන අය තමයි එදා රට පාලනය කළේ. ඔවුන්ගේ කටින් ආවේ බටහිර අධිරාජ්‍යවාදීන්ගේ අභිමතයටයි. අපේ රටේ ෆෙඩරල් ව්‍යාවස්ථාවක් ඔවුන් කරලියට ගෙනාවා. ඔවුන් අපේ රටේ ඇතැම් සම්පත් විකුණන විට අපේ ජනතාව සතුටු කරවන උදාසීන මානසිකත්වයක් ඒ අයට තිබුණා. රණවිරුන් දඩයම් කළා. ලෝකයේ සියලු අධිරාජ්‍යවාදීන්ගේ සහාය ලබන අතරේ පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවල සහාය ලැබුවා. පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවල සහාය ඇතිව මෙතෙක් ආණ්ඩු පිහිටුවා නැහැැ. ඒ නිසා 2015 වසරේ පෙබරවාරි 18 අපි නුගේගොඩ රැළිය සංවිධානය කළා. මෙය පුංචි රැළියක්.

    මහින්ද මහත්තයා යළි ගෙන ආයුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එතැන සියියේ නැහැ. නිලා පැහැය මුසු වුණේ නැතිනම් මේ සටන දිනන සටනක් වෙන්නේ නැහැ. මේ නිසා අපිට අවශ්‍ය වුණේ ශ්‍රී ලංකා නිදිහස් පක්ෂය මේ වෙනුවෙන් එකතු කරගත යුතු වුණා. ඒ නිසා මේකට ඔවුන් එකතු කර ගන්න අපේ පාර්ලිමේන්තු සටන් සඟයන් මේ අරඟලය ක්‍රියාත්මක කළා. ඒ නිසා අපි ප්‍රසන්න රණතුංග මහතා මේ වෙනුවෙන් දායක කර ගත්තා. ඔහු ගැන අපිට තිබෙන්නේ ලොකු ගෞරවයක්. 1993 වසරේ සිට ඔවු බස්නාහිර පළාත් සභාවේ ඉන්නවා. ප්‍රසන්න මේ රටේ දැවැන්ත දේශපාලන චරිතයක්. මේ අවස්ථාවේ තිබෙන අවධානම ගණන් හදන්න තරම් තීක්ෂණ බුද්ධියක් ඔහුට තිබුණා. මම පළාත් සභා විරෝධියෙක් විදියට පැමිණ පළාත් ඇමැතිවරයෙක් වුණා. නමුත් ප්‍රසන්න රණතුංග මහතා මාව රකිමින් මට ගුරු හරුකම් කියා දුන්නා. ඔබට විවිධ රටවල විවිධ උපාධි තිබෙනවා. නමුත් උඩුගම්පොල ප්‍රසන්න උපාධියත් තිබෙන්න ඕන කියනවා. ඒ තරම්ම ප්‍රසන්න රණතුංග මහතා ඇඅසුරු කළයුතු වෙනවා. ගැඹුරු දේශපාලන අවබෝධයක් ඔහු සතු වෙනවා.

    ප්‍රසන්න රණතුංග මහතා තමයි මිනිහා කියා අපි සිතුවා. මේ සටනට හොඳම පුද්ගලයා කියා අපි සිතුවා. ඔහු එකතු වුණොත් මේ සටන සාර්ථකයි කියා කිවුවා. මම මේ අවස්ථාවේ රට බේරා ගන්න සටනකත් කරන්න වුණා. ඒ වෙනුවෙන් ප්‍රසන්න රණතුංග මහතා මේ සටනේ සිටිය යුතුයි කිවුවා. මහින්ද රාජපක්ෂ මහතා යළි දේශපාලනයට ගේන්න ඕන කියන මතයේ ඔහු ඉන්නවා. මම එක්තරා අවස්ථාවක මහ ඇමැතිතුමා හමුවන්න ඕන කිවුවා. ඔහු කමිසයත් නැතිව ගෙදර හිටියේ. කෑම කකා අපි මේ ගැන කතා කළා. මහින්ද මහත්තයා බලෙන් හරි ගෙනත් රට ආරක්ෂා කරන මතයේ අපි සිටියා. ඒ මහතා එදා විවිධ කණ්ඩායම් සමඟ සාකච්ඡා කළා. එක්තරා කාන්තාවක් විවිධ ප්‍රකාශ කළා. මන්ත්‍රීවරියක් පැමිණ මහින්ද මහත්තයාටා කළ අපරාධය ගැන කණගාටුවෙන් කතා කළා. බහුතරය මහින්ද මහත්ත්යා යළි ගෙන එන්න් අවශ්‍යයි කියන මතයේ විශාල පිරිසක් සිටියා. ප්‍රසන්න රණතුංග මහතා එදා කිවුවේ විමල් වීරවංශ මහත්තයාත් මේකට සම්බන්ධ කර ගනිමු කිවුවා. පසුවදා අපි විමල්, මම, ප්‍රසන්න හමුවුණා.

    අවසානයේ අපි සැලැස්ම්ක් සකස් කර ගත්තා. බස්නාහිර මන්ත්‍රීවරු එකතුකර ගනිමු කිවුවා. ඒ අය මේ සටනට එකතුකර ගත්තා. පසුව අපි නුගේගොඩ රැළිය සංවිධානය කළා. ඒ අනුව නුගේගොඩට විශාල ජනකායක් එකතුකර ගන්න හැකිවුණා. 2015 වසරේ පෙබරවාරි 18 අපේ රැළිය ආරම්භ වී ටික වෙලාවක් යනවිට විශාල සෙනඟක් සිටියා. එක්තරා අවස්ථාවක අපේ කෙනෙක් මේ සටනට එක් වෙනවා කියා ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු පිරිස පිළිගත්තා. ජනතාවට අවශ්‍ය වුණේ තමන්ගේ නායකයන් වේදිකාවට එනවා දකින්නයි. එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එකතු වුණේ ප්‍රසන්න රණතුංග මහතා පමණයි. එයින් පසුව අපි මහනුවර, රත්නපුර රැස්වීම් සංවිධානය කළා. ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් මේ රටට යම් යහපක් වෙනවා නම් එහි උල්පත ප්‍රසන්න රණතුංග මහතා වෙනවා. මේ ගමන අතිශයින්ම සුබ දායක වුණේ නැහැ. මේ ගමන නවතන්න අධිරාජ්‍යවාදීන් විවිධ බාධා එල්ල කළා. ප්‍රසන්න රණතුංග මහතා සහ මොරින් රණතුංග මහත්මිය එක දවසක් හෝ කූඩුවට දාන්න යහපාලන ආණ්ඩුව කටයුතු කළා.

    ඒ අනුව මේ සියලු දෙනා වෙනදාට වඩා මේ සටනට එකතු වුණා. අපේ පවුල පුංචි කලයේ ්සිට එකට තියන්න අම්මා ලොකු උත්සාහයක් ගත්තා. නමුත් අපේ රට දෙකඩ වෙනවා නම් අම්මාගේ කඳුළු ගැන විතරක් මට හිතන්න බැහැැ කියා ප්‍රසන්න රණතුංග මහතා මට කිවුවා. එතුමා කිවුව ආකාරයටම පවුල දෙකට බෙදුණා. නමුත් අද මේ රට සංවර්ධනය කරා යනවිට ප්‍රසන්න රණතුංග මහතාගේ මෑණියන් කොතැනක හෝ සිට සතුටු වෙනවා ඇති. ගම්පහ සමස්ත ජනතාවගේ හදවත් තුළ ඒ සටහන රන් අකුරියන් ලියවෙනවා. සිංහලයාටා මතක තිබෙන්නේ සති දෙකයි කියා වෙළුපිල්ලේ ප්‍රභාකරන් කිවුවා. නමුත් අපි එළඹෙන අප්‍රේල් 25 වනතුරු ජනතාව නොඉවසිල්ලෙන් බලා ඉන්නවා.

    හිටපු රාජ්‍ය ඇමැතිවරුන් වන නිමල් ලන්සා, ඉන්දික අනුරුද්ධ, ඩුලිප් විජේසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි, බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී කෝකිලා හර්ෂණී ගුණවර්ධන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    නිදහස් වෙළද කලපෙ වල සේවය කරන සේවක සේවිකාවන්ගේ සුබ සාධන කටයුතු විධිමත් ව සිදු වන්නේදැ‘යි  සොයා බැලීම අත්‍යවශ්‍ය බව පෙන්වා දෙන ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඒ පිළිබද ව ආයෝජන මණ්ඩලය විශේෂ අවධානය යොමු කර ඇති බව ද පෙන්වා දුන්නේය.

  • වනඅලි අසලම නිදා ගන්න කැමති අයගේ සිහිනය සැබෑ කළ හෝටලයක්

    වනඅලි අසලම නිදා ගන්න කැමති අයගේ සිහිනය සැබෑ කළ හෝටලයක්

    සංචාරක ව්‍යාපාරය කියන්නේ වේගයෙන් නව ඉසව් සොයා යන ක්ෂේත‍්‍රයක්. එවැනි තත්ත්වයක් තුළ පමණයි අතිෂයින් තරගකාරී මෙම කර්මාන්තය තුළ පැවැත්මක් තියෙන්නේ. මේ එවැනි නව අත්හදා බැලීමක් ගැන කතාවක්.

    තායිලන්තයේ චියැං රායි හි පිහිටි අනන්තාරා ගෝල්ඩන් ට්‍රයිකොන් එලිෆන්ට් කෑම්ප් ඇන්ඩ් රිසෝට් Anantara Golden Triangle Elephant Camp & Resort’s තමන් වෙත සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමට ටිකක් පමණක් වුණත් අලූත් තාලේ වැඩක් ආරම්භ කරලා තිබෙනවා. ඒ අලින් අසල අපූරු ‘ Jungle Bubbles ’ ඇතුළේ රාති‍්‍රිය ගත කිරීමට අවස්ථාව ලබාදීමෙන්. සංරක්ෂණය කරන අලි තිදෙනෙකු වාසය කරන විශාල පරිශ්‍රයක් අසල මේ විනිවිද පෙනෙන විදුලි බුබුළු දෙක පිහිටා ඇති අතර ඒවා රැකබලා ගනු ලබන්නේ නිවාඩු නිකේතනයේ ගෝල්ඩන් ට්‍රයැන්ගල් ඒෂියන් අලි පදනම Golden Triangle Asian Elephant Foundation විසිනුයි.

    මෙම පරිශ‍්‍රයේ සිටින ඇතින්නියන් තිදෙනා විශාල ගස්වල උපායමාර්ගිකව එල්ලා තබා ඇති ‘සෙල්ලම් බඩු’ සමඟ සෙල්ලම් කරන විට අමුත්තන්ට වාඩි වී බලා සිටිය හැකියි. එපමණක් නොවෙයි මෙම බුබුළු සමීපයේ අලින්ට ආහාර ගැනීම සඳහා උක්ගස් ද තබා තිබෙනවා. ඔවුන් මහ ? පැමිණ ඒවා ආහාරයට ගන්නා ආකාරයත් මේ අධි සුඛෝපභෝගී බුබුල තුළට සංචාරකයින්ට අපූරුවට නැරඹිය හැකියි.

    සංචාරකයින් යුවළකට වෙන් කර ඇති නිවාඩු නිකේතනයට අමතරව මෙම ‘කැලෑ බුබුල’ තුළ අමතක නොවන අත්දැකීමක් ලබා ගැනීමට එක් රාත‍්‍රියකට අමතරව වැය වන්නේ ඇමරිකානු ඩොලර් 563 ක් වැනි මුදල් බවයි වාර්තා වන්නේ.

    අමුත්තන් හිරු බැස යෑමට මොහොතකට පෙර එළිමහන් ජීප් රථයකින් බුබුලු වෙත රැගෙන යන අතර ඒ සඳහා වනාන්තරය තුළ ඇති කෙටි මං භාවිතා කරනවා. ඊට පසු හිරු බැස යන මොහොතේ සිය සංචාරකයින්ට වීදුරු වලින් නිර්මිත විවෘත අවකාශයක් වැනි මේ බුබුල තුළට වී සිසිල් පැන් පානයකින් සන්තර්පණය වී විවේක ගත හැකියි. ඊට තවත් ස්වල්ප වේලාවකට පසු ඒ අසලට පැමිණෙන දැවැන්ත ඇතින්නයන් තිදෙනාගේ අසලටම වී රාත‍්‍රී ආහාරය ලබාගත හැකියි.

    සෑම බුබුලක්ම වායුසමීකරණය කර ඇති අතර එය තුළ වර්ග මීටර් 22ක ඉඩ ප්‍රමාණයක් ඇති අතර රාජකීය නිදන ඇඳකින් එය සමන්විතව තිබෙනවා. මෙය සැබැවින්ම අති සුඛෝපභෝගී හෝටල් කාරමයක් තරමටම සුව පහසුයි. එපමණක් නොවෙයි මේ බුබුල අති නවීන වැසිකිළියක් සහ නාන කාමරයක් සහිත කුඩා නාන කාමරයකින් ද පුටු කිහිපයක් සහ ඇඳ අසල කුඩා මේසයකින් ද සමන්විතයි.

    ඒ වගේම මතකයට නගා ගත යුතු තවත් දෙයක් වන්නේ මෙහි රූපවාහිනී යන්ත‍්‍රයක් නොවීමයි. ඔබට හිතේ හැටියට දැකබලා ගත හැකි වන්නේ ඝන අන්ධකාර රාත‍්‍රියේ ඇතින්නියන්ගේ කෙළි සෙල්ලම් පමණයි.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වන හෝටල් පරිපාලනය කියන්නේ තමන්ගේ නව ව්‍යාපෘතිය සංවේදී නින්දක් ලබා ගැනීමට කැමැති සංචාරකයින්ට ආශ්චර්යමත් අත්දැකීමක් වනු ඇති බවයි.

    ‘ඔබ සිතන්න ඝන වනාන්තරයක අලි තිදෙනෙක්ගේ උණුසුම පවා දැනෙන මොහොතක හිස් අහට යට ලබන නින්දක් ගැන. මෙම බුබුල වීදුරුවලින් නිම කරලා තිබෙන නිසා ඔබට වීදුරු කුටියක සිටින බවට කිසිම ආකාරයකින් දැනෙන්නේ නැහැ. එය එළිමහනේ නිදා ගැනීමක්ම තමයි. ඒ අතර හඳ පායලා මුදුන් වෙනවා. වවුලෝ පියඹා යනවා. නිශාචර සතුන්ගේ ශබ්දය කිසිම බාධාවකින් තොරව ඇසෙනෙවා. එය සැබවින්ම ආශ්චර්යමත් නින්දක් නොවේ ද ’

    මෙහිදී තවත් වැදගත් කරුණක් ගැන හෝටල් පරිපාලනය මතක් කර දෙයි. ඒ බුබුල තුළ රැය පහන් කරන යුවළගේ පුද්ගලිකත්වය ගැනයි.

    ‘ඒ ගැන කිසිම ආකාරයකින් බියක් ඇතිකර ගත යුතු නැහැ. ඇතින්නියන්ට ඒවා සංවේදී නැහැ. ඒත් පසුදා උදෑසන මේ පරිශ‍්‍රයට පැමිණෙන සේවකයින්ගේ ඇස්වලින් ඔබේ පුද්ගලිකත්වය දැඩිව ආරක්ෂා වෙනවා. ඔබ නිදන ඇඳ සම්පූර්ණ තිරවලින් ආවරණය කරගත හැකියි’ හෝටල් පරිපාලනය කියනවා.

    ‘කැලෑ බුබුලු’ පිිළිබඳ අදහස පැමිණියේ වසර එකහමාරක පමණ කාලයක් නිවාඩු නිකේතනය සමඟ සිටි සාමාන්‍යාධිකාරී ගෞඩරික් හරන්ග්ටයි. නවීන සුඛෝපභෝගී අපේක්ෂාවන්ට අනුකූලව අද්විතීය ආගන්තුක අත්දැකීමක් ලබා දීමට මෙම කදිම සංකල්පයක් බව ඔහු පවසයි.
    අලි තිදෙනකු සමග පමණක් නොව සෙසු නිශාචර සතුන් සමග ගෙවන හුදකලා රාත‍්‍රියේ ආරක්ෂාව ගැන ඔහු මෙසේ පවසනවා. ‘අපේ අරමුණ සංචාරකයින්ට උපරිම තෘප්තියක් සහ සතුටක් ලබාදීම. ඒ වගේම ආරක්ෂාව තමයි අංක එක. මෙම බුබුල නිර්මාණය කළේ දීර්ඝ කාලීන අත්හදා බැලීම් රැුසක් සමගයි. ඒවා නිර්මාණය කරලා තිබෙන්නේ ඉහළම ප‍්‍රමිතයෙන්. ඒ නිසා වගකීමෙන් කියන්නේ මේ තුළ ගත කරන රැුය සුඛෝපභෝගී වනවා සේම එහි ආරක්ෂාව සහතිකයි’ ඔහු පැහැදිලි කරයි.

    ‘තායිලන්තයේ උතුරේ වීම නිසා රටේ සෙසු රටවලට වඩා වෙනස් දේශගුණයක් තිබීම අපට වාසනාවක්’ යනුවෙන් ඔහු පවසයි.

    ‘කෙටි වුවත් මෙහි ශීත කාලගුණය ඉතා දැඩියි. අපි මෙය අත්හදා බලන විට සෙල්සියස් අංශක හයක උෂ්ණත්වයක් තමයි වාර්තා වුණේ. අපි හීටරයක් ​​භාවිතා කළේ නැහැ. එසේම වනාන්තරයේ පිහිටා තිබීම නිසා අධික ආර්ද්‍රතාවයක් තිබෙනවා. එබැවින් අධික ඝනීභවනය හේතුවෙන් රාත්‍රියේ බුබුලු ඉතා තෙත් වුණා. මම පාන්දර 3 ට අවදි වුණා. සීතලේ වෙවුලමින් ඉන්න සිදු වුණා. එනිසා අපි වහාම තීරණය කළා මේ ස්වභාවික සීතල සංචාරකයින්ට යහපත් නැති බව. එම නිසා බුබුල තුළ සුවපහසු දේශගුණයක් සහතික කිරීම සඳහා දැන් වායුසමීකරණ යන්ත්‍රයක්, හීටරයක් ​​සවිකර තිබෙනවා’ ඊට පසුව තමා මුහුණ දුන් අත්දැකීම ඔහු මෙසේ විස්තර කරයි.

    ‘මේ සියලූ ගැටලූ නිරාකරණය කරගත් විට මම ඒ තුළ රැය පහන් කළා. ඒක ඇත්තමට ආශිචර්යයමත් අත්දැකීමක්’ යනුවෙන් ඔහු පැවසුවා.

    Text by CNN – BY Thushadhavi

  • සුද්දට රට පවාදුන් උඩරට ගිවිසුම සහ සජිත්ගේ ‘ඔර්ලෝසු ගිවිසුම’ ගැන හෙළිදරව්වක්

    සුද්දට රට පවාදුන් උඩරට ගිවිසුම සහ සජිත්ගේ ‘ඔර්ලෝසු ගිවිසුම’ ගැන හෙළිදරව්වක්

    “ප්‍රසන්න” පොදුජන අරඟලයේ නොකී කතාව ග්‍රන්ථය එළිදැක්වීම වෙනුවෙන් වේයන්ගොඩ, නයිවල ජයසිංහ සිටි සෙන්ටර් හිදී ඊයේ (11) පැවැති උත්සවය අමතමින් කැලණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන නාහිමියන්, කොළඹ ආනන්ද විද්‍යාලයේ විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පති හඟුරන්කෙත චන්ද්‍රරතන නාහිමි සහ වාසුදේව නානායක්කාර මහතා කළ සම්පූර්ණ කතාව

    දිඟු කලක සිට ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු පවුලේ අය සමඟ අපි සමීප සබඳතා තිබෙනවා. අපි ළඟ ලෙන්ගතු සබඳතා තිබෙනවා. ප්‍රසන්න රණතුංග මහතා මහ ඇමැතිවරයා වශයෙන් සිටින කාලයේ දී අපි විශාල වැඩ කොටසක් කළා. අපි ගුරු පුහුණු වැඩසටහන් සිදුකළා.

    1815 වසරේ මාර්තු මාසයේ 3 දා උඩරට ගිවිසුම අත්සන් කළා. එදා දක්වා අපේ රට එක් රටක් වශයෙන් තිබුණා. එතැන් සිට 1948 දක්වා තිබුණේ වෙනත් රටක් නමුත්. අද දක්වා තිබෙන්නේ වෙනත් රටක්. රටවල් තුනක්. එකම එක බිමක්. ඉතාම නරක කළු වැල් අකුරු වලින් අත්සන් කළ උඩරට ගිවිසුම අපි දන්නවා. ගිවිසුම් දෙකයි මාර්තු මාසයේ අත්සන් කර තිබෙන්නේ. රට පාවා දුන් ගිවිසුම. අනෙක තමයි සමඟ ජන බලවේගයේ ගිවිසුම. මේ හැම එකකම ‍‍ඵෙතිහාසික සබදතා තිබෙනවා. ප්‍රසන්න රණතුංග මහතා කියන්නේ අපේ දිස්ත්‍රික්කයේ ලකුණක්. පුද්ගලයෙකුට වඩා එය ප්‍රසන්න සළකුණක්. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිකම කරද්දී එතුමා ළඟ සිටිය යුතු පිරිස ගැන අපි සිතන්න ඕන.

    උගතුන් පාර්ලිමේන්තුවට යන්න ඕන. ඔබ වහන්සේ කියන්නේ මොකක් ද කියා මගෙන් අහනවා. පාර්ලිමේන්තුවට උගතුන් නොයා යුතුයි කියා මගේ අදහසක් නැහැ. පාර්ලිමේන්තුවට යායුතු අය අතර පළමුවන නිර්නායකය රටට ආදරය තිබිය යුතුයි. එහෙම රටට ආදාරය තිබෙන කෙනා උගතෙක් නොවුණත් කමක් නැහැ. රට ගැන සිතන කෙනා වියයුතුයි. රටේ නායකයා උගතුන් එක්කර ගන්න පියවර ගත යුතුයි. මේ දිනවල රැල්ලක් තිබෙනවා. උගතුන් සහ බුද්ධිමතුන් කියන්නේ එක් කණ්ඩායමක් නොවෙයි. උගතුන් බුද්ධිමතුන් නොවෙන්නත් පුළුවන්. කල්පනාවෙන් කටයුතු කරන්න හැකි පිරිසක් ජනාධිපතිවරයා වටා සිටිය යුතු වෙනවා. වැඩක් කරන කෙනා නිර්මාණශීලී කෙනෙක් වෙන්න ඕන. ජනාධිපතිවරයෙකුට ඕන වෙන්නේ වැඩ කරන්න ඕන කෙනෙක්. බීරබල් මතක් වෙනවා. දේශපාලනය සංසරණය වන විදිය දෙස බලනවිට කිසියම් දෙයක් අතිරික්තයක් ලෙස ඉතිරි වන්න පුළුවන්. මෙවර පක්ෂ අභ්‍යන්තර අර්බුදය හා පක්ෂ අතර අර්බුදය කියන එක වෙනදාට වඩා වෙනස්. ඒ නිසා අතිරික්ත ඡන්දයක් තිබෙනවා. එය පැහැර ගන්න පුළුවන්. මේ ගැන සිතිය යුතු වෙනවා.

    ප්‍රසන්න රණතුංග කිසිිඳා පක්ෂය අතහැර ගියේ නැහැ

    කොළඹ ආනන්ද විද්‍යාලයේ විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පති හඟුරන්කෙත චන්ද්‍රරතන නාහිමි,

    කොළඹ ආනන්දයෙන් බිහිවුණු විශිෂ්ඨ චරිත ලෝකය පුරාම ජීවත් වෙනවා. ප්‍රසන්න රණතුංග මහතා අපේ විද්‍යාලයෙන් බිහිවුණු විශිෂ්ඨ චරිතයක්. රණතුංග චරිත ආනන්දයෙන් බිහිවුණු වාසනාවන්ත චරිත වෙනවා. මේ අය විවිධ තනතුරු නියෝජනය කරනවා. මේ ග්‍රන්ථය පොදුජන අරඟලයේ නොකී කතා අතර ප්‍රසන්න රණතුංග කිසිිඳා පක්ෂය අතහැර ගියේ නැහැ. නොබියව තනිව සටන් කළා. වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ගමන් මඟ ඔස්සේ ගමන් කරමින් තමන්ට ශක්තියත් වූ අමතක නොකර ඉදිරියට ගමන් කරනවා. පූජනීය සේවයක් ගම්පහ දිස්ත්‍රික්කයට ඉටුකරනවා. අද මේ ග්‍රන්ථය තුළ ප්‍රධාන චරිතය වන්නේ ප්‍රසන්න රණතුංග මහතායි. දිස්ත්‍රික්කයේ සෑම විහාරස්ථානයකටම විශාල සේවයක් සිදුව තිබෙනවා. ආනන්දයෙන් බිහිවුණු පූජනීය චරිතයක් වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ අපි ළඟින් ඇසුරු කරනවා. ඒ මහතා නිහතමානී කෙනෙක්. බුදුවරු මඟ පෙන්වනවා. ඒ මඟ අපි ගමන් කළයුතු වෙනවා. ඒ උදාර ගමනට ප්‍රසන්න රණතුංග මහතාට ලොකු වගකීමක් තිබෙනවා.

    පොදුජන අරඟලයේ නොකී කතා රාශියක් අපිට අහන්න ලැබෙයි. අපේ ආශිර්වාදය ප්‍රසන්න රණතුංග මහතාට නොඅඩුව ලැබෙනවා. සමාජයට විශාල මෙහෙයක් ඉටුකරන්න ලොකු වගකීමක් තිබෙනවා. ඉදිරියේ දී නාම යෝජනා ලැබුණු පසුව දිස්ත්‍රික්කයට විශාල සේවයක් ඉටුකළ යුතු වෙනවා. අප්‍රේල් 25 පැවැත්වෙන මැතිවරණයෙන් විශිෂ්ඨ ජයක් ලබාගත යුතු වෙනවා. අපි ඒ වෙනුවෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා.

    අද නැවත අපි ඉදිරියේ නොනිමි අරඟලයක් තිබෙනවා

    හිටපු රාජ්‍ය ඇමැති වාසුදේව නානායක්කාර මහතා

    හැම අරඟලයකම නොකී කතාවක් තිබෙනවා. එහි මතුපිට දිගහැරියාම ක්‍රියාදාමය වැසී යනවා. පර්යේෂකයන්ට සිදුවෙනවා එහි යටිතලයේ අන්තර් සම්බන්ධය පිළිබඳ නොකී කතාව කියන්න. අපිට ජාතික නිදහස්, ජාතික ආරක්ෂාව, දුප්පත් ජනතාව පිළිබඳ ප්‍රශ්නය තිබුණා. රට ඒකීයව තබා ගැනීමේ ප්‍රශ්නය තිබුණා. මෙවැනි ප්‍රශ්න ගොඩක් මැද බැංකු හොරකමේ ප්‍රශ්නයත් ආවා. මේ රටේ විවිධ ව්‍යාපාති හරහා ගසා කෑ විශාල ධනස්කන්ධය පිළිබඳ ප්‍රශ්නය තිබුණා. මෙවැනි ප්‍රශ්න වැළක් අපිව වට කරගෙන තිබුණා. ඒ කරුනුවලට එරෙහිව තමයි ජනතා ව්‍යාපාරයක වුවමනාව තිබුණා. 2015 අපිව පරාජය කිරීමෙන් පසුව නිහඩ වූ බලවේගය නැවතත් හඩනඟා නැගිට්ටා. ඔවුන් අපේක්ෂා කළේ අපි යටත් වෙයි කියලයි. නමුත් ජනතාව නැවතත් අභියෝග කරමින් නැඟිට්ටා. මහින්ද මන්තරය මේ වෙනුවෙන් අවශ්‍ය වුණා. මහින්ද සුළඟ නැඟී සිටින්න එදා පියවර ගත්තා.

    එය අලංකාරයෙදුමක්. ඒ සමඟ එහි ප්‍රබලත්වයක් ඇතිවුණා. ඒ සමඟම අලුත් ගැම්මක් ඇති බලයක් පැමිණ මහින්ද මහත්තයා කරලියට එනවා. එතනින් අලුත් අරඟලය ආරම්භ වුණා. විශාල පෙරළියකට මුල පිරුවා. එයින් අනතුරුව එළිදැක්වුණු දේ අපි දන්නවා. සියනෑ කෝරළයේ භාරකාරත්වය ප්‍රසන්න රණතුංග මහතාට බාරවී තිබෙනවා. ඔහුගේ පියා නිසා ඔහුට බාරවී තිබෙනවා. පියාගත් මාවතේ තවත් ඉදිරියට යමින් ඔහු බාරගත් වගකීමක් තිබෙනවා. ජිනීවා නුවර අපේ රටේ තීන්දු ගැනීමේ අයිතිය අහිමි කරන ගිවිසුම්වලට මේ රට යන්න දෙන්න බැහැ. පොලීසිය, නීතිය හා අධිකරණයට මැදිහත්වීම් කරන්න දොරවල් විවෘත කරන්න බැහැ. අපිට ශත වර්ෂයකට අහිමිවී ගිය දේපල අහිමි වන්නට නොව ඒවා නැවත අත්පත් කර ගන්න අපි කටයුතු කළයුතු වෙනවා. අපේ රටේ දුප්පත් ජනතාට ජීවත් වන්නට හැකි වැඩපිළිවෙලක් ඇති කළයුතු වෙනවා. අධිරාජ්‍යවාදීන්ට අවශ්‍ය විදිියට අපේ භූමිය හසුරුවන්න දෙන්න බැහැ.

    අපි ජනාධීපතිවරණයේ දී, පළාත් පාලන මැතිවරණයේ දී ලබාගත් ජයග්‍රහණයට වඩා එළඹෙන මහා මැතිවරණයේ දී ජයගත යුතු වෙනවා. ඒ තුළින් රට අවාසනාවන්ත තත්ත්වයට යන එක නතර කරන්න පුළුවන්. අද වනවිට ලෝකය පුරා වෛරස් තත්ත්වයක් තිබෙනවා. ලෝකයේ කොටස් වෙළෙඳ පොලේ බිඳවැටීමක් තිබෙනවා. මේ තත්ත්වය අපි අවබෝධ කරගත යුතු වෙනවා. ජාතික නිදිහස හා ජාතික සම්පත් පාවා දෙන්න ක්‍රියාත්මක වූ බලවේගවලට මේ ඇතිවී තිබෙන ලෝක තත්ත්වයේ වාසිය නෙළා ගන්න් දෙන්න බැහැ. මේ අවස්ථාව අපිට ඉතාම තීරණාත්මකයි. අරඟලයක ප්‍රධානම සාධකය වන්නේ අභ්‍යන්තරික සංවිධාන බලයයි. අද නැවත අපි ඉදිරියේ නොනිමි අරඟලයක් තිබෙනවා. අරඟලය නිමා වුණා කියා සිතාගෙන මේ කතාව කියන්න බැහැ. ඉතිහාසයේ අනාගත පරිච්ඡේදය ලියවෙන්නේ ඉදිරියටයි. අපි මේ අභියෝගයට මුහුණදෙන ආකාරය අනුව එය ලියවෙනවා. මේ මැතිවරණයෙන් ලබාගන්නා ප්‍රතිඵලය ලෝකය අපි ගැන දක්වන ආකල්පය වෙනසක් ඇතිකර ගන්න පුළුවන් වෙනවා.

    සටන් බිමේ දැවැන්තයෙක් ලෙස ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු පරිවාර මැති ඇමැති බලවේගය මේ දිස්ත්‍රික්කයේ පෙර දිනෙක ඇතිකළ පෙරළිය තවත් ඉදිරියට ගෙනයමින් අපිට සෞභාග්‍යයේ පෙරළිය උදාකර ගැනීම සඳහා ජනබලය පෙලගැස්සවීම සඳහා පියවර ගතයුතු වෙනවා. 

  • ලංකාවටත් කොරෝනා: ජවිපෙන් පොදු ඉල්ලීමක්

    ලංකාවටත් කොරෝනා: ජවිපෙන් පොදු ඉල්ලීමක්

    කොරෝනා තත්වයෙන් රටත් ජනතාවත් මුදා ගැනීමට ජාතික වැඩපිළිවෙළකට එක්වෙමු යැයි ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියයි. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.

    කොරෝනා රෝගී තත්ත්වය ගෝලීය වශයෙන් වසංගත මට්ටමට පැමිණ ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප‍්‍රකාශයට පත් කර තිබේ. මේ තත්ත්වය තුළ සෑම රටක්ම විසින්  කොරෝනා රෝගය මැඩපැවැත්වීම සඳහා කඩිනම් ක‍්‍රියාමාර්ග ගැනීම තවදුරටත් අවධාරණය වී ඇත. මේ අතර රට තුළින් කොරෝනා ආසාදිතයින් වාර්තා වී තිබීමත් සමග ශ‍්‍රී ලංකාව විසින් ද කඩිනම් ක‍්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවය කිසිවකුටත් බැහැර කළ නොහැක. මේ තත්වය තවදුරටත් පැතිර ගියහොත් අප රට තුළ මහත් ව්‍යසනකාරී තත්වයක් ඇතිවිය හැකිව තිබේ. 

    එමනිසා මේ මොහොතේ ආණ්ඩුව විසින් ජාතික අවශ්‍යතාවයක් ලෙස සලකා කොරෝනා තත්වයෙන් රටත් ජනතාවත් මුදා ගැනීමට ජාතික වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව අප යෝජනා කරමු. එම ජාතික වැඩපිළිවෙළ සඳහා සියලූ දෙනා පක්ෂ පාට බේදයකින් තොරව සහය පළ කළ යුතු යැයි අවධාරණය කරන ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයක් ලෙස ඒ සඳහා සම්පූර්ණ සහය ලබාදීමට සූදානම් බවද ප‍්‍රකාශ කරමු. 

    එමෙන්ම මේ මොහොතේ මෙම ව්‍යසනයෙන් වැළකීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නියම කරන නිර්දේශයන් සහිත දැනුවත් කිරීම් අකුරටම පිළිපදින ලෙසත් අනවශ්‍ය කළබලවීම් නොකොට කොරෝනා රෝගයෙන් වැළකීම සඳහා සෞඛ්‍ය අංශ විසින් ගනු ලබන ක‍්‍රියාමාර්ගවලට උපරිම සහය ලබාදෙන ලෙසත් අපි ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

  • සමාව දෙන්න පුළුවන්, ඒත් අපි ඔවුන් කළ දේ අමතක කරන්නේ නෑ – බැසිල්

    සමාව දෙන්න පුළුවන්, ඒත් අපි ඔවුන් කළ දේ අමතක කරන්නේ නෑ – බැසිල්

    අපිට තවත් වරක් පරදින්න බැහැ. පැරදුනොත් ආයෙත් රටක් ඉතිරි වන්නේ නැහැ. අපි ළඟ යම් යම් අඩුපාඩු ඇති. ඒවා විසඳාගෙන ඉදිරියට යන්න ඕන. අපේ පක්ෂය බොහොම විවෘතයි. අපේ අඩුපාඩු හදාගෙන ප්‍රසන්න වැනි අය සමඟ ඉදිරියට යමු. ඉහළම ඡන්ද ප්‍රමාණයකින් ගම්පහ දිස්ත්‍රික්කය දිනාගත යුතු වෙනවා.

    ‘ප්‍රසන්න – පොදුජන අරගලයේ නොකී කථාව ග්‍රන්ථය එළි දැක්වීමේ උත්සවයේදි බැසිල් රාජපක්ෂ මහතා කළ සම්පූර්ණ කතාව

    වැරදි කළ අයට සමාව දිය හැකි වුවද ඔවුන් කළ වැරදි අමතක කළ නොහැකි යැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අවධාරනය කරයි. ඔහු පෙන්වා දෙන්නේ පොහොට්ටටුව පාරේ ඇවිද්දෙව්වා කිව්ව අයත් අද පොහොට්ටුව ලකුණට පැමිණ සිටින බවයි. පොහොට්ටුව පැරදුනොත් රටක් ඉතිරි නොවන බව පැවසූ බැසිල් රාජපක්ෂ මහතා අඩුපාඩු හදාගෙන ඉදිරියට යාම අපෙක්ෂාව බවද පෙන්වා දුන්නේය. 

    ඒ මහතා මේ බව සඳහන් කළේ “ප්‍රසන්න” පොදුජන අරඟලයේ නොකී කතාව ග්‍රන්ථය එළිදැක්වීම වෙනුවෙන් වේයන්ගොඩ, නයිවල ජයසිංහ සිටි සෙන්ටර් හිදී ඊයේ (11) පැවැති උත්සවය අමතමිනි.

    “ප්‍රසන්න” පොදුජන අරඟලයේ නොකී කතාව ග්‍රන්ථය “දිනමිණ” පුවත්පතේ මාධ්‍යවේදී ධනුෂ්ක ගොඩකුඹුර මහතා විසින් රචනාකර තිබෙන අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය 2015 වසරේ ජනවාරි මස 8 දා පැවැති ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වීමෙන් පසුව පසුගිය 2019 වසරේ නොවැම්බර් මස 16 දා පැවැති ජනාධිපතිවරණය තෙක් කාල පරිච්ඡේදි ප්‍රසන්න රණතුංග ඇමතිවරයාගේ දායකත්වයෙන් මෙම ගෘන්තය මගින් අනාවරණය කරයි.  සිදුකළ අරඟලය කාර්මික අපනයන හා ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමැති ප්‍රසන්න රණතුංග මහතා දකින ආකාරය මෙම ග්‍රන්ථය මඟින් පෙන්වාදෙයි.

    එහිදී වැඩිදුරටත් අඳහස් පළකළ බැසිල් රාජපක්ෂ මහතා,

    ප්‍රසන්න රණතුංග මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නොකී කතා ගොඩක් කියන්න පුළුවන්. ඒ මහතා තමයි මේ පක්ෂය නිසි මඟ ගන්නටත් එඩිතර තීන්දු තීරණ විටින් විට ගන්න මට සිටි ප්‍රධාන කෙනෙක්. මොකක් හෝ සිදුවන විට මම ප්‍රසන්නගේ ඉරියව් බලනවා. ප්‍රසන්න අපිට වඩා ජනතාව සමඟ සිට හරි දේ කියනවා. අපි තරඟ කරන්නේ මොන ලකුණින් ද කියා අපි බැලුවා. මට ප්‍රසන්න තමයි මුලින්ම කිවුවේ අනිවාර්යෙන් අපි පොහොට්ටුවෙන් තරඟ කරන්න ඕන කියලා.

    පළාත් පාලන ආයතනවලටත් තරඟ කරන්නත් මිනුවන්ගොඩින් තමයි යෝජනාව සම්මත කර ගත්තේ. අපිට ප්‍රසන්නගේ නොකියන කතාව කියවන්න ආසයි. එතුමා අපිට අමතක කරන්න බැරි කාර්යයක් පසුගිය ජනාධිපතිවරණයේ දී කළා. ඇත්තටම ඒ මැතිවරණායේ දී අපි දිස්ත්‍රික්ක සාකච්ඡා කරනවිට අපි උතුරු නැගෙනහිර දිස්ත්‍රික්කවලින් විශාල ලෙස පසුබසින බව දැන සිටියා. ඒ අවස්ථාවේ ප්‍රසන්න කිවුවා ගම්පහින් ඒ සියල්ල පරාජය කරන්න අවශ්‍ය ඡන්ද අරන් දෙනවා කිවුවා. ඒක ඒ ආකාරයෙන්ම ඉටුකළා. ඒකට සහාය දුන් සැමට මගේ ගෞරවය පිරිනමනවා. ප්‍රසන්න රණතුංග මහතා හොඳින් තමන්ට පැවරෙන වැඩ කොටස ඉටුකරනවා. ජනතාව සමඟ ඉන්නවා. ඔහු ජනතා උපාධිය ලැබූ කෙනෙක්.

    ඒ සඳහා ඒ මහතාට තමන්ගේ බිරිඳගේ සහායත් ලැබෙනවා. දියණියගෙනුත් විශාල ශක්තියක් ලැබෙනවා. හොඳ කාර්ය මණ්ඩලයක් ඉන්නවා. දිස්ත්‍රික්කයේ සියලු දෙනා නියෝජනය කරමින් ඒ කාර්යය කරනවා. ඒ ශක්තිය තමයි ගොඩක් වැඩ කරන්න අවස්ථාව ලැබී තිබෙන්නේ. මේ අය දක්වන සහාය අපි අගය කරනවා. අපිට දැන් මේ පක්ෂය පිහිටුවලා ජාතික මැතිවරණ දෙකකට මුහුණ දුන්නා. ඒ දෙකම අපි ජය ගත්තා. මුලින්ම පළාත් පාලන ඡන්දය, දෙවැන්න ජනාධිපතිවරණය. අපි දැන් තෙවැනි ඡන්දයට පැමිණ තිබෙනවා.

    පසුගිය කාලයේ අපි පළාත් පාලන ඡන්දයට යනවිට මහින්ද අගමැති කරමු කියා පෝස්ටර් ගැසුවා මම දැක්කා. එම ඡන්දයෙන් මහින්ද අගමැති කරන්න නොහැකි බව හොඳටම දන්නවා. නමුත් ඒක තමයි බලාපොරොත්තුව අපි ඇති කළේ. ජනාධිපතිවරණය කරද්දී රටට අවශ්‍ය සංවර්ධනය, ආර්ථිකය, ජනතා අපේකෂාවන් ඉටුකරන්න පුළුවන් වෙයි කියා කිවුවා. නමුත් අපිට ඒක කරන්න අපහසු බව අපිට පෙනුනා. එක්සත් ජාතික පක්ෂය හොඳටම දැන සිටියා ඒ අය ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වන බව. ඒ නිසාම සෑම ආණ්ඩුවක්ම නොවැම්බර් මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් නොකර සිටියා. එය සිතාමතා කළේ. ඔවුන් දැන සිටියා නොවැම්බර් මාසයේ 17 දා පත්වන ජනාධිපතිවරයාට මාර්තු මාසයේ පළමු වැනිදා වනතුරු පාර්ලිමේන්තුව විසුරුවන්න බැහැ කියා. පාර්ලිමේන්තුව සතු මුදල් බලය නොමැති නම් මේ රටේ ජනතාවට අවශ්‍ය සේවාවන් කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ.

    ඒ නිසාම ඔවුන් අයවැය ඉදිරිපත් නොකර සිටියා පමණක් නොව අයවැයේ සඳහන් නොවුණු බොහෝ වැඩ මැතිවරණ සමයේ කළා. ඒ වෙනුවෙන් විශාල මුදලකට රජය සිරවුණා. ඒ අවස්ථාවේ ඇමැතිවරු මහන්සි වී රජය බාරගත් හිස් භාණ්ඩාගාරය සහ කඩා වැටුණු ආර්ථිකය යම් ආකාරයට ගෙනයන්න උත්සාහ ගත්තා. නමුත් ප්‍රතිපාදන නොමැතිකමින් සිරවී තිබුණා. එතන දී පැහැදිලිව දැක්කා ඉතා ඉක්මණින් මහා මැතිවරණයකට ගොස් එහි බලය අපි ලබාගත යුතුබව. අන්න ඒ කාර්යය අද වනවිට ඇතිව තිබෙනවා. අද සුබ මොහොතින් අපේ දිස්ත්‍රික් නායකයින් නාමයෝජනා අපි අත්සන් කළා. ඒ අත්සන් කළේ පොහොට්ටුව ලකුණින්. වෙන අයත් අපි සමඟ ආවා. ඒ අයත් පොහොට්ටුව පාරේ ඇවිද්දවනවා කිවුවා. අපි ඒ වෙනුවෙන් වැඩ කරනවා.

    අපිට ඕන කෙනෙකුට සමාව දෙන්න පුළුවන්. නමුත් අපි අමතක කළයුතු නැහැ. අපි අමතක කරන්නෙත් නැහැ. අපි අමතක කරන්නේ නම් හරිමඟ යන්නේ නැහැ. මේ ඡන්දයෙන් පත්වන මැති ඇමැතිවරු සමඟ අපි කටයුතු කරන්න ඕන. අපිට වගකීම් රාශියක් තිබෙනවා. ඉදිරියේ දී පාර්ලිමේන්තුවට, පළාත් සභාවට, නගර සභාවට, ප්‍රාදේශීය සභාවට යන සියලු දෙනාටම මේ වගකීම හරියට කරන්න ඕන. අපිට තවත් වරක් පරදින්න බැහැ. පැරදුනොත් ආයෙත් රටක් ඉතිරි වන්නේ නැහැ. අපි ළඟ යම් යම් අඩුපාඩු ඇති. ඒවා විසඳාගෙන ඉදිරියට යන්න ඕන. අපේ පක්ෂය බොහොම විවෘතයි. අපේ අඩුපාඩු හදාගෙන ප්‍රසන්න වැනි අය සමඟ ඉදිරියට යමු. ඉහළම ඡන්ද ප්‍රමාණයකින් ගම්පහ දිස්ත්‍රික්කය දිනාගත යුතු වෙනවා.

  • නිවාඩු කාලය කලින් ආරම්භ කිරීමට තීරණය කළා – අධ්‍යාපන ඇමති

    නිවාඩු කාලය කලින් ආරම්භ කිරීමට තීරණය කළා – අධ්‍යාපන ඇමති

    දිවයිනේ සියලුම පාසල් අප්‍රේල් මස 20 වැනිදා දක්වා තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා අද (12) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවා. මව්පියන් මේ සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කර නොගත යුතු බවයි අධ්‍යාපන ඇමැතිවරයා කියා සිටියේ.

    2020 වසරේ පළමු වාර නිවාඩුව ලෙස මෙම නිවාඩුව ලබා දෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

    මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කරමින් අධ්‍යාපන අමාත්‍යවරයා මෙසේද සදහන් කළා.

    ‘සෞඛ්‍ය අමාත්‍යාශංය දැඩිව අවධාරණය කළේ ආසාදිතයට අමතරව කිසිම රෝගියෙක් වාර්තා වී නොමැති බවයි. නමුත් මේ අනපේක්ෂිත කැළඹීමත් එක්ක සමාජය තුළ භීතියක් නිර්මාණය වී තිබෙනවා. සෞඛ්‍ය අංශවලට අනුව රට තුළ එහෙම තත්ත්වයක් නොමැති වුවත්, වෛරස් රෝගය ගැන දරුණු තත්ත්වයක් නොමැති වුවත් දරුවන් තුළ හා දෙමාපියන් තුළ අනපේක්ෂිත බියක් ඇති වීම වැළැක්වීම සඳහා නිවාඩු කාලය කලින් ආරම්භ කිරීමට තීරණය කළා.

    මෙහිදී උපකාරක පන්ති ගැන සදහන් කරමින් අධ්‍යාපන ඇමැතිවරයා කියා සිටියේ පාසල් දරුවන් ගැවසෙන පෞද්ගලික අධ්‍යාපන ආයතවලිනුත් මේ ගැන අවධානය යොමුකරන්න කියලා ඉල්ලා සිටින බවයි. නියමිත දිනට පාසල් ආරම්භ කිරිමට හැකිවෙනු ඇතැයි විශ්වාස කරන බව ද ඔහු වැඩි දුරටත් කියා සිටියා.

  • ජපන් යෙන් ඉහළට රුපියල පහළට – ජපන් වාහන මිල අහස උසට

    ජපන් යෙන් ඉහළට රුපියල පහළට – ජපන් වාහන මිල අහස උසට

    ජපානයෙන් මුදල් ඒකකයේ මිල ඉහළ යාමත් සමඟ එරටින් ආනයනය කරන වාහන වර්ග කිහිපයක මිල ඉහළ දැමීමට සිදුව ඇතැයි ශ්‍රී ලංකාවේ වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති රංජිත් පීරිස් පවසනවා.

    ඒ අනුව වැගන් ආර් රථයක මිල රුපියල් 170,000 කින්, පැසෝ රථයක මිල 160,000 කින්, විට්ස් මෝටර් රථයක මිල 240,000 කින්, ඇක්සියෝ මෝටර් රථයක මිල 375,000 කින් සහ වෙසල්ස් මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ හතරකින් ඉහළ යා හැකි බවයි ඔහු සදහන් කළේ.

  • සියලු පාසල් අධ්‍යාපන හා ක්ෂේත්‍ර චාරිකා අත්හිටුවන්න නියෝග

    සියලු පාසල් අධ්‍යාපන හා ක්ෂේත්‍ර චාරිකා අත්හිටුවන්න නියෝග

    පන්ති කාමරයෙන් එපිට සිදු කරන බාහිර ක්‍රියාකාරකම් සීමා කරන්නැයි පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට දැනුම් දුන් බවත් ඔවුන් විසින් අදාළ නියෝග විදුහල්පතිවරුන් වෙත දැනුම් දෙනු ඇති බවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් චිත්‍රානන්ද සඳහන් කළා.

    එමෙන්ම පාසැල් අධ්‍යාපන චාරිකා සහ ක්ෂේත්‍ර චාරිකා නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා ඇති බව ද ඒ මහතා කියා සිටියා.

    මේ අතර විදේශ රටවල සිට දිවයිනට පැමිණෙන ළමුන් හා දෙමාපියන් දින 14ක කාලයක් නිරෝධයන ක්‍රියාවලියට යොමු කරන ලෙසට ද අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දී තිබෙන බවයි චිත‍්‍රාන්නද මහතා සදහන් කළේ.

  • ශ්‍රී ලංකාවේ කොරෝනා පැතිරීම වළක්වා ගන්නේ කෙසේ ද?

    ශ්‍රී ලංකාවේ කොරෝනා පැතිරීම වළක්වා ගන්නේ කෙසේ ද?

    කොරෝනාවෛරසය ශ්‍රී ලංකාව තුළ ආසාදනය වූ පළමු ශ්‍රී ලාංකිකයා හමුවී ඇති අතර ඔහු මේ වන විට අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

    52 හැවිරිදි එම පුද්ගලයා ඉතාලි ජාතික සංචාරකයින්ට මග පෙන්වන්නෙකු ලෙස සේවය කර ඇති අතර ඔහුගේ අනන්‍යතාව හෝ පදිංචි ප්‍රදේශය හෙළි කළ නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

    කෙසේ වෙතත්, ඔහු කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචි පුද්ගලයෙකු බව පමණක් අමාත්‍යංශය සදහන් කළේය.

    මේ වන විට ඔහුගේ පවුලේ සාමාජිකයින් සහ ඔහු සංචාරය කළ ස්ථාන සහ ඇසුරු කළ පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගනිමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසීය.

    “ජාතික ගැටලුවක්”

    කොරෝනාවෛරසය මේ වන විට “ජාතික ගැටලුවක්” බවට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ බදාදා (මාර්තු 11) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

    “ජාතික ගැටලුවක් මේක. සියලු දෙනා ජාතිය ගැන හිතල වැඩ කරන්න ඕන. මේ තත්ත්වය අවස්ථා හතරක් අනුව සලකා බලනවා. විෂබීජය රටට ඇතුළු වීම, එය පැතිරීම වැළැක්වීම, ප්‍රතිකාර කිරීම සහ විශාල වශයෙන් රෝගය පැතිරුණොත් ඊට මුහුණ දීම යන අවස්ථා හතරෙන් දැන් දෙවන අවස්ථාවේ අපි ඉන්නේ. වෛරසය පැතිරීම වැළැක්වීමට ගත යුතු සියලු ක්‍රියාමාර්ග අපි ගන්නවා.”

    යම් හෙයකින් කොරෝනාවෛරසය පැතිර යාම ඉතාලියේ මෙන් වේගවත්ව සිදුවුවහොත් “ඉතා අමාරු තත්ත්වයක් නිර්මාණය වනු ඇති,” බව වෛද්‍ය අනිල් ජාසිංහ පැවසීය.

    කොරෝනාවෛරසය: "රෝග ලක්ෂණ මතුවෙන්න දින 24ක් දක්වා ගත විය හැකියි"

    “නිරෝධායන කටයුතුවලට සහය දෙන්න”

    මේ අතර, කොරෝනාවෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සදහා නිරෝධායන ක්‍රියාවලිය අත්‍යවශ්‍ය අංගයක් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසීය.

    “රෝගය පැතිර යන රටවල සිට පැමිණෙන සියලු දෙනා නිරෝධායනයට සම්බන්ධ විය යුතුමයි. නිරෝධායන ක්‍රියාවලියේ ප්‍රශ්න තියෙනවා නම් ඒවාට සාධාරණ විසදුම් ලබා දෙන්න පුළුවන්. හැබැයි සමහර අය නිරෝධායනය වීම ප්‍රතික්ෂේප කරල තියෙනවා. නිරෝධායනය කරන්නේ ඔවුන්ගේ ම යහපතටයි.”

    "කොරෝනාවෛරසය දැන් ජාතික ගැටලුවක්"

    “එක්සත් රාජධානියේ සෞඛ්‍ය ඇමතිවරියටත් වෛරසය ආසාදනය වෙලා තියෙනවා. අපි දැක්කා සෞඛ්‍ය සේවය අතින් ඉතා දියුණු රටවල මේ වෛරසය පැතිර යාමෙන් පස්සේ සිදුවුණ දේවල්. දියුණු රටවල එහෙම නම් අපේ රටේ පැතිරුණොත් මොන කතා ද?,” සෞඛ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.

    නිරෝධායනය රටේ යහපතට පමණක් නෙවෙයි”

    කොරෝනාවෛරසය සම්බන්ධයෙන් නිරෝධායන ක්‍රියාවලියට සහභාගි වීමෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයින් ද ආරක්ෂා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

    “නිරෝධායන ක්‍රියාවලියට සම්බන්ධවීම යහපත් වෙන්නේ රටේ ජනතාවට විතරක් නෙවෙයි. නිරෝධායනය නොවී ශරීරය තුළ වෛරසය තබාගෙන යමෙක් සිය නිවස වෙත ගියොත් පවුලේ සාමාජිකයින්ට එය ශරීරගත වීමේ අවදානමක් තියෙනවා. ඒ නිසා ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් ආරක්ෂා කර ගන්න නම් ඔවුන් අනිවාර්යයෙන් ම නිරෝධායනයට සම්බන්ධ විය යුතුයි.”

    කොරෝනාවෛරසයේ රෝග ලක්ෂණ

    නිරෝධායන ක්‍රියාවලිය

    මේ වන විට චීනය, ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානය යන රටවල සිට පැමිණෙන මගීන් නිරෝධායනය සදහා යොමු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දී තිබේ.

    ඒ අනුව එම මගීන් විෂබීජහරණයකට ලක් කර නිරෝධායන මධ්‍යස්ථාන කරා රැගෙන ගොස් දින 14ක කාලයක් නිරෝධායන ක්‍රියාවලියට සම්බන්ධ කර ගැනේ.

    එහිදී දිනකට දෙවරක් බැගින් ඔවුන් සම්බන්ධයෙන් පරීක්ෂා කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළේ, නිරෝධායන ක්‍රියාවලිය යුද්ධ හමුදාව සහ යුද්ධ හමුදා වෛද්‍යවරුන් යටතේ සිදු කෙරෙන බවය.

    “සංචාර පාලනය කරන්න”

    එක් රෝගියෙකු හමුවුව ද, සාමාන්‍ය ජන ජීවිතය අඩාළ කිරීමට රජය කටයුතු නොකරන බව කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පැවසීය..

    වෛරසය ව්‍යාප්ත වීමේ තත්ත්වයක් පැවතියහොත් මහජන ඒකරාශී වීම් නතර කිරීමට සිදු වනු ඇතැයි ද පැවසිණි.

    මේ අතර, වෛද්‍ය අනිල් ජාසිංහ ඉල්ලා සිටියේ, විදෙස් සංචාර සහ වන්දනා සංචාර ආදියෙහි නිරත නොවී සිටීම වඩා වැදගත් බවය.

    BY BBC SANDESAYA

  • කොරෝනා වෛරසය ලෝක වසංගතයක් – ලෝක සෞඛ්‍ය සංවිධානය

    කොරෝනා වෛරසය ලෝක වසංගතයක් – ලෝක සෞඛ්‍ය සංවිධානය

    කොරෝනාවෛරසය පැතිරයාම ලෝක ව්‍යාප්ත වසංගතයක් බවට පත්ව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කළේය.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්රොස් අධනොම් ඝේබ්‍රෙයෙසුස් කියා සිටියේ පසුගිය සති දෙක ඇතුළත චීනයෙන් පිටත කොරෝනාවෛරස ආසාදිතයින් සංඛ්‍යාව 13 ගුණයකින් ඉහළ ගොස් ඇති බවය.

    වෛරසය පැතිරයාම පාලනය කිරීම පිණිස “ක්‍රියාත්මක නොවීමේ අනතුරුදායක මට්ටම්” ගැන සිය “බරපතල අවධානය” පළ වී ඇති බව ඔහු කියා සිටියේය.

    ලෝක ව්‍යාප්ත වසංගතයක් යනු ලොව පුරා රටවල් ගණනාවක එකම අවස්ථාවේ පැතිරයන රෝගයකි.

    “හදිසි සහ දැඩි පියවර” අනුගමනය කරමින් වෛරසය පැතිරයාම පාලනය කිරීමට පියවර ගන්නා මෙන් ඔහු සියලු රටවල ආණ්ඩුවලින් ඉල්ලා සිටියේය.

    “මේ වෛරසය පාලනය කළ හැකි බව රටවල් කිහිපයක්ම පෙන්නුම් කරලා තියෙනවා,” ඔහු පැවසීය.

    “විශාල ප්‍රජා කණ්ඩායම් අතර පැතිරයාම සම්බන්ධයෙන් කටයුතු කරන බොහෝ රටවල් මේ මොහොතේ මුහුණදෙන අභියෝගය ඔවුන් මෙතෙක් කළ දේම කළ හැකිද යන්න නොවේ; ඔවුන් ඒ දේ කරාවිද යන්නයි.’

    “සෞඛ්‍ය ආරක්ෂාව, ජනජීවිතයට එල්ලවන බලපෑම අවම කිරීම සහ මනුෂ්‍ය ජීවිතයට ගරු කිරීම අතර සමතුලිතභාවයක් සොයාගැනීමට” ආණ්ඩුවලට සිදුවන බව ද ඔහු පැවසීය.

  • 65 වන ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ සුපිරි රැගුම් – වැයුම්

    65 වන ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ සුපිරි රැගුම් – වැයුම්

    65 වන ඇමසන් ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙල පසුගිය දා ඇසෑම් හි ගුවහාටි හිදී පැවැත්විණි. ෆිල්ම් ෆෙයාර් සම්මාන ප්‍රථම වරට මුම්බායි නගරයෙන් පිටත පැවැත්වීම මෙවර විශේෂත්වයයි. මේ සදහා බොලිවුඩ් සුපිරි තරු පිරිවරයා නිෂ්පාදකයින්, අධ්‍යක්ෂවරුන්, ගායික – ගායිකාවන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වුණා.

    ඒ අතර සිටි ස්වල්ප දෙනෙක් කළු ආර්යාව / ඇමසන් ෆිල්ම් ෆෙයාර් සම්මාන දිනා ගත්තාදැයි දැන ගැනීමට මහත් උනන්දුවක් දැක්වූ අතර අනෙක් අය ඒ සියල්ල දැක බලා ගැනීමට මහත් උද්යෝගයකින් සිටියහ. 


    මෙම අවස්ථාවට මධුරි ඩික්සිත්, රන්වීර් සිං, අක්ෂේ කුමාර්, කාර්තික් ආර්යන්, විකී කෞෂාල්, කරන් ජොහාර්, භූමි පද්නෙකර්, ආලියා භට්, වරුන් ධවාන් ඇතුළු සුපිරි තරු පැමිණ සිටි අතර ඡායාරූප ශිල්පීහූ ඔවුන් අතරින් සුවිශේෂ අවස්ථා හනි හනික උණුසුම්ව ඡායාරූපයට නැගුවේය. ඒ උදාර රාත්‍රිය පිළිබඳ අවබෝධයක් ලබා දීම සඳහා අපි ඇතුළත පින්තූර කිහිපයක් පෙළගස්වා ඇත්තෙමු, එය පහතින් බලන්න …

    රන්වීර් සිං
    සිද්ධාන්ත් චතුර්වේදි, රන්වීර් සිං, ආලියා භට්
    රන්වීර් සිං, ආලියා භට්
    රන්වීර් සිං, ආලියා භට්
    රන්වීර් සිං, ආලියා භට්
    ආලියා භට්, වරුන් ධවාන්
    ආලියා භට්
    ආලියා භට්
    රන්වීර් සිං
    රන්වීර් සිං, මධුරි ඩික්සිත්
    මධුරි ඩික්සිත් නෙනේ
    මධුරි ඩික්සිත් නෙනේ
    කරන් ජොහාර්, විකී කෞෂාල්
    විකී කෞෂාල්, අක්ෂේ කුමාර්, කරන් ජොහාර්
    විකී කෞෂාල්, අක්ෂේ කුමාර්, කරන් ජොහාර්
    විකී කෞෂාල්, අක්ෂේ කුමාර්
    විකී කෞෂාල්, අක්ෂේ කුමාර්, කරන් ජොහාර්
    කරන් ජොහාර්
    විකී කෞෂාල්, අක්ෂේ කුමාර්, කරන් ජොහාර්
    නෙනේ ගෝවින්ද, විකී කෞෂාල්
    විකී කෞෂාල්
    විකී කෞෂාල්
    වරුන් ධවාන්
    වරුන් ධවාන්
    අක්ෂේ කුමාර්
    අක්ෂේ කුමාර්
    අනන්යා පාණ්ඩේ
    අනන්යා පාණ්ඩේ
    ආයුෂ්මන් කුරාණ
    ආයුෂ්මන් කුරාණ
    ආයුෂ්මන් කුරාණ
    එ ආයුෂ්මන් කුරාණ
    ආයුෂ්මන් කුරාණ
    ආයුෂ්මන් කුරාණ
    කාර්තික් ආර්යන්
    කාර්තික් ආර්යන්

    Pictures by Filmfare.com – Text by Thushadhavi