Blog

  • ගජබාගේ රජ හෑල්ල: මහින්දට මෝදිගෙන් පෑනක්

    ගජබාගේ රජ හෑල්ල: මහින්දට මෝදිගෙන් පෑනක්

    අග‍්‍රාමාත්‍යවරයාගේ ඉන්දීය රාජ්‍ය සංචාරයට පෙර

    ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා 2020/01/03 දින ලිපියක් සහිත ආරාධනයක් ශී‍්‍ර ලංකා අග‍්‍රාමාත්‍යවරයා වෙත යොමුකර තිබිණි. එහි සදහන් වූයේ සිව් දින රාජ්‍ය සංචාරයක් සදහා පෙබරවාරි මස දෙවැනි සතියේ ඉන්දියාවට පැමිණෙන ලෙස අග‍්‍රාමාත්‍යවරයා වෙත කළ ආරාධනයකි. ඒ අනුව ඉන්දිය සංචාරය සදහා අවශ්‍ය කටයුතු සූදානම් කෙරණි.

    මේ සදහා අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු 21 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සූදානම් කෙරුණු අතර ප‍්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ආරුමුගන් තොන්ඩමන්, ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා , අග‍්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්, පාර්ලිමේන්තු මන්තී‍්‍ර ප‍්‍රසන්න රණවීර, ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර, අග‍්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල, විදේශ සබඳතා අමාත්‍යංශ ලේකම් රවිනාත් ආරියසිංහ, යන පිරිස ¥ත පිරිසට අයත් විය. නිල සාකච්ඡුාවලට අමතරව වාරානාසි බුද්ධගයාව ඇතුළු සංස්කෘතික ස්ථානවල සංචාරය කිරීමේ අවස්ථාව ද ඉන්දීය රජය සලසා තිිබූ බැවින් ¥ත පිරිසට සහය පළ කිරීම සඳහා 04 දෙනෙක්, විදේශ කටයුතු අමාත්‍යංශයෙන් 02 දෙනෙක්, ආරක්ෂක අංශය 4 දෙනෙක් සහ මාධ්‍ය සම්බන්ධීකරණය සදහා 02ක් ද මෙම කණ්ඩායමට ඇතුළත් විණි.

    රාජකාරී කටයුත්තක් සදහා පිටත්ව යන අග‍්‍රාමාත්‍ය කාර්ය මණ්ඩලයේ නිලධාරීන් රාජකාරී නිවාඩු අනුමත කරවා ගැනීමේදී එම ගමනට අදා ගුවන් ටිකට්පත්වල පිටපත් ඉදිරිපත් කිරීම සාමාන්‍ය ක‍්‍රමවේදයයි. මෙම ගමනට සහභාගි වූ පිරිසේ නිලධාරීන්ට ඉන්දියාව බලා පිටත්ව යාම සදහා අදාල ගුවන්ටිකට්පත පමණක් හිමිවීම විමතියට කරුණක් විය. මේ සම්බන්ධයෙන් විමසිලිමත් වූ ඔවුන් දැන ගන්නේ අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිසට නැවත ලංකාවට පැමිණීම සදහා විශේෂ ගුවන් යානයක් ඉන්දීය රජය මගින් සූදානම් කර ඇති බවයි.

    අග‍්‍රාමාත්‍යවරයාගේ ඉන්දීය සංචාරය

    ඉකුත් පෙබරවාරි 07 වැනිදා ලංකාවේ වේලාවෙන් පස්වරු 1.45ට ශී‍්‍ර ලංකන් ගුවන් සමාගමට අයත් යූ. එල්. 195 ගුවන් යානයෙන් ඉන්දායාව බලා පිටත්වූ අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු කණ්ඩායම ඉන්දියාවේ නවදිල්ලි ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාවේ ඉන්දියාවේ මානව හිමිකම් සංවර්ධන, සන්නිවේදන, විද්‍යුත් හා තොරතුරු තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය දෝර් සංජය ෂර්මා මහතා සහ නවදිල්ලියේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයීය කාර්ය මණ්ඩලය විසින් අග‍්‍රාමාත්‍යවරයා උණුසුම් අන්දමින් පිළිගත්තේය.

    අනතුරුව අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිසට නවාතැන් සපයා තිබූ හෝටලය වෙත පැමිණී අග‍්‍රාමාත්‍යවරයා එදිනම හිටපු ඉන්දීය අග‍්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතාත්, ඉන්දීය කොංග‍්‍රස් පක්ෂ හිටපු නායක රාහුල් ගාන්ධි මහතාත් හමුවිය.

    පසුදිනඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුබ‍්‍රමනියම් ජයශංකර් මහතා සමග සාකච්ඡුා පැවැත්වීමෙන් අනතුරුව අග‍්‍රාමාත්‍යවරයා වෙනුවෙන් පැවැත්වෙන විශේෂ පිළිගැනීම් උත්සවයක් සදහා එක්විය. රාජ්‍ය නායකයෙකු සදහා ලබා දෙන විශේෂ හමුදාමය උත්තමාචාර ලබාදිමක් ඉන්දීය රජය මගින් සූදානම් කර තිබූ අතර මේ අවස්ථාව සදහා ඉන්දීය ජනාධීපති මන්දිරය වන රාෂ්ටපතිභවාන්් දක්වා අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කැදවා ගෙන එනු ලැබුවේ අශ්වාරෝහකයින් පිරිවරා ගනිමිනි. හමුදා උත්තමාචාර පිළිගත් අග‍්‍රාමාත්‍යවරයා එම ස්ථානයෙන් පිටව යාම සදහා මෝටර් රථයට ගොඩවීමට පෙර එතැනට පැමිණි ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ස`දහන් කලේ දෙරටේ පවතින මිත‍්‍රත්වය ශක්තිමත් කර ගැනීමට මේ සියලූම දේවල් ඉවහල් වන බවයි.

    දිල්ලියේ රාජ් ගාර්ට් හී පිහිටි මහත්මා ගාන්ධි සිහිවටන පිළීරුවට පුෂ්පෝපහාර දැක්වීමටද මේ සංචාරය තුළ අමතක නොකළ අග‍්‍රාමාත්‍යවරයා එහි පැමිණෙන අමුත්තන් සමරු සටහන් තබන පොතෙහි සටහනක්ද තැබීය.

    සංචාරයේ සුවිශේෂී අවස්ථාව

    මෙම රාජ්‍ය සංචාරයේ විශේෂිතම අවස්ථාව වූ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ හා ශී‍්‍ර ලංකා අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිල හමුව නවදිල්ලියේ හයිද්‍රාබාද් නිවසේදී පැවැත්වුනේද සංචාරයේ දෙවැනි දිනයේදියි. දෙරටේ අග‍්‍රාමාත්‍යවරුන්ට පමණක් සීමා වූ විනාඩි 10ක පමණ සාකච්ඡුාවක් එහිදී පැවැති අතර පසුව දෙපාර්ශ්වයේ ධූත ණ්ඩායම් අතර සාකච්ඡුා පැවැත්විණි.

    ඉන්දියාවේ මැදිහත්වීමෙන් ශී‍්‍ර ලංකාවේ කි‍්‍රයාත්මක වෙන ව්‍යාපෘති සම්බන්ධයෙන් එහිදී දෙපාර්ශවයේ අවධානය යොමු විය. එසේම ඉන්දියාවේ සහාය ඇතිව ශී‍්‍ර ලංකාවේ ආරක්ෂක සහයෝගීතාවය වර්ධනය කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී දෙපාර්ශවය අතර සාකචඡුා පැවැත්විණි. මෙම සාකච්ඡුාවලින් අනතුරුව ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා විසින් ශී‍්‍ර ලංකාවෙන් පැමිණී පිරිස ස`දහා දිවා භෝජන සංග‍්‍රහයක් ද පැවැත්විය.

    අග‍්‍රාමාත්‍යවරුන් දෙපල අතර පෞද්ගලික මට්ටමින් පැවැති සාකච්ඡුාවේදී තමා බලයේ සිටින අවස්ථාවේදී මෙන්ම බලයේ නොමැති අවස්ථාවලදිත් එක ලෙස පිළිගනිමින් ආගන්තුක සත්කාර පැවැත්වීම සම්බන්ධවයෙන් ශී‍්‍ර ලංකා අග‍්‍රාමාත්‍යවරයා ඉන්දිය අග‍්‍රාමාත්‍යවරයාට විශේෂ ස්තූතියක්ද පළ කළෙය.

    එදිනම පස්වරුවේ රාෂ්ටපතිභවාන් හී දී ඉන්දීය ජනාධීපති රාම්නාත් කෝවින්ද් මහතා සමග නිල සාකච්ඡුා පැවැත්වූ අග‍්‍රාමාත්‍යවරයාට නවාතැන් පහසුකම් සපයා තිබූ හෝටලයේදී ද හිංදුස්ථාන්, හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත්වලට හා හිංදු ටුඩෙ ටී.වී රූපවාහිනි නාලිකාවටත් සම්මුඛ සාකච්ඡුා ලබාදුන්නේය.

    මෝදිගෙන් පෑනක්

    අග‍්‍රාමාත්‍යවරු දෙපල සමුගැනීමට පෙර ශී‍්‍ර ලංකා අග‍්‍රෘමාත්‍යවරයාගේ ඉන්දීය සංචාරය සිහිපත් කිරීමක් ලෙස සමරු සටහනක් තැබීමද සිදුවිණි. ඒ ස`දහා අග‍්‍රාමාත්‍යවරයා භාවිතා කළ පෑන ඒ මොහොතේම රදවනයක දමා අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට තිළීණ කිරීමට අග‍්‍රාමාත්‍ය මෝදි විසින් කටයුතු කර තිබිණි. ඉන්දියාවට පැමිණෙන රාජ්‍ය නායකයින් සමග සාකච්ඡුා පවත්වන හයිද්‍රාබාද් හවුස් නිවසේ ඇති පැරණිම පෑන එය බවත් මෝදි අගමැතිවරයා පැවසීය.

    මත්තල ගුවන්තොටුපල බෑ

    ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා සහ ශී‍්‍ර ලංකා අග‍්‍රාමාත්‍යවරයා අතර පැවැති සාකච්ඡුාවලදී ශී‍්‍ර ලංකාවේ කි‍්‍රයාත්මක වන ව්‍යාපෘති සම්බන්ධයෙන්ද අදහස් පළවිණි. මත්තල ගුවන්තොටුපල පිළිබ`දව මෙහිදී විශේෂයෙන් සාකච්ඡුා විණි.

    මත්තල ගුවන් තොටුපලේ මෙහෙයුම් කටයුතු ඉන්දියාවට ලබා දෙන්නේ නම් එය අගය කරන බව එම සාකච්ඡුාවලදී කියැවුනද, ඒ සෑම අවස්ථාවකම ශී‍්‍ර ලංකා අග‍්‍රෘමාත්‍යවරයා ස`දහන් කලේ මත්තල ගුවන් තොටුපල ශී‍්‍ර ලංකා ආර්ථිකයේ සුවිශේෂී මධ්‍යස්ථානයක් බැවින් ගුවන්තොටුපලේ සියලූ කටයුතු ශී‍්‍ර ලංකා රජයේ අධීක්ෂණය යටතේ කි‍්‍රයාත්මක කිරීමට තමන් තීරණය කර ඇති බවයි.

    මෝදි නාමල් ගැන අසයි

    ඉන්දීය රාජ්‍ය සංචාරයට එක්වූ ශී‍්‍ර ලංකාවේ පිරිසට ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් ලබා දුන් දිවා භෝජන සංග‍්‍රහයෙන් අනතුරුව ශී‍්‍ර ලංකා අග‍්‍රාමාත්‍යවරයා ඉන්දීය අගාත්‍යවරයාගෙන් සමුගත්තේ අග‍්‍රාමාත්‍යවරයාට අතට අත දෙමිණී. ඒ අවස්ථාවේදී නාමල් රාජපක්ෂ මන්තී‍්‍රවරයා සම්බන්ධයෙන් විමසීමට ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා අමතක නොකළේය.

    මේ දිනවල නාමල් අතිශය කාර්ය බහුල තත්ත්වයක සිටින බව එහිදි අග‍්‍රාමාත්‍යවරයාස`දහන් කලේය.

    අග‍්‍රාමාත්‍යවරයා වෙනුවෙන් විශේෂ ගුවන්යානයක්

    ඉන්දීය සංචාරයට අදාල රාජ්‍ය තාන්ත‍්‍රක හමුවීම්වලින් පසුව ඉන්දියාවේ පිහිටි විශේෂ ආගමික ස්ථානවල සංචාරය කිරීම ශී‍්‍ර ලංකා අග‍්‍රාමාත්‍යවරයාට අවශ්‍ය පහසුකම් සැපයීමටද ඉන්දීය රජය පියවර ගෙන තිබිණි. ඒ සදහා ඉන්දියාවේ අභ්‍යන්තර මගී ප‍්‍රවාහනය සදහා යොදා ගැනෙන එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත්ඒ.බී. 320 ගුවන් යානයඅග‍්‍රාමාත්‍යවරයා වෙන් කර තිබිණි.

    පුද්ගලයින් 165කට ගමන් කිරීමේ පහසුකම් සහිත මෙම ගුවන්යානය අග‍්‍රාමාත්‍යවරයාගේ සංචාරය නිමවන තෙක් කිසිදු ගමනාගමන කටයුත්තක් වෙනුවෙන් යොදා නොගෙන අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු ලාංකීය කණ්ඩායම වෙනුවෙන් වෙන් කර තිබීම විශේෂත්වයකි. මෙම ගුවන්යානයේ ගමන්බිමන් යන අතරතුරදි විශේෂ ඉන්දීය ආහාර වර්ගවලින් පිරිසට සංග‍්‍රහ කිරීමටද කාර්ය මණ්ඩලය පියවර ගත්තේය.

    ඒ අනුව අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස ඉන්දියාවේ නවදිල්ලි පලාම් ගුවන් හමුදා ධාවන පඨයෙන් පිටත්ව වරනාසිය දක්වා පැමිණියේය. අග‍්‍රාමාත්‍යවරයා විශේෂ ආගමික ස්ථානවලට යාමට පෙර එම ස්ථානවල අග‍්‍රාමාත්‍යවරයා වෙනුවෙන් විශේෂ ආගමික පූජා පැවැත්වීමට සූදානම් කර තිබිණී. එමෙන්ම අගමැතිවරයාගේ ආරක්ෂාවට අවශ්‍ය ආරක්ෂක පියවර ගැනීමටද ඉන්දිය රජය පියවර ගෙන තිබිණි.

    අග‍්‍රාමාත්‍යවරයාට ඉහළ ආරක්ෂාවක්

    ඉන්දියාවට පැමිණි අවස්ථාවේ සිටම ශී‍්‍ර ලංකා අග‍්‍රාමාත්‍යවරයා වෙනුවෙන් ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයාට ලබා දෙන ආරක්ෂාවට සමාන ආරක්ෂාවක් ලබා දීමට ඉන්දිය රජය පියවර ගෙන තිබිණි. ඉන්දීය රජයෙන් ලබාදී තිබූ විශේෂ ගුවන් යානය තුළත් ආරක්ෂක අංශ යොදවා සිටි අතර ඊට අමතරව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශ නිලධාරීන් ද සංචාරය පුරා සම්බන්ධීකරණ කටයුතු වෙනුවෙන් යොදවා තිබිණී.

    පසුව ජම්බුද්වීප විහාරස්ථානයට පැමිණි අග‍්‍රාමාත්‍යවරයාව භික්ෂූන් වහන්සේ සහ ශී‍්‍ර ලාංකිකයින් විසින් ඉතා උණුසුම් අන්දමින් පිළීගත් අතර මෙහිදී අශෝක ස්ථම්භයක් ඇතුළු තවත් තිළිණ රැුසක් අග‍්‍රාමාත්‍යවරයාට පිරිනැමීමද සිදුවිය.

    බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනාව සිදුකළ ඉසිපතන මිගදාය පූජාභූමිය, සාරානාත් කෞතුකාගාරය, මූලගන්ධ කුටි විහාරය හා ඉන්දු – ශී‍්‍ර ලංකා බෞද්ධ මධ්‍යස්ථානයේ ද අග‍්‍රාමාත්‍යවරයා සංචාරය කලේය.

    ඉන්දීය අගමැතිගේ නමාමි ගංගේ සංවර්ධන වැඩසටහන

    ඉන්දීය ජනතාව පූජනීයත්වයෙන් සලකන ගංගා නදිය නැරඹීමට එක් වූ අග‍්‍රාමාත්‍යවරයා ගංගා නදිය පිරිසිදු කිරීම සදහා අග‍්‍රාමාත්‍ය මෝදි මහතා විසින් කි‍්‍රයාත්මක කර තිබෙන නමාමි ගංගේ සංවර්ධන වැඩසටහන පැසසුමට ලක් කළේය

    ශී‍්‍ර ලංකා අග‍්‍රාමාත්‍යවරයා වෙනුවෙන් උණුසුම් පිළිගැනීම්

    අග‍්‍රාමාත්‍යවරයා ඉන්දියාවට පැමිණි මොහොතේ සිට යන එන මග තොට සැමතැනකම දෙරටේ අග‍්‍රාමාත්‍යවරුන්ගේ රුව සහිත බැනර් මග දෙපස ප‍්‍රදර්ශනය කිරීමක් මෙම සංචාරය පුරාවටම දැකගත හැකි විය.

    දෙරටේ සහයෝගීතාවය වර්ධනය කිරීමක් වශයෙන් ද සංවිධානය වූ මෙම රාජ්‍ය සංචාරයේදී ඉන්දියාවට පැමිණි ශී‍්‍ර ලංකා අග‍්‍රාමාත්‍යවරයා වෙනුවෙන් මෙවැනි පිළිගැනීම් බොහෝ ස්ථානවල සංවිධෘනය කර තිබිණි.

    වාරානාසි හී සංචාරය නිමා කළ අග‍්‍රාමාත්‍යවරයා නැවතත් වාරානාසි ගුවන් තොටුපොළ දක්වා පිටත්ව යන අතරතුර ම`ග දෙපස ශී‍්‍ර ලංකා ජාතික කොඩි ලෙලවමින් පාසල් දරුවන් ඇතුලූ විශාල ජනාතවක් රැුස්ව සිටීම ද විශේෂත්වයකි.

    තිරුපති

    ඉන්දීය සංචාරයේ අවසන් දිනය වූ පසුගිය 11 වැනිදා පෙරවරුවේ තිරුපති කෝවිලේ පැවැති විශේෂ ආගමික පූජාවකට ද අග‍්‍රාමාත්‍යවරයා එක්විය. තිරුපති පූජාභූමියට අයත් ප‍්‍රදේශයේ විශ්ව විද්‍යාලයක්, පාසලක්, රෝහලක්, ආදී සියලූ පිහිටීම් අග‍්‍රාමාත්‍යවරයාගේ අවධානයට ලක්ව තිබිණි.

    අගමැතිවරයා වෙනුවෙන් තිරුපති හි සංවිධානය කර තිබූ ආගමික වතාවත්වලට එක්වූ අග‍්‍රාමාත්‍යවරයා ඉන් අනතුරුව තමන්ගේ අවධානයට ලක්වූ පූජාභූමිය සම්බන්ධයෙන් පූජකවරුන්ගෙන් විමසිය. මෙතරම් ජනකායක් යන එන ස්ථානයක් අලංකාරවත්ව හා පිරිසිදුව තබාගන්නේ කෙසේදැයි අග‍්‍රාමාත්‍යවරයා විසින් විමසූ අවස්ථාවේ ඔවුන් සදහන් කළේ තිරුපතිවලට දිනකට 75000ක පමණ ප‍්‍රමාණයක් යන එන බවත් සති අන්තයේ ලක්ෂයකට අධික ප‍්‍රමාණයක් තිරුපති වන්දනා කිරිම සදහා පැමිණෙන බවයි.

    පූජාභූමියේ පිරිසිදු කිරීම් සදහා වෙනමම පිරිසක් යොදවා ඇති අතර එහි පැමිණෙන ජනතාවත් කොළ කැඹැල්ලක් හෝ බිම වැටෙන්නට නොදී පිරිසිදු කරන බවත් ඔවුන් අග‍්‍රාමාත්‍යවරයා හා පැවසිය. පූජාභූමියේ ඇති රෝහල් අධ්‍යාපන ආයතන ආදි සියල්ල නඩත්තු කරනනේ තිරුපති පැමිණෙන ජනතාවගේ ආධාර මුදල්වලින් බවත් ඔවුන් මෙහිදී විශේෂයෙන් සදහන් කර තිබිණි.

    අග‍්‍රාමාත්‍යවරයා නැවතත් ලක්බිමට

    ඉන්දීය සංචාරය නිමවූ අග‍්‍රාමාත්‍යවරයා විශේෂ ගුවන් යානයෙන් මෙරටට පැමිණියේ 11 වැනිදා 12.45ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට ලගා විණි. ගුවන් යානයේ කාර්ය මණ්ඩලය දැක්වූ සහයෝගය අගය කරමින් ඔවුන්ට විශේෂ තිළීණ පිළිගැන්වීමටද අග‍්‍රාමාත්‍යවරයා කටයුතු කර තිබිණි. ඉන්දියාවට පැමිණි මොහොතේ සිට තමන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙනුත්, සංචාරයේ කටයුතු සම්බන්ධයෙනුත් සහාය වූ ආරක්ෂක නිලධාරීන් ඇතුළු සියලූ දෙනාට ස්තූති කිරිමටත් අග‍්‍රාමාත්‍යවරයා කටුයතු කර තිබිණි.

    ශී‍්‍ර ලංකාවට පැමිණි අග‍්‍රාමාත්‍යවරයා පිළීගත්තේ කාර්මික අපනයන සහ ආයෝජන ප‍්‍රවර්ධන, සංචාරක සහ ගුවන් සේවා අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතායි. මේ අවස්ථාවට ප‍්‍රසන්න රණතුංග ඇමැතිවරයාගේ දියණියද එක්විය.

    ප‍්‍රසන්නගෙන් තේ

    ගුවන්තොටුපලේදී සංචාරයේ නිරතව ලංකාවට පැමිණී පිරිසට තේ කෝප්පයකින් සංග‍්‍රහ කිරීමට ද ප‍්‍රසන්න රණතුංග ඇමැතිවරයා පියවර ගෙන තිබිණි. ගුවන්තොටුපලෙන් පිටත් වූ අග‍්‍රාමාත්‍යවරයා අනතුරුව විජේරාමයේ පිහිටි නිවස බලා පිටත් විය.

  • හඳුන්නෙත්තිගෙන් ශ‍්‍රීලන්කන් ප‍්‍රධානීන්ට දොස් මුරයක්

    හඳුන්නෙත්තිගෙන් ශ‍්‍රීලන්කන් ප‍්‍රධානීන්ට දොස් මුරයක්

    ආන්දෝලනයට ලක්ව ඇති එයාර්බස් අල්ලස් ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීමට කෝප් කමිටුව හමුවට කැඳවීම පසුවට කල් දමන්නැයි ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධානීන් කළ ඉල්ලීම එම කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වෙයි.

    ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප‍්‍රධාන විධායක කපිල චන්ද‍්‍රසේන මහතා සහ ඔහුගේ බිරිය විසින් එයාර් බස් සමාගමෙන් ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබා ගැනීම හා අදාළ එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කෝප් කමිටුව හමුවේ ලබන 19 වැනිදා බදාදා පෙනී සිටින්නැයි එම කමිටුව විසින් පසුගිය ශ්‍රීලංකන් සමාගමේ ප්‍රධානීන්ට පසුගියදා දැනුම් දුන්නේය.

    එම දැනුම් දීම අනුව ලබන 19 වැනිදා කෝප් කමිටුව හමුවේ පෙනී සිටිය යුතු වවුත් ශ්‍රීලංකන් සමාගමේ ප්‍රධානීන් සුනිල් හඳුන්නෙත්ති මහතා අමතා සිද්ධිය පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කළ යුතු නිසා කමිටුව හමුවට ඒමට වෙනත් දිනයක් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

    එම ඉල්ලීම තරයේ ප‍්‍රතික්ෂේප කළ සුනිල් හදුන්නෙත්ති මහතා පවසා ඇත්තේ ශ්‍රීලංකන් සමාගමේ වත්මන් පාලකයන් සමාගම බාරගැනීමට පෙර සිදු වූ සිද්ධියක් විගණන වාර්තා පදනම් කරගෙන සාකච්ඡා කිරීමට අමතර කාලයක් ගැනීමේ අවශ්‍යතාවක් නැති බවයි. නමුත් එසේ පැමිණීමට නොහැකි නම් ඇත්ත හේතුව කියන්නැයි හදුන්නෙත්ති මහතා ශ‍්‍රී ලන්කන් ප්‍රධානීන්ට මෙහිදී දැනුම් දී තිබේ.

  • වියත් මගේ සායම යන ‘විදේශ සේවා පත් කිරීමකට’ සියල්ල සූදානම්

    වියත් මගේ සායම යන ‘විදේශ සේවා පත් කිරීමකට’ සියල්ල සූදානම්

    ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ ලක්ෂ්මන් හුළුගල්ල මහතා මහ බ්‍රිතාන්‍යයේ හෝ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස් තනතුරට පත්කිරීමට අවශය ලියකියවිලි සියල්ල මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය මගින් සකස් කර ඇති බව ජනපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග කියයි.

    ඔහුට වඩා උගතුන් සහ අත්දැකීමෙන් පරීපූර්ණ නිලධාරීන් මෙම තනතුර සඳහා පත් කිරීමට සිටියදී මොහු වැන්නෙකු පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේම නිලධාරීන් අප්‍රසාදය පල කර ඇති බවද වාර්තා වේ.

    කෙසේ වෙතත් මේ වනවිට ඔහුගේ පත්කිරීමට අදාළ ලියකියවිලි සියල්ල සකස් කර අවසන් වන නමුත් ඔහුව පත්කරන්නේ බ්‍රිතාන්‍යයටද නොඑසේනම් ඕස්ට්‍රේලියාවටද යන්න මෙතෙක් තහවුරු වී නැති බවයි ජනපති කාර්යාල ආරංචි මාර්ග සදහන් කළේ.

    පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ අපකීර්තිමත් චරිතයක් ලෙස ප‍්‍රකට ලක්ෂ්මන් හුළුගල්ල මහතා සුප්‍රසිද්ධ සලාකා සූදුපිටිය සිද්ධියේ ප්‍රධාන භූමිකාව රඟ පෑ පුද්ගලයා වූ අතර ඔහු මීට පෙර දෙවතාවකදී විවිධ ආරවුල් මත නිදිපෙති පානය කොට රෝහල්ගත කොට ප්‍රතිකාර ලබා ඇති අයෙකි. මෙවැනි පත් කිරීම් සමග ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘වියත් මග‘ රෙදි ගැළවෙන බවයි දේශපාලන විචාරකයින්ගේ අදහස වන්නේ.

  • උදයංග වීරතුංග රිමාන්ඩ්

    උදයංග වීරතුංග රිමාන්ඩ්

    රුසියාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අද (14) අළුයම කටුනායක ගුවන් තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත්තා.

    මස්කට් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ. එල්.- 208 දරන ගුවන් යානයෙන් අද පෙ.ව 4.37ට ඔහු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බවයි වාර්තා වන්නේ.

    මිග් යනා ගනුදෙනුව සම්බන්ධයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග පිට ජාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තු ලැබ සිටි නිසයි උදයංග වීරතුංග මේ ආකාරයෙන් අත්අඩංගුවට ගැනීම සිදු වුණේ.

    මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාල සඳහන් කළේ අත්අඩංගුවට ගත් උදයංග වීරතුංග මහතා මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවත් ඔහුගෙන් ප‍්‍රශ්න කිරීම් සිදුවන බවයි.

  • COVID 19:අලුත්ම යාවත්කාලීන කිරීම

    COVID 19:අලුත්ම යාවත්කාලීන කිරීම

    නව කොරෝනා වෛරසය හෙවත් COVID 19 පැතිරීමේ කේන්ද්‍රයේ පිහිටි හුබෙයි පළාතෙහි ඉහළ දේශපාලන නායකත්වය චීන මධ්‍යම රජය විසින් අද (13) ඉවත් කරන ලද අතර මේ වන විට මරණ සංඛ්‍යාව 1367 දක්වා ඉහළ ගොස් තිබේ.

    චීන රජයට අනුව අද දින වන විට චීනය පුරා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 59,805ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    මේ වන විට අවම වශයෙන් රටවල් 25ක් පමණ රෝගීන් තහවුරු කර ඇති අතර රටවල් කිහිපයක් ඔවුන්ගේ පුරවැසියන් හුබෙයි වලින් ඉවත් කර ඇත. මේ අතර වෛරසය හේතුවෙන් මේ දක්වා චීනයෙන් පිටත මරණ තුනක් ඇති අතර ඒ හොංකොං, පිලිපීනය සහ ජපානයයි.

    ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වෛරසය ලෝකයට ‘බරපතල තර්ජනයක්’ “grave threat” ඇති බවට අනතුරු අඟවා ඇති අතර එහි ප්‍රධානී ටෙඩ්රෝස් අද්නාම් ගෙබ්‍රෙයිසස් hief Tedros Adhanom Ghebreyesus කියා සිටියේ වෛරසය ‘ඕනෑම ත්‍රස්ත ක්‍රියාමාර්ගයකට වඩා ප්‍රබල ප්‍රතිවිපාක’ ඇති කළ හැකි බවයි.

    නවතම යාවත්කාලීන කිරීම් මෙන්න.

    පෙබරවාරි 13 බ්‍රහස්පතින්දා දින වන විට COVID 19 කොරෝනා වයිරස් ව්‍යාප්තියේ / ‘ගමන් පථයේ’ විශාල වෙනසක් සිදු වී නොමැත. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත්තේ බ්‍රහස්පතින්දා චීනයේ වෛරස් රෝගීන් 14,000ක් ඉහළ යාම නව ගණන් කිරීමේ ක්‍රමවේදයන්හි ප‍්‍රතිඵලයක් බවත් එය පුපුරා යාමේ විශාල වෙනසක් නියෝජනය නොකරන බවත්ය.

    ‘පසුගිය පැය 24 තුළ ඔබ සැවොම දැක ඇති මෙම වැඩිවීම බොහෝ දුරට සිදුවීම් වාර්තා වන ආකාරයෙහි වෙනසක් දක්වා අඩු වී තිබෙනවා’ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනේ ප්‍රධානී මයිකල් රයන් Michael Ryan, head of WHO’s health emergencies programme,  වාර්තාකරුවන්ට පැවසීය.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ නායකත්වයෙන් යුත් ජාත්‍යන්තර දූත මෙහෙවරක සාමාජිකයින් සති අන්තයේ චීනයට පැමිණෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව රයන් පැවසීය.

  • ෆෝක්ස් සහ ජෙනිංග්ස් යළි ලංකාවට

    ෆෝක්ස් සහ ජෙනිංග්ස් යළි ලංකාවට

    ශ්‍රී ලංකාවට එරෙහිව 2018 වසරේ පැවැති ටෙස්ට් තරගාවලිය 3-0 ක් ලෙස ජයග්‍රහණය කරන ලද ටෙස්ට් තරග සංචාරයේදී තරගාවලියේ වීරයා ලෙසින් සම්මාන දිනා ගත් කඩුලු රකින ක්‍රීඩක බෙන් ෆෝක්ස් එළැඹෙන මාර්තු මසදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කරන ලද එංගලන්ත කණ්ඩායමට යළිත් ඇතුළත් කිරීමට එරට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

    අදාළ තරග සංචාරය යටතේ ගාල්ලේ පැවැති තරගය ෆෝක්ස්ගේ මංගල ටෙස්ට් තරගය වූ අතර එහිදී ඔහු ශතකයක් වාර්තා කිරීම කැපී පෙනිණ. එම ශතකය වාර්තා කිරීමත් සමඟ ලොව සිටින හොඳම කඩුලු රකින්නා ලෙසින් ෆෝක්ස්ව හඳුන්වනු ලැබූ නමුත් මීට මාස 12 කට පෙර පැවැති බටහිර ඉන්දීය කොදෙව් පිල සමඟ වූ ටෙස්ට් තරගාවලියෙන් පසුව ඔහුව කණ්ඩායමෙන් ඉවත් කිරීමට එංගලන්ත තේරීම් බලධාරීහු පියවර ගත්හ.

    කෙසේ වෙතත් ඔහුව කණ්ඩායමට නම් කර ඇත්තේ නිත්‍ය කඩුලු රකින්නා වන ජෝස් බට්ලර් ද සංචිතයේ සිටියදීමය. ඉකුත් ලෝක කුසලාන තරගාවලියේදී කැපී පෙනෙන කාර්යය භාරයක් සිදුකළ පිතිකරුවකු වන ජෝස් බට්ලර් ඉන් අනතුරුව පැවැති ටෙස්ට් තරග වලදී පිතිකරුවකු සිය වගකීම් කොටස ඉටු කිරීමට අපොහොසත් විය. එම කාලය ඇතුළත ඔහු ක්‍රීඩා කරන ලද තරග වලදී ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 17.55 ක් ලෙසින් සටහන් වී තිබෙන නමුත්, ඔහුට තවත් අවස්ථාවක් ලබා දීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

    මොවුන් දෙදෙනා අතරින් පළමු ටෙස්ට් තරගය පැවැත්වෙන ගාල්ල තරගයේදී එංගලන්ත පිලේ කඩුලු රකින්නා ලෙස කවුරුන් කටයුතු කරන්නේද යන්න තීරණය වනු ලබන්නේ ශ්‍රී ලංකාවේ තණතීරුවලද පැවැත්වෙන පුහුණු තරගවලදී දක්වන දක්ෂතා අනුවය.

    නම් කරන ලද කණ්ඩායමට ආරම්භක පිතිකරුවකු වන කීටන් ජෙනිංග්ස් ද කණ්ඩායමට කැඳවීමට පියවර ගනු ලැබුවද කරන ලද ශ්‍රී ලංකා තරග සංචාරයේ එංගලන්තය වෙනුවෙන් වැඩිම කඩුලු ලාභියා වූ මොයින් අලී සහ ප්‍රධානතම වේග පන්දු යවන්නා වන ජේම්ස් ඇන්ඩර්සන්ව රහිතව කණ්ඩායම නම් කර තිබේ. දින නියමයකින් තොරව විවේකයක් ගැනීමට අලී තීරණය කිරීමත් ආබාධයකට මුහුණ දී සිටින ඇන්ඩර්සන්ට තවදුරටත් සුව අතට පත් වීමට ඉඩ ප්‍රස්ථා විවර කර දීමට තේරීම් කමිටුව අනුමැතිය ලබා දීම එයට හේතු වී තිබේ.

    ජෙනිංග්ස් යනු මෙතෙක් ක්‍රීඩා කරන ලද ටෙස්ට් තරග 17 දී රැස් කරගෙන ඇති ශතක 2 ම ආසියානු තණතීරුවලදී ලබා ගැනීමට සමත් පිතිකරුවෙකි. 2016 වසරේදී ඉන්දියාවට එරෙහිව මංගල ටෙස්ට් වරම් දිනාගෙන ඇති ජෙනිංග්ස් මංගල තරගයේදීම ශතකයක් ලබා ගැනීමට සමත්ව තිබේ. ඔහු ලබා ඇති අනෙක් ශතකයක බෙන් ෆෝක්ස් මංගල ශතකය වාර්තා කරන ලද ශ්‍රී ලංකාවට එරෙහි ගාල්ලේ පැවැති ටෙස්ට් තරගයේදී වාර්තා කරගෙන තිබේ. මෙම තරගාවලියට පැමිණීමට පෙර ජෙනිංග්ස්ගේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 44.44 ක් ලෙසින් සටහන්ව තිබේ.

    එංගලන්ත කණ්ඩායම මෙම තරග සංචාරය සඳහා ජෙනිංන්ග්ස් පිළිබඳව කෙතරම් බලාපොරොත්තු තබා ඇත්තේද කිවහොත් මෙම තරගාවලි ඉලක්ක කොට ඉකුත් දෙසැම්බර් මසදී එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් ඉන්දියාවේ මුම්බායි නුවර පවත්වන ලද දඟ පන්දු යවන්නන්ට පහර දීමේ විශේෂඥ පුහුණු කඳවුරකටද සහභාගිකරවා තිබේ.

    මෑතකදී එංගලන්ත කණ්ඩායමට එක්වූ ජොෆ්රා ආචර් සහ රෝරි බර්න්ස් ද ජෝ රූට්ගේ නායකත්වයෙන් නම් කරන ලද 16 දෙනෙකුගෙන් සමන්විත එංගලන්ත කණ්ඩායමට ඇතුළත්ව නොමැත. ඒ වෙනුවට මාක් වුඩ් සහ ස්ටුවර්ට් බ්‍රෝඩ් කැඳවා තිබේ.  දඟ පන්දු යවන්නන් උචිත අයුරින් හැසිරෙන ශ්‍රී ලාංකීය තණතීරුවේදී ජැක් ලීච් කෙරෙහි විශ්වාසය තබා තිබෙන අතර ඔහුට අමතරව දඟ පන්දු යවන්නන් ලෙස ඩොම් බෙස් සහ මැට් පාර්කින්සන් කණ්ඩායමට එක් කර තිබේ.

    ටෙස්ට් ලෝක ශූරතාවලිය යටතේ පැවැත්වීමට නියමිත තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා එංගලන්ත කණ්ඩායම ලබන මාර්තු මස 03 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.

    එංගලන්ත ටෙස්ට් කණ්ඩායම – ජෝ රූට් (නායක), ස්ටුවර්ට් බ්‍රෝඩ්, ජෝස් බට්ලර්, ඩොමිනික් බෙස්, සැක් ක්‍රොලී සෑම් කරන්, බෙන් ෆෝක්ස්, ජෝ ඩෙන්ලි, කීටන් ජෙනිංග්ස්, ජැක් ලීච්, ඔලී පෝප්, මැතිව් පාකින්සන්, ඩොමිනික් සිබ්ලි, බෙන් ස්ටෝක්ස්, ක්‍රිස් වෝක්ස්, මාක් වුඩ්.

  • එජාපෙ ‘ලකුණේ අවුල’ විසදා ගන්න 5/5 කමිටුවක්

    එජාපෙ ‘ලකුණේ අවුල’ විසදා ගන්න 5/5 කමිටුවක්

    එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා අතර ඊයේ (12) රාත‍්‍රියේ විශේෂ හමුවක් සිදු වූ බවත් ඒ අනුව ඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත්වන එක්සත් ජාතික පෙරමුණු සන්ධානයේ ලකුණ ඇතුළු මුලික ගැටළු විසඳා ගැනීම සඳහා එජාපයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් 10 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කර ඇති බව එජාප ජ්‍යේෂ්ඨයෙක් පැවසුවේය.

    මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දක්වමින් එජාප ජ්‍යේෂ්ඨයා සදහන් කළේ මෙම කමිටුව සඳහා රනිල් පාර්ශ්වයෙන් පස් දෙනකු සහ සජිත් පාර්ශවයෙන් පස් දෙනකු නම්කර ඇති බවයි.

    ඒ අනුව, රනිල් පාර්ශ්වයෙන් විරාජ් කාරියවසම්, රවී කරුණානායක, ලක්ෂ්මන් කිරිඇල්ල, නවීන් දිසානායක සහ ජෝන් අමරතුංග ද සජිත් පාර්ශ්වයෙන්, සජිත් පේ‍්‍රමදාස, රංජිත් මද්දුම බණ්ඩාර, මංගල සමරවීර, කබීර් හෂීම් හා මලික් සමරවික්‍රම යන අයගෙන් එම කමිටුව සමන්විත වන බවයි ඔහු සදහන් කළේ.

    මෙම කමිටුවේ අවසන් තීරණය ලබන සිකුරාදා (14* ගැනීමට ද එකඟ වූ බවත් ඒ අනුව එදින පැවැත්වීමට නියමිතව තිබුණු පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම කල්දමා ඇති බවත් එජාප ජ්‍යේෂ්ඨයා සදහන් කළේය.

  • පිලපිටිය ගැන වරෙන්තු ගන්න සූදානමක් නෑ

    පිලපිටිය ගැන වරෙන්තු ගන්න සූදානමක් නෑ

    එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී, හිටපු රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා සමඟ දුරකතන සංවාදයක නියැලුනු බව කියන ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා සම්බන්ධයෙන් වරෙන්තුවක් ලබාගැනීමට සූදානමක් නැතැයි කොළඹ අපරාධ කොට්ඨාසය අද (13) නුගේගොඩ මහේස්ත්‍රාත් යූ.කේ. පැල්පොල මහතා වෙත දැනුම් දුන්නේය.

    ගිහාන් පිලපිටිය මහතා සම්බන්ධයෙන් ඔහු සැකකාරයෙකු කර අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු වරෙන්තුවක් ලබාගැනීම සම්බන්ධයෙන් තමන් වෙත කිසිදු උපදෙසක් ලැබී නොමැති බැවින් වරෙන්තු ලබාගැනීමේ සූදානමක් නැති බවද අපරාධ කොට්ඨාසය දැනුම් දී ඇත.

  • ‘වැඩ බැරි ඇමතිලා’ මාස 30න් පසු පන්නන බව ඇමැති බන්දුල කියයි

    ‘වැඩ බැරි ඇමතිලා’ මාස 30න් පසු පන්නන බව ඇමැති බන්දුල කියයි

    ඇමතිධූර ලබාගන්නා අය වසර දෙක හමාරක් තුළ අමාත්‍යධූරයේ වගකීම් නිසි ලෙස ඉටු නොකළහොත් ඔවුන් මාරු කළ යුතු යැයි සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (13* පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.

    අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ කලාකරුවන් මාධ්‍ය ආයතනවල ප්‍රධානීන් හා මහකොමසාරිස්වරුන් ලෙස පත්කිරීම සාර්ථකද දැයි මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

    එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ දක්‍ෂතා නොදක්වන ඇමතිවරුන් වෙනුවෙන් එළඹෙන මහ මැතිවරණයෙන් පසු එවන් ක්‍රියාමාර්ගයක් ගන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් ද කර තිබෙන බවයි.

    මෙහිදී සංස්ථා ඇතුළු රාජ්‍ය ආයතන ප‍්‍රධානීන් ගැන ද සදහන් කළ අමාත්‍යවරයා, සංස්ථා, මණ්ඩල ඇතුළු ආයතනවල ප්‍රධානීන් ලෙස පත්කරන අයට ද එම ආයතතන වසරක් තුළ ලාභ ලබන මට්ටමට ගෙන ඒමට හෝ ආයතනය පවත්වාගෙන යා හැකි මට්ටමට ගෙනඒමට නොහැකි වුවහොත් තනතුරු වෙනස් කරන බවට උපදෙස් දී ඇති නිසා අමාත්‍යවරුන් සම්බන්ධවත් එවන් ක්‍රමවේදයත් අනුගමනය කිරීම සුදුසු බව ද කීවේය.

    දක්‍ෂතා නොදක්වන්නන් ඉවත් කිරීමේ ක්‍රමවේදයක් යටතේ ඉදිරියට යා හැක්කේ දක්‍ෂයන්ට පමණක් බව සදහන් කළ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ආයතනවල සභාපතිවරුන් පත්කරන කමිටුව පත්වීම් ලබාදෙන්නේ සාධක ගණනාවක් සළකා බැලීමෙන් පසුව බව ද කීවේය.

    සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ අනුව සියලු දෙනාම එක් නීතියක් යටතේ වැඩ කරන රටක් බවට ශ්‍රී ලංකාව පත්විය යුතු බව කී ඇමතිවරයා එය ඇමතිවරුන්ටද අදාළ විය යුතු බව කියා සිටියේය.

  • අල්ලස් දීලා ‘AIRBUS වැටිලා’

    අල්ලස් දීලා ‘AIRBUS වැටිලා’

    ව්‍යාපාර කටයුතුවලදී අල්ලස් ලබාදීම හේතුවෙන් ජාත්‍යන්තර වශයෙන් ආන්දෝලනයට ලක්ව සිටින ‘එයාර් බස් සමාගම’ ඉකුත් 2019 වසරේදී යූරෝ බිලියන 1.36ක ශුද්ධ පාඩුවක් වාර්තා කර ඇතැයි ප‍්‍රංශ පුවත් සේවය කියනවා.

    එයාර් බස් සමාගම විසින් අද (13) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් උපුටා දක්වන ප‍්‍රංශ පුවත් සේවය කියන්නේ අල්ලස් දීමේ චෝදනාවක් හේතුවෙන් ‘එයාර් බස් සමාගමට’ යූරෝ බිලියන 3.6ක දඩයක් ගෙවීමට සිදුවීමත් අමතර සංවර්ධන කටයුතු වෙනුවෙන් පසුගිය වසරේදී විශාල වියදමක් දැරීමත් නිසාත් එලෙස පාඩු විඳීමට සිදුව ඇති බවයි.

    ‘එයාර්බස් සමාගම සිය ඒ400එම් ප‍්‍රවාහන ගුවන් යානය තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා අමතර පිරිවැයක් දැරු බවත් සමාගමේ මෙහෙයුම් ලාභ යූරෝ බිලියන 6.9ක් දක්වා ඉහළ ගිය බව ද එම නිවේදනයේ සදහන්.

    එම මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ 2019 වසරේදී වාණිජ ගුවන් යානා 863ක් බාරදුන් බවත් මේ වසරේ දී එය 880ක් දක්වා ඉහළ නැංවීමට සමාගම බලාපොරොත්තු වන බවයි.

    එම නිවේදනයේ මෙසේද සදහන් වෙනවා. ‘අපි 2019 වසරේදී බොහෝ දේ අත්පත් කරගත්තා. අපි ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් පෙන්නුම් කළා. වාණිජ ගුවන් යානා අලෙවිය ඊට ප්‍රධාන වශයෙන් හේතු වුණා’

    සැක කටයුතු අයුරින් ගුවන් යානා අලෙවි කළ බවට එයාර්බස් සමාගමට එරෙහිව එල්ල වූ දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශන ද පැවැත්වෙන අතඑ එම නඩු සමථයකට පත් කිරීම සඳහා බ්‍රිතාන්‍ය, ප්‍රංශය සහ එක්සත් ජනපදයට යූරෝ බිලියන 3.6ක දඩයක් ගෙවීමට එයාර්බස් සමාගම එකඟතාව පළ කළා.

    ශ‍්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප‍්‍රධාන විධායක නිලධාරියා වන කපිල චන්ද‍්‍රසේන මහතාට සහ ඔහුගේ බිරිදට අල්ලස් ගත් බවට චෝදනා එල්ල වූ අතර ඔවුන් මේ වන විට අත්අඩංගුවේ පසු වෙනවා.

  • සජිත් තම ජනපති සිහිනයට රැකියා නැති තරුණයින් බිලි දුන් බවට චෝදනා

    සජිත් තම ජනපති සිහිනයට රැකියා නැති තරුණයින් බිලි දුන් බවට චෝදනා

    හිටපු නිවාස අමාත්‍යවරයා පසුගිය කාලයේ වගකීම් විරහිතව කටයුතු කල බවත්, තමන්ගේ ජනාධිපති සිහිනය පෙන්වමින් දරුවන්ට තාවකාලික පදනම මත කොන්ත්‍රාත් පත්වීම් ලබාදුන් බවත් නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ නව සභාපතිවරයා ලෙස නීතීඥ සරණ කරුණාරත්න මහතා වැඩ භාර ගැනීමේ  උත්සවයට අද (13) දින සහභාගී වෙමිණි. මෙම උත්සවය  කොළඹ පිහිටි සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ  ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. 

    පසුගිය රජය රාජ්‍ය නිලධාරීන් පැත්තකට දමා, පරිසරය ගැන නොසිතා රජයට අවශ්‍ය විදියට කටයුතු කල බවත්, රාජ්‍ය නිලධාරීන්ට ඇහුම්කන් දී ජනතාවත්, පරිසරයත් ආරක්ෂා කර ගනිමින් කටයුතු කිරීම වත්මන් රජයේ දැක්ම බවත්, නිවාස පහසුකම් ගරු රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.

    පක්ෂයකට හොද කශේරුකාවක් තිබිය යුතු අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එය ඇති බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටද කලින් හොද කශේරුකාවක් තිබූ බවත් පැවසූ අමාත්‍යවරයා, එම නිසා පක්ෂ දෙකම වෙනම කරග කර එකතු වීම තුළින් විශාල බලවේගයක් ගොඩනැගිය හැකි බවත් සදහන් කරයි.

    හිටපු නිවාස අමාත්‍යවරයාපසුගිය කාලයේ වගකීම් විරහිතව කටයුතු කල බවත්, තමන්ගේ ජනාධිපති සිහිනය පෙන්වමින් දරුවන්ට තාවකාලික පදනම මත කොන්ත්‍රාත් පත්වීම් ලබාදුන් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

  • වෝහාරික විගණනය ඇමණුම් පිටු  10,000ක්

    වෝහාරික විගණනය ඇමණුම් පිටු 10,000ක්

    ශ්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර නිකුතුව පිළිබදව නිකුත් කර ඇති වෝහාරික විගණනය වාර්තා 05කින් සහ පිටු 10,000කට ආසන්න ඇමනුම් ප්‍ර ප්‍රමාණයකින් සමන්විත වන බව රාජ්‍ය ගිණුම් කාරක සභාවේ(කෝප්) සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල්  හඳුන්නෙත්ති මහතා සදහන් කර සිටී.

    එය ඉතා විශාල වාර්තාවක් වන බැවින් ලබන පෙබරවාරි 18 සහ 19 යන දිනයන්හිදී පැවැත්වෙන සභාව කල් තැබීමේ විවාදයට පෙර මේ පිිළබදව පුළුල් අවබෝධයක් ලබා ගැනීම මන්ත්‍රීවරුන්ට එතරම් පහසු කටයුත්තක් නොවනු ඇතැයි ද හඳුන්නෙත්ති  මහතා ප්‍රකාශ කළේය.

    වෝහාරික විගණනයක් සිදුකරනු ලැබූවේ බැදුම්කර සිද්ධිය පිළිබදව විමර්ශනය කළ ජනාධිපති කොමිසම් සභාවේ මෙන්ම කෝප් කමිටුවේ ද නිර්දේශය මත බැවින් වෝහරික විගනණනය පිළිබදව පළමුව කෝප් කමිටුව තුළ සාකච්ඡා කර ඒ පිළිබදව සාරාංශ වාර්තාවක් සැකසීමට හැකියාව තිබූ බවද මන්ත්‍රීවරයා පැවසීය.

    එහෙත් පාර්ලිමේන්තුවේ සැසිවාරය කල් තැබීම හේතුවන් කෝප් කමිටුවට රැස්වීමට නොහැකි වූ නමුත් ඉදිරියේදී කෝප් කමිටුව තුළ වෝහාරික විගණන වාර්තාව සාකච්ඡාවට කැඳවන බවද සභාපතිවරයා පැවසුවේය.

     කෙසේ නමුත් මේ වනවිට  එස්.ඒ සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන්  යුත් රජයේ මුදල් කාරක සභාවේ මේ පිළිබදව සාකච්ඡා කරමින් සිටින බවද හඳුන්නෙත්ති මහතා කීවේය.

  • රටවල් 48 කට ලබා දුන් වීසා නිදහස දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය

    රටවල් 48 කට ලබා දුන් වීසා නිදහස දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය

    පාස්කු ප්‍රහාරයෙන් පසුව රටවල් 48 කට ලබා දී තිබූ නිදහස් වීසා කාලය තවත් මාස 03 ක් දක්වා දීර්ඝ කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවේ. කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කලේ ඒ අනුව මෙම නිදහස් වීසා කාලය 2020 පෙබරවාරි 01 වෙනි දා සිට 2020 අප්‍රේල් 30 වන දින දක්වා දීර්ඝ කළ බවයි.

    පාස්කු ප්‍රහාරයෙන් පසුව මෙරටට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව ඉතා අවම මට්ටමක පැවතීම නිසා මෙම නිදහස් වීසා ලබා දීම සිදු කෙරුණේ  2019 අගෝස්තු 01 වැනි දා සිට මාස 06 ක කාලයක් සදහාය. ඒ අනුව එම කාලය 2020 ජනවාරි 31 වන දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණි. මෙලෙස නිදහස් වීසා දීර්ඝ කෙරුණේ ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, චීනය, ඉන්දියාව, ඉතාලිය, ජපානය, රුසියාව, ජර්මනිය, ප්‍රංශය, ස්විස්ටර්ලන්තය ඇතුළත් රටවල් 48 කටය.

    නිදහස් වීසා වැඩසටහන ක්‍රියාක්මක වූ කාලය තුළ මෙම රටවල් 48 න් මෙරටට පැමිණි සංචාරකයන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි. මේ නිසා සංචාරක ක්ෂේත්‍රයේ තත්ත්වය සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත්වීම සහතික කිරීම සදහා මෙම පියවර ගත් බවද හෙතෙම පෙන්වා දෙයි.

  • ජේතවනාරාම දාගැබ ‘ඉරි තැලුවේ’ මෙහෙමයි

    ජේතවනාරාම දාගැබ ‘ඉරි තැලුවේ’ මෙහෙමයි

    අනුරාධපුර ජේතවනාරාම දාගැබ තුන් දිසාවකින් ඉරි තැලීම පිළිබඳව සමාජ මාධ්‍ය තුළ විවිධ ප‍්‍රචාර සිදුවෙමින් තිබෙනවා. මේ ගැන කරුණු කාරණා නිවැරදිව දන්න කියන පිරිස් පවසන්නේ සමාජමාධ්‍ය ‘සුපුරුදු ලෙස’ බොරු හෝ මිත්‍යා කතාව සමාජගත කරමින් ‘හිට්ස්’ වෙන්න හදන බවයි.

    අප මේ පිළිබඳව ප‍්‍රාමාණික දැනුමක් ඇති විද්වතුන් කිහිප දෙනකුගෙන් විමසීමක් කළ අතර මධ්‍යම සංස්කෘතික අරමුදලේ උසස් නිලධාරියෙක් සඳහන් කළේ අනුරාධපුර ජේතවනාරාම දාගැබ තුන් දිශාවකින් ඉරි තැලීම වර්තමානයේදී ඇතිවූ තත්ත්වයක් නොවන බවයි.

    ඒ ගැන ඔහු මෙසේ කරුණු පැහැදිලි කළා. ‘අනුරාධපුර ජේතවනාරාම දාගැබේ ඇතිවෙලා තිබෙන තත්ත්වය අද ඊයේ ඇති වුණ දෙයක් නෙවෙයි. මීට වසර කිහිපයකට පෙර ආගැබට අකුණක් වැඳීම නිසා ඉරි තැලීම් ඇති වුණා. ඒ සමග දාගැබ තුළට වැසි දිය කාන්දු වීමේ අනතුරක් ඇති වුණා. ඒත් ස්ථිරසාර පිළිවෙළක් වෙත යාම ප‍්‍රමාද වන නිසා ඒවාට පිළියමක් විශේෂ බදාම වර්ගයක්් ගැල්ලූවා. ඒත් කිසියම් හේතුවක් නිසා මේ වන විට ඒ බදාම දියවෙලා තියෙනවා. එය තමයි මේ පේන්න තියෙන්නේ. කඩිනමින් ස්ථිරසාර පිළිවෙළක් දියත් කිරීමට නොහැකි වුණොත් අපිට යළිත් විශේෂ බදාමයක් ආලේප කිරීමට සිදුවෙනවා. ඒ නිසා මෙවැනි ස්වභාවික තත්ත්වයන් ගැන අනවශ්‍ය භීතියක් හෝ මුසාවක් නිර්මාණය නොකළ යුතුයි. විශේෂයෙන් නිවැරදි තොරතුරු නොදන්න පිරිස් වගකීමෙන් කටයුතු කළ යුතුයි’

  • රන්ජන්ට ඇප දෙන්න නි.සො.ජ. දිලීප පීරිස් විරුද්ධ වුණේ ඇයි ?

    රන්ජන්ට ඇප දෙන්න නි.සො.ජ. දිලීප පීරිස් විරුද්ධ වුණේ ඇයි ?

    ‘වැඳලා කියන්නම් අපේ ආණ්ඩුව බේරලා දෙන්න’ යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාට දුරකථන ඇමතුමක් ලබා දෙමින් ඉල්ලා ඇතැයි රජයේ රජ පරීක්ෂකවරයා විසින් එවන ලද වාර්තාවක් සහ සිද්ධියට අදාළ වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

    රන්ජන් රාමනායක මහතාගේ හඬපට සම්බන්ධ නඩුව ඊයේ (12) යළි විභාගයට ගත් අවස්ථාවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මේ බව සඳහන් කළේය.

    සිද්ධි­යට අදා­ළව දුර­ක­ථන සමා­ග­ම්ව­ලින් ලබා­ගත් තොර­තුරු ඔස්සේ දුර­ක­තන හඩ පට­ව­ලට අදා­ළව ඒවා අව­ස්ථා­නු­කූ­ලව ගල­ප­මින් පුළුල් විම­ර්ශ­න­යක් ආරම්භ කර ඇති බවත් සැක­ක­රුට ඇප ලබා­දු­න­හොත් සාක්ෂි­ව­ලට සහ සාක්ෂි­ක­රු­වන්ට බල­පෑම් එල්ල විය හැකි බවත් අධි­ක­ර­ණ­යට දැනුම් දුන් දිලීප පීරිස් මහතා සැක­ක­රුට ඇප ලබා දීමට විරෝ­ධය ප්‍රකාශ කරන බව අධි­ක­ර­ණය හමුවේ දීර්ඝ කරුණු දැක්වී­මක් සිදු කර­මින් කියා සිටි­යේය.   

    සිද්ධිය සම්බ­න්ධ­යෙන් රජයේ රස පරී­ක්ෂ­ක­ව­රයා විසින් එවන ලද සන්දේ­ශ­යක් සහ සිද්ධි­යට අදාළ වැඩි­දුර වාර්තා­වක් ඉදි­රි­පත් කර­මින් දිලීප පිරිස් මහතා මෙම කරුණු අධි­ක­ර­ණය හමුවේ කියා සිටි­යේය.   

    අධිකරණය ඉදිරියේ වැඩි දුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා,

    ”කට­හඩ පරී­ක්ෂාව සිදු කිරීම ඉකුත් පෙබ­ර­වාරි මස 7 වනදා රජයේ රස පරී­ක්ෂ­ක­ව­රයා වෙත සැක­කරු ඉදි­රි­පත් කළා. දුර­ක­තන සමා­ග­ම්ව­ලින් ලද තොර­තු­රු­ව­ලට අනුව විම­ර්ශන සිදු කර­මින් පව­ති­නවා. මෙම සිද්ධි­යට සම්බන්ධ විනි­සු­රු­ව­රුන් තිදෙනා වන විශ්‍රා­ම­ලත් මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­රි­යක වන පද්මිණී රණ­වක, වැඩ තහ­න­මට ලක්ව සිටින මහා­ධි­ක­රණ විනි­සුරු ගිහාන් පිල­පි­ටිය, මහේ­ස්ත්‍රාත් ධම්මික හේම­පාල යන මහ­ත්ව­රුන් සහ සැක­කාර රන්ජන් රාම­නා­යක මහතා අතර 2015 සිට 2019 දක්වා දුර­ක­තන සංවාද 63 පවත්වා තිබෙ­නවා. එම දුර­ක­තන පව­තින නඩු කෘත­ව්‍ය­යන් සම්බ­න්ධ­යෙන් සාකච්ඡා කර තිබෙ­නවා.

    රන්ජන් රාම­නා­යක මහතා ‘මම වැඳලා කිය­න්නම් අපේ ආණ්ඩුව බේරලා දෙන්න‘ යනු­වෙන් මහා­ධි­ක­රණ විනි­සුරු පිල­පි­ටිය මහ­තාට දුර­ක­ථ­න­යෙන් දැනුම් දුන් අව­ස්ථාවේ ඊට විනි­සු­රු­ව­රයා පිළි­තුරු දෙන හඩ­පට මාධ්‍ය­ය­න්වල පළ වුණා. දුර­ක­තන සංවාද ආකාර දෙකක් ඔස්සේ විශ්ලේ­ෂ­ණය කර­නවා.

    දුර­ක­තන සමා­ග­ම්ව­ලින් ලද තොර­තුරු වාර ප්‍රමා­ණ­යන් හඩ­පට සමඟ සංස­න්ද­නා­ත්ම­කව සලකා බැලෙ­නවා. 2008 වසරේ සිට අස්වා­භා­වික දුර­ක­තන සංවාද පටි­ගත කරීම් සැක­කාර මන්ත්‍රි­ව­රයා සිදු කර තිබෙ­නවා. සන්නි­වේ­දන ආය­ත­න­යක් දුර­ක­ථන සමා­ග­මක් වගෙයි දුර­ක­තන පටා­ගත කිරීම් ඔහු කර තිබෙන්නේ. ක්ලෝන කිරීම සිදු කර වාර්තා­වක් එවන ලෙස රජයේ රස පරී­ක්ෂ­ක­ව­ර­යාට දැනුම් දෙන්න. මැලේ­ෂි­යා­වෙන් හොංකොං රාජ්‍ය­යෙන් අදාළ දෘඩ තැටි ගෙන්වී­මට සිදූ වුණා. මේ හා සැදි නඩු­වට රාජ්‍ය ආර­ක්ෂක අමා­ත්‍යාං­ශ­යෙන් වාර්තා­වක් කැඳවා තිබෙ­නවා. ඇම­තුම් 10 ක් පමණ වීඩියෝ පටි­ගත කිරීම් ඇති බවට සැක කර­නවා.

    විනි­සු­රු­ව­රුන් තිදෙනා සහ හිටපු අල්ලස් කොම­සා­රි­ස්ව­රිය දුර­ක­තන සංවාද සම්බ­න්ධ­යෙන් පුළුල් විම­ර්ශන සිදු කර­නවා. මෙම විනි­ස­රු­ව­රුන් සමග දීර්ඝ සංවා­ද­යන් පවත්වා ඇති බවට විම­ර්ශන අනා­ව­ර­ණය කර තිබෙ­නවා. ගිහාන් පිල­පි­ටිය මහතා සමග යෙදී ඇති දුර­ක­තන සංවාද සම්බ­න්ධ­යෙන් විම­ර්ශන සිදු කළ ආකා­ර­යෙන්ම අනෙ­කුත් විනි­සු­රු­ව­රුන් සම්බ­න්ධ­යෙන් ද පව­තින පර්වේ­ශ­නීය සාක්ෂි මත විම­ර්ශන සිදු කර­නවා.

    රන්ජන් රාම­නා­යක මහතා සැක­ක­රු­වකූ ලෙස සිටි­මින් මාධ්‍ය සංද­ර්ශන පව­ත්ව­නවා. ඔහු මන්ත්‍රි­ව­ර­යෙක් වුනත් මේ වන­විට සැක­ක­රු­වෙක්. බන්ධ­නා­ගාර නිල­ධා­රින් ඉදි­රියේ මාධ්‍ය දුටු පම­ණින් බස් රථ­යෙන් ඔලුව පිට­තට දම­මින් අද­හස් පළ කර­නවා. මේ වර­ප්‍ර­සාද කාටද තිබෙන්නේ. හෙට වන­විට පාතාල නායක මාක­දුරේ මතක් කංජි­පානි ඉම්රාන් පවා මෙහෙම අද­හස් පළ කරාවී. මෙය අති­ශය සංකීර්ණ විම­ර්ශ­න­යක්. දුර­ක­තන සිම්පත් ඉල්ලා සිටි­නවා.

    නව සිම්පත් නිකුත් කළ පම­ණින් පැරණි සිම්පත අක්‍රිය වෙනවා. සිම්පත පර්වේ­ශ­නීය සාක්ෂි­යක්. ඔහු මේ වන­වි­ටත් මුහුණු පොත වූ ටියුබ් එකේ සැරි­ස­ර­නවා. එහි වීර­යෙකු වීමට උත්සාහ ගනි­මින් සිටි­නවා. මොහුගේ ක්‍රියා­ක­ලා­පය සාක්ෂි­ක­රු­වන් පසු­බැ­ස්ස­වී­මට සිදු­වෙ­නවා ඔවුන්ට තර්ජ­න­යක් බල­පෑ­මක් වෙනවා. මේ තත්ත්වය නොදැක්කා සේ සිටී­මට බැහැ. ඔහු අප­රා­ධ­මය වර­දක් සිදු කර ඇති අයෙක්. ඔහුට ඇප ලබා දීමෙන් විම­ර්ශන අඩාළ විය හැකියි.  රන්ජන් රාම­නා­යක මහතා එම හඬ ඔහුගේ නොවන බවට මුල් දිනයේ අධි­ක­ර­ණ­යට කියා සිටියා.   

    විම­ර්ශ­න­යට අදාළ වැඩි­දුර වාර්තා ඉදි­රි­පත් කර­නවා. ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාව ප්‍රකා­රව සාක්ෂි­ක­රු­වන්ට හා සාක්ෂි­ව­ලට බල­පෑම් කිරී­මට විත්ති­කරු ඇප ලබා දුන­හොත් කට­යුතු කරාවි. එම නිසා ඇප ලබා දීමට විරෝ­ධය ප්‍රකාශ කර­නවා”  

    විත්ති­කරු වෙනු­වෙන් කරුණු දැක්වූ ජනා­ධි­පති නිතිඥ නෙවිල් අබේ­රත්න මහතා,

    ”මෙම සිද්ධි­යට රන්ජන් රාම­නා­යක මහතා වර­ද­ක­රු­වකු වුව­හොත් නීතිය ප්‍රකා­රව දඩු­වම වන්නේ වස­රක සිර­ගත කිරී­මක් සහ දඩ මුද­ලක් නියම කිරී­මයි. මේ වන­වි­ටත් ඔහු දඩු­ව­මෙන් දොල­හෙන් එකක් දින 30 රක්ෂිත භාරයේ සිටියා. මෙම වරද ඇප ලබා දිය හැකි වර­දක්. මහා­චාර්ය ජී එල් පීරිස් මහතා පාර්ලි­මේ­න්තු­වට ඇප පනත ඉදි­රි­පත් කළේ ඇප කොන්දේසි ලිහිල් කිරී­ම­ටයි. ඕනෑම කොන්දේ­සි­යක් මත හෝ සැක­ක­රුට ඇප ලබා දෙන ලෙස ඉල්ලා සිටි­නවා.   

    රජයේ අති­රේක සොලි­සි­ටර් ජෙන­රාල් දිලීප පීරිස් මහතා –   

    ”ජනා­ධි­පති නීති­ඥ­ව­රයා ඉදි­රි­පත් කළ නීති­මය කරුණු හා හබ කරන්නේ නැහැ. ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාවේ 111-1 වග­න්තිය අධි­ක­ර­ණය කොයි­ත­රම් උත්ත­රී­ත­රද පූජ­නී­යද කියා සද­හන් වෙනවා. මෙය අධි­ක­ර­ණයේ උත්ත­රී­ත­ර­භා­වය ආරක්ෂා කිරීම පිළි­බද ප්‍රශ්න­යක්. වර­දක් කළ අයකු මන්ත්‍රි­ව­ර­යකු හෝ වෙනත් අයකු ලවා ආරක්ෂා වීමක් සිදු වන බව සමා­ජ­යට යාම සුදුසු නැහැ. නිද­හස් අධි­ක­ර­ණ­යක් තිබිය යුතුයි. එවි­ටයි අධි­ක­ර­ණයේ ගෞර­වය රැකෙන්නේ.

    ඇප පනතේ බ්ලැන්කට් එකක් දාලා ඕනෑම කෙනෙක් ආවාම ඇප දෙන්න කියා දන්වා නැහැ. සාක්­ෂි­ක­රු­වන්ට සාක්ෂි­ව­ලට යුක්තිය ඉෂ්ට වීමේදී බාධා සිදු විය හැකියි. මගේ ළග හඩ­පට තිබෙ­නවා, ඒවා එළි­යට දානවා කියා සාක්ෂි කරු­වන්ට බල­පෑම් කරාවී. මම ඔහු කළ ප්‍රකා­ශ­යක් දුටුවා. මේක ලැජ්ජා සහ­ගත වේද­නා­ත්මක සිදු­වී­මක්. අධි­ක­ර­ණයේ ගෞර­වය ආරක්ෂා කරන්න නිල­ධා­රීන් ලෙස අපි බැඳී සිටි­නවා. අධි­ක­ර­ණයේ ස්වාධී­න­ත්වය, ගෞර­වය ආරක්ෂා කරන්න බර­ප­තළ ලෙස සිතා කට­යුතු කළ යුතුයි”

    සැක­කාර මන්ත්‍රී­ව­ර­යාට ඇප ලබා දෙන ලෙස ජනා­ධි­පති නීතිඥ නෙවිල් අබේ­රත්න මහතා ප්‍රමුඛ නීතිඥ මඩුල්ල දීර්ඝ කරුණු දැක්වී­මක් සිදු කර­මින් ඕනෑම කොන්දේ­සි­යක් මත ඇප ලබා දෙන ලෙස අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටි අතර එම ඉල්ලීම ප්‍රති­ක්ෂේප කළ නුගේ­ගොඩ අති­රේක මහේ­ස්ත්‍රාත් එච් යූ කේ පැල්පොල මහතා සැක­කාර මන්ත්‍රී­ව­රයා ලබන පෙබ­ර­වාරි මස 26 වනදා දක්වා රක්ෂිත බන්ධ­නා­ගාර ගත කරන ලෙස නියෝග කළේය. 

    පැමි­ණිල්ල වෙනු­වෙන් රජයේ අති­රේක සොලි­සි­ටර් ජෙන­රාල් දිලීප පීරිස් මහතා, රජයේ ජ්‍යෙෂ්ඨ අධි­නී­තිඥ ජනක බණ්ඩාර මහතා, කොළඹ අප­රාධ කොට්ඨා­සයේ ස්ථානා­ධි­පති නෙවිල් ද සිල්වා යන මහ­ත්ව­රුන් අධි­ක­ර­ණයේ පෙනී සිටි­යේය.   

    විත්ති­කරු වෙනු­වෙන් ජනා­ධි­පති නීතිඥ නෙවිල් අබේ­රත්න, ජ්‍යෂ්ඨ නීතිඥ වසන්ත රණ­සිංහ, ආශා කහ­වත්ත උදුල් ප්‍රේම­රත්න යන මහත්ම මහ­ත්මීන් ඇතුළු නිතිඥ මඩු­ල්ලක් අධි­ක­ර­ණයේ පෙනී සිටි­යහ.    

  • චම්පිකගේ ගැටයට හසු වූ සජිත් එජාපය දෙකඩ කරයි

    චම්පිකගේ ගැටයට හසු වූ සජිත් එජාපය දෙකඩ කරයි

    අතිපූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන්ගේ දැක්ම සහ නිසල දේහය විකුණන් කමින් ජාතික හෙළ උරුමය හරහා පාර්ලිමේන්තුවට රිංගා ගත් පා.ච.රණවක නොහොත් චම්පික වසර කිහිපයක් තුළ සඟ සතු පාර්ලිමේන්තු ආසන ප්‍රමාණය කොල්ල කමින් එම පක්ෂයද විනාශ කොට තම පුද්ගලික බූදලයක් බවට පත් කරගත්තේය. එහෙව් අමන ගති ඇත්තෙකු වන පච රණවක මේ වන විට එජාපයේ පරාජිත ජනාධිපති අපේක්ෂයා වූ සජිත් ප්‍රේමදාසවද ගොනාට අන්දවමින් එක්සත් ජාතික පක්ෂය දෙකඩ කොට එජාපයට සියතට ගැනීමට සැලසුම් සකස් කොට ඇත.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් බිහිකරන ‘පුළුල් ජනතා සන්ධානයට’ පූර්ණ සහාය ලබා දෙන බව පක්ෂ 03ක් විසින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ, ජාතික හෙළ උරුමය වෙනුවෙන් පාඨලී චම්පික රණවක, දමිළ ප්‍රගතිශීලී සන්ධානය වෙනුවෙන් මනෝ ගනේෂන් සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය වෙනුවෙන් රවුෆ් හකීම් යන පක්ෂ නායකයින් විසිනි.

    ‘විජයග්‍රහණයක නව ඇරඹුමකට සන්ධානගත වීම’යන ශීර්ෂයෙන් නිකුත්කර ඇති එම සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.

    ‘විජයග්‍රහණයක නව ඇරඹුමකට සන්ධානගත වීම’

    ඉතා නුදුරේදී තීරණාත්මක පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන අතර ඒ සඳහා අවශ්‍ය වටපිටාව මේ වනවිට නිර්මාණය වී තිබේග වත්මන් ආණ්ඩුව මේ වනවිටත් ජනතා අපේක්ෂාවන් සියල්ලම පාහේ බිද දමා ඇති අතර දේශපාලන පලි ගැනීම් සහ ආර්ථික අවපාතයක් වෙතට රට තල්ලුකොට තිබේ.

    දහසකුත් එකක් ජනතා බලාපොරොත්තුවලට සහමුලින්ම ප්‍රතිවිරුද්ධ ගමනක යෙදෙන වත්මන් ආණ්ඩුවට එරෙහිව පුළුල්තම ජනතා බලවේගය නිර්මාණය කිරීමේ භාරධූර වගකීම අප වෙත පැවරී තිබේ.

    ඒ අනුවල මෑත කාලීනව අප එක්සත් ජාතික පක්ෂය හා එක්ව දේශපාලනික කටයුතුවල යෙදුණු අතර ඒ තුලින් ජනතා ජයග්‍රහණ රැසක් අත්පත් කර දීමටද අපට හැකි විය.

    එළැඹෙන මහ මැතිවරණය උදෙසා නව සන්ධානයක් බිහි කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති අතර එලෙස පිහිටුවන සන්ධානයේ නායකත්වය, සන්ධාන මහලේකම් පත්කිරීම, අගමැති අපේක්ෂකත්වය මෙන්ම නාමයෝජනා කමිටුවේ ප්‍රධානත්වයද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට පැවරීමටද එකී කෘත්‍යධිකාරී මණ්ඩලය තීන්දුකොට තිබේ.

    ඉහත කාරණා කෙරෙහි අපගේ දැඩි අවධානය යොමුකොට සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් බිහිකරනිපුළුල් ජනතා සන්ධානයට’ අපගේ පක්ෂද එක්ව ජනතා අපේක්ෂාවන් සහතික කරන ආණ්ඩුවක් බිහි කිරීමේ උදාර මෙහෙවරට දායක වන බව නිවේදනය කරමු.

    ඒ අනුව ජාතික හෙළ උරුමය, දමිළ ප්‍රගතිශීලී සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය යන දේශපාලන බලවේගද නව සන්ධානය සමඟ අත්වැල් බැඳගනු ඇත.

    ව්‍යාජය සහ ප්‍රලාප තුලින් බලය ලබාගෙන මේ වනවිට ව්‍යාකූල රටක් නිර්මාණය කොට ඇති වත්මන් ආණ්ඩුව පරාජය කොට ශක්තිමත්ල ප්‍රගතිශීලී සහ ජවසම්පන්න ආණ්ඩුවක් බිහි කිරීම උදෙසා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් බිහිකරන සමගි ජන බලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් අප ඇප කැපවෙන බවද නිවේදනය කරමු.