Blog

  • හේෂා අත්අඩංගුවටගැනීමට නියෝග

    හේෂා අත්අඩංගුවටගැනීමට නියෝග

    දේපළ සම්බන්ධ නඩුවකට අධිකරණයේ පෙනී නොසිටීම නිසා එක්සත් ජාතික පක්ෂ රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හේෂා විතානගේ මහතා සබරගමුව පළාත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මගින් අත්අඩංගුවට ගෙන වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඇඹිලිපිටිය මහෙස්ත‍්‍රාත් කේ. පී. ආර්. එල්. විදානගමගේ මහත්මිය ඊයේ (30දා) නියෝග කළාය.

    තමාට අයත් ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ තිබෙන රුපියල් කෝටි දෙකක් පමණ වටිනා දේපළක් හේෂා විතානගේ මන්ත‍්‍රීවරයා විසින් සාවද්‍ය ලෙස පරිහරණය කරන බවට කොළඹ ප‍්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු වන ජේ. ඒ. අනුර මහේන්ද්‍ර නමැත්තා විසින් ඇඹිලිපිටිය පොලීසියට කළ පැමිණිල්ලක් මත මන්ත‍්‍රීවරයාට එරෙහිව මෙම නඩුව පවරා තිබේ. එම නඩුව සඳහා මන්ත‍්‍රීවරයා පසුගිය නඩු වාරයේ සහ නඩුව කැඳවූ ඊයේ දිනයේද අධිකරණය හමුවට පැමිණ සිටියේ නැත. මන්ත‍්‍රීවරයා වෙනුවෙන් නීතිඥ මණ්ඩලයක්ම පෙනී සිටි අතර පැමිණිල්ලේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥ ශිරාශ් යූසුප් මහතා සහ නීතිඥ රසාංගා රන්මදු මහත්මිය පෙනී සිටියහ.

    මෙහිදී විත්තිකාර මන්ත‍්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට කරුණු දක්වමින් කියා ඇත්තේ විත්තිකරු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු බවත්, අද දිනයේ ඔහු වෙනුවෙන් ඔහුගේ මව හා පියා අධිකරණයට පැමිණ ඇති බවත්ය.

    කෙසේ වෙතත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශිරාස් යූසුෆ් මහතා කරුණු දක්වමින් අධිකරණයට කියා සිටියේ විත්තිකරු කිසිදු හේතුවක් නොදක්වා වාර දෙකකදීම අධිකරණය හමුවේ පෙනී නොසිටි බවත්, නීතිය හදන ආයතනයේ සිටින කෙනකු හැටියටත් මන්ත‍්‍රීවරයකු ලෙසත් නීතියට ගරු කළ යුතු බවයි. එමෙන්ම මේ අය නීතියට අවනත නොවී වෙනත් අයට ප‍්‍රසිද්ධ වේදිකාවේ ජම්පර් අන්දන්න කතා කිරීම පුදුම සහගත බවද පැමිණිල්ලේ නීතිඥවරයා අධිකරණය හමුවේ පැවසුවේය. මේ නිසා විත්තිකරුට එරෙහිව වරෙන්තුවක් නිකුත් කර ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට අදාළ නියෝගයක් නිකුත් කරන්නැයි පැමිණිල්ලේ නීතිඥ ශිරාස් යූසුෆ් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    ඒ අනුව පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ඇඹිලිපිටිය මහෙස්ත‍්‍රාත් කේ. පී. ආර්. එල්. විදානගමගේ මහත්මිය සැකකාර මන්ත‍්‍රීවරයා සබරගමුව පළාත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළාය.

  • ශ්‍රීලනිපයේ සහය ගෝඨාට අහිමිවන ලකුණු

    ශ්‍රීලනිපයේ සහය ගෝඨාට අහිමිවන ලකුණු

    ඉදිරි ජනාධිපතිවරණය සඳහා පොදුජන පෙරමුණ සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානගත වන්නේ පොදු ලකුණකින් ජනාධිපතිවරණයට ඉදිරිපත්විය යුතු බවට වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනාවට එකඟවන්නේ නම් පමණක් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තියට දර්ශනයට හානිවන හෝ පාක්ෂිකයන්ට අනාගතයක් අහිමිවන කිසිදු වැඩපිළිවෙළකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එළැඹීමට සූදානම් නොමැති බව ජනාධිපතිවවරයා අවධාරණය කළේ ඊයේ(29) පස්වරුවේ පැවති කුරුණෑගල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනය අමතමිනි.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතිහාසයේ ද නොයෙක් අවස්ථාවල පසුබෑමට ලක්වුව ද පක්ෂය කිසිදා මිය නොගියේ එහි ජනතාවාදී වැඩපිළිවෙළ නිසා බවයි.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද දුර්වල වී ඇති බවට කවුරුන් කෙසේ කීව ද ඉදිරි ජනාධිපතිවරයා ලෙස පත්වීමට කුමන අපේක්ෂකයකුට වුව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය අවශ්‍ය බව පැවසූ ජනාධිපතිතුමා ඊළග ජනාධිපතිවරයා පත් වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය අනුව බව කිසිවකු අමතක නොකළ යුතු බව ද අවධාරණය කළේය.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් අවධාරණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉලක්කය වන්නේ අද තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ඉදිරියේ දී බලතල නැති ජනාධිපතිවරයෙක් පත් කර ගැනීමට වඩා බලතල ඇති ආණ්ඩුවක් පත් කර ගැනීම සඳහා 2020 දී පාර්ලිමේන්තුවේ බලය ඇල්ලීම බවයි.

    තනිව නොව පෙරමුණු ආණ්ඩුවක් තුළ එම ඉලක්කය ජය ගැනීමට සැලසුම්සහගතව කටයුතු කරන බව අවධාරණය කළ ජනාධිපතිතුමා දූෂිත ප්‍රභූ පංතියේ එකතුව විසින් විනාශ කර දමා තිබෙන මාතෘ භූමිය නව මගකට යොමු කරමින් දුෂණයෙන් වංචාවෙන් තොර ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් සමාජයක් සහ කිසිදු විදේශ බලවේගයකට ගැති නොවන රටක් ගොඩනැඟීමට නව ආණ්ඩුවෙන් කටයුතු කරන බව ද කියා සිටියේ ය.

    වත්මන් ආණ්ඩුව තුළ අද පවතින ගැටුම අග්‍රාමාත්‍යවරයා හා තමා අතර පවතින පුද්ගලික ගැටුමක් නොව දූෂණයට සහ වංචාවට විරුද්ධව තිබෙන ගැටුමක් මෙන්ම අන්ත දූෂිත නව ලිබරල්වාදී දේශපාලන ප්‍රතිපත්තියක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ ජනතාවාදී දේශපාලන ප්‍රතිපත්තිය අතර තිබෙන ගැටුමක් බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය.

    අග්‍රාමාත්‍යවරයා එම ධූරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීමට තමා කටයුතු කළ ද, ඔවුන් භාරගත් කාර්යය නිසි ලෙස ඉටුකර ගැනීමට ඔවුන්ට නොහැකිවීම තමාගේ ගැටලුවක් නොවන බව ප්‍රකාශ කළ ජනාධිපතිතුමා අද මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ධූරයේ කටයුතු කරන්නේ ද, පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ රැදී සිටින්නේ ද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා කථානායකවරයා වෙත ලබාදී ඇති ලිපියෙන් බව ද සිහිපත් කර සිටියේය.

    අශිලාචාර දේශපාලන චෝදනාවකට ලක් නොවු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියේ දී පක්ෂයේ අනන්‍යතාවය, ගෞරවය සහ අභිමානය රැක ගනිමින් රටත් ජනතාවත් වෙනුවෙන් වූ සේවයට කැපවන බව ද ජනාධිපතිතුමා සම්මේලනය අමතමින් වැඩිදුරටත් අවධාරණය කළේය.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දීප ව්‍යාප්තව පවත්වන දිස්ත්‍රික් සමුළු මාලාවේ කුරුණෑගල දිස්ත්‍රික් සමුළුව පාක්ෂිකයන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් (29) පස්වරුවේ හෙට්ටිපොළ මහජන පොළ භූමියේ දී පැවැත්විණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, මහ ලේකම් දයාසිරි ජයසේකර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර, ජාතික සංවිධායක දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න යන මහත්වරුන් ද වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න මහතා ඇතුළු ආණ්ඩුකාවරුන් ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ රැසක් මීට එක්ව සිටියහ.

  • ගෝටාට ජම්පර ඇන්දීම කෙසේ වෙතත් මේ ආණ්ඩුව රටටම පැම්පර් ඇන්දුවා..

    ගෝටාට ජම්පර ඇන්දීම කෙසේ වෙතත් මේ ආණ්ඩුව රටටම පැම්පර් ඇන්දුවා..

    මීළඟ ආණ්‌ඩුවේදී ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ජම්පරය අන්දනවා යෑයි මන්ත්‍රී හේෂා විතාරණ මහතා කියන්නේ නම් වසර හතරහමාරක්‌ තිස්‌සේ ඔවුන්ගේ රජයක්‌ තිබියදීත් එසේ කිරීමට නොහැකි වූයේ මන්දැයි ප්‍රශ්න කරන බව දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය අතිපූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ විමසා සිටියහ.

    පසුගිය වසර හතරහමාර තිස්‌සේ හොරුන්ට ජම්පර් ඇන්දවීම කෙසේ වෙතත් එම රජය රටටම පැම්පස්‌ නම් ඇන්දවූ බවද උන්වහන්සේ කීහ.

    මෙම ආණ්‌ඩුව 2015 දී බලයට පැමිණියේ හෙරුන්ට ජම්පර් අන්දනවා යෑයි කියමින් බවත් සිහිපත් කළ සෝභිත හිමියෝ නමුත් ඔවුන් එසේ කරනවා වෙනුවට හොරු අල්ලන මුවාවෙන් හොරකම් කළ බව කියා සිටියහ.

    හොරකම්, වංචා කරමින් මේ සියලු දෙනා කරන්නේ වංචාවක්‌ බවත් කී උන්වහන්සේ රටට සැබෑ ලෙස ආදරය කරන, දැක්‌මක්‌ ඇති තෙවන පාර්ශ්වයක්‌ රටේ ජනතාව මේ වන විට ඉල්ලා සිටිමින් සිටින බවත් කීහ.

    පරණ තැටිය රත් කරමින් දේශපාලනඥයන් කරන ව්‍යාජය පිළිබඳව ජනතාව දැන් දැනුවත් බවත් ඔවුන් පරණ හරකා විකුණා අවසන් බවත් පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.

  • ගෝඨාගේ සඳහිරු සෑයේ රත්‍රං කොල්ලය ගැන පරීක්ෂණ ක්‍රියාත්මකයි! හිටපු රේගු අධ්‍යක්‍ෂ අත්අඩංගුවට

    ගෝඨාගේ සඳහිරු සෑයේ රත්‍රං කොල්ලය ගැන පරීක්ෂණ ක්‍රියාත්මකයි! හිටපු රේගු අධ්‍යක්‍ෂ අත්අඩංගුවට

    සඳහිරු සෑය චෛත්‍යයේ නිධන් කිරීමට ශ්‍රී ලංකා රේගුව භාරයේ තිබූ රත්‍රං කිලෝ ග්‍රෑම් 08 ක්‌ ලබා දුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි හිටපු රේගු අධ්‍යක්‍ෂ ජගත් විඡේවීර සහ එහි හිටපු නියෝජ්‍ය අධ්‍යක්‍ෂ තාරක සෙනෙවිරත්න යන මහත්වරුන් පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය මගින් ඊයේ (27 දා) සවස අත්අඩංගුවට ගෙන ඇත. ිටපු රේගු අධ්‍යක්‍ෂ ජගත් විඡේවීර මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය. හිටපු නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ තාරක සෙනෙවිරත්න මහතා බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එහි ගිය මූල්‍ය අපරාධ කොට්‌ඨාසයේ නිලධාරීහු ඊයේ සවස ඔහු අත්අඩංගුවට ගත්හ.

     මෙම සැකකරුවන් දෙදෙනා පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසයේ නිලධාරීන්ගේ රැකවරණය යටතේ අදාළ රෝහල්වල ප්‍රතිකාර ලබන අතර ඔවුන් අද (28 දා) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පවසයි.

     පසුගිය රජය සමයේ අනුරාධපුරයේ ඉදිකිරීම් ආරම්භ කළ සඳහිරු සෑයේ නිධන් වස්‌තු ලෙස තැන්පත් කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබූ රත්‍රං කිලෝ ග්‍රෑම් 08 ක්‌ ලබාදී තිබිණි. එම රත්‍රං තොගය ලබාදීම නීත්‍යානුකූල නොවන ආකාරයට සිදුවී ඇති බව පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

     රජයේ දේපළ නීත්‍යානුකූල නොවන ආකාරයට පැවරීම විශ්වාසය කඩ කිරීම යන චෝදනා යටතේ හිටපු රේගු අධ්‍යක්‍ෂ සහ නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා වෙත චෝදනා එල්ල වී තිබේ.

     මෙම චෝදනා යටතේ අදාළ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය වෙත අධිකරණ නියෝග ලබාදී තිබිණි.

     අදාළ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත්තේ එම නියෝග මත බව පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාස ආරංචි මාර්ග පැවසීය.

  • කොන්දේසි ගණනාවකට ගිවිසුම් ගතව යටත්ව සජිත්ට නමට අපේක්ෂකත්වය දෙන්න සූදානම්..! පැරදුනොත් සජිත්, කල්ලිය පිටින් ගෙදර..

    කොන්දේසි ගණනාවකට ගිවිසුම් ගතව යටත්ව සජිත්ට නමට අපේක්ෂකත්වය දෙන්න සූදානම්..! පැරදුනොත් සජිත්, කල්ලිය පිටින් ගෙදර..

    කොන්දේසි කිහිපයකට ගිවිසුම් ගතව යටත්ව එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නමට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පත් කිරිමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එකඟතාව පල කර තිබේ.

    ඊයේ(24) රාත්‍රි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්ගේ හමුවකදී මෙම එකඟතාව පල කර ඇති බවයි අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.

    අරලියගහ මන්දීරයේ පැවැති එම සාකච්ඡාව සදහා ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාට අමතරව කබීර් හෂිම්, රවී කරුණානායක, නවීන් දිසානායක, රංජිත් මද්දුමබණ්ඩාර, මලික් සමරවික්‍රම යන අමාත්‍යවරුන් ද සහභාගී වී සිට ඇති බව සඳහන්ය.

    කෙසේවෙතත් සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති ධුර අපේක්ෂකත්වය ලබාදීමේදී කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර ඇති බවත්, ඒවාට ගිවිසුම් ගත විය යුතුබවටත් වාර්තා වෙයි.

    විධායක ජනාධිපති ධුරය අහෝසි කිරිම, අග්‍රාමාත්‍යධුරය අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතා වීම ඇතුළු කොන්දේසි කිහිපයක් ඊට ඇතුළත් බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.

    මේ අතර එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය හෙට පෙරවරු 10.00ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රැස්විමට නියමිතයි.

    මෙහිදී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා සදහා කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනිමට නියමිත බවයි එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු සඳහන් කළේ.

    එසේම සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස තරඟකොට ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වුවහොත් දැනට තිබෙන ඔහුගේ නියෝජ්‍ය නායකධුරයද අහිමිවී යන අතර යළි කිසිඳු ලෙසකින් පක්ෂයේ නායකත්වය සඳහා තරඟ කිරීමේ අවස්ථාවද අහිමි වේ. තවද සජිත් කල්ලියේ සාමාජිකයින් පරාජයෙන් පසු එම පරාජය පිළිගෙන පසුපෙළ නියෝජනය කිරීමද අනිවාර්යය බව දන්වා ඇති අතර සජිත් ඊට එකඟ වී ඇති බවටද වාර්තාවේ.

    තවද යම් හෙයකින් සජිත් ප්‍රේමදාස මෙම යෝජනාවලට එකඟව ජනාධිපති අපේක්ෂකත්වය භාර ගත හොත් ඔහුට මේ දක්වා සහයෝගය සහ ඉදිරිය සැලසුම් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට වැලේ වැල් නැති වනු ඇති බව දේශපාලන විචාරකයෝ පවසති.

  • ‘ඕයි, තමුසේ’ කියා සජිත්ගෙට කිලීගෙන් බැණුම් වැස්සක්!

    ‘ඕයි, තමුසේ’ කියා සජිත්ගෙට කිලීගෙන් බැණුම් වැස්සක්!

    එක්සත් ජාතික පක්ෂයෙහි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබාගැනීම සඳහා පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් විසින් ඊයේ (24) සජිත් ප්‍රේමදාස මහතාට ඉදිරිපත් කර ඇති කොන්දේසි ඇසූ සැණින් සිරස මාධ්‍ය ජාලයේ හිමිකරු වන කිලී මහාරාජා මහතා දැඩි කෝපයට පත්ව ඇති බව වාර්තා වේ.

    ඊයේ රාත්‍රී 10.00 පමණ වනවිට සියලුම ප්‍රධාන මාධ්‍ය ආයතන සජිත්ට අපේක්ෂකත්වය ලැබුණු බවට අර්ධ සත්‍යයෙන් යුත් පුවතක් විකාශය කළ නමුත් සජිත් වෙනුවෙන් සිය ප්‍රධාන පුවත් විකාශයෙන් අඩක් වෙන් කරන සිරස මාධ්‍ය ආයතනය ඒ ගැන කිසිවක් වාර්තා කර නොතිබුණේ ද කිලී මහාරාජාගේ මෙම කේන්තිය නිසා බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

    සජිත් පාර්ශ්වය වෙත දුරකථන ඇමතුම් ගණනාවක් ලබාදෙමින් කිලී මහාරාජා උපදෙස් දී ඇත්තේ කිසිදු කොන්දේසියකට කිසිම විටක එකඟ වන්නට සජිත්ට ඉඩ නොතබන ලෙසය. විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිකම, පක්ෂ නායකකම තබා පක්ෂ සාමාජිකත්වයවත් ඉතිරි නොවිය යුතු බවයි ඔහු අවධාරණය කර ඇත්තේ. ඉන් මෙපිට කිසිදු කොන්දේසියකට එකඟ නොවන ලෙස ඔහු ඉතාම තරයේ බලපෑම් කර ඇති බව සඳහන්.

    මේ අතර කිලී මහාරාජාගෙන් තම පුත්‍රයාට වන හිරිහැර පිළිබඳව සජිත් ප්‍රේමදාස මහතාගේ මෑණියන් වන හේමා ප්‍රේමදාස මහත්මිය පසුවන්නේ ද දැඩි කණස්සල්ලෙන් බව ආරංචිමාර්ග සඳහන් කළේය.

    සජිත්ගේ තීරණවලට වැඩියෙන්ම බලපෑම් කළ හැක්කේ මවට වන බව දන්නා නිසා විවිධ පාර්ශ්ව මේ වනවිට ඇයට බලපෑම් කරමින් සිටිති. ඇය මහත් කම්පාවෙන් යුතුව පසුගිය දිනක ප්‍රකාශ කර ඇත්තේ කිලී මහාරාජා තම පුතුගේ අනාගතය විනාශ කරමින් සිටින බවයි.

    සජිත්ට පක්ෂ නායකයා සහ රාජ්‍ය නායකයා වීමේ සිහිනයක් සැමදා තිබුණු නමුත් මේ මෑතක් වනතුරුම ඔහුට ඒ ගැන හදිසියක් නොතිබුණු බව සිහිපත් කර ඇති හේමා ප්‍රේමදාස මහත්මිය ප්‍රශ්න ගණනාවක් පටළවමින් සජිත්ට මේ හදිසිය ඇති කළේ කිලී මහාරාජා විසින් බව ද ප්‍රකාශ කර තිබේ.

    කිලී මහාරාජා තම පුතුව ඔහුව හමුවීමට කැඳවා පැය ගණන් රස්තියාදු කරන බවත් “ඕයි” “තමුසේ” වැනි වචන පවා භාවිතා කරමින් අමතන බවත් ඇය පවසා ඇත්තේ කම්පා වෙමිනි.

    කෙසේවෙතත් මේ වනවිට සජිත් ප්‍රේමදාස මහතා වටා රොක්ව සිටින පුද්ගලයින් සහ නිර්මාණය වී ඇති තත්වය විග්‍රහ කරමින් එජාපයේ ජ්‍යේෂ්ඨතම අමාත්‍යවරයකු අප වෙත පැවසුවේ “ඉස්සර නම් සජිත්ට හිටියේ එක කිලී මහාරාජායි, දැන් කිලී මහාරාජලා ගොඩයි” යනුවෙනි.

  • ජනාධිපති අපේක්‍ෂක නම් කරන්නේ කෘත්‍යාධිකාරියෙන් නම් කරන කමිටුවකින්..ඒ අනුව අපේක්‍ෂක නම් කරන්න සූදානම්!

    ජනාධිපති අපේක්‍ෂක නම් කරන්නේ කෘත්‍යාධිකාරියෙන් නම් කරන කමිටුවකින්..ඒ අනුව අපේක්‍ෂක නම් කරන්න සූදානම්!

    ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග වදින එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා කවුදැයි තීරණය කරන්නේ පක්ෂයේ ව්‍යවස්ථාව අනුව බව එම පක්ෂ මහලේකම් ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    ඒ අනුව ඉතා ඉක්මනින් කෘත්‍යාධිකාරී මණ්ඩලය හා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවසන් එකඟතාවයකට පැමිණෙන බවද ඔහු පැවසීය.

    ජනාධිපති අපේක්‍ෂක තීරණය කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් නාමයෝජනා මණ්ඩලයක් හෝ කමිටුවක් පත් කළ යුතු බව ව්‍යවස්ථාවේ දැක්වෙන බව ද ඔහු කියා සිටියේයය.

    ඒ අනුව එම නාමයෝජනා මණ්ඩලය ජනාධිපති අපේක්ෂකයා නිර්දේහ කරනු ඇතැයිද ඔහු තව දුරටත් පැවසීය.

  • ටයි කෝටි රෙදි අස්සෙන් පවා කුලයේ කුණු බේරේ..!

    ටයි කෝටි රෙදි අස්සෙන් පවා කුලයේ කුණු බේරේ..!

    හෘදසාක්ෂියක් නැති මිනිසුන්ගේ එතැන ඇත්තේ කුණු ගඳ ගහන සැරවා ගෙඩියකි. ඉතිං හෘදසාක්ෂිය ක්‍රියාකාරී වියයුතු සෑම අවස්ථාවකම ඔවුන් වෙතින් වහනය වන්නේ ශිෂ්ට සම්පන්න මනුෂ්‍යත්වය නොව හාත්පස ගඳ ගස්සන දුගඳකි. සජිත්ගේ කල්ලිය ද එහෙමය. ඔවුන්ට හෘදසාක්ෂියක් නැත. ඒ නිසා යෝජනාවක් කළත් වෑහෙන්නේ කුණු ගන්දස්සාරයක් මිස අනෙකක් නොවේ.

    ඊට හොඳම සාක්ෂිය වන්නේ විධායක ජනාධිපති ධූරය ඉවත්කරලීම සම්බන්ධව ඉදිරිපත් කර ඇති යෝජනාව කුල ප්‍රශ්නයක් බවට පරිවර්තනය කිරීමේ නින්දිත උත්සාහයයි. ඒ සම්බන්ධයෙන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු පක්ෂයේ අනෙක් නායකයන්ට නගන අභූත චෝදනාවයි.

    පසුගාමීත්වයන් එජාපයෙන් පැන්නුවේ රනිල්

    මෑත ඉතිහාසයේ කිසිම අවස්ථාවක විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ නායකත්වය යටතේ එජාප ස්ථාවර කිසිවක් පසුගාමීවී නොමැත. ජාතිවාදී, ආගම්වාදී, කුළ මළ, පමණක් නොව ලංකා දේශපාලනයේ වඩාත් පෙරටුගාමී පක්ෂය බවට පත්ව ලිංගික අනන්‍යතා මත වෙනස් ලෙස නොසැලකීම පිළිගෙන කටයුතු කිරීම වෙනුවෙන් පක්ෂ මතය හදන්න තරම් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ නිර්භීත විය.

    අද රාජපක්ෂ කඳවුර එක්සත් ජාතික පක්ෂය දේශප්‍රේමී නොවේය කියන්නේ ද එජාප කඳවුර තුළින් ඉහත සියළු ආකාරයේ සමාජ සංස්කෘතික පසුගාමීත්වයන් අතුගා නූතන සමාජයට ගැලපෙන ආකාරයකට පක්ෂ මතය සකස්කර ඇති නිසාය.

    ලිංගික අපචාර‍ චෝදනා ලබන , භික්ෂු ශාසනයට නිගා දෙන කහකඩයන් පවා ( සුපේෂල ධාර්මික භික්ෂූන් මීට අයත් නොමැති බව සලකන්න ) පක්ෂයට විවේචන ගෙනෙන්නේ එනිසාය.

    නිර්භීත තීන්දුවක් :

    එහෙත් ජාතිවාදී නොවීම , ආගම්වාදී නොවීම, අන්තවාදී නොවීම, කුළ මළ නොතැකීම , ලිංගික අනන්‍යතාව නොතකා කටයුතු කිරීම නූතන ශිෂ්ට සමාජය පිළිගත් දියුණු ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ බැවින් පසුගාමී ගෝත්‍රික විවේචන හමුවේ පවා ඒ නොතකා කටයුතු කරන නිර්භීත තැනක පක්ෂය පසුවෙයි.

    සජිත්ට සර් කියන්න බැරිද ? සජිත්ට අපේක්ෂකත්වය නොදෙන්නේ අඩු කුළේ නිසා වැනි තුප්පහි අදහස් සජිත් පාර්ශවය මතු කරන්නේ එවැනි පසුබිමකය.

    රට පුරා චෛත්‍ය සෑදීම බෞද්ධකම බව සලකන සජිත්ගේ ගොබ්බ ලෝකය අරක්ගෙන දේශපාලන ගේම් හරහා පක්ෂය මෙන්ම රටේ අනාගතය අවධානමේ යොදා සිටින තක්කඩියන් මේ මඩ ප්‍රචාර දියත් කරන්නේ ඇයි ? අපි අවධානය යොමුකළ යුත්තේ ඒ වෙතයි.

    සජිත්ගේ ලෝකය හරි පොඩියි

    සජිත් යනු ජනාධිපති ධූරයට තියා ඉස්කෝලයක පන්ති නායක කිරීමටවත් නොසුදුසු අයෙකු බව ඔහු කරන මොළේ නොමේරූ ප්‍රකාශ හරහා ඔප්පු කරමින් සිටියි. ඔහු ශරීරයෙන් වැඩිහිටියෙකු වුවත් මනසින් බබෙකුට සමානය. පූර්ව ළමාවිය සම්බන්ධ අවරෝධනය නොවූ මානසික අවුල් රැසක් එකවිට ඔහු වෙතින් පෙන්නුම් කරයි.

    කුලය මතක්කර සජිත්ට හර්ට් කිරීම

    හැබෑවටම සජිත්ට අපේක්ෂකත්වය නොදෙන්නේ කුළ භේදය නිසා බවට අදහස සජිත්ගේ පාර්ශවය තුළ සිටින ලිබරල් කුහකයන් මතු කරන්නේ මෙන්න මේ සජිත්ගේ අවුල ඔවුන් හඳුනාගෙන සිටින නිසාය. ඔවුන් “රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ එජාප නායකයන් වෙත මඩ ගහන ලීලාවෙන් ආමන්ත්‍රණය කරන්නේ සජිත්ගේ කුඩා මානසික ලෝකය වෙතයි.

    මන්ද ඔවුන්ගේ තක්සේරුව අනූව ” ආර්. ප්‍රේමදාස ජනාධිපතිට කට ඇර සර් කියූ රනිල්ට සජිත්ට සර් කියන්න බැරි කමක් කොහෙත්ම නැති බව තේරුම් ගන්න තරම් සජිත්ගේ මොලය පරිණත නැත.

    රෙද්දෙන් ලිබරල් මහත්වරු

    අනෙක් කාරණය වන්නේ මේ ලිබරල් රෙදි ඇඳගෙන සජිත්ගේ කල්ලිය නියෝජනය කරන තක්කඩි මහත්වරුන්ගේ අවිඥානය මෙහිදී දොට්ට පැන තිබීමයි. පැහැදිලි ලෙස ඔවුන් ලිබරල් සළු හැඳ සිටින්නේ ලිබරල් සංස්කෘතිය , ලිබරල් නිදහස , ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය ලංකාවේ තහවුරු කිරීමට වඩා ප්‍රසිද්ධියේ ලිබරල්වාදය වෙනුවෙන් පෙනී සිටීමත් ලංකාව තුළ රැඩිකල් වන නිසා පමණයි. ඒ හැර ඔවුන් ලංකාවේ ඇතැම් වම්මුන් මෙන් (පෙනුමින් මාක්ස් වාදී, කොමියුනිස්ට් වාදී වුවත් ඇතුලෙන් පෙම් කරන්නේ උග්‍ර ධනවාදියෙක් වීමට) ය.

    ඒ අනුව මේ ටයිකෝට් ඇඳ මාර ලිබරල් එකක් පෙන්නුම් කරන්න උත්සාහ කළත් ඔවුන්ගේ ඇත්ත ජීවිත තුළ අභ්‍යන්තරයේ ඇත්තේ ඉතා පසුගාමී අදහස් ය.

    මේ අදහස් කෙරෙහි අවධානය යොමුකරන ලෙස අපි ඔබෙන් ඉල්ලමු.

    1. රනිල්ට කිසිදු අවස්ථාවක ජනාධිපති වෙන්න නොදෙන්න මේ කියන පාර්ශවය විරුද්ධ බව තහවුරුයි. 1995 , සිට 2005 දක්වා රනිල්ට බෑ කියන මතය හැදුවේ කුළය සම්බන්ධ වෛරය නිසා විය නොහැකිද ?

    2. දකුණේ දේශපාලනය කුළය මත තීරණය වන අතර ඒ පසුගාමී අදහස් සමස්ථ රටටම ඌනනය කරන්න එන්නේ තමන් අඩු කුළයේ නිසාම එහි අන්තවාදය වෙත තල්ලුවී ගොස් ඇති නිසා විය නොහැකිද ?

    3. මෙවර ජනාධිපතිවරණය සදහා එජාප කඳවුර වෙතින් විධායක ජනාධිපති ධුරය අවසන් කිරීමට විශ්වාසය තැබිය හැකි අපේක්ෂකයා ලෙස කරූ ජයසූරිය පත්කිරීමට යන බව පෙනිපෙනී සජිත්ව උස්සගෙන නාඩගම් නටන්න ගත්තේ කුලය ගැන තියන ඇරියස් එක නිසා නොවේද ?

    4. පක්ෂය තුළ කිසිදු භේදයක් නොමැතිව සලකා තිබියදී කුලයක් ගැන ප්‍රශ්නයක් එන්නේ රනිල් නොව තමන් ඒ ගැන වඩාත් උනන්දුවෙන් කටයුතු කරන නිසා නොවේද ?

    5. අවසන් වශයෙන් ඔබලා කුලවාදී නොවන බව පෙන්වා හිටියට කරන වැඩ ඇතුලේ යළි යළිත් ඔප්පු කරමින් සිටින්නේ සමාජය තුළ තිබෙන ඉතා පසුගාමී අදහසක් වන (අඩු කුලේ වුන් කරන්නේ ජරා වැඩ ) අඩු කුලේ පර හැත්ත යන්න නොවේද ?


  • විධායකය අහෝසි කිරීමට අගමැති ගෙනා යෝජනාවෙන් කැබිනෙට්ටුව රත්වෙයි

    විධායකය අහෝසි කිරීමට අගමැති ගෙනා යෝජනාවෙන් කැබිනෙට්ටුව රත්වෙයි

    විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ (19) සවස පැවැති විශේෂ කැබිනට් රැස්වීමේදී කළ යෝජනාවට ඇමැතිවරුන් බහුතරයක් විරෝධය පළ කර ඇත.

    යෝජනාවට පක්‍ෂව අදහස් දක්වා ඇත්තේ වෛද්‍ය රාජිත සේනාරත්න සහ රවි කරුණානායක යන ඇමැතිවරුන් පමණි.

    ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ සවස 3.00 ට මෙම කැබිනට් රැුස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මෙම විශේෂ කැබිනට් රැුස්වීම කැඳවනු ලැබුවේ අගමැතිවරයා බව ජනාධිපතිවරයා මෙම විශේෂ කැබිනට් රැුස්වීම කැඳවීම පිළිබඳව ඇමැතිවරුන් කළ විමසීමේදී පවසා ඇත.

    කිසිදු න්‍යාය පත‍්‍රයකින් තොරව කැඳවා තිබූ මෙම කැබිනට් රැුස්වීම ආරම්භ කරමින් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අදහස් දක්වා ඇති අතර එහිදී හෙතෙම පවසා ඇත්තේ සිවිල් සංවිධාන රැුසක් විධායකය ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන ලෙසට යෝජනා කර ඇති බවත් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට බලාපොරොත්තු වන්නේ ද විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතු බවය.

    ජනාධිපතිවරණය කැඳවා ඇති මොහොතේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධව සාකච්ඡුා නොකළ යුතු බවත්, එය ජනාධිපතිවරණයෙන් පසුව සාකච්ඡුා කළ හැකි බවත් අගමැතිවරයා දැක්වූ අදහස්වලට විරෝධය පළ කරමින් ඇමැතිවරුන් වන මලික් සමරවික‍්‍රම, මංගල සමරවීර, රාවුෆ් හකීම්, පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන්. පී. තිගම්බරම්, රංජිත් මද්දුමබණ්ඩාර, තලතා අතුකෝරල යන මහත්ම මහත්මීන් ඇතුළු බහුතරයක් අදහස් දක්වා තිබේ.

    මේ මොහොතේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන යෝජනාවක් ගෙන ආවොත් ජනතාව සිතන්නේ අපට මැතිවරණයට මුහුණදීමට නොහැකි යැයි යන වැරදි මතයක් බවත් ඔවුන් සඳහන් කර ඇත.

    මීට සහභාගි වූ ඇමැති සජිත් පේ‍්‍රමදාස මහතා කිසිදු අදහසක් ප‍්‍රකාශ කර නැත.

    විනාඩි 45 ක් පමණ පැවැති මෙම විශේෂ කැබිනට් රැුස්වීම අවසන් කරමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධව පොදු එකඟතාවකට පැමිණ අවශ්‍ය නම් නැවත කැබිනට් රැුස්වීමක් කැඳවන ලෙසය.

  • උන්ගේ සිරසට එරෙහිව ඔබේ සිරස භාවිත කරන්න..

    උන්ගේ සිරසට එරෙහිව ඔබේ සිරස භාවිත කරන්න..

    දැන් හැමෝගෙම මාතෘකාව ” යු.එන්.පී ජනාධිපති අපේක්ෂකයා කව්ද?” ඒ ප්‍රශ්නේ වැඩියෙන්ම අහන්නේ නෙලුම් කුළුනේ කට්ටිය,සිරිසේනගේ කට්ටිය. යු.එන්.පී කාරයෝ ටිකකුත් සජිත් වටේ එකතු වෙලා . සිරිසේන වෙනුවෙන් සජිත් ආරම්භ කරපු මෙගා නාට්‍යයේ අවසාන කොටස් ටික හරි හරියට මහරජාගේ සිරසෙන් පෙන්වනවා.

    ජනපති අපේක්ෂකයා හොයාගන්න එච්චර අමාරු නෑ. ඊටත් වඩා ලෙසීයි කිලී එක්ක ඩීල් එකක් ගහලා එයාලගේ සිරසෙන් මිනිස්සුන්ගේ සිරස අවුල් කරන්න. කාලයක් තිස්සේ මිනිස්සුන්ගේ ළඟම නෑයා කියාගෙන ඇවිත් ඉන්දියාවේ තියෙන ජරාව ලංකාවේ එවුන්ගේ රසවින්දනයට පොම්ප කරා. කොටින්ම කිව්වොත් ලංකාවේ ටෙලිවිෂන් නාට්‍ය කලාව මෙගා නාට්‍ය කලේ ළඟම නෑයා. එකී මෙකී නොකී ආටක නාටක රියලිටි සියල්ල ජනතාගත කරමින් සමස්ත ජනතාවගේ රසවින්දනයට නිර්වින්දනය එන්නත් කලේත් කිලී ය.

    රටක දේශපාලන සුක්කානම භාරගත යුත්තේ කව්ද යන දේ මාධ්‍යයක් විසින් තීරණය කල යුතු නැහැ. මාධ්‍ය විසින් කළ යුතුව ඇත්තේ ජනතාවගේ ඡන්ද අයිතිය වෙනුවෙන් පෙනී සිටීම, ජනතාවගේ සාදාරණය වෙනුවෙන් සටන් කිරීමයි. එසේ නොමැතිව කිසියම් පුද්ගලයෙකුගේ පෞද්ගලික න්‍යායපත්‍ර ප්‍රදර්ශනය කිරීම නොවේ.එවිට සිදුවන්නේ ජනතාවගේ ඡන්ද අයිතිය මාධ්‍ය විසින් බලහත්කාරයෙන් ඔවුන් සතු කර ගැනීමක් වැනිය. කිලීගේ බිල්ලට හසු වී සජිත් ද මේ දිනවල සිටින්නේ විධායක සිහිනයෙන් මුසපත් වීමෙනි.

    රටක ක්‍රිකට් ටීම් එක කව්ද ? රටක ජනාධිපති වෙන්න ඕන කව්ද? රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න මොනවාද ඒවාට ලැබෙන්න ඕන විසදුම් මොනාද? කියන එක තීරණය කරන්න ඕන කීලී ද ? සිරස ද? එසේ නම් රටක පාලනතන්ත්‍රයක අවශ්‍යතාව කුමක් ද? ජනතාවගේ චින්තනයේ ස්වාධීන අයිතිය අහුරණ මාධ්‍ය භාවිතයක නැඟී සිටීම ඒකාධිපතියාගේ නැඟී සිටිමට සමාන නොවන්නේ ද?

  • සජිත් මංගලගේ මිඳුලේ සිට ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලමින් කෙකරබායි

    සජිත් මංගලගේ මිඳුලේ සිට ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලමින් කෙකරබායි

    අගමැති රනිල් ඊයේ (16) එජාප කණ්ඩායම් හමුවේ ඉතා පැහැදිලිව කිව්වා ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීම සම්බන්ධ කමිටු තීරණය අනූව එජාප අපේක්ෂකයා නම් කරන බව.

    ඒ එක්ක පස්ස දැවිල්ල ගත්තේ සජිත්ගේ කල්ලියේ. පක්ෂ සමගිය බිඳිමින් පක්ෂය අරාජික කර එජාපය නම් අභිමානවත් සහ ප්‍රෞඩත්වයෙන් යුතු පක්ෂය කිලී මහරාජාගේ හා මෛත්‍රීපාලගේ දෙපා මුලට දාන්න වලිකන මේ කල්ලියේ පස්ස දැවිල්ල ගත්තේ වරදකාරී හැගීම් ඔවුන් වෙලාගෙන තියන නිසා.

    නැත්නම් බය වෙන්න කිසිම හේතුවක් සජිත්ගේ කල්ලියට නෑ. ඒ ඇයි කියනවා නම් ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධ කමිටුවේ වැඩියෙන් ඉන්නෙ සජිත්ගේ කල්ලියේ සාමාජිකයන්.

    මේ කමිටුවේ සාමාජිකයන් 5යි. රාජිත සේනාරත්න , දිනේෂ් වීරක්කොඩි , රංජිත් මද්දුමබණ්ඩාර , කබීර් හෂීම් සහ මලික් සමරවික්‍රම ඒ සාමාජිකයන්.

    අගමැතිගේ කතාව නිසා පස්ස දැවිල්ල ඇරගන්න සජිත්ගේ කල්ලිය කළේ දඩිබිඩියේ මාධ්‍ය හමුවක් සංවිධානය කිරීමයි. ඒ අද (17) මංගලගේ ගෙදර මිදුලේ.

    හැමදාම කියවන නංදෙඩවීමට වැඩි දෙයක් එතන කියවුනේ නෑ. ඒත් මාධ්‍යවේදී සගයෙක් සජිත්ගෙන් නියම ප්‍රශ්නයක් ඇහුවා. ඒ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට පක්ෂද කියලයි.

    සජිත් අමාරුවෙන් තටමන්න ගත්තා. තටමලා තටමලා කිව්වෙ මොකක්ද ? විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම ගැන කවුරුවත් විද්‍යාත්මකව සොයා බලා නෑ කියලයි. ඒ වගේම ඔහු කිව්වේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට ජනතාව දෙන තීන්දුව අනූව කටයුතු කරනවා කියලයි.

    කිලීගේ සහ මෛත්‍රීපාලගේ පිල්ලිය මොකක්ද මේ කියන හරුපේ. විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම කියන්නේ 2015 ජනවරමට දුන්න පොරොන්දුවක් සහ එජාප ප්‍රතිපත්තියත් එයයි.

    මෑත ඉතිහාසය ගත්තාම, මහින්ද රාජපක්ෂ විධායක ජනාධිපති ධූරය බල තණ්හාව ඉහට ගහපු එයින් රෝගී වූ ඒකාධිපතියකුට ලැබුණු විට ජනතාවට වෙන දේ ඔප්පු කළා. මැරෙන තුරාවට රජෙකුගේ බලතල එක්ක ජනාධිපති වෙන්නයි මහින්ද ගේම ගැහුවෙ. ඒ ඇතුලේ නිදහස ලැබුණේ කාටද ? මිනීමරු ස්ත්‍රී දූෂකයෙකුට වුනත් මහින්දගේ මිනිහෙක් නම් ආරක්ෂාව තහවුරු වුනා. කොච්චර සාධාරණ යුක්තිගරුක වුනත් මහින්දගේ නෙවෙයි නම් මිනිය පවා අතුරුදහන් කරන ඒ ගැන අහන්න පවා බැරි පසුබිමක් මහින්ද විධායක ජනාධිපති විදියට නිර්මාණය කළා.

    අන්න ඒ මිලේච්ඡ ඒකාධිපති වියරුව 2015 දී පරාජය කලා. එහි ප්‍රමුඛ පොරොන්දුව විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම.

    ඒත් 2015න් පස්සේ වැරදුණු තැනක් තිබුනා. ඒ දිනන්න පුළුවන් අපේක්ෂකයා සහ පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල කියන දැක්මක් නැති නොදියුණු මනසින් පිරුණු හීනමාන පෞරුෂයක් ඒ නිසාම ඇතිව සිටි අයෙකු ජනාධිපති කිරීම.

    ඔහු යහපාලනය ආරම්භ අවස්ථාවේ පොරොන්දු නිසාම 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගන්න සහය දුන්නා. නමුත් පසුව බල තණ්හාව ගැහුවා. හීනමානය දෝරේ ගලාගොස් පිස්සු නටන්න ගත්තා.

    ඔක්තෝබර් 26 ව්‍යවස්ථා විරෝධී ආණ්ඩුවක් අටවගෙන සිරිසේන ඔප්පු කලා ඒකාධිපති ගායෙන් පෙළුණු රජ උෂ්ණය ගහපු මහින්ද වැනි පාලකයෙක් නැවත බිහිවීමේ අනතුර නිසා විතරක් නෙවෙයි මෛත්‍රීපාල වගේ පිස්සු හුටං කෙනෙක් බිහිවීමේ අවධානම නිසාත් විධායක ජනාධිපති ධූරය තවදුරටත් මේ තියන ආකාරයට ලංකාවට අහිතකර බව.

    රාජ්‍ය නායකයා ලෙස ඉන්දීය බුද්ධි අංශ (රෝ ඔත්තු සේවය ) තමන්ව ඝාතනය කරන්න ඉන්න බව කියලා පස්සෙ මෝදි අග්‍රාමාත්‍යවරයා වෙතින් සමාව ගත්ත මෛත්‍රීපාල ඔප්පු කරා ඒ වගේ රාජතාන්ත්‍රිකයක හැසිරීම නොදන්නා , නොදියුණු , ග්‍රාම්‍ය මනසක් ඇති අයෙකු යම් බලතල කප්පාදුවක් යටතේ වුවත් රාජ්‍ය නායකයා ලෙස කොතරම් අන්තරාවකට රට පත්කිරීමට පුලුවන්ද කියන එක.

    ඒ එක්කම තමයි විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම අදටත් ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරේ ප්‍රධාන කොන්දේසියක් වී තියෙන්නේ. එහෙම වෙලාවක තමයි සජිත් මේ විද්‍යාත්මක සොයා බැලීමක් ගැන බහුභූත කියවන්නේ.

    මේ ප්‍රකාශය ඉතා බරපතලයි. මොකද මෙයින් පැහැදිලි ලෙස කියවෙන්නේ සජිත්ගේ තියන බල තණ්හාව නිසයි. පක්ෂයේ හෝ ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරේ අපේක්ෂාව , අරමුණ ගැන ශුද්ධ වූ විශ්වාසයක් සජිත්ට නෑ. ඒ වගේම සජිත්ගේ වැඩපිළිවෙළ ඇතුලේ එජාපය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී බලවේග වල අපේක්ෂාව සමග සජිත්ගේ අපේක්ෂාව කොහෙත්ම පෑහෙන්නේ නැති බව ඒ අනූව පැහැද ඉතා පැහැදිලියි.

    සජිත්ට ඕන කොහොම හරි ජනාධිපති අපේක්ෂකත්වය කොල්ල කන්න විතරයි. ඒ වෙනුවෙන් ඕන මජරම වැඩක් කරන්න සජිත් ඇතුළු ඔහුගේ කල්ලිය සූදානම්. නමුත් ප්‍රශ්නයක් තියනවා. සියළු දෙනා එකමුතුව මුහුණදීමට සිදුවන අභියෝගයක් බවටත් එය පත්වෙනවා.

    ඒ , සජිත් අපේක්ෂකයා කරගෙන ඔහුට ජනාධිපති වීමට සහයදී මේ රටට පිළිලයක් වී ඇති විධායක ජනාධිපති ධූරය අහෝසි කරගන්නේ කොහොමද ?

    හෙට ප්‍රෙස් එකක් තියලා සජිත්ගේ කල්ලිය කියයි “නෑ නෑ නෑ .. අපි විධායක ජනාධිපති ධූරය අහෝසි කරනවා .. සජිත් ඒකට පක්ෂයි. අපේ වැඩපිළිවෙළට ඒක ඇතුලත් ” වගේ පට්ටපල් කෙබරයක් .

    ඒත් අමතක කරන්න නරකයි දැක්මක් වැඩපිළිවෙළක් නැතුව ඇවිත් යහපාලනය වැඩපිළිවෙළට පැනලා ජනාධිපති වුන මෛත්‍රීපාලත් ඕකම තමයි කිව්වේ. මේ වගේ භ්‍රෂ්ටයන් එන්නේ කොහොම හරි අපේ වැඩපිළිවෙළට ඇතුල් වෙලා බලය ගන්න මිසක් ඒ අයගේ ජීවිත වල දියුණු ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් වෙනුවෙන් සැබෑ කැපවීමක් හෝ පෙළඹුමක් නෑ .

    එහෙනම් එහෙම ප්‍රෝඩාදාස කෙනෙක් ජනාධිපති අපේක්ෂකයා කරන්නේ මොකටද ? පස්සෙ ” පර බල්ලා ” කියලා බැන්නාම ඇතිද? මෛත්‍රීපාල නිසා වැටුනු වලේ ප්‍රෝඩාදාස නිසා වැටෙන්න ඕනද ?


  • සිවිල් සංවිධාන සහ පාක්ෂිකයින්ගේ ඉල්ලීම මත එජාප ජනාධිපති අපේක්ෂකයා වීමට කරූ සූදානම්..!

    සිවිල් සංවිධාන සහ පාක්ෂිකයින්ගේ ඉල්ලීම මත එජාප ජනාධිපති අපේක්ෂකයා වීමට කරූ සූදානම්..!

    පසුගිය සති කිහිපය තුල ගෞරවනීය නායක හිමිවරු ඇතුළු මහා සංඝරත්නය සහ අනෙකුත් පුජ්‍ය ප්‍රසාදීන් වහන්සේලා, විවිධ සිවිල් සංවිධාන ප්‍රධානීන්, විශ්වවිද්‍යාල ආචාර්යවරු හා විවිධ ක්ෂේත්‍රවල බුද්ධිමතුන්, වෘත්තිකයන්, තරුණ සංවිධාන නියෝජිතයින් මෙන්ම දේශපාලන ක්‍රියාකාරින්ද විවිධාකාරයෙන් තමන් ඇමතු බවත්, ඇතැම් පිරිස් පුද්ගලිකව පැමිණ තමන් හමුවු අතර තවත් අය දුරකථනයෙන් අමතමින් හා ප්‍රසිද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවන් පවත්වමින්ද තමාගෙන් ඉල්ලා සිටියේ සුවිශේෂි කරුණු කිහිපයක් වෙනුවෙන් ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන ලෙසට වන යෝජනාව තමා කොන්දේසි සහිතව රට වෙනුවෙන් භාර ගැනීමට සූදානම් බව කථානායක කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

    එම සියලු පාර්ශවයන් ඉදිරිපත් කළ පොදු කරුණ නම්, රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමින් සීඝ්‍ර සංවර්ධනයක් කරා රටේ ශ්‍රම බලකාය ඇතුළු ආර්ථික සංවර්ධනයට ඉවහල් වන සියලු අංශ මෙහෙයවීමටත්, පවතින දේශපාලන ව්‍යාකූලත්වය සමනය කර ශිෂ්ඨසම්පන්න සත් පුරුෂ පාලනයක් ස්ථාපිත කිරිමත් සඳහා විශ්වාසනීය නායකත්වයක් රටට අත්‍යාවශ්‍ය හෙයින්, එම ඉල්ලිම ඉදිරිපත් කරන බවයි.

    තමන් කෙරෙහි එවන් විශ්වාසයක් රැඳවීම පිළිබඳව පුජ්‍ය පක්ෂය ඇතුළු අනෙකුත් සියලු පාර්ශවයන්ට එතුමාගෙ කෘතවේදිත්වය පිරින බවද කතානායකවරයා පවසයි.

    කෙසේ වුවද, ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස ලැබී ඇති කවර ඉල්ලිමක් වුවද මා හට සලකා බැලිය හැක්කේ, “ 1995 වසරේ සිට අප අඛණ්ඩව පෙනී සිටි විධායක ජනාධිපති ධූරය අහෝසි කරලීමේ පරමාර්ථය මුඛ්‍ය අරමුණ කොටගත් දේශපාලන බලවේග සමඟ එක්ව පමණක් බවද එම නිවේදනයේ සඳහන් වේ.

    එමෙන්ම 17 වන සංශෝධනය මඟින් ඉදිරිපත් කරන ලදුව 19 වන සංශෝධනය මඟින් තහවුරු කල දියුණු ප්‍රශස්ත ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටින පාර්ශවයන් සමඟ පමණි.

    එය දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් සහිත ආර්ථික හා සදාචාරාත්මක වශයෙන් ශක්තිමත් සුරක්ෂිත දේශයක් උදෙසා පදනම සැකසීම පිණිස යම් නිශ්චිත සීමිත කාලයක් සඳහා කරනු ලබන කැපවීමක් මිස කිසිවිටකත් ජනාධිපති තනතුර අපේක්ෂාවෙන් කරන මැදහත්විමක් නොවන බවද අවධාරණය ‍කරන බව ද ඒ මහතා සිය නිවේදනයේ සඳහන් කර ඇත.

    කෙසේ නමුත් එක්සත් ජාතික පෙරමුණ ප්‍රධාන කොටගත් පාර්ශවයන් නියෝජනය කරමින් එලෙස ඉදිරිපත් වන්නේ නම් එය පක්ෂයෙහි ව්‍යවස්ථාවට අනුකූලව සියලු පාර්ශවයන්ගේ ආශිර්වාදය ද සහිතව සිදුවිය යුතු බව සිය හැඟීම බවද කතානායකවරයා සිය නිවේදනයෙන් දන්වා ඇත.

  • එජාපයේ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා වඩාත්ම සුදුසු කෙනා කරූ ජයසුරියයි – මහා සංඝරත්නයෙන් බලවත් ඉල්ලීමක්

    එජාපයේ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා වඩාත්ම සුදුසු කෙනා කරූ ජයසුරියයි – මහා සංඝරත්නයෙන් බලවත් ඉල්ලීමක්

    එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය සඳහා වඩාත්ම සුදුසු පුද්ගලයා කරූ ජයසූරිය මහතා බවත් අග්‍රාමාත්‍ය ධුර අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාටත් ලබාදීම වඩා සුදුසු බව වයඹ පළාතේ ප්‍රධාන සංඝ නායක පූජ්‍ය මුගුණුවටවන සිද්ධත්ථ හිමියන් පවසයි.

    සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ භික්ෂු සංසදය ඊයේ කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේය.

    කරූ ජයසුරිය මහතා ඉතාමත්ම ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකු බවත් ඔහුට මේ වන තෙක් ඇඟිල්ල දිගු කිරීමට කිසිදු වරදක් නැති බව එහිදී අදහස් දැක්වු ඓතිහාසික සුදුහුම්පොළ රජ මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය මකුරුප්පේ ශ්‍රී නාගසේන රතනජෝති හිමි පැවසීය.

    මේ මොහොතේ දී රට ජාතිය ආගම හා පක්ෂය ගැන සළකා ජනාධිපති අපේක්ෂකත්වය කරූ ජයසුරිය මහතාට ලබා දීම වඩා සුදුසු බව අග්‍රාමාත්‍යවරයාට සිහිපත් කළ යුතු බවත් උන්වහන්සේ පැවසීය.

    https://youtu.be/CmfNYVlPABk


  • යළි කිරිපිටි හිඟයක්..! කිරිපිටි ආනයනය නවතී..

    යළි කිරිපිටි හිඟයක්..! කිරිපිටි ආනයනය නවතී..

    කිරිපිටි සමාගම් විසින් කිරිපිටි ආනයනය ඊයේ (12) සිට නතර කර දමා තිබේ.  කිරිපිටි මිල ඉහළ දැමීමට රජය අවසර ලබා නොදීමට විරෝධය පළ කර මෙම තීරණය ගෙන තිබේ.

    කිරිපිටි කිලෝව රුපියල් පනහකින් ද ග‍්‍රෑම් 400 පැකට්ටුව රුපියල් 20 කින් ද ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු අධිකාරියේ අවසරය ලැබුණු නමුත් රජයේ ජීවන වියදම් කමිටුව එය ක‍්‍රියාත්මක නොකරන බව කිරිපිටි සමාගම් පවසයි.

    මේ නිසා දැනට වෙළෙඳපොළේ ඇති කිරිපිටි තොග අවසන් වූ පසු කිරිපිටි හිඟයක් ඇතිවන බව ද එම සමාගම් පවසයි.

    ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මෙටි‍්‍රක් ටොන් එකක් ඇමෙරිකානු ඩොලර් 3200 – 3300 ත් අතර වන බව ද රජය විවිධ බදු ලෙස කිරිපිටි කිලෝවකට රුපියල් 180 ක් අයකරන බව ද මේ නිසා කිරිපිටි කර්මාන්තය වර්තමාන මිල ගණන් යටතේ පවත්වාගෙන යා නොහැකි බව ද කිරිපිටි සමාගම් කියා සිටී.

  • මහබැංකු කොල්ලකරු අර්ජුන් මහේන්‍ද්‍රන් සිංගප්පූරුවෙන් ලංකාවට ආනයනය කරන්න සූදානම්!

    මහබැංකු කොල්ලකරු අර්ජුන් මහේන්‍ද්‍රන් සිංගප්පූරුවෙන් ලංකාවට ආනයනය කරන්න සූදානම්!

    මහබැංකු බැඳුම්කර නඩුවේ පළමු විත්තිකාර හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා උදර්පන නීතිය යටතේ ශ‍්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය ලිපි ලේඛන සිංගප්පූරුවේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විසින් ඊයේ (12) එරට විදේශ කටයුතු අමාත්‍යාංශයට බාරදී ඇත.
     
    සිංගප්පූරුවේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් ශෂිකලා පේ‍්‍රමවර්ධන මහත්මිය වෙත අදාළ ලිපි ලේඛන ශ‍්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් පෙරේදා (11) භාරදුන් බවත් එම ලිපි ලේඛන ඊයේ (12) තානාපති කාර්යාලය මගින් එරට විදේශ කටයුතු අමාත්‍යාංශයට භාරදුන් බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
     
     මෙලෙස අර්ජුන මහේන්ද්‍රන් මහතා ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පිටු 21,000 කට අධික ලිපි ලේඛන ගොනුවට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පසුගිය 06 වැනිදා අත්සන් තැබීය.

  • රනිල් ළඟ අලි මන්ත්‍රයක් (වීඩියෝ)

    රනිල් ළඟ අලි මන්ත්‍රයක් (වීඩියෝ)

    එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකයා බවට පත්වෙමින් ඉදිරි ජනාධිපතිවරණයේදී හම්බන්තොට දිස්ත්‍රික්කය ජයග්‍රහණය කර පෙන්වන ලෙස තමන් සජිත් ප්‍රේමදාස මහතාට අභියෝග කරන බව පාර්ලිමෙන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසයි.

    ඊයේ(13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේය.

    පාර්ලිමෙන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේ ලංකාවේ අලි හීලෑ කිරීමට හැකි හොඳම නායකයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බවත් අග්‍රාමත්‍යවරයා සතුව අලි මන්ත්‍රයක් ඇති බවයි.

    මේ අතර එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ බහුතර බලය මේවනවිට සජිත් ප්‍රේමදාස මහතාට හිමිව ඇති බව කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසයි.

    අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රිවරයා සඳහන් කළේ සන්ධානගතව සිටින පක්ෂවල සහයද සජිත් ප්‍රේමදාස මන්ත්‍රිවරයාට හිමිව ඇති බවයි.

    මේ අතර අග්‍රාමාත්‍යවරයා සහ සජිත් ප්‍රේමදාස මහතා සාකච්ඡා කර ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ස්ථාවරයකට පැමිණ ඇති බව දිලිප් වෙදආරච්චි රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. මේ අතර සන්ධානයක් ලෙස දැක්මක් සහිත පුද්ගලයෙකු සමඟ ඉදිරි ජනාධිපතිවරණයේදී කටයුතු කළ යුතු බව ජාඇල ප්‍රදේශයේදී අර්ජුන රණතුංග අමාත්‍යවරයා කියා සියේය.

    https://youtu.be/QKTKrp2LD-g