Blog

  • පොහොට්ටුවේ හොට්ටන්ගේ ගෑස් නොබලා ශ්‍රීලනිපයෙනුත් අපේක්ෂකයෙක්!

    පොහොට්ටුවේ හොට්ටන්ගේ ගෑස් නොබලා ශ්‍රීලනිපයෙනුත් අපේක්ෂකයෙක්!

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ පැවැත්වෙන ඉදිරි සාකච්ඡා අසාර්ථක වුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට හැකියාව තිබෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

    එසේ වූවත් අපේකෂකයන් දෙදෙනකු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු නොවන බවත් හැකිතාක් සුබවාදී ලෙස සාකච්ඡා අවසන්කර ගැනීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා පැවසීය.

    හෙතෙම මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ දී ඊයේ (22) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සාකච්ඡා වට 6ක් පවත්වා ඇති බවත්, මේ වනවිට එම සාකච්ඡා තාවකාලිකව නවතා තිබූ නමුත් ලබන සඳුදා දිනයේ දී නැවත සාකච්ඡා ආරම්භ කරන බවත් ඒ මහතා කීවේය. දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න මහතා සහ තමා ඒ සාකච්ඡාවලට පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත්වන බවත් එහිදී රට වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ගැන සාකච්ඡා කරන බවත් පැවසීය. ගෝඨාභය රාජපක්ෂ මහතා පොදු ජන පෙරමුණේ සාමාජිකයෙක් නොවන බැවින් ඔහු සමඟ ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව පැවසූ ඒ මහතා, පක්ෂයේ අනන්‍යතාව, ප්‍රතිපත්ති හා යෝජනාවලට එකඟ වූ පසු ඒ මහතා සමඟ ගිවිසුම්වලට එළැඹීමට සුදානම් බව ද කීවේය. ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලබා ගත හැකි හොඳම ක්‍රමය පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනීම බවද ඒ සඳහා ආරාධානා කර සිටින බව ද හෙතෙම පැවසුවේය. එසේම එක්සත් ජාතික පක්ෂය සමඟ සාකච්ඡා පැවැත්වීමට කිසිදු තීරණයක් නිදහස් පක්ෂයෙන් ගෙන නොමැති බව ද වැඩිදුරටත් කියා සිටියේය.

  • ද්විත්ව පුරවැසිභාවය අහෝසි කරගත්තා – ගෝඨාභය මාධ්‍ය හමුවේ කියයි (වීඩියෝ)

    ද්විත්ව පුරවැසිභාවය අහෝසි කරගත්තා – ගෝඨාභය මාධ්‍ය හමුවේ කියයි (වීඩියෝ)

    සිය ඇමරිකන් පුරවැසිභාවය ඉකුත් අප්‍රේල් මස 17 වැනිදා ඉවත් කර ගත් බවත් ඒ සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුවත් කළ බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

    අද (22) පෙරවරුවේ බත්තරමුල්ල නෙලූම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවැති රැස්වීමකට එක්වෙමිනි ඔහු මෙම අදහස් පළ කළේය.

    ද්විත්ව පුරවැසියෙක් ලෙස සඳහන් කර තමන්ට ලබාදී තිබූ විදෙස් ගමන් බලපත්‍රය අවලංගු කර ශ්‍රී ලාංකික පුරවැසියෙක් බව සඳහන් නව ගමන් බලපත්‍රයක් මේවන විට තමන්ට නිකුත් කොට ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.

    සිය පුරවැසිභාවය සම්බන්ධයෙන් නොයෙකුත් අසත්‍ය ප්‍රචාර දිගින් දිගටම අසන්නට ලැඛෙන බවත් අධිකරණ මාර්ගයෙන් හෝ තමන්ට යම් ප්‍රශ්නයක් ඇති කිරීමේ උත්සාහයන් ඒ තුළ අන්තර්ගත වී ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

    ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත්වීමේ කිසිදු බාධාවක් තමන්ට නැතැයිද එහිදි ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

    ඉදිරි මැතිවරණ ව්‍යාපාරයේදී ජයග්‍රහණය අත්පත්කර ගැනීම සම්බන්ධයෙන් නිසි වැඩපිළිවෙලක් පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා විසින් සකස් කර ඇති හෙයින් අප විසින් කළ යුතුව ඇත්තේ වරදක් නොකිරීමට වගබලා ගැනීම යැයිද ඒ මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

  • එජාප ජනාධිපති අපේක්ෂකත්වයේදී සජිත්ට වඩා කරු ඉදිරියෙන් බව සමීක්ෂණ වාර්තා තහවුරු කරයි! කරු තරඟ කළොත් ගෝඨා අමාරුවේ!

    එජාප ජනාධිපති අපේක්ෂකත්වයේදී සජිත්ට වඩා කරු ඉදිරියෙන් බව සමීක්ෂණ වාර්තා තහවුරු කරයි! කරු තරඟ කළොත් ගෝඨා අමාරුවේ!

    එළඹෙන ජනාධිපතිවරණයේදී ජ යග්‍රහණයකලහැකි අපේක්ෂකයන් දෙදෙනා වන්නේ සජිත් ප්‍රේමදාස සහ ගෝඨාභය රාජපක්ෂ බවට ගෙනගිය සමීක්ෂණ වාර්තා සියල්ලම අසත්‍ය මෙන්න බොරු තොරතුරු මත පදනම්ව සකස්කල එවා බව මේ වනවිට තහවුරු වි තිබේ.

    රටේ පිළිගත් පේරාපෙණිය විශ්ව විද්‍යාලයේ සමීක්‍ෂක කණ්ඩායමක් විසින් ජනපති අපපක්ෂකයන් පිළිබඳ ඡන්ද දායක ආකල්ප විමසීම සඳහා කරනු ලැබු මත විමසීමට අනුව කලාප 7ක ඉදිරියෙන් සිටිමින් ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරිමට වත්මන් එජාප උප නායක කරු ජයසුරියට හැකියාව ලැබි තිබේ.

    ගෝඨාභය,කරු සහ අනුර අතර සටනින් ජය කාටද?

    ගෝඨාභය,සජිත් සහ අනුර සැසඳීමේදී සජිත්, ගෝඨාභය ඉදිරියේ පහසුවෙන් පරාජය වන අයුරු

    පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමීක්ෂණ කණ්ඩායමක් විසින් ඡන්දදායක ආකල්ප පිළිබඳව කරනු ලැබූ මත විමසුමකදි ගෝඨාභය රාජපක්ෂ පරාජය කිරීමට සජිත් ප්‍රේමදාස හට නොහැකි බවත් ඒ සඳහා හැකියාව ඇත්තේ කරු ජයසූරියට බවත් අනාවරණය කොට ගෙන තිබෙනවා.

    මේ මත විමසීමේ මූලික අරමුණ වූයේ දැනට පත් කර ඇති හෝ පත් කරනු ඇතැයි විශ්වාස කරන ප්‍රධාන පක්ෂ තුනේ එනම් එක්සත් ජාතික පක්ෂය, ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හා ජනතා විමුක්ති පෙරමුණ යන කණ්ඩායම් වලට අයත් අපේක්ෂකයන්ගේ ජනප්‍රියත්වය පිළිබඳව අදහසක් ලබා ගැනීමයි.

    ඒ අනුව එක්සත් ජාතික පක්ෂය තවම අපේක්ෂකයෙකු නම් කොට නොමැති වුවත් පත් කිරීමට හැකි බවට වඩා වැඩි ප්‍රවනතාවයක් හිමි අපේක්ෂකයන් දෙදෙනා මේ සඳහා තෝරා ගෙන ඇත. ඒ අනුව තෝරා ගත් අපේක්ෂකයක් වන්නේ,

    01. ගෝඨාභය රාජපක්ෂ
    02. අනුරකුමාර දිසානායක
    03. සජිත් ප්‍රේමදාස
    04. කරු ජයසූරිය

    එසේම මෙම සමීක්ෂණය සඳහා ප්‍රධාන වශයෙන් ම උපකල්පන කිහිපයක්ද උපයෝගි කරගෙන ඇත. එනම්

    ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නිල වශයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකරන අතර ඔවුන් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණු අපේක්ෂකයා වෙත සහය පල කරනු ඇත.

    එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා කවුරුන් වුවද පක්ෂය කැඩී යන්නේ නැත.

    සුළු පක්ෂ අපේක්ෂකයන් ඉදිරිපත් කරන්නේ නැත.

    සමීක්ෂණය සඳහා අරමුණු නියැදියක් තෝරා ගෙන ඇති අතර සමාජ, ආර්ථික සහ ජනවාර්ගික වෙනසක් හා ප්‍රාදේශිය මට්ටමේ වැදගත් බේදීම් පදනම් කරගෙන නියදි ස්තර සකස් කොට ගෙන ඇත. එම නියැදි ස්ථර ලෙසට කොළඹ මහනගර ප්‍රදේශය, කොළඹ වෘත්තිය කලාපය, මහනුවර, ගම්පහ, ගාල්ල යන අතිරේක නාගරික ප්‍රභේද තුන, ග්‍රාමිය සහ බෞද්ධ කලාපයන් ( ගම්පහ, කෑගල්ල, උතුරුමැද, වයඹ සහ දකුණ බෞද්ධ ජනයා ජීවත්වන ප්‍රදේශ), මොණරාගල, හම්බන්තොට, වයඹ පළාත් වල ඇති අති දුෂ්කර ප්‍රදේශ, උතුරු නැගෙනහිර දෙමළ ජනයා බහුල ප්‍රදේශ, උතුරු නැගෙනහිර මුස්ලිම් ජනයා බහුල ප්‍රදේශ, ක්‍රිස්තියානි ජනයා බහුල වශයෙන් ඇති ප්‍රදේශ තෝරා ගෙන ඇත.

    මෙම සමීක්ෂණයේදි ප්‍රධාන වශයෙන් වැදගත් නිගමන කිහිපයකට එළඹීමට හැකියාව ලැබී ඇති අතර ඉන් ප්‍රධාන වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කිරීමට සජිත් ප්‍රේමදාස මහතාට නොහැකි බවත් එම හැකියාව ඇත්තේ කරූ ජයසූරිය මහතාට බවත් ය. ගෝඨාභය රාජපක්ෂ හා කරු ජයසූරිය අතර තරගයේදි කරු ජයසූරිය කලාප 7 ඉදිරියෙන් සිටින අතර, ගෝඨාභය රාජපක්ෂ හා සජිත් ප්‍රේමදාස අතර සටනේදි සජිත් ඉදිරියෙන් සිටින්නේ කලාප 4 කදි පමණක් වන අතර එහි ඡන්ද ප්‍රතිශතයද කරූ විසින් ලබා ගත් ඡන්ද ප්‍රතිශතයට වඩා අඩුය.

    එසේම නාගරික ප්‍රදේශ වල සජිත් ප්‍රේමදාස වෙත ඇත්තේ අඩු ආකර්ශනයක් වන අතර ඔහු ගෝඨාභය රාජපක්ෂ හට පරාජය වීමට එයද හේතුවක් වී ඇත.

    පසුගිය මැතිවරණයේදි මහින්ද රාජපක්ෂ වෙත වාසි දායක වූ සිංහල බෞද්ධ පදනමේ දි කරු ජයසූරිය මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාට වඩා වැඩියෙ තරගකාරීත්වය ලබා ගෙන ඇති අතර ගෝඨාභය ට වඩා ඉදිරියෙන් සිටි. රනිල් වික්‍රමසිංහ මහතාට නොමැති සිංහල බෞද්ධ ප්‍රතිරූපයක් කරූ ජයසුරිය මහතාට තීබීම එයට හේතුව වේ.

    එසේම අනුර කුමාර දිසානායක තරග කිරීම නිසා එක්සත් ජාතික පක්ෂයට හා ශ්‍රි ලංකා පොදුජන් පෙරමුණට සමාන ලෙස පාඩු වන බවත්, ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට සහය දැක්වීමට ඉදිරිපත් වුවද එහි සියළුම ඡන්ද පොදුජන පෙරමුණ ලබා නෙදන බවත් සමීක්ෂණයේදි නිගමනය වී ඇත.

    එසේම සජිත් ප්‍රේමදාස මහතා තරග කිරීමෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට වඩා අනුර කුමාර දිසානායක මහතාට වඩා වැඩියෙන් වාසි විය හැකි බවත් මෙහිදි නිගමනය කොට ගෙන ඇත.

  • පැරෂුටය ක්‍රියාත්මක නොවී දක්ෂතම පැරෂුට් සෙබළා අවසන් ගමන් ගිය සංවේදී කථාව (සංවේදී වීඩියෝ දර්ශන සහිතයි)

    පැරෂුටය ක්‍රියාත්මක නොවී දක්ෂතම පැරෂුට් සෙබළා අවසන් ගමන් ගිය සංවේදී කථාව (සංවේදී වීඩියෝ දර්ශන සහිතයි)

    විශේෂ කාර්ය බලකායේ සුපිරි දක්ෂතා දැක්වූ පැරෂුට් සෙබළෙකු අද පුහුණුවකදී සිදුවූ අනතුරකින් ජීවිතක්ෂයට පත්විය.

    සිද්ධියෙන් මියගියේ බළලත් නිලධාරී චම්පික කුමාරසිංහ නමැති නිලධාරියායි. පිමි 900කට ආසන්න සංඛ්‍යාවක් පැන ඇති ඔහු යුද හමුදාවේ දක්ෂතම පැරෂුට් සාමාජිකයෙක්.

    අද(20) පෙරවරු 8 ට පමණ අම්පාර උහන ගුවන් හමුදා කඳවුරේදී පැරෂුට් පුහුණුවීම් කටයුතු සිදුව තිබේ.

    අදාළ පුහුණුවීම් සඳහා වයි 12 කුඩා ගුවන් යානයට නැගි චම්පික සහ තවත් පැරෂුට් සෙබළෙකු බිමට පැන ඇත්තේ, අඩි දස දහසක පමණ උඩක සිටයි. එහිදී චම්පික කුමාරසිංහ නැමති බලලත් නිලධාරියාගේ පැරෂුටය ක්‍රියාත්මක වී නැහැ.

    යුද හමුදා පැරෂුට් කණ්ඩායමේ පුහුණුකරු කර්නල් විජිත හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේ, උහන ගුවන් හමුදා කඳවුර ආසන්නයේ පිහිටි පැරෂුට් පතිත කලාපයේදී චම්පික කුමාරසිංහ සොයාගැනීමට හැකි වූ බවයි. ඔහු අම්පාර රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව පොලිසිය ප්‍රකාශ කළේය.

    දෙදරු පියෙකු වන 42 හැවිරිදි චම්පික කුමාරසිංහ කඹුරුපිටියේ පදිංචිකරුවෙක්. පැරෂුට් කණ්ඩායමේ වසර 12ක පමණ පළපුරුද්දක් ඇති ඔහු, මහා බ්‍රිතාන්‍ය, ඉන්දුනීසියාව සහ ඩුබායි රාජ්‍යවලදී ජාත්‍යන්තර පැරෂුට් සංදර්ශනවලට සහභාගි වී තිබේ. අවසන් වරට ඔහු පැරෂුට් භටයෙකු සිදුකරන දුෂ්කරම පාඨමාලාව වූ බේස් ජම්ප් හදාරා ඇත්තේ, ඔස්ට්‍රියාවේදීයි.

    ඉන් පසු එය අත්හදා බලා ඇත්තේ, ගාලු මුවදොර පැවති පසුගිය නිදහස් උළෙලේදී ෂැන්ග්‍රිලා හෝටලයේ සිට බිමට පනිමින්. මෙහිදී තෙවැනියා ලෙස බිමට පනින්නේ අද අනතුරින් මියගිය චම්පික කුමාරසිංහ මහතායි.

  • “කරු” නම් වන ඔහු කවුරුද..?

    “කරු” නම් වන ඔහු කවුරුද..?

    මිනිස් චින්ත­නය ඉදි­රි­ගාමි වන සාධ­ක­යක් වන්නේ දේශ­පා­ල­න­යයි. හිතේ අමා­රු­ව­කට හෝ වෙන­යම් අමා­රු­ව­කට හෝ දේශ­පා­ල­න­ඥයා ප්‍රති­ක්ෂේප කිරී­මෙන් සිදු වන්නේ දරුණු ඒකා­ධි­ප­ති­ය­කුගේ වැඩ­ව­සම් යට­ත්වි­ජි­ත­යක ජීවත් වීමට අපට සිදු වීමය. මේ සම්බ­න්ධ­යෙන් යම් ප්‍රඥා­වක් නැති සම­හර මධ්‍යම පාන්තික කොටස් හෙට දවසේ මේ රටට තද පාල­ක­යකු ඉල්ලා සිටී. එවන් පාල­ක­යන් තම දරුවා කප්පම් උදෙසා පැහැ­ර­ගෙන යන තුරුම ඒ අයට ප්‍රඥාව පහළ වන්නේ නැත. එහෙත් අනෙක් අතට වත්මන් ඇතැම් දේශ­පා­ල­න­ඥ­යන්ගේ ක්‍රියා කලා­ප­යද මෙවන් සිති­වි­ලි­ව­ලට හේතු වී තිබෙන බව පෙනේ. පාර්ලි­මේ­න්තුවේ 225ම එපා යැයි බොහෝ දෙනකු සඳ­හන් කරන්නේ ඒ නිසාය.

    එහෙත් දේශ­පා­ල­ක­යන් ප්‍රති­ක්ෂේප කර­මින් සොයන පාලන රික්ත­යට හමුදා ප්‍රධා­නීන් ආදේශ කරන මාන­සි­ක­ත්වය නිර්මා­ණය වන්නේ කෙසේ­දැයි සිතා­ගත නොහැ­කිය. එය රට­ටම විනා­ශය කැඳ­වන නරුම මාන­සි­ක­ත්ව­යකි. මීට හොඳම උදා­හ­ර­ණය හිට්ලර්ය. මාධ්‍ය විසින් බැට­ළු­වන් බවට පත් කර­මින් සිටින අතී­තයේ වැඩ පෙන්නා ඇති හමුදා චරිත අද “රියැ­ලිටි ෂෝ” විලා­ස­යෙන් දේශ­පා­ලන කර­ළි­යට ඉදි­රි­පත් වන්නේ මේ නිසාය. මේ කඳ­වුරු දෙක­ටම අයත් “රියැ­ලිටි ෂෝ” අපේ­ක්ෂ­කයෝ ඉදිරි ජනා­ධි­ප­ති­ව­ර­ණය සඳහා සූදා­න­මින් සිටිති. මේ රටේ දේශ­පා­ලන ක්‍ෂේත්‍රය කොත­රම් පසු­ගාමි තැන­කට ඇද­දමා තිබේද යන්න මින් පැහැ­දි­ලිය. සම­ස්ත­යක් වශ­යෙන් ගත් කල වර්ත­මා­නයේ දේශ­පා­ල­නයේ යෙදෙන බහු­ත­රය පිළි­බඳ කල­කි­රී­මක් ඇති වුවද අඩුම තර­මින් ප්‍රාදේ­ශීය සභා දේශ­පා­ල­න­ය­ක­වත් යෙදී නොසිටි පිට­ස්තර චරිත ජනා­ධි­පති අපේ­ක්ෂ­ක­යන් ලෙස බව්තීස්ම කිරීම අණු­වන චින්ත­න­යකි; යළිත් වතා­වක් පසු­තැ­විලි වීමට හේතු­වක් සාදා ගැනි­මකි.

    මේ නිසා කොත­රම් අඩු-පාඩු පැව­ති­යද අපට තෝරා­ගැ­නී­මට සිදු වන්නේ මේ දේශ­පා­ලන ක්ෂේත්‍ර­යේම සිටින නිර්මල චරි­ත­යකි. එහෙත් සැබ­වින්ම අද එබඳු චරිත සිටීද?

    රට එත­රම්ම අවා­ස­නා­වන්ත නැත. එවන් චරිත මේ රටේම සිටී. මේ දින­වල එවන් චරිත පිළි­බඳ කතා­බ­හක් ඇති වෙමින් පවතී. රටම පෙළ­ගැ­සෙ­මින් පව­තින්නේ ඒ දෙස­ටය.

    මේ රටේ ඕනෑම මැති­ව­ර­ණ­ය­කදී වහ­ලුන් සේ ඇස්-කන් පියා­ගෙන ඡන්ද පොළට යන පිරි­සක් සිටිති. එ ප්‍රමා­ණය 40%කට ආස­න්නය. කවු­රුන් කුමන දේශ­පා­ල­ක­යන් ප්‍රති­ක්ෂේප කළත් එසේ ඡන්දය දෙන එකී 40%ක පිරිස අතු­රින් නාය­ක­යකු හෝ දේශ­පා­ලන කණ්ඩා­ය­මක් රට බාර­ගැ­නී­ම­ටද ඉඩ-කඩක් නැති­වාම නොවෙයි. මීට හොඳම නිද­සුන පසු­ගිය ප්‍රාදේ­ශීය සභා මැති­ව­ර­ණ­යයි. මේ වන විට මන්ත්‍රී­ව­රුන් වූ සම­හ­රුන්, හිස් මිනි­සුන් බවට පත්ව ඇත. ඒ සම්බ­න්ධ­යෙන් ජන­තා­වගේ අඳෝ­නාද අසන්න ලැබේ. මේ නිසා දේශ­පා­ල­න­ඥ­යන් ප්‍රති­ක්ෂේප කරන පිරි­සට සිදු වන්නේ එක්කෝ මේ 40% පිරි­සට එකතු වීම­ටය; නැත හොත් ඔවුන්ගේ තීර­ණ­යට අව­නත වීම­ටය.

    දෙවැනි කරුණ වන්නේ ප්‍රධාන දේශ­පා­ලන පක්ෂ දෙක­ටම මේ රටේ මැති­ව­ර­ණ­ය­කට තනිව තරග කර ජනා­ධි­ප­ති­ව­ර­යකු හෝ ආණ්ඩු­වක් හෝ ලබා ගැනී­මට නොහැකි වීමයි.

    ඒ අතර මේ වන විට ප්‍රධාන පක්ෂ දෙකෙ­හිම ඇතැම් පාක්ෂි­කයෝ අඳ ගොළු බිහිරි පාක්ෂික භාව­යෙන් ඉවත් වී නිද­හස් ඡන්ද­දා­ය­ක­යන් බවට පත්ව සිටිති. මීට අම­ත­රව අලු­තින් එකතු වන තරුණ ඡන්ද දාය­ක­යන්ද නාය­ක­යාගේ මට්ටම හා ඒ මොහොතේ ප්‍රව­ණතා ගැන කල්පනා කරන නිර්පා­ක්ෂික පිරි­සක් බවට පත්ව ඇත. 2015 ජන­වාරි 08 වැනිදා ජනා­ධි­පති මෛත්‍රීගේ ජය­ග්‍ර­හ­ණයේ තීර­ණා­ත්මක පිරිස බවට පත් වූයේ මේ නිර්පා­ක්ෂින ඡන්ද­දා­ය­ක­යාය. ඒ පිරිස හා වාමාං­ශික කොටස් ප්‍රථම වතා­වට එක්සත් ජාතික පක්ෂය මූලික වූ පෙර­මු­ණ­කට සාම්ප්‍ර­දා­යික එජාප විරෝ­ධය පසෙක දමා තම ඡන්දය භාවිත කළහ. මේ නව ප්‍රව­ණ­තාව ගැන කල්පනා නොක­රන පිරිස් අද එක්සත් ජාතික පක්ෂයේ හා පොහොට්ටු පෙර­මුණේ සිටින බව පෙනේ. ඒ අතර ග්‍රාමීය මට්ටමේ යූඑ­න්පී­කා­රයා හොඳ­යැයි සිතන වීර චරිත එජාප ඡන්ද­ව­ලට පම­ණක් ආක­ර්ෂ­ණය වූ චරිත විය හැකිය.

    මොන කඳ­වු­රෙන් ආවත් ගම කියන්නේ ලෝකය යැයි සිතා සිටින ඝෝෂා­කා­ර­ය­කුට අද රට වැටී ඇති ආගා­ධ­යෙන් කිසි සේත් ගොඩ ගත නොහැ­කිය. එසේම ණය බරින් මිරි­කුණු රටක ජන­තා­වට සහ­නා­ධාර බෙද­න­වා­යැයි බොරු පොරොන්දු දෙමින් හර­වත් දෙයක් ගැන කතා නොක­රන බොල්පි­ළිම දේශ­පා­ල­නය මේ වන විට අව­සන් වී ඇති බව මේ අයට නොතේ­රීම කන­ගා­ටු­දා­ය­කය.

    මේ නිසා අප සොයා­ගත යුතු වන්නේ කොහො­මත් ලැබෙන පාක්ෂික ඡන්ද ගොඩට අලු­තින් ඡන්ද එකතු කර­ගත හැකි, පාක්ෂික නොවන ඡන්ද දිනා­ගත හැකි අපේ­ක්ෂ­ක­යෙකි.

    මේ වන විට පැරණි එජාප විරෝධී කඳ­වුර වශ­යෙන් නාම­ධාරි වූ, ප්‍රග­ති­ශී­ලීන් ලෙස අතී­තයේ පෙනී සිටි පිල දිය වෙමින් පවතී. ඔවුහු ජාති­වා­ද­යට යට වුණු, අන්ත­වාදි ලෙස එක් ජාති­ක­ත්ව­යක් හා ආග­මක් ගැන පම­ණක් කල්පනා කරන, බොරු අධි­රාජ්‍ය විරෝධි කඳ­වු­රක් බවට පත්ව සිටිති. ඔවුන් අධි­රා­ජ්‍ය­වා­දීන් සමඟ ගිවි­සුම් අස්සන් කළ අමෙ­රි­කානු පුර­වැ­සි­යන් ඉදිරි ජනා­ධි­ප­ති­ව­ර­ණය සඳහා ආදේශ කරන තැනට බංකො­ලොත් වී ඇත.

    මේ අය අතර සිටින සම­හ­රුන් කල්පනා කරන්නේ මේ නැනෝ තාක්ෂ­ණික යුගයේ රජ කෙනකු සහිත වැඩ­ව­සම් පාල­න­යක් ගැනය. ‘මහ­ර­ජාණෝ‘ සංක­ල්පය හිමි වන්නේ මේ වැඩ­ව­සම් සන්ද­ර්භය තුළය. මේ රටේ පැරණි වම මේ අය සමඟ පෑහෙන්නේ සමා­ජ­වා­දය වෙනු­වට අව­ස්ථා­වා­දය කරට ගෙන සිටීම නිසා විය යුතුය.

    මේ නිසා සම්ප්‍ර­දා­යික යූඑන්පී විරෝ­ධය අද දුගඳ හමන දිරා ගිය කඩ­මා­ල්ලක් බවට පත්ව ඇත. අද වන විට ජාතීන් අතර එක­මු­තුව, ශ්‍රී ලාංකික අන­න්‍ය­තාව හා ශ්‍රී ලාංකික ජාතිය ගොඩ­නැ­ගීම එජා­පය ප්‍රමුඛ දේශ­පා­ලන සන්ධා­නය විසින් නාය­ක­ත්වය දෙන කාර්ය­යක් බවට පත්ව තිබේ. අද මේ රටේ ප්‍රග­ති­ශී­ලි­ත්වය නියෝ­ජ­නය කරන්නේ මේ කඳ­වුර බව පැහැ­දි­ලිය. ජාති­වා­දය හෝ ආග­ම්වා­දය උසි­ගන්වා බලය අත්පත් කර­ගන්නා කඳ­වු­රට අවා­ස­නාව හා පසු­ගා­මි­ත්වය හැරෙ­න්නට මේ රටට දිනා දිය හැකි කිසි­වක් නැත. එහෙත් ඒ කඳ­වුරේ සුළු පිරි­ස­කට ආවේ­ණික හොර­කම නම් භීෂ­ණය හා දූෂ­ණය මැද්දේ ගන සැරේට කළ හැකිය. මේ ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් ඔවුන් ඒ සඳහා ජන අනු­මැ­ති­යක් අපේක්ෂා කරන බව පෙනේ. කෙන­කුට දුර-දිග කල්පනා කරන බුද්ධි­යක් අවශ්‍ය වන්නේ මෙය තේරුම් ගැනී­ම­ටය.

    එජාප පිලේ හොරුන් නැතැයි මින් අද­හස් නොවේ. පැරණි හොරුන්ගේ නඩු-හබ ඇදි-ඇදී යෑමට ඉඩ සලසා තිබෙන්නේ ඒ සඳහා වාගේය. සම­හර නඩු ඉදි­රි­පත් කර ඇති­තේම දුර්වල පැමි­ණිලි ලෙසිනි. මෙය තමන්ට ජය ගත හැකි­යැයි සිතා­ගෙන සිටින වත්මන් හොරුන් පැරණි හොරු­න්ගෙන් රැක­ව­රණ අපේක්ෂා කර­නවා වාගේය. එහෙත් සම­ස්ත­යක් වශ­යෙන් ගත් කල එදාට වඩා නිද­හ­සක් ප්‍රජා­ත­න්ත්‍ර­වා­ද­යක් වර්ත­මා­නයේ රටේ පව­තින බව පිළි­ගැ­නී­මට සිදු වේ.

    2020ට අපට අවශ්‍ය වන්නේ දෙපැත්තේ හොරුන්ගේ ඩීල් ප්‍රති­ක්ෂේප කරන, මේ රට මීට වඩා හොඳ තැන­කට ඔසවා තැබිය හැකි දෑහි­ත­කාමි, අත්දැ­කීම් සහිත පරි­ණත නාය­ක­යෙකි. ඔහු මේ දේශ­පා­ලන මඩ ගොහො­රු­වෙන් මතු වන අර­වි­න්ද­යක් බඳු අයෙක් විය යුතුය.

    හෙට දවසේ ශ්‍රී ලංකාව බාර දිය යුත්තේ එවන් නාය­ක­ය­කු­ටය. ඕනෑම කෙන­කුට කැත නැතුව හිතට එක­ඟව දේශ­පා­ල­නය කළ හැකි වන්නේ එවන් නාය­ක­යකු සම­ඟය. ඔහු පවු­ල්වා­දය හා ආග­ම්වා­දය ප්‍රති­ක්ෂේප කරන දේශී­ය­ත්වය හඳු­නන නාය­ක­යකු විය යුතු බව අමු­තු­වෙන් කිව යුතු නැත. ඔහු අතේ ලේ නොතැ­ව­රුණු, භීෂ­ණ­යට සම්බන්ධ නැති, හොරකු නොවන අයෙක්ද විය යුතුය.

    මේ සුවි­ශේෂ මිනිසා මෙන්ම අත්දැ­කීම් සහිත දේශ­පා­ල­න­ඥයා අප අතර සිටීද? සත්‍ය වශ­යෙන්ම සිටී. ඔහු සූදා­නම්ද? කවු­රුත් එක් වී ඒ වග­කීම භාර දෙන්නේ නම් ජනා­ධි­පති අපේ­ක්ෂ­ක­ත්වය ප්‍රති­ක්ෂේප කරන තැනක ඔහු නොසි­ටින බව පෙනේ.

    ඔහු නම් අන් කව­රකු වත් නොව; ශ්‍රී ලංකා පාර්ලි­මේ­න්තුවේ වත්මන් කථා­නා­යක කරු ජය­සූ­රි­යයි. වත්මන් දේශ­පා­ල­නයේ නියැළී සිටින, ඉහත සඳ­හන් සාධ­නීය ලක්ෂණ සියල්ල එකට කැටි වූ එකම මෙන්ම අව­සන් නාය­ක­යාද කරු විය හැකිය. කාර­ණා­කා­රණ විම­සි­ල්ලෙන් සොයා බලන විට මෙය සිහි­බු­ද්ධි­යක් ඇති ඕනෑම කෙනෙ­කුට තේරුම් යනු ඇත.

    එහිදී ඇතැ­මුන් ඇඟිල්ල දිගු කරන්නේ ඔවුගේ වයස දෙස­ටය. ජේආර් ප්‍රථම වරට 1977දී මේ රට භාර ගත්තේ තරු­ණ­යකු ලෙස නොවේ. කොහො­ම­ටත් ආසි­යානු දේශ­පා­ල­නයේ රාජ්‍ය නාය­ක­ත්ව­යට වයස ප්‍රශ්න­යන් නොවේ. මහ­තීර් මොහො­මඩ් මෙවර මැලේ­සි­යාව බාර ගන්නේ වයස අවු­රුදු 91දීය.

    වැද­ගත් වන්නේ අවං­ක­කම, කළ­ම­නා­ක­ර­ණය හා සුදුස්සා සුදුසු තැනට පත් කර රට මෙහෙ­ය­වී­මය; රට මීට වඩා හොඳ තැනක තැබී­මය. කරූට ඒ ශක්තිය තිබෙන බව දින 52 පාල­න­යේ­දීද පැහැ­දි­ලිව ප්‍රද­ර්ශ­නය කර ඇත. එසේ නම් ‘කරූ‘ අම­තක කර මේ රටේ යුක්ති ගරුක ජන­තා­වට මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී ජය­ග්‍ර­හ­ණ­යක් අත්පත් කර­ගත නොහැකි බව පැහැ­දි­ලිය.

  • නාමල් ගෝඨාගේ කටවුට් හම්බන්තොටින් ඉවත්කරන අතරේම නාමල් අමුතුම ෆේස්බුක් ප්‍රචාරණ මෙහෙයුමක් අරඹයි (Photos)

    නාමල් ගෝඨාගේ කටවුට් හම්බන්තොටින් ඉවත්කරන අතරේම නාමල් අමුතුම ෆේස්බුක් ප්‍රචාරණ මෙහෙයුමක් අරඹයි (Photos)

    රාජපක්ෂවරුන්ගේ පවුලේ පක්ෂය වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පසුගියදා නම් කළ ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීම සඳහා හම්බන්තොට නගරය පුරා හන්දියක්, කණුවක් ගානේ එල්ලා තිබූ ගෝඨාගේ කටවුට් සහ බැනර් වහාම එම ස්ථානවලින් ඉවත් කරන ලෙසට එම පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂගේ පුත් නාමල් රාජපක්ෂ දුන් නියෝගයකට අනුව ගෝඨාට විජයග්‍රහණයක් පතා එල්ලා තිබු සියලු කටවුට්, බැනර් හම්බන්තොටින් ඉවත් කර තිබේ.

    මෙතෙක් අප්‍රකාශිත ජනපතිවරණයට ඉදිරිපත් වන ගෝඨාභය රාජපක්ෂ මහතා සිය මැතිවරණ ව්‍යාපාරය ප්ලාස්ටික්, පොලිතීන් හා පොස්ටර් භාවිතයෙන් තොරව සිදුකරන බවට පක්ෂ සම්මේලනයේදී ප්‍රකාශකළ බවත් එය මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රතිපත්තියක් බවත් සඳහන් කරමින් නාමල් රාජපක්ෂ මහතා මෙම නියෝගය එම දිස්ත්‍රික්කයේ පළාත් පාලන නියෝජිතයින්ට ලබා දී ඇති බව සඳහන්.

    කෙසේ වෙතත් නාමල් රාජපක්ෂ විසින් මෙලෙස නියෝග දී සිය බාප්පා වන ගෝඨාභය රාජපක්ෂගේ කටවුට්, බැනර් ඉවත් කරන අතරතුරේදී ඩොලර් දහ දහස් ගණන් වියදම් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් ෆේස්බුක් සමාජජාල මාධ්‍ය ඔස්සේ අතිදැවැන්ත ප්‍රචාරණ ව්‍යාපාරයක් අරඹා ඇති අතර මේ පහත දැක්වෙන්නේ නාමල් එලෙස ඩොලර් විසි කරමින් සිදුකරන ප්‍රචාරණ මෙහෙයුම් ප්‍රමාණයයි.

    මේ මොහොත වන විටත් ෆේස්බුක් තුල මුදල් ගෙවා වැඩිම ප්‍රචාරණ මෙහෙයුම් ප්‍රමාණයක් සිදුකරන්නේ මන්ත්‍රී නාමල් රාජපක්ෂ වන අතර ඔහුගේ ප්‍රචාරණ දැන්වීම් වල ප්‍රධානම තේමා පාඨය වන්නේ “මම ශ්‍රී ලංකාවට ශ්‍රී ලාංකිකයෙක්මි”. මෙය ඇමෙරිකානු පුරවැසියෙකු වන ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ (බාප්පගේ ) ප්‍රචාරණ ව්‍යාපාරයට කෙතරම් රැකුලක්ද, පරහක්ද යන්න දේශපාලනය දන්නෝ දනිති.

  • ඇමති රවීගේ ජනතා සේවයට සහ දේශපාලනයට වසර 25ක් සපිරෙයි

    ඇමති රවීගේ ජනතා සේවයට සහ දේශපාලනයට වසර 25ක් සපිරෙයි

    “2015 අපි බාරගත්තේ දණගහපු, වට්ටපු ආර්ථිකයක්. නමුත් මේ ගතවුණ කාලසීමාව තුලදී වැටුප් වැඩිකළා, මහපොල වැඩි කළා, ආදායම වැඩි කළා, විෂමතා ඉවත් කළා. ඒ තුළින් ජනතාවට ප්‍රතිලාභ ලබා දුන්නා. රටක් දුප්පත්කම නැති කරන්න අවශ්‍යනම්, දුප්පත්කමට දෙන ආධාර වැඩිකරලා වැඩක් නැහැ. ඒ සඳහා ජනතාවගේ අධ්‍යාපනය දියුණු කරලා, ඔවුන්ට ස්වශක්තියෙන් නැගීසිටීමේ අවස්ථාව සලසා දියයුතුයි යැයි” යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ උප නායක රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

    ඒ මහතා මෙම අදහස් පළකළේ, ඊයේ (18) පෙරවරුවේ සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති තරුණ දේශපාලන ක්‍රියාකාරී හමුවකට සහභාගි වෙමිනි.

    මෙහිදී වැඩිදුටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා..,

    ජනතාවගේ මෙන්ම පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනා ගනිමින්, අද වනවිට වසර 25 ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙන් වශයෙන් මම රටට ජනතාවට සේවයක් කරලා තිබෙනවා. දේශපාලන ගමන්මග කෝට්ටෙන් ආරම්භ කරලා උතුරු කොළඹින් ජයග්‍රහණය කරලා එක්සත් ජාතික පක්ෂයේ උප නායක වශයෙන් මේ ආකාරයෙන් මම කටයුතු කරන්නේ ජනතා විශ්වාසය නිසයි. , වසර 36 ක් පුරාවට එක්සත් ජාතික පක්ෂයට සේවයක් කිරීමට හැකිවීම ගැන මම සතුටු වෙනවා. 

    ජනාධිපතිවරණය ගැන කතා කරද්දි අද අපි නොයෙක් විකට කතා අහනවා. ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් පක්ෂ ගනණාවකින් නියෝජිතයන් ඉදිරිපත් වෙනවා. ජනතාව මෙහිදි නිවැරදිව සිතා කටයුතු කළ යුතුයි. ප්‍රසිද්ධම පුද්ගලයා නොවෙයි සුදුසුම කෙනා බලලා අපි පත්කල යුතුයි. ඒ වගේම තරඟකරන්න නෙමෙයි ජය ගන්න පුළුවන් කෙනා ඉදිරිපත් කළ යුතුයි. ඒඅනුව රටක් ඒකරාශී කරලා, රටේ සෑම ක්ෂ්ත්‍රයක් තුළින්ම වඩාත් ඡන්ද ලබාගන්න පුළුවන්, වඩාත්ම ජනතාවට ළංවෙන්න හැකියාවක් ඇති පුද්ගලයෙක් තමයි ජනාධිපති අපේක්ෂකයා කල යුත්තේ. ඒ නිසා මම අරයාගේ පුතා, මම ආර්ථිකය ගොඩනැගුවා, මම යුද්ධය ජයගත්තා කියන අය නෙවෙයි පත්කල යුත්තේ. අපි මේ අවස්ථාවේ සලකාබැලිය යුත්තේ, රටේ ජාතික ආරක්ෂාව, ජාතික ආර්ථිකය ගොඩනැගිය හැකි, රටේ තරුණයා මුල්කොටගත් සමාජයක් බිහිකළ හැකි ඒ වගේම රට ජාත්‍යන්තරයට ගෙනයාහැකි පුද්ගලයෙක් තමයි එක්සත් ජාතික පකෂයෙන් ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කරන්නේ

    වසර 71ක නිදහසක් ඇති රටක් එ.ජා.ප.යේ මහ ගෙදර වන සිරිකොත රටට ඉමහත් සේවයක් ඉටුකරලා තිබෙනවා. වෙනස්කම් වන එක තමයි රටට යහපත් වන්නේ. ඒ වෙනස්කම් සමඟින්ම පක්ෂයත්, රටත් ඒවගේම ජනතාවත් වෙනස් කරමින් ඉදිරියට ගෙනයාම තමයි පක්ෂයක හෝ පුද්ගලයෙකුගේ දක්ෂතාවය. 

    අද රටේ දැවෙන ප්‍රශ්න තමයි ජාතික ආරක්ෂාව, රටේ ජාතික ආර්ථිකය සහ තරුණයා මුල්කරගත් ගැටළු. ආරක්ෂාව සම්බන්ධයෙන් අපේ රටට පමණක් නොවෙයි සමස්ත ලෝකයටම මහත් ගැටළු මතුවී තිබෙනවා. ජාතීන් කිහිපයක් ජීවත්වන රටක. සෑම දෙනාටම මේ මගේ රට කියලා, නිදහසේ ජීවත්විය හැකි තත්ත්වයක් ඇතිකළ යුතුයි. යම් යම්  පුද්ගලයින් ආරක්ෂාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට කතා කලාට, සුරංගනා කතා කිව්වට, රටේ සාමාන්‍ය ජනතාවගේ හදවතට දැනෙන ආකාරයට කතා කරන්නේ නැහැ. ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒකයි ප්‍රධාන ගැටළුව. එක පිස්සෙක් ඇති රටේ සමගිය සහජීවනය නැති කරලා දාන්න. මෑතකදී අපේ රටේ ඇතිවුණේ ඒ වගේ  තත්ත්වයක් තමයි.

    අපේ ආර්ථිකය ගැන බලද්දි, සුද්දන්ගෙන් නිදහස ලබාගත්තට පස්සේ ආර්ථිකමය වශයෙන් ඉදිරියට ගිහින් තිබෙනවාද. නැහැ නේද. අපි බෝඩ් ලෑලි අල්ලගෙන, පාරවල් දිගේ ඇවිදින කොට, අනෙක් රටවල්  තමන්ගේ රටේ ජනතාව මුල්කරගෙන, ආර්ථිකය නගාසිටවන්න කටයුතු කරනවා. අපි හැදෙන්නේ නැහැ. ඉතිහාසයෙන් පාඩම් ඉගෙනගන්නේ නැහැ කවදාවත්ම. ඒක තමයි අපි කළ යුත්තේ.  

    අද තරුණ තරුණියෝ ඇවිත් කියන්නේ අපිට රජයේ රැකියා ලබා දෙන්න කියලා. මේ වනවිට රජයේ සේවකයින් ලක්ෂ 15 ක්  පමණ සිටිනවා. නමුත් රට ඉදිරිපට ගෙනියන්න රජයේ සේවකයින් ලක්ෂ 5 ක් 6ක් වැනි ප්‍රමාණයක් ප්‍රමාණවත්. මේ අනුව රටේ ආදායමින් 75% ක් යන්නේ රජයේ සේවයේ වැටුප් වලට. ඉදිරි 25% විශ්‍රාම වැටුප් ගෙව්වම. කොහොමද රටේ සංවර්ධනයක් කරන්නේ යැයි පැවසීය.

  • නව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ජනපතිගේ වෙන්න ට බෑනා ද..?

    නව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ජනපතිගේ වෙන්න ට බෑනා ද..?

    ශ්‍රී ලංකාවේ 23 වන යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කර තිබේ.

    ඒ මහතා ඊයේ (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

    කැඩෙට් නිලධාරියෙකු ලෙස 1984 වසරේ දී ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳුනු ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාපති ධුරයට පත්වීමට පෙර යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කර ඇත.

    ජනාධිපති ලේකම් උදය ආර්.සෙනෙවිරත්න, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    මේ අතර නව හමුදාපති මේජල් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනාධිපතිවරයාගේ බෑනා කෙනෙකු වීමට යන බවට වන කට කතාවක්ද සමාජජාල මාධ්‍ය ඔස්සේ කලක සිට සංසරණය වෙමින් පවතී.

  • GMOA යළි වැඩ අල්ලන්න සූදානම්!

    GMOA යළි වැඩ අල්ලන්න සූදානම්!

    ගැටළු විසඳීමට බලධාරීන් කටයුතු නොකරන නිසා මේ මස 22 වන දින පැය 24ක වැඩ වර්ජනයක් සිදුකිරීමට ඊයේ (19) දින තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

    ප්‍රධාන ගැටළු 06ක් මුල්කර ගනිමින් මෙම වැඩ වර්ජනය සිදුකරන බවත්, මෙහිදී ආරක්ෂක අංශ සතු රෝහල්තුළ හා ළමා මාතෘ, වකුගඩු, පිළිකා රෝහල්තුළ වෛද්‍ය වැඩ වර්ජනය සිදු නොකරන බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

    ඖෂධ හිඟයට විසදුම් ඉල්ලා ප්‍රමිතියෙන් යුත් ඖෂධ ලබාදෙන ලෙස හා ස්ථාන මාරු ගැටළු උසස්වීම් ගැටළු විසඳන ලෙස හා වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය ගැසට් කරගැනීමට හා නුසුදුසු පුද්ගලයින්ට වෛද්‍ය පත්වීම් ලබාදීම වළක්වා ගැනීමට මෙම වැඩ වර්ජනය සිදුකරන බවද කියා සිටියේය.

  • කන්ජිපානි සමඟ සමඟ ඩීල් දැමූ උප පොලිස් පරීක්ෂකවරු තිදෙනාට ස්ථාන මාරු

    කන්ජිපානි සමඟ සමඟ ඩීල් දැමූ උප පොලිස් පරීක්ෂකවරු තිදෙනාට ස්ථාන මාරු

    පාතාල කණ්ඩායම් සමාජික කන්ජිපානි ඉම්රාන් සමඟ සම්බන්ධතා ඇති බවට චෝදනා ඉල්ලා වූ කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශයේ උප පොලිස් පරීක්ෂකවරු තිදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

    ඒ අනුව එම නිලධාරින් යාපනය, මුලතිව් හා මන්නාරම යන පොලිස් ස්ථාන වෙත මාරුකර යවා ඇති බව පොලිස් මාධ්‍ය අංශය ප්‍රකාශ කළේය.

    රැඳවුම් නියෝග මත සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරු කංජිපානි ඉම්රාන් කොළඹ අපරාධ කොට්ඨාස නිලධාරීන් සමඟ එක්ව උපන්දිනය සැමරූ බව එම නිලධාරින් චෝදනා එල්ල වී ඇත.

    එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය ආරම්භ කර ඇති විමර්ශනය බාධාවකින් තොරව සිදුකිරීම සඳහා චෝදනා එල්ල වී ඇති උප පොලිස් පරීක්ෂකවරුන් තිදෙනෙකු මෙලෙස ස්ථානමාරු කර තිබේ.

  • ජනාධිපතිවරණයට ශ්‍රීලනිපයෙන් ඔප්ෂන් 3ක් (Video)

    ජනාධිපතිවරණයට ශ්‍රීලනිපයෙන් ඔප්ෂන් 3ක් (Video)

    එලඹෙන ජනාධිපතිවරණයට මුහුණදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත හැකි ක්‍රියාමාර්ග තුනක් සම්බන්ධයෙන් මූලික අවධානය යොමු වී ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක තිලංග සුමතිපාල මහතා අනාවරණය කර සිටී.

    කුමන තත්වයක් යටතේ වුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර නොයන බව අවධාරණය කළ තිලංග සුමතිපාල මහතා ශ්‍රීලනිපයේ අනත්‍යතාවය රැකගනිමින් එම ක්‍රියාමාර්ග ගනු ඇතිබව පැවති මාධ්‍ය හමුවකදී පවසා සිටියේය.

    ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවාද, වත්මන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයාට සහය දක්වනවාද, නො එසේනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරණයට තරඟ නොකර ප්‍රතිපත්ති ප්‍රකාශනයක් පමණක් ඉදිරිපත් කොට නිහඬවනවාද යන්න සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගනු ඇති බව තිලංග සුමතිපාල මහතා මෙහිදී අනාවරණය කර සිටියේය.

    එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි වූයේත්, බිහි වූ දා සිට දේශපාලන ප්‍රතිපත්තිමය වශයෙන් අනුගමනය කළේත් එක්සත් ජාතික පක්ෂ විරෝධීව බවත්, එම නිසා ශ්‍රීලනිපය වාමවාදී කඳවුරේ අපේක්ෂකයා දුර්වල වන ආකාරයෙන් කටයුතු නොකරනු ඇතිබවද මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් තිලංග සුමතිපාල මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

    තවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡා සිදුකොට තීරණයක් ගැනීමට ඉඩකඩ විවෘතව ඇති බවත් එය ඔවුන් විසින් සිදුකරනු ඇති බවටත් මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සුමතිපාල මහතා පැවසීය.

    මෙහිදී වැඩිදුරටත් මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නවලට පිළිතුරු දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා,


  • කෝකටත් තෛලය වුණු ජවිපෙ නායක අනුර කුමාර එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයාම වෙයි

    කෝකටත් තෛලය වුණු ජවිපෙ නායක අනුර කුමාර එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයාම වෙයි

    ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයෙන් එළැඹෙන ජනාධිපතිවරණය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් වන බව අද (18) නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණි.

    ඒ කොළඹ ගාලු මුවදොර පිටියේ පැවැති “ජාතික ජන බලවේගය” ජන රැළියේදියි.

    ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ තවත් දේශපාලන හා සිවිල් සංවිධාන 28කින් සැදුම්ලත් “ජාතික ජන බලවේගය” සංවිධාන කළ ජන රැළිය අද පස්වරු 3ට කොළඹ ගාලු මුවදොර පිටියේදි ආරම්භ කෙරුණි.

    මෙලෙස ජනතා විමුක්ති පෙරමුණ තම පක්ෂයෙන් ජනාධිපතිධුර අපේක්ෂකයෙකු ඉදිරිපත් කළේ වසර 20 කට පසුවයි.

    1999 වසරේදී නන්දන ගුණතිලක මහතා එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙමින් තුන්වන ස්ථානයට වැඩිම මනාප හිමිකර ගත්තේය.

    2005 වසරේදී ඔවුන් එවකට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාටත්, 2010 වසරේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයා වූ සරත් ෆොන්සේකා මහතාටත් සහාය පළ කළ අතර 2015 වසරේ පැවති අවසන් ජනාධිපතිවරණයේදී කිසිදු ප්‍රධාන අපේක්ෂකයෙකුට සෘජුව සහාය පළ කිරීමෙන් වැළකී සිටියේය.

  • වැලි අංගේට සංවිධායක කමයි, සභාපතිකමයි දෙකම එකපාර හම්බ වෙයි

    වැලි අංගේට සංවිධායක කමයි, සභාපතිකමයි දෙකම එකපාර හම්බ වෙයි

    හෝමාගම එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ධූරය නීතිඥ එරන්ද වැලිඅංගේ මහතා පත් කර තිබෙනවා. නීතිඥ එරන්ද වැලිඅංගේ මහතා මේ වනවිට ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරද හොබවමින් මෙතෙක් කාලයක් පුරාවටම අඩුපාඩුවක්ව පැවති ස්වේච්ඡා සේවයේ නියුතු තරුණ, තරුණියන් සඳහා ශ්‍රීලංකා ජාතික තරුණ ස්වේච්ඡා සේවය මේ වනවිට පිහිටුවා තිබෙනවා. එය ඊයේ දින නිලවශයෙන් එළිදක්වනු ලැබුවා.

    එමෙන්ම හෝමාගම එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ධූරයට නීතිඥ එරන්ද වැලිඅංගේ මහතා පත් කිරීමත් සමගම හෝමාගම සංවර්ධන සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ධූරයටද නීතිඥ එරන්ද වැලිඅංගේ මහතා පත් කර තිබෙනවා.

  • මහින්ද දින 52ට අල ටොන් 900ක් වළ දාලා

    මහින්ද දින 52ට අල ටොන් 900ක් වළ දාලා

    ඉකුත් වසරේ ඔක්තෝ­බර් 26 දා පත් කරනු ලැබූ මහින්ද රාජපක්ෂගේ ව්‍යවස්ථා විරෝධි දින 52 ආණ්ඩුව සම­යේදී උඩ­රට ගොවී­න්ගෙන් මිල­යට ගත් රු. 8,30,00,000කට අධික වටි­නා­ක­ම­කින් යුතු අර්තා­පල් මෙට්‍රික් ටොන් 890ක් පාරි­භෝ­ගි­ක­යන් අතට පත් නොකොට වළ දැමීම සම්බ­න්ධ­යෙන් විධි­මත් පරී­ක්ෂ­ණ­යක් සිදු කරන බව ආර්ථික ප්‍රති­සං­ස්ක­රණ සහ පොදු සැප­යුම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පව­සයි.

    මේ අර්තා­පල් තොගය ශ්‍රී ලංකා පාරි­භෝ­ගික සමු­ප­කාර සමි­තිය මඟින් ගොවී­න්ගෙන් මිල දී ගෙන ඇති අතර, ඒවා නිසි පරිදි ගබඩා නොකි­රීම, විධි­මත් ලෙස පාරි­භෝ­ගි­ක­යන් වෙත යැවී­මට අවශ්‍ය කට­යුතු නොයෙ­දීම ඇතුළු හේතු නිසා කල් ඉකුත්ව නරක් වී ඇති අතර, ඉනි­ක්බිති ඒවා වළ දැමී­මට කට­යුතු කර ඇති බවද අමා­ත්‍ය­ව­රයා කියා සිටී.

    දින 52 ආණ්ඩුව එකල උඩ­රට ගොවීන්ගේ අර්තා­පල් නිෂ්පා­දන අති­රි­ක්ත­යක් පව­තින බව පවසා වෙළෙඳ සහ වාණිජ කට­යුතු අමා­ත්‍යාං­ශයේ මුදල් රු. මිලි­යන 188ක් වැය කොට අර්තා­පල් අල මෙට්‍රික් ටොන් 2000ක් පමණ මිල දී ගෙන ඇති අතර, ඒ සඳහා වැය කොට ඇති සම්පූර්ණ මුදල රු. කෝටි 20 ඉක්ම­වයි. එලෙස මිල­යට ගත් අල තොග වෙනු­වෙන් ගොවීන් වෙත තමත් රු. කෝටි 7කට ආසන්න හිඟ මුද­ලක් ගෙවී­මට ඇති අතර, මේ කට­යුතු හේතු­වෙන් ශ්‍රී ලංකා පාරි­භෝ­ගික සමු­ප­කාර සම්මේ­ල­න­ය­ටද රු. කෝටි 10කට වඩා අලා­භ­යක් විඳි­න්නට සිදුව ඇති බවද වාර්තා වේ. මෙලෙස රජයේ මුදල් අති­වි­ශාල ප්‍රමා­ණ­යක් වැය කොට මිල දී ගෙන, දේශීය වෙළෙ­ඳ­පොළේ ඉහළ පාරි­භෝ­ගික ඉල්ලු­මක් ඇති දේශීය අර්තා­පල් ටොන් 890ක් මේ අයු­රින් ඉවත හෙළීම මහත් අප­රා­ධ­යක් බවද අමා­ත්‍ය­ව­රයා පෙන්වා දුන්නේය. ජීවන විය­දම් පිළි­බඳ කමි­ටු­වට මේ අර්බු­දය පිළි­බඳ වාර්තා­වක් ඉදි­රි­පත් කර ඇති බවද, ඉදි­රි­යේදී මේ සම්බ­න්ධ­යෙන් අදාළ නීති පිය­වර ගැනී­මට කට­යුතු කරන බවද අමා­ත්‍ය­ව­රයා තව­දු­ර­ටත් සඳ­හන් කළේය.

  • අවසානයේ සජිත් සද්ද නැතිව නව සන්ධානය ගොඩනඟන්න එක්වෙයි.. කඩේ ගියවුන් අනාත වෙයි!

    අවසානයේ සජිත් සද්ද නැතිව නව සන්ධානය ගොඩනඟන්න එක්වෙයි.. කඩේ ගියවුන් අනාත වෙයි!

    එක්සත් ජාතික පක්ෂය පෙරටු කරගත් “ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ” ගොඩනඟමින් අනෙකුත් පක්ෂ සන්ධාගත කරගැනීමට අදාළව එජාපයේ මහලේකම් අඛිල විරාජ් කාරියවසම් මහතා ඇතුළු ප්‍රධානීන් පිරිසක් අද(17) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ කොළඔ පිහිටි නිල නිවසේදී විශේෂ සාකච්ඡාවක නිරත විය.

    මේ සඳහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, මහ ලේකම් අකිල විරාජ් කරියවසම්, මංගල සමරවීර, කබීර් හෂීම්, නවීන් දිසානායක, රාජිත සේනාරත්න, මනෝ ගනේෂන් යන අය සහභාගී වී ඇත. පැය දෙක හමාරකට ආසන්න කාලයක් පැවති මෙම සාකච්ඡාවේදී ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ව්‍යවස්ථා සකස් කර අවසන් කිරීම, සන්ධානය පිහිටුවන දිනය පිළිබඳ තීන්දුවක් ගැනීම සහ සන්ධානය පිහිටුවන දිනයේම අපේක්ෂකයා නම්කිරීම යන ප්‍රධාන කරුණු 03 සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් අවධානය යොමු කර ඇත.

    මෙම කරුණු ඉදිරි දින කිහිපයේදී සාකච්ඡා කොට අවසන් කරගැනීමට දින නියම කරගෙන ඇති අතර ඒවා අවසානයේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ සහ කෘත්‍යාධීකාරී මණ්ඩලයට යොමු කොට අනුමැතිය ලබාගෙන ඉදිරිපත් කිරීමට එකඟ වී ඇත.

    එසේම සන්ධානය ගොඩනැඟීමට ප්‍රථම ජනාධිපති අපේක්ෂකයා නම් කර සිටින්නැයි සජිත් පාර්ශවයෙන් යෝජනාවක් ඉදිරිපත් වී ඇති අතර, මෙතෙක් ප්‍රකාශයට පත්නොකළ ජනාධිපතිවරණයක් සඳහා “ගෝඨාභය නඩුවලින් කට්ටි පැනයාමට සිදුකරන උපක්‍රම” වලට රැවටී අපි ඉල්ලන් කෑමට ජනාධිපති අපේක්ෂකයෝ පත් නොකල යුතුයැ’යි රාජිත සේනාරත්න අමාත්‍යවරයා පැවසීමත් සමඟම සජිත්ගේ පංචාකාර මුහුණ චතුරෂ්ෂාකාර වී ඇත.

    ඒත් සමඟම සජිත්ගේ අටපට්ටම් වුණු මුහුණ දෙස බැලූ මංගල එල්ල වුණු ප්‍රහාරය අස්වැසීම සඳහා “නැහැ අපි පාක්ෂිකයින්ට පොඩි කාලෙකට මොරාල් එකක් දෙන්නත් එක්ක ජනාධිපති අපේක්ෂකයා කියන එකත් එළියට දාමු” යැයි කියද්දී මේ වන විට නිදිවැද සිටින පාක්ෂිකයින්ට එය යම් උත්තේඡනයක් වන බව වටහා ගත් එජාප ප්‍රධානීන් ඊට එකඟ වී ඇත්තේ, එනම් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ගොඩනඟන දවසේදීම අපේක්ෂකයාත් නම් කරනු යැයි අදහසටය.

    ඊට වේදිකාවේ අමුතුම ආකාරයේ කථා ගොතන එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස සද්ද නැතිව එකඟ වී ඇත්තේ සජිත් වෙනුවෙන් කඩේ ගිය අයවලුන්ද අනාථ කරවිමිනි. කෙසේ වෙතත් මේ අනුව තීරණය වී ඇත්තේ “ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ” නම් සන්ධානය බිහිකරන දිනයේදීම ජනාධිපති අපේක්ෂකයෙකු නම් කිරීමයි.


  • ගෝඨාභයට සහය දෙන්න ශ්‍රීලනිපය හෝ මාධ්‍යම කාරක සභාව කිසිදු තීරණයක් ගෙන නැහැ! ශ්‍රීලනිපයෙන් වෙනම අපේක්ෂකයෙක්!

    ගෝඨාභයට සහය දෙන්න ශ්‍රීලනිපය හෝ මාධ්‍යම කාරක සභාව කිසිදු තීරණයක් ගෙන නැහැ! ශ්‍රීලනිපයෙන් වෙනම අපේක්ෂකයෙක්!

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නොහොත් රාජපක්ෂවරුන්ගේ පක්ෂය වෙනුවෙන් ජනාධිපති අපේක්ෂක ලෙස නම්කළ ගෝඨාභය රාජපක්ෂට සහය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බවට පසුගිය 11 වනදා ගෝඨාභයගේ ප්‍රචාරණ කොන්ත්‍රාත්කරු වන දෙරණ නාලිකාවේ හිමිකරු කුප්‍රකට දිලිත් ජයවීරගේ මාමණ්ඩිය වන මන්ත්‍රී සරත් අමුණුගම විසින් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී ශ්‍රීලනිපයේ සහය ගෝඨාභය රාජපක්ෂට දෙන බවට සිදුකළ ප්‍රකාශය අමු කෙබරයක් බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා වීසින් ඊයේ(15) තහවුරු කර සිටියේය.

    ඔහු මේ බව පැවසුවේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර සිටියේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිඳු ලෙසකින්වත් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දීමට තීරණය කර නොමැති බවත්, ශ්‍රීලනිපය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇති බවත්ය. එසේ ඉදිරිපත් නොකරන්නේ නම් පමණක් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය ලබාදීම සම්බන්ධයෙන් ඔහු සමඟ සාකච්ඡා කිරීමට හැකියාවක් පවතින බවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය නොවිමසා තම හිතුමතයට අපේක්ෂකයෙකු පත්කර ගත්තේ නම් ඔහුව ජයග්‍රහණය කරගැනීම ඔවුන්ගේ වගකීම වනු ඇති බවයි.

    කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වීම පිළිබඳව කණගාටු වන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය මෙතෙක් ලබා නොගැනීම පිළිබඳව සතුටු වන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.