Blog

  • මහින්ද ඒ තීරණය ගන්නේ රටේ ආරක්ෂාව ගැන හිතලා

    මහින්ද ඒ තීරණය ගන්නේ රටේ ආරක්ෂාව ගැන හිතලා

    මහින්ද රාජපක්ෂ මහතා නම් කරන ජනාධිපති අපේක්ෂකයෙකුට සහාය දීම මේ මොහොතේ රට වෙනුවෙන් කළයුතු සුදුසුම දෙය බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශ්වාස කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසයි.

    මොරටුව ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමින් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේය.

    ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව මිනිසුන්ට විශාල කුතුහලයක් ඇති වී ඇතැයි මෙහිදී මාධ්‍යවේදීන් විසින් ප්‍රශ්න කර සිටියේය.

    එහිදී සුමතිපාල මහතා කියා සිටියේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහයෝගය දක්වන අපේක්ෂකයා ජනාධිපතිවරණයේ දී ජනපති වෙන බවයි.

    ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂක ධූරයට තරග කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් සුමතිපාල මහතා වැඩිදුරටත් කියා සිටියේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසාන සාකච්ඡාවේ දී රට දිනවිය හැකි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවයි.

    එනිසා වැඩසටහනට එකඟ වන්නේ කවුද ඒ සඳහා ගත යුතු අවසාන විසඳුම පොදු ජන පෙරමුණෙන් ගත යුතුව ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා බවත් එහිදී රට බාර දිය යුතු ප්‍රධාන විධායකයා කවුද? ඕනෑම පුද්ගලයෙක්ට සහයෝගය ලබා දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුදානම් බවත් තිලංග සුමතිපාල මහතා මෙහිදී පැවසීය.


  • රන්ජන් කියන්නේ කට හින්දා නහින කෙනෙක්; බුද්ධයින්ට සහ බුද්ධාගමට අපහාස කරන අයෙක්

    රන්ජන් කියන්නේ කට හින්දා නහින කෙනෙක්; බුද්ධයින්ට සහ බුද්ධාගමට අපහාස කරන අයෙක්

    එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරයෙකු වන රන්ජන් රාමනායක මහතා නිරන්තරයෙන් විවිධ ආයතනවලට, ආගම්වලට, පුද්ගලයින්ට පදනම් විරහිත කතා, විවේචන, අපහාස, උපහාස කරමින් කට නිසාම පිළිකුලට ලක්වෙමින් සමාජයෙන් සහ අධිකරණයෙන් දඬුවම් විදින්නෙකු බවත්, ඔහු කිතුණු භක්තිකයෙකු ලෙස දැඩිව බෞද්ධ ස්වාමීන්වහන්සේලා විවේචනය කරමින්, බෞද්ධාගමට අපහාස කරමින් පිළිකුලට සහ අප්‍රසාදයට ලක්වන්නෙකු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසයි.

    පසුගියදා පැවති මාධ්‍ය හමුවක් අමතමින් සුමතිපාල මහතා මේ බව පැවසූයේ මාධ්‍යවේදියෙකු නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා,

    “ඔව්.., මම දැක්කා ඔහු මහනායක ස්වාමින්වහන්සේලා බැහැදැකලා නොයෙකුත් අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. රන්ජන් මහත්මයා ඉදිරිපත් කරන සමහර කරුණු ප්‍රසිද්ධියේ ඉදිරිපත් නොකළ යුතු කරුණු ලෙසයි මම දකින්නේ. සමහර කරුණු ඔහුට පාර්ලිමේන්තුව හරහා කියන්න තිබුණා. දැනටත් ඔහු අධිකරණයට අපහාස, උපහාස කළා කියලා නඩු නිමිති දෙකක් තියෙන කෙනෙක්. ශ්‍රේෂ්ඨාධිකරයෙනුත් ඔහු සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න ඉන්න අවස්ථාවක්. ඔහු ප්‍රසිද්ධියේ මෙසේ මිනිස්සුන්ගේ ජීවතත් එක්ක, විශේෂයෙන්ම මහා සංඝරත්නයට කරන මේ ප්‍රකාශවලට දැඩි පිළිකුලක් සහ බෞද්ධයින් අතර දැඩි කනස්සල්ලක් තිබෙනවා මොකද ඔහු උපතින් බෞද්ධයෙක් නොවන නිසා.

    අපි බෞද්ධයෝ හැටියට කවදාවත් කාදිනල්තුමා ගැනවත්, පාප්වහන්සේ ගැනවත් ප්‍රසිද්ධියේ කියන්න හෝ විවේචනය කරන්නේ නැහැ. මොකද වෙනත් ආගම්වල ශාස්තෘන් ගැන, ආගමික නායකයින් ගැන එලෙස විවේචනය කිරීම එම ආගමික නායකයින්ට කරන අපහාසයකට වඩා එම ආගමට කරන අපහාසයක්.

    බෞද්ධ ධර්මය අනුව ගත්තාම බුද්ධ ශාසනයේ බුද්ධ ශාවකයින් හතර වර්ගයක් සිටිනවා. ඒ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිසට කවදාවත් උපතින් බෞද්ධයෙක් වුණු කෙනෙක් මේ විදියට ගරහලා කතා කරන්නේ නැහැ. බුදුරජාණන්වහන්සේගේ කාලයේදී පවා මේ වගේ විනය සම්බන්ධ කාරණාවලදී ඒවා විසදපු අවස්ථා සහ ආකාර තිබෙනවා. අපි දන්නවා මීට පෙර අවස්ථාවකදී පාප්තුමෙක් පත්වුණු අවස්ථාවකදී සමලිංගික ප්‍රශ්නය මුළු ලෝකයේම පියතුමන්ලා එක්දහස් ගණනකට වාර්තා තියෙනවා කියලා ප්‍රසිද්ධියේ කිව්වා. එම අවස්ථාවේදී පාප්වහන්සේට මේ ගැන විශාල චෝදනාවක් ආවා. ඊට පස්සේ ඒක හත්සියයට අඩුවෙලා, අන්තිමට තුන්සිය ගාණනට අඩුවුණා. මොකද ලෝකයේ ප්‍රසිද්ධියේ කතා කරලා ඒක මැඩ පවත්වපු නිසා. ඒ වුණාට ඒක පාප්වහන්සේට තිබෙන අයිතිය. ස්වාමීන්වහන්සේලාගේ ගැටලුවක් තියෙනවා නම් ඒක අපේ මහානායක හිමිවරුන්ට තිබෙන අයිතිය. ඒක නිසා අපි බෞද්ධයින් හැටියට භික්ෂු, භික්ෂුනී ප්‍රසිද්ධියේ විවේචනය කිරීමට අපට අයිතියකුත් නැහැ, බලයකුත් නැහැ, ඒ වගේම අපිට සුදුසුත් නැහැ.

    ඒ නිසා බෞද්ධයෙක් නම් කසාවත රදා සිටින ස්වාමීන්වහන්සේ කෙනෙක් ගැන ප්‍රසිද්ධියේ විවේචනය කරන්නෙත් නැහැ, අඩු පාඩුවක් දැක්කොත් ඒවා ගැන දැනුවත් කරන්න අපට තියෙනවා ක්‍රම වේදයක් සහ විනයක්. බෞද්ධාගම ගැන අවබෝධයක් නැති, ආගම ගැන අවබෝධයක් නැති, ධර්මය ගැන අවබෝධයක් නැති අය ඒවා ප්‍රසිද්ධියේ කිරීමෙන් වෙන්නේ තමන් ඒ තුලින් ප්‍රසිද්ධියක් ලැබෙනවා කියලා හිතනවා නම් ඒක එහෙම වෙන්නේ නැහැ. ඒ ආගම ධර්මය අදහන මිනිසුන් එය දකින්නේ තමා අදහන ආගමට, ධර්මයට කරන අපහාසයක් ලෙසයි”.

  • ඕලෙවල් පාස් නැත්නම් හොර උපාධි පෙන්වන්නේ නැතුව ආයේ විභාගය ලියපන්.. රන්ජන් මාධ්‍ය ඉදිරියේ O/L ෆේල් සජිත්ට ඇනපු සුපිරි ටොක්ක මෙන්න (වීඩියෝ)

    ඕලෙවල් පාස් නැත්නම් හොර උපාධි පෙන්වන්නේ නැතුව ආයේ විභාගය ලියපන්.. රන්ජන් මාධ්‍ය ඉදිරියේ O/L ෆේල් සජිත්ට ඇනපු සුපිරි ටොක්ක මෙන්න (වීඩියෝ)

    පාර්ලිමේන්තුවේ ඇතැමුන් 08 වසර හෝ ඕලේවල් වත් සමත් නොවුනද තමා සාමාන්‍ය පෙළ සමත් වී ඇති බවත්, උසස් පෙළ එක් විෂයක් පමණක් සමත්වීම ප්‍රමාණවත් නොවන නිසා මෙලෙස විභාගයට පෙනී සිටි බවත් මෙය වසර ගණනක් පුරා තමා උත්සහ කරමින් සිටි දෙයක් බවත් අද(05) අ.පො.ස(උ.පෙ ) විභාගයට පෙනී සිටීමට පැමිණි රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා කියා සිටියේය.

    අද(05) උදෑසන කෝට්ටේ ආනන්ද බාලිකා විද්‍යාලයේ දී රාජ්‍ය අමාත්‍යවරයා විභාගයට පෙනී සිටියේය.

    අනිවාර්යයෙන් තමා විභාගය සමත් වෙන බවත්, එසේ නොවුන හොත් නිරන්තරයෙන් නැවත නැවතත් උත්සහ කරන බවත් රාමනායක මහතා පැවසීය.

    මෙම ප්‍රකාශය හරහා රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා නම නොකියා පහර දුන්නේ මේ වන විට එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයා වීමට කුමන්ත්‍රණ කරන අ.පො.ස(සාමාන්‍ය පෙළ) වත් සමත් නැති සජිත් ප්‍රේමදාසට බව දන්නෝ හොදින්ම දනිති.

    රන්ජන් කියූ දෙය සරලවම අපේ භාෂාවෙන් කියනවා නම් “සජිත්, උඹ ඕලෙවල් පාස් නැත්නම් එංගලන්තයේ හොර උපාධි පෙන්වන්නේ නැතුව මං වගේ අවංකව විභාගය ලියලා පුළුවන් නම් ඕලෙවල් පාස් වෙලා පෙන්නපන්, බොරුවට ගොන් මීමෙක් වගේ රටේ ජනාධිපති වෙන්න දඟලන්නේ නැතුව”

  • එදා තග්ලගෙන් ගණන් පිට තඟ දැමූ ගණන් සර් අද මාධ්‍ය ඉදිරියේ සමීකරණ විසඳු හැටි

    එදා තග්ලගෙන් ගණන් පිට තඟ දැමූ ගණන් සර් අද මාධ්‍ය ඉදිරියේ සමීකරණ විසඳු හැටි

    කළගෙඩිහේනේදී වෑන් රථයකට පහරදීමේ සිද්ධියට තමන් වැරදියැයි පිළිගන්නා බව ගණිත ආචාර්ය දිනේෂ් නුවන් අමරතුංග ප්‍රකාශ කරයි.

    අද (05) අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ ගුරුවරයා ඇතුළු 8 දෙනාට ඇප ලබා දීමට තීරණය කළ අතර එහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

    එහිදී වැඩිදුරටත් සිය අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ අදාළ සිදුවීම අහඹු සිදුවීමක් බවත් මාධ්‍ය විසින් ඒ සඳහා වැඩි ප්‍රචාරණයක් ලබා දුන් බවයි. ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඔහුට විවිධ පාර්ශව විසින් ඉල්ලීම් සිදු කළ බවත් කෙසේ වෙතත් තමන්ට ඒ සඳහා බලාපොරොත්තුවක් නොතිබු බවත් ඔහු ප්‍රකාශ කළේය. දැනට ඒ පිළිබඳ තමන්ට සූදානමක් නැති බවත් ඉදිරියේ දී එවන් අදහසක් ඇතිවේදැයි කිව නොහැකි බවත් ඔහු පැවසීය.

    තමන් ජාත්‍යන්තර දේශන පවත්වන අයෙකු බවත් දෙස් විදෙස් උපාධි හදාරා ඇති බවත් පැවසූ ඔහු තම දේශන සඳහා මෙම සිදුවීමෙන් බාධාවක් එල්ල නොවන බවත් කියා සිටියේය. තමන්ට ඇතිවිය හැකි තර්ජන සඳහා තම ගෝලයන් ලෙස පිරිසක් සිටි බවත් එම පිරිස ප්‍රභූ ආරක්ෂකයින් ලෙස හැඳින්විය නොහැකි බවත් අදාළ දේශකයා කියා සිටියේය.

    මෙම සැකකරුවන් පසුගිය මස 29 වනදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දක්වා යළි රක්ෂිත බන්ධනගාරගත කරනු ලැබීය. කළගෙඩිහේන ප්‍රදේශයේදී වෑන් රථයකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ගණිත ආචාර්ය දිනේෂ් අමරතුංග ඇතුළු 8දෙනා පසුගියදා රක්ෂිත බන්ධනාගාරගත කළේය.

    පසුගියදා කොළඹ – නුවර මාර්ගයේ කලගෙඩිහේන ප්‍රදේශයේදී ප්‍රභූ රථයකින් සහ ප්‍රභූ ආරක්ෂක රථයකින් පැමිණි පිරිසක් විසින් වෑන් රථයක් නවතා එම රථයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සැකකරුවන්ට චෝදනා එල්ල වී තිබේ.

  • ගම්මට්ටමින්, බිම්මට්ටමින්, තම්මැට්ටම් ගසමින් ගිය ළිං මැඩි සජියා ජනපති කරවන්න උද්ඝෝෂණ කරන්න 30ක් වත් සෙනඟ නැහැ; ආපු උන් සල්ලි ගන්න වලි කති (Photos)

    ගම්මට්ටමින්, බිම්මට්ටමින්, තම්මැට්ටම් ගසමින් ගිය ළිං මැඩි සජියා ජනපති කරවන්න උද්ඝෝෂණ කරන්න 30ක් වත් සෙනඟ නැහැ; ආපු උන් සල්ලි ගන්න වලි කති (Photos)

    ගම්මට්ටමින්, බිම්මට්ටමින්, ළිං මට්ටමින් ජනබලය තමාට තිබෙනවායැ’යි රට වටේ තම්මැට්ටම් ගසමින් ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලමින් සිඟමනේ යන අ.පො.ස (සාමාන්‍ය පෙළ ) ත් අසමත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට මීලඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය දෙන ලෙසට ඉල්ලා ඔහුගේ සභචරයින් ලවා කොළඹ ලිප්ටන් වටරටුමේ සිදුකළ උද්ඝෝෂණයට සහභාගී වී ඇත්තේ 30කටත් අඩු පිරිසකි.

    සජිත් ප්‍රේමදාසට විශාල ජනබලයක්, ජනමතයක් තිබෙනවා යැයි සජිත් වටා සිටිමින් ඔහු යටතේ ඇති නිවාස සංවර්ධන අධිකාරියෙන් කොන්ත්‍රාත් ගන්නා කොන්ත්‍රාත්කරුවන් සහ සජිත්ගෙන් පඩි ගන්නා පිරිස් පාරම්බෑවද සජිත් ප්‍රේමදාසට ඇති ජනමතයේ තරම හොඳින්ම පෙනෙන්නේ මැතිවරණයකදී සජිත් ප්‍රේමදාස තම සියලු ආසන පරාජයට පත්වෙද්දී සහ පාරට බැස නිර්ව්‍යාජව ජනතා මතය විමසද්දීය.

    කිලීගේ මාධ්‍යයට වීඩියෝ කට් ගැනීම පිණිස එම පිරිසද කුලී පදනම මත මුදලට ගෙන්වා ඇති අතර විනාඩි කිහිපයක මාධ්‍ය සංදර්ශනයෙන් අනතුරුව පැමිණි පිරිස කොන්ත්‍රාත්කරුගෙන් මුදල් ගැනීමට වලිකන අයුරු නම් පෙනෙන්නට තිබිණ.

  • ඔක්තෝබර් මස සිට ආගමික ස්ථාන විදුලි බිලෙන් නිදහස්..!

    ඔක්තෝබර් මස සිට ආගමික ස්ථාන විදුලි බිලෙන් නිදහස්..!

    “අපි පක්ෂයක්, පෙරමුණක් වශයෙන් ජනාධිපති අපේක්ෂකයාව නම් කරනවා ඉදිරියේදී. ඩී.එස් සේනානායක, ඩඩ්ලි සේනානායක, ජේ.ආර්. ජයවර්ධන වැනි නායකයින් බිහිකරපු, රැකගත්ත එක්සත් ජාතික පක්ෂයට නව අරුතක් දියහැකි මට්ටමේ කෙනෙක් අපි නායකත්වයට ඉදිරිපත් කරනවා” යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය, රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

    එ මහතා මෙම අදහස් පළකළේ, ඊයේ (03) මහනුවර ශ්‍රී දළදා මාළිගාවට ජෙනරේටර් යන්ත්‍රයක් ලබාදිමේ වැඩකටයුතු වෙනුවෙන් එහි පැමිණි අවස්ථාවේදී මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්න වලට පිලිතුරු සපයමිනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

    “දළදා මාළිගාවෙන් කළ ඉල්ලීමකට අනුව, ලංකා විදුලිබල මණ්ඩලයෙන්  ජෙනරේටර් යන්ත්‍රයක් ලබාදීම වෙනුවෙන්වන මූලික කටයුතු අවසන් නරලා, ඊට අදාල ගිවිසුම් බාරදෙන්නයි අද මෙහි පැමිණියේ. තවත් සති දෙකකින් පමණ මෙම කටයුත්තේ දෙවන අදියර සිදු කිරීමට නියමිතයි.

    මෙහිදී ලංකාවේ වර්තමාන දේශපාන තත්ත්වය පිලිබදව මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්න වලට පිලිතුරු දුන් කරුණානායක මහතා,……

    “ජනාධිපති  අපේක්ෂකයා වශයෙන් ඝෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වෙනවා කියලා කියනවා. ඒ මහතා ඉදිරිපත්විම ඉතාමත් හොදයි. ඒ තුළින් එ.ජා.ප. යට කිසිම අභියෝගයක් නැහැ. ගෝඨාභය මහතා ඉදිරිපත් වුනොත්, එක්සත් ජාතික පක්ෂයට විශිෂ්ට ජයක් ලබාගැනීමට හැකිවේවි. සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා බවට මේ වනතෙක් නම් කරලා නැහැ. ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් ඉදිරිපත් වීමට, පක්ෂය  වෙනුවෙන් කැපවුණ සුදුසුකම් සහිත ජ්‍යෙෂ්ඨයින් එ.ජා.ප. යේ සිටිනවා. ඕනෑම අභියෝගයක් බාරගන්න මමත් ලෑස්තියි. ඒ සදහා සුදුසුකම්ද සපුරා තිබෙනවා. නමුත් අපි අපේ මට්ටම තේරුම් අරන් කරයුතු කරනවා” යැයි පැවසීය.

    ආගමික සිද්ධස්ථාන වලට නොමිලයේ විදුලිය ලබාදීම ඇතුළු  ලංකා විදුලිබල මණ්ඩලය සම්බන්ධයෙන් මාධ්‍ය විසින් නැගූ  ප්‍රශ්න වලට පිලිතුරු දෙමින් අමාත්‍ය කරුණානායක මහතා …

    “පන්සල්, පල්ලි, කෝවිල්, මුස්ලිම් පල්ලි ආදියට ආදායමක් නොමැති නිසා,  යම් සීමාවක් සහිතව විදුලි බිලෙන් නිදහස් කිරීමට මම බලාපොරොත්තු වෙනවා. රටේ මේ වනවිට එසේ විදුලි බිලෙන් නිදහස් කළයුතු ආගමික ස්ථාන  39,800 ක් තිබෙනවා. ඒ වෙනුවෙන් මිලියන 1100 ක් පමණ වියදම් කරනවා. සූර්ය බලය පාවිච්චි කරලා මෙම ආගමික ස්ථාන වලට නොමිලයේ විදලිය ලබාදීම සිදු කිරීමට කටයුතු කරනවා. ජනාධිපතිතුමා, අගමැතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමෙන් අනතුරුව,  ලබන සැප්තැම්බර් මාසයේ අග වනවිට මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරෝතතු වෙනවා.

    ලංකා විදුලිබල මණ්ඩලය සම්බන්ධයෙන් ඉතිහාසයේ ගැටලු වලට මට පිළිතුරු සපයන්න බැහැ. නමුත් වර්ථමානයේ සහ අනාගතයේදී කිසිම අක්‍රමිකතාවක්, වංචාවක්, දූෂණයක් සිදුවන්න මම  ඉඩ දෙන්නේ නැහැ. නරකයි කියන සෑම දෙයක්ම අපි හොද බවට පත් කරමින් යනවා. ඉදිරියේදී අපි විදුලි කප්පාදුවක් ඇති නොවන පරිදි තමයි රැඩිකල් ආකාරයෙන් කටයුතු කරගෙන යන්නේ. අපි ලිදේ ඉන්න ගෙම්බෝ වගේ වැඩ කරලා හරියන්නේ නැහැ. නූතන ලෝකයට ගැලපෙන අකාරයට කටයුතු කළ යුතුයි.  අපේ වැඩ වලට මිල සූත්‍ර එන්නේ නැහැ. ලංකාවේ ඉන්නේ කතාකාරයෝ පමණයි. වැඩකාරයෝ නැහැ. වැඩක් කරන පුද්ගලයාට තමයි ප්‍රශ්න ඇති වෙන්නේ. වැඩ නොකරන කෙනා හොදින් ඉන්නවා. වැඩ කරන කෙනාට තමයි නිරන්තරයෙන් බනින්නේ” යැයි පැවසීය.

  • ටොමි කුක්කෝ පස්සෙන් ගියාට සජිත් උපාධිය හොර එකක් බව එංගලන්තයේ විශ්ව විද්‍යාලය තහවුරු කරයි (සාක්ෂි සහිතයි )

    ටොමි කුක්කෝ පස්සෙන් ගියාට සජිත් උපාධිය හොර එකක් බව එංගලන්තයේ විශ්ව විද්‍යාලය තහවුරු කරයි (සාක්ෂි සහිතයි )

    අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය වත් සමත් නැති එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට එංගලන්තයේ විශ්ව විද්‍යාලයක පිළිගත් උපාධියක් ඇතැයි පසුගිය කාලය පුරාවටම පාරම්බාමින් ගියද එම උපාධිය පිළිගත් උපාධියක් නොවන බව සජිත් එම උපාධිය ලබාගත් විශ්ව විද්‍යාලය සහතික කරමින් කියා සිටී.

    ඕලෙවල් වත් නැති සජිත් ප්‍රේමදාස පසුපස යන කුක්කන් වී සිටින අජිත් පී පෙරේරා, නලීන් බණ්ඩාර වැන්න වුන් රෙදි නැතිව රටේ සජිත්ගේ උපාධිය ගැන අපුල්ලමින් ගියද 1991 වසරේදී එවක සජිත්ගේ පියා වන හිටපු දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස නොහොත් ආර්.ප්‍රේමදාස ජනාධිපතිව සිටියදී ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික් විශ්ව විද්‍යාලයේ නියමිත කාලය ගත කරමින් අවසන් විභාගයට රෝගී තත්වයක් යැයි පවසමින් සජිත් ප්‍රේමදාසට පෙනීසිටීමට නොහැකි යැයි කරන ලද අඬ ඇඩියාවක ප්‍රතිථලයක් ලෙස “සානුකම්පිතව” සලකා බලා නිසි “පිළිගත් සුදුසුකම් නොමැති උපාධියක්” හෙවත් “An Aegrotat” පදනමින් පිරිනමන ලද උපාධියක් ලෙස පිරිනමා ඇත. මෙය එංගලන්තයේ “University of London ” විශ්ව විද්‍යාලයෙන් කරන ලද විමසීමකදී ඔවුන් විසින් සහතික කොට එවන ලද පිටපත මෙහි දැක්වේ.

    මේ අනුව මෙතෙක් කල් අ.පො.ස(සා/පෙ ) O/L සමත් නැති සජිත් ප්‍රේමදාස එංගලන්තයේ උපාධිධාරියෙක් යැයි රටවටේ කෙබර කෙලිමින් ගිය මධු සමය සජිත්ගේ වටේ සිට ඔහුට නකුට වනමින් අනෙක් අයට බුරමින් ගිය බලු කුක්කන්ට අහිමිවී යනු ඇත.

    https://youtu.be/UMkaz4VzPNs?t=106
  • රටේ ජාතික ආරක්ෂාව ගැන කතා කරද්දී, රණතුංග සහ සහෝදර සමාගමේ ප්‍රධානී අර්ජුන කළ කුප්ප වැඩේ (වීඩියෝ)

    රටේ ජාතික ආරක්ෂාව ගැන කතා කරද්දී, රණතුංග සහ සහෝදර සමාගමේ ප්‍රධානී අර්ජුන කළ කුප්ප වැඩේ (වීඩියෝ)

    පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති හදිසි නීතිය දීර්ඝ කිරීම සහ පාස්කු ප්‍රහාරයෙන් පසු රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වූ විවාදයේදී මෙරට කුප්‍රකට ක්‍රිකට් දේශපාලඥයෙකු සහ රණතුංග සහ සහෝදර සමාගමේ ප්‍රධානියා වූ අර්ජුන රණතුංග විසින් කිසිදු අවස්ථා සම්බන්ධයක් නොමැතිව අදාළ මාතෘකාවෙන් පිටපනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාට ක්‍රිකට් සම්බන්ධයෙන් ආඩිපාලි කියමින් ඉතා නිර්ලැජ්ජිත අයුරු හැසිරුණු අතර ඊට එසැනින් පිළිතුරු දීමට තිලංග සුමතිපාල මහතා කටයුතු කළේය. එහෙත් ඔහු රණතුංගලාගේ ඡන්මයෙන් එන සල්ලාල, බයිබෝස් ක්‍රමයට හාත්පසින්ම වෙනස් අයුරුකින් මීට පිළිතුරු දුන් ආකාරය පාර්ලිමේන්තු සිටි සියල්ලන්ගේ ගෞරවයට පාත්‍රවීම සුවිශේෂී සිදුවීමක් විය.

    ක්‍රිකට් සහ දේශපාලනය මතින් දුවන රණතුංග සහ සහෝදර සමාගමේ ප්‍රධානී අර්ජුන රණතුංග නැඟූ චෝදනාවලට පිළිතුරු දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්‍රික් නායක සහ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා,

    “වර්තමානයේ අපේ අප්‍රියෙල් 21 වෙනිදා පාස්කු ඉරුදින වෙච්ච සිද්ධියෙන් පස්සේ ලංකාවට ආව ප්‍රධානම අවස්ථාව තමයි මේ බංගලිදේශ ශ්‍රී ලංකා තරඟාවලිය 21වෙනිදායින් පස්සේ ආණ්ඩුවක් හැටියට ඒ වගේම අගමැති තුමාත් ජනපතිතුමාත් කටයුතු කිරීම පිළිබඳව මේ රටේ හැමෝම මං හිතන්නේ අපි කටයුතු කරන දේ දිහා බැලුවම ගිය පණිවුඩය නම් සුභවාදී නෑ. මොකද 9/11 එකේ ඇමරිකාවට ගහපු වෙලාවේ මුළු රටේ සියළු දෙනා ඒ වෙලාවේ හිටියේ බුෂ් ජනාධිපති තුමාත් එක්ක එකතුවෙලා ක්‍රියාත්මක කලා.

    නමුත් අපි කලේ හතර වෙනිදා ආපු ලියුම මොකද පස් වෙනිදා ආපු ලියුම මොකද මොකද්ද කරේ කියලා අතීතයට ගිහිල්ලා වෙච්ච ඒවා සොය සොය ඒවට වැරද්ද ජනාධිපතිවරයාට, අගමැතිවරයාට, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ට, පොලිස්පතිතුමාට යන නිලධාරි වටා ගිහිල්ලා අපි විශ්වාසය පළුදු වෙන ආකාරයට ක්‍රියාත්මක වුනා. මේ හදිසි නීතිය මේ මාසය තුල පමනක් නෙවෙයි තව මාස දෙකක් වත් තුනක් වත් තියාගන්න සුදුසු නම් ඒ වෙනුවෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් හැටියට අපි සම්පූර්ණ සහයෝගය දෙන්න ඕන.

    අද මේ මාර්තෘකාව වෙලාවෙත් කිසිම සම්බන්ධයක් නැති ක්‍රිකට් ක්‍රීඩාව ගැන කථාකරලා අර්ජුන රණතුංග මහතා මඩ ව්‍යාපාරයක්, මඩ ප්‍රහාරයක් එල්ල කරමින් මේකත් පාවිච්චි කලා ඔහුගේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලවරණ තුනක් ඔහු සභාපතිවරණෙට ඉල්ලලා පැරදුණා, උප සභාපතිට ඉල්ලා දෙපාරක් පැරදුනා. ඔහුගේ මල්ලිත් එක්ක ඉල්ලලා පැරදුනා. ඒ නිසා එහි සාමාජිකයින් කිසිසේත් විශ්වාස කරන්නේ නෑ. ඔහු තරඟ පාවා දෙන්න ඩොලර් 15000 ක් අරගත්ත කියන ඉතිහාසයේ තියන ඔහු චූදිතයෙක් වෙලා සිටිය නිසා, ඔහු පරිපාලනය කරපු කාලයේදි නොයෙකුත් දේවල් කරලා වැරදි කරපු නිසා විශ්වාසයක් නෑ .

    ඒකට මට කරන්න දෙයකුත් නෑ. ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලි සාමාජිකයින්ට කරන්න දෙයක් නෑ. ඔහු පරිපාලකයෙක් හැටිය විශ්වාස කරන්නෙත් නෑ කැමතිත් නෑ. ඒ වගේම මම කියන්න ඕන අර්ජුන රණතුංග මහත්මයත් ප්‍රමෝද වික්‍රමසිංහ මහත්මයත් තමයි මේ ඇන්ජලෝ මැතිව්ස් මහත්මය අපේ කැප්ටන් මැච් ෆික්සිං කරනවා කියලා කොම්ප්ලේන් කරේ. ඒ කරාට පස්සේ FCID දාලා පොලිසියෙන් ගිහිල්ලා හොයලා පරීක්ෂණ කරලා ඇන්ජලෝ මැතිව්ස් ව සම්පූර්ණයෙන් විනාශ කලා.

    ඔහු කැප්ටන්සියෙන් ඉවත් කලා. ඊට පස්සේ ඔහුට මානසික තත්වයක් තිබුණෙ නෑ ක්‍රීඩා කරන්න. අපි ඕස්ට්‍රේලියාවට 3-0 ගහලා තිබිච්ච කණ්ඩායම නැවත සම්පූර්නයෙන්ම අපේ කණ්ඩායම ඒ ප්‍රමෝදය සහ අර්ජුන තමයි ආරම්භ කලේ විනාශ කරන්න. ඊට පස්සේ අපිට තේරුම් කමිටුවට ඇඟිල්ල දැම්මා ඒට පස්සේ ක්‍රිකට් වැටෙන්න පටන් ගත්තා.

    ඒ නිසා ඕනෑකමින් ඉල්ලා සිටිනවා මේ දෙන් අපි බොහොම අමාරුවෙන් පෙබරවාරි 21 න් පස්සේ චන්දෙන් තමයි අපි තෝරා පත් වුනේ. කණ්ඩායමට අවශ්‍ය පසුබිම හදමින්, පුහුණු කරුවෝ හදමින් අවශ්‍ය නායකත්වය හදාගෙන යනව. ඉතින් මේවට දේශපාලන ඇඟිලි ගහලා හැමතිස්සෙම පෞද්ගලික තමන්ගේ අවශ්‍යතාවය මත ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමට ඇඟිලි ගැහුවම වෙන්නේ පරිපාලනයට තියෙන තරහ මත ක්‍රීඩාවෙන් පලිගන්න එක. ඒ නිසා අපිට නිදහසේ පාලක මණ්ඩලයේ අවශ්‍ය කටයුතු කරගෙන යන්න දුන්නා නම්, තමන්ගේ ඒ පෞද්ගලික දේවල් පාර්ලිමේන්තුව පාවිච්චි කරලා මේක විනාශ කරන්න දෙන්නේ නැතුව මෙතන අපිට පුළුවන් ඒ තත්වයට මුහුණ දෙන්න. ක්‍රීඩා ඇමති වරයෙක් ඉන්නවා.

    එතුමා එක්ක අපි සාකච්ඡා කරනවා. එතුමාට අපි අවශ්‍ය තොරතුරු ලබා දීලා තියනවා. දැන්පාර්ලිමේන්තුව පාවිච්චි කරමින් හදනවා ක්‍රිකට් පාලක මණ්ඩලයේ නීති රිති වෙනස් කරන්න. ක්‍රිකට් පාලක මණ්ඩලයේ නීති රීති වෙනස් කරන්න පාර්ලිමේන්තුවට පුළුවන් කමක් තියෙනවා කියලා මම හිතන්නේ නෑ. පාර්ලිමේන්තුවට පුළුවන් ක්‍රීඩා නීති වෙනස් කරන්න.

    ක්‍රිකට් නීතී වෙනස් කරන්න පුළුවන් අයි සී සී එකට. ඒ නිසා මේ අයි සී සී එකේ රාජකාරි, ක්‍රිකට් පාලක මණ්ඩලයේ නීති රිති වෙනස් කිරීමේ හැකියාවක් ක්‍රිකට් නීති වෙනස් කරන්න කියලා පාර්ලිමේන්තුවට පුළුවන් කියලා මං හිතන්නේ නෑ.හැබැයි ක්‍රීඩා නීති වෙනස් කරන්න පුළුවන්. ඒකට අපි සම්පූර්ණයෙන්ම සහයෝගය දෙන්න කැමතියි.

    ඒ වගේම පාලක මණ්ඩලයේ ව්‍යවස්ථානුකූලව සියළු දේවල් කරලා තියෙනවා. කටයුතු කරලා තියෙනවා. ඒවගේම ගිය අවුරුද්ද ඇතුලත මාස 10 ක්ම ඉන්ටරිං කොමිටියක් එහෙම නැත්නම් ක්‍රීඩා ඇමතිතුමායි පාලනය කලේ. ඒ පාලනය කරපු කාලේ මේක කඩාගෙන වැටුනා. නායකයෝ වෙනස් කලා. කණ්ඩායම වෙනස් කලා. පුහුණු කටයුතු වෙනස් කලා. ඉතින් අපි මේක දැන් සන්සුන් කරගෙන හදාගෙන යනවා. බොහොම උවමනාවෙන් ඉල්ලා සිටිනවා පාර්ලිමේන්තුව පාවිච්චි කරලා මේ කණ්ඩායම කඩා වට්ටන්න එපා කියලා”.

  • නායකත්වය වෙනුවෙන් සජිත්ගෙන් තවත් බිලිපූජාවක් සූදානම්.. ටොමියා සජියගේ පස්සෙන්ම ලඟී

    නායකත්වය වෙනුවෙන් සජිත්ගෙන් තවත් බිලිපූජාවක් සූදානම්.. ටොමියා සජියගේ පස්සෙන්ම ලඟී

    එක්සත් ජාතික පක්ෂයේ ඔටුනු හිමි කුමරා යැයි සිතා සිටින හිටපු ජනාධිපතිවරයෙකු වන රණසිංහ ප්‍රේමදාසගේ පුත් සජිත් ප්‍රේමදාස වෙනුවෙන් එම පක්ෂයෙන් ලබාදෙන මීලඟ දේශපාලන බිලිපූජාවට අයත් බිලි කණ්ඩායම මේ වන සූදානම්ව ඇතැයි වාර්තාවේ.

    මෙවර සජිත් ප්‍රේමදාස වෙනුවෙන් බිල්ලට යන්නන් අතර අජිත් පී පෙරේරා, මංගල සමරවීර, තලතා අතුකෝරල, හර්ෂ ද සිල්වා, හරීන් ප්‍රනාන්දු, නලීන් බණ්ඩාර සහ රංජිත් මද්දුම බණ්ඩාර ප්‍රධානවන අතර මොවුන් මේ වන විටත් එක්සත් ජාතික පක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිවත් එම පක්ෂයේ සජිත්ට විරුද්ධ අයවලුන්ට එරෙහිවත් කුමන්ත්‍රණය කරමින් කැරලි ගසමින් සිටිති.

    මින් පෙර සජිත් ප්‍රේමදාසට හෝ කරු ජයසුරියට එජාප නායකත්වය ලබාදීම වෙනුවෙන් වත්මන් නායක රනිල් වික්‍රමසිංහට සහ සිරිකොත එරෙහිව කැරලි සහ කුරුඳු පොලු ගසා දයාසිරි ජයසේකර, බුද්ධික පතිරණ, අශෝක අබේසිංහ, මෛත්‍රී ගුණරත්න, ශිරාල් ලක්තිලක යන අයට එම පක්ෂයේ තිබූ තැන අහිමි කරගත් අතර සමහරුන්ට පක්ෂයෙන්ද ඉවත් ව යෑමට සිදුවිය.

    එසේ දිර්ඝ කාලයක් කැප කිරීම් සිදුකරමින් දේශපාලනය කළ පක්ෂයෙන් ඔහුගේ තනතුරු සහ වරප්‍රසාද අහිමි වෙද්දී, තමා වෙනුවෙන් දිවි හිමියෙන් සටන් කළ ඔවුන් වෙනුවෙන් සජිත් ප්‍රේමදාස නම් කෙලෙහි ගුණයක් නොදත් කුහක අපතයා එක් අඩියක්වත් ඉදිරියට තැබුවේ නැත. මේ නිසාම දක්ෂයෙකු වූ දයාසිරි ජයසේකරකට එජාපයට හැරදා යෑමට සිදු වු අතර, බුද්ධික පතිරණට වසර ගණනාවක් කිසිඳු තනතුරක් හෝ ඇමතිකමක් වත් නොලැබ ගුණමකු සජියාගේ බිලි පූජාවේ පව් කරගැසීමට සිදුවිය.

    කෙසේ හෝ එක්සත් ජාතික පක්ෂයට පිළිලයක්ව ඇති සජිත් ප්‍රේමදාස ඇතුළු කල්ලිය මේ වන විට යළිත් එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත වටලා ගල් ගැසීමටත්, පක්ෂය විනාශ කරමින් කැරළි ගැසීමටත් සූදානම්ව සිටින අතර මේ සඳහා එජාපයට සම්බන්ධව සිටි ඇතැම් බාහිර පිරිස් අවශ්‍ය තෙල් පොම්ප කරමින් සිටිති.

  • පඩිය ලක්‍ෂ 79යි.. තරග දිනීම 35%යි.. හතුරුසිංහගේ මධුසමය අවසන්.. ලොව දක්‍ෂතම පුහුණුකරුවකු ඩොලර් 25,000කට ගෙන එන්න සූදානම්..

    පඩිය ලක්‍ෂ 79යි.. තරග දිනීම 35%යි.. හතුරුසිංහගේ මධුසමය අවසන්.. ලොව දක්‍ෂතම පුහුණුකරුවකු ඩොලර් 25,000කට ගෙන එන්න සූදානම්..

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන චන්දික හතුරුසිංහ මහතාට ගෙවන ලක්ෂ 79ක මාසික වේතන මුදලට සාධාරණයක් ක්‍රිකට් කණ්ඩායමට ඉටු වී නැති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

    කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සඳහා ඩොලර් 40000ක පමණ වැටුපක් ගෙවන බවත් එවැනි වැටුපක් ලබා සියයට 35ක තරග දින තැනකට නොසිටිය යුතු බවත් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේය.

    පුහුණුකරුවන්ටද ලබාදිය යුත්තේ ක්‍රීඩකයන්ට තරග දිනන ප්‍රමාණය අනුවලබා දෙන ආකාරයේ දීමනාවක් බව ද ඇමැතිවරයා කීය.

    මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ධුරයට ඉල්ලුම්පත් ගණනාවක් ලැබී ඇති බවත් ඔවුන් ලෝකයේ ඉහළම ගණයේ පුහුණුකරුවන් බවත් කී එහි වැඩිම ඉල්ලුම ඇත්තේ ඩොලර් 25000 ක් බව ද කියා සිටියේය. මේ හේතුවෙන් ගෙවන පඩියට අනුව නිසි ප්‍රතිඵලයක් සහ නිසි සේවයක් ලැබිය යුතු බව ක්‍රීඩා අමාත්‍යවරයා පැවසීය.

    ක්‍රීඩා අමත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළ කර සිටියේ ලෝකයේ සිටින හොඳම පුහුණුකරුවන් ලෙස සැලකෙන පුහුණුකරුවෙන් තිදෙනෙක් මේ වන විටත් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ සේවයට පැමිණිම වෙනුවෙන් ඉල්ලුම් කර ඇති බවයි.

    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ අවසන් තරගය අද කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි. අද තරගය ශ්‍රී ලංකාවෙන් බිහි වු විශිෂ්ට වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකරගේ නමින් නම් කර තිබීම විශේෂත්වයකි.

  • අපේ දරු පරපුර විනාශ කරන කොඩිවිනය තමයි ජංගම දුරකතනය

    අපේ දරු පරපුර විනාශ කරන කොඩිවිනය තමයි ජංගම දුරකතනය

    අපි වසර ගණනාවක් නිදහස් අධ්‍යාපනය ලබා ගත්තා. අද අපේ පැහැදිළි වෙනස්කම් දැකිය හැකියි. එදා කළු ලෑල්ලට හුණු කූරට සීමාවුණ අපේ අධ්‍යාපනය, අද ස්මාර්ට් පන්ති කාමර දක්වා රැගෙන ඒමට හැකිවෙලා තිබෙනවා. ඒ ආකාරයෙන් අපි වෙනස් වුණේ නැත්නම්, මේ පුංචි ලංකාවට ලෝකය සමග එකට ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් ඇති වෙනවා. එදා තිබුණ සමාජය නෙමෙයි අද තිබෙන්නේ. එදා හිතපු විදියට නෙමෙයි අපේ දරුවෝ අද සිතන්නේ. එදා පාසලෙන් පැමිණි දරුවා නිදහසේ සෙල්ලම් කරලා ජීවත් වුණා. නමුත් අද දරුවාට එසේ නිදහසේ කාලය ගත කරන්න අවස්ථාවක් නැහැ. පාසලෙන් පිටවන දරුවා නැවතත් ටියුෂන් වලට යනවා. ඊට පස්සේ ගෙදර එන දරුවාට නිදහසේ සතුටින් ඉන්න බැරි තවත් කොඩිවිනයක් තිබෙනවා. ඒ තමයි ජංගම දුරකතන. අද දෙමව්පියන්ටවත් සීමා කරන්න බැරි තත්ත්වයට මේ ජංගම දුරකතනය පත්වෙලා තිබෙනවා. මේ නිසාම අද අපේ දරු පරපුර විශාල වශයෙන් නොමග යනවා. විශේෂයෙන් මත්ද්‍රව්‍ය උවදුරට අද අපේ තරුණ පරපුර විශාල වශයෙන් ගොදුරු වෙලා. මත්ද්‍රව්‍ය උවදුර අද ඉතාමත් සූක්ෂම ආකාරයෙන් ව්‍යාප්ත වෙලා. අපේ අනාගතය තමයි අපේ දරුවන්. ඔවුන් ආරක්ෂා කරන්නනම්, අපි මේ උවදුරු වලින් අපේ දරුවන් රැකගත යුතුයි. අපි දේශපාලඥයෝ වශයෙන් ඒ සදහා නායකත්වය දියයුතුයි. දෙමව්පියන් තම දරුවන් වෙනුවෙන් ඔවුන්ට ආදරය, සෙනෙහස නොඅඩුව ලබාදිය යුතු යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (30) පෙරවරුවේ, කොටහේන කැතඩ්‍රල් පිරිමි පාසලේ පැවති උත්සව අවස්ථාවකට සහභාගි වෙමිනි. ළඟම පාසල – හොදම පාසල සංකල්පයට අනුව අළුතින් ඉදිකල ගොඩනැගිලි පරිශ්‍රයක් සිසු අයිතියට පත්කිරීම මෙහිදී අමාත්‍යවරයා අතින් සිදුවිය.

    අධ්‍යාපනයේ තිබෙන වටිනාකම නිසා තමයි, 2014 වර්ෂයේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.2% ක් ඒ වෙනුවෙන් වෙන්කරලා තිබෙන්නේ. වසරක් පාසා මෙම මුදල් ප්‍රමාණය වර්ධනය වෙලා, 2019 දී මෙය 3.2% ක් බවට වර්ධනයට කරලා තිබෙනවා. ලගම පාසල හොදම පාසල වැඩසටහනට මුදල් වෙන්කලේ ඒ ආකාරයෙන් තමයි. අපේ තිබෙන දුර්වලතාව තමයි සංවර්ධනයත් සමගින් මාධ්‍ය එකට ගමන් නොකිරිම. දරුවන්ගේ අනාගතය සුරක්ෂත කිරීමේ වගකීම තිබෙන්නේ අපේ අතේ. ඒ අනුව ජනතාවගේ ඡන්දයක් අරන් දේශපාලනය කරන එක විතරක් නෙමෙයි දේශපාලඥයින් වශයෙන් අපේ යුතුකම. නිරන්තරයෙන් රට සහ ජනතාව නිවැරදි මාර්ගයට යොමුකිරීම තමයි අපේ වගකීම.

    ඒ වගේම අද මේ දේශපාලනය නිසා රටේ ඉදිරි අනාගතය ප්‍රශ්නාර්ථයක් බවට පත්වෙලා. හැමදේම අද බලන්නේ දේශපාලන මට්ටමෙන්. ජාතිවාදය, ආගම්වාදය මුල් කොටගෙන තමයි සෑම ක්‍රියාවක්ම සිදුවන්නේ. නමුත් අපි එකට හිතලා, එකට කටයතු කළොත්, කාටවත්ම අපිව පරාජය කරන්න බැරි වෙනවා. මේක තමයි අපි ලබාගත යුතු ලොකුම පාඩම. හෙටක් ගැන නොසිතන අවස්ථාවාදි කෲර දේශපාලඥයෝ මොනයම් ආකාරයෙන් කටයුතු කලත්, අපි ඔබේ සමගිතාවය ඇති කරන්න කටයුතු කරලා තිබෙනවා. අද දේශපාලනයේ හිතන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තිබෙන්නේ. එදා කරන්න පටන්ගත්ත දේ අදටත් ඒ ආකාරයෙන්ම දිගටම කරගෙන ඉදිරියට යන තත්ත්වයක් තමයි වර්තමාන දේශපාලනය තුළ දකින්නට තිබෙන්නේ. ඒ තුළින් අපි එකම තැනක හිරවෙලා. නමුත් වියයුත්තේ එය නොවෙයි. වෙනස්වන ලෝකයත් සමගින් අපි වෙනස් ආකාරයෙන් සිතා කටයුතු කළ යුතුයි. ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදීත් අපි නව දර්ශනයක් තුළින් රට ඉදිරියට ගෙනයන්න පුළුවන් ආකාරයේ ජනාධිපතිවරයෙක් එක්සත් ජාතික පක්ෂය තුළින් ඉදිරිපත් කරලා, රට වඩාත් ඉදිරියට ගෙනයන්න කටයුතු කරනවා.

  • ලෝක මුස්ලිම් සම්මේලනයේ මහලේකම් මල්වතු මහ නාහිමිට අතට අත දෙයි.. බලහත්කාරයෙන් මහනාහිමිගේ අසුනේම වාඩි වෙන්න යයි..(වීඩියෝ)

    ලෝක මුස්ලිම් සම්මේලනයේ මහලේකම් මල්වතු මහ නාහිමිට අතට අත දෙයි.. බලහත්කාරයෙන් මහනාහිමිගේ අසුනේම වාඩි වෙන්න යයි..(වීඩියෝ)

    සාමය සමගිය සහ සහජීවනය සදහා වූ ජාතික සමුළුවට සහභාගී වීමට මෙරටට පැමිණි ලෝක මුස්ලිම් සම්මේලනයේ මහලේකම් ආචාර්ය මොහොමඩ් බින් අබ්දුල්ලා කරීම් අල් ඉසා ඊයේ(30) පෙරවරුවේ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දැක්කේය.

    මුලින් මල්වතු මහ විහාරයට ගිය ඔහු මල්වතු නාහිමියන්ට අතට අත දෙන්නට උත්සාය කලේ සාමාන්‍ය හෝ ගරු කිරීමකින් තොරවයි.

    ඉන් පසු ඔහු මහ නාහිමියන්ගේ අසුනේම අසුන් ගන්නට උත්සාහ ගත් අතර අසල සිටි පිරිස විසින් එය නුවලකනු ලැබීය.

    මහ ලේකම්වරයා පැමිණි හෙලිකොප්ටරය හේතුවෙන් මහනුවර ප‍්‍රදේශයේ නිවාස කිහිපයක වහලවල් ගැලවී ගොස් තිබින.

    ඔහුගේ සහභාගීත්වයෙන් හා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අදාල සමුළුව ඊයේ පස්වරුවේ නෙළුම්පොකුණ රඟහලේදී පැවැත්වින.

  • බලාගෙනයි..! දේශපාලනය පක්ෂයකට මුවා වී අන්තවාදී ත්‍රස්තවාදී සමාගමක් අතට රටවැසියන්ගේ සියලු පෞද්ගලික තොරතුරු පත්වීමේ අවදානමක..!

    බලාගෙනයි..! දේශපාලනය පක්ෂයකට මුවා වී අන්තවාදී ත්‍රස්තවාදී සමාගමක් අතට රටවැසියන්ගේ සියලු පෞද්ගලික තොරතුරු පත්වීමේ අවදානමක..!

    ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ‌හෙවත් ‌ෙපොහොට්ටු පක්ෂය විසින් ලබන මස 03 සහ 04 යන දෙදින තුල රට පුරා නිවෙස් වලට ගොස් පුද්ගලයන්ගේ අතිශය රහස්‍ය පුද්ගලික දත්ත කිසිදු අවසරයකින් තොරව එකතු කිරීම පුද්ගලයින්ගේ බැංකු ගිණුම් අනතු‌රේ බවත් අලුත් ත්‍රස්තප්‍රහාරයකට අත වැනීමක් බවත් ත්‍රස්ත විරෝධී ජාතික මහා සම්මේලනය ජාතික නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එහි කැඳවුම් කරු වීරපරාක්‍රම ධර්මවර්ධන මහතාගේ අත්සනින් නිකුත් කර ඇති එකී නිවේදනය සම්පූර්ණයෙන් පහත දැක්‌වෙන අතර ‌පොහොට්ටු ඇප් එකේ ‌සේයාරුවක් ද පහතින් දැක්වේ..

    2019 ජූලි 28 දින 
    ජාතික නිවේදන අංක 228

    අන්ත්‍රාවයි..! වගකීමෙන් තොර ‘ස්මාර්ට්’ දත්ත එකතු කිරීමට ඉඩ දීමෙන් බැංකු ගිණුම් අනතුරේ..! අලුත් ත්‍රස්තප්‍රහාරයකට අත වැනීමක්..!

    ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නමැති දේශපාලන පක්ෂයක් විසින් ලබන මස 3 සහ 4 යන දෙදින තුල රට පුරා තිබෙන නිවෙස් වලට ගොස් නිවෙස් වල සිටින පුද්ගලයන්ගේ අතිශය රහස්‍ය පුද්ගලික දත්ත කිසිදු අවසරයකින් තොරව ඔවුන්ගෙන් එකතු කරගෙන ජංගම දුරකථන හරහා අන්තර්ජාලය මගින් නොදන්නා වෙනත් දත්ත ගබඩාවකට සම්ප්‍රේෂනය කිරීමේ සූදානමක් තිබෙන බව දැනටමත් මාධ්‍ය මගින් ප්‍රචාරය කර තිබේ.

    මෙහිදී එකතු කිරීමට නියමිත දත්ත අතර, පුද්ගලික ලිපිනය, ඒ ලිපිනයේ ඉන්නේ දෙමළ ජාතිකයන්ද, සිංහල ජාතිකයන්ද, මුස්ලිම් ජාතිකයන්ද යන වග, ඔවුන්ගේ වයස, සහ වැදගත්ම දේ ඒ එකිනෙකාගේ ජාතික හැඳුනුම්පත් අංකයන් ද වේ.

    පළමුවෙන්ම අනතුරු ඇඟවිය යුත්තේ දක්ෂ හැකරුන්ට පුද්ගලයෙකුගේ ජාතික හැඳුනුම්පත් අංකය හරහා ඒ පුද්ගලයාගේ බැංකු ගිණුම් සහ ක්‍රෙඩිට් කාර්ඩ් පත් වලට ඇතුළු විය හැකි බවයි. එසේ ඇතුළු වී ඒ පුද්ගලයා සතු මුදල් කිසිවෙකුටත් නොදැන අන්තර්ජාලය හරහා සොරකම් කළ හැකි බවයි. එසේ කළ බවට ඔ්නෑ තරම් උදාහරණ තිබේ. ලංකාවද සම්බන්ධ එක් ප්‍රකට උදාහරණයක් මෙසේය.

    ඇමරිකාවත් අමාරුවේ වැටුනා නම් අපි කව්ද?

    ඇමරිකාවේ, එංගලන්තයේ පැවැති මැතිවරණ වලදී අද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලංකාවේ කරන්නට සුදානම් වන දේම මීට පෙර කර තිබේ. ඇමරිකාවේ මැතිවරණයකදී එක් දේශපාලන කණ්ඩායමක් විසින් දත්ත එකතු කිරීම සඳහා රුසියානු පරිගණක විශේෂඥයන්ගේද සහාය ලබා ගත්තේය. ඒ අතර සිටි එක් රුසියානුවෙකුගේ නම වූයේ ‘එව්ජෙනි මීඛයිලොවිච් බෝගචෙව්‘ ය. කවුරුත් නොදන්නා නමුත් ඔහු අති දක්ෂ පරිගණක හැකරෙකි. පසුකලෙක ඔහු ඇමරිකානුවන් ගේ ගිණුම් වලින් කිසිවෙකු නොදැන සොරකම් කළ මුදල ඩොලර් බිලියන ගණනකි. මහා ලොකු ඇමරිකානු සීඅයිඒ සංවිධානය ඒ ගැන දැන ගන්නා විට ඔහු අතුරුදහන් ය. ඔහු අල්ලා ගැනීම සඳහා ඇමරිකාව ඉන්ටර්පොල් වරෙන්තුවක් නිකුත් කෙළේය.

    පසුකලෙක 2017 මාර්තුවේ දී ලංකාවේ වැලිගමදී මනි ලොන්ඩරින් චෝදනාවකට ‘ෆරීන් මනොකින්’ නමැති රුසියානුවෙක් වැලිගම පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇප මත මුදා හරින්නේ ය. කොළඹ රහස් පොලිසිය ඔහු ගැන පරීක්ෂණ බාර ගැනීමෙන් පසුව කළ සොයා බැලීමේ දී තහවුරු වූයේ ‘ෆරීන් මනොකින්’ යනු ඇමරිකාවේ ඩොලර් බිලියන ගණනකට විද අතුරුදහන් වූ ‘එව්ජෙනි මීඛයිලොවිච් බෝගචෙව්‘ බවයි. ඔහු ලංකාවේ සිටින බව දැනගත් සීඅයිඒ නිලධාරීන් වහා ලංකාවට පැමිණීමට පිටත් විය. ඔවුන් පැමිණීමට පෙර අවසානයේ හැකරා සීඅයිඒ සංවිධානයේද, ලංකාවේ රහස් පොලිසියේද කණෙන් රිංගා ලංකාවෙන් අතුරුදහන් විය. රුසියානු යුද නැව් ඩීල් එකක් වෙනුවෙන් ඊට උදව් කළ ලංකාවේ දේශපාලනඥයා කවුදැයි කවුරුත් දනිති.

    රටක පුරවැසියන්ගේ පුද්ගලික දත්ත අයාලේ ඔ්නෑ ඔ්නෑ අයට එකතු කිරීමට ඉඩ දීමෙන් වන හානි එවැනිය. ඇමරිකාවටත් එසේ වී නම් අප ගැන කවර කතාද?

    දත්ත එකතු කිරීමේ බලය ඇත්තේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට පමණයි

    ලංකාවේ පුද්ගලික දත්ත එකතු කිරීමේ එකම අවසරය ‘රජයේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට පමණක්’ නීතියෙන් ලබා දී ඇත්තේ සොරුන් වංචනිකයන් විසින් මිනිසුන්ගේ දත්ත එකතු කිරීමෙන් කරන විපත් ගැන දන්නා බැවිනි. එසේ නොමැතිව දත්ත එකතු කිරීමට බලය දෙන්නේ අධ්‍යාපනික ආයතනයක අධ්‍යාපනික කටයුතු වෙනුවෙනි. නැතහොත් ලියාපදිංචි පර්යේෂණ ආයතනයන්ට පමණි. ඒ ද සකළ පුරවැසියන්ගේ පුද්ගලික දත්ත එකතු කිරීමට අවසර නැත. කළ හැක්කේ තෝරා ගත් නියැදියකට අවශ්‍ය ප්‍රශ්න කිහිපයක් යොමුකර පිළිතුරු ලබා ගැනීම පමණි. එසේ නොමැතිව පුරවැසියන්ගේ පුද්ගලික දත්ත එකතු කිරීමට කිසිවෙකුට කිසිදු බලයක් නීතියෙන් ලබා දී නැත.

    තරුණ දේශපාලකයා සහ නාවික හමුදාවේ සිටි මලයා රුසියානුවන් සමග කළ‌ේ කුමක්ද?

    අනෙක් අතට ලබන 3 සහ 4 පුරවැසියන්ගේ පුද්ගලික දත්ත එකතු කරන ඉහත කී පක්ෂයේ සිටින තරුණ දේශපාලකයා සහ ඔහුගේ නාවික හමුදාවේ සිටි මලයා විසින් පසුගිය ඔක්තෝම්බර් කුමන්ත්‍රණයට පෙර රුසියාවට ගොස් පරිගණක විශේෂඥයන් හමුවිය. ඒ රහස් කතා මොනවාදැයි රටවැසියා නොදනී. ඉන්පසු නොවැම්බරයේ රුසියානු පරිගණක විශේෂඥයන් පිරිසක් ලංකාවට පැමිණ ඔවුන් සමග කළ කටයුතු මොනවාදැයි කිසිවෙකු නොදනී. එමෙන්ම ඔවුන් අගෝ. 3 සහ 4 ලංකාවේ රටවැසියන්ගෙන් එකතු කරන දත්ත අවසානයේ කුමන රටකට සම්ප්‍රේෂනය කරන්නේදැයි කිසිවෙකුත් නොදනී.

    මෙය භයානක අනතුරකි. රටවැසියන්ගේ දත්ත එකතු කිරීමට රජයකට පමණක් ඇති අයිතිය ස්මාර්ට් දුරකථනයක් අතැතිව තම නිවසට එන නොදන්නා හුලිජ්ජ කෙල්ලන්ට කොල්ලන්ට පැවරීමට වගකිව යුතු රජයකට හැකිද?

    මෙකී දත්ත අන්තවාදී ත්‍රස්තවාදී කණ්ඩායමක් අතට පත් වුවහොත්…

    මෙහි ඇති තවත් අනතුරකි. රටේ මුස්ලිම් දෙමළ සිංහල ජාතිකයන් වෙසෙන නිවාස මොනවාදැයි ඔවුනට අවශ්‍ය ඇයි? මැයි 13 දා සිදුකළා සේ මෝටර් සයිකල් වල නැගුණු මැර කල්ලි වලට ගිනි තැබීමට අවශ්‍ය නිවාස මොනවාදැයි ‘ස්මාර්ට්’ ලෙසම පෙන්වා දීමට ද? මෙය ජාතිවාදී කෝළහාලයකට කෙරෙන ‘ස්මාර්ට්’ කුමන්ත්‍රණයක පෙර සූදානමක්ද? නැතිනම් මැතිවරණයට පසුව තම විරුද්ධවාදීන් කව්දැයි ‘ස්මාට්’ ලෙස තෝරා පහර දීමට ද? එසේත් නොමැති නම් මෙකී දත්ත අන්තවාදී ත්‍රස්තවාදී කණ්ඩායමක් අතට පත් වුවහොත් වන සන්තෑසිය කුමක්ද? එබැවින් අවිචාරවත් දත්ත එකතු කිරීමට ඉඩ දීමෙන් සිංහලයාද, දෙමළාද, මුසල්මානුවාද අනතුරේ වැටීම වැළැක්වීමට නොහැකිය.

    හදිසි නීතිය යටතේ පරීක්ෂණ අරඹනු..!

    අද පවතින්නේ හදිසි නීති තත්ත්වයකි. ඒ අනුව ත්‍රස්තවාදයකට උඩගෙඩි ලැබෙන අගෝ. 3 සහ 4 සිදුකිරීමට නියමිත නීති විරෝධී දත්ත එකතු කිරීම පිළිබඳ වහා පරීක්ෂණ ආරම්භ කර රටවැසියා ත්‍රස්ත අනතුරකින් මුදා ගැනීම සියළු ආරක්ෂක ප්‍රධානීන්ගේ අත්හළ නොහැකි වගකීමක් ලෙස ත්‍රස්ත විරෝධී ජාතික මහා සම්මේලනය සලකමු.

    වීරපරාක්‍රම ධර්මවර්ධන
    කැඳවුම්කරු
    ත්‍රස්ත විරෝධී ජාතික මහා සම්මේලනය

  • සජිත්ගේ රස්තියාදුකාරයෝ සහ කුරුඳු පොලු කාරයෝ යළි සිරිකොත වටලන්න සැරසෙයි

    සජිත්ගේ රස්තියාදුකාරයෝ සහ කුරුඳු පොලු කාරයෝ යළි සිරිකොත වටලන්න සැරසෙයි

    එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට පක්ෂයේ නායකත්වයත්, ජනාධිපති අපේක්ෂකත්වයත් ලබාදෙන ලෙසට බලකරමින් එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ මූලස්ථානය වූ පාක්ෂිකයින්ගේ මුදුන් මල්කඩ බඳු වූ සිරිකොත පක්ෂ මූලස්ථානයට යළි ගල් ගසා විනාශ කිරීමට මේ වන විට සැලසුම් සකස් කරමින් සිටින බව එම පක්ෂයේම සජිත් ප්‍රේමදාසගේ අනුගාමිකයින්ගේ අභ්‍යන්තර තොරතුරු ඔස්සේ වාර්තාවේ.

    මේ සඳහා සජිත් ප්‍රේමදාස නිරන්තරයෙන් වේදිකාවල පවසන ගම්මට්ටමින්, බිම්මට්ටමින්, තම්මැට්ටමින් සිටින සජිත්ගේම සහචරයින් යොදාගැනීමට සැලැසුම් කර ඇති අතර 5000 ක පමණ එවැනි පිරිසක් බස් රථ මඟින් කොළඹට ඇද්දවීමට සූදානමින් සිටී.

    “සජිත් වෙනුවෙන් සිරිකොතට ගල් ගැසීමේ ව්‍යාපාරය” සඳහා මේ වන විට “එජාපයට එරෙහි කුරුඳු පොලු බලකාය”ද එක්ව සිටින අතර ඒ සියල්ල මෙහෙය වන්නේ සජිත්ගේ සහචරයින් විසින් වන අතර එය අද සජිත්ගේ කල්ලියක් විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී ප්‍රසිද්ධියේ කියා සිටියේය.

    ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය හා ඉදිරි ජනාධිපතිවරණය අපේක්ෂකත්වය ලබා දෙන ලෙස බලපෑම් කරමින් අගෝස්තු මාසයේදි සිරිකොත එජාප මූලස්ථානය ඉදිරියට රට පුරා එජාප පාක්ෂිකයන් කැඳවන බවට වූ ප්‍රබල තර්ජනයක් එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ සංවිධානය නමින් අටවා ගත් දුමින්ද බණ්ඩාරනායක නැමැති අයෙකු විසින් අද මාධ්‍ය හමුවක් කැඳවමින් සිදුකළේය.

    2015 දී එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුබලය ගෙනදුන් නායක රනිල් වික්‍රමසිංහ මහතා අද කරමින් සිටින්නේ එක්සත් ජාතික පක්ෂයෙන් පලිගැනීමක් බව සජිත් වැනිම අටමගල කථාවක් සිදුකරමින් ඔහු සඳහන් කළේය.

    2018 ඔක්තෝම්බර් 26 වනදා ජනාධිපති සිරිසේන විසින් ව්‍යවස්ථා විරෝධීව කොල්ලකන ලද එජාප ආණ්ඩුව යළි බලාගැනීම සඳහා ගම්මට්ටමින්, බිම්මට්ටමින්, තම්මැට්ටම් ගසමින් යන සජිත් ප්‍රේමදාස එම පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස සිදුකළ අඹමල් රේණුවක තරම් දෙයක් ඔහුට සඳහන් කිරීමට නොහැකි විය.

  • ලැජ්ජා නැතිකම මුස්ලිම් ඇමතිවරුන්ටත් වඩා ලොකුයි ලූ..(වීඩියෝ)

    ලැජ්ජා නැතිකම මුස්ලිම් ඇමතිවරුන්ටත් වඩා ලොකුයි ලූ..(වීඩියෝ)

    පසුගියදා කුප්‍රකට මුස්ලිම් ඇමතිවරයෙකු සහ මහ ඇමතිවරුන් දෙදෙනකුට එල්ල වූ වංචා දූෂණ චෝදනා හේතුවෙන් ජනාධිපතිවරයා විසින් ඉවත් කළ තිදෙනා වෙනුවෙන් ඉල්ලා අස්වූ ආණ්ඩුවේ සියලුම මුස්ලිම් අමාත්‍යවරුන් ඊයේ(29) යළිත් කිසිඳු ලැජ්ජාවකින් තොරව යළිත් සිය ඇමතිකම් යළි ලබාගත්තේය. ඒ අනුව මුස්ලිම් නාමයෙන් පසුගියදා සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස් වූ මුස්ලිම් කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරු ඊයේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ යළි නව අමාත්‍ය ධූරයන්හි දිවුරුම් දී ඇත.

    ඒ අනුව රවුෆ් හකීම් මහතා නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇත.

    රිෂාඩ් බදියුදීන් මහතා කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇත.

    අමීර් අලි සෙයිඩ් මොහොමඩ් සිහාබ්දන් මහතා කෘෂිකර්ම, වාර්මාර්ග සහ ග්‍රාමීය ආර්ථීක කටයුතු රාජ්‍ය අමාත්‍ය ලෙසත් අබ්දුල්ලා මහරුෆ් මහතා වරායා හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දෙනු ලැබීය.

    මේ අතර බුද්ධික පතිරණ මහතා කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන හා වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.

  • ශ්‍රීලනිපයේ පිරිසක් එජාපයට එක්වන්න රහස් සාකච්ඡාවක්..!

    ශ්‍රීලනිපයේ පිරිසක් එජාපයට එක්වන්න රහස් සාකච්ඡාවක්..!

    “එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජාතික පෙරමුණ එකමුතු වෙලා මෙවර ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන වැඩපිළිවෙලක් ඇති කරනවා. එහිදී අපි නිවැරදි වේලාවට නිවැරදි පුද්ගලයෙක් ඉදිරිපත් කරනවා. ඒ පුද්ගලයා කව්රු වුණත්, අඬඅඬා ඉන්න කෙනෙක් නෙමෙයි, රට දියුණු කරන්න. දිනන්න පුළුවන් පුද්ගලයෙක්. යම් අය වැරදි ප්‍රකාශ කරනවා. ඒවා අද්භූත ප්‍රකාශ පමණයි. එක්සත් ජාතික පක්ෂයේ එකමුතු භාවය, සහෝදරත්ව නැතිකරන්න හදන අයට විරුද්ධව අපි දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කරනවා. අපි අභියෝග වලට බය නැහැ. මහින්ද රාජපක්ෂ සමග තරගකරලා දිනන්න පුළවන්වුණ අපට අනෙක් අය කිසිදු අභියෝගයක් නොවෙයි. අපි යම් වෙනසක් ඇති කළා. අපි හිතන තරම් සාර්ථක නොවූ නමුත්, එක්තරා දුරකට සාර්ථක වෙලා තිබෙනවා. වළලා දමා තිබු ප්‍රජාතන්ත්‍රවාදය දන් යළිත් ලැබිලා තිබෙනවා. මේ තුලින් මිනිසුන්ට ජීවත්විය හැකි තත්ත්වයක් ඇති කරලා තිබෙනවා. අපි වැරදි නිවැරදි කරගෙන යන ගමනක් තමයි මේක” යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

    අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය නව ගොඩනැගිල්ලකට ගෙනයාම සහ තවත් ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් පසුගියදා මාධ්‍ය දැනුවත් කිරීමකට එක් වෙමිනි.

    මෙහිදී වැඩිචදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා,

    “විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය වෙනත් ගොඩනැගිල්ලක් වෙත ගෙනියන්න හදන එක සමහරක් අයට ලොකු ගැටළුවක් වෙලා. නමුත් මේ අමාත්‍යාංශය පවත්වාගෙන යන්නේ අමාත්‍යාංශයක් තිබිය යුතු ස්ථානයක නෙමෙයි. වෙනත් ආයතන ලක්ෂ කෝටි ගණන් වියදම් කරලා දේවල් කරද්දි ඒ ගැන කව්රුත් වැරදි දකින්නේ නැහැ. නමුත්, විශාල සේවක පිරිසක් වැඩ කරන්න ඉඩකඩ නොමැතිව ගැටලු වලට මුහුණ දෙද්දි, මුදල් අමාත්‍යාංශය සහ කැබිනට් මණ්ඩලය අවසර ලබාදී තිබියදීත්, මේ අමාත්‍යාංශය වෙනත් තැනකට ගෙනයන එක ඇයි මේ තරම් ගැටලුවක් කරගන්නේ. අනිත් කාරණය තමයි අපි අමාත්‍යාංශය අළුතින් ගෙනයන ගොඩනැගිල්ලට සුනිත්‍ය බලශක්ති අධිකාරියත් ගෙනයනවා. එම කාර්යාලය දැනට බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පවත්වාගෙන යන්නේ කුලිය වශයෙන් විශාල මුදලක් ගෙවමින්. අපි දැන් මේ යන්න හදන්නේ ඒ ගෙවන මුදලට බාගයකටත් වඩා අඩු කුලියක් ඇති තැනකට.

    සමහරු රටේ තැන් තැන්වල පොඩි පොඩි පැල්පත් හදද්දි, ඒ ගැන තමන් පිම්බෙන්න පුවත්පත්වල දැන්වීම් පළකරද්දි, ඒවාට මොනතරම් වියදමක් යනවද. ඒ වගේ බොරු වැඩ වෙනුවෙන් මිලියන් 10, 15 වියදම් කරන එක පේනේ නැද්ද. ඒ වගේ දේවල් ගැන කැක්කුමක් නැද්ද. අපි කරන්නේ ප්‍රාග්ධන වියදම්. ඒ වගේ පුනරාවර්ථන වියදම් නොවෙයි.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යම් පිරිස් එක්සත් ජාතික පක්ෂය සමග එකතු වෙන්න සාකච්ඡා පවත්වලා තිබෙනවා. ඒ ප්‍රමාණය ඉදිරියේදී අපට පෙන්වා දෙන්න පුළුවන්. ඔවුන් අප සමග එකතු වෙන්නේ සුබවාදි ගමනක් සදහායි. අපි කරන්නේ සදාචාරාත්මක දේශපාලනයක්.

    රටේ යම් යම් ප්‍රශ්න ඇති කරන්නේ, යම් යම් පුද්ගලයන් ඉලක්ක කරලා. දැන් මේ රටේ කුණු ප්‍රශ්නයත් ඒ වගේ තමයි. මේවා කරන්නේ කව්ද කියලා සොයා බැලිය යුතුයි. මේවාට අවසර දීලා තිබෙන්නේ 2013 වසරේ. නමුත් අපි ආණ්ඩු වලට බැණ බැණ ඉදලා වැඩක් නැහැ. ගැටළුව දුරදිග යන්න කළින් සොයා බලා පිළියම් ලබාදිය යුතුයි.

    එක්සත් ජාතික පක්ෂය විනාශ කරන්න, බෙදා වෙන්කරන්න හදන අය ඉන්නවා. නමුත් අපි ඒ දේ කරන්න දෙන්නේ නැහැ. දෙතුන් දෙනෙක් ඉන්නවා මේ කඩාක්පල්කාරී පුද්ගලයින්. මේක අද ඊයේ සිද්ධ වුන දෙයක් නෙවෙමයි. 2005, 2010 වසර වලදීත් මේ දේම සිද්ධ වුණා. ඩී.එස්. සේනානායකලා ඉතාමත් ශක්තිමත්ව ගොඩැනගුව එක්සත් ජාතික පක්ෂයේ පළමු කැඩීම සිද්ධ වුණේ 1989 දී. ඒ දෙදරීම තමයි අද වෙනකල් මෙතෙක් දුර ඇවිත් ඉන්නේ” යැයි පැවසීය.